යෙදුමෙන් කියවන්න

පාරායනත්‍ථුතිගාථානිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

පාරායනත්‍ථුතිගාථානිද‍්දෙසවණ‍්ණනා

පාරායනත්ථුතිගාථා නිර්දේශ වර්ණනාව

ඉතො පරං සඞ‍්ගීතිකාරා දෙසනං ථොමෙන‍්තා “ඉදමවොච භගවා”තිආදිමාහංසු. තත්‍ථ ඉදමවොචාති ඉදං පාරායනං අවොච. පරිචාරකසොළසානන‍්ති බාවරිස‍්ස පරිචාරකෙන පිඞ‍්ගියෙන සහ සොළසානං, බුද‍්ධස‍්ස වා භගවතො පරිචාරකානං සොළසානන‍්ති පරිචාරකසොළසානං. තෙ එව ච බ්‍රාහ‍්මණා තත්‍ථ සොළසසු දිසාසු පුරතො ච පච‍්ඡතො ච වාමපස‍්සතො ච දක‍්ඛිණපස‍්සතො ච ඡ ඡ යොජනා නිසින‍්නා උජුකෙන ද‍්වාදසයොජනිකා අහොසි. අජ‍්ඣිට‍්ඨොති යාචිතො.

මෙයින් පසු සංගායනාවට සහභාගි වූ තෙරුන් වහන්සේලා දේසනය පසසමින්, ‘භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ’ යැයි සඳහන් කළහ. ඉදමවොච මේ ‘පාරායණ’ හෙවත් සසරින් එතරවීමේ පිළිවෙත වදාළහ. පරිවාරක සොළසානං බාවරීගේ පිරිවර, (ගෝලයන්ද) පිංගිය සමග දහසයක්, ඒ දහසයක් වූ පිරිසට ඉදිරියෙන්ද, පසුපසින්ද, වම්පසින්ද, දකුණු පසින්ද සය යොදුනක්, සය යොදුනක් සේ හුන්හ. ඉදිරිපස කෙළින්ම සිටි පිරිස දොළොස් යොදුනක් විය. අජ්ඣිට්ඨො ඉල්ලන ලද්දේ.

අත්‍ථමඤ‍්ඤායාති පාළිඅත්‍ථමඤ‍්ඤාය. ධම‍්මමඤ‍්ඤායාති පාළිමඤ‍්ඤාය. පාරායනන‍්ති එවං ඉමස‍්ස ධම‍්මපරියායස‍්ස අධිවචනං ආරොපෙත්‍වා තෙසං බ්‍රාහ‍්මණානං නාමානි කිත‍්තයන‍්තො “අජිතො…පෙ… බුද‍්ධසෙට‍්ඨමුපාගමු”න‍්ති ආහංසු. තත්‍ථ සම‍්පන‍්නචරණන‍්ති නිබ‍්බානපදට‍්ඨානභූතෙන පාතිමොක‍්ඛසීලාදිනා සම‍්පන‍්නං. ඉසින‍්ති මහෙසිං.

අත්‍ථමඤ්ඤාය පාලි අරුත දැන, ධම්මමඤ්ඤාය පෙළ (දහම) දැන, පාරායණ පාරායණ නම් වූ මෙම දහම් කොටසට මෙසේ සමාන වචනයක් ඉදිරිපත් කොට, ඒ බමුණන්ගේ නම් කියමින් ‘අජිත’..... උතුම් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියේ’ යැයි කීහ. සම්පන්නචරණං නිවනෙහි පිහිටීමට හේතුවන පාමොක් සීලාදියෙන් යුතු, ඉසිං ඉසිවරුන්ගෙන් උසස් වූ.

නිද‍්දෙසෙ උපාගමිංසූති සමීපං ගමිංසු. උපසඞ‍්කමිංසූති අවිදූරට‍්ඨානං ගමිංසු. පයිරුපාසිංසූති සමීපෙ නිසීදිංසු. පරිපුච‍්ඡිංසූති පරිපුච‍්ඡං ආහරිංසු. පරිගණ‍්හිංසූති තුලයිංසු. “චොදයිංසූ”ති කෙචි.

නිද්දේසයෙහි, උපාගමිංසු සමීපයට ගියහ. පයිරුපාසිංසු සමීපයෙහි හුන්හ. පරිපුච්ඡිංසු පිළිතුරු බලාපොරොත්තුව ඇසූහ. පරිපඤ්හිංසු සමකොට බැලූහ.

සීලාචාරනිබ‍්බත‍්තීති උත‍්තමසීලාචාරනිබ‍්බත‍්ති, මග‍්ගෙන නිප‍්ඵන‍්නසීලන‍්ති අත්‍ථො.

සීල පාරමීප්පත්ති උතුම් සංවරසීලි බව, පිරිපුන් වීම, (පිලිවෙත්) මගෙන් හටගත් සීලය යන අරුතයි.

ගම‍්භීරෙති උත‍්තානභාවපටික‍්ඛෙපවචනං. දුද‍්දසෙති ගම‍්භීරත‍්තා දුද‍්දසෙ, දුක‍්ඛෙන දට‍්ඨබ‍්බෙ, න සක‍්කා සුඛෙන දට‍්ඨුං. දුද‍්දසත‍්තාව දුරනුබොධෙ, දුක‍්ඛෙන අවබුජ‍්ඣිතබ‍්බෙ, න සක‍්කා සුඛෙන අවබුජ‍්ඣිතුං. සන‍්තෙති නිබ‍්බුතෙ. පණීතෙති අතප‍්පකෙ. ඉදං ද‍්වයං ලොකුත‍්තරමෙව සන්‍ධාය වුත‍්තං. අතක‍්කාවචරෙති තක‍්කෙන න අවචරිතබ‍්බෙ න ඔගාහිතබ‍්බෙ ඤාණෙනෙව අවචරිතබ‍්බෙ. නිපුණෙති සණ‍්හෙ. පණ‍්ඩිතවෙදනීයෙති සම‍්මා පටිපන‍්නෙහි පණ‍්ඩිතෙහි වෙදිතබ‍්බෙ.

ගම්භීරෙ නොගැඹුරු බව, පිළිකෙව් කළ වචනය, දුද්දසෙ ගැඹුරු බවින්ම දැකීමට අමාරු, දුකින් දතයුතුයි. පහසුවෙන් දැකිය නොහැකිය. දුකින් දතයුතු නිසාම දූරනුබොධෙ දුකින් අවබෝධ කළ යුතුයි. පහසුවෙන් අවබෝධ කළ නොහැකිය. සන්තෙ නිවුනේ, පණිතෙ සෑහීමට පත් නොවන, මේ වචන දෙකම ලොවුතුරු බව සළකා කියන ලදී. අතක්කාවචරෙ වාද විවාදකොට එළඹිය හැකි නොවේ. (තීරණයට) බැසගත හැකි (එළඹිය හැකි) නොවේ. නුවණින්ම අවබෝධ විය යුතුය. නිපුණො සියුම්, පණ්ඩිතවෙදනීයෙ මැනවින් පිළිපන්, දැනුම් තේරුම් ඇත්තන් විසින් දතයුතුය.

තොසෙසීති තුට‍්ඨිං ආපාදෙසි. විතොසෙසීති විවිධා තෙසං සොමනස‍්සං උප‍්පාදෙසි. පසාදෙසීති තෙසං චිත‍්තප‍්පසාදං අකාසි . ආරාධෙසීති ආරාධයි සිද‍්ධිං පාපෙසි. අත‍්තමනෙ අකාසීති සොමනස‍්සවසෙන සකමනෙ අකාසි.

තොසෙසි සතුට දැනවීය. විතොසෙසි නොයෙක් ලෙස සතුට උපදවීය. පසාදෙසි ඔහුගේ සිත පැහැදුන බව දැක්වීය. ආරාධෙසි සිත් ගත්තේය. (අදහස ඉටුවන තැනට පත්විය.) අත්තමනෙ අකාසි සොම්නස්ව තම සිත හෙළි කළේය.

තතො පරං බ්‍රහ‍්මචරියමචරිංසූති මග‍්ගබ්‍රහ‍්මචරියං අචරිංසු.

එයින් පසු බ්‍රහ්මචරියං චරිංසු මග බඹසර හැසිරුණහ.

තස‍්මා පාරායනන‍්ති තස‍්ස පාරභූතස‍්ස නිබ‍්බානස‍්ස ආයතනන‍්ති වුත‍්තං හොති.

තස්මා පරායණං ඒ එතරට යන, නිවණට පමුණුවන යනුවෙන් කියන ලදී.

සද‍්ධම‍්මප‍්පජ‍්ජොතිකාය චූළනිද‍්දෙස-අට‍්ඨකථාය පාරායනත්‍ථුතිගාථානිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

පාරායනානුගීතිගාථානිද‍්දෙසවණ‍්ණනා

පාරායනානුගීතිගාථා නිර්දේශ වර්ණනාව

පාරායනමනුගායිස‍්සන‍්ති අස‍්ස අයං සම‍්බන්‍ධො – භගවතා හි පාරායනෙ දෙසිතෙ සොළසසහස‍්සජටිලා අරහත‍්තං පාපුණිංසු, අවසෙසානඤ‍්ච චුද‍්දසකොටිසඞ‍්ඛානං දෙවමනුස‍්සානං ධම‍්මාභිසමයො අහොසි. වුත‍්තඤ‍්හෙතං පොරාණෙහි –

පාරායණ මනුගායිස්සන්ති යනු මෙහි සම්බන්ධයයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පාරායන’ නම් වූ දහම් කොටස දේශනා කළවිට දහසය දහසක් ජටිලයෝ අරහත් පලයට පැමිණියහ. සෙසු දහහතර කෝටියක් දෙව් මිනිසුන්ට දහම් අවබෝධ විය. පැරණි වියතුන් විසින් මෙසේ කියන ලදී.

