4. මෙත්තගූමාණවසුත්තනිද්දෙසවණ්ණනා අට්ඨකථා
4. මෙත්තගූමාණවසුත්තනිද්දෙසවණ්ණනා
4. මෙත්තගූ සූත්‍ර නිර්දේශ වර්ණනාව
චතුත්ථෙ මෙත්තගූසුත්තෙ – මඤ්ඤාමි තං වෙදගූ භාවිතත්තන්ති “අයං වෙදගූ”ති ච “භාවිතත්තො”ති ච එවං තං මඤ්ඤාමි.
මඤ්ඤාමි තං වේදගුං භාවිතත්තං ‘මේ තැනැත්තා වේදයෙහි ද වඩනා ලද සිත ඇත්තෙකැයි’යි ද (භාවනාව පුරුදු කළ කෙනෙකැයිද) සිතමි.
අපරිත්තොති න අප්පො. මහන්තොති න ඛුද්දකො. ගම්භීරොති න උත්තානො. අප්පමෙය්යොති මිනිතුං න සක්කුණෙය්යො. දුප්පරියොගාළ්හොති අවගාහිතුං ඔතරිතුං දුක්ඛො. බහුරතනො සාගරූපමොති බහූනං ධම්මරතනානං ආකරත්තා අනෙකවිධරතනසම්පන්නො මහාසමුද්දො විය බහුරතනො සාගරසදිසො.
අපරිත්තො නො අඩුව, මහන්තො කුඩා නොවූ, ගම්භීරො ගැඹුරු වූ, අප්පමෙය්යො මැනීමට නොහැකි වන්නේ ය. දුප්පරියොගාළ්හො බැසීමට අපහසු (ඇතුලට යාමට ඉතා අපහසු) පහූත රතනො සාගරූපමො බොහෝ දහම් රුවනට ආකරයක් බැවින් නොයෙක් රුවනින් යුතු මහසයුර මෙන්.
න මඞ්කු හොතීති න විකුණිතමුඛො හොති. අප්පතිට්ඨිතචිත්තොති දොසවසෙන න ඝනීභූතචිත්තො. අලීනමනසොති න සඞ්කුචිතචිත්තො. අබ්යාපන්නචෙතසොති න පූතිචිත්තො.
න මංකු හොතු නොහැකිළුණු මුහුණින් යුතු වෙයි. අප්පටිහත චිත්තො තරහෙන් විනාස නො වූ සිතින්, අලීනමනසො නොපසුබට සිතින්, අඛ්යාපන්න චෙතසො (කෙලෙසින්) කුණු නොවූ සිත.
දිට්ඨෙ දිට්ඨමත්තොති චක්ඛුවිසයෙ රූපාරම්මණෙ දිට්ඨමත්තොයෙව තං ආරම්මණං භවිස්සති, කත්තා වා කාරෙතා වා නත්ථි. යං චක්ඛුනා දිට්ඨං වණ්ණායතනමෙව. සුතාදීසුපි එසෙව නයො. අපි ච දිට්ඨෙති දස්සනයොගෙන වණ්ණායතනං, සවනයොගෙන සද්දායතනං, මුතයොගෙන ඝානජිව්හාකායායතනානි දස්සෙති. ඝානස්ස ගන්ධායතනං, ජිව්හාය රසායතනං, කායස්ස පථවී තෙජො වායූති ඵොට්ඨබ්බායතනං, විඤ්ඤාතයොගෙන ධම්මායතනං දස්සෙති. දිට්ඨෙ අනූපයොති චක්ඛුවිඤ්ඤාණෙන දිට්ඨෙ රාගූපයවිරහිතො. අනපායොති කොධවිරහිතො අප්පටිඝො. අනිස්සිතොති තණ්හාය අනල්ලීනො. අප්පටිබද්ධොති මානෙන න බද්ධො. විප්පමුත්තොති සබ්බාරම්මණතො මුත්තො. විසඤ්ඤුත්තොති කිලෙසෙහි වියුත්තො හුත්වා ඨිතො.
දිට්ඨෙ දිට්ඨමත්තො ඇසට හමුවන රූප අරමුණෙහි දැකීමක් පමණකි. එහි අරමුණ අනුව ඉදිරියට (ඒ ගැන සිතා) කටයුතු කරන්නේ හෝ කරවන්නේ හෝ නැත. ඇසින් දුටු දෙයෙහි ඒ පෙනීම පමණි. ඇසීම ආදියෙහිද මේ ආකාර වේ. තව ද, දැකීමෙන් ඇසින් හැඳිනීම ද, කන යොමුවීමෙන් හඬද, පහසින් නහය, දිව, සිරුර යන ආයතන සඳහන් කරයි. නහයට ගඳ -සුවඳත්, දිවට රසයත්, කයට තදගතිය (පඨවි) උණුසුම හා වාතයත්, පහස ලබන දෙයට හඳුනාගැනීම්-දැනීම් (විඤ්ඤාණ) මගින් එහි සොබාවයත් සඳහන් කරයි. දිට්ඨෙ අනුපයො ඇසින් දැක හඳුනාගත් දෙයෙහි රාගයෙන් ළං නොවී, තරහ නැතිව අප්පටිඝො, අනිස්සිතො තණ්හාවෙන් නොඇලී, අප්පටිබද්ධො මානයෙන් තද නොවී, විමුත්තො සියළු අරමුණුවලින් මිදුණේ, විසඤ්ඤත්තො කෙලෙස්වලින් වෙන්ව සිටියේ.
සංවිජ්ජති භගවතො චක්ඛූති බුද්ධස්ස භගවතො පකතිමංසචක්ඛු උපලබ්භති. පස්සතීති දක්ඛති ඔලොකෙති. චක්ඛුනා රූපන්ති චක්ඛුවිඤ්ඤාණෙන රූපාරම්මණං. ඡන්දරාගොති තණ්හාඡන්දො.
සංවිජ්ජති භගවතො චක්ඛුං භගවත් බුදුරදුන්ගේ නියම මසැස පෙනේ. පස්සති දකියි. බලයි. චක්ඛුනා රූපං ඇසින් හඳුනාගන්නා රූප අරමුණ, ජන්දරාගො තණ්හා ආසාව.
දන්තං නයන්ති සමිතින්ති උය්යානකීළාමණ්ඩලාදීසු හි මහාජනමජ්ඣං ගච්ඡන්තා දන්තමෙව ගොණං වා දන්තං අස්සාජානීයං වා යානෙ යොජෙත්වා නයන්ති. රාජාති තථාරූපානෙව ඨානානි ගච්ඡන්තො රාජාපි දන්තමෙව අභිරුහති. මනුස්සෙසූති මනුස්සෙසුපි චතූහි අරියමග්ගෙහි දන්තො නිබ්බිසෙවනොව සෙට්ඨො. යොතිවාක්යන්ති එවරූපං අතික්කම්මවචනං පුනප්පුනං වුච්චමානම්පි තිතික්ඛති නප්පතිප්ඵරති න විහඤ්ඤති, එවරූපො දන්තො සෙට්ඨොති අත්ථො.
දන්තං න යන්ති සමිති උයන්, කෙළිමඬුළු ආදියෙහිදී මහජනයා මැදට යන්නෝ හීලෑ ගොණකු හෝ හීලෑ අජානීය අසකු හෝ රියෙහි යොදා ගෙන යති. රාජා එබඳුම තැන්වලට යන්නා වූ රජද හීලෑ සතකු පිටෙහිම නගියි. මනුස්සෙසු මිනිසුන් අතරෙහිද සිවු අරිය මගින් දමනය වූවෝ, තමන්ම දමනය වීමෙන් උසස් වෙති. යොති වාක්යං මෙබඳු නින්දා සහගත හා රළු වචන නැවත නැවත කියද්දිත් ඉවසයි. එබඳු වචන නොකියයි. (ඒ ගැන නොවෙහෙසෙයි.) මෙබඳු දමනය වූ කෙනෙකු උසස් යැයි යනු තේරුමයි.
