චතුත්ථවග්ගවණ්ණනා අට්ඨකථා
චතුත්ථවග්ගවණ්ණනා
සතර වැනි වර්ගය
චතුත්ථවග්ගස්ස පඨමෙ රසෙසූති අම්බිලමධුරතිත්තකකටුකලොණිකඛාරිකකසාවාදිභෙදෙසු සායනීයෙසු. ගෙධං අකරන්ති ගිද්ධිං අකරොන්තො, තණ්හං අනුප්පාදෙන්තොති වුත්තං හොති. අලොලොති “ඉදං සායිස්සාමි, ඉදං සායිස්සාමී”ති එවං රසවිසෙසෙසු අනාකුලො. අනඤ්ඤපොසීති පොසෙතබ්බකසද්ධිවිහාරිකාදිවිරහිතො, කායසන්ධාරණමත්තෙන සන්තුට්ඨොති වුත්තං හොති. යථා වා පුබ්බෙ උය්යානෙ රසෙසු ගෙධකරණලොලො හුත්වා අඤ්ඤපොසී ආසිං, එවං අහුත්වා යාය තණ්හාය ලොලො හුත්වා රසෙසු ගෙධං කරොති, තං තණ්හං හිත්වා ආයතිං තණ්හාමූලකස්ස අඤ්ඤස්ස අත්තභාවස්ස අනිබ්බත්තනෙන අනඤ්ඤපොසීති දස්සෙති. අථ වා අත්ථභඤ්ජනකට්ඨෙන කිලෙසා “අඤ්ඤෙ”ති වුච්චන්ති, තෙසං අපොසනෙන අනඤ්ඤපොසීති අයමෙත්ථ අත්ථො. සපදානචාරීති අවොක්කම්මචාරී අනුපුබ්බචාරී, ඝරපටිපාටිං අඡඩ්ඩෙත්වා අඩ්ඪකුලඤ්ච දලිද්දකුලඤ්ච නිරන්තරං පිණ්ඩාය පවිසමානොති අත්ථො. කුලෙ කුලෙ අප්පටිබද්ධචිත්තොති ඛත්තියකුලාදීසු යත්ථ කත්ථචි කිලෙසවසෙන අලග්ගචිත්තො, චන්දූපමො නිච්චනවකො හුත්වාති අත්ථො. සෙසං වුත්තනයමෙවාති (සු· නි· අට්ඨ· 1.65; අප· අට්ඨ· 1.1.121).
සිවුවන වගෙහි පළමු ගාථාවයි.) රසෙසු ඇඹුල්, මිහිරි, තිත්ත, රළු, කර, කහට ආදී (දිවට) දැනෙන නොයෙක් රසයි. ගෙධං අකරං ගිජු බවෙන් තොර වීමයි. තණ්හාව නූපදනා බව කියන ලදී. අලොලො ‘මෙය රස බලන්නෙමි, මෙය රස බලන්නෙමි’යි නොයෙක් රසයෙහිම පැටලී නොසිටීමයි. අනඤ්ඤපොසී ආහාරපාන ආදිය ලබාදෙමින් හදාවඩා ගතයුතු, තමන් හා එක්ව වෙසෙන්නන් නොමැති බවයි. සිරුර දරාගැනීමට තරම් වූ දෙයකින් සෑහීමට පත්වේ යැයි කියන ලදී. පෙර උයනෙහිදී, යම්සේ රසයෙහි ගිජුව එහිම ආසාවෙන්, වෙනත් කෙනෙකුට නොදී සිටියෙම්ද, ඒ තණ්හාව හැරදමා, නැවතත් එය මුල්කොට වෙනත් ආසා නූපදනා බැවින් වෙනත් කෙනෙකු කවා පොවා ඇතිදැඩි නොකරන බව දක්වයි. නැතහොත් වෙනත් අරුතක් ලෙස කෙලෙස් (ගැන) කියනු ලැබේ. ඒවා (තවදුරටත්) හදාවඩා නොගන්නා ලෙසින් අනඤ්ඤපොසී නම් වෙයි. සපදානචාරී (පෙර බුදුවරුන්ගේ සිරිත නොඉක්මවමින්) අනුපිළිවෙළින් (පිඬු පිණිස) හැසිරෙයි. පොහොසත් පවුල්, දිළිඳු පවුල් යැයි ද අත් නොහැර, ගෙවල් පිළිවෙලින් පිඬු පිණිස පිවිසීම යනු තේරුමයි. කුලෙ අප්පටිබද්ධ චිත්තො කැත් කුල ආදී ලෙසින් යම්කිසි තැනක කෙලෙස්වලින් නොඇළුණු සිතින් සඳ උපමා කොට නිති අළුත (පැවිදි වූවකුට) නිති නවකයෙකුට යන තේරුමයි. ඉතිරි කරුණු කලින් සඳහන් කර ඇති අයුරිනි.
පඨමං.
පළමු (ගාථාවයි.)
දුතියෙ ආවරණානීති නීවරණානෙව, තානි අත්ථතො උරගසුත්තෙ (සු· නි· 1 ආදයො) වුත්තානි. තානි පන යස්මා අබ්භාදයො විය චන්දං සූරියං වා චෙතො ආවරන්ති, තස්මා “ආවරණානි චෙතසො”ති වුත්තානි. තානි උපචාරෙන වා අප්පනාය වා පහාය. උපක්කිලෙසෙති උපගම්ම චිත්තං විබාධෙන්තෙ අකුසලෙ ධම්මෙ, වත්ථොපමාදීසු (ම· නි· 1.70 ආදයො) වුත්තෙ අභිජ්ඣාදයො වා. බ්යපනුජ්ජාති පනුදිත්වා විනාසෙත්වා, විපස්සනාමග්ගෙන පජහිත්වාති අත්ථො . සබ්බෙති අනවසෙසෙ. එවං සමථවිපස්සනාසම්පන්නො පඨමමග්ගෙන දිට්ඨිනිස්සයස්ස පහීනත්තා අනිස්සිතො. සෙසමග්ගෙහි ඡෙත්වා තෙධාතුකගතං සිනෙහදොසං, තණ්හාරාගන්ති වුත්තං හොති. සිනෙහො එව හි ගුණපටිපක්ඛතො සිනෙහදොසොති වුත්තො. සෙසං වුත්තනයමෙව (සු· නි· අට්ඨ· 1.66).
