යෙදුමෙන් කියවන්න

11. ජතුකණ‍්ණිමාණවසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

11. ජතුකණ‍්ණිමාණවසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා

11. ජතුකණ්ණි සූත්‍ර නිර්දේශ වර්ණනාව

එකාදසමෙ ජතුකණ‍්ණිසුත‍්තෙ – සුත්‍වානහං වීර අකාමකාමින‍්ති අහං “ඉතිපි සො භගවා”තිආදිනා (පාරා· 1; දී· නි· 1.157, 255, 301; අ· නි· 6.10; සං· නි· 5.997) නයෙන වීර කාමානං අකාමනතො අකාමකාමිං බුද‍්ධං සුත්‍වා. අකාමමාගමන‍්ති නික‍්කාමං භගවන‍්තං පුච‍්ඡිතුං ආගතොම‍්හි. සහජනෙත‍්තාති සහජාතසබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණචක‍්ඛු . යථාතච‍්ඡන‍්ති යථාතථං. බ්‍රූහි මෙති පුන යාචන‍්තො භණති. යාචන‍්තො හි සහස‍්සක‍්ඛත‍්තුම‍්පි භණෙය්‍ය, කො පන වාදො ද‍්වික‍්ඛත‍්තුං.

එකොළොස්වන ජතුකණ්ණි සූත්‍රයයි. සුත්‍වානහං වීර අකාමකාමී ඒ භාග්‍යවතුන් වහන්සේ වීරවත් වූ, කාමයන් නොකැමති, කාමයන් අත්හළ මේ මේ ගුණයෙන් යුතු (උතුමකු) බව අසා මම, අකාමමාගමං කාම රහිත වූ භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීමට පැමිණියෙමි. සහජානෙත්තා නුවණැස පහළවීමත් සමගම සියල්ල දන්නා, යථාවබෝධය ලද, යථා තච්ඡං ඇති සැටියෙන්, බ්‍රෑහිමෙ නැවත කියා දෙන ලෙස ඉල්ලමින්, ඉල්ලා සිටින්නේ නම්, (තථාගතයන් වහන්සේ) දහස් වරක් වුවත් කියන්නාහ. දෙවරක් ඉල්ලීම ගැන කියනුම කවරේද?

ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධොති ඉමෙසං පදානං අත්‍ථො හෙට‍්ඨා වුත‍්තොව. විජ‍්ජාහි පන චරණෙන ච සම‍්පන‍්නත‍්තා විජ‍්ජාචරණසම‍්පන‍්නො. තත්‍ථ විජ‍්ජාති තිස‍්සොපි විජ‍්ජා අට‍්ඨපි විජ‍්ජා. තිස‍්සො විජ‍්ජා භයභෙරවසුත‍්තෙ (ම· නි· 1.34 ආදයො) වුත‍්තනයෙන වෙදිතබ‍්බා, අට‍්ඨ අම‍්බට‍්ඨසුත‍්තෙ (දී· නි· 1.254 ආදයො). තත්‍ථ හි විපස‍්සනාඤාණෙන මනොමයිද‍්ධියා ච සහ ඡ අභිඤ‍්ඤා පරිග‍්ගහෙත්‍වා අට‍්ඨ විජ‍්ජා වුත‍්තා. චරණන‍්ති සීලසංවරො ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා භොජනෙ මත‍්තඤ‍්ඤුතා ජාගරියානුයොගො සත‍්ත සද‍්ධම‍්මා චත‍්තාරි රූපාවචරජ‍්ඣානානීති ඉමෙ පන‍්නරස ධම‍්මා වෙදිතබ‍්බා. ඉමෙයෙව හි පන‍්නරස ධම‍්මා යස‍්මා එතෙහි චරති අරියසාවකො ගච‍්ඡති අමතං දිසං, තස‍්මා “චරණ”න‍්ති වුත‍්තා. යථාහ – “ඉධ, මහානාම, අරියසාවකො සීලවා හොතී”ති (ම· නි· 2.24) සබ‍්බං මජ‍්ඣිමපණ‍්ණාසකෙ වුත‍්තනයෙන වෙදිතබ‍්බං. භගවා ඉමාහි විජ‍්ජාහි ඉමිනා ච චරණෙන සමන‍්නාගතො, තෙන වුච‍්චති විජ‍්ජාචරණසම‍්පන‍්නොති. තත්‍ථ විජ‍්ජාසම‍්පදා භගවතො සබ‍්බඤ‍්ඤුතං පූරෙත්‍වා ඨිතා, චරණසම‍්පදා මහාකාරුණිකතං. සො සබ‍්බඤ‍්ඤුතාය සබ‍්බසත‍්තානං අත්‍ථානත්‍ථං ඤත්‍වා මහාකාරුණිකතාය අනත්‍ථං පරිවජ‍්ජෙත්‍වා අත්‍ථෙ නියොජෙති, යථා තං විජ‍්ජාචරණසම‍්පන‍්නො. තෙනස‍්ස සාවකා සුප‍්පටිපන‍්නා හොන‍්ති, නො දුප‍්පටිපන‍්නා, විජ‍්ජාචරණවිපන‍්නානඤ‍්හි සාවකා අත‍්තන‍්තපාදයො විය (පාරා· අට‍්ඨ· 1.1).

මේ මේ කරුණින් ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ (සමන්විත යැයි) මේ පදවල අරුත මතු විස්තර කරනු ඇත. විජ්ජා හා චරණ ගුණවලින් යුතු හෙයින් විජ්ජාචරණ සම්පන්නො, එහි විජ්ජා යනු තුන් ආකාරයෙන් සහ අට ආකාරයෙනි. විජ්ජා නුවණ පිළිබඳව භයභෙරව සූත්‍රයෙහි සඳහන් අයුරු දතයුතුය. අම්බට්ඨ සූත්‍රයෙහි විජ්ජා නුවණ අට දැක්වේ. එහි විදසුන් නුවණ සමග, මනෝමය ඉඳු බලයද අභිඤ්ඤා සයද ඇතුලත්කොට විජ්ජා අට ගැන කියන ලදී. චරණං සීල සංවරය, ඉඳුරන් දොරටු වසා රැකගැනීම හෙවත් සංවර වූ ඉඳුරන් ඇති බව පමණ දැන ආහාර ගැනීම, සිහි නුවණ පෙරදැරිව නොනිදා සිටීම, යථාවබෝධයෙහි කරුණු හතකින් (බොජ්ඣංග) රූපාවචර දැහැන් හතරින් යන මෙම යහපත් කරුණු පහළොව දතයුතුය. මෙම පසළොස් චරණ දහම්හි අරිය සාවකයා සමන්විත වන්නේ නම්, (දරා සිටින්නේ නම්) අමත නම් වූ දෙසට (හෙවත් නිවනට) යයි. එහෙයින් චරණ යැයි කියන ලදී. ‘මහානාම, අරිය සාවකයා යම් ලෙසකින් මෙම සසුනෙහි සිල්වත් වේදැ’යි (වදාරා ඇති පරිදි) ඒ සියළු කරුණු මජ්ඣිම පණ්ණාසකයෙහි කියා ඇති පරිදි දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ මේ විදු (නැණින් ද) මේ චරණ ගුණවලින් ද යුතු සේක. එහෙයින් විජ්ජාචරණ සම්පන්නො නම් වේ. එහි විදුනැණ සමූහය භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නා බව පැතිර සිටියේය. චරණ ගුණ සමූහය මහා කාරුණික බව පැතිර සිටියේය. උන්වහන්සේ සියල්ල දන්නා නුවණින් සියළු ජීවීන්ගේ නිවැරදි දේ වැරදි දේ දැන, විජ්ජාචරණ ගුණ පරිදි වැරැද්ද හැර දමා නිවැරදි දෙයෙහි යොදවති. එහෙයින් උන්වහන්සේගේ සාවකයෝ මනා පිළිවෙත් මගට පිළිපන්නෝ වෙති. වැරදි පිළිවෙතෙහි නොයෙදෙති. විජ්ජාචරණයෙන් ඈත් වූවන්ගේ සාවකයෝ තමන්ටත් හිරිහැර පමුණුවාගෙන තැවෙති. අනුන්ටත් හිරිහැර පමුණුවති. දෙකොටසටම හිරිහැර පමුණුවා තැවෙති.

