14. පොසාලමාණවසුත්තනිද්දෙසවණ්ණනා අට්ඨකථා
14. පොසාලමාණවසුත්තනිද්දෙසවණ්ණනා
14. පොසාල සූත්‍ර නිර්දේශ වර්ණනාව
චුද්දසමෙ පොසාලසුත්තෙ – යො අතීතං ආදිසතීති යො භගවා අත්තනො ච පරෙසඤ්ච “එකම්පි ජාති”න්තිආදිභෙදං අතීතං ආදිසති.
දහ හතරවන පොසිල සූත්‍රයයි. යො අතීතං ආදිසති යම් භාග්‍යවතුන් වහන්සේ කෙනෙකු තමන්ගේ ද අනුන්ගේ ද ‘ඉපදී එක් වාරයක්’ ලෙසින් පෙර තතු දක්වත්ද?
එකම්පි ජාතින්ති එකම්පි පටිසන්ධිමූලකං චුතිපරියොසානං එකභවපරියාපන්නං ඛන්ධසන්තානං. එස නයො ද්වෙපි ජාතියොතිආදීසු. අනෙකෙපි සංවට්ටකප්පෙතිආදීසු පන පරිහායමානො කප්පො සංවට්ටකප්පො, තදා සබ්බෙසං බ්රහ්මලොකෙ සන්නිපතනතො. වඩ්ඪමානො කප්පො විවට්ටකප්පො, තදා බ්රහ්මලොකතො සත්තානං විවට්ටනතො. තත්ථ සංවට්ටෙන සංවට්ටට්ඨායී ගහිතො හොති තංමූලකත්තා, විවට්ටෙන ච විවට්ටට්ඨායී. එවඤ්හි සති යානි තානි “චත්තාරිමානි, භික්ඛවෙ, කප්පස්ස අසඞ්ඛ්යෙය්යානි. කතමානි චත්තාරි? සංවට්ටො සංවට්ටට්ඨායී විවට්ටො විවට්ටට්ඨායී”ති වුත්තානි (අ· නි· 4.156), තානි පරිග්ගහිතානි හොන්ති. සංවට්ටකප්පෙ විවට්ටකප්පෙති ච කප්පස්ස අද්ධං ගහෙත්වා වුත්තං. සංවට්ටවිවට්ටකප්පෙති සකලං කප්පං ගහෙත්වා වුත්තං. කථං අනුස්සරතීති චෙ? අමුත්රාසින්තිආදිනා නයෙන. තත්ථ අමුත්රාසින්ති අමුම්හි සංවට්ටකප්පෙ අහං අමුම්හි භවෙ වා යොනියා වා ගතියා වා විඤ්ඤාණට්ඨිතියා වා සත්තාවාසෙ වා සත්තනිකායෙ වා ආසිං. එවංනාමොති තිස්සො වා ඵුස්සො වා. එවංගොත්තොති කච්චානො වා කස්සපො වා . ඉදමස්ස අතීතභවෙ අත්තනො නාමගොත්තානුස්සරණවසෙන වුත්තං. සචෙ පන තස්මිං කාලෙ අත්තනො වණ්ණසම්පත්තිං වා ලූඛපණීතජීවිතභාවං වා සුඛදුක්ඛබහුලතං වා අප්පායුකදීඝායුකභාවං වා අනුස්සරිතුකාමො, තම්පි අනුස්සරතියෙව. තෙනාහ – “එවංවණ්ණො එවමායුපරියන්තො”ති. තත්ථ එවංවණ්ණොති ඔදාතො වා සාමො වා. එවමාහාරොති සාලිමංසොදනාහාරො වා පවත්තඵලභොජනො වා. එවං සුඛදුක්ඛපටිසංවෙදීති අනෙකප්පකාරෙන කායිකචෙතසිකානං සාමිසනිරාමිසාදිප්පභෙදානං වා සුඛදුක්ඛානං පටිසංවෙදී. එවමායුපරියන්තොති එවං වස්සසතපරමායුපරියන්තො වා චතුරාසීති කප්පසහස්සපරමායුපරියන්තො වා.
එකම්පි ජාතිං එක් පිළිසිඳ ගැනීමකට හෙවත් උපතකට මුල් වූ චුති (සිත) අවසානයෙහි එක් භවයකට අයත් වූ (රූපාදී) සමූහය, ඉපදීම් දෙකක් ආදී ලෙසද මේ ආකාරයෙන් සැළකිය යුතුය. අනෙකෙපි සංවට්ට කප්පෙ මුල පටන් පිරිහී වැනසී යන කල්පය සංවට්ට කප්පයයි. එකල්හි සියළු බඹලෝද නැවතීමක් නැත. නැවත හටගැනීම විවට්ට කපයයි. එකල්හි බඹලොවින් ජීවීන්ගේ පැවැත්ම වේ. වැනසී යාම මූලික වන බැවින්, එසේ සළකන ලදී. ‘මහණෙනි, මේ අනුව අසංඛය වූ කප් සතරකි. ඒ සතර කවරේද? සංවට්ට - සංවට්ඨායී - විවට්ට - විවට්ඨායී ලෙසයි. එවිට මුළු කල්පයම ඇතුලත් වේ. (මෙහිදී) සංවට්ට කප්ප - විවට්ට කප්ප යැයි අඩක් ලෙස ගෙන කියන ලදී. සංවට්ට විවට්ට යැයි මුළු කල්පය සඳහාම කියන ලදී. ඒ ගැන කෙසේ සිහි කරන්නේද? ‘අසවල් තැන විසූයෙමි ආදී ලෙසිනි. අමුත්රාසිං ‘අසවල් වැනසෙන කල්පයෙහි මම අසවල් භවයෙහි හෝ අසවල් කෙනෙකු ලෙස හෝ අසවල් (මිනිස් ආදී) ගතියක හෝ, විඤ්ඤාණ පැවැත්මෙහි හෝ, සත්තාවාසයෙහි හෝ කිසියම් ජීවී සමූහයක සිටියෙමි. එවං නාමො තිස්ස හෝ ඵුස්ස හෝ (නමින්) එවං ගොත්තො කච්චායන හෝ කස්සප (ආදී ලෙසට) මෙය ඔහුගේ අතීත භවයෙහි (ජීවිතයෙහි) තමන්ගේ නම්ගොත් සිහිකිරීම් ලෙසින් කියන ලදී. ඒ කාලයෙහි තම පැහැපත් බව හෝ රළු හෝ සැපවත් ජීවිතය හෝ සැපදුක් බහුලතාව හෝ අඩු කලක් හෝ වැඩිකලක් ජීවත්ව සිටියේදැයි සිහිකරනු කැමති නම්, එයද සිහිකරයි. ‘මේ පැහැයෙන් යුතුවීමි. මෙසේ ආයුකාලය කෙළවර වී යැයි’ එහෙයින් කීය. එහි එවං වණ්ණෙ සුදු පැහැ හෝ තළෙළු හෝ එවමාහාරො ඇල් හාලේ බත් හා රසමසවුළු ආහාර හෝ (තමා අසලට) වැටුණු පලවැල හෝ එවං සුඛදුක්ඛ පටිසංවෙදී නොයෙක් ආකාර වූ කායික මානසික, වාසි අවාසිදායක දේවල් හෝ දුක් සැප විඳින ලද සැටි, එවමායුපරියන්තො මෙසේ අවුරුදු සියයක් තරම් හෝ, කල්ප අසූහාර දහසක කාලයක් (අතරතුර) ජීවත් වූ අයුරු.
සො තතො චුතො අමුත්ර උදපාදින්ති සො අහං තතො භවතො යොනිතො ගතිතො විඤ්ඤාණට්ඨිතිතො සත්තාවාසතො සත්තනිකායතො වා චුතො පුන අමුකස්මිං නාම භවෙ යොනියා ගතියා විඤ්ඤාණට්ඨිතියා සත්තාවාසෙ සත්තනිකායෙ වා උදපාදිං. තත්රාපාසින්ති අථ තත්රාපි භවෙ යොනියා ගතියා විඤ්ඤාණට්ඨිතියා සත්තාවාසෙ සත්තනිකායෙ වා පුන අහොසිං. එවංනාමොතිආදිවුත්තනයමෙව.
සොතතො චුතො අමුත්ර උදපාදි ඒ මම ඒ භවයෙන්, එබඳු කෙනෙකු ලෙස හෝ ඒ (මිනිස් ආදී) ගතියෙන් හෝ පැවති විඤ්ඤාණයෙන් හෝ සත්තාවාසයෙන්, සිටියා වූ යම් ජීවී සමූහයකින් බඳු යම් තැනකින් චුතව, නැවත මේ නමින් හැඳින්වෙන භවයෙක - යෝනියක - ගතියක - විඤ්ඤාණ පැවැත්මක - සත්තාවාසයක - යම් ජීව සමූහයක (උපත) ලැබීමි. තත්රාපාසිං ඉක්බිතිව එම භවයෙහි, යෝනියෙහි, ගතියෙහි, විඤ්ඤාණ පැවැත්මෙහි, සත්තාවාසයෙහි, ජීව සමූහයක හෝ නැවත සිටියෙමි. මෙබඳු වූ නමකින් ආදී කී පරිදිය.
අපි ච – යස්මා අමුත්රාසින්ති ඉදං අනුපුබ්බෙන ආරොහන්තස්ස යාවදිච්ඡකං අනුස්සරණං. සො තතො චුතොති පටිනිවත්තන්තස්ස පච්චවෙක්ඛණං. තස්මා ඉධූපපන්නොති ඉමිස්සා ඉධූපපත්තියා අනන්තරමෙවස්ස උපපත්තිට්ඨානං සන්ධාය අමුත්ර උදපාදින්ති ඉදං වුත්තන්ති වෙදිතබ්බං. තත්රාපාසින්ති එවමාදි පනස්ස තත්‍රා ඉමිස්සා උපපත්තියා අන්තරෙ උපපත්තිට්ඨානෙ නාමගොත්තාදීනං අනුස්සරණදස්සනත්ථං වුත්තං. සො තතො චුතො ඉධූපපන්නොති ස්වාහං තතො අනන්තරූපපත්තිට්ඨානතො චුතො ඉධ අසුකස්මිං නාම ඛත්තියකුලෙ වා බ්රාහ්මණකුලෙ වා නිබ්බත්තො.
තවද (ඉහත කී) ‘අමුත්රාසාං’ යනුවෙන් මෙය තවදුරටත් දැන් සිටින ජීවිතය දක්වා අනුපිළිවෙලින් සිහිකිරීමයි. ‘සො තතො චුතො’ යනු ආපසු නැවතී සිහිනුවණින් බැලීමයි. එහෙයින් ‘ඉධූපපන්නො’ යනු මෙසේ සිහිකරන (ඒ ඒ උපන් තැන් අතරතුර (ලද) නම්ගොත් සිහිකිරීම ගැන කියන ලදී. යො තතො චුතො ඉධූපපන්නො ඒ මම එබඳු නොයෙක් ලෙසින් උපත ලද තැන්වලින් චුතව, මෙහි (දැන්) අසවල් නමින් කැත්කුල පවුලක හෝ බමුණු පවුලක උපත ලදිමි.
ඉතිති එවං. සාකාරං සඋද්දෙසන්ති නාමගොත්තවසෙන සඋද්දෙසං, වණ්ණාදිවසෙන සාකාරං. නාමගොත්තෙන හි සත්තො “තිස්සො කස්සපො”ති උද්දිසියති, වණ්ණාදීහි “ඔදාතො සාමො”ති නානත්තතො පඤ්ඤායති. තස්මා නාමගොත්තං උද්දෙසො, ඉතරෙ ආකාරාති. පුබ්බෙනිවාසන්ති පුබ්බෙ අතීතජාතීසු නිවුට්ඨක්ඛන්ධා පුබ්බෙනිවාසො. නිවුට්ඨාති අජ්ඣාවුට්ඨා අනුභූතා අත්තනො සන්තානෙ උප්පජ්ජිත්වා නිරුද්ධා, නිවුට්ඨධම්මා වා. නිවුට්ඨාති ගොචරනිවාසෙන නිවුට්ඨා, අත්තනො විඤ්ඤාණෙන විඤ්ඤාතා පරිච්ඡින්නා, පරවිඤ්ඤාණෙන විඤ්ඤාතාපි වා ඡින්නවටුමකානුස්සරණාදීසු. තෙ බුද්ධානංයෙව ලබ්භන්ති. තං පුබ්බෙනිවාසං ආදිසති කථෙති. පරෙසං අතීතන්ති අඤ්ඤෙසං පරපුග්ගලානං පුබ්බෙනිවාසං එකම්පි ජාතින්තිආදිනා නයෙන ආදිසති.
ඉති මෙසේ, සාකාරං සඋද්දෙසං නම්ගොත් ලෙසින් සවිස්තරව, පැහැය ආදී ආකාරයට අනුවය. නම්ගොත් ලෙස තිස්ස, කස්සප යැයි දක්වනු ලැබේ. පැහැය ආදියෙන් තලෙළු, සුදු සේ වෙනසක් පෙනී යයි. එහෙයින් නම්ගොත් විස්තර කෙරේ. අනෙක් කරුණ නම් ඒ ඒ ආකාරයයි. පුබ්බෙනිවාසං පෙර භවවල උපත ලද අයුරු, එහි සොබාවය, එහි විසූ ආකාරය, ඊට යොමුව සිටි ආකාරය, විඳින ලද දේ, තම සිත් පරම්පරාව ඉපිද නැති වූ අයුරු, සුදුසු පරිදි වාසය කළ අයුරු තම වැටහීමෙන් දැන, වෙනත් තැනැත්තන්ගේ වැටහීම් පිළිබඳවද වෙන්ව දැන (සසර) මග නසන ලද බව සිහිකරන කල්හී ඔව්හු අවබෝධය ලබති. ඒ පෙර විසූ අයුරු ආදී ලෙසින් පහදයි. පවසයි. පරෙසං අතීතං අනෙක් තැනැත්තන්ගේ, පෙර විසූ තැන් ‘එක් උපතක්’ ආදී ලෙසින් පහදා දෙයි.
මහාපදානියසුත්තන්තන්ති මහාපුරිසානං අපදානනියුත්තං මහාපදානසුත්තං (දී· නි· 2.1 ආදයො). මහාසුදස්සනියසුත්තන්තන්ති මහාසුදස්සනස්ස සම්පත්තියුත්තං මහාසුදස්සනසුත්තං (දී· නි· 2.241 ආදයො). මහාගොවින්දියසුත්තන්තන්ති මහාගොවින්දබ්රාහ්මණස්ස අපදානනියුත්තං මහාගොවින්දසුත්තං (දී· නි· 2.293 ආදයො). මාඝදෙවියසුත්තන්තන්ති මඝදෙවරඤ්ඤො අපදානනියුත්තං මඝදෙවසුත්තං (ම· නි· 2.308 ආදයො). සතානුසාරිඤ්ඤාණං හොතීති පුබ්බෙනිවාසානුස්සතිසම්පයුත්තඤාණං හොති.
මහාපදානිය සුත්තං උසස් තැනැත්තන්ගේ හෙවත් බුදුවරුන්ගේ චරිතය දැක්වෙයි. මහා සුදස්සනීයං මහා සුදස්සන (රජුගේ) උසස් සම්පත් ගැන දැක්වෙයි. මහා ගොවින්දියං මහා ගෝවින්ද බමුණාගේ චරිතය ගැන සඳහන් වෙයි. මඝදෙවියං මඝදේව රජුගේ චරිතය දැක්වෙන මඝදේව සූත්‍රයයි. සතානුසාරී ඤාණං හොති පෙර විසූ තැන්, උපත ලද තැන් සිහිකරන නුවණයි.
යාවතකං ආකඞ්ඛතීති යත්තකං ඤාතුං ඉච්ඡති, තත්තකං ජානිස්සාමීති ඤාණං පෙසෙති. අථස්ස දුබ්බලපත්තපුටෙ පක්ඛන්දනාරාධො විය අප්පටිහතං අනිවාරිතං ඤාණං ගච්ඡති. තෙන යාවතකං ආකඞ්ඛති, තාවතකං අනුස්සරති. බොධිජන්ති බොධියා මූලෙ ජාතං. ඤාණං උප්පජ්ජතීති චතුමග්ගඤාණං උප්පජ්ජති. අයමන්තිමා ජාතීති තෙන ඤාණෙන ජාතිමූලස්ස පහීනත්තා පුන “අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවො”ති (දී· නි· 2.31) අපරම්පි ඤාණං උප්පජ්ජති. ඉන්ද්රියපරොපරියත්තඤාණන්ති එත්ථ උපරි “සත්තාන”න්ති පදං ඉධෙව ආහරිත්වා සත්තානං ඉන්ද්රියපරොපරියත්තඤාණන්ති යොජෙතබ්බං. පරානි ච අපරානි ච “පරාපරානී”ති වත්තබ්බෙ සන්ධිවසෙන රො-කාරං කත්වා “පරොපරානී”ති වුච්චති. පරොපරානං භාවො පරොපරියං, පරොපරියමෙව පරොපරියත්තං, වෙනෙය්යසත්තානං සද්ධාදීනං පඤ්චන්නං ඉන්ද්රියානං පරොපරියත්තං ඉන්ද්රියපරොපරියත්තං, ඉන්ද්රියපරොපරියත්තස්ස ඤාණං ඉන්ද්රියපරොපරියත්තඤාණං, ඉන්ද්රියානං උත්තමානුත්තමභාවඤාණන්ති අත්ථො. “ඉන්ද්රියවරොවරියත්තඤාණ”න්තිපි පාඨො, වරානි ච අවරානි ච වරොවරියානි, වරොවරියානං භාවො වරොවරියත්තන්ති යොජෙතබ්බං. අවරියානීති ච උත්තමානීති අත්ථො. අථ වා – පරානි ච ඔපරානි ච පරොපරානි, තෙසං භාවො පරොපරියත්තන්ති යොජෙතබ්බං. ඔපරානීති ච ඔරානීති වුත්තං හොති, ලාමකානීති අත්ථො “පරොපරායස්ස සමෙච්ච ධම්මා”තිආදීසු (අ· නි· 4.5; සු· නි· 479) විය. “ඉන්ද්රියපරොපරියත්තෙ ඤාණ”න්ති භුම්මවචනෙනපි පාඨො (පටි· ම· අට්ඨ· 1.1.68).
