පරිඤ්ඤෙය්යනිද්දෙසවණ්ණනා අට්ඨකථා
පරිඤ්ඤෙය්යනිද්දෙසවණ්ණනා
පරිඤ්ඤෙය්‍ය නිර්දේශ වර්ණනාව
පරිඤ්ඤෙය්යනිද්දෙසෙ කිඤ්චාපි පරිඤ්ඤාසද්දෙන ඤාතපරිඤ්ඤා, තීරණපරිඤ්ඤා, පහානපරිඤ්ඤාති තිස්සො පරිඤ්ඤා සඞ්ගහිතා. හෙට්ඨා “අභිඤ්ඤෙය්යා”ති ඤාතපරිඤ්ඤාය වුත්තත්තා උපරි “පහාතබ්බා”ති පහානපරිඤ්ඤාය වුත්තත්තා තීරණපරිඤ්ඤාව ඉධ අධිප්පෙතා. ඵස්සො සාසවො උපාදානියොති ආසවානඤ්චෙව උපාදානානඤ්ච පච්චයභූතො තෙභූමකඵස්සො. සොපි හි අත්තානං ආරම්මණං කත්වා පවත්තමානෙහි සහ ආසවෙහීති සාසවො, ආරම්මණභාවං උපගන්ත්වා උපාදානසම්බන්ධනෙන උපාදානානං හිතොති උපාදානියො. යස්මා ඵස්සෙ තීරණපරිඤ්ඤාය පරිඤ්ඤාතෙ ඵස්සමුඛෙන සෙසාපි අරූපධම්මා තදනුසාරෙන ච රූපධම්මා පරිඤ්ඤායන්ති, තස්මා එකොව ඵස්සො වුත්තො. එවං සෙසෙසුපි යථායොගං යොජෙතබ්බං.
පරිඤ්ඤෙය්‍ය නිර්දේශයෙහි, පරිඤ්ඤා ශබ්දයෙන්, ඤාත පරිඤ්ඤා, තීරණ පරිඤ්ඤා, පහාණ පරිඤ්ඤා යයි තෙවැදෑරුම් පරිඤ්ඤා සංගෘහිතයි යට අභිඤ්ඤෙය්‍ය යන්නෙන් ඤාත පරිඥාව ගැන කියන ලද හෙයින්ද මතුයෙහි ප්‍රහාණ කළයුතු යයි ප්‍රහාණ පරිඥාව ගැන කියන ලද හෙයින්, මෙහි තීරණ පරිඥාවම අදහස් කරන ලදි. ඵස්සො සාසවො උපාදානියො යනු ආස්රවයන්ටද, උපාදානයන්ටද ප්‍රත්‍යය වූ ත්‍රෛභූමික ස්පර්ශයයි. එය තමා අරමුණුකොට පවත්නා ආස්‍රවයන් සමගනුයි - සාසවොයි. අරමුණු ස්වභාවයට එළඹ උපාදාන හා සම්බන්ධ වීමෙන් උපාදානයන්ට හිතවත්නුයි උපාදානයෝයි. තීරණ පරිඥාවෙන් ස්පර්ශය දත්කල්හි ස්පර්ශය ප්‍රධාන සෙසු අරූප ධර්මයන්ද, ඒ අනුසාරයෙන් රූපධර්ම දත්තේ වේ. එහෙයින් එකම ස්පර්ශය කියන ලදි. මෙසේ සෙස්සෙහිද සුදුසු පරිදි යෙදිය යුතුය.
නාමන්ති චත්තාරො ඛන්ධා අරූපිනො නිබ්බානඤ්ච. රූපන්ති චත්තාරි ච මහාභූතානි චතුන්නඤ්ච මහාභූතානං උපාදායරූපානි චතුවීසති. චත්තාරො ඛන්ධා නමනට්ඨෙන නාමං. තෙ හි ආරම්මණාභිමුඛා නමන්ති. සබ්බම්පි නාමනට්ඨෙන නාමං. චත්තාරො හි ඛන්ධා ආරම්මණෙ අඤ්ඤමඤ්ඤං නාමෙන්ති, නිබ්බානං ආරම්මණාධිපතිපච්චයතාය අත්තනි අනවජ්ජධම්මෙ නාමෙති. සන්තතිවසෙන සීතාදීහි රුප්පනට්ඨෙන රූපං. රුප්පනට්ඨෙනාති කුප්පනට්ඨෙන. සන්තතිවිපරිණාමවසෙන හි සීතාදීහි ඝට්ටනීයං ධම්මජාතං රූපන්ති වුච්චති. ඉධ පන නාමන්ති ලොකිකමෙව අධිප්පෙතං, රූපං පන එකන්තෙන ලොකිකමෙව.
නාමං යනු සතර අරූප ස්කන්ධයන්ද, නිර්වාණයද වේ. රූපං යනු සතර මහා භූත රූපද, සතර මහාභූත රූපයන්ට උපාදාය වූ රූප සූවිස්සද වේ. සතර ස්කන්ධ නැමෙන අර්ථයෙන් නාමයි. ඒවා අරමුණට අභිමුඛව නැමෙයි. සියල්ලම නැමෙන අර්ථයෙන් නාමයි. සතර ස්කන්ධයෝ අරමුණෙහි ඔවුනොවුහු නැමෙති. නිර්වාණය, ආරම්මණ, ආරම්මණාධිපති ප්‍රත්‍යය තාවයෙන් තමා කෙරෙහි පැවති නිවැරදි ධර්මයන් නමයි. නොකඩවා පැවතීම් වශයෙන්ද, සීතාදියෙන් වෙනස්වන අර්ථයෙන්ද රූපයි. රුප්පනට්ඨෙන යනු, කිපීම් අර්ථයෙන්, පැවැත්මේ වෙනස්වීම් වශයෙන් සීත ආදියෙන් ගැටෙන ස්වභාවය රූපයයි කියයි. මෙහි නාමය යනු ලෞකික දෙයම අදහස් කරන ලදි. රූපය ඒකාන්තයෙන්ම ලෞකිකය.
