1. අජිතමාණවසුත්තනිද්දෙසවණ්ණනා අට්ඨකථා
1. අජිතමාණවසුත්තනිද්දෙසවණ්ණනා
1. අජිත සූත්‍ර නිර්දේශ වර්ණනාව
පාරායනවග්ගස්ස පඨමෙ අජිතසුත්තනිද්දෙසෙ –
පාරායන වග්ගයෙහි මුලින්ම සඳහන් වන අජිත සූත්‍රයෙහි
“කෙනස්සු නිවුතො ලොකො, (ඉච්චායස්මා අජිතො,) කෙනස්සු නප්පකාසති; කිස්සාභිලෙපනං බ්රූසි, කිංසු තස්ස මහබ්භය”න්ති. –
‘කෙනස්සු නිවුතො ලොකො, (ඉච්චායස්මා අජිතො) කෙනස්සු නප්පකාසති කිස්සාභිලෙපනං බ්‍රෑසි, කිංසු තස්ස මහබ්භයන්ති
‘ලෝකයා කිනම් දෙයකින් වැසී තිබේද? කුමක් නිසා නො පෙනෙන්නේ ද? ඔහු ඇලුණේ කුමකින්ද? ඔහුට ඇති මහත් බිය කුමක්දැ’යි ගරු අජිත විමසීය.
අජිතමාණවස්ස පුච්ඡිතෙ පඨමපඤ්හෙ ච උපරූපරිපඤ්හෙ ච නිද්දෙසෙසු ච වුත්තඤ්ච උත්තානඤ්ච වජ්ජෙත්වා විසෙසමෙව වක්ඛාම.
අජිත තරුණයා විචාළ මුල් පැනයෙහි පටන් ඉතිරි පැන පිළිබඳව නිද්දේසයෙහි සඳහන් වූ පැහැදිළි කිරීම් හැර, එහි වැදගත් යැයි (හැඟෙන තැන්) දක්වමු.
තත්ථ නිවුතොති පටිච්ඡාදිතො. කිස්සාභිලෙපනං බ්රූසීති කිං අස්ස ලොකස්ස අභිලෙපනං වදෙසි?
එහි නිවුතො යනු වසන ලද (හෙවත්) අවුරන ලද්දේ, කිස්සාභිලෙපනං බ්‍රෑසි ඒ ලෝකයට ඇලෙන්නේ කුමකින්දැයි කියනු මැනව.
ආවුතොති ආවරිතො. නිවුතොති පටිච්ඡාදිතො. ඔවුතොති හෙට්ඨා පටිච්ඡාදිතො. පිහිතොති උපරිභාගෙන ඡාදිතො. පටිච්ඡන්නොති අවිවටො. පටිකුජ්ජිතොති අධොමුඛං ඡාදිතො.
ආවටො අවුරන ලද්දේ, නිවුතො වසන ලද්දේ, ඔවුතො යටින් වසන ලද්දේ, පිහිතො මතුපිටින් ආවරණය කරන ලද්දේ, පටිච්ඡන්නො සඟවන ලද්දේ, පටිකුජ්ජිතො යටිකුරු කොට වසන ලද්දේ,
නප්පකාසතීති නප්පකාසො හොති. නප්පභාසතීති ඤාණප්පභාසං න කරොති. න තපතීති ඤාණතපං න කරොති. න විරොචතීති ඤාණවිරොචනං න කරොති. න ඤායතීති න ජානීයති. න පඤ්ඤායතීති නප්පඤ්ඤායතෙ.
නප්පකාසති නොපෙනෙන්නේ (හෙළිදරව් නොවන්නේ) වේ. නප්පභාසති නුවණ නැමති ආලෝකය නැත. න තපති නුවණ නැමති බලය නොපෙන්වයි. න විරොචති නුවණින් බැබලීමක් නොකරයි. න ඤායති නොදනී, න පඤ්ඤායති (එයින්) පසිඳුවන්නේ නැත.
කෙන ලිත්තොති කෙන ලිම්පිතො. සංලිත්තො උපලිත්තොති උපසග්ගෙන පදං වඩ්ඪිතං. ආචික්ඛසි නිද්දෙසවසෙන. දෙසෙසි පටිනිද්දෙසවසෙන . පඤ්ඤපෙසි තෙන තෙන පකාරෙන. අත්ථං බොධෙන්තො පට්ඨපෙසි. තස්සත්ථස්ස කාරණං දස්සෙන්තො විවරසි. බ්යඤ්ජනභාවං දස්සෙන්තො විභජසි. නිකුජ්ජිතභාවං ගම්භීරභාවඤ්ච හරිත්වා සොතූනං ඤාණස්ස පතිට්ඨං ජනයන්තො උත්තානීකරොසි. සබ්බෙහිපි ඉමෙහි ආකාරෙහි සොතූනං අඤ්ඤාණන්ධකාරං විධමෙන්තො පකාසෙසීති එවං අත්ථො දට්ඨබ්බො.
කෙනලිත්තො කුමකින් තවරන ලදද සංලිත්තො උපලිත්තො (සං, උප වැනි) උපසග්ග පදවලින් වචන අරුත වඩාත් තහවුරු කරන ලදී. ආචික්ඛසි යනු (කරුණු) පහදා දෙන අයුරින් දෙසෙසි දේසනා කරන අයුරින්, පඤ්ඤාපෙසි ඒ ඒ ආකාරයෙන්, තේරුම අවබෝධ වන අයුරින් පට්ඨපෙසි, ඒ ඒ කරුණු දක්වමින් විචරසි පද අකුරු විභාගයෙන් (ගැලපෙන අරුතින්) විභජසි, යටිකුරු කරන ලද බව, ගැඹුරු බව ඉවතලා අසන්නන්ගේ නුවණ පිහිටන අයුරු දනවමින්, උත්තානීකරොසි මේ සියළු ආකාරයෙන් අසන්නන්ගේ අනුවණ අඳුර දුරුකරමින් පකාසෙසි යැයි මෙසේ අරුත් දතයුතුය.
වෙවිච්ඡා පමාදා නප්පකාසතීති මච්ඡරියහෙතු ච පමාදහෙතු ච නප්පකාසති. මච්ඡරියං හිස්ස දානාදීහි ගුණෙහි පකාසිතුං න දෙති, පමාදො සීලාදීහි. ජප්පාභිලෙපනන්ති තණ්හා අස්ස ලොකස්ස මක්කටලෙපො විය මක්කටස්ස අභිලෙපනං. දුක්ඛන්ති ජාතිආදිකං දුක්ඛං.
වෙවිච්ඡා පමාදා නප්පකාසති මසුරුබව හේතුකොටද (යහපත් දෙයකට) පමාවීම හේතුකොටද නොපෙනේ. මසුරු තැනැත්තා දානය ආදී (යහපත්) ගුණ නොදකී. සිල් රැකීම් ආදියෙහි පමාවෙයි. ජප්පාභිලෙපනං වඳුරා (ආසාවෙන්) ආලේපයට ඇලෙන්නා සේ, ලෝකයා තණ්හාවෙහි ඇලෙයි. දුක්ඛං ඉපදීම ආදී කොට ඇති දුක්,
යෙසං ධම්මානන්ති යෙසං රූපාදිධම්මානං. ආදිතො සමුදාගමනං පඤ්ඤායතීති පඨමතො උප්පාදො පඤ්ඤායති. අත්ථඞ්ගමතො නිරොධො පඤ්ඤායතීති භඞ්ගතො නිරුජ්ඣනං පඤ්ඤායති. කම්මසන්නිස්සිතො විපාකොති කුසලාකුසලවිපාකො කම්මං අමුඤ්චිත්වා පවත්තනතො කම්මසන්නිස්සිතො විපාකොති වුච්චති. විපාකසන්නිස්සිතං කම්මන්ති කුසලාකුසලං කම්මං විපාකස්ස ඔකාසං කත්වා ඨිතත්තා විපාකසන්නිස්සිතං කම්මන්ති වුච්චති. නාමසන්නිස්සිතං රූපන්ති පඤ්චවොකාරෙ රූපං නාමං අමුඤ්චිත්වා පවත්තනතො නාමසන්නිස්සිතං රූපන්ති වුච්චති. රූපසන්නිස්සිතං නාමන්ති පඤ්චවොකාරෙ නාමං රූපං අමුඤ්චිත්වා පවත්තනතො රූපසන්නිස්සිතං නාමන්ති වුච්චති.