යාවතකං ආකංඛති යම් පමණකට දැනගැනීමට කැමති වේද, එපමණටම දැනගන්නෙමි’යි නුවණ මෙහෙයවයි. එවිට දුබල (වියලුනු) පත්ගොටුවක තැබූ රත් වූ යකඩ නූලක් මෙන්, බාධාවකින් තොරව - නොගැටී - නොවැළකුනු නුවණ උන්වහන්සේට වෙයි. එවිට කැමති පමණට සිහිකරයි. බොධිජං බෝ මුලදීම හටගත්, ඤාණං උප්පජ්ජති සිවුමග නුවණ උපදී. අයමන්තිමාජාති ඒ නුවණින් (සසරෙහි) ඉපදෙන මුල් නැතිකරන ලදින් නැවත ‘මේ අවසන් උපතයි, දැන් නැවත භවයක (ඉපදීමක්) නැතැයි තවත් නුවණක් පහළවෙයි. ඉන්ද්රිය පරොපරියත්ති ඤාණං මෙහිදී ‘සත්තානං’ යන පදය මුලින් යොදා සත්තානං ඉන්ද්රිය පරෝපරියත්ති ඤාණං යැයි විය යුතුය. පරපරානි යැයි කිවයුතු කල්හී සන්ධි ලෙසින් ‘රො’ අකුර යොදා ‘පරොපරියං = එයට පරොපරියත්තං වෙයි. දහම් අවබෝධයට සුදුසු හික්මවිය හැකි තැනැත්තන්ගේ සැදැහැබව ආදී පස් ඉඳුරන්ගේ (එකිනෙකාගේ වෙනස්කම්) දැනගැනීමේ නුවණ ඉන්ද්රිය පරෝපරියත්ත ඤාණ වේ. එම ඉඳුරන්ගේ උසස් බව - පිරිපුන් නොවූ බව (සොබාවය) දන්නා නුවණ යන අරුතයි. ඉන්ද්රිය පරෝපරියත්තං ඤාණං යනුද පාඨයකි. පරානිච අපරියානිච - පරෝපරියානි, ඒ සොබාවයයි. පරො පරියත්තන්ති කියා හෝ යෙදිය යුතුය. නොපිරිහෙන - උතුම් යන අරුතයි. නැතහොත් පරානිච ඔපරානි ච පරොපරානි, එහි සොබාවද අනුව පරොපරියානි හෝ යෙදිය යුතුය. ඔපරානි අපරානි යැයි ලාමක යන අරුතින් කියන ලදී. අන් තැනැත්තන්ගේ ලාමක බව මැනවින් දැන, ‘පරො පරායස්ස සමෙච්ච සම්මා’ ආදී තැන්වල මෙනි. පරොපරියත්තෙ ඤාණං යැයි ආධාර විබත් පාඨයක්ද වේ.
තථාගතස්සාති යථා විපස්සිආදයො පුබ්බකා ඉසයො ආගතා, තථා ආගතස්ස. යථා ච තෙ ගතා, තථා ගතස්ස. තථාගතබලන්ති අඤ්ඤෙහි අසාධාරණං තථාගතස්සෙව බලං. යථා වා පුබ්බබුද්ධානං බලං පුඤ්ඤුස්සයසම්පත්තියා ආගතං, තථා ආගතබලන්තිපි අත්ථො. තත්ථ දුවිධං තථාගතස්ස බලං කායබලඤ්ච ඤාණබලඤ්ච. තෙසු කායබලං හත්ථිකුලානුසාරෙන වෙදිතබ්බං. වුත්තඤ්හෙතං පොරාණෙහි –
තථාගතස්ස විපස්සී ආදී පෙර ඉසිවරුන් හෙවත් (සම්මා සම්බුදුවරුන්ගේ) මගෙහි පැමිණි, එසේ ඒ මග පැමිණියේ, තථාගත බලං වෙනත් කෙනෙකුට නොමැති වූ තථාගතයන් වහන්සේගේ බලය, යම් සේ පින් මහිමයෙන් පෙර බුදුවරුන්ගේද බලය පැමිණි බව අරුතයි. තථාගතයන්ගේ බලය කාය හා නුවණ යැයි දෙකොටසකි. ඒ කාය බලය ඇතුන්ගේ බලය අනුසාරයෙන් දතයුතුය. පැරණි ඇදුරන් විසින්, කාලාවක, ගංගෙය්‍ය, පණ්ඩර, තඹ, පිංගල, ගන්ධ, මංගල, හේම, උපෝසථ හා ඡද්දන්ත යැයි කුල දහයක ඇතුන් ගැන කියන ලදී.
“කාළාවකඤ්ච ගඞ්ගෙය්යං, පණ්ඩරං තම්බපිඞ්ගලං; ගන්ධමඞ්ගලහෙමඤ්ච, උපොසථඡද්දන්තිමෙ දසා”ති. (ම· නි· අට්ඨ· 1.148; සං· නි· අට්ඨ· 2.2.22; අ· නි· අට්ඨ· 3.10.21; විභ· අට්ඨ· 760; උදා· අට්ඨ· 75; පටි· ම· අට්ඨ· 2.2.44);
කාලාවකං ච ගංගෙය්‍ය පණ්ඩරං තම්බපිංගලං, ගන්ධමංගල හෙමංච උපොසථ ඡද්දන්තිමෙ දසා
යදෙතං පකතිහත්ථිග්ගණනාය හත්ථීනං කොටිසහස්සස්ස, පුරිසගණනාය දසන්නං පුරිසකොටිසහස්සානං බලං හොති, ඉදං තාව තථාගතස්ස කායබලං. ඤාණබලං පන මහාසීහනාදෙ (ම· නි· 1.146 ආදයො) ආගතං දසබලඤාණං චතුවෙසාරජ්ජඤාණං අට්ඨසු පරිසාසු අකම්පනඤාණං චතුයොනිපරිච්ඡෙදකඤාණං පඤ්චගතිපරිච්ඡෙදකඤාණං සංයුත්තකෙ (සං· නි· 2.33-34) ආගතානි තෙසත්තති ඤාණානි සත්තසත්තති ඤාණානීති එවං අඤ්ඤානිපි අනෙකානි ඤාණසහස්සානි, එතං ඤාණබලං නාම. ඉධාපි ඤාණබලමෙව අධිප්පෙතං, ඤාණඤ්හි අකම්පියට්ඨෙන උපථම්භකට්ඨෙන ච බලන්ති (පටි· ම· අට්ඨ· 2.2.44) වුත්තං.
අප දන්නා ඇතුන් හා සළකනවිට එබඳු ඇතුන් කෙළදහසක බලයක් තථාගතයන් වහන්සේට ඇත. මිනිසුන්ගේ ගණනින් බලනවිට දසකෝටි දහසක මිනිස් බල ඇත්තාහ. මේ තථාගත කාය බලයයි. ඤාණ බලය පිළිබඳව මහා සීහනාද සූත්‍රයේ දැක්වෙන පරිදි දසබල නුවණ, සිවු විසාරද නුවණ, අට පිරිස අතරෙහි කම්පා නොවන තැති නොගන්නා නුවණ, සිවුයෝනි කොටස් පිළිබඳ නුවණ, පස්ගති පිළිබඳව නුවණ ද වේ. සංයුත්තයෙහි සඳහන් ඤාණ හැත්තෑ තුනක්ද ඤාණ සැත්තෑහතක්ද ලෙසින් මෙසේ නොයෙක් ඤාණ දහස් ගණනකි. මෙය තථාගත නුවණෙහි බලයයි. මෙහිද ඤාණ බලයම අදහස් වේ.
සත්තානං ආසයානුසයෙ ඤාණන්ති එත්ථ රූපාදීසු ඛන්ධෙසු ඡන්දරාගෙන සත්තා විසත්තාති සත්තා. වුත්තඤ්හෙතං භගවතා –
සත්තානං ආසයානුසය ඤාණං මෙහි රූපාදී සමූහයෙහි දැඩි ආසාවෙන් - ඡන්ද රාගයෙන් ඇලුනු බැවින් සත්ත නම් වේ.
“රූපෙ ඛො, රාධ, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා, තත්ර සත්තො තත්ර විසත්තො, තස්මා ‘සත්තො’ති වුච්චති . වෙදනාය… සඤ්ඤාය… සඞ්ඛාරෙසු… විඤ්ඤාණෙ යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා, තත්ර සත්තො තත්ර විසත්තො, තස්මා ‘සත්තො’ති වුච්චතී”ති (සං· නි· 3.161; මහානි· 7).
‘රාධ, රූපය පිළිබඳව යම් කැමැත්තක්, යම් ආසාවක්, යම් සතුටක්, යම් තණ්හාවක් ඇතිව එහි ඇලුනු, තදින් ඇලුනු බැවින් සත්තා යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. ‘රූපෙ ඛො රාධ, යො ඡන්දො, යො රොගො, යා නන්දී, යා තණ්හා, තත්ර සත්තො විසත්තො තස්මා සත්තොති වුච්චති’ ‘වින්දනයෙහි, හැඟීමෙහි, එක්රැස්වන දේ කෙරෙහි, හැඳිනීමෙහි යම් කැමැත්තක්, යම් ආසාවක්, යම් සතුටක්, යම් තණ්හාවක් ඇතිව එහි ඇලුණු, තදින් ඇලුනු බැවින් සත්තා යැයි කියනු ලබන බවද වදාරා ඇත. ‘වෙදනාය - සඤ්ඤාය - සංඛාරෙසූ - විඤ්ඤාණෙ යො ඡන්දො, යො රාගො, යා නන්දී. යා තණ්හා, තත්ර සත්තො විසත්තො තස්මා සත්තොති වුච්චති’.
අක්ඛරචින්තකා පන අත්ථං අවිචාරෙත්වා “නාමමත්තමෙත”න්ති ඉච්ඡන්ති. යෙපි අත්ථං විචාරෙන්ති, තෙ සත්වයොගෙන සත්තාති ඉච්ඡන්ති. තෙසං සත්තානං ආසයන්ති නිස්සයන්ති එත්ථාති ආසයො , මිච්ඡාදිට්ඨියා සම්මාදිට්ඨියා වා කාමාදීහි නෙක්ඛම්මාදීහි වා පරිභාවිතස්ස චිත්තසන්තානස්සෙතං අධිවචනං. සත්තසන්තානෙ අනුසෙන්ති අනුපවත්තන්තීති අනුසයා, ථාමගතානං කාමරාගාදීනං එතං අධිවචනං. ආසයො ච අනුසයො ච ආසයානුසයො. ජාතිග්ගහණෙන ච ද්වන්දසමාසවසෙන ච එකවචනං වෙදිතබ්බං. යස්මා චරිතාධිමුත්තියො ආසයානුසයසඞ්ගහිතා, තස්මා උද්දෙසෙ චරිතාධිමුත්තීසු ඤාණානි ආසයානුසයඤාණෙනෙව සඞ්ගහෙත්වා “ආසයානුසයෙ ඤාණ”න්ති වුත්තං.
අකුරු ගැන සිතන්නෝ (වියරණ ඇදුරෝ) අරුත නොසළකා නම පමණක් සැළකීමට කැමති වෙති. අරුත සළකන්නෝ ‘සත්ත’ යන වදනට කැමති වෙති. එබඳු සත්ත්වයන්ගේ අදහස් හා ඊට ඇසුරු වන දේවල් (ආසය නිස්සය) ආසය නම් වේ. වැරදි දැක්මෙන් හෝ නිවැරදි දැක්මෙන් හෝ, කාමයන්හි හෝ කාමයෙන් වෙන්වීමෙන් හෝ කටයුතු කරන සිත් ඇත්තෙකුට මෙය සමාන වචනයකි. සිත් පරම්පරාවෙහි අත්නොහැර පවත්නා වූ අදහසින් අනුසය වේ. බලවත් වූ කාමරාගාදියට එය සමාන වචනයකි. එසේ ‘ආසය’ද ‘අනුසය’ ද ආසයානුසය නම් වේ. (එහි) සොබාවය හා (වියරණය පරිදි) දවන්ද සමාසය ලෙසින් එකවචනයෙන් යෙදී ඇතැයි දතයුතුය. චරිතයට අනුකූල වූ (කරුණු ද) ආසයානුසයට ඇතුලත්ය. එබැවින් ඒ ඒ චරිත ගති අනුව මෙහෙයවන නුවණද ගෙන ආසයානුසය නුවණ යැයි කියන ලදී.
යමකපාටිහීරෙ ඤාණන්ති එත්ථ අග්ගික්ඛන්ධඋදකධාරාදීනං අපුබ්බං අචරිමං සකිංයෙව පවත්තිතො යමකං, අස්සද්ධියාදීනං පටිපක්ඛධම්මානං හරණතො පාටිහීරං, යමකඤ්ච තං පාටිහීරඤ්චාති යමකපාටිහීරං.
යමක පාටිහීරෙ ඤාණං එහිදී ගිනිකඳ දියදහරා වැනි පෙර නොවූ විරූ පුදුම දේ එකවරටම පැවැත්වීම යමක යනුයි. සැදැහැ නැත්තන්ගේ වැරදි හැඟීම් නැතිකරන අදහසින් පානා පෙළහර එකවර දෙයාකාරව දැක්වීම සේ යමකං ච තං පාටිහීරං - යමක පාටිහීරං වෙයි.
මහාකරුණාසමාපත්තියා ඤාණන්ති එත්ථ පරදුක්ඛෙ සති සාධූනං හදයකම්පනං කරොතීති කරුණා, කිනාති වා පරදුක්ඛං හිංසති විනාසෙතීති කරුණා, කිරීයති වා දුක්ඛිතෙසු ඵරණවසෙන පසාරීයතීති කරුණා, ඵරණකම්මවසෙන කම්මගුණවසෙන ච මහතී කරුණා මහාකරුණා, සමාපජ්ජන්ති එතං මහාකාරුණිකාති සමාපත්ති, මහාකරුණා ච සා සමාපත්ති චාති මහාකරුණාසමාපත්ති, තස්සං මහාකරුණාසමාපත්තියං. තං සම්පයුත්තං වා ඤාණං.
මහා කරුණා සමාපත්තියා ඤාණං අනුන්ගේ දුකෙහිදී යහපත් තැනැත්තන්ගේ කම්පාවක් වේද, එය කරුණ නම් වේ. මුදල් වැයකොට හෝ අනුන්ගේ දුකට හිංසා කොට ඒ දුක වැනසීම කරුණාවය. එබඳු දුකෙහිදී පැතිරී යන පරිදි (ඔවුනට දැනෙන පරිදි) කටයුතු කිරීම කරුණ වේ. එසේ පැතිරී යන ලෙසින් ද (එහිදී) කරන යහපත් දෙයෙහි මහත් ලෙසින් කරුණාව (පෙරදැරි වූයේ) මහා කරුණ, එයට සමවැදෙතියි සමාපත්ති, ඒ මහා කරුණාවද - සමවතද මහා කරුණා සමාපත්ති, ඒ මහා කරුණා සමවත හෝ ඒ හා යෙදුනු නුවණ.
සබ්බඤ්ඤුතඤ්ඤාණං අනාවරණඤාණන්ති එත්ථ පඤ්චනෙය්යපථප්පභෙදං සබ්බං අඤ්ඤාසීති සබ්බඤ්ඤූ, සබ්බඤ්ඤුස්ස භාවො සබ්බඤ්ඤුතා, සබ්බඤ්ඤුතා එව ඤාණං සබ්බඤ්ඤුතාඤාණන්ති වත්තබ්බෙ සබ්බඤ්ඤුතඤ්ඤාණන්ති වුත්තං. සඞ්ඛතාසඞ්ඛතාදිභෙදා සබ්බධම්මා හි සඞ්ඛාරො විකාරො ලක්ඛණං නිබ්බානං පඤ්ඤත්තීති පඤ්චෙව නෙය්යපථා හොන්ති. ආවජ්ජනපටිබද්ධත්තා එව හි නත්ථි තස්ස ආවරණන්ති තදෙව අනාවරණඤාණන්ති වුච්චති (පටි· ම· අට්ඨ· 1.1.68).
සබ්බඤ්ඤුත ඤාණං, අනාවරණ ඤාණං මෙහි පස් ආකාරව දැනගත යුතු දේ, සියල්ලම මැනවින් දැනගත්තේ යැයි සබ්බඤ්ඤූ ඒ දැනගත් බව සබ්බඤ්ඤුතා, ඒ දන්නා නුවණ සබ්බඤ්ඤුතා ඤාණං යැයි කිවයුතු වුවත් සබ්බඤ්ඤුතා, ඒ දන්නා නුවණ සබ්බඤ්ඤුතා ඤාණං යැයි කිවයුතු වුවත් සබ්බඤ්ඤුත ඤාණ යැයි කියනු ලැබේ. එසේ පස් ආකාරව දැනගත යුතු දේ නම්, හේතු නිසා ඇති වූ බව - එසේ නොමැති බව, සියළු දෙයකම එක්රැස් කිරීම, වෙනස්වීම, ඒ ඒ සොබා ගති, නිවන පැනවීමයි (සංඛතා සංඛතාදි භේද, සබ්බධම්මාභි සංඛාර, විකාර, ලක්ඛණ නිබ්බාණ පඤ්ඤත්ති) ඒ ගැන මෙනෙහි කිරීම හා බැඳුණු බැවින්, (ආවජ්ජන පටිබද්ධ) ඊට වැළැක්වීමක් නොමැති බැවින් එයට අනාවරණ ඤාණය යැයි කියනු ලැබේ.
