6. උපසීවමාණවසුත්තනිද්දෙසවණ්ණනා අට්ඨකථා
6. උපසීවමාණවසුත්තනිද්දෙසවණ්ණනා
6. උපසීව සූත්‍ර නිර්දේශ වර්ණනාව
ඡට්ඨෙ උපසීවසුත්තෙ – මහන්තමොඝන්ති මහන්තං ඔඝං. අනිස්සිතොති පුග්ගලං වා ධම්මං වා අනල්ලීනො. නො විසහාමීති න සක්කොමි. ආරම්මණන්ති නිස්සයං. යං නිස්සිතොති යං ධම්මං වා පුග්ගලං වා නිස්සිතො.
හයවන උපසීව සූත්‍රයයි. මහන්ත මොඝං මහත් වූ (කාමාදී) සැඩපහර, අනිස්සිතො පුද්ගලයකු හෝ දහමක් හෝ ඇසුරු නොකොට, නො විසහාමි නොහැකි වෙමි. ආරම්මණං හේතු වූ කරුණ යං නිස්සිතො යම් පුද්ගලයෙකු හෝ දහමක් හෝ ඇසුරු කොට.
නිද්දෙසෙ කාමොඝන්ති අනාගාමිමග්ගෙන කාමොඝං. අරහත්තමග්ගෙන භවොඝං. සොතාපත්තිමග්ගෙන දිට්ඨොඝං. අරහත්තමග්ගෙන අවිජ්ජොඝං තරෙය්යං. සක්යකුලා පබ්බජිතොති භගවතො උච්චාකුලපරිදීපනවසෙන වුත්තං. ආලම්බණන්ති අවත්ථරිත්වා ඨානං. නිස්සයන්ති අල්ලීයනං. උපනිස්සයන්ති අපස්සයනං.
නිද්දෙසයෙහි (දැක්වෙන පරිදි) කාමොඝං අනාගාමී මගෙන්, භවොඝං අරහත් මගෙන්, දිට්ඨොඝං සෝවාන් මගෙන්, අරහත් මගෙන් අවිජ්ජොඝං තරණය කරන්නේය. සක්යකුලා පබ්බජිතො භාග්‍යවතුන් වහන්සේගේ උසස් කුලය දක්වන අදහසින් කියන ලදී. ආලම්බනං වසා මැඩගෙන සිටිනා තැන, නිස්සයං නොඇලුණු බව, උපනිස්සයං හේතුව.
ඉදානි යස්මා බ්රාහ්මණො ආකිඤ්චඤ්ඤායතනලාභී තඤ්ච සන්තම්පි නිස්සයං න ජානාති. තෙනස්ස භගවා තඤ්ච නිස්සයං උත්තරිඤ්ච නිය්යානපථං දස්සෙන්තො “ආකිඤ්චඤ්ඤ”න්ති ගාථමාහ. තත්ථ පෙක්ඛමානොති තං ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිං සතො සමාපජ්ජිත්වා වුට්ඨහිත්වා ච අනිච්චාදිවසෙන පස්සමානො. නත්ථීති නිස්සායාති තං “නත්ථි කිඤ්චී”ති පවත්තං සමාපත්තිං ආරම්මණං කත්වා. තරස්සු ඔඝන්ති තතො පභුති පවත්තාය විපස්සනාය යථානුරූපං චතුබ්බිධම්පි ඔඝං තරස්සු. කථාහීති කථංකථාහි. තණ්හක්ඛයං නත්තමහාභිපස්සාති රත්තින්දිවං නිබ්බානං විභූතං කත්වා පස්ස. එතෙනස්ස දිට්ඨධම්මසුඛවිහාරං කථෙසි.
ඒ බමුණා ආකිඤ්චඤ්ඤායතනය ලබා, එයින් එහා (ඉදිරියට) යාමක් නොදනී. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඒ ඇසුරු කොට පවන්නා දෙයින් එහා මතු ලද හැකි පියවර ‘ආකිඤ්චඤ්ඤං’ යන ගාථාවෙන් වදාළහ. එහි පෙක්ඛමානො ඒ ආකිඤ්චඤ්ඤායතන සමවතට සිහියෙන් යුතුව සමවැදී, නැගිට - එය අනිසය ලෙස දකිමින්, නත්ථිති නිස්සාය ‘කිසිවක් නැතැ’යි පවත්නා සමවත අරමුණු කොට, තරස්සු ඔඝං එතැන් පටන් පවත්නා විදසුන් මගට සුදුසු වන පරිදි සිවුආකාර වූ සැඩපහර තරණය කරව. කථාහි සැක සහගත දේවලින්, තණ්හක්ඛයංනන්ත මහාභිපස්ස දිවා රෑ නිවන අරමුණු කොට බලව. මෙයින් ඔහුට මේ ජීවිතයෙහිදීම සැප විහරණය පවසති.