දෙවන (ගාථාවයි.) ආවරණානි නීවරණයි. ඒ ගැන උරග සූත්රයෙහි සඳහන් වේ. වලාකුළු ආදියෙන් සඳ හිරු වසන්නා සේ නීවරණ සිත අවුරයි. එහෙයින් ආවරණනි චෙතසො යැයි කියන ලදී. එය සිත එකඟ කිරීමේ මූලික හැඩගැසීමේදී හෝ දැහැන් ලැබීමෙන් හෝ (උපචාර හෝ අප්පණ ලෙස) පහාය උපක්කිලෙසෙ සිතට බාධා කරන අයහපත්, අකුසල කරුණුවලින් යුතු, වත්ථූපම සූත්රයෙහි දක්වා ඇති පරිදි දැඩි ලෝභය ආදී ලෙසිනි. ව්යපනුජ්ජා හටගැනීමට ඉඩ නොදී වනසා, විදසුන් මගින් දුරුකොට ඇතැයි තේරුමයි. සබ්බෙ ඉතිරි නොවී, මෙසේ සමථ විදසුන් වඩා, සෝවාන් මගෙන්, දැඩිව ගන්නා ලද දිට්ඨි හෙවත් වැරදි හැගීම් දුරුකරන ලද බැවින් අනිස්සිතො (සකදාගාමි ආදී) ඉතිරි මගපලවලින් පෙන්වා (තණ්හා-දිට්ඨි-දෝස) තුන් කොටසින් ඉවත්ව ගිය, සිනෙහදොසං තණ්හා රාගයැයි කියන ලදී. ඉතිරි කරුණු කලින් සඳහන් වූ පරිදිය.
දුතියං.
දෙවන (ගාථාවයි.)
තතියෙ විපිට්ඨිකත්වානාති පිට්ඨිතො කත්වා, ඡඩ්ඩෙත්වා ජහිත්වාති අත්ථො. සුඛං දුඛඤ්චාති කායිකං සාතාසාතං. සොමනස්සදොමනස්සන්ති චෙතසිකං සාතාසාතං. උපෙක්ඛන්ති චතුත්ථජ්ඣානුපෙක්ඛං. සමථන්ති චතුත්ථජ්ඣානසමථමෙව. විසුද්ධන්ති පඤ්චනීවරණවිතක්කවිචාරපීතිසුඛසඞ්ඛාතෙහි නවහි පච්චනීකධම්මෙහි විමුත්තත්තා අතිසුද්ධං, නිද්ධන්තසුවණ්ණමිව විගතූපක්කිලෙසන්ති අත්ථො.
තුන්වන (ගාථාවයි.) විපිට්ඨිකත්වාන නොපිටට හරවා, හැරදමා, අත්හැර යන තේරුමයි. සුඛං දුඛංච කයෙහි සැප දුකය, සොමනස්ස දොමනස්සං සිතිවිලි නිසා ඇතිවන (සිතෙහි) යහපත හා අයහපතයි. උපෙක්ඛං සිවුවන දැහැනෙහි මැදිහත් බවයි. සමථං සිවුවන දැහැනෙහි එකඟ බවයි. විසුද්ධං නීවරණ පහෙන් ද, විතක්ක, විචාර, පීති, සුබ යැයි කියන ලද එකිනෙකට වෙනස් නවයෙන් ද මිදුණු හෙයින් ඉතා පිරිසිදුය. පිරිසිදු කරන ලද රත්රන් සේ කෙලෙස් හැරදමන ලදැයි යන තේරුමයි.
අයං පන යොජනා – විපිට්ඨිකත්වාන සුඛං දුක්ඛඤ්ච පුබ්බෙව, පඨමජ්ඣානූපචාරභූමියංයෙව දුක්ඛං, තතියජ්ඣානූපචාරභූමියඤ්ච සුඛන්ති අධිප්පායො. පුන ආදිතො වුත්තං ච-කාරං පරතො නෙත්වා “සොමනස්සං දොමනස්සඤ්ච විපිට්ඨිකත්වාන පුබ්බෙවා”ති අධිකාරො. තෙන සොමනස්සං චතුත්ථජ්ඣානූපචාරෙ, දොමනස්සඤ්ච දුතියජ්ඣානූපචාරෙයෙවාති දීපෙති. එතානි හි එතෙසං පරියායතො පහානට්ඨානානි. නිප්පරියායතො පන දුක්ඛස්ස පඨමජ්ඣානං, දොමනස්සස්ස දුතියජ්ඣානං, සුඛස්ස තතියජ්ඣානං, සොමනස්සස්ස චතුත්ථජ්ඣානං පහානට්ඨානං. යථාහ – “පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති එත්ථුප්පන්නං දුක්ඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣතී”තිආදි (සං· නි· 5.510). තං සබ්බං හෙට්ඨා වුත්තනයෙන ගහෙතබ්බං. පරතො පුබ්බෙවාති තීසු පඨමජ්ඣානදීසු දුක්ඛදොමනස්සසුඛානි විපිට්ඨිකත්වා එත්ථෙව ච චතුත්ථජ්ඣානෙ සොමනස්සං විපිට්ඨිකත්වා ඉමාය පටිපදාය ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං එකො චරෙ ඉති. සෙසං වුත්තනයමෙවාති (සු· නි· අට්ඨ· 1.67; අප· අට්ඨ· 1.1.123).