තිස්සො වෙදනාති සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. තා ලොකිකා එව. ආහාරාති පච්චයා. පච්චයා හි අත්තනො ඵලං ආහරන්තීති ආහාරා. කබළීකාරො ආහාරො ඵස්සාහාරො මනොසඤ්චෙතනාහාරො විඤ්ඤාණාහාරොති චත්තාරො. වත්ථුවසෙන කබළීකාතබ්බත්තා කබළීකාරො , අජ්ඣොහරිතබ්බත්තා ආහාරො. ඔදනකුම්මාසාදිවත්ථුකාය ඔජායෙතං නාමං. සා හි ඔජට්ඨමකරූපානි ආහරතීති ආහාරො. චක්ඛුසම්ඵස්සාදිකො ඡබ්බිධො ඵස්සො තිස්සො වෙදනා ආහරතීති ආහාරො. මනසො සඤ්චෙතනා, න සත්තස්සාති මනොසඤ්චෙතනා යථා චිත්තෙකග්ගතා. මනසා වා සම්පයුත්තා සඤ්චෙතනා මනොසඤ්චෙතනා යථා ආජඤ්ඤරථො. තෙභූමකකුසලාකුසලචෙතනා. සා හි තයො භවෙ ආහරතීති ආහාරො. විඤ්ඤාණන්ති එකූනවීසතිභෙදං පටිසන්ධිවිඤ්ඤාණං. තඤ්හි පටිසන්ධිනාමරූපං ආහරතීති ආහාරො. උපාදානක්ඛන්ධාති උපාදානගොචරා ඛන්ධා, මජ්ඣපදලොපො දට්ඨබ්බො. උපාදානසම්භූතා වා ඛන්ධා උපාදානක්ඛන්ධා යථා තිණග්ගි ථුසග්ගි. උපාදානවිධෙය්යා වා ඛන්ධා උපාදානක්ඛන්ධා යථා රාජපුරිසො. උපාදානප්පභවා වා ඛන්ධා උපාදානක්ඛන්ධා යථා පුප්ඵරුක්ඛො ඵලරුක්ඛො. උපාදානානි පන කාමුපාදානං දිට්ඨුපාදානං සීලබ්බතුපාදානං අත්තවාදුපාදානන්ති චත්තාරි. අත්ථතො පන භුසං ආදානන්ති උපාදානං. රූපුපාදානක්ඛන්ධො, වෙදනුපාදානක්ඛන්ධො, සඤ්ඤුපාදානක්ඛන්ධො, සඞ්ඛාරුපාදානක්ඛන්ධො, විඤ්ඤාණුපාදානක්ඛන්ධොති පඤ්ච.
තිස්සො වෙදනා යනු, සුඛ, දුක්ඛ, උපේක්සා යන වේදනාවය. ඒවා ලෞකිකමය. ආහාරා යනු, ප්‍රත්‍යයයි. ප්‍රත්‍යයෝ වනාහි තමාගේ ඵලය ගෙන එත්නුයි = ආහාරයි. කබලිංකාර, ඵස්ස, මනො සඤ්චෙතනා, විඤ්ඤාණ වශයෙන් එය සතරකි. වස්තු වශයෙන්, පිඩු කළයුතු හෙයින්ද, පිඬු වශයෙන් ගිලදැමිය යුතු හෙයින්ද කබලිංකාරාහාරයි. බත් පිට්ටු ආදී මූලාධාරයන්ගෙන් හටගත් ඕජාවට මෙය නමකි. ඒවා ඕජෂ්ටමක රූප උපදවයි නුයි = ආහාරයි. චක්ෂු ස්පර්ශාදී සවැදෑරුම් ස්පර්ශයන්ද, ත්‍රිවිධ වේදනා ගෙන එයිනුයි ආහාරයි. සිතෙහි සිතිවිල්ල = මනො සංචෙතනායි. සිතෙහි ඒකාග්‍රතාව - චිත්තෙකාග්රතාව මෙනි. මනසෙහි හෝ ඒ හා යෙදුණු සිතිවිලි - මනෝ සංචේතනායි. ආජානීය අසුන් යෙදූ රථය - ආජඤ්ඤ රථයයි කියන්නාක් මෙනි. ත්‍රෛභූමික කුසලා කුසල චේතනාවන්ය. එය ත්‍රිවිධ භවයන් ගෙන ඒනුයි - ආහාරයි. විඤ්ඤාණං යනු එකුන්විසි ආකාර ප්රතිසන්ධි විඤ්ඤාණයයි. එය ප්රතිසන්ධි නමැති රූපය ගෙන එයිනුයි - ආහාරයි. උපාදානක්ඛන්ධා යනු, උපාදාන ගොදුරුකොට ඇති ස්කන්ධයන්ය. මධ්‍ය පාදයෙහි ලෝපය දතයුතුය. උපාදානයෙන් හටගත් ස්කන්ධ = උපාදානස්කන්ධයි. තණ (කොල) ගින්න දහයියා ගින්න යම්සේද, එසේය. උපාදානයන්ට යටහත්ව පවත්නා ස්කන්ධ උපාදානස්කන්ධයි. රාජ පුරුෂයන් මෙනි. උපාදානයන්ගෙන් හටගත් වූ ස්කන්ධ උපාදාන ස්කන්ධයි. මල් වෘක්ෂය ඵල වෘක්ෂය මෙනි. උපාදාන, කාම, දිට්ඨි, සීලබ්බත, අත්තවාදූපාදාන වශයෙන් සතරකි. අර්ථ වශයෙන්, තදින් අල්ලා ගනීනුයි උපාදානයි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ වශයෙන්ද පහකි.
ඡ අජ්ඣත්තිකානි ආයතනානීති චක්ඛායතනං, සොතායතනං, ඝානායතනං, ජිව්හායතනං, කායායතනං, මනායතනං.
ඡ අජ්ඣත්තිකානි ආයතනානීති යනු, චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන යන ආයතන සයයි.
සත්ත විඤ්ඤාණට්ඨිතියොති කතමා සත්ත? වුත්තඤ්හෙතං භගවතා –
සත්ත විඤ්ඤාණට්ඨිතියො යනු කවර සතක්ද? භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදි,
“සන්ති, භික්ඛවෙ (අ· නි· 7.44; දී· නි· 3.332), සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනො. සෙය්යථාපි මනුස්සා එකච්චෙ ච දෙවා එකච්චෙ ච විනිපාතිකා. අයං පඨමා විඤ්ඤාණට්ඨිති.
මහණෙනි, නානාප්‍රකාර ශරීර ඇති නානාප්‍රකාර හැඟීම් ඇති, සත්ත්වයෝ සිටිත්. ඒ කෙසේද යත්, මිනිස්සු, සමහර දෙවිවරු, සමහර විනිපාතික අසුරයෝ, මේ පළමු විඤ්ඤාණ ස්ථිතියයි.
“සන්ති, භික්ඛවෙ, සත්තා නානත්තකායා එකත්තසඤ්ඤිනො. සෙය්යථාපි දෙවා බ්රහ්මකායිකා පඨමාභිනිබ්බත්තා. අයං දුතියා විඤ්ඤාණට්ඨිති.
