තතියවග්ගවණ්ණනා අට්ඨකථා
තතියවග්ගවණ්ණනා
තුන් වැනි වර්ගය
තතියවග්ගස්ස පඨමෙ දිට්ඨීවිසූකානීති ද්වාසට්ඨිදිට්ඨිගතානි. තානි හි මග්ගසම්මාදිට්ඨියා විසූකට්ඨෙන විජ්ඣනට්ඨෙන විලොමට්ඨෙන ච විසූකානි. එවං දිට්ඨියා විසූකානීති දිට්ඨිවිසූකානි, දිට්ඨියො එව වා විසූකානි දිට්ඨිවිසූකානි. උපාතිවත්තොති දස්සනමග්ගෙන අතික්කන්තො. පත්තො නියාමන්ති අවිනිපාතධම්මතාය සම්බොධිපරායනතාය ච නියතභාවං අධිගතො, සම්මත්තනියාමසඞ්ඛාතං වා පඨමමග්ගන්ති. එත්තාවතා පඨමමග්ගකිච්චනිප්ඵත්ති ච තස්ස පටිලාභො ච වුත්තො. ඉදානි පටිලද්ධමග්ගොති ඉමිනා සෙසමග්ගපටිලාභං දස්සෙති. උප්පන්නඤාණොම්හීති උප්පන්නපච්චෙකබොධිඤාණො අම්හි. එතෙන ඵලං දස්සෙති. අනඤ්ඤනෙය්යොති අඤ්ඤෙහි “ඉදං සච්චං ඉදං සච්ච”න්ති නනෙතබ්බො. එතෙන සයම්භුතං දීපෙති. පත්තෙ වා පච්චෙකබොධිඤාණෙ අඤ්ඤනෙය්යතාය අභාවා සයංවසිතං. සමථවිපස්සනාය වා දිට්ඨිවිසූකානි උපාතිවත්තො, ආදිමග්ගෙන පත්තො නියාමං, සෙසෙහි පටිලද්ධමග්ගො, ඵලඤාණෙන උප්පන්නඤාණො, තං සබ්බං අත්තනාව අධිගතොති අනඤ්ඤනෙය්යො. සෙසං වුත්තනයෙනෙව වෙදිතබ්බං (සු· නි· අට්ඨ· 1.54; අප· අට්ඨ· 1.1.111).
තුන්වන වග්ගයෙහි පළමු (ගාථාවයි) දිට්ඨි විසූකානි තදින් මුල් බැසගත් සැටදෙකක් වූ මිසදිටු අදහස්, එයින් මගපල ලබන යහපත් දැකීමට එකඟ නොවන බැවින්, අනුකූල නොවන, සිත නොසන්සුන් කරන, කලබලයට පත්කරන බැවින් එසේ යෙදුණි. මෙසේ දැකීම විකාර බවට පත්කරන හෙයින්, දිට්ඨි විසූකානි, විසුළු හැඟීම්ම දිට්ඨි විසූකානි. උපාතිවත්තො මගපල දැකීම මගින් ඉක්මවන, පත්තොනියාමං සතර අපාය ආදී දුක් ලබන තැන් වළක්වන, (සිවුසස්) අවබෝධය පිහිටකොට ඇති නියත බවම ලදිමි. නිවැරදි වූ, යහපත් යැයි කියන ලද පළමු මග (සෝවාන්) හෝ මෙපමණකින්, එම පළමු මගට පත්වීමේ කටයුතු නිමාව හෝ එය ලැබීම දැක්වීය. මීළඟට පටිලද්ධමග්ගො යන මෙයින් ඉතිරි මගපල ලැබීම පෙන්වයි. උප්පන්න ඤාණෙම්හි පසේ බුදුනුවණ ලබාගත් කෙනෙක් වෙමි. එයින් ලද පලය දක්වයි. අනඤ්ඤා නෙය්යො වෙනත් මහණ බමුණන් ‘මෙය ඇත්තය, මෙය ඇත්ත යැයි’ කියන අතර, මෙයින් තමන්ම ඇත්ත පසක් කළ අයුරු පහදයි. පසේ බුදුනුවණ අවබෝධ කරන ලද්දේ වෙනත් කෙනෙකුගේ හඳුන්වාදීමකින් තොරව, තමන්ම පුරුදුකොට වැසූ විදසුන් මගින් මිසදිටු හැගුම් මුළුමනින්ම ඉවත් කරදමා මූලික අරමුණ ඉටුකර ගනිමින් මගපලයෙන් උපන් නුවණිනි. ඒ සියල්ලම තමන් විසින් අවබෝධ කරන ලද බැවින්, වෙනත් කෙනෙකුගෙන් ලද දෙය නොවේ. ඉතිරි කරුණු කලින් සඳහන් කර ඇති පරිදි දතයුතුය.
න පරනෙය්යොති න අඤ්ඤෙහි නෙතබ්බො. න පරප්පත්තියොති පච්චක්ඛධම්මත්තා න අඤ්ඤෙහි සද්දහාපෙතබ්බො. න පරප්පච්චයොති න අස්ස පරො පච්චයො, න පරස්ස සද්ධාය වත්තතීති න පරප්පච්චයො. න පරපටිබද්ධගූති න අඤ්ඤෙසං පටිබද්ධඤාණගමනො.
න පරනෙය්යො වෙනත් තැනැත්තන් විසින් (කැඳවාගෙන ගොස්) පමුණුවාලිය නොහැකිය. න පරප්පත්තියො (තමන් විසින්ම) පිරිසිඳ දතයුතු බැවින්, වෙනත් තැනැත්තන් විසින් තහවුරු කරවිය යුතු නොවේ. න පරප්පච්චයො වෙනත් තැනැත්තකු හේතුව ලෙස නොහේ. වෙනත් කෙනෙකු ගැන සැදැහැ බව පවතී යයි හේතුවක් වන්නේ නැත. න පරපටිබද්ධගූ වෙනත් තැනැත්තෙකු හා බැඳුණු නුවණ පැමිණීමක් ද නැත.
පඨමං.
පළමු (ගාථාවයි.)
