යෙදුමෙන් කියවන්න

2. තිස‍්සමෙත‍්තෙය්‍යමාණවසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

2. තිස‍්සමෙත‍්තෙය්‍යමාණවසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා

2. තිස්සමෙත්තෙය්‍ය සූත්‍ර නිර්දේශ වර්ණනාව

දුතියෙ තිස‍්සමෙත‍්තෙය්‍යසුත‍්තනිද‍්දෙසෙ – කොධ සන‍්තුසිතොති නිට‍්ඨිතෙ පන අජිතසුත‍්තෙ “කථං ලොකං අවෙක‍්ඛන‍්තං, මච‍්චුරාජා න පස‍්සතී”ති (සු· නි· 1124; චූළනි· මොඝරාජමාණවපුච‍්ඡා 143) එවං මොඝරාජා පුච‍්ඡිතුං ආරභි. “න තාවස‍්ස ඉන්‍ද්‍රියානි පරිපාකං ගතානී”ති ඤත්‍වා භගවා “තිට‍්ඨ ත්‍වං, මොඝරාජ, අඤ‍්ඤො පුච‍්ඡතූ”ති පටික‍්ඛිපි. තතො තිස‍්සමෙත‍්තෙය්‍යො අත‍්තනො සංසයං පුච‍්ඡන‍්තො “කොධාති ගාථමාහ. තත්‍ථ කොධ සන‍්තුසිතොති කො ඉධ සත‍්තො තුට‍්ඨො. ඉඤ‍්ජිතාති තණ‍්හාදිට‍්ඨිවිප‍්ඵන්‍දිතානි. උභන‍්තමභිඤ‍්ඤායාති උභො අන‍්තෙ අභිජානිත්‍වා. මන‍්තා න ලිප‍්පතීති පඤ‍්ඤාය න ලිප‍්පති.

කොධ සන්තුසිතො යනු දෙවන තිස මෙත්තෙය්‍ය සූත්‍ර විස්තරයයි. අජිත සූත්‍ර (දේසනය) නිමවූ කල්හී, ‘මරණය නැමති රජු නොදක්නා ලොවක් බලාපොරොත්තු වන්නේ කෙසේදැයි’ මෝඝරාජ විමසීම ඇරඹියේය. ඔහුගේ ඉඳුරන් (දහම් අවබෝධයට) සුදුසු පරිදි සකස්ව නොතිබූ බැවින්, භාග්‍යවතුන් වහන්සේ, ‘මෝඝරාජ, ඔබ පසුව විමසන්න, වෙනත් කෙනෙකුට විමසීමට ඉඩ දෙන්නැ’යි වැළකූහ. එවිට තිස්ස මෙත්තෙය්‍ය තම සැකය විමසමින් ‘කොධ...ආදී ගාථාව කීය. එහි කොධ සන්තුසිතො කවරෙක් මේ ලොවෙහි සතුටු වෙත්ද? ඉඤ්ජිතා දැඩි ආසා හා දැඩිව වැළඳගත් හැඟීම්වලින් කවන, උභන්තමභිඤ්ඤාය දෙකෙළවර (මුල-අග) දැන, මන්තා න ලිප්පති නුවණින් නොඇලෙයි.

පරිපුණ‍්ණසඞ‍්කප‍්පොති නෙක‍්ඛම‍්මාදිවිතක‍්කෙහි පරිපුණ‍්ණසඞ‍්කප‍්පත‍්තා පරිපුණ‍්ණමනොරථො.

පරිපුණ්ණ සංකප්පො කෙලෙසුන් දුරුකිරීම ආදී සිතිවිලිවලින් පිරිපුන් බලාපොරොත්තු ඇති.

තණ‍්හිඤ‍්ජිතන‍්ති තණ‍්හාය චලිතං. දිට‍්ඨිඤ‍්ජිතාදීසුපි එසෙව නයො. කාමිඤ‍්ජිතන‍්ති කිලෙසකාමෙහි ඉඤ‍්ජිතං ඵන්‍දිතං. “කම‍්මිඤ‍්ජිත”න‍්තිපි පාඨො, තං න සුන්‍දරං.

තණ්හා ඉඤ්ජිතං දැඩි ආසාවෙන් සැලෙන, දැඩිව ගත් හැඟීම්වලින් සැලෙන බවද මේ අයුරිනි. කාමිඤ්ජිතං කෙලෙස් කාමයන්ගෙන් සැලෙන, දඟලන, කම්මිජිතං යනුවෙන්ද වචනයකි. එය නුසුදුසුය.

මහන‍්තො පුරිසොති මහාපුරිසො. උත‍්තමො පුරිසොති අග‍්ගපුරිසො. පධානො පුරිසොති සෙට‍්ඨපුරිසො. අලාමකො පුරිසොති විසිට‍්ඨපුරිසො. ජෙට‍්ඨකො පුරිසොති පාමොක‍්ඛපුරිසො. න හෙට‍්ඨිමකො පුරිසොති උත‍්තමපුරිසො. පුරිසානං කොටිප‍්පත‍්තො පුරිසොති පධානපුරිසො. සබ‍්බෙසං ඉච‍්ඡිතො පුරිසොති පවරපුරිසො.