මහණෙනි, නානාප්‍රකාර ශරීර ඇති ඒකාකාර හැඟීම් ඇති සත්ත්වයෝ සිටිත්. ඒ කෙසේද යත්, ප්‍රථමයෙන් උපන් බ්‍රහ්මකායික දෙවියෝ, මේ දෙවන විඤ්ඤාණස්ථිතියයි.
“සන්ති, භික්ඛවෙ, සත්තා එකත්තකායා නානත්තසඤ්ඤිනො. සෙය්යථාපි දෙවා ආභස්සරා. අයං තතියා විඤ්ඤාණට්ඨිති.
මහණෙනි, එක් ආකාර ශරීර ඇති නානාප්‍රකාර හැඟීම් ඇති සත්ත්වයෝ සිටිත්. ඒ කෙසේද යත්, ආභස්සර දෙවියෝ, මේ තෙවන විඤ්ඤාණස්ථිතියයි.
“සන්ති, භික්ඛවෙ, සත්තා එකත්තකායා එකත්තසඤ්ඤිනො. සෙය්යථාපි දෙවා සුභකිණ්හා. අයං චතුත්ථා විඤ්ඤාණට්ඨිති.
මහණෙනි, ඒකාකාර ශරීර ඇති, ඒකාකාර හැඟීම් ඇති සත්ත්වයෝ සිටිත්. ඒ කෙසේද යත්, සුභකිණ්හක දෙවියෝ. මේ සතරවන විඤ්ඤාණ ස්ථිතියයි.
“සන්ති, භික්ඛවෙ, සත්තා සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනූපගා. අයං පඤ්චමී විඤ්ඤාණට්ඨිති.
මහණෙනි, සර්වප්රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන්, කෝප සංඥා නැති කිරීමෙන් විවිධාකාර සංඥාවන් මෙනෙහි නොකිරීමෙන්, ආකාසය අනන්ත යයි ආකාසානඤ්චායතනයට පැමිණි සත්ත්වයෝ සිටිත්. මේ පස්වන විඤ්ඤාණස්ථිතියයි.
“සන්ති, භික්ඛවෙ, සත්තා සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනූපගා. අයං ඡට්ඨා විඤ්ඤාණට්ඨිති.
මහණෙනි, සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනට පැමිණි සත්ත්වයෝ සිටිත්. මේ සවන විඤ්ඤාණස්ථිතියයි.
“සන්ති, භික්ඛවෙ, සත්තා සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනූපගා. අයං සත්තමී විඤ්ඤාණට්ඨිති. ඉමා ඛො, භික්ඛවෙ, සත්ත විඤ්ඤාණට්ඨිතියො”ති (අ· නි· 7.44; දී· නි· 3.332).
මහෙණනි, සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිත් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්ත්වයෝ සිටිත්. මේ සත්වන විඤ්ඤාණස්ථිතියයි.
විඤ්ඤාණට්ඨිතියොති පටිසන්ධිවිඤ්ඤාණස්ස ඨානානි සවිඤ්ඤාණකා ඛන්ධා එව. තත්ථ සෙය්යථාපීති නිදස්සනත්ථෙ නිපාතො. මනුස්සාති අපරිමාණෙසුපි චක්කවාළෙසු අපරිමාණානං මනුස්සානං වණ්ණසණ්ඨානාදිවසෙන ද්වෙපි එකසදිසා නත්ථි. යෙපි වණ්ණෙන වා සණ්ඨානෙන වා සදිසා හොන්ති, තෙපි ආලොකිතවිලොකිතාදීහි විසදිසාව හොන්ති, තස්මා නානත්තකායාති වුත්තා. පටිසන්ධිසඤ්ඤා පන නෙසං තිහෙතුකාපි දුහෙතුකාපි අහෙතුකාපි හොති, තස්මා නානත්තසඤ්ඤිනොති වුත්තා. එකච්චෙ ච දෙවාති ඡ කාමාවචරදෙවා. තෙසු හි කෙසඤ්චි කායො නීලො හොති, කෙසඤ්චි පීතකාදිවණ්ණො, සඤ්ඤා පන නෙසං තිහෙතුකාපි දුහෙතුකාපි හොති, අහෙතුකා න හොති. එකච්චෙ ච විනිපාතිකාති චතුඅපායවිනිමුත්තා පුනබ්බසුමාතා යක්ඛිනී, පියඞ්කරමාතා, ඵුස්සමිත්තා, ධම්මගුත්තාති එවමාදයො අඤ්ඤෙ ච වෙමානිකා පෙතා. එතෙසඤ්හි ඔදාතකාළමඞ්ගුරච්ඡවිසාමවණ්ණාදිවසෙන චෙව කිසථූලරස්සදීඝවසෙන ච කායො නානා හොති, මනුස්සානං විය තිහෙතුකද්විහෙතුකාහෙතුකවසෙන සඤ්ඤාපි. තෙ පන දෙවා විය න මහෙසක්ඛා, කපණමනුස්සා විය අප්පෙසක්ඛා දුල්ලභඝාසච්ඡාදනා දුක්ඛපීළිතා විහරන්ති. එකච්චෙ කාළපක්ඛෙ දුක්ඛිතා ජුණ්හපක්ඛෙ සුඛිතා හොන්ති, තස්මා සුඛසමුස්සයතො විනිපතිතත්තා විනිපාතිකාති වුත්තා. යෙ පනෙත්ථ තිහෙතුකා, තෙසං ධම්මාභිසමයොපි හොති පියඞ්කරමාතාදීනං විය.