අදහස් වන්නේ මෙයයි. සැපද දුකද අත්හැර දැමීමේදී පුබ්බෙව පළමු දැහැන ලබාගැනීමේ මූලික අවදියම දුකය. තුන්වන දැහැන ලබාගැනීමට මූලික අවදිය සැපයකැයි අදහස් වේ. නැවත මුලින් කී ‘ච’ අකුර ඉදිරියට ගොස් සොම්නස - දොම්නස ද වෙන්කොට පුබ්බෙව යැයි උපකාරක ලෙස කීය. එයින් සොම්නස් බව සිවුවන දැහැන ලබාගැනීමට මූලික අවදියේ දී ද, දොම්නස දෙවන දැහැන ලබාගැනීමට මූලික අවදියේ දී දැයි පෙන්වයි. මෙය වෙනත් අයුරින් කිවහොත් දුරුකරන තැන්ය. වෙනස් නොකළ හැකි ආකාරයෙන් කිවහොත් දුක් සහිත පළමු දැහැනයි. දොම්නස සහිත දෙවැනි දැහැනයි. සැප ඇති තුන්වන දැහැනයි. සොම්නස ඇති සිවුවන දැහැන දුරුකරන තැනයි. එහෙයින් (භාවනා යෝගියා) පළමු දැහැනට පැමිණ වාසය කරයි. එහිම හටගත් දුක් සහගත බව (දුක්ඛින්ද්රියං) ඉතිරි නැතිවම නිරුද්ධ වෙයි ආදී ලෙසින් කීය. ඒ සියල්ල ඉහත කී අයුරින් ගත යුතුය. පුබ්බෙව යම් අයුරකින් පළමු දැහැන් ආදී කොට ඇති තුන් දැහැනෙහිම දුක් දොම්නස් සුව වෙන්කොට, එහිම සිවුවන දැහැන්හි සොම්නසද වෙන්කොට මේ පිළිවෙතින් ලද උපෙක්ඛා හා අති පිරිසිදු වූ සමථයද ලැබ තනිව හැසිරෙයි.
තතියං.
තුන්වන (ගාථාවයි.)
චතුත්ථෙ ආරද්ධං වීරියං අස්සාති ආරද්ධවිරියො. එතෙන අත්තනො වීරියාරම්භං ආදිවීරියං දස්සෙති. පරමත්ථො වුච්චති නිබ්බානං, තත්ථ පත්තියා පරමත්ථපත්තියා. එතෙන වීරියාරම්භෙන පත්තබ්බඵලං දස්සෙති. අලීනචිත්තොති එතෙන වීරියුපත්ථම්භානං චිත්තචෙතසිකානං අලීනතං දස්සෙති. අකුසීතවුත්තීති එතෙන ඨානාසනචඞ්කමාදීසු කායස්ස අනවසීදනං. දළ්හනික්කමොති එතෙන “කාමං තචො ච න්හාරු චා”ති (ම· නි· 1.184; සං· නි· 2.22; අ· නි· 2.5; මහානි· 196) එවං පවත්තං පදහනවීරියං දස්සෙති. යං තං අනුපුබ්බසික්ඛාදීසු පදහන්තො “කායෙන චෙව පරමත්ථසච්චං සච්ඡිකරොති, පඤ්ඤාය ච නං අතිවිජ්ඣ පස්සතී”ති වුච්චති. අථ වා එතෙන මග්ගසම්පයුත්තවීරියං දස්සෙති. තඤ්හි දළ්හඤ්ච භාවනාපාරිපූරිගතත්තා, නික්කමො ච සබ්බසො පටිපක්ඛා නික්ඛන්තත්තා, තස්මා තංසමඞ්ගීපුග්ගලොපි දළ්හො නික්කමො අස්සාති “දළ්හනික්කමො”ති වුච්චති. ථාමබලූපපන්නොති මග්ගක්ඛණෙ කායථාමෙන ඤාණබලෙන ච උපපන්නො. අථ වා ථාමභූතෙන බලෙන උපපන්නොති ථාමබලූපපන්නො, ථිරඤාණබලූපපන්නොති වුත්තං හොති. එතෙන තස්ස වීරියස්ස විපස්සනාඤාණසම්පයොගං දීපෙන්තො යොනිසො පදහනභාවං සාධෙති. පුබ්බභාගමජ්ඣිමඋක්කට්ඨවීරියවසෙන වා තයොපි පාදා යොජෙතබ්බා. සෙසං වුත්තනයමෙවාති (සු· නි· අට්ඨ· 1.68).
සතරවන (ගාථාවෙහි) පටන් ගන්නා ලද උත්සාහය වේ නම්, එය ආරද්ධ විරියො තමාගේ උත්සාහයේ මුල් පටන්ගැන්ම දක්වයි. නිවනට පරම අරුත යැයි කියනු ලැබේ. නිවනට පැමිණීම පරමත්ථපත්තියා ඒ අරඹන ලද උත්සාහයෙන් ලබාගන්නා ලද පලය පෙන්වයි. අලීනචිත්තො ඒ අරඹන ලද උත්සාහය උපදවන සිතත්, සිතිවිලිත් නොහැකිළුණු බව දක්වයි. අකුසිත වුත්තං යනුවෙන් සිටින තැන්, සක්මන් ආදියෙහි කයෙහි අලස බව දුරුකර ගැනීමයි. දළ්හ නික්කමො එයින් සම් නහර ඉතිරි වූවත් ‘කාමං තචො නහාරුවා’ පවත්නා වූ බලවත් උත්සාහය (නිවන අවබෝධය සඳහා) පැහැදිලි කරයි. අනුපිළිවෙලින් සිකපද අනුගමනය කරමින් කයින්ද එකම ඇන්ත (පරමත්ථ සච්ච) අවබෝධ කරතියි කියනු ලැබේ. නැතහොත් ඒ මග සඳහා වූ උත්සාහය පෙන්වයි. එය දැඩිසේ තවදුරටත් භාවනා ලෙසින් පිරිපුන් බවට ගිය බැවින්, ඒ ආකාරයෙන් උත්සාහවත්ව මුළුමනින්ම අයහපත් කරුණු බැහැර කරන ලද බැවින් දළ්හනික්කමො යැයි කියනු ලැබේ. ථාමබලූපපන්නො පිළිවෙත් මගෙහි උත්සාහවන්ත, කාය බලයෙන්ද නැණ බලයෙන් ද නැතහොත් සවි බලයෙන් ද නොසැලෙන නුවණ ලැබී යැයි කියන ලද්දේය. ඒ අයුරින් වීරිය වඩා විදසුන් නුවණ ලබන සැටි පෙන්වා දෙමින් නුවණ මෙහෙයා කෙලෙස් දුරු කරයි. ගාථාවෙහි පද තුනෙහිම පෙර මැද හා ඉතා උසස් උත්සාහය ලෙසින් ගාථාවෙහි පේළි තුනද යොදා ගත යුතුය. ඉතිරි කරුණු කලින් සඳහන් වූ පරිදිය.
