අභිඤ්ඤෙය්යනිද්දෙසවණ්ණනා අට්ඨකථා
අභිඤ්ඤෙය්යනිද්දෙසවණ්ණනා
අභිඤ්ඤෙය්‍ය නිර්දේශ වර්ණනාව
ඉදානි විස්සජ්ජනුද්දෙසසඞ්ගහිතෙ ධම්මෙ පභෙදතො දස්සෙතුං කථං ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්යාතිආදි නිද්දෙසවාරො ආරද්ධො. තත්ථ අභිඤ්ඤෙය්යනිද්දෙසාදීසු පඤ්චසු ආදිතො එකකාදිවසෙන දස දස විස්සජ්ජනානි දසුත්තරපරියායෙන සංසන්දෙත්වා උද්දිට්ඨානි. තෙසු අභිඤ්ඤෙය්යනිද්දෙසෙ තාව සබ්බෙ සත්තාති කාමභවාදීසු සඤ්ඤාභවාදීසු එකවොකාරභවාදීසු ච සබ්බභවෙසු සබ්බෙ සත්තා. ආහාරට්ඨිතිකාති ආහාරතො ඨිති එතෙසන්ති ආහාරට්ඨිතිකා. ඨිතීති චෙත්ථ සකක්ඛණෙ අත්ථිතා අධිප්පෙතා. ඉති සබ්බසත්තානං ඨිතිහෙතු ආහාරො නා එකො ධම්මො අධිකෙන ඤාණෙන ජානිතබ්බො. පච්චයෙ හි අභිඤ්ඤාතෙ පච්චයුප්පන්නාපි අභිඤ්ඤාතා හොන්ති උභින්නම්පි අඤ්ඤමඤ්ඤාපෙක්ඛත්තා. එතෙන ඤාතපරිඤ්ඤා වුත්තා හොති. නනු ච එවං සන්තෙ යං වුත්තං “අසඤ්ඤසත්තා දෙවා අහෙතුකා අනාහාරා අඵස්සකා”තිආදි (විභ· 1017), තං විරුජ්ඣතීති. තඤ්ච න විරුජ්ඣති. තෙසඤ්හි ඣානං ආහාරොති. එවං සන්තෙපි “චත්තාරොමෙ, භික්ඛවෙ, ආහාරා භූතානං වා සත්තානං ඨිතියා, සම්භවෙසීනං වා අනුග්ගහාය. කතමෙ චත්තාරො? කබළීකාරො ආහාරො ඔළාරිකො වා සුඛුමො වා, ඵස්සො දුතියො, මනොසඤ්චෙතනා තතියා, විඤ්ඤාණං චතුත්ථ”න්ති (සං· නි· 2.11) ඉදං විරුජ්ඣතීති. ඉදම්පි න විරුජ්ඣති. එතස්මිඤ්හි සුත්තෙ නිප්පරියායෙන ආහාරලක්ඛණාව ධම්මා ආහාරාති වුත්තා. ඉධ පන පරියායෙන පච්චයො ආහාරොති වුත්තො. සබ්බසඞ්ඛතධම්මානඤ්හි පච්චයො ලද්ධුං වට්ටති, සො ච යං යං ඵලං ජනෙති, තං තං ආහරති නාම. තස්මා ආහාරොති වුච්චති. තෙනෙවාහ –
දැන්, විසඳුම්, උදෙසීම් ඇතුළත් ධර්මයන් විවිධාකාරයෙන් දැක්වීමට ‘කථං ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්යාති’ ආදී නිර්දේශ වාරයෙහි අරඹන ලදි. එහි අභිඤ්ඤෙය්‍ය නිර්දේශාදී, පංචකයෙහි, මුලින් එක එක ආදි වශයෙන් දස දස විසඳුම් දසුත්තර පර්යායයෙන් සංසන්දනය කොට දක්වන ලදහ. ඔවුන් අතරෙහි අභිඤ්ඤෙය්‍ය නිර්දේශයෙහි, පළමුකොට සබ්බෙ සත්තා යන්නේ කාමභවයන්හිද, සඤ්ඤා භවයන්හිද, ඒකවෝකාර භවාදි සියලු භවයන්හි සියලු සත්ත්වයෝ, ආහාරට්ඨිතිකා යනු ආහාරයෙන් පැවැත්ම මොවුන්ටනුයි ආහාරට්ඨිතිකයි. ඨිති යනු (ස්වකීය) ඒ මොහොතෙහි පැවැත්ම අදහස් කරන ලදි. (ආහාර ශක්තිය) මෙසේ, සියලු සත්ත්වයින්ගේ ජීවත්ව සිටීමේ හේතුව ආහාරය නම් වූ එක් කරුණකියි අධික වූ ඤාණයෙන් දතයුතුය. ප්‍රත්‍යයන් දැනගත් කල්හි ප්‍රත්‍යයෙන් හටගත් දෙයද දැනගත්තේ වේ. දෙදෙනාටම (දෙකටම) ඔවුනොවුන් අපේක්ෂා කරන හෙයිනි. මෙයින් විශේෂ දැනීම කියන ලද්දේ වෙයි. මෙසේ ඇතිකල්හි අසඤ්ඤසත්ත දෙවියෝ අහේතුකය. ආහාර රහිතය. ස්පර්ශ රහිතය ආදිය කියන ලද්දේ නොවේද? එය එකඟ නොවේද? එහි විරුද්ධතාවයක් නොමැත. ඔවුන්ට ධ්‍යානය ආහාරයයි. මෙසේ ඇති කල්හිද, මහණෙනි, මේ ආහාර සතර වර්ගයක් අමනුෂ්‍යයන්ගේ හෝ සත්ත්වයින්ගේ, භවය සොයා පැමිණෙන්නන්ගේ පැවතීමට, අනුග්‍රහයට තිබේ. කවර සතරෙක්ද යත්? ගොරෝසු හෝ සියුම් වූ හෝ පිඩු වශයෙන් ගන්නා ආහාරය දෙවැන්න ස්පර්ශයයි. තෙවැන්න මනෝ සංචේතනා ආහාරයයි. සතරවැන්න විඤ්ඤාණාහාරයයි. මෙහි විරුද්ධතාවක් පෙනේද? මෙහිද විරුද්ධතාවක් නොපෙනේ. මෙම සූත්‍රයෙහි වෙනසක් නොමැතිව ආහාර ස්වභාව ඇති සියල්ල ආහාරයයි කියන ලදි. ප්‍රත්‍ය වන ආකාරයෙන් ආහාරයයි කියති. සියලු හේතුවකින් හටගත් ධර්මයන්ට ප්‍රත්‍යය ලැබිය යුතුය. යමෙක් යම් යම් ඵලයක් උපදවයිද? ඒ ඒ දෙය ගෙන එන්නේ නම් වේ. එහෙයින් ආහාරයයි කියති. එහෙයින් කියන ලදි;
“අවිජ්ජම්පාහං, භික්ඛවෙ, සාහාරං වදාමි, නො අනාහාරං. කො ච, භික්ඛවෙ, අවිජ්ජාය ආහාරො? ‘පඤ්ච නීවරණා’තිස්ස වචනීයං. පඤ්ච නීවරණෙපාහං, භික්ඛවෙ, සාහාරෙ වදාමි, නො අනාහාරෙ. කො ච, භික්ඛවෙ, පඤ්චන්නං නීවරණානං ආහාරො. ‘අයොනිසො මනසිකාරො’තිස්ස වචනීය”න්තිආදි (අ· නි· 10.61). අයං ඉධ අධිප්පෙතො.
මහණෙනි, මම අවිද්‍යාවද ආහාර සහිතයයි වදාරමි. ආහාර නොමැතිව නොවේ. මහණෙනි, අවිද්‍යාවගේ ආහාරය කුමක්ද? පංච නිර්වාණයයිම කිවයුතුය. මහණෙනි, මම පංච නීවරණද ආහාරයන් සහිත වදාරමි. ආහාර නොමැතිව නොවේ. මහණෙනි, පංච නීවරණයන්ගේ ආහාරය කවරේද? නුනුවණින් මෙනෙහි කිරීමයයි ඊට කිවයුතුය. මෙහි එය අදහස් කරන ලදි.
එතස්මිඤ්හි පච්චයාහාරෙ ගහිතෙ පරියායාහාරොපි නිප්පරියායාහාරොපි සබ්බො ගහිතොව හොති.
මේ ප්රත්යයාහාර ගත්කල්හි ආකාරවත් ආහාරද වෙනස් නොකළ හැකි ආහාරද යන සියල්ලම ගන්නා ලද්දේම වේ.
තත්ථ අසඤ්ඤභවෙ පච්චයාහාරො ලබ්භති. අනුප්පන්නෙ හි බුද්ධෙ තිත්ථායතනෙ පබ්බජිත්වා වායොකසිණෙ පරිකම්මං කත්වා චතුත්ථජ්ඣානං නිබ්බත්තෙත්වා තතො වුට්ඨාය “ධී චිත්තං, ධී චිත්තං, චිත්තස්ස නාම අභාවොයෙව සාධු. චිත්තඤ්හි නිස්සාය වධබන්ධනාදිපච්චයං දුක්ඛං උප්පජ්ජති, චිත්තෙ අසති නත්ථෙත”න්ති ඛන්තිං රුචිං උප්පාදෙත්වා අපරිහීනජ්ඣානා කාලංකත්වා අසඤ්ඤභවෙ නිබ්බත්තන්ති. යො යස්ස ඉරියාපථො මනුස්සලොකෙ පණිහිතො අහොසි, සො තෙන ඉරියාපථෙන නිබ්බත්තිත්වා පඤ්ච කප්පසතානි තිට්ඨති. එත්තකං අද්ධානං නිපන්නො විය නිසින්නො විය ඨිතො විය හොති. එවරූපානඤ්ච සත්තානං පච්චයාහාරො ලබ්භති. තෙ හි යං ඣානං භාවෙත්වා නිබ්බත්තා , තදෙ නෙසං පච්චයො හොති. යථා ජියාවෙගෙන ඛිත්තසරො යාව ජියාවෙගො අත්ථි, තාව ගච්ඡති, එවං යාව ඣානපච්චයො අත්ථි, තාව තිට්ඨන්ති. තස්මිං නිට්ඨිතෙ ඛීණවෙගො සරො විය පතන්ති.
අසඤ්ඤසත්ත භවයෙහි ප්‍රත්‍යාහාර ලැබේ. බුදුවරුන් නූපදිනා කාලයන්හි තීර්ථක අසුපවල පැවිදි වී වායොකසිණ පරිකර්මකොට චතුර්ථ ධ්‍යානය උපදවා, ඉන් නැගිට සිතට නින්දාවේවා. සිතට නින්දා වේවා. සිතෙහි අභාවයම යහපති. සිත නිසා වධ බන්ධනාදීන්ට හේතුවූ දුක් උපදියි. සිත නොමැති කල්හි එය නැතැයි සිතෙහි අභාවය පිළිබඳ කැමැත්ත රුචිය උපදවා නොපිරිහුණු ධ්‍යාන ඇත්තේ කළුරියකොට අසඤ්ඤ භවයෙහි උපදිත්. යමෙක් යම් ඉරියව්වකින් මිනිස්ලොව පිහිටා සිටියේ වූයේද? හෙතෙම ඒ ඉරියව්වෙන්ම ඉපදී කල්ප පන්සියයක් සිටියි. එතෙක් දීර්ඝ කාලයක් වැදහෝනේ හෝ හිඳගෙන හෝ සිටියේ හෝ වෙයි. මෙබඳු සත්ත්වයින්ට ප්‍රත්‍යයාහාරය ලැබෙයි. ඔවුන් විසින් යම් ධ්‍යානයක් වඩා උපන්නාහු වෙත්ද? එයම ඔවුන්ට ප්‍රත්‍යය වේ. දුන්නෙහි වේගයෙන් යවන ලද හීය, දුන්නෙහි වේගය යම් පමණ තිබේද එතෙක් යයි. එසේම ධ්‍යානයෙහි උපකාරය යම් පමණ සිටීද (තිබේද) එම වේගය නිමිකල්හි, වේගය හීන වූ හීය මෙන් වැටේ.
යෙ පන තෙ නෙරයිකා “නෙවුට්ඨානඵලූපජීවිනො න පුඤ්ඤඵලූපජීවිනො”ති වුත්තා, තෙසං කො ආහාරොති? තෙසං කම්මමෙව ආහාරොති. කිං පඤ්ච ආහාරා අත්ථීති? “පඤ්ච, න පඤ්චා”ති ඉදං න වත්තබ්බං. නනු “පච්චයො ආහාරො”ති වුත්තො, තස්මා යෙන කම්මෙන තෙ නිරයෙ නිබ්බත්තා, තදෙව තෙසං ඨිතිපච්චයත්තා ආහාරො. යං සන්ධාය ඉදං වුත්තං “න තාව කාලං කරොති, යාව න තං පාපකම්මං බ්යන්තී හොතී”ති (අ· නි· 3.36; ම· නි· 3.250). තස්මා ආහාරට්ඨිතිකාති පච්චයට්ඨිතිකාති අත්ථො. කබළීකාරං ආහාරං ආරබ්භාති චෙත්ථ විවාදො න කාතබ්බො. මුඛෙ උප්පන්නඛෙළොපි හි තෙසං ආහාරකිච්චං සාධෙති. ඛෙළො හි නිරයෙ දුක්ඛවෙදනීයො හුත්වා පච්චයො හොති, සග්ගෙ සුඛවෙදනීයො. ඉති කාමභවෙ නිප්පරියායෙන චත්තාරො ආහාරා, රූපාරූපභවෙසු ඨපෙත්වා අසඤ්ඤභවං සෙසානං තයො , අසඤ්ඤානඤ්චෙව අවසෙසානඤ්ච පච්චයාහාරොති ඉමිනා ආහාරෙන සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා.
යම් ඒ නිරයෙහි උපන් සත්ත්ව කෙනෙක් වෙත්ද ඔවුහු උත්සාහයෙන් ජීවත්වන්නෝද, පින් පලයෙන් ජීවත් වන්නෝද නොවෙති. ඔවුන්ට කවර ආහාරයක් ලැබේද? ඔවුන්ට කර්මයම ආහාරයයි. කිමෙක්ද ආහාර පසක් ඇත්ද? පහක්, පහක් නොවේයයි මෙය නොකිවයුතුය. ප්‍රත්‍යය ආහාරයයි කියන ලද්දේ නොවේද? යම් කර්මයකින් ඔවුහු නිරයෙහි උපන්නාහුද එයම ඔවුන්ට එහි සිටීමට ප්‍රත්‍ය ප්‍රත්‍යය වන හෙයින් ආහාරයි. යමක් සඳහා මෙය කියන ලද්දේද? එම පාපකර්මය යම්තාක් කල් අවසන් වීමක් නොවේද? එතෙක් කාලක්‍රියා නොකරයි. එහෙයින් ආහාරයෙන් සිටී. ප්‍රත්‍යයෙන් සිටීයයි අර්ථයයි. පිඩුකොට ගනු ලබන ආහාරය සඳහායයි මෙහිදී විවාදයක් නොකළ යුතුය. මුඛයෙහි හටගත් කෙළද ඔවුන්ගේ අහරකිස ඉටුකරයි. කෙළ වනාහි නිරයෙහි දුක් වේදනාකාරීව ප්‍රත්‍යය වේ. ස්වර්ගයෙහි සුවවේදනාකාරීව ප්‍රත්‍යය වේ. කාම භවයෙහි වෙනස් නොකළ හැකි ආහාර සතරෙකි. රූපාරූප භවයන් අතර අසඤ්ඤ භවය හැර අනෙක් ඒවායින් තුනකි. අසඤ්ඤයන්ටද සෙස්සන්ටද ප්රත්යයාහාරයයි. මෙම ආහාරයෙන් සියලු සත්ත්වයෝ ජීවත්ව සිටිත්නුයි ආහාරට්ඨිතිකයි.
සබ්බෙ සත්තාති ච පුග්ගලාධිට්ඨානා ධම්මදෙසනා, සබ්බෙ සඞ්ඛාරාති අධිප්පායො. භගවතොපි හි ධම්මපුග්ගලානං වසෙන චතුබ්බිධා දෙසනා – ධම්මාධිට්ඨානා ධම්මදෙසනා, ධම්මාධිට්ඨානා පුග්ගලදෙසනා, පුග්ගලාධිට්ඨානා පුග්ගලදෙසනා, පුග්ගලාධිට්ඨානා ධම්මදෙසනාති. “නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං භාවිතං කම්මනියං හොති, යථයිදං චිත්තං. චිත්තං, භික්ඛවෙ, භාවිතං කම්මනියං හොතී”ති (අ· නි· 1.22) එවරූපී ධම්මාධිට්ඨානා ධම්මදෙසනා. “අට්ඨානමෙතං, භික්ඛවෙ, අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි සඞ්ඛාරං නිච්චතො උපගච්ඡෙය්ය, නෙතං ඨානං විජ්ජතී”ති (අ· නි· 1.268) එවරූපී ධම්මාධිට්ඨානා පුග්ගලදෙසනා. “එකපුග්ගලො, භික්ඛවෙ, ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන”න්ති (අ· නි· 1.170, 309), එවරූපී පුග්ගලාධිට්ඨානා පුග්ගලදෙසනා. “එකපුග්ගලස්ස භික්ඛවෙ, පාතුභාවා මහතො චක්ඛුස්ස පාතුභාවො හොතී”ති (අ· නි· 1.175-186) එවරූපී පුග්ගලාධිට්ඨානා ධම්මදෙසනා. තාසු ඉධ පුග්ගලාධිට්ඨානා ධම්මදෙසනා . උපරි යාව දසකා ධම්මානංයෙව ගහිතත්තා සත්තග්ගහණෙන ධම්මග්ගහණං කතන්ති වෙදිතබ්බං, විසෙසෙන වා සත්තසන්තානපරියාපන්නධම්මානංයෙව අධිකෙන ඤාණෙන සභාවතො උපපරික්ඛිතබ්බත්තා සත්තග්ගහණං කතන්ති වෙදිතබ්බං, සඞ්ඛාරෙ උපාදාය සත්තොති පඤ්ඤත්තිමත්තසම්භවතො වා ඵලොපචාරෙන සඞ්ඛාරා “සත්තා”ති වුත්තාති වෙදිතබ්බං. න හි කොචි සත්තො පච්චයට්ඨිතිකො අත්ථි අඤ්ඤත්ර සඞ්ඛාරෙහි, වොහාරවසෙන පන එවං වුච්චති. එවමෙතෙන ඤාතපරිඤ්ඤා වුත්තා හොති.
සබ්බෙ සත්තා යනු පුද්ගලයන් මුල්කොට පවත්වන ධර්මදේශනාවයි. සියලු සංස්කාරයන් යයි යන අදහසයි. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනාව ධර්ම පුද්ගල වශයෙන් සතරාකාරයි. ධර්‍මාධිෂ්ඨාන ධර්මදේශනාව - ධර්‍මාධිෂ්ඨාන පුද්ගල දේශනාව පුද්ගලාධිෂ්ඨාන පුද්ගල දේශනාව, පුද්ගලාධිෂ්ඨාන ධර්ම දේශනාව වශයෙනි. මහණෙනි, යමක් දියුණු කරන ලද්දේ - කර්මණ්ය වූයේ වෙයිද, එවැනි දෑ අතර යම් ඒ සිතක් වේද? සිත හා සම අන් එකම දැයක්වත් මම නොදකින්නෙමි. මහණෙනි, සිත දියුණු කරන ලද්දේ කර්මණ්ය වෙයි මෙවැනි අවස්ථා, ධර්මාධිට්ඨාන ධර්මදේශනා නම් වේ. ‘මහණෙනි, යම් ඒ සම්‍යග් දෘෂ්ටියෙන් යුත් පුද්ගලයෙක් කිසිම සංස්කාරයක් නිත්‍ය වශයෙන් එළඹෙන්නේය යන්න කෙසේවත් සිදුවිය නොහැකිය. ඊට අවකාශයක් නැත. එවැනි කරුණක් කිසිසේත් විද්‍යමාන නොවේ. මෙවැනි අවස්ථා ධර්මාධිට්ඨාන පුද්ගල දේශනා නම් වේ. මහණෙනි, මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් දෙව් මිනිසුන් සහිත බොහෝ ජනයාගේ යහපත සඳහා, බොහෝ ජනයාගේ සුවපිණිස, ලෝවැස්සාට අනුකම්පා පිණිස, වැඩපිණිස, හිතසුව පිණිස උපදිනු ලබන්නේ උපදියි. මෙවැනි අවස්ථා පුද්ගලාධිෂ්ඨාන පුද්ගල දේශනා නම් වේ. මහණෙනි, එක් පුද්ගලයෙකුගේ පහළවීම බොහෝ නැණැස්හි පහළවීම වේ. මෙවැනි අවස්ථා පුද්ගලාධිෂ්ඨාන ධර්මදේශනා නම් වේ. ඒවා අතර මෙහි පුද්ගලාධිෂ්ඨාන ධර්මදේශනායි. මත්තෙහි දශකය දක්වා ධර්මයන්ගෙන්ම ගත් බැවින් සත්ත්ව ග්රහණයෙන් ධර්මග්රහණය කරන ලදැයි දතයුතුය. විශේෂයෙන් සත්ත්ව සන්තානයෙහි ඇතුළත් වූ ධර්මයන්ම අධික ඤාණ තත්ත්වයකින් විශේෂයෙන් පරීක්ෂා කළයුතු හෙයින් සත්ත්ව ග්‍රහණය කරන ලදැයි දතයුතුය. සංස්කාරයන් සැලකිල්ලට ගෙන සත්ත්‍වයැයි ප්රඥප්ති මාත්‍රයක් ලැබෙන හෙයින් සමීප ඵලය වශයෙන් සංස්කාර, සත්ත්‍වයැයි කියන ලදැයි දතයුතුය. කිසිම සත්ත්වයෙක් සංස්කාරයන්ගෙන් තොරව ප්‍රත්‍යයෙන් සිටියෙක් නැත. ව්‍යවහාර වශයෙන් මෙසේ කියයි. මෙසේ මෙයින් ඤාත පරිඤ්ඤාව කියන ලදි.
ද්වෙ ධාතුයොති සඞ්ඛතා ච ධාතු අසඞ්ඛතා ච ධාතු. තත්ථ අනෙකෙහි පච්චයෙහි සඞ්ගම්ම කතා පඤ්චක්ඛන්ධා සඞ්ඛතා ධාතු, කෙහිචි පච්චයෙහි අකතං නිබ්බානං අසඞ්ඛතා ධාතු.
ද්වෙ ධාතුයො යනු සංඛත හා අසංඛත ධාතුය. එහි නොයෙක් හේතූන් සංයෝග වී කරන ලද පංචස්කන්ධය සංඛත ධාතුයි. කිසිදු හේතුවකින් නොකරන ලද නිර්වාණ ධාතුව අසංඛත ධාතුයි.
තිස්සො ධාතුයොති කාමධාතු රූපධාතු අරූපධාතු (විභ· 181-182). තත්ථ කතමා කාමධාතු? හෙට්ඨතො අවීචිනිරයං පරියන්තං කරිත්වා උපරිතො පරනිම්මිතවසවත්තී දෙවෙ අන්තොකරිත්වා යං එතස්මිං අන්තරෙ එත්ථාවචරා එත්ථ පරියාපන්නා ඛන්ධා ධාතූ ආයතනා රූපා වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං. අයං වුච්චති කාමධාතු (විභ· 182; ධ· ස· 1287). තත්ථ කතමා රූපධාතු? හෙට්ඨතො බ්රහ්මලොකං පරියන්තං කරිත්වා උපරිතො අකනිට්ඨෙ දෙවෙ අන්තොකරිත්වා යං එතස්මිං අන්තරෙ එත්ථාවචරා එත්ථ පරියාපන්නා සමාපන්නස්ස වා උපපන්නස්ස වා දිට්ඨධම්මසුඛවිහාරිස්ස වා චිත්තචෙතසිකා ධම්මා. අයං වුච්චති රූපධාතු. තත්ථ කතමා අරූපධාතු? හෙට්ඨතො ආකාසානඤ්චායතනූපගෙ දෙවෙ පරියන්තං කරිත්වා උපරිතො නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගෙ දෙවෙ අන්තොකරිත්වා යං එතස්මිං අන්තරෙ එත්ථාවචරා එත්ථ පරියාපන්නා සමාපන්නස්ස වා උපපන්නස්ස වා දිට්ඨධම්මසුඛවිහාරිස්ස වා චිත්තචෙතසිකා ධම්මා. අයං වුච්චති අරූපධාතු. අට්ඨකථායං පන “කාමධාතූති කාමභවො පඤ්චක්ඛන්ධා ලබ්භන්ති, රූපධාතූති රූපභවො පඤ්චක්ඛන්ධා ලබ්භන්ති. අරූපධාතූති අරූපභවො චත්තාරො ඛන්ධා ලබ්භන්තී”ති වුත්තං. අයං දසුත්තරපරියායෙන යොජනා.
තිස්සො ධාතුයො යනු කාමධාතු, රූපධාතු, අරූපධාතුයි. එහි කාමධාතුව කවරේද? යටින් අවීචි මහනිරය කෙළවරකොට, උඩින් පරනිර්මිත දෙව්ලොව ඇතුළත් කොට මේ අතරතුර, මෙහි හැසිරෙන, මෙහි ඇතුළත්, ස්කන්ධ ධාතු, ආයතන, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන සියල්ල කාමධාතු නම් වේ. එහි රූපධාතුව කවරේද? යටින් බඹලොව කෙළවර කොට උඩින් අකනිටා දෙවියන් ඇතුළත්කොට මේ අතරතුර මෙහි හැසිරෙන, මෙහි ඇතුළත්, සමවතට සමවන් හෝ උපන් හෝ ඉහාත්ම සුවයෙන් වාසය කරන්නහුගේ චිත්ත චෛතසික ධර්මයෝය. මෙය රූපධාතුවයයි කියයි. එහි අරූපධාතුව කවරේද? යටින් ආකාසානඤ්චායතනය ඇතුළත් වූ දෙවියන් කෙළවරකොට, උඩින් නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට ඇතුළත් දෙවියන් ඇතුළත්කොට මේ අතරතුර, මෙහි හැසිරෙන, මෙහි ඇතුළත්, සමවතට සමවන් හෝ උපන්නෝ ඉහාත්ම සුව විහරණයෙහි යෙදී සිටින්නහුගේ චිත්ත චෛතසික ධර්මයි. මෙය අරූප ධාතුවයි. අටුවාවන්හි වනාහි කාමධාතු යනු කාමභවයයි. පංචස්කන්ධයන් ලබත්. රූපධාතු යනු රූපභවයයි. පංචස්කන්ධයන් ලබත්. අරූප ධාතු යනු අරූප භවයයි. ස්කන්ධ සතරක් ලබත්යයි කියයි.
සඞ්ගීතිපරියායෙන පන “තිස්සො කුසලධාතුයො – නෙක්ඛම්මධාතු අබ්යාපාදධාතු අවිහිංසාධාතු. අපරාපි තිස්සො ධාතුයො – රූපධාතු අරූපධාතු නිරොධධාතු. අපරාපි තිස්සො ධාතුයො – හීනා ධාතු මජ්ඣිමා ධාතු පණීතා ධාතූ”ති (දී· නි· 1.3.305) වුත්තා ධාතුයොපි එත්ථ යුජ්ජන්ති (විභ· 181-182). නෙක්ඛම්මපටිසංයුත්තො තක්කො විතක්කො…පෙ… සම්මාසඞ්කප්පො. අයං වුච්චති නෙක්ඛම්මධාතු. සබ්බෙපි කුසලා ධම්මා නෙක්ඛම්මධාතු. අබ්යාපාදපටිසංයුත්තො තක්කො විතක්කො…පෙ… සම්මාසඞ්කප්පො අබ්යාපාදධාතු. යා සත්තෙසු මෙත්ති මෙත්තායනා මෙත්තායිතත්තං මෙත්තාචෙතොවිමුත්ති. අයං වුච්චති අබ්යාපාදධාතු. අවිහිංසාපටිසංයුත්තො තක්කො විතක්කො…පෙ… සම්මාසඞ්කප්පො අවිහිංසාධාතු. යා සත්තෙසු කරුණා කරුණායනා කරුණායිතත්තං කරුණාචෙතොවිමුත්ති. අයං වුච්චති අවිහිංසාධාතු (විභ· 182). රූපාරූපධාතුයො වුත්තායෙව. නිරොධධාතු නිබ්බානං. හීනා ධාතු ද්වාදසාකුසලචිත්තුප්පාදා, මජ්ඣිමා ධාතු අවසෙසා තෙභූමකධම්මා. පණීතා ධාතු නව ලොකුත්තරධම්මා. සබ්බාපි ච නිජ්ජීවට්ඨෙන ධාතු.
සංගීති ක්‍රමයෙන් කුසලධාතු ත්රයයකි. නෛෂ්ක්‍රම්‍ය ධාතුව, අව්‍යාපාද ධාතුව, අවිහිංසා ධාතුව, වෙනත් ධාතු ත්රයයකි. රූප ධාතුව, අරූප ධාතුව, නිරෝධ ධාතුව, වෙනත් ධාතු ත්රයයකි. හීන ධාතුව (පහත්) මධ්‍යම ධාතුව, ප්‍රණීත (උසස්) ධාතුව, නෛෂ්ක්‍රම්‍යය හා යෙදුණු තර්කය, විතර්කය -පෙ- සම්‍යක් සංකල්පයක් වේද, මෙය නෛෂ්ක්‍රම්‍ය ධාතුයි. සියලු කුසල්දම් නෛෂ්ක්‍රම්‍ය ධාතුවයි. අව්‍යාපාදය හා යෙදුණු තර්කය. විතර්කය -පෙ- සම්‍යක් සංකල්පයක් වේද, එය අව්‍යාපාද ධාතුවයි. සත්ත්වයින් කෙරෙහි පවත්නා යම් මෛත්‍රියක වේද, මෛත්‍රී කිරීමක් වේද, මෛත්‍රී කිරීමේ ස්වභාවයක් වේද, මෙය මෛත්‍රී චෙතොවිමුත්තියයි (සිත නිදහස් වීම) අවිහිංසාව හා යෙදුණු තර්කයක්, විතර්කයක් -පෙ- සම්‍යක් සංකල්පයක් වේද, එය අවිහිංසා ධාතුවයි. සත්ත්වයින් කෙරෙහි පවත්නා යම් කරුණාවක්, කරුණා කිරීමක්, කරුණා පැවැත්වීමක් වේද එය කරුණා චෙතො විමුත්තියයි. මෙය අවිහිංසා ධාතුවයි. රූපාරූප ධාතු කියන ලද්දේමය. නිර්වාණය නිරෝධ ධාතුවයි. දොළොස් අකුසල් සිත්හි ඉපදීම හීනධාතුයි. සෙසු ත්‍රෛභූමික ධර්ම මධ්‍යම ධාතුයි. නවලොවුතුරු දම් ප්‍රණීත ධාතුයි. සියල්ලම අජීවාර්ථයෙන් ධර්ම නම් වේ.
චත්තාරි අරියසච්චානීති දුක්ඛං අරියසච්චං, දුක්ඛසමුදයං අරියසච්චං, දුක්ඛනිරොධං අරියසච්චං, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. ඉමෙසං වණ්ණනා සච්චවිස්සජ්ජනෙසුයෙව භවිස්සති.
චත්තාරි අරියසච්චානි යනු දුක්ඛාර්ය සත්‍යය - දුක්ඛ සමුදයාර්ථ සත්‍යය, දුක්ඛ නිරෝධාර්ය සත්‍යය, දුක්ඛ නිරෝධගාමිණී ප්‍රතිපදාර්ය සත්‍යයි. මේවාහි වර්ණනාව සත්‍ය විස්තර කිරීමෙහිම වන්නේය.
පඤ්ච විමුත්තායතනානීති අත්තනො හිතත්ථාය පරෙහි පවත්තිතධම්මදෙසනාසවනං, පරෙසං හිතත්ථාය අත්තනො යථාසුතධම්මදෙසනා, යථාසුතස්ස ධම්මස්ස සජ්ඣායකරණං, යථාසුතස්ස ධම්මස්ස චෙතසා අනුවිතක්කනං, කසිණාසුභාදීසු අනුකූලං ආරම්මණන්ති, ඉමානි පඤ්ච විමුච්චනකාරණානි. යථාහ –
පඤ්ච විමුත්තායතනානීති යනු තමාගේ හිතසුව සඳහා අනුන් විසින් පවත්වන දම්දෙසීම් ශ්‍රවණය කිරීම, අනුන්ගේ හිතසුව සඳහා තමා විසින් ඇසූ ධර්මය දේශනා කිරීම, ඇසූ ධර්මය ඒ අනුව සජ්ඣායනා කිරීම (කීම) ඇසූ ධර්මය සිතින් නැවත නැවත කල්පනා කිරීම. කසිණ අසුභාදි සුදුසු අරමුණු ගැනීම, මේ කරුණු පස සසරින් මිදීමට හේතුවෙයි. ධර්මය දැනගත්තේද වේ. දෙසූ පරිදි,
“ඉධ, භික්ඛවෙ, භික්ඛුනො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානියො සබ්රහ්මචාරී, යථා යථා ඛො, භික්ඛවෙ, භික්ඛුනො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානියො සබ්රහ්මචාරී, තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච, තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමොජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති, ඉදං පඨමං විමුත්තායතනං.
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවට ශාස්තෲන් වහන්සේ හෝ වෙනත් ගුරු තත්ත්වයේ සබ්‍රම්සර තෙර කෙනෙකුන් හෝ ධර්මය දේශනා කෙරේද? මහණෙනි, ඒ භික්ෂුවට යම් යම් ආකාරයකින් ශාස්තෲන් වහන්සේ හෝ ගුරු තත්ත්වයේ සබ්‍රම්සර තෙර හෝ ධර්මය දේශනා කෙරේද? ඒ ඒ අයුරින් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථ අවබෝධ කරන්නේද වේ. ධර්ම කරුණු අවබෝධ කරන්නේද වේ. අර්ථ අවබෝධ කරන්නා වූද, ධර්ම කරුණු අවබෝධ කරන්නා වූද ඔහුට ප්‍රමෝදය හටගනී. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය හටගනී. ප්‍රීතිය ඇති ඔහුගේ ශරීරය සන්සුන් වෙයි. සන්සුන් සිරුරු ඇත්තේ සුව විඳියි. සුවපත් වූවහුගේ සිත සමාධිගත වෙයි. මේ පළමු විමුක්තියට හේතුවන කරුණයි.
“පුන චපරං, භික්ඛවෙ, භික්ඛුනො න හෙව ඛො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානියො සබ්රහ්මචාරී, අපි ච ඛො යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති. යථා යථා ඛො, භික්ඛවෙ, භික්ඛුනො…පෙ… සුඛිනො චිත්තං සමාධියති. ඉදං දුතියං විමුත්තායතනං.
නැවතද මහණෙනි, ඒ භික්ෂුවට ශාස්තෲන් වහන්සේ හෝ වෙනත් ගුරු තත්ත්වයේ සබ්‍රම්සර තෙර කෙනෙකුන් ධර්මය දේශනා නොකරයි. නමුත් අසන ලද පරිද්දෙන් උගත් අයුරින් විස්තර වශයෙන් අනුන්ට ධර්මය දේශනා කරයි. මහණෙනි, ඒ භික්ෂුවට යම් යම් පරිද්දෙන් -පෙ- සුවපත් වූයේ, සිත සමාධිගත වේ. මේ දෙවන විමුක්තියට හේතුවන කරුණයි.
“පුන චපරං, භික්ඛවෙ, භික්ඛුනො නහෙව ඛො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානියො සබ්රහ්මචාරී, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති, අපි ච ඛො යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති. යථා යථා ඛො, භික්ඛවෙ, භික්ඛුනො…පෙ… සුඛිනො චිත්තං සමාධියති. ඉදං තතියං විමුත්තායතනං.
නැවතද මහණෙනි, ඒ භික්ෂුවට ශාස්තෲන් වහන්සේ හෝ වෙනත් ගුරු තත්ත්වයේ සබ්‍රම්සර තෙර කෙනෙකු ධර්මය දේශනා නොකරයි. අසන ලද පරිද්දෙන්, උගත් පරිද්දෙන් අනුන්ට විස්තර වශයෙන් ධර්මය දේශනා නොකරයි. එසේද වුවත්, අසන ලද පරිදි උගත් පරිදි ධර්මය විස්තර වශයෙන් ධර්මය සජ්ඣායනා (කියවීම) කරයි. මහණෙනි, යම් යම් පරිද්දෙන් ඒ භික්ෂුවට -පෙ- සුවපත් වූවහුගේ සිත සමාධිගත වෙයි. මේ තුන්වන විමුක්තියට හේතුවන කරුණයි.
“පුන චපරං, භික්ඛවෙ, භික්ඛුනො නහෙව ඛො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානියො සබ්රහ්මචාරී, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති, අපි ච ඛො යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති මනසානුපෙක්ඛති. යථා යථා ඛො, භික්ඛවෙ, භික්ඛුනො…පෙ… සුඛිනො චිත්තං සමාධියති. ඉදං චතුත්ථං විමුත්තායතනං.
මහණෙනි, නැවතද භික්ෂුවට ශාස්තෲන් වහන්සේ හෝ අන්‍ය සබ්‍රම්සර තෙර කෙනෙකු ධර්මය දේශනා නොකරති. අසන ලද පරිදි, උගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට ධර්මය දේශනා නොකරයි. අසන ලද පරිදි, උගත් පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා නොකරයි. එසේ වූයේ වී නමුත් සිතින් ධර්මය මෙනෙහි කරයි. සිතා බලයි. සිතින් විශේෂයෙන් බලයි. මහණෙනි, ඒ භික්ෂුවට යම් යම් පරිද්දෙකින් -පෙ- සුවපත් වූවහුගේ සිත සමාධිගත වේ. මේ සතරවන මිදීමේ කරුණයි.
“පුන චපරං, භික්ඛවෙ, භික්ඛුනො නහෙව ඛො සත්ථා ධම්මං දෙසෙති අඤ්ඤතරො වා ගරුට්ඨානියො සබ්රහ්මචාරී, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන පරෙසං දෙසෙති, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරොති, නාපි යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙති අනුවිචාරෙති මනසානුපෙක්ඛති, අපි ච ඛ්වස්ස අඤ්ඤතරං සමාධිනිමිත්තං සුග්ගහිතං හොති සුමනසිකතං සූපධාරිතං සුප්පටිවිද්ධං පඤ්ඤාය, යථා යථා ඛො, භික්ඛවෙ, භික්ඛුනො අඤ්ඤතරං සමාධිනිමිත්තං සුග්ගහිතං හොති සුමනසිකතං සූපධාරිතං සුප්පටිවිද්ධං පඤ්ඤාය තථා තථා සො තස්මිං ධම්මෙ අත්ථපටිසංවෙදී ච හොති ධම්මපටිසංවෙදී ච. තස්ස අත්ථපටිසංවෙදිනො ධම්මපටිසංවෙදිනො පාමොජ්ජං ජායති , පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති. ඉදං පඤ්චමං විමුත්තායතන”න්ති (අ· නි· 5.26; දී· නි· 3.322).
නැවතද මහණෙනි, භික්ෂුවට ශාස්තෲන් වහන්සේ හෝ අන්‍ය ගුරුතන්හිලා සලකන සබ්‍රම්සර තෙර කෙනෙකු හෝ ධර්මය දේශනා නොකරත්. අසන ලද පරිදි උගත් පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා නොකරයි. අසන ලද පරිදි උගත් පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා නොකරයි. අසන ලද පරිදි, උගත් පරිදි ධර්මය සිතින් මෙනෙහි නොකරයි. සිතින් සිතා නොබලයි. සිතින් විශේෂයෙන් නොබලයි. එසේද වුවත් එක්තරා සමාධියට හේතුවන කරුණක් නුවණින් මනාව ගන්නා ලද්දේ, මනාව මෙනෙහි කරන ලද්දේ වෙයි. මහණෙනි, ඒ භික්ෂුවට යම් යම් අයුරකින් එක්තරා සමාධියට හේතුවන කරුණක්, නුවණින් මනාව ගන්නා ලද්දේ, මනාව මෙනෙහි කරන ලද්දේ, මනාව සිත්හි දරාගන්නා ලද්දේ, මනාව අවබෝධ කරන ලද්දේ වෙයි. ඒ ඒ අයුරින් හෙතෙම ඒ ධර්මයෙහි අර්ථ අවබෝධ කරන්නේද, ධර්මය අවබෝධ කරන්නේද වේ. අර්ථය අවබෝධ කරන්නා වූද, ධර්මය අවබෝධ කරන්නා වූද ඔහුට ප්‍රමෝදය හටගනී. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය හටගනී. ප්‍රීතිය ඇතියහුගේ සිත සන්සුන් වේ. සන්සුන් ශරීර ඇත්තේ සුවවිඳියි. සුවපත් වූවහුගේ සිත සමාධිගත වේ. මේ පස්වන මිදීමේ කරුණයි.
ඡ අනුත්තරියානීති එත්ථ නත්ථි එතෙසං උත්තරන්ති අනුත්තරානි, අනුත්තරානි එව අනුත්තරියානි, ජෙට්ඨකානීති අත්ථො. වුත්තඤ්හෙතං භගවතා –
ඡ අනුත්තරියානී යන මෙහි ඒවාට වඩා ශ්‍රේෂ්ඨ වූවක් නැත්තේනුයි අනුත්තර නම් වේ. ඉතා ශ්‍රේෂ්ඨ වූයේම=අනුත්තරානි නමි. ප්රධානීහුය යන අර්ථයි. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදි;
“ඡයිමානි (අ· නි· 6.8, 30), භික්ඛවෙ, අනුත්තරියානි. කතමානි ඡ? දස්සනානුත්තරියං, සවනානුත්තරියං, ලාභානුත්තරියං, සික්ඛානුත්තරියං, පාරිචරියානුත්තරියං, අනුස්සතානුත්තරියන්ති.
මහණෙනි, මේ ශ්රේෂ්ඨතා සයකි. කවර සයෙක්ද යත්? දැකීමේ ශ්‍රේෂ්ඨතාව, ශ්‍රවණයෙහි ශ්‍රේෂ්ඨතාව, ලාභයෙහි ශ්‍රේෂ්ඨතාව, පුහුණුවේ ශ්‍රේෂ්ඨතාව, සේවය කිරීමේ ශ්‍රේෂ්ඨතාව, සිහිකිරීමේ ශ්‍රේෂ්ඨතාව යන සයයි.
“කතමඤ්ච, භික්ඛවෙ, දස්සනානුත්තරියං? ඉධ, භික්ඛවෙ, එකච්චො හත්ථිරතනම්පි දස්සනාය ගච්ඡති, අස්සරතනම්පි දස්සනාය ගච්ඡති, මණිරතනම්පි දස්සනාය ගච්ඡති, උච්චාවචං වා පන දස්සනාය ගච්ඡති, සමණං වා බ්රාහ්මණං වා මිච්ඡාදිට්ඨිකං මිච්ඡාපටිපන්නං දස්සනාය ගච්ඡති. අත්ථෙතං, භික්ඛවෙ, දස්සනං, නෙතං නත්ථීති වදාමි. තඤ්ච ඛො එතං, භික්ඛවෙ, දස්සනං හීනං ගම්මං පොථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. යො ච ඛො, භික්ඛවෙ, තථාගතං වා තථාගතසාවකං වා දස්සනාය ගච්ඡති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. එතදානුත්තරියං, භික්ඛවෙ, දස්සනානං සත්තානං විසුද්ධියා සොකපරිදෙවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං තථාගතං වා තථාගතසාවකං වා දස්සනාය ගච්ඡති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. ඉදං වුච්චති, භික්ඛවෙ, දස්සනානුත්තරියං. ඉති දස්සනානුත්තරියං.
