දුතියවග්ගවණ්ණනා අට්ඨකථා
දුතියවග්ගවණ්ණනා
දෙ වැනි වර්ගය
දුතියවග්ගස්ස පඨමද්වයෙ නිපකන්ති පකතිනිපුණං පණ්ඩිතං කසිණපරිකම්මාදීසු කුසලං. සාධුවිහාරින්ති අප්පනාවිහාරෙන වා උපචාරෙන වා සමන්නාගතං. ධීරන්ති ධිතිසම්පන්නං. තත්ථ නිපකත්තෙන ධිතිසම්පදා වුත්තා. ඉධ පන ධිතිසම්පන්නමෙවාති අත්ථො. ධිති නාම අසිථිලපරක්කමතා, “කාමං තචො ච න්හාරු චා”ති (ම· නි· 2.184; අ· නි· 2.5; මහානි· 196) එවං පවත්තවීරියස්සෙතං අධිවචනං. අපි ච ධික්කතපාපොතිපි ධීරො. රාජාව රට්ඨං විජිතං පහායාති යථා පටිරාජා “විජිතං රට්ඨං අනත්ථාවහ”න්ති ඤත්වා රජ්ජං පහාය එකො චරති එවං බාලසහායං පහාය එකො චරෙ. අථ වා රාජාව රට්ඨන්ති යථා සුතසොමො රාජා විජිතං රට්ඨං පහාය එකො චරි, යථා ච මහාජනකො එවං එකොව චරෙති අයම්පි එතස්සත්ථො. සෙසං වුත්තානුසාරෙන සක්කා ජානිතුන්ති න විත්ථාරිතං (සු· නි· අට්ඨ· 1.45-46). නිද්දෙසෙ වත්තබ්බං නත්ථි.
දෙවන කොටසෙහි පළමු ගාථා දෙකෙහි නිපකං සොබාවයෙන්ම පිහිටි හැකියාව, කසිණ පිරියම් ආදී යහපත් දෙයෙහි දැනුම් තේරුම් ලද, සාධුවිහාරිං දැහැනින් හෝ පලසමවතින් යුතු, ධීරං නුවණැති, එහි නිපක යන්නෙන් නැණවත් බව අරුත් සේ කියා ඇත. මෙහිදී නුවණැති බවම අදහසයි. ඨිති නම් ලිහිල් නොවූ උත්සාහයයි. සම් ද නහර (.........කැමති වුවත් (කාමං තතො ච නහාරුචා) මෙසේ පවත්නා වූ උත්සාහයට සමාන වචනයකි. තවද පවට නින්දා කළ යන අදහසින් ධීර නම් වේ. රාජාව රට්ඨං විජිතං පහාය යම්සේ සතුරු රජු තම පාලනය කරන රටට අයහපතක් පැමිණේ යැයි දැන, රජකම හැරදමා තනිව හැසිරේද, එසේම (කරුණු දැනුම් තේරුම් නැති) තම සහාය පිරිස හැරදමා තනිව හැසිරෙයි. මෙයද එහි අරුතයි. ඉතිරි කරුණු කියා ඇති පරිදි දැනගැනීමට හැකිවෙතැයි විස්තර නොකරන ලදී.
පඨමද්වයං.
පළමු (ගාථා දෙකයි.)
තතියගාථා පදත්ථතො උත්තානා එව. කෙවලඤ්ච පන සහායසම්පදන්ති එත්ථ අසෙක්ඛෙහි සීලාදික්ඛන්ධෙහි සම්පන්නා සහායා එව “සහායසම්පදා”ති වෙදිතබ්බා. අයං පනෙත්ථ යොජනා – යා අයං වුත්තා සහායසම්පදා, තං සහායසම්පදං අද්ධා පසංසාම, එකංසෙනෙව ථොමෙමාති වුත්තං හොති. කථං? සෙට්ඨා සමාසෙවිතබ්බා සහායාති. කස්මා? අත්තනො සීලාදීහි සෙට්ඨෙ සෙවමානස්ස සීලාදයො ධම්මා අනුප්පන්නා උප්පජ්ජන්ති, උප්පන්නා වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං පාපුණන්ති. සමෙ සෙවමානස්ස අඤ්ඤමඤ්ඤසමධාරණෙන කුක්කුච්චවිනොදනෙන ච ලද්ධා න පරිහායන්ති . එතෙ පන සහායකෙ සෙට්ඨෙ ච සමෙ ච අලද්ධා කුහනාදිමිච්ඡාජීවං වජ්ජෙත්වා ධම්මෙන සමෙන උප්පන්නං භොජනං භුඤ්ජන්තො තත්ථ ච පටිඝානුනයං අනුප්පාදෙන්තො අනවජ්ජභොජී හුත්වා අත්ථකාමො කුලපුත්තො එකො චරෙ ඛග්ගවිසාණකප්පො. අහම්පි හි එවං චරන්තො ඉමං සම්පත්තිං අධිගතොම්හීති (සු· නි· අට්ඨ· 1.47). නිද්දෙසො වුත්තනයො එව.
තුන්වන (ගාථාවෙහි) වචනවල අරුත් (කලින් කියා ඇති බැවින්) පැහැදිලිය. සහාය සම්පදං හුදෙක්ම සීලාදී ගුණ සමූහයෙන් යුතු රහත් ඵලයට පැමිණි උතුමන්ගේ සහායම මෙහිලා දතයුතුය. මෙය එහි විස්තරයයි. මේ කියන ලද සහායකයකු ලැබීම අද්ධා පසංසාම ඒකාන්තයෙන්ම තුති කළ යුතුය. අගය කළ යුතු යැයි කියන ලදී. ඒ කෙසේද? සෙට්ඨා සමා සෙවිතබ්බා සහායා කවර හෙයින්ද? තමා කෙරෙහි සීලාදී උතුම් ගුණදහම් (කලින් නොතිබුණද) උසස් කෙනෙකු ඇසුරු කරනවිට දැන් ඇති වූ ගුණදහම්, වැඩි දියුණුවට - මහත් බවට පැමිණේද, තමා හා සමාන සහායකයකු ඇසුරු කරනවිට, එකිනෙකා කෙරෙහි කතාකොට සැක දුරුකර ගැනීමෙන් ගුණදහම් නොපිරිහේ. එබඳු උසස් හෝ සමාන සහායකයකු ලැබුවද නොලැබුවද කුහක - වැරදි දිවිපැවැත්ම හැරදමා - දැහැමින් සෙමින් ලැබෙන ආහාර අනුභව කරමින්, එහි නොසතුටක්, තරහක් ඇතිකර නොගනිමින් නිවැරදි ආහාර ලබන්නෙකු හෙවත් ‘අනවජ්ජභොජීව’ හිත වැඩ කැමති කුලපුතකුව තනිව හැසිරෙන කඟවේණකු මෙන් වන්නේය. මම ද එසේ හැසිරෙමින් මේ උතුම් අවබෝධය ලැබුවෙමි. නිද්දේසයෙහි කියා ඇති පරිදිය.
