සච්ඡිකාතබ්බනිද්දෙසවණ්ණනා අට්ඨකථා
සච්ඡිකාතබ්බනිද්දෙසවණ්ණනා
සාක්ෂාත් කළයුතු නිර්දේශ වර්ණනාව
සච්ඡිකාතබ්බනිද්දෙසෙ දස එකුත්තරවිස්සජ්ජනානි පටිලාභසච්ඡිකිරියාවසෙන වුත්තානි. තත්ථ අකුප්පා චෙතොවිමුත්තීති අරහත්තඵලවිමුත්ති. සා හි න කුප්පති න චලති න පරිහායතීති අකුප්පා, සබ්බකිලෙසෙහි චිත්තස්ස විමුත්තත්තා චෙතොවිමුත්තීති වුච්චති. විජ්ජාති තිස්සො විජ්ජා. විමුත්තීති දසුත්තරපරියායෙන අරහත්තඵලං වුත්තං, සඞ්ගීතිපරියායෙන පන “විමුත්තීති ද්වෙ විමුත්තියො චිත්තස්ස ච අධිමුත්ති නිබ්බානඤ්චා”ති (දී· නි· අට්ඨ· 3.304) වුත්තං. එත්ථ ච අට්ඨ සමාපත්තියො නීවරණාදීහි සුට්ඨු විමුත්තත්තා විමුත්ති නාම, නිබ්බානං සබ්බසඞ්ඛතතො විමුත්තත්තා විමුත්ති නාම. තිස්සො විජ්ජාති පුබ්බෙනිවාසානුස්සතිඤාණං විජ්ජා සත්තානං චුතූපපාතෙ ඤාණං විජ්ජා ආසවානං ඛයෙ ඤාණං විජ්ජා. තමවිජ්ඣනට්ඨෙන විජ්ජා, විදිතකරණට්ඨෙනාපි විජ්ජා. පුබ්බෙනිවාසානුස්සතිඤාණඤ්හි උප්පජ්ජමානං පුබ්බෙනිවාසං ඡාදෙත්වා ඨිතං තමං විජ්ඣති, පුබ්බෙනිවාසඤ්ච විදිතං කරොතීති විජ්ජා. චුතූපපාතෙ ඤාණං චුතිපටිසන්ධිච්ඡාදකං තමං විජ්ඣති, චුතූපපාතඤ්ච විදිතං කරොතීති විජ්ජා. ආසවානං ඛයෙ ඤාණං චතුසච්චච්ඡාදකං තමං විජ්ඣති, චතුසච්චධම්මෙ ච විදිතං කරොතීති විජ්ජා. චත්තාරි සාමඤ්ඤඵලානීති සොතාපත්තිඵලං, සකදාගාමිඵලං, අනාගාමිඵලං, අරහත්තඵලං. පාපධම්මෙ සමෙති විනාසෙතීති සමණො, සමණස්ස භාවො සාමඤ්ඤං. චතුන්නං අරියමග්ගානමෙතං නාමං. සාමඤ්ඤස්ස ඵලානි සාමඤ්ඤඵලානි.
ප්රත්යක්ෂ කළයුතු නිර්දේශයෙහි එකින් එක වැඩිවන දස විසඳුම් ප්රතිලාභ ප්රත්යක්ෂ කිරීම් වශයෙන් කියන ලදි. එහි අකුප්පා චෙතො විමුත්ති යනු අර්හත්ඵල විමුක්තියයි. එය වෙනස් නොවේ. නොසෙල්වේ. නොපිරිහේනුයි අකුප්පායි. සියලු කෙලෙසුන්ගෙන් සිත මිදුණු හෙයින් චෙතො විමුත්තියි කියයි. විජ්ජා යනු ත්රිවිද්යායි. විමුත්ති යනු, දසුත්තර පර්යායෙන් අර්හත්ඵලය කියන ලදි. සංගීති පර්යායයෙන් වනාහි, විමුක්ති යනු සිතෙහි අධිෂ්ඨානයද නිර්වාණයද යන ද්වි විමුක්තීන්ය. මෙහි අටසමවත් නීවරණාදීන්ගෙන් මනාව මිදුණු හෙයින් විමුක්ති නම් වේ. තිස්සො විජ්ජා යනු පූර්වේනිවාසානුස්මෘති ඤාණ විද්‍යාව, සත්ත්වයින්ගේ චුති-උත්පත්ති දැනීමෙහි ඤාණ විද්‍යාව, ආස්‍රවයන්ගේ ක්ෂය කිරීමෙහි ඤාණ විද්‍යාව වේ. අඳුර විදින අර්ථයෙන් විද්‍යායි. පැහැදිලි කරන අර්ථයෙන්ද විද්‍යායි. පූර්වේනිවාසානුස්සති ඤාණය උපදිනුයේ, පූර්ව නිවාසයන් වසා සිටි අඳුර විදියි. පෙර නිවාසයන්ද ප්‍රකට කෙරේනුයි විද්‍යායි. චුතූපපාත ඤාණය චුති-ප්රතිසන්ධි වැසීම කරන අඳුර විඳියි. චුති-උත්පත්ති ප්‍රකට කෙරේනුයි විද්‍යායි. ආස්‍රවයන්ගේ ක්ෂය කිරීමෙහි ඤාණය සිවුසස් වසන අඳුර විදියි. සිවුසස් දම් ප්‍රකට කෙරේනුයි විද්‍යායි. චත්තාරි සාමඤ්ඤඵලානි යනු සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් ඵලයන්ය. දුශ්චරිත ධර්මයන් සමනය කරයි, විනාශ කරයිනුයි = සමණොයි. ශ්රමණයාගේ ස්වභාවය සාමඤ්ඤයි. සතර ආර්ය මාර්ගයන්ට මෙය නාමයකි. ශ්රාමණ්යයාගේ ඵල = ශ්රාමණ්යඵලයි.