මහණෙනි, දැකීමේ ශ්‍රේෂ්ඨතාව කවරේද? මහණෙනි, මෙලොව ඇතැමෙක් හස්තිරත්නයද දැකීමට යයි. අශ්ව රත්නයද දැකීමට යයි. මැණික් රත්නයද දැකීමට යයි. උසස් පහත් නොයෙක් දේ දැකීමට යයි. වැරදි මගට පිළිපන්, වැරදි දෘෂ්ටි ගත් මහණ බමුණන් දැකීමට යයි. මහණෙනි, එහි දර්ශනයක් තිබේද? එය දර්ශනයක් නොවේ. දර්ශනයක් නැතැයි වදාරමි. මහණෙනි, ඒ දර්ශනය වනාහි පහත්ය. ග්රාම්යය. පෘථග්ජනයන්ට අයත්ය. අනාර්යය. අවැඩ පිණිස පවතී. කලකිරීම සඳහා නොපවතී. විරාගය සඳහා නොපවතී. විශිෂ්ට ඥානය සඳහා නොපවතී. අවබෝධය සඳහා නොපවතී. නිවන සඳහා නොපවතී. මහණෙනි, යම්කිසිවෙක්, පිහිටුවා ගත් ශ්‍රද්ධා ඇති, පිහිටුවා ගත් භක්තිය ඇති, ඒකාන්ත නිශ්චයට ගිය (මනා ප්‍රසන්නතාවකින් යුත්) තථාගතයන් වහන්සේ නමක් හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් හෝ දැක්මට යේද? මහණෙනි, මෙය දර්ශනයන් අතර උසස්ය. සත්ත්වයින්ගේ පිරිසිදු බව සඳහා සෝක වැළපීම් ඉක්මවීම් සඳහා, දුක් දොම්නස් විනාශ කිරීමට, සත්‍ය මාර්ග අවබෝධය සඳහා නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවතී. පිහිටුවා ගත් ශ්‍රද්ධාව ඇති, පිහිටුවා ගත් භක්තිය ඇති, ඒකාන්ත නිශ්චයට ගිය, මනා ප්‍රසන්නතාවකින් යුත් යම් ඒ තථාගතයන් වහන්සේ නමක් හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් දැක්මට යේද? මහණෙනි, මෙය දස්සනානුත්තරිය යයි කියයි. මෙසේ දස්සනානුත්තරියයි.
“සවනානුත්තරියඤ්ච කථං හොති? ඉධ, භික්ඛවෙ, එකච්චො භෙරිසද්දම්පි සවනාය ගච්ඡති, වීණාසද්දම්පි සවනාය ගච්ඡති, ගීතසද්දම්පි සවනාය ගච්ඡති, උච්චාවචං වා පන සවනාය ගච්ඡති, සමණස්ස වා බ්රාහ්මණස්ස වා මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාපටිපන්නස්ස ධම්මස්සවනාය ගච්ඡති. අත්ථෙතං, භික්ඛවෙ, සවනං, නෙතං නත්ථීති වදාමි . තඤ්ච ඛො එතං, භික්ඛවෙ, සවනං හීනං…පෙ… න නිබ්බානාය සංවත්තති. යො ච ඛො, භික්ඛවෙ, තථාගතස්ස වා තථාගතසාවකස්ස වා ධම්මස්සවනාය ගච්ඡති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. එතදානුත්තරියං, භික්ඛවෙ, සවනානං සත්තානං විසුද්ධියා…පෙ… නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං තථාගතස්ස වා තථාගතසාවකස්ස වා ධම්මස්සවනාය ගච්ඡති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. ඉදං වුච්චති, භික්ඛවෙ, සවනානුත්තරියං. ඉති දස්සනානුත්තරියං, සවනානුත්තරියං.
ශ්‍රවණානුත්තරිය කෙසේ වේද? මහණෙනි, මෙලොව ඇතැමෙක් බෙර ශබ්දය ඇසීමටද යයි. වීණා ශබ්දය ඇසීමටද යයි. ගීත ශබ්දය ඇසීමටද යයි. උසස් පහත් නොයෙක් දෑ ඇසීමට යයි. වැරදි දෘෂ්ටි ඇති වැරදි මාර්ගයට පිළිපන් ශ්රමණයෙකුගේ හෝ බ්‍රාහ්මණයෙකුගේ හෝ දහම් ශ්‍රවණයට යයි. මහණෙනි, එහි ශ්‍රවණයක් තිබේද? එය ශ්‍රවණයක් නොවේ. එහි ශ්‍රවණයක් නැතැයි වදාරමි. මහණෙනි, එම ශ්‍රවණය හීනය. -පෙ- නිර්වාණය සඳහා නොපවතී. මහණෙනි, යම් කිසිවෙක්, පිහිටුවා ගත් ශ්‍රද්ධා ඇති, පිහිටුවාගත් භක්තිය ඇති, ඒකාන්ත නිශ්චයට ගිය මනා ප්‍රසන්නතාවකින් යුත්, තථාගතයන් වහන්සේ නමකගේ හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමකගේ හෝ ධර්ම ශ්‍රවණයට යේද? මහණෙනි, මෙය ශ්‍රවණයන් අතර උසස්ය. සත්ත්වයින්ගේ පිරිසිදු බව සඳහා -පෙ- නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවතී. පිහිටුවාගත් ශ්‍රද්ධාව ඇති, පිහිටුවා ගත් භක්තිය ඇති, ඒකාන්ත නිශ්චයට ගිය, මනා ප්‍රසන්නතාවකින් යුත්, යම් ඒ තථාගතයන් වහන්සේ නමකගේ හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමකගේ ධර්මශ්රවණයට යේද, මහණෙනි, මෙය ශ්‍රවණානුත්තරිය යයි කියනු ලැබේ. දර්ශනානුත්තරිය, ශ්‍රවණානුත්තරිය මෙසේය.
“ලාභානුත්තරියඤ්ච කථං හොති? ඉධ, භික්ඛවෙ, එකච්චො පුත්තලාභම්පි ලභති, දාරලාභම්පි ලභති, ධනලාභම්පි ලභති, උච්චාවචං වා පන ලාභම්පි ලභති. සමණෙ වා බ්රාහ්මණෙ වා මිච්ඡාදිට්ඨිකෙ මිච්ඡාපටිපන්නෙ සද්ධං පටිලභති. අත්ථෙසො, භික්ඛවෙ, ලාභො, නෙසො නත්ථීති වදාමි. සො ච ඛො එසො, භික්ඛවෙ, ලාභො හීනො…පෙ… න නිබ්බානාය සංවත්තති. යො ච ඛො, භික්ඛවෙ, තථාගතෙ වා තථාගතසාවකෙ වා සද්ධං පටිලභති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. එතදානුත්තරියං, භික්ඛවෙ, ලාභානං සත්තානං විසුද්ධියා…පෙ… නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං තථාගතෙ වා තථාගතසාවකෙ වා සද්ධං පටිලභති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. ඉදං වුච්චති, භික්ඛවෙ, ලාභානුත්තරියං . ඉති දස්සනානුත්තරියං, සවනානුත්තරියං, ලාභානුත්තරියං.
ලාභානුත්තරිය කෙසේ වේද? මහණෙනි, මෙලොව ඇතැමෙක් පුත්රලාභද ලබයි. භාර්යා ලාභද ලබයි. ධනලාභද ලබයි. උසස් පහත් නොයෙක් ලාභද ලබයි. වැරදි දෘෂ්ටි ගත, වැරදි මාර්ගයට පිළිපන් මහණ බමුණන් කෙරෙහි ශ්‍රද්ධාව ලබයි. මහණෙනි, එහි ලාභයක් තිබේද? එය ලාභයක් නොවේ. එහි ලාභයක් නැතැයි වදාරමි. මහණෙනි, එම ලාභය හීනය. -පෙ- නිර්වාණය සඳහා නොපවතී. මහණෙනි, යම්කිසිවෙක් පිහිටුවාගත් ශ්‍රද්ධාව ඇති, පිහිටුවාගත් භක්තිය ඇති, ඒකාන්ත නිශ්චයට ගිය, මනා ප්‍රසන්නතාවකින් යුත් තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගත ශ්‍රාවකයාණන් වහන්සේ නමක් කෙරෙහි හෝ ශ්‍රද්ධාව ලබයිද? මහණෙනි, මෙය ලාභයන් අතර උසස්ය. සත්ත්වයින්ගේ පිරිසිදු බව සඳහා -පෙ- නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා පවතී. පිහිටුවාගත් ශ්‍රද්ධාව ඇති, පිහිටුවාගත් භක්තිය ඇති, ඒකාන්ත නිශ්චයට ගිය, මනා ප්‍රසන්නතාවකින් යුත්, තථාගතයන් වහන්සේ නමක් කෙරෙහි හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් කෙරෙහි ශ්‍රද්ධාවක් ලබයිද? මහණෙනි. මෙය ලාභානුත්තරියයයි කියයි. මෙසේ දස්සනානුත්තරිය, ශ්‍රවණානුත්තරිය ලාභානුත්තරිය වේ.
“සික්ඛානුත්තරියඤ්ච කථං හොති? ඉධ, භික්ඛවෙ, එකච්චො හත්ථිස්මිම්පි සික්ඛති, අස්සස්මිම්පි සික්ඛති, රථස්මිම්පි සික්ඛති, ධනුස්මිම්පි සික්ඛති, ථරුස්මිම්පි සික්ඛති, උච්චාවචං වා පන සික්ඛති, සමණස්ස වා බ්රාහ්මණස්ස වා මිච්ඡාදිට්ඨිකස්ස මිච්ඡාපටිපන්නස්ස සික්ඛති. අත්ථෙසා, භික්ඛවෙ, සික්ඛා, නෙසා නත්ථීති වදාමි. සා ච ඛො එසා, භික්ඛවෙ, සික්ඛා හීනා…පෙ… න නිබ්බානාය සංවත්තති. යො ච ඛො, භික්ඛවෙ, තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අධිසීලම්පි සික්ඛති, අධිචිත්තම්පි සික්ඛති, අධිපඤ්ඤම්පි සික්ඛති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. එතදානුත්තරියං, භික්ඛවෙ , සික්ඛානං සත්තානං විසුද්ධියා…පෙ… නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අධිසීලම්පි සික්ඛති, අධිචිත්තම්පි සික්ඛති, අධිපඤ්ඤම්පි සික්ඛති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. ඉදං වුච්චති, භික්ඛවෙ, සික්ඛානුත්තරියං. ඉති දස්සනානුත්තරියං, සවනානුත්තරියං, ලාභානුත්තරියං, සික්ඛානුත්තරියං.
ශික්ෂානුත්තරිය කෙසේ වේද? මහණෙනි, මෙලොව ඇතමෙක් හස්ති ශිල්පයෙහිද පුහුණු වෙයි. අශ්ව ශිල්පයෙහිද පුහුණු වෙයි. රථ ශිල්පයෙහිද පුහුණු වෙයි. දුනු ශිල්පයෙහිද පුහුණු වෙයි. කඩු මිටි ශිල්පයෙහිද පුහුණු වෙයි. උසස් පහත් නොයෙක් ශිල්පයන්හි පුහුණු වෙයි. වැරදි දෘෂ්ටි ඇති, වැරදි මාර්ගයට පිළිපන් ශ්රමණයෙකුගේ හෝ බ්‍රාහ්මණයෙකුගේ ශිල්ප ඉගෙන ගනී. මහණෙනි, එහි පුහුණුවක් තිබේද? එය පුහුණුවක් නොවේ. එහි පුහුණුවක් නැතැයි වදාරමි. මහණෙනි, එම පුහුණුව හීනය -පෙ- නිර්වාණය සඳහා නොපවතී. මහණෙනි, යම්කිසිවෙක් පිහිටුවාගත් ශ්‍රද්ධා ඇති පිහිටුවාගත් භක්තිය ඇති, ඒකාන්ත නිශ්චයට ගිය, මනා ප්‍රසන්නතාවකින් යුත් තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද, ධර්ම විනයෙහි ඇතුළත් අධිසීලයෙහි පුහුණු වේද? අධි චිත්තයෙහි පුහුණු වේද? අධි ප්‍රඥාවෙහි පුහුණු වේද? මහණෙනි, මෙය පුහුණුවීම් අතර උසස්ය. සත්ත්වයින්ගේ පිරිසිදු බව සඳහා -පෙ- නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා පවතී. පිහිටුවාගත් ශ්‍රද්ධාව ඇති, පිහිටුවාගත් භක්තිය ඇති ඒකාන්ත නිශ්චයට ගිය, මනා ප්‍රසන්නතාවයකින් යුත්, යම් ඒ තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද ධර්ම විනයෙහි ඇතුළත් අධි සීලයෙහි පුහුණු වේද? අධි චිත්තයෙහි පුහුණු වේද, අධි ප්‍රඥාවෙහි පුහුණු වේද? මහණෙනි, මෙය ශික්ෂානුත්තරිය යයි කියනු ලැබේ. දර්ශනානුත්තරිය, ශ්‍රවණානුත්තරිය, ලාභානුත්තරිය, ශික්ෂානුත්තරිය මෙසේය.
“පාරිචරියානුත්තරියඤ්ච කථං හොති? ඉධ, භික්ඛවෙ, එකච්චො ඛත්තියම්පි පරිචරති, බ්රාහ්මණම්පි පරිචරති, ගහපතිම්පි පරිචරති, උච්චාවචං වා පන පරිචරති, සමණං වා බ්රාහ්මණං වා මිච්ඡාදිට්ඨිකං මිච්ඡාපටිපන්නං පරිචරති. අත්ථෙසා, භික්ඛවෙ, පාරිචරියා, නෙසා නත්ථීති වදාමි. සා ච ඛො එසා, භික්ඛවෙ, පාරිචරියා හීනා…පෙ… න නිබ්බානාය සංවත්තති. යො ච ඛො, භික්ඛවෙ, තථාගතං වා තථාගතසාවකං වා පරිචරති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. එතදානුත්තරියං, භික්ඛවෙ, පාරිචරියානං සත්තානං විසුද්ධියා…පෙ… නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං තථාගතං වා තථාගතසාවකං වා පරිචරති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. ඉදං වුච්චති, භික්ඛවෙ, පාරිචරියානුත්තරියං. ඉති දස්සනානුත්තරියං, සවනානුත්තරියං, ලාභානුත්තරියං, සික්ඛානුත්තරියං, පාරිචරියානුත්තරියං.
පාරිචරියානුත්තරිය කෙසේ වේද? මහණෙනි, මෙලොව ඇතමෙක් ක්ෂත්රියයන්ටද සේවය කරයි. බ්‍රාහ්මණයන්ටද සේවය කරයි. ගෘහපතීන්ටද සේවය කරයි. උසස් පහත් නොයෙක් අයට සේවය කරයි. වැරදි දෘෂ්ටි ඇති, වැරදි මාර්ගයට පිළිපන් ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට සේවය කරයි. මහණෙනි, මෙහි සේවයක් තිබේද? එය සේවයක් නොවේ. සේවයක් නැතැයි වදාරමි. මහණෙනි, ඒ සේවය කිරීම හීනය. -පෙ- නිර්වාණය සඳහා නොපවතී. මහණෙනි, යම් කිසිවෙක්, පිහිටුවාගත් ශ්‍රද්ධාව ඇති, පිහිටුවාගත් භක්තිය ඇති, ඒකාන්ත නිශ්චයට ගිය මනා ප්‍රසන්නතාවකින් යුත් තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේට හෝ සේවය කරයිද? මහණෙනි, සේවය කිරීම් අතර එය ශ්‍රේෂ්ඨය. සත්ත්වයින්ගේ පිරිසිදු බව සඳහා -පෙ- නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා පවතී. පිහිටුවාගත් ශ්‍රද්ධාව ඇති, පිහිටුවාගත් භක්තිය ඇති ඒකාන්ත නිශ්චයට ගිය මනා ප්‍රසන්නතාවකින් යුත් යම් ඒ තථාගතයන් වහන්සේට හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමකට සේවය කරයිද? මහණෙනි, මෙය පාරිචරියානුත්තරියයි. දස්සනානුත්තරිය, සවණානුත්තරිය, ලාභානුත්තරිය, සික්ඛානුත්තරිය, පාරිචරියානුත්තරිය මෙසේය.
“අනුස්සතානුත්තරියඤ්ච කථං හොති? ඉධ, භික්ඛවෙ, එකච්චො පුත්තලාභම්පි අනුස්සරති, දාරලාභම්පි අනුස්සරති, ධනලාභම්පි අනුස්සරති, උච්චාවචං වා පන අනුස්සරති, සමණං වා බ්රාහ්මණං වා මිච්ඡාදිට්ඨිකං මිච්ඡාපටිපන්නං අනුස්සරති. අත්ථෙසා, භික්ඛවෙ, අනුස්සති, නෙසා නත්ථීති වදාමි. සා ච ඛො එසා, භික්ඛවෙ, අනුස්සති හීනා…පෙ… න නිබ්බානාය සංවත්තති. යො ච ඛො, භික්ඛවෙ, තථාගතං වා තථාගතසාවකං වා අනුස්සරති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. එතදානුත්තරියං, භික්ඛවෙ, අනුස්සතීනං සත්තානං විසුද්ධියා…පෙ… නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං තථාගතං වා තථාගතසාවකං වා අනුස්සරති නිවිට්ඨසද්ධො නිවිට්ඨපෙමො එකන්තගතො අභිප්පසන්නො. ඉදං වුච්චති, භික්ඛවෙ, අනුස්සතානුත්තරියං. ඉමානි ඛො, භික්ඛවෙ, ඡ අනුත්තරියානී”ති (අ· නි· 6.30).
අනුස්සතානුත්තරිය කෙසේ වේද? මහණෙනි, මෙලොව ඇතමෙක් පුත්‍ර ලාභයද සිහිකරයි. භාර්යා ලාභයද සිහිකරයි. ධන ලාභයද සිහිකරයි. උසස් පහත් නොයෙක් දේ සිහි කරයි. වැරදි දෘෂ්ටි ගත්, වැරදි මාර්ගයට පිළිපන් ශ්‍රමණයකු බ්‍රාහ්මණයකු සිහිකරයි. මහණෙනි, මෙහි සිහිකිරීමක් තිබේද? සිහිකිරීමක් නොවේ. සිහිකිරීමක් නැතැයි වදාරමි. මහණෙනි, එම සිහිකිරීම හීනය. -පෙ- නිර්වාණය පිණිස නොපවතී. මහණෙනි, යම් කිසිවෙක් පිහිටුවාගත් ශ්‍රද්ධාව ඇති, පිහිටුවාගත් භක්තිය ඇති, ඒකාන්ත නිශ්චයට ගිය මනා ප්‍රසන්නතාවකින් යුත් තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් සිහිකරයිද? මහණෙනි, සිහිකිරීම් අතර එය ශ්‍රේෂ්ඨය. සත්ත්වයින්ගේ පිරිසිදු බව සඳහා -පෙ- නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා පවතී. පිහිටුවාගත් ශ්‍රද්ධාව ඇති, පිහිටුවාගත් භක්තිය ඇති, ඒකාන්ත නිශ්චයට ගිය, මනා ප්‍රසන්නතාවකින් යුත්, තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් සිහිකරයිද? මහණෙනි, මේ අනුස්සතානුත්තරියයි. මහණෙනි, මේ ෂට් ශ්රේෂ්ඨතාවයන්ය.
සත්ත නිද්දසවත්ථූනීති එත්ථ නත්ථි එතස්ස දසාති නිද්දසො. නිද්දසස්ස නිද්දසභාවස්ස වත්ථූනි කාරණානි නිද්දසවත්ථූනි. ඛීණාසවො හි දසවස්සකාලෙ පරිනිබ්බුතො පුන පටිසන්ධියා අභාවා පුන දසවස්සො න හොතීති නිද්දසොති වුච්චති. න කෙවලඤ්ච දසවස්සොව න හොති, නවවස්සොපි…පෙ… එකමුහුත්තිකොපි න හොතියෙව. න කෙවලඤ්ච දසවස්සකාලෙ පරිනිබ්බුතො, සත්තවස්සිකකාලෙ පරිනිබ්බුතොපි නිස්සත්තො නිද්දසො නිමුහුත්තො හොතියෙව. තිත්ථියසමයෙ උප්පන්නවොහාරං පන සාසනෙ ඛීණාසවස්ස ආරොපෙත්වා තත්ථ තාදිසස්ස අභාවං, ඉධ ච සබ්භාවං දස්සෙන්තො භගවා තාදිසසභාවස්ස කාරණානි “සත්ත නිද්දසවත්ථූනී”ති ආහ. යථාහ –
සත්ත නිද්දසවත්ථූනි යන මෙහි මෙයට දසාවක් නැත්තේනුයි නිද්දසො නම් වේ. නිර්දසාවට නිර්දසාභාවයට වස්තු වූයේ නුයි හේතු වූයේනුයි නිද්දසිවත්ථුනි නම් වේ. ක්ෂීණාශ්රවයන් වහන්සේ නමක් දසවස් වයස් සීමාවේ පිරිනිවියහොත් නැවත ප්රතිසන්ධියගේ නොවීම වන හෙයින්, නැවත දසවර්ෂයක් නොවේනුයි නිද්දස යයි කියයි. හුදෙක් දස වර්ෂයම නොවේ. නව වර්ෂයද, -පෙ- එක් මොහොතකින්ද නොවන්නේමය. හුදෙස් දසවස් කාලයෙහි පිරිනිවන්පෑවේ නොවේ. සත්වන වියෙහි පිරිනිවියේද ආත්මයක් නොමැත්තේ නිද්දස වූයේ මොහොතක් පමණද නොලබන්නේ ප්‍රතිසන්ධියක් නොලබන්නේය. තීර්ථක සමයයන්හි හටගත් ව්‍යවහාරයක් සස්නෙහි ක්ෂීණාශ්රවයන්ට ආරෝපණය කොට, එහි එවැනි දැයෙහි අභාවයත්, මෙ සස්නෙහි හටගනීයයි දක්වන්නේ, බුදුරදහු එබඳු කාරණයන්ට හේතුවූ නිද්දස වත්ථු සතක් වදාළහ.
“සත්තිමානි, භික්ඛවෙ, නිද්දසවත්ථූනි. කතමානි සත්ත? ඉධ, භික්ඛවෙ, භික්ඛු සික්ඛාසමාදානෙ තිබ්බච්ඡන්දො හොති, ආයතිඤ්ච සික්ඛාසමාදානෙ අවිගතපෙමො. ධම්මනිසන්තියා තිබ්බච්ඡන්දො හොති, ආයතිඤ්ච ධම්මනිසන්තියා අවිගතපෙමො. ඉච්ඡාවිනයෙ තිබ්බච්ඡන්දො හොති, ආයතිඤ්ච ඉච්ඡාවිනයෙ අවිගතපෙමො. පටිසල්ලානෙ තිබ්බච්ඡන්දො හොති, ආයතිඤ්ච පටිසල්ලානෙ අවිගතපෙමො. වීරියාරම්භෙ තිබ්බච්ඡන්දො හොති, ආයතිඤ්ච වීරියාරම්භෙ අවිගතපෙමො . සතිනෙපක්කෙ තිබ්බච්ඡන්දො හොති, ආයතිඤ්ච සතිනෙපක්කෙ අවිගතපෙමො. දිට්ඨිපටිවෙධෙ තිබ්බච්ඡන්දො හොති, ආයතිඤ්ච දිට්ඨිපටිවෙධෙ අවිගතපෙමො. ඉමානි ඛො, භික්ඛවෙ, සත්ත නිද්දසවත්ථූනී”ති (අ· නි· 7.20).
මහණෙනි, මේ නිද්දස වස්තු සතෙකි. කවර සතක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ශික්ෂා සමාදන්වීමෙහි තියුණු කැමැත්තක් ඇත්තේ වේද? මත්තෙහිද ශික්ෂා සමාදානයෙහි පහනොවූ ප්‍රේමයක් ඇත්තේ වේද ධර්මානුගතික වීමෙහි තියුණු කැමැත්තක් ඇත්තේ වේද, මත්තෙහිද ධර්මානුගතික වීමෙහි පහ නොවූ ප්‍රේමයක් ඇත්තේ වේද, විවේකයෙහි තියුණු කැමැත්තක් ඇත්තේ වේද, මත්තෙහිද විවේකයෙහි පහනොවූ ප්‍රේමයක් ඇත්තේ වේද, උත්සාහය ඇරඹීමෙහි තියුණු කැමැත්තක් ඇත්තේ වේද, මත්තෙහිද උත්සාහය ඇරඹීමෙහි පහනොවූ ප්‍රේමයක් ඇත්තේ වේද, සිහිනුවණෙහි තියුණු කැමැත්තක් ඇත්තේ වේද, මත්තෙහිද සිහිනුවණෙහි පහනොවූ ප්‍රේමයක් ඇත්තේ වේද, දෘෂ්ටි අවබෝධයෙහි තියුණු කැමැත්තක් වේද, මත්තෙහිද දෘෂ්ටි අවබෝධයෙහි පහනොවූ ප්‍රේමයක් ඇත්තේ වේද, මහණෙනි මේවා සප්ත නිද්දස වත්ථුනම් වේ.
ථෙරොපි තථෙව දෙසනං උද්ධරිත්වා “සත්ත නිද්දසවත්ථූනී”ති ආහ.
තෙරහුද එසේම දේශනාව උපුටා සප්ත නිද්දස වත්ථුයයි කීහ.
අට්ඨ අභිභායතනානීති එත්ථ අභිභුය්යමානානි ආයතනානි එතෙසං ඣානානන්ති අභිභායතනානි, ඣානානි. ආයතනානීති අධිට්ඨානට්ඨෙන ආයතනසඞ්ඛාතානි කසිණාරම්මණානි. ඤාණුත්තරිකො හි පුග්ගලො විසදඤාණො “කිං එත්ථ ආරම්මණෙ සමාපජ්ජිතබ්බං. න මය්හං චිත්තෙකග්ගතාකරණෙ භාරො අත්ථී”ති, තානි ආරම්මණානි අභිභවිත්වා සමාපජ්ජති, සහ නිමිත්තුප්පාදෙනෙවෙත්ථ අප්පනං නිබ්බත්තෙතීති අත්ථො. එවං උප්පාදිතානි ඣානානි “අභිභායතනානී”ති වුච්චන්ති.
අට්ඨ අභිභායතනානි යන මෙහි මැඩපවත්වනු ලබන කරුණු ඒ ධ්යානයන්ටනුයි = අභිභායතනයි-ධ්‍යානයෝය. ආයතන යනු අධිෂ්ඨාන කිරීමේ අර්ථයෙන් ආයතනයයි කියනු ලබන කසිණාරම්මණයෝය. ඤාණයෙන් උසස්, පිරිසිදු නුවණක් ඇති පුද්ගලයා මෙම අරමුණුවල සමවැදීමෙන් කවර ප්‍රයෝජනයක්ද? සිත එකඟ කිරීමෙහිලා මට බරක් නැතැයි එම අරමුණු මැඩපවත්වා සමවදියි. නිමිත්ත උපදිනවාත් සමගම අර්පණාව උපදවයි යන අර්ථයි. මෙසේ උපදවන ලද ධ්‍යානයන් අභිභායතනයයි කියති. කවර අටෙක්ද?
“කතමානි (අ· නි· 8.65) අට්ඨ? අජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, ‘තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං පඨමං අභිභායතනං.
ආධ්‍යාත්ම රූප සඤ්ඤාවෙන් හුදෙකලා වූයේ, බාහිරව මනා පැහැයෙන් හා දුර්වර්ණයෙන් යුත් රූප ස්වල්පයක් දකියි. ඒවා මැඩපවත්වා දනිමි. දකිමියි මෙසේ සංඥාවක් වේ. මේ පළමු අභිභායතනයයි.
“අජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි, ‘තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං දුතියං අභිභායතනං.
ආධ්‍යාත්ම රූප සඤ්ඤාවෙන් හුදෙකලා වූයේ, බාහිරව මනා පැහැයෙන් හා දුර්වර්ණයෙන් යුත් රූප ප්‍රමාණ රහිතව දකියි. ඒවා මැඩපවත්වා දනිමි. දකිමියි මෙසේ සංඥාවක් වේ. මේ දෙවන අභිභායතනයයි.
“අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, ‘තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං තතියං අභිභායතනං.
අධ්‍යාත්ම අරූප සඤ්ඤාවෙන් හුදෙකලා වූයේ බාහිරව මනා පැහැයෙන් හා දුර්වර්ණයෙන් යුත් රූප ස්වල්පයක් දකියි. ඒවා මැඩපවත්වා දනිමි. දකිමියි මෙසේ සංඥාවක් වේ. මේ තෙවන අභිභායතනයයි.
“අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි, ‘තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං චතුත්ථං අභිභායතනං.
අධ්‍යාත්ම අරූප සඤ්ඤාවෙන් හුදෙකලා වූයේ බාහිරව මනා පැහැයෙන් හා දුර්වර්ණයෙන් යුත් රූප ප්‍රමාණ රහිතව දකියි. ඒවා මැඩපවත්වා දනිමි. දකිමියි මෙසේ සංඥාවක් වේ. මේ සිවුවන අභිභායතනයයි.
“අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි. සෙය්යථාපි නාම උමාපුප්ඵං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං, සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං, එවමෙව අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි, ‘තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං පඤ්චමං අභිභායතනං.
අධ්‍යාත්ම අරූප සංඥාවෙන් හුදෙකලා වූයේ, බාහිරව නිල්වූ, නිල්වන්, නිල් පෙනුමින් යුත්, නිලෙන් බබලන රූප දකියි. යම්සේ නම් උම්මා පුෂ්පය, නිල්වූ, නිල්වන්, නිල් පෙනුමින් යුත්, නිලෙන් බබලයිද, යම්සේ නම් බරණැසෙහිම නිපදවූ, එම වස්ත්‍රය, දෙපැත්තම මටසිලිටු වේද, නිල්ය. නිල්වන්ය. නිල්පැහැයෙන් යුක්තය. නිලෙන් බබලයිද එපරිද්දෙන් අධ්‍යාත්ම අරූප සංඥාවෙන් හුදෙකලා වූයේ බාහිරව නිල් වූ, නිල්වන්, නිල් පෙනුමින් යුත් නිලෙන් බබලන රූපයන් දකියි. ඒවා මැඩ පවත්වා දනිමි. දකිමියි මෙසේ සංඥාවක් වෙයි. මේ පස්වන අභිභායතනයයි.
“අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි. සෙය්යථාපි නාම කණිකාරපුප්ඵං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං, සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං, එවමෙව අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි, ‘තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං ඡට්ඨං අභිභායතනං.
අධ්‍යාත්ම අරූප සංඥාවෙන් හුදෙකලා වූයේ, බාහිරව කහවූ, කහවන්, කහපෙනුමින් යුත්, කහපැහැයෙන් බබලන රූපයන් දකියි. යම්සේ නම් කිණිහිරි මල කහවූයේ, කහවර්ණ වූයේ කහපෙනුමින් යුක්ත වූයේ, කහ පැහැයෙන් බබලන්නේ වේද, යම්සේ නම් බරණැසෙහිම නිපදවූ, එම වස්ත්‍රය දෙපැත්තම මටසිළිටු වෙයිද, කහපැහැ වූ, කහවන් වූ, කහපෙනුමින් යුත් කහපැහැයෙන් බබලයිද? එපරිද්දෙන් අධ්‍යාත්ම අරූප සංඥාවෙන් හුදෙකලා වූයේ, බාහිරව, කහවූ, කහවන් කහ පෙනුමින් යුත්, කහ පැහැයෙන් බබලන රූපයන් දකියි. ඒවා මැඩපවත්වා දනිමි. දකිමියි මෙසේ සංඥාවක් වෙයි. මේ සවන අභිභායතනයයි.
“අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි. සෙය්යථාපි නාම බන්ධුජීවකපුප්ඵං ලොහිතකං ලොහිතකවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතකනිභාසං, සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං ලොහිතකං ලොහිතකවණ්ණං ලොහිතකනිදස්සනං ලොහිතකනිභාසං, එවමෙව අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි, ‘තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං සත්තමං අභිභායතනං.
අධ්‍යාත්ම අරූප සංඥාවෙන් හුදෙකලා වූයේ, බාහිරව රතු වූ, රතුවන්, රතු පෙනුමින් යුත්, රතෙන් බබලන රූප දකියි. යම්සේ නම් බඳු වදමල, රතුවූයේ, රතුවන් වූයේ, රතු පෙනුමින් යුතුව රතෙන් බබලයිද, යම්සේ නම් බරණැසෙහිම නිපදවූ එම වස්ත්‍රය දෙපැත්තම මටසිළිටු වෙයිද, රතුවූ, රතුවන් වූ, රතු පෙනුමින් යුත්, රතුපැහැයෙන් බබලයිද, එපරිද්දෙන් අධ්‍යාත්ම අරූප සංඥාවෙන් හුදෙකලා වූයේ, බාහිරව රතුවූ, රතුවන් වූ, රතු පෙනුමින් යුත් රතු පැහැයෙන් බබලන රූපයන් දකියි. ඒවා මැඩපවත්වා දනිමි. දකිමියි මෙසේ සංඥාවක් වෙයි. මේ සත්වන අභිභායතනයයි.
“අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි. සෙය්යථාපි නාම ඔසධිතාරකා ඔදාතා ඔදාතවණ්ණා ඔදාතනිදස්සනා ඔදාතනිභාසා, සෙය්යථාපි වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං ඔදාතං ඔදාතවණ්ණං ඔදාතනිදස්සනං ඔදාතනිභාසං, එවමෙව අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි, ‘තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති එවංසඤ්ඤී හොති. ඉදං අට්ඨමං අභිභායතනං. ඉමානි අට්ඨ අභිභායතනානි (අ· නි· 8.65; දී· නි· 3.358).
අධ්‍යාත්ම අරූප සංඥාවෙන් හුදෙකලා වූයේ, බාහිරව සුදු වූ සුදුවන්, සුදු පෙනුමින් යුත්, සුදුපැහැයෙන් බබලන රූපයන් දකියි. යම්සේ නම් ඕෂධී තාරකාව, සුදුවූ, සුදුවන් සුදු පෙනුමින් යුත්, සුදු පැහැයෙන් බබලන්නේ වේද? යම්සේ නම් බරණැසෙහිම නිපදවූ එම වස්ත්‍රය දෙපැත්තම මටසිළුටු වූයේ වෙයිද? සුදු වූ, සුදුවන්, සුදු පෙනුමින් යුත්, සුදු පැහැයෙන් බබලන්නේ වේද, එපරිද්දෙන් ආධ්‍යාත්ම අරූප සංඥාවෙන් හුදෙකලා වූයේ බාහිරව සුදු වූ, සුදුවන් සුදු පෙනුමින් යුත්, සුදුපැහැයෙන් බබලන රූපයන් දකියි. ඒවා මැඩපවත්වා, දනිමි. දකිමියි මෙසේ සංඥාවක් වෙයි. මේ අටවන අභිභායතනයයි. මෙම අට අභිභායතනයයි.
නව අනුපුබ්බවිහාරාති පුබ්බං පුබ්බං අනු අනුපුබ්බං, අනුපුබ්බං විහරිතබ්බතො සමාපජ්ජිතබ්බතො විහාරා අනුපුබ්බවිහාරා, අනුපටිපාටියා සමාපජ්ජිතබ්බවිහාරාති අත්ථො.
නව අනුපුබ්බ විහාරා යනු පූර්ව පූර්ව අනුව ගියේ අනුපූර්වයි. අනුපිළිවෙලින් වාසය කළ යුතු වූද, සමවැදිය යුතු වූද විසීම් අනුපූර්ව විහරණයි. අනුපිළිවෙලින් සමවැදිය යුතු විහරණ යයි යන අර්ථයි.
“කතමෙ නව? ඉධ, භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති, තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරතී”ති (අ· නි· 9.33; දී· නි· 3.343, 359) වුත්තා නව අනුපුබ්බවිහාරාව.
කවර නවයෙක්ද? මහණෙනි, මේ සස්නෙහි භික්ෂුව කාමයන්ගෙන් වෙන්වම, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය සහිත ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ආධ්‍යාත්ම සංසිඳීම, සිතෙහි එකඟ බව ඇතිකරන විතර්ක රහිත, විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේද, දුරුකිරීමෙන් උපේක්ෂකව වාසය කෙරෙයි. ප්‍රීතිය හා මනා නුවණින් යුක්තව කයින් සුව විඳියි. යම් ඒ ආර්ය කෙනෙක් මොහු උපේක්ෂාවෙන් යුත් සිහි ඇති සුවයෙන් වාසය කරන්නෙකියි ප්‍රකාශ කෙරෙත්ද? එබඳු වූ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැපයෙහි ප්‍රහාණයෙන්ද, දුකෙහි ප්‍රහාණයෙන්ද, මුලදීම සොම්නස් දොම්නස් විනාශ කිරීමෙන්ද, දුක්නොවූද, සැප නොවූද, මධ්‍යස්ථභාවය සිහියගේ පිරිසිදුබව හා යෙදුණු චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන්, ක්‍රෝධ (කෝප) සංඥාවන්ගේ විනාශ කිරීමෙන් විවිධ සංඥා මෙනෙහි නොකිරීමෙන්, ආකාසය අනන්තයයි. එහිම සිත පිහිටුවා ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයැයි විඤ්ඤාණයෙහිම සිත පිහිටුවා විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා දැනීම් හා විඳීම් නිරුද්ධ වූ නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයි. මෙහි දක්වන ලද්දේ නව අනුපූර්ව විහාරයන්ය.
දස නිජ්ජරවත්ථූනීති මිච්ඡාදිට්ඨාදීනි නිජ්ජරයන්ති නාසයන්තීති නිජ්ජරානි. වත්ථූනීති කාරණානි. නිජ්ජරානි ච තානි වත්ථූනි චාති නිජ්ජරවත්ථූනි. සම්මාදිට්ඨාදීනං එතං අධිවචනං.
දස නිජ්ජිර වත්ථූනි යනු මිථ්‍යාදෘෂ්ටි ආදීන් විනාශ කෙරෙත් නසනු ලබත්නුයි = නිජ්ජරානියි - වත්ථූනි යනු හේතූන්ය. නසනු ලබන්නේද, වස්තූහුද ඒවානුයි නිජ්ජර වස්තුයි. සම්‍යග්දෘෂ්ටි ආදීන්ට මේ විශේෂ නමකි.
“කතමානි (අ· නි· 10.106; දී· නි· 3.360) දස? සම්මාදිට්ඨිකස්ස, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්ණා හොති. යෙ ච මිච්ඡාදිට්ඨිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති, සම්මාදිට්ඨිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති.
කවර දසදෙනෙක්ද යත්, සම්‍යග් දෘෂ්ටියට මිථ්‍යාදෘෂ්ටිය විනාශ වේ. මිථ්‍යාදෘෂ්ටි හේතුවෙන් නොයෙක් පාපී අකුසල්දම් හටගනිත්ද? ඒවාද විනාශකරන ලද්දේ වේ. සම්‍යග් දෘෂ්ටි හේතුයෙන් නොයෙක් කුසලදම් වැඩිදියුණුවට පරිපූර්ණත්වයට යේ.
“සම්මාසඞ්කප්පස්ස, භික්ඛවෙ, මිච්ඡාසඞ්කප්පො නිජ්ජිණ්ණො හොති. යෙ ච මිච්ඡාසඞ්කප්පපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති , තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති, සම්මාසඞ්කප්පපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති.
සම්‍යග් සංකල්පයට මිථ්‍යා සංකල්පය විනාශ වේ. මිථ්‍යා සංකල්පය හේතුවෙන් නොයෙක් පාපී අකුසල්දම් හටගනීද ඒවාද විනාශකරන ලද්දේ වේ. සම්‍යග් සංකල්ප හේතුවෙන් නොයෙක් කුසල්දම් වැඩිදියුණුවට පරිපූර්ණත්වයට යෙයි.
“සම්මාවාචස්ස, භික්ඛවෙ, මිච්ඡාවාචා නිජ්ජිණ්ණා හොති. යෙ ච මිච්ඡාවාචාපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති, සම්මාවාචාපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති.
සම්‍යග් වචනයට මිථ්‍යා වචනය විනාශ වේ. මිථ්‍යා වචන හේතුවෙන් නොයෙක් පාපී අකුසල් දම් හටගනීද? ඒවාද විනාශ වේ. සම්‍යග් වචනය හේතුවෙන් නොයෙක් කුසල්දම් අභිවෘද්ධියට පරිපූර්ණත්වයට යේ.
“සම්මාකම්මන්තස්ස, භික්ඛවෙ, මිච්ඡාකම්මන්තො නිජ්ජිණ්ණො හොති. යෙ ච මිච්ඡාකම්මන්තපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති, සම්මාකම්මන්තපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති.
සම්‍යක් කර්මාන්තයට මිථ්‍යා කර්මාන්තය විනාශ වේ. මිථ්‍යා කර්මාන්ත හේතුවෙන් නොයෙක් පාපී අකුසල් දම් හටගනීද? ඒවාද විනාශ වේ. සම්‍යග් කර්මාන්ත හේතුවෙන් නොයෙක් කුසල්දම් වැඩිදියුණුවට සම්පූර්ණත්වයට යේ.
“සම්මාආජීවස්ස, භික්ඛවෙ, මිච්ඡාආජීවො නිජ්ජිණ්ණො හොති. යෙ ච මිච්ඡාආජීවපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති, සම්මාආජීවපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති.
සම්‍යග් ආජීවයට මිථ්‍යා ආජීවය විනාශ වේ. මිථ්‍යා ආජීවය හේතුවෙන් නොයෙක් පාපී අකුසල්දම් හටගනීද? ඒවාද විනාශ වේ. සම්‍යග් ආජීව හේතුවෙන් නොයෙක් කුසල්දම් අභිවෘද්ධියට පරිපූර්ණත්වයට යේ.
“සම්මාවායාමස්ස, භික්ඛවෙ, මිච්ඡාවායාමො නිජ්ජිණ්ණො හොති. යෙ ච මිච්ඡාවායාමපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති, සම්මාවායාමපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති.
සම්‍යග් ව්‍යායාමයට මිථ්‍යා ව්‍යායාමය විනාශ වේ. මිථ්‍යා ව්‍යායාම හේතුවෙන් නොයෙක් පාපී අකුසල්දම් හටගනීද? ඒවාද විනාශ වේ. සම්‍යග් ව්‍යායාම හේතුවෙන් නොයෙක් කුසල්දම් අභිවෘද්ධියට පරිපූර්ණත්වයට යේ.
