යෙදුමෙන් කියවන්න

පහාතබ‍්බනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

පහාතබ‍්බනිද‍්දෙසවණ‍්ණනා

වැඩිය යුතු නිර්දේශ වර්ණනාව

පහාතබ‍්බනිද‍්දෙසෙ අස‍්මිමානොති රූපාදීසු පඤ‍්චසු උපාදානක‍්ඛන්‍ධෙසු අස‍්මීති මානො. තස‍්මිඤ‍්හි පහීනෙ අරහත‍්තං පත‍්තං හොති. රූපරාගාදීසු විජ‍්ජමානෙසුපි සෙසානි අවත්‍වා අස‍්මිමානස‍්සෙව වචනං දිට‍්ඨිපතිරූපකත‍්තෙන තස‍්ස ඔළාරිකත‍්තාති වෙදිතබ‍්බං. අවිජ‍්ජාති සුත‍්තන‍්තපරියායෙන දුක‍්ඛාදීසු චතූසු ඨානෙසු අඤ‍්ඤාණං, අභිධම‍්මපරියායෙන පුබ‍්බන‍්තාදීහි සද‍්ධිං අට‍්ඨසු. වුත‍්තඤ‍්හෙතං –

පහාතබ්බ නිර්දේශයෙහි, අස්මිමානො යනු රූපාදී පඤ්ච උපාදානස්කන්ධයන්හි මම වෙමියි මැනීමයි. එය ප්‍රහීණ වූ කල්හි අර්හත්වයට පැමිණියේ වෙයි. රූපරාගාදී සෙසු දෑ විද්‍යමාන කල්හිද ඒවා නොකියා අස්මි මානයම කියන ලද්දේ දෘෂ්ටියෝග්‍යතාවයෙන් එහි දෘඪ ගතිය නිසායයි දතයුතුය. අවිජ්ජා යනු, සූත්‍රාන්ත ක්‍රමයෙන් දුක්ඛාදී සතර ස්ථානයන්හි නොදැනීමයි. අභිධර්ම ක්‍රමයෙන් පූර්වාන්තාදීන් ඇතුළු අටෙහි නොදැනීමයි. කියන ලද්දේමය.

“තත්‍ථ කතමා අවිජ‍්ජා? දුක‍්ඛෙ අඤ‍්ඤාණං, දුක‍්ඛසමුදයෙ අඤ‍්ඤාණං, දුක‍්ඛනිරොධෙ අඤ‍්ඤාණං, දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ‍්ඤාණං, පුබ‍්බන‍්තෙ අඤ‍්ඤාණං, අපරන‍්තෙ අඤ‍්ඤාණං, පුබ‍්බන‍්තාපරන‍්තෙ අඤ‍්ඤාණං, ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු අඤ‍්ඤාණ”න‍්ති (ධ· ස· 1106; විභ· 226).

එහි අවිද්‍යාව කවරේද? දුකෙහි නොදැනීම, දුක හටගැනීමෙහි නොදැනීම, දුක් නිරෝධයෙහි නොදැනීම, දුක් නිරෝධයට පමුණුවන ප්‍රතිපදාවෙහි නොදැනීම, පූර්වාන්තයෙහි නොදැනීම, අපරාන්තයෙහි නොදැනීම, පූර්වාපරන්තයන්හි නොදැනීම මේ හේතුවෙන් හටගත්තේය යන ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයන්හි නොදැනීම වේ.

භවතණ‍්හාති කාමභවාදීසු භවෙසු පත්‍ථනා. යථාහ –

භවතණ්හා යනු කාමාදී භවයන්හි ප්‍රාර්ථනයයි. දෙසූ පරිදි,

“තත්‍ථ කතමා භවතණ‍්හා? යො භවෙසු භවච‍්ඡන්‍දො භවරාගො භවනන්‍දී භවතණ‍්හා භවසිනෙහො භවපරිළාහො භවමුච‍්ඡා භවජ‍්ඣොසාන”න‍්ති (විභ· 895).

එහි භව තණ්හාව කවරේද? භවයන්හි යම් භව කැමැත්තක්, භව ඇල්මක්, භව තෘෂ්ණාවක්, භව ස්නේහයක්, භව තදින් අල්ලා ගැනීමක්, භව බලවත් ඇල්මක් වේද ඒවා වෙයි.

තිස‍්සො තණ‍්හාති කාමතණ‍්හා, භවතණ‍්හා, විභවතණ‍්හා. තාසං අභිධම‍්මෙ එවං නිද‍්දෙසො කතො – තත්‍ථ කතමා භවතණ‍්හා? භවදිට‍්ඨිසහගතො රාගො…පෙ… චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති භවතණ‍්හා. තත්‍ථ කතමා විභවතණ‍්හා? උච‍්ඡෙදදිට‍්ඨිසහගතො රාගො…පෙ… චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති විභවතණ‍්හා. අවසෙසා තණ‍්හා කාමතණ‍්හා. තත්‍ථ කතමා කාමතණ‍්හා? කාමධාතුපටිසංයුත‍්තො රාගො…පෙ… චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති කාමතණ‍්හා. තත්‍ථ කතමා භවතණ‍්හා? රූපධාතුඅරූපධාතුපටිසංයුත‍්තො රාගො…පෙ… තත්‍ථ කතමා විභවතණ‍්හා? උච‍්ඡෙදදිට‍්ඨිසහගතො රාගො…පෙ… (විභ· 916).

තිස්සො තණ්හා යනු, කාම තෘෂ්ණා, භව තෘෂ්ණා, විභව තෘෂ්ණායි. ඒවා අභිධර්මයෙහි මෙසේ නිර්දේශ කරන ලදි. එහි භව තෘෂ්ණාව කවරේද? භව දෘෂ්ටි සහගත රාගයයි. -පෙ- සිතෙහි සරාගිත්වයයි. මෙය භව තෘෂ්ණාව යයි කියනු ලැබේ. එහි විභව තෘෂ්ණාව කවරේද? නැවත, නොඉපදීම් දෘෂ්ටියෙන් යුත් රාගයයි -පෙ- සිතෙහි සරාගිත්වයයි. මෙය විභව තෘෂ්ණාවයයි කියනු ලැබේ. සෙසු තෘෂ්ණා කාම තෘෂ්ණායි. එහි කාම තෘෂ්ණාව කවරෙක්ද? කාමධාතුව හා එකට යෙදුණු රාගයයි -පෙ- සිතෙහි සරාගිත්වයයි. මෙය කාම තෘෂ්ණාවයයි කියනු ලැබේ. එහි භව තෘෂ්ණාව කවරේද? රූපධාතු අරූපධාතු හා එකට යෙදුණු රාගයයි. -පෙ- එහි විභව තෘෂ්ණාව කවරේද? නැවත නොඉපදීම් දෘෂ්ටියෙන් යුත් රාගයයි. -පෙ-

අට‍්ඨකථායං පන “පඤ‍්චකාමගුණිකො රාගො කාමතණ‍්හා, රූපාරූපභවෙසු රාගො ඣානනිකන‍්තිසස‍්සතදිට‍්ඨිසහගතො රාගො භවවසෙන පත්‍ථනා භවතණ‍්හා, උච‍්ඡෙදදිට‍්ඨිසහගතො රාගො විභවතණ‍්හා”ති වුත‍්තං. අයං දසුත‍්තරසුත‍්තපරියායෙන යොජනා. සඞ‍්ගීතිපරියායෙන පන අභිධම‍්මපරියායෙන ච “අපරාපි තිස‍්සො තණ‍්හා කාමතණ‍්හා රූපතණ‍්හා අරූපතණ‍්හා. අපරාපි තිස‍්සො තණ‍්හා රූපතණ‍්හා අරූපතණ‍්හා නිරොධතණ‍්හා”ති (දී· නි· 3.305; විභ· 917-918) වුත‍්තා තණ‍්හාපි එත්‍ථ යුජ‍්ජන‍්ති. තාසු පඤ‍්ච කාමධාතුරූපධාතුඅරූපධාතුපටිසංයුත‍්තා, අන‍්තිමා උච‍්ඡෙදදිට‍්ඨිසහගතා.

අටුවාවන්හි වනාහි පංචකාම ගුණයෙන් යුත් රාගය කාම තෘෂ්ණාවයි. රූප-අරූප භවයන්හි රාගය, ධ්‍යානයෙහි බලවත් ආශාව, ශාස්වත දෘෂ්ටිය හා යෙදුණු රාගය, භව වශයෙන් ප්‍රාර්ථනය භව තෘෂ්ණාවයි. උච්ඡෙද දෘෂ්ටිය හා එකට යෙදුණු රාගය විභව තෘෂ්ණාවයයි කියන ලදි. සංගීති ක්‍රමයෙන් හා අභිධර්ම ක්‍රමයෙන් වෙනත් ත්‍රිවිධ තෘෂ්ණාවකි. කාම, රූප, අරූප තෘෂ්ණා. වෙනත් ත්‍රිවිධ තෘෂ්ණාවකි. රූප, අරූප, නිරෝධ තෘෂ්ණා. තෘෂ්ණාවද මෙහි යෙදේ. ඒවාහි පංචකාම ධාතුව, රූප ධාතුව, අරූප ධාතුව හා එකට යෙදී ඇත. අන්තයෙහි තෘෂ්ණාව උච්ඡෙද දෘෂ්ටිය හා බැඳී පවතී.

චත‍්තාරො ඔඝාති කාමොඝො, භවොඝො, දිට‍්ඨොඝො, අවිජ‍්ජොඝො. යස‍්ස සංවිජ‍්ජන‍්ති, තං වට‍්ටස‍්මිං ඔහනන‍්ති ඔසීදාපෙන‍්තීති ඔඝා. බලවකිලෙසා එතෙ. කාමගුණසඞ‍්ඛාතෙ කාමෙ ඔඝො කාමොඝො. කාමතණ‍්හායෙතං නාමං. රූපාරූපසඞ‍්ඛාතෙ කම‍්මතො ච උපපත‍්තිතො ච දුවිධෙපි භවෙ ඔඝො භවොඝො. භවතණ‍්හායෙතං නාමං. දිට‍්ඨි එව ඔඝො දිට‍්ඨොඝො. “සස‍්සතො ලොකො”තිආදිකාය දිට‍්ඨියා එතං නාමං. අවිජ‍්ජා එව ඔඝො අවිජ‍්ජොඝො, දුක‍්ඛාදීසු අඤ‍්ඤාණස‍්සෙතං නාමං.

චත්තාරො ඔඝා යනු කාමඕඝ, භවඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝ වශයෙනි. යමෙකුට මේවා විද්‍යමාන වේද, ඔහු සසර ගමන නමැති සැඩපහරට හසුවෙයි. හසුව ගිලාබස්වතීනුයි ඕඝයි. බලවත් කෙලෙස් පංචකාම ගුණ සංඛ්‍යාත කාම සැඩපහරනුයි කාමෝඝයි. කාම තෘෂ්ණාවට මෙය නමකි. රූප, අරූප සංඛ්‍යාත කර්ම, උත්පත්ති යන දෙවැදෑරුම් භවයන්හි ඕඝයනුයි-භවොඝයි. භව තෘෂ්ණාවට මෙය නමකි. දෘෂ්ටියම ඕඝයනුයි දෘෂ්ටි ඕඝයි. ලෝකය සදාකාලිකය ආදී වශයෙන් පවත්නා දෘෂ්ටියට මෙය නමකි. අවිද්‍යාවම ඕඝය වූයේ = අවිද්‍යා ඕඝයි. දුක් ආදීන්හි නොදැනීමට මෙය නමකි.

පඤ‍්ච නීවරණානීති කාමච‍්ඡන්‍දනීවරණං බ්‍යාපාදනීවරණං ථිනමිද‍්ධනීවරණං උද‍්ධච‍්චකුක‍්කුච‍්චනීවරණං විචිකිච‍්ඡානීවරණං. චිත‍්තං නීවරන‍්ති පරියොනන්‍ධන‍්තීති නීවරණානි. කාමීයන‍්තීති කාමා. පඤ‍්ච කාමගුණා. කාමෙසු ඡන්‍දො කාමච‍්ඡන්‍දො. කාමයතීති වා කාමො, කාමො එව ඡන්‍දො, න කත‍්තුකම්‍යතාඡන්‍දො න ධම‍්මච‍්ඡන්‍දොති කාමච‍්ඡන්‍දො. කාමතණ‍්හායෙතං නාමං. බ්‍යාපජ‍්ජති තෙන චිත‍්තං පූතිභාවං ගච‍්ඡති, බ්‍යාපාදයති වා විනයාචාරරූපසම‍්පත‍්තිහිතසුඛානීති බ්‍යාපාදො. දොසස‍්සෙතං නාමං. ථිනනතා ථිනං, මිද‍්ධනතා මිද‍්ධං, අනුස‍්සාහසංහනනතා අසත‍්තිවිඝාතො චාති අත්‍ථො. චිත‍්තස‍්ස අනුස‍්සාහො ථිනං, චෙතසිකානං අකම‍්මඤ‍්ඤතා මිද‍්ධං, ථිනඤ‍්ච මිද‍්ධඤ‍්ච ථිනමිද‍්ධං. උද‍්ධතස‍්ස භාවො උද‍්ධච‍්චං, අවූපසමොති අත්‍ථො. වික‍්ඛෙපස‍්සෙතං නාමං. කුච‍්ඡිතං කතං කුකතං, කුකතස‍්ස භාවො කුක‍්කුච‍්චං, ගරහිතකිරියභාවොති අත්‍ථො. පච‍්ඡානුතාපස‍්සෙතං නාමං. විගතා චිකිච‍්ඡාති විචිකිච‍්ඡා, විගතපඤ‍්ඤාති අත්‍ථො. සභාවං වා විචිනන‍්තො එතාය කිච‍්ඡති කිලමතීති විචිකිච‍්ඡා. බුද‍්ධාදීසු සංසයස‍්සෙතං නාමං. කාමච‍්ඡන්‍දො එව නීවරණං කාමච‍්ඡන්‍දනීවරණං. එවං සෙසෙසුපි.

පඤ්ච නීවරණානි යනු කාමච්ඡන්‍ද ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන නීවරණයි. සිත වළක්වයි. හාත්පසින් වසාගනියිනුයි නීවරණයි. කැමති වන්නේනුයි කාමායි. පංචකාමයන්ය = කාම වස්තූන්හි කැමැත්ත - කාමච්ඡන්‍දයයි. කැමැති වන්නේනුයි - කාමොයි. කාමයම කැමැත්ත වූයේ, කරනු කැමැත්තෙහි ඡන්දය නොවූයේ, ධර්මයෙහි කැමැත්ත නොවූයේ නුයි = කාමච්ඡන්‍දයයි. කාම තෘෂ්ණාවට එය නමකි. එයින් සිත කුණු වූ බවට පත්කරයි. විපතට පමුණුවයි. විනය, ආචාරධර්ම, රූසපුව, හිතසුව යනාදීන්ට බාධා පමුණුවයි නුයි = ව්‍යාපාදයි. ද්වේෂයට එය නමකි. මැලිබව ථීනයයි. අකර්මණ්‍යත්වය මිද්ධයි. මන්දෝත්සාහීව හැකිලීම, නොඇල්මෙන් වන විපත යන අර්ථයි. සිතෙහි උත්සාහවත් නොවන භාවය ථීනයි. චෛතසිකයන්ගේ අකර්මණ්‍යතාවය (පසුබැස්ම) මිද්ධයි. ථීනයද, මිද්ධයද = ථීනමිද්ධයි. නොසන්සුන්තාවයෙහි ස්වභාවය = උද්ධච්චයි. නොසන්සිඳුණු බව යන අර්ථයි. කලබලකාරී ස්වභාවයට මේ නමකි. පිළිකුල්ව කරන ලද්දේ = කුකතයි. පිළිකුල්ව කරන ලද්දෙහි ස්වභාවය කුක්කච්චංයි. ගර්හා කළයුතු ක්‍රියා ස්වභාවය යන අර්ථයි. පසුතැවිල්ලට මෙය නමකි. පහවූ ප්‍රතිකාර ඇත්තේනුයි = විචිකිච්ඡායි. (අරමුණු නිශ්චය කරගැනීමෙහි අසමර්තායෙන් පිළියම් කටැටි නොවන රෝගයක් මෙන් දුස්සාධ්‍ය වූ සැකකිරීම ලක්‍ෂණකොට ඇති ධර්මයකි.) පහවූ ප්‍රඥා ඇත්තේය යන අර්ථයි. සත්‍ය ස්වභාවය සොයන්නේ මෙයින් කරදරයට පත්වේ. වෙහෙසෙයිනුයි = විචිකිච්ඡායි. බුද්ධාදී අටතැන්හි සැක කිරීමට මෙය නමකි. කාමච්ඡන්‍දයම නීවරණයක් වූයේ නුයි = කාමච්ඡන්‍ද නීවරණයි. සෙස්සෙහිද මෙසේයි.

ඡ ධම‍්මා, ඡද‍්ධම‍්මාති වා පාඨො. ඡ තණ‍්හාකායාති රූපතණ‍්හා සද‍්දතණ‍්හා ගන්‍ධතණ‍්හා රසතණ‍්හා ඵොට‍්ඨබ‍්බතණ‍්හා ධම‍්මතණ‍්හා. රූපෙ තණ‍්හා රූපතණ‍්හා. සා එව කාමතණ‍්හාදිභෙදෙන අනෙකභෙදත‍්තා රාසට‍්ඨෙන කායොති වුත‍්තා. එවං සෙසෙසුපි.

ඡ ධම්මා ඡද්ධම්ම යනුද පාඨයි. ඡ තණ්හාකායා යනු, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම යන තෘෂ්ණාය. රූපයෙහි තෘෂ්ණාව = රූප තණ්හායි. එයම කාම තෘෂ්ණාදි භේදයෙන්, නානාවිධ ප්‍රභේද ඇති හෙයින් රාශ්‍යර්ථයෙන් කාය යයි කියන ලදි. සෙස්සෙහිද මෙසේයි.

සත‍්තානුසයාති කාමරාගානුසයො පටිඝානුසයො මානානුසයො දිට‍්ඨානුසයො විචිකිච‍්ඡානුසයො භවරාගානුසයො අවිජ‍්ජානුසයො. අප‍්පහීනට‍්ඨෙන අනුසෙන‍්තීති අනුසයා. කාමෙසු රාගො කාමරාගො, කාමො එව වා රාගොති කාමරාගො. ආරම‍්මණස‍්මිං පටිහඤ‍්ඤතීති පටිඝං. අයාථාවදස‍්සනට‍්ඨෙන දිට‍්ඨි. සෙය්‍යාදිවසෙන මඤ‍්ඤතීති මානො. භවෙසු රාගො භවරාගො. ථාමගතො කාමරාගො කාමරාගානුසයො. එවං සෙසෙසුපි.

