මාතිකාවණ්ණනා අට්ඨකථා
මාතිකාවණ්ණනා
මාතෘකා වර්ණනාව
තත්ථ උද්දෙසෙ තාව සොතාවධානෙ පඤ්ඤා සුතමයෙ ඤාණන්ති එත්ථ සොතසද්දො අනෙකත්ථප්පභෙදො. තථා හෙස –
එහි, උද්දේශයෙහි පළමුව, සොතාවධානෙ පඤ්ඤා සුතමයෙ ඤාණං යන මෙහි සොත ශබ්දයෙහි විවිධාකාර අර්ථ බෙදීම් ඇත. ඒ මෙසේය.
මංසවිඤ්ඤාණඤාණෙසු, තණ්හාදීසු ච දිස්සති; ධාරායං අරියමග්ගෙ, චිත්තසන්තතියම්පි ච.
මංස විඤ්ඤාණ ඤාණෙසු - තණ්හාදිසුච දිස්සති, ධාරායං අරියමග්ගෙ - චිත්ත සන්තතියම්පිච
“සොතායතනං සොතධාතු සොතින්ද්රිය”න්තිආදීසු (විභ· 157) හි අයං සොතසද්දො මංසසොතෙ දිස්සති. “සොතෙන සද්දං සුත්වා”තිආදීසු (ම· නි· 1.295) සොතවිඤ්ඤාණෙ. “දිබ්බාය සොතධාතුයා”තිආදීසු (දී· නි· 3.356) ඤාණසොතෙ. “යානි සොතානි ලොකස්මින්ති යානි එතානි සොතානි මයා කිත්තිතානි පකිත්තිතානි ආචික්ඛිතානි දෙසිතානි පඤ්ඤපිතානි පට්ඨපිතානි විවරිතානි විභත්තානි උත්තානීකතානි පකාසිතානි. සෙය්යථිදං – තණ්හාසොතො දිට්ඨිසොතො කිලෙසසොතො දුච්චරිතසොතො අවිජ්ජාසොතො”තිආදීසු (චූළනි· අජිතමාණවපුච්ඡානිද්දෙස 4) තණ්හාදීසු පඤ්චසු ධම්මෙසු. “අද්දසා ඛො භගවා මහන්තං දාරුක්ඛන්ධං ගඞ්ගාය නදියා සොතෙන වුය්හමාන”න්තිආදීසු (සං· නි· 4.241) උදකධාරායං. “අරියස්සෙතං, ආවුසො, අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස අධිවචනං, යදිදං සොතො”තිආදීසු අරියමග්ගෙ. “පුරිසස්ස ච විඤ්ඤාණසොතං පජානාති උභයතො අබ්බොච්ඡින්නං ඉධ ලොකෙ පතිට්ඨිතඤ්ච පරලොකෙ පතිට්ඨිතඤ්චා”තිආදීසු (දී· නි· 3.149) චිත්තසන්තතියං . ඉධ පනායං මංසසොතෙ දට්ඨබ්බො. තෙන සොතෙන හෙතුභූතෙන, කරණභූතෙන වා අවධීයති අවත්ථාපීයති අප්පීයතීති සොතාවධානං. කිං තං? සුතං. සුතඤ්ච නාම “බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො”තිආදීසු (ම· නි· 1.339) විය සොතද්වාරානුසාරෙන විඤ්ඤාතං අවධාරිතං ධම්මජාතං, තං ඉධ සොතාවධානන්ති වුත්තං. තස්මිං සොතාවධානසඞ්ඛාතෙ සුතෙ පවත්තා පඤ්ඤා සොතාවධානෙ පඤ්ඤා. පඤ්ඤාති ච තස්ස තස්ස අත්ථස්ස පාකටකරණසඞ්ඛාතෙන පඤ්ඤාපනට්ඨෙන පඤ්ඤා, තෙන තෙන වා අනිච්චාදිනා පකාරෙන ධම්මෙ ජානාතීතිපි පඤ්ඤා.
“සොතායතන, සොතධාතු, සොතින්ද්රියං යනාදි තන්හි මෙම සොත ශබ්දය මාංශ ශ්රෝතසෙහි (කනෙහි) යෙදේ. ‘සොතෙන සද්දං සුත්වා’ යනාදි තැන්වල ශ්‍රෝත විඤ්ඤාණයෙහි යෙදේ. ‘දිබ්බාය සොතධාතුයා’ යනාදි තැන්වල ඤාණ ශ්‍රෝතස අදහස් කෙරේ. යම් ඒ ශ්‍රෝතස් කෙනෙක් මා විසින් වර්ණනා කරන ලද්දේද (විස්තර) දේශනා කරන ලද්දේද, පනවන ලද්දේද (දක්වන) පිහිටුවන ලද්දේද, පැහැදිලි කරන ලද්දේද, බෙදන ලද්දේද, ප්‍රකට කරන ලද්දේද, ප්‍රකාශ කරන ලද්දේද, එබඳු යම් ඒ ශ්‍රෝතස, දුශ්චරිත ශ්‍රෝතස අවිද්‍යා ශ්‍රෝතස ආදි තන්හි තෘෂ්ණා ආදි පංච ධර්මයන්හි යෙදේ. මහදරකඩක් ගංගා නදියේ සැඩ පහරට හසුව ගසාගෙන යනු බුදුරජාණන් වහන්සේ දුටු සේක. මෙහි සෝත යනු ජල දහරාවයි. ඇවැත්නි, යම් ඒ සෝතයයි නාමයක් වේද, එය ආර්ය අෂ්ටාංගික මාර්ගයට යෙදෙන විශේෂ නාමයකි. මේ ආදි තැන්වල ආර්ය මාර්ගය අදහස් කරයි. මුල සිට පැවත එන මෙලොව පිහිටියා වූද පරලොව පිහිටියා වූද නොසිඳී පවත්නා විඤ්ඤාණ ශ්‍රෝතධාතුව පිළිවෙළින් දැනගනීද මෙහි චිත්ත සන්තතිය දැක්වේ. මෙහි වනාහි මාංශ ශ්රෝතසයයි සැලකිය යුතුය. (දැකිය යුතුය)න එම ශ්‍රෝතස් හේතුවීමෙන් කරුණු වීමෙන් අවබෝධ කරගනී. වටහා ගනී. කන් යොමු කෙරේනුයි සොතාවධානයයි. ඒ කිමෙක්ද? ශ්රවණයයි. ඒ ශ්‍රවණය යනු කුමක්ද? ශ්‍රවණය නම් බොහෝ ඇසූ දේ ඇත්තේ, ඇසූ දේ දරාගන්නේ, ඇසූ දේ සිත්හි තැන්පත් කරන්නේ යනාදි තන්හි මෙන් ශ්‍රොතද්වාරානුසාරයෙන් දැනගත්, සැලකිල්ලට ගත්, ධර්ම කොටසක් වේද, එය මෙහි ශ්රෝතාවධානයයි කියන ලදි. එම ශ්‍රෝතාවධාන සංඛ්‍යාත ශ්‍රවණයෙහි පවත්නා ප්‍රඥාව සොතාවධානෙ පඤ්ඤා යි. පඤ්ඤා යනු ඒ ඒ අර්ථයාගේ ප්‍රකට කිරීම් සංඛ්‍යාත දැනගැනීම් අර්ථයෙන් ප්‍රඥා යයි කියනු ලැබේ. ඒ ඒ අනිත්‍යාදී ආකාරයෙන් ධර්මයන් දැනගනීනුයි ප්‍රඥා නමි.
සුතමයෙ ඤාණන්ති එත්ථ සුතසද්දො තාව සඋපසග්ගො අනුපසග්ගො ච –
සුතමයෙ ඤාණං යන මෙහි සුත ශබ්දය උපසර්ග සහිතවද, උපසර්ග රහිතවද යෙදේ.
ගමනෙ විස්සුතෙ තින්තෙනුයොගොපචිතෙපි ච; සද්දෙ ච සොතද්වාරානුසාරඤාතෙ ච දිස්සති.
ගමනෙ විස්සුතෙ තින්තෙ’නුයොගො පචිතෙපිච, සද්දෙච සොතද්වාරානුසාර ඤාතෙච දිස්සති
ගමන් කිරීමෙහි, ප්‍රකට, රාගයෙන් තෙත් වූ, යෙදීමෙහි රැස් කිරීමෙහි, ශබ්දයෙහි, ශ්‍රෝතද්වාරයෙන් ලබාගත් දැනුම් දරන්නෙක් යන අර්ථයන්හි දිස්වේ.
තථා හිස්ස “සෙනාය පසුතො”තිආදීසු ගච්ඡන්තොති අත්ථො. “සුතධම්මස්ස පස්සතො”තිආදීසු (උදා· 11; මහාව· 5) විස්සුතධම්මස්සාති අත්ථො. “අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්සා”තිආදීසු (පාචි· 657) තින්තා තින්තස්සාති අත්ථො. “යෙ ඣානපසුතා ධීරා”තිආදීසු (ධ· ප· 181) අනුයුත්තාති අත්ථො. “තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පක”න්තිආදීසු (ඛු· පා· 7.12; පෙ· ව· 25) උපචිතන්ති අත්ථො. “දිට්ඨං සුතං මුතං විඤ්ඤාත”න්තිආදීසු (ම· නි· 1.241) සද්දොති අත්ථො. “බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො”තිආදීසු (ම· නි· 1.339) සොතද්වාරානුසාරවිඤ්ඤාතධරොති අත්ථො. ඉධ පනස්ස සොතද්වාරානුසාරෙන විඤ්ඤාතං උපධාරිතන්ති අත්ථො. සුතමයෙ ඤාණන්ති යා එසා එතං සුතං විඤ්ඤාතං අවධාරිතං සද්ධම්මං ආරබ්භ ආරම්මණං කත්වා සබ්බපඨමඤ්ච අපරාපරඤ්ච පවත්තා පඤ්ඤා, තං “සුතමයෙ ඤාණ”න්ති වුත්තං හොති, සුතමයං ඤාණන්ති අත්ථො. සුතමයෙති ච පච්චත්තවචනමෙතං, යථා “න හෙවං වත්තබ්බෙ” (කථා· 1, 15-18). “වනප්පගුම්බෙ යථා ඵුස්සිතග්ගෙ” (ඛු· පා· 6.13; සු· නි· 236). “නත්ථි අත්තකාරෙ නත්ථි පරකාරෙ නත්ථි පුරිසකාරෙ”තිආදීසු (දී· නි· 1.168) පච්චත්තවචනං, එවමිධාපි දට්ඨබ්බං. තෙන වුත්තං – “සුතමයං ඤාණන්ති අත්ථො”ති.
එසේ වන්නේය. සෙනාය පසුතො ආදී තන්හි ගමන් කරන්නේ යන අර්ථයි. සුත ධම්මස්ස පස්සතො ආදී තන්හි ප්‍රකට වූ ධර්මයෙහි යන අර්ථයි. අපස්සුතා නවස්සුතස්ස පුරිස පුග්ගලස්ස යනාදී තන්හි රාගයෙන් තෙත් නොවූ යන අර්ථයි. යෙ ඣාන පසුතා ධීරා ආදී තන්හි යෙදෙන ලද්දාහු යන අර්ථයි. තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකං යන තන්හි රැස්කරන ලද්දේ යන අර්ථයි. දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං යන තන්හි ශබ්දය යන අර්ථයි. බහුස්සුතොහොති සුතධරො සුත සන්නිචයො යන තන්හි ශ්‍රෝත ද්වාර අනුසාරයෙන් උගත් දෑ ධාරණය කරන්නේ යන අර්ථයි. මෙහිද ශ්රෝතද්වාරානුසාරයෙන් දැනගත් දෑ සලකන ලද්දේ යන අර්ථයි. සුතමයෙ ඤාණං යනු යම් ආකාර ඇසූ, දැනගත්, අවධාරණය කළ ධර්මය අරභයා එය අරමුණුකොට සියල්ලට පළමුවද වරින්වරද හටගන්නා ප්රඥාවයි. එය සුතමය ඤාණයයි කියනු ලැබේ. සුතමය ඤාණය යන අර්ථයි. සුතමයෙ යනු ප්‍රථමා විභක්තියයි. නහෙවං වත්තබ්බෙ, වනප්පගුම්බෙ, යථා ඵුස්සිතග්ගෙ, නත්ථි අත්තකාරෙ, නත්ථිපරකාරෙ, නත්ථි පුරිසකාරෙ යනාදී තැන්වල ප්‍රථමා විභක්තිය යෙදේ. මෙහිද එසේ දතයුතුය. එහෙයින් කියන ලදි, සුතමය ඤාණය යන නම් වේ.
අථ වා සුතෙන පකතො ඵස්සාදිකො ධම්මපුඤ්ජො සුතමයො, තස්මිං සුතමයෙ ධම්මපුඤ්ජෙ පවත්තං තංසම්පයුත්තං ඤාණං සුතමයෙ ඤාණං. සභාවසාමඤ්ඤලක්ඛණවසෙන ධම්මෙ ජානාතීති ඤාණං. තංයෙව ඤාණං පරියායවචනෙන අධිප්පායපකාසනත්ථං අනියමෙන “පඤ්ඤා”ති වත්වා පච්ඡා අධිප්පෙතං “ඤාණ”න්ති නියමෙත්වා වුත්තන්ති වෙදිතබ්බං. ඤාණඤ්ච නාම සභාවපටිවෙධලක්ඛණං, අක්ඛලිතපටිවෙධලක්ඛණං වා කුසලිස්සාසඛිත්තඋසුපටිවෙධො විය, විසයොභාසනරසං පදීපො විය, අසම්මොහපච්චුපට්ඨානං අරඤ්ඤගතසුදෙසකො විය. “සමාහිතො, භික්ඛවෙ, භික්ඛු යථාභූතං පජානාතී”ති (සං· නි· 5.1071) වචනතො සමාධිපදට්ඨානං. ලක්ඛණාදීසු හි සභාවො වා සාමඤ්ඤං වා ලක්ඛණං නාම, කිච්චං වා සම්පත්ති වා රසො නාම, උපට්ඨානාකාරො වා ඵලං වා පච්චුපට්ඨානං නාම, ආසන්නකාරණං පදට්ඨානං නාමාති වෙදිතබ්බං.
ඒ ශ්රැතමය දහම් කොටසෙහි පැවති ඒ හා යෙදුණු ඤාණය ශ්රැතමය ඤාණයි. ස්වභාව සමාන ලක්ෂණ වශයෙන් ධර්මයන් දනීනුයි ඤාණ නම් වේ. එම ධර්මයම වෙනත් වචනවලින් අදහස් ප්‍රකාශ කිරීම අනියමින් ප්‍රඥායයි කියා, පසුව ඤාණය අදහස් කරන ලද්දේ යයි නියමකොට කියන ලද්දේ යයි දතයුතුය. ඤාණයෙහි පහත සඳහන් ලක්ෂණ ඇත. ඇති තතු අවබෝධ කරගැනීම පැකිලීමකින් තොරව අවබෝධ කරගැනීම, දක්ෂ දුනු ශිල්පියෙකු විසින් විදින ලද ඊතලයක් බඳු වීම, පහනක් මෙන් අදාල විෂය බබලවන ස්වභාව ඇත්තේය. වනයට ගිය යහපත් මාර්ගෝපදේශකයකු මෙන් නුමුළාව නැගිටින ස්වභාව ඇත්තේය. සමාහිතො භික්ඛවෙ භික්ඛු යථාභූතං පජානාති යන වචනයෙන් සමාධිය ආසන්න කරුණයි. ලක්‍ෂණාදීන් අතර ස්වභාවික තත්ත්වය, සාමාන්‍ය තත්ත්වය අවබෝධ කරගැනීම ලක්‍ෂණකොට ඇත. කෘත්‍යය හෝ සම්පත්තිය රසය වේ. වැටහෙන කාරණය හෝ ප්‍රතිඵලය එළඹ සිටි කරුණයි. ආසන්න කරුණ පදට්ඨාන යයි දතයුතුය.
සුත්වාන සංවරෙ පඤ්ඤාති –
[missing trans]
පාතිමොක්ඛො සතී චෙව, ඤාණං ඛන්ති තථෙව ච; වීරියං පඤ්චිමෙ ධම්මා, සංවරාති පකාසිතා.
පාතිමොක්ඛා සතීචෙව ඤාණං ඛන්ති තථෙව ච, විරියඤ්ච පඤ්චිමෙ ධම්මා සංවරාති පකාසිතා
“ඉමිනා පාතිමොක්ඛසංවරෙන උපෙතො හොති සමුපෙතො උපාගතො සමුපාගතො උපපන්නො සම්පන්නො සමන්නාගතො”ති (විභ· 511) ආගතො පාතිමොක්ඛසංවරො. “චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජතී”තිආදිනා (දී· නි· 1.213; ම· නි· 1.295; සං· නි· 4.239; අ· නි· 3.16) නයෙන ආගතො සතිසංවරො.
මේ ප්රාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වූයේ, මනාව යුක්ත වූයේ එළඹියේ, මනාව එළඹියේ, හටගත්තේ, මනාව හටගත්තේ, යුක්ත වූයේ යයි දක්වන ලද්දේ ප්රාතිමෝක්ෂ සංවරයයි. ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නොගනී. (අවයවයන් මනෝඥයයි නොසිතීම). අනුව්‍යංජන වශයෙන් (ස්ත්‍රී පුරුෂ වශයෙන්) නොගනී. යම් හේතුවක් නිසා චක්ෂුන්ද්රිය අසංවරව වාසය කරන්නහුට දැඩි ලෝභය දොම්නස ආදී පාපී අකුසල සිතිවිලි ඔහු තදින් මැඩගෙන යන්නේද, එවැනි තත්ත්වයන්ගෙන් තමන් වැළකී සංවරය සඳහා පිළිපදියි. (ක්‍රියා කරයි) චක්ෂුන්ද්රිය රකියි. චක්ෂුන්ද්රියයේ සංවරයට පැමිණේ යනාදී ක්‍රමයෙන් දැක්වූයේ සති සංවරයයි. භාග්‍යවතුන් වහන්සේ අජිතයැයි අමතා,
“යානි සොතානි ලොකස්මිං (අජිතාති භගවා), සති තෙසං නිවාරණං; සොතානං සංවරං බ්රූමි, පඤ්ඤායෙතෙ පිධීයරෙ”ති . (චූළනි· අජිතමාණවපුච්ඡා 60; සු· නි· 1041) –
යානි සොතානි ලොකස්මිං (අජිතානි භගවා), සතිතෙසං නිවාරණං, සොතානං සංවරං බ්රෑමි, පඤ්ඤායෙතෙ පිථීයරෙ
ලෝකයෙහි යම්කිසි ශ්‍රෝතස් (ගලාබැසීම්) කෙනෙක් වෙත්ද, ඒවා සිහියෙන් වැළැක්විය යුතුය. ශ්රෝතසුන්ගේ සංවරය වදාරමි. ප්‍රඥාවෙන් ඒවා වසනු ලැබේ.
ආගතො ඤාණසංවරො. “කතමෙ ච, භික්ඛවෙ, ආසවා පටිසෙවනා පහාතබ්බා? ඉධ, භික්ඛවෙ, භික්ඛු පටිසඞ්ඛා යොනිසො චීවරං පටිසෙවතී”තිආදිනා (ම· නි· 1.23; අ· නි· 6.58) නයෙන ආගතො පච්චයපටිසෙවනාසංවරො, සොපි ඤාණසංවරෙනෙව සඞ්ගහිතො. “ඛමො හොති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසරිසපසම්ඵස්සානං දුරුත්තානං දුරාගතානං වචනපථානං උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිබ්බානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරානං අධිවාසකජාතිකො හොතී”ති (ම· නි· 1.24; අ· නි· 4.114; 6.58) ආගතො ඛන්තිසංවරො. “උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙතී”තිආදිනා (ම· නි· 1.26; අ· නි· 4.114; 6.58) නයෙන ආගතො වීරියසංවරො. “ඉධ අරියසාවකො මිච්ඡාආජීවං පහාය සම්මාආජීවෙන ජීවිකං කප්පෙතී”ති (සං· නි· 5.8) ආගතො ආජීවපාරිසුද්ධිසංවරො, සොපි වීරියසංවරෙනෙව සඞ්ගහිතො. තෙසු සත්තසු සංවරෙසු පාතිමොක්ඛසංවරඉන්ද්රියසංවරආජීවපාරිසුද්ධිපච්චයපටිසෙවනසඞ්ඛාතා චත්තාරො සංවරා ඉධාධිප්පෙතා, තෙසු ච විසෙසෙන පාතිමොක්ඛසංවරො. සබ්බොපි චායං සංවරො යථාසකං සංවරිතබ්බානං කායදුච්චරිතාදීනං සංවරණතො සංවරොති වුච්චති. සුතමයඤාණෙ වුත්තං ධම්මං සුත්වා සංවරන්තස්ස සංවරං කරොන්තස්ස තස්මිං සංවරෙ පවත්තා තංසම්පයුත්තා පඤ්ඤා “සුත්වාන සංවරෙ පඤ්ඤා”ති වුත්තා. අථ වා හෙතුඅත්ථෙ සුත්වාති වචනස්ස සම්භවතො සුතහෙතුනා සංවරෙ පඤ්ඤාතිපි අත්ථො.
මේ ඤාණ සංවරයයි. මහණෙනි, කවර ආශ්‍රවයෝ සේවනයෙන් ප්‍රහාණ කළ යුතුද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව නුවණින් සලකා සිවුරු පරිභෝජනය කරයි ආදි ක්‍රමයෙන් දක්වා ඇත්තේ ප්‍රත්‍ය පරිභෝජන සංවරයයි. එයද ඤාණ සංවරයෙහිම සංග්‍රහ කරන ලදි. සීත, උෂ්ණ, සාගිනි, පිපාසා, මැසිමදුරු දෂ්ට, නොමනා අව්සුළං, සර්පදෂ්ට, නොමනාව කියන ලද වචන, නොමනාව පැමිණි වචන, දුක්වූ, දරුණු වූ, කර්කශ වූ කටුක වූ, අමිහිරි වූ, නොමනා වූ, ප්‍රාණය ඉවත්කර දැමීමට සමත්, උපන් ශාරීරික දුක් ඉවසන්නේ වේද, මේ ක්ෂාන්ති සංවරයයි. උපන් කාම විතර්කය නොඉවසයි. අත්හරියි. දුරුකරයි. ඉවත්කරයි. නොමැති තත්ත්වයට පත්කරයි යනුවෙන් දක්වන ලද්දේ වීර්ය සංවරයයි. මේ ශාසනයෙහි ආර්යශ්‍රාවක තෙම මිථ්‍යා ආජීවය හැර සම්‍යග් ආජීවයෙන් ජීවිකාව ගෙන යයි දැක්වූයේ ආජීව පාරිශුද්ධි සංවරයයි. එය වීර්ය සංවරයෙහි ඇතුළත්ය. ඒ සත් සංවරයන් අතර ප්රාතිමෝක්ෂ සංවරය, ඉන්ද්රිය සංවරය, ආජීව පාරිශුද්ධිය, ප්‍රත්‍යය ප්රතිසන්නිශ්රිත යන සතර සංවරය මෙහි අදහස් කරන ලදි. ඔවුන් අතරින්ද විශේෂයෙන් ප්රාතිමෝක්ෂ සංවර සීලය විශේෂයෙන් අදහස් කරන ලදි. මේ සියලුම සංවරයන් හැකි අයුරින් සංවරවිය යුතු කාය දුශ්චරිතාදීන් වළක්වන හෙයින් සංවරයයි කියනු ලැබේ. ශ්රැතමය ඤාණයෙහි කියන ලද ධර්මය අසා සංවර වන්නහුට සංවර කරන්නහුට, ඒ සංවරයෙහි පවතින, ඒ හා යෙදුණු ප්‍රඥාව ‘සුත්වාන සංවරෙ පඤ්ඤායි’ කියන ලදි, හෙවත් හේතු අත්ථෙ සුත්වා යන වචනයෙන් ප්‍රකාශ වන්නේ, ඇසීම් හේතුවෙන් ප්‍රඥාවෙන් සංවරවීමයි.
සීලමයෙ ඤාණන්ති එත්ථ සීලන්ති සීලනට්ඨෙන සීලං. කිමිදං සීලනං නාම? සමාධානං වා, කායකම්මාදීනං සුසීල්යවසෙන අවිප්පකිණ්ණතාති අත්ථො. උපධාරණං වා, කුසලානං ධම්මානං පතිට්ඨාවසෙන ආධාරභාවොති අත්ථො. එතදෙව හි එත්ථ අත්ථද්වයං සද්දලක්ඛණවිදූ අනුජානන්ති. අඤ්ඤෙ පන “අධිසෙවනට්ඨෙන ආචාරට්ඨෙන තස්සීලට්ඨෙන සිරට්ඨෙන සීතලට්ඨෙන සිවට්ඨෙන සීල”න්ති වණ්ණයන්ති.
සීලමයෙ ඤාණං යන මෙහි සීල යනු හික්මීම යන අර්ථයෙන් සීල නම් වේ. මේ හික්මීම කුමක්ද? කාය කර්මාදියෙන් මනා පැවතුම නොවිසිරී එක්තැන් කිරීම යන අර්ථයි. කුසල් දහම් පිළිබඳ විශේෂයෙන් විමසා බැලීම හා පිහිටුවා ගැනීමට ආධාර වීම යන අර්ථයි. මෙම අර්ථ දෙකම ශබ්ද ලක්ෂණ දත් අය අනුමත කරති. තවත් සමහරු අධික සේවනාර්ථය, ආධාරාර්ථය, සංවරාර්ථය, සිරසාර්ථය, සීතලාර්ථය, ශාන්තාර්ථය සීලයයි වර්ණනා කරති.
සීලනං ලක්ඛණං තස්ස, භින්නස්සාපි අනෙකධා; සනිදස්සනත්තං රූපස්ස, යථා භින්නස්ස නෙකධා.
සීලනං ලක්ඛණං තස්ස භින්නස්සාපි අනෙකධා, සනිදස්සනත්තං රූපස්ස යථා භින්නස්සනෙකධා
විවිධාකාරයෙන් බිඳී ගියේ වී නමුදු, සීලයෙහි සීලන ලක්ෂණය වෙනස් නොවේ. රූපය කැඩී බිඳී ගියේ වී නමුදු එහි මුල් ලක්ෂණ වෙනස් නොවන්නාක් මෙනි.
යථා හි නීලපීතාදිභෙදෙන අනෙකධා භින්නස්සාපි රූපායතනස්ස සනිදස්සනත්තං ලක්ඛණං නීලාදිභෙදෙන භින්නස්සාපි සනිදස්සනභාවානතික්කමනතො, තථා සීලස්ස චෙතනාදිභෙදෙන අනෙකධා භින්නස්සාපි යදෙතං කායකම්මාදීනං සමාධානවසෙන කුසලානඤ්ච ධම්මානං පතිට්ඨානවසෙන වුත්තං සීලනං, තදෙව ලක්ඛණං චෙතනාදිභෙදෙන භින්නස්සාපි සමාධානපතිට්ඨානභාවානතික්කමනතො. එවංලක්ඛණස්ස පනස්ස –
නිල් කහ ආදි වශයෙන් රූපය විවිධාකාරයට බෙදී ගියේ වී නමුත් එහි මුල් ප්‍රකෘති ලක්ෂණය වෙනස් නොවේ. මුල් ප්‍රකෘති ගතිය ඉක්මවා නොයන බැවින්, එසේම සීලය චේතනාදි භේදයෙන් විවිධාකාරයට බෙදී ගියේ වී නමුත් කාය කර්මාදීන් එක්තැන් කිරීම් වශයෙන්, කුසල දහම්වල පිහිටීමට ආධාර වීම් වශයෙන් වන සීලනය වෙනස් නොවේ. චේතනාදි භේදයෙන් බිඳී ගියේ ද, එක්තැන් කිරීම් පිහිටුවීම් යන මුල් ලක්ෂණය වෙනස් නොවේ. මෙබඳු ලක්ෂණ ඇති සීලය :-
“දුස්සීල්යවිද්ධංසනතා, අනවජ්ජගුණො තථා; කිච්චසම්පත්ති අත්ථෙන, රසො නාම පවුච්චති”.
දුස්සීල්‍ය විද්ධංසනතා - අනවජ්ජ ගුණා තථා, කිච්ච සම්පත්ති අත්ථෙන - රසො නාම පවුච්චති
දුසිල් බව විනාශ කිරීමද, නිරවද්‍ය යහගුණ ඇති කිරීමද යන මෙම කෘත්‍ය හා සම්පත් යන අර්ථයෙන් රසයයි කියනු ලැබේ.
තස්මා ඉදං සීලං නාම කිච්චට්ඨෙන රසෙන දුස්සීල්යවිද්ධංසනරසං, සම්පත්තිඅත්ථෙන රසෙන අනවජ්ජරසන්ති වෙදිතබ්බං.
එහෙයින් මෙම සීලය කෘත්යාර්ථ රසයෙන් දුසිල් බව විනාශ කරන රසයයි. සම්පත් අර්ථ රසයෙන් නිරවද්‍ය රසයයි දතයුතුය.
සොචෙය්‍යපච්චුපට්ඨානං, තයිදං තස්ස විඤ්ඤුහි; ඔත්තප්පඤ්ච හිරී චෙව, පදට්ඨානන්ති වණ්ණිතං. –
සොචෙය්ය පච්චුපට්ඨානං - තයිදං තස්ස විඤ්ඤුහි, ඔත්තප්පඤ්ච හිරීචෙව - පදට්ඨානන්ති වණ්ණිතං
මෙම සීලයෙහි පිරිසිදු බව වැටහෙන කරුණ ලෙසින්ද, හිරි-ඔතප් දෙක ආසන්න කාරණය ලෙසින්ද නුවණැතියන් විසින් දක්වා ඇත.
තයිදං සීලං “කායසොචෙය්යං වචීසොචෙය්යං මනොසොචෙය්ය”න්ති (ඉතිවු· 66) එවං වුත්තසොචෙය්යපච්චුපට්ඨානං, සුචිභාවෙන පච්චුපට්ඨාති ගහණභාවං ගච්ඡති. හිරොත්තප්පඤ්ච පන තස්ස විඤ්ඤූහි පදට්ඨානන්ති වණ්ණිතං, ආසන්නකාරණන්ති අත්ථො. හිරොත්තප්පෙ හි සති සීලං උප්පජ්ජති චෙව තිට්ඨති ච, අසති නෙව උප්පජ්ජති න තිට්ඨතීති එවංවිධෙන සීලෙන සහගතං තංසම්පයුත්තං ඤාණං සීලමයෙ ඤාණං. අථ වා සීලමෙව පකතං සීලමයං, තස්මිං සීලමයෙ තංසම්පයුත්තං ඤාණං. අසංවරෙ ආදීනවපච්චවෙක්ඛණා ච, සංවරෙ ආනිසංසපච්චවෙක්ඛණා ච, සංවරපාරිසුද්ධිපච්චවෙක්ඛණා ච, සංවරසංකිලෙසවොදානපච්චවෙක්ඛණා ච සීලමයඤාණෙනෙව සඞ්ගහිතා.
මෙම සීලය කයෙහි පිරිසිදු බව, වචනයෙහි පිරිසිදු බව, මනසෙහි පිරිසිදු බව යන පිරිසිදු බව වැටහෙන කරුණය. පිරිසිදු භාවයෙන් වැටහෙයි. බහුලභාවයට යයි නුවණැත්තන් විසින් ලජ්ජා භය දෙක ආසන්න කාරණයයි වර්ණනා කරන ලදි. ලජ්ජා භය ඇතිකල්හි සීලය උපදින්නේද-පවතින්නේද වේ. නැතිකල්හි උපදින්නේද නැත. පවතින්නේද නොවේ. මේ ආකාර වූ සීලයෙන් යුක්ත ඒ හා යෙදුණු ඤාණය සීලමය ඤාණයයි. නොහොත් සීලයෙන්ම කරන ලද්දේ සීලයමයි. ඒ හා යෙදුණු එම සීලමය ඤාණය, අසංවරයෙහි ආදීනව (දොස්) සිහි කිරීම, සංවරයෙහි අනුසස් මෙනෙහි කිරීම, සංවරයෙහි පිරිසිදු බව මෙනෙහි කිරීම, සංවරය, කිලිටි වීම, පිරිසිදු වීම මෙනෙහි කිරීමද, සීලමය ඤාණයෙහිම ඇතුළත් කරන ලදි.
සංවරිත්වා සමාදහනෙ පඤ්ඤාති සීලමයඤාණෙ වුත්තසීලසංවරෙන සංවරිත්වා සංවරං කත්වා සීලෙ පතිට්ඨාය සමාදහන්තස්ස උපචාරප්පනාවසෙන චිත්තෙකග්ගතං කරොන්තස්ස තස්මිං සමාදහනෙ පවත්තා තංසම්පයුත්තා පඤ්ඤා. සමං සම්මා ච ආදහනං ඨපනන්ති ච සමාදහනං, සමාධිස්සෙවෙතං පරියායවචනං.
කියන ලද සීල සංවරයෙන් සංවර වී, සංවරකොට, සීලයෙහි පිහිටා සිත තැන්පත් කරන්නහුට උපචාර අර්පණා වශයෙන් සිත එකඟ කරන්නහුට ඒ සිත එකඟ කිරීමෙහිදී ඒ හා සම්ප්රයුක්තව ප්‍රඥාව හටගනී. සමව, යහපත්ව ගැනීම, තැබීම, තැන්පත් කිරීම යන මේවා සමාධියටම පර්යාය නාමයෝය.
සමාධිභාවනාමයෙ ඤාණන්ති එත්ථ කුසලචිත්තෙකග්ගතා සමාධි. කෙනට්ඨෙන සමාධි? සමාධානට්ඨෙන සමාධි. කිමිදං සමාධානං නාම? එකාරම්මණෙ චිත්තචෙතසිකානං සමං සම්මා ච ආධානං, ඨපනන්ති වුත්තං හොති. තස්මා යස්ස ධම්මස්සානුභාවෙන එකාරම්මණෙ චිත්තචෙතසිකා සමං සම්මා ච අවික්ඛිපමානා අවිප්පකිණ්ණා ච හුත්වා තිට්ඨන්ති, ඉදං සමාධානන්ති වෙදිතබ්බං. තස්ස ඛො පන සමාධිස්ස –
සමාධි භාවනාමයෙ ඤාණං යන මෙහි යහපත් අරමුණක සිත එකඟ කරගැනීම සමාධි නම් වේ. කවර අර්ථයකින් සමාධි නම් වේද? තැන්පත් කිරීම් අර්ථයෙන් සමාධි නම් වේ. මේ එකඟ කිරීම නම් කුමක්ද? චිත්ත චෛතසිකයන් එක් අරමුණක සමව, මනාව, පිහිටුවීම, තැබීම යයි කියන ලදි. එහෙයින් යම් කරුණක් හේතුවෙන් චිත්ත චෛතසික ධර්මයන් සමව මනාව වික්ෂෙප නොවී, නොවිසිරී තිබෙත්ද? මෙය සමාධානයයි දතයුතුය. ඒ සමාධියගේ
ලක්ඛණං තු අවික්ඛෙපො, වික්ඛෙපවිද්ධංසනං රසො; අකම්පනමුපට්ඨානං, පදට්ඨානං සුඛං පන.
ලක්ඛණන්තු අවික්ඛෙපො - වික්ඛෙපුද්ධංසනං රසො, අකම්පනමුපට්ඨානං - පදට්ඨානං සුඛං පන
අවික්ෂෙපය (නොකැළඹීම) ලක්ෂණයයි. කැළඹිලි ගති විනාශ කිරීම රසයයි. කම්පා නොවීම වැටහෙන කරුණයි. සැපය ආසන්න කරුණයි.
භාවීයති වඩ්ඪීයතීති භාවනා, සමාධි එව භාවනා සමාධිභාවනා, සමාධිස්ස වා භාවනා වඩ්ඪනා සමාධිභාවනා. සමාධිභාවනාවචනෙන අඤ්ඤං භාවනං පටික්ඛිපති. පුබ්බෙ විය උපචාරප්පනාවසෙන සමාධිභාවනාමයෙ ඤාණං.
දියුණු කෙරේනුයි, වඩානුයි භාවනා නමි. සමාධියම භාවනාව වූයේ සමාධි භාවනා නමි. සමාධියගේම වැඩීම, දියුණු කිරීම සමාධි භාවනා නමි. සමාධි භාවනා වචනයෙන් අන්‍ය භාවනා ප්රතික්ෂෙප කරයි. කලින් මෙන් උපචාර, අර්පණා වශයෙන් සමාධි භාවනාමය ඤාණයයි.
පච්චයපරිග්ගහෙ පඤ්ඤාති එත්ථ පටිච්ච ඵලමෙතීති පච්චයො. පටිච්චාති න විනා තෙන, අපච්චක්ඛිත්වාති අත්ථො. එතීති උප්පජ්ජති චෙව පවත්තති චාති අත්ථො. අපිච උපකාරකත්ථො පච්චයත්ථො, තස්ස පච්චයස්ස බහුවිධත්තා පච්චයානං පරිග්ගහෙ වවත්ථාපනෙ ච පඤ්ඤා පච්චයපරිග්ගහෙ පඤ්ඤා.
පච්චය පරිග්ගහෙ පඤ්ඤා යන මෙහි යමක් හේතුකොට ඵලයක් උපදීනුයි පච්චය නමි. පටිච්ච යනු එය අත්නොහැර යන අර්ථයි. ඒති යනු ඉපදීම හා පැවැත්ම යන අර්ථයි. තවද උපකාරකාර්ථයෙහිද, ප්රත්යයාර්ථයෙහිද වේ. එම ප්‍රත්‍යයන් විවිධාකාර බැවින්, ප්‍රත්‍යයන්ගේ ලබාගැනීම ප්‍රමාණය නිශ්චය කිරීමේ ප්‍රඥාව ප්‍රත්‍යය පරිග්‍රහ ප්රඥාවයි.
ධම්මට්ඨිතිඤාණන්ති එත්ථ ධම්මසද්දො තාව සභාවපඤ්ඤාපුඤ්ඤපඤ්ඤත්තිආපත්තිපරියත්තිනිස්සත්තතාවිකාරගුණපච්චයපච්චයුප්පන්නාදීසු දිස්සති. අයඤ්හි “කුසලා ධම්මා අකුසලා ධම්මා අබ්යාකතා ධම්මා”තිආදීසු (ධ· ස· තිකමාතිකා 1) සභාවෙ දිස්සති.
ධම්මට්ඨිති ඤාණං යන මෙහි, ධර්ම ශබ්දය, ස්වභාවය, ප්‍රඥාව, පින, පැනවීම, පැමිණීම, පර්යාප්තිය, ආත්මයකින් තොරබව, වෙනස, ගුණධර්ම, හේතුව, හේතුවකින් උපන් දෙය යන අර්ථයන්හි වැටේ. මෙහි කුසලා ධම්මා අකුසලා ධම්මා අව්යාකතා ධම්මා යනාදී තන්හි ස්වභාවයෙහි දැක්වේ.
“යස්සෙතෙ චතුරො ධම්මා, සද්ධස්ස ඝරමෙසිනො; සච්චං ධම්මො ධිති චාගො, ස වෙ පෙච්ච න සොචතී”ති. (සු· නි· 190) –
යස්සෙතෙ චතුරො ධම්මා - සද්ධස්ස ඝරමෙසිනො, සච්චං ධම්මො ධිතී චාගො - සවෙ පෙච්ච නසොචති’ති
ආදීසු පඤ්ඤායං.
ගිහිගෙයි වාසය කරන යම් සැදැහැවත් අයකු තුළ සත්‍යය, ධර්මය, ධෛර්යය, ත්‍යාගය යන කරුණු සතර විද්‍යමාන වේද, ඔහු පරලොව සෝක නොවේ. මෙහි ප්‍රඥාවෙහි ද සඳහන්ය.
“න හි ධම්මො අධම්මො ච, උභො සමවිපාකිනො; අධම්මො නිරයං නෙති, ධම්මො පාපෙති සුග්ගති”න්ති. (ථෙරගා· 304) –
නහි ධම්මො අධම්මොච - උභොසම විපාකිනො, අධම්මො නිරයං නෙති - ධම්මො පාපෙති සුග්ගතින්ති
ධර්මය අධර්මය යන දෙක සමවිපාක දෙන්නේ නොවෙයි. අධර්මය නිරයට පමුණුවයි. ධර්මය සුගතියට පමුණුවයි ආදියෙහි (පින) පුණ්යයෙහිද වේ.
ආදීසු පුඤ්ඤෙ. “පඤ්ඤත්තිධම්මා නිරුත්තිධම්මා අධිවචනධම්මා”තිආදීසු (ධ· ස· දුකමාතිකා 106-108) පඤ්ඤත්තියං. “පාරාජිකා ධම්මා සඞ්ඝාදිසෙසා ධම්මා”තිආදීසු (පාරා· 233-234) ආපත්තියං. “ඉධ භික්ඛු ධම්මං ජානාති සුත්තං ගෙය්යං වෙය්‍යාකරණ”න්තිආදීසු (අ· නි· 5.73) පරියත්තියං. “තස්මිං ඛො පන සමයෙ ධම්මා හොන්ති (ධ· ස· 121). ධම්මෙසු ධම්මානුපස්සී විහරතී”තිආදීසු (දී· නි· 2.373; ම· නි· 1.115) නිස්සත්තතායං. “ජාතිධම්මා ජරාධම්මා මරණධම්මා”තිආදීසු (අ· නි· 10.107) විකාරෙ. “ඡන්නං බුද්ධධම්මාන”න්තිආදීසු (මහානි· 50) ගුණෙ. “හෙතුම්හි ඤාණං ධම්මපටිසම්භිදා”තිආදීසු (විභ· 720) පච්චයෙ. “ඨිතාව සා ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා”තිආදීසු (සං· නි· 2.20; අ· නි· 3.137) පච්චයුප්පන්නෙ. ස්වායමිධාපි පච්චයුප්පන්නෙ දට්ඨබ්බො. අත්ථතො පන අත්තනො සභාවං ධාරෙන්තීති වා, පච්චයෙහි ධාරීයන්තීති වා, අත්තනො ඵලං ධාරෙන්තීති වා, අත්තනො පරිපූරකං අපායෙසු අපතමානං ධාරෙන්තීති වා, සකසකලක්ඛණෙ ධාරෙන්තීති වා, චිත්තෙන අවධාරීයන්තීති වා යථායොගං ධම්මාති වුච්චන්ති. ඉධ පන අත්තනො පච්චයෙහි ධාරීයන්තීති ධම්මා, පච්චයසමුප්පන්නා ධම්මා තිට්ඨන්ති උප්පජ්ජන්ති චෙව පවත්තන්ති ච එතායාති ධම්මට්ඨිති, පච්චයධම්මානමෙතං අධිවචනං . තස්සං ධම්මට්ඨිතියං ඤාණං ධම්මට්ඨිතිඤාණං. ඉදඤ්හි සමාධිභාවනාමයඤාණෙ වුත්තසමාධිනා සමාහිතෙන චිත්තෙන යථාභූතඤාණදස්සනත්ථාය යොගමාරභිත්වා වවත්ථාපිතනාමරූපස්ස තෙසං නාමරූපානං පච්චයපරිග්ගහපරියායං ධම්මට්ඨිතිඤාණං උප්පජ්ජති. “නාමරූපවවත්ථානෙ ඤාණ”න්ති අවත්වා එව කස්මා “ධම්මට්ඨිතිඤාණ”න්ති වුත්තන්ති චෙ? පච්චයපරිග්ගහෙනෙව පච්චයසමුප්පන්නපරිග්ගහස්ස සිද්ධත්තා. පච්චයසමුප්පන්නෙ හි අපරිග්ගහිතෙ පච්චයපරිග්ගහො න සක්කා හොති කාතුං. තස්මා ධම්මට්ඨිතිඤාණගහණෙනෙව තස්ස හෙතුභූතං පුබ්බෙ සිද්ධං නාමරූපවවත්ථානඤාණං වුත්තමෙව හොතීති වෙදිතබ්බං. කස්මා දුතියතතියඤාණං විය “සමාදහිත්වා පච්චයපරිග්ගහෙ පඤ්ඤා”ති න වුත්තන්ති චෙ? සමථවිපස්සනානං යුගනද්ධත්තා.
