යෙදුමෙන් කියවන්න

3. පුණ‍්ණකමාණවසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

3. පුණ‍්ණකමාණවසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා

3. පුණ්ණක සූත්‍ර නිර්දේශ වර්ණනාව

තතියෙ පුණ‍්ණකසුත‍්තනිද‍්දෙසෙ – අනෙජන‍්ති ඉදම‍්පි පුරිමනයෙනෙව මොඝරාජානං පටික‍්ඛිපිත්‍වා වුත‍්තං. තත්‍ථ මූලදස‍්සාවින‍්ති අකුසලමූලාදිදස‍්සාවිං. ඉසයොති ඉසිනාමකා ජටිලා. යඤ‍්ඤන‍්ති දෙය්‍යධම‍්මං. අකප‍්පයිංසූති පරියෙසිංසු.

තුන්වන පුණ්ණක සූත්‍ර විස්තරයයි. ‘අනෙජං’ යනුවෙන් (ඇරඹෙන) මෙම සූත්‍රයද පෙර පරිදිම මෝඝරාජගේ (ඉල්ලීම) පිළිකෙව් කොට වදාරන ලදී. එහි මූල දස්සාවි අකුසල් මුල් ආදිය දකින, ඉසයො ඉසිවරු නම් වූ ජටිලයෝ, යඤ්ඤං දිය යුතු දෙයක්, අකප්පයිංසු සෙවූහ.

හෙතුදස‍්සාවීතිආදීනි සබ‍්බානි කාරණවෙවචනානෙව. කාරණඤ‍්හි යස‍්මා අත‍්තනො ඵලත්‍ථාය හිනොති පවත‍්තති, තස‍්මා හෙතූති වුච‍්චති. යස‍්මා තං ඵලං නිදෙති ‘හන්‍ද, ගණ‍්හථ න’න‍්ති අප‍්පෙති විය, තස‍්මා නිදානන‍්ති වුච‍්චති. සම‍්භවදස‍්සාවීතිආදීනි පඤ‍්ච පදානි හෙට‍්ඨා දස‍්සිතනයානි එව. යස‍්මා තං පටිච‍්ච එති පවත‍්තති, තඤ‍්ච ඵලං තතො සමුදෙති උප‍්පජ‍්ජති, තස‍්මා පච‍්චයොති ච සමුදයොති ච වුච‍්චති.

හෙතු දස්සාවී සියළු කරුණු දකින, සමාන වදනකි. කරුණු නම්, යම් අයුරකින් ඵලය පිණිස පවතීද එහෙයින් හේතු යැයි කියනු ලැබේ. එහෙයින් ඒ ඵලය පෙන්වා දෙයි. ‘එසේනම්, ඔහු අල්ලා ගනිවු’ යැයි (ඒ කරුණෙහි) පිහිටුවන්නාක් මෙනි. එහෙයින් නිදාන හෙවත් එය හේතුකොටගෙන යන අදහසයි. ‘හටගැනීම දකින’ හෙවත් සම්භව දස්සාවී ආදී වචන පහ ගැනද කී පරිද්දෙනි. යම් හෙයකින් එය හේතුවෙයිද, පවතීද, එහි ඵලය අනුව එයින් හටගනීද උපදීද එහෙයින් හේතුවද, හටගැන්මද කියනු ලැබේ.

යා වා පනඤ‍්ඤාපි කාචි සුගතියොති චතුඅපායවිනිමුත‍්තකා උත‍්තරමාතාදයො අප‍්පෙසක‍්ඛා කපණමනුස‍්සා ච දුල‍්ලභඝාසච‍්ඡාදනා දුක‍්ඛපීළිතා වෙදිතබ‍්බා. යා වා පනඤ‍්ඤාපි කාචි දුග‍්ගතියොති යමරාජනාගසුපණ‍්ණපෙතමහිද‍්ධිකාදයො පච‍්චෙතබ‍්බා. අත‍්තභාවාභිනිබ‍්බත‍්තියාති තීසු ඨානෙසු පටිසන්‍ධිවසෙන අත‍්තභාවපටිලාභත්‍ථාය. ජානාතීති සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන ජානාති. පස‍්සතීති සමන‍්තචක‍්ඛුනා පස‍්සති.

යා වා පනඤ්ඤාපි කාචි සුගතියො සතර අපායෙන් මිදුණු උත්තර මාතා ආදී ඉසුරුමත් නොවූ දිළිඳු මිනිසුන් ද - ආහාරපාන දුලබ වූ දුකින් පීඩිත වූවන් දත යුතුය. යා වා පනඤ්ඤාපි කාචි දුග්ගතියො යමරජු, නාග, ගුරුළු, මළවුන් ආදීහු මහ ඉඳිමතුන් සැළකේ. අත්තභාවාහි නිබ්බත්තියා (නිරය, තිරිසන්, ප්‍රේත) තුන් තැන්හී පිළිසිඳ ගැනීම් ලෙසින් සිරුරක් (අත්තභාව) ලබනු පිණිස, ජානාති සියල්ල දන්නා නුවණින් දැනගනී. පස්සති හාත්පස දකින ඇසින් බලයි.

අකුසලාති අකොසල‍්ලසම‍්භූතා. අකුසලං භජන‍්තීති අකුසලභාගියා. අකුසලපක‍්ඛෙ භවාති අකුසලපක‍්ඛිකා. සබ‍්බෙ තෙ අවිජ‍්ජා මූලං කාරණං එතෙසන‍්ති අවිජ‍්ජාමූලකා. අවිජ‍්ජාය සමොසරන‍්ති සම‍්මා ඔසරන‍්ති ගච‍්ඡන‍්තීති අවිජ‍්ජාසමොසරණා. අවිජ‍්ජාසමුග‍්ඝාතාති අරහත‍්තමග‍්ගෙන අවිජ‍්ජාය හතාය. සබ‍්බෙ තෙ සමුග‍්ඝාතං ගච‍්ඡන‍්තීති වුත‍්තප‍්පකාරා අකුසලධම‍්මා, තෙ සබ‍්බෙ හතභාවං පාපුණන‍්ති.

අකුසලා නොහැකියාවෙන්, අයහපතෙහි යෙදෙතැයි අකුසලභාගියා අයහපත් පැත්තට යොමුවේ යැයි අකුසල පක්ඛිකා ඒ සියල්ලක්ම නොදැනීම හෙවත් අවිජ්ජා මුල් වූ කරුණු වෙතැයි අවිජ්ජා මූලකා, නොදැනීමෙන්ම සැරිසරමින්, එහිම මැනවින්, (තදින්) බැස ගනිති. එහිම ගමන් කරතියි - අවිජ්ජා සමොසරණ, අවිජ්ජා සමුග්ඝාතා යනු අරහත් මගෙන් අවිජ්ජාව නසන ලදුව, සබ්බෙ තෙ සමුග්ඝාතං ගච්ඡන්ති කියන ලද පරිදි අකුසල කරුණු සියල්ලම නසන ලද බවට පැමිණෙති.

අප‍්පමාදමූලකාති සතිඅවිප‍්පවාසො අප‍්පමාදො මූලං කාරණං එතෙසන‍්ති අප‍්පමාදමූලකා. අප‍්පමාදෙසු සම‍්මා ඔසරන‍්ති ගච‍්ඡන‍්තීති අප‍්පමාදසමොසරණා. අප‍්පමාදො තෙසං ධම‍්මානං අග‍්ගමක‍්ඛායතීති සයං කාමාවචරොපි සමානො චතුභූමකධම‍්මානං පතිට‍්ඨාභාවෙන අග‍්ගො නාම ජාතො.

