පඨමවග්ගවණ්ණනා අට්ඨකථා
පඨමවග්ගවණ්ණනා
ප්‍රථම වර්ගය
ඉතො පරං ඛග්ගවිසාණසුත්තනිද්දෙසවණ්ණනාය ඔකාසො අනුප්පත්තො. තත්ථ “සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩ”න්ති ඉතො පරං අතිරෙකපදමත්තමෙව වණ්ණයිස්සාම. තත්ථ සබ්බෙසූති අනවසෙසෙසු. භූතෙසූති සත්තෙසු. එත්ථ භූතෙසූති කිඤ්චාපි භූතසද්දො “භූතස්මිං පාචිත්තිය”න්ති එවමාදීසු (පාචි· 69) විජ්ජමානෙ, “භූතමිදං, සාරිපුත්ත, සමනුපස්සසී”ති එවමාදීසු ඛන්ධපඤ්චකෙ, “චත්තාරො ඛො, භික්ඛු, මහාභූතා හෙතූ”ති එවමාදීසු (ම· නි· 3.86) චතුබ්බිධෙ පථවීධාත්වාදිරූපෙ, “යො ච කාලඝසො භූතො”ති එවමාදීසු (ජා· 1.2.190) ඛීණාසවෙ, “සබ්බෙව නික්ඛිපිස්සන්ති, භූතා ලොකෙ සමුස්සය”න්ති එවමාදීසු (දී· නි· 2.220) සබ්බසත්තෙ, “භූතගාමපාතබ්යතායා”ති එවමාදීසු (පාචි· 90) රුක්ඛාදිකෙ, “භූතං භූතතො පජානාතී”ති එවමාදීසු (ම· නි· 1.3) චාතුමහාරාජිකානං හෙට්ඨා සත්තනිකායං උපාදාය වත්තති. ඉධ පන අවිසෙසතො පථවීපබ්බතාදීසු ජාතා සත්තා භූතාති වෙදිතබ්බා. තෙසු භූතෙසු. නිධායාති නික්ඛිපිත්වා.
මෙයින් පසු ඛග්ගවිසාණ සූත්‍ර විස්තර සඳහා ඉඩ ලැබී ඇත. එහි ‘සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං’ යන (ගාථාවෙහි) අතිරේක වචන පමණක්ම විස්තර කරන්නෙමි. සබ්බෙසු වෙන්කර දැක්වීමක් නැතිව, භූතෙසු හැම ජීවීන් කෙරෙහි, මෙහි භූතෙසු යන වචනයෙහි (යෙදෙන අයුරු) කිසියම් දෙයක් සිදුවූ විට, ඇති වූ විට, මෙසේ වූ විට, පචිති ඇවැත් වේ ‘භූතස්මිං පාචිත්තියං’ (විනයෙහි) යෙදී ඇත. ‘සාරිපුත්ත, මෙය ඇති තතු පරිද්දෙන් සළකා බලව’ ‘භූතමිදන්ති සාරිපුත්ත, සමනුපස්සී’ යනුවෙන් ඛන්ධ පංචකය හෙවත් සිරුර පිළිබඳවද, ‘මහණ, සතරාකාර වූ මහාභූත හේතුකොට ගෙන, ‘චත්තාරො ඛො භික්ඛු මහාභූතා හෙතු’ මේ තැන්වල පඨවි ආදී සතරාකාර ධාතු කොටස් සඳහාද, යමෙක් (ජීවිත) කාලය නසා ඇත්ද ‘යො ච කාලඝසො භූතො’ මෙබඳු තැන කෙලෙස් නසන ලද අරුතින්ද, ‘ලොව හටගත් සියල්ලම හැර දමති’ ‘සබ්බෙව නික්ඛිපිස්සන්ති භුතා ලොකෙ සමුස්සයං’ යන තැන සියළු සතුන් (ජීවීන්) අරුතෙහිද ‘භූතගාම පාතව්‍යතාය’ යන තැන ගස් ආදියටද, හටගත් ජීවීන් ඒ ඒ පරිදි හඳුනාගනිති’ ‘භූතං භූතතො පජානාති’ මේ ආදී තන්හි චාතුම්මහාරාජික දෙව්ලොවෙන් පහළ සජිවීන්, සජීවී සිරුරු ඇත්තවුන් දැක්වීමට යෙදේ. පොදුවේ මෙහි පොළව, ගිරිකුළු ආදියෙහි වෙසෙන - හටගත් ජීවීන් භූත යන්නෙන් දතයුතුය. ඒ ජීවීන් අතර, නිධාය බැහැර කොට.
දණ්ඩන්ති කායවචීමනොදණ්ඩං, කායදුච්චරිතාදීනමෙතං අධිවචනං. කායදුච්චරිතඤ්හි දණ්ඩයතීති දණ්ඩො, බාධෙති අනයබ්යසනං පාපෙතීති වුත්තං හොති. එවං වචීදුච්චරිතඤ්ච මනොදුච්චරිතඤ්ච. පහරණදණ්ඩො එව වා දණ්ඩො, තං නිධායාතිපි වුත්තං හොති. අවිහෙඨයන්ති අවිහෙඨයන්තො. අඤ්ඤතරම්පීති යං කිඤ්චි එකම්පි. තෙසම්පීති තෙසං සබ්බභූතානං. න පුත්තමිච්ඡෙය්යාති අත්රජො ඛෙත්තජො දින්නකො අන්තෙවාසිකොති ඉමෙසු චතූසු පුත්තෙසු යං කිඤ්චි පුත්තං න ඉච්ඡෙය්ය. කුතො සහායන්ති සහායං පන ඉච්ඡෙය්යාති කුතො එව එතං.
දණ්ඩං කය, වචන, සිතින් කරන වැරදි දේ, කයෙහි දුසිරිත් ආදියට සමාන වචනයකි. කයෙහි ආදී දුසිරිත් නිසා ලබන දුක්ගැහැටවලින් වන විපාක දඬුවමක් මෙන් සළකා, දණ්ඩ යැයි දැක්වේ. වචනයෙන් හා සිතෙන් දුසිරිතට යොමුවීමද මෙසේම දතයුතුය. පහරදීමද මෙහිලා ගැනේ. එයද බැහැර කිරීම ගැනද කියන ලදී. අවිහෙඨයං හිංසා නොකරන බවයි. අඤ්ඤතරංපි කිසියම් තැනැත්තෙක්, තෙසං ඒ සියළු දෙනාට න පුත්තමිච්ඡෙය්ය තමන්ට දාව උපන් පුතු, කැත් කුල කතකගෙන් උපන් පුතු, හදාවඩා ගත් පුතකු, අතවැසි යන සිවුආකාර වූ පුතුන් අතර, කිසිම පුතකුට කැමති නොවන්නේය. කුතො සහායං (එසේ නම්) තවත් කෙනෙක් සහායකයෙකු ලෙස කෙසේ කැමති වෙත්ද?
එකොති පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො, අදුතියට්ඨෙන එකො, තණ්හාපහානට්ඨෙන එකො, එකන්තවිගතකිලෙසොති එකො, එකො පච්චෙකසම්බොධිං අභිසම්බුද්ධොති එකො. සමණසහස්සස්සපි හි මජ්ඣෙ වත්තමානො ගිහිසඤ්ඤොජනස්ස ඡින්නත්තා එකො, එවං පබ්බජ්ජාසඞ්ඛාතෙන එකො . එකො තිට්ඨති, එකො ගච්ඡති, එකො නිසීදති, එකො සෙය්යං කප්පෙති, එකො ඉරියති වත්තතීති එකො. එවං අදුතියට්ඨෙන එකො.
එකො එකම දෙය පැවිදිවීම යයි කියන ලද පරිදි, තවත් කෙනෙකු - දෙවැන්නෙකු නොමැති වීමෙන්, තනිවම තණ්හාව නැති කිරිමෙන් තනිවම පසේ බුදු බවට අවබෝධය ලැබීමෙන්, පැවිදි වූවන් දහසක් මැද වුවද පවන්නා වූ ගිහියන් හා ගිහි ජීවිතයට අදාල බැඳීම් සිඳ බිඳ දමන ලද බැවින්ද එකො යැයි අදහස් වේ. එයින් පැවිදිව තනිවම සිටින බව දැක්වේ. තනිවම යයි. තනිවම හිඳී. තනිවම නිදාගනී. තනිවම ඉරියව් පවත්වයි. මේ අනුව දෙවැන්නෙකු නොමැති බැවින් එකො යනුවෙන් දැක්වේ.
තණ්හාව දෙවැනි කොටගත් තැනැත්තා මේ ආකාර වූ මිනිසත් බව හෝ වෙනත් ආකාර උපත් ලබමින්, දිගු කලක් සසර සැරිසරමින් සසර ගමන නොඉක්මවයි. තණ්හාව දුකට හේතුවන බැවින් එහි විපාක දැන, කිසිම දෙයක නොඇලෙමින්, තණ්හාව දුරුකරන, සිහියෙන් යුතු වූ පැවිද්දා සසර ද දුරුකරයි.’
“තණ්හාදුතියො පුරිසො, දීඝමද්ධාන සංසරං; ඉත්ථභාවඤ්ඤථාභාවං, සංසාරං නාතිවත්තති.
තණ්හා දුතියො පුරිසො දීඝමද්ධාන සංසරං, ඉත්ථභාවඤ්ඤථාභාවං සංසාරං නාති වත්තති
“එවමාදීනවං ඤත්වා, තණ්හං දුක්ඛස්ස සම්භවං; වීතතණ්හො අනාදානො, සතො භික්ඛු පරිබ්බජෙ”ති. (ඉතිවු· 15, 105; මහානි· 191; චූළනි· පාරායනානුගීතිගාථානිද්දෙස 107) –
එතමාදීනවං ඤත්වා තණ්හං දුක්ඛස්ස සම්භවං, වීතතණ්හො අනාදානො සතො භික්ඛු පරිබ්බජෙ
තෘෂ්ණාව දෙවැනි කොට ඇති පුරුෂ තෙමේ දිගු කලක් මුළුල්ලෙහි සැරිසරනුයේ ඉහාත්මභාව අනාගතාත්ම භාව සංඛ්‍යාත වූ සංසාරය නො ඉක්මවයි.
අතීතාදී ස්කන්ධයන්හි මෙසේ ආදීනව දැන, තෘෂ්ණාව දුකට කාරණයයි දැන පහ වූ තෘෂ්ණා ඇති ආදාන රහිත වූ මහත් සිහියෙන් යුතුව රහතන් වහන්සේ හැසිරෙන්නාහ.
එවං තණ්හාපහානට්ඨෙන එකො. සබ්බකිලෙසාස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මාති එවං එකන්තවිගතකිලෙසොති එකො. අනාචරියකො හුත්වා සයම්භූ සාමඤ්ඤෙව පච්චෙකසම්බොධිං අභිසම්බුද්ධොති එවං එකො පච්චෙකසම්බොධිං අභිසම්බුද්ධොති එකො.
මෙසේ තණ්හාව දුරුකරන අරුතින් එකො නම් වේ. මුලින්ම කපා දමන ලද තල්ගසක් නැවත හටනොගන්නාක් මෙන් සියළු කෙලෙස් සිඳ දමන ලදැයි ‘සබ්බකිලෙසස්ස පහීනා, උච්ඡින්නමූලා, තාලාවත්ථූකතා, ආයතිං අනුප්පාද ධම්මා’ මෙසේ නිසැකවම කෙලෙසුන් දුරුකළ බැවින් ‘එකො’ වේ. ගුරුවරයකු නොමැතිව, තමාම තම දැනුම මෙහෙයා නුවණින් පසේබුදු බව අවබෝධ කරන ලද බැවින්ද ‘එකො’ යනුවෙන් ගැනේ.
චරෙති යා ඉමා අට්ඨ චරියායො. සෙය්යථිදං – යා පණිධිසම්පන්නානං චතූසු ඉරියාපථෙසු ඉරියාපථචරියා, ඉන්ද්රියෙසු ගුත්තද්වාරානං අජ්ඣත්තිකායතනෙසු ආයතනචරියා, අප්පමාදවිහාරීනං චතූසු සතිපට්ඨානෙසු සතිචරියා, අධිචිත්තමනුයුත්තානං චතූසු ඣානෙසු සමාධිචරියා, බුද්ධිසම්පන්නානං චතූසු අරියසච්චෙසු ඤාණචරියා, සම්මා පටිපන්නානං චතූසු අරියමග්ගෙසු මග්ගචරියා, අධිගතඵලානං චතූසු සාමඤ්ඤඵලෙසු පටිපත්තිචරියා, තිණ්ණං බුද්ධානං සබ්බසත්තෙසු ලොකත්ථචරියා, තත්ථ පදෙසතො පච්චෙකබුද්ධසාවකානන්ති. යථාහ – “චරියාති අට්ඨ චරියායො යා ඉරියාපථචරියා”ති (චූළනි· ඛග්ගවිසාණසුත්තනිද්දෙස 121; පටි· ම· 1.197; 3.28) විත්ථාරො. තාහි චරියාහි සමන්නාගතො භවෙය්‍යාති අත්ථො. අථ වා යා ඉමා “අධිමුච්චන්තො සද්ධාය චරති, පග්ගණ්හන්තො වීරියෙන චරති, උපට්ඨහන්තො සතියා චරති, අවික්ඛිත්තො සමාධිනා චරති, පජානන්තො පඤ්ඤාය චරති, විජානන්තො විඤ්ඤාණෙන චරති, එවං පටිපන්නස්ස කුසලා ධම්මා ආයාපෙන්තීති ආයතනචරියාය චරති, එවං පටිපන්නො විසෙසමධිගච්ඡතීති විසෙසචරියාය චරතී”ති (චූළනි· ඛග්ගවිසාණසුත්තනිද්දෙස 121; පටි· ම· 1.197; 3.29) එවං අපරාපි අට්ඨ චරියා වුත්තා. තාහි සමන්නාගතො භවෙය්‍යාති අත්ථො. ඛග්ගවිසාණකප්පොති ඛග්ගවිසාණො නාම ඛග්ගමිගසිඞ්ගං.
චරෙ මෙම අටවැදෑරුම් හැසිරීමයි. ඒ කෙසේද? කෙලෙස් දුරුකොට, බලාපොරොත්තු අරමුණ ඉටුකර ගැනීමේ සිවුආකාර වූ ඉරියවු පැවැත්වීම නම් වූ ඉරියාපථ චරියාව, තම ඉඳුරන් නැමති දොරටු වසා සංවර කරගැනීම නම් වූ ආයතන චරියාව, හැමවිටම, නොපමාව, කය පිළිබඳව මෙනෙහි කිරීම ආදී සිවු වැදෑරුම්ව සිහිය පිහිටුවා ගැනීම නම් වූ සති චරියාව, පවත්නා සිත අබිබවා යන සිවුදැහැන් ලබා එකඟ බවට පත්කරන සමාධි චරියාව, බුද්ධි සම්පන්න වූ සිවුසස් පිළිබඳ වූ ඤාණ චරියාව, උතුම් සිවුමගෙහි මනාව පිළිපන් පරිදි වූ මග්ගචරියාව, මහණකමෙහි පල ලැබීම වන සිවුමග පලවලට පත්වීම නම් වූ පත්ති චරියාව, තුන් බුදුවරුන්, සියළු සත්වග කෙරෙහි හිතසුව සැලසීම නම් වූ ලොකත්ථ චරියාවයි. එහි කොටස් ලෙසින් පසේබුදු සව්වනටද අදාල වේ. ඒ අනුව ‘අට වැදෑරුම් හැසිරීම ගැන කියන ලදී. එය ඉරියාපථ චරියා - ඉරියව් හැසිරවීම ආදී ලෙස විස්තර වෙයි. ‘එබඳු හැසිරීම්වලින් යුතු වන්නේය යන අදහසයි. නැතහොත් ඒවා මැනවින් සිත දරා හැසිරෙයි. දැඩි උත්සාහවත්ව හැසිරෙයි. එළඹ සිටි සිහියෙන් යුතුව හැසිරෙයි. නොසැලෙන එකඟතාවෙන් සිත පිහිටුවා හැසිරෙයි. එය මනාව දැන තියුණු නුවණින් හැසිරෙයි. මෙසේ, අනුගමනය කරමින්, ඉඳුරන් මනා සංවර කරගනිමින්, ‘ආයතන චරියාවේ’ හැසිරෙයි. මෙසේ පිළිපදින්නා වූ තැනැත්තාගේ සිත උසස් බවත්, වෙසෙස් බවක් ලැබ ගනී. මෙසේ ‘විසෙස චරියාවේ හැසිරෙයි. වෙනත් ලෙසකින්ද හැසිරීම් අට ගැන කියන ලදී. ඒවායින් යුතු වන්නේ යැයි තේරුමයි. ඛග්ගවිසාණකප්පො යනු කඩුවක් බඳු දිග අඟක් නළලේ ඇති සතෙකි. (කඟවේණාය)
කප්ප -සද්දො පනායං අභිසද්දහනවොහාරකාලපඤ්ඤත්තිච්ඡෙදවිකප්පලෙසසමන්තභාවසදිසාදිඅනෙකත්ථො. තථා හිස්ස “ඔකප්පනීයමෙතං භොතො ගොතමස්ස. යථා තං අරහතො සම්මාසම්බුද්ධස්සා”ති එවමාදීසු (ම· නි· 1.387) අභිසද්දහනත්ථො. “අනුජානාමි, භික්ඛවෙ, පඤ්චහි සමණකප්පෙහි ඵලං පරිභුඤ්ජිතු”න්ති එවමාදීසු (චූළව· 250) වොහාරො. “යෙන සුදං නිච්චකප්පං විහරාමී”ති එවමාදීසු (ම· නි· 1.387) කාලො. “ඉච්චායස්මා කප්පො”ති එවමාදීසු (සු· නි· 1098; චූළනි· කප්පමාණවපුච්ඡා 117, කප්පමාණවපුච්ඡානිද්දෙස 61) පඤ්ඤත්ති. “අලඞ්කතො කප්පිතකෙසමස්සූ”ති එවමාදීසු (ජා· 2.22.1368) ඡෙදනං. “කප්පති ද්වඞ්ගුලකප්පො”ති එවමාදීසු (චූළව· 446) විකප්පො. “අත්ථි කප්පො නිපජ්ජිතු”න්ති එවමාදීසු (අ· නි· 8.80) ලෙසො. “කෙවලකප්පං වෙළුවනං ඔභාසෙත්වා”ති එවමාදීසු (සං· නි· 1.94) සමන්තභාවො. “සත්ථුකප්පෙන වත කිර, භො, සාවකෙන සද්ධිං මන්තයමානා න ජානිම්හා”ති එවමාදීසු (ම· නි· 1.260) සදිසො, පටිභාගොති අත්ථො. ඉධ පනස්ස සදිසො පටිභාගොති අත්ථො වෙදිතබ්බො, ඛග්ගවිසාණසදිසොති වුත්තං හොති. අයං තාවෙත්ථ පදතො අත්ථවණ්ණනා.
‘කප්ප’ යන වචනය අභිසද්දහන, වොහාර, කාලපඤ්ඤත්ති, ඡෙදන, විකප්ප, ලෙස, සමන්තභාව, සදිස ආදී නොයෙක් තේරුම් ඇත. පින්වත් ගෞතමයන්ගේ අරහත් සම්මා සම්බුදු බව විශ්වාස කටයුතුය. ‘ඔකප්පතියමෙතං භොතො ගොතමස්ස යථා තං අරහතො සම්මා සම්බුද්ධස්ස’ - මෙහි විශ්වාසය, තහවුරු කරගැනීම යන අරුතින් ‘කප්ප’ යෙදී ඇත. ‘මහණෙනි, පස් ආකාරයකින් සමණ දිවියට කැප වූ ගෙඩි අනුභවය අනුදනිමි’ - අනුජානාමි භික්ඛවෙ පඤ්චහි සමණ කප්පෙහි ඵලං පරිභුඤ්ජිතුං’ මෙහි පාවිච්චිය, පරිහරණය අරුතිනි. ‘නිරතුරුවම කාලයක් යනක වසමි’ ‘යෙන සුදං නිච්චකප්පං විහරාමි’ මෙහි කාලය දැනවීමටයි. ‘ගරු කටයුතු කප්ප හිමි මෙසේ කීය. ‘ඉච්චායස්මා කප්පො’ මේ ආදී තැන (නමින්) පැනවීමක් අදහසයි. කෙස් රැවුල් කපා, අලංකාරවත් කරන ලදී ‘අලංකතො කප්පිත කේසමස්සූ’ මෙහි කැපීම අදහසිනි. ‘දෑඟුලක් තරමට සුදුසුය’ - ‘කප්පති ද්වංගුල කප්පො’ මෙහි කල්පනා අරුතිනි. ‘වැතිර සිටීමට තරම් ඉඩක් ඇත’ ‘කප්පො නිපජ්ජිතුං’ මෙහි ඉතා මදක් (යම්තමින්) යන අරුතිනි. ‘හාත්පස වේළුවන වටපිටාව බබුළුවා’ ‘කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා’ මෙහි අදාල වටපිටාව අරුතිනි. ‘පින්වත, බුදුරදුන් හෝ සව්වකු සමග සාකච්ඡා කළද සමබවක් නොදනිමු’ ‘සත්ථූ කප්පෙන කිර භො සාවකෙන සද්ධිං මන්තයමානා නජානිම්භ’ මෙහි සමාන බවක් යන අරුතිනි. මෙම සූත්‍රයෙහි යෙදුනේ සමාන අරුතින් බව දතයුතුය. කඟවේනකු සමාන යැයි කියන ලදී. මේ එහි වචනයේ අරුත පමණි.
අධිප්පායානුසන්ධිතො පන එවං වෙදිතබ්බො – ය්වායං වුත්තප්පකාරො දණ්ඩො භූතෙසු පවත්තියමානො අහිතො හොති, තං තෙසු අප්පවත්තියමානෙසු තප්පටිපක්ඛභූතාය මෙත්තාය හිතූපසංහාරෙන ච සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං, නිහිතදණ්ඩත්තා එව ච යථා අනිහිතදණ්ඩා සත්තා භූතානි දණ්ඩෙන වා සත්ථෙන වා පාණිනා වා ලෙඩ්ඩුනා වා විහෙඨෙන්ති, තථා අවිහෙඨයං, අඤ්ඤතරම්පි තෙසං ඉමං මෙත්තාකම්මට්ඨානමාගම්ම යදෙව තත්ථ වෙදනාගතං සඤ්ඤාසඞ්ඛාරවිඤ්ඤාණගතං තඤ්ච තදනුසාරෙනෙව තදඤ්ඤඤ්ච සඞ්ඛාරගතං විපස්සිත්වා ඉමං පච්චෙකබොධිං අධිගතොම්හී”ති අයං තාව අධිප්පායො.
එයින් අදහස් වන කරුණු මෙසේ දතයුතුය. මෙහි කියන ලද ආකාරයට දුසිරිතෙහි යෙදීම හැමදෙනා කෙරෙහිම අහිත පිණිස පවතීද, ඔවුන් එසේ පැවතුනත් (තමන්) එසේ නොකොට, එයට වෙනස් වන පරිදි මෙත් සිතිවිලි පැතිරවීමෙන්ද දඬුමුගුරු නොගෙන (තමන්) සිටියද, ඔවුන් දඬුවලින් හෝ ආයුධයකින් හෝ ගල්කට කැබලිති ආදියෙන් හෝ හිංසා කරත්ද, එසේ හිංසාවෙන් තොරව, ඔවුන් කෙරෙහි මෙම මෙත් සහගත කමටහන වඩා, එහි වේදනා, සඤ්ඤා, සංඛාර, විඤඤාණ ලෙස සළකා ඒ අනුසාරයෙන් ඒ වෙනත් දේවල්ද සංඛාර බවට (හේතු නිසා හටගත් දේ තිර නැති බව) විදසුන් වඩා පසේ බුදුබව මම අවබෝධ කළෙමි’ යයි මේ එහි අදහසයි.
අයං පන අනුසන්ධි – එවං වුත්තෙ තෙ අමච්චා ආහංසු – “ඉදානි, භන්තෙ, කුහිං ගච්ඡථා”ති? තතො තෙන “පුබ්බපච්චෙකසම්බුද්ධා කත්ථ වසන්තී”ති ආවජ්ජෙත්වා ඤත්වා “ගන්ධමාදනපබ්බතෙ”ති වුත්තෙ පුනාහංසු – “අම්හෙ දානි, භන්තෙ, පජහථ, න ඉච්ඡථා”ති. අථ පච්චෙකබුද්ධො ආහ – “න පුත්තමිච්ඡෙය්යා”ති සබ්බං. තත්රායං අධිප්පායො – අහං ඉදානි අත්රජාදීසු යං කිඤ්චි පුත්තම්පි න ඉච්ඡෙය්යං, කුතො පන තුම්හාදිසං සහායං. තස්මා තුම්හෙසුපි යො මයා සද්ධිං ගන්තුකාමො මාදිසො වා හොතුං ඉච්ඡති, සො එකො චරෙ ඛග්ගවිසාණකප්පො. අථ වා තෙහි “අම්හෙ දානි, භන්තෙ, පජහථ, න ඉච්ඡථා”ති වුත්තෙ සො පච්චෙකසම්බුද්ධො “න පුත්තමිච්ඡෙය්ය, කුතො සහාය”න්ති වත්වා අත්තනො යථාවුත්තෙනට්ඨෙන එකචරියාය ගුණං දිස්වා පමුදිතො පීතිසොමනස්සජාතො ඉමං උදානං උදානෙසි (සු· නි· අට්ඨ· 1.35).
මීළඟට මෙය අනෙක් කරුණු හා ගැළපීමයි. මෙසේ කීවිට ඒ ඇමතිවරු ‘හිමියනි, දැන් කොහි යන්නෙහිදැ’යි ඇසූහ. එවිට ‘පසේ බුදුවරුන් පෙර කොතැන වැඩසිටියාහුදැ’යි මෙනෙහිකොට, ගන්ධමාදන පව්වෙහි යැයි දැන, ඒ බව වදාළ විට, ‘හිමියනි, අප අත්හැර දැමීමට කැමති නොවනු මැනවැ’යි නැවත කීහ. එවිට පසේබුදුන් වහන්සේ, ‘න පුත්තමිච්ඡෙය්ය...’ කී සියල්ල මෙහි මෙසේ අදහස් වේ. මම දැන් මගේම පුතුන් ආදීන් මෙන්ම, පුතකු සේ සැළකෙන කිසිදු දෙයකට (කිසියම් දෙයක හිමිකමකට) කැමති නොවෙමි. එසේනම්, ඔබලා වැනි සහායකයන් ගැන කුමක් කියන්නද? එහෙයින් මා සමග යාමට හෝ මා වාගේ සිටීමට ඔබලා අතුරෙන් යම් කෙනෙකු කැමති වෙත්නම්, ඔහු තනිව හැසිරෙන කඟවේණකු මෙන් විය යුතුය. එසේ නැතහොත්, ඔවුන් විසින් ‘හිමියනි, අප අත්හැර දැමීමට කැමති නොවනු මැනවැ’යි කී විට, ඒ පසේබුදුන් වහන්සේ, පුතුන්ද කැමති නොවෙමි, සහායකයන් ගැන කුමකට කියම්දැ’යි කියා, තමා පෙර කියන ලද පරිදිම තනිව හැසිරිමෙහි යහපත දැක, සතුටු සොම්නසින් පමුදිතව මෙම උදානය පහළ කළහ.
තත්ථ තසාති විපාසකිරියා. ථාවරාති ඛීණාසවා. භයභෙරවාති ඛුද්දානුඛුද්දකා චිත්තුත්රාසා. නිධායාති ඡඩ්ඩෙත්වා. නිදහිත්වාති ඨපෙත්වා. ඔරොපයිත්වාති අධොකරිත්වා. සමොරොපයිත්වාති අධොගතං විස්සජ්ජෙත්වා. නික්ඛිපිත්වාති තතො අපනෙත්වා. පටිප්පස්සම්භිත්වාති සන්නිසීදාපෙත්වා.
තසිනා (මෙය) පිපාසයක් බඳුය. භයභෙරවො සිතෙහි සුළු වූත්, ඉතා සුළු වූත් බිය තැති ගැනීම්, ථාවරා කෙලෙසුන් නැසූ උතුමෝ, නිධාය හැරදමා, නිදහෙත්වා තබා, ඔරොපයිත්වා පහත්කොට, සමොරොපයිත්වා බැහැරකොට හැරදමා, නික්ඛිපිත්වා එයින් ඉවත්කොට පටිප්පසභිත්වා සංසිඳුවා.
ආලපනන්ති ආදිතො ලපනං. සල්ලපනන්ති සම්මා ලපනං. උල්ලපනන්ති උද්ධං කත්වා ලපනං. සමුල්ලපනන්ති පුනප්පුනං උද්ධං කත්වා ලපනං.
ආලපනං මුලසිටම කතාබහ කිරිම, ඇමතීම, සල්ලපනං මනාකොට කතා කිරීම, උල්ලපනං උසස්කොට කතා කිරීම, (චාටු බස් කීම) සමුල්ලපනං නැවත නැවත එසේ උසස්කොට කතාකිරීම,
ඉරියාපථචරියාති ඉරියාපථානං චරියා, පවත්තනන්ති අත්ථො. සෙසෙසුපි එසෙව නයො. ආයතනචරියා පන ආයතනෙසු සතිසම්පජඤ්ඤානං චරියා. පත්තීති ඵලානි. තානි හි පාපුණීයන්තීති “පත්තී”ති වුත්තානි. සත්තලොකස්ස දිට්ඨධම්මිකසම්පරායිකා අත්ථා ලොකත්ථාති අයං විසෙසො.