සොභනගමනත‍්තා සුන්‍දරං ඨානං ගතත‍්තා සම‍්මා ගතත‍්තා සම‍්මා ච ගදත‍්තා සුගතො. ගමනම‍්පි හි ගතන‍්ති වුච‍්චති. තඤ‍්ච භගවතො සොභනං පරිසුද‍්ධමනවජ‍්ජං. කිං පන තන‍්ති? අරියමග‍්ගො. තෙන හෙස ගමනෙන ඛෙමං දිසං අසජ‍්ජමානො ගතොති සොභනගමනත‍්තා සුගතො. සුන්‍දරඤ‍්චෙස ඨානං ගතො අමතං නිබ‍්බානන‍්ති සුන්‍දරං ඨානං ගතත‍්තාපි සුගතො. සම‍්මා ච ගතො තෙන තෙන මග‍්ගෙන පහීනෙ කිලෙසෙ පුන අපච‍්චාගච‍්ඡන‍්තො. වුත‍්තඤ‍්හෙතං –

සුන්දරව ගමන් කරන බැවින්ද, සොඳුරු තැනකට ගිය බැවින්ද, යහපත් වචන කතා කරන බැවින්ද සුගතො ගමනටද ගතං යැයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේගේ ඒ ගමනද සෝභනය, පිරිසිදුය, නිවරදය. ඒ ගිය ගමන කුමක්ද? අරිය මගයි. ඒ සෝභන ගමනින් බිය නැති දෙයකට නොසැලී ගියේ යැයි සුගතො වේ. ඒ ගිය සොඳුරු තැන අමා නිවනයි. සොඳුරු තැනකට ගිය බැවින් සුගතො, ඒ ඒ මගින් මැනවින් ගොස් කෙලෙස් නැතිකොට නැවත, ආපසු හැරුනේ නැත.

“සොතාපත‍්තිමග‍්ගෙන යෙ කිලෙසා පහීනා, තෙ කිලෙසෙ න පුනෙති න පච‍්චෙති න පච‍්චාගච‍්ඡතීති සුගතො…පෙ… අරහත‍්තමග‍්ගෙන යෙ කිලෙසා පහීනා, තෙ කිලෙසෙ න පුනෙති න පච‍්චෙති න පච‍්චාගච‍්ඡතීති සුගතො”ති (මහානි· 38; චූළනි· මෙත‍්තගූමාණවපුච‍්ඡානිද‍්දෙස 27).

සෝවාන් මගින් නැසු කෙලෙස් නැවත හටනොගනී. ඒ කෙලෙස් ආපසු නොඑයි. ආපසු එතැයි බලාපොරොත්තු නොවෙතැයි සුගතො.

සම‍්මා වා ගතො දීපඞ‍්කරපාදමූලතො පභුති යාව බොධිමණ‍්ඩා තාව සමතිංසපාරමීපූරිකාය සම‍්මා පටිපත‍්තියා සබ‍්බලොකස‍්ස හිතසුඛමෙව කරොන‍්තො සස‍්සතං උච‍්ඡෙදං කාමසුඛං අත‍්තකිලමථන‍්ති ඉමෙ ච අන‍්තෙ අනුපගච‍්ඡන‍්තො ගතොති සම‍්මා ගතත‍්තාපි සුගතො. සම‍්මා චෙස ගදති යුත‍්තට‍්ඨානෙසු යුත‍්තමෙව වාචං භාසතීති සම‍්මා ගදත‍්තාපි සුගතො.

මැනවින් ගියේ දීපංකර බුදුරදුන් පාමුල පටන් (විවරණ ලැබ) බෝමැඩ දක්වාම, සමතිසක් පාරමී පිරූ මනා පිළිවෙතින්, සියළු ලෝකයාගේ හිතසුවම කැමතිව, සදාකල් පැවැත්ම-විනාසය-කම්සුව-දැඩිව දුක්වීම යන මේවායෙහි කෙළවරට නොගොස්, මැනවින් ගිය බැවින් සුගතො යහපත්ව කතා කරයි. සුදුසු තැන සුදුසු වචනම කියතැයිද, මැනවින් කතා කරන බැවින් සුගතො වේ.

තත්‍රිදං සාධකසුත‍්තං –

මේ එහිලා සාධක වන සූත්‍ර පාඨයකි –

“යං තථාගතො වාචං ජානාති අභූතං අතච‍්ඡං අනත්‍ථසංහිතං, සා ච පරෙසං අප‍්පියා අමනාපා, න තං තථාගතො වාචං භාසති. යම‍්පි තථාගතො වාචං ජානාති භූතං තච‍්ඡං අනත්‍ථසංහිතං, සා ච පරෙසං අප‍්පියා අමනාපා, තම‍්පි තථාගතො වාචං න භාසති. යඤ‍්ච ඛො තථාගතො වාචං ජානාති භූතං තච‍්ඡං අත්‍ථසංහිතං, සා ච පරෙසං අප‍්පියා අමනාපා, තත්‍ර කාලඤ‍්ඤූ තථාගතො හොති තස‍්සා වාචාය වෙය්‍යාකරණාය. යං තථාගතො වාචං ජානාති අභූතං අතච‍්ඡං අනත්‍ථසංහිතං. සා ච පරෙසං පියා මනාපා, න තං තථාගතො වාචං භාසති. යම‍්පි තථාගතො වාචං ජානාති භූතං තච‍්ඡං අනත්‍ථසංහිතං, සා ච පරෙසං පියා මනාපා, තම‍්පි තථාගතො වාචං න භාසති. යඤ‍්ච ඛො තථාගතො වාචං ජානාති භූතං තච‍්ඡං අත්‍ථසංහිතං, සා ච පරෙසං පියා මනාපා, තත්‍ර කාලඤ‍්ඤූ තථාගතො හොති තස‍්සා වාචාය වෙය්‍යාකරණායා”ති (ම· නි· 2.86). එවං සම‍්මා ගදත‍්තාපි සුගතොති වෙදිතබ‍්බො.

‘තථාගතයන් යම් වචනයක් සිදු නොවූ දෙයක් යයිද මුසාවක් යැයි ද අවැඩ පිණිස වේ යැයිද අනුන්ට එය අකමැති අමනාප වේයැයි දනිත්ද ඒ ඇත්තක් වුවද - වැඩදායක නොවීනම්, අනුන්ට අකමැති අමනාප වේ යැයි දනිත් නම් එයද නොකියයි. යම් වචනයක් සිදුවූ දෙයට අදාල වූත්, ඇත්තක් වූත්, වැඩදායක වේද, අනුන්ට එය අකමැති අමනාප වුවද සුදුසු කල්හි එය පැවසීමට තථාගතයන් දැනගනී. යම් වචනයක් සිදු නොවූ දෙයකට මුසාවක් ලෙස, වැඩදායක නොවූ, අනුන් කැමති මනාප වුවත් තථාගතයන් නොකියයි. යම් වචනයක් සිදු වූ දෙයකට අදාල ඇත්තක් වුවත්, වැඩදායක නොවන්නේ නම්, අනුන් කැමති මනාප වුවත් එයද තථාගතයන් නොකියයි. යම් වචනයක් සිදුවූ දෙයකට අදාල ඇත්තක් වූත්, වැඩදායක වූත්, අනුන්ට කැමති මනාප වේ නම්, සුදුසු කල් දැන එය තථාගතයන් පවසයි. ‘මෙසේ නොකොට වචන කතා කරන බැවින් සුගතො යැයි දතයුතුය.