සබ්බත්ථ අසඞ්ගමප්පටිහතමනාවරණඤාණන්ති එත්ථ අතීතානාගතපච්චුප්පන්නෙසු අසඞ්ගං සඞ්ගවිරහිතං අප්පටිහතං පටිපක්ඛවිරහිතං හුත්වා පවත්තං ආවරණවිරහිතං ඤාණං.
සබ්බත්ථ අසංගමප්පටිහත මනාවරණ ඤාණං මෙහිදී අතීත අනාගත වත්මනෙහි නොඇලීම හා ඇලීම රහිත බව, නොගැටෙන නොවෙනස්ව පවත්නා වූ නොවැළකුනු නුවණයි.
අනාගතම්පි ආදිසතීති –
අනාගතම්පි ආදිසති සති යනු,
‘මේ යහපත් කල්පයෙහි නායකයෝ තිදෙනෙක් වූහ. දැන් (වත්මනෙහි) මම සම්මා සම්බුදු වෙමි. අනාගතයෙහි මෙත්තෙය්‍ය (බුදුවරයාද) පහළ වන්නේය.
“ඉමස්මිං භද්දකෙ කප්පෙ, තයො ආසිංසු නායකා; අහමෙතරහි සම්බුද්ධො, මෙත්තෙය්යො චාපි හෙස්සතී”ති. ච –
ඉමම්හි භද්දකෙ කප්පෙ තයො ආසිංසු නායකා, අහමෙතරහි සම්බුද්ධො මෙත්තෙය්යාචාපි හෙස්සති
“අසීතිවස්සසහස්සායුකෙසු, භික්ඛවෙ, මනුස්සෙසු මෙත්තෙය්යො නාම භගවා ලොකෙ උප්පජ්ජිස්සති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො”ති ච (දී· නි· 3.107) –
‘මහණෙනි, මිනිසුන්ගේ ආයු කාලය වසර අසූදහසක් වන කල්හි මෙත්තෙය්‍ය නම් විජ්ජාචරණ ගුණින් යුතු, අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව උපදින්නේය.
“අථ ඛො, භික්ඛවෙ, සඞ්ඛො නාම රාජා යො සො යූපො රඤ්ඤා මහාපනාදෙන කාරාපිතො, තං යූපං උස්සාපෙත්වා අජ්ඣාවසිත්වා තං දත්වා විස්සජ්ජිත්වා සමණබ්රාහ්මණකපණද්ධිකවණිබ්බකයාචකානං දානං දත්වා මෙත්තෙය්යස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සතී”ති ච (දී· නි· 3.108) –
ඉක්බිති මහණෙනි, සංඛ නම් රජු මහාජනාද නම් රජු විසින් කරවන ලද යාග කණුව ඔසවවා, බොහෝ සතුටුව වාසයකොට, (සම්පත්) වැයකොට මහණ බමුණු දුගී මගී වෙළඳුන් හා යාචකයන්ට දන් දී භගවත් වූ අරහත් වූ මෙත්තෙය්‍ය සම්මා සම්බුදුවරයාණන් සමීපයෙහි කෙස් රවුල් බහා කහවත් හැඳ ගිහිගෙයින් නික්ම අනගාරිකව පැවිදි වන්නේය’ -
“අනාගතෙ අට්ඨිස්සරො නාම පච්චෙකසම්බුද්ධො භවිස්සතී”ති (මි· ප· 4.1.3) ච, “සුමනිස්සරො නාම පච්චෙකසම්බුද්ධො භවිස්සතී”ති ච – ආදිනා නයෙන දෙවදත්තාදීනං අනාගතං ආචික්ඛති.
‘අනාගතයෙහි අට්ඨිස්සර නම් පසේ බුදුවරයා වන්නේය. සුමනිස්සර නම් පසේ බුදුවරයා වන්නේ යැයි ද (පවසන්නා සේ) දෙව්දත් ආදීන්ගේ අනාගතය ගැනද හෙළි කරති.
පච්චුප්පන්නම්පි ආදිසතීති ඉදං පාකටමෙව.
‘අථ ඛො භික්ඛවෙ සංඛො රාජා යො සො යූපො රඤ්ඤා මහාපනාදෙන කාරපිතො තං යූප උස්සාපෙත්වා අජ්ඣාවසිත්වා රමිත්වා - විස්සජ්ජිත්වා සමණ බ්‍රාහ්මණ කපණදධික වණිබ්බක යාචකානංදානං දත්වා මෙත්තෙය්යස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස සන්තිකෙ කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සතී ච - අනාගතෙ අට්ඨිස්සරො නාම පච්චෙක සම්බුද්ධො භවිස්සතී ච - සුමනිස්සරො නාම පච්චෙක සම්බුද්ධො භවිස්සතී ති’ ච...... පච්චුප්පනම්පි ආදිසති මෙය පැහැදිලිය.
විභූතරූපසඤ්ඤිස්සාති සමතික්කන්තරූපසඤ්ඤිස්ස. සබ්බකායප්පහායිනොති තදඞ්ගවික්ඛම්භනවසෙන සබ්බරූපකායපහායිනො, පහීනරූපභවපටිසන්ධිකස්සාති අධිප්පායො. නත්ථි කිඤ්චීති පස්සතොති විඤ්ඤාණාභාවදස්සනෙන “නත්ථි කිඤ්චී”ති පස්සතො, ආකිඤ්චඤ්ඤායතනලාභිනොති වුත්තං හොති. ඤාණං සක්කානුපුච්ඡාමීති සක්කාති භගවන්තං ආලපන්තො ආහ. තස්ස පුග්ගලස්ස ඤාණං පුච්ඡාමි, කීදිසං ඉච්ඡිතබ්බන්ති. කථං නෙය්යාති කථඤ්ච සො නෙතබ්බො, කථමස්ස උත්තරිඤාණං උප්පාදෙතබ්බන්ති.
විභූතරූප සඤ්ඤිස්ස රූපය පිළිබඳ හැගීම් ඉක්මවා ඇති තැනැත්තාට, සබ්බකායප්පහායිනො තාවකාලිකව හා මැඩපැවැත්වීම් (තදංග වික්ඛමාන) ලෙසින් සියළු රූපකාය නැති කිරීමෙන්, රූප භවයෙහි උපත ලැබීම නැතිකරන ලදැයි අදහස් වේ. නත්ථි කිඤ්චීති පස්සතො විඤ්ඤාණය නැතිවීම නුවණින් අවබෝධ කිරීමෙන් ‘කිසිත් නැතැ’යි දකිමින්, ආකිඤ්චඤ්ඤායතන ලාභියකු ගැන කියන ලදී. ඤාණං සක්කානුපුච්ඡාමී ‘සක්ක’ යැයි භාග්‍යවතුන් වහන්සේට අමතමින්, ඒ තැනැත්තාගේ නුවණ විමසමි. කෙසේ කැමති විය යුතුදැ’යි කීය. කථං නෙය්යො කෙසේ ඒ තැනැත්තා (ඒ නුවණ කරා) ගෙන යා යුතුද? කෙසේ ඒ තැනැත්තාට ඊට වඩා උසස්-දියුණු නුවණ උපදවා ගත යුතුද?
කතමා රූපසඤ්ඤාති එත්ථ රූපසඤ්ඤාති සඤ්ඤාසීසෙන වුත්තරූපාවචරඣානඤ්චෙව තදාරම්මණඤ්ච. රූපාවචරඣානම්පි හි රූපන්ති වුච්චති “රූපී රූපානි පස්සතී”තිආදීසු (ධ· ස· 248; පටි· ම· 1.209). තස්ස ආරම්මණම්පි “බහිද්ධා රූපානි පස්සති සුවණ්ණදුබ්බණ්ණානී”තිආදීසු (ධ· ස· 223). තස්මා ඉධ රූපෙ සඤ්ඤා රූපසඤ්ඤාති එවං සඤ්ඤාසීසෙන රූපාවචරඣානස්සෙතං අධිවචනං. රූපං සඤ්ඤා අස්සාති රූපසඤ්ඤා, රූපමස්ස නාමන්ති වුත්තං හොති. එවං පථවීකසිණාදිභෙදස්ස තදාරම්මණස්ස චෙතං අධිවචනන්ති වෙදිතබ්බං. ඉධ පන කුසලවිපාකකිරියවසෙන පඤ්චදසඣානසඞ්ඛාතා රූපසඤ්ඤා එව අධිප්පෙතා . රූපාවචරසමාපත්තිං සමාපන්නස්ස වාති රූපාවචරකුසලජ්ඣානසමාපත්තිං සමාපන්නස්ස. උපපන්නස්ස වාති විපාකජ්ඣානවසෙන තස්මිං භවෙ උපපන්නස්ස. දිට්ඨධම්මසුඛවිහාරිස්ස වාති ඉමස්මිංයෙව අත්තභාවෙ කිරියාඣානං සමාපජ්ජිත්වා සුඛං උප්පාදෙත්වා විහරන්තස්ස. අරූපසමාපත්තියොති ආකාසානඤ්චායතනාදීනි. පටිලද්ධස්සාති උප්පාදෙත්වා ඨිතස්ස. රූපසඤ්ඤා විභූතා හොන්තීති රූපසඤ්ඤා අපගතා හොන්ති. විගතාති විනාසිතා. “අභාවිතා”තිපි පාඨො, සුන්දරො.
කතමා රූපසඤ්ඤා මෙහි රූප සම්මා යැයි හඳුනාගැනීම මුල්කොට කියන ලදී. රූපාවචර දැහැනම එහි අරමුණයි. රූපාවචර දැහැනෙහි රූපය යයි කියනු ලැබේ. රූප ඇත්තා රූප දකී. ‘රූපී රූපානි පස්සති’ ආදී තැන් මෙනි. එහි අරමුණද ‘මනා පැහැ යුතු, පැහැපත් නොවූ බාහිර රූප දකී ආදී තැන්හි මෙනි. එහෙයින් මෙහි රූපයෙහි මුල්කොට රූපාවචර දැහැනටම සමාන වචනයකි. රූපයේ නමයැයි කියන ලදී. මෙසේ පඨවි, කසිණ ආදියෙහිදී එහි අරමුණටද එය සමාන වචනයකැයි දතයුතුය. මෙහි කුසල් විපාක කටයුතු ලෙසින් පහළොවකැයි කියන ලද රූප හැඟීමම අදහස් වේ. රූපාවචර සමාපත්ති සමාපන්නස්සච රූපාවචර කුසල් දැහැනට සමවැදුනු තැනැත්තාට, උප්පන්නස්සවා විපාක දැහැන් ලෙසින් ඒ භවයෙහි උපන් තැනැත්තාට, දිට්ඨධම්ම සුඛ විහාරිස්සවා මේ ජීවිතයෙහිම ක්‍රියාකාරීව දැහැනට සමවැද සුවසේ වසන්නාට, අරූප සමාපත්තියො ආකාසනඤ්චායතනාදිය, පටිලද්ධස්ස උපදවා සිටි තැනැත්තාට, රූප සඤ්ඤා විභූතා හොන්ති රූපය පිළිබඳ හැඟීම පළ නොවේ. විගතා නසන ලදී. විභාවිතා යයිද පාඨයකි. එය මැනවි.
තදඞ්ගසමතික්කමාති තදඞ්ගප්පහානවසෙන අතික්කමෙන. වික්ඛම්භනප්පහානෙන පහීනොති අරූපජ්ඣානපටිලාභෙන වික්ඛම්භනෙන පහීනො. තස්ස රූපකායොති තස්ස අරූපසමාපත්තිපටිලාභිනො අරූපපුග්ගලස්ස රූපාවචරකායො.
තදංග සමතික්කමා තාවකාලිකව ඉක්ම වූ, තස්ස රූපකායො භාවනානුයෝගියා අරූප සමවත ලබන අරූප පුද්ගල රූපාවචර කය.
ආකිඤ්චඤ්ඤායතනන්ති එත්ථ නාස්ස කිඤ්චනන්ති අකිඤ්චනං, අන්තමසො සඞ්ගමත්තම්පි අස්ස අවසිට්ඨං නත්ථීති වුත්තං හොති. අකිඤ්චනස්ස භාවො ආකිඤ්චඤ්ඤං, ආකාසානඤ්චායතනවිඤ්ඤාණාපගමස්සෙතං අධිවචනං, තං ආකිඤ්චඤ්ඤං අධිට්ඨානට්ඨෙන ඉමිස්සා සඤ්ඤාය ආයතනන්ති ආකිඤ්චඤ්ඤායතනං, ආකාසෙ පවත්තිතවිඤ්ඤාණාපගමාරම්මණස්ස ඣානස්සෙතං අධිවචනං. විඤ්ඤාණඤ්චායතනසමාපත්තිං සතො සමාපජ්ජිත්වාති තං විඤ්ඤාණඤ්චායතනං සතොකාරී හුත්වා සමාපජ්ජිත්වා. තතො වුට්ඨහිත්වාති සතොකාරී හුත්වා තාය සමාපත්තියා වුට්ඨාය. තඤ්ඤෙව විඤ්ඤාණන්ති තං ආකාසෙ පවත්තිතං මහග්ගතවිඤ්ඤාණං. අභාවෙතීති විනාසෙති. විභාවෙතීති විවිධා නාසෙති. අන්තරධාපෙතීති අදස්සනං ගමෙති.
ආකිඤ්චඤ්ඤායතනං මෙහි කිසිවක් නැතැයි අකිංචනං, යටත් පිරිසෙයින් ඉතා සුළු බිඳීම් පමණකුදු ඉතිරිව නැතැයි කියන ලදී. කිසිත් නැති බවයි. ආකාසානඤ්චායතන විඤ්ඤාණය ඉවත්වීමට සමාන වචනයකි. එසේ කිසිවක් නැතැයි අදිටන් කිරීමේ අරුතින් මේ සඤ්ඤාවෙහි රැඳේ යැයි ආකිඤ්චඤ්ඤායතන වේ. අහසෙහි පවත්නා හැඟීම ඉවත්වන අරමුණ ගත් දැහැනට සමාන වචනයකි. විඤ්ඤාණඤ්චායතන සමාපත්තං සතො සමාපජ්ජිත්වා ඒ විඤ්ඤාණඤ්චායතන සමවතට සිහි ඇතිව සමවැද, සතො වුට්ඨහිත්වා සිහි ඇතිව ඒ සමවතින් නැගිට, තඤ්ඤෙව විඤ්ඤාණං ඒ අහස පිළිබඳව පවත්නා ලද මහත්බවට ගිය හැඟීම, අභාවෙති වැනසෙයි. විභාවෙති ඉවත් කරයි. අන්තරධාපෙති නොදක්නා ලෙසට යයි.
කථං සො නෙතබ්බොති සො පුග්ගලො කෙනප්පකාරෙන ජානිතබ්බො. විනෙතබ්බොති නානාවිධෙන ජානිතබ්බො. අනුනෙතබ්බොති පුනප්පුනං චිත්තෙන කථං ගමයිතබ්බො.
කථං සො නෙතබ්බො ඒ තැනැත්තා කුමන ආකාරයෙන් දතයුතුද? විනෙතබ්බො නොයෙක් ආකාරයෙන් දතයුතුය. අනුනෙතබ්බො නැවත නැවත සිතින් කෙසේ පැමිණවිය යුතුද?
අථස්ස භගවා තාදිසෙ පුග්ගලෙ අත්තනො අප්පටිහතඤාණතං පකාසෙත්වා තං ඤාණං බ්යාකාතුං ගාථමාහ. තත්ථ විඤ්ඤාණට්ඨිතියො සබ්බා, අභිජානං තථාගතොති අභිසඞ්ඛාරවසෙන චතස්සො පටිසන්ධිවසෙන සත්තාති එවං සබ්බා විඤ්ඤාණට්ඨිතියො අභිජානන්තො තථාගතො. තිට්ඨන්තමෙනං ජානාතීති කම්මාභිසඞ්ඛාරවසෙන තිට්ඨමෙතං පුග්ගලං ජානාති – “ආයතිං අයං එවංගතිකො භවිස්සතී”ති. ධිමුත්තන්ති ආකිඤ්චඤ්ඤායතනාදීසු අධිමුත්තං. තප්පරායණන්ති තම්මයං. විඤ්ඤාණට්ඨිතියොති පටිසන්ධිවිඤ්ඤාණස්ස ඨානානි සවිඤ්ඤාණකා ඛන්ධා එව.
එවිට භාග්‍යවතුන් වහන්සේ එබඳු පුද්ගලයෙකු (මෙතෙක්) නුවණ නොලද බව පවසා ඒ නුවණ පැහැදිලි කිරිමට ගාථා වදාළහ. එහි විඤ්ඤාණට්ඨිතියො සබ්බ අභිජානං තථාගතො එක්රැස් කරගන්නා ලද දේ අනුව (කුසල් අකුසල්) සිවු ආකාර වූ පිළිසිඳ ගැනීම් කෙරෙහි සත්වග යොමුවන සියළු විඤ්ඤාණ පැවැත්ම තථාගතයන් වහන්සේ මැනවින් දත්හ. තිට්ඨන්තමෙනං ජානාති පෙර කළ කී දෑ අනුව මේ තැනැත්තා මෙබඳු ගතියක් (උපතක්) ලබන්නේ යැයි පුද්ගලයෙකු පිළිබඳව දනිති. අධිමුත්තං ආකිඤ්චඤ්ඤායතන ආදියෙහි ඇලුනු, තම්පරායණං විඤ්ඤාණය පිළිසිඳ ගන්නා තැන් ඒ විඤ්ඤාණය සහිත කොටස සමූහයමය.