ඉරියාපථ චරියා ඉරියව් හැසිරවීම, ඉරියව් පැවැත්ම තේරුමයි. ඉතිරි දේද එබඳුය. ආයතන චරියා ඇස් ආදී ඉඳුරන් සිහිනුවණින් යුතුව හැසිරවීම, පත්ති (මහණකමෙන් ලබන) පල, ඒවාට පැමිණෙතියි පත්ති යැයි කියන ලදී. ලෝවාසී සත්වගට මෙලොව එලොව දියුණුව පිණිස කටයුතු කිරීම ලොකත්ථා, යනුවෙන් මෙහි වෙසෙස් කොට දැක්වේ.
ඉදානි තාසං චරියානං භූමිං දස්සෙන්තො “චතූසු ඉරියාපථෙසූ”තිආදිමාහ . සතිපට්ඨානෙසූති ආරම්මණසතිපට්ඨානෙසුපි වුච්චමානෙසු සතිතො අනඤ්ඤානි, වොහාරවසෙන පන අඤ්ඤානි විය කත්වා වුත්තං. අරියසච්චෙසූති පුබ්බභාගෙ ලොකියසච්චඤාණෙන විසුං විසුං සච්චපරිග්ගහවසෙන වුත්තං. අරියමග්ගෙසු සාමඤ්ඤඵලෙසූති ච වොහාරවසෙනෙව වුත්තං. පදෙසතොති ලොකත්ථචරියාය එකදෙසෙ. නිප්පදෙසතො හි ලොකත්ථචරියං බුද්ධා එව කරොන්ති. පුන තා එව චරියායො කාරකපුග්ගලවසෙන දස්සෙන්තො “පණිධිසම්පන්නාන”න්තිආදිමාහ. තත්ථ පණිධිසම්පන්නා නාම ඉරියාපථානං සන්තත්තා ඉරියාපථාව ඨිතියා සම්පන්නා අකම්පිතඉරියාපථා භික්ඛුභාවානුරූපෙන සන්තෙන ඉරියාපථෙන සම්පන්නා.
දැන් එම හැසිරෙන ‘පරාසය’ දක්වමින් ‘චතුසු ඉරියාපථෙසු’ ආදී ලෙස කීහ. සතිපට්ඨානෙසු සිහිය පිහිටුවා ගැනීම අරමුණ ලෙස කියනු ලබනවිට, සිහිය හා අදාලව වෙන අදහසක් නොවූවත්, වැවහර ලෙසින් වෙනකක් මෙන් කියන ලදී. අරියසච්චෙසු පළමුව, මෙලොවට අදාල ඇත්ත දක්නා නුවණින් වෙන් වෙන්කොට, ඇත්තක් පරිද්දෙන්ම කියන ලදී. අරියමග්ගෙසු සාමඤ්ඤඵලෙසු එයද වැවහර ලෙසින්ම කියන ලදී. පදෙස ලෝකයාගේ හිතසුව පිණිස හැසිරිම එක් කොටසක් ලෙස, නිප්පදෙසතො හිතසුව පිණිස හැසිරීම බුදුවරුම කරති. නැවත, ඒ හැසිරීම් කරන තැනැත්තකු ලෙසින් දක්වමින් පණිධිසම්පන්නානං.... ආදී ලෙස කීහ. පණිධිසම්පන්නා නම්, ඉරියව් සන්සුන්ව පවත්වා ගත යුතු බැවින්, මහණකමට සුදුසු පරිදි කටයුතු කිරීමයි.
ඉන්ද්රියෙසු ගුත්තද්වාරානන්ති චක්ඛාදීසු ඡසු ඉන්ද්රියෙසු අත්තනො අත්තනො විසයෙ පවත්තං එකෙකද්වාරවසෙන ගුත්තං ද්වාරං එතෙසන්ති ගුත්තද්වාරා, තෙසං ගුත්තද්වාරානං. ද්වාරන්ති චෙත්ථ උප්පත්තිද්වාරවසෙන චක්ඛාදයො එව. අප්පමාදවිහාරීනන්ති සීලාදීසු අප්පමාදවිහාරවතං. අධිචිත්තමනුයුත්තානන්ති විපස්සනාය පාදකභාවෙන අධිචිත්තසඞ්ඛාතං සමාධිං අනුයුත්තානං. බුද්ධිසම්පන්නානන්ති නාමරූපවවත්ථානං ආදිං කත්වා යාව ගොත්‍රභු, තාව පවත්තෙන ඤාණෙන සම්පන්නානං . සම්මා පටිපන්නානන්ති චතුමග්ගක්ඛණෙ. අධිගතඵලානන්ති චතුඵලක්ඛණෙ. තථාගතානන්ති තථා ආගතානං. අරහන්තානන්ති දූරකිලෙසානං. සම්මාසම්බුද්ධානන්ති සම්මා සාමඤ්ච සබ්බධම්මබුද්ධානං. ඉමෙසං පදානං අත්ථො හෙට්ඨා පකාසිතො එව.
ඉන්ද්රියෙසු ගුත්තද්වාරානං ඇස ආදී ඉඳුරන් හයෙහි, තම තමන් සීමාවෙහි පවත්නා වූ ඉඳුරන් එක එක දොරටු ලෙසින් සළකා, ඒවා වසන ලද අදහසින්, සංවර කරගත්තා වූ, ඇස් ආදියට (අරමුණු) උපදනා සේ ගැනේ. අප්පමාද විහාරීනං සීලාදියෙහි නොපමාව යෙදී කල්ගත කිරීමෙන්, අධිචිත්ත මනුයුත්තානං විදසුන් මුල්කොට, සිතේ උසස් බවක් යැයි කියන ලද සමාධියෙන් හෙවත් එකඟබවින් යුතු, බුද්ධිසම්පන්නානං නාමරූප වෙන්ව ගෙන, මග සිතට පළමු උපදනා සිත දක්වා පවත්නා නුවණින් යුතුව, සම්මා පටිපන්නානං සිවුමග මොහොතෙහි, අධිගත ඵලානං සිවුපලයෙහි, තථාගතානං එසේ පැමිණි, අරහන්තානං කෙලෙස් දුරුකළ, සම්මා සමබුද්ධානං මැනවින් තමන් විසින්ම සියළුම දේ අවබෝධ කළ, මේ පදවල අරුත් පවසන ලදී.
පදෙසතො පච්චෙකබුද්ධානන්ති පච්චෙකසම්බුද්ධානං එකදෙසතො. සාවකානන්ති සාවකානම්පි එකදෙසතො. අධිමුච්චන්තොති අධිමොක්ඛං කරොන්තො. සද්ධාය චරතීති සද්ධාවසෙන පවත්තති. පග්ගණ්හන්තොති චතුසම්මප්පධානවීරියෙන පදහන්තො. උපට්ඨපෙන්තොති සතියා ආරම්මණං උපට්ඨපෙන්තො. අවික්ඛෙපං කරොන්තොති සමාධිවසෙන වික්ඛෙපං අකරොන්තො. පජානන්තොති චතුසච්චජානනපඤ්ඤාය පකාරෙන ජානන්තො. විජානන්තොති ඉන්ද්රියසම්පයුත්තජවනපුබ්බඞ්ගමෙන ආවජ්ජනවිඤ්ඤාණෙන ආරම්මණං විජානන්තො. විඤ්ඤාණචරියායාති ආවජ්ජනවිඤ්ඤාණචරියාවසෙන. එවං පටිපන්නස්සාති සහාවජ්ජනාය ඉන්ද්රියචරියාය පටිපන්නස්ස. කුසලා ධම්මා ආයාපෙන්තීති සමථවිපස්සනාවසෙන පවත්තා කුසලා ධම්මා භුසං යාපෙන්ති, පවත්තන්තීති අත්ථො. ආයතනචරියායාති කුසලානං ධම්මානං භුසං යතනචරියාය, පවත්තනචරියායාති වුත්තං හොති. විසෙසමධිගච්ඡතීති වික්ඛම්භනතදඞ්ගසමුච්ඡෙදපටිප්පස්සද්ධිවසෙන විසෙසං අධිගච්ඡති.
පදෙස පච්චෙක බුද්ධානං පසේ බුදුවරුන් එක් කොටසක්, පදෙසෙ සාවකානං සව්වන් එක් කොටසක්, අධිමුච්චන්තො සිතේ තිර බව ඇති කරමින්, සද්ධාය චරති සැදැහැ ලෙසින් පවතී. පග්ගණ්හන්තො සතරාකාර වූ යහපත් උත්සාහ වඩමින්, උපට්ඨපෙන්තො සිහියෙන් අරමුණු මනාව දැනගනිමින්, අවික්ඛෙපං කරොන්තො එකඟ බවෙන් වෙනසක් නොකරමින්, පජානන්තො සිවුසස් දැනගන්නා නුවණින් ඒ ආකාරව දැන, විජානන්තො ජවන් (සිත්) මුල්වන ඉඳුරන් සම්බන්ධ මෙනෙහි කිරීමේ හැගීම් - අරමුණු දැනගැනීම, විඤ්ඤාණ චරියාය. විඤ්ඤාණ හැසිරීම් මෙනෙහි කිරීම ලෙසින්, එවං පටිපන්නස්ස ඉඳුරන් හැසිරවීමෙහි පිලිපන් තැනැත්තාට මෙනෙහි කිරීමත් සමග, කුසලා ධම්මා ආයාපෙන්ති සමථ විදසුන් ලෙස පවත්නා යහපත් කරුණු බොහෝ සෙයින් පවතී. ආයතන චරියාය යහපත් කරුණු බොහෝකොට ආයතන චරියා නම් වේ. විසෙසමධිගච්ඡති වික්ඛම්භන, තදංග, සමුච්ඡෙද, පටිප්පස්සද්ධි ලෙසින් වෙසෙස් බවක් ලබයි.
දස්සනචරියා ච සම්මාදිට්ඨියාතිආදීසු සම්මා පස්සති, සම්මා වා තාය පස්සන්ති, පසට්ඨා සුන්දරා වා දිට්ඨීති සම්මාදිට්ඨි, තස්සා සම්මාදිට්ඨියා නිබ්බානපච්චක්ඛකරණෙන දස්සනචරියා. සම්මා සඞ්කප්පෙති, සම්මා වා තෙන සඞ්කප්පෙන්ති, පසට්ඨො සුන්දරො වා සඞ්කප්පොති සම්මාසඞ්කප්පො. තස්ස ආරම්මණෙ චිත්තස්ස අභිනිරොපනචරියා. සම්මා වදති, සම්මා වා තාය වදන්ති, පසට්ඨා සුන්දරා වා වාචාති සම්මාවාචා, මිච්ඡාවාචාවිරතියා එතං නාමං. තස්සා චතුබ්බිධවචීසංවරපරිග්ගහචරියා. සම්මා කරොති, සම්මා වා තෙන කරොන්ති, පසට්ඨං සුන්දරං වා කම්මන්ති සම්මාකම්මං, සම්මාකම්මමෙව සම්මාකම්මන්තො, මිච්ඡාකම්මන්තවිරතියා එතං නාමං. තස්ස තිවිධකායසංවරසමුට්ඨානචරියා. සම්මා ආජීවති, සම්මා වා තෙන ආජීවන්ති, පසට්ඨො සුන්දරො වා ආජීවොති සම්මාආජීවො, මිච්ඡාආජීවවිරතියා එතං නාමං. තස්ස වොදානචරියා පරිසුද්ධචරියා. සම්මා වායමති, සම්මා වා තෙන වායමන්ති, පසට්ඨො සුන්දරො වා වායාමොති සම්මාවායාමො, තස්ස පග්ගහචරියා. සම්මා සරති, සම්මා වා තාය සරන්ති, පසට්ඨා සුන්දරා වා සතීති සම්මාසති, තස්සා උපට්ඨානචරියා. සම්මා සමාධියති, සම්මා වා තෙන සමාධියන්ති, පසට්ඨො සුන්දරො වා සමාධීති සම්මාසමාධි, තස්ස අවික්ඛෙපචරියා.
දැකීම් හැසිරවීම අනුව යහපත් ලෙස දකී. මනාකොට දකී. පසස්නා ලද සුන්දර දැකීම සම්මා දිට්ඨි ඒ යහපත් දැකීමෙන් නිවන පසක් කරන දැකීම හැසිරවීම සම්මා සංකප්පො මනාකොට පසසනා ලද සුන්දර සිතුවිලි සංකල්පනය කරති. එම අරමුණෙහි මනාව සිත යොමුකර හැසිරවීමෙන් මනාව කියයි හෝ, පසස්නා ලද සොඳුරු වචන කියතියි සම්මා වාචා වැරදි වචනයෙන් (කතාබහෙන්) වැළකීමද මෙයට නමකි. එහි සිවු සංවර උත්සාහයෙන් මැනවින් කටයුතු කරයි. ඒ පසස්නා ලද සොඳුරු වූ කටයුතුවල යෙදීම සම්මා කම්මන්තො වැරදි කටයුතුවලින් වෙන්වීම එයට නමකි. එහි තුන්ආකාර වූ කාය සංවරයෙහි පිහිටා හැසිරීම, මනාව දිවි පැවතුම් සකසති. මනාව ඒ අනුව දිවි ගෙවති. පසස්නා ලද සුන්දර යහපත් වූ ජීවිකාව සම්මා ආජීවො වැරදි ජීවන පිළිවෙතින් වෙන්වීම එයට නමකි. එහි පිරිසිදු හැසිරිම, කිලිටි දේවලින් වෙන්ව සුපිරිසිදු හැසිරීම, මනාව උත්සාහවත් වෙයි. ඒ පසස්නා ලද සොඳුරු උත්සාහය සම්මා වායාමො එය (ජීවිතයෙහි) දරාගැනීම - මනාව සිහි කරමින් මනාකොට එහි හැසිරෙයි. පසස්නා ලද සොඳුරු සිහිය සම්මා සති එය වටහා ගැනීමෙන් මනාකොට දරාසිටිනු ලැබේයැයි පසස්නා ලද සුන්දර වූ සිතේ ඇතිවන එකඟ බව සම්මා සමාධි එහි කලබල නොමැති නිසල බවයි.
තක්කප්පොති තෙන කප්පො, එවරූපොති අත්ථො. තස්සදිසොති තෙන සදිසො, “තස්සදිකො”ති වා පාඨො. තප්පටිභාගොති තෙන පටිභාගො තප්පටිභාගො, එදිසොති අත්ථො. සාදුරසං අතික්කන්තං ලොණං අතිලොණං. ලොණකප්පොති ලොණසදිසොති වුච්චති. අතිතිත්තකන්ති අතික්කන්තතිත්තකං, පුචිමන්දාදිකප්පො තිත්තකසදිසොති වුච්චති. අතිමධුරන්ති ඛීරපායාසාදිකං. හිමකප්පොති හිමොදකසදිසො. සත්ථුකප්පොති සත්ථුනා බුද්ධෙන සදිසො. එවමෙවාති ඔපම්මසම්පටිපාදනං.
තං කප්පො ඒ ආකාරය - මෙබඳු යැයි තේරුමයි. තංසදිසො එය හා සමාන, තස්සාදිසො යනුද පාඨයකි. තප්පටිභාගො ඒ හා සම, එබඳු යැයි අරුත් ඇති, පියවි රසය ඉක්මවූ ලුණු ගතියෙන් අතිලොණං, ලොණකප්පො ලුණු හා සමාන යැයි කියනු ලැබේ. අතිතිත්තකං තිත්ත ගතිය ඉක්ම වූ කොහොඹ හා සමාන යැයි, විසක් හා සමාන යැයි කියනු ලැබේ. අතිමධුරං කිරිබතටත් වැඩි (රසක්), හිමකප්පො හිම වතුර (සීත කළ ජලය) සත්ථුකප්පො මගපෙන්වන බුදුන් වහන්සේ හා සමාන, එවමෙවං උපමා දැක්වීමයි.
තත්රායං එතස්ස පච්චෙකබුද්ධස්ස සඞ්ඛෙපෙන විපස්සනාආචික්ඛනවිධිං දස්සෙත්වා ගමිස්සාම. තත්ථ නාමරූපපරිග්ගහං කාතුකාමො පච්චෙකබොධිසත්තො රූපාරූපඅට්ඨසමාපත්තීසු යං කිඤ්චි ඣානං සමාපජ්ජිත්වා වුට්ඨාය විතක්කාදීනි ඣානඞ්ගානි ච තංසම්පයුත්තෙ ච ඵස්සාදයො ධම්මෙ ලක්ඛණරසපච්චුපට්ඨානපදට්ඨානවසෙන පරිච්ඡින්දිත්වා “සබ්බම්පෙතං ආරම්මණාභිමුඛං නමනතො නමනට්ඨෙන නාම”න්ති වවත්ථපෙති. තතො තස්ස පච්චයං පරියෙසන්තො “හදයවත්ථුං නිස්සාය පවත්තතී”ති පස්සති. පුන වත්ථුස්ස පච්චයභූතානි ච උපාදාරූපානි ච පස්සිත්වා “ඉදං සබ්බං රුප්පනතො රූප”න්ති පරිග්ගණ්හාති. පුන තදුභයං “නමනලක්ඛණං නාමං, රුප්පනලක්ඛණං රූප”න්ති එවං සඞ්ඛෙපතො නාමරූපං වවත්ථපෙති. සමථයානිකවසෙනෙතං වුත්තං. විපස්සනායානිකො පන චතුධාතුවවත්ථානමුඛෙන භූතුපාදායරූපානි පරිච්ඡින්දිත්වා “සබ්බම්පෙතං රුප්පනතො රූප”න්ති පස්සති. තතො එවං පරිච්ඡින්නරූපස්ස චක්ඛාදීනි නිස්සාය පවත්තමානා අරූපධම්මා ආපාථමාගච්ඡන්ති. තතො සබ්බෙපි තෙ අරූපධම්මෙ නමනලක්ඛණෙන එකතො කත්වා “ඉදං නාම”න්ති පස්සති, සො “ඉදං නාමං, ඉදං රූප”න්ති ද්වෙධා වවත්ථපෙති. එවං වවත්ථපෙත්වා “නාමරූපතො උද්ධං අඤ්ඤො සත්තො වා පුග්ගලො වා දෙවො වා බ්රහ්මා වා නත්ථී”ති පස්සති.
මෙහිදී එක් පසේබුදුවරයකු විදසුන් පවසන අයුරු කෙටියෙන් දක්වන්නෙමු. එහිදී නාමරූප විමසනු කැමති පසේ බෝසත්තුමා, රූපාරූප සමවත් අටෙන් යම් දැහැනකට සමවැද, නැගී, විතක්ක ආදී දැහැන් අංග හා ඒ හා සබැඳි පහස ආදී ගති ලකුණු, වැටහීම් අරුත් ලෙසින් පිරිසිඳ දැන, ඒ සියල්ලම අරමුණ හමුවෙහි නැමෙන - අවනත වන තේරුමත් නාම යැයි නම නියමකොට ගැනේ. එවිට එහි හේතු සෙවීමෙන් හදවත නිසා පවත්නේ යැයි දකී. නැවත හදවතට හේතුවන, උපකාර වන, උපාදා රූප ද දැක, මේ සියල්ල වෙනස්වීමේ ගති ඇති බැවින්, රූපය යැයි (රුප්පන ලක්ඛණං රූපං) මෙසේ කෙටියෙන් නාමරූපය නියමකොට ගනී. සමථ වැඩීම ලෙසින් එය කියන ලදී. විදසුන් අනුව සළකා බලන සිවුධාතු කොටස් ලෙස ගැනීමෙන් (සතර මහා) භූත කොටස් පාදක කොට රූපය පිරිසිඳ දැන, ඒ සියල්ලම වෙනස් වන ගති සළකා රූපය දකී. මෙසේ එහිදී වෙන්ව සැළකු රූපයෙහි, ඇස් ආදිය නිසා පවත්නා රූප නොවන දේ (අරූප ධම්මා) ඉදිරියට එයි. එවිට ඒ සියළුම අරූප දේවල්ද නැමෙන ගතිය අනුව එකට සළකාගෙන, මෙය නාම යැයි දකී. පසේ බුදුරජාණන් වහන්සේ ‘මේ නාමයයි, මේ රූප’ යැයි කොටස් දෙකකින් සළකති. මෙසේ සළකා, නාමරූපයෙන් මතු වෙනත් ජීවියකු හෝ පුද්ගලයකු හෝ දෙවියෙකු හෝ බ්‍රහ්මයෙකු හෝ නැතැයිද දකිති.
‘යම්සේ ඒ ඒ කොටස් එකතුවීමෙන් රථය යැයි හඳුන්වන්නා සේ, සමූහ කොටස් ලෙස එකතු වූ විට ‘සත්ත’ හෙවත් ජීවියකු ලෙස එකඟතාවයකට පත්ව ඇත.’
යථා හි අඞ්ගසම්භාරා, හොති සද්දො රථො ඉති; එවං ඛන්ධෙසු සන්තෙසු, හොති “සත්තො”ති සම්මුති. (සං· නි· 1.171; මි· ප· 2.1.1; කථා· 233);
යථා හි අංග සම්භාරා හොති සද්දො රථො ඉති, එවං ඛන්ධෙසු සත්තෙසු හොති සත්තොති සම්මුති
එවමෙව පඤ්චසු උපාදානක්ඛන්ධෙසු සන්තෙසු “සත්තො පුග්ගලො”ති වොහාරමත්තං හොතීති එවමාදිනා නයෙන නාමරූපානං යාථාවදස්සනසඞ්ඛාතෙන දිට්ඨිවිසුද්ධිභූතෙන ඤාණෙන නාමරූපං පරිග්ගහෙත්වා පුන තස්ස පච්චයම්පි පරිග්ගණ්හන්තො වුත්තනයෙන නාමරූපං පරිග්ගහෙත්වා “කො නු ඛො ඉමස්ස හෙතූ”ති පරියෙසන්තො අහෙතුවාදවිසමහෙතුවාදෙසු දොසං දිස්වා රොගං දිස්වා තස්ස නිදානං සමුට්ඨානම්පි පරියෙසන්තො වෙජ්ජො විය තස්ස හෙතුඤ්ච පච්චයඤ්ච පරියෙසන්තො අවිජ්ජා තණ්හා උපාදානං කම්මන්ති ඉමෙ චත්තාරො ධම්මෙ නාමරූපස්ස උප්පාදපච්චයත්තා “හෙතූ”ති . ආහාරං උපත්ථම්භනපච්චයත්තා “පච්චයො”ති ච පස්සති. ඉමස්ස හි කායස්ස අවිජ්ජාදයො තයො ධම්මා මාතා විය දාරකස්ස උපනිස්සයා හොන්ති, කම්මං පිතා විය පුත්තස්ස ජනකං, ආහාරො ධාති විය දාරකස්ස සන්ධාරකොති. එවං රූපකායස්ස පච්චයපරිග්ගහං කත්වා පුන “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණ”න්තිආදිනා (සං· නි· 4.60; කථා· 465) නයෙන නාමකායස්සපි පච්චයං පරිග්ගණ්හාති, එවං පරිග්ගණ්හන්තො “අතීතානාගතාපි ධම්මා එවමෙව වත්තන්තී”ති සන්නිට්ඨානං කරොති.
මේ ආකාරයෙන්, උපාදාන සමූහ පහක් ඇති කල්හී, ‘සත්ත පුද්ගල’ යැයි කතාබහට පමණක් කියතැයි, නාම රූප ඇති සැටියෙන් දැකීමෙන් පිරිසිදු සේ දැකීමේ නුවණින් (දිටඨි විසුද්ධි) සළකා, නැවත ඉහත කී පරිද්දෙන් ‘මෙසේ ඇතිවීමට හේතු කවරේදැයි (බලති) එහිදී, අහේතු-විසම හේතු පිළිබඳ දොස් දැක, රෝගය හඳුනාගත් වෙදෙකු ඊට හේතු වූ කරුණු සොයන පරිද්දෙන්, නාම රූපයටද හේතු සොයමින් නොදැනීම-ආසාව, දැඩිව ගැනීම හා කරන කියන කටයුතු (අවිජ්ජා-තණ්හා-උපාදාන-කම්ම) යන සතර හේතු වේයැයි, ඒවාට ආහාර වන, උපකාර වන බැවින් හේතු ලෙසද දකිති. මේ කයට අවිජ්ජාදී කරුණු තුන දරුවාට මවක මෙන් උපකාර හේතු වෙයි. කම්ම වූ කලී පුතු ගේ උපතට හේතුවන පියා මෙනි. ආහාරය කිරිමවක මෙන් දරුවා දරාගන්නා ලෙසින්, රූපකාය දැරිමේ අදාළ හේතු දැක, නැවත ‘ඇසත් රූපයත් නිසා ඇසින් හඳුනා ගැනේ ‘චක්ඛුං ච පටිච්ච රූපෙච උපජ්ජති චක්ඛු විඤ්ඤාණං’ ආදී ලෙස නාමකායෙහිද, හේතු මැනවින් සළකා ගනිති. මෙසේ සළකා ගනිමින් අතීත, අනාගත කරුණුද ඒ පරිදිම පවතී යයි සනිටුහන් කරති.
තස්ස යා සා පුබ්බන්තං ආරබ්භ “අහොසිං නු ඛො අහං අතීතමද්ධානං, න නු ඛො අහොසිං, කිං නු ඛො, කථං නු ඛො, කිං හුත්වා කිං අහොසිං නු ඛො අහං අතීතමද්ධාන”න්ති පඤ්චවිධා විචිකිච්ඡා වුත්තා.
එහිදී පෙර පටන්ගැන්ම ගැන, ‘මා අතීතයෙහි සිටියෙම්ද? මා අතීතයෙහි නොසිටියෙම්ද? කුමන ලෙසකින් සිටියෙම්ද? කවරෙකුව සිට කවරෙක් වීම්ද? එසේ සිටියෙම්දැ’යි පස් ආකාරයකින් දෙගිඩියාව-සැකය ගැන කියා ඇත.
යාපි අපරන්තං ආරබ්භ “භවිස්සාමි නු ඛො අහං අනාගතමද්ධානං, න නු ඛො භවිස්සාමි, කිං නු ඛො භවිස්සාමි, කථං නු ඛො භවිස්සාමි, කිං හුත්වා කිං භවිස්සාමි නු ඛො අහං අනාගතමද්ධාන”න්ති (ම· නි· 1.18; සං· නි· 2.20) පඤ්චවිධා විචිකිච්ඡා වුත්තා.
අග කෙළවර ගැනද, අනාගතයෙහි මම වන්නෙම්ද? මම නොවන්නෙම්ද? කුමන ලෙසින් වන්නෙම්ද? කෙසේ කවරෙක් වන්නෙම්ද? මෙසේ පස් ආකාරයෙන් කියා ඇත.
යාපි එතරහි වා පන පච්චුප්පන්නං අද්ධානං ආරබ්භ කථංකථී හොති “අහං නු ඛොස්මි, නො නු ඛොස්මි, කිං නු ඛොස්මි, කථං නු ඛොස්මි, අයං නු ඛො සත්තො කුතො ආගතො, සො කුහිං ගාමී භවිස්සතී”ති (ම· නි· 1.18; සං· නි· 2.20) ඡබ්බිධා විචිකිච්ඡා වුත්තා, සා සබ්බාපි පහිය්යති. එවං පච්චයපරිග්ගහණෙන තීසු අද්ධාසු කඞ්ඛං විතරිත්වා ඨිතං ඤාණං “කඞ්ඛාවිතරණවිසුද්ධී”තිපි “ධම්මට්ඨිතිඤාණ”න්තිපි “යථාභූතඤාණ”න්තිපි “සම්මාදස්සන”න්තිපි වුච්චති.
දැන් හෝ වත්මනෙහිදී ද පැවැත්ම ගැන සැකය ඇතිවෙයි. මම වෙම්ද? නොවෙම්ද? කුමකින් වෙම්ද? කෙසේ වෙම්ද? මේ ජීවියා කොතැනින් පැමිණියේද? ඔහු කොතැනක යාවිද යන හය ආකාර වූ දෙගිඩියාව ගැන කියා ඇත. මේ සියළුම දෙගිඩියා සැක ඉවත් වේ. මෙසේ හේතු විමසීමෙන් තුන්කල්හිම සැක දුරුවී පිහිටනා නුවණ, කංඛා විතරණ විසුද්ධිය ලෙසද, දහමෙහි පිහිටි නුවණ (ධම්මඨිති ඤාණ) ලෙසද, ඇති තතු ඒ සැටියෙන්ම දැකීමේ නුවණ, යථාභූත ඥාණ ලෙසද, යහපත් දසුන හෙවත් සම්මා දස්සන ලෙසද කියනු ලැබේ.