චතුත්ථං.
සිවුවන (ගාථාවයි.)
පඤ්චමෙ පටිසල්ලානන්ති තෙහි තෙහි සත්තසඞ්ඛාරෙහි පටිනිවත්තිත්වා සල්ලීනං, එකත්තසෙවිතා එකීභාවො කායවිවෙකොති අත්ථො. ඣානන්ති පච්චනීකඣාපනතො ආරම්මණලක්ඛණූපනිජ්ඣානතො ච චිත්තවිවෙකො වුච්චති. තත්ථ අට්ඨ සමාපත්තියො නීවරණාදිපච්චනීකඣාපනතො කසිණාදිආරම්මණූපනිජ්ඣානතො ච “ඣාන”න්ති වුච්චති. විපස්සනාමග්ගඵලානි සත්තසඤ්ඤාදිපච්චනීකඣාපනතො ලක්ඛණූපනිජ්ඣානතො ච “ඣාන”න්ති වුච්චති. ඉධ පන ආරම්මණූපනිජ්ඣානමෙව අධිප්පෙතං . එවමෙතං පටිසල්ලානඤ්ච ඣානඤ්ච අරිඤ්චමානොති අජහමානො අනිස්සජ්ජමානො. ධම්මෙසූති විපස්සනුපගෙසු පඤ්චක්ඛන්ධාදිධම්මෙසු. නිච්චන්ති සතතං සමිතං අබ්බොකිණ්ණං. අනුධම්මචාරීති තෙ ධම්මෙ ආරබ්භ පවත්තමානෙන අනුගතං විපස්සනාධම්මං චරමානො. අථ වා ධම්මෙසූති එත්ථ ධම්මාති නව ලොකුත්තරධම්මා, තෙසං ධම්මානං අනුලොමො ධම්මොති අනුධම්මො, විපස්සනායෙතං අධිවචනං. තත්ථ “ධම්මානං නිච්චං අනුධම්මචාරී”ති වත්තබ්බෙ ගාථාබන්ධසුඛත්ථං විභත්තිබ්යත්තයෙන “ධම්මෙසූ”ති වුත්තං සියා. ආදීනවං සම්මසිතා භවෙසූති තාය අනුධම්මචාරිතාසඞ්ඛාතාය විපස්සනාය අනිච්චාකාරාදිදොසං තීසු භවෙසු සමනුපස්සන්තො එවං ඉමාය කායවිවෙකචිත්තවිවෙකං අරිඤ්චමානො සිඛාප්පත්තවිපස්සනාසඞ්ඛාතාය පටිපදාය අධිගතොති වත්තබ්බො එකො චරෙති එවං යොජනා වෙදිතබ්බා (සු· නි· අට්ඨ· 1.69; අප· අට්ඨ· 1.1.125).
පස්වන (ගාථාවෙහි) පටිසල්ලාන ඒ ඒ ජීවින් කෙරෙහි සකස් වන්නා වූ හේතු පිළිබඳ නැවත මෙනෙහි කරමින් විවේකීව සිටීම, තමන්ම ඇසුරු කරන ලද තනිවම සිටිමින් (ලබන) කයෙහි සන්සුන් බව - කාය විවේකය අදහසයි. ඣානං පිළිවෙලකට නොවඩනා ලද දැහැනින්ද, අරමුණු අනුව සිහිපත් කර, පිළිවෙලකට දැහැන් වැඩීමෙන්ද, සිතෙහි ඇතිවන විවේකයයි. එහිදී සිතෙහි උසස් බව වළකන නීවරණ ආදිය ඉවතලා ලබන සමාපත්ති අට අරමුණු කොට ගැනීම ඣාන යයි කියනු ලබයි. සඤ්ඤා ආදී දැහැනින් ද එයින් නොනැවතී නැවත සිහිපත් කිරීමෙන් ද විදසුන් මගින් ලබන මගපලද දැහැන් ගැනුනත්, මෙහිදී අරමුණ අනුව වටහාගැනීම අදහස් වේ. මෙසේ විවේකී බවද, දැහැන් මගද අරිඤ්චමානො අත්හැර නොදමමින්, ධම්මෙස විදසුන් අනුව සළකා බලන රූප, වේදනා ආදී සමූහ පහේ ගති සොබාව කෙරෙහි, නිච්චං නිතර, නිරතුරුව, ඒ අනුව පැවතෙන, අනුධම්මචාරි ඒ කරුණු අරබයා විදසුන් වඩමින්, ඒ අනුව හැසිරෙමින්, නැතහොත් ධම්මා නවලොවුතුරා දහමයි. ඒ කරුණුවලට සුදුසු පරිදි පැවතීම අනුව ධම්මො විදසුන් සඳහා වූ සමාන වචනයකි. එහි ‘ධම්මානං නිච්චං අනුධම්මචාරී’ යනුවෙන් කිවයුතු නමුදු ගාථා සැකසීමේ පහසුව අනුව විබාත් වෙනසකින් ධම්මෙසු යැයි කියා ඇත. ආදීනවං සම්මසිතා භවෙසු ඒ දහමෙහි අනුව හැසිරෙතැයි කියන ලද විදසුන් වඩමින්, කිසිවක් ඇති පරිද්දෙන් නොපවතී යැයි කාමාදි භව තුනෙහිම මැනවින් දකිමින් මෙම කයෙහි සිතෙහි විවේකී බව මුදුන්පත් කරන විපස්සනා යැයි කියනු ලබන පිළිවෙත ලබන ලදැයි කිවයුතුය. තනිව හැසිරෙයි යනුවෙන් අදහස් වේයැයි දතයුතුය.
පඤ්චමං.
පස්වන (ගාථාවයි.)
