ගන්ථාරම්භකථා අට්ඨකථා
ගන්ථාරම්භකථා
ගන්ථාරම්භ කථා
යො සබ්බලොකාතිගසබ්බසොභා- යුත්තෙහි සබ්බෙහි ගුණෙහි යුත්තො; දොසෙහි සබ්බෙහි සවාසනෙහි, මුත්තො විමුත්තිං පරමඤ්ච දාතා.
යො සබ්බ ලොකාතිග සබ්බ සොභා, යුත්තෙහි සබ්බෙහි ගුණෙහි යුත්තො, දොසෙහි සබ්බෙහි සවාසනෙහි, මුත්තො විමුත්තිං පරමඤ්ච දාතා
යමෙක් සියලු ලෝකයන් ඉක්මවා යන සියලු බැබලීම්වලින් යුක්ත වූයේ සියලු ගුණයන්ගෙන් යුක්ත වූයේ, මාගාත සහිත සියලු දෝෂයන්ගෙන් මිදුණේ, උතුම් විමුක්තිය දෙනුයේ,
නිච්චං දයාචන්දනසීතචිත්තො, පඤ්ඤාරවිජ්ජොතිතසබ්බනෙය්යො; සබ්බෙසු භූතෙසු තමග්ගභූතං, භූතත්ථනාථං සිරසා නමිත්වා.
නිච්චං දයාචන්දන සීත චිත්තො, පඤ්ඤා රවිජ්ජොතිත සබ්බනෙය්යො, සබ්බෙසු භූතෙසු තමග්ග භූතං, භූතත්ථනාථං සිරසා නමිත්වා
නිතර දයාව නමැති සඳුන් සිසිලෙන් යුත් සිතැතියේ, ප්‍රඥාව නමැති සූර්යාලෝකයෙන් බැබලුණු, සියල්ල දතුයේ, සියලු සත්ත්වයන් අතර අග්‍ර වූ, සියලු සත්ත්වයින්ගේ යහපතට පිහිට වන්නා වූ ඒ බුදුරදුන් සිරසින් නමැද,
යො සබ්බභූතෙසු මුනීව අග්ගො, අනන්තසඞ්ඛෙසු ජිනත්තජෙසු; අහූ දයාඤාණගුණෙහි සත්ථුලීලානුකාරී ජනතාහිතෙසු.
යො සබ්බ සත්තෙසු මුනීව අග්ගො, අනන්ත සබ්බෙසු ජිනත්රජෙසු, ආහු දයා ඤාණ ගුණෙහි සත්ථු, ලීලානුකාරි ජනතා හිතෙසු
යමෙක් සියලු සත්ත්වයන් කෙරෙහිද අනන්තාපරිමාණ බුද්ධ පුත්‍රයින් කෙරෙහිද, ශ්‍රේෂ්ඨ මුනිවරයෙකු බඳුව, ජනතා හිතසුව කාර්යයන්හි දයා ඤාණ ගුණයන්ගෙන් යුක්තව, බුදුරදුන්ගේ, ආකාරයෙන් අනුකරණය කෙරේයයි කීහුද,
තං සාරිපුත්තං මුනිරාජපුත්තං, ථෙරං ථිරානෙකගුණාභිරාමං; පඤ්ඤාපභාවුග්ගතචාරුකිත්තිං, සුසන්තවුත්තිඤ්ච අථො නමිත්වා.
තං සාරිපුත්තං මුනි රාජ පුත්තං, ථෙරං ටිරානෙක ගුණාභිරාමං, පඤ්ඤා පභාවුග්ගත චාරු කිත්තිං, සුසන්ත වුත්තිඤ්ච අථො නමිත්වා
ස්ථිර නොයෙක් සිත්කලු ගුණයන්ගෙන් යුත්, ප්‍රඥාලෝකයෙන් උද්ගත මනොඥ කීර්තියක් ඇති, සන්සුන් පැවැතුම් ඇති, මුනිරද පුත් ඒ සැරියුත් හිමියන් නැමද,
සද්ධම්මචක්කානුපවත්තකෙන, සද්ධම්මසෙනාපතිසාවකෙන; සුත්තෙසු වුත්තෙසු තථාගතෙන, භූතත්ථවෙදිත්තමුපාගතෙන.
සද්ධම්ම චක්කානු පවත්තකෙන, සද්ධම්ම සෙනාපති සාවකෙන, සුත්තෙසු වුත්තෙසු තථාගතෙන, භූතත්ථ වෙදිත්ත මුපාගතෙන
තථාගතයාණන් වහන්සේ විසින් සූත්‍රයන්හි දේශිත සද්ධර්ම චක්‍රය නොකඩවා පවත්වාගෙන එන, සත්ත්වහිතාභිවෘද්ධිය දත් බවට සපැමිණි සද්ධර්ම සේනාපති ශ්‍රාවකයාණන් වහන්සේ විසින්,
යො භාසිතො භාසිතකොවිදෙන, ධම්මප්පදීපුජ්ජලනායකෙන; පාඨො විසිට්ඨො පටිසම්භිදානං, මග්ගොති තන්නාමවිසෙසිතො ච.
යො භාසිතො භාසිත කොවිදෙන, ධම්මප්පදීපුජ්ජල නායකෙන, පාඨො විසිට්ඨො පටිසම්භිදානං, මග්ගොති තන්නාම විසෙසිතොච
කීමෙහි බිණීමෙහි දක්ෂ, ධර්ම ප්‍රදීපයෙන් බබලන ප්‍රධානියෙකු විසින්, ප්‍රතිසම්භිදාවන්ගේ මාර්ගයයි. යම් පාඨයක් විශිෂ්ටත්වයෙන් කියන ලද්දේද? එම නාමය විශේෂයෙන් සලකා,
විචිත්තනානත්තනයොපගූළ්හො, ගම්භීරපඤ්ඤෙහි සදාවගාළ්හො; අත්තත්ථලොකත්ථපරායණෙහි, සංසෙවනීයො සුජනෙහි නිච්චං.
විචිත්ත නානත්ත නයොපගාළ්හො, ගම්භීර පඤ්ඤෙහි සදාවගාළ්හො, අත්තත්ථ ලොකත්ථ පරායණෙහි, සංසෙවනීයො සුජනෙහි නිච්චං
විසිතුරු නොයෙක් ක්රමයන්හි බැසගත්තේ, ගැඹුරු නැණැතියන් විසින් හැමකල් බැසගත්තේ, ආත්මාර්ථ ලෝකාර්ථ පිහිටකොට ඇති (අපේක්ෂිත) සත්පුරුෂයන් විසින් නිතර සේවනය කටයුතුය.
ඤාණප්පභෙදාවහනස්ස තස්ස, යොගීහිනෙකෙහි නිසෙවිතස්ස; අත්ථං අපුබ්බං අනුවණ්ණයන්තො, සුත්තඤ්ච යුත්තිඤ්ච අනුක්කමන්තො.
ඤාණප්පභෙදාවහනස්ස තස්ස, යොගීහි නෙකෙහි නිසෙවිතස්ස, අත්ථං අපුබ්බං අනුවණ්ණයන්තො, සුත්තඤ්ච යුත්තිඤ්ච අනුක්කමන්තො
නොයෙක් යෝගීන් විසින් සෙවුණා ලද ඤාණ ප්‍රභේද ගෙන එන එහි පෙර නොදක්වන ලද අර්ථ, සූත්‍රයද, යුක්තියද අනුක්රමයෙන් ගෙන, විශේෂයෙන් වර්ණනා කරනුයේ,
අවොක්කමන්තො සමයා සකා ච, අනාමසන්තො සමයං පරඤ්ච; පුබ්බොපදෙසට්ඨකථානයඤ්ච, යථානුරූපං උපසංහරන්තො.
අවොක්කමන්තො සමයා සකාච, අනාමසන්තො සමයං පරඤ්ච, පුබ්බොපදෙසට්ඨකථා නයඤ්ච, යථානුරූපං උපසංහරන්තො
ස්වකීය සමය නොඉක්මවමින්, අන්‍ය ආගම් වාද ස්පර්ශ නොකරමින් පූර්වයෙහි පැවති අර්ථ කථා ක්රමයන්, සුදුසු පරිද්දෙන් ගෙනහැර දක්වනුයේ,
වක්ඛාමහං අට්ඨකථං ජනස්ස, හිතාය සද්ධම්මචිරට්ඨිතත්ථං; සක්කච්ච සද්ධම්මපකාසිනිං තං, සුණාථ ධාරෙථ ච සාධු සන්තොති.
වක්ඛාමහං අට්ඨකථං ජනස්ස, හිතාය සද්ධම්ම චිරට්ඨිතත්ථං, සක්කච්ච සද්ධම්ම පකාසනිං තං, සුනාථ ධාරෙථච සාධු සන්තො
සද්ධර්මයාගේ චිරස්ථිතිය උදෙසාද, ජනහිත සුව සඳහාද, එම සද්ධර්ම ප්රකාසනිය මම කියමි. සත්පුරුෂ සාධූහු එය මනාසේ අසත්වා! දරත්වා.
