13. උදයමාණවසුත්තනිද්දෙසවණ්ණනා අට්ඨකථා
13. උදයමාණවසුත්තනිද්දෙසවණ්ණනා
13. උදය සූත්‍ර නිර්දේශ වර්ණනාව
තෙරසමෙ උදයසුත්තෙ – අඤ්ඤාවිමොක්ඛන්ති පඤ්ඤානුභාවනිජ්ඣානං තං විමොක්ඛං පුච්ඡති.
දහතුන්වන උදය සූත්‍රයයි. එහි අඤ්ඤා විමොක්ඛං නුවණ බලයෙන් වැටහෙන පරිදි මිදීම - නිදහස ගැන විමසයි.
පඨමෙනපි ඣානෙන ඣායීති විතක්කවිචාරපීතිසුඛචිත්තෙකග්ගතාසම්පයුත්තෙන පඤ්චඞ්ගිකෙන පඨමජ්ඣානෙන ඣායතීති ඣායී. දුතියෙනාති පීතිසුඛචිත්තෙකග්ගතාසම්පයුත්තෙන. තතියෙනාති සුඛචිත්තෙකග්ගතාසම්පයුත්තෙන. චතුත්ථෙනාති උපෙක්ඛාචිත්තෙකග්ගතාසම්පයුත්තෙන. සවිතක්කසවිචාරෙනපි ඣානෙන ඣායීති චතුක්කනයපඤ්චකනයෙසු පඨමජ්ඣානෙන සවිතක්කසවිචාරෙනපි ඣානෙන ඣායතීති ඣායී. අවිතක්කවිචාරමත්තෙනාති පඤ්චකනයෙ දුතියෙන ඣානෙන. අවිතක්කඅවිචාරෙනාති දුතියතතියාදිඅවසෙසඣානෙන. සප්පීතිකෙනාති පීතිසම්පයුත්තෙන දුකතිකඣානෙන. නිප්පීතිකෙනාති පීතිවිරහිතෙන තදවසෙසඣානෙන. සාතසහගතෙනාති සුඛසහගතෙන තිකචතුක්කඣානෙන. උපෙක්ඛාසහගතෙනාති චතුක්කපඤ්චකෙන. සුඤ්ඤතෙනපීති සුඤ්ඤතවිමොක්ඛසම්පයුත්තෙන. අනිමිත්තෙනපීති අනිච්චනිමිත්තං ධුවනිමිත්තං අනිමිත්තඤ්ච උග්ඝාටෙත්වා පටිලද්ධෙන අනිමිත්තෙනපි ඣානෙන ඣායතීති ඣායී. අප්පණිහිතෙනපීති මග්ගාගමනවසෙන පණිධිං සොධෙත්වා පරියාදියිත්වා ඵලසමාපත්තිවසෙන අප්පණිහිතෙනපි. ලොකියෙනපීති ලොකියෙන පඨමදුතියතතියචතුත්ථෙන.
පඨමෙනපි ඣානෙන ඣායි විතක්ක විචාර පීති සුඛ චිත්ත ඒකග්ගතා යන කරුණු පහෙන් යුතු පළමු දැහැන වඩයි. දුතියෙන පීති සුඛ චිත්ත ඒකග්ගතා කරුණින් යුතු, තතියෙන සුඛ ඒකග්ගතාවෙන් යුතු, චතුත්ථෙන උපෙක්ඛා චිත්ත ඒකග්ගතාවයෙන් යුතු සවිතක්ක සවිචාරෙන පි ඣානෙන ඣායති සිවුනය, පස්වන නය ආදියෙහි පළමු දැහැනින් විතක්ක විචාර සහිතව දැහැන් වඩයි. අවිතක්ක විචාරමත්තෙන පස්නය අනුව දෙවන දැහැනින්, අවිතක්ක විචාරමත්තෙන පස්නය අනුව දෙවන දැහැනින්, අවිතක්ක විචාරමත්තෙන පස්නය අනුව දෙවන දැහැනින්, අවිතක්ක අවිචාරෙන දෙවන තෙවන ආදී ඉතිරි දැහැනින්, සප්පීතිකෙන පීතිය සහිත දෙවන තෙවන දැහැනින්, නිප්පීතිකෙන පීතිය රහිත එම ඉතිරි දැහැන්, සුඛ සහගතෙන සුව සහගත තෙවැනි සිදුවන දැහැනින්, උපෙක්ඛා සහගතෙන සිවුවන පස්වන දැහැන්, සුඤ්ඤතෙන සුඤ්ඤතා හෙවත් හිස් බව හා මිදුණු බවින් යුතු, අනිමිතෙනපි නිමිත්තක් තහවුරු නිතර මෙනෙහි කොට, තමා විසින් නිමිති කොට ගෙනද (පසුව) අත්හැරීමෙන් ලැබූ නිමිති රහිතව දැහැන් වඩයි. අප්පණිහිතෙන පැමිණි මග ලෙසින් (භාවනා) බලාපොරොත්තුව හාත්පසින් පිරිසිදුව දරාගෙන ඵලසමවත් ලෙසින් ආසා නොවීමද, ලොකිකෙනපි ලෝකීය වූ පළමු, දෙවන, තුන්වන හා හතරවන දැහැන්ද.
