විස්සජ්ජනුද්දෙසවණ්ණනා අට්ඨකථා
විස්සජ්ජනුද්දෙසවණ්ණනා
විස්සජ්ජනුද්දෙසවණ්ණනා
ඉදානි යථානික්ඛිත්තෙන උද්දෙසෙන සඞ්ගහිතෙ ධම්මෙ පභෙදතො දස්සෙතුං කථං සොතාවධානෙ පඤ්ඤා සුතමයෙ ඤාණන්තිආදි නිද්දෙසවාරො ආරද්ධො. තත්ථ යං වුත්තං, “සොතාවධානෙ පඤ්ඤා සුතමයෙ ඤාණ”න්ති , තං කථං හොතීති? අයං කථෙතුකම්යතාපුච්ඡා. පඤ්චවිධා හි පුච්ඡා – අදිට්ඨජොතනාපුච්ඡා, දිට්ඨසංසන්දනාපුච්ඡා, විමතිච්ඡෙදනාපුච්ඡා, අනුමතිපුච්ඡා, කථෙතුකම්යතාපුච්ඡාති. තාසං ඉදං නානත්තං –
දැන් තබන ලද කෙටි විස්තරයෙන් ඇතුළත් කරන ලද ධර්මයන් ප්‍රභේද වශයෙන් දක්වන්ට, කථං සොතාවධානෙ පඤ්ඤා සුතමයෙ ඤාණං ආදි විස්තර වාරය අරඹන ලදි. එහි සොතාවධානෙ පඤ්ඤා සුතමයෙ ඤාණං වශයෙන් යමක් කියන ලද්දේද, එය කෙසේ වේද? මෙය කියනු කැමති විමසීමයි. ප්‍රශ්න කිරීම් පස්වැදෑරුම්ය. නුදුටු දේ ප්‍රකට කිරීම, දුටු දේ සංසන්දනය කිරීම, සැක දුරුකිරීම (සිඳීම) අනුමත කිරීම, විස්තර වශයෙන් කියනු කැමැත්ත යන පස් ආකාරයෙන් ප්‍රශ්න විචාරයි. මේ එහි නානාප්රකාරයයි.
කතමා අදිට්ඨජොතනාපුච්ඡා? (මහානි· 150; චූළනි· පුණ්ණකමාණවපුච්ඡානිද්දෙස 12) පකතියා ලක්ඛණං අඤ්ඤාතං හොති අදිට්ඨං අතුලිතං අතීරිතං අවිභූතං අවිභාවිතං, තස්ස ඤාණාය දස්සනාය තුලනාය තීරණාය විභූතාය විභාවනත්ථාය පඤ්හං පුච්ඡති, අයං අදිට්ඨජොතනාපුච්ඡා.
එහි නුදුටු දේ ප්‍රකට කිරීමෙහි ප්‍රශ්න විචාරීම කවරේද? මුල් ස්වභාවය නොදක්නා ලද්දේ, සමාන නොකළේ, තීරණය නොකළේ, ප්‍රකට නොවූයේ, පැහැදිලි නොවූයේ නොදත්තේ වේද, එය නුවණින් දැකීම පිණිස, ප්‍රකට කිරීම පිණිස පැහැදිලි කිරීම පිණිස ප්‍රශ්න විචාරයිද, මෙය නුදුටු මුල් ස්වභාවය ප්‍රකට කිරීමෙහි ප්‍රශ්න විචාරයයි.
කතමා දිට්ඨසංසන්දනාපුච්ඡා? (මහානි· 150; චූළනි· පුණ්ණකමාණවපුච්ඡානිද්දෙස 12) පකතියා ලක්ඛණං ඤාතං හොති දිට්ඨං තුලිතං තීරිතං විභූතං විභාවිතං, සො අඤ්ඤෙහි පණ්ඩිතෙහි සද්ධිං සංසන්දනත්ථාය පඤ්හං පුච්ඡති, අයං දිට්ඨසංසන්දනාපුච්ඡා.
