දුක්ඛසච්චනිද්දෙසවණ්ණනා අට්ඨකථා
දුක්ඛසච්චනිද්දෙසවණ්ණනා
දුක්ඛසත්‍ය නිර්දේශ වර්ණනාව
අරියසච්චචතුක්කම්පි තථට්ඨෙන සච්චානං එකසම්බන්ධත්තා එකතො එව නිද්දිට්ඨං. තත්ථ තත්ථාති තෙසු චතූසු අරියසච්චෙසු. කතමන්ති කථෙතුකම්යතාපුච්ඡා . දුක්ඛං අරියසච්චන්ති පුච්ඡිතධම්මනිදස්සනං. තත්ථ ජාතිපි දුක්ඛාතිආදීසු ජාතිසද්දස්ස තාව අනෙකෙ අත්ථා පවෙදිතා. යථාහ –
ආර්ය සත්‍යය චතුෂ්කයෙහිද, සත්‍යාර්ථයෙන් සත්‍යයන්ගේ එකට සම්බන්ධ හෙයින් එකටම දක්වන ලදි. එහි තත්ථ යනු ඒ සිවු අරීසස්හි, කතමං යනු කියා දෙනු කැමැත්තෙන් කරන ප්‍රශ්න කිරීමයි. දුක්ඛං අරියසච්චං යනු විමසන ලද ධර්ම නිදර්ශනයයි. එහි ජාතිපි දුක්ඛා ආදීන්හි ජාති ශබ්දයෙහි නොයෙක් අර්ථ ප්රකාශිතය. දෙසූ පරිදි –
“භවො කුලං නිකායො ච, සීලං පඤ්ඤත්ති ලක්ඛණං; පසූති සන්ධි චෙවාති, ජාතිඅත්ථා පවෙදිතා”.
භවො කුලං නිකායොච - සීලං පඤ්ඤත්ති ලක්ඛණං, පසූති සන්ධි චෙ වාති - ජාති අත්ථා පවෙදිතා
භවය, කුලය, නිකාය, සීලය, ප්රඥප්තිය, ලක්ෂණය ප්‍රසූතිය, ප්රතිසන්ධිය යන අර්ථයන්හි ජාති ශබ්දය දන්නා ලදහ.
තථා හිස්ස “එකම්පි ජාතිං ද්වෙපි ජාතියො”තිආදීසු (පාරා· 12) භවො අත්ථො. “අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙනා”ති (දී· නි· 1.331) එත්ථ කුලං. “අත්ථි, විසාඛෙ, නිගණ්ඨා නාම සමණජාතී”ති (අ· නි· 3.71) එත්ථ නිකායො. “යතොහං, භගිනි, අරියාය ජාතියා ජාතො නාභිජානාමී”ති (ම· නි· 2.351) එත්ථ අරියසීලං. “තිරියා නාම තිණජාති නාභියා උග්ගන්ත්වා නභං ආහච්ච ඨිතා අහොසී”ති (අ· නි· 5.196) එත්ථ පඤ්ඤත්ති. “ජාති ද්වීහි ඛන්ධෙහි සඞ්ගහිතා”ති (ධාතු· 71) එත්ථ සඞ්ඛතලක්ඛණං. “සම්පතිජාතො, ආනන්ද, බොධිසත්තො”ති (ම· නි· 3.207) එත්ථ පසූති. “භවපච්චයා ජාතී”ති (විභ· 354) ච “ජාතිපි දුක්ඛා”ති (පටි· ම· 1.33; විභ· 190) ච එත්ථ පරියායතො පටිසන්ධිඛන්ධා. නිප්පරියායතො පන තත්ථ තත්ථ නිබ්බත්තමානානං සත්තානං යෙ යෙ ඛන්ධා පාතුභවන්ති, තෙසං තෙසං පඨමං පාතුභාවො.
එක් ජාතියක් ජාති දෙකක් ආදීන්හි භවයයි. ජාතිවාදයෙන් අපහාස නොලැබූ, නින්දිත නොවූ, මෙහි කුලයයි. විසාඛ නිඝණ්ඨ නම් ශ්‍රමණ ජාතියක් ඇත. මෙහි නිකායයි. නැගණිය යම්කලෙක පටන් මම ආර්ය ජාතියෙහි උපන්නේ, නොදනිමි. මෙහි ආර්ය සීලයයි. තිරියානම් තෘණ ජාතියක් නැබ පමණින් මතුවී අහසෙහි ගැටී සිටියේ විය. මෙහි ප්රඥප්තියයි. ජාතිය ස්කන්ධයන් දෙකකින් සංගෘහිතයි. මෙහි ප්‍රත්‍යයෙන් හටගත් ලක්ෂණයයි. ආනන්දය, උපන් කෙණෙහි බෝසත් තෙමේ මෙහි ප්‍රසූතියෙහි. භවය හේතුවෙන් ජාතිය, ජාතියද දුකය යන මෙහි සමානාර්ථ වශයෙන් ප්රතිසන්ධි ස්කන්ධයන්ය. අසමානාර්ථයෙන් වනාහි, ඒ ඒ තන්හි උපදින්නා වූ සත්ත්වයින්ගේ යම් යම් ස්කන්ධ පහළ වේද? ඒ ඒ ස්කන්ධයන්ගේ පළමු පහළවීමයි.
කස්මා පනෙසා ජාති දුක්ඛාති චෙ? අනෙකෙසං දුක්ඛානං වත්ථුභාවතො. අනෙකානි හි දුක්ඛානි. සෙය්යථිදං – දුක්ඛදුක්ඛං, විපරිණාමදුක්ඛං, සඞ්ඛාරදුක්ඛං, පටිච්ඡන්නදුක්ඛං, අප්පටිච්ඡන්නදුක්ඛං , පරියායදුක්ඛං, නිප්පරියායදුක්ඛන්ති. එත්ථ කායිකචෙතසිකා දුක්ඛා වෙදනාසභාවතො ච නාමතො ච දුක්ඛත්තා දුක්ඛදුක්ඛන්ති වුච්චති. සුඛා වෙදනා විපරිණාමෙන දුක්ඛුප්පත්තිහෙතුතො විපරිණාමදුක්ඛං. උපෙක්ඛාවෙදනා චෙව අවසෙසා ච තෙභූමකසඞ්ඛාරා උදයබ‍්බයපටිපීළිතත‍්තා සඞ්ඛාරදුක්ඛං. කණ්ණසූලදන්තසූලරාගජපරිළාහදොසජපරිළාහාදි කායිකචෙතසිකො ආබාධො පුච්ඡිත්වා ජානිතබ්බතො උපක්කමස්ස ච අපාකටභාවතො පටිච්ඡන්නදුක්ඛං. ද්වත්තිංසකම්මකාරණාදිසමුට්ඨානො ආබාධො අපුච්ඡිත්වාව ජානිතබ්බතො උපක්කමස්ස ච පාකටභාවතො අප්පටිච්ඡන්නදුක්ඛං. ඨපෙත්වා දුක්ඛදුක්ඛං සෙසං දුක්ඛසච්චවිභඞ්ගෙ (විභ· 190 ආදයො) ආගතං ජාතිආදි සබ්බම්පි තස්ස තස්ස දුක්ඛස්ස වත්ථුභාවතො පරියායදුක්ඛං. දුක්ඛදුක්ඛං පන නිප්පරියායදුක්ඛන්ති වුච්චති.
කවර හෙයින් උත්පත්තිය දුක්වේද යත්? නොයෙක් දුක්ඛයන්ගේ මූලාධාරක ස්ථානය බැවිනි. දුක් විවිධාකාරය. ඒ කෙසේද යත්? දුක්ඛ දුක, විපරිණාම දුක, සංස්කාර දුක, වැසුණු දුක, නොවැසුණු දුක, පර්යාය දුක, නිෂ්පර්යාය දුක වශයෙනි. මෙහි කායික චෛතසික දුක් වේදනා ස්වභාව වහයෙන්ද, චිත්ත චෛතසික වශයෙන්ද දුක් බැවින් දුක්ඛ දුක්ඛයයි කියනු ලැබේ. සැප වේදනාව වෙනසට පත්වීමෙන් දුක් ඉපදවීමට හේතුවන හෙයින් විපරිණාම දුකයි. උපේක්ෂා වේදනාවද, සෛු ත්‍රෛභූමික සංස්කාරයෝ, හටගැනීම්, විනාශවීම්වලින් පීඩිත හෙයින් සංස්කාර දුකයි. කන් කැක්කුම්, දත් කැක්කුම් රාගයෙන් හටගත් තැවීම් ද්වේෂයෙන් හටගත් තැවීම් ආදී, කායික චෛතසික ආබාධ විමසා දතයුතු හෙයින් හටගත් ක්‍රම අප්‍රකට හෙයින් වැසුණු දුකයි. දෙතිස් කර්ම කිරීම් ආදියෙන් හටගත් ආබාධ නොවිමසාම දැනගත හැකි හෙයින්ද, උපක්‍රමද ප්‍රකට හෙයින්, නොවැසුණු දුකයි. දුක්ඛදුක්ඛය හැර සෙස්සු දුක්ඛ සත්‍ය විභංගයෙහි ආයේය. ජාති ආදී සියල්ලම ඒ ඒ දුකට වස්තුභාවයෙන් පර්යාය දුකයි. දුක්ඛ දුක්ඛය නිප්පරියාය (වෙනස් කළ නෙහැකි) දුකයයි කියනු ලැබේ. ඒ මෙහි ජාතියයි. යම් ඒ බාල පණ්ඩිත සූත්‍රාදීන්හි භාග්‍යවතුන් වහන්සේ විසින්ද උපමා වශයෙන් ප්‍රකාශිත ආපායික දුකද, යම් ඒ සුගතියෙහිද, මිනිස් ලොව කුසෙහි පිළිසිඳ ගැනීම් මූලිකාදීභේද වූ දුක උපදී. ඒවාට හේතුවන බැවින් දුක්ය.
තත්රායං ජාති යං තං බාලපණ්ඩිතසුත්තාදීසු (ම· නි· 3.246 ආදයො) භගවතාපි උපමාවසෙන පකාසිතං ආපායිකං දුක්ඛං, යඤ්ච සුගතියම්පි මනුස්සලොකෙ ගබ්භොක්කන්තිමූලකාදිභෙදං දුක්ඛං උප්පජ්ජති, තස්ස වත්ථුභාවතො දුක්ඛා. තත්රිදං ගබ්භොක්කන්තිමූලකාදිභෙදං දුක්ඛං – අයඤ්හි සත්තො මාතුකුච්ඡිම්හි නිබ්බත්තමානො න උප්පලපදුමපුණ්ඩරීකාදීසු නිබ්බත්තති, අථ ඛො හෙට්ඨා ආමාසයස්ස උපරි පක්කාසයස්ස උදරපටලපිට්ඨිකණ්ටකානං වෙමජ්ඣෙ පරමසම්බාධෙ තිබ්බන්ධකාරෙ නානාකුණපගන්ධපරිභාවිතපරමදුග්ගන්ධපවනවිචරිතෙ අධිමත්තජෙගුච්ඡෙ කුච්ඡිප්පදෙසෙ පූතිමච්ඡපූතිකුම්මාසචන්දනිකාදීසු කිමි විය නිබ්බත්තති. සො තත්ථ නිබ්බත්තො දස මාසෙ මාතුකුච්ඡිසම්භවෙන උස්මනා පුටපාකං විය පච්චමානො පිට්ඨපිණ්ඩි විය සෙදියමානො සමිඤ්ජනපසාරණාදිවිරහිතො අධිමත්තං දුක්ඛං පච්චනුභොතීති. ඉදං තාව ගබ්භොක්කන්තිමූලකං දුක්ඛං.