සත්ත අනුසයා යනු කාමරාග, පටිඝ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, භවරාග, අවිජ්ජා යනාදී ප්‍රහීණ නොවූ අර්ථයෙන් අත්නොහැර පවතිත් නුයි = අනුසයයි. කාමයන්හි රාගය - කාම රාගයයි. කාමයම රාගය වූයේනුයි - කාමරාගයි. අරමුණෙහි හැපේනුයි = පටිඝොයි. ස්වභාව තත්ත්වයට විරුද්ධ දර්ශනාර්ථයෙන් = දිට්ඨියි. තමා උසස්කොට හඟීනුයි - මානයි. භවයන්හි රාගය භව රාගයි. බලවත් වූ කාමරාගය කාමරාගානුසයයි. සෙස්සෙහිද මෙසේය.

අට‍්ඨ මිච‍්ඡත‍්තාති මිච‍්ඡාදිට‍්ඨි මිච‍්ඡාසඞ‍්කප‍්පො මිච‍්ඡාවාචා මිච‍්ඡාකම‍්මන‍්තො මිච‍්ඡාආජීවො මිච‍්ඡාවායාමො මිච‍්ඡාසති මිච‍්ඡාසමාධි. “හිතසුඛාවහා මෙ භවිස‍්සන‍්තී”ති එවං ආසීසිතාපි තථාඅභාවතො අසුභාදීසුයෙව සුභන‍්තිආදිවිපරීතප‍්පවත‍්තිතො ච මිච‍්ඡාසභාවාති මිච‍්ඡත‍්තා. මිච‍්ඡා පස‍්සති, මිච‍්ඡා වා එතාය පස‍්සන‍්තීති මිච‍්ඡාදිට‍්ඨි. අථ වා විපරීතා දිට‍්ඨීති මිච‍්ඡාදිට‍්ඨි, අයාථාවදිට‍්ඨීති වා මිච‍්ඡාදිට‍්ඨි, විරජ‍්ඣිත්‍වා ගහණතො වා විතථා දිට‍්ඨීති මිච‍්ඡාදිට‍්ඨි, අනත‍්තාවහත‍්තා පණ‍්ඩිතෙහි කුච‍්ඡිතා දිට‍්ඨීති වාමිච‍්ඡාදිට‍්ඨි. මිච‍්ඡාසඞ‍්කප‍්පාදීසුපි එසෙව නයො. මිච‍්ඡාදිට‍්ඨීති සස‍්සතුච‍්ඡෙදාභිනිවෙසො. මිච‍්ඡාසඞ‍්කප‍්පොති කාමවිතක‍්කාදිතිවිධො විතක‍්කො. මිච‍්ඡාවාචාති මුසාවාදාදිචතුබ‍්බිධා චෙතනා. මිච‍්ඡාකම‍්මන‍්තොති පාණාතිපාතාදිතිවිධා චෙතනා. මිච‍්ඡාආජීවොති මිච‍්ඡාජීවපයොගසමුට‍්ඨාපිකා චෙතනා. මිච‍්ඡාවායාමොති අකුසලචිත‍්තසම‍්පයුත‍්තං වීරියං. මිච‍්ඡාසතීති සතිපටිපක‍්ඛභූතො අකුසලචිත‍්තුප‍්පාදො. මිච‍්ඡාසමාධීති අකුසලසමාධි.

අට්ඨ මිච්ඡත්තා යනු, මිච්ඡාදිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡාවායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි යන අටය. මට හිතසුව එළවීමක් වන්නේ යයි, මෙසේ බලාපොරොත්තු වූයේ නමුත්, එසේ නොවන හෙයින්ද, අශුභාදීන්හි සුභය යන විපර්යාස පැවැත්මක් හෙයින්ද වැරදි ස්වභාවයනුයි මිථ්‍යාවයි. අසත්‍ය ආකාරයට බලයි - මෙයින් අසත්‍ය ආකාරයට බලත්නුයි - මිථ්‍යා දෘෂ්ටියි. නොහොත් විපර්යාස දෘෂ්ටියනුයි - මිථ්‍යා දෘෂ්ටියි. ස්වභාව තත්ත්වයට විරුද්ධ දෘෂ්ටියනුයි - මිථ්‍යා දෘෂ්ටියි. වරදවා ගන්නා හෙයින්ද, අසත්‍ය වූ දෘෂ්ටියනුයි - මිථ්‍යා දෘෂ්ටියි. අවැඩ එළවන හෙයින්ද, නුවණැත්තන් විසින් පිළිකුල් කරන ලද දෘෂ්ටියනුයි, මිථ්‍යා දෘෂ්ටියි. මිථ්‍යා සංකල්පාදීන්හිද මේ ක්‍රමයමැයි. මිථ්‍යා දෘෂ්ටි යනු ශාස්වත-උච්ඡේද දෘෂ්ටීන්හි ඇතුළට වැදීමයි. මිථ්‍යා සංකල්ප යනු කාම විතර්කාදී ත්‍රිවිධ විතර්කයෝය. මිථ්‍යා වාචා යනු මුසාවාද ආදී සිවු ආකාර චේතනාවෝය. මිථ්‍යා කර්මාන්ත යනු, ප්‍රාණඝාත ආදී ත්‍රිවිධ චේතනා මිථ්‍යා ආජීව යනු, වැරදි ජීවන ප්‍රයෝග තුළින් හටගත් චේතනා. මිථ්‍යා ව්‍යායාම යනු, අකුසල් සිත හා එකට යෙදුණු වීර්යයයි. මිථ්‍යා සති යනු, සිහියට විරුද්ධ අකුසල් සිත්හි ඉපදීම්, මිථ්‍යා සමාධි යනු, අකුසල ආරම්මණ සමාධියයි.

නව තණ‍්හාමූලකාති (දී· නි· 2.103; 3.359) තණ‍්හං පටිච‍්ච පරියෙසනා, පරියෙසනං පටිච‍්ච ලාභො, ලාභං පටිච‍්ච විනිච‍්ඡයො, විනිච‍්ඡයං පටිච‍්ච ඡන්‍දරාගො, ඡන්‍දරාගං පටිච‍්ච අජ‍්ඣොසානං, අජ‍්ඣොසානං පටිච‍්ච පරිග‍්ගහො, පරිග‍්ගහං පටිච‍්ච මච‍්ඡරියං, මච‍්ඡරියං පටිච‍්ච ආරක‍්ඛො, ආරක‍්ඛාධිකරණං දණ‍්ඩාදානසත්‍ථාදානකලහවිග‍්ගහවිවාදතුවංතුවංපෙසුඤ‍්ඤමුසාවාදා අනෙකෙ පාපකා අකුසලා ධම‍්මා සම‍්භවන‍්ති (දී· නි· 2.104; 3.359). ඉමෙ නව තණ‍්හාමූලකා ධම‍්මා. තණ‍්හා මූලං එතෙසන‍්ති තණ‍්හාමූලකා. පරියෙසනාදයො අකුසලා එව. තණ‍්හං, පටිච‍්චාති තණ‍්හං නිස‍්සාය. පරියෙසනාති රූපාදිආරම‍්මණපරියෙසනා. සා හි තණ‍්හාය සති හොති. ලාභොති රූපාදිආරම‍්මණපටිලාභො, සො හි පරියෙසනාය සති හොති. විනිච‍්ඡයො පන ඤාණතණ‍්හාදිට‍්ඨිවිතක‍්කවසෙන චතුබ‍්බිධො. තත්‍ථ “සුඛවිනිච‍්ඡයං ජඤ‍්ඤා, සුඛවිනිච‍්ඡයං ඤත්‍වා අජ‍්ඣත‍්තං සුඛමනුයුඤ‍්ජෙය්‍යා”ති (ම· නි· 3.323) අයං ඤාණවිනිච‍්ඡයො. “විනිච‍්ඡයොති ද‍්වෙ විනිච‍්ඡයා තණ‍්හාවිනිච‍්ඡයො ච දිට‍්ඨිවිනිච‍්ඡයො චා”ති (මහානි· 102) එවං ආගතානි අට‍්ඨසතතණ‍්හාවිචරිතානි තණ‍්හාවිනිච‍්ඡයො . ද‍්වාසට‍්ඨි දිට‍්ඨියො දිට‍්ඨිවිනිච‍්ඡයො. “ඡන්‍දො ඛො, දෙවානමින්‍ද, විතක‍්කනිදානො”ති (දී· නි· 2.358) ඉමස‍්මිං පන සුත‍්තෙ ඉධ විනිච‍්ඡයොති වුත‍්තො විතක‍්කොයෙව ආගතො. ලාභං ලභිත්‍වා හි ඉට‍්ඨානිට‍්ඨං සුන්‍දරාසුන්‍දරඤ‍්ච විතක‍්කෙනෙව විනිච‍්ඡිනාති “එත‍්තකං මෙ රූපාරම‍්මණත්‍ථාය භවිස‍්සති, එත‍්තකං සද‍්දාදිආරම‍්මණත්‍ථාය, එත‍්තකං මය‍්හං භවිස‍්සති, එත‍්තකං පරස‍්ස, එත‍්තකං පරිභුඤ‍්ජිස‍්සාමි, එත‍්තකං නිදහිස‍්සාමී”ති. තෙන වුත‍්තං – “ලාභං පටිච‍්ච විනිච‍්ඡයො”ති. ඡන්‍දරාගොති එවං අකුසලවිතක‍්කෙන විතක‍්කිතෙ වත්‍ථුස‍්මිං දුබ‍්බලරාගො ච බලවරාගො ච උප‍්පජ‍්ජති. ඡන්‍දොති එත්‍ථ දුබ‍්බලරාගස‍්සාධිවචනං, රාගොති බලවරාගස‍්ස. අජ‍්ඣොසානන‍්ති අහං මමාති බලවසන‍්නිට‍්ඨානං. පරිග‍්ගහොති තණ‍්හාදිට‍්ඨිවසෙන පරිග‍්ගහකරණං. මච‍්ඡරියන‍්ති පරෙහි සාධාරණභාවස‍්ස අසහනතා. තෙනෙවස‍්ස පොරාණා එවං වචනත්‍ථං වදන‍්ති “ඉදං අච‍්ඡරියං මය‍්හමෙව හොතු, මා අඤ‍්ඤස‍්ස අච‍්ඡරියං හොතූති පවත‍්තත‍්තා මච‍්ඡරියන‍්ති වුච‍්චතී”ති. ආරක‍්ඛොති ද‍්වාරපිදහනමඤ‍්ජූසගොපනාදිවසෙන සුට‍්ඨු රක‍්ඛණං. අධිකරොතීති අධිකරණං. කාරණස‍්සෙතං නාමං. ආරක‍්ඛාධිකරණන‍්ති භාවනපුංසකං, ආරක‍්ඛහෙතූති අත්‍ථො. දණ‍්ඩාදානාදීසු පරනිසෙධනත්‍ථං දණ‍්ඩස‍්ස ආදානං දණ‍්ඩාදානං. එකතොධාරාදිනා සත්‍ථස‍්ස ආදානං සත්‍ථාදානං. කායකලහොපි වාචාකලහොපි කලහො. පුරිමො පුරිමො විරොධො විග‍්ගහො. පච‍්ඡිමො පච‍්ඡිමො විවාදො. තුවංතුවන‍්ති අගාරවවසෙන තුවංතුවංවචනං.

නව තණ්හා මූලකා ධම්මා යනු, තෘෂ්ණාව හේතුකොට සෙවීමද, සෙවීම හේතුකොට ලැබීමද, ලැබීම හේතුකොට තීරණයද, තීරණය හේතුකොට ඡන්ද රාගයද, ඡන්ද රාගය හේතුකොට බලවත් ඇල්මද, බලවත් ඇල්ම හේතුකොට තදින් අල්ලා ගැන්මද, තදින් අල්ලා ගැන්ම හේතුකොට මසුරුකමද, මසුරුකම හේතුකොට ආරක්ෂා කිරීමද, ආරක්ෂා කිරීම් හේතුකොට, දඬුමුගුරු ගැනීම, කල කෝලාහල, විවාද, තෝ, උඹ වැනි කථා, කේලාම්, මුසාබස් තෙපලීම් වැනි නොයෙක් පාපී අකුසල ධර්ම හටගනියි. මේ නව තෘෂ්ණා මූලික ධර්ම වේ. තෘෂ්ණාව මුල් වූයේ මේවාට නුයි. තෘෂ්ණා මූලිකයි. පරියෙසනාදීන් අකුසලමය. තණ්හං පටිච්ච යනු, තෘෂ්ණාව හේතුකොට, පරියේසනා යනු රූපාදී අරමුණු සෙවීමයි. එය තෘෂ්ණාව ඇතිකල්හි වෙයි. ලාභො යනු, රූපාදී අරමුණු ප්‍රතිලාභයයි. එයද සෙවීම නිසා වෙයි. විනිශ්චය වනාහි, ඤාණ, තෘෂ්ණා, දෘෂ්ටි, විතර්ක වශයෙන් සිව්ආකාර වේ. එහි සුව විනිශ්චය දැනගන්නේය. සුව විනිශ්චය දැන අධ්‍යාත්ම සුවයෙහි යෙදෙන්නේය. මේ ඤාණ විනිශ්චයයි. විනිශ්චය වනාහි, තෘෂ්ණා විනිශ්චය, දෘෂ්ටි විනිශ්චය වශයෙන්, විනිශ්චය දෙකකි. මෙසේ දක්වා ඇති අටසියයක් තෘෂ්ණා ආශ්‍රිත තෘෂ්ණා විනිශ්චයෝය. දේවානමින්දය ඡන්දය විතර්කය නිදානකොට පවතී. මෙම සූත්‍රයෙහි විනිශ්චය යන කියන ලද විතර්කයම දක්වයි. ලාභයක් ලැබ, ඉටුඅනිටු, ශුභ අශුභ විතර්කයෙන්ම විනිශ්චය කරති. රූප අරමුණු සඳහා මට මෙපමණ වන්නේය. ශබ්දාදී අරමුණු සඳහා මට මෙපමණ වන්නේය. අනුන්ට මෙපමණය. මෙපමණ පරිභෝජනය කරන්නෙමි. මෙපමණ තැන්පත් කරන්නෙමි. එහෙයින් ‘ලාභ පටිච්ච විනිශ්චයෝයි යූ.සේයි. ඡන්‍දරාගො, මෙසේ අකුසල විතර්කයෙන් විතර්කනය කල කල්හි වස්තුවෙහි දුර්වල රාගයට විශේෂ නාමයකි. රාගො යනු බලවත් රාගයටයි. අජ්ඣොසානං යනු, මම, මගේ යන බලවත් සනිටුහන් කිරීමයි. පරිග්ගහො යනු තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් තදින් අල්ලා ගැනීමයි. මච්ඡරියං යනු, සම්පත්හි අනුන් හා සාධාරණභාවය නොඉවසීමයි. එහෙයින් පෞරාණිකාචාර්යයෝ ඊට මෙම තේරුම කියති. මේ සම්පත් මටම වේවා. අනුන්ට නොවේවායි යන ස්වභාවයෙන් පවත්නා හෙයින් මච්ඡරිය යයි කියයි. ආරක්ඛො යනු දොරගුලු වසා, පෙට්ටි පියලිවල තැන්පත්කොට රැකීම් වශයෙන් කරන සංරක්‍ෂණයයි. මනාකොට විග්‍රහ කෙරේනුයි, නිරාකරණය කෙරේනුයි අධිකරණ කාරණයට එය නාමයකි. අරක්ඛාධිකරණං යනු, භාව නපුංසකයි. ආරක්ෂක හේතු යන අර්ථයි. දඬු ගැනීම් ආදීන්හි අන්‍යයා වැළැක්වීමට දඬුමුගුරු ගැනීම = දණ්ඩාදානයි. මුවහත් තල සහිත ආයුධ ගැනීම සත්‍ථාදානයි. කයින් වදනින් කලහය = කලහොයි. පළමු පළමු විරුද්ධතාවන් පෑම විග්‍රහයයි. පසු පසුවට එන්නේ විවාදයයි. තුවං, තුවං යනු අගෞරව වශයෙන් උඹ, උඹ කීමයි.

දස මිච‍්ඡත‍්තාති මිච‍්ඡාදිට‍්ඨි…පෙ… මිච‍්ඡාසමාධි මිච‍්ඡාඤාණං මිච‍්ඡාවිමුත‍්ති. තත්‍ථ මිච‍්ඡාඤාණන‍්ති පාපකිරියාසු උපායචින‍්තාවසෙන පාපං කත්‍වා සුකතං මයාති පච‍්චවෙක‍්ඛණාකාරෙන ච උප‍්පන‍්නො මොහො. මිච‍්ඡාවිමුත‍්තීති අවිමුත‍්තස‍්සෙව සතො විමුත‍්තිසඤ‍්ඤිතා.

දස මිච්ඡත්තා යනු මිථ්‍යා දෘෂ්ටිය, -පෙ- මිථ්‍යා සමාධිය, මිථ්‍යා ඤාණය, මිථ්‍යා විමුක්තියයි, එහි මිච්ඡා ඤාණං යනු පාප ක්‍රියාවන්හි උපාය මාර්ග සිතීම් වශයෙන්, පාපයක් කොට, මවිසින් යහපතක් කරන ලදැයි ප්‍රත්‍යවේක්‍ෂාකාරයෙන් උපන් මෝහයයි. මිච්ඡා විමුත්ති යනු, නොමිදුණේම මිදුණි යයි යන හැඟීමෙන් යුක්ත වීම.

ඉදානි අනෙකභෙදෙන පහානෙන පහාතබ‍්බෙ දස‍්සෙතුං ද‍්වෙ පහානානීතිආදි ආරද‍්ධං. පහානෙසු හි විඤ‍්ඤාතෙසු තෙන තෙන පහාතබ‍්බා ධම‍්මා සුවිඤ‍්ඤෙය්‍යා හොන‍්ති. පඤ‍්චසු පහානෙසු ලොකිකානි ච ද‍්වෙ පහානානි අප‍්පයොගං නිස‍්සරණප‍්පහානඤ‍්ච ඨපෙත්‍වා අප‍්පයොගානෙව ද‍්වෙ ලොකුත‍්තරපහානානි පඨමං වුත‍්තානි. සම‍්මා උච‍්ඡිජ‍්ජන‍්ති එතෙන කිලෙසාති සමුච‍්ඡෙදො, පහීයන‍්ති එතෙන කිලෙසාති පහානං. සමුච‍්ඡෙදසඞ‍්ඛාතං පහානං, න සෙසප‍්පහානන‍්ති සමුච‍්ඡෙදප‍්පහානං. කිලෙසානං පටිප‍්පස‍්සද‍්ධත‍්තා පටිප‍්පස‍්සද‍්ධි, පහීනත‍්තා පහානං, පටිප‍්පස‍්සද‍්ධිසඞ‍්ඛාතං පහානං පටිප‍්පස‍්සද‍්ධිප‍්පහානං. ලොකං උත‍්තරතීති ලොකුත‍්තරො. නිබ‍්බානසඞ‍්ඛාතං ඛයං ගච‍්ඡතීති ඛයගාමී, ඛයගාමී ච සො මග‍්ගො චාති ඛයගාමිමග‍්ගො, තං භාවයතො සො මග‍්ගො සමුච‍්ඡෙදප‍්පහානන‍්ති අත්‍ථො. තථා ඵලක‍්ඛණෙ ලොකුත‍්තරඵලමෙව පටිප‍්පස‍්සද‍්ධිප‍්පහානං.