දුටු දේ සංසන්දනය කිරීමේ ප්‍රශ්න විචාරීම කවරේද? මුල් ස්වභාවය දක්නා ලද්දේ සමාන කළේ, තීරණය කළේ, ප්‍රකට වූයේ, පැහැදිලි වූයේ, දැනගත්තේ වේද, එය අනෙක් පණ්ඩිතයන් සමග සැසඳීම සඳහා ප්‍රශ්න විචාරීමයි. මෙය දුටු දේ සංසන්දනය කිරීමේ ප්‍රශ්න විචාරීමයි.
කතමා විමතිච්ඡෙදනාපුච්ඡා? (මහානි· 150; චූළනි· පුණ්ණකමාණවපුච්ඡානිද්දෙස 12) පකතියා සංසයපක්ඛන්දො හොති විමතිපක්ඛන්දො ද්වෙළ්හකජාතො “එවං නු ඛො, නනු ඛො, කිං නු ඛො, කථං නු ඛො”ති? සො විමතිච්ඡෙදනත්ථාය පඤ්හං පුච්ඡති, අයං විමතිච්ඡෙදනාපුච්ඡා.
සැක සිඳලීමෙහි ප්‍රශ්න විචාරය කවරේද? ප්‍රකෘතියෙන් සැකයට නැඹුරුවූයේ, විමතියට නැඹුරුවූයේ මෙසේමද? නොවේද? කුමක්නම් වේද? කෙසේනම් වේදැයි සැකයෙන් යුක්ත වේද? හෙතෙම සැක සිඳලීම පිණිස ප්‍රශ්න විචාරයි. මේ සැක සිඳලීම සඳහා කරන ප්‍රශ්න විචාරීමයි. අනුමත ප්‍රශ්න විචාරය කවරේද? බුදුරදුන් භික්ෂූන්ගේ අනුමතියෙන් (එකඟතාවයෙන්) ප්‍රශ්න විචාරයි.
කතමා අනුමතිපුච්ඡා? භගවා භික්ඛූනං අනුමතියා පඤ්හං පුච්ඡති – “තං කිං මඤ්ඤථ, භික්ඛවෙ, රූපං නිච්චං වා අනිච්චං වා”ති? “අනිච්චං, භන්තෙ”. “යං පනානිච්චං, දුක්ඛං වා තං සුඛං වා”ති? “දුක්ඛං, භන්තෙ”. “යං පනානිච්චං දුක්ඛං විපරිණාමධම්මං, කල්ලං නු තං සමනුපස්සිතුං ‘එතං මම, එසොහමස්මි, එසො මෙ අත්තා”ති? “නො හෙතං, භන්තෙ”ති (මහාව· 21), අයං අනුමතිපුච්ඡා.
මහණෙනි, නුඹලා එය කුමක්යයි හඟීද? රූපය නිත්‍ය හෝ අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි, යමක් අනිත්‍යයද? එය දුකද? නැතහොත් සැපද? දුකයි ස්වාමීනි. යමක් වනාහි අනිත්‍යද? දුකද? වෙනස්වන සුලුද? එය මගේය. ඒ මම වෙමි. ඒ මගේ ආත්මයයි මනාසේ බලන්ට සුදුසුද? ස්වාමීනි, එසේ නොබැලිය යුතුය. මේ එකඟතාවයෙන් ප්‍රශ්න විචාරීමයි.
කතමා කථෙතුකම්යතාපුච්ඡා? භගවා භික්ඛූනං කථෙතුකම්යතාය පඤ්හං පුච්ඡති – “චත්තාරොමෙ, භික්ඛවෙ, සතිපට්ඨානා. කතමෙ චත්තාරො”ති (සං· නි· 5.390)? අයං කථෙතුකම්යතාපුච්ඡාති. තාසු අයං ථෙරස්ස කථෙතුකම්යතාපුච්ඡාති වෙදිතබ්බා.