එත්ථ පන තිස්සො හි ලොකියපරිඤ්ඤා ඤාතපරිඤ්ඤා තීරණපරිඤ්ඤා පහානපරිඤ්ඤාති. තත්ථ “රුප්පනලක්ඛණං රූපං, වෙදයිතලක්ඛණා වෙදනා”ති එවං තෙසං තෙසං ධම්මානං පච්චත්තලක්ඛණසල්ලක්ඛණවසෙන පවත්තා පඤ්ඤා ඤාතපරිඤ්ඤා නාම. “රූපං අනිච්චං, වෙදනා අනිච්චා”තිආදිනා පන නයෙන තෙසංයෙව ධම්මානං සාමඤ්ඤලක්ඛණං ආරොපෙත්වා පවත්තා ලක්ඛණාරම්මණිකවිපස්සනාපඤ්ඤා තීරණපරිඤ්ඤා නාම. තෙසු එව පන ධම්මෙසු නිච්චසඤ්ඤාදිපජහනවසෙන පවත්තා ලක්ඛණාරම්මණිකවිපස්සනාව පඤ්ඤා පහානපරිඤ්ඤා නාම.
ඒ තුන්කල් පිළිබඳව ලෝකීය ලෙසත් වෙසෙස් දැනීම, දැනගත් දෙය ගැන ද වෙසෙස් දැනීම, තීරණ ගැන ද වෙසෙස් දැනීම හා දුරුකරන ලද දේ පිළිබඳවද වෙසෙස් දැනීම ඇති වේ. මේ අනුව රූපයෙහි වෙනස්වන ගතිය, රූපයෙහි විඳීමේ ගතිය, ආදියෙහි පවත්නා තතු දැනීම ඤාතපරිඤ්ඤා වේ. රූපය අනිසය, වේදනා අනිසය, ආදී ලෙසින් ඒ පිළිබඳව සමාන කරුණු සළකා පවත්නා සිත්කළු වූ විදසුන් නුවණ තීරණ පරිඤ්ඤා වේ. ඒ කරුණු පිළිබඳව වූ නිරතුරු හැඟීම් ඉවත්කිරීම ලෙස කියන ලද සිත්කළු විදසුන් නුවණ ද පහාන පරිඤ්ඤා වේ.
තත්ථ සඞ්ඛාරපරිච්ඡෙදතො පට්ඨාය යාව පච්චයපරිග්ගහා ඤාතපරිඤ්ඤාය භූමි. එතස්මිඤ්හි අන්තරෙ ධම්මානං පච්චත්තලක්ඛණපටිවෙධස්සෙව ආධිපච්චං හොති. කලාපසම්මසනතො පට්ඨාය යාව උදයබ්බයානුපස්සනා තීරණපරිඤ්ඤාය භූමි. එතස්මිඤ්හි අන්තරෙ සාමඤ්ඤලක්ඛණපටිවෙධස්සෙව ආධිපච්චං හොති. භඞ්ගානුපස්සනතො පට්ඨාය උපරි පහානපරිඤ්ඤාය භූමි. තතො ච පට්ඨාය හි අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහති, දුක්ඛතො අනුපස්සන්තො සුඛසඤ්ඤං, අනත්තතො අනුපස්සන්තො අත්තසඤ්ඤං, නිබ්බින්දන්තො නන්දිං, විරජ්ජන්තො රාගං, නිරොධෙන්තො සමුදයං, පටිනිස්සජ්ජන්තො ආදානං පජහතීති එවං නිච්චසඤ්ඤාදිපහානසාධිකානං සත්තන්නං අනුපස්සනානං ආධිපච්චං. ඉති ඉමාසු තීසු පරිඤ්ඤාසු සඞ්ඛාරපරිච්ඡෙදස්ස චෙව පච්චයපරිග්ගහස්ස ච සාධිතත්තා ඉමිනා යොගිනා ඤාතපරිඤ්ඤාව අධිගතා.
එහි සංඛාර පිළිබඳ විමසීමේ පටන්, හේතු විමසා බැලීම දක්වා වූ ඤාතපරිඤ්ඤා කොටස අතරතුර, ඒ සොබාව (ධම්ම) පැවති අයුරු අවබෝධයම අධිපති බව (හෙවත් එය අවනත කරගැනීම) වෙයි. සමූහ (කලාප) විමසීමේ පටන් එහි හටගැන්ම හා විනාසය අනුව වූ තීරණ පරිඤ්ඤා කොටස අතරතුර සමාන වූ ගති පිළිබඳ අවබෝධයට අධිපති වේ. බිඳීයාම පිළිබඳව විමසීමේ පටන්, මතුවට පහාන පරිඤ්ඤා කොටසද එතැන් පටන් අනිස බව අනුව බලමින්, (හැම දෙයම) තිර බවම වේ යැයි තිබූ හැඟීම (නිච්ච සඤ්ඤා) දුරු කරති. දුක අනුව බලමින් සුවයකැයි යන හැඟීමද, තමාට අයත් නැතැයි අනුව බලමින් තමා ගැන වූ හැඟීමත්, කලකිරීමෙන් සතුටු ආසාවත්, නොඇලීමෙන් රාගයත් නැති කිරීමෙන් (එය) හටගැනීමට හේතුවත්, අත්හැර දැමීමෙන් දැඩි ලෙස අල්වා ගැනීමත් අත්හරිති’යි මෙසේ නිච්චසඤ්ඤා, පහාන සඤ්ඤා ආදී කොට ඇති සත් ආකාරයකින්ද විමසා බලමින් එහි අධිපති බව යැයි මේ පරිඤ්ඤා තුන කෙරෙහි සංඛාර කොටසද මෙන්ම හේතු විමසන ලදින් මෙම යෝගියා විසින් ඤාත පරිඤ්ඤා අවබෝධ කරන ලද්දේ වෙයි.
පුන “යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා…පෙ… යං දූරෙ සන්තිකෙ වා, සබ්බං රූපං හුත්වා අභාවතො අනිච්චං, උදයබ‍්බයපටිපීළිතත‍්තා දුක්ඛං, අවසවත්තිත්තා අනත්තා. යා කාචි වෙදනා… සඤ්ඤා… යෙ කෙචි සඞ්ඛාරා … යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං හුත්වා අභාවතො අනිච්චං, උදයබ‍්බයපටිපීළිතත‍්තා දුක්ඛං, අවසවත්තිත්තා අනත්තා”ති එවමාදිනා (සං· නි· 3.48; පටි· ම· 1.48) නයෙන කලාපසම්මසනං කරොති. ඉදං සන්ධාය වුත්තං “තිලක්ඛණං ආරොපෙත්වා”ති.
නැවත, ‘අතීත, අනාගත, වත්මන්, තමාට අයත් හෝ බාහිර හෝ....... දුර හෝ සමීප වූ හෝ යම්කිසි රූප සියල්ලක්ම ඇතිවී නැතිවීම අනිස බවයි. හටගැනීම වැනසීමෙන් පීඩා ගෙනදෙන බැවින් දුකයි, අයිතියෙහි-වසඟයෙහි නොපවත්නා බැවින් අනාත්මයි, යම්කිසි වේදනා, සඤ්ඤා සංඛාර, විඤ්ඤාණ තමාට අයත් හෝ බාහිර හෝ රළු හෝ සියුම් හෝ පහත් හෝ උසස් හෝ දුර හෝ ළඟ හෝ ඇතිවී නැතිවීම අනිස බවයි. හටගැනීම වැනසීමෙන් පීඩා ගෙනෙන බැවින් දුකයි. වසඟයෙහි නොපවත්නා බැවින් අනාත්මයි’ මේ ලෙසින් කොටස් විමසා බලයි. තිලකුණු ලෙස නංවා මෙනෙහි කොට ‘මේ සඳහා කියන ලදී.
එවං සඞ්ඛාරෙ අනිච්චදුක්ඛානත්තවසෙන කලාපසම්මසනං කත්වා පුන සඞ්ඛාරානං උදයබ්බයමෙව පස්සති. කථං ? “අවිජ්ජාසමුදයා රූපසමුදයො, තණ්හාකම්මආහාරසමුදයා රූපසමුදයො”ති (පටි· ම· 1.50). එවං රූපක්ඛන්ධස්ස පච්චයායත්තතාදස්සනෙන රූපක්ඛන්ධස්ස උදයං පස්සති, නිබ්බත්තිලක්ඛණං පස්සන්තොපි රූපක්ඛන්ධස්ස උදයං පස්සති. එවං පඤ්චහාකාරෙහි රූපක්ඛන්ධස්ස උදයං පස්සති. “අවිජ්ජානිරොධා රූපනිරොධො, තණ්හාකම්මආහාරනිරොධා රූපනිරොධො”ති (පටි· ම· 1.50) පච්චයනිරොධදස්සනෙන රූපක්ඛන්ධස්ස වයං පස්සති, විපරිණාමලක්ඛණං පස්සන්තොපි රූපක්ඛන්ධස්ස වයං පස්සතීති එවං පඤ්චහාකාරෙහි රූපක්ඛන්ධස්ස වයං පස්සති.
මෙසේ සංඛාර අනිසය, දුකය, අනාත්ම යැයි කොටස් ලෙස විමසා නැවත සංඛාර හටගැනීම වැනසීම දකී. කෙසේද? අවිජ්ජා හටගැනීමෙන් රූප හටගනී. තණ්හා කම්ම ආහාර හටගැනීමෙන් රූප හටගනී යැයි, මෙසේ, රූප සමූහ (ඛන්ධ) කොටසට හේතු දැකීමෙන් එහි හටගැන්ම දකී. හටගත් ලකුණු දකිමින්ම රූප සමූහයේ හටගැනීම දකී. අවිජ්ජා නැතිකිරීම රූපය නැති කිරීමයි. තණ්හා, කම්ම, ආහාර නැතිවීම රූපය නැතිකිරීම යැයි හේතු නැතිවීම දකිමින් රූප සමූහයේ වැනසී යන අයුරු බලයි. වෙනස්වන ලකුණු දකිමින්ද, රූප සමූහයේ නැතිව යන හැටි බලයි. මෙසේ පස් ආකාරයකින් රූප සමූහයේ නැතිවීම බලයි.
තථා “අවිජ්ජාසමුදයා වෙදනාසමුදයො, තණ්හාකම්මඵස්සසමුදයා වෙදනාසමුදයො”ති (පටි· ම· 1.50) පච්චයායත්තතාදස්සනෙන වෙදනාක්ඛන්ධස්ස උදයං පස්සති, නිබ්බත්තිලක්ඛණං පස්සන්තොපි වෙදනාක්ඛන්ධස්ස උදයං පස්සති. “අවිජ්ජානිරොධා වෙදනානිරොධො, තණ්හාකම්මඵස්සනිරොධා වෙදනානිරොධො”ති (පටි· ම· 1.50) පච්චයනිරොධදස්සනෙන වෙදනාක්ඛන්ධස්ස වයං පස්සති, විපරිණාමලක්ඛණං පස්සන්තොපි වෙදනාක්ඛන්ධස්ස වයං පස්සති. එවං සඤ්ඤාක්ඛන්ධාදීසුපි.
එසේම, අවිජ්ජා හටගැනීමෙන් වේදනාව ඇතිවේ. තණ්හා කම්ම, ඵස්ස හේතුවෙන් වේදනා හටගැනේ යැයි හේතු දැක්මෙන් වේදනා කොටසෙහි හටගැනීම දකී. හටගැනීමේ ලකුණු දැකීමෙන්ම වේදනා කොටසෙහි හටගැනීම දකී. අවිජ්ජා නැති වීමෙන් වේදනා නැතිවීමත්, තණ්හා, කම්ම, ඵස්ස නැතිවීමෙන් වේදනාව නැතිවේ යැයි හේතු නැතිකිරීම දැක්මෙන් වේදනා සමූහයෙහි වැනසීම දකී. මෙසේ සඤ්ඤා ඛන්ධ ආදිය ගැනද දතයුතුය.
අයං පන විසෙසො – විඤ්ඤාණක්ඛන්ධස්ස ඵස්සට්ඨානෙ “නාමරූපසමුදයා, නාමරූපනිරොධා”ති යොජෙතබ්බං. එවං එකෙකස්මිං ඛන්ධෙ පච්චයසමුදයවසෙන ච නිබ්බත්තිලක්ඛණවසෙන ච පච්චයනිරොධවසෙන ච විපරිණාමලක්ඛණවසෙන ච උදයබ්බයදස්සනෙන ච දස දස කත්වා පඤ්ඤාස ලක්ඛණානි වුත්තානි. තෙසං වසෙන “එවම්පි රූපස්ස උදයො, එවම්පි රූපස්ස වයො”ති පච්චයතො චෙව ඛණතො ච විත්ථාරෙන මනසිකාරං කරොති.
මෙහි වෙසෙස් කරුණකි. එනම්, විඤ්ඤාණ සමූහයෙහි පහස යෙදෙන තැනදී නාමරූප නාමරූප හටගැන්මෙන් නාමරූප නැතිවේ යැයි යොදාගත යුතුයි. මෙසේ එක් එක් ඛන්ධයෙහි හේතු හටගැනීම ලෙසද, නිවෙන ලකුණු ලෙසද, හේතු නැති කිරීම ලෙසද, වෙනස්වී යන ආකාරය ලෙසද, හටගැනීම-වැනසීම් ආකාර ලෙසින්ද දහය දහය බැගින් පණහක් ලෙස කියා ඇත. ඒ අනුව රූපයෙහි හටගැනීම මෙබඳු යැයිද - රූපයෙහි වැනසීමට පත්වීම මෙබඳු යැයි ද, හේතු ලෙස මෙන්ම ඒ අවස්ථා ලෙසද සවිස්තරව මෙනෙහි කරයි.
තස්සෙවං කරොතො “ඉති කිර ඉමෙ ධම්මා අහුත්වා සම්භොන්ති, හුත්වා පටිවෙන්තී”ති ඤාණං විසදං හොති. “එවං කිර ඉමෙ ධම්මා අනුප්පන්නා උප්පජ්ජන්ති, උප්පන්නා නිරුජ්ඣන්තී”ති නිච්චනවා හුත්වා සඞ්ඛාරා උපට්ඨහන්ති. න කෙවලඤ්ච නිච්චනවා, සූරියුග්ගමනෙ උස්සාවබින්දු විය උදකබුබ්බුළො විය උදකෙ දණ්ඩරාජි විය ආරග්ගෙ සාසපො විය විජ්ජුප්පාදො විය ච පරිත්තට්ඨායිනො, මායාමරීචිසුපිනාලාතචක්කගන්ධබ්බනගරඵෙණකදලිආදයො විය අසාරා නිස්සාරා විය හුත්වා උපට්ඨහන්ති. එත්තාවතා ච පන අනෙන “වයධම්මමෙව උප්පජ්ජති, උප්පන්නඤ්ච වයං උපෙතී”ති ඉමිනා ආකාරෙන සම්මසනපඤ්ඤාය ලක්ඛණානි පටිවිජ්ඣිත්වා ඨිතං උදයබ්බයානුපස්සනං නාම පඨමං තරුණවිපස්සනාඤාණං අධිගතං හොති. යස්සාධිගමා “ආරද්ධවිපස්සකො”ති සඞ්ඛං ගච්ඡති.
මෙසේ මෙනෙහි කිරීමේදී, ‘ඒ කරුණු මෙසේ ඇතිවී, පැවතෙමින්, නැතිවෙතැයි නුවණ පිරිසිදු වෙයි. මේ නූපන් දේවල් මෙසේ ඇතිවෙයි. ඇති වූ දේ නැතිවී යයි. නිතර අළුතින් සංඛාර සැකසෙයි. හුදෙක් නිතර අළුතින් පමණක් නොවේ. හිරු උදාවනවිට පිනිබිඳුව මෙන්, දිය බුබුල මෙන්, දියෙහි ඇඳි රේඛාවක් මෙන්, ඉඳිකටු මුහුණතෙහි අබ ඇටයක් මෙන්, විදුලිය කෙටීමක් මෙන් වූද අල්ප මොහොතකි. මායාවක්, මිරිගුවක්, සිහිනයක්, ගිනිපෙනෙල්ලක් කරකවන විට පෙනෙන රවුමක්, ඉපදීමට බලා සිටින්නෙක්, නගරයක්, පෙණ පිඬක්, කෙසෙල් ගසක් ආදිය මෙන් හරයක් නැති, නිසරු ලෙසද වැටහේ. මෙපමණකින්ද වැනසී යන ගතියම හටගනී. උපන් දේ, හටගත් දේ නැතිවන්නේ යැයි මේ ආකාරයෙන් සම කරුණු අවබෝධ වීමෙන් හටගැන්ම - වැනසීම නම් මූලික විදසුන් නුවණ (තරුණ විපස්සනා ඤාණ) ලද්දේ වෙයි. ඒ අවබෝධ ලද විට ආරද්ධක විපස්සක යැයි හඳුන්වනු ලැබේ.
අථස්ස ආරද්ධවිපස්සකස්ස කුලපුත්තස්ස ඔභාසො ඤාණං පීති පස්සද්ධි සුඛං අධිමොක්ඛො පග්ගහො උපට්ඨානං උපෙක්ඛා නිකන්තීති දස විපස්සනුපක්කිලෙසා උප්පජ්ජන්ති. එත්ථ ඔභාසො නාම විපස්සනක්ඛණෙ ඤාණස්ස බලවත්තා ලොහිතං සන්නිසීදති, තෙන ච චිත්තොභාසො නිබ්බත්තති. තං දිස්වා අකුසලො යොගී “මග්ගො මෙ පත්තො”ති තමෙව ඔභාසං අස්සාදෙති. ඤාණම්පි විපස්සනාඤාණමෙව. තං සඞ්ඛාරෙ සම්මසන්තස්ස සුද්ධං පසන්නං හුත්වා පවත්තති. තං දිස්වා පුබ්බෙ විය “මග්ගො”ති අස්සාදෙති. පීතිපි විපස්සනාපීති එව. තස්ස හි තස්මිං ඛණෙ පඤ්චවිධා පීති උප්පජ්ජති. පස්සද්ධීති විපස්සනාපස්සද්ධි. තස්මිං සමයෙ නෙව කායචිත්තානං දරථො, න ගාරවං, න කක්ඛළතා, න අකම්මඤ්ඤතා, න ගෙලඤ්ඤතා, න වඞ්කතා හොති. සුඛම්පි විපස්සනාසුඛමෙව. තස්ස කිර තස්මිං සමයෙ සකලසරීරං අභිසන්දයමානං අතිපණීතං සුඛං උප්පජ්ජති.
ඉක්බිති ඒ විදසුන් නුවණට (සුදුසු වන) කුලපුතුට ‘ඔභාස, ඤාණ පීති, පස්සද්ධි, සුඛ, අධිමොක්ඛ, පග්ගහ, උපට්ඨාන, උපෙක්ඛා නිකන්ති යන දස විදසුන් බාධා (උපක්කිලෙස) ඇතිවේ. එහි ඔභාස නම්, විදසුන් මොහොතෙහි නුවණ බලවත් බැවින්, ලේ (ගමන) සන්සුන් වේ. එහිදී සිතෙහි ආලෝකයක් හටගනී. ඒ දැක, භාවනා මගෙහි ඉදිරියට යාමට) ‘මා අසමත් වී’ යැයි (සිත) ඒ ආලෝකයම ආස්වාද කරයි. (එහෙත්) නුවණ විදසුන්මය. තවදුරටත් එය සංඛාර ලෙස විමසා බලත්ම, විමසා බලත්ම, පිරිසිදු පසන් බවක් පවතී. ඒ දැක පෙර පරිදි භාවනා මග ආස්වාද කරයි. පීතිය යනු විදසුන් පීතියයි. එකෙණෙහි භාවනා වඩන්නාට පස් ආකාරයකින් පීතිය උපදී. පස්සද්ධි යනු විදසුන් පැහැදීමයි. ඒ වේලාවෙහි කයෙහි, සිතෙහි දැවිල්ලක්, දැඩි නපුරු රළු බවක්, දුබල බවක්, ගිලන් බවක්, ඇද බවක් නැත්තේමය. ඇත්තේ විදසුන් සුවයයි. භාවනා යෝගියාට ඒ වේලාවෙහි මුළු සිරුරෙහිම පැතිරී යන ඉතා උසස් සුවයක් උපදී.
අධිමොක්ඛො නාම විපස්සනක්ඛණෙ පවත්තා සද්ධා. තස්මිඤ්හි ඛණෙ චිත්තචෙතසිකානං අතිවිය පසාදභූතා බලවතී සද්ධා උප්පජ්ජති. පග්ගහො නාම විපස්සනාසම්පයුත්තං වීරියං. තස්මිඤ්හි ඛණෙ අසිථිලං අනච්චාරද්ධං සුපග්ගහිතං වීරියං උප්පජ්ජති. උපට්ඨානන්ති විපස්සනාසම්පයුත්තා සති. තස්මිඤ්හි ඛණෙ සුපට්ඨිතා සති උප්පජ්ජති. උපෙක්ඛා දුවිධා විපස්සනාවජ්ජනවසෙන. තස්මිඤ්හි ඛණෙ සබ්බසඞ්ඛාරගහණෙ මජ්ඣත්තභූතං විපස්සනුපෙක්ඛාසඞ්ඛාතං ඤාණං බලවන්තං හුත්වා උප්පජ්ජති මනොද්වාරාවජ්ජනුපෙක්ඛා ච. සා ච තං තං ඨානං ආවජ්ජන්තස්ස සූරා තිඛිණා හුත්වා වහති. නිකන්තීති විපස්සනානිකන්ති. ඔභාසාදීසු හි ආලයං කුරුමානා සුඛුමා සන්තාකාරා නිකන්ති උප්පජ්ජති. එත්ථ ඔභාසාදයො කිලෙසවත්ථුතාය “උපක්කිලෙසා”ති වුත්තා න අකුසලත්තා. නිකන්ති පන උපක්කිලෙසො චෙව කිලෙසවත්ථු ච.
අධිමොක්ඛ නම් විදසුන් මොහොතෙහි පැවති සද්ධාවයි. එවේලෙහි සිතත්, සිතිවිලිත් බොහෝ පසන් බවට පත්ව, බලවත් සද්ධාව උපදී. විදසුන් යුතු වීරිය පග්ගහ නම් වේ. එකෙණෙහි ලිහිල් නොවූ, දැඩිව වෙළාගත් උත්සාහය උපදී. උපට්ඨාන යනු විදසුන් බවින් යුතු සිහියයි. ඒ වේලාවෙහි සිහිය මැනවින් පිහිටයි. විදසුන් හා මෙනෙහි කිරීම ලෙස උපෙක්ඛා දෙකොටසකි. එවේලෙහි සියළු සංඛාර සැළකීමේදී මැදහත්ව විදසුන් අනුව විමසීම යැයි කියන ලද නුවණ බලවත්ව උපදී. සිත නැමති දොරටුව ගැන විමසා බැලීමද එසේමය. එය ඒ ඒ තැනට මෙනෙහි කරන්නාට මහත් ලෙස තියුණු ලෙස දරා සිටී. නිකන්ති යනු විදසුන් ඇල්මයි. ආලෝකය ආදියෙහි කැමැත්ත ඇති කරමින් සියුම් ලෙස හටගනී. මෙහි ආලෝකය ආදිය කෙලෙස් සහගත (විය හැකි) බැවින් බාධා ලෙස කියා ඇත. අකුසලයක් ලෙස නොවේ.
පණ්ඩිතො පන භික්ඛු ඔභාසාදීසු උප්පන්නෙසු වික්ඛෙපං අගච්ඡන්තො “ඔභාසාදයො ධම්මා න මග්ගො, උපක්කිලෙසවිමුත්තං පන වීථිපටිපන්නං විපස්සනාඤාණං මග්ගො”ති මග්ගඤ්ච අමග්ගඤ්ච වවත්ථපෙති. තස්සෙවං “අයං මග්ගො, අයං න මග්ගො”ති ඤත්වා ඨිතං ඤාණං මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධීති වුච්චති. ඉතො පට්ඨාය අට්ඨන්නං විපස්සනාඤාණානං වසෙන සිඛාපත්තවිපස්සනාඤාණං නවමඤ්ච සච්චානුලොමිකං ඤාණන්ති අයං පටිපදාඤාණදස්සනවිසුද්ධි නාම හොති. උදයබ්බයානුපස්සනාඤාණං භඞ්ගානුපස්සනාඤාණං භයතුපට්ඨානඤාණං ආදීනවානුපස්සනාඤාණං නිබ්බිදානුපස්සනාඤාණං මුඤ්චිතුකම්යතාඤාණං පටිසඞ්ඛානුපස්සනාඤාණං සඞ්ඛාරුපෙක්ඛාඤාණන්ති ඉමානි අට්ඨ ඤාණානි නාම. නවමං සච්චානුලොමිකං ඤාණන්ති අනුලොමස්සෙතං නාමං.
කරුණු දැන උගත් මහණ, ආලෝකාදිය පහළ වූ කල්හි කලබලයට පත්නොවී, ‘ආලෝකය සොබා ගතියකි, (විදසුන්) මග නොවේ. කෙලෙස් බාධාවෙන් මිදුණු විදසුන් මං පිළිවෙත-විදසුන් නුවණ මග යයිද (මෙසේ) මග-නොමග වෙන්කර ගනී. මේ මගය, මේ නොමග යැයි දැන, පිහිටුවා ගන්නා නුවණ-මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධි යැයි කියනු ලැබේ. මෙතැන් පටන් විදසුන් නුවණ අටක් ලෙසින් මුදුන්පත්ව, නවවැන්න ලෙස ‘ඇත්ත හා ගැළපෙන’ සච්චානුලොමක ඤාණය නම් වූ මෙය පිළිවෙත පිරිසිදුව නුවණින් දැකීම හෙවත් පටිපදා ඤාණදස්සන විසුද්ධිය නමින්ද දැක්වේ. උදයබ්බයානුපස්සනා ඤාණය, භංගානුපස්සනා ඤාණය, භයතුපට්ඨාන ඤාණය, ආදීනවානුපස්සනා ඤාණය, නිබ්බිදානුපස්සනා ඤාණය, මුඤ්චිතුකම්යතා ඤාණය, පටිසංඛානුපස්සනාඤාණය, සංඛාරුපෙක්ඛා ඤාණය, මෙම ඤාණ අට වේ. නවවන සච්චානුලොමක ඤාණය එයට ගැලපෙන ලෙසට දැක්වූ නමයි.
තස්මා තං සම්පාදෙතුකාමෙන උපක්කිලෙසවිමුත්තං උදයබ්බයඤාණං ආදිංකත්වා එතෙසු ඤාණෙසු යොගො කරණීයො. උදයබ්බයං පස්සන්තස්ස හි අනිච්චලක්ඛණං යථාභූතං උපට්ඨාති, උදයබ්බයපටිපීළනං පස්සතො දුක්ඛලක්ඛණඤ්ච, “දුක්ඛමෙව හි සම්භොති, දුක්ඛං තිට්ඨති වෙති චා”ති (සං· නි· 1.171; කථා· 233) පස්සතො අනත්තලක්ඛණඤ්ච. එත්ථ ච අනිච්චං අනිච්චලක්ඛණං දුක්ඛං දුක්ඛලක්ඛණං අනත්තා අනත්තලක්ඛණන්ති අයං විභාගො වෙදිතබ්බො.
එහෙයින් එය උපදවා ගැනීමට කැමති (යෝගාවචරයකු විසින්) කෙලෙස් බාධාවලින් මිදුණු උදයබ්බය ඤාණය ආදී කොට ඇති ඒ ඒ නුවණ වැඩීමට උත්සාහ විය යුතුය. හටගැනීම-වැනසීම දකිනවිට තිර නොමැති බවට, අනිස බවේ ලකුණු ඇති සැටියෙන් යොමුවෙයි. හටගත් දෙයෙහි වැනසීම දකිනවිට ‘දුක් බවද, දුකම හටගනිතැයිද, දුකම පිහිටියේ යැයි’ද දකිමින් තමාට අයත් දෙයක් නොවන බවද කොටස් ලෙසින් දතයුතුය.
තත්ථ අනිච්චන්ති ඛන්ධපඤ්චකං. කස්මා? උප්පාදවයඤ්ඤථත්තභාවා, හුත්වා අභාවතො වා. අඤ්ඤථත්තං නාම ජරා. උප්පාදවයඤ්ඤථත්තං අනිච්චලක්ඛණං, හුත්වා අභාවසඞ්ඛාතො වා ආකාරවිකාරො. “යදනිච්චං, තං දුක්ඛ”න්ති වචනතො තදෙව ඛන්ධපඤ්චකං දුක්ඛං. කස්මා? අභිණ්හං පටිපීළනතො. අභිණ්හං පටිපීළනාකාරො දුක්ඛලක්ඛණං. “යං දුක්ඛං, තදනත්තා”ති (සං· නි· 3.15-16) වචනතො තදෙව ඛන්ධපඤ්චකං අනත්තා. කස්මා? අවසවත්තනතො . අවසවත්තනාකාරො අනත්තලක්ඛණං. ඉමානි තීණිපි ලක්ඛණානි උදයබ්බයං පස්සන්තස්සෙව ආරම්මණානි හොන්ති.