දැන් නොයෙක් භේද සහිත ප්‍රහාණයන්ගෙන්, ප්‍රහාණය කළයුතු දෑ දක්වන්ට ‘ද්වෙ පහාණානි’ ආදිය පටන් ගන්නා ලදි. ප්‍රහාණයන් පිළිබඳව දත්කල්හි, එකිනෙකින් ප්‍රහාණය කළයුතු ධර්ම මනාව දතහැකි වෙතියි, පඤ්ච ප්‍රහාණයන්හි ලෞකික ප්‍රහාණද්වයයද, අප්‍රයෝග නිස්සරණ ප්‍රහාණයද හැර, අප්‍රයෝගයම වූ ලෝකෝත්තර ප්‍රහාණ ද්වයය ප්‍රථමයෙන් යූ.සේයි. මේ කරණකොට මනාව කෙලෙසුන් විනාශ කෙරෙත්නුයි සමුච්ඡෙදොයි. මෙයින් කෙලෙසුන් ප්‍රහාණ වෙත්නුයි පහාණංයි. මුලිනුපුටා දැමීම් සංඛ්‍යාත ප්‍රහාණයයි. ප්‍රහාණය කළයුතු ශේෂයක් නැත්තේනුයි සමුච්ඡෙදප්පහාණං යි. කෙලෙසුන්ගේ සිත් සිඳුණු බැවින් පටිප්පස්සද්ධියි. ප්‍රහීණ වූ බැවින් පහානංයි. සංසිඳීම් සංඛ්‍යාත ප්‍රහාණය පටිප්පස්සද්ධිප්පහාණංයි ලෝකයෙන් එතෙර වේනුයි ලොකුත්තරොයි නිර්වාණ සංඛ්‍යාත ක්‍ෂයයට යේනුයි ඛයගාමියි ක්‍ෂයගාමී වයේත් එයයි. මාර්ගය වූයේත් එයනුයි ඛයගාමිමග්ගොයි. එය වඩන කල්හි ඒ මාර්ගය සමුච්ඡෙද ප්‍රහාණයයි යන අර්ථයි. එසේම ඵල ක්‍ෂණයෙහි ලෝකෝත්තර ඵලයම පටිප්පස්සද්ධි ප්‍රහාණයයි.

කාමානමෙතං නිස‍්සරණන‍්තිආදීසු කාමතො රූපතො සඞ‍්ඛතතො නිස‍්සරන‍්ති එතෙනාති නිස‍්සරණං, තෙහි වා නිස‍්සටත‍්තා නිස‍්සරණං. අසුභජ‍්ඣානං. කාමෙහි නික‍්ඛන‍්තත‍්තා නෙක‍්ඛම‍්මං. අනාගාමිමග‍්ගො වා. අසුභජ‍්ඣානඤ‍්හි වික‍්ඛම‍්භනතො කාමානං නිස‍්සරණං, තං ඣානං පාදකං කත්‍වා උප‍්පාදිතඅනාගාමිමග‍්ගො පන සමුච‍්ඡෙදතො සබ‍්බසො කාමානං අච‍්චන‍්තනිස‍්සරණං. රුප‍්පතීති රූපං, න රූපං අරූපං මිත‍්තපටිපක‍්ඛා අමිත‍්තා විය, ලොභාදිපටිපක‍්ඛා අලොභාදයො විය ච රූපපටිපක‍්ඛොති අත්‍ථො. ඵලවසෙන වා නත්‍ථෙත්‍ථ රූපන‍්ති අරූපං, අරූපමෙව ආරුප‍්පං. අරූපජ‍්ඣානානි. තානි රූපානං නිස‍්සරණං නාම. අරූපෙහිපි අරහත‍්තමග‍්ගො පුන උප‍්පත‍්තිනිවාරණතො සබ‍්බසො රූපානං නිස‍්සරණං නාම. භූතන‍්ති ජාතං. සඞ‍්ඛතන‍්ති පච‍්චයෙහි සඞ‍්ගම‍්ම කතං. පටිච‍්චසමුප‍්පන‍්නන‍්ති තෙ තෙ පච‍්චයෙ පටිච‍්ච සම‍්මා සහ ච උප‍්පන‍්නං. පඨමෙන සඤ‍්ජාතත‍්තදීපනෙන අනිච‍්චතා, දුතියෙන අනිච‍්චස‍්සාපි සතො පච‍්චයානුභාවදීපනෙන පරායත‍්තතා, තතියෙන පරායත‍්තස‍්සාපි සතො පච‍්චයානං අබ්‍යාපාරත‍්තදීපනෙන එවංධම‍්මතා දීපිතා හොති. නිරොධොති නිබ‍්බානං. නිබ‍්බානඤ‍්හි ආගම‍්ම දුක‍්ඛං නිරුජ‍්ඣතීති නිරොධොති වුච‍්චති. සො එව ච සබ‍්බසඞ‍්ඛතතො නිස‍්සටත‍්තා තස‍්ස සඞ‍්ඛතස‍්ස නිස‍්සරණං නාම. අට‍්ඨකථායං පන –

කාමානමෙතං නිස්සරණං ආදීන්හි කාමයෙන්ද, රූපයෙන්ද, සංඛතයෙන්ද මේ කරණකොටගෙන නිදහස් වෙතියි නිස්සරණං = ඒවායින් හෝ නිදහස් වන හෙයින් අසුභ ධ්‍යානය නිස්සරණයි. කාමයන්ගෙන් නික්මුණු හෙයින් නෙක්ඛම්මංයි. අනාගාමි මාර්ගය හෝ වෙයි. අසුභ ධ්‍යානය කාමයන් මැඩපවත්වන හෙයින් කාමයන්ගේ නිස්සරණයයි. ඒ ධ්‍යානය පාදකකොට උපදවන ලද අනාගාමි මාර්ගය වනාහි කාමයන් සර්වප්‍රකාරයෙන් මුලිනුපුටා සිඳ දමන හෙයින් අත්‍යන්ත නිස්සරණයයි. වෙනස් වේනුයි = රූපංයි. රූප නොවූයේ අරූපයි. මිත්‍ර ප්‍රතිවිරුද්ධ සතුරන් මෙන්ද, ලෝභාදීන්ට විරුද්ධ අලෝභාදීන් මෙන්ද, රූපයන්ට ප්‍රතිපක්‍ෂයයි යන අර්ථයි. ප්‍රතිඵල වශයෙන් හෝ රූපයක් නොමැත්තේ නුයි අරූපංයි. අරූපයම = ආරුප්පංයි අරූප ධ්‍යානයෝය. ඒවා රූපයන්ගෙන් නිස්සරණය නම් වේ. අරූපයන්හිදීද අර්හත් මාර්ගය නැවත උපත් වළක්වන හෙයින් සර්වප්‍රකාරයෙන් රූපයන්ගේ නිස්සරණය නම් වේ. භූතං යනු, හටගත් යන අර්ථයි. සංඛතං යනු, ප්‍රත්‍යයන්ගෙන් එකතුව කරන ලද, පටිච්ච සමුප්පන්නං යනු ඒ ඒ ප්‍රත්‍යයන් හේතුකොට මනාව සමග උපන් පළමුවැන්නෙන් හටගත් බව දැක්වීමෙන් අනිත්‍යතාවයද දෙවැන්නෙන් අනිත්‍යතාවයාගේ ඇතිකල්හිද, ප්‍රත්‍යය බලය දැක්වීමෙන් අන්සතු බවද, තෙවැන්නෙන් අන්සතු වූයේ නමුත් ප්‍රත්‍යයන්ගේ උනන්දු නොවීම දැක්වීමෙන් ස්වයං සිද්ධිය දක්වන ලද්දේ වෙයි. නිරොධො යනු නිර්වාණයයි. නිවනට පැමිණ දුක නිරුද්ධ කෙරේනුයි නිරෝධයයි කියනු ලැබේ. එයම සියලු ප්‍රත්‍යයෙන් හටගත් දැයින් ඉවත්වූ හෙයින් ඒ සංඛතයාගේ නිදහස්වීමයි. අටුවාවෙහි වනාහි –

“නිරොධො තස‍්ස නිස‍්සරණන‍්ති ඉධ අරහත‍්තඵලං නිරොධොති අධිප‍්පෙතං. අරහත‍්තඵලෙන හි නිබ‍්බානෙ දිට‍්ඨෙ පුන ආයතිං සබ‍්බසඞ‍්ඛාරා න හොන‍්තීති අරහත‍්තසඞ‍්ඛාතස‍්ස නිරොධස‍්ස පච‍්චයත‍්තා නිරොධොති වුත‍්ත”න‍්ති වුත‍්තං.

‘නිරොධො තස්ස නිස්සරණං’ යනු මෙහි අර්හත්ඵලය නිරෝධයයි අදහස් කරන ලදි. අර්හත් ඵලයෙන් නිර්වාණය දුටුකල්හි නැවත මත්තෙහි සියලු සංස්කාරයෝ නොවෙත්නුයි, අර්හත්වයයි කියනු ලබන නිරෝධයට ප්‍රත්‍යය බැවින් නිරෝධයයි කියන ලදි.

නෙක‍්ඛම‍්මං පටිලද‍්ධස‍්සාතිආදීසු අසුභජ‍්ඣානස‍්ස නිස‍්සරණත‍්තෙ වික‍්ඛම‍්භනප‍්පහානෙන, අනාගාමිමග‍්ගස‍්ස නිස‍්සරණත‍්තෙ සමුච‍්ඡෙදප‍්පහානෙන කාමා පහීනා චෙව හොන‍්ති පරිච‍්චත‍්තා ච. අරූපජ‍්ඣානානං නිස‍්සරණත‍්තෙ ච අරහත‍්තමග‍්ගස‍්ස නිස‍්සරණත‍්තෙ ච එවමෙව රූපා යොජෙතබ‍්බා. රූපෙසු හි ඡන්‍දරාගප‍්පහානෙන රූපානං සමුච‍්ඡෙදො හොති. රූපාති චෙත්‍ථ ලිඞ‍්ගවිපල‍්ලාසො කතො. නිබ‍්බානස‍්ස නිස‍්සරණත‍්තෙ නිස‍්සරණප‍්පහානෙන, අරහත‍්තඵලස‍්ස නිස‍්සරණත‍්තෙ පටිප‍්පස‍්සද‍්ධිප‍්පහානෙන සඞ‍්ඛාරා පහීනා චෙව හොන‍්ති පරිච‍්චත‍්තා ච. නිබ‍්බානස‍්ස ච නිස‍්සරණත‍්තෙ ආරම‍්මණකරණවසෙන පටිලාභො වෙදිතබ‍්බො.

නෙක්ඛම්මං පටිලද්ධස්ස යනාදීන්හි අසුභ ධ්‍යාන නිදහසෙහි සමුච්ඡෙද ප්‍රහාණයෙන්ද, කාමයන් ප්‍රහීණ වූයේම අත්හරින ලද්දේද වේ. අරූප ධ්‍යානයන්ගේ නිදහසෙහිද, අර්හත් මාර්ගයාගේ නිදහසෙහිද එපරිද්දෙන්ම රූප යෙදිය යුතුය. රූපයන්හි ඡන්‍ද රාග ප්‍රහාණයෙන් රූපයන්ගේ පූර්ණ විනාශය වෙයි. රූපා යනු ලිංග විපර්යාසයි. නිර්වාණයාගේ නිදහසෙහි නිස්සරණ ප්‍රහාණයෙන්ද අර්හත් ඵලයෙහි නිදහසෙහි සන්සිඳීම් ප්‍රහාණයෙන්ද සංස්කාර ප්‍රහීණ මෙන්ම හැරදමන ලද්දේද වේ. නිර්වාණ නිදහසෙහි අරමුණු කිරීම් වශයෙන් ප්‍රතිලාභය දතයුතුය.

දුක‍්ඛසච‍්චන‍්තිආදීසු පරිඤ‍්ඤාපටිවෙධන‍්තිආදි භාවනපුංසකවචනං. පරිඤ‍්ඤාය පටිවෙධො පරිඤ‍්ඤාපටිවෙධො. තං පරිඤ‍්ඤාපටිවෙධං. එස නයො සෙසෙසුපි. පජහාතීති තථා තථා පටිවිජ‍්ඣන‍්තො පහාතබ‍්බෙ කිලෙසෙ පජහතීති අත්‍ථො ගහෙතබ‍්බො. ලොකියලොකුත‍්තරෙසුපි ඡන්‍දරාගප‍්පහානෙන වා තානි පජහතීති අත්‍ථො. පජහතීතිපි පාඨො. යථා නාවා අපුබ‍්බං අචරිමං එකක‍්ඛණෙ චත‍්තාරි කිච‍්චානි කරොති, ඔරිමං තීරං පජහති, සොතං ඡින්‍දති, භණ‍්ඩං වහති, පාරිමං තීරං අප‍්පෙති, එවමෙවං මග‍්ගඤාණං අපුබ‍්බං අචරිමං එකක‍්ඛණෙ චත‍්තාරි සච‍්චානි අභිසමෙති, දුක‍්ඛං පරිඤ‍්ඤාභිසමයෙන අභිසමෙති, සමුදයං පහානාභිසමයෙන අභිසමෙති, මග‍්ගං භාවනාභිසමයෙන අභිසමෙති, නිරොධං සච‍්ඡිකිරියාභිසමයෙන අභිසමෙති. කිං වුත‍්තං හොති? “නිරොධං ආරම‍්මණං කත්‍වා චත‍්තාරි සච‍්චානි පාපුණාති පස‍්සති පටිවිජ‍්ඣතී”ති (විසුද‍්ධි· 2.839) වුත‍්තත‍්තා එකක‍්ඛණෙපි විසුං විසුං විය පහානානි වුත‍්තානීති වෙදිතබ‍්බානි.

දුක්ඛ සච්චං ආදීන්හි පරිඤ්ඤා පටිවෙධං යනු භාව නපුංසක වචනයි. සම්පූර්ණයෙන් දැනගෙන සත්‍යාවබෝධය කිරීම = සම්පූර්ණ සත්‍යාවබෝධයයි. ඒ සම්පූර්ණ සත්‍යාවබෝධය; සෙස්සෙහිද මේ ක්‍රමයමැයි පජහාති යනු ඒ ඒ අයුරින් සත්‍යාවබෝධ කරන්නේ ප්‍රහාණය කළයුතු කෙලෙසුන් ප්‍රහාණය කෙරේ යයි අර්ථය ගතයුතුය. ලෞකික ලෝකෝත්තරයන්හිද, ඡන්ද, රාග ප්‍රහාණයෙන් ඒවා දුරු කෙරේයයි අර්ථයි. නැව යම්සේ පෙර පසු නොවී එකෙණෙහි මෙතෙර අත්හරී. දියපහර සිඳියි. භාණ්ඩ උසුලයි. පරතෙරට පමුණුවයි. යන සිව් කිසක් කරයිද, එපරිද්දෙන්ම මාර්ග ඥානය පෙරපසු නොවී එකෙණෙහි, දුක සම්පූර්ණ දැනීම් අවබෝධයෙන් අවබෝධ කරයි. සමුදය ප්‍රහාණ අවබෝධයෙන් අවබෝධ කරයි. මාර්ගය වැඩීම් අවබෝධයෙන් අවබෝධ කරයි. නිරෝධය සාක්‍ෂාත් කිරීම් අවබෝධයෙන් අවබෝධ කරයි යන සිවුසස් අවබෝධ කරයි. මෙයින් කුමක් කියන ලදද? නිරෝධය අරමුණුකොට සිවුසසුන්ට පැමිණෙයි. දකියි. සත්‍යාවබෝධය කරයි යයි කියන ලද හෙයින්, එකෙණෙහි වූයේ නමුත් වෙන් වෙන්ව මෙන් ප්‍රහාණයන් කියන ලදැයි දතයුතුය.

පඤ‍්චසු පහානෙසු යං සසෙවාලෙ උදකෙ පක‍්ඛිත‍්තෙන ඝටෙන සෙවාලස‍්ස විය තෙන තෙන ලොකියසමාධිනා නීවරණාදීනං පච‍්චනීකධම‍්මානං වික‍්ඛම‍්භනං දූරීකරණං, ඉදං වික‍්ඛම‍්භනප‍්පහානං නාම. වික‍්ඛම‍්භනප‍්පහානඤ‍්ච නීවරණානං පඨමං ඣානං භාවයතොති නීවරණානංයෙව පහානං පාකටත‍්තා වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. නීවරණානි හි ඣානස‍්ස පුබ‍්බභාගෙපි පච‍්ඡාභාගෙපි න සහසා චිත‍්තං අජ‍්ඣොත්‍ථරන‍්ති, අජ‍්ඣොත්‍ථටෙසු ච තෙසු ඣානං පරිහායති, විතක‍්කාදයො පන දුතියජ‍්ඣානාදිතො පුබ‍්බෙ පච‍්ඡා ච අප‍්පටිපක‍්ඛා හුත්‍වා පවත‍්තන‍්ති. තස‍්මා නීවරණානං වික‍්ඛම‍්භනං පාකටං. යං පන රත‍්තිභාගෙ සමුජ‍්ජලිතෙන පදීපෙන අන්‍ධකාරස‍්ස විය තෙන තෙන විපස‍්සනාය අවයවභූතෙන ඣානඞ‍්ගෙන පටිපක‍්ඛවසෙනෙව තස‍්ස තස‍්ස ච පහාතබ‍්බධම‍්මස‍්ස පහානං, ඉදං තදඞ‍්ගප‍්පහානං නාම. තදඞ‍්ගප‍්පහානඤ‍්ච දිට‍්ඨිගතානං නිබ‍්බෙධභාගියං සමාධිං භාවයතොති දිට‍්ඨිගතානංයෙව පහානං ඔළාරිකවසෙන වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. දිට‍්ඨිගතඤ‍්හි ඔළාරිකං, නිච‍්චසඤ‍්ඤාදයො සුඛුමා. තත්‍ථ දිට‍්ඨිගතානන‍්ති දිට‍්ඨියෙව දිට‍්ඨිගතං “ගූථගතං මුත‍්තගත”න‍්තිආදීනි (අ· නි· 9.11) විය. ගන‍්තබ‍්බාභාවතො චදිට‍්ඨියා ගතමත‍්තමෙවෙතන‍්තිපි දිට‍්ඨිගතං, ද‍්වාසට‍්ඨිදිට‍්ඨීසු අන‍්තොගධත‍්තා දිට‍්ඨීසු ගතන‍්තිපි දිට‍්ඨිගතං. බහුවචනෙන තෙසං දිට‍්ඨිගතානං. නිබ‍්බෙධභාගියං සමාධින‍්ති විපස‍්සනාසම‍්පයුත‍්තං සමාධිං. යං පන අසනිවිචක‍්කාභිහතස‍්ස (විසුද‍්ධි· 2.851) රුක‍්ඛස‍්ස විය අරියමග‍්ගඤාණෙන සංයොජනානං ධම‍්මානං යථා න පුන පවත‍්තති, එවං පහානං, ඉදං සමුච‍්ඡෙදප‍්පහානං නාම. නිරොධො නිබ‍්බානන‍්ති නිරොධසඞ‍්ඛාතං නිබ‍්බානං.