කියනු කැමැත්තෙන් ප්‍රශ්න විචාරීම කවරේද? භාග්‍යවතුන් වහන්සේ කියනු කැමැත්තෙන් භික්ෂූන්ට ප්‍රශ්න යොමුකරත්. මහණෙනි, මේ සතිපට්ඨාන සතරකි. කවර සතරෙක්ද? මේ කියනු කැමැත්තෙන් ප්‍රශ්න විචාරීමයි. ඒවා අතර මේ තෙරුන්ගේ ථෙතුකම්යතා ප්‍රශ්න විචාරීමයයි යූසේයි.
ඉදානි සමාතිකුද්දෙසාය කථෙතුකම්යතාපුච්ඡාය “ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්යාති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණ”න්තිආදයො සොළස විස්සජ්ජනුද්දෙසා. තත්ථ ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්යාති “දෙසයන්තස්සා”ති පාඨසෙසො. ඉමෙ ධම්මා අභිජානිතබ්බාති සත්ථුනො, අඤ්ඤතරස්ස වා ගරුට්ඨානියස්ස සබ්රහ්මචාරිස්ස ධම්මං දෙසයන්තස්ස පුබ්බෙ වුත්තනයෙන සොතාවධානං සුතං සොතාවධානං නාම. තංපජානනා පඤ්ඤා තස්ස සුතස්ස පජානනා පරියායපරිච්ඡින්දකපඤ්ඤා සුතමයෙ ඤාණං නාමාති අත්ථො. තස්ස පජානනා තංපජානනාති සාමිවචනසමාසො. තං පජානනාති විභත්තිවිපල්ලාසවසෙන උපයොගවචනං වා. අභිඤ්ඤෙය්යාති ච සභාවලක්ඛණාවබොධවසෙන සොභනෙනාකාරෙන ජානිතබ්බා. පරිඤ්ඤෙය්යාති සාමඤ්ඤලක්ඛණාවබොධවසෙන කිච්චසමාපනවසෙන ච බ්යාපිත්වා ජානිතබ්බා. භාවෙතබ්බාති වඩ්ඪෙතබ්බා. සච්ඡිකාතබ්බාති පච්චක්ඛං කාතබ්බා. දුවිධා හි සච්ඡිකිරියා පටිලාභසච්ඡිකිරියා ආරම්මණසච්ඡිකිරියා ච. පච්චනීකසමුදාචාරවසෙන පරිහානියසඞ්ඛාතං හානං භජන්තීති හානභාගියා. තදනුධම්මතාය සතියා සණ්ඨානවසෙන ඨානසඞ්ඛාතං ඨිතිං භජන්තීති ඨිතිභාගියා. උපරිවිසෙසාධිගමවසෙන විසෙසං භජන්තීති විසෙසභාගියා. අනිබ්බිද්ධපුබ්බං අප්පදාලිතපුබ්බං ලොභක්ඛන්ධං දොසක්ඛන්ධං මොහක්ඛන්ධං නිබ්බිජ්ඣති පදාලෙතීති අරියමග්ගො නිබ්බෙධො නාම, නිබ්බිදාසහගතානං සඤ්ඤාමනසිකාරානං සමුදාචාරවසෙන තං නිබ්බෙධං භජන්තීති නිබ්බෙධභාගියා.