එහි ගැබෙහි පිළිසිඳ ගැනීම් මූලිකාදිභේද දුක මෙසේයි. මේ සත්ත්වයා මව්කුසෙහි උපදිනුයේ, මානෙල්, නෙලුම්, සුදුනෙලුම් ආදීන්හි නූපදියි. තවද ආමාශයට යටින් පක්වාශය මතුයෙහි උදරපටල පිටකටුවල මධ්‍යයෙහි ඉතාමත් සම්බාධ සහිත, තද අඳුරින් යුත්, නොයෙක් කුණප ගන්ධයන්ගෙන් ගැවසීගත් ඉතාම දුර්ගන්ධ සුළං හමන ඉතාමත් පිළිකුල් කුස් පෙදෙස්හි, කුණුමස්, කුණු පිට්ටු සහිත ගවර වළවල පණුවකු සේ උපදියි. ඔහු එහි උපන්නේ දසමසක් මව්කුසෙහි හටගන්නා උෂ්ණයෙන්, මුල්බැඳ තැම්බූ දෙයක් මෙන් පැසෙන්නේ, පිටි පිඩක් මෙන් හුමාලයෙන් තැම්බෙනුයේ, අත්පා වකුටු කිරීම් - දිගහැරීම් විරහිතව අධිමාත්‍ර දුකක් අනුභව කෙරෙයි. මෙය මව්කුසෙහි පිළිසිඳ ගැනීම් මූලික දුකයි.
යං පන සො මාතු සහසා උපක්ඛලනගමනනිසීදනඋට්ඨානපරිවත්තනාදීසු සුරාධුත්තහත්ථගතො එළකො විය අහිතුණ්ඩිකහත්ථගතො සප්පපොතකො විය ච ආකඩ්ඪනපරිකඩ්ඪනඔධුනනනිද්ධුනනාදිනා උපක්කමෙන අධිමත්තං දුක්ඛමනුභොති, යඤ්ච මාතු සීතුදකපානකාලෙ සීතනරකූපපන්නො විය උණ්හයාගුභත්තාදිඅජ්ඣොහරණකාලෙ අඞ්ගාරවුට්ඨිසම්පරිකිණ්ණො විය ලොණම්බිලාදිඅජ්ඣොහරණකාලෙ ඛාරාපතච්ඡිකාදිකම්මකාරණප්පත්තො විය අධිමත්තං දුක්ඛමනුභොති. ඉදං ගබ්භපරිහරණමූලකං දුක්ඛං.
ඒ මව් කුසවන් තැනැත්තා, මව ඉක්මණින් පය හැපීම්, ගමන්, හිඳීම්, නැගිටීම්, පෙරලීම් ආදියෙහිදී, සුරාධූර්තයෙකු අතට පත් එළුවකු මෙන්ද, අහිගුණ්ඨිකයෙකු අතට පත් සර්ප පැටියෙකු මෙන්ද, ඇදීම, එහි මෙහි ඇදීම ගසා දැමීම, සෙලවීම ආදී උපක්රමයන්ගෙන් අධිමාත්‍ර දුකක් අනුභව කරයි. මව සිසිල් දිය පානය කරන කල්හි, සීත නරකයෙහි උපන්නාක් මෙන්ද, කැඳ උණුබත් ආදිය ගිලින කල්හි, තමා අවට ගිනිඅඟරු වර්ෂාවකින් වටකළාක් මෙන්ද, ලුණුඇඹුල් ගිලිනකල්හි ඇඟමස් ඉරා ලුණු ඇඹුල් මිශ්‍ර පස් ගල්වන රාජදඬුවමට පත්වන්නාක් මෙන්ද, අධිමාත්‍ර දුක් අනුභව කරයි. මෙය ගැබ පවත්වා ගැනීම් මූලික දුකයි.
යං පනස්ස මූළ්හගබ්භාය මාතුයා මිත්තාමච්චසුහජ්ජාදීහිපි අදස්සනාරහෙ දුක්ඛුප්පත්තිට්ඨානෙ ඡෙදනඵාලනාදීහි දුක්ඛමනුභවති. ඉදං ගබ්භවිපත්තිමූලකං දුක්ඛං.
යම් ඒ මවගේ ගැබ අක්‍රමවත් වන්නේද, යහළු මිත්රයින් සහෘදයින් විසින් නොදැකිය යුතු දුක් උපදින ස්ථානයන්හි කැපීම් පැළීම් ආදීන්ගෙන් දුක් අනුභව කරයි. මෙය ගැබ් විපත් මුල්කොට ඇතිවන දුකයි.
යං විජායමානාය මාතුයා කම්මජෙහි වාතෙහි පරිවත්තෙත්වා නරකප්පපාතං විය අතිභයානකං යොනිමග්ගං පටිපාදියමානස්ස පරමසම්බාධෙන ච යොනිමුඛෙන තාළච්ඡිග්ගළෙන විය නිකඩ්ඪියමානස්ස මහානාගස්ස නරකසත්තස්ස විය ච සඞ්ඝාතපබ්බතෙහි විචුණ්ණියමානස්ස දුක්ඛමුප්පජ්ජති. ඉදං විජායනමූලකං දුක්ඛං.
මව දරුවා බිහිකරන කල්හි කර්මජ වාතයෙන් පෙරළා, නිරයෙහි ප්රපාතයක් බඳු ඉතා භයානක යෝනි මාර්ගයට ගෙනඑනු ලබන කල්හි අතිශය සම්බාධක යෝනි මුඛයෙන් යතුරු සිදුරකින් අදිනු ලබන මහා ඇතෙකු මෙන්ද, නිරිසතෙකු මෙන්ද එකට බැඳි පර්වත දෙකකින් කූඩු කරනු ලබන කල්හි මෙන් දුක් උපදියි. මෙය බිහිකිරීම් මූලික දුකයි.
යං පන ජාතස්ස තරුණවණසදිසස්ස සුකුමාරසරීරස්ස හත්ථගහණන්හාපනධොවනචොළපරිමජ්ජනාදිකාලෙ සූචිමුඛඛුරධාරාවිජ්ඣනඵාලනසදිසං දුක්ඛමුප්පජ්ජති. ඉදං මාතුකුච්ඡිතො බහි නික්ඛමනමූලකං දුක්ඛං.
යම් ඒ අලුත උපන්, අලුත තුවාලයක් බඳු සියුම් ශරීරයාගේ අත් ස්පර්ශ නැහැවීම් දෙවීම් රෙදිකඩවලින් පිරිමැදීම් වන කල්හි, ඉඳිකටු තුඩින්, දැලිපිහිතලවලින් විදින පළන සමාන දුකක් උපදියි. මෙය මව්කුසින් පිටත නික්මීම් මූලික දුකයි.
යං තතො පරං පවත්තියං අත්තනාව අත්තානං වධෙන්තස්ස අචෙලකවතාදිවසෙන ආතාපනපරිතාපනානුයොගමනුයුත්තස්ස කොධවසෙන අභුඤ්ජන්තස්ස උබ්බන්ධන්තස්ස ච දුක්ඛං හොති. ඉදං අත්තුපක්කමමූලකං දුක්ඛං.
ඉන් මත්තෙහි දිවිපැවැත්මෙහිදී තමා විසින්ම තමා නසන්නාටද, නිර්වස්ත්‍ර වත් පිරීම් ආදී වශයෙන් ආත්මය තැවීම්, විශේෂ තැවීම් ආදී යෝගයන්හි යෙදෙන්නාටද, ක්‍රෝධ වශයෙන් ආහාර නොගන්නාටද, ගෙල වැළලා ගන්නාටද, දුක් ඇතිවෙයි. මෙය ආත්මොපක්‍රම මූලික දුකයි.
යං පන පරතො වධබන්ධනාදීනි අනුභවන්තස්ස උප්පජ්ජති. ඉදං පරූපක්කමමූලකංදුක්ඛන්ති. ඉති ඉමස්ස සබ්බස්සාපි දුක්ඛස්ස අයං ජාති වත්ථුමෙව හොති. තෙනෙතං වුච්චති –
යම් ඒ අනුන්ගෙන් වධබන්ධනාදීන් අනුභව කරන්නාට දුකක් උපදීද? මෙය පරෝපක්‍රම මූලික දුකයි. මේ සියලුම දුකට මේ ඉපදීම හේතුවම වේ. එහෙයින් මෙය යූ.සේයි.
“ජායෙථ නො චෙ නරකෙසු සත්තො, තත්ථග්ගිදාහාදිකමප්පසය්හං; ලභෙථ දුක්ඛං නු කුහිං පතිට්ඨං, ඉච්චාහ දුක්ඛාති මුනීධ ජාතිං.
ජායෙථ නො චෙ නරකෙසු සත්තො, තත්ථග්ගි දාහාදික මප්පං සය්හං, ලභෙථ දුක්ඛන්නු කුහිං පතිට්ඨං, ඉච්චාහ දුක්ඛාති මුනීධ ජාතිං
ඉවසිය නොහැකි ගිනිදැල් දැවීම් සහිත, නරකයෙහි ඉදින් සත්ත්වයෙක් උපදීද? එහි පිහිටක් කොයින්ද? ලබනුයේ දුකක් පමණක් නොවේද? මෙසේ බුදුරදුන් උපත දුකයයි වදාළ සේක.
“දුක්ඛං තිරච්ඡෙසු කසාපතොද- දණ්ඩාභිඝාතාදිභවං අනෙකං; යං තං කථං තත්ථ භවෙය්ය ජාතිං, විනා තහිං ජාති තතොපි දුක්ඛා.
දුක්ඛං තිරච්ඡෙසු කසා පතොද, දණ්ඩාභිඝාතාදිභවං අනෙකං, යං තං කථං තත්ථ භවෙය්ය ජාතිං, විනා තහිං ජාති තතොපි දුක්ඛා
තිරිසන් යෝනියෙහි, කස, කෙවිටි, දඬුවලින් පහරදීම් ආදී නොයෙක් දුක් වෙයි. උපත නොවේනම් එය එහි කෙසේ වන්නේද? එහෙයින් එහි උපත එකරුණින්ද දුක් වේ.
“පෙතෙසු දුක්ඛං පන ඛුප්පිපාසා- වාතාතපාදිප්පභවං විචිත්තං; යස්මා අජාතස්ස න තත්ථ අත්ථි, තස්මාපි දුක්ඛං මුනි ජාතිමාහ.
පෙතෙසු දුක්ඛං පන ඛුප්පිපාසා, වාතාතපාදිප්පභවං විචිත්තං, යස්මා අජාතස්ස න තස්ස අත්ථි, තස්මාපි දුක්ඛං මුනි ජාති මාහ
ප්‍රේත ලෝකයෙහි සාපිපාස, අව්(වැසි) සුළංවලින් හටගත් විසිතුරු දුක් හටගනී. යම්හෙයකින් නූපන්නහුට එය නොමැත්තේද? එහෙයින් බුදුරදහු ඉපදීම දුකයයි වදාළහ.
“තිබ්බන්ධකාරෙ ච අසය්හසීතෙ, ලොකන්තරෙ යං අසුරෙසු දුක්ඛං; න තං භවෙ තත්ථ න චස්ස ජාති, යතො අයං ජාති තතොපි දුක්ඛා.
තිබ්බන්ධකාරෙච අසය්හ සීතෙ, ලොකන්තරෙ යං අසුරෙසු දුක්ඛං, න තං භවෙ තත්ථ න චස්ස ජාති, යතො අයං ජාති තතොපි දුක්ඛා
නොඉවසිය හැකි සීතල හා ඝන අඳුරින් සමන්විත ලෝකාන්තරික නරකයෙහි අසුරයන් කෙරෙහි යම් දුකක් වන්නේද, එහි ඉපදීමක් නොවන්නේ නම් එය එහි නොවන්නේය. යම් හෙයකින් උපත වන්නේද, එහෙයින්ද දුක්ය.
“යඤ්චාපි ගූථනරකෙ විය මාතුගබ්භෙ, සත්තො වසං චිරමතො බහි නික්ඛමඤ්ච; පප්පොති දුක්ඛමතිඝොරමිදම්පි නත්ථි, ජාතිං විනා ඉතිපි ජාති අයඤ්හි දුක්ඛා.
