15. මොඝරාජමාණවසුත්තනිද්දෙසවණ්ණනා අට්ඨකථා
15. මොඝරාජමාණවසුත්තනිද්දෙසවණ්ණනා
15. මොඝරාජ සූත්‍ර නිර්දේශ වර්ණනාව
පන්නරසමෙ මොඝරාජසුත්තෙ – ද්වාහන්ති ද්වෙ වාරෙ අහං. සො හි පුබ්බෙ අජිතසුත්තස්ස (සු· නි· 1038 ආදයො) ච තිස්සමෙත්තෙය්යසුත්තස්ස (සු· නි· 1046 ආදයො) ච අවසානෙ ද්වික්ඛත්තුං භගවන්තං පුච්ඡි, භගවා පනස්ස ඉන්ද්රියපරිපාකං ආගමයමානො න බ්යාකාසි. තෙනාහ – “ද්වාහං සක්කං අපුච්ඡිස්ස”න්ති. යාවතතියඤ්ච දෙවීසි, බ්යාකරොතීති මෙ සුතන්ති යාවතතියඤ්ච සහධම්මිකං පුට්ඨො විසුද්ධිදෙවභූතො ඉසි භගවා සම්මාසම්බුද්ධො බ්යාකරොතීති එවං මෙ සුතං. ගොධාවරීතීරෙයෙව කිර සො එවමස්සොසි. තෙනාහ – “බ්යාකරොතීති මෙ සුත”න්ති. ඉමිස්සා ගාථාය නිද්දෙසෙ යං වත්තබ්බං සියා, තං හෙට්ඨා වුත්තනයං එව.
පහළොස්වන මොඝරාජ සූත්‍රයයි. ද්වාහං දෙවරක්ම අජිතටද තිස්ස මෙත්තෙය්යටද කරුණු පැහැදිලි කිරීමෙන් පසු, මෝඝරාජ ද දෙවරක්ම භාග්‍යවතුන් වහන්සේගෙන් විමසීය. ඔහුගේ ඉඳුරන් දහම් අවබෝධයට සුදුසු වනතුරු එයට ඉඩ නොදුන්හ. එහෙයින් ‘මම දෙවරක්ම ඒ උතුමාගෙන් විමසීමි’යි කීය. යාව තතියඤ්ච දෙවිසි ව්යාකරොති මෙ සුතං අති පිරිසිදු දෙවියකු බවට පත්, ඉසිවර භගවත් සම්මා සම්බුදුන් වහන්සේගෙන්, සහදැමියෙකු තුන්වරක් දක්වා යම්කිසි කරුණක් අසන ලද විට, එය පැහැදිලි කර දෙතියි මා අසා ඇත. ගෝදාවරී නදී තෙරදී මා එසේ අසන ලදී. එහෙයින් ‘ව්යාකරොතීති මෙ සුතං’ යැයි කීය. මේ ගාථාවෙහි නිද්දෙසයෙහි කියා ඇති කරුණු යට සඳහන් පරිදිය.
අයං ලොකොති මනුස්සලොකො. පරො ලොකොති තං ඨපෙත්වා අවසෙසො. සදෙවකොති බ්රහ්මලොකං ඨපෙත්වා අවසෙසො උපපත්තිදෙවසම්මුතිදෙවයුත්තො. “බ්රහ්මලොකො සදෙවකො”ති එතං වා “සදෙවකො ලොකො”තිආදිනයනිදස්සනමත්තං. තෙන සබ්බොපි තථාවුත්තප්පකාරලොකො වෙදිතබ්බො.
අයං ලොකො මිනිස් ලොව, පරො ලොකො ඒ හැර ඉතිරි ලෝක, සදෙවකො බඹලොව හැර දෙවියන් ලෙස උපත ලැබූවන් සහ දෙවියන් යැයි සම්මතව හඳුන්වන්නන්ගෙන් යුතු, බ්රහ්මලොකො සදෙවකො මේ ආකාර වූ දෙවියන් සහිත ලෝකය යැයි ආදී තැන් ලෙස නිදසුන් පමණි. ඒ අනුව සඳහන් කර ඇති පරිදි ලෝකය දතයුතුය.
එවං අභික්කන්තදස්සාවින්ති එවං අග්ගදස්සාවිං, සදෙවකස්ස ලොකස්ස අජ්ඣාසයාධිමුත්තිගතිපරායණාදීනි පස්සිතුං සමත්ථන්ති දස්සෙති.
එවං අභික්කන්ත දස්සාවිං මෙසේ දෙවියන් සහිත සියළු ලෝවාසීගේ අදහස්, ගතිසොබා, සසර ඉපදීම් හා ඉන් මිදීමද දැකීමට හැකි, උසස් ලෙස දකින.
සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සූති අවසියපවත්තසල්ලක්ඛණවසෙන වා තුච්ඡසඞ්ඛාරසමනුපස්සනාවසෙන වාති ද්වීහාකාරෙහි සුඤ්ඤතො ලොකං පස්ස. අත්තානුදිට්ඨිං ඌහච්චාති සක්කායදිට්ඨිං උද්ධරිත්වා.
සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු උවමනාවන, පවතින (වැදගත්) සේ සලකනු ලබන දේවල් හිස්බවද ඒවා හේතු රැසක එකතුවක් ලෙසද යන දෙආකාරයෙන්ම ලෝකයෙහි හිස්බව නුවණින් විමසා බලව. අත්තානුදිට්ඨිං ඌහච්ච මමය-මගේය යන දැඩිව ගන්නා ලද දැකීම උදුරා ඉවත දමා.
ලුජ්ජතීති භිජ්ජති. චක්ඛතීති චක්ඛු. තදෙතං සසම්භාරචක්ඛුනො සෙතමණ්ඩලපරික්ඛිත්තස්ස කණ්හමණ්ඩලස්ස මජ්ඣෙ අභිමුඛෙ ඨිතානං සරීරසණ්ඨානුප්පත්තිදෙසභූතෙ දිට්ඨමණ්ඩලෙ චක්ඛුවිඤ්ඤාණාදීනං යථාරහං වත්ථුද්වාරභාවං සාධයමානං තිට්ඨති. රූපයන්තීති රූපා, වණ්ණවිකාරමාපජ්ජන්තා හදයඞ්ගතභාවං පකාසෙන්තීති අත්ථො. චක්ඛුතො පවත්තං විඤ්ඤාණං , චක්ඛුස්ස වා චක්ඛුසන්නිස්සිතං වා විඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණං. චක්ඛුතො පවත්තො සම්ඵස්සො චක්ඛුසම්ඵස්සො. චක්ඛුසම්ඵස්සපච්චයාති චක්ඛුවිඤ්ඤාණසම්පයුත්තඵස්සපච්චයා. වෙදයිතන්ති වින්දනං, වෙදනාති අත්ථො. තදෙව සුඛයතීති සුඛං, යස්ස උප්පජ්ජති, තං සුඛිතං කරොතීති අත්ථො. සුට්ඨු වා ඛාදති, ඛනති ච කායචිත්තාබාධන්ති සුඛං. දුක්ඛයතීති දුක්ඛං. යස්ස උප්පජ්ජති, තං දුක්ඛිතං කරොතීති අත්ථො. න දුක්ඛං න සුඛන්ති අදුක්ඛමසුඛං. ම-කාරො සන්ධිපදවසෙන වුත්තො. සො පන චක්ඛුසම්ඵස්සෙ අත්තනා සම්පයුත්තාය වෙදනාය සහජාතඅඤ්ඤමඤ්ඤනිස්සයවිපාකආහාරසම්පයුත්තඅත්ථිඅවිගතවසෙන අට්ඨධා පච්චයො හොති, සම්පටිච්ඡනසම්පයුත්තාය අනන්තරසමනන්තරූපනිස්සයනත්ථිවිගතවසෙන පඤ්චධා, සන්තීරණාදිසම්පයුත්තානං උපනිස්සයවසෙනෙව පච්චයො හොති.
ලුජ්ජති බිඳේ. චක්ඛති ඇස, එය පිරිවර දේවල් සහිතව (ඇස හා එහි ඇති කොටස්) සුදුපැහැ මඩුල්ලක් සේ (වේදිකාවක් සේ) වටව කන්මඬල මැද - ඉදිරියෙහි සිටින තැනැත්තන්ගේ සිරුරු, හැඩ ලකුණු, එයින් සැකසෙන දේ අනුව (පෙනෙන දේ) දැකීමේ, සුදුසු පරිදි හඳුනා ගැන්ම ඉටුකරමින් සිටී. රූපා පැහැය වෙනසට පත්වෙමින්, හදවතට දැනෙන බව සඳහන් වෙතියි තේරුමයි. ඇසෙන් පවත්නා (ගන්නා) හැඳිනීම, ඇසට හෝ ඇස ඇසුරු කොට හෝ හඳුනා ගැනීම චක්ඛු විඤ්ඤාණං ඇසෙන් පවත්නා පහස චක්ඛු සම්ඵස්සො, චක්ඛු සම්ඵස්ස පච්චයා ඇසෙන් හඳුනාගත් දෙයින් වන පහස හේතුවෙන්, වෙදයිතං විඳීම වේදනා යන අරුතයි. එහි සැප ගෙන දෙනුයේ සුඛං සුවයයි. එය යමෙකු කෙරෙහි ඇතිවේද, ඔහු සුවපත් කරතියි යන අර්ථය සුච නම් වේ. කාය චිත්ත ආබාධයන් කා දමති. මනාසේ සාරාදමතියි හෝ යන අර්ථයෙන් ද සුඛ නම් වේ. දුක්ඛං දුන් පමුණුවනු සපාකයි. ලබයි. යම් ඇතිවන්නා වූ (ලබන්නා වූ) දෙයක් දුක් සහගත බවට පත් කරයි යන අරුතයි. දුකත් නොවීද, සැපයකුත් නොවීද අදුක්ඛමසුඛං ‘ම’ අකුර වචන සන්ධි ලෙස කියන ලදී. ඒ ඇස හා පහස එක්ව යෙදුනු වින්දනයෙන් (වෙදනා) එක්ව සම්බන්ධවීමෙන් (සහජාත) එකිනෙකට ඇතිවීමට උපකාර වෙමින් (අඤ්ඤමඤ්ඤ) එකිනෙක ඇසුරු කරමින් (නිස්සය) පල ගෙන දෙමින් (විපාක) නොසිඳී පවතිමින්, (ආහාර) එකිනෙකට මුසුවෙමින්, (සම්පයුත්ත), (ඇතිවීම-පැවැත්ම-නැතිවීම යන) ගතිසොබා තිබීමෙන් (අත්ථි) එතෙක් නැති නොවූ බැවින්, (අවිගත) යන හේතු අටක් වෙයි. එහි පහස පිළිගන්නා බැවින්, අනන්තර, සමනන්තර, රූප, උපනිස්ස යන හේතු නැත. (ඇස හා පහස) ඉවත් නොවූ බැවින් තීරණය කිරීම් ආදී (සන්තීරණ) පස්ආකාර අනුව, අදාල සිතිවිලි ඇතිවීමට උපකාර ලෙස (උපනිස්සය) දක්වා ඇත.