නිද්දෙසෙ තඤ්ඤෙව විඤ්ඤාණං අභාවෙතීති ආකාසාලම්බණං කත්වා පවත්තමහග්ගතවිඤ්ඤාණං අභාවෙති අභාවං ගමෙති. විභාවෙතීති විවිධා අභාවං ගමෙති. අන්තරධාපෙතීති අදස්සනං ගමෙති. නත්ථි කිඤ්චීති පස්සතීති අන්තමසො භඞ්ගමත්තම්පිස්ස නත්ථීති පස්සති.
නිද්දේසයෙහි (දැක්වෙන පරිදි) තඤ්ඤෙව විඤ්ඤාණං අභාවෙති එය අනන්ත වූ ආකාසය අරමුණු කොට පවත්නා උසස් බවට පත් විඤ්ඤාණය නැතිවන බවට පමුණුවයි. ව්යාභාවෙති නොයෙක් ලෙසට නැතිවී යන බවට පමුණුවයි. අන්තරධාපෙති නොදක්නා බවට පමුණුවයි. නත්ථි කිඤ්චීති පස්සති යටත් පිරිසෙයින් බිඳීම් පමණකුදු නැතැයි දකී.
ඉදානි “කාමෙ පහායා”ති සුත්වා වික්ඛම්භනවසෙන අත්තනා පහීනෙ කාමෙ සම්පස්සමානො “සබ්බෙසූ”ති ගාථමාහ. තත්ථ හිත්වා මඤ්ඤන්ති අඤ්ඤං තතො හෙට්ඨා ඡබ්බිධම්පි සමාපත්තිං හිත්වා. සඤ්ඤාවිමොක්ඛෙ පරමෙති සත්තසු සඤ්ඤාවිමොක්ඛෙසු උත්තමෙ ආකිඤ්චඤ්ඤායතනෙ. තිට්ඨෙ නු සො තත්ථ අනානුයායීති සො පුග්ගලො තත්ථ ආකිඤ්චඤ්ඤායතනබ්රහ්මලොකෙ අවිගච්ඡමානො තිට්ඨෙය්ය නූති පුච්ඡති.
දැන් ‘කාමය හැර දමා’ යන (වචන) අසා, මැඩ පැවැත්වීමෙන් දුරුකරන ලද තම කාමයන් දකිමින් සබ්බෙසු යන ගාථාව කීය. හිත්වා මඤ්ඤං සයාකාර වූ අනෙක් සමවත් හැර, සඤ්ඤා විමොක්ඛෙ පරමෙ සඤ්ඤා මිදීම් සතෙන් උසස් වූ ආකිඤ්චඤ්ඤායතනයෙහි, තිට්ඨෙ නූ සො තත්ථ අනානුවායී ‘එම තැනැත්තා ආකිඤ්චඤ්ඤායතන බඹලොවෙහි ඉවත් නොවී සිටින්නේදැ’යි විමසයි.
නිද්දෙසෙ අවිච්චමානොති අවියුජ්ජමානො. අවිගච්ඡමානොති වියොගං අනාපජ්ජමානො. අනන්තරධායමානොති අන්තරධානං අනාපජ්ජමානො. අපරිහායමානොති අනන්තරා පරිහානං අනාපජ්ජමානො.
නිද්දේසයෙහි - අවිච්චමානො නොයෙදුණේ, අවිගච්ඡමානො වෙන්වීමට නොයනුයේ, අනන්තරධායමානො අතුරුදහන් නොවනුයේ, අපරිහීයමානො අතරතුර පිරිහීමකට පත් නොවනුයේ.