යඤ්චාපි ගූථ නරකෙ විය මාතුගබ්භෙ, සත්තො වසං චිරමතො බහි නික්ඛමඤ්ච, පප්පොති දුක්ඛ මති ඝොර මිදම්පි නත්ථි, ජාතිං විනා ඉතිපි ජාති අයංහි දුක්ඛා
සත්ත්වයා ගූථ නරකයෙහි මෙන් මාතෘ ගර්භයෙහි බොහෝ කලක් වැස, ඉන් පිටත නික්මෙන කල්හිද ඉතා භයානක දුකට පත්වෙයි. උපත නොවේනම් එයද නොවන්නේය. මෙකරුණින්ද ජාතිය දුකය.
“කිං භාසිතෙන බහුනා නනු යං කුහිඤ්චි, අත්ථීධ කිඤ්චිදපි දුක්ඛමිදං කදාචි; නෙවත්ථි ජාතිවිරහෙ යදතො මහෙසී, දුක්ඛාති සබ්බපඨමං ඉමමාහ ජාති”න්ති.
කිං භාසිතෙන බහුනා නනු යං කුහිඤ්චි, අත්ථිධ කිඤ්චිදපි දුක්ඛමිදං කදාචි, නෙවත්ථි ජාති විරහෙ යදතො මහෙසී, දුක්ඛාති සබ්බ පඨමං ඉම්මාහ ජාති’න්ති
මේ දුක මෙලොව කවරකලෙක කිසිසේත්, කොතැනක හෝ ඇතිවන්නේ නොවේද? උපත නැතිකල්හි පමණක් මෙය නොමැත්තේය. ඒ ගැන වැඩිපුර කථා කිරීමෙන් ඇති ඵලය කිමෙක්ද? මේ පිළිබඳව මහර්ෂින් වහන්සේ සියල්ලට පළමු උපත දුකයයි වදාළ සේක.
ජරාපි දුක්ඛාති එත්ථ දුවිධා ජරා සඞ්ඛතලක්ඛණඤ්ච, ඛණ්ඩිච්චාදිසම්මතො සන්තතියං එකභවපරියාපන්නඛන්ධපුරාණභාවො ච. සා ඉධ අධිප්පෙතා. සා පනෙසා දුක්ඛා සඞ්ඛාරදුක්ඛභාවතො චෙව දුක්ඛවත්ථුතො ච. යං හිදං අඞ්ගපච්චඞ්ගසිථිලීභාවඉන්ද්රියවිකාරවිරූපතා යොබ්බනවිනාසබලූපඝාතසතිමතිවිප්පවාසපරපරිභවාදිඅනෙකප්පච්චයං කායිකචෙතසිකං දුක්ඛමුප්පජ්ජති, ජරා තස්ස වත්ථු. තෙනෙතං වුච්චති –
ජරාපි දුක්ඛා මෙහි ජරාව දෙයාකාරය. සංඛත ලකෂණයද, දත් වැටීම් ආදී වශයෙන් සම්මත, එක් භවයකට ඇතුළත් ස්කන්ධයන්ගේ නොකඩවා පැවැත්මෙහිදී වන පැරණි වීමද යන දෙයාකාරයි. එය මෙහි අදහස් කරන ලදී. සංස්කාර දුක්ඛ ස්වභාවයෙන්ද, දුකට වස්තුවන හෙයින්ද එය වනාහි දුක්ය. යම් ඒ අංග ප්රත්යංගයන්හි ලිහිල් බව, ඉන්ද්රිය වෙනස් වීම, විරූපි ස්වභාවය යෞවනත්වය විනාශය, ශක්තිය නැසී යාම, සිහිය ඉවත්ව යාම අන්‍යයන්ගේ පරිභවයන්ට භාජනවීම් ආදී නොයෙක් හේතූන් මත කායික චෛතසික දුක් උපදී. ජරාව ඊට හේතුයි. එහෙයින් මෙය යූසේයි.
“අඞ්ගානං සිථිලීභාවා, ඉන්ද්රියානං විකාරතො; යොබ්බනස්ස විනාසෙන, බලස්ස උපඝාතතො.
අංගානං සිථිලීභාවා - ඉන්ද්රියානං විකාරතො, යොබ්බනස්ස විනාසෙන - බලස්ස උපඝාතතො
ශරීරාවයන්ගේ ලිහිල් භාවයෙන්ද, ඉන්ද්රියයන්ගේ වෙනස් වීමෙන්ද, යෞවනත්වය විනාශ වීමෙන්ද, බල නාසනයෙන්ද, සිහිය ආදීන්ගේ ඉවත්ව යාමෙන්ද,
“විප්පවාසා සතාදීනං, පුත්තදාරෙහි අත්තනො; අප්පසාදනීයතො චෙව, භිය්යො බාලත්තපත්තියා.
විප්පවාසා සතාදීනං - පුත්තදාරෙහි අත්තනො, අපසාදනියතො චෙව - හීය්‍යො බාලත්ත පත්තියා
තම අඹුදරුවන්ගේ නොපැහැදීම් තත්වයට පත්වීමෙන්ද, බොහෝ සේ කුඩා දරුවකුගේ තත්වයට බුද්ධිහීනතාවයට පත්වීමෙන්ද,
“පප්පොති දුක්ඛං යං මච්චො, කායිකං මානසං තථා; සබ්බමෙතං ජරාහෙතු, යස්මා තස්මා ජරා දුඛා”ති.
පප්පොති දුක්ඛං යං මච්චො - කායිකං මානසං තථා, සබ්බමෙතං ජරා හෙතු - යස්මා තස්මා ජරා දුක්ඛා’ති
යම් මිනිසෙක් කායික-මානසික දුකට පත්වේද? ඒ සියල්ල ජරා හේතුවෙන් වේ. යම් හෙයකින් ඒ දුක පැමිණේද? එහෙයින් ඒ ජරාව දුකය.
ජරාදුක්ඛානන්තරං බ්යාධිදුක්ඛෙ වත්තබ්බෙපි කායිකදුක්ඛගහණෙනෙව බ්යාධිදුක්ඛං ගහිතං හොතීති න වුත්තන්ති වෙදිතබ්බං.
ජරා දුකට, අනතුරුව ව්‍යාධි දුක කිවයුතු වුවත්, කායික දුක් ග්රහණයෙන්ම ව්‍යාධි දුක ඇතුළත් වූ හෙයින් නොකියන ලදැයි දතයුතුය.
මරණම්පි දුක්ඛන්ති එත්ථාපි දුවිධං මරණං – සඞ්ඛතලක්ඛණඤ්ච, යං සන්ධාය වුත්තං – “ජරාමරණං ද්වීහි ඛන්ධෙහි සඞ්ගහිත”න්ති (ධාතු· 71). එකභවපරියාපන්නජීවිතින්ද්රියප්පබන්ධවිච්ඡෙදො ච, යං සන්ධාය වුත්තං – “නිච්චං මරණතො භය”න්ති (සු· නි· 581). තං ඉධ අධිප්පෙතං. ජාතිපච්චයමරණං උපක්කමමරණං සරසමරණං ආයුක්ඛයමරණං පුඤ්ඤක්ඛයමරණන්තිපි තස්සෙව නාමං. පුන ඛණිකමරණං සම්මුතිමරණං සමුච්ඡෙදමරණන්ති අයම්පෙත්ථ භෙදො වෙදිතබ්බො. පවත්තෙ රූපාරූපධම්මානං භෙදො ඛණිකමරණං නාම. “තිස්සො මතො, ඵුස්සො මතො”ති ඉදං පරමත්ථතො සත්තස්ස අභාවා, “සස්සං මතං, රුක්ඛො මතො”ති ඉදං ජීවිතින්ද්රියස්ස අභාවා සම්මුතිමරණං නාම. ඛීණාසවස්ස අප්පටිසන්ධිකා කාලකිරියා සමුච්ඡෙදමරණං නාම. බාහිරකං සම්මුතිමරණං ඨපෙත්වා ඉතරං සම්මුතිමරණඤ්ච සමුච්ඡෙදමරණඤ්ච යථාවුත්තපබන්ධවිච්ඡෙදෙනෙව සඞ්ගහිතං. දුක්ඛස්ස පන වත්ථුභාවතො දුක්ඛං. තෙනෙතං වුච්චති –
මරණම්පි දුක්ඛං මෙහිද මරණය දෙයාකාරය. සංඛත ලක්ෂණද ජරාමරණ ස්කන්ධයන් දෙකකින් සංගෘහිතයයි යමක් සඳහා කියන ලද්දේද එයද, එක් භවයකට අයත් ජීවිතේන්ද්රියයාගේ නොසිඳී පැවැත්මේ විනාශයද, නිතර මරණයෙන් බිය හටගනීයයි යමක් සඳහා කියන ලද්දේද, එය මෙහි අදහස් කරන ලදී. ඉපදීම් හේතුයෙන් වන මරණය, උපක්‍රම තුළින් වන මරණය, ස්වභාවික මරණය, පුණ්යක්ෂය මරණය යනුද එයටම නම්ය. නැවත ක්ෂණික මරණය, සම්මුති මරණය, සමුච්ඡෙද මරණයයි යන මෙම බෙදීම්ද දතයුතුය. ප්‍රවෘත්තියෙහි රූපාරූප ධර්මයන්ගේ බිඳීම ක්ෂණික මරණය නම් වේ. තිස්ස මළේය ඵුස්ස මළේය යන මෙය පරමාර්ථ වශයෙන් සත්ත්වයෙක් නොමැති හෙයින් සම්මුති මරණ නම් වේ. ක්ෂීණාශ්රවයාගේ ප්රතිසන්ධි රහිත කාලක්‍රියාව සමුච්ඡෙද මරණ නම් වේ. බාහිර සම්මුති මරණ හැර, අනෙක් සම්මුති මරණයද, සමුච්ඡෙද මරණයද කියන ලද පැවැත්මේ විනාශයෙහිම ඇතුළත් කරන ලදී. දුකට හේතුවන බැවින් දුක්ය. එහෙයින් මෙය කියන ලදී –
“පාපස්ස පාපකම්මාදිනිමිත්තමනුපස්සතො; භද්දස්සාපසහන්තස්ස, වියොගං පියවත්ථුකං; මීයමානස්ස යං දුක්ඛං, මානසං අවිසෙසතො.
පාපස්ස පාප කම්මාදී - නිමිත්ත මනුපස්සතො, භද්දස්සාපසහන්තස්ස - වියොගං පිය වත්ථුකං,
පාපියාට පාප කර්මාදී, නිමිති සිහිකරන කල්හිද, යහපත් පුද්ගලයාට ප්‍රිය වස්තූන්ගේ වියොව නොඉවසන කල්හිද,
“සබ්බෙසඤ්චාපි යං සන්ධිබන්ධනච්ඡෙදනාදිකං; විතුජ්ජමානමම්මානං, හොති දුක්ඛං සරීරජං.
මීයමානස්ස යං දුක්ඛං - මානසං අවිසෙසතො, සබ්බෙ සඤ්චාපි යං සන්ධි - බන්ධනච්ඡෙදනාදිකං
මියැදෙන්නා වූ, සියල්ලන්ටම සමානතාවයෙන් යම් මානසික දුකක් වේද,
“අසය්හමප්පටිකාරං, දුක්ඛස්සෙතස්සිදං යතො; මරණං වත්ථු තෙනෙතං, දුක්ඛමිච්චෙව භාසිත”න්ති.
විතුජ්ජමාන මම්මානං - හොති දුක්ඛං සරීරජං, අසය්හ මප්පටීකාරං - දුක්ඛස්සෙතස්සිදං යතො, මරණං වත්ථු තෙනෙදං - දුක්ඛ මිච්චෙව භාසිතන්ති
එසේම යම් ඇටසන්ධි බැඳීම්, බිඳීම් ආදී වූද, මර්මස්ථාන අවි ආයුධවලින් විදිනු ලබන කල්හි වන යම් ශාරීරික දුකක් වේද? එසේම මරණයටද හේතු වේද? එහෙයින් මෙය දුකම යැයි වදාරණ ලදී.