මාතෘකා කෙටි විස්තරයෙහි, කියනු කැමති ප්‍රශ්න කිරීමෙන් මේ ධර්ම විශේෂයෙන් දතයුතුයයි කන් යොමුකිරීම එය දැනගැනීමෙහි ප්‍රඥාව සුතමයෙ ඤාණයයි ආදී සොළොස් විසඳන උද්දේසයයි. එහි ඉමෙධම්මා අභිඤ්ඤෙය්යා යන මෙහි දේශනා කරන්නහුගේ යනු පාඨශේෂයි. මේ ධර්ම විශේෂයෙන් දතයුතුයයි ශාස්තෲන් වහන්සේගේ හෝ වෙනත් ගරුකටයුතු සබ්‍රම්සර තෙර කෙනෙකුන් හෝ ධර්මය දෙසන කල්හි පෙර කියන ලද පරිදි, කන් යොමුකොට ඇසීම සෝතාවධානයයි. එය අවබෝධ කිරීමේ ප්‍රඥාව, ඒ ශ්‍රවණයෙහි පිළිවෙල දැනීම, පිරිසිඳ දැනීමේ ප්‍රඥාව සුතමයෙ ඤාණයයි අර්ථයි. තස්ස පජානනා තං පජානනා වශයෙන් ඡට්ඨි විභක්ති සමාසයයි. තං පජානනාති යන මෙහි විභක්ති විපර්යාස වශයෙන් සම්බන්ධ කිරීමේ අර්ථයෙහි යොදා ඇත. අභිඤ්ඤෙය්‍ය යනු ස්වභාව ලක්ෂණ අවබෝධ කිරීම් වශයෙන් යහපත් ආකාරයෙන් යයි දැනගත යුතුය. පරිඤ්ඤෙය්‍ය යනු සමාන ලක්ෂණ අවබෝධ කිරීම් වශයෙන්ද, කෘත්‍ය නිමාකිරීම් වශයෙන්ද, තීරණයකොට දතයුතුය. භාවෙතබ්බා යනු වැඩිය යුතුය යන අර්ථයි. සච්ඡිකාතබ්බා යනු ප්රත්යක්ෂ කළයුතුය. ලැබීමේ අවබෝධය, අරමුණු කිරීමේ අවබෝධ යයි ප්රත්යක්ෂය දෙයාකාරය. විරුද්ධ ධර්මයන් තමා තුළ හැසිරීම් වශයෙන් පිරිහීම් සංඛ්‍යාත හානිය භජනය කෙරේනුයි හානභාගියි ඊට අනුකූලවන අයුරින් සිහිය පිහිටුවීම වශයෙන් සිටීම භජනය කෙරේනුයි ඨිති භාගිය නම් වේ. මත්තෙහි විශේෂයෙන් අවබෝධ කිරීම් වශයෙන් විශේෂතාවයක් භජනය කෙරේනුයි විසේසභාගි යි. නොකැඩුණු, නොපැළුණු, ලෝභස්කන්ධය, ද්වේෂ ස්කන්ධය, මෝහ ස්කන්ධය කඩාදමයි. පළා දමයිනුයි ආර්ය මාර්ගය නිබ්බෙධයි. සංවේගී සංඥා මනසිකාරයන්ගේ හැසිරීම් වශයෙන් ඒ තියුණු අවබෝධය භජනය කෙරේනුයි නිබ්බෙධභාගියි.
සබ්බෙ සඞ්ඛාරාති සබ්බෙ සප්පච්චයා ධම්මා. තෙ හි සඞ්ඛතසඞ්ඛාරා නාම. පච්චයෙහි සඞ්ගම්ම කරීයන්තීති සඞ්ඛාරා, තෙ එව පච්චයෙහි සඞ්ගම්ම කතත්තා සඞ්ඛතාති විසෙසෙත්වා වුත්තා. කම්මනිබ්බත්තා තෙභූමකරූපාරූපධම්මා අභිසඞ්ඛතසඞ්ඛාරාති අට්ඨකථාසු (විසුද්ධි· 2.587; විභ· අට්ඨ· 226 සඞ්ඛාරපදනිද්දෙස) වුත්තා. තෙපි “අනිච්චා ව සඞ්ඛාරා”තිආදීසු (සං· නි· 1.186; 2.143; දී· නි· 2.221, 272) සඞ්ඛතසඞ්ඛාරෙසු සඞ්ගහං ගච්ඡන්ති. “අවිජ්ජාගතො අයං, භික්ඛවෙ, පුරිසපුග්ගලො පුඤ්ඤඤ්චෙව සඞ්ඛාරං අභිසඞ්ඛරොතී”තිආදීසු (සං· නි· 2.51) අවිජ්ජාපච්චයා සඞ්ඛාරාව ආගතා තෙභූමිකකුසලාකුසලචෙතනා අභිසඞ්ඛරණකසඞ්ඛාරා නාම. “යාවතිකා අභිසඞ්ඛාරස්ස ගති, තාවතිකං ගන්ත්වා අක්ඛාහතං මඤ්ඤෙ අට්ඨාසී”තිආදීසු ආගතං කායිකං චෙතසිකං වීරියං පයොගාභිසඞ්ඛාරො නාම. “සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස ඛො, ආවුසො විසාඛ, භික්ඛුනො පඨමං නිරුජ්ඣති වචීසඞ්ඛාරො, තතො කායසඞ්ඛාරො, තතො චිත්තසඞ්ඛාරො”තිආදීසු (ම· නි· 1.464) ආගතා විතක්කවිචාරා. වාචං සඞ්ඛරොන්තීති වචීසඞ්ඛාරා. අස්සාසපස්සාසා කායෙන සඞ්ඛරීයන්තීති කායසඞ්ඛාරා. සඤ්ඤා ච වෙදනා ච චිත්තෙන සඞ්ඛරීයන්තීති චිත්තසඞ්ඛාරා. ඉධ පන සඞ්ඛතසඞ්ඛාරා අධිප්පෙතා.
