16. පිඞ්ගියමාණවසුත්තනිද්දෙසවණ්ණනා අට්ඨකථා
16. පිඞ්ගියමාණවසුත්තනිද්දෙසවණ්ණනා
16. පිඞ්ගිය සූත්‍ර නිර්දේශ වර්ණනාව
සොළසමෙ පිඞ්ගියසුත්තනිද්දෙසෙ – ජිණ්ණොහමස්මි අබලො වීතවණ්ණොති සො කිර බ්රාහ්මණො ජරාභිභූතො වීසවස්සසතිකො ජාතියා, දුබ්බලො ච “ඉධ පාදං කරිස්සාමී”ති අඤ්ඤත්රෙව කරොති, විනට්ඨපුරිමඡවිවණ්ණො ච. තෙනාහ – “ජිණ්ණොහමස්මි අබලො වීතවණ්ණො”ති. මාහං නස්සං මොමුහො අන්තරාවාති මාහං තුය්හං ධම්මං අසච්ඡිකත්වා අන්තරා එව අවිද්වා හුත්වා අනස්සිං. ජාතිජරාය ඉධ විප්පහානන්ති ඉධෙව තව පාදමූලෙ පාසාණකෙ චෙතියෙ වා ජාතිජරාය විප්පහානං නිබ්බානං ධම්මරසං අහං විජඤ්ඤං, තං මෙ ආචික්ඛ.
දහසය වන පිංගිය සූත්‍රයයි. ඡිණ්ණොහමස්මි අබලො වීතවණ්ණෙ ඒ බමුණා එකසිය විසිවයස් ව, ජරාවට පත්ව, දුබලව, ‘මෙතැන පා නොතබමි’ යි. සිතුවද වෙනත් තැනක පාද තබමින් ගමන් කරයි. පෙර තිබූ සමෙහි පැහැය දැන් විරූපීය. ‘එහෙයින් මම ජරාවට පත්වීමි. සවිබල නැත්තෙක්මි. සිරුරු පැහැය වෙනස් වී ඇතැයි’ කීය. මාහං සනස්සං මොමූහො අන්තරාවා ඔබවහන්සේගේ දහම අවබෝධ නොකොට, දැනුමැති කෙනෙක් නොවී මම නොනැසෙම්වා! ජාති ජරාය ඉධ විප්පහාණං මෙහිදීම ඔබවහන්සේගේ පාමුල පාසාණක චෙතියෙහිදී හෝ ඉපදීම ජරාව නසන නිවන - ඒ දහම මම දැනගන්නෙමි. එය මට කියනු මැනවි.
අබලොති බලවිරහිතො. දුබ්බලොති දුබ්බලබලො. අප්පබලොති පරිත්තබලො. අප්පථාමොති පරිත්තවීරියො. වීතවණ්ණොති පරිවත්තිතඡවිවණ්ණො. විගතවණ්ණොති අපගතඡවිවණ්ණො. විගච්ඡිතවණ්ණොති දූරීභූතඡවිවණ්ණො. යා සා පුරිමා සුභා වණ්ණනිභාති යා සා සුභා සුන්දරා පුරිමකාලෙ සති, සා වණ්ණනිභා එතරහි අන්තරහිතා විගතා. ආදීනවො පාතුභූතොති උපද්දවො පාතුරහොසි. “යා සා පුරිමා සුභා වණ්ණනිභා”ති පාඨං ඨපෙත්වා “යා සුභා අස්සා”ති එකෙ වණ්ණයන්ති.
අබලො බලය - සවිය නැතිව, දුබ්බලො පිරිහුණු සවියෙන්, අප්පබලො සවිමත් බව අඩු, අප්පථාමො වෙර වීරිය අඩු, වීතවණ්ණො සමේ පැහැය වෙනස් වූ, විගච්ඡිත වණ්ණෙ සමේ පැහැය වැනසුණු යා සා පුරිමා සුභා වණ්ණනිභා පෙර කාලයේ තිබූ යහපත් සොඳුරු පැහැපත් බව දැන් අතුරුදන්ව ඉවත්වී ඇත. ආදීනවො පාතුභූතො උවදුරක් පහළ විය. යා පුරිමා සුභා වණ්ණනිභා යන පාඨය හැර ‘යා සුභා අස්සා’ යැයි ඇතමෙක් විස්තර කරති.