පඤ්ඤත්ති ධම්මා - නිරුත්ති ධම්මා - අධිවචන ධම්මා යන මෙහි ප්‍රඥප්තියෙහි (පැනවීමෙහි) යෙදේ. ‘පාරාජිකා ධම්මා සංඝාදිසෙසා ධම්මා’ යන මෙහි ඇවැත්වල යෙදේ. ඉධ භික්ඛු ධම්මං ජානාති සුත්තං ගෙය්යං වෙය්යාකරණං යනාදියෙහි පර්යාප්තිය දැක්වේ. තස්මිං ඛො පන සමයෙ ධම්මා හොන්ති ධම්මෙසු ධම්මානුපස්සි විහරති යනාදියේ සත්ත්ව පුද්ගල ආදියෙන් තොරභාවය දැක්වේ. ජාති ධම්මා ජරා ධම්මා යන මෙහි ස්වභාවය වෙනස්වීමෙහි යෙදේ. බුද්ධ ධම්මානං යන තැන ගුණයෙහි දැක්වේ. හෙතුම්හි ඤාණං ඡන්නං ධම්මපටිසම්භිදා යන තන්හි ප්‍රත්‍යයෙහි යෙදේ. ඨිතාච සා ධාතු ධම්මට්ඨිත්තා ධම්මනියාමතා යනාදි තන්හි ප්‍රත්‍යයෙන් හටගත් යන තේරුම ගෙන එයි. මෙහිද ප්‍රත්‍යයෙන් හටගත්තේය යි දතයුතුය. අර්ථ වශයෙන් වනාහි තමාගේ ස්වභාවය දරත්යයි හෝ ප්‍රත්‍යය ආධාරයෙන් දරනු ලබත්යයි හෝ තමාගේ ඵලය දරත් යයි හෝ තමා සම්පූර්ණයෙන් අපායයන්හි නොවැටෙන්නා සේ දරත් යයි හෝ තමාගේ ස්වභාවය දරත් යයි හෝ සිතෙන් ආධාර කරනු ලබත් යයි යන අර්ථයන්හි ධම්ම යන වචනය සුදුසු පරිදි භාවිතා කරති. මෙහි වනාහි තමාගේ ප්රත්යයන්ගෙන් දරත්නුයි ධම්ම නම් වේ. ප්‍රත්‍යයෙන් හටගත් ධර්ම එය කරණකොට තිබෙත්. උපදිත් මෙන්ම පවතිත්නුයි ධම්මට්ඨිති නම් වේ. ප්‍රත්‍යය ධර්මයට මෙය සමාන වචනයකි. ඒ ධර්මස්ථිතියෙහි ඤාණය ධම්මට්ඨිති ඤාණං මෙය සමාධි භාවනාමය ඤාණයෙහි කියන ලද සමාධියෙන් සමාහිත වූ (එකඟ වූ) සිතෙන් යථාභූත ඤාණ දර්ශනය සඳහා භාවනා යෝග අරඹා නාමරූපයන් ව්‍යවස්ථාපනය කරන කල්හි ඒ නාමරූපයන්ගේ ප්‍රත්‍යය පරිග්‍රහණ අවස්ථාවෙහිදී ධම්මට්ඨිති ඤාණය උපදියි. නාමරූප ව්‍යවස්ථාපන ඤාණයයි නොකියා කුමක් හෙයින් ධම්මට්ඨිති ඤාණයයි කියන ලද්දේ යත්? ප්‍රත්‍යය පරිග්රහණයෙන්ම ප්‍රත්‍යයෙන් හටගත් පරිග්රහණයේ සිද්ධිය වන හෙයින්, ප්‍රත්‍යය හටගත් කල්හි පරිග්‍රහණය නොවූ, ප්‍රත්‍යය පරිග්‍රහණය කළ නොහැකිය. එහෙයින් ධම්මට්ඨිති ඤාණ ග්රහණයෙන්ම එයට හේතුභූත වූ කලින් සිද්ධ වූ නාමරූප ව්‍යවස්ථා ඤාණය කියන ලද ආකාරයටම වේයයි දතයුතුය. කුමක් හෙයින් දෙවන තෙවන ඤාණ මෙන් සිත තැන්පත්කොට ප්‍රත්‍යය පරිග්රහණයෙහි ප්‍රඥාවයයි නොකියන ලද්දේද යත්? සමථ විදර්ශනා එකට බැඳී ඇති බැවින්.
“සමාදහිත්වා යථා චෙ විපස්සති, විපස්සමානො තථා චෙ සමාදහෙ; විපස්සනා ච සමථො තදා අහු, සමානභාගා යුගනද්ධා වත්තරෙ”ති. –
සිත තැන්පත්කොට යම් ආකාරයකට විදර්ශනා කරන තැනැත්තේ විදර්ශනා කෙරේද? එසේ වූ විට සමථයද විදර්ශනාවද, තැන්පත් වේ. සමානභාග වූ එකට බැඳීම එසේ වූයේ යයි,
හි වුත්තං. තස්මා සමාධිං අවිස්සජ්ජෙත්වා සමාධිඤ්ච ඤාණඤ්ච යුගනද්ධං කත්වා යාව අරියමග්ගො, තාව උස්සුක්කාපෙතබ්බන්ති ඤාපනත්ථං “පච්චයපරිග්ගහෙ පඤ්ඤා ධම්මට්ඨිතිඤාණ”මිච්චෙව වුත්තන්ති වෙදිතබ්බං.
කියනු ලැබේ. එහෙයින් සමාධිය අත්නොහැර සමාධියද ඤාණයද ඒකාබද්ධකොට ආර්ය මාර්ගය දක්වා උත්සාහ කළ යුතුයයි හැඟවීමට ප්‍රත්‍යය පරිග්රහණයෙහි ප්‍රඥාව ධම්මට්ඨිති ඤාණයයි කියාම කියන ලද්දේ යයි දතයුතුය.
අතීතානාගතපච්චුප්පන්නානං ධම්මානං සඞ්ඛිපිත්වා වවත්ථානෙ පඤ්ඤාති එත්ථ අත්තනො සභාවං, උප්පාදාදික්ඛණං වා පත්වා අති ඉතා අතික්කන්තාති අතීතා, තදුභයම්පි න ආගතා න සම්පත්තාති අනාගතා, තං තං කාරණං පටිච්ච උප්පාදාදිඋද්ධං පන්නා ගතා පවත්තාති පච්චුප්පන්නා. අද්ධා සන්තතිඛණපච්චුප්පන්නෙසු සන්තතිපච්චුප්පන්නං ඉධාධිප්පෙතං. තෙසං අතීතානාගතපච්චුප්පන්නානං පඤ්චක්ඛන්ධධම්මානං එකෙකක්ඛන්ධලක්ඛණෙ සඞ්ඛිපිත්වා කලාපවසෙන රාසිං කත්වා වවත්ථානෙ නිච්ඡයනෙ සන්නිට්ඨාපනෙ පඤ්ඤා.
අතීතානාගත පච්චුප්පන්නානං ධම්මානං සංඛිපිත්වාන වවත්ථානෙ පඤ්ඤා යනු තමාගේ ස්වභාවය උත්පාදාදි ක්ෂණයන්ට පත්ව ඉක්ම ගියේනුයි අතීත නම් වේ. ඒ දෙකටම නොආයේය. නොපැමිණියේනුයි අනාගත නම් වේ. ඒ ඒ කරුණ අරභයා උත්පාදාදි අවස්ථාවන්හි පවතීනුයි ප්‍රත්‍යුත්පන්න නම් වේ. නොකඩවා පැවැත්ම - ක්ෂණයක පැවැත්ම යන වර්තමාන කාල අතරින් නොකඩවා පැවැත්මේ වර්තමානය මෙහි අදහස් කරන ලදි. ඒ අතීත අනාගත වර්තමාන පඤ්චස්කන්ධ ධර්මයන්ගේ එක එක ලක්ෂණය වෙන වෙනම ගෙන හකුළුවා රූප කලාප වශයෙන් රාශිභූත කොට ව්‍යවස්ථාපනයෙහි, නිශ්චයෙහි, සනිටුහන් කිරීමේ ප්රඥාවයි.
සම්මසනෙ ඤාණන්ති සම්මා ආමසනෙ අනුමජ්ජනෙ පෙක්ඛණෙ ඤාණං, කලාපසම්මසනඤාණන්ති අත්ථො. ඉදඤ්හි නාමරූපවවත්ථානඤාණානන්තරං නාමරූපපච්චයපරිග්ගහෙ ධම්මට්ඨිතිඤාණෙ ඨිතස්ස “යංකිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං තං රූපං අනිච්චතො වවත්ථපෙති, එකං සම්මසනං, දුක්ඛතො වවත්ථපෙති, එකං සම්මසනං, අනත්තතො වවත්ථපෙති, එකං සම්මසන”න්තිආදිනා (පටි· ම· 1.48) නයෙන වුත්තසම්මසනවසෙන පුබ්බෙ වවත්ථාපිතෙ එකෙකස්මිං ඛන්ධෙ තිලක්ඛණං ආරොපෙත්වා අනිච්චතො දුක්ඛතො අනත්තතො විපස්සන්තස්ස කලාපසම්මසනඤාණං උප්පජ්ජති.
සම්මසනෙ ඤාණං යනු මනාකොට ස්පර්ශ කිරීමේ, පිරිමැදීමේ බැලීමේ ඤාණයයි. කලාප සම්මසන ඤාණය යනු අර්ථයි. මෙය වනාහි නාමරූප ව්‍යවස්ථාපන ඤාණයට අනතුරුව, නාමරූප ප්‍රත්‍යය පරිග්‍රහණ ධම්මට්ඨිති ඤාණයෙහි සිටියහුට ‘යම්කිසි අතීත, අනාගත, වර්තමාන වූ හෝ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඝන හෝ සියුම් හෝ තත්ත්වයෙන් බාල හෝ උසස් වූ හෝ දුර වූ හෝ ළඟ වූ හෝ රූපයක් වේද? ඒ සියලුම රූප අනිත්‍ය වශයෙන් වෙන් කරයි. (තීරණය කරයි) මෙය එක් සම්මර්ශනයකි. දුක් වශයෙන් වෙන් කරයි. එක් සම්මර්ශනයකි. අනාත්ම වශයෙන් වෙන් කරයි. එක් සම්මර්ශනයකියි ආදී ක්‍රමයෙන් කියන ලද සම්මර්ශන වශයෙන් පෙර වෙන්කරන ලද එක් එක් ස්කන්ධයන්හි ත්රිලක්ෂණයට නංවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරන්නහුට කලාප සම්මසන ඤාණය උපදියි.
පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනෙ පඤ්ඤාති සන්තතිවසෙන පච්චුප්පන්නානං අජ්ඣත්තං පඤ්චක්ඛන්ධධම්මානං විපරිණාමදස්සනෙ භඞ්ගදස්සනෙ පඤ්ඤා. යස්මා “ඉමෙ ධම්මා උප්පජ්ජිත්වා භිජ්ජන්තී”ති උදයං ගහෙත්වාපි භෙදෙයෙව චිත්තං ඨපෙති, තස්මා අවුත්තොපි උදයො වුත්තොයෙව හොතීති වෙදිතබ්බො. පච්චුප්පන්නානං ධම්මානං දස්සනෙන වා උදයදස්සනස්ස සිද්ධත්තා උදයො වුත්තොයෙව හොති. න හි උදයං විනා ධම්මානං උප්පන්නත්තං සිජ්ඣති, තස්මා “පච්චුප්පන්නානං ධම්මානං උප්පාදවිපරිණාමානුපස්සනෙ පඤ්ඤා”ති අවුත්තෙපි වුත්තමෙව හොතීති වෙදිතබ්බං. “උදයබ්බයානුපස්සනෙ ඤාණ”න්ති නියමිතත්තා ච උදයදස්සනං සිද්ධමෙව හොතීති අනන්තරං වුත්තස්ස සම්මසනඤාණස්ස පාරං ගන්ත්වා තංසම්මසනෙයෙව පාකටීභූතෙ උදයබ්බයෙ පරිග්ගණ්හිත්වා සඞ්ඛාරානං පරිච්ඡෙදකරණත්ථං උදයබ්බයානුපස්සනං ආරභන්තස්ස උප්පජ්ජති උදයබ්බයානුපස්සනාඤාණං. තඤ්හි උදයබ්බයෙ අනුපස්සනතො උදයබ්බයානුපස්සනාති වුච්චති.
පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනෙ පඤ්ඤා යනු නොකඩවා පැවතීම් වශයෙන් වර්තමාන ආධ්‍යාත්මික පංචස්කන්ධ ධර්මයන්ගේ වෙනස්වීම බිඳීම දැකීමේ ප්රඥාවයි. මේ ධර්ම ඉපදී බිඳෙත්නුයි හටගැන්ම සිතින් ගෙනම භේදයෙහි සිත පිහිටුවයි. එහෙයින් හටගැන්ම නොකියන ලද්දේද කියන ලද්දේම යයි දතයුතුය. වර්තමාන ධර්මයන්ගේ දර්ශනයෙන්ම හටගැනීමේ දර්ශනය සිද්ධ වන හෙයින් හටගැන්ම කියන ලද්දේම වේ. හටගැන්මක් නොමැතිව ධර්මයන්ගේ ඉපදීමක් සිදුනොවේ. එහෙයින් වර්තමාන ධර්මයන්ගේ ඉපදීම, වෙනස්වීම අනුව බැලීමේ (විශේෂයෙන් බැලීමේ) ප්‍රඥාව යිය නොකියන ලද්දේ වී නමුත් කියන ලද්දේම වේයයි දතයුතුය. උදයබ්බයානුපස්සනෙ ඤාණං යන මෙහි සඳහන් හටගැනීම් දර්ශනය සිද්ධවේමයයි නියමිත හෙයින් අනතුරුව කියන ලද, සම්මසන ඤාණයෙහි පරතෙරට ගොස් එය මෙනෙහි කිරීමෙහිදීම ප්‍රකට වූ උදයව්යයන් පරිග්‍රහණය කොට, සංස්කාරයන්ගේ පිරිසිඳීම කිරීම සඳහා හටගැනීම-විනාශය අනුව බැලීම අරඹන්නහුට උදයව්‍යය ඥානානුපස්සනා ඤාණය උපදී. එය හටගැනීම-විනාශය අනුව බලන හෙයින් උදයව්යයානුපස්සනාවයැයි කියයි.
ආරම්මණං පටිසඞ්ඛාති රූපක්ඛන්ධාදිආරම්මණං භඞ්ගතො පටිසඞ්ඛාය ජානිත්වා පස්සිත්වා. භඞ්ගානුපස්සනෙ පඤ්ඤා විපස්සනෙ ඤාණන්ති තස්ස ආරම්මණං භඞ්ගතො පටිසඞ්ඛාය උප්පන්නස්ස ඤාණස්ස භඞ්ගං අනුපස්සනෙ යා පඤ්ඤා, තං “විපස්සනෙ ඤාණ”න්ති වුත්තං හොති. විපස්සනාති ච විවිධා පස්සනා විපස්සනා. ආරම්මණපටිසඞ්ඛාතිපි පාඨො. තස්සත්ථො – ආරම්මණස්ස පටිසඞ්ඛා ජානනා පස්සනාති වුත්තනයෙනෙව ආරම්මණපටිසඞ්ඛා “භඞ්ගානුපස්සනෙ පඤ්ඤා විපස්සනෙ ඤාණ”න්ති වුත්තං හොති. යස්මා පන භඞ්ගානුපස්සනාය එව විපස්සනා සිඛං පාපුණාති, තස්මා විසෙසෙත්වා ඉදමෙව “විපස්සනෙ ඤාණ”න්ති වුත්තං. යස්මා උදයබ්බයානුපස්සනාය ඨිතස්ස මග්ගාමග්ගඤාණදස්සනං උප්පජ්ජති, තස්මා තස්සා සිද්ධාය තං සිද්ධමෙව හොතීති තං අවත්වාව භඞ්ගානුපස්සනාය එව විපස්සනාසිඛං ඤාණං වුත්තන්ති වෙදිතබ්බං. උදයබ්බයානුපස්සනාය සුපරිදිට්ඨඋදයබ්බයස්ස සුපරිච්ඡින්නෙසු සඞ්ඛාරෙසු ලහුං ලහුං උපට්ඨහන්තෙසු ඤාණෙ තික්ඛෙ වහන්තෙ උදයං පහාය භඞ්ගෙ එව සති සන්තිට්ඨති, තස්ස “එවං උප්පජ්ජිත්වා එවං නාම සඞ්ඛාරා භිජ්ජන්තී”ති පස්සතො එතස්මිං ඨානෙ භඞ්ගානුපස්සනාඤාණං උප්පජ්ජති.
ආරම්මණං පටිසංඛා යන මෙහි රූපස්කන්ධාදි අරමුණුවල විනාශය නුවණිාන් දැන දැක. භංගානුපස්සනෙ පඤ්ඤා විපස්සනෙ ඤාණං යනු ඒ අරමුණ විනාශවීම් වශයෙන් මෙනෙහිකොට උපන් ඤාණයාගේ විනාශය සිහිකිරීමෙහිලා යම් නුවණක් වේද? එය විදර්ශනා ඤාණයයි කියන ලද්දේ වෙයි. විපස්සනා යනු විවිධාකාරයෙන් බැලීමයි. අරමුණ නුවණින් සලකා බලන්නේය යනුද පාඨයි. එහි අර්ථය අරමුණෙහි ස්වභාවය නුවණින් සලකා දැනගැනීම, දැකීමයයි කියන ලද ක්‍රමයෙන්ම අරමුණ නුවණින් සලකා භංගය අනුව බැලීමෙහි ප්‍රඥාව විදර්ශනා ඤාණයයි කියන ලද්දේ වෙයි. යම්හෙයකින් වනාහි භංගානුපස්සනාවෙහිදීම විදර්ශනා මස්තකප්රාප්ත වේද? (එසේ වීමටත් ඉඩ ඇත.) එහෙයින් විශේෂකොට මෙයම විදර්ශනාවෙහි ඤාණයයි කියන ලදි. යම්හෙයකින් උදව්යයානුපස්සනාවෙහි සිටියහුට මග්ගා මග්ග ඤාණ දර්ශනය උපදීද? එහෙයින් එය සිද්ධවීමෙන් අනෙක ඉටුවේයයි එසේ නොකියා, භංගානුපස්සනාවෙහිම විදර්ශනා ඤාණය කියන ලද්දේ යයි දතයුතුය. උදයව්යයානුපස්සනාවෙහි, මනාව පිරිසිඳ දත් සංස්කාරයන්හි මනාව දුටු උදයව්යයන් වහ වහා වැටහෙන කල්හි ඤාණය සියුම්ව උසුලන කල්හි උදය (හටගැන්ම) හැර භංගයෙහිම (විනාශයෙහිම) සිහිය මනාව පිහිටයි. ඔහුට මෙසේ මේ සංස්කාර ඉපිද බිඳෙත් යයි දකින කල්හි එතැන්හි භංගානුපස්සනා ඤාණය උපදී.
භයතුපට්ඨානෙ පඤ්ඤාති උප්පාදපවත්තනිමිත්තආයූහනාපටිසන්ධීනං භයතො උපට්ඨානෙ පීළායොගතො සප්පටිභයවසෙන ගහණූපගමනෙ පඤ්ඤාති අත්ථො. භයතො උපට්ඨාතීති භයතුපට්ඨානං ආරම්මණං , තස්මිං භයතුපට්ඨානෙ. අථ වා භයතො උපතිට්ඨතීති භයතුපට්ඨානං, පඤ්ඤා, තං “භයතුපට්ඨාන”න්ති වුත්තං හොති.
භයතුපට්ඨානෙ පඤ්ඤා යනු ඉපදීම-පැවතීම ආදී ආකාරයන්, කර්ම රැස්කිරීම්-ප්රතිසන්ධි ආදීන් බියවීමට හේතු වශයෙන් සලකා දැඩි පීඩාවට පත්ව භය වශයෙන් ගැනීමෙහි ප්‍රඥාවයයි යන අර්ථයි. භය වශයෙන් වැටහේනුයි භයතුපට්ඨානයි. ඒ භය වශයෙන් වැටහීමේ අරමුණයි. නොහොත් භය වශයෙන් වැටහේනුයි භයතුපට්ඨානයි. ඒ භය වශයෙන් සලකන ප්‍රඥාව යයි කියන ලද්දේ වෙයි.
ආදීනවෙ ඤාණන්ති භුම්මවචනමෙව. “යා ච භයතුපට්ඨානෙ පඤ්ඤා, යඤ්ච ආදීනවෙ ඤාණං, යා ච නිබ්බිදා, ඉමෙ ධම්මා එකට්ඨා, බ්යඤ්ජනමෙව නාන”න්ති (පටි· ම· 1.227) වුත්තත්තා එකමිව වුච්චමානම්පි අවත්ථාභෙදෙන මුඤ්චිතුකම්යතාදි විය තිවිධමෙව හොති. තස්මා භයතුපට්ඨානආදීනවානුපස්සනාසු සිද්ධාසු නිබ්බිදානුපස්සනා සිද්ධා හොතීති කත්වා අවුත්තාපි වුත්තාව හොතීති වෙදිතබ්බා.
ආදීනවෙ ඤාණං යනු සම්බන්ධ විභක්තියි. යම් භයතු පට්ඨානයෙහි ප්‍රඥාවක් වේද, යම් ආදීනව ඤාණයක් වේද? යම් නිබ්බිදා ඤාණයක් වේද? මේ සියල්ල එක් අර්ථයක්ම ඇත. අක්ෂරයන්ගේ වෙනස් බවක් පමණක් යයි කියන ලද හෙයින්, මෙහි එකක්ම කියන ලද්දේ නමුත් අවස්ථා භේදයෙන් මුඤ්චිතු කම්‍යතා ඤාණයෙහි මෙන් ත්රිවිධාකාරම වේ. එහෙයින් භයතුපට්ඨාන, ආදීනවානු පස්සනාදීහු සිදුවූ පසු නිබ්බිදානුපස්සනාව සිද්ධ වේයයි නොකියන ලද්දේද, කියන ලද්දේම වේයයි දතයුතුය.
සබ්බසඞ්ඛාරානං භඞ්ගාරම්මණං භඞ්ගානුපස්සනං ආසෙවන්තස්ස භාවෙන්තස්ස බහුලීකරොන්තස්ස තිභවචතුයොනිපඤ්චගතිසත්තවිඤ්ඤාණට්ඨිතිනවසත්තාවාසෙසු පභෙදකා සඞ්ඛාරා සුඛෙන ජීවිතුකාමස්ස භීරුකපුරිසස්ස සීහබ්යග්ඝදීපිඅච්ඡතරච්ඡයක්ඛරක්ඛසචණ්ඩගොණචණ්ඩකුක්කුරපභින්න- මදචණ්ඩහත්ථිඝොරආසිවිසඅසනිවිචක්කසුසානරණභූමිජලිතඅඞ්ගාරකාසුආදයො විය මහාභයං හුත්වා උපට්ඨහන්ති, තස්ස “අතීතා සඞ්ඛාරා නිරුද්ධා, පච්චුප්පන්නා නිරුජ්ඣන්ති, අනාගතාපි එවමෙව නිරුජ්ඣිස්සන්තී”ති පස්සතො එතස්මිං ඨානෙ භයතුපට්ඨානං ඤාණං උප්පජ්ජති. තස්ස තං භයතුපට්ඨානඤාණං ආසෙවන්තස්ස භාවෙන්තස්ස බහුලීකරොන්තස්ස සබ්බභවයොනිගතිඨිතිසත්තාවාසෙසු නෙව තාණං න ලෙණං න ගති න පටිසරණං පඤ්ඤායති, සබ්බභවයොනිගතිඨිතිනිවාසගතෙසු සඞ්ඛාරෙසු එකසඞ්ඛාරෙපි පත්ථනා වා පරාමාසො වා න හොති, තයො භවා වීතච්චිතඞ්ගාරපුණ්ණා අඞ්ගාරකාසුයො විය, චත්තාරො මහාභූතා ඝොරවිසා ආසිවිසා විය, පඤ්චක්ඛන්ධා උක්ඛිත්තාසිකා වධකා විය, ඡ අජ්ඣත්තිකායතනානි සුඤ්ඤගාමො විය, ඡ බාහිරායතනානි ගාමඝාතකචොරා විය, සත්තවිඤ්ඤාණට්ඨිතියො නව ච සත්තාවාසා එකාදසහි අග්ගීහි ආදිත්තා සම්පජ්ජලිතා සජොතිභූතා විය ච, සබ්බෙ සඞ්ඛාරා ගණ්ඩභූතා රොගභූතා සල්ලභූතා අඝභූතා ආබාධභූතා විය ච නිරස්සාදා නිරසා මහාආදීනවරාසිභූතා හුත්වා උපට්ඨහන්ති, සුඛෙන ජීවිතුකාමස්ස භීරුකපුරිසස්ස රමණීයාකාරසණ්ඨිතම්පි සවාළකමිව වනගහනං, සසද්දූලා විය ගුහා, සගාහරක්ඛසං විය උදකං, සමුස්සිතඛග්ගා විය පච්චත්ථිකා, සවිසං විය භොජනං, සචොරො විය මග්ගො, ආදිත්තමිව අගාරං, උය්යුත්තසෙනා විය රණභූමි. යථා හි සො පුරිසො එතානි සවාළකවනගහනාදීනි ආගම්ම භීතො සංවිග්ගො ලොමහට්ඨජාතො සමන්තතො ආදීනවමෙව පස්සති, එවමෙව සො යොගාවචරො භඞ්ගානුපස්සනාවසෙන සබ්බසඞ්ඛාරෙසු භයතො උපට්ඨිතෙසු සමන්තතො නිරසං නිරස්සාදං ආදීනවමෙව පස්සති. තස්සෙවං පස්සතො ආදීනවානුපස්සනාඤාණං උප්පජ්ජති.
සියලු සංස්කාරයන්ගේ විනාශය අරමුණුකොට භංගානුපස්සනාව සේවනය කරන්නහුට, වඩන්නහුට, බහුල වශයෙන් කරන්නහුට, භවත්‍රය-චතුර්යෝනි, පංචගති, සප්ත විඤ්ඤාණට්ඨිති, නව සත්තාවාස ආදීන්හි බිඳෙනසුලු සංස්කාරයන් දකිනවිට සුවයෙන් ජීළුත්වෙනු කැමති බියගුලු පුරුෂයෙකුට සිංහ, ව්යාඝ්ර, දිවි, වලස්, කළුහිස් වලස්, යක්ෂ, රාක්ෂස, නපුරු ගොනුන්, නපුරු බල්ලන්, මදවෑහෙන නපුරු ඇතුන්, භයානක සර්පයින්, හෙණ පිපිරුම්, සොහොන්, යුදබිම්, දැල්වෙන අඟුරු වලවල්, ආදීන් දැකීමෙන් බියට පත්වන්නාක් මෙන් බියජනකාරයෙන් වැටහෙයි. ඔහුගේ අතීත සංස්කාරයෝ නිරුද්ධයහ. වර්තමාන ඒවා නිරුද්ධ වෙති. අනාගත ඒවාදි එපරිද්දෙන්ම නිරුද්ධ වන්නාහු යයි දකින්නහුට එතැන භයතුපට්ඨාන ඤාණය උපදියි. ඔහුට ඒ භයතුපට්ඨාන ඤාණය සේවනය කරන කල්හි, වඩන කල්හි, බහුල වශයෙන් දියුණු කරන කල්හි, සියලු, භව, යෝනි, උපදින ස්ථාන, සිටින ස්ථාන ආදි නව සත්ත්වාසයන්හි, ආරක්ෂාවක්, පිහිටක්, පිළිසරණක් නොපෙනේ. සියලු භව, යෝනි, උපදින ස්ථාන, වාසස්ථානගත සංස්කාරයන් අතර එකම සංස්කාරයක් කෙරෙහි පවා ප්‍රාර්ථනාවක් හෝ ස්පර්ශ කිරීමක් හෝ නොවෙයි. ත්‍රිවිධ භවයන් පහවූ ගිනිදැල් ඇති පිරුණු ගිනි අඟුරු වලවල් මෙන්ද, සතරමහා භූතයෝ නපුරු විෂ ඇති සර්පයින් මෙන්ද, පංචස්කන්ධයන් එසවූ කඩු අතින් ගත් වධකයින් මෙන්ද ආධ්‍යාත්මික අංග සය හිස් ගමක් මෙන්ද, බාහිර ආයතන සය ගම් පහරණ සොරුන් මෙන්ද, සප්ත විඤ්ඤාණස්ථිතීන්ද නව සත්තාවාසයන්ද, එකොළොස් ගින්නකින් ඇවිලුණාහු මනාව ඇවිලුණාහු. ගිනිදැල්වලින් බැබලී ගියාක් මෙන්ද වැටහේ. සියලු සංස්කාරයෝ ගෙඩියක් වූවා මෙන්ද, රෝගයන් මෙන්ද හුලක් වූවා මෙන්ද, විපතක් වූවා මෙන්ද, ආබාධ්යක් වූවා මෙන්ද, ආශ්වාද රහිතය. නීරසය. ගොඩගැසුණු මහා දොස් රැසක් මෙන් වැටහෙති. සැපසේ ජීවත්වනු කැමති බියගුලු පුරුෂයෙකුට සිත්ගන්නාසුලු ස්වභාවයක පිහිටයත් රුදුරු වනසතුන් ගැවසෙන කැලයක් මෙන්ද, දිවියන් සහිත ගුහාවක් මෙන්ද, කිඹුල් ආදී නපුරු සතුන් හා රකුසන් සහිත ජලයක් මෙන්ද, ඔසවන ලද කඩුවක් සහිත සතුරකු මෙන්ද, විෂ සහිත බොජුනක් මෙන්ද, සොරුන් සහිත මාර්ගයක් මෙන්ද, ගිනිගත් ගෙයක් මෙන්ද, යුද්ධයට අවතීර්ණ සේනා සහිත යුදබිමක් මෙන්ද, යම්සේ ඒ පුරුෂයා ඒ රුදුරු වනසතුන් ගහණ ස්ථානයන්ට පැමිණ, භයවූයේ, සංවේගයට පත්වූයේ ලොමුඩැහැ ගැනුනේ හාත්පස දෝෂයන්ම දකියි. එපරිද්දෙන්ම ඒ යෝගාවචරයා භංගානුපස්සනා වශයෙන් සියලු සංස්කාරයන් භය වශයෙන් එළඹ සිටි කල්හි හාත්පස නීරස ලෙස ආස්වාද රහිත ලෙසද දොස් ආදියම දකියි. ඔහුට මෙසේ බලනකල්හි ආදීනවානුපස්සනා ඤාණය උපදියි.
සො එවං සබ්බසඞ්ඛාරෙ ආදීනවතො සම්පස්සන්තො සබ්බභවයොනිගතිවිඤ්ඤාණට්ඨිතිසත්තාවාසගතෙ සභෙදකෙ සඞ්ඛාරගතෙ නිබ්බින්දති උක්කණ්ඨති නාභිරමති. සෙය්යථාපි නාම චිත්තකූටපබ්බතපාදාභිරතො සුවණ්ණරාජහංසො අසුචිම්හි චණ්ඩාලගාමද්වාරආවාටෙ නාභිරමති, සත්තසු මහාසරෙසුයෙව අභිරමති, එවමෙව අයං යොගීරාජහංසො සුපරිදිට්ඨාදීනවෙ සභෙදකෙ සඞ්ඛාරගතෙ නාභිරමති, භාවනාරාමතාය පන භාවනාරතියා සමන්නාගතත්තා සත්තසු අනුපස්සනාසුයෙව අභිරමති. යථා ච සුවණ්ණපඤ්ජරෙපි පක්ඛිත්තො සීහො මිගරාජා නාභිරමති, තියොජනසහස්සවිත්ථතෙ පන හිමවන්තෙයෙව රමති, එවමයම්පි යොගීසීහො තිවිධෙ සුගතිභවෙපි නාභිරමති, තීසු අනුපස්සනාසුයෙව රමති. යථා ච සබ්බසෙතො සත්තප්පතිට්ඨො ඉද්ධිමා වෙහාසඞ්ගමො ඡද්දන්තො නාගරාජා නගරමජ්ඣෙ නාභිරමති, හිමවති ඡද්දන්තරහදෙයෙව රමති, එවමයං යොගීවරවාරණො සබ්බස්මිම්පි සඞ්ඛාරගතෙ නාභිරමති, “අනුප්පාදො ඛෙම”න්තිආදිනා (පටි· ම· 1.53) නයෙන නිද්දිට්ඨෙ සන්තිපදෙයෙව රමති, තන්නින්නතප්පොණතප්පබ්භාරමානසො හොති. එත්තාවතා තස්ස නිබ්බිදානුපස්සනාඤාණං උප්පන්නං හොතීති.
හෙතෙම මෙසේ සියලු සංස්කාරයන් ආදීනව වශයෙන් මනාව බලන්නේ සියලු භව, ජාති, උපදින ස්ථාන, විඤ්ඤාණයන් පිහිටන සත්ත්වයින් වාසය කරන ස්ථානයන්හි, විවිධාකාර භේදයන් සහිත සංස්කාරයන්ට ඇතුළත් වූ සියලු දෑ කෙරෙහි කලකිරෙයි. නොඇලේ. සතුටට පත් නොවෙයි. විසිතුරු කඳුපාමුලක සිත් අලවා වාසය කරන ස්වර්ණ හංසරාජයෙක් සැඩොල් ගම්දොර අසූචි වලෙහි නොඇලේද? සප්තමහා විල්හිම සිත් අලවන්නේ වේද? එපරිද්දෙන්ම මේ යෝගී රාජහංසයා මනාකොට පිරිසිඳ දක්නාලද ආදීනව සහිත භේදසහිත සංස්කාරයන් කෙරෙහි, නොඇලේ. භාවනාවෙහි ඇලුණේ, විශේෂයෙන් ඇලුණේ, සප්ත අනුපස්සනාවන්හිම සිත් අලවයි. රන් කූඩුවක දමන ලද්දේ වී නමුත් මෘගරාජ සිංහයා එහි සිත් නොඅලවයිද? තුන්දහසක් යොදුන් පැතුරුණු හිමවතෙහිම සිත් අලවයි. එපරිද්දෙන්ම මේ යෝගී සිංහයාද ත්‍රිවිධ සුගති භවයන්හිද සිත් නොඅලවයි. ත්‍රිවිධ අනුපස්සනාවන්හිම සිත් අලවයි. යම්සේ සම්පූර්ණයෙන් සුදු සත්තැන මනාව පිහිටි (පෘථුවියෙහි පිහිටි) සෘද්ධිමත්, අහසින් ගමන් කරන සද්දන්ත නාරජු නගර මධ්‍යයෙහි සිත් නොඅලවයි. සද්දන්ත විලෙහිම සිත් අලවයි. එසේම මේ ශ්‍රේෂ්ඨ යෝගී ඇත්රජ සංස්කාරගත සියල්ලෙහිම නොඇලේ. නොඉපදීම ආරක්ෂා සහිතය. ආදි ක්‍රමයෙන් දක්වන ලද සාන්ති පදයෙහිම සිත් අලවයි. ඒ අතට නැමුණු ඒ අතට ප්‍රවණතාවය ඇතිව, ඒ අතට නම්රතාවයෙන් යුත් මනසක් ඇත්තේ වෙයි. මෙතෙකින් ඔහුට නිබ්බිදානුපස්සනා ඤාණය උපන්නේ වෙයි.
මුඤ්චිතුකම්යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණන්ති මුඤ්චිතුං චජිතුං කාමෙති ඉච්ඡතීති මුඤ්චිතුකාමො, මුඤ්චිතුකාමස්ස භාවො මුඤ්චිතුකම්යතා. පටිසඞ්ඛාති උපපරික්ඛතීති පටිසඞ්ඛා, පටිසඞ්ඛානං වා පටිසඞ්ඛා. සන්තිට්ඨති අජ්ඣුපෙක්ඛතීති සන්තිට්ඨනා, සන්තිට්ඨනං වා සන්තිට්ඨනා. මුඤ්චිතුකම්යතා ච සා පටිසඞ්ඛා ච සන්තිට්ඨනා චාති මුඤ්චිතුකම්යතාපටිසඞ්ඛාසන්තිට්ඨනා. ඉති පුබ්බභාගෙ නිබ්බිදාඤාණෙන නිබ්බින්නස්ස උප්පාදාදීනි පරිච්චජිතුකාමතා මුඤ්චිතුකම්යතා. මුඤ්චනස්ස උපායකරණත්ථං මජ්ඣෙ පටිසඞ්ඛානං පටිසඞ්ඛා. මුඤ්චිත්වා අවසානෙ අජ්ඣුපෙක්ඛනං සන්තිට්ඨනා. එවං අවත්ථාභෙදෙන තිප්පකාරා පඤ්ඤා සඞ්ඛාරානං අජ්ඣුපෙක්ඛනාසු ඤාණං, මුඤ්චිතුකම්යතාපටිසඞ්ඛාසන්තිට්ඨනාසඞ්ඛාතානං අවත්ථාභෙදෙන භින්නානං තිස්සන්නම්පි පඤ්ඤානං සඞ්ඛාරුපෙක්ඛතං ඉච්ඡන්තෙන පන “පඤ්ඤා”ති ච “සඞ්ඛාරුපෙක්ඛාසූ”ති ච බහුවචනං කතං, අවත්ථාභෙදෙන භින්නස්සාපි එකත්තා “ඤාණ”න්ති එකවචනං කතන්ති වෙදිතබ්බං. වුත්තඤ්ච – “යා ච මුඤ්චිතුකම්යතා යා ච පටිසඞ්ඛානුපස්සනා යා ච සඞ්ඛාරුපෙක්ඛා, ඉමෙ ධම්මා එකට්ඨා, බ්යඤ්ජනමෙව නාන”න්ති (පටි· ම· 1.227). කෙචි පන “සඞ්ඛාරුපෙක්ඛාසූති බහුවචනං සමථවිපස්සනාවසෙන සඞ්ඛාරුපෙක්ඛානං බහුත්තා”තිපි වදන්ති. සඞ්ඛාරුපෙක්ඛාසූති ච කිරියාපෙක්ඛන්ති වෙදිතබ්බං. අවත්ථාභෙදෙන පන තෙන නිබ්බිදාඤාණෙන නිබ්බින්දන්තස්ස උක්කණ්ඨන්තස්ස සබ්බභවයොනිගතිවිඤ්ඤාණට්ඨිතිසත්තාවාසගතෙසු සභෙදකෙසු සඞ්ඛාරෙසු චිත්තං න සජ්ජති න ලග්ගති න බජ්ඣති, සබ්බසඞ්ඛාරගතං මුඤ්චිතුකාමං ඡඩ්ඩෙතුකාමං හොති.
මුඤ්චිතුකම්යතා පටිසංඛා සන්තිට්ඨනා පඤ්ඤා සංඛාරුපෙක්ඛාසු ඤාණං යන මෙහි මුදන්ට, අත්හරින්ට, ආශා කරයි. කැමති වෙයිනුයි මුඤ්චිතු කාම නම් වේ. මිදෙනු කැමැත්තෙහි ස්වභාවය මුඤ්චිතු කම්යතාවයයි. සලකා බලයි. විශේෂයෙන් පරීක්ෂා කෙරේනුයි පටිසංඛා නම් වේ. නුවණින් සලකා බැලීමේ ස්වභාවය පටිසංඛා නමි. පිහිටා සිටියි මධ්‍යස්ථ වේනුයි සන්තිට්ඨානා නම් වේ. පිහිටා සිටීම සන්තිට්ඨනා නම් වේ. ඒ මිදෙනු කැමති නුවණින් සැලකීමද, පිහිටා සිටීමද යන මේ සියල්ල එකට කැටිකර ගත්කල්හි මුඤ්චිතු කම්‍යතා පටිසංඛා සන්තිට්ඨනා නම් වේ. මෙසේ පූඍ්වභාගයෙහි නිබ්බිදා ඤාණයෙන් කලකිරුණහුට ඉපදීම් ආදිය අත්හැරීමේ කැමැත්ත මුඤ්චිතු කම්‍යතා නම් වේ. මිදීමට ක්‍රම ඇතිකිරීම පිණිස මධ්‍යයෙහි නුවණින් සලකා බැලීම, නුවණින් සලකා බැලීමෙන් මිදී අවසානයෙහි මධ්‍යස්ථව සිටියි. මෙසේ ව්‍යවස්ථාපන ත්‍රිවිධාකාර වූ ප්‍රඥාව සංස්කාරයන්ගේ අජ්ඣුපෙක්ඛණ ප්‍රඥාව නම් වේ. මිදෙනු කැමැත්ත, නුවණින් සැලකීම්, පිහිටා සිටීම් සංඛ්‍යාත වූ අවස්ථා භේදයෙන් ප්‍රඥා තුනටම සංස්කාරයන්ගේ මධ්‍යස්ථතාවය කැමති වන්නේනුයි ප්‍රඥාවද එයමනුයි සංඛාරුපෙක්ඛාසු යයි බහුවචනයෙන් දක්වන ලදි. අවස්ථා භේදයෙන් බිඳුනේ වී නමුත් ඥානයේ ස්වභාවය ඒකාකාර බැවින් ඒකවචනයෙන්ද දක්වන ලද්දේයයි දතයුතුය කියන ලද්දේම වේ. යම් ඒ මුඤ්චිතු කම්යතාවක් වේද යම් ඒ පටිසංඛානු පස්සනාවක් වේද, යම් ඒ සංඛාරුපේක්ෂාවක් වේද මේ ධර්මයෝ ඒකාර්ථයහ. අකුරු පමණක් වෙනස්ය. සමහරු වනාහි සංඛාරුපෙක්ඛාසුයයි බහු වචනය යොදති. සමථ විදර්ශනා වශයෙන් සංඛාරුපෙක්ඛාවන්ගේ සංඛ්‍යාව බහුලයයි කියති. සංඛාරුපෙක්ඛාසු යන මෙහි ක්‍රියාව අපේක්ෂා කෙරේයයි දතයුතුය. අවස්ථා භේදයෙන් වනාහි ඒ නිබ්බිදා ඤාණයෙන් කලකිරුණහුට, උක්කණිඨිතයාට සියලු භව යෝනි ගති විඤ්ඤාණට්ඨිති සත්තාවාසගත භේද සහිත සංස්කාරයන්හි සිත නොබැඳේ. නොඇලේ. නොබැඳේ. සංස්කාරගත සියලු දැයින් මිදීමේ අත්හැරදැමීමේ කැමැත්ත ඇතිවේ.