එහි අනිස (අනිච්ච) යනු ඛන්ධ පංචකයයි (සිරුරයි) කවර හෙයින්ද? හටගෙන, වෙනස් වෙමින් පැවතීම නම් ජරාවය. එසේ අනිස බවට පත්වී, නැතිවී යන ගතිය හෝ, තිබුණ අයුරෙන් වෙනස්වන බවට පත්වීම ‘යම් දෙයක් අනිස වේද එය දුකය’ යදනිච්චං තං දුක්ඛං’ වදනට අනුව ඒ ඛන්ධ පංචකය දුකකි. කවර හෙයින්ද? නිතර යළිත් පීඩාවට පත්වන බැවිනි. නිතර පෙළනු ලබන ආකාරය දුකෙහි හැටිය. ‘යං දුක්ඛං තදනත්තා’ කී පරිදි ඒ බන්ධ පංචකය තමාට අයත් නොවේ. කවර හෙයින්ද? වසඟයෙහි (තමාට අවනත පරිදි) නොපවත්නා බැවිනි. වසඟයෙහි නොපවත්නා ආකාරය අනත්ත ලකුණයි. මේ ගති තුනම හටගැනීම-වැනසීම තුළින් දකිත්ම, අරමුණු වෙයි.
පුනපි සො රූපාරූපධම්මෙ “එවං අනිච්චා”තිආදිනා විපස්සති, තස්ස සඞ්ඛාරා ලහුං ලහුං ආපාථං ආගච්ඡන්ති, තතො උප්පාදං වා ඨිතිං වා පවත්තං වා නිමිත්තං වා ආරම්මණං අකත්වා තෙසං ඛයවයනිරොධෙ එව සති සන්තිට්ඨති, ඉදං භඞ්ගඤාණං නාම. ඉමස්ස උප්පාදතො පට්ඨාය අයං යොගී “යථා ඉමෙ සඞ්ඛාරා භිජ්ජන්ති නිරුජ්ඣන්ති, එවං අතීතෙපි සඞ්ඛාරගතං භිජ්ජි, අනාගතෙපි භිජ්ජිස්සතී”ති නිරොධමෙව පස්සන්තො තිට්ඨති. තස්ස භඞ්ගානුපස්සනාඤාණං ආසෙවන්තස්ස බහුලීකරොන්තස්ස සබ්බභවයොනි ගතිට්ඨිති සත්තාවාසෙසු පභෙදකා සඞ්ඛාරා ජලිතඅඞ්ගාරකාසුආදයො විය මහාභයං හුත්වා උපට්ඨහන්ති. එතං භයතුපට්ඨානඤාණං නාම.
නැවතද ඒ යෝගාවචරයා රූප අරූප පිළිබඳව මෙසේ අනිස ලෙසින් මැනවින් දකීද, ඔහුට සංඛාර වහ වහා වැටහෙනු ඇත. එවිට, හටගැනීම හෝ, පිහිටීම හෝ පැවැත්ම හෝ, නිමිත්ත හෝ අරමුණ හෝ නොගෙන, ‘ඒවායේ රඳාපැවැත්ම ඇතිවීමේදීම නැතිවී යමින් වැනසීම පවතී’ යැයි සිහිය පිහිටුවයි. මෙය භංග ඤාණයයි. මෙය උපදවා ගැනීමේ පටන්, මෙම භාවනානුයෝගියා ‘යම්සේ මේ සංඛාර බිඳෙයි, නැතිවෙයි, මෙලෙසම අතීතයෙහිද සංඛාර බවට පත් දේ බිඳුණි, අනාගතයෙහිද බිඳෙන්නේ යැයි නැතිවීමම දකිමින් සිටී. භංගානුපස්සනා නුවණ ඇසුරු කරන, බොහෝකොට වඩනා ඒ යෝගියාට සියළුම භව, ඉපදෙනා තැන් වැනි ජීවී කොටස් පිළිබඳ වූ සංඛාර, ගිනිගෙන දිලිසෙන අඟුරු වලවල් මෙන්, මහත් බය දැනේ. එය භයතුපට්ඨාන ඤාණයයි.
තස්ස තං භයතුපට්ඨානඤාණං ආසෙවන්තස්ස සබ්බෙ භවාදයො ආදිත්තඅඞ්ගාරං විය සමුස්සිතඛග්ගො විය පච්චත්ථිකො අප්පටිසරණා සාදීනවා හුත්වා උපට්ඨහන්ති. ඉදං ආදීනවානුපස්සනාඤාණං නාම. තස්ස එවං සඞ්ඛාරෙ ආදීනවතො පස්සන්තස්ස භවාදීසුපි සඞ්ඛාරානං ආදීනවත්තා සඞ්ඛාරෙසු උක්කණ්ඨනා අනභිරති උප්පජ්ජති, ඉදං නිබ්බිදානුපස්සනාඤාණං නාම.
එම භයතුපට්ඨාන නුවණ ඇසුරු කරන ඒ යෝගියාට සියළුම භවයන් දැවෙන ගෙවල් මෙන්ද, (තමා ඉදිරියෙන්) කඩුවක් ඔසවාගෙන සතුරෙකු සිටින්නාක් මෙන්ද කිසි පිළිසරණක් නොමැති බව සළකයි. මෙය ආදීනවානුපස්සනා ඤාණයයි. මෙසේ සංඛාරයන්හි ආදීනව දකිනවිට, භවයන්හිද සංඛාර දැක, සියළු සංඛාර ගැන කලකිරිමෙන් මෙනෙහි කිරීමේදී නොඇලීම උපදී. මෙය නිබ්බිදානුපස්සනා ඤාණ නම් වේ.
සබ්බසඞ්ඛාරෙසු නිබ්බින්දන්තස්ස උක්කණ්ඨන්තස්ස තස්මා සඞ්ඛාරගතා මුඤ්චිතුකාමතා නිස්සරිතුකාමතා හොති. ඉදං මුඤ්චිතුකම්යතාඤාණං නාම. පුන තස්මා සඞ්ඛාරගතා මුඤ්චිතුං පන තෙ එව සඞ්ඛාරෙ පටිසඞ්ඛානුපස්සනාඤාණෙන තිලක්ඛණං ආරොපෙත්වා තීරණං පටිසඞ්ඛානුපස්සනාඤාණං නාම.
සියළු සංඛාරයන්හි කලකිරුණුවිට ඒ සංඛාර බවින් මිදීමට කැමති වෙයි. මෙය මුඤ්චිතුකාමතා ඤාණයි. නැවත ඒ සංඛාරගත බවින් මිදීමට ඒ සංඛාර ගැන නුවණින් තිලකුණු නංවා තීරණය කිරීම පටිසංඛානුපස්සනා ඤාණයයි.
සො එවං තිලක්ඛණං ආරොපෙත්වා සඞ්ඛාරෙ පරිග්ගණ්හන්තො තෙසු අනත්තලක්ඛණස්ස සුදිට්ඨත්තා “අත්තා”ති වා “අත්තනිය”න්ති වා අගණ්හන්තො සඞ්ඛාරෙසු භයඤ්ච නන්දිඤ්ච පහාය සඞ්ඛාරෙසු උදාසීනො හොති මජ්ඣත්තො, “අහ”න්ති වා “මම”න්ති වා න ගණ්හාති, තීසු භවෙසු උපෙක්ඛකො, ඉදං සඞ්ඛාරුපෙක්ඛාඤාණං නාම.
මෙසේ තිලකුණු නංවා සංඛාර පිරික්සීමෙන්, ඒවායෙහි අනාත්ම බව පැහැදිලිව දක්නා ලදින්, තමා හෝ තමාගේම යැයි හෝ නොසළකමින්, සංඛාරවල බියද, ඇල්මද හැරදමා සංඛාර කෙරෙහි මැදහත්ව උදාසීන වෙයි. මා හෝ මගේ හෝ නොගනී. තුන් භවයෙහිම මැදහත්ව සළකයි. මෙය සංඛාරුපෙක්ඛා ඤාණයයි.
තං පනෙස චෙ සන්තිපදං නිබ්බානං සන්තතො පස්සති, සබ්බසඞ්ඛාරපවත්තං විස්සජ්ජෙත්වා නිබ්බානනින්නං පක්ඛන්දං හොති. නො චෙ නිබ්බානං සන්තතො පස්සති, පුනප්පුනං “අනිච්ච”න්ති වා “දුක්ඛ”න්ති වා “අනත්තා”ති වා තිවිධානුපස්සනාවසෙන සඞ්ඛාරාරම්මණමෙව හුත්වා පවත්තති. එවං තිට්ඨමානඤ්ච එතං තිවිධවිමොක්ඛමුඛභාවං ආපජ්ජිත්වා තිට්ඨති. තිස්සො හි අනුපස්සනා “තීණි විමොක්ඛමුඛානී”ති වුච්චන්ති. එවං අනිච්චතො මනසිකරොන්තො අධිමොක්ඛබහුලො අනිමිත්තං විමොක්ඛං පටිලභති, දුක්ඛතො මනසිකරොන්තො පස්සද්ධිබහුලො අප්පණිහිතං විමොක්ඛං පටිලභති, අනත්තතො මනසිකරොන්තො වෙදබහුලො සුඤ්ඤතං විමොක්ඛං පටිලභති.
එහිදී සාන්ත පදය වූ නිවන සන්සුන්ව දකී. සියළු සංඛාර පැවතුම් හැරදමා, නිවනට නැඹුරු වූ පැත්තෙහි වෙයි. නිවන සන්සුන්ව නොදක්නේ නම්, නැවත නැවතත් අනිස යැයි හෝ, දුකය හෝ අනාත්මයි හෝ තුන් ආකාරයෙන් මෙනෙහි කිරීමෙන් සංඛාර අරමුණෙහිම පවතිනු ඇත. මෙසේ ඒ සියළු දෙයින්ම මිදීමේ හමුවට පැමිණ සිටී. එසේ තුන් ආකාරයට අනුව දැකීම මිදීමේ දොරටු තුනක් සේ කියනු ලැබේ. මෙහිදී අනිස බව මෙනෙහි කරමින් සිතේ තහවුරු බව වැඩිවීමෙන් අනිමිත්ත විමොක්ඛය ලබයි. දුක පිළිබඳව මෙනෙහි කරමින් පැහැදීම බහුලකොට අප්පණිහිත විමොක්ඛය ලබයි. අනාත්ම යැයි මෙනෙහි කරමින් නුවණ බහුලව (වේද බහූලො) සුඤ්ඤත විමොක්ඛය ලැබගනී.
එත්ථ ච අනිමිත්තො විමොක්ඛොති අනිමිත්තාකාරෙන නිබ්බානං ආරම්මණං කත්වා පවත්තො අරියමග්ගො. සො හි අනිමිත්තාය ධාතුයා උප්පන්නත්තා අනිමිත්තො, කිලෙසෙහි ච විමුත්තත්තා විමොක්ඛො. එතෙනෙව නයෙන අප්පණිහිතාකාරෙන නිබ්බානං ආරම්මණං කත්වා පවත්තො අප්පණිහිතො, සුඤ්ඤතාකාරෙන නිබ්බානං ආරම්මණං කත්වා පවත්තො සුඤ්ඤතොති වෙදිතබ්බො.
මෙහිදී නිමිති නොවූ අයුරින් නිවන අරමුණු කොට අරිය මග පවත්නේය. එය අනිමිත්ත මූලව උපන් බැවින් අනිමිත්ත ය. කෙලෙස්වලින් මිදුණු බැවින් විමොක්ඛ වේ. මේ නයින් ආසාවන්හි නොපිහිටි අයුරින් නිවන අරමුණු කොට පවතී. හිස්බවින් නිවන අරමුණු කොට පැවැත්ම සුඤ්ඤත යැයි දතයුතුය.
එවං අධිගතසඞ්ඛාරුපෙක්ඛස්ස කුලපුත්තස්ස විපස්සනා සිඛාප්පත්තා හොති. වුට්ඨානගාමිනිවිපස්සනාති එතදෙව. අස්ස තං සඞ්ඛාරුපෙක්ඛාඤාණං ආසෙවන්තස්ස තික්ඛතරා සඞ්ඛාරුපෙක්ඛා උප්පජ්ජති. තස්ස “ඉදානි මග්ගො උප්පජ්ජිස්සතී”ති සඞ්ඛාරෙ “අනිච්චා”ති වා “දුක්ඛා”ති වා “අනත්තා”ති වා සම්මසිත්වා භවඞ්ගං ඔතරති, භවඞ්ගානන්තරං සඞ්ඛාරුපෙක්ඛාය කථිතනයෙනෙව අනිච්චාදිආකාරෙන මනසිකරිත්වා උප්පජ්ජති මනොද්වාරාවජ්ජනං, තථෙව මනසිකරොතො පඨමං ජවනචිත්තං උප්පජ්ජති. යං පරිකම්මන්ති වුච්චති, තදනන්තරං තදෙව දුතියජවනචිත්තං උප්පජ්ජති. යං උපචාරන්ති වුච්චති, තදනන්තරම්පි තදෙව උප්පජ්ජති තතියං ජවනචිත්තං. යං අනුලොමන්ති වුච්චති, ඉදං තෙසං පාටිඑක්කං නාම.
සංඛාර පිළිබඳව මැදිහත් බවට පත් කුලපුතුට විදසුන් මුදුන්පත් වනු ඇත. එයම විදසුන් කරා නැගීසිටි ගමනකි. ඒ සංඛාරුපෙක්ඛා ඤාණය ඇසුරු කරන (යෝගියාට) තියුණුම ලෙස සංඛාරයන්හී මැදිහත් බව උපදී. ‘දැන් මග උපදින්නේ යැයි’, සංඛාරයන්හි මැදිහත් බවෙහිද අනිසය හෝ දුකය හෝ අනාත්ම යැයි විමසා බලා, භවංගයට යොමුවෙයි. භවංග අතරතුරදී සංඛාර මැදිහත් බවෙහි සඳහන් වූ පරිදිම අනිස ආදී ලෙස මෙනෙහි කොට මනෝද්වාර වජ්ජනය උපදවා ගනී. එයම මෙනෙහි කරමින් පළමු ජවන සිත උපදවා ගනී. පළමු ජවන් සිත (නිවනට පෙර කළයුතු වූ පෙර සූදානමක්) පරිකම්ම යැයි කියනු ලැබේ. එයට අනතුරුව උපචාර යැයි කියනු ලබන දෙවන ජවන් සිත උපදී. ඊට පසුව අනුලෝම යැයි කියනු ලබන තුන්වන ජවන් සිතයි. මේ එහි වෙන් වෙන්ව හඳුන්වන නම්ය.
අවිසෙසෙන පන තිවිධම්පෙතං “ආසෙවන”න්තිපි “පරිකම්ම”න්තිපි “උපචාර”න්තිපි “අනුලොම”න්තිපි වුච්චති. ඉදං පන අනුලොමඤාණං සඞ්ඛාරාරම්මණාය වුට්ඨානගාමිනියා විපස්සනාය පරියොසානං හොති, නිප්පරියායෙන පන ගොත්රභුඤාණමෙව විපස්සනාය පරියොසානන්ති වුච්චති. තතො පරං නිබ්බානං ආරම්මණං කුරුමානං පුථුජ්ජනගොත්තං අතික්කමමානං අරියගොත්තං ඔක්කමමානං නිබ්බානාරම්මණෙ පඨමසමන්නාහාරභූතං අපුනරාවට්ටකං ගොත්රභුඤාණං උප්පජ්ජති. ඉදං පන ඤාණං පටිපදාඤාණදස්සනවිසුද්ධිඤ්ච ඤාණදස්සනවිසුද්ධිඤ්ච න භජති. අන්තරා අබ්බොහාරිකමෙව හොති. විපස්සනාසොතෙ පතිතත්තා “පටිපදාඤාණදස්සනවිසුද්ධී”ති වා “විපස්සනා”ති වා සඞ්ඛං ගච්ඡති. නිබ්බානං ආරම්මණං කත්වා ගොත්රභුඤාණෙ නිරුද්ධෙ තෙන දින්නසඤ්ඤාය නිබ්බානං ආරම්මණං කත්වා දිට්ඨිසංයොජනං සීලබ්බතපරාමාසසංයොජනං විචිකිච්ඡාසංයොජනන්ති තීණි සංයොජනානි විද්ධංසෙන්තො සොතාපත්තිමග්ගො උප්පජ්ජති, තදනන්තරං තස්සෙව විපාකභූතානි ද්වෙ තීණි වා ඵලචිත්තානි උප්පජ්ජන්ති අනන්තරවිපාකත්තා ලොකුත්තරකුසලානං, ඵලපරියොසානෙ පනස්ස උප්පන්නභවඞ්ගං විච්ඡින්දිත්වා පච්චවෙක්ඛණත්ථාය මනොද්වාරාවජ්ජනං උප්පජ්ජති. සො හි “ඉමිනා වතාහං මග්ගෙන ආගතො”ති මග්ගං පච්චවෙක්ඛති. තතො “මෙ අයං ආනිසංසො ලද්ධො”ති ඵලං පච්චවෙක්ඛති. තතො “ඉමෙ නාම කිලෙසා පහීනා”ති පහීනකිලෙසෙ පච්චවෙක්ඛති. තතො “ඉමෙ නාම කිලෙසා අවසිට්ඨා”ති උපරිමග්ගත්තයවජ්ඣකිලෙසෙ පච්චවෙක්ඛති. අවසානෙ ච “අයං ධම්මො මයා පටිවිද්ධො”ති අමතං නිබ්බානං පච්චවෙක්ඛති. ඉති සොතාපන්නස්ස අරියසාවකස්ස පඤ්ච පච්චවෙක්ඛණානි හොන්ති. තථා සකදාගාමිඅනාගාමිඵලාවසානෙ. අරහත්තඵලාවසානෙ අවසිට්ඨකිලෙසපච්චවෙක්ඛණං නාම නත්ථි. එවං සබ්බානිපි එකූනවීසතිපච්චවෙක්ඛණානි හොන්ති.
පොදුවේ ඒ තුන් ආකාර ජවන් සිත්වලට, ආසෙවන ද, පරිකම්මද උපචාර ද අනුලෝම යැයි ද කියනු ලැබේ. මේ අනුලෝම ඤාණය සංඛාර අරමුණින් නැගිට යන විදසුන් මග අවසානයයි. වෙනත් ලෙස කිවහොත් ගොත්රභූ ඤාණයම විදසුන් වැඩීමේ අවසානය යැයි කියනු ලැබේ. ඉන් එහා (සියළු කෙලෙස්) නැතිවන නිවන අරමුණු කරමින්, පුහුදුන් ගතිය ඉක්මවා යන, අරිය සමූහයට පිවිසෙන නිවන් අරමුණෙහි පළමුකොටම එක්තැන් කරන, ආපසු නොහැරෙන ගොත්රභූ ඤාණය උපදී. මෙම ඤාණය පටිපදා ඤාණ දස්සන විසුද්ධියද ඤාණ දස්සන විසුද්ධියද ඇසුරු නොකරයි. අතරතුර නොසළකා හැරේ. විදසුන් දියපහරෙහි වැටුණු බැවින් පටිපදා ඤාණ දස්සන විසුද්ධිය හෝ විදසුන් හෝ යනුවෙන් හැඳින්වෙයි. නිවන අරමුණු කොට ගොත්රභූ ඤාණය ඉවත්වූ කල්හී, එයින් දෙන ලද හැඟවීම පරිදි නිවන අරමුණ කොට දිට්ඨි, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා යන සසර බැඳීම් තුනක් දුරුකෙරෙමින් සෝවාන් මග උපදවයි. ඉන් අනතුරුව, එහිම විපාක ලෙස, පල සිත් දෙකක් හෝ තුනක් උපදී. අතරතුර (යහපත්) විපාක ඇති බැවින්, ලොවුතුරු කුසල පල අවසන්ව, භවංග බිඳී යාමෙන් විමසා බැලීම පිණිස මනෝද්වාරා වජ්ජනය උපදී. යෝගාවචරයා, ‘මම ඒකාන්තවම මේ මගෙන් (ඉදිරියට) පැමිණියෙමි’යි මග සිතා බලයි. එයින් මා විසින් මේ ආනිසංස ලබන ලදැයි පල පිළිබඳව සිතා බලයි. එමෙන්ම මේ නම් වූ කෙලෙස් නැතිකරන ලදැ’යි ඒ නැති කළ කෙලෙස් පිළිබඳ සිතා බලයි. එමෙන්ම මේ නම් වූ කෙලෙස් ඉතිරිව ඇතැයි මතු මග තුනෙන් (දුරුකෙරෙන) වැරදි-කෙලෙස් ගැන සිතා බලයි. අවසානයෙහි මේ දහම (සොබාවය) මා විසින් අවබෝධ කරන ලදැයි අමා නිවන ගැන සිතා බලයි. මෙසේ යෝගියාට පස් ආකාරයෙන් සිතා බැලීම වේ. එසේම සකදාගාමි, අනාගාමි පල අවසානයෙහිද සිතා බලයි. අරහත් පල අවසානයෙහි ඉතිරි කෙලෙස් පිළිබඳව සිතා බැලීමක් නැත. මෙසේ සියළුම සිතා බැලීම පිළිබඳ නුවණ දහනවයකි.
එවං පච්චවෙක්ඛිත්වා සො යොගාවචරො තස්මිංයෙව ආසනෙ නිසින්නො වුත්තනයෙන විපස්සිත්වා කාමරාගබ්යාපාදානං තනුභාවං කරොන්තො දුතියමග්ගං පාපුණාති, තදනන්තරං වුත්තනයෙනෙව ඵලඤ්ච. තතො වුත්තනයෙන විපස්සිත්වා කාමරාගබ්යාපාදානං අනවසෙසප්පහානං කරොන්තො තතියමග්ගං පාපුණාති, වුත්තනයෙන ඵලඤ්ච. තතො තස්මිංයෙවාසනෙ වුත්තනයෙන විපස්සිත්වා රූපරාගාරූපරාගමානුද්ධච්චාවිජ්ජානං අනවසෙසප්පහානං කරොන්තො චතුත්ථමග්ගං පාපුණාති, වුත්තනයෙන ඵලඤ්ච. එත්තාවතා චෙස හොති අරහා මහාඛීණාසවො පච්චෙකබුද්ධො. ඉති ඉමෙසු චතූසු මග්ගෙසු ඤාණං ඤාණදස්සනවිසුද්ධි නාම.
මෙසේ සිතා බලා ඒ යෝගාවචරයා එම අසුනෙහිම හිඳ, කී පරිදි විදසුන් වඩා කාම රාග ව්‍යාපාද තුනී බවට - ලිහිල් බවට පත් කරමින් දෙවන මගට පැමිණේ. ඉන්පසු කී පරිදි පලයටද පැමිණේ. ඊට පසු කී පරිදි කාම රාග - ව්‍යාපාද ඉතිරි නැතිවම දුරු කෙරෙමින් තුන්වන මගට පැමිණේ. කියා ඇති පරිදි පලයටද පැමිණේ. එමෙන්ම කී පරිදිම මැනවින් විමසා බලා රූපරාග - අරූප රාග - උද්ධච්ව - අවිජ්ජා ඉතිරි නැතිවම, ඒ අසුනෙහිදීම නැති කරමින් සිදුවන මගට පැමිණේ. කී පරිදි පලයටද පැමිණේ. මෙපමණකින් ඒ පසේබුදුරජාණන් වහන්සේ කෙලෙස් නැසූ උතුමෙක් වෙති. මෙසේ මෙම සිවුමගෙහි නුවණ ඤාණදස්සන විසුද්ධි නම් වේ.
එත්තාවතා “සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙස”න්ති එතෙන පාතිමොක්ඛසංවරාදිසීලස්ස වුත්තත්තා සීලවිසුද්ධි. “න පුත්තමිච්ඡෙය්ය කුතො සහාය”න්ති එතෙන පටිඝානුනයවිවජ්ජනවසෙන මෙත්තාදීනං වුත්තත්තා චිත්තවිසුද්ධි. “එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති ඉමිනා පන නාමරූපපරිග්ගහාදීනං වුත්තත්තා දිට්ඨිවිසුද්ධි කඞ්ඛාවිතරණවිසුද්ධි මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි පටිපදාඤාණදස්සනවිසුද්ධි ඤාණදස්සනවිසුද්ධීති සත්ත විසුද්ධියො වුත්තා හොන්ති. අයමෙත්ථ මුඛමත්තනිදස්සනං, විත්ථාරං පන ඉච්ඡන්තෙන විසුද්ධිමග්ගං (විසුද්ධි· 2.662, 678, 692, 737, 806 ආදයො) ඔලොකෙත්වා ගහෙතබ්බං. එත්තාවතා චෙසො පච්චෙකබුද්ධො –
මෙපමණකින් ‘සබ්බෙසු භූතෙසු නිධාය දණඩං, අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං’ යනුවෙන් පාමොක් සංවර සීලය කියන ලද බැවින් සීල විසුද්ධියද, ‘න පුත්තමිච්ඡෙය්ය කුතො සහායා’ යනුවෙන් තරහ දුරුකිරීම ලෙස කියන ලද බැවින් චිත්ත විසුද්ධියද ‘එකො චරෙ ඛග්ගවිසාණ කප්පො’ යන්නෙන් නාමරූප විමසීම කියන ලද බැවින් දිටඨි විසුද්ධියත්, කංඛාවිතරණ විසුද්ධියත්, මගාමග්ග ඤාණදස්සන විසුද්ධියත්, පටිපදා ඤාණ දස්සන විසුද්ධියත් ඤාණදස්සන විසුද්ධි යන හතම දක්වා ඇත. මෙය මුව පමණකින් (කෙටියෙන්) දැක්වීමකි. විස්තර කැමති වන්නන් විසුද්ධි මග්ගය බලා දතයුතුය. මෙපමණකින් ඒ පසේ බුදුරජාණන් වහන්සේ;
‘සිවු දිසාවෙහිම කිසිවකු හා තරහක් නැතිව, (සිවු) පසයට අදාලව (ලැබෙන) දේ වුවත් මහත් වූවත්) ලද දෙයින් සෑහීමට පත්ව, උවදුරු නැතිව, තැති නොගනිමින් කඟවේණකු මෙන් තනිව හැසිරෙති.
“චාතුද්දිසො අප්පටිඝො ච හොති, සන්තුස්සමානො ඉතරීතරෙන; පරිස්සයානං සහිතා අඡම්භී, එකො චරෙ ඛග්ගවිසාණකප්පො”ති. (සු· නි· 42; චූළනි· ඛග්ගවිසාණසුත්තනිද්දෙස 128) –
චාතුද්දිසො අප්පටිඝොච හොතී, සන්තුස්සමානො ඉතරීතරෙන, පරිස්සයානං සහිතා අඡම්හී, එකො චරෙ ඛග්ග විසාණ කප්පො
පසංසියාදිභාවං ආපජ්ජිත්වා ගන්ධමාදනපබ්බතං උපසොභයමානො විහාසින්ති එවං සබ්බත්ථ.
පසසනු ලබන බවට පැමිණ, ගන්ධමාදන පව්ව වඩාත් බබුළුවමින්, වාසය කළහ. (මෙසේ සියළු ගාථාවලට අදාලය.)
පඨමගාථානිද්දෙසවණ්ණනා.
ඛග්ගවිසාණ සූත්‍ර විස්තරයෙහි පළමු ගාථා නිද්දෙස වර්ණනාව නිමියේ ය.
දුතියෙ සංසග්ගජාතස්සාති ජාතසංසග්ගස්ස. තත්ථ දස්සනසවනකායසමුල්ලපනසම්භොගවසෙන පඤ්චවිධො සංසග්ගො. තත්ථ අඤ්ඤමඤ්ඤං දිස්වා චක්ඛුවිඤ්ඤාණවීථිවසෙන උප්පන්නරාගො දස්සනසංසග්ගො නාම. තත්ථ සීහළදීපෙ කාළදීඝවාපීගාමෙ පිණ්ඩාය චරන්තං කල්යාණවිහාරවාසිං දහරභික්ඛුං දිස්වා පටිබද්ධචිත්තා කෙනචි උපායෙන තං අලභිත්වා කාලකතා කුටුම්බියධීතා තස්සා නිවාසනචොළක්ඛණ්ඩං දිස්වා “එවරූපාය වත්ථධාරිනියා නාම සද්ධිං සංවාසං නාලත්ථ”න්ති හදයං ඵාලෙත්වා කාලකතො සො එව ච දහරො නිදස්සනං.
දෙවන (ගාථාවයි) සංසග්ග ජාතස්ස හටගත් ඇලීම් බැඳීම් ඇති, දැකීමෙන්, ඇසීමෙන්, සිරුරෙන්, කතාබහෙන්, එක්ව කටයුතු කිරීමෙන් යයි පස් ආකාරය. එකිනෙකා දැක, ඇසින් හැඳිනීමේදී ඇතිවන ඇලීම-දැකීම නිසා වන සබඳතාවයි. සිංහල දිවයිනෙහි කළුදිග් වැව් ගමෙහි පිඬු පිණිස හැසිරෙන, කැලණි වෙහෙර වැසි තරුණ හිමිනමක දැක, ආදර සිත් ඇතිව, කිසියම් මගකින් හෝ ඒ හිමියන් නොලැබ, එහි කෙළෙඹි දුවක් කළුරිය කළාය. ඇයගේ හැඳ සිටි ඇඳුමෙහි රෙදිකඩක් දැක ‘මෙබඳු වතක් දරා සිටි තැනැත්තිය සමග ඇසුරක් - එක්වීමක් නොලැබුණේ’ යැයි හද පැලී අපවත් වූ ඒ තරුණ හිමි නමම නිදසුනයි.