සුණාතීති සොතං, තං සසම්භාරසොතබිලස්ස අන්තො තනුතම්බලොමාචිතෙ අඞ්ගුලිවෙධකසණ්ඨානෙ පදෙසෙ සොතවිඤ්ඤාණාදීනං යථාරහං වත්ථුද්වාරභාවං සාධයමානං තිට්ඨති. සද්දීයන්තීති සද්දා, උදාහරීයන්තීති අත්ථො. ඝායතීති ඝානං, තං සසම්භාරඝානබිලස්ස අන්තො අජපදසණ්ඨානෙ පදෙසෙ ඝානවිඤ්ඤාණාදීනං යථාරහං වත්ථුද්වාරභාවං සාධයමානං තිට්ඨති. ගන්ධියන්තීති ගන්ධා, අත්තනො වත්ථුං සූචියන්තීති අත්ථො. ජීවිතං අව්හායතීති ජිව්හා, සායනට්ඨෙන වා ජිව්හා. සා සසම්භාරජිව්හාය අතිඅග්ගමූලපස්සානි වජ්ජෙත්වා උපරිමතලමජ්ඣෙ භින්නඋප්පලදලග්ගසණ්ඨානෙ පදෙසෙ ජිව්හාවිඤ්ඤාණාදීනං යථාරහං වත්ථුද්වාරභාවං සාධයමානා තිට්ඨති. රසන්ති තෙ සත්තාති රසා, අස්සාදෙන්තීති අත්ථො.
සවන යොමු කරන අරුතින් සොතං කන, එයට අදාල අනෙක් කොටස් සමග) දේවල් සහිතව, එහි බිල තුල පිහිටි සියුම් තඹවන් ලෝම ඇති ඇඟිල්ලක වෙළුමක් පමණ (මුදුවක් පමණ) පෙදෙසෙහි සොත විඤ්ඤාණය සුදුසු පරිදි හඬ නමින් හඳුන්වන දෙය (සද්ද) ලබාගැනීමේ අරමුණ ඉටු කරමින් සිටී. හඬ ළගා කරයි. සද්දා හඬ පිටකරනු ලබයි යන තේරුමයි. ගඳසුවඳ දැනගනී යැයි ඝාණං, එය නාස් සිදුර තුල, එළුවකුගේ පා සටහන තරම් පෙදෙසක පිහිටි ඝාණ විඤ්ඤාණ නමින් ගඳ සුවඳ ලබාගැනීමේ අරමුණ ඉටුකරමින් සිටී. ඒ ගඳ සුවඳ හඳුනා ගනු ලැබීම ගන්ධො ජීවිතය කැඳවනු ලබතියි ජිව්හා රස දැනීම අරුතින් හෝ ජිව්හා දිව, ඒ හා අදාල අනෙක් කොටස් සමග - එහි අග-මුල හැරදමා, හරි මැද මතුපිට, මැදින් බිඳුණ උපුල් පතක අග බඳු සටහන් ඇති පෙදෙසෙහි ජිව්හා විඤ්ඤාණයට සුදුසු පරිදි රසය ලබාදීම ඉටුකරමින් සිටී. ඒවා ජීවීන්ට රසය දෙන බැවින් රසා රස විඳීම ලබාදෙතියි තේරුමයි.
කුච්ඡිතානං ආසවධම්මානං ආයොති කායො. ආයොති උප්පත්තිදෙසො. සො යාවතා ඉමස්මිං කායෙ උපාදින්නපවත්ති නාම අත්ථි, තත්ථ යෙභුය්යෙන කායප්පසාදො කායවිඤ්ඤාණාදීනං යථාරහං වත්ථුද්වාරභාවං සාධයමානො තිට්ඨති. ඵුසියන්තීති ඵොට්ඨබ්බා. මනතීති මනො, විජානාතීති අත්ථො. අත්තනො ලක්ඛණං ධාරෙන්තීති ධම්මා. මනොති සහාවජ්ජනභවඞ්ගං. ධම්මාති නිබ්බානං මුඤ්චිත්වා අවසෙසා ධම්මාරම්මණධම්මා. මනොවිඤ්ඤාණන්ති ජවනමනොවිඤ්ඤාණං. මනොසම්ඵස්සොති තංසම්පයුත්තො ඵස්සො, සො සම්පයුත්තාය වෙදනාය විපාකපච්චයවජ්ජෙහි සෙසෙහි සත්තහි පච්චයෙහි පච්චයො හොති. අනන්තරාය තෙහෙව සෙසානං උපනිස්සයෙනෙව පච්චයො හොති.
පිළිකුල් සහගත පාපී දේවලට යොමුකරනු ලබන බැවින් කායො ආයො යනු (ඒවා) උපත ලබන, ඇතිවන තැනයි. මේ කයෙහි යම් පමණකින් එය හටගන්නා වූ පැවැත්මක් ඇත්ද බොහෝසෙයින් කය පහදනසුළුව, කාය විඤ්ඤාණයට සුදුසු පරිදි කටයුතු ඉටුකරමින් සිටී. පහස ලබන බැවින් පොට්ඨබ්බො, දැනගනී යනු මනො තමන්ගේ ගති ලකුණු දරා සිටිතියි ධම්මා, මනො මෙනෙහි කිරිම් සහිත ඉපදීමේදී ඇති වූ මුල් සිත (භවංග) ධම්මා නිවන හැරදැමූ සෙසු අරමුණු වන කරුණු, මනො විඤ්ඤාණං ජීවන (වේගවත්) මනසෙහි හැඳිනීම, මනො සම්ඵස්සො ඒ හා යෙදුණු පහස, එය වේදනාව සමග යෙදී, විපාක වැරදි හේතු සහිත වූයේ, අනෙක් හේතු හා අනතුරුව සම්බන්ධ වෙයි.
අවසියපවත්තසල්ලක්ඛණවසෙන වාති අවසො හුත්වා පවත්තසඞ්ඛාරෙ පස්සනවසෙන ඔලොකනවසෙනාති අත්ථො. රූපෙ වසො න ලබ්භතීති රූපස්මිං වසවත්තිභාවො ඉස්සරභාවො න ලබ්භති. වෙදනාදීසුපි එසෙව නයො.
අවිසය පවත්ත සල්ලක්ඛණ වසෙන වා වසඟ නොවී පැවති සංඛාර විමසා බැලීම් ලෙසින් යන තේරුමයි. රූපෙ වසො න ලබ්භති රූපයෙහි වසඟතාවක් හෝ හිමිකමක් නොලබයි. වෙදනා ගැනද ඒ ආකාරයෙනි.
නායං, භික්ඛවෙ, කායො තුම්හාකන්ති අත්තනි සති අත්තනියං නාම හොති, අත්තායෙව ච නත්ථි. තස්මා “නායං, භික්ඛවෙ, කායො තුම්හාක”න්ති ආහ. නාපි අඤ්ඤෙසන්ති අඤ්ඤො නාම පරෙසං අත්තා. තස්මිං සති අඤ්ඤෙසං නාම සියා, සොපි නත්ථි. තස්මා “නාපි අඤ්ඤෙස”න්ති ආහ. පුරාණමිදං, භික්ඛවෙ, කම්මන්ති නයිදං පුරාණකම්මමෙව, පුරාණකම්මනිබ්බත්තො පනෙස කායො. තස්මා පච්චයවොහාරෙන එවං වුත්තො. අභිසඞ්ඛතන්තිආදි කම්මවොහාරස්සෙව වසෙන පුරිමලිඞ්ගසභාවතාය වුත්තං. අයං පනෙත්ථ අත්ථො – අභිසඞ්ඛතන්ති පච්චයෙහි කතොති දට්ඨබ්බො. අභිසඤ්චෙතයිතන්ති චෙතනාවත්ථුකො, චෙතනාමූලකොති දට්ඨබ්බො. වෙදනියන්ති වෙදනාය වත්ථූති දට්ඨබ්බො.