සබ්බෙ සංඛාරා යනු හේතු සහිත සියලු ධර්මයි. ඒවා හේතුවකින් හටගත් සංස්කාරයි. හේතූන් එක්වී කෙරේනුයි සංස්කාර නම් වේ. ඒවාම ප්‍රත්‍යයන් එක්රැස්ව කරන ලද හෙයින් සංඛතයයි විශේෂකොට කියන ලදි. කර්මයෙන් හටගත් සියලු ත්‍රෛභූමික රූපාරූප ධර්ම අභිසංඛත සංඛාරයයි අර්ථකථාවන්හි කියන ලද්දේය. ඒවාද ‘සියලු සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝය, ආදී තන්හි සංඛත සංස්කාරයන්හි සංග්‍රහයට යෙත්. ‘මහණෙනි, මේ අවිද්‍යාවෙන් මැඩුණු පුද්ගලයා පුණ්‍යමය වූ සංස්කාරයන් රැස් කෙරේ ආදීන්හි අවිද්‍යා ප්‍රත්‍යයෙන් ආවා වූ ත්‍රෛභූමික කුසලාකුසල චේතනා රැස්කිරීමේ සංස්කාරයි. අභිසංස්කාරයන්ගේ උත්පත්ති කොපමණද, එපමණ ගොස් රෝද සිඳුනා මෙන් සිටින්නෙහි යනාදී තන්හි කායික චෛතසික වීර්යය ප්‍රයෝගාභිසංස්කාර; ‘ඇවැත්නි විසාඛය, සංඥා වේදයිත නිරෝධයට සමවන් භික්ෂුවගේ වචී සංඛාරය පළමුව නිරුද්ධ වේ. ඉන්පසු කාය සංඛාරයයි. ඉන්පසු චිත්ත සංඛාරයයි. මේ ආදී තන්හි විතර්ක විචාර වචනය රැස්කෙරෙත්නුයි වචී සංඛාරයි. ආස්වාස-ප්‍රස්වාස කයෙන් රැස්කරනු ලැබෙත්නුයි කාය සංඛාරයි. හැඟීමත්-දැනීමත් සිතෙන් රැස්කරනු ලැබෙත්නුයි-චිත්ත සංඛාරයි. මෙහි ප්‍රත්‍යයෙන් හටගත් සංස්කාරය අදහස් කරන ලදි.