උසස් තැනැත්තා මහා පුරිසො, උතුම් තැනැත්තා අග්ග පුරිසො, මූලික තැනැත්තා සෙට්ඨ පුරිසො, ලාමක ඔතෑනි නොවූ තැනැත්තා විසිට්ඨපුරිසො, දෙටු තැනැත්තා පාමොක්ඛ පුරිසො, පහත් ගති නැති තැනැත්තා උත්තම පුරිසො, පුද්ගලයන් අතර, (උසස් ගුණයෙන්) කෙළවරට ගිය තැනැත්තා පධාන පුරිසො, සියල්ලන් කැමතිවන තැනැත්තා පවර පුරිසො.

සිබ‍්බිනිමච‍්චගාති තණ‍්හං අතිඅගා, අතික‍්කමිත්‍වා ඨිතො. උපච‍්චගාති භුසං අතිඅගා.

සිබ්බනි මච්චගා දැඩි ආසාව - තණ්හාව ඉක්මවා සිටියේ, උපච්චගා ඉක්මවා ගියේය.

තස‍්සෙතමත්‍ථං භගවා බ්‍යාකරොන‍්තො “කාමෙසූ”ති ගාථාද‍්වයමාහ. තත්‍ථ කාමෙසු බ්‍රහ‍්මචරියවාති කාමනිමිත‍්තං බ්‍රහ‍්මචරියවා, කාමෙසු ආදීනවං දිස‍්වා මග‍්ගබ්‍රහ‍්මචරියෙන සමන‍්නාගතොති වුත‍්තං හොති. එත‍්තාවතා සන‍්තුසිතතං දස‍්සෙති. “වීතතණ‍්හො”තිආදීහි අනිඤ‍්ජිතතං. තත්‍ථ සඞ‍්ඛාය නිබ‍්බුතොති අනිච‍්චාදිවසෙන ධම‍්මෙ වීමංසිත්‍වා රාගාදිනිබ‍්බානෙන නිබ‍්බුතො. අසද‍්ධම‍්මසමාපත‍්තියාති නීචධම‍්මසමායොගතො. ආරතීති ආරකා රමනං. විරතීති තාය විනා රමනං. පටිවිරතීති පටිනිවත‍්තිත්‍වා තාය විනා රමනං. වෙරමණීති වෙරවිනාසනං. අකිරියාති කිරියාපච‍්ඡින්‍දනං. අකරණන‍්ති කරණපරිච‍්ඡින්‍දනං. අනජ‍්ඣාපත‍්තීති අනාපජ‍්ජනතා. වෙලාඅනතික‍්කමොති සීමාඅනතික‍්කමො. සෙසං තත්‍ථ තත්‍ථ වුත‍්තනයත‍්තා පාකටමෙව.

ඔහුට ඒ කරුණු පහදා දෙමින් භාග්‍යවතුන් වහන්සේ ‘කාමෙසූ’ ආදී ගාථා දෙක වදාළහ. එහි කාමෙසු බ්‍රහ්මචරියවා කාමය නිමිතිකොට බඹසර හැසිරීම හෝ කාමයන්හි පලවිපාක දැක, මග බඹසර හැසිරීමෙන් යුතු වූයේ යැයි කියන ලදී. මෙපමණකින් සතුට දැක්වීය. තණ්හා නැතිවීම ආදීකොට අනෙජනං (එජා යනු තණ්හාවට නමකි.) සංඛාය නිබ්බුතො තිර නැති බව විමසමින් රාගාදී (කෙලෙස් ගිනි) නිවීමෙන්, නිවුණු බවට පත්ව, අයහපත් දේ හැර, යහපතටම ගිය ආරති ඇලීම දුරින්ම දුරුකොට විරති ඒ ඇලීම හැර පටිවිරති නැවත නැවත (විමසමින්) ඒ ඇලීම හැර, වෙරමණි නොකර සිටීම (තණ්හා පලිගැනීම් නැතිකිරීම), අකිරියා කටයුතු හැරදැමීම, අකරණං නොකිරීම, අනජ්ඣාපන්ති (වරදකට) පත් නොවෙමින්, වෙලා අනතික්කමො සීමා නොඉක්මවමින්, ඉතිරි කරුණු ඒ ඒ තන්හි කියා ඇති බැවින් පහසුය.

එවං භගවා ඉදම‍්පි සුත‍්තං අරහත‍්තනිකූටෙනෙව දෙසෙසි. දෙසනාපරියොසානෙ අයම‍්පි බ්‍රාහ‍්මණො අරහත‍්තෙ පතිට‍්ඨාසි සද‍්ධිං අන‍්තෙවාසිකසහස‍්සෙන, අඤ‍්ඤෙසඤ‍්ච අනෙකසහස‍්සානං ධම‍්මචක‍්ඛුං උදපාදි. සෙසං පුබ‍්බසදිසමෙව.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රයද අර්හත් බව කුළුගන්වමින් දෙසූහ. දේසනාව අවසන මේ බමුණාද අතවැසි දහසක් පිරිස සමග අර්හත් පලෙහි පිහිටියේය. තවත් දහස් ගණනකට දහම් ඇස පහළ විය. ඉතිරි කරුණු පෙර පරිදිමය.

සද‍්ධම‍්මප‍්පජ‍්ජොතිකාය චූළනිද‍්දෙස-අට‍්ඨකථාය

සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි

තිස‍්සමෙත‍්තෙය්‍යමාණවසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

තිස්ස මෙත්තෙය්‍ය සුත්ත වර්ණනාව නිමියේ ය.