න තුම්හාකං තමා කෙරෙහි වූ හැඟීම් ඇතිවිටක, තමාට අයිති බවක් වෙයි. එසේ තමාටද අයිති නොවන බැවින් ‘ඔබලාගේද නොවේ’ යැයි කීහ. නා පි අඤ්ඤෙසං අනුන්ට අයිති බවක් ඇතිකල එය අනුන්ගේ වෙයි. එයද නොවන බැවින් ‘අනුන්ගේද නොවේ’ යැයි කීහ. පුරාණමිදං භික්ඛවෙ කම්මං මේ කය පෙර කරන ලද දෙයින්ම හටගත්තේ ද නොවේ. ඒ ඒ හේතු දැක්වීම එසේ වහරට පත්වීමයි. ‘අභිසංඛතං’ යනුවෙන් මුලදීම ‘කම්ම’ වහරට අනුව මුල් ආකාරයෙන් කියා ඇත. මේ එහි තේරුමයි. අභිසංඛතං හේතු නිසා කරන ලදැයි දතයුතුය. අභිචෙතසිකං සිතිවිල්ල පසුබිම් කොට, සිතිවිල්ල මුල්කොට යැයි දතයුතුය. වෙදනීයං වින්දනය පසුබිම් කොට දතයුතුය.
රූපෙ සාරො න ලබ්භතීති රූපස්මිං නිච්චාදිසාරො න ලබ්භති. වෙදනාදීසුපි එසෙව නයො. රූපං අස්සාරං නිස්සාරන්ති රූපං අස්සාරං සාරවිරහිතඤ්ච. සාරාපගතන්ති සාරතො අපගතං. නිච්චසාරසාරෙන වාති භඞ්ගං අතික්කමිත්වා පවත්තමානෙන නිච්චසාරෙන වා. කස්සචි නිච්චසාරස්ස අභාවතො නිච්චසාරෙන සාරො නත්ථි. සුඛසාරසාරෙන වාති ඨිතිසුඛං අතික්කමිත්වා පවත්තමානස්ස කස්සචි සුඛසාරස්ස අභාවතො සුඛසාරසාරෙන වා. අත්තසාරසාරෙන වාති අත්තත්තනියසාරසාරෙන වා. නිච්චෙන වාති භඞ්ගං අතික්කමිත්වා පවත්තමානස්ස කස්සචි නිච්චස්ස අභාවතො නිච්චෙන වා. ධුවෙන වාති විජ්ජමානකාලෙපි පච්චයායත්තවුත්තිතාය ථිරස්ස කස්සචි අභාවතො ධුවෙන වා. සස්සතෙන වාති අබ්බොච්ඡින්නස්ස සබ්බකාලෙ විජ්ජමානස්ස කස්සචි අභාවතො සස්සතෙන වා. අවිපරිණාමධම්මෙන වාති ජරාභඞ්ගවසෙන අවිපරිණාමපකතිකස්ස කස්සචි අභාවතො අවිපරිණාමධම්මෙන වා.
රූප සාරො න ලබ්භති රූපයෙහි තිරසාර බවක් නොලබයි. වින්දවලදීද ඒ ආකාරයෙනි. රූපං අසාරං නිස්සාරං තමන්ද නිසරු බවත්, හරවත් බවක් නැති, සාරාපගතං සාරවත් බව ඉවත් වූ නිච්චසාරසාරෙන වා බිඳී යාම ඉක්මවා පවත්නා කල්හී, සැමදා සාරවත් බව ඇතිවේ යැයි (සැළකුවද) කවර විටක හෝ ඒ සාරවත් බව නැතිවීමෙන් හරවත් බවක් නොමැත. සුඛසාරසාරෙනවා සතුට සුවය ඉක්මවා පවත්නා කිසියම් සාරවත් බවක් නොමැති, අත්තසාරසාරෙනවා තමා පිළිබඳ සාරවත් බවකින් හෝ, නිච්චෙන වා බිඳීයාම ඉක්මවා පවත්නා කිසියම් සාරවත් බවක් නොමැති, ධුවෙන වා දක්නට ලැබෙන කාලයෙහිද හේතු නිසා පැවතුණු එහි කිසිදු තිර බවක් නොවීමෙන්, සස්සතෙනවා හැමකල්හි මෙන් නොසිඳී-නොබිඳී තිබුණද, කිසියම් කලක කිසිදු තිරබවක් නොවීමෙන් සදාකල් පැවැත්මක් නැති, අවිපරිනාම ධම්මෙන වා ජරාවෙන් බිඳී යන ලෙසින් වෙනස්වන සුළුව, මුලදී පැවති අයුරින්ම නොතිබීමෙන් වෙනස්වී යන ගතියෙන් හෝ,
චක්ඛු සුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වාති “කාරකො වෙදකො සයංවසී”ති එවං පරිකප්පිකෙන අත්තනා වා අත්තාභාවතොයෙව අත්තනො සන්තකෙන පරික්ඛාරෙන ච සුඤ්ඤං. සබ්බං චක්ඛාදිලොකියධම්මජාතං යස්මා අත්තා ච එත්ථ නත්ථි, අත්තනියඤ්ච එත්ථ නත්ථි, තස්මා “සුඤ්ඤ”න්ති වුච්චතීති අත්ථො . ලොකුත්තරාපි ධම්මා අත්තත්තනියෙහි සුඤ්ඤායෙව, සුඤ්ඤාතීතධම්මා නත්ථීති වුත්තං හොති. තස්මිං ධම්මෙ අත්තත්තනියසාරස්ස නත්ථිභාවො වුත්තො හොති. ලොකෙ ච “සුඤ්ඤං ඝරං සුඤ්ඤො ඝටො”ති වුත්තො ඝරස්ස ඝටස්ස ච නත්ථිභාවො න හොති, තස්මිං ඝටෙ ච අඤ්ඤස්ස නත්ථිභාවො වුත්තො හොති. භගවතා ච ඉති යම්පි කොචි තත්ථ න හොති, තෙන තං සුඤ්ඤං. යං පන තත්ථ අවසිට්ඨං හොති, තං සන්තං ඉදමත්ථීති පජානාතීති අයමෙවත්ථො වුත්තො. තථා ඤායගන්ථෙ සද්දගන්ථෙ ච අයමෙවත්ථො. ඉති ඉමස්මිං සුත්තෙ අනත්තලක්ඛණමෙව කථිතං. අනිස්සරියතොති අත්තනො ඉස්සරියෙ අවසවත්තනතො. අකාමකාරියතොති අත්තනො අකාමං අරුචිකරණවසෙන. අපාපුණියතොති ඨාතුං පතිට්ඨාභාවතො. අවසවත්තනතොති අත්තනො වසෙ අවත්තනතො. පරතොති අනිච්චතො පච්චයායත්තවුත්තිතො. විවිත්තතොති නිස්සරතො.
චක්ඛුසුඤ්ඤං අත්තෙන වා අත්තනියෙන වා කරන කෙනෙක් ඇත. විඳින කෙනෙක් ඇත. තමන් වාසය කරතියි යන දැඩි කල්පනාවෙන් තමන් හෝ තම ජීවිතය හෝ තමාට අයත් පිරිකර ආදියද යන සියල්ල හිස් දේවල්ය. ඇස් ආදී මෙලොවට අයත් හටගත්තා වූ සියළුම දේවල් තමාගේ යැයි ගැනීම සුදුසු නැත. තමා කෙරෙහිද පවතින්නේ නැත. එහෙයින් හිස්බවම වේ යැයි අරුත් කියනු ලැබේ. ලෝකයෙන් එහා දේවල්ද තම තමා කෙරෙහි ඇත්තේ හිස් බවමය. හිස් නොවූ දෙයක් නැතැයි කියන ලදී. එහෙයින් සියළුම දේවල් තමා කෙරෙහිලා (සළකන විටද) සාරයක් නොමැති බව කියන ලදී. ලෝකයද හිස්ය. ගෙය හිස්ය. කළයද හිස්යැයි කියන ලදී. ගෙයද කළයද නොමැති බව අදහස් නොවේ. එහි ගෙයිද, කළයෙහිද අන් දෙයක් නැති බව කියන ලදී. භාග්‍යවතුන් වහන්සේ ද ‘මෙසේ යම් කිසිවක් එහි නොවේද, එයින් එය හිස් යයිද, එහි ඉතිරිව ඇති දෙයක් වේද, ඒ සඳහා මෙය ඇතැයිද, දැනගනිතැයිද මේ අදහසම කියන ලදී. එසේම න්‍යාය පොත්වලද වියරණ පොත්වලද මේ අරුතමය. මෙම සූත්‍රයෙහි තමාගේ යැයි නොගැනීම පිළිබඳවම කියා ඇත. අනිස්සරියතො තම අයිතියෙහි (වසඟයෙහි) නොපැවතීමෙන්, අකාමකාරියතො තමා නොකැමති පරිදි, එකග නොවන පරිදි, අපාපූණියතො ඒ ආකාරවම පිහිටා සිටීමට නොහැකි වීමෙන්, අවසවත්තනතො තම වසඟයෙහි නොපැවතීමෙන්, පරතො අනිස බවින්, හේතු සහගත පැවැත්මෙන්, විවිත්තතො නිසරු ලෙසින්.
සුද්ධන්ති කෙවලං ඉස්සරකාලපකතීහි විනා කෙවලං පච්චයායත්තපවත්තිවසෙන පවත්තමානං සුද්ධං නාම. අත්තනියවිරහිතො සුද්ධධම්මපුඤ්ජොති ච. සුද්ධං ධම්මසමුප්පාදං, සුද්ධං සඞ්ඛාරසන්තතින්ති සුද්ධං පස්සන්තස්ස ජානන්තස්ස සඞ්ඛාරානං සන්තතිං අබ්බොච්ඡින්නසඞ්ඛාරසන්තතිං. තථෙව සුද්ධං පස්සන්තස්ස සඞ්ඛාරාදීනි, එකට්ඨානි ආදරෙන ද්වත්තික්ඛත්තුං වුත්තානි. එවං පස්සන්තස්ස මරණමුඛෙ භයං න හොති. ගාමණීති ආලපනං. තිණකට්ඨසමං ලොකන්ති ඉමං උපාදින්නක්ඛන්ධසඞ්ඛාතං ලොකං. යදා තිණකට්ඨසමං පඤ්ඤාය පස්සති. යථා අරඤ්ඤෙ තිණකට්ඨාදීසු ගණ්හන්තෙසු අත්තානං වා අත්තනියං වා ගණ්හාතීති න හොති, තෙසු වා තිණකට්ඨාදීසු සයමෙව නස්සන්තෙසුපි විනස්සන්තෙසුපි අත්තා නස්සති, අත්තනියො නස්සතීති න හොති. එවං ඉමස්මිං කායෙපි නස්සන්තෙ වා විනස්සන්තෙ වා අත්තා වා අත්තනියං වා භිජ්ජතීති අපස්සන්තො පඤ්ඤාය තිණකට්ඨසමං පස්සතීති වුච්චති. නාඤ්ඤං පත්ථයතෙ කිඤ්චි, අඤ්ඤත්රප්පටිසන්ධියාති පටිසන්ධිවිරහිතං නිබ්බානං ඨපෙත්වා අඤ්ඤං භවං වා අත්තභාවං වා න පත්ථෙති.