“තතො පාසාණකෙ රම‍්මෙ, පාරායනසමාගමෙ; අමතං පාපයී බුද‍්ධො, චුද‍්දස පාණකොටියො”ති. (සු· නි· අට‍්ඨ· 2.1138);

තතො පාසාණකෙ රම්මෙ පාරායණ සමාගමෙ, අමතං පාපයී බුද්ධො චුද්දස පාණකොටියො

නිට‍්ඨිතාය පන ධම‍්මදෙසනාය තතො තතො ආගතා මනුස‍්සා භගවතො ආනුභාවෙන අත‍්තනො අත‍්තනො ගාමනිගමාදීස‍්වෙව පාතුරහෙසුං. භගවාපි සාවත්‍ථිමෙව අගමාසි පරිචාරකසොළසාදීහි අනෙකෙහි භික‍්ඛුසහස‍්සෙහි පරිවුතො. තත්‍ථ පිඞ‍්ගියො භගවන‍්තං වන්‍දිත්‍වා ආහ – “ගච‍්ඡාමහං, භන‍්තෙ, බාවරිස‍්ස බුද‍්ධුප‍්පාදං ආරොචෙතුං, පටිස‍්සුතඤ‍්හි තස‍්සෙව මයා”ති. අථ භගවතා අනුඤ‍්ඤාතො ඤාණගමනෙනෙව ගොධාවරීතීරං ගන‍්ත්‍වා පාදගමනෙන අස‍්සමාභිමුඛො අගමාසි. තමෙනං බාවරී බ්‍රාහ‍්මණො මග‍්ගං ඔලොකෙන‍්තො නිසින‍්නො දූරතොව තං ඛාරිජටාදිවිරහිතං භික‍්ඛුවෙසෙනාගච‍්ඡන‍්තං දිස‍්වා “බුද‍්ධො ලොකෙ උප‍්පන‍්නො”ති නිට‍්ඨමගමාසි. සම‍්පත‍්තඤ‍්චාපි නං පුච‍්ඡි – “කිං, පිඞ‍්ගිය, බුද‍්ධො ලොකෙ උප‍්පන‍්නො”ති? “ආම, බ්‍රාහ‍්මණ, උප‍්පන‍්නො, පාසාණකෙ චෙතියෙ නිසින‍්නො අම‍්හාකං ධම‍්මං දෙසෙසි, තමහං තුය‍්හං දෙසෙස‍්සාමී”ති. තතො බාවරී මහතා සක‍්කාරෙන සපරිසො තං පූජෙත්‍වා ආසනං පඤ‍්ඤාපෙසි. තත්‍ථ නිසීදිත්‍වා පිඞ‍්ගියො “පාරායනමනුගායිස‍්ස”න‍්තිආදිමාහ.

දහම් දෙසුම නිමවූ විට, ඒ ඒ පෙදෙස්වලින් පැමිණි මිනිස්සු භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවයෙන් තම තමන්ගේ ගම්නියම්ගම් ආදී පෙදෙස්වලට පැමිණ වූහ. භාග්‍යවතුන් වහන්සේද (බාවරීගේ) පිරිවරව සිට සොළොස් දහසක් සඟ පිරිස සහ නොයෙක් දහස් ගණන් බික්සඟන පිරිවරා සැවැත්පුරට පැමිණියහ. එහිදී පිංගිය හිමි භාග්‍යවතුන් වහන්සේට වැඳ ‘හිමියනි, බාවරි ඇඳුරුතුමාට බුදුවරයකු ලොව පහළ වූ බව සැලකිරීමට යමි, ඔහුට මා පොරොන්දු වී’ යැයි කීවේය. භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලද පිංගිය හිමි, ඉඳු බෙලෙන් ගොදාවරී ගංතෙරට පැමිණ, පා ගමනින් අසපුව දෙසට ගියේය. මග බලමින් හුන් බාවරී බමුණා, තවුස් පිරිකරද - ජටා ආදිය ද නොමැතිව පැවිදිවෙසින් එන (පිංගිය හිමි) දුරදීම දැක ‘බුදුවරයකු ලොව පහළව ඇතැ’යි තීරණය කළේය. පැමිණිවිට, ‘කිමෙක්ද? පිංගිය, බුදුවරයකු ලොව පහළවීදැ’යි ඇසීය. ‘එසේය, බමුණ, බුදුවරයෙකු ලොව පහළව ඇත. පාසාණක සෑයෙහිදී අපට දහම් දෙසූහ. මම ඔබට ඒ දහම දේසනා කරන්නෙමි’යි කීය. එවිට බාවරී මහත් ගරු සැළකිලිමත්ව, පිරිස හා පුදසත්කාර කොට, අසුනක් පැනවීය. එහි හිඳ, පිංගිය හිමි, ‘පාරායණ මනුගායිස්සන්ති’ ආදී ගාථා කීය.

තත්‍ථ අනුගායිස‍්සන‍්ති භගවතො ගීතං අනුගායිස‍්සං. යථාද‍්දක‍්ඛීති යථා සාමං සච‍්චාභිසම‍්බොධෙන අසාධාරණඤාණෙන ච අද‍්දක‍්ඛි. නික‍්කාමොති පහීනකාමො. “නික‍්කමො”තිපි පාඨො, වීරියවාති අත්‍ථො. නික‍්ඛන‍්තො වා අකුසලපක‍්ඛා. නිබ‍්බනොති කිලෙසවනවිරහිතො, තණ‍්හාවිරහිතො එව වා. කිස‍්ස හෙතු මුසා භණෙති යෙහි කිලෙසෙහි මුසා භණෙය්‍ය, එතෙ තස‍්ස පහීනාති දස‍්සෙති. එතෙන බ්‍රාහ‍්මණස‍්ස සවනෙ උස‍්සාහං ජනෙති (සු· නි· අට‍්ඨ· 2.1138).

අනුගායිස්සං භාග්‍යවතුන් වහන්සේගේ ගීත (මිහිරි හඬින් කී ගී වැනි ගාථා) නැවත ගයමි. යථා අද්දක්ඛි තමන් විසින්ම ඇති තතු එලෙසින්ම අවබෝධ කිරීමෙන් වෙනත් කෙනෙකු හා සම නොවන නුවණින් දුටහ. නික්කාමො කාමය නැතිකළ, නික්ඛමො යනුද වචනයක් වේ. උත්සාහවත් යන අරුතයි. අයහපත් දෙයින් වෙන්වූයේ, එයින් නික්මුණු යන අදහසයි. නිබ්බනො කෙලෙස් නැමති වනය වැනසූ හෝ තණ්හාව නැතිකරන ලද හෝ, කිස්ස හෙතු මුසා භණෙ කෙලෙස්වලින් පිරුණේ නම් බොරු කියන්නේය. මෙහිදී ඒ කෙලෙස් නැතිකරන ලද බව දක්වයි. එයින් බාවරී බමුණාට ඇසීමට උනන්දුව ඇතිකරයි.

අමලොති කිලෙසමලවිරහිතො. විමලොති විගතකිලෙසමලො. නිම‍්මලොති කිලෙසමලසුද‍්ධො. මලාපගතොති කිලෙසමලා දූරීභූතො හුත්‍වා චරති. මලවිප‍්පහීනොති කිලෙසමලප‍්පහීනො. මලවිමුත‍්තොති කිලෙසෙහි විමුත‍්තො. සබ‍්බමලවීතිවත‍්තොති වාසනාදිසබ‍්බකිලෙසමලං අතික‍්කන‍්තො. තෙ වනාති එතෙ වුත‍්තප‍්පකාරා කිලෙසා. වණ‍්ණූපසංහිතන‍්ති ගුණූපසංහිතං.

අමලො කෙලෙසින් අපිරිසිදු බව නැතිව, විමලො කෙලෙස් අපිරිසිදු බව ඉවත හළ, නිම්මලො කෙලෙස් කිලුටින් පිරිසිදුව, මලාපගතො කෙලෙස් කිලුටු දුරුකොට හැසිරෙයි. මලවිප්පහීනො කෙලෙස් කිලුටු නැතිකොට, මලවිප්පමුත්තො කෙලෙස්වලින් මිදුණේ, සබ්බමල වීතිමත්තො වාසනා ආදී (පෙර කළ පින් ආදිය) සියළු කෙලෙස් කිලුටු ඉක්මවූ, තෙවතා එසේ කියන ලද කෙලෙස්. වණ්ණුපසංහිතං උසස් ගුණයෙන් යුතු.

සච‍්චව‍්හයොති බුද‍්ධො හි සච‍්චෙනෙව අව‍්හානෙන නාමෙන යුත‍්තො. බ්‍රහ‍්මෙති තං බ්‍රාහ‍්මණං ආලපති.

සච්චව්හයො ‘බුද්ධ’ යැයි කියන නමටම නිසැකවම, ඇත්තටම සුදුසු වූ, බ්‍රහ්මෙ ඒ බමුණ අමතයි.

තත්‍ථ ලොකොති ලුජ‍්ජනට‍්ඨෙන ලොකො. එකො ලොකො භවලොකොති තෙභූමකවිපාකො. සො හි භවතීති භවො, භවො එව ලොකො භවලොකො. භවලොකො ච සම‍්භවලොකො චාති එත්‍ථ එකෙකො ද‍්වෙ ද‍්වෙ හොති. භවලොකො හි සම‍්පත‍්තිභවවිපත‍්තිභවවසෙන දුවිධො. සම‍්භවලොකොපි සම‍්පත‍්තිසම‍්භවවිපත‍්තිසම‍්භවවසෙන දුවිධො. තත්‍ථ සම‍්පත‍්තිභවලොකොති සුගතිලොකො. සො හි ඉට‍්ඨඵලත‍්තා සුන්‍දරො ලොකොති සම‍්පත‍්ති, භවතීති භවො, සම‍්පත‍්ති එව භවො සම‍්පත‍්තිභවො, සො එව ලොකො සම‍්පත‍්තිභවලොකො. සම‍්පත‍්තිසම‍්භවලොකොති සුගතූපගං කම‍්මං. තඤ‍්හි සම‍්භවති එතස‍්මා ඵලන‍්ති සම‍්භවො, සම‍්පත‍්තියා සම‍්භවො සම‍්පත‍්තිසම‍්භවො, සම‍්පත‍්තිසම‍්භවො එව ලොකො සම‍්පත‍්තිසම‍්භවලොකොති. විපත‍්තිභවලොකොති අපායලොකො. සො හි අනිට‍්ඨඵලත‍්තා විරූපො ලොකොති විපත‍්ති, භවතීති භවො, විපත‍්ති එව භවො විපත‍්තිභවො, විපත‍්තිභවො එව ලොකො විපත‍්තිභවලොකො. විපත‍්තිසම‍්භවලොකොති අපායූපගං කම‍්මං. තඤ‍්හි සම‍්භවති එතස‍්මා ඵලන‍්ති සම‍්භවො, විපත‍්තියා සම‍්භවො විපත‍්තිසම‍්භවො, විපත‍්තිසම‍්භවො එව ලොකො විපත‍්තිසම‍්භවලොකොති.