අස්සතරාති වළවාය ගද්රභෙන ජාතා. ආජානීයාති යං අස්සදම්මසාරථි කාරණං කාරෙති, තස්ස ඛිප්පං ජානනසමත්ථා. සින්ධවාති සින්ධවරට්ඨෙ ජාතා අස්සා. මහානාගාති කුඤ්ජරසඞ්ඛාතා මහාහත්ථිනො. අත්තදන්තොති එතෙ අස්සතරා වා සින්ධවා වා කුඤ්ජරා වා දන්තාව, න අදන්තා. යො පන චතුමග්ගසඞ්ඛාතෙන අත්තනො දන්තතාය අත්තදන්තො නිබ්බිසෙවනො, අයං තතොපි වරං, සබ්බෙහිපි එතෙහි උත්තරිතරොති අත්ථො.
අස්සතරා කොටළුවකුට දාව වෙළඹකගෙන් උපන් අජානීය අසකු, අසුන් හික්මවන්නෙක් වහා ඒ කටයුතු මැනවින් කරයි. සින්ධවා සින්ධු රටෙහි උපන් අසුන්, මහානාගා කුඤ්ජර නම් වූ මහ ඇතුන්, අත්තදන්තො මොවුන්ගෙන් අස්සතරයෙකු හෝ සින්ධවයකු හෝ කුඤ්ජර නම් ඇතකු හෝ හීලෑ වූ දමනය වූවන් උතුම්ය. හීලෑ නොවූවන් උතුම් නොවේ. සිවුමගින් තමන් දමනය වූවකු වේ නම් වඩා උතුම්ය. සියල්ලන්ගෙන්ම ඉතා උතුම් යැයි තේරුමයි.
න හි එතෙහි යානෙහීති යානි එතානි හත්ථියානාදීනි උත්තමයානානි, එතෙහි යානෙහි කොචි පුග්ගලො සුපිනන්තෙනපි අගතපුබ්බත්තා “අගත”න්ති සඞ්ඛාතං නිබ්බානදිසං තථා න ගච්ඡෙය්ය. යථා පුබ්බභාගෙ ඉන්ද්රියදමෙන දන්තෙන, අපරභාගෙ අරියමග්ගභාවනාය සුදන්තෙන දන්තො නිබ්බිසෙවනො සප්පඤ්ඤො පුග්ගලො තං අගතපුබ්බං දිසං ගච්ඡති, දන්තභූමිං පාපුණාති, තස්මා අත්තදමනමෙව වරතරන්ති අත්ථො (ධ· ප· අට්ඨ· 2.322; මහානි· අට්ඨ· 90).
න හි එතෙහි යානෙහි ඒ ඇතුන් ආදිය යොදන ලද යානා අගනා වුවත්, උසස් වුවත් එබඳු යානාවලින් කිසිදු තැනැත්තෙකු සිහිනෙන් හෝ පෙර නොගිය තැනක් යැයි සලකනු ලබන නිවන දෙසට නොයන්නේ ය. මුලදී ඉඳුරන් දමනය කොට, පසුව අරිය මග වැඩීමෙන් මනාව දැමුණු බවට පත් වූ නුවණැති තැනැත්තා ඒ පෙර නොගිය දෙසට යයි. දමනය වූ බිමට හෙවත් අරහත් ඵලයට පැමිණෙයි. එහෙයින් තමන් දමනය වීම ඉතා උතුම් යන තේරුමයි.
විධාසු න විකම්පන්තීති නවවිධමානකොට්ඨාසෙසු න චලන්ති න වෙධෙන්ති. විප්පමුත්තා පුනබ්භවාති කම්මකිලෙසතො සමුච්ඡෙදවිමුත්තියා සුට්ඨු මුත්තා. දන්තභූමිං අනුප්පත්තාති අරහත්තඵලං පාපුණිත්වා ඨිතා. තෙ ලොකෙ විජිතාවිනොති තෙ වුත්තප්පකාරා ඛීණාසවා සත්තලොකෙ විජිතවිජයා නාම (සං· නි· අට්ඨ· 2.3.76; මහානි· අට්ඨ· 90).
විධාසු න විකම්පන්ති නව ආකාර වූ මාන කොටස්වලින් නොසැලෙති. කම්පා නොවෙති. විප්පයුත්තා පුනබ්භවා කම කෙලෙස්වලින් මුළුමනින්ම මිදීමෙන් මැනවින් මිදුණහ. දන්තභූමිං අනුප්පත්තා අරහත් ඵලයට පත්ව සිටියහ. තෙ ලොකෙ විජිතාවිනො ඔව්හු කියන ලද පරිදි කෙලෙසුන් නසා ජීවලෝකය දිනන ලදුව, ‘විජිත විජය’ නම් වෙති.
යස්සින්ද්රියානි භාවිතානීති යස්ස ඛීණාසවස්ස සද්ධාදිපඤ්චින්ද්රියානි අරහත්තඵලං පාපෙත්වා වඩ්ඪිතානි. අජ්ඣත්තඤ්ච බහිද්ධා චාති චක්ඛාදිඅජ්ඣත්තායතනානි ච රූපාදිබහිද්ධායතනානි ච නිබ්බිසෙවනානි කතානි. සබ්බලොකෙති සකලතෙධාතුකෙ ලොකෙ ච. නිබ්බිජ්ඣ ඉමං පරඤ්ච ලොකන්ති ඉමඤ්ච අත්තභාවං පරලොකෙ ච අත්තභාවං අතික්කමිත්වා ඨිතො ඛීණාසවො . කාලං කඞ්ඛති භාවිතො ස දන්තොති සො ඛීණාසවො චක්ඛාදිතො දන්තො වඩ්ඪිතචිත්තො මරණකාලං පත්ථෙති (සු· නි· අට්ඨ· 2.522; මහානි· අට්ඨ· 90).
යස්සින්ද්රියානි භාවිතානි කෙලෙසුන් නැසූ උතුමකුගේ සද්ධා ආදී ඉන්ද්රියයන් පස රහත් ඵලයට පත්ව වඩනා ලදුව, අජ්ඣත්තං ච බහිද්ධාච ඇස ආදී තමා කෙරෙහි වූ ආයතන ද, රූප ආදී බාහිර ආයතනද හික්මවන ලදී. සබ්බලොකෙ මුළු තුන් ලෝ ධාතුවෙහිම, නිබ්බිජ්ඣං ඉමංච ලෝකං මේ භවයෙන් (පසු ඉපදීම) ඉක්මවා සිටි කෙලෙස් නැසූ උතුමා, කාලං කංඛති භාවිතො ස දන්තො ඒ උතුමා ඇස් ආදිය දමනය කොට, වඩනා ලද සිතින් මරණය බලාපොරොත්තු වෙයි.
යෙසං ධම්මානං ආදිතො සමුදාගමනං පඤ්ඤායතීති යෙසං ඛන්ධාදිධම්මානං උප්පත්ති පඤ්ඤායති. අත්ථඞ්ගමතො නිරොධොති අත්ථඞ්ගමනවසෙන තෙසංයෙව අභාවො පඤ්ඤායති. කම්මසන්නිස්සිතො විපාකොති කුසලාකුසලකම්මනිස්සිතො විපාකො කම්මං අමුඤ්චිත්වා පවත්තනතො විපාකොපි කම්මසන්නිස්සිතොව නාම. නාමසන්නිස්සිතං රූපන්ති සබ්බරූපං නාමං ගහෙත්වා පවත්තනතො නාමසන්නිස්සිතං නාම ජාතං. ජාතියා අනුගතන්ති සබ්බං කම්මාදිකං ජාතියා අනුපවිට්ඨං. ජරාය අනුසටන්ති ජරාය පත්ථටං. බ්යාධිනා අභිභූතන්ති බ්යාධිදුක්ඛෙන අභිමද්දිතං. මරණෙන අබ්භාහතන්ති මච්චුනා අභිහටං පහටං. අතාණන්ති පුත්තාදීහිපි තායනස්ස අභාවතො අතායනං අනාරක්ඛං අලබ්භණෙය්යං ඛෙමං වා. අලෙණන්ති අල්ලීයිතුං නිස්සයිතුං අනරහං, අල්ලීනානම්පි න ලෙණකිච්චකරණං. අසරණන්ති නිස්සිතානං න භයහාරකං, න භයවිනාසකං. අසරණීභූතන්ති පුරෙ උප්පත්තියා අත්තනො අභාවෙනෙව අසරණං, උප්පත්තිසමකාලමෙව අසරණභූතන්ති අත්ථො.