අප්පමාද මූලකා සිහියෙන් යුතුව (යහපත් දෙයෙහි) නොපමා වීම මූලික කරුණ සේ සැළකේ. අප්පමාද සමොසරණ නොපමා වීමෙහි මැනවින් බැස (යෙදී) එහිම ගමන් කරති. අප්පමාදො තෙසං ධම්මානං අග්ගමක්ඛායති තමා කාමාවචර ලෝකයෙහි මෙන් සිවු බඹතලයෙහි පිහිටීමෙන් උසස් සේ උපත ලදුව.

අලමත‍්තොති සමත්‍ථචිත‍්තො. මයා පුච‍්ඡිතන‍්ති මයා පුට‍්ඨං. වහස‍්සෙතං භාරන‍්ති එතං ආභතභාරං වහස‍්සු. යෙ කෙචි ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිතා. “ඉසිපබ‍්බජ‍්ජා පබ‍්බජිතා”තිපි පාඨො.

අලමත්තො සමත් වූ, මයා පුච්ඡිතං මා විසින් විමසන ලද, මහස්සෙ තං භාරං ඒ පැමිණි බර, (අසන ලද පැනය විසඳීම) උසුලනු මැනවි. ඉසයො ඉසිවර පැවිද්දන් පැවිදි වූ කිසියම් කෙනෙක්, ඉසිපබ්බජ්ජා පබ්බජිතා යැයි ද පාඨයකි.

ආජීවකසාවකානං ආජීවකා දෙවතාති යෙ ආජීවකවචනං සුණන‍්ති සුස‍්සුසන‍්ති, තෙ ආජීවකසාවකා, තෙසං ආජීවකසාවකානං. ආජීවකා ච තෙසං දෙය්‍යධම‍්මං පටිග‍්ගණ‍්හන‍්ති, තෙ එව ආජීවකා දෙවතා. එවං සබ‍්බත්‍ථ. යෙ යෙසං දක‍්ඛිණෙය්‍යාති යෙ ආජීවකාදයො දිසාපරියොසානා යෙසං ඛත‍්තියාදීනං දෙය්‍යධම‍්මානුච‍්ඡවිකා. තෙ තෙසං දෙවතාති තෙ ආජීවකාදයො තෙසං ඛත‍්තියාදීනං දෙවතා.

ආජීවක සාවකානං ආජීවිකා දෙවතා යමෙක් ආජීවිකයන්ගේ වචන අසත්ද, කීකරුව ඇහුම්කන් දෙත්ද ඔව්හු ආජීවික සව්වෝ වෙති. එම ආජීවික සව්වන් දෙනු ලබන දේවල් ආජීවිකයන් පිළිගනු ලබත්ද, ඔවුන් ආජීවිකා දේවතාවෝය. අදාල වන හැමතන්හිම මේ අයුරුය. යෙ යෙසං දක්ඛිණෙය්‍යා දිසා කෙළවර සිටින යම් ආජීවිකාදීන්ට ඒ ඒ කැත් කුලවතුන් දෙනු ලබන දේවල් (පිළිගැනීමට) සුදුසු බව ලබත්ද, තෙ තෙසං දෙවතා ඒ ඒ ආජීවිකාදීහු ඒ ඒ කැත් කුලවතුන් ආදීන්ගේ දේවතාවෝ වෙති.

යෙපි යඤ‍්ඤං එසන‍්තීති දෙය්‍යධම‍්මං ඉච‍්ඡන‍්ති. ගවෙසන‍්තීති ඔලොකෙන‍්ති. පරියෙසන‍්තීති උප‍්පාදෙන‍්ති. යඤ‍්ඤා වා එතෙ පුථූති යඤ‍්ඤා එව වා එතෙ පුථුකා. යඤ‍්ඤයාජකා වා එතෙ පුථූති දෙය්‍යධම‍්මස‍්ස යාජනකා එව වා එතෙ පුථුකා. දක‍්ඛිණෙය්‍යා වා එතෙ පුථූති දෙය්‍යධම‍්මානුච‍්ඡවිකා එව වා එතෙ පුථුකා. තෙ විත්‍ථාරතො දස‍්සෙතුං “කථං යඤ‍්ඤා වා එතෙ පුථූ”තිආදිනා නයෙන විත්‍ථාරෙන දස‍්සෙති.

යඤ්ඤං එසන්ති දිය යුතු දෙයක් කැමති වෙති. ගවෙසන්ති බලා සිටිති. පරියෙසන්ති උපදවති. යඤ්ඤා වා එතෙ පුථූ ඔවුන්ට දීමට සුදුසු දේ බොහෝය. යඤ්ඤයාජකා වා දිය යුතු දේ සකස් කරනු ලබන්නන් හෝ දීමට සුදුසු බොහෝ දේ හෝ, එතෙ පුථූ සුදුසු දෙයම දිය යුතු බව හෝ, දීමට සුදුසු බොහෝ දේ හෝ සවිස්තරව දැක්වීමට ‘කථං යඤ්ඤවා එතෙ පුථූ’ ආදී ලෙසින් දැක්වීය.

ආසීසමානාති රූපාදීනි පත්‍ථයමානා. ඉත්‍ථත‍්තන‍්ති ඉත්‍ථභාවඤ‍්ච පත්‍ථයමානා, මනුස‍්සාදිභාවං ඉච‍්ඡන‍්තාති වුත‍්තං හොති. ජරං සිතාති ජරං නිස‍්සිතා. ජරාමුඛෙන චෙත්‍ථ සබ‍්බං වට‍්ටදුක‍්ඛං වුත‍්තං. තෙන වට‍්ටදුක‍්ඛනිස‍්සිතා තතො අපරිමුච‍්චමානායෙව කප‍්පයිංසූති දීපෙති.

ආසිංසමානා රූප ආදිය පතමින්, ඉත්‍ථත්තං මේ දේ පතමින්, මිනිස් භවය ආදිය කැමති බව කියන ලදී. ජරංසිතා ජරාව ඇසුරුකොට, ජරාව මුල්කොට සියළු සසර දුකම කියැවේ. ඒ සසර දුක ඇසුරින්ම එයින් මිදීමක් නොමැතිවම කල්පනා කරතියි දක්වයි.

රූපපටිලාභං ආසීසමානාති වණ‍්ණායතනසම‍්පත‍්තිලාභං පත්‍ථයමානා. සද‍්දාදීසුපි එසෙව නයො. ඛත‍්තියමහාසාලකුලෙ අත‍්තභාවපටිලාභන‍්ති සාරප‍්පත‍්තෙ ඛත‍්තියානං මහාසාලකුලෙ අත‍්තභාවලාභං පටිසන්‍ධිං පත්‍ථයමානා. බ්‍රාහ‍්මණමහාසාලකුලාදීසුපි එසෙව නයො. බ්‍රහ‍්මකායිකෙසු දෙවෙසූති එත්‍ථ පුබ‍්බභවං සන්‍ධාය වුත‍්තං. එත්‍ථාති ඛත‍්තියකුලාදීසු.