පස්වැදෑරුම් ප්‍රහාණයන්හි යම් සෙවෙල් සහිත ජලයෙහි බහාලූ කළයෙහි සෙවෙල් මෙන්, ඒ ඒ ලෞකික සමාධිවලින් නීවරණාදී විරුද්ධ ධර්මයන්ගේ යටහත් කිරීමක් වේද? මෙය විෂ්කම්භන ප්‍රහාණයයි. වික්ඛම්භනප්පහානඤ්ච නීවරණානං පඨමජ්ඣානං භාවයතො යනු නීවරණයන්ගේ ප්‍රහාණය ප්‍රකට බැවින් යූ.සේයි. නීවරණ, ධ්‍යානයට පූර්වභාගයෙහිදීත්, පසු භාගයෙහිදීත් වහා සිත වසාගෙන නොපැතිරෙත්. එම නීවරණ වසාගෙන පැතිරුණු කල්හි ධ්‍යානය පිරිහෙයි. විතර්කාදීහු ද්විතීය ධ්‍යානයට පෙර හා පසුව විරුද්ධ නොවී පවතිත්. එහෙයින් නීවරණයන්ගේ යටපත් කිරීම ප්‍රකටය. රෑ කල බබලන පහනෙන් අඳුර දුරලන්නාක් මෙන් ඒ ඒ විදර්ශනාවගේ කොටස් වූ ධ්‍යානාංගයෙන්, විරුද්ධාකාරයෙන් වන ඒ ඒ ප්‍රහාණය කළයුතු ධර්මයන්ගේ ප්‍රහාණයක් වේද, එය තාවකාලික ප්‍රහාණයයි. තදංගප්පහානඤ්ච දිට්ඨිගතානං නිබ්බෙධභාගියං සමාධිං භාවයතො යනු, මිථ්‍යා දෘෂ්ටීන්ගේම ප්‍රහාණය දළ වශයෙන් යූ.සේයි. මිථ්‍යා දෘෂ්ටීහු දළය. නිත්‍ය සංඥාදීහු සියුම්ය. එහි දිට්ඨිගතානං යනු දෘෂ්ටියම දෘෂ්ටිගතය. අශූචිගත, මුත්‍රගත ආදීන් මෙනි. දෘෂ්ටියෙහි යා යුතු බව හෙයින්ද දෘෂ්ටියෙහි ගිය ප්‍රමාණයම මෙය වේනුයි දිට්ඨිගතයි. දෙසැටක් දෘෂ්ටීන්හි ඇතුළත් හෙයින්ද, දෘෂ්ටීන්හි ගිය හෙයින්ද දෘෂ්ටිගතයි. (බහුවචනයෙන්) ඒ දෘෂ්ටිගතයන්ගේ තියුණු අවබෝධය සහිත සමාධිය යනු විදර්ශනාව හා යෙදුණු සමාධියයි. හෙණ පැටලී සම්පූර්ණයෙන් නැසුණා වූ වෘක්‍ෂයක් මෙන්, නැවත පැවැත්මක් නොවන අයුරු ආර්ය මාර්ග ඥානයෙන් සියලු සංයෝජන ධර්මයන්ගේ එවන් ප්‍රහාණයයි. මෙය සමුච්ඡෙද ප්‍රහාණ නම් වේ. නිරොධො නිබ්බානං යනු නිරෝධ සංඛ්‍යාත නිර්වාණයයි.

එවං පහානවසෙන පහාතබ‍්බෙ ධම‍්මෙ දස‍්සෙත්‍වා ඉදානි සරූපෙනෙව පුන පහාතබ‍්බෙ ධම‍්මෙ දස‍්සෙතුං සබ‍්බං, භික‍්ඛවෙ, පහාතබ‍්බන‍්තිආදිමාහ. තත්‍ථ චක‍්ඛාදීනි ඡන්‍දරාගප‍්පහානෙන පහාතබ‍්බානි. රූපං පස‍්සන‍්තො පජහාතීතිආදීසු රූපං අනිච‍්චාදිතො පස‍්සන‍්තො පහාතබ‍්බෙ කිලෙසෙ පජහාති. චක‍්ඛුං…පෙ… ජරාමරණං…පෙ… අමතොගධං නිබ‍්බානන‍්ති පෙය්‍යාලද‍්වයෙ අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං “පස‍්සන‍්තො පජහාතී”තිආදීසු තෙසු ලොකුත‍්තරෙසු අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං පස‍්සන‍්තො උදික‍්ඛන‍්තො අපෙක‍්ඛමානො ඉච‍්ඡමානො විපස‍්සනාක‍්ඛණෙසු පහාතබ‍්බෙ කිලෙසෙ පජහාතීති තංතංධම‍්මානුරූපෙන යොජෙතබ‍්බං.

මෙසේ ප්‍රහාණ වශයෙන් ප්‍රහාණය කළයුතු ධර්මයන් දක්වා, දැන් ස්වභාව තත්ත්වයෙන්ම නැවත ප්‍රහාණය කළයුතු ධර්ම දක්වන්ට, සබ්බං භික්ඛවෙ පහාතබ්බං යනාදිය වදාළහ. එහි චක්‍ෂුරාදීන්හි ඡන්‍දරාග ප්‍රහාණයෙන් ප්‍රහාණය කළයුතුය. ‘රූපං පස්සන්තො පජහති’ ආදීන්හි රූපය අනිත්‍යාදී වශයෙන් බලන්නේ ප්‍රහාණය කළයුතු කෙලෙස් දුරුකරයි. චක්ඛුං -පෙ- ජරාමරණං -පෙ- අමතොගධං නිබ්බාණං පෙය්‍යාලද්වයෙහි අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්‍ද්‍රියයි. පස්සන්තොපජහති ආදී ඒ ලෝකෝත්තරයන්හි අනඤ්ඤස්සාමිතින්‍ද්‍රිය, බලන්නේ මනාව බලන්නේ, බලාපොරොත්තු වන්නේ, කැමති වන්නේ, විදර්ශනා ක්‍ෂණයන්හි ප්‍රහාණය කළයුතු සියලු කෙලෙස් දුරුකෙරේනුයි ඒ ඒ සුදුසු අයුරින් යෙදිය යුතුය.

පහාතබ‍්බනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

සද්ධර්මප්‍රකාශනී නම් වූ ප්‍රතිසම්භිදාමාර්ග අටුවාවෙහි

භාවෙතබ‍්බනිද‍්දෙසවණ‍්ණනා

ප්‍රහාණය කළයුතු ධර්ම විස්තර වර්ණනාව නිමි.

භාවෙතබ‍්බනිද‍්දෙසෙ කායගතාසතීති කායගතාසතිසුත‍්තන‍්තෙ (ම· නි· 3.153 ආදයො) වුත‍්තා ආනාපානචතුඉරියාපථඛුද‍්දකඉරියාපථද‍්වත‍්තිංසාකාරචතුධාතුනවසිවථිකාපටිකූල- වවත්‍ථාපකමනසිකාරසම‍්පයුත‍්තා යථානුරූපං රූපජ‍්ඣානසම‍්පයුත‍්තා ච සති. සා හි තෙසු කායෙසු ගතා පවත‍්තාති කායගතාති වුච‍්චති. සාතසහගතාති මධුරසුඛවෙදයිතසඞ‍්ඛාතෙන සාතෙන සහ එකුප‍්පාදාදිභාවං ගතා. තබ‍්භාවෙ වොකිණ‍්ණෙ ආරම‍්මණෙ නිස‍්සයෙ සංසට‍්ඨෙ දිස‍්සති සහගතසද‍්දො පඤ‍්චසු අත්‍ථෙසු ජිනවචනෙ. “යායං තණ‍්හා පොනොබ‍්භවිකා නන්‍දිරාගසහගතා”ති (විභ· 203) එත්‍ථ තබ‍්භාවෙ, නන්‍දිරාගභූතාති අත්‍ථො. “යා, භික‍්ඛවෙ, වීමංසා කොසජ‍්ජසහගතා කොසජ‍්ජසම‍්පයුත‍්තා”ති (සං· නි· 5.832) එත්‍ථ වොකිණ‍්ණෙ, අන‍්තරන‍්තරා උප‍්පජ‍්ජමානෙන කොසජ‍්ජෙන වොකිණ‍්ණාති අත්‍ථො. “ලාභී හොති රූපසහගතානං වා සමාපත‍්තීනං අරූපසහගතානං වා සමාපත‍්තීන”න‍්ති (පු· ප· 3-8) එත්‍ථ ආරම‍්මණෙ, රූපාරූපාරම‍්මණානන‍්ති අත්‍ථො. “අට‍්ඨිකසඤ‍්ඤාසහගතං සතිසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙතී”ති (සං· නි· 5.238) එත්‍ථ නිස‍්සයෙ, අට‍්ඨිකසඤ‍්ඤානිස‍්සයං අට‍්ඨිකසඤ‍්ඤං භාවෙත්‍වා පටිලද‍්ධන‍්ති අත්‍ථො. “ඉදං සුඛං ඉමාය පීතියා සහගතං හොති සහජාතං සම‍්පයුත‍්ත”න‍්ති (විභ· 578) එත්‍ථ සංසට‍්ඨෙ, සම‍්මිස‍්සන‍්ති අත්‍ථො. ඉමස‍්මිම‍්පි පදෙ සංසට‍්ඨො අධිප‍්පෙතො. සාතසංසට‍්ඨා හි සාතසහගතාති වුත‍්තා. සා හි ඨපෙත්‍වා චතුත්‍ථං ඣානං සෙසෙසු සාතසහගතා හොති, සතිපි ච උපෙක‍්ඛාසහගතත‍්තෙ යෙභුය්‍යවසෙන සාතසහගතාති වුත‍්තා, පුරිමජ‍්ඣානමූලකත‍්තා වා චතුත්‍ථජ‍්ඣානස‍්ස සාතසහගතාය උපෙක‍්ඛාසහගතාපි වුත‍්තාව හොති , උපෙක‍්ඛාය පන සන‍්තෙ සුඛෙ වුත‍්තත‍්තා භගවතා සාතසහගතාති චතුත්‍ථජ‍්ඣානසම‍්පයුත‍්තාපි වුත‍්තාව හොති.

වැඩිය යුතු ධර්ම විස්තරයෙහි කායගතා සති යනු කායගතා සති සූත්‍රාන්තයෙහි කියන ලද ආශ්වාස ප්‍රශ්වාස, සිවු ඉරියව්, කුඩා ඉරියව් දෙතිස් කුණප මෙනෙහි කිරීම, සිව්ධාතු, නව අමු සොහොන් පිළිකුල් මෙනෙහි කිරීම හා යෙදුණු, සුදුසු අයුරින් රූපධ්‍යාන හා එකට යෙදුණු සිහිය, ඒවා ඒ ශරීරයන්හි ඇතුළත් වූවාහු පවත්නාහුයි කායගතායි කියයි. සාත සහගතා යනු මිහිරි, සුව විඳීම් සංඛ්‍යාත සිසිලෙන් එකට ඉපදීම් ආදී ස්වභාවයන් සමග යුක්තවූවාහු, සහගත ශබ්දය, ඒ බැව්හි, ගැවසීමෙහි, අරමුණෙහි, ආශ්‍රයෙහි, මිශ්‍රවීමෙහි යන පංචවිධ අර්ථයන්හි බුදුවදනෙහි පෙනේ. තෘෂ්ණාව හා ඇල්ම සහිත පුනර්භවය ඇතිකරන යම් ඒ තෘෂ්ණාවක් වේද යන මෙහි ඒ බැව්හි, තෘෂ්ණාව හා ඇල්මෙන් යුක්ත වූයේය යන අර්ථයි. මහණෙනි, යම් කුසීතකමින් යුත්, කුසීතකම හා යෙදුණු යම් විමසීමක් වේද, මෙහි ගැවසීමෙහි යෙදේ. අතරතුර උපදින කුසීතකමින් ගැවසුණේය යන අර්ථයි. රූප සහගත, සමවත්ඵල හෝ අරූප සහගත සමවත්ඵල ලාභියෙක් වේ. මෙහි අරමුණෙහි යෙදේ. රූප අරූප අරමුණු යන අර්ථයි. අස්ථික සංඥා සහගත සති සම්බොජ්ඣංගය වඩයි. මෙහි ආශ්‍රයෙහි, අස්ථික සංඥාව නිශ්‍රය කොට, අට්ඨික සංඥාව ලබන ලදැයි අර්ථයි. මේ සැපය, මේ ප්‍රීතිය සමග වේ. එක්ව උපන්නේ, එකට යෙදුණේ වේ. මෙහි මිශ්‍රවීමෙහි, මිශ්‍රවන්නාහ යන අර්ථයි. මෙම පදයෙහිද මිශ්‍ර වූයේ යන්න අදහස් කරන ලදි. සිසිල හා මිශ්‍රවූයේ සිසිල සමග යුක්ත වූයේය යන අර්ථයි. චතුර්ථ ධ්‍යානය හැර සෙස්සෙහි සිහිල් සහගත තත්ත්වය වේ. සිහියද උපේක්‍ෂා සහගත බැවින් බොහෝසෙයින් සිහිල් සහගතයයි කියන ලදි. චතුර්ථ ධ්‍යානයට මුල් ධ්‍යාන මුල්වන හෙයින්, සිසිල් සහගත බව වන හෙයින්ද, උපේක්‍ෂා සහගත බව කියන ලද්දේම වේ. උපෙක්‍ෂාවගේ සාන්ත සුවය කියන ලද හෙයින් බුදුරදුන් විසින් චතුර්ථධ්‍යාන සම්ප්‍රයුක්තවද සිහිල් සහගතයයි යූ.සේයි.

සමථො ච විපස‍්සනා චාති කාමච‍්ඡන්‍දාදයො පච‍්චනීකධම‍්මෙ සමෙති විනාසෙතීති සමථො. සමාධිස‍්සෙතං නාමං. අනිච‍්චතාදිවසෙන විවිධෙහි ආකාරෙහි ධම‍්මෙ පස‍්සතීති විපස‍්සනා. පඤ‍්ඤායෙතං නාමං. ඉමෙ පන ද‍්වෙ දසුත‍්තරපරියායෙ පුබ‍්බභාගාති වුත‍්තා, සඞ‍්ගීතිපරියායෙ ච ලොකියලොකුත‍්තරමිස‍්සකාති. තයො සමාධීති සවිතක‍්කො සවිචාරො සමාධි , අවිතක‍්කො විචාරමත‍්තො සමාධි, අවිතක‍්කො අවිචාරො සමාධි. සම‍්පයොගවසෙන වත‍්තමානෙන සහ විතක‍්කෙන සවිතක‍්කො, සහ විචාරෙන සවිචාරො. සො ඛණිකසමාධි, විපස‍්සනාසමාධි, උපචාරසමාධි, පඨමජ‍්ඣානසමාධි. නත්‍ථි එතස‍්ස විතක‍්කොති අවිතක‍්කො. විතක‍්කවිචාරෙසු විචාරො මත‍්තා පරමා පමාණං එතස‍්සාති විචාරමත‍්තො, විචාරතො උත‍්තරි විතක‍්කෙන සම‍්පයොගං න ගච‍්ඡතීති අත්‍ථො. සො පඤ‍්චකනයෙ දුතියජ‍්ඣානසමාධි, තදුභයවිරහිතො අවිතක‍්කො අවිචාරො සමාධි. සො චතුක‍්කනයෙ දුතියජ‍්ඣානාදි, පඤ‍්චකනයෙ තතියජ‍්ඣානාදි රූපාවචරසමාධි. ඉමෙ තයොපි ලොකියා එව. සඞ‍්ගීතිපරියායෙ අපරෙපි තයො සමාධී වුත‍්තා – “සුඤ‍්ඤතො සමාධි, අනිමිත‍්තො සමාධි, අප‍්පණිහිතො සමාධී”ති (දී· නි· 3.305). න තෙ ඉධ අධිප‍්පෙතා.

සමථොච විපස්සනාච යනු කාමච්ඡන්‍දාදී විරුද්ධ ධර්මයන් සමනය කරයි. විනාශ කෙරෙයිනුයි = සමථොයි. මෙය සමාධියට නාමයකි. අනිත්‍යාදී වශයෙන් විවිධාකාරයෙන් ධර්මයන් දකීනුයි විදර්ශනායි. මෙය ප්‍රඥාවට නමකි. සංගීති පර්යායෙහිද ලෞකික - ලෝකෝත්තර මිශ්‍රයි. තයො සමාධි යනු, විතර්ක සහිත විචාර සහිත සමාධිය, අවිතර්ක විචාර මාත්‍ර සමාධිය, අවිතර්ක අවිචාර සමාධිය, සම්ප්‍රයෝග වශයෙන් පැවැත්වීමේදී, විතර්ක සමග වූයේ සවිතර්කයි. විචාරය සමග වූයේ අවිචාරයි. එය ක්‍ෂණික සමාධි, විදර්ශනා සමාධි, උපචාර සමාධි, ප්‍රථමධ්‍යාන සමාධි වශයෙනි. මෙයට විතර්කයක් නොමැතිනුයි - අවිතක්කොයි. විතර්ක විචාරයන්හි විචාර මාත්‍ර උපරිම ප්‍රමාණය මෙයටනුයි = විචාරමත්තොයි. මත්තෙහි විතර්කයන් සමග එකට යෙදීමට නොයේනුයි අර්ථයි. එය පඤ්චක ද්විතීයධ්‍යාන සමාධියයි. ඒ දෙයාකාරයෙන් වෙන්වූයේ අවිතර්ක අවිචාර සමාධියයි. එය චතුෂ්ක ක්‍රමයෙහි ද්විතීය ධ්‍යානාදී වූද, පඤ්චක ක්‍රමයෙහි තෘතීය ධ්‍යානාදී වූද, රූපාවචර සමාධියි. ඒවා මෙහි අදහස් නොකරන ලදී.