සබ‍්බථා විදිතලොකත‍්තා පන ලොකවිදූ. සො හි භගවා සභාවතො සමුදයතො නිරොධතො නිරොධූපායතොති සබ‍්බථා ලොකං අවෙදි අඤ‍්ඤාසි පටිවිජ‍්ඣි. යථාහ –

හැම අයුරින්ම ලෝකය පිළිබඳව දන්නා බැවින් ලොකවිදු ය. ඒ භාග්‍යවතුන් වහන්සේ ඇති සැටියෙන් ද - හේතු ලෙසින් ද - ඒ හේතු නැතිකිරීම සහ එයට පාදක මග අනුවද මුළු ලෝකයම අවබෝධයෙන්ම දැනගත්හ. මැනවින් දත්හ. විනිවිද දත්හ.

“යත්‍ථ ඛො, ආවුසො, න ජායති න ජීයති න මීයති න චවති න උපපජ‍්ජති, නාහං තං ගමනෙන ලොකස‍්ස අන‍්තං ඤාතෙය්‍යං දට‍්ඨෙය්‍යං පත‍්තෙය්‍යන‍්ති වදාමි. න චාහං, ආවුසො, අප‍්පත්‍වාව ලොකස‍්ස අන‍්තං දුක‍්ඛස‍්ස අන‍්තකිරියං වදාමි. අපි චාහං, ආවුසො, ඉමස‍්මිංයෙව බ්‍යාමමත‍්තෙ කළෙවරෙ සසඤ‍්ඤිම‍්හි සමනකෙ ලොකඤ‍්ච පඤ‍්ඤපෙමි ලොකසමුදයඤ‍්ච ලොකනිරොධඤ‍්ච ලොකනිරොධගාමිනිඤ‍්ච පටිපදං (සං· නි· 1.107; අ· නි· 4.45).

‘ඇවැත්නි, යම් තැනක ඉපදීම නැත්ද - දිරායාමක් නැත්ද - මියයාම, චුතවීම (නැවත) ඉපදීමක් නැත්ද - ගමන් කිරීමෙන් ඒ ලෝකයෙහි කෙළවරක් දැන ගන්නේ යැයි, දකින්නේ යැයි, පැමිණිය හැකියැයි මම නොකියමි. ඇවැත්නි, නොපැමිණීමෙන්ම ලෝකයෙහි කෙළවරක් හෝ දුක් කෙළවර කිරිමද මම නොකියමි. එතකුදු වුවත්, ඇවැත්නි, බඹයක් පමණ වූ දැනීම් හා ජීවමය වූ මේ සිරුරෙහි ලෝකයද පනවමි. ලෝකයට හේතුවද, ලෝකයෙහි නැතිකිරීමද, ලෝකය නැතිකිරීමේ පිළිවෙත් මගද පනවමි.’

“ගමනෙන න පත‍්තබ‍්බො, ලොකස‍්සන‍්තො කුදාචනං; න ච අප‍්පත්‍වා ලොකන‍්තං, දුක‍්ඛා අත්‍ථි පමොචනං.

ගමනෙන න පත්තබ්බො ලොකස්සන්තො කුදාචනං, න ච අප්පත්‍වා ලොකන්තං දුක්ඛා අත්‍ථි පමොචනං

‘කිසිකලෙකත් ලෝකයෙහි කෙළවරට ගමන් කිරීමෙන් නොපැමිණිය යුතුය. එසේ ලෝකයෙහි කෙළවරට නොපැමිණියද දුක් මුදාහැරිමට (ඉවත් කිරීමට මගක්) ඇත.’

“තස‍්මා හවෙ ලොකවිදූ සුමෙධො, ලොකන‍්තගූ වුසිතබ්‍රහ‍්මචරියො; ලොකස‍්ස අන‍්තං සමිතාවි ඤත්‍වා, නාසීසතී ලොකමිමං පරඤ‍්චා”ති. (සං· නි· 1.107; අ· නි· 4.45);

තස්මා භවෙ ලොකවිදූ සුමෙධො, ලොකන්තගූ වුසිත බ්‍රහ්මචරියො, ලොකස්ස අන්තං සමිතාවි ඤත්‍වා, නාසිංසති ලොකමිමං පරඤ්චා’ති

‘එහෙයින් ඒකාන්තයෙන්ම ලෝකය දත්, ලෝකයෙහි කෙළවරට පැමිණි, මග බඹසර විසූ නුවණැති (රහත් උතුමා) ලෝකයෙහි කෙළවර දැන, මෙලොවද-පරලොවද බලාපොරොත්තු නොවේ.’

අපි ච – තයො ලොකා සඞ‍්ඛාරලොකො සත‍්තලොකො ඔකාසලොකොති. තත්‍ථ “එකො ලොකො සබ‍්බෙ සත‍්තා ආහාරට‍්ඨිතිකා”ති (පටි· ම· 1.112) ආගතට‍්ඨානෙ සඞ‍්ඛාරලොකො වෙදිතබ‍්බො. “සස‍්සතො ලොකොති වා අසස‍්සතො ලොකොති වා”ති (දී· නි· 1.421; ම· නි· 1.269; සං· නි· 4.416; විභ· 937) ආගතට‍්ඨානෙ සත‍්තලොකො.

තවද සංඛාර ලෝක, සත්තලෝක, ඔකාස ලෝක යැයි ලෝක තුනකි. ‘සියළුම ජීවීහු ආහාර කැමති කොට පවත්නාහ’යි සඳහන් පරිදි එහි එක් ලෝකයක් ලෙස සංඛාර ලෝකය දත යුතුය. ‘සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා’ - ‘ලෝකය සදාකාලික හෝ සදාකාලික නොවේ’ යැයි සඳහන් පරිදි ‘සස්සතො ලොකොති වා අසස්සතො ලොකොතිවා’ සත්ත්ව ලෝකය දතයුතුය.

“යාවතා චන්‍දිමසූරියා පරිහරන‍්ති, දිසා භන‍්ති විරොචමානා; තාව සහස‍්සධා ලොකො, එත්‍ථ තෙ වත‍්තතී වසො”ති. (ම· නි· 1.503) –

යාවතා චන්‍දිම සුරියා පරිහරන්ති දිසාභන්ති විරොචනා, තාව සහස්සධා ලොකො එත්‍ථ තෙ වත්තතී වසො

‘සඳහිරු යම්තාක් තැනක් වටා සැරිසරමින් දිසාවන් (ආලෝකයෙන්) බබුළුවත්ද, එය එක් ලෝකයකි. එබඳු ලෝක දහසකි. ඒ ලෝක දහසෙහිම ඔබවහන්සේගේ බලය පවත්නේය.

