යෙදුමෙන් කියවන්න

10. කප‍්පමාණවසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

10. කප‍්පමාණවසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා

10. කප්ප සූත්‍ර නිර්දේශ වර්ණනාව

දසමෙ කප‍්පසුත‍්තනිද‍්දෙසෙ – මජ‍්ඣෙ සරස‍්මින‍්ති පුරිමපච‍්ඡිමකොටිපඤ‍්ඤාණාභාවතො මජ‍්ඣභූතෙ සංසාරෙති වුත‍්තං හොති. තිට‍්ඨතන‍්ති තිට‍්ඨමානානං. යථායිදං නාපරං සියාති යථා ඉදං දුක‍්ඛං පුන න භවෙය්‍ය.

දසවන කප්ප සූත්‍ර විස්තරයෙහි මජ්ඣෙ සරස්මිං යනු මුල, අවසන් කෙළවර නොපෙනෙන, මැද කොටසක් ලෙස ගැනෙන සංසාරය ගැන කියන ලදී. තිට්ඨිතං සිටිනු ලබන, යථයිදං නාපරං සියා යම්සේ මේ දුක නැවත ඇති නොවන්නේය.

ආගමනන‍්ති පුබ‍්බන‍්තතො ඉධාගමනං. ගමනන‍්ති ඉතො පරලොකගමනං. ගමනාගමනන‍්ති තදුභයවසෙන වුත‍්තං. කාලන‍්ති මරණකාලං. ගතීති නිබ‍්බත‍්ති. භවාභවොති භවතො භවො. චුති චාති භවතො චවනඤ‍්ච. උපපත‍්ති චාති චුතස‍්ස උපපත‍්ති ච. නිබ‍්බත‍්ති චාති පාතුභාවො ච. භෙදො චාති ඛන්‍ධභෙදො ච. ජාති චාති ජනනඤ‍්ච. ජරා චාති හානි ච. මරණඤ‍්චාති ජීවිතින්‍ද්‍රියස‍්ස චාගො ච. පුරිමාපි කොටි න පඤ‍්ඤායතීති පුබ‍්බාපි කොටි නත්‍ථි න සංවිජ‍්ජති. තථා පච‍්ඡිමාපි කොටි.

ආගමනං පෙර කෙළවරක සිට මෙහි පැමිණීම (උපත ලැබීම), ගමනං මේ ජීවිතයෙන් පරලොව ගමන, ගමනාගමනං මේ කරුණු දෙක (උපත-විපත සළකා) කියා ඇත. කාලං මරණය, ගති උපදනා භව, භවාභවො භවයෙන් භවය, චුතිච ඒ භවයෙන් චුතවීම, උප්පත්තිච චුතියෙන් පසු උපතද, නිබ්බති ච පහළවීම ද භෙදොච (රූපාදී) සමූහයේ බිඳීමද ජාතිච ඉපදීමද, ජරාච හානි ද, මරණංච ජීවිතය (ජීවිතින්‍ද්‍රිය) හැර දැමීමද පුරිමාපි කොටි න පඤ්ඤායති මුල් කෙළවරක් නැත. නොපෙනේ. එසේම අවසන් කෙළවරක්ද නොපෙන්නේ.

එත‍්තකා ජාතියොති එතපරමා ජාතියො. වට‍්ටං වත‍්තීති සංසාරපවත‍්ති. තතො පරං න වත‍්තතීති තතො උද‍්ධං නප‍්පවත‍්තති. හෙවං නත්‍ථීති එවං නත්‍ථි න සංවිජ‍්ජති. හි-ඉති නිපාතො. අනමතග‍්ගොයන‍්ති අයං සංසාරො අවිදිතග‍්ගො.

එත්තතා ජාතියො ඒ ඉපදීම උතුම් සේ සළකා, වට්ටං වට්ටති සසර පැවැත්ම පවත්වයි. තතො පරං න වත්තති එයින් එහාට නොපවතී. එවං නත්‍ථි මෙසේ නොමැත. නොපෙනේ ‘හි’ යනු නිපාතයකි. අනමතග්ගොයං මේ සසර කෙළවර නොදැන.

අවිජ‍්ජානීවරණානන‍්ති අවිජ‍්ජාය ආවරිතානං. තණ‍්හාසංයොජනානන‍්ති කාමරාගසඞ‍්ඛාතතණ‍්හාබන්‍ධනබද‍්ධානං. සන්‍ධාවතන‍්ති කාමධාතුයා පුනප‍්පුනං ධාවන‍්තානං. සංසරතන‍්ති රූපාරූපධාතුයා සංසරන‍්තානං. දුක‍්ඛං පච‍්චනුභූතන‍්ති කායිකචෙතසිකදුක‍්ඛං අනුභූතං වින්‍දිතං. තිබ‍්බන‍්ති බහලං. බ්‍යසනන‍්ති අවඩ‍්ඪි විනාසො. කටසී වඩ‍්ඪිතාති සුසානවඩ‍්ඪිතං. අලමෙවාති යුත‍්තමෙව . සබ‍්බසඞ‍්ඛාරෙසූති තෙභූමකසඞ‍්ඛාරෙසු. නිබ‍්බින්‍දිතුන‍්ති උක‍්කණ‍්ඨිතුං. විරජ‍්ජිතුන‍්ති විරාගං උප‍්පාදෙතුං. විමුච‍්චිතුන‍්ති මොචෙතුං. වට‍්ටං වත‍්තිස‍්සතීති සංසාරපවත‍්තං තෙභූමකවට‍්ටං අනාගතෙ පවත‍්තිස‍්සති. තතො පරං න වත‍්තිස‍්සතීති තතො උද‍්ධං අනාගතෙ සංසාරපවත‍්තං නප‍්පවත‍්තිස‍්සති. ජාතිභයෙති ජාතිං පටිච‍්ච උප‍්පජ‍්ජනකභයෙ. ජරාභයාදීසුපි එසෙව නයො.