රූප පටිලාභං ආසිංසමානො පැහැපත් රූසිරි සැප ලැබීමට පතමින්, හඬ ඇසීම ආදියෙහිද මේ අයුරින් (දතයුතුය) ඛත්තිය මහාසාලකුලෙ අත්තභාව පටිලාභං සැප සම්පත් ඇති කැත්කුල ආදී මහසල් කුලවල උපත ලැබීමේ බලාපොරොත්තුව පිළිසිඳ ගැනීමට පතමින්, බමුණු මහවල් කුලවලටද මේ අයුරිනි. බ්‍රහ්මකායිකෙසු දෙවෙසු මෙහි මුල් කොටස උදෙසා (උසස් බවින්) කියන ලදී. එත්‍ථ කැත්කුල ආදියෙහි,

ජරානිස‍්සිතාති ජරං අස‍්සිතා. බ්‍යාධිනිස‍්සිතාතිආදීසුපි එසෙව නයො. එතෙහි සබ‍්බං වට‍්ටදුක‍්ඛං පරියාදියිත්‍වා දස‍්සිතං හොති.

ජරංසිතා ජරාව ඇසුරුකොට බ්‍යාධිනිස්සිතා (රෝග ඇසුරුකොට) මේ ගැනද ඒ අයුරින් සැළකිය යුතුය. මේ අයුරින් සියළු සසර දුක මුළුමනින්ම දක්වන ලදී. ‘භගවත් නිදුකාණන් වහන්ස, කෙසේ ඔව්හූ යාගයෙහි නොපමා වූවෝ, ඉපදීම හා ජරාව ඉක්මවූවාහුදැ’යි’

කච‍්චිසු තෙ භගවා යඤ‍්ඤපථෙ අප‍්පමත‍්තා, අතාරු ජාතිඤ‍්ච ජරඤ‍්ච මාරිසාති එත්‍ථ යඤ‍්ඤො එව යඤ‍්ඤපථො. ඉදං වුත‍්තං හොති – කච‍්චි තෙ යඤ‍්ඤෙ අප‍්පමත‍්තා හුත්‍වා යඤ‍්ඤං කප‍්පයන‍්තා වට‍්ටදුක‍්ඛමුත‍්තරිංසූති.

‘කච්චි සු තෙ භගවා යඤ්ඤපථෙ අප්පමත්තා අතාරුං ජාතිංච ජරංච මාරිස’ මෙහිදී යාගය හා යාග පැවැත්වීම (ගැන අසයි) කෙසේ ඔව්හූ යාගයෙහි යෙදී කල්පනා කරමින් සසර දුකින් එතර වූවාහුද?

යෙපි යඤ‍්ඤං දෙන‍්ති යජන‍්තීති දෙය්‍යධම‍්මදානවසෙන යජන‍්ති. පරිච‍්චජන‍්තීති විස‍්සජ‍්ජෙන‍්ති.

යෙපි යඤ්ඤං යජන්ති දීමට සුදුසු දේ දෙමින් යම් කෙනෙක් යාග කරති. පරිච්චජන්ති (ආසා හැර) තෑගි කරති. බෙදා දෙති.

ආසීසන‍්තීති රූපපටිලාභාදයො පත්‍ථෙන‍්ති. ථොමයන‍්තීති “සුචිං දින‍්න”න‍්තිආදිනා නයෙන යඤ‍්ඤාදීනි පසංසන‍්ති. අභිජප‍්පන‍්තීති රූපාදිපටිලාභාය වාචං ගීරන‍්ති. ජුහන‍්තීති දෙන‍්ති. කාමාභිජප‍්පන‍්ති පටිච‍්ච ලාභන‍්ති රූපාදිලාභං පටිච‍්ච පුනප‍්පුනං කාමෙ එව අභිජප‍්පන‍්ති, “අහො වත අම‍්හාකම‍්පි සිය්‍යු”න‍්ති වදන‍්ති, තණ‍්හඤ‍්ච තත්‍ථ වඩ‍්ඪෙන‍්තීති වුත‍්තං හොති. යාජයොගාති යාගාධිමුත‍්තා. භවරාගරත‍්තාති එවමිමෙහි ආසීසනාදීහි භවරාගෙනෙව රත‍්තා, භවරාගරත‍්තා වා හුත්‍වා එතානි ආසීසනාදීනි කරොන‍්තා නාතරිංසු ජාතිආදිවට‍්ටදුක‍්ඛං න උත‍්තරිංසු.

ආසිංසන්ති රූසිරි ලැබීම ආදිය පතති. ථොමයන්ති මනාව - පිරිසිදුව දෙන ලදැයි ආදී ලෙසින් යාග කටයුතුවලට පැසසුම් කරති. අභිජප්පන්ති රූසිරි ආදිය ලැබීම පිණිස සිතා කතා කරති. ජුහන්ති දෙති. කාමාභිජප්පන්ති පටිච්ච ලාභං රූසිරි ලැබීම පිණිස නැවත නැවත ඒ කැමැත්ත ඉටුකර ගැනීමට පතති. අහා! මෙය අපටම ඒකාන්තවම විය යුතුයැයි පවසති. එහි තණ්හාව වැඩිවන සැටි කී අයුරුයි. යාජයොගා යාගයෙහි (දීමෙහි) ඇළුණු, භවරාග රත්තා මෙසේ මේ දේවල් සසර (මතු) බලාපොරොත්තුවෙන්, සසරෙහි ඇලී (කැමති තැනකම) ඉපදීමටම ඇලෙමින්, නාතරිංසු ඉපදීම ආදී සසර දුකින් එතර නොවූහ.

යඤ‍්ඤං වා ථොමෙන‍්තීති දානං වා වණ‍්ණෙන‍්ති. ඵලං වාති රූපාදිපටිලාභං. දක‍්ඛිණෙය්‍යෙ වාති ජාතිසම‍්පන‍්නාදීසු. සුචිං දින‍්නන‍්ති සුචිං කත්‍වා දින‍්නං. මනාපන‍්ති මනවඩ‍්ඪනකං. පණීතන‍්ති ඔජවන‍්තං. කාලෙනාති තත්‍ථ තත්‍ථ සම‍්පත‍්තකාලෙ . කප‍්පියන‍්ති අකප‍්පියං වජ‍්ජෙත්‍වා දින‍්නං. අනවජ‍්ජන‍්ති නිද‍්දොසං. අභිණ‍්හන‍්ති පුනප‍්පුනං. දදං චිත‍්තං පසාදිතන‍්ති දදතො මුඤ‍්චනචිත‍්තං පසාදිතන‍්ති. ථොමෙන‍්ති කිත‍්තෙන‍්තීති ගුණං පාකටං කරොන‍්ති. වණ‍්ණෙන‍්තීති වණ‍්ණං භණන‍්ති. පසංසන‍්තීති පසාදං පාපෙන‍්ති.

යඤ්ඤං වා ථොමෙන්ති දීමෙහි හෝ පැසසුම් කරති. ඵලං වා රූප ආදිය ලැබීමට දක්ඛිණෙය්‍ය වා ඉපදෙන කුලයෙහි උසස් බව ආදිය සුචිං දින්නං මනාකොට පිරිසිදුව දෙන ලද, මනාපං සිත කැමති කරන, පණීතං රස ගුණවත්, කාලෙන සුදුසු කල් පැමිණි. කප්පියං අකැප දේ හැර දෙන ලද, අනවජ්ජං දොස් රහිත, අභිණ්හං නැවත නැවත, දදං චිත්තං පසාදිතං දීමෙහි දී ආසාව හැර දැමීමේ සිතින්, පැහැදුණු සිතින්, පසංසන්ති පැසසුම් කරති, කිත්තෙන්ති ගුණ පළ කරති. වණ්ණෙන්ති ගුණ කියති. පසංසන්ති සතුටට පත් කරති.