ආගතට‍්ඨානෙ ඔකාසලොකො. තම‍්පි භගවා සබ‍්බථා අවෙදි. තථා හිස‍්ස “එකො ලොකො සබ‍්බෙ සත‍්තා ආහාරට‍්ඨිතිකා. ද‍්වෙ ලොකා නාමඤ‍්ච රූපඤ‍්ච. තයො ලොකා තිස‍්සො වෙදනා. චත‍්තාරො ලොකා චත‍්තාරො ආහාරා. පඤ‍්ච ලොකා පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා. ඡ ලොකා ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානි. සත‍්ත ලොකා සත‍්ත විඤ‍්ඤාණට‍්ඨිතියො. අට‍්ඨ ලොකා අට‍්ඨ ලොකධම‍්මා. නව ලොකා නව සත‍්තාවාසා. දස ලොකා දසායතනානි. ද‍්වාදස ලොකා ද‍්වාදසායතනානි. අට‍්ඨාරසලොකා අට‍්ඨාරස ධාතුයො”ති (පටි· ම· 1.112) අයං සඞ‍්ඛාරලොකොපි සබ‍්බථා විදිතො.

මේ ඔකාස ලෝකයයි. භාග්‍යවතුන් වහන්සේ ඒ පිළිබඳවද හැම ලෙසින්ම දන්නා සේක. සියළු ජීවීහු ආහාර හේතුකොට කැමතිකොට පවත්නාහයි දැක් වූ පරිදි එසේ එක් ලෝකයකි. නාමය ද රූපය ද ලෝක දෙකකි. වේදනා තුන ලෝක තුනකි. සතරාකාර වූ ආහාර ද ලෝක සතරකි. උපාදාන සමූහ පහද ලෝක පහකි. තම (සිරුරේ ඇස් ආදී) ආයතන හයද ලෝක හයකි. විඤ්ඤාණ හත පවත්නා ලෝකයද සතකි. අටලෝ දහමද ලෝක අටකි. නව සත්තාවාසද ලෝක නවයකි. ආයතන දහයද ලෝක දහයකි. ලෝක දොළහක් ලෙස ආයතන දොළහ ගැනේ. ධාතු දහඅට ලෝක දහඅටකි. මේ සංඛාර ලෝක සියළු ආකාරයෙන්ම දන්නා සේක.

යස‍්මා පනෙස සබ‍්බෙසම‍්පි සත‍්තානං ආසයං ජානාති, අනුසයං ජානාති, චරිතං ජානාති, අධිමුත‍්තිං ජානාති, අප‍්පරජක‍්ඛෙ මහාරජක‍්ඛෙ තික‍්ඛින්‍ද්‍රියෙ මුදින්‍ද්‍රියෙ, ස‍්වාකාරෙ ද‍්වාකාරෙ, සුවිඤ‍්ඤාපයෙ දුවිඤ‍්ඤාපයෙ, භබ‍්බෙ අභබ‍්බෙ සත‍්තෙ ජානාති. තස‍්මාස‍්ස සත‍්තලොකොපි සබ‍්බථා විදිතො. යථා ච සත‍්තලොකො, එවං ඔකාසලොකොපි. තථා හෙස එකං චක‍්කවාළං ආයාමතො ච විත්‍ථාරතො ච යොජනානං ද‍්වාදස සතසහස‍්සානි චතුතිංස සතානි ච පඤ‍්ඤාසඤ‍්ච යොජනානි.

එමෙන්ම සියළුම ජීවීන්ගේ සිත් හසර, සැඟවී පවත්නා රාගාදී කෙලෙස් පිළිබඳව දනිති. කෙලෙස් දූවිලි අඩු, කෙලෙස් දූවිලි වැඩි, තියුණු ඉඳුරන් ඇති, මුදු ඉඳුරන් ඇති, යහපත් පිළිවෙත් ඇති, අයහපත් පිළිවෙත් ඇති, පහසුවෙන් කරුණු වටහාදිය හැකි, පහසුවෙන් කරුණු වටහාදිය නොහැකි, කම්පල අදහන හා මිසදිටු ගති නැති, එවැනි ගති ඇති සියළු සතුන්ගේ ගතිසොබා දන්නා සේක. එහෙයින් මුළු සත්ත්ව ලෝකයම සියළු ආකාරයෙන්ම ද. එපරිදිම ඔකාස ලෝකය පිළිබඳවද දත්හ. එසේ එක් සක්වළක් දිගින් ද පළලින් ද යොදුන් දොළොස් ලක්ෂ තිස්හතර දහස් හාරසිය පනහකි.

පරික‍්ඛෙපතො –

සබ‍්බං සතසහස‍්සානි, ඡත‍්තිංස පරිමණ‍්ඩලං; දස චෙව සහස‍්සානි, අඩ‍්ඪුඩ‍්ඪානි සතානි ච.

සබ්බං සත සහස්සානි ඡත්තිංස පරිමණ්ඩලං, දස චෙව සහස්සානි අඩ්ඪුඩානි සතානිච

වට පමණින් යොදුන් තිස්හය ලක්ෂ දසදහස් තුන්සිය පනහකි.

තත්‍ථ –

එහි,

දුවෙ සතසහස‍්සානි, චත‍්තාරි නහුතානි ච; එත‍්තකං බහලත‍්තෙන, සඞ‍්ඛාතායං වසුන්‍ධරා.

දුවෙ සත සහස්සානි චත්තාරි නහුතානි ච, එත්තකා බහලත්තෙන සංඛාතායං වසුන්‍ධරා

මහපොළව යොදුන් දෙලක්ෂ හතළිස් දහසක් ඝනය.

තස‍්සායෙව සන්‍ධාරකං –

එහි දැරීම් ගැන (කියන විට),

චත‍්තාරි සතසහස‍්සානි, අට‍්ඨෙව නහුතානි ච; එත‍්තකං බහලත‍්තෙන, ජලං වාතෙ පතිට‍්ඨිතං.

චත්තාරි සතසහස්සානි අට්ඨෙව නහුතානිච, එත්තකං බහලත්තෙන ජලං වාතෙ පතිට්ඨිතං

යොදුන් හාරලක්ෂ අසූදහසක ජලය පිරී පවතී. එහි එපමණ ඝනකමකින් දිය පොළව දැරූ වාතලය (වා පොළව) පිහිටියේය.

තස‍්සාපි සන්‍ධාරකො –

එහිම දරාගැනීම් ගැන (කියනවිට),

නව සතසහස‍්සානි, මාලුතො නභමුග‍්ගතො; සට‍්ඨි චෙව සහස‍්සානි, එසා ලොකස‍්ස සණ‍්ඨිති.

නවසත සහස්සානි මාළුතො නභමුග්ගතො, සට්ඨිඤ්චෙව සහස්සානි එසා ලොකස්ස ඝණ්ඨීතී

යොදුන් නව ලක්‍ෂයක් අහසට නැගෙන වාතය පවත්නා මේ ලෝකය (කප්) සැටදහසක් පවතී.

එවං සණ‍්ඨිතෙ චෙත්‍ථ යොජනානං –

මෙසේ පිහිටි සක්වළක තොරතුරු මෙසේය.

චතුරාසීති සහස‍්සානි, අජ‍්ඣොගාළ‍්හො මහණ‍්ණවෙ; අච‍්චුග‍්ගතො තාවදෙව, සිනෙරු පබ‍්බතුත‍්තමො.

චතුරාසීති සහස්සානි අජ්ඣොගාළ්හො මහණ්ණවෙ, අච්චුග්ගතො තාවදෙව සිනෙරු පබ්බතුත්තමො

යොදුන් අසූහාර දහසක් මහ සයුරෙහි ගිලී සිටි මහා මේරු පව්ව එකෙණෙහිම උඩට නැගුණි.

තතො උපඩ‍්ඪුපඩ‍්ඪෙන, පමාණෙන යථාක‍්කමං; අජ‍්ඣොගාළ‍්හුග‍්ගතා දිබ‍්බා, නානාරතනචිත‍්තිතා.