තතියං.
තුන්වන (ගාථාවයි.)
චතුත්ථෙ දිස්වාති ඔලොකෙත්වා. සුවණ්ණස්සාති කඤ්චනස්ස. “වලයානී”ති පාඨසෙසො. සාවසෙසපාඨො හි අයං අත්ථො. පභස්සරානීති පභාසනසීලානි, ජුතිමන්තානීති වුත්තං හොති. සෙසං උත්තානපදත්ථමෙව. අයං පන යොජනා – දිස්වා භුජස්මිං සුවණ්ණස්ස වලයානි “ගණවාසෙ සති සඞ්ඝට්ටනා, එකවාසෙ සති අඝට්ටනා”ති එවං චින්තෙන්තො විපස්සනං ආරභිත්වා පච්චෙකබොධිං අධිගතොම්හීති. සෙසං වුත්තනයමෙවාති (සු· නි· අට්ඨ· 1.48). නූපුරානීති වලයානි. “නියුරා”ති කෙචි වදන්ති. ඝට්ටෙන්තීති අඤ්ඤමඤ්ඤං හනන්ති.
සතරවන (ගාථාවෙහි) දිස්වා බලා, සුවණ්ණස්ස රත්රන්වල, ‘වලයානි’ යනු අතිරේක වචනයකි. ඉතිරි පාඨයෙහි මේ අරුතමයි. පභස්සරා පැහැපත් වූ දීප්තිමත් යැයි කියන ලදී. ඉතිරි කරුණු පැහැදිලිය. මේ දැක්වෙන අදහසයි. අතෙහි රන්වළලු දැක, සමූහයක් ලෙස එක්වූ විට, හඬ නැගීමත්, තනි වළල්ලක් (අතෙහි දැමුවිට) හඬක් නොවීමත් සිතමින්, (සමූහයක්ව සිටීමේදී ඇතිවන ගැටුම) විදසුන් වඩා අවබෝධ කළෙමි. ඉතිරි කරුණු කලින් සඳහන් වූ පරිදිය. නිද්දෙසයෙහි, නූපුරානි වළලු. ‘නියුරානි’ යැයි ඇතැමෙක් කියති. ඝට්ටෙන්ති එකක් අනික හා ගැටේ. හැපේ.
චතුත්ථං.
සිවුවන (ගාථාවයි.)
පඤ්චමගාථා පදත්ථතො උත්තානා එව. අයං පන එත්ථ අධිප්පායො – ය්වායං එතෙන දුතීයෙන කුමාරෙන සීතුණ්හාදීනි නිවෙදෙන්තෙන සහවාසෙන තං සඤ්ඤාපෙන්තස්ස මම වාචාභිලාපො, තස්මිං සිනෙහවසෙන අභිසජ්ජනා වා ජාතා. සචෙ අහං ඉමං න පරිච්චජාමි, තතො ආයතිම්පි තථෙව හෙස්සති. යථා ඉදානි, එවං දුතීයෙන සහ මමස්ස, වාචාභිලාපො අභිසජ්ජනා වා. උභයම්පි චෙතං අන්තරායකරං විසෙසාධිගමස්සාති එතං භයං ආයතිං පෙක්ඛමානො තං ඡඩ්ඩෙත්වා යොනිසො පටිපජ්ජිත්වා පච්චෙකබොධිං අධිගතොම්හීති (සු· නි· අට්ඨ· 1.49). සෙසං වුත්තනයමෙව.
පස්වෙනි ගාථාවේ වචන තේරුම් කලින් කියා ඇති පරිදිය. මේ එහි අදහසයි. දුතියෙන දෙවැන්නකු සේ ඒ කුමාරයා සමග විසීමෙන් සීතල උණුසුම දැනෙන බව කියනවිට ඒ ගැන හැඟවීමේදී මම වාචාභිලාපො එහි සෙනෙහස ලෙසින්, අභිසජ්ජනා හටගත්, මම මොහු අත්හැර නොදමන්නේ නම්, නැවතද එසේම වෙයි. දැන් මෙසේ දෙවැන්නකු සහ, මමස්ස වාචාභිලාපො අභිසජ්ජනා එය දෙදෙනාටම සිතෙහි උසස් බවක් ලබාගැනීමට අනතුරුදායක වෙයි. එතං භයං ආයතිං පෙක්ඛමානො එය හැරදමා, නුවණ මෙහෙයා පසේබුදුබව අවබෝධ කළෙමි. ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිය.
පඤ්චමං.
පස්වෙනි (ගාථාවයි.)
ඡට්ඨෙ කාමාති ද්වෙ කාමා වත්ථුකාමා ච කිලෙසකාමා ච. තත්ථ වත්ථුකාමා මනාපියා රූපාදයො ධම්මා, කිලෙසකාමා ඡන්දාදයො සබ්බෙපි රාගප්පභෙදා. ඉධ පන වත්ථුකාමා අධිප්පෙතා . රූපාදිඅනෙකප්පකාරෙන චිත්රා. ලොකස්සාදවසෙන මධුරා. බාලපුථුජ්ජනානං මනං රමෙන්තීති මනොරමා. විරූපරූපෙනාති විරූපෙන රූපෙන, අනෙකවිධෙන සභාවෙනාති වුත්තං හොති. තෙ හි රූපාදිවසෙන චිත්රා, රූපාදීසුපි නීලාදිවසෙන විවිධරූපා. එවං තෙන විරූපරූපෙන තථා තථා අස්සාදං දස්සෙත්වා මථෙන්ති චිත්තං, පබ්බජ්ජාය අභිරමිතුං න දෙන්තීති. සෙසමෙත්ථ පාකටමෙව. නිගමනම්පි ද්වීහි තීහි වා පදෙහි යොජෙත්වා පුරිමගාථාසු වුත්තනයෙන වෙදිතබ්බං (සු· නි· අට්ඨ· 1.50).