“සම්මාසතිස්ස, භික්ඛවෙ, මිච්ඡාසති නිජ්ජිණ්ණා හොති. යෙ ච මිච්ඡාසතිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති, සම්මාසතිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති.
සම්‍යක් සතියට මිථ්‍යා සතිය (සිහිය) විනාශ වේ. මිථ්‍යා සති හේතුවෙන් නොයෙක් පාපී අකුසල්දම් හටගනීද? ඒවාද විනාශ වේ. සම්‍යග් සති හේතුවෙන් නොයෙක් කුසල්දම් අභිවෘද්ධියට පරිපූර්ණත්වයට යේ.
“සම්මාසමාධිස්ස, භික්ඛවෙ, මිච්ඡාසමාධි නිජ්ජිණ්ණො හොති. යෙ ච මිච්ඡාසමාධිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති, සම්මාසමාධිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති.
සම්‍යග් සමාධියට මිථයා සමාධිය විනාශ වේ. මිථ්‍යා සමාධි හේතුවෙන් නොයෙක් පාපී අකුසල්දම් හටගනීද? ඒවාද විනාශ වේ. සම්‍යග් සමාධි හේතුවෙන් නොයෙක් කුසල්දම් අභිවෘද්ධියට පරිපූර්ණත්වයට යේ.
“සම්මාඤාණිස්ස, භික්ඛවෙ, මිච්ඡාඤාණං නිජ්ජිණ්ණං හොති. යෙ ච මිච්ඡාඤාණපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති, සම්මාඤාණපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති.
සම්‍යග් ඤාණයට මිථ්‍යා ඤාණය විනාශ වේ. මිථ්‍යා ඤාණ හේතුවෙන් නොයෙක් පාපී අකුසල්දම් හටගනීද? ඒවාද විනාශ වේ. සම්‍යග් ඤාණ හේතුවෙන් නොයෙක් කුසල්දම් අභිවෘද්ධියට පරිපූර්ණත්වයට යේ.
“සම්මාවිමුත්තිස්ස, භික්ඛවෙ, මිච්ඡාවිමුත්ති නිජ්ජිණ්ණා හොති. යෙ ච මිච්ඡාවිමුත්තිපච්චයා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති, තෙ චස්ස නිජ්ජිණ්ණා හොන්ති, සම්මාවිමුත්තිපච්චයා ච අනෙකෙ කුසලා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්තී”ති (අ· නි· 10.106; දී· නි· 3.360) වුත්තානි දස නිජ්ජරවත්ථූනි.
සම්‍යග් විමුක්තියට මිථ්‍යා විමුක්තිය විනාශ වේ. මිථ්‍යා විමුක්තිය හේතුවෙන් නොයෙක් පාපී අකුසල් දම් හටගනීද? ඒවාද විනාශ වේ. සම්‍යග් විමුක්ති හේතුවෙන් නොයෙක් කුසල්දම් අභිවෘද්ධියට පරිපූර්ණත්වයට යේ. දස නිජ්ජර වස්තු කියන ලදි.
සබ්බං, භික්ඛවෙ, අභිඤ්ඤෙය්යන්තිආදි භගවතා වුත්තං ඉධ ආහරිත්වා දස්සිතන්ති වෙදිතබ්බං. කිඤ්ච-ඉති ච-කාරො පදපූරණමත්තෙ නිපාතො. චක්ඛාදීනි තිංස විස්සජ්ජනානි ඡසු ද්වාරෙසු එකෙකස්මිං පඤ්ච පඤ්ච කත්වා ද්වාරාරම්මණපවත්තික්කමෙන නිද්දිට්ඨානි. තත්ථ දුවිධං චක්ඛු – මංසචක්ඛු පඤ්ඤාචක්ඛු ච. තෙසු බුද්ධචක්ඛු සමන්තචක්ඛු ඤාණචක්ඛු දිබ්බචක්ඛු ධම්මචක්ඛූති පඤ්චවිධං පඤ්ඤාචක්ඛු. “අද්දසං ඛො අහං, භික්ඛවෙ, බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො”ති (ම· නි· 1.283; 2.339; මහාව· 9) ඉදං බුද්ධචක්ඛු නාම. “සමන්තචක්ඛු වුච්චති සබ්බඤ්ඤුතඤ්ඤාණ”න්ති (චූළනි· ධොතකමාණවපුච්ඡානිද්දෙස 32; මොඝරාජමාණවපුච්ඡානිද්දෙස 85) ඉදං සමන්තචක්ඛු නාම. “චක්ඛුං උදපාදි ඤාණං උදපාදී”ති (සං· නි· 5.1081; මහාව· 15) ඉදං ඤාණචක්ඛු නාම. “අද්දසං ඛො අහං, භික්ඛවෙ, දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙනා”ති (ම· නි· 1.285) ඉදං දිබ්බචක්ඛු නාම. “විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදී”ති (ම· නි· 2.395) ඉදං හෙට්ඨිමමග්ගත්තයසඞ්ඛාතං ඤාණං ධම්මචක්ඛු නාම.
‘මහණෙනි, සියල්ල විශේෂයෙන් දතයුතුයයි, ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්ද, මෙහි ගෙනහැර දක්වන ලද්දේයයි දතයුතුය. කිඤ්ච යන්නෙහි ච කාරය පද පූරණ මාත්‍ර නිපාතයයි. චක්ෂු ආදී තිස් විසඳුම් ෂට් ද්වාරයන්හි එක එකෙහි පහ පහ බැගින් කොට ද්වාරාරම්මණ පවත්නා ක්‍රමයෙන් දක්වන ලදහ. එහි ඇස දෙයාකාරය. මාංශ ඇසද, ප්‍රඥා ඇසද වශයෙනි. එහි ප්‍රඥා ඇස බුද්ධ චක්ඛු, සමන්ත චක්ඛු, ඤාණ චක්ඛු, දිබ්බ චක්ඛු, ධම්ම චක්ඛු වශයෙන් පස්වැදෑරුම්ය. ‘මහණෙනි, මම බුදුඇසින් ලොව බලන්නේ දුටුවෙමියි මෙය බුදු ඇස නම් වේ.’ ‘සර්වඥතා ඥානයට සමන්ත චක්ඛු යයි කියයි. මෙය සමන්ත චක්ඛු නම් වේ. ඇස පහළවිය. ඤාණය පහළවිය. මෙය නැණැසයි. මහණෙනි, මම ඉතා පිරිසිදු දිවැසින් දිටිමි. මෙය දිවැසයි. කිලිටි නැති අපද්‍රව්‍ය නොමැති දහම් ඇස පහළවිය. මෙය යට මාර්ගත්රය සංඛ්‍යාත ඤාණය, දහම් ඇස නම් වේ.’
මංසචක්ඛුපි සසම්භාරචක්ඛු , පසාදචක්ඛූති දුවිධං හොති. ය්වායං අක්ඛිකූපකෙ පතිට්ඨිතො හෙට්ඨා අක්ඛිකූපකට්ඨිකෙන උපරි භමුකට්ඨිකෙන උභතො අක්ඛිකූටෙහි බහිද්ධා අක්ඛිපඛුමෙහි පරිච්ඡින්නො අක්ඛිකූපකමජ්ඣා නික්ඛන්තෙන න්හාරුසුත්තකෙන මත්ථලුඞ්ගෙ ආබද්ධො සෙතකණ්හාතිකණ්හමණ්ඩලවිචිත්තො මංසපිණ්ඩො, ඉදං සසම්භාරචක්ඛු නාම. යො පන එත්ථ සිතො එත්ථ පටිබද්ධො චතුන්නං මහාභූතානං උපාදාය පසාදො, ඉදං පසාදචක්ඛු නාම. ඉදමිධාධිප්පෙතං. තදෙතං තස්ස සසම්භාරචක්ඛුනො සෙතමණ්ඩලපරික්ඛිත්තස්ස කණ්හමණ්ඩලස්ස මජ්ඣෙ අභිමුඛෙ ඨිතානං සරීරසණ්ඨානුප්පත්තිදෙසෙ දිට්ඨිමණ්ඩලෙ සත්තසු පිචුපටලෙසු ආසිත්තතෙලං පිචුපටලානි විය සත්ත අක්ඛිපටලානි බ්යාපෙත්වා පමාණතො මුග්ගවිදලමත්තං චක්ඛුවිඤ්ඤාණාදීනං යථාරහං වත්ථුද්වාරභාවං සාධයමානං තිට්ඨති. තං චක්ඛතීති චක්ඛු, රූපං අස්සාදෙති විභාවෙති චාති අත්ථො. රූපයන්තීති රූපා, වණ්ණවිකාරං ආපජ්ජමානා හදයඞ්ගතභාවං පකාසෙන්තීති අත්ථො. චක්ඛුතො පවත්තං විඤ්ඤාණං, චක්ඛුස්ස වා විඤ්ඤාණං චක්ඛුවිඤ්ඤාණං. ඵුසතීති ඵස්සො. උපසග්ගෙන පදං මණ්ඩෙත්වා සම්ඵස්සොති වුත්තං. චක්ඛුතො පවත්තො සම්ඵස්සො චක්ඛුසම්ඵස්සො. චක්ඛුසම්ඵස්සපච්චයාති චක්ඛුවිඤ්ඤාණසම්පයුත්තඵස්සපච්චයා. වෙදයිතන්ති වින්දනං, වෙදනාති අත්ථො. තදෙව සුඛයතීති සුඛං, යස්සුප්පජ්ජති, තං සුඛිතං කරොතීති අත්ථො. සුට්ඨු වා ඛාදති, ඛනති ච කායචිත්තාබාධන්ති සුඛං. දුක්ඛයතීති දුක්ඛං, යස්සුප්පජ්ජති, තං දුක්ඛිතං කරොතීති අත්ථො. න දුක්ඛං න සුඛන්ති අදුක්ඛමසුඛං. ම-කාරො පදසන්ධිවසෙන වුත්තො. සො පන චක්ඛුසම්ඵස්සො අත්තනා සම්පයුත්තාය වෙදනාය සහජාත අඤ්ඤමඤ්ඤනිස්සය විපාකආහාරසම්පයුත්තඅත්ථිඅවිගතවසෙන අට්ඨධා පච්චයො හොති, සම්පටිච්ඡනසම්පයුත්තාය අනන්තරසමනන්තරඅනන්තරූපනිස්සයනත්ථිවිගතවසෙනපඤ්චධා, සන්තීරණාදිසම්පයුත්තානං උපනිස්සයවසෙනෙව පච්චයො හොති.
මසැසද, සසම්භාර (පිරිවර දේ සහිත) ඇස, ප්‍රසාද ඇසයයි දෙයාකාරය. යම් ඒ ඇස්වළෙහි පිහිටි, යට ඇස් වළෙහි ඇටයෙන්ද, මත්තෙහි නළල් ඇටයෙන්ද, දෙපස ඇස් කුළුවලින්ද පිටත ඇස් පිහාටුවලින්ද, සීමා වූ ඇස් කුල මැද තබන ලද නහර නමැති නූල්වලින්, හිස්මොළය හා බැඳුනු, සුදු ඉතාමත් කළු වටකුරු මස් පිඩක් වේද, මෙය පිරිවර දේවල් සහිත ඇසයි. සතරමහා භූතයන්ගේ දැඩි ග්රහණයෙන් ආශ්‍රිතව-බැඳුණු, යම් ඉන්ද්රිය ශක්තියක් වේද, එය ප්‍රසාද ඇසයි. මෙය මෙහි අදහස් කරන ලදි. ඒ සසම්භාර ඇසෙහි ශ්වේත මණ්ඩලය වටකොට, කෘෂ්ණ මණ්ඩලය මැද, ඉදිරිපස සිටියවුන්ගේ ශරීර සටහන් උපදනා පෙදෙසෙහි, දෘෂ්ටි මණ්ඩලයෙහි, පුළුන්රොද සතක වත්කරන ලද තෙලක් පුළුන් රොද පසාකරගෙන යන්නාක් මෙන්, හෘදයවස්තුව හා ව්‍යාප්ත සත් ඇස් රොද, ප්‍රමාණයෙන් මුංපියල්ලක් පමණ වූයේ, චක්ඛු විඤ්ඤාණාදීන්ට සුදුසු පරිද්දෙන් වස්තු ද්වාර භාවයන් සිදුකරමින් සිටී. පරීක්ෂාකර බලානුයි චක්ෂුයි. රූපය ආස්වාදනය කරයි. පැහැදිලි කෙරේ යන අර්ථයි. වෙනස්වේනුයි රූප නම් වේ. වර්ණ වෙනසට පත්වන්නේ, හෘදය හා සබඳතාව, ප්‍රකාශ කෙරෙත් යන අර්ථයි. ඇසින් සිදුවන විඤ්ඤාණය හෝ ඇසෙහි විඤ්ඤාණය චක්ඛු විඤ්ඤාණයි. ස්පර්ශ කෙරේනුයි ඵස්සයි. ‘ස’ උපසර්ගයෙන් පදය සරසා සම්ඵස්ස යයි කියන ලදි. ඇසින් පැවති මනා ස්පර්ශය චක්ඛු සම්ඵස්ස යයි. චක්ඛු සම්ඵස්ස පච්චයා යනු චක්ෂු විඤ්ඤාණය හා යෙදුණු ස්පර්ශ හේතුයෙන්, වෙදයිතං යනු විඳීමයි. විඳීමයි යනු අර්ථයි. එයම සුවපත් වේනුයි සුඛං නම් වේ. යමෙකුට එය උපදීද? ඔහු සුවපත් කෙරේනුයි යන අර්ථයි. කයෙහි හා සිතෙහි හටගත් ආබාධ කා දමයි. හාරා ඉවත් කෙරේනුයි සුඛයි. දුකට පත්වේනුයි දුක් නම් වේ. යමෙකුට එය උපදීද, ඔහු දුකට පත් අයෙකු කෙරේනුයි යන අර්ථයි. දුකත් නොවේ සැපත් නොවේනුයි අදුක්ඛමසුඛයි. මකාරය පද සන්ධි වශයෙන් කියන ලදි. ඒ චක්ෂු ස්පර්ශය තමා හා එකට යෙදුණු වේදනාවට, සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය, විපාක, ආහාර සම්ප්‍රයුක්ත, අත්ථි, අවිගත වශයෙන් අට ආකාරයකින් ප්‍රත්‍යය වේ. සම්පටිච්ඡන හා එකට යෙදුණු කල්හි අනන්තර, සමනන්තර, අනන්තරූප නිස්සය, නත්ථි විගත වශයෙන් පස් ආකාරයකින්ද, සන්තීරණාදී සම්ප්‍රයුක්තයන්ට උපනිශ්‍රය වශයෙන්ම ප්‍රත්‍යය වේ.
සුණාතීති සොතං. තං සසම්භාරසොතබිලස්ස අන්තො තනුතම්බලොමාචිතෙ අඞ්ගුලිවෙධකසණ්ඨානෙ පදෙසෙ සොතවිඤ්ඤාණාදීනං යථාරහං වත්ථුද්වාරභාවං සාධයමානං තිට්ඨති. සප්පන්තීති සද්දා, උදාහරීයන්තීති අත්ථො. ඝායතීති ඝානං. තං සසම්භාරඝානබිලස්ස අන්තො අජපදසණ්ඨානෙ පදෙසෙ ඝානවිඤ්ඤාණාදීනං යථාරහං වත්ථුද්වාරභාවං සාධයමානං තිට්ඨති. ගන්ධයන්තීති ගන්ධා, අත්තනො වත්ථුං සූචෙන්තීති අත්ථො. ජීවිතමව්හායතීති ජිව්හා, සායනට්ඨෙන වා ජිව්හා. සා සසම්භාරජිව්හාය අතිඅග්ගමූලපස්සානි වජ්ජෙත්වා උපරිමතලමජ්ඣෙ භින්නඋප්පලදලග්ගසණ්ඨානෙ පදෙසෙ ජිව්හාවිඤ්ඤාණාදීනං යථාරහං වත්ථුද්වාරභාවං සාධයමානා තිට්ඨති. රසන්ති තෙ සත්තාති රසා, අස්සාදෙන්තීති අත්ථො. කුච්ඡිතානං සාසවධම්මානං ආයොති කායො. ආයොති උප්පත්තිදෙසො. සො යාවතා ඉමස්මිං කායෙ උපාදිණ්ණප්පවත්ති නාම අත්ථි, තත්ථ යෙභුය්යෙන කායපසාදො කායවිඤ්ඤාණාදීනං යථාරහං වත්ථුද්වාරභාවං සාධයමානො තිට්ඨති. ඵුසීයන්තීති ඵොට්ඨබ්බා. මුනාතීති මනො, විජානාතීති අත්ථො. අත්තනො ලක්ඛණං ධාරෙන්තීති ධම්මා . මනොති සහාවජ්ජනං භවඞ්ගං. ධම්මාති ද්වාදසපභෙදා ධම්මාරම්මණා ධම්මා. මනොවිඤ්ඤාණන්ති ජවනමනොවිඤ්ඤාණං. මනොසම්ඵස්සොති තංසම්පයුත්තො ඵස්සො. සො සම්පයුත්තාය වෙදනාය විපාකපච්චයවජ්ජෙහි සෙසෙහි සත්තහි පච්චයො හොති, අනන්තරාය තෙහෙව, සෙසානං උපනිස්සයවසෙනෙව පච්චයො හොති.
ශ්‍රවණය කෙරේනුයි = සොතයි. එය පිරිවර සහිත කන් බිලෙහි ඇතුළත, තඹවන් ලෝම ගැවසීගත්, ඇඟිලි සෙලවිය හැකි සටහන් ඇති ප්‍රදේශයෙහි සෝත විඤ්ඤාණාදීන්ට සුදුසු පරිදි වස්තු ද්වාර භාවය සිදුකරමින් සිටී. ආඝ්‍රාණය කෙරේනුයි සාණං යි. එය පිරිවර දේ සහිත, නාස් සිදුරෙහි ඇතුළත එළුපා සටහන් ප්‍රදේශයෙහි ඝාණ විඤ්ඤාණාදීන්ට සුදුසු පරිදි වස්තු-ද්වාර භාවය සිදුකරමින් සිටී. සුවඳ-දුගඳ දැනේනුයි ගන්ධයි. තමාගේ ස්වභාවය හඟවත් යන අර්ථයි. ජීවිතය කැඳවත්නුයි=ජිව්හායි රස දැනීම් අර්ථයෙන්ද ජිව්හායි. එය සසම්භාර දිවෙහි ඉතා අග හා මුල පැති අත්හැර මතු තල මධ්‍යයෙහි කැඩුණු මානෙල් මල්පෙති අග සටහන වැනි ප්‍රදේශයෙහි ජිව්හා විඤ්ඤාණාදීන්ට සුදුසු පරිදි වස්තු-ද්වාර භාවය ඉටුකරමින් සිටියි. සත්ත්වයෝ එයින් තෘප්ත වෙත්නුයි රසයි. ආස්වාදනය කෙරෙත් යන අර්ථයි. පිළිකුල් කෙලෙස් සහිත ධර්මයන්ගේ උත්පත්ති ස්ථානයනුයි කායො යි. ආය යනු උපදින දේශයයි. යම් පමණ මේ ශරීරයෙහි තෘෂ්ණාදීන් විසින් ගන්නා ලද පැවැත්මක් ඇත්ද? එහි බොහෝසෙයින් කාය ප්‍රසාදය කාය විඤ්ඤාණාදීන්ට සුදුසු පරිදි, වස්තුද්වාර භාවය ඉටු කරමින් සිටියි. ස්පර්ශ කෙරේනුයි - පොට්ඨබ්බයි. අවබෝධ කෙරේනුයි (මනො) මනයි දැනගනී යන අර්ථයි. තමාගේ ස්වභාවයන් දරත්නුයි = ධර්මයි. මනො යනු ආවර්ජන සහිත භවංගයයි. ධම්මා යනු දොළොස් ආකාර ධර්මාරම්මණ ධර්මයි. මනො විඤ්ඤාණං යනු ජවන මනෝ විඤ්ඤාණයයි. මනො සම්ඵස්සො යනු ඒ හා යෙදුණු ස්පර්ශයයි. එය තමා හා යෙදුණු වේදනාවට විපාක ප්‍රත්‍යය හැර අනෙක් ප්‍රත්‍යය සතෙන් ප්‍රත්‍යය වේ. අනන්තරාදීන්ට ඒවායින්මද, ඉතිරි ඒවාට උපනිශ්‍රය වශයෙන්ද ප්‍රත්‍යය වේ.
රූපාදීනි පඤ්ච විස්සජ්ජනානි ඛන්ධවසෙන නිද්දිට්ඨානි. සීතාදීහි රුප්පති පීළීයතීති රූපං. වෙදයතීති වෙදනා. සඤ්ජානාතීති සඤ්ඤා. සඞ්ඛරොන්තීති සඞ්ඛාරා. විජානාතීති විඤ්ඤාණං. චක්ඛාදීනි ධම්මවිචාරපරියන්තානි දස ඡක්කවසෙන, සට්ඨි විස්සජ්ජනානි පියරූපසාතරූපවසෙන නිද්දිට්ඨානි. චක්ඛුසම්ඵස්සජාදිකා වෙදනා තංතංසම්පයුත්තාව. රූපෙසු සඤ්ඤා රූපසඤ්ඤා. සඤ්චෙතයතීති සඤ්චෙතනා, අභිසන්දහතීති අත්ථො. තසතීති තණ්හා, පිපාසතීති අත්ථො. විතක්කෙතීති විතක්කො, විතක්කනං වා විතක්කො, ඌහනන්ති වුත්තං හොති. ආරම්මණෙ තෙන චිත්තං විචරතීති විචාරො, විචරණං වා විචාරො, අනුසඤ්චරණන්ති වුත්තං හොති.
රූපාදි පස්ආකාර විසඳුම් ස්කන්ධ වශයෙන් විස්තර කරන ලදි. සීතාදීන්ගෙන් වෙනස් වේ. පීඩාවට පත්වේනුයි = රූප යි - විඳීනුයි - වේදනායි. හඳුනාගනීනුයි - සඤ්ඤා යි. රැස්කෙරේනුයි සංඛාර යි. දැනගනීනුයි - විඤ්ඤාණ යි. චක්ෂු ආදීන් ධර්ම විචාරය කෙළවරකොට ඇති හයේ කොටස් දහය බැගින් පිය රූප සිහිල් රූප වශයෙන් විසඳුම් සැටකින් විස්තර කරන ලදි. චක්ඛු සම්ඵස්සජාදී වේදනාවන් ඒ ඒ අංග හා සමග යෙදුණෝමය. රූපයන්හි හැඟීම - රූප සඤ්ඤා යි. සිතාබලයිනුයි සඤ්චෙතනා යි. ගලාබසී යන අර්ථයි. ආශා කෙරේනුයි - තණ්හා යි. පිපාසිත වේ යන අර්ථයි. කල්පනා කෙරේනුයි විතක්ක යි. සිතාබැලීම විතර්කයයි. කල්පනා කිරීමයයිද කියන ලද්දේ වේ. එයින් අරමුණෙහි සිත ගමන් කෙරේනුයි - විචාරයි. හැසිරීම හෝ විචාරයයි. ඔබිනොබ හැසිරීමයයි කියන ලද්දේ වේ.
පථවීධාතාදීනි ඡ විස්සජ්ජනානි සංඛිත්තෙන නාමරූපවවත්ථානවසෙන නිද්දිට්ඨානි. පත්ථටත්තා පථවී. අප්පෙති, ආපීයති, අප්පායතීති වා ආපො. තෙජයතීති තෙජො. වායතීති වායො. න කස්සති න නිකස්සති, කසිතුං ඡින්දිතුං භින්දිතුං වා න සක්කාති ආකාසො. නිස්සත්තට්ඨෙන ධාතු.
පෘථුවි ධාතු ආදී විසඳුම් සය කෙටියෙන් නාම-රූප විභාග කිරීම් වශයෙන් විස්තර කරන ලදි. පැතිරුණු හෙයින් පෘථුවියයි. ද්‍රව්‍යයන් එකට බඳීනුයි කලවම් කෙරේනුයි, සම්බන්ධ කෙරේනුයි - ආපො යි. (ජලයයි) උණුසුම් කෙලේනුයි තෙජො යි. හමායයි නුයි වායො යි. නොඅදියි. ඇදීමට නොහැකිය. ආපසු නොඅදියි. අදින්ට, කපන්ට නොහැක්කේනුයි ආකාසො - අහසයි. සත්ත්වයෙක් නොවන අර්ථයෙන් ධාතු නම් වේ.
පථවීකසිණාදීනි දස විස්සජ්ජනානි කසිණභාවනාවසෙන නිද්දිට්ඨානි. කසිණන්ති සකලඵරණවසෙන කසිණමණ්ඩලම්පි තස්මිං උපට්ඨිතනිමිත්තම්පි තදාරම්මණං ඣානම්පි වුච්චති. ඉධ පන ඣානං අධිප්පෙතං. ආදිම්හි චත්තාරි මහාභූතකසිණාරම්මණානි ඣානානි, තතො පරානි චත්තාරි වණ්ණකසිණාරම්මණානි. ආකාසකසිණන්ති පරිච්ඡෙදාකාසො, තදාරම්මණඤ්ච ඣානං, කසිණුග්ඝාටිමාකාසො, තදාරම්මණඤ්ච ආකාසානඤ්චායතනං. විඤ්ඤාණකසිණන්ති ආකාසානඤ්චායතනවිඤ්ඤාණං, තදාරම්මණඤ්ච විඤ්ඤාණඤ්චායතනං.
පෘථුවි කසිණ ආදි දස විසඳුම් කසිණ භාවනා වශයෙන් විස්තර කරන ලදි. කසිණං යනු සියල්ලයි. පැතිරීම් වශයෙන් කසිණ මණ්ඩලයද, වැටහුණු නිමිත්තද, එය අරමුණුකොට පැවති ධ්‍යානයද අදහස් කරයි. මෙහි වනාහි ධ්‍යානය අදහස් කරන ලදි. මුල්සතර, මහාභූත කසිණාරම්මණව ලත් ධ්‍යානයන්ය. ඉන්පසු සතර, වර්ණ කසිණාරම්මණ ධ්‍යානයන්ය. ආකාස කසිණං යනු වෙන්කළ ආකාසයයි. එය අරමුණුකොට ලත් ධ්‍යානය කසිණුග්ඝාටිකමාකාසයයි. ආකාසානඤ්චායතනය එය අරමුණුකොට ඇත්තේය. විඤ්ඤාණ කසිණං යනු ආකාසානඤ්චායතන විඤ්ඤාණයයි. විඤ්ඤාණඤ්චායතනය එය අරමුණුකොට ඇත්තේය.
කෙසාදීනි ද්වත්තිංස විස්සජ්ජනානි ද්වත්තිංසාකාරකම්මට්ඨානවසෙන නිද්දිට්ඨානි. තෙසු පන කෙසාදීසු පටිකූලතො උපට්ඨිතෙසු කායගතාසතිවසෙන අසුභකම්මට්ඨානං හොති, වණ්ණතො උපට්ඨිතෙසු කසිණකම්මට්ඨානං හොති, ධාතුතො උපට්ඨිතෙසු චතුධාතුවවත්ථානකම්මට්ඨානං හොති, කෙසාතිආදීනි ච පටිකූලතො වණ්ණතො වා උපට්ඨිතානං තදාරම්මණානි ඣානානි, ධාතුතො උපට්ඨිතස්ස තෙ ච කොට්ඨාසා තදාරම්මණා ච ධාතුභාවනා වෙදිතබ්බා.
කෙස් ආදී දෙතිස් විසඳුම් දෙතිස් ආකාර කර්මස්ථාන වශයෙන් විස්තර කරන ලදි. ඔවුන් අතර කෙස් ආදීන් පිළිකුල් වශයෙන් වැටහුණු කල්හි කායගතාසති වශයෙන් අසුභ කර්මස්ථානය වෙයි. වර්ණ වශයෙන් වැටහුණු කල්හි වර්ණ කර්මස්ථානය වෙයි. ධාතු වශයෙන් වැටහුණු කල්හි සතර ධාතු වෙන්කොට සලකන කර්මස්ථානය වෙයි. කෙස් ආදීන් පිළිකුල් වශයෙන් හෝ වර්ණ වශයෙන් වැටහුණවුන්ට ඒවා අරමුණු කොට ධ්‍යාන ලැබේ. ධාතු වශයෙන් වැටහුණු තැනැත්තාට ඒ කොටස් අරමුණු වූයේ ධාතු භාවනාවයයි දතයුතුය.
කෙසා උභොසු පස්සෙසු කණ්ණචූළිකාහි පුරතො නලාටන්තෙන, පච්ඡතො ච ගලවාටකෙන පරිච්ඡින්නා සීසකටාහවෙඨනචම්මෙ වීහග්ගමත්තං පවිසිත්වා ඨිතා අනෙකසතසහස්සසඞ්ඛා.
කෙසා කන් කුඩුම්බියෙන් දෙපැත්තෙහි, නළලින් පෙරටුවද, පිටුපසින් ගෙලෙහි වළෙන් සීමා කරන ලද්දේ, හිසෙහි පිටකටුව, වෙලී ඇති සමෙහි වී ඇටයක අග පමණ පිවිස සිටියේ නොයෙක් ලක්ෂ සංඛ්‍යාතය. බොහෝ සෙයින්,
ලොමා ඨපෙත්වා කෙසාදීනං පතිට්ඨිතොකාසං හත්ථතලපාදතලානි ච යෙභුය්යෙන සරීරචම්මෙ නවනවුතියා ලොමකූපසහස්සෙසු ලික්ඛාමත්තං පවිසිත්වා ඨිතා.
ලොමා, කෙස් පිහිටි ස්ථානයන්හිද, අත්තල හා පාදතලයන්ද හැර, ශරීර හමෙහි අනූනව දහසක්, ලොම් ගස් පිහිටන වළවල්වල ලේඬියෙක් පමණ ඇතුළට පිවිස සිටියේය.
නඛා අඞ්ගුලීනං අග්ගපිට්ඨෙසු ඨිතා වීසති.
නඛා:- ඇඟිලි අග මතුපිට පිහිටි විස්සකි.
දන්තා ද්වීසු හණුකට්ඨිකෙසු ඨිතා යෙභුය්යෙන ද්වත්තිංස.
දන්තා:- හනු ඇට දෙකෙහි පිහිටියේය. බොහෝසෙයින් දත් දෙතිසකි.
තචො සකලසරීරං පරියොනන්ධිත්වා පාකටකිලොමකස්ස උපරි ඡවියා හෙට්ඨා ඨිතං චම්මං.
තචො:- මුළු ශරීරය හාත්පසින් වසා, ප්‍රකට (නොවැසුණ) දලබුවට මත්තෙන් සිවියට යටින් තිබෙන සම.
මංසං සාධිකානි තීණි අට්ඨිසතානි අනුලිම්පිත්වා ඨිතානි නවමංසපෙසිසතානි.
මංසං:- තුන්සියයකට අධික අස්ථීන්හි තැවරී ඇති මාංශපේශීන් නවසියයකි.
න්හාරූ සකලසරීරෙ අට්ඨීනි ආබන්ධිත්වා ඨිතානි නව න්හාරුසතානි.
නහාරු:- සියලු ශරීරයෙහි අස්ථි සම්බන්ධ කර, පවතින නවසියයක් නහර.
අට්ඨී සකලසරීරෙ හෙට්ඨා අට්ඨීනං උපරි ඨිතානි සාධිකානි තීණි අට්ඨිසතානි.
අට්ඨි:- මුළු සිරුරෙහි යට හා උඩ තුන්සියයකට අධික අස්ථීන්.
අට්ඨිමිඤ්ජා තෙසං තෙසං අට්ඨීනං අබ්භන්තරෙ ඨිතා මිඤ්ජා.
අට්ඨිමිඤ්ජා:- ඒ ඒ ඇටවල අභ්‍යන්තරයෙහි තිබෙන මිදුළු,
වක්කං ගලවාටකා නික්ඛන්තෙන එකමූලෙන ථොකං ගන්ත්වා ද්විධා භින්නෙන ථූලන්හාරුනා විනිබද්ධා හුත්වා හදයමංසං පරික්ඛිපිත්වා ඨිතා ද්වෙ මංසපිණ්ඩිකා.
වක්කං:- ගලවළුයෙන් නික්ම එක් මුලකින් මදක් ගොස් දෙකට බෙදී, මහ නහරවලින් බැඳී හෘදය මාංශය වටකොට සිටි මස්පිඬු දෙක.
හදයං සරීරබ්භන්තරෙ ද්වින්නං ථනානං මජ්ඣෙ ඨිතං අන්තො චිත්තසන්නිස්සයං අඩ්ඪපසතමත්තලොහිතපුණ්ණං පුන්නාගට්ඨිපතිට්ඨානමත්තාවාටකං හදයමංසං.
හදයං:- ශරීරාභ්‍යන්තරයෙහි දෙතන මධ්‍යයෙහි සිටි ඇතුළත සිත ඇසුරුකර ඇති. අත්ලෙන් අඩක් පමණ ලෙයින් පිරුණ දොඹ ඇටයක් තබන ප්‍රමාණ ආවාටයක් සහිත හෘදය මාංශය.
යකනං ද්වින්නං ථනානං අබ්භන්තරෙ දක්ඛිණපස්සං නිස්සාය ඨිතං යමකමංසපටලං.
යකනං:- දෙතන අතර දකුණුපසට බරව තිබෙන මස්පිඬු දෙකයි.
කිලොමකං හදයවක්කානි පටිච්ඡාදෙත්වා ඨිතං පටිච්ඡන්නකිලොමකසඞ්ඛාතඤ්ච සකලසරීරෙ චම්මස්ස හෙට්ඨතො මංසං පරියොනන්ධිත්වා ඨිතං අප්පටිච්ඡන්නකිලොමකසඞ්ඛාතඤ්චාති දුවිධං පරියොනහනමංසං.
කිලොමකං:- දලබුව හෘදය ආශ්රිත වකුගඩු වසා සිටි වැසුණු දලබු සංඛ්‍යාත වූද, මුළු ශරීර සමෙහි යටමාංශය හාත්පසින් වෙලාසිටි නොවැසූ දලබුවයයිද දෙයාකාරය.
පිහකං හදයස්ස වාමපස්සෙ උදරපටලස්ස මත්ථකපස්සං නිස්සාය ඨිතං උදරජිව්හාමංසං.
පිහකං:- බඩදිව හෘදයට වම්පසින් උදර වැස්මට මතුපැත්ත ආශ්‍රය කොට සිටි බඩදිව් මසයි.
පප්ඵාසං සරීරබ්භන්තරෙ ද්වින්නං ථනානං අන්තරෙ හදයයකනානං උපරි ඡාදෙත්වා ඔලම්බන්තං ඨිතං ද්වත්තිංසමංසඛණ්ඩප්පභෙදං පප්ඵාසමංසං.
පප්ඵාසං:- පපුමස ශරීරාභ්‍යන්තරයෙහි දෙතන අතර හෘදය හා වකුගඩු වසා එල්ලෙමින් තිබෙන මස්කැබලි දෙතිසකින් යුත් පපුමස.
අන්තං උපරි ගලවාටකෙ හෙට්ඨා කරීසමග්ගෙ විනිබන්ධත්තා ගලවාටකකරීසමග්ගපරියන්තෙ සරීරබ්භන්තරෙ ඨිතා පුරිසස්ස ද්වත්තිංසහත්ථා ඉත්ථියා අට්ඨවීසතිහත්ථා එකවීසතියා ඨානෙසු ඔභග්ගා අන්තවට්ටි.
අන්තං:- බඩවැල මත්තෙහි ගලවලුයෙන්ද, යට මල මාර්ගය හා බැඳී පවතින, ගලවළුව හා මලමාර්ගය කෙළවරකොට ශරීරාභ්‍යන්තරයෙහි තිබෙන, පුරුෂයාට දෙතිස් රියනක්ද ස්ත්‍රියට විසිඅට රියනක්ද වන, විසිඑක් තැනකින් නැමී පවතින බඩවැල් ගුළිය.
අන්තගුණං අන්තභොගෙ එකතො අගලන්තෙ ආබන්ධිත්වා එකවීසතියා අන්තභොගානං අන්තරා ඨිතං බන්ධනං.
අන්තගුණං:- විසිඑක් ඇතුල් බඩවැල් නොවිසිරෙන සේ එකට බැඳ ඇති බන්ධනයයි.
උදරියං දන්තමුසලසඤ්චුණ්ණිතං ජිව්හාහත්ථපරිවත්තිතං ඛෙළලාලාපලිබුද්ධං තංඛණවිගතවණ්ණගන්ධරසාදිසම්පදං තන්තවායඛලිසුවානවමථුසදිසං නිපතිත්වා පිත්තසෙම්හවාතපලිවෙඨිතං හුත්වා උදරග්ගිසන්තාපවෙගකුථිතං කිමිකුලාකුලං උපරූපරි ඵෙණබුබ්බුළකානි මුඤ්චන්තං පරමකසම්බුකදුග්ගන්ධජෙගුච්ඡභාවං ආපජ්ජිත්වා ආමාසයසඞ්ඛාතෙ උපරිනාභිඅන්තපටලෙ ඨිතං නානප්පකාරකං අසිතපීතඛායිතසායිතං.
උදරියං:- ආමාසයෙහි නොපැසුණු අහර: දත් මොහොල්වලින් මනාව කුඩුකරන ලද, දිව නමැති අතින් පෙරලන ලද කෙළ ගැලීමෙන් අපිරිසිදු වූ, එකෙණෙහිම පහවූ වර්ණ, ගන්ධ, රස ආදී සම්පතින් යුත්, රෙදිවියන පන්දුවෙහි යට අතට වූ නූල් මෙන් හිවල් වමනයක් සේ වැටී, පිත්, සෙම්, වාතාදියෙන් වෙලී කුසගිනි ඌෂ්ණ වේගයෙන්, ඉතා රත්වූයේ පණුවන් ගැවසී ගත්තේ, මතුමත්තෙහි පෙණබුබුළු මුදමින්, ඉතාමත් පිළිකුල් වූයේ, දුර්ගන්ධ, ඉතාමත් පිළිකුල් බවට පැමිණ ආමාසය සංඛ්‍යාත, නාභි මතුයෙහි බඩවැල් වැස්මෙහි තිබෙන නොයෙක් කන ලද, පානය කරන ලද, කඩාකන ලද, රසවිඳින ලද ආහාරයි.
කරීසං පක්කාසයසඞ්ඛාතෙ හෙට්ඨා නාභිපිට්ඨිකණ්ටකමූලානං අන්තරෙ උබ්බෙධෙන අට්ඨඞ්ගුලමත්තෙ අන්තාවසානෙ ඨිතං වච්චං.
කරීසං:- මල නාභිය යට, පිටෙහි ඇටකටු මුල් අතර, උසින් අටඟුලක් පමණ පක්වාසයයි කියනු ලබන බඩවැල් අවසානයෙහි තිබෙන වර්චස්ය.
පිත්තං හදයමංසපප්ඵාසානං අන්තරෙ යකනමංසං නිස්සාය ඨිතං මහාකොසාතකීකොසකසදිසෙ පිත්තකොසකෙ ඨිතං බද්ධපිත්තසඞ්ඛාතඤ්ච, කෙසලොමනඛදන්තානං මංසවිනිමුත්තට්ඨානඤ්චෙව ථද්ධසුක්ඛචම්මඤ්ච ඨපෙත්වා අවසෙසං සරීරං බ්යාපෙත්වා ඨිතං අබද්ධපිත්තසඞ්ඛාතඤ්චාති දුවිධං පිත්තං.
පිත්තං:- පිත: හෘදය මාංශ හා පපුමස අතරෙහි අක්මා මාංශය ආධාර කරගෙන පවතින, මහ වැටකොළු වැලක කුඩා කොපුවක් සමාන පිත් කෝෂයෙහි තිබෙන බද්ධ පිතයයි කියනු ලබන පිතද, කෙස්, ලොම්, නිය, දත් ආදී මාංශයෙන් තොර ස්ථානයන්හිද, තද වියලි සම් හැර සෙසු ශරීරයෙහි ව්‍යාප්තව තිබෙන අබද්ධ පිතද වශයෙන් දෙයාකාරය.
සෙම්හං උදරපටලෙ ඨිතං එකපත්ථපූරප්පමාණං සෙම්හං.
සෙම්හං:- සෙම: උදරයෙහි පිටවැස්මෙහි ඇත් එක් පාත්‍රයක පිරෙන ප්‍රමාණයේ සෙම,
පුබ්බො ඛාණුකණ්ටකපහරණග්ගිජාලාදීහි අභිහතෙ වා සරීරප්පදෙසෙ අබ්භන්තරධාතුක්ඛොභවසෙන වා උප්පන්නෙසු ගණ්ඩපීළකාදීසු පරිපක්කලොහිතපරිණාමො.
පුබ්බො:- සැරව උල් හා කටු ආදියෙන් ප්‍රහාරවලට ලක්වීම, ගිනිදැල්වලින් පහර දුන්විට, සිරුරු පෙදෙස්හි අභ්‍යන්තර ධාතු කිපීම් වශයෙන් හටගත් ගෙඩි පිළිකාදීන්හි මේරූ ලේවල වෙනස සැරව වේ.
ලොහිතං යකනස්ස හෙට්ඨාභාගං පූරෙත්වා හදයවක්කපප්ඵාසානං උපරි ථොකං ථොකං පග්ඝරන්තං වක්කහදයයකනපප්ඵාසෙ තෙමයමානං ඨිතං එකපත්ථපූරමත්තං සන්නිචිතලොහිතසඞ්ඛාතඤ්ච, කෙසලොමනඛදන්තානං මංසවිනිමුත්තට්ඨානඤ්චෙව ථද්ධසුක්ඛචම්මඤ්ච ඨපෙත්වා ධමනිජාලානුසාරෙන සබ්බං උපාදිණ්ණසරීරං ඵරිත්වා ඨිතං සංසරණලොහිතසඞ්ඛාතඤ්චාති දුවිධං ලොහිතං.
ලොහිතං:- ලෙය. අක්මාවෙහි යට කොටස පුරවා, හෘදය වකුගඩුව, හෘදය මාංශ ආදීන් මතුයෙහි ස්වල්පය බැගින් වගුරුවමින්, වකුගඩුව, හෘදය, අක්මාව, හෘදය මාංශය තෙමමින් තිබෙන එක් පාත්‍රයක් පිරෙන තරම් රැස්කළ ලෙයද, කෙස්, ලොම්, නිය, දත් හා මාංශයෙන් තොර හා තද වියලි සමද හැර, නහර ජාලය අනුසාරයෙන් සියලු තමාගේ යයි සිතාගත් ශරීරය පුරා, පැතිර සිටි හා සැරිසරන ලෙයද, වශයෙන් ලෙය දෙයාකාරය.
සෙදො අග්ගිසන්තාපසූරියසන්තාපඋතුවිකාරාදීහි සන්තත්තෙ සරීරෙ සබ්බකෙසලොමකූපවිවරෙහි පග්ඝරණකආපොධාතු.
සෙදො:- දහදිය ගින්නෙන් තැවීම, හිරු රැසින් තැවීම, සෘතු වෙනස්වීම් ආදියෙන් ශරීරය රත්වූ කල්හි සියලු කෙස්, ලොම්, කූප, සිදුරුවලින් වැගිරෙන ජල ස්වභාවයයි.
මෙදො ථූලස්ස සකලසරීරෙ චම්මමංසන්තරෙ කිසස්ස ජඞ්ඝමංසාදීනි නිස්සාය ඨිතො ථිනසිනෙහො.