ලොකුත්තරෙනපීති තෙනෙව ලොකුත්තරසම්පයුත්තෙන. ඣානරතොති ඣානෙසු අභිරතො. එකත්තමනුයුත්තොති එකත්තං එකීභාවං අනුයුත්තො පයුත්තො. සදත්ථගරුකොති සකත්ථගරුකො, ක-කාරස්සායං ද-කාරො කතො. සදත්ථොති ච අරහත්තං වෙදිතබ්බං. තඤ්හි අත්තූපනිබද්ධට්ඨෙන අත්තානං අවිජහනට්ඨෙන අත්තනො පරමත්ථට්ඨෙන ච අත්තනො අත්ථත්තා සකත්ථොති වුච්චති. ඵලසමාපත්තිසමාපජ්ජනවසෙන සකත්ථගරුකො, “නිබ්බානගරුකො”ති එකෙ. අරජොති නික්කිලෙසො. විරජොති විගතකිලෙසො. නිරජොති අපනීතකිලෙසො , “විතරජො”තිපි පාඨො, සොයෙවත්ථො. රජාපගතොති කිලෙසෙහි දූරීභූතො. රජවිප්පහීනොති කිලෙසප්පහීනො. රජවිප්පයුත්තොති කිලෙසෙහි මුත්තො.
ලොකුත්තරෙනපි එමෙන්ම ලොවුතුරු ලෙසින්ද ඣානරතො දැහැන්හි ඇලුනේ, එකත්ත මනුයුත්තො එක්කෙනෙකු ලෙස, තනිවම යෙදී, සදත්ථගරුකො තම (ලොවුතුරු) දියුණුව ගරු කරමින්, ක’ අකුරට ‘ද’ යොදන ලදී. තම දියුණුව ලෙසින් අරහත් බව දතයුතුය. තමාට ළංවූ සබඳතාවෙන්, තමාගෙන් අත් නොහැර, තම අරමුණු අනුවද, තමාට වැඩදායී ලෙසද යන අරුතින් ‘සකත්ථ’ යැයි කියනු ලැබේ. පල සමවතට සමවදනා ලෙසින් තම දියුණුවට ගරු කරමින්, නිවනට ද ගරු කරන්නෙකැයි ඇතමෙක් කියති. අරජො කෙලෙස් නැති, විරජො කෙලෙස් ඉහතහළ, නිරජො කෙලෙස් පහකළ විගතරජො යනුවෙන්ද පාඨයකි. එය මෙම අරුතමය. රජාපගතො කෙලෙස් වනසන ලද, රජවිප්පහීනො කෙලෙස් නැසූ, රජවිප්පමුත්තො කෙලෙස්වලින් මිදුණු.
පාසාණකෙ චෙතියෙති පාසාණපිට්ඨෙ පාරායනසුත්තන්තදෙසිතට්ඨානෙ. සබ්බොස්සුක්කපටිප්පස්සද්ධත්තාති සබ්බෙසං කිලෙසඋස්සුක්කානං පටිප්පස්සද්ධත්තා, නාසිතත්තා ආසීනො.