තත්ථ සෙය්යථාපීති නිදස්සනත්ථෙ නිපාතො යථා මනුස්සාති අත්ථො. අපරිමාණෙසුපි හි චක්කවාළෙසු අපරිමාණානං මනුස්සානං වණ්ණසණ්ඨානාදිවසෙන ද්වෙපි එකසදිසා නත්ථි. යෙපි හි කත්ථචි යමකභාතරො වණ්ණෙන වා සණ්ඨානෙන වා සදිසා හොන්ති. තෙපි ආලොකිතවිලොකිතාදීහි විසදිසාව හොන්ති. තස්මා “නානත්තකායා”ති වුත්තා. පටිසන්ධිසඤ්ඤා පන නෙසං තිහෙතුකාපි දුහෙතුකාපි අහෙතුකාපි හොති. තස්මා “නානත්තසඤ්ඤිනො”ති වුත්තා. එකච්චෙ ච දෙවාති ඡ කාමාවචරදෙවා. තෙසු හි කෙසඤ්චි කායො නීලො හොති, කෙසඤ්චි පීතකාදිවණ්ණො. සඤ්ඤා පන නෙසං තිහෙතුකාපි දුහෙතුකාපි හොති, අහෙතුකා න හොති. එකච්චෙ ච විනිපාතිකාති චතුඅපායවිනිමුත්තා පුනබ්බසුමාතා යක්ඛිනී පියඞ්කරමාතා ඵුස්සමිත්තා ධම්මගුත්තාති එවමාදයො අඤ්ඤෙ ච වෙමානිකා පෙතා. එතෙසඤ්හි ඔදාතකාළමඞ්ගුරච්ඡවිසාමවණ්ණාදිවසෙන චෙව කිසථූලරස්සදීඝවසෙන ච කායො නානා හොති, මනුස්සානං විය තිහෙතුකදුහෙතුකාහෙතුකවසෙන සඤ්ඤාපි. තෙ පන දෙවා විය න මහෙසක්ඛා, කපණමනුස්සා විය අප්පෙසක්ඛා දුල්ලභඝාසච්ඡාදනා දුක්ඛපීළිතා විහරන්ති. එකච්චෙ කාළපක්ඛෙ දුක්ඛිතා ජුණ්හපක්ඛෙ සුඛිතා හොන්ති, තස්මා සුඛසමුස්සයතො විනිපතිතත්තා විනිපාතිකාති වුත්තා. යෙ පනෙත්ථ තිහෙතුකා, තෙසං ධම්මාභිසමයොපි හොති පියඞ්කරමාතාදීනං විය.
සෙය්යථාපි කරුණු පෙන්වාදීම අනුව යෙදෙන නිපාතයකි. මනුස්සා අපමණ වූ සක්වල අපමණ මිනිසුන්ගේ පැහැ සළකුණු පෙනෙනා ආකාරයෙන් දෙදෙනෙකු එක හා සමාන නැත. (ඇතැම්විට) පැහැයෙන් හෝ පෙනුමෙන් හෝ සමාන වූවත්, ඔබ මොබ බැලීමේදී අසමාන වෙති. එහෙයින් ශාරිරිකව වෙනස් යැයි කියන ලදී. ඔවුන්ගේ පිළිසිඳ ගැනීම් හේතු තුනක් ද - හේතු දෙකක්ද, හේතු නොමැතිවද වෙයි. එහෙයින් නානත්ත සඤ්ඤිනො යැයි කියන ලදී. එකච්චෙ ච දෙවා කාමාවචර සයෙහි දෙවියෝ, ඒ දෙවියන්ගේ ඇතමෙකුගේ සිරුරු නිල්පැහැ වේ. ඇතමෙකුගේ කහ පැහැයයි. ඔවුන්ගේ හැඟීම් තිහේතකුද දුහේතුකද වේ. අහේතුකව නැත. එකච්චෙ ච විනිපාතිකාපි සතර අපායෙන් මිදුණු පුනබ්බසුමාතාව, පියංකර මාතා යකිනිය, ඵුස්සමිත්තාව, ධම්මගුත්ත ආදී දින කිහිපයක් දුකද, තවත් කලක් සැප ලබන වෙනත් පේතයන්, ඔවුගේ සිරුරු සුදු කළු රන් පැහැ සිවි ඇති, කළු පැහැ ආදී ලෙසද, සිහින්, මහත, මිටි, දිග (උස) ලෙසින්ද වෙනස් වේ. තිහේතුක, දුහේතුක, අහේතුක, සඤ්ඤා ද මිනිසුන්ගේ මෙනි. ඔව්හු දෙවියන් මෙන් මහ ඉසුරුමත් නොවෙති. දුගී මිනිසුන් මෙන්, පහත් ලෙස ආහාර - ඇඳුම් දුලබව දුකින් පෙලී කල්ගත කරති. ඇතමෙක් අවපසෙහි දුකට පත්ව, පුරපසෙහි සැප ලබති. එහෙයින් සැපලද සිරුරෙන් දුක් සහිත තැනකට පත් වූ බැවින් විනිපාතිකා යැයි කියන ලදී. පියංකර මව ආදී තිහේතුක වූවන්ට දහම් අවබෝධ වෙයි.
බ්රහ්මකායිකාති බ්රහ්මපාරිසජ්ජබ්රහ්මපුරොහිතමහාබ්රහ්මානො. පඨමාභිනිබ්බත්තාති තෙ සබ්බෙපි පඨමජ්ඣානෙන නිබ්බත්තා. බ්රහ්මපාරිසජ්ජා පන පරිත්තෙන, බ්රහ්මපුරොහිතා මජ්ඣිමෙන, කායොව නෙසං විප්ඵාරිකතරො හොති. මහාබ්රහ්මානො පණීතෙන, කායො පන නෙසං අතිවිප්ඵාරිකතරො හොති. ඉති තෙ කායස්ස නානත්තා, පඨමජ්ඣානවසෙන සඤ්ඤාය එකත්තා නානත්තකායා එකත්තසඤ්ඤිනොති වුත්තා. යථා ච තෙ, එවං චතූසු අපායෙසු සත්තා. නිරයෙසු හි කෙසඤ්චි ගාවුතං, කෙසඤ්චි අඩ්ඪයොජනං, කෙසඤ්චි තිගාවුතං අත්තභාවො හොති, දෙවදත්තස්ස පන යොජනසතිකො ජාතො. තිරච්ඡානෙසුපි කෙචි ඛුද්දකා හොන්ති, කෙචි මහන්තා. පෙත්තිවිසයෙසුපි කෙචි සට්ඨිහත්ථා, කෙචි අසීතිහත්ථා හොන්ති, කෙචි සුවණ්ණා, කෙචි දුබ්බණ්ණා. තථා කාලකඤ්චිකා අසුරා. අපි චෙත්ථ දීඝපිට්ඨිකපෙතා නාම සට්ඨියොජනිකාපි හොන්ති. සඤ්ඤා පන සබ්බෙසම්පි අකුසලවිපාකාහෙතුකාව හොති. ඉති ආපායිකාපි නානත්තකායා එකත්තසඤ්ඤිනොති සඞ්ඛං ගච්ඡන්ති.
බ්රහ්මකායිකා බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්මයන්, පඨමාභිනිබ්බත්තා ඒ සියල්ලෝමද පළමු දැහැනෙන් (එහි) පහළ වූහ. ඔවුන්ගේ කය පැතිරෙන ආකාරය අනුව පාරිසජ්ජ බ්‍රහ්මයෝ කුඩා ලෙසින්ද පුරෝහිත බ්‍රහ්මයෝ මැද පමණ ලෙසටද වෙති. මහා බ්‍රහ්මයෝ උසස් වන අතර, ඔවුන්ගේ කය බොහෝ සෙයින් වඩාත් පැතිරී ඇත. මෙසේ ඒ බ්‍රහ්මයෝ කයෙන් වෙනස් වෙනස් ලෙස වුවත්, පළමු දැහැන් ලෙසින් සඤ්ඤාවෙන් එක් ආකාර වෙති. මේ නිසා නානත්තකායා ඒකත්තසඤ්ඤී යයි කියනු ලැබේ. නිරයවල උපත ලැබූවන්ගෙන් ඇතැමෙක් ගවුවක් පමණ ද ඇතැමෙක් අඩ යොදුනක්ද ඇතමෙක් ගවු තුනක් තරම් සිරුරු (අත්තභාව) ඇත්තෝ වෙති. සතර අපායෙහි ජීවීන් මෙබඳුය. දෙව්දත් යොදුන් සියයක්ව උපනි. තිරිසන් සතුන් අතරද ඇතැමෙක් කුඩා වෙති. ඇතැමෙක් විසාල වෙති. පේත ලොවෙහි ඇතැමෙක් රියන් හැටකි. ඇතැමෙක් අසූ රියනකි. ඇතැමෙක් මනා පැහැපත් වන අතර, ඇතැමෙක් පැහැපත් නොවෙති. කාලකඤ්ජක නම් අසුරයන්ද එසේමය. එහෙත් දිගු පිට ඇති පේතයෝ සැට යොදුනක් තරම් වෙති. මේ සියල්ලන්ගේම සඤ්ඤා වූ කලී අහේතුක අකුසල විපාක වේ. මෙසේ අපායෙහි සිටියද කයෙන් වෙනස්ව, සඤ්ඤාවෙන් එක්බඳු යැයි සැළකේ.
ආභස්සරාති දණ්ඩඋක්කාය අච්චි විය එතෙසං සරීරතො ආභා ඡිජ්ජිත්වා ඡිජ්ජිත්වා පතන්තී විය සරති විසරතීති ආභස්සරා. තෙසු පඤ්චකනයෙ දුතියතතියජ්ඣානද්වයං පරිත්තං භාවෙත්වා උපපන්නා පරිත්තාභා නාම හොන්ති. මජ්ඣිමං භාවෙත්වා උපපන්නා අප්පමාණාභා නාම හොන්ති. පණීතං භාවෙත්වා උපපන්නා ආභස්සරා නාම හොන්ති. ඉධ පන උක්කට්ඨපරිච්ඡෙදවසෙන සබ්බෙ ගහිතා. සබ්බෙසඤ්හි තෙසං කායො එකවිප්ඵාරොව හොති, සඤ්ඤා පන අවිතක්කවිචාරමත්තා ච අවිතක්කඅවිචාරා චාති නානා.
ආභස්සර දල්වන ලද ගිනිහුලක ගිනිදළුව මෙන් මොවුන්ගේ සිරුරෙන් ආලෝකය බිඳී බිඳී වැටෙන්නාක් මෙන් හැසිරෙයි. ඔබ මොබ සැරිසරයි. ආභස්සර නම් වෙති. ඔවුන් අතරින් පඤ්චක නයෙහි දෙවන තෙවන දැහැන් අඩුවෙන් වඩා, පහළ වූවෝ පරිත්තාභා නම් වෙති. අඩු වැඩි නොකොට මැද පමණට වඩා පහළ වූවෝ අප්පමානාභා නම් වෙති. වැඩි පමණට වඩා පහළ වූවෝ ආභස්සරා නම් වෙති. මෙහිදී ඒ සියල්ලන්ගේම උසස් බව හඟවනු පිණිස අවධාරාණාත්මක ගුණය ලෙසින් සලකන ලදී. හැමතැනකම ඔවුන්ගේ සිරුරු එක්පැහැර පැතිරෙයි. සඤ්ඤා වූ කලී අවිතක්ක විචාර පමණින් ද අවිතක්ක අවිචාර පමණින් ද වෙනස් වේ.
සුභකිණ්හාති සුභෙන වොකිණ්ණා, සුභෙන සරීරප්පභාවණ්ණෙන එකග්ඝනාති අත්ථො. එතෙසඤ්හි න ආභස්සරානං විය ඡිජ්ජිත්වා ඡිජ්ජිත්වා පභා ගච්ඡතීති. චතුක්කනයෙ තතියස්ස පඤ්චකනයෙ චතුක්කස්ස පරිත්තමජ්ඣිමපණීතස්ස ඣානස්ස වසෙන පරිත්තසුභඅප්පමාණසුභසුභකිණ්හා නාම හුත්වා නිබ්බත්තන්ති. ඉති සබ්බෙපි තෙ එකත්තකායා චෙව චතුත්ථජ්ඣානසඤ්ඤාය එකත්තසඤ්ඤිනො චාති වෙදිතබ්බා. වෙහප්ඵලාපි චතුත්ථවිඤ්ඤාණට්ඨිතිමෙව භජන්ති. අසඤ්ඤසත්තා විඤ්ඤාණාභාවා එත්ථ සඞ්ගහං න ගච්ඡන්ති, සත්තාවාසෙසු ගච්ඡන්ති.
සුභකිණ්හා යහපත්ව බබළන, යහපත් වූ සිරුරේ පැහැයෙන් එකට කැටි වූ (එකඝන) තේරුමයි. ආභස්සර බ්‍රහ්මයන්ට මෙන් මොවුන්ට බිඳී බිඳී යන ආලෝකයක් නොවන්නේය. සිවුනය අනුව තුන්වන දැහැනටද, පස්නය අනුව සිවුවන දැහැනටද අඩු පමණින්, මැද පමණින්, උසස් ලෙසින් දැහැන් වැඩීමෙන් පරිත්තසුභ, අප්පමානසුභ, සුභකිණ්හ යන නම් ලබමින් (එසේ) පහළ වෙති. මෙසේ ඒ සියල්ලෝම එක්බඳු සිරුරු ඇති, සිවුවන දැහැන් සඤ්ඤාවෙන් ඒක සඤ්ඤී බවත් දතයුතුය. වෙහප්ඵලා බ්‍රහ්මයෝ සිවුවන විඤ්ඤාණ පැවැත්මෙහිම රැඳෙති. අසඤ්ඤතලයෙහි විඤ්ඤාණය (සිත) නොපැවැත්ම මෙහි ඇතුලත් නොවේ. සත්තාවාසවල එය අදාල වේ.
සුද්ධාවාසා විවට්ටපක්ඛෙ ඨිතා, න සබ්බකාලිකා, කප්පසතසහස්සම්පි අසඞ්ඛ්යෙය්යම්පි බුද්ධසුඤ්ඤෙ ලොකෙ න උප්පජ්ජන්ති. සොළසකප්පසහස්සබ්භන්තරෙ බුද්ධෙසු උප්පන්නෙසුයෙව උප්පජ්ජන්ති. ධම්මචක්කපවත්තිස්ස (සං· නි· 5.1081; මහාව· 13; පටි· ම· 2.30) භගවතො ඛන්ධාවාරසදිසා හොන්ති. තස්මා නෙව විඤ්ඤාණට්ඨිතිං, න ච සත්තාවාසං භජන්ති. මහාසීවත්ථෙරො පන “න ඛො පන සො, සාරිපුත්ත, ආවාසො සුලභරූපො, යො මයා අනාවුට්ඨපුබ්බො ඉමිනා දීඝෙන අද්ධුනා අඤ්ඤත්ර සුද්ධාවාසෙහි දෙවෙහීති ඉමිනා සුත්තෙන (ම· නි· 1.160) සුද්ධාවාසාපි චතුත්ථවිඤ්ඤාණට්ඨිතිං චතුත්ථසත්තාවාසඤ්ච භජන්තී”ති වදති, තං අප්පටිබාහිතත්තා සුත්තස්ස අනුඤ්ඤාතං (අ· නි· අට්ඨ· 3.7.44-45; පටි· ම· අට්ඨ· 1.1.21).
කල්පය හටගැනීමේදී සුද්ධාවාසයෙහි විසූ බ්‍රහ්මයෝ සදාකාලික නොවූවෝ, කල්ප සියදහසක්ද කල්ප අසංඛ්‍යයක් වුවද බුදුවරුන් නොමැති ලොවක නොඉපදෙති. කල්ප සොළොස් දහසක් ඇතුලත බුදුවරුන් උපන් කල්හිම උපදිති. භාග්‍යවතුන් වහන්සේ නමක දම්සක් පවත්වන විට කඳවුරක් බැන්දා සේ සිටිති. එහෙයින් සත්තාවාසයෙහි විඤ්ඤාණ පැවැත්මක් නොමැත්තේ නොවේ. ‘ඇවැත්නි, සාරිපුත්ත, මේ තරම් දිගු කාලයක් තුළ සුද්ධාවාස දෙවියන් හැර මා විසින් වාසය නොකරන ලද එහි වාසය පහසුවෙන් ලැබිය හැකි නොවේ’ යැයි මහාසීව තෙරුන් මේ සූත්‍ර පාඨයෙන් සුද්ධාවාසීන්ද, සිවුවන විඤ්ඤාණ පැවැත්මද සිවුවන සත්තාවාසයද ඇසුරු කරන බව කියයි. එය නොවළක්නා ලද බැවින් සූත්‍රයෙන් තහවුරු කර ඇත.
සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමාති එත්ථ සබ්බසොති සබ්බාකාරෙන, සබ්බාසං වා අනවසෙසානන්ති අත්ථො. රූපසඤ්ඤානන්ති සඤ්ඤාසීසෙන වුත්තරූපාවචරජ්ඣානානඤ්චෙව තදාරම්මණානඤ්ච. රූපාවචරජ්ඣානම්පි හි රූපන්ති වුච්චති “රූපී රූපානි පස්සතී”තිආදීසු (ධ· ස· 248; පටි· ම· 1.209), තස්ස ආරම්මණම්පි “බහිද්ධා රූපානි පස්සති සුවණ්ණදුබ්බණ්ණානී”තිආදීසු (ධ· ස· 223). තස්මා ඉධ “රූපෙ සඤ්ඤා රූපසඤ්ඤා”ති එවං සඤ්ඤාසීසෙන වුත්තරූපාවචරජ්ඣානස්සෙතං අධිවචනං. රූපං සඤ්ඤා අස්සාති රූපසඤ්ඤා, රූපමස්ස නාමන්ති වුත්තං හොති. එවං පථවීකසිණාදිභෙදස්ස තදාරම්මණස්ස චෙතං අධිවචනන්ති වෙදිතබ්බං.