ඡට්ඨෙ තණ්හක්ඛයන්ති නිබ්බානං, එවං දිට්ඨාදීනවාය තණ්හාය එව අප්පවත්තිං. අප්පමත්තොති සාතච්චකාරී. අනෙළමූගොති අලාලාමුඛො. අථ වා අනෙළො ච අමූගො ච, පණ්ඩිතො බ්යත්තොති වුත්තං හොති. හිතසුඛසම්පාපකං සුතමස්ස අත්ථීති සුතවා, ආගමසම්පන්නොති වුත්තං හොති. සතීමාති චිරකතාදීනං අනුස්සරිතා. සඞ්ඛාතධම්මොති ධම්මූපපරික්ඛාය පරිඤ්ඤාතධම්මො. නියතොති අරියමග්ගෙන නියාමං පත්තො. පධානවාති සම්මප්පධානවීරියසම්පන්නො. උප්පටිපාටියා එස පාඨො යොජෙතබ්බො. එවමෙතෙහි අප්පමාදාදීහි සමන්නාගතො නියාමසම්පාපකෙන පධානෙන පධානවා, තෙන පධානෙන පත්තනියාමත්තා නියතො, තතො අරහත්තප්පත්තියා සඞ්ඛාතධම්මො. අරහා හි පුන සඞ්ඛාතබ්බාභාවතො “සඞ්ඛාතධම්මො”ති වුච්චති. යථාහ – “යෙ ච සඞ්ඛාතධම්මාසෙ, යෙ ච සෙක්ඛා පුථූ ඉධා”ති (සං· නි· 2.31; සු· නි· 1044; චූළනි· අජිතමාණවපුච්ඡා 63, අජිතමාණවපුච්ඡානිද්දෙස 7; නෙත්ති· 14; පෙටකො· 45). සෙසං වුත්තනයමෙවාති (සු· නි· අට්ඨ· 1.70).
හයවන (ගාථාවෙහි) තණ්හක්ඛයං නිවනයි. මෙසේ තණ්හා ආසාවෙහි දොස් දැකීම තවදුරටත් එය නොපැවතීමට හේතු වේ. අප්පමත්තො නොනැවතී මැනවින් කටයුතු කිරීමයි. අනෙලමුගො නිතර නොදොඩන සුළු මුවින් යුතු, නැතහොත් කොළතොළු නොවූ, ගොළු නොවූ, වියත් (සුදුසු වචන කතාකරන) දැනුම් තේරුම් ඇති, නුවණැති කෙනෙකු ගැන කියා ඇති අයුරුය. හිතසුව සැලසෙන යහපත් දේ අසා ඇත්තෙකු යැයි සුතවා, දහම් කරුණු හෝ තෙවළා දහම් දැන පිළිපදින යන තේරුමයි. සතිමා බොහෝ කලක් එසේ සිත දරාගත යුතු දේ සිහිකරන බවයි. සංඛාත ධම්මො දහම විමසා දැන, මැනවින් වටහා ගන්නා ලද, නියතො උතුම් මගපලයෙන් නියමිත තැනට පත්වූයේ, පධානවා මුලසිටම මැනවින් පවත්නා වූ උත්සාහයයි. අනුපිළිවෙලකට නැතිව ඒ පදය යෙදිය යුතුය. මෙසේ (යහපතට) පමා නොවීම් ආදී ගුණයෙන් යුතුව, යහපත් අරමුණු ඉටුකර ගැන්මෙහි උත්සාහවත්ව (කිසිවක් තිර නැත. නැසෙන සුලු යයි සිතමින්) නිසි තැනට පත් වූයේ, එයින් අරහත් බවට පැමිණියේය යන අදහසයි. එවැනි උතුමන් ගැන - හේතු ඇතිව සැකසෙන (සියළු) දෙයම නැතිකරන ලදින් සංඛාතධම්ම යයි නැවත කියනු ලැබේ. හේතු ඇතිව සැකසෙන සියළු දෙයම නැතිකිරීමේ හික්මෙන තැනැත්තන් මේ ලෝකයෙහි වෙන්ව සිටිත් යැයි එසේ හෙයින් කීහ. ඉතිරි කරුණු කලින් කියා ඇති පරිදිය.
ඡට්ඨං.
හයවන (ගාථාවයි.)
සත්තමෙ සීහොති චත්තාරො සීහා – තිණසීහො, පණ්ඩුසීහො, කාළසීහො, කෙසරසීහොති. තෙසං කෙසරසීහො අග්ගමක්ඛායති, එසො ඉධ අධිප්පෙතො. වාතො පුරත්ථිමාදිවසෙන අනෙකවිධො. පදුමං රත්තසෙතාදිවසෙන. තෙසු යො කොචි වාතො යං කිඤ්චි පදුමං වට්ටතියෙව. තත්ථ යස්මා සන්තාසො අත්තසිනෙහෙන හොති, අත්තසිනෙහො ච තණ්හාලෙපො, සොපි දිට්ඨිසම්පයුත්තෙන වා දිට්ඨිවිප්පයුත්තෙන වා ලොභෙන හොති, සොපි ච තණ්හායෙව. සජ්ජනං පන තත්ථ උපපරික්ඛාවිරහිතස්ස මොහෙන හොති, මොහො ච අවිජ්ජා. තත්ථ සමථෙන තණ්හාය පහානං හොති, විපස්සනාය අවිජ්ජාය. තස්මා සමථෙන අත්තසිනෙහං පහාය සීහො විය සද්දෙසු අනිච්චදුක්ඛාදීසුඅසන්තසන්තො, විපස්සනාය මොහං පහාය වාතොව ජාලම්හි ඛන්ධායතනාදීසු අසජ්ජමානො, සමථෙනෙව ලොභං, ලොභසම්පයුත්තං එව දිට්ඨිඤ්ච පහාය, පදුමංව තොයෙන සබ්බභවභොගලොභෙන අලිප්පමානො.
