5. ධොතකමාණවසුත්තනිද්දෙසවණ්ණනා අට්ඨකථා
5. ධොතකමාණවසුත්තනිද්දෙසවණ්ණනා
5. ධොතක සූත්‍ර නිර්දේශ වර්ණනාව
පඤ්චමෙ ධොතකසුත්තෙ – වාචාභිකඞ්ඛාමීති වාචං අභිකඞ්ඛාමි. සික්ඛෙ නිබ්බානමත්තනොති අත්තනො රාගාදීනං නිබ්බානත්ථාය අධිසීලාදීනි සික්ඛෙය්ය. නිද්දෙසෙ අපුබ්බං නත්ථි.
පස්වන ධෝතක සූත්‍රයයි. වාචාභිකංඛාමි වචනය කැමැත්තෙමි. සික්ඛෙ නිබ්බාණමත්තනො තමන්ගේ රාගාදිය නිවනු පිණිස උසස් සීලයෙහි හික්මෙන්නේය. නිද්දේසයෙහි (මීළඟ වචන ගැන) මුලින් දක්වා නැත.
ඉතොති මම මුඛතො.
ඉතො මගේ මුවින්.
නිද්දෙසෙ ආතප්පන්ති කිලෙසතාපනං. උස්සාහන්ති අසඞ්කොචං. උස්සොළ්හීන්ති බලවවීරියං. ථාමන්ති අසිථිලං. ධිතින්ති ධාරණං. වීරියං කරොහීති පරක්කමං කරොහි. ඡන්දං ජනෙහීති රුචිං උප්පාදෙහි.
නිද්දේසයෙහි ආතප්පං යනු කෙලෙස් තැවීමයි. උස්සාහං නොහැකුළුණු (වීරිය), උස්සොළ්හිං බලවත් වීරිය, ථාමං ලිහිල් නොවූ, ධිතිං දිරිය, විරියං කරොහි බලවත් සේ උත්සාහ කරති. ඡන්දං ජනෙහි කැමැත්ත ඇති කරගනුව.
එවං වුත්තෙ අත්තමනො ධොතකො භගවන්තං අභිත්ථවමානො කථංකථාපමොක්ඛං යාචන්තො “පස්සාමහ”න්ති ගාථමාහ. තත්ථ පස්සාමහං දෙවමනුස්සලොකෙති පස්සාමි අහං දෙවමනුස්සලොකෙ. තං තං නමස්සාමීති තං එවරූපං තං නමස්සාමි. පමුඤ්චාති පමොචෙහි.
මෙසේ පැවසූ විට සතුටු වූ ධොතක භාග්‍යවතුන් වහන්සේට තුති පැසසුම් කරමින් කතාවට මුල පුරන ලෙස ආයාචනා කරමින් ‘පස්සාමහං’.... ගාථාව කීය. පස්සාමහං දෙවමනුස්සලොකෙ දෙව් මිනිස් ලෝකයෙහි මම දකිමි. තං තං නමස්සාමි මෙබඳු වූ ඔබවහන්සේ නමදිමි. පමුඤ්ච මුදාගන්න.
නිද්දෙසෙ පච්චෙකබුද්ධාති තං තං ආරම්මණං පාටියෙක්කං චතුසච්චං සයමෙව බුද්ධා පටිවෙධප්පත්තාති පච්චෙකබුද්ධා. සීහසීහොති අඡම්භිතට්ඨෙන සීහානං අතිසීහො. නාගනාගොති නික්කිලෙසට්ඨෙන, මහන්තට්ඨෙන වා නාගානං අතිනාගො. ගණිගණීති ගණවන්තානං අතීව ගණවා. මුනිමුනීති ඤාණවන්තානං අතීව ඤාණවා. රාජරාජාති උත්තමරාජා. මුඤ්ච මන්ති මොචෙහි මං. පමුඤ්ච මන්ති නානාවිධෙන මුඤ්චෙහි මං. මොචෙහි මන්ති සිථිලං කරොහි මං. පමොචෙහි මන්ති අතීව සිථිලං කරොහි මං. උද්ධර මන්ති මං සංසාරපඞ්කා උද්ධරිත්වා ථලෙ පතිට්ඨාපෙහි. සමුද්ධර මන්ති සම්මා උද්ධරිත්වා ථලෙ පතිට්ඨාපෙහි මං. වුට්ඨාපෙහීති විචිකිච්ඡාසල්ලතො අපනෙත්වා විසුං කරණවසෙන උට්ඨාපෙහි.