ඉතො නිදානන‍්ති ඉතො මනුස‍්සලොකතො දින‍්නකාරණා. අජ‍්ඣායකාති මන‍්තෙ පරිවත‍්තෙන‍්තා. මන‍්තධරාති මන‍්තෙ ධාරෙන‍්තා. තිණ‍්ණං වෙදානන‍්ති ඉරුවෙදයජුවෙදසාමවෙදානං. ඔට‍්ඨපහටකරණවසෙන පාරං ගතාති පාරගූ. සහ නිඝණ‍්ඩුනා ච කෙටුභෙන ච සනිඝණ‍්ඩුකෙටුභානං. නිඝණ‍්ඩූති නිඝණ‍්ඩුරුක‍්ඛාදීනං වෙවචනප‍්පකාසකං සත්‍ථං. කෙටුභන‍්ති කිරියාකප‍්පවිකප‍්පො කවීනං උපකාරාවහං සත්‍ථං . සහ අක‍්ඛරප‍්පභෙදෙන සාක‍්ඛරප‍්පභෙදානං. අක‍්ඛරප‍්පභෙදොති සික‍්ඛා ච නිරුත‍්ති ච. ඉතිහාසපඤ‍්චමානන‍්ති ආථබ‍්බණවෙදං චතුත්‍ථං කත්‍වා “ඉතිහ ආස, ඉතිහ ආසා”ති ඊදිසවචනපටිසංයුත‍්තපුරාණකථාසඞ‍්ඛාතො ඉතිහාසො පඤ‍්චමො එතෙසන‍්ති ඉතිහාසපඤ‍්චමා, තෙසං ඉතිහාසපඤ‍්චමානං වෙදානං.

ඉතො නිදානං මේ මිනිස් ලොවෙහිදී දෙන ලද දේ හේතුකොට, අජ්ඣායකො (වේද) මතුරු (තම බසට) නඟමින්, මන්තධරා මතුරු කටපාඩමෙන් දරමින්, තිණ්ණං වෙදානං සෘග්, යජු, සාම වේද තුනෙහි තොල මැතිරූ පමණින්, පරතෙරට ගියේ, පාරගු නිඝණ්ඩු, කෙටුභ ද සනිඝණ්ඩු කෙටුභාණං, නිගණ්ඩු යනු ගස් ආදියට සමාන වචන දක්වන ශාස්ත්‍රයකි. කෙටුභ කවියන්ට උපකාරී වන, ඒ කටයුතුවලට උදව් වන දැනුමකි. අකුරු හා එහි බෙදීම් (වාග් විද්‍යා) සාක්ඛරප්පභෙදානං, අකුරු බෙදීම් යනු එහි නීති සහ නිරුත්ති හෙවත් පද මුලසිට සෑදෙන ආකාරය, ඉතිහාසපඤ්චමානං අථබ්බණ වේදය සිවුවැනි කොට, මෙසේ සිදුවිය. මෙසේ සිදුවිය යැයි කියා, මෙබඳු වචනවලින් යුතු පැරණි කතා ඇතුලත් ඉතිහාසය පස්වැනි කොට දත්, එම ඉතිහාසය පස්වැනි කොට.

පදං තදවසෙසඤ‍්ච බ්‍යාකරණං අධියන‍්ති, වෙදෙන‍්ති වාති පදකා වෙය්‍යාකරණා. ලොකායතං වුච‍්චති විතණ‍්ඩවාදසත්‍ථං. මහාපුරිසලක‍්ඛණන‍්ති මහාපුරිසානං බුද‍්ධාදීනං ලක‍්ඛණදීපකං ද‍්වාදසසහස‍්සගන්‍ථප‍්පමාණං සත්‍ථං. යත්‍ථ සොළසසහස‍්සගාථාපදපරිමාණා බුද‍්ධමන‍්තා නාම අහෙසුං. යෙසං වසෙන “ඉමිනා ලක‍්ඛණෙන සමන‍්නාගතා බුද‍්ධා නාම හොන‍්ති, ඉමිනා පච‍්චෙකබුද‍්ධා, අග‍්ගසාවකා , අසීතිමහාසාවකා (ථෙරගා· අට‍්ඨ· 2.1288), බුද‍්ධමාතා, බුද‍්ධපිතා, අග‍්ගුපට‍්ඨාකො, අග‍්ගුපට‍්ඨායිකා, රාජා චක‍්කවත‍්තී”ති අයං විසෙසො ඤායති. අනවයාති ඉමෙසු ලොකායතමහාපුරිසලක‍්ඛණෙසු අනූනා පරිපූරකාරිනො, අවයා න හොන‍්තීති වුත‍්තං හොති. අවයා නාම යෙ තානි අත්‍ථතො ච ගන්‍ථතො ච සන්‍ධාරෙතුං න සක‍්කොන‍්ති. වීතරාගාති පහීනරාගා. එතෙන අරහත‍්තඵලට‍්ඨා වුත‍්තා. රාගවිනයාය වා පටිපන‍්නාති එතෙන අරහත‍්තමග‍්ගට‍්ඨා. වීතදොසාති අනාගාමිඵලට‍්ඨා. දොසවිනයාය වා පටිපන‍්නාති එතෙන අනාගාමිමග‍්ගට‍්ඨා. වීතමොහාති අරහත‍්තඵලට‍්ඨා. මොහවිනයාය වා පටිපන‍්නාති අරහත‍්තමග‍්ගට‍්ඨා. සීලසමාධිපඤ‍්ඤාවිමුත‍්තිසම‍්පන‍්නාති එතෙහි චතූහි ලොකියලොකුත‍්තරමිස‍්සකෙහි සීලාදීහි සම‍්පන‍්නා. විමුත‍්තිඤාණදස‍්සනසම‍්පන‍්නාති එතෙන පච‍්චවෙක‍්ඛණඤාණසම‍්පන‍්නා වුත‍්තාති ඤාතබ‍්බං, තඤ‍්ච ඛො ලොකියමෙව. අභිජප‍්පන‍්තීති පත්‍ථෙන‍්ති. ජප‍්පන‍්තීති පච‍්චාසීසන‍්ති. පජප‍්පන‍්තීති අතීව පච‍්චාසීසන‍්ති. යාජයොගෙසු යුත‍්තාති අනුයොගෙ දෙය්‍යධම‍්මෙ දිය්‍යමානෙ අභියොගවසෙන යුත‍්තා.