අථස්ස භගවා සට්ඨිකප්පසහස්සමත්තකංයෙව ඨානං අනුජානන්තො චතුත්ථං ගාථමාහ. එවං තස්ස තත්ථ ඨානං සුත්වා ඉදානිස්ස සස්සතුච්ඡෙදභාවං පුච්ඡන්තො “තිට්ඨෙ චෙ”ති ගාථමාහ. තත්ථ පූගම්පි වස්සානන්ති අනෙකසඞ්ඛ්යම්පි වස්සානං, ගණනරාසින්ති අත්ථො. “පූගම්පි වස්සානී”තිපි පාඨො. තත්ථ විභත්තිබ්යත්තයෙන සාමිවචනස්ස පච්චත්තවචනං කාතබ්බං, පූගන්ති වා එතස්ස බහූනීති අත්ථො වත්තබ්බො. “පූගානී”ති වාපි පඨන්ති, පුරිමපාඨොයෙව සබ්බසුන්දරො. තත්ථෙව සො සීති සියා විමුත්තොති සො පුග්ගලො තත්ථෙවාකිඤ්චඤ්ඤායතනෙ නානාදුක්ඛෙහි විමුත්තො සීතිභාවප්පත්තො භවෙය්ය, නිබ්බානප්පත්තො සස්සතො හුත්වා තිට්ඨෙය්යාති අධිප්පායො. චවෙථ විඤ්ඤාණං තථාවිධස්සාති “උදාහු තථාවිධස්ස විඤ්ඤාණං අනුපාදාය පරිනිබ්බායෙය්යා”ති උච්ඡෙදං පුච්ඡති, “පටිසන්ධිග්ගහණත්ථං වාපි භවෙය්යා”ති පටිසන්ධිම්පි තස්ස පුච්ඡති.
එවිට භාග්‍යවතුන් වහන්සේ, කප් සැටදහසක් පමණ එහි සිටින බව අනුදැන වදාරමින් තුන්වන ගාථාව කීහ. මෙසේ උපසීව ඔහුගේ ඒ (උපදනා) තැන අසා, මීළඟට ‘තිට්ඨෙ චෙ..... යන ගාථාවෙන් සදාකාලික පැවැත්ම (සස්සත) හා වැනසීම (උච්ඡේද) ගැන කීය. එහි පූගම්පි වස්සානං බොහෝ අවුරුදු ගණනක් එකතුව, පූගම්පි වස්සානි යනුවෙන්ද දැක්වේ. එහි විබත් දැක්වීමේදී ආධාර විබත් අරුතෙහි පළමු විබතින් යෙදිය යුතුය. ‘පූගං’ සමූහය හෝ ‘බහූනි’ බොහෝ යනුවෙන් අරුත් කිවයුතුය. පූගානි යනුවෙන්ද කියති. මුල් වචනය හැම අයුරින්ම සුදුසුය. තත්ථෙව සොසීති සියා විමුත්තො ඒ තැනැත්තා එම ආකිඤ්චඤ්ඤායතනයෙහිම නොයෙක් දුක්වලින් මිදී (කෙලෙස් දැවීම් තැවීම් රහිතව) සිසිල් බවට පත්වන්නේය. නිවනට යොමුව සිටින්නේ යැයි අදහස් වේ. චචෙථ විඤ්ඤාණං තථාවිධස්ස නැතහොත් එබඳු විඤ්ඤාණයම (සිත) නැවත නූපදනා ලෙස (මරණයට) පත්වන්නේ දැ’යි වැනසීම යන අදහසින් විමසයි.
තස්ස විඤ්ඤාණං චවෙය්යාති තස්ස ආකිඤ්චඤ්ඤායතනෙ උප්පන්නස්ස විඤ්ඤාණං චුතිං පාපුණෙය්ය. උච්ඡිජ්ජෙය්යාති උච්ඡෙදං භවෙය්ය. විනස්සෙය්යාති විනාසං පාපුණෙය්ය. න භවෙය්‍යාති අභාවං ගමෙය්ය. උපපන්නස්සාති පටිසන්ධිවසෙන උපපන්නස්ස.
තස්ස විඤ්ඤාණං චවෙය්ය ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි උපන් තැනැත්තාගේ විඤ්ඤාණයේ ගිලිහී යාමට (චුති) පැමිණෙන්නේය. උච්ඡිජ්ජෙය්ය වැනසී යන්නේය. විනස්සෙය්ය විනාසයට පැමිණෙන්නේය. න භවෙය්ය අභාවයට යන්නේය. උප්පන්නස්ස පිළිසිඳ ගැනීමක් ලෙස උපන් සත්ත්වයාට.