පාසාණකෙ චෙතියෙ පාරායන සූත්‍ර දේසනා කළ තැන - ගල්තලාවෙහි, සබ්බාසසුක්ක පටිප්පස්සද්ධත්තා සියළු කෙලෙස් (හටගන්නා) උත්සාහ සංසිඳවූ බැවින්, නැසූ බැවින්.
කිච්චාකිච්චන්ති “ඉදං කත්තබ්බං, ඉදං න කත්තබ්බ”න්ති එවං මනසා චින්තෙතබ්බං. කරණීයාකරණීයන්ති කායද්වාරෙන අවස්සං ඉදං කරණීයං, ඉදං න කරණීයන්ති එවං කරණීයාකරණීයං. පහීනන්ති විස්සට්ඨං. වසිප්පත්තොති පගුණභාවප්පත්තො.
කිච්චාකිච්චං මෙය කළ යුතුය, මෙය නොකළ යුතුයැයි මෙසේ සිතින් සිතිය යුතුය. කරණියා කරණීයං කය නැමති දොරටුවෙන් මෙය කිරීමට ඇවැසිය. මෙය නොකිරීම අවැසි යැයි මෙසේ කළයුත්ත හා නොකළ යුතු දේ, පහීනං හැරදැමූ, වසිපත්තො මැනවින් පුරුදු කළ.
අථ භගවා යස්මා උදයො චතුත්ථජ්ඣානලාභී, තස්මාස්ස පටිලද්ධඣානවසෙන නානප්පකාරතො අඤ්ඤාවිමොක්ඛං දස්සෙන්තො උපරූපරිගාථමාහ. තත්ථ පහානං කාමච්ඡන්දානන්ති යදිදං පඨමං ඣානං නිබ්බත්තෙන්තස්ස කාමච්ඡන්දපහානං, තම්පි අඤ්ඤාවිමොක්ඛන්ති පබ්රූමි. එවං සබ්බපදානි යොජෙතබ්බානි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උදය (බමුණු) සිවුවන දැහැන ලැබූවෙකු බැවින්, ඔහු ලද එම දැහැනට අනුව, නොයෙක් අයුරින් මිදීම දැනගැනීමට අදාලව මතු දැක්වෙන ගාථා (දෙක) වදාළහ. පහානං කාමච්ඡන්දානං මෙසේ පළමු දැහැන උපදවා ගනු ලබන තැනැත්තා කාමච්ඡන්දය දුරු කරයි. ඒ අනුව මිදීම දැනගැනීම ගැන කියමි. මෙසේ සියළුම පදවල යෙදිය යුතුය.
යා චිත්තස්ස අකල්යතාති චිත්තස්ස ගිලානභාවො. ගිලානො හි අකල්ලකොති වුච්චති. විනයෙපි වුත්තං – “නාහං, භන්තෙ, අකල්ලකො”ති (පාරා· 151). අකම්මඤ්ඤතාති චිත්තගෙලඤ්ඤසඞ්ඛාතොව අකම්මඤ්ඤතාකාරො. ඔලීයනාති ඔලීයනාකාරො. ඉරියාපථිකචිත්තඤ්හි ඉරියාපථං සන්ධාරෙතුං අසක්කොන්තං රුක්ඛෙ වග්ගුලි විය ඛීලෙ ලග්ගිතඵාණිතවාරකො විය ච ඔලීයති, තස්ස තං ආකාරං සන්ධාය “ඔලීයනා”ති වුත්තං. දුතියපදං උපසග්ගවසෙන වඩ්ඪිතං. ලීනාති අවිප්ඵාරිකතාය පටිකුටිතං. ඉතරෙ ද්වෙ ආකාරභාවනිද්දෙසා. ථිනන්ති සප්පිපිණ්ඩො විය අවිප්ඵාරිකතාය ඝනභාවෙන ඨිතං. ථියනාති ආකාරනිද්දෙසො. ථියිතභාවො ථියිතත්තං, අවිප්ඵාරවසෙනෙව ථද්ධතාති අත්ථො (ධ· ස· අට්ඨ· 1162).