සත්වන (ගාථාවෙහි) සීහො සතර කොටසක සිංහයෝ (වෙති.) තණ සිංහයා, පඬු සිංහයා, කළු සිංහයා සහ කේසර සිංහයා යනුවෙනි. උන්ගෙන් කේසර සිංහයා උසස් යැයි කියනු ලැබේ. මෙහි අදහස් වන්නේ කේසර සිංහයාය. වාතො නැගෙනහිර දිසාවෙන් ආදී ලෙස නොයෙක් ආකාරය. පදුමං රතු, සුදු ආදී පැහැයෙනි. ඒ අතුරෙන් කිසියම් සුළඟක්, යම්කිසි නෙළුමක් සැළකේ. එහි යම් තැති ගැනීමක් තමන්ට ඇති සෙනෙහස නිසා හටගනීද, ඒ සෙනෙහසද තණ්හා ආලේපයක් වේ. එය හැගීමක්-අදහසක් ඇතිව හෝ නැතිව හෝ ලෝභයම බලපවත්නේය. එයද තණ්හාවමය. විමසා නොබලා ඇලෙන ගතිය මෝහය ලෙස ඇතිවේ. මෝහයද අවිජ්ජා හෙවත් කරුණු ඇති සැටියෙන් නොදැනීමය. එහිදී සමථ භාවනාවෙන් තණ්හාවද, විදසුන් මගින් අවිජ්ජා ද නැති කරයි. එහෙයින් සමථ භාවනාවෙන් තමාට ඇති ආදරය හැර, සීහොව සද්දෙසු (ඒ තැනැත්තා) අනිච්ච-දුක්ඛ ආදියෙහි දී (තැති නොගනී) අසන්ත සන්තො විදසුන් මගින් මෝහය හැර, වාතොව ජාලම්හි ඛන්ධ (රූප-වේදනාදිය) සහ ආයතන (ඇස්-කන්) ආදියෙහි අසජ්ජමානො දැකීම් මතවාද හැරදමා, පදුමංව තොයෙන සියළුම සැප සම්පතට ඇති ආසාවේ නොගැලෙමින්,
එත්ථ ච සමථස්ස සීලං පදට්ඨානං, සමථො සමාධි, විපස්සනා පඤ්ඤාති එවං තෙසු ද්වීසු ධම්මෙසු සිද්ධෙසු තයොපි ඛන්ධා සිද්ධා හොන්ති. තත්ථ සීලක්ඛන්ධෙන සුරතො හොති, සො සීහොව සද්ධෙසු ආඝාතවත්ථූසු අකුජ්ඣිතුකාමතාය න සන්තසති, පඤ්ඤාක්ඛන්ධෙන පටිවිද්ධසභාවො වාතොව ජාලම්හි ඛන්ධාදිධම්මභෙදෙ න සජ්ජති, සමාධික්ඛන්ධෙන වීතරාගො පදුමංව තොයෙන රාගෙන න ලිප්පති. එවං සමථවිපස්සනාහි සීලසමාධිපඤ්ඤාක්ඛන්ධෙහි ච යථාසම්භවං අවිජ්ජාතණ්හානං, තිණ්ණඤ්ච අකුසලමූලානං පහානවසෙන අසන්තසන්තො අසජ්ජමානො අලිප්පමානො ච වෙදිතබ්බො. සෙසං වුත්තනයමෙවාති (සු· නි· අට්ඨ· 1.71; අප· අට්ඨ· 1.1.127).
මෙහිලා සීලයෙහි පිහිටීම සමථයටත්, සමථ වැඩීම සිත එකඟ බවටත්, විදසුන් වැඩීම සියුම් නුවණටත් (පඤ්ඤා) හේතු වේ. මෙසේ කරුණු දෙකක් ඇති කල (තවත් කොටස් තුනක් සිදුවේ. එහි සීල සමූහයෙන් මනාව හික්මීම ලද්දේ වෙයි. ඔහු හඬට තැති නොගන්නා සිංහයා සේ, තරහ හට ගැනෙන කරුණුවලදී කෝපව තැති නොගනී. නුවණින් සිත පිරිසිදු බවට - නිරවුල් බවට පත්කොට වාතයට නොගැටෙන දැල මෙන්, රූප වේදනා සමූහයෙහි නොගැටේ. (සබඳතාවක් නොපවතී) ජලයෙහි නොගැටෙන පියුමක් මෙන් සමාධියෙන් රාගය ඉවත්කොට, රාගයෙහි නො ඇලෙයි. මෙසේ සමථ-විදසුන් මගින් ඇතිවන සීල-සමාධි පඤ්ඤාවෙන්, අවිජ්ජා, තණ්හා සහ අකුසල මුල් තුනම නැති කිරීමෙන් තැති නොගනිමින්, නොගැටෙමින්, නොඇලෙමින් (වාසය කරතියි) දතයුතුය.
සත්තමං.
සත්වන (ගාථාවයි.)
අට්ඨමෙ සහනා ච හනනා ච සීඝජවත්තා ච සීහො. කෙසරසීහොව ඉධ අධිප්පෙතො. දාඨා බලමස්ස අත්ථීති දාඨබලී. පසය්හ අභිභුය්යාති උභයං චාරීසද්දෙන සහ යොජෙතබ්බං පසය්හචාරී අභිභුය්යචාරීති. තත්ථ පසය්හ නිග්ගය්හ පවාහෙත්වා චරණෙන පසය්හචාරී . අභිභවිත්වා සන්තාසෙත්වා වසීකත්වා චරණෙන අභිභුය්හචාරී. ස්වායං කායබලෙන පසය්හචාරී, තෙජසා අභිභුය්යචාරී. තත්ථ සචෙ කොචි වදෙය්ය “කිං පසය්හ අභිභුය්යචාරී”ති. තතො මිගානන්ති සාමිවචනං උපයොගත්ථෙ කත්වා “මිගෙ පසය්හ අභිභුය්යචාරී”ති පටිවත්තබ්බං. පන්තානීති දූරානි. සෙනාසනානීති වසනට්ඨානානි. සෙසං පුබ්බෙ වුත්තනයෙනෙව සක්කා ජානිතුන්ති න විත්ථාරිතං (සු· නි· අට්ඨ· 1.72).
අටවන (ගාථාවෙහි) ඉවසා දරා ගැනීමද, නැසීමද, වේගයෙන් දුවන බැවින් ද සීහො නම් වේ. කේසර සිංහයා මෙහිදී අදහස් වේ. දත්වල සවිබල ඇත්තේ දාඨාබලී, පසය්හ අභිභුය්ය (මේ) පද දෙකම චාරි යන වචනය සමග යෙදිය යුතුය. පසය්හචාරී අභිභුය්යචාරී ලෙසිනි. හැසිරීමෙන් බලය යටකොට දැඩිව ගෙන සිටීම පසය්හචාරී, මැඩපවත්වා, වසඟකොට හැසිරීම අභිභුය්යචාරී මේ තැනැත්තා සිරුරේ සවිබලයෙන් දැඩි භක්තියෙන් හැසිරෙයි. තෙද බලයෙන් (අන් තැනැත්තන්) මැඩපවත්වා සිටී. මෙහිදී යම්කිසිවකු විසින් බලයෙන් මැඩපවත්වා හැසිරෙන්නේ කුමක්දැ’යි කියනු ඇත. එහිදී මිගානං ආධාර විබත් අරුතෙහි දුතියා විබත් යොදා ‘මිගෙ පසය්හ අභිභුය්යචාරී’ යනුවෙන් නැවත කිවයුතුය. පන්තානි දුරින් සෙනාසනානි වාසය කරන, සිටින තැන් ගැනේ. ඉතිරි කරුණු කලින් කියන ලද අයුරින් දැනගැනීමට හැකි බැවින් විස්තර නො කරන ලදී.