අසුද්ධාති පටලාදීහි අසුද්ධා. අවිසුද්ධාති තිමිරාදීහි අවිසුද්ධා. අපරිසුද්ධාති සමන්තතො ඵොටපටලාදීහි පරියොනද්ධත්තා අපරිසුද්ධා. අවොදාතාති නප්පසන්නා පසන්නසදිසා. නො තථා චක්ඛුනා රූපෙ පස්සාමීති යථා පොරාණචක්ඛුනා රූපාරම්මණං පස්සාමි ඔලොකෙමි, තථා තෙන පකාරෙන ඉදානි න පස්සාමි. සොතං අසුද්ධන්තිආදීසුපි එසෙව නයො. මාහං නස්සන්ති අහං මා විනස්සං.
අසුද්ධා පටල ආදිය පිරිහී ඇත. අවිසුද්ධා අඳුරු (සේයාවකින් පෙනීම) අවුල් බවකි. අපරිසුද්ධා හාත්පස බිබිලි ආදියෙන් (සම) පටල වෙලී අපිරිසිදු වී, අවොදාතා නොපහන් වූ, නො තථා චක්ඛුනා රූපෙ පස්සාමි පෙර ඇසෙන් රූප අරමුණු දකිමි. බලමි. දැන් ඒ ආකාරයෙන් නොදකිමි. සොතා අසුද්ධා (කන් ඇසීම පිළිබඳවද) මේ ආකාරයෙනි. මාහං පනස්ස මම නොනැසෙම්වා!
ඉදානි යස්මා පිඞ්ගියො කායෙ සාපෙක්ඛතාය “ජිණ්ණොහමස්මී”තිආදිමාහ . තෙනස්ස භගවා කායෙ සිනෙහප්පහානත්ථං “දිස්වාන රූපෙසු විහඤ්ඤමානෙ”ති ගාථමාහ. තත්ථ රූපෙසූති රූපහෙතු රූපපච්චයා. විහඤ්ඤමානෙති කම්මකාරණාදීහි උපහඤ්ඤමානෙ. රුප්පන්ති රූපෙසූති චක්ඛුරොගාදීහි ච රූපහෙතුයෙව ජනා රුප්පන්ති බාධියන්ති.
දැන් පිංගිය සිරුරෙහි ඇති තතු දක්වා ‘මම ජරාවට පත්වූයෙමි’ ආදී ලෙස කීය. එවිට භාග්‍යවතුන් වහන්සේ, කයෙහි සෙනෙහස නැති කරලීම පිණිස (සිත) වෙහෙසට පත් කරවන රූප දැක......... ‘දිස්වාන රූපෙසු විහඤ්ඤමානෙ’ යන ගාථාව වදාළහ. රූපෙසු රූප හේතුකොට, රූප නිසා, විහඤ්ඤමානෙ (ඊට අදාලව) කරන කියන දෙයෙහි වෙහෙසෙමින්, රූපන්ති රූපෙසු ඇස් රෝග ආදිය රූප හේතුකොට ගෙනම, ජනයා වෙනස් වෙති. බැඳෙති. කෝප වෙති.
හඤ්ඤන්තීති ඝටීයන්ති. විහඤ්ඤන්තීති විහෙසියන්ති. උපවිහඤ්ඤන්තීති හත්ථපාදච්ඡෙදාදිං ලභන්ති. උපඝාතියන්තීති මරණං ලභන්ති. කුප්පන්තීති පරිවත්තන්ති. පීළයන්තීති විඝාතං ආපජ්ජන්ති. ඝට්ටයන්තීති ඝට්ටනං පාපුණන්ති. බ්යාධිතාති භීතා. දොමනස්සිතාති චිත්තවිඝාතං පත්තා. වෙමානෙති නස්සමානෙ.