තත්ථ පටිසම්භිදානං මග්ගොති තන්නාමවිසෙසිතො චාති වුත්තත්තා පටිසම්භිදාමග්ගස්ස පටිසම්භිදාමග්ගතා තාව වත්තබ්බා. චතස්සො හි පටිසම්භිදා – අත්ථපටිසම්භිදා, ධම්මපටිසම්භිදා, නිරුත්තිපටිසම්භිදා, පටිභානපටිසම්භිදාති. තාසං පටිසම්භිදානං මග්ගො අධිගමූපායොති පටිසම්භිදාමග්ගො, පටිසම්භිදාපටිලාභහෙතූති වුත්තං හොති. කථමයං තාසං මග්ගො හොතීති චෙ? පභෙදතො දෙසිතාය දෙසනාය පටිසම්භිදාඤාණාවහත්තා. නානාභෙදභින්නානඤ්හි ධම්මානං නානාභෙදභින්නා දෙසනා සොතූනං අරියපුග්ගලානං පටිසම්භිදාඤාණප්පභෙදඤ්ච සඤ්ජනෙති, පුථුජ්ජනානං ආයතිං පටිසම්භිදාඤාණප්පභෙදාය ච පච්චයො හොති. වුත්තඤ්ච – “පභෙදතො හි දෙසනා ඝනවිනිබ්භොගපටිසම්භිදාඤාණාවහා හොතී”ති (ධ· ස· අට්ඨ· 1.කාමාවචරකුසලපදභාජනීය). අයඤ්ච නානාභෙදභින්නා දෙසනා, තෙනස්සා පටිසම්භිදානං මග්ගත්තසිද්ධි.
පටිසම්භිදානං මග්ගොති තන්නාම විසෙසිතොච යනුවෙන් කියන ලද හෙයින් ප්‍රතිසම්භිදා මාර්ගයාගේ, ප්‍රතිසම්භිදා මාර්ගතාවය පළමුකොට කිවයුතුය. ප්‍රතිසම්භිදා සතරක් වන්නේය. අර්ථ ප්‍රතිසම්භිදා, ධර්ම ප්‍රතිසම්භිදා, නිරුක්ති ප්‍රතිසම්භිදා, ප්‍රතිභාන ප්‍රතිසම්භිදා යනු ඒවා වෙති. ඒ ප්‍රතිසම්භිදාවන්ගේ මාර්ගය නවලොව්තුරු දහමයයි කියනු ලබන අධිගමයට උපාය මාර්ගය වේනුයි ප්‍රතිසම්භිදා මාර්ග නම් වේ. ප්‍රතිසම්භිදා ලැබීමට හේතුවේයයි කියන ලදි. කෙසේ මෙය ඒවාට පැමිණීමේ මාර්ගය වේද යත්? විවිධාකාරයෙන් දේශනා කරන ලද දේශනාවන්ගේ ප්‍රතිසම්භිදා ඥානය ගෙන එන බැවිනි. නොයෙක් කොටස්වලට කැඩුණු ධර්මයන්ගේ නොයෙක් කොටස්වලට කැඩුණු දේශනා අසන ආර්ය පුද්ගලයන්ට ප්‍රතිසම්භිදා ඥාන ප්‍රභේද (කොටස්) හැඳින ගැනීමට හැකිවෙයි. පෘථග්ජනයින්ට මතු මත්තෙහි ප්‍රතිසම්භිදා ඥාන විශේෂ ලබාගැනීමට උපකාරී වේ. කියන ලද්දේද වේ. ප්‍රභේද වශයෙන් වනාහි එකට ඝනව ඇති දෑ වෙන්කොට දක්වන දේශනාව ප්‍රතිසම්භිදා ඥාන ගෙන එන්නේ වෙයි. (උපදවයි). මෙයද නොයෙක් ආකාර බිඳුම්වලින් බිඳී ඇති දේශනාවකි. එහෙයින් මෙය ඒ ප්‍රතිසම්භිදාවන්ගේ මාර්ග සිද්ධියට අදාළ වර්ණනයකි.
තත්ථ චතස්සොති ගණනපරිච්ඡෙදො. පටිසම්භිදාති පභෙදා. “අත්ථෙ ඤාණං අත්ථපටිසම්භිදා, ධම්මෙ ඤාණං ධම්මපටිසම්භිදා, තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා”ති (විභ· 718) වුත්තත්තා න අඤ්ඤස්ස කස්සචි පභෙදා, ඤාණස්සෙව පභෙදා. තස්මා “චතස්සො පටිසම්භිදා”ති චත්තාරො ඤාණප්පභෙදාති අත්ථො. අත්ථප්පභෙදස්ස සල්ලක්ඛණවිභාවනවවත්ථානකරණසමත්ථං අත්ථෙ පභෙදගතං ඤාණං අත්ථපටිසම්භිදා. ධම්මප්පභෙදස්ස සල්ලක්ඛණවිභාවනවවත්ථානකරණසමත්ථං ධම්මෙ පභෙදගතං ඤාණං ධම්මපටිසම්භිදා. නිරුත්තිප්පභෙදස්ස සල්ලක්ඛණවිභාවනවවත්ථානකරණසමත්ථං නිරුත්තාභිලාපෙ පභෙදගතං ඤාණං නිරුත්තිපටිසම්භිදා. පටිභානප්පභෙදස්ස සල්ලක්ඛණවිභාවනවවත්ථානකරණසමත්ථං පටිභානෙ පභෙදගතං ඤාණං පටිභානපටිසම්භිදා.
එහි චතස්සො යනු ගණන්කොට වෙන් කිරීමයි. පටිසම්භිදා යනු ප්‍රභේදයි. වෙන් කිරීමයි. එහි අර්ථයෙහි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාවයි. ධර්මයෙහි ඤාණය ධර්ම ප්‍රතිසම්භිදාවයි. අර්ථ, ව්‍යාකරණ කී මෙහි (දැනීමෙහි) ඤාණය නිරුක්ති ප්‍රතිසම්භිදාවයි. ඤාණයන්හි ඤාණය ප්‍රතිභාන ප්රතිසම්භිදාවයයි කියන ලද හෙයින් වෙන අන් කිසිවක ප්‍රභේදයක් නොව මේ ඤාණයෙහිම ප්‍රභේදයි. එහෙයින් සතර ප්‍රතිසම්භිදා යනු ඤාණයන්ගේ සතරාකාර ප්‍රභේදයෝය යනු තේරුමයි. අර්ථයෙහි ප්‍රභේද සිතා බැලීම විශේෂයෙන් සලකා බැලීම, වෙන්කොට තේරුම් ගැනීමට දක්ෂ වූ අර්ථයෙහි ප්රභේදගත ඤාණය අත්ථ පටිසම්භිදා යි. ධර්මයෙහි ප්‍රභේද සිතා බැලීම විශේෂයෙන් සලකා බැලීම වෙන්කොට තේරුම් ගැනීමට දක්ෂ වූ ධර්මයෙහි ප්රභේදගත ඤාණය ධම්මපටිසම්භිදා යි. නිරුක්ති ප්රභේදයන්හි ප්‍රභේද සිතා බැලීම, විශේෂයෙන් සලකා බැලීම වෙන්කොට තේරුම් ගැනීමට දක්ෂ වූ නිරුක්තියෙහි ප්රභේදගත ඤාණය නිරුත්ති පටිසම්භිදා යි වැටහීම් ප්රභේදයන්හි ප්‍රභේද සිතා බැලීම, විශේෂයෙන් සලකා බැලීම වෙන්කොට තේරුම් ගැනීමට දක්ෂ වූ ඤාණය පටිභාන පටිසම්භිදා යි.
තත්ථ අත්ථොති සඞ්ඛෙපතො හෙතුඵලං. තඤ්හි යස්මා හෙතුඅනුසාරෙන අරීයති අධිගමීයති පාපුණීයති, තස්මා අත්ථොති වුච්චති. පභෙදතො පන යංකිඤ්චි පච්චයසමුප්පන්නං, නිබ්බානං, භාසිතත්ථො, විපාකො, කිරියාති ඉමෙ පඤ්ච ධම්මා අත්ථොති වෙදිතබ්බා. තං අත්ථං පච්චවෙක්ඛන්තස්ස තස්මිං අත්ථෙ පභෙදගතං ඤාණං අත්ථපටිසම්භිදා.
එහි අත්ථො යනු සංක්ෂේපයෙන් හේතුව හා ඵලයයි. යම් හේතුවක් අනුසාරයෙන් පත්වේද, අවබෝධ කෙරේද, පමුණුවනු ලැබේද එහෙයින් එයට අර්ථයයි කියනු ලැබේ. ප්‍රභේද වශයෙන් වනාහි හේතුවකින් හටගත් යමක් වේද එයද, නිර්වාණය ද දේශිය ධර්මය, විපාකය, ක්‍රියාව යන මේ පස (5) අර්ථයයි දතයුතුය. ඒ අර්ථය මෙනෙහි කරන්නාට ඒ අර්ථයෙහි ප්රභේදගත ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාවයි.
ධම්මොති සඞ්ඛෙපතො පච්චයො. සො හි යස්මා තං තං විදහති පවත්තෙති චෙව පාපෙති ච, තස්මා ධම්මොති වුච්චති. පභෙදතො පන යො කොචි ඵලනිබ්බත්තකො හෙතු, අරියමග්ගො, භාසිතං, කුසලං, අකුසලන්ති ඉමෙ පඤ්ච ධම්මා ධම්මොති වෙදිතබ්බා. තං ධම්මං පච්චවෙක්ඛන්තස්ස තස්මිං ධම්මෙ පභෙදගතං ඤාණං ධම්මපටිසම්භිදා. අයමෙව හි අත්ථො අභිධම්මෙ (විභ· 719-725) –
ධම්මො යනු සංක්ෂේපයෙන් ප්‍රත්‍යයයි. එය වනාහි ඒ ඒ දෙය නියම කරයිද පවත්වයිද පමුණුවයිද එහෙයින් ධර්මයයි කියනු ලැබේ. ප්‍රභේද වශයෙන් වනාහි, ඵලය නිපදවන හේතුව ද, ආර්ය මාර්ගය ද, බුද්ධ දේශනාව ද කුසලය ද, අකුසලය ද යන මේ කරුණු පහ ධර්මයයි දතයුතුය. ඒ ධර්මය මෙනෙහි කරන්නහුට ඒ ධර්මයෙහි ප්රභේදගත ඤාණය ධර්ම ප්‍රතිසම්භිදා නම් වේ. අභිධර්මයෙහිද මෙම අර්ථයම වේ.