අට්ඨමං.
අටවන (ගාථාවයි.)
නවමෙ “සබ්බෙ සත්තා සුඛිතා භවන්තූ”තිආදිනා නයෙන හිතසුඛූපනයනකාමතා මෙත්තා. “අහො වත ඉමම්හා දුක්ඛා විමුච්චෙය්යු”න්තිආදිනා නයෙන අහිතදුක්ඛාපනයනකාමතා කරුණා. “මොදන්ති වත භොන්තො සත්තා, මොදන්ති සාධු සුට්ඨූ”තිආදිනා නයෙන හිතසුඛාවිප්පයොගකාමතා මුදිතා. “පඤ්ඤායිස්සන්ති සකෙන කම්මෙනා”ති සුඛදුක්ඛෙසු අජ්ඣුපෙක්ඛනතා උපෙක්ඛා. ගාථාබන්ධසුඛත්ථං පන උප්පටිපාටියා මෙත්තං වත්වා උපෙක්ඛා වුත්තා, මුදිතා ච පච්ඡා. විමුත්තින්ති චතස්සොපි හි විමුත්තී. එතා අත්තනො පච්චනීකධම්මෙහි විමුත්තත්තා විමුත්තියො. තෙන වුත්තං – “මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං, ආසෙවමානො මුදිතඤ්ච කාලෙ”ති.
නවවන (ගාථාවයි.) සියළුම ජීවීහු සැපවත් වෙත්වායි හිතසුවයට පත්වනු දැකීම මෙත්තා වේ. ‘අනේ මේ දුක්වලින් මිදෙන්නේ නම් මැනවැයි අහිත වූ දුකට පත්වනු දැකීමේ නොකැමැත්ත කරුණා ‘මේ පින්වත් සියල්ලෝම හිතසුවයට පත්වීමෙන් සතුටු වෙති. එය ඉතා යහපත් යැයි සිතීම මුදිතා වේ. තමන් කරන කියන දෙයින් හැඟෙයි, පෙනෙන්නේ යැයි සැප දුකෙහි මැදහත්ව සිටීම උපෙක්ඛා ගාථාව සකස්වීමෙහි පහසුව සළකා අනුපිළිවෙල හැර මෙත ගැන කියා උපෙක්ඛාවට පසුව මුදිතාවද සඳහන් කරන ලදී. විමුත්ති යනු තමා කෙරෙහි වූ නුසුදුසු කරුණු සතරින් මිදුණු බවයි. මෙත, මැදහත් බව, කරුණාව, විමුක්ති ඇතිකරගත් විට, ඇසුරු කරනවිට, මුදිතාවටද කාලය’ බව එහෙයින් කියා ඇත.
තත්ථ ආසෙවමානොති තිස්සො තිකචතුක්කජ්ඣානවසෙන භාවයමානො, උපෙක්ඛං චතුත්ථජ්ඣානවසෙන භාවයමානො. කාලෙති මෙත්තං ආසෙවිත්වා තතො වුට්ඨාය කරුණං, තතො වුට්ඨාය මුදිතං, තතො ඉතරතො වා නිප්පීතිකජ්ඣානතො වුට්ඨාය උපෙක්ඛං ආසෙවමානොව “කාලෙ ආසෙවමානො”ති වුච්චති, ආසෙවිතුං ඵාසුකාලෙ වා. සබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානොති දසසු දිසාසු සබ්බෙන සත්තලොකෙන අවිරුජ්ඣමානො. මෙත්තාදීනඤ්හි භාවිතත්තා සත්තා අප්පටික්කූලා හොන්ති, සත්තෙසුපි විරොධභූතො පටිඝො වූපසම්මති. තෙන වුත්තං – “සබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානො”ති. සෙසං වුත්තසදිසමෙවාති (සු· නි· අට්ඨ· 1.73).
ආසෙවමානො මෙත් කරුණා උපෙක්ඛා තෙවැනි හතරවැනි දැහැන් ලෙස වඩමින් උපෙක්ඛාව සිවුවැනි දැහැන ලෙස වැඩීම කියන ලදී. කාලෙ යනු මෙත ඇසුරුකොට එයින් ඉදිරියට මුදිතාවත් ඉන් එහා කරුණු ලෙස පීතිය රහිත දැහැනින් ඈත්ව උපෙක්ඛා ඇසුරු කරමින් (ඊට සමවැද සිටීමෙන්) පසුවන කාලය ආසෙවමාන යැයි කියනු ලැබේ. (නො එසේ නම්) එසේ සිටීමට පහසු වේලාවයි. සබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානො දස දිසාවෙහිම ජීවත්වන සියළුම ලෝකවාසීන් කෙරෙහි තරහ නොවී, මෙත් ආදී (ගුණ) වඩන ලද බැවින් ජීවත් වන්නෝ (ඔහුට) පිළිකුල් නොවෙති. සියළු ජීවීන් කෙරෙහි තරහක් නොමැති දිගින් දිගටම බැඳී ඇති තරහ ද (පටිඝ) සංසිඳේ. ‘සබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානො’ යැයි එහෙයින් කියන ලදී. ඉතිරි සියළු කරුණු මෙහි කලින් කියා ඇති පරිදිය.
නවමං.
නවවැනි (ගාථාවයි.)