පරෙහි පන කථියමානං රූපාදිසම්පත්තිං අත්තනා වා හසිතලපිතගීතසද්දං සුත්වා සොතවිඤ්ඤාණවීථිවසෙන උප්පන්නො රාගො සවනසංසග්ගො නාම. තත්රාපි ගිරිගාමවාසීකම්මාරධීතාය පඤ්චහි කුමාරීහි සද්ධිං පදුමස්සරං ගන්ත්වා න්හායිත්වා මාලං සීසෙ ආරොපෙත්වා උච්චාසද්දෙන ගායන්තියා ආකාසෙන ගච්ඡන්තො සද්දං සුත්වා කාමරාගෙන ඣානා පරිහායිත්වා අනයබ්යසනං පත්තො පඤ්චග්ගළලෙණවාසී තිස්සදහරො නිදස්සනං.
තමන් හෝ අනුන් කියනු ලබන රූපාදී සම්පත් ගැන හෝ සිනාසෙන, කතාබහ කරන, ගී ගයන හඬ හෝ අසා සවනට දැනීමෙන් ඇතිවන ඇලීම ‘සවණ සංසග්ග’ නම් වේ. ගිරි නම් ගමෙහි විසූ ලෝකරුවෙකුගේ දියණියක, තරුණියන් පස්දෙනෙකු සමග නෙළුම්විලට ගොස් දිය නා මල් උඩට නංවමින් උඩින් ගායනා කරනවිට පස්අඟුල් ලෙන වැසි තිස්ස නම් තෙරුන් අහසින් යද්දී ඒ ගී හඬ ඇසී කාමරාගයෙන් දැවී, දැහැනින් පිරිහී බොහෝ විපතට පත්වීම මෙහිලා නිදසුන්ය.
අඤ්ඤමඤ්ඤං අඞ්ගපරාමසනෙන උප්පන්නරාගො කායසංසග්ගො නාම. ධම්මගායනදහරභික්ඛු චෙත්ථ නිදස්සනං. මහාවිහාරෙ කිර දහරභික්ඛු ධම්මං භාසති, තත්ථ මහාජනෙ ආගතෙ රාජාපි අගමාසි සද්ධිං අන්තෙපුරෙන. තතො රාජධීතාය තස්ස රූපඤ්ච සද්දඤ්ච ආගම්ම බලවරාගො උප්පන්නො තස්ස ච දහරස්සාපි. තං දිස්වා රාජා සල්ලක්ඛෙත්වා සාණිපාකාරෙන පරික්ඛිපාපෙසි, තෙ අඤ්ඤමඤ්ඤං පරාමසිත්වා ආලිඞ්ගිසු. පුන සාණිපාකාරං අපනෙත්වා පස්සන්තා ද්වෙපි කාලකතෙයෙව අද්දසංසූති.
එකිනෙකා අතර, අඟපසඟ අතපත ගෑමෙන්, උපන් රාගය කාම සංසග්ග නම් වේ. දහම් (ගාථා) කී තරුණ මහණකුගේ කතාව මීට නිදසුන්ය. මහා විහාරයෙහි තරුණ හිමිනමක් දහම් දෙසයි. මහජනයා එහි රැස් වූ විට ඇතුළු නුවර රජ මැදුරෙහි ලඳුන් සමග රජතුමාද පැමිණියේය. දහම් දෙසන ඒ තරුණ හිමිගේ රුවටද, කටහඬටද රජ දියණියට බලවත් රාගයක් උපන. තරුණ පැවිදි හිමිටද එබඳුම හැගීමක් ඇතිවිය. ඒ බව දුටු රජු (කරුණු) සළකා බලා තිර රෙදිවලින් වටකරවූයේය. ඔව්හු එකිනෙකා අතපත ගාමින් වැළඳ ගත්හ. තිර රෙදි ඉවත්කොට බලනවිට දෙදෙනාම මියගොස් සිටින බව දුටුවාහ.
අඤ්ඤමඤ්ඤං ආලපනසමුල්ලපනෙ උප්පන්නරාගො පන සමුල්ලපනසංසග්ගො නාම. භික්ඛුභික්ඛුනීහි සද්ධිං පරිභොගකරණෙ උප්පන්නරාගො සම්භොගසංසග්ගො නාම. ද්වීසුපි ච එතෙසු මරිචවට්ටිවිහාරෙ භික්ඛු ච භික්ඛුනී ච නිදස්සනං. මරිචවට්ටිමහාවිහාරමහෙ කිර දුට්ඨගාමණි අභයමහාරාජා මහාදානං පටියාදෙත්වා උභතොසඞ්ඝං පරිවිසති. තත්ථ උණ්හයාගුයා දින්නාය සඞ්ඝනවකසාමණෙරී අනාධාරකස්ස සත්තවස්සිකසඞ්ඝනවකසාමණෙරස්ස දන්තවලයං දත්වා සමුල්ලාපං අකාසි, තෙ උභොපි උපසම්පජ්ජිත්වා සට්ඨිවස්සා හුත්වා පරතීරං ගතා අඤ්ඤමඤ්ඤං සමුල්ලාපෙන පුබ්බසඤ්ඤං පටිලභිත්වා තාවදෙව ජාතසිනෙහා සික්ඛාපදානි වීතික්කමිත්වා පාරාජිකා අහෙසුන්ති.
එකිනෙකා ඇමතීමෙන්, කතාබහ කිරීමෙන්, හටගන්නා රාගය සමුල්ලපන සංසග්ගයයි. මහණ මෙහෙණියන් සමග (යම් යම් සුළු භාණ්ඩ ආදිය) පරිහරණය කිරීමේදී හටගන්නා රාගය සම්භොග සංසග්ග වේ. මේ දෙ ආකාර වූ ඇලීම පිළිබඳව මිරිසවැටි විහාරයෙහි මහණ මෙහෙණ දෙදෙනාගේ කතාව නිදසුන්ය. මිරිසවැටි විහාරයෙහි උත්සව පවත්නා කල දුටුගැමුණු අභය මහරජු මහදන් පිළියෙල කොට මහණ මෙහෙණ දෙකොටසටම වළඳවයි. එහිදී ළඟදී පැවිදි වූ මෙහෙණියක් උණු කැඳ දෙනු ලබද්දී (භාජනය තබා ගැනීමට) ආධාරකයක් නොමැති වූ අළුත පැවිදි වූ සත් අවුරුදු සාමණේර හිමිනමකට (ඇත් දතකින් සාදන ලද) දරණුවක් දී සතුටු සාමීචියෙහි යෙදුණාය. ඒ දෙදෙනාම පසුව උපසම්පදා ලැබ සැටවයස්ව වෙනත් රටකට ගියවිට එකිනෙකා සමග කතාබහ කිරීමේදී පෙර හැඳුනුම්කම් සිහිවී, එකෙණෙහිම හටගත් ආදරයෙන් සිකපද ඉක්මවා පාරාජික බවට පත්වූහ.
එවං පඤ්චවිධෙ සංසග්ගෙ යෙන කෙනචි සංසග්ගෙන ජාතසංසග්ගස්ස භවන්ති ස්නෙහා, පුරිමරාගපච්චයා බලවරාගො උප්පජ්ජති. තතො ස්නෙහන්වයං දුක්ඛමිදං පහොතීති තමෙව ස්නෙහං අනුගච්ඡන්තං සන්දිට්ඨිකසම්පරායිකසොකපරිදෙවාදිනානප්පකාරකං දුක්ඛමිදං පහොති නිබ්බත්තති භවති ජායති. අපරෙ පන “ආරම්මණෙ චිත්තවොසග්ගො සංසග්ගො”ති භණන්ති. තතො ස්නෙහො ස්නෙහදුක්ඛන්ති.
මෙසේ පස්ආකාර වූ සබඳතාවලින් කිසියම් සබඳතාවකින් සෙනෙහස ඇතිවේ. කලින් පැවති රාගය යළි මතුවීමේ හේතුවෙන් බලවත් ලෙසට රාගය පහළ වේ. එහෙයින් ස්නෙහන්වයං දුක්ඛමිදං පහොති එම සෙනහසට-ආදරයට අනුව යන, මෙලොවත් පරලොවත් සෝක කිරීම්, විලාප නගමින් හැඬීම් ආදී නොයෙක් ආකාර වූ මේ දුක් උපදී. හටගනී. සිදුවෙයි. තවත් කෙනෙක් අරමුණෙහි සිත යොමුවීම සංසග්ග යැයි කියති. ඒ අනුව ඇතිවන ආදරයත්, ආදරයෙන් දුකත් ඇතිවේ යැයි,
එවමත්ථප්පභෙදං ඉමං අඩ්ඪගාථං වත්වා සො පච්චෙකබුද්ධො ආහ – “ස්වාහං යමිදං ස්නෙහන්වයං සොකාදිදුක්ඛං පහොති, තස්ස දුක්ඛස්ස මූලං ඛනන්තො පච්චෙකසම්බොධිං අධිගතො”ති. එවං වුත්තෙ තෙ අමච්චා ආහංසු – “අම්හෙහි දානි, භන්තෙ, කිං කත්තබ්බ”න්ති? තතො සො ආහ – “තුම්හෙ වා අඤ්ඤෙ වා යො ඉමම්හා දුක්ඛා මුච්චිතුකාමො, සො සබ්බොපි ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පොති. එත්ථ ච යං තං “ස්නෙහන්වයං දුක්ඛමිදං පහොතී”ති වුත්තං, තදෙව සන්ධාය “ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො”ති ඉදං වුත්තන්ති වෙදිතබ්බං. අථ වා යථාවුත්තෙන සංසග්ගෙන සංසග්ගජාතස්ස භවන්ති ස්නෙහා, ස්නෙහන්වයං දුක්ඛමිදං පහොති, එවං යථාභූතං ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො අහං අධිගතොති එවම්පි අභිසම්බන්ධිත්වා චතුත්ථපාදො පුබ්බෙ වුත්තනයෙනෙව උදානවසෙන වුත්තොති වෙදිතබ්බො. තතො පරං සබ්බං පුරිමගාථාය වුත්තසදිසමෙවාති (සු· නි· අට්ඨ· 1.36).
මේ අරුතින් මෙම ගාථා පද දෙක කී ඒ පසේබුදුවරයාණෝ ‘මම මෙම ආදරය අනුව යන සෝකය ආදී දුකෙහි මුල සිඳිමින්, පසේබුදුබව අවබෝධ කළෙමියි වදාළහ. එසේ කී විට ඒ ඇමතිවරු ‘අප දැන් කළයුතු කුමක්දැ’යි ඇසූහ. ‘වෙනත් කෙනෙක් හෝ ඔබලා හෝ මෙම දුකින් මිදෙනු කැමැත්තෙහු නම්, ඒ සියල්ලෝම, ආදීනවං සිනෙහජං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණ කප්පො යයිද යම් ආකාර වූ ස්නෙන්වයං දුක්ඛමිදං පහොති කියන ලද පරිදි ආදරය නිසා හටගන්නා ආදීනව විමසා බලමින් පැහැදිලි කර ඇතැයි දතයුතුය. එමෙන්ම ඉහත සඳහන් කරන ලද අයුරු සබඳතාවලින් බැඳුනු තැනැත්තාට ආදරය හටගනී. ඒ ආදරය අනුව මෙම ආදරය හටගනී. ඒ ආදරය අනුව මෙම දුක බලවත් වේ. එම ආදරයෙහි ආදීනව ඇති සැටියෙන් දැන ‘මම අවබෝධ කළෙමි’යි මෙසේ තහවුරුකොට, සතර පද (ගාථාව) පෙර කී පරිදි උදාන ලෙසින් කියන ලදැයි දතයුතුය. මෙයින් පසු සියළු කරුණු මුල් ගාථාවට අදාලව කියා ඇති පරිදිය.
නිද්දෙසෙ අනුප්පාදෙතීති රූපස්මිං අනුබ්‍යඤ්ජනං දිස්වා අල්ලීයති. අනුබන්ධතීති රූපස්මිං ස්නෙහවසෙන බන්ධති. භවන්තීති හොන්ති. ජායන්තීති උප්පජ්ජන්ති. නිබ්බත්තන්තීති වත්තන්ති. පාතුභවන්තීති පාකටා හොන්ති. සම්භවන්ති සඤ්ජායන්ති අභිනිබ්බත්තන්තීති තීණි උපසග්ගෙන වඩ්ඪිතානි. ඉතො පරං අට්ඨකවග්ගෙ (මහානි· 1 ආදයො) වුත්තනයෙනෙව වෙදිතබ්බං.
නිද්දේසයෙහි අනුප්පාදෙති යනු රූපයෙහි අනු ලකුණු (හැඩරුව) දැක ඇලීම ඇතිකර ගැනීමයි. අනුබන්ධති රූපයෙහි ආදරය ලෙසට බැඳේ. භවන්ති වෙති. ජායන්ති ඉපදෙති. නිබ්බත්තන්ති පැවතෙති. පාතුභවන්ති පහළ වෙති. හටගනිති. උපදවති යැයි උපසග්ග පද තුනකින් අරුත වඩාත් දියුණු කොට ඇත. මෙයින් අට්ඨක වග්ගයෙහි කියා ඇති පරිදි දතයුතුය.
දුතියගාථානිද්දෙසවණ්ණනා.
දෙවෙනි ගාථාවේ නිද්දෙස වර්ණනාව යි.
තතියෙ මෙත්තායනවසෙන මිත්තා. සුහදභාවෙන සුහජ්ජා. කෙචි හි එකන්තහිතකාමතාය මිත්තාව හොන්ති, න සුහජ්ජා. කෙචි ගමනාගමනට්ඨානනිසජ්ජාසමුල්ලාපාදීසු හදයසුඛජනනෙන සුහජ්ජාව හොන්ති, න මිත්තා. කෙචි තදුභයවසෙන සුහජ්ජා චෙව මිත්තා ච. තෙ දුවිධා හොන්ති අගාරියා ච අනගාරියා ච. තත්ථ අගාරියා තිවිධා හොන්ති උපකාරා සමානසුඛදුක්ඛා අනුකම්පකාති. අනගාරියා විසෙසෙන අත්ථක්ඛායිනො . එවං තෙ චතූහි චතූහි අඞ්ගෙහි සමන්නාගතා හොන්ති.
තුන්වන (ගාථාවෙහි) මෙත් පතුරන හේතුවෙන් මිත්තා ලෙන්ගතු බව සුභජ්ජා, ඇතැම්හු එක්බඳු හිතවත්කමින් යුතුව මිතුරෝම වෙති. සුහද නොවෙති. ඇතැමෙක් පැමිණෙන, යන, හිඳින තැන, කතාබහ කරනවිට හදවතට සුව දනවන ගතිය වූ සුභජ්ජ හෙවත් සුහදතාව පෙන්වති. මිතුරෝ නොවෙති. ඇතමෙක් සුහද බවත්, මිතුරු බවත් දෙකක් කොට දක්වති. ගිහි ජීවිතයට අදාලව සහ පැවිදි ජීවිතය ලෙසිනි. ගිහි දිවියට අදාලව උපකාර, සමාන සුඛදුක්ඛ, අනුකම්පක යැයි තුන් ආකාරය. පැවිදි ජීවිතයට වෙසෙසින් අත්ථක්ඛායී වැදගත් වේ. ඒ මිතුරෝ කරුණු සතරකින් යුතු වෙති.
යථාහ –
ඒ අනුව මෙසේ කියා ඇත;
“චතූහි ඛො, ගහපතිපුත්ත, ඨානෙහි උපකාරො මිත්තො සුහදො වෙදිතබ්බො. පමත්තං රක්ඛති, පමත්තස්ස සාපතෙය්යං රක්ඛති, භීතස්ස සරණං හොති, උප්පන්නෙසු කිච්චකරණීයෙසු තද්දිගුණං භොගං අනුප්පදෙති (දී· නි· 3.261).
‘ගහපති පුතුනි, උපකාර නම් සුහද මිතුරාද කරුණු හතරකින් දත යුතුය. ඔහු මිතුරාට කරදර-පමාවක් ඇති විටකදී රැකවරණ දෙයි. එවැනි විටකදී මිතුරාගේ වස්තුව රැක දෙයි. බියට පත්වූ විට පිහිට වෙයි. කිසියම් අවැසි කටයුත්තක් ඇති කල දෙගුණයක් හෝ ධනය ආදී සම්පත් ලබා දෙයි.
තථා –
එසේම;
“චතූහි ඛො, ගහපතිපුත්ත, ඨානෙහි සමානසුඛදුක්ඛො මිත්තො සුහදො වෙදිතබ්බො. ගුය්හමස්ස ආචික්ඛති, ගුය්හමස්ස පරිගූහති, ආපදාසු න විජහති, ජීවිතම්පිස්ස අත්ථාය පරිච්චත්තං හොති (දී· නි· 3.262).
ගහපති පුතුනි, සමාන සුඛ දුක්ඛ සුහද මිතුරාද කරුණු හතරකින් දතයුතුය. රහසිගත කරුණු ඔහුට කියයි. ඔහුගේ රහස් හෙළි නොකරයි. කරදරවලදී අත් නොහරියි. තම ජීවිතය වුවද මිතුරාගේ හිතසුව පිණිස කැප කරයි.
තථා –
එසේම;
“චතූහි ඛො, ගහපතිපුත්ත, ඨානෙහි අනුකම්පකො මිත්තො සුහදො වෙදිතබ්බො. අභවෙනස්ස න නන්දති, භවෙනස්ස නන්දති, අවණ්ණං භණමානං නිවාරෙති, වණ්ණං භණමානං පසංසති (දී· නි· 3.264).
ගහපති පුතුනි, එසේම අනුකම්පක සුහද මිතුරාද කරුණු සතරකින් දතයුතුය. ඔහු මිතුරාගේ යම් දෙයක් පාඩුවීමේදී හෝ විනාසවීමේදී සතුටු නොවේ. යම් යම් දෙය (මිතුරාගේ දියුණුව) ඇතිවන විටදී සතුටු වෙයි. ඔහුගේ නුගුණ කියනවිට වළක්වයි. ගුණ කියනවිට අගය කරයි.
තථා –
එසේම;
“චතූහි ඛො, ගහපතිපුත්ත, ඨානෙහි අත්ථක්ඛායී මිත්තො සුහදො වෙදිතබ්බො. පාපා නිවාරෙති, කල්‍යාණෙ නිවෙසෙති, අස්සුතං සාවෙති, සග්ගස්ස මග්ගං ආචික්ඛතී”ති (දී· නි· 3.263).
කරුණු හතරකින් අත්ථක්ඛායී සුහද මිතුරාද දතයුතුය. ඔහු මිතුරා යහපතෙහි යොදවයි. අයහපතින් වළකයි. නොඇසූ (යහපත්) දෙයක් ඇසීමට සලස්වයි. (මරණින් මතු යහපත් තැනකට) දෙව්ලොව මග කියා දෙයි.
තෙසු ඉධ අගාරියා අධිප්පෙතා, අත්ථතො පන සබ්බෙපි යුජ්ජන්ති. තෙ මිත්තෙ සුහජ්ජෙ. අනුකම්පමානොති අනුදයමානො, තෙසං සුඛං උපසංහරිතුකාමො දුක්ඛං අපහරිතුකාමො.
මෙම කරුණුවලින් මෙහි ගිහි ජීවිතය අදහස් වේ. එම කරුණු (පොදුවේ) සුහද යහපත් මිතුරන්ට අදාල වේ. අනුකම්පමානො කරුණ සහගත බවයි. එම ගුණය ඔවුනට සැප එක්තැන් කිරීමටත්, දුක ඈත් කිරීමටත් යොමු කරයි.
හාපෙති අත්‍ථන්ති දිට්ඨධම්මිකසම්පරායිකපරමත්ථවසෙන තිවිධං, තථා අත්තත්ථපරත්ථඋභයත්ථවසෙනාපි තිවිධං අත්ථං ලද්ධවිනාසනෙන අලද්ධානුප්පාදනෙනාති ද්විධාපි හාපෙති විනාසෙති. පටිබද්ධචිත්තොති “අහං ඉමං විනා න ජීවාමි, එසො මෙ ගති, එසො මෙ පරායණ”න්ති එවං අත්තානං නීචෙ ඨානෙ ඨපෙන්තොපි පටිබද්ධචිත්තො හොති. “ඉමෙ මං විනා න ජීවන්ති, අහං තෙසං ගති, අහං තෙසං පරායණ”න්ති එවං අත්තානං උච්චෙ ඨානෙ ඨපෙන්තොපි පටිබද්ධචිත්තො හොති. ඉධ පන එවං පටිබද්ධචිත්තො අධිප්පෙතො.
හාපෙති අත්ථං මෙලොව පරලොව සහ ඉන් එහා ලද හැකි උසස් උත්තරීතර බව යනුවෙන් තුන් ආකාරය. එසේම තමා කෙරෙහිත්, අනුන් කෙරෙහිත් සහ තමාටත් අනුන්ටත් ලෙස තුන් ආකාරය. ලැබුණු දේ නැතිකර ගැනීමෙන්ද, නොලද දේ උපදවා නොගැනීමෙන්දැයි දෙයාකාරව පිරිහෙයි. නැසෙයි. පටිබද්ධචිත්තො මම මොහු නැතිව ජීවත් නොවෙමි, එය මගේ හැටිය, ඒ තැනැත්තා මට පිහිට වේයැයි මෙසේ තමන් පහත් තැනක තබද්දිත්, බැඳුණු සිත් ඇත්තේ වෙයි. මොව්හු මා හැර ජීවත් නොවෙති. මම ඔවුනට අයත් වෙමි. මා පිහිට කොට ඇත්තාහ’යයි මෙසේ තමන් උස් තැන්හි තැබීමද ඇළුණු-බැඳුණු සිත් ඇති බවයි.
එතං භයන්ති එතං අත්ථහාපනභයං, අත්තනො සමාපත්තිහානිං සන්ධාය භණති. සන්ථවෙති තිවිධො සන්ථවො තණ්හාදිට්ඨිමිත්තසන්ථවවසෙන. තත්ථ අට්ඨසතප්පභෙදාපි තණ්හා තණ්හාසන්ථවො, ද්වාසට්ඨිප්පභෙදාපි දිට්ඨි දිට්ඨිසන්ථවො, පටිබද්ධචිත්තතාය මිත්තානුකම්පනා මිත්තසන්ථවො. සො ඉධ අධිප්පෙතො . තෙන හිස්ස සමාපත්ති පරිහීනා. තෙනාහ – “එතං භයං සන්ථවෙ පෙක්ඛමානො”ති. සෙසං පුබ්බසදිසමෙවාති වෙදිතබ්බං. නිද්දෙසෙ වත්තබ්බං නත්ථි (සු· නි· අට්ඨ· 1.37; අප· අට්ඨ· 1.1.93-94).
එතං භයං මේ ලැබුණු දේ නැතිව යනු ඇතැයි බියය. තමාගේ සමවත් හානිය ගැන (මෙයින්) කියයි. සන්ථවෙ තණ්හා-දිට්ඨි, මිත්තසන්ථව යැයි තුන් ආකාරය. මෙහි එකසිය අටක් සේ දැක්වෙන තණ්හාවේ ඒ පරිදි ඇලීම තණ්හා සන්ථවයයි. හැටදෙකක් වූ වැරදි දැකීම්වල ඇලීම දිට්ඨි සන්ථවයයි. ඇලුණු බැඳුණු සිතින් වන මිතුරු අනුකම්පාව මිත්ත සන්ථවයයි. එය මෙහි අදහස් කෙරේ. එයින් සමවත් පිරිහෙයි. ඒ පිළිබඳව ඇතිවන බිය නුවණින් මෙනෙහි කරමින්, මම අවබෝධ කළෙමි’ එහෙයින් කීහ. ඉතිරි කරුණු කියා ඇති පරිදි යැයි දතයුතුය. නිද්දේසයට අදාලව කිවයුතු දෙයක් නැත.
තතියගාථානිද්දෙසවණ්ණනා.
තුන්වන (ගාථාවයි.)
චතුත්ථෙ වංසොති වෙළු. විසාලොති විත්ථිණ්ණො. ව-කාරො අවධාරණත්ථො, එවකාරො වා අයං. සන්ධිවසෙනෙත්ථ එ-කාරො නට්ඨො. තස්ස පරපදෙන සම්බන්ධො, තං පච්ඡා යොජෙස්සාම. යථාති පටිභාගෙ. විසත්තොති ලග්ගො ජටිතො සංසිබ්බිතො. පුත්තෙසු දාරෙසු චාති පුත්තධීතුභරියාසු. යා අපෙක්ඛාති යා තණ්හා යො ස්නෙහො . වංසක්කළීරොව අසජ්ජමානොති වංසකළීරො විය අලග්ගමානො. කිං වුත්තං හොති? යථා වංසො විසාලො විසත්තො එව හොති, පුත්තෙසු ච දාරෙසු ච යා අපෙක්ඛා, සාපි එවං තානි වත්ථූනි සංසිබ්බිත්වා ඨිතත්තා විසත්තා එව. ස්වාහං තාය අපෙක්ඛාය අපෙක්ඛවා විසාලො වංසො විය විසත්තොති එවං අපෙක්ඛාය ආදීනවං දිස්වා තං අපෙක්ඛං මග්ගඤාණෙන ඡින්දන්තො අයං වංසකළීරොව රූපාදීසු වා දිට්ඨාදීසු වා ලාභාදීසු වා කාමභවාදීසු වා තණ්හාමානදිට්ඨිවසෙන අසජ්ජමානො පච්චෙකසම්බොධිං අධිගතොති. සෙසං පුරිමනයෙනෙව වෙදිතබ්බං. ඉමායපි නිද්දෙසෙ අතිරෙකං නත්ථි (සු· නි· අට්ඨ· 1.38).
සිවුවන (ගාථාවෙහි) වංසො උණගසය, විසාලො පුළුල්ව, අතුරිකිලි විහිද ගිය, ‘ච’ අකුර අවධාරණ අරුතිනි. ‘එව’ යන පදය ‘මේ’ යන තේරුමයි. පද එක්වීමේදී ‘එ’ අකුර ඉවත් විය. පසු පදය හා බැඳුණි. එය පසුව යොදන්නෙමි. යථා සමානකොට දක්වයි. විසත්තො ඇළුණු, අවුල් වූ එකට පැටලුනු, පුත්තෙසු දාරෙසු ච පුතුන්, දූවරු බිරිඳ කෙරෙහි, යා අපෙඛා යම් ආසාවක්, යම් ආදරයක්, වංසකළීරොව අසජ්ජමානො නොපැටළුණු, උණගොබයක් මෙන්, එසේ කියන ලද්දේ කුමක් නිසාද? උණගස මහත්ව වැඩී, අතු රිකිළි පැතිරී යයි ද එසේම අඹුදරු ආදීනට ඇති බලාපොරොත්තු නිසා ඔවුනට ඇති බැඳීමයි. ඇලීමයි. ‘මම මහත් ලෙස පැතිරි ගිය උණගස් මෙන් වූ එම බලාපොරොත්තු තබා ගැනීමේ මතු විපාක දැක, මගනැණින් සිඳිමින් මෙම උණගොබය බඳු රූපාදියට හෝ දැකීම්වලට හෝ කාම ලෝකවල හෝ ආසා-මාන හා දැකීම් ලෙස නො ඇලෙමින් පසේ බුදුබවට පත්වීමි. ඉතිරි කරුණු පෙර කී පරිදි දතයුතුය. මෙයටද නිද්දේසයෙහි වැඩිදුරට දක්වා නැත.
චතුත්ථගාථානිද්දෙසවණ්ණනා.
සිවුවන (ගාථාවයි.)
පඤ්චමෙ මිගොති සබ්බෙසං ආරඤ්ඤිකචතුප්පදානං එව එතං අධිවචනං. ඉධ පන පසදමිගො අධිප්පෙතො. අරඤ්ඤම්හීති ගාමඤ්ච ගාමූපචාරඤ්ච ඨපෙත්වා අවසෙසං අරඤ්ඤං, ඉධ පන උය්යානං අධිප්පෙතං, තස්මා “උය්යානම්හී”ති වුත්තං හොති. යථාති පටිභාගෙ. අබද්ධොති රජ්ජුබන්ධනාදීසු යෙන කෙනචි අබද්ධො. එතෙන විස්සට්ඨචරියං දීපෙති. යෙනිච්ඡකං ගච්ඡති ගොචරායාති යෙන දිසාභාගෙන ගන්තුං ඉච්ඡති, තෙන ගොචරත්ථං ගච්ඡති. තස්මා තත්ථ යත්තකං ඉච්ඡති ගන්තුං, තත්තකං ගච්ඡති. යං ඉච්ඡති ඛාදිතුං, තං ඛාදතීති දීපෙති. විඤ්ඤූ නරොති පණ්ඩිතපුරිසො. සෙරිතන්ති සච්ඡන්දවුත්තිතං අපරායත්තභාවං. පෙක්ඛමානොති පඤ්ඤාචක්ඛුනා ඔලොකයමානො. අථ වා ධම්මසෙරිතං පුග්ගලසෙරිතඤ්ච. ලොකුත්තරධම්මා හි කිලෙසවසං අගමනතො සෙරිනො තෙහි සමන්නාගතා පුග්ගලා ච, තෙසං භාවනිද්දෙසො සෙරිතං පෙක්ඛමානොති. කිං වුත්තං හොති? මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො, යෙනිච්ඡකං ගච්ඡති ගොචරාය. කදා නු ඛො අහම්පි තණ්හාබන්ධනං ඡින්දිත්වා එවං ගච්ඡෙය්යන්ති ඉති මෙ තුම්හෙහි ඉතො චිතො ච පරිවාරෙත්වා ඨිතෙහි බද්ධස්ස යෙනිච්ඡකං ගන්තුං අලභන්තස්ස තස්මිං යෙනිච්ඡකගමනාභාවෙ ආදීනවං යෙනිච්ඡකගමනෙ ආනිසංසං දිස්වා අනුක්කමෙන සමථවිපස්සනාපාරිපූරිං අගමිං. තතො පච්චෙකබොධිං අධිගතොම්හි. තස්මා අඤ්ඤොපි විඤ්ඤූ නරො සෙරිතං පෙක්ඛමානො, එකො චරෙ ඛග්ගවිසාණකප්පොති (සු· නි· අට්ඨ· 1.39 ආදයො).