අනිච්චාති හුත්වා අභාවට්ඨෙන. දුක්ඛාති පීළනට්ඨෙන. සබ්බෙ ධම්මාති නිබ්බානම්පි අන්තොකත්වා වුත්තා. අනත්තාති අවසවත්තනට්ඨෙන. ඉදං දුක්ඛං අරියසච්චන්තිආදීසු “දුක්ඛසමුදයො දුක්ඛනිරොධො”ති වත්තබ්බෙ “දුක්ඛසමුදයං දුක්ඛනිරොධ”න්ති ලිඞ්ගවිපල්ලාසො කතො. යස්මා පන බුද්ධාදයො අරියා පටිවිජ්ඣන්ති, තස්මා අරියසච්චානීති වුච්චන්ති. යථාහ “චත්තාරිමානි, භික්ඛවෙ, අරියසච්චානි…පෙ… ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි අරියසච්චානි. අරියා ඉමානි පටිවිජ්ඣන්ති, තස්මා අරියසච්චානීති වුච්චන්තී”ති. අරියස්ස සච්චානීතිපි අරියසච්චානි. යථාහ “සදෙවකෙ ලොකෙ…පෙ… සදෙවමනුස්සාය තථාගතො අරියො, තස්මා අරියසච්චානීති වුච්චන්තී”ති (සං· නි· 5.1098). එතෙසං අභිසම්බුද්ධත්තා අරියභාවසිද්ධිතොපි අරියසච්චානි. යථාහ “ඉමෙසං ඛො, භික්ඛවෙ, චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසම්බුද්ධත්තා තථාගතො අරහං සම්මාසම්බුද්ධො අරියොති වුච්චතී”ති (සං· නි· 5.1093). අරියානි සච්චානීතිපි අරියසච්චානි. අරියානීති අවිතථානි, අවිසංවාදකානීති අත්ථො. යථාහ “ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි අරියසච්චානි තථානි අවිතථානි අනඤ්ඤථානි, තස්මා අරියසච්චානීති වුච්චන්තී”ති (සං· නි· 5.1097). සච්චානීති කො සච්චට්ඨොති චෙ? යො පඤ්ඤාචක්ඛුනා උපපරික්ඛමානානං මායාව විපරීතො, මරීචීව විසංවාදකො, තිත්ථියානං පරිකප්පිතඅත්තාව අනුපලබ්භසභාවො ච න හොති, අථ ඛො බාධනපභවසන්තිනිය්යානප්පකාරෙන තච්ඡාවිපරීතභූතභාවෙන අරියඤාණස්ස ගොචරො හොතියෙව. එස අග්ගිලක්ඛණං විය ලොකපකති විය ච තච්ඡාවිපරීතභූතභාවො සච්චට්ඨොති වෙදිතබ්බො. යථාහ “ඉදං දුක්ඛන්ති, භික්ඛවෙ, තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙත”න්ති (සං· නි· 5.1090) විත්ථාරො. අපිච –
‘අනිච්චා’ යනු වී, තිබී, නැතිවීම් අර්ථයෙන්ය. ‘දුක්ඛා’ යනු පීඩා අර්ථයෙන්ය. ‘සබ්බෙ ධම්මා’ යනු නිර්වාණයද ඇතුළත් කොට කියන ලදි. ‘අනත්තා’ යනු තම වසඟයෙහි නොපවත්නා අර්ථයෙනි. ‘ඉදං දුක්ඛං අරියසච්චං’ යනාදීන්හි දුක්ඛ සමුදයො, දුක්ඛ නිරොධො යයි කිවයුතු වුවත්, දුක්ඛ සමුදයං-දුක්ඛ නිරොධං ආදී වශයෙන් ලිංග විපර්යාසය කොට නපුංසක ලිංගයෙන් යොදා ඇත. බුද්ධාදී ආර්යයෝ අවබෝධ කෙරෙත්ද, එහෙයින් අරියසච්චානියි (ආර්ය සත්‍යයයි) කියති. දෙසූ පරිදි; මහණෙනි, මේ සතර ආර්ය සත්‍ය කෙනෙක් වෙති. -පෙ- මහණෙනි, මේවා