දසමෙ සංයොජනානීති දස සංයොජනානි, තානි ච තෙන තෙන මග්ගෙන සන්දාලයිත්වාන. අසන්තසං ජීවිතසඞ්ඛයම්හීති ජීවිතසඞ්ඛයො වුච්චති චුතිචිත්තස්ස පරිභෙදො, තස්මිඤ්ච ජීවිතසඞ්ඛයෙ ජීවිතනිකන්තියා පහීනත්තා අසන්තසන්ති. එත්තාවතා සඋපාදිසෙසනිබ්බානධාතුං අත්තනො දස්සෙත්වා ගාථාපරියොසානෙ අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායීති (සු· නි· අට්ඨ· 1.74).
දහවෙනි (ගාථාවෙහි) සංයොජනානි දස සංයෝජනයි. ඒවා ඒ ඒ මගපලයෙන් කඩා බිඳ දමා, අසන්තතං ජීවිත සංඛයම්හි ජීවිත සංඛය යනු චුති සිතෙහි බිඳී යාමයි. තවදුරටත් (සසර) ජීවිත පැවැත්ම නැතිකරන ලද බැවින් අසන්තසං (තැති නොගනී) මෙපමණකින් සෝපාදිසෙස නිවනට තමා (පැමිණි බව) දක්වන ගාථාව අවසන සසර නැවත නූපදනා ලෙසින් පිරිනිවන් පෑහ.
දසමං.
දහවෙනි (ගාථාවයි.)
එකාදසමෙ භජන්තීති සරීරෙන අල්ලීයිත්වා පයිරුපාසන්ති. සෙවන්තීති අඤ්ජලිකම්මාදීහි කිංකාරපටිස්සාවිතාය ච පරිචරන්ති. කාරණං අත්ථො එතෙසන්ති කාරණත්ථා, භජනාය සෙවනාය ච නාඤ්ඤං කාරණමත්ථි, අත්ථො එව තෙසං කාරණං, අත්ථහෙතු සෙවන්තීති වුත්තං හොති. නික්කාරණා දුල්ලභා අජ්ජ මිත්තාති “ඉතො කිඤ්චි ලච්ඡාමා”ති එවං අත්තපටිලාභකාරණෙන නික්කාරණා, කෙවලං –
එකොළොස්වන (ගාථාවෙහි) භජන්ති සිරුරෙන් ඇලී ඇසුරු කරති. සෙවන්ති ඇඳිලි බැඳීම් ආදියෙන් යටහත් පැවතුම් ඇතිව ගරු කරමින් හැසිරෙති. කරුණක් ඇත්තේ කාරණත්ථා නම් වේ. සබඳතා පැවැත්වීමෙන්, ඇසුරු කිරීමෙන්, වෙනත් හේතුවක් නැත. එහි තේරුම නම් තමන්ට ඇතිවන උපකාර (වාසි) සළකා ඇසුරු කරතියි කී අයුරුයි. නික්කාරණ දුල්ලභා අජ්ජමිත්තා ‘මෙයින් කිසිවක් ලබමු’යි මෙසේ ලාභ වාසි හේතුවෙන් නිකරුනේ ඇසුරු නොකෙරේ. හුදෙක්ම –
“උපකාරො ච යො මිත්තො, සුඛෙ දුක්ඛෙ ච යො සඛා; අත්ථක්ඛායී ච යො මිත්තො, යො ච මිත්තානුකම්පකො”ති. (සු· නි· අට්ඨ· 1.75; අප· අට්ඨ· 1.1.131; දී· නි· 3.265) –
‘උපකාරක වන මිතුරෙකු වෙත්ද, සැපදුකෙහි එක්වන යහළුවකු වෙත්ද, දියුණුව කැමති යහළුවකු වෙත්ද, අනුකම්පා සහගත යහළුවකු වෙත්ද’
එවං වුත්තෙන අරියෙන මිත්තභාවෙන සමන්නාගතා දුල්ලභා අජ්ජ මිත්තා. අත්තනි ඨිතා එතෙසං පඤ්ඤා, අත්තානංයෙව ඔලොකෙන්ති, න අඤ්ඤන්ති අත්තට්ඨපඤ්ඤා. “දිට්ඨත්ථපඤ්ඤා”ති අයම්පි කිර පොරාණපාඨො . සම්පති දිට්ඨෙයෙව අත්ථෙ එතෙසං පඤ්ඤා, ආයතිං න පෙක්ඛන්තීති වුත්තං හොති. අසුචීති අසුචිනා අනරියෙන කායවචීමනොකම්මෙන සමන්නාගතාති. සෙසං පුබ්බෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. යං අන්තරන්තරා අතිවිත්ථාරභයෙන න වුත්තං, තං සබ්බං පාඨානුසාරෙනෙව වෙදිතබ්බං (සු· නි· අට්ඨ· 1.75; අප· අට්ඨ· 1.1.131). එකාදසමං.
කියා ඇති පරිදි (නියම) මිතුරු බවින් යුතු යහළුවෝ අද දුලබ වෙති. තමන්ට ඇති නුවණින් වටහාගෙන, තමන්ම (සසඳා) බලති. වෙනත් අයුරකින් නොවේ. අත්තත්ථපඤ්ඤා, දිට්ඨත්තපඤ්ඤා යන මෙයද පැරණි පාඨයකි. ලාභයක් ඇතිවිට, එය දැන කටයුතු කිරීම මොවුන්ගේ නුවණ ඉදිරියට බලාපොරොත්තු නොවන බව කියන ලදී. අසූචි යනු අපිරිසිදු ලාමක වූ කය වචන මනසින් යුතුව කටයුතු කරන්නෝය. ඉතිරි කරුණු පෙර කී පරිද්දෙන් දතයුතුය. ඉතා දිගු වේ යැයි බියෙන් අතුරු විස්තර නොකියන ලදී. ඒ සියල්ල දක්වා ඇති පාඨ අනුසාරයෙන් දතයුතුය.
චතුත්ථවග්ගවණ්ණනා නිට්ඨිතා.
සතරවන වග්ගයයි.
සද්ධම්මප්පජ්ජොතිකාය චූළනිද්දෙස-අට්ඨකථාය
සද්ධම්ම පජ්ජොතිකා නම් ඛුද්දක නිකාය අටුවාවෙහි
ඛග්ගවිසාණසුත්තනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
ඛග්ගවිසාණ සුත්ත වණ්ණනා නිමියේ ය.