මහණෙනි, මේ සත් විඤ්ඤාණස්ථිතීහු වෙති. විඤ්ඤාණ සහිත ස්කන්ධයෝය. එහි සෙය්යථාපි යනු නිදර්ශනාර්ථයෙහි නිපාතයි. මනුස්සා යනු, අප්‍රමාණ චක්‍රවාටයන්හි අප්‍රමාණ මනුෂ්‍යයින්ගේ වර්ණ හැඩරුව ආදී වශයෙන් එක සමාන දෙදෙනෙක් නැත. යමෙක් වර්ණ හැඩරුව ආදියෙන් සමාන වූවාහු වෙත්ද, ඔවුන් අතරද ඉදිරිය. වටපිටාව බැලීමෙහිදී සමාන නොවෙති. ඔවුන්ගේ, ත්‍රිහේතුක, ද්විහේතුක, අහේතුකයෝද වෙති. එහෙයින් විවිධ හැඳිනීම්යයි යූ.සේයි. එකච්චෙ දෙවා යනු, සවැදෑරුම් කාමාවචර දෙවියෝය. ඔවුන් අතර සමහරුන්ගේ ශරීර නිල්වන්ය. සමහරුන්ගේ කහ ආදී වර්ණයෝය. ඔවුන්ගේ ත්‍රිහේතුක, ද්විහේතුක අය සිටිති. අහේතුක අය නොවෙති. එකච්චෙච විනිපාතිකා යනු සතර අපායෙන් මිදුණු, පුනබ්බසුමාතා යක්ෂණිය, ප්‍රියංකර මාතාව, ඵුස්සමිත්තා, ධම්මගුත්තා යනාදීහුද, අනෙකුත් විමාන ප්‍රේතයෝද වෙති. මොවුන් අතරද, සුදු, කලු, කළු රන්වන්, කලු වර්ණ වශයෙන්ද, කෘශ-ස්ථූල, මිටි, උස වශයෙන්ද, ශරීර විවිධාකාර වෙයි. මිනිසුන්ට මෙන් ත්‍රිහේතුක, ද්විහේතුක, අහේතුක වශයෙන් සංඥාවෝද වෙති. ඔවුහු දෙවිවරුන් මෙන් මහේශාඛ්‍ය නොවෙති. දිළිඳු මිනිසුන් මෙන් අල්පේශාක්‍යය. දුර්ලභ කෑම්-ඇඳීම් ඇත්තාහු දුකින් පීඩිතව වාසය කරති. සමහරු කළුවර අඩමසෙහි දුකට පත්වූවාහු, සඳ ඇති අඩමසෙහි සුවපත් වූවාහු වෙති. එහෙයින් සුව හටගැනීමෙන් විවසව පතිත වන හෙයින්, විනිපාතික යයි යූ.සේයි. මෙහි යමෙක් ත්‍රිහේතුක වෙත්ද? ඔවුන්ට පියංකර මාතාවන්ට මෙන් මාර්ගඵල ප්‍රතිලාභයද වෙයි.
බ්රහ්මකායිකාති බ්රහ්මපාරිසජ්ජබ්රහ්මපුරොහිතමහාබ්රහ්මානො. පඨමාභිනිබ්බත්තාති තෙ සබ්බෙපි පඨමජ්ඣානෙන නිබ්බත්තා. බ්රහ්මපාරිසජ්ජා පන පරිත්තෙන, බ්රහ්මපුරොහිතා මජ්ඣිමෙන, කායො ච තෙසං විප්ඵාරිකතරො හොති. මහාබ්රහ්මානො පණීතෙන, කායො පන නෙසං අතිවිප්ඵාරිකතරො හොති. ඉති තෙ කායස්ස නානත්තා, පඨමජ්ඣානවසෙන සඤ්ඤාය එකත්තා නානත්තකායා එකත්තසඤ්ඤිනොති වුත්තා. යථා ච තෙ, එවං චතූසු අපායෙසු සත්තා. නිරයෙසු හි කෙසඤ්චි ගාවුතං, කෙසඤ්චි අඩ්ඪයොජනං , කෙසඤ්චි තිගාවුතං අත්තභාවො හොති, දෙවදත්තස්ස පන යොජනසතිකො ජාතො. තිරච්ඡානෙසුපි කෙචි ඛුද්දකා හොන්ති, කෙචි මහන්තා. පෙත්තිවිසයෙසුපි කෙචි සට්ඨිහත්ථා කෙචි අසීතිහත්ථා හොන්ති කෙචි සුවණ්ණා කෙචි දුබ්බණ්ණා. තථා කාලකඤ්චිකා අසුරා. අපිචෙත්ථ දීඝපිට්ඨිකා පෙතා නාම සට්ඨියොජනිකාපි හොන්ති, සඤ්ඤා පන සබ්බෙසම්පි අකුසලවිපාකාහෙතුකාව හොති. ඉති අපායිකාපි “නානත්තකායා එකත්තසඤ්ඤිනො”ති සඞ්ඛං ගච්ඡන්ති.
බ්‍රහ්මකායික යනු, බ්‍රහ්මපාරිසද්‍ය, බ්‍රහ්ම පුරෝහිත, මහාබ්‍රහ්ම යනාදීහුය. පඨමානිබ්බත්තා යනු, ඒ සියල්ලෝම ප්‍රථමධ්‍යානයෙන් උපන්නාහුය. බ්‍රහ්ම පාරිසද්යයෝ ස්වල්ප වශයෙන් වැඩූ ධ්යානයෙනි. බ්‍රහ්ම පුරෝහිතයෝ මධ්‍යම වශයෙන් වැඩූ ධ්යානයෙනි. ඔවුන්ගේ ශරීරද විශාල ප්‍රදේශයක පැතිරී ඇත්තාහුය. මහා බ්‍රහ්මයෝ වනාහි ඉතා උසස් අන්දමින් වැඩූ ධ්යානයෙනි. ඔවුන්ගේ ශරීරයද ඉතා විශාල ප්‍රදේශයක පැතිරී ඇත්තාහුය. මේ මොවුන්ගේ ශරීර විවිධාකාරය. ධ්‍යාන වශයෙන් සංඥාව එකක් බැවින් නානත්තකායා එකත්තසඤ්ඤී යයි කියන ලදි. ඔවුන් යම්සේද, සතර අපායයන්හි සත්ත්වයෝද එසේය. නිරයෙහි සමහරුන්ගේ ගවුවක් පමණ. සමහරුන්ගේ අඩයොදුනක් පමණ සමහරුන්ගේ තුන් ගවුවක් පමණ ආත්මභාව වෙයි. දෙව්දතුට වනාහි යොදුන් සියයක සිරුරක් හටගත්තේය. තිරිසනුන් අතරෙහි සමහරු කුඩා වෙති. සමහරු විශාල වෙති. ප්‍රේත විෂයයන්හි සමහරු හැට රියනක්ද, සමහරු අසූරියනක්ද වෙති. සමහරු මනා පැහැයෙන් යුත් අතර සමහරු දුර්වර්ණය. කාලකඤ්ජික අසුරයෝ එසේය. තවද දීඝපිට්ඨික නම් වූ ප්‍රේතයෝ හැඩයොදුන්වද වෙති. සංඥාව වනාහි සියල්ලන්ටම අකුසල විපාක අහේතුකවම වෙයි. මෙසේ අපායිකයෝද වෙනස් ශරීර ඇත්තාහු ඒකාකාර හැඟීම් ඇත්තාහු වෙතියි යන කොටසට වැටෙති.