‘සබ්බසො රූප සඤ්ඤාණං සමතික්කමං’ මෙහි සබ්බසො සියළු ආකාරයෙන්, සියල්ලම හෝ ඉතිරි නොවූ දේ යන තේරුමයි. රූප සඤ්ඤානං සඤ්ඤාව මුල්කොට කියන ලද රූපාවචර දැහැන්හිද එහි අරමුණද, රූපාවචර දැහැනටද රූප යයි කියනු ලැබේ. ‘රූපී රූපානි පස්සති’ ආදී තැන්වල මෙනි. එහි අරමුණුවලටද ‘මනා පැහැපත්, පැහැපත් නොවූ බාහිර රූප දකී’. ‘බහිද්ධාරූපානි පස්සති සුවණ්ණ දුබ්බණ්ණානි’ ආදී තැන්වල මෙනි. එහෙයින් මෙහි රූපයෙහි සඤ්ඤා යැයි මෙසේ සඤ්ඤා මුල්කොට රූපාවචර දැහැනටම එය සමාන වචනයක් සේ දැක්වේ. මෙසේ පඨවි, කසිණ ආදී කොටස් අනුව ඒ අරමුණට එය සමාන වදනකැයිද දතයුතුය.
සමතික්කමාති විරාගා නිරොධා ච. කිං වුත්තං හොති? එතාසං කුසලවිපාකකිරියවසෙන පඤ්චදසන්නං ඣානසඞ්ඛාතානං රූපසඤ්ඤානං එතෙසඤ්ච පථවීකසිණාදිවසෙන අට්ඨන්නං ආරම්මණසඞ්ඛාතානං රූපසඤ්ඤානං සබ්බාකාරෙන අනවසෙසානං වා විරාගා ච නිරොධා ච විරාගහෙතු චෙව නිරොධහෙතු ච ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. න හි සක්කා සබ්බසො අනතික්කන්තරූපසඤ්ඤෙන එතං උපසම්පජ්ජ විහරිතුන්ති. තත්ථ යස්මා ආරම්මණෙ අවිරත්තස්ස සඤ්ඤාසමතික්කමො න හොති, සමතික්කන්තාසු ච සඤ්ඤාසු ආරම්මණං සමතික්කන්තමෙව හොති. තස්මා ආරම්මණසමතික්කමං අවත්වා –
සමතික්කමා විරාග නිරෝධයයි. කුමක් නිසා කියන ලද ද? ඒ කුසල විපාක කටයුතු ලෙසින් දැහැන් පහළොවක් යැයි ගැනෙන රූප සඤ්ඤා ද, එම පඨවි කසිණ ආදී ලෙසින් අරමුණු නවයකැයි ගැනෙන රූප සඤ්ඤා ද ඉතිරි නැතිව හෝ විරාගය ද නිරෝධයද විරාග හේතුවද නිරෝධ හේතුවද වේ. ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති සියළුම රූපසඤ්ඤා ඉක්මවන්නේ නැතිව ආකාසානඤ්චායතනයට පැමිණ කල්ගත කිරිමට නොහැකිය. එහි යම් අරමුණක සිටින විට සඤ්ඤා ඉක්මවීමක් නොවේ. සඤ්ඤා ඉක්මවන කල්හිම, අරමුණද ඉක්මවූයේ වෙයි. එහෙයින් අරමුණ ඉක්මවීම නොකියා.
“තත්ථ කතමා රූපසඤ්ඤා? රූපාවචරසමාපත්තිං සමාපන්නස්ස වා උපපන්නස්ස වා දිට්ඨධම්මසුඛවිහාරිස්ස වා සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං, ඉමා වුච්චන්ති රූපසඤ්ඤායො. ඉමා රූපසඤ්ඤායො අතික්කන්තො හොති වීතික්කන්තො සමතික්කන්තො, තෙන වුච්චති සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා”ති – එවං විභඞ්ගෙ (විභ· 602) සඤ්ඤානංයෙව සමතික්කමො වුත්තො.
‘එහි රූප සඤ්ඤා කවරේද? රූපාවචර සමවතට සමවදින තැනැත්තාට හෝ, ඊට පැමිණි තැනැත්තාට හෝ එසේ අත්විඳින දෙයින් සුවයෙන් වෙසෙන්නාට හෝ සඤ්ඤා හැඳිනීම රූප සඤ්ඤා යැයි කියනු ලැබේ. රූප සඤ්ඤා ඉක්මවීම හෝ මැනවින් ඉක්මවීම හෝ සියළු ආකාරයෙන් ඉක්මවී යැයි ‘විභංගයෙහි සඳහන්ව ඇත.
යස්මා පන ආරම්මණසමතික්කමෙන පත්තබ්බා එතා සමාපත්තියො, න එකස්මිංයෙව ආරම්මණෙ පඨමජ්ඣානාදීනි විය, තස්මා අයං ආරම්මණසමතික්කමවසෙනාපි අත්ථවණ්ණනා කතාති වෙදිතබ්බා.
යම්හෙයකින් අරමුණ ඉක්මවීමෙන් පැමිණිය යුතු ඒ සමාපත්ති එකම අරමුණෙහි පළමු දැහැන් ආදියෙහි මෙන් නොවේ. එහෙයින් මේ අරමුණ ඉක්මවීම ලෙසින්ද අරුත් විස්තර කරන ලදැයි දතයුතුය.
පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමාති චක්ඛාදීනං වත්ථූනං රූපාදීනං ආරම්මණානඤ්ච පටිඝාතෙන උප්පන්නා සඤ්ඤා පටිඝසඤ්ඤා, රූපසඤ්ඤාදීනං එතං අධිවචනං. යථාහ – “තත්ථ කතමා පටිඝසඤ්ඤා? රූපසඤ්ඤා සද්දසඤ්ඤා ගන්ධසඤ්ඤා රසසඤ්ඤා ඵොට්ඨබ්බසඤ්ඤා, ඉමා වුච්චන්ති පටිඝසඤ්ඤායො”ති (විභ· 603). තාසං කුසලවිපාකානං පඤ්චන්නං අකුසලවිපාකානං පඤ්චන්නන්ති සබ්බසො දසන්නං පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා පහානා අසමුප්පාදා, අප්පවත්තිං කත්වාති වුත්තං හොති.
පටිඝසඤ්ඤානං අත්ථංගමා ඇස ආදියෙහි රූපාදී අරමුණ අනුව (ඒ පිළිබඳව) කෝපයෙන් උපන් හැගීම් පටිඝසඤ්ඤා වේ. රූපය පිළිබඳ වූ හැඟීම් ආදියට එය සමාන වචනයකි. ‘එහි පටිඝසඤ්ඤාව කවරේද? රූප සඤ්ඤා - සද්ද සඤ්ඤා - ගන්ධ සඤ්ඤා - රස සඤ්ඤා - පොට්ඨබ්බ සඤ්ඤා යන මේවා පටිඝ සඤ්ඤා වේ යැයි කීය. ඒවායෙහි පවත්නා කුසල විපාක පහක්ද, අකුසල විපාක පහක් ද යනුවෙන් වූ සියළු ආකාර පටිඝ සඤ්ඤා දහය වැනසීම - නැතිකිරිම, ඇතිකර නොගැනීමට, නොපවත්නා බවට පත්කිරීම කියන ලදී.
කාමඤ්චෙතා පඨමජ්ඣානාදීනි සමාපන්නස්සාපි න සන්ති, න හි තස්මිං සමයෙ පඤ්චද්වාරවසෙන චිත්තං පවත්තති, එවං සන්තෙපි අඤ්ඤත්ථ පහීනානං සුඛදුක්ඛානං චතුත්ථජ්ඣානෙ විය සක්කායදිට්ඨාදීනං තතියමග්ගෙ විය ච ඉමස්මිංයෙව ඣානෙ උස්සාහජනනත්ථං ඉමස්ස ඣානස්ස පසංසාවසෙන එතාසං එත්ථ වචනං වෙදිතබ්බං. අථ වා – කිඤ්චාපි තා රූපාවචරං සමාපන්නස්ස න සන්ති, අථ ඛො න පහීනත්තා න සන්ති, න හි රූපවිරාගාය රූපාවචරභාවනා සංවත්තති, රූපායත්තා ච එතාසං පවත්ති, අයං පන භාවනා රූපවිරාගාය සංවත්තති . තස්මා තා එත්ථ “පහීනා”ති වත්තුං වට්ටති. න කෙවලඤ්ච වත්තුං, එකංසෙනෙව එවං ධාරෙතුම්පි වට්ටති. තාසඤ්හි ඉතො පුබ්බෙ අප්පහීනත්තායෙව “පඨමජ්ඣානං සමාපන්නස්ස සද්දො කණ්ටකො”ති (අ· නි· 10.72) වුත්තො භගවතා. ඉධ ච පහීනත්තායෙව අරූපසමාපත්තීනං ආනෙඤ්ජතා සන්තවිමොක්ඛතා ච වුත්තා – “ආළාරො ච කාලාමො අරූපං සමාපන්නො පඤ්චමත්තානි සකටසතානි නිස්සාය නිස්සාය අතික්කන්තානි නෙව අද්දස, න පන සද්දං අස්සොසී”ති (දී· නි· 2.192).
පළමු දැහැන් ආදියෙන් සමවතට පත් තැනැත්තාට කාමය නොපවතී. එකල්හී පංචද්වාර ලෙසින් සිත නොපවතී. මේ අනුව, අන් තැනක සැපදුක් නැතිකරන ලද සිවුවන දැහැන මෙන්, මම-මගේය යන දැඩිව ගත් හැඟීම් ආදිය තුන්වන මගෙහිදී මෙන්ද, මෙම දැහැන පිළිබඳව උනන්දුව ඇතිකරනු පිණිසත්, මෙම දැහැන අගය කිරීම ලෙසත් එයට මෙහි වචන යොදා ඇතැයි දතයුතුය. නැතහොත් ඒ රූපාවචර දැහැනට සමවැදුන තැනැත්තාට කිසිවක් නොමැති වුවත්, ඉක්බිති (ඒ හැගීම්) නැති නොකරන ලද්දේ නම්, (ඊළඟට එළඹිය යුතු තැනක් නොවේ. රූපාවචර භාවනා රූපයෙහි නොඇලීම පිණිස නො පවතී. එහෙයින් ඒවා මෙහිදී නැතිකරන ලද්දේ යැයි කීමට සුදුසුය. හුදෙක් කීම ඒකාන්තවම මෙසේ දරාගැනීමටද වටනේය. ඒවා මින් පෙර නොනසන ලද බැවින්ම පළමු දැහැනට පැමිණි තැනැත්තාට හඬ (සද්ද) කටුවක් මෙනැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙහිදී අරූප සමාපත්තිද ඉවත් කරන ලදුව කම්පා නොවන්නා වූ සාන්ත වූ මිදීම යැයිද කියා ඇත. ‘ආළාර කාලාමද අරූප සමාපත්තියට සමවැද ගැල් පන්සියයක් (තමා වෙතින්) එකිනෙක පසුපස ඉදිරියට ගියත් - නොදුටු බවත්, හඬ නොඇසී’ යැයි ද දැක්වේ.
නානත්තසඤ්ඤානං අමනසිකාරාති නානත්තෙ ගොචරෙ පවත්තානං සඤ්ඤානං, නානත්තානං වා සඤ්ඤානං. යස්මා හි එතා –
නානත්ත සඤ්ඤානං අමනසිකාරා ඒ ඒ ලෙස වෙනස් වූ හෝ හාත්පස පවත්නා වූ වෙනස් වූ හැඟීම් - සඤ්ඤාය.
“තත්ථ කතමා නානත්තසඤ්ඤා? අසමාපන්නස්ස මනොධාතුසමඞ්ගිස්ස වා මනොවිඤ්ඤාණධාතුසමඞ්ගිස්ස වා සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං, ඉමා වුච්චන්ති නානත්තසඤ්ඤායො”ති (විභ· 604) –
‘එහි වෙනස් වූ හැඟීම් කවරේද? මනෝධාතුව සමග හෝ මනෝ විඤ්ඤාණ ධාතු සමග හෝ සමවතට සම නොවැදීමේදී (වන) සඤ්ඤා හැඳිනීම, හඳුනන බව නානත්ත සඤ්ඤා යැයි කියනු ලැබේ’ -
එවං විභඞ්ගෙ විභජිත්වා වුත්තාව ඉධ අධිප්පෙතා අසමාපන්නස්ස මනොධාතුමනොවිඤ්ඤාණධාතුසඞ්ගහිතා සඤ්ඤා රූපසද්දාදිභෙදෙ නානත්තෙ නානාසභාවෙ ගොචරෙ පවත්තන්ති. යස්මා චෙතා අට්ඨ කාමාවචරකුසලසඤ්ඤා ද්වාදස අකුසලසඤ්ඤා එකාදස කාමාවචරකුසලවිපාකසඤ්ඤා ද්වෙ අකුසලවිපාකසඤ්ඤා එකාදස කාමාවචරකිරියසඤ්ඤාති එවං චතුචත්තාලීසම්පි සඤ්ඤා නානත්තා නානාසභාවා අඤ්ඤමඤ්ඤං අසදිසා, තස්මා “නානත්තසඤ්ඤා”ති වුත්තා. තාසං සබ්බසො නානත්තසඤ්ඤානං අමනසිකාරා අනාවජ්ජනා අසමන්නාහාරා අපච්චවෙක්ඛණා. යස්මා තා නාවජ්ජති න මනසිකරොති න පච්චවෙක්ඛති, තස්මාති වුත්තං හොති.
යැයි විභංගයෙහි බෙදා ඇති අයුරු මෙහිදී අදහස් වේ. සම නොවැදුණු තැනැත්තාට මනෝධාතු මනෝ විඤ්ඤාණ ධාතු ඇතුලත් වන සඤ්ඤා, රූප, හඬ ආදී හඳුනාගැනීම් බොහෝ දෙනා කෙරෙහි නොයෙක් ආකාරයෙන් පවතී. කාමාවචර කුසල සඤ්ඤා අට, අකුසල සඤ්ඤා දොළහ, කාමාවචර කුසල විපාක සඤ්ඤා එකොළහ, අකුසල විපාක සඤ්ඤා දෙක, කාමාවචර කිරිය සඤ්ඤා එකොළහ යැයි මේ ආකාරයෙන් සඤ්ඤා හතළිස්හතර එකිනෙකට වෙනස්ය. ගත වෙනස්ය. එකිනෙකට අසමානය. එහෙයින් නානත්තසඤ්ඤා යැයි කියන ලදී. සියළු ආකාරයෙන්ම ඒ සඤ්ඤා ගැන මෙනෙහි නොකොට සිතා නොබලා, පවත්නා නොගනිමින්, විමසා නොබැලීමෙන්, ඒවා ගැන සිතා නොබලයි. මෙනෙහි නොකරයි. විමසා නොබලයි යනුවෙන් එහෙයින් කියන ලදී.
යස්මා චෙත්ථ පුරිමා රූපසඤ්ඤා පටිඝසඤ්ඤා ච ඉමිනා ඣානෙන නිබ්බත්තෙ භවෙපි න විජ්ජන්ති, පගෙව තස්මිං භවෙ ඉමං ඣානං උපසම්පජ්ජ විහරණකාලෙ, තස්මා තාසං “සමතික්කමා අත්ථඞ්ගමා”ති ද්වෙධාපි අභාවොයෙව වුත්තො. නානත්තසඤ්ඤාසු පන යස්මා අට්ඨ කාමාවචරකුසලසඤ්ඤා නව කිරියසඤ්ඤා දස අකුසලසඤ්ඤාති, ඉමා සත්තවීසති සඤ්ඤා ඉමිනා ඣානෙන නිබ්බත්තෙ භවෙ විජ්ජන්ති, තස්මා තාසං “අමනසිකාරා”ති වුත්තන්ති වෙදිතබ්බං. තත්රාපි හි ඉමං ඣානං උපසම්පජ්ජ විහරන්තො තාසං අමනසිකාරායෙව උපසම්පජ්ජ විහරති, තා පන මනසිකරොන්තො අසමාපන්නො හොතීති. සඞ්ඛෙපතො චෙත්ථ “රූපසඤ්ඤානං සමතික්කමා”ති ඉමිනා සබ්බරූපාවචරධම්මානං පහානං වුත්තං. “පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා”ති ඉමිනා සබ්බෙසං කාමාවචරචිත්තචෙතසිකානඤ්ච පහානං අමනසිකාරො ච වුත්තොති වෙදිතබ්බො (පටි· ම· අට්ඨ· 2.1.213).
මුලදී රූප සඤ්ඤාවද පටිඝසඤ්ඤාවද මේ දැහැන උපදවා ගත් කල ඒ භවයෙහිද ඇති නොවේ. කල් ඇතිවම ඒ භවයෙහි, මේ දැහැනට පැමිණ කල්ගත කරන කල්හී. ඒවා ඉක්මවීම - නැතිකිරීම යැයි දෙආකාරවම කියන ලදී. වෙනස් වෙනස් සඤ්ඤාවලදී කාමාවචර කුසල සඤ්ඤා අට, කිරිය සඤ්ඤා නවය, කුසල සඤ්ඤා දහය යන විසිහත මේ දැහැනින් පහළ වූ භවයෙහි ඇත. එහෙයින් ඒවා මෙනෙහි නොකරතියි කියා ඇති බව දතයුතුය. මෙහිදී ඒවා මෙනෙහි නොකොටම මේ දැහැනට පැමිණ වාසය කරයි. ඒවා මෙනෙහි කරමින් සමවතට නොපැමිණ සිටී යැයිද, කෙටියෙන් රූප සඤ්ඤා ඉක්මවීයැයි ද (දක්වා) සියළු රූපාවචර ධම්ම නැතිකිරිම කියන ලදී. ගැටීම් හා තරහ හැඟීම් නැති කිරීම, වෙනස් වෙනස් සඤ්ඤා මෙනෙහි නොකිරීම යන මෙයින් කාමාවචර සිත් සිතිවිලි සියල්ලම නැති කිරීම මෙනෙහි නොකෙරේ යැයි කියා ඇතැයි දතයුතුය.