ලොකෙ කැඩී බිඳී යන අරුතින් ලෝකය නම් වෙයි. එකො ලොකො භවලොකො තෙභූමක විපාකයි. ‘වේ’ යන අරුතින් භවය, එසේ වන ලෝකය භව ලෝකයයි. භවලෝකය, සම්භව ලෝකය යැයි මෙහි එක එකක් දෙකක් සේ ගැනේ. ඒ අනුව භවලෝකය සම්පත්ති භව, විපත්ති භව ලෙසින් දෙ ආකාරය. සම්පත්ති භව ලොකො සැප ඇතැයි සැළකෙන ලෝකයයි. එය බලාපොරොත්තු ඉටුවන බැවින් යහපත් සැප ඇති ලෝකයයි. සම්පත් ඇති භවය සම්පත්ති භවයයි. ඒ ලෝකයම සම්පත්ති භව ලොකො යහපත් කටයුතු (පල දරන) පල ලබන්නේ යැයි සම්භව වන අතර, විපත්ති භව ලොකො අපාය ලෝකයයි. එහි අනිටු පල විපාක ඇති බැවින් විරූප ලෝකයයි. විපත් සහිත ලෝකය විපත්ති භව ලෝකයයි. විපත්ති සම්භව ලොකො අපායෙහි රැඳීමට සිදුවන කටයුතු, එහි හටගැනේද, එහි පලය විපත්තිදායක වේද විපත්ති සම්භව වේ.

තිස‍්සො වෙදනාති සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා, අදුක‍්ඛමසුඛා වෙදනා ලොකියා එව. ආහාරාති පච‍්චයා. පච‍්චයා හි අත‍්තනො ඵලං ආහරන‍්තීති ආහාරා. කබළීකාරාහාරො ඵස‍්සාහාරො මනොසඤ‍්චෙතනාහාරො විඤ‍්ඤාණාහාරොති චත‍්තාරො. වත්‍ථුවසෙන කබළීකත‍්තබ‍්බත‍්තා කබළීකාරො, අජ‍්ඣොහරිතබ‍්බත‍්තා ආහාරො, ඔදනකුම‍්මාසාදිවත්‍ථුකාය ඔජායෙතං නාමං. සා හි ඔජට‍්ඨමකරූපානි ආහරතීති ආහාරො. චක‍්ඛුසම‍්ඵස‍්සාදිකො ඡබ‍්බිධො ඵස‍්සො තිස‍්සො වෙදනා ආහරතීති ආහාරො. මනසො සඤ‍්චෙතනා න සත‍්තස‍්සාති මනොසඤ‍්චෙතනා යථා චිත‍්තෙකග‍්ගතා, මනසා වා සම‍්පයුත‍්තා සඤ‍්චෙතනා මනොසඤ‍්චෙතනා යථා ආජඤ‍්ඤරථො, තෙභූමකකුසලාකුසලචෙතනා. සා හි තයො භවෙ ආහරතීති ආහාරො. විඤ‍්ඤාණන‍්ති එකූනවීසතිභෙදං පටිසන්‍ධිවිඤ‍්ඤාණං. තඤ‍්හි පටිසන්‍ධිනාමරූපං ආහරතීති ආහාරො.

තිස්සො වෙදනා සුව විඳීම, දුක් විඳීම සැප ද දුක්ද නොවූ විඳීම ලොකිය වේ. ආහාරා හේතු, ඒ අනුව ඵලය භුක්ති විදී ද ආහාරා, කබලිංකාර, ඵස්ස, මනො සංචෙතනා, විඤ්ඤාණ යැයි සතරාකාර ආහාර වේ. ගති සොබා අනුව, කැබලිකොට, පිඬුකොට ගතයුතු බැවින් කබලිංකාර වේ. ගිලිය යුතු බැවින් ආහාර වේ. බත්, පිට්ටු ආදියෙහි රස ඕජාවටද ඒ නම ගැළපේ. ඕජාවෙන් යුතු දේ ආහාරයට ගනිතියි, ආහාර වේ. ඇසින් ලබන පහස ආදී ලෙස පහස (ඵස්ස) සය ආකාරය. එය (පෙර කී පරිදි) තුන් ආකාර වූ විඳීම් ලබන බැවින් ආහාර වේ. මනසින් සිතිවිල්ල නො ඇලේ යැයි මනෝ සංචෙතනා, අජානීය (අසුන් යෙදූ) රියක් මෙනි. තෙභූමක කුසල් අකුසල් සංචෙතනා ඒ භව තුනෙහි ආහාර මෙන් වේ. විඤ්ඤාණං දහනව ආකාර වූ පිළිසිඳ ගැනීමේදී පහළවන විඤ්ඤාණයි. එය පිළිසිඳ ගැනීම නම් වූ රූපය උපදවයි යන අරුතින් ආහාරය.

උපාදානක‍්ඛන්‍ධාති උපාදානගොචරා ඛන්‍ධා උපාදානක‍්ඛන්‍ධා, මජ‍්ඣෙ පදලොපො දට‍්ඨබ‍්බො. උපාදානසම‍්භූතා වා ඛන්‍ධා උපාදානක‍්ඛන්‍ධා යථා තිණග‍්ගි, ථුසග‍්ගි. උපාදානවිධෙය්‍යා වා ඛන්‍ධා උපාදානක‍්ඛන්‍ධා යථා රාජපුරිසො. උපාදානප‍්පභවා වා ඛන්‍ධා උපාදානක‍්ඛන්‍ධා යථා පුප‍්ඵරුක‍්ඛො, ඵලරුක‍්ඛො. උපාදානානි පන කාමුපාදානං දිට‍්ඨුපාදානං සීලබ‍්බතුපාදානං අත‍්තවාදුපාදානන‍්ති චත‍්තාරි. අත්‍ථතො පන භුසං ආදානන‍්ති උපාදානං. රූපුපාදානක‍්ඛන්‍ධො, වෙදනුපාදානක‍්ඛන්‍ධො, සඤ‍්ඤුපාදානක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරුපාදානක‍්ඛන්‍ධො, විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධොති පඤ‍්ච. ඡ අජ‍්ඣත‍්තිකානි ආයතනානීති චක‍්ඛායතනං, සොතායතනං, ඝානායතනං, ජිව‍්හායතනං, කායායතනං, මනායතනං. සත‍්ත විඤ‍්ඤාණට‍්ඨිතියො වුත‍්තනයා එව. තථා අට‍්ඨ ලොකධම‍්මා. අපි ච – ලාභො, අලාභො, යසො, අයසො, නින්‍දා, පසංසා, සුඛං, දුක‍්ඛන‍්ති ඉමෙ අට‍්ඨ ලොකප‍්පවත‍්තියා සති අනුපරිවත‍්තනධම‍්මකත‍්තා ලොකස‍්ස ධම‍්මාති ලොකධම‍්මා. එතෙහි මුත‍්තො සත‍්තො නාම නත්‍ථි, බුද‍්ධානම‍්පි හොන‍්තියෙව. යථාහ –

උපාදානක්ඛන්‍ධා උපාදාන සසර පැවැත්මට උපකාරී වන (තණ්හා දිට්ඨි ආදී) සමූහ කොටස්, මැද පද ලොප්කොට ඇතැයි දතයුතුය. ගින්නට තණකොළ දහයියා ආදිය මෙන් උපාදාන නිසා හටගත් බැවින් උපාදානක්ඛන්‍ධා, රාජපුරුෂයෝ යම්සේද උපාදානයට අරමුණු වන බැවින් උපාදානක්ඛන්‍ධා, ගසක මල් මෙන්, ගසක ගෙඩි මෙන්, උපාදාන, කාම, දිට්ඨි, සීලබ්බත, අත්තවාද යනුවෙන් සතරාකාරය. උපාදාන යන්නෙහි අදහස දැඩිසේ, බොහෝ සේ අල්ලා ගැනීමයි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ උපාදාන සමූහ පහකි. ඡ අජ්ඣත්තිකානි ආයතනානි ඇස, කන, නාසය, දිව, කය ආයතනයි. (මීට අදාලව) විඤ්ඤාණයෙහි පැවැත්ම කියා ඇති පරිදිමය. අටලෝ දහමද එසේමය. එහෙත් ලාභ, අලාභ, යස, අයස, නින්දා, පැසසුම්, සැප, දුක් යන ලොව පවත්නා වූ මෙම දහම - සොබාවය, සිහිය උසස්කොට සළකා ඇත. ඒ අනුව ලොවෙහි පවත්නා සොබාවය ලෝ දහමයි. මෙයින් මිදුණු කෙනෙක් නම් නැත. බුදුවරුන්ටද එසේමය. ‘මහණෙනි, මේ ලෝදහම් අට ලෝකය අනුව සැරිසරයි. (පෙරළෙයි.) ඒ අට කවරේද? ලාභ.......සැප දුක් යන මේ අටලෝ දහම අනුව ලෝකය පෙරළෙයි. ලෝකයද මේ අටලෝ දහම අනුව පෙරළෙයි.’