ආභස්සරාති දණ්ඩඋක්කාය අච්චි විය එතෙසං සරීරතො ආභා ඡිජ්ජිත්වා ඡිජ්ජිත්වා පතන්තී විය සරති විසරතීති ආභස්සරා. තෙසු පඤ්චකනයෙ දුතියතතියජ්ඣානද්වයං පරිත්තං භාවෙත්වා උප්පන්නා පරිත්තාභා නාම හොන්ති, මජ්ඣිමං භාවෙත්වා උප්පන්නා අප්පමාණාභා නාම හොන්ති, පණීතං භාවෙත්වා උප්පන්නා ආභස්සරා නාම හොන්ති. ඉධ පන උක්කට්ඨපරිච්ඡෙදවසෙන සබ්බෙව තෙ ගහිතා. සබ්බෙසඤ්හි තෙසං කායො එකවිප්ඵාරොව හොති, සඤ්ඤා පන අවිතක්කවිචාරමත්තා ච අවිතක්කඅවිචාරා චාති නානා.
ආභස්සරා යනු ගිනිපන්දමක ගිනි මෙන් මොවුන්ගේ ශරීරයෙන් ආලෝකය කැඩි කැඩී වටෙනුයේ, සරන්නාක්, විසිරෙන්නාක් මෙන් පෙනේනුයි ආභස්සරයි. ඔවුන් අතර, පහක් වන ධ්‍යාන ක්රමයෙහි දෙවන, තෙවන ධ්‍යාන දෙක මඳ වශයෙන් වඩා උපන්නාහු පරිත්තාභ නම් වෙති. මධ්‍යමව වඩා උපන්නාහු අප්පමාණභා නම් වෙති. ප්රණීතව වඩා උපන්නාහු ආභස්සර නම් වෙති. මෙහි වනාහි උත්කෘෂ්ට පරිච්ඡේදයෙන් ඒ සියල්ලෝම ගණන් ගත්හ. ඒ සියල්ලන්ගේම ශරීර එකම පැතිරීම් ප්රමාණයකි. සංඥාව වනාහි අවිතර්ක, විචාර මාත්රද, අවිතර්ක, අවිචාර වශයෙන් වෙනස්ය.
සුභකිණ්හාති සුභෙන වොකිණ්ණා විකිණ්ණා, සුභෙන සරීරප්පභාවණ්ණෙන එකග්ඝනාති අත්ථො. එතෙසඤ්හි න ආභස්සරානං විය ඡිජ්ජිත්වා ඡිජ්ජිත්වා පභා ගච්ඡතීති. චතුක්කනයෙ තතියස්ස, පඤ්චකනයෙ චතුත්ථස්ස පරිත්තමජ්ඣිමපණීතස්ස ඣානස්සවසෙන පරිත්තසුභඅප්පමාණසුභසුභකිණ්හා නාම හුත්වා නිබ්බත්තන්ති. ඉති සබ්බෙපි තෙ එකත්තකායා චෙව චතුත්ථජ්ඣානසඤ්ඤාය එකත්තසඤ්ඤිනො චාති වෙදිතබ්බා. වෙහප්ඵලාපි චතුත්ථවිඤ්ඤාණට්ඨිතිමෙව භජන්ති. අසඤ්ඤසත්තා විඤ්ඤාණාභාවා එත්ථ සඞ්ගහං න ගච්ඡන්ති, සත්තාවාසෙසු ගච්ඡන්ති.
සුභකිණ්හ යනු මනා රුවින් ගැවසී ගත්තේ විසිරී පැවැත්තේනුයි සුභකිණ්හායි. මනා වර්ණවත් ශරීරාලෝකයෙන් එකට කැටිව ඇත යන අර්ථයි. මොවුන්ට වනාහි ආභස්සර බ්‍රහ්මයින්ට මෙන් කැඩි කැඩී ආලෝකය නොයයි. ධ්‍යාන සතරේ ක්රමයෙහි තෙවන ධ්‍යානයෙහිද, පහේ ක්රමයෙහි සතරවන ධ්‍යානයෙහිද, චූල, මධ්‍ය, ප්‍රණීත ධ්‍යාන වශයෙන් පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්හ යන නම්වලින් උපදිත්. මේ සියල්ලෝම ඒකාකාර ශරීර ඇත්තාහු මෙන්ම, සිව්වන ධ්‍යාන සංඥාවගේ වශයෙන්, ඒකාකාර හැඟීම්වලින් යුක්ත වූවෝ යයි දතයුතුයි. වේහප්ඵල බ්‍රහ්මයෝද, සතරවන විඤ්ඤාණස්ථිතියටම ඇතුළත්ය. අසඤ්ඤසත්ත බ්‍රහ්මයෝ, විඤ්ඤාණය නොමැති හෙයින් මෙහි සංග්‍රහ නොවෙත්. සත්තාවාසයන්හි සංග්‍රහ වෙති. වර්ධනය වන පක්ෂයෙහි සිටිත්.
සුද්ධාවාසා විවට්ටපක්ඛෙ ඨිතා න සබ්බකාලිකා, කප්පසතසහස්සම්පි අසඞ්ඛ්යෙයම්පි බුද්ධසුඤ්ඤෙ ලොකෙ න උප්පජ්ජන්ති, සොළසකප්පසහස්සබ්භන්තරෙ බුද්ධෙසු උප්පන්නෙසුයෙව උප්පජ්ජන්ති, ධම්මචක්කප්පවත්තස්ස භගවතො ඛන්ධාවාරසදිසා හොන්ති, තස්මා නෙව විඤ්ඤාණට්ඨිතිං, න ච සත්තාවාසං භජන්ති. මහාසීවත්ථෙරො පන – “න ඛො පන සො, සාරිපුත්ත, සත්තාවාසො සුලභරූපො, යො මයා අනාවුත්ථපුබ්බො ඉමිනා දීඝෙන අද්ධුනා අඤ්ඤත්ර සුද්ධාවාසෙහි දෙවෙහී”ති (ම· නි· 1.160) ඉමිනා සුත්තෙන සුද්ධාවාසාපි චතුත්ථං විඤ්ඤාණට්ඨිතිං චතුත්ථං සත්තාවාසඤ්ච භජන්තීති වදති, තං අප්පටිබාහිතත්තා සුත්තස්ස අනුඤ්ඤාතං. නෙවසඤ්ඤානාසඤ්ඤායතනං යථෙව සඤ්ඤාය, එවං විඤ්ඤාණස්සාපි සුඛුමත්තා නෙවවිඤ්ඤාණං නාවිඤ්ඤාණං, තස්මා විඤ්ඤාණට්ඨිතීසු න වුත්තං.