පඤ්ච ධම්මක්ඛන්ධාති සීලක්ඛන්ධො, සමාධික්ඛන්ධො, පඤ්ඤාක්ඛන්ධො, විමුත්තික්ඛන්ධො, විමුත්තිඤාණදස්සනක්ඛන්ධො. ධම්මක්ඛන්ධාති ධම්මවිභාගා ධම්මකොට්ඨාසා. සීලක්ඛන්ධාදීසුපි එසෙව නයො. ලොකියලොකුත්තරා සීලසමාධිපඤ්ඤා එව සීලසමාධිපඤ්ඤාක්ඛන්ධා . සමුච්ඡෙදපටිප්පස්සද්ධිනිස්සරණවිමුත්තියො එව විමුත්තික්ඛන්ධො. තිවිධා විමුත්තිපච්චවෙක්ඛණා එව විමුත්තිඤාණදස්සනක්ඛන්ධො. සො ලොකියො එව. ජානනට්ඨෙන ඤාණමෙව දස්සනට්ඨෙන දස්සනන්ති ඤාණදස්සනං, විමුත්තීනං ඤාණදස්සනං විමුත්තිඤාණදස්සනන්ති වුච්චති. වික්ඛම්භනතදඞ්ගවිමුත්තියො පන සමාධිපඤ්ඤාක්ඛන්ධෙහෙව සඞ්ගහිතා. ඉමෙ පඤ්ච ධම්මක්ඛන්ධා සෙක්ඛානං සෙක්ඛා, අසෙක්ඛානං අසෙක්ඛාති වුත්තා. එතෙසු හි ලොකියා ච නිස්සරණවිමුත්ති ච නෙවසෙක්ඛානාසෙක්ඛා. සෙක්ඛා හොන්තාපි සෙක්ඛානං ඉමෙ ඉති සෙක්ඛා, අසෙක්ඛානං ඉමෙ ඉති අසෙක්ඛාති වුච්චන්ති. “සෙක්ඛෙන විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොතී”ති එත්ථ පන නිස්සරණවිමුත්තියා ආරම්මණකරණවසෙන සමන්නාගතොති වෙදිතබ්බො. ඡ අභිඤ්ඤාති ඡ අධිකානි ඤාණානි. කතමා ඡ? ඉද්ධිවිධඤාණං , දිබ්බසොතධාතුඤාණං, පුබ්බෙනිවාසානුස්සතිඤාණං, චෙතොපරියඤාණං, දිබ්බචක්ඛුඤාණං, ආසවානං ඛයෙ ඤාණන්ති ඉමා ඡ.
පඤ්ච ධම්මක්ඛන්ධා යනු සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශණ ස්කන්ධයෝය. ධර්ම ස්කන්ධ යනු, ධර්ම බෙදීම්, ධර්ම කොටස්ය. සීලස්කන්ධාදීන්හිද මෙම ක්‍රමයමැයි. ලෞකික ලෝකෝත්තර සීල, සමාධි, ප්රඥාම, සීල, සමාධි, ප්‍රඥා ස්කන්ධයෝය. සමුච්ඡෙද, පටිප්පස්සද්ධි, නිස්සරණ විමුක්තීම, විමුක්ති ස්කන්ධයයි ත්‍රිවිධ විමුක්තියෙහි ප්රත්යවේක්ෂණයම විමුක්ති ඤාණ දර්ශන ස්කන්ධයයි. එය ලෞකිකමය. දැනීම් අර්ථයෙන් ඤාණයම දර්ශනාර්ථයෙන් දැකීමනුයි = ඤාණ දර්ශනයි. විමුක්තීන්ගේ ඤාණ දර්ශනය = විමුක්ති ඤාණ දර්ශනයයි කියයි. විෂ්කම්භන, තදංග විමුක්තීහු වනාහි සමාධි ප්‍රඥා ස්කන්ධයන්හිම සංගෘහිතයි. මේ පස් ආකාර ධර්ම ස්කන්ධයන් ශෛක්ෂ්යයින්ට ශෛක්ෂ්ය වශයෙන්ද, අශෛක්ෂ්යයින්ට අශෛක්ෂ්ය වශයෙන්ද කියන ලදි. ඡ අභිඤ්ඤා යනු ෂඩාදික ඤාණය, කවර සයෙක්ද යත්? සෘද්ධිවිධ ඤාණය, දිව්යස්රෝත ධාතු ඤාණය, පූර්වේනිවාසානුස්මෘති ඤාණය, චෙතො පරියාය ඤාණය, දිව්යචක්ෂු ඤාණය, ආස්රවක්ෂයකර ඤාණය යන මේ සයයි.
සත්ත ඛීණාසවබලානීති ඛීණා ආසවා අස්සාති ඛීණාසවො, ඛීණාසවස්ස බලානි ඛීණාසවබලානි. කතමානි සත්ත? වුත්තානි භගවතා –
සත්ත ඛීණාසවබලානි යනු ක්ෂීණ වූ ආස්‍රවයෝ මොහුටනුයි = ඛීණාසවොයි. ක්ෂීණාස්රවයාගේ බල ක්ෂීණාස්රව බලයන්ය. කවර සතක්ද? බුදුරදුන් විසින් වදාරන ලදි –
“ඉධ, භික්ඛවෙ, ඛීණාසවස්ස භික්ඛුනො අනිච්චතො සබ්බෙ සඞ්ඛාරා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති. යම්පි, භික්ඛවෙ, ඛීණාසවස්ස භික්ඛුනො අනිච්චතො සබ්බෙ සඞ්ඛාරා යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති, ඉදම්පි, භික්ඛවෙ, ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති, යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති ‘ඛීණා මෙ ආසවා’ති.