හයවෙනි ගාථාවෙහි කාමා යනු දෙආකාරය. වත්ථුකාම සහ කිලෙසකාම යනුවෙනි. වත්ථුකාම යනු කැමැත්ත ඇතිකරවන, සතුට දනවන රූප ආදියයි. කිලෙසකාමා යනු ඡන්ද ආදී රාගයට අදාල සියළුම කොටස්ය. මෙහි අදහස් කරන්නේ වත්ථුකාමයයි. රූප ආදී නොයෙක් ආකාර ලෙසින් චිත්රා වේ. ලෝකයට අයත් (එදිනෙදා ජීවිතයට) රසවිඳින - ආස්වාදය. ලබන අදහසින් මධුරා වේ. නුවණ මඳ, කෙලෙස් වසගවන, ජනතාව සිත් ඇලෙන සුළු බැවින් මනොරමා වේ. විරූප රූපෙන විරූප වූ රූපයෙන්, නොයෙක් ආකාරව යැයි කියන ලදී. ඒවා රූප විලාසයෙන් විසිතුරුය. රූප ආදියද නිල් පැහැයෙන් නොයෙක් ආකාරය. එසේ නොයෙක් ආකාරයෙන් ඒ ඒ වින්දන පෙන්වා මථෙන්ති චිත්තං (සිත වසඟ කරගෙන) පැවිද්දෙහි නතුවීමට ඉඩ නොදෙයි. ඉතිරි කරුණු පැහැදිලිය. ඒ (කරුණුවලට අදාලව) නිගමනයද දෙවන-තුන්වන පදවලට ගලපා මුල් ගාථා අනුව පෙර කියා ඇති පරිදි දතයුතුය.
කාමගුණාති කාමයිතබ්බට්ඨෙන කාමා. බන්ධනට්ඨෙන ගුණා. “අනුජානාමි, භික්ඛවෙ, අහතානං වත්ථානං දිගුණං සඞ්ඝාටි”න්ති (මහාව· 348) එත්ථ පටලට්ඨො ගුණට්ඨො. “අච්චෙන්ති කාලා තරයන්ති රත්තියො, වයොගුණා අනුපුබ්බං ජහන්තී”ති (සං· නි· 1.4) එත්ථ රාසට්ඨො ගුණට්ඨො. “සතගුණා දක්ඛිණා පාටිකඞ්ඛිතබ්බා”ති (ම· නි· 3.379) එත්ථ ආනිසංසට්ඨො ගුණට්ඨො. “අන්තං අන්තගුණං (දී· නි· 2.377; ම· නි· 1.110; ඛු· පා· 3.ද්වත්තිංසාකාර), කයිරා මාලාගුණෙ බහූ”ති එත්ථ බන්ධනට්ඨො ගුණට්ඨො. ඉධාපි එසෙව අධිප්පෙතො, තෙන වුත්තං – “බන්ධනට්ඨෙන ගුණා”ති. චක්ඛුවිඤ්ඤෙය්යාති චක්ඛුවිඤ්ඤාණෙන පස්සිතබ්බා. එතෙනුපායෙන සොතවිඤ්ඤෙය්යාදීසුපි අත්ථො වෙදිතබ්බො. ඉට්ඨාති පරියිට්ඨා වා හොන්තු, මා වා, ඉට්ඨාරම්මණභූතාති අත්ථො. කන්තාති කාමනීයා. මනාපාති මනවඩ්ඪනකා. පියරූපාති පියජාතිකා. කාමූපසංහිතාති ආරම්මණං කත්වා උප්පජ්ජමානෙන කාමෙන උපසංහිතා. රජනීයාති රජ්ජනියා, රාගුප්පත්තිකාරණභූතාති අත්ථො.
කාමගුණ කැමති කරවන අරුතින් කාමා, බැඳීම් අරුතින් ගුණා ‘මහණෙනි, අළුත් රෙද්දෙන් දෙපට සිවුරක් අනුදනිමි ‘අනුජානාමි භික්ඛවේ අහතානං වත්ථානං ද්විගුණං සංඝාටිං’ - මෙහි ගුණ අරුතිනි. කාලය ඉකුත් වෙයි. රෑ ගෙවෙයි. කෙමෙන් වයසේ ගති සොබාව අත්හැර යයි. ‘අච්චෙන්ති කාලා, තරයන්ති රත්තිසො වයො ගුණ අනුපුබ්බං ජහන්ති’ මෙහි සමූහ අරුතිනි. ‘සිය ගුණයකින් දීමෙන් බලාපොරොත්තු විය යුතුය’ සතගුණ දක්ඛිණ පාටිකංඛි තබ්බා - මෙහි ආනිසංස අරුතිනි. ‘බඩවැල, කුඩා බඩවැල’ - ‘අන්ත අන්තගුණං’ නොයෙක් ආකාර මල්(දම්) සකස් කරන්නේය. කයිරා මාලා ගුණෙ බහූ මෙහි බැඳීම් (එකට ගොනු කරන) අරුතිනි. කාමගුණ යයි මෙහි ගුණ යෙදී ඇත්තේ එම අරුතිනි. එහෙයින් බැඳීම් අරුතින් ගුණ යැයි කියන ලදී. බන්ධනත්ථෙන ගුණ’ චතූති විඤ්ඤෙය්යා ඇසින් (හඳුනාගෙන) දැකිය යුතුය. මේ ආකාරයෙන් කනින් (හඬ) හඳුනාගැනීම ආදියෙහි අරුත් දතයුතුය. ඉට්ඨා අදහස් කොට හෝ, මට ලැබේවා. අයත් වේවා! ලෙසට සිත්ගත් මනාප වූ අරමුණු ඇතිව යන අරුතයි. කන්තා සිත් අලවන, කමනීය. මනාපා මන වඩන්නා වූ, පියරූපා කැමති බව වඩන, කාමූපසංහිතා අරමුණු කොට ඉපදෙනු ලබන කැමැත්ත ඇති බැවින්, ආසා කරන ගතියෙන් යුතු, රජනීයා රාගී බව වඩවන ඇලීම් සහගත වූ,
යදි මුද්දායාතිආදීසු මුද්දාති අඞ්ගුලිපබ්බෙසු සඤ්ඤං ඨපෙත්වා හත්ථමුද්දා. ගණනාති අච්ඡිද්දගණනා. සඞ්ඛානන්ති පිණ්ඩගණනා. යාය ඛෙත්තං ඔලොකෙත්වා “ඉධ එත්තකා වීහී භවිස්සන්ති”, රුක්ඛං ඔලොකෙත්වා “ඉධ එත්තකානි ඵලානි භවිස්සන්ති”, ආකාසං ඔලොකෙත්වා “ඉමෙ ආකාසෙ සකුණා එත්තකා නාම භවිස්සන්තී”ති ජානන්ති. කසීති කසිකම්මං. වණිජ්ජාති ජඞ්ඝවණිජ්ජථලවණිජ්ජාදිවණිප්පථො. ගොරක්ඛන්ති අත්තනො වා පරෙසං වා ගාවො රක්ඛිත්වා පඤ්චගොරසවික්කයෙන ජීවනකම්මං. ඉස්සත්ථො වුච්චති ආවුධං ගහෙත්වා උපට්ඨානකම්මං. රාජපොරිසන්ති විනා ආවුධෙන රාජකම්මං කත්වා රාජුපට්ඨානං. සිප්පඤ්ඤතරන්ති ගහිතාවසෙසහත්ථිඅස්සසිප්පාදි.