සුද්ධාවාසිකයෝ සදාකාලික නොවෙති. කල්ප ලක්ෂයක්ද, අසංඛෙය්‍යක් වූයේද, බුද්ධ ශූන්‍ය ලෝකයෙහි නූපදිති. කල්ප සොළොස් දහසක් අතරත, බුදුවරු උපන් කල්හිම උපදිති. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මචක්රය පවත්වන කල්හි කඳවුරු බැන්දා මෙනි. එහෙයින් විඤ්ඤාණ ස්ථිතියද නොවේ. සත්තාවාසයද නොවේ. මහාසිව තෙරහු සාරිපුත්‍රය, මා විසින් මේ දීර්ඝ කාලය තුළ සුද්ධාවාස දෙව්ලොව හැර නොවිසූ විරූ සත්තාවාස සුලභ නැත. මේ සූත්‍රයෙන් සුද්ධාවාසය සතරවන විඤ්ඤාණට්ඨිතියද සතරවන සත්තාවාසයද භජනය කෙරෙත් යයි කියයි. එය සූත්‍රයෙන් ප්රතික්ෂෙප නොකොට අනුදත් නේවසඤ්ඤානාසඤ්ඤායතනයයි. සඤ්ඤාව යම්සේද විඤ්ඤාණයටද එසේය. සියුම් බැවින් විඤ්ඤාණයද නොවේය. අවිඤ්ඤාණයද නොවේය. එහෙයින් විඤ්ඤාණස්ථිතීන්හි නොකියන ලදි.
අට්ඨ ලොකධම්මාති ලාභො, අලාභො, යසො, අයසො, නින්දා, පසංසා, සුඛං, දුක්ඛන්ති ඉමෙ අට්ඨ ලොකප්පවත්තියා සති අනුපරමධම්මකත්තා ලොකස්ස ධම්මාති ලොකධම්මා. එතෙහි මුත්තො සත්තො නාම නත්ථි, බුද්ධානම්පි හොන්තියෙව. යථාහ –
අට්ඨලොක ධම්මා යනු, ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක් යන මේ අට, ලෝකයෙහි පැවැත්ම කෙරෙහි ඉතා උසස් අන්දමින් බලපාන ධර්ම බැවින් ලෝකයාගේ ධර්මනුයි = ලෝක ධර්මයි. මෙයින් මිදුණු සත්ත්වයෙක් නම් නැත. බුදුවරුන්ටද මුහුණ දෙන්ට සිදුවේමය. දෙසුම් පරිදි,
“අට්ඨිමෙ, භික්ඛවෙ, ලොකධම්මා ලොකං අනුපරිවත්තන්ති, ලොකො ච අට්ඨ ලොකධම්මෙ අනුපරිවත්තති. කතමෙ අට්ඨ? ලාභො ච අලාභො ච යසො ච අයසො ච නින්දා ච පසංසා ච සුඛඤ්ච දුක්ඛඤ්ච. ඉමෙ ඛො, භික්ඛවෙ, අට්ඨ ලොකධම්මා ලොකං අනුපරිවත්තන්ති, ලොකො ච ඉමෙ අට්ඨ ලොකධම්මෙ අනුපරිවත්තතී”ති (අ· නි· 8.6).
මහණෙනි, මේ අටලෝ දම් ලෝකය අනුව පෙරළේ. ලෝකයද අටලෝදම් අනුව පෙරළේ. කවර අටදෙනෙක්ද? ලාභය ද, අලාභය ද, අයස ද, යසස ද, නින්දාව ද, ප්‍රශංසාව ද, සුවය ද, දුක ද යන අටයි. මහණෙනි මේ අටලෝ දම් ලෝකය අනුව පෙරළේ. ලෝකයද මේ අටලෝදම් අනුව පෙරළේ.
තත්ථ අනුපරිවත්තන්තීති අනුබන්‍ධන‍්ති නප්පජහන්ති, ලොකතො න නිවත්තන්තීති අත්ථො. ලාභොති පබ්බජිතස්ස චීවරාදි, ගහට්ඨස්ස ධනධඤ්ඤාදි ලාභො. සොයෙව අලබ්භමානො ලාභො අලාභො. න ලාභො අලාභොති වුච්චමානෙ අත්ථාභාවාපත්තිතො පරිඤ්ඤෙය්යො න සියා. යසොති පරිවාරො. සොයෙව අලබ්භමානා යසො අයසො. නින්දාති අවණ්ණභණනං. පසංසාති වණ්ණභණනං. සුඛන්ති කාමාවචරානං කායිකචෙතසිකං. දුක්ඛන්ති පුථුජ්ජනසොතාපන්නසකදාගාමීනං කායිකචෙතසිකං, අනාගාමිඅරහන්තානං කායිකමෙව.
එහි අනුපරිවත්තන්ති යනු ලුහුබඳිත්. අත් නොහරිත්. ලෝකයෙන් නොනවතිත් යන අර්ථයි. ලාභ යනු පැවිද්දාට සිවුරු ආදියත්, ගෘහස්ථයාට ධනධාන්‍යාදි ලැබීම්ය. එම ලාභයම නොලබන්නේ, අලාභයයි. ලාභ නොවීම අලාභයයි කියන කල්හි, තේරුම් නොවන තත්ත්වයට පත්වන හෙයින් පිරිසිඳ දැනීමක් නොවන්නේය. යසො යනු පිරිවරයි. එම යසසම නොලබන කල්හි අයසයි. නින්දා යනු නුගුණ කථා කිරීමයි. පසංසා යනු ගුණවර්ණනා කථා කිරීමයි. සුඛං යනු කාමාවචරයින්ට කායික හා චෛතසික වහයෙනි. දුක්ඛං යනු පෘථග්ජන සෝවාන්, සකෘදාගාමීන්ට කායික හා චෛතසික වශයෙනි. අනාගාමී හා රහත් අයට කායිකවම පවතී.
නව සත්තාවාසාති සත්තානං ආවාසා, වසනට්ඨානානීති අත්ථො. තානි පන තථාපකාසිතා ඛන්ධා එව. කතමෙ නව? වුත්තඤ්හෙතං භගවතා –
නවසත්තාවාසා යනු, සත්ත්වයින්ගේ විසීම්, වාසය කරන ස්ථාන යන අර්ථයි. ඒවා වනාහි මෙහි ප්‍රකාශිත ස්කන්ධයෝමය. කවර නවයෙක්ද? භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි.