දුතියෙ නිල්ලොලුපොති අලොලුපො. යො හි රසතණ්හාභිභූතො හොති, සො භුසං ලුප්පති පුනප්පුනඤ්ච ලුප්පති, තෙන “ලොලුපො”ති වුච්චති. තස්මා එස තං පටික්ඛිපන්තො ආහ “නිල්ලොලුපො”ති. නික්කුහොති එත්ථ කිඤ්චාපි යස්ස තිවිධකුහනවත්ථු නත්ථි, සො “නික්කුහො”ති වුච්චති, ඉමිස්සා පන ගාථාය මනුඤ්ඤභොජනාදීසු විම්හයමනාපජ්ජනතො නික්කුහොති අයමධිප්පායො. නිප්පිපාසොති එත්ථ පාතුමිච්ඡා පිපාසා, තස්සා අභාවෙන නිප්පිපාසො, සාදුරසලොභෙන භොත්තුකම්යතාවිරහිතොති අත්ථො. නිම්මක්ඛොති එත්ථ පරගුණවිනාසනලක්ඛණො මක්ඛො, තස්ස අභාවෙන නිම්මක්ඛො. අත්තනො ගහට්ඨකාලෙ සූදස්ස ගුණමක්ඛනාභාවං සන්ධාය ආහ. නිද්ධන්තකසාවමොහොති එත්ථ රාගාදයො තයො කායදුච්චරිතාදීනි ච තීණීති ඡ ධම්මා යථාසම්භවං අප්පසන්නට්ඨෙන සකභාවං විජහාපෙත්වා පරභාවං ගණ්හාපනට්ඨෙන කසටට්ඨෙන ච “කසාවා”ති වෙදිතබ්බා. යථාහ –
දෙවන (ගාථාවෙහි) නිල්ලොලුපො ලොල් බවින් තොර වීමයි. යමෙක් රසයෙහි දැඩිව ඇළුණේ ද ඔහු වඩ වඩාත් එහිම ඇලෙයි. එයටම ආසා කරයි. නැවත නැවතත් එයට ඇළුම් කරයි. එහෙයින් ‘ලොලුප’ යැයි කියනු ලැබේ. මෙහිදී එම ඇළුම් කිරිම පිළිකෙව් කරමින් නිල්ලොලුපො යැයි කීය. නික්කුහො යමෙකුට තුන්ආකාර වූ කුහක ගති නොමැති නම්, එසේ හැඳින්වේ. මෙම ගාථාවෙහි සිත් අලවන ආහාර ආදියෙහි පුදුම සුළුව ඒවාට ගිජු බවක් ඇතිකර නොගැනීම එයින් අදහස් කෙරේ. නිප්පිපාසො පානය කිරීමට ඇති කැමැත්ත පිපාසාය. එයට නොකැමති බව නිප්පපාසො, ඉමිහිරි රසයට ගිජුව අනුභවයට කැමති නොවීම තේරුමයි. නිම්මක්ඛො අනුන්ගේ යහපත් ගුණ වනසන අදහසින් එම ගුණ මකා දැමීමයි. එසේ ගුණ යටපත් කොට කතා නොකිරීම මෙහි අදහස් වේ. තමා ගිහි කාලයෙහි අරක්කැමියාගේ ගුණ යටපත් කළ ආකාරය ගැන (සිතා) මෙසේ කියන ලදී. නිද්ධන්ත කසාව මොහො කයෙන් වන දුසිරිත් ආදිය තුන් ආකාරවද එය සය ආකාරවද නියම ලෙසින් නොදැක, අනුන් කෙරේ (තමා) දකින සැටි කහට සේ දතයුතුය.
“තත්ථ කතමෙ තයො කසාවා? රාගකසාවො දොසකසාවො මොහකසාවො, ඉමෙ තයො කසාවා. තත්ථ කතමෙ අපරෙපි තයො කසාවා? කායකසාවො වචීකසාවො මනොකසාවො”ති (විභ· 924).
තුන් ආකාර වූ කහට කවරේද? රාග කහට, දෝස කහට හා මෝහ කහටය. මේ හැර තුන් ආකාර වූ තවත් කහටද වේ. එය කයෙහි වචනයෙහි සිතෙහි කහට යනුවෙනි. ‘තත්ථ කතමෙ තයො කසාවා? රාග කසාවො දොස කසාවො මොහ කසාවො ඉමෙ තයො කාසාවා, තත්ථ කතමෙ අපරෙපි තයො කසාවා? කාය කසාවො වචී කසාවො මනො කසාවො’ති.
තෙසු මොහං ඨපෙත්වා පඤ්චන්නං කසාවානං තෙසඤ්ච සබ්බෙසං මූලභූතස්ස මොහස්ස නිද්ධන්තත්තා නිද්ධන්තකසාවමොහො, තිණ්ණං එව වා කායවචීමනොකසාවානං මොහස්ස ච නිද්ධන්තත්තා නිද්ධන්තකසාවමොහො. ඉතරෙසු නිල්ලොලුපතාදීහි රාගකසාවස්ස, නිම්මක්ඛතාය දොසකසාවස්ස නිද්ධන්තභාවො සිද්ධො එව. නිරාසසොති නිත්තණ්හො. සබ්බලොකෙති සකලලොකෙ, තීසු භවෙසු ද්වාදසසු වා ආයතනෙසු භවවිභවතණ්හාවිරහිතො හුත්වාති අත්ථො. සෙසං වුත්තනයෙනෙව වෙදිතබ්බං . අථ වා තයොපි පාදෙ වත්වා එකො චරෙති එකො චරිතුං සක්කුණෙය්යාති එවම්පි එත්ථ සම්බන්ධො කාතබ්බො (සු· නි· අට්ඨ· 1.96).
ඒවා අතුරෙන් මෝහය හැර අනෙක් පස් ආකාර වූ ‘කහට’ වලටද සියළු ආකාරයෙන් මුල්වන මෝහයම (දුරුකොට) පිරිසිදු කරන ලද බැවින් මෝහය නමැති කහට දුරුකොට පිරිසිදු කරන ලදැයි කියන ලදී. ලොල්බවින් තොරව, රාග කහට නැතිව, අනුන් හෙළා නොදකින, ගුණමකු නොවන බැවින් තරහව හෙවත් දෝස කිලුටෙහි පිරිසිදු බවද ඇතිවන්නේමය. නිරාසයො තණ්හා ආසා නොමැති වීමයි. සබ්බලොකෙ මුළු ලෝකයෙහි, තුන් භවයෙහි, දොළොස් ආයතනයන්හි භව, විභව තණ්හා වළකා, තනිව හැසිරෙයි. එසේම තනිව හැසිරීමට හැකිවේ යැයි මෙසේ එහි සම්බන්ධතාව දැක්විය යුතුය.
දුතියං.
දෙවන (ගාථාවයි.)
තතියෙ අයං සඞ්ඛෙපත්ථො – ය්වායං දසවත්ථුකාය පාපදිට්ඨියා සමන්නාගතත්තා පාපො. පරෙසම්පි අනත්ථං දස්සෙතීති අනත්ථදස්සී. කායදුච්චරිතාදිම්හි ච විසමෙ නිවිට්ඨො. තං අත්ථකාමො කුලපුත්තො පාපං සහායං පරිවජ්ජයෙථ, අනත්ථදස්සිං විසමෙ නිවිට්ඨං. සයං න සෙවෙති අත්තනො වසෙන තං න සෙවෙය්ය. යදි පන පරවසො හොති, කිං සක්කා කාතුන්ති වුත්තං හොති. පසුතන්ති පසටං, දිට්ඨිවසෙන තත්ථ තත්ථ ලග්ගන්ති අත්ථො. පමත්තන්ති කාමගුණෙසු වොස්සට්ඨචිත්තං, කුසලභාවනාරහිතං වා. තං එවරූපං න සෙවෙ න භජෙ න පයිරුපාසෙ, අඤ්ඤදත්ථු එකො චරෙ ඛග්ගවිසාණකප්පොති.