සොකාදීසු සොකො නාම ඤාතිබ්යසනාදීහි ඵුට්ඨස්ස අන්තොනිජ්ඣානලක්ඛණො චිත්තසන්තාපො. දුක්ඛො පන දුක්ඛදුක්ඛතො දුක්ඛවත්ථුතො ච. තෙනෙතං වුච්චති –
සෝකාදීන්හි සෝකය නම් ඤාති ව්‍යසනාදියෙන් පෙලුණහුගේ අභ්‍යන්තර පසුතැවීම් ලක්ෂණ ඇති චිත්ත සන්තාපයයි. දුක වනාහි, දුක්ඛ දුක්ඛයෙන්ද, දුක්ඛ වස්තු වශයෙන්ද වේ. එහෙයින් මෙය කියනු ලැබේ.
“සත්තානං හදයං සොකො, විසසල්ලංව තුජ්ජති; අග්ගිතත්තොව නාරාචො, භුසංව දහතෙ පුන.
සත්තානං හදයං සොකො - විසසල්ලංව තුජ්ජති, අග්ගි තත්තොව නාරාවො - භුසංව දහතෙ පුන
සත්ත්වයින්ගේ හෘදය සෝක නමැති විස හුලින් විදියි. ගින්නෙන් රත්වූ යකඩ හුලක් මෙන් බොහෝ සේ නැවතද දවයි.
“සමාවහති බ්යාධිඤ්ච, ජරාමරණභෙදනං; දුක්ඛම්පි විවිධං යස්මා, තස්මා දුක්ඛොති වුච්චතී”ති.
සමාවහති බ්යාධිඤ්ච - ජරා මරණ භෙදනං, දුක්ඛම්පි විවිධං යස්මා - තස්මා දුක්ඛොති වුච්චතී’ති
යම් හෙයකින් ජරා මරණාදී විනාශයන්ද, රෝගයන්ද, විවිධ දුක් ද එළවන්නේ වේද, එහෙයින් දුකයයි කියනු ලැබේ.
පරිදෙවො නාම ඤාතිබ්යසනාදීහි ඵුට්ඨස්ස වචීපලාපො. දුක්ඛො පන සඞ්ඛාරදුක්ඛභාවතො දුක්ඛවත්ථුතො ච. තෙනෙතං වුච්චති –
පරිදේව නම් ඤාති ව්‍යසනාදියෙන් පෙලුණහුගේ කටින් පිටවන හිස් වචනයි. සංස්කාර දුක්ඛ භාවයෙන්ද දුක්ඛ වස්තු හෙයින්ද දුකය. එහෙයින් මෙය කියනු ලැබේ.
“යං සොකසල්ලවිහතො පරිදෙවමානො, කණ්ඨොට්ඨතාලුතලසොසජමප්පසය්හං; භිය්යොධිමත්තමධිගච්ඡතියෙව දුක්ඛං, දුක්ඛොති තෙන භගවා පරිදෙවමාහා”ති.
යං සොක සල්ල විහතො පරිදෙවමානො, කණ්ඨොට්ඨතාලුතල සොසජ මප්ප සය්හං, භීය්යොධිමත්ත මධිගච්ඡති යෙව දුක්ඛං, දුක්ඛොති තෙන භගවා පරිදෙවමාහා’ති
සෝක නමැති හුලින්, නසනු ලැබුයේ, වැලැපෙනුයේ බෙල්ල, තොල, තල්ලෙහි තලය වියලවනුයේ, නොඉවසනුයේ අධිමාත්‍ර දුකට පැමිණේද, එහෙයින් භාග්‍යවතුන් වහන්සේ වැළපීම දුකයයි වදාළහ.
දුක්ඛං නාම කායපීළනලක්ඛණං කායිකදුක්ඛං. දුක්ඛං පන දුක්ඛදුක්ඛතො මානසදුක්ඛාවහනතො ච. තෙනෙතං වුච්චති –
දුකනම් කය පීඩාවට පත්කරන ලක්ෂණ ඇති කායික දුකයි. දුක මානසික දුක් එළවන හෙයින් දුක්ඛ දුක්ඛයයි යෙති. එහෙයින් මෙය කියනු ලැබේ.
“පීළෙති කායිකමිදං, දුක්ඛං දුක්ඛඤ්ච මානසං භිය්යො; ජනයති යස්මා තස්මා, දුක්ඛන්ති විසෙසතො වුත්ත”න්ති.
පීළෙති කායික මිදං - දුක්ඛඤ්ච මානසං හීය්‍යො, ජනයති යස්මා තස්මා - දුක්ඛන්ති විසෙසතො වුත්ත’න්ති
මේ දුක කායිකවද සත්ත්වයා පෙළයි. මානසිකවද බොහෝ සෙයින් පීඩා හටගන්වයි. එහෙයින් දුකයයි විශේෂයෙන් කියන ලදී.
දොමනස්සං නාම චිත්තපීළනලක්ඛණං මානසං දුක්ඛං. දුක්ඛං පන දුක්ඛදුක්ඛතො කායිකදුක්ඛාවහනතො ච. චෙතොදුක්ඛසමප්පිතා හි කෙසෙ පකිරිය කන්දන්ති, උරානි පටිපිසන්ති, ආවට්ටන්ති, විවට්ටන්ති, උද්ධංපාදං පපතන්ති, සත්ථං ආහරන්ති, විසං ඛාදන්ති, රජ්ජුයා උබ්බන්ධන්ති, අග්ගිං පවිසන්තීති නානප්පකාරකං දුක්ඛමනුභවන්ති. තෙනෙතං වුච්චති –
දොමනස්ස නම් සිත පෙළන ලක්ෂණ ඇති මානසික දුකයි. දුක වනාහි කායික දුක් එළවන හෙයින් දුක්ඛ දුක්ඛ වශයෙන් ගැනේ. සිතේ දුකින් යුත් කල්හි, කෙස් විසුරුවමින් හඬති. ළය පහරති. ඔබිනොබ පෙරළෙති. දෙපා උඩුකුරුව වැටෙති. ආයුධ ගනිති. වස විස කති. රැහැණෙන් ගෙල වැලලා ගනිති. ගින්නට පිවිසෙති. ආදී නානාප්‍රකාර දුක් අනුභව කරති. එහෙයින් මෙය කියනු ලැබේ.
“පීළෙති යතො චිත්තං, කායස්ස ච පීළනං සමාවහති; දුක්ඛන්ති දොමනස්සං, විදොමනස්සා තතො ආහූ”ති.
පීළෙති යතො චිත්තං - කායස්සච පීළනං සමාවහති, දුක්ඛන්ති දොමනස්සං - විදොමනස්සා තතො අහූ’ති
යම් හෙයකින් සිත පෙළේද? සිරුරෙහි පෙළීම ගෙන ඒද? එහෙයින් දොම්නස දුකයයි සලකා, පහවූ දොම්නස් ඇත්තාහු වෙත්වා!
උපායාසො නාම ඤාතිබ්යසනාදීහි ඵුට්ඨස්ස අධිමත්තචෙතොදුක්ඛප්පභාවිතො දොසොයෙව. “සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො එකො ධම්මො”ති එකෙ. දුක්ඛො පන සඞ්ඛාරදුක්ඛභාවතො චිත්තපරිදහනතො කායවිසාදනතො ච. තෙනෙතං වුච්චති –
උපායාස නම් ඤාති ව්‍යසනාදියෙන් පෙළෙන ලද දුකින් මඩනා ලද අයෙකුගේ සිතෙහි හටගන්නා අධිමාත්‍ර දෝෂයමය. මෙය සංස්කාර ස්කන්ධයන්ට ඇතුළත් යයි ඇතැමෙක් කියති. සංස්කාර දුක්ඛ ස්වභාවය හෙයින්ද, සිත හාත්පසින් දවන බැවින්ද සිරුර කම්පනයට පත්වන හෙයින්ද දුකයයි කියයි. එහෙයින් මෙය කියනු ලැබේ –
“චිත්තස්ස ච පරිදහනා, කායස්ස විසාදනා ච අධිමත්තං; යං දුක්ඛමුපායාසො, ජනෙති දුක්ඛො තතො වුත්තො”ති.
චිත්තස්සච පරිදහනා - කායස්ස විසාදනාව අධිමත්තං, යං දුක්ඛමුපායාසො - ජනෙති දුක්ඛො තතො වුත්තො’ති
යම් ඒ උපායාස දුකක් වේද? එය සිත හාත්පසින් දැවීම, ශරීරය අධිමාත්‍ර පීඩනයට පත් කිරීම හටගන්වයි. එහෙයින් උපායාසය දුකයයි කියන ලද්දේය.
එත්ථ ච මන්දග්ගිනා අන්තොභාජනෙ පාකො විය සොකො, තික්ඛග්ගිනා පච්චමානස්ස භාජනතො බහිනික්ඛමනං විය පරිදෙවො, බහිනික්ඛන්තාවසෙසස්ස නික්ඛමිතුම්පි අප්පහොන්තස්ස අන්තොභාජනෙයෙව යාව පරික්ඛයා පාකො විය උපායාසො දට්ඨබ්බො.
මෙහිද, සෝකය මඳගින්නේ භාජනය තුළ පැසෙන්නාක් මෙනි. පරිදේවය තද ගින්නෙහි පැසෙන කල්හි භාජනයෙන් පිටත නික්මීමක් මෙනි. පිටත නික්මී ඉතිරිය පිටත නික්මීමට අපොහොසත්ව භාජනය තුළම ක්ෂය වනතුරු පැසීම උපායාසයයි දතයුතුය. අප්පියෙහි
අප්පියසම්පයොගො නාම අප්පියෙහි සත්තසඞ්ඛාරෙහි සමොධානං. දුක්ඛො පන දුක්ඛවත්ථුතො. තෙනෙතං වුච්චති –
සම්පයොගො නම් ප්රියනොවූ සත්ත්ව සංස්කාරයන් සමග එකට සම්බන්ධ වීමයි. දුකට හේතු වන බැවින් දුක්ය. එහෙයින් මෙය කියනු ලැබේ.
“දිස්වාව අප්පියෙ දුක්ඛං, පඨමං හොති චෙතසි; තදුපක්කමසම්භූතමථ කායෙ යතො ඉධ.
දිස්වාව අප්පියෙ දුක්ඛං පඨමං හොති චෙතසි, තදුපක්කම සම්භූත මථ කායෙ යතො ඉධ
“තතො දුක්ඛද්වයස්සාපි, වත්ථුතො සො මහෙසිනා; දුක්ඛො වුත්තොති විඤ්ඤෙය්යො, අප්පියෙහි සමාගමො”ති.
තතො දුක්ඛ ද්වයස්සාපි වත්ථුතො සො මහෙසිනො, දුක්ඛො වුත්තොති විඤ්ඤෙය්යො අප්පියෙහි සමාගමො’ති
යම්හෙයකින් මෙහි අප්‍රියයෙකු දැක පළමුව සිතෙහි දුකක් හටගනී. ඒ සිතේ උපක්‍රමයෙන් හටගත් බලයෙන් ශරීරයටද දුක කාවදී. ඉක්බිති වස්තු වශයෙන් දුක කය සිත දෙකටම පැතිරෙයි. එබැවින් ඒ මහර්ෂීන් වහන්සේ විසින් අප්‍රියයන් හා එක්වීම දුකයයි වදාරණ ලද්දේයයි දතයුතුය.
පියවිප්පයොගො නාම පියෙහි සත්තසඞ්ඛාරෙහි විනාභාවො. දුක්ඛො පන දුක්ඛවත්ථුතො. තෙනෙතං වුච්චති –
පියෙහි විප්පයොගො නම් ප්‍රිය සත්ත්ව සංස්කාරයන්ගෙන් වෙන්වීම් ස්වභාවය දුක්ඛ වස්තු බැවින් දුක්ය. එහෙයින් මෙය කියනු ලැබේ.
“ඤාතිධනාදිවියොගා , සොකසරසමප්පිතා විතුජ්ජන්ති; බාලා යතො තතොයං, දුක්ඛොති මතො පියවියොගො”ති.