“නවයිමෙ, භික්ඛවෙ (අ· නි· 9.24; දී· නි· 3.341), සත්තාවාසා. කතමෙ නව? සන්ති, භික්ඛවෙ, සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනො, සෙය්යථාපි මනුස්සා එකච්චෙ ච දෙවා එකච්චෙ ච විනිපාතිකා. අයං පඨමො සත්තාවාසො.
මහණෙනි, මේ සත්තාවාස නවයකි. කවර නවයෙක්ද? මහණෙනි, නානාප්‍රකාර ශරීර ඇති, නානාප්‍රකාර හැඟීම් ඇති සත්ත්වයෝ සිටිත්. ඒ කෙසේද යත්, මිනිස්සු සමහරු දෙවිවරු සමහර විනිපාතික අසුරයෝ, මේ පළමු සත්ත්වාසයයි.
“සන්ති, භික්ඛවෙ, සත්තා නානත්තකායා එකත්තසඤ්ඤිනො, සෙය්යථාපි දෙවා බ්රහ්මකායිකා පඨමාභිනිබ්බත්තා. අයං දුතියො සත්තාවාසො.
මහණෙනි, නානාප්‍රකාර ශරීර ඇති, ඒකාකාර හැඟීම් ඇති සත්ත්වයෝ සිටිත්. ඒ කෙසේද යත්, ප්‍රථමයෙන් උපන් බ්‍රහ්මකායික දෙවියෝ, මේ දෙවන සත්ත්වාසයයි.
“සන්ති, භික්ඛවෙ, සත්තා එකත්තකායා නානත්තසඤ්ඤිනො, සෙය්යථාපි දෙවා ආභස්සරා. අයං තතියො සත්තාවාසො.
මහණෙනි, ඒකාකාර ශරීර ඇති නානාප්‍රකාර හැඟීම් ඇති සත්ත්වයෝ සිටිත්. ඒ කෙසේද යත්, ආභස්සර දෙවියෝ. මේ තෙවන සත්තාවාසයයි.
“සන්ති, භික්ඛවෙ, සත්තා එකත්තකායා එකත්තසඤ්ඤිනො, සෙය්යථාපි දෙවා සුභකිණ්හා. අයං චතුත්ථො සත්තාවාසො.
මහණෙනි, ඒකාකාර ශරීර ඇති, ඒකාකාර හැඟීම් ඇති සත්ත්වයෝ සිටිත්. ඒ කෙසේද යත්, සුභකිණ්හක දෙවියෝ, මේ සතරවන සත්තාවාසයයි.
“සන්ති, භික්ඛවෙ, සත්තා අසඤ්ඤිනො අප්පටිසංවෙදිනො, සෙය්යථාපි දෙවා අසඤ්ඤසත්තා. අයං පඤ්චමො සත්තාවාසො.
මහණෙනි, හැඟීම් නැති-සංවේදීතාවෙන් තොර සත්ත්වයෝ සිටිත්. ඒ කෙසේද යත්, අසඤ්ඤසත්ත දෙවියෝ මේ පස්වන සත්ත්වාසයයි.
“සන්ති, භික්ඛවෙ, සත්තා සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනූපගා. අයං ඡට්ඨො සත්තාවාසො.
මහණෙනි, සර්වප්රකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන්, කෝප, සංඥාවන් දුරලීමෙන්, නොයෙක් සංඥාවන් (හැඟීම්) මෙනෙහි නොකිරීමෙන්, ආකාසය අනන්තයයි, ආකාසානඤ්චායතනයට පැමිණි සත්ත්වයෝ සිටිත්. මේ සවන සත්ත්වාසයයි.
“සන්ති, භික්ඛවෙ, සත්තා සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනූපගා. අයං සත්තමො සත්තාවාසො.
මහණෙනි, සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, විඤ්ඤාණය අනන්තයයි (බවුන් වඩා) විඤ්ඤාණඤ්චායතනයට පැමිණි සත්ත්වයෝ සිටිත්. මේ සත්වන සත්තාවාසයයි.
“සන්ති, භික්ඛවෙ, සත්තා සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනූපගා. අයං අට්ඨමො සත්තාවාසො.
මහණෙනි, සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතන ඉක්මවා කිසිවක් නැතැයි (බවුන් වඩා) ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්ත්වයෝ සිටිත්. මේ අටවෙනි සත්තාවාසයයි.
“සන්ති, භික්ඛවෙ, සත්තා සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගා . අයං නවමො සත්තාවාසො. ඉමෙ ඛො, භික්ඛවෙ, නව සත්තාවාසා”ති (අ· නි· 9.24; දී· නි· 3.341).
මහණෙනි, සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා කිසිවක් නැතැයි බවුන් වඩා නේවසචඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණි සත්ත්වයෝ සිටිත්. මේ නවවන සත්තාවාසයයි. මහණෙනි, මේවා නව සත්තාවාසයි.
දසායතනානීති චක්ඛායතනං රූපායතනං සොතායතනං සද්දායතනං ඝානායතනං ගන්ධායතනං ජිව්හායතනං රසායතනං කායායතනං ඵොට්ඨබ්බායතනන්ති එවං දස. මනායතනධම්මායතනානි පන ලොකුත්තරමිස්සකත්තා න ගහිතානි. ඉමෙසු දසසු විස්සජ්ජනෙසු විපස්සනාවසෙන තීරණපරිඤ්ඤා වුත්තා, “සබ්බං, භික්ඛවෙ, පරිඤ්ඤෙය්‍ය”න්තිආදීසු පන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියාදීනං තිණ්ණං, නිරොධපටිපදානං සච්ඡිකිරියාභාවනට්ඨානං තෙසංයෙව පටිවෙධට්ඨානං දුක්ඛාදීනං නිස්සරණස්ස අනුප්පාදාදීනං පඤ්චදසන්නං, පරිග්ගහට්ඨාදීනං එකතිංසාය, උත්තරිපටිවෙධට්ඨාදීනං තිණ්ණං, මග්ගඞ්ගානං අට්ඨන්නං, “පයොගානං පටිප්පස්සද්ධට්ඨො”තිආදීනං ද්වින්නං, අසඞ්ඛතට්ඨස්ස වුට්ඨානට්ඨාදීනං ද්වින්නං, නිය්යානට්ඨස්ස අනුබුජ්ඣනට්ඨාදීනං තිණ්ණං, අනුබොධනට්ඨාදීනං තිණ්ණං, අනුබොධපක්ඛියාදීනං තිණ්ණං, උජ්ජොතනට්ඨාදීනං චතුන්නං, පතාපනට්ඨාදීනං අට්ඨාරසන්නං, විවට්ටනානුපස්සනාදීනං නවන්නං, ඛයෙඤාණඅනුප්පාදෙඤාණානං පඤ්ඤාවිමුත්තිනිබ්බානානන්ති ඉමෙසං ධම්මානං පටිලාභවසෙන තීරණපරිඤ්ඤා වුත්තා, සෙසානං යථායොගං විපස්සනාවසෙන ච පටිලාභවසෙන ච තීරණපරිඤ්ඤා වුත්තාති වෙදිතබ්බා.
