12. භද්රාවුධමාණවසුත්තනිද්දෙසවණ්ණනා අට්ඨකථා
12. භද්රාවුධමාණවසුත්තනිද්දෙසවණ්ණනා
12. භද්‍රාවුධ සූත්‍ර නිර්දේශ වර්ණනාව
ද්වාදසමෙ භද්රාවුධසුත්තෙ – ඔකඤ්ජහන්ති ආලයං ජහං. තණ්හච්ඡිදන්ති තණ්හාකායච්ඡිදං. අනෙජන්ති ලොකධම්මෙසු නික්කම්පං. නන්දිඤ්ජහන්ති අනාගතරූපාදිපත්ථනාජහං. එකා එව හි සා තණ්හා, ථුතිවසෙන ඉධ නානප්පකාරතො වුත්තා. කප්පඤ්ජහන්ති දුවිධං කප්පජහං. අභියාචෙති අතිවිය යාචාමි. සුත්වාන නාගස්ස අපනමිස්සන්ති ඉතොති නාගස්ස තව භගවතො වචනං සුත්වා ඉතො පාසාණකචෙතියතො බහුජනා පක්කමිස්සන්තීති අධිප්පායො.
දොළොස්වන භද්‍රාවුධ සූත්‍රයයි. ඔකං ජහං (ගිහිගෙයි) ආසාව දුරලූ, තණ්හාච්ඡිදං සිරුර හා බැඳි තණ්හාව නසන ලද, අනෙජං ලෝ දහමෙහි කම්පානොවන, නන්දිං ජහං අනාගතයෙහිදී රූපාදී බලාපොරොත්තු හැර දැමූ, තණ්හාව නම් වූ එකම කරුණ ගැන (තථාගතයන් වහන්සේ විසින් පැවසීම) අගය කිරීමේ අදහසින් මෙහි නොයෙක් ආකාරයෙන් කියන ලදී. කප්පං ජහං දෙ ආකාරයෙන් (තණ්හා-දිටඨි) කල්පනා දුරලන ලද, අභියාචෙමි වෙසෙසින් අයදිමි, සුත්වාන නාගස්ස අපනමිස්සන්ති ඉතො අති උතුම් වූ භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේගේ වචන අසා මේ පාසාණක චෙතිය (පෙදෙසින්) බොහෝ ජනයා පැමිණෙතියි අදහස් වේ.
යෙ උපයුපාදානාති තණ්හාදිට්ඨීහි උපගන්ත්වා ගහිතා. චෙතසො අධිට්ඨානාති චිත්තෙ පතිට්ඨිතා. අභිනිවෙසානුසයාති පතිට්ඨහිත්වා ආගන්ත්වා සයිතා.
යෙ උපායුපාදානා තණ්හා දිට්ඨිවලට එළඹ ගන්නා ලද, චෙතසො අධිට්ඨානා සිතෙහි පිහිටුවාගෙන, අභිනිවෙසානුසයා (එසේ) පිහිටුවාගෙන අවුත් (යටපත් කොට) තබාගන්නා ලද,
ජනපදෙහි සඞ්ගතාති අඞ්ගාදීහි ජනපදෙහි ඉධ සමාගතා. වියාකරොහීති ධම්මං දෙසෙහි.
ජනපදෙහි සංගතා අංග ආදී ජනපදවලින් මෙහි පැමිණි, වියාකරොහි දහම් දෙසනු මැනවි.
සඞ්ගතාති එතෙ ඛත්තියාදයො එකීභූතා. සමාගතාති වුත්තප්පකාරෙහි ජනපදෙහි ආගතා. සමොහිතාති රාසීභූතා. සන්නිපතිතාති අධියොගා.
සංගතා ඒ තීර්ථක ආදීන් ද එක්රැස්ව, සමාගතා (පෙර) කී පරිදි ජනපදවලින් පැමිණි, සමොහිතා රැස්වූ, සන්නිපතිතා වෙන් නොවූ.