පද මෙන්ම, එහි ඉතිරි වියරණ හදාරමින් දැනගනිති යනු පදකා වෙය්‍යාකරණං, ලෝකායතං විතණ්ඩවාද දැනුම, මහාපුරිස ලක්ඛණං බුදුවරුන් ආදී උතුම් තැනැත්තන්ගේ (සිරුරු) ලකුණු විස්තර වන පොත් දොළොස් දහසක පමණ දැනුමෙහි යම් තැනක දහසය දහසක ගාථා පදවලින් යුතු (කොටස) බුද්ධ මන්ත්‍ර නම් වූහ. එසේ මේ ලකුණින් යුතු වූවෝ බුදුවරු නම් වෙති. මෙයින් පසේ බුදුවරුන්, අගසවුවන්, අසූමහ සව්වන්, බුදුරදුන්ගේ මව, බුදුරදුන්ගේ පියා, උවටැන් කරන්නන්ගෙන් අගපත් තැනැත්තා, උවටැන් කරන්නියන්ගෙන් අගපත් තැනැත්තිය, සක්විති රජු වේ යැයි වෙසෙසින් (වෙන් වෙන්ව) හඳුනාගනු ලැබේ. අන්වයා (බමුණු සමය) දක්වන මෙම මහපුරිස් ලකුණුවල නොඅඩු වූ පිරිපුන් දැනුමෙන් අඩුවක් නොවෙතියි කියන ලදී. ඒවා අරුත් ලෙසින්ද, පොත් ලෙසින්ද නොවෙනස්ව පවත්වා ගැනීමට නොහැකිවීම ‘අවය’ නම් වේ. වීතරාගා රාගය නැතිකළ, එයින් අරහත් පල ලද බව කියන ලදී. රාග විනයාය පටිපන්නා මේ අරහත් මග පිහිටීමෙන්, වීතදොසා අනාගාමී පල පිහිටීමෙන්, දොස විනයාය පටිපන්නා එම අනාගාමී මග පිහිටීමෙන්, වීතමොහා අරහත්ඵල පිහිටීමෙන්, මොහ විනයාය පටිපන්නා අරහත් මග පිහිටීමෙන්, සීල සමාධි පඤ්ඤා විමුක්ති සම්පන්නා මේ සිවු ආකාර වූ, මෙලොවෙහි හා ලොවුතුරු බව මුසු සීලාදියෙන් යුතු, විමුක්ති ඤාණදස්සන සම්පන්නා මෙයින් සියළු දෙය විමසුම් නුවණින් දතයුතු යැයි (අදහසයි.) එයද මේ ලොවෙහිමය. අභිජප්පන්ති පතති, ජප්පනති නැවත බලාපොරොත්තු වෙති. පජප්පනති බොහෝ කලක් බලාපොරොත්තු වෙති. යාගෙ යුත්තා සුදුසු ලෙස දිය යුතු දේ දෙනු ලබන විට පිළිපදින අයුරු කියන ලදී.

අථ කො චරහීති අථ ඉදානි කො අඤ‍්ඤො අතාරි.

අථ ඛො චරහි දැන් වෙන කවරෙක් (සසර) තරණය කළේ ද?

සඞ‍්ඛායාති ඤාණෙන වීමංසිත්‍වා. පරොපරානීති පරානි ච ඔපරානි ච, පරත‍්තභාවසකත‍්තභාවාදීනි පරානි ච ඔපරානි චාති වුත‍්තං හොති. විධූමොති කායදුච‍්චරිතාදිධූමවිරහිතො. අනීඝොති රාගාදිඊඝවිරහිතො. අතාරි සොති සො එවරූපො අරහා ජාතිජරං අතාරි.

සංඛයා නුවණින් විමසා, පරොපරානි අනුන්ගේ ද, තමන්ගේ ද, අනුන්ගේ ජීවිතයද (අත්තභාව), තමාගේ ජීවිතයද (සසර පැවැත්ම) කියන ලදී. විධූමො කය දුසිරිත් ආදී දුම නැතිව අනීඝො රාගාදී දුක් නැතිව, අතාරි සො මෙබඳු තැනැත්තා අරහත් වේ. ඉපදීම, ජරාව තරණය කළේය.

සකරූපාති අත‍්තනො රූපා. පරරූපාති පරෙසං රූපා. කායදුච‍්චරිතං විධූමිතන‍්ති තිවිධකායදුච‍්චරිතං විධූමං කතං. විධමිතන‍්ති නාසිතං.

සකරූපා තමාගේ රූපයෙන්, පරරූපා අනුන්ගේ රූපයෙන්, කාය දුච්චරිතං විධමිතං නසන ලදි.

මානො හි තෙ, බ්‍රාහ‍්මණ, ඛාරිභාරොති යථා ඛාරිභාරො ඛන්‍ධෙන වය‍්හමානො උපරිට‍්ඨිතොපි අක‍්කන‍්තක‍්කන‍්තට‍්ඨානං පථවියා සද‍්ධිං ඵස‍්සෙති විය, එවං ජාතිගොත‍්තකුලාදීනි මානවත්‍ථූනි නිස‍්සාය උස‍්සාපිතො මානො, තත්‍ථ තත්‍ථ ඉස‍්සං උප‍්පාදෙන‍්තො චතූසු අපායෙසු සංසීදාපෙති. තෙනාහ – “මානො හි තෙ, බ්‍රාහ‍්මණ, ඛාරිභාරො”ති. කොධො ධූමොති තව ඤාණග‍්ගිස‍්ස උපක‍්කිලෙසට‍්ඨෙන කොධො ධූමො. තෙන හි තෙ උපක‍්කිලිට‍්ඨො ඤාණග‍්ගි න විරොචති. භස‍්මනි මොසවජ‍්ජන‍්ති නිරොජට‍්ඨෙන මුසාවාදො ඡාරිකා නාම. යථා හි ඡාරිකාය පටිච‍්ඡන‍්නො අග‍්ගි න ජොතති, එවං තෙ මුසාවාදෙන පටිච‍්ඡන‍්නං ඤාණන‍්ති දස‍්සෙති. ජිව‍්හා සුජාති යථා තුය‍්හං සුවණ‍්ණරජතලොහකට‍්ඨමත‍්තිකාසු අඤ‍්ඤතරමයා යාගයජනත්‍ථාය සුජා හොති, එවං මය‍්හං ධම‍්මයාගයජනත්‍ථාය පහුතජිව‍්හා සුජාති වදති. යථා තුය‍්හං නදීතීරෙ යජනට‍්ඨානං, එවං ධම‍්මයාගයජනට‍්ඨානට‍්ඨෙන හදයං ජොතිට‍්ඨානං. අත‍්තාති චිත‍්තං.

මානො හි තෙ බ්‍රාහ්මණා ඛාරිභාරො යම්සේ බරින් යුතු කදක් කරෙන් ගෙන යනු ලබන විට, (පොළවෙන්) උඩට ඇතත්, (සම නොවූ තැන්හි) පා තබන, පා තබන විටදී පොළවෙහි ගැටෙන්නා සේ, ඉපදුණු විට,. මෙසේ කුල ගොත් ආදී මානය ඇතිවන කරුණු නිසා, ඔසවන ලද මානයෙන් ඒ ඒ තන්හි ඉසි බව උපදවා ගනිමින්, සතර අපාවල ගැලීමට ඉඩ සැලසෙයි. ‘බමුණ, මානය ඔබට බරින් පිරුණු කද යැයි’ එහෙයින් වදාළහ. කොධො ධූමො ඔබේ නුවණ නම් ගින්නට කෙලෙස් යන අරුතින් තරහ දුම මෙන් වෙයි. ඔහු එයින් කිලිටි වූයෙන්, නුවණ නැමති ගින්න බබලන්නේ නැත. භස්මනි මොඝවජ්ජං ගලායන බවක් නොමැති අරුතින් මුසාබස ‘අළු’ නම් වේ. යම්සේ අළුවලින් වැසුනු ගින්න බැබලීමක් නැත්තා සේ, බොරුවෙන් වැසී ඇති නුවණ දක්වයි. ජිව්හා සුජා යම්සේ රනින්, රිදියෙන්, ලෝහයෙන්, දැවයෙන්, මැටියෙන් වැනි එක් දෙයකින් සාදන ලද, යාගය පැවැත්වීමේදී යොදාගන්නා හැන්ද ඇත. මෙසේ මාගේ දහම් යාගය පැවැත්වීමේ දී පිරුණු දිව හැන්ද යයි කියයි. යම්සේ ඔබගේ යාග පවත්වන තැන ගංතෙර වන්නාක් මෙන්, දහම් යාගය පවත්වන තැන යන අරුතින් හදවත බබළන තැනයි. අත්තා සිත.