තුන්වන (ගාථාවෙහි) මේ කෙටි අදහසයි. යමෙකු කරුණු දහයකින් යුතු, පවිටු මිසදිටු ලාමක අදහස් සිත දරා සිටින බැවින් පාපො නම් වේ. අනුන්ටද අයහපතම උදාකරයි. එහෙයින් අනත්ථදස්සී වෙයි. කයින් කෙරෙන දුසිරිත් ආදියෙහි (යෙදීම) විසමෙ නිවිට්ඨො හිතවැඩ කැමති කුලපුතෙක්, පාපං සහායං පරිවජ්ජයෙථ අනත්ථදස්සිං විසමෙ නිවිට්ඨං සයං න සෙවෙ යනුවෙන් පවට සහය වන්නකු අත්හැර දමන්නේය. මෙසේ තමන් ඇසුරු නොකරන්නේ නම්, අනුන් කෙරෙහිද යම් බලපෑමක් (යහපත් ලෙස) කළහැකිදැයි කියන ලදී. පසූතං ඒ ඒ තන්හි ලගින, විසිරුණ තදින් එල්බගත් හැඟීම්, පමත්තං කාමයන්හි හිරවුණු සිතයි. යහපත් භාවනා ආදිය පුරුදු නොමැති වීමයි. එබඳු තැනැත්තන් ඇසුරු නොකරන්නේය. සබඳතා නොපවත්නේය. ඉතා ළඟින් සුහද ඇසුරක් නොකරන්නේය. හුදෙක් තනිව හැසිරෙන කඟවේණකු මෙනි.
නිද්දෙසෙ සයං න සෙවෙය්යාති සාමං න උපසඞ්කමෙය්ය. සාමං න සෙවෙය්යාති චිත්තෙනපි න උපසඞ්කමෙය්ය. න සෙවෙය්යාති න භජෙය්ය. න නිසෙවෙය්යාති සමීපම්පි න ගච්ඡෙය්ය. න සංසෙවෙය්යාති දූරෙ භවෙය්ය. න පරිසංසෙවෙය්යාති පටික්කමෙය්ය.
නිද්දෙසයෙහි සයං න සෙවෙය්ය තමන් (එබඳු කෙනෙකු වෙත) නොඑළඹෙන්නේය. සාමං න සෙවෙය්යා සිතෙනුදු නොඑළඹෙන්නේය. න සෙවෙය්ය ඇසුරු නොකරන්නේය. න නිවෙසෙය්‍ය සමීපයටවත් නො යන්නේය. න සංසෙවෙය්ය ඈත් වන්නේය. න පටිසෙවෙය්ය ඉවත් වන්නේය.
තතියං.
තුන්වන (ගාථාවයි.)
චතුත්ථෙ අයං සඞ්ඛෙපත්ථො – බහුස්සුතන්ති දුවිධො බහුස්සුතො තීසු පිටකෙසු අත්ථතො නිඛිලො පරියත්තිබහුස්සුතො ච මග්ගඵලවිජ්ජාභිඤ්ඤානං පටිවිද්ධත්තා පටිවෙධබහුස්සුතො ච. ආගතාගමො ධම්මධරො. උළාරෙහි පන කායවචීමනොකම්මෙහි සමන්නාගතො උළාරො. යුත්තපටිභානො ච මුත්තපටිභානො ච යුත්තමුත්තපටිභානො ච පටිභානවා. පරියත්තිපරිපුච්ඡාධිගමවසෙන වා තිධා පටිභානවා වෙදිතබ්බො. යස්ස හි පරියත්ති පටිභාති, සො පරියත්තිපටිභානවා. යස්ස අත්ථඤ්ච ඤායඤ්ච ලක්ඛණඤ්ච ඨානාට්ඨානඤ්ච පරිපුච්ඡන්තස්ස පරිපුච්ඡා පටිභාති, සො පරිපුච්ඡාපටිභානවා. යෙන මග්ගාදයො පටිවිද්ධා හොන්ති, සො අධිගමපටිභානවා. තං එවරූපං බහුස්සුතං ධම්මධරං භජෙථ, මිත්තං උළාරං පටිභානවන්තං. තතො තස්සානුභාවෙන අත්තත්ථපරත්ථඋභයත්ථභෙදතො වා දිට්ඨධම්මිකසම්පරායිකපරමත්ථභෙදතො වා අනෙකප්පකාරානි අඤ්ඤාය අත්ථානි, තතො “අහොසිං නු ඛො අහං අතීතමද්ධාන”න්තිආදීසු (ම· නි· 1.18; සං· නි· 2.20; මහානි· 174) කඞ්ඛාට්ඨානෙසු විනෙය්ය කඞ්ඛං විචිකිච්ඡං විනෙත්වා විනාසෙත්වා එවං කතසබ්බකිච්චො එකො චරෙ ඛග්ගවිසාණකප්පොති (සු· නි· අට්ඨ· 1.58).
සිවුවන (ගාථාවෙහි) කෙටි අරුත මේය. බහුස්සුතං දෙ ආකාරය. තුන් පිටකයෙහි අරුත් මැනවින් දැන සිටීම පරියත්ති බහුස්සුතා යැයි හැඳින්වේ. මගපල, විදුනැණ හා අභිඤ්ඤා අවබෝධය ලැබීම පටිවෙධ බහුස්සුත නම් වේ. ධම්මධර හෙවත් දහම සිත්හි දරාගැනීම අරුතද මීට සමානය. කයෙන්, වචනයෙන් සිතින් කෙරෙන යහපත් කටයුතු පිළිබඳ වටහාගැනීම හා අයහපත් දෙයක් වේනම් අත්හළ යුතුය යන වැටහීම හා තවදුරටත් පවත්වා ගතයුතු හා හළ යුතු දේ ගැන වැටහීම පටිභාන ලෙස දැක්වේ. දහම් කොටස් ඉගෙනීම හා විචාරීමෙන් ද, අවබෝධය ද යනුවෙන් පටිභාන හෙවත් වටහාගැනීම තුන් ආකාරය දතයුතුය. දහම් කොටස් ඉගෙන, එහි මනා වැටහීමක් ලබන තැනැත්තා ‘පරියත්ති පටිභාන’ නම් වේ. විමසූ විටක, එහි අරුතද (තම) දැනීම අනුව විස්තර ලෙස, සඳහන්ව ඇති ආකාරය (සඳහන් වන තැන්) පහදා දීමේ වැටහීමක් ඇති තැනැත්තා ‘පරිපුච්ඡා පටිභාන’ නම් වේ. සෝවාන් ආදී මගඵල අවබෝධ කරන තැනැත්තා ‘පටිවෙධ පටිභාන’ නම් වේ. එබඳු වූ බහුස්සුතං ධම්මධරං භජෙථ මිත්තං උළාරං පටිභානවන්තං කෙනෙකුගේ ඇසුර මගින් තමාටත්, අනුන්ටත් යන දෙකොටසටම හෝ මෙලොව පරලොව නොයෙක් ලෙසින් හිතසුව පිණිස හේතු වේය යනුවෙන් අඤ්ඤාය අත්ථානි කියා තිබේ. එහිදී ‘මම අතීතයෙහි සිටියෙම්ද ආදී වූ සැක තැන්වල විනෙය්ය කංඛං සැකය දෙගිඩියාව දුරුකොට, මුළුමනින්ම ඉවත්කොට මෙසේ (සසරෙහි) සියළු කටයුතු අවසන් කරන ලදුව, (නිවන අවබෝධ කොට) තනිව හැසිරෙන කඟවේනකු ලෙස වන්නේය.