මෙදො:- මේදය, ස්ථූල වූවහුගේ මුළු සිරුරෙහි සම් මස් අතරද, කෘශ වූවහුගේ උකුල, තුනටිය ආදිය ආශ්‍රයකොට තිබෙන දුර්වල තෙල
අස්සු සොමනස්සදොමනස්සවිසභාගාහාරඋතූහි සමුට්ඨහිත්වා අක්ඛිකූපකෙ පූරෙත්වා තිට්ඨන්තී වා පග්ඝරන්තී වා ආපොධාතු.
අස්සු:- කඳුළු. සොම්නස් - දොම්නස් විසභාග ආහාර සෘතූන්ගෙන් හටගෙන ඇස්වළෙහි පුරවා, තිබෙන්නා වූ හෝ වැගිරෙන්නා වූ ද්‍රව්‍යය ආපෝ ධාතුයි.
වසා අග්ගිසන්තාපසූරියසන්තාපඋතුවිසභාගෙහි උස්මාජාතෙසු යෙභුය්යෙන හත්ථතලහත්ථපිට්ඨිපාදතලපාදපිට්ඨිනාසාපුටනලාටඅංසකූටෙසු ඨිතො විලීනසිනෙහො.
වසා:- චුරුණු තෙල. ගින්නෙන්, හිරුරැසින් තැවීම, සෘතු විෂමතාවන්හිදී, වාතය උණුසුම්වී, මෙහිදී, බොහෝසෙයින් අත්ල, පිටිඅත්ල, පාතල, පාපිට, නළල, උරහිස ආදී ස්ථානයන්හි තිබෙන දියාරු තෙත් ගතියයි.
ඛෙළො තථාරූපං ආහාරං පස්සන්තස්ස වා සරන්තස්ස වා මුඛෙ වා ඨපෙන්තස්ස හදයං වා ආකිලායන්තස්ස කිස්මිඤ්චිදෙව වා ජිගුච්ඡං උප්පාදෙන්තස්ස භිය්යො උප්පජ්ජිත්වා උභොහි කපොලපස්සෙහි ඔරුය්හ ජිව්හාය තිට්ඨමානා ඵෙණමිස්සා ආපොධාතු.
ඛෙලො:- කෙල. ආහාර දකින්නහුට හෝ සිහිකරන්නහුට මුඛයෙහි තබන්නහුට කිසියම් පිළිකුලක් උපදවන්නහුට (පිළිකුලක් වූවිට) බොහෝ ඉපදී දෙකොපුල් පෙදෙසින් බැස දිවෙහි තිබෙන පෙණ මිශ්‍ර තෙත් ද්‍රව්‍යයයි.
සිඞ්ඝාණිකා විසභාගාහාරඋතුවසෙන සඤ්ජාතධාතුක්ඛොභස්ස වා රොදන්තස්ස වා අන්තොසීසෙ මත්ථලුඞ්ගතො ගලිත්වා තාලුමත්ථකවිවරෙන ඔතරිත්වා නාසාපුටෙ පූරෙත්වා තිට්ඨන්තං වා පග්ඝරන්තං වා පූති අසුචි පිච්ඡිලං.
සිංඝාණිකා:- සොටු. විෂම ආහාර සෘතු ආදියෙන් හටගත් ශාරීරික සප්තධාතු කැළඹීමට පත්වූවහුට හෝ හඬන්නහුට, හිස ඇතුළත මොළ ලොදයෙන් ගලාවුත්, තල්ල මතුයෙහි විවරයෙන් බැස, නාස්පුඩු පුරවා, තිබෙන්නා වූ හෝ වැගිරෙන්නා වූ කුණු වූ අපවිත්‍ර ඇලෙන ස්වභාවයයි.
ලසිකා අට්ඨිසන්ධීනං අබ්භඤ්ජනකිච්චං සාධයමානං අසීතිසතසන්ධීනං අබ්භන්තරෙ ඨිතං පිච්ඡිලකුණපං.
ලසිකා:- සඳමිදුළු. ඇට සන්ධීන්හි තෙල් ගැල්වීමේ කෘත්‍යය ඉටුකරමින් එක්සිය අසූවක් සන්ධීන් ඇතුළත තිබෙන ඇලෙන ස්වභාව ඇති අපවිත්‍ර ද්‍රව්‍යයයි.
මුත්තං ආහාරඋතුවසෙන වත්ථිපුටබ්භන්තරෙ ඨිතා ආපොධාතු.
මුත්තං:- මුත්‍ර: ආහාර හා සෘතු ගුණයෙන් හටගත් මුත්‍රාශය ඇතුළත තිබෙන තෙත් ද්‍රව්‍යයයි.
මත්ථලුඞ්ගං සීසකටාහබ්භන්තරෙ චත්තාරො සිබ්බිනිමග්ගෙ නිස්සාය ඨිතො චතුපිණ්ඩසමොධානො මිඤ්ජරාසි.
මත්ථලුංග:- මොළ ලොඳ. හිසෙහි පිටකටුව ඇතුළත. සිවි පූට්ටුව උපයෝගී කරගෙන තිබෙන සිව් පිඩ එක්කිරීමේ මිදුලු රැසයි.
චක්ඛායතනාදීනි ද්වාදස විස්සජ්ජනානි ද්වාදසායතනවසෙන නිද්දිට්ඨානි. ආයතනතො, ආයානං තනනතො, ආයතස්ස ච නයනතො ආයතනං. චක්ඛුරූපාදීසු හි තංතංද්වාරාරම්මණා චිත්තචෙතසිකා ධම්මා සෙන සෙන අනුභවනාදිනා කිච්චෙන ආයතන්ති උට්ඨහන්ති ඝටන්ති, වායමන්තීති වුත්තං හොති. තෙ ච පන ආයභූතෙ ධම්මෙ එතානි තනොන්ති, විත්ථාරෙන්තීති වුත්තං හොති. ඉදඤ්ච අනමතග්ගෙ සංසාරෙ පවත්තං අතීව ආයතං සංසාරදුක්ඛං යාව න නිවත්තති, තාව නයන්ති, පවත්තයන්තීති වුත්තං හොති.
චක්ඛායතන ආදී දොළොස් විසඳුම් ද්වාදසායතන වශයෙන් දක්වන ලදි. චිත්ත චෛතසික ධර්ම නමැති, ආයයන් හටගැනීමට මුල්වන හෙයින්ද, දීර්ඝව ඉදිරියට ගෙනයන හෙයින්ද ආයතනයි. ඇස, රූපය ආදී වශයෙන් ඒ ඒ දොරටු අරමුණු ඇතිව, හටගත් චිත්ත චෛතසික ධර්ම, ඒ ඒ අනුභව කිරීම් ආදී කෘත්‍ය වශයෙන් ඉපදේ. නැගිටී ගැටේ. උත්සාහ කෙරේනුයි යූසේයි. ඒවාට මුල්වූ ධර්මයන් මෙයින් පැතිරෙයි විස්ථාරණය වෙයි. මෙය නොදත් කෙළවර ඇති, සසරෙහි ඉතා දීර්ඝ සසරදුක යම්තාක් නොනවතීද, ඒ තාක් ගෙන යති පවත්වතියි යූසේයි.
අපිච නිවාසට්ඨානට්ඨෙන ආකරට්ඨෙන සමොසරණට්ඨානට්ඨෙන සඤ්ජාතිදෙසට්ඨෙන කාරණට්ඨෙන ච ආයතනං . තථා හි ලොකෙ “ඉස්සරායතනං වාසුදෙවායතන”න්තිආදීසු නිවාසට්ඨානං “ආයතන”න්ති වුච්චති. “සුවණ්ණායතනං රජතායතන”න්තිආදීසු ආකරො. සාසනෙ පන “මනොරමෙ ආයතනෙ, සෙවන්ති නං විහඞ්ගමා”තිආදීසු (අ· නි· 5.38) සමොසරණට්ඨානං. “දක්ඛිණාපථො ගුන්නං ආයතන”න්තිආදීසු සඤ්ජාතිදෙසො. “තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සති සතිආයතනෙ”තිආදීසු (අ· නි· 3.102; 5.23) කාරණං. චක්ඛුආදීසු චාපි තෙ තෙ චිත්තචෙතසිකා ධම්මා නිවසන්ති තදායත්තවුත්තිතායාති චක්ඛාදයො නෙසං නිවාසට්ඨානං , චක්ඛාදීසු ච තෙ ආකිණ්ණා තන්නිස්සයත්තා තදාරම්මණත්තා චාති චක්ඛාදයො ච නෙසං ආකරො, තත්ථ තත්ථ වත්ථුද්වාරාරම්මණවසෙන සමොසරණතො චක්ඛාදයො ච නෙසං සමොසරණට්ඨානං, තංනිස්සයාරම්මණභාවෙන තත්ථෙව උප්පත්තිතො චක්ඛාදයො ච නෙසං සඤ්ජාතිදෙසො, චක්ඛාදීනං අභාවෙ අභාවතො චක්ඛාදයො ච නෙසං කාරණන්ති යථාවුත්තෙනත්ථෙන චක්ඛු ච තං ආයතනඤ්චාති චක්ඛායතනං. එවං සෙසානිපි.
තවද, වාසස්ථානය, ආකරය, රැස්වීම ඉපදුණු දේශය, කාරණය යන අර්ථයන්හි ආයතන ශබ්දය යෙදේ. එසේම ලෝකයෙහි ‘ඉස්සරායතනං, වාසුදෙවායතනං, ආදීන්හි වාසස්ථානය ආයතනයයි කියයි. සුවණ්ණායතනං රජතායතනං ආදී තන්හි ආකාරය කියැවේ. (උපදනා තැන) ශාසනයෙහි වනාහි ‘මනොරමෙ ආයතනෙ සෙවන්ති නං විභංගමා ආදී තන්හි රැස්වන ස්ථානයයි. දක්ඛිණාපථො ගුන්නං ආයතනං ආදී තන්හි ඉපදෙන ස්ථානයයි. තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණාති සත සති ආයතනෙ, ආදී තන්හි කාරණයයි. ඇස් ආදීන්හි ඒ ඒ චිත්ත චෛතසික ධර්මයෝ ඊට අනුගත හෙයින් වාසය කෙරෙති. චක්ෂුරාදීන් ඔවුන්ගේ වාසස්ථානයයි. චක්‍ෂුරාදීන්හි එම චිත්ත චෛතසික ධර්මයන් ගැවසීගත් හෙයින්ද, ඒවා ආශ්රිත හෙයින්ද, ඒවා අරමුණුකොට ඇති හෙයින්ද, චක්ෂුරාදීන් ඔවුන්ගේ ආකරයකි. හටගන්නා ස්ථානයකි. ඒ ඒ තන්හි වස්තු, ද්වාර, අරමුණු වශයෙන් රැස්වන හෙයින්ද, චක්ෂුරාදීන් ඔවුන්ගේ රැස්වන ආකාරයයි. එය ඇසුරුකොට අරමුණු සිදුවන හෙයින්ද, එහිම උපදින හෙයින්ද, ඇස් ආදීහු ඔවුන්ගේ හටගත් දේශයයි. චක්ෂුරාදීන්ගේ අභාවයෙන් චිත්ත චෛතසිකාදීන්ගේ අභාවය වන හෙයින්, චක්ෂුරාදීන් ඔවුන්ට හටගැනීමේ කාරණා වේ. කියන ලද අර්ථයට අනුව ඇසද, ආයතනයද එයම වූයේනුයි චක්ඛායතනයයි. සෙස්සද මෙසේය.
චක්ඛුධාතාදීනි අට්ඨාරස විස්සජ්ජනානි අට්ඨාරසධාතුවසෙන නිද්දිට්ඨානි. චක්ඛාදීසු එකෙකො ධම්මො යථාසම්භවං විදහති, ධීයතෙ, විධානං විධීයතෙ, එතාය, එත්ථ වා ධීයතීති ධාතු. ලොකියා හි ධාතුයො කාරණභාවෙන වවත්ථිතා හුත්වා සුවණ්ණරජතාදිධාතුයො විය සුවණ්ණරජතාදිං, අනෙකප්පකාරං සංසාරදුක්ඛං විදහන්ති. භාරහාරෙහි ච භාරො විය සත්තෙහි ධීයන්තෙ, ධාරීයන්තීති අත්ථො. දුක්ඛවිධානමත්තමෙව චෙතා අවසවත්තනතො. එතාහි ච කරණභූතාහි සංසාරදුක්ඛං සත්තෙහි අනුවිධීයති. තථාවිහිතඤ්චෙතං එතාස්වෙව ධීයති, ඨපීයතීති අත්ථො. අපිච යථා තිත්ථියානං අත්තා නාම සභාවතො නත්ථි, න එවමෙතා. එතා පන අත්තනො සභාවං ධාරෙන්තීති ධාතුයො. යථා ච ලොකෙ විචිත්තා හරිතාලමනොසිලාදයො සෙලාවයවා ධාතුයොති වුච්චන්ති, එවමෙතාපි ධාතුයො වියාති ධාතුයො. විචිත්තා හෙතා ඤාණනෙය්යාවයවාති. යථා වා සරීරසඞ්ඛාතස්ස සමුදායස්ස අවයවභූතෙසු රසසොණිතාදීසු අඤ්ඤමඤ්ඤවිසභාගලක්ඛණපරිච්ඡින්නෙසු ධාතුසමඤ්ඤා, එවමෙවෙතෙසුපි පඤ්චක්ඛන්ධසඞ්ඛාතස්ස අත්තභාවස්ස අවයවෙසු ධාතුසමඤ්ඤා වෙදිතබ්බා. අඤ්ඤමඤ්ඤවිසභාගලක්ඛණපරිච්ඡින්නා හෙතෙ චක්ඛාදයොති. අපිච ධාතූති නිජ්ජීවමත්තස්සෙතං අධිවචනං. තථා හි භගවා “ඡධාතුරො අයං භික්ඛු පුරිසො”තිආදීසු (ම· නි· 3.343-344) ජීවසඤ්ඤාසමූහනනත්ථං ධාතුදෙසනං අකාසීති. යථාවුත්තෙනත්ථෙන චක්ඛු ච තං ධාතු චාති චක්ඛුධාතු. එවං සෙසාපි. මනොධාතූති ච තිස්සො මනොධාතුයො. ධම්මධාතූති වෙදනාසඤ්ඤාසඞ්ඛාරක්ඛන්ධා සොළස සුඛුමරූපානි නිබ්බානඤ්ච. මනොවිඤ්ඤාණධාතූති ඡසත්තති මනොවිඤ්ඤාණධාතුයො.
චක්ෂු ධාතු ආදී අටළොස් විසඳුම්, අටළොස් ධාතු වශයෙන් විස්තර කරන ලදි. චක්ෂුරාදී එක් එක් ධර්මය පිළිවෙලින් විධාන කරයි. දරනු ලැබේ. එයින් විධාන කරයි. එහි හෝ දරනු ලැබේනුයි, ධාතුයි. රන් රිදී ආදී ලෞකික ධාතූහු, තත්වාවබෝධය රහිත තාවය තුළින්, රන්රිදී ආදීන්ට මූල්‍යමය වටිනාකම් ප්රක්ෂේපණය කොට ඒ හේතුකොට නොයෙක් සසර දුක් නියම කරති. (ලබති) බරගෙන යන්නන්ගේ බර මෙන් සත්ත්වයින් විසින් උසුලනු ලැබෙත්. දරනු ලැබෙත්නුයි යන අර්ථයි. වසඟයෙහි නොපවත්නා හෙයින් මෙය දුක් පිළියෙල කිරීමක් පමණකි. මේවාට හේතුවන කරුණුවලින් සත්ත්වයින් විසින් සසර දුක් විඳිනු ලැබේ. එය එසේම කරන ලද්දේද වේ. ඒවාම දරනු ලැබේ. තබනු ලැබේනුයි අර්ථයි. තවද තීර්ථකයින්ගේ ආත්මය නම් සත්‍ය වශයෙන් නැත. මේවා එසේ නොවේ. මේවා වනාහි තමාගේ ස්වභාවයන් දරත්නුයි ධාතුයි. යම්සේ ලෝකයෙහි විසිතුරු හිරියල්, රත්හිරියල් ආදී ශෛලමය දෑ ධාතුයයි කියත්ද? එසේම මේවාද ධාතූන් මෙනැයි ධාතු නම් වේ. මේවා නුවණින් දතයුතු කරුණු බැවින් විසිතුරුය. යම්සේ වනාහි ශරීරය යයි කියනු ලබන රාශියට අවයව වූ රස ලේ ආදීන්හි ඔවුනොවුන්ගේ විෂම ලක්ෂණ නුවණින් පිරිසිඳ දැනගත් කල්හි ධාතු මාත්‍රයක්ම යයි දැනීමක් වේද, එපරිද්දෙන්ම පංචස්කන්ධ සංඛ්‍යාත ආත්ම භාවයාගේ අවයවවල ධාතුය යන හැඟීම දතයුතුය. ඇස් ආදීන්ගේ ඔවුනොවුන් අතර පවත්නා විෂම ලක්ෂණ පිරිසිඳ දතයුතුය. තවද ධාතු යනු අජීව මාත්‍රයකට විශේෂ නමකි. එසේම බුදුරදුන්, ‘ඡ’ ධාතුයො අයං භික්ඛවෙ පුරිසො, ජීව සංඥාව මුලිනුපුටා දැමීම සඳහා ධාතු දේශනාව කළ සේක. කියන ලද පරිද්දෙන් ඇසද එයමනුයි ධාතුවද එයම නුයි චක්ඛුධාතුයි. සෙස්සද මෙසේය. මනොධාතු යනු සතර මනෝධාතූන්ය. ධම්මධාතු යනු වේදනා, සඤ්ඤා, සංස්කාර යන ස්කන්ධයන්ද, සොළොස් සියුම් රූපද නිර්වාණයද වේ. මනො විඤ්ඤාණ ධාතු යනු හැත්තෑහයක් වූ මනො විඤ්ඤාණ ධාතූන්ය.
චක්ඛුන්ද්රියාදීනි බාවීසති විස්සජ්ජනානි බාවීසතින්ද්රියවසෙන නිද්දිට්ඨානි. චක්ඛුමෙව දස්සනලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති චක්ඛුන්ද්රියං. සොතමෙව සවනලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති සොතින්ද්රියං. ඝානමෙව ඝායනලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති ඝානින්ද්රියං. ජිව්හා එව සායනලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති ජිව්හින්ද්රියං. කායො එව ඵුසනලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති කායින්ද්රියං. මනතෙ ඉති මනො, විජානාතීති අත්ථො. අට්ඨකථාචරියා පනාහු – නාලියා මිනමානො විය මහාතුලාය ධාරයමානො විය ච ආරම්මණං මනති ජානාතීති මනො, තදෙව මනනලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති මනින්ද්රියං.
චක්ෂු ඉන්ද්රිය ආදී දෙවිසි විසඳුම් දෙවිසි ඉන්ද්රිය වශයෙන් විස්තර කරන ලදි. ඇසම දැකීම් ලක්ෂණයෙන් අධිපතිත්වය කෙරේනුයි චක්ඛුන්ද්රියයි ශ්රෝත්රයම ඇසීම් ලක්ෂණයෙන් අධිපතිත්වය කෙරේනුයි සොතින්ද්රියයි. නාසයම ආඝ්රාණ ලක්ෂණයෙහි අධිපතිත්වය කෙරේනුයි = ඝාණින්ද්රියයි. දිවම රස දැනීම් ලක්ෂණයෙහි අධිපතිත්වය කෙරේනුයි = ජිව්හින්ද්රිය යි. ශරීරයම ස්පර්ශ කිරීම් ලක්ෂණයේ අධිපතිත්වය කෙරේනුයි = කායින්ද්රිය යි. මනීනුයි - මනයි - දැනගනී යන අර්ථයි. අර්ථකථාචාර්යවරු වනාහි කීවාහුය. නැලියෙන් මනින්නාක් මෙන්ද, විශාල තරාදියක දමා මනින්නාක් මෙන්ද අරමුණ මනියි, දනීනුයි = මනයි. එයම මැනීම් ලක්ෂණයෙහි අධිපතිත්වය කෙරේනුයි = මනින්ද්රියං යි.
ජීවන්ති තෙන තංසහජාතා ධම්මාති ජීවිතං, තදෙව අනුපාලනලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති ජීවිතින්ද්රියං. තං රූපජීවිතින්ද්රියං අරූපජීවිතින්ද්රියන්ති දුවිධං. සබ්බකම්මජරූපසහජං සහජරූපානුපාලනං රූපජීවිතින්ද්රියං, සබ්බචිත්තසහජං සහජඅරූපානුපාලනං අරූපජීවිතින්ද්රියං.
ඒ හා යෙදුණු ධර්මයන් ජීවත් කෙරේනුයි = ජීවිතයි. එයම රැකීම් ලක්ෂණයෙහි ප්‍රධානත්වය කෙරේනුයි = ජීවිතින්ද්රියං යි. එය රූප ජීවිතින්ද්රිය, අරූප ජීවිතින්ද්රිය වශයෙන් දෙවදෑරුම්ය. සියලු කර්මජ රූප සහජය. සහජ රූප රැකීම රූප ජීවිතේන්ද්‍රියයි. සියලු චිත්තජ රූප සහජය. සහජ අරූප රැකීම අරූප ජීවිතේන්ද්‍රියයි.
ථීයති සඞ්ඝාතං ගච්ඡති එතිස්සා ගබ්භොති ඉත්ථී, ඉත්ථිලිඞ්ගාදීසු ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං, නියමතො ඉත්ථියා එව ඉන්ද්රියං ඉත්ථින්ද්රියං.
ඇයගේ ගැබ නැසේ, විනාස වේනුයි = ඉත්ථියි. ස්ත්‍රී ලිංගාදියෙහි අධිපතිත්වය කෙරේනුයි = ඉන්ද්‍රියයි. නියම වශයෙන් ස්ත්‍රියගේම ඉන්ද්රිය = ඉත්ථින්ද්රියං ය.
පුං-වුච්චති නිරයො, පුං සඞ්ඛාතෙ නිරයෙ රිසීයති හිංසීයතීති පුරිසො, පුරිසලිඞ්ගාදීසු ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං, නියමතො පුරිසස්සෙව ඉන්ද්රියං පුරිසින්ද්රියං. ද්වීසුපෙතෙසු එකෙකං සභාවකස්ස එකෙකස්ස කම්මජරූපසහජං හොති.
නිරයට පුං යයි කියයි. පුං සංඛ්‍යාත නිරයෙහි වෙහෙසේ. පීඩනයට පත්වේනුයි = පුරිසොයි කියයි. පුරුෂ ලිංගාදියෙහි අධිපතිත්වය කෙරේනුයි = ඉන්ද්‍රියයි. නියම වශයෙන් පුරුෂයාගේම ඉන්ද්රිය පුරිසින්ද්රියයි. ඒ දෙකෙහි එකිනෙකෙහි ස්වභාවය අනුව එකිනෙකාට කර්මජ රූප සහජ වෙයි.
කුසලවිපාකකායවිඤ්ඤාණසම්පයුත්තං සුඛං, කායිකසාතලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං, සුඛමෙව ඉන්ද්රියං සුඛින්ද්රියං.
කුසල විපාක කාය විඤ්ඤාණය හා යෙදුණු සුවදායි කායික සිහිල් ලක්ෂණයෙහි ප්‍රධානත්වය කෙරේනුයි සුඛින්ද්රියං.
අකුසලවිපාකකායවිඤ්ඤාණසම්පයුත්තං දුක්ඛං, කායිකඅසාතලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං, දුක්ඛමෙව ඉන්ද්රියං දුක්ඛින්ද්රියං.
[missing trans] දුකම ප්‍රධානත්වය කෙරේනුයි - දුක්ඛින්ද්රියං යි.
පීතිසොමනස්සයොගතො සොභනං මනො අස්සාති සුමනො, සුමනස්ස භාවො සොමනස්සං, චෙතසිකසාතලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං, සොමනස්සමෙව ඉන්ද්රියං සොමනස්සින්ද්රියං.
ප්‍රීතිය හා සතුට සංයෝගයෙන් යහපත් මනසක් මොහුට ඇත්තේනුයි = සුමනයි. - යහපත් මනසෙහි ස්වභාවය සොමනස්සයි. චෛතසික සිසිල් කිරීම් ලක්ෂණයෙහි ප්‍රධානත්වය කෙරේනුයි = ඉන්ද්රිය යි. සතුටම ඉන්ද්රිය වූයේ නුයි සොමනස්සින්ද්රියං යි.
දොමනස්සයොගතො දුට්ඨු මනො අස්සාති, හීනවෙදනත්තා වා කුච්ඡිතං මනො අස්සාති දුම්මනො, දුම්මනස්ස භාවො දොමනස්සං, චෙතසිකඅසාතලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං, දොමනස්සමෙව ඉන්ද්රියං දොමනස්සින්ද්රියං. සුඛදුක්ඛාකාරපවත්තිං උපෙක්ඛති මජ්ඣත්තාකාරසණ්ඨිතත්තා තෙනාකාරෙන පවත්තතීති උපෙක්ඛා, මජ්ඣත්තලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං, උපෙක්ඛා එව ඉන්ද්රියං උපෙක්ඛින්ද්රියං.
දොම්නස යෙදීමෙන් දුෂ්ට වූ මනසක් මොහුටනුයිද, පහවූ සුව වේදනා ඇත්තේ, පිළිකුල් මනසක් මොහුටනුයි දුම්මනයි. නරක සිතෙහි ස්වභාවය = දොමනස්සයි. චෛතසික අමිහිරි ලක්ෂණයෙහි ප්‍රධානත්වය කෙරේනුයි = ඉන්ද්‍රියයි. දොම්නසම ඉන්ද්රිය වූයේ දොමනස්සින්ද්රියං යි. සුවදුක් ආකාර පැවැත්මෙහි මධ්‍යස්ථ වේ. මධ්‍යස්ථ ආකාරයෙන් පිහිටි හෙයින් ඒ ආකාරයෙන් පවතීනුයි - උපේක්ෂායි. මධ්‍යස්ථ ලක්ෂණයෙහි ප්‍රධානත්වය කෙරේනුයි - ඉන්ද්රිය යි. උපේක්ෂාවම ඉන්ද්රිය වූයේ උපෙක්ඛින්ද්රියං යි.
සද්දහන්ති එතාය, සයං වා සද්දහති, සද්දහනමත්තමෙව වා එසාති සද්ධා, අස්සද්ධියස්ස අභිභවනතො අධිපතිඅත්ථෙන ඉන්ද්රියං, අධිමොක්ඛලක්ඛණෙ වා ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං, සද්ධායෙව ඉන්ද්රියං සද්ධින්ද්රියං.
මෙය කරණකොට අදහති. තමා හෝ අදහයි. ඇදහිලි මාත්‍රයම මෙයනුයි - සද්ධායි. අශ්රද්ධාවගේ මැඩපැවැත්වීම කරන හෙයින් අධිපති අර්ථයෙන් ඉන්ද්‍රියයි. ස්ථිරත්ව ලක්ෂණයෙන් හෝ ප්‍රධානත්වය කෙරේනුයි = ඉන්ද්‍රියයි. ශ්‍රද්ධාවම ඉන්ද්රිය වූයේ = සද්ධින්ද්රියං යි.
වීරභාවො වීරියං, වීරානං වා කම්මං, විධිනා වා නයෙන ඊරයිතබ්බං පවත්තයිතබ්බන්ති වීරියං, කොසජ්ජස්ස අභිභවනතො අධිපතිඅත්ථෙන ඉන්ද්රියං, පග්ගහණලක්ඛණෙ වා ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං, වීරියමෙව ඉන්ද්රියං වීරියින්ද්‍රියං.
ශක්තිමත් භාවය වීර්යයි. වීර්යන්ගේ කර්ම හෝ නියම ක්‍රමයෙන් ගෙන යායුතුය. පැවැත්විය යුතු වූයේනුයි විරියයයි. කුසීතකම මැඩපවත්වන හෙයින් අධිපති අර්ථයෙන් ඉන්ද්‍රියයි. දැඩිව අල්ලාගැනීම් ලක්ෂණයෙන් ප්‍රධානත්වය කෙරේනුයි ඉන්ද්‍රියයි. වීර්යයම ඉන්ද්රිය වූයේ (වීර්යෙන්ද්රියයි) විරියින්ද්රියංයි,
සරන්ති තාය, සයං වා සරති, සරණමත්තමෙව වා එසාති සති, මුට්ඨසච්චස්ස අභිභවනතො අධිපතිඅත්ථෙන ඉන්ද්රියං, උපට්ඨානලක්ඛණෙ වා ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං, සති එව ඉන්ද්රියං සතින්ද්රියං.
එයින් සිහි කෙරෙත්. තමා හෝ සිහිකරයි. සිහිකිරීම් ප්‍රමාණයම මෙයනුයි සතියි. සිහිමුලාව මැඩපවත්වන හෙයින් අධිපති අර්ථයෙන් ඉන්ද්‍රියයි. අභිවෘද්ධි ලක්ෂණයෙහි ප්‍රධානත්වය කෙරේනුයි ඉන්ද්‍රියයි. සිහියම ඉන්ද්රිය වූයේ සතින්ද්රියංයි.
ආරම්මණෙ චිත්තං සම්මා ආධියති ඨපෙතීති සමාධි, වික්ඛෙපස්ස අභිභවනතො අධිපතිඅත්ථෙන ඉන්ද්රියං, අවික්ඛෙපලක්ඛණෙ වා ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං, සමාධි එව ඉන්ද්රියං සමාධින්ද්රියං.
අරමුණෙහි සිත මනාව පිහිටයි තබයිනුයි = සමාධියි. විසිරීම මැඩපවත්වන හෙයින් අධිපති අර්ථයෙන් ඉන්ද්‍රියයි. නොවිසිරෙන ලක්ෂණයෙහි ප්‍රධානත්වය කෙරේනුයි ඉන්ද්‍රියයි. සමාධියම ඉන්ද්රිය වූයේ සමාධින්ද්රියං යි.
“ඉදං දුක්ඛ”න්තිආදිනා නයෙන අරියසච්චානි පජානාතීති පඤ්ඤා. අට්ඨකථායං පන “අනිච්චං දුක්ඛමනත්තාති පඤ්ඤාපනවසෙන පඤ්ඤා”ති වුත්තං. අවිජ්ජාය අභිභවනතො අධිපතිඅත්ථෙන ඉන්ද්රියං, දස්සනලක්ඛණෙ වා ඉන්දට්ඨං කාරෙතීති ඉන්ද්රියං, පඤ්ඤා එව ඉන්ද්රියං පඤ්ඤින්ද්රියං.
මෙය දුකයයි ආදී ක්‍රමයෙන් ආර්ය සත්‍යයන් විශේෂයෙන් දැනගනීනුයි = ප්‍රඥායි. අටුවාවන්හි, වනාහි, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් පැනවීම් වශයෙන් ප්‍රඥාව යයි යූසේයි. අවිද්‍යාව මැඩපවත්වන අර්ථයෙන් ඉන්ද්‍රියයි. දැකීම් ලක්ෂණයෙහි ප්‍රධානත්වය කෙරේනුයි ඉන්ද්‍රියයි. ප්‍රඥාවම ඉන්ද්රිය වූයේ පඤ්ඤින්ද්රියංයි.
අනමතග්ගෙ සංසාරවට්ටෙ අනඤ්ඤාතං අමතං පදං චතුසච්චධම්මමෙව වා ජානිස්සාමීති පටිපන්නස්ස උප්පජ්ජනතො ඉන්ද්රියට්ඨසම්භවතො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං. සොතාපත්තිමග්ගඤාණස්සෙතං නාමං.
කෙළවරක් නොමැති සංසාර වෘත්තයෙහි නොදත් අමෘතපද වන සිව්සස් දහමම දැනගන්නෙමියි පිළිපන්නහුට උපදනා හෙයින්ද, ඉන්ද්රියාර්ථය හටගන්නා හෙයින්ද අනඤ්ඤතඤ්ඤස්සාමීතින්ද්රියයි කියයි.
පඨමමග්ගෙන ඤාතං මරියාදං අනතික්කමිත්වා තෙසංයෙව තෙන මග්ගෙන ඤාතානං චතුසච්චධම්මානමෙව ජානනතො ඉන්ද්රියට්ඨසම්භවතො ච ආජානනකං ඉන්ද්රියං අඤ්ඤින්ද්රියං. සොතාපත්තිඵලාදීසු ඡසු ඨානෙසු ඤාණස්සෙතං නාමං.
සෝවාන් මාර්ග ඤාණයට මේ නාමයකි. ප්‍රථම මාර්ගයෙන් දත් සීමාව නොඉක්මවා, ඒ මාර්ගයෙන් දත්, ඒ චතුරාර්ය සත්‍යය ධර්මයන්ම දැනගන්නා හෙයින්ද ඉන්ද්රියාර්ථය හටගන්නා හෙයින්ද, මනාසේ දැනගත්තා වූ ඉන්ද්රිය = අඤ්ඤින්ද්රියයි. සෝවාන් ඵලාදී ස්ථාන සයක ඤාණයට මෙය නාමයකි.
අඤ්ඤාතාවිනො චතුසච්චෙසු නිට්ඨිතඤාණකිච්චස්ස ඛීණාසවස්ස උප්පජ්ජනතො ඉන්ද්රියට්ඨසම්භවතො ච අඤ්ඤාතාවින්ද්රියං, අඤ්ඤාතාවීනං වා චතූසු සච්චෙසු නිට්ඨිතකිච්චානං චත්තාරි සච්චානි පටිවිජ්ඣිත්වා ඨිතානං ධම්මානං අබ්භන්තරෙ ඉන්දට්ඨසාධනෙන අඤ්ඤාතාවින්ද්රියං. අරහත්තඵලඤාණස්සෙතං නාමං. සබ්බානිපෙතානි යථායොගං ඉන්දලිඞ්ගට්ඨෙන ඉන්දදෙසිතට්ඨෙන ඉන්දදිට්ඨට්ඨෙන ඉන්දසිට්ඨට්ඨෙන ඉන්දජුට්ඨට්ඨෙන ච ඉන්ද්රියානි. භගවා හි සම්මාසම්බුද්ධො පරමිස්සරියභාවතො ඉන්දො, කුසලාකුසලඤ්ච කම්මං කම්මෙසු කස්සචි ඉස්සරියාභාවතො. තෙනෙවෙත්ථ කම්මජනිතානි ඉන්ද්රියානි කුසලාකුසලකම්මං උල්ලිඞ්ගෙන්ති , තෙන ච සිට්ඨානීති ඉන්දලිඞ්ගට්ඨෙන ඉන්දසිට්ඨට්ඨෙන ච ඉන්ද්රියානි. සබ්බානෙව පනෙතානි භගවතා මුනින්දෙන යථාභූතතො පකාසිතානි අභිසම්බුද්ධානි චාති ඉන්දදෙසිතට්ඨෙන ඉන්දදිට්ඨට්ඨෙන ච ඉන්ද්රියානි. තෙනෙව ච භගවතා මුනින්දෙන කානිචි ගොචරාසෙවනාය, කානිචි භාවනාසෙවනාය සෙවිතානීති ඉන්දජුට්ඨට්ඨෙනපි ඉන්ද්රියානි. අපි ච ආධිපච්චසඞ්ඛාතෙන ඉස්සරියට්ඨෙනපි එතානි ඉන්ද්රියානි. චක්ඛුවිඤ්ඤාණාදිපවත්තියඤ්හි චක්ඛාදීනං සිද්ධමාධිපච්චං තස්මිං තික්ඛෙ තික්ඛත්තා මන්දෙ ච මන්දත්තාති.
සම්පූර්ණ දැනුම ඇත්තා වූ, චතුරාර්ය සත්‍යයන්හි, නිමවන ලද, ඤාණ කෘත්‍යය ඇති, ක්ෂීණාශ්රවයන් වහන්සේලාටම උපදනා හෙයින්ද, ඉන්ද්රියාර්ථය හටගන්නා හෙයින්ද, අඤ්ඤතාවින්ද්රියයි. චතුරාර්ය සත්‍යයන්හි නිමවන ලද කෘත්‍යයන් ඇති, සම්පූර්ණ දැනුම ඇත්තා වූ, චතුරාර්ය සත්‍යයන් අවබෝධකොට සිටින අයට, අභ්‍යන්තර ඉන්ද්රියාර්ථය සිද්ධ කරන හෙයින්, අඤ්ඤතාවින්ද්රියයි. අර්හත්ඵල ඤාණයට මෙය නාමයකි. මේ සියල්ලම සුදුසු පරිද්දෙන්, ප්‍රධාන ආකාරාර්ථයෙන්, ප්‍රධාන දේසිතාර්ථයෙන් ප්‍රධාන දර්ශනාර්ථයෙන්, ප්‍රධාන ශ්‍රේෂ්ඨාර්ථයෙන්, ප්‍රධාන සේවනාර්ථයෙන් ඉන්ද්‍රියයෝය. භාග්‍යවත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ, උතුම් ඓශ්වර්යයට පත් අයෙක් නොමැති හෙයින් ඉන්ද්රියය. එහෙයින් කර්මජ කුසලකර්ම ඉක්මවා යයි. එයින්ම ශ්‍රේෂ්ඨත්වයට පත්වූයේ යයි, ප්‍රධාන ආකාරාර්ථයෙන්ද, ප්‍රධාන ශ්රේෂ්ඨාර්ථයෙන්ද ඉන්ද්‍රියයෝය. මේ සියල්ලම භාග්‍යවත් මුනීන්ද්රයන් වහන්සේ විසින් තත්ත්වාකාරයෙන් ප්‍රකාශකරන ලද්දේය, අවබෝධ කරන ලද්දේනුයි, ඉන්ද්රදේසිතාර්ථයෙන්ද, ඉන්ද්‍ර දෘශ්යාර්ථයෙන්ද ඉන්ද්රියයෝ වෙති. ඒවාම භාග්‍යවත් මුනීන්ද්‍රයාණන් වහන්සේ විසින් සමහර ඒවා ගෝචර සේවනයෙන්ද, සමහර ඒවා භාවනා සේවනයෙන්ද සේවනය කරන ලද්දේනුයි ඉන්ද්‍ර සේවනාර්ථයෙන්ද ඉන්ද්රියයෝ වෙති. තවද අධිපති සංඛ්‍යාත ඓශ්චර්යාර්ථයෙන්ද, ඉන්ද්රියයෝ වෙති. චක්ෂු විඤ්ඤාණාදීන්ගේ ප්‍රවෘත්තියෙහි චක්ෂුරාදීන්ගේ සිද්ධිය ආධිපත්‍යයයි. එහි තීක්ෂණ භාවයෙහිදී තීක්ෂණත්වයද, මන්ද භාවයෙහිදී මන්දත්වයද වේ.
කාමධාතුආදීනි ද්වාදස විස්සජ්ජනානි භවප්පභෙදවසෙන නිද්දිට්ඨානි. කාමරාගසඞ්ඛාතෙන කාමෙන යුත්තා ධාතු කාමධාතු, කාමසඞ්ඛාතා වා ධාතු කාමධාතු.
කාමධාතු ආදී දොළොස් විසඳුම් භව ප්‍රභේද වශයෙන් විස්තර කරන ලදි. කාමරාග සංඛ්‍යාත වූ කාමයෙන් යුක්ත වූ ධාතුව = කාමධාතුයි. කාමසංඛ්යාත වූ හෝ ධාතුව = කාමධාතුයි.
කාමං පහාය රූපෙන යුත්තා ධාතු රූපධාතු, රූපසඞ්ඛාතා වා ධාතු රූපධාතු.
කාමය හැර රූපයෙන් යුත් ධාතුව = රූපධාතුයි. රූපසංඛ්යාත වූ හෝ ධාතුව = රූපධාතුයි.
කාමඤ්ච රූපඤ්ච පහාය අරූපෙන යුත්තා ධාතු අරූපධාතු, අරූපසඞ්ඛාතා වා ධාතු අරූපධාතු.
කාමයද, රූපයද හැර අරූපයෙන් යුත් ධාතුව = අරූපධාතුයි. අරූප සංඛ්‍යාත වූ හෝ ධාතුව අරූපධාතුයි.
තා එව ධාතුයො පුන භවපරියායෙන වුත්තා. භවතීති හි භවොති වුච්චති. සඤ්ඤාය යුත්තො භවො සඤ්ඤාභවො, සඤ්ඤාසහගතො වා භවො සඤ්ඤාභවො, සඤ්ඤා වා එත්ථ භවෙ අත්ථීති සඤ්ඤාභවො. සො කාමභවො ච අසඤ්ඤාභවමුත්තො රූපභවො ච නෙවසඤ්ඤානාසඤ්ඤාභවමුත්තො අරූපභවො ච හොති.
එම ධාතුම නැවත භව ක්‍රමයෙන් යූසේයි. උපදීනුයි භවයයි කියයි. සංඥාවෙන් යුත් භවය සංඥාභවයයි. සංඥාගත වූ භවයනුයි සඤ්ඤාභවයයි. මේ භවයෙහි සංඥාවක් ඇත්තේනුයි සඤ්ඤා භවයි. එය කාමභවයද, අසඤ්ඤභවය අත්හළ රූපභවයද, නේවසඤ්ඤානාසඤ්ඤා භවය අත්හළ අරූපභවයද වේ.
න සඤ්ඤාභවො අසඤ්ඤාභවො, සො රූපභවෙකදෙසො.
හැඟීමක් දැනීමක් නොමැති භවය, අසඤ්ඤ භවයයි. එය රූප භවයෙහි එක් කොටසකි.
ඔළාරිකත්තාභාවතො නෙවසඤ්ඤා, සුඛුමත්තෙන සම්භවතො නාසඤ්ඤාති නෙවසඤ්ඤානාසඤ්ඤා, තාය යුත්තො භවො නෙවසඤ්ඤානාසඤ්ඤාභවො. අථ වා ඔළාරිකාය සඤ්ඤාය අභාවා, සුඛුමාය ච භාවා නෙවසඤ්ඤානාසඤ්ඤා අස්මිං භවෙති නෙවසඤ්ඤානාසඤ්ඤාභවො, සො අරූපභවෙකදෙසො.
ගොරෝසු භාවය නොමැති හෙයින් හැඟීමක් නැත්තේය. සියුම් බැවින් මුළුමනින්ම හැඟීමක් නැත්තේනුයි නේවසඤ්ඤානාසඤ්ඤායි. එවැනි ස්වභාවයන්ගෙන් යුත් භවය නේවසඤ්ඤානාසඤ්ඤා භවයයි. තවද, ගොරෝසු සංඥාවන්ගේ අභාවයද, සියුම් සංඥාවන්ගේ අභාවයෙන්ද නේවසඤ්ඤානාසඤ්ඤාව මේ භවයෙහි නුයි = නේවසඤ්ඤානාසඤ්ඤාභවයයි. එය අරූප භවයෙහි එක් කොටසකි.
එකෙන රූපක්ඛන්ධෙන වොකිණ්ණො භවො එකෙන වොකාරො අස්ස භවස්සාති එකවොකාරභවො, සො අසඤ්ඤභවොව.
එක් රූපස්කන්ධයකින් ගැවසීගත් භවය එකවොකාර භවයයි. එක් ස්කන්ධයක් හෝ මේ භවයට නුයි එකවොකාර භවයයි. එය අසඤ්ඤ භවයයි.