යදි මුද්දාය ආදී තැන්වල මුද්දා යනු ඇඟිලි පුරුකෙහි සලකුණක් තැබූ අත් මුදු, ගණනා වැඩි ගණනින් සංඛානං යම් කෙතක් දෙස බලා, අනුමාන ගණනින් මෙහි මෙපමණ වී ඇත. ගස දෙස බලා මෙහි මෙපමණ ගෙඩි ඇත. අහස බලා මේ අහසෙහි මෙපමණ කුරුල්ලන් ඇත්තාහයි දැනගනිති. කසි ගොවිතැන. වණිජ්ජා ජලය හා බැඳි වෙළඳාම්, ගොඩබිම අදාල වෙළඳාම් කටයුතු. ගොරක්ඛං තමන්ගේ හෝ අනුන්ගේ ගවයන් රැකබලා. පස්ගෝරස විකිණීමෙන් ජීවත්වීම, ඉස්සත්ථො ආයුධ ගෙන උවටැන් කටයුතු (සේවා) සඳහා කියනු ලැබේ. (රැකවරණ සැලසීම) රාජපොරිස ආයුධ රහිතව රාජකාරි සේවා සැපයීම, සිප්පඤ්ඤතරං ඇත්, අස් ආදී වෙනත් ඉතිරි (සේවා) කටයුතු,
සීතස්ස පුරක්ඛතොති ලක්ඛං විය සරස්ස සීතස්ස පුරතො ඨිතො, සීතෙන බාධියමානොති අත්ථො. උණ්හෙපි එසෙව නයො. ඩංසාදීසු ඩංසාති පිඞ්ගලමක්ඛිකා. මකසාති සබ්බමක්ඛිකා. සරීසපාති යෙ කෙචි සරිත්වා ගච්ඡන්ති. රිස්සමානොති පීළියමානො රුප්පමානො ඝට්ටියමානො. මීයමානොති මරමානො. අයං, භික්ඛවෙති භික්ඛවෙ, අයං මුද්දාදීහි ජීවිකකප්පනං ආගම්ම සීතාදිපච්චයො ආබාධො. කාමානං ආදීනවොති කාමෙසු උපද්දවො, උපසග්ගොති අත්ථො. සන්දිට්ඨිකොති පච්චක්ඛො සාමං පස්සිතබ්බො. දුක්ඛක්ඛන්ධොති දුක්ඛරාසි. කාමහෙතූතිආදීසු පච්චයට්ඨෙන කාමා අස්ස හෙතූති කාමහෙතු. මූලට්ඨෙන කාමා නිදානමස්සාති කාමනිදානො. ලිඞ්ගවිපල්ලාසෙන පන “කාමනිදාන”න්ති වුත්තො. කාරණට්ඨෙන කාමා අධිකරණං අස්සාති කාමාධිකරණො. ලිඞ්ගවිපල්ලාසෙනෙව පන “කාමාධිකරණ”න්ති වුත්තො. කාමානමෙව හෙතූති ඉදං නියමවචනං කාමපච්චයා උප්පජ්ජතියෙවාති අත්ථො.
සීතස්ස පූරක්ඛතො ඊතලයේ ඉලක්කය මෙන්, සීතලට මුහුණ දෙමින්, සීතලෙන් පීඩා ලබන යන තේරුමයි. උණුසුම ගැනද මෙසේමය. ඩංස පිඟුවන් පැහැති ඇටමැස්සන් කොටසකි. මකසා සියළුම මැස්සන්, සිරිංසපා දික්වූ බඩගා යන සතුන්, රිස්සමානො පෙළනු ලබන, හප්පනු ලබන, ගැටෙනු ලබන, මීයමානො මැරෙමින් අයං භික්ඛවෙ ‘මහණෙනි, මොහු සලකුණු දැක්වීම වැනි දෙයකින් ජීවිකාව ගෙනයමින්. සීතල හේතුකොට රෝග වැළඳී, කාමානං ආදීනවො කාමයන්හී උවදුරු, අනතුරු යන තේරුමයි. සංදිට්ඨිකො වෙන් වෙන්ව තමන්ම දැකිය යුතු, දුක්ඛක්ඛන්ධො දුක්රැස කාමහෙතු කාමය හේතුකොට ඇතිවන, මුල්වීමේ අරුතින් කාමය මූලික වේ. කාම නිදානො කාම නිදානං යැයි ලිඟු පෙරළියෙන් කියන ලදී. කරුණු හේතුකොට සිදුවන තේරුමෙන් කාමාධිකරණෙ ලිඟු පෙරළියෙන් කාමාධිකරණං යැයි කියන ලදී. කාමානමෙව හෙතු මේ නිසි වදනයි. කාමය හේතුවෙන්ම උපදින්නේම යැයි අරුතයි.
උට්ඨහතොති ආජීවසමුට්ඨාපකවීරියෙන උට්ඨහන්තස්ස. ඝටතොති තං වීරියං පුබ්බෙනාපරං ඝටෙන්තස්ස. වායමතොති වායාමං පරක්කමං පයොගං කරොන්තස්ස. නාභිනිප්ඵජ්ජන්තීති න නිප්ඵජ්ජන්ති, හත්ථං නාභිරුහන්ති. සොචතීති චිත්තෙ උප්පන්නබලවසොකෙන සොචති. කිලමතීති කායෙ උප්පන්නදුක්ඛෙන කිලමති. පරිදෙවතීති වාචාය පරිදෙවති. උරත්තාළින්ති උරං තාළෙත්වා. කන්දතීති රොදති. සම්මොහං ආපජ්ජතීති විසඤ්ඤී විය සම්මූළ්හො හොති. මොඝන්ති තුච්ඡං. අඵලොති නිප්ඵලො.