“අට‍්ඨිමෙ, භික‍්ඛවෙ, ලොකධම‍්මා ලොකං අනුපරිවත‍්තන‍්ති, ලොකො ච අට‍්ඨ ලොකධම‍්මෙ අනුපරිවත‍්තති. කතමෙ අට‍්ඨ? ලාභො ච අලාභො ච…පෙ… සුඛඤ‍්ච දුක‍්ඛඤ‍්ච. ඉමෙ ඛො, භික‍්ඛවෙ, අට‍්ඨ ලොකධම‍්මා ලොකං අනුපරිවත‍්තන‍්ති, ලොකො ච ඉමෙ අට‍්ඨ ලොකධම‍්මෙ අනුපරිවත‍්තතී”ති (අ· නි· 8.6).

“අට්ඨිමෙ භිකඛවෙ ලොකධම්මා ලොකං අනුපරිවත්තන්ති, ලොකොච අට්ඨලොක ධම්මෙ අනුපරිවත්තති කතමෙ අට්ඨ? ලාභොච අලාභොච -පෙ- සුබංච දුක්ඛංච, ඉමෙ ඛො භික්ඛවෙ අට්ඨලොකධම්මෙ අනුපරිවත්තති”

තත්‍ථ අනුපරිවත‍්තන‍්තීති අනුබන්‍ධන‍්ති නප‍්පජහන‍්ති, ලොකතො න නිවත‍්තන‍්තීති අත්‍ථො. ලාභොති පබ‍්බජිතස‍්ස චීවරාදි, ගහට‍්ඨස‍්ස ධනධඤ‍්ඤාදිලාභො. සොයෙව අලබ‍්භමානො ලාභො අලාභො න ලාභො අලාභොති වුච‍්චති, නො ච අත‍්තාභාවප‍්පත‍්තිතො පරිඤ‍්ඤෙය්‍යො සියා. යසොති පරිවාරො. සොයෙව අලබ‍්භමානො යසො අයසො. නින්‍දාති අවණ‍්ණභණනං. පසංසාති වණ‍්ණභණනං. සුඛන‍්ති කාමාවචරකායිකචෙතසිකං. දුක‍්ඛන‍්ති පුථුජ‍්ජනසොතාපන‍්නසකදාගාමීනං කායිකචෙතසිකං, අනාගාමිඅරහන‍්තානං කායිකමෙව. සත‍්තාවාසාති සත‍්තානං ආවාසා, වසනට‍්ඨානානීති අත්‍ථො. තානි පන තථා පකාසිතා ඛන්‍ධා එව. සත‍්තසු විඤ‍්ඤාණට‍්ඨිතීසු අසඤ‍්ඤසත‍්තෙන ච නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනෙන ච සද‍්ධිං නව සත‍්තාවාසා. දසායතනානීති චක‍්ඛායතනං, රූපායතනං, සොතායතනං, සද‍්දායතනං, ඝානායතනං, ගන්‍ධායතනං, ජිව‍්හායතනං, රසායතනං, කායායතනං, ඵොට‍්ඨබ‍්බායතනන‍්ති එවං දස. ද‍්වාදසායතනානීති මනායතනධම‍්මායතනෙහි සද‍්ධිං එවං ද‍්වාදස. අට‍්ඨාරස ධාතුයොති චක‍්ඛුධාතු, රූපධාතු, චක‍්ඛුවිඤ‍්ඤාණධාතු…පෙ… මනොධාතු, ධම‍්මධාතු, මනොවිඤ‍්ඤාණධාතූති එකෙකස‍්මිං තීණි තීණි කත්‍වා අට‍්ඨාරස ධාතුයො.

‘අනුපරිවත්තන්ති’ ලුහුබඳිති. අත්නොහරිති. ලෝකයෙන් ඈත් නොවී නොනවතී, පවතී යන තේරුමයි. ලාභො යනු පැවිද්දාට සිවුරු ආදියත්, ගිහියාට ධනය, ධාන්‍ය ආදී දේ ලැබීමයි. එය නොලැබීම ලාභයක් නොවේ. ලාභය නොවන්නේ අලාභය යැයි කීම මිස වෙසෙසින් දැනගැනීමක් නොවන්නේය. යසො පිරිවර එයද නොලැබීමේ යසස අයසයි. නිදා නුගුණ කීම, පසංසා ගුණ කීම, සුඛං කායික මානසිකව කැමැත්ත ඇතිකරවන, දුක්ඛං පොදු ජනයාට, සෝවාන් වූවනට, සකදාගාමී වූවන්ට කායික මානසික ලෙසද, අනාගාමී අරහත් වූවනට කායිකවද බලපායි. සත්තාවාසා ජීවීන් වාසය කරන තැන්, ඒවාද කලින් කී පරිදි (ඛන්‍ධා) සමූහම වේ. විඤ්ඤාණ පවත්නා (බඹලෝ වැනි) තැන් හත, අසඤ්ඤතලය හා නේවසඤ්ඤානාසඤ්ඤායතනය සමග නව සත්තාවාසයද වේ. දසායතනානි ඇස, රූප, කන, හඬ, නාසය, ගඳසුවඳ, දිව, රස, කය, පහස ඒ ආයතන දහයයි. ද්වාදසායතනානි මනස හා හැඟීම් (ධම්මායතන) සමග ආයතන දොළහකි. අට්ඨාරසධාතුයො ඇස, රූප, හැඳිනීම (චක්ඛු විඤ්ඤාණ) මනස, ධම්ම හා මනසින් හැඳිනීම (මනෝ විඤ්ඤාණ) මේ එක එකක් තුනෙන් වැඩිවූ විට ධාතු දහඅටකි.

සදිසනාමොති තෙසං සදිසනාමො එකගුණවණ‍්ණනාමො. සදිසව‍්හයොති එකගුණවණ‍්ණනාමෙන අව‍්හායනො. සච‍්චසදිසව‍්හයොති අවිතථඑකගුණවණ‍්ණනාමෙන අවිපරීතෙන අව‍්හායනො.

සදිසනාමො ඒ බුදුවරුනට සමාන නම්, එකම ගුණ ඇති නම්, සදිස්වහයො එකම ගුණ වැණුම් නමකින් කැඳවීම, සච්චසදිස්වමහයො නිබොරු වූ (සුදුසු පරිදි වූ) එකම ගුණවැණුම් නමකින් හැඳින්වේ.

ආසිතොති උපසඞ‍්කමිතො. උපාසිතොති උපගන‍්ත්‍වා සෙවිතො. පයිරුපාසිතොති භත‍්තිවසෙන අතීව සෙවිතො.

ආසිතො එළඹෙන ලදුව උපාසිතො පැමිණ ඇසුරු කරන ලදුව, පයිරුපාසිතො බැතියෙන් බොහෝ කොට ඇසුරු කරන ලදුව,

කුබ‍්බනකන‍්ති පරිත‍්තවනං. බහුප‍්ඵලං කානනමාවසෙය්‍යාති අනෙකඵලාදිවිකතිභරිතකානනං ආගම‍්ම වසෙය්‍ය. අප‍්පදස‍්සෙති බාවරිප‍්පභුතිකෙ පරිත‍්තපඤ‍්ඤෙ. මහොදධින‍්ති අනොතත‍්තාදිං මහන‍්තං උදකරාසිං.

කුබ්බනකං කුඩා වනය, බහුප්ඵලං කානනං ආවසෙය්‍ය නොයෙක් පලවැල ඇති වනයකට පැමිණ, වසන්නේය. අප්පදස්සෙ බාවරී වැනි මඳ නුවණ ඇත්තන්, මහොද්ධිං අනෝතත්ත ආදී බොහෝ ජලය පිරුණු.

අප‍්පදස‍්සාති මන්‍දදස‍්සිනො. පරිත‍්තදස‍්සාති අතිමන්‍දදස‍්සිනො. ථොකදස‍්සාති පරිත‍්තතොපි අතිපරිත‍්තදස‍්සිනො. ඔමකදස‍්සාති හෙට‍්ඨිමදස‍්සිනො. ලාමකදස‍්සාති අප‍්පධානදස‍්සිනො. ඡතුක‍්කදස‍්සාති න උත‍්තමදස‍්සිනො. අප‍්පමාණදස‍්සන‍්ති පමාණං අතික‍්කමිත්‍වා අප‍්පමාණං නිබ‍්බානදස‍්සං. අග‍්ගදස‍්සන‍්ති “අග‍්ගතො වෙ පසන‍්නාන”න‍්තිආදිනා (අ· නි· 4.34; ඉතිවු· 90) නයෙන අග‍්ගධම‍්මදස‍්සං. සෙට‍්ඨදස‍්සන‍්ති සම‍්බුද‍්ධො ද‍්විපදසෙට‍්ඨොති සෙට‍්ඨදස‍්සං. විසෙට‍්ඨදස‍්සන‍්තිආදීනි චත‍්තාරි උපසග‍්ගෙන වඩ‍්ඪිතානි. අසමන‍්ති න සමං අසමං සබ‍්බඤ‍්ඤුං. අසමසමන‍්ති අසමෙහි අතීතබුද‍්ධෙහි සමං අසමසමං. අප‍්පටිසමන‍්ති අත‍්තනො සදිසවිරහිතං. අප‍්පටිභාගන‍්ති අත‍්තනො පටිබිම‍්බවිරහිතං. අප‍්පටිපුග‍්ගලන‍්ති පටිමල‍්ලපුග‍්ගලවිරහිතං. දෙවාතිදෙවන‍්ති විසුද‍්ධිදෙවානම‍්පි අතිදෙවං. අභිමඞ‍්ගලසම‍්මතට‍්ඨෙන උසභං. අඡම‍්භිතට‍්ඨෙන පුරිසසීහං. නිද‍්දොසට‍්ඨෙන පුරිසනාගං. උත‍්තමට‍්ඨෙන පුරිසාජඤ‍්ඤං. අට‍්ඨපරිසපථවිං උප‍්පීළෙත්‍වා සදෙවකෙ ලොකෙ කෙනචි පච‍්චත්‍ථිකෙන පච‍්චාමිත‍්තෙන අකම‍්පියෙ අචලට‍්ඨානෙ තිට‍්ඨනට‍්ඨෙන පුරිසනිසභං. ධම‍්මදෙසනාධුරවහනට‍්ඨෙන පුරිසධොරය‍්හං.