චතූහි අරූපක්ඛන්ධෙහි වොකිණ්ණො භවො චතූහි වොකාරො අස්ස භවස්සාති චතුවොකාරභවො, සො අරූපභවො එව.
අරූප ස්කන්ධ සතරකින් ගැවසීගත් භවය චතුවොකාර භවයයි. ස්කන්ධ සතරක් මේ භවයට නුයි චතුවොකාර භවයයි. එය අරූප භවයමය.
පඤ්චහි ඛන්ධෙහි වොකිණ්ණො භවො පඤ්චහි වොකාරො අස්ස භවස්සාති පඤ්චවොකාරභවො, සො කාමභවො ච රූපභවෙකදෙසො ච හොති.
ස්කන්ධ පහකින් ගැවසීගත් භවය, ස්කන්ධ පහක් මේ භවයට ඇත්තේනුයි පඤ්චවොකාර භවයයි. එය කාමභවයද රූප භවයෙහි එක් කොටසක්ද වේ.
පඨමජ්ඣානාදීනි ද්වාදස විස්සජ්ජනානි ඣානසමාපත්තිවසෙන නිද්දිට්ඨානි. ඣානන්ති ඉධ බ්රහ්මවිහාරමත්තං අධිප්පෙතං. විතක්කවිචාරපීතිසුඛචිත්තෙකග්ගතාසම්පයුත්තං පඨමං ඣානං. පීතිසුඛචිත්තෙකග්ගතාසම්පයුත්තං දුතියං ඣානං. සුඛචිත්තෙකග්ගතාසම්පයුත්තං තතියං ඣානං. උපෙක්ඛාචිත්තෙකග්ගතාසම්පයුත්තං චතුත්ථං ඣානං.
ප්‍රථමධ්‍යානාදී දොළොස් විසඳුම් ධ්‍යාන සමාපත්ති වශයෙන් විස්තර කරන ලදි. ඣානං යන මෙහි බ්‍රහ්මවිහාර පමණක් අදහස් කරන ලදි. විතර්ක, විචාර, ප්‍රීති, සුව, චිත්තෙකග්රතා හා යෙදුණේ පඨමජ්ඣාන යි. ප්‍රීති, සුව, සිතෙහි එකඟබව හා යෙදුණේ දුතියජ්ඣානයි. සුව, සිතෙහි එකඟ බව හා යෙදුණේ තතියජ්ඣානයි. මධ්‍යස්ථභාවය සිතෙහි එකඟ බව හා යෙදුණේ චතුත්ථජ්ඣානයි.
මෙදති මෙජ්ජතීති මෙත්තා, සිනිය්හතීති අත්ථො. මිත්තෙ වා භවා, මිත්තස්ස වා එසා පවත්තීති මෙත්තා, පච්චනීකධම්මෙහි මුත්තත්තා ආරම්මණෙ චාධිමුත්තත්තා විමුත්ති, චෙතසො විමුත්ති චෙතොවිමුත්ති, මෙත්තා එව චෙතොවිමුත්ති මෙත්තාචෙතොවිමුත්ති.
මෘදුවෙයි, මොළොක් වෙයිනුයි මෙත්තායි. සිනිඳුවේය යන අර්ථයි. මෘදුබැව්හි වූයේ හෝ මෘදු භාවයාගේ මේ පැවැත්මනුයි = මෙත්තායි විරුද්ධ ධර්මයන්ගෙන් මිදුණු බැවින්ද අරමුණෙහි, තදින් බැඳුණු හෙයින්ද විමුක්තියයි. සිතෙහි විමුක්තිය චෙතො විමුත්තියි. මෛත්රියයම චෙතො විමුත්තියනුයි - මෙත්තා චෙතො විමුත්තියි.
කරුණා වුත්තත්ථා එව.
කරුණාව කියන ලද අර්ථ ඇත්තේමය.
මොදන්ති තාය තංසමඞ්ගිනො, සයං වා මොදති, මොදනමත්තමෙව වා තන්ති මුදිතා. “අවෙරා හොන්තූ”තිආදිබ්යාපාරප්පහානෙන මජ්ඣත්තභාවූපගමනෙන ච උපෙක්ඛතීති උපෙක්ඛා. මෙත්තාදයො තයො බ්රහ්මවිහාරා පඨමාදීහි තීහි ඣානෙහි යුත්තා. උපෙක්ඛාබ්රහ්මවිහාරො චතුත්ථජ්ඣානෙන යුත්තො.
එය හා යුක්ත වූයේ සතුටුවෙත්. තෙමේ හෝ තුටුවෙයි. සතුටුවීම් මාත්‍රයම එයමනුයි - මුදිතායි. අවෛර වෙත්වායි ආදී ව්‍යාපාද ප්‍රහාණයෙන් මැදහත්භාවයට පැමිණීමෙන් මධ්‍යස්ථව සිටීනුයි = උපෙක්ඛායි මෛත්‍රී ආදී ත්‍රිවිධ බ්‍රහ්ම විහාර, ප්‍රථමාදී ධ්‍යානත්‍රයයෙහි යෙදී ඇත. උපෙක්ෂා බ්‍රහ්ම විහාරය චතුර්ථ ධ්‍යානයෙහි යෙදේ.
ඵරණවසෙන නත්ථි එතස්ස අන්තොති අනන්තො. ආකාසො අනන්තො ආකාසානන්තො, කසිණුග්ඝාටිමාකාසො . ආකාසානන්තොයෙව ආකාසානඤ්චං, තං ආකාසානඤ්චං අධිට්ඨානට්ඨෙන ආයතනමස්ස සසම්පයුත්තධම්මස්ස ඣානස්ස “දෙවානං දෙවායතනමිවා”ති ආකාසානඤ්චායතනං. ආකාසානඤ්චායතනමෙව සමාපත්ති ආකාසානඤ්චායතනසමාපත්ති. ඵරණවසෙන ච නත්ථි එතස්ස අන්තොති අනන්තං, තං ආකාසාරම්මණං විඤ්ඤාණං. අනන්තමෙව ආනඤ්චං, විඤ්ඤාණං ආනඤ්චං “විඤ්ඤාණානඤ්ච”න්ති අවත්වා “විඤ්ඤාණඤ්ච”න්ති වුත්තං. අයඤ්හෙත්ථ රුළ්හිසද්දො. තං විඤ්ඤාණඤ්චං අධිට්ඨානට්ඨෙන ආයතනමස්ස සසම්පයුත්තධම්මස්ස ඣානස්ස “දෙවානං දෙවායතනමිවා”ති විඤ්ඤාණඤ්චායතනං. නත්ථි එතස්ස කිඤ්චනන්ති අකිඤ්චනං, අන්තමසො භඞ්ගමත්තම්පි අස්ස අවසිට්ඨං නත්ථීති වුත්තං හොති. අකිඤ්චනස්ස භාවො ආකිඤ්චඤ්ඤං. ආකාසානඤ්චායතනවිඤ්ඤාණාභාවස්සෙතං අධිවචනං. තං ආකිඤ්චඤ්ඤං. අධිට්ඨානට්ඨෙන ආයතනමස්ස සසම්පයුත්තධම්මස්ස ඣානස්ස “දෙවානං දෙවායතනමිවා”ති ආකිඤ්චඤ්ඤායතනං. ඔළාරිකාය සඤ්ඤාය අභාවතො, සුඛුමාය ච භාවතො නෙවස්ස සසම්පයුත්තධම්මස්ස ඣානස්ස සඤ්ඤා නාසඤ්ඤාති නෙවසඤ්ඤානාසඤ්ඤං. නෙවසඤ්ඤානාසඤ්ඤඤ්ච තං මනායතනධම්මායතනපරියාපන්නත්තා ආයතනඤ්චාති නෙවසඤ්ඤානාසඤ්ඤායතනං. අථ වා යායමෙත්ථ සඤ්ඤා සා පටුසඤ්ඤාකිච්චං කාතුං අසමත්ථතාය නෙවසඤ්ඤා, සඞ්ඛාරාවසෙසසුඛුමභාවෙන විජ්ජමානත්තා නාසඤ්ඤාති නෙවසඤ්ඤානාසඤ්ඤා, නෙවසඤ්ඤානාසඤ්ඤා ච සා සෙසධම්මානං අධිට්ඨානට්ඨෙන ආයතනඤ්චාති නෙවසඤ්ඤානාසඤ්ඤායතනං. ආකිඤ්චඤ්ඤායතනාරම්මණාය සමාපත්තියා එතං අධිවචනං. න කෙවලං එත්ථ සඤ්ඤා එදිසී, අථ ඛො වෙදනාපි නෙවවෙදනා නාවෙදනා. චිත්තම්පි නෙවචිත්තං නාචිත්තං. ඵස්සොපි නෙවඵස්සො නාඵස්සො. එස නයො සෙසසම්පයුත්තධම්මෙසු. සඤ්ඤාසීසෙන පනායං දෙසනා කතාති.
පැතිරීම් වශයෙන් මෙයට කෙළවරක් නැත්තේනුයි අනන්තයි. අහස කෙළවරක් නැත්තේනුයි ආකාසානන්තයි. කසිණය උගුළුවා දැමූ අහසයි. අහස අනන්ත වූයේනුයි ආකාසානඤ්චයි. ඒ ආකාසානඤ්චය, අධිෂ්ඨාන අර්ථයෙන් සම්ප්‍රයුක්ත ධර්මයන් සහිත ධ්‍යානයට වාසස්ථානය වන්නේනුයි, දෙවියන්ට දේවායතනය මෙන්, ආකාසානඤ්චායතනයයි. ආකාසානඤ්චායතනයම සමාපත්තියක් වූයේනුයි ආකාසානඤ්චායතන සමාපත්තියි. පැතිරීම් වශයෙන් මෙයට කෙළවරක් නැත්තේනුයි = අනන්තයි. ඒ අහස අරමුණුකොට පවත්නා විඤ්ඤාණය අනන්ත වූයේමනුයි ආනඤ්චංයි. විඤ්ඤාණය ආනඤ්ච වූයේ විඤ්ඤාණඤ්චයයි නොකියා විඤ්ඤාණඤ්ච යයි යූසේයි. මේ මේ ආරෝපණය කළ ශබ්දයයි. ඒ විඤ්ඤාණඤ්චය අධිෂ්ඨාන අර්ථයෙන්, සම්ප්‍රයුක්ත ධර්මයන් සහිත ධ්‍යානයට වාසස්ථානය වන්නේනුයි දෙවියන්ට දේවායතනය මෙන් විඤ්ඤාණඤ්චායතනයයි. මෙයට කිසිවක් නැත්තේනුයි අකිඤ්චනයි. යටත් පිරිසෙයින් චිත්තයාගේ භංග ප්‍රමාණයක් පමණ වූ ඉතිරියක් නැතැයි යූසේයි. අකිඤ්චනයාගේ ස්වභාවය ආකිඤ්චඤ්ඤයි. ආකාසානඤ්චායතන විඤ්ඤාණයාගේ අභාවයට මෙය විශේෂ නාමයකි. ඒ ආකිඤ්චඤ්ඤය අධිෂ්ඨාන අර්ථයෙන් සම්ප්‍රයුක්ත ධර්මයන් සහිත ධ්‍යානයට වාසස්ථානය වන්නේනුයි, දෙවියන්ට දේවායතනය මෙන් ආකිඤ්චඤ්ඤායතනයයි. (දළ) ගොරෝසු සංඥාවන්ගේද, සියුම් සංඥාවන්ගේද අභාවයෙන් ඒ හා සම්ප්‍රයුක්ත ධර්මයන් සහිත ධ්‍යානයාගේ සංඥාවක් නොවන්නේය. සංඥාවක් නැත්තේනුයි = නේවසඤ්ඤා නාසඤ්ඤංයි, නේවසඤ්ඤානාසඤ්ඤයද, එය මනායතන ධම්මායතනයන්ට ඇතුළත්ව ඇති බැවින් ආයතනයක් වූයේමනුයි නේවසඤ්ඤානාසඤ්ඤායතනයයි. නොහොත්, මෙහි යම් ඒ සංඥාවක් වේද, එය වනාහි සංඥා කෘත්‍යයක් කිරීමට අසමත් හෙයින් නේවසඤ්ඤායි. සංස්කාරවාසේස සියුම් භාවයෙන් විද්‍යමාන හෙයින් අසඥ නොවේයයිද, සංඥාවක් නැත්තේද, අසඥාවක් නැත්තේද එයමැයි. සෙසු ධර්මයන්ට අධිෂ්ඨානාර්ථයෙන් වාසස්ථානය වන්නේනුයි, නේවසඤ්ඤානාසඤ්ඤායතනයයි ආකිඤ්චඤ්ඤායතන අරමුණෙහි සමාපත්තියට මේ විශේෂ නාමයකි. හුදෙක් මෙහි සඤ්ඤාව පමණක් එසේ නොවෙයි. තවද, වේදනාවද, වේදනාව නොවේ. අවේදනාවද නොවේ. සිතද සිත නොවේ. නොසිතද නොවේ. ස්පර්ශයද ස්පර්ශය නොවේ. ස්පර්ශය නොවන්නේද නොවේ. සෙසු සම්ප්‍රයුක්ත ධර්මයන්හිද මේ ක්‍රමයමැයි. සංඥා ශීර්ෂයෙන් වනාහි මෙම දේශනය කරන ලද්දේය.
අවිජ්ජාදීනි ද්වාදස විස්සජ්ජනානි පටිච්චසමුප්පාදඞ්ගවසෙන නිද්දිට්ඨානි. පූරෙතුං අයුත්තට්ඨෙන කායදුච්චරිතාදි අවින්දියං නාම, අලද්ධබ්බන්ති අත්ථො. තං අවින්දියං වින්දතීති අවිජ්ජා. තබ්බිපරීතතො කායසුචරිතාදි වින්දියං නාම, තං වින්දියං න වින්දතීති අවිජ්ජා. ඛන්ධානං රාසට්ඨං, ආයතනානං ආයතනට්ඨං, ධාතූනං සුඤ්ඤට්ඨං, ඉන්ද්රියානං අධිපතියට්ඨං, සච්චානං තථට්ඨං අවිදිතං කරොතීති අවිජ්ජා. දුක්ඛාදීනං පීළනාදිවසෙන වුත්තං චතුබ්බිධං චතුබ්බිධං අත්ථං අවිදිතං කරොතීතිපි අවිජ්ජා, අන්තවිරහිතෙ සංසාරෙ සබ්බයොනිගතිභවවිඤ්ඤාණට්ඨිතිසත්තාවාසෙසු සත්තෙ ජවාපෙතීති අවිජ්ජා, පරමත්ථතො අවිජ්ජමානෙසු ඉත්ථිපුරිසාදීසු ජවති, විජ්ජමානෙසුපි ඛන්ධාදීසු න ජවතීති අවිජ්ජා, අපි ච චක්ඛුවිඤ්ඤාණාදීනං වත්ථාරම්මණානං පටිච්චසමුප්පාදපටිච්චසමුප්පන්නානඤ්ච ධම්මානං ඡාදනතොපි අවිජ්ජා. සඞ්ඛතමභිසඞ්ඛරොන්තීති සඞ්ඛාරා. විජානාතීති විඤ්ඤාණං. නමතීති නාමං, නාමයතීති වා නාමං. රුප්පතීති රූපං. ආයෙ තනොති , ආයතඤ්ච නයතීති ආයතනං. ඵුසතීති ඵස්සො. වෙදයතීති වෙදනා. පරිතස්සතීති තණ්හා. උපාදියති භුසං ගණ්හාතීති උපාදානං. භවති, භාවයතීති වා භවො. ජනනං ජාති. ජීරණං ජරා. මරන්ති එතෙනාති මරණං.
අවිද්‍යාදී දොළොස් විසඳුම් ප්‍රතීත්‍ය සමුත්පාද අංග වශයෙන් විස්තර කරන ලදි. පුරවන්ට නුසුදුසුය යන අර්ථයෙන් කාය දුශ්චරිතාදීන් නොවිඳිය යුතුය. නොලැබිය යුතුය යන අර්ථයි. ඒ නොවිඳිය යුත්ත විඳිතියි = අවිජ්ජායි. එයට විපරීත වූ කායසුචරිතාදිය විඳිය යුතුනම් වේ. ඒ විඳිය යුතු දේ නොවිඳිතියි - අවිජ්ජායි. ස්කන්ධයන්ගේ රාශ්යර්ථය, ඉන්ද්රියයන්ගේ ආධිපතෙය්යාර්ථය සත්‍යයන්ගේ සත්යාර්ථය නොදත් බව කෙරේනුයි - අවිජ්ජායි. දුක්ඛාදීන්ගේ පීඩාකිරීම් වශයෙන් කියන ලද සිව්ආකාර සිව් ආකාර අර්ථය ප්‍රකට නොකෙරේනුයි - අවිජ්ජායි. කෙළවරක් නොමැති සංසාරයෙහි සියලු, යෝනි, ගති, භව, විඤ්ඤාණස්ථිති සත්තාවාසයන්හි දුවවයිනුයි = අවිජ්ජායි. පරමාර්ථ වශයෙන් අවිද්‍යමාන වූ ස්ත්‍රී පුරුෂාදීන්හි, ස්ත්‍රී පුරුෂ වශයෙන් සිත දුවයිද, විද්‍යමාන වන ස්කන්ධාදීන්හි ඒ අනුව සිත නොදුවයිනුයි - අවිජ්ජායි. තවද, චක්ෂුවිඤ්ඤාණාදීන්ට වස්තු ආරම්මණයන්ද, ප්‍රතීත්‍ය සමුත්පාදයෙහි, හේතුවෙන් හටගත් ධර්මයන්ගේ වැසීම කරන හෙයින්ද = අවිජ්ජායි. ප්‍රත්‍යයෙන් සකස්කළ දේ රැස් කෙරේනුයි = සංඛාරායි. අවබෝධ කෙරේනුයි = විඤ්ඤාණංයි. නැමේනුයි = නාමංයි. නමවනු ලැබේනුයි = නාමංයි. වෙනසට පත්වේනුයි = රූපංයි. ඉපදීම් පතුරුවයිනුයි = ආයතනංයි. දිගටම ඒවා ගෙනයයිනුයි ආයතනයි. ස්පර්ශ කෙරේනුයි = ඵස්සොයි. විඳීනුයි = වෙදනායි. ආශාවෙන් පීඩිත වේනුයි = තණ්හායි. තදින් අල්ලාගනියි. බොහෝසේ ගනීනුයි = උපාදානංයි. වෙයි වැඩිදියුණු කෙරේනුයි = භවොයි. ඉපදී නමි = ජාතියි. දිරීම = ජරායි. මෙයින් මැරේනුයි = මරණංයි.
දුක්ඛාදීනි අට්ඨසතානි අට්ඨ ච විස්සජ්ජනානි චතුසච්චයොජනාවසෙන නිද්දිට්ඨානි. “දුක්ඛං අභිඤ්ඤෙය්‍ය”න්තිආදීසු හි ඡන්නං චතුක්කානං වසෙන චතුවීසති විස්සජ්ජනානි “චක්ඛු ජරාමරණ”න්ති පෙය්යාලෙ “චක්ඛු අභිඤ්ඤෙය්යං සොතං අභිඤ්ඤෙය්‍ය”න්තිආදිනා “ජාති අභිඤ්ඤෙය්යා”ති පරියොසානෙන පඤ්චනවුතාධිකෙන විස්සජ්ජනසතෙන යොජෙත්වා වුත්තානි. පඤ්චනවුතාධිකං චතුක්කසතං හොති, තෙසං චතුක්කානං වසෙන අසීතිඅධිකානි සත්ත විස්සජ්ජනසතානි. “ජරාමරණං අභිඤ්ඤෙය්‍ය”න්තිආදිකෙ චතුක්කෙ “චත්තාරි විස්සජ්ජනානී”ති එවං සබ්බානි අට්ඨ ච සතානි අට්ඨ ච විස්සජ්ජනානි හොන්ති. එත්ථ ච තස්ස තස්ස ධම්මස්ස පධානභූතො පච්චයො සමුදයොති වෙදිතබ්බො. සබ්බසඞ්ඛාරෙහි සුඤ්ඤං නිබ්බානං නිරොධොති වෙදිතබ්බං. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියාදීනං තිණ්ණම්පි හි ලොකුත්තරින්ද්රියානං එත්ථ අභාවං සන්ධාය අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියනිරොධොතිආදි යුජ්ජති. නිරොධගාමිනිපටිපදාති ච සබ්බත්ථ අරියමග්ගො එව. එවඤ්හි වුච්චමානෙ ඵලෙපි මග්ගවොහාරසම්භවතො අඤ්ඤින්ද්රියඅඤ්ඤාතාවින්ද්රියානම්පි යුජ්ජති. පුන දුක්ඛාදීනං පරිඤ්ඤට්ඨාදිවසෙන අට්ඨසතානි අට්ඨ ච විස්සජ්ජනානි නිද්දිට්ඨානි, පුන දුක්ඛාදීනං පරිඤ්ඤාපටිවෙධට්ඨාදිවසෙන අට්ඨසතානි අට්ඨ ච විස්සජ්ජනානි නිද්දිට්ඨානි. පරිඤ්ඤා ච සා පටිවිජ්ඣිතබ්බට්ඨෙන පටිවෙධො චාති පරිඤ්ඤාපටිවෙධො. පරිඤ්ඤාපටිවෙධොව අත්ථො පරිඤ්ඤාපටිවෙධට්ඨො.
දුක්ඛාදි අටසිය අටක් විසඳුම් චතුරාර්ය සත්‍ය යෝජනා වශයෙන් විස්තර කරන ලදි. දුක්ඛං අභිඤ්ඤෙය්යං ආදීන්හි චතුෂ්ක සය වශයෙන් සූවිසි විසඳුමකි. චක්ඛු ජරාමරණං ආදී පෙය්‍යාලයෙහි, චක්ඛු අභිඤ්ඤෙය්යං සොතං අභිඤ්ඤෙය්යං ආදියෙන් ආරම්භව ජාති අභිඤ්ඤෙය්යායි අවසාන කිරීමෙහි එකසිය අනූපහකට අධික විසඳුම් යොදා කියන ලද, අනූපහකට අධික චතුෂ්ක සියයක් වෙයි. ඒ චතුෂ්කයන්ගේ වශයෙන් විසඳුම් හත්සිය අසූවක් වේ. ජරා රමණං ආදී චතුෂ්කයෙහි සතර විසඳුම්ද, සියලු අටසිය අටක් විසඳුම් වෙති. මෙහිද ඒ ඒ ධර්මයන්ට ප්‍රධාන වූ, හේතුව සමුදයයයි දතයුතුය. සියලු සංස්කාරයන්ගෙන් ශූන්‍ය වූ නිර්වාණය නිරෝධයයි දතයුතුය. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියාදි ත්රයයෙහිම ලෝකෝත්තර ඉන්ද්රියයන්ගේ අභාවය දැක්වීම පිණිස, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය නිරෝධයයි ආදිය යෙදේ. නිරෝධගාමිණී ප්‍රතිපදා යනු සම්පූර්ණ ආර්ය මාර්ගයමය. මෙසේ කියනකල්හි ඵලයටද මාර්ග ව්‍යවහාරය ලැබෙන හෙයින්, අඤ්ඤින්‍ද්‍රිය අඤ්ඤතාවින්ද්රියයන්ටද යෙදේ. නැවත දුක්ඛාදීන්ගේ විශේෂ දැනීම් ආදී වශයෙන් අටසිය අටක් විසඳුම් විස්තර කරන ලදි. නැවත දුක්ඛාදීන්ගේ විශේෂ දැනුම, අවබෝධය ආදී වශයෙන් අටසිය අටක් විසඳුම් විස්තර කරන ලදි. විශේෂ දැනුමද එයයි. අවබෝධ කළයුතු අර්ථයෙන් ප්රතිවේධයද එයමනුයි පරිඤ්ඤා ප්රතිවේධයි - පරිඤ්ඤා ප්රතිවේධයෙහිම අර්ථය = පරිඤ්ඤාපටිවෙධට්ඨොයි
පුන තානෙව දුක්ඛාදීනි ජරාමරණපරියන්තානි ද්විඅධිකානි ද්වෙ පදසතානි සමුදයාදීහි සත්තහි සත්තහි පදෙහි යොජෙත්වා ද්විඅධිකානං ද්වින්නං අට්ඨකසතානං වසෙන සහස්සඤ්ච ඡ ච සතානි සොළස ච විස්සජ්ජනානි නිද්දිට්ඨානි. තත්ථ පධානභූතො පච්චයො සමුදයො, තස්ස නිරොධො සමුදයනිරොධො. ඡන්දො එව රාගො ඡන්දරාගො, දුක්ඛෙ සුඛසඤ්ඤාය දුක්ඛස්ස ඡන්දරාගො, තස්ස නිරොධො ඡන්දරාගනිරොධො. දුක්ඛං පටිච්ච උප්පජ්ජමානං සුඛං සොමනස්සං දුක්ඛස්ස අස්සාදො. දුක්ඛස්ස අනිච්චතා දුක්ඛස්ස විපරිණාමධම්මතා දුක්ඛස්ස ආදීනවො. දුක්ඛෙ ඡන්දරාගවිනයො ඡන්දරාගප්පහානං දුක්ඛස්ස නිස්සරණං. “යං ඛො පන කිඤ්චි භූතං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං නිරොධො තස්ස නිස්සරණ”න්ති (පටි· ම· 1.24) වචනතො නිබ්බානමෙව දුක්ඛස්ස නිස්සරණං. “දුක්ඛනිරොධො සමුදයනිරොධො ඡන්දරාගනිරොධො දුක්ඛස්ස නිස්සරණ”න්ති නානාසඞ්ඛතපටිපක්ඛවසෙන නානාපරියායවචනෙහි චතූසු ඨානෙසු නිබ්බානමෙව වුත්තන්ති වෙදිතබ්බං. කෙචි පන “ආහාරසමුදයා දුක්ඛසමුදයො ආහාරනිරොධා දුක්ඛනිරොධො සරසවසෙන සමුදයනිරොධො, අථ වා උදයබ්බයදස්සනෙන සමුදයනිරොධො සහ විපස්සනාය මග්ගො ඡන්දරාගනිරොධො”ති වදන්ති. එවඤ්ච වුච්චමානෙ ලොකුත්තරින්ද්රියානං අවිපස්සනූපගත්තා න සබ්බසාධාරණං හොතීති පඨමං වුත්තනයොව ගහෙතබ්බො. ලොකුත්තරින්ද්රියෙසු හි ඡන්දරාගාභාවතොයෙව ඡන්දරාගනිරොධොති යුජ්ජති. සරීරෙ ඡන්දරාගෙනෙව සරීරෙකදෙසෙසු කෙසාදීසුපි ඡන්දරාගො කතොව හොති, ජරාමරණවන්තෙසු ඡන්දරාගෙනෙව ජරාමරණෙසුපි ඡන්දරාගො කතොව හොති. එවං අස්සාදාදීනවාපි යොජෙතබ්බා. පුන දුක්ඛාදීනි ජරාමරණපරියන්තානි ද්විඅධිකානි ද්වෙ පදසතානි සමුදයාදීහි ඡහි ඡහි පදෙහි යොජෙත්වා ද්විඅධිකානං ද්වින්නං සත්තකසතානං වසෙන නයසහස්සඤ්ච චත්තාරි ච සතානි චුද්දස ච විස්සජ්ජනානි නිද්දිට්ඨානි.
නැවත ජරාමරණ කෙළවරකොට ඇති ඒ දුක්ඛාදී වූ, දෙසියදෙකක් පද, සමුදයාදී සත් සත් පදයන්හි යොදා, අටසිය සතරක් වශයෙන්, එක්දහස් හයසිය දහසයක්ද වූ විසඳුම් විස්තර කරන ලදි. එහි ප්‍රධාන වූ හේතුව සමුදයයි. එහි නිරෝධයි සමුදය නිරෝධයයි. ඡන්දයම රාගයනුයි ඡන්දරාගයි. දුකෙහි සුව හැඟීමෙන් දුකට කැමැත්තක් හා ආශාවක් හටගනී. එය දුරුකිරීම ඡන්දරාග නිරොධොයි දුක හේතුවෙන් උපදින්නා වූ, සුවය, සොම්නස දුක්ඛස්ස අස්සාදො දුකෙහි අනිත්‍යතාව, දුකෙහි වෙනස්වන ස්වභාවය දුක්ඛස්ස ආදීනවො දුකෙහි කැමැත්ත හා ඇල්ම දුරුකිරීම කැමැත්ත හා ඇල්ම ප්රහාණය කිරීම දුක්ඛස්ස නිස්සරණංයි. හටගත්, ප්‍රත්‍යයෙන් හටගත්, හේතුවෙන් උපන් යම්කිසිවක් වෙයිද, ඉන් නිදහස්වීම නිරෝධයයි යන වචනයෙන් නිර්වාණයම දුකින් නිදහස්වීමයි. දුක් නිරෝධය, සමුදය නිරෝධය කැමැත්ත හා ආශා නිරෝධය දුකින් නිදහස්වීම යයි නොයෙක් ප්‍රත්‍යයේ හටගත් ධර්මයන්ට විරුද්ධ වශයෙන්ද, නොයෙක් ක්‍රම වශයෙන්ද, සතර ස්ථානයෙක්හි නිර්වාණයම කියන ලද්දේයයි දතයුතුය. සමහරු ආහාර සමුදයෙන්, දුක්ඛ සමුදයද, ආහාර නිරෝධයෙන් දුක්ඛ නිරෝධයද, ස්වකීය කෘත්‍යය වශයෙන් සමුදය නිරෝධය දක්වයි. නොහොත් උදයව්‍යය දර්ශනයෙන් සමුදය නිරෝධයද විදර්ශනාව සහිත මාර්ගය ඡන්දරාග නිරෝධයයිද කියති. මෙසේ කියන කල්හි, ලෝකෝත්තර ඉන්ද්රියයන්ගේ, විදර්ශනා නොවන තත්ත්වයට පැමිණීම සර්වසාධාරණ නොවේයයි පළමු කියන ලද ක්රමයම ගතයුතුය. ලෝකෝත්තර ඉන්ද්රියයන්හි ඡන්ද-රාග නොමැති හෙයින් ඡන්ද රාග නිරෝධයයි යෙදේ. ශරීරයෙහි ඡන්දරාගයෙන්ම ශරීරයෙහි කොටසක් වන කේශාදීන්හිද ඡන්දරාගය කරන ලද්දේම වේ. ජරාමරණාදියට පත්වන්නන් කෙරෙහි ඡන්දරාගයෙන්ම ජරාමරණයන්හිද ඡන්දරාග කරන ලද්දේම වේ. ආස්වාද ආදීනවයන්ද මෙසේ යෙදිය යුතුය.
ඉදානි රූපාදීනි ජරාමරණපරියන්තානි එකාධිකානි ද්වෙ පදසතානි සත්තහි අනුපස්සනාහි යොජෙත්වා නිද්දිසිතුං පඨමං තාව අනිච්චානුපස්සනාදයො සත්ත අනුපස්සනා නිද්දිට්ඨා. තානි සබ්බානි සත්තහි සුද්ධිකඅනුපස්සනාවිස්සජ්ජනෙහි සද්ධිං සහස්සඤ්ච චත්තාරි ච සතානි චුද්දස ච විස්සජ්ජනානි හොන්ති. අනිච්චන්ති අනුපස්සනා අනිච්චානුපස්සනා. සා නිච්චසඤ්ඤාපටිපක්ඛා. දුක්ඛන්ති අනුපස්සනා දුක්ඛානුපස්සනා. සා සුඛසඤ්ඤාපටිපක්ඛා. අනත්තාති අනුපස්සනා අනත්තානුපස්සනා. සා අත්තසඤ්ඤාපටිපක්ඛා. තිස්සන්නං අනුපස්සනානං පරිපූරත්තා නිබ්බින්දතීති නිබ්බිදා, නිබ්බිදා ච සා අනුපස්සනා චාති නිබ්බිදානුපස්සනා. සා නන්දිපටිපක්ඛා. චතස්සන්නං අනුපස්සනානං පරිපූරත්තා විරජ්ජතීති විරාගො, විරාගො ච සො අනුපස්සනා චාති විරාගානුපස්සනා. සා රාගපටිපක්ඛා. පඤ්චන්නං අනුපස්සනානං පරිපූරත්තා රාගං නිරොධෙතීති නිරොධො, නිරොධො ච සො අනුපස්සනා චාති නිරොධානුපස්සනා. සා සමුදයපටිපක්ඛා. ඡන්නං අනුපස්සනානං පරිපූරත්තා පටිනිස්සජ්ජතීති පටිනිස්සග්ගො, පටිනිස්සග්ගො ච සො අනුපස්සනා චාති පටිනිස්සග්ගානුපස්සනා. සා ආදානපටිපක්ඛා. ලොකුත්තරින්ද්රියානං අසතිපි විපස්සනූපගත්තෙ “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා, සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා, සබ්බෙ ධම්මා අනත්තා”ති (ධ· ප· 277-279; පටි· ම· 1.31) වචනතො තෙසම්පි අනිච්චදුක්ඛානත්තත්තා තත්ථ නිච්චසුඛත්තසඤ්ඤානං නන්දියා රාගස්ස ච අභාවා නිරොධවන්තානීති අනුපස්සනතො පරිච්චාගපටිනිස්සග්ගපක්ඛන්දනපටිනිස්සග්ගසම්භවතො ච තෙහිපි සත්ත අනුපස්සනා යොජිතාති වෙදිතබ්බා. ජරාමරණවන්තෙසු අනිච්චාදිතො දිට්ඨෙසු ජරාමරණම්පි අනිච්චාදිතො දිට්ඨං නාම හොති, ජරාමරණවන්තෙසු නිබ්බින්දන්තො විරජ්ජන්තො ජරාමරණෙ නිබ්බින්නො ච විරත්තො ච හොති, ජරාමරණවන්තෙසු නිරොධතො දිට්ඨෙසු ජරාමරණම්පි නිරොධතො දිට්ඨං නාම හොති, ජරාමරණවන්තෙසු පටිනිස්සජ්ජන්තො ජරාමරණං පටිනිස්සජ්ජන්තොව හොතීති ජරාමරණෙහි සත්ත අනුපස්සනා යොජිතාති වෙදිතබ්බා.
නැවත ජරාමරණ කෙළවරකොට ඇති දුක්ඛාදි දෙසිය දෙකක් පද, සමුදයාදී, ෂට් ෂට් පදයන්හි යොදා හත්සිය එකොළහක් වශයෙන්ද ක්‍රම එක්දහස් හාරසිය දාහතරක් විසඳුම් විස්තර කරන ලදි. දැන් ජරාමරණ කෙළවර කොට ඇති, දෙසියඑකක් පද සප්ත අනුපස්සනාවන්හි යොදා, විස්තර කරන්ට පළමුව අනිත්‍යානුපස්සනාදී සත් අනුපස්සනාවන් විස්තර කරන ලදි. ඒ සියල්ල සියලු සත් සුද්ධික අනුපස්සනා විසඳුම් සමග එක්දහස් හාරසිය දාහතරක් විසඳුම් වෙති. අනිත්‍යයයි නුවණින් බැලීම අනිච්චානුපස්සනායි. එය නිත්‍ය සංඥාවට විරුද්ධය. දුකයයි නුවණින් බැලීම දුක්ඛානුපස්සනායි. එය සුව සංඥාවට විරුද්ධය. ආත්මයක් නොවේ යයි නුවණින් බැලීම අනත්තානුපස්සනා යි. එය ආත්ම සංඥාවට විරුද්ධය. ත්‍රිවිධ අනුපස්සනාවන්ගේ පරිපර්ණත්වයට පත්හෙයින් කලකිරේනුයි = නිබ්බිදායි. කලකිරීමද නුවණින් බැලීමද එයම වූයේනුයි නිබ්බිදානු පස්සනායි. එය තෘෂ්ණාවට විරුද්ධය. සතර අනුපස්සනාවන්ගේ සම්පූර්ණත්වයට පත්හෙයින් නොඇලේනුයි විරාගයි. නොඇලීමද, නුවණින් බැලීමද එයමනුයි නිරොධානුපස්සනායි. එය හටගැනීමට විරුද්ධය. සයවැදෑරුම් අනුපස්සනාවන්ගේ සම්පූර්ණත්වයට පත්හෙයින් දුරුකෙරේනුයි පටිනිස්සග්ගයි. අත්හැරීමද නුවණින් බැලීමද එයමනුයි පටිනිස්සග්ගානු පස්සනායි එය තදින් අල්ලා ගැනීමට විරුද්ධය. ලෝකෝත්තර ඉන්ද්රියයන්ගේ නොමැති කල්හිද විදර්ශනාවට එළැඹි, සියලු සංස්කාර අනිත්‍යයහ. සියලු සංස්කාර දුක්ඛයහ. සියලු ධර්ම අනාත්මයහ යන වචනයෙන් ඒවාහිද අනිත්‍ය, දුක්ඛ, අනාත්මතාවය වේ. එය නිත්‍ය, සුව, ආත්ම සංඥාවන්ගේද තෘෂ්ණාවෙහි හා ඇල්මෙහිද, අභාවයෙන්, නිරෝධවත් වූහයි නුවණින් බලන කල්හි, පරිත්‍යාග, අත්හැරීම, පැනයාම ආදී දුරුකිරීම් හටගන්නා හෙයින් ඒ සමග සත් අනුපස්සනා යොදන ලදැයි දතයුත්තාහ. ජරාමරණාදියට පත්වන්නන් කෙරෙහි, අනිත්‍යාදී වශයෙන්, දුටුකල්හි, ජරාමරණාදියද අනිත්‍ය වශයෙන් දුටුවේ නම් වෙයි. ජරාමරණාදියට පත්වන්නන් කෙරෙහි කලකිරෙන්නේ, නොඇලෙන්නේ, ජරාමරණයෙහි කලකිරුණේද, නොඇලුණේද වේ. ජරාමරණවත් අය කෙරෙහි නිරෝධ වශයෙන් දුටුකල්හි, ජරාමරණද නිරෝධ වශයෙන් දුටුවේනම් වෙයි. ජරාමරණවත් අය අත්හරින්නේ ජරාමරණද අත්හරින්නේම වේයයි ජරාමරණයෙහි සප්ත අනුපස්සනා යොදන ලදැයි දතයුතුය.
ඉදානි ආදීනවඤාණස්ස වත්ථුභූතානං උප්පාදාදීනං පඤ්චන්නං ආරම්මණානං වසෙන උප්පාදාදීනි තෙසං වෙවචනානි පඤ්චදස විස්සජ්ජනානි නිද්දිට්ඨානි, සන්තිපදඤාණස්ස තප්පටිපක්ඛාරම්මණවසෙන අනුප්පාදාදීනි පඤ්චදස විස්සජ්ජනානි නිද්දිට්ඨානි, පුන තානෙව උප්පාදානුප්පාදාදීනි පදානි යුගළකවසෙන යොජෙත්වා තිංස විස්සජ්ජනානි නිද්දිට්ඨානි. එවං ඉමස්මිං නයෙව සට්ඨි විස්සජ්ජනානි හොන්ති. තත්ථ උප්පාදොති පුරිමකම්මපච්චයා ඉධ උප්පත්ති. පවත්තන්ති තථාඋප්පන්නස්ස පවත්ති. නිමිත්තන්ති සබ්බම්පි සඞ්ඛාරනිමිත්තං. යොගාවචරස්ස හි සඞ්ඛාරා සසණ්ඨානා විය උපට්ඨහන්ති, තස්මා නිමිත්තන්ති වුච්චන්ති. ආයූහනාති ආයතිං පටිසන්ධිහෙතුභූතං කම්මං. තඤ්හි අභිසඞ්ඛරණට්ඨෙන ආයූහනාති වුච්චති.
දැන් ආදීනව ඤාණයට හේතුවූ, උත්පාදාදී පස් ආරම්මණයන්ගේ වශයෙන් උත්පාදාදීන්ද, ඒවාහි පර්යාය වචනද, පසළොස් විසඳුම් විස්තර කරන ලදි. නිර්වාණ ඥානයට, ඊට විරුද්ධ අරමුණු වශයෙන් අනුත්පාදාදී පසළොස් විසඳුම් විස්තර කරන ලදි. නැවත එම උත්පාද-අනුත්පාදාදී පදයන්ම යුගල වශයෙන් යොදා තිස් විසඳුම් විස්තර කරන ලදි. මෙසේ මේ ක්‍රමයෙන්ම සැට විසඳුම් වේ. එහි උප්පාදො යනු පෙර කර්ම හේතුවෙන් මෙහි උපතයි. පවත්ති යනු උපන්නහුගේ පැවැත්මයි. නිමිත්තං යනු සියලුම සංස්කාර නිමිතියි. යෝගාවචරයාට වනාහි සංස්කාර ආකාරවත්ව වැටහෙයි. එහෙයින් නිමිත්තයයි කියති. ආයූහනා යනු මතු ඉපදීමට හේතුවන කර්මයයි. එය රැස්කිරීම් අර්ථයෙන් ආහූහනයයි කියති.
පටිසන්ධීති ආයතිං උප්පත්ති. සා හි භවන්තරපටිසන්ධානතො පටිසන්ධීති වුච්චති. ගතීති යාය ගතියා සා පටිසන්ධි හොති. සා හි ගන්තබ්බතො ගතීති වුච්චති. නිබ්බත්තීති ඛන්ධානං නිබ්බත්තනං. උපපත්තීති “සමාපන්නස්ස වා උපපන්නස්ස වා”ති (පටි· ම· 1.72) එවං වුත්තා විපාකපවත්ති. ජාතීති ජනනං. තත්ථ තත්ථ නිබ්බත්තමානානං සත්තානං යෙ යෙ ඛන්ධා පාතුභවන්ති, තෙසං තෙසං පඨමං පාතුභාවො. ජරාති ජීරණං. සා දුවිධා ඨිතඤ්ඤථත්තලක්ඛණසඞ්ඛාතං සඞ්ඛතලක්ඛණඤ්ච ඛණ්ඩිච්චාදිසම්මතො සන්තතියං එකභවපරියාපන්නඛන්ධානං පුරාණභාවො ච. සා ඉධ අධිප්පෙතා. බ්යාධීති ධාතුක්ඛොභපච්චයසමුට්ඨිතො පිත්තසෙම්හවාතසන්නිපාතඋතුවිපරිණාමවිසමපරිහාරඋපක්කමකම්මවිපාකවසෙන අට්ඨවිධො ආබාධො. විවිධං දුක්ඛං ආදහති විදහතීති බ්යාධි, බ්යාධයති තාපෙති, කම්පයතීති වා බ්යාධි. මරණන්ති මරන්ති එතෙනාති මරණං. තං දුවිධං වයලක්ඛණසඞ්ඛාතං සඞ්ඛතලක්ඛණඤ්ච එකභවපරියාපන්නජීවිතින්ද්රියප්පබන්ධවිච්ඡෙදො ච. තං ඉධ අධිප්පෙතං.