උට්ඨහතො දිවි පැවැත්ම හේතුවෙන් නැගී සිටින්නාට, ඝටතො ඒ උත්සාහය පෙරත්, පසුවත් යොදවමින්, වායමතො උත්සාහය දැඩිව ගෙන යනවිට, නාභිනිප්පජ්ජන්ති මැනවින් සම්පාදනය නොවෙති. අතට නොගනිති. (ආදායමක් නොලබයි.) සොචති සිතෙහි උපන් බලවත් සොවින්ම කණගාටු වෙයි. කිලමති කයෙහි හටගත් දුකෙන් වෙහෙසට පත්වෙයි. පරිදෙවති වචනයෙන් හඬ නගී. (දුක කියමින් හඬයි) උරත්තාළිං ලයෙහි අත්ගසා හඬයි. කන්දති හඬයි. සම්මොහං ආපජ්ජති සිහි නැති වූ කලක මෙන් මුළාවට පත් වෙයි. මොඝං හිස්, අඵලො පල රහිත,
ආරක්ඛාධිකරණන්ති ආරක්ඛකාරණා. කින්ති මෙති කෙන නු ඛො මෙ උපායෙන. යම්පි මෙති යම්පි මය්හං කසිකම්මාදීනි කත්වා උප්පාදිතං ධනං අහොසි. තම්පි නො නත්ථීති තම්පි අම්හාකං ඉදානි නත්ථි.
ආරක්ඛාධිකරණං රැක ගැනීමට කරුණු කින්ති කිනම් ආකාරයකින්, යම්පි මෙ මා විසින් ගොවිතැන් ආදිය කොට උපදවා ගන්නා ලද යම් ධනයක් වීද, තම්පි නො නත්ථි අපට එයද දැන් නැත. ‘මහණෙනි, නැවතද කාමය හේතුකොට...... ආදී ලෙස කරුණු පහදමින්ම එහි ආදීනව දක්වති.
පුන චපරං, භික්ඛවෙ, කාමහෙතූතිආදිනාපි කාරණං දස්සෙත්වාව ආදීනවං දීපෙති. තත්ථ කාමහෙතූති කාමපච්චයා රාජානොපි රාජූහි විවදන්තීති අත්ථො. කාමනිදානන්ති භාවනපුංසකං, කාමෙ නිදානං කත්වා විවදන්තීති අත්ථො. කාමාධිකරණන්තිපි භාවනපුංසකමෙව, කාමෙ අධිකරණං කත්වා විවදන්තීති අත්ථො. කාමානමෙව හෙතූති ගාමනිගමසෙනාපතිපුරොහිතට්ඨානන්තරාදීනං කාමානංයෙව හෙතු විවදන්තීති අත්ථො. උපක්කමන්තීති පහරන්ති.
එහි කාමහෙතු කාමය නිසා රාජානොපි රාජූහි විවදන්ති අරුත, කාමනිදානං භාව නපුංසක පදයයි. කාමය මුල්කොට විවාද කරති. කාමාධිකරණං භාව නපුංසක පදයකි. කාමයෙහි කරුණු සළකා විවාද කරති. කාමානමෙව හෙතු ගම් නියම්ගම් සෙන්පති පුරෝහිත තනතුරු ආදියට කැමැත්තම මුල්කොට විවාද කරති. උපක්කමන්ති පහර දෙති.
අසිචම්මන්ති අසිඤ්චෙව ඛෙටකඵලකාදීනි ච.
අසිචම්මං කඩුවලින්ද පලිහ ආදියෙන්ද,
ධනුකලාපං සන්නය්හිත්වාති ධනුං ගහෙත්වා සරකලාපං සන්නය්හිත්වා. උභතොබ්යූළ්හන්ති උභතොරාසිභූතං. පක්ඛන්දන්තීති පවිසන්ති. උසූසූති කණ්ඩෙසු. විජ්ජොතලන්තෙසූති පරිවත්තමානෙසු. තෙ තත්ථාති තෙ තස්මිං සඞ්ගාමෙ.
ධනුකලාපං සන්නයහිත්වා දුන්න ගෙන, කොපුවෙහි ඊතල යොදාගෙන, උභතො බ්යූළහන්ති දෙපසකට රැස්වී, (දෙපිරිසක්ව) පක්ඛන්දති පිවිසෙති. උසුසු ඊතලවලින් විජ්ජො තලන්තෙසු එහා මෙහා හසුරුවන කල්හී, තෙතත්ථා ඔව්හු එම සටනෙහිදී,
අද්දාවලෙපනා උපකාරියොති චෙත්ථ මනුස්සා පාකාරපාදං අස්සඛුරසණ්ඨානෙන ඉට්ඨකාහි චිනිත්වා උපරි සුධාය ලිම්පන්ති. එවං කතපාකාරපාදා “උපකාරියො”ති වුච්චන්ති. තා තින්තෙන කලලෙන සිත්තා අද්දාවලෙපනා නාම හොන්ති. පක්ඛන්දන්තීති තාසං හෙට්ඨා තිඛිණඅයසූලරුක්ඛසූලාදීහි විජ්ඣියමානා පාකාරස්ස පිච්ඡිල්ලභාවෙන ආරොහිතුං අසක්කොන්තාපි උපධාවන්තියෙව. ඡකණකායාති කුථිතගොමයෙන. අභිවග්ගෙනාති සතදන්තෙන. තං අට්ඨදන්තාකාරෙන කත්වා “නගරද්වාරං භින්දිත්වා පවිසිස්සාමා”ති ආගතෙ උපරිද්වාරෙ ඨිතා තස්ස බන්ධනයොත්තානි ඡින්දිත්වා තෙන අභිවග්ගෙන ඔමද්දන්ති.
අද්දාවලෙපන උපකාරියො මෙහිදී මිනිස්සු පවුරු පාදයෙහි (අත්තිවාරමෙහි) අස්කර සලකුණක් සේ ගඩොල් එක්රැස් කොට, මතුපිට සුදු පැහැයෙන් ආලේප කරති. මෙසේ කරන ලද පවුරුපාදය ‘උපකාරිය’ යැයි කියනු ලැබේ. එයට තෙත සහිත වූ මඩ වත්කරන ලදුව අද්දාවලේපන නම් වේ. පක්ඛන්දන්ති එහි යටින් සිටුවන ලද ගස්උල් ආදිය ඇනෙන ලෙස ලිස්සන ගතිය නිසා නැගීමට නොහැකිව එහා මෙහා දුවන්නේ පක්කමෙට්ඨියා කකාරන ලද ගොමවලින් අහිවග්ගෙන සියක් දැතිවලින්, එය දැති අටක් ආකාරව සකසා ඇත. ‘නගර දොරටුව බිඳ පිවිසෙන (සතුරන්) පැමිණිවිට, දොරටුව මුදුන්හි සිටියෝ ඒ බලවත් ‘අභිවග්ග නම් (රැකවල් සඳහා වූ) උපකරණය මගින් ඔමද්දන්ති (මඩිති).