අථ වා යථා ජාලබ්භන්තරගතො මච්ඡො, සප්පමුඛගතො මණ්ඩූකො, පඤ්ජරපක්ඛිත්තො වනකුක්කුටො, දළ්හපාසවසංගතො මිගො, අහිතුණ්ඩිකහත්ථගතො සප්පො, මහාපඞ්කපක්ඛන්දො කුඤ්ජරො, සුපණ්ණමුඛගතො නාගරාජා, රාහුමුඛපවිට්ඨො චන්දො, සපත්තපරික්ඛිත්තො පුරිසොතිඑවමාදයො තතො තතො මුච්චිතුකාමා නිස්සරිතුකාමාව හොන්ති, එවං තස්ස යොගිනො චිත්තං සබ්බස්මා සඞ්ඛාරගතා මුච්චිතුකාමං නිස්සරිතුකාමං හොති. එවඤ්හි වුච්චමානෙ “මුච්චිතුකාමස්ස මුච්චිතුකම්‍යතා”ති පාඨො යුජ්ජති. එවඤ්ච සති “උප්පාදං මුඤ්චිතුකම්යතා”තිආදීසු “උප්පාදා මුච්චිතුකම්‍යතා”තිආදි වත්තබ්බං හොති, තස්මා පුරිමො එව අත්ථො සුන්දරතරො. අථස්ස සබ්බසඞ්ඛාරෙසු විගතාලයස්ස සබ්බසඞ්ඛාරගතං මුඤ්චිතුකාමස්ස මුඤ්චිතුකම්යතාඤාණං උප්පජ්ජති. සො එවං සබ්බභවයොනිගතිවිඤ්ඤාණට්ඨිතිසත්තාවාසගතෙ සභෙදකෙ සඞ්ඛාරෙ මුඤ්චිතුකාමො මුඤ්චනස්ස උපායසම්පාදනත්ථං පුන තෙ එව සඞ්ඛාරෙ පටිසඞ්ඛානුපස්සනාඤාණෙන තිලක්ඛණං ආරොපෙත්වා විපස්සති. එවඤ්හි විපස්සතො චස්ස අනිච්චවසෙන නිමිත්තං පටිසඞ්ඛාඤාණං උප්පජ්ජති, දුක්ඛවසෙන පවත්තං පටිසඞ්ඛාඤාණං උප්පජ්ජති, අනත්තවසෙන නිමිත්තඤ්ච පවත්තඤ්ච පටිසඞ්ඛාඤාණං උප්පජ්ජති. සො පටිසඞ්ඛානුපස්සනාඤාණෙන “සබ්බෙ සඞ්ඛාරා සුඤ්ඤා”ති දිස්වා තිලක්ඛණං ආරොපෙත්වා සඞ්ඛාරෙ පරිග්ගණ්හන්තො භයඤ්ච නන්දිඤ්ච විප්පහාය භරියාය දොසං දිස්වා විස්සට්ඨභරියො විය පුරිසො තස්සා භරියාය සඞ්ඛාරෙසු උදාසීනො හොති මජ්ඣත්තො, “අහ”න්ති වා “මම”න්ති වා න ගණ්හාති. තස්ස එවං ජානතො එවං පස්සතො තීසු භවෙසු චිත්තං පතිලීයති පටිකුටති පටිවත්තති න සම්පසාරියති. සෙය්යථාපි නාම පදුමපලාසෙ ඊසකං පොණෙ උදකඵුසිතානි පතිලීයන්ති පටිකුටන්ති පටිවත්තන්ති න සම්පසාරියන්ති. සෙය්යථාපි වා පන කුක්කුටපත්තං වා න්හාරුදද්දුලං වා අග්ගිම්හි පක්ඛිත්තං පතිලීයති පටිකුටති පටිවත්තති න සම්පසාරියති, එවං තස්ස තීසු භවෙසු චිත්තං පතිලීයති පටිකුටති පටිවත්තති න සම්පසාරියති, උපෙක්ඛා සණ්ඨාති. එවමස්ස සඞ්ඛාරුපෙක්ඛාඤාණං උප්පන්නං හොති. ඉමිනා සඞ්ඛාරුපෙක්ඛාඤාණෙන සද්ධිං උපරි ගොත්රභුඤාණස්ස සාධකං අනුලොමඤාණං පුබ්බාපරඤාණෙහි අවුත්තම්පි වුත්තමෙව හොතීති වෙදිතබ්බං. වුත්තඤ්හි භගවතා –
නොහොත් දැලක් ඇතුළට ගිය මත්ස්‍යයෙක්, සර්පයෙකුගේ මුවට ගිය මැඩියෙක්, කූඩුවකට දමන ලද කැලෑ කුකුලෙක්, දැඩි උගුලකට හසුවූ මුවෙක්, අහිගුණ්ඨිකයෙකු අතපත් සර්පයෙක්, මහා මඩගොහොරුවකට වැටුණු ඇත් රජෙක්, ගුරුළාගේ මුවටගිය නාගරාජයෙක් යන මේ ආදි අය ඒ ඒ ස්ථානවලින් මිදෙනු කැමැත්තාහු නික්මයනු කැමැත්තාහුම වෙති. මෙසේ ඒ යෝගියාගේ සිත සියලු සංස්කාරගත දැයින් මිදෙනු කැමැත්තාහු නික්ම යනු කැමැත්තාහු වෙති. මෙසේ කියනකල්හි මිදෙනු කැමැත්තහුගේ ස්වභාවය මුඤ්චිතු කම්යතායි පාඨය යෙදේ. මෙසේත් ඇතිකල්හි, උප්පාද මුඤ්චිතු කම්‍යතා ආදීන්හි උපතින් මිදෙනු කැමැත්ත යයි කිවයුතු වේ. එහෙයින් පළමු අර්ථයම වඩා යහපත්ය. ඉක්බිති ඔහුට සියලු සංස්කාරයන්හි පහවූ ඇල්ම ඇත්තේ, සංස්කාරගත සියලු දැයින් මිදෙනු කැමැත්තහුට මුඤ්චිතු කම්‍යතා ඤාණය උපදී. හෙතෙම මෙසේ සියලු භවයෝනි ගති විඤ්ඤාණට්ඨිති සත්තාවාසගත භේද සහිත සංස්කාරයන්ගෙන් මිදෙනු කැමැත්තේ මිදීමට උපාය සම්පාදනය සඳහා නැවත එම සංස්කාරයන්ම පටිසංඛානුපස්සනා ඤාණයෙන් ත්රිලක්ෂණයට නංවා විදර්ශනා කරයි. මෙසේ විදර්ශනා කරන්නහුට අනිත්‍ය වශයෙන් වූ නිමිති සහිත පටිසංඛා ඤාණය උපදී. දුක්ඛ වශයෙන් පැවති පටිසංඛා ඤාණය උපදී. අනාත්ම වශයෙන් හේතුවද, පැවැත්මද ඇතුළත් පටිසංඛා ඤාණය උපදී. හෙතෙම පටිසංඛානුපස්සනා ඤාණයෙන් සියලු සංස්කාරයෝ ශූන්‍යයයි දැක ත්රිලක්ෂණයට නංවා සංස්කාරයන් පරීක්ෂා කරන්නේ, භයද තෘෂ්ණාවද අත්හැර, භාර්යාවගේ දොස් දැක අත්හරින ලද භාර්යාවක ඇති පුරුෂයෙක් ඒ භාර්යාව කෙරෙහි පවතින්නේ යම්සේද, එසේ මේ යෝගියාද, සංස්කාරයන්හි උදාසීන වේ. මධ්‍යස්ථ වේ. මමය මාගේ යයි නොගනියි. මෙසේ දන්නා වූ, මෙසේ බලන්නා වූ ඔහුට ත්‍රිවිධ භවයන් පිළිබඳව සිත ඉවත්ව යේ. පෙරළේ, ආපසු හැරෙයි. දිග නොහැරෙයි. යම්සේ නෙලුම් පතක් මදක් නැමී ජලය ස්පර්ශ කරන්නේ ඉන් ඉවත් වේද, පෙරළේද, ආපසු හැරේද, දිග නොහැරේද යම්සේ වනාහි කුකුල් පියාපතක් හෝ නහර වැදැල්ලක් ගින්නෙහි බහාලන ලද්දේ ඉවත්ව යේද, පෙරළේද ආපසු හැරේද දිග නොහැරේද, එසේම ඔහුට ත්‍රිවිධ භවයන් කෙරෙහි සිත ඉවත්ව යයි. පෙරළේ. ආපසු හැරේ. දිග නොහැරේ. උපේක්ෂාවෙහි පිහිටයි. මෙසේ මොහුට සංඛාරුපේක්ෂා ඤාණය උපන්නේ වෙයි. මේ සාඛාරුපෙක්ඛා ඤාණය සමග මත්තෙහි ගොත්රභූ ඤාණයට ආධාර වූ අනුලෝම ඤාණය පූර්වාපර ඤාණයන්හි කියන ලද දේද, නොකියන ලද දේද, කියන ලද්දේම වේයයි දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේය;
“සො වත, භික්ඛවෙ, භික්ඛු කඤ්චි සඞ්ඛාරං නිච්චතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිස්සතීති නෙතං ඨානං විජ්ජති, අනුලොමිකාය ඛන්තියා අසමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතීති නෙතං ඨානං විජ්ජති, සම්මත්තනියාමං අනොක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තඵලං වා සච්ඡිකරිස්සතීති නෙතං ඨානං විජ්ජතී”තිආදි (අ· නි· 6.98; පටි· ම· 3.36).
“මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව කිසියම් සංස්කාරයක් නිත්‍ය වශයෙන් මනාව විමසා බලන්නේ අනුලෝම ක්ෂාන්තියෙන් යුක්ත වූයේය යන මෙම කරුණ කිසිවිටෙකත් විද්‍යමාන නොවන්නේය. (එවැන්නක් නොවන්නේය) අනුලෝම ක්ෂාන්තියෙන් යුක්ත නොවූයේ නිවැරදි ක්‍රමයට බසින්නේය යන මෙම කරුණද සිද්ධ නොවන්නේය. නිවැරදි ක්‍රමයට නොබසින්නේ සෝවාන්ඵලය හෝ සකෘදාගාමි ඵලය හෝ අනාගාමි ඵලය හෝ අර්හත්වය සාක්ෂාත් කරන්නේය යන මෙම කරුණද විද්‍යමාන නොවන්නේය”
වුත්තඤ්ච ධම්මසෙනාපතිනා –
ධර්මසේනාපති විසින් කියන ලද්දේය;
“කතිහාකාරෙහි අනුලොමිකං ඛන්තිං පටිලභති? කතිහාකාරෙහි සම්මත්තනියාමං ඔක්කමති? චත්තාලීසාය ආකාරෙහි අනුලොමිකං ඛන්තිං පටිලභති, චත්තාලීසාය ආකාරෙහි සම්මත්තනියාමං ඔක්කමතී”තිආදි (පටි· ම· 3.37).
කොපමණ ආකාරයන්ගෙන් අනුලෝම ක්ෂාන්තිය ලබයිද? කවර ආකාරයන්ගෙන් නිවැරදි ක්‍රමයට බසීද? සතළිස් ආකාරයකින් අනුලෝම ක්ෂාන්තිය ලබයි. සතළිස් ආකාරයකින් නිවැරදි ක්‍රමයට බසියි.
පට්ඨානෙ චෙතං වුත්තං භගවතා –
පට්ඨානයෙහිද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි;
“අනුලොමං ගොත්රභුස්ස අනන්තරපච්චයෙන පච්චයො. අනුලොමං වොදානස්ස අනන්තරපච්චයෙන පච්චයො”තිආදි (පට්ඨා· 1.1.417).
අනුලෝමය ගෝත්‍රභූ ඥානයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ. අනුලෝමය වෝදානයට අනන්තර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ, ආදිය.
තස්ස හි තං සඞ්ඛාරුපෙක්ඛාඤාණං ආසෙවන්තස්ස භාවෙන්තස්ස බහුලීකරොන්තස්ස අධිමොක්ඛසද්ධා බලවතරා හොති, වීරියං සුපග්ගහිතං, සති සූපට්ඨිතා, චිත්තං සුසමාහිතං, සඞ්ඛාරුපෙක්ඛාඤාණං තික්ඛතරං පවත්තති. තස්ස ඉදානි මග්ගො උප්පජ්ජිස්සතීති සඞ්ඛාරුපෙක්ඛාය සඞ්ඛාරෙ “අනිච්චා”ති වා “දුක්ඛා”ති වා “අනත්තා”ති වා සම්මසිත්වා භවඞ්ගං ඔතරති. භවඞ්ගානන්තරං සඞ්ඛාරුපෙක්ඛාය කතනයෙනෙව සඞ්ඛාරෙ “අනිච්චා”ති වා “දුක්ඛා”ති වා “අනත්තා”ති වා ආරම්මණං කුරුමානං උප්පජ්ජති මනොද්වාරාවජ්ජනං. තදනන්තරං තථෙව සඞ්ඛාරෙ ආරම්මණං කත්වා ද්වෙ තීණි චත්තාරි වා ජවනචිත්තානි උප්පජ්ජන්ති. තංසම්පයුත්තං ඤාණං අනුලොමඤාණං. තඤ්හි පුරිමානඤ්ච අට්ඨන්නං විපස්සනාඤාණානං තථකිච්චතාය අනුලොමෙති, උපරි ච පත්තබ්බානං සත්තතිංසාය බොධිපක්ඛියධම්මානං අනුලොමෙති. යථා හි ධම්මිකො රාජා විනිච්ඡයට්ඨානෙ නිසින්නො අට්ඨන්නං වොහාරිකමහාමත්තානං විනිච්ඡයං සුත්වා අගතිගමනං පහාය මජ්ඣත්තො හුත්වා “එවං හොතූ”ති අනුමොදමානො තෙසඤ්ච විනිච්ඡයස්ස අනුලොමෙති, පොරාණස්ස ච රාජධම්මස්ස. තත්ථ රාජා විය අනුලොමඤාණං, අට්ඨ වොහාරිකමහාමත්තා විය අට්ඨ විපස්සනාඤාණානි, පොරාණරාජධම්මො විය සත්තතිංස බොධිපක්ඛියධම්මා, යථා රාජා “එවං හොතූ”ති අනුමොදමානො වොහාරිකානඤ්ච විනිච්ඡයස්ස රාජධම්මස්ස ච අනුලොමෙති, එවමිදං අනිච්චාදිවසෙන සඞ්ඛාරෙ ආරබ්භ උප්පජ්ජමානානං අට්ඨන්නඤ්ච විපස්සනාඤාණානං තථකිච්චතාය අනුලොමෙති, උපරි ච පත්තබ්බානං සත්තතිංසාය බොධිපක්ඛියධම්මානං. තස්මා අනුලොමඤාණන්ති වුච්චති.
ඔහුට ඒ සංඛාරුපේක්ෂා ඥානය, සේවනය කරන කල්හි, වඩන කල්හි, බහුලව වඩන කල්හි ස්ථිර ශ්‍රද්ධාව බලවත් වේ. වීර්යය මනාව ඔසවා ඇත. සිහිය මනාව පිහිටුවා ඇත. සිත මනාව සන්සිඳී ඇත. සංඛාරුපේක්ෂා ඥානය ඉතා බලවත්ව (තියුණුව) පවතී. දැන් දැන් ඔහුට සංඛාරුපේක්ෂා මාර්ගය උපදින්නේ යයි පෙනෙන තත්ත්වයට පැමිණ, සංස්කාරයන් අනිත්‍යයයි දුක් යයි, අනාත්මයයි මෙනෙහිකොට භවංගයට වැටේ. භවංගයට අනතුරුව සංස්ඛාරුපේක්ෂාවෙහි කළ ආකාරයෙන්ම සංස්කාරයන්, අනිත්‍යයයි හෝ දුක් යයි හෝ අනාත්මයයි හෝ අරමුණු කරන්නේ මනෝද්වාරාවර්ජනය උපදී, ඉන් අනතුරුව එම සංස්කාරයන්ම අරමුණු කොට දෙකක් තුනක් හෝ හතරක් ජවන් සිත් උපදියි. ඒ හා යෙදුණු ඥානය අනුලෝම ඥානයයි. එය පළමු විදර්ශනා ඥානයන්ට කෘත්යතාවයෙන් අනුලොම් වේ. මත්තෙහි කිවයුතු සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අනුලොම් වේ. යම්සේ වනාහි විනිශ්චය ස්ථානයෙහි සිටි දැහැමි රජෙක් විනිශ්චයකාර මහඇමති අටදෙනාගේ විනිශ්චය අසා අගතියට යාම හැර මධ්‍යස්ථ වී එසේ වේවායි අනුව සතුටු වන්නේ ඔවුන්ගේ විනිශ්චයට විරුද්ධ නොවන්නේය. පෞරාණික රාජධර්මයටද විරුද්ධ නොවන්නේය. එහි අනුලෝම ඥානය රජු මෙනි. අටවැදෑරුම් විදර්ශනා ඥාන, විනිශ්චයකාර ඇමතිවරුන් අටදෙන මෙනි. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම පෞරාණික රාජධර්ම මෙනි. යම්සේ රජ එසේ වේවායි අනුව සතුටු වන්නේ විනිශ්චයකාර මහ ඇමතින්ගේ විනිශ්චයටද රාජධර්මයටද අනුලොම් වෙයිද එසේම මෙහි අනිත්‍යාදී වශයෙන් සංස්කාරයන් අරබයා උපදිනු ලබන අටවැදෑරුම් විදර්ශනා ඥානයන්ටද මත්තෙහි කිවයුතු සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ටද ක්‍රියාකාරිත්වයෙන් අනුලොම් වේ. එහෙයින් අනුලෝම ඥානයයි කියනු ලැබේ.
බහිද්ධා වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා ගොත්රභුඤාණන්ති එත්ථ බහිද්ධාති සඞ්ඛාරනිමිත්තං. තඤ්හි අජ්ඣත්තචිත්තසන්තානෙ අකුසලක්ඛන්ධෙ උපාදාය බහිද්ධාති වුත්තං. තස්මා බහිද්ධා සඞ්ඛාරනිමිත්තම්හා වුට්ඨාති විගතං හුත්වා උද්ධං තිට්ඨතීති වුට්ඨානං, විවට්ටති පරාවට්ටති පරම්මුඛං හොතීති විවට්ටනං, වුට්ඨානඤ්ච තං විවට්ටනඤ්චාති වුට්ඨානවිවට්ටනං. තෙනෙවාහ –
බහිද්ධා වුට්ඨාන විවට්ටනෙ පඤ්ඤා ගොත්රභූ ඤාණං යන මෙහි බහිද්ධා යනු සංස්කාර නිමිත්තය. එය ආධ්‍යාත්මික චිත්ත සන්තානයෙහි අකුසල ස්කන්ධයන් පිළිබඳව සලකා බහිද්ධා යයි යූ සේයි. එම බාහිර සංස්කාර නිමිත්තෙන් නැගී සිටියි. පහව නැගී සිටීනුයි වුට්ඨාන නමැ පෙරළේ. පරාවර්තනය වේ. පරාම්මුඛ වේනුයි විවට්ටනංයි. නැගිටීමද පරම්මුඛ වීමද එයමනුයි වුට්ඨාන විවට්ටනංයි එහෙයින් කීහ.
“ගොත්රභුඤාණං සමුදයස්ස අසමුච්ඡින්දනතො පවත්තා න වුට්ඨාති, නිබ්බානාරම්මණතො පන නිමිත්තා වුට්ඨාතීති එකතො වුට්ඨානං හොතී”ති (විසුද්ධි· 2.827).
ගොත්රභූ ඤාණය සමුදයෙහි මුලිනුපුටා නොදමන හෙයින් පැවැත්මෙන් නොනැගිටියි. නිර්වාණාරම්මණ හෙයින් නිමිත්තෙන් නැගිටීනුයි එක්ව නැගිටීම වේ.
පුථුජ්ජනගොත්තාභිභවනතො අරියගොත්තභාවනතො ගොත්‍රභු. ඉදඤ්හි අනුලොමඤාණෙහි පදුමපලාසතො උදකමිව සබ්බසඞ්ඛාරතො පතිලීයමානචිත්තස්ස අනුලොමඤාණස්ස ආසෙවනන්තෙ අනිමිත්තං නිබ්බානං ආරම්මණං කුරුමානං පුථුජ්ජනගොත්තං පුථුජ්ජනසඞ්ඛං පුථුජ්ජනභූමිං අතික්කමමානං අරියගොත්තං අරියසඞ්ඛං අරියභූමිං ඔක්කමමානං නිබ්බානාරම්මණෙ පඨමාවත්තනපඨමාභොගපඨමසමන්නාහාරභූතං මග්ගස්ස අනන්තරසමනන්තරාසෙවනඋපනිස්සයනත්ථිවිගතවසෙන ඡහි ආකාරෙහි පච්චයභාවං සාධයමානං සිඛාප්පත්තං විපස්සනාය මුද්ධභූතං අපුනරාවත්තකං උප්පජ්ජති.
පෘථග්ජන ගෝත්‍රය මැඩපවත්වන හෙයින්ද, ආර්ය ගෝත්‍රය වඩන හෙයින්ද ගෝත්‍රභූයි. මෙය වනාහි අනුලෝම ඤාණයන්ගෙන් නෙලුම්පතෙහි දිය මෙන් සියලු සංස්කාරයන්ගෙන් බැහැර කරනු ලබනුයේ සිතෙහි අනුලෝම ඤාණයෙහි ආසේවන කෙළවර අනිමිත්ත නිර්වාණය අරමුණු කරනුයේ පෘථග්ජන ගෝත්‍රය, පෘථග්ජන ව්‍යවහාරය, පෘථග්ජන භූමිය ඉක්මවනුයේ, ආර්ය ගෝත්‍රයට ආර්ය ව්‍යවහාරයට, ආර්ය භූමියට බැසගනුයේ නිර්වාණාරම්මණයෙහි ප්‍රථම බැසගැන්ම, ප්‍රථම සිතාබැලීම ප්‍රථම එක් අරමුණක සිත පිහිටුවීම් සංඛ්‍යාත මාර්ගයාගේ අනන්තර, සමනන්තර, ආසේවන, උපනිස්සය, නත්ථි විගත ආදී වශයෙන් සය ආකාරයකින් ප්‍රත්‍ය භාවය සිදුකරන්නේ මස්තකප්රාප්ත විදර්ශනාව මුදුන් වූයේ පුනරාවර්තන නොවනසේ උපදියි.
දුභතො වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණන්ති එත්ථ දුභතොති උභතො, ද්වයතොති වා වුත්තං හොති. කිලෙසානං සමුච්ඡින්දනතො කිලෙසෙහි ච තදනුවත්තකක්ඛන්ධෙහි ච නිබ්බානාරම්මණකරණතො බහිද්ධා සබ්බසඞ්ඛාරනිමිත්තෙහි ච වුට්ඨාති විවට්ටතීති දුභතො වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා. තෙනෙවාහ –
දුභතො වුට්ඨාන විවට්ටනෙ පඤ්ඤා මග්ගෙ ඤාණං යන මෙහි දුභතො යනු දෙආකාරයකින් දෙකකින් යයි කියන ලද්දේ වෙයි. කෙලෙසුන්ගේ මුල්සිඳින හෙයින් ක්ලේශයන්ගෙන්ද ඒ අනුව පවතින ස්කන්ධයන්හිද, නිවන් අරමුණු කරන හෙයින් පිටත සියලු සංස්කාර නිමිතීන්ගෙන්ද නැගිටියි. පෙරළෙයි. මේ දෙආකාරයකින් වුට්ඨාන විවට්ටනෙ ප්‍රඥාව දක්වයි. එහෙයින් කියන ලදි;
“චත්තාරිපි මග්ගඤාණානි අනිමිත්තාරම්මණත්තා නිමිත්තතො වුට්ඨහන්ති, සමුදයස්ස සමුච්ඡින්දනතො පවත්තා වුට්ඨහන්තීති දුභතො වුට්ඨානානි හොන්තී”ති (විසුද්ධි· 2.827).
සතර මාර්ග ඥානයෝ නිමිති රහිත අරමුණු ඇති බැවින් නිමිත්තෙන් නැගිටිත්. හටගැනීමෙහි මුල් සිඳින හෙයින් පැවැත්මෙන් නැගිටිත් යයි දෙයාකාරයකින් නැගිටීම් වෙත්.
මග්ගෙ ඤාණන්ති නිබ්බානං මග්ගති පෙක්ඛති, නිබ්බානත්ථිකෙහි වා මග්ගීයති අන්වෙසීයති, කිලෙසෙ වා මාරෙන්තො ගච්ඡති පවත්තතීති මග්ගො, තස්මිං මග්ගෙ ඤාණං. ජාතිග්ගහණෙන එකවචනං කතං. තඤ්හි ගොත්රභුඤාණස්ස අනන්තරං නිබ්බානං ආරම්මණං කුරුමානං සයංවජ්ඣෙ කිලෙසෙ නිරවසෙසං සමුච්ඡින්දමානං අනමතග්ගසංසාරවට්ටදුක්ඛසමුද්දං සොසයමානං සබ්බාපායද්වාරානි පිදහමානං සත්තඅරියධනසම්මුඛීභාවං කුරුමානං අට්ඨඞ්ගිකං මිච්ඡාමග්ගං පජහමානං සබ්බවෙරභයානි වූපසමයමානං සම්මාසම්බුද්ධස්ස ඔරසපුත්තභාවමුපනයමානං අඤ්ඤානි ච අනෙකානි ආනිසංසසතානි පටිලාභයමානං මග්ගඤාණං උප්පජ්ජති.
මග්ගෙ ඤාණං යනු නිර්වාණය සොයයි බලයි. නිර්වාණය පිළිබඳ අවශ්‍යතාව ඇත්තවුන් විසින් සොයනු ලැබේ. අන්වේෂණය කරයි. කෙලෙසුන් නසමින් යයි. පවතීනුයි මග්ග නමි. ඒ මාර්ගයෙහි ඤාණයයි එය ගොත්රභූ ඤාණයට අනතුරුව නිර්වාණය අරමුණු කරමින් තමන් නැසූ කෙලෙසුන් ඉතිරි නොවන සේ සිඳ දමන්නේ, අනවරාග්ර සංසාර වෘත්තයෙහි දුක් නමැති සමුද්‍රය වියලවන්නේ සියලු අපා දොරවල් වසන්නේ සප්ත ආර්ය ධනයාගේ සම්මුඛභාවය කරන්නේ අෂ්ඨාංගික වැරදි මාර්ගය අත්හරින්නේ සියලු විරුද්ධතා භය සන්සිඳුවන්නේ සම්‍යක් සම්බුද්ධ රාජොත්තමයාණන් වහන්සේගේ (ජාතක) ඖරස පුත්‍රභාවයට එළඹෙන්නේ වෙනත් නොයෙක් සියගණන් අනුසස් ලබමින් මාර්ග ඥාන උපදවා ගනියි.
ඨාතුං ඉච්ඡං පුරිසො, ලඞ්ඝිත්වා මාතිකාය පරතීරෙ; වෙගෙනාගම්ම යථා, ගණ්හිත්වා ඔරිමතිරතරුබද්ධං.
ඨාතුං ඉච්ඡං පුරිසො - ලංඝිත්වා මාතිකාය පරතීරෙ, වෙගෙනාගම්ම යථා - ගණ්හිත්වා ඔරිම තීර තරුබද්ධං
රජ්ජුං වා දණ්ඩං වා, උල්ලඞ්ඝිත්වාන පාරනින්නතනු; පාරාපන්නො පන තං, මුඤ්චිය වෙධං පතිට්ඨහති පාරෙ.
රජ්ජුංවා දණ්ඩංවා - උල්ලංඝිත්වාන පාරනින්නතනු, පාරාසන්නො පන තං - මුඤ්චිය වෙධං පතිට්ඨහති පාරෙ
ඇල මාර්ගයක් හරහා පරතෙරට ගොස් සිටීමට කැමති පුද්ගලයෙකු වේගයෙන් දුව අවුත් මෙතෙර ඇති එතෙරට නැමුණු තුනී වැලක් හෝ ලීයක් අල්ලාගෙන ඇල උඩින් පැන පරතෙරට පැමිණියේ අල්වාගත් ආධාරකය මුදාහරියි. (අත්හරියි)
එවං යොගාවචරො, සක්කායමයම්හි ඔරිමෙ තීරෙ; දිට්ඨභයො අභයෙ පන, ඨාතුං ඉච්ඡං අමතපාරෙ.
එවං යොගාවචරො - සක්කායමයම්හි ඔරිමෙ තීරෙ, දිට්ඨභයො අභයෙ පන - ඨාතුං ඉච්ඡං අමතපාරෙ
එසේම යෝගාවචර තෙමේ මෙතෙර යයි කියනු ලබන තමාගේ ශරීරයෙහි දුටු භය ඇත්තේ නිර්භය වූ නිර්වාණ නමැති පරතෙරෙහි පිහිටනු කැමැත්තේ
උදයබ්බයානුපස්ස, පභුතිකවෙගෙන ආගතො රජ්ජුං; රූපාව්හං දණ්ඩං වා, තදිතරඛන්ධාව්හයං සම්මා.
උදයබ්බයානුපස්සන - පභූතික වෙගෙන ආගතො රජ්ජුං, රූපාව්හං දණ්ඩංවා - තදිතර ඛන්ධාව්හයං සම්මා
ගණ්හිත්වා ආවජ්ජන, චිත්තෙන හි පුබ්බවුත්තනයතොව; අනුලොමෙහුල්ලඞ්ඝිය, නිබ්බුතිනින්නො තදාසනොපගතො.
ගණ්හිත්වා ආවජ්ජන - චිත්තෙන හි පුබ්බ වුත්ත නයතොව, අනුලොමෙ හුල්ලංඝිය - නිබ්බුති නින්නො තදාසන්නගතො
උදයව්‍යයානු පස්සනා ප්රමුඛ කොට ඇති වේගයෙන් කරණකොට පැමිණියේ රූපස්කන්ධය හා අනෙකුත් ස්කන්ධ නමැති වැලක් හෝ ලීයක් හෝ පෙර කියන ලද අයුරු ආවර්ජනා සිතෙන් ගෙන, අනුලෝමයෙන් පැන නිවනට නැමුණේ ඒ ආසන්නයට ගියේ
තං මුඤ්චිය ගොත්රභුනා, අලද්ධආසෙවනෙන තු පවෙධං; පතිතො සඞ්ඛතපාරෙ, තතො පතිට්ඨාති මග්ගඤාණෙන.
තං මුඤ්චිය ගොත්රභුනා - අලද්ධ ආසෙවනෙනතු පවෙධං, පතිතො සංඛත පාරෙ - තතො පතිට්ඨාති මග්ගඤාණෙන
එය අත්හැර ගොත්රභූ ඥානයෙන් නොලද, සේවනයෙන් කම්පා වූයේ, සංඛත පරතෙරෙහි වැටුණේ ඉන්පසු මාර්ග ඥානයෙන් පිහිටයි.
පස්සිතුකාමො චන්දං, චන්දෙ ඡන්නම්හි අබ්භපටලෙහි; ථුලකසුඛුමසුඛුමෙසු, අබ්භෙසු හටෙසු වායුනා කමතො.
පස්සිතුකාමො චන්දො - ඡන්නම්හි අබභපටලෙහි, ථූලක සුඛුම සුඛුමෙසු - අබ්භෙසු පාටෙසු වායුනා කමතො
චන්ද්‍රයා දකිනු කැමති තැනැත්තේ චන්ද්‍රයා වලාකුළු පටලයන්ගෙන් වැසුණු කල්හි, මහත් හා සියුම් සියුම් වලාපටල ක්‍රමයෙන් සුළඟින් ඉවත් වූ කල්හි
චන්දං පස්සෙය්ය නරො, යථා තථෙවානුලොමඤාණෙහි කමා; සච්චච්ඡාදකමොහෙ, විනාසිතෙ පෙක්ඛතෙ හි ගොත්‍රභු අමතං.
චන්දං පස්සෙය්ය නරො - යථා තථෙවානුලොම ඤාණෙහිකමා, සච්චච්ඡාදක මොහෙ - විනාසිතෙ පෙක්ඛතෙහි ගොත්රභූ අමතං
වාතා විය තෙ චන්දං, අමතං න හි පෙක්ඛරෙනුලොමානි; පුරිසො අබ්භානි යථා, ගොත්‍රභු න තමං විනොදෙති.
වාතාවිය තෙ චන්දං - අමතං නහි පෙක්ඛරෙනුලොමානි, පුරිසො අබ්භානිවච - ගොත්රභූ න තමං විනොදෙති
මිනිසා සඳ බලන්නාක් මෙන් සත්‍යය වසන මෝහාන්ධකාරය විනාශ වූ කල්හි ක්‍රමයෙන් අනුලෝම ඤාණයන්ගෙන් පෘථග්ජන ගෝත්‍රය නසන අමා නිවන බලන කල්හි, වලාකුළු සහිත සුළං චන්ද්‍රයා වසන්නාක් මෙන්, අනුලෝම ඤාණයන්ට නිවන නොපෙනේ. පුරුෂයා වලාකුළු සහිත අහස දකින්නාක් මෙන් ගොත්රභූ ඤාණය අඳුර දුරු නොකරයි. අමෘතයද අනුලෝම ඤාණ නොදකියි.
භමිතම්හි චක්කයන්තෙ, ඨිතො නරො අඤ්ඤදින්නසඤ්ඤාය; උසුපාතෙ ඵලකසතං, අපෙක්ඛමානො යථා විජ්ඣෙ.
භමිතම්හි චක්කයන්තෙ - ඨිතො නරො අඤ්ඤදින්න සඤ්ඤාය, උසුපාතෙ ඵලකසතං - අපෙක්ඛමානො යථා විජ්ඣෙ
වෙනත් අයෙකු දුන් සංඥාව අනුව චක්රයන්ත්රයෙහි සිටි මිනිසා අපේක්ෂිත පුවරු සියයක වැදීම සඳහා භය විද්දේද යම්සේ විදින්නේද,
එවමිධ මග්ගඤාණං, ගොත්රභුනා දින්නසඤ්ඤමවිහාය; නිබ්බානෙ වත්තන්තං, ලොභක්ඛන්ධාදිකෙ පදාලෙති.
එවමිධ මග්ගඤාණං - ගොත්රභූනා දින්න සඤ්ඤා මවිහාය, නිබ්බානෙ වත්තන්තං - ලොභක්ඛන්ධාදිකෙ පදාළෙති
එසේම මෙහි මාර්ග ඥාන ගෝත්‍රභූ ඥානයෙන් දුන් සංඥාව නොහැර නිවනෙහි පවතින්නේ (නිවන් අවබෝධ කරන්නේ) ලෝභ ආදී ස්කන්ධයන් පලයි.
සංසාරදුක්ඛජලධිං, සොසයති පිදහති දුග්ගතිද්වාරං; කුරුතෙ ච අරියධනිනං, මිච්ඡාමග්ගඤ්ච පජහාති.
සංසාර දුක්ඛ ජලධි - සොසයති පිදහති දුග්ගති ද්වාරං, කුරුතෙච අරියධනිනං - මිච්ඡා මග්ගඤ්ච පජහති
සසර දුක් නමැති සාගරය වියලවයි. දුගති දොර වසයි. ආර්ය ධනය රැස් කරන්නේද වේ. වැරදි මාර්ගයද අත්හරියි.
වෙරභයානි සමයතෙ, කරොති නාථස්ස ඔරසසුතත්තං; අඤ්ඤෙ ච අනෙකසතෙ, ආනීසංසෙ දදාති ඤාණමිදන්ති.
වෙරභයානි සමයතෙ - කරොති නාථස්ස ඔරස පුත්තතං, අඤ්ඤෙව අනෙක සතෙ - සදානිසංසෙ දදාති ඤාණ මිදන්ති
සතුරු භය සමනය කෙරේ. බුදුරදුන්ගේ ඖරස පුත්‍රභාවයට පත්වේ. අනෙකුත් නොයෙක් සියගණන් ආනිසංස මෙම ඤාණය ගෙන දේ.
පයොගප්පටිප්පස්සද්ධිපඤ්ඤා ඵලෙ ඤාණන්ති එත්ථ පයොගොති භුසො යොගො, ඵලසච්ඡිකිරියාය මග්ගභාවනාය උභතො වුට්ඨානපයොගො, තස්ස පයොගස්ස පටිප්පස්සම්භනං නිට්ඨානං පයොගපටිප්පස්සද්ධි. කිං තං? චතුමග්ගකිච්චපරියොසානං. තස්සා පයොගපටිප්පස්සද්ධියා හෙතුභූතාය පවත්තා ඵලෙ පඤ්ඤා පයොගප්පටිප්පස්සද්ධිපඤ්ඤා. ඵලති විපච්චතීති ඵලං, තස්මිං ඵලෙ තංසම්පයුත්තං ඤාණං. එකෙකස්ස හි මග්ගඤාණස්ස අනන්තරා තස්ස තස්සෙව විපාකභූතානි නිබ්බානාරම්මණානි තීණි වා ද්වෙ වා එකං වා ඵලචිත්තානි උප්පජ්ජන්ති. අනන්තරවිපාකත්තායෙව ලොකුත්තරකුසලානං “සමාධිමානන්තරිකඤ්ඤමාහූ”ති (ඛු· පා· 6.5; සු· නි· 228) ච, “දන්ධං ආනන්තරිකං පාපුණාති ආසවානං ඛයායා”ති (අ· නි· 4.162) ච ආදි වුත්තං. යස්ස ද්වෙ අනුලොමානි, තස්ස තතියං ගොත්‍රභු, චතුත්ථං මග්ගචිත්තං, තීණි ඵලචිත්තානි හොන්ති. යස්ස තීණි අනුලොමානි, තස්ස චතුත්ථං ගොත්‍රභු, පඤ්චමං මග්ගචිත්තං, ද්වෙ ඵලචිත්තානි හොන්ති. යස්ස චත්තාරි අනුලොමානි, තස්ස පඤ්චමං ගොත්‍රභු, ඡට්ඨං මග්ගචිත්තං, එකං ඵලචිත්තං හොති. ඉදං මග්ගවීථියං ඵලං. කාලන්තරඵලං පන සමාපත්තිවසෙන උප්පජ්ජමානං නිරොධා වුට්ඨහන්තස්ස උප්පජ්ජමානඤ්ච එතෙනෙව සඞ්ගහිතං.
පයොග පටිප්පස්සද්ධි පඤ්ඤා ඵලෙ ඤාණං යන මෙහි පයොගො යන්නෙහි බොහෝ යෙදුම් ඇත. ඵල සාක්ෂාත් කිරීම සඳහා වන මාර්ග භාවනාවගේ දෙයාකාරයකින් නැගිටීම වේ. ඒ ප්රයෝජගයාගේ සංසිඳීම නිෂ්ඨාව:- පයොග පටිප්පස්සද්ධියයි. ඒ කුමක්ද? සිවුමග ක්‍රියා අවසානයයි. ඒ ප්‍රයෝග පටිප්පස්සද්ධියට හේතු වූ පවත්නා ඵලයෙහි ප්‍රඥාව පයොග පටිප්පස්සද්ධි ප්රඥාවයි. ඵල ගනී, පැසේනුයි ඵල නමි. ඒ ඵලයෙහි ඒ හා යෙදුණු ඤාණයයි එක් එක් මාර්ග ඥානයාගේ අනතුරුව ඒ ඒ ඥානයන්ට විපාක වූ නිවණ අරමුණු කොට තුනක් හෝ දෙකක් හෝ එකක් හෝ ඵල සිත් උපදියි. අනතුරුවම විපාක දෙන හෙයින් ලෝකෝත්තර කුසලයන්ට, සමාධි මානන්තරිකඤ්ඤමාහු යන්නද දන්ධං ආනන්තරිකං පාපුණාති ආසවනං ඛයා යන ආදියද කියන ලදි. යමෙකුට අනුලෝම ඥාන දෙකක් වේද, ඔහුට තුන්වැන්න ගෝත්‍රභූ වේ. සතරවැන්න මාර්ග සිතයි. ඵල සිත් තුනක්ද වෙයි. යමෙකුට අනුලෝම ඤාණ තුනක් වේද, ඔහුට හතරවැන්න ගොත්රභූ වේ. පස්වැන්න මාර්ග සිතයි. ඵල සිත් දෙකක් වෙයි. යමෙකුට අනුලෝම ඤාණ හතරක් වේද, ඔහුට පස්වැන්න ගෝත්‍රභූ වේ. සයවැන්න මාර්ග සිතයි. එක් ඵල සිතක් වේ. මේ මාර්ග වීථි ඵලයයි. සමාපත්ති වශයෙන් උපදින්නා වූද, නිරෝධ සමාපත්තියෙන් නැගිටින්නහුටද කාලාන්තරයක් ගතවීමෙන් පසු උපදින ඵල චිත්තයද මෙයින්ම සංග්‍රහ කරන ලදි.
ඡින්නවටුමානුපස්සනෙ පඤ්ඤාති තෙන තෙන අරියමග්ගෙන සමුච්ඡින්නං තං තං උපක්කිලෙසං පච්ඡා පස්සනෙ පඤ්ඤා. විමුත්තිඤාණන්ති විමුත්තියා ඤාණං. විමුත්තීති ච උපක්කිලෙසෙහි විමුත්තං පරිසුද්ධං චිත්තං, විමුත්තභාවො වා. තස්සා විමුත්තියා ජානනං ඤාණං විමුත්තිඤාණං. කිලෙසෙහි විමුත්තං චිත්තසන්තතිම්පි කිලෙසෙහි විමුත්තභාවම්පි පච්චවෙක්ඛන්තො කිලෙසෙහි න විනා පච්චවෙක්ඛතීති එතෙන පහීනකිලෙසපච්චවෙක්ඛණං වුත්තං හොති. “විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොතී”ති (මහාව· 23; දී· නි· 1.248) හි ඉදමෙව සන්ධාය වුත්තං. අවසිට්ඨකිලෙසපච්චවෙක්ඛණං පන අවුත්තම්පි ඉමිනාව වුත්තං හොතීති ගහෙතබ්බං. වුත්තඤ්ච –
ඡින්න වට්ට මනු පස්සනෙ පඤ්ඤා යනු ඒ ඒ ආර්යමාර්ගයන්ගෙන් මුල්සිඳින ලද ඒ ඒ කෙලෙස් පසුව බැලීමෙහි ප්රඥාවයි. විමුත්ති ඤාණං යනු විමුක්තියගේ (මිදීමෙහි) ඤාණයයි. විමුත්ති යනු කෙලෙසුන්ගෙන් මිදුණා වූ පිරිසිදු සිතයි. මිදුණු ස්වභාවයයි. ඒ විමුක්තිය පිළිබඳව දන්නා ඤාණය විමුක්ති ඤාණයයි. කෙලෙසුන්ගෙන් මිදුණා වූ චිත්ත සන්තතීන්ද, කෙලෙසුන්ගෙන් මිදුණු ස්වභාවය සිහිකරන්නේ කෙලෙසුන්ගෙන් තොරව ප්රත්යවේක්ෂා නොකරන්නේය යන මෙයින්, ප්‍රහීණ වූ කෙලෙස් ප්රත්යවේක්ෂාව කියන ලද්දේ වෙයි. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති යන්න මේ සඳහා කියන ලදි. ඉතිරි කෙලෙස් ප්රත්යවේක්ෂාව (සිහිකිරීම) වනාහි නොකියන ලද්දේද මේ අයුරින්ම කියන ලද්දේ වේයයි ගතයුතුය. කියන ලද්දේද වේ.
“වුත්තම්හි එකධම්මෙ, යෙ ධම්මා එකලක්ඛණා තෙන; වුත්තා භවන්ති සබ්බෙ, ඉති වුත්තො ලක්ඛණො හාරො”ති. (නෙත්ති· 4.5 නිද්දෙසවාර);
වුත්තම්හි එක ධම්මෙ - යෙ ධම්මා එක ලක්ඛණා තෙන, වුත්තා භවන්ති සබ්බෙ - ඉති වුත්තො ලක්ඛණො හාරො’ති
එක ආකාර ලක්ෂණ ඇති එක ධර්මයක් කියන ලද කල්හි ඒ ආකාර සියල්ලම කියන ලද්දේ වෙයි. මෙය එක ආකාර ලක්ෂණ පැවරීම යයි කියන ලදි.
අථ වා අරහතො අවසිට්ඨකිලෙසපච්චවෙක්ඛණාභාවා චතුන්නං අරියානං ලබ්භමානං පහීනකිලෙසපච්චවෙක්ඛණමෙව වුත්තන්ති වෙදිතබ්බං.
නොහොත් රහතුන්ට ශේෂ වූ කෙලෙස් ප්රත්යවේක්ෂාවක් නොවන හෙයින් සතර ආර්යයන්ට ලැබෙන්නා වූ ප්‍රහීණ කෙලෙස් ප්රත්යවේක්ෂාවම කියන ලද්දේ යයි දතයුතුය.
තදා සමුදාගතෙ ධම්මෙ පස්සනෙ පඤ්ඤාති තදා මග්ගක්ඛණෙ ඵලක්ඛණෙ ච සමුදාගතෙ පටිලාභවසෙන ච පටිවෙධවසෙන ච සමාගතෙ සම්පත්තෙ සමඞ්ගිභූතෙ මග්ගඵලධම්මෙ චතුසච්චධම්මෙ ච පස්සනා පෙක්ඛණා පජානනා පඤ්ඤා. පච්චවෙක්ඛණෙ ඤාණන්ති නිවත්තිත්වා භුසං පස්සනං ජානනං ඤාණං. ඉමිනා ච ඤාණද්වයෙන පච්චවෙක්ඛණඤාණානි වුත්තානි හොන්ති. සොතාපන්නස්ස හි මග්ගවීථියං සොතාපත්තිඵලපරියොසානෙ චිත්තං භවඞ්ගං ඔතරති, තතො භවඞ්ගං උපච්ඡින්දිත්වා මග්ගපච්චවෙක්ඛණත්ථාය මනොද්වාරාවජ්ජනං උප්පජ්ජති, තස්මිං නිරුද්ධෙ පටිපාටියා සත්ත මග්ගපච්චවෙක්ඛණජවනානීති. පුන භවඞ්ගං ඔතරිත්වා තෙනෙව නයෙන ඵලාදීනං පච්චවෙක්ඛණත්ථාය ආවජ්ජනාදීනි උප්පජ්ජන්ති. යෙසං උප්පත්තියා එස මග්ගං පච්චවෙක්ඛති, ඵලං පච්චවෙක්ඛති, පහීනකිලෙසෙ පච්චවෙක්ඛති, අවසිට්ඨකිලෙසෙ පච්චවෙක්ඛති, නිබ්බානං පච්චවෙක්ඛති. සො හි “ඉමිනා වතාහං මග්ගෙන ආගතො”ති මග්ගං පච්චවෙක්ඛති, තතො “අයං මෙ ආනිසංසො ලද්ධො”ති ඵලං පච්චවෙක්ඛති, තතො “ඉමෙ නාම මෙ කිලෙසා පහීනා”ති පහීනකිලෙසෙ පච්චවෙක්ඛති, තතො “ඉමෙ නාම මෙ කිලෙසා අවසිට්ඨා”ති උපරිමග්ගවජ්ඣෙ කිලෙසෙ පච්චවෙක්ඛති, අවසානෙ “අයං මෙ ධම්මො ආරම්මණතො පටිලද්ධො”ති අමතං නිබ්බානං පච්චවෙක්ඛති. ඉති සොතාපන්නස්ස අරියසාවකස්ස පඤ්ච පච්චවෙක්ඛණානි හොන්ති. යථා ච සොතාපන්නස්ස, එවං සකදාගාමිඅනාගාමීනම්පි. අරහතො පන අවසිට්ඨකිලෙසපච්චවෙක්ඛණං නාම නත්ථීති චත්තාරියෙව පච්චවෙක්ඛණානි. එවං සබ්බානි එකූනවීසති පච්චවෙක්ඛණඤාණානි. උක්කට්ඨපරිච්ඡෙදොයෙව චෙසො. පහීනාවසිට්ඨකිලෙසපච්චවෙක්ඛණං සෙක්ඛානං හොති වා න වා. තස්ස හි අභාවතොයෙව මහානාමො සක්කො භගවන්තං පුච්ඡි “කොසු නාම මෙ ධම්මො අජ්ඣත්තං අප්පහීනො, යෙන මෙ එකදා ලොභධම්මාපි චිත්තං පරියාදාය තිට්ඨන්තී”තිආදි (ම· නි· 1.175).