“දුක්ඛෙ ඤාණං අත්ථපටිසම්භිදා, දුක්ඛසමුදයෙ ඤාණං ධම්මපටිසම්භිදා, දුක්ඛනිරොධෙ ඤාණං අත්ථපටිසම්භිදා, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං ධම්මපටිසම්භිදා. හෙතුම්හි ඤාණං ධම්මපටිසම්භිදා, හෙතුඵලෙ ඤාණං අත්ථපටිසම්භිදා.
දුකෙහි දැනුම අර්ථ ප්‍රතිසම්භිදාවයි. දුක හට ගැනුමෙහි ඤාණය (දැනුම) ධර්ම ප්‍රතිසම්භිදාවයි. දුක නිරුද්ධ කිරීමෙහි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාවයි. දුක නිරුද්ධ කිරීමට පමුණුවන ප්‍රතිපදා ඤාණය ධර්ම ප්‍රතිසම්භිදාවයි. හේතුවෙහි ඤාණය ධර්ම ප්‍රතිසම්භිදාවයි. හේතුවෙහි හා ඵලයෙහි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාවයි.
“යෙ ධම්මා ජාතා භූතා සඤ්ජාතා නිබ්බත්තා අභිනිබ්බත්තා පාතුභූතා, ඉමෙසු ධම්මෙසු ඤාණං අත්ථපටිසම්භිදා, යම්හා ධම්මා තෙ ධම්මා ජාතා භූතා සඤ්ජාතා නිබ්බත්තා අභිනිබ්බත්තා පාතුභූතා, තෙසු ධම්මෙසු ඤාණං ධම්මපටිසම්භිදා.
යම් ධර්ම කෙනෙක් උපන්නේද, ඇතිවීද, හටගත්තේද, උපන්නේද, විශේෂයෙන් උපන්නේද, පහළ වූයේද මේ ස්වභාවයන්හි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදා නමි. යම් ස්වභාවයකින් ඒ ස්වභාවයන් උපන්නේද, ඇතිවීද, හටගත්තේද, උපන්නේද, විශේෂයෙන් හටගත්තේද, පහළවූයේද, ඒ ස්වභාවයන්හි ඤාණය ධර්මප්රතිසම්භිදාවයි.
“ජරාමරණෙ ඤාණං අත්ථපටිසම්භිදා, ජරාමරණසමුදයෙ ඤාණං ධම්මපටිසම්භිදා, ජරාමරණනිරොධෙ ඤාණං අත්ථපටිසම්භිදා, ජරාමරණනිරොධගාමිනියා පටිපදාය ඤාණං ධම්මපටිසම්භිදා.
ජරාමරණ පිළිබඳ දැනුම අර්ථ ප්‍රතිසම්භිදාවයි. ජරාමරණ නැති කිරීමෙහි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාවයි. ජරාමරණ නිරුද්ධ කිරීමට පමුණුවන ප්‍රතිපදාවෙහි ඤාණය ධර්ම ප්‍රතිසම්භිදාවයි.
“ජාතියා ඤාණං…පෙ… භවෙ ඤාණං…පෙ… උපාදානෙ ඤාණං…පෙ… තණ්හාය ඤාණං…පෙ… වෙදනාය ඤාණං…පෙ… ඵස්සෙ ඤාණං….පෙ… සළායතනෙ ඤාණං….පෙ… නාමරූපෙ ඤාණං…පෙ… විඤ්ඤාණෙ ඤාණං…පෙ… සඞ්ඛාරෙසු ඤාණං අත්ථපටිසම්භිදා, සඞ්ඛාරසමුදයෙ ඤාණං ධම්මපටිසම්භිදා, සඞ්ඛාරනිරොධෙ ඤාණං අත්ථපටිසම්භිදා, සඞ්ඛාරනිරොධගාමිනියා පටිපදාය ඤාණං ධම්මපටිසම්භිදා.
උපතෙහි ඤාණය -පෙ- භවයෙහි ඤාණය -පෙ- දැඩිව ගැනීමෙහි ඤාණය -පෙ- ස්පර්ශයෙහි ඤාණය -පෙ- ආයතන සයෙහි ඤාණය -පෙ- නාමය හා රූපයෙහි ඤාණය -පෙ- විඤ්ඤාණයෙහි ඤාණය -පෙ- සංස්කාරයන්හි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාවයි. සංස්කාර හටගැනීමෙහි ඤාණය ධර්ම ප්‍රතිසම්භිදාවයි. සංස්කාර නිරෝධයෙහි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාවයි. සංස්කාර නිරෝධයට පමුණුවන ප්‍රතිපදාවෙහි ඤාණය ධර්මප්රතිසම්භිදාවයි.
“ඉධ භික්ඛු ධම්මං ජානාති – සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථං උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලං. අයං වුච්චති ධම්මපටිසම්භිදා. සො තස්ස තස්සෙව භාසිතස්ස අත්ථං ජානාති ‘අයං ඉමස්ස භාසිතස්ස අත්ථො, අයං ඉමස්ස භාසිතස්ස අත්ථො’ති. අයං වුච්චති අත්ථපටිසම්භිදා.
මේ සස්නෙහි භික්ෂුව, සූත්‍ර, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භුතධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෲ ශාසනයට අයත් ධර්මය දනීද? මෙය ධර්ම ප්රතිපදාවයැයි කියනු ලැබේ. (යුසේපි) හෙතෙම ඒ ඒ කියන ලද්දෙහි අර්ථය මේ මෙම කියන ලද්දෙහි අර්ථයය, මේ, මෙම කියන ලද්දෙහි අර්ථය යැයි අර්ථ දනීද මෙය අර්ථ ප්‍රතිසම්භිදාව යැය කියනු ලැබේ.
“කතමෙ ධම්මා කුසලා? යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං රූපාරම්මණං වා…පෙ… ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ ඵස්සො හොති…පෙ… අවික්ඛෙපො හොති. ඉමෙ ධම්මා කුසලා. ඉමෙසු ධම්මෙසු ඤාණං ධම්මපටිසම්භිදා, තෙසං විපාකෙ ඤාණං අත්ථපටිසම්භිදා”තිආදිනා නයෙන විභජිත්වා විභජිත්වා දස්සිතො.
කුසල්දම් කවරහුද? යම් වෙලාවක සොම්නස් සහගත ඤාණ සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිතක් උපන්නේ වේද, එය රූපයක් අරමුණුකොට හෝ වේද? -පෙ- ධර්මයක් අරමුණුකොට හෝ වේද? යම් යම් දැයක් අරමුණුකොට එසමයෙහි ස්පර්‍ශයෙක් වේද? -පෙ- අවික්ෂේපයක් වේද මෙම ධර්ම කුසල්යයි දනීද? මෙම ධර්මයන්හි ඤාණය ධර්ම ප්‍රතිසම්භිදාවයි. ඒවාහි විපාකයෙහි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාවයි. ආදී ක්‍රමයෙන් විස්තර වශයෙන් බෙදා බෙදා දක්වන ලදි.
තත්ර ධම්මනිරුත්තාභිලාපෙ ඤාණන්ති තස්මිං අත්ථෙ ච ධම්මෙ ච යා සභාවනිරුත්ති අබ්යභිචාරිවොහාරො, තස්ස අභිලාපෙ භාසනෙ උදීරණෙ තං ලපිතං භාසිතං උදීරිතං සභාවනිරුත්තිසද්දං ආරම්මණං කත්වා පච්චවෙක්ඛන්තස්ස තස්මිං සභාවනිරුත්තාභිලාපෙ “අයං සභාවනිරුත්ති, අයං න සභාවනිරුත්තී”ති එවං තස්සා ධම්මනිරුත්තිසඤ්ඤිතාය සභාවනිරුත්තියා මාගධිකාය සබ්බසත්තානං මූලභාසාය පභෙදගතං ඤාණං නිරුත්තිපටිසම්භිදා. එවමයං නිරුත්තිපටිසම්භිදා සද්දාරම්මණා නාම ජාතා, න පඤ්ඤත්තිආරම්මණා. කස්මා? යස්මා සද්දං සුත්වා “අයං සභාවනිරුත්ති, අයං න සභාවනිරුත්තී”ති ජානාති. පටිසම්භිදාප්පත්තො හි “ඵස්සො”ති වුත්තෙ “අයං සභාවනිරුත්තී”ති ජානාති, “ඵස්සා”ති වා “ඵස්ස”න්ති වා වුත්තෙ පන “අයං න සභාවනිරුත්තී”ති ජානාති. වෙදනාදීසුපි එසෙව නයො. අඤ්ඤං පනෙස නාමාඛ්යාතඋපසග්ගනිපාතබ්යඤ්ජනසද්දං ජානාති න ජානාතීති? යදග්ගෙන සද්දං සුත්වා “අයං සභාවනිරුත්ති, අයං න සභාවනිරුත්තී”ති ජානාති, තදග්ගෙන තම්පි ජානිස්සති. තං පන නයිදං පටිසම්භිදාකිච්චන්ති පටික්ඛිපිත්වා “භාසං නාම සත්තා උග්ගණ්හන්තී”ති වත්වා ඉදං කථිතං – මාතාපිතරො හි දහරකාලෙ කුමාරකෙ මඤ්චෙ වා පීඨෙ වා නිපජ්ජාපෙත්වා තං තං කථයමානා තානි තානි කිච්චානි කරොන්ති, දාරකා තෙසං තං තං භාසං වවත්ථාපෙන්ති “ඉමිනා ඉදං වුත්තං, ඉමිනා ඉදං වුත්ත”න්ති. ගච්ඡන්තෙ ගච්ඡන්තෙ කාලෙ සබ්බම්පි භාසං ජානන්ති. මාතා දමිළී, පිතා අන්‍ධකො. තෙසං ජාතදාරකො සචෙ මාතු කථං පඨමං සුණාති , දමිළභාසං භාසිස්සති. සචෙ පිතු කථං පඨමං සුණාති, අන්ධකභාසං භාසිස්සති. උභින්නම්පි පන කථං අසුණන්තො මාගධිකභාසං භාසිස්සති.