හඤ්ඤන්ති ගැටෙනු ලැබෙති. විහඤ්ඤන්ති වෙහෙසවනු ලබති. උපවිහඤ්ඤන්ති අත් පා සිඳීම් ආදිය ලබති. උපසාතියන්ත මරණය ලබති. කුප්පන්ති පෙළෙති. පිළීයන්ති වෙහෙසට පැමිණෙති. ඝටීයන්ති ගැටීමට පැමිණෙති. ව්යාධිතා බය වී, දොමනස්සිතා සිත් වෙහෙසට පත්ව, වෙමානෙති නැසෙන කල
එවං භගවතා යාව අරහත්තං, තාව කථිතං පටිපත්තිං සුත්වා පිඞ්ගියො ජරාදුබ්බලතාය විසෙසං අනධිගන්ත්වා ච පුන “දිසා චතස්සො”ති ඉමාය ගාථාය භගවන්තං ථොමෙන්තො දෙසනං යාචති.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් අරහත් පල තෙක් දේසනා කරන ලද පිළිවෙත ඇසූවත්, කය දුබලතාව නිසා වෙසෙසක් නොලබාම නැවත පිංගිය, දිස්වා චතස්සො යන මේ ගාථාවෙන් උන්වහන්සේ අගයමින් දේසනා කරන ලෙස ඉල්ලයි.
අථස්ස භගවා පුනපි යාව අරහත්තං, තාව පටිපදං දස්සෙන්තො “තණ්හාධිපන්නෙ”ති ගාථමාහ.
එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහුට නැවත ද අරහත් පල තෙක් පිළිවෙත දක්වමින් තණ්හාධිපන්නෙ යන ගාථාව වදාළහ.
තණ්හාධිපන්නෙති තණ්හාය විමුච්චිත්වා ඨිතෙ. තණ්හානුගෙති තණ්හාය සහ ගච්ඡන්තෙ. තණ්හානුගතෙති තණ්හාය අනුබන්ධන්තෙ. තණ්හානුසටෙති තණ්හාය සහ ධාවන්තෙ. තණ්හාය පන්නෙති තණ්හාය නිමුග්ගෙ. පටිපන්නෙති තණ්හාය අවත්ථටෙ. අභිභූතෙති මද්දිතෙ. පරියාදින්නචිත්තෙති පරියාදියිත්වා ගහිතකුසලචිත්තෙ.
තණ්හාධිපන්නෙ තණ්හාවෙන් ගැලී සිටි කල, තණ්හානුගෙ තණ්හාව සමග යන කල්හි, තණ්හානුගතෙ තණ්හාව සමග ලුහුබැඳ යනවිට, තණ්හානුසටෙ තණ්හාව සමග දුවන කල, තණ්හායපන්නෙ තණ්හාවෙන් ගිලී, පටිපන්නෙ තණ්හාවෙහි බැසගත්, අභිභූතෙ මඩිනු ලබනවිට, පරියාදින්න චිත්තෙ හාත්පසින් මැඩපවත්වාගෙන ඇතිකරගන්නා ලද කුසල සිතෙහි.
සන්තාපජාතෙති සඤ්ජාතචිත්තසන්තාපෙ. ඊතිජාතෙති රොගුප්පන්නෙ. උපද්දවජාතෙති ආදීනවජාතෙ. උපසග්ගජාතෙති උප්පන්නදුක්ඛජාතෙ.
සන්තාපජාතෙ හටගත් සිත් තැවුලෙන්, ඊතිජාතෙ රෝග හටගත් කල, උපද්දවජාතෙ ආදීනව (විපාක) ලබනවිට, උපසග්ගජාතෙ දුක් හටගත් කල.
