7. නන්දමාණවසුත්තනිද්දෙසවණ්ණනා අට්ඨකථා
7. නන්දමාණවසුත්තනිද්දෙසවණ්ණනා
7. නන්ද සූත්‍ර නිර්දේශ වර්ණනාව
සත්තමෙ නන්දසුත්තෙ – පඨමගාථායත්ථො – ලොකෙ ඛත්තියාදයොජනා ආජීවකනිගණ්ඨාදිකෙ සන්ධාය “සන්ති ලොකෙ මුනයො”ති වදන්ති. තයිදං කථංසූති කිං නු ඛො තෙ සමාපත්තිඤාණාදිනා ඤාණෙන උපපන්නත්තා ඤාණූපපන්නං මුනි නො වදන්ති, එවංවිධං නු වදන්ති, උදාහු වෙ නානප්පකාරකෙන ලූඛජීවිතසඞ්ඛාතෙන ජීවිතෙනූපපන්නන්ති.
සත්වන නන්ද සූත්‍රයෙහි පළමු ගාථාවේ අරුතයි. කැත්කුල ආදී ලෝවාසී ජනයා ආජීවක නිගණ්ඨ ආදීන් උදෙසා සන්ති ලොකෙ මූනයො යැයි කියති. තයිදං කථංසු කෙසේද? ඔවුන් සමාපත්ති නුවණින් උපන් බැවින් ඤාණුප්පන්නං මුනිං නො වදන්ති මෙසේ (මුනිවරයන්) වූහයි මේ ආකාරයැයි කියත්ද? උදාහූ වෙ රළු, සුව වැනි නොයෙක් ආකාර වූ ජීවිතයක උපන්නාහුද?
නිද්දෙසෙ අට්ඨසමාපත්තිඤාණෙන වාති පඨමජ්ඣානාදිඅට්ඨසමාපත්තිසම්පයුත්තඤාණෙන වා. පඤ්චාභිඤ්ඤාඤාණෙන වාති පුබ්බෙනිවාසාදිජානනඤාණෙන වා.
නිද්දේසයෙහි අට්ඨ සමාපත්ති ඤාණෙන වා පළමු දැහැන ආදී සමාපත්ති අටෙන් යුතු නුවණින් හෝ පංචාභිඤ්ඤා ඤාණෙන වා පෙර විසූ තැන් ආදිය දන්නා නුවණින් හෝ.
අථස්ස භගවා තදුභයම්පි පටික්ඛිපිත්වා මුනිං දස්සෙන්තො “න දිට්ඨියා”ති ගාථමාහ.
එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ කරුණු දෙකම බැහැරකොට, ‘න දිට්ඨියා’ යන ගාථාවෙන් මුනිවරයා ගැන පැහැදිළි කළහ.
ඉදානි “දිට්ඨාදීහි සුද්ධී”ති වදන්තානං වාදෙ කඞ්ඛාපහානත්ථං “යෙ කෙචිමෙ”ති පුච්ඡති. තත්ථ අනෙකරූපෙනාති කොතූහලමඞ්ගලාදිනාපි. තත්ථ යතා චරන්තාති තත්ථ සක්කායදිට්ඨියා ගුත්තා විහරන්තා. අථස්ස තථා සුද්ධිඅභාවං දීපෙන්තො භගවා චතුත්ථං ගාථමාහ.
මීළඟට ‘දැකීමෙන් පිරිසිදු වේ’ යැයි කියන තැනැත්තන්ගේ සැක දුරලනු පිණිස ‘යෙ කෙචි මෙ’ යන ගාථාවෙන් අසයි. අනෙක රූපෙන දැකීමෙන් යහපත වේ යැයි ඇති කුතුහලය, තත්ථ යථා චරන්තා තමාගේය යන දැඩිව ගත් හැඟීමෙන් වසන තැනැත්තන්ට එසේ පිරිසිදු විය නොහැකි බව පෙන්වා දීමට භාග්‍යවතුන් වහන්සේ සිවුවන ගාථාව කීහ.
එවං “නාතරිංසූ”ති සුත්වා ඉදානි යො අතරි, තං සොතුකාමො “යෙ කෙචිමෙ”ති පුච්ඡති. අථස්ස භගවා ඔඝතිණ්ණමුඛෙන ජාතිජරාතිණ්ණෙ දස්සෙන්තො ඡට්ඨං ගාථමාහ.
මෙසේ ඔවුන් (සසරින්) එතරට නොගිය බව අසා, මීළඟට එතරවන තැනැත්තා ගැන දැනගනු කැමතිව ‘යෙ කෙචි මෙ’ යන ගාථාවෙන් විමසයි. එවිට භාග්‍යවතුන් වහන්සේ, (සසර) සැඩපහර තරණය කිරීම මුල්කොට ඉපදීම හා ජරාවෙන් එතරවන අයුරු හයවන ගාථාවෙන් කීහ.
තත්ථ නිවුතාති ඔවුටා පරියොනද්ධා. යෙ සීධාති යෙ සු ඉධ, එත්ථ ච සු-ඉති නිපාතමත්තං. තණ්හං පරිඤ්ඤායාති තීහි පරිඤ්ඤාහි තණ්හං පරිජානිත්වා. සෙසං සබ්බත්ථ පුබ්බෙ වුත්තනයත්තා පාකටමෙව.
එම ගාථාවෙහි නිවුතා ගැලුනු, බැසගත්, යෙසුධා යෙසු - ඉධ, මේ ලෝකයෙහි, යමෙක් ‘සු’ නිපාතයක් පමණි. තණ්හං පරිඤ්ඤාය තණ්හාව තුන් ආකාරව දැක, පෙර කී අයුරු ඉතිරි කරුණු පැහැදිලිය.
එවං භගවා අරහත්තනිකූටෙනෙව දෙසනං නිට්ඨාපෙසි, දෙසනාපරියොසානෙ පන නන්දො භගවතො භාසිතං අභිනන්දමානො එතාභිනන්දාමීති ගාථමාහ. ඉධාපි ච පුබ්බෙ වුත්තසදිසො එව ධම්මාභිසමයො අහොසීති.
භාග්‍යවතුන් වහන්සේ, මෙසේ අරහත් බව කුළුගන්වමින් දේශනය නිම කළහ. දේශනය අවසානයෙහි නන්ද භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණුවලට ‘එතාභිනන්දාමි” යන ගාථාවෙන් සතුට පළ කළේය. කලින් දක්වා ඇති පරිදි මෙහිදීද පිරිස දහම් අවබෝධය ලැබීය.
සද්ධම්මප්පජ්ජොතිකාය චූළනිද්දෙස-අට්ඨකථාය
සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි
නන්දමාණවසුත්තනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
නන්ද සූත්‍ර වර්ණනාව නිමියේ ය.