ජාතීති ජායනකවසෙන ජාති. ඉදමෙත්‍ථ සභාවපච‍්චත‍්තං. සඤ‍්ජායනවසෙන සඤ‍්ජාති, උපසග‍්ගෙන පදං වඩ‍්ඪිතං. ඔක‍්කමනවසෙන ඔක‍්කන‍්ති. ජායනට‍්ඨෙන වා ජාති. සා අපරිපුණ‍්ණායතනවසෙන යුත‍්තා. සඤ‍්ජායනට‍්ඨෙන සඤ‍්ජාති. සා පරිපුණ‍්ණායතනවසෙන යුත‍්තා. ඔක‍්කමනට‍්ඨෙන ඔක‍්කන‍්ති. සා අණ‍්ඩජජලාබුජවසෙන යුත‍්තා. තෙ හි අණ‍්ඩකොසඤ‍්ච වත්‍ථිකොසඤ‍්ච ඔක‍්කමන‍්ති පවිසන‍්ති ඔක‍්කමන‍්තා පවිසන‍්තා විය පටිසන්‍ධිං ගණ‍්හන‍්ති. අභිනිබ‍්බත‍්තනට‍්ඨෙන අභිනිබ‍්බත‍්ති. සා සංසෙදජඔපපාතිකවසෙන යුත‍්තා. තෙ හි පාකටා එව හුත්‍වා නිබ‍්බත‍්තන‍්ති. අයං තාව සම‍්මුතිකථා.

ජාති ඉපදීම ලෙසින් ජාති නම් වේ. මෙහිදී ඒ ඉපදීමේ පවත්නා සොබාවය, වෙන් වෙන් ලෙස හටගැනීම සං ජාති සං යන උපසග්ග පදයෙන් අරුත වැඩි කරන ලදී. (කුසට) බැසගැනීම ඔක්කන්ති, නොවූ ලෙස හටගැනීම අරුතින් සංජාති, පිරිපුන් ලෙසින් (කුසකට) බැසගැනීමේ අරුතින් ඔක්කන්ති එය බිජුවටින්, මවුකුසින් යුතු වෙයි. එය බිජුවටින්ද (නැතිනම්) වැදෑමහින්ද කුසට බැසගනී. බැසගනිමින්, පිවිසෙමින් මෙන් පිළිසිඳ ගනී. උපත ලැබීම යන අරුතින් අභිනිබ්බත්ති එය තෙත සහිත තැන්වලින් හා ඉබේ පහළවන ලෙසින් සිදුවේ. ඒවා අතරින් පෙනෙන ලෙසට (දැකිය හැකි ලෙසින්ම) ඉපදෙති. මේ පොදුවේ පිළිගෙන ඇති කතාවයි.

ඉදානි පරමත්‍ථකථා හොති. ඛන්‍ධා එව හි පරමත්‍ථතො පාතුභවන‍්ති, න සත‍්තා. තත්‍ථ ච ඛන්‍ධානන‍්ති එකවොකාරභවෙ එකස‍්ස, චතුවොකාරභවෙ චතුන‍්නං, පඤ‍්චවොකාරභවෙ පඤ‍්චන‍්නම‍්පි ගහණං වෙදිතබ‍්බං. පාතුභාවොති උප‍්පත‍්ති. ආයතනානන‍්ති එත්‍ථ තත්‍ර තත්‍ර උපපජ‍්ජමානායතනානං සඞ‍්ගහො වෙදිතබ‍්බො. පටිලාභොති සන‍්තතියා පාතුභාවොයෙව. පාතුභවන‍්තානෙව හි තානි පටිලද‍්ධානි නාම හොන‍්ති. සා පනෙසා තත්‍ථ තත්‍ථ භවෙ පඨමාභිනිබ‍්බත‍්තිලක‍්ඛණා ජාති, නිය්‍යාතනරසා, අතීතභවතො ඉධ උම‍්මුජ‍්ජනපච‍්චුපට‍්ඨානා, ඵලවසෙන දුක‍්ඛවිචිත‍්තතාපච‍්චුපට‍්ඨානා වා.

දැන් දහමෙහි මූලික අදහස (පරමත්‍ථ) අනුව දැක්වෙයි. රූපාදී සමූහයෝ පරමත්‍ථ ලෙසින් පහළ වෙති. (සම්මුතියට අනුව) පුද්ගලයෙකු ලෙස නොවේ. (න සත්තා) එහිදී ඛන්‍ධානං එකවොකාර භව නම් වූ (අසඤ්ඤ තලයෙහි) එකක් ලෙසද, චතුවොකාර භව නම් වූ (අරූප තල සතරෙහි) සතරක් ලෙසද පංචවොකාර භවයෙහි (මිනිස් ආදී) පහක් ලෙස ඇතිවන අයුරු දතයුතුය. පාතුභාවො උපතයි. ආයතනානං එහි ඒ ඒ තැන උපදනා ලබන (ඉඳුරන්) ඇතුලත් බව දතයුතුය. පටිලාභො ඒ නොසිඳී පැවැත්ම එම උපත ලැබීමත් සමගම වේ. ඒ වූකලී, ඒ ඒ භවයෙහි මුලින් ඇතිවන්නේ ජාති හෙවත් ඉපදීමයි. බාරදෙන, පවරා දෙන ගතියයි. (එනම්) අතීත භවයෙහි මෙහි මතුපිටට එන, පැමිණ සිටින ආකාරයයි. ඵලය ලෙසින් දුකින් පිරුණ බව හෝ වෙයි.