චතුත්ථං.
සිවුවන (ගාථාවයි.)
පඤ්චමෙ ඛිඩ්ඩා ච රති ච පුබ්බෙ වුත්තාව. කාමසුඛන්ති වත්ථුකාමසුඛං. වත්ථුකාමාපි හි සුඛස්ස විසයාදිභාවෙන සුඛන්ති වුච්චන්ති. යථාහ – “අත්ථි රූපං සුඛං සුඛානුපතිත”න්ති (සං· නි· 3.60). එවමෙතං ඛිඩ්ඩං රතිං කාමසුඛඤ්ච ඉමස්මිං ඔකාසලොකෙ අනලඞ්කරිත්වා අලන්ති අකත්වා “එතං තප්පක”න්ති වා “සාරභූත”න්ති වා එවං අග්ගහෙත්වා. අනපෙක්ඛමානොති තෙන අනලඞ්කරණෙන අනපෙක්ඛනසීලො අපිහාලුකො නිත්තණ්හො. විභූසට්ඨානාවිරතො සච්චවාදී එකො චරෙති. තත්ථ විභූසා දුවිධා අගාරිකවිභූසා ච අනගාරිකවිභූසා ච. තත්ථ අගාරිකවිභූසා සාකටවෙඨනමාලාගන්ධාදි, අනගාරිකවිභූසා ච පත්තමණ්ඩනාදි. විභූසා එව විභූසට්ඨානං, තස්මා විභූසට්ඨානා තිවිධායපි විරතියා විරතො. අවිතථවචනතො සච්චවාදීති එවමත්ථො දට්ඨබ්බො (සු· නි· අට්ඨ· 1.59).
පස්වන (ගාථාවෙහි) ඛිඩ්ඩාරතී ගැන පෙර කියන ලදී. කාමසුඛං තමාට අයත් දේවල් ගැන ඇලීමෙන් (වත්ථුකාම) සැපයක් ඇතැයි සැළකීමයි. ‘රූපය සැපයකි. එහි සැපයම ඇතැ’යි එහෙයින් කියන ලදී. ඛිඩ්ඩං රතිං කාමසුඛංච එපරිදිමය. මේ අයුරින් (පැතිර පවත්නා ලෝකයෙහි) ලොකෙ අනලං කරිත්වා ඒවා ඉතා මැනවයි සෑහේ යැයි නොසළකා හරවත් යැයි නොගෙන, අනපෙක්ඛ මානො එසේ සෑහේ යැයි සැළකීමෙන්, ආසා නැතිව, දැඩි ඇලීමක් නොමැතිව, විභූසනට්ඨානා විරතො සච්චවාදී එසො එහි අලංකරණය ගිහි පැවිදි යයි දෙආකාරය. සළු (රෙදිපිළි) අඳින, පොරවන රෙදි හිස්වැසුම්, මල්, සුවඳ විලවුන් ආදිය ගිහි දිවියටද පාසිවුරු ආදිය පැවිදි දිවියටද අදාළය. මේවායින් සැරසීම විභූසනට්ඨාන නම් වේ. එබැවින් එම අලංකාර සැරසීම්වලින් තුන් ආකාරයෙන්ම වෙන්වී, ඇදහිය යුතු ඇත්ත කතාකරන තැනැත්තෙකැයි මෙසේ තේරුම දතයුතුය.
පඤ්චමං.
පස්වන (ගාථාවයි.)
ඡට්ඨෙ ධනානීති මුත්තාමණිවෙළුරියසඞ්ඛසිලාපවාළරජතජාතරූපාදීනි රතනානි. ධඤ්ඤානීති සාලිවීහියවගොධුමකඞ්කුවරකකුද්රූසකප්පභෙදානි සත්ත සෙසාපරණ්ණානි ච. බන්ධවානීති ඤාතිබන්ධු, ගොත්තබන්ධු, මිත්තබන්ධු, සිප්පබන්ධුවසෙන චතුබ්බිධබන්ධවෙ. යථොධිකානීති සකසකඔධිවසෙන ඨිතානියෙව. සෙසං වුත්තනයමෙවාති (සු· නි· අට්ඨ· 1.60).
හයවන (ගාථාවෙහි) ධනානි මුතු, මැණික්, වෙරළු, මිණි, සක්, පබළු, රන්, රිදී ආදී වටිනා රුවන්ය. ධඤ්ඤානි ඇල්වී, යව, තිරිඟු, තණහාල්, කඩල, කුරහන් වැනි කොටස් සත හා එයින් බාහිර වූ ධාන්‍ය බන්ධවාන නෑකමෙන්, පරපුරෙන්, යාළුකමින්, උගත් හැකියා ලෙසින් ඇතිවන සතරාකාර වූ සබඳතාව සකොධිකානි තම තම සීමා පමණ ලෙස තිබෙන අයුරුය. ඉතිරි කරුණු කලින් සඳහන්ව ඇත.
ඡට්ඨං.
හයවන (ගාථාවයි.)
සත්තමෙ සඞ්ගො එසොති අත්තනො උපභොගං නිද්දිසති. සො හි සජ්ජන්ති තත්ථ පාණිනො කද්දමෙ පවිට්ඨො හත්ථී වියාති සඞ්ගො. පරිත්තමෙත්ථ සොඛ්යන්ති එත්ථ පඤ්චකාමගුණූපභොගකාලෙ විපරීතසඤ්ඤාය උප්පාදෙතබ්බතො කාමාවචරධම්මපරියාපන්නතො වා ලාමකට්ඨෙන සොඛ්යං පරිත්තං, විජ්ජුප්පභාය ඔභාසිතනච්චදස්සනසුඛං විය ඉත්තරං, තාවකාලිකන්ති වුත්තං හොති. අප්පස්සාදො දුක්ඛමෙත්ථ භිය්යොති එත්ථ ච ය්වායං “යං ඛො, භික්ඛවෙ, ඉමෙ පඤ්ච කාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, අයං කාමානං අස්සාදො”ති වුත්තො, සො යමිදං “කො ච, භික්ඛවෙ, කාමානං ආදීනවො, ඉධ, භික්ඛවෙ, කුලපුත්තො යෙන සිප්පට්ඨානෙන ජීවිකං කප්පෙති යදි මුද්දාය යදි ගණනායා”ති (ම· නි· 1.162) එවමාදිනා නයෙනෙත්ථ දුක්ඛං වුත්තං, තං උපනිධාය අප්පොදකබින්දුමත්තො හොති, අථ ඛො දුක්ඛමෙව භිය්යො බහු, චතූසු සමුද්දෙසු උදකසදිසො හොති. තෙන වුත්තං – “අප්පස්සාදො දුක්ඛමෙත්ථ භිය්යො”ති. ගළො එසොති අස්සාදං දස්සෙත්වා ආකඩ්ඪනවසෙන බළිසො විය එසො, යදිදං පඤ්ච කාමගුණා. ඉති ඤත්වා මතිමාති එවං ඤත්වා බුද්ධිමා පණ්ඩිතො පුරිසො සබ්බම්පෙතං පහාය එකො චරෙ ඛග්ගවිසාණකප්පොති (සු· නි· අට්ඨ· 1.61).