යෙසං ධම්මානං ආදිතො සමුදාගමනං පඤ්ඤායති (රූපාදී) සමූහයෙහි උපත මුල පටන් දැනගනී. අත්ථගමතො නිරොධො විනාසය ලෙසින් එහි අවසානය දැනගනී. කම්ම සන්නිස්සිතො විපාකො කුසල - අකුසල කටයුතු ඇසුරුකොට ඇති පල විපාක, කළ කම් අත් නොහැර පවත්නා විපාකය, කම්මනිස්සිත නම් වේ. නාම සන්නිස්සිතං රූපං සියළු රූප නම් ගනිමින්, (හැඳින්වීමෙන්) පවතිමින්, නම් ඇසුරු කරමින්, ජාතියා අනුගතං සියළු කම්ම ඉපදීම අනුව යන ලදී. ජරාය අනුසටං ජරාවෙන් පැතිරෙන ලද, බ්යාධිතා අභිභූතං රෝ දුකින් මඩනා ලද, මරණෙන අබ්භාහතං මරණයෙන් තට්ටු කරන ලදී, පහර දෙන ලදී. අතානං (එයට) දූපුතුන්ගෙන් වත්, පිහිටක්, රැකවරණයක් නො ලබන්නේ ය. අලෙනං බිය නැති තැනක් හෝ, රැඳී සිටින්නන්ට, ඇසුරු කිරීමට සුදුසු පරිදි ඇලී ගැලී සිටින සේ රැකවරණ සැලසෙන්නේ නැති, අසරණං ඇසුරු කිරීමේදී බිය උපදවමින්, බිය ඇති කරමින්, අසරණිභූතං පෙර උපතින් තමාගේ අභාවයෙන්ම පිහිටක් නැතිව, (ඊළඟ) උපතට සමාන කාලයෙහි අසරණ වෙතියි තේරුමයි.
අපුච්ඡසීති එත්ථ අ-ඉති පදපූරණමත්තෙ නිපාතො, පුච්ඡසිත්වෙව අත්ථො. පවක්ඛාමි යථා පජානන්ති යථා පජානන්තො ආචික්ඛති, එවං ආචික්ඛිස්සාමි. උපධිනිදානා පභවන්ති දුක්ඛාති තණ්හාදිඋපධිනිදානා ජාතිආදිදුක්ඛවිසෙසා පභවන්ති.
අපුච්ඡසි මෙහි ‘අ’ අකුර වචනයෙහි පිරිපුන් බවක් දැක්වීමට යෙදූ නිපාතයකි. කැමති දෙයක් විචාළෙහි යන තේරුමයි. පවක්ඛාමි යථා පජානං (විමසූ දේ ගැන) දැනගත් පරිදි මෙසේ කියමි. උපධිනිදානා පභවන්ති දුක්ඛා තණ්හා ආදී කෙලෙස් හේතුවෙන් ඉපදීම ආදී දුක් ඇතිවෙයි.
තණ්හූපධීති තණ්හා එව තණ්හූපධි. සස්සතුච්ඡෙදදිට්ඨි එව දිට්ඨූපධි. රාගාදිකිලෙසා එව කිලෙසූපධි. පුඤ්ඤාදිකම්මානි එව කම්මූපධි. තිවිධදුච්චරිතානියෙව දුච්චරිතූපධි. කබළීකාරාදයො ආහාරා එව ආහාරූපධි. දොසපටිඝො එව පටිඝූපධි. කම්මසමුට්ඨානා කම්මෙනෙව ගහිතා පථවාදයො චතස්සො ධාතුයොව චතස්සො උපාදින්නධාතුයො උපධී. චක්ඛාදිඡඅජ්ඣත්තිකානි ආයතනානි එව ඡ අජ්ඣත්තිකානි ආයතනානි උපධී. චක්ඛුවිඤ්ඤාණාදිඡවිඤ්ඤාණකායාව ඡ විඤ්ඤාණකායා උපධී. සබ්බම්පි දුක්ඛං දුක්ඛමනට්ඨෙනාති සබ්බතෙභූමකං දුක්ඛං දුස්සහනට්ඨෙන උපධි.
තණ්හූපධි තණ්හාවම නැවත ඉපදීමට හේතු වෙයි. හැමදෙයම සදාකල් පවතීය යන දැඩිව ගත් හැඟීම් ලෙස සස්සත දිට්ඨියත්, මේ ආත්මයෙන් පසු ඉපදීමක් නැතැයි යන දැඩිව ගත් හැඟීම් ලෙස උච්ඡේද දිට්ඨියත් දිට්ඨූපධි නම් වේ. රාගාදී කෙලෙස්ම කිලෙසූපධි, පින්කම් ආදිය කම්මූපධි තුන්ආකාර දුසිරිත් දුච්චරිතූපධි, කැබලිකොට ගන්නා ආහාර ආදිය ආහාරූපධි, තරහ, ගැටුම් ඇතිවන තද කෝපය පටිඝූපධි, කරන, කියන, සිතන දෙයින් (කම්ම) මතුව, එයින්ම ගන්නා ලද පඨවි ආදී ධාතු (සොබාවන්) අතුරෙන් හටගත් ධාතුපධි, ඇස ආදී තමාට අයත් ආයතන හය ආයතනූපධි, ඇසින් හඳුනාගැනීම ආදී විඤ්ඤාණ කාය හය ඡවිඤ්ඤාණකායූපධි, සබ්බම්පි දුක්ඛමනත්ථෙන කාමාවචර, රූපාවචර, අරූපාවචර (ත්‍රෛභූමක) සියළුම ලෝකවල දුක් සහගත බව, කෝපකරන, අසහන අරුතින් උපධි නම් වේ.
එවං උපධිනිදානතො පභවන්තෙසු දුක්ඛෙසු – යො වෙ අවිද්වාති ගාථා. තත්ථ පජානන්ති සඞ්ඛාරෙ අනිච්චාදිවසෙන ජානන්තො. දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සීති වට්ටදුක්ඛස්ස ජාතිකාරණං “උපධී”ති අනුපස්සන්තො. ඉමිස්සා ගාථාය නිද්දෙසෙ වත්තබ්බං නත්ථි.
එය හේතුකොට මතුවන්නා වූ දුක්වලින්, (මීළඟට) යො වෙ අවිද්ධා යන ගාථාවයි. එහි පජානං සංඛාර හෙවත් හේතු නිසා ඇතිවන හැමදෙයක්ම අනිස යැයි ආදී ලෙස දැනීමෙන්, දුක්ඛස්ස ජාතිප්පභවානුපස්සී සසර දුකට ඉපදීමට කරුණු වන්නේ උපධි යැයි විමසා බලමින්, මෙම ගාථාවෙහි විස්තර ලෙසින් කිවයුතු දෙයක් නැත.
සොකපරිද්දවඤ්චාති සොකඤ්ච පරිදෙවඤ්ච. තථා හි තෙ විදිතො එස ධම්මොති යථා යථා සත්තා ජානන්ති, තථා තථා ඤාපනවසෙන විදිතො එස තයා ධම්මොති.
සොක පරිද්දවා සෝකය හා විලාප කීම, තථා හි සො විදිතො එස ධම්මො එම දහම සත්වයන් විසින් අවබෝධ කරන ආකාරයට පෙන්වා දෙන ලද පරිදි.
තත්ථ තරන්තීති පඨමමග්ගෙන දිට්ඨොඝං තරන්ති. උත්තරන්තීති දුතියමග්ගෙන කාමොඝං තනුකරණවසෙන උග්ගන්ත්වා තරන්ති. පතරන්තීති තමෙව නිරවසෙසප්පහානවසෙන තතියමග්ගෙන විසෙසෙන තරන්ති. සමතික්කමන්තීති භවොඝඅවිජ්ජොඝප්පහානවසෙන චතුත්ථමග්ගෙන සම්මා අතික්කමන්ති. වීතිවත්තන්තීති ඵලං පාපුණිත්වා තිට්ඨන්ති.