ඤාති ධනාදි වියොගො - සොක සරස මප්පිතා විතුජ්ජන්ති, බාලා යතො තතොයං - දුක්ඛොති මතො පිය විප්පයොගොති
අඥානයෝ යම් හෙයකින් ඤාති ධනාදී වියෝගයෙන් සෝක ස්වභාවය හෘදයාභ්‍යන්තරයට වැදුණෝ එම සෝකය නමැති හුලින් විදිනු ලබත්. එහෙයින් මේ ප්‍රිය විප්රයෝගය දුක යයි දන්නා ලදී.
ඉච්ඡිතාලාභෙ අලබ්භනෙය්යවත්ථූසු ඉච්ඡාව යම්පිච්ඡං න ලභති, තම්පි දුක්ඛන්ති වුත්තා. යෙනපි ධම්මෙන අලබ්භනෙය්යං වත්ථුං ඉච්ඡන්තො න ලභති, තම්පි අලබ්භනෙය්යවත්ථුම්හි ඉච්ඡනං දුක්ඛන්ති අත්ථො. දුක්ඛං පන දුක්ඛවත්ථුතො. තෙනෙතං වුච්චති –
කැමති දෑ නොලැබෙන කල්හි, නොලැබිය යුතු වස්තූන්හි කැමැත්තම, යම්පිච්ඡං න ලභතී තම්පි දුක්ඛං යයි යූසේයි. දැහැමින් නොලැබිය යුතු වස්තු කැමති වන්නා නො ලබයි. එයද නොලැබිය යුතු වස්තූන්හි කැමැත්තද දුකයයි අර්ථයි. දුකට හේතුවන බැවින් දුක්ය. එහෙයින් මෙය කියනු ලැබේ.
“තං තං පත්ථයමානානං, තස්ස තස්ස අලාභතො; යං විඝාතමයං දුක්ඛං, සත්තානං ඉධ ජායති.
තං තං පත්ථය මානානං තස්ස තස්ස අලාභතො, යං විඝාතමයං දුක්ඛං සන්තානං ඉධ ජායති
“අලබ්භනෙය්යවත්ථූනං, පත්ථනා තස්ස කාරණං; යස්මා තස්මා ජිනො දුක්ඛං, ඉච්ඡිතාලාභමබ්රවී”ති.
අලබ්භනෙය්ය වත්ථූනං පත්ථනා තස්ස කාරණං, යස්මා තස්මා ජිනො දුක්ඛං ඉච්ඡිතා ලාභමබ්රවී’ති
ඒ ඒ දෙය ප්‍රාර්ථනා කරනවුන්ට ඒ ඒ දෙය නොලැබීමෙන් මෙලොව සත්ත්වයින්ගේ යම් සිත් පීඩාකරන දුකක් වේද? නොලැබිය යුතු වස්තූන්හි ප්‍රාර්ථනාව ඊට හේතුයි. එහෙයින් ජිනේන්ද්රයන් වහන්සේ කැමති දෑ නොලැබීම දුකයයි වදාළ සේක.
සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධාති එත්ථ පන සඞ්ඛිත්තෙනාති දෙසනං සන්ධාය වුත්තං. දුක්ඛඤ්හි එත්තකානි දුක්ඛසතානීති වා එත්තකානි දුක්ඛසහස්සානීති වා සඞ්ඛිපිතුං න සක්කා, දෙසනා පන සක්කා. තස්මා “දුක්ඛං නාම න අඤ්ඤං කිඤ්චි, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා”ති දෙසනං සඞ්ඛිපන්තො එවමාහ. පඤ්චාති ගණනපරිච්ඡෙදො. උපාදානක්ඛන්ධාති උපාදානගොචරා ඛන්ධා.
සංඛිත්තෙන පඤ්චූපාදනක්ඛන්ධා යන මෙහි සංඛිත්තෙන යන් දේශනය සඳහා කියන ලදී. දුක, මෙතෙක් දුක්යයි හේ දුක් සියයෙකැයි හෝ මෙතෙක් දුක් සහසකැයි කියා හෝ හකුළුවා දක්වන්ට නොහැකිය. දේශනාවෙහිදී එය කළ හැකිය. දුක නම් අන් කිසිවක් නොවේ. සංක්ෂේපයෙන් පංච උපාදානස්කන්ධ දුකයයි දේශනාව ලුහුඬු කරන්නේ මෙසේ වදාළ සේක. පඤ්ච යනු ගණන් පිරිසිඳීමයි. උපාදානක්ඛන්ධා යන උපාදාන ගෝචර ස්කන්ධයි.
ජාතිප්පභුතිකං දුක්ඛං, යං වුත්තමිධ තාදිනා; අවුත්තං යඤ්ච තං සබ්බං, විනා එතෙන විජ්ජති.
ජාතිප්පභුතිකං දුක්ඛං - යං වුත්තමිධ තාදිනා, අවුත්තං යඤ්ච තං සබ්බං - විනා එතෙන විජ්ජති
උපත ප්රමුඛ කොට ඇති මෙහි යම් දුකක් ගැන තාදි ගුණයෙන් යුත් උතුමාණන් විසින් වදාරණ ලද්දේද? ඒ සියල්ල මෙයින් තොරව විද්‍යමාන වේයයි යමක් ගැන නොකියන ලද්දේය.
යස්මා තස්මා උපාදානක්ඛන්ධා සඞ්ඛෙපතො ඉමෙ; දුක්ඛාති වුත්තා දුක්ඛන්ත-දෙසකෙන මහෙසිනා.
යස්මා තස්මා උපාදානක්ඛන්ධා - සංඛෙපතොඉමෙ, දුක්ඛාති වුත්තා දුක්ඛන්ත - දෙසකෙන මහෙසිනා
එහෙයින් උපාදානස්කන්ධයන් ලුහුඬින් මේවා වෙයි. එසේම දුක්යයිද, දුක් කෙළවර කිරීමේ මාර්ගය දේශනා කරන මහර්ෂින් වහන්සේ විසින් වදාරණ ලද්දේය.
තථා හි ඉන්ධනමිව පාවකො, ලක්ඛමිව පහරණානි, ගොරූපං විය ඩංසමකසාදයො, ඛෙත්තමිව ලායකා, ගාමං විය ගාමඝාතකා, උපාදානක්ඛන්ධපඤ්චකමෙව ජාතිආදයො නානප්පකාරෙහි විබාධෙන්තා තිණලතාදීනි විය භූමියං, පුප්ඵඵලපල්ලවානි විය රුක්ඛෙසු උපාදානක්ඛන්ධෙසුයෙව නිබ්බත්තන්ති. උපාදානක්ඛන්ධානඤ්ච ආදිදුක්ඛං ජාති, මජ්ඣෙදුක්ඛං ජරා, පරියොසානදුක්ඛං මරණං, මාරණන්තිකදුක්ඛාභිඝාතෙන පරිඩය්හනදුක්ඛං සොකො , තදසහනතො ලාලප්පනදුක්ඛං පරිදෙවො, තතො ධාතුක්ඛොභසඞ්ඛාතඅනිට්ඨඵොට්ඨබ්බසමායොගතො කායස්ස ආබාධනදුක්ඛං දුක්ඛං, තෙන ආබාධියමානානං පුථුජ්ජනානං තත්ථ පටිඝුප්පත්තිතො චෙතොබාධනදුක්ඛං දොමනස්සං, සොකාදිවුද්ධියා ජනිතවිසාදානං අනුත්ථුනනදුක්ඛං උපායාසො, මනොරථවිඝාතප්පත්තානං ඉච්ඡාවිඝාතදුක්ඛං ඉච්ඡිතාලාභොති එවං නානප්පකාරතො උපපරික්ඛියමානා උපාදානක්ඛන්ධාව දුක්ඛාති යදෙතං එකමෙකං දස්සෙත්වා වුච්චමානං අනෙකෙහිපි කප්පෙහි න සක්කා අනවසෙසතො වත්තුං, තං සබ්බම්පි දුක්ඛං එකජලබින්දුම්හි සකලසමුද්දජලරසං විය යෙසු කෙසුචි පඤ්චසු උපාදානක්ඛන්ධෙසු සඞ්ඛිපිත්වා දස්සෙතුං “සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා”ති භගවතා වුත්තමෙව ථෙරො අවොචාති.
එසේම ගින්නට දර මෙනි. පහරදීමට ඉලක්කය මෙනි. මැසිමදුරු ආදීන්ට ගවරූපය මෙනි. ගොයම් කපන්නන්ට කුඹුර මෙනි. ගම් පහරන්නන්ට ගම මෙනි. උපාදානස්කන්ධ පංචකයම ජාති ආදී විවිධාකාරයන්ගෙන් පෙළන්නේ, භූමියෙහි තෘණලතාදීන් මෙන්ද, වෘක්ෂයන්හි මල් ගෙඩි දලු ආදිය මෙන්ද, උපාදාන ස්කන්ධයන්හිම උපදිත්. උපාදානස්කන්ධාදීන්ගේද මුලදි වන දුක උපතයි. මධ්‍ය දුක ජරාවයි. අවසාන දුක මරණයයි. මාරාන්තික දුකින් පීඩාවට පත්වන කල්හි (හැපීම) දැවෙන දුක සෝකයයි. එය නොඉවසමින් විලාපනගන දුක පරිදේවයයි. ඉන් සප්තධාතු කිපීම් ආදී අනිටු ස්පර්ශ එක්වීමෙන් ශරීරය රෝගී භාවයට පත්කිරීමේ දුක, දුකයි. ඉන් පෙළෙනු ලබන්නේ පෘථජ්ජනයින්ට එහි කෝපය හටගන්නා බැවින් චිත්ත පීඩා දුක දෝමනස්සයයි. සෝක ආදියෙහි වෘද්ධියෙන් ජනිත සිත් තැවුල් හා ශෝකාතුර වචන ප්‍රකාශ කිරීමේ දුක උපායාසයි. බලාපොරොත්තු විනාශ වූවන්ගේ, කැමති දේ නැසීයාම, කැමති දේ නොලැබීමාදියද ඉහත කරුණුවලට අදාළ වේ. මෙසේ නොයෙක් ආකාරයෙන් පරීක්ෂා කරනු ලබන්නේ උපාදාන ස්කන්ධයන්ම දුකයයි. එකින් එක දක්වමින් කියන කල්හි නොයෙක් කල්ප ගණනාවකින්ද නිරවසේසව කියන්ට නොහැකිය. සමස්ත සමුද්රජල රසය එක් සමුද්‍ර ජල බිඳුවක පැතිර පවත්නා සේ, ඒ සියලුම දුක් පංච උපාදානස්කන්ධයන්හි හකුළුවා දක්වන්ට ‘සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා’ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද්දම තෙරහු කීහ.
තත්ථ කතමා ජාතීතිආදීසු පදභාජනීයෙසු තත්ථාති දුක්ඛසච්චනිද්දෙසෙ වුත්තෙසු ජාතිආදීසු. යා තෙසං තෙසං සත්තානන්ති සඞ්ඛෙපතො අනෙකෙසං සත්තානං සාධාරණනිද්දෙසො. යා දෙවදත්තස්ස ජාති, යා සොමදත්තස්ස ජාතීති එවඤ්හි දිවසම්පි කථියමානෙ නෙව සත්තා පරියාදානං ගච්ඡන්ති, න සබ්බං අපරත්ථදීපනං සිජ්ඣති, ඉමෙහි පන ද්වීහි පදෙහි න කොචි සත්තො අපරියාදින්නො හොති, න කිඤ්චි අපරත්ථදීපනං න සිජ්ඣති. තම්හි තම්හීති අයං ගතිජාතිවසෙන අනෙකෙසං සත්තනිකායානං සාධාරණනිද්දෙසො. සත්තනිකායෙති සත්තානං නිකායෙ, සත්තඝටායං සත්තසමූහෙති අත්ථො. ජාතීති ජායනවසෙන. ඉදමෙත්ථ සභාවපච්චත්තං. සඤ්ජාතීති සඤ්ජායනවසෙන. උපසග්ගෙන පදං වඩ්ඪිතං. ඔක්කන්තීති ඔක්කමනවසෙන. ජායනට්ඨෙන වා ජාති, සා අපරිපුණ්ණායතනවසෙන වුත්තා. සඤ්ජායනට්ඨෙන සඤ්ජාති, සා පරිපුණ්ණායතනවසෙන වුත්තා. ඔක්කමනට්ඨෙන ඔක්කන්ති, සා අණ්ඩජජලාබුජවසෙන වුත්තා. තෙ හි අණ්ඩකොසං වත්ථිකොසඤ්ච ඔක්කමන්ති, ඔක්කමන්තා පවිසන්තා විය පටිසන්ධිං ගණ්හන්ති. අභිනිබ්බත්තනට්ඨෙන අභිනිබ්බත්ති, සා සංසෙදජඔපපාතිකවසෙන වුත්තා. තෙ හි පාකටා එව හුත්වා නිබ්බත්තන්ති, අයං තාව සම්මුතිකථා.