චත‍්තාරො සතිපට‍්ඨානාති කායානුපස‍්සනාසතිපට‍්ඨානං, වෙදනානුපස‍්සනාසතිපට‍්ඨානං, චිත‍්තානුපස‍්සනාසතිපට‍්ඨානං, ධම‍්මානුපස‍්සනාසතිපට‍්ඨානං. පුබ‍්බභාගෙ චුද‍්දසවිධෙන කායං පරිග‍්ගණ‍්හතො කායානුපස‍්සනාසතිපට‍්ඨානං, නවවිධෙන වෙදනං පරිග‍්ගණ‍්හතො වෙදනානුපස‍්සනාසතිපට‍්ඨානං, සොළසවිධෙන චිත‍්තං පරිග‍්ගණ‍්හතො චිත‍්තානුපස‍්සනාසතිපට‍්ඨානං, පඤ‍්චවිධෙන ධම‍්මෙ පරිග‍්ගණ‍්හතො ධම‍්මානුපස‍්සනාසතිපට‍්ඨානං වෙදිතබ‍්බං. ලොකුත‍්තරං පන ඉධ න අධිප‍්පෙතං. පඤ‍්චඞ‍්ගිකො සමාධීති පඤ‍්ච අඞ‍්ගානි අස‍්ස සන‍්තීති පඤ‍්චඞ‍්ගිකො, චතුත්‍ථජ‍්ඣානසමාධි. පීතිඵරණතා, සුඛඵරණතා, චෙතොඵරණතා, ආලොකඵරණතා, පච‍්චවෙක‍්ඛණනිමිත‍්තන‍්ති පඤ‍්ච අඞ‍්ගානි. පීතිං ඵරමානා උප‍්පජ‍්ජතීති ද‍්වීසු ඣානෙසු පඤ‍්ඤා පීතිඵරණතා නාම. සුඛං ඵරමානා උප‍්පජ‍්ජතීති තීසු ඣානෙසු පඤ‍්ඤා සුඛඵරණතා නාම. පරෙසං චෙතො ඵරමානා උප‍්පජ‍්ජතීති චෙතොපරියපඤ‍්ඤා චෙතොඵරණතා නාම. ආලොකං ඵරමානා උප‍්පජ‍්ජතීති දිබ‍්බචක‍්ඛුපඤ‍්ඤා ආලොකඵරණතා නාම. පච‍්චවෙක‍්ඛණඤාණං පච‍්චවෙක‍්ඛණනිමිත‍්තං නාම. වුත‍්තම‍්පි චෙතං –

චත්තාරො සතිපට්ඨානා යනු කායානුපස්සනා, වෙදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨානයි. පූර්ව භාගයෙහි තුදුස් අයුරින් කය පිරික්සනුයේ කායානුපස්සනා සතිපට්ඨානයයි. නව අයුරින් විඳීම පිරික්සනුයේ වෙදනානුපස්සනා සතිපට්ඨානයයි. සොළොස් අයුරින් සිත පිරික්සනුයේ චිත්තානුපස්සනා සතිපට්ඨානයයි. පස් අයුරින් ධර්මයන් පිරික්සනුයේ ධම්මානුපස්සනා සතිපට්ඨානයයි. ලෝකෝත්තර තත්ව මෙහි අදහස් නොකරන ලදි. පඤ්චංගිකො සමාධි යනු, කොටස් පහක් මෙයට ඇත්තේනුයි පඤ්චංගිකයි. ඒ චතුර්ථ ධ්‍යාන සමාධියයි. ප්‍රීතිය පැතිරීම, සුවය පැතිරීම, සිත පැතිරීම, ආලෝකය පැතිරීම, ප්‍රත්‍යවේක්‍ෂා නිමිත්ත යන අංග පසයි. ප්‍රීතිය පැතිරෙමින් උපදීනුයි දෙදැහැන්හි ප්‍රඥාව, ප්‍රීතිය පැතිරීමයි. සුව පැතිරෙමින් උපදීනුයි තෙදැහැන්හි ප්‍රඥාව සුව පැතිරීමයි. අන් සිත් යොමුව පැතිරෙමින් උපදීනුයි චෙතොපරිය ප්‍රඥාව සිත පැතිරීමයි. ආලෝකය පැතිරෙමින් උපදීනුයි දිවැස් පැණ ආලෝකය පැතිරීමයි. ප්‍රත්‍යවේක්‍ෂා ඤාණය ප්‍රත්‍යවේක්‍ෂා නිමිත්ත නම් වේ කියන ලද්දේය.

“ද‍්වීසු ඣානෙසු පඤ‍්ඤා පීතිඵරණතා, තීසු ඣානෙසු පඤ‍්ඤා සුඛඵරණතා, පරචිත‍්තපඤ‍්ඤා චෙතොඵරණතා, දිබ‍්බචක‍්ඛුපඤ‍්ඤා ආලොකඵරණතා, තම‍්හා තම‍්හා සමාධිම‍්හා වුට‍්ඨිතස‍්ස පච‍්චවෙක‍්ඛණඤාණං පච‍්චවෙක‍්ඛණනිමිත‍්ත”න‍්ති (විභ· 804).

දෙදැහැන්හි ප්‍රඥාව ප්‍රීතිය පැතිරීමයි. තෙ දැහැන්හි ප්‍රඥාව සුව පැතිරීමයි. අන් සිත් දැනීමේ ප්‍රඥාව සිත පැතිරීමයි. දිවැස් ප්‍රඥාව ආලෝකය පැතිරීමයි. [missing trans]

තඤ‍්හි වුට‍්ඨිතසමාධිස‍්ස පවත‍්තාකාරගහණතො නිමිත‍්තන‍්ති වුත‍්තං. තත්‍ථ ච පීතිඵරණතා සුඛඵරණතා ද‍්වෙ පාදා විය, චෙතොඵරණතා ආලොකඵරණතා ද‍්වෙ හත්‍ථා විය, අභිඤ‍්ඤාපාදකං චතුත්‍ථජ‍්ඣානං මජ‍්ඣිමකායො විය, පච‍්චවෙක‍්ඛණනිමිත‍්තං සීසං විය. ඉති ආයස‍්මා ධම‍්මසෙනාපති සාරිපුත‍්තත්‍ථෙරො පඤ‍්චඞ‍්ගිකං සම‍්මාසමාධිං අඞ‍්ගපච‍්චඞ‍්ගසම‍්පන‍්නං පුරිසං විය කත්‍වා දස‍්සෙසි.

ඒ ඒ සමාධියෙන් නැගිටියහුට පැවැති ආකාරය ගැනීම් වශයෙන් නිමිත්ත යයි කියන ලදි. එහි ප්‍රීතිය පැතිරීම, සුවය පැතිරීම දෙපා මෙනි. සිතෙහි පැතිරීම, ආලෝකයෙහි පැතිරීම දෙඅත් මෙනි. අභිඥාපාදක චතුර්ථධ්‍යානය මධ්‍යම ශරීරය මෙනි. ප්‍රත්‍යවේක්‍ෂා නිමිත්ත හිස මෙනි. මෙසේ ආයුෂ්මත් දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝ පංචාංගික සම්‍යක් සමාධිය අඟපසඟින් යුත් පුරුෂයෙකු මෙන් උපමාකොට දක්වති.

ඡ අනුස‍්සතිට‍්ඨානානීති පුනප‍්පුනං උප‍්පජ‍්ජනතො සතියො එව අනුස‍්සතියො, පවත‍්තිතබ‍්බට‍්ඨානස‍්මිංයෙව පවත‍්තත‍්තා සද‍්ධාපබ‍්බජිතස‍්ස කුලපුත‍්තස‍්ස අනුරූපා සතියොතිපි අනුස‍්සතියො, අනුස‍්සතියො එව පීතිආදීනං ඨානත‍්තා අනුස‍්සතිට‍්ඨානානි. කතමානි ඡ? බුද‍්ධානුස‍්සති ධම‍්මානුස‍්සති සඞ‍්ඝානුස‍්සති සීලානුස‍්සති චාගානුස‍්සති දෙවතානුස‍්සති (දී· නි· 3.327). බොජ‍්ඣඞ‍්ගාති බොධියා, බොධිස‍්ස වා අඞ‍්ගා. ඉදං වුත‍්තං හොති – යා එසා ධම‍්මසාමග‍්ගී යාය ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ උප‍්පජ‍්ජමානාය ලීනුද‍්ධච‍්චපතිට‍්ඨානායූහනකාමසුඛත‍්තකිලමථානුයොගඋච‍්ඡෙදසස‍්සතාභිනිවෙසාදීනං අනෙකෙසං උපද‍්දවානං පටිපක‍්ඛභූතාය සතිධම‍්මවිචයවීරියපීතිපස‍්සද‍්ධිසමාධිඋපෙක‍්ඛාසඞ‍්ඛාතාය ධම‍්මසාමග‍්ගියා අරියසාවකො බුජ‍්ඣතීති කත්‍වා බොධීති වුච‍්චති. බුජ‍්ඣතීති කිලෙසසන‍්තානනිද‍්දාය වුට‍්ඨහති, චත‍්තාරි වා අරියසච‍්චානි පටිවිජ‍්ඣති, නිබ‍්බානමෙව වා සච‍්ඡිකරොති, තස‍්සා ධම‍්මසාමග‍්ගිසඞ‍්ඛාතාය බොධියා අඞ‍්ගාතිපි බොජ‍්ඣඞ‍්ගා ඣානඞ‍්ගමග‍්ගඞ‍්ගාදයො විය. යො පනෙස යථාවුත‍්තප‍්පකාරාය එතාය ධම‍්මසාමග‍්ගියා බුජ‍්ඣතීති කත්‍වා අරියසාවකො බොධීති වුච‍්චති, තස‍්ස බොධිස‍්ස අඞ‍්ගාතිපි බොජ‍්ඣඞ‍්ගා සෙනඞ‍්ගරථඞ‍්ගාදයො විය. තෙනාහු අට‍්ඨකථාචරියා “බුජ‍්ඣනකස‍්ස පුග‍්ගලස‍්ස අඞ‍්ගාති වා බොජ‍්ඣඞ‍්ගා”ති. අපිච “බොජ‍්ඣඞ‍්ගාති කෙනට‍්ඨෙන බොජ‍්ඣඞ‍්ගා, බොධාය සංවත‍්තන‍්තීති බොජ‍්ඣඞ‍්ගා”තිආදිනා (පටි· ම· 2.17) නයෙන බොජ‍්ඣඞ‍්ගට‍්ඨො වෙදිතබ‍්බො. අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගොති තංතංමග‍්ගවජ‍්ඣකිලෙසෙහි ආරකත‍්තා අරියභාවකරත‍්තා අරියඵලපටිලාභකරත‍්තා ච අරියො. අට‍්ඨ අඞ‍්ගානි අස‍්සාති අට‍්ඨඞ‍්ගිකො. සොයං චතුරඞ‍්ගිකා විය සෙනා, පඤ‍්චඞ‍්ගිකං විය ච තූරියං අඞ‍්ගමත‍්තමෙව හොති, අඞ‍්ගවිනිමුත‍්තො නත්‍ථි. බොජ‍්ඣඞ‍්ගමග‍්ගඞ‍්ගා ලොකුත‍්තරා, දසුත‍්තරපරියායෙන පුබ‍්බභාගාපි ලබ‍්භන‍්ති.

ඡ අනුස්සතිට්ඨානානි යනු, නැවත නැවත උපදනා හෙයින් සිහියම අනුස්සතිහුය. පැවැත්විය යුතු ස්ථානයන්හිම පවත්වන හෙයින් ශ්‍රද්ධාවෙන් පැවිදි වූ කුල පුත්‍රයාට සුදුසු සිහිය වේනුයි = අනුස්සතියොයි. අනුස්සතීන්ම ප්‍රීති ආදීන්ගේ ස්ථාන බැවින් අනුස්සතිට්ඨානානියි. කවර සයෙක්ද? කංඛා බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දෙවතානුස්සති යන සයයි. බොජ්ඣංගා යනු බෝධියට හෝ බෝධියගේ අංගයි. (කොටස්) මෙය කියන ලද්දේ වේ. මේ ධර්ම සාමග්‍රිය, යමක් කරණකොට ලෝකෝත්තර මාර්ගක්‍ෂණයෙහි උපදිනු ලබන, මැලිබව, නොසන්සුන් බව, තැන්පත් කිරීම්, කම්සුවෙහි යෙදීම, ශරීරයට තද දුක්දීම, මරණින් මතු විනාසය, නොනැසී පවත්නා ආත්මය ආදී ඇලීම්වලටද, නොයෙක් උවදුරුවලට විරුද්ධ වූ, සති, ධම්මවිචය, විරිය, ප්‍රීති පස්සද්ධි, සමාධි, උපේක්‍ෂා සංඛ්‍යාත ධර්ම සාමග්‍රියෙන් ආර්යශ්‍රාවක තෙමේ අවබෝධ කෙරේනුයි සලකා බෝධියයි කියයි. බුජ්ඣති යනු කෙලෙස් සිත් පරම්පරාව සහිත නිද්‍රාවෙන් නැගිටියි. චතුරාර්ය සත්‍යයන් හෝ අවබෝධ කරයි. නිර්වාණයම හෝ සාක්‍ෂාත් කරයි. ඒ ධර්මසාමග්‍රි සංඛ්‍යාත බෝධියෙහි අංගනුයි. බොජ්ඣංගයි. ධ්‍යානාංග, මාර්ගාංග මෙනි. යමෙක් වනාහි මේ කියන ලද ආකාරයෙන් මේ ධර්ම සාමාග්‍රියෙන් අවබෝධ කෙරේනුයි සලකා ආර්යශ්‍රාවක තෙමේ බෝධියයි හඳුන්වයි. ඒ බෝධියගේ අංගනුයි= බොජ්ඣංගායි. සෙනංග, රථංග ආදිය මෙනි. අර්ථකථාචාරීහු එහෙයින් කීහ. අවබෝධ කරන පුද්ගලයාගේ අංගනුයි බොජ්ඣංගායි. තවද, බොජ්ඣංගයි ආදී ක්‍රමයෙන් බොජ්ඣංගාර්ථය දතයුතුය. අරියො අට්ඨංගිකො මග්ගො යනු ඒ ඒ මාර්ගයන්ගෙන් නැසිය යුතු කෙලෙසුන්ගෙන් දූරභාවය හෙයින්ද, ආර්ය භාවය හටගන්වන හෙයින්ද, ආර්යඵල ප්‍රතිලාභ කරන හෙයින්ද, ආර්යයි. කරුණු අටෙක් වන්නේනුයි අට්ඨංගිකයි. ඒ මෙය චතුරංගික සේනාව මෙන්ද, පංචාංගික තූර්යයන් මෙන්ද, කොටස් මාත්‍රයම වේ. කොටස් තොර වූයේ නම් නැත. බොජ්ඣංග, මාර්ගාංග ලෝකෝත්තරයහ.

නව පාරිසුද‍්ධිපධානියඞ‍්ගානීති සීලවිසුද‍්ධි පාරිසුද‍්ධිපධානියඞ‍්ගං, චිත‍්තවිසුද‍්ධි පාරිසුද‍්ධිපධානියඞ‍්ගං, දිට‍්ඨිවිසුද‍්ධි පාරිසුද‍්ධිපධානියඞ‍්ගං, කඞ‍්ඛාවිතරණවිසුද‍්ධි පාරිසුද‍්ධිපධානියඞ‍්ගං, මග‍්ගාමග‍්ගඤාණදස‍්සනවිසුද‍්ධි පාරිසුද‍්ධිපධානියඞ‍්ගං, පටිපදාඤාණදස‍්සනවිසුද‍්ධි පාරිසුද‍්ධිපධානියඞ‍්ගං, ඤාණදස‍්සනවිසුද‍්ධි පාරිසුද‍්ධිපධානියඞ‍්ගං, පඤ‍්ඤා පාරිසුද‍්ධිපධානියඞ‍්ගං, විමුත‍්ති පාරිසුද‍්ධිපධානියඞ‍්ගං (දී· නි· 3.359). සීලවිසුද‍්ධීති විසුද‍්ධිං පාපෙතුං සමත්‍ථං චතුපාරිසුද‍්ධිසීලං. තඤ‍්හි දුස‍්සීල්‍යමලං විසොධෙති. පාරිසුද‍්ධිපධානියඞ‍්ගන‍්ති පරිසුද‍්ධභාවස‍්ස පධානං උත‍්තමං අඞ‍්ගං. චිත‍්තවිසුද‍්ධීති විපස‍්සනාය පදට‍්ඨානභූතා පගුණා අට‍්ඨ සමාපත‍්තියො. තා හි කාමච‍්ඡන්‍දාදිචිත‍්තමලං විසොධෙන‍්ති. දිට‍්ඨිවිසුද‍්ධීති සප‍්පච‍්චයනාමරූපදස‍්සනං. තඤ‍්හි සත‍්තදිට‍්ඨිමලං විසොධෙති. කඞ‍්ඛාවිතරණවිසුද‍්ධීති පච‍්චයාකාරඤාණං. තෙන හි තීසු අද‍්ධාසු පච‍්චයවසෙන ධම‍්මා පවත‍්තන‍්තීති පස‍්සන‍්තො තීසුපි අද‍්ධාසු සත‍්තකඞ‍්ඛාමලං විතරන‍්තො විසුජ‍්ඣති. මග‍්ගාමග‍්ගඤාණදස‍්සනවිසුද‍්ධීති උදයබ‍්බයානුපස‍්සනක‍්ඛණෙ උප‍්පන‍්නා ඔභාසඤාණපීතිපස‍්සද‍්ධිසුඛඅධිමොක‍්ඛපග‍්ගහඋපට‍්ඨානඋපෙක‍්ඛානිකන‍්තීති දස විපස‍්සනුපක‍්කිලෙසා, න මග‍්ගො, වීථිපටිපන‍්නං උදයබ‍්බයඤාණං මග‍්ගොති එවං මග‍්ගාමග‍්ගෙ ඤාණං නාම. තෙන හි අමග‍්ගමලං විසොධෙති. පටිපදාඤාණදස‍්සනවිසුද‍්ධීති වීථිපටිපන‍්නං උදයබ‍්බයානුපස‍්සනාඤාණං භඞ‍්ගානුපස‍්සනාඤාණං භයතුපට‍්ඨානානුපස‍්සනාඤාණං ආදීනවානුපස‍්සනාඤාණං නිබ‍්බිදානුපස‍්සනාඤාණං මුඤ‍්චිතුකම්‍යතාඤාණං පටිසඞ‍්ඛානුපස‍්සනාඤාණං සඞ‍්ඛාරුපෙක‍්ඛාඤාණං අනුලොමඤාණන‍්ති ඉමානි නව විපස‍්සනාඤාණානි. තානි හි නිච‍්චසඤ‍්ඤාදිමලං විසොධෙන‍්ති. ඤාණදස‍්සනවිසුද‍්ධීති චතුඅරියමග‍්ගපඤ‍්ඤා. සා හි සමුච‍්ඡෙදතො සකසකමග‍්ගවජ‍්ඣකිලෙසමලං විසොධෙති. පඤ‍්ඤාති අරහත‍්තඵලපඤ‍්ඤා. විමුත‍්තීති අරහත‍්තඵලවිමුත‍්ති.