‘අත්ථධම්මනිරුත්තාභිලාපෙඤාණං’ යනු එම අර්ථයෙහිද, ධර්මයෙහිද යම් ස්වභාව නිරුක්තියක් අවිශේෂ ව්‍යවහාරයක් වේද, එහි අභිලාසයෙහි, භාෂණයෙහි, උදීරණයෙහි, එම ලිපිනය, භාෂිතය, උදීරිතය ස්වභාව නිරුක්ති ශබ්දය අරමුණුකොට, ප්රත්යවේක්ෂා කරන්නහුට එම ස්වභාව නිරුක්ති අභිලාෂයෙහි නිරුක්තිය යයිද, මෙසේ එම ධර්ම නිරුක්ති සංඥීතාවයෙන්, ස්වභාව නිරුක්තියෙහි, සියලු සත්ත්වයින්ගේ මුල් භාෂාව වූ මාගධියෙහි ප්රභේදගත ඤාණය නිරුක්ති ප්‍රතිසම්භිදාවයි. මෙසේ මේ නිරුක්ති ප්‍රතිසම්භිදාව ශබ්දයක් අරමුණු කොට හටගත්තේ වෙයි. ප්රඥප්තියක් අරමුණුකොට නොවේ. කුමක් හෙයින්ද යත්? ශබ්දයක් ශ්‍රවණය අසා මෙය ස්වභාව නිරුක්තියයිද, මෙය ස්වභාවික (උචිත) නිරුක්තිය නොවේයයි දැනගනීද, ප්‍රතිසම්භිදා ප්රාප්තවූවහු ඵස්සො යන වචනය කී කල්හි මෙය ස්වභාව නිරුක්තිය යයි දැනගනීද ඵස්ස හෝ ඵස්සන්ති යයි කී කල්හි මෙය ස්වභාවික නිරුක්තිය නොවේ යයි දැනගනීද වේදනාදී ශබ්දයන්හිද එසේමැයි. මෙහි විශේෂයක් නම් සමහරු නාම ආඛ්‍යාත උපසර්ග නිපාත ව්යංජනාක්ෂරාදී ශබ්ද දන්නාහු හෝ නොදන්නාහු වෙති. යම් වේලාවක සිට ශබ්දයක් අසා මෙය ස්වභාව නිරුක්තිය යයිද මෙය ස්වභාව නිරුක්තියක් නොවේයයි දැනගනීද, එතැන් සිට ඔහු එය තේරුම්ගෙන මෙය ප්‍රතිසම්භිදා කෘත්‍යයක් නොවේයයි ප්‍රතික්ෂේප කොට භාෂාව සත්ත්වයෝ ඉගෙන ගනිත් යයි කියා පහත දැක්වෙන කරුණු ඉදිරිපත් කරයි. මව්පියවරු ළමයින් ළදරු වියෙහිදී ඇඳෙහි හෝ පුටුවෙහි හොවවා (හිටුවා) යම් යම් දේ කියන කල්හි ඒ ඒ කටයුතු කරති. දරුවෝ ඔවුන්ගේ ඒ කියමන් අසා මේ වචනයෙන් කියන ලද්දේ වෙයි. මේ වචනයෙන් කියන ලද්දේ මෙයයි කරුණු තේරුම් ගනිති. කල් යත් යත්ම සියලුම භාෂාව දැනගනියි. මව දෙමළය, පියා ආන්ද්‍ර යයි ඔවුන්ට උපන් දරුවා ඉදින් ප්‍රථමයෙන් මවගේ කථා ශ්‍රවණය කරයිද එවිට දෙමළ බස කථා කරන්නේය. පියාගේ කථා කිරීම පළමුව ශ්‍රවණය කරයිද ආන්ද්‍ර භාෂාව කථා කරන්නේය. දෙදෙනාගේම කථා ශ්‍රවණය නොලදහොත් මාගධී භාෂාව කථා කරන්නේය.
යොපි අගාමකෙ මහාඅරඤ්ඤෙ නිබ්බත්තො, තත්ථ අඤ්ඤො කථෙන්තො නාම නත්ථි, සොපි අත්තනො ධම්මතාය වචනං සමුට්ඨාපෙන්තො මාගධිකභාසමෙව භාසිස්සති. නිරයෙ තිරච්ඡානයොනියං පෙත්තිවිසයෙ මනුස්සලොකෙ දෙවලොකෙති සබ්බත්ථ මාගධිකභාසාව උස්සන්නා. තත්ථ සෙසා ඔට්ටකිරාතඅන්ධකයොනකදමිළභාසාදිකා භාසා පරිවත්තන්ති. අයමෙවෙකා යථාභුච්චබ්රහ්මවොහාරඅරියවොහාරසඞ්ඛාතා මාගධිකභාසා න පරිවත්තති. සම්මාසම්බුද්ධොපි තෙපිටකං බුද්ධවචනං තන්තිං ආරොපෙන්තො මාගධිකභාසාය එව ආරොපෙසි. කස්මා? එවඤ්හි අත්ථං ආහරිතුං සුඛං හොති. මාගධිකභාසාය හි තන්තිං ආරුළ්හස්ස බුද්ධවචනස්ස පටිසම්භිදාප්පත්තානං සොතපථාගමනමෙව පපඤ්චො . සොතෙ පන සඞ්ඝට්ටිතමත්තෙයෙව නයසතෙන නයසහස්සෙන අත්ථො උපට්ඨාති. අඤ්ඤාය පන භාසාය තන්තිං ආරුළ්හකං පොථෙත්වා පොථෙත්වා උග්ගහෙතබ්බං හොති. බහුම්පි උග්ගහෙත්වා පන පුථුජ්ජනස්ස පටිසම්භිදාප්පත්ති නාම නත්ථි, අරියසාවකො නො පටිසම්භිදාප්පත්තො නාම නත්ථි.
කථාකරන අන් කිසිවකු නොමැති ගමක් නුවූ මහා කැලයක යම් පුද්ගලයෙක් උපන්නේ වේද? ඔහුද ඔහුට උපතින් ලද ශක්තිය තුළින් වචන උපදවන්නේ මාගධී භාෂාවම කථා කරන්නේය. නිරයෙහි තිරිසන් යෝනියෙහි, ප්‍රේත ලෝකයෙහි, මිනිස්ලොව, දෙව්ලොව යන හැමතැනම මාගධී භාෂාවම උසස්ව පවතී. එහි අනෙක් අශිෂ්ටගොත්රික වැදි ආන්ද්රදෙශික, මුස්ලිම්, දෙමළ ආදි භාෂා කලින් කල වෙනස් වේ. බ්‍රහ්මයින් ආර්යයන් වැනි ශ්‍රේෂ්ඨ ගණයේ භාෂාව මාගධී භාෂාවයි. බුදුරජාණන් වහන්සේද ත්‍රිපිටක බුද්ධ වචනය පෙළට නගන්නේ මාගධී භාෂාවටම නැගූ සේක. කුමක් හෙයින්ද යත්? මෙසේ වූ විට තේරුම ගෙනහැර දැක්වීම පහසුයි. ප්‍රතිසම්භිදා පත් උතුමන්ට මාගධී භාෂාවෙන් පෙළට නැගූ ධර්මයෙහි අවබෝධ ප්‍රමාදය කණෙන්ද්රියට පැමිණීම පමණි. කණෙහි ගැටුණු සැණින් සියක් නයින් දහසක් නයින් (ක්‍රමයෙන්) අර්ථය වැටහෙයි. වෙනත් භාෂාවකින් පෙළට නැගූ බුදුදහම පෙළ පෙළා (අති දුෂ්කරව) ඉගෙනගත යුතු වෙයි. බොහෝකොට උගත් නමුදු පෘථග්ජනයින්ට ප්‍රතිසම්භිදා ප්‍රාප්තියක් නම් නැත. ප්‍රතිසම්භිදාවට නොපැමිණි ආර්ය ශ්‍රාවකයෙක් නම් නැත.
ඤාණෙසු ඤාණන්ති සබ්බත්ථකඤාණමාරම්මණං කත්වා පච්චවෙක්ඛන්තස්ස තස්මිං ඤාණෙ පභෙදගතං ඤාණං, යථාවුත්තෙසු වා තෙසු තීසු ඤාණෙසු ගොචරකිච්චාදිවසෙන විත්ථාරගතං ඤාණං පටිභානපටිසම්භිදා.