පටිසන්ධි යනු මත්තෙහි ඉපදීමයි. එය වනාහි භවාන්තර ගළපන හෙයින් ප්‍රතිසන්ධියයි කියයි. ගති යනු යම් ගමනකින් යම් ප්‍රතිසන්ධියක් වේද, එය යා යුතු හෙයින් ගතියයි කියයි. නිබ්බත්ති යනු ස්කන්ධයන්ගේ ඉපදීමයි. උප්පත්ති යනු පැමිණියහුගේ හෝ උපන්නහුගේ එසේ කියන ලද විපාක ප්රවෘත්තියයි. ජාති යනු උපතයි. ඒ ඒ ස්ථානයන්හි උපදිනු ලබන සත්ත්වයින්ට යම් යම් ස්ක්නධ පහළවෙත්ද, ඒ ඒ ස්කන්ධයන්ගේ පළමු පහළවීමයි. ජරා යනු දිරීමයි. ඕ දෙවදෑරුම්ය. සිටියහුගේ වෙනස්වීම් ලක්ෂණයයි කියනු ලබන සංඛත ලක්ෂණයද, කැඩුණු බව ආදී නියමිත පැවැත්මෙහිදී ඇතිවන එක් භවයකට ඇතුළත් ස්කන්ධයන්ගේ පැරණිවීම, ඕ මෙහි අදහස් කරන ලදි. බ්යාධි යනු සප්තධාතු කිපීම් හේතුවෙන් හටගත්, පිත්-සෙම්-වාත එකතුවීම, සෘතු විපර්යාස, ආරක්ෂාව විකෘතිවීම උපක්‍රම - කර්ම විපාක වහයෙන් ආබාධ අටවැදෑරුම්ය. විවිධ දුක් ගෙන එයි. නියම කරයිනුයි බ්යාධියි. පෙළයි. තවයි. කම්පා කෙරේනුයි බ්යාධියි. මරණං යනු මෙයින් දිවි තොර වේනුයි මරණයි. එය දෙයාකාරය. විනාශවීම් ලක්ෂණ සංඛ්‍යාත වූ, හේතුවකින් හටගත් ලක්ෂණයද, එක් භවයකට අයත් ජීවිතින්ද්රියයාගේ විනාශයද වශයෙනි. එය මෙහි අදහස් කරන ලදි.
සොකොති සොචනං. ඤාතිභොගරොගසීලදිට්ඨිබ්යසනෙහි ඵුට්ඨස්ස චිත්තසන්තාපො. පරිදෙවොති පරිදෙවනං. ඤාතිබ්යසනාදීහියෙව ඵුට්ඨස්ස වචීපලාපො. උපායාසොති භුසො ආයාසො. ඤාතිබ්යසනාදීහියෙව ඵුට්ඨස්ස අධිමත්තචෙතොදුක්ඛප්පභාවිතො දොසොයෙව. එත්ථ ච උප්පාදාදයො පඤ්චෙව ආදීනවඤාණස්ස වත්ථුවසෙන වුත්තා, සෙසා තෙසං වෙවචනවසෙන. “නිබ්බත්තී”ති හි උප්පාදස්ස, “ජාතී”ති පටිසන්ධියා වෙවචනං, “ගති උපපත්තී”ති ඉදං ද්වයං පවත්තස්ස, ජරාදයො නිමිත්තස්සාති. අනුප්පාදාදිවචනෙහි පන නිබ්බානමෙව වුත්තං.
සොකො යනු සෝක කිරීමයි. ඤාති, වස්තු, රෝග, සීල දෘෂ්ටි ආදී ව්‍යසනයන්ගෙන් පීඩා වූවහුගේ සිතෙහි තැවීමයි. පරිදෙවො යනු වැළපීමයි. ඤාතීන්ගේ විනාශවීම් ආදියෙන් පීඩනයට පත්වූවහුගේ වාග් ප්රලාපයි. උපායාසො. විශාල කරදරය ඥාති ව්‍යසනාදීන්ගෙන් පෙලුණහුගේ ඉතා අධිකව සිතෙහි දුක වැඩිවීමේ දෝෂයයි. උත්පාදාදී පහ, ආදීනව ඤාණයට වස්තු වශයෙන් යූසේයි. සෙස්ස ඒවාහි පර්යාය වචනයි. ‘නිබ්බත්ති යනු ඉපදීමටද, ජාති යනු ප්රතිසන්ධියට පර්යායයි. ගති, උප්පත්ති යන දෙක පැවැත්මටද, ජරාදීන් නිමිත්තටද, අනුප්පාදාදී වචනයන්ගෙන් නිර්වාණයම කියන ලදි.
පුන තානෙව උප්පාදානුප්පාදාදීනි සට්ඨි පදානි දුක්ඛසුඛපදෙහි යොජෙත්වා සට්ඨි විස්සජ්ජනානි, භයඛෙමපදෙහි යොජෙත්වා සට්ඨි විස්සජ්ජනානි, සාමිසනිරාමිසපදෙහි යොජෙත්වා සට්ඨි විස්සජ්ජනානි, සඞ්ඛාරනිබ්බානපදෙහි යොජෙත්වා සට්ඨි විස්සජ්ජනානි නිද්දිට්ඨානි. තත්ථ දුක්ඛන්ති අනිච්චත්තා දුක්ඛං. දුක්ඛපටිපක්ඛතො සුඛං. යං දුක්ඛං, තං භයං. භයපටිපක්ඛතො ඛෙමං. යං භයං, තං වට්ටාමිසලොකාමිසෙහි අවිප්පමුත්තත්තා සාමිසං. සාමිසපටිපක්ඛතො නිරාමිසං. යං සාමිසං, තං සඞ්ඛාරමත්තමෙව. සඞ්ඛාරපටිපක්ඛතො සන්තත්තා නිබ්බානං. සඞ්ඛාරා හි ආදිත්තා, නිබ්බානං සන්තන්ති. දුක්ඛාකාරෙන භයාකාරෙන සාමිසාකාරෙන සඞ්ඛාරාකාරෙනාති එවං තෙන තෙන ආකාරෙන පවත්තිං සන්ධාය තථා තථා වුත්තන්ති වෙදිතබ්බන්ති.
නැවත එම උප්පාද අනුප්පාද ආදි සැට පදයන් දුක්ඛ සුඛ යන පදයන් සමග යොදා සැට විසඳුම්, භය, ඛෙම යන පදයන් සමග යොදා සැට විසඳුම්ද, සාමිස, නිරාමිස පදයන් සමග යොදා සැට විසඳුම්ද, සංස්කාර නිර්වාණ පදයන් සමග යොදා සැට විසඳුම්ද, විස්තර කරන ලදි. එහි දුක්ඛං යනු අනිත්‍ය බැවින් දුක්ය. දුකට විරුද්ධ බැවින් සුඛය. යමක් දුක් නම් එය භයං යි. භයට විරුද්ධ වූයේ ඛෙමයි. යමක් බිය ගෙන දේද, එය සංසාර වෘත්තයට හා ලෝක පැවැත්මට ආධාරවන තත්ත්වයෙන් නොමිදුණ හෙයින් සාමිසංයි. සාමිසයට විරුද්ධ වූයේ නිරාමිසංයි. යමක් සාමිසද එය සංස්කාර මාත්‍රයක්මය. සංස්කාරයන්ට විරුද්ධ බැවින්ද ශාන්ත හෙයින්ද නිර්වාණයයි කියයි. සංස්කාර වනාහි ඇවිලී ඇත. නිර්වාණය ශාන්තය. දුක් ආකාරයෙන්, භය ආකාරයෙන්, සාමිසාකාරයෙන්, සංස්කාරයෙන්දැයි, මෙසේ ඒ ඒ ආකාරයෙන් පැවැත්ම සඳහා ඒ ඒ ආකාරයෙන් යූසේයි.
පරිග්ගහට්ඨාදීනි එකතිංස විස්සජ්ජනානි අරියමග්ගක්ඛණවසෙන නිද්දිට්ඨානි. අරියමග්ගසම්පයුත්තා හි ධම්මා ආදිතො පභුති උප්පාදනත්ථං පරිග්ගය්හන්තෙ ඉති පරිග්ගහා, තෙසං සභාවො පරිග්ගහට්ඨො. තෙසංයෙව අඤ්ඤමඤ්ඤපරිවාරභාවෙන පරිවාරට්ඨො. භාවනාපාරිපූරිවසෙන පරිපූරට්ඨො. තෙසංයෙව සමාධිවසෙන එකාරම්මණපරිග්ගහමපෙක්ඛිත්වා එකග්ගට්ඨො. නානාරම්මණවික්ඛෙපාභාවමපෙක්ඛිත්වා අවික්ඛෙපට්ඨො. වීරියවසෙන පග්ගහට්ඨො. සමාධිවසෙන උදකෙන න්හානීයචුණ්ණානං විය අවිප්පකිණ්ණතා අවිසාරට්ඨො. සමාධියොගෙන අලුලිතත්තා අනාවිලට්ඨො. අවිකම්පිතත්තා අනිඤ්ජනට්ඨො. එකත්තුපට්ඨානවසෙනාති සමාධියොගෙන ච එකාරම්මණෙ භුසං පතිට්ඨානවසෙන ච. ඨිතට්ඨොති ආරම්මණෙ නිච්චලභාවෙන පතිට්ඨිතට්ඨො. තස්ස නිබ්බානාරම්මණස්ස ආලම්බනභාවෙන ආරම්මණට්ඨො. තත්ථෙව නිකාමචාරභාවෙන ගොචරට්ඨො. නිස්සරණපහානභාවෙන නිබ්බානස්ස පහානට්ඨො. කිලෙසපරිච්චාගවසෙන අරියමග්ගස්ස පරිච්චාගට්ඨො. දුභතො වුට්ඨානවසෙන වුට්ඨානට්ඨො. නිමිත්තපවත්තෙහි නිවත්තනවසෙන නිවත්තනට්ඨො. නිබ්බුතත්තා සන්තට්ඨො. අතප්පකත්තා උත්තමත්තා ච පණීතට්ඨො. කිලෙසෙහි විමුත්තත්තා, ආරම්මණෙ ච අධිමුත්තත්තා විමුත්තට්ඨො. ආසවානං අවිසයභාවෙන පරිසුද්ධත්තා අනාසවට්ඨො. කිලෙසකන්තාරසංසාරකන්තාරාතික්කමනෙන තරණට්ඨො. සඞ්ඛාරනිමිත්තාභාවෙන අනිමිත්තට්ඨො. තණ්හාපණිධිඅභාවෙන අප්පණිහිතට්ඨො. අත්තසාරාභාවෙන සුඤ්ඤතට්ඨො. විමුත්තිරසෙන එකරසතාය, සමථවිපස්සනානං එකරසතාය වා එකරසට්ඨො. සමථවිපස්සනානං අඤ්ඤමඤ්ඤං අනතිවත්තනට්ඨො. තෙසංයෙව යුගනද්ධට්ඨො. අරියමග්ගස්ස සඞ්ඛාරතො නිග්ගමනෙ නිය්යානට්ඨො. නිබ්බානසම්පාපනෙන හෙතුට්ඨො. නිබ්බානපච්චක්ඛකරණෙන දස්සනට්ඨො. අධිපතිභාවෙන ආධිපතෙය්යට්ඨොති.
පරිග්ගහට්ඨාදී එක්තිස් විසඳුම් ආර්ය මාර්ගක්ෂණ වශයෙන් විස්තර කරන ලද්දේය. ආර්යමාර්ග හා යෙදුණු ධර්ම මුල පටන් ඉපදීම් පිණිස අල්ලා ගන්නේනුයි පරිග්‍රහ නම් වේ. ඒවායි ස්වභාවය = පරිග්ගහට්ඨොයි ඔවුන්ගේම ඔවුනොවුන්ට පිරිවර භාවයෙන් පරිවාරට්ඨොයි භාවනාව සම්පූර්ණ කිරීම් වශයෙන් පරිපූරිට්ඨොයි ඒවාහිම සමාධි වශයෙන් එක අරමුණක අල්ලාගැනීම අපේක්ෂාකොට = එකග්ගට්ඨොයි. නොයෙක් අරමුණුවල වික්ෂෙප අභාවය අපේක්ෂාකොට = අවික්ඛෙපට්ඨොයි. වීර්ය වශයෙන් = පග්ගහට්ඨොයි. සමාධි වශයෙන් ජලයෙහි දැමූ ස්නාන චූරණයන් මෙන් වූ නොවිසිරී පවත්නා ස්වභාවය අවිසාරට්ඨොයි. සමාධි යෝගයෙන් නොකැළඹුණු හෙයින් අනාවිලට්ඨොයි. කම්පා නොවන හෙයින් අනිඤ්ජනට්ඨොයි. එකත්තුපට්ඨානවසෙන යනු සමාධිය හා යෙදීමෙන් එක් අරමුණෙක්හි මනාව පිහිටීම් වශයෙන්. ඨිතට්ඨො යනු අරමුණෙහි නිශ්චල භාවයෙන් පිහිටීම. නිවන අරමුණුකොට ඇති මොහුට අරමුණෙහි එල්ලීම් වශයෙන්නුයි ආරම්මණට්ඨොයි. එහිම පහසුවෙන් හැසිරීම් වශයෙන්නුයි. ගොචරට්ඨොයි. සසර දුක ප්රහාණය කිරීම් වශයෙන් නිර්වාණයාගේ (ප්රහානාර්ථය) පහානට්ඨොයි. කෙලෙස් අත්හැරීම් වශයෙන් ආර්ය මාර්ගයාගේ පරිත්‍යාගාර්ථය පරිච්චාගට්ඨොයි. දෙයාකාරයකින් නැගිටීම් වශයෙන් වුට්ඨානට්ඨොයි. භාවනා අරමුණු නොවන පැවතුම්හි නැවතුම් වශයෙන් නිවත්තනට්ඨොයි. නිවුණු බැවින් සන්තට්ඨොයි. නොතැවෙන හෙයින්ද, ප්‍රණීත බැවින්ද පණීතට්ඨොයි. කෙලෙසුන්ගෙන් මිදුණු බැවින්ද, අරමුණෙහි ඇලුණු බැවින්ද විමුත්තට්ඨොයි. ආශ්‍රවයන්ට විෂය නොවීමෙන් පිරිසිදු බැවින් අනාසවට්ඨොයි ක්ලේශ කාන්තාරයද සංසාර කාන්තාරයද ඉක්මවීමෙන් තරණට්ඨොයි. සංස්කාර ලකුණු අභාවයෙන් අනිමිත්තට්ඨොයි. තෘෂ්ණා ප්‍රාර්ථනා අභාවයෙන් අප්පණිහිතට්ඨොයි. ආත්ම සාර අභාවයෙන් සුඤ්ඤතට්ඨොයි. විමුක්ති රසයෙන් එක්සෙයක් බැවින්ද සමථ විදර්ශනාවන්ගේ ඔවුනොවුන් ඉක්මවා නොයන බැවින්ද, අනතිවත්තනට්ඨොයි. ඔවුන්ගේම එකට බැඳීම යුග නද්ධට්ඨොයි. ආර්ය මාර්ගයාගේ සංස්කාරයන්ගෙන් නික්මීමෙන් නීය්යානට්ඨොයි. නිවනට පැමිණවීමෙන් හේතුට්ඨොයි නිවන අවබෝධ කිරීමෙන් දස්සනට්ඨොයි අධිපති භාවයෙන් ආධිපතෙය්යට්ඨොයි,
සමථාදීනි චත්තාරි විස්සජ්ජනානි සමථවිපස්සනාවසෙන නිද්දිට්ඨානි. අනිච්චාදිවසෙන අනු අනු පස්සනතො අනුපස්සනට්ඨො. යුගනද්ධස්ස සමථවිපස්සනාද්වයස්ස එකරසභාවෙන අනතිවත්තනට්ඨො. සික්ඛාදීනි නව විස්සජ්ජනානි අරියමග්ගස්ස ආදිමජ්ඣපරියොසානවසෙන නිද්දිට්ඨානි. සික්ඛිතබ්බත්තා සික්ඛා . තස්සා සමාදාතබ්බතො සමාදානට්ඨො. සීලෙ පතිට්ඨාය කම්මට්ඨානවසෙන ගහිතස්ස ආරම්මණස්ස භාවනාපවත්තිට්ඨානත්තා ගොචරට්ඨානත්තා ච ගොචරට්ඨො. සමථකාලෙ විපස්සනාකාලෙ වා කොසජ්ජවසෙන ලීනස්ස චිත්තස්ස ධම්මවිචයවීරියපීතිසම්බොජ්ඣඞ්ගභාවනාවසෙන උස්සාහනට්ඨො පග්ගහට්ඨො. උද්ධච්චවසෙන උද්ධතස්ස චිත්තස්ස පස්සද්ධිසමාධිඋපෙක්ඛාසම්බොජ්ඣඞ්ගභාවනාවසෙන සන්නිසීදාපනට්ඨො නිග්ගහට්ඨො. උභො විසුද්ධානන්ති උභතො විසුද්ධානං, ලීනුද්ධතපක්ඛතො නිවාරෙත්වා විසුද්ධානං චිත්තානන්ති අත්ථො. මජ්ඣිමභාවෙ ඨිතානං සන්තතිවසෙන පවත්තමානානං චිත්තානං වසෙන බහුවචනං කතන්ති වෙදිතබ්බං. උස්සාහනසන්නිසීදාපනෙසු සබ්යාපාරාභාවො අජ්ඣුපෙක්ඛනට්ඨො. සමප්පවත්තස්ස චිත්තස්ස වසෙන භාවනා විසෙසාධිගමට්ඨො. අරියමග්ගපාතුභාවවසෙන උත්තරිපටිවෙධට්ඨො. අරියමග්ගසිද්ධචතුසච්චපටිවෙධවසෙන සච්චාභිසමයට්ඨො. ඵලසමාපත්තිවසෙන නිරොධෙ පතිට්ඨාපකට්ඨො. සා හි තංසමඞ්ගිපුග්ගලං නිරොධසඞ්ඛාතෙ නිබ්බානෙ පතිට්ඨාපෙති.
යනාදී වශයෙන් සමථ ආදී සතර විසඳුම් සමථ විදර්ශනා වශයෙන් විස්තර කරන ලදි. අනිත්‍යාදී වශයෙන් නුවණින් බලන හෙයින් අනුපස්සනට්ඨොයි එකට වෙළී පවත්නා සමථ-විදර්ශනා දෙකට එක්රස භාවයෙන් අනතිවත්තනට්ඨොයි. ශික්ෂාදී නව විසඳුම් ආර්ය මාර්ගයාගේ මුල, මැද, අග වශයෙන් දක්වන ලදි. හික්මිය යුතු හෙයින් සික්ඛායි. ඒවා සමාදන් වියයුතු හෙයින් සමාදානට්ඨොයි, සීලයෙහි පිහිටා කමටහන් වශයෙන් අරමුණු ගත්තහුගේ භාවනා පවත්වන ස්ථානය බැවින් ගොචරට්ඨොයි. සමථ හෝ විදර්ශනා භාවනා කාලයෙහි, කුසීත වශයෙන් හැකිලුණු සිතට, ධම්මවිචය, වීර්ය, ප්‍රීති සම්බොජ්ඣංග භාවනා වශයෙන් උත්සාහ කිරීම් අර්ථයෙන් පග්ගහට්ඨොයි. නොසන්සුන් වශයෙන් අවුල් වූ සිතට, පස්සද්ධි, සමාධි, උපේක්ෂා ආදී බොජ්ඣංග වැඩීම් වශයෙන් සන්සිඳුවීම් අර්ථයෙන් නිග්ගහට්ඨොයි. උභො විසුද්ධානං යනු දෙපරිද්දෙන් පිරිසිදු වූවන්ගේ හැකිලුණු හා විසිරුණු පක්ෂයෙන් වළක්වා පරිශුද්ධ චිත්තයන්ගේ යන අර්ථයි. මධ්‍යම ප්‍රමාණයෙහි සිටියවුන්ගේ නොකැඩී පවත්නා වූ චිත්තයන්ගේ වශයෙන් බහුවචන කරන ලදැයි දතයුතුය. උත්සාහය හා තැන්පත් වීමෙහිදී තදින් නොගැනීම. අජ්ඣුපෙක්ඛනට්ඨොයි. සමව පැවති චිත්තයාගේ වශයෙන් ක්‍රියාකොට භාවනාවෙහි විශේෂතාවයන්ට පැමිණීම භාවනා විසෙසාධිගමට්ඨොයි. ආර්යමාර්ගය පහළවීම් වශයෙන් උත්තරි පටිවෙදට්ඨොයි. ආර්ය මාර්ගයෙන් සිදුවූ චතුරාර්ය සත්‍යයන් අවබෝධ වීම් වශයෙන් සච්චාභිසමයට්ඨොයි ඵල සමාපත්ති වශයෙන් නිරොධයෙහි පිහිටීම් අර්ථය පතිට්ඨාපකට්ඨොයි එය වනාහි ඒ හා යුක්ත පුද්ගලයා නිරෝධ සංඛ්‍යාත නිර්වාණයෙහි පිහිටුවයි.
සද්ධින්ද්රියාදීනි පඤ්ච විස්සජ්ජනානි ඉන්ද්රියට්ඨවසෙන වුත්තානි. අධිමොක්ඛට්ඨොති අධිමුච්චනට්ඨො. උපට්ඨානට්ඨොති ආරම්මණං උපෙච්ච පතිට්ඨානට්ඨො. දස්සනට්ඨොති සභාවපෙක්ඛනට්ඨො. සද්ධාබලාදීනි පඤ්ච විස්සජ්ජනානි බලට්ඨවසෙන නිද්දිට්ඨානි. අකම්පියට්ඨෙන සද්ධාව බලන්ති සද්ධාබලං. අස්සද්ධියෙති අස්සද්ධියෙන. අස්සද්ධියන්ති ච සද්ධාපටිපක්ඛභූතො චිත්තුප්පාදො. අකම්පියට්ඨොති අකම්පෙතබ්බට්ඨො, කම්පෙතුං න සක්කාති අත්ථො. කොසජ්ජෙති කුසීතභාවසඞ්ඛාතෙන ථිනමිද්ධෙන. පමාදෙති සතිපටිපක්ඛෙන චිත්තුප්පාදෙන. උද්ධච්චෙති අවූපසමසඞ්ඛාතෙන උද්ධච්චෙන. අවිජ්ජායාති මොහෙන. සතිසම්බොජ්ඣඞ්ගාදීනි සත්ත විස්සජ්ජනානි බොජ්ඣඞ්ගට්ඨවසෙන නිද්දිට්ඨානි. බුජ්ඣනකස්ස අඞ්ගො බොජ්ඣඞ්ගො. පසත්ථො සුන්දරො ච බොජ්ඣඞ්ගො සම්බොජ්ඣඞ්ගො, සතියෙව සම්බොජ්ඣඞ්ගො සතිසම්බොජ්ඣඞ්ගො. ධම්මෙ විචිනාතීති ධම්මවිචයො. පඤ්ඤායෙතං නාමං. පවිචයට්ඨොති විචාරට්ඨො. පීනයතීති පීති. ඵරණට්ඨොති විසරණට්ඨො. පස්සම්භනං පස්සද්ධි . උපසමට්ඨොති නිද්දරථට්ඨො. උපපත්තිතො ඉක්ඛතීති උපෙක්ඛා, සමං පෙක්ඛති අපක්ඛපතිතාව හුත්වා පෙක්ඛතීති අත්ථො. සා ඉධ තත්‍රමජ්ඣත්තුපෙක්ඛා, බොජ්ඣඞ්ගුපෙක්ඛාතිපි තස්සා නාමං. සමවාහිතලක්ඛණත්තා පටිසඞ්ඛානට්ඨො.
ශ්‍රද්ධා ඉන්ද්රිය ආදී පස් විසඳුම් ඉන්ද්රියාර්ථ වශයෙන් කියන ලද්දේය. අධිමොක්ඛට්ඨො යනු ස්ථිර ලෙස පිහිටීම යන අර්ථයි. උපට්ඨානට්ඨො යනු අරමුණට එළඹ පිහිටන අර්ථයයි. දස්සනට්ඨො යනු ඇති තතු බැලීම් අර්ථයි. ශ්‍රද්ධා බල ආදී පස් විසඳුම් බලාර්ථ වශයෙන් විස්තර කරන ලදි. කම්පා නොවන අර්ථයෙන් ශ්‍රද්ධාව බලයක් වේනුයි = සද්ධාබලං අස්සද්ධියෙ යනු අශ්‍රද්ධාවෙන්. අස්සද්ධියං යනු ශ්රද්ධාවට ප්රතිපක්ෂ වූ සිත් ඉපදීමයි. අකම්පියට්ඨො යනු කම්පානොවිය යුතුය. කම්පාවීමට නොහැක්කේය යන අර්ථයි. කොසජ්ජෙ යනු කුසීතභාවයයි කියනු ලබන ථීනමිද්ධයෙන්, පමාදෙ යනු සිහියට ප්‍රතිවිරුද්ධ සිත් ඉපදීමෙන්. උද්ධච්චෙ යනු නොසන්සුන් බවයයි කියනු ලබන උද්ධච්චයෙන් අවිජ්ජායා යනු මෝහයෙන්, සතිසම්බොජ්ඣංගාදී සත් විසඳුම් බොජ්ඣංග වශයෙන් විස්තර කරන ලදි. අවබෝධයෙහි කොටස බොජ්ඣංගයි. ප්රශස්ත වූද, සුන්දර වූද, බොජ්ඣංගය සම්බොජ්ඣංගයි. සිහියම සම්බොජ්ඣංගය වූයේ සති සම්බොජ්ඣංගායි. ධර්මය විමසයිනුයි - ධම්මවිචයයි. ප්‍රඥාවට මෙය නමකි. පවිචයට්ඨො යනු සෙවීම් අර්ථයි. සතුටට පැමිණේනුයි පීතියි. එරනණට්ඨො යනු පැතිරවීම් අර්ථයයි. සන්සිඳීම පස්සද්ධියි උපසමට්ඨො යනු දාහ නැති යන අර්ථයි. සමව බලානුයි උපෙක්ඛායි. සමව බලයි. අපක්ෂපාතීව බලන්නේය යන අර්ථයි. එය මෙහි තත්රමජ්ඣත්තුපෙක්ෂාවයි. බොජ්ඣංගුපේක්ෂාවයයිද එයට නමකි. විමසා බැලීම ලක්‍ෂණකොට ඇත්තේ පටිසංඛාණට්ඨොයි.
සම්මාදිට්ඨාදීනි අට්ඨ විස්සජ්ජනානි මග්ගවසෙන නිද්දිට්ඨානි. සම්මා පස්සති, සම්මා වා තාය පස්සන්ති, පසත්ථා සුන්දරා වා දිට්ඨීති සම්මාදිට්ඨි. තස්සා සම්මාදිට්ඨියා. සම්මා සඞ්කප්පෙති, සම්මා වා තෙන සඞ්කප්පෙන්ති, පසත්ථො සුන්දරො වා සඞ්කප්පොති සම්මාසඞ්කප්පො. අභිරොපනට්ඨොති චිත්තස්ස ආරම්මණාරොපනට්ඨො. ආරම්මණාභිනිරොපනට්ඨොතිපි පාඨො. සම්මා වදති , සම්මා වා තාය වදන්ති, පසත්ථා සුන්දරා වා වාචාති සම්මාවාචා. මිච්ඡාවාචාවිරතියා එතං නාමං. පරිග්ගහට්ඨොති චතුබ්බිධවචීසංවරපරිග්ගහට්ඨො. සම්මා කරොති, සම්මා වා තෙන කරොන්ති, පසත්ථං සුන්දරං වා කම්මන්ති සම්මාකම්මං, සම්මාකම්මමෙව සම්මාකම්මන්තො. මිච්ඡාකම්මන්තවිරතියා එතං නාමං. සමුට්ඨානට්ඨොති තිවිධකායසංවරසමුට්ඨානට්ඨො. සම්මා ආජීවති, සම්මා වා තෙන ආජීවන්ති, පසත්ථො සුන්දරො වා ආජීවොති සම්මාආජීවො. මිච්ඡාජීවවිරතියා එතං නාමං. වොදානට්ඨොති පරිසුද්ධට්ඨො. සම්මා වායමති, සම්මා වා තෙන වායමන්ති, පසත්ථො සුන්දරො වා වායාමොති සම්මාවායාමො. සම්මා සරති, සම්මා වා තාය සරන්ති, පසත්ථා සුන්දරා වා සතීති සම්මාසති. සම්මා සමාධියති, සම්මා වා තෙන සමාධියන්ති, පසත්ථො සුන්දරො වා සමාධීති සම්මාසමාධි.
සම්මාදිට්ඨි ආදී අට විසඳුම් මාර්ග වශයෙන් විස්තර කරන ලදි. යහපත්ව බලයි. එයින් මනාව බලත්. ප්රශස්ත සුන්දර වූ දෘෂ්ටියනුයි. සම්මාදිට්ඨියි. ඒ සම්‍යක් දෘෂ්ටියෙන් තස්සා සම්මාදිට්ඨියා. යහපත්ව කල්පනා කරයි. මනාව එයින් සංකල්පනය කරත්. ප්රශස්ත, සුන්දර වූ සංකල්පයනුයි - සම්මා සංකප්පොයි. අභිරොපණට්ඨො යනු සිත අරමුණට නංවන අර්ථයයි. ආරම්මණාභිනිරොපණට්ඨො යනුද පාඨයි. යහපත්ව කියයි. යහපත් දැයක් එයින් කියති. ප්රශස්ත වූ හෝ සුන්දර වූ වචන යනුයි සම්මා වාචායි. වැරදි වචනයන්ගෙන් (කථාවෙන්) වැළකීමට මෙය නාමයකි. පරිග්ගහට්ඨො යනු සිවුවැදෑරුම් වාක් සංවරය ලබාගැනීම, යහපත්ව කරයි යහපත් වූවක් එයින් කරත්. ප්රශස්ත වූ හෝ සුන්දර වූ කර්මාන්තයක්නුයි = යහපත් කාර්යයයි. යහපත් කාර්යයම - සම්මා කම්මන්තොයි වැරදි ක්‍රියාවලින් වැළකීමට මෙය නාමයකි. සමුට්ඨානට්ඨො යනු තෙවැදෑරුම් කාය සංවර හටගැනීම් අර්ථයි. යහපත්ව ජීවත් වේ. මනාව එයින් ජීවත් වෙති. ප්රශස්ත වූ හෝ සුන්දර වූ දිවිපැවැත්මනුයි = සම්මා ආජීවොයි වැරදි දිවිපැවැත්මෙන් වැළකීමට මෙය නාමයකි. වොදානට්ඨො යනු පිරිසිදුවීම් අර්ථයි. යහපත්ව උත්සාහ කරයි. එයින් යහපත්ව උත්සාහ කරයි. ප්රශස්ත වූ හෝ සුන්දර වූ ව්‍යායාම යනුයි සම්මා වායාමොයි. යහපත්ව සිහිකරයි. එයින් මනාව සිහිකරත්. ප්රශස්ත වූ හෝ යහපත් වූ සිහි යනුයි සම්මා සතියි. යහපත්ව සිත එකඟ කරයි. යහපත්ව එයින් සිත එකඟ කෙරෙත්. ප්රශස්ත වූ හෝ සුන්දර වූ සමාධි යනුයි = සම්මා සමාධියි.
ඉන්ද්රියාදීනි දස විස්සජ්ජනානි රාසිකත්වා අනුපුබ්බපටිපාටිවසෙන නිද්දිට්ඨානි. ආධිපතෙය්යට්ඨොති ඉන්දට්ඨකරණවසෙන අධිපතිඅත්ථො. අකම්පියට්ඨොති පටිපක්ඛෙහි කම්පෙතුං අසක්කුණෙය්යට්ඨො. නිය්යානට්ඨොති ලොකියලොකුත්තරානම්පි පටිපක්ඛතො නිග්ගමනට්ඨො. හෙතුට්ඨොති මිච්ඡාදිට්ඨාදීනං පහානාය සම්මාදිට්ඨාදයො හෙතූති වා සබ්බෙපි සම්මාදිට්ඨාදයො නිබ්බානසම්පාපකහෙතූති වා හෙතුට්ඨො. සතිපට්ඨානෙසු ආරම්මණෙසු ඔක්ඛන්දිත්වා පක්ඛන්‍දිත්‍වා උපට්ඨානතො උපට්ඨානං, සතියෙව උපට්ඨානං සතිපට්ඨානං. කායවෙදනාචිත්තධම්මෙසු පනස්සා අසුභදුක්ඛානිච්චානත්තාකාරගහණවසෙ සුභසුඛනිච්චත්තසඤ්ඤාපහානකිච්චසාධනවසෙන ච පවත්තිතො චතුධා භෙදො හොති. එතානි පුබ්බභාගෙ නානාචිත්තෙසු ලබ්භන්ති, මග්ගක්ඛණෙ පන එකායෙව සති චත්තාරි නාමානි ලභති.
ඉන්ද්රියාදී දස විසඳුම් රාශිකොට අනුපිළිවෙලින් විස්තර කරන ලදි. ආධිපතෙය්යට්ඨො යනු ප්‍රධානාර්ථය වශයෙනි. අධිපති අර්ථයි. අකම්පියට්ඨො යනු විරුද්ධ ධර්මයන්ගෙන් කම්පා කරන්ට නොහැකි වන්නේය යන අර්ථයි. නීය්යාණට්ඨො යනු ලෞකික ලෝකෝත්තර ධර්මයන්ට විරුද්ධ දේවලින් නික්මයාමයි. හෙතුට්ඨො යනු මිථ්‍යා දෘෂ්ටි ආදීන්ගේ දුරුකිරීම සඳහා සම්‍යග් දෘෂ්ටි ආදීන් හේතුවේනුයි, සියලුම සම්‍යග් දෘෂ්ටි ආදීන් නිර්වාණයට පමුණුවන හේතු වේනුයි හෙතුට්ඨොයි සතිපට්ඨාන ආදී අරමුණුවලට ඇතුල්වී ඇතුළට වැදී වැටහෙන හෙයින් උපට්ඨානයි. සිහියම උපට්ඨාන වූයේ සතිපට්ඨානයි. කාය, වේදනා, චිත්ත ධර්මයන්හි අසුභ, දුක්ඛ, අනිත්‍ය, අනාත්ම ආකාරයෙන් ගැනීම් වශයෙන්, සුභ, සුඛ, නිත්‍ය, ආත්ම සංඥාවන් ප්‍රහාණ කෘත්‍යයන් සිදුවීම් වශයෙන්ද, පැවති සිවු ආකාර බෙදීමක් වේ. මේවා පූර්ව භාගයෙහි නොයෙක් සිත්වල ලැබේ. මාර්ග ක්ෂණයෙහි වනාහි, එකම සිහිය සිවුනාමයන්ම ලබයි.
සම්මප්පධානෙසු පදහන්ති එතෙනාති පධානං, සොභනං පධානං සම්මප්පධානං. සම්මා වා පදහන්ති එතෙනාති සම්මප්පධානං, සොභනං වා තං කිලෙසවිරූපත්තවිරහතො පධානඤ්ච හිතසුඛනිප්ඵාදකත්තෙන සෙට්ඨභාවාවහනතො පධානභාවකරණතො වා සම්මප්පධානං. වීරියස්සෙතං අධිවචනං. උප්පන්නානුප්පන්නානං අනුප්පන්නුප්පන්නානඤ්ච අකුසලකුසලානං ධම්මානං පහානානුප්පත්තිඋප්පාදට්ඨිතිකිච්චසාධනවසෙන පවත්තිතො පනස්ස චතුධා භෙදො හොති. එතානිපි පුබ්බභාගෙ නානාචිත්තෙසු ලබ්භන්ති, මග්ගක්ඛණෙ පන එකමෙව වීරියං චත්තාරි නාමානි ලභති. පදහනට්ඨොති උස්සාහනට්ඨො. පධානට්ඨොතිපි පාඨො, සොයෙවත්ථො.
සම්‍යක් ප්‍රධානයන්හි, බලවත් සේ උත්සාහ කරනුයේ මෙය කරණකොටගෙනනුයි = පධානං = ප්‍රධාන නම් වේ. යහපත් ප්‍රධානය. සම්මප්පධානයි. මනාව මෙයින් බලවත් සේ උත්සාහ කෙරේනුයි = සම්මප්පධානයි. එය සෝභන වූයේම කෙලෙස් විරූපී භාවයෙන්, වෙන්වූ බැවින් වීර්යයක් වූයේ, හිතසුව නිෂ්පාදනය කරන අර්ථයෙන්ද, ශ්‍රේෂ්ඨ භාවයක් ගෙන එන බැවින්ද, ප්රමුඛ භාවය කරන හෙයින්ද සම්මප්පධානයි. මෙය වීර්යයට විශේෂ නාමයකි. උපන්නා වූද, නූපන්නා වූද, නූපන්නා වූද, උපන්නා වූද, අකුසලයන්ගේ, ප්‍රහාණ උත්පත්ති, උත්පාද, ස්ථිති, කෘත්‍ය සිදුකිරීම් වශයෙන්ද පැවැත්මෙන්ද-බෙදීම සතර ආකාර වෙයි. ඒවාද පූර්ව භාගයෙහි නොයෙක් සිත්හි ලැබෙත්. මාර්ග ක්ෂණයෙහි එකක්ම වූ වීර්යය සිව්නාමයන් ලබයි. පදහනට්ඨො යනු උත්සාහ කිරීම් අර්ථයි. පධානට්ඨො යනුද පාඨයි. එම අර්ථයමය.
ඉද්ධිපාදානන්ති එත්ථ ඡන්දවීරියචිත්තවීමංසාසු එකෙකො ඉජ්ඣතීති ඉද්ධි, සමිජ්ඣති නිප්ඵජ්ජතීති අත්ථො. ඉජ්ඣන්ති වා එතාය සත්තා ඉද්ධා වුද්ධා උක්කංසගතා හොන්තීති ඉද්ධි, පඨමෙනත්ථෙන ඉද්ධි එව පාදො ඉද්ධිපාදො, ඉද්ධිකොට්ඨාසොති අත්ථො. දුතියෙනත්ථෙන ඉද්ධියා පාදොති ඉද්ධිපාදො. පාදොති පතිට්ඨා, අධිගමූපායොති අත්ථො. තෙන හි යස්මා උපරූපරි විසෙසසඞ්ඛාතං ඉද්ධිං පජ්ජන්ති පාපුණන්ති, තස්මා පාදොති වුච්චති. එතෙ ඡන්දාදයො පුබ්බභාගෙ අධිපතිවසෙන නානාචිත්තෙසු ලබ්භන්ති, මග්ගක්ඛණෙ පන සහෙව ලබ්භන්ති. ඉජ්ඣනට්ඨොති නිප්ඵජ්ජනට්ඨො පතිට්ඨානට්ඨො වා. සච්චානන්ති චතුන්නං අරියසච්චානං. තථට්ඨොති යථාසභාවට්ඨො. ඉමානි අට්ඨ විස්සජ්ජනානි ලොකියලොකුත්තරමිස්සකානි. පයොගානන්ති චතුන්නං අරියමග්ගපයොගානං. පටිප්පස්සද්ධට්ඨොති චතුන්නං අරියඵලානං පටිප්පස්සද්ධට්ඨො. මග්ගපයොගො හි ඵලක්ඛණෙ පටිප්පස්සද්ධො හොති නිට්ඨිතකිච්චත්තා. මග්ගපයොගානං ඵලොදයෙන පටිප්පස්සද්ධභාවො වා. ඵලානං සච්ඡිකිරියට්ඨොති අරියඵලානං පච්චවෙක්ඛණවසෙන පච්චක්ඛකරණට්ඨො. ආරම්මණසච්ඡිකිරියා වුත්තා හොති, ඵලක්ඛණෙ පටිලාභසච්ඡිකිරියා වා. විතක්කාදීනි පඤ්ච විස්සජ්ජනානි ඣානඞ්ගවසෙන නිද්දිට්ඨානි. විතක්කනං විතක්කො, ඌහනන්ති වුත්තං හොති. විචරණං විචාරො, අනුසඤ්චරණන්ති වුත්තං හොති. උපවිචාරට්ඨොති අනුමජ්ජනට්ඨො. අභිසන්දනට්ඨොති තෙමනට්ඨො සමාධිවසෙන චිත්තස්ස එකග්ගට්ඨො.
ඉද්ධිපාදානං යන මෙහි, ඡන්ද, වීර්ය, චිත්ත, වීමංසාවන්හි එක එක සිද්ධවේනුයි ඉද්ධියි. සමෘද්ධ වෙයි. නිෂ්පාදනය වේයයි අර්ථයි. සත්ත්වයෝ මෙයින් සමෘද්ධ වෙති. සමෘද්ධ වූයේ, අභිවෘද්ධියට පත්වූයේ, උසස් බවට ගියේ වෙත්නුයි - ඉද්ධියි. පළමු අර්ථයෙන් සෘද්ධියම පාදය වූයේ ඉද්ධිපාදොයි. පාදො යනු අධිගම ආධාර උපායයයි යන අර්ථයි. යම්හෙයකින් මතු මතු විශේෂ සංඛ්‍යාත සෘද්ධියට පත්වෙත්ද? පැමිණෙත්ද එහෙයින් පාදයයි කියයි. මේ ඡන්දාදීන් පූර්ව භාගයන්හිදී අධිපති වශයෙන් නොයෙක් සිත්වල ලැබේ. මාර්ග ක්ෂණයෙහි එකටම ලැබේ. ඉජ්ඣනට්ඨො යනු නිෂ්පාදනය වන අර්ථයි. පිහිටන අර්ථය හෝ වේ. සච්චානං යනු චතුරාර්ය සත්‍යයන්ගේ. තථට්ඨො යනු ස්වභාව අනුවය යන අර්ථයි. මේ අටවැදෑරුම් විසඳුම් ලෞකික ලෝකෝත්තර මිශ්‍රවූවාහු වෙති. යොගානං යනු චතුරාර්ය මාර්ග ප්‍රයෝගයන්ගේ, පටිප්පස්සද්ධට්ඨො යනු සතර ආර්ය මාර්ග ඵලයන්ගේ සංසිඳීම් අර්ථයයි. මාර්ග ප්‍රයෝග වනාහි එලක්‍ෂණයෙහි සංසිඳුණේ වෙයි. කෘත්‍යය නිමවූ හෙයිනිා. මාර්ග ප්‍රයෝගයන්ගේ ඵල උදාවීමෙන් සංසිඳුනු භාවය හෝ වෙයි. ඵලානං සච්ඡිකිරියට්ඨො යනු ආර්ය ඵලයන්ගේ ප්රත්යවේක්ෂා කිරීම් වශයෙන් ප්රත්යක්ෂ කරන්නාවූය යන අර්ථයි. අරමුණෙහි සාක්ෂාත් කිරීම කියන ලද්දේ වෙයි. ලක්ෂණයෙහි ප්රතිලාභ සාක්ෂාත් කිරීම හෝ වෙයි. විතර්කාදී පස්විසඳුම් ධ්‍යානාංග වශයෙන් විස්තර කරන ලදි. කල්පනා කිරීම = විතක්කොයි. කල්පනා කිරීමයයි යූසේයි. හැසිරීම = විචාරොයි, විචාරයයි. ඔබිනොබ හැසිරීම යයි යූසේයි. උපවිචාරට්ඨො යනු පිරිමදියි යන අර්ථයි. අභිසන්දනට්ඨො යනු තෙත් කිරීම යන අර්ථයි. සමාධි වශයෙන් සිතෙහි එකඟවීම යන අර්ථයි.