මහණෙනි, මේ සාසනයෙහි ක්ෂීණාස්රව භික්ෂුව විසින් සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් තත්ත්වාකාරයෙන් නිවැරදි නුවණින් මනාව දක්නා ලද්දේ වෙත්ද? මහණෙනි, යම් ඒ ක්ෂීණාශ්රව භික්ෂුව විසින් සියලු සංස්කාර අනිත්‍ය වශයෙන්, නිවැරදි නුවණින්, මනාව දක්නා ලද්දේ වෙත්ද? යම් බලයකට පැමිණ ක්ෂීණාශ්රව භික්ෂුව මාගේ ආස්‍රව ක්ෂය වූයේ යයි ආස්‍රවයන්ගේ ක්ෂය වීම පිළිගනීද? මෙයද මහණෙනි, ක්ෂීණාශ්රව භික්ෂුවගේ බලයක් වේ.
“පුන චපරං, භික්ඛවෙ, ඛීණාසවස්ස භික්ඛුනො අඞ්ගාරකාසූපමා කාමාති යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨා හොන්ති. යම්පි, භික්ඛවෙ…පෙ… ඉදම්පි ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති…පෙ….
මහණෙනි, නැවතද ක්ෂීණාශ්රව භික්ෂුව විසින් කාමයන් ගිනිඅඟුරු වළකට සමානයයි තත්ත්වාකාරයෙන් නිවැරදි නුවණින් මනාව දක්නා ලද්දේ වෙත්ද? මහණෙනි යම් ඒ -පෙ- මහණෙනි, මෙයද ක්ෂීණාශ්රව භික්ෂුවගේ බලයක් වේ.
“පුන චපරං, භික්ඛවෙ, ඛීණාසවස්ස භික්ඛුනො විවෙකනින්නං චිත්තං හොති විවෙකපොණං විවෙකපබ්භාරං විවෙකට්ඨං නෙක්ඛම්මාභිරතං බ්යන්තීභූතං සබ්බසො ආසවට්ඨානියෙහි ධම්මෙහි. යම්පි, භික්ඛවෙ…පෙ… ඉදම්පි ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති…පෙ….
මහණෙනි, නැවතද ක්ෂීණාශ්රව භික්ෂුවගේ සිත විවේක නිම්න වේද, විවේකයෙහි සිත අලවා ගත්තේ වේද? විවේකයෙහි සිත නැමුණේ වේද, විවේකයෙහි සිටියේ වේද, නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණේ වේද? ආස්‍රවයන් හටගන්නා ධර්මයන් විනාශ කරන ලද්දේ වේද, මහණෙනි යම් ඒ -පෙ- මහෙණනි, මෙයද ක්ෂීණාශ්රව භික්ෂුවගේ බලයක් වේ.
“පුන චපරං, භික්ඛවෙ, ඛීණාසවස්ස භික්ඛුනො චත්තාරො සතිපට්ඨානා භාවිතා හොන්ති සුභාවිතා. පඤ්චින්ද්රියානි භාවිතානි හොන්ති සුභාවිතානි. සත්ත බොජ්ඣඞ්ගා භාවිතා හොන්ති සුභාවිතා. අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවිතො හොති සුභාවිතො. යම්පි, භික්ඛවෙ, ඛීණාසවස්ස භික්ඛුනො අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවිතො හොති සුභාවිතො, ඉදම්පි ඛීණාසවස්ස භික්ඛුනො බලං හොති, යං බලං ආගම්ම ඛීණාසවො භික්ඛු ආසවානං ඛයං පටිජානාති ‘ඛීණා මෙ ආසවා’”ති (අ· නි· 10.90; දී· නි· 3.357; පටි· ම· 2.44).
නැවතද මහණෙනි, ක්ෂීණාශ්රව සතර සතිපට්ඨාන වඩනා ලද්දේ, මනාව වඩනා ලද්දේ වේද, පඤ්චෙන්ද්රියයන් වඩනා ලද්දේ, මනාව වඩනා ලද්දේ වේද? සප්ත බොධ්‍යංග වඩනා ලද්දේ, මනාව වඩනා ලද්දේ වේද? ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩනා ලද්දේ, මනාව වඩනා ලද්දේ වේද, මහණෙනි, යම් ඒ ක්ෂීණාශ්රව භික්ෂුවගේ ආර්ය අෂ්ඨාංගික මාර්ග වැඩීමක් වේද මනාව වැඩීමක් වේද, ක්ෂීණාශ්රව භික්ෂුව යම් බලයකට පැමිණ, මාගේ ආස්‍රව ක්ෂය වූයේ යයි ආස්‍රවයන්ගේ ක්ෂය වීම පිළිගනීද. මෙයද මහණෙනි, ක්ෂීණාශ්රව භික්ෂුවගේ බලයක් වේ.
තත්ථ පඨමෙන බලෙන දුක්ඛසච්චපටිවෙධො, දුතියෙන සමුදයසච්චපටිවෙධො, තතියෙන නිරොධසච්චපටිවෙධො, චතූහි මග්ගසච්චපටිවෙධො පකාසිතො හොති.
එහි ප්‍රථම බලයෙන් දුක්ඛ සත්‍යය ප්‍රතිවේධය, දෙවැන්නෙන් සමුදය සත්‍යය ප්‍රතිවේධය. තෙවැන්නෙන් නිරෝධ සත්‍යය ප්‍රතිවේධය. සිව්වැන්නෙන් මාර්ග සත්‍යය ප්‍රතිවේධය ප්‍රකාශ කරන ලද්දේ වේ.