ඤාණෙසු ඤාණං යනු හැමතැන නුවණ අරමුණුකොට සිහි කරන්නහුට ඒ ඤාණයෙහි ප්රභේදගත ඤාණය කියන ලද ත්‍රිවිධ ඤාණයන්හි ගෝචර කෘත්‍ය ආදි වශයෙන් විස්තර කරන ලද ඤාණය ප්‍රතිභාන ප්‍රතිසම්භිදාවයි.
ඉමා පන චතස්සො පටිසම්භිදා ද්වීසු ඨානෙසු පභෙදං ගච්ඡන්ති, පඤ්චහි කාරණෙහි විසදා හොන්තීති වෙදිතබ්බා. කතමෙසු ද්වීසු ඨානෙසු පභෙදං ගච්ඡන්ති? සෙක්ඛභූමියඤ්ච අසෙක්ඛභූමියඤ්ච. තත්ථ සාරිපුත්තත්ථෙරස්ස මහාමොග්ගල්ලානත්ථෙරස්ස මහාකස්සපත්ථෙරස්ස මහාකච්චායනත්ථෙරස්ස මහාකොට්ඨිතත්ථෙරස්සාති එවමාදීනං අසීතියාපි මහාථෙරානං පටිසම්භිදා අසෙක්ඛභූමියං පභෙදං ගතා, ආනන්දත්ථෙරස්ස, චිත්තස්ස ගහපතිනො, ධම්මිකස්ස උපාසකස්ස, උපාලිස්ස ගහපතිනො, ඛුජ්ජුත්තරාය උපාසිකායාතිඑවමාදීනං පටිසම්භිදා සෙක්ඛභූමියං පභෙදං ගතාති ඉමාසු ද්වීසු භූමීසු පභෙදං ගච්ඡන්ති.
මේ සතර ප්‍රතිසම්භිදා දෙතැනකදී ප්‍රභේදයකට (වෙන් කිරීමට) නයයි කරුණු පසකින් (5) ප්‍රකට වේ යයි දතයුතුය. කවර දෙතැනක ප්‍රභේදයට යයිද? ශෛක්ෂ්ය, අශෛක්ෂ්ය වශයෙනි. එහි, සැරියුත් මහමුගලන්, මහාකාශ්‍යප, මහා කච්චායන, මහාකොට්ඨිත ආදී අසූමහා ශ්‍රාවකයන්ගේ ප්‍රතිසම්භිදා ප්‍රාප්තිය අශෛක්ෂ්ය භූමියෙහි වූයේ යයි වර්ග කළහැකිය. අනඳ තෙරුන්, චිත්‍ර ගෘහපති, ධම්මික උපාසක, උපාලි ගෘහපති, ඛුජ්ජුත්තරා උපාසිකාව යන මොවුන්ගේ ප්‍රතිසම්භිදා ප්‍රාප්තිය ශෛක්ෂ්ය භූමියේ වූයේ යයි වර්ග කළ හැකිය. මෙම භූමි දෙක අනුව කොටස් දෙකකට යයි. (ගණන් ගැනේ)
කතමෙහි පඤ්චහි කාරණෙහි විසදා හොන්ති? අධිගමෙන, පරියත්තියා, සවනෙන, පරිපුච්ඡාය, පුබ්බයොගෙන. තත්ථ අධිගමො නාම අරහත්තප්පත්ති. අරහත්තඤ්හි පත්තස්ස පටිසම්භිදා විසදා හොන්ති. පරියත්ති නාම බුද්ධවචනං. තඤ්හි උග්ගණ්හන්තස්ස පටිසම්භිදා විසදා හොන්ති. සවනං නාම සද්ධම්මස්සවනං. සක්කච්චං අට්ඨිං කත්වා ධම්මං සුණන්තස්ස හි පටිසම්භිදා විසදා හොන්ති. පරිපුච්ඡා නාම පාළිඅට්ඨකථාදීසු ගණ්ඨිපදඅත්ථපදවිනිච්ඡයකථා. උග්ගහිතපාළිආදීසු හි අත්ථං පරිපුච්ඡන්තස්ස පටිසම්භිදා විසදා හොන්ති. පුබ්බයොගො නාම පුබ්බබුද්ධානං සාසනෙ යොගාවචරතා ගතපච්චාගතිකභාවෙන යාව අනුලොමගොත්රභුසමීපං පත්තවිපස්සනානුයොගො. පුබ්බයොගාවචරස්ස හි පටිසම්භිදා විසදා හොන්ති. ඉමෙහි පඤ්චහි කාරණෙහි විසදා හොන්තීති.
කවර කරුණු පහකින් (5) ප්‍රකට වෙයිද? අවබෝධයෙන් පර්‍ය්‍යාප්තියෙන්, ශ්‍රවණයෙන්, (විමසීමෙන්) විචාරීමෙන් කලින් යෙදීමෙන්. එහි අධිගම නම් රහත් බවට පැමිණීමයි. රහත්භාවයට පැමිණියහුට ප්‍රතිසම්භිදා ප්‍රකට වේ. පරියත්ති නමි. බුදුවදන්ය. එය ඉගෙන ගන්නහුට ප්‍රතිසම්භිදා ප්‍රකට වේ. ශ්‍රවණ නම් සද්ධර්මශ්රවණයයි. සකස්ව සිත එකඟකොට ධර්මය අසන්නාට ප්‍රතිසම්භිදා ප්‍රකට වේ. විචාරීම නම් පාලි අටුවාවන්හි ගැටපද, පදාර්ථ විනිශ්චය කථා ඉගෙනගත් පාලි ආදී භාෂාවන්හි අර්ථය විමසන්නහුට ප්‍රතිසම්භිදා ප්‍රකට වේ. පූර්වයෝග යනු පෙර බුදුවරුන්ගේ ශාසනයන්හි, යෝගාවචරතාවයෙන්, ඉදිරියට යාම, ආපසු ඒම ආදී ස්වභාවයෙන් අනුලෝමය දක්වා ගෝත්‍රභූ සමීපයට පැමිණි විදර්ශනා භාවනාවන්හි යෙදීම පූර්වයෝගාවචරයන් හට ප්‍රතිසම්භිදා ප්‍රකට වේ. මේ කරුණු පහෙන් (5) ප්‍රකට වේ.
එතෙසු පන කාරණෙසු පරියත්ති සවනං පරිපුච්ඡාති ඉමානි තීණි පභෙදස්සෙව බලවකාරණානි. පුබ්බයොගො අධිගමස්ස බලවපච්චයො, පභෙදස්ස හොති න හොතීති? හොති, න පන තථා. පරියත්තිසවනපරිපුච්ඡා හි පුබ්බෙ හොන්තු වා මා වා, පුබ්බයොගෙන පන පුබ්බෙ චෙව එතරහි ච සඞ්ඛාරසම්මසනං විනා පටිසම්භිදා නාම නත්ථි. ඉමෙ පන ද්වෙපි එකතො හුත්වා පටිසම්භිදා උපත්ථම්භෙත්වා විසදා කරොන්තීති. අපරෙ ආහු –
මෙම කරුණු අතර, උගතයුතු ධර්මය, ශ්‍රවණය, විමසීම යන කරුණු තුන ප්‍රභේදය සඳහා බලවත්ය. පූර්වයෝගය අධිගමයට බලවත් හේතුවකි. ඉහත කරුණු තුනට (3) හේතුවේද නොවේද, හේතු වේ. පර්යාප්තිය (ධර්මය ඉගෙනීම) ශ්‍රවණය, විමසීම යන මේවා පෙර ආත්මයන්හි වූයේ හෝ නොවූයේ හෝ වේවා පූර්වයෝගයෙන්ද මේ ආත්මයෙහි සංස්කාරයන්ගේ උත්පාද භංග ඨිති මෙනෙහි කිරීමකින් තොරව ප්රතිසම්භිදාවක් නම් නොමැත. මෙම දෙකම එකට එකතුව උපකාර ලබා ප්‍රතිසම්භිදා ප්‍රකට කෙරේ. සමහරු මෙසේ කීහ.
“පුබ්බයොගො බාහුසච්චං, දෙසභාසා ච ආගමො; පරිපුච්ඡා අධිගමො, ගරුසන්නිස්සයො තථා; මිත්තසම්පත්ති චෙවාති, පටිසම්භිදපච්චයා”ති.
පුබ්බයොගො බාහුසච්චං - දෙසභාසාච ආගමො, පරිපුච්ඡා අධිගමො - ගරු සන්නිස්සයො තථා, මිත්ත සම්පත්ති චෙවාති - පටිසම්භිද පච්චයා
වුත්තං, වුත්තංහෙතං, වුත්තානි කියන ලදි. එය කියන ලද්දේමය. කියන ලදහ. කෙටි යෙදුම:- යූසේයි.
තත්ථ පුබ්බයොගො වුත්තනයොව. බාහුසච්චං නාම තෙසු තෙසු සත්ථෙසු ච සිප්පායතනෙසු ච කුසලතා. දෙසභාසා නාම එකසතවොහාරකුසලතා, විසෙසෙන පන මාගධිකෙ කොසල්ලං. ආගමො නාම අන්තමසො ඔපම්මවග්ගමත්තස්සපි බුද්ධවචනස්ස පරියාපුණනං. පරිපුච්ඡා නාම එකගාථායපි අත්ථවිනිච්ඡයපුච්ඡනං. අධිගමො නාම සොතාපන්නතා වා සකදාගාමිතා වා අනාගාමිතා වා අරහත්තං වා. ගරුසන්නිස්සයො නාම සුතපටිභානබහුලානං ගරූනං සන්තිකෙ වාසො. මිත්තසම්පත්ති නාම තථාරූපානංයෙව මිත්තානං පටිලාභොති.