අප්පසදස්සා මද දැකීම් ඇති, පරිත්තදස්සා ඉතා අඩු දැකීම් ඇති, ථොකදස්සා අල්ප දැකීම් ඇති, ඔමකදස්සා පහත් දැකීම් ඇති, ලාමකදස්සා නොවැදගත් දැකීම් ඇති, ජතුකදස්සා උසස් නොවූ දැකීම් ඇති, අප්පමාණදස්සනං පමණ ඉක්මවූ, අපමණ (දෙනා) නිවන් දැකීම, අග්ගදස්සනං ඇත්තෙන්ම උතුම් දැකීම යැයි ආදී ලෙසින් උසස් දහම් දැකීම, සෙට්ඨදස්සනං ‘දෙපා ඇත්තවුන් අතුරෙන් සම්බුදුන් වහන්සේ උසස්’ යැයි දැකීම, විසෙට්ඨ දස්සනං උපසග්ග පද හතරකින් (අරුත) වැඩිදියුණු කරන ලදී. අසමං සමාන නොවූ, සියල්ල දන්නා වූ, අසමසමං අසම වූ, අතීත බුදුවරුන් හා සමාන වූ, අප්පටිසමං තමන් හා සමාන වූවකු නැතිව, අප්පටිභාගං තම රූපයට හා සම කෙනෙකු නැති, අප්පටි පුග්ගලං පිලිමල් කෙනෙකු නොමැතිව, දෙවාතිදෙවං දෙවියන්ගෙත් දෙවි වූ, ඉතා යහපත් පිළිගත් සම්මත අරුතෙන් උසභං, බය තිගැස්සීම් නොවන අරුතින් පුරිසසීහං, දොස් රහිත බැවින් පුරිසනාගං උසස් (අගනා) අරුතින් පුරිසාජඤ්ඤං අට පිරිස අතර, පොළව මැඩ, දෙවියන් සහිත ලෝකයෙහි කිසියම් පටහැනි මත දරන්නකු විසින් හෝ, සතුරු වූවකු විසින් කම්පා කළ නොහැකි, නොසැලෙන සේ සිටින අරුතින් පුරිස නිසභං, දහම් දෙසීමේ වගකීම උසුළන බැවින් පුරිසධොරය්හං.

මානසකං වා සරන‍්ති මනසා චින‍්තෙත්‍වා කතං පල‍්ලං වා නාමමෙව වා. අනොතත‍්තං වා දහන‍්ති චන්‍දිමසූරියා දක‍්ඛිණෙන වා උත‍්තරෙන වා ගච‍්ඡන‍්තා පබ‍්බතන‍්තරෙන තං ඔභාසෙන‍්ති, උජුං ගච‍්ඡන‍්තා න ඔභාසෙන‍්ති, තෙනෙවස‍්ස “අනොතත‍්ත”න‍්ති සඞ‍්ඛා උදපාදි. එවරූපං අනොතත‍්තං වා දහං. අක‍්ඛොභං අමිතොදකන‍්ති චාලෙතුං අසක‍්කුණෙය්‍යං අපරිමිතං උදකජලරාසිං. එවමෙවාති ඔපම‍්මසංසන්‍දනං, බුද‍්ධං භගවන‍්තං අක‍්ඛොභං ආසභං ඨානට‍්ඨානෙන චාලෙතුං අසක‍්කුණෙය්‍යං. අමිතතෙජන‍්ති අපරිමිතඤාණතෙජං. පභින‍්නඤාණන‍්ති දසබලඤාණාදිවසෙන පභෙදගතඤාණං. විවටචක‍්ඛුන‍්ති සමන‍්තචක‍්ඛුං.

මානසකං වා දහං, මනසින් සිතා කරන ලද (පෙන්වන ලද) කුඩා විලක් හෝ මානස නම් විල හෝ, අනොතත්තං වා දහං සඳහිරු දකුණින් හෝ උතුරෙන් හෝ යමින් ගිරිකුළු අතරින් එය බබළවත්ද, කෙළින් ගමන් කරනවිට බබලන්නේ නැති හෙයින්ද එය ‘අනොතත්ත’ යැයි හඳුන්වන ලදී. මෙබඳු අනොතත්ත විල හෝ, අක්ඛොභං අමිතොදකං අපමණ වූ බොහෝ ජලය රැඳුණු තැනක් සෙලවීමට නොහැකි වන්නේය. එවමෙවං උපමා සැසඳීම, භගවත් බුදුරජාණන් වහන්සේ උසස්ම බැවින් සෙලවිය නොහැකි, කැළඹිය නොහැකි වන්නේය. අමිත තෙජං අපමණ වූ නුවණ තේජස, පභින්න ඤාණං දසබල නුවණ ආදී ලෙසින් කොටස් කොටස් සේ දැක්වෙන නුවණ, විවටචක්ඛං හාත්පස දක්නා ඇස.

පඤ‍්ඤාපභෙදකුසලන‍්ති “යා පඤ‍්ඤා පජානනා විචයො පවිචයො”තිආදිනා (ධ· ස· 16; විභ· 525) නයෙන පඤ‍්ඤාය පභෙදජානනෙ ඡෙකං. අධිගතපටිසම‍්භිදන‍්ති පටිලද‍්ධචතුපටිසම‍්භිදං. චතුවෙසාරජ‍්ජප‍්පත‍්තන‍්ති “සම‍්මාසම‍්බුද‍්ධස‍්ස තෙ පටිජානතො ඉමෙ ධම‍්මා අනභිසම‍්බුද‍්ධා”තිආදිනා (ම· නි· 1.150; අ· නි· 4.8) නයෙන වුත‍්තෙසු චතූසු ඨානෙසු විසාරදභාවප‍්පත‍්තං. සද‍්ධාධිමුත‍්තන‍්ති පරිසුද‍්ධෙ ඵලසමාපත‍්තිචිත‍්තෙ අධිමුත‍්තං, තත්‍ථ පවිට‍්ඨං. සෙතපච‍්චත‍්තන‍්ති වාසනාය විප‍්පහීනත‍්තා පරිසුද‍්ධං ආවෙණිකඅත‍්තභාවං. අද‍්වයභාණින‍්ති පරිච‍්ඡින‍්නවචනත‍්තා ද‍්විවචනවිරහිතං. තාදින‍්ති තාදිසං, ඉට‍්ඨානිට‍්ඨෙසු අකම‍්පනං වා. තථා පටිඤ‍්ඤා අස‍්සාති තථාපටිඤ‍්ඤො, තං. අපරිත‍්තන‍්ති න ඛුද‍්දකං. මහන‍්තන‍්ති තෙධාතුං අතික‍්කමිත්‍වා මහන‍්තප‍්පත‍්තං.

පඤ්ඤාපභෙද කුසලං පිරික්සීමෙන්, මැනවින් දැනගැනීමට සමත් වූ නොයෙක් ආකාර වූ නුවණ, අධිගතපටිසම්භිදං සිවුපිළිසිඹියා ලද, වෙසාරජ්ජප්පත්තං ‘මැනවින් අවබෝධ කරන ලදැයි දැනගැනීමේදී, මෙම කරුණු අවබෝධ නොවීයැයි ආදී ලෙසින් (කිව නොහැකි පරිදි) සතර තැන්හි ඉතා නිපුණ බවට පත්, සද්ධාධිමුත්තං පිරිසිදු වූ පල සමවත් සිතින් එහි පිවිසුණු සෙත පච්චත්තං පෙර කළ පින් (වාසනා) ද නැති කළ බැවින්, පිරිසිදු (පෙර බුදුවරුන්ටද හුරු වූ) ආවේණික ජීවිතය, අද්වයභාණි සුදුසු. යහපත් වචන කථාකරන බැවින්, වචන දෙකක් (එකිනෙකට නොගැළපෙන) භාවිත නොකරන, තාදිං මෙබඳු ලෙස වීයැයි ඉටු අනිටු දෙයෙහි කම්පා නොවන හෝ, එසේ පොරොන්දු නොමැති තථා පටිඤ්ඤො තං, අපරිත්තං කුඩා නොවූ මහන්තං තුන්ආකාර ධාතු ඉක්මවා මහත් බවට පැමිණි.

ගම‍්භීරන‍්ති අඤ‍්ඤෙසං දුප‍්පවෙසං. අප‍්පමෙය්‍යන‍්ති අතුලට‍්ඨෙන අප‍්පමෙය්‍යං. දුප‍්පරියොගාහන‍්ති පරියොගාහිතුං දුක‍්ඛප‍්පවෙසං. පහූතරතනන‍්ති සද‍්ධාදිරතනෙහි පහූතරතනං. සාගරසමන‍්ති රතනාකරතො සමුද‍්දසදිසං. ඡළඞ‍්ගුපෙක‍්ඛාය සමන‍්නාගතන‍්ති “චක‍්ඛුනා රූපං දිස‍්වා නෙව සුමනො හොති න දුම‍්මනො”ති (අ· නි· 6.1) වුත‍්තනයෙන ඡළඞ‍්ගුපෙක‍්ඛාය පරිපුණ‍්ණං. අතුලන‍්ති තුලවිරහිතං, තුලයිතුං අසක‍්කුණෙය්‍යං. විපුලන‍්ති අතිමහන‍්තං. අප‍්පමෙය්‍යන‍්ති පමෙතුං අසක‍්කුණෙය්‍යං. තං තාදිසන‍්ති තං භගවන‍්තං තාදිගුණසම‍්පන‍්නං. පවදතං මග‍්ගවාදිනන‍්ති පවදන‍්තානං කථෙන‍්තානං උත‍්තමං කථයන‍්තං වදන‍්තං අධිගච‍්ඡින‍්ති සම‍්බන්‍ධො. මෙරුමිව නගානන‍්ති පබ‍්බතානං අන‍්තරෙ සිනෙරුං විය. ගරුළමිව දිජානන‍්ති පක‍්ඛිජාතානං අන‍්තරෙ සුපණ‍්ණං විය. සීහමිව මිගානන‍්ති චතුප‍්පදානමන‍්තරෙ සීහං විය. උදධිමිව අණ‍්ණවානන‍්ති විත්‍ථිණ‍්ණඅණ‍්ණවානං අන‍්තරෙ සමුද‍්දං විය අධිගච‍්ඡිං. ජිනපවරන‍්ති බුද‍්ධුත‍්තමං.