සතර ආර්ය සත්‍යයෝ වෙති. මේවා ආර්යයෝ අවබෝධ කරත්. එහෙයින් ආර්ය සත්‍යයයි කියති. ආර්යයන්ගේ සත්යයෝනුයි ආර්ය සත්‍ය නමි. මෙසේ කියයි. දෙවිමිනිසුන් සහිත, දෙවියන් සහිත ලෝකයෙහි, තථාගතයන් වහන්සේ ආර්ය නම් වෙති. එහෙයින් ආර්ය සත්‍යයයි කියති. ඔවුන් විසින් අවබෝධ කළ හෙයින්ද, ආර්යභාවයාගේ සිද්ධිය වූ හෙයින්ද ආර්ය සත්‍යයයි. මෙසේ කියයි. මහණෙනි, මේ චතුරාර්ය සත්‍යයන් නිසි ආකාරයෙන් අවබෝධ කළ හෙයින් තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආර්යයයි කියයි. උතුම් සත්‍ය වූයේනුයිද, ආර්ය සත්‍යයයි. අරියානි යනු අසත්‍ය නොවූ, බොරු නොකියන්නේ යන අර්ථයෙහිද යෙදේ. මෙසේද කියයි. මහණෙනි, මේ චතුරාර්ය සත්‍යයන් සත්‍යය අසත්‍යය නොවේ. අන් ආකාරයකින් නොවේ. එහෙයින් ආර්ය සත්‍යයයි කියති. සත්‍යයන් යන මෙහි කවර සත්‍යාර්ථයක් වේද, තවද, වැළැක්ම, මුල්හටගැන්ම, සංසිඳීම, සසරින් නිදහස්වීම ආදී ආකාරයෙන්ද, වෙනස් නොවන සත්යාකාරයෙන්ද, ආර්ය ඥානයට ගොදුරු වේමය. එය ගින්නෙහි ස්වභාවය මෙන්ද, ලෝකයෙහි ප්‍රකෘතිය මෙන්ද, සත්‍යය වෙනස් ස්වභාවයකට භාජන නොවේනුයි සත්යාර්ථයයි දතයුතුය. මහණෙනි, මේ දුක යනු සත්‍යයක්මය. අසත්‍යයක් නොවේ. අන්‍යාකාරයකට පත් නොවේ යනු විස්තරයයි. තව ද
නාබාධකං යතො දුක්ඛං, දුක්ඛා අඤ්ඤං න බාධකං; බාධකත්තනියාමෙන, තතො සච්චමිදං මතං.
නාබාධකං යතො දුක්ඛං - දුක්ඛා අඤ්ඤ නබාධකං, බාධකත්ත නියාමෙන - තතො සච්චමිදං මතං
තං විනා නාඤ්ඤතො දුක්ඛං, න හොති න ච තං තතො; දුක්ඛහෙතු නියාමෙන, ඉති සච්චං විසත්තිකා.
තං විනා නාඤ්ඤතො දුක්ඛං - නහොති නච තං තතො, දුක්ඛ හෙතු නියාමෙන - ඉති සච්චං විසත්තිකා
නාඤ්ඤා නිබ්බානතො සන්ති, සන්තං න ච න තං යතො; සන්තභාවනියාමෙන, තතො සච්චමිදං මතං.
නාඤ්ඤා නිබ්බානතො සන්ති - සන්තං නච න තං යතො, සන්තභාව නියාමෙන - තතො සච්ච මිදං මතං
මග්ගා අඤ්ඤං න නිය්යානං, අනිය්යානො න චාපි සො; තච්ඡනිය්යානභාවෙන, ඉති සො සච්චසම්මතො.
මග්ගා අඤ්ඤං න නිය්යානං - අනිය්යානො නචාපි සො, තච්ඡ නීය්යාන භාවෙන - ඉති සො සච්ච සම්මතො
ඉති තච්ඡාවිපල්ලාස-භූතභාවං චතූස්වපි; දුක්ඛාදීස්වවිසෙසෙන, සච්චට්ඨං ආහු පණ්ඩිතාති.
ඉති තච්ඡා විපල්ලාස - භූතං භාවං චතුස්වපි, දුක්ඛාදි ස්ව විසෙසෙන - සච්චට්ඨං ආහු පණ්ඩිතා’ති
යමකින් දුකක් හටගනීද, ඊට බාධක ඇති නොවේ. දුකින් අන්‍ය වූ බාධකයක් ද නැත. බාධකත්ව ස්වභාවයෙන් මෙය සත්‍යයයි දන්නා ලදි.