යෙසං ධම්මානං ඒ රූප ආදියෙහි සොබාවය. ආදිතො සමුදාගමනං පඤ්ඤායති මුලින්ම හටගැන්ම (පැහැදිලිව) පෙනේ. අත්ථංගමතො නිරොධො (රූපාදී අරමුණක් නොගන්නා විට) නැතිවීම පෙනේ. කම්මසන්නිස්සිතො විපාකො යහපත් අයහපත් කටයුතුවල පලදීම නොසිඳී පැවතීමෙන්, එම කටයුතු අනුව ලබන විපාක යැයි කියනු ලැබේ. විපාක සන්නිස්සිතං කම්මං යහපත් අයහපත් කටයුතුවල විපාකයට ඉඩ ලබාදී ඇති බැවින් පලය ඇසුරුකොට ඇති කටයුතු හෙවත් කම්ම යැයි කියනු ලබයි. නාමසන්නිස්සිතං රූපං කොටස් පහකින් සැදි රූපය නොසිඳී පැවැත්මෙන් නාමය ඇසුරුකොට පවත්නා රූපය යැයි කියනු ලබයි. රූප සන්නිස්සිතං නාමං කොටස් පහකින් වූ නාමරූපය නොමිදී පැවැත්මෙන් රූපය ඇසුරුකොට ඇති නාමයැයි කියනු ලැබේ.
සවන්ති සබ්බධි සොතාති සබ්බෙසු රූපාදිආයතනෙසු තණ්හාදිකා සොතා සන්දන්ති. කිං නිවාරණන්ති තෙසං කිං ආවරණං කා රක්ඛා. සංවරං බ්රූහීති තං තෙසං නිවාරණසඞ්ඛාතං සංවරං බ්රූහි. එතෙන සාවසෙසප්පහානං පුච්ඡති. කෙන සොතා පිධීයරෙති කෙන ධම්මෙන එතෙ සොතා පිධීයන්ති පච්ඡිජ්ජන්ති. එතෙන අනවසෙසප්පහානං පුච්ඡති.
සවන්ති සබ්බධී සොතා රූප ආදී සියළු තන්හි තණ්හාව මුල් වූ දියදහරා ගලයි. කිං නිවාරණං ඒවා වැළැක්වීම කවරේද? රැකවරණය කුමක්ද? සංවරං බ්‍රෑහි ඒවා වැළැක්වීමට අදාළවන හික්මීම ගැන පැවසුව මැනවි. එයින් ඉතිරි සියළු දෙයෙහිම නැතිකිරීම විමසයි. කෙන සොතා පිථියරෙ කිනම් ආකාරයකින් ඒ දියදහරා (නොගලන ලෙස) අවුරා වසනු ලබයිද, සිඳ දමනු ලබයි. එයින් මුළුමනින්ම (ඉතිරි නොකොට) නැතිකරන අයුරු විමසයි.
සවන්තීති උප්පජ්ජන්ති. ආසවන්තීති අධොගාමිනො හුත්වා සවන්ති. සන්දන්තීති නිරන්තරගාමිනො හුත්වා සන්දමානා පවත්තන්ති. පවත්තන්තීති පුනප්පුනං වත්තන්ති.
සවන්ති උපදිති. ආසවන්ති යටිගම් බලා ගලති. සන්දන්ති ගලාබසිමින් පවතී. නැවත නැවතත් පවතී.
සති තෙසං නිවාරණන්ති විපස්සනායුත්තා කුසලාකුසලධම්මානං ගතියො සමන්වෙසමානා සති තෙසං සොතානං නිවාරණං . සොතානං සංවරං බ්රූමීති තමෙවාහං සතිං සොතානං සංවරං බ්රූමීති අධිප්පායො. පඤ්ඤායෙතෙ පිධීයරෙති රූපාදීසු පන අනිච්චතාදිපටිවෙධසාධිකාය මග්ගපඤ්ඤාය එතෙ සොතා සබ්බසො පිධීයන්ති.
සති තෙසං නිවාරණං මනා අවබෝධයෙන් යුතුව, (විදසුන් ලෙසින්) යහපත් අයහපත් දෙයෙහි සොබාවය විමසා බලන සිහිය ඒ දියපහරවල වැළැක්වීම වේ. සොතානං සංවරං බ්‍රෑමී. එහෙයින් මම සිහිය, ඒ දියපහරවල වැළැක්වීම යයි කියමි යන අදහසයි. පඤ්ඤායතෙ පිථියරෙ රූප ආදියෙහි සදා පැවැත්මක් නැතැයි වැටහීමෙන් පැතිර යන මගපල නුවණින් ඒ දියපහරවල් හැම අයුරින්ම (ගලායාම) වළකනු ලබති.
පච්ඡිජ්ජන්තීති උච්ඡිජ්ජන්ති. සමුදයඤ්චාති පච්චයඤ්ච. අත්ථඞ්ගමඤ්චාති උප්පන්නානං අභාවගමනඤ්ච, අනුප්පන්නානං අනුප්පාදං වා. අස්සාදඤ්චාති ආනිසංසඤ්ච. ආදීනවඤ්චාති දොසඤ්ච. නිස්සරණඤ්චාති නික්ඛමනඤ්ච.
පච්ඡිජ්ජන්ති මැනවින් සිඳ දමනු ලබති. සමදුයංච හටගැනීමට හේතුවද, අත්ථංගමංච හටගත් දෙයෙහි විනාසයට පත්වීම හෙවත් නැතිවීමද (නැතහොත්) හටනොගත් දෙයෙහි හටනොගැනීම හෝ (නූපන් දෙයෙහි නූපන් බව) අස්සාදංච ඇතිවන පලවිපාක ද, ආදීනවංච (එහි ඇති) දෝස හෙවත් වැරදි ද නිස්සරණං ච (එයින්) නිදහස් වීමද,
පඤ්ඤා චෙවාති පඤ්හාගාථාය යා චායං තයා වුත්තා පඤ්ඤා, යා ච සති, යඤ්ච තදවසෙසං නාමරූපං, එතං සබ්බම්පි කත්ථ නිරුජ්ඣති. එතං මෙ පඤ්හං පුට්ඨො පබ්රූහීති එවං සඞ්ඛෙපත්ථො වෙදිතබ්බො.
පඤ්ඤාචෙවා පැන ඇසූ ගාථාවෙන් ඔබ විසින් (බුදුරදුන් විසින්) කී පරිදි යම් නුවණක් ද සිහියද ඉතිරිව ඇති නාමරූපද යන මේ සියල්ල කෙසේ නැතිවේදැයි (අජිත නම් වූ) මා විසින් විමසන ලද පැනයට පිළිතුරු) දෙනු මැනවැයි කෙටියෙන් මෙසේ අරුත් දතයුතුය.
කත්ථෙතං උපරුජ්ඣතීති එතං නාමරූපං කත්ථ න භවති. වූපසම්මතීති නිබ්බාති. අත්ථං ගච්ඡතීති අභාවං ගච්ඡති. පටිප්පස්සම්භතීති සන්නිසීදති.
කත්ථෙතං නිරුජ්ඣති ඒ නාමරූපය නැත්තේ කොතැන්හි ද? වූපසම්මති නිවේ, අත්ථංගච්ඡති අභාවයට යයි. පටිප්පස්සම්භති සංසිඳේ.