තදාසමුදාගතෙ ධම්මෙ පස්සනෙ පඤ්ඤා යි එකල්හි මාර්ග ක්ෂණයෙහි හෝ ඵලක්ෂණයෙහි ප්රතිලාභ වශයෙන්ද ප්‍රතිවේධ වශයෙන්ද හටගත්, එක්තැන් වූ, සම්ප්‍රාප්ත වූ යුක්ත වූ මාර්ගඵල ධර්මයන්ද, චතුරාර්ය සත්‍ය ධර්මයන්ද බැලීම හා දැකීමේ ප්‍රඥාව පච්චවෙක්ඛණෙ ඤාණං ප්රත්යවේක්ෂා ඤාණයයි දක්වා, බොහෝ බැලීමේ දැනීමේ ඤාණය, මේ ඤාණයාගේ වශයෙන්ද, මේ ඤාණයාගේ වශයෙන්දැයි ඤාණ ද්වයයෙන් ප්රත්යවේක්ෂා ඤාණ යූසේයි. සෝවාන් වූවහුට මාර්ග වීථියෙහි සෝවාන් ඵල කෙළවරෙහි සිත භවංගයට බසී. ඉක්බිති භවංගය සිඳ මාර්ග ප්රත්යවේක්ෂා සඳහා මනෝද්වාරාවර්ජනය උපදී. එය නිරුද්ධ වූ කල්හි පිළිවෙළින් සත් මාර්ග ප්රත්යවේක්ෂා ජවන් වෙයි. නැවත භවංගයට බැස ඒ ක්‍රමයෙන්ම ඵල ආදීන් ප්රත්යවේක්ෂණය සඳහා ආවර්ජනාදීහු උපදිති. යම් මාර්ග ඵලාදීන්ගේ හටගැනීමෙන් පසු, මේ තෙමේ මාර්ගය ප්රත්යවේක්ෂා කරයි. ඵලය ප්රත්යවේක්ෂා කරයි. ප්‍රහීණ වූ කෙලෙසුන් ප්රත්යවේක්ෂා කරයි. ඉතිරි කෙලෙසුන් ප්රත්යවේක්ෂා කරයි. නිර්වාණය ප්රත්යවේක්ෂා කරයි. හෙතෙම ඒකාන්තයෙන් මම මේ මාර්ගයෙන් පැමිණියේ වෙමියි මාර්ගය ප්රත්යවේක්ෂා කරයි. ඉක්බිති මම මේ අනුසස් ලද්දෙමියි ඵලය ප්රත්යවේක්ෂා කරයි. ඉක්බිති මගේ මෙනම් ක්ලේශයෝ ප්‍රහීණ වූහයි ප්‍රහීණ කෙලෙස් ප්රත්යවේක්ෂා කරයි. ඉක්බිති මගේ මෙනම් කෙලෙස් ඉතිරිවූයේ යයි මතු මාර්ගයෙහිදී නැසිය යුතු කෙලෙස් ප්රත්යවේක්ෂා කරයි. අවසානයෙහි මා විසින් මේ ධර්ම අරමුණු වශයෙන් ලද්දෙමියි නිර්වාණය ප්රත්යවේක්ෂා කරයි. මෙසේ සෝවාන් ආර්යශ්‍රාවකයාට ප්රත්යවේක්ෂා පහක් වෙයි. සෝවාන් වූවහුට යම්සේද සකෘදාගාමී, අනාගාමී ආදීන්ටද එසේය. රහතුන්ට වනාහි ඉතිරි කෙලෙස් ප්රත්යවේක්ෂණයක් නම් නැත. ප්රත්යවේක්ෂණ සංඛ්‍යාව සතරකි. මෙසේ සියලුම ප්රත්යවේක්ෂා ඤාණ සංඛ්‍යාව එකුන් විස්සකි. ප්‍රහීණ, ඉතිරි කෙලෙස් ප්රත්යවේක්ෂණය ශෛක්ෂයින්ට සමහරවිට උසස් අන්දමින් සිදුවන්නටත් නොවන්නටත් පුළුවන. එවැනි ප්‍රහීණ නොවීමක් හේතුවෙන් මහානාම ශාක්‍ය තෙමේ බුදුරදුන්ගෙන් මෙසේ විචාළේය. කවරනම් කෙලෙස් ධර්ම කෙනෙක් මාගේ ආධ්‍යාත්මයෙන් ප්‍රහීණ නොවූයේද? යම් යම් අවස්ථාවලදී සමහරවිට ලෝභ ස්වභාවයද මාගේ හිත හාත්පසින් අල්වාගෙන සිටියි. ඒ ඇයි?
එත්ථ ධම්මට්ඨිතිඤාණාදීනං එකාදසන්නං ඤාණානං විභාවනත්ථාය අයං උපමා වෙදිතබ්බා – යථා පුරිසො “මච්ඡෙ ගහෙස්සාමී”ති මච්ඡඛිප්පං ගහෙත්වා තදනුරූපෙ උදකෙ ඔසාරෙත්වා ඛිප්පමුඛෙන හත්ථං ඔතාරෙත්වා අන්තොඋදකෙ කණ්හසප්පං මච්ඡසඤ්ඤාය ගීවාය දළ්හං ගහෙත්වා “මහා වත මයා මච්ඡො ලද්ධො”ති තුට්ඨො උක්ඛිපිත්වා පස්සන්තො සොවත්ථිකත්තයදස්සනෙන “සප්පො”ති සඤ්ජානිත්වා භීතො ආදීනවං දිස්වා ගහණෙ නිබ්බින්නො මුඤ්චිතුකාමො හුත්වා මුඤ්චනස්ස උපායං කරොන්තො අග්ගනඞ්ගුට්ඨතො පට්ඨාය හත්ථං නිබ්බෙඨෙත්වා බාහං උක්ඛිපිත්වා උපරිසීසෙ ද්වෙ තයො වාරෙ පරිබ්භමෙත්වා සප්පං දුබ්බලං කත්වා “ගච්ඡ රෙ දුට්ඨසප්පා”ති නිස්සජ්ජිත්වා වෙගෙන ථලං ආරුය්හ ඨිතොව “මහන්තස්ස වත භො සප්පස්ස මුඛතො මුත්තොම්හී”ති හට්ඨො ආගතමග්ගං ඔලොකෙය්ය.
මෙහි ධම්මට්ඨිති ඤාණාදි එකොළොස් ඤාණයන්ගෙන් විස්තර කිරීම සඳහා මේ උපමාව දතයුතුය. පුරුෂයෙක් මසුන් අල්ලාගන්නෙමියි සිතා මසුන් අල්ලාගනු ලබන කෙමින ගෙන ඊට සුදුසු ජලයක බස්වා මඳ වේලාවක් සිට කෙමිනෙහි මුවින් අත බස්වා දිය ඇතුළත සිටි කළු සර්පයෙක් මත්ස්යයෙක්ය යන සංඥාවෙන් බෙල්ලෙන් දැඩිකොට ගෙන මා විසින් විශාල මත්ස්‍යයෙක් ලදිමියි සතුටින් ඔසවා බලන්නේ නයි පෙනයේ ස්වස්ථික අකුර දැකීමෙන් සර්පයෙක් යයි හැඳින භයවූයේ ආදීනව දැක අල්ලාගැනීම පිළිබඳව කළකිරුණේ මිදෙනු කැමති වී මිදීමට උපාය කරන්නේ නගුට අග සිට අත ලිහිල්කොට, අත ඔසවා හිස මුදුනෙහි දෙතුන් වරක් කරකවා සර්පයා දුර්වලකොට, යව එම්බල දුෂ්ට සර්පය යයි අත්හැර ජලයෙන් ගොඩනැග සිටියේ, පින්වත, මහා සර්පයෙකුගෙන් මිදුනෙමියි සතුටුවූයේ පැමිණි මාර්ගය බලන්නේද?
තත්ථ තස්ස පුරිසස්ස මච්ඡසඤ්ඤාය කණ්හසප්පං දළ්හං ගහෙත්වා තුස්සනං විය ඉමස්ස යොගිනො ආදිතො බාලපුථුජ්ජනස්ස අනිච්චතාදිවසෙන භයානකං ඛන්ධපඤ්චකං නිච්චාදිසඤ්ඤාය “අහං මමා”ති දිට්ඨිතණ්හාහි දළ්හං ගහෙත්වා තුස්සනං, තස්ස ඛිප්පමුඛතො සප්පං නීහරිත්වා සොවත්ථිකත්තයං දිස්වා “සප්පො”ති සඤ්ජානනං විය සප්පච්චයනාමරූපපරිග්ගහෙන ඝනවිනිබ්භොගං කත්වා කලාපසම්මසනාදීහි ඤාණෙහි ඛන්ධපඤ්චකස්ස අනිච්චතාදිලක්ඛණත්තයං දිස්වා “අනිච්චං දුක්ඛමනත්තා”ති තස්ස වවත්ථාපනං , තස්ස භායනං විය ඉමස්ස භයතුපට්ඨානඤාණං, සප්පෙ ආදීනවදස්සනං විය ආදීනවානුපස්සනාඤාණං, සප්පගහණෙ නිබ්බින්දනං විය නිබ්බිදානුපස්සනාඤාණං, සප්පං මුඤ්චිතුකාමතා විය මුඤ්චිතුකම්යතාඤාණං, මුඤ්චනස්ස උපායකරණං විය පටිසඞ්ඛානුපස්සනාඤාණං, සප්පං පරිබ්භමෙත්වා දුබ්බලං කත්වා නිවත්තිත්වා ඩංසිතුං අසමත්ථභාවපාපනං විය තිලක්ඛණාරොපනෙන සඞ්ඛාරුපෙක්ඛානුලොමඤාණෙහි සඞ්ඛාරෙ පරිබ්භමෙත්වා දුබ්බලං කත්වා පුන නිච්චසුඛත්තාකාරෙන උපට්ඨාතුං අසමත්ථතාපාපනං, සප්පවිස්සජ්ජනං විය ගොත්රභුඤාණං, සප්පං විස්සජ්ජෙත්වා ථලං ආරුය්හ ඨානං විය නිබ්බානථලං ආරුය්හ ඨිතං මග්ගඵලඤාණං, හට්ඨස්ස ආගතමග්ගොලොකනං විය මග්ගාදිපච්චවෙක්ඛණඤාණන්ති.
ඒ පුරුෂයාට මත්ස්යයෙක්ය යන සංඥාවෙන් කළු සර්පයෙකු දැඩිව ගෙන සතුටුවීම මෙන් මේ යෝගියාට මුල පටන් අඥාන පෘථජ්ජනයාට අනිත්‍යාදි වශයෙන් භයානක වූ ස්කන්ධ පංචකය නිත්‍යාදි සංඥාවෙන් මම, මගේ යන තෘෂ්ණා දෘෂ්ටිවලින් දැඩිව ගෙන සතුටුවීම මෙනි. ඔහුට කෙමින මුඛයෙන් සර්පයා ගෙනහැර නයිපෙනයේ ස්වස්තික අකුර දැක සර්පයෙක් යයි හැඳිනීම මෙන් ප්‍රත්‍යය සහිත නාමරූප පරිග්‍රහණයෙන් එකට එකතු වූ කොටස් වෙන්කොට කලාප වශයෙන් මෙනෙහි කිරීම් ආදි ඤාණයන්ගෙන් ස්කන්ධ පංචකයාගේ අනිත්‍යාදි ලක්ෂණත්රය දැක, අනිත්‍යය, දුක්ඛය, අනාත්මයයි තීරණය කිරීමයි. ඔහුගේ භයවීම මෙන් මොහුගේ භයතුපට්ඨාන ඤාණයයි. සර්පයාගේ ආදීනව දැකීම මෙන් ආදීනවානුපස්සනා ඤාණයයි. සර්පයා අල්ලා ගැනීමෙහිදී ඇතිවන කලකිරීම මෙන් නිබ්බින්දනානුපස්සනා ඤාණයයි සර්පයා අත්හැර දමනු කැමැත්ත මෙන් මුඤ්චිතුකම්යතා ඤාණයයි. පටිසංඛානුපස්සනා ඤාණය සර්පයාගෙන් මිදීමේ උපාය කල්පනා කිරීම මෙනි. සර්පයා කරකවා දුර්වලකොට දෂ්ට කරන්නට අසමත් බවට පත්කිරීම මෙන්, සංඛාරුපෙක්ඛා අනුලෝම ඤාණයන්ගෙන් ත්රිලක්ෂණයට නංවා සංස්කාරයන් කරකවා දුර්වලකොට නැවත නිත්‍ය සුඛ ආත්ම ආකාරයෙන් වැටහෙන්ට අසමර්ථතාවයට පත්කිරීම දතයුතුය. සර්පයා අත්හැරීම ගොත්රභූ ඤාණය මෙනි. සර්පයා අත්හැර ගොඩට වී සිටීම නිර්වාණ නමැති ගොඩට නැග සිටි මාර්ගඵල ඥාන දැක්විය හැකිය. සතුටට පත්වූවහුගේ පැමිණි මාර්ගය බලන්නාක් මෙන් මාර්ගාදිය ප්රත්යවේක්ෂා කරන ඤාණයන් දතයුතුය.
ඉමෙසඤ්ච සුතමයඤාණාදීනං චුද්දසන්නං ඤාණානං උප්පත්තික්කමෙන පටිපත්තික්කමෙන ච දෙසනක්කමස්ස කතත්තා පච්චවෙක්ඛණෙසු පඨමං කිලෙසපච්චවෙක්ඛණං හොති, තතො මග්ගඵලනිබ්බානපච්චවෙක්ඛණානීති වෙදිතබ්බං.
මේ ස්රෘතමය ඤාණාදී තුදුසක් ඤාණයන්ගෙන් උපදින ආකාරයන්ගෙන්ද උපදවාගැනීමේ ප්‍රතිපත්ති ක්‍රමයෙන්ද, දේශනා ක්‍රමය කළ හෙයින් ප්රත්යවේක්ෂණයෙහිදී, පළමුව කෙලෙස් ප්රත්යවේක්ෂණය වෙයි. (දක්වයි) ඉන්පසු මාර්ගඵල නිර්වාණ ප්රත්යවේක්ෂණයන් යයි දතයුතුය.
“ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය, කාමරාගබ්යාපාදානං තනුභාවාය, කාමරාගබ්යාපාදානං අනවසෙසප්පහානාය, රූපරාගඅරූපරාගමානඋද්ධච්චඅවිජ්ජානං අනවසෙසප්පහානායා”ති (ධ· ස· 277, 361-363) ච කිලෙසප්පහානංයෙව අධිකං කත්වා මග්ගපටිපත්තියා වුත්තත්තා පටිපත්තානුරූපෙනෙව කිලෙසපච්චවෙක්ඛණස්ස ආදිභාවො යුජ්ජති, අට්ඨකථායං වුත්තක්කමො පන දස්සිතොයෙව. සො පන කමො පඤ්චවිධො උප්පත්තික්කමො පහානක්කමො පටිපත්තික්කමො භූමික්කමො දෙසනක්කමොති.
සසරින් නිදහස දෙන, නිවනට යන මිථ්‍යාදෘෂ්ටීන්ගේ ප්රහාණය සඳහා කාමරාග ව්යාපාදාදීන්ගේ තුනීභාවය කරනු සඳහා කාමරාග ව්යාපාදාදීන්ගේ සේස නොමැති ප්රහාණය සඳහා, රූපරාග මාන උද්ධච්ච අවිජ්ජාදීන්ගේ සේස නොමැති ප්රහාණය සඳහා ලෝකෝත්තර ධ්‍යානය වඩයි යන මෙහි කෙලෙස් ප්රහාණයම අධිකකොට මාර්ග ප්රතිපත්තියෙහි කියන ලද බැවින් ප්‍රතිපත්තියට අනුරූප අයුරින්ම කෙලෙස් ප්රත්යවේක්ෂණයෙහි මුල්භාවය යෙදේ. අර්ථකථාවෙහි කියන ලද ක්රමයම දක්වන ලද්දේමය. ඒ ක්‍රමය වනාහි, උත්පත්ති ක්‍රමය, ප්‍රහාණ ක්‍රමය, ප්‍රතිපත්ති ක්‍රමය, භූමික්රමය, දේශනා ක්‍රමයයි පංචවිධ වේ.
“පඨමං කලලං හොති, කලලා හොති අබ්බුදං; අබ්බුදා ජායතෙ පෙසි, පෙසි නිබ්බත්තතී ඝනො”ති. (සං· නි· 1.235) –
පඨමං කලලං හොති - කලලා හොති අබ්බුදං, අබ්බුදා ජායතෙ පෙසී - පෙසී නිබ්බත්ති ඝනො’ති
පළමුව කළලය වෙයි. කළලයෙන් අර්බුද අවස්ථාව වේ. අර්බුදයෙන් පේසී අවස්ථාවටත්, ඉන්පසු පේසියෙන් ඝනය හටගනියි.
එවමාදි උප්පත්තික්කමො. “දස්සනෙන පහාතබ්බා ධම්මා, භාවනාය පහාතබ්බා ධම්මා”ති (ධ· ස· තිකමාතිකා 8) එවමාදි පහානක්කමො. “සීලවිසුද්ධි චිත්තවිසුද්ධි දිට්ඨිවිසුද්ධි කඞ්ඛාවිතරණවිසුද්ධි මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි පටිපදාඤාණදස්සනවිසුද්ධි ඤාණදස්සනවිසුද්ධී”ති එවමාදි පටිපත්තික්කමො. “කාමාවචරා ධම්මා, රූපාවචරා ධම්මා, අරූපාවචරා ධම්මා”ති (ධ· ස· දුකමාතිකා 93-95) එවමාදි භූමික්කමො. “චත්තාරො සතිපට්ඨානා චත්තාරො සම්මප්පධානා චත්තාරො ඉද්ධිපාදා පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො”ති (ම· නි· 3.43; මහානි· 191; චූළනි· මෙත්තගූමාණවපුච්ඡානිද්දෙස 22) වා, “අනුපුබ්බිකථං කථෙසි. සෙය්යථිදං – දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසී”ති (මහාව· 31; දී· නි· 1.298; 2.83) වා එවමාදි දෙසනක්කමො. ඉධ පන චුද්දසන්නං ඤාණානං උප්පත්තික්කමො පටිපත්තික්කමො ච තදුභයවසෙන පටිපාටියා දෙසිතත්තා දෙසනක්කමො චාති තයො කමා වෙදිතබ්බා.
මේ ආදිය උත්පත්ති ක්‍රමයයි. ‘දස්සනෙන පහාතබ්බා ධම්මා භාවනාය පහාතබ්බා ධම්මා’ යන මේ ආදිය ප්‍රහාණ ක්‍රමයයි. ‘සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කංඛාවිතරණ විසුද්ධි, මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධි, පටිපදා ඤාණ දස්සන විසුද්ධි, ඤාණ දස්සන විසුද්ධි’ යන මේ ආදිය ප්‍රතිපත්ති ක්‍රමයයි. ‘කාමාවචර ධම්මා, රූපාවචර ධම්මා, අරූපාවචර ධම්මා’ යන මේ ආදිය භූමික්රමයයි. ‘චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරො ඉද්ධිපාදා, පඤ්චින්ද්රියානි, පඤ්චබලානි, සත්ත බොජ්ඣංගා, අරියො අට්ඨංගිකො මග්ගො’ යනුද, ‘ආනුපුබ්බි කථං කථෙසි, සෙය්යථීදං, දානකථං සීලකථං, සග්ගකථං, කාමානං ආදීනවං ඔකාරං, සංකිලෙසං නෙක්ඛම්මෙච ආනිසංසං පකාසෙසි’ යන මේ ආදිය දේශනා ක්‍රමයයි. මෙහි වනාහි තුදුසක් ඤාණයන්ගේ උත්පත්ති ක්‍රමය, ප්‍රතිපත්ති ක්‍රමය යන දෙයාකාරයෙන් පිළිවෙලින් දක්වා ඇතිහෙයින් ඒවාද ඇතුළුව දේශනා ක්රමයද ගෙන ක්‍රම තුනක් දතයුතුය.
ඉදානි යස්මා හෙට්ඨා සරූපෙන නාමරූපවවත්ථානඤාණං න වුත්තං, තස්මා පඤ්චධා නාමරූපප්පභෙදං දස්සෙතුං අජ්ඣත්තවවත්ථානෙ පඤ්ඤා වත්ථුනානත්තෙ ඤාණන්තිආදීනි පඤ්ච ඤාණානි උද්දිට්ඨානි. සකලෙ හි නාමරූපෙ වුත්තෙ යං පරිග්ගහෙතුං සක්කා, යඤ්ච පරිග්ගහෙතබ්බං, තං පරිග්ගහෙස්සති. ලොකුත්තරනාමඤ්හි පරිග්ගහෙතුඤ්ච න සක්කා අනධිගතත්තා, න ච පරිග්ගහෙතබ්බං අවිපස්සනූපගත්තා. තත්ථ අජ්ඣත්තවවත්ථානෙති “එවං පවත්තමානා මයං අත්තාති ගහණං ගමිස්සාමා”ති ඉමිනා විය අධිප්පායෙන අත්තානං අධිකාරං කත්වා පවත්තාති අජ්ඣත්තා. අජ්ඣත්තසද්දො පනායං ගොචරජ්ඣත්තෙ නියකජ්ඣත්තෙ අජ්ඣත්තජ්ඣත්තෙ විසයජ්ඣත්තෙති චතූසු අත්ථෙසු දිස්සති . “තෙන, ආනන්ද, භික්ඛුනා තස්මිංයෙව පුරිමස්මිං සමාධිනිමිත්තෙ අජ්ඣත්තමෙව චිත්තං සණ්ඨපෙතබ්බං, අජ්ඣත්තරතො සමාහිතො”තිආදීසු (ධ· ප· 362) හි අයං ගොචරජ්ඣත්තෙ දිස්සති. “අජ්ඣත්තං සම්පසාදනං (දී· නි· 1.228; ධ· ස· 161), අජ්ඣත්තං වා ධම්මෙසු ධම්මානුපස්සී විහරතී”තිආදීසු (දී· නි· 2.373) නියකජ්ඣත්තෙ. “ඡ අජ්ඣත්තිකානි ආයතනානි, අජ්ඣත්තිකා ධම්මා”තිආදීසු (ධ· ස· තිකමාතිකා 20) අජ්ඣත්තජ්ඣත්තෙ. “අයං ඛො, පනානන්ද, විහාරො තථාගතෙන අභිසම්බුද්ධො යදිදං සබ්බනිමිත්තානං අමනසිකාරා අජ්ඣත්තං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරතී”තිආදීසු (ම· නි· 3.187) විසයජ්ඣත්තෙ, ඉස්සරියට්ඨානෙති අත්ථො. ඵලසමාපත්ති හි බුද්ධානං ඉස්සරියට්ඨානං නාම. ඉධ පන අජ්ඣත්තජ්ඣත්තෙ දට්ඨබ්බො. තෙසං අජ්ඣත්තානං වවත්ථානෙ අජ්ඣත්තවවත්ථානෙ. වත්ථුනානත්තෙති වත්ථූනං නානාභාවෙ, නානාවත්ථූසූති අත්ථො. එත්ථ ජවනමනොවිඤ්ඤාණස්ස පච්චයභූතො භවඞ්ගමනොපි චක්ඛාදිපඤ්චකං විය උප්පත්තිට්ඨානත්තා වත්ථූති වුත්තො. ආවජ්ජනම්පි තන්නිස්සිතමෙව කාතබ්බං.
දැන් යට ස්වභාව තත්ත්වයෙන් නාමරූප ව්‍යවස්ථා ඤාණය නොකියන ලදි. එහෙයින් පස් ආකාරයකින් නාමරූප ප්‍රභේද දැක්වීමට, අජ්ඣත්ත වවත්ථානෙ පඤ්ඤා වත්ථුනානත්තෙ ඤාණං ආදි ඤාණ පංචකයක් දක්වන ලද්දාහු වෙති. සියලු නාමරූපයන් කී කල්හි යමක් අල්ලාගන්ට පුලුවන් වේද, යමක් අල්ලා ගතයුතුද එය අල්ලා ගන්නේය. ලෝකෝත්තර නාමයන් වනාහි පරිග්‍රහණය කරන්ට නොහැකිය අවබෝධ නොකළ හෙයින් පරිග්‍රහණය නොකළ යුතුය. විදර්ශනාවට නොපැමිණි හෙයිනි. එහි අජ්ඣත්ත වවත්ථානෙ යනු, මෙසේ පවතිනු ලබන අපි ආත්මයයි ග්‍රහණයට යන්නෙමුයි, මෙවැනි අදහසකින් තමා යන දෘෂ්ටියක් ඇතිකොට පවතීනුයි අධ්‍යාත්ම නමි. අජ්ඣත්ත ශබ්දය වනාහි ගෝචර අජ්ඣත්ත, නියකජ්ඣත්ත, අජ්ඣත්තජ්ඣ, විසයජ්ඣත්ත යන අර්ථ සතරක පෙනේ. තෙන ආනන්ද භික්ඛුනා තස්මිං යෙව පුරිමස්මිං සමාධි නිමිත්තෙ අජ්ඣත්තමෙව චිත්තං සණ්ඨපෙතබ්බං, අජ්ඣත්තරතො සමාහිතො යන ආදීන්හි ගොචරජ්ඣත්ත (අරමුණ) යෙහි පෙනේ. ‘අජ්ඣත්තං’ සම්පසාදනං, අජ්ඣත්තංව ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආදීන්හි නියකජ්ඣත්ත (ස්වකීය, තමා අයත්) යෙහි පෙනේ. ‘ඡ අජ්ඣත්තිකානි ආයතනානි අජ්ඣත්තිකා ධම්මා ආදීන්හි අජ්ඣත්තජ්ඣයෙහි (තමා පිළිබඳ) පෙනේ. ‘අයං ඛො පනානන්ද විහාරො තථාගතෙන අභිසම්බුද්ධො, යදිදං සබ්බ නිමිත්තානං අමනසිකාරා අජ්ඣත්තං සුඤ්ඤතං උපසම්පජ්ජ විහරති’ ආදීන්හි විසයජ්ඣත්ත (ආධාර වන දේ) ඉස්සරියට්ඨාන (ආධිපත්‍යය) යන අර්ථයි. ඵල සමාපත්තීන්හි බුදුවරයන්ට ආධිපත්‍යය ස්ථානය නම් වේ. මෙහි වනාහි අජ්ඣත්තජ්ඣයෙහි (තමා පිළිබඳ) යයි දතයුතුය. ඒ අධ්යාත්මයන්ගේ ව්‍යවස්ථානයෙහි (නියම කිරීමෙහි) ආධ්‍යාත්ම ව්‍යවස්ථානයෙහි වත්ථු නානත්තෙ යනු වස්තූන්ගේ විවිධාකාර භාවයෙහි, නොයෙක් වස්තූන්හි යන අර්ථයි. මෙහි ජවන මනො විඤ්ඤාණයට උපකාරී වූ භවංග මනසද, ඇස ආදී පංචකය මෙන් උත්පත්ති ස්ථානය බැවින් වස්තුයයි කියන ලද්දේය. ආවර්ජනයද එය ඇසුරුකොටම කළ යුතුය.
බහිද්ධාති ඡහි අජ්ඣත්තජ්ඣත්තෙහි බහිභූතෙසු තෙසං විසයෙසු. ගොචරනානත්තෙති විසයනානත්තෙ.
බහිද්ධා යනු අජ්ඣත්තජ්ක්ඛත්ත සයෙන් පිටත පිහිටි ඔවුන්ට විෂය වූ ස්ථානයන්හි. ගොචර නානත්තෙ යනු ගොදුරුවන අරමුණුවල විවිධත්වයයි.
චරියාවවත්ථානෙති විඤ්ඤාණචරියාඅඤ්ඤාණචරියාඤාණචරියාවසෙන චරියානං වවත්ථානෙ. “චරියවවත්ථානෙ”ති රස්සං කත්වාපි පඨන්ති.
චරියා වවත්ථානෙ යනු, සිතීමේ චර්යාව, නොදැනීමේ චර්යාව, ප්‍රඥා චර්යාව වශයෙන් චර්යාවන්ගේ පිරිසිඳ දැනීමයි. චරිය වවත්ථානෙ යනුවෙන් කෙටියෙන්ද කියවති.
චතුධම්මවවත්ථානෙති කාමාවචරභූමිආදීනං චුද්දසන්නං චතුක්කානං වසෙන චතුන්නං චතුන්නං ධම්මානං වවත්ථානෙ. භූමීති ච “භූමිගතඤ්ච වෙහාසට්ඨඤ්චා”තිආදීසු (සං· නි· 1.136) පථවියං වත්තති. “අභූමිං තාත, මා සෙවා”තිආදීසු (ජා· 1.6.34) විසයෙ. “සුඛභූමියං කාමාවචරෙ”තිආදීසු (ධ· ස· 988) උප්පජ්ජනට්ඨානෙ. ඉධ පන කොට්ඨාසෙ වත්තති. පරිච්ඡෙදෙතිපි වදන්ති.
චතුධම්ම වවත්ථානෙ යනු කාමාවචර භූමි ආදින්ගේ දැකීම චතුෂ්ක වශයෙන් ගෙන. ධර්ම සතරක් බැගින් ව්යවස්ථානයයි. භූමි යනු චතුභූමි ගතංච වෙහාසට්ඨංච ආදී තන්හි පෘථිවිය යන අර්ථයෙහි වැටේ. භූමිකාවාසෙ වසී යන තන්හි ප්‍රදේශය යන අර්ථයෙහි වැටේ. සුඛභූමියං කාමාවචරෙ ආදී තන්හි උපදින ස්ථානයේ වැටෙයි. මෙහි වනාහි කොටස යන අර්ථයෙහි වැටේ. වෙන්කිරීමෙහි යයිද කියති.
නවධම්මවවත්ථානෙති කාමාවචරකුසලාදිවසෙන පාමොජ්ජමූලකවසෙන යොනිසො මනසිකාරමූලකවසෙන ච නවන්නං නවන්නං ධම්මානං වවත්ථානෙ. ඉමෙසු ච පඤ්චසු ඤාණෙසු පඨමං අජ්ඣත්තධම්මා වවත්ථාපෙතබ්බාති වත්ථුනානත්තෙ ඤාණං පඨමං වුත්තං, තතො තෙසං විසයා වවත්ථාපෙතබ්බාති තදනන්තරං ගොචරනානත්තෙ ඤාණං වුත්තං, තතො පරානි තීණි ඤාණානි තිණ්ණං චතුන්නං නවන්නං වසෙන ගණනානුලොමෙන වුත්තානි.
නවධම්ම වවත්ථානෙ යනු කාමාවචර කුසලාදි වශයෙන්, ප්‍රමෝදය මූලික වශයෙන් නුවණින් මෙනෙහි කිරීම මූලික වශයෙන් ධර්මයන් නවයක් නවයක් බැගින් වෙන්කිරීමයි. මෙහිද ඤාණ පහක් අතර, පළමුව අධ්‍යාත්මික ධර්ම වෙන්කළ යුතුයයි වස්තු නානත්වයෙහි ඤාණය පළමුව කියන ලදි. ඉනික්බිති ඔවුන්ගේ විෂය ව්‍යවස්ථාපනය සඳහා ඉන් අනතුරුව ගෝචර නානත්වයෙහි ඤාණය කියන ලදි. ඉන්පසුව ත්‍රිවිධ ඤාණයෝ තුන හතර වශයෙන් අනුලෝම ගණනින් කියන ලද්දේය.
ඉදානි යස්මා නාමරූපස්සෙව පභෙදතො වවත්ථාපනඤාණං ඤාතපරිඤ්ඤා, තදනන්තරං තීරණපරිඤ්ඤා, තදනන්තරං පහානපරිඤ්ඤාති තිස්සො පරිඤ්ඤා. තංසම්බන්ධා ච භාවනාසච්ඡිකිරියා හොන්ති, තස්මා ධම්මනානත්තඤාණානන්තරං ඤාතට්ඨෙ ඤාණාදීනි පඤ්ච ඤාණානි උද්දිට්ඨානි. තිස්සො හි පරිඤ්ඤා ඤාතපරිඤ්ඤා තීරණපරිඤ්ඤා පහානපරිඤ්ඤා ච. තත්ථ “රුප්පනලක්ඛණං රූපං, වෙදයිතලක්ඛණා වෙදනා”ති එවං තෙසං තෙසං ධම්මානං පච්චත්තලක්ඛණසල්ලක්ඛණවසෙන පවත්තා පඤ්ඤා ඤාතපරිඤ්ඤා නාම. “රූපං අනිච්චං දුක්ඛං අනත්තා, වෙදනා අනිච්චා දුක්ඛා අනත්තා”තිආදිනා නයෙන තෙසං තෙසං ධම්මානං සාමඤ්ඤලක්ඛණං ආරොපෙත්වා පවත්තා ලක්ඛණාරම්මණිකවිපස්සනාපඤ්ඤා තීරණපරිඤ්ඤා නාම. තෙසුයෙව පන ධම්මෙසු නිච්චසඤ්ඤාදිපජහනවසෙන පවත්තා ලක්ඛණාරම්මණිකවිපස්සනාව පහානපරිඤ්ඤා නාම.
දැන් නාමරූපයන්ගේ ප්‍රභේද වහයෙන් ව්‍යවස්ථාපන ඤාණය ඤාත පරිඤ්ඤා-තීරණ පරිඤ්ඤා පහාණ පරිඤ්ඤා වශයෙන් ත්‍රිවිධාකාර වූ විශේෂ දැනුම් ඒ හා සම්බන්ධ සිත් දියුණු කිරීමෙන් සාක්ෂාත් වෙති. එහෙයින් ධම්ම නානත්ත ඤාණයට අනතුරුව, ඤාතට්ඨෙ ඤාණාදී පංච ඤාණයෝ දක්වන ලදහ. ඤාත පරිඤ්ඤා තුනකි. එහි ‘රුප්පන ලක්ඛණං රූපං, වෙදයිත ලක්ඛණං වෙදනාති’ මෙසේ ඒ ඒ ධර්මයන්ගේ වෙන් වෙන්ව පවතින ස්වභාවයන් සැලකීම් වශයෙන් පවතින ප්‍රඥාව ඤාත පරිඤ්ඤා නම් වේ. ‘රූප අනිච්චං දුක්ඛං අනත්තා, වෙදනා අනිච්චා දුක්ඛා අනත්තා’ ආදී ක්‍රමයෙන් ඒ ඒ ධර්මයන්ගේ පවතින ස්වභාව ලක්ෂණයන් කෙරෙහි සිත යොමුකොට පැවතුණු විදර්ශනාව තීරණ පරිඤ්ඤා නම් වේ. ඒ ධර්මයන්හිම නිත්‍ය සංඥාදිය අත්හැරීම් වශයෙන් පැවතුණු ලක්‍ෂණාරම්මණික විදර්ශනා ප්‍රඥාව පහාන පරිඤ්ඤා නම් වේ.
තත්ථ සඞ්ඛාරපරිච්ඡෙදතො පට්ඨාය යාව පච්චයපරිග්ගහා ඤාතපරිඤ්ඤාය භූමි. එතස්මිඤ්හි අන්තරෙ ධම්මානං පච්චත්තලක්ඛණපටිවෙධස්සෙව ආධිපච්චං හොති. කලාපසම්මසනතො පට්ඨාය යාව උදයබ්බයානුපස්සනා තීරණපරිඤ්ඤාය භූමි. එතස්මිඤ්හි අන්තරෙ සාමඤ්ඤලක්ඛණපටිවෙධස්සෙව ආධිපච්චං හොති. භඞ්ගානුපස්සනං ආදිං කත්වා උපරි පහානපරිඤ්ඤාය භූමි. තතො පට්ඨාය හි “අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහති, දුක්ඛතො අනුපස්සන්තො සුඛසඤ්ඤං පජහති, අනත්තතො අනුපස්සන්තො අත්තසඤ්ඤං පජහති, නිබ්බින්දන්තො නන්දිං පජහති, විරජ්ජන්තො රාගං පජහති, නිරොධෙන්තො සමුදයං පජහති, පටිනිස්සජ්ජන්තො ආදානං පජහතී”ති (පටි· ම· 1.52) එවං නිච්චසඤ්ඤාදිපහානසාධිකානං සත්තන්නං අනුපස්සනානං ආධිපච්චං හොති.
එහි සංස්කාරයන් පිරිසිඳීමෙහි පටන් ප්‍රත්‍යය පරිග්‍රහණය දක්වා ඤාත පරිඤ්ඤාවගේ භූමියයි. ඒ අතරෙහි ධර්මයන්ගේ වෙන් වශයෙන් පවතින ස්වභාව අවබෝධයෙහිම ස්වාමිත්වය වේ. කලාප මෙනෙහි කිරීමේ පටන්, උදයව්යයානුපස්සනාව දක්වා තීරණ පරිඤ්ඤාවගේ භූමියයි. ඒ අතරතුර සමාන ලක්ෂණ අවබෝධයෙහිම ප්‍රධානත්වය වේ. භංගානුපස්සනාව මුල්කොට මතුමත්තෙහි සියල්ල ප්‍රහාණ පරිඤ්ඤාවගේ භූමියයි. එතැන් පටන් අනිත්‍ය වශයෙන් නුවණින් බලන්නේ නිත්‍ය සංඥාව දුරලයි. දුක් වශයෙන් නුවණින් බලන්නේ සුව සංඥාව අත්හරියි. අනාත්ම වශයෙන් නුවණින් බලන්නේ ආත්ම සංඥාව අත්හරියි. කලකිරෙන්නේ තෘෂ්ණාව අත්හරියි. නොඇලෙන්නේ ඇල්ම දුරුකරයි. නිරුද්ධ කරන්නේ හටගැනීම නැතිකරයි. අත්හරින්නේ දැඩිව ගැනීම අත්හරියි. මෙසේ නිත්‍ය සංඥා ආදීන්ගේ ප්රහාණය සිදුකරන සප්ත අනුපස්සනාවන්ගේ ප්‍රධානත්වය වේ.
තත්ථ අභිඤ්ඤාපඤ්ඤාති ධම්මානං රුප්පනාදිසභාවෙන ජානනපඤ්ඤා. සා හි සොභනට්ඨෙන අභිසද්දෙන “තෙසං තෙසං ධම්මානං සභාවජානනවසෙන සොභනං ජානන”න්ති කත්වා අභිඤ්ඤාති වුච්චති. ඤාතට්ඨෙ ඤාණන්ති ජානනසභාවං ඤාණං.
එහි අභිඤ්ඤා පඤ්ඤා යනු ධර්මයන්ගේ (ස්වභාවයන්ගේ) වෙනස්වීම් ආදි ස්වභාවයෙන් දැනගන්නා ඤාණයයි. එය වනාහි සෝභනාර්ථයෙන් ඒ ඒ ධර්මයන්ගේ ස්වභාවය දැනීම යහපත් සේ දනිත් යයි අභි ශබ්දය එකතුකොට අභිඤ්ඤා යයි කියනු ලැබේ. ඤාතට්ඨෙඤාණං යනු දැනගන්නා ස්වභාවයේ ඤාණයයි.
පරිඤ්ඤාපඤ්ඤාති ජානනපඤ්ඤා. සා හි බ්යාපනට්ඨෙන පරිසද්දෙන “අනිච්චාදිසාමඤ්ඤලක්ඛණවසෙන සකිච්චසමාපනවසෙන වා බ්යාපිතං ජානන”න්ති කත්වා පරිඤ්ඤාති වුච්චති. තීරණට්ඨෙ ඤාණන්ති උපපරික්ඛණසභාවං, සම්මසනසභාවං වා ඤාණං.
පරිඤ්ඤා පඤ්ඤා යනු දැනගැනීමේ ප්රඥාවයි. එය පැතිරීම් වශයෙන් අනිත්‍යාදි පොදු ලක්ෂණ වශයෙන්ද, තමාගේ කෘත්‍යයන් නිමාකිරීම් වශයෙන්ද ව්‍යාප්තව දනීනුයි පරිශබ්දයත් එකතුව පරිඤ්ඤායයි කියනු ලැබේ. තීරණට්ඨෙ ඤාණං යනු විමසා බැලීමේ ඤාණයයි.
පහානෙ පඤ්ඤාති නිච්චසඤ්ඤාදීනං පජහනා පඤ්ඤා, පජහතීති වා, පජහන්ති එතෙනාති වා පහානං. පරිච්චාගට්ඨෙ ඤාණන්ති පරිච්චජනසභාවං ඤාණං.
පහානෙ පඤ්ඤා යනු නිත්‍ය සංඥාදීන්ගේ දුරුකිරීමේ ප්රඥාවයි. දුරුකෙරෙත්නුයි, හෝ එයින් දුරුකෙරෙත්නුයි පජහනං නම් වේ. පරිච්චාගට්ඨෙ ඤාණං යනු පරිත්‍යාග කිරීමේ ස්වභාව ඤාණයයි.
භාවනාපඤ්ඤාති වඩ්ඪනපඤ්ඤා. එකරසට්ඨෙ ඤාණන්ති එකකිච්චසභාවං ඤාණං, විමුත්තිරසෙන වා එකරසසභාවං ඤාණං.
භාවනා පඤ්ඤා යනු වඩන ප්රඥාවයි. එකරසට්ඨෙ ඤාණං යනු තනි කෘත්‍ය ස්වභාවයේ ඤාණයයි. විමුක්ති (මිදීම) රසයෙන් හෝ එක් රස ස්වභාවයේ ඤාණයයි.
සච්ඡිකිරියාපඤ්ඤාති පටිවෙධවසෙන පටිලාභවසෙන වා පච්චක්ඛකරණපඤ්ඤා. ඵස්සනට්ඨෙ ඤාණන්ති තදුභයවසෙනෙව වින්දනසභාවං ඤාණං.
සච්ඡිකිරියා පඤ්ඤා යනු ප්‍රතිවේධ වශයෙන් හෝ ප්රතිලාභ වශයෙන් හෝ ප්රත්යක්ෂ කිරීමෙහි ප්රඥාවයි. ඵුසනට්ඨෙ ඤාණං යනු ඒ දෙයාකාරයෙන්ම විඳීමේ ස්වභාව ඤාණයයි.
ඉදානි යස්මා පහානභාවනාසච්ඡිකිරියඤාණානි අරියමග්ගඵලසම්පයුත්තානිපි හොන්ති, තස්මා තදනන්තරං අරියපුග්ගලානංයෙව ලබ්භමානානි චත්තාරි පටිසම්භිදාඤාණානි උද්දිට්ඨානි. තත්ථාපි පච්චයුප්පන්නො අත්ථො දුක්ඛසච්චං විය පාකටො සුවිඤ්ඤෙය්යො චාති පඨමං අත්ථපටිසම්භිදාඤාණං උද්දිට්ඨං, තස්ස අත්ථස්ස හෙතුධම්මවිසයත්තා තදනන්තරං ධම්මපටිසම්භිදාඤාණං, තදුභයස්ස නිරුත්තිවිසයත්තා තදනන්තරං නිරුත්තිපටිසම්භිදාඤාණං, තෙසු තීසුපි ඤාණෙසු පවත්තනතො තදනන්තරං පටිභානපටිසම්භිදාඤාණං. ප-කාරං දීඝං කත්වා ච පඨන්ති.
දැන් යම්හෙයකින් ප්රහාණය, වැඩීම, සාක්ෂාත් කිරීමේ ඤාණ ආර්ය මාර්ග හා එකට යෙදුණාහුම වෙති. එහෙයින් ඊට අනතුරුව ආර්ය පුද්ගලයන්ටම ලැබිය යුතු සතර ප්‍රතිසම්භිදා ඤාණයන් දක්වන ලද්දේය. එහිද හේතුවකින් උපන්නේය යන අර්ථයෙන් දුක්ඛ සත්‍යය මෙන් මනාව දතහැක්කේ, ප්‍රකට වූයේනුයි පළමුවෙන් අර්ථ ප්‍රතිසම්භිදාව දක්වන ලද්දේය. අර්ථයාගේ හේතුධර්මයන්ට විෂයවන බැවින් ඉන් අනතුරුව ධම්ම පටිසම්භිදා ඤාණය දක්වයි. ඒ දෙකට නිරුක්ති විෂය වන බැවින් ඉන් අනතුරුව නිරුක්ති ප්‍රතිසම්භිදා ඤාණය දක්වයි. ඒ ඒ ඤාණයන්හි පවත්වන හෙයින් ඉන් අනතුරුව ප්‍රතිභාන ප්‍රතිසම්භිදා ඤාණයයි ‘පකාරය දීර්ඝ කොටද පාඩම් කරති.
ඉතො පරානි විහාරට්ඨෙ ඤාණාදීනි තීණි ඤාණානි අරියානංයෙව සම්භවතො පටිසම්භිදාපභෙදතො ච පටිසම්භිදාඤාණානන්තරං උද්දිට්ඨානි. විහාරට්ඨෙ ඤාණඤ්හි ධම්මපටිසම්භිදා හොති, සමාපත්තට්ඨෙ ඤාණං අත්ථපටිසම්භිදා. ධම්මසභාවෙ ඤාණඤ්හි පටිසම්භිදාකථායං (පටි· ම· 2.30) ධම්මපටිසම්භිදාති වුත්තං. නිබ්බානෙ ඤාණං පන අත්ථපටිසම්භිදා එව. තත්ථ විහාරනානත්තෙති අනිච්චානුපස්සනාදිවසෙන නානාවිපස්සනාවිහාරෙ. විහාරට්ඨෙති විපස්සනාවිහාරසභාවෙ. විහාරොති ච සසම්පයුත්තා විපස්සනා එව. සමාපත්තිනානත්තෙති අනිමිත්තාදිවසෙන නානාඵලසමාපත්තියං. සමාපත්තීති ච ලොකුත්තරඵලභූතා චිත්තචෙතසිකධම්මා. විහාරසමාපත්තිනානත්තෙති උභයවසෙන වුත්තං.