එය හැර වෙනත් ක්‍රමයකින් දුක හට නොගනී. එය එයින් නොවන්නේද නොවේ. දුකට හේතුවන නියමිත පිළිවෙල අනුව තෘෂ්ණාව සත්‍යයකි.
නිර්වාණයට වඩා අන්‍ය ශාන්තියක් නොමැත. යම්හෙයකින් එය ශාන්ත භාවයක් නොවන්නේ නොවේද? ශාන්තභාව නියමයෙන් මෙය නිරෝධ සත්‍යයයි දන්නා ලදි.
මාර්ග සත්‍යයෙන් තොර නිවනට පමුණුවන අනෙකක් නොමැත. එය නිවනට නොපමුණුවන්නේද නොවේ. සත්‍ය වශයෙන්ම නිවනට පමුණුවන හෙයින් එය මාර්ග සත්‍යයයි සම්මතය.
සත්‍යය, වෙනස, සිදුවීම, නොවීම ආදී සතර දුක්ඛාදීන්හි විශේෂයෙන් ගෙන, සත්යාර්ථයයි පණ්ඩිතයෝ කීහ.
සො පනායං සච්චසද්දො අනෙකෙසු අත්ථෙසු දිස්සති. සෙය්යථිදං – “සච්චං භණෙ න කුජ්ඣෙය්යා”තිආදීසු (ධ· ප· 224) වාචාසච්චෙ. “සච්චෙ ඨිතා සමණබ්රාහ්මණා චා”තිආදීසු (ජා· 2.21.433) විරතිසච්චෙ. “කස්මා නු සච්චානි වදන්ති නානා, පවාදියාසෙ කුසලාවදානා”තිආදීසු (සු· නි· 891) දිට්ඨිසච්චෙ. “එකඤ්හි සච්චං න දුතීයමත්ථි, යස්මිං පජා නො විවදෙ පජාන”න්තිආදීසු (සු· නි· 890; මහානි· 119) පරමත්ථසච්චෙ නිබ්බානෙ චෙව මග්ගෙ ච. “චතුන්නං සච්චානං කති කුසලා කති අකුසලා”තිආදීසු (විභ· 216) අරියසච්චෙ. ස්වායමිධාපි අරියසච්චෙ පවත්තතීති.
ඒ මෙම සත්‍ය ශබ්දය නොයෙක් අර්ථයන්හි දක්නා ලැබේ. ඒ කෙසේද යත්, ‘සත්‍යයක්ම කථා කරන්නේය. කෝප නොවන්නේය ආදීන්හි වාක් සත්‍යයෙහිය. ‘සත්‍යයෙහි පිහිටි මහණ බමුණෝ ආදීන්හි විරති සත්‍යයෙහිය. විරුද්ධවාද ඇති (ස්වලබ්ධියෙහි) අපිමැ දක්‍ෂයම්හයි කියන ඔහු කවර හෙයින් නානා සත්‍යවාදය කියත්ද ආදීන්හි දෘෂ්ටි සත්‍යයෙහිය. යමක් කෙරෙහි තමා දතුයේ, අනෙකා දැනුවත් කෙරේද එබඳු වූ එක් සත්‍යයක් ඇත. දෙවැන්නක් නැත යන ආදීන්හි පරමාර්ථ සත්‍ය නිර්වාණයෙහිද මාර්ගයෙහිද යෙදේ. සිව් සත්‍යයන්ගේ කෙතෙක් කුසල්ද? කෙතෙක් අකුසල්ද? ආදීන්හි ආර්ය සත්‍යයෙහි යෙදේ. මෙහිද එය ආර්ය සත්‍යයෙහි යෙදේ.
නිද්දෙසවාරසඞ්ගහිතස්ස විස්සජ්ජනුද්දෙසස්ස
නිර්දේශ වාරයෙහි සංගෘහිත උද්දේසයෙහි,
අත්ථවණ්ණනා නිට්ඨිතා.
විසඳුම් අර්ථ වර්ණනාව නිමි.