සන්ධිම්පි ඡින්දන්තීති ඝරසන්ධිම්පි. නිල්ලොපන්ති ගාමෙ පහරිත්වා මහාවිලොපං කරොන්ති. එකාගාරිකන්ති පණ්ණාසමත්තාපි සට්ඨිමත්තාපි පරිවාරෙත්වා ජීවග්ගාහං ගහෙත්වා ධනං ආහරාපෙන්ති. පරිපන්ථෙපි තිට්ඨන්තීති පන්ථදූහනකම්මං කරොන්ති. අඩ්ඪදණ්ඩකෙහීති මුග්ගරෙහි (ම· නි· අට්ඨ· 1.169). සෙසං වුත්තත්ථමෙව.
සන්ධිම්පි ඡින්දන්ති ගෙවල බිත්ති මුළු සිඳිති. නිල්ලොපං ගමට පහර දී මහා පැහැර ගැනීමක් (මංකොල්ල) කති. එකගාරිකං පණහක් හා හැටක් පමණ පිරිවරා ජීවත්ව සිටිද්දීම අල්ලාගෙන, ධනය (බලාත්කාරයෙන්) ලබාගනිති. පරිපන්ථෙපි තිට්ඨන්ති මංපැහැරීම් කරති. අද්ධදණ්ඩෙන පොලුවලින්, ඉතිරි කරුණු පැහැදිලිය.
ඡට්ඨං.
හයවන (ගාථාවයි)
සත්තමෙ එතීති ඊති, ආගන්තුකානං අකුසලභාගියානං බ්යසනහෙතූනං එතං අධිවචනං. තස්මා කාමගුණාපි එතෙ අනෙකබ්යසනාවහට්ඨෙන දළ්හසන්නිපාතට්ඨෙන ච ඊති. ගණ්ඩොපි අසුචිං පග්ඝරති, උද්ධුමාතපරිපක්කපරිභින්නො හොති. තස්මා එතෙ කිලෙසා අසුචිපග්ඝරණතො උප්පාදජරාභඞ්ගෙහි උද්ධුමාතපරිපක්කපරිභින්නභාවතො ච ගණ්ඩො. උපද්දවතීති උපද්දවො, අනත්ථං ජනෙන්තො අභිභවති අජ්ඣොත්ථරතීති අත්ථො, රාගගණ්ඩාදීනමෙතං අධිවචනං. තස්මා කාමගුණාපෙතෙ අවිදිතනිබ්බානත්ථාවහහෙතුතාය සබ්බුපද්දවවත්ථුතාය ච උපද්දවො. යස්මා පනෙතෙ කිලෙසාතුරභාවං ජනෙන්තා සීලසඞ්ඛාතමාරොග්යං ලොලුප්පං වා උප්පාදෙන්තා පාකතිකමෙව ආරොග්යං විලුම්පන්ති, තස්මා ඉමිනා ආරොග්යවිලුම්පනට්ඨෙන රොගො. අබ්භන්තරමනුපවිට්ඨට්ඨෙන පන අන්තොතුදනට්ඨෙන දුන්නීහරණීයට්ඨෙන ච සල්ලං. දිට්ඨධම්මිකසම්පරායිකභයාවහනතො භයං. මෙතන්ති එතං සෙසමෙත්ථ පාකටමෙව. නිගමනම්පි වුත්තනයෙනෙව වෙදිතබ්බං (සු· නි· අට්ඨ· 1.51).
සත්වන (ගාථාවෙහි) එයි යනු ඊති වැනසීම පමුණුවන, පිටත (තමාට) පැමිණෙන, අයහපතට හේතුවන දේවලට සමාන වචනයකි. එහෙයින් නොයෙක් ලෙසින් කැමැත්ත ඇතිකරවන කාමයද, එසේ නොයෙක් විපත් ලඟා කරවන - දැඩිසේ එක්රැස් වන අදහසින්ද ඊති නම් වේ. සැරව ආදී අපිරිසිදු දේ ගෙඩියෙන් වැගිරෙයි. ඉදිමුණු ගති මේරූ බවට පත්ව (සිරුරේ) බිඳී ගියා සේ වෙයි. එහෙයින් කෙලෙස් නමැති අපිරිසිදු වැගිරෙන දෙයින් හටගත් ජරා නම් වූ කැඩී බිඳී ගිය තැන්වලින් ඉදිමුණු-ඉල්පුණු ගතියෙන්ද, (අඟ පසඟ නියම ලෙසින් නොපවත්නා හෙයින්) ගණ්ඩො වෙයි. උපදවනු. හටගනු ලබන්නේ උපද්දවො අයහපත ගෙනදෙමින්, තදින් පීඩා පමුණුවමින් යන තේරුමයි. රජ අණින් (අධිකරණයෙන් ලබන දඬුවම් ආදියට සමාන වදනකි. එහෙයින් කැමැත්ත නිසා උදාකරන ලදුව (කලින්) නොවිඳිනා ලද දරුණු විපත්වලට - සියළුම උවදුරුවලට හේතුවන අයුරින් උපද්දවො නම් වේ. එහෙයින් කෙලෙස්වලින් රෝගී බවට පත් කරමින්, ‘සීලය’ යැයි කියනු ලබන නිරෝගී සුවතාව උදුරා ගනී. මුළුමනින්ම කෙලෙස්වලින් රෝගී බවට පත් කරයි. එහෙයින් නිරෝගී බව පැහැර ගන්නා අරුතින් රොගො ඇතුලතට යාමෙන් (සම් මස්) පසාරු කරගෙන යාමෙන් ඇතුලතින් පැටලී, ඉවතට ඇද ගැනීමට නොහැකි අයුරින් සල්ලං නම් වේ. මෙලොව පරලොව බිය ගෙනදෙන හෙයින් භයං වෙයි. එය මට - මෙතං, ඉතිරි කරුණු පැහැදිලිය. නිගමනයද කලින් කියා ඇති පරිදි දතයුතුය.