මින් මත්තෙහි විහාරාර්ථයෙහි ඤාණාදී ත්‍රිවිධ ඤාණයෝ ආර්යයන්ටම ලැබෙන හෙයින් ප්‍රතිසම්භිදා ප්‍රභේද වශයෙන්ද ප්‍රතිසම්භිදා ඤාණයට අනතුරුව දක්වන ලදි. විහාරට්ඨෙ ඤාණං යනු ධර්ම ප්‍රතිසම්භිදාව වෙයි. සමාපත්ති අර්ථයෙහි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාවයි. ධර්ම ස්වභාවයෙහි ඤාණයද ප්‍රතිසම්භිදා කථාවෙහි ධර්ම ප්රතිසම්භිදායයි කියන ලදි. නිර්වාණයෙහි ඤාණය වනාහි අර්ථ ප්‍රතිසම්භිදාවයි. එහි විහාර නානත්තෙ යනු අනිත්‍යානුපස්සනා වශයෙන් නොයෙක් විදර්ශනා විහරණයන්ය. විහාරට්ඨෙ යනු විදර්ශනාවෙන් යුක්තව වාසය කරන ස්වභාවයෙහි විහාරො යනු එකට යෙදුණු විදර්ශනාවමය. සමාපත්ති නානත්තෙ යනු අනිමිත්තාදි වශයෙන් වූ විවිධ ඵල සමාපත්තියෙහි, සමාපත්ති යනු ලෝකෝත්තර වූ චිත්ත චෛතසික ධර්මයෝය. විහාර සමාපත්ති නානත්තෙ යනු දෙකක් වශයෙන් කියන ලදි.
තතො විහාරසමාපත්තිඤාණසාධකස්ස “දුභතො වුට්ඨානවිවට්ටනෙ පඤ්ඤා”ති පුබ්බෙ වුත්තස්සාපි මග්ගඤාණස්ස ආසවසමුච්ඡෙදසමත්ථතං අනන්තරඵලදායකත්තඤ්ච කාරණෙන විසෙසෙත්වා අපරෙනාකාරෙන වත්තුකාමෙන තදෙව “ආනන්තරිකසමාධිම්හි ඤාණ”න්ති උද්දිට්ඨං. තත්ථ අවික්ඛෙපපරිසුද්ධත්තාති වික්ඛිපති තෙන චිත්තන්ති වික්ඛෙපො, උද්ධච්චස්සෙතං නාමං. න වික්ඛෙපො අවික්ඛෙපො, උද්ධච්චපටිපක්ඛස්ස සමාධිස්සෙතං නාමං. පරිසුද්ධස්ස භාවො පරිසුද්ධත්තං, අවික්ඛෙපස්ස පරිසුද්ධත්තං අවික්ඛෙපපරිසුද්ධත්තං, තස්මා අවික්ඛෙපපරිසුද්ධත්තා සමාධිස්ස පරිසුද්ධභාවෙනාති අත්ථො. ඉදඤ්හි ආසවසමුච්ඡෙදස්ස අනන්තරඵලදායකත්තස්ස ච කාරණවචනං. ආසවසමුච්ඡෙදෙති එත්ථ ආසවන්තීති ආසවා, චක්ඛුතොපි…පෙ… මනතොපි සන්දන්ති පවත්තන්තීති වුත්තං හොති. ධම්මතො යාව ගොත්රභුං, ඔකාසතො යාව භවග්ගං සවන්තීති වා ආසවා, එතං ධම්මං එතඤ්ච ඔකාසං අන්තොකරිත්වා පවත්තන්තීති අත්ථො. අන්තොකරණත්ථො හි අයං ආ-කාරො. චිරපාරිවාසිකට්ඨෙන මදිරාදයො ආසවා වියාතිපි ආසවා. ලොකස්මිඤ්හි චිරපාරිවාසිකා මදිරාදයො ආසවාති වුච්චන්ති. යදි ච චිරපාරිවාසිකට්ඨෙන ආසවා, එතෙයෙව භවිතුමරහන්ති. වුත්තඤ්හෙතං –
එයින් විහාර සමාපත්ති ඤාණය සිදුකරන්නා වූ, දෙඅයුරකින් නැගිටින පෙරළෙන ප්‍රඥාවයයි පෙර කියන ලද, මාර්ග ඤාණයාගේ, ආස්‍රවයන් මුල්සිඳ දැමීමට ඇති හැකියාවද අනතුරු ඵලදායකත්වයද යන කරුණු විශේෂයෙන් දක්වා වෙනත් අයුරකින් කියනු කැමැත්තේ එයම ආනන්තරික සමාධියෙහි ඤාණයයි දක්වන ලදි. එහි අවික්ඛෙප පරිසුද්ධත්තා යනු එයින් සිත (විසුරුවයි) අවුල් කරයිනුයි වික්ෂෙප නමි. මෙය නොසන්සුන්කමට නමකි. නොවිසිරේනුයි අවික්‍ෂේප නම් වේ. නොසන්සුන්කමට විරුද්ධ සමාධියට මෙය නමකි. පාරිශුද්ධියෙහි ස්වභාවය පාරිශුද්ධත්වයයි. අවික්‍ෂෙපයාගේ පාරිශුද්ධත්වය අවික්ෂෙප පාරිශුද්ධියයි. එහෙයින් අවික්ෂෙපයෙන් පිරිසිදු බැවින් සමාධියගේම පරිශුද්ධභාවයෙන් යයි අර්ථයි. මෙය ආශ්‍රව මුල් සිඳින්නා වූ අනතුරු ඵලදායකත්වයටම හේතුවන කරුණයි. ආසව සමුච්ඡෙදෙ යනු මෙහි පැසේනුයි (වැගිරේනුයි) ආසව නම් වේ. ඇසින්ද -පෙ- මනසින්ද ගලත්. පවතිත් යයි කියන ලද්දේ වෙයි. චිත්ත චෛතසික ධර්මයන්ගේ වශයෙන් ගෝත්‍රභූ තෙක්ද, අවකාශ වශයෙන් භවාග්‍රය තෙක්ද ගලත්නුයි ආශ්‍රව නම් වේ. එකක් එකකට ඇතුල්වන්ට ඉඩදී පවතිත්නුයි අර්ථයි. ඇතුල්කිරීම මේ ආකාර වේ. බොහෝකලක් පැසවීම් අර්ථයෙන් ධාන්‍ය වර්ගවලින් පෙරූ මත්පැන් නමැති ආසව වැනිනුයි ආසව නම් වේ. ලෝකයෙහි බොහෝකලක් පැසවූ ධාන්‍ය වර්ගවලින් පෙරූ මත්පැන් ආසවයයි කියති. බොහෝකලක් පැසවූ හෙයින් ඒවා ආසවයන් වීමට සුදුසුය. වදාරන ලද්දේය;
“පුරිමා, භික්ඛවෙ, කොටි න පඤ්ඤායති අවිජ්ජාය, ඉතො පුබ්බෙ අවිජ්ජා නාහොසි, අථ පච්ඡා සමභවී”තිආදි.
මහණෙනි, මින් පෙර අවිද්‍යාව නොවූයේය. ඉන්පසු හටගත්තේ යයි අවිද්‍යාවගේ පූර්ව කෙළවර පැහැදිලි නොවේ.
ආයතං වා සංසාරදුක්ඛං සවන්ති පසවන්තීතිපි ආසවා, සමුච්ඡිජ්ජති එතෙනාති සමුච්ඡෙදො. පඤ්ඤාති කාමාසවාදීනං චතුන්නං ආසවානං සමුච්ඡෙදෙ පඤ්ඤා.
දීර්ඝ වූ සසර දුක් ගලත් උපදවත්නුයි ආසව නම් වේ. මේ කරණකොට විනාශ වේනුයි සමුච්ඡේද නමි. ආසව සමුච්ඡෙදෙ පඤ්ඤා යනු කාමාසවාදි සිව් ආසවයන්ගේ විනාශ කිරීමෙහි ප්රඥාවයි.
ආනන්තරිකසමාධිම්හි ඤාණන්ති අත්තනො පවත්තිසමනන්තරං නියමෙනෙව ඵලප්පදානතො ආනන්තරිකොති ලද්ධනාමො මග්ගසමාධි. න හි මග්ගසමාධිම්හි උප්පන්නෙ තස්ස ඵලුප්පත්තිනිසෙධකො කොචි අන්තරායො අත්ථි. යථාහ –
ආනන්තරික සමාධිම්හි ඤාණං යනු තමාගේ පැවැත්මට අනතුරුව නියම වශයෙන්ම ඵල ප්රදානය කරන හෙයින් ආනන්තරිකයයි ලබන ලද නාමය ඇති මාර්ග සමාධියයි. මාර්ග සමාධිය උපන් කල්හි එහි ඵල උත්පත්තිය වළකාලන කිසිදු අනතුරක් නැත. කියන ලද්දේද වේ;
“අයඤ්ච පුග්ගලො සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො අස්ස, කප්පස්ස ච උඩ්ඩය්හනවෙලා අස්ස, නෙව තාව කප්පො උඩ්ඩය්හෙය්ය, යාවායං පුග්ගලො න සොතාපත්තිඵලං සච්ඡිකරොති, අයං වුච්චති පුග්ගලො ඨිතකප්පී. සබ්බෙපි මග්ගසමඞ්ගිනො පුග්ගලා ඨිතකප්පිනො”ති (පු· ප· 17).
මේ පුද්ගලයා සෝවාන්ඵල සාක්ෂාත් කිරීම සඳහා පිළිපන්නේ වේද? එවිටම කල්ප විනාශය ආරම්භවන අවස්ථාවක් වන්නේද? මේ පුද්ගලයා සෝවාන් ඵලය සාක්ෂාත් කරන තෙක් කල්ප විනාශය නොවන්නේය. එහෙයින් මේ පුද්ගලයා කල්ප විනාශය නවත්වන, ඨිතකප්පී නම් වේ. සියලුම සෝවාන් ආදී මාර්ගාංගයන්ගෙන් යුක්ත පුද්ගලයෝ ඨිත කප්පීහු නම් වෙති.
ඉදං තෙන ආනන්තරිකසමාධිනා සම්පයුත්තං ඤාණං.
මේ ඒ ආනන්තරික සමාධිය හා එක්ව යෙදුණු ඤාණයයි;
ඉමිනා මග්ගඤාණෙන ඵලප්පත්තානං අරියානංයෙව සම්භවතො ඉමස්ස ඤාණස්ස අනන්තරං අරණවිහාරඤාණාදීනි චත්තාරි ඤාණානි උද්දිට්ඨානි. තත්රාපි ච අරහතොයෙව සතතමෙව ච සම්භවතො අරණවිහාරෙ ඤාණං පඨමං උද්දිට්ඨං, තදනන්තරං නිරොධස්ස අනාගාමිඅරහන්තානං සම්භවෙපි බහුසම්භාරත්තා විසෙසෙන ච නිරොධස්ස නිබ්බානසම්මතත්තා ච නිරොධසමාපත්තියා ඤාණං උද්දිට්ඨං, තදනන්තරං පරිනිබ්බානස්ස කාලන්තරෙ පරිනිබ්බානකාලං ආහච්ච ඨිතත්තා දීඝකාලිකන්ති පරිනිබ්බානෙ ඤාණං උද්දිට්ඨං, තදනන්තරං සමසීසට්ඨස්ස සබ්බකිලෙසඛයානන්තරං පරිනිබ්බානකාලං ආහච්ච ඨිතත්තා රස්සකාලිකන්ති සමසීසට්ඨෙ ඤාණං උද්දිට්ඨං. තත්ථ සන්තො චාති ච-කාරො දස්සනාධිපතෙය්යඤ්ච සන්තො විහාරාධිගමො ච පණීතාධිමුත්තතා චාති තීහිපි පදෙහි සම්බන්ධිතබ්බො. දස්සනන්ති විපස්සනාඤාණං, අධිපතියෙව ආධිපතෙය්යං, අධිපතිතො වා ආගතත්තා ආධිපතෙය්යං, දස්සනඤ්ච තං ආධිපතෙය්යඤ්චාති දස්සනාධිපතෙය්යං. විහරතීති විහාරො, විහරන්ති තෙන වාති විහාරො, අධිගම්මති පාපුණීයතීති අධිගමො, විහාරො එව අධිගමො විහාරාධිගමො. සො ච කිලෙසපරිළාහවිරහිතත්තා නිබ්බුතොති සන්තො. සො ච අරහත්තඵලසමාපත්තිපඤ්ඤා. උත්තමට්ඨෙන අතප්පකට්ඨෙන ච පණීතො, පධානභාවං නීතොති වා පණීතො, පණීතෙ අධිමුත්තො විසට්ඨචිත්තො තප්පරමො පණීතාධිමුත්තො, තස්ස භාවො පණීතාධිමුත්තතා. සා ච ඵලසමාපත්තාධිමුත්තා පුබ්බභාගපඤ්ඤා එව.
මේ මාර්ග ඤාණයෙන් ඵලප්‍රාප්ත ආර්යන්ටම හටගන්නා හෙයින් මේ ඤාණයට අනතුරුව අරණ විහාර ඤාණාදි ඤාණ හතර දක්වන ලදි. එහිද රහතුන්ටම නිතර හටගන්නා බැවින් අරණ විහාර ඤාණය පළමුව දක්වන ලදි. ඉන් අනතුරුව නිරෝධ සමවතෙහි ලා අනාගාමි හා රහතුන්ට නිරෝධය හටගැන්මෙහිලා බොහෝ ප්රවණතා ඇති හෙයින්ද විශේෂයෙන් නිරෝධය ඉහාත්ම නිර්වාණයයි පිළිගත් හෙයින්ද නිරෝධ සමාපත්ති ඤාණය උදෙසන ලදි. ඉන් අනතුරුව පරිනිර්වාණ කාලාන්තරයෙහිලා පරිනිර්වාණ කාලය ගටා සිටි හෙයින් දීර්ඝකාලික යැයි පරිනිර්වාණ ඤාණය උදෙසන ලදි. ඉන් අනතුරු සමසීසට්ඨයාගේ සියලු කෙලෙස් ක්ෂය කිරීමෙන් අනතුරුව වන පිරිනිවන් කාලය ගටා සිටි හෙයින් හ්‍රස්ව කාලිකයැයි සමසීසට්ඨ ඤාණය උදෙසන ලදි. එහි, සන්තොචාති චකාරය දස්සනාධිපතෙය්‍ය, විහාරාධිගම, පණීතධි මුත්තතා යන පදත්රය සමගම සම්බන්ධ කරගත යුතුය. දස්සනං යනු විදර්ශනා ඤාණයයි. අධිපතිභාවයම ආධිපතෙය්‍ය නමි. අධිපතිත්වයෙන් (ස්වාමිත්වය) පැමිණි හෙයින් ආධිපතෙය්‍ය නමි. දර්ශනයද ආධිපතිත්වයද එකට සම්බන්ධ වූයේනුයි දස්සනාධිපතෙය්‍ය නමි. විහරණය = විහාර නමි. එය කරණකොට වාසය කෙරෙත්නුයි විහාර නම් වේ. අවබෝධ කරයි පැමිණෙයිනුයි අධිගම නමි. අවබෝධ කොට වාසය කිරීම විහාරාධිගමො යි එයද කෙලෙස් දාහයන්ගෙන් විරහිත බැවින් නිවුණේනුයි සාන්තයි සන්තො. ඒ අර්හත්ඵල සමාපත්තියද, උතුම් අර්ථයෙන්ද, නොතැවෙන අර්ථයෙන්ද ප්‍රණීත නම් වේ. ප්රධානභාවයට ගෙන ගියේනුයි ප්‍රණීතයි. ප්‍රණීත, ඇලුණු, සැක නැති සිතැත්තේ එහිම යෙදුණේ ප්රණීතාධිමුත්තයි. එහි ස්වභාවය ප්රණීතාධිමුත්තතායි. ඒ ඵල සමාපත්තාධිමුත්තතාවය පූර්වභාග ප්‍රඥාවමය.
අරණවිහාරෙති නික්කිලෙසවිහාරෙ. රාගාදයො හි රණන්ති සත්තෙ චුණ්ණෙන්ති පීළෙන්තීති රණා, රණන්ති එතෙහි සත්තා කන්දන්ති පරිදෙවන්තීති වා රණා. වුත්තො තිවිධොපි විහාරො. නත්ථි එතස්ස රණාති අරණො. විවිධෙ පච්චනීකධම්මෙ හරන්ති එතෙනාති විහාරො. තස්මිං අරණෙ විහාරෙ. නිද්දෙසවාරෙ (පටි· ම· 1.82) වුත්තපඨමජ්ඣානාදීනි ච පණීතාධිමුත්තතාය එව සඞ්ගහිතානි. ඵලසමාපත්තිං සමාපජ්ජිතුකාමතාය හි පඨමජ්ඣානාදිං සමාපජ්ජිත්වා වුට්ඨාය ඣානසම්පයුත්තධම්මෙ විපස්සති, යා ච අරණවිභඞ්ගසුත්තන්තෙ (ම· නි· 3.323 ආදයො) භගවතා දෙසිතා අරණපටිපදා, සාපි ඉමිනාව සඞ්ගහිතාති වෙදිතබ්බා . වුත්තඤ්හි තත්ථ භගවතා –
අරණ විහාරෙ යනු නිකෙලෙස් විහරණයයි. රාගාදීහු සත්ත්වයින් කූඩුකරත් තලත් මඩිත්නුයි රණ නම් වේ. සත්ත්වයෝ මෙයින් පීඩාවට පත්වෙති. හඬති. වැළපෙති නුයි = රණයි. කියන ලද ත්‍රිවිධ විහරණයන් ඔහුට කෙලෙස් නැත්තේනුයි අරණයි. නොයෙක් විරුද්ධ ස්වභාවයන් එයින් ඉවත් කෙරේනුයි විහාරයි. ඒ අරණ විහාරයන්හි නිර්දේශී වාරයෙහි කියන ලද, ප්‍රථමධ්‍යානාදීන් ප්රණීතාධි මුත්තතාවෙහිම සංග්‍රහ කරන ලදි. ඵලසමාපත්තියට සමවදිනු කැමැත්තහු විසින් ප්රථමධ්යානාදීන්ට සමවැදී නැගිට ධ්‍යාන හා එක්වූ ධර්මයන් නුවණින් බලයි. අරණ විභංග සූත්‍රාන්තයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද යම් අරණ ප්‍රතිපදාවක් වේද, එයද සංග්‍රහ කරන ලද්දේයයි දතයුතුය.
“අරණවිභඞ්ගං වො, භික්ඛවෙ, දෙසෙස්සාමි…පෙ… න කාමසුඛං අනුයුඤ්ජෙය්ය හීනං ගම්මං පොථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, න ච අත්තකිලමථානුයොගං අනුයුඤ්ජෙය්ය දුක්ඛං අනරියං අනත්ථසංහිතං. එතෙ ඛො, භික්ඛවෙ, උභො අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. උස්සාදනඤ්ච ජඤ්ඤා, අපසාදනඤ්ච ජඤ්ඤා, උස්සාදනඤ්ච ඤත්වා අපසාදනඤ්ච ඤත්වා නෙවුස්සාදෙය්ය න අපසාදෙය්‍ය, ධම්මමෙව දෙසෙය්ය. සුඛවිනිච්ඡයං ජඤ්ඤා, සුඛවිනිච්ඡයං ඤත්වා අජ්ඣත්තං සුඛමනුයුඤ්ජෙය්ය, රහොවාදං න භාසෙය්ය, සම්මුඛා න ඛීණං භණෙ, අතරමානොව භාසෙය්ය නො තරමානො, ජනපදනිරුත්තිං නාභිනිවෙසෙය්‍ය, සමඤ්ඤං නාතිධාවෙය්යාති. අයමුද්දෙසො අරණවිභඞ්ගස්ස …පෙ… තත්ර, භික්ඛවෙ, යො කාමපටිසන්ධිසුඛිනො සොමනස්සානුයොගං අනනුයොගො හීනං…පෙ… අනත්ථසංහිතං, අදුක්ඛො එසො ධම්මො අවිඝාතො අනුපායාසො අපරිළාහො සම්මාපටිපදා. තස්මා එසො ධම්මො අරණො…පෙ… තත්ර, භික්ඛවෙ, යො අත්තකිලමථානුයොගං අනනුයොගො දුක්ඛං අනරියං අනත්ථසංහිතං. අදුක්ඛො එසො ධම්මො …පෙ… තස්මා එසො ධම්මො අරණො. තත්ර, භික්ඛවෙ, යායං මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා…පෙ… අදුක්ඛො එසො ධම්මො…පෙ… තස්මා එසො ධම්මො අරණො…පෙ… තත්ර, භික්ඛවෙ, යායං නෙවුස්සාදනා න අපසාදනා ධම්මදෙසනා ච, අදුක්ඛො එසො ධම්මො…පෙ… තස්මා එසො ධම්මො අරණො…පෙ… තත්ර, භික්ඛවෙ, යදිදං නෙක්ඛම්මසුඛං පවිවෙකසුඛං උපසමසුඛං සම්බොධිසුඛං, අදුක්ඛො එසො ධම්මො…පෙ… තස්මා එසො ධම්මො අරණො…පෙ… තත්ර, භික්ඛවෙ, ය්වායං රහොවාදො භූතො තච්ඡො අත්ථසංහිතො, අදුක්ඛො එසො ධම්මො…පෙ… තස්මා එසො ධම්මො අරණො …පෙ… තත්ර, භික්ඛවෙ, ය්වායං සම්මුඛා ඛීණවාදො භූතො තච්ඡො අත්ථසංහිතො, අදුක්ඛො එසො ධම්මො…පෙ… තස්මා එසො ධම්මො අරණො…පෙ… තත්ර, භික්ඛවෙ, යදිදං අතරමානස්ස භාසිතං, අදුක්ඛො එසො ධම්මො…පෙ… තස්මා එසො ධම්මො අරණො…පෙ… තත්ර, භික්ඛවෙ, ය්වායං ජනපදනිරුත්තියා ච අනභිනිවෙසො සමඤ්ඤාය ච අනතිසාරො, අදුක්ඛො එසො ධම්මො…පෙ… තස්මා එසො ධම්මො අරණොති. තස්මාතිහ, භික්ඛවෙ, සරණඤ්ච ධම්මං ජානිස්සාම, අරණඤ්ච ධම්මං ජානිස්සාම. සරණඤ්ච ධම්මං ඤත්වා අරණඤ්ච ධම්මං ඤත්වා අරණං පටිපදං පටිපජ්ජිස්සාමාති එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බං. සුභූති ච පන, භික්ඛවෙ, කුලපුත්තො අරණපටිපදං පටිපන්නො”ති.
භාග්‍යවතුන් වහන්සේ විසින් එහි දේශනා කරන ලද්දේය. මහණෙනි, ඔබලාට අරණ විභංගය දේශනා කරන්නෙමි. හීන වූ, ග්‍රාම්‍ය වූ, පෘථජ්ජනික වූ, අනාර්ය වූ, අනර්ථය පිණිස හේතු වූ කම්සැපයෙහි නොයෙදෙන්නේය. (නොයෙදිය යුතුය.) දුක්වූ අනාර්ය වූ අනර්ථය පිණිස හේතුවූ ශරීරය වෙහෙසට පත්කිරීමේ යෙදීම්වල නොයෙදෙන්නේය. මහණෙනි, මේ අන්ත දෙකටම නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් මනාසේ වටහාගත් නැණැස ඇතිකරන, ප්‍රඥාව ඇතිකරන මධ්‍යම ප්‍රතිපදාව සන්සිඳීම පිණිස, විශිෂ්ට දැනුම සඳහා මනා අවබෝධය සඳහා පවතියි. ප්‍රශංසාවද දැනගන්නේය. දෝෂාරෝපණයද දැනගන්නේය. ප්‍රශංසාවද දැන දෝෂාරෝපණයද දැන ප්‍රශංසා නොකරන්නේය. දෝෂාරෝපණයද නොකරන්නේය. සුව විනිශ්චය දැනගන්නේය. සුව විනිශ්චය දැන අධ්‍යාත්ම සුවයෙහි යෙදෙන්නේය. රහස්කීම් නොකියන්නේය. හමුවෙහි ක්ෂයවූවක් නොකියන්නේය. ඉක්මන් නොවෙමින් කථා කරන්නේය. ඉක්මන්වෙමින් කථා නොකරන්නේය. ප්‍රදේශ භාෂා ව්‍යවහාරය නොඉක්මවන්නේය. සමානත්වය අතිධාවනය නොකරන්නේය. මේ අරණ විභංගයේ උද්දේසයයි -පෙ- මහණෙනි, එහි යමෙක් කාම ලෝක ප්රතිසන්ධියෙන් සුවපත්වූයේ -පෙ- සතුටුදායක යෙදුම්වල නොයෙදෙන්නේය. හීනවූ -පෙ- අනර්ථ සහිත වූ, ඒ සම්‍යක් ප්‍රතිපදාව දුකෙන් තොරය. විපතක් නොවන්නේය බලවත් සිත්තැවුලක් නොවන්නේය. වැලපීමක් නොවන්නේය. එහෙයින් ඒ ධර්මය අරණය. -පෙ- මහණෙනි, යම් ඒ අනාර්ය වූ අනර්ථ සහිත වූ දුක්වූ ආත්මය වෙහෙසට පත්කරන ක්‍රියාවක් වේද, එහි නොයෙදෙන්නේ වේද ඒ ස්වභාවය දුක් නොවේ. -පෙ- එහෙයින් ඒ ධර්මය අරණයි. මහණෙනි, යම් ඒ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කළ මධ්‍යම ප්‍රතිපදාවක් වේද, ඒ ස්වභාවය දුක් නොවේ. -පෙ- එහෙයින් ඒ ධර්මය අරණයි. මහණෙනි, යම් ඒ ප්‍රශංසා කිරීමක් නොවන්නේද, දෝෂාරෝපණ කිරීමක් නොවන්නේද, ධර්මදේශනාවක් නිසි අයුරින් වේද, එය දුක් නොවේ. -පෙ- එහෙයින් ඒ ධර්මය අරණයි. මහණෙනි, යම් ඒ නෛෂ්ක්‍රම්‍ය සුවයක් වේද, විවේක සුවයක් වේද, සන්සිඳීම් සුවයක් වේද, මනා අවබෝධ කරගැනීමේ සුවයක් වේද, එය දුක් නොවේ. එහෙයින් ඒ ධර්මය අරණයි. මහණෙනි, යම් ඒ සිදුවූ, සත්‍ය අර්ථ සහිත රසාස්වාදයක් වේද, එම ස්වභාවය දුක් නොවේ. -පෙ- එහෙයින් ඒ ධර්මය අරණයි. මහණෙනි, යම් ඒ සිදුවූ, සත්‍ය වූ අර්ථ සහිත ඉදිරිපිට ක්ෂීණවාදයක් වේද, ඒ ධර්මය අරණයි. මහණෙනි, යම් ඒ කථාවක් ප්‍රදේශ ව්‍යවහාරය ඉක්මවා නොයන ව්‍යවහාරය නොඉක්මවන්නේද එය දුක් නොවේ. -පෙ- එහෙයින් ඒ ධර්මය අරණයි. එහෙයින් මහණෙනි, කෙලෙස් සහිත ධර්මය දැනගන්නෙමු. කෙලෙස් නැති ධර්මයද දැනගන්නෙමු. කෙලෙස් සහිත ධර්මයද දැන කෙලෙස් රහිත ධර්මයද දැන කෙලෙස් රහිත ප්‍රතිපදාවෙහි පිළිපදින්නෙමුයි මහණෙනි, නුඹලා එසේ හික්මිය යුතුය. මහණෙනි, සුභූති කුලපුතු කෙලෙස් රහිත ප්‍රතිපදාවෙහි පිළිපන්නේ වෙයි.
තත්ථ මජ්ඣිමා පටිපදා දස්සනාධිපතෙය්යෙන ච සන්තෙන විහාරාධිගමෙන ච සඞ්ගහිතා. කාමසුඛං අත්තකිලමථං අනනුයොගො මජ්ඣිමා පටිපදා එව. අරහතො හි විපස්සනාපුබ්බභාගමජ්ඣිමා පටිපදා හොති, අරහත්තඵලසමාපත්ති අට්ඨඞ්ගමග්ගවසෙන මජ්ඣිමා පටිපදා ච. සෙසා පන පණීතාධිමුත්තතාය එව සඞ්ගහිතාති වෙදිතබ්බා. කිඤ්චාපි සබ්බෙපි අරහන්තො අරණවිහාරිනො, අඤ්ඤෙ අරහන්තො ධම්මං දෙසෙන්තා “සම්මාපටිපන්නෙ සම්මාපටිපන්නා”ති “මිච්ඡාපටිපන්නෙ මිච්ඡාපටිපන්නා”ති පුග්ගලවසෙනාපි උස්සාදනාපසාදනානි කත්වා ධම්මං දෙසෙන්ති. සුභූතිත්ථෙරො පන “අයං මිච්ඡාපටිපදා, අයං සම්මාපටිපදා”ති ධම්මවසෙනෙව ධම්මං දෙසෙසි. තෙනෙව භගවා තංයෙව අරණපටිපදං පටිපන්නොති ච වණ්ණෙසි, “එතදග්ගං, භික්ඛවෙ, මම සාවකානං භික්ඛූනං අරණවිහාරීනං යදිදං සුභූතී”ති (අ· නි· 1.198, 201) ච අරණවිහාරීනං අග්ගට්ඨානෙ ඨපෙසීති.
එහි මධ්‍යම ප්‍රතිපදාව දර්ශනාධිපත්ය වශයෙන්ද සාන්ත විහාරාධිගම වශයෙන්ද සංග්‍රහ කරන ලදි. කම්සුවය, ශරීරය වෙහෙසට පත්කරන ක්‍රියාවල නොයෙදෙන්නේ එය මධ්‍යම ප්‍රතිපදාවයි. රහතුන්ට වනාහි විදර්ශනා පූර්වභාග මධ්‍යම ප්‍රතිපදාව වේ. අර්හත් ඵල සමවත අෂ්ටාංගික මාර්ග වශයෙන් වන මධ්‍යම ප්‍රතිපදාවයි. සෙස්ස ප්‍රණීත සංකල්පනයන් තුළින් ලබාගනී යයි සංග්‍රහ කරන ලද්දේයයි දතයුතුය. සියලු රහත්හු, අරණ විහාරීය. අනෙක් රහත්හු ධර්මය දේශනා කරන්නාහු යහපත් මාර්ගයට පිළිපන් අය යහපත් මාර්ගයට පිළිපන්නේ යයිද, වැරදි මාර්ගයට පිළිපන් අය වැරදි මාර්ගයට පිළිපන්නේ යයිද පුද්ගල වශයෙන්ද ප්‍රශංසා දෝෂාරෝපණාදිය කොට ධර්මය දේශනා කරත්. සුභූති තෙර මේ වැරදි ප්‍රතිපදාවය, මේ යහපත් ප්‍රතිපදාවයයි ධර්මය දේශනා කළේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඔහුම අරණ ප්‍රතිපදාවෙහි පිළිපන්නේ යයි වර්ණනා කළහ. ‘මහණෙනි, මාගේ ශ්‍රාවක භික්ෂූන් අතර යම් ඒ සුභූති නමැති භික්ෂුවක් වේද, අරණ විහාරි භික්ෂූන් අතර ඔහු අග්‍රයයි අරණ විහාරීන් අතර අග්‍රස්ථානයෙහි තැබුවේය.
ද්වීහි බලෙහීති සමථබලවිපස්සනාබලෙහි. සමන්නාගතත්තාති යුත්තත්තා පරිපුණ්ණත්තා වා. තයො චාති විභත්තිවිපල්ලාසො, තිණ්ණඤ්චාති වුත්තං හොති. සඞ්ඛාරානන්ති වචීසඞ්ඛාරකායසඞ්ඛාරචිත්තසඞ්ඛාරානං. පටිප්පස්සද්ධියාති පටිප්පස්සද්ධත්ථං නිරොධත්ථං, අප්පවත්තත්ථන්ති වුත්තං හොති. සොළසහීති අනිච්චානුපස්සනාදීනි අට්ඨ, මග්ගඵලානි අට්ඨාති සොළසහි. ඤාණචරියාහීති ඤාණප්පවත්තීහි. නවහීති රූපාරූපාවචරසමාධි තදුපචාරො චාති නවහි. වසිභාවතා පඤ්ඤාති ලහුතා, යථාසුඛවත්තනං ඉස්සරියං වසො, සො අස්ස අත්ථීති වසී, වසිනො භාවො වසිභාවො, වසිභාවො එව වසිභාවතා, යථා පාටිකුල්යමෙව පාටිකුල්යතා. එවංවිධා පඤ්ඤා වසිභාවතාය පඤ්ඤාති වා අත්ථො. සි-කාරං දීඝං කත්වා ච පඨන්ති. සමන්නාගතත්තා ච පටිප්පස්සද්ධියා ච ඤාණචරියාහි ච සමාධිචරියාහි චාති ච-කාරො සම්බන්ධිතබ්බො.
ද්වීහි ඵලෙහී යනු සමථඵල, විදර්ශනා ඵලයන්ගෙන්, සමන්නාගත්තතා යනු යෙදුණු බැවින් සම්පූර්ණත්වයට පත්හෙයින්, තයොචාති විභක්ති විපර්යාසයකි. තිණ්ණං යනුවෙන් යොදාගත යුතුය. සංඛාරානං යනු වචීසංඛාර, කාය සංඛාර, චිත්ත සංඛාරයන්ගේ - පටිප්පස්සද්ධියා යනු සන්සිඳීම සඳහා නිරෝධය සඳහා නොපැවැත්ම සඳහා, සොළසහි යනු අනිත්යානුපස්සනාදි අටමාර්ගයන්ද ඵල අටද යන දහසයෙනි. ඤාණ චරියාහි යනු නුවණ හැසිරවීම රූපාවචර අරූපාවචර සමාධි හා එහි උපචාර සමාධිය යන නවයෙන් වසීභාවතා පඤ්ඤා යනු සැහැල්ලුවෙන් සුවසේ පැවැත්මයි. වසීභාවයෙහි ආධිපත්‍යයට පැමිණ එය ඔහුට ඇත්තේනුයි වසී නමි. වසියගේ ස්වභාවය වසීභාවයයි. වසීභාවයම වසී භාවනාවයි. යම්සේ පිළිකුල් වූයේම පටික්කූලයයි කියාද, එසේම මේ ආකාර වූ ප්‍රඥාව වසීභාවනා පඤ්ඤායයි කියනු ලැබේ. සි කාරය දීර්ඝකොටම කියවති. යුක්ත වූ බැවින්ද සංසිඳවීමෙන්ද ඥාන චර්යාවන්ගෙන්ද සමාධි චර්යාවන්ගෙන්ද යනුවෙන් ‘ච’ කාරය සම්බන්ධ කරගත යුතුය.
නිරොධසමාපත්තියා ඤාණන්ති අනාගාමිඅරහන්තානං නිරොධසමාපත්තිනිමිත්තං ඤාණං, යථා අජිනම්හි හඤ්ඤතෙ දීපීති. නිරොධසමාපත්තීති ච නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස අභාවමත්තං, න කොචි ධම්මො, පඤ්ඤත්තිමත්තං අභාවමත්තත්තා නිරොධොති ච. සමාපජ්ජන්තෙන සමාපජ්ජීයති නාමාති සමාපත්තීති ච වුච්චති.
නිරොධ සමාපත්තියා ඤාණං යනු අනාගාමි හා රහතුන්ගේ නිරෝධ සමාපත්ති නිමිතිකොට ඇතිවන ඤාණයයි. අඳුන්දිවියා නසන කල්හි දිවියාද නසන්නාක් මෙනි. නිරෝධ සමාපත්තිය නෙවසඤ්ඤානාසඤ්ඤායතනයාගේ අභාව මාත්‍රයයි. ප්රඥප්ති මාත්‍රවූ කිසියම් ධර්මයක් අභාවමාත්‍ර බැවින් කිසිවක් නොවළක්වයි. සමවදින්නා විසින් සමවදීනුයි සමාපත්තියයි කියනු ලැබේ.
සම්පජානස්සාති සම්මා පකාරෙහි ජානාතීති සම්පජානො. තස්ස සම්පජානස්ස. පවත්තපරියාදානෙති පවත්තනං පවත්තං, සමුදාචාරොති අත්ථො. කිලෙසපවත්තං ඛන්ධපවත්තඤ්ච. තස්ස පවත්තස්ස පරියාදානං පරික්ඛයො අප්පවත්ති පවත්තපරියාදානං. තස්මිං පවත්තපරියාදානෙ. පරිනිබ්බානෙ ඤාණන්ති අරහතො කාමච්ඡන්දාදීනං පරිනිබ්බානං අප්පවත්තං අනුපාදිසෙසපරිනිබ්බානඤ්ච පච්චවෙක්ඛන්තස්ස තස්මිං කිලෙසපරිනිබ්බානෙ ඛන්ධපරිනිබ්බානෙ ච පවත්තං ඤාණං.
සම්පජානස්ස යනු යහපත් ආකාරයෙන් දනීනුයි සම්පජාත නමි. ඒ සම්පජානයට. පවත්ත පරියාදානෙ පැවැත්ම සිදුවීමයි. නිතර පැවතීමයි යන අර්ථයි. කෙලෙස් පැවැත්ම, ස්කන්ධ පැවැත්ම, ඒ පැවැත්මේ ඉතිරිකොට නොගැන්ම, ක්ෂයකිරීම, නොපැවැත්ම පවත්ත පරියාදානයි. ඒ පවත්ත පරියාදානයෙහි, පරිනිබ්බානෙ ඤාණං යනු රහත්හුගේ කාමච්ඡන්දාදීන් විනාශකිරීමෙන් සම්පූර්ණ සැනසීමට පත්වීම නොපැවැත්ම, අනුපාදිසේස නිර්වාණයද, ප්රත්යවේක්ෂා කරන්නහුට ඒ කෙලෙස් පරිනිර්වාණයෙහිද, ස්කන්ධ පරිනිර්වාණයෙහිද පැවති ඤාණය.
සබ්බධම්මානන්ති සබ්බෙසං තෙභූමකධම්මානං. සම්මා සමුච්ඡෙදෙති සන්තතිසමුච්ඡෙදවසෙන සුට්ඨු නිරොධෙ. නිරොධෙ ච අනුපට්ඨානතාති නිරොධෙ ගතෙ පුන න උපට්ඨානතාය, පුන අනුප්පත්තියන්ති අත්ථො. සම්මාසමුච්ඡෙදෙ ච නිරොධෙ ච අනුපට්ඨානතා චාති ච-කාරො සම්බන්ධිතබ්බො.
සබ්බ ධම්මානං යනු සියලු ත්‍රෛභූමික ධර්මයන්ගේ සම්මා සමුච්ඡෙදෙති යනු නොකඩවා පැවැත්ම මුලිනුපුටා දැමීම් වශයෙන් මනාව නිරුද්ධ කිරීම, නිරොධෙච අනුපට්ඨානතා යනු නිරුද්ධ කළ කල්හි නැවත නොවැටහෙන බැවින්, නැවත නූපදී යන අර්ථයි.
සමසීසට්ඨෙ ඤාණන්ති නෙක්ඛම්මාදීනි සත්තතිංස සමානි, තණ්හාදීනි තෙරස සීසානි. පච්චනීකධම්මානං සමිතත්තා සමානි, යථායොගං පධානත්තා ච කොටිත්තා ච සීසානි. එකස්මිං ඉරියාපථෙ වා එකස්මිං රොගෙ වා සභාගසන්තතිවසෙන එකස්මිං ජීවිතින්ද්රියෙ වා නෙක්ඛම්මාදීනි සමානි ච සද්ධාදීනි සීසානි ච අස්ස සන්තීති සමසීසී, සමසීසිස්ස අත්ථො සමසීසට්ඨො. තස්මිං සමසීසට්ඨෙ, සමසීසිභාවෙති අත්ථො. එකස්මිං ඉරියාපථෙ රොගෙ වා සභාගසන්තතිවසෙන ජීවිතෙ වා විපස්සනං ආරභිත්වා තස්මිංයෙව ඉරියාපථෙ රොගෙ සභාගජීවිතෙ වා චත්තාරි මග්ගඵලානි පත්වා, තස්මිංයෙව පරිනිබ්බායන්තස්ස අරහතොයෙව සමසීසිභාවො හොතීති තස්මිං සමසීසිභාවෙ ඤාණන්ති වුත්තං හොති. වුත්තඤ්ච පුග්ගලපඤ්ඤත්තියං (පු· ප· 16), තස්සා ච අට්ඨකථායං (පු· ප· අට්ඨ· 16) –
සමසීසට්ඨෙ ඤාණං යනු නෛෂ්ක්‍රම්‍යාදී සත්තිස් සමයයන්ද, තෘෂ්ණා ආදී තෙළෙස් ශීර්ෂයෝද වෙති. විරුද්ධ ස්වභාවයන් සමනය කරන බැවින් සම නම් වේ. සුදුසු පරිදි ප්‍රධන් වීර්යකොට කෙළවර වූයේ සීසයි. එක් ඉරියව්වක හෝ එක් රෝගයක හෝ එක් ජීවිතේන්ද්රියයක සමාන පැවතුම් වශයෙන් නෛෂ්ක්‍රම්‍ය ශ්‍රද්ධාදී ශීර්ෂ ඔහුට ඇත්තේනුයි සම සීසීයි. සමසීසිහුගේ අර්ථය සමසීසට්ඨයි. එම සමසීසට්ඨයෙහි, සමසීසි භාවයෙහියි යන අර්ථයි. එක් ඉරියව්වක, රෝගයක, ජීවිතයක සම පැවතුම් වශයෙන් විදර්ශනා අරඹා, ඒ ඉරියව්වෙහි, රෝගයෙහි, ජීවිතයෙහි සමනාන්තරව, සතර මාර්ග ඵලයන්ට පැමිණ, එහිම පිරිනිවුමට පත්වන රහතුන්ටම සමසීසි භාවය වේ. එම සමසීසි භාවයෙහි ප්රඥාවයි. පුද්ගල පඤ්ඤත්තියෙහිද, අට්ඨකථාවෙහිද දැක්වේ.
“කතමො ච පුග්ගලො සමසීසී? යස්ස පුග්ගලස්ස අපුබ්බං අචරිමං ආසවපරියාදානඤ්ච හොති ජීවිතපරියාදානඤ්ච. අයං වුච්චති පුග්ගලො සමසීසී”ති (පු· ප· 16).
කවර පුද්ගලයෙක් සමසීසිද? යම් පුද්ගලයෙකුගේ ආශ්‍රව විනාශයද, ජීවිත විනාශයද, පෙර පසු නොවී සිදුවේද මේ පුද්ගලයා සමසීසියයි කියනු ලැබේ.
“සමසීසිනිද්දෙසෙ අපුබ්බං අචරිමන්ති අපුරෙ අපච්ඡා, සන්තතිපච්චුප්පන්නවසෙන එකවාරංයෙව, එකකාලංයෙවාති අත්ථො. පරියාදානන්ති පරික්ඛයො. අයන්ති අයං පුග්ගලො සමසීසී නාම වුච්චති. සො පනෙස තිවිධො හොති ඉරියාපථසමසීසී රොගසමසීසී ජීවිතසමසීසීති. තත්ථ යො චඞ්කමන්තොව විපස්සනං ආරභිත්වා අරහත්තං පත්වා චඞ්කමන්තොව පරිනිබ්බාති, යො ඨිතකොව විපස්සනං ආරභිත්වා අරහත්තං පත්වා ඨිතකොව පරිනිබ්බාති, යො නිසින්නොව විපස්සනං ආරභිත්වා අරහත්තං පත්වා නිසින්නොව පරිනිබ්බාති, යො නිපන්නොව විපස්සනං ආරභිත්වා අරහත්තං පත්වා නිපන්නොව පරිනිබ්බාති, අයං ඉරියාපථසමසීසී නාම. යො පන එකං රොගං පත්වා අන්තොරොගෙයෙව විපස්සනං ආරභිත්වා අරහත්තං පත්වා තෙනෙව රොගෙන පරිනිබ්බාති, අයං රොගසමසීසී නාම. කතරො ජීවිතසමසීසී? තෙරස සීසානි. තත්ථ කිලෙසසීසං අවිජ්ජං අරහත්තමග්ගො පරියාදියති, පවත්තසීසං ජීවිතින්ද්රියං චුතිචිත්තං පරියාදියති, අවිජ්ජාපරියාදායකං චිත්තං ජීවිතින්ද්රියං පරියාදාතුං න සක්කොති, ජීවිතින්ද්රියපරියාදායකං චිත්තං අවිජ්ජං පරියාදාතුං න සක්කොති. අවිජ්ජාපරියාදායකං චිත්තං අඤ්ඤං, ජීවිතින්ද්රියපරියාදායකං චිත්තං අඤ්ඤං. යස්ස චෙතං සීසද්වයං සමං පරියාදානං ගච්ඡති, සො ජීවිතසමසීසී නාම. කථමිදං සමං හොතීති? වාරසමතාය. යස්මිඤ්හි වාරෙ මග්ගවුට්ඨානං හොති. සොතාපත්තිමග්ගෙ පඤ්ච පච්චවෙක්ඛණානි, සකදාගාමිමග්ගෙ පඤ්ච, අනාගාමිමග්ගෙ පඤ්ච, අරහත්තමග්ගෙ චත්තාරීති එකූනවීසතිමෙ පච්චවෙක්ඛණඤාණෙ පතිට්ඨාය භවඞ්ගං ඔතරිත්වා පරිනිබ්බායති. ඉමාය වාරසමතාය එව උභයසීසපරියාදානම්පි සමං හොති නාම. තෙනායං පුග්ගලො ‘ජීවිතසමසීසී’ති වුච්චති. අයමෙව ච ඉධ අධිප්පෙතො”ති.