තරන්ති මුල් මගපලයෙන් දැඩිව ගත් (මිසදිටු) හැඟීම් නැමති සැඬපහර තරණය කරති. උත්තරති දෙවන මග ඵලයෙන් කාම නම් වූ සැඬපහරෙහි බලවේගය හීනකොට මතුකොට තරණය කරති. පතරන්ති එයම ඉතිරි නොකොට නැතිකිරීම පිණිස තෙවන මගපලයෙන් වෙසෙසින්ම තරණය කරති. සමතික්කමන්ති භව, අවිජ්ජා සැඬපහර නැතිකිරීම පිණිස, සිවුවන මගෙන් මැනවින් ඉක්මවා යති. වීතිවත්තන්ති ඵලයට පැමිණ සිටිති.
කිත්තයිස්සාමි තෙ ධම්මන්ති නිබ්බානධම්මං නිබ්බානගාමිනිපටිපදාධම්මඤ්ච තෙ දෙසයිස්සාමි. දිට්ඨෙ ධම්මෙති දිට්ඨෙව දුක්ඛාදිධම්මෙ, ඉමස්මිංයෙව වා අත්තභාවෙ. අනීතිහන්ති අත්තපච්චක්ඛං. යං විදිත්වාති යං ධම්මං “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා”තිආදිනා (ධ· ප· 277; ථෙරගා· 676; කථා· 753) නයෙන සම්මසන්තො විදිත්වා.
කිත්තයිස්සාමි තෙ ධම්මං නිවන් දහමද, නිවන් පිළිවෙත් මගද ඔබට දේශනා කරන්නෙමි. දිට්ඨෙව ධම්මෙ මේ ජීවිතයෙහිදීම දුකෙහි සොබාවය දැකීමෙන්ම, අනීතිහං තමාම අවබෝධ කොට, යං විදිත්වා සියළුම හේතු ඇතිව සකස්වන දේ අනිස යැයි යන දහම නුවණින් දැන.
තත්ථ ආදිකල්යාණන්ති හිත්වාපි අනුත්තරං විවෙකසුඛං ධම්මං තව කිත්තයිස්සාමි, තඤ්ච ඛො අප්පං වා බහුං වා කිත්තයන්තො ආදිකල්යාණාදිප්පකාරමෙව කිත්තයිස්සාමි. ආදිම්හි කල්‍යාණං භද්දකං අනවජ්ජමෙව කත්වා කිත්තයිස්සාමි . මජ්ඣෙපි. පරියොසානෙපි භද්දකං අනවජ්ජමෙව කත්වා කිත්තයිස්සාමීති වුත්තං හොති. යස්මිඤ්හි භගවා එකගාථම්පි දෙසෙසි, සා සමන්තභද්දකත්තා ධම්මස්ස පඨමපාදෙන ආදිකල්යාණා, දුතියතතියපාදෙහි මජ්ඣෙකල්යාණා, පච්ඡිමපාදෙන පරියොසානකල්යාණා. එකානුසන්ධිකං සුත්තං නිදානෙන ආදිකල්යාණං, නිගමනෙන පරියොසානකල්යාණං, සෙසෙන මජ්ඣෙකල්යාණං. නානානුසන්ධිකං සුත්තං පඨමානුසන්ධිනා ආදිකල්යාණං, පච්ඡිමෙන පරියොසානකල්යාණං, සෙසෙහි මජ්ඣෙකල්යාණං.
ආදි කල්‍යාණං උතුම් විවේක සුව දහම ඔබට පවසන්නෙමි. එය ඔබට මදව හෝ (කෙටියෙන්) බොහෝ කොට පවසමින් මුල සිටම ඉතා මැනවින් යහපත් ලෙස පවසන්නෙමි. මුලසිටම යහපත් ලෙස, සොඳුරු ලෙස, නිවැරදි ලෙසම පවසන්නෙමි. මැදදී ද, අවසානයෙහිද සොඳුරු ලෙස, නිවැරදි ලෙස පවසන්නෙමියි කියන ලදී. භාග්‍යවතුන් වහන්සේ එක ගාථාවකුදු දේසනා කළ සේක්ද, එය මුළුමනින්ම යහපත් බැවින් දහමෙහි මුල් පදයෙන්ම මුලපටන්ම යහපත්ය. දෙවන තුන්වන පදවලින් මැද යහපත් බවද අවසාන පදයෙන් අවසානය යහපත් බවද වේ. එක් ගැළපීමකින් යුතු සූත්‍රයෙක, එහි හේතුව දැක්වීමෙන් මුල යහපත් වේ. නිගමනයෙන් අවසානය යහපත් බවද, ඉතිරි කොටසින් මැද යහපත් බවද වේ.
අපි ච සනිදානඋප්පත්තිත්තා ආදිකල්යාණං, වෙනෙය්යානං අනුරූපතො අත්ථස්ස අවිපරීතතාය ච හෙතුදාහරණයුත්තතො ච මජ්ඣෙකල්යාණං, සොතූනං සද්ධාපටිලාභජනනෙන නිගමනෙන ච පරියොසානකල්යාණං.
තවද හේතු සහිතව එහි උපත (පටන් ගැන්ම) දැක්වීමෙන් මුල යහපත්ය. හික්මීමට කැමති ජනතාවට ගැළපෙන පරිදි, අරුත නිරවුල්වද හේතු, උදාහරණ දැක්වීමෙන් මැද යහපත්ය. අසන්නන්ගේ සැදැහැ වඩන ලෙසින් නිගමනය දැක්වීම අවසානය යහපත්ය.
සකලො හි සාසනධම්මො අත්තනො අත්ථභූතෙන සීලෙන ආදිකල්යාණො, සමථවිපස්සනාමග්ගඵලෙහි මජ්ඣෙකල්යාණො, නිබ්බානෙන පරියොසානකල්යාණො. සීලසමාධීහි වා ආදිකල්යාණො, විපස්සනාමග්ගෙහි මජ්ඣෙකල්යාණො, ඵලනිබ්බානෙහි පරියොසානකල්යාණො. බුද්ධසුබොධිතාය වා ආදිකල්යාණො, ධම්මසුධම්මතාය මජ්ඣෙකල්යාණො, සඞ්ඝසුප්පටිපත්තියා පරියොසානකල්යාණො . තං සුත්වා තථත්තාය පටිපන්නෙන අධිගන්තබ්බාය අභිසම්බොධියා වා ආදිකල්යාණො, පච්චෙකබොධියා මජ්ඣෙකල්යාණො, සාවකබොධියා පරියොසානකල්යාණො.
මුළු සසුන් දහමෙහිම තමන්වහන්සේගේ ජීවිතයෙන් පෙනෙන සීලයෙන් මුල යහපත්ය. සමථ විදසුන් මගපලවලින් මැද යහපත්ය. නිවනින් අවසානය යහපත්ය. සීල සමාධියෙන් මුල යහපත්ය. විදසුන් මංවලින් මැද යහපත්ය. නිවන හා මගපලවලින් අවසානය යහපත්ය. බුදුන්වහන්සේ පිළිබඳ මනා අවබෝධයෙන් මුල යහපත්ය. දහමෙහි මනා යහගුණයෙන් (සුධම්මතා) මැද යහපත්ය. සව්වන්ගේ මනා පිළිවෙතින් අවසානය යහපත්ය. එය අසා, ඇති තතු, ඒ ආකාරයෙන්ම අවබෝධය ලැබීමට හෝ සියල්ල දැනගැනීමට (සම්බුදු බවට) මුල යහපත්ය. පසේබුදු බවට මැද යහපත්ය. මගපල ලැබීමෙන් අවසානයද යහපත්ය.
සුය්යමානො චෙස නීවරණවික්ඛම්භනතො භවනෙනපි කල්යාණමෙව ආවහතීති ආදිකල්යාණො, පටිපජ්ජියමානො සමථවිපස්සනාසුඛාවහනතො පටිපත්තියාපි කල්යාණමෙව ආවහතීති මජ්ඣෙකල්යාණො, තථාපටිපන්නො (පාරා· අට්ඨ· 1.1) ච පටිපත්තිඵලෙ නිට්ඨිතෙ තාදිභාවාවහනතො පටිපත්තිඵලෙනපි කල්යාණමෙව ආවහතීති පරියොසානකල්යාණොති.