විස්සජ්ජනගාථාය පනස්ස යස්මා පඤ්ඤාසතියො නාමෙනෙව සඞ්ගහං ගච්ඡන්ති, තස්මා තා විසුං න වුත්තා. අයමෙත්ථ සඞ්ඛෙපත්ථො – යං මං ත්වං, අජිත, එතං පඤ්හං අපුච්ඡි – “කත්ථෙතං උපරුජ්ඣතී”ති, තදෙතං යත්ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති, තං තෙ වදාමි. තස්ස තස්ස හි විඤ්ඤාණස්ස නිරොධෙන සහෙව අපුබ්බං අචරිමං එත්ථෙතං උපරුජ්ඣති, එත්ථෙව විඤ්ඤාණනිරොධෙන නිරුජ්ඣති එතං, විඤ්ඤාණනිරොධා තස්ස තස්ස නිරොධො හොති, තං නාතිවත්තතීති වුත්තං හොති.
පිළිතුරු ගාථාවෙහි යම් ආකාරයකින් පඤ්ඤාසති හෙවත් සිහිනුවණ නමින්ම සඳහන් වන හෙයින් ඒ ගැන වෙනම නොකියන ලදී. මේ එහි කෙටි අරුතයි. ‘අජිත, ඔබ නාමයද රූපයද මුළුමනින්ම නැතිවන්නේ කොතැනදී දැයි, යම් පැනයක් මගෙන් ඇසුවෙහිද? ඒ ගැන ඔබට කියමි. ඒ ඒ තැන්හි විඤ්ඤාණය නැති කිරීම සමගම (ඉන් එහාට) නොපවතී. එත්ථෙතං උපරුජ්ඣති එහි සිත නැතිකිරීමෙන් ඒ පැවතියා වූ සොබාවයද නැතිවේ.
සොතාපත්තිමග්ගඤාණෙන අභිසඞ්ඛාරවිඤ්ඤාණස්ස නිරොධෙනාති සොතාපත්තිමග්ගසම්පයුත්තපඤ්ඤාය කුසලාකුසලචෙතනාසම්පයුත්තචිත්තස්ස අභබ්බුප්පත්තිකවසෙන නිරුජ්ඣනෙන. තත්ථ දුවිධො නිරොධො අනුපාදින්නකනිරොධො උපාදින්නකනිරොධොති. සොතාපත්තිමග්ගෙන හි චත්තාරි දිට්ඨිසම්පයුත්තානි විචිකිච්ඡාසහගතන්ති පඤ්ච චිත්තානි නිරුජ්ඣන්ති, තානි රූපං සමුට්ඨාපෙන්ති. තං අනුපාදින්නකරූපක්ඛන්ධො , තානි චිත්තානි විඤ්ඤාණක්ඛන්ධො, තංසම්පයුත්තා වෙදනා සඤ්ඤා සඞ්ඛාරා තයො අරූපක්ඛන්ධා. තත්ථ සචෙ සොතාපන්නස්ස සොතාපත්තිමග්ගො අභාවිතො අභවිස්සා, තානි පඤ්ච චිත්තානි ඡසු ආරම්මණෙසු පරියුට්ඨානං පාපුණෙය්යුං. සොතාපත්තිමග්ගො පන නෙසං පරියුට්ඨානුප්පත්තිං වාරයමානො සෙතුසමුග්ඝාතං අභබ්බුප්පත්තිකභාවං කුරුමානො අනුපාදින්නකං නිරොධෙති නාම. සකදාගාමිමග්ගෙන චත්තාරි දිට්ඨිවිප්පයුත්තානි ද්වෙ දොමනස්සසහගතානීති ඔළාරිකකාමරාගබ්යාපාදවසෙන ඡ චිත්තානි නිරුජ්ඣන්ති. අනාගාමිමග්ගෙන අණුසහගතකාමරාගබ්යාපාදවසෙන තානි එව ඡ චිත්තානි නිරුජ්ඣන්ති. අරහත්තමග්ගෙන චත්තාරි දිට්ඨිවිප්පයුත්තානි උද්ධච්චසහගතඤ්චාති පඤ්ච අකුසලචිත්තානි නිරුජ්ඣන්ති. තත්ථ සචෙ තෙසං අරියානං තෙ මග්ගා අභාවිතා අස්සු, තානි චිත්තානි ඡසු ආරම්මණෙසු පරියුට්ඨානං පාපුණෙය්යුං. තෙ පන තෙසං මග්ගා පරියුට්ඨානුප්පත්තිං වාරයමානා සෙතුසමුග්ඝාතං අභබ්බුප්පත්තිකභාවං කුරුමානා අනුපාදින්නකං නිරොධෙන්ති නාම. එවං අනුපාදින්නකනිරොධො වෙදිතබ්බො.
එය අභිසංඛාර විඤ්ඤාණස්ස නිරෝධෙන සෝවාන් මගපල නුවණ හා එක්ව යෙදුණු කුසල අකුසල සිතිවිලිවලින් යුතු සිතෙහි (නැවත) හටගැනීමක් නොවන පරිදි නැති කිරීමෙන්, එහි තමාගේ යයි සිතා නොගත් (අනුපාදින්නක) හා තමාගේ යැයි සිතාගත් (උපාදින්නක) යනුවෙන් ඒ නැතිකිරීම දෙආකාරය. සෝවාන් මගින් සිවුවැදෑරුම් දැකීම් යුතු සැකය සහිත වූ සිත් පහ නැතිවේ. ඒවා රූප උපදවති. එය තමාගේ යැයි සිතා නොගත් රූප සමූහයයි. ඉදින් (තණ්හාදී) දිය පහරට පත් (තැනැත්තා) සෝවාන් මග නොවඩනා ලද්දේ නම්, ඒ සිත් පහ අරමුණු හයෙහි මතුව නැගී සිටින්නේ ය. සෝවාන් මග වූ කලී එබඳු සිත් මතුව නැගී සිටීම වළකාලමින්, සහමුලින් ඉවත් කරමින්, හට නොගන්නා බවට පත් කරන්නේ අනුපාදින්නක නිරෝධ නම් වේ. සකදාගාමි මගින් දැකීම් හතරකින් යුතු, සොම්නස් සහගත ලෙස දෙයාකාර වූ දළ ගතියෙන් යුතු කාමයෙහි ඇලීම හෙවත් කාමරාගය, නපුරු තරහ සිත් හෙවත් ව්‍යාපාද ලෙසින් වූ සිත් හය නැති වේ. අනාගාමි මගෙන් ඉතා මඳව හෝ ඉතිරිව ඇති කාමරාග ව්‍යාපාද ලෙස වූ ඒ සිත් හය නැති වේ. අරහත් මගෙන් දැකීම් හැර දැමූ, උඩඟු බව සහිත අකුසල් සිත් පහ නැතිවේ. එහි ඒ උතුමන් එම (සෝවාන් ආදී) මග නොවඩනා ලද නම්, ඒ සිත් අරමුණු හයෙහි මතුව නැගී සිටීමට පත්වන්නේය. ඒවා ඒ මග මතුව නැගී සිටීම වළකාලමින්, සහමුලින් ඉවත් කරමින්, හටනොගන්නා බවට පත් කරන්නේ අනුපාදින්නක නිරෝධ නම් වේ. මෙසේ අනුපාදින්නක නිරෝධය දතයුතුය. සෝතාපන්නව (එහෙත්) සෝවාන් මග නොවඩනා ලද විට, භවයෙහි ඉපදීම් (වාර) සතක් කෙළවර නොදක්නා සසර පැවැත්මෙහි උපදනා හේතු (තවදුරටත්) පවත්නේය. කවරහෙයින්ද? සසර බැඳීම් තුනක්, දැඩිව ගත් හැඟීම්, සැකය වැනි මේ කෙලෙස් පහ ඒ මග පල උපදවා ගැනීමෙන් ඉවතලනු ලැබේ.