සමසීසි නිර්දේශයෙහි, අපුබ්බං අචරිමං යනු පෙර පසුනොවී නොවඩා පවතින වර්තමානය වශයෙන් එක් වරෙකම එක් කලෙකදීමය යන අර්ථයි. පරියාදානං යනු ක්ෂයවීමයි. අයං යනු මේ පුද්ගලයා සමසීසි නම් වේයයි කියයි. ඔහු වනාහි තෙවැදෑරුම් වේ. ඉරියව් සමසීසි, රෝග සමසීසි ජීවිත සමසීසි යනුවෙනි. එහි යමෙක් සක්මන් කරන්නේම විදර්ශනාව ආරම්භකොට, අර්හත්වයට පත්ව, සක්මන් කරන්නේම පිරිනිවන්පායි. යමෙක් සිටගෙනම විදර්ශනාව ආරම්භකොට අර්හත්වයට පත්ව, සිටගෙනම පිරිනිවන්පායි. යමෙක් හිඳගෙනම විදර්ශනාව ආරම්භකොට අර්හත්වයට පත්ව හිඳගෙනම පිරිනිවන්පායි. යමෙක් වැදහෝනේම විදර්ශනා ආරම්භ කොට අර්හත්වයට පත්ව වැදහෝනේම පිරිනිවන්පායි. මේ ඉරියව් සමසීසි නම් වේ. යමෙක් එක් රෝගයකට පත්ව, රෝගය පවත්නා කාලය තුළදීම විදර්ශනාව ආරම්භකොට අර්හත්වයට පත්ව ඒ රෝගයෙන්ම පිරිනිවෙයි. මේ රෝග සමසීසි නම් වේ. ජීවිත සමසීසි නම් කවරෙක්ද? එහි ශීර්ෂ දහතුනකි. එහි කෙලෙස් ශීර්ෂයද, අවිද්‍යාවද අර්හත් මාර්ගය මඩිනු ලැබේ. ප්‍රවෘත්ත ශීර්ෂයද ජීවිතේන්ද්රියද චුති සිත මඩිනු ලැබේ. අවිද්‍යාවෙන් මැඩුණු සිතට ජීවිතේන්ද්රිය මැඩපැවැත්විය නොහැකිය. ජීවිතේන්ද්රිය හාත්පසින් අල්ලාගත් කල්හි අවිද්‍යාව මැඩිය නොහැකිය. අවිද්‍යාවෙන් මැඩුණු සිත එකකි. ජීවිතේන්ද්රියයෙන් මැඩුණු සිත එකකි. යමෙකුට මේ ශීර්ෂද්වයයම සමව මැඩපැවැත්විය හැකිද? ඔහු ජීවිත සමසීසි නම් වේ. මෙය කෙසේ සම වේද? ද්වාර සමතාවය නිසයි. යම් ද්වාරයෙක්හි මාර්ගයෙන් නැගිටීමක් වේද? සෝවාන් මාර්ගයෙහි ප්රත්යවේක්ෂණ පහකි. සකෘදාගාමි මාර්ගයෙහි හතරක්ද යන එකුන්විසි ප්රත්යවේක්ෂා ඤාණයන්හි පිහිටා භවංගයට බැස පිරිනිවෙයිද? මේ ද්වාර සමතාවයෙන්ම ශීර්ෂද්වය සම්පූර්ණයෙන් මැඩගැනීමද සම වෙයි. එහෙයින් මේ පුද්ගලයා ජීවිත සමසීසි යයි කියනු ලැබේ. ඔහුම මෙහි අදහස් කරන ලදි,
ඉදානි යස්මා සුතමයසීලමයභාවනාමයඤාණානි වට්ටපාදකානි සල්ලෙඛා නාම න හොන්ති, ලොකුත්තරපාදකානෙව එතානි ච අඤ්ඤානි ච ඤාණානි සල්ලෙඛාති වුච්චන්ති, තස්මා පච්චනීකසල්ලෙඛනාකාරෙන පවත්තානි ඤාණානි දස්සෙතුං සමසීසට්ඨෙ ඤාණානන්තරං සල්ලෙඛට්ඨෙ ඤාණං උද්දිට්ඨං. තත්ථ පුථුනානත්තතෙජපරියාදානෙ පඤ්ඤාති ලොකුත්තරෙහි අසම්මිස්සට්ඨෙන පුථූනං රාගාදීනඤ්ච නානත්තානං නානාසභාවානං කාමච්ඡන්දාදීනඤ්ච සන්තාපනට්ඨෙන “තෙජා”ති ලද්ධනාමානං දුස්සීල්යාදීනඤ්ච පරියාදානෙ ඛෙපනෙ පඤ්ඤා, නෙක්ඛම්මාදිම්හි සත්තතිංසභෙදෙ ධම්මෙ පඤ්ඤාති වුත්තං හොති. අථ වා පුථුභූතා නානත්තභූතා ච තෙජා එව තෙසං පුථුභූතානං නානත්තභූතානං දුස්සීල්යාදීනං පඤ්චන්නං තෙජානං පරියාදානෙ පඤ්ඤාති අත්ථො. තෙජෙහියෙව පුථූනං නානත්තානඤ්ච සඞ්ගහං නිද්දෙසවාරෙ පකාසයිස්සාම.
ශ්රැතමය, සීලමය, භාවනාමය ඤාණයෝ වෘත්තපාදකය. (සසර ගමනට) කෙලෙස් තුනී කරන්නේ නොවේ. ලෝකෝත්තර පාදක වූ මේවාද අනෙකුත් ඤාණ සල්ලේඛයයි කියති. විරුද්ධ කෙලෙස් තුනීකරන ආකාරයෙන් පවත්නා ඤාණයන් දැක්වීමට සමසීසට්ඨ ඤාණයන්ට අනතුරුව කෙලෙස් ලියවනාර්ථයෙහි ඤාණ දක්වන ලදි. එහි පුථුන්නනත්ත තෙජපරියාදානෙ පඤ්ඤායි ලෝකෝත්තර ධර්මයන් සමග මිශ්‍ර නොවීම් අර්ථයෙන් බොහෝ ඇලීම්වලටද නොයෙක් ආකාර, නොයෙක් ස්වභාව ඇති කාමාසවාදීන්ද තවන අර්ථයෙන් තේජ යයි ලද, නාමයෙන් යුත් දුසිල් බව ආදීන් ඉතිරි නොකොට විනාශ කරන ක්ෂය කිරීමෙහි ප්‍රඥාව සත්තිස් ප්‍රභේද ඇති නෛෂ්ක්‍රම්‍යාදී ධර්මයන්හි ප්‍රඥායි කියන ලදි. වෙන්වූ, නොයෙක් ආකාර වූ බලයමය. ඒ වෙන්වූ නොයෙක් ආකාර වූ දුස්සීල ආදී පස්වැදෑරුම් ගිනි ඉතිරි නොකොට ක්ෂය කිරීමේ ප්රඥාවයි. තේජයෙන්ම බොහෝ විවිධාකාර සංග්‍රහය නිර්දේශ වාරයෙහි ප්‍රකාශ කරන්නෙමු.
සල්ලෙඛට්ඨෙ ඤාණන්ති පච්චනීකධම්මෙ සල්ලෙඛති සමුච්ඡින්දතීති සල්ලෙඛො, තස්මිං නෙක්ඛම්මාදිකෙ සත්තතිංසප්පභෙදෙ සල්ලෙඛසභාවෙ ඤාණං. “පරෙ විහිංසකා භවිස්සන්ති, මයමෙත්ථ අවිහිංසකා භවිස්සාමාති සල්ලෙඛො කරණීයො”තිආදිනා (ම· නි· 1.83) නයෙන භගවතා සල්ලෙඛසුත්තන්තෙ වුත්තො චතුචත්තාලීසභෙදොපි සල්ලෙඛො ඉමිනා සඞ්ගහිතොයෙවාති වෙදිතබ්බො.
සල්ලෙකට්ඨෙ ඤාණ යනු විරුද්ධ ධර්මයන් තුනී කරයි. මුලිනුපුටා දමයිනුයි සල්ලෙඛ නමි. ඒ සත්තිස් ප්‍රභේද නෛෂ්ක්‍රම්‍යාදි කෙලෙස් තුනීකරන ස්වභාවයෙහි ඤාණයයි. අන්‍යයෝ විහිංසක වෙති. අපි මෙහිදී අවිහිංසක වන්නෙමුයි, කෙලෙස් තුනී කළයුතුයයි ආදී ක්‍රමයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් සල්ලෙඛ සූත්‍රයෙහි දේශිත සිව්සාළිස් ප්‍රභේද ඇති සල්ලේඛ මෙයින් සංග්‍රහ කරයි.
ඉදානි සල්ලෙඛෙ ඨිතෙන කත්තබ්බං සම්මප්පධානවීරියං දස්සෙතුං තදනන්තරං වීරියාරම්භෙ ඤාණං උද්දිට්ඨං. තත්ථ අසල්ලීනත්තපහිතත්තපග්ගහට්ඨෙති කොසජ්ජවසෙන අසල්ලීනො අසඞ්කුචිතො අත්තා අස්සාති අසල්ලීනත්තො. අත්තාති චිත්තං. යථාහ –
මේ කෙලෙස් තුනී කිරීමෙහි යෙදී සිටියහු විසින් කළයුතු සම්‍යක් ප්‍රධාන වීර්යයන් දැක්වීමට ඉන් අනතුර වීර්යාරම්භයෙහි ඤාණය දක්වන ලදි. එහි අසල්ලීනත්ත පහිතත්ත පග්ගහට්ඨෙ යනු කුසීතකමින්, පසුබට නොවූ නොහැකිලුණු සිතක් වන්නේනුයි අසල්ලීනත්ත නමි. අත්ත යනු සිතයි. දෙසූ පරිදි,
“උදකඤ්හි නයන්ති නෙත්තිකා, උසුකාරා නමයන්ති තෙජනං; දාරුං නමයන්ති තච්ඡකා, අත්තානං දමයන්ති පණ්ඩිතා”ති. ආදි (ධ· ප· 80-82) –
උදකංහි නයන්ති නෙත්තිකා - උසුකාරා නමයන්ති තෙජනං, දාරුං නමයන්ති තච්ඡකා - අත්තානං දමයන්ති පණ්ඩිතා
ජලය ගෙනයන්නෝ ජලය ගෙන යති. හීවඩුවෝ (දුනු) හී ගින්නෙන් නමති. වඩුවෝ ලී නමති. නුවණැත්තෝ තමන් දමනය කරති.
කායෙ ච ජීවිතෙ ච අනපෙක්ඛතාය පහිතො පෙසිතො විස්සට්ඨො අත්තා එතෙනාති පහිතත්තො. අත්තාති අත්තභාවො. යථාහ – “යා පන භික්ඛුනී අත්තානං වධිත්වා වධිත්වා රොදෙය්යා”තිආදි (පාචි· 880). අසල්ලීනත්තො ච සො පහිතත්තො චාති අසල්ලීනත්තපහිතත්තො. සහජාතධම්මෙ පග්ගණ්හාති උපත්ථම්භෙතීති පග්ගහො, පග්ගහො එව අත්ථො පග්ගහට්ඨො, පග්ගහසභාවොති අත්ථො. අසල්ලීනත්තපහිතත්තස්ස පග්ගහට්ඨො අසල්ලීනත්තපහිතත්තපග්ගහට්ඨො. තස්මිං අසල්ලීනත්තපහිතත්තපග්ගහට්ඨෙ. “තස්මාතිහ, භික්ඛවෙ, තුම්හෙපි අප්පටිවානං පදහෙය්යාථ. කාමං තචො ච න්හාරු ච අට්ඨි ච අවසිස්සතු, උපසුස්සතු සරීරෙ මංසලොහිතං. යං තං පුරිසථාමෙන පුරිසවීරියෙන පුරිසපරක්කමෙන පත්තබ්බං, න තං අපාපුණිත්වා වීරියස්ස සණ්ඨානං භවිස්සතී”ති (අ· නි· 2.5) වුත්තත්තා අසල්ලීනත්තපහිතත්තවචනෙන පධානස්මිං අප්පටිවානිතා අනිවත්තනතා වුත්තා. පග්ගහට්ඨවචනෙන පන කොසජ්ජුද්ධච්චවිමුත්තං සමප්පවත්තං වීරියං වුත්තං.
ශරීරයෙහිද ජීවිතයෙහිද අපේක්ෂා රහිතව, යවන ලද, යැවූ අත්හරින ලද ආත්මය එය කරණකොටගෙන නුයි පහිතත්ත නම් වේ. අත්තා යනු ආත්මභාවයයි කියන ලදි. යම් භික්ෂුණියක් තමාට හිංසාකොට අඬන්නීය ආදියයි. නොහැකිලුණේ අත්හරින ලද ජීවිතාපේක්ෂා ඇත්තේනුයි අසල්ලීන පහිතත්තයි එකට උපන් ධර්මයන් දැඩිව ගනියි. රුකුල් දේනුයි පග්ගහ නමි. දැඩිව ගැනීමම - පග්ගහට්ඨද, දැඩිව ගැනීමේ ස්වභාවය යන අර්ථ දේ. නොහැකිලුණු අත්හරින ලද, ජීවිතාපේක්ෂා ඇතිව දැඩිව ගැනීම අසල්ලීන පහිතත්ත පග්ගහට්ඨ නම් වේ. ඒ අසල්ලීන පහිතත්ත පග්ගහට්ඨයෙහි, මහණෙනි එහෙයින් නුඹලා මේ සාසනයෙහි නොපසුබසින වීර්යයෙන් යුක්තව බලවත්ව උත්සාහ කරවු. ඒකාන්තයෙන් මාගේ ශරීරයෙහි ලේ මස් වියලේවා. සම, නහර, ඇට ඉතිරි වේවා. යම් ඒ පුරුෂ ශක්තියෙන් පුරුෂ වීර්යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන්, උත්සාහ කරවු. අපේක්ෂිත ඉලක්කයට නොපැමිණ වීර්යයාගේ නැවැත්මක් නොවන්නේය යනුවෙන්. කියන ලද හෙයින් අසල්ලීන පහිතත්ත වචනයෙන් ප්‍රධන් වීර්යයෙහි පසුනොබසින බව නොනවතින බව කියන ලදි. පග්ගහට්ඨ වචනයෙන් කුසීතබව, නොසන්සුන් බව ආදියෙන් මුක්ත වූ සමව පැවති වීර්යය කියන ලදි.
වීරියාරම්භෙ ඤාණන්ති වීරභාවො වීරියං, වීරානං වා කම්මං, විධිනා වා නයෙන උපායෙන ඊරයිතබ්බං පවත්තයිතබ්බන්ති වීරියං. තදෙතං උස්සාහලක්ඛණං, සහජාතානං ධම්මානං උපත්ථම්භනරසං, අසංසීදනභාවපච්චුපට්ඨානං, “සංවිග්ගො යොනිසො පදහතී”ති (අ· නි· 4.113) වචනතො සංවෙගපදට්ඨානං, වීරියාරම්භවත්ථුපදට්ඨානං වා. සම්මා ආරද්ධං සබ්බසම්පත්තීනං මූලං හොතීති දට්ඨබ්බං. වීරියසඞ්ඛාතො ආරම්භො වීරියාරම්භො. ඉමිනා සෙසාරම්භෙ පටික්ඛිපති. අයඤ්හි ආරම්භසද්දො කම්මෙ ආපත්තියං කිරියායං වීරියෙ හිංසායං විකොපනෙති අනෙකෙසු අත්ථෙසු ආගතො.
විරියාරම්භෙ ඤාණං යනු වීරභාවය - විරියයි. වීරයන්ගේ ක්‍රමයෙන් ආකාරයෙන් උපායෙන් කටයුතු පැවැත්විය යුත්තේනුයි විරිය නම් වේ. එය උත්සාහයේ ලක්ෂණයයි. එක්ව හටගත් ධර්මයන්ට උපකාරවීම රසයයි. පසුබට නොවීම වැටහෙන කරුණයි. සංවිග්ගො යොනිසො පදහති යන වචනයෙන් සංවේගය ආසන්න කරුණයි. වීර්යාරම්භයද ආසන්න කරුණකි. යහපත් ලෙස අරඹන ලද්ද සියලු සම්පත්වලට මුල්වේයයි දතයුතුය. වීර්ය සංඛ්‍යාත ආරම්භය විරියාරම්භයයි. මෙයින් සෙසු ආරම්භයන් ප්රතික්ෂෙප කරයි. මේ ආරම්භ ශබ්දය කර්මයෙහි පැමිණීමෙහි, ක්‍රියාවෙහි, වීර්යයෙහි, හිංසාවෙහි කඩා කපා දැමීම යන නොයෙක් අර්ථයන්හි යෙදේ.
“යංකිඤ්චි දුක්ඛං සම්භොති, සබ්බං ආරම්භපච්චයා; ආරම්භානං නිරොධෙන, නත්ථි දුක්ඛස්ස සම්භවො”ති. (සු· නි· 749) –
යංකිඤ්චි දුක්ඛං සම්හොති - සබ්බං ආරම්භ පච්චයා, ආරම්භානං නිරොධෙන - නත්ථි දුක්ඛස්ස සමභවො’ති
යම්කිසි දුකක් හටගනීද, ඒ සියල්ල ආරම්භය හේතුවෙනි. ආරම්භයන්ගේ නිරෝධයෙන් දුක් හටගැනීමක් නොවේ.
එත්ථ හි කම්මං ආරම්භොති ආගතං. “ආරම්භති ච විප්පටිසාරී ච හොතී”ති (අ· නි· 5.142; පු· ප· 191) එත්ථ ආපත්ති. “මහායඤ්ඤා මහාරම්භා, න තෙ හොන්ති මහප්ඵලා”ති (අ· නි· 4.39; සං· නි· 1.120) එත්ථ යූපුස්සාපනාදිකිරියා. “ආරම්භථ නික්කමථ, යුඤ්ජථ බුද්ධසාසනෙ”ති (සං· නි· 1.185) එත්ථ වීරියං. “සමණං ගොතමං උද්දිස්ස පාණං ආරම්භන්තී”ති (ම· නි· 2.51-52) එත්ථ හිංසා. “බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොතී”ති (දී· නි· 1.10; ම· නි· 1.293) එත්ථ ඡෙදනභඤ්ජනාදිකං විකොපනං. ඉධ පන වීරියමෙව අධිප්පෙතං. තෙන වුත්තං “වීරියසඞ්ඛාතො ආරම්භො වීරියාරම්භො”ති. වීරියඤ්හි ආරභනකවසෙන ආරම්භොති වුච්චති. තස්මිං වීරියාරම්භෙ ඤාණං. අසල්ලීනත්තා පහිතත්තාතිපි පඨන්ති, අසල්ලීනභාවෙන පහිතභාවෙනාති අත්ථො. පුරිමපාඨොයෙව සුන්දරො. කෙචි පන “සතිධම්මවිචයවීරියපීතිසම්බොජ්ඣඞ්ගානං සමතා අසල්ලීනත්තතා, සතිසමාධිපස්සද්ධිඋපෙක්ඛාසම්බොජ්ඣඞ්ගානං සමතා පහිතත්තතා, සත්තන්නං සම්බොජ්ඣඞ්ගානං සමතා පග්ගහට්ඨො”ති වණ්ණයන්ති.
මෙහි කර්මය ආරම්භයි. අරඹයි විපිළිසර වේ. මෙහි පැමිණිමයි. මහා යාගයක් විශාලව ඇරඹීය. ඒවා මහත්ඵල නොවේ. මෙහි යාගය ඔසවා දැක්වීමේ ක්‍රියාවෙහි යෙදේ. අරඹවු, නික්මෙවු, බුදුසසුනෙහි යෙදෙවු. මෙහි වීර්යයි. ශ්‍රමණ භවත් ගෞතමයන් උදෙසා සතුන් මරති. මෙහි හිංසාවයි. පැළවෙන ගස්, වෘක්ෂලතා විනාශයෙන් වැලකුණේ වෙයි. මෙහි සිඳීම්-බිඳීම් ආදී කඩා කපා දැමීමයි. මෙහි වීර්යයම අදහස් කරන ලදි. එහෙයින් කියන ලදි. වීර්ය සංඛ්‍යාත ආරම්භය වීර්යාරම්භයයි. වීර්යය ඇරඹීම් වශයෙන් ආරම්භයයි කියනු ලැබේ. ඒ වීර්යාරම්භයෙහි ඤාණය, අසල්ලීනත්තා පහිතත්තාති යනුවෙන්ද කියවති. මැලිනොවන ස්වභාවයෙන් අත්හළ භාවයෙනැයි අර්ථයි. පළමු පාඨයම යහපත්ය. සමහරු සති, ධම්මවිචය, විරිය, පීති සම්බොජ්ඣංගයන්ගේ සමතාවය නොහැකිලුණු (මැලි නොවුන) ස්වභාවයයිද, සති, සමාධි, පස්සද්ධි උපෙක්ඛා සම්බොජ්ඣංගයන්ගේ සමතාවය පහිතත්ත (හළ ආත්මාපේක්ෂාව) යයිද, කියති. සප්ත සම්බොජ්ඣංගයන්ගේ සමතාව අල්ලා ගැනීමයයි වර්ණනා කරති.
ඉදානි සම්මාවායාමසිද්ධං මග්ගඵලං පත්තෙන ලොකහිතත්ථං ධම්මදෙසනා කාතබ්බාති දස්සෙතුං තදනන්තරං අත්ථසන්දස්සනෙ ඤාණං උද්දිට්ඨං. තත්ථ නානාධම්මප්පකාසනතාති සබ්බසඞ්ඛතාසඞ්ඛතවසෙන නානාධම්මානං පකාසනතා දීපනතා දෙසනතා. පකාසනතාති ච පකාසනා එව. අත්ථසන්දස්සනෙති නානාඅත්ථානං පරෙසං සන්දස්සනෙ. ධම්මා ච අත්ථා ච තෙ එව.
දැන් සම්‍යක් ව්‍යායාමයෙන් සිද්ධ වූ, මාර්ගඵලයන්ට පත්වූවහු විසින් ලෝකයාගේ හිතසුව පිණිස ධර්මදේශනා කළයුතුයයි දක්වන්ට ඉන් අනතුරුව අර්ථ සංදර්ශනයෙහි ඤාණය දක්වන ලදි. එහි නානා ධම්ම පකාසනා යනු සියලු සංඛත, අසංඛත වශයෙන් නොයෙක් ධර්මයන්ගේ ප්‍රකාශකිරීම, දැක්වීම, දේශනා කිරීමයි. දේශනා කිරීම යනු ප්‍රකාශ කිරීමය. අත්ථ සන්දස්සනෙ යනු නොයෙක් අර්ථයන් අනුන්ට දැක්වීමෙහි ධර්මද අර්ථද ඒවාමය.
ඉදානි පරෙසං ධම්මියා කථාය සන්දස්සෙන්තස්ස තස්ස අරියපුග්ගලස්ස යථාසභාවධම්මදෙසනාකාරණං දස්සනවිසුද්ධිං දස්සෙතුං තදනන්තරං දස්සනවිසුද්ධිඤාණං උද්දිට්ඨං. තත්ථ සබ්බධම්මානං එකසඞ්ගහතා නානත්තෙකත්තපටිවෙධෙති සබ්බෙසං සඞ්ඛතාසඞ්ඛතධම්මානං එකසඞ්ගහතාය ච කාමච්ඡන්දාදීනං නානත්තස්ස ච නෙක්ඛම්මාදීනං එකත්තස්ස ච පටිවෙධො, අභිසමයොති අත්ථො. සො පන මග්ගපඤ්ඤා ඵලපඤ්ඤා ච. මග්ගපඤ්ඤා සච්චාභිසමයක්ඛණෙ සච්චාභිසමයවසෙන පටිවිජ්ඣතීති පටිවෙධො, ඵලපඤ්ඤා පටිවිද්ධත්තා පටිවෙධො. එකසඞ්ගහතාති එත්ථ ජාතිසඞ්ගහො, සඤ්ජාතිසඞ්ගහො, කිරියාසඞ්ගහො, ගණනසඞ්ගහොති චතුබ්බිධො සඞ්ගහො. තත්ථ “සබ්බෙ ඛත්තියා ආගච්ඡන්තු, සබ්බෙ බ්රාහ්මණා, සබ්බෙ වෙස්සා, සබ්බෙ සුද්දා ආගච්ඡන්තු”, “යා, චාවුසො විසාඛ, සම්මාවාචා, යො ච සම්මාකම්මන්තො, යො ච සම්මාආජීවො, ඉමෙ ධම්මා සීලක්ඛන්ධෙ සඞ්ගහිතා”ති (ම· නි· 1.462) අයං ජාතිසඞ්ගහො නාම. “එකජාතිකා ආගච්ඡන්තූ”ති වුත්තට්ඨානෙ විය හි ඉධ සබ්බෙ ජාතියා එකසඞ්ගහිතා. “සබ්බෙ කොසලකා ආගච්ඡන්තු, සබ්බෙ මාගධිකා, සබ්බෙ භාරුකච්ඡකා ආගච්ඡන්තු”, “යො, චාවුසො විසාඛ, සම්මාවායාමො, යා ච සම්මාසති, යො ච සම්මාසමාධි, ඉමෙ ධම්මා සමාධික්ඛන්ධෙ සඞ්ගහිතා”ති (ම· නි· 1.462) අයං සඤ්ජාතිසඞ්ගහො නාම. “එකට්ඨානෙ ජාතා සංවඩ්ඪා ආගච්ඡන්තූ”ති වුත්තට්ඨානෙ විය හි ඉධ සබ්බෙ ජාතිට්ඨානෙන නිවුත්ථොකාසෙන එකසඞ්ගහිතා. “සබ්බෙ හත්ථාරොහා ආගච්ඡන්තු, සබ්බෙ අස්සාරොහා ආගච්ඡන්තු, සබ්බෙ රථිකා ආගච්ඡන්තු”, “යා, චාවුසො විසාඛ, සම්මාදිට්ඨි, යො ච සම්මාසඞ්කප්පො, ඉමෙ ධම්මා පඤ්ඤාක්ඛන්ධෙ සඞ්ගහිතා”ති (ම· නි· 1.462) අයං කිරියාසඞ්ගහො නාම. සබ්බෙව හි තෙ අත්තනො කිරියාකරණෙන එකසඞ්ගහිතා. “චක්ඛායතනං කතමං ඛන්ධගණනං ගච්ඡති, චක්ඛායතනං රූපක්ඛන්ධගණනං ගච්ඡති. හඤ්චි චක්ඛායතනං රූපක්ඛන්ධගණනං ගච්ඡති, තෙන වත රෙ වත්තබ්බෙ චක්ඛායතනං රූපක්ඛන්ධෙන සඞ්ගහිත”න්ති (කථා· 471) අයං ගණනසඞ්ගහො නාම. අයමිධ අධිප්පෙතො. තථට්ඨාදීසු ද්වාදසසු ආකාරෙසු විසුං විසුං එකෙන සඞ්ගහො ගණනපරිච්ඡෙදො එතෙසන්ති එකසඞ්ගහා, එකසඞ්ගහානං භාවො එකසඞ්ගහතා.
දැන් අන්‍යයන්ට දැහැමි කථා මනාව විස්තර කරන ඒ ආර්ය පුද්ගලයාට යථා ස්වභාවයෙන් ධර්මදේශනාවට ආධාරවන දර්ශන විශුද්ධිය දක්වන්ට ඉන් අනතුරුව දස්සන විසුද්ධි ඤාණය දක්වන ලදි. එහි සබ්බ ධම්මානං එක සංගහතා නානත්තෙකත්ත පටිවෙධෙ යනු සියලු සංඛත අසංඛත ධර්මයන්ගේ ඒක සංග්රහතාවයද, කාමච්ඡන්‍දාදීන්ගේ නානත්වයද, නෛෂ්ක්‍රම්‍යාදීන්ගේ ඒකත්වයද ප්‍රතිවේධය, අවබෝධයයි අර්ථයි. ඒ මාර්ග ප්‍රඥාව හා ඵල ප්‍රඥාවද, මාර්ග ප්‍රඥාව සත්‍යාවබෝධ ක්ෂණයෙහි සත්‍යය අවබෝධ වීම් වශයෙන් අවබෝධ කෙරේනුයි පටිවේධයි. ඵල ප්‍රඥාව ප්‍රතිවේධ කළ හෙයින් පටිවෙධයි එක සංගහතා යන මෙහි ජාති සංග්‍රහය, සඤ්ජාති සංග්‍රහය, ක්‍රියා සංග්‍රහය, ගණන සංග්‍රහයයි සංග්‍රහය චතුර්විධයි. සියලු ක්ෂත්රියයෝ එත්වා. සියලු බ්‍රාහ්මණයෝ, සියලු වෛශ්‍යයෝ, සියලු ක්ෂුද්රයෝ එත්වා. ඇවැත්නි, විශාඛය, යම් ඒ සම්‍යග් වචනයක්, යම් සම්‍යක් කර්මාන්තයක්, යම් සම්‍යග් ආජීවයක් වේද, මේ ධර්මයන් සීලස්කන්ධයෙහි සංග්‍රහ කරන ලදි. මේ ජාති සංග්‍රහයයි. එක් ජාතියකට අයත්වූවෝ එත්වායි කියන ලද ස්ථානයෙහි මෙන් මෙහි සියල්ල ජාතියෙන් එකක් සේ සංග්‍රහ කරන ලදි. සියලු කෝසල ජානපදිකයෝ එත්වා. සියලු මාගධිකයෝ එත්වා. සියලු භාරුකච්ඡකයෝ එත්වායි කියන ලද තන්හි මෙන් මෙහි සියල්ලෝ හටගත් ස්ථාන වශයෙන්, වාසය කළ ස්ථාන වශයෙන්ද, එකට සංග්‍රහ කරන ලදි. සියලු හත්ථාරෝහකයෝ එත්වා, සියලු අශ්වාරෝහකයෝ එත්වා, සියලු රථාචාර්යයෝ එත්වා, ඇවැත්නි, විශාඛ, යම් ඒ සම්‍යග් දෘෂ්ටියක් වේද, යම් සම්‍යග් සංකල්පයක් වේද, මේ ධර්මයන් ප්‍රඥා ස්කන්ධයෙහි සංග්‍රහ කරන ලදි. මේ ක්‍රියා සංග්‍රහය නම් වේ. ඒ සියල්ලම තමාගේ ක්‍රියාකරන හෙයින් එකට සංග්‍රහ කරන ලදි. චක්ඛායතනය කවර ස්කන්ධ ගණනට යයිද? චක්ඛායතනය රූපස්කන්ධ ගණනට යයි. චක්ඛායතනය රූපස්කන්ධයෙහි සංග්‍රහ කරන ලද්දේ යයි නොකිව යුතුය. මේ ගණන සංග්‍රහයයි. එය මෙහි අදහස් කරන ලදි. තථට්ඨාදි ද්වාදසාකාරයන්හි වෙන් වෙන්ව එකිනෙක ගණන් පිරිසිඳීමේ සංග්‍රහය මොවුහු වෙත්නුයි ඒකසංග්රහ නම් වේ. එකට සංග්‍රහ කිරීමේ ස්වභාවය ඒකසංග්රහතාවයයි.
දස්සනවිසුද්ධිඤාණන්ති මග්ගඵලඤාණං දස්සනං. දස්සනමෙව විසුද්ධි දස්සනවිසුද්ධි, දස්සනවිසුද්ධි එව ඤාණං දස්සනවිසුද්ධිඤාණං. මග්ගඤාණං විසුජ්ඣතීති දස්සනවිසුද්ධි, ඵලඤාණං විසුද්ධත්තා දස්සනවිසුද්ධි.
දස්සන විසුද්ධි ඤාණං යනු මාර්ගඵල ඤාණයයි. දර්ශනයම විශුද්ධිය වූයේ දර්ශන විශුද්ධියයි. දර්ශන විශුද්ධියම ඥානයනුයි දර්ශන විශුද්ධි ඥානයයි. මාර්ග ඥානය පිරිසිදු කෙරේනුයි දර්ශන විශුද්ධියයි. ඵල ඥානය පිරිසිදු බැවින් දර්ශන විශුද්ධියි.
ඉදානි දස්සනවිසුද්ධිසාධකානි විපස්සනාඤාණානි ද්විධා දස්සෙතුං තදනන්තරං ඛන්තිඤාණපරියොගාහණඤාණානි උද්දිට්ඨානි. තත්ථ විදිතත්තා පඤ්ඤාති රූපක්ඛන්ධාදීනං අනිච්චාදිතො විදිතත්තා පවත්තා පඤ්ඤා. ඛන්තිඤාණන්ති විදිතමෙව ඛමතීති ඛන්ති, ඛන්ති එව ඤාණං ඛන්තිඤාණං. එතෙන අධිවාසනඛන්තිං පටික්ඛිපති. එතං කලාපසම්මසනාදිවසෙන පවත්තං තරුණවිපස්සනාඤාණං.
දැන් දර්ශන විසුද්ධි සාධක විදර්ශනා ඤාණ දෙපරිද්දෙකින් දක්වන්ට ඉන් අනතුරු ඛන්ති ඤාණ, පරියොගාහන ඤාණ දක්වන ලදි. එහි විදිතත්තා පඤ්ඤා යනු රූප ස්කන්ධාදිය අනිත්‍යාදි වශයෙන් දැනගැන්මෙහි පැවැති ප්රඥාවයි. ඛන්ති ඤාණං යනු දැනගත් දෑම ඉවසානුයි ක්ෂාන්ති නම් වේ. ක්ෂාන්තියම ඤාණය ක්ෂාන්ති ඥානයි. මෙයින් ඉවසන ක්ෂාන්තිය ප්රතික්ෂෙප කරයි. එය කලාප මෙනෙහි කිරීම් වශයෙන් පැවති තරුණ විදර්ශනා ඥානයයි.
ඵුට්ඨත්තා පඤ්ඤාති රූපක්ඛන්ධාදීනං අනිච්චාදිවසෙන ඤාණඵස්සෙන ඵුට්ඨත්තා පවත්තා පඤ්ඤා. පරියොගාහණෙ ඤාණන්ති ඵුට්ඨමෙව පරියොගාහති පවිසතීති පරියොගාහණං ඤාණං. ගා-කාරං රස්සං කත්වාපි පඨන්ති. එතං භඞ්ගානුපස්සනාදිවසෙන පවත්තං තික්ඛවිපස්සනාඤාණං. කෙචි පන “විපස්සනාඤාණමෙව සද්ධාවාහිස්ස ඛන්තිඤාණං, පඤ්ඤාවාහිස්ස පරියොගාහණඤාණ”න්ති වදන්ති. එවං සන්තෙ එතානි ද්වෙ ඤාණානි එකස්ස න සම්භවන්ති , තදසම්භවෙ එකස්ස සාවකස්ස සත්තසට්ඨි සාවකසාධාරණඤාණානි න සම්භවන්ති, තස්මා තං න යුජ්ජති.
ඵුට්ඨත්තා පඤ්ඤා යනු රූප ස්කන්ධාදීන්ගේ අනිත්‍යාදි වශයෙන් ඤාණ ස්පර්ශයෙන් ස්පර්ශ කිරීමෙහිදී පවත්නා ප්රඥාවයි. පරියොගාහණෙ ඤාණං යනු ස්පර්ශ කළ සැණින් අවබෝධ කරයි. පිවිසේනුයි පරියොගාහණ ඤාණයයි. එය භංගානුපස්සනාදී වශයෙන් පැවති තියුණු විදර්ශනා ඤාණයයි. සමහරු විදර්ශනා ඤාණයම ඔහුගේ ක්ෂාන්ති ඥානයයි ප්‍රඥාව හෝ ශ්‍රද්ධාව පරියොගාහණ ඤාණයයි කියති. මෙසේ ඇතිකල්හි මේ ඥානද්වය එක් අයෙකුට හට නොගනී. එසේ නොවන කල්හි එක් ශ්රාවකයෙකුට සත්සැටක් ශ්‍රාවක සාධාරණ ඤාණ හට නොගනිත්. එහෙයින් එය නොයෙදේ.
ඉදානි යස්මා පුථුජ්ජනා සෙක්ඛා ච විපස්සනූපගෙ ඛන්ධාදයො ධම්මෙ සකලෙ එව සම්මසන්ති, න තෙසං එකදෙසං, තස්මා තෙසං පදෙසවිහාරො න ලබ්භති, අරහතොයෙව යථාරුචි පදෙසවිහාරො ලබ්භතීති දස්සනවිසුද්ධිසාධකානි ඤාණානි වත්වා තදනන්තරං අරහතො දස්සනවිසුද්ධිසිද්ධං පදෙසවිහාරඤාණං උද්දිට්ඨං. තත්ථ සමොදහනෙ පඤ්ඤාති ඛන්ධාදීනං එකදෙසස්ස වෙදනාධම්මස්ස සමොදහනපඤ්ඤා, සම්පිණ්ඩනපඤ්ඤා රාසිකරණපඤ්ඤා. සමොධානෙ පඤ්ඤාතිපි පාඨො, සොයෙව අත්ථො.
දැන් පෘථජ්ජනයෝද, ශෛක්ෂ්යයෝද, විදර්ශනානුයායි සියලු ස්කන්ධාදී ධර්ම මෙනෙහි කරත්. ඉන් කොටසක් පමණක් නොවේ. එහෙයින් ඔවුන්ට ප්‍රදේශ විහාරය නොලැබේ. රහතුන්ටම කැමති පරිද්දෙන් ප්‍රදේශ විහාර ලැබේයයි දර්ශන විශුද්ධි සාධක ඤාණයන් සඳහන් කොට ඉන් අනතුරුව රහතුන්ගේ දර්ශන විශුද්ධිය සිදුකරන ප්‍රදේශ විහාර ඤාණය දක්වන ලදි. එහි සමොදහනෙ පඤ්ඤා යනු ස්කන්ධාදීන්ගේ එක් කොටසක වේදනා ස්වභාවයන්ගේ එක්තැන් කරන ප්රඥාවයි. එකතුකිරීමේ ප්රඥාවයි. රැස්කිරීමේ ප්රඥාවයි. එකට ගැළපීමේ ප්රඥාවයයිද පාඨයකි. එයම අර්ථයයි.
පදෙසවිහාරෙ ඤාණන්ති ඛන්ධාදීනං පදෙසෙන එකදෙසෙන අවයවෙන විහාරො පදෙසවිහාරො, තස්මිං පදෙසවිහාරෙ ඤාණං. තත්ථ පදෙසො නාම ඛන්ධපදෙසො ආයතනධාතුසච්චඉන්ද්රියපච්චයාකාරසතිපට්ඨානඣානනාමරූපධම්මපදෙසොති නානාවිධො. එවං නානාවිධො චෙස වෙදනා එව. කථං? පඤ්චන්නං ඛන්ධානං වෙදනාක්ඛන්ධවසෙන ඛන්ධෙකදෙසො, ද්වාදසන්නං ආයතනානං වෙදනාවසෙන ධම්මායතනෙකදෙසො, අට්ඨාරසන්නං ධාතූනං වෙදනාවසෙන ධම්මධාතෙකදෙසො, චතුන්නං සච්චානං වෙදනාවසෙන දුක්ඛසච්චෙකදෙසො, බාවීසතියා ඉන්ද්රියානං පඤ්චවෙදනින්ද්රියවසෙන ඉන්ද්රියෙකදෙසො, ද්වාදසන්නං පටිච්චසමුප්පාදඞ්ගානං ඵස්සපච්චයා වෙදනාවසෙන පච්චයාකාරෙකදෙසො, චතුන්නං සතිපට්ඨානානං වෙදනානුපස්සනාවසෙන සතිපට්ඨානෙකදෙසො, චතුන්නං ඣානානං සුඛඋපෙක්ඛාවසෙන ඣානෙකදෙසො, නාමරූපානං වෙදනාවසෙන නාමරූපෙකදෙසො, කුසලාදීනං සබ්බධම්මානං වෙදනාවසෙන ධම්මෙකදෙසොති එවං වෙදනා එව ඛන්ධාදීනං පදෙසො, තස්සා වෙදනාය එව පච්චවෙක්ඛණවසෙන පදෙසවිහාරො.
පදෙස විහාරෙ ඤාණං යනු ස්කන්ධාදී කොටස්වලින් එක් කොටසක අවයවයකින් වාසය ප්‍රදේශ විහාරයි. ඒ ප්‍රදේශ විහාරයෙහි ඤාණය එහි ප්‍රදේශ නම් ස්කන්ධ ප්‍රදේශ, ධාතු, සත්‍යය, ඉන්ද්රිය ප්‍රතීත්‍ය සමුත්පාදය, සතිපට්ඨාන, ධ්‍යාන නාමරූප ධර්ම යනාදි වශයෙන් විවිධාකාරයි. වේදනාවද විවිධාකාරයි. කෙසේද? පංචස්කන්ධයන්ගේ වේදනාස්කන්‍ධ වශයෙන් ස්කන්ධයන්ගේ එක් කොටසකි. දොළොස් ආයතනයන්ගේ වේදනා වශයෙන් ධර්මයාතනයෙහි එක් කොටසකි. අටළොස් ධාතූන්ගේ වේදනා වශයෙන් ධර්ම ධාතූන්ගේ එක් කොටසකි. චතුරාර්ය සත්‍යයන්ගේ වේදනා වශයෙන් දුක්ඛ සත්‍යයෙහි එක් කොටසකි. දෙවිසි ඉන්ද්රියයන්ගේ පස් වේදනා ඉන්ද්රිය වශයෙන් ඉන්ද්රියයන්හි එක් කොටසකි. දොළොස් ප්‍රතීත්‍ය සමුත්පාදාංගයන්ගේ ස්පර්ශය හේතුවෙන් විඳීම් වශයෙන් ප්‍රතීත්‍ය සමුත්පාදයෙහි එක් කොටසකි. සතර සතිපට්ඨානයන්ගේ වේදනානුපස්සනා වශයෙන් සතිපට්ඨානයෙහි එක් කොටසකි. නාමරූපයන්ගේ වේදනා වශයෙන් නාමරූපයන්හි එක් කොටසකි. කුසල් ආදී සියලු ධර්මයන්ගේ වේදනා වශයෙන් ධර්මයෙහි එක් කොටසකි. මෙසේ වේදනාවම ස්කන්ධාදීන්ගේ කොටසකි. ඒ වේදනාවම ප්රත්යවේක්ෂා කිරීම ප්‍රදේශ විහාරයයි.
ඉදානි යස්මා සමාධිභාවනාමයඤාණාදීනි භාවෙන්තා පුථුජ්ජනා සෙක්ඛා ච තෙ තෙ භාවෙතබ්බභාවනාධම්මෙ අධිපතී ජෙට්ඨකෙ කත්වා තෙන තෙන පහාතබ්බෙ තප්පච්චනීකෙ නානාසභාවෙ ධම්මෙ අනෙකාදීනවෙ ආදීනවතො පච්චවෙක්ඛිත්වා තස්ස තස්ස භාවනාධම්මස්ස වසෙන චිත්තං පතිට්ඨපෙත්වා තෙ තෙ පච්චනීකධම්මෙ පජහන්ති. පජහන්තා විපස්සනාකාලෙ සබ්බසඞ්ඛාරෙ සුඤ්ඤතො දිස්වා පච්ඡා සමුච්ඡෙදෙන පජහන්ති, තථා පජහන්තා ච එකාභිසමයවසෙන සච්චානි පටිවිජ්ඣන්තා පජහන්ති. යථාවුත්තෙහෙව ආකාරෙහි සබ්බෙපි අරියා යථායොගං පටිපජ්ජන්ති, තස්මා පදෙසවිහාරඤාණානන්තරං සඤ්ඤාවිවට්ටඤාණාදීනි ඡ ඤාණානි යථාක්කමෙන උද්දිට්ඨානි. තත්ථ අධිපතත්තා පඤ්ඤාති නෙක්ඛම්මාදීනං අධිපතිභාවෙන නෙක්ඛම්මාදීනි අධිකානි කත්වා තදධිකභාවෙන පවත්තා පඤ්ඤාති අත්ථො. සඤ්ඤාවිවට්ටෙ ඤාණන්ති සඤ්ඤාය විවට්ටනං පරාවට්ටනං පරම්මුඛභාවොති සඤ්ඤාවිවට්ටො, යාය සඤ්ඤාය තෙ තෙ භාවනාධම්මෙ අධිපතිං කරොති, තාය සඤ්ඤාය හෙතුභූතාය, කරණභූතාය වා තතො තතො කාමච්ඡන්දාදිතො විවට්ටනෙ ඤාණන්ති වුත්තං හොති. එත්තො විවට්ටොති අවුත්තෙපි යතො විවට්ටති, තතො එව විවට්ටොති ගය්හති යථා විවට්ටනානුපස්සනාය. සා පන සඤ්ඤා සඤ්ජානනලක්ඛණා, තදෙවෙතන්ති පුන සඤ්ජානනපච්චයනිමිත්තකරණරසා දාරුආදීසු තච්ඡකාදයො විය, යථාගහිතනිමිත්තවසෙන අභිනිවෙසකරණපච්චුපට්ඨානා හත්ථිදස්සකඅන්ධා විය, ආරම්මණෙ අනොගාළ්හවුත්තිතාය අචිරට්ඨානපච්චුපට්ඨානා වා විජ්ජු විය, යථාඋපට්ඨිතවිසයපදට්ඨානා තිණපුරිසකෙසු මිගපොතකානං පුරිසාති උප්පන්නසඤ්ඤා විය.