ගම්භීරං වෙනත් කෙනෙකුට පිවිසිය නොහැකි, අප්පමෙය්‍යං සමාන නොවන බැවින්, පමණ කළ නොහැකි, දුප්පරියොගාහං බැසීමට අපහසු, දුකින් පිවිසිය යුතු, පහූතරතනං සැදැහැ ආදී බොහෝ රුවන්, සාගරසමං රුවනාකරයකින් මුහුද හා සමාන, ඡළංගු පෙක්ඛාය සමන්නාගතං ඇසින් රූප දැක සතුටු වන්නේද නොවේ. අසතුටු වන්නේද නොවේ යැයි කී පරිදි සය කොටසකින් පිරිපුන් වූ, අතුලං සම කිරීමට නොහැකි, විපුලං ඉතා මහත්, අප්පමෙය්‍යං සම නොවන බැවින් පමණ කළ නොහැකි, තං තාදිසං ඒ තාදී ගුණින් යුතු භාග්‍යවතුන් වහන්සේට, පවදත මග්ගවාදිනං මග පෙන්වා දෙන්නන්, කරුණු කියා දෙන්නන් වටිනා දේ පැහැදිලි කරදෙන්නන් අතරින් නිසි අවබෝධ ලබතියි සැබදේ. මෙරුමිව නභානං ගිරිකුළු පව් අතර මහමෙර මෙන්, ගරුළමිව දිජානං කුරුල්ලන් අතර ගුරුළකු මෙන්, සීහමිව මිගානං සිවුපාවුන් අතර සිංහයකු මෙන්, උදධිමිව අණ්ණවානං පැතිරුණු මුහුදු අතර මහ සමුදුර මෙන් මනාව අවබෝධය ලැබීමි. ජින පවරං උතුම් බුදුරදුන් වෙත,

යෙමෙ පුබ‍්බෙති යෙ ඉමෙ පුබ‍්බෙ.

යෙ මෙ පුබ්බෙ යෙ+ඉමෙ යම් තැනැත්තෝ මෙයින් පෙර (මීට පෙර කරුණු විමසූ බොහෝ දෙනා)

තමොනුදාසීනොති තමොනුදො ආසීනො. භූරිපඤ‍්ඤාණොති ඤාණද‍්ධජො. භූරිමෙධසොති විපුලපඤ‍්ඤො.

තමනුදාසිනො අඳුර දුරු කරන්නා වූ, භූරිපඤ්ඤො නුවණ නැමති ධජයෙන් යුතුව, භූරිමෙධසො මහත් වූ නුවණ පෙන්වන.

නිද‍්දෙසෙ පභඞ‍්කරොති තෙජංකරො. ආලොකකරොති අනන්‍ධකාරකරො. ඔභාසකරොති ඔභාසං ජොතිං කරොතීති ඔභාසකරො. දීපසදිසං ආලොකං කරොතීති දීපඞ‍්කරො. පදීපසදිසං ආලොකං කරොතීති පදීපකරො. උජ‍්ජොතකරොති පතාපකරො. පජ‍්ජොතකරොති දිසාවිදිසා පතාපකරො.

පභංකරො තේජස් ඇති කරන, ආලොක කරො අඳුර දුරුකරන, ඔභාසකරො එළියක්, ආලෝකය ඇතිකරයි, පහනක් මෙන් එළිය කරයි, දීපංකරො පහනක් මෙන් එළිය කරයි. උජ්ජොතකරො පවසන්නා වූ, පජ්ජොතකරො ඒ ඒ දිසාවල (ජනතාවට) පවසන්නා වූ.

භූරිපඤ‍්ඤාණොති පුථුලඤාණො. ඤාණපඤ‍්ඤාණොති ඤාණෙන පාකටො. පඤ‍්ඤාධජොති උස‍්සිතට‍්ඨෙන පඤ‍්ඤාව ධජො අස‍්සාති පඤ‍්ඤාධජො, ධජො රථස‍්ස පඤ‍්ඤාණන‍්තිආදීසු (ජා· 2.22.1841; චූළනි· පාරායනානුගීතිගාථානිද‍්දෙස 107) විය. විභූතවිහාරීති පාකටවිහාරො.

භූරිපඤ්ඤාණෙ පැතිරුණු නුවණින්, ඤාණපඤ්ඤාතො නුවණින් පසිඳු වූ, පඤ්ඤාධජො නුවණ කොඩියක් සේ ඔසවා ඇති, කොඩිය රියෙහි සලකුණ වේ’ ‘ධජො රථස්ස පඤ්ඤාණං’ ආදී තැන් මෙනි. විභූත විහාරී පුරුදු විහරණයෙන්.

සන්‍දිට‍්ඨිකමකාලිකන‍්ති සාමං පස‍්සිතබ‍්බං ඵලං, න ච කාලන‍්තරෙ පත‍්තබ‍්බඵලං. අනීතිකන‍්ති කිලෙසාදිඊතිවිරහිතං.

සන්‍දිට්ඨික මකාලිකං තමන් විසින්ම දැකිය යුතු, කාලසීමාවකට යටත්කොට නොපැමිණිය යුතු, අනිතිකං කෙලෙස් උවදුරු නැති.

සන්‍දිට‍්ඨිකන‍්ති ලොකුත‍්තරධම‍්මො යෙන අධිගතො හොති, තෙන පරසද‍්ධාය ගන‍්තබ‍්බතං හිත්‍වා පච‍්චවෙක‍්ඛණඤාණෙන සයං දට‍්ඨබ‍්බොති සන්‍දිට‍්ඨිකො, තං සන්‍දිට‍්ඨිකං. අත‍්තනො ඵලංදානං සන්‍ධාය නාස‍්ස කාලොති අකාලො, අකාලොයෙව අකාලිකො. යො එත්‍ථ අරියමග‍්ගධම‍්මො, සො අත‍්තනො සමනන‍්තරමෙව ඵලං දෙතීති අත්‍ථො, තං අකාලිකං. එහි පස‍්ස ඉමං ධම‍්මන‍්ති එවං පවත‍්තං එහිපස‍්සවිධිං අරහතීති එහිපස‍්සිකො, තං එහිපස‍්සිකං. ආදිත‍්තං චෙලං වා සීසං වා අජ‍්ඣුපෙක‍්ඛිත්‍වාපි අත‍්තනො චිත‍්තෙ උපනයං අරහතීති ඔපනෙය්‍යිකො, තං ඔපනෙය්‍යිකං. සබ‍්බෙහිපි උග‍්ඝටිතඤ‍්ඤූආදීහි “භාවිතො මෙ මග‍්ගො, අධිගතං ඵලං, සච‍්ඡිකතො නිරොධො”ති අත‍්තනි අත‍්තනි වෙදිතබ‍්බන‍්ති පච‍්චත‍්තං වෙදිතබ‍්බං විඤ‍්ඤූහි.

සන්‍දිටඨිකං ලොවුතුරු දහම අවබෝධ කරන ලද තැනැත්තා පිළිබඳව ඇදහීමෙන් පමණක් ඇතිවන යා යුතු මග හැර, තමන් විසින්ම විමසුම් නුවණින් දැකගත යුතු යැයි සන්‍දිට්ඨිකො, එසේ තමන්ම දැකිය යුතු පල ලබන දෙයට නියමිත කාලයක් නොමැති බැවින් අකාලො කාලයක් වෙන්ව නොතිබීමම අකාලිකො මේ උතුම් අරිය මග දහම, තමන්ට ඒ ආසන්නයේදීම පල ලබාදෙතැයි යන තේරුමයි. තං අකාලිකං එන්න, මේ දහම දෙස බලන්න, එය පවත්නා අයුරු බලන්න, එසේ පැමිණ බැලීමට සුදුසුය. එබැවින් එහි පස්සිකං ගිනි ඇවිලුණු රෙදිකඩක් හෝ, ගිනි ඇවිලුණු හිස හෝ (සළකා) මැදහත්ව තම සිත මෙහෙයවීමට සුදුසු හෙයින් ඔපනයිකො ඒ ඔපනයික වූ (දහම) තං ඔපනයිකං උග්ඝටිතඤ්ඤූ ආදී සියළු දෙනා විසින් පුරුදු කරන ලද මගෙන් ලද පලය අවබෝධ කරන ලදැයි (දුක්ගිනි) නිවන ලදැයි තම තමන් කෙරෙහි දතයුතු යැයි පච්චත්තං වේදිතබ්බං විඤ්ඤූහි.

අථ නං බාවරී ආහ “කිං නු තම‍්හා”ති ද‍්වෙ ගාථා.

ඉක්බිති බාවරී ‘කින්නු තම්හා’ ආදී ගාථා දෙක කීය.

මුහුත‍්තම‍්පීති ථොකම‍්පි. ඛණම‍්පීති න බහුකම‍්පි. ලයම‍්පීති මනම‍්පි. වයම‍්පීති කොට‍්ඨාසම‍්පි. අද‍්ධම‍්පීති දිවසම‍්පි.

මුහූත්තම්පි සුළු මොහොතකදී, ඛණම්පි නොබෝ කලකින්, ලයම්පි මද වේලාවක්, වයම්පි කොටසකදී, අද්ධම්පි දවසකුත්.

තතො පිඞ‍්ගියො භගවතො සන‍්තිකා අවිප‍්පවාසමෙව දීපෙන‍්තො “නාහං තම‍්හා”තිආදිමාහ. නාහං යො මෙ…පෙ… පස‍්සාමි නං මනසා චක‍්ඛුනාවාති තං බුද‍්ධං මංසචක‍්ඛුනා විය මනසා පස‍්සාමි. නමස‍්සමානො විවසෙමි රත‍්තින‍්ති නමස‍්සමානොව රත‍්තිං අතිනාමෙමි.