අසන්නට ලැබීමෙන්ම කාමාදී නීවරණ යටපත් කරමින් කනටද යහපතම කැඳවන බැවින් මුල යහපත්ය. පිළිපැදීමෙන්, සමථ විදසුන් සුව දනවන පිළිවෙතින්ද යහපතම උදාකරන බැවින් මැද යහපත්ය. එසේ පිළිපදින තැනැත්තන්ට පිලිවෙත් පල නිමවූ කල කෙලෙස් දුරුවීමට මග සලසමින් ඒ පිලිවෙත් පලයන්ද යහපතම උදාකරතියි, අවසානය යහපත්ය.
යං පනෙස භගවා ධම්මං දෙසෙන්තො සාසනබ්රහ්මචරියං මග්ගබ්රහ්මචරියඤ්ච පකාසෙති, නානානයෙහි දීපෙති. තං යථානුරූපං අත්ථසම්පත්තියා සාත්ථං. බ්යඤ්ජනසම්පත්තියා සබ්යඤ්ජනං. සඞ්කාසනපකාසනවිවරණවිභජනඋත්තානීකරණපඤ්ඤත්තිඅත්ථපදසමායොගතො සාත්ථං. අක්ඛරපදබ්යඤ්ජනාකාරනිරුත්තිනිද්දෙසසම්පත්තියා සබ්යඤ්ජනං. අත්ථගම්භීරතාපටිවෙධගම්භීරතාහි සාත්ථං . ධම්මගම්භීරතාදෙසනාගම්භීරතාහි සබ්යඤ්ජනං. අත්ථපටිභානපටිසම්භිදාවිසයතො සාත්ථං. ධම්මනිරුත්තිපටිසම්භිදාවිසයතො සබ්යඤ්ජනං. පණ්ඩිතවෙදනීයතො සරික්ඛකජනප්පසාදකන්ති සාත්ථං. සද්ධෙය්යතො ලොකියජනප්පසාදකන්ති සබ්යඤ්ජනං. ගම්භීරාධිප්පායතො සාත්ථං. උත්තානපදතො සබ්යඤ්ජනං. උපනෙතබ්බස්ස අභාවතො සකලපරිපුණ්ණභාවෙන කෙවලපරිපුණ්ණං. අපනෙතබ්බස්ස අභාවතො නිද්දොසභාවෙන පරිසුද්ධං.
භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසනා කරමින්, සසුන් බඹසරද - මග බඹසරද පවසති. නොයෙක් ආකාරයෙන් පැහැදිළි කරති. ඒ නියමානුකූල අරුත් සම්පතින් යුතු වූයේ සාත්ථං, සර අකුරු ලකුණින් හෙබි සව්යඤ්ජනං, පැහැදිලි කිරීම, පැවසීම, විවරණය කිරීම, බෙදා විස්තර කිරීම, අරුත් මතුකොට දැක්වීම, පැනවීම, ඇරත් පද මැනවින් යෙදීම සාත්ථං අකුරු, වචන, සර, වචන මුලසිට සැකසීම, මැනවින් පෙන්වා දීම සව්යඤ්ජනං අරුත් ගැඹුරුබව, ඇති තතු අවබෝධයෙහි ගැඹුරු බව සාත්ථං දහමෙහි ගැඹුරු බව, දේසනාවෙහි ගැඹුරු බව සව්යඤ්ජනං අරුත් වැටහීම් වෙසෙස් නුවණින් යුතු සාත්ථං දහම් නිරුත්තියෙහි වෙසෙස් නුවණ සව්යඤ්ජනං වියත්ව දැනගැනීමෙන් විමසනු කැමති ජන පැහැදීමට සුදුසු සාත්ථං සැදැහැ බවින් පොදුජන පැහැදීම වඩන සව්යඤ්ජනං ගැඹුරු අදහසින් යුතු සාත්ථං පැහැදිලි වචනයෙන් යුතු සව්යඤ්ජනං (අරුත් බාහිරව) පමුණුවා ගැනීමක් රහිතව සියළු ආකාරයෙන් පිරිපුන් බවින් කෙවල පරිපුණ්ණං, බැහැර කළයුතු දේ නොමැතිව නිදොස් බැවින් පරිසුද්ධං.
අපි ච – පටිපත්තියා අධිගමබ්යත්තිතො සාත්ථං. පරියත්තියා ආගමබ්යත්තිතො සබ්යඤ්ජනං. සීලාදිපඤ්චධම්මක්ඛන්ධයුත්තතො කෙවලපරිපුණ්ණං. නිරුපක්කිලෙසතො නිත්ථරණත්ථාය පවත්තිතො ලොකාමිසනිරපෙක්ඛතො ච පරිසුද්ධං. සික්ඛත්තයපරිග්ගහිතත්තා බ්රහ්මභූතෙහි සෙට්ඨෙහි චරිතබ්බතො, තෙසඤ්ච චරියභාවතො බ්රහ්මචරියං (පාරා· අට්ඨ· 1.1).
තවද, පිළිවෙතින් ලබන අවබෝධයෙන් සාත්ථං, උගනීමෙන් දහමෙහි වියත් බවින් සව්යඤ්ජනං සීලය ආදී දහම් කොටස් පහකින් යුතු බැවින් කෙවල පරිපුණ්ණං කෙලෙස් බවෙන් තොරව, එතෙරවීම පිණිස පැවතීමෙන් මෙලොවෙහි ලාභ-වාසි බලාපොරොත්තු නොමැතිවීමෙන් පරිසුද්ධං හික්මීම ඇතිවන බැවින්, ඉතා උසස් ලෙස හැසිරිය යුතු වීමෙන්, එහි හැසිරෙන අයුරින් බ්රහ්මචරියං.
එවං පරියත්තිධම්මං දස්සෙත්වා ඉදානි ලොකුත්තරධම්මං දස්සෙතුං “චත්තාරො සතිපට්ඨානෙ”ති ආහ. සත්තතිංසබොධිපක්ඛියධම්මෙ දස්සෙත්වා නිබ්බත්තිතලොකුත්තරං දස්සෙතුං “නිබ්බානඤ්චා”ති ආහ. නිබ්බානගාමිනිඤ්ච පටිපදන්ති පුබ්බභාගසීලසමාධිවිපස්සනාධම්මඤ්ච කිත්තයිස්සාමි.
මෙසේ දැන උගතයුතු දහම් දෙසා, දැන් ලොවුතුරු දහම පෙන්වාදීමට සිවු ආකාර වූ සිහිය පිහිටුවා ගන්නා අයුරු වදාළහ. නිවන් අවබෝධයෙහි ලා ගැනෙන, දහම් කරුණු තිස්හතක් පෙන්වා, එයින් ලැබෙන ලොවුතුරු තතු පහදා දීමට නිබ්බාණං යැයි වදාළහ. නිවනද, නිවන් මග පිළිවෙතද ඊට පෙර උදව් වන සීල, සමාධි, විදසුන් දහම් ගැනද කියන්නෙමි.
දුක්ඛෙ දිට්ඨෙති දුක්ඛසච්චෙ සරසලක්ඛණෙන දිට්ඨෙ දුක්ඛසච්චං පකාසෙස්සාමි. සමුදයාදීසුපි එසෙව නයො.
දුක්ඛෙ දිට්ඨෙ දුක නම් වූ ඇත්ත පිළිබඳව සොබාව තතු දැකීමෙන්ම දුකෙහි ඇත්ත පවසන්නෙමි. දුකට හේතුව ගැනද මෙසේමය.
තඤ්චාහං අභිනන්දාමීති තං වුත්තප්පකාරධම්මජොතකං තව වචනං අහං පත්ථයාමි. ධම්මමුත්තමන්ති තඤ්ච ධම්මමුත්තමං අභිනන්දාමි.
තඤ්චාහං අභිනන්දාමි ඒ කියන ලද පරිදි දහම බබුළුවන ඔබවහන්සේගේ වචන මම පතමි. ධම්ම මුත්තමං ඔබවහන්සේගේ උතුම් දහමට බෙහෙවින් සතුටු වෙමි.
