නිගමනකථා අට්ඨකථා
නිගමනකථා
නිගමනය
යො සො සුගතපුත්තානං, අධිපතිභූතෙන හිතරතිනා; ථෙරෙන ථිරගුණවතා, සුවිභත්තො මහානිද්දෙසො.
බුදුරජාණන් වහන්සේගේ පුතුන් සේ සැළකෙන පැවිදි සාවක හිමිවරුන්ගේ පරම්පරාවේ මුප්තැන දරමින්, හිතවත් බවින් හා නොසැලෙන ගුණයෙන් යුතු (සැරියුත් තෙරුන් වහන්සේ විසින් මහා නිද්දේසයෙහි මනාව (කරුණු) බෙදා දක්වන ලදී.
තස්සත්ථවණ්ණනා යා, පුබ්බට්ඨකථානයං තථා; යුත්තිං නිස්සාය මයාරද්ධා, නිට්ඨානමුපගතා එසා.
පෙර පැවති අටුවා නය හා ගැලපෙන ආකාරයට අනුව එහි අරුත් විවරණය පිණිස මා විසින් අරඹන ලද මෙය දැන් නිමාවට පත්විය.
යං පුරං පුරුත්තමං, අනුරාධපුරව්හයං; යො තස්ස දක්ඛිණෙ භාගෙ, මහාවිහාරො පතිට්ඨිතො.
පුර අතුරෙන් ඉතා උතුම් වූ අනුරාධපුරයෙහි දකුණු දෙසින් මහා විහාරය පිහිටියේය.
යො තස්ස තිලකො භූතො, මහාථූපො සිලුච්චයො; යං තස්ස පච්ඡිමෙ භාගෙ, ලෙඛො කථිකසඤ්ඤිතො.
එහි තිලකයක් වන් මහා පව්වක් බඳු (උස් වූ) මහා සෑයට බටහිරින්, කථාවෙහි හරවත් බවින් යුතු, රාජ සම්මත වූ, මනා පැවතුම් ඇති, ලිවීමෙහිද සමත්කම් දැක්වූ භත්තිසේන නම් කෙනෙකු විසින්,
කිත්තිසෙනොති නාමෙන, සජීවො රාජසම්මතො; සුචිචාරිත්තසම්පන්නො, ලෙඛො කුසලකම්මිකො.
සීතච්ඡායතරුපෙතං, සලිලාසයසම්පදං; චාරුපාකාරසඤ්චිතං, පරිවෙණමකාරයි.
සිහිලැල් රුක්සෙවනින් යුතු, සිහිල් ජලයෙන් යුතු (පොකුණින්) මනහර පවුරකින් වට වූ පිරිවෙණක් කරවීය.
උපසෙනො මහාථෙරො, මහාපරිවෙණවාසියො; තස්සාදාසි පරිවෙණං, ලෙඛො කුසලකම්මිකො.
මහ පිරිවෙණෙහි වැසි, ලිවීමෙහි සමත්කම් ඇති උපසේන මහා තෙරුන් වහන්සේට පිරිවෙණ ලබාදීමෙන් (පසු)
වසන්තෙනෙත්ථ ථෙරෙන, ථිරසීලෙන තාදිනා; උපසෙනව්හයෙන සා, කතා සද්ධම්මජොතිකා.
නොසැලෙන සිල් ගුණයෙන් යුතු උපසේන තෙරුන් එහි වාසය කරමින් සද්ධම්මජොතිකා කරන ලදී.
රඤ්ඤො සිරිනිවාසස්ස, සිරිසඞ්ඝස්ස බොධිනො; ඡබ්බීසතිම්හි වස්සම්හි, නිට්ඨිතා නිද්දෙසවණ්ණනා.
සිරි සැපතට නිවහනක් වූ සිරිසඟබෝ රජුගේ විසිහය වන වසරෙහිදී නිද්දෙස වර්ණනාව අවසන් කරන ලදී.
සමයං අනුලොමෙන්තී, ථෙරානං ථෙරවංසදීපානං; නිට්ඨං ගතා යථායං, අට්ඨකථා ලොකහිතජනනී.
ථේරවාදී පරපුරේ තෙරුන් වහන්සේලාගේ අදහස් නො ඉක්මවමින් ලෝවාසීනට හිතසුව සලසන මෙම අටුවාව නිමාවට පත් විය.
සද්ධම්මං අනුලොමෙන්තා, අත්තහිතං පරහිතඤ්ච සාධෙන්තා; නිට්ඨං ගච්ඡන්තු තථා, මනොරථා සබ්බසත්තානං.
සදහමට පිටු නොපාමින්, ගරු කරමින්, තමාටත් අනුන්ටත් හිතසුව සලසමින් හැමදෙනාගේ බලාපොරොත්තු ඉටුවේවා !
සද්ධම්මප්පජ්ජොතිකාය, අට්ඨකථායෙත්ථ ගණිතකුසලෙහි; ගණිතා තු භාණවාරා, ඤෙය්යාතිරෙකචත්තාරිසා.
සද්ධම්ම පජ්ජොතිකා නම් මෙම අටුවාවෙහි බණවර හතළිහකට මදක් වැඩියැයි ගණිතය පිළිබඳව නිපුණ වූවන් දක්වා ඇත.
ආනුට්ඨුභෙන අස්සා, ඡන්දො බද්ධෙන ගණියමානා තු; අතිරෙකදසසහස්ස-සඞ්ඛා ගාථාති විඤ්ඤෙය්යා.
ගණනය කිරීමේදී අනුට්ඨභ් ඡන්දසින් බැඳුණු ගාථා දස දහසට වැඩිය.
සාසනචිරට්ඨිතත්ථං, ලොකහිතත්ථඤ්ච සාදරෙන මයා; පුඤ්ඤං ඉමං රචයතා, යං පත්තමනප්පකං විපුලං.
සසුනෙහි දිගුකල් පැවැත්ම පිණිසත්, ලෝවාසී යහපත පිණිසත් දයාවෙන් යුතුව මෙය රචනා කිරීමෙන් රැස්කර ගන්නා ලද අනල්ප වූ මහත් පිනෙන් මේ ලෝවාසීහු දසබලධාරී බුදුරදුන්ගේ සවන පිනන දහම් රසය විඳ සැපයෙන් සැපයට පැමිණෙත්වා !
පුඤ්ඤෙන තෙන ලොකො, සද්ධම්මරසායනං දසබලස්ස; උපභුඤ්ජිත්වා විමලං, පප්පොතු සුඛං සුඛෙනෙවාති.
සද්ධම්මප්පජ්ජොතිකා නාම
සද්ධම්ම පජ්ජොතිකා නම්
චූළනිද්දෙස-අට්ඨකථා නිට්ඨිතා.
චූළ නිද්දෙස අටුවාව නිමියේ ය.