තත්ථ කතමා ජාති ආදී පද බෙදීම්හි තත්ථ යනු දුක්ඛ සත්‍ය නිර්දේශයෙහි කියන ලද ජාති ආදීන්හි, යාතෙසං තෙසං සත්තානං යනු සංක්ෂේපයෙන් නොයෙක් සත්ත්වයින්ට සාධාරණ නිර්දේශයයි. යම් ඒ දේවදත්තයාගේ ජාතිය සෝමදත්තයාගේ ජාතිය යයි මෙසේ මුලු දවසම කියන කල්හිද සත්ත්වයින්ගේ සම්පූර්ණ ගණන් ගැනීමක් නොවේ. සියලු වෙනත් අර්ථ දැක්වීම් සිදුනොවේ. මෙම දෙපදයෙන් කිසිම සත්ත්වයෙක් ගණන් නොගන්නා ලද්දේ නොවේ. අනෙක් කිසි වෙනත් අර්ථ දැක්වීම් සිදුනොවේ. තම්හි තම්හි යන මෙය පැවතුම්, හටගැනීම් වශයෙන් සත්ත්ව කොටස්වලට සාධාරණ නිර්දේශයයි. සත්තනිකායෙ යනු සත්ත්ව කොටස්හි, සත්ත්ව රාශිය, සත්ත්ව සමූහය යන අර්ථයි. ජාති ඉපදීම් වශයෙන්ම මෙය මෙහි වෙන් වශයෙන් වූ ස්වභාවයයි. සඤ්ජාති යනු හටගැනීම් වශයෙන්, උපසර්ගයෙන් පදය වර්ධනය කරන ලදී. ඔක්කන්ති යනු බැසගැනීම් වශයෙන්, ඉපදීම් අර්ථයෙන් හෝ ජාතියි. එය සම්පූර්ණ නොවූ ආයතන වශයෙන් යූ.සේයි. හටගැනීම් අර්ථයෙන් සඤ්ජාතියි. එය සම්පූර්ණ ආයතන වශයෙන් යූ.සේයි. බැසගැනීම් අර්ථයෙන් ඔක්කන්තියි. එය අණ්ඩජ ජලාබුජ වශයෙන් යූ.සේයි. ඒවා වනාහි අණ්ඩ කෝෂයට, වස්තිකෝෂයට බසිති. බසින්නාහු, පිවිසෙන්නාක් මෙන් ප්රතිසන්ධිය ගනිති. ඉපදීම් අර්ථයෙන් අභිනිබ්බත්තියි. එය සංසේදජ, ඕපපාතික වශයෙන් යූ.සේයි. ඒවා ප්‍රකටවම හටගනිති. මේ සම්මුති කථාවයි.
ඉදානි ඛන්ධානං පාතුභාවො, ආයතනානං පටිලාභොති පරමත්ථකථා හොති. ඛන්ධා එව හි පරමත්ථතො පාතුභවන්ති, න සත්තා. එත්ථ ච ඛන්ධානන්ති එකවොකාරභවෙ එකස්ස, චතුවොකාරභවෙ චතුන්නං, පඤ්චවොකාරභවෙ පඤ්චන්නම්පි ගහණං වෙදිතබ්බං. පාතුභාවොති උප්පත්ති. ආයතනානන්ති තත්ර තත්ර උප්පජ්ජමානායතනවසෙන සඞ්ගහො වෙදිතබ්බො. පටිලාභොති සන්තතියං පාතුභාවොයෙව. පාතුභවන්තානෙව හි තානි පටිලද්ධානි නාම හොන්ති. අයං වුච්චති ජාතීති අයං ජාති නාම කථීයති.
දැන් ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො යන පරමාර්ථ කථාව වේ. පරමාර්ථ වශයෙන් ස්කන්ධයෝම පහළ වෙති. සත්ත්වයෝ නොවේය. මෙහිද, ඛන්ධානං යනු එක් ස්කන්ධයක් ඇති භවයෙහි එකක්ද, සිවුස්කන්ධයක් ඇති භවයෙහි සතරක් ද, පංච ස්කන්ධයක් ඇති භවයෙහි පහක් ද වශයෙන් ගැනීම දතයුතුය. පාතුභාවො යනු උපතයි. ආයතනානි යනු ඒ ඒ තන්හි උපදිනු ලබන ආයතන වශයෙන් සංග්‍රහයි දතයුතුය. පටිලාභො යනු පැවැත්මෙහි පහළවීමයි. පහළවන්නාහාම ඒවා ලදුයේ නම් වෙති. අයං වුච්චති ජාති යනු මෙය ජාතිය නමැයි කියනු ලැබේ.
ජරානිද්දෙසෙ ජරාති සභාවපච්චත්තං. ජීරණතාති ආකාරනිද්දෙසො. ඛණ්ඩිච්චන්තිආදයො තයො කාලාතික්කමෙ කිච්චනිද්දෙසා, පච්ඡිමා ද්වෙ පකතිනිද්දෙසා. අයඤ්හි ජරාති ඉමිනා පදෙන සභාවතො දීපිතා, තෙනස්සා ඉදං සභාවපච්චත්තං. ජීරණතාති ඉමිනා ආකාරතො, තෙනස්සායං ආකාරනිද්දෙසො. ඛණ්ඩිච්චන්ති ඉමිනා කාලාතික්කමෙ දන්තනඛානං ඛණ්ඩිතභාවකරණකිච්චතො. පාලිච්චන්ති ඉමිනා කෙසලොමානං පලිතභාවකරණකිච්චතො. වලිත්තචතාති ඉමිනා මංසං මිලාපෙත්වා තචෙ වලිභාවකරණකිච්චතො දීපිතා. තෙනස්සා ඉමෙ තයො කාලාතික්කමෙ කිච්චනිද්දෙසා. තෙහි ඉමෙසං විකාරානං දස්සනවසෙන පාකටීභූතා පාකටජරා දස්සිතා. යථෙව හි උදකස්ස වා වාතස්ස වා අග්ගිනො වා තිණරුක්ඛාදීනං සම්භග්ගපලිභග්ගතාය වා ඣාමතාය වා ගතමග්ගො පාකටො හොති, න ච සො ගතමග්ගො තානෙව උදකාදීනි, එවමෙව ජරාය දන්තාදීසු ඛණ්ඩිච්චාදිවසෙන ගතමග්ගො පාකටො චක්ඛුං උම්මීලෙත්වාපි ගය්හති, න ච ඛණ්ඩිච්චාදීනෙව ජරා. න හි ජරා චක්ඛුවිඤ්ඤෙය්යා හොති.
ජරා නිර්දේශයෙහි ජරා යනු ස්වභාවය වෙන්ස්වීමයි. ජිරණතා ආකාර නිර්දේශයයි. ඛණ්ඩිච්චං ආදි ත්‍රය කාලාතික්රමයේදී වන කෘත්‍ය නිර්දේශයයි. පසුව දැක්වෙන ද්වය ප්‍රකෘති නිර්දේශයි. අයංහි ජරා යන මේ පදයෙන් ස්වභාව වශයෙන් දක්වන ලදී. එහෙයින් මේ ජරාවගේ ස්වභාව වෙනස්වීමයි ජීරණතා යන මෙයින් ආකාර වශයෙන් එහෙයින් මෙය ආකාර නිර්දේශය වන්නේය. ඛණ්ඩිචචං යන මෙයින් කාලයාගේ ඇවෑමෙන් දත් නිය ආදීන්ගේ කැඩුණු බව කරණ කෘත්‍ය වශයෙනි. ඵාලිච්චං මෙයින් කෙස් ලොම් ආදීන්ගේ පැසුණු බව කරන කෘත්‍ය වශයෙනි. වලිත්තචතා යන මෙයින් මාංශ මැලවී හම රැලි වැටීම් භාව කරණ කෘත්‍ය වශයෙනි. මෙම ත්‍රය කල් ඉක්මීමෙහිදී වන කෘත්‍ය නිර්දේශය වන්නේය. එයින් මෙම විකෘතීන්ගේ දර්ශන වශයෙන් ප්‍රකට වූ, ප්‍රකට ජරාව දක්වන ලදී. යම්සේ වනාහි ජලයෙහි හෝ වාතයෙහි හෝ ගින්නෙහි හෝ තණ රුක් ආදිය බිඳී ගිය, එරී බිඳී ගිය, දැවීගිය ආකාරයෙන් ගිය මාර්ගය ප්‍රකට වේද? ඒ ගිය මාර්ගය ඒ ජල ආදිය නොවේ. එපරිදි ජරාවෙන් දත් ආදීන්හි කැඩුණු ආදී ස්වභාවයෙන් ගිය මාර්ගය ප්රකටය. වැසූ ඇසින්ද ස්පර්ශ කිරීම් වශයෙන් ගතහැකිය. කැඩුණු බව ආදියම ජරාව නොවේ. ජරාව ඇසින් දැකිය නොහැකිය.
ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකොති ඉමෙහි පන පදෙහි කාලාතික්කමෙයෙව අභිබ්යත්තාය ආයුක්ඛයචක්ඛාදිඉන්ද්රියපරිපාකසඞ්ඛාතාය පකතියා දීපිතා, තෙනස්සිමෙ ද්වෙ පකතිනිද්දෙසාති වෙදිතබ්බා. තත්ථ යස්මා ජරං පත්තස්ස ආයු හායති, තස්මා ජරා “ආයුනො සංහානී”ති ඵලූපචාරෙන වුත්තා. යස්මා ච දහරකාලෙ සුප්පසන්නානි සුඛුමම්පි අත්තනො විසයං සුඛෙනෙව ගණ්හනසමත්ථානි චක්ඛාදීනි ඉන්ද්රියානි ජරං පත්තස්ස පරිපක්කානි ආලුළිතානි අවිසදානි ඔළාරිකම්පි අත්තනො විසයං ගහෙතුං අසමත්ථානි හොන්ති, තස්මා “ඉන්ද්රියානං පරිපාකො”ති ඵලූපචාරෙනෙව වුත්තා.
ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකො යන මේ පදවලින් කල් ඉක්මීමෙන්ම, මඩනා ලද ආයුක්ෂය වීමෙන්, චක්ෂුරාදී ඉන්ද්රියයන්ගේ මේරීම් සංඛ්‍යාත ප්‍රකෘතිය දක්වන ලදී. එහෙයින් මේ ද්වයය ප්‍රකෘති නිර්දේශයයි දතයුතුය. යම්හෙයකින් ජරාවට පත්වූවහුගේ ආයුෂ පිරිහේද? එහෙයින් ජරාව ‘ආයුනො සංහානි’යි ආසන්න ඵලය වශයෙන් කියන ලදී. බාල වියෙහි තමාගේ විෂයයන් (අරමුණු) පහසුවෙන් ගැනීමට සමත් සුපසන් සියුම් වූ, චක්ෂුරාදී ඉන්ද්රියයන් ජරාවට පත් කල්හි මෝරා ගියේ, කැළඹුණේ, පිරිසිදු නොවූයේ, දැඩිවූද, තමාගේ අරමුණ ගන්ට අසමත් වෙයි. එහෙයින් ඉන්ද්රියානං පරිපාකො යයි ආසන්න ඵලය වශයෙන් යූ.සේයි.