නිද්දේසයෙහි පරිදි පච්චෙක සම්බුද්ධා ඒ ඒ අරමුණු සේ වෙන් වෙන්ව සිවුසස් තමන්ම නුවණින් අවබෝධ කළෝ පසේ බුදුවරු වෙති. සීහසීහො බිය නොවන අරුතින් සිංහයගේත් උසස් සිංහයෙකි. නාගනාගො කෙලෙසුන් නැති අරුතින් හෝ මහත් බැවින් හෝ රහත් උතුමන් අතර උසස්ම රහත් උතුමෙකි. ගණි ගණි පිරිස් ඇත්තන්ගෙන් මුල් තැනට පත්වන පිරිස් ඇත්තෙකි. මුනි මුනි නුවණැත්තන්ගෙන් ද නුවණැති බැවින් මුල්තැන ගන්නා මුනිවරයා, රාජ රාජා උතුම්ම රජ, මුඤ්ච මං මා මුදවන්න. පමුඤ්ච මං නොයෙක් ලෙසින් මා මුදාගන්න. මොචෙහි මං මා (සිත දරා ඇති බර) ලිහිල් කරන්න. පමොචෙහි මං මා තවත් ලිහිල් කරන්න. උද්ධර මං සංසාරය නැමති මඩගොහොරුවෙන් මා ගොඩගෙන බිම තබන්න. සමුද්ධර මං මැනවින් ගොඩබිමට ගන්න. වුට්ඨාපෙහි සැකය නැමති උලෙන් ඉවත්කොට වෙන්ව සිටින පරිදි නැගිටුවා තබන්න.
අථස්ස භගවා අත්තාධීනමෙව කථංකථාපමොක්ඛං ඔඝතරණමුඛෙන දස්සෙන්තො “නාහ”න්ති ගාථමාහ. තත්ථ නාහං සහිස්සාමීති අහං න සහිස්සාමි න සක්කොමි. න වායමිස්සාමීති වුත්තං හොති. පමොචනායාති පමොචෙතුං. කථංකථින්ති සකඞ්ඛං. තරෙසීති තරෙය්යාසි.
එවිට භාග්‍යවතුන් වහන්සේ තමන්ම කතාබහට මුල්වෙමින් (කාමාදී) සැඩපහර තරණය කරන අයුරු ‘නාහං........... යන ගාථාවෙන් වදාළහ. නාහං ගමිස්සාමි මම නොයන්නෙමි. නොහැක්කෙමි. උත්සාහ නොකරන්නෙමි යැයි කියන ලදී. පමොචනාය මුදවාලීමට, කථංකථිං සැකය සහිත, තරෙසි එතර කරනු මැනවි.
නිද්දෙසෙ න ඊහාමීති පයොගං න කරොමි. න සමීහාමීති අතීව පයොගං න කරොමි. අස්සද්ධෙ පුග්ගලෙති රතනත්තයෙ සද්ධාවිරහිතෙ පුග්ගලෙ. අච්ඡන්දිකෙති මග්ගඵලත්ථං රුචිවිරහිතෙ. කුසීතෙති සමාධිවිරහිතෙ. හීනවීරියෙති නිබ්බීරියෙ. අප්පටිපජ්ජමානෙති පටිපත්තියා න පටිපජ්ජමානෙ.