අට්ඨ විමොක්ඛාති ආරම්මණෙ අධිමුච්චනට්ඨෙන පච්චනීකධම්මෙහි ච සුට්ඨු මුච්චනට්ඨෙන විමොක්ඛා. “කතමෙ අට්ඨ? රූපී රූපානි පස්සති, අයං පඨමො විමොක්ඛො. අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති, අයං දුතියො විමොක්ඛො. ‘සුභ’න්තෙව අධිමුත්තො හොති, අයං තතියො විමොක්ඛො. සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති, අයං චතුත්ථො විමොක්ඛො. සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති, අයං පඤ්චමො විමොක්ඛො. සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති, අයං ඡට්ඨො විමොක්ඛො. සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති, අයං සත්තමො විමොක්ඛො. සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති, අයං අට්ඨමො විමොක්ඛො”ති (දී· නි· 2.174; 3.358; අ· නි· 8.66).
අට්ඨ විමොක්ඛා යනු අරමුණෙහි ස්ථිර ලෙස පිහිටන අර්ථයෙන්ද විරුද්ධ ධර්මයන්ගෙන් මනාව නිදහස්වන අර්ථයෙන්ද විමෝක්ෂයි. කවර අටෙක්ද යත්? රූපවත් වූයේ රූපයන් බලයි. මේ ප්‍රථම විමොක්ෂයයි. ආධ්‍යාත්ම අරූප සඤ්ඤීව පිටත රූපයන් බලයි. මේ දෙවන විමොක්ෂයයි. සුභයයිම ඇලුණේ වේද, මේ තෙවන විමෝක්ෂයයි. සර්වප්රකාරයෙන් රූප සඤ්ඤාවන්ගේ ඉක්මවීමෙන්, ක්‍රෝධ සංඥාවන්ගේ අස්තංගමයෙන්ද නානාප්‍රකාර සංඥාවන්ගේ මෙනෙහි නොකිරීමෙන්ද ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මේ සිව්වන විමෝක්ෂයයි. සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. මේ පස්වන විමෝක්ෂයයි. සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිත් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මේ සවන විමෝක්ෂයයි. සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මේ සත්වන විමෝක්ෂයයි. සර්වප්රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා, සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයි. මේ අටවන විමෝක්ෂයයි.
නව අනුපුබ්බනිරොධාති නව අනුපටිපාටියා නිරොධා. “කතමෙ නව? පඨමං ඣානං සමාපන්නස්ස කාමසඤ්ඤා නිරුද්ධා හොති, දුතියං ඣානං සමාපන්නස්ස විතක්කවිචාරා නිරුද්ධා හොන්ති, තතියං ඣානං සමාපන්නස්ස පීති නිරුද්ධා හොති, චතුත්ථං ඣානං සමාපන්නස්ස අස්සාසපස්සාසා නිරුද්ධා හොන්ති, ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤා නිරුද්ධා හොති, විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස ආකාසානඤ්චායතනසඤ්ඤා නිරුද්ධා හොති, ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා නිරුද්ධා හොති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා නිරුද්ධා හොති, සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච නිරුද්ධා හොන්තී”ති (අ· නි· 9.31; දී· නි· 3.344, 359).
නව අනුපුබ්බනිරොධා යනු අනුපිළිවෙලින් වන නිරෝධ නවයයි. කවර නවයෙක්ද යත්? ප්‍රථම ධ්‍යානයට සමවන්නහුට කාම සංඥා නිරුද්ධ වෙයි. දෙවන ධ්‍යානයට සමවන්නහුට විතර්ක-විචාර නිරුද්ධ වෙයි. තෙවන ධ්‍යානයට සමවන්නහුට ප්‍රීතිය නිරුද්ධ වේ. චතුර්ථ ධ්‍යානයට සමවන්නහුට ආස්වාස-ප්‍රස්වාස නිරුද්ධ වෙයි. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූප සංඥා නිරුද්ධ වේ. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධ වේ. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධ වේ. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වේ. සඤ්ඤාවෙදයිත නිරෝධයට සමවන්නහුට සංඥාවද - වේදනාවද නිරුද්ධ වෙයි.