හත්වන (ගාථාවෙහි) සංගො ඵස්සො යනුවෙන් තමන් පරිහරණය කරන සම්පත් සඳහන් කරයි. මඩට පිවිසුණු ඇතු මෙන්, මිනිස්සු එම සම්පත්වල ඇලෙති. පරිත්තමෙත්ථ සොඛ්යං පස්කම්හි විඳිනා කල්හි එය සැපයකැයි සිතන, අවුල් වූ හැඟුමෙන් හටගැනෙන කාමයන් හසුරුවන තැනැත්තකු බවට පත්ව, බොළඳව, ලාමක වූ අයුරින් (කායික-මානසික) සුවතාව අඩුකර ගනී. සුළු මොහොතක විදුලි එළියෙන් දකින නැටුමක් මෙන් අල්ප සුවයකි. තාවකාලික යැයි කියන ලද්දේ වෙයි. අප්පස්සාදො දුක්ඛමෙත්ථ භීයො මෙහිදී ‘මහණෙනි, පස්කම් නිසා සුවයත්, සතුටක් හටගනීද මෙය කාමයෙහි ඇළුම් කරවන ආශ්වාදය වේ. අයං ඛො භික්ඛවෙ ඉමෙ පඤ්චකාම ගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛ සොමනස්සං අයං කාමානං අස්සාදො’ (දැක්විය හැකිය.) ‘මහණෙනි, කාමයෙහි ආදීනව කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි යම් කුල පුතකු අතෙහි රේඛා බලා (අනාගතය කීමෙන්) හෝ ගණිත කටයුතු වැනි හැකියාවෙන් ජීවිකාව ගෙන යයි’ ‘කො ච භික්ඛවෙ කාමො ආදීනවො, ඉධ භික්ඛවෙ කුලපුත්තො යන සිප්පට්ඨානෙන ජීවකං කප්පෙති යදි මුද්දාය, යදි ගණනාය,’ මේ ආකාරයෙන් එහි දුක ඇතිවන අයුරු කියන ලදී. එය සළකන විට (සුවය) දිය බිඳුවක් මෙන් ඉතා අල්පය. සිවු සමුදුරෙහි දිය මෙන් දුකම වැඩිවෙයි. එහෙයින් අප්පස්සාදො දුක්ඛමෙත්ථ භීයො යැයි දක්වා ඇත. ගළො එසො වින්දන ආස්වදය පෙන්වා පස්කම්වලට ඇදගන්නා ආකාරයෙන් (ඇම සහිත) බිලී කටුවක් ලෙස පහදයි. ඉති ඤත්වා මුතිමා එසේ දැන කරුණු වටහාගත් නුවණැති තැනැත්තා ඒ සියල්ල අත්හැර දමා කඟවේණකු සේ තනිව හැසිරෙන්නේය.
සත්තමං.
සත්වන (ගාථාවයි.)
අට්ඨමගාථාය දුතියපාදෙ ජාලන්ති සුත්තමයං වුච්චති. අම්බූති උදකං, තත්ථ චරතීති අම්බුචාරී, මච්ඡස්සෙතං අධිවචනං. සලිලෙ අම්බුචාරී සලිලම්බුචාරී. තස්මිං නදීසලිලෙ ජාලං භෙත්වා ගතඅම්බුචාරීවාති වුත්තං හොති. තතියපාදෙ දඩ්ඪන්ති දඩ්ඪට්ඨානං වුච්චති. යථා අග්ගි දඩ්ඪට්ඨානං පුන න නිවත්තති, න තත්ථ භිය්යො ආගච්ඡති, එවං මග්ගඤාණග්ගිනා දඩ්ඪං කාමගුණට්ඨානං අනිවත්තමානො, තත්ථ භිය්යො අනාගච්ඡන්තොති වුත්තං හොති. සෙසං වුත්තනයමෙවාති.
අටවන (ගාථාවෙහි) දෙවන පදයෙහි ජාල යනුවෙන් නූල්වලින් (බැඳුණු) සකස් කරන ලද බව කියන ලදී. අම්බු ජලයයි. එහි හැසිරෙන්නේ අම්බුචාරි මාළුවාට සමාන වචනයකි. සලිලෙ අම්බුචාරී = සලිලම්බුචාරී ඒ ගංගා ජලයෙහි දැල කඩන ලද මාළුවා ගැන කියා ඇත. තුන්වන ගාථා පදයෙහි දඩ්ඪං යනුවෙන් දැවුණු තැන ගැන දක්වයි. ගින්නෙන් දැවුණු තැන ගින්න නො නවතින සේ, එතැන ගින්දර වැඩියෙන් නොතිබෙන්නා සේ මග නුවණ නමැති ගින්නෙන් කාමගුණ දැවුණු තැනක එයට ඉඩ නැත. එහි නැවත වැඩිවීමක් ද නොවේ යැයි කියන ලදී. ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිය.
සංයොජනානීති යස්ස සංවිජ්ජන්ති, තං පුග්ගලං වට්ටස්මිං සංයොජෙන්ති බන්ධන්තීති සංයොජනානි. ඉමානි පන සංයොජනානි කිලෙසපටිපාටියාපි ආහරිතුං වට්ටති මග්ගපටිපාටියාපි. කාමරාගපටිඝසංයොජනානි අනාගාමිමග්ගෙන පහීයන්ති, මානසංයොජනං අරහත්තමග්ගෙන, දිට්ඨිවිචිකිච්ඡාසීලබ්බතපරාමාසා සොතාපත්තිමග්ගෙන, භවරාගසංයොජනං අරහත්තමග්ගෙන, ඉස්සාමච්ඡරියානි සොතාපත්තිමග්ගෙන, අවිජ්ජා අරහත්තමග්ගෙන. මග්ගපටිපාටියා දිට්ඨිවිචිකිච්ඡාසීලබ්බතපරාමාසඉස්සාමච්ඡරියා සොතාපත්තිමග්ගෙන පහීයන්ති, කාමරාගපටිඝා අනාගාමිමග්ගෙන, මානභවරාගඅවිජ්ජා අරහත්තමග්ගෙනාති. භින්දිත්වාති භෙදං පාපෙත්වා. පභින්දිත්වාති ඡින්දං කත්වා. දාලයිත්වාති ඵාලෙත්වා. පදාලයිත්වාති හීරෙත්වා. සම්පදාලයිත්වාති උපසග්ගෙන පදං වඩ්ඪිතං.