තතො උපඩ්ඪුපඩ්ඪෙන පමාණෙන යථාකම්මං, අජ්ඣොගාළහුග්ගතා දිබ්බා නා නාරතන චිත්තිතා

එහි අඩක් පමණ වූ හෙවත් යොදුන් හතළිස් දෙදහසක් මුහුදෙහි ගිලුණු, එපමණකින් ඉහළට නැගුණු දිව රුවනින් විසිතුරු වූ,

යුගන්‍ධරො ඊසධරො, කරවීකො සුදස‍්සනො; නෙමින්‍ධරො විනතකො, අස‍්සකණ‍්ණො ගිරි බ්‍රහා.

යුගන්‍ධරො ඊසධරො කරවීකො සුදස්සනො, නෙමින්‍ධරො විනතකො අස්සකණ්ණො ගිරිබ්‍රහා

යුගන්ධර, ඊසධර, කරවීක, සුදස්සන, නෙමින්‍ධර, විනතක, අස්සකණ්ණ නම් වූ,

එතෙ සත‍්ත මහාසෙලා, සිනෙරුස‍්ස සමන‍්තතො; මහාරාජානමාවාසා, දෙවයක‍්ඛනිසෙවිතා.

එතෙ සත්ත මහාසෙලා සිනෙරුස්ස සමන්තතො, මහාරාජනමාවාසා දෙවයක්ඛ නිසෙවිතා

මහමෙර හාත්පස පිහිටි මෙම සත්කුළු පව් දෙවියන් යකුන් සෙව්නා වූ මහරජුනටද නිවහනකි.

යොජනානං සතානුච‍්චො, හිමවා පඤ‍්ච පබ‍්බතො; යොජනානං සහස‍්සානි, තීණි ආයතවිත්‍ථතො.

යොජනානං සතානුච්චො හිමවා පඤ්ච පබ්බතො, යොජනානං සහස්සානි තීණි ආයත විත්‍ථතො

[missing trans]

චතුරාසීතිසහස‍්සෙහි, කූටෙහි පටිමණ‍්ඩිතො; තිපඤ‍්චයොජනක‍්ඛන්‍ධ-පරික‍්ඛෙපා නගව‍්හයා.

චතුරාසීති සහස්සෙහි කූටෙහි පතිමණ්ඩිතො, තිපඤ්ච යොජනක්ඛන්‍ධ පරික්ඛෙපා නභව්හයා

හිමාලයෙහි යොදුන් පන්සියයක් උස, දිගින් පළලින් යොදුන් තුන්දහසක් වූ ගිරිකුළු (කඳු) අසූහාර දහසකි.

පඤ‍්ඤාසයොජනක‍්ඛන්‍ධ-සාඛායාමා සමන‍්තතො; සතයොජනවිත්‍ථිණ‍්ණා, තාවදෙව ච උග‍්ගතා; ජම‍්බූ යස‍්සානුභාවෙන, ජම‍්බුදීපො පකාසිතො. (විසුද‍්ධි· 1.137; ධ· ස· අට‍්ඨ· 584);

පඤ්ඤාස යොජනක්ඛන්‍ධ සාඛායාමා සමන්තතො, සතයොජන විත්‍ථිණ්ණ තාවදෙව ච උග්ගතා, ජම්බු යස්සානුභාවෙන ජම්බුදීපො පකාසිතො

යොදුන් පහළොවක් වට කඳින් යුතු, යොදුන් පනහක් උසට අහසට නැගි, මහ කඳකින්ද, හාත්පස වටා විහිද ගිය අතු පතරින් හෙබි, යොදුන් හතක් පළල් වූ, එකෙණෙහිම ඉහළට මතු වූ දඹගසක බලයෙන් ‘දඹදිව’ යැයි කියනු ලැබේ.

යඤ‍්චෙතං ජම‍්බුයා පමාණං, එතදෙව අසුරානං චිත‍්තපාටලියා, ගරුළානං සිම‍්බලිරුක‍්ඛස‍්ස, අපරගොයානෙ කදම‍්බස‍්ස, උත‍්තරකුරූසු කප‍්පරුක‍්ඛස‍්ස, පුබ‍්බවිදෙහෙ සිරීසස‍්ස, තාවතිංසෙසු පාරිච‍්ඡත‍්තකස‍්සාති. තෙනාහු පොරාණා –

ඒ දඹගසෙහි පමණටම අසුරයන්ගේ සිත් පළොල් රුකද, ගුරුළන්ගේ ඉඹුල් රුකද, අපරගොයානයෙහි කොළොම් රුකද, උතුරුකුරු දිවයින්වල කප් රුකද, පුබ්බ විදෙහයෙහි මහරි රුකද, තව්තිසාවෙහි පරසතු රුකද වේ. එහෙයින් පැරණි ඇදුරෝ මෙසේ කීහ.

“පාටලී සිම‍්බලී ජම‍්බූ, දෙවානං පාරිච‍්ඡත‍්තකො; කදම‍්බො කප‍්පරුක‍්ඛො ච, සිරීසෙන භවති සත‍්තමං.

පාටලී සිම්බලී ජම්බු දෙවානං පාරිච්ඡත්තකො, කදම්බො කප්පරුක්ඛො ච සිරීසෙන භවති සත්තමං

“ද‍්වෙ අසීති සහස‍්සානි, අජ‍්ඣොගාළ‍්හො මහණ‍්ණවෙ; අච‍්චුග‍්ගතො තාවදෙව, චක‍්කවාළසිලුච‍්චයො; පරික‍්ඛිපිත්‍වා තං සබ‍්බං, ලොකධාතුමයං ඨිතො”ති. (විසුද‍්ධි· 1.137; ධ· ස· අට‍්ඨ· 584);

ද්වෙ අසීති සහස්සානි [missing pali] චක්කවාළ සිලූච්චයො, පරික්ඛිපිත්‍වා තං සබ්බං ලොකධාතුමයං ඨිතො

මුළු ලෝ ධාතුව වටා පිහිටි සක්වළ පව්ව යොදුන් අසූ දෙදහසක් මහ සයුරෙහි ගිලී, එකෙණෙහිම ඉහළට නැගුණි.

තත්‍ථ චන්‍දමණ‍්ඩලං එකූනපඤ‍්ඤාසයොජනං, සූරියමණ‍්ඩලං පඤ‍්ඤාසයොජනං, තාවතිංසභවනං දසසහස‍්සයොජනං, තථා අසුරභවනං අවීචිමහානිරයො ජම‍්බුදීපො ච. අපරගොයානං සත‍්තසහස‍්සයොජනං. තථා පුබ‍්බවිදෙහො. උත‍්තරකුරු අට‍්ඨසහස‍්සයොජනො. එකමෙකො චෙත්‍ථ මහාදීපො පඤ‍්චසතපඤ‍්චසතපරිත‍්තදීපපරිවාරො. තං සබ‍්බම‍්පි එකං චක‍්කවාළං එකා ලොකධාතු. තදන‍්තරෙසු ලොකන‍්තරිකනිරයා . එවං අනන‍්තානි චක‍්කවාළානි අනන‍්තා ලොකධාතුයො භගවා අනන‍්තෙන බුද‍්ධඤාණෙන අවෙදි අඤ‍්ඤාසි පටිවිජ‍්ඣි. එවමස‍්ස ඔකාසලොකොපි සබ‍්බථා විදිතො. එවම‍්පි සබ‍්බථා විදිතලොකත‍්තා ලොකවිදූ.