ඉති භගවා පන්නරසන්නං රූපසඤ්ඤානං සමතික්කමෙන දසන්නං පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමෙන චතුචත්තාලීසාය නානත්තසඤ්ඤානං අමනසිකාරෙනාති තීහි පදෙහි ආකාසානඤ්චායතනසමාපත්තියා වණ්ණං කථෙසි. කිං කාරණාති චෙ? සොතූනං උස්සාහජනනත්ථඤ්චෙව පලොභනත්ථඤ්ච. සචෙ හි කෙචි අපණ්ඩිතා වදෙය්යුං – “සත්ථා ආකාසානඤ්චායතනසමාපත්තිං නිබ්බත්තෙථාති වදති, කො නු ඛො එතාය නිබ්බත්තිතාය අත්ථො, කො ආනිසංසො”ති. “තෙ එවං වත්තුං මා ලභන්තූ”ති ඉමෙහි ආකාරෙහි සමාපත්තියා වණ්ණං කථෙසි. තඤ්හි නෙසං සුත්වා එවං භවිස්සති – “එවං සන්තා කිර අයං සමාපත්ති එවං පණීතා, නිබ්බත්තෙස්සාම න”න්ති, අථස්සා නිබ්බත්තනත්ථාය උස්සාහං කරිස්සන්තීති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ, රූප සඤ්ඤා පහළොව ඉක්මවීමෙන්, පටිඝසඤ්ඤා දහය නැතිකිරීමෙන් නානත්ත සඤ්ඤා හතළිස් හතර මෙනෙහි නොකිරීම යන පද තුනෙන් ආකාසානඤ්චායතන සමාපත්තියෙහි ගුණ වදාළහ. ඊට කරුණු කවරේද? අසන්නන්ගේ උනන්දුව ඇතිකිරීම පිණිසත්, ඊට පොළඹවනු පිණිසත් ය. විටෙක කිසියම් අනුවණයෙකු. ‘බුදුරජාණන් වහන්සේ ආකාසානඤ්චායතන සමාපත්තිය උපදවා ගන්නැයි කියතැයිද, එය උපදවා ගැනීමේ පලක් වේද? ආනිසංස කුමක්දැයි කීවොත්, ඔවුනට එසේ කීමට සිදු නොවන පරිදි මේ ආකාරයෙන් සමාපත්තියෙහි ගුණ වදාළහ. ඔවුහු මෙය අසා, ‘මෙසේ වන්නේය. කරුණු මෙසේ නම් මේ සමාපත්තිය උසස්ය. උපදවා ගන්නෙමු’යි එය උපදවාගනු පිණිස උත්සාහ කරන්නාහ.
පලොභනත්ථඤ්චාපි තෙසං එතිස්සා වණ්ණං කථෙසි විසකණ්ටකවාණිජොවිය, විසකණ්ටකවාණිජො නාම ගුළවාණිජො වුච්චති. සො කිර ගුළඵාණිතඛණ්ඩසක්කරාදීනි සකටෙන ආදාය පච්චන්තගාමං ගන්ත්වා “විසකණ්ටකං ගණ්හථ, විසකණ්ටකං ගණ්හථා”ති උග්ඝොසෙසි. තං සුත්වා ගාමිකා “විසං නාම කක්ඛළං, යො නං ඛාදති, සො මරති, කණ්ටකොපි විජ්ඣිත්වා මාරෙති, උභොපෙතෙ කක්ඛළා, කො එත්ථ ආනිසංසො”ති ගෙහද්වාරානි ථකෙසුං, දාරකෙ ච පලාපෙසුං. තං දිස්වා වාණිජො “අවොහාරකුසලා ඉමෙ ගාමිකා, හන්ද නෙ උපායෙන ගණ්හාපෙමී”ති “අතිමධුරං ගණ්හථ, අතිසාදුං ගණ්හථ, ගුළං ඵාණිතං සක්කරං සමග්ඝං ලබ්භති, කූටමාසකකූටකහාපණාදීහිපි ලබ්භතී”ති උග්ඝොසෙසි. තං සුත්වා ගාමිකා හට්ඨපහට්ඨා නික්ඛන්තා බහුම්පි මූලං දත්වා ගහෙසුං.
එයට පොළඹවන පිණිසද විස කටු වෙළෙන්දා මෙන් එහි ගුණ කීහ. විසකටු වෙළෙන්දා නම් උක්හකුරු වෙළෙන්දා යැයි කියනු ලැබේ. ඔහු උක්හකුරු, පැණිහකුරු ආදිය ගැලක පටවාගෙන පිටිසර ගමකට ගොස් ‘විසකටු ගනිවු, විසකටු ගනිවු’ යැයි හඬ නැගීය. ඒ ඇසූ ගම්වාසීහු ‘විසනම් ඉතා දරුණුය. යමකු කෑවේ නම් ඔහු මැරෙයි. කටුවෙන් විද (ඇණී) මැරෙයි. ඒ දෙකම දරුණුය. මෙහි කිනම් ලාභයක්දැ’යි නිවෙස්වල දොරවල් වැසූහ. දරුවන්ද ඉවතට යැවූහ. ඒ දුටු වෙළෙන්දා ‘මේ ගම්වාසීන්ට කතාබහ තේරුම් ගැනීමෙහි හැකියාවක් නැත. එහෙයින් උපායකින් (තමාට) යොමුකර ගැනීම මැනවැ’යි ‘ඉතා මිහිරි දේ ගනිමු. ඉතා හොඳ දේ ගනිවු, උක්පැණි හකුරු ඉතා අගනේය, හොර මසුරන්, හොර කහවණු ලබතැ’යි කෑ ගැසීය. ඒ ඇසූගැමියෝ තුටුපහටුව අවුත් බොහෝ මුදල් ගෙවා (ඒවා) ගත්හ.
තත්ථ වාණිජස්ස “විසකණ්ටකං ගණ්හථා”ති උග්ඝොසනං විය භගවතො “ආකාසානඤ්චායතනසමාපත්තිං නිබ්බත්තෙථා”ති වචනං. “උභොපෙතෙ කක්ඛළා, කො එත්ථ ආනිසංසො”ති ගාමිකානං චින්තනං විය “භගවා ‘ආකාසානඤ්චායතනං නිබ්බත්තෙථා’ති ආහ, කො නු ඛො එත්ථ ආනිසංසො, නාස්ස ගුණං ජානාමා”ති සොතූනං චින්තනං. අථස්ස වාණිජස්ස “අතිමධුරං ගණ්හථා”තිආදිවචනං විය භගවතො රූපසඤ්ඤාසමතික්කමනාදිකං ආනිසංසප්පකාසනං. ඉදඤ්හි සුත්වා තෙ බහුම්පි මූලං දත්වා ගාමිකා විය ගුළං “ඉමිනා ආනිසංසෙන පලොභිතචිත්තා මහන්තම්පි උස්සාහං කත්වා ඉමං සමාපත්තිං නිබ්බත්තෙස්සන්තී”ති උස්සාහජනනත්ථං පලොභනත්ථඤ්ච කථෙසි.
එහි ‘විසකටු ගනුව’යි වෙළෙන්දාගේ කෑගැසීම, ‘ආකාසානඤ්චායතන සමාපත්තිය උපදවා ගනුව’යි යන වචන මෙනි. ‘දෙවිධියම දරුණුය. මෙහි ලාභය කුමක්දැ’යි ගැමියන් සිතූ අයුරු මෙන්, ‘ආකාසානඤ්චායතනය උපදවා ගනුව’යි භාග්‍යවතුන් වහන්සේ කීහ. ‘මෙහි ආනිසංස කුමක්ද? එහි අගය නොදනිමියි අසන්නන් සිතීමත්, ඊළඟට ඉතා මිහිරිය, ගනුව’යි ඒ වෙළෙන්දාගේ වචන මෙන් භාග්‍යවතුන් වහන්සේ රූප සඤ්ඤා ඉවතලීමේ ආනිසංස පවසති. ඒ වෙළෙන්දාගේ වචන අසා, බොහෝ මුදල් දී (උක්හකුරු පැණි ආදිය) මිලට ගත් ගැමියන් මෙන් ඒ ආනිසංස අනුව පොළඹවන ලද සිත් ඇත්තෝ බොහෝ උත්සාහ කොට මේ සමාපත්තිය උපදවා ගන්නාහ’යි පෙළඹවීම පිණිසම කීහ.
ආකාසානඤ්චායතනූපගාති එත්ථ නාස්ස අන්තොති අනන්තං, ආකාසං අනන්තං ආකාසානන්තං, ආකාසානන්තං එව ආකාසානඤ්චං, තං ආකාසානඤ්චං අධිට්ඨානට්ඨෙන ආයතනමස්ස සසම්පයුත්තධම්මස්ස ඣානස්ස දෙවානං දෙවායතනමිවාති ආකාසානඤ්චායතනං. කසිණුග්ඝාටිමාකාසස්සෙතං අධිවචනං. තත්ථ ඣානං නිබ්බත්තෙත්වා පටිසන්ධිවසෙන ආකාසානඤ්චායතනභවං උපගතා ආකාසානඤ්චායතනූපගා. ඉතො පරෙසු විසෙසමත්තමෙව වණ්ණයිස්සාම (ධ· ස· අට්ඨ· 265, 1436-7).
ආකාසනඤ්චායතනූපගා කෙළවරක් නැතැයි = අනන්තං, අහස කෙළවරක් නැත යනු ආකාසානන්තං, එයම ආකාසානඤ්චං, ඉටාගැනීමේ අරුතින්, අදාල වන කරුණු එක්රැස්වන තැනක් සේ වන දැහැනකට හෝ, දෙවියගේ දේවායතනයක් මෙන්, ආකාසානඤ්චායතනය (දැක්වේ.) ‘කසිණ විවර වූ හිස් තැනකට’ එය සමාන වචනයකි. එහි දැහැනක් උපදවා (භවයක) පහළවීම් ලෙසින් ආකාසානඤ්චායතන බවට එළඹුණු, මෙයින් පසු වෙසෙස් කරුණු පමණක්ම දක්වමි.
ආකාසානඤ්චායතනං සමතික්කම්මාති එත්ථ තාව පුබ්බෙ වුත්තනයෙන ආකාසානඤ්චං ආයතනමස්ස අධිට්ඨානට්ඨෙනාති ඣානම්පි ආකාසානඤ්චායතනං, වුත්තනයෙනෙව ආරම්මණම්පි. එවමෙතං ඣානඤ්ච ආරම්මණඤ්චාති උභයම්පි අප්පවත්තිකරණෙන ච අමනසිකරණෙන ච සමතික්කමිත්වාව යස්මා ඉදං විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරිතබ්බං, තස්මා උභයම්පෙතං එකජ්ඣං කත්වා “ආකාසානඤ්චායතනං සමතික්කම්මා”ති ඉදං වුත්තන්ති වෙදිතබ්බං.
ආකාසානඤ්චායතනං සමතික්කම්ම පෙර කී පරිදි ඉටා ගැනීම යන අරුතින් අදාල වන කරුණු එක්රැස් වන තැනක් යැයි දැහැනට ආකාසනඤ්චායතන යැයි කී පරිද්දෙන්ම අරමුණද (වේ.) මෙසේ ඒ දැහැනද අරමුණද යන දෙකම නොපවත්නා ලෙසින් මෙනෙහි නොකිරීමෙන්ද ඉක්මවීමෙන්ම යම් අයුරකින් මෙම විඤ්ඤාණඤ්චායතනයට පැමිණ අත්හළ යුතුය. එහෙයින් ඒ කරුණු දෙකම එක අදහසක් කොට, ආකාසානඤ්චායතනය ඉක්මවීයැයි මෙහි කියා ඇතැයි දතයුතුය.
විඤ්ඤාණඤ්චායතනූපගාති එත්ථ පන “අනන්ත”න්ති මනසිකාතබ්බවසෙන නාස්ස අන්තොති අනන්තං, අනන්තමෙව ආනඤ්චං, විඤ්ඤාණං ආනඤ්චං “විඤ්ඤාණානඤ්ච”න්ති අවත්වා “විඤ්ඤාණඤ්ච”න්ති වුත්තං. අයඤ්හෙත්ථ රුළ්හීසද්දො. තදෙව විඤ්ඤාණඤ්චං අධිට්ඨානට්ඨෙන ආයතනන්ති විඤ්ඤාණඤ්චායතනං. තත්ථ ඣානං නිබ්බත්තෙත්වා විඤ්ඤාණඤ්චායතනභවං උපගතා විඤ්ඤාණඤ්චායතනූපගා.
විඤ්ඤාණඤ්චායතනූපගා මෙහිදී කෙළවරක් නැතැයි මෙනෙහි කළ යුතු හෙයින්, කෙළවරක් නැතැයි අනන්ත වේ. අනන්තයම ආනඤ්චං, මෙහි විඤ්ඤානඤ්චානං යැයි නොකියා, විඤ්ඤාණඤ්චං යැයි කියා ඇත. මේ එහි ආරෝපණය කළ වචනයකි. ඒ විඤ්ඤාණයම අදිටන් අරුතින් එක්රැස්වන තැනක් යැයි විඤ්ඤාණඤ්චායතනයයි. එහි දැහැනක් උපදවා විඤ්ඤාණඤ්චායතන බවට එළඹීම විඤ්ඤාණඤ්චායතනූපගා නම් වේ.
විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්මාති එත්ථපි පුබ්බෙ වුත්තනයෙනෙව විඤ්ඤාණඤ්චං ආයතනමස්ස අධිට්ඨානට්ඨෙනාති ඣානම්පි විඤ්ඤාණඤ්චායතනං, වුත්තනයෙනෙව ච ආරම්මණම්පි. එවමෙතං ඣානඤ්ච ආරම්මණඤ්චාති උභයම්පි අප්පවත්තිකරණෙන ච අමනසිකරණෙන ච සමතික්කමිත්වාව යස්මා ඉදං ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරිතබ්බං, තස්මා උභයම්පෙතං එකජ්ඣං කත්වා “විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්මා”ති ඉදං වුත්තන්ති වෙදිතබ්බං.
විඤ්ඤාණඤ්චායතනං සමතික්කමා මෙහිද පෙර කියන ලද පරිදිම ඉටාගැන්මේ අරමුණින්, අදාල වන කරුණු එක්රැස්වන තැනක් සේ දැහැනද විඤ්ඤාණඤ්චායතන යැයි කී පරිද්දෙන් අරමුණද (වේ.) මෙසේ ඒ දැහැනද අරමුණ ද යන දෙකම නොපවත්නා ලෙසින් මෙනෙහි නොකිරීමෙන්ද, ඉක්මවීමෙන්ම යම් ආකාරයකින් මෙම ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ අත්හළ යුතුය. එහෙයින් ඒ කරුණු දෙකම එක අදහසක් කොට විඤ්ඤාණඤ්චායතනය ඉක්මවීයැයි මෙහි කියා ඇතැයි දතයුතුය.
ආකිඤ්චඤ්ඤායතනූපගාති එත්ථ පන නාස්ස කිඤ්චනන්ති අකිඤ්චනං, අන්තමසො භඞ්ගමත්තම්පි අස්ස අවසිට්ඨං නත්ථීති වුත්තං හොති. අකිඤ්චනස්ස භාවො ආකිඤ්චඤ්ඤං, ආකාසානඤ්චායතනවිඤ්ඤාණාපගමස්සෙතං අධිවචනං. තං ආකිඤ්චඤ්ඤං අධිට්ඨානට්ඨෙන ආයතනන්ති ආකිඤ්චඤ්ඤායතනං. තත්ථ ඣානං නිබ්බත්තෙත්වා ආකිඤ්චඤ්ඤායතනභවං උපගතා ආකිඤ්චඤ්ඤායතනූපගා. අයං සත්තමවිඤ්ඤාණට්ඨිතීති ඉමං සත්තමං පටිසන්ධිවිඤ්ඤාණස්ස ඨානං ජානාති . නෙවසඤ්ඤානාසඤ්ඤායතනං යථෙව සඤ්ඤාය, එවං විඤ්ඤාණස්සාපි සුඛුමත්තා නෙව විඤ්ඤාණං නාවිඤ්ඤාණං, තස්මා විඤ්ඤාණට්ඨිතීසු න වුත්තං.
ආකිඤ්චඤ්ඤායතනූපගා ඉතා සුළු ලෙසින්වත් කිසිත් ඉතිරිව නැතැයි අකිඤ්චනං, කිසිවක් නැති බව ආකිඤ්චඤ්ඤං, ආකාසනඤ්චායතන විඤ්ඤාණය ඉවත්වීමම එය සමාන වදනයි. ඒ කිසිවක් නැති බව ඉටා ගැනීමෙන් ‘එක්වන තැන’ (හඳුන්වන තැන) ආකිඤ්චඤ්ඤායතනයයි. එහි දැහැන උපදවා ‘ඒ බවට’ පැමිණීම ආකිඤ්චඤ්ඤායතනූපගා වේ. අයං සත්තමී විඤ්ඤාණඨිති මේ සත්වන පටිසන්ධි විඤ්ඤාණයේ තැන දැනගැනීමයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයද, සඤ්ඤාව යම් පරිදිද, මෙසේ විඤ්ඤාණයටද සියුම් බැවින් විඤ්ඤාණයක් ලෙස නොවන හෙයින් විඤ්ඤාණ තන්හිලා නොකියන ලදී.
අභූතන්ති අභූතත්ථං “රූපං අත්තා”තිආදිවචනං. තං විපල්ලාසභාවතො අතච්ඡං. දිට්ඨිනිස්සයතො අනත්ථසඤ්හිතං. අථ වා අභූතන්ති අසන්තං අවිජ්ජමානං. අචොරස්සෙව “ඉදං තෙ චොරිකාය ආභතං, න ඉදං තුය්හං ඝරෙ ධන”න්තිආදිවචනං. අතච්ඡන්ති අතථාකාරං අඤ්ඤථා සන්තං. අනත්ථසඤ්හිතන්ති න ඉධලොකත්ථං වා පරලොකත්ථං වා නිස්සිතං. න තං තථාගතො බ්යාකරොතීති තං අනිය්යානිකකථං තථාගතො න කථෙති. භූතං තච්ඡං අනත්ථසඤ්හිතන්ති රාජකථාදිතිරච්ඡානකථං. භූතං තච්ඡං අත්ථසඤ්හිතන්ති අරියසච්චසන්නිස්සිතං. තත්ර කාලඤ්ඤූ තථාගතො හොතීති තස්මිං තතියබ්යාකරණෙ තස්ස පඤ්හස්ස බ්යාකරණත්ථාය තථාගතො කාලඤ්ඤූ හොති. මහාජනස්ස ආදානකාලං ගහණකාලං ජානිත්වා සහෙතුකං සකාරණං කත්වා යුත්තපත්තකාලෙයෙව බ්යාකරොතීති අත්ථො.