පූර්වයෝගය, බහුශ්‍රැත බව, දේශභාෂාව, ආගම විචෑරීම, අධිගමය, ගුරුන් ඇසුරු කිරීම, මිත්‍ර සම්පත්තිය හා මේවා ප්‍රතිසම්භිදාවට හේතුවේ. එහි පූර්වයෝගය කියන ලද පරිදිය. බහුශ්‍රැත බව නම් ඒ ඒ ශාස්ත්රයන්හිද, ශිල්පයන්හිද දක්ෂතාවයයි. දේසභාෂා නම් එක්සියයක් භාෂාවන් හැසිරවීමේ දක්ෂතාවයයි. විශේෂයෙන් මාගධී භාෂාවේ දක්ෂතාවයයි. ආගම නම් යටත් පිරිසෙයින් බුද්ධදේශනාවේ ඕපම්ම වර්ගය පමණක්වත් මනාව අධ්‍යයනය කිරීමය. පරිපුච්ඡා නම් එක් ගාථාවක හෝ අර්ථ විනිශ්චය විචාරීමය. අධිගම නම් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන සතරමග සතරඵල වේ. ගරු සන්නස්සය නම් ඇසූපිරූ තැන් බහුල (උගත් ප්‍රඥාවත්) ගුරුවරුන්ගේ ළඟ වාසය කිරීමයි. මිත්‍ර සම්පත්ති යනු එබඳුම වූ මිත්රයින්ගේ ලැබීමයි.
තත්ථ බුද්ධා ච පච්චෙකබුද්ධා ච පුබ්බයොගඤ්චෙව අධිගමඤ්ච නිස්සාය පටිසම්භිදා පාපුණන්ති, සාවකා සබ්බානිපි එතානි කාරණානි. පටිසම්භිදාප්පත්තියා ච පාටියෙක්කො කම්මට්ඨානභාවනානුයොගො නාම නත්ථි, සෙක්ඛානං පන සෙක්ඛඵලවිමොක්ඛන්තිකා, අසෙක්ඛානං අසෙක්ඛඵලවිමොක්ඛන්තිකා ච පටිසම්භිදාප්පත්ති හොති. තථාගතානඤ්හි දස බලානි විය අරියානං අරියඵලෙහෙව පටිසම්භිදා ඉජ්ඣන්තීති. ඉමාසං චතස්සන්නං පටිසම්භිදානං මග්ගොති පටිසම්භිදාමග්ගො, පටිසම්භිදාමග්ගො එව පකරණං පටිසම්භිදාමග්ගප්පකරණං, පකාරෙන කරීයන්තෙ වුච්චන්තෙ එත්ථ නානාභෙදභින්නා ගම්භීරා අත්ථා ඉති පකරණං.
එහි බුදුරුවද, පසේබුදුවරුද, පූර්වයෝගයත්, අධිගමයත් නිසා ප්රතිසම්භිදාවන්ට පැමිණෙත්. ශ්‍රාවකයෝ ඉහත සඳහන් සෑම කරුණුය. ප්රතිසම්භිදාවන්ට පැමිණීමෙහිලා වෙන වෙන කර්මස්ථාන භාවනාවන්හි යෙදීමක් නම් නැත. ශෛක්ෂ්යයන්ට ශෛක්ෂ්ය ඵල විමුක්ති අන්තයෙහිද, අශෛක්ෂ්යයන්ට අශෛක්ෂ්ය ඵල විමුක්ති අන්තයෙහිද ප්‍රතිසම්භිදා ප්‍රාප්තිය වේ. බුදුවරුන්ට දසබලයන් මෙන් ආර්යයන්ට ආර්ය ඵලයෙහිදීම ප්‍රතිසම්භිදා ප්‍රාප්තිය සිදුවේ. මේ සතර ප්‍රතිසම්භිදාවන්ගේ මාර්ග යනුයි = ප්‍රතිසම්භිදා මාර්ග නම් වේ. ප්‍රතිසම්භිදා මාර්ග ප්රකරණයම = පටිසම්භිදා මග්ගප්පකරණ නම් වේ. ක්‍රමානුකූලව කරනු ලැබේ. කියනු ලැබේ. මෙහි විවිධාකාර භේදභින්න ගැඹුරු අර්ථ තිබේනුයි ප්රකරණ නම් වේ.
තදෙතං පටිසම්භිදාමග්ගප්පකරණං අත්ථසම්පන්නං බ්යඤ්ජනසම්පන්නං ගම්භීරං ගම්භීරත්ථං ලොකුත්තරප්පකාසනං සුඤ්ඤතාපටිසඤ්ඤුත්තං පටිපත්තිඵලවිසෙසසාධනං පටිපත්තිපටිපක්ඛපටිසෙධනං යොගාවචරානං ඤාණවරරතනාකරභූතං ධම්මකථිකානං ධම්මකථාවිලාසවිසෙසහෙතුභූතං සංසාරභීරුකානං දුක්ඛනිස්සරණං තදුපායදස්සනෙන අස්සාසජනනත්ථං තප්පටිපක්ඛනාසනත්ථඤ්ච ගම්භීරත්ථානඤ්ච අනෙකෙසං සුත්තන්තපදානං අත්ථවිවරණෙන සුජනහදයපරිතොසජනනත්ථං තථාගතෙන අරහතා සම්මාසම්බුද්ධෙන සබ්බත්ථ අප්පටිහතසබ්බඤ්ඤුතඤ්ඤාණමහාපදීපාවභාසෙන සකලජනවිත්ථතමහාකරුණාසිනෙහසිනිද්ධහදයෙන වෙනෙය්යජනහදයගතකිලෙසන්ධකාරවිධමනත්ථමුජ්ජලිතස්ස සද්ධම්මමහාපදීපස්ස තදධිප්පායවිකාසනසිනෙහපරිසෙකෙන පඤ්චවස්සසහස්සමවිරතමුජ්ජලනමිච්ඡතා ලොකානුකම්පකෙන සත්ථුකප්පෙන ධම්මරාජස්ස ධම්මසෙනාපතිනා ආයස්මතා සාරිපුත්තත්ථෙරෙන භාසිතං සුත්වා ආයස්මතා ආනන්දෙන පඨමමහාසඞ්ගීතිකාලෙ යථාසුතමෙව සඞ්ගීතිං ආරොපිතං.
ඒ මේ ප්‍රතිසම්භිදා මාර්ග ප්‍රකරණය අර්ථසම්පන්නයි. අක්ෂර සම්පන්නයි. ගැඹුරුයි. ගැඹුරු අර්ථ ඇත්තේය. ලෝකෝත්තර තාවයන් ප්‍රකාශ කරයි. ශූන්‍යතාවය හා ඒකාබද්ධව ඇත. ප්රතිපදාවන්හි යෙදීමෙන් ලබන විපාකය නමැති විශේෂතා ගෙන එයි. විරුද්ධතා වළකාලයි. යෝගාවචරයන්ට උතුම් ඤාණය නමැති රුවනාකරයක් වේ. ධර්ම කථිකයන්ට ධර්මකථා විලාසය පවත්වාගෙන යාමට විශේෂයෙන් ආධාර වේ. සසර බිය ඇතියවුන්ට දුකින් නික්මීමේ මාර්ගයයි. ඒ උපායමාර්ග දැකීමෙන් සැනසිල්ල හටගැනීමටත්, ඊට විරුද්ධ දෑ නැසීමටත්, ගැඹුරු අර්ථයන්ට නොයෙක් සූත්‍ර හා අපදානයන් මගින් අර්ථ විවරණය කරමින් හුදී ජන හෘදයන්හි ප්‍රීතිය හටගැන්වීම සඳහාත් තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් හැමතැන අප්‍රතිහත සර්වඥතාඥාන මහා පහන් ආලෝකයෙන් සියලු ජනතාව වෙත පැතිරුණු මහා කරුණාව නමැති තෙලෙන් සිනිඳු වූ හෘදයෙන්, දම්දෙසීමෙන් හික්මවිය හැකි ජනතාවගේ හෘදයගත ක්ලේශාන්ධකාරයන් විනාශ කිරීමටත්, දල්වන ලද සද්ධර්මය නමැති මහ පහනට ඒ අදහස් පැතිරවීමට ඉසින සිනිඳු තෙලක් බඳු වූ, පන්දහසක් වස් නොවෙනස්ව බබලනු කැමැත්තෙන් ලෝකානුකම්පී වූ, පන්දහසක් වස් නොවෙනස්ව බබලනු කැමැත්තෙන් ලෝකානුකම්පී වූ, ධර්මරාජයාණන් වහන්සේගේ දම්සෙනෙවි ආයුෂ්මත් සැරියුත් තෙරුන්ගේ කියමන අසා, ආයුෂ්මත් ආනන්ද තෙරුන් විසින් ප්‍රථම මහා ධර්ම සංගායනා කාලයෙහි ඇසූ පරිද්දෙන්ම සංගායනාවට නගන ලදි.
තදෙතං විනයපිටකං සුත්තන්තපිටකං අභිධම්මපිටකන්ති තීසු පිටකෙසු සුත්තන්තපිටකපරියාපන්නං. දීඝනිකායො මජ්ඣිමනිකායො සංයුත්තනිකායො අඞ්ගුත්තරනිකායො ඛුද්දකනිකායොති පඤ්චසු මහානිකායෙසු ඛුද්දකමහානිකායපරියාපන්නං. සුත්තං ගෙය්යං වෙය්යාකරණං ගාථා උදානං ඉතිවුත්තකං ජාතකං අබ්භුතධම්මං වෙදල්ලන්ති නවසු සත්ථු සාසනඞ්ගෙසු යථාසම්භවං ගෙය්යවෙය්යාකරණඞ්ගද්වයසඞ්ගහිතං.