සචෙ පන සොතාපන්නස්ස සොතාපත්තිමග්ගො අභාවිතො අභවිස්සා, ඨපෙත්වා සත්ත භවෙ අනමතග්ගෙ සංසාරවට්ටෙ උපාදින්නකක්ඛන්ධප්පවත්තං පවත්තෙය්ය. කස්මා? තස්ස පවත්තියා හෙතූනං අත්ථිතාය. තීණි සංයොජනානි දිට්ඨානුසයො විචිකිච්ඡානුසයොති ඉමෙ පන පඤ්ච කිලෙසෙ සො මග්ගො උප්පජ්ජමානොව සමුග්ඝාතෙති. ඉදානි කුතො සොතාපන්නස්ස සත්ත භවෙ ඨපෙත්වා අනමතග්ගෙ සංසාරවට්ටෙ උපාදින්නකප්පවත්තං පවත්තිස්සති. එවං සොතාපත්තිමග්ගො උපාදින්නකප්පවත්තං අප්පවත්තං කුරුමානො උපාදින්නකං නිරොධෙති නාම.
දැන් සෝවාන් තැනැත්තාට ඉපදීම් හතක් කෙළවරක් නොදක්නා සසර පැවැත්මෙහි උපදනා හේතු පවත්නේ කොතැනද? මෙසේ සෝවාන් මගපලය, ඒ උපදනා හේතු පැවැත්ම නොපවත්නා බවට පත්කිරිම - එහි නැතිකිරීම හෙවත් උපාදින්නක නිරෝධය නම් වේ. ඉදින් සකදාගාමි මග යන්නාට, සකදාගාමි මග නොවඩනා ලද්දේ නම්, ඉපදීම් (වාර) දෙකක් හැර, පස් වාරයක් උපදනා හේතු පවත්නේය. කවර හෙයින්ද? එහි පැවැත්මට කරුණු ඇති බැවිනි. දළ ගතියෙන් යුතු කාමරාගය, දළ වූ දැඩි ගැටුම් සහිත කෝපය යන සසර බැඳීම් හා දැඩි වූ කාමරාග - කෝප සහගත දැඩි ඇලීම් යන මේ සිවු කෙලෙස් ඒ මගපල උපදවා ගැනීමේදීම ඉවතලනු ලැබේ.
සචෙ සකදාගාමිස්ස සකදාගාමිමග්ගො අභාවිතො අභවිස්සා, ඨපෙත්වා ද්වෙ භවෙ පඤ්චසු භවෙසු උපාදින්නකප්පවත්තං පවත්තෙය්ය. කස්මා? තස්ස පවත්තියා හෙතූනං අත්ථිතාය. ඔළාරිකානි කාමරාගපටිඝසංයොජනානි ඔළාරිකො කාමරාගානුසයො පටිඝානුසයොති ඉමෙ පන චත්තාරො කිලෙසෙ සො මග්ගො උප්පජ්ජමානොව සමුග්ඝාතෙති. ඉදානි කුතො සකදාගාමිස්ස ද්වෙ භවෙ ඨපෙත්වා පඤ්චසු භවෙසු උපාදින්නකප්පවත්තං පවත්තිස්සති . එවං සකදාගාමිමග්ගො උපාදින්නකප්පවත්තං අප්පවත්තං කුරුමානො උපාදින්නකං නිරොධෙති නාම.
දැන් කොතැනින්, සකදාගාමී තැනැත්තාට ඉපදීම් වාර දෙක හැර පස්වාරයක් උපදනා හේතු පවත්නේද මෙසේ සකදාගාමී මගපලය, ඒ උපදනා හේතු - පැවැත්ම නොපවත්නා බවට පත්කිරීම - එහි නැතිකිරීම හෙවත් උපාදින්නක නිරෝධ නම් වේ. ඉදින්, අනාගාමී තැනැත්තාට, අනාගාමී මග නොවඩනා ලද්දේ නම්, එක්වරක් හැර, දෙවන වර උපදනා හේතු පවත්නේය. කවර හෙයින්ද? එහි පැවැත්මට කරුණු ඇති බැවිනි. ඉතා මඳ වූද, කාමරාගය හා ඉතා මඳ වූද ගැටුම් සහගත කෝපය යන සසර බැඳීම් හා ඉතා මඳ වුවත් ඇතිවන කාමරාග කෝප සහගත ඇලීම යන මේ සිවුකෙලෙස් ඒ මගපලය උපදවා ගැනීමේදීම ඉවතලනු ලැබේ.
සචෙ අනාගාමිස්ස අනාගාමිමග්ගො අභාවිතො අභවිස්සා, ඨපෙත්වා එකං භවං දුතියභවෙ උපාදින්නකප්පවත්තං පවත්තෙය්ය. කස්මා? තස්ස පවත්තියා හෙතූනං අත්ථිතාය. අණුසහගතානි කාමරාගපටිඝසඤ්ඤොජනානි අණුසහගතො කාමරාගානුසයො පටිඝානුසයොති ඉමෙ පන චත්තාරො කිලෙසෙ සො මග්ගො උප්පජ්ජමානොව සමුග්ඝාතෙති. ඉදානි කුතො අනාගාමිස්ස එකං භවං ඨපෙත්වා දුතියභවෙ උපාදින්නකප්පවත්තං පවත්තිස්සති. එවං අනාගාමිමග්ගො උපාදින්නකප්පවත්තං අප්පවත්තං කුරුමානො උපාදින්නකං නිරොධෙති නාම.
දැන් අනාගාමී තැනැත්තාට එක් ඉපදීම් වාරයක් හැර, දෙවන වර උපතක් ඇතිවීමට හේතු පවත්නේ කොතැනින්ද? මෙසේ අනාගාමී මගපලය, ඒ උපදනා හේතු පැවැත්ම නොපවත්නා බවට පත්කිරීම උපාදින්නක නිරෝධ නම් වේ. ඉදින් අර්හත් මග යමින්, අර්හත් මග නොවඩනා ලද්දේ නම්, රූප අරූප ලෝකවල උපදනා හේතු පවත්නේය. කවර හෙයින්ද? එහි පැවැත්මට කරුණු ඇති බැවිනි. රූප අරූප ලෝකවල ඇල්ම, මානය, උඩඟු නොසන්සුන් බව නොදැනීම හා මානයෙහි ඇලීම, භව ගමනෙහි ඇලීම, නොදැනීමෙහි ඇලීම යන කෙලෙස් අට ඒ මගපලය උපදවා ගැනීමේදීම ඉවතලනු ලැබේ.
සචෙ අරහතො අරහත්තමග්ගො අභාවිතො අභවිස්සා, රූපාරූපභවෙසු උපාදින්නකප්පවත්තං පවත්තෙය්ය. කස්මා? තස්ස පවත්තියා හෙතූනං අත්ථිතාය. රූපරාගො අරූපරාගො මානො උද්ධච්චං අවිජ්ජා මානානුසයො භවරාගානුසයො අවිජ්ජානුසයොති ඉමෙ පන අට්ඨ කිලෙසෙ සො මග්ගො උප්පජ්ජමානොව සමුග්ඝාතෙති. ඉදානි කුතො ඛීණාසවස්ස පුනබ්භවෙ උපාදින්නකප්පවත්තං පවත්තිස්සති? එවං අරහත්තමග්ගො උපාදින්නකප්පවත්තං අප්පවත්තං කුරුමානො උපාදින්නකං නිරොධෙති නාම.