දස අසෙක්ඛා ධම්මාති උපරි සික්ඛිතබ්බාභාවතො න සික්ඛන්තීති අසෙක්ඛා. අථ වා තීසු සික්ඛාසු සික්ඛන්තීති සෙක්ඛා, වුද්ධිප්පත්තා සෙක්ඛාති අසෙක්ඛා, අරහන්තො. අසෙක්ඛානං ඉමෙ ඉති අසෙක්ඛා. “කතමෙ දස? අසෙක්ඛා සම්මාදිට්ඨි, අසෙක්ඛො සම්මාසඞ්කප්පො, අසෙක්ඛා සම්මාවාචා, අසෙක්ඛො සම්මාකම්මන්තො, අසෙක්ඛො සම්මාආජීවො, අසෙක්ඛො සම්මාවායාමො, අසෙක්ඛා සම්මාසති, අසෙක්ඛො සම්මාසමාධි, අසෙක්ඛං සම්මාඤාණං, අසෙක්ඛා සම්මාවිමුත්තී”ති (දී· නි· 3.348, 360). අසෙක්ඛං සම්මාඤාණන්ති අරහත්තඵලපඤ්ඤං ඨපෙත්වා සෙසලොකියපඤ්ඤා. සම්මාවිමුත්තීති අරහත්තඵලවිමුත්ති. අට්ඨකථායං (දී· නි· අට්ඨ· 3.348) පන වුත්තං –
දස අසෙක්ඛා ධම්මා යනු මත්තෙහි හික්මිය යුතු දැයක් නොමැති හෙයින් නොහික්මෙත්නුයි අශෛක්ෂ්යයි. නොහොත් ත්‍රිවිධ ශික්ෂාවන්හි හික්මෙත්නුයි - ශෛක්ෂ්යයි. අභිවෘද්ධියට පත් ශෛක්ෂ්යයනුයි = අශෛක්ෂ්යයි. රහත්හුය. මේවා අසෛක්ෂ්යයන්ටනුයි - අසෙක්ඛායි. කවර දස අශෛක්ෂ්යයන්ද? සම්‍යග් දෘෂ්ටි, සම්‍යග් සංකල්ප, සම්‍යග් වචන, සම්‍යග් කර්මාන්ත, සම්‍යග් ආජීව, සම්‍යග් ව්‍යායාම, සම්‍යග් සතිය, සම්‍යග් සමාධිය, සම්‍යග් ඤාණය, සම්‍යග් විමුක්තිය යන මෙම දහයයි. ‘සම්මා ඤාණං යනු අර්හත්ඵල ප්‍රඥාව හැර සෙසු ලෞකික ප්රඥාවන්ය. සම්මා විමුත්ති යනු අර්හත්ඵල විමුක්තියයි. අටුවාවෙහි වනාහි කියන ලදි.
“අසෙක්ඛා සම්මාදිට්ඨීතිආදයො සබ්බෙපි ඵලසම්පයුත්තධම්මා එව. එත්ථ ච සම්මාදිට්ඨි සම්මාඤාණන්ති ද්වීසු ඨානෙසු පඤ්ඤාව කථිතා. සම්මාවිමුත්තීති ඉමිනා පන පදෙන වුත්තාවසෙසා ඵලසමාපත්තිධම්මා සඞ්ගහිතා”ති.
අශෛක්ෂ්ය සම්‍යක් දෘෂ්ටි ආදී සියල්ලම ඵල සම්ප්‍රයුක්ත ධර්ම ම ය. මෙහිද සම්මා දිට්ඨි, සම්මා ඤාණං යන දෙතන්හි ප්‍රඥාවම කියන ලදි. සම්මා විමුත්ති යන මේ පදයෙන් කියා ඉතිරි ඵලසමාපත්ති ධර්ම සංග්‍රහ කරන ලද්දේය.
සබ්බං, භික්ඛවෙ, සච්ඡිකාතබ්බන්තිආදීසු ආරම්මණසච්ඡිකිරියා වෙදිතබ්බා. රූපං පස්සන්තො සච්ඡිකරොතීතිආදීසු රූපාදීනි ලොකියානි පස්සිතබ්බාකාරෙන පස්සන්තො තානෙව රූපාදීනි ආරම්මණසච්ඡිකිරියාය සච්ඡිකරොති, රූපාදීනි වා පස්සිතබ්බාකාරෙන පස්සන්තො තෙන හෙතුනා සච්ඡිකාතබ්බං නිබ්බානං සච්ඡිකරොති. පස්සන්තොති හි පදං හෙතුඅත්ථෙපි අක්ඛරචින්තකා ඉච්ඡන්ති. අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියාදීනි පන ලොකුත්තරානි පච්චවෙක්ඛණවසෙන පස්සන්තො තානෙව ආරම්මණසච්ඡිකිරියාය සච්ඡිකරොති. “අමතොගධං නිබ්බානං පරියොසානට්ඨෙන සච්ඡිකරොතී”ති ඉදං පරිඤ්ඤෙය්යපහාතබ්බසච්ඡිකාතබ්බභාවෙතබ්බෙසු සච්ඡිකාතබ්බත්තා උජුකමෙව. යෙ යෙ ධම්මා සච්ඡිකතා හොන්ති, තෙ තෙ ධම්මා ඵස්සිතා හොන්තීති ආරම්මණසච්ඡිකිරියාය සච්ඡිකතා ආරම්මණඵස්සෙන ඵුට්ඨා හොන්ති, පටිලාභසච්ඡිකිරියාය සච්ඡිකතා පටිලාභඵස්සෙන ඵුට්ඨා හොන්තීති.
සබ්බං භික්ඛවෙ සච්ඡිකාතබ්බං ආදීන්හි අරමුණු සාක්ෂාත් කිරීම දතයුතුය. රූපං පස්සන්තො සච්ඡිකරොති ආදීන්හි රූපාදී ලෞකිකයන් බැලිය යුතු ආකාරයෙන් බලන්නේ එම රූපාදීන් අරමුණු සාක්ෂාත් කිරීමෙන් සාක්ෂාත් කරයි. රූපාදීන් හෝ බැලිය යුතු ආකාරයෙන් බලන්නේ ඒ හේතුවෙන් සාක්ෂාත් කළයුත්ත සාක්ෂාත් නොකරයි. පස්සන්තො යන පදය හේතු අර්ථයෙහිද අක්ෂර චින්තකයෝ කැමති වෙත්. අනඤ්ඤාතඤ්ඤස්සාමිතින්ද්රියාදී වනාහි ලෝකෝත්තරය. ප්රත්යවේක්ෂා වශයෙන් බලන්නේ, ඒවාම අරමුණු සාක්ෂාත් කිරීමෙන් සාක්ෂාත් කරයි. අමතොගධං නිබ්බාණං පරියොසානට්ඨෙන සච්ඡිකරොති යනු මෙය පරිඤ්ඤෙය්‍ය, පහාතව්ය, සච්ඡිකාතව්ය, භාවෙතව්යයන්හි සෘජුවම සාක්ෂාත් කළයුතුය. (නිෂ්ඨාර්ථායෙන්) යෙ යෙ ධම්මා සච්ඡිකතා හොන්ති, තෙ නෙ ධම්මා ඵස්සිතා හොන්ති යනු, අරමුණු සාක්ෂාත් කිරීමෙන්, සාක්ෂාත් කරන ලද්දේ, අරමුණු ස්පර්ශයෙන් ස්පර්ශ කරන ලද්දේ වෙයි. ප්රතිලාභ සාක්ෂාත් කිරීමෙන්, සාක්ෂාත් කරන ලද්දේ, ප්රතිලාභ ස්පර්ශයෙන් ස්පර්ශ කරන ලද්දේ වෙයි.