සා පනෙසා එවං නිද්දිට්ඨා සබ්බාපි ජරා පාකටා පටිච්ඡන්නාති දුවිධා හොති. තත්ථ දන්තාදීසු ඛණ්ඩාදිභාවදස්සනතො රූපධම්මෙසු ජරා පාකටජරා නාම. අරූපධම්මෙසු පන ජරා තාදිසස්ස විකාරස්ස අදස්සනතො පටිච්ඡන්නජරා නාම. තත්ර ය්වායං ඛණ්ඩාදිභාවො දිස්සති, සො තාදිසානං දන්තාදීනං වණ්ණොයෙව. තං චක්ඛුනා දිස්වා මනොද්වාරෙන චින්තෙත්වා “ඉමෙ දන්තා ජරාය පහටා”ති ජරං ජානාති, උදකට්ඨානෙ බද්ධානි ගොසිඞ්ගාදීනි ඔලොකෙත්වා හෙට්ඨා උදකස්ස අත්ථිභාවජානනං විය. පුන අයං ජරා සවීචි අවීචීති එවම්පි දුවිධා හොති. තත්ථ මණිකනකරජතපවාළචන්දසූරියාදීනං මන්දදසකාදීසු පාණීනං විය, පුප්ඵඵලපල්ලවාදීසු අපාණීනං විය ච අන්තරන්තරා වණ්ණවිසෙසාදීනං දුබ්බිඤ්ඤෙය්යත්තා ජරා අවීචිජරා නාම, නිරන්තරජරාති අත්ථො. තතො අඤ්ඤෙසු පන යථාවුත්තෙසු අන්තරන්තරා වණ්ණවිසෙසාදීනං සුවිඤ්ඤෙය්යත්තා ජරා සවීචිජරා නාම.
මෙසේ දක්වන ලද ඒ සියලුම දිරීම් ප්‍රකට සංවෘතයයි දෙවැදෑරුම්ය. එහි දත් ආදීන්ගේ කැඩුණු ස්වභාව දර්ශනය වන හෙයින් රූප ධර්මයන්හි දිරීම් ප්‍රකට දිරීම් නම් වේ. අරූප ධර්මයන්හි දිරීම් එවැනි වෙනස්කම් නොපෙනෙන හෙයින් සංවෘත දිරීම් නම් වේ. එහි යම් ඒ කැඩුණු ආදී බවක් පෙනේද? එය එවැනි දන්තයන්හි චර්ණයමය. එය ඇසින් දැක, මනෝද්වාරයෙන් සිතා, මේ දත් ජරාවෙන් පහරන ලදැයි දැනගනී. ජලස්ථානයක පිටත ගව අං ආදිය බලා, යට ජලය ඇති බව දැනගන්නා මෙනි. නැවත මෙම ජරාව වර්ණාදී විපර්යාසයෙන් ප්‍රකටවන ජරාව, ප්‍රකට නොවන ජරාව (සවීචි අවීචි) වශයෙන් දෙයාකාරය. එහි මැණික්, රන්, රිදී, පබළු, චන්ද්‍ර සූර්යයාදීන්ගේද, මන්ද දසකාදීන්හි ප්‍රාණීන්ගේ මෙන්ද, මල්, ගෙඩි, දළු ආදී අප්රාණීන්ගේ මෙන්ද, අතුරතුර වර්ණ වෙනස්වීම් දැනගැනීම දුෂ්කර හෙයින් එම ජරාව අතරක් නොමැති ජරාව නම් වේ. නිරන්තර ජරායයිද අර්ථයි. එයින් අන්යයන්හි වනාහි, කියන ලද අයුරින් අතරතුර වර්ණ වෙනස්වීම් ආදීන් දැනගැනීම පහසු හෙයින් එම ජරාව සවීචි ජරාව නම් වේ.
තත්ථ සවීචිජරා උපාදිණ්ණකඅනුපාදිණ්ණකවසෙන එවං වෙදිතබ්බා – දහරකුමාරකානඤ්හි පඨමමෙව ඛීරදන්තා නාම උට්ඨහන්ති, න තෙ ථිරා. තෙසු පන පතිතෙසු පුන දන්තා උට්ඨහන්ති. තෙ පඨමමෙව සෙතා හොන්ති, ජරාවාතෙන පහටකාලෙ කාළකා හොන්ති. කෙසා පඨමමෙව තම්බා හොන්ති, තතො කාළකා, තතො සෙතා. ඡවි පන සලොහිතිකා හොති. වඩ්ඪන්තානං වඩ්ඪන්තානං ඔදාතානං ඔදාතභාවො, කාළකානං කාළකභාවො පඤ්ඤායති. ජරාවාතෙන පන පහටකාලෙ වලිං ගණ්හාති. සබ්බම්පි සස්සං වපිතකාලෙ සෙතං හොති, පච්ඡා නීලං. ජරාවාතෙන පන පහටකාලෙ පණ්ඩුකං හොති. අම්බඞ්කුරෙනාපි දීපෙතුං වට්ටති.
එම සවීචි ජරාව උපාදින්නක, අනුපාදින්නක වශයෙන් මෙසේ දතයුතුය. ළදරු කුමරුවන්ට පළමුවම කිරිදත් නම් දත් නගී. (හටගනී) ඒවා ස්ථිර නැත. ඒවා වැටුණු කල්හි නැවත දත් පැනනගී. ඒවා පළමුවම සුදු වෙයි. ජරා වාතයෙන් පහරනු ලැබූ කල්හි කාළවර්ණ වෙයි. කෙස් පළමුව තඹවන් වෙයි. ඉන්පසු කාළවර්ණයි. ඉන්පසු සුදුය. සම (සිවිය) ලේ සහිතයි. වැඩෙන වැඩෙන කල්හි සුදු අයගේ සුදු බවද, කළු අයගේ කළු බවද ප්‍රකට වේ. ජරා වාතයෙන් පහර ලත් කල්හි රැළි ගනී. (හටගනී) සියලුම ශෂ්‍ය වපුළ කල්හි සුදුවන් වේ. පසුව නිල්පැහැ ගනී. ජරා වාතයෙන් පහර ලත් කල්හි පඬුවන් වේ. අඹ අංකුරයෙන්ද දක්වන්ට වටී.
මරණනිද්දෙසෙ චුතීති චවනවසෙන වුත්තං. එකචතුපඤ්චක්ඛන්ධානං සාමඤ්ඤවචනමෙතං. චවනතාති භාවවචනෙන ලක්ඛණනිදස්සනං. භෙදොති චුතිඛන්ධානං භඞ්ගුප්පත්තිපරිදීපනං. අන්තරධානන්ති ඝටස්ස විය භින්නස්ස භින්නානං චුතිඛන්ධානං යෙන කෙනචි පරියායෙන ඨානාභාවපරිදීපනං. මච්චු මරණන්ති මච්චුසඞ්ඛාතං මරණං, න ඛණිකමරණං. කාලො නාම අන්තකො, තස්ස කිරියාති කාලකිරියා. එත්තාවතා ච සම්මුතියා මරණං දීපිතං.
මරණ නිර්දේශයෙහි, චුති යනු චුතවීම් වශයෙන් කියන ලදී. එක්, සිව්, පස්, කඳුවලට එය සම වදනෙකි. වචනතා යනු භාව වචනයෙන් ලක්ෂණ නිර්දේශනයයි. භෙදො යනු චුති ස්කන්ධයන්ගේ භංගය හා උත්පත්තිය දැක්වීමයි. අන්තරධානං යනු කළය බිඳුනාක් මෙන්, බිඳුණු චුති ස්කන්ධයන්ගේ යම්කිසි ආකාරයකින් සිටීමේ අභාවය දැක්වීමයි. මච්චුමරණං යනු මෘත්‍යු සංඛ්‍යාත මරණයයි. ක්ෂණික මරණය නොවේ. කාලනම් මාරයාය. ඔහුගේ ක්‍රියාවනුයි = කාලකිරියායි. මෙතෙකින් සම්මුතියෙන් වන මරණය දක්වන ලදී.
ඉදානි පරමත්ථෙන දීපෙතුං ඛන්ධානං භෙදොතිආදිමාහ. පරමත්ථෙන හි ඛන්ධායෙව භිජ්ජන්ති, න සත්තො නාම කොචි මරති. ඛන්ධෙසු පන භිජ්ජමානෙසු සත්තො මරති, භින්නෙසු මතොති වොහාරො හොති. එත්ථ ච චතුවොකාරපඤ්චවොකාරවසෙන ඛන්ධානං භෙදො, එකවොකාරවසෙන කළෙවරස්ස නික්ඛෙපො, චතුවොකාරවසෙන වා ඛන්ධානං භෙදො, සෙසද්වයවසෙන කළෙවරස්ස නික්ඛෙපො වෙදිතබ්බො. කස්මා? භවද්වයෙපි රූපකායසඞ්ඛාතස්ස කළෙවරස්ස සම්භවතො. යස්මා වා චාතුමහාරාජිකාදීසුපි ඛන්ධා භිජ්ජන්තෙව, න කිඤ්චි නික්ඛිපති, තස්මා තෙසං වසෙන ඛන්ධානං භෙදො, මනුස්සාදීසු කළෙවරස්ස නික්ඛෙපො. එත්ථ ච කළෙවරස්ස නික්ඛෙපකරණතො මරණං “කළෙවරස්ස නික්ඛෙපො”ති වුත්තං.
දැන් පරමාර්ථ වශයෙන් දක්වන්ට, බන්ධානං භෙදො ආදිය වදාළහ. පරමාර්ථ වශයෙන් වනාහි ස්කන්ධයෝම බිඳෙති. කිසි සත්ත්වයෙක් නම් නොමැරෙයි. ස්කන්ධයන් බිඳෙන කල්හි සත්ත්වයා මැරේ. බිඳුණු කල්හි මළේයයි ව්‍යාවහාර වේ. මෙහිද සිව් ස්කන්ධ, පංචස්කන්ධ වශයෙන් ස්කන්ධයන්ගේ වෙනස වේ. එක් ස්කන්ධයක කළේබරයාගේ හැරදැමීම කළෙබරස්ස නික්ඛෙපොයි. ස්කන්ධ සතරෙහි වශයෙන් හෝ ස්කන්ධයන්ගේ භේදයයි. සෙසු ද්වයෙන් කළේබරයාගේ හැරදැමීම දතයුතුය. කුමක් හෙයින්ද යත්? භව ද්වයෙහිම රූපකාය සංඛ්‍යාත කළේබරයාගේ හටගැනීම වන හෙයිනි. යම් හෙයකින් චාතූර්මහාරාජිකාදීන්හි ස්කන්ධයෝ බිඳෙන්නාහුම කිසිත් හැර නොදමති. එහෙයින් ඔවුන්ගේ වශයෙන් ස්කන්ධයන්ගේ භේදය, මනුෂ්‍යාදීන්ගේ කළේබර හැරදැමීමයි. මෙහිද කළේබරයාගේ හැරදැමීම කරන හෙයින් මරණය කළෙබරස්ස නික්ඛෙපොයයි යූ.සේයි.
ජීවිතින්ද්රියස්සුපච්ඡෙදොති ඉමිනා ඉන්ද්රියබද්ධස්සෙව මරණං නාම හොති, අනින්ද්රියබද්ධස්ස මරණං නාම නත්ථීති දස්සෙති. “සස්සං මතං, රුක්ඛො මතො”ති ඉදං පන වොහාරමත්තමෙව, අත්ථතො පන එවරූපානි වචනානි සස්සාදීනං ඛයවයභාවමෙව දීපෙන්ති.