දැන් කෙලෙසුන් නැතිකළ උතුමාට) නැවත ඉපදීමක් ලැබීමට හේතු පවත්නේ කොතැනද? මෙසේ අර්හත් මගපලය (මතු) ඉපදීමට හේතු නොපවත්නා බවට පත්කිරීම - එහි නැති කිරීම උපාදින්නක නිරෝධ නම් වේ.
සොතාපත්තිමග්ගො චෙත්ථ අපායභවං නිරොධෙති. සකදාගාමිමග්ගො සුගතිකාමභවෙකදෙසං. අනාගාමිමග්ගො කාමභවං. අරහත්තමග්ගො රූපාරූපභවං, සබ්බභවෙපි නිරොධෙති එවාති වදන්ති. එවං උපාදින්නකනිරොධො වෙදිතබ්බො.
මෙහිදී සෝවාන් මගපලය. අපායවල උපත ලැබීම වළකයි. සකදාගාමී මගපලය සුගතිකාම භවයක එක් කොටසක උපත ලැබීම වළකයි. අනාගාමී මගපලය කාමභවවල උපත ලැබීම වළකයි. අර්හත් මගපලය රූප ලෝක, අරූප ලෝක හා සියළුම තන්හි වළකිනු ලබතියි කියති. මෙසේ උපාදින්නක නිරෝධය දතයුතුය.
තත්ථ “අභිසඞ්ඛාරවිඤ්ඤාණස්ස නිරොධෙනා”ති එතෙන අනුපාදින්නකනිරොධං දස්සෙති. “යෙ උප්පජ්ජෙය්යුං නාමඤ්ච රූපඤ්ච, එත්ථෙතෙ නිරුජ්ඣන්තී”ති ඉමිනා පන උපාදින්නකනිරොධං දස්සෙති.
එහිදී ‘අභිසංඛාර විඤ්ඤාණස්ස නිරෝධෙන’ (කායික, වාචසික, මානසික ලෙසින්) ‘කම්ම රැස්කිරීමේ සිතක් ඇති නොවීමෙන්’ යනුවෙන් ඉපදීමට හේතුවන කරුණු නැතිකිරීම හෙවත් අනුපාදින්නක නිරෝධය දක්වනු ලැබේ. ‘යෙ උප්පජ්ජෙය්යුං නාමං ච රූපං ච එත්ථෙතෙ නිරුජ්ඣනිති’ යම් නාමයක්ද රූපයක්ද හටගන්නේ නම්, එය එතැනදීම නැතිවේ’ යන්නෙන් උපාදින්නක නිරෝධය දැක්වේ.
තත්ථ සත්ත භවෙ ඨපෙත්වාති කාමභවතො කාමභවං සංසරන්තස්ස සත්ත භවෙ වජ්ජෙත්වා. අනමතග්ගෙ සංසාරෙති –
එහි සත්තභවෙ ඨපෙත්වා කාමභවයෙන් කාමභවයට සැරිසරන උපදනා වාර සත හැර, අනමතග්ගෙ සංසාරෙ
“ඛන්ධානඤ්ච පටිපාටි, ධාතුආයතනාන ච; අබ්බොච්ඡින්නං වත්තමානා, ‘සංසාරො’ති පවුච්චතී”ති. (විසුද්ධි· 2.619; ධ· ස· අට්ඨ· නිදානකථා; අ· නි· අට්ඨ· 2.4.199; පටි· ම· අට්ඨ· 2.1.117; ඉතිවු· අට්ඨ· 14, 58; උදා· අට්ඨ· 39) –
ඛන්ධානං පටිපාටි ධාතු ආයතනානිච, අබ්බොච්ඡින්නං වත්තමානං සංසාරොති පවුච්චතී
(රූප ආදී) සමූහයකගේද (පඨවි ආදී) ධාතු කොටස්වලින්ද, (ඇස් ආදී) ආයතන (ඉඳුරන්) හා පිළිවෙලින් බැඳුණු, නොනැසී පවත්නා සොබාවය සසර යැයි කියනු ලැබේ.
එවං වණ්ණිතෙ සංසාරවට්ටෙ. යෙ උප්පජ්ජෙය්යුං නාමඤ්ච රූපඤ්චාති නමනලක්ඛණං චතුක්ඛන්ධසඞ්ඛාතං නාමඤ්ච රුප්පනලක්ඛණං භූතොපාදායසඞ්ඛාතං රූපඤ්ච එතෙ ධම්මා උප්පජ්ජෙය්යුං. එත්ථෙතෙ නිරුජ්ඣන්තීති එතස්මිං සොතාපත්තිමග්ගෙ එතෙ නාමරූපධම්මා අභබ්බුප්පත්තිකවසෙන නිරොධං ගච්ඡන්ති. සකදාගාමිමග්ගඤාණෙනාති එත්ථ පටිසන්ධිවසෙන සකිංයෙව ඉමං ලොකං ආගච්ඡතීති සකදාගාමී , තස්ස මග්ගො සකදාගාමිමග්ගො. තෙන මග්ගෙන සම්පයුත්තඤාණෙන. ද්වෙ භවෙ ඨපෙත්වාති කාමධාතුයායෙව පටිසන්ධිවසෙන ද්වෙ භවෙ වජ්ජෙත්වා. පඤ්චසු භවෙසූති තදවසිට්ඨෙසු පඤ්චසු භවෙසු. එත්ථෙතෙ නිරුජ්ඣන්තීති එත්ථ සකදාගාමිමග්ගෙ එතෙ ධම්මා වුත්තනයෙන නිරුජ්ඣන්ති. එකං භවං ඨපෙත්වාති උක්කට්ඨවසෙන රූපධාතුයා වා අරූපධාතුයා වා එකං භවං වජ්ජෙත්වා. රූපධාතුයා වා අරූපධාතුයා වාති දුතියකභවෙ රූපධාතුයා චෙව අරූපධාතුයා ච. නාමඤ්ච රූපඤ්චාති එත්ථ රූපභවෙ නාමරූපං, අරූපභවෙ නාමමෙව. එත්ථෙතෙ නිරුජ්ඣන්තීති එත්ථ අනාගාමිමග්ගෙ එතෙ නාමරූපධම්මා වුත්තනයෙන නිරුජ්ඣන්ති.
මෙසේ හඳුන්වනු ලැබූ සසර නම් වූ වටරවුම තුළ යම් කෙනෙකු ඉපදෙන්නේ නම්, නාමංච රූපං ච ඛන්ධ හෙවත් සමූහ හතරකින්ද නමකින් හැඳින්වීමද - පඨවි ආදී කොටස්වලින් යුතු වෙනස්වන ගතිසොබා ඇතැයි කියන ලද රූපයද උපදිනු ලබන්නේය. එත්ථෙතෙ නිරුජ්ඣන්ති ඒ සෝවාන් මගපලෙහි ඒ නාමරූප සකස්වීම ඉපදීමට නොහැකි ලෙසින් නැතිව යන ආකාරයට පත්වෙති. සකදාගාමි මග්ග ඤාණෙන එහි උපත ලබන අයුරින් එක්වරක් මේ ලොවට එතියි යන අදහසින් සකදාගාමි වේ. එම මග සකදාගාමි මග්ග නම් වේ. ඒ මග පිළිබඳ වූ නුවණින් යුතු, ද්වෙ භවෙ ඨපෙත්වා කාමලෝකවල උපදනා වාර දෙකක් හැරදමා, පඤ්චසු භවෙසු ඉතිරිව ඇති උපදනා වාර පසෙහි එත්ථෙතෙ නිරුජ්ඣන්ති මෙහිදී සකදාගාමි පලයට පත්ව, ඒ උපදනා අයුරු (පෙර) කියා ඇති පරිදි නැති කරනු ලබති. එකං භවෙ ඨපෙත්වා ඉතා උසස් රූපී ලෝකවල හෝ අරූපී ලෝකවල එක් වරක් උපත ලැබීම හැර, රූප ධාතුයා වා නාරං ච රූපංච රූප ලෝකයෙහි නාමරූප ඇති බවද අරූප ලෝකයෙහි නාම (පමණක්ම) බවද, එත්ථතෙ නිරුජ්න්ධන්ති මෙහි අනාගාමි බවට පත්වීමෙන් එම නාමරූප කියා ඇති පරිදි නැතිකරනු ලබති.