එවිට පිංගිය භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් වෙන් නොවන බවට ‘නාහං තම්හා’ ආදී ගාථා කීය. ඒ බුදුරදුන් මම ඇසින් මෙන් සිතින් දකිමි. නමස්සමානොව වසෙමි රත්තිං නමදිමින්ම රැය ඉක්මවමි.

තෙන තෙනෙව නතොති යෙන යෙන දිසාභාගෙන බුද‍්ධො, තෙන තෙනෙවාහම‍්පි නතො, තන‍්නින‍්නො තප‍්පොණොති දස‍්සෙති.

තෙන තෙනෙව නතො යම් පෙදෙසක බුදුරජාණන් වහන්සේ වැඩ වසත්ද, ඒ ඒ දෙසට මම ද නැඹුරු වෙමින්, ඈත් නොවෙමින් සිටිමි’යි දක්වයි.

දුබ‍්බලථාමකස‍්සාති අප‍්පථාමකස‍්ස. අථ වා දුබ‍්බලස‍්ස දුත්‍ථාමකස‍්ස ච, බලවීරියහීනස‍්සාපීති වුත‍්තං හොති. තෙනෙව කායො න පලෙතීති තෙනෙව දුබ‍්බලත්‍ථාමකත‍්තෙන කායො න ගච‍්ඡති, යෙන බුද‍්ධො, න තෙන ගච‍්ඡති. “න පරෙතී”තිපි පාඨො, සො එවත්‍ථො. තත්‍ථාති බුද‍්ධස‍්ස සන‍්තිකෙ. සඞ‍්කප‍්පයන‍්තායාති සඞ‍්කප‍්පගමනෙන. තෙන යුත‍්තොති යෙන බුද‍්ධො, තෙන යුත‍්තො පයුත‍්තො අනුයුත‍්තොති දස‍්සෙති.

දුබ්බලථාමකස්ස සවිමත් බවින් අඩුවී, ඒ දුබල බව නිසා කය නිසි අයුරු පවත්වා ගැනීමට නොහැකි යැයි කියන ලදී. තෙනෙව කායො න පරෙති, ඒ දුබල වූ සවි බල නැති කය බුදුරජාණන් වහන්සේ සිටින තැනට නොයයි. න පලෙති යනුවෙන්ද පාඨයකි. එයද එම අදහසයි. තත්‍ථ බුදුරජාණන් වහන්සේ සමීපයෙහි, සංකප්පයත්තාය කල්පනා ගමනින්, තෙන යුත්තො (සිත) ඒ බුදුරදුන් කෙරෙහි යොමු වූයේ වේ. යෙදුනේ වේ.

යෙන බුද‍්ධොති යෙන දිසාභාගෙන බුද‍්ධො උපසඞ‍්කමිතබ‍්බො, තෙන දිසාභාගෙන න පලෙති. අථ වා භුම‍්මත්‍ථෙ කරණවචනං. යත්‍ථ බුද‍්ධො තත්‍ථ න පලෙති න ගච‍්ඡති. න වජතීති පුරතො න යාති. න ගච‍්ඡතීති නිවත‍්තති. නාතික‍්කමතීති න උපසඞ‍්කමති.

යෙන බුද්ධො යම් දිසාවකින් බුදුරජාණන් වහන්සේ කරා එළඹිය යුතුද, ඒ දිසාවෙන් (කය) ඉවත්ව නොයයි. නැතහොත් ආධාර විබත් අරුතෙහි කරණ විබත් වචනයි. බුදුරදුන් වෙසෙන තැනින් ඉවත නොයයි. න වජති ඉදිරියට නොයයි. න ගච්ඡති නවතියි. නාතික්කමති නොපැමිණෙයි.

පඞ‍්කෙ සයානොති කාමකද‍්දමෙ සයමානො. දීපා දීපං උපල‍්ලවින‍්ති සත්‍ථාරාදිතො සත්‍ථාරාදිං අධිගච‍්ඡිං. අථද‍්දසාසිං සම‍්බුද‍්ධන‍්ති සොහං එවං දුදිට‍්ඨිං ගහෙත්‍වා අන්‍වාහිණ‍්ඩන‍්තො අථ පාසාණකචෙතියෙ බුද‍්ධමද‍්දක‍්ඛිං.

පංකෙ සයානො කාම නැමති මඩෙහි නිදාගනිමින්, දීපාදීපං උප්පලවි වෙනත් සමයක නායකයෙකු ළඟ සිට තවත් සමයක නායකයෙකු වෙත එළඹියෙමි. අථද්දසාසිං සම්බුද්ධං මම මෙබඳු වැරදි දැකීමක් ගෙන, ඒ ඒ තැන ඇවිදිද්දී පාසාණක චෙතියෙහිදී බුදුරජාණන් වහන්සේ දුටිමි.

තත්‍ථ සෙමානොති නිසජ‍්ජමානො. සයමානොති සෙය්‍යං කප‍්පයමානො. ආවසමානොති වසමානො. පරිවසමානොති නිච‍්චං වසමානො.

සෙමානො වැතිරෙමින්, සයමානො නිදාගනිමින්, ආවසමානො වාසය කරමින්, පරිවසමානො නිතර වසමින්.

පල‍්ලවින‍්ති උග‍්ගමිං. උපල‍්ලවින‍්ති උත‍්තරිං , සම‍්පල‍්ලවින‍්ති උපසග‍්ගෙන පදං වඩ‍්ඪිතං. අද‍්දසන‍්ති නිද‍්දෙසස‍්ස උද‍්දෙසපදං. අද‍්දසන‍්ති පස‍්සිං. අද‍්දක‍්ඛින‍්ති ඔලොකෙසිං. අපස‍්සින‍්ති එසිං. පටිවිජ‍්ඣින‍්ති විනිවිජ‍්ඣිං.

පලවිං උඩට-(මතුපිටට) නැගෙමි. උප්පලවිං එතරවීමි. උපප්පලවිං ඉවුරට පැමිණියෙමි. සමුප්පලවිං උපසග්ගයෙන් පද අරුත වැඩි කරන ලදී. අද්දසං නිද්දේසයෙහි දැක්වූ පදයකි. අද්දසං දුටුවෙමි. අද්දක්ඛිං බැලුවෙමි. අපස්සිං සෙවීමි. පටිවිජ්ඣන්ති විනිවිද ගියෙමි.

ඉමිස‍්සා ගාථාය අවසානෙ පිඞ‍්ගියස‍්ස ච බාවරිස‍්ස ච ඉන්‍ද්‍රියපරිපාකං විදිත්‍වා භගවා සාවත්‍ථියං ඨිතොයෙව සුවණ‍්ණොභාසං මුඤ‍්චි. පිඞ‍්ගියො බාවරිස‍්ස බුද‍්ධගුණෙ වණ‍්ණයන‍්තො නිසින‍්නො එව තං ඔභාසං දිස‍්වා “කිං ඉද”න‍්ති ඔලොකෙන‍්තො භගවන‍්තං අත‍්තනො පුරතො ඨිතං විය දිස‍්වා බාවරිබ්‍රාහ‍්මණස‍්ස “බුද‍්ධො ආගතො”ති ආරොචෙසි. බ්‍රාහ‍්මණො උට‍්ඨායාසනා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා අට‍්ඨාසි. භගවාපි ඔභාසං ඵරිත්‍වා බ්‍රාහ‍්මණස‍්ස අත‍්තානං දස‍්සෙන‍්තො උභින‍්නම‍්පි සප‍්පායං විදිත්‍වා පිඞ‍්ගියමෙව ආලපමානො “යථා අහූ, වක‍්කලී”ති ඉමං ගාථමභාසි.

මේ ගාථාව අවසානයෙහි පිංගිය හිමියන්ගේද, බාවරීගේද ඉඳුරන් දහම් අවබෝධයට සුදුසු බව දැන භාග්‍යවතුන් වහන්සේ සැවැත්පුර වැඩ සිටිමින්ම, රන්පැහැ ආලෝකයක් මුදාහළහ. පිංගිය හිමි බාවරීට බුදුගුණ විස්තර කරමින් සිටිද්දීම ඒ ආලෝකය දැක, ‘මේ කුමක්දැ’යි විමසා බලනවිට, භාග්‍යවතුන් වහන්සේ තමා ඉදිරියේ වැඩසිටියා සේ දැක, ‘බුදුරජාණන් වහන්සේ වැඩිසේකැ’යි බාවරී බමුණාට දැන්වීය. බාවරී අසුනින් නැගිට ඇඳිලි බැඳ වැඳ සිටියේය. භාග්‍යවතුන් වහන්සේද ආලෝක දහරාවක් පතුරුවා, බමුණාට තමන් දක්වන්නාක් මෙන්, දෙදෙනාගේම අදහස් දැන, පිංගිය හිමි අමතා ‘යථා අහූ වක්කලී’ යන මෙම ගාථාව වදාළහ.

තස‍්සත්‍ථො – යථා වක‍්කලිත්‍ථෙරො සද‍්ධාධිමුත‍්තො අහොසි, සද‍්ධාධුරෙනෙව අරහත‍්තං පාපුණි, යථා ච සොළසන‍්නං එකො භද්‍රාවුධො නාම, යථා ච ආළවිගොතමො ච. එවමෙව ත්‍වම‍්පි පමුඤ‍්චස‍්සු සද‍්ධං , තතො සද‍්ධාය අධිමුච‍්චන‍්තො “සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා”තිආදිනා (ධ· ප· 277; ථෙරගා· 676; පටි· ම· 1.31; කථා· 753) නයෙන විපස‍්සනං ආරභිත්‍වා මච‍්චුධෙය්‍යස‍්ස පාරං නිබ‍්බානං ගමිස‍්සසීති අරහත‍්තනිකූටෙන දෙසනං නිට‍්ඨාපෙසි, දෙසනාපරියොසානෙ පිඞ‍්ගියො අරහත‍්තෙ, බාවරී අනාගාමිඵලෙ පතිට‍්ඨහි, බාවරිබ්‍රාහ‍්මණස‍්ස සිස‍්සා පන පඤ‍්චසතා සොතාපන‍්නා අහෙසුං.