චිත්තස්ස අකල්ලතා සිතෙහි ගිලන්බව, ගිලනාට අකල්ලක යැයි කියනු ලැබේ. හිමියෙනි, මම ගිලන් නොවෙමි’ ‘නාහං භන්තෙ අකල්ලකො’ යැයි විනයෙහිද කියන ලදී. අනමඤ්ඤතා සිතෙහි ගිලන්බව යැයි කියන ලද නිසි කටයුතු කිරීමෙහි නොහැකි බව, ඔලීයනා පසුබට වන අයුරින්, ඉරියව් හඳුනන - පවත්නා සිතෙහි ඒ ඉරියව් දරා ගැනීමට නොහැකිව, වවුලකු ගසක එල්ලී සිටින්නාක් මෙන්, කොකෙහි එල්ලන ලද පැණි ජෝගුවක් මෙන් ඇලවෙයි. ඔහුගේ ඒ ආකාරය සඳහා ‘පසුබටවීම’ යැයි කියන ලදී. දෙවන පදය උපසග්ගයෙකින් (අරුත) වැඩියෙන් දක්වා ඇත. ලීනං පැතිරී නැති, හැකිළුණු, අනික් පදයෙන් දෙආකාර බව පෙන්වන ලදී. ථීනං ගිතෙල් පිඬක් මෙන් නොවැගිරෙන ගතියෙන්, උකු බවින් සිටී. ථියනා ඒ ආකාරය පෙන්වයි. හැකිළෙන බව ඨියිතත්තං නොපැතිරුණු අරුතින් තදබවයි.
උපෙක්ඛාසතිසංසුද්ධන්ති චතුත්ථජ්ඣානඋපෙක්ඛාසතීහි සංසුද්ධං. ධම්මතක්කපුරෙජවන්ති ඉමිනා තස්මිං චතුත්ථජ්ඣානවිමොක්ඛෙ ඨත්වා ඣානඞ්ගානි විපස්සිත්වා අධිගතං අරහත්තවිමොක්ඛං වදති. අරහත්තවිමොක්ඛස්ස හි මග්ගසම්පයුත්තසම්මාසඞ්කප්පාදිභෙදො ධම්මතක්කො පුරෙජවො හොති. තෙනාහ “ධම්මතක්කපුරෙජව”න්ති. අවිජ්ජාය පභෙදනන්ති එතමෙව ච අඤ්ඤාවිමොක්ඛං අවිජ්ජාපභෙදනසඞ්ඛාතං නිබ්බානං නිස්සාය ජාතත්තා කාරණොපචාරෙන “අවිජ්ජාය පභෙදන”න්ති බ්රූමීති.
උපෙක්ඛාසතිසංසුද්ධං සිවුවන දැහැනෙහි මැදහත් සිහියෙන් මනා පිරිසිදුව, ධම්මතක්ක පුරෙජවං මෙයින් ඒ සිවුවන දැහැන් මිදීමෙහි සිට දැහැන්වල ඇතුලත් ඒ ඒ අංග පිළිබඳව විදසුන් වඩා ලබන ලද අරහත් බව (හෙවත් සියළු කෙලෙසුන්ගෙන් මිදීම) සඳහා කියයි. අරහත් විමුක්තියට (අයත්) අරිඅටැඟි යහපත් නිවැරදි කල්පනා ලෙසින් දහම් විමසා බැලීමට ඉදිරියට මෙහෙයවයි. එහෙයින් ‘ධම්මතක්ක පුරෙජවං - ධම්මතක්ක නම් නිවැරදි සංකල්පනා පෙරටුකොට යැයි කීහ. අවිජ්ජාය පභෙදනං ඒ අඤ්ඤාවිමොක්ඛ හෙවත් අරහත් බව අවිජ්ජාව බිඳ දමන ලදුව නිවන නිසා හටගත් බැවින් ඒ කරුණු අනුව එසේ කියමි යනුයි.
යා චතුත්ථෙ ඣානෙ උපෙක්ඛාති එත්ථ උපපත්තිතො ඉක්ඛතීති උපෙක්ඛා, සමං පස්සති අපක්ඛපතිතා හුත්වා පස්සතීති අත්ථො. උපෙක්ඛනාති ආකාරනිද්දෙසො. අජ්ඣුපෙක්ඛනාති උපසග්ගවසෙන පදං වඩ්ඪිතං. චිත්තසමතාති චිත්තස්සෙකග්ගභාවො. චිත්තප්පස්සද්ධතාති චිත්තස්ස ඌනාතිරිත්තවජ්ජිතභාවො. මජ්ඣත්තතාති චිත්තස්ස මජ්ඣෙ ඨිතභාවො.