අරහතොති කිලෙසෙහි ආරකත්තා “අරහා”ති ලද්ධනාමස්ස ඛීණාසවස්ස. අනුපාදිසෙසාය නිබ්බානධාතුයාති දුවිධා හි නිබ්බානධාතු සඋපාදිසෙසා ච අනුපාදිසෙසා ච. තත්ථ උපාදීයති “අහං මමා”ති භුසං ගණ්හීයතීති උපාදි, ඛන්ධපඤ්චකස්සෙතං අධිවචනං. උපාදියෙව සෙසො අවසිට්ඨො උපාදිසෙසො, සහ උපාදිසෙසෙන වත්තතීති සඋපාදිසෙසා. නත්ථෙත්ථ උපාදිසෙසොති අනුපාදිසෙසා. තාය අනුපාදිසෙසාය නිබ්බානධාතුයා. පරිනිබ්බායන්තස්සාති නිරින්ධනස්ස විය ජාතවෙදස්ස නිබ්බායන්තස්ස අප්පවත්තං පවිසන්තස්ස. චරිමවිඤ්ඤාණස්ස නිරොධෙනාති එත්ථ අස්සාසපස්සාසානං නිරොධවසෙන. තයො චරිමා භවචරිමො ඣානචරිමො චුතිචරිමොති. භවෙසු හි කාමභවෙ අස්සාසපස්සාසා පවත්තන්ති, රූපාරූපභවෙසු නප්පවත්තන්ති. තස්මා සො භවචරිමො. ඣානෙසු පුරිමඣානත්තයෙව පවත්තන්ති, චතුත්ථෙ නප්පවත්තන්ති. තස්මා සො ඣානචරිමො. යෙ පන චුතිචිත්තස්ස පුරතො සොළසමෙන චිත්තෙන සහුප්පන්නා, තෙ චුතිචිත්තෙන සහ නිරුජ්ඣන්ති. සො චුතිචරිමො නාම. අයං ඉධ චරිමොති අධිප්පෙතො. යෙ හි කෙචි බුද්ධා වා පච්චෙකබුද්ධා වා අරියසාවකා වා අන්තමසො කුන්ථකිපිල්ලිකං උපාදාය සබ්බෙ භවඞ්ගචිත්තෙනෙව අබ්‍යාකතෙන දුක්ඛසච්චෙන කාලං කරොන්ති. තස්මා චරිමවිඤ්ඤාණස්ස නිරොධෙනාති චුතිචිත්තස්ස නිරොධෙනාති අත්ථො.
අරහතො කෙලෙස්වලින් දුරු වූ බැවින් ‘අරහා’ යනුවෙන් නම් ලද කෙලෙස් දුරුකරන ලද (උතුමාට) අනුපාදිසෙසාය එහි මම, මගේ යැයි (හැඟීම) දැඩි ලෙස අල්ලා ගනු ලබන බැවින් උපාදි සිරුර ඉතිරිව ඇති බැවින් උපාදිසෙසො, සිරුර සමග - සිරුර සහිතව පවත්නා බැවින් සඋපාදිසෙසො, ඒ සිරුර නොමැති බැවින් අනුපාදිසෙස නම් වේ. මේ වනාහී අනුපාදිසෙස පිරිනිවනයි. නිබ්බායන්තස්සා ගින්න ඇවිලීමට දර ආදි ඉන්ධන නොමැතිව නිවී යන්නා සේ (තවදුරටත්) නොපවතින සේ, චරිමවිඤ්ඤාණස්ස නිරොධෙන මෙහි හුස්ම ගැනීම, හුස්ම හෙළීම නැවතීමේදී සසර හැසිරීම, දැහැන්හි හැසිරීම හා මරණය (චුති) යන කරුණු තුනම අවසන් වේ. කාමලෝකවල (උපත ලද විට) හුස්ම ගැනීම හා පහත හෙළීම පැවතියද, රූප අරූප භවයන්හි නොපවතී. එහෙයින් ඒ භවචරිම නම් වේ. දැහැන්වලදී පළමුවන දැහැනෙහිම පවතී. සිවුවන දැහැනෙහි නො පවතී. එහෙයින් එය ඣානචරිම නම් වේ. යම් කෙනෙක් වනාහී චුති සිතට පෙරටුව දහසය වන සිත ඉපදීමත් සමගම වූවෝද, ඔවුහු චුතිසිත සමගම නිරුද්ධ වෙති. මේ චුතිචරිම නම් වේ. මේ මෙහිදී අවසන් (ඉපදීම) බව අදහස් වේ. කිසියම් බුදුවරු හෝ පසේ බුදුවරු හෝ මගපල ලත් උතුම් සාවකයෝ හෝ යටත් පිරිසෙයින් කුරාකුහුඹුවකු පිළිබඳව භවංග සිතින්ම දුකෙහි ඇත්ත හෙළිදරව් නොකොට කළුරිය කරති. එහෙයින් ඒ අවසන් හුස්ම (විඤ්ඤාණය) නැති කිරීමෙනි. චුති සිතෙහි අවසානය යන අරුතයි.
පඤ්ඤා ච සති ච නාමඤ්චාති එතෙහි චතුන්නං අරූපක්ඛන්ධානං ගහණං පච්චෙතබ්බං. රූපඤ්චාති එතෙන චතුන්නං මහාභූතානං චතුවීසතිඋපාදාරූපානඤ්ච ගහණං පච්චෙතබ්බං. ඉදානි තස්ස නිරුජ්ඣනූපායං දස්සෙන්තො “විඤ්ඤාණස්ස නිරොධෙන, එත්ථෙතං උපරුජ්ඣතී”ති ආහ. තත්ථ විඤ්ඤාණන්ති චරිමවිඤ්ඤාණම්පි අභිසඞ්ඛාරවිඤ්ඤාණම්පි. අභිසඞ්ඛාරවිඤ්ඤාණස්ස පහීනනිරොධෙන එත්ථෙතං උපරුජ්ඣති නිරුජ්ඣති දීපසිඛා විය අපණ්ණත්තිකභාවං යාති, චරිමවිඤ්ඤාණස්ස අනුප්පාදපච්චයත්තා අනුප්පාදනිරොධෙන අනුප්පාදවසෙනෙව උපරුජ්ඣතීති (දී· නි· අට්ඨ· 1.499).
පඤ්ඤාච සතීච නාමංච මෙයින් අරූප සමූහ සතර පිළිබඳ වටහාගත යුතුය. රූපංච මෙයින් සතර මහා භූත කොටස් ද උපාදා රූප විසිහතරද වටහාගත යුතුය. මීළඟට එහි නැතිවන ආකාරය දක්වමින් ‘විඤ්ඤාණස්ස නිරොධෙන එත්ථෙතං උපරුජ්ඣති” යනුවෙන් විඤ්ඤාණය නැතිවීමෙන් එය එහිම වනසනු ලැබේ යැයි වදාළහ. එහි විඤ්ඤාණං චරිම, අභිසංඛාර යැයි දැක්වේ. කම්ම රැස්කිරිමේ හෙවත් අභිසංඛාර විඤ්ඤාණය නැතිකිරීමෙන් එය එහිම වැළකේ. (නිවෙන) පහන් දැල්ලක් සේ (කොතැනට ගියේදැයි) කතා කළ නොහැකිය. අවසන් හුස්මෙහි නැවත හටගැනීමට හේතු නොමැති බැවින් - නැවත නූපදනා ලෙසට වැළකීමෙන්, නැවත නූපදනා ලෙසම සංසිඳේ.