කාමරාගරත්තායන්ති කාමරාගෙන රත්තො අයං. ඡන්දරාගවිනිබද්ධොති ඡන්දරාගෙන ස්නෙහෙන බද්ධො. දිට්ඨධම්මිකාපි ගබ්භාති ඉමස්මිං අත්තභාවෙ වත්තමානසළායතනගබ්භා. සම්පරායිකාපි ගබ්භාති පරලොකෙපි සළායතනගබ්භා. න පරිමුච්චතීති පරිමුච්චිතුං න සක්කොති. ඔතිණ්ණො සාතරූපෙනාති මධුරසභාවෙන රාගෙන ඔතිණ්ණො ඔගාහිතො. පලිපථන්ති කාමකලලමග්ගං. දුග්ගන්ති දුග්ගමං.
කාමරාගරත්තායං කාමය නැමති රාගයෙන් දැඩි ලෙස රත් වූ තැනැත්තා ඡන්දරාග විනිබද්ධො ඡන්ද රාගයෙන්, ආදර සෙනෙහසින් දිට්ඨධම්මිකාපි ගබ්භා මේ ජීවිතයෙහි දැන් පවත්නා ආයතන හය නම් වූ ගැබෙහි, පරලොවදී ද ආයතන හය නම් වූ ගැබෙහි (සසර යළි උපතක් ලබන බව න පරිමුච්චති මිදීමට නොහැකි වෙයි. ඔතිණ්ණො සාතරූපෙන මිහිරි ලෙසින් රාගයට බැස, එයින් මිරිකී පලිපථං කාම මඩෙහි, දුග්ගං වැරදි ලෙස ගමන් කරයි.
සත්තමං.
සත්වන (ගාථාවයි.)
අට්ඨමෙ සීතං දුබ්බිධං අබ්භන්තරධාතුක්ඛොභපච්චයඤ්ච බාහිරධාතුක්ඛොභපච්චයඤ්ච. තථා උණ්හං. තත්ථ ඩංසාති පිඞ්ගලමක්ඛිකා. සරීසපෙති යෙ කෙචි දීඝජාතිකා සරිත්වා ගච්ඡන්ති. සෙසං පාකටමෙව. නිගමනම්පි වුත්තනයෙනෙව වෙදිතබ්බං.
අටවන (ගාථාවෙහි) සීතං යනු දෙආකාරය. (සිරුර) ඇතුලත ධාතු කොටස් සමව නොපැවතීමෙන්, (කිපීමෙන්) සහ බාහිර (සොබා දහම හා බැඳුණු) ධාතු කොටස්වල සමතාව බිඳීමෙන්, එසේම උණ්හං ඩංසා පිඟුවන් පැහැති මැස්සන් කොටසකි. සිරිංසපා දික්වූ බඩගා යන ඇතැම් සතුන්, ඉතිරි කරුණු පැහැදිලිය. නිගමනයද මුලින් කී අයුරු දතයුතුය.
අට්ඨමං.
අටවන (ගාථාවයි.)
නවමගාථා පදත්ථතො පාකටා එව. අයං පනෙත්ථ අධිප්පායයොජනා – සා ච ඛො යුත්තිවසෙන, න අනුස්සවවසෙන. යථා අයං හත්ථී මනුස්සකන්තෙසු සීලෙසු දන්තත්තා අදන්තභූමිං නාගච්ඡතීති වා, සරීරමහන්තතාය වා නාගො. එවං කුදාස්සු නාමාහම්පි අරියකන්තෙසු සීලෙසු දන්තත්තා අදන්තභූමිං නාගමනෙන, ආගුං අකරණෙන, පුන ඉත්ථත්තං අනාගමනෙන ච ගුණසරීරමහන්තතාය වා නාගො භවෙය්යං. යථා චෙස යූථානි විවජ්ජයිත්වා එකචරියසුඛෙන යථාභිරන්තං විහරෙ අරඤ්ඤෙ, එකො චරෙ ඛග්ගවිසාණකප්පො, කුදාස්සු නාමාහම්පි එවං ගණං විවජ්ජයිත්වා එකත්තාභිරතිසුඛෙන ඣානසුඛෙන යථාභිරන්තං අරඤ්ඤෙ අත්තනො යථා යථා සුඛං, තථා තථා යත්තකං වා ඉච්ඡාමි, තත්තකං අරඤ්ඤෙ නිවාසං එකො චරෙ ඛග්ගවිසාණකප්පො එකො චරෙය්යන්ති අත්ථො. යථා චෙස සුසණ්ඨිතක්ඛන්ධමහන්තතාය සඤ්ජාතක්ඛන්ධො, කුදාස්සු නාමාහම්පි එවං අසෙක්ඛසීලක්ඛන්ධමහන්තතාය සඤ්ජාතක්ඛන්ධො භවෙය්යං. යථා චෙස පදුමසදිසගත්තතාය වා, පදුමකුලෙ උප්පන්නතාය වා පදුමී, කුදාස්සු නාමාහම්පි එවං පදුමසදිසබොජ්ඣඞ්ගමහන්තතාය වා, අරියජාතිපදුමෙ උප්පන්නතාය වා පදුමී භවෙය්යං. යථා චෙස ථාමබලජවාදීහි උළාරො, කුදාස්සු නාමාහම්පි එවං පරිසුද්ධකායසමාචාරතාදීහි සීලසමාධිනිබ්බෙධිකපඤ්ඤාදීහි වා උළාරො භවෙය්යන්ති එවං චින්තෙන්තො විපස්සනං ආරභිත්වා පච්චෙකබොධිං අධිගතොම්හීති.