නව පාරිසුද්ධි පධානියංගානි යනු සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කංඛාවිතරණ විසුද්ධි, මග්ගාමග්ග ඤාණ දස්සන විසුද්ධි, පටිපදා ඤාණදස්සන විසුද්ධි, ඤාණ දස්සන විසුද්ධි, පඤ්ඤා, විමුත්ති මෙම නවයයි. සීල විසුද්ධි යනු, විශුද්ධියට පමුණුවන්ට සමත් සිවු පිරිසිදු සීලයයි. එය දුසිල් මල පිරිසිදු කෙරේනුයි පාරිශුද්ධියි. පධානියංගං යනු, පිරිසිදු බවට ප්‍රධානවන උතුම් කොටසයි. චිත්ත විසුද්ධි යනු, විදර්ශනාවට ආසන්න කරුණක් වන ප්‍රගුණ කළ අටසමවත්. ඒවා කාමාසාදී සිත්මල පිරිසිදු කරත්. දිට්ඨි විසුද්ධි යනු, හේතු සහිතව නාමරූප පිරිසිදු දැනීම, එය සත් දෘෂ්ටිමල පිරිසිදු කරයි. විතරණ විසුද්ධි යනු, ප්‍රතීත්‍ය සමුත්පාදයෙහි ඤාණයයි. එහෙයින් ත්‍රිවිධ කාලයන්හි ප්‍රත්‍යය වශයෙන් ධර්ම පවතිත් යයි, බලන්නේ ත්‍රිවිධ කාලයන්හි පවත්නා සත් සැකමල තරණය කරන්නේ පිරිසිදු වේ. මග්ගා මග්ගඤාණ දස්සන විසුද්ධි යනු, හටගැනීම විනාශය අනුව බලන ක්‍ෂණයෙහි උපන්, ආලෝක, ඤාණ, ප්‍රීති, සන්සිඳීම, සුව, නොසැලෙන බව, උත්සාහය, වැටහීම, මධ්‍යස්ථ බව, තෘෂ්ණාව යන දශ විදර්ශනා උපක්ලේශයන් මාර්ගය නොවේය. වීථියට පිළිපන් උදයව්‍යයය නියම මගයැයි මෙසේ මග නොමග දැනීම නම් වේ. එයින් නොමං මල පිරිසිදු කරයි. පටිපදා ඤාණදස්සන විසුද්ධි යනු, වීථියට පිළිපන් උදයව්‍යයානු පස්සනා ඤාණය, භංගානුපස්සනා ඤාණය, භයතුපට්ඨානානුපස්සනා ඤාණය, ආදීනවානුපස්සනා ඤාණය, නිබ්බිදානුපස්සනා ඤාණය, මුඤ්චිතු කම්‍යතා ඤාණය, පටිසංඛානුපස්සනා ඤාණය, සංඛාරුපෙක්‍ෂා ඤාණය, අනුලෝම ඤාණය යන මෙම නවය විදර්ශනා ඤාණයි. ඒවා නිත්‍ය සංඥාදී මල පිරිසිදු කෙරෙයි. ඤාණ දස්සන විසුද්ධි යනු, චතුරාර්ය සත්‍ය මාර්ග ප්‍රඥාවයි. ඒවා සම්පූර්ණයෙන් විනාශ කරන්නේ, තම තම මාර්ගයන්ගෙන් නැසිය යුතු කෙලෙස් මල පිරිසිදු කරයි. පඤ්ඤා යනු අර්හත් ඵල ප්‍රඥාවයි. විමුත්ති යනු අර්හත් ඵල විමුක්තියයි.

දස කසිණායතනානීති “පථවීකසිණමෙකො සඤ‍්ජානාති උද‍්ධං අධො තිරියං අද‍්වයං අප‍්පමාණං, ආපොකසිණමෙකො සඤ‍්ජානාති…පෙ… තෙජොකසිණමෙකො සඤ‍්ජානාති…පෙ… වායොකසිණමෙකො සඤ‍්ජානාති…පෙ… නීලකසිණමෙකො සඤ‍්ජානාති…පෙ… පීතකසිණමෙකො සඤ‍්ජානාති…පෙ… ලොහිතකසිණමෙකො සඤ‍්ජානාති…පෙ… ඔදාතකසිණමෙකො සඤ‍්ජානාති…පෙ… ආකාසකසිණමෙකො සඤ‍්ජානාති…පෙ… විඤ‍්ඤාණකසිණමෙකො සඤ‍්ජානාති උද‍්ධං අධො තිරියං අද‍්වයං අප‍්පමාණ”න‍්ති (අ· නි· 10.25; දී· නි· 3.360) එවං වුත‍්තානි දස. එතානි හි සකලඵරණට‍්ඨෙන කසිණානි, තදාරම‍්මණානං ධම‍්මානං ඛෙත‍්තට‍්ඨෙන අධිට‍්ඨානට‍්ඨෙන වා ආයතනානි. උද‍්ධන‍්ති උපරිගගනතලාභිමුඛං. අධොති හෙට‍්ඨාභූමිතලාභිමුඛං. තිරියන‍්ති ඛෙත‍්තමණ‍්ඩලමිව සමන‍්තා පරිච‍්ඡින‍්නං. එකච‍්චො හි උද‍්ධමෙව කසිණං වඩ‍්ඪෙති එකච‍්චො අධො, එකච‍්චො සමන‍්තතො. එකොපි තෙන තෙන වා කාරණෙන එවං පසාරෙති ආලොකමිව රූපදස‍්සනකාමො. තෙන වුත‍්තං – “පථවීකසිණමෙකො සඤ‍්ජානාති උද‍්ධං අධො තිරිය”න‍්ති (අ· නි· 10.25; දී· නි· 3.360). අද‍්වයන‍්ති ඉදං පන එකස‍්ස අඤ‍්ඤභාවානුපගමනත්‍ථං වුත‍්තං. යථා හි උදකං පවිට‍්ඨස‍්ස සබ‍්බදිසාසු උදකමෙව හොති න අඤ‍්ඤං, එවමෙව පථවීකසිණං පථවීකසිණමෙව හොති, නත්‍ථි තස‍්ස අඤ‍්ඤකසිණසම‍්භෙදොති. එස නයො සබ‍්බත්‍ථ. අප‍්පමාණන‍්ති ඉදං තස‍්ස තස‍්ස ඵරණඅප‍්පමාණවසෙන වුත‍්තං. තඤ‍්හි මනසා ඵරන‍්තො සකලමෙව ඵරති, න “අයමස‍්ස ආදි ඉදං මජ‍්ඣ”න‍්ති පමාණං ගණ‍්හාතීති. ආකාසකසිණන‍්ති කසිණුග‍්ඝාටිමාකාසො පරිච‍්ඡෙදාකාසකසිණඤ‍්ච. විඤ‍්ඤාණකසිණන‍්ති කසිණුග‍්ඝාටිමාකාසෙ පවත‍්තවිඤ‍්ඤාණං. තත්‍ථ කසිණවසෙන කසිණුග‍්ඝාටිමාකාසෙ, කසිණුග‍්ඝාටිමාකාසවසෙන තත්‍ථ පවත‍්තවිඤ‍්ඤාණෙ උද‍්ධංඅධොතිරියතා වෙදිතබ‍්බා, පරිච‍්ඡෙදාකාසකසිණස‍්සපි වඩ‍්ඪනීයත‍්තා තස‍්ස වසෙනපීති.

දස කසිණායතනාන යනු එක් අයෙක් පඨවි කසිණය මනාසේ දැනගනී. උඩ, යට, සරස, දෙකක් නොවන සේ, අප්‍රමාණව එක් අයෙක් ආපෝ කසිණය, එක් අයෙක් තේජෝ කසිණය, එක් අයෙක් වායෝ කසිණය, එක් අයෙක් නීල කසිණය, එක් අයෙක් පීත (කහවන්) කසිණය, එක් අයෙක් ලෝහිත කසිණය, එක් අයෙක් ශ්වේත කසිණය, එක් අයෙක් ආකාස කසිණය, එක් අයෙක් විඤ්ඤාණ කසිණය මනාසේ දැනගනී. උඩ, යට, සරස, දෙකක් නොවන සේ අප්‍රමාණව යයි මෙසේ කියන ලද දහයයි. මේවා හැමතැන පැතිරෙන අර්ථයෙන් කසිණයි. එය අරමුණු කොට ඇති ධර්මයන්ට ක්‍ෂේත්‍ර අර්ථයෙන්ද. අධිෂ්ඨානාර්ථයෙන්ද ආයතනයි. උද්ධං යනු මත්තෙහි අහස්තල අභිමුඛව, අධො යනු යට බිම් තලය අභිමුඛව, කුඹුරෙහි සම බිම මෙන් හාත්පසින් වසනලද, ඇතමෙක් අහසේ උස ප්‍රදේශයෙන්ම කසිණාරමුණු කසිණය වඩයි. ඇතමෙක් යට, ඇතමෙක් හාත්පස, තනිව ඒ ඒ කරුණට ගැළපෙන අයුරින් රූප දකිනු කැමැත්තාගේ ආලෝකය මෙන් කසිණය දිගු කරයි. එහෙයින්, පඨවි කසිණ මෙකො සඤ්ජානානි උද්ධං අධො තිරියං යයි කියන ලදි. අද්වයං යන මෙය වනාහි එකක්හුගේ වෙනස් ස්වභාවයකට නොපැමිණීම් අර්ථය සඳහා කියන ලදි. ජලයට පිවිසියහුට සියලු දිසාවන්හි ජලයම වේ. අනෙකක් නොවේ. පඨවි කසිණයද එපරිදිමය. පඨවි කසිණයම වේ. එහි අන් කසිණයන්හි මිශ්‍ර කිරීමක් නැත. හැමතැන මේ ක්‍රමයයි. අප්පමාණං යනු පැතිරවීමෙහි අප්‍රමාණතාවය වශයෙන් කියන ලදි. එය මනසින් පතුරුවන්නේ, හැමතැනම පතුරුවයි. මෙය මුලවන්නේය. මෙය මැද වන්නේ යයි ප්‍රමාණයක් නොගනී යන අර්ථයි. ආකාස කසිණං යනු කසිණ නිමිත්තෙන් ගළවා දැමූ අහස. විඤ්ඤාණ කසිණං යනු කසිණයෙන් ගළවා දැමූ ආකාසයෙහි පවත්නා විඤ්ඤාණයයි. එහි කසිණ වශයෙන්, කසිණ ඉගිලූ අහසෙහි, කසිණය උගුලුවාලූ අහසෙහි වශයෙන්, එහි පැවති විඤ්ඤාණයෙහි උඩ, යට, සරස් භාවය දතයුතුය. වෙන් කොටගත් අහසෙහි කසිණද වැඩිය යුතු හෙයින්,

ඉදානි භාවනාපභෙදං දස‍්සෙන‍්තො ද‍්වෙ භාවනාතිආදිමාහ. තත්‍ථ ලොකියාතිආදීසු ලොකො වුච‍්චති ලුජ‍්ජනපලුජ‍්ජනට‍්ඨෙන වට‍්ටං, තස‍්මිං පරියාපන‍්නභාවෙන ලොකෙ නියුත‍්තාති ලොකියා, ලොකියානං ධම‍්මානං භාවනා ලොකියා. කිඤ‍්චාපි ධම‍්මානං භාවනාති වොහාරවසෙන වුච‍්චති, තෙහි පන විසුං භාවනා නත්‍ථි. තෙ එව හි ධම‍්මා භාවියමානා භාවනාති වුච‍්චන‍්ති. උත‍්තිණ‍්ණාති උත‍්තරා, ලොකෙ අපරියාපන‍්නභාවෙන ලොකතො උත‍්තරාති ලොකුත‍්තරා.

ඊට අදාළ වන අයුරින් දැන් භාවනා ප්‍රභේද දක්වන්නේ ද්වෙභාවනා යනාදිය කීයේය. එහි ලොකියා යන ආදීණ්හි කැඩී බිඳී, විනාශවන අර්ථයෙන් සංසාර වෘත්තය ලෝකයයි කියයි. ඊට ඇතුළත් භාවයෙන් ලෝකයෙහි යෙදුණේනුයි = ලොකියායි ලෞකික ධර්මයන්ගේ වැඩීම ලොකියායි. ධර්මයන්ගේ වැඩීමයයි ව්‍යවහාර වශයෙන් කියයි. එහි වෙන් වශයෙන් භාවනා නැත. ඒ ධර්මයන් වඩනු ලබන්නේ භාවනා යයි කියති. උත්තිණ්ණා යනු එතෙරවීමයි. ලෝකයෙහි ඇතුළත් නොවන බැවින් ලෝකයෙන් එතෙර වූයේනුයි = ලොකුත්තරායි.

රූපභවසඞ‍්ඛාතෙ රූපෙ අවචරන‍්තීති රූපාවචරා. කුසලසද‍්දො පනෙත්‍ථ ආරොග්‍යඅනවජ‍්ජඡෙකසුඛවිපාකෙසු දිස‍්සති. “කච‍්චි නු භොතො කුසලං? කච‍්චි භොතො අනාමය”න‍්තිආදීසු (ජා· 1.15.146; 2.20.129) ආරොග්‍යෙ. “කතමො පන, භන‍්තෙ, කායසමාචාරො කුසලො? යො ඛො, මහාරාජ, කායසමාචාරො අනවජ‍්ජො”ති (ම· නි· 2.361) ච “පුන චපරං, භන‍්තෙ, එතදානුත‍්තරියං, යථා භගවා ධම‍්මං දෙසෙති කුසලෙසු ධම‍්මෙසූ”ති (දී· නි· 3.145) ච එවමාදීසු අනවජ‍්ජෙ. “තං කිං මඤ‍්ඤසි, රාජකුමාර, කුසලො ත්‍වං රථස‍්ස අඞ‍්ගපච‍්චඞ‍්ගාන”න‍්ති? (ම· නි· 2.87) “කුසලා නච‍්චගීතස‍්ස සික‍්ඛිතා චාතුරිත්‍ථියො”ති (ජා· 2.22.94) ච ආදීසු ඡෙකෙ. “කුසලානං ධම‍්මානං සමාදානහෙතු එවමිදං පුඤ‍්ඤං පවඩ‍්ඪතී”ති (දී· නි· 3.80) “කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා”ති (ධ· ස· 431) ච ආදීසු සුඛවිපාකෙ. ස‍්වායමිධ ආරොග්‍යෙපි අනවජ‍්ජෙපි සුඛවිපාකෙපි වට‍්ටති. වචනත්‍ථො පනෙත්‍ථ කුච‍්ඡිතෙ පාපකෙ ධම‍්මෙ සලයන‍්ති චලයන‍්ති කම‍්පෙන‍්ති විද‍්ධංසෙන‍්තීති කුසලා, කුච‍්ඡිතෙන වා ආකාරෙන සයන‍්ති පවත‍්තන‍්තීති කුසා, තෙ අකුසලසඞ‍්ඛාතෙ කුසෙ ලුනන‍්ති ඡින්‍දන‍්තීති කුසලා, කුච‍්ඡිතානං වා සානතො තනුකරණතො කුසං, ඤාණං. තෙන කුසෙන ලාතබ‍්බා ගහෙතබ‍්බා පවත‍්තෙතබ‍්බාති කුසලා, යථා වා කුසා උභයභාගගතං හත්‍ථප‍්පදෙසං ලුනන‍්ති, එවමිමෙපි උප‍්පන‍්නානුප‍්පන‍්නභාවෙන උභයභාගගතං සංකිලෙසපක‍්ඛං ලුනන‍්ති, තස‍්මා කුසා විය ලුනන‍්තීති කුසලා. තෙසං රූපාවචරකුසලානං භාවනා. අරූපභවසඞ‍්ඛාතෙ අරූපෙ අවචරන‍්තීති අරූපාවචරා. තෙභූමකවට‍්ටෙ පරියාපන‍්නා අන‍්තොගධාති පරියාපන‍්නා, තස‍්මිං න පරියාපන‍්නාති අපරියාපන‍්නා, ලොකුත‍්තරා.

රූප භව සංඛ්‍යාත රූපයෙහි හැසිරෙත්නුයි රූපාවචරයි. කුසල ශබ්දය වනාහි මෙහි, නිරෝගී භාවයෙහි, නිරවද්‍යයෙහි, දක්‍ෂ යන්නෙහි, සුව විපාකයන්හි දක්නට ලැබේ. පින්වතාණෙනි, කොහොමද යහපත්ද, පින්වතාණෙනි කොහොමද නිරෝගිද, ආදී තන්හි නිරෝගී අර්ථයෙහි යේ. ස්වාමීනි, කවරනම් කායික හැසිරීම් කුසලද? මහරජ, නිවැරදි කායික හැසිරීම්ය. භාග්‍යවතුන් වහන්සේ කුසල්දම් පිළිබඳව යම්සේ ධර්මය දේශනා කරත්ද? නැවතද ස්වාමීනි, දේශනා අතර එය උසස්ය. මේ අදී තන්හි නිරවද්‍යතාවයෙහි යෙදේ. ‘රාජකුමාරයාණෙනි, එය කිමැයි හඟින්නෙහිද? නුඹ රථයෙහි ලොකු කුඩා කොටස් පිළිබඳ දක්‍ෂද? නෘත්‍ය ගීතාදියෙහි දක්‍ෂ වූයේ දක්‍ෂභාවයෙහි හික්මුණේ ආදීන්හි දක්‍ෂතාවයෙහි යෙදේ. “කුසල්දම්හි සමාදන්වීම හේතුවෙන් මෙසේ මේ පුණ්‍යය මනාව වැඩේ.” “කුසල කර්මයාගේ කළ බැවින්, රැස්කළ බැවින්, ආදීන්හි සුව විපාකයන්හි යෙදේ.” එය මෙහි, නිරෝගිකමෙහිද, නිරවද්‍යතාවයෙහිද, සුව විපාකයෙහිද යෙදීම සුදුසුය. මෙහි වචනාර්ථය වනාහි පිළිකුල් පාපී ධර්මයන් සොලවති. චලනය කරති. කම්පා කරති. විනාශ කරතියි = කුසල් නම් වේ. පිළිකුල් ආකාරයෙන් හොවිත්. පවතිත්නුයි කුසා නම් වේ. ඒ අකුසල් සංඛ්‍යාත කුසලයන් කපත්. සිඳිත්නුයි = කුසලයි. පිළිකුල් දෑහි සියුම් කිරීමේ, මුවහත් කිරීම් වශයෙන් ඤාණය කුස නම් වේ. එම කුසයෙන් නැසිය යුතු හෙයින්, යථාර්ථ වශයෙන් ගතයුතු හෙයින් පැවැතිය යුතු හෙයින්ද කුසලයි. යම්සේ කුසතණ දෙපසට ගියේ අත් ප්‍රදේශය කපත්ද, මෙසේ මේවාද උපනුපන් භාවයෙන්, ද්විපාර්ශ්ව ගතවූයේ කෙලෙස් පස සිඳිත්. එහෙයින් කුස මෙන් සිඳිත්නුයි කුසලායි. ඒ රූපාවචර කුසලානං භාවනා යනු අරූප භව සංඛයාත අරූපයෙහි හැසිරෙත්නුයි අරූපාවචරයි. ත්‍රෛභූමික වෘත්තයෙහි පර්යාපන්න වූවාහු ඇතුළත් වූවාහුනුයි පරියාපන්නයි. එහි ඇතුළත් නොවූයේ නුයි අපරියාපන්නා ලොකුත්තරායි.