සංයොජනානි (මේ කරුණු) යමෙකුට තිබේනම්, ඒ තැනැත්තා සසරෙහි යෙදෙත්ද, බැඳෙත්ද සඤ්ඤොජෙන්තීති = සඤ්ඤොජනානි, මේ සසර බැඳීම් කෙලෙස් පිළිවෙල ලෙසද මගපිළිවෙල ලෙසද ගෙනහැර දැක්වීම සුදුසුය. (මග පිළිවෙල ලෙස දැක්වීමේදී) කාමරාග, පටිඝ අනාගාමී මගෙන් ඇතිවේ. මානය අරහත් මගෙනි. (තමා) දැඩිව ගත් හැඟීම්, සැකය, දෙගිඩියාව, සීල වත් දැඩිව වැළඳ ගැනීම සෝවාන් මගෙනි. භවරාග බැඳීම අරහත් මගෙනි. ඉසි බව, මසුරු බව සෝවාන් මගෙන්ද අවිජ්ජා අරහත් මගෙනි. මග පිළිවෙළින් දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, ඉස්සා මච්ඡරිය සෝවාන් මගෙන් දුරුකරනු ලබති. කාමරාග පටිඝ අනාගාමි මගෙනි. මාන භවරාග අවිජ්ජා අරහත් මගෙනි. හින්දිත්වා බිඳ දමා, සම්භින්දිත්වා සිදුරුකොට, පදාලයිත්වා පලා, පදාලයිත්වා සුණු විසුණුකොට, සම්පදාලයිත්වා උපසග්ග පදයෙන් තේරුම) වැඩිකොට ඇත.
අට්ඨමං.
අටවෙනි (ගාථාවයි.)
නවමෙ ඔක්ඛිත්තචක්ඛූති හෙට්ඨාඛිත්තචක්ඛු, සත්ත ගීවට්ඨීනි පටිපාටියා ඨපෙත්වා පරිවජ්ජනපහාතබ්බදස්සනත්ථං යුගමත්තං පෙක්ඛමානොති වුත්තං හොති. න තු හනුකට්ඨිනා හදයට්ඨිං සඞ්ඝට්ටෙන්තො. එවඤ්හි ඔක්ඛිත්තචක්ඛුතා න සමණසාරූප්පා හොති. න ච පාදලොලොති එකස්ස දුතියො ද්වින්නං තතියොති එවං ගණමජ්ඣං, පවිසිතුකාමතාය කණ්ඩූයමානපාදො විය අභවන්තො, දීඝචාරිකඅනවට්ඨිතචාරිකවිරතො වා. ගුත්තින්ද්රියොති ඡසු ඉන්ද්රියෙසු ඉධ මනින්ද්රියස්ස විසුං වුත්තත්තා වුත්තාවසෙසවසෙන ගොපිතින්ද්රියො. රක්ඛිතමානසානොති මානසංයෙව මානසානං, තං රක්ඛිතමස්සාති රක්ඛිතමානසානො. යථා කිලෙසෙති න විලුප්පති, එවං රක්ඛිතචිත්තොති වුත්තං හොති. අනවස්සුතොති ඉමාය පටිපත්තියා තෙසු තෙසු ආරම්මණෙසු කිලෙසඅන්වාස්සවවිරහිතො. අපරිඩය්හමානොති එවං අන්වාස්සවවිරහිතා එව කිලෙසග්ගීහි අපරිඩය්හමානො, බහිද්ධා වා අනවස්සුතො, අජ්ඣත්තං අපරිඩය්හමානො. සෙසං වුත්තනයමෙවාති (සු· නි· අට්ඨ· 1.63).
නවවන (ගාථාවෙහි) ඔකඛිත්ත චක්ඛු පහතට හෙළන ලද (බිමට යොමුවුණු) ඇසින්, ගෙල ඇට සතක් පිළිවෙලට තබා එය මගහැර යන අයුරින් දුටුවිට ඉවත බලාගන්නා සේ, වියගහක් පමණ දුර බලන බව කියන ලදී. එසේ බලන්නේ ද හකු ඇටයෙන් හද ඇටය හා ගැටීමක් ඇති නොවන පරිදිය. එසේ ගැටෙන ආකාරයට ඇස් පහතට යොමු කිරීමද පැවිද්දෙකුට සුදුසු නොවේ. න ච පාදලොලො එක් අයෙකුට දෙවැන්නකු ලෙසටද, දෙදෙනෙකු සමග තුන්වැන්නකු ලෙසටද සමූහයා සමග පිවිසෙනු කැමතිව, පාදයෙහි කැසිල්ලක් හටගත්තා සේ, ඉක්මන් ගමනින් හෝ (එකිනෙකා) පසුබා යාමෙන් තොරවීමයි. ගුත්තින්ද්රියො මෙහි වෙන්ව කියන ලද (ඇසද ඇතුළුව) ඉඳුරන් සයෙහි සංවර කරගෙන, රක්ඛිත මානසානො අදහස් - හැඟීම් ඇති බැවින් මනසයි. එය රැකගන්නේ යයි තේරුමයි. කෙලෙස්වලට පැහැරගත නොහැකි පරිදි සිත රැකගත යුතු යයි ද කියන ලදී. අනවස්සුතො මේ පිළිවෙත මගින් ඒ ඒ අරමුණුවල කෙලෙස් මුල්බැස නොගැනීමයි. අපරිඩය්හමානො මෙසේ කෙලෙස් මුල්බැස නොගැනීමෙන් සිත නොතැවෙමින්, නොදැවෙමින්, බාහිරව හෝ කෙලෙස් වසඟ නොවෙමින් එයින් සිත් තැවුලට පත් නොවේ. ඉතිරි කරුණු කලින් සඳහන් කළ පරිදිය.
චක්ඛුනා රූපං දිස්වාති කාරණවසෙන “චක්ඛූ”ති ලද්ධවොහාරෙන රූපදස්සනසමත්ථෙන චක්ඛුවිඤ්ඤාණෙන රූපං දිස්වා. පොරාණා පනාහු –
චක්ඛුතා රූපං දිස්වා කරුණු විලසින් ‘ඇස’ යයි ලද හැඳින්වීමට අනුව වැවහරය අනුව රූප දැකීමට හැකියාව ඇති බැවින්, ඇසෙහි හඳුනා ගැනීමෙන් රූපයක් දැක, කරුණ දත් පැරණි වියත්හු මෙසේ කීහ.
“චක්ඛු රූපං න පස්සති අචිත්තකත්තා, චිත්තං න පස්සති අචක්ඛුකත්තා, ද්වාරාරම්මණසඞ්ඝට්ටනෙ පන පසාදවත්ථුකෙන චිත්තෙන පස්සති. ඊදිසී පනෙසා ‘ධනුනා විජ්ඣතී’තිආදීසු විය සසම්භාරකථා නාම හොති, තස්මා චක්ඛුවිඤ්ඤාණෙන රූපං දිස්වාති අයමෙවෙත්ථ අත්ථො”ති (විසුද්ධි· 1.15; ධ· ස· අට්ඨ· 1352).
‘කරුණු එකිනෙක ගළපාගත නොහැකි බැවින්, තර්ක කළ නොහැකි බැවින් ඇස රූපය නොදකී. ඇස් නොමැති බැවින්, සිත නොදකී. දොරටුවෙහි අරමුණ ගැටීමේදී එහි බලයෙන් ‘මෙබඳු යැයි සිතින් දකී. දුන්නෙන් විදිනු ලබයි ආදී ලෙස මතුපිටින් කතා කරනු මෙනි. එහෙයින් ඇසෙන් හඳුනා ගැනීමෙන් (චක්ඛු විඤ්ඤාණෙන) රූපයක් දැක යැයි මෙහි අරුත වේ.’
