යෙදුමෙන් කියවන්න

8. හෙමකමාණවසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

8. හෙමකමාණවසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා

8. හෙමක සූත්‍ර නිර්දේශ වර්ණනාව

අට‍්ඨමෙ හෙමකසුත‍්තෙ – යෙ මෙ පුබ‍්බෙ වියාකංසූති යෙ බාවරිආදයො පුබ‍්බෙ මය‍්හං සකං ලද‍්ධිං වියාකංසු. හුරං ගොතමසාසනාති ගොතමසාසනතො පුබ‍්බතරං. සබ‍්බං තං තක‍්කවඩ‍්ඪනන‍්ති සබ‍්බං තං කාමවිතක‍්කාදිවඩ‍්ඪනං.

අටවන හේමක සූත්‍රයයි. යෙ මෙ පුබ්බෙ වියා කංසු බාවරී ආදීහු කලින් මගේ අදහසද ඉදිරිපත් කළහ. හුරං ගොතම සාසනං ගොතම සාසනයට ඉහතදීත්, සබ්බං තං තක්කවඩ්ඪනං ඒ සියළු අදහස් කාම සිතිවිලි ආදිය වැඩිදියුණු කරන ඒවාය.

යෙ චඤ‍්ඤෙ තස‍්ස ආචරියාති යෙ ච අඤ‍්ඤෙ තස‍්ස බාවරියස‍්ස ආචාරෙ සික‍්ඛාපකා ආචරියා. තෙ සකං දිට‍්ඨින‍්ති තෙ ආචරියා අත‍්තනො දිට‍්ඨිං. සකං ඛන‍්තින‍්ති අත‍්තනො ඛමනං. සකං රුචින‍්ති අත‍්තනො රොචනං. විතක‍්කවඩ‍්ඪනන‍්ති කාමවිතක‍්කාදිවිතක‍්කානං උප‍්පාදනං පුනප‍්පුනං පවත‍්තනං. සඞ‍්කප‍්පවඩ‍්ඪනන‍්ති කාමසඞ‍්කප‍්පාදීනං වඩ‍්ඪනං. ඉමානි ද‍්වෙ පදානි සබ‍්බසඞ‍්ගාහිකවසෙන වුත‍්තානි. ඉදානි කාමවිතක‍්කාදිකෙ සරූපතො දස‍්සෙතුං “කාමවිතක‍්කවඩ‍්ඪන”න‍්තිආදිනා නයෙන නවවිතක‍්කෙ දස‍්සෙසි.

යෙ චඤ්ඤෙ තස්ස ආචරියා ඒ බාවරීගේ (සිසුන් ලෙස අවවාද ලබන) හික්මවන ලද ඇදුරෝ, තෙ සකං දිට්ඨිං ඒ ඒ ඇදුරන් තමන්ගේ මතවාද, සකං ඛන්තිං තමන්ගේ වැටහීම සකං රුචිං තම කැමැත්ත, විතක්ක වඩ්ඪනං කාම සිතිවිලි ආදිය නැවත නැවතත් උපදවා ගනිමින් (මතුවටත්) පවත්වා ගැනීම, සංකප්ප වඩ්ඪනං කාම සංකල්පනා අදහස් ඇතිකර ගැනීම, මේ පද දෙකම සියල්ල ඇතුලත් වන සේ කියන ලදී. දැන් කාම සිතිවිලි ආදියෙහි ඇති තතු දැක්වීමට කාම සිතිවිලි වැඩෙන්නේ යයි ආදී ලෙසින් අළුත් සිතිවිලි (ඇතිවන බව) පෙන්වීය.

තණ‍්හානිග‍්ඝාතනන‍්ති තණ‍්හාවිනාසනං.

තණ්හා නිඝාතනං තණ්හාව වැනසීම.

අථස‍්ස භගවා තං ධම‍්මං ආචික‍්ඛන‍්තො “ඉධා”ති ගාථාද‍්වයමාහ. තත්‍ථ එතදඤ‍්ඤාය යෙ සතාති එතං නිබ‍්බානං පදමච‍්චුතං “සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා”තිආදිනා (ධ· ප· 277; ථෙරගා· 676; කථා· 753) නයෙන විපස‍්සන‍්තා අනුපුබ‍්බෙන ජානිත්‍වා යෙ කායානුපස‍්සනාසතිආදීහි සතා. දිට‍්ඨධම‍්මාභිනිබ‍්බුතාති විදිතධම‍්මත‍්තා දිට‍්ඨධම‍්මා ච රාගාදිනිබ‍්බානෙන ච අභිනිබ‍්බුතා. සෙසං සබ‍්බත්‍ථ පාකටමෙව.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඊට අදාල කරුණු ‘ඉධ.... ආදී ගාථා දෙකකින් වදාළහ. එහි එතදඤ්ඤාය යෙ සතා ඒ නිවන අමා පදයකි. හේතු නිසා ඇතිවන සියළුම සකස්වීම් වෙනස්වන - තිර නැති බව විදසුන් වඩමින් අනුපිළිවෙලින් දැන, කය අනුව විමසා බලන මනා සිහි ඇත්තේ, දිට්ඨ ධම්මාභි නිබ්බුතා නිවැරදි දහම අවබෝධ කරන ලදින්, දිට්ඨ ධම්මාච රාගාදී (කෙලෙස් ගිනි) නිවීමෙන්ද අභිනිබ්බුතා ඉතිරි කරුණු පැහැදිලිය.

එවං භගවා ඉදම‍්පි සුත‍්තං අරහත‍්තනිකූටෙනෙව දෙසෙසි, දෙසනාපරියොසානෙ ච පුබ‍්බසදිසො එව ධම‍්මාභිසමයො අහොසීති.

භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රයද අරහත් බව කුළුගන්වමින් දේශනා කළහ. පෙර කී පරිදිම දේශනය අවසන පිරිස දහම් අවබෝධය ලැබීය.

සද‍්ධම‍්මප‍්පජ‍්ජොතිකාය චූළනිද‍්දෙස-අට‍්ඨකථාය

සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි

හෙමකමාණවසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

හෙමක සූත්‍ර වර්ණනාව නිමියේ ය.