යා චතුත්ථජ්ඣානෙ උපෙක්ඛා මෙහි හටගැනීම බලයි යන අරුතින් උපෙක්ඛා වේ. එක් පසකට නොයා සමව බලයි තේරුමයි. උපෙක්ඛනා යනු ඒ ආකාරය දැක්වීමයි. අජ්ඣුපෙක්ඛනා යයි උපසග්ග පදයකින් අරුත දියුණු කරන ලදී. චිත්තසමථො සිතෙහි එකඟ බවයි. චිත්තප්පසටතා සිතෙහි අඩුලුහුඩු බව (වැරදි) හැරදැමූ බව, මජ්ඣත්ථතා සිතෙහි අන්තගාමී නොවන බව.
එවං අවිජ්ජාපභෙදවචනෙන වුත්තං නිබ්බානං සුත්වා “තං කිස්ස විප්පහානෙන වුච්චතී”ති පුච්ඡන්තො “කිංසු සංයොජනො”ති ගාථමාහ. තත්ථ කිංසු සංයොජනොති කිංසංයොජනො. විචාරණන්ති විචාරණකාරණං. කිස්සස්ස විප්පහානෙනාති කිංනාමකස්ස අස්ස ධම්මස්ස විප්පහානෙන.
මෙසේ අවිජ්ජා බිඳීම යන වචනයෙන් කියන ලද නිවන (ගැන) අසා, එය කුමක් නැති කිරීමෙන් කියනු ලැබේදැයි විමසමින් ‘කිංසු සඤ්ඤොජනො......’ යන ගාථාව කීය. එහි කිංසු සඤ්ඤොජනො සසර බැඳ තබන බැඳීම් කවරේද? විචාරණං පැහැදිලි කරුණු, කිස්සස්ස විප්පහානෙන කෙබඳු දෙයක් නැති කිරීමෙන්ද?
අථස්ස භගවා තමත්ථං බ්යාකරොන්තො “නන්දිසංයොජනො”ති ගාථමාහ. තත්ථ විතක්කස්සාති කාමවිතක්කාදිකො විතක්කො අස්ස.
එවිට භාග්‍යවතුන් වහන්සේ එම කරුණු පැහැදිලි කරමින් නන්දිසඤ්ඤොජනො....... යන ගාථාව වදාළහ. එහි විතක්කස්ස සස යනු කාම සිතිවිලි ආදිය ඔහුට ඇතිවෙයි.
ඉදානි තස්ස නිබ්බානස්ස මග්ගං පුච්ඡන්තො “කථං සතස්සා”ති ගාථමාහ. තත්ථ විඤ්ඤාණන්ති අභිසඞ්ඛාරවිඤ්ඤාණං.
මීළඟට ඔහු ‘කථං සතස්ස...’ ගාථාවෙන් නිවනට මග විමසීය.
අථස්ස මග්ගං කථෙන්තො භගවා “අජ්ඣත්තඤ්චා”ති ගාථමාහ. තත්ථ එවං සතස්සාති එවං සතස්ස සම්පජානස්ස. සෙසං සබ්බත්ථ පාකටමෙව.
භාග්‍යවතුන් වහන්සේ අජ්ඣත්තං යන ගාථාවෙන් ඔහුට මග පැහැදිලි කළහ. එවං සතස්ස මෙසේ සිහි ඇතිව හැසිරෙන තැනැත්තාට - ඉතිරි කරුණු පැහැදිලිය.
එවං භගවා ඉදම්පි සුත්තං අරහත්තනිකූටෙනෙව දෙසෙසි, දෙසනාපරියොසානෙ ච පුබ්බසදිසොව ධම්මාභිසමයො අහොසීති.
භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රයද අරහත් බව කුළුගන්වමින් දේශනා කළහ. දේශනය අවසානයේදී පෙර කී පරිදි දහම් අවබෝධ විය.
සද්ධම්මප්පජ්ජොතිකාය චූළනිද්දෙස-අට්ඨකථාය
සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි
උදයමාණවසුත්තනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
උදය සූත්‍ර වර්ණනාව නිමියේ ය.