ආවජ්ජනාදීනි පඤ්චදස විස්සජ්ජනානි පකිණ්ණකවසෙන නිද්දිට්ඨානි. පඤ්චද්වාරමනොද්වාරෙසු භවඞ්ගාරම්මණතො අඤ්ඤාරම්මණෙ චිත්තසන්තානං නමෙන්තානං ද්වින්නං චිත්තානං ආවජ්ජනට්ඨො. විඤ්ඤාණස්ස විජානනට්ඨො. පඤ්ඤාය පජානනට්ඨො. සඤ්ඤාය සඤ්ජානනට්ඨො. සමාධිස්ස එකොදට්ඨො. දුතියජ්ඣානස්මිඤ්හි සමාධි එකො උදෙතීති එකොදීති වුච්චති, විතක්කවිචාරෙහි අනජ්ඣාරුළ්හත්තා අග්ගො සෙට්ඨො හුත්වා උප්පජ්ජතීති අත්ථො. සෙට්ඨොපි හි ලොකෙ එකොති වුච්චති. විතක්කවිචාරවිරහිතො වා එකො අසහායො හුත්වා උදෙතීතිපි වට්ටති. සබ්බොපි වා කුසලසමාධි නීවරණාදීනං උද්ධච්චස්සෙව වා පටිපක්ඛත්තා තෙහි අනජ්ඣාරුළ්හොති අග්ගො හුත්වා උදෙතීති වා තෙහි විරහිතොති අසහායො හුත්වා උදෙතීති වා එකොදීති යුජ්ජති. අභිඤ්ඤාය ඤාතට්ඨොති ඤාතපරිඤ්ඤාය සභාවජානනට්ඨො. පරිඤ්ඤාය තීරණට්ඨොති තීරණපරිඤ්ඤාය අනිච්චාදිතො උපපරික්ඛණට්ඨො. පහානස්ස පරිච්චාගට්ඨොති පහානපරිඤ්ඤාය පටිපක්ඛපජහනට්ඨො. සමප්පවත්තාය භාවනාය එකරසට්ඨො. ඵස්සනට්ඨොති ඵුසනට්ඨො වින්දනට්ඨො. පීළාභාරවහනාදිනා ඛන්ධට්ඨො. සුඤ්ඤාදිනා ධාතුට්ඨො. සකසකමරියාදායතනාදිනා ආයතනට්ඨො. පච්චයෙහි සඞ්ගම්ම කතවසෙන සඞ්ඛතට්ඨො. තබ්බිපරීතෙන අසඞ්ඛතට්ඨො.
ආවර්ජනාදී පසළොස් විසඳුම් විස්තරාත්මක වශයෙන් විස්තර කරන ලදි. පංචද්වාර, මනෝද්වාරයන්හි භවංගාරම්මණයෙන් අන් අරමුණුවල චිත්ත සන්තානය නැමෙන කල්හි ද්විචිත්තයන්ට ඇතිවන ආවර්ජනය ආවජ්ජනට්ඨොයි විඤ්ඤාණයාගේ දැනගැනීම් අර්ථය විජානනට්ඨොයි. ප්‍රඥාවගේ විශේෂ දැනීම පජානනට්ඨොයි. සඤ්ඤාවගේ හැඳිනගැනීම සංජානනට්ඨොයි. සමාධියගේ එක් අරමුණක පැවතීම එකාරම්මණට්ඨොයි. දෙවන ධ්‍යානයෙහිදී සමාධිය විතර්ක, විචාරයන්ගෙන් තොරව තනිව උදාවේනුයි, එකොදියි කියයි. විතර්ක, විචාරයන් නොවැඩුණු හෙයින්, මැඩපවත්වා අග්‍රව ශ්‍රේෂ්ඨව උපදී යන අර්ථයි. ලෝකයෙහි තනි ද්‍රව්‍යය ශ්‍රේෂ්ඨයයි කියයි. විතර්ක, විචාරවලින් තොරව, තනිව අසහායව උදාවේයයි කීම සුදුසුය. සියලුම කුසල සමාධීන්, නීවරණයන් අතර උද්ධච්චයටම විරුද්ධය. එම නීවරණයන්ගෙන් පීඩිත නොවුණේ, ශ්‍රේෂ්ඨව උදාවෙයි හෝ, ඔවුන්ගෙන් වෙන්ව අසහායව පහළවේනුයි එකොදි යන්න යෙදේ. අභිඤ්ඤාය ඤාතට්ඨො යනු ඤාත පරිඥාවෙන් ස්වභාවය දැනගන්නා අර්ථයි. පරිඤ්ඤාය තීරණට්ඨො යනු තීරණ පරිඥාවෙන් අනිත්‍යාදී වශයෙන් විමසා බැලීමයි. පහාණස්ස පරිච්චාගට්ඨො යනු ප්‍රහාණ පරිඥාවෙන් විරුද්ධ දෑ අත්හැරීම් යන අර්ථයි. සමව පැවති භාවනාවගේ එක් රසයයි යන අර්ථයි. ඵස්සනට්ඨො යනු ස්පර්ශ කිරීම් යන අර්ථයි. විඳීම් අර්ථයි. පීඩා සමූහයේ බර උසුලන බැවින් ඛන්ධට්ඨොයි ශූන්‍යතා වශයෙන් බැලීම = ධාතුට්ඨොයි. ප්‍රත්‍යයන් එක්රැස්ව කරන ලදැයි සැලකීම සංඛතට්ඨො ඊට විරුද්ධ වූයේ අසංඛට්ඨොයි.
චිත්තට්ඨාදීනි පඤ්චදස විස්සජ්ජනානි චිත්තසම්බන්ධෙන නිද්දිට්ඨානි. චිත්තට්ඨොති එත්ථ ආරම්මණං චින්තෙතීති චිත්තං, විජානාතීති අත්ථො. යං පනෙත්ථ ජවනං හොති, තං ජවනවීථිවසෙන අත්තනො සන්තානං චිනොතීතිපි චිත්තං, යං විපාකං හොති, තං කම්මකිලෙසෙහි චිතන්තිපි චිත්තං, සබ්බම්පි යථානුරූපං චිත්තතාය චිත්තං, චිත්තකරණතාය චිත්තං, යං වට්ටස්ස පච්චයො හොති, තං සංසාරදුක්ඛං චිනොතීතිපි චිත්තං. එවං ආරම්මණෙ චිත්තතාදිතො චිත්තට්ඨො. චිත්තුප්පාදනෙ ඵලුප්පාදනෙ වා නාස්ස අන්තරමත්ථීති අනන්තරං, අනන්තරස්ස භාවො ආනන්තරියං, චිත්තස්ස ආනන්තරියං චිත්තානන්තරියං, සො චිත්තානන්තරියට්ඨො. අරහතො චුතිචිත්තං වජ්ජෙත්වා යස්ස කස්සචි සමනන්තරනිරුද්ධස්ස චිත්තස්ස අනන්තරචිත්තුප්පාදනෙ සමත්ථභාවො මග්ගචිත්තස්ස අනන්තරං ඵලුප්පාදනෙ සමත්ථභාවොති අධිප්පායො. චිත්තස්ස වුට්ඨානට්ඨොති ගොත්රභුචිත්තස්ස නිමිත්තතො, මග්ගචිත්තස්ස නිමිත්තපවත්තතො වුට්ඨානට්ඨො. චිත්තස්ස විවට්ටනට්ඨොති තස්සෙව චිත්තද්වයස්ස යථාවුත්තතො වුට්ඨිතස්ස නිබ්බානෙ විවට්ටනට්ඨො. චිත්තස්ස හෙතුට්ඨොති චිත්තස්ස හෙතුපච්චයභූතානං නවන්නං හෙතූනං හෙතුට්ඨො. චිත්තස්ස පච්චයට්ඨොති චිත්තස්ස වත්ථාරම්මණාදීනං අනෙකෙසං පච්චයානං පච්චයට්ඨො. චිත්තස්ස වත්ථුට්ඨොති චිත්තස්ස වත්ථුභූතානං චක්ඛුසොතඝානජිව්හාකායහදයවත්ථූනං වත්ථුට්ඨො. චිත්තස්ස භූමට්ඨොති චිත්තස්ස උප්පත්තිදෙසවසෙන කාමාවචරාදිභූමිඅත්ථො. චිත්තස්ස ආරම්මණට්ඨොති රූපාදිආරම්මණට්ඨො. පරිචිතස්සාරම්මණස්ස සඤ්චරණට්ඨානට්ඨෙන ගොචරට්ඨො. උපරි වුත්තවිඤ්ඤාණචරියාවසෙන චරියට්ඨො. අථ වා පයොගසමුදාචාරට්ඨො චරියට්ඨො. චිත්තස්ස ගමනාභාවෙපි දූරසන්තිකාරම්මණගහණවසෙන ගතට්ඨො. අභිනීහාරට්ඨොති ගහිතාරම්මණතො අඤ්ඤාරම්මණමනසිකාරත්ථං චිත්තස්ස අභිනීහරණට්ඨො. චිත්තස්ස නිය්යානට්ඨොති මග්ගචිත්තස්ස වට්ටතො නිය්යානට්ඨො. “නෙක්ඛම්මං පටිලද්ධස්ස කාමච්ඡන්දතො චිත්තං නිස්සටං හොතී”තිආදිනා (පටි· ම· 1.24, 191 ථොකං විසදිසං) නයෙන චිත්තස්ස නිස්සරණට්ඨො.
චිත්තර්ථාදී පසළොස් විසඳුම් සිත පිළිබඳව විස්තර කරන ලදි. චිත්තට්ඨො යනු අරමුණ සිතයි නුයි (චිත්තං) චිත්තයයි. අවබෝධ කරන්නේ යන අර්ථයි. මෙහි යම් ජවනයක් වේද, එය ජවන වීථි වශයෙන් තමාගේ සන්තානය විසිතුරු කරයිනුයි - චිත්තං (සිතයි) යම් විපාකයක් වේද, එය කර්ම හා කෙලෙස්වලින් රැස් කළේනුයි චිත්තංයි සියල්ලම සුදුසු පරිද්දෙන් විසිත්රු බැවින්ද සිතය. විසිතුරු කරන හෙයින්ද සිතය. සංසාර වෘත්තයට යමක් ප්‍රත්‍යය වේද, ඒ සසර දුක රැස්කෙරේනුයිද = සිතය. මෙසේ අරමුණෙහි විසිතුරු ආදියෙන් චිත්තට්ඨොයි (සිත යන අර්ථය වේ) සිතෙහි ඉපදීමත් ඵලයෙහි ඉපදීමත් අතර අන්තරයක් නැතැයිනුයි = අනන්තරයි. අනන්තරයාගේ ස්වභාවය = ආනන්තරියයි චිත්තයාගේ ආනන්තරිය චිත්තානන්තරියයි. ඒ චිත්තානන්තරියාර්ථය චිත්තානන්තරියට්ඨොයි රහතුන්ගේ චුති සිත හැර යම් කිසිවෙකුගේ අනන්තර නිරුද්ධ සිතට අනන්තරව සිතක් ඉපදීමේ සමර්ථ භාවයයි. මාර්ග සිතට අනන්තරව ඵල සිතෙහි ඉපදීමේ සමර්ථ භාවයයි යන අදහසයි. චිත්තස්ස වුට්ඨානට්ඨො යනු ගෝත්‍රභූ සිතට නිමිත්තෙන්ද මාර්ග සිතට නිමිත්තෙහි පැවැත්මෙන් නැගිටීම යන අර්ථයි. චිත්තස්ස විවට්ටනට්ඨො යනු ඒ සිත් දෙකින් කියන ලද පරිදි නැගිටියහුට නිර්වාණයෙහි නැඹුරුවීමයි. චිත්තස්ස හෙතුට්ඨො යනු සිතට හේතුප්‍රත්‍යය වූ නවවැදෑරුම් හේතූන්ගේ හේතු අර්ථයයි. චිත්තස්ස පච්චයට්ඨො යනු සිතට වස්තු අරමුණු වශයෙන් නොයෙක් ප්‍රත්‍යයන්ගේ ප්රත්යයාර්ථයයි. චිත්තස්ස - වත්ථුට්ඨො යනු සිතට වස්තු වූ ඇස, කන, නාසය, දිව, කය, හෘදය වස්තුව යනාදීන්ගේ වස්තු අර්ථයයි. චිත්තස්ස භුම්මට්ඨො යනු සිතෙහි උපදින ප්‍රදේශ වශයෙන් කාමාවචර ආදී භූමීන් යන අර්ථයි. චිත්තස්ස ආරම්මණට්ඨො යනු රූපාදී අරමුණුය යන අර්ථයි. පුරුදු අරමුණෙහි හැසිරෙන අර්ථයෙන් ගොචරට්ඨොයි මතු කියන විඤ්ඤාණාචර්යා වශයෙන් චරියට්ඨොයි නොහොත් ක්‍රියා හැසිරවීම් වශයෙන් චරියට්ඨොයි. සිතෙහි ගමන් කිරීම් වශයෙන් දුර ළඟ අරමුණු ගැනීම් වහයෙන් ගතට්ඨොයි. අභිනීහාරට්ඨො යනු ගත් අරමුණින්, අන් අරමුණු මෙනෙහි කිරීමට සිතෙහි ඉදිරියට ගෙන යාම. චිත්තස්ස නීය්‍යානට්ඨො මාර්ග සිතෙහි සසරින් පිටව යන අර්ථයි. නෛෂ්ක්‍රම්‍යය ලදහුට කාමච්ඡන්දයෙන් ඉවත් වේනුයි ආදී ක්‍රමයෙන් චිත්තස්ස නිස්සරණට්ඨොයි.
එකත්තාදීනි ද්වාචත්තාලීස විස්සජ්ජනානි එකත්තසම්බන්ධෙන නිද්දිට්ඨානි. එකත්තෙති ආරම්මණෙකත්තෙ, එකාරම්මණෙති අත්ථො. පඨමජ්ඣානවසෙන පක්ඛන්දනට්ඨො. දුතියජ්ඣානවසෙන පසීදනට්ඨො. තතියජ්ඣානවසෙන සන්තිට්ඨනට්ඨො. චතුත්ථජ්ඣානවසෙන මුච්චනට්ඨො. පච්චවෙක්ඛණවසෙන එතං සන්තන්ති පස්සනට්ඨො. යානීකතට්ඨාදයො පඤ්ච සමාධිස්ස වසීභාවවිසෙසා. යානීකතට්ඨොති යුත්තයානසදිසකතට්ඨො. වත්ථුකතට්ඨොති පතිට්ඨට්ඨෙන වත්ථු විය කතට්ඨො. අනුට්ඨිතට්ඨොති පච්චුපට්ඨිතට්ඨො. පරිචිතට්ඨොති සමන්තතො චිතට්ඨො. සුසමාරද්ධට්ඨොති සුට්ඨු සමාරද්ධට්ඨො , සුකතට්ඨොති අත්ථො. ආවජ්ජනසමාපජ්ජනඅධිට්ඨානවුට්ඨානපච්චවෙක්ඛණවසිතාවසෙන වා පටිපාටියා පඤ්ච පදානි යොජෙතබ්බානි. කසිණාදිආරම්මණභාවනාය සිඛාප්පත්තකාලෙ චිත්තචෙතසිකානං පරිග්ගහපරිවාරපරිපූරට්ඨො. තෙසංයෙව සම්මා සමාහිතත්තා එකාරම්මණෙ සමොසරණෙන සමොධානට්ඨො. තෙසංයෙව බලප්පත්තියා ආරම්මණං අභිභවිත්වා පතිට්ඨානවසෙන අධිට්ඨානට්ඨො. සමථස්ස විපස්සනාය වා ආදිතො, ආදරෙන වා සෙවනවසෙන ආසෙවනට්ඨො. වඩ්ඪනවසෙන භාවනට්ඨො . පුනප්පුනං කරණවසෙන බහුලීකම්මට්ඨො. බහුලීකතස්ස සුට්ඨු සමුට්ඨිතවසෙන සුසමුග්ගතට්ඨො. සුසමුග්ගතස්ස පච්චනීකෙහි සුට්ඨු විමුත්තිවසෙන ආරම්මණෙ ච සුට්ඨු අධිමුත්තිවසෙන සුවිමුත්තට්ඨො.
එකඟ බව ආදී දෙසාළිස් විසඳුම් ඒකත්වය සම්බන්ධයෙන් විස්තර කරන ලදි. එකත්තෙ යනු අරමුණෙහි එකඟ බවයි. එක් අරමුණෙහිය යන අර්ථයි. ප්‍රථමධ්‍යාන වශයෙන් ඇතුළට වැදීම් අර්ථය - පක්ඛන්ධනට්ඨොයි. ද්විතීය ධ්‍යාන වශයෙන් සතුටුවීම් අර්ථය - පසීදනට්ඨොයි. තෘතීයධ්‍යාන වශයෙන් නිශ්චලවීම් අර්ථය - සන්තිට්ඨනට්ඨොයි. චතුර්ථධ්යාන වශයෙන් මිදීම් අර්ථය - මුච්චනට්ඨොයි. එය ශාන්තයයි ප්රත්යවේක්ෂා වශයෙන් බැලීම = පස්සනට්ඨො යානිකත ආදී පහ සමාධියෙහි වසීභාව විශේෂයන්ය. යානිකතට්ඨො යනු ගොනුන් යොදා නැගී යාහැකි යානයක් මෙන් කරගත්, වත්ථුකතට්ඨො පිහිටන අඩිතාලමක් සේ කළ, මනාසේ පුහුණු කළ, අනුට්ඨිතට්ඨො එළඹ සිටි බව, පරිචිතට්ඨො හාත්පසින් පුරුදු කළ බව, සුසමාරද්ධො මනාව පටන්ගත් යහපත් සේ කරන ලද්දේ යයි අර්ථයි. මෙනෙහි කිරීම, සමවැදීම, අධිෂ්ඨානය, නැගිටීම, ප්රත්යවේක්ෂා යන වසී කිරීම් වශයෙන් යන පද පහ පිළිවෙලින් යෙදිය යුත්තාහ. කසිණ ආදී අරමුණුකොට භාවනාවෙහි මස්තකප්රාප්ත වූ කල, චිත්ත චෛතසිකයන්ගේ, අල්වාගැනීම, ළඟින් හැසිරීම පරිපූර්ණාර්ථයයි පරිපූරට්ඨොයි. එම කරුණුවලින්ම මනාව සිත තැන්පත් වූ බැවින්, එක් අරමුණක එක්තැන්වීමෙන් ගැළපීම සමොධානට්ඨොයි. ඒවාහිම බලප්රාප්තියෙන් අරමුණ මැඩපවත්වා පිහිටීම් වශයෙන් අධිට්ඨානට්ඨොයි. සමථයෙහි හෝ විදර්ශනාවෙහි මුලපටන් ආදරයෙන් සේවනය කිරීම් වශයෙන් ආසෙවනට්ඨොයි බහුල භාවයට පත්කළහුට, යහපත් ආකාරයෙන්, හටගැනීම් වශයෙන් සුසමුග්ගතට්ඨොයි මනාව හටගත්තහුට විරුද්ධ කෙලෙස් ආදීන්ගෙන් මනාව මිදීම් වශයෙන්ද, අරමුණෙහි මනාව යෙදීම් වශයෙන්ද, සුවිමුත්තට්ඨොයි.
බුජ්ඣනට්ඨාදීනි චත්තාරි පදානි බොජ්ඣඞ්ගවසෙන වුත්තානි. සොතාපත්තිමග්ගබොජ්ඣඞ්ගානං බුජ්ඣනට්ඨො. සකදාගාමිමග්ගබොජ්ඣඞ්ගානං අනුබුජ්ඣනට්ඨො. අනාගාමිමග්ගබොජ්ඣඞ්ගානං පටිබුජ්ඣනට්ඨො. අරහත්තමග්ගබොජ්ඣඞ්ගානං සම්බුජ්ඣනට්ඨො. විපස්සනාබොජ්ඣඞ්ගානං වා බුජ්ඣනට්ඨො. දස්සනමග්ගබොජ්ඣඞ්ගානං අනුබුජ්ඣනට්ඨො. භාවනාමග්ගබොජ්ඣඞ්ගානං පටිබුජ්ඣනට්ඨො. ඵලබොජ්ඣඞ්ගානං සම්බුජ්ඣනට්ඨො. යථාවුත්තනයෙනෙව බොජ්ඣඞ්ගානං තස්ස තස්ස පුග්ගලස්ස බොධනාදිකරණෙන බොධනට්ඨාදයො චත්තාරො අත්ථා වෙදිතබ්බා. යථාවුත්තානංයෙව බොජ්ඣඞ්ගානං බුජ්ඣනට්ඨෙන “බොධො”ති ලද්ධනාමස්ස පුග්ගලස්ස පක්ඛෙ භවත්තා බොධිපක්ඛියා නාම. තෙසං යථාවුත්තානංයෙව බොධිපක්ඛියට්ඨාදයො චත්තාරො අත්ථා වෙදිතබ්බා. විපස්සනාපඤ්ඤාවසෙන ජොතනට්ඨො. කමතො චතුමග්ගපඤ්ඤාවසෙන උජ්ජොතනානුජ්ජොතනපටිජ්ජොතනසඤ්ජොතනට්ඨො. කමතො චතුමග්ගපඤ්ඤාවසෙන වා ජොතනට්ඨාදයො, ඵලපඤ්ඤාවසෙන සඤ්ජොතනට්ඨො වෙදිතබ්බො.
බුජ්ඣනට්ඨාදි සතර පද බොජ්ඣංග වශයෙන් කියන ලදි. සෝවාන් මාර්ගයෙහි අවබෝධ කළයුතු කොටස් බුජ්ඣනට්ඨො යි. අවබෝධ කරන අර්ථයි. සකෘදාගාමි මාර්ගයෙහි අවබෝධ කළයුතු කොටස් අනුබුජ්ඣනට්ඨොයි මනාව අවබෝධ කළයුතුයි යන අර්ථයි. අනාගාමි මාර්ගයෙහි අවබෝධ කළයුතු කොටස් පටිබුජ්ඣනට්ඨොයි. ප්‍රබෝධයෙන් අවබෝධ කළයුතුය යන අර්ථයි. අර්හත් මාර්ගයෙහි අවබෝධ කළයුතු කොටස් සම්බුජ්ඣනට්ඨොයි. මනාව අවබෝධ කළයුතුය යන අර්ථයි. දර්ශන මාර්ග අවබෝධයෙහි කොටස් අනුබුජ්ඣනට්ඨොයි. භාවනා මාර්ග අවබෝධයේ කොටස් පටිබුජ්ඣනට්ඨොයි. භාවනා මාර්ග අවබෝධයේ කොටස් පටිබුජ්ඣනට්ඨොයි. ඵල අවබෝධයේ කොටස් සම්බුජ්ඣනට්ඨොයි. කියන ලද ක්‍රමයෙන්ම බොජ්ඣංගයන්ගේ ඒ ඒ පුද්ගලයාට අවබෝධකරණයෙන්, අවබෝධනාර්ථාදි සතර අර්ථයන් දතයුතුය. කියන ලද බොජ්ඣංගයන්ට අවබෝධ කිරීම් අර්ථයෙන් බෝධයයි ලද නම් ඇති පුද්ගලයාගේ පක්ෂයෙහි වන හෙයින්, බෝධි පක්ඛියා (බෝධිපාක්ෂික) නම් වේ. ඔවුන්ගේ කියන ලද අයුරින්ම බෝධිපාක්ෂිකාදී සතර අර්ථ දතයුතුය. විදර්ශනා ප්‍රඥා වශයෙන් ජොතනට්ඨොයි. ක්‍රමයෙන් සිවුමග ප්‍රඥා වශයෙන් උජ්ජොතනුජ්ජොතන පටිජ්ජොතන සඤ්ජොතනට්ඨොයි කියා යෙදේ. ක්‍රමයෙන් සිවුමග ප්‍රඥා වශයෙන් ජොතනට්ඨාදීන් යෙදේ. ඵල ප්‍රඥා වශයෙන් සඤ්ජොතනට්ඨාදිය දතයුතුය.
පතාපනට්ඨාදීනි අට්ඨාරස විස්සජ්ජනානි අරියමග්ගවසෙන නිද්දිට්ඨානි. අරියමග්ගො හි යස්සුප්පජ්ජති, තං පතාපෙති පභාසෙති විරොචාපෙතීති පතාපනො, තස්ස පතාපනට්ඨො. තස්සෙව අතිපභස්සරභාවෙන සයං විරොචනට්ඨො. කිලෙසානං විසොසනෙන සන්තාපනට්ඨො. අමලනිබ්බානාරම්මණත්තා අමලට්ඨො. සම්පයුත්තමලාභාවෙන විමලට්ඨො. ආරම්මණකරණමලාභාවෙ නිම්මලට්ඨො. අථ වා සොතාපත්තිමග්ගස්ස අමලට්ඨො. සකදාගාමිඅනාගාමිමග්ගානං විමලට්ඨො. අරහත්තමග්ගස්ස නිම්මලට්ඨො. අථ වා සාවකමග්ගස්ස අමලට්ඨො. පච්චෙකබුද්ධමග්ගස්ස විමලට්ඨො. සම්මාසම්බුද්ධමග්ගස්ස නිම්මලට්ඨො. කිලෙසවිසමාභාවෙන සමට්ඨො. “සම්මා මානාභිසමයා”තිආදීසු (ම· නි· 1.28; අ· නි· 3.33; 5.200) විය කිලෙසප්පහානට්ඨෙන සමයට්ඨො. වික්ඛම්භනතදඞ්ගසමුච්ඡෙදපටිප්පස්සද්ධිනිස්සරණසඞ්ඛාතෙසු පඤ්චසු විවෙකෙසු සමුච්ඡෙදවිවෙකත්තා විවෙකට්ඨො, විනාභාවට්ඨො. නිස්සරණවිවෙකෙ නිබ්බානෙ චරණතො විවෙකචරියට්ඨො. පඤ්චසු විරාගෙසු සමුච්ඡෙදවිරාගත්තා විරාගට්ඨො, විරජ්ජනට්ඨො. නිස්සරණවිරාගෙ නිබ්බානෙ චරණතො විරාගචරියට්ඨො. පඤ්චසු නිරොධෙසු සමුච්ඡෙදනිරොධත්තා නිරොධට්ඨො. දුක්ඛනිරොධෙ නිබ්බානෙ චරණතො නිරොධචරියට්ඨො. පරිච්චාගපක්ඛන්දනවොසග්ගත්තා වොසග්ගට්ඨො. අරියමග්ගො හි සමුච්ඡෙදවසෙන කිලෙසප්පහානතො පරිච්චාගවොසග්ගො, ආරම්මණකරණෙන නිබ්බානපක්ඛන්දනතො පක්ඛන්දනවොසග්ගො ච. විපස්සනා පන තදඞ්ගවසෙන කිලෙසප්පහානතො පරිච්චාගවොසග්ගො, තන්නින්නභාවෙන නිබ්බානපක්ඛන්දනතො පක්ඛන්දනවොසග්ගො. න සො ඉධ අධිප්පෙතො. වොසග්ගභාවෙන චරණතො වොසග්ගචරියට්ඨො. පඤ්චසු විමුත්තීසු සමුච්ඡෙදවිමුත්තිත්තා විමුත්තට්ඨො. නිස්සරණවිමුත්තියං චරණතො විමුත්තිචරියට්ඨො.
පතාපනට්ඨාදි අටළොස් විසඳුම් ආර්ය මාර්ග වශයෙන් විස්තර කරන ලදි. යමෙකුට ආර්ය මාර්ගය උපදීද, එය තේජස් වේ. බැබලෙයි. දිලිසේනුයි. පතාපනොයි. - බබලවන්නේයි අර්ථයි. තේජස්වන අර්ථයි. එහි ඉතා බබලන ස්වභාවයෙන් තෙමේ විරොචනට්ඨොයි දිලිසේ යන අර්ථයි. කෙලෙස් වියලවන අර්ථයෙන් සන්තාපනට්ඨොයි. කෙලෙස්මල රහිත නිර්වාණය අරමුණුකොට ඇති හෙයින් අමලට්ඨොයි. එකට යෙදී ඇති කෙලෙස්මල අභාවයට පත්කිරීමෙන් විමලට්ඨොයි. අරමුණු කරන කෙලෙස්මල අභාවයෙන් නිම්මලට්ඨොයි. නොහොත් සෝවාන් මාර්ගයට අමලට්ඨොයිද සකෘදාගාමි අනාගාමි මාර්ගයන්ට විමලට්ඨොයිද, අර්හත් මාර්ගයට නිම්මලට්ඨොයිද යෙදේ. නොහොත් හ්රාවක මාර්ගයට අමලට්ඨොයිද, පසේබුදු මාර්ගයට විමලට්ඨොයිද, සම්මා සම්බුදු මාර්ගයට නිම්මලට්ඨොයිද යෙදේ. කෙලෙස් විෂම අභාවයෙන් සමට්ඨොයි. මනාව මිනුම් අවබෝධය යන ආදී තන්හි මෙන් කෙලෙස් ප්‍රහාණ කිරීම් අර්ථයෙන් සමයට්ඨොයි. තදංග, වික්ඛම්භන, සමුච්ඡෙද, පටිප්පස්සද්ධි නිස්සරණ යන පස් විවේකයන් අතර, සමුච්ඡෙද විවේකයට අයත් බැවින් විවෙකට්ඨොයි. විනාභාවට්ඨො = නොමැතිය යන අර්ථයි. සසරින් ගැලවීමේ විවේකයෙහි නිවනෙහි හැසිරෙන හෙයින් විවේක චරියට්ඨොයි. පස්වැදෑරුම් විරාගයන්හි පූර්ණ ඡේදනයෙන් නොඇලුණු හෙයින් විරාගට්ඨොයි. නොඇලෙන අර්ථයි. නිස්සරණ විරාගයෙහි වූ නිර්වාණයෙහි හැසිරෙන හෙයින් විරාග චරියට්ඨොයි. පස්වැදෑරුම් නිරෝධයන් සමුච්ඡෙද වශයෙන් නිරුද්ධ කළ හෙයින් නිරොධට්ඨොයි. දුක්ඛ නිරෝධය වූ නිර්වාණයෙහි හැසිරෙන හෙයින් නිරොධ චරියට්ඨොයි. පරිත්‍යාගයට හිත බැඳුණේ දීමෙහි ඇලුණේ වොස්සග්ගට්ඨොයි. ආර්ය මාර්ගය සමුච්ඡෙද වශයෙන්, කෙලෙස් ප්‍රහාණ කරන හෙයින් පරිච්චාග වොස්සග්ගොයි. අරමුණු කිරීමෙන් නිර්වාණය තුළට ප්‍රවිෂ්ට වන හෙයින් පක්ඛන්දන වොස්සග්ගොයි. විදර්ශනාව තදංග වශයෙන් කෙලෙස් ප්‍රහාණ කරන හෙයින් පරිච්චාග වොස්සග්ගොයි. එයට නැමුණු බැවින්, නිර්වාණය තුළට ප්‍රවිෂ්ට වන හෙයින්, පක්ඛන්දන වොස්සග්ගොයි. එය මෙහි අදහස් නොකරන ලදි. වොස්සග්ගයෙන් තොරව හැසිරෙන හෙයින් වොස්සග්ග චරියට්ඨොයි. පංච විමුක්තීන් අතර, සමුච්ඡෙද විමුක්තිය බැවින් විමුත්තට්ඨොයි නිස්සරණ විමුක්තියෙහි හැසිරෙන හෙයින් විමුත්ති චරියට්ඨොයි.
ඡන්දවීරියචිත්තවීමංසාසඞ්ඛාතෙසු චතූසු ඉද්ධිපාදෙසු එකෙකඉද්ධිපාදවසෙන දස දස කත්වා චතුරිද්ධිපාදවසෙන ඡන්දට්ඨාදීනි චත්තාලීස විස්සජ්ජනානි නිද්දිට්ඨානි. කත්තුකම්යතට්ඨො ඡන්දට්ඨො. ඡන්දං සීසං කත්වා භාවනාරම්භකාලෙ මූලට්ඨො. සහජාතානං පතිට්ඨාභාවෙන පාදට්ඨො. පදට්ඨොති වා පාඨො. ඉද්ධිපාදත්තා අධිපතිභාවෙන පධානට්ඨො. පයොගකාලෙ ඉජ්ඣනට්ඨො. සද්ධාසම්පයොගෙන අධිමොක්ඛට්ඨො. වීරියසම්පයොගෙන පග්ගහට්ඨො. සතිසම්පයොගෙන උපට්ඨානට්ඨො. සමාධිසම්පයොගෙන අවික්ඛෙපට්ඨො. පඤ්ඤාසම්පයොගෙන දස්සනට්ඨො. පග්ගහට්ඨො වීරියට්ඨො. වීරියං සීසං කත්වා භාවනාරම්භකාලෙ මූලට්ඨො. සයං වීරියත්තා පග්ගහට්ඨො. චින්තනට්ඨාදිකො චිත්තට්ඨො. චිත්තං සීසං කත්වා භාවනාරම්භකාලෙ මූලට්ඨො. උපපරික්ඛනට්ඨො වීමංසට්ඨො. වීමංසං සීසං කත්වා භාවනාරම්භකාලෙ මූලට්ඨො. සයං වීමංසත්තා දස්සනට්ඨො.
ඡන්ද, විරිය, චිත්ත, වීමංසා යන සෘද්ධිපාද හතර, එක එක සෘද්ධිපාදයන් දහය බැගින් කොට සතර සෘද්ධිපාදයන්හි සතළිස් ආකාර විසඳුම් විස්තර කරන ලදි. කත්තුකම්යතට්ඨො කැමති යන අර්ථයි. භාවනා අරඹන කාලයෙහි ඡන්දය ශීර්ෂ කළේනුයි මූලට්ඨොයි. සමග උපන් ධර්මයන්ට පිහිටවන බැවින් පාදට්ඨොයි. පදට්ඨො යනුද පාඨයි. සෘද්ධියට පාදක වන හෙයින් අධිපති භාවයෙන් පධානට්ඨොයි. ප්‍රයෝග කාලයෙහි ඉජ්ඣනට්ඨොයි. ශ්‍රද්ධාව හා යෙදීමෙන් අධිමොක්ඛට්ඨොයි. වීර්ය සම්ප්‍රයෝගයෙන් පග්ගහට්ඨොයි. සිහිය හා යෙදීමෙන් උපට්ඨානට්ඨොයි. සමාධිය හා යෙදීමෙන් අවික්ඛෙපට්ඨොයි. ප්‍රඥාව හා යෙදීමෙන් දස්සනට්ඨොයි. උත්සාහ අර්ථය පග්ගහට්ඨොයි. සිතීම් අර්ථාදිය චිත්තට්ඨොයි. භාවනා ආරම්භ කාලයෙහි සිත ශීර්ෂකොට පවතිනුයේ මූලට්ඨොයි. විශේෂ පරීක්සා කිරීම් අර්ථය වීමංසට්ඨොයි. භාවනා ආරම්භ කරන කාලයෙහි විමසීම ශීර්ෂකොට පවතිනුයේ මූලට්ඨොයි. තෙමේ විමසන හෙයින් දස්සනට්ඨොයි.
දුක්ඛස්ස පීළනට්ඨොතිආදීනි සොළස විස්සජ්ජනානි සච්චානං තථලක්ඛණවසෙන නිද්දිට්ඨානි. දුක්ඛදස්සනෙනෙව පීළනට්ඨො. දුක්ඛායූහනසමුදයදස්සනෙන සඞ්ඛතට්ඨො. සබ්බකිලෙසසන්තාපහරසුසීතලමග්ගදස්සනෙන සන්තාපට්ඨො. අවිපරිණාමධම්මනිරොධදස්සනෙන විපරිණාමට්ඨො. සමුදයදස්සනෙනෙව ආයූහනට්ඨො. සමුදයායූහිතදුක්ඛදස්සනෙන නිදානට්ඨො. විසඤ්ඤොගභූතනිරොධදස්සනෙන සඤ්ඤොගට්ඨො. නිය්යානභූතමග්ගදස්සනෙන පලිබොධට්ඨො. නිරොධදස්සනෙනෙව නිස්සරණට්ඨො. අවිවෙකභූතසමුදයදස්සනෙන විවෙකට්ඨො. සඞ්ඛතභූතමග්ගදස්සනෙන අසඞ්ඛතට්ඨො. විසභූතදුක්ඛදස්සනෙන අමතට්ඨො. මග්ගදස්සනෙනෙව නිය්යානට්ඨො. නිබ්බානසම්පත්තියා අහෙතුභූතසමුදයදස්සනෙන හෙතුට්ඨො. සුදුද්දසනිරොධදස්සනෙන දස්සනට්ඨො. කපණජනසදිසදුක්ඛදස්සනෙන උළාරකුලසදිසො ආධිපතෙය්යට්ඨො පාතුභවතීති. එවං තංතංසච්චදස්සනෙන තදඤ්ඤසච්චදස්සනෙන ච එකෙකස්ස සච්චස්ස චත්තාරො චත්තාරො ලක්ඛණට්ඨා වුත්තා.
‘දුක්ඛස්ස පීනට්ඨොති, ආදී සොළොස් විසඳුම් සත්‍යයන්ගේ සත්‍ය ලක්ෂණ වශයෙන් විස්තර කරන ලදි. දුක දර්ශනයෙන්ම පීලනට්ඨොයි. දුක රැස්කරන සමුදය දර්ශනයෙන් සංඛතට්ඨොයි. සියලු කෙලෙස් තැවීම් ඉවත් කරන ඉතා සිසිල් මාර්ග දර්ශනයෙන් සන්තාපට්ඨොයි. වෙනස් නොවන ධර්මයක් වූ නිර්වාණ දර්ශනයෙන් විපරිණාමට්ඨොයි. හටගැනීම දර්ශනයෙන් ආයූහනට්ඨොයි. සමුදයෙන් රැස්කරන ලද දුක දර්ශනයෙන් නිදානට්ඨොයි. වෙන්වීම් ස්වභාව නිරෝධ දර්ශනයෙන් සඤ්ඤොගට්ඨොයි. පමුණුවන ස්වභාව මාර්ග දර්ශනයෙන් පළිබොධට්ඨොයි. නිරෝධය දර්ශනයෙන්ම නිස්සරණට්ඨොයි. අවිවේක ස්වභාවය වූ සමුදය දර්ශනයෙන් විවෙකට්ඨොයි. හේතුවකින් හටගත් මාර්ග දර්ශනයෙන් අසංඛතට්ඨොයි. විස ස්වභාව දුක දර්ශනයෙන් අමතට්ඨොයි. මාර්ග දර්ශනයෙන් නීය්යාණට්ඨොයි. නිර්වාණ සම්පත්තියට හේතුසාධක නුවූ සමුදය දර්ශනයෙන් හෙතුට්ඨොයි. මනාව දැකිය හැකි නිරෝධ දර්ශනයෙන් දස්සනට්ඨොයි. දුගී ජනයා සමාන දුක් දැකීමෙන් උසස් කුලවතුන් සමාන ආධිපතෙය්යට්ඨොයි. පහළවේයයි ඒ ඒ සත්‍ය දර්ශනයෙන්ද, ඊට අන්‍ය සත්‍ය දර්ශනයෙන්ද, එක් එක් සත්‍යයාගේ සතර, සතර ලක්ෂණාර්ථ කියන ලදි.
තථට්ඨාදීනි ද්වාදස විස්සජ්ජනානි සබ්බධම්මසඞ්ගාහකද්වාදසපදවසෙන නිද්දිට්ඨානි. තථට්ඨොති යථාසභාවට්ඨො. අනත්තට්ඨොති අත්තවිරහිතට්ඨො. සච්චට්ඨොති අවිසංවාදනට්ඨො. පටිවෙධට්ඨොති පටිවිජ්ඣිතබ්බට්ඨො. අභිජානනට්ඨොති අභිජානිතබ්බට්ඨො. පරිජානනට්ඨොති ඤාතතීරණපරිඤ්ඤාය පරිජානිතබ්බට්ඨො. ධම්මට්ඨොති සභාවධාරණාදිඅත්ථො. ධාතුට්ඨොති සුඤ්ඤාදිඅත්ථො. ඤාතට්ඨොති ජානිතුං සක්කුණෙය්යට්ඨො. සච්ඡිකිරියට්ඨොති සච්ඡිකාතබ්බට්ඨො. ඵස්සනට්ඨොති ඤාණෙන ඵුසිතබ්බට්ඨො. අභිසමයට්ඨොති පච්චවෙක්ඛණඤාණෙන අභිසම්මාගන්තබ්බට්ඨො, ඤාණෙන පටිලභිතබ්බට්ඨො වා. පටිලාභොපි හි “අත්ථාභිසමයා ධීරො”තිආදීසු (සං· නි· 1.130) විය අභිසමයොති වුච්චති.
තථට්ඨාදි දොළොස් විසඳුම් සියලු ධර්ම සංග්‍රහකොට දොළොස් පද වශයෙන් විස්තර කරන ලදි. තථට්ඨො යනු ස්වභාව අර්ථයි. අනත්තට්ඨො යනු ආත්ම තොර යන අර්ථයි. සච්චට්ඨො යනු බොරු නොකියන යන අර්ථයි. පටිවෙදට්ඨො යනු අවබෝධ කළ යුතුය යන අර්ථයි. අභිජානනට්ඨො යනු ඤාත, තීරණ පරිඤ්ඤාවලින් විශේෂයෙන් දතයුතුය යන අර්ථයි. ධම්මට්ඨො යනු ස්වභාව, ධාරණ ආදී අර්ථයි. ධාතුට්ඨො යනු ශූන්යතාදී අර්ථයි. ඤාතට්ඨො යනු දැනගන්ට හැකිවන්නේය යන අර්ථයි. සච්ඡිකිරියට්ඨො යනු සාක්ෂාත් කළයුතුය යන අර්ථයි. ඵස්සනට්ඨො යනු ඤාණයෙන් ස්පර්ශ කළයුතුය යන අර්ථයි. අභිසමයට්ඨො යනු ප්රත්යවේක්ෂා ඤාණයෙන් ඉතා මැනවින් යායුතුය යන අර්ථයි. ඤාණයෙන් ලබාගත යුතුය යන අර්ථය හෝ ප්‍රතිලාභයද ‘අත්ථාභි සමයා ධීරො, ආදීන්හි මෙන් අවබෝධයයි කියයි.
නෙක්ඛම්මාදීනි සත්ත විස්සජ්ජනානි උපචාරජ්ඣානවසෙන නිද්දිට්ඨානි. නෙක්ඛම්මන්ති කාමච්ඡන්දස්ස පටිපක්ඛො අලොභො. ආලොකසඤ්ඤාති ථිනමිද්ධස්ස පටිපක්ඛෙ ආලොකනිමිත්තෙ සඤ්ඤා. අවික්ඛෙපොති උද්ධච්චස්ස පටිපක්ඛො සමාධි. ධම්මවවත්ථානන්ති විචිකිච්ඡාය පටිපක්ඛං ඤාණං. ඤාණන්ති අවිජ්ජාය පටිපක්ඛං ඤාණං. පාමොජ්ජන්ති අරතිපටිපක්ඛා පීති. පඨමජ්ඣානාදීනි අට්ඨ විස්සජ්ජනානි රූපාරූපසමාපත්තිවසෙන නිද්දිට්ඨානි. හෙට්ඨා පන රූපසමාපත්තිඅනන්තරං රූපජ්ඣානසම්බන්ධෙන චත්තාරො බ්රහ්මවිහාරා නිද්දිට්ඨා.