ඒ සක්වළ සඳමඩල හතළිස් නව යොදුනකි. හිරුමඩල යොදුන් පනහකි. තව්තිසාව යොදුන් දසදහසකි. අසුර භවන, අවීචි මහා නිරය, දඹදිව ද එපමණම වේ. අපරගොයානය, පුබ්බ විදේහය යොදුන් හත්දහසකි. උතුරුකුරු දිවයින යොදුන් අටදහසකි. ඒ එක් එක් මහා දිවයිනකටද පන්සියයක්, පන්සියයක් බැගින් වූ කුඩා පිරිවර දිවයින් ඇත. ඒ සියල්ලමද එක් සක්වළක වෙයි. එකම ලෝධාතුවකි. සක්වළ අතරෙහි ලෝකාන්තරික නිරය පිහිටියේය. මෙසේ කෙළවරක් නොවන සක්වළ හා කෙළවරක් නොවන ලෝධාතු පමණ කළ නොහැකි බුදුනැණින් භාග්‍යවතුන් වහන්සේ හැම අයුරින්ම හඳුනා දැනගත්හ. පිරිසිඳ දත්හ. මෙසේ ඔකාස ලෝකයද මුළුමනින්ම දන්නා ලද බැවින් මුළු ලොවද දන්නා බැවින් ලොකවිදූ වෙති.

අත‍්තනො පන ගුණෙහි විසිට‍්ඨතරස‍්ස කස‍්සචි අභාවතො නත්‍ථි එතස‍්ස උත‍්තරොති අනුත‍්තරො. තථා හෙස සීලගුණෙනපි සබ‍්බං ලොකං අභිභවති සමාධි…පෙ… පඤ‍්ඤා… විමුත‍්ති… විමුත‍්තිඤාණදස‍්සනගුණෙනපි. සීලගුණෙනපි අසමො අසමසමො අප‍්පටිමො අප‍්පටිභාගො අප‍්පටිපුග‍්ගලො…පෙ… විමුත‍්තිඤාණදස‍්සනගුණෙනපි. යථාහ – “න ඛො පනාහං පස‍්සාමි සදෙවකෙ ලොකෙ…පෙ… සදෙවමනුස‍්සාය අත‍්තනා සීලසම‍්පන‍්නතර”න‍්ති (සං· නි· 1.173; අ· නි· 4.21) විත්‍ථාරො.

තම ගුණවලට වඩා උසස් ගුණවලින් යුතු වෙනත් කිසිවකු නොමැති බැවින් අනුත්තරො නම් වෙති. එසේම සීල ගුණයෙන්ද සියළු ලෝකයා ඉක්මවා යති. සමාධි - පඤ්ඤා - විමුත්ති - විමුත්ති ඤාණදස්සන ගුණයෙන්ද, සීල ගුණයෙන්ද (අන් කෙනෙකු) අසමානයහ. සමාන වූවකු නැත. එහෙයින් මෙසේ කීහ. ‘මහණෙනි, දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ මේ ලෝකයෙහි දෙව්මිනිසුන් අතර සීල සම්පත්තියෙන් ඉතා උසස් වූ (තමාට වඩා) කෙනෙක් මම නො දකිමි’ - ‘න ඛො පනාහං භික්ඛවෙ සමනුපස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ -පෙ- සදෙව මනුස්සාය අත්තනා සීල සම්පන්නතරං’ යැයි දැක්වේ.

එවං අග‍්ගපසාදසුත‍්තාදීනි (අ· නි· 4.34; ඉතිවු· 90) “න මෙ ආචරියො අත්‍ථී”තිආදිකා (ම· නි· 1.285; මහාව· 11; කථා· 405; මි· ප· 4.5.11) ගාථායො ච විත්‍ථාරෙතබ‍්බා.

මෙසේ අග්ගප්පසාද සූත්‍ර ආදියෙන්ද ‘මට ගුරුවරයෙක් නැත ‘න මෙ ආචරියො අත්‍ථි’ ආදී ගාථාද විස්තර කළ යුතුය.

පුරිසදම‍්මෙ සාරෙතීති පුරිසදම‍්මසාරථි, දමෙති විනෙතීති වුත‍්තං හොති. තත්‍ථ පුරිසදම‍්මාති අදන‍්තා දමෙතුං යුත‍්තා තිරච‍්ඡානපුරිසාපි මනුස‍්සපුරිසාපි අමනුස‍්සපුරිසාපි . තථා හි භගවතා තිරච‍්ඡානපුරිසාපි අපලාලො නාගරාජා චූළොදරො මහොදරො අග‍්ගිසිඛො ධූමසිඛො අරවාළො නාගරාජා ධනපාලකො හත්‍ථීති එවමාදයො දමිතා නිබ‍්බිසා කතා, සරණෙසු ච සීලෙසු ච පතිට‍්ඨාපිතා. මනුස‍්සපුරිසාපි සච‍්චකනිගණ‍්ඨපුත‍්තඅම‍්බට‍්ඨමාණවපොක‍්ඛරසාතිසොණදන‍්තකූටදන‍්තාදයො. අමනුස‍්සපුරිසාපි ආළවකසූචිලොමඛරලොමයක‍්ඛසක‍්කදෙවරාජාදයො දමිතා විනීතා විචිත්‍රෙහි විනයනූපායෙහි. “අහං ඛො කෙසි පුරිසදම‍්මෙ සණ‍්හෙනපි විනෙමි, ඵරුසෙනපි විනෙමි, සණ‍්හඵරුසෙනපි විනෙමී”ති (අ· නි· 4.111) ඉදඤ‍්චෙත්‍ථ සුත‍්තං විත්‍ථාරෙතබ‍්බං. අපි ච භගවා විසුද‍්ධසීලාදීනං පඨමජ‍්ඣානාදීනි සොතාපන‍්නාදීනඤ‍්ච උත‍්තරිමග‍්ගපටිපදං ආචික‍්ඛන‍්තො දන‍්තෙපි දමෙතියෙව.

දමනය කොට හික්මවීමට සුදුසු පුද්ගලයන් හසුරුවන අරුතින් පුරිසදම්ම සාරථි වේ. දමනය කරයි. හික්මවයි යනුවෙන් කියන ලදී. එහි පුරිසධම්ම යනු නොදැහැමි වූවන් දැහැමි මගට යොමු කිරීමයි. මෙහිලා තිරිසන් (සොබාව ඇති) මිනිසුන්ද, නොමිනිස් ගති ඇති මිනිසුන්ද ගැනේ. එසේම භාග්‍යවතුන් වහන්සේ තිරිසන් මිනිසුන්ද, අපලාල නා රජ, චූළෝදර, මහෝදර, අග්ගිසිඛ, ධූමසිඛ, ආරවාළ නාරජ ධනපාල ඇතු මේ ආදීහු දමනය කරන ලදී. නපුරු ගති දුරුකරන ලදී. සරණ සිල්හිද පිහිටුවන ලදී. මිනිසුන් අතර, සච්චක, නිගණ්ඨපුත්, තරුණ අම්බට්ඨ, පොක්ඛරසාති, සොණදණ්ඩ, කූටදන්ත ආදීන්ද - නොමිනිසුන් අතර ආළවක, සුචිලෝම, ඛරලෝම, යක්කු, සක්දෙව් ආදීහු හික්මවීමෙහිලා විසිතුරු උපාමං මගින් දමනය කරන ලදහ. ‘කේසි, මම නොදැහැමි මිනිසුන් දමනය කොට හික්මවීමේදී මුදු මොළොක් ලෙසද හික්මවමි. රළු ලෙසද හික්මවමි. මොළොක්වද, රළුවෙන්ද හික්මවමි’ ‘අහං ඛො කෙසි, පුරිසධම්මෙ සණ්හෙනපි විනෙමි, එරුසෙනපි විනෙමි, සණ්හ ඵරුසෙනපි විනෙමි’ මෙහිලා මෙම සූත්‍රයද විස්තර විය යුතුය. තවද, භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු සිල් ආදී ඇත්තවුන්ට පළමු දැහැන ආදියෙන්ද, සෝවාන් පල ලාභීනට ඉන් එහා මග පිළිවෙතද පහදා දෙමින් දැමුණු බවට පත්වූවන්ද (තවදුරටත්) දමනය කරති.