දැන් සමාධි භාවනාමය ඤාණයන් වඩන්නා වූ පෘථජ්ජනයින්ද, ශෛක්ෂයින්ද ඒ ඒ වැඩිය යුතු භාවනා ධර්මයන් ප්රධානත්වයෙහි ජ්‍යෙෂ්ඨත්වයෙහි තබා ඒ ඒ භාවනාවෙන් ප්රහාණය කළයුතු ඊට විරුද්ධ නොයෙක් ආකාර ඇති නොයෙක් ආදීනව ඇති ධර්මයන් ආදීනව වශයෙන් ප්රත්යවේක්ෂා කොට ඒ ඒ භාවනා ධර්මයට ගැළපෙන අයුරින් සිත පිහිටුවා ඒ ඒ විරුද්ධ ධර්මයන් දුරුකරති. දුරුකරන්නේද, විදර්ශනා කාලයෙහි සියලු සංස්කාරයන් ශූන්‍ය වශයෙන් දැක පසුව මුලිනුපුටා දැමීමෙන් දුරුකරති. කියන ලද ආකාරයෙන් සියලු ආර්යයෝ සුදුසු පරිදි පිළිපදිත්. එහෙයින් පදේස විහාර ඤාණයට අනතුරුව සඤ්ඤාවිවට්ට ඤාණාදි සය ඤාණයන් ක්‍රමානුකූලව දක්වන ලදි. එහි අධිපතිත්තා පඤ්ඤා යනු නෛෂ්ක්‍රම්‍යාදීන්ගේ අධිපතිභාවයෙන්, නෛෂ්ක්රම්යාදීන් උසස්කොට සලකා ඒ හා බැඳුනු ස්වභාවෙයන් පැවති ප්රඥාවයි. සඤ්ඤා විවට්ටෙ යනු සංඥාවගේ පෙරළීම, අන් අතට පෙරළීම, පරම්මුඛභාවය සංඥා විවට්ටයයි යම් සංඥාවකින් ඒ ඒ භාවනා ධර්ම අධිපති කෙරේද, ඒ සංඥාවට හේතු කරුණු වූ ඒ කාමච්ඡන්දාදීන්ගෙන් පෙරළීමේ ඤාණයයි. එහෙන් මෙහෙන් පෙරළේ යයි නොකීවේ මුත්, යම් තැනකින් පෙරළේද, එතැනින්ම පෙරළුණේ යයි ගනියි. විවට්ටානුපස්සනාවෙහි මෙනි. ඒ ප්‍රඥාව හැඳිනීම ලක්‍ෂණකොට ඇත්තේය. එය මෙයම යයි නැවත හැඳිනීමට ප්‍රත්‍යය වූ හැඳිනීමේ ලකුණ රසයයි. දැව ආදියෙහි වඩුවන් සලකුණු තබන්නාක් මෙනි. ගති නිමිත්ත අනුව සිත පිහිටුවීම වැටහෙන කරුණයි. ඇතුන් පෙන්වන අන්ධයින් මෙනි. අරමුණෙහි තදින් අල්වා නොගත් හෙයින් ටික කලක් පැවතීම වැටහෙන කරුණයි. විදුලිය මෙනි. එළඹ සිටි සිහිය ආසන්න කරුණයි. මුවපොව්වන් පඹයින් දැක මිනිසුන් යයි උපන් හැඟීම මෙනි.
නානත්තෙ පඤ්ඤාති නානාසභාවෙ භාවෙතබ්බතො අඤ්ඤසභාවෙ කාමච්ඡන්දාදිකෙ ආදීනවදස්සනෙන පවත්තා පඤ්ඤා. නානත්තෙති ච නිමිත්තත්ථෙ භුම්මවචනං. නානත්තප්පහානං වා නානත්තං, නානත්තප්පහානනිමිත්තං නානත්තප්පහානහෙතු නෙක්ඛම්මාදීසු පඤ්ඤාති අධිප්පායො. චෙතොවිවට්ටෙ ඤාණන්ති චෙතසො කාමච්ඡන්දාදිතො විවට්ටනං නෙක්ඛම්මාදීසු ඤාණං. චෙතොති චෙත්ථ චෙතනා අධිප්පෙතා. සා චෙතනාභාවලක්ඛණා, අභිසන්දහනලක්ඛණා වා, ආයූහනරසා, සංවිදහනපච්චුපට්ඨානා සකිච්චපරකිච්චසාධකා ජෙට්ඨසිස්සමහාවඩ්ඪකිආදයො විය. අච්චායිකකම්මානුස්සරණාදීසු ච පනායං සම්පයුත්තානං උස්සාහනභාවෙන පාකටා හොති.
නානත්තෙ පඤ්ඤා යනු නොයෙක් ආකාරයෙන් වැඩියයුතු හෙයින් අන්‍ය ස්වභාවයන් වූ කාමච්ඡන්දාදීන්හි ආදීනව දැකීමෙහි ප්‍රඥාව නොයෙක් ආකාර ප්රහාණය නානත්තයි. නොයෙක් දේ ප්‍රහාණ නිමිත්තයි. නොයෙක් දේ ප්‍රහාණ හේතුයි. නෛෂ්ක්රම්යාදීන්හි හටගන්නා ප්රඥාවයි. චෙතො විවට්ටෙ ඤාණං යනු චෛතසිකයන්ගෙන් කාමච්ඡන්දාදීන් පෙරළී යාමේදී (ඉවත්වීම) නෛෂ්ක්රම්යාදීන්හි ඇතිවන ඤාණයයි. චෙතො යන්නෙන් චේතනාව අදහස් කරයි. එය සිතීම ස්වභාව කොට ඇත්තේය. ගැළපීම ලක්‍ෂණකොට ඇත්තේය. රැස්කිරීම රසයයි. පිළියෙල කිරීම වැටහෙන කරුණයි. තමාගේ හා අන්‍යයන්ගේ සියලු කටයුතු ඉටුකරන ප්‍රධාන ශිෂ්‍යයා මහවඩුවා ආදීන් මෙනි. මෙය අත්‍යවශ්‍ය ක්‍රියා සිහි කිරීම් ආදීන්හිදී ඒ හා යෙදුණු චෛතසිකයන් එසවීම් ස්වභාවයෙන් ප්‍රකට වෙයි.
අධිට්ඨානෙ පඤ්ඤාති නෙක්ඛම්මාදිවසෙන චිත්තස්ස පතිට්ඨාපනෙ පඤ්ඤා. චිත්තවිවට්ටෙ ඤාණන්ති කාමච්ඡන්දාදිපහානවසෙන චිත්තස්ස විවට්ටනෙ ඤාණං . චිත්තඤ්චෙත්ථ විජානනලක්ඛණං, පුබ්බඞ්ගමරසං, සන්ධානපච්චුපට්ඨානං, නාමරූපපදට්ඨානං.
අධිට්ඨානෙ පඤ්ඤා යනු නෛෂ්ක්‍රම්‍යාදි වශයෙන් සිත පිහිටුවීමේ ප්රඥාවයි. චිත්ත විවට්ටෙ ඤාණං යනු කාමච්ඡන්දාදීන් ප්‍රහාණ වශයෙන් සිතෙහි පෙරළීමේ ඤාණයයි. මෙහි සිත දැනගැනීමේ ලක්ෂණ ඇත්තේය. පෙරටුව යාම රසයයි. ගැළපීම වැටහෙන කරුණයි. නාමරූප ආසන්න කරුණයි.
සුඤ්ඤතෙ පඤ්ඤාති අත්තත්තනියසුඤ්ඤතාය අනත්තානත්තනියෙ පවත්තා අනත්තානුපස්සනා පඤ්ඤා. ඤාණවිවට්ටෙ ඤාණන්ති ඤාණමෙව අභිනිවෙසතො විවට්ටතීති විවට්ටො, තං ඤාණවිවට්ටභූතං ඤාණං.
සුඤ්ඤතෙ පඤ්ඤා යනු ආත්ම ආත්මනීය හා අනාත්ම අනාත්මනීය තාවයේ පැවති ශූන්‍යතා අනත්තානු පස්සනා ප්රඥාවයි. ඤාණ විවට්ටෙ ඤාණං ඤාණයම තදින් ඇලීමෙන් පෙරළේනුයි විවට්ට නමි. ඒ ඤාණ පෙරළී යාමේ ඤාණය.
වොසග්ගෙ පඤ්ඤාති එත්ථ වොසජ්ජතීති වොසග්ගො, කාමච්ඡන්දාදීනං වොසග්ගො නෙක්ඛම්මාදිම්හි පඤ්ඤා. විමොක්ඛවිවට්ටෙ ඤාණන්ති කාමච්ඡන්දාදිකෙහි විමුච්චතීති විමොක්ඛො, විමොක්ඛො එව විවට්ටො විමොක්ඛවිවට්ටො, සො එව ඤාණං.
වොස්සග්ගෙ ඤාණං යනු අත්හරීනුයි වොස්සග්ග නමි. කාමච්ඡන්දාදීන් අත්හැරීම නෛෂ්ක්රම්යාදීන්හි ප්‍රඥාවය. විමොක්ඛ විවට්ටෙ ඤාණං යනු කාමච්ඡන්දාදීන්ගෙන් මිදේනුයි විමොක්ඛ නමි. එයම ඤාණයයි.
තථට්ඨෙ පඤ්ඤාති එකෙකස්ස සච්චස්ස චතුබ්බිධෙ චතුබ්බිධෙ අවිපරීතසභාවෙ කිච්චවසෙන අසම්මොහතො පවත්තා පඤ්ඤා. සච්චවිවට්ටෙ ඤාණන්ති චතූසු සච්චෙසු දුභතො වුට්ඨානවසෙන විවට්ටතීති සච්චවිවට්ටො, සො එව ඤාණං. එකමෙව ඤාණං අධිපතිකතධම්මවසෙන සඤ්ඤාවිවට්ටොති, පහාතබ්බධම්මවසෙන චෙතොවිවට්ටොති, චිත්තපතිට්ඨාපනවසෙන චිත්තවිවට්ටොති, පච්චනීකපහානවසෙන විමොක්ඛවිවට්ටොති එවං චතුධා වුත්තං. අනත්තානුපස්සනාව සුඤ්ඤතාකාරවසෙන “ඤාණවිවට්ටෙ ඤාණ”න්ති වුත්තා. මග්ගඤාණමෙව හෙට්ඨා “මග්ගෙ ඤාණ”න්ති ච, “ආනන්තරිකසමාධිම්හි ඤාණ”න්ති ච ද්විධා වුත්තං, විවට්ටනාකාරවසෙන “සච්චවිවට්ටෙ ඤාණ”න්ති වුත්තං.
තථට්ඨෙ පඤ්ඤා යනු එක් එක් සත්‍යයෙහි සතරාකාර බැගින් වෙනස් නුවූ, කෘත්‍ය වශයෙන් නුමුලා ස්වභාවයෙන් පැවති ප්රඥාවයි. සච්ච විවට්ටෙ ඤාණං යනු චතුරාර්ය සත්‍යයන්හි නැගිටීම් වශයෙන් දෙයාකාරයකින් පෙරළේනුයි සච්ච විවට්ට නමි. එයම ඤාණයයි. එකම ඤාණයක් අධිපතිකොට ධර්ම වශයෙන් සඤ්ඤා විවට්ටයයිද ප්රහාණය කළයුතු ධර්ම වහයෙන් චෙතො විවට්ටයයිද, සිත පිහිටුවීම් වශයෙන් චිත්ත විවට්ටයයිද, විරුද්ධ ධර්මයන් දුරුකිරීම් වශයෙන් විමොක්ඛ විවට්ට යයිද සතරාකාරය අනත්තානුපස්සනාවම ශූන්යතාකාර වශයෙන් ඤාණ විවට්ට ඤාණයයි කියන ලදි. මාර්ග ඥානයම යට මාර්ගයෙහි ඤාණයයිද, ආනන්තරික (අතරක් නැති) සමාධියෙහි ඤාණයයිද දෙයාකාරයකින් කියන ලද්දේ වී නමුදු පෙරළීමේ ආකාර වශයෙන් සත්‍ය විවට්ට ඤාණයයි කියන ලදි.
ඉදානි තස්ස සච්චවිවට්ටඤාණවසෙන පවත්තස්ස ආසවානං ඛයෙ ඤාණස්ස වසෙන පවත්තානි කමතො ඡ අභිඤ්ඤාඤාණානි උද්දිට්ඨානි. තත්ථාපි ලොකපාකටානුභාවත්තා අතිවිම්හාපනන්ති පඨමං ඉද්ධිවිධඤාණං උද්දිට්ඨං, චෙතොපරියඤාණස්ස විසයතො දිබ්බසොතඤාණං ඔළාරිකවිසයන්ති දුතියං දිබ්බසොතඤාණං උද්දිට්ඨං, සුඛුමවිසයත්තා තතියං චෙතොපරියඤාණං උද්දිට්ඨං. තීසු විජ්ජාසු පුබ්බෙනිවාසච්ඡාදකාතීතතමවිනොදකත්තා පඨමං පුබ්බෙනිවාසානුස්සතිඤාණං උද්දිට්ඨං, පච්චුප්පන්නානාගතතමවිනොදකත්තා දුතියං දිබ්බචක්ඛුඤාණං උද්දිට්ඨං, සබ්බතමසමුච්ඡෙදකත්තා තතියං ආසවානං ඛයෙ ඤාණං උද්දිට්ඨං. තත්ථ කායම්පීති රූපකායම්පි. චිත්තම්පීති පාදකජ්ඣානචිත්තම්පි. එකවවත්ථානතාති පරිකම්මචිත්තෙන එකතො ඨපනතාය ච දිස්සමානකායෙන, අදිස්සමානකායෙන වා ගන්තුකාමකාලෙ යථායොගං කායස්සපි චිත්තස්සපි මිස්සීකරණතාය චාති වුත්තං හොති. කායොති චෙත්ථ සරීරං. සරීරඤ්හි අසුචිසඤ්චයතො කුච්ඡිතානං කෙසාදීනඤ්චෙව චක්ඛුරොගාදීනං රොගසතානඤ්ච ආයභූතතො කායොති වුච්චති. සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්චාති එත්ථ චතුත්ථජ්ඣානසම්පයුත්තං එකංයෙව සඤ්ඤං ආකාරනානත්තතො ද්විධා කත්වා සමුච්චයත්ථො ච-සද්දො පයුත්තො. චතුත්ථජ්ඣානස්මිඤ්හි උපෙක්ඛා සන්තත්තා සුඛන්ති වුත්තා, තංසම්පයුත්තා සඤ්ඤා සුඛසඤ්ඤා. සායෙව නීවරණෙහි චෙව විතක්කාදිපච්චනීකෙහි ච විමුත්තත්තා ලහුසඤ්ඤා. අධිට්ඨානවසෙනාති අධිකං කත්වා ඨානවසෙන, පවිසනවසෙනාති අධිප්පායො. අධිට්ඨානවසෙන චාති ච-සද්දො සම්බන්ධිතබ්බො. එත්තාවතා සබ්බප්පකාරස්ස ඉද්ධිවිධස්ස යථායොගං කාරණං වුත්තං.
දැන් ඒ සච්චවිවට්ට ඤාණ වශයෙන් පැවති ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමේ ඤාණය වශයෙන් පැවති, ෂට් අභිඤ්ඤා ඤාණ දක්වන ලදි. එහිද ලෝකයෙහි ප්‍රකට තේජස් ඇති බැවින්ද, විස්මය එළවන බැවින්ද පළමුව ඉද්ධිවිධ ඤාණය දක්වන ලදි. චෙතොපරිය ඤාණයට විෂය වන හෙයින් දිව්‍යශ්‍රොත ඤාණය සරල විෂයයක් බැවින් දෙවනුව දිව්‍යශ්‍රෝත ඤාණය දක්වන ලදි. සියුම් විෂයයක් බැවින් තෙවනුව චෙතොපරිය ඤාණය දක්වන ලදි. ත්‍රිවිද්‍යාවන්හි පෙර වාසය කළ ස්ථාන පිළිබඳ වැසුණු අඳුර දුරුකරන හෙයින් පළමුව පූර්වේනිවාසානුස්මෘති ඤාණය දක්වන ලදි. වර්තමාන අනාගත අඳුර දුරුකරන හෙයින් දෙවනුව දිව්‍ය චක්ෂුර් ඥානය දක්වන ලදි. සියලු අඳුර මුළුමනින් විනාශ කරන හෙයින් තෙවනුව ආශ්රවක්ෂය ඥානය දක්වන ලදි. එහි කායම්පි රූපකායයෙහි, චිත්තම්පි යනු ඥාන පාදක ධ්‍යාන සිතද, එකවවත්ථානතා යනු පරිකර්ම සිතෙන් එක්ව තැබීම සඳහාය. පෙනෙන ශරීරයෙන් හෝ නොපෙනෙන ශරීරයෙන් යනු කැමති කාලයෙහි සුදුසු පරිදි ශරීරයෙහිද සිතෙහි මිශ්‍ර කරණයයි යූසේයි. කායො යනු මෙහි ශරීරයයි. ශරීරය වනාහි අපවිත්‍ර දෑ රැස්කරන හෙයින්ද පිළිකුල් කේසාදීන්ගේද, ඇස් රෝගාදී රෝගයන්ගේද හටගන්නා ස්ථානය බැවින්ද කායයයි කියති. සුඛසඤ්ඤංච ලහු සඤ්ඤංච යනු මෙහි චතුර්ථධ්යාන සම්ප්‍රයුක්ත එකම සංඥාව ස්වභාවය විවිධ බැවින් දෙකක් කොට එක්කිරීම් වශයෙන් ‘ච’ ශබ්දය යොදන ලදි. චතුර්ථධ්යානයෙහි උපේක්ෂාව ශාන්ත බැවින් සැපයයි යූසේයි. ඒ හා යෙදුණු සංඥාව සුව සංඥාවයි. එයම නීවරණයන්ගෙන්ද, විතර්කාදී විරුද්ධතාවන්ගෙන්ද මිදුණු හෙයින් ලහු සඤ්ඤායි යූසේයි. අධිට්ඨාන වසෙන යනු අධිකකොට සිටීම් වශයෙන් පිවිසීම් වශයෙන් යයි අදහසයි. අධිට්ඨාන වසෙන චාති යනුවෙන් ච ශබ්දය සම්බන්ධ කළ යුතුය. මෙතෙකින් සර්වප්රකාරයෙන් සෘද්ධිවිධවල විස්තර කරුණු සුදුසු පරිදි යූසේයි.
ඉජ්ඣනට්ඨෙ පඤ්ඤාති ඉජ්ඣනසභාවෙ පඤ්ඤා. ඉද්ධිවිධෙ ඤාණන්ති ඉජ්ඣනට්ඨෙන ඉද්ධි, නිප්ඵත්තිඅත්ථෙන පටිලාභට්ඨෙන චාති වුත්තං හොති. යඤ්හි නිප්ඵජ්ජති පටිලබ්භති ච, තං ඉජ්ඣතීති වුච්චති. යථාහ – “කාමං කාමයමානස්ස, තස්ස චෙතං සමිජ්ඣතී”ති (සු· නි· 772). තථා “නෙක්ඛම්මං ඉජ්ඣතීති ඉද්ධි, පටිහරතීති පාටිහාරියං, අරහත්තමග්ගො ඉජ්ඣතීති ඉද්ධි, පටිහරතීති පාටිහාරිය”න්ති (පටි· ම· 3.32). අපරො නයො – ඉජ්ඣනට්ඨෙන ඉද්ධි, උපායසම්පදායෙතං අධිවචනං. උපායසම්පදා හි ඉජ්ඣති අධිප්පෙතඵලප්පසවනතො. යථාහ – “අයං ඛො චිත්තො ගහපති සීලවා කල්යාණධම්මො, සචෙ පණිදහිස්සති, අනාගතමද්ධානං රාජා අස්සං චක්කවත්තීති. ඉජ්ඣිස්සති හි සීලවතො චෙතොපණිධි විසුද්ධත්තා”ති (සං· නි· 4.352). අපරො නයො – එතාය සත්තා ඉජ්ඣන්තීති ඉද්ධි, ඉජ්ඣන්තීති ඉද්ධා වුද්ධා උක්කංසගතා හොන්තීති වුත්තං හොති. ඉද්ධි එව විධං ඉද්ධිවිධං, ඉද්ධිකොට්ඨාසො ඉද්ධිවිකප්පොති අත්ථො. තං ඉද්ධිවිධං ඤාණන්ති වුත්තං හොති.
ඉජ්ඣනට්ඨෙ පඤ්ඤා යනු ඉටුවන ස්වභාවයෙහි ප්රඥාවයි. ඉද්ධිවිධෙ ඤාණං යනු සිදුවීම් අර්ථයෙන් සෘද්ධියි. සමෘද්ධවීම් අර්ථයෙන් ලැබීම් අර්ථයෙන් යයි යූසේයි. යමක් හටගනීද? ලැබේද, එය සිද්ධ වූයේයයි කියති. කියන ලදි. කාමයන් කැමති වන්නහුට එය සමෘද්ධ වේ. එසේම නෛෂ්ක්‍රම්‍යය ඉටුවේනුයි සෘද්ධියි. විස්මය එළවානුයි ප්රාතිහාර්ය නම් වේ. අර්හත් මාර්ගය ඉටුවේනුයි සෘද්ධි නම් වේ. විස්මය එළවානුයි ප්රාතිහාර්ය නම් වේ. තවත් ක්‍රමයක් ඉටුවීම් අර්ථයෙන් සෘද්ධියි. ක්‍රම සම්පාදනයට මෙය විශේෂ නාමයකි. අදහස් කරන ලද ප්‍රතිඵලය උපදවන හෙයින් උපාය සම්පත ක්‍රියාත්මකයි. මේ චිත්ත ගෘහපතියා සිල්වත්ය. යහපත් ගතිගුණවලින් යුක්තය. ඉදින් ප්‍රාර්ථනා කරන්නේ නම් අනාගතයෙහි සක්විති රජෙකු වන්නේය. සිතෙහි ප්‍රාර්ථනා පිරිසිදු බැවින් සිල්වතාට ඉටුවන්නේය. අනෙක් ක්‍රමයක්, මෙයින් සත්ත්වයන් සමෘද්ධ වෙතියි සෘද්ධි නමි. ඉටුවේනුයි, සිදුවූ වෘද්ධ වූ, උසස්බවට ගියාහු වෙතියි යූසේයි. සෘද්ධියෙහිම ආකාරය සෘද්ධිවිධයි. සෘද්ධි කොටස, සෘද්ධි විකල්පයයි අර්ථයි. එය සෘද්ධිවිධ ඥානයයි යූසේයි.
විතක්කවිප්ඵාරවසෙනාති දිබ්බසොතධාතුඋප්පාදනත්ථං පරිකම්මකරණකාලෙ සද්දනිමිත්තෙසු අත්තනො විතක්කවිප්ඵාරවසෙන විතක්කවෙගවසෙන. විතක්කොති චෙත්ථ විතක්කෙතීති විතක්කො, විතක්කනං වා විතක්කො, ඌහනන්ති වුත්තං හොති. ස්වායං ආරම්මණෙ චිත්තස්ස අභිනිරොපනලක්ඛණො, ආහනනපරියාහනනරසො . තථා හි තෙන යොගාවචරො ආරම්මණං විතක්කාහතං විතක්කපරියාහතං කරොතීති වුච්චති. ආරම්මණෙ චිත්තස්ස ආනයනපච්චුපට්ඨානො, තජ්ජාසමන්නාහාරෙන පන ඉන්ද්රියෙන ච පරික්ඛිත්තෙ විසයෙ අනන්තරායෙන උප්පජ්ජනතො ආපාථගතවිසයපදට්ඨානොති වුච්චති. නානත්තෙකත්තසද්දනිමිත්තානන්ති නානාසභාවානං එකසභාවානඤ්ච සද්දනිමිත්තානං. සද්දා එව චෙත්ථ විතක්කුප්පත්තිකාරණත්තා සඞ්ඛාරනිමිත්තත්තා ච නිමිත්තානි. භෙරිසද්දාදිවසෙන එකග්ඝනීභූතා, අනෙකා වා සද්දා, නානාදිසාසු වා සද්දා, නානාසත්තානං වා සද්දා නානත්තසද්දා, එකදිසාය සද්දා, එකසත්තස්ස වා සද්දා, භෙරිසද්දාදිවසෙන එකෙකසද්දා වා එකත්තසද්දා. සද්දොති චෙත්ථ සප්පතීති සද්දො, කථීයතීති අත්ථො. පරියොගාහණෙ පඤ්ඤාති පවිසනපඤ්ඤා, පජානනපඤ්ඤාති අත්ථො. සොතධාතුවිසුද්ධිඤාණන්ති සවනට්ඨෙන ච නිජ්ජීවට්ඨෙන ච සොතධාතු, සොතධාතුකිච්චකරණවසෙන ච සොතධාතු වියාතිපි සොතධාතු, පරිසුද්ධත්තා නිරුපක්කිලෙසත්තා විසුද්ධි, සොතධාතු එව විසුද්ධි සොතධාතුවිසුද්ධි, සොතධාතුවිසුද්ධි එව ඤාණං සොතධාතුවිසුද්ධිඤාණං.
විතක්ක විප්ඵාර වසෙන යනු දිව්‍යශ්‍රෝත ධාතුව උපදවාගැනීම පිණිස සූදානම් වන අවස්ථාවෙහි ශබ්දාරම්මණයන්හි තමාගේ කල්පනාව පැතිරවීම් වශයෙන්, කල්පනාවේග වශයෙන් යනු අර්ථයි. විතක්කො යන මෙහි විතක්කොති යනු කල්පනාව කල්පනා කිරීම හෝ විතර්කයයි. කල්පනා කිරීමයයි යූසේයි. එය අරමුණෙහි සිත නංවන ලක්ෂණයි. හැප්පවීම විශේෂයෙන් හැප්පවීම රසයයි. එසේම ඒ යෝගාවචරයා විසින් අරමුණ කල්පනාවට හැප්පවූ. විශේෂයෙන් හැප්පවූ තත්ත්වයක් ඇතිකරයි. අරමුණ සිතට ගෙන ඒම වැටහෙන කරුණයි. ඉන්ද්රියයන්ගෙන් එක් අරමුණක සිත පිහිටුවීමෙන් ආවරණය කළ විෂයයෙහි අනතුරුවම ඉදිරියට හමුවන විෂයය ආසන්න කාරණයයි. නානත්තෙ කත්ත සද්දනිමිත්තානං යනු නොයෙක් ආකාර වූද, ඒකාකාරී වූද ශබ්ද නිමිති ශබ්දම මෙහි කල්පනා ඉපදීමට හේතු බැවින්ද, හටගත් ලකුණු බැවින්ද නිමිති වේ. බෙර ශබ්දාදී වශයෙන් එකට මිශ්‍ර වූ (ඝන වූ) නොයෙක් ශබ්ද, නොයෙක් දිසාවන්හි ශබ්ද, නොයෙක් සත්ත්වයන්ගේ ශබ්ද, නානත්ත සද්දයි. එක් දිසාවක හෝ එක් සත්ත්වයෙකු හෝ ශබ්ද, බෙර ශබ්දාදි වශයෙන් එක් එක් ශබ්ද එකත්ත සද්දයි. මෙහි සද්දො යනු ශ්‍රවණය වේනුයි ශබ්දයි. කථා කෙරෙයි යන අර්ථයි. පරියොගාහණෙ පඤ්ඤා යනු පිවිසීමේ ප්රඥාවයි. දැනගන්නා ප්රඥාවයි. අර්ථයි. සොතධාතු විසුද්ධි ඤාණං යනු ශ්රවණාර්ථයෙන්ද, අජීවාර්ථයෙන්ද ශ්‍රොත ධාතුයි. ශ්‍රෝතධාතු කෘත්‍ය කරණ වශයෙන් ශ්‍රෝත ධාතු වැනියයි ශ්රෝතධාතුයි. පිරිසිදු හෙයින්ද කෙලෙසුන්ගෙන් තොර බැවින්ද විසුද්ධියි. ශ්‍රෝත ධාතුවම පිරිසිදු වූයේ ශ්‍රෝතධාතු විශුද්ධියි. එයම ඤාණය වූයේ ශ්‍රෝතධාතු විසුද්ධි ඤාණයයි.
තිණ්ණන්නං චිත්තානන්ති සොමනස්සසහගතදොමනස්සසහගතඋපෙක්ඛාසහගතවසෙන තිණ්ණන්නං චිත්තානං. විප්ඵාරත්තාති විප්ඵාරභාවෙන වෙගෙනාති අත්ථො. හෙතුඅත්ථෙ නිස්සක්කවචනං, චෙතොපරියඤාණුප්පාදනත්ථං පරිකම්මකරණකාලෙ පරෙසං තිණ්ණන්නං චිත්තානං විප්ඵාරහෙතුනා. ඉන්ද්රියානං පසාදවසෙනාති චක්ඛාදීනං ඡන්නං ඉන්ද්රියානං පසාදවසෙන, ඉන්ද්රියානං පතිට්ඨිතොකාසා චෙත්ථ ඵලූපචාරෙන ඉන්ද්රියානන්ති වුත්තා යථා “විප්පසන්නානි ඛො තෙ, ආවුසො, ඉන්ද්රියානි පරිසුද්ධො ඡවිවණ්ණො පරියොදාතො”ති (මහාව· 60). ඉන්ද්රියපතිට්ඨිතොකාසෙසුපි හදයවත්ථු එව ඉධාධිප්පෙතං. පසාදවසෙනාති ච අනාවිලභාවවසෙන. “පසාදප්පසාදවසෙනා”ති වත්තබ්බෙ අප්පසාදසද්දස්ස ලොපො කතොති වෙදිතබ්බං. අථ වා ඉදමප්පසන්නන්ති ගහණස්ස පසාදමපෙක්ඛිත්වා එව සම්භවතො “පසාදවසෙනා”ති වචනෙනෙව අප්පසාදොපි වුත්තොව හොතීති වෙදිතබ්බං. නානත්තෙකත්තවිඤ්ඤාණචරියා පරියොගාහණෙ පඤ්ඤාති යථාසම්භවං නානාසභාවඑකසභාවඑකූනනවුතිවිඤ්ඤාණපවත්තිවිජානනපඤ්ඤා. එත්ථ අසමාහිතස්ස විඤ්ඤාණචරියා නානත්තා, සමාහිතස්ස විඤ්ඤාණචරියා එකත්තා. සරාගාදිචිත්තං වා නානත්තං, වීතරාගාදිචිත්තං එකත්තං. චෙතොපරියඤාණන්ති එත්ථ පරියාතීති පරියං, පරිච්ඡින්දතීති අත්ථො. චෙතසො පරියං චෙතොපරියං, චෙතොපරියඤ්ච තං ඤාණඤ්චාති චෙතොපරියඤාණං. විප්ඵාරතාතිපි පාඨො, විප්ඵාරතායාති අත්ථො.
තින්නං චිත්තානං යනු, සතුටින් යුක්ත, දොම්නසින් යුක්ත, මධ්යස්ථතාවයෙන් යුක්ත ආදී වශයෙන් සිත් තුනට, විප්ඵාරත්තා යනු පැතිරීම් ස්වභාවයෙන් වේගයෙන් යයි අර්ථයි. චේතෝපරිය ඤාණය උපදවාගැනීම සඳහා සූදානම්වන කාලයෙහි අනෙක් සිත් තුනෙහි පැතිරීම් හේතුවෙන්. ඉන්ද්රියානං පසාද වසෙන යනු චක්ෂුරාදි ෂඩේන්ද්රියයන්ගේ පිරිසිදු බව වශයෙන් ඉන්ද්රියයන් පිහිටි ස්ථානයෙහි අවට පෙදෙසද ඉන්ද්රියයන් සේ සලකයි. ‘ඇවැත්නි, ඔබගේ ඉන්ද්රියය ඉතා ප්‍රසන්නය. සමෙහි වර්ණය පිරිසිදුය. ඉතා පිරිසිදුය. මෙහිදී ඉන්ද්රියයන් පිහිටි ස්ථාන අතර හෘදය වස්තුවම මෙහි අදහස් කරන ලදි. ප්‍රසාද වශයෙන් යනු නොකැළඹුණු ස්වභාවයෙන් ප්‍රසාද අප්‍රසාද වශයෙන් යයි කිවයුතු වුවත්, අප්‍රසාද ශබ්දය ලොප්කරන ලදි. මෙය අප්‍රසන්න යයි ගැනීමෙහිදී ප්‍රසාදය අපේක්ෂාකොටම හටගත් හෙයින් ප්‍රසාද වශයෙන් යයි වචනයෙන්ම අප්රසාදයද කියන ලද්දේම වේයයි දතයුතුය. නානත්තෙකත්ත විඤ්ඤාණචරියා පරියොගාහණෙ පඤ්ඤා යනු පිළිවෙලින් නොයෙක් ස්වභාව හා එක් ස්වභාවයක් ඇති එකුන් අනූවක් විඤ්ඤාණයන්හි පැවැත්ම දන්නා ප්‍රඥාව මෙහි සමාධිගත නොවූවහුගේ සිත්හි චර්යා විවිධාකාරය. සමාධිගත වූවහුගේ සිත්හි චර්යා ඒකාකාරය. සරාගී සිත විවිධාකාරය. වීතරාගී සිත ඒකාකාරය. චෙතො පරියඤාණං යනු හාත්පස යේනුයි පරියයි. පිරිසිඳීනුයි අර්ථයි. සිතෙහි පිරිසිඳීම චේතො පරියයි. චේතෝපරියද ඤාණයද එකම වූයේනුයි චේතොපරිය ඤාණයයි. පැතිරීම යනුද අර්ථයි.
පච්චයප්පවත්තානං ධම්මානන්ති පටිච්චසමුප්පාදවසෙන පච්චයතො පවත්තානං පච්චයුප්පන්නධම්මානං. නානත්තෙකත්තකම්මවිප්ඵාරවසෙනාති එත්ථ අකුසලං කම්මං නානත්තං, කුසලං කම්මං එකත්තං. කාමාවචරං වා කම්මං නානත්තං, රූපාවචරාරූපාවචරං කම්මං එකත්තං. නානත්තෙකත්තකම්මවිප්ඵාරවසෙන පච්චයපවත්තානං ධම්මානං පරියොගාහණෙ පඤ්ඤාති සම්බන්ධො. පුබ්බෙනිවාසානුස්සතිඤාණන්ති පුබ්බෙ අතීතජාතීසු නිවුත්ථඛන්ධා පුබ්බෙනිවාසො. නිවුත්ථාති අජ්ඣාවුත්ථා අනුභූතා අත්තනො සන්තානෙ උප්පජ්ජිත්වා නිරුද්ධා. පුබ්බෙ අතීතජාතීසු නිවුත්ථධම්මා වා පුබ්බෙනිවාසො. නිවුත්ථාති ගොචරනිවාසෙන නිවුත්ථා අත්තනො විඤ්ඤාණෙන විඤ්ඤාතා පරිච්ඡින්නා, පරවිඤ්ඤාණෙන විඤ්ඤාතාපි වා. ඡින්නවටුමකානුස්සරණාදීසු තෙ බුද්ධානංයෙව ලබ්භන්ති . පුබ්බෙනිවාසානුස්සතීති යාය සතියා පුබ්බෙනිවාසං අනුස්සරති, සා පුබ්බෙනිවාසානුස්සති, ඤාණන්ති තාය සතියා සම්පයුත්තං ඤාණං.
පච්චය පවත්තානං ධම්මානං යනු ප්‍රතීත්‍ය සමුත්පාද වශයෙන් ප්‍රත්‍යය වශයෙන් පවත්නා ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයන්ගේ නානත්තෙකත්ත කම්මවිප්ඵාර වසෙන යනු මෙහි අකුසල කර්මය විවිධාකාරය. කුසලකර්මය ඒකාකාරය. කාමාවචර කර්මය විවිධාකාරය. රූපාවචර-අරූපාවචර කර්මය ඒකාකාරය. විවිධාකාර, ඒකාකාර කර්ම පැතිරීම් වශයෙන් හේතුවකින් හටගෙන පවත්නා ධර්මයන්ගේ හාත්පසින් අවබෝධ කරගැනීමේ ප්‍රඥාවයයි සම්බන්ධයි. පුබ්බෙ නිවාසානුස්සති ඤාණං යනු පෙර අතීත ජාතීන්හි විසූ ස්කන්ධයන් පූර්වේනිවාසයයි. නිවුත්ථ යනු විසූ, විඳින ලද, තම සන්තානයෙහි ඉපිද නිරුද්ධ වූ යන අර්ථයි. පෙර අතීත ජාතීන්හි විසූ ස්වභාවයන් පූර්වේනිවාසයයි, නිවුත්ථා තමාගේ විඤ්ඤාණයෙන් පිරිසිඳ දැනගත හෝ අන්‍ය විඤ්ඤාණයකින් දන්වන ලද හෝ පෙර ගෝචර නිවාසයෙන් වාසයකොට පුරුදු තැනයි. ඒ ඒ මාර්ගයෙන් සිඳින ලද ඉතා සියුම්වූද, කෙලෙස් වට සිහිකිරීම් ආදියෙහි, ඒවා බුදුවරුන්ට පමණක් ලැබේ. පුබ්බෙ නිවාසානුස්සතී යනු යම් සිහියකින් පෙර විසුම් සිහිකෙරේද, එය පූර්වේනිවාසානුස්සති ඥාන නම් වන්නේය. ඤාණං යනු ඒ සිහිය හා යෙදුණු ඤාණයයි.
ඔභාසවසෙනාති දිබ්බෙන චක්ඛුනා රූපදස්සනත්ථං පසාරිතස්ස තෙජොකසිණඔදාතකසිණආලොකකසිණානං අඤ්ඤතරස්ස චතුත්ථජ්ඣානාරම්මණස්ස කසිණොභාසස්ස වසෙන. නානත්තෙකත්තරූපනිමිත්තානන්ති නානාසත්තානං රූපානි, නානත්තකායං උපපන්නානං වා සත්තානං රූපානි, නානාදිසාසු වා රූපානි, අසම්මිස්සානි වා රූපානි නානත්තරූපානි, එකසත්තස්ස රූපානි, එකත්තකායං උපපන්නස්ස වා රූපානි, එකදිසාය වා රූපානි, නානාදිසාදීනං සම්මිස්සීභූතානි වා රූපානි එකත්තරූපානි. රූපන්ති චෙත්ථ වණ්ණායතනමෙව. තඤ්හි රූපයතීති රූපං, වණ්ණවිකාරං ආපජ්ජමානං හදයඞ්ගතභාවං පකාසෙතීති අත්ථො. රූපමෙව රූපනිමිත්තං. තෙසං නානත්තෙකත්තරූපනිමිත්තානං. දස්සනට්ඨෙ පඤ්ඤාති දස්සනසභාවෙ පඤ්ඤා.
ඔභාසවසෙන යනු ඇසින් රූප දර්ශනය සඳහා දිගුකළ ගිනි කසිණය, සුදුකසිණය, ආලොක කසිණය යන මේවායින් එකකට සිව්වන ධ්යානාරම්මණ වූ කසිණාලෝකයාගේ වශයෙන්, නානත්තෙකත්ත රූප නිමිත්තානං යනු නොයෙක් සත්ත්වයින්ගේ රූප-නොයෙක් ශරීරයන්ගෙන් උපන් සත්ත්වයින්ගේ රූප නොයෙක් දිසාවන්හි වූ හෝ රූප මිශ්‍ර නොවූ හෝ රූප නානත්ත රූපයි. එක් සත්ත්වයෙකුගේ රූප, එක් කයක උපන්නාවුන්ගේ රූප, එක් දිසාවක රූප, නොයෙක් දිසාවන්හි සම්මිශ්‍රණය වූ රූප එකත්තරූපයි. රූපය යනු මෙහි ඇස්, කන් ආදී ඉන්ද්රියය ඤාණය ඇසට පෙනේනුයි රූප නමි. වෙනස්වීම්වලට භාජන වනුයේ හෘදයංගත භාවය ප්‍රකාශ කරයි යනු අර්ථයි. රූපයම රූප නිමිත්තයි. ඔවුන්ගේ විවිධත්වයෙහි හා ඒකත්වයෙහි වූ රූප අරමුණුවල. දස්සනට්ඨෙ පඤ්ඤා යනු දැකීම් ස්වභාවයෙහි ප්‍රඥාව.
දිබ්බචක්ඛුඤාණන්ති දිබ්බසදිසත්තා දිබ්බං. දෙවානඤ්හි සුචරිතකම්මනිබ්බත්තං පිත්තසෙම්හරුහිරාදීහි අපලිබුද්ධං උපක්කිලෙසවිමුත්තතාය දූරෙපි ආරම්මණසම්පටිච්ඡනසමත්ථං දිබ්බං පසාදචක්ඛු හොති. ඉදඤ්චාපි වීරියභාවනාබලනිබ්බත්තං ඤාණචක්ඛු තාදිසමෙවාති දිබ්බසදිසත්තා දිබ්බං, දිබ්බවිහාරවසෙන පටිලද්ධත්තා අත්තනා දිබ්බවිහාරසන්නිස්සිතත්තාපි දිබ්බං, ආලොකපරිග්ගහෙන මහාජුතිකත්තාපි දිබ්බං, තිරොකුට්ටාදිගතරූපදස්සනෙන මහාගතිකත්තාපි දිබ්බං. තං සබ්බං සද්දසත්ථානුසාරෙන වෙදිතබ්බං. දස්සනට්ඨෙන චක්ඛු, චක්ඛුකිච්චකරණෙන චක්ඛුමිවාතිපි චක්ඛු, දිබ්බඤ්ච තං චක්ඛු චාති දිබ්බචක්ඛු, දිබ්බචක්ඛු ච තං ඤාණඤ්චාති දිබ්බචක්ඛුඤාණං.
දිබ්බචක්ඛු ඤාණං යනු දෙවියන්ට සමාන බැවින් දිව්‍ය නම් වේ. දෙවියන්ට වනාහි සුචරිත කර්මයෙන් උපන් බැවින් පිත් සෙම් ලේ ආදියෙන් බාධා රහිත වූයේ කෙලෙසුන්ගෙන් මිදුණු බැවින් දුර වුවද අරමුණු පිළිගැනීමට සමත් දිව්‍ය ප්‍රසාද ඇසක් වේ. මෙයද වීර්ය භාවනා බලයෙන් උපන් නැණසද එවැනිම වූයේනුයි දෙවියන් හා සමාන බැවින් දිව්‍ය නම් වේ. දිව්‍ය විහරණ වශයෙන් ලද හෙයින්ද, තමන්ද දිව්‍ය විහරණ ආශ්රිත හෙයින්ද දිව්යයයි. ආලෝකය ලබාගැනීමෙන් මහා බැබලීමක් ඇතිහෙයින්ද දිව්‍යයි. බිත්ති හරහා ඇති රූප දැකීමෙහි උසස් ස්වභාවයක් ඇති හෙයින්ද දිව්‍යයි. ඒ සියල්ල ශබ්ද ශාස්ත්රානුසාරයෙන් දතයුතුය. දර්ශනාර්ථයෙන් චක්ඛුයි. ඇසේ කෘත්‍යය කරන අර්ථයෙන්ද ඇස වැනියයිද චක්ඛුයි. දිව්‍ය වූයේද ඇස වූයේද එයනුයි දිව්‍ය චක්ෂුයි. දිව්‍ය ඇසද ඤාණයද එයම වූයේ නුයි දිව්‍ය චක්ෂු ඥානයයි.