එත්තාවතා ච “දුක්ඛමස්ස මහබ්භය”න්ති ඉමිනා පකාසිතං දුක්ඛසච්චං, “යානි සොතානී”ති ඉමිනා සමුදයසච්චං, “පඤ්ඤායෙතෙ පිධීයරෙ”ති ඉමිනා මග්ගසච්චං, “අසෙසං උපරුජ්ඣතී”ති ඉමිනා නිරොධසච්චන්ති එවං චත්තාරි සච්චානි සුත්වාපි අරියභූමිං අනධිගතො පුන සෙක්ඛාසෙක්ඛපටිපදං පුච්ඡන්තො “යෙ ච සඞ්ඛාතධම්මාසෙ”ති ගාථමාහ. තත්ථ සඞ්ඛාතධම්මාති අනිච්චාදිවසෙන පරිවීමංසිතධම්මා, අරහන්තානමෙතං අධිවචනං. සෙක්ඛාති සීලාදීනි සික්ඛමානා අවසෙසා අරියපුග්ගලා. පුථූති බහූ සත්තජනා. තෙසං මෙ නිපකො ඉරියං පුට්ඨො පබ්රූහීති තෙසං මෙ සෙක්ඛාසෙක්ඛානං නිපකො පණ්ඩිතො ත්වං පුට්ඨො පටිපත්තිං බ්රූහීති.
මෙපමණකින්ම ‘දුක මහත් බයක් වේ’ යැයි ‘දුක්ඛමස්ස මහබ්භයං’ දුකෙහි නිබොරු බව පහදන ලදී. ‘යම් (තණ්හාදී) දියපහරවල් - ‘යානි සොතානි’ යන්නෙන් දුක ඇතිවන හේතුවෙහි නිබොරු බවත්, ‘පඤ්ඤායෙතෙ පිථියරෙ - ‘තියුණු නුවණින් වසනු ලැබේ’ මෙයින් දුක නැතිකිරිමේ මගෙහි නිබොරු බවත්, ‘අසෙසං උපරුජ්ඣති’ මුළුමනින්ම වළකනු ලැබේ’ මෙයින් දුක නැතිකිරීමේ නිබොරු බවත් යන සිවුසස් පිළිබඳව ඇසුවත්, උතුම් රහත්බව අවබෝධ නොකොට, යළිත් රහත්මගට පවූ හා ඒ පිළිවෙත පිළිපදින්නන් ගැන විමසමින් ‘යෙච සංඛාත ධම්මාසෙ’ යන ගාථාව කීය. එහි සංඛතධම්මා කිසිවක් තිර නැතැයි සළකා (අනිච්ච) මැනවින් විමසිය යුතු කරුණකි. රහත් උතුමන්ට එය සමාන වදනකි. සෙක්ඛා සිල් ආදිය රැකීමෙන් සංවරයට පත්වන ඉතිරි අරිය පුද්ගලයන්ය. පුථූ (ඒ ඒ දේවලට) ඇලී ඇති බොහෝ ජනයා, තෙසං මෙ නිපකො ඉරියං පුට්ඨො පබ්‍රෑහි. එම රහත් මගට පත් හා ඒ මග පිළිපදින්නන්ගේ පිළිවෙත, වියත් වූ මැනවින් කරුණු දන්නා හෙවත් පණ්ඩිත වූ ඔබගෙන් විචාරන ලදින් පැවසුව මැනවි.
තෙසං ඛන්ධා සඞ්ඛාතාති තෙසං පඤ්චක්ඛන්ධා අප්පටිසන්ධිකං කත්වා දෙසිතා, සඞ්ඛෙපං කත්වා ඨපිතා වා. ධාතුආදීසුපි එසෙව නයො. ඉරියන්ති පයොගං. චරියන්ති කිරියං. වුත්තින්ති පවත්තිං. ආචරන්ති චරණං. ගොචරන්ති පච්චයං. විහාරන්ති ඉරියාපථපවත්තනං. පටිපදන්ති විපස්සනං.
තෙසං ඛන්ධා සංඛාතා ඒ උතුමන්ගේ රූපාදී සමූහ (නැවත) පිළිසිඳ ගැනීමකින් තොර බවත්, හෝ කෙටිකොට ඇති බවත් දෙසන ලදී. ධාතු කොටස් පිළිබඳවද එසේය. ඉරියං යෙදෙන අයුරු, චරියං කටයුතු කිරිමයි. වුත්තිං පවත්නා අයුරුයි. ආචාරං මනා හැසිරිමයි. ගොචරං සිවුපසය, විහාරං ඉරියවු පැවැත්ම, පටිපදං විදසුන් ලෙසින් නුවණින් විමසා බැලීමයි.
අථස්ස භගවා යස්මා සෙක්ඛෙන කාමච්ඡන්දනීවරණං ආදිං කත්වා සබ්බකිලෙසා පහාතබ්බා එව, තස්මා “කාමෙසූති උපඩ්ඪගාථාය සෙක්ඛපටිපදං දස්සෙති. තස්සත්ථො – වත්ථුකාමෙසු කිලෙසකාමෙන නාභිගිජ්ඣෙය්ය, කායදුච්චරිතාදයො ච මනසො ආවිලභාවකරෙ ධම්මෙ පජහන්තො මනසානාවිලො සියාති. යස්මා පන අසෙක්ඛො අනිච්චාදිවසෙන සබ්බසඞ්ඛාරාදීනං පරිතුලිතත්තා කුසලො සබ්බධම්මෙසු කායානුපස්සනාසතිආදීහි ච සතො සක්කායදිට්ඨිආදීනං භින්නත්තා භික්ඛුභාවං පත්තො හුත්වා සබ්බඉරියාපථෙසු පරිබ්බජති, තස්මා “කුසලො”ති උපඩ්ඪගාථාය අසෙක්ඛපටිපදං දස්සෙති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, මගපලයෙහි හික්මෙනු කැමැත්තෙකු විසින් කාමයෙහි දැඩි ඇල්ම වැනි කෙලෙස් දුරුකළ යුතු බව අජිතට පහදමින්, ‘කාමෙසු’ ගාථා අඩකින් එම හික්මිය යුතු පිළිවෙත වදාළහ. එහි අරුත නම්, ඒ ඒ දේවලට ඇළුම් කිරීමේදී කෙලෙස් ලෙසින් එහි දැඩිව ගෙන නො ඇලෙන්නේ ය. කයෙන් වන දුසිරිත් ආදියෙන්ද, මනස කළඹන අපිරිසිදු දේවල් ඉවත හැරීම මනසා නා විලොසියා යනුයි. රහත්බවට පත් උතුමා සියල්ල තිරව නොපවත්නා ලෙස (අනිච්ච) හේතු නිසා එක්වී සකස්වන - ඇතිවන සියළු දෙයෙහිම (සංඛාර) පලවිපාක සසඳා බලන ලදින් ඒ සියළු කරුණු පිළිබඳව ඇති සැටියෙන් වටහාගැනීමේ හැකියාවෙන් (කුසලො) කයෙහි පැවතුම්, ගතිසොබා හා සිහි පැවතුම් ආදියෙහිද මැනවින් යුතුව, ‘මමය-මගේය’ යන හැඟීම් ආදිය බිඳින ලද බැවින් ‘භික්ඛු’ බවට පත්ව, සියළු ඉරියවු කෙරෙහිම මනාව පවතියි. එහෙයින් ‘කුසලො’ යන අඩ ගාථාවෙන් රහත්මග පිළිවෙත දැක්වෙයි.
නාභිගිජ්ඣෙය්යාති ගෙධං නාපජ්ජෙය්ය. න පලිගිජ්ඣෙය්යාති ලොභං නාපජ්ජෙය්ය. න පලිබුන්ධෙය්යාති ලොභවසෙන න අල්ලීයෙය්ය.