කාමාවචරකුසලානං ධම‍්මානං භාවනා කස‍්මා න වුත‍්තාති චෙ? අප‍්පනාප‍්පත‍්තාය එව භාවනාය අභිධම‍්මෙ භාවනාති අධිප‍්පෙතත‍්තා. වුත‍්තඤ‍්හි තත්‍ථ –

කාමාවචර කුසල ධර්මයන්ගේ භාවනාව කුමක් හෙයින් නොකියන ලද්දේද යත්? අභිධර්මයෙහි අර්පණාප්‍රාප්ත භාවනාවම භාවනාවයයි අදහස් කරන ලදි. එහි කියන ලදි,

“යොගවිහිතෙසු වා කම‍්මායතනෙසු යොගවිහිතෙසු වා සිප‍්පායතනෙසු යොගවිහිතෙසු වා විජ‍්ජාට‍්ඨානෙසු කම‍්මස‍්සකතං වා සච‍්චානුලොමිකං වා රූපං අනිච‍්චන‍්ති වා, වෙදනා අනිච‍්චාති වා, සඤ‍්ඤා අනිච‍්චාති වා, සඞ‍්ඛාරා අනිච‍්චාති වා, විඤ‍්ඤාණං අනිච‍්චන‍්ති වා යං එවරූපං අනුලොමිකං ඛන‍්තිං දිට‍්ඨිං රුචිං මුදිං පෙක‍්ඛං ධම‍්මනිජ‍්ඣානක‍්ඛන‍්තිං පරතො අසුත්‍වා පටිලභති, අයං වුච‍්චති චින‍්තාමයා පඤ‍්ඤා. යොගවිහිතෙසු වා කම‍්මායතනෙසු…පෙ… ධම‍්මනිජ‍්ඣානක‍්ඛන‍්තිං පරතො සුත්‍වා පටිලභති, අයං වුච‍්චති සුතමයා පඤ‍්ඤා. සබ‍්බාපි සමාපන‍්නස‍්ස පඤ‍්ඤා භාවනාමයා පඤ‍්ඤා”ති (විභ· 768).

කාර්ය නිරත කර්මාන්තායතනයන්හි හෝ කාර්ය නිරත ශිල්පායතනයන්හි හෝ කාර්ය නිරත විද්‍යාස්ථානයන්හි හෝ ක්‍රියාවන් කළ හෝ චතුරාර්ය සත්‍යයන්ට අනුලොම්ව රූපය අනිත්‍යයයි හෝ වේදනාව, -පෙ- සංඥාව -පෙ- සංස්කාර -පෙ- විඤ්ඤාණය අනිත්‍යයයි හෝ යම් මෙබඳු යෝග්‍ය කැමැත්තක්, දෘෂ්ටියක්, රුචියක්, දැනීමක්, බැල්මක්, ධර්මාවබෝධතාවක් අන්‍යයාගෙන් නොඅසා ලැබගනීද? මෙය චින්තාමය ප්‍රඥාවයයි කියයි. කාර්ය නිරත කර්මාන්තයන්හි හෝ -පෙ- ධර්මාවබෝධතාවක් අන්‍යයාගෙන් අසා ලැබගනීද? මෙය සුතමයෙ ප්‍රඥාවයයි කියයි. සමවතට සමවන්නහුගේ ප්‍රඥාව භාවනාමය ප්‍රඥාවයි.

සා පන කාමාවචරභාවනා ආවජ‍්ජනභවඞ‍්ගපාතෙහි අන‍්තරිතත‍්තා භාවනාති න වුත‍්තාති වෙදිතබ‍්බා. සබ‍්බෙසං පන පුඤ‍්ඤානං තිවිධපුඤ‍්ඤකිරියවත්‍ථූනං අන‍්තොගධත‍්තා උපචාරසමාධිවිපස‍්සනාසමාධීනං භාවනාමයපුඤ‍්ඤතා සිද‍්ධා. ඉධ පන ලොකියභාවනාය එව සඞ‍්ගහිතා. රූපාරූපාවචරානං තිවිධභාවෙ හීනාති ලාමකා. හීනුත‍්තමානං මජ‍්ඣෙ භවා මජ‍්ඣා, මජ‍්ඣිමාතිපි පාඨො. පධානභාවං නීතාති පණීතා, උත‍්තමාති අත්‍ථො. ආයූහනවසෙන අයං හීනමජ‍්ඣිමපණීතතා වෙදිතබ‍්බා. යස‍්සා හි ආයූහනක‍්ඛණෙ ඡන්‍දො වා හීනො හොති වීරියං වා චිත‍්තං වා වීමංසා වා, සා හීනා නාම. යස‍්සා තෙ ධම‍්මා මජ‍්ඣිමා, සා මජ‍්ඣිමා නාම. යස‍්සා තෙ ධම‍්මා පණීතා, සා පණීතා නාම. මුදුකෙහි වා ඉන්‍ද්‍රියෙහි සම‍්පයුත‍්තා හීනා නාම, මජ‍්ඣිමෙහි ඉන්‍ද්‍රියෙහි සම‍්පයුත‍්තා මජ‍්ඣිමා, අධිමත‍්තෙහි ඉන්‍ද්‍රියෙහි සම‍්පයුත‍්තා පණීතා නාම. අපරියාපන‍්නාය හීනමජ‍්ඣිමත‍්තාභාවා පණීතතා එව වුත‍්තා. සා හි උත‍්තමට‍්ඨෙන අතප‍්පකට‍්ඨෙන ච පණීතා.

ඒ කාමාවචර භාවනාව ආවර්ජන භවංග පාතයන්හි ඇතුළත් භාවනායයි නොකියන ලදැයි දතයුතුය. සියලු පුණ්‍යයන්ට ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වස්තු ඇතුළත් හෙයින්, උපචාර සමාධි, විදර්ශනා සමාධීන්ගේ භාවනාමය පුණ්‍යතාවය සිද්ධය. මෙහි වනාහි ලෞකික භාවනාවම සංගෘහිතයි. රූපාවචර අරූපාවචරයන්ගේ ත්‍රිවිධ භාවයෙහි හීනා යනු ලාමක, ලාමක හා උසස් තත්ත්වයන් අතර වූයේ = මජ්ඣායි. මජ්ඣිමායිද පාඨයි. ප්‍රධාන භාවයට පැමිණවූයේනුයි පණීතායි. උතුම් යන අර්ථයි. රැස්කිරීම් වශයෙන් මෙය, හීන, මධ්‍යම, ප්‍රණීත වශයෙන් දතයුතුය. යමෙකුගේ රැස්කරන මොහොතෙහි (භාවනා වඩන) කැමැත්ත, වීර්යය, සිත හෝ නුවණින් පරීක්‍ෂාව ලාමක වේද, එය හීන නම් වේ. යමෙකුගේ ඒ ධර්ම මධ්‍යම වේද ඒ මධ්‍යමයි. යමෙකුට ඒ ධර්ම ප්‍රණීතද ඒ ප්‍රණීත නම් වේ. මෘදු ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයන් සමග යුක්ත වූයේ හීනයි. මධ්‍යම ඉන්‍ද්‍රියයන් සමග යුක්ත වූයේ මධ්‍යමයි. අධිමාත්‍ර ඉන්ද්‍රියයන් සමග යුක්ත වූයේ ප්‍රණීතයි. කෙලෙසුන්ගෙන් ගහණ නොවූ කල්හි හීන, මධ්‍යම භාව නොමැති හෙයින් ප්‍රණීතතාවයම කියන ලදි. එය උතුම් අර්ථයෙන්ද, නොතැවෙන අර්ථයෙන්ද ප්‍රණීතයි.

පඨමභාවනාචතුක‍්කෙ භාවෙතීති එකස‍්මිංයෙව ඛණෙ තථා තථා පටිවිජ‍්ඣන‍්තො අරියමග‍්ගං භාවෙති. දුතියභාවනාචතුක‍්කෙ එසනාභාවනාති අප‍්පනාපුබ‍්බභාගෙ භාවනා. සා හි අප‍්පනං එසන‍්ති එතායාති එසනාති වුත‍්තා. පටිලාභභාවනාති අප‍්පනාභාවනා. සා හි තාය එසනාය පටිලබ‍්භතීති පටිලාභොති වුත‍්තා. එකරසාභාවනාති පටිලාභෙ වසීභාවං පත‍්තුකාමස‍්ස පයොගකාලෙ භාවනා. සා හි තෙන තෙන පහානෙන තෙහි තෙහි කිලෙසෙහි විමුත‍්තත‍්තා විමුත‍්තිරසෙන එකරසාති කත්‍වා එකරසාති වුත‍්තා. ආසෙවනාභාවනාති පටිලාභෙ වසිප‍්පත‍්තස‍්ස යථාරුචි පරිභොගකාලෙ භාවනා. සා හි භුසං සෙවීයතීති ආසෙවනාති වුත‍්තා. කෙචි පන “ආසෙවනාභාවනා වසීකම‍්මං, එකරසාභාවනා සබ‍්බත්‍ථිකා”ති වණ‍්ණයන‍්ති. චතුක‍්කවිභාගෙ සමාධිං සමාපජ‍්ජන‍්තානන‍්ති වත‍්තමානසමීපෙ වත‍්තමානවචනං. තත්‍ථ ජාතාති තස‍්මිං පුබ‍්බභාගෙ ජාතා. එකරසා හොන‍්තීති අප‍්පනුප‍්පාදනෙ සමානකිච‍්චා හොන‍්ති. සමාධිං සමාපන‍්නානන‍්ති අප‍්පිතප‍්පනානං. තත්‍ථ ජාතාති තස‍්සා අප‍්පනාය ජාතා. අඤ‍්ඤමඤ‍්ඤං නාතිවත‍්තන‍්තීති සමප‍්පවත‍්තියා අඤ‍්ඤමඤ‍්ඤං නාතික‍්කමන‍්ති. අධිමොක‍්ඛට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියං භාවයතොතිආදීසු එකක‍්ඛණෙපි එකෙකස‍්ස ඉන්‍ද්‍රියස‍්ස සකසකකිච‍්චකරණෙ තංතංනිස‍්සයවසෙන සකසකකිච‍්චකාරකානි සෙසානිපි ඉන්‍ද්‍රියානි විමුත‍්තිරසෙන එකරසා හොන‍්තීති විමුත‍්තිරසෙනෙව එකරසට‍්ඨෙන භාවනා. බලබොජ‍්ඣඞ‍්ගමග‍්ගඞ‍්ගෙසුපි එසෙව නයො. එකරසාති ච ලිඞ‍්ගවිපල‍්ලාසො කතො.

ප්‍රථම භාවනා චතුෂ්කයෙහි භාවෙති යනු එකෙණෙහිම ඒ ඒ අයුරින් අවබෝධ කරනුයේ ආර්ය මාර්ගය වඩයි. දෙවන භාවනා චතුෂ්කයෙහි එසනා භාවනා යනු අර්පණාවට පූර්ව භාගයෙහි භාවනාවයි. එය අර්පණාව සොයන්නේ මෙය කරණ කොටනුයි - එසනායි කියන ලදි. පටිලාභා භාවනා යනු අර්පණා භාවනාවයි. එය එම සෙවීමෙන් ලබාගනීනුයි ප්‍රතිලාභ යයි කියන ලදි. එකරසා භාවනා යනු ප්‍රතිලාභයෙහිදී වසී භාවයට පත්වනු කැමැත්තහුගේ ප්‍රයෝග කාලයෙහි භාවනාවයි. එය ඒ ඒ ප්‍රහාණයෙන්, ඒ ඒ කෙලෙසුන්ගෙන් මිදුණු හෙයින් මිදීම් රසයෙන් එක් රසයයි කොට එක් රසයයි යූ.සේයි. ආසෙවනා භාවනා යනු ප්‍රතිලාභයෙහිදී වසීප්‍රාප්ත වූ, පරිභෝග කාලයෙහිදී කැමති පරිදි සමවැදිය හැකි භාවනාවයි. එය බොහෝ සේ සේවනය කෙරේනුයි = ආසෙවනායි යූ.සේයි. සමහරු වනාහි ආසේවනයෙන් වසීප්‍රාප්ත, එක් රස යුත් භාවනාව හැමතැන පැතිර පවතීයයි වර්ණනා කරති. චතුෂ්ක විභාගයෙහි, සමාධිං සමාපජ්ජන්තානං යනු සමාධියට සමවන් සියල්ලන්ගේ, එහි ජාතා යනු එහි පූර්වභාගයෙහි හටගත්, එකරසාහොන්ති යනු අර්පණා ඉපදවීමෙහි සමාන කෘත්‍ය වෙතියි අර්ථයි. සමාධිං සමාපන්නානං යනු අර්පණාවන්ගේ ඇතුළට වැදුනුය:අ: තත්‍ථජාතා යනු ඒ අර්පණාවෙහි හටගත්, අඤ්ඤමඤ්ඤං නාතිවත්තති යනු සමපැවැත්ම තුළින් ඔවුනොවුන් නොඉක්මවති. අධිමොක්ඛට්ඨෙන සද්ධින්‍ද්‍රියං භාවයතො ආදීන්හි එකෙණෙහි එක් එක් ඉන්ද්‍රියයන්ගේ තම තමා අයත් කෘත්‍යයන් කිරීමෙහි, ඒ ඒ කරුණට සහාය වීම් වශයෙන්, තම තම කෘත්‍යකාරක වූ, සෙසු ඉන්‍ද්‍රියයන් විමුක්ති රසයෙන් එකම රසයෙක් වේනුයි, විමුක්ති රස වශයෙන්ම ඒක රසාර්ථයෙන්, භාවනාබල, බොජ්ඣංග මාර්ගාංගයන්හිද මේ ක්‍රමයමැයි. එක රසා යනුවෙන් ලිංග විපර්යාසය කරන ලදි.

ඉධ භික‍්ඛූති ඉමස‍්මිං සාසනෙ භික‍්ඛු. සංසාරෙ භයං ඉක‍්ඛතීති භික‍්ඛු. පුබ‍්බණ‍්හසමයන‍්තිආදීසු අච‍්චන‍්තසංයොගත්‍ථෙ උපයොගවචනං, අත්‍ථතො පන භුම‍්මමෙව , දිවසස‍්ස පුබ‍්බකාලෙති අත්‍ථො. ආසෙවතීති වසිප‍්පත‍්තං සමාධිං භුසං සෙවති. මජ‍්ඣන‍්හිකසමයන‍්ති දිවසස‍්ස මජ‍්ඣකාලෙ. සායන‍්හසමයන‍්ති දිවසස‍්ස සායන‍්හකාලෙ. පුරෙභත‍්තන‍්ති දිවාභත‍්තතො පුරෙකාලෙ. පච‍්ඡාභත‍්තන‍්ති දිවාභත‍්තතො පච‍්ඡාකාලෙ. පුරිමෙපි යාමෙති රත‍්තියා පඨමෙ කොට‍්ඨාසෙ. කාළෙති කාළපක‍්ඛෙ. ජුණ‍්හෙති සුක‍්කපක‍්ඛෙ. පුරිමෙපි වයොඛන්‍ධෙති පඨමෙ වයොකොට‍්ඨාසෙ, පඨමවයෙති අත්‍ථො. තීසු ච වයෙසු වස‍්සසතායුකස‍්ස පුරිසස‍්ස එකෙකස‍්මිං වයෙ චතුමාසාධිකානි තෙත‍්තිංස වස‍්සානි හොන‍්ති.

ඉධ භික්ඛු යනු, මේ සාසනයෙහි භික්‍ෂුව, සසර බිය බලයිනුයි භික්‍ෂුයි. පුබ්බණ්හ සමයං ආදීන්හි අත්‍යන්ත සංයෝගාර්ථයෙහි ද්විතියා වචනයි. අර්ථ වශයෙන් ජ්‍යෙෂ්ඨයි. දිනයෙහි පූර්ව කාලයෙහි යන අර්ථයි. ආසෙවති යනු වසීප්‍රාප්ත සමාධිය බොහෝ සේ සේවනය කරයි. යන අර්ථයි. මජ්ඣන්තික සමයං යනු දවසෙහි මධ්‍ය කාලයෙහි, සායණ්හ සමයං යනු දවසෙහි සවස් කාලයෙහි, පුරෙ භත්තං යනු දිවා භෝජනයට පෙර කල්හි, පච්ඡා භත්තං යනු දිවා ආහාරයෙන් පසුකල්හි, පුරිමෙපි යාමෙ යනු රාත්‍රියෙහි පළමු කොටසෙහි, කාලෙ යනු, කළුවර පසෙහි - පුණ්හො යනු හඳ ඇති (ආලෝක) පසෙහි, පුරිමෙපි වයො ඛන්‍ධෙ යනු ප්‍රථම වයස් කොටසෙහි, ප්‍රථම වයසෙහියි අර්ථයි. ශත වර්ෂායුක පුරුෂයෙකුට, ත්‍රිවිධ වයස් කාණ්ඩයන්හි, එක් එක් වයස් කාණ්ඩයකට සිවුමාසාධික තෙතිස් වර්ෂ කාලයක් අයත් වේ.

තතියභාවනාචතුක‍්කෙ තත්‍ථ ජාතානං ධම‍්මානං අනතිවත‍්තනට‍්ඨෙනාති තත්‍ථ නෙක‍්ඛම‍්මාදීසු භාවනාවිසෙසෙසු ජාතානං සමාධිපඤ‍්ඤාසඞ‍්ඛාතානං යුගනද‍්ධධම‍්මානං අඤ‍්ඤමඤ‍්ඤං අනතික‍්කමනභාවෙන. ඉන්‍ද්‍රියානං එකරසට‍්ඨෙනාති තත්‍ථෙව සද‍්ධාදීනං ඉන්‍ද්‍රියානං නානාකිලෙසෙහි විමුත‍්තත‍්තා විමුත‍්තිරසෙන එකරසභාවෙන. තදුපගවීරියවාහනට‍්ඨෙනාති තෙසං අනතිවත‍්තනඑකරසභාවානං අනුච‍්ඡවිකස‍්ස වීරියස‍්ස වාහනභාවෙන. ආසෙවනට‍්ඨෙනාති යා තස‍්ස තස‍්මිං සමයෙ පවත‍්තා ආසෙවනා. තස‍්සා ආසෙවනාය ආසෙවනභාවෙන.

තෘතීය භාවනා චතුෂ්කයෙහි තත්‍ථ ජාතානං ධම්මානං අනතිවත්තනට්ඨෙන යනු එහි නෛෂ්ක්‍රම්‍යාදී භාවනා විෂයයන්හි හටගත් සමාධි ප්‍රඥා සංඛ්‍යාත එකට වෙළී පවත්නා ධර්මයන්ගේ ඔවුනොවුන් නොඉක්මවන ස්වභාවයෙන්, ඉන්‍ද්‍රියානං එකරසට්ඨෙන යනු එහිම ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් නොයෙක් කෙලෙසුන්ගෙන් මිදුණු බැවින්, විමුක්ති රසයෙන් එක් රස භාවයෙන්, තදුපගවිරියවාහනට්ඨෙන යනු ඒවාහි එක් රසභාවයන් නොඉක්මවන පරිදි සුදුසු වීර්ය උසුලන භාවයෙන් ආසෙවනට්ඨෙන යනු එයට එසමයෙහි පැවති යම් සේවනයක් වේද, ඒ සේවනයෙන්, පුරුදු කිරීම් භාවයෙන්.