අථස්ස ආසයානුලොමෙන ධම්මං දෙසෙන්තො භගවා උපරූපරිගාථායො අභාසි. තත්ථ ආදානතණ්හන්ති රූපාදීනං ආදායිකං ගහණතණ්හං, තණ්හුපාදානන්ති වුත්තං හොති. යං යඤ්හි ලොකස්මිමුපාදියන්තීති එතෙසු උද්ධාදිභෙදෙසු යං යං ගණ්හන්ති. තෙනෙව මාරො අන්වෙති ජන්තුන්ති තෙනෙව උපාදානපච්චයනිබ්බත්තකම්මාභිසඞ්ඛාරනිබ්බත්තවසෙන පටිසන්ධික්ඛන්ධමාරො තං සත්තං අනුගච්ඡති.
[missing trnas] ගැලපෙන පරිදි (ඉදිරි) ගාථා වදාළහ. අදාන තණ්හං රූප ආදියෙහි අරමුණු කොට දැඩිව ගත් තණ්හා ආසාව තණ්හා උපාදාන ලෙස කියන ලදී. යං යං හි ලොකස්මිං උපාදියන්ති ඒවා පිළිබඳව මුලසිටම - යම් යම් ආකාරයෙන් සිතා දැඩිව ගනිති. තෙනෙව මාරො අන්වෙති ජන්තුං ඒවා දැඩිකොට ගැනීමෙන්ම කරන කියන කටයුතුවල හටගනු ලබන - එක්රැස්වන පලවිපාක අනුව (සසර) පිළිබඳ ගැනෙන (රූප වේදනාදී) පිළිසිඳ ගත් පස්කඳ නම් වූ මාරයා සත්වග අනුව යයි.
තස්මා පජානන්ති තස්මා එතමාදීනවං අනිච්චාදිවසෙන වා සඞ්ඛාරෙ පජානන්තො. ආදානසත්තෙ ඉති පෙක්ඛමානො, පජං ඉමං මච්චුධෙය්යෙ විසත්තන්ති ආදාතබ්බට්ඨෙන ආදානෙසු රූපාදීසු සත්තෙ සබ්බලොකෙ ඉමං පජං මච්චුධෙය්යෙ ලග්ගං පෙක්ඛමානො , ආදානසත්තෙ වා ආදානාභිනිවිට්ඨෙ පුග්ගලෙ ආදානසඞ්ගහෙතුඤ්ච ඉමං පජං මච්චුධෙය්යෙ ලග්ගං තතො වීතික්කමිතුං අසමත්ථං ඉති පෙක්ඛමානො කිඤ්චනං සබ්බලොකෙ න උපාදියෙථාති. සෙසං සබ්බත්ථ පාකටමෙව.
තස්මං පජානං එහෙයින් ආදීනව අනිස ලෙසින් හෝ සසර බැඳීම් ලෙස හෝ දැනගැනීමෙන්, ආදාන සත්තෙ ඉති පෙක්ඛමානො පජං ඉමං මච්චුධෙය්ය විසත්තං අල්ලාගත යුතුය යන අරුත දනවන රූප ආදී එබඳු දෙයෙහි, මේ ලොව සියළු දෙනාම මාරයාගේ බලපෑම් බලා සිටිමින්, එසේ ඒවා දැඩිව ගන්නා ලද සත්ත්වයන් හෝ, එසේ දැඩිව අල්ලා ගැනීමෙන්, ඊට වසඟව වෙලුනු පුද්ගලයකු හෝ එසේ දැඩිව ගැනීම නිසා මේ මිනිස්කැලම මරණයෙහි වසඟයට පත්ව, එයින් ඉවත්ව යාමට, ගැලවී යාමට නොහැකි යයි සිතා බලමින්, (සිහි නුවණින් යුතු මහණ) කිසිවක් අල්ලා නොගනී. ඉතිරි කරුණු පැහැදිලිය.
එවං භගවා ඉදම්පි සුත්තං අරහත්තනිකූටෙනෙව දෙසෙසි, දෙසනාපරියොසානෙ ච පුබ්බසදිසො එව ධම්මාභිසමයො අහොසීති.
මෙම සූත්‍රයද භාග්‍යවතුන් වහන්සේ අරහත් බව කුළුගන්වමින් දේශනා කළහ. දේශනය අවසානයෙහි පෙර කී පරිදි දහම් අවබෝධය ලැබීය.
සද්ධම්මප්පජ්ජොතිකාය චූළනිද්දෙස-අට්ඨකථාය
සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි
භද්රාවුධසුත්තනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
භද්‍රාවුධ සූත්‍ර වර්ණනාව නිමියේ ය.