පස්වන (ගාථාවෙහි) මිගො වනයෙහි වසන සියළුම සිවුපාවුනට මෙය සමාන වචනයකි. මෙහි පසද මුවා අදහස් වේ. අරඤ්ඤම්හි ගම හා ගම සමීප පෙදෙස හැර ඉතිරි කොටස කැලයයි. මෙහි උයන අදහස් වේ. එහෙයින් උයනෙහි යැයි කියන ලදී. යථා සමාන කොට දැක්වීමයි. අබද්ධො රැහැනින් ආදී කිසියම් බැඳුම්වලින් නොබැඳුණු, මෙයින් නිසැක හැසිරිම් රටාවක් දක්වයි. යෙනිච්ඡකං ගච්ඡති ගොචරාය කැමති දිසාවකින් ගොදුරු පිණිස යයි. කැමති දුරක් යයි. කැමති දෙයක්ම කයි. විඤ්ඤුනරො දැනුම් තේරුම් තේරුම් ඇති පණ්ඩිත තැනැත්තා, සෙරිතං තමා කැමති සේ නිදහස්ව, අනුන්ට යටත් නොවූ, පෙක්ඛමානො නුවණැසින් බලමින්, නැතහොත් දහමෙහි නිදහස් බව හෝ පුද්ගල නිදහස් බවයි. ලොවුතුරු දහම් අනුව කෙලෙසුන් වසඟයට නොගිය බැවින් නිදහස්ය. එසේ වූ තැනැත්තෝ, ඔවුගේ සොබාවය දැක්වීමට සෙරිතා යැයි කියන ලදී. එය බලාපොරොත්තුවෙන් යනුයි. කුමක් හෙයින් කියන ලද ද? මුවා කැලයෙහි ගොදුරු සොයා කැමති තැනකට යයිද, එසේම මම ද කවදා තණ්හා බැඳීම් සිඳ යන්නෙම් ද? මෙසේ ඔබලා ඒ මේ අත මා පිරිවරා සිට බැඳ තබා ගත් හෙයින්, කැමති තැනකට යාමට නොලැබෙන මට, ඒ කැමති තැනකට යාමෙහි පල විපාක හා කැමති තැනකට යාමෙහි ආනිසංස ද දැක, අනුපිළිවෙලින් සමථ විදසුන් වැඩීමෙන් පිරිපුන් බවට ගියෙමි. එයින් පසේ බුදුබව අවබෝධ කළෙමි. එහෙයින් නිදහස බලාපොරොත්තු වන අනෙක් නුවණැති තැනැත්තා ද, එකො චරෙ ඛග්ග විසාණ කප්පො යනුයි.
පඤ්චමගාථානිද්දෙසවණ්ණනා.
පස්වන (ගාථාවයි).
ඡට්ඨෙ අයං පිණ්ඩත්ථො – සහායමජ්ඣෙ ඨිතස්ස දිවාසෙය්යසඞ්ඛාතෙ වාසෙ ච මහාඋපට්ඨානසඞ්ඛාතෙ ඨානෙ ච උය්යානගමනසඞ්ඛාතෙ ගමනෙ ච ජනපදචාරිකසඞ්ඛාතාය චාරිකාය ච “ඉදං මෙ සුණ, ඉදං මෙ දෙහී”තිආදිනා නයෙන තථා තථා ආමන්තනා හොති, තස්මා අහං තත්ථ තත්ථ නිබ්බිජ්ජිත්වා යායං අරියජනසෙවිතා අනෙකානිසංසා එකන්තසුඛා, එවං සන්තෙපි ලොභාභිභූතෙහි සබ්බකාපුරිසෙහි අනභිජ්ඣිතා අපත්ථිතා පබ්බජ්ජා, තං අනභිජ්ඣිතං පරෙසං අවසවත්තනෙන භබ්බපුග්ගලවසෙනෙව ච සෙරිතං පෙක්ඛමානො විපස්සනං ආරභිත්වා අනුක්කමෙන පච්චෙකසම්බොධිං අධිගතොති. සෙසං වුත්තනයමෙව (සු· නි· අට්ඨ· 1.39-42).
හයවන (ගාථාවෙහි) මේ කෙටි අරුතයි. සහාය මජ්ඣෙ සිටින්නාට, දිවා කාලයෙහි නිදාගැනීම් යැයි කියන ලද වාසෙ මහා උවටනැයි කියන ලද ඨානෙ, උයනට යාම යැයි කියන ලද ගමනෙ, ජනපද චාරිකා යැයි කියන ලද චාරිකාය, ‘මගේ මේ (කීම) අහන්න, මෙය මට දෙන්න’, ආදී ඒ ඒ ආකාරයෙන් ආමන්තණහොති, එහෙයින් මම එහි කලකිරී, උතුම් තැනැත්තන් සෙවුනා ලද, නොයෙක් යහපත් පල ලැබෙන, ඒකාන්ත සුවය (තිබියදී), ලෝභයෙන් පෙළුණු, සියළු කාමයෙන් පිරි මිනිසුන් කිසිසේත් නොකැමතිව, නොපතමින්, ඒ පැවිදි බවට අනභිජ්ඣිතං අනුන්ට වසඟ නොවන, දැහැමි තැනැත්තකු ලෙසින් සෙරිතං ච පෙක්ඛමානො විදසුන් වඩා කෙමෙන් කෙමෙන් පසේබුදුබව අවබෝධ කරන ලදී. ඉතිරි කරුණු කියා ඇති පරිදිය.
ඡට්ඨගාථානිද්දෙසවණ්ණනා.
හයවන (ගාථාවයි.)
සත්තමෙ ඛිඩ්ඩාති කීළනා. සා දුවිධා හොති කායිකා ච වාචසිකා ච. තත්ථ කායිකා නාම හත්ථීහිපි කීළන්ති, අස්සෙහිපි රථෙහිපි ධනූහිපි ථරූහිපීති එවමාදි. වාචසිකා නාම ගීතං සිලොකභණනං මුඛභෙරිකන්ති එවමාදි. රතීති පඤ්චකාමගුණරති. විපුලන්ති යාව අට්ඨිමිඤ්ජං ආහච්ච ඨානෙන සකලත්තභාවබ්යාපකං. සෙසං පාකටමෙව. අනුසන්ධියොජනාපි චෙත්ථ සංසග්ගගාථාය වුත්තනයෙනෙව වෙදිතබ්බා (සු· නි· අට්ඨ· 1.41).
හත්වන (ගාථාවෙහි) මේ කෙටි අරුතයි. ඛිඩ්ඩා සෙල්ලම් කිරීම, එය කායික හා වාචසික යනුවෙන් කොටස් දෙකකි. කායික නම් ‘ඇතුන් සමග, අසුන් සමග, දුනුවලින්, කඩුවලින්, සෙල්ලම් කරති’යි ආදී ලෙසිනි. වචනයට අදාලව, ගී, සිලෝ කීම, මුවින් බෙරහඬ ආදී (නාද නැවීම) ලෙසිනි. රතී කාමයන් පසෙහි ඇලීම, විපුලං ඇටමිදුළුවල පටන් විනිවිද ගිය, මුළු සිරුරම හා බැඳුණු, ඉතිරි සියල්ල පැහැදිලිය. මෙහි සම්බන්ධතා ගැළපීම ගැනද සංසග්ග ගාථාවෙහි කී පරිදි දතයුතුය.
සත්තමගාථානිද්දෙසවණ්ණනා.
හත්වන (ගාථාවයි.)
අට්ඨමෙ චාතුද්දිසොති චතූසු දිසාසු යථාසුඛවිහාරී, “එකං දිසං ඵරිත්වා විහරතී”තිආදිනා (දී· නි· 1.556; 3.308; අ· නි· 4.125; විභ· 643; චූළනි· ඛග්ගවිසාණසුත්තනිද්දෙස 128) වා නයෙන බ්රහ්මවිහාරභාවනාඵරිතා චතස්සො දිසා අස්ස සන්තීතිපි චාතුද්දිසො. තාසු දිසාසු කත්ථචි සත්තෙ වා සඞ්ඛාරෙ වා භයෙන න පටිහඤ්ඤතීති අප්පටිඝො. සන්තුස්සමානොති ද්වාදසවිධස්ස සන්තොසස්ස වසෙන සන්තුස්සකො. ඉතරීතරෙනාති උච්චාවචෙන පච්චයෙන. පරිස්සයානං සහිතා අඡම්භීති එත්ථ පරිස්සයන්ති කායචිත්තානි, පරිහාපෙන්ති වා තෙසං සම්පත්තිං, තානි වා පටිච්ච සයන්තීති පරිස්සයා, බාහිරානං සීහබ්යග්ඝාදීනං අබ්භන්තරානඤ්ච කාමච්ඡන්දාදීනං කායචිත්තුපද්දවානං එතං අධිවචනං. තෙ පරිස්සයෙ අධිවාසනඛන්තියා ච වීරියාදීහි ච ධම්මෙහි සහතීති පරිස්සයානං සහිතා. ථද්ධභාවකරභයාභාවෙන අඡම්භී. කිං වුත්තං හොති? යථා තෙ චත්තාරො සමණා, එවං ඉතරීතරෙන පච්චයෙන සන්තුස්සමානො එත්ථ පටිපත්තිපදට්ඨානෙ සන්තොසෙ ඨිතො චතූසු දිසාසු මෙත්තාදිභාවනාය චාතුද්දිසො, සත්තසඞ්ඛාරෙසු පටිහනනකරභයාභාවෙන අප්පටිඝො ච හොති. සො චාතුද්දිසත්තා වුත්තප්පකාරානං පරිස්සයානං සහිතා, අප්පටිඝත්තා අඡම්භී ච හොතීති එතං පටිපත්තිගුණං දිස්වා යොනිසො පටිපජ්ජිත්වා පච්චෙකසම්බොධිං අධිගතොම්හීති.
අටවන (ගාථාවෙහි) චාතුද්දිසො සිවු දිසාවෙහිම සුවසේ වාසය කිරීම පරිදි, ‘එක් දිසාවක් පතුරුවා වාසය කරති’යි ආදී ලෙස හෝ බඹ විහරණ වැඩීම සිවු දිසාවටම පතුරුවා ඇතැයි ද චාතුද්දිසො, ඒ දිසාවල කිසියම් ජීවීන් කෙරේ හෝ සංඛාරවල හෝ බයෙන් වෙහෙසට පත් නොවෙතැයි, නොගැටෙතැයි, අප්පටිඝො, සන්තුස්සමානො යනු දොළොස් ආකාර වූ සතුටුවීම් ලෙසින් සෑහීමකට පත්ව, ඉතරීතරෙන සිවුපසය (ලැබීම) උසස් ලෙස (බොහෝ-යහපත් පරිදි) වුවත් මද වුවත්, පරිස්සයානං සහිතා අච්ඡම්හි කයෙන්, සිතෙන් වන අවහිරතා ඉවසා ගනී. ඒ සම්පත් ගැන වෙන්කොට සිතේ පවත්නා ආකාරය, ඒවා වෙන්කොට දැන සිතෙහි රැඳෙතියි - පරිච්ච සයන්ති = පරිස්සයා. සිංහ, වග ආදී සතුන්ගෙන් වන ගැහැට බාහිරින් පැමිණෙන උවදුරු ලෙසද කාමයට ඇති ආසාව ආදී කය සිතට වන උවදුරු ඇතුලතින්ද මීට සමාන වේ. ඒ උවදුරු ඉවසා දරා ගැනීමද, උත්සාහය ආදී කරුණුවලින් යුතු වේදැයි පරිස්සයානං සහිතා තදබවට පත්කරන බය නැතිවීමෙන් අච්ඡම්හී කුමක් නිසා කියන ලදද? යම්සේ ඒ පැවිදි සතර නම මෙන්, සිවුපසය ලැබෙන අයුරින් සෑහීමට-සතුටට පත්ව, මෙහි දක්වා ඇති පරිදි සතුටින් යුතුව - සිවු දිසාවෙහිම මෙත් ආදී භාවනාවෙහි යෙදී, සියළු දේවල් කෙරෙන් මතුවන බිය නොමැති බැවින් සිවු දෙසින්ම උවදුරු නොමැතිව - තැති නොගනිමින්, පිළිවෙත්හි ගුණ දැක, නුවණින් පිළිපැද-අනුගමනය කොට පසේබුදුබව අවබෝධ කළෙමි.
අථ වා තෙ සමණා විය සන්තුස්සමානො ඉතරීතරෙන වුත්තනයෙනෙව චාතුද්දිසො හොතීති ඤත්වා එවං චාතුද්දිසභාවං පත්ථයන්තො යොනිසො පටිපජ්ජිත්වා අධිගතොම්හි. තස්මා අඤ්ඤොපි ඊදිසං ඨානං පත්ථයමානො චාතුද්දිසතාය පරිස්සයානං සහිතා අප්පටිඝතාය ච අඡම්භී හුත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පොති (සු· නි· අට්ඨ· 1.42).
නැතහොත්, ඒ පැවිදි වූවන් මෙන්, ලැබෙන දෙයින් සතුටුව, ‘සිවුදිසා’ රැකවරණ පතමින්, නුවණ මෙහෙය අවබෝධ කොට ගතිමි. එහෙයින් අනෙක් තැනැත්තන්ද මෙබඳු තැනකට (පැමිණීම) පතමින් සිවුදෙසින්ම වන උවදුරු ඉවසා, ඒවා දුරුකොට බිය නොවී, එකො චරෙ ඛග්ග විසාණ කප්පො (මෙනි.)
නිද්දෙසෙ මෙත්තාති අත්ථතො තාව මිජ්ජතීති මෙත්තා, සිනෙහතීති අත්ථො. මිත්තෙ වා භවා, මිත්තස්ස වා එසා පවත්තීතිපි මෙත්තා. මෙත්තාසහගතෙනාති මෙත්තාය සමන්නාගතෙන. චෙතසාති චිත්තෙන. එකං දිසන්ති එකිස්සා දිසාය පඨමපරිග්ගහිතං සත්තං උපාදාය එකං දිසං පරියාපන්නසත්තඵරණවසෙන වුත්තං. ඵරිත්වාති ඵුසිත්වා ආරම්මණං කත්වා. විහරතීති බ්රහ්මවිහාරාධිට්ඨිතං ඉරියාපථවිහාරං පවත්තෙති. තථා දුතියන්ති යථා පුරත්ථිමාදීසු දිසාසු යං කිඤ්චි එකං දිසං ඵරිත්වා විහරති, තථෙව තදනන්තරං දුතියං තතියං චතුත්ථඤ්චාති අත්ථො.
නිද්දේසයෙහි, මෙත්තා, අරුත් අනුව මිජ්ජති – මෙත්තා සෙනෙහස තේරුමයි. යහළුකමට හෝ මිතුරාට හෝ එය පවතී යයි මෙත්තා - මෙත්තා සහගතෙ ඒ මෙත් බවෙන් සෙනෙහසින් යුතු, ඒ මෙල්බවෙන්, සෙනහසින් යුතු, චෙතසා සිතින්, එක් දිසාවකට පළමුව සළකා ගන්නා ලද ජීවින් උදෙසා එක් දිසාවක් කෙළවර කොට එහි සියල්ලන් කෙරෙහි පැතිරී යන ලෙසින් කියන ලදී. ඵරිත්වා (මෙත්) පහස මුසුකොට - අරමුණු කොට විහරති බඹ විහරණය යැයි සනිටුහන් වූ ඉරියවු පිහිටුවා ගැනීම - විහරණය පවත්වනු ලබයි. තථා දුතියං එසේ නැගෙනහිර ආදී දිසාවල යම් එක් දිසාවකට (මෙත) පතුරුවා වාසය කරයි. එපරිදිම, ඒ අතරතුර දෙවන, තෙවන, සිවුවන දිසා යන අරුතයි.
ඉති උද්ධන්ති එතෙනෙව ච නයෙන උපරිමං දිසන්ති වුත්තං හොති. අධො තිරියන්ති අධොදිසම්පි තිරියං දිසම්පි එවමෙව. තත්ථ ච අධොති හෙට්ඨා. තිරියන්ති අනුදිසා. එවං සබ්බදිසාසු අස්සමණ්ඩලෙ අස්සමිව මෙත්තාසහගතං චිත්තං සාරෙතිපි පච්චාසාරෙතිපීති. එත්තාවතා එකමෙකං දිසං පරිග්ගහෙත්වා ඔධිසො මෙත්තාඵරණං දස්සිතං. සබ්බධීතිආදි පන අනොධිසො දස්සනත්ථං වුත්තං. තත්ථ සබ්බධීති සබ්බත්ථ. සබ්බත්තතායාති සබ්බෙසු හීනමජ්ඣිමඋක්කට්ඨමිත්තසපත්තමජ්ඣත්තානිප්පභෙදෙසු අත්තතාය, “අයං පරසත්තො”ති විභාගං අකත්වා අත්තසමතායාති වුත්තං හොති.
ඉති උද්ධං ඒ වචනයෙන්, මත්තෙහි වූ දිසාව යැයි කියන ලදී. අධො තිරියං යට දිසාවටද - හරස් දිසාවටද ඒ ආකාරයෙන් (මෙත) පතුරුවයි. එහි අධො යට, තිරියං අනුදිසා - මෙසේ සියළු දිසාවලටම අස්මඬලෙහි අසකු මෙන් මෙත් සහගත සිත, සාරෙතිපි පච්චාසාරෙති මෙපමණකින්, එක් එක් දිසාවන් සීමාව ලෙසින් මෙත් පැතිරවීම දක්වා ඇත. සබ්බධී ආදී ලෙසින් සීමාවක් රහිතව දැක්වීමට කියන ලදී. එහි සබ්බධී හැමතැනම, සබ්බත්තකාය පහත්, මැදහත්, උසස්, මිතුරු, සතුරු, මිතුරු සතුරු නොවූ, හැමදෙනා කෙරෙහිම, මේ වෙනත් කොටසක් යැයි වෙනසක් නොකොට, තමන් හා සමව සළකා යැයි කියන ලදී.
අථ වා සබ්බත්තතායාති සබ්බෙන චිත්තභාවෙන, ඊසකම්පි බහි අවික්ඛිපමානොති වුත්තං හොති. සබ්බාවන්තන්ති සබ්බසත්තවන්තං, සබ්බසත්තයුත්තන්ති අත්ථො. ලොකන්ති සත්තලොකං. විපුලෙනාති එවමාදිපරියායදස්සනතො පනෙත්ථ පුන “මෙත්තාසහගතෙනා”ති වුත්තං. යස්මා වා එත්ථ ඔධිසො ඵරණෙ විය පුන තථා-සද්දො ඉති-සද්දො වා න වුත්තො, තස්මා පුන “මෙත්තාසහගතෙන චෙතසා”ති වුත්තං. නිගමනවසෙන වා එතං වුත්තං. විපුලෙනාති එත්ථ ච ඵරණවසෙන විපුලතා දට්ඨබ්බා. භූමිවසෙන පන තං මහග්ගතං. පගුණවසෙන අප්පමාණසත්තාරම්මණවසෙන ච අප්පමාණං. බ්යාපාදපච්චත්ථිකප්පහානෙන අවෙරං. දොමනස්සප්පහානෙන අබ්යාපජ්ජං. නිද්දුක්ඛන්ති වුත්තං හොති (විසුද්ධි· 1.254). කරුණා හෙට්ඨා වුත්තත්ථායෙව. මොදන්ති තාය තංසමඞ්ගිනො, සයං වා මොදති, මොදනමත්තමෙව වා සාති මුදිතා. “අවෙරා හොන්තූ”තිආදිබ්යාපාදප්පහානෙන මජ්ඣත්තභාවූපගමනෙන ච උපෙක්ඛතීති උපෙක්ඛා.
නැතහොත් සබ්බත්තාය සියල්ලන් කෙරෙහි මෙත් සිත වැඩීමෙන් බිඳකුදු පිටත අවුල් සහගත බවක් නැති බවද කියන ලදී. සබ්බාවන්තං සියළුම දෙනා, සියළුම ජීවීන් කෙරෙහි යොමු වූ අරුතයි. ලොකං, විපුලෙන මේ ආදී කොටස් ලෙසින් දැක්වීමෙන් නැවත මෙත් සහගත බව කියන ලදී. යම් ආකාරයකින් හෝ මෙහි හෝ සීමාකොට පැතිරීම මෙන් නැවත එසේ යන වචනයද මේ යන වචනයද නොයොදා ඇත. එබැවින් නැවත මෙත් සහගත සිතිවිලි යැයි කියන ලදී. (අවසන්) නිගමන ලෙසින් එය කියන ලදී. විපුලෙන මෙහිද බොහෝ ලෙස (මෙත) පැතිර යන සැටි දතයුතුය. එසේ පැතිරෙන පරාසය ලෙස මහග්ගතං, බොහෝ දෙනා අරමුණු කොට එය වඩනා අයුරින් අප්පමාණං, තරහ සතුරු බව නැති නිසා අවෙරං දොස නැති නිසා අව්යාපජ්ඣං දුක් නැතැයි කියන ලදී. කරුණා ඉහත කී පරිද්දෙනි. ඒ කරුණුවලින් යුතු නිසා තමාම සතුටු වේ. සතුටු පමණින් හෝ මුදිතා, අවෙරා හොන්තු මේ ආදී ලෙසට තරහ නැතිව, මැදහත් බවට පැමිණීමෙන් උපෙක්ඛා.
ලක්ඛණාදිතො පනෙත්ථ හිතාකාරප්පවත්තිලක්ඛණා මෙත්තා, හිතූපසංහාරරසා, ආඝාතවිනයපච්චුපට්ඨානා, සත්තානං මනාපභාවදස්සනපදට්ඨානා. බ්යාපාදූපසමො එතිස්සා සම්පත්ති, සිනෙහසම්භවො විපත්ති. දුක්ඛාපනයනාකාරප්පවත්තිලක්ඛණා කරුණා, පරදුක්ඛාසහනරසා, අවිහිංසාපච්චුපට්ඨානා, දුක්ඛාභිභූතානං අනාථභාවදස්සනපදට්ඨානා. විහිංසූපසමො තස්සා සම්පත්ති, සොකසම්භවො විපත්ති. පමොදලක්ඛණා මුදිතා, අනිස්සායනරසා, අරතිවිඝාතපච්චුපට්ඨානා, සත්තානං සම්පත්තිදස්සනපදට්ඨානා. අරතිවූපසමො තස්සා සම්පත්ති, පහානසම්භවො විපත්ති. සත්තෙසු මජ්ඣත්තාකාරප්පවත්තිලක්ඛණා උපෙක්ඛා, සත්තෙසු සමභාවදස්සනරසා, පටිඝානුනයවූපසමපච්චුපට්ඨානා, “කම්මස්සකා සත්තා, තෙ කස්ස රුචියා සුඛිතා වා භවිස්සන්ති, දුක්ඛතො වා මුච්චිස්සන්ති, පත්තසම්පත්තිතො වා න පරිහායිස්සන්තී”ති එවං පවත්තකම්මස්සකතාදස්සනපදට්ඨානා. පටිඝානුනයවූපසමො තස්සා සම්පත්ති, ගෙහස්සිතාය අඤ්ඤාණුපෙක්ඛාය සම්භවො විපත්ති.
මෙහි හිතවත් බව පළවන බැවින්, හිතවත් බව එක්තැන් කරන ගතියෙන් හිරිහැර නොකිරීමෙන්, සංවරයෙහි පිහිටීමෙන්, හැමට මනාප බව දක්වන බැවින්, තරහ ගති සමනය වීමෙන්, මෙත් බවෙහි සම්පත් පෙනේ. ආදරය ඇතිවීම (විටෙක) දුකකි. දුක ඉදිරියට පමුණුවන ආකාරයෙන් කරුණාව වේ. (ඒ අනුව) අනුන්ගේ දුක ඉවසන සුළුව, හිංසා කිරීමෙන් තොරව, දුකට පත්වූවන්ගේ අසරණ බව දකිමින් සන්හුන් බව ඇතිවීම එහි සම්පතකි. සෝකය ඇතිවීම ආපදා බවකි. සතුටු බව මුදිතාවේ අන් සැපත දකිනු රිසි වේ. නොකැමැත්ත සිතට වෙහෙස පමුණුවයි. හැමදෙනාගේ දැක්ම හේතුවීම සම්පතකි. නොකැමැත්ත සංසිඳීම සම්පතකි. අත්නොහැරීම විපතකි. සත්වග කෙරෙහි මැදහත් ලෙස පැවැත්ම උපෙක්ඛාය. ඔවුන්ගේ ගති සොබා දැකීමෙන් තරහක්-ගැටීමක් ඇතිකර නොගැනීමත්, කරන කියන කටයුතුවල පලයක් වූ ඔව්හු ඔවුන්ගේ කැමැත්ත සැප ඇත්තෝ හෝ වෙති. දුකින් හෝ මිදෙන්නාහ. ලද සම්පත් හෝ පිරිහීමට පත් නොවන්නාහයි, මෙසේ පවත්නා වූ කරන ලද පරිදි කම්පල දැක්මෙහි පිහිටා, තරහව, ගැටීම සංසිඳීම එහි සම්පතකි. එදිනෙදා ජීවිතය හා බැඳුණු දෙයෙහි මැදහත් නොවීම විපතකි.
තත්ථ සන්තුට්ඨො හොතීති පච්චයසන්තොසවසෙන සන්තුට්ඨො හොති. ඉතරීතරෙන චීවරෙනාති න ථූලසුඛුමලූඛපණීතථිරජිණ්ණානං යෙන කෙනචි චීවරෙන, අථ ඛො යථාලද්ධානං ඉතරීතරෙන යෙන කෙනචි සන්තුට්ඨො හොතීති අත්ථො. චීවරස්මිඤ්හි තයො සන්තොසා – යථාලාභසන්තොසො, යථාබලසන්තොසො, යථාසාරුප්පසන්තොසොති. පිණ්ඩපාතාදීසුපි එසෙව නයො. ඉති ඉමෙ තයො සන්තොසෙ සන්ධාය “සන්තුට්ඨො හොති ඉතරීතරෙන චීවරෙන. යථාලද්ධාදීසු යෙන කෙනචි චීවරෙන සන්තුට්ඨො හොතී”ති වුත්තං.
සන්තුට්ඨො හොති සිවුපසයෙහි (ලද පමණින්) සෑහීමට පත් වෙයි. ඉතරීතරෙන චීවරෙන රළු, සියුම්, දළ, සුවපහසු, කල්පවත්නා දිරූ මේ කිනම් ආකාර වූ සිවුරකින්, එමෙන්ම මද හෝ බොහෝකොට හෝ තමන්ට ලැබෙන පරිදි, හැකියාව පරිදි, ගැලපෙන පරිදි යනුවෙනි. පිණ්ඩපාතයෙහි ද මෙසේ සැළකිය යුතු වෙයි. මෙසේ මෙම තුන්ආකාර වූ සතුටට-සෑහීමට පත්වීම සළකා ‘සන්තුට්ඨො හොති’ යැයි කියන ලදී.
එත්ථ ච චීවරං ජානිතබ්බං, චීවරඛෙත්තං ජානිතබ්බං, පංසුකූලං ජානිතබ්බං, චීවරසන්තොසො ජානිතබ්බො, චීවරපටිසංයුත්තානි ධුතඞ්ගානි ජානිතබ්බානි. තත්ථ චීවරං ජානිතබ්බන්ති ඛොමාදීනි ඡ චීවරානි දුකූලාදීනි ඡ අනුලොමචීවරානිපි ජානිතබ්බානි. ඉමානි ද්වාදස කප්පියචීවරානි. කුසචීරං වාකචීරං ඵලකචීරං කෙසකම්බලං වාළකම්බලං පොත්ථකො චම්මං උලූකපක්ඛං රුක්ඛදුස්සං ලතාදුස්සං එරකදුස්සං කදලිදුස්සං වෙළුදුස්සන්ති එවමාදීනි පන අකප්පියචීවරානි.
මෙසේ සිවුර ගැන දත යුතුය. සිවුරෙහි අදාල සියළු කරුණු (ඛෙත්ත) දතයුතුය. පස් වැකුණු සිවුර ගැන දත යුතුය. සිවුරෙන් සෑහීමට පත්වීම ගැන දතයුතුය. සිවුර හා අදාල වූ ධුතංග දතයුතුය. ‘සිවුර ගැන දතයුතු’ යන්නෙන් කොමු ආදී සය ආකාර සිවුරු, දුකුල වැනි සියුම් රෙදි ආදී සයආකාර වූ සුදුසු සිවුරු යන මෙම දොළොස් ආකාර වූ කැප වූ සිවුරු ගැන දත යුතුය. කුසතණ සිවුරු, පට්ටා කෙඳි සිවුරු, ලෑලි පතුරුවලින් කරන ලද සිවුරු, කෙස්වලින් කරන ලද ඝන-නියද සිවුරු, සම්වලින්, බකමූණු පියාපත්වලින්, ගස් (පොතු) වලින්, වැල්වලින් විසූ, ඉඳුරු වැනි (එරක) ගස්වල කෙඳිවලින්, කෙසෙල්පතින්, උණකොළවලින් වැනි මෙබඳු දෙයින් කළ සිවුරු අකැපය.