අථ වා අනුත‍්තරො පුරිසදම‍්මසාරථීති එකමෙවිදං අත්‍ථපදං. භගවා හි තථා පුරිසදම‍්මෙ සාරෙති, යථා එකපල‍්ලඞ‍්කෙනෙව නිසින‍්නා අට‍්ඨ දිසා අසජ‍්ජමානා ධාවන‍්ති. තස‍්මා “අනුත‍්තරො පුරිසදම‍්මසාරථී”ති වුච‍්චති. “හත්‍ථිදමකෙන, භික‍්ඛවෙ, හත්‍ථි දම‍්මො සාරිතො එකංයෙව දිසං ධාවතී”ති ඉදඤ‍්චෙත්‍ථ සුත‍්තං (ම· නි· 3.312) විත්‍ථාරෙතබ‍්බං.

නැතහොත්, අනුත්තරො පුරිසදම්ම සාරථී යනු (පද දෙකක් වූවත්) එකම අරුත් ඇත. භාග්‍යවතුන් වහන්සේ එක පලඟකම වැඩහිඳිමින් අටදිසාවෙහිම නොගැටෙමින්, හැමතැන ආවරණය වන පරිද්දෙන් දැහැමි නොවූවන් හික්මවත්ද එහෙයින් ‘අනුත්තරො පුරිසදම්ම සාරථි’ යැයි කියනු ලැබේ.

වීරියවාති අරියමග‍්ගෙන සබ‍්බපාපකෙහි විරතො. පහූති පභූ. විසවීති පරසන‍්තානෙ වීරියුප‍්පාදකො. අලමත‍්තොති සමත්‍ථචිත‍්තො.

විරතවා උතුම් මගෙන් සියළු පාපී අයහපතින් වෙන්වූයේ, පහූ බොහෝ විසවි අනුගේ සිත්සතන්හි උත්සාහය උපදවමින්, අලමත්තො හැකියාවට යොමු වූ සිත.

විරතොති අරියමග‍්ගෙන විරතත‍්තා ආයතිං අප‍්පටිසන්‍ධිකො. සබ‍්බපාපකෙහි නිරයදුක‍්ඛං අතිච‍්චාති ආයතිං අප‍්පටිසන්‍ධිතාය නිරයදුක‍්ඛං අතිච‍්ච ඨිතො. වීරියවාසොති වීරියනිකෙතො. සො වීරියවාති සො ඛීණාසවො “වීරියවා”ති වත‍්තබ‍්බතං අරහති. පධානවා වීරො තාදීති ඉමානි පනස‍්ස ථුතිවචනානි. සො හි පධානවා මග‍්ගජ‍්ඣානපධානෙන, වීරො කිලෙසාරිවිද‍්ධංසනසමත්‍ථතාය, තාදි නිබ‍්බිකාරතාය පවුච‍්චතෙ තථත‍්තාති තථාරූපො “වීරියවා”ති පවුච‍්චති.

විරතො උතුම් මගෙන් (කෙලෙසුන් ඉවත හළ බැවින්) නැවත භවයක පිළිසිඳ ගැනීමෙන් තොරව, සබ්බපාපකෙහි නිරයදුක්ඛමතිච්ච නැවත නූපදනා බැවින් නිරයෙහි දුක්ද ඉක්මවා සිටි, විරියවාසො උත්සාහයට නිවහනක් බඳු, සො විරියවා ඒ කෙලෙස් නැසූ උතුමා උත්සාහවන්තයා ලෙස කීමට සුදුසුය. පධානවා වීරො තාදී මේ තුති වචනයි. මගපිළිවෙත්හි ඇරඹි උත්සාහය සළකා පධානවා (යයිද කියයි.) කෙලෙස් නැති කිරීමට හැකිවීමෙන්, කම්පා වීමෙන් නොවෙනස්ව වීරො, පවුච්චතෙ තථත්තා එබඳු උත්සාහවන්තයෙකැයි කියනු ලැබේ. තෙ කාම කාමිනො රූපාදි වත්‍ථුකාමවලට කැමතිව, රාග රාගිනො රාගයෙන් ඇලීගැලී, සඤ්ඤා සඤ්ඤිනො රාග හැඟීමෙන් බරව.

තෙ කාමකාමිනොති එතෙ රූපාදිවත්‍ථුකාමෙ ඉච‍්ඡන‍්තා. රාගරාගිනොති රාගෙන රඤ‍්ජිතා. සඤ‍්ඤාසඤ‍්ඤිනොති රාගසඤ‍්ඤාය සඤ‍්ඤිනො. න කාමෙ කාමෙතීති රූපාදිවත්‍ථුකාමෙ න පත්‍ථෙති. අකාමොති කාමෙහි විරහිතො. නික‍්කාමොති නික‍්කන‍්තකාමො.

න කාමෙ කාමෙති රූපාදී දේවල කැමති බවක් නොපතයි. අකාමො කාමයන් රහිතව, නික්කමො කාමයන්ගෙන් වෙන්ව,

සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණන‍්ති තියද‍්ධගතං සබ‍්බනෙය්‍යපථං ජානාතීති සබ‍්බඤ‍්ඤූ, තස‍්ස භාවො සබ‍්බඤ‍්ඤුතා, සබ‍්බඤ‍්ඤුතා එව ඤාණං සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණං, සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණසඞ‍්ඛාතං නෙත‍්තඤ‍්ච වාසනාය සහ කිලෙසෙ පරාජෙත්‍වා ජිතත‍්තා ජිනභාවො ච අපුබ‍්බං අචරිමං අපුරෙ අපච‍්ඡා එකස‍්මිං ඛණෙ එකස‍්මිං කාලෙ උප‍්පන‍්නො පුබ‍්බන‍්තතො උද‍්ධං පන‍්නොති උප‍්පන‍්නො.

සබ්බඤ්ඤුත ඤාණං සියළු දතයුතු දේ තෙආකාරන්ගෙන් දැනගත් අරුතින්, එයට පැමිණීම හෙවත් සියල්ල දන්නා බව. ඒ සියල්ල දන්නා බවේ නුවණයි. එසේ සියල්ල දන්නා බව යැයි කියනු ලබන ඇසින්, පෙර පුරුදු සහ කෙලෙස් පරාජය කොට දිනන ලදින්, එසේ දිනීම, පෙර නොවූ විරූ, පසු නොවූ, එකම මොහොතෙහි, එකම කාලයෙහි පෙර පටන්ගැන්මේ සිට මතුපිටට පැමිණීම් අරුතින් උපන්නේය.

තෙජී තෙජසාති තෙජෙන සමන‍්නාගතො තෙජසා අභිභුය්‍ය. යමහං විජඤ‍්ඤං ජාතිජරාය ඉධ විප‍්පහානන‍්ති යං අහං ජාතිජරාය පහානභූතං ධම‍්මං ඉධෙව ජානෙය්‍යං.

තෙජි තෙජසා බලයෙන් යුතු බැවින් බලයෙන් (අන් හැම) අබිබවා, යමහං විජඤ්ඤං ජාති ජරාය ඉධ විප්පහානං ඒ මම ජාති ජරා නැති කිරීමේ සොබාව මෙහිම (මේ ජීවිතය) දැනගතිමි.