අවිජ්ජානීවරණානං අවිජ්ජාවෙන් ආවරණය කරන ලද, තණ්හා සඤ්ඤොජනානං කාමරාග යැයි කියන ලද තණ්හා බැඳුමෙන් බැඳ ඇති, සන්‍ධාවතං නැවත නැවත කාමලෝකයෙහි දුවන්නන්ට, සංසරං රූප අරූප ලෝකවල සැරිසරන්නන්ට, දුක්ඛං පච්චනුභූතං කායික මානසික දුක අත්විඳිනා ලද, තිබ්බං බලවත්, බ්‍යසනං අවැඩදායී වැනසීම, කටසි වඩ්ඪිතා සොහොන වඩනා ලද (මරණින් පසු සුසානයට) අලමෙව සුදුසුය. සබ්බ සංඛාරෙසු කාමාවචරාදී ත්‍රෛභූමක සංඛාර කෙරෙහි, නිබ්බින්‍දිතුං කලකිරිමට, විරජ්ජිතුං ආසාව හැර දැමීමට, විමුච්චිතුං මිදීමට, වට්ටං පවත්තිංසති කාමාවචරාදී තුන් භූමියෙහි අනාගතයෙහි සසර පැවැත්ම පවත්නේය. තතො පරං න වත්තිස්සති එයින් එහා අනාගතයෙහි සසර පැවැත්මක් නො පවත්නේ ය. ජාති භයෙ ඉපදීම නිසා ඇතිවන බිය, ජරාවට පත්වීමේ බියද මේ අයුරිනි.

අථස‍්ස භගවා තමත්‍ථං බ්‍යාකරොන‍්තො උපරූපරිගාථායො අභාසි. දුතියගාථා වුත‍්තත්‍ථායෙව. තතියගාථාය අකිඤ‍්චනන‍්ති කිඤ‍්චනපටිපක‍්ඛං. අනාදානන‍්ති ආදානපටිපක‍්ඛං, කිඤ‍්චනාදානවූපසමන‍්ති වුත‍්තං හොති. අනාපරන‍්ති අපරපටිභාගදීපවිරහිතං, සෙට‍්ඨන‍්ති වුත‍්තං හොති.

එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ කරුණ පැහැදිලි කරමින් තවත් ගාථා වදාළහ. දෙවන ගාථාවෙහි අරුත කියා ඇති පරිදිය. තුන්වන ගාථාවෙහි අකිඤ්චනං සතුරුවන කිසිවක් නැති, අනාදානං අල්ලාගැනීම හෙවත් තණ්හාවෙන් ඉවත්වුනු, තණ්හාවෙන් කිසිවක් නොගැනීමෙන් සැනසුණු බව කියන ලදී. අනාපරං මීට සමාන රැකවරණ සහිත වෙනත් තැනක් (දිවයිනක්) නැත. (එය) උසස් යැයි ද කියන ලදී.

චතුත්‍ථගාථාය න තෙ මාරස‍්ස පද‍්ධගූති තෙ මාරස‍්ස පද‍්ධචරා පරිචාරිකා සිස‍්සා න හොන‍්ති.

සිවුවන ගාථාවෙහි න තෙ මාරස්ස පංගූ ඔව්හු මාරයාගේ පා සෙවනෙහි හැසිරෙන, මාරයා පිරිවරා සිටින සිසුවෝ නොවෙති. (මාර වසගයට පත් වූවෝ නොවෙති.)

මහාජනං පාසෙ නියොජෙත්‍වා මාරෙතීති මාරො. අකුසලකම‍්මෙ නියුත‍්තත‍්තා කණ‍්හො. ඡසු දෙවලොකෙසු අධිපතිත‍්තා අධිපති. අකුසලානං ධම‍්මානං අන‍්තං ගතත‍්තා අන‍්තගූ. පාපජනං න මුඤ‍්චතීති නමුචි. සතිවිප‍්පවාසප‍්පමත‍්තපුග‍්ගලානං ඤාතකොති පමත‍්තබන්‍ධු. සෙසං සබ‍්බත්‍ථ පාකටමෙව.

මහජනතාව පාපයෙහි යොදවා මරයි යන අදහසින් මාරො අකුසල කටයුතුවල නියුතු බැවින් කණ්හො දෙව්ලෝ සයට නායක බැවින් අධිපති අකුසල කටයුතුවල කෙළවරටම ගිය බැවින් අන්තගූ පාපී ජනතාව මුදා නොහරි යැයි නමුචි සිහිය මැනවින් පවත්‍වා නොගනිමින් යහපත් කටයුතුවල පමාවන තැනැත්තන්ට නෑදැයෙකු බැවින් පමත්ත බන්ධු, ඉතිරි කරුණු සියල්ල පැහැදිලිය.

එවං භගවා ඉදම‍්පි සුත‍්තං අරහත‍්තනිකූටෙනෙව දෙසෙසි, දෙසනාපරියොසානෙ ච පුබ‍්බසදිසොව ධම‍්මාභිසමයො අහොසීති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රයද අරහත් බව කුළුගන්වමින් දේසනා කළහ. දේසනාව අවසන පෙර පරිදි පිරිස දහම් අවබෝධය ලැබීය.

සද‍්ධම‍්මප‍්පජ‍්ජොතිකාය චූළනිද‍්දෙස-අට‍්ඨකථාය

සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි

කප‍්පමාණවසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

කප්ප සූත්‍ර වර්ණනාව නිමියේ ය.