අථස්ස භගවා උච්ඡෙදසස්සතං අනුපගම්ම තත්ථුපපන්නස්ස අරියසාවකස්ස අනුපාදාය පරිනිබ්බානං දස්සෙන්තො “අච්චී යථා”ති ගාථමාහ. තත්ථ අත්ථං පලෙතීති අත්ථං ගච්ඡති. න උපෙති සඞ්ඛන්ති “අසුකං නාම දිසං ගතො”ති වොහාරං න ගච්ඡති. එවං මුනී නාමකායා විමුත්තොති එවං තත්ථ උප්පන්නො සෙක්ඛමුනි පකතියා පුබ්බෙව රූපකායා විමුත්තො, තත්ථ චතුත්ථමග්ගං නිබ්බත්තෙත්වා ධම්මකායස්ස පරිඤ්ඤාතත්තා පුන නාමකායාපි විමුත්තො උභතොභාගවිමුත්තො ඛීණාසවො හුත්වා අනුපාදානිබ්බානසඞ්ඛාතං අත්ථං පලෙති න උපෙති සඞ්ඛං “ඛත්තියො වා බ්රාහ්මණො වා”ති එවමාදිකං.
වැනසෙන - සදා පවතින අදහස නොව, එහි උපන් ආරිය පුද්ගලයාගේ සසර නැවත ඉපදීමක් නැති බව දක්වමින් ‘අච්චි යථා’ යන ගාථාව වදාළහ. අත්ථං පලෙති නිවී යයි, න උපෙති සංඛං ‘අසවල් දෙසට ගියේ යැයි කිව නොහැකිය. එවං මුනි නාමකායා විමුත්තො මෙසේ එහි උපන් රහත් බවට යොමුවන උතුමා ලද රූපකායෙන් මිදී, එහි සිවුවන මග උපදවා නාමකාය ගැන ද මැනවින් දැන, නැවත නාමකායෙන්ද මිදී, දෙ ආකාරව මිදුණේ, සියළු කෙලෙසුන් නැතිකොට නැවත සසර නූපදීමෙන් ‘නිවන’ යැයි හඳුන්වනු ලබන නිවීමට පත්වේ. (එවිට) කැත් කුලවතෙකි. බමුණෙකි ආදී ලෙස නම් කළ නොහැකිය. (හඳුනා ගැනීමක් නැත.)
නිද්දෙසෙ ඛිත්තාති චලිතා. උක්ඛිත්තාති අතිචලිතා. නුන්නාති පප්ඵොටියා. පණුන්නාති දූරීකතා. ඛම්භිතාති පටික්කමාපිතා. වික්ඛම්භිතාති න සන්තිකෙ කතා.
නිද්දේසයෙහි දැක්වෙන පරිදි, ඛිත්තා සෙලවුණු උක්ඛිත්තා වේගයෙන් සෙලවුණු, නුන්නා බැහැර කරන ලද, පහුන්නා ඈත් කරන ලද, ඛම්හිතා ඉවත් කරන ලද, වික්ඛම්භිතා සමීපකර නොගන්නා ලද.
ඉදානි “අත්ථං පලෙතී”ති සුත්වා තස්ස යොනිසො අත්ථමසල්ලක්ඛෙන්තො “අත්ථඞ්ගතො සො”ති ගාථමාහ. තස්සත්ථො – සො අත්ථඞ්ගතො උදාහු නත්ථි, උදාහු වෙ සස්සතියා සස්සතභාවෙන අරොගො අවිපරිණාමධම්මො සොති එවං තං මෙ මුනී සාධු බ්යාකරොහි. කිංකාරණා? තථා හි තෙ විදිතො එස ධම්මොති.
දැන් ‘නිවීමට යයි’ යන වචන අසා, එය නුවණින් වටහා නොගනිමින්, ‘අත්ථං ගතො සො’ යන ගාථාව කීය. එහි අරුත නම්, සො අත්ථං ගතො උදාහු නත්ථි නැතහොත් සදා පවතින අයුරින් නිරෝගීව වෙනස් නොවන බව වේද? මෙසේ එය මට, මුනිවරයාණනි, හෙළිදරව් කරනු මැනවි. තථාහි තෙ විදිතො එස ධම්මො.
නිද්දෙසෙ නිරුද්ධොති නිරොධං පත්තො. උච්ඡින්නොති උච්ඡින්නසන්තානො. විනට්ඨොති විනාසං පත්තො.