සුද්ධං හුදෙක්ම ලාංකීය වූ කාල ගතිසොබාව හැර, හුදෙක්ම හේතු සහගත පැවැත්ම සුද්ධං නම් වේ. තමාට අයත්ය (යන අදහස) නැතිව, සුද්ධ ධම්ම කොටසකැයිද සුද්ධ ධම්ම ඇතිවීමද, සුද්ධං සංඛාර සන්තති එසේ බලන කෙනෙකුට, දැනගන්නා කෙනෙකුට, හේතු නිසා හටගත් සියළු එක්රැස් වන දෙයෙහි නොසිඳී යන පරම්පරාව (සංඛාර සමූහය) එසේම ඒ ගැන මැනවින් දකින්නෙකුට ඇතැම්විටක ආදරයෙන් දෙතුන්වරක් කියන ලදී. මෙසේ දකින්නෙකුට මරණය හමුවේ බියක් නැත. ගාමණී යනු ඇමතීමයි. තිණකට්ඨසමං ලොකං තණ්හා ආදියෙන් දැඩිව ගන්නා ලදැයි කියනු ලබන මෙම ලෝකය යම්කලක තණකොළ, දරකැබලි හා සමානව නුවණින් දකී. කැලයෙහි තණකොළ, දර කැබලි ආදිය ගැනීමේදී තමන්ට හෝ තමාට අයත් යැයි හෝ අදහස් නොවේ. ඒ ඒ තණකොළ, දර ආදිය, ඒවාම නැසෙනවිට - වැනසෙන විට, තමා නැසේය, තමාට අයත් දෙයක් නැසේ යයි නොහඟී. මෙසේ මේ කයද නැසෙන, වැනසෙන විට හෝ තමා හෝ තමාට අයත් දේ හෝ බිඳී යැයි නොදකිමින්, තණකොළ හා දර නුවණින් සමව දකී යැයි කියනු ලැබේ. න අඤ්ඤං පත්ථතෙ කිඤ්චි අඤ්ඤත්ර අප්පටිසන්ධියා නැවත පිළිසිඳ ගැනීමක් නොමැති වූ නිවන හැර, වෙනත් භවයක් හෝ ජීවිතයක් හෝ නොපතයි.
රූපං සමන්නෙසතීති රූපස්ස සාරං පරියෙසති. අහන්ති වාති දිට්ඨිවසෙන. මමන්ති වාති තණ්හාවසෙන. අස්මීති වාති මානවසෙන. තම්පි තස්ස න හොතීති තං තිවිධම්පි තස්ස පුග්ගලස්ස න හොති.
රූපං සමන්නෙසති රූපයෙහි හරයක් සොයයි. අහං ති වා (මම යන) දැඩි හැඟීම් ලෙසින්, මමං හි වා තණ්හා ලෙසින්, අස්මීතිවා මානය ලෙසින්, තම්පි තස්ස න හොති ඒ තුන් ආකාරයම ඒ තැනැත්තාට නොවේ.
ඉධාති දෙසාපදෙසෙ නිපාතො, ස්වායං කත්ථචි ලොකං උපාදාය වුච්චති. යථාහ – “ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජතී”ති (සං· නි· 3.78; අ· නි· 4.33). කත්ථචි සාසනං . යථාහ – “ඉධෙව, භික්ඛවෙ, සමණො, ඉධ දුතියො සමණො”ති (ම· නි· 1.139; දී· නි· 2.214). කත්ථචි ඔකාසං. යථාහ –
ඉධ පෙදෙස දැක්වීමේ නිපාතයකි. එය ඇතැම් තැනක ලෝකය ගැන කියනු ලැබේ. ඒ අනුව මෙසේ දක්වා ඇත. ‘තථාගතයන් වහන්සේ මේ ලෝකයෙහි උපදිති.’ ‘ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති’ ඇතැම් තැනක සසුන අදහස් වේ. ‘මහණෙනි, පළමු පැවිදි සමණයාත්, දෙවන පැවිදි සමණයාත් මේ සසුනෙහිමය’ ‘ඉධෙව භික්ඛවෙ ඉධ දුතියො සමණො’, ඇතැම් තැනක අවසරය හෝ ඉඩ ලැබීමේ අරුතිනි. ‘උතුමාණනි, මෙසේ දැනගනු මැනවි, මෙතැනම දෙවියෙකුව සිටින මට සියවසක් ජීවත්වීමට නැවත ආයුසද ලැබීමි.’
“ඉධෙව තිට්ඨමානස්ස, දෙවභූතස්ස මෙ සතො; පුනරායු ච මෙ ලද්ධො, එවං ජානාහි මාරිසා”ති. (දී· නි· 2.369);
ඉධෙව තිට්ඨමානස්ස දෙවභූතස්ස මෙ සතො, පුනරායුච මෙ ලද්ධං එවං ජානාහි මාරිස
කත්ථචි පදපූරණමත්තමෙව. යථාහ – “ඉධාහං, භික්ඛවෙ, භුත්තාවී අස්සං පවාරිතො”ති (ම· නි· 1.30). ඉධ පන ලොකං උපාදාය වුත්තොති වෙදිතබ්බො. අස්සුතවා පුථුජ්ජනොති එත්ථ පන ආගමාධිගමාභාවා ඤෙය්යො “අස්සුතවා”ඉති. යස්ස හි ඛන්ධධාතුආයතනපච්චයාකාරසතිපට්ඨානාදීසු උග්ගහපරිපුච්ඡාවිනිච්ඡයරහිතත්තා දිට්ඨිපටිසෙධකො නෙව ආගමො, පටිපත්තියා අධිගන්තබ්බස්ස අනධිගතත්තා නෙව අධිගමො අත්ථි, සො ආගමාධිගමාභාවා ඤෙය්යො “අස්සුතවා” ඉති. ස්වායං –
ඇතැම් තැනක වචනයක අඩු වූ බව පිරවීමට ‘මහණෙනි, මම වළඳා අවසන් කළෙමි. පවාරණය වීමි’ ‘ඉධාහං භික්ඛවෙ භුත්තාවී අස්සං, පවාරිතො’ මෙනි. මෙතැනදී ‘ලෝකය’ සළකා කියන ලදැයි දතයුතුය. අස්සුතවා පුථුජ්ජනො මෙහි නිසි අවබෝධය ලැබීමට නොහැකිව, (නොදත් දේ) දැනගැනීමට, ඇසීමට කටයුතු නොකරන, (රූපාදි) සමූහ, (පඨවි) ආදී ධාතු, (ඇස් ආදී) ආයතන පිළිබඳව හේතු සහිතව, සිහිය පිහිටුවා ගැනීම වැනි ඉගෙනීමට, විමසීමට නොයෙදී, ඒ පිළිබඳ නිවැරදි තීරණ ගැනීමක් නොමැති බැවින්, දැඩිව ගත් වැරදි හැඟීම් ඉවත්කර ගැනීමට හෝ පිළිවෙත් මගින් අවබෝධ කළයුතු. දහම් අවබෝධ නොකළ බැවින් නොඇසූ තැනැත්තකු ලෙස දැක්වේ. ‘බොහෝ කරුණුවලදී බොහෝ දෙනා (එකිනෙකාට) වෙනස්වන බැවින් එවැනි බොහෝ (අයහපත් දෙයට බැස (යොමුවී) ඇති බැවින්, මේ ජනතාව පුථුජ්ජන නම් වේ.