නිමිත්තග්ගාහීති ඉත්ථිපුරිසනිමිත්තං වා සුභනිමිත්තාදිකං වා කිලෙසවත්ථුභූතං නිමිත්තං ඡන්දරාගවසෙන ගණ්හාති, දිට්ඨමත්තවසෙන න සණ්ඨාති. අනුබ්යඤ්ජනග්ගාහීති කිලෙසානං අනුබ්යඤ්ජනතො පාකටභාවකරණතො “අනුබ්‍යඤ්ජන”න්ති ලද්ධවොහාරං හත්ථපාදහසිතලපිතවිලොකිතාදිභෙදං ආකාරං ගණ්හාති.
නිමිත්තග්ගාහී ගැහැණු පිරිමි නිමිති හෝ, සුන්දර දේ ආදී කොට ඇති කෙලෙස් පිරුණු දෙයට හේතු වූ ලකුණු හෝ කැමැත්තට ඇලීමෙන් අල්ලා ගනී. දැකීම පමණකින් නතර නොවේ. අනුබ්යඤ්ජනග්ගාහී ගැහැණු පිරිමි නිමිති හෝ, සුන්දර දේ ආදී කොට ඇති කෙලෙස් පිරුණු දෙයට හේතු වූ ලකුණු හෝ කැමැත්තට ඇලීමෙන් අල්ලා ගනී. දැකීම් පමණකින් නතර නොවේ. අනූබ්යඤ්ජනග්ගාහී කෙලෙස් (හටගැනීමට හේතුවන) ඉතා සුළු දෙයක් වුවත් හෙළිකරන අරුතින් අනු සලකුණු යැයි ලද වහරට අනුව අත්, පා, සිනහව, කතාබහ, වටපිට බැලීම ආදී (කොටස්) සළකා ගනී.
යත්වාධිකරණමෙනන්තිආදිම්හි යංකාරණා යස්ස චක්ඛුන්ද්රියාසංවරස්ස හෙතු. එතං පුග්ගලං සතිකවාටෙන චක්ඛුන්ද්රියං අසංවුතං අපිහිතචක්ඛුද්වාරං හුත්වා විහරන්තං එතෙ අභිජ්ඣාදයො ධම්මා අන්වාස්සවෙය්යුං. තස්ස සංවරාය න පටිපජ්ජතීති තස්ස චක්ඛුන්ද්රියස්ස සතිකවාටෙන පිදහනත්ථාය න පටිපජ්ජති. එවංභූතොයෙව ච “න රක්ඛති චක්ඛුන්ද්රියං. න චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජතී”තිපි වුච්චති.
යත්වාධිකරණමෙනං මුලසිටම ඇස් නැමති ඉන්ද්රිය අසංවර වීමට යම් කරුණු හේතු වේ, එම තැනැත්තකු සිත් කවුළුවෙන් ඇස් නම් ඉන්ද්රිය අසංවර, නොවැසූ නෙත් දොරටු ඇතිව සිටින විට දැඩි ලෝභ (ආසා) වැනි කරුණු කැඳවනු ලබන්නේය. තස්ස සංවරාය න පටිපජ්ජති ඒ ඇස නැමති ඉන්ද්රිය සිහිය නැමති දොරකවුළුව වසනු පිණිස කටයුතු නොකරයි. මෙසේ ඇති කල, ‘ඇස ඉන්ද්රිය රැක නොගනී. ඇස ඉන්ද්රිය සංවරයට පමුණුවන්නේ නැතැ’යි ද කියනු ලැබේ.
තත්ථ කිඤ්චාපි චක්ඛුන්ද්රියෙ සංවරො වා අසංවරො වා නත්ථි. න හි චක්ඛුපසාදං නිස්සාය සති වා මුට්ඨස්සච්චං වා උප්පජ්ජති, අපි ච යදා රූපාරම්මණං චක්ඛුස්ස ආපාථං ආගච්ඡති, තදා භවඞ්ගෙ ද්වික්ඛත්තුං උප්පජ්ජිත්වා නිරුද්ධෙ කිරියමනොධාතු ආවජ්ජනකිච්චං සාධයමානා උප්පජ්ජිත්වා නිරුජ්ඣති, තතො චක්ඛුවිඤ්ඤාණං දස්සනකිච්චං තතො විපාකමනොධාතු සම්පටිච්ඡනකිච්චං තතො විපාකාහෙතුකමනොවිඤ්ඤාණධාතු සන්තීරණකිච්චං තතො කිරියාහෙතුකමනොවිඤ්ඤාණධාතු වොට්ඨපනකිච්චං සාධයමානා උප්පජ්ජිත්වා නිරුජ්ඣති, තදනන්තරං ජවනං ජවති. තත්රාපි නෙව භවඞ්ගසමයෙ, න ආවජ්ජනාදීනං අඤ්ඤතරසමයෙ සංවරො වා අසංවරො වා අත්ථි, ජවනක්ඛණෙ පන සචෙ දුස්සීල්යං වා මුට්ඨස්සච්චං වා අඤ්ඤාණං වා අක්ඛන්ති වා කොසජ්ජං වා උප්පජ්ජති, අසංවරො හොති. එවං හොන්තො පන සො චක්ඛුන්ද්රියෙ අසංවරොති වුච්චති. කස්මා? යස්මා තස්මිං සති ද්වාරම්පි අගුත්තං හොති භවඞ්ගම්පි ආවජ්ජනාදීනි වීථිචිත්තානිපි. යථා කිං? යථා නගරෙ චතූසු ද්වාරෙසු අසංවුතෙසු කිඤ්චාපි අන්තොඝරද්වාරකොට්ඨකගබ්භාදයො සුසංවුතා, තථාපි අන්තොනගරෙ සබ්බං භණ්ඩං අරක්ඛිතං අගොපිතමෙව හොති. නගරද්වාරෙන හි පවිසිත්වා චොරා යදිච්ඡන්ති, තං හරෙය්යුං. එවමෙව ජවනෙ දුස්සීල්යාදීසු උප්පන්නෙසු තස්මිං අසංවරෙ සති ද්වාරම්පි අගුත්තං හොති භවඞ්ගම්පි ආවජ්ජනාදීනි වීථිචිත්තානිපීති.