අභූතං නියම ඇත්ත නොවූ, රූපය තමාගේ යැයි (අත්ත) ආදී වචන හෝ, ‘විකාර’ බවින් යුතු අතච්ඡං වැරදි හැඟීම්, මතවාදයෙන්, අනත්ථසංහිතං, නැතහොත් අභූතං යනු සොරකු සේ නොපෙනෙන නමුත්, ‘මෙය ඔබ සොරකම් කොට ගෙනෙන ලදී. මේ ඔබේ ගෙදර ධනය නොවේ’ ආදී වචන, අතච්ඡං නියම අයුරින් සිදු නොවූ, අන් ආකාරයකින් වූ, අනත්ථසංහිතං මෙලොව යහපතට හෝ පරලොව යහපත පිණිස හෝ හේතු නොවන, න තං තථාගතො ව්යාකරොති ඒ වැඩකට නැති කථා තථාගතයන් වහන්සේ නොකියති. භූතං තච්ඡං අනත්ථසංහිතං රාජකථා ආදී තිරිසන් (හරයක් නැති) කථා, භූතං තච්ඡං අත්ථසංහිතං නියම ඇත්ත ඇසුරුකොට ඇති, තත්ර කාලඤ්ඤු හොති (කිසියම් කරුණක්) තෙවන වරට හෙළි කිරීමේදී ඒ පැනයට අදාල හෙළිකිරීමට තථාගතයන් වහන්සේ සුදුසු කාලය දනිති. මහජනතාව පිළිගන්නා - අදහාගන්නා කාලය දැනගෙනම, හේතු සහිතව, කරුණු සහිතව, සුදුසු වූ - ගැලපෙන නියම කාලයේ පැහැදිළි කරති’යි යන තේරුමයි.
යුත්තපත්තකාලෙ වදතීති කාලවාදී. භූතං සභාවං වදතීති භූතවාදී. පරමත්ථං නිබ්බානං වදතීති අත්ථවාදී. මග්ගඵලධම්මං වදතීති ධම්මවාදී. සංවරාදිවිනයං වදතීති විනයවාදී. තත්ථ දිට්ඨන්ති අපරිමාණාසු ලොකධාතූසු අපරිමාණානං සත්තානං චක්ඛුද්වාරෙසු ආපාථං ආගච්ඡන්තං රූපාරම්මණං නාම අත්ථි, තං සබ්බාකාරතො ජානාති පස්සති. එවං ජානතා පස්සතා ච තෙන තං ඉට්ඨානිට්ඨාදිවසෙන වා දිට්ඨසුතමුතවිඤ්ඤාතෙසු ලබ්භමානකපදවසෙන වා “කතමං තං රූපං රූපායතනං? යං රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභා සනිදස්සනං සප්පටිඝං නීලං පීතක”න්තිආදිනා (ධ· ස· 617-618) නයෙන අනෙකෙහි නාමෙහි තෙරසහි වාරෙහි ද්විපඤ්ඤාසාය නයෙහි විභජ්ජමානං තථමෙව හොති විතථං නත්ථි. එස නයො සොතද්වාරාදීසුපි. ආපාථමාගච්ඡන්තෙසු සද්දාදීසු තෙසං විවිධං දස්සෙතුං “දිට්ඨං සුත”න්ති ආහ. තත්ථ දිට්ඨන්ති රූපායතනං. සුතන්ති සද්දායතනං. මුතන්ති පත්වා ගහෙතබ්බතො ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං. විඤ්ඤාතන්ති සුඛදුක්ඛාදිධම්මාරම්මණං. පත්තන්ති පරියෙසිත්වා වා අපරියෙසිත්වා වා පත්තං. පරියෙසිතන්ති පත්තං වා අපත්තං වා පරියෙසිතං. අනුවිචරිතං මනසාති චිත්තෙන අනුසඤ්චරිතං.
සුදුසු කල් පැමිණිවිට කියතියි කාලවාදී, සිදුවූ ලෙසම කියතියි භූතවාදී ඉතා උසස්ම යහපත වූ නිවන ගැන කියතියි අත්ථවාදී, මගපල දහම් කියතියි ධම්මවාදී හික්මීම සංවරය ගැන කරුණු දැක්වීමෙන් විනයවාදී, දිට්ඨං යනු අපමණ වූ ලෝධාතූන්හී අපමණ වූ ජීවීන්ගේ ඇස නැමති දොරටුවට හමුවන රූප අරමුණු තිබේද, ඒවා සියළු ආකාරවම දනිති. මෙසේ දැන ගැනීමෙන්ද, හඳුනා ගැනීමෙන්ද උන්වහන්සේ විසින් එය ඉටු, අනිටු ආදී ලෙසින් හෝ දැකීම-ඇසීම හා පහස ලබන දේවලට ගැනෙන පද ලෙසින් හෝ ‘ඒ රූප නම් වූ ආයතනය කවරේද? යම් රූපයක් සතර මහා භූත උපයෝගී කොටගෙන, නිල්, කහ වැනි පාට ගැටීමෙන් වන පැහැපත්ව බැබළීම ආදී ආකාරයෙන් නොයෙක් නම්වලින් වාර දහතුනකින්, දෙපණස් පිළිවෙලින් බෙදී යන අයුරින් ඇති තතු පරිදිම දන්නා ලදී. වැරදි ලෙස නොවේ. කන නැමති දොරටුවට හමුවන හඬ පිළිබඳවද මේ ආකාරමය. ඒවායෙහි යෙදෙන පිළිවෙල දැක්වීමට - දක්නා ලද, අසන ලද ආදී ලෙස කීහ. දිට්ඨං රූපායතනයයි. සුතං සද්දායතනයයි. මුතං පැමිණ (විඳ) ගැනීම ලෙසින් ගඳ-සුවඳ-රස-පහස (ලබන අදාල තැන්), විඤ්ඤාතං සැප දුක් ආදී පවත්නා ගති සොබා අරමුණු පත්තං සොයා හෝ පැමිණි, පරියෙසිතං පැමිණි හෝ නොපැමිණි හෝ සොයන ලද, අනුවිචරිතං මනසා සිතෙන් ඔබමොබ සැරිසරන ලද.
තථාගතෙන අභිසම්බුද්ධන්ති ඉමිනා එතං දස්සෙති – යඤ්හි අපරිමාණාසු ලොකධාතූසු ඉමස්ස සදෙවකස්ස ලොකස්ස නීලං පීතකන්තිආදි රූපාරම්මණං චක්ඛුද්වාරෙ ආපාථං ආගච්ඡති, “අයං සත්තො ඉමස්මිං ඛණෙ ඉමං නාම රූපාරම්මණං දිස්වා සුමනො වා දුම්මනො වා මජ්ඣත්තො වා ජාතො”ති සබ්බං තං තථාගතස්ස එවං අභිසම්බුද්ධං. තථා යං අපරිමාණාසු ලොකධාතූසු ඉමස්ස සදෙවකස්ස ලොකස්ස භෙරිසද්දො මුදිඞ්ගසද්දොතිආදි සද්දාරම්මණං සොතද්වාරෙ ආපාථං ආගච්ඡති, මූලගන්ධො තචගන්ධොතිආදි ගන්ධාරම්මණං ඝානද්වාරෙ ආපාථං ආගච්ඡති, මූලරසො ඛන්ධරසොතිආදි රසාරම්මණං ජිව්හාද්වාරෙ ආපාථං ආගච්ඡති, කක්ඛළං මුදුකන්තිආදි පථවීධාතුතෙජොධාතුවායොධාතුභෙදං ඵොට්ඨබ්බාරම්මණං කායද්වාරෙ ආපාථං ආගච්ඡති, “අයං සත්තො ඉමස්මිං ඛණෙ ඉමං නාම ඵොට්ඨබ්බාරම්මණං ඵුසිත්වා සුමනො වා දුම්මනො වා මජ්ඣත්තො වා ජාතො”ති සබ්බං තං තථාගතස්ස එවං අභිසම්බුද්ධං. තථා යං අපරිමාණාසු ලොකධාතූසු ඉමස්ස සදෙවකස්ස ලොකස්ස සුඛදුක්ඛාදිභෙදං ධම්මාරම්මණං මනොද්වාරස්ස ආපාථං ආගච්ඡති, “අයං සත්තො ඉමස්මිං ඛණෙ ඉමං නාම ධම්මාරම්මණං විජානිත්වා සුමනො වා දුම්මනො වා මජ්ඣත්තො වා ජාතො”ති සබ්බං තං තථාගතස්ස එවං අභිසම්බුද්ධං.
තථාගතෙන අභිසම්බුද්ධං මෙයින් මේ කරුණු දක්වනු ලබයි. පමණ කළ නොහැකි ලෝකවල දෙවියන් සහිත මේ ලෝකයාට නිල්, කහ ආදී රූප අරමුණු ඇස නැමති දොරටුව හමුවට පැමිණේ. මේ තැනැත්තා මේ මොහොතෙහි මෙබඳු නම් රූප අරමුණක් දැක සතුටට හෝ නොසතුටට හෝ එහි සතුටු-අසතුටු නොවීයැයි ඒ සියලු දේ ගැන තථාගතයන් වහන්සේට මනා අවබෝධය ඇත. එසේම පමණ කළ නොහැකි ලෝකවල දෙවියන් සහිත මේ ලෝකයාට බෙරහඬ, මිහිඟු බෙර හඬ වැනි අරමුණු කන නැමති දොරටුවෙහි හමුවට එයි. මුල් සුවඳ, පොතු සුවඳ ආදී අරමුණු නහය නැමති දොරටුව හමුවට එයි. මුල්වල රස, කඳ රස ආදී රස අරමුණු දිව නැමති දොරටුව හමුවට එයි. රළු, මුදු ආදී ලෙසින් තද ගතිය (පඨවි ධාතු), උණුසුම් ගතිය (තේජෝ ධාතු) වාතය (වායෝ ධාතු) පහස ලබන අරමුණු සේ කය නැමති දොරටුව හමුවට එයි. මේ තැනැත්තා මේ මොහොතෙහි මෙබඳු අරමුණුවල පහස ලබා සිත සතුටට හෝ අසතුටට හෝ මැදහත්ව හෝ සිටී යැයි තථාගතයන් වහන්සේට මැනවින් අවබෝධ වේ. මේ තැනැත්තා මේ මොහොතෙහි මෙබඳු නම් හැඟීම් සිත නැමති දොරටුව හමුවට එතැයි අපමණ වූ ලෝකවල දෙවියන් සහිත ලෝවාසීන්ගේ සිතැඟි දැන සතුටට හෝ අසතුටට හෝ මැදහත්ව සිටිතියි ඒ සියල්ලමද තථාගතයන් වහන්සේ අවබෝධ කොට ඇත.
යඤ්හි, චුන්ද, ඉමෙසං සත්තානං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං, තත්ථ තථාගතෙන අදිට්ඨං වා අසුතං වා අමුතං වා අවිඤ්ඤාතං වා නත්ථි, ඉමස්ස පන මහාජනස්ස පරියෙසිත්වා අපත්තම්පි අත්ථි, අපරියෙසිත්වා අපත්තම්පි අත්ථි, පරියෙසිත්වා පත්තම්පි අත්ථි, අපරියෙසිත්වා පත්තම්පි අත්ථි, සබ්බම්පි තථාගතස්ස අසම්පත්තං නාම නත්ථි ඤාණෙන අසච්ඡිකතං. තස්මා තථාගතොති වුච්චතීති යං තථා ලොකෙන ගතං, තස්ස තථෙව ගතත්තා තථාගතොති වුච්චතීති. පාළියං පන “අභිසම්බුද්ධ”න්ති වුත්තං, තං ගතසද්දෙන එකත්ථං. ඉමිනා නයෙන සබ්බවාරෙසු තථාගතොති නිගමස්ස අත්ථො වෙදිතබ්බො (දී· නි· අට්ඨ· 3.188; අ· නි· අට්ඨ· 2.4.23).
‘චුන්ද, යම් අයුරකින් මේ සත්වග දක්නා ලද, අසන ලද, පහස ලද, විඳින ලද යම් දෙයක් වේද, එහිලා තථාගතයන් විසින් ඒවා නොදක්නා ලද හෝ නොඅසන ලද හෝ පහස නොලද බව හෝ නොවිඳිනා ලද හෝ නොදන්නේ නොවේ. (ඒ බව මැනවින් දත්හ.) මේ මහජනයා විසින් සොයාගෙන ලබාගත යුතු දේ වේද, නොසොයා ලබා නොගත් දෙයක් වේද, නොසොයා ලබාගත් දෙයක් වේද ඒ සියල්ලම තථාගතයන් වහන්සේගේ නුවණෙහි ලා අවබෝධ නොවූ, දැන නොගත්, නොපැමිණි බවක් නම් නැත. තස්මා තථාගතො වුච්චති ලෝකයෙන් නිසි පරිදි, සුදුසු ආකාරයෙන්ම ගමන් කරන ලද බැවින් එසේ කියනු ලැබේ. පාළියෙහි (පෙළෙහි) මනා අවබෝධය ලබන ලදැයි අභිසම්බුද්ධං යැයි සඳහන් කරන ලදී. ‘ගත’ යන වචනයෙන් එහි එක් අරුතකි. මේ ආකාරයෙන් සියළු තැන්හිදීම ‘තථාගත’ යැයි තීරණය කිරිමේදී අරුත් දත යුතුය.
“යඤ්ච, චුන්ද, රත්තිං තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣති, යඤ්ච රත්තිං අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, යං එතස්මිං අන්තරෙ භාසති ලපති නිද්දිසති, සබ්බං තං තථෙව හොති, නො අඤ්ඤථා, තස්මා තථාගතොති වුච්චතී”ති –
‘චුන්ද, යම් රැයක තථාගතයන් උතුම් සම්මා සම්බුදු බව අවබෝධ කළේද, යම් රැයක නැවත නූපදනා ලෙසින් පිරිනිවන් පෑවේද, ඒ අතරතුර කාලයෙහි කී දෙයක්, පැවසූ දෙයක්, පැහැදිලි කළ දෙයක් වූයේ නම් ඒ සියල්ලම එසේම වෙයි. වෙනසක් නොවේ. එහෙයින් තථාගත යැයි කියනු ලැබේ.
එත්ථ යං රත්තිං භගවා බොධිමණ්ඩෙ අප්පරාජිතපල්ලඞ්කෙ නිසින්නො තිණ්ණං මාරානං මත්ථකං මද්දිත්වා අනුත්තරසම්මාසම්බොධිං අභිසම්බුද්ධො, යඤ්ච රත්තිං යමකසාලානමන්තරෙ අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායි, එත්ථන්තරෙ පඤ්චචත්තාලීසවස්සපරිමාණෙ කාලෙ පඨමබොධියාපි මජ්ඣිමබොධියාපි පච්ඡිමබොධියාපි යං භගවතා භාසිතං සුත්තං ගෙය්යං…පෙ… වෙදල්ලං, තං සබ්බං අත්ථතො ච බ්යඤ්ජනතො ච අනුපවජ්ජං අනූනමනධිකං සබ්බාකාරපරිපුණ්ණං රාගමදනිම්මදනං දොසමොහමදනිම්මදනං නත්ථි, තත්ථ වාළග්ගමත්තම්පි අවක්ඛලිතං, සබ්බං තං එකමුද්දිකාය ලඤ්ඡිතං විය, එකනාළියා මිතං විය, එකතුලාය තුලිතං විය ච තථමෙව හොති විතථං නත්ථි. තෙනාහ – “යඤ්ච, චුන්ද, රත්තිං තථාගතො…පෙ… සබ්බං තං තථමෙව හොති, නො අඤ්ඤථා තස්මා තථාගතොති වුච්චතී”ති. ගදඅත්ථො හි එත්ථ ගතසද්දො.
යම් රැයක බෝමැඩදී නොපැරදුණු පළගෙහි වැඩහිඳිමින් තුන් මරු (බල) මුදුන් පරදවා ලොවුතුරු සම්බුදු බව අවබෝධ කළේද, නැවත සසර නූපදනා ලෙසින් යම් රැයකදී සල්ගස් දෙක අතර පිරිනිවනට පත්වූයේද, ඒ අතරතුර වසර හතළිස්පහක් මුළුල්ලේ පළමු බෝධියෙහි සිට අවසන් බෝධිය තෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද සූත්‍ර, ගාථා........වෙදල්ල (වැනි අංග නවයක් වූ සම්බුදු දේසනා) මේ සියල්ල අරුත් ලෙසින්ද, අකුරු පද ලෙසින්ද කිසිදු දොසක් රහිතව, අඩුවැඩි නොකොට, සියළු ආකාරයෙන් පිරිපුන්, රාග මත ඉවතලන ලදුව, දෝස මෝහ මත ඉවතලන ලදුව, කෙස් අගක තරම්වත් වක් බවකින් තොරව, එකම මුදුවකින් තබන ලද සළකුණක් සේ, එකම නැලියකින් මැන්නා සේ, එකම තරාදියකින් කිරන ලද්දා සේ එකම ආකාර වෙයි. වෙනසක් නොවේ. චුන්ද තථාගතයන් යම් රැයක......ඒ සියල්ල එපරිදිම වෙයි. වෙනස් නොවේ. එහෙයින් තථාගත යැයි කියනු ලැබේ. එසේ හෙයින් කීහ. ‘යංච චුන්දරත්තිං තථාගතො -පෙ- සබ්බන්තං තථමෙව හොති, නො අඤ්ඤථා, තස්මා තථාගතොති වුච්චති’ ගද - මෙහි ගිය යන තේරුමයි. ගත ශබ්දයයි.