පුථූනං ජනනාදීහි, කාරණෙහි පුථුජ්ජනො; පුථුජ්ජනන්තොගධත්තා, පුථුවායං ජනො ඉති. (දී· නි· අට්ඨ· 1.7; ම· නි· අට්ඨ· 1.2; අ· නි· අට්ඨ· 1.1.51; පටි· ම· අට්ඨ· 2.1.130);
පුථූනං ජනනාදීහි කාරණෙහි පුථුජ්ජනො, පුථුජ්ජනන්තොගධත්තා පුථුවායං ජනො ඉති
සො හි පුථූනං නානප්පකාරානං කිලෙසාදීනං ජනනාදීහිපි කාරණෙහි පුථුජ්ජනො. යථාහ – පුථු කිලෙසෙ ජනෙන්තීති පුථුජ්ජනා , පුථු අවිහතසක්කායදිට්ඨිකාති පුථුජ්ජනා, පුථු සත්ථාරානං මුඛුල්ලොකිකාති පුථුජ්ජනා, පුථු සබ්බගතීහි අවුට්ඨිතාති පුථුජ්ජනා, පුථු නානාභිසඞ්ඛාරෙ අභිසඞ්ඛරොන්තීති පුථුජ්ජනා, පුථු නානාඔඝෙහි වුය්හන්තීති පුථුජ්ජනා, පුථු නානාසන්තාපෙහි සන්තප්පෙන්තීති පුථුජ්ජනා, පුථු නානාපරිළාහෙහි පරිඩය්හන්තීති පුථුජ්ජනා, පුථු පඤ්චසු කාමගුණෙසු රත්තා ගිද්ධා ගධිතා මුඤ්ඡිතා අජ්ඣොසන්නා ලග්ගා ලග්ගිතා පලිබුද්ධාති පුථුජ්ජනා, පුථු පඤ්චහි නීවරණෙහි ආවුටා නිවුටා ඔවුටා පිහිතා පටිච්ඡන්නා පටිකුජ්ජිතාති පුථුජ්ජනා (මහානි· 51, 94), පුථූනං වා ගණනපථමතීතානං අරියධම්මපරම්මුඛානං නීචධම්මසමාචාරානං ජනානං අන්තොගධත්තාපි පුථුජ්ජනා, පුථුව අයං විසුංයෙව සඞ්ඛ්‍යං ගතො, විසංසට්ඨො සීලසුතාදිගුණයුත්තෙහි අරියෙහි ජනොතිපි පුථුජ්ජනො. එවමෙතෙහි “අස්සුතවා පුථුජ්ජනො”ති ද්වීහි පදෙහි යෙ තෙ –
ඒ බොහෝ දෙනා නොයෙක් ආකාර වූ කෙලෙස් ආදිය උපදවා ගනු ලබන බැවින්, ඇතිකර ගන්නා බැවින්, පුථුජ්ජන වේ. ‘පුටු කිලෙසෙ ජන්නෙතී ති පුථුජ්ජනා’ බොහෝ සෙයින් මම ය, මාගේ ය’ යන දැඩිව ගත් හැඟීම ඉවත නොහළ බැවින්, ‘පුථුජ්ජන’ වේ. බොහෝ දෙනා තම නායක (ආගමික මග පෙන්වන්නන්ගේ මුහුණ දෙසම බලා සිටිතියි පුථුජ්ජනා - බොහෝ වූ සියළුම උපදනා තැන්වලින් (ගති) ඉවත් නොවූ බැවින් පුථුජ්ජනා - බොහෝ නොයෙක් ආකාර වූ (කරන කියන කටයුතුවල) නිරතව එක්රැස් කිරීමෙහි (කුසල් අකුසල්) යෙදෙන බැවින් පුථුජ්ජනා - බොහෝ දෙනා නොයෙක් නොයෙක් (කෙලෙස්) සැඩපහරවලින් ගසාගෙන යතියි, තැවුලට පත්වෙතියි පුථුජ්ජනා, බොහෝ නොයෙක් (කාමාදී) දැවීම්වලින් දැවෙතියි, පුථුජ්ජනා, බොහෝ දෙනා පස්කම් සැපයෙහි ඇලී ගැලී, ගිලා බැස, එහිම ලැග, අවහිරතාවනට පත්ව ඇති බැවින් පුථුජ්ජනා, බොහෝ දෙනා නිවනට මග අවුරණ කාමච්ඡන්ද ආදී කරුණු පහෙන් වෙලී පැටලී, වැසී, සැඟවී යටිකුරුව සිටින බැවින් පුථුජ්ජනා, උතුම් (හරවත්) දහමෙහි පටහැනිව, අදැහැමි, පහත් හැසිරීමෙහි නියුතු, බොහෝ ගිණිය නොහැකි, අපමණ ජනයා අතරට ඇතුලත් වන බැවින් පුථුජ්ජනා, මේ බොහෝ දෙනා සිල්වත් යහගුණ පිළිනොපදින බැවින්, වෙන් වෙන්ව හඳුනාගන්නා බැවින් පුථුජ්ජනා මේ ආකාරයෙන් නොඇසූ බොහෝ ජනයා ගැන, මේ ගාථා පද දෙකින් ද දැක්වේ. (දහමෙන් ලොව එළිය කරන ලද) හිරු (මඬල) වන් බුදුරදුන් විසින් (මගපල නොලත්) බොහෝ දෙනා, එක් කොටසක් (නෙත්) අඳ පුථුජ්ජන හා යහපත් පුථුජ්ජන යැයි දෙ ආකාරව කියන ලදී.
“දුවෙ පුථුජ්ජනා වුත්තා, බුද්ධෙනාදිච්චබන්ධුනා; අන්ධො පුථුජ්ජනො එකො, කල්‍යාණෙකො පුථුජ්ජනො”ති. (දී· නි· අට්ඨ· 1.7; ම· නි· අට්ඨ· 1.2; සං· නි· අට්ඨ· 2.2.61; අ· නි· අට්ඨ· 1.1.51; පටි· ම· අට්ඨ· 2.1.130; ධ· ස· අට්ඨ· 1007) –
දුවෙ පුථුජ්ජනා වුත්තා බුද්ධෙනාදිච්ච බන්ධුනා, අන්ධො පුථුජ්ජනො එකො, කල්‍යාණෙකො පුථුජ්ජණෙනා
ද්වෙ පුථුජ්ජනා වුත්තා, තෙසු අන්ධපුථුජ්ජනො වුත්තො හොතීති වෙදිතබ්බො.
ඔවුන් අතුරෙන් (මෙහි) අඳ පුථුජ්ජනයා ගැන කියන ලදැයි දතයුතුය.
අරියානං අදස්සාවීතිආදීසු අරියාති ආරකත්තා කිලෙසෙහි, අනයෙ න ඉරියනතො, අයෙ ඉරියනතො, සදෙවකෙන ච ලොකෙන අරණීයතො බුද්ධා ච පච්චෙකබුද්ධා ච බුද්ධසාවකා ච වුච්චන්ති, බුද්ධා එව වා ඉධ අරියා. යථාහ – “සදෙවකෙ, භික්ඛවෙ, ලොකෙ…පෙ… තථාගතො අරියොති වුච්චතී”ති (සං· නි· 5.1098).
අරියානං අදස්සාවී ‘අරියා’ යනු කෙලෙස්වලින් ඈත් වූ බැවින්, ඉරියව් පැවැත්වීමෙහි විපත්තිදායක නොවූ, ඉරියවු පැවැත්මෙහි සංවර වූ, දෙවියන් සහිත ලෝකයා අතර කලබලකාරී නොවූ බුදුවරුද, පසේ බුදුවරුද, බුදු සව්වෝද හඳුන්වනු ලබයි. මෙහි ‘අරියා’ ලෙස බුදුවරු ගැනෙති. එහෙයින්, ‘මහණෙනි, දෙවියන් සහිත ලොවෙහි තථාගතයන් ‘අරිය’ යැයි කියනු ලැබේ යැයි වදාළහ.
සප්පුරිසාති එත්ථ පන පච්චෙකබුද්ධා තථාගතසාවකා ච “සප්පුරිසා”ති වෙදිතබ්බා. තෙ හි ලොකුත්තරගුණයොගෙන සොභනා පුරිසාති සප්පුරිසා. සබ්බෙව වා එතෙ ද්විධාපි වුත්තා. බුද්ධාපි හි අරියා ච සප්පුරිසා ච පච්චෙකබුද්ධාපි බුද්ධසාවකාපි. යථාහ –
සප්පුරිසා මෙහි පසේ බුදුවරුද, තථාගත සව්වෝද සප්පුරිස හෙවත් යහපත් තැනැත්තන් දේ දතයුතුය. ලොවුතුරු ගුණ සමූහයෙන්ද බබළන තැනැත්තන් ලෙස උන්වහන්සේලා යහපත්ම වෙති. මේ සියල්ලෝම, බුදුවරුද, බුදුසව් වූ පසේ බුදුවරුද අරිය යහපත් තැනැත්තෝ ලෙස දෙ ආකාරව කියන ලදී.
‘යම් කෙනෙක් කළගුණ දත්, කළ උපකාර දන්නා, නුවණැති යහපත් මිතුරෙක්ද, දැඩි විශ්වාසය ඇත්තෙක්ද වේනම්, දුකට පත් වූවනට මනාව කටයුතු ඉටුකර දෙයිද, එබඳු කෙනෙකු යහපත් තැනැත්තෙකැයි කියති.
“යො වෙ කතඤ්ඤූ කතවෙදි ධීරො, කල්යාණමිත්තො දළ්හභත්ති ච හොති; දුඛිතස්ස සක්කච්ච කරොති කිච්චං, තථාවිධං සප්පුරිසං වදන්තී”ති. (ම· නි· අට්ඨ· 1.2; පටි· ම· අට්ඨ· 2.1.130; ධ· ස· අට්ඨ· 1007);
යො වෙ කතඤ්ඤූ කතවෙදි ධීරො, කල්‍යාණ මිත්තො දළ්හභත්තී ච හොති, දුඛිතස්ස සක්කච්ච කරොති කිච්චං, තථා විධං සප්පුරිසං වදන්ති
“කල්යාණමිත්තො දළ්හභත්ති ච හොතී”ති එත්තාවතා හි බුද්ධසාවකො වුත්තො. කතඤ්ඤුතාදීහි පච්චෙකබුද්ධා බුද්ධාති, යො ඉමෙසං අරියානං අදස්සනසීලො, න ච දස්සනෙ සාධුකාරී, සො අරියානං අදස්සාවීති වෙදිතබ්බො. සො චක්ඛුනා අදස්සාවී, ඤාණෙන අදස්සාවීති දුවිධො, තෙසු ඤාණෙන අදස්සාවී ඉධ අධිප්පෙතො. මංසචක්ඛුනා හි දිබ්බචක්ඛුනා වා අරියා දිට්ඨාපි අදිට්ඨාව හොන්ති තෙසං චක්ඛුනා වණ්ණමත්තගහණතො, න අරියභාවගොචරතො. සොණසිඞ්ගාලාදයොපි චක්ඛුනා අරියෙ පස්සන්ති, න ච තෙ අරියානං දස්සාවිනො.