න ගිජ්ඣෙය්ය ගිජු බවට පත් නො වන්නේ ය. න පළිගිජ්ඣෙය්ය ආසා කරන්නෙකු බවට පත් නො වන්නේ ය. න පළිබුජ්ඣෙය්ය ආසාවෙන් නො ඇලෙන්නේ ය.
ආවිලකරෙ කිලෙසෙ ජහෙය්යාති චිත්තාලුළකරෙ උපතාපසඞ්ඛාතෙ කිලෙසෙ ජහෙය්ය.
ආවිලකරෙ කිලෙසෙ පජහෙය්ය සිත කළඹවමින්, මුසපත් කරවන, සිත තැවුලට පත්කරන කෙලෙස් දුරු කරන්නේ ය.
සබ්බෙ ධම්මා අනත්තාති නිබ්බානං අන්තොකරිත්වා වුත්තං. යං කිඤ්චි සමුදයධම්මන්ති යං කිඤ්චි සප්පච්චයසභාවං.
සබ්බෙ ධම්මා අනත්තා නිවන ඇතුළත් කොට කියන ලදී. යං කිංචි සමුදය ධම්මං යම් දෙයක හටගැනීමට පාදක වන කිසියම් හේතු සහිත බව.
සහ ගාථාපරියොසානාති ගාථාවසානෙනෙව සද්ධිං. යෙතෙ බ්රාහ්මණෙන සද්ධිං එකච්ඡන්දාති යෙ එතෙ අජිතමාණවෙන කල්යාණඡන්දෙන එකජ්ඣාසයා. එකප්පයොගාති කායවචීමනොපයොගෙහි එකප්පයොගා. එකාධිප්පායාති එකො අධිප්පායො රුචි එතෙසන්ති එකාධිප්පායා, එකරුචිකාති අත්ථො. එකවාසනවාසිතාති අතීතබුද්ධසාසනෙ තෙන සද්ධිං භාවිතභාවනා. අනෙකපාණසහස්සානන්ති අනෙකෙසං දෙවමනුස්සසඞ්ඛාතානං පාණසහස්සානං. විරජං වීතමලන්ති රාගාදිරජවිරහිතං රාගාදිමලවිරහිතඤ්ච.
සහගාථා පරියොසානා ගාථාව අවසන් වීමත් සමග, යෙතෙ බ්රාහ්මණෙන සද්ධිං එකච්ඡන්දා ඒ අජිත බමුණු සමග එකම ආකාර වූ යහපත් සමාන අදහස් ඇති යම් තැනැත්තන් (පිරිස). එකප්පයොගා කය සිත වචන හැසිරවීමෙහි එකම ආකාරව, එකාධිප්පායා සමාන අදහස් දරණ, එකම ආකාරයට කැමති යන තේරුමයි. එකවාසනවාසිතා පෙර බුදු සසුනෙහි ඔහු සමග බවුන් වඩනා ලද, අනෙකෙසං පාණසහස්සානං නොයෙක් දහස් ගණන් දෙව් මිනිස් සත්වගට, විරජං වීතමලං රාගාදී (කෙලෙස්) දූවිලි රහිත, රාගාදී (කෙලෙස්) කිලිටි රහිත,
ධම්මචක්ඛුන්ති ඉධ සොතාපත්තිමග්ගො අධිප්පෙතො. අඤ්ඤත්ථ හෙට්ඨාමග්ගත්තයං. තස්ස උප්පත්තිකාරණදස්සනත්ථං “යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම”න්ති ආහ. තඤ්හි නිරොධං ආරම්මණං කත්වා කිච්චවසෙන එවං සබ්බසඞ්ඛතං පටිවිජ්ඣන්තං උප්පජ්ජති. තස්ස බ්රාහ්මණස්ස අනුපාදාය ආසවෙහි චිත්තං විමුච්චීති තස්ස ච අජිතබ්රාහ්මණස්ස අන්තෙවාසිකසහස්සානඤ්ච තණ්හාදීහි අග්ගහෙත්වා කාමාසවාදීහි මග්ගක්ඛණෙ චිත්තං විමුච්චමානං ඵලක්ඛණෙ විමුච්චි. සහ අරහත්තප්පත්තාති අරහත්තප්පත්තියා ච සහෙව ආයස්මතො අජිතස්ස ච අන්තෙවාසිකසහස්සස්ස ච අජිනජටාවාකචීරතිදණ්ඩකමණ්ඩලුආදයො අන්තරධායිංසු. සබ්බෙව ඉද්ධිමයපත්තචීවරධරා ද්වඞ්ගුලකෙසා එහිභික්ඛූ හුත්වා භගවන්තං නමස්සමානා පඤ්ජලිකා නිසීදිංසු. පාළියං පන අජිතත්ථෙරොව පඤ්ඤායති. තත්ථ අන්වත්ථපටිපත්තියාති සයං පච්චාසීසිතලද්ධපටිපත්තියා, නිබ්බානලද්ධභාවෙනාති අත්ථො. සෙසං සබ්බත්ථ පාකටමෙව. එවං භගවා අරහත්තනිකූටෙන දෙසනං නිට්ඨාපෙසීති.
ධම්මචක්ඛුං මෙහි සෝවාන් මගපල අදහස් වේ. අන් තැනකදී (ඊට) පසුව ලබන මගපල තුනට (පත්වේ) එයට සුදුසු කරුණු දක්වනු පිණිස ‘යම්කිසි දෙයක් හේතු සහිතව හටගනීද, ඒ සියළුම දේ නැතිවී යන සොබාවය ඇතැයි ‘යං කිංචි සමුදයධම්මං සබ්බන්තං නිරොධ ධම්මං’ කීය. එය නිවන අරමුණුකොට (ඊට අදාල) කටයුතු ලෙස, හේතු නිසා හටගත් මේ සියළුම දේ පිළිබඳ අවබෝධය ලබයි. තස්ස ච පන බ්රාහ්මණස්ස අනුපාදාය චිත්තං විමුච්චති ඒ අජිත බමුණාටද දහස් වූ අතවැසි පිරිසට ද තණ්හා කාමාදී කෙලෙස් අරමුණු නොගෙන (සෝවාන්) මගෙන් සිත (ඒවායින්) මිදෙන අතර, සුදුසු කල්හි (සෝවාන්) පල ලැබ (ඒවායින්) මිදුණේය. සහ අරහත්තප්පත්තා අරහත් පලයට පැමිණීමත් සමගම, ගරු අජිත උතුමන් සහ අතවැසි දහසකගේ අඳුන් දිවිසම්, ජටා (හැඳ සිටි) කෙඳි - පට්ටාවලින් වියන ලද ඇඳුම්, දියබඳුන තබන පාද තුනකින් තට්ටු ආදිය අතුරුදහන් වූහ. සියල්ලෝම ඉදුබලයෙන් පාසිවුරු දරා, දෑඟුල් පමණ කෙස් ඇතිව, ‘එව මහණ’ යැයි (වදාළ බුදුවදනින්) පැවිදි බවට පත්ව, භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ නමදිමින් සිටියහ. පෙළෙහි අජිත තෙරුන් යැයි සඳහන් වේ. එහි අන්වත්ථ පටිපත්තියා යනු තමන් බලාපොරොත්තුව ලද පිළිවෙතින් නිවන ලද බව තේරුමයි. ඉතිරි සියළු කරුණු පැහැදිලිය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අර්හත් බව කුළුගන්වමින් දේශනය නිම කළහ.
සද්ධම්මප්පජ්ජොතිකාය චූළනිද්දෙස-අට්ඨකථාය
සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි
අජිතමාණවසුත්තනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
අජිතසුත්ත නිද්දේස වර්ණනාව නිමියේ ය.