චීවරඛෙත්තන්ති “සඞ්ඝතො වා ගණතො වා ඤාතිතො වා මිත්තතො වා අත්තනො වා ධනෙන පංසුකූලං වා”ති එවං උප්පජ්ජනතො ඡ ඛෙත්තානි, අට්ඨන්නඤ්ච මාතිකානං වසෙන අට්ඨ ඛෙත්තානි ජානිතබ්බානි.
‘සිවුරෙහි අදාල කරුණු යනුවෙන් සංඝයා වෙතින් හෝ සමූහයකින් හෝ නෑයන්ගෙන් හෝ මිතුරන්ගෙන් හෝ, තමන් සපයා ගැනීමෙන් හෝ පංසුකූල හෝ මෙසේ සය ආකාරව දතයුතුය. මූලික කරුණු අටක් ගැනද දතයුතුය.
පංසුකූලන්ති සොසානිකං පාපණිකං රථියං සඞ්කාරකූටං සොත්ථියං සිනානං තිත්ථං ගතපච්චාගතං අග්ගිඩඩ්ඪං ගොඛායිතං උපචිකාඛායිතං උන්දූරඛායිතං අන්තච්ඡින්නං දසච්ඡින්නං ධජාහටං ථූපං සමණචීවරං සාමුද්දියං ආභිසෙකියං පන්ථිකං වාතාහටං ඉද්ධිමයං දෙවදත්තියන්ති තෙවීසති පංසුකූලානි වෙදිතබ්බානි. එත්ථ ච සොත්ථියන්ති ගබ්භමලහරණං. ගතපච්චාගතන්ති මතකසරීරං පාරුපිත්වා සුසානං නෙත්වා ආනීතචීවරං. ධජාහටන්ති ධජං උස්සාපෙත්වා තතො ආනීතං. ථූපන්ති වම්මිකෙ පූජිතචීවරං. සාමුද්දියන්ති සමුද්දවීචීහි ථලං පාපිතං. පන්ථිකන්ති පන්ථං ගච්ඡන්තෙහි චොරභයෙන පාසාණෙහි කොට්ටෙත්වා පාරුතචීවරං. ඉද්ධිමයන්ති එහිභික්ඛුචීවරං. සෙසං පාකටමෙව.
සොහොනක, වෙළෙන්දෙකු, වීදියෙහි, කසළ ගොඩක, රෝහලක, දිය නාන තැනක, තොටුපළක, ගතපච්චාගත, ගින්නෙන් දැවුණු, ගවයන් කාදමන ලද, මීයන් කා දමන ලද, ඇතුලත ඉරුණු, වාටිය ඉරුණු, කොඩි සඳහා වූ, ථූපයෙහි මුදුනෙහි වූ, සමණ සිවුරු මුහුදෙහි (පාවී ආ), අභිෂේකයට අයත්, මහමග තිබූ, සුළඟින් ගසාගෙන ආ, ඉඳු බලයෙන් ලද, දෙවියන් දෙන ලද යන විසිතුන් ආකාරය පංසුකූල යනුවෙන් ගැනේ. (මෙහි) ‘සොත්ථියං’ යනු දරු උපතකදී පාවිච්චි වූ රෙදි වේ. ‘ගතපච්චාගත’ යනු මළ සිරුරකට පොරවා සොහොනට ගෙනගොස් ආපසු ගෙනා රෙදිවලින් සකසාගත් සිවුරුය ධජාහටං යනු කොඩියක් සේ ඔසවා එතැනින් ගෙනෙන ලද රෙදි, ‘ථූපං’ - තුඹසෙහි පූජාකරන ලද රෙදිය. ‘සාමුද්දියං’ මුහුදුරළින් ගොඩබිමට (වෙරළට) පාවී ආ රෙදි, ‘පථික’ යනු මග යන්නවුන් විසින් සොරුන්ට බියෙන් ගලෙහි එලා පොරවන ලද රෙදි, ‘ඉද්ධිමයං’ යනු ‘එන්න, මහණ’ යැයි පැවිදීමේදී ලබන සිවුර - ඉතිරි කරුණු පැහැදිලිය.
චීවරසන්තොසොති වීසති චීවරසන්තොසා – චීවරෙ විතක්කසන්තොසො ගමනසන්තොසො පරියෙසනසන්තොසො පටිලාභසන්තොසො මත්තපටිග්ගහණසන්තොසො ලොලුප්පවිවජ්ජනසන්තොසො යථාලාභසන්තොසො යථාබලසන්තොසො යථාසාරුප්පසන්තොසො උදකසන්තොසො ධොවනසන්තොසො කරණසන්තොසො පරිමාණසන්තොසො සුත්තසන්තොසො සිබ්බනසන්තොසො රජනසන්තොසො කප්පසන්තොසො පරිභොගසන්තොසො සන්නිධිපරිවජ්ජනසන්තොසො විස්සජ්ජනසන්තොසොති. තත්ථ සාදකභික්ඛුනො තෙමාසං නිබද්ධවාසං වසිත්වා එකමාසමත්තං විතක්කිතුං වට්ටති. සො හි පවාරෙත්වා චීවරමාසෙ චීවරං කරොති. පංසුකූලිකො අද්ධමාසෙනෙව කරොති. ඉදං මාසද්ධමාසමත්තං විතක්කනං විතක්කසන්තොසො. චීවරත්ථාය ගච්ඡන්තස්ස පන “කත්ථ ලභිස්සාමී”ති අචින්තෙත්වා කම්මට්ඨානසීසෙනෙව ගමනං ගමනසන්තොසො නාම. පරියෙසන්තස්ස පන යෙන වා තෙන වා සද්ධිං අපරියෙසිත්වා ලජ්ජිං පෙසලභික්ඛුං ගහෙත්වා පරියෙසනං පරියෙසනසන්තොසො නාම. එවං පරියෙසන්තස්ස ආහරියමානං චීවරං දූරතොව දිස්වා “එතං මනාපං භවිස්සති, එතං අමනාප”න්ති එවං අවිතක්කෙත්වා ථූලසුඛුමාදීසු යථාලද්ධෙනෙව සන්තුස්සනං පටිලාභසන්තොසො නාම. එවං ලද්ධං ගණ්හන්තස්සාපි “එත්තකං දුපට්ටස්ස භවිස්සති, එත්තකං එකපට්ටස්සා”ති අත්තනො පහොනකමත්තෙනෙව සන්තුස්සනං මත්තපටිග්ගහණසන්තොසො නාම. චීවරං පරියෙසන්තස්ස පන “අසුකස්ස ඝරද්වාරෙ මනාපං ලභිස්සාමී”ති අචින්තෙත්වා ද්වාරපටිපාටියා චරණං ලොලුප්පවිවජ්ජනසන්තොසො නාම.
චීවර සන්තොස ලෙස විතක්ක, ගමන, පරියෙසන, පටිලාභ, මත්ත පටිග්ගහණ, ලොලුප්ප විවජ්ජන, යථාලාභ, යථාබල, යථා සාරුප්ප, උදක, ධොවන, කරණ, පරිමාණ, සුත්ත, සිබ්බන, රජන, කප්ප, පරිභොග, සන්නිධි, විස්සජ්ජන යැයි විසි ආකාරය. අදාල මහණ විසින්, තෙමසක් එකතැනම වසා, එක් මසක් පමණ (තිබියදී) කල්පනා කිරීම සුදුසුය. ඒ මහණ පවාරණය කොට, චීවර මාසයෙහි පංසුකූලික සිවුරක් සකසයි. අඩමසකින්ම සකසයි. මෙසේ අඩමසක් තිබියදී කල්පනා කිරිම විතක්ක සන්තොසයයි. සිවුරු පිණිස යනවිට, ‘කොතැනින් ලබන්නෙම්දැ’යි නොසිතා, කමටහන මුල්කොට ගෙනම යාම ගමන සන්තොසයයි. සිවුර සෙවීමේදී යම්කිසි වෙනත් කෙනෙකු සමග නොව, හිරිඔතප් ඇති සිල්වත් මහණකු කැටුව යාම පරියෙසන සන්තොසයයි. මෙසේ සොයා ගෙන එන සිවුර දුරදීම දැක, රළු-සියුම් ආදී සේ, එයට මනාප හෝ අමනාප හෝ වන්නේ යැයි නොසිතා ලද පරිදි ඇති කරගන්නා සතුට පටිලාභ සන්තොසයයි. මෙසේ ලැබුණු දෙය භාර ගැනීමේ දී ‘මෙපමණ දෙපටක් වන්නේය, මෙපමණ තනිපටක් වන්නේ යැයි, තමන්ට සෑහෙන පමණට සතුටුවීම මත්ත පටිග්ගහණ සන්තොසයයි. සිවුර සොයා යාමේදී, ‘කැමති සේ අසවල් ගෙදරින් ලබන්නෙමි’යි නොසිතා ගෙදොර පිළිවෙලින් යාමෙන් ලොලුප්පවිවජ්ජන සන්තොසය ලබයි.
ලූඛපණීතෙසු යෙන කෙනචි යාපෙතුං සක්කොන්තස්ස යථාලද්ධෙනෙව යාපනං යථාලාභසන්තොසො නාම. අත්තනො ථාමං ජානිත්වා යෙන යාපෙතුං සක්කොති, තෙන යාපනං යථාබලසන්තොසො නාම. මනාපං අඤ්ඤස්ස දත්වා අත්තනා යෙන කෙනචි යාපනං යථාසාරුප්පසන්තොසො නාම. “කත්ථ උදකං මනාපං, කත්ථ අමනාප”න්ති අවිචාරෙත්වා යෙන කෙනචි ධොවනුපගෙන උදකෙන ධොවනං උදකසන්තොසො නාම. තථා පණ්ඩුමත්තිකගෙරුකපූතිපණ්ණරසකිලිට්ඨානි පන උදකානි වජ්ජෙතුං වට්ටති. ධොවන්තස්ස පන මුග්ගරාදීහි අපහරිත්වා හත්ථෙහි මද්දිත්වා ධොවනං ධොවනසන්තොසො නාම. තථා අසුජ්ඣන්තං පණ්ණානි පක්ඛිපිත්වා තාපිතඋදකෙනාපි ධොවිතුං වට්ටති. එවං ධොවිත්වා කරොන්තස්ස “ඉදං ථූලං, ඉදං සුඛුම”න්ති අකොපෙත්වා පහොනකනීහාරෙනෙව කරණං කරණසන්තොසො නාම. තිමණ්ඩලපටිච්ඡාදනමත්තස්සෙව කරණං පරිමාණසන්තොසො නාම. චීවරකරණත්ථාය පන “මනාපං සුත්තං පරියෙසිස්සාමී”ති අවිචාරෙත්වා රථිකාදීසු වා දෙවට්ඨානෙ වා ආහරිත්වා පාදමූලෙ වා ඨපිතං යං කිඤ්චිදෙව සුත්තං ගහෙත්වා කරණං සුත්තසන්තොසො නාම.
දළ වූ, මොළොක් වූ කිසියම් ආකාරයක සිවුරකින් ලැබෙන පමණින් යැපීමට හැකිවීම යථාලාභ සන්තොසයයි. තමාගේ (උත්සාහය හෝ) බලය දැන ඒ අනුව යැපිය හැකිනම්, එය යථාබල සන්තොසයයි. (තමා) කැමති දෙය වෙනත් (මහණකට) දී තමන් කිසියම් ආකාරයකින් යැපීම යථා සාරුප්ප සන්තොසයයි. කැමති පරිදි ජලය ඇත්තේ කොතැනද? රිසි නොවන පරිදි ජලය ඇත්තේ කොතැනදැයි නොවිමසා කිසියම් ආකාරයකින් ජලයෙන් සේදීම උදක සන්තොසයයි. පඬුපැහැ මැටි, ගුරුගල් වන් රතු මැටි, කොළ ආදිය වැටී, පල් වූ අපිරිසිදු වූ ජලය පාවිච්චි නොකිරීම මැනවි, සෝදන විට (ජලය පාදා ගැනීමට) මුගුරු ආදියෙන් නොගසා, අත්වලින් වැඩ (අත එහා මෙහා කරමින් ජලය පාදාගෙන) සේදීම ධොවන සන්තොසයයි. එසේම අපිරිසිදු කොළ ඉවතලා (අව්රැසින්) රත්වූ ජලයෙන් සේදීම වටී. මෙසේ සෝදනවිට මෙය රළු (අපහසුය.) මෙය සියුම් (පහසු) යැයි තරහ නොගෙන, සෑහෙන පමණට කටයුතු කිරීම කරණ සන්තොසයයි. නාභිය හා දෙදණ වැසෙන පමණ සළකා ගැනීම පරිමාණ සන්තොසයයි. සිවුරු සැකසීම පිණිස කැමති නුල් සොයා ගනිමි’යි නොසිතා, වීදිවල හෝ දෙවොල් හෝ ආදී තැනකින් ගෙනැවිත් පාමුල තබන ලද කුමන හෝ නූල් ගෙන එය කිරීම සුත්ත සන්තොසයයි.
කුසිබන්ධනකාලෙ පන අඞ්ගුලිමත්තෙ සත්තවාරෙ න විජ්ඣිතබ්බං. එවං කරොන්තස්ස හි යො භික්ඛු සහායො න හොති, තස්ස වත්තභෙදොපි නත්ථි. තිවඞ්ගුලමත්තෙ පන සත්තවාරෙ විජ්ඣිතබ්බං. එවං කරොන්තස්ස මග්ගපටිපන්නෙනාපි සහායෙන භවිතබ්බං. යො න හොති, තස්ස වත්තභෙදො. අයං සිබ්බනසන්තොසො නාම. රජන්තෙන පන කාළකච්ඡකාදීනි පරියෙසන්තෙන න රජිතබ්බං, සොමවක්කලාදීසු යං ලභති, තෙන රජිතබ්බං. අලභන්තෙන පන මනුස්සෙහි අරඤ්ඤෙ වාකං ගහෙත්වා ඡඩ්ඩිතරජනං වා භික්ඛූහි පචිත්වා ඡඩ්ඩිතකසටං වා ගහෙත්වා රජිතබ්බං. අයං රජනසන්තොසො නාම. නීලකද්දමකාළසාමෙසු යං කිඤ්චි ගහෙත්වා හත්ථිපිට්ඨෙ නිසින්නස්ස පඤ්ඤායමානකප්පකරණං කප්පසන්තොසො නාම.
සිවුර හතරැස් ලෙස මූට්ටු කරන කල්හී සත්වරක්ම ඇඟිලි උපයෝගී කොට ගෙන විදිය යුතුය. මෙසේ කරනවිට යම් මහණකු සහාය නොවේනම්, ඒ මහණට වත් බිඳුමක් නැත. ඇඟිලි තුනකින් පමණ සත්වරක්ද විදිය යුතුය. මෙසේ කරන විට අරියමගට පිළිපන්නෙකු විසින් සහාය විය යුතුය. එසේ නොවේනම් ඒ මහණට වත් බිඳුමක් වේ. මෙය සිබ්බනසන්තොසයයි. (පඬු) පෙවීමේදී කළු (පැහැ) දිවුල් අත්තික්කා (කාලකච්ඡක) ආදිය නොගත යුතුය. හෙළ කිහිරි ගස් (පොතු) ආදිය ලබයිද එයින් (පාටින්) පෙවිය යුතුය. එසේ නොලැබුනේ නම්, මිනිසුන් විසින් පොතු ගෙන කැලයෙහි ඉවත දමා ඇති (කොටස්වලින්) මහණුන් ලවා උණුකරවා ඒ ඉවත හළ කහට ගෙන පොවා ගත යුතුය. මෙය රජන සන්තොසය නම් වේ. නිල්, දුඹුරු, කළු, යම්කිසි පැහැයකින්, ඇතු පිටෙහි හිඳිනා තැනැත්තෙකුට පෙනෙන පරිදි කප් බිඳු තැබීම කප්ප සන්තොස නම් වේ.
හිරිකොපීනපටිච්ඡාදනමත්තවසෙන පරිභුඤ්ජනං පරිභොගසන්තොසො නාම. දුස්සං පන ලභිත්වා සුත්තං වා සූචිං වා කාරකං වා අලභන්තෙන ඨපෙතුං වට්ටති, ලභන්තෙන න වට්ටති. කතම්පි චෙ අන්තෙවාසිකාදීනං දාතුකාමො හොති, තෙ ච අසන්නිහිතා, යාව ආගමනා ඨපෙතුං වට්ටති, ආගතමත්තෙසු තෙසු දාතබ්බං. දාතුං අසක්කොන්තෙන අධිට්ඨාතබ්බං. අඤ්ඤස්මිං චීවරෙ සති පච්චත්ථරණම්පි අධිට්ඨාතුං වට්ටති. අනධිට්ඨිතමෙව හි සන්නිධි හොති. අධිට්ඨිතං න හොතීති මහාසීවත්ථෙරො ආහ. අයං සන්නිධිපරිවජ්ජනසන්තොසො නාම. විස්සජ්ජෙන්තෙන පන මුඛං ඔලොකෙත්වා න දාතබ්බං, සාරණීයධම්මෙ ඨත්වාව විස්සජ්ජෙතබ්බන්ති අයං විස්සජ්ජනසන්තොසො නාම.
(සිරුරෙහි) ලජ්ජා දනවන තැන් ආවරණය කොට ගැනීමෙන් සුදුසු ලෙස පරිහරණය පරිභොග සන්තොස නම් වේ. රෙදිකඩක් ලැබුණද, නූල් හෝ ඉඳිකටුව හෝ (සිවුරු) කටයුතු කරන මහණකු හෝ නොලබන විට (එය) තබාගැනීම සුදුසුය. ඒවා ලැබුනේ නම් එසේ තබා නොගත යුතු සකස් කරන ලද (සිවුර), අතවැසි ගෝල හිමිවරුන්ට දෙනු කැමතිව, ඔවුන් නොසිටීනම් පැමිණෙන තෙක් තබාගැනීම වටී. පැමිණි විගසම ඔවුන්ට දිය යුතුය. දීමට නොහැකි වී නම්, (ඒ ගැන) ඉටාගත යුතුය. වෙනත් සිවුරක් තිබේනම්, ඇතිරීමටවත් ඉටා ගැනීම වටී. එසේ අදිටන් කර නොගැනීම එක්රැස් කරගැනීම වෙයි. අදිටන් කරගත් මහණට එසේ නොවන බව මහාසීව තෙරුන් වහන්සේ කීහ. සන්නිධිපරිවජ්ජන සන්තොස නම් මෙයයි. බෙදා දෙනවිට මුහුණ බලා නොදිය යුතුය. සිහිකටයුතු කරුණු මත පිහිටා (දොසක් ඇති නොවන පරිදි) බෙදා දිය යුතුයැයි විස්සජ්ජන සන්තොසයයි.
චීවරපටිසංයුත්තානි ධුතඞ්ගානි නාම පංසුකූලිකඞ්ගඤ්චෙව තෙචීවරිකඞ්ගඤ්ච. ඉති චීවරසන්තොසමහාඅරියවංසං පූරයමානො පච්චෙකසම්බුද්ධො ඉමානි ද්වෙ ධුතඞ්ගානි ගොපෙති, ඉමානි ගොපෙන්තො චීවරසන්තොසමහාඅරියවංසවසෙන සන්තුට්ඨො හොති.
සිවුර හා බැඳුණු ධුතංග නම් පංසුකූලික හා තෙචීවරික අංගයි. මෙසේ සිවුර ගැන සෑහීමකට පත්ව, උතුම් මහරහත් පරපුර වැඩී දියුණු කරමින්, පසේ බුදුරජාණන් වහන්සේ මෙම ධුතාංග දෙක රකිති. මේවා රැකගනිමින් සිවුර ලද පමණට සෑහීමට පත්ව, කෙලෙසුන් නැසූ උතුම් පිළිවෙතින් තුටු වෙති.
වණ්ණවාදීති එකො සන්තුට්ඨො හොති, සන්තොසස්ස වණ්ණං න කථෙති. එකො න සන්තුට්ඨො හොති, සන්තොසස්ස වණ්ණං කථෙති . එකො නෙව සන්තුට්ඨො හොති, න සන්තොසස්ස වණ්ණං කථෙති. එකො සන්තුට්ඨො ච හොති, සන්තොසස්ස ච වණ්ණං කථෙති. තථාරූපො සො පච්චෙකසම්බුද්ධො තං දස්සෙතුං “ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී”ති වුත්තං.
‘වණ්ණවාදී’ යනු එක් මහණක් සතුටට - සෑහීමට පත්වෙයි. එසේ සතුටුවීමේ - සෑහීමට පත්වීමේ අගය නොකියයි. එක් මහණක් එයින් සතුටු වන්නේ නැත. (එහෙත්) එහි ගුණ කියයි. එක් මහණක් සතුටු වන්නේ ද නැත. ගුණ කියන්නේද නැත. එක් මහණක් සතුටටද පත්වෙයි. එහි අගය - ගුණ ද කියයි. පසේ බුදුරජාණන් වහන්සේ එබඳු වෙති. එය පහදා දීමට ඉතරිතර චීවර සන්තුට්ඨියාච වණ්ණවාදී යනුවෙන් කියන ලදී.
අනෙසනන්ති දූතෙය්යපහිණගමනානුයොගප්පභෙදං නානප්පකාරං අනෙසනං. අප්පතිරූපන්ති අයුත්තං. අලද්ධා චාති අලභිත්වා. යථා එකච්චො “කථං නු ඛො චීවරං ලභිස්සාමී”ති පුඤ්ඤවන්තෙහි භික්ඛූහි සද්ධිං එකතො හුත්වා කොහඤ්ඤං කරොන්තො උත්තසති පරිතස්සති, පච්චෙකසම්බුද්ධො එවං අලද්ධා ච චීවරං න පරිතස්සති. ලද්ධා චාති ධම්මෙන සමෙන ලභිත්වා. අධිගතොති විගතලොභගිද්ධො. අමුච්ඡිතොති අධිමත්තතණ්හාය මුච්ඡනං අනාපන්නො. අනජ්ඣාපන්නොති තණ්හාය අනොත්ථටො අපරියොනද්ධො. ආදීනවදස්සාවීති අනෙසනාපත්තියඤ්ච ගධිතපරිභොගෙ ච ආදීනවං පස්සමානො. නිස්සරණපඤ්ඤොති “යාවදෙව සීතස්ස පටිඝාතායා”ති (ම· නි· 1.23; අ· නි· 6.58) වුත්තං නිස්සරණමෙව පජානන්තො.
අනෙසනං පණිවුඩකරුවන් පිටත්කර හැරීම වැනි නොයෙක් ආකාර වූ නුසුදුසු දේ, අප්පටිරූපං නොගැළපෙන. අලද්ධාච නොලැබ, යම්සේ සිවුරක් නොලැබුණු ඇතැම් මහණක්, ‘කෙසේ සිවුරක් ලබන්නෙම්’දැයි පින්වතුන් සමග එක්ව කුහකකම් කරමින්, තැති ගනිති. ඒ ආසාවෙන් පීඩාවට පත් වෙති. පසේ බුදුරජාණන් වහන්සේ, එය නොලැබුණද මෙසේ පීඩාවට පත් නොවෙති. ලද්ධාච දැහැමින් සෙමෙන් ලැබ, අගථිතො ලෝභ බැම්ම හැර දමා, අමුච්ඡිතො ඉහවහා ගිය තණ්හාවෙන් මුළාවට පත් නොවී, අනජ්ඣාපන්නො තණ්හාවෙන් නොමඩනා ලද, වෙළා නොගත්, ආදීනව දස්සාවී නොගැළපෙන දෙයෙහිද, සිවුපසය පරිහරණයෙහි ගිජු නොවීමෙහි විපාක දකිමින්, නිස්සසරණ පඤ්ඤො හුදෙක්ම සීතල වළකා ගැනීම පිණිස යැයි කියන ලද, සසරින් මිදීම පිණිස (හේතුවේ යැයි) නුවණින් දැන,
ඉතරීතරචීවරසන්තුට්ඨියාති යෙන කෙනචි චීවරෙන සන්තුට්ඨියා. නෙවත්තානුක්කංසෙතීති යථා පනිධෙකච්චො “අහං පංසුකූලිකො, මයා උපසම්පදමාළෙයෙව පංසුකූලිකඞ්ගං ගහිතං, කො මයා සදිසො අත්ථී”ති අත්තුක්කංසනං කරොති. එවං සො අත්තුක්කංසනං න කරොති. න පරං වම්භෙතීති “ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ න පංසුකූලිකාති වා පංසුකූලිකමත්තම්පි එතෙසං නත්ථී”ති වා එවං පරං න වම්භෙති. යො හි තත්ථ දක්ඛොති යො තස්මිං චීවරසන්තොසෙ වණ්ණවාදී. තාසු වා දක්ඛො ඡෙකො බ්යත්තො. අනලසොති සාතච්චකිරියාය ආලසියවිරහිතො. සම්පජානො පතිස්සතොති සම්පජානපඤ්ඤාය චෙව සතියා ච යුත්තො. අරියවංසෙ ඨිතොති අරියවංසෙ පතිට්ඨිතො.
ඉතරීතර චීවර සන්තුට්ඨියා ලැබෙන ඕනෑම සිවුරකින් සෑහීමේ සතුටට පත්වෙමින්, නෙවත්තානුක්කංසෙති මෙහි ඇතැම් මහණක්, ‘මම පංසුකූලික සිවුරු දරමි. මා උපසම්පදා සීමාවේම පංසුකූලිකංගය සමාදන්වන ලදී. ‘මා හා සමාන කවරෙක් ඇත්දැ’යි තමන් හුවා දක්වයි. මෙසේ (පසේ බුදුරජාණන් වහන්සේ) නොහඟිති. න පරංවම්භෙති ‘අනෙක් මහණුන් පංසුකූලික නොවෙති හෝ පංසුකූලික සලකුණක්වත් ඒ මහණුන්ට නැතැ’යි, මෙසේ අනුන් හෙළා නොදකී. යො හි තත්ථ දක්ඛො එසේ සිවුරෙන් සතුටුවීමෙහි අගය දැක්වීමෙහි සමත්, කරුණු දැක්විය හැකි, අනලසො නොපසුබටව, අනලස්ව, සම්පජානො පටිස්සතො නුවණින් දැනගැනීමද, මනා සිහියෙන්ද යුතු, අරියවංසෙ ඨිතො උතුම් බුදු පසේබුදු ආදී පරපුරෙහි පිහිටි,
ඉතරීතරෙන පිණ්ඩපාතෙනාති යෙන කෙනචි පිණ්ඩපාතෙන. එත්ථපි පිණ්ඩපාතො ජානිතබ්බො, පිණ්ඩපාතඛෙත්තං ජානිතබ්බං, පිණ්ඩපාතසන්තොසො ජානිතබ්බො, පිණ්ඩපාතපටිසංයුත්තං ධුතඞ්ගං ජානිතබ්බං. තත්ථ පිණ්ඩපාතොති ඔදනො කුම්මාසො සත්තු මච්ඡො මංසං ඛීරං දධි සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං යාගු ඛාදනීයං සායනීයං ලෙහනීයන්ති සොළස පිණ්ඩපාතා.
ඉතරීතරෙන පිණ්ඩපාතෙන කිසියම්, ඕනෑම පිඬු පිණිස ලැබෙන අහරකින්, මේ ආකාරයෙන් පිණ්ඩපාතය දතයුතුය. පිණ්ඩපාතයට අදාල කරුණු දතයුතුය. පිණ්ඩපාතයෙන් ලබන සතුට දතයුතුය. පිණ්ඩපාතය හා අදාල ධුතංග සමාදානය දතයුතුය. පිණ්ඩපාතො බත්, පිට්ටු, අත්සුණු, මාළු, මස්, කිරි, දීකිරි, එළඟිතෙල්, වෙඬරු, තෙල්, මීපැණි, පැණි, කැඳ (කඩා) යෑයුතු, අනුභව කළයුතු, පානය කළයුතු යන දහසයාකාර වූ පිඬු පිණිස ලබන දේ,
පිණ්ඩපාතඛෙත්තන්ති සඞ්ඝභත්තං උද්දෙසභත්තං නිමන්තනං සලාකභත්තං පක්ඛිකං උපොසථිකං පාටිපදිකං ආගන්තුකභත්තං ගමිකභත්තං ගිලානභත්තං ගිලානුපට්ඨාකභත්තං ධුරභත්තං කුටිභත්තං වාරභත්තං විහාරභත්තන්ති පන්නරස පිණ්ඩපාතඛෙත්තානි.