නිද්දේසයෙහි (දැක්වෙන පරිදි) න ඊහාමි (ඒ සඳහා) නොයෙදෙමි. න සමීහාම් වෙනත් අයුරකින්ද නොයෙදෙමි. අස්සද්ධෙ පුග්ගලෙ තෙරුවන කෙරෙහි සැදැහැ නැත්තවුන්, අච්ඡන්දකෙ මගපල පිණිස කැමති නැති. කුසීතෙ සිත එකඟ කර ගැනීමක් නැති, හීන විරියෙ උත්සාහය මද, අප්පටිපජ්ජමානෙ පිළිවෙත් පිළිනොපැද, මෙසේ වදාළ කල්හී බොහෝ
එවං වුත්තෙ අත්තමනතරො ධොතකො භගවන්තං අභිත්ථවමානො අනුසාසනිං යාචන්තො “අනුසාස බ්රහ්මෙ”ති ගාථමාහ. තත්ථ බ්රහ්මෙති සෙට්ඨවචනමෙතං. තෙන භගවන්තං ආමන්තයමානො ආහ “අනුසාස බ්රහ්මෙ”ති. විවෙකධම්මන්ති සබ්බසඞ්ඛාරවිවෙකං නිබ්බානධම්මං. අබ්යාපජ්ජමානොති නානප්පකාරකං අනාපජ්ජමානො. ඉධෙව සන්තොති ඉධෙව සමානො. අසිතොති අනිස්සිතො.
සතුටට පත් ධෝතක භාග්‍යවතුන් වහන්සේට තුති පැසසුම් කරමින්, අවවාද ඉල්ලමින්, ‘අනුසාස බ්‍රහ්ම’ යන ගාථාව කීය. බ්‍රහ්ම උසස් බව හඟවන ඇමතීමකි. විවෙක ධම්මං හේතු නිසා ඇතිවන හැමදෙයකම පැවැත්මක් නැතැයි ලබන සංසිඳීම - විවේකය වූ නිවන, අබ්යාපජ්ජමානො නොයෙක් නොයෙක් ලෙසට නොපැමිණ, ඉධෙව සන්තො මෙහිම සිටිමින්. අසිතො (තණ්හා දිට්ඨි) ඇසුරු නොකොට.
ඉතො පරා ද්වෙ ගාථා මෙත්තගූසුත්තෙ වුත්තනයා එව. කෙවලඤ්හි තත්ථ ධම්මං, ඉධ සන්තින්ති අයං විසෙසො. තතියගාථායපි පුබ්බඩ්ඪං තත්ථ වුත්තනයමෙව. අපරඩ්ඪෙ සඞ්ගොති සජ්ජනට්ඨානං, ලග්ගනන්ති වුත්තං හොති. සෙසං සබ්බත්ථ පාකටමෙව.
මෙයින් පසු දැක්වෙන ගාථා දෙක මෙත්තගූ සූත්‍රයෙහි කියා ඇති විස්තර පරිදිය. වෙනස් වන්නේ එහි ‘ධම්මං’ වෙනුවට මෙහි ‘සන්ති’ යැයි යෙදීම පමණි. මේ වෙසෙසකි. තුන්වන ගාථාවෙහි මුල් පේලි අඩ එම සූත්‍රයෙහි දැක්වූ පරිදිය. පසු කොටසෙහි සඳහන් සංගො යන්නෙන් ඇලෙන ලගින තැන් කියන ලදී. ඉතිරි කරුණු සියල්ල පැහැදිලිය.
එවං භගවා ඉදම්පි සුත්තං අරහත්තනිකූටෙනෙව දෙසෙසි, දෙසනාපරියොසානෙ ච වුත්තසදිසො එව ධම්මාභිසමයො අහොසීති.
මෙම සූත්‍රයද භාග්‍යවතුන් වහන්සේ අරහත් බව කුළුගන්වමින් දේසනා කළහ. කලින් සඳහන් වූ පරිදි දේසනය අවසානයෙහි දහම් අවබෝධයද විය.
සද්ධම්මප්පජ්ජොතිකාය චූළනිද්දෙස-අට්ඨකථාය
සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි
ධොතකමාණවසුත්තනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
ධෝතක සූත්‍ර වර්ණනාව නිමියේ ය.