නෛෂ්ක්‍රම්‍යාදී සත් විසඳුම් උපචාර ධ්‍යාන වශයෙන් විස්තර කරන ලදි. නෙක්ඛම්මං යනු කාම වස්තූන්හි කැමතිවීමට විරුද්ධ අලෝභයයි. ආලෝක සඤ්ඤා යනු ථීනමිද්ධයට විරුද්ධ ආලෝක නිමිත්තෙහි සංඥාවයි. අවික්ඛෙපො යනු උද්ධච්චයට විරුද්ධ සමාධියයි. ධම්මවවත්ථානං යනු විචිකිච්ඡාවට විරුද්ධ ඤාණයයි. ඤාණං යනු අවිද්‍යාවට විරුද්ධ ඤාණයයි. පාමුජ්ජං යනු නොඇල්මට විරුද්ධ ප්‍රීතියයි. ප්‍රථමධ්‍යානාදී අට විසඳුම් රූප-අරූප සමාපත්ති වශයෙන් විස්තර කරන ලදි. කලින් රූප සමාපත්තියට අනතුරුව රූප ධ්‍යාන සම්බන්ධයෙන් සතර බ්‍රහ්ම විහාර දක්වන ලදි.
අනිච්චානුපස්සනාදීනි ලොකුත්තරමග්ගස්ස පුබ්බභාගෙ අට්ඨාරසමහාවිපස්සනාවසෙන නිද්දිට්ඨානි. හෙට්ඨා පන රූපාදීහි යොජනූපගා සත්ත අනුපස්සනා එව වුත්තා, ඉධ පන සබ්බාපි වුත්තා. කලාපසම්මසනඋදයබ්බයානුපස්සනා කස්මා න වුත්තාති චෙ? තාසං ද්වින්නං වසෙන අනිච්චානුපස්සනාදීනං සිජ්ඣනතො ඉමාසු වුත්තාසු තා ද්වෙපි වුත්තාව හොන්ති, අනිච්චානුපස්සනාදීහි වා විනා තාසං ද්වින්නං අප්පවත්තිතො ඉමාසු වුත්තාසු තා ද්වෙපි වුත්තාව හොන්ති. ඛයානුපස්සනාති පච්චුප්පන්නානං රූපක්ඛන්ධාදීනං භඞ්ගදස්සනඤාණඤ්ච තංතංඛන්ධභඞ්ගදස්සනානන්තරං තදාරම්මණචිත්තචෙතසිකභඞ්ගදස්සනඤාණඤ්ච. වයානුපස්සනාති පච්චුප්පන්නානං ඛන්ධානං භඞ්ගදස්සනානන්තරං තදන්වයෙනෙව අතීතානාගතඛන්ධානං භඞ්ගදස්සනඤාණං. විපරිණාමානුපස්සනාති තස්මිං භඞ්ගසඞ්ඛාතෙ නිරොධෙ අධිමුත්තත්තා, අථ සබ්බෙපි අතීතානාගතපච්චුප්පන්නා ඛන්ධා විපරිණාමවන්තොති සබ්බෙසං විපරිණාමදස්සනඤාණං. අනිමිත්තානුපස්සනාති එවං සබ්බසඞ්ඛාරානං විපරිණාමං දිස්වා අනිච්චතො විපස්සන්තස්ස අනිච්චානුපස්සනාව නිච්චනිමිත්තපජහනවසෙන නිච්චනිමිත්තාභාවා අනිමිත්තානුපස්සනා නාම හොති. අප්පණිහිතානුපස්සනාති අනිච්චානුපස්සනානන්තරං පවත්තා දුක්ඛානුපස්සනාව සුඛපත්ථනාපජහනවසෙන පණිධිඅභාවා අප්පණිහිතානුපස්සනා නාම හොති.
අනිත්යානුපස්සනාදීන් ලොව්තුරු මගට පූර්ව භාගයෙහි අටළොස් මහා විදර්ශනා වශයෙන් දක්වන ලදි. යට රූප ධ්‍යානවලින් යොදන ලද සත් අනුපස්සනාවන්ම කියන ලදි. මෙහි සියල්ලම කියන ලදි. කලාප සම්මසන හා උදයව්යයානුපස්සනා කවර හෙයින් නොකියන ලදද යත්? ඒ දෙකෙන් අනිත්යානුපස්සනාදීන් සිද්ධවන හෙයිනි. මේවා කී කල්හි ඒ දෙක කියන ලද්දේම වෙයි. අනිත්යානුපස්සනාදීන් හැර ඒ දෙක නොපවතින හෙයින් මේවා කී කල්හි ඒ දෙකද කියන ලද්දේම වෙයි. ඛයානුපස්සනා යනු වර්තමාන රූපස්කන්ධාදීන්ගේ බිඳීම (විනාශය) දක්නා නුවණද ඒ ඒ ස්කන්ධ බිඳීම දැකීමෙන් අනතුරුව එය අරමුණුකොට පැවති චිත්ත චෛතසිකයන්ගේ බිඳීමද දක්නා නුවණය. වයානුපස්සනා යනු වර්තමාන ස්කන්ධයන්ගේ බිඳීම දැක්මෙන් අනතුරුව ඒ ආකාරයෙන්ම අතීත අනාගත ස්කන්ධයන්ගේ බිඳීම දක්නා නුවණයි. විපරිණාමානුපස්සනා යනු ඒ භංග සංඛ්‍යාත නිරෝධයෙහි අධිකව යෙදුනු හෙයින්, සියලුම අතීත අනාගත වර්තමාන ස්කන්ධ වෙනස්වන සුලුයයි සියල්ලෙහි වෙනස්වනසුලු බව දක්නා ඥානයයි. අනිමිත්තානුපස්සනා යනු මෙසේ සියලු සංස්කාරයන්ගේ විපරිණාමය දැක අනිත්‍ය වශයෙන් විදර්ශනා කරන්නහුට අනිත්යානුපස්සනාවම, නිත්‍යය යන ලක්ෂණය දුරුකිරීම් වශයෙන් නිත්‍ය නිමිත්තෙහි අභාවය අනිමිත්තානුපස්සනායි. අප්පණිහිතානුපස්සනා යනු අනිත්යානුපස්සනාවට අනතුරුව පවත්නා දුක්ඛානුපස්සනාවම සුවපැතුම් අත්හැරීම් වශයෙන් ප්‍රාර්ථනා නොමැතිවීම අප්පණිහිතානුපස්සනායි.
සුඤ්ඤතානුපස්සනාති දුක්ඛානුපස්සනානන්තරං පවත්තා අනත්තානුපස්සනාව අත්තාභිනිවෙසපජහනවසෙන අත්තසුඤ්ඤතාදස්සනතො සුඤ්ඤතානුපස්සනා නාම හොති. අධිපඤ්ඤාධම්මවිපස්සනාති එවං සඞ්ඛාරානං භඞ්ගං පස්සිත්වා පස්සිත්වා අනිච්චාදිතො විපස්සන්තස්ස සඞ්ඛාරාව භිජ්ජන්ති, සඞ්ඛාරානං මරණං න අඤ්ඤො කොචි අත්ථීති භඞ්ගවසෙන සුඤ්ඤතං ගහෙත්වා පවත්තා විපස්සනා. සා හි අධිපඤ්ඤා ච ධම්මෙසු ච විපස්සනාති කත්වා අධිපඤ්ඤාධම්මවිපස්සනාති වුච්චති. යථාභූතඤාණදස්සනන්ති භඞ්ගං දිස්වා දිස්වා “සභයා සඞ්ඛාරා”ති පවත්තං භයතුපට්ඨානඤාණං. ආදීනවානුපස්සනාති භයතුපට්ඨානවසෙන උප්පන්නං සබ්බභවාදීසු ආදීනවදස්සනඤාණං. “යා ච භයතුපට්ඨානෙ පඤ්ඤා යඤ්ච ආදීනවෙ ඤාණං යා ච නිබ්බිදා, ඉමෙ ධම්මා එකත්ථා, බ්යඤ්ජනමෙව නාන”න්ති (පටි· ම· 1.227) වචනතො භයතුපට්ඨානාදීනවානුපස්සනාසු වුත්තාසු නිබ්බිදානුපස්සනා ඉධාපි වුත්තාව හොති. ආදිතො චතුත්ථං කත්වා වුත්තත්තා පනිධ න වුත්තා. පටිසඞ්ඛානුපස්සනාති මුඤ්චිතුකම්යතාඤාණවසෙන උප්පන්නං මුඤ්චනස්ස උපායකරණං පටිසඞ්ඛානුපස්සනාසඤ්ඤිතං අනිච්චදුක්ඛානත්තානුපස්සනාඤාණං. “යා ච මුඤ්චිතුකම්යතා යා ච පටිසඞ්ඛානුපස්සනා යා ච සඞ්ඛාරුපෙක්ඛා, ඉමෙ ධම්මා එකත්ථා, බ්යඤ්ජනමෙව නාන”න්ති (පටි· ම· 1.227) වචනතො පටිසඞ්ඛානුපස්සනාය වුත්තාය මුඤ්චිතුකම්යතාසඞ්ඛාරුපෙක්ඛාඤාණානි වුත්තානෙව හොන්ති. විවට්ටනානුපස්සනාති අනුලොමඤාණවසෙන උප්පන්නං ගොත්රභුඤාණං. අනුලොමඤාණෙන ගොත්රභුඤාණස්ස සිජ්ඣනතො ගොත්රභුඤාණෙ වුත්තෙ අනුලොමඤාණං වුත්තමෙව හොති. එවඤ්හි අට්ඨාරසන්නං මහාවිපස්සනානං පටිපාටි වුච්චමානා පාළියා සමෙති. වුත්තඤ්හි ඉන්ද්රියකථායං –
සුඤ්ඤතානුපස්සනා යනු දුක්ඛානුපස්සනාවට අනතුරුව පැවති අනත්තානුපස්සනාවම ආත්ම ඇල්ම දුරුකිරීම් වශයෙන් ආත්ම ශූන්‍යතායෙන් දක්නා හෙයින් ශූන්යතානුපස්සනායි. අධිපඤ්ඤා ධම්ම විපස්සනා යනු මෙසේ සංස්කාරයන්ගේ බිඳීම දැක දැක අනිත්‍යාදි වශයෙන් විදර්ශනා කරන්නහුට සංස්කාරම බිඳෙති. (විනාශ වෙති) සංස්කාරයන්ගේ මරණයයි. වෙන අන්කිසිවක් නැතැයි භංග වශයෙන් ශූන්‍යතාව ගෙන පවත්නා විදර්ශනාවයි. අධිප්රඥාවද, ධර්මයන්හි විදර්ශනාවද එයම වූයේ නුයි අධි පඤ්ඤා ධම්ම විපස්සනායි කියයි. යථාභූත ඤාණං දස්සනං යනු භංගය දැක දැක සංස්කාර බිය සහිත යයි පැවති භයතුපට්ඨාන ඤාණයයි. ආදීනවානුපස්සනා යනු, භයතුපට්ඨාන වශයෙන් උපන්නා වූ, සියලු භව ආදීන්හි දොස් දැකීමේ ඤාණයයි. යම් භයතුපට්ඨානයෙහි ප්‍රඥාවක් වේද, යම් ආදීනව ඤාණයක් වේද, යම් නිබ්බිදා ඤාණයක් වේද, මේ ධර්ම ඒකාර්ථය. අක්ෂරයන්ගේම වෙනසකියි යන වචනයෙන් භයතුපට්ඨාන ආදීනව අනුපස්සනාවන්හි කියන ලද, නිබ්බිදානුපස්සනාව මෙහිද යූ.සේයි. මුලදී සතරක් ලෙස කියන ලද මුත් මෙහි නොකියන ලදි. පටිසංඛානුපස්සනා යනු, මුඤ්චිතුකම්යතා ඤාණ වශයෙන් උපන්නා වූ, මිදීමෙහි උපාය සම්පාදනයෙහිලා නුවණින් සලකා බැලීමෙහිදී ඇතිවන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නුවණින් බැලීමේ ඤාණයයි. යම් මුඤ්චිතු කම්යතාවක් වේද යම් පටිසංඛානුපස්සනාවක් වේද, යම් සංඛාරුපෙක්ෂාවක් වේද, මේවා ඒකාර්ථය. අක්ෂරයන්ගේම වෙනසක් පමණි යන වචනයෙන් පටිසංඛානුපස්සනා යයි කී කල්හි, මුඤ්චිතුකම්යතා, සංඛාරුපෙක්ඛා ඤාණයන් කියන ලද්දේම වේ. විවට්ටානුපස්සනා යනු, අනුලෝම ඤාණ වශයෙන් උපන් ගෝත්‍රභූ ඤාණයයි. අනුලෝම ඤාණයෙන් ගොත්රභූ ඤාණය සිදුවන හෙයින් ගොත්රභූ ඤාණය කී කල්හි අනුලෝම ඤාණය කියන ලද්දේම වේ. මෙසේ අටළොස් මහා විදර්ශනාවන්ගේ පිළිවෙල කියන කල්හි පෙළ හා සමවෙයි. ඉන්ද්රිය කථාවෙහි කියන ලද්දේමය.
“පුබ්බභාගෙ පඤ්චහින්ද්රියෙහි පඨමජ්ඣානවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්ති, පඨමෙ ඣානෙ පඤ්චහින්ද්රියෙහි දුතියජ්ඣානවසෙන පඤ්චින්ද්රියානි නිස්සටානි හොන්තී”ති (පටි· ම· 1.192) –
පූර්ව භාගයෙහි ඉන්ද්රියයන් පහකින් ප්‍රථමධ්‍යානයෙහි ඉන්ද්රිය පහකින් ද්විතීය ධ්‍යාන වශයෙන් ඉන්ද්රිය පහක් ඉවත්කරන ලද්දේ වෙයි.
ආදිනා නයෙන යාව අරහත්තඵලා උත්තරුත්තරිපටිපාටියා ඉන්ද්රියානි වුත්තානි. තස්මා අට්ඨාරස මහාවිපස්සනා යථාවුත්තක්කමෙන පාළියා යුජ්ජන්ති. විසුද්ධිමග්ගෙ පන –
ආදී ක්‍රමයෙන් අර්හත් ඵලය දක්වා මතුමත්තෙහි පිළිවෙලින් ඉන්ද්රියයන් කියන ලද්දේය. එහෙයින් අටළොස් මහා විදර්ශනාවන් කියන ලද ක්‍රමයෙන් පෙළෙහි යෙදෙත්. විසුද්ධි මාර්ගයෙහි වනාහි –
“ඛයානුපස්සනාති ඝනවිනිබ්භොගං කත්වා අනිච්චං ඛයට්ඨෙනාති එවං ඛයං පස්සතො ඤාණං. විපරිණාමානුපස්සනාති රූපසත්තකඅරූපසත්තකාදිවසෙන තං තං පරිච්ඡෙදං අතික්කම්ම අඤ්ඤථා පවත්තිදස්සනං. උප්පන්නස්ස වා ජරාය චෙව මරණෙන ච ද්වීහාකාරෙහි විපරිණාමදස්සනං. යථාභූතඤාණදස්සනන්ති සපච්චයනාමරූපපරිග්ගහො”ති (විසුද්ධි· 2.850) –
ඛයානුපස්සනා යනු තදකොටස් වෙන්කොට, ක්ෂය අර්ථයෙන් අනිත්‍යයයි මෙසේ ක්ෂය බැලීමේ නුවණයි. විපරිණාමානුපස්සනා යනු, රූප සතකය. අරූප සප්තකය ආදී වශයෙන් බෙදීම් ඉක්මවා අන්‍යාකාරයකින් පැවැත්ම දැකීමයි. උපන්නහුගේ ජරාවෙන්ද මරණයෙන්ද යන දෙයාකාරයකින් විපරිණාම දර්ශනය වේ. යථාභූත ඤාණදස්සනං යනු ප්‍රත්‍යය සහිත වූ නාමරූපයන් අල්ලා ගැනීමයයි යූසේයි.
වුත්තං. තං තාය පාළියා විරුද්ධං විය දිස්සති. විවට්ටනානුපස්සනාති සඞ්ඛාරුපෙක්ඛා චෙව අනුලොමඤ්චාති වුත්තං. තඤ්ච පාළියා විරුද්ධං විය දිස්සති. චරියාකථායඤ්හි –
එය පෙළට විරුද්ධ සේ පෙනේ. විවට්ටානුපස්සනා යනු සංඛාරුපෙක්ඛාවත්, අනුලෝමයත් යයි යූසේයි. එයද පෙළට විරුද්ධ සේ පෙනේ. චර්යා කථාවෙහි –
“අනිච්චානුපස්සනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා. අනිච්චානුපස්සනා ඤාණචරියා…පෙ… පටිසඞ්ඛානුපස්සනත්ථාය ආවජ්ජනකිරියාබ්යාකතා විඤ්ඤාණචරියා. පටිසඞ්ඛානුපස්සනා ඤාණචරියා”ති (පටි· ම· 1.71) –
අනිත්‍යානුපස්සනාව සඳහා ආවර්ජන ක්‍රියාව ප්‍රකාශකොට ඇත. විඤ්ඤාණචර්යාව, අනිත්‍යානුපස්සනාව, ඤාණ චර්යාව -පෙ- පටිසංඛානුපස්සනාව සඳහා ආවර්ජන ක්‍රියාව ප්‍රකාශකොට ඇත. විඤ්ඤාණචර්යාව, අනිත්‍යානුපස්සනාව, ඤාණචර්යාව -පෙ- පටිසංඛානුපස්සනාව සඳහා ආවර්ජන ක්‍රියාව ප්‍රකාශකොට ඇත. විඤ්ඤාණචර්යාව, පටිසංඛානුපස්සනා ඤාණ චර්යාව,
යස්ස යස්ස ඤාණස්ස විසුං විසුං ආවජ්ජනං ලබ්භති, තස්ස තස්ස විසුං විසුං ආවජ්ජනං වුත්තං. විවට්ටනානුපස්සනාය පන ආවජ්ජනං අවත්වාව “විවට්ටනානුපස්සනා ඤාණචරියා”ති වුත්තං. යදි සඞ්ඛාරුපෙක්ඛානුලොමඤාණානි විවට්ටනානුපස්සනා නාම සියුං, තදාවජ්ජනසම්භවා තදත්ථාය ච ආවජ්ජනං වදෙය්ය, න ච තදත්ථාය ආවජ්ජනං වුත්තං. ගොත්රභුඤාණස්ස පන විසුං ආවජ්ජනං නත්ථි අනුලොමාවජ්ජනවීථියංයෙව උප්පත්තිතො. තස්මා විවට්ටනානුපස්සනත්ථාය ආවජ්ජනස්ස අවුත්තත්තා ගොත්රභුඤාණමෙව “විවට්ටනානුපස්සනා”ති යුජ්ජති.
යයි යම් ඤාණයකට වෙන් වෙන්ව ආවර්ජන ලැබේද, ඒ ඒ ඤාණයට ආවර්ජනය යූසේයි. විවට්ටානුපස්සනාවෙහි ආවර්ජනය නොකියාව විවට්ටානුපස්සනා ඤාණ චරියාවයයි යූසේයි. ඉදින් සංඛාරුපෙක්ෂා අනුලෝම ඤාණ විවට්ටානුපස්සනා නම් වන්නේද? තදාවර්ජන සම්භවයෙන් ඒ සඳහා ආවර්ජනය කියන්නේය. ඒ සඳහා ආවර්ජනය නොකියන ලද්දේය. ගෝත්‍රභූ ඤාණයට වෙන්ව ආවර්ජනයක් නැත. අනුලෝම ආවර්ජන වීථියෙහිම උපදනා හෙයිනි. එහෙයින් විවට්ටානුපස්සනාව සඳහා ආවර්ජනය නොකියන ලද හෙයින් ගෝත්‍රභූ ඤාණයම විවට්ටානුපස්සනායි යෙදේ.
සොතාපත්තිමග්ගාදීනි අට්ඨ විස්සජ්ජනානි ලොකුත්තරමග්ගඵලවසෙන නිද්දිට්ඨානි. සොතස්ස ආපජ්ජනං සොතාපත්ති, සොතාපත්ති එව මග්ගො සොතාපත්තිමග්ගො. සොතාපත්තියා ඵලං සොතාපත්තිඵලං, සමාපජ්ජීයතීති සමාපත්ති, සොතාපත්තිඵලමෙව සමාපත්ති සොතාපත්තිඵලසමාපත්ති. පටිසන්ධිවසෙන සකිංයෙව ඉමං ලොකං ආගච්ඡතීති සකදාගාමී, තස්ස මග්ගො සකදාගාමිමග්ගො. සකදාගාමිස්ස ඵලං සකදාගාමිඵලං. පටිසන්ධිවසෙනෙව කාමභවං න ආගච්ඡතීති අනාගාමී, තස්ස මග්ගො අනාගාමිමග්ගො. අනාගාමිස්ස ඵලං අනාගාමිඵලං. කිලෙසෙහි ආරකත්තා, කිලෙසාරීනං හතත්තා, සංසාරචක්කස්ස අරානං හතත්තා, පාපකරණෙ රහාභාවා, පච්චයාදීනං අරහත්තා අරහං, අරහතො භාවො අරහත්තං. කිං තං? අරහත්තඵලං. අරහත්තස්ස මග්ගො අරහත්තමග්ගො. අරහත්තමෙව ඵලං අරහත්තඵලං.
සෝවාන් මාර්ගාදී අටවිසඳුම් ලෝකෝත්තර මාර්ගඵල වශයෙන් විස්තර කරන ලදි. ස්රෝත්රයට පැමිණීම සෝතාපත්තියි. ස්රොතාපත්තියම මාර්ගය වූයේ, සොතාපත්තිමග්ගොයි. ස්රෝත්රයට පැමිණීමෙහි ඵලය = සොතාපත්ති ඵලං නම් වේ. සමවදිනුයි සමාපත්තියි. සෝවාන් ඵලයම සමාපත්ති වූයේ = සොතාපත්ති ඵලසමාපත්තියි ප්රතිසන්ධි වශයෙන් එක්වරක්ම මේ ලෝකයට පැමිණේනුයි සකෘදාගාමියි. එහි මාර්ගය සකදාගාමි මග්ගොයි. සකෘදාගාමිහුගේ ඵලය සකදාගාමි ඵලංයි. ප්රතිසන්ධි වශයෙන්ම කාමභවයට නොපැමිණේනුයි අනාගාමියි. එහි මාර්ගය = අනාගාමි මග්ගොයි. අනාගාමිහුගේ ඵලය = අනාගාමි ඵලයයි. කෙලෙසුන් දුරුකළ හෙයින්ද, කෙලෙසුන්ගෙන් දුරස්ථ වූ හෙයින්ද කෙලෙස් සතුරන් නැසූ හෙයින්ද, සංසාර දැතිරෝද නැසූ හෙයින්ද, රහසින්වත් පව් නොකරන හෙයින්ද, සිව්පසයන් ලැබීමට සුදුසු හෙයින්ද, අරහං නම් වේ. අර්හත්වයෙහි ස්වභාවය අරහත්තයි. ඒ කිමෙක්ද? අර්හත් ඵලයයි. අර්හත්වයාගේ මාර්ගය අරහත්ත මග්ගොයි. අර්හත්වයම ඵලය වූයේ = අරහත්තඵලං.
“අධිමොක්ඛට්ඨෙන සද්ධින්ද්රිය”න්තිආදීනි “තථට්ඨෙන සච්චා”තිපරියන්තානි තෙත්තිංස විස්සජ්ජනානි නිද්දිට්ඨානි. හෙට්ඨා “සද්ධින්ද්රියස්ස අධිමොක්ඛට්ඨො”තිආදීහි තෙත්තිංසාය විස්සජ්ජනෙහි සමානානි. කෙවලඤ්හි තත්ථ ධම්මෙහි අත්ථා නිද්දිට්ඨා, ඉධ අත්ථෙහි ධම්මා නිද්දිට්ඨාති අයං විසෙසො. “අවික්ඛෙපට්ඨෙන සමථො”තිආදීනඤ්ච චතුන්නං විස්සජ්ජනානං හෙට්ඨා “සමථස්ස අවික්ඛෙපට්ඨො”තිආදීනඤ්ච චතුන්නං විස්සජ්ජනානං විසෙසො වුත්තනයෙනෙව වෙදිතබ්බො.
අධිමෝක්ෂාර්ථයෙන් සද්ධින්ද්රියං ආදී, සත්‍යාර්ථයෙන් සත්‍යයයි කෙළවරකොට ඇති තෙතිස් විසඳුම් විස්තර කරන ලදි. යට, සද්ධින්ද්රියගේ අධිමෝක්ෂාර්ථයයි ආදීන්ගෙන් දැක්වූ තෙතිස් විසඳීම් හා සමාන වූහ. හුදෙක්, එහි ධර්මයන්ගේ අර්ථ විස්තර කරන ලදි. මේ විශේෂයයි අවික්ෂෙපාර්ථයෙන් සමථ ආදී සිවු විසඳුම්වලද, යට සමථයාගේ අවික්ෂෙපාර්ථ ආදී සිවු විසඳුම්වලද විශේෂ යූ.සේයි.
සංවරට්ඨෙනාතිආදීනි අට්ඨ විස්සජ්ජනානි සීලාදිබලපරියොසානධම්මවසෙන නිද්දිට්ඨානි. සීලවිසුද්ධීති සුපරිසුද්ධපාතිමොක්ඛසංවරාදිචතුබ්බිධං සීලං දුස්සීල්යමලවිසොධනතො. චිත්තවිසුද්ධීති සඋපචාරා අට්ඨ සමාපත්තියො. චිත්තසීසෙන හෙත්ථ සමාධි වුත්තො. සො චිත්තමලවිසොධනතො චිත්තවිසුද්ධි. දිට්ඨිවිසුද්ධීති නාමරූපානං යථාසභාවදස්සනං සත්තදිට්ඨිමලවිසොධනතො දිට්ඨිවිසුද්ධි. මුත්තට්ඨෙනාති තදඞ්ගවසෙන උපක්කිලෙසතො විමුත්තට්ඨෙන ආරම්මණෙ ච අධිමුත්තට්ඨෙන. විමොක්ඛොති තදඞ්ගවිමොක්ඛො. පටිවෙධට්ඨෙන විජ්ජාති පුබ්බෙනිවාසානුස්සතිඤාණං පුරිමභවපටිවෙධට්ඨෙන විජ්ජා, දිබ්බචක්ඛුඤාණං සත්තානං චුතූපපාතපටිවෙධට්ඨෙන විජ්ජා, ආසවානං ඛයෙ ඤාණං සච්චපටිවෙධට්ඨෙන විජ්ජා. පටිවෙධට්ඨෙනාති ජානනට්ඨෙන. පරිච්චාගට්ඨෙන විමුත්තීති යං යං පරිච්චත්තං, තතො තතො විමුත්තත්තා ඵලවිමුත්ති. සමුච්ඡෙදට්ඨෙන ඛයෙ ඤාණන්ති කිලෙසසමුච්ඡින්දනත්ථෙන කිලෙසක්ඛයකරෙ අරියමග්ගෙ ඤාණං. පටිප්පස්සද්ධට්ඨෙන අනුප්පාදෙ ඤාණන්ති මග්ගකිච්චසඞ්ඛාතපයොගපටිප්පස්සද්ධත්තා පටිසන්ධිවසෙන අනුප්පාදභූතෙ තංතංමග්ගවජ්ඣකිලෙසානං අනුප්පාදපරියොසානෙ උප්පන්නෙ අරියඵලෙ ඤාණං.
සංවරට්ඨෙන ආදී අටවිසඳුම්, සීල ආදී ප්‍රතිඵල අවසන් ධර්මය වශයෙන් ගෙන විස්තර කරන ලදි. සීලවිසුද්ධි යනු සුපිරිසිදු ප්රාතිමෝක්ෂ සංවරය ආදී සිවුආකාර සීලයයි. දුසිල් බව නමැති මල ශුද්ධ කරන හෙයින් සීල විශුද්ධියයි කියයි. චිත්තවිසුද්ධි යනු උපචාර සමාධි සහිත අට සමවත්ය. මෙහි චිත්ත යන්නෙන් සමාධිය කියන ලද්දේය. එය සිතෙහි අපද්‍රව්‍ය පිරිසිදු කරන හෙයින් චිත්ත විසුද්ධියි. දිට්ඨි විසුද්ධි යනු, නාමරූපයන්හි තත්වාකාරය දැකීමයි. සත් දෘෂ්ටිමල පිරිසිදු කරන හෙයින් දිට්ඨි විසුද්ධියි. මුත්තට්ඨෙන යනු තදංග වශයෙන් උපක්ලේශයන්ගෙන් මිදීම් අර්ථයෙන් අරමුණෙහි ඇලුණු අර්ථයෙන්ද වේ. විමොක්ඛො යනු (මෙතැන්හි) තාවකාලික මිදීමයි. පටිවෙධට්ඨෙන විජ්ජා යනු පූර්ව භවයන් අවබෝධ කිරීම් අර්ථයෙන් පූර්වේනිවාසානුස්මෘති ඤාණය විජ්ජා නම් වේ. සත්ත්වයින්ගේ චුති-උත්පත්ති අවබෝධ කිරීම් අර්ථයෙන් දිව්යචක්ෂුර් ඥානය විජ්ජා නම් වේ. සත්‍යය අවබෝධ කිරීම් අර්ථයෙන් ආස්රවක්ෂයකර ඥානය විජ්ජා නම් වේ. පටිවෙධට්ඨෙන යනු, දැනගන්නා වූ අර්ථයෙන්ය. පරිච්චාගට්ඨෙන විමුත්ති යනු යම් යම් දැයක් පරිත්‍යාග කළේද, ඒ ඒ දැයින් මිදුණු බැවින් ඵලවිමුත්තියි. සමුච්ඡෙදට්ඨෙන ඛයෙ ඤාණං යනු කෙලෙස් විනාශකිරීම් අර්ථයෙන් කෙලෙස් ක්ෂය කරන ආර්ය මාර්ගයෙහි ඤාණයයි. පටිප්පස්සද්ධට්ඨෙන අනුප්පාදෙඤාණං යනු මාර්ග කෘත්‍යය සංඛ්‍යාත ප්‍රයෝග සංසිඳවූ බැවින් ප්රතිසන්ධි වශයෙන් නොඉපදෙන ස්වභාව වූ, ඒ ඒ මාර්ගයන්ගෙන් නැසිය යුතු කෙලෙසුන්ගේ නොඉපදීම් සංඛ්‍යාත කෙළවරෙහි උපන්නා වූ ආර්යඵල ඤාණයයි.
ඡන්දො මූලට්ඨෙනාතිආදීනි නව විස්සජ්ජනානි අරියමග්ගස්ස ආදිමජ්ඣපරියොසානවසෙන නිද්දිට්ඨානි. ඡන්දො මූලට්ඨෙනාති කුසලානං ධම්මානං කත්තුකම්යතාඡන්දො පටිපත්තියා ච නිප්ඵත්තියා ච මූලත්තා මූලට්ඨෙන. මනසිකාරො සමුට්ඨානට්ඨෙනාති යොනිසොමනසිකාරො සබ්බකුසලධම්මෙ සමුට්ඨාපෙතීති සමුට්ඨානට්ඨෙන. ඵස්සො සමොධානට්ඨෙනාති යස්මා තණ්හාය විසෙසෙන වෙදනා පධානකාරණං, තණ්හා ච පහීයමානා විසෙසෙන වෙදනාය පරිඤ්ඤාතාය පහීයති, තස්සා ච වෙදනාය ඵස්සොව පධානකාරණං, තස්මිං පරිඤ්ඤාතෙ වෙදනා පරිඤ්ඤාතා හොති, තස්මා සත්තසු අභිඤ්ඤෙය්යවත්ථූසු ඵස්සො පඨමං වුත්තො. සො ච තිකසන්නිපාතසඞ්ඛාතස්ස අත්තනො කාරණස්ස වසෙන පවෙදිතත්තා “තිකසන්නිපාතපච්චුපට්ඨානො”ති වුත්තත්තා සමොධානට්ඨෙන අභිඤ්ඤෙය්යො. කෙචි පන “ඤාණඵස්සො ඵස්සො”ති වදන්ති.
ඡන්දොමූලට්ඨෙන ආදී නව විසඳුම් ආර්ය මාර්ගයාගේ මුල, මැද, අග වශයෙන් විස්තර කරන ලදි. ඡන්දො මූලට්ඨෙන යනු කුසල්දම් කරනු කැමැත්තෙහි ඇල්ම, ප්‍රතිපත්ති සම්පූර්ණවීමට මුල්වන හෙයින් මූලාර්ථයෙන්, මනසිකාරො සමුට්ඨානට්ඨෙන යනු නුවණින් මෙනෙහි කිරීම සියලු කුසල්දම් හටගන්වයිනුයි හටගන්වන අර්ථයෙන්, ඵස්සො සමොධානට්ඨෙන යනු, තෘෂ්ණාවට විශේෂයෙන් වේදනාව ප්‍රධාන කරුණයි. තෘෂ්ණාව දුරුවනවිට, වේදනාවගේ සම්පූර්ණ දැනීම දුරුවෙයි. එම වේදනාවගේද ස්පර්ශය ප්‍රධාන කරුණයි. එය සම්පූර්ණයෙන් දත් කල්හි, වේදනාව සම්පූර්ණයෙන් දතුයේ වේ. එහෙයින් සත් විශිෂ්ටත්වයෙන් දතයුතු වස්තූන් අතර ස්පර්ශය පළමුව කියන ලද්දේ වේ. එයද වේදනාත්‍රිකය එකතුවීම තමාගේ අවශ්‍ය කරුණක් ලෙස දැනුම් දුන් හෙයින්, ත්‍රිකයේ එකතුවීම වැටහෙන කරුණයයි කියන ලද හෙයින් ගැළපීම් අර්ථයෙන් දතයුතුය. සමහරු වනාහි ඤාණ ස්පර්ශය ස්පර්ශයයි කියත්.
යස්මා පන වෙදනා චිත්තචෙතසිකෙ අත්තනො වසෙ වත්තාපයමානා තත්ථ සමොසරති පවිසති, චිත්තසන්තානමෙව වා පවිසති, තස්මා සමොසරණට්ඨෙන අභිඤ්ඤෙය්යාති වුත්තා. කෙචි පන “සබ්බානිපි පරිඤ්ඤෙය්යානි වෙදනාසු සමොසරන්ති, වෙදනාසු පරිඤ්ඤාතාසු සබ්බං තණ්හාවත්ථු පරිඤ්ඤාතං හොති. තං කිස්ස හෙතු? වෙදනාපච්චයා හි සබ්බාපි තණ්හා. තස්මා වෙදනා සමොසරණට්ඨෙන අභිඤ්ඤෙය්යා”ති වදන්ති. යස්මා සබ්බගොපානසීනං ආබන්ධනතො කූටාගාරකණ්ණිකා විය චිත්තචෙතසිකානං සම්පිණ්ඩනතො සමාධි කුසලානං ධම්මානං පමුඛො හොති ජෙට්ඨකො, තස්මා සමාධි පමුඛට්ඨෙනාති වුත්තං. පාමුඛට්ඨෙනාතිපි පාඨො. යස්මා සමථවිපස්සනං භාවෙන්තස්ස ආරම්මණූපට්ඨානාධිපති හොති සති, සතියා උපට්ඨිතෙ ආරම්මණෙ සබ්බෙපි කුසලා ධම්මා සකං සකං කිච්චං සාධෙන්ති, තස්මා සති ආධිපතෙය්යට්ඨෙනාති වුත්තං. පඤ්ඤා තදුත්තරට්ඨෙනාති අරියමග්ගපඤ්ඤා තෙසං කුසලානං ධම්මානං උත්තරට්ඨෙන සෙට්ඨට්ඨෙන අභිඤ්ඤෙය්යා. අථ වා තතො කිලෙසෙහි, සංසාරවට්ටතො වා උත්තරති සමතික්කමතීති තදුත්තරා, තස්සා අත්ථො තදුත්තරට්ඨො. තෙන තදුත්තරට්ඨෙන. තතුත්තරට්ඨෙනාතිපි පාඨො, තතො උත්තරට්ඨෙනාති අත්ථො. විමුත්ති සාරට්ඨෙනාති ඵලවිමුත්ති අපරිහානිවසෙන ථිරත්තා සාරො, තං අතික්කමිත්වා අඤ්ඤස්ස පරියෙසිතබ්බස්ස අභාවතොපි සාරො. සා විමුත්ති තෙන සාරට්ඨෙන අභිඤ්ඤෙය්යා. අමතොගධං නිබ්බානන්ති නත්ථි එතස්ස මරණසඞ්ඛාතං මතන්ති අමතං, කිලෙසවිසපටිපක්ඛත්තා අගදන්තිපි අමතං , සච්ඡිකිරියාය සත්තානං පතිට්ඨාභූතන්ති ඔගධං, සංසාරදුක්ඛසන්තිභූතත්තා නිබ්බුතන්ති නිබ්බානං, නත්ථෙත්ථ තණ්හාසඞ්ඛාතං වානන්තිපි නිබ්බානං. තං සාසනස්ස නිට්ඨාභූතත්තා පරියොසානට්ඨෙන අභිඤ්ඤෙය්යං. එවං ඉමස්මිං අභිඤ්ඤෙය්යනිද්දෙසෙ සත්තසහස්සානි සත්තසතානි චත්තාලීසඤ්ච විස්සජ්ජනානි හොන්ති.
යම්හෙයකින් වනාහි වේදනා චිත්ත චෛතසිකයන් තමාගේ වසඟයෙහි පවතිනු ලබන්නේ එහි රැස්වේ. පිවිසේ. සිත් සතන්වලටම හෝ පිවිසෙයි. එහෙයින් රැස්වීම් අර්ථයෙන් විශිෂ්ට සේ දතයුතුයයි යූසේයි. සමහරු සියලුම දතයුතු දේවල් වේදනාවන්හි ඇතුළත් කරති. වේදනා දත්කල්හි සියලුම තෘෂ්ණා හේතු දක්නේ වෙයි. ඊට හේතු කවරේද යත්, සියලුම තෘෂ්ණාවෝ වේදනා ප්‍රත්‍යයෙන් හටගනිති. එහෙයින් වේදනාව එක්තැන්වීම් අර්ථයෙන් දතයුතුයයි කියති. වහලේ වක්වූ යටලීය හා සම්බන්ධ වූ ගෙයක මුදුන් කොත මෙන් චිත්ත චෛතසිකයන් හකුළුවන හෙයින් සමාධිය කුසල්දම්හි ප්රමුඛ වෙයි. ජ්‍යෙෂ්ඨ වෙයි. එහෙයින් සමාධිය ප්‍රමුඛාර්ථයෙන් යූ.සේයි. සමථ විදර්ශනා වඩන්නහුට අරමුණ වැටහීමෙහිදී සිහිය ප්‍රධාන ස්ථානය ගනී. අරමුණෙහි සිහිය එළඹ සිටි කල්හි සියලු කුසලාකුසල ධර්ම තම තමාගේ කටයුතු සිදුකරයි. එහයෙින් සිහිය අධිපති අර්ථයෙන් යයි යූ.සේයි. පඤ්ඤාතදුත්තරට්ඨෙන යනු, ආර්ය මාර්ග ප්‍රඥාව ඒ කුසල ධර්මයන්ට උසස් අර්ථයෙන්ද, ශ්රේෂ්ඨාර්ථයෙන්ද විශේෂයෙන් දතයුතුය. නොහොත් ඒ කෙලෙසුන්ගෙන් සංසාර වෘත්තයෙන් එතෙර වේ. ඉක්මවයිනුයි - තදනුත්තරායි. එහි අර්ථය ඉන් එතෙරවීම් අර්ථයි. ඒ තදුත්තරට්ඨෙන තතුත්තරට්ඨෙන යනුද පාඨයි. එයින් එතෙර වන අර්ථයෙන් යන අර්ථයි. විමුත්තිසාරට්ඨෙන යනු, ඵල විමුක්තිය නොපිරිහීම් වශයෙන් ස්ථිර බැවින් හරවත්ය. එය ඉක්මවා වෙනත් සෙවිය යුත්තක් නොමැති හෙයින්ද හරවත්ය. ඒ විමුක්තිය ඒ සාරාර්ථයෙන් දතයුතුය. අමතොගධං නිබ්බානං යනු එයට මරණ සංඛ්‍යාත වූ මත යන්නක් නැත්තේනුයි = අමත නම් වේ. කෙලෙස් විසට විරුද්ධ බෙහෙතක්නුයි අමත නම් වේ. සාක්ෂාත් කිරීමෙන් සත්ත්වයින්ට පිහිට වූයේනුයි බැසගත් තැනකි. සසර දුක් සන්සිඳුවන හෙයින් නිවුණේනුයි = නිබ්බණංයි. මෙහි තෘෂ්ණා සංඛ්‍යාත වාන නැත්තේනුයි = නිබ්බානංයි. එය ශාසනයාගේ අවසානය වූ හෙයින් අවසානාර්ථයෙන් අභිඤ්ඤෙය්යංයි. මෙසේ මේ අභිඤ්ඤෙය්‍ය නිර්දේශයෙහි හත්දහස් හත්සිය හතළිහක් විසඳුම් වෙයි.
ඉදානි තෙසං එවං නිද්දිට්ඨානං ධම්මානං “යෙ යෙ ධම්මා අභිඤ්ඤාතා, තෙ තෙ ධම්මා ඤාතා හොන්තී”ති නිගමනං කරොති, තස්ස අභිමුඛං කත්වා ඤාතා හොන්තීති අධිප්පායො. තංඤාතට්ඨෙන ඤාණන්ති තෙසං වුත්තප්පකාරානං ධම්මානං ජානනට්ඨෙන ඤාණං. පජානනට්ඨෙන පඤ්ඤාති පකාරතො ජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චතීතිආදිතො පුච්ඡිතපුච්ඡා නිගමෙත්වා දස්සිතා. තෙන කාරණෙන “ඉමෙ ධම්මා අභිඤ්ඤෙය්යාති සොතාවධානං, තංපජානනා පඤ්ඤා සුතමයෙ ඤාණ”න්ති වුච්චතීති අත්ථොති.
දැන් මෙසේ විස්තර කරන ලද ධර්මයන්ගේ, යම් යම් ධර්ම විශේෂයෙන් දැනගත්තේ වේද, ඒ ඒ ධර්ම දන්නා ලද්දේ වෙත් යයි නිගමනය කරයි. එම නිගමනය ප්රමුඛව සලකා දැනගන්නා ලද්දේ වෙතියි අදහසයි. තඤ්ඤාතට්ඨෙන ඤාණං යනු කියන ලද ආකාරයෙන් ඒ ධර්මයන්ගේ දැනගැනීම් අර්ථයෙන් ඤාණයි. පජානනට්ඨෙන පඤ්ඤා යනු පිළිවෙලින් දන්නා අර්ථයෙන් පඤ්ඤායි. තෙන වුච්චති යනු මුලින් විචාරන ලද ප්‍රශ්න නිගමනයකොට දක්වන ලදි. ඒ කරුණින් මේ ධර්මයන් විශේෂයෙන් දතයුතුයයි කන් යොමුකොට එය දැනගැනීමේ ප්‍රඥාව සුතමයෙ ඤාණයයි කියනු ලැබේයයි අර්ථයි.
සද්ධම්මප්පකාසිනියා පටිසම්භිදාමග්ගට්ඨකථාය
සද්ධර්ම ප්‍රකාශනී නම් වූ ප්රතිසම්භිදාමාර්ග අර්ථකථාවෙහි
අභිඤ්ඤෙය්යනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
අභිඤ්ඤෙය්‍ය නිර්දේශ වර්ණනාව නිමි.