දසායතනානි යනු, චක්ඛායතනය, රූපායතනය, සෝතායතනය, සද්දායතනය, ඝාණායතනය, ගන්ධායතනය, ජිව්හායතනය, රසායතනය, කායායතනය, ඵස්සායතනයයි මෙසේ දහයකි. මනායතන-ධර්මායතන ලෝකෝත්තර මිශ්‍ර හෙයින් නොගන්නා ලදි. මේ දස විසඳුම්හි විදර්ශනා වශයෙන් තීරණ පරිඤ්ඤාව කියන ලදි. ‘සබ්බං භික්ඛවෙ පරිඤ්ඤෙය්යං ආදීන්හි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියාදීත්රයද, නිරෝධ ප්‍රතිපදාවන්ගේ සාක්ෂාත් කිරීමෙන් භාවනා කරුණද, ඒවාහිම ප්‍රතිවේධ කරුණද, දුක්ඛාදීන්ගේ ඉවත් කිරීමට හේතුවූ අනුත්පාදාදීන්ගේ වශයෙන් පසළොසක්ද, පරිග්රහර්ථාදීන්ගේ වශයෙන් එක්තිසක්ද, මතු ප්රතිවේධාර්ථාදියෙන් ත්රයයක්ද, මාර්ගාංගයන්ගේ වශයෙන් අටක්ද, ප්‍රයෝගයන්ගේ සංසිඳීම් අර්ථයදැයි ආදීන්ගෙන් වශයෙන් ද්වයයක්ද, අසංඛතාර්ථයාගේ නැගිටීම් ආදීන්ගේ වශයෙන් ද්වයයක්ද, නිර්යානාර්ථයාගේ අවබෝධ කිරීම් වශයෙන් ත්රයයක්ද, අවබෝධ අර්ථාදීන්ගේ වශයෙන් ත්රයයක්ද, අවබෝධ කිරීම් පක්ෂයට ඇතුළත් වීම් වශයෙන් ත්රයයක්ද, බබලවන අර්ථාදීන්ගේ වශයෙන් සතරක්ද, ප්රකාශනාර්ථාදීන්ගේ වශයෙන් අටළොසක්ද, විවට්ටානුපස්සනාදීන්ගේ වශයෙන් නවයක්ද, ක්ෂයයෙහි ඤාණය, අනුත්පාදයෙහි ඤාණයන්ද ප්‍රඥා විමුක්තියද, නිර්වාණයද යන මෙම ධර්මයන්ගේ ප්රතිලාභ වශයෙන් තීරණ පරිඥාව යූ.සේයි. සෙස්සෙහි සුදුසු පරිදි විදර්ශනා වශයෙන්ද, ප්රතිලාභ වශයෙන්ද තීරණ පරිඥාව කියන ලදැයි දතයුතුයි.
යෙසං යෙසං ධම්මානං පටිලාභත්ථාය වායමන්තස්ස, තෙ තෙ ධම්මා පටිලද්ධා හොන්ති. එවං තෙ ධම්මා පරිඤ්ඤාතා චෙව හොන්ති තීරිතා චාති හි කිච්චසමාපනට්ඨෙන තීරණපරිඤ්ඤා වුත්තා. කිච්චෙ හි සමාපිතෙ තෙ ධම්මා පටිලද්ධා හොන්තීති. කෙචි පන “අවිපස්සනූපගානං ඤාතපරිඤ්ඤා”ති වදන්ති. අභිඤ්ඤෙය්යෙන ඤාතපරිඤ්ඤාය වුත්තත්තා තං න සුන්දරං. පරිඤ්ඤාතා චෙව හොන්ති තීරිතා චාති තෙ පටිලද්ධා එව ධම්මා පරිඤ්ඤාතා ච නාම හොන්ති, තීරිතා ච නාමාති අත්ථො. එවං කිච්චසමාපනත්ථවසෙන පරිඤ්ඤාතත්ථො වුත්තො හොති.
යෙසං යෙසං ධම්මානං පටිලාභත්ථාය වාය මන්තස්ස තෙ තෙ ධම්මා පටිලද්ධා හොන්ති එවං තෙ ධම්මා පරිඤ්ඤතාචෙව හොන්ති තීරිතාච යනු කෘත්‍යය නිමාකිරීම් අර්ථයෙන් තීරණ පරිඥාව කියන ලදි. කෘත්‍යයන් සමාප්ත වූ කල්හි ඒ ධර්ම ලැබුණාහු වෙති. සමහරු වනාහි ප්රමාදීව විදර්ශනා ප්‍රාප්තිකයන්ට ඤාත පරිඥාවයයි කියති. අභිඤ්ඤෙය්යන්ගෙන් ඤාත පරිඥාව කියන ලද හෙයින් එය නොහොබී. පරිඤ්ඤතාචෙව හොන්ති තීරිතාච යනු ඔවුහු අවබෝධ කරගත් ධර්මයම සම්පූර්ණයෙන් දැනගත්තෝ මෙන්ම තීරණය කරන ලද්දාහුද නම් වෙතියි අර්ථයි. මෙසේ කෘත්‍ය සමාප්ත කරන අර්ථයෙන් පරිඤ්ඤාතාර්ථය කියන ලද්දේ වෙයි.
ඉදානි තමෙවත්ථං එකෙකධම්මෙ පටිලාභවසෙන යොජෙත්වා අන්තෙ ච නිගමෙත්වා දස්සෙතුං නෙක්ඛම්මන්තිආදිමාහ. තං සබ්බං පුබ්බෙ වුත්තානුසාරෙනෙව වෙදිතබ්බන්ති.
දැන් එම අර්ථයම එක් එක් ධර්මයන්හි ප්රතිලාභ වශයෙන් යොදා, අන්තයෙහිද නිගමනය කොට දක්වන්ට, නෙක්ඛම්මං යන ආදිය කීහ. ඒ සියල්ල පෙර කියන ලද අයුරින්ම දතයුතුය.
පරිඤ්ඤෙය්යනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
පරිඤ්ඤෙය්‍ය නිර්දේශ වර්ණනාව නිමි.