තත්ථ මහතො තමොකායස්ස පදාලනන්ති මහතො අවිජ්ජාරාසිස්ස ඡෙදනං. අනිච්චලක්ඛණවසෙන එසී. දුක්ඛලක්ඛණවසෙන ගවෙසී. අනත්තලක්ඛණවසෙන සමන්තතො පරියෙසී. මහතො විපල්ලාසස්ස පභෙදනන්ති මහන්තස්ස අසුභෙ සුභන්තිආදිද්වාදසවිධස්ස විපල්ලාසස්ස භෙදනං. මහතො තණ්හාසල්ලස්ස අබ්බහනන්ති මහන්තස්ස අන්තොතුදනට්ඨෙන තණ්හාකණ්ටකස්ස ලුඤ්චනං. දිට්ඨිසඞ්ඝාටස්ස විනිවෙඨනන්ති දිට්ඨියෙව අබ්බොච්ඡින්නප්පවත්තිතො සඞ්ඝටිතට්ඨෙන සඞ්ඝාටො, තස්ස දිට්ඨිසඞ්ඝාටස්ස නිවත්තනං. මානධජස්ස පාතනන්ති උස්සිතට්ඨෙන උන්නතිලක්ඛණස්ස මානද්ධජස්ස පාතනං. අභිසඞ්ඛාරස්ස වූපසමන්ති පුඤ්ඤාදිඅභිසඞ්ඛාරස්ස උපසමනං. ඔඝස්ස නිත්ථරණන්ති වට්ටෙ ඔසීදාපනස්ස කාමොඝාදිඔඝස්ස නිත්ථරණං නික්ඛමනං. භාරස්ස නික්ඛෙපනන්ති රූපාදිපඤ්චක්ඛන්ධභාරස්ස ඛිපනං ඡඩ්ඩනං. සංසාරවට්ටස්ස උපච්ඡෙදන්ති ඛන්ධාදිපටිපාටිසංසාරවට්ටස්ස හෙතුනස්සනෙන උච්ඡිජ්ජනං. සන්තාපස්ස නිබ්බාපනන්ති කිලෙසසන්තාපස්ස නිබ්බුතිං. පරිළාහස්ස පටිපස්සද්ධන්ති කිලෙසපරිළාහස්ස වූපසමං පටිපස්සම්භනං. ධම්මධජස්ස උස්සාපනන්ති නවවිධලොකුත්තරධම්මස්ස උස්සාපෙත්වා ඨපනං. පරමත්ථං අමතං නිබ්බානන්ති උත්තමට්ඨෙන පරමත්ථං. නත්ථි එතස්ස මරණසඞ්ඛාතං මතන්ති අමතං. කිලෙසවිසපටිපක්ඛත්තා අගදන්තිපි අමතං. සංසාරදුක්ඛපටිපක්ඛභූතත්තා නිබ්බුතන්ති නිබ්බානං. නත්ථෙත්ථ තණ්හාසඞ්ඛාතං වානන්තිපි නිබ්බානං.
මහතො කමොකායස්ස පදාලනං මහත් වූ නොදැනීම් සියල්ලම (අවිජ්ජාරාසි) සිඳලීමයි. අනිස සොබා ලෙසින් එසි නම් වේ. දුකෙහි ලකුණු සළකා බැලීම ලෙසින් ගවෙසී, හාත්පස අනත් ලකුණු ලෙසින් පරියෙසි, මහතො විපල්ලාසස්ස පභෙදනං බොහෝ සෙයින් අසුබ දෙයෙහි සුබ ලෙසින් දොළොස් ආකාර වූ වෙනස්වීම්, බෙදීම්, මහතො තණ්හාසල්ලස්ස අබ්බූහ බොහෝ විනිවිද ගිය වහා නැමති ඊතලයෙන් පීඩිතව එය උදුරා දැමීම, දිට්ඨි සංඝාටස්ස විනිවෙඨනං දැඩිව ගත් වැරදි හැඟීම් නැමති, නොසිඳී පවත්නා, එකට බැඳී වෙලී ඇති අවුල් හැරීම, මානද්ධජස්ස පාතනං උඩගු ලකුණින් යුතු, ඔසවා ගනු ලැබූ මානය නැමති කොඩිය පහත හෙළීම, අභිසංඛාරස්ස වූපසමං පින් ආදී (කම්ම) රැස්කිරිම සංසිඳවීම, ඔඝස්සනිත්ථරණං සසර (සයුරෙහි) ගිලාබසින කාමාදී සැඩපහරවලින් එතරවීම, ඉවත්වීම, සංඛාරවට්ටස්ස උපච්ඡෙදං (රූපාදී) සමූහ පිළිවෙලින් (කම්ම) රැස්කිරීමේ පැවැත්ම සිඳින ලදී. සන්තාපස්ස නිබ්බාපනං කෙලෙස් නිසා ඇතිවන තැවුල නිවන ලදී. පරිළාහස්ස පටිප්පසද්ධි කෙලෙස් දාහය සන්සිඳුවන ලදී. ධම්මධජස්ස උස්සාසනං නව ලොවුතුරා දහම ඔසවා පිහිටුවන ලදී. පරමත්ථං අමතං නිබ්බාණං උතුම් අරුතින් පරම අදහස වේ. ‘මේ තැනැත්තාට මරණය යයි කියන දෙය නැති බැවින් ‘අමතං’ වේ. සසර දුකට අකමැති බැවින් ‘නිබ්බාණං’ පහා යැයි කියන ලද (සසර) වියමන නිවනෙහි නොමැති බැවින් ‘නිබ්බාණං’.
මහෙසක්ඛෙහි සත්තෙහීති මහානුභාවෙහි සක්කාදීහි සත්තෙහි. පරියෙසිතොති පරියිට්ඨො. කහං දෙවදෙවොති දෙවානං අතිදෙවො කුහිං. කහං නරාසභොති උත්තමපුරිසො.
මහෙසක්ඛෙහි සත්තෙහි මහා බලය ඇති සක්දෙව් ආදී සත්වයන්, පරියෙසිතො සොයන ලද, කහං දෙවදෙවො දෙවියන්ටත් වඩා දෙවි වූයේ කොහිද? කත්ථ නරාසභො උතුම් තැනැත්තා කොතැනද? උඩ, යට, හරහා හෝ මැදද?
උද්ධං අධො තිරියඤ්චාපි මජ්ඣෙති එත්ථ උද්ධන්ති අනාගතද්ධා වුච්චති. අධොති අතීතද්ධා. තිරියඤ්චාපි මජ්ඣෙති පච්චුප්පන්නද්ධා. එතෙසු නන්දිඤ්ච නිවෙසනඤ්ච, පනුජ්ජ විඤ්ඤාණන්ති එතෙසු උද්ධාදීසු තණ්හඤ්ච දිට්ඨිනිවෙසනඤ්ච අභිසඞ්ඛාරවිඤ්ඤාණඤ්ච පනුදෙහි. පනුදිත්වා ච භවෙ න තිට්ඨෙති එවං සන්තෙ දුවිධෙපි භවෙ න තිට්ඨෙය්ය. එවං තාව පනුජ්ජසද්දස්ස පනුදෙහීති ඉමස්මිං අත්ථවිකප්පෙ සම්බන්ධො. පනුදිත්වාති එතස්මිං පන අත්ථවිකප්පෙ භවෙ න තිට්ඨෙති අයමෙව සම්බන්ධො. එතානි නන්දීනිවෙසනවිඤ්ඤාණානි පනුදිත්වා දුවිධෙපි භවෙ න තිට්ඨෙය්යාති.