නවවන (ගාථාවෙහි) වචන අරුත් පැහැදිලිය. මේ එයින් අදහස් වන කරුණු විස්තර කිරීමයි. එය යෙදෙන ආකාරයෙන් මිස, අසා ඇති අයුරින් නොවේ. මේ ඇතා මිනිසුන් කැමති වන පරිදි හික්මීමෙන්, දැවුණු බැවින් නැවත නොදැමුණු බවට නොපැමිණෙන්නා සේද, මහත් සිරුරක් ඇති බැවින්ද නාගො වේ. එසේම මමත් බුද්ධාදී උතුමන් කැමති වන සීලයෙහි මැනවින් හික්මී, (සිත) දමනය කොට, නැවත නොදැමුණු කෙනෙක් නොවී, අයහපත් වැරදි, අපරාධ නොකොට, නැවත ගැහැණියකව නොඉපදීමෙන් ද, ගුණයෙන් මහත් වූ සිරුරකින් යුතුව නාගො නමින් හඳුන්වන්නෙක් වන්නෙම්ද? යම්ලෙසකින් යූථානි විවජ්ජෙත්වා තනිව හැසිරෙන සුවයෙන්, යථාභිරත්තං වෙසෙමි. අරඤ්ඤෙ තනිව හැසිරෙන කඟවේණකු මෙන් මම ද මේ පිරිවර හැරදමා, ඇළුම් කරන එකම සුවය වූ දැහැන් සුවයෙන් කැලයෙහි වෙසෙම්ද? යම් තරමකින් කැලයෙහි විසීම සුවදායී නම්, ඒ තරමටම දැහැන්සුවය (අගය කරමි.) එසේ කැමතිතාක් කල් තනිව හැසිරෙන කඟවේණකු මෙන් කැලයෙහි වෙසෙමි යන අදහසයි. මනාව පිහිටි කඳක් ඇති බැවින් සඤ්ජාතක්ඛන්ධො කවදානම් මමත්, මෙසේ මැනවින් හික්මුණු සිල් සමූහයෙන් වඩනා ලද කඳකින් (සිරුරකින් යුතු වෙම්ද, යම් ආකාරයෙන් පියුමක් හා සමාන (පැහැ) සිරුරක් ඇති හෝ පියුම් කුලයෙහි උපන් බැවින් හෝ පදුමී කවදා මම ද පියුමක් බඳු අවබෝධය ලබා උසස් බවට පත්වීමෙන් හෝ බුද්ධාදී අරිය පියුම් (කුලයෙහි) උපන් බැවින් පදුමී වන්නෙම්ද? එබඳු මහත් සවි බලයෙන් යුතුවීම උළාරො නම් වෙයි. කවදා නම් මමත් මෙසේ පිරිසිදු නිවැරදි කිසි හැසිරීම් ආදියෙන් හා සීල සමාධි හා තියුණු නුවණින් උළාරො වන්නෙම්ද? මෙසේ සිතමින්ම විදසුන් වඩා පසේබුදු බව ලැබුවෙමි.
නවමං.
නවවන (ගාථාවයි.)
දසමෙ අට්ඨානතන්ති අට්ඨානං තං, අකාරණං තන්ති වුත්තං හොති. අනුනාසිකස්ස ලොපො කතො “අරියසච්චාන දස්සන”න්තිආදීසු (ඛු· පා· 5.11; සු· නි· 270) විය. සඞ්ගණිකාරතස්සාති ගණාභිරතස්ස. යන්ති කාරණවචනමෙතං “යං හිරීයති හිරීයිතබ්බෙනා”තිආදීසු (ධ· ස· 30) විය. ඵස්සයෙති අධිගච්ඡෙ. සාමයිකං විමුත්තින්ති ලොකියසමාපත්තිං. සා හි අප්පිතප්පිතසමයෙ එව පච්චනීකෙහි විමුච්චනතො “සාමයිකා විමුත්තී”ති වුච්චති. තං සාමයිකං විමුත්තිං. “අට්ඨානං තං, න තං කාරණං විජ්ජති සඞ්ගණිකාරතස්ස, යෙන කාරණෙන ඵස්සයෙ ඉති එතං ආදිච්චබන්ධුස්ස පච්චෙකබුද්ධස්ස වචො නිසම්ම සඞ්ගණිකාරතිං පහාය යොනිසො පටිපජ්ජන්තො අධිගතොම්හී”ති ආහ. සෙසං වුත්තනයමෙව (සු· නි· අට්ඨ· 1.54; අප· අට්ඨ· 1.1.110).
දසවන (ගාථාවෙහි) අට්ඨානතං අදාල කරුණක් නොමැතිව සිදුනොවේ යනුයි. අරියසච්චාන දස්සන = අරියසච්චානං දස්සනං යන වචනය මෙන් අනුනාසිකය මෙහි ලොප් කරන ලදී. සංගනිකාරතස්ස සමූහය සිටීමෙහි ඇළුණු, යං (පැහැදිලි කරන දෙයට අදාලව) යම් කරුණකට ‘මෙ හිරීයති, හිරීයිතබ්බෙන’ යම් දෙයකින් ලැජ්ජාවට පත්වේද ලැජ්ජා විය යුතුය’ වැනි තැන්වල සඳහන් ලෙසිනි. ඵස්සයෙ අවබෝධ කරන්නේය. සාමයිකං විමුත්ති මේ ලෝකීය වූ සමාපත්තිය (තමා) වෙතට ළඟාකර ගැනීමේදී මෙන්ම, වෙනස් අයුරින් නිදහස් වීමක් ලෙස කියනු ලැබේද? එවැනි දෙයක් ඇති නොවන්නේය. සමූහයා කෙරෙහි ඇලීම නිසා එය නොලද හැකිය යන ආදිච්ච බන්ධු පසේ බුදුවරයාණන් වහන්සේගේ වචනය අසා සමූහය කෙරෙහි ඇලීම් නැතිව, නුවණින් පිළිපදිමින් අවබෝධය ලැබුවෙමියි කීය. ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිය.
නිද්දෙසෙ නෙක්ඛම්මසුඛන්ති පබ්බජ්ජාසුඛං. පවිවෙකසුඛන්ති කායචිත්තඋපධිවිවෙකෙ සුඛං. උපසමසුඛන්ති කිලෙසුපසමං ඵලසමාපත්තිසුඛං. සම්බොධිසුඛන්ති මග්ගසුඛං. නිකාමලාභීති අත්තනො රුචිවසෙන යථාකාමලාභී. අකිච්ඡලාභීති අදුක්ඛලාභී. අකසිරලාභීති විපුලලාභී. අසාමයිකන්ති ලොකුත්තරං. අකුප්පන්ති කුප්පවිරහිතං අචලිතං ලොකුත්තරමග්ගං.
නිද්දෙසයෙහි, නෙක්ඛම්ම සුඛං පැවිදි සුවය, විවෙක සුඛං කයෙහි සිතෙහි උපන් විවේක සුවය, උපසමසුඛං කෙලෙස් සමනය වූ පලසමවත් සුවය, සුඛං මගසුවය, නිකාමලාභී තමා කැමති පරිදි කැමති සේ අකිච්ඡාලාභීසුඛං නිදුකින් ලැබී, අකසිරලාභී අපහසුවෙන් තොරව ලැබී, අසමායිකං ලොවුතුරු, අකුප්පං නොවෙනස් නොසැලෙන ලොවුතුරු වේ.
දසමං.
දසවන (ගාථාවයි.)
දුතියවග්ගවණ්ණනා නිට්ඨිතා.
දෙවන වග්ගය නිමියේ ය.