‘කළණ මිතුරෙකි. දැඩි විශ්වාසවන්ත වූවෙකි’, යන මෙපමණකින් බුදුසව්වන් ගැන කියන ලදී. කළගුණ දත් ආදීහූ ලෙස පසේ බුදුවරු වෙති. යම් කෙනෙකු මෙබඳු අරිය උතුමන් දැකීමට කැමති නො වෙත්ද, එය යහපත් කටයුත්තක් නොවේ යැයි (සළකයිද) අරියානං අදස්සාවී ලෙස දතයුතුය. ඇසින් නොදැකීම සහ නුවණින් නො දැකීම යනුවෙන් එය දෙ ආකාරය. නුවණින් නො දකින තැනැත්තා මෙහි අදහස් වේ. මසැසින් හෝ දිවැසින් හෝ ඒ උතුමන් දුටුවද නො දුටුවා සේ වෙයි. ඔවුන් ඇසින් පැහැය පමණක් සළකා ගනී. අරිය බවට පැමිණීමේ ගති ලකුණු නො සැළකේ. බලු, සිවල්ලු ද ඒ උතුමන් දකිති. එහෙත් ඒ සත්තු නිසිපරිදි ඒ උතුමන් නො දකිති.
තත්රිදං වත්ථු – චිත්තලපබ්බතවාසිනො කිර ඛීණාසවත්ථෙරස්ස උපට්ඨාකො වුඩ්ඪපබ්බජිතො එකදිවසං ථෙරෙන සද්ධිං පිණ්ඩාය චරිත්වා ථෙරස්ස පත්තචීවරං ගහෙත්වා පිට්ඨිතො ආගච්ඡන්තො ථෙරං පුච්ඡි – “අරියා නාම, භන්තෙ, කීදිසා”ති? ථෙරො ආහ – “ඉධෙකච්චො මහල්ලකො අරියානං පත්තචීවරං ගහෙත්වා වත්තපටිපත්තිං කත්වා සහ චරන්තොපි නෙව අරියෙ ජානාති, එවං දුජ්ජානා, ආවුසො, අරියා”ති. එවං වුත්තෙපි සො නෙව අඤ්ඤාසි. තස්මා චක්ඛුනා දස්සනං න දස්සනං, ඤාණෙන දස්සනමෙව දස්සනං. යථාහ – “අලං තෙ, වක්කලි, කිං තෙ ඉමිනා පූතිකායෙන දිට්ඨෙන, යො ඛො, වක්කලි, ධම්මං පස්සති, සො මං පස්සතී”ති (සං· නි· 3.87). තස්මා චක්ඛුනා පස්සන්තොපි ඤාණෙන අරියෙහි දිට්ඨං අනිච්චාදිලක්ඛණං අපස්සන්තො, අරියානං අධිගතඤ්ච ධම්මං අනධිගච්ඡන්තො, අරියකරධම්මානං අරියභාවස්ස ච අදිට්ඨත්තා “අරියානං අදස්සාවී”ති වෙදිතබ්බො.
මේ ඊට අදාල කතාවකි. සිතුල්පව්වෙහි වැසි එක් රහතන් වහන්සේ නමකට, මහළුව පැවිදිව උවටැන් කරන හිමිනමක් එක් දිනක් තෙරුන් වහන්සේ සමග පිඬු පිණිස හැසිර, තෙරුන් වහන්සේගේ පා සිවුරු ගෙන, පිටුපසින් එමින්, ‘හිමියනි, අරිය නම් වූවන් කෙබඳු වෙත්දැයි ඇසීය. ‘මෙහි ඇතැම් මහල්ලෙකු ‘අරිය නම් වූ තැනැත්තන්ගේ වත්පිළිවෙත් කොට, පා සිවුරු ගෙන එවන් කෙනෙකු හා සැරිසරන්නේ නමුදු අරිය තැනැත්තකු ගැන නොදනී. ඇවැත්නි, අරිය පුද්ගලයන් මෙසේ දැනගත නොහැකි යයි’ තෙරුන් වහන්සේ කීහ. මෙසේ පැවසුවද, ඒ (මහළු) හිමියන්ට දැනගැනීමට නොහැකි විය. එහෙයින් ඇසින් දැකීම නොදැකීමයි. නුවණින් දැකීමම දැකීමයි. ‘වක්කලී, ඔබට මේ කුණු සිරුර දැකීමෙන් ඇති පලය කුමක්ද? වක්කලී, යම් කෙනෙකු දහම දකිත්ද, ඔහු මා දකී. ‘කින්තෙ වක්කලී ඉමිනා පූතිකායෙන දිට්ඨෙන, යො ඛො වක්කලී, ධම්මං පසසති, සො මං පස්සති’ එහෙයින් ඇසින් දකිතත්, නුවණින් අරිය උතුමන් දුටුවද, තිර පැවැත්මක් නැතැයි ආදී ලකුණු නොදක්නේ, අරිය උතුමන් අවබෝධ කරන ලද දහම අවබෝධ කර නොගෙන, අරිය බවට හේතුවන කරුණුද, අරිය බවද නොදුටු බැවින් අරියානං අදස්සාවී යැයි දතයුතුය.
අරියධම්මස්ස අකොවිදොති සතිපට්ඨානාදිභෙදෙ අරියධම්මෙ අකුසලො. අරියධම්මෙ අවිනීතොති එත්ථ පන –
අරිය ධම්මස්ස ච අකොවිදො සිහිය පිහිටුවා ගැනීම ආදී උසස් දහමෙහි නියැලීමට අසමත්ව, අරිය ධම්මෙ අවිනීතො මෙහි ලා;
‘විනය දෙ ආකාරය, ඒ එක එකක් පස් ආකාරයකට බෙදේ. මෙය නැති තැනැත්තාට අවිනීත යැයි කියනු ලැබේ.’ (දැක්විය යුතුය.)
දුවිධො විනයො නාම, එකමෙකෙත්ථ පඤ්චධා; අභාවතො තස්ස අයං, “අවිනීතො”ති වුච්චති. (ම· නි· අට්ඨ· 1.2; සු· නි· අට්ඨ· 1.උරගසුත්තවණ්ණනා; පටි· ම· අට්ඨ· 2.1.130; ධ· ස· අට්ඨ· 1007);
දුවිධො විනයො නාම, එකමෙකත්ථ පඤ්චධා, අභාවතො තස්ස අයං අවිනීතොති වුච්චති
අයඤ්හි සංවරවිනයො පහානවිනයොති දුවිධො විනයො. එත්ථ ච දුවිධෙපි විනයෙ එකමෙකොපි විනයො පඤ්චධා භිජ්ජති. සංවරවිනයොපි හි සීලසංවරො සතිසංවරො ඤාණසංවරො ඛන්තිසංවරො වීරියසංවරොති පඤ්චවිධො. පහානවිනයොපි තදඞ්ගප්පහානං වික්ඛම්භනප්පහානං සමුච්ඡෙදප්පහානං පටිප්පස්සද්ධිප්පහානං නිස්සරණප්පහානන්ති පඤ්චවිධො.
සංවර විනය, පහාණ විනය යැයි දෙ ආකාරය. මෙම විනය කොටස් දෙක එක එකක් කොටස් පහකට බෙදේ. සංවර විනය - සීල, සති, ඤාණ, ඛන්ති, විරිය ලෙස ද, පහාණ විනය තදංග, වික්ඛම්භණ, සමුච්ඡෙද, පටිප්පස්සද්ධි, නිස්සරණ යනුවෙන් ද බෙදේ. ඒ අනුව ‘මෙම පාමොක් අනුව හික්මීමෙන් යුතු වෙතැයි;
තත්ථ “ඉමිනා පාතිමොක්ඛසංවරෙන උපෙතො හොති සමුපෙතො”ති (විභ· 511) අයං සීලසංවරො. “රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජතී”ති (ම· නි· 1.295; සං· නි· 4.239; අ· නි· 3.16) අයං සතිසංවරො.
‘ඉමිනා පාතිමොක්ඛ සංවරෙන උපෙති, හොති සමුපෙතො’ සීල සංවරයයි. ‘ඇස නැමති ඉන්ද්රිය රැකගනී. ඇස ඉන්ද්රිය හික්මවා ගැනීමට කටයුතු කෙරේ. ‘රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති’ මේ සති සංවරයයි.
‘භාග්‍යවතුන් වහන්සේ අජිත අමතති. ‘ලෝකයෙහි යම් (රූප, තණ්හාදී) යම් දියපහරක් වේද, සිහිය ඒවායෙහි ආවරණයයි. ඒ දිය පහරවල සංවරයයි. තියුණු නුවණින් ඒවා වසනු ලබයි.’
“යානි සොතානි ලොකස්මිං, (අජිතාති භගවා,) සති තෙසං නිවාරණං; සොතානං සංවරං බ්රූමි, පඤ්ඤායෙතෙ පිධිය්‍යරෙ”ති. (සු· නි· 1041; චූළනි· අජිතමාණවපුච්ඡානිද්දෙස 4; නෙත්ති· 11, 45; ධ· ස· අට්ඨ· 1007) –
යානි සොතානි ලොකස්මිං (අජිතාති භගවා) සති තෙසං නිවාරණං, සොතානං සංවරං බ්රෑමි පඤ්ඤායතෙ පිථීයෙරෙ.
අයං ඤාණසංවරො. “ඛමො හොති සීතස්ස උණ්හස්සා”ති (ම· නි· 1.24; අ· නි· 4.114; 6.58) අයං ඛන්තිසංවරො. “උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙතී”ති (ම· නි· 1.26; අ· නි· 4.114; 6.58) අයං වීරියසංවරො. සබ්බොපි චායං සංවරො යථාසකං සංවරිතබ්බානං විනෙතබ්බානඤ්ච කායදුච්චරිතාදීනං සංවරණතො “සංවරො”, විනයනතො “විනයො”ති වුච්චති. එවං තාව සංවරවිනයො පඤ්චධා භිජ්ජතීති වෙදිතබ්බො.