එහිදී ඇස ඉන්ද්රියෙහි සංවරය හෝ අසංවරය හෝ නැතිවුවත් ඇසෙහි ඇති සජීවි බලයෙහි සිහිය හෝ සිහිමුළා වීමක් හටගන්නේ නැත. එහෙත් රූප අරමුණක් ඇස හමුවට පැමිණේද, එවිට අරමුණ නොගෙන තිබූ විටදී, භවංගය දෙවරක් ඇතිවී, නැති වූ පසු ඉදිරි කටයුතු සඳහා සිතට මෙනෙහි කිරීම ඉටු කරමින් හටගෙන නැතිවෙයි. ඉක්බිතිව ඇසින් හඳුනා ගැනීමේ දැකීමට අදාල කටයුතු ද ඉක්බිතිව සිතට සම්බන්ධව (අරමුණ) පිළිගැනීමේ කටයුතු ද ඉක්බිති සංවරය හෝ අසංවරයත් ඇත. ජවන් ඇතිවන මොහොතෙහි නුසුදුසු ලෙස දුසිල් බව හෝ සිහිමුළාවක් හෝ නොදැනීම හෝ කුසීත බවක් හෝ හටගනීද අසංවර බවට පත්වේ. මෙසේ ඒ ඇස ඉන්ද්රියෙහි අසංවරය වේ යැයි කියනු ලැබේ. කවර හෙයින්ද? එහි සිහිය නැමති දොරටුවද රැක නොගැනීමෙන් භවංගයෙහිද චිත්ත වීම්ද මෙනෙහි කිරීමද, ඒ ලෙස වේ. කුමක් සේද? නගරයෙහි දොරටු සතරම නොවැසූවිට, ඇතුලත ගෙවල දොරකොටු, කාමර ආදිය වසා තිබුණත්, එසේම ඇතුළු නුවර සියළුම භාණ්ඩ රැකවරණය නැතිව, සුරැකි බවක් නොමැති ලෙස වේ. නගර දොරටුවෙන් සොරු පිවිස කැමති දෙයක් කරන්නාහ. එපරිදිම ජවනයෙහි දුසිල් බව හටගත් කල්හි ඒ අසංවර වූ සිත නැමති දොරටුවද, භවංගයෙහි මෙනෙහි කිරීම් ආදී චිත්ත වීථිද සුරැකී නැත.
චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොතීතිආදීසු න නිමිත්තග්ගාහී හොතීති ඡන්දරාගවසෙන වුත්තප්පකාරං නිමිත්තං න ගණ්හාති. එවං සෙසපදානිපි වුත්තපටික්ඛෙපෙන වෙදිතබ්බානි. යථා ච හෙට්ඨා “ජවනෙ දුස්සීල්යාදීසු උප්පන්නෙසු තස්මිං අසංවරෙ සති ද්වාරම්පි අගුත්තං හොති භවඞ්ගම්පි ආවජ්ජනාදීනි වීථිචිත්තානිපී”ති වුත්තං, එවමිධ තස්මිං සීලාදීසු උප්පන්නෙසු ද්වාරම්පි ගුත්තං හොති භවඞ්ගම්පි ආවජ්ජනාදීනි වීථිචිත්තානිපි. යථා කිං? යථා නගරද්වාරෙසු සංවුතෙසු කිඤ්චාපි අන්තොඝරාදයො අසංවුතා හොන්ති. තථාපි අන්තොනගරෙ සබ්බං භණ්ඩං සුරක්ඛිතං සුගොපිතමෙව හොති. නගරද්වාරෙසු පිහිතෙසු චොරානං පවෙසො නත්ථි. එවමෙව ජවනෙ සීලාදීසු උප්පන්නෙසු ද්වාරම්පි ගුත්තං හොති භවඞ්ගම්පි ආවජ්ජනාදීනි වීථිචිත්තානිපි. තස්මා ජවනක්ඛණෙ උප්පජ්ජමානොපි චක්ඛුන්ද්රියෙ සංවරොති වුත්තො (ධ· ස· අට්ඨ· 1352; විසුද්ධි· 1.15).
චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති ඉහත කී පරිදි ඡන්ද රාග ලෙස නිමිති නොගනී. මෙසේ ඉතිරි පද ගැනද නිමිති නොගැනීම දතයුතුය. ඉහත කී පරිදි ජවන්හි දුසිල් බව ආදිය හටගත් කල්හි ඒ අසංවරයෙන් සිහිය නම් දොරටුවද රැකගෙන නොමැති බවද, භවංගයෙහිද, චිත්තවීථි මෙනෙහි කිරීම ගැනද කියන ලදී. කුමක් ලෙසින්ද? නගර දොරටු වසා ඇති කල, ඇතුලත ගෙවල් ආදිය වසා නොතිබුණත්, ඇතුළු නුවර සියළු භාණ්ඩ සුරැකිව තිබේ. නගර දොරටු වසා ඇතිවිට සොරුන්ගේ පිවිසීමක් නැත. එසේම ජවනයෙහි සීලාදිය හටගත් කල (සිහි) දොරටුවද රැකගත්තේ වෙයි. භවංගයෙහි මෙනෙහි කරන චිත්ත වීථි ද එසේය. එහෙයින් ජවන මොහොතෙහි ඇස ඉන්ද්රිය සංවරයැයි කියන ලදී. අවස්සුත පරියායඤ්ච කෙලෙසුන්ගෙන් තෙත් කිරීමද,
අවස්සුතපරියායඤ්චාති කිලෙසෙහි තින්තකාරණඤ්ච. අනවස්සුතපරියායඤ්චාති කිලෙසෙහි අතින්තකාරණඤ්ච.
අනවස්සුත පරියායඤ්ච කෙලෙසුන්ගේ තෙත් නොවීමද,
පියරූපෙ රූපෙති ඉට්ඨජාතිකෙ රූපාරම්මණෙ. අප්පියරූපෙ රූපෙති අනිට්ඨසභාවෙ රූපාරම්මණෙ. බ්යාපජ්ජතීති දොසවසෙන පූතිභාවමාපජ්ජති. ඔතාරන්ති ඡිද්දං අන්තරං. ආරම්මණන්ති පච්චයං.
පියරූපෙ බලාපොරොත්තු වන රූප අරමුණෙහි අප්පියරූපෙ රූපෙ අනිටු බවෙන් යුතු රූප අරමුණෙහි, ව්යාපජ්ජති තරහ ලෙසින් නරක් වූ බවට පැමිණේ. ඔතාරං සිදුරු අතර, ආරම්මණං හේතුව,
අධිභංසූති මද්දංසු. න අධිභොසීති න මද්දි. බහලමත්තිකාති පුනප්පුනං දානවසෙන උද්ධමායිකා බහලමත්තිකා. අද්දාවලෙපනාති අසුක්ඛමත්තිකදානා. සෙසමෙත්ථ උත්තානං.
අභිහංසු මැඩුණහ. නාභිහොසි නොමැඩුණි. බහලමත්තිකා නැවත නැවත ආලේප කිරීමෙන් ඉල්පුණු බොල් වූ මැටි සහිත, අද්දාවලෙපනා තෙත් මැටි තැවරුණු, ඉතිරි කරුණු පැහැදිලිය.
නවමං.
නවවන (ගාථාවයි.)
දසමෙ කාසායවත්ථො අභිනික්ඛමිත්වාති ඉමස්ස පාදස්ස ගෙහා අභිනික්ඛමිත්වා කාසායවත්ථො හුත්වාති එවමත්ථො වෙදිතබ්බො. සෙසං වුත්තනයෙනෙව සක්කා ජානිතුන්ති න විත්ථාරිතන්ති.
දහවන (ගාථාවෙහි) කසායවත්ථො අභිනක්ඛමිත්වා මේ (තැබූ) පියවරෙන්ම ගිහිගෙයින් නික්ම කහවත් දරන්නකු වී යැයි මෙහි අරුත දත යුතුය. ඉතිරි කරුණු කලින් සඳහන් වූ බැවින් දැනගැනීමට හැකිය.
දසමං.
දහවන (ගාථාවයි.)
තතියවග්ගවණ්ණනා නිට්ඨිතා.
තුන්වන වග නිමියේ ය.