විරජං වීතමලන්ති එත්ථ විරජන්ති විගතරාගාදිරජං. වීතමලන්ති වීතරාගාදිමලං. රාගාදයො හි අජ්ඣොත්ථරණට්ඨෙන රජො නාම, දූසට්ඨෙන මලං නාම. ධම්මචක්ඛුන්ති කත්ථචි පඨමමග්ගඤාණං , කත්ථචි ආදීනි තීණි මග්ගඤාණානි, කත්ථචි චතුත්ථමග්ගඤාණම්පි. ඉධ පන ජටිලසහස්සස්ස චතුත්ථමග්ගඤාණං. පිඞ්ගියස්ස තතියමග්ගඤාණමෙව. යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්මන්ති විපස්සනාවසෙන එවං පවත්තස්ස ධම්මචක්ඛුං උදපාදීති අත්ථො. සෙසං සබ්බත්ථ පාකටමෙව.
විරජං වීතමලං මෙහි විරජං යනු රාගාදී දූවිලි පහකරන ලද, වීතමලං රාගාදී කිලිටි අපිරිසිදු දේ පහකරන ලද, රාගය ආදියට තදින් බැසගැනීමේ අදහසින් රජො - දූවිලි නම් වේ. කිලිටිවන අරුතින් මල නම් වේ. ධම්මචක්ඛුං ඇතැම් තැනක පළමු මගෙහි නුවණ, ඇතැම් තැනක තෙවන මග නුවණයි ඇතැම් තැනක සිවුමග නුවණයි. මෙහිදී අදහස් වන්නේ, (පිරිවර) ජටිලයන් දහසට සිවුමග නුවණත්, පිංගිය තුන්වන මග නුවණත් (ලද බවයි) යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරොධ ධම්මං විදසුන් ලෙසින් මෙසේ (දෙසුම) පවත්වන විට, දහම් ඇස පහළ වීයැයි අරුතයි. ඉතිරි කරුණු පැහැදිලිය.
එවං ඉදම්පි සුත්තං භගවා අරහත්තනිකූටෙනෙව දෙසෙසි, දෙසනාපරියොසානෙ ච පිඞ්ගියො අනාගාමිඵලෙ පතිට්ඨාසි. සො කිර අන්තරන්තරා චින්තෙසි – “එවං විචිත්රපටිභානං නාම දෙසනං න ලභති මය්හං මාතුලො බාවරී සවනායා”ති. තෙන සිනෙහවික්ඛෙපෙන අරහත්තං පාපුණිතුං නාසක්ඛි. අන්තෙවාසිකා පනස්ස සහස්සජටිලා අරහත්තං පාපුණිංසු. සබ්බෙව ඉද්ධිමයපත්තචීවරධරා එහිභික්ඛුනො අහෙසුන්ති.
භාග්‍යවතුන් වහන්සේ මෙම සූත්‍රයද අරහත් බව කුළුගන්වමින් දේසනා කළහ. දේසනය අවසානයෙහි පිංගිය අනාගාමී පලයෙහි පිහිටියේය. ඒ අතරතුර පිංගිය, ‘මෙබඳු විසිතුරු දෙසුමක් නම්, මගේ මාමා වූ බාවරීට ඇසීමට නොලැබුණි’ යැයි සෙනෙහස මුල්ව, සිත වෙනසකට යොමුවීමෙන් අරහත් පල ලැබීමට නොහැකි විය. ඔහුගේ අතවැසි ජටිලයෝ දහසම අරහත් බව ලදහ. ඒ සියල්ලෝම ‘එව මහණ’ යැයි කැඳවීමෙන් ඉඳුමය බලෙන් පා සිවුරු දරා පැවිදි බවද ලදහ.
සද්ධම්මප්පජ්ජොතිකාය චූළනිද්දෙස-අට්ඨකථාය
සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි
පිඞ්ගියමාණවසුත්තනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
පිංගිය සූත්‍ර වර්ණනාව නිමියේ ය.