මේ ඤාණ සංවරයයි. ‘සීතල, උණුසුම ඉවසීම’ - ‘ඛමො හොති සීතස්ස උණ්හස්ස’ මේ ඛන්ති සංවරයයි. ‘හටගත්තා වූ කාම දෙගිඩියා සිතිවිලි නො ඉවසයි.’ - ‘උප්පන්නානං කාම විතක්කං නාධිවාසෙති’ මේ විරිය සංවරයයි. මේ සියළුම හික්මීම් (විධි) තම තමාට හැකි පරිදි මැනවින් පවත්වාගත යුතුය. කය දුසිරිත් ආදියෙන් ආවරණය කොට, සංවර කරගැනීමත්, හික්මවා ගැනීමත් විනය යැයි කියනු ලැබේ.
තථා යං නාමරූපපරිච්ඡෙදාදීසු විපස්සනාඤාණෙසු පටිපක්ඛභාවතො දීපාලොකෙනෙව තමස්ස, තෙන තෙන විපස්සනාඤාණෙන තස්ස තස්ස අනත්ථස්ස පහානං. සෙය්යථිදං – නාමරූපවවත්ථානෙන සක්කායදිට්ඨියා, පච්චයපරිග්ගහෙන අහෙතුවිසමහෙතුදිට්ඨීනං, තස්සෙව අපරභාගෙන කඞ්ඛාවිතරණෙන කථංකථීභාවස්ස, කලාපසම්මසනෙන “අහං මමා”ති ගාහස්ස, මග්ගාමග්ගවවත්ථානෙන අමග්ගෙ මග්ගසඤ්ඤාය, උදයදස්සනෙන උච්ඡෙදදිට්ඨියා, වයදස්සනෙන සස්සතදිට්ඨියා, භයදස්සනෙන සභයෙ අභයසඤ්ඤාය, ආදීනවදස්සනෙන අස්සාදසඤ්ඤාය, නිබ්බිදානුපස්සනාය අභිරතිසඤ්ඤාය , මුඤ්චිතුකම්යතාඤාණෙන අමුඤ්චිතුකාමතාය, උපෙක්ඛාඤාණෙන අනුපෙක්ඛාය, අනුලොමෙන ධම්මට්ඨිතියං නිබ්බානෙ ච පටිලොමභාවස්ස, ගොත්රභුනා සඞ්ඛාරනිමිත්තග්ගාහස්ස පහානං. එතං තදඞ්ගප්පහානං නාම.
එසේ, මෙම නාමරූප කොටස්වලදී ද විදසුන් ඤාණවලදී ද නො ගැලපෙන දෙය ඉවත්වන සේ, පහන් එළියෙන් අඳුර නස්නා සේ, ඒ ඒ විදසුන් නුවණින්, ඒ ඒ කොටස් ඉවත් වේ. ඒ කෙසේද? ‘නාමරූප හැඳිනීමෙන් මමය - මාගේය හැඟීම - හේතු කරුණු විමසීමෙන් අහේතු විසම හේතු හැඟීම්, එහිම පසු කොටසක් සේ සැක දුරුවීමෙන් සැක සහගත බවද (සිරුර) කොටස් නුවණින් විමසීමෙන් මම-මගේ යැයි අල්ලා ගැනීම, මග නොමග හැඳිනීමෙන් නොමග පිළිබඳ නිවැරදි. මග හැඳිනීම, හටගැනීම පිළිබඳව දැකීමෙන් - වැනසීමෙන් කෙළවර වෙතැයි යන උච්ඡේද හැඟීම නැතිවී යන ගතිය දැනීමෙන් සදාකාලික පවතී යයි යන හැඟීම (සස්සත දිට්ඨි, බිය දැකීමෙන් බියෙහිදී බය නැති බව හැඳිනීම, පලවිපාක දැකීමෙන් ආස්වාදයෙහි තතු හැඳිනීම, කලකිරීම බලමින් ඇලීමෙහි රුචිය හැඳිනීම, මිදෙනු කැමති නුවණින් නොමිදීමට ඇති කැමැත්ත හැඳිනීම, මැදිහත් නුවණින් මැදිහත් බව නොතිබීම හැඳිනීම, සුදුසු කරුණුවල පැවැත්මෙන් නිවනට නුසුදුසු වන සැටි හැඳිනීම ලෙසිනි. මග සිතට පළමු උපදනා සිත් මගින් සංඛාර නිමිති ගත් කෙනෙකුට එය නැතිවීම තදංග පහාණයි.
යං පන උපචාරප්පනාභෙදෙන සමාධිනා පවත්තිභාවනිවාරණතො ඝටප්පහාරෙනෙව උදකපිට්ඨෙ සෙවාලස්ස තෙසං තෙසං නීවරණාදිධම්මානං පහානං, එතං වික්ඛම්භනප්පහානං නාම. යං චතුන්නං අරියමග්ගානං භාවිතත්තා තංතංමග්ගවතො අත්තනො අත්තනො සන්තානෙ “දිට්ඨිගතානං පහානායා”තිආදිනා (ධ· ස· 277; විභ· 628) නයෙන වුත්තස්ස සමුදයපක්ඛියස්ස කිලෙසගණස්ස අච්චන්තඅප්පවත්තිභාවෙන පහානං, ඉදං සමුච්ඡෙදප්පහානං නාම. යං පන ඵලක්ඛණෙ පටිප්පස්සද්ධත්තං කිලෙසානං, එතං පටිප්පස්සද්ධිප්පහානං නාම. යං සබ්බසඞ්ඛතනිස්සටත්තා පහීනසබ්බසඞ්ඛතං නිබ්බානං, එතං නිස්සරණප්පහානං නාම. සබ්බම්පි චෙතං පහානං යස්මා චාගට්ඨෙන පහානං, විනයනට්ඨෙන විනයො, තස්මා “පහානවිනයො”ති වුච්චති. තං තං පහානවතො වා තස්ස තස්ස විනයස්ස සම්භවතොපෙතං “පහානවිනයො”ති වුච්චති. එවං පහානවිනයොපි පඤ්චධා භිජ්ජතීති වෙදිතබ්බො (ම· නි· අට්ඨ· 1.2; සු· නි· අට්ඨ· 1.උරගසුත්තවණ්ණනා; පටි· ම· අට්ඨ· 2.1.130).
උපචාර - අප්පණා සමාධියට අනුව, ඒවායෙහි පැවැත්ම වැළැක්වීමෙන්, දිය මතුපිට පෙදපාදි කළය වැදීමෙන් ඉවත්වන්නා සේ, ඒ ඒ නීවරණ ආදිය නැතිවීම වික්ඛම්භණ පහාණයි. සිවු අරිය මග වඩනා ලදින් ඒ ඒ මග අනුව, තම තමන්ගේ සිත් පරම්පරාවෙහි ‘දැඩිව ගත් හැඟීම් නැති කරනු පිණිස’ ආදී ලෙසින් කියන ලද කෙලෙස් සමූහයෙහි හටගැනීමට හේතු දැක, නො පවතින ලෙස නැතිකිරීම සමුච්ඡේද පහාණයයි. පල ලැබීමෙහිදී කෙලෙස් සංසිඳුණු බව පටිප්පස්සද්ධි පහාණයයි. හේතු සහිතව ඇතිවන සියළු දෙයම, ඉවතහළ බැවින්, ඒ සියළුම දෑ ඉවත්වීමෙන් ලබන නිවන නිස්සරණ පහාණයයි. මේ සියළුම දේ නැතිකිරීම හැරදැමීමේ අරුතින්ද හික්මීම අරුතින් විනය යැයි ද ඒ අනුව පහාණ විනය යැයිද කියනු ලැබේ. ඒ ඒ දේ නැතිකිරීමෙන් හෝ, ඒ ඒ පරිදි හික්මෙන බවින්ද යුතු වූ බැවින් ද පහාණ විනය වේ. මෙසේ පහාණ විනයද පආකාරව බෙදී ඇතැයි දතයුතුය.
එවමයං සඞ්ඛෙපතො දුවිධො භෙදතො ච දසවිධො විනයො භින්නසංවරත්තා, පහාතබ්බස්ස ච අප්පහීනත්තා යස්මා එතස්ස අස්සුතවතො පුථුජ්ජනස්ස නත්ථි, තස්මා අභාවතො තස්ස අයං “අවිනීතො”ති වුච්චතීති. එසෙව නයො සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො, සප්පුරිසධම්මෙ අවිනීතොති එත්ථපි. නින්නානාකරණඤ්හි එතමත්ථතො. යථාහ – “යෙව තෙ අරියා, තෙව තෙ සප්පුරිසා. යෙව තෙ සප්පුරිසා, තෙව තෙ අරියා. යො එව සො අරියානං ධම්මො, සො එව සො සප්පුරිසානං ධම්මො. යො එව සො සප්පුරිසානං ධම්මො, සො එව සො අරියානං ධම්මො. යෙව තෙ අරියවිනයා, තෙව තෙ සප්පුරිසවිනයා. යෙව තෙ සප්පුරිසවිනයා, තෙව තෙ අරියවිනයා. අරියෙති වා, සප්පුරිසෙති වා, අරියධම්මෙති වා, සප්පුරිසධම්මෙති වා, අරියවිනයෙති වා, සප්පුරිසවිනයෙති වා එසෙසෙ එකෙ එකට්ඨෙ සමෙ සමභාගෙ තජ්ජාතෙ තඤ්ඤෙවාති (ධ· ස· අට්ඨ· 1007; පටි· ම· අට්ඨ· 2.1.130).