එහි උද්ධං අනාගත කොටස ගැන කියනු ලැබේ. අධො අතීත කොටස. තිරියං වාපි මජ්ඣෙ වත්මන් කොටස, එතෙසු නන්දිංච නිවෙසනංච පනුජ්ජ විඤ්ඤාණං ඒ රූපාදී සමූහයෙහි (සිරුරු දරා) මහා ආසා හා දැඩිව ගත් නොයෙක් හැගීම් මුල්බැස ගැනීම්ද, කර්ම රැස් කිරීම්, අදාල හැඳිනීම් ද හැරදමා, භවෙ න තිට්ඨෙ මෙසේ වූ විට දෙආකාර භවයෙහි නොසිටින්නේය. මෙසේ පනුජ්ජ යන පදයට පනුදෙහි යනුවෙන් මෙහි තේරුම් විකල්ප සබඳතාවයි. පනුදිත්වා මේ අරුත පරිදි භවයෙහි නො සිටින්නේ යැයි සම්බන්ධ වේ. මේ තණ්හා සතුට මුල්බැස ගැනීමේ හැඳිනීම හැරදමා, දෙආකාර වූ භවයෙහි නො සිටින්නේ ය.
සහොකාසවසෙන දෙවලොකො උද්ධං. අපායලොකො අධො. මනුස්සලොකො මජ්ඣෙ. තත්ථ කුසලා ධම්මාති අපායං මුඤ්චිත්වා උපරි පටිසන්ධිදානතො කුසලා ධම්මා උද්ධන්ති වුච්චන්ති. අකුසලා ධම්මා අපායෙසු පටිසන්ධිදානතො අධොති. තදුභයවිමුත්තත්තා අබ්යාකතා ධම්මා තිරියඤ්චාපි මජ්ඣෙති වුච්චන්ති. සබ්බොපරිවසෙන අරූපධාතු උද්ධං. සබ්බඅධොවසෙන කාමධාතු අධො. තදුභයන්තරවසෙන රූපධාතු මජ්ඣෙ. කායචිත්තාබාධඛනනවසෙන සුඛා වෙදනා උද්ධං . දුක්ඛමනවසෙන දුක්ඛා වෙදනා අධො. අදුක්ඛමසුඛා වෙදනා මජ්ඣෙ. අත්තභාවවසෙන පරිච්ඡෙදං දස්සෙන්තො “උද්ධන්ති උද්ධං පාදතලා”තිආදිමාහ. තත්ථ උද්ධං පාදතලාති පාදතලතො උපරි. අධො කෙසමත්ථකාති කෙසමත්ථකතො අධො. මජ්ඣෙති ද්වින්නං අන්තරං.
[missing trans] කුසලා ධම්මා අපායෙන් මුදවා මත්තෙහි (සුගතියෙහි) උපත ලැබීමට හේතුවන යහපත් කරුණු, උද්ධං අපායවල උපත ලබනට හේතුවන අකුසල දේ, අධො මේ දෙතැනින්ම මිදුණු බැවින්, හෙළි නොකළ, නොකී කරුණු තිරියං වා මජ්ඣෙ යැයි කියනු ලැබේ. දෙව්ලෝ උද්ධං, අපාය ලෝකය අධො, මිනිස් ලොව - මජ්ඣෙ, කයෙහි, සිතෙහි (කෙලෙස් දැවිලි) බාධා නැතිකරන අදහසින් සුව වින්දනයක් වේනම්, උද්ධං, දුක් සහිතව, දුක් වේදනා අධො, සැප දුක නොමැති ලෙසින් මජ්ඣෙ, සැමදෙයටම මත්තෙහි වන පරිදි වූ අරූප ලෝක උද්ධං, හැමටම පහත් ලෙසින් වූ කාමලෝක අධො, ඒ දෙකොටස අතර වූ ලෙසින් රූප ලෝක මජ්ඣෙ, සිරුර අනුව කොටස් කර දක්වමින් උද්ධං පාදතලා යැයි කීය. පාද තලයෙන් උඩ කොටස එසේ දැක්වේ. අධො කෙසමත්ථකා කෙස් සිට පහළට, මජ්ඣං ඒ දෙකොටස අතර.
පුඤ්ඤාභිසඞ්ඛාරසහගතං විඤ්ඤාණන්ති තෙරසවිධපුඤ්ඤාභිසඞ්ඛාරසම්පයුත්තං කම්මවිඤ්ඤාණං. අපුඤ්ඤාභිසඞ්ඛාරසහගතං විඤ්ඤාණන්ති ද්වාදසවිධඅපුඤ්ඤාභිසඞ්ඛාරසම්පයුත්තං කම්මවිඤ්ඤාණං. ආනෙඤ්ජාභිසඞ්ඛාරසහගතං විඤ්ඤාණන්ති චතුබ්බිධං ආනෙඤ්ජාභිසඞ්ඛාරසහගතං කම්මවිඤ්ඤාණං. නුජ්ජාති ඛිප. පනුජ්ජාති අතීව ඛිප. නුදාති ලුඤ්ච. පනුදාති අතීව ලුඤ්ච. පජහාති ඡඩ්ඩෙහි. විනොදෙහීති දූරං කරොහි. කම්මභවඤ්චාති පුඤ්ඤාභිසඞ්ඛාරචෙතනාව. පටිසන්ධිකඤ්ච පුනබ්භවන්ති පටිසන්ධියා රූපාදිපුනබ්භවඤ්ච. පජහන්තො පඨමමග්ගෙන, විනොදෙන්තො දුතියමග්ගෙන, බ්යන්තී කරොන්තො තතියමග්ගෙන, අනභාවං ගමෙන්තො චතුත්ථමග්ගෙන. කම්මභවෙ න තිට්ඨෙය්යාති පුඤ්ඤාදිඅභිසඞ්ඛාරෙ න තිට්ඨෙය්ය.
පුඤ්ඤාභිසංඛාර සහගතං විඤ්ඤාණං දහතුන් ආකාර වූ පින් රැස්කිරීම් යැයි කියන ලද කටයුතුවල යෙදීමේ දැනීම, අපුඤ්ඤාභිසංඛාර සහගතං විඤ්ඤාණං දොළොස් ආකාර වූ අයහපත් කටයුතු හැඳිනීම, ආනෙඤ්ජාභි සංඛාර සහගතං විඤ්ඤාණං සිවු ආකාර වූ (කම්පා නොවන) කුසල්හි හැඳිනීම, නුජ්ජ ඉවත දමව, පනුජ්ජ වෙසෙසින්, මුළුමනින්ම ඉවත දමව, නුද සිඳ දමව, පනුද වෙසෙසින්ම ඉවත දමව, පජහාති හැර දමව, විනොදෙහි පටිසන්ධිකංච පුනබ්භවං රූපාදී ලෝකවල උපත ලැබීම, පුනබ්භවංච පජහන්තො මුල් මගපලයෙන්, විනොදෙන්තො දෙවන මගෙන්, බ්‍යන්ති කරොන්තො තෙවන මගෙන්, අනභාවං ගමෙන්තො සිවුවන මගෙන්. කම්මභවෙ න තිට්ඨෙය්ය පින් ආදිය රැස්කිරීමෙහි නො සිටින්නේ ය.
එතානි විනොදෙත්වා භවෙ අතිට්ඨන්තො එසො – එවං විහාරීති ගාථා. තත්ථ ඉධෙවාති ඉමස්මිංයෙව සාසනෙ, ඉමස්මිංයෙව වා අත්තභාවෙ. ඉමිස්සා ගාථාය නිද්දෙසො උත්තානත්ථොව.
මේවා හැරදමා සසරෙහි නොසිටින තැනැත්තා ගැන ‘එවං විහාරි’ යන ගාථාවෙන් (දැක්වේ.) එම ගාථාවෙහි ඉධ මෙම සසුනෙහිම හෝ මේ ජීවිත කාලයෙහි හෝ, මේ ගාථාවෙහි විස්තර-අදහස පැහැදිලිය.
සුකිත්තිතං ගොතමනූපධීකන්ති එත්ථ අනූපධීකන්ති නිබ්බානං, තං සන්ධාය භගවන්තං ආලපන්තො ආහ – “සුකිත්තිතං ගොතමනූපධීක”න්ති.
සුකිත්තිතං ගොතමනූපධිකං මෙහි අනූපධිකං නිවනයි. ඒ උදෙසා භාග්‍යවතුන් වහන්සේ අමතමින් ‘ඔබ වහන්සේ (කෙලෙස් රහිත වූ) නිවන ගැන මැනවින් පවසන ලදැයි, ‘සුකිත්තිතං ගොතම නූපධීකං’ යැයි කීය.