ජරාති සභාවපච‍්චත‍්තං. ජීරණතාති ආකාරභාවනිද‍්දෙසො. ඛණ‍්ඩිච‍්චන‍්තිආදයො තයො කාලාතික‍්කමෙ කිච‍්චනිද‍්දෙසා, පච‍්ඡිමා ද‍්වෙ පකතිනිද‍්දෙසා. අයඤ‍්හි ජරාති ඉමිනා පදෙන සභාවතො දීපිතා. තෙනස‍්සා ඉදං සභාවපච‍්චත‍්තං. ජීරණතාති ඉමිනා ආකාරතො, තෙනස‍්සායං ආකාරනිද‍්දෙසො. ඛණ‍්ඩිච‍්චන‍්ති ඉමිනා කාලාතික‍්කමෙ දන‍්තනඛානං ඛණ‍්ඩිතභාවකරණකිච‍්චතො. පාලිච‍්චන‍්ති ඉමිනා කෙසලොමානං පලිතභාවකරණකිච‍්චතො. වලිත‍්තචතාති ඉමිනා මංසං මිලාපෙත්‍වා තචෙ වලිභාවකරණකිච‍්චතො. තෙනස‍්සා ඉමෙ ඛණ‍්ඩිච‍්චන‍්තිආදයො තයො කාලාතික‍්කමෙ කිච‍්චනිද‍්දෙසා. තෙහි ඉමෙසං විකාරානං දස‍්සනවසෙන පාකටීභූතා පාකටජරා දස‍්සිතා. යථෙව හි උදකස‍්ස වා වාතස‍්ස වා අග‍්ගිනො වා තිණරුක‍්ඛාදීනං සංභග‍්ගපලිභග‍්ගතාය වා ඣාමතාය වා ගතමග‍්ගො පාකටො හොති, න ච සො ගතමග‍්ගො තානෙව උදකාදීනි, එවමෙව ජරාය දන‍්තාදීනං ඛණ‍්ඩිච‍්චාදිවසෙන ගතමග‍්ගො පාකටො, චක‍්ඛුං උම‍්මීලෙත්‍වාපි ගය‍්හති, න ච ඛණ‍්ඩිච‍්චාදීනෙව ජරා. න හි ජරා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා හොති.

ජරා පවත්නා වූ සොබාවයි. ජීරණතා එහි ආකාරය, (ඊට පත්වන සැටි) දක්වයි. ඛණ්ඩිච්චං මුල පටන් තුන් කල්හි (බාල, තරුණ, මහළු) ඉකුත් වෙද්දී සිදුවන්නා වූ (සිරුරෙහි) ගතිසොබා දැක්වූ සැටියි. පසුව ගතිසොබා දෙකම දැක්වූ සැටියි. මෙහි ජරා යන මෙම පදයෙන් ඒ සොබාගතිය පෙන්වා දෙන ලදී. එහෙයින් මෙහි ඇති සොබාවය පැහැදිලිවම තහවුරු කරන ලදී. ජීරණතා හෙවත් දිරායන - ගෙවීයන ගතිය මේ අයුරින් දැක්වීමයි. ඛණ්ඩිච්චං මෙසේ කාලය ඉකුත්ව යද්දී, දත්වල, නියවල කැඩුණු ගතිය, හැලීම නිසා වන දෙයින්, පාලිච්චං මේ කෙස්, ලොම් පැසුණු බව, (සුදු පැහැවීම) නිසා ඇතිවන (සොබාව) වලිත්තචතා මේ මස් මැලවී (ජීව ගුණය පිරිහී) සමෙහි රැලි වැටුණු බව නිසා වන දේ පෙන්වා දෙන ලදී. එහෙයින් මෙහි බණ්ඩිච්චං ආදී ලෙස තුන්කල් ඉකුත්වීමේදී (සිරුරේ) කටයුතු දැක්වේ. ඒවායින් මෙම විකාර වන අයුරු දක්වන අටියෙන් ජරාව ගැන පැහැදිලිව කියන ලදී. යම්සේ ජලයට හෝ වාතයට හෝ ගින්නට හෝ තණකොළ - ගස් ආදිය බිඳුණු - කැඩුණු ආකාරය - දැන්වීමෙන් හෝ ගියමග (සිදුවූ දෙය) පැහැදිලි වුවත්, ඒ ගියමග ජලය ආදියෙන් එසේ නොපෙනේ. මැනවින් ඇස් හැර බැලූවත් කැඩෙන බවත්, ජරාවත් (එකවරම) පැහැදිලි නොවේ. ජරාව ඇසින් හඳුනාගත නොහේ.

ආයුනො සංහානි ඉන්‍ද්‍රියානං පරිපාකොති ඉමෙහි පන පදෙහි කාලාතික‍්කමෙයෙව අභිබ්‍යත‍්තාය ආයුක‍්ඛයචක‍්ඛාදිඉන්‍ද්‍රියපරිපාකසඞ‍්ඛාතාය පකතියා දීපිතා, තෙනස‍්සිමෙ පච‍්ඡිමා ද‍්වෙ පකතිනිද‍්දෙසාති වෙදිතබ‍්බා. තත්‍ථ යස‍්මා ජරං පත‍්තස‍්ස ආයු හායති, තස‍්මා ජරා “ආයුනො සංහානී”ති ඵලූපචාරෙන වුත‍්තා. යස‍්මා ච දහරකාලෙ සුප‍්පසන‍්නානි සුඛුමම‍්පි අත‍්තනො විසයං සුඛෙනෙව ගණ‍්හනසමත්‍ථානි චක‍්ඛාදීනි ඉන්‍ද්‍රියානි ජරං පත‍්තස‍්ස පරිපක‍්කානි ආලුළිතානි අවිසදානි, ඔළාරිකම‍්පි අත‍්තනො විසයං ගහෙතුං අසමත්‍ථානි හොන‍්ති. තස‍්මා “ඉන්‍ද්‍රියානං පරිපාකො”ති ඵලූපචාරෙනෙව වුත‍්තා.

ආයූනො සංහානි ඉන්‍ද්‍රියානං පරිපාකො මේ පදවලින් තුන්කල්හිම පැතිරී යන ජීවත්වන කාලය අවසන් වීමත්, ඇස් ආදී ඉඳුරන් මේරීමත් කියන ලද සොබාගතිය පැහැදිලිය. එහෙයින් පසුව ඇතිවන සොබාගති දෙක පැහැදිලි කරන ලදැයි දතයුතුය. එහි යම් ආකාරයකින් ජරාවට පත්වූ විට ආයු පිරිහේද, එහෙයින් ජරාව ජීවත්වන කාලය වනසනු ලබතියි එකිනෙක සබඳතාව පරිදි කියන ලදී. තුරුණු වියෙහි මනා පසන් ලෙසද සියුම්වද තම කටයුතු මැනවින් ඉටුකරනු සමත් ඇස් ආදී ඉඳුරන්, ජරාවට පත්වූ විට වයසින් වැඩී, කැළඹී, අවසඟව, රළුව තම කටයුතු ඉටුකර ගැනීමට නොහැකි බවට පත්වෙයි. එහෙයින් ඉඳුරන්ම වැඩී රිමට යතැයි, එකිනෙක සබඳතාවයෙන් කියන ලදී.

සා පනෙසා එවං නිද‍්දිට‍්ඨා සබ‍්බාපි ජරා පාකටා පටිච‍්ඡන‍්නාති දුවිධා හොති. තත්‍ථ දන‍්තාදීසු ඛණ‍්ඩාදිභාවදස‍්සනතො රූපධම‍්මෙසු ජරා පාකටජරා නාම. අරූපධම‍්මෙසු පන ජරා තාදිසස‍්ස විකාරස‍්ස අදස‍්සනතො පටිච‍්ඡන‍්නජරා නාම. තත්‍ථ ය‍්වායං ඛණ‍්ඩාදිභාවො දිස‍්සති, සො තාදිසානං දන‍්තාදීනං සුවිඤ‍්ඤෙය්‍යත‍්තා වණ‍්ණොයෙව. තඤ‍්ච චක‍්ඛුනා දිස‍්වා මනොද‍්වාරෙන චින‍්තෙත්‍වා “ඉමෙ දන‍්තා ජරාය පහටා”ති ජරං ජානාති. උදකට‍්ඨානෙ බද‍්ධානි ගොසිඞ‍්ගාදීනි ඔලොකෙත්‍වා හෙට‍්ඨා උදකස‍්ස අත්‍ථිභාවජානනං විය.