සච්ඡිකාතබ්බනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
සාක්ෂාත් කළයුතු නිර්දේශ වර්ණනාව නිමි.
හානභාගියචතුක්කනිද්දෙසවණ්ණනා
හානභාගී චතුෂ්ක නිර්දේශ වර්ණනාව
ඉදානි යස්මා හානභාගියාදිතා එකෙකස්සෙව සමාධිස්ස අවත්ථාභෙදෙන හොති, තස්මා හානභාගියචතුක්කං එකතොයෙව නිද්දිට්ඨං. තත්ථ පඨමස්ස ඣානස්ස ලාභින්ති පඨමස්ස ඣානස්ස ලාභිනො . සාමිඅත්ථෙ උපයොගවචනං. ලාභො සච්ඡිකිරියා අස්ස අත්ථීති ලාභීති වුච්චති. කාමසහගතාති එත්ථ සහගතසද්දස්ස ආරම්මණත්ථො අධිප්පෙතො, වත්ථුකාමකිලෙසකාමාරම්මණාති අත්ථො. සඤ්ඤාමනසිකාරාති ජවනසඤ්ඤා ච තදාවජ්ජනමනසිකාරො ච, සඤ්ඤාසම්පයුත්තමනසිකාරොපි වට්ටති. සමුදාචරන්තීති පවත්තන්ති. ධම්මොති පඨමජ්ඣානධම්මො. ඣානා පරිහායන්තො තීහි කාරණෙහි පරිහායති කිලෙසසමුදාචාරෙන වා අසප්පායකිරියාය වා අනනුයොගෙන වා. කිලෙසසමුදාචාරෙන පරිහායන්තො සීඝං පරිහායති, කම්මාරාමතාභස්සාරාමතානිද්දාරාමතාසඞ්ගණිකාරාමතානුයොගවසෙන අසප්පායකිරියාය පරිහායන්තො දන්ධං පරිහායති, ගෙලඤ්ඤපච්චයවෙකල්ලාදිනා පලිබොධෙන අභික්ඛණං අසමාපජ්ජන්තො අනනුයොගෙන පරිහායන්තොපි දන්ධං පරිහායති. ඉධ පන බලවකාරණමෙව දස්සෙන්තො කිලෙසසමුදාචාරමෙවාහ. දුතියජ්ඣානාදීහි පන පරිහායන්තො හෙට්ඨිමහෙට්ඨිමජ්ඣානනිකන්තිසමුදාචාරෙනපි පරිහායති. කිත්තාවතා පරිහීනො හොතීති? යදා න සක්කොති සමාපජ්ජිතුං, එත්තාවතා පරිහීනො හොතීති. තදනුධම්මතාති අනුපවත්තො ධම්මො අනුධම්මො, ඣානං අධිකං කත්වා පවත්තස්ස නිකන්තිධම්මස්සෙතං අධිවචනං. අනුධම්මො එව අනුධම්මතා, තස්ස ඣානස්ස අනුධම්මතා තදනුධම්මතා. සතීති නිකන්ති. සන්තිට්ඨතීති පතිට්ඨාති . තං පඨමජ්ඣානං අනුවත්තමානා නිකන්ති පවත්තතීති වුත්තං හොති. අවිතක්කසහගතාති දුතියජ්ඣානාරම්මණා. තඤ්හි නත්ථෙත්ථ විතක්කොති අවිතක්කන්ති වුච්චති. නිබ්බිදාසහගතාති විපස්සනාරම්මණා. සා හි සඞ්ඛාරෙසු නිබ්බින්දනතො නිබ්බිදාති වුච්චති. “නිබ්බින්දං විරජ්ජතී”ති (මහාව· 23; සං· නි· 3.61) හි වුත්තං. විරාගූපසංහිතාති අරියමග්ගපටිසඤ්ඤුත්තා විපස්සනා. විපස්සනා හි සිඛාප්පත්තා මග්ගවුට්ඨානං පාපෙති. තස්මා විපස්සනාරම්මණා සඤ්ඤාමනසිකාරා “විරාගූපසංහිතා”ති වුච්චන්ති, “විරාගා විමුච්චතී”ති හි වුත්තං.