අපි ච – ආගදනං ආගදො, වචනන්ති අත්ථො. තථො අවිපරීතො ආගදො අස්සාති ද-කාරස්ස ත-කාරං කත්වා ගතොති එවමෙතස්මිං අත්ථෙ පදසිද්ධි වෙදිතබ්බා.
තවද ආගදනං ආගදො - ආගදනමාගදො - වචනය යන තේරුමයි. එහෙයින් මනා යහපත් වූ වචන ඇත්තේ යැයිද, එහි ‘ද’ අකුරට ‘ත’ යොදා තථාගතො යැයි මෙසේ එම පදය සකස්වන අයුරු දතයුතුය.
“යථාවාදී, චුන්ද…පෙ… වුච්චතී”ති එත්ථ භගවතො වාචාය කායො අනුලොමෙති කායස්සපි වාචා, තස්මා භගවා යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී ච හොති, එවංභූතස්ස චස්ස යථා වාචා, කායොපි තථා ගතො පවත්තොති අත්ථො. යථා ච කායො, වාචාපි තථා ගතා පවත්තාති තථාගතොති එවමෙත්ථ පදසිද්ධි වෙදිතබ්බා.
‘චුන්ද යම්සේ.... කියන...... කියනු ලැබේ’ ‘යථාවාදී චුන්ද -පෙ- වුච්චති’, මෙහිදී භාග්‍යවතුන් වහන්සේ වචනයට අනුව කයද හුරුකර ඇත්තාහ. එහෙයින් උන්වහන්සේ කියන දෙයට අනුව කටයුතු කරති. කරන දේ කියති. මෙසේ භාග්‍යවතුන් වහන්සේ ඇත්තම පවසන, කයද ඒ අනුව පවත්වා ගන්නා බැවින්ද තථාගත වන්නාහ. මේ අයුරුද එහි පද සැකැස්ම දත යුතුය.
අභිභූ අනභිභූතොති උපරි භවග්ගං හෙට්ඨා අවීචිපරියන්තං අපරිමාණාසු ලොකධාතූසු සබ්බසත්තෙ අභිභවති සීලෙනපි සමාධිනාපි පඤ්ඤායපි විමුත්තියාපි න තස්ස තුලා වා පමාණං වා අත්ථි. අතුලො අප්පමෙය්යො අනුත්තරො රාජරාජා දෙවදෙවො සක්කානං අතිසක්කො බ්රහ්මානං අතිබ්රහ්මා. අඤ්ඤදත්ථූති එකංසත්ථෙ නිපාතො. දක්ඛතීති දසො. වසං වත්තෙතීති වසවත්තී.
අභිභූ අනභිභූතො උඩින් භව කෙළවර (අකනිටා බඹලොව) සිට යට අවීචිය (නිරය) කෙළවරකොට, ඒ හරහා වූ අපමණ ලෝකවල ජීවීන් සීලයෙන්ද සමාධියෙන්ද, තියුණු නුවණින්ද විමුක්තියෙන්ද අභිබවා යති. (මේ ගුණ මැනීමට) එහිලා තරාදියක් හෝ මෙතෙකැයි කිවහැකි මිනුමක් නැත. අසමානය, අපමණය, ඉතා උසස්ය. රජුන්ගේත් රජ වූ, දෙවියන්ගේත් දෙවි වූ, සක්දෙවිඳුටත් වඩා උසස් වූ, බ්රහ්මයන්ගෙනුත් බ්‍රහ්ම වෙති. අඤ්ඤදත්ථු ඒකාන්ත අරුත දෙන නිපාතයකි. දකී යන අරුතින් දසො තම වසඟයෙහි පවතී යැයි වසවත්තී.
තත්රායං පදසිද්ධි වෙදිතබ්බා – අගදො විය අගදො, කො පනෙස? දෙසනාවිලාසො චෙව පුඤ්ඤුස්සයො ච. තෙන හෙස මහානුභාවො භිසක්කො දිබ්බාගදෙන සප්පෙ විය සබ්බපරප්පවාදිනො සදෙවකඤ්ච ලොකං අභිභවති. ඉති සබ්බලොකාභිභවනෙ තථො අවිපරීතො දෙසනාවිලාසමයො චෙව පුඤ්ඤුස්සයො ච අගදො අස්සාති ද-කාරස්ස ත-කාරං කත්වා තථාගතොති වෙදිතබ්බො (දී· නි· අට්ඨ· 1.7).
මෙහිදී මෙම පදය සෑදෙන අයුරු දතයුතුය. බෙහෙත - බෙහෙත මෙනි. ඒ කවරේද? දේසනා විලාසයෙන් සහ පිනෙන් උසස් බවය. ඒ මහත් බලමහිමයෙන් වෙදැදුරකු දිව ඔසුවකින් සපුන් විස (නසන්නා සේ) දෙවියන් සහිත වූ සියළු ලෝකයෙහි වෙනත් සියළු මතවාදීන් අබිභවති. අගදො යන්නෙහි ‘ද’ අකුරට ‘ත’ අකුර යොදා තථාගත වූ බව දතයුතුය.
ඉධත්ථඤ්ඤෙව ජානාති කම්මාභිසඞ්ඛාරවසෙනාති අපුඤ්ඤාභිසඞ්ඛාරවසෙන ඉධත්ථඤ්ඤෙව ජානාති. කායස්ස භෙදා පරං මරණාති උපාදින්නඛන්ධභෙදා මරණතො පරං. අපායන්තිආදීසු වුඩ්ඪිසඞ්ඛාතසුඛසාතතො අයා අපෙතත්තා අපායො. දුක්ඛස්ස ගති පටිසරණන්ති දුග්ගති. දුක්කරකාරිනො එත්ථ විනිපතන්තීති විනිපාතො. නිරතිඅට්ඨෙන නිරස්සාදට්ඨෙන නිරයො. තං අපායං…පෙ… නිරයං. උපපජ්ජිස්සතීති පටිසන්ධිවසෙන උප්පජ්ජිස්සති. තිරච්ඡානයොනින්ති තිරියං අඤ්චන්තීති තිරච්ඡානා, තෙසං යොනි තිරච්ඡානයොනි, තං තිරච්ඡානයොනිං. පෙත්තිවිසයන්ති පච්චභාවං පත්තානං විසයොති පෙත්තිවිසයො, තං පෙත්තිවිසයං. මනසො උස්සන්නතාය මනුස්සා , තෙසු මනුස්සෙසු. ඉතො පරං කම්මාභිසඞ්ඛාරවසෙනාති එත්ථ පුඤ්ඤාභිසඞ්ඛාරවසෙන අත්ථො ගහෙතබ්බො.
ඉධත්ථඤ්ඤෙව ජානාති කම්මාභිසංඛාරවසෙන අපුඤ්ඤාභිසංඛාර ලෙසින් මේ ලෝකයෙහි අදහස් දනිති. කායස්සභෙදා පරම්මරණා ඉපද ඇති (රූපාදී) සමූහ පහ (සිරුර) බිඳීමෙන් වූ මරණයෙන් පසු, අපායං මුලසිටම වැඩී (දියුණුව) යන සැපයේ සිසිලස ඉවත ගිය දුක ඇති බැවින් අපාය නම් වේ. දුක් සහිත බවම පිළිසරණ යැයි දුග්ගතිං, දුක් සහිත වූ තැන්වලට වැටෙති’යි (උපදිති). විනිපාතො කැමැත්තක් නැති අරුතින්, සතුටක් නොලබන අරුතින්, නිරයො, ඒ අපායට-නිරයට, උප්පජ්ජිස්සති නැවත භවයක උපදින්නේය. තිරච්ඡානයොනි හරහට (තිරස් ලෙස) යයි, හිඳියි, නවතියි, වසයි. ඒ අනුව තිරිසන් නමින්, එසේ උපත ලබන තැන - තිරිසන් භවය. පෙත්තිවිසයං මළවුන් උපදනා භවයක් වූ පේත ලෝකය, මනස උසස් වූ බැවින් මනුස්සා, ඒ මිනිසුන් අතර, මෙයින් පසු, කම්මාභිසංඛාරවසෙන මෙහි පින් එකතුවීම ලෙසින් අරුත වටහාගත යුතුය.
ආසවානං ඛයාති ආසවානං විනාසෙන. අනාසවං චෙතොවිමුත්තින්ති ආසවවිරහිතං අරහත්තඵලසමාධිං. පඤ්ඤාවිමුත්තින්ති අරහත්තඵලපඤ්ඤං. අරහත්තඵලසමාධි රාගවිරාගා චෙතොවිමුත්ති, අරහත්තඵලපඤ්ඤා අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්තීති වෙදිතබ්බා. තණ්හාචරිතෙන වා අප්පනාඣානබලෙන කිලෙසෙ වික්ඛම්භෙත්වා අධිගතං අරහත්තඵලං රාගවිරාගා චෙතොවිමුත්ති, දිට්ඨිචරිතෙන උපචාරජ්ඣානමත්තං නිබ්බත්තෙත්වා විපස්සිත්වා අධිගතං අරහත්තඵලං අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්ති. අනාගාමිඵලං වා කාමරාගං සන්ධාය රාගවිරාගා චෙතොවිමුත්ති, අරහත්තඵලං සබ්බප්පකාරතො අවිජ්ජාවිරාගා පඤ්ඤාවිමුත්ති.
ආසවානං ඛයා කෙලෙස් විනාස කිරිමෙන්, අනාසවං චෙතො විමුත්තිං කෙලෙස් රහිත මගපලවලින් ලබන (සසර) මිදීම, නුවණින් ලද මිදීම, අරහත් පලයෙන් ලබන සිත එකඟතාව, රාගවිරාග චෙතො විමුත්ති අරහත් පල නුවණද, අවිජ්ජා විරාගා පඤ්ඤා විමුත්ති (මෙසේ) දතයුතුය. තණ්හා චරිත ඇති තැනැත්තා විසින් හෝ, අප්පණ දැහැන් බලයෙන් කෙලෙස් මැඩපවත්වා ලබන අරහත් පලය, රාග විරාග චේතො විමුත්ති විවිධ හැඟීම් වැරදි මතවාදවල සිටි චරිත ඇති තැනැත්තා උපචාර දැහැන් පමණක් උපදවා වෙසෙසින් නුවණින් විමසා බලා ලබන ලද අරහත් පලය අවිජ්ජා විරාගා පඤ්ඤා විමුත්ති වේ. අනාගාමි ඵලය හෝ කාමරාගය සඳහා රාග විරාග චෙතො විමුත්ති ය. සියළු ආකාරයෙන්ම වූ අරහත් පලය අවිජ්ජා විරාග පඤ්ඤා විමුත්ති ය.
ආකිඤ්චඤ්ඤායතනං ධිමුත්තන්ති විමොක්ඛෙනාති කෙනට්ඨෙන විමොක්ඛො වෙදිතබ්බොති? අධිමුච්චනට්ඨෙන. කො අයං අධිමුච්චනට්ඨො නාම? පච්චනීකධම්මෙහි ච සුට්ඨු විමුච්චනට්ඨො, ආරම්මණෙ ච අභිරතිවසෙන සුට්ඨු විමුච්චනට්ඨො, පිතු අඞ්කෙ විස්සට්ඨඅඞ්ගපච්චඞ්ගස්ස දාරකස්ස සයනං විය අනිග්ගහිතභාවෙන නිරාසඞ්කතාය ආරම්මණෙ පවත්තීති වුත්තං හොති. එවරූපෙන විමොක්ඛෙන ධිමුත්තන්ති. විඤ්ඤාණඤ්චායතනං මුඤ්චිත්වා ආකිඤ්චඤ්ඤායතනෙ නිරාසඞ්කවසෙන ධිමුත්තං අල්ලීනං. තත්රාධිමුත්තන්ති තස්මිං සමාධිම්හි අල්ලීනං. තදධිමුත්තන්ති තස්මිං ඣානෙ අධිමුත්තං. තදාධිපතෙය්යන්ති තං ඣානං ජෙට්ඨකං. රූපාධිමුත්තොතිආදීනි පඤ්ච කාමගුණගරුකවසෙන වුත්තානි. කුලාධිමුත්තොතිආදීනි තීණි ඛත්තියාදිකුලගරුකවසෙන වුත්තානි. ලාභාධිමුත්තොතිආදීනි අට්ඨ ලොකධම්මවසෙන වුත්තානි. ධීවරාධිමුත්තොතිආදීනි චත්තාරි පච්චයවසෙන වුත්තානි. සුත්තන්තාධිමුත්තොතිආදීනි පිටකත්තයවසෙන වුත්තානි. ආරඤ්ඤකඞ්ගාධිමුත්තොතිආදීනි ධුතඞ්ගසමාදානවසෙන වුත්තානි. පඨමජ්ඣානාධිමුත්තොතිආදීනි පටිලාභවසෙන වුත්තානි.
ආකිඤ්චඤ්ඤායතනෙ අධිමුත්ති විමොක්ඛෙන කිනම් අරුතින් මිදීම දතයුතුද? මුළුමනින්ම - මැනවින් නිදහස් වූ අරුතිනි. මේ මිදුනේ කවරෙක්ද? එයට සතුරුවන කරුණුවලින් (කෙලෙස්) මැනවින් මිදීමේ අදහසින්, අරමුණෙහි දැඩි ඇලීම ගැන සළකා මැනවින් මිදීමේ අරුතිනි. පියාගේ සිරුර මත අඟපසඟ විසුරුවා දරුවකු නිදාගන්නාක් මෙන් යටපත් කිරීමෙන්, සැක රහිතවම අරමුණෙහි පවතී යැයි කියන ලදී. මෙබඳු මිදීමකින් ‘මිදුණේ යැයි’ විඤ්ඤාණඤ්චායතනයෙන් මිදී, ආකිඤ්චඤ්ඤායතනයෙහි සැක රහිතව මිදීමට ඇති ඇලීමයි. තත්රාධිමුත්තං ඒ සමාධියෙහි ඇලීමයි. තදධිමුත්තං ඒ දැහැනෙහි තිරව පිහිටා, තදධිපතෙය්යං ඒ දැහැන මුල්කොට, රූපාධිමුත්තො මුලසිටම පස්කම්හි ගතිසොබා ලෙසින් කියන ලද, කුලාධිමුත්තො මුලසිටම කැත් කුල ආදී කුල තුනක් උසස් ලෙස කියන ලද, ලාභාධිමුත්තො මුලසිටම අටලෝ දහම ලෙසින් කියන ලද, චීවරාධිමුත්තො මුලසිටම සිවුපසය ලෙසින් කියන ලද. සුත්තන්තාධිමුත්තො මුලසිටම තුන් පිටකය ගැන කියන ලද, අරඤ්ඤකංගාධිමුත්තො මුලසිටම ධුතංග සමාදානය ගැන කියන ලද, පඨමජ්ඣානාධිමුත්තො මුලසිටම (දැහැන්) ලබාගැනීම ගැන කියන ලද.
කම්මපරායණන්ති අභිසඞ්ඛාරවසෙන. විපාකපරායණන්ති පවත්තිවසෙන. කම්මගරුකන්ති චෙතනාගරුකං. පටිසන්ධිගරුකන්ති උපපත්තිගරුකං.
කම්මපරායණං (කරන කියන දේ) එක්රැස් කරන ලෙසින්, විපාක පරායණං පවතින ලෙසින්. කම්මගරුකං සිතිවිලි බලවත්කොට, පටිසන්ධිගරුකං උපත සළකා.
ආකිඤ්චඤ්ඤාසම්භවං ඤත්වාති ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිතො වුට්ඨහිත්වා ආකිඤ්චඤ්ඤායතනජනකකම්මාභිසඞ්ඛාරං ඤත්වා “කින්ති පලිබොධො අය”න්ති. නන්දිසංයොජනං ඉතීති යා චතුත්ථඅරූපරාගසඞ්ඛාතා නන්දී තඤ්ච සංයොජනං ඤත්වා. තතො තත්ථ විපස්සතීති අථ තත්ථ ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිතො වුට්ඨහිත්වා තං සමාපත්තිං අනිච්චාදිවසෙන විපස්සති. එතං ඤාණං තථං තස්සාති එතං තස්ස පුග්ගලස්ස එවං විපස්සතො අනුක්කමෙන උප්පන්නං අරහත්තඤාණං අවිපරීතං. වුසීමතොති වුසිතවන්තස්ස. සෙසං සබ්බත්ථ පාකටමෙව.
ආකිඤ්චඤ්ඤා සම්භවං මේ අවහිර කුමක්දැයි ආකිඤ්චඤ්ඤායතනය උපදවා ගැනීමට හේතුවන එක්රැස්වන කරුණු, නන්දි සඤ්ඤොජනං ඉති (එයින් එහාට) අරූප රාගයයි කියන ලද ආසා බැඳුම - එයද සසර රඳවන බැම්මකැයි දැන, තතො තත්ථ විපස්සති එවිට එහි ආකිඤ්චඤ්ඤායතන සමවතින් නැගිට, ඒ සමවත තිර බවක් නැතැයි ආදී ලෙසින් විදසුන් වඩයි. එතං ඤාණං තථං තස්සා මෙසේ විදසුන් අනුව නුවණින් විමසනවිට කෙමෙන් කෙමෙන් ඒ තැනැත්තා ලබන අරහත් නුවණ, එය වෙනස් නොවේ. වුසීමතො මග බඹසර වැස, ඉතිරි කරුණු පැහැදිලිය.
එවං භගවා ඉදම්පි සුත්තං අරහත්තනිකූටෙනෙව දෙසෙසි, දෙසනාපරියොසානෙ ච පුබ්බසදිසො එව ධම්මාභිසමයො අහොසීති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රයද අරහත් බව කුළුගන්වමින් දේශනා කළහ. දේශනාව අවසානයෙහි පෙර පරිදිම දහම් අවබෝධ විය.
සද්ධම්මප්පජ්ජොතිකාය චූළනිද්දෙස-අට්ඨකථාය
සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි
පොසාලමාණවසුත්තනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
පොසාල සූත්‍ර වර්ණනාව නිමියේ ය.