චතුසට්ඨියා ආකාරෙහීති අට්ඨසු මග්ගඵලෙසු එකෙකස්මිං අට්ඨන්නං අට්ඨන්නං ඉන්ද්රියානං වසෙන චතුසට්ඨියා ආකාරෙහි. තිණ්ණන්නං ඉන්ද්රියානන්ති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං අඤ්ඤින්ද්රියං අඤ්ඤාතාවින්ද්රියන්ති, ඉමෙසං තිණ්ණන්නං ඉන්ද්රියානං. වසිභාවතා පඤ්ඤාති වසිභාවතාය පවත්තා පඤ්ඤා, අරහත්තඵලෙ අට්ඨන්නං ඉන්ද්රියානං වසෙන අට්ඨහි ආකාරෙහි අඤ්ඤාතාවින්ද්රියස්සෙව වසිභාවතාය අරහත්තමග්ගක්ඛණෙ අභාවෙපි කාරණසිද්ධිවසෙන තදත්ථසාධනතාය වුත්තන්ති වෙදිතබ්බං. ආසවානං ඛයෙ ඤාණන්ති අත්තනා වජ්ඣානං ආසවානං ඛයකරං අරහත්තමග්ගඤාණං.
චතුසට්ඨියා ආකාරෙහීති යනු අටවැදෑරුම් මාර්ගඵලයන්හි අට අට ඉන්ද්රියයන්ගේ වසයෙන් සිවුසැට ආකාරයන්ගෙන්. තිණ්ණන්නං ඉන්ද්රියානං යනු අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රිය අඤ්ඤිත්තානින්ද්රිය අඤ්ඤාතාවින්‍ද්‍රිය යන මේ ත්‍රිවිධ ඉන්ද්රියයන්ගේ වසීභාවෙසු පඤ්ඤා යනු වසීභාවයෙන් පවත්නා ප්රඥාවයි. අර්හත් ඵලයෙහි අටවැදෑරුම් ඉන්ද්රියයන්ගේ වශයෙන් අට ආකාරයකින් අඤ්ඤාතාවින්ද්රියයාගේ වසීභාවයෙන් අර්හත් මාර්ගක්ෂණයෙහි නැතිකල්හිද, හේතු සිද්ධි වශයෙන් එය සිද්ධවන බැවින් යූසේයි. ආසවානං ඛයෙ ඤාණං යනු තමා විසින් නැසිය යුතු ආශ්‍රවයන්ගේ විනාශය ඇතිකරන අර්හත් මාර්ග ඥානයයි.
ඉදානි ආසවානං ඛයඤාණසඞ්ඛාතඅරහත්තමග්ගඤාණසම්බන්ධෙ චතුන්නම්පි මග්ගඤාණානං එකෙකස්ස මග්ගඤාණස්ස එකාභිසමයතං දස්සෙතුං “පරිඤ්ඤට්ඨෙ පඤ්ඤා”තිආදීනි චත්තාරි ඤාණානි උද්දිට්ඨානි. තත්ථාපි ඔළාරිකත්තා සබ්බසත්තසාධාරණත්තා ච සුවිඤ්ඤෙය්යන්ති දුක්ඛසච්චං පඨමං වුත්තං, තස්සෙව හෙතුදස්සනත්ථං තදනන්තරං සමුදයසච්චං, හෙතුනිරොධා ඵලනිරොධොති ඤාපනත්ථං තදනන්තරං නිරොධසච්චං, තදධිගමූපායදස්සනත්ථං අන්තෙ මග්ගසච්චං. භවසුඛස්සාදගධිතානං වා සත්තානං සංවෙගජනනත්ථං පඨමං දුක්ඛමාහ, තං නෙව අකතං ආගච්ඡති, න ඉස්සරනිම්මානාදිතො හොති, ඉතො පන හොතීති ඤාපනත්ථං තදනන්තරං සමුදයසච්චං, තතො සහෙතුකෙන දුක්ඛෙන අභිභූතත්තා සංවිග්ගමානසානං දුක්ඛනිස්සරණගවෙසීනං නිස්සරණදස්සනෙන අස්සාසජනනත්ථං නිරොධං, තතො නිරොධාධිගමත්ථං නිරොධසම්පාපකං මග්ගන්ති. ඉදානි තබ්බිසයානි ඤාණානි තෙනෙව කමෙන උද්දිට්ඨානි. තත්ථ පරිඤ්ඤට්ඨෙති දුක්ඛස්ස පීළනට්ඨාදිකෙ චතුබ්බිධෙ පරිජානිතබ්බසභාවෙ. පහානට්ඨෙති සමුදයස්ස ආයූහනට්ඨාදිකෙ චතුබ්බිධෙ පහාතබ්බසභාවෙ. සච්ඡිකිරියට්ඨෙති නිරොධස්ස නිස්සරණට්ඨාදිකෙ චතුබ්බිධෙ සච්ඡිකාතබ්බසභාවෙ. භාවනට්ඨෙති මග්ගස්ස නිය්යානට්ඨාදිකෙ චතුබ්බිධෙ භාවෙතබ්බසභාවෙ.
ආශ්රවක්ෂය ඥාන සංඛ්‍යාත වූ අර්හත් මාර්ග සම්බන්ධ වූ සිවුමග ඤාණයන්ගේ එක් එක් මාර්ග ඤාණයාගේ ඒකීය අවබෝධය දක්වන්ට ‘පරිඤ්ඤට්ඨෙ පඤ්ඤා’ ආදි සිවු ඤාණයන් දක්වන ලදි. එහිද, ලිහිල් බැවින්ද සියලු සත්ත්වයින්ට සාධාරණ බැවින්ද, පහසුවෙන් අවබෝධ කළ හැකි සෙයින්ද දුක්ඛ සත්‍යය පළමුව යූසේයි. එහිම හේතු දැක්වීමට ඉන් අනතුරුව සමුදය සත්‍යයද, හේතු නිරෝධයෙන් ඵලනිරෝධය වේයයි ඇඟවීමට ඉන් අනතුරුව නිරෝධ සත්‍යයද, එහි අවබෝධ උපාය මාර්ග දැක්වීමට ඉන් අනතුරුව මාර්ග සත්‍යයද දක්වයි. භව සැප ආස්වාදයෙහි නිමග්න වී සිටින සත්ත්වයින්ට සංවේග ඉපදවීම සඳහා පළමුව දුක්ඛ සත්‍යය දෙසූ සේක. එය ස්වයං ක්‍රියාව නොඑයි. ඊශ්වර නිර්මාණාදියකින් නොවේ. මේ හේතුවෙන් යයි දැක්වීමට ඉන් අනතුරුව සමුදය සත්‍යය දක්වයි. ඉක්බිති හේතු සහිත දුකින් මැඩුණු සංවේගප්රාප්ත මානසිකත්වයක් ඇති දුකින් නිදහස්වීම ගවේෂණය කරන්නන්ට නිදහස දැක්වීමෙන් සැනසිල්ල හටගැන්වීමට දුක්ඛ නිරෝධය දක්වයි. ඉක්බිති නිරොධාධිගමය සඳහා නිරෝධයට පමුණුවන මගයයි දැන් ඊට විෂය වූ, ඤාණ ඒ ක්‍රමයෙන්ම දක්වන ලදි. එහි පරිඤ්ඤට්ඨෙ යනු දුක්ඛයාගේ පීඩනයට පත්කරන ආදී සිව් ආකාරයන් විශේෂයෙන් දැනගත යුතු ස්වභාවයන්ය. පහානට්ඨෙ යනු සමුදයෙහි රැස්කිරීම් ආදී සතරාකාර දුරුකළ යුතු ස්වභාවයන්ය. සච්ඡිකිරියට්ඨෙ යනු නිරෝධයාගේ නිදහස්වීම ආදී සතරාකාර ප්රත්යක්ෂ කළයුතු ස්වභාවයන්ය. භාවනට්ඨෙ යනු මාර්ගයාගේ ගෙනයනු ලබන ආදී සිවු ආකාර වැඩියයුතු ස්වභාවයන්ය.
ඉදානි භාවිතමග්ගස්ස පච්චවෙක්ඛණවසෙන වා අභාවිතමග්ගස්ස අනුස්සවවසෙන වා විසුං විසුං සච්චඤාණානි දස්සෙතුං දුක්ඛෙ ඤාණාදීනි චත්තාරි ඤාණානි උද්දිට්ඨානි. තත්ථ දුක්ඛෙති එත්ථ දු-ඉති අයං සද්දො කුච්ඡිතෙ දිස්සති. කුච්ඡිතඤ්හි පුත්තං දුපුත්තොති වදන්ති. ඛං-සද්දො පන තුච්ඡෙ. තුච්ඡඤ්හි ආකාසං ‘ඛ’න්ති වුච්චති. ඉදඤ්ච පඨමසච්චං කුච්ඡිතං අනෙකුපද්දවාධිට්ඨානතො, තුච්ඡං බාලජනපරිකප්පිතධුවසුභසුඛත්තභාවවිරහිතතො. තස්මා කුච්ඡිතත්තා තුච්ඡත්තා ච “දුක්ඛ”න්ති වුච්චති.
දැන් වඩන ලද මාර්ග ඇති තැනැත්තාට ප්රත්යවේක්ෂා වශයෙන්ද නොවඩන මාර්ග ඇති තැනැත්තාට පරම්පරා කථා වශයෙන් වෙන් වෙන්ව සත්‍ය ඤාණයන් දැක්වීමට දුක්ඛ සත්‍ය ඤාණාදි සිව් ඤාණයන් දක්වන ලදි. එහි දුක්ඛෙ යනු ‘දු’ යන මේ ශබ්දය පිළිකුලෙහි පෙනේ. පිළිකුල් පුතා දුපුත්ත යයි කියති. ‘ඛං’ ශබ්දය හිස් යන අර්ථයෙහි යෙදේ. හිස් අහස ඛං යයි කියයි. මේ ප්‍රථම සත්‍යය පිළිකුල්ය. නොයෙක් උපද්‍රවයන් නිශ්චය කරන හෙයින් හිස්ය. අඥාන ජන කල්පිතයන් තුළ, ස්ථිර, ශුභ සුව ආත්මභාවයන්ගෙන් තොර බැවිනි. එහෙයින් පිළිකුල් බැවින්ද, හිස් බැවින්ද දුක්ඛ යයි කියයි.
දුක්ඛසමුදයෙති එත්ථ සං-ඉති අයං සද්දො “සමාගමො සමෙත”න්තිආදීසු (විභ· 199; දී· නි· 2.396) විය සංයොගං දීපෙති. උ-ඉති අයං සද්දො “උප්පන්නං උදිත”න්තිආදීසු (පාරා· 172; චූළනි· ඛග්ගවිසාණසුත්තනිද්දෙස 141) විය උප්පත්තිං. අය-සද්දො පන කාරණං දීපෙති. ඉදඤ්චාපි දුතියසච්චං අවසෙසපච්චයසමායොගෙ සති දුක්ඛස්ස උප්පත්තිකාරණං. ඉති දුක්ඛස්ස සංයොගෙ උප්පත්තිකාරණත්තා “දුක්ඛසමුදය”න්ති වුච්චති.
දුක්ඛ සමුදයෙ යන මෙහි ‘සං’ යන මේ ශබ්දය එක්වීම, යුක්තවූ ආදීන්හි මෙන් සංයෝගය දක්වයි. ‘උ’ යන මේ ශබ්දය උපන්නේය. උදාවූයේ යයි ආදීන්හි මෙන් උත්පත්තියෙහි යෙදේ. අය ශබ්දය වනාහි කාරණය දක්වයි. මේ දෙවන සත්‍යයද ඉතිරි හේතූන් එක්වූ කල්හි දුකෙහි උත්පත්ති කරුණයි. දුකෙහි සංයෝගය හටගැනීමට හේතුවන බැවින් දුක්ඛ සමුදයයි කියයි.
දුක්ඛනිරොධෙති එත්ථ නි-සද්දො අභාවං, රොධ-සද්දො ච චාරකං දීපෙති. තස්මා අභාවො එත්ථ සංසාරචාරකසඞ්ඛාතස්ස දුක්ඛරොධස්ස සබ්බගතිසුඤ්ඤත්තා, සමධිගතෙ වා තස්මිං සංසාරචාරකස්ස දුක්ඛරොධස්ස අභාවො හොති තප්පටිපක්ඛත්තාතිපි “දුක්ඛනිරොධ”න්ති වුච්චති. දුක්ඛස්ස වා අනුප්පත්තිනිරොධපච්චයත්තා දුක්ඛනිරොධන්ති වුච්චති.
දුක්ඛ නිරොධෙ යන මෙහි ‘නි’ ශබ්දය අභාවය හඟවයි. රෝධ ශබ්දය හැසිරවීම දක්වයි. එහෙයින් සියලු උත්පත්ති ශූන්‍යවන බැවින් සසර හැසිරවීම් සංඛ්‍යාත දුක්ඛ නිරෝධයෙහි අභාවය මෙහි දැක්වේ. එය අවබෝධ කළ කල්හි සසර හසුරුවන දුක් රෝධයාගේ අභාවය වේ. ඒ දුක්වලට විරුද්ධ බැවින්ද දුක්ඛ නිරෝධයයි කියයි.
දුක්ඛනිරොධගාමිනියා පටිපදායාති එත්ථ යස්මා අයං එතං දුක්ඛනිරොධං ගච්ඡති ආරම්මණකරණවසෙන තදභිමුඛීභූතත්තා, පටිපදා ච හොති දුක්ඛනිරොධප්පත්තියා, තස්මා දුක්ඛනිරොධගාමිනිපටිපදාති වුච්චති. චත්තාරි මග්ගඤාණානෙව හෙට්ඨා වුට්ඨානාකාරදීපනවසෙන “මග්ගෙ ඤාණ”න්ති වුත්තානි, අනන්තරඵලදායකත්තස්ස කාරණපරිදීපනවසෙන “ආනන්තරිකසමාධිම්හි ඤාණ”න්ති වුත්තානි, විවට්ටනාකාරදීපනවසෙන “සච්චවිවට්ටෙ ඤාණ”න්ති වුත්තානි, මග්ගපටිපාටික්කමෙනෙව අරහත්තමග්ගඤාණුප්පත්තිං, තස්ස ච ඤාණස්ස අභිඤ්ඤාභාවං දීපෙතුං අරහත්තමග්ගඤාණමෙව “ආසවානං ඛයෙ ඤාණ”න්ති වුත්තං. පුන චතුන්නම්පි මග්ගඤාණානං එකාභිසමයතං දීපෙතුං “පරිඤ්ඤට්ඨෙ පඤ්ඤා දුක්ඛෙ ඤාණ”න්තිආදීනි චත්තාරි ඤාණානි වුත්තානි. පුන එකෙකස්මිං සච්චෙ විසුං විසුං උප්පත්තිදීපනවසෙන “දුක්ඛෙ ඤාණ”න්තිආදීනි චත්තාරි ඤාණානි උද්දිට්ඨානීති එවං පුබ්බාපරවිසෙසො වෙදිතබ්බොති.
දුක්ඛ නිරොධ ගාමිනියා පටිපදායාති අරමුණු කිරීම් වශයෙන් ඊට අභිමුඛ වූ හෙයින්ද දුක් නිරෝධ ප්‍රාප්තියෙහි ප්‍රතිපදාවක්ද වේ. යමක් නිසා දුක් නිරෝධයට යේද, එහෙයින් ඊට දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව යයි කියයි. සතර මාර්ග ඤාණයන්ම යට නැගිටීම් ආකාරයක් දැක්වීම් වශයෙන් මාර්ගයෙහි ඤාණයයි කියන ලද්දේය. අනතුරුවම ප්‍රතිඵල දායකත්වය දැක්වීම් වශයෙන් ආනන්තරික සමාධියෙහි ඤාණයයි කියන ලදි. පෙරළෙන ආකාරය දැක්වීම් වශයෙන් සච්ච විවට්ටෙන ඤාණයයි කියන ලදි. මාර්ග පිළිවෙල ක්‍රමයෙන්ම අර්හත් මාර්ග ඥානය උපන්නහුගේ ඤාණයෙහි අභිඥාභාවය දක්වන්ට අර්හත් මාර්ග ඥානයම ආස්රවක්ෂය කර ඥානයයි යූසේයි. නැවත සතර මාර්ග ඤාණයන්ටම එක් අවබෝධතාවයක් බව දැක්වීමට, පරිඤ්ඤට්ඨෙ පඤ්ඤා දුක්ඛෙ ඤාණං ආදී සිවු ඤාණයන් යූසේයි. නැවත එක් එක් සත්‍යයන් වෙන් වෙන්ව උත්පත්ති දැක්වීම් වශයෙන් දුක්ඛෙ ඤාණං ආදී සතර ඤාණයන් දක්වන ලද්දේයයි මෙසේ පූර්වාපර විශේෂ දතයුතුය.
ඉදානි සබ්බෙසං අරියපුග්ගලානං අරියමග්ගානුභාවෙනෙව පටිසම්භිදාඤාණානි සිද්ධානීති දස්සෙතුං අත්ථපටිසම්භිදෙ ඤාණන්තිආදීනි පුන චත්තාරි පටිසම්භිදාඤාණානි උද්දිට්ඨානි. ඉමානි හි පටිසම්භිදාපභෙදාභාවෙපි සබ්බඅරියපුග්ගලසාධාරණානි සුද්ධිකපටිසම්භිදාඤාණානි, හෙට්ඨා උද්දිට්ඨානි පන පභින්නපටිසම්භිදානං පභෙදප්පත්තානි පටිසම්භිදාඤාණානීති වෙදිතබ්බානීති අයමෙතෙසං උභයත්ථවචනෙ විසෙසො. යස්මා වා අනන්තරං උද්දිට්ඨං දුක්ඛාරම්මණං නිරොධාරම්මණඤ්ච ඤාණං අත්ථපටිසම්භිදා හොති, සමුදයාරම්මණං මග්ගාරම්මණඤ්ච ඤාණං ධම්මපටිසම්භිදා, තදභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, තෙසු ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා, තස්මා තම්පි අත්ථවිසෙසං දස්සෙතුං සුද්ධිකපටිසම්භිදාඤාණානි උද්දිට්ඨානීති වෙදිතබ්බානි. තස්මායෙව ච හෙට්ඨා නානත්තසද්දෙන විසෙසෙත්වා වුත්තානි. ඉධ තථා අවිසෙසෙත්වා වුත්තානීති.
දැන් සියලු ආර්ය පුද්ගලයන්ට ආර්ය මාර්ගානුභාවයෙන්ම පටිසම්භිදා ඤාණයන් සිදුවූයේ යයි දැක්වීමට අත්ථපටිසම්භිදෙ ඤාණන්ති ආදී සතර පටිසම්භිදා ඤාණයන් නැවත දක්වන ලදි. මේ ප්‍රතිසම්භිදා ප්‍රභේද නොමැතිවූයේද, සියලු ආර්ය පුද්ගලයන්ට සාධාරණ අමිශ්‍ර පටිසම්භිදා ඤාණයි. යට දක්වන ලද ඒවා වනාහි බිඳුණු පටිසම්භිදාවන්ගේ ප්‍රභේදයට පත් ප්‍රතිසම්භිදා ඤාණයන් යයි දතයුතුය. මෙය එම ඤාණයන්ගේ බහුවචනයෙහි විශේෂයයි. අනතුරුව දක්වන ලද, දුක අරමුණු වූද, නිරෝධය අරමුණු වූද ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාව වේ. සමුදය අරමුණු වූද මාර්ගය අරමුණු වූද ඤාණය ධර්ම ප්‍රතිසම්භිදාව වේ. එය කීමෙහි ඤාණය නිරුක්ති ප්‍රතිසම්භිදාවයි. ඒ ඤාණයන්හි ඤාණය ප්‍රතිභාන ප්‍රතිසම්භිදාවයි. එහෙයින් එම අර්ථ විශේෂය දැක්වීමට අමිශ්‍ර ප්‍රතිසම්භිදා ඤාණ දක්වන ලද්දේය, ඒවාම යට නානත්ත ශබ්දයෙන් විශේෂකොට කියන ලදි. මෙහි එසේ විශේෂයක් නොකොට කියන ලදි.
එවං පටිපාටියා සත්තසට්ඨි සාවකසාධාරණඤාණානි උද්දිසිත්වා ඉදානි සාවකෙහි අසාධාරණානි තථාගතානංයෙව ආවෙණිකානි ඤාණානි දස්සෙතුං ඉන්ද්රියපරොපරියත්තඤාණාදීනි ඡ අසාධාරණඤාණානි උද්දිට්ඨානි. තත්ථපි යස්මා තථාගතා සත්තානං ධම්මදෙසනාය භාජනාභාජනත්තං ඔලොකෙන්තා බුද්ධචක්ඛුනා ඔලොකෙන්ති. බුද්ධචක්ඛු නාම ඉන්ද්රියපරොපරියත්තාසයානුසයඤාණද්වයමෙව. යථාහ –
මෙසේ පිළිවෙලින් සූසැටක් ශ්‍රාවක සාධාරණ ඤාණ උගන්වා, දැන් ශ්රාවකයින්ට අසාධාරණ බුදුවරුන්ටම විශේෂයෙන් අයත්වූ ඤාණ දැක්වීමට ඉන්ද්රිය පරොපරියත්ත ඤාණාදී වූ ෂට් අසාධාරණ ඤාණ දක්වා ඇත. බුදුවරු ධර්මදේශනා සඳහා බඳුන් කළයුතු, නොකළයුතු වශයෙන් සත්ත්වයින්ගේ තත්ත්වය විමසා බලන්නේ බුදුඇසින් බලති. බුදු ඇසනම් ඉන්ද්රිය පරොපරියත්ත හා ආසයානුසය ඤාණ ද්වයමය.
“අද්දසා ඛො භගවා බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ”තිආදි (මහාව· 9; ම· නි· 1.283; 2.339).
භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලන සේක් අල්ප රජස්ක වූද, මහා රජස්ක වූද, තීක්ෂණ ඉන්ද්‍රියන් ඇත්තා වූද මෘදු ඉන්ද්රියයන් ඇත්තා වූද සත්ත්වයින් දුටු සේක.
සත්තසන්තානෙ ච ඔලොකෙන්තා පඨමං ඉන්ද්රියපරිපාකාපරිපාකං ඔලොකෙන්ති, ඉන්ද්රියපරිපාකඤ්ච ඤත්වා ආසයාදීනං අනුරූපෙන ධම්මදෙසනත්ථං තතො ආසයානුසයචරිතානි ඔලොකෙන්ති, තස්මාපි පඨමං ඉන්ද්රියපරොපරියත්තඤාණං උද්දිට්ඨං, තදනන්තරං ආසයානුසයඤාණං. ධම්මං දෙසෙන්තා ච යස්මා පාටිහාරියෙන විනෙතබ්බානං පාටිහාරියං කරොන්ති, තස්මා ආසයානුසයඤාණානන්තරං යමකපාටිහාරියෙ ඤාණං උද්දිට්ඨං. ඉමෙසං තිණ්ණං ඤාණානං හෙතුපරිදීපනත්ථං තදනන්තරං මහාකරුණාඤාණං උද්දිට්ඨං. මහාකරුණාඤාණස්ස පරිසුද්ධභාවපරිදීපනත්ථං තදනන්තරං සබ්බඤ්ඤුතඤ්ඤාණං උද්දිට්ඨං. සබ්බඤ්ඤුස්සාපි සබ්බධම්මානං ආවජ්ජනපටිබද්ධභාවපරිදීපනත්ථං සබ්බඤ්ඤුතඤ්ඤාණස්ස අනාවරියභාවපරිදීපනත්ථඤ්ච තදනන්තරං අනාවරණඤාණං උද්දිට්ඨන්ති වෙදිතබ්බං.
සත්ත්ව සන්තානයන් බලනසේක් පළමුව බලවත් ශ්‍රද්ධා ප්රඥාදියෙහි මේරූ නොමේරූ තත්ත්වයන් බලති. ඉන්ද්රිය පරිපාකය දැන සිතේ පවත්නා ආකාරයට සුදුසු අයුරින් ධර්මදේශනා සඳහා ඉක්බිති සිත්හි පවත්නා ආකාරයන් අනුව අප්‍රකට කෙලෙස් සහිත චරිතයන් බලත්. එහෙයින් පළමුව ඉන්ද්රිය පරොපරියත්ත ඤාණය දක්වයි. ඉන් අනතුරුව ආසයානුසය ඤාණයයි. ධර්මය දේශනා කරන්නේ ප්‍රාතිහාර්යයෙන් හික්මවිය යුතු අයට ප්රාතිහාර්යය කරති. එහෙයින් ආසයානුසය ඤාණයට අනතුරුව යමක ප්රාතිහාර්ය ඤාණය දක්වයි. මේ ත්‍රිවිධ ඤාණයන්ගේ හේතු දැක්වීමට ඉන් අනතුරුව මහා කරුණා ඤාණය දක්වයි. මහා කරුණා ඤාණයෙහි පිරිසිදු බව දැක්වීමට ඉන් අනතුරුව සර්වඥතා ඥානය දක්වයි. බුදුරදුන්ගේද සියලු ධර්මයන්ගේ මෙනෙහි කිරීම් හා සම්බන්ධ බව දැක්වීමට සර්වඥතාඥානය වැසීමකින් තොර බව දැක්වීමට ඉන් අනතුරුව අනාවරණ ඤාණය දක්වයි.
ඉන්ද්රියපරොපරියත්තඤාණන්ති එත්ථ උපරි “සත්තාන”න්ති පදං ඉධෙව ආහරිත්වා “සත්තානං ඉන්ද්රියපරොපරියත්තඤාණ”න්ති යොජෙතබ්බං. පරානි ච අපරානි ච පරාපරානීති වත්තබ්බෙ සන්ධිවසෙන රො-කාරං කත්වා පරොපරානීති වුච්චති. පරොපරානං භාවො පරොපරියං, පරොපරියමෙව පරොපරියත්තං, වෙනෙය්යසත්තානං සද්ධාදීනං පඤ්චන්නං ඉන්ද්රියානං පරොපරියත්තං ඉන්ද්රියපරොපරියත්තං, ඉන්ද්රියපරොපරියත්තස්ස ඤාණං ඉන්ද්රියපරොපරියත්තඤාණං, ඉන්ද්රියානං උත්තමානුත්තමභාවඤාණන්ති අත්ථො. “ඉන්ද්රියවරොවරියත්තඤාණ”න්තිපි පාඨො. වරානි ච අවරියානි ච වරොවරියානි, වරොවරියානං භාවො වරොවරියත්තන්ති යොජෙතබ්බං. අවරියානීති ච න උත්තමානීති අත්ථො. අථ වා පරානි ච ඔපරානි ච පරොපරානි, තෙසං භාවො පරොපරියත්තන්ති යොජෙතබ්බං. ඔපරානීති ච ඔරානීති වුත්තං හොති, ලාමකානීති අත්ථො, “පරොපරා යස්ස සමෙච්ච ධම්මා”තිආදීසු (සු· නි· 479) විය. “ඉන්ද්රියපරොපරියත්තෙ ඤාණ”න්ති භුම්මවචනෙනාපි පාඨො.
ඉන්ද්රිය පරොපරියත්ත ඤාණං යන මෙහි සත්ත්වයින් මත්තෙහි යන පදය මෙහිදීම ගෙනවුත් සත්තානං ඉන්ද්රියපරොපරියත්තෙ ඤාණං යනුවෙන් යෙදිය යුතුය. පරානිච අපරානිච පරාපරානියි කිවයුතු වුවත්, රොකාරයකොට පරොපරානියි කියයි. පරොපරයන්ගේ භාවය පරොපරියයි. පරොපරියම පරොපරියත්තයි. හික්මවිය හැකි සත්ත්වයින්ගේ ශ්‍රද්ධාදී පංච ඉන්ද්රියයන්ගේ අඩුවැඩි බව දැනීම ඉන්ද්රිය පරොපරියත්තයයි. ඉන්ද්රිය පරොපරියත්තයෙහි ඤාණය ඉන්ද්රිය පරොපරියත්ත ඤාණයයි. ශ්‍රද්ධාදී ඉන්ද්රියයන්ගේ උසස් පහත් බව දැනීමේ ඤාණයයි යන අර්ථයි. ඉන්ද්රිය වරො වරියත්ත ඤාණං යනුවෙන්ද පාඨයකි. වරානිච අවරානිච වරොවරියානි වරො වරියන්ගේ භාවය උතුම් හා උතුම් නොවූවන්ගේ ස්වභාවය වරොවරියත්තයි. අවරියානි යනු උතුම් නොවූ යන අර්ථයි. පරානිච ඔපරානිච පරොපරානි ඔවුන්ගේ ස්වභාවය පරොපරියත්තයි. ඔපරානිද ඔරානි යනුවෙන්ද කියයි. ලාමක පහත් යන අර්ථයි. පරොපරායස්ස සමෙච්ච ධම්මා ආදීන්හි මෙන් ඉන්ද්රිය පරො පරියත්තෙ ඤාණං ආධාරාර්ථයෙහි පාඨයයි.
සත්තානං ආසයානුසයෙ ඤාණන්ති එත්ථ රූපාදීසු ඛන්ධෙසු ඡන්දරාගෙන සත්තා විසත්තාති සත්තා. වුත්තඤ්හෙතං භගවතා –
සත්තානං ආසයානුසයෙ ඤාණං යන මෙහි රූපාදී ස්කන්ධයන්හි කැමැත්ත හා ආශාවෙන්, ඇලුණේ පැටලුණේනුයි සත්ත්ව නම් වේ. බුදුරදුන් දෙසන ලද්දේමය;
“රූපෙ ඛො, රාධ, යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා, තත්ර සත්තො තත්ර විසත්තො, තස්මා ‘සත්තො’ති වුච්චති. වෙදනාය සඤ්ඤාය සඞ්ඛාරෙසු විඤ්ඤාණෙ යො ඡන්දො යො රාගො යා නන්දී යා තණ්හා, තත්ර සත්තො තත්ර විසත්තො, තස්මා ‘සත්තො’ති වුච්චතී”ති (සං· නි· 3.161).
‘රාධය රූපයෙහි යම් කැමැත්තක්, යම් ඇල්මක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක් වේද, එහි ඇලුණේ, එහි පැටලුණේ වේද, එහෙයින් සත්ත්වයායි කියයි. වේදනා, සඤ්ඤා, සංස්කාර විඤ්ඤාණයන්හිද යම් කැමැත්තක්, යම් ඇල්මක්, යම් සතුටක්, යම් තෘෂ්ණාවක් වේද, එහි ඇලුණේ එහි පැටළුණේ වේද එහෙයින් සත්ත්වයා යයි කියනු ලැබේ.
අක්ඛරචින්තකා පන අත්ථං අවිචාරෙත්වා “නාමමත්තමෙත”න්ති ඉච්ඡන්ති. යෙපි අත්ථං විචාරෙන්ති, තෙ සත්වයොගෙන සත්තාති ඉච්ඡන්ති, තෙසං සත්තානං. ආසයන්ති නිස්සයන්ති එතං ඉති ආසයො, මිච්ඡාදිට්ඨියා, සම්මාදිට්ඨියා වා කාමාදීහි, නෙක්ඛම්මාදීහි වා පරිභාවිතස්ස සන්තානස්සෙතං අධිවචනං. සත්තසන්තානෙ අනුසෙන්ති අනුපවත්තන්තීති අනුසයා, ථාමගතානං කාමරාගාදීනං එතං අධිවචනං. ආසයො ච අනුසයො ච ආසයානුසයො. ජාතිග්ගහණෙන ච ද්වන්දසමාසවසෙන ච එකවචනං වෙදිතබ්බං. යස්මා චරිතාධිමුත්තියො ආසයානුසයසඞ්ගහිතා, තස්මා උද්දෙසෙ චරිතාධිමුත්තීසු ඤාණානි ආසයානුසයඤාණෙනෙව සඞ්ගහෙත්වා “ආසයානුසයෙ ඤාණ”න්ති වුත්තං. යෙනෙව හි අධිප්පායෙන උද්දෙසො කතො, තෙනෙව අධිප්පායෙන නිද්දෙසො කතොති.
අක්ෂර චින්තකයෝ අර්ථ විමසීමක් නොකොට, නාමමාත්රයම කැමති වෙති. යමෙක් අර්ථය විමසත්ද? ඔව්හු ඇලීම් යෝගයෙන් සත්ත්වයා යයි කැමති වෙත්. ඒ සත්ත්වයින්ගේ වාසස්ථානය ආශ්‍රය කරන ස්ථානය මෙයනුයි ආසය නමි. මිථ්‍යාදෘෂ්ටියෙන් හෝ සම්‍යග් දෘෂ්ටියෙන්, කාමාදීන්ගෙන් හෝ නෛෂ්ක්රම්යාදීන්ගෙන් වඩන ලද සන්තානයට මෙය විශේෂ නමකි. සත්ත්ව සන්තානයන්හි අත්නොහැර පවතිත්. අනුව පවතිත්නුයි අනුසයයි. බලවත් වූ කාමරාගාදීන්ට මෙය විශේෂ නමකි. ආසයද අනුසයද, ආසයානුසයයි. ජාති ග්රහණයෙන් ද්වන්ධ සමාස වශයෙන් ඒකවචනයයි දතයුතුය. චරිත ස්වභාවයෙන් ආසයානුසයෙහි සංග්‍රහ කරන ලදි. එහෙයින් කෙටි විස්තරයෙහි චරිතාධිමුත්තීන්හි ඤාණ ආසයානුසය ඤාණයෙහිම ඇතුළත්කොට ආසයානුසයෙ ඤාණයයි කියන ලදි. යම් අදහසකින් කෙටි විස්තරය කරන ලද්දේද ඒ අදහසින්ම දීර්ඝ විසත්රයද කළේය.
යමකපාටිහීරෙ ඤාණන්ති එත්ථ අග්ගික්ඛන්ධඋදකධාරාදීනං අපුබ්බං අචරිමං සකිංයෙව පවත්තිතො යමකං, අස්සද්ධියාදීනං පටිපක්ඛධම්මානං හරණතො පාටිහීරං, යමකඤ්ච තං පාටිහීරඤ්චාති යමකපාටිහීරං.
යමක පාටිහීරෙ ඤාණං යන මෙහි ගිනිකඳක් හා ජලදහරාවක් පෙර පසු නොවී එක්වරකදීම පවත්වන ලද්දේ යමකයි. අශ්රද්ධාදී විරුද්ධ ධර්මයන්ගේ ඉවත් කිරීම සිදුකරන හෙයින් පාටිහීර නමි. යමක ව්‍රතයද ප්රාතිහාර්යයද එයම වූයේ නුයි යමක පාටිහීර නමි.
මහාකරුණාසමාපත්තියා ඤාණන්ති එත්ථ පරදුක්ඛෙ සති සාධූනං හදයකම්පනං කරොතීති කරුණා, කිනාති වා පරදුක්ඛං හිංසති විනාසෙතීති කරුණා, කිරීයති වා දුක්ඛිතෙසු ඵරණවසෙන පසාරීයතීති කරුණා, ඵරණකම්මවසෙන කම්මගුණවසෙන ච මහතී කරුණා මහාකරුණා, සමාපජ්ජන්ති එතං මහාකාරුණිකාති සමාපත්ති, මහාකරුණා ච සා සමාපත්ති චාති මහාකරුණාසමාපත්ති. තස්සං මහාකරුණාසමාපත්තියං, තංසම්පයුත්තං ඤාණං.
මහා කරුණා සමාපත්තියා ඤාණං යන මෙහි, අනෙකාගේ දුකක් ඇති කල්හි සත්පුරුෂයින්ගේ හෘදය කම්පා කෙරේනුයි කරුණායි. අන් දුක ක්ෂය කෙරේනුයි විනාශ කෙරේනුයි කරුණායි. දුකට පත්වූවන් කෙරෙහි ක්‍රියා කෙරේනුයි පැතිරීම් වශයෙන් දිගුකරනු ලැබේනුයි කරුණායි. පැතිරීම් කර්ම වශයෙන්ද, කර්මගුණ වශයෙන්ද මහත් වූ කරුණාව මහා කරුණාවයි. මේ මහා කරුණාවට සමවදිතියි=සමාපත්ති නමි. මහා කරුණාවද, සමාපත්තියද එකම වූයේ නුයි මහා කරුණා සමාපත්ති නමි. ඒ මහා කරුණා සමාපත්තියෙහි, ඒ හා යෙදුණු ඤාණයයි.
සබ්බඤ්ඤුතඤ්ඤාණං අනාවරණඤාණන්ති එත්ථ පඤ්චනෙය්යපථප්පභෙදං සබ්බං අඤ්ඤාසීති සබ්බඤ්ඤූ, සබ්බඤ්ඤුස්ස භාවො සබ්බඤ්ඤුතා, සා එව ඤාණං “සබ්බඤ්ඤුතාඤාණ”න්ති වත්තබ්බෙ “සබ්බඤ්ඤුතඤ්ඤාණ”න්ති වුත්තං. සඞ්ඛතාසඞ්ඛතාදිභෙදා සබ්බධම්මා හි සඞ්ඛාරො විකාරො ලක්ඛණං නිබ්බානං පඤ්ඤත්තීති පඤ්චෙව නෙය්යපථා හොන්ති. සබ්බඤ්ඤූති ච කමසබ්බඤ්ඤූ, සකිංසබ්බඤ්ඤූ, සතතසබ්බඤ්ඤූ, සත්තිසබ්බඤ්ඤූ, ඤාතසබ්බඤ්ඤූති පඤ්චවිධා සබ්බඤ්ඤුනො සියුං. කමෙන සබ්බජානනකාලාසම්භවතො කමසබ්බඤ්ඤුතා න හොති, සකිං සබ්බාරම්මණගහණාභාවතො සකිංසබ්බඤ්ඤුතා න හොති, චක්ඛුවිඤ්ඤාණාදීනං යථාරම්මණචිත්තසම්භවතො භවඞ්ගචිත්තවිරොධතො යුත්තිඅභාවතො ච සතතසබ්බඤ්ඤුතා න හොති, පරිසෙසතො සබ්බජානනසමත්ථත්තා සත්තිසබ්බඤ්ඤුතා වා සියා, විදිතසබ්බධම්මත්තා ඤාතසබ්බඤ්ඤුතා වා සියා. සත්තිසබ්බඤ්ඤුනො සබ්බජානනත්තං නත්ථීති තම්පි න යුජ්ජති.
සබ්බඤ්ඤුත ඤාණං අනාවරණ ඤාණං යන මෙහි පස්වැදෑරුම් දතයුතු මාර්ග ප්රභේදයන් සියල්ල දැනගත්තේනුයි සබ්බඤ්ඤුයි. සියල්ල දත් බව සබ්බඤ්ඤුතාවයි. එයම ඤාණය වූයේ සබ්බඤ්ඤුතා ඤාණයයි කිවයුතු වුවත් සබ්බඤ්ඤුත ඤාණයයි කියන ලදි. හේතුවකින් හටගත් හටනොගත් සියලු ධර්මයෝ සංස්කාර විකාර, ස්වභාව, නිර්වාණ, නියම යන පස්වැදෑරුම් දතයුතු මාර්ගයන්ට අයත් වෙති. සබ්බඤ්ඤු යන මෙහි, ක්‍රම සබ්බඤ්ඤු එක්වරක් සබ්බඤ්ඤු, නිතර සබ්බඤ්ඤු ශක්ති සබ්බඤ්ඤු, දැනගත් සබ්බඤ්ඤු යයි පස්වැදෑරුම් සර්වඥවරු වන්නාහුය. ක්‍රමයෙන් සියල්ල දැනගන්නා කාල නොයෙදෙන හෙයින් ක්‍රම සර්වඥවරු නොවෙති. එක්වර සියලු අරමුණු ගැනීමක් නොයෙදෙන හෙයින් එක්වර සර්වඥවරු නොවෙති. චක්ෂු විඤ්ඤාණාදීන්ට සුදුසු අරමුණු වහයෙන් සිත් හටගන්නා බැවින්ද, භවංග සිත් විරෝධ බැවින්ද, යුක්තියක් නොමැති හෙයින්ද, නිතර පවත්නා සර්වඥවරු නොවෙත්. ශේෂයක් නොමැතිව සියල්ල දැනගැනීමේ හැකියාවක් ඇති බැවින් ශක්ති සර්වඥවරු වන්නෝය. සියලු ධර්මයන් දත් හෙයින් ඤාත සර්වඥවරුද වන්නෝය. ශක්ති සර්වඥවරුනට සියලු දතයුතු දෙයක් නැතයයි යන්නද නොයෙදේ.
“න තස්ස අද්දිට්ඨමිධත්ථි කිඤ්චි, අථො අවිඤ්ඤාතමජානිතබ්බං; සබ්බං අභිඤ්ඤාසි යදත්ථි නෙය්‍යං, තථාගතො තෙන සමන්තචක්ඛූ”ති. (මහානි· 156; චූළනි· මොඝරාජමාණවපුච්ඡානිද්දෙස 85; පටි· ම· 1.208) –
න තස්ස අදිට්ඨමිධත්ථි කිඤ්චි - අථො අවිඤ්ඤාත මජානිතබ්බං, සබ්බං අභිඤ්ඤාසි යදත්ථි ඤෙය්යං - තථාගතො තෙන සමන්ත චක්ඛු’ති
ඔහුට මෙහි නුදුටු හෝ තවද දැන නොගත් හෝ දැනගත යුතු කිසිවක් නැත. යම්කිසි දැනගතයුතු දෙයක් තිබේද? ඒ සියල්ල දැනගත්තේය. එහෙයින් තථාගතයන් වහන්සේ සමන්ත චක්ඛු නම් වේ,
වුත්තත්තා ඤාතසබ්බඤ්ඤුත්තමෙව යුජ්ජති. එවඤ්හි සති කිච්චතො අසම්මොහතො කාරණසිද්ධිතො ආවජ්ජනපටිබද්ධතො සබ්බඤ්ඤුත්තමෙව හොතීති. ආවජ්ජනපටිබද්ධත්තා එව හි නත්ථි එතස්ස ආවරණන්ති අනාවරණං, තදෙව අනාවරණඤාණන්ති වුච්චතීති.
යයි කියන ලද හෙයින් ඤාත සර්වඥතාවයම යෙදේ. මෙසේ ඇති කල්හි, කෘත්‍ය වශයෙන්, නුමුලා බැවින්, කාරණ සිද්ධි වශයෙන් මෙනෙහි කිරීම් හා සම්බන්ධව පවත්වා බැවින් සර්වඥත්වයම වේ. මෙනෙහි කිරීම් පිළිබඳව මොහුට ආවරණයක් (වැස්මක්) නැත්තේනුයි අනාවරණයි. එයම අනාවරණ ඤාණයයි කියයි.
ඉමානි තෙසත්තති ඤාණානීති සාවකෙහි සාධාරණාසාධාරණවසෙන උද්දිට්ඨානි ඉමානි තෙසත්තති ඤාණානි. ඉමෙසං තෙසත්තතියා ඤාණානන්ති ආදිතො පට්ඨාය වුත්තානං ඉමෙසං තෙසත්තතිඤාණානං. උබ්බාහනත්ථෙ චෙතං සාමිවචනං. තෙසත්තතීනන්තිපි පාඨො. “තෙසත්තතියා”ති වත්තබ්බෙ එකස්මිං බහුවචනං වෙදිතබ්බං. සත්තසට්ඨි ඤාණානීතිආදිතො පට්ඨාය සත්තසට්ඨි ඤාණානි. සාවකසාධාරණානීති සවනන්තෙ අරියාය ජාතියා ජාතත්තා සාවකා, සමානං ධාරණමෙතෙසන්ති සාධාරණානි, තථාගතානං සාවකෙහි සාධාරණානි සාවකසාධාරණානි. ඡ ඤාණානීති අන්තෙ උද්දිට්ඨානි ඡ ඤාණානි. අසාධාරණානි සාවකෙහීති සාවකෙහි අසාධාරණානි තථාගතානංයෙව ඤාණානීති.
ඉමානි තෙසත්තති ඤාණානි යනු මේ තෙසැත්තෑ (73) ඤාණයන් ශ්‍රාවකයන් කෙරෙහි සාධාරණ අසාධාරණ වශයෙන් දක්වන ලදි. ඉමෙසං තෙ සත්තතියා ඤාණානං යන මෙහි මුල පටන් කියන ලද තෙසැත්තෑ ඤාණයන්ගේ. දැරීම් අර්ථයෙහි ෂෂ්ඨි විභක්තියි. තෙසත්තති යනුවෙන්ද පාඨයි. තෙසත්තතියායි කිවයුතු කල්හි එකවචනාර්ථයෙහි බහුවචනයි. සත්තසට්ඨි ඤාණානි මුල පටන් සත්සැටක් ඤාණ. සාවක සාධාරණානී යනු ශ්රවනාන්තයෙහි ආර්ය ජාතියෙහි උපන් බැවින් සාවක නමි. මේවා සමව දරානුයි සාධාරණයි. තථාගත ශ්‍රාවකයන් හා සාධාරණ බැවින් ශ්‍රාවක සාධාරණයි. ඡඤාණානීති යනු කෙළවර දක්වන ලද ෂට් ඤාණයන්, අසාධාරණානි සාවකෙහීති යනු ශ්රාවකයින්ට අසාධාරණ වූ බුදුවරුන්ගේම ඤාණයෝය.
සද්ධම්මප්පකාසිනියා පටිසම්භිදාමග්ග-අට්ඨකථාය
සද්ධර්මප්රකාශනී නම් වූ ප්‍රතිසම්භිදා මාර්ග අර්ථකථාවෙහි
ඤාණකථාමාතිකුද්දෙසවාරවණ්ණනා නිට්ඨිතා.
ඤාණ කථා මාතිකා කෙටි විස්තර වාර වර්ණනාව නිමි.