එය විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකයයි යන ත්‍රිපිටකයන් අතර සූත්‍ර පිටකයට අයත් දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය යන පස්මහ නිකායන් අතර ඛුද්දක නිකායට ඇතුළත්, සූත්‍ර ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක ජාතක අබ්භුතධර්ම, වේදල්ල යන නව ශාස්තෲ ශාසන අංගයන් අතර හටගත් පරිදි (ඇතුළත් කරුණු අනුව)
“ද්වාසීති බුද්ධතො ගණ්හිං, ද්වෙ සහස්සානි භික්ඛුතො; චතුරාසීති සහස්සානි, යෙ මෙ ධම්මා පවත්තිනො”ති. (ථෙරගා· 1027) –
ද්වාසීතිං බුද්ධතො ගණ්හිං ද්වෙ සහස්සානි භික්ඛුතො, චතුරාසීති සහස්සානි යෙ මෙ ධම්මා පවත්තිනොති
කරුණු පහකදී එතදග්‍රස්ථානයෙහි තබන ලද ධර්ම භාණ්ඩාගාරික තෙරුන් විසින් ගෙනහැර දැක්වූ අසූහාර දහසක් ධර්මස්කන්ධයන් අතර භික්ෂූන්ගෙන් ගත් දෙදහසක් ධර්මස්කන්ධයන්හි නොයෙක් සියගණන් ධර්මස්කන්ධයන් ඇතුළත්ව ඇත.
ධම්මභණ්ඩාගාරිකත්ථෙරෙන පන පඤ්චසු ඨානෙසු එතදග්ගං ආරොපිතෙන පටිඤ්ඤාතානං චතුරාසීතියා ධම්මක්ඛන්ධසහස්සානං භික්ඛුතො ගහිතෙසු ද්වීසු ධම්මක්ඛන්ධසහස්සෙසු අනෙකසතධම්මක්ඛන්ධසඞ්ගහිතං. තස්ස තයො වග්ගා – මහාවග්ගො, මජ්ඣිමවග්ගො, චූළවග්ගොති. එකෙකස්මිං වග්ගස්මිං දසදසකං කත්වා ඤාණකථාදිකා මාතිකාකථාපරියොසානා සමතිංස කථා. එවමනෙකධා වවත්ථාපිතස්ස ඉමස්ස පටිසම්භිදාමග්ගප්පකරණස්ස අනුපුබ්බං අපුබ්බපදත්ථවණ්ණනං කරිස්සාම. ඉමඤ්හි පකරණං පාඨතො අත්ථතො උද්දිසන්තෙන ච නිද්දිසන්තෙන ච සක්කච්චං උද්දිසිතබ්බං නිද්දිසිතබ්බඤ්ච, උග්ගණ්හන්තෙනාපි සක්කච්චං උග්ගහෙතබ්බං ධාරෙතබ්බඤ්ච. තං කිස්සහෙතු? ගම්භීරත්තා ඉමස්ස පකරණස්ස ලොකහිතාය ලොකෙ චිරට්ඨිතත්ථං.
එහි වර්ගත්රයකි. මහා වර්ගය, මධ්‍යම වර්ගය, චූල වර්ගය (කුඩා) යනුවෙනි. එක් එක් වර්ගයෙහි දහය දහය බැගින් වූ ඤාණ කථා මුල්කොට මාතිකා කථා අවසන්කොට කථා තිංසකි. මෙසේ විවිධාකාරයෙන් හඳුන්වා ඇති මේ ප්‍රතිසම්භිදා මාර්ග ප්‍රකරණයෙහි අනුපිළිවෙලින් පෙර නුවූ පදවල (තේරුම් නුදුන්) අර්ථ පමණක් වර්ණනා කරන්නෙමු. මෙම ප්‍රකරණය පාඨ වශයෙන්, අර්ථ වශයෙන් ඉගැන්වීමෙහිද, විස්තර කිරීමෙහිද මනාව ඉගැන්විය යුතුය. විස්තර කළයුතුද වේ. ඉගෙන ගන්නන් විසින්ද ඉගෙන ගතයුතුය. දැරිය යුතුද වේ. (සිත්හි ධාරණය) ඊට හේතු කවරේද? ගැඹුරු බැවිනි. ලෝවැසියන්ගේ හිතසුව පිණිස පවතින මෙම ප්‍රකරණය ලෝකයෙහි බොහෝ කලක් නිවැරදිව පැවතීම සඳහාය.
තත්ථ සමතිංසාය කථාසු ඤාණකථා කස්මා ආදිතො කථිතාති චෙ? ඤාණස්ස පටිපත්තිමලවිසොධකත්තෙන පටිපත්තියා ආදිභූතත්තා. වුත්තඤ්හි භගවතා –
ඒ තිහක් වූ කථා අතර ඤාණකථා කුමක් හෙයින් පළමුව කියන ලද්දේද යත්? කෙලෙස්මල පිරිසිදු කිරීමෙහිද ඤාණය මුල්වේ. ප්‍රතිපත්ති පිරීමෙහිදීද මුල්වන හෙයිනි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය;
“තස්මාතිහ ත්වං භික්ඛු, ආදිමෙව විසොධෙහි කුසලානං ධම්මානං. කො චාදි කුසලානං ධම්මානං, සීලඤ්ච සුවිසුද්ධං දිට්ඨි ච උජුකා”ති (සං· නි· 5.369)?
එහෙයින් භික්ෂුව ඔබ මුලදීම කුසල් දහම් අතර සීල පාරිශුද්ධියද, දෘෂ්ටියෙහි සෘජුබවද පිරිසිදු කරව.
උජුකා දිට්ඨීති හි සම්මාදිට්ඨිසඞ්ඛාතං ඤාණං වුත්තං. තස්මාපි ඤාණකථා ආදිතො කථිතා.
සෘජු දෘෂ්ටිය යනු සම්‍යග් දෘෂ්ටි සංඛ්‍යාත ඤාණය දක්වයි. එහෙයින්ද ඤාණ කථාව පළමුව කියන ලදි.
අපරම්පි වුත්තං –
අනෙකක්ද කියන ලදි;
“තත්ර, භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති. කථඤ්ච, භික්ඛවෙ, සම්මාදිට්ඨි පුබ්බඞ්ගමා හොති? සම්මාදිට්ඨිං ‘සම්මාදිට්ඨී’ති පජානාති, මිච්ඡාදිට්ඨිං ‘මිච්ඡාදිට්ඨී’ති පජානාති. සාස්ස හොති සම්මාදිට්ඨි. සම්මාසඞ්කප්පං ‘සම්මාසඞ්කප්පො’ති පජානාති, මිච්ඡාසඞ්කප්පං ‘මිච්ඡාසඞ්කප්පො’ති පජානාති. සම්මාවාචං ‘සම්මාවාචා’ති පජානාති, මිච්ඡාවාචං ‘මිච්ඡාවාචා’ති පජානාති. සම්මාකම්මන්තං ‘සම්මාකම්මන්තො’ති පජානාති, මිච්ඡාකම්මන්තං ‘මිච්ඡාකම්මන්තො’ති පජානාති. සම්මාආජීවං ‘සම්මාආජීවො’ති පජානාති, මිච්ඡාආජීවං ‘මිච්ඡාආජීවො’ති පජානාති. සම්මාවායාමං ‘සම්මාවායාමො’ති පජානාති, මිච්ඡාවායාමං ‘මිච්ඡාවායාමො’ති පජානාති. සම්මාසතිං ‘සම්මාසතී’ති පජානාති, මිච්ඡාසතිං ‘මිච්ඡාසතී’ති පජානාති. සම්මාසමාධිං ‘සම්මාසමාධී’ති පජානාති, මිච්ඡාසමාධිං ‘මිච්ඡාසමාධී’ති පජානාති. සාස්ස හොති සම්මාදිට්ඨී”ති (ම· නි· 3.136 ආදයො).
මහණෙනි, එහි සම්‍යග්දෘෂ්ටිය පූර්වාංගම වේ. මහණෙනි, කෙසේ සම්‍යග් දෘෂ්ටිය පූර්වාංගම වේද? සම්‍යග් දෘෂ්ටිය සම්‍යග් දෘෂ්ටියයි දනීද? මිථ්‍යා දෘෂ්ටිය මිථ්‍යා දෘෂ්ටියයි දනීද? එයම සම්‍යග් දෘෂ්ටිය වේ. සම්‍යග් සංකල්ප - සම්‍යග් සංකල්ප යයි දැනගනීද? මිථ්‍යා සංකල්ප මිථ්‍යා සංකල්පයයි දැනගනීද, සම්‍යග් වචන සම්‍යග් වචනයයි දැනගනීද, මිථ්‍යා වචන මිථ්‍යා වචනයයි දැනගනීද, සම්‍යග් කර්මාන්ත සම්‍යග් කර්මාන්ත යයි දැනගනීද, මිථ්‍යා කර්මාන්ත මිථ්‍යා කර්මාන්ත යයි දැනගනීද? සම්‍යග් ජීවනය සම්‍යග් ජීවනයයි දැනගනීද, මිථ්‍යා ජීවනය මිථ්‍යා ජීවනයයි දැනගනීද, සම්‍යග් ව්‍යායාමය සම්‍යග් ව්‍යායාමයයි දැනගනීද, මිථ්‍යා ව්‍යායාමය මිථ්‍යා ව්‍යායාමයයි දැනගනීද, සම්‍යග් සතිය (සිහිය) සම්‍යග් සතිය යයි දැනගනීද, මිථ්‍යා සතිය මිථ්‍යා සතිය යයි දැනගනීද, සම්‍යග් සමාධිය සම්‍යග් සමාධිය යයි දැනගනීද, මිථ්‍යා සමාධිය මිථ්‍යා සමාධිය යයි දැනගනීද එය සම්‍යග් දෘෂ්ටිය වන්නේය.