නිද්දෙසෙ කිලෙසා චාති උපතාපනට්ඨෙන රාගාදයො කිලෙසා ච රාසට්ඨෙන විපාකභූතා පඤ්චක්ඛන්ධා ච කුසලාදිඅභිසඞ්ඛාරා චෙතනා ච “උපධී”ති වුච්චන්ති කථීයන්ති. උපධිප්පහානං තදඞ්ගප්පහානෙන, උපධිවූපසමං වික්ඛම්භනප්පහානෙන, උපධිපටිනිස්සග්ගං සමුච්ඡෙදප්පහානෙන උපධිපටිපස්සද්ධං ඵලෙනාති.
නිද්දේසයෙහි, කිලෙසා ච යනු කරදර - තැවීම් අරුතින් රාගාදිය කෙලෙස් ලෙසද, සමූහ ලෙසින් විපාක දෙන රූපාදී සමූහ පහටද කුසල ආදී රැස්කිරීම් සිතිවිලිද උපධි යැයි ද කියනු ලැබේ. මේවා නැතිකිරීම (තාවකාලිකව) තදංග ලෙසද, සමනය කිරීමට යටපත් කිරිම විකම්භන ලෙසද මුළුමනින් හැර දැමීම සමුච්ඡේද ලෙසින්ද, එයින් ලබන සැනසුම් සහගත විවේකී බව මගපලයෙන් ද වේ.
න කෙවලං දුක්ඛමෙව පහාසි – තෙ චාපීති ගාථා. තත්ථ අට්ඨිතන්ති සක්කච්චං, සදා වා. තං තං නමස්සාමීති තස්මා තං නමස්සාමි. සමෙච්චාති උපගන්ත්වා. නාගාති භගවන්තං ආලපන්තො ආහ.
හුදෙක් අත්හරින්නේ දුකම පමණක් නොවේ. (මීළඟට) ‘තෙ වා පි’ ගාථාවයි. එහි අට්ඨිතං මනාකොට හෝ නිරතුරුවම හෝ, තං තං නමස්සාමී එහෙයින් ඔබවහන්සේ නමදිමි. සමෙච්ච එළඹ, නාගා භාග්‍යවතුන් වහන්සේ අමතමින් කීය.
නිද්දෙසෙ සමෙච්චාති ජානිත්වා, එකතො හුත්වා වා. අභිසමෙච්චාති පටිවිජ්ඣිත්වා. සමාගන්ත්වාති සම්මුඛා හුත්වා. අභිසමාගන්ත්වාති සමීපං ගන්ත්වා. සම්මුඛාති සම්මුඛෙ. ආගුං න කරොතීති පාපං න කරොති.
නිද්දේසයෙහි සමෙච්ව යනු දැන, එක්ව (යන අදහස දෙයි.) අභිසමෙච්ච අවබෝධ කොට, සමාගන්ත්වා හමුවී, අභිසමාගන්ත්වා සමීපයට ගොස්, සම්මුඛා ඉදිරියේ, ආගුං න කරොති පව් නොකරයි.
ඉදානි නං භගවා “අද්ධා හි භගවා පහාසි දුක්ඛ”න්ති එවං තෙන බ්රාහ්මණෙන විදිතොපි අත්තානං අනුපනෙත්වාව පහීනදුක්ඛෙන පුග්ගලෙන ඔවදන්තො “යං බ්‍රාහ්මණ”න්ති ගාථමාහ. තස්සත්ථො – යං තං අභිජානන්තො “අයං බාහිතපාපත්තා බ්රාහ්මණො, වෙදෙහි ගතත්තා වෙදගූ, කිඤ්චනාභාවා අකිඤ්චනො, කාමෙසු ච භවෙසු ච අසත්තත්තා කාමභවෙ අසත්තො”ති ජඤ්ඤා ජානෙය්යාසි. අද්ධා හි සො ඔඝමිමං අතාරි, තිණ්ණො ච පාරං අඛිලො අකඞ්ඛො.
‘ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ දුක නැතිකරන ලදැයි එසේ නොපැමිණි ඒ බමුණා දැනගත්තද, දුක ඇත්තටම නැතිකරන ලද තමන් වැනි කෙනෙක් ලෙසින් අවවාද දෙමින් ‘යං බ්රාහ්මණං’ යන ගාථාව කීය. එහි තේරුම නම්, මේ තැනැත්තා පව් බැහැර කරන ලදැයි දන්නා බැවින් බ්රාහ්මණෙ වේදයෙහි පරතෙරට ගිය බැවින් වෙදගූ, (රාගාදී කෙලෙස්) කිසිවක් නොමැති අකිඤ්චනො, කාමයෙහිද, භවවලද නොඇලෙන හෙයින් කාමභවෙ අසත්තො, ඒකාන්තයෙන් මේ තැනැත්තා කෙලෙස් සැඩපහරින් එතරවී යැයි දනිමි. නිසැකවම මුළුමනින්ම එතරට ගියේය.
නිද්දෙසෙ රාගකිඤ්චනන්ති රාගපලිබොධං. දොසකිඤ්චනන්තිආදිපි එසෙව නයො. කාමොඝං තිණ්ණො අනාගාමිමග්ගෙන. භවොඝං තිණ්ණො අරහත්තමග්ගෙන. දිට්ඨොඝං තිණ්ණො සොතාපත්තිමග්ගෙන. අවිජ්ජොඝං තිණ්ණො අරහත්තමග්ගෙන. සංසාරපථං තිණ්ණො කුසලාකුසලකම්මප්පභෙදෙනාති. උත්තිණ්ණො පඨමමග්ගෙන. නිත්තිණ්ණො දුතියමග්ගෙන. අතික්කන්තො තතියමග්ගෙන. සමතික්කන්තො චතුත්ථමග්ගෙන.වීතිවත්තො ඵලෙන.
නිද්දේසයෙහි, රාග කිඤ්චනං යනු රාග පළිබෝධ - බාධා ලෙස දැක්වේ. දොසකිංචනං ආදිය ගැනද එපරිදිය. කාමොඝං තිණ්ණෙ අනාගාමි මගෙනි. භවොඝං තිණ්ණො අරහත් මගෙනි. දිට්ඨොඝං තිණ්ණෙ සෝවාන් මගෙනි. අවිජ්ජොඝං තිණ්ණො අරහත් මගෙනි. සබ්බං සංසාරපථං තිණ්ණො කුසල් අකුසල් අනුවය. උත්තිණ්ණෙ පළමු මගෙනි. නිත්තිණ්ණෙ දෙවන මගෙනි. අභික්කන්තො තෙවන මගිනි. සමතික්කන්තො සිවුවන මගෙනි. වීතින්තො පලයෙන්.
කිඤ්ච භිය්යො – විද්වා ච යොති ගාථා. තත්ථ ඉධාති ඉමස්මිං සාසනෙ, අත්තභාවෙ වා. විසජ්ජාති වොසජ්ජිත්වා.
වැඩිදුර කිවයුතුද? (මීළඟට) ‘විද්වාව සො’ ගාථාවයි. එහි ඉධ මේ සසුනෙහි හෝ මේ ජීවිත කාලයෙහි හෝ, විසජ්ජ හැරදමා.
නිද්දෙසෙ සජ්ජන්ති මුඤ්චනං. විසජ්ජන්ති වොසජ්ජනං. සෙසං සබ්බත්ථ පාකටමෙව. එවං භගවා ඉදම්පි සුත්තං අරහත්තනිකූටෙනෙව දෙසෙසි. දෙසනාපරියොසානෙ ච වුත්තසදිසො එව ධම්මාභිසමයො අහොසීති.
නිද්දේසයෙහි, විසජ්ජ මුදාහැරීමයි. වවස්සජන්ති අත්හැරිති. ඉතිරි කරුණු පැහැදිලිය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රයද අරහත් බව කුළුගන්වමින් දේසනා කළහ. දේසනාව අවසානයෙහි පෙර කියන ලද පරිදිම දහම් අවබෝධ විය.
සද්ධම්මප්පජ්ජොතිකාය චූළනිද්දෙස-අට්ඨකථාය
සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි
මෙත්තගූමාණවසුත්තනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
මෙත්තගූ සූත්‍ර වර්ණනාව නිමියේ ය.