එහි අරුත නම්, යම් සේ සැදැහෙන් බරව සිටි වක්කලී තෙරුන් මෙන්ද, (බාවරීගේ) සිසුන් දහසය දෙනා අතුරෙන් භද්‍රාවුධ මෙන්ද, ආලවී-ගොතම මෙන්ද, සැදැහෙන් මිදී, අරහත් බවට පත්වූ සේ, ඔබද ඒ සැදැහැ බවෙන් මිදෙව. එසේ සැදැහැ බවින්, ‘හේතු නිසා ඇතිවන හැම දෙයම අනිස’ යැයි - ‘සබ්බෙ සංඛාරා අනිච්චා’ ආදී ලෙසින් විදසුන් වඩා මාරයාට අයිති පෙදෙසින් එතර වූ නිවනට යන්නැ’යි අරහත් බව කුළුගන්වමින් දේසනය නිමකළහ. දේසනය අවසානයෙහි පිංගිය හිමි රහත් පලයෙහිද බාවරී අනාගාමී පලයෙහිද පිහිටියහ. බාවරී (බමුණාගේ) පන්සියයක් සිසුවෝ සෝවාන් පලයෙහි පිහිටියහ.

තත්‍ථ මුඤ‍්චස‍්සූති මොචස‍්සු. පමුඤ‍්චස‍්සූති මොචෙහි. අධිමුඤ‍්චස‍්සූති තත්‍ථ අධිමොක‍්ඛං කරස‍්සු. ඔකප‍්පෙහීති බහුමානං උප‍්පාදෙහීති. සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චාති හුත්‍වා අභාවට‍්ඨෙන. සබ‍්බෙ සඞ‍්ඛාරා දුක‍්ඛාති දුක‍්ඛමට‍්ඨෙන. සබ‍්බෙ ධම‍්මා අනත‍්තාති අවසවත‍්තනට‍්ඨෙන.

එහි - මුඤ්චස්සු මුදාහරිනු, පමුචස්සු (වෙසෙසින්ම) මුදාහරිවු. අධිමුච්චස්සු සිතේ තහවුරු බව ඇතිකර ගනිමු. ඔකප්පෙහි බොහෝ බොහෝ ගරු බුහුමන් උපදවා ගනුව. සබ්බෙ සංඛාරා අනිච්චා නැතිව යන අරුත ගනුව. සබ්බෙ සංඛාරා දුක්ඛා දුක් අරුතින් (ගනුව) සබ්බෙ ධම්මා අනත්තා වසඟයෙහි නොපවත්නා අරුතින් (ගනුව.)

ඉදානි පිඞ‍්ගියො අත‍්තනො පසාදං නිවෙදෙන‍්තො “එස භිය්‍යොතිආදිමාහ. තත්‍ථ පටිභානවාති පටිභානප‍්පටිසම‍්භිදාය උපෙතො.

දැන් පිංගිය තෙරුන් වහන්සේ තම පැහැදීම පළ කරමින්, ‘එසභිය්‍යො’ ආදී ගාථා කීහ. පටිභානවා වැටහෙන සියුම් නුවණින් යුතු.

භිය්‍යො භිය්‍යොති උපරූපරි. අධිදෙවෙ අභිඤ‍්ඤායාති අධිදෙවකරෙ ධම‍්මෙ ඤත්‍වා. පරොපරන‍්ති හීනපණීතං, අත‍්තනො ච පරස‍්ස ච අධිදෙවත‍්තකරං සබ‍්බධම‍්මජාතං අවෙදීති වුත‍්තං හොති. කඞ‍්ඛීනං පටිජානතන‍්ති කඞ‍්ඛීනංයෙව සතං “නික‍්කඞ‍්ඛම‍්හා”ති පටිජානන‍්තානං. නිද‍්දෙසෙ පාරායනිකපඤ‍්හානන‍්ති පාරායනිකබ්‍රාහ‍්මණානං පුච‍්ඡානං. අවසානං කරොතීති අන‍්තකරො. කොටිං කරොතීති පරියන‍්තකරො. සීමං මරියාදං කරොතීති පරිච‍්ඡෙදකරො. නිගමං කරොතීති පරිවටුමකරො. සභියපඤ‍්හානන‍්ති න කෙවලං පාරායනිකබ්‍රාහ‍්මණානං පඤ‍්හානං එව, අථ ඛො සභියපරිබ‍්බාජකාදීනම‍්පි පඤ‍්හානං අන‍්තං කරොතීති දස‍්සෙතුං “සභියපඤ‍්හාන”න‍්තිආදිමාහ.

භිය්‍යො වඩ වඩාත්, අධිදෙව අභිඤ්ඤාය දෙවියන් අභිබවා යන දහම දැන, පරොවරං ලාමක වූ, උසස් වූ තමන්ගේ, වෙනත් පුද්ගලයන්ගේත්, දෙවියන්ගේත් ඉක්මවා යන තරම් සියළු කරුණු දක්නා ලදැයිද, අවබෝධ කරන ලදැයිද මෙයින් කියන ලදී. කංඛිතං පටිජානතං තදබල සැකය තිබූ බැවින් ‘දැන් මුළුමනින්ම’ සැකයෙන් දුරු වූයෙමි’යි මැනවින් දැන ගැනීම නිද්දේසය දක්වයි. පාරායනික පඤ්හානං පාරායනීය බමුණන්ගේ පැන විමසීම, අවසන් කරයි යනු අන්තකරො කෙළවර කරයි. පරියන්තකරො සීමාවක් කරයි, මායිමක් කරයි, පරිච්ඡේද කරො නිගමනය කරයි. පරිවටුමකරො සභිය පඤ්හානං හුදෙක් පාරායනීය බමුණගේ පැන පමණක් නොවේ. එමෙන්ම සභිය පිරිවැජි ආදීන්ගේ පැන ද කෙළවර කරති’යි දැක්වීමට සභියගේ පැන යනුවෙන්ද කීය.

අසංහීරන‍්ති රාගාදීහි අසංහාරියං. අසඞ‍්කුප‍්පන‍්ති අසඞ‍්කුප‍්පං අවිපරිණාමධම‍්මං. ද‍්වීහිපි පදෙහි නිබ‍්බානං භණති. අද‍්ධා ගමිස‍්සාමීති එකංසෙනෙව තං අනුපාදිසෙසනිබ‍්බානධාතුං ගමිස‍්සාමි. න මෙත්‍ථ කඞ‍්ඛාති නත්‍ථි මෙ එත්‍ථ නිබ‍්බානෙ කඞ‍්ඛා. එවං මං ධාරෙහි අධිමුත‍්තචිත‍්තන‍්ති පිඞ‍්ගියො “එවමෙව ත්‍වම‍්පි පමුඤ‍්චස‍්සු සද‍්ධ”න‍්ති ඉමිනා භගවතො ඔවාදෙන අත‍්තනි සද‍්ධං උප‍්පාදෙත්‍වා සද‍්ධාධුරෙනෙව ච විමුඤ‍්චිත්‍වා තං සද‍්ධාධිමුත‍්තිං පකාසෙන‍්තො භගවන‍්තං ආහ – “එවං මං ධාරෙහි අධිමුත‍්තචිත‍්ත”න‍්ති. අයඤ‍්හෙත්‍ථ අධිප‍්පායො “යථා මං ත්‍වං අවච, එවමෙව මං අධිමුත‍්තචිත‍්තං ධාරෙහී”ති.

අසංහීරං රාගාදියෙන් ඈත් වූයේ, අසංකුප්පං කෝප සහගත බවක් ඇති නොවන, වෙනස් නොවන (මෙබඳු ගති රහිත) මේ වචන දෙකින්ම නිවන ගැන කියයි. අද්ධා ගමිස්සාමි නිසැකවම නැවත සසර ඉපදීම නැති නිවනට යන්නෙමි. නමෙත්‍ථ කංඛා ඒ නිවන ගැන මට සැකයක් නැත. එවං මං ධාරෙහි අධිමුත්ත චිත්තං ‘පිංගිය, එපරිදිම ඔබද සැදැහැබට මුදාහරව’ භාග්‍යවතුන් වහන්සේගේ මෙම අවවාදයෙන්, තමන් කෙරෙහි සැදැහැ (තහවුරුව) බරෙන් මැනවින් නිදහස්ව, ඒ බව භාග්‍යවතුන් වහන්සේට පැවසුවේ එසේ මා සළකා ගනු මැනව’ යනුවෙනි.

න සංහරියතීති ගහෙත්‍වා සංහරිතුං න සක‍්කා. නියොගවචනන‍්ති යුත‍්තවචනං. අවත්‍ථාපනවචනන‍්ති සන‍්නිට‍්ඨානවචනං. ඉමස‍්මිං පාරායනවග‍්ගෙ යං අන‍්තරන‍්තරා න වුත‍්තං, තං හෙට‍්ඨා වුත‍්තනයෙන ගහෙතබ‍්බං. සෙසං සබ‍්බත්‍ථ පාකටමෙව.

න සංහරීයති ගෙන හකුළුවාලීමට නොහැකිය. නියොගවචනං අදාල සුදුසු වචනයකි. අවත්‍ථාපන වචනං සනිටුහන් වචනයි. මෙම පාරායන වග්ගයෙහි අතරතුර නොකියන ලද යම් කරුණු ඇතොත්, එය යට කියන ලද පරිදි ගත යුතුය. ඉතිරි කරුණු පැහැදිලිය.

සද‍්ධම‍්මප‍්පජ‍්ජොතිකාය චූළනිද‍්දෙස-අට‍්ඨකථාය

සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි

පාරායනානුගීතිගාථානිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

පාරායණ සූත්‍ර වර්ණනාව නිමියේ ය.

පාරායනවග‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

ඛග‍්ගවිසාණසුත‍්තනිද‍්දෙසො

ඛග්ගවිසාණ සූත්‍ර නිර්‍දෙශය