පුබ්බඞ්ගමභූතාය හි සම්මාදිට්ඨියා සිද්ධාය මිච්ඡාදිට්ඨීනම්පි මිච්ඡාදිට්ඨිභාවං ජානිස්සතීති සම්මාදිට්ඨිසඞ්ඛාතං ඤාණං තාව සොධෙතුං ඤාණකථා ආදිතො කථිතා.
පූර්වාංගම වූ සම්‍යග් දෘෂ්ටියෙන් සිදුවූ, මිථ්‍යා දෘෂ්ටීන්ගේ මිථ්‍යා දෘෂ්ටි භාවය දැනගන්නේය යන්න සලකා සම්‍යග් දෘෂ්ටි සංඛ්‍යාත ඤාණය පිරිසිදු කිරීමට මුලදීම ඤාණකථාව කියන ලදි.
“අපිචුදායි , තිට්ඨතු පුබ්බන්තො, තිට්ඨතු අපරන්තො, ධම්මං තෙ දෙසෙස්සාමි – ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣතී”ති (ම· නි· 2.271) ච –
තවද, උදායි සසරෙහි පූර්වාන්තය තිබීයේවා. අපරාන්තයද තිබීයේවා. ඔබට ධර්මය දේශනා කරමි. මෙය ඇතිකල්හි මෙය වේ. මෙය හටගැන්මෙන් මෙය හටගනී. මෙය නැතිකල්හි මෙය නොවේ. මෙහි නිරෝධයෙන් මෙය නිරුද්ධ වේය යි,
පුබ්බන්තාපරන්තදිට්ඨියො ඨපෙත්වා ඤාණස්සෙව වුත්තත්තා ඤාණකථා ආදිතො කථිතා.
පූර්වාපරාන්ත දෘෂ්ටීන් අත්හැර ඤාණයම පිළිබඳව කියන ලද හෙයින් ඤාණකථාව මුලදී කියන ලදි.
“අලං, සුභද්ද, තිට්ඨතෙතං ‘සබ්බෙ තෙ සකාය පටිඤ්ඤාය අබ්භඤ්ඤිංසු, සබ්බෙව න අබ්භඤ්ඤිංසු, උදාහු එකච්චෙ අබ්භඤ්ඤිංසු, එකච්චෙ න අබ්භඤ්ඤිංසූ’ති. ධම්මං තෙ, සුභද්ද, දෙසෙස්සාමි, තං සුණාහි සාධුකං මනසිකරොහි, භාසිස්සාමී”ති (දී· නි· 2.213) ච –
“සුභද්‍ර කම් නැත. එය තිබීයේවා. ඒ සියල්ලෝ ස්ව ප්‍රතිඥාවෙන් මනාව අවබෝධ කරගත්තාහුද? සියල්ලෝම මනාව අවබෝධ නොකළාහුද? නොහොත් ඇතැමෙක් මනාව අවබෝධ කළාහුද? ඇතැමෙක් මනාව අවබෝධ නොකළාහුද? සුභද්‍ර ඔබට ධර්මය දේශනා කරන්නෙමි. එය අසව. මනාකොට මෙනෙහි කරව. වදාරන්නෙමියි,
පුථුසමණබ්රාහ්මණපරප්පවාදානං වාදෙ ඨපෙත්වා අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස දෙසිතත්තා, අට්ඨඞ්ගිකෙ ච මග්ගෙ සම්මාදිට්ඨිසඞ්ඛාතස්ස ඤාණස්ස පධානත්තා ඤාණකථා ආදිතො කථිතා.
බොහෝ මහණ බමුණන් විසින් ගෙනහැර දක්වන නිවන් මගින් බැහැර වූ කරුණු පිළිබඳ වාද විවාද (බැහැරකොට) අත්හැර ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ කරුණු දේශනා කළ හෙයින්, එම අෂ්ටාංගික මාර්ගයෙහිද සම්‍යක් දෘෂ්ටියයි කියනු ලබන ඤාණය ප්‍රධාන බැවින් මුලදීම ඤාණ කථාව කියන ලදි;
“චත්තාරිමානි, භික්ඛවෙ, සොතාපත්තියඞ්ගානි සප්පුරිසසංසෙවො, සද්ධම්මස්සවනං, යොනිසො මනසිකාරො, ධම්මානුධම්මපටිපත්තී”ති (සං· නි· 5.1046; දී· නි· 3.311) ච –
මහණෙනි, ශ්‍රෝතයට (සෝවාන් මාර්ගයට) පැමිණීමේ හේතුකාරක කරුණු හතරකි. (4) කි. ඒවා නම් සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යන මේවායි.
“සද්ධාජාතො උපසඞ්කමති, උපසඞ්කමන්තො පයිරුපාසති, පයිරුපාසන්තො සොතං ඔදහති, ඔහිතසොතො ධම්මං සුණාති, සුත්වා ධම්මං ධාරෙති, ධාතානං ධම්මානං පඤ්ඤාය අත්ථං උපපරික්ඛති, අත්ථං උපපරික්ඛතො ධම්මා නිජ්ඣානං ඛමන්ති, ධම්මනිජ්ඣානක්ඛන්තියා ඡන්දො ජායති, ඡන්දජාතො උස්සහති, උස්සහිත්වා තුලෙති, තුලයිත්වා පදහති, පහිතත්තො කායෙන චෙව පරමත්ථසච්චං සච්ඡිකරොති, පඤ්ඤාය ච නං පටිවිජ්ඣ පස්සතී”ති (ම· නි· 2.183, 432) ච –
ශ්‍රද්ධාව හටගත් තැනැත්තා භික්ෂූන් සමීපයට එළඹෙයි. එළඹී ආශ්‍රය කරයි. ආශ්‍රය කරන්නේ කන් යොමුකරයි. යොමුකරන ලද කන් ඇත්තේ ධර්මය අසයි. ධර්මය අසා සිත්හි දරාගනියි. සිත්හි දරා ගත් ධර්මයන්ගේ අර්ථය ප්‍රඥාවෙන් විශේෂ පරීක්ෂාවට ලක් කරයි. අර්ථ පරීක්ෂා කරන්නේ අවබෝධය ලබාගනියි. අවබෝධය ලබා මාර්ගඵල සඳහා උත්සාහ කරයි. උත්සාහකොට සමානකොට බලයි. (කිරාබලයි) කිරාබලා ප්රධන්වීර්යය කරයි. ප්‍රධන්වීර්ය කරන්නේ (භාවනා කරන්නේ) කයින්ද, ප්‍රඥාවෙන්ද පරමාර්ථ සත්‍යය අවබෝධ කරන්නේය.
“ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති…පෙ… සො ධම්මං දෙසෙති ආදිකල්‍යාණ”න්ති ආදීනි (දී· නි· 1.190) ච –
“මේ ලොව තථාගතයාණන් වහන්සේ උපදිති. -පෙ- එතුමා මුල යහපත් වූ ධර්මය දේශනා කරයි යනාදී,
අනෙකානි සුත්තන්තපදානි අනුලොමෙන්තෙන සුතමයෙ ඤාණං ආදිං කත්වා යථාක්කමෙන ඤාණකථා ආදිතො කථිතා.
නොයෙක් සූත්‍ර පදවල ක්‍රමානුකූලව ශ්‍රවණයෙහි ඤාණය මුල්කොට ක්‍රමානුකූලව ඤාණකථාව මුලදීම කියන ලදි.
සා පනායං ඤාණකථා උද්දෙසනිද්දෙසවසෙන ද්විධා ඨිතා. උද්දෙසෙ “සොතාවධානෙ පඤ්ඤා සුතමයෙ ඤාණ”න්තිආදිනා නයෙන තෙසත්තති ඤාණානි මාතිකාවසෙන උද්දිට්ඨානි. නිද්දෙසෙ “කථං සොතාවධානෙ පඤ්ඤා සුතමයෙ ඤාණං. ‘ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්යා’ති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණ”න්තිආදිනා නයෙන තානියෙව තෙසත්තති ඤාණානි විත්ථාරවසෙන නිද්දිට්ඨානීති.
ඒ ඤාණකථාව උද්දේස-නිද්දේස වශයෙන් දෙයාකාරයකි. උද්දේසයෙහි, කන් යොමුකිරීමේ ප්‍රඥාව සුතමය ඤාණයයි යනාදි ක්‍රමයෙන් දක්වන ලද හැත්තෑතුනක් වූ ඤාණයන්ද, මාතෘකා වශයෙන් දක්වන ලදි. නිර්දේශයෙහි (විස්තරයෙහි) කන් යොමුකිරීමේ නුවණ කෙසේ සුතමය ඤාණයක් වේද? මේ ධර්ම විශේෂයෙන් දතයුතුයයි කන් යොමුකොට දැනගැනීමේ ප්‍රඥාව සුතමය ඤාණයයි ආදි ක්‍රමයෙන් එම (73) හැත්තෑතුනක් වූ ඤාණයෝම විස්තර වශයෙන් නිර්දේශ කරන ලදහ.
ගන්ථාරම්භකථා නිට්ඨිතා.