දැන් එක් එක් සමාධියට හානභාගියාදී වශයෙන් අවස්ථා භේද වෙයි. එහෙයින් හානභාගිය චතුෂ්කය එකටම විස්තර කරන ලදි. පඨමස්ස ඣානස්සලාභි යනු ප්‍රථම ධ්‍යානලාභියා, ෂෂ්ඨි අර්ථයෙහි ද්විතියා වචනයි. සාක්ෂාත් කිරීමේ ලාභය මොහුට ඇත්තේනුයි ලාභීයයි කියයි. කාමසහගතා යන මෙහි සහගත ශබ්දයාගේ අරමුණු කිරීම් අර්ථය අදහස් කරන ලදි. වස්තුකාම, ක්ලේශකාම අරමුණුයයි අර්ථයි. සඤ්ඤා මනසිකාරා යනු ජවන සංඥාවද, තදාවර්ජන මනසිකාරයද වේ. සංඥාව හා එකට යෙදුණු මනසිකාරයයිද කීම සුදුසුය. සමුදාචරන්ති යනු පවතිත් යන අර්ථයි. ධම්මො යනු ප්‍රථමධ්‍යාන ධර්මයි. ධ්‍යානයන්ගෙන් පිරිහෙනුයේ තෙකරුණකින් පිරිහෙයි. කෙලෙස් නිතර පැවතීමෙන්, නොගැළපෙන ක්‍රියාවන්ගෙන්, ධ්‍යානයෙහි නොයෙදීමෙන් කෙලෙස් නිතර පැවතීමෙන් පිරිහෙනුයේ වහා පිරිහෙයි. වැඩ කරනු කැමති බව, දෙඩවීමෙහි ඇලීම, නින්දෙහි ආශාව, සමූහයක් මැද විසීමට කැමති බව ආදියෙහි යෙදීම් වශයෙන් වන නොගැලපෙන ක්‍රියාවන්ගෙන් පිරිහෙනුයේ මඳ වශයෙන් පිරිහෙයි. ගිලන් බව, ප්‍රත්‍යය විකල්පතාදී පළිබෝධයන්ගෙන්ද, නිතර සමනොවදිනුයේ අනනුයෝගයෙන් පිරිහෙනුයේද මන්දව පිරිහෙයි. මෙහි වනාහි බලවත් කරුණම දක්වන්නේ නිතර කෙලෙස් පැවතීමම කීයේය. ද්විතීය ධ්‍යානාදියෙන් පිරිහෙන්නේ යට යට ධ්‍යාන තෘෂ්ණා පැවතීමෙන්ද පිරිහේ. කොපමණ පිරිහීමක් වේද? යම්විටෙක සමවදින්ට නොහැකි වේද? එපමණ පිරිහුණේ වේ. තදනුධම්මතා යනු ඊට අනුකූලව පැවති ධර්මයි. ධ්‍යානය අධිකකොට පැවතියහුගේ ආශා කිරීමට මෙය නමකි. අනුධර්මයම - අනුධම්මතායි. ඒ ධ්‍යානයාගේ අනුව පැවැත්ම තදනුධම්මතායි. සති යනු ධ්‍යාන නිකන්තියයි. සන්තිට්ඨති යනු පිහිටයි. ඒ ප්‍රථමධ්‍යානය අනුව පවත්නා නිකන්තිය පවතීයයි යූ.සේයි. අවිතක්ක සහගතා යනු ද්විතීය ධ්යානාරම්මණයයි. එය වනාහි, මෙහි විතර්කයක් නැත්තේනුයි අවිතර්කයයි කියයි. නිබ්බිදා සහගතා යනු විදර්ශනා අරමුණුකොට ඇති. එය සංස්කාරයන්හි කලකිරෙනුයේ නිබ්බිදායි කියයි. කලකිරෙන්නේ නොඇලෙයි යූ.සේයි. විරාගූප සංහිතා යනු ආර්ය මාර්ගය හා එකට යෙදුණු විදර්ශනාව වනාහි මස්තකප්රාප්ත වූයේ මාර්ග වුට්ඨානයට පමුණුවයි. එහෙයින් විදර්ශනාව අරමුණුකොට පවත්නා සංඥා - මනසිකාරයන් විරාගූප සංහිත යයි කියයි. විරාගයෙන් මිදේයයි යූ.සේයි.
විතක්කසහගතාති විතක්කවසෙන පඨමජ්ඣානාරම්මණා. උපෙක්ඛාසුඛසහගතාති තත්රමජ්ඣත්තුපෙක්ඛාය ච සුඛවෙදනාය ච වසෙන තතියජ්ඣානාරම්මණා. පීතිසුඛසහගතාති පීතියා ච සුඛවෙදනාය ච වසෙන දුතියජ්ඣානාරම්මණා. අදුක්ඛමසුඛසහගතාති උපෙක්ඛාවෙදනාවසෙන චතුත්ථජ්ඣානාරම්මණා. සා හි වෙදනා න දුක්ඛා න සුඛාති අදුක්ඛමසුඛාති වුච්චති , ම-කාරො පනෙත්ථ පදසන්ධිවසෙන වුත්තො. රූපසහගතාති රූපජ්ඣානාරම්මණා. නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ ඨිතස්ස හානභාගියඨිතිභාගියනිබ්බෙධභාගියත්තෙසු විජ්ජමානෙසුපි විසෙසභාගියත්තාභාවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනං න නිද්දිට්ඨං. සබ්බොපි චෙස ලොකියො සමාධි පමාදවිහාරිස්ස මුදින්ද්රියස්ස හානභාගියො හොති, අප්පමාදවිහාරිස්ස මුදින්ද්රියස්ස ඨිතිභාගියො හොති, තණ්හාචරිතස්ස තික්ඛින්ද්රියස්ස විසෙසභාගියො හොති, දිට්ඨිචරිතස්ස තික්ඛින්ද්රියස්ස නිබ්බෙධභාගියො හොතීති වුච්චති.