නිද්දෙසයෙහි නිරුද්ධො නැවතීමට පත්ව, උච්ඡින්නො සිඳ දමන ලද සිත් පරපුර, විනට්ඨො විනාසයට පත්ව.
අථස්ස භගවා තථා අවත්තබ්බතං දස්සෙන්තො “අත්ථඞ්ගතස්සා”ති ගාථමාහ. තත්ථ අත්ථඞ්ගතස්සාති අනුපාදාපරිනිබ්බුතස්ස. න පමාණමත්ථීති රූපාදිපමාණං නත්ථි. යෙන නං වජ්ජුන්ති යෙන රාගාදිනා නං වදෙය්යුං. සබ්බෙසු ධම්මෙසූති සබ්බෙසු ඛන්ධාදිධම්මෙසු.
ඉක්බිති ඔහුට භාග්‍යවතුන් වහන්සේ, එසේ නොකිව යුතු බව පවසමින් ‘අත්ථං ගතස්ස’ යන ගාථාව වදාළහ. අත්ථං ගතස්ස සසර ඉපදීමේ හේතු නැතිකළ හෙයින් පිරිනිවනට පත්, පමාණමත්ථි රූප ආදී දෙයක් මෙපමණයැයි පෙන්විය නොහැකිය. යෙන නං වජ්ජු යම් කෙනෙකු විසින් රාගාදිය ඇතැයි කියත් නම්, සබ්බෙසු ධම්මෙසු ඛන්ධ රූපාදී සියළු සමූහ දේවල්.
නිද්දෙසෙ අධිවචනානි චාති සිරිවඩ්ඪකො ධනවඩ්ඪකොතිආදයො හි වචනමත්තංයෙව අධිකාරං කත්වා පවත්තා අධිවචනා නාම. අධිවචනානං පථා අධිවචනපථා නාම. “අභිසඞ්ඛරොන්තීති ඛො, භික්ඛවෙ, තස්මා සඞ්ඛාරා”ති (සං· නි· 3.79) එවං නිද්ධාරිත්වා සහෙතුකං කත්වා වුච්චමානා අභිලාපා නිරුත්ති නාම. නිරුත්තීනං පථා නිරුත්තිපථා නාම. “තක්කො විතක්කො සඞ්කප්පො”ති (ධ· ස· 7) එවං තෙන තෙන පකාරෙන පඤ්ඤාපනතො පඤ්ඤත්ති නාම. පඤ්ඤත්තීනං පථා පඤ්ඤත්තිපථා (ධ· ස· අට්ඨ· 101-108) නාම. සෙසං සබ්බත්ථ පාකටමෙව.
නිද්දේසයෙහි අධිවචන පථා ‘සිරිවඩ්ඪක, ධනවඩඨක ආදී වචන පමණකින්ම ‘පාලන බවක්’ පවතින බැවින් වෙසෙස් නම් ලෙස පෙනේ. මෙබඳු වචනවල ‘හැඳිනීමේ’ මග ද අධිවචන පථ වේ. ‘මහණෙනි, එක්රැස් කරති යන අරුතින් සංඛාරා යැයි කියනු ලැබේ’ යැයි මෙසේ වෙන්කොට දක්වා, හේතු ඇතිව කියනු ලබන දේ ‘අභිලාප නිරුත්ති’ නම් වෙයි. එසේ වචන සකස්වන ආකාරය පහදා දෙන මග නිරුත්තිපථා වේ. තර්ක, විතර්ක, සංකප්ප යැයි ඒ ආකාරයෙන් පැනවීම පඤ්ඤත්ති නම් වේ. ඉතිරි කරුණු පැහැදිලිය.
එවං භගවා ඉදම්පි සුත්තං අරහත්තනිකූටෙනෙව දෙසෙසි, දෙසනාපරියොසානෙ ච වුත්තසදිසොව ධම්මාභිසමයො අහොසීති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රයද අරහත් බව කුළුගන්වමින් දේශනා කළහ. දේශනය අවසානයෙහි කලින් කියා ඇති පරිදිම පිරිස දහම් අවබෝධය ලැබීය.
සද්ධම්මප්පජ්ජොතිකාය චූළනිද්දෙස-අට්ඨකථාය
සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි
උපසීවමාණවසුත්තනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
උපසීව සූත්‍ර වර්ණනාව නිමියේ ය.