මෙසේ කෙටියෙන් දෙ ආකාරව දැක්වූ විනය කොටස් ලෙසින් දහයකි. සංවරය බිඳුණු බැවින්ද, අත්හළ යුතු දේ ඉවත නොහළ බැවින්ද ඒ දහම නොඇසූ බොහෝදෙනා එය පුරුදු නො කළේ වීද, එහෙයින් ‘අවිනීත වූවෙකැ’යි කියනු ලැබේ. ‘යහපත් තැනැත්තන් දකිනු නොරිසි, යහපත් දහම් දැනගැනීමට අසමත්, යහපත් දහම්හි හික්මීමක් නොමැති වූවන් ගැනද මේ ආකාරයෙනි. ඒ අරිය උතුමෝම යහපත් වෙති. එසේ යහපත් වූවෝ අරිය උතුමෝ වෙති. ඒ අරිය උතුමන්ගේ දහමය. ඒ අරිය විනය සප්පුරිස විනයයි. ඒ සප්පුරිස විනය අරිය විනයමය. අරිය හෝ සප්පුරිස හෝ, අරිය දහම හෝ සප්පුරිස දහම හෝ අරිය විනය හෝ සප්පුරිස විනය හෝ එකිනෙකට බැඳුණු, එකසමාන, එකම අරුත් ඇති දෙයකි.
රූපං අත්තතො සමනුපස්සතීති ඉධෙකච්චො රූපං අත්තතො සමනුපස්සති, “යං රූපං, සො අහං, යො අහං, තං රූප”න්ති රූපඤ්ච අත්තානඤ්ච අද්වයං සමනුපස්සති. සෙය්යථාපි තෙලප්පදීපස්ස ඣායතො “යා අච්චි, සො වණ්ණො. යො වණ්ණො, සා අච්චී”ති අච්චිඤ්ච වණ්ණඤ්ච අද්වයං සමනුපස්සති, එවමෙව ඉධෙකච්චො රූපං අත්තතො…පෙ… සමනුපස්සතීති (පටි· ම· 1.130-131) එවං රූපං “අත්තා”ති දිට්ඨිපස්සනාය පස්සති. රූපවන්තං වා අත්තානන්ති අරූපං “අත්තා”ති ගහෙත්වා ඡායාවන්තං රුක්ඛං විය තං රූපවන්තං “අත්තා”ති සමනුපස්සති. අත්තනි වා රූපන්ති අරූපමෙව “අත්තා”ති ගහෙත්වා පුප්ඵස්මිං ගන්ධං විය අත්තනි රූපං සමනුපස්සති. රූපස්මිං වා අත්තානන්ති අරූපමෙව “අත්තා”ති ගහෙත්වා කරණ්ඩකෙ මණිං විය තං අත්තානං රූපස්මිං සමනුපස්සති. වෙදනාදීසුපි එසෙව නයො.
රූපං අත්තතො සමනුපස්සති මේ ලෝකයෙහි ඇතමෙක් රූපය තමාගේ යැයි කල්පනා කරති. යම් රූපයක් වේද, ඒ මම වෙමි. ඒ මම වෙම් ද එය රූපයයි. රූපයද තමාද, එකක් සේ සළකයි. තෙල් පහනක් දැල්වෙන විට එහි දැල්ල හා පැහැයත්, ඒ පැහැය හා පහන් දැල්ලත් එකක්ම යැයි කල්පනා කරයි. එසේම මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් රූපය තමන්..... කල්පනා කරයි. මෙසේ රූපය තමාගේය යන හැඟීමෙන් බලයි. රූපවන්තං වා අත්තානං රූපය තමාගේ යැයි සළකා සෙවනැල්ල ඇති ගසක් මෙන් ඒ රූපවත් බව කල්පනා කරයි. අත්තනි වා රූපං අරූපයම තමාගේ යයි සළකා මලෙහි සුවඳ මෙන් තමා කෙරෙහි රූපය සළකා බලයි. රූපස්මිං වා අත්තානං අරූපයම තමාගේ යයි සළකා කරඬුවක මැණිකක් මෙන් එය තමාගේ රූපය යැයි ද කල්පනා කරයි. වින්දනය (වේදනා) ගැනද මේ ආකාරයෙනි.
තත්ථ “රූපං අත්තතො සමනුපස්සතී”ති සුද්ධරූපංයෙව “අත්තා”ති කථිතං. “රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං. වෙදනං අත්තතො… සඤ්ඤං… සඞ්ඛාරෙ… විඤ්ඤාණං අත්තතො සමනුපස්සතී”ති (පටි· ම· 1.131) ඉමෙසු සත්තසු ඨානෙසු අරූපං “අත්තා”ති කථිතං, “වෙදනාවන්තං වා අත්තානං, අත්තනි වා වෙදනා, වෙදනාය වා අත්තාන”න්ති එවං චතූසු ඛන්ධෙසු තිණ්ණං තිණ්ණං වසෙන ද්වාදසසු ඨානෙසු රූපාරූපමිස්සකො අත්තා කථිතො. තත්ථ රූපං අත්තතො සමනුපස්සති. වෙදනං… සඤ්ඤං… සඞ්ඛාරෙ… විඤ්ඤාණං අත්තතො සමනුපස්සතීති පඤ්චසු ඨානෙසු උච්ඡෙදදිට්ඨි කථිතා. අවසෙසෙසු සස්සතදිට්ඨි. එවමෙත්ථ පන්නරස භවදිට්ඨියො පඤ්ච විභවදිට්ඨියො හොන්ති. තා සබ්බාපි මග්ගාවරණා, න සග්ගාවරණා, පඨමමග්ගවජ්ඣාති වෙදිතබ්බා.
රූපං අත්තතො සමනුපස්සති පැහැදිලිව රූපයම තමන් යැයි සළකා කියන ලදී. රූපත් බව තමාගේ හෝ තමන් කෙරෙහි හෝ රූපය රූපයෙහිම ලා හෝ තමාගේ යැයිද, වේදනා, සංඛාර, විඤ්ඤාණ තමාට අයිති ලෙස කල්පනා කරන්නේ යැයි මේ තැන් හතෙහිදීම අරූපයම (රූපය යැයි ගත නොහැකි වූවත්) තමාගේ බව කියා ඇත. වේදනා බව තමාගේ හෝ තමා කෙරෙහි හෝ වේදනාව වේදනාවෙහි හෝ තමාගේ යැයි මේ සතර කොටසෙහි, තුන් ආකාරව, තුන් ආකාරව රූප අරූප මුසුව දොළොස් තැනක තමන් ගැන කියන ලදී. එහි රූපය මෙන්ම වේදනා, සඤ්ඤා සංඛාර විඤ්ඤාණ තමා මෙන් කල්පනා කරන්නේ යැයි, පස් තැනකදී උච්ඡේද හැඟීම ගැන කියන ලදී. ඉතිරි තැන්වලදී සස්සත දිට්ඨිය ගැන කියන ලදී. මෙසේ මෙහි භවය පිළිබඳව හැඟීම් - දැකීම් පහළොවක් ද, විභව දිට්ඨි පහක් වේ. ඒ සියල්ලම (නිවන්) මග අවුරයි. සුගතිය නොවේ. පළමු මගම වරදවා ගැනීම යයි දතයුතුය.
ආරඤ්ඤිකොති අරඤ්ඤෙ නිවාසං. පවනෙති මහන්තෙ ගම්භීරවනෙ. චරමානොති තහිං තහිං විචරමානො. විස්සත්ථො ගච්ඡතීති නිබ්භයො නිරාසඞ්කො චරති. අනාපාථගතො ලුද්දස්සාති මිගලුද්දස්ස පරම්මුඛගතො. අන්තමකාසි මාරන්ති කිලෙසමාරං වා දෙවපුත්තමාරං වා අන්තං අකාසි. අපදං වධිත්වාති කිලෙසපදං හන්ත්වා නාසෙත්වා. මාරචක්ඛුං අදස්සනං ගතොති මාරස්ස අදස්සනවිසයං පත්තො. අනාපාථගතොති මාරස්ස පරම්මුඛං පත්තො. සෙසං සබ්බත්ථ පාකටමෙව.
ආරඤ්ඤකො කැලයෙහි වෙසෙන, පවනෙ ඉතා විසල් වූ ඝන කැලෑවෙහි චරමානො ඒ ඒ තැන හැසිරෙන, විස්සත්ථො ගච්ඡති බිය නැතිව සැක නැතිව හැසිරෙයි. ආනාපාථගතො ලුද්දස්ස මුව වැද්දාට මුණ නොගැසෙන ලෙස ගියේ, අන්ධමකාසි මාරං කෙලෙස් මාරයා හෝ මාර දෙව්පුත් අඳ කළේය. අපදං වධිත්වා කෙලෙස් පියවර (තබන) පාද රහිත කොට, නසා, මාරචක්ඛුං අදස්සනං ගතො මාරයාට නොදක්නා පෙදෙසට පැමිණියේ, අනාපාථගතො මාරයාට මුණ නොගැසෙන ලෙස පැමිණ, ඉතිරි කරුණු පැහැදිලිය.
එවං භගවා ඉදම්පි සුත්තං අරහත්තනිකූටෙනෙව දෙසෙසි, දෙසනාපරියොසානෙ ච වුත්තසදිසොයෙව ධම්මාභිසමයො අහොසීති.
මෙම සූත්‍රයද භාග්‍යවතුන් වහන්සේ අරහත් බව කුළුගන්වා දේශනා කළහ. පෙර කියා ඇති පරිදි දේශනය අවසානයෙහි බොහෝ පිරිසට දහම් අවබෝධ විය.
සද්ධම්මප්පජ්ජොතිකාය චූළනිද්දෙස-අට්ඨකථාය
සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි
මොඝරාජමාණවසුත්තනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
මෝඝරාජ සූත්‍ර වර්ණනාව නිමියේ ය.