විතක්ක සහගතා යනු විතර්ක වශයෙන් ප්‍රථමධ්‍යාන අරමුණු. උපෙක්ඛා සුඛ සහගතා යනු තත්රමධ්යස්ථ උපෙක්ෂාවද, සුව වේදනාවද වශයෙන් තෘතීය ධ්‍යාන අරමුණු. පීත සුඛ සහගතා යනු ප්‍රීතියද, සුව වේදනාවගේ වශයෙන්ද ද්විතීයධ්‍යාන අරමුණු. අදුක්ඛමසුඛ සහගතා යනු උපෙක්ෂා වේදනා වශයෙන් චතුර්ථධ්යාන අරමුණු. ඒ වේදනා තොමෝ දුක් නොවේ. සුව නොවේ. නොදුක් නොසුවයයි කියනු ලැබේ. මකාරය පද සන්ධි වශයෙන් යූ.සේයි. රූප සහගතා යනු රූපධ්‍යාන අරමුණු. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සිටියහුට, හානභාගිය, ඨිතිභාගිය, නිබ්බෙධභාගි තත්ත්වයන් විද්‍යමාන කල්හිද, විසෙසභාගිත්වය නොමැති හෙයින් නේවසඤ්ඤා නාසඤ්ඤායතනය නොදක්වන ලදි. මෙම සියලුම ලෞකික සමාධි ප්‍රමාද විහාරී මෘදු ඉන්ද්රිය ඇත්තහුට හානභාගී වෙයි. අප්‍රමාද විහාරී මෘදු ඉන්ද්රිය ඇත්තහුට ස්ථිතිභාගී වෙයි. තෘෂ්ණා චරිත තීක්ෂණ ඉන්ද්රිය ඇත්තහුට විසේසභාගී වෙයි. දෘෂ්ටි චරිත තීක්ෂණ ඉන්ද්රිය ඇත්තහුට නිර්වේධබාගී වේයයි කියනු ලැබේ.
හානභාගියචතුක්කනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
හානභාගී චතුෂ්ක නිර්දේශ වර්ණනාව නිමි.
ලක්ඛණත්තිකනිද්දෙසවණ්ණනා
ලක්ෂණත්රික නිර්දේශ වර්ණනාව
ඉදානි යස්මා එකෙකොපි ලොකියධම්මො තිලක්ඛණබ්භාහතො, තස්මා ලක්ඛණත්තිකං එකතො නිද්දිට්ඨං. තත්ථ අනිච්චං ඛයට්ඨෙනාති තත්ථ තත්ථෙව ඛීයනභාවෙන අනිච්චං. “ඛයධම්මත්තා, වයධම්මත්තා, විරාගධම්මත්තා, නිරොධධම්මත්තා අනිච්ච”න්ති එකෙ. දුක්ඛං භයට්ඨෙනාති සප්පටිභයතාය දුක්ඛං. යඤ්හි අනිච්චං, තං භයාවහං හොති සීහොපමසුත්තෙ (සං· නි· 3.78) දෙවානං විය. “ජාතිජරාබ්යාධිමරණභයට්ඨෙන දුක්ඛ”න්ති එකෙ. අනත්තා අසාරකට්ඨෙනාති “අත්තා නිවාසී කාරකො වෙදකො සයංවසී”ති එවං පරිකප්පිතස්ස අත්තසාරස්ස අභාවෙන අනත්තා. යඤ්හි අනිච්චං දුක්ඛං, තං අත්තනොපි අනිච්චතං වා උදයබ්බයපීළනං වා ධාරෙතුං න සක්කොති, කුතො තස්ස කාරකාදිභාවො. වුත්තඤ්ච “රූපඤ්ච හිදං, භික්ඛවෙ, අත්තා අභවිස්ස, නයිදං රූපං ආබාධාය සංවත්තෙය්යා”තිආදි (මහාව· 20). “අත්තසාරනිච්චසාරවිරහිතත්තා අනත්තා”ති එකෙ.
දැන් තනි තනි වූද, ලෞකික ධර්ම ත්රිලක්ෂණයෙන් මඩනා ලද්දේ වේද, එහෙයින් ලක්‍ෂණත්‍රිකය එකට දක්වන ලදි. එය අනිච්චං ඛයට්ඨෙන යනු ඒ ඒ තැන්වලම ක්ෂය වන හෙයින් අනිත්‍යයි. ක්ෂය වන, විනාශවන, නොඇලෙන, නිරුද්ධවන ස්වභාවය නිසා අනිත්‍යයයි. ඇතැම්හු කියති. දුක්ඛං භයට්ඨෙන යනු භය සහිත බැවින් දුක්වේ. යමක් අනිත්‍යයද, එය භය එළවන්නේ වෙයි. සීහොපම සූත්‍රයෙහි දෙවියන්ට මෙනි. ජාති, ජරා, ව්‍යාධි, මරණ භයාර්ථයෙන් දුකයයි ඇතැම්හු කියති. අනත්තා අසාරකට්ඨෙන යනු තමාට තමා වසී කරගත හැකිය. තමාට අවශ්‍ය විඳීම් විඳිය හැකිය. යනාදී ආත්මය ස්වයංවසීතාවයෙන් පැවැත්විය හැකිය යනාදී වශයෙන් පරිකල්පනය කරන ලද ආත්මසාරයාගේ අභාවයෙන් අනාත්මය. යමක් අනිත්‍යද, දුකද, තමා කෙරෙහි අනිත්‍යතාවය හෝ උදයව්‍යය පීඩාවන් දරන්ට නොහැකිය. එයට කාරකාදී භාවයක් කොහිද? කියන ලද්දේද වේ. මහණෙනි, මේ රූපය ආත්මය වන්නේද? එසේ වේනම් මේ රූපය රෝගාබාධ සඳහා නොපවත්නේය. ආත්මසාර නිත්‍යසාර ආදියෙන් තොර හෙයින් අනාත්මයයි ඇතැම්හු කියති.
ලක්ඛණත්තිකනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
ලක්ෂණත්රික නිර්දේශ වර්ණනාව නිමි.