රූපසඤ‍්ඤන‍්ති කුසලවිපාකකිරියවසෙන පඤ‍්චදසවිධං රූපාවචරජ‍්ඣානසඞ‍්ඛාතං රූපසඤ‍්ඤං. රූපාවචරජ‍්ඣානම‍්පි හි රූපන‍්ති වුච‍්චති “රූපී රූපානි පස‍්සතී”තිආදීසු (දී· නි· 2.174; අ· නි· 8.66; ධ· ස· 248), තස‍්ස ඣානස‍්ස ආරම‍්මණම‍්පි “බහිද‍්ධා රූපානි පස‍්සති සුවණ‍්ණදුබ‍්බණ‍්ණානී”තිආදීසු (දී· නි· 2.173; අ· නි· 8.65-66; ධ· ස· 247, 249). රූපාවචරජ‍්ඣානඤ‍්හි සඤ‍්ඤාසීසෙන රූපෙ සඤ‍්ඤාති කත්‍වා රූපසඤ‍්ඤාති වුච‍්චති. පටිඝසඤ‍්ඤන‍්ති කුසලවිපාකා පඤ‍්ච, අකුසලවිපාකා පඤ‍්චාති එවං දසවිධං පටිඝසඤ‍්ඤං. ද‍්විපඤ‍්චවිඤ‍්ඤාණසම‍්පයුත‍්තා හි සඤ‍්ඤා චක‍්ඛාදීනං වත්‍ථූනං රූපාදීනං ආරම‍්මණානඤ‍්ච පටිඝාතෙන උප‍්පන‍්නත‍්තා පටිඝසඤ‍්ඤාති වුච‍්චති. රූපසඤ‍්ඤා සද‍්දසඤ‍්ඤා ගන්‍ධසඤ‍්ඤා රසසඤ‍්ඤා ඵොට‍්ඨබ‍්බසඤ‍්ඤාතිපි එතිස‍්සා එව නාමං. නානත‍්තසඤ‍්ඤන‍්ති අට‍්ඨ කාමාවචරකුසලසඤ‍්ඤා, ද‍්වාදස අකුසලසඤ‍්ඤා , එකාදස කාමාවචරකුසලවිපාකසඤ‍්ඤා, ද‍්වෙ අකුසලවිපාකසඤ‍්ඤා, එකාදස කාමාවචරකිරියසඤ‍්ඤාති එවං චතුචත‍්තාලීසවිධං නානත‍්තසඤ‍්ඤං. සා හි නානත‍්තෙ නානාසභාවෙ රූපසද‍්දාදිභෙදෙ ගොචරෙ පවත‍්තා සඤ‍්ඤාති නානත‍්තසඤ‍්ඤා, චතුචත‍්තාලීසභෙදතො නානත‍්තා නානාසභාවා අඤ‍්ඤමඤ‍්ඤං අසදිසා සඤ‍්ඤාති වා නානත‍්තසඤ‍්ඤාති වුච‍්චති. සඤ‍්ඤාබහුකත‍්තෙපි ජාතිග‍්ගහණෙන එකවචනං කතං.

රූපසඤ්ඤං යනු කුසල, විපාක, ක්‍රියා වශයෙන් පසළොස් ආකාර රූපාවචර ධ්‍යාන සංඛ්‍යාත රූප සංඥාවයි. රූපාවචර ධ්‍යානයද රූපයයි කියයි. රූපී රූපානි පස්සති ආදීන්හි එම ධ්‍යානයෙහි අරමුණද ගැනේ. ‘බහිද්ධා රූපානි පස්සති සුවණ්ණ දුබ්බණ්ණානි, රූපාවචර ධ්‍යානය සංඥා ශීර්ෂයෙන් රූපයෙහි සංඥායි කොට රූප සඤ්ඤායි කියයි. පටිඝ සඤ්ඤං යනු කුසල විපාක පහක් හා අකුසල විපාක පහක් යයි මෙසේ දසවැදෑරුම් ප්‍රතිඝ සංඥාවයි. ද්වි පඤ්ච (දස) විඤ්ඤාණ සමග යෙදුණු සංඥාව, චක්‍ෂු ආදී වස්තූන්ගේද, රූප ආදී අරමුණුවලද හැපීමෙන් උපන් බැවින් පටිඝ සඤ්ඤායි කියනු ලැබේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්‍ධ සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා යනුද මෙයටම නාමයකි. නානත්ත සංඥා යනු අටවැදෑරුම් කාමාවචර සංඥාවන්ද, දොළොස් අකුසල සංඥාවන්ද, එකොළොස් කාමාවචර කුසල විපාක සංඥාවන්ද, දෙ අකුසල සංඥාවන්ද, එකොළොස් කාමාවචර විපාක, ක්‍රියා සංඥා යයි මෙසේ සිව්සාළිස් ආකාර නානත්‍ව සංඥාව. එය නොයෙක් ආකාර, නොයෙක් ස්වභාව වූ, රූප ශබ්දාදී භේද වූ ගෝචරයන්හි පවත්නා සංඥානුයි - නානත්ත සඤ්ඤායි. සිව්සාළිස් ප්‍රභේදයෙන් නානාප්‍රකාරය. නොයෙක් ස්වභාවය, ඔවුනොවුන් සමාන නොවූ සංඥානුයි නානත්ත සඤ්ඤායි කියනු ලැබේ. සංඡාවන් බොහෝ වූයේ නමුත් ජාති ග්‍රහණයෙන් ඒකවචන කරන ලදි.

නිච‍්චසඤ‍්ඤන‍්ති නිච‍්චන‍්ති සඤ‍්ඤං නිච‍්චසඤ‍්ඤං. එවං සුඛසඤ‍්ඤං අත‍්තසඤ‍්ඤං. නන්‍දින‍්ති සප‍්පීතිකං තණ‍්හං. රාගන‍්ති නිප‍්පීතිකං තණ‍්හං. සමුදයන‍්ති රාගස‍්ස සමුදයං. අථ වා භඞ‍්ගානුපස‍්සනාය භඞ‍්ගස‍්සෙව දස‍්සනතො සඞ‍්ඛාරානං උදයං. ආදානන‍්ති නිබ‍්බත‍්තනවසෙන කිලෙසානං, අදොසදස‍්සාවිතාය සඞ‍්ඛතාරම‍්මණස‍්ස වා ආදානං. ඝනසඤ‍්ඤන‍්ති සන‍්තතිවසෙන ඝනන‍්ති සඤ‍්ඤං. ආයූහනන‍්ති සඞ‍්ඛාරානං අත්‍ථාය පයොගකරණං. ධුවසඤ‍්ඤන‍්ති ථිරන‍්ති සඤ‍්ඤං. නිමිත‍්තන‍්ති නිච‍්චනිමිත‍්තං. පණිධින‍්ති සුඛපත්‍ථනං. අභිනිවෙසන‍්ති අත්‍ථි අත‍්තාති අභිනිවෙසං. සාරාදානාභිනිවෙසන‍්ති නිච‍්චසාරත‍්තසාරගහණාභිනිවෙසං. සම‍්මොහාභිනිවෙසන‍්ති “අහොසිං නු ඛො අහං අතීතමද‍්ධාන”න‍්තිආදිවසෙන (සං· නි· 2.20) “ඉස‍්සරතො ලොකො සම‍්භොතී”තිආදිවසෙන ච සම‍්මොහාභිනිවෙසං. ආලයාභිනිවෙසන‍්ති ආදීනවාදස‍්සනෙන අල‍්ලීයිතබ‍්බමිදන‍්ති අභිනිවෙසං. අප‍්පටිසඞ‍්ඛන‍්ති අනුපායගහණං. සඤ‍්ඤොගාභිනිවෙසන‍්ති කාමයොගාදිකං කිලෙසප‍්පවත‍්තිං.

නිච්ච සඤ්ඤං යනු නිත්‍යය යන සංඥාව නිත්‍ය සංඥාවයි. සුව සංඥාවද, ආත්ම සංඥාවද මෙසේය. නන්‍දි යනු ප්‍රීතිය සහිත තෘෂ්ණාවයි. රාග යනු, ප්‍රීති රහිත තෘෂ්ණාවයි. සමුදයං යනු රාගයාගේ හටගැන්මයි. නොහොත් භංගානුපස්සනාවෙන් භංගයන්ම දක්නා හෙයින් සංස්කාරයන්ගේ හටගැන්මයි. ආදානං යනු හටගැනීම් වශයෙන් කෙලෙසුන්ගේ නිදොස් බව දක්නා හෙයින් ප්‍රත්‍යයෙන් හටගත් අරමුණෙහි තදින් එල්බ ගැනීමයි. ඝණ සඤ්ඤං යනු නොකඩවා පැවැත්මෙහිදී ඇතිවන ඝණ සඤ්ඤාවයි. ආයූහනං යනු සංස්කාරයන් සඳහා උපාය මාර්ග කිරීමයි. ධුව සඤ්ඤං යනු ස්ථිරය යන හැඟීමයි. නිමිත්තං යනු නිත්‍ය නිමිත්තයං. පණිධි යනු සුව ප්‍රාර්ථනයි. අභිනිවෙසං යනු ආත්මයක් තිබේයයි ඇලී සිටීමයි. සාරාදානාභිනිවෙසං යනු නිත්‍යසාර, ආත්ම සරාදී වශයෙන් ඇලී සිටීමයි. සම්මොහාභිනිවෙසං යනු අතීත සංසාරය නමැති දීර්ඝ මාර්ගයෙහි ගමන්කළ මගියෙකු වශයෙන් මම වූයෙම්ද? ආදී වශයෙන්ද, මේ ලෝකය මැවුම්කාර දෙවියෙකුගෙන් හටගත්තේද ආදී වශයෙන්ද මුලාවෙහි පිහිටීමයි. ආලයාභිනිවෙසං යනු ආදීනව දර්ශනයෙන් මෙහි ඇලිය යුතුයයි යන අභිනිවේසය. අප්පටිසංඛං යනු අනුපාය ග්‍රහණයයි. වැරදි අයුරින් ගැනීමයි. සංයොගා භිනිවෙසං යනු කාමයෝගාදී කෙලෙස් පැවැත්මයි.

දිට‍්ඨෙකට‍්ඨෙති දිට‍්ඨීහි සහ එකස‍්මිං ඨිතාති දිට‍්ඨෙකට‍්ඨා. තෙ දිට‍්ඨෙකට‍්ඨෙ. කිලෙසෙන‍්ති උපතාපෙන‍්ති, විබාධෙන‍්ති වාති කිලෙසා. තෙ කිලෙසෙ. දුවිධඤ‍්හි එකට‍්ඨං පහානෙකට‍්ඨං සහජෙකට‍්ඨඤ‍්ච. පහානෙකට‍්ඨං සක‍්කායදිට‍්ඨිපමුඛාහි තෙසට‍්ඨියා දිට‍්ඨීහි සහ (පටි· ම· අට‍්ඨ· 2.1.118) යාව සොතාපත‍්තිමග‍්ගෙන පහානා, තාව එකස‍්මිං පුග‍්ගලෙ ඨිතාති අත්‍ථො. ඉදමිධාධිප‍්පෙතං. දසසු හි කිලෙසෙසු ඉධ දිට‍්ඨිකිලෙසොයෙව ආගතො. සෙසෙසු පන අපායගමනීයො ලොභො දොසො මොහො මානො විචිකිච‍්ඡා ථිනං උද‍්ධච‍්චං අහිරිකං අනොත‍්තප‍්පන‍්ති නව කිලෙසා දිට‍්ඨියා සහ පහානෙකට‍්ඨා හුත්‍වා සොතාපත‍්තිමග‍්ගෙන පහීයන‍්ති, රාගදොසමොහපමුඛෙසු වා දියඩ‍්ඪෙසු කිලෙසසහස‍්සෙසු සොතාපත‍්තිමග‍්ගෙන දිට‍්ඨියා පහීයමානාය දිට‍්ඨියා සහ අපායගමනීයා සබ‍්බකිලෙසා පහානෙකට‍්ඨවසෙන පහීයන‍්ති, සහජෙකට‍්ඨෙ දිට‍්ඨියා සහ එකස‍්මිං චිත‍්තෙ ඨිතාති අත්‍ථො. සොතාපත‍්තිමග‍්ගෙන හි ද‍්වීසු දිට‍්ඨිසම‍්පයුත‍්තඅසඞ‍්ඛාරිකචිත‍්තෙසු පහීයමානෙසු තෙහි සහජාතො ලොභො මොහො උද‍්ධච‍්චං අහිරිකං අනොත‍්තප‍්පන‍්ති ඉමෙ කිලෙසා සහජෙකට‍්ඨවසෙන පහීයන‍්ති, ද‍්වීසු දිට‍්ඨිසම‍්පයුත‍්තසසඞ‍්ඛාරිකචිත‍්තෙසු පහීයමානෙසු තෙහි සහජාතො ලොභො මොහො ථිනං උද‍්ධච‍්චං අහිරිකං අනොත‍්තප‍්පන‍්ති ඉමෙ කිලෙසා සහජෙකට‍්ඨවසෙන පහීයන‍්ති. ඔළාරිකෙ කිලෙසෙති ඔළාරිකභූතෙ කාමරාගබ්‍යාපාදෙ. අනුසහගතෙ කිලෙසෙති සුඛුමභූතෙ කාමරාගබ්‍යාපාදෙ. සබ‍්බකිලෙසෙති මග‍්ගත‍්තයෙන පහීනාවසෙසෙ.

දිට්ඨෙකට්ඨෙ යනු දෘෂ්ටීන් සමග එක්තන්හි සිටීනුයි = දිට්ඨෙකට්ඨායි. ඒ දිට්ඨෙකට්ඨයන්; කිලිටි කරත්, තවත්, වළක්වත්නුයි කෙලෙස්ය. ඒ කෙලෙසුන්. ඒකට්ඨය, පහාණෙකට්ඨ, සහජෙකට්ඨ යනුවෙන් දෙයාකාරය. ප්‍රහාණෙකට්ඨය. සක්කාය දෘෂ්ටිප්‍රමුඛ තෙසැටක් දෘෂ්ටීන්හි හා සෝවාන් මාර්ගයෙන් යම් පමණ කෙලෙසුන් ප්‍රහාණය කළයුතුද? ඒතාක් එක් පුද්ගලයෙකු කෙරෙහි සිටියේය යන අර්ථයි. මෙය මෙහි අදහස් කරන ලදී. දස කෙලෙසුන්හි මෙහි දෘෂ්ටි ක්ලේශයම ආයේය. සෙස්සෙහි වනාහි අපාය ගමනීය ලෝභ, ද්වේෂ, මාන, විචිකිච්ඡා, ථීන, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යන නව කෙලෙසුන් දෘෂ්ටිය සමග ප්‍රහාණ එක්තැන්වී සෝවාන් මාර්ගයෙන් ප්‍රහීණ වෙයි. රාග, ද්වේෂ, මෝහ ප්‍රමුඛ එක්දහස් පන්සියයක් වූ කෙලෙසුන් අතර සෝවාන් මාර්ගයෙහි දෘෂ්ටිය ප්‍රහීණ වන කල්හි දෘෂ්ටිය හා අපායගාමී සියලු කෙලෙස් පහාණෙකට්ඨ වශයෙන් ප්‍රහීණ වෙයි. එකට උපන් දෘෂ්ටිය හා එක් සිතෙහි සිටියේය යන අර්ථයි. සෝවාන් මාර්ගයෙන් දෘෂ්ටි සම්ප්‍රයුක්ත අසංඛාරික දෙසිත් ප්‍රහීණවන කල්හි ඒ හා සමග හටගත් ලෝභ, මෝහ, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යන මේ කෙලෙස් සහජෙකට්ඨ වශයෙන් ප්‍රහීණ වෙයි. දෘෂ්ටි සම්ප්‍රයුක්ත සසංඛාරික දෙසිත් ප්‍රහීණ වන කල්හි ඒවා සමග හටගත් ලෝභ, මෝහ, ථීන, උද්ධච්ච, අහිරික, අනොත්තප්ප යන මේ කෙලෙස් සහජෙකට්ඨ වශයෙන් ප්‍රහීණ වෙයි. ඔළාරිකෙ කිලෙසෙ යනු දළ වූ කාමරාග ව්‍යාපාද, අනුසහගත කිලෙසෙ යනු සියුම් වූ කාමරාග ව්‍යාපාද, සබ්බකිලෙසෙ යනු මාර්ගත්‍රයෙන් ප්‍රහීණව ඉතිරි වූ කෙලෙස්.

වීරියං වාහෙතීති යොගාවචරො වීරියං පවත‍්තෙති. හෙට‍්ඨා එසනාපටිලාභඑකරසආසෙවනවචනානි භාවනානං විසෙසදස‍්සනත්‍ථං වුත‍්තානි “එවංභූතා ච භාවනා”ති. ඉධ “තත්‍ථ ජාතානං ධම‍්මානං අනතිවත‍්තනට‍්ඨෙන ඉන්‍ද්‍රියානං එකරසට‍්ඨෙන තදුපගවීරියවාහනට‍්ඨෙන ආසෙවනට‍්ඨෙනා”ති වචනානි භාවනාහෙතුදස‍්සනත්‍ථං වුත‍්තානි “ඉමිනා ච ඉමිනා ච හෙතුනා භාවනා”ති. හෙට‍්ඨා ආසෙවනාභාවනාති නානාක‍්ඛණවසෙන වුත‍්තා, ඉධ ආසෙවනට‍්ඨෙන භාවනාති එකක‍්ඛණවසෙනාති විසෙසො. රූපං පස‍්සන‍්තො භාවෙතීතිආදීසු රූපාදීනි පස‍්සිතබ‍්බාකාරෙන පස‍්සන‍්තො භාවෙතබ‍්බං භාවනං භාවෙතීති අත්‍ථො. එකරසා හොන‍්තීති විමුත‍්තිරසෙන, කිච‍්චරසෙන වා එකරසා හොන‍්ති. විමුත‍්තිරසොති සම‍්පත‍්තිරසො. කිච‍්චසම‍්පත‍්තිඅත්‍ථෙන රසො නාම පවුච‍්චතීති හි වුත‍්තන‍්ති.

විරියංවා හොති යනු යෝගාවචරයා වීර්යය පවත්වයි. යට ඒසනා, ප්‍රතිලාභ, ඒකරස, ආසේවන යන වචනයන් භාවනාවන්ගේ විශේෂතා දැක්වීම සඳහා කියන ලදි. මෙහි භාවනාව මෙසේ වූයේයයි, එහි හටගත් ධර්මයන්ගේ නොඉක්මවන අර්ථයෙන්, ඉන්‍ද්‍රියයන්ගේ ඒක රසාර්ථයෙන්, ඊට සුදුසු අයුරින් වීර්යය උසුලන අර්ථයෙන්ද, ආසේවන අර්ථයෙන්දැයි යනු වචන භාවනා හේතු දැක්වීමට කියන ලදි. මේ මේ හේතුයෙන් භාවනායිද, යට යට ආසේවන භාවනායිද නොයෙක් ක්‍ෂණ වශයෙන් කියන ලදි. මෙහි ආසේවනාර්ථයෙන් භාවනා යනු එකක්‍ෂණ වශයෙනැයි වෙනසයි. රූපං පස්සන්තො භාවෙති ආදීන්හි රූපාදීන් බැලිය යුතු අයුරින් බලමින් වැඩිය යුතු භාවනාව වඩයි යන අර්ථයි. එකරසා හොන්ති යනු විමුක්ති රසයෙන්ද, කෘත්‍ය රසයෙන්ද, එක්රස වෙයි. විමුක්ති රස යනු සම්පත් රසයයි. ‘කෘත්‍ය හා සම්පත්ති අර්ථයෙන් රසය නමැයි කියනු ලැබේ’ යයි කියන ලදි.

භාවෙතබ‍්බනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

වැඩිය යුතු නිර්දේශ වර්ණනාව නිමි.