එය මෙසේ සඳහන් කළද, සියළු දෙයෙහිම ජරා බව පැහැදිලි ලෙසත්, සැගවී ඇති බවත් අනුව දෙආකාර වේ. එහි දත් ආදියෙහි ගැලවී යන, හැලෙන බව දක්නට ලැබීමෙන් රූප ධර්මතාවලද ජරාව හඳුනාගත හැකි බැවින් (පාකට ජරා) නම් වේ. අරූප දේවල ජරාවට පත්වීමෙහි එබඳු වෙනසක් නොදැකීම ‘සැඟවුනු ජරා - (පටිච්ඡන්න ජරා) නම් වේ. යම් තැනැත්තෙක් මෙම කැඩුණු බිඳුණු බව දකීද, ඔහු දත් ආදියෙහි එබඳු ලකුණු නුවණැසින් හඳුනා සිත් දොරින් සිතා මේ (රූපාදී) සමූහ ජරාවෙන් පහරදෙනු ලැබීයැයි, ජරාව ගැන දැනගනී. ජලය ඇති තැන බැඳ තිබෙන හරක් අං ආදී (සලකුණු) බලා යට ජලය ඇතැයි දැනගන්නා මෙනි.

පුන අවීචි සවීචීති එවම‍්පි අයං ජරා දුවිධා හොති. තත්‍ථ මණිකනකරජතපවාළචන්‍දසූරියාදීනං මන්‍දදසකාදීසු පාණීනං විය ච පුප‍්ඵඵලපල‍්ලවාදීසු අපාණීනං විය ච අන‍්තරන‍්තරා වණ‍්ණවිසෙසාදීනං දුබ‍්බිඤ‍්ඤෙය්‍යත‍්තා ජරා අවීචිජරා නාම, නිරන‍්තරජරාති අත්‍ථො. තතො අඤ‍්ඤෙසු පන යථාවුත‍්තෙසු අන‍්තරන‍්තරා වණ‍්ණවිසෙසාදීනං සුවිඤ‍්ඤෙය්‍යත‍්තා ජරා සවීචිජරා නාම.

නැවත ‘අවීචි, සවීචි යැයි මෙම ජරාව දෙආකාර වේ. එහිදී මැණික්, රත්රන්, රිදී, පබළු, සඳ හිරු ආදියෙහිද ජීවත් වන්නන්ගේ මන්‍දදසතාදි කාලයෙහි ද, ජීවය රහිත යයි සළකනු ලබන (අපාණිනං) මල්-ගෙඩි-කොළ ආදියෙහි ද අතුරතුර පැහැය ආදී වෙසෙස් බවක් පහසුවෙන් හඳුනාගත නොහැකි බැවින් අවීචි හෙවත් නිරතුරුවම ජරාව ඇතැයි තේරුමයි. එයින් වෙනස් වූ කියන ලද දේවල (දත් ආදී) අතුරතුර සිදුවන වෙසෙස් ලකුණු අනුව පහසුවෙන් හඳුනාගත හැකි බැවින් ‘සවීචි ජරා’ නම් වේ.

තත්‍ථ සවීචිජරා උපාදින‍්නකඅනුපාදින‍්නකවසෙන එවං දීපෙතබ‍්බා – දහරකුමාරකානඤ‍්හි පඨමමෙව ඛීරදන‍්තා නාම උට‍්ඨහන‍්ති, න තෙ ථිරා. තෙසු පන පතිතෙසු පුන දන‍්තා උට‍්ඨහන‍්ති, තෙ පඨමමෙව සෙතා හොන‍්ති, ජරාවාතෙන පන පහටකාලෙ කාළකා හොන‍්ති. කෙසා පන පඨමමෙව තම‍්බාපි හොන‍්ති කාළකාපි සෙතකාපි. ඡවි පන සලොහිතකා හොති. වඩ‍්ඪන‍්තානං වඩ‍්ඪන‍්තානං ඔදාතානං ඔදාතභාවො, කාළකානං කාළකභාවො පඤ‍්ඤායති. ජරාවාතෙන පහටකාලෙ ච වලිං ගණ‍්හාති. සබ‍්බම‍්පි සස‍්සං වපිතකාලෙ සෙතං හොති, පච‍්ඡා නීලං. ජරාවාතෙන පන පහටකාලෙ පණ‍්ඩරං හොති. අම‍්බඞ‍්කුරෙනාපි දීපෙතුං වට‍්ටති එව. සා පනෙසා ඛන්‍ධපරිපාකලක‍්ඛණා ජරා, මරණූපනයනරසා, යොබ‍්බනවිනාසපච‍්චුපට‍්ඨානා. සෙසං සබ‍්බත්‍ථ පාකටමෙව. එවං භගවා ඉදම‍්පි සුත‍්තං අරහත‍්තනිකූටෙනෙව දෙසෙසි, දෙසනාපරියොසානෙ අයම‍්පි බ්‍රාහ‍්මණො අරහත‍්තෙ පතිට‍්ඨාසි සද‍්ධිං අන‍්තෙවාසිකසහස‍්සෙන. අඤ‍්ඤෙසඤ‍්ච අනෙකසහස‍්සානං ධම‍්මචක‍්ඛුං උදපාදි. සෙසං වුත‍්තසදිසමෙව.

මෙම සවීචි ජරා - උපාදින්නක, අනුපාදින්නක යනුවෙන්ද පෙන්වා දිය යුතුය. පළමුව ළදරුවන්ගේ කිරිදත් මතුවෙයි. ඒවා තිර නැත. ඒ දත් වැටුණු කල නැවත දත් මතුවෙයි. ඒවා පළමු සුදු පැහැ ගනී. ජරා නැමති වායුවෙන් පහර වැදුන විට කළුපැහැ වෙයි. හිසකෙස් මුලින් තඹ පැහැ වෙයි. (පසුව) කළු පැහැයද, සුදුපැහැය වේ. හම ද ලේ සහිතව ඇත. වැඩෙන වැඩෙන කල්හී සුදු පැහැයෙන් කළු පැහැයට හැරේ. ජරා වායුවෙන් පහර වැදී රැලි වැටේ. සියළුම ධාන්‍ය වැපිරූ කල සුදු පැහැ වේ. පසුව කොළ පැහැයෙන් ද, ජරා වායුවෙන් පහර වැදී පාණ්ඩු පැහැ ගනී. අඹ පැලයක් ගැනද මෙහිදී සඳහන් කිරීම වටී. මේ ජරාව වූ කලී රූපාදී සමූහ පසෙහි මේරීමට පත්වන ගතියෙන් යුතුව - මරණය කරා ගෙන යන, යොවුන් බව වනසන ගතියද ඇත. ඉතිරි කරුණු සියල්ල පැහැදිලිය. දේසනාව අවසානයෙහි මෙම බමුණාද අතවැසි පිරිවර දහස සමග අරහත් පලෙහි පිහිටියේය. තවත් නොයෙක් දහසක් දෙනාට දහම් ඇස පහළ විය. ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිය.

සද‍්ධම‍්මප‍්පජ‍්ජොතිකාය චූළනිද‍්දෙස-අට‍්ඨකථාය

සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි

පුණ‍්ණකමාණවසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

පුණ්ණක සුත්ත වර්ණනාව නිමියේ ය.