9. තොදෙය්යමාණවසුත්තනිද්දෙසවණ්ණනා අට්ඨකථා
9. තොදෙය්යමාණවසුත්තනිද්දෙසවණ්ණනා
9. තෝදෙය්‍ය සූත්‍ර නිර්දේශ වර්ණනාව
නවමෙ තොදෙය්යසුත්තෙ – විමොක්ඛො තස්ස කීදිසොති තස්ස කීදිසො විමොක්ඛො ඉච්ඡිතබ්බොති පුච්ඡති.
නවවන තොදෙය්‍ය සූත්‍රයයි. විමොක්ඛො තස්ස කීදිසො ‘මෙබඳු කෙනෙකුගේ මැනවින් මිදීම කෙබඳු අයුරින් බලාපොරොත්තු විය යුතුදැයි’ අසයි.
ඉදානිස්ස අඤ්ඤවිමොක්ඛාභාවං දස්සෙන්තො භගවා දුතියං ගාථමාහ. තත්ථ විමොක්ඛො තස්ස නාපරොති තස්ස අඤ්ඤො විමොක්ඛො නත්ථි.
මීළඟට භාග්‍යවතුන් වහන්සේ ඔහුට (ඔහු අදහස් කළ මිදීම නොව) වෙනත් මිදීමක්, නිදහසක් ගැන දෙවන ගාථාවෙන් කීහ. විමොක්ඛො තස්ස නාපරො ඔහුට වෙනත් මිදීමක් නැත.
එවං “තණ්හක්ඛයො එව විමොක්ඛො”ති වුත්තෙපි තමත්ථං අසල්ලක්ඛෙන්තො “නිරාසසො සො උද ආසසානො”ති පුන පුච්ඡති. තත්ථ උද පඤ්ඤකප්පීති උදාහු සමාපත්තිඤාණාදිනා ඤාණෙන තණ්හාකප්පං වා දිට්ඨිකප්පං වා කප්පයති.
මෙසේ ‘තණ්හාව නැතිකිරීම මිදීම’ යැයි කීවත්, ඒ කරුණු නොසළකා ‘ඒ තැනැත්තාට ආසා නැත්ද, නැතිනම් යම්දෙයකට බලාපොරොත්තු නැත්දැයි නැවත විචාරයි. උදපඤ්ඤකප්පී නැතහොත්, සමවත් නුවණ ආදියෙන් තණ්හා හැඟීම් හෝ දැකීම් හෙවත් මතවාද මගින් ගොඩනගා ගන්නා සංකල්පවලින් (වෙලී) සිත සිතා සිටීද?
අථස්ස භගවා තං ආචික්ඛන්තො චතුත්ථං ගාථමාහ. තත්ථ කාමභවෙති කාමෙ ච භවෙ ච. රූපෙ නාසීසතීති චතුසමුට්ඨානිකෙ රූපාරම්මණෙ ඡන්දරාගවසෙන න පත්ථෙති. සද්ධාදීසුපි එසෙව නයො. පලිබොධට්ඨෙන රාගො එව කිඤ්චනං රාගකිඤ්චනං මදනට්ඨෙන වා. දොසකිඤ්චනාදීසුපි එසෙව නයො. සෙසං සබ්බත්ථ පාකටමෙව.
එවිට භාග්‍යවතුන් වහන්සේ එය පැහැදිලි කරමින් සිදුවන ගාථාව වදාළහ. කාමභවෙ කාමයෙහිද භවයෙහිද රූපෙ නාසිංසති සිවු ආකාර හටගැනෙන රූප අරමුණු ඡන්දරාග ලෙසින් නොපතයි. හඬ ආදිය පිළිබඳවද මේ අයුරින් (දතයුතුය.) කරදර උවදුරු අරුතින් රාගයම දැඩි කෙලෙස් බැඳීමකි. (රාගකිඤ්චනං) මත්කරන අරුතින් දෝසයද මේ ආකාරය. ඉතිරි කරුණු සියල්ල පැහැදිලිය.
එවං භගවා ඉදම්පි සුත්තං අරහත්තනිකූටෙනෙව දෙසෙසි, දෙසනාපරියොසානෙ ච පුබ්බසදිසො එව ධම්මාභිසමයො අහොසීති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රයද අරහත් බව කුළු ගන්වමින් දේසනා කළහ. පෙර කී පරිදිම පිරිස දහම් අවබෝධය ලැබීය.
සද්ධම්මප්පජ්ජොතිකාය චූළනිද්දෙස-අට්ඨකථාය
සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි
තොදෙය්යමාණවසුත්තනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
තොදෙය්‍ය සූත්‍ර වර්ණනාව නිමියේ ය.