ජගතීති පථවී. සබ‍්බං ආකාසගතන‍්ති සකලං ආකාසෙ පවත‍්තං පත්‍ථටං. තමගතන‍්ති තමමෙව තමගතං අන්‍ධකාරං යථා ගූථගතං මුත‍්තගතන‍්ති. අභිවිහච‍්චාති නාසෙත්‍වා. අන්‍ධකාරං විධමිත්‍වාති චක‍්ඛුවිඤ‍්ඤාණුප‍්පත‍්තිනිවාරකං අන්‍ධකාරං පලාපෙත්‍වා. ආලොකං දස‍්සයිත්‍වාති සූරියාලොකං දස‍්සයිත්‍වා. ආකාසෙති අජටාකාසෙ. අන‍්තලික‍්ඛෙති අන‍්තරධාතුසමත්‍ථතුච‍්ඡොකාසෙ. ගගනපථෙති දෙවතානං ගමනමග‍්ගෙ ගච‍්ඡති. සබ‍්බං අභිසඞ‍්ඛාරසමුදයන‍්ති සකලං කම‍්මං සමුදයං උප‍්පාදං, තණ‍්හන‍්ති අත්‍ථො. කිලෙසතමං අවිජ‍්ජන්‍ධකාරං විධමිත්‍වාති කිලෙසතමසඞ‍්ඛාතං අඤ‍්ඤාණං අවිජ‍්ජන්‍ධකාරං නීහරිත්‍වා නාසෙත්‍වා. ඤාණාලොකං පඤ‍්ඤාලොකං දස‍්සයිත්‍වා. වත්‍ථුකාමෙ පරිජානිත්‍වාති රූපාදිවත්‍ථුකාමෙ ඤාතතීරණපරිඤ‍්ඤාය ජානිත්‍වා. කිලෙසකාමෙ පහායාති උපතාපනසඞ‍්ඛාතෙ කිලෙසකාමෙ පහානපරිඤ‍්ඤාය පජහිත්‍වා.

ජගතී පොළව, මුළු අහසෙහිම පවත්නා, පැතිරුණු, තමගතන්ති තමමෙව අසූචි තැවරුණ, මුත්‍රා තැවරුණු බව දැක්වෙන සේ තම හෙවත් අඳුරින් වැසුණු, අභිවිභච්ච නසා, අන්‍ධකාරං විධමෙත්‍වා ඇසින් හඳුනා ගැනීමට (හැකි පරිදි) අඳුර වළකා, පලවා හැර, ආලොකං දස්සයිත්‍වා හිරුඑළිය පෙන්වා, ආකාසෙ අජටාකාසයෙහි, අන්තළික්ඛෙ අහස හා පොළව අතර හිස් අහසෙහි, ගගනපථෙ දේවතාවුන්ගේ ගමන්මගෙහි යයි. සබ්බං අභිසංඛාර සමුදයං සියළුම කම්ම හේතුකොට ඇති වූ, හටගත් තණ්හාව යන අරුතයි. කිලෙසතමං අවිජ්ජන්‍ධකාරං විධමෙත්‍වා කෙලෙස් යැයි කියන ලද අවිඳු අඳුර පලවා හැර, නසා, නුවණ නැමති ආලෝකය, සියුම් නුවණ නැමති ආලෝකය පෙන්වා, වත්‍ථූකාමෙ පරිජානිත්‍වා රූපාදී දේවල් කෙරෙහි ඇති ආසාව ගැන නුවණින් හා (එහි අයහපත ගැන) තීරණය කිරීමේ නුවණින් දැන, කිලෙසකාමෙ පහාය තැවෙන-හිරිහැර පමුණුවන බවට - හඳුන්වන ලද කෙලෙස් ආසා නැති කිරීම දැන, දුරුකොට.

අථස‍්ස භගවා තං ධම‍්මං ආචික‍්ඛන‍්තො උපරූපරිගාථායො අභාසි. තත්‍ථ නෙක‍්ඛම‍්මං දට‍්ඨු ඛෙමතොති නිබ‍්බානඤ‍්ච නිබ‍්බානගාමිනිඤ‍්ච පටිපදං “ඛෙම”න‍්ති දිස‍්වා. උග‍්ගහිතන‍්ති තණ‍්හාවසෙන දිට‍්ඨිවසෙන ගහිතං. නිරත‍්තං වාති නිරස‍්සිතබ‍්බං වා, මුඤ‍්චිතබ‍්බන‍්ති වුත‍්තං හොති. මා තෙ විජ‍්ජිත්‍ථාති මා තෙ අහොසි. කිඤ‍්චනන‍්ති රාගාදිකිඤ‍්චනං, තම‍්පි තෙ මා විජ‍්ජිත්‍ථ.

එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහුට දහම් කරුණු දක්වමින්, ගාථා තුනකින් පැහැදිලි කළහ. නෙක්ඛම්මං දට්ඨුං ඛෙමතො නිවනද නිවනට මගපිලිවෙත ද ‘බිය රහිත’ යැයි දැක, උග්ගහිතං දැඩි හැඟීම් ලෙස ගත්, නිරත්තංවා ඉවත් කළ යුතු, අත්හළ යුතු යැයි කියන ලදී. මා තෙ විජ්ජිත්‍ථ ඔබට නොවේවා! නිරස්සිතබ්බං දුරු කළ යුතුය.

මුඤ‍්චිතබ‍්බන‍්ති මුඤ‍්චිත්‍වා න පුන ගහෙතබ‍්බං. විජහිතබ‍්බන‍්ති චජිතබ‍්බං. විනොදෙතබ‍්බන‍්ති ඛිපිතබ‍්බං. බ්‍යන‍්තීකාතබ‍්බන‍්ති විගතන‍්තං කාතබ‍්බං . අනභාවං ගමෙතබ‍්බන‍්ති අනු අනු අභාවං ගමෙතබ‍්බං.

මුඤ්චිතබ්බං ඉවත ලා නැවත නොගත යුතුය. පජහිතබ්බං හැරදැමිය යුතුය. විනොදෙතබ්බං අත්හළ යුතුය. බ්‍යන්තිකාතබ්බං ඉවත් කිරිමට කටයුතු කළයුතුය. අනභාවං ගමෙතබ්බං මදක් ඉතිරි නොකොට මුළුමනින්ම නැසිය යුතුය.

පුබ‍්බෙති අතීතෙ සඞ‍්ඛාරෙ ආරබ‍්භ උප‍්පන‍්නකිලෙසා. බ්‍රාහ‍්මණාති භගවා ජතුකණ‍්ණිං ආලපති. සෙසං සබ‍්බත්‍ථ පාකටමෙව.

පුබ්බෙ අතීතයෙහි කළ කී දෑ අනුව උපන් කෙලෙස්, බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ ඡතුකණ්ණි අමතති. ඉතිරි කරුණු පැහැදිලිය.

එවං භගවා ඉදම‍්පි සුත‍්තං අරහත‍්තනිකූටෙනෙව දෙසෙසි, දෙසනාපරියොසානෙ ච පුබ‍්බසදිසො එව ධම‍්මාභිසමයො අහොසීති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රයද අරහත් බව කුළුගන්වමින් දේසනා කළහ. දේශනාව අවසන පෙර කී පරිදිම බොහෝ දෙනාට දහම් අවබෝධ විය.

සද‍්ධම‍්මප‍්පජ‍්ජොතිකාය චූළනිද‍්දෙස-අට‍්ඨකථාය

සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි

ජතුකණ‍්ණිමාණවසුත‍්තනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

ජතුකණ්ණි සූත්‍ර වර්ණනාව නිමියේ ය.