පිණ්ඩපාත වටපිටාව (ඛෙත්ත) සඟ පිරිසට දෙන බත්, උදෙසා දෙන ලද බත්, ආරාධනා, සීට්ටු අනුව, කොටසකට අයත්, පෙහෙවසට අයත්, පිළිවෙළින්, පිටතින් පැමිණීමේදී, ගමෙහිදී, ගිලන් වූ විට, ගිලන් උවටැන් බත්, තනතුරට අදාලව, කුටියෙහි වෙසෙනවිට, කාලසීමාවට අයත්, සහ විහාරයට ගෙනෙන බත් යැයි පිණ්ඩපාත ආහාරය පසළොස් ආකාරය.
පිණ්ඩපාතසන්තොසොති පිණ්ඩපාතෙ විතක්කසන්තොසො ගමනසන්තොසො පරියෙසනසන්තොසො පටිලාභසන්තොසො පටිග්ගහණසන්තොසො මත්තපටිග්ගහණසන්තොසො ලොලුප්පවිවජ්ජනසන්තොසො යථාලාභසන්තොසො යථාබලසන්තොසො යථාසාරුප්පසන්තොසො උපකාරසන්තොසො පරිමාණසන්තොසො පරිභොගසන්තොසො සන්නිධිපරිවජ්ජනසන්තොසො විස්සජ්ජනසන්තොසොති පන්නරස සන්තොසා. තත්ථ සාදකො භික්ඛු මුඛං ධොවිත්වා විතක්කෙති. පිණ්ඩපාතිකෙන පන ගණෙන සද්ධිං චරතා සායං ථෙරුපට්ඨානකාලෙ “ස්වෙ කත්ථ පිණ්ඩාය චරිස්සාමා”ති “අසුකගාමෙ, භන්තෙ”ති එත්තකං චින්තෙත්වා තතො පට්ඨාය න විතක්කෙතබ්බං. එකචාරිකෙන විතක්කමාළකෙ ඨත්වා විතක්කෙතබ්බං. තතො පට්ඨාය විතක්කෙන්තො පන අරියවංසා චුතො හොති පරිබාහිරො. අයං විතක්කසන්තොසො නාම. පිණ්ඩාය පවිසන්තෙන පන “කුහිං ලභිස්සාමී”ති අචින්තෙත්වා කම්මට්ඨානසීසෙන ගන්තබ්බං. අයං ගමනසන්තොසො නාම. පරියෙසන්තෙන යං වා තං වා අග්ගහෙත්වා ලජ්ජිං පෙසලමෙව ගහෙත්වා පරියෙසිතබ්බං. අයං පරියෙසනසන්තොසො නාම. දූරතොව ආහරියමානං දිස්වා “එතං මනාපං, එතං අමනාප”න්ති චිත්තං න උප්පාදෙතබ්බං. අයං පටිලාභසන්තොසො නාම. “ඉදං මනාපං ගණ්හිස්සාමි, ඉදං අමනාපං න ගණ්හිස්සාමී”ති අචින්තෙත්වා යං කිඤ්චි යාපනමත්තං ගහෙතබ්බමෙව. අයං පටිග්ගහණසන්තොසො නාම.
පිණ්ඩපාත සන්තොසො පිණ්ඩපාත ආහාරයෙහිද (ඉහත සඳහන් පරිදි) විතක්ක, ගමන, පරියෙසන, පටිලාභ, පටිග්ගහණ, මත්ත පටිග්ගහණ, ලොලුප්ප විවජ්ජන, යථාලාභ, යථාබල, යථා සාරුප්ප, උපකාර, පරිමාණ, පරිභෝග සන්නිධි පරිවජ්ජන, විසජ්ජන, සන්තොස යැයි පසළොස් ආකාරය. එහිදී අදාල මහණ මුවදොවා සවස තෙරුන්වහන්සේට උවටැන් කරනවිට පිණ්ඩපාතය සඳහා සමූහයා සමග හෙට කොතැන පිඬු පිණිස හැසිරෙන්නෙමුදැයි හිමියනි, අසවල් ගමෙහිය.’ මෙපමණක් සිතා, ඉන් එහාට කල්පනා නොකළ යුතුයි. විතක්ක මාලකයෙහි තනිව සිටිමින් කල්පනා කළ යුතුය. එතැන් පටන් කල්පනා කරනවිට අරියවංසයෙන් ඉවත්ව පරිබාහිර වෙයි. මෙය විතක්ක සන්තොසය නම් වෙයි. පිඬු පිණිස හැසිරීමේදී කොතැනින් ලබන්නෙම්දැයි නොසිතා, කමටහන් මුල්කොට ගෙනම යා යුතුය. මෙය ගමන සන්තොස නම් වේ. පිඬු අහර සොයද්දී, ඒ මේ දේවල් නොගෙන ලජ්ජාවෙන් හා සිල්වත් බවෙන් යුතුව සොයාගත යුතුය. එය පරියෙසන සන්තොසයයි. දුරසිටම ගෙනෙනු ලබනු දැක, ‘මෙය කැමති දෙයකි, මෙය අකමැති දෙයකැයි සිතක් උපදවා නොගත යුතුය. මෙය පටිලාභ සන්තොසයයි. ‘කැමති මේ දේ ගනිමි, මේ අකැමැති දේ නොගනිමි’ නොසිතා, යැපෙන පමණට යම් කිසිවක් ගතයුතුමය. මෙය පටිග්ගහණ සන්තොසයයි.
එත්ථ පන දෙය්යධම්මො බහු, දායකො අප්පං දාතුකාමො, අප්පං ගහෙතබ්බං. දෙය්යධම්මො බහු, දායකොපි බහුදාතුකාමො, පමාණෙනෙව ගහෙතබ්බං. දෙය්යධම්මොපි න බහු, දායකොපි අප්පං දාතුකාමො, අප්පං ගහෙතබ්බං. දෙය්යධම්මො න බහු, දායකො පන බහුදාතුකාමො, පමාණෙන ගහෙතබ්බං. පටිග්ගහණස්මිඤ්හි මත්තං අජානන්තො මනුස්සානං පසාදං මක්ඛෙති, සද්ධාදෙය්යං විනිපාතෙති, සාසනං න කරොති. විජාතමාතුයාපිස්ස චිත්තං ගහෙතුං න සක්කොති. ඉති මත්තං ජානිත්වාව පටිග්ගහෙතබ්බන්ති අයං මත්තපටිග්ගහණසන්තොසො නාම. අඩ්ඪකුලානියෙව අගන්ත්වා ද්වාරපටිපාටියා ගන්තබ්බං. අයං ලොලුප්පවිවජ්ජනසන්තොසො නාම. යථාලාභසන්තොසාදයො චීවරෙ වුත්තනයා එව.
මෙහිලා දිය යුතු දේ බොහෝ ඇතත්, දීමෙහි කැමති දායකයන් අඩුනම්, දෙන දේ අඩුවෙන් ගතයුතුය. දියයුතු දේවල්ද බොහෝ ඇතත්, දායකයන්ද බොහෝ ඇතත්, දෙනු කැමති දේ පමණ සළකා ගතයුතුය. දිය යුතු දේ අඩුනම්, දායකයන්ද, අඩු නම් දෙනු කැමති දේ අඩුවත් ගත යුතුය. දිය යුතු දේ අඩුනම්, දායකයන් බොහෝ නම්, දෙනු කැමති දේ පමණ අනුව ගතයුතුය. පිළිගැනීමේදී පමණ නොදැනීම නිසා මිනිසුන්ගේ පැහැදීම නැතිවෙයි. සැදැහැයෙන් දෙන දේ වෙනස් වෙයි. සසුනට උදව් නොකරයි. වැදූ මවගේද සිත් ගැනීමට නොහැකි යයි මෙසේ පමණ දැනගෙනම පිළිගත යුතුය. මන්ත පටිග්ගහණ සන්තොසය මෙයයි. පවුල් කොටසක් අතරට (පමණක්) නොගොස්, ගෙවල් පිළිවෙළින් යා යුතු බව ලොලුප්ප විවජ්ජන සන්තොසයයි. යථාලාභ සන්තොසය පිළිබඳ කරුණු, සිවුරු ගැන සඳහන් වූ අයුරිනි.
පිණ්ඩපාතං පරිභුඤ්ජිත්වා “සමණධම්මං අනුපාලෙස්සාමී”ති එවං උපකාරං ඤත්වා පරිභුඤ්ජනං උපකාරසන්තොසො නාම. පත්තං පූරෙත්වා ආනීතං න පටිග්ගහෙතබ්බං. අනුපසම්පන්නෙ සති තෙන ගාහාපෙතබ්බං, අසති ආහරාපෙත්වා පටිග්ගහණපරිමාණමත්තං ගහෙතබ්බං. අයං පරිමාණසන්තොසො නාම. ජිඝච්ඡාය පටිවිනොදනං “න ඉදමෙත්ථ නිස්සරණ”න්ති එවං පරිභුඤ්ජනං පරිභොගසන්තොසො නාම. නිදහිත්වා න පරිභුඤ්ජිතබ්බං. අයං සන්නිධිපරිවජ්ජනසන්තොසො නාම. මුඛං අනොලොකෙත්වා සාරණීයධම්මෙ ඨිතෙන විස්සජ්ජෙතබ්බං. අයං විස්සජ්ජනසන්තොසො නාම.
පිඬු අහර වළඳා, මහණදම් මැනවින් රැකගනිමි’යි උපකාර දැන වැළඳීම උපකාර සන්තොසයයි. පාත්‍රය පුරවා ගෙනෙන ලද විට පිළිනොගත යුතුය. උපසපන් නොවූ මහණුන් වෙතොත්, ඒ මහණුන්ට පිළිගැන්වවිය යුතුය. එසේ නොමැතිනම්, ඉවත යවා, පිළිගන්නා පමණට ගත යුතුය. පරිමාණ සන්තොසය නම් මෙයයි. (මෙම ආහාරය) කුසගින්න දුරුකර ගැනීම මිස, සසරින් නිදහස් වීමට නොවේ යැයි (සළකා) අනුභව කිරීම පරිභොග සන්තොසයයි. ගොඩගසාගෙන, ගොඩගසාගෙන’ (නිදහිත්වා) එකතුවන ලෙසට ආහාර නොවැළඳිය යුතුය. මේ සන්නිධි පරිවජ්ජන සන්තොසයයි. මුහුණ නොබලා සිහිකටයුතු කරුණු මත පිහිටා (පිරිකර ආදිය) බෙදා දිය යුතුය. මේ විස්සජ්ජන සන්තොසයයි.
පිණ්ඩපාතපටිසංයුත්තානි පන පඤ්ච ධුතඞ්ගානි පිණ්ඩපාතිකඞ්ගං සපදානචාරිකඞ්ගං එකාසනිකඞ්ගං පත්තපිණ්ඩිකඞ්ගං ඛලුපච්ඡාභත්තිකඞ්ගන්ති. ඉති පිණ්ඩපාතසන්තොසමහාඅරියවංසං පූරයමානො පච්චෙකසම්බුද්ධො ඉමානි පඤ්ච ධුතඞ්ගානි ගොපෙති, ඉමානි ගොපෙන්තො පිණ්ඩපාතසන්තොසමහාඅරියවංසවසෙන සන්තුට්ඨො හොති. වණ්ණවාදීතිආදීනි වුත්තනයෙනෙව වෙදිතබ්බානි.
පිණ්ඩපාතිතංග, සපදාන චාරිකාංග. එකාසනිකංග, පත්ත පිණ්ඩිකංග, ඛලුපච්ඡාභත්තිකංග යන ධුතංග පහ පිණ්ඩපාතය හා බැඳී ඇත. මෙසේ පිණ්ඩපාතයෙහි සතුටින් යුතුව උතුම් බුදු මහරහත් වත් පුරමින් පසේ බුදුවරයාණන් වහන්සේ මෙම ධුතංග පහ රකිති. මේවා රැකගනිමින් පිණ්ඩපාත සන්තොස අරිය පිළිවෙතින් සතුටු වෙති. වණ්ණවාදී කලින් කියා ඇති පරිදි දතයුතුය.
සෙනාසනානීති ඉධ සෙනාසනං ජානිතබ්බං, සෙනාසනඛෙත්තං ජානිතබ්බං, සෙනාසනසන්තොසො ජානිතබ්බො, සෙනාසනපටිසංයුත්තධුතඞ්ගං ජානිතබ්බං. තත්ථ සෙනාසනන්ති මඤ්චො පීඨං භිසි බිම්බොහනං විහාරො අඩ්ඪයොගො පාසාදො හම්මියං ගුහා ලෙණං අට්ටො මාළො වෙළුගුම්බො රුක්ඛමූලං යත්ථ වා පන භික්ඛූ පටික්කමන්තීති ඉමානි පන්නරස සෙනාසනානි.
සෙනාසනෙන මෙහිදී සෙනසුන් ගැන දතයුතුය. සෙනාසන (ඛෙත්තං) වටපිටාව දතයුතුය. සෙනාසන සන්තොසය දැනගත යුතුය. සෙනසුන් හා අදාල ධුතංග දතයුතුය. සෙනාසන යනු ඇඳ, පුටුව, මෙට්ටය, කොට්ටය, විහාරය, ගුරුළු පියාපත් වැනි වහල ඇති ගෙය, පහය, මහල් පහය, ගුහා, ලෙණ, මැස්ස, රවුම් සාලාව, උණපඳුර, රුක්මල වැනි යම් තැනකට මහණුන් පැමිණෙත්ද, මෙම සෙනසුන් පහළොවකි.
සෙනාසනඛෙත්තන්ති සඞ්ඝතො වා ගණතො වා ඤාතිතො වා මිත්තතො වා අත්තනො වා ධනෙන පංසුකූලං වාති ඡ ඛෙත්තානි.
සෙනාසන ඛෙත්තං සංඝයාගෙන් හෝ, සමූහයකින් හෝ, නෑයන්ගෙන් හෝ, මිතුරකුගෙන් හෝ, තම ධනයෙන් හෝ පස් ගොඩගැසුණු තැනක් යන සයාකාර වූ (සෙනසුන් සකස්වන) තැන්.
සෙනාසනසන්තොසොති සෙනාසනෙ විතක්කසන්තොසාදයො පන්නරස සන්තොසා. තෙ පිණ්ඩපාතෙ වුත්තනයෙනෙව වෙදිතබ්බා. සෙනාසනපටිසංයුත්තානි පන පඤ්ච ධුතඞ්ගානි ආරඤ්ඤිකඞ්ගං රුක්ඛමූලිකඞ්ගං අබ්භොකාසිකඞ්ගං සොසානිකඞ්ගං යථාසන්ථතිකඞ්ගන්ති. ඉති සෙනාසනසන්තොසං මහාඅරියවංසං පූරයමානො පච්චෙකසම්බුද්ධො ඉමානි පඤ්ච ධුතඞ්ගානි ගොපෙති, ඉමානි ගොපෙන්තො සෙනාසනසන්තොසමහාඅරියවංසවසෙන සන්තුට්ඨො හොති.
සෙනාසන සන්තොසො සෙනසුන් ගැන ද විතක්ක සන්තොස ආදී පසළොස් ආකාර සෑහීමට - සතුටට පත්වීම, ඒවා පිණ්ඩපාතයෙහි කී පරිදි දතයුතුය. ආරඤ්ඤක, රුක්ඛමූලික, අබ්භොකාසික, සොසානික, යථා සන්ථතික යන ධුතාංග පහ සෙනසුන් හා බැඳේ. මෙසේ සෙනාසන සන්තොසයෙන් උතුම් බුදු මහරහත් වත් පුරවමින් පසේ බුදුරජාණන් වහන්සේ මෙම ධුතංග පහ රකිති. මේවා රකිමින් සෙනාසන සන්තොස මහ අරිය වංසයෙන් සතුටු වෙති.
ඉති ආයස්මා ධම්මසෙනාපති සාරිපුත්තත්ථෙරො පථවිං පත්ථරමානො විය සාගරකුච්ඡිං පූරයමානො විය ආකාසං විත්ථාරයමානො විය ච පඨමං චීවරසන්තොසං අරියවංසං කථෙත්වා චන්දං උට්ඨාපෙන්තො විය සූරියං උල්ලඞ්ඝෙන්තො විය ච දුතියපිණ්ඩපාතසන්තොසං කථෙත්වා සිනෙරුං උක්ඛිපෙන්තො විය තතියං සෙනාසනසන්තොසං අරියවංසං කථෙත්වා ඉදානි ගිලානපච්චයසන්තොසං අරියවංසං කථෙතුං “සන්තුට්ඨො හොති ඉතරීතරෙන ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙනා”තිආදිමාහ. තං පිණ්ඩපාතගතිකමෙව. තත්ථ යථාලාභයථාබලයථාසාරුප්පසන්තොසෙනෙව සන්තුස්සිතබ්බං. භාවනාරාමඅරියවංසො පන ඉධ අනාගතො, නෙසජ්ජිකඞ්ගං භාවනාරාමඅරියවංසං භජති (දී· නි· අට්ඨ· 3.309; අ· නි· අට්ඨ· 2.4.28). වුත්තම්පි චෙතං –
මෙසේ ගරු කටයුතු, දම්සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේ, පොළොව දිගහරින්නාක් මෙන්, මුහුදුකුස පුරවන්නාක් මෙන්, අහසෙහි පතුරුවන්නාක් මෙන් ද පළමුව සිවුරු සතුට - සෑහීමට පත්වීමේ අරියවංස පිළිවෙත කියා සඳ නැගිටුවන්නාක් මෙන්, හිරු ඉක්මවා යන්නා සේ, දෙවනුව පිණ්ඩපාතයෙන් සෑහීමට පත්වීමේ අරියවංස පිළිවෙත කියා, මහමෙර ඔසවන්නාක් මෙන් තෙවනුව සෙනසුන්හි සෑහීමට පත්වීමේ අරියවංස පිළිවෙත කියා, දැන් ගිලාන පච්චය සන්තොස අරියවංස පිළිවෙත කීමට’ ලැබෙන පරිදි කුදුමහත් ගිලන්පස බෙහෙත් පිරිකරවලින් සතුටු වේයැයි ආදී ලෙසින් කීහ. එය පිඬු පිණිස ගිය පරිදිමය. එහිද ලාභ, බල, සුදුසු ආකාර සන්තොසය පරිදි සතුටුවිය යුතුය. භාවනාවට අදාල අරියවංස පිළිවෙත මෙහි නොදැක්විණි. නෙසජ්ජිකාංගය (නොනිදා හිඳගැනීම පමණක්) ධුතාංගය භාවනාවට අදාල පිළිවෙත හා යෙදේ. මෙසේද කියන ලදී.
‘සෙනාසන පිළිබඳව පහක් ද, ආහාර ඇසුරුකොට පහක් ද උත්සාහයට අදාලව එකක් ද සිවුර අදාලව දෙකක් ද ලෙසිනි.
“පඤ්ච සෙනාසනෙ වුත්තා, පඤ්ච ආහාරනිස්සිතා; එකො වීරියසංයුත්තො, ද්වෙ ච චීවරනිස්සිතා”ති. (දී· නි· අට්ඨ· 3.309; අ· නි· අට්ඨ· 2.4.28);
පඤ්චසෙනාසනෙ වුත්තා පඤ්ච ආහාර නිස්සිතා, එකො විරියසංයුත්තො ද්වෙච චීවර නිස්සිතා
පොරාණෙ අග්ගඤ්ඤෙ අරියවංසෙ ඨිතොති එත්ථ පොරාණෙති න අධුනුප්පත්තිකෙ. අග්ගඤ්ඤෙති අග්ගෙහි ජානිතබ්බෙ. අරියවංසෙති අරියානං වංසෙ. යථා හි ඛත්තියවංසො බ්රාහ්මණවංසො වෙස්සවංසො සුද්දවංසො සමණවංසො කුලවංසො රාජවංසො, එවමයම්පි අට්ඨමො අරියවංසො, අරියතන්ති අරියපවෙණි නාම හොති. සො ඛො පනායං වංසො ඉමෙසං වංසානං මූලගන්ධාදීනං කාලානුසාරිගන්ධාදයො විය අග්ගමක්ඛායති. කෙ පන තෙ අරියා, යෙසං එසො වංසොති? අරියා වුච්චන්ති බුද්ධා ච පච්චෙකබුද්ධා ච තථාගතසාවකා ච, එතෙසං අරියානං වංසොති අරියවංසො. ඉතො පුබ්බෙ හි සතසහස්සකප්පාධිකානං චතුන්නං අසඞ්ඛ්යෙය්යානං මත්ථකෙ තණ්හඞ්කරො මෙධඞ්කරො සරණඞ්කරො දීපඞ්කරොති චත්තාරො බුද්ධා උප්පන්නා, තෙ අරියා, තෙසං අරියානං වංසොති අරියවංසො. තෙසං බුද්ධානං පරිනිබ්බානතො අපරභාගෙ අසඞ්ඛ්යෙය්යං අතික්කමිත්වා කොණ්ඩඤ්ඤො නාම බුද්ධො උප්පන්නො…පෙ… ඉමස්මිං කප්පෙ කකුසන්ධො කොණාගමනො කස්සපො අම්හාකං භගවා ගොතමොති චත්තාරො බුද්ධා උප්පන්නා, තෙසං අරියානං වංසොති අරියවංසො. අපි ච අතීතානාගතපච්චුප්පන්නානං සබ්බබුද්ධපච්චෙකබුද්ධබුද්ධසාවකානං අරියානං වංසොති අරියවංසො, තස්මිං අරියවංසෙ (අ· නි· අට්ඨ· 2.4.28). ඨිතොති පතිට්ඨිතො. සෙසං වුත්තනයෙනෙව වෙදිතබ්බං.
පොරාණෙ අග්ගඤ්ඤෙ අරියවංසෙ ඨිතො මෙහි පොරාණෙ මෑතකදී සිදුනොවූ, අග්ගඤ්ඤෙ උසස් යයි දතයුතු, අරියවංසෙ උතුම් පරපුරෙහි, යම්සේ කැත්කුලය, බමුණු කුලය, වෙළඳ කුලය, සුද්ද කුලය, මහණ කුලය, රජ කුලය මෙන්ම මේ අටවන අරිය - උතුම් කුලය, උතුම් පෙළ, උතුම් පරම්පරාව නම් වෙයි. මුල් සුවඳ ජාති අතර, කළුවැල් සුවඳ වටිනාකම වැඩියයි කියනු ලබන්නා සේ, ඒ පරම්පරා අතර මෙම අරිය පරපුරේ අගය කෙසේද? බුදුවරුද පසේ බුදුවරුද තථාගත සවුවෝද අරිය යනුවෙන් හඳුන්වති. එම උතුමන්ගේ පරපුර අරියවංසයයි. මීට පෙර, අසංඛෙය්‍ය හතරකුත්, කප් සියදහසකට මත්තෙහි තණ්හංකර, මෙධංකර, සරණංකර, දීපංකර යන සිවු බුදුවරු උපන්හ. අරිය නම් වූ උන්වහන්සේලාගේ පරපුර අරියවංසයයි. ඒ බුදුවරුන්ගේ පිරිනිවනින් පසු, අසංඛෙය්‍යයක් ඉක්මවා කොණ්ඩඤ්ඤ නම් බුදුරජාණන් වහන්සේ උපන්හ. එම............ මෙම කපෙහි කකුසඳ, කෝණාගමන, කස්සප, අපගේ භගවත් ගෝතම යන සිවු බුදුවරු උපන්හ. ඒ බුදුවරුන්ගේ පරපුර අරියවංසයයි. තවද අතීත-අනාගත-වත්මන් සියළු බුදු-පසේබුදු-මහරහත් බුදු සව්වන්ගේ උතුම් පරපුර අරියවංසයයි. ඒ උතුම් පරපුරෙහි ඨිතො පිහිටියේ, ඉතිරි කරුණු කියා ඇති පරිදි දතයුතුය.
අට්ඨමගාථානිද්දෙසවණ්ණනා.
අටවන (ගාථාවයි)
නවමෙ අයං යොජනා – දුස්සඞ්ගහා පබ්බජිතාපි එකෙ, යෙ අසන්තොසාභිභූතා, තථාවිධා එව ච අථො ගහට්ඨා ඝරමාවසන්තා. එතමහං දුස්සඞ්ගහභාවං ජිගුච්ඡන්තො විපස්සනං ආරභිත්වා පච්චෙකබොධිං අධිගතොම්හීති. සෙසං පුරිමනයෙනෙව වෙදිතබ්බං.
නවවන (ගාථාව) පිළිබඳ මේ කරුණු අදහස් වේ. දුස්සංගහා පබ්බජිතාපි එතො ඇතැම් කෙනෙකු තදින් සතුටට-සෑහීමට පත් නොවී, එසේ ඒ ආකාරයට හෝ, මේ අයුරින්, අථො ගහට්ඨා ඝරමාවසන්තා මම එයට එසේ සෑහීමකට පත් නොවන බව පිළිකුල් කරමින්, විදසුන් වඩා අවබෝධ කළෙමි.
නිද්දෙසෙ අනස්සවාති වචනං අස්සවනකා. අවචනකරාති දුබ්බචා. පටිලොමවුත්තිනොති පච්චනීකං කථනසීලා, පටිමල්ලා හුත්වා පවත්තන්තීති අත්ථො. අඤ්ඤෙනෙව මුඛං කරොන්තීති ඔවාදදායකෙ දිස්වා මුඛං පරිවත්තෙත්වා අඤ්ඤං දිසාභාගං ඔලොකෙන්ති. අබ්යාවටො හුත්වාති අවාවටො හුත්වා. අනපෙක්ඛො හුත්වාති අනල්ලීනො හුත්වා.
නිද්දෙසයෙහි, අනස්සවා වචන නො අසා, අවචනකරා අකීකරු පටිලොම වුත්තිනො විරුදු ලෙස කතාකරන ගති ඇති, පිළිමල්ව පවතීය යන අදහසයි. අඤ්ඤෙනෙව මුඛං කරොති අවවාද කරන දායකයන් දැක මුව හකුළාගෙන වෙනත් පැත්තක් බලයි. අව්යාවටො හුත්වා අනපෙක්ඛා නොඇලීව
නවමගාථානිද්දෙසවණ්ණනා.
නවවන (ගාථාවයි)
දසමෙ ඔරොපයිත්වාති අපනෙත්වා. ගිහිබ්යඤ්ජනානීති කෙසමස්සුඔදාතවත්ථාලඞ්කාරමාලාගන්ධවිලෙපනඉත්ථිපුත්තදාසිදාසාදීනි. එතානි ගිහිභාවං බ්යඤ්ජයන්ති, තස්මා “ගිහිබ්යඤ්ජනානී”ති වුච්චන්ති. සඤ්ඡින්නපත්තොති පතිතපත්තො. ඡෙත්වානාති මග්ගඤාණෙන ඡින්දිත්වා. වීරොති මග්ගවීරියසමන්නාගතො. ගිහිබන්ධනානීති කාමබන්ධනානි. කාමා හි ගිහීනං බන්ධනානි. අයං තාව පදත්ථො.
දසවන (ගාථාවෙහි) වොරොපයිත්වාන ඉවත්කොට, ගිහිව්යඤ්ජනානි කෙස් රැවුල්, සුදුවතින් අලංකාරව, මල් සුවඳ විලවුන්. බිරිය, දූපුතුන්, දාසි දාසයන් වැනි ගිහිගෙයි විසීමේදී ඒ බව හඳුනාගන්නා දේවල්, එහෙයින් ගිහි ව්‍යඤ්ජන යැයි කියනු ලැබේ. සංසීන පත්තො වැටුණු කොළ ජෙත්වාන මග නුවණින් සිඳ දමා, වීරො ඒ මග සඳහා උත්සාහයෙන් යුත්, ගිහි බන්ධනානි කාම බැඳීම්, කාමයන් වූ කලී ගිහියන්ගේ බැඳුම් යැයි මේ එහි වචනවල අරුතයි.
අයං පන අධිප්පායො – “අහො වතාහම්පි ඔරොපයිත්වා ගිහිබ්යඤ්ජනානි සඤ්ඡින්නපත්තො යථා කොවිළාරො භවෙය්ය”න්ති එවඤ්හි චින්තයමානො විපස්සනං ආරභිත්වා පච්චෙකබොධිං අධිගතොම්හීති (සු· නි· අට්ඨ· 1.44). සෙසං පුරිමනයෙනෙව ජානිතබ්බං.
එයින් අදහස් වන්නේ මෙයයි. ‘අහා! මම ද ඒකාන්තයෙන් ඒ ගිහි සළකුණු ඉවත ලා, බිම වැටුණු (කොබෝලීල) කොළයක් මෙන්, යථා කොවිළාරො වන්නෙමි’ මෙසේ සිතමින් විදසුන් වඩා අවබෝධ කළෙමි. ඉතිරි කරුණු පෙර කී අයුරින් දතයුතුය.
නිද්දෙසෙ සාරාසනඤ්චාති සාරං ආසනං. ඡින්නානීති ගළිතානි. සඤ්ඡින්නානීති නිපණ්ණානි. පතිතානීති වණ්ටතො මුත්තානි. පරිපතිතානීති භූමියං පතිතානි.
නිද්දෙසයෙහි සාරාසනඤ්ච යහපත් ආසනයක්, සිනානි ගැලුණු සංසිනානි වැටුණු. පතිතානි නටුවෙන් ගිලිහුණු, පරිපතානි බිම වැටුණු.
දසමගාථානිද්දෙසවණ්ණනා.
දසවන (ගාථාවයි)
පඨමවග්ගවණ්ණනා නිට්ඨිතා.
පළමු වග්ග වර්ණනා නිමියේ ය.