ජීවිතින්ද්රියස්ස උපච්ඡෙදො යන මෙයින් ඉන්ද්රිය බද්ධ වූයේම මරණය නම් වෙයි. ඉන්ද්රියබද්ධ නුවූ කල්හි මරණයක් නම් නැතැයි දක්වයි. ශෂ්‍ය මළේය. වෘක්ෂය මළේය. මෙය වනාහි ව්‍යවහාර මාත්‍රයක්මය. අර්ථ වශයෙන් වනාහි මෙබඳු වචන ශෂ්යාදීන්ගේ ක්ෂයවීම් විනාශවීම් ස්වභාවයම දක්වති.
අපිච ඉමානි ජාතිජරාමරණානි නාම ඉමෙසං සත්තානං වධකපච්චාමිත්තා විය ඔතාරං ගවෙසන්තානි විචරන්ති. යථා හි පුරිසස්ස තීසු පච්චාමිත්තෙසු ඔතාරාපෙක්ඛෙසු විචරන්තෙසු එකො වදෙය්ය “අහං අසුකඅරඤ්ඤස්ස නාම වණ්ණං කථෙත්වා එතං ආදාය තත්ථ ගමිස්සාමි, එත්ථ මය්හං දුක්කරං නත්ථී”ති. දුතියො වදෙය්ය “අහං තව එතං ගහෙත්වා ගතකාලෙ පොථෙත්වා දුබ්බලං කරිස්සාමි, එත්ථ මය්හං දුක්කරං නත්ථී”ති. තතියො වදෙය්ය “තයා එතස්මිං පොථෙත්වා දුබ්බලෙ කතෙ තිණ්හෙන අසිනා සීසච්ඡෙදනං නාම මය්හං භාරො හොතූ”ති තෙ එවං වත්වා තථා කරෙය්යුං. තත්ථ පඨමපච්චාමිත්තස්ස අරඤ්ඤවණ්ණං කථෙත්වා තං ආදාය තත්ථ ගතකාලො විය සුහජ්ජඤාතිමණ්ඩලතො නික්කඩ්ඪිත්වා යත්ථ කත්ථචි නිබ්බත්තාපනං නාම ජාතියා කිච්චං, දුතියස්ස පොථෙත්වා දුබ්බලකරණං විය නිබ්බත්තක්ඛන්ධෙසු නිපතිත්වා පරාධීනමඤ්චපරායණභාවකරණං ජරාය කිච්චං, තතියස්ස තිණ්හෙන අසිනා සීසච්ඡෙදනං විය ජීවිතක්ඛයපාපනං මරණස්ස කිච්චන්ති වෙදිතබ්බං.
තවද මේ ජරාමරණ මේ සත්ත්වයින්ගේ මාරක සතුරෙකු මෙන් දොසක් සොයමින් හැසිරෙයි. යම්සේ පුරුෂයෙකුට පසමිතුරන් තිදෙනෙකු දෝෂාපේක්ෂාවෙන් හැසිරෙන කල්හි එක් අයෙක් මම අසවල් අරණ්‍යය පිළිබඳව වර්ණනාකොට මොහු රැගෙන එහි යන්නෙමි. මෙහි මට අපහසුවක් නැතැයි කියන්නේය. දෙවැන්නා, මම මොහු ගෙන ගිය කල්හි, තලා දුර්වල කරන්නෙමි. මෙහි මට අපහසුවක් නැතැයි කියන්නේය. තෙවැන්නා නුඹ මොහු තලා පෙලා දුර්වල කළ කල්හි තියුණු කඩුවකින් හිස සිඳීම මට භාරවේවායි කියන්නේය. ඔවුහු මෙසේ කියා එසේ කරන්නාහ. එහි පළමු සතුරාගේ ආරණය පිළිබඳව කරුණු කියා ඔහු රැගෙන ගිය කල මෙන් මිත්‍ර ඤාති මඩුල්ලෙන් ඇද දමා යම්කිසි තැනක ඉපදවීම නම් වූ ජාතියෙහි කෘත්‍යයයි දෙවැන්නාගේ තලා දුර්වල කිරීම මෙන් උපන් ස්කන්ධයන්හි වැටී පරාධීනව ඇද එකම පිහිටවන ස්ථානය බවට පත්කරන ජරාවගේ කෘත්‍යයයි. තෙවැන්නාගේ තියුණු කඩුවෙන් හිස සිඳීම මෙන් ජීවිතක්ෂයට පමුණුවන මරණයෙහි කෘත්‍යයයි දතයුතුය.
අපිචෙත්ථ ජාතිදුක්ඛං සාදීනවමහාකන්තාරප්පවෙසො විය දට්ඨබ්බං, ජරාදුක්ඛං තත්ථ අන්නපානරහිතස්ස දුබ්බලං විය, මරණදුක්ඛං දුබ්බලස්ස ඉරියාපථපවත්තනෙ විහතපරක්කමස්ස වාළාදීහි අනයබ්යසනාපාදනං විය දට්ඨබ්බන්ති.
තවද මෙහි උපත් දුක දොස් සහිත මහා කාන්තාරයකට පිවිසීම මෙනැයි දතයුතුය. ජරා දුක එහි ආහාරපාන රහිතයාගේ දුර්වලත්වය මෙනි. මරණ දුක, දුර්වලයාගේ ඉරියව් පැවැත්වීමෙහි පහවූ බලය ඇත්තේ ව්යාඝ්රාදීන්ගෙන් විනාශයට පත්වන්නාක් මෙනැයි දතයුතුය.
සොකනිද්දෙසෙ වියසතීති බ්යසනං, හිතසුඛං ඛිපති විද්ධංසෙතීති අත්ථො. ඤාතීනං බ්යසනං ඤාතිබ්යසනං, චොරරොගභයාදීහි ඤාතික්ඛයො ඤාතිවිනාසොති අත්ථො. තෙන ඤාතිබ්යසනෙන. ඵුට්ඨස්සාති අජ්ඣොත්ථටස්ස අභිභූතස්ස, සමන්නාගතස්සාති අත්ථො. සෙසෙසුපි එසෙව නයො. අයං පන විසෙසො – භොගානං බ්යසනං භොගබ්යසනං, රාජචොරාදිවසෙන භොගක්ඛයො භොගවිනාසොති අත්ථො. රොගොයෙව බ්යසනං රොගබ්යසනං. රොගො හි ආරොග්යං වියසති විනාසෙතීති බ්යසනං. සීලස්ස බ්යසනං සීලබ්යසනං. දුස්සීල්යස්සෙතං නාමං. සම්මාදිට්ඨිං විනාසයමානා උප්පන්නා දිට්ඨි එව බ්යසනං දිට්ඨිබ්යසනං. එත්ථ ච පුරිමානි ද්වෙ අනිප්ඵන්නානි, පච්ඡිමානි තීණි නිප්ඵන්නානි තිලක්ඛණබ්භාහතානි. පුරිමානි ච තීණි නෙව කුසලානි න අකුසලානි, සීලදිට්ඨිබ්යසනද්වයං අකුසලං.
සෝක නිර්දේශයෙහි විනාශවේනුයි - ව්‍යසනයි. හිතසුව ඉවත දමයි. විනාශ කෙරේයයි අර්ථයි. ඤාතීන්ගේ ව්‍යසනය ඤාති ව්‍යසනයයි. සොර බිය රෝ බිය ආදීන්ගෙන් වන ඤාති විනාසයයි අර්ථයි. තෙන ඤාති බ්යසනෙන, ඵුට්ඨස්ස යනු මැඩගත්තහුට, මඩනා ලද්දහුට, යුක්ත වූවහුට යන අර්ථයි. සෙස්සෙහිද මේ ක්‍රමයමැයි. මේ විශේෂයයි. භෝගයන්ගේ ව්‍යසනය - භොගබ්යසනංයි. රජුන්ගෙන්, සොරුන්ගෙන් වන භෝගක්ෂය භෝග විනාශයයි අර්ථයි. රෝගයම ව්‍යසනයක් වූයේ රොගබ්යසනංයි. රෝගය වනාහි ආරෝග්‍යය නසයි. විනාශ කරයිනුයි - බ්යසන නම් වේ. සීලයෙහි විනාශය සීලබ්යසනං දුසිල් බවට මේ නාමයකි. සම්‍යග් දෘෂ්ටිය විනාශ කරමින් උපන් දෘෂ්ටියම ව්‍යසනයක් වූයේනුයි දිට්ඨිබ්යසනයි. මෙහිද ප්‍රථමද්වය අනිෂ්පන්නය. පසු ත්‍රයය තිලක්ෂණයෙන් මඩනා ලද්දේ නිෂ්පන්නයි. ප්රථමත්රයය කුසල් වූයේද අකුසල් වූයේද නොවේ. සීල, දෘෂ්ටි ව්යසනද්වයය අකුසල්ය.
අඤ්ඤතරඤ්ඤතරෙනාති ගහිතෙසු වා යෙන කෙනචි අග්ගහිතෙසු වා මිත්තාමච්චබ්යසනාදීසු යෙන කෙනචි. සමන්නාගතස්සාති සමනුබන්ධස්ස අපරිමුච්චමානස්ස. අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙනාති යෙන කෙනචි සොකදුක්ඛස්ස උප්පත්තිහෙතුනා. සොකොති සොචනකවසෙන සොකො. ඉදං තෙහි කාරණෙහි උප්පජ්ජනකසොකස්ස සභාවපච්චත්තං. සොචනාති සොචනාකාරො. සොචිතත්තන්ති සොචිතභාවො. අන්තොසොකොති අබ්භන්තරසොකො. දුතියපදං උපසග්ගෙන වඩ්ඪිතං. සො හි අබ්භන්තරං සුක්ඛාපෙන්තො විය පරිසුක්ඛාපෙන්තො විය උප්පජ්ජතීති “අන්තොසොකො අන්තොපරිසොකො”ති වුච්චති. චෙතසො පරිජ්ඣායනාති චිත්තස්ස පරිජ්ඣායනාකාරො. සොකො හි උප්පජ්ජමානො අග්ගි විය චිත්තං ඣාපෙති දහති, “චිත්තං මෙ ඣාමං, න මෙ කිඤ්චි පටිභාතී”ති වදාපෙති. දුක්ඛිතො මනො දුම්මනො, තස්ස භාවො දොමනස්සං. අනුපවිට්ඨට්ඨෙන සොකොව සල්ලන්ති සොකසල්ලං.
අඤ්ඤතරඤ්ඤතරෙන යනු ඤාති සම්බන්ධතා ඇති හෝ නොමැති මිත්‍රාමාත්‍ය ව්‍යසනාදී යම් කිසිවකින්, සමන්නාගතස්ස යනු ඒ හා බැඳි එයින් නොමිදෙනු ලබන්නහුට අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛ ධම්මෙන යනු යම්කිසි සෝදුක් ඉපදීමට හේතුවන, සොකො යනු ශෝක කිරීම් වශයෙන් ශෝකයයි. මෙය ඒ කරුණුවලින් උපදනා ශෝකයෙහි සමානතාවයත්, වෙන් වෙන්වූ ස්වභාවයක් දක්වයි. සොචනා යනු ශෝක කරන ආකාරයයි. සොචිතත්තං ශෝක කරන ස්වභාවය. අන්තොසොකො යනු අභ්‍යන්තර ශෝකයයි. දෙවන පදය උපසර්ගයෙන් වෘද්ධියට පත්කරන ලදී. එය අභ්‍යන්තරය වියලවන්නාක් මෙන් මනාව වියලන්නාක් මෙන් උපදීනුයි = ඇතුළත ශෝකය අන්තො පරිසොකොයි යූ.සේයි. චෙතසො පරිජ්ඣායනා යනු සිතෙහි හාත්පසින් දවනාකාරයයි. ශෝකය උපදිනු ලබන්නේ ගින්නක් මෙන් සිත පුළුස්සයි. දවයි. මාගේ සිත දැවුණේය. මට කිසිවක් නොවැටහේයයි කියවයි. දුකට පත් මනස = දුම්මනයි. එහි ස්වභාවය = දොමනස්සංයි. අභ්‍යන්තරයට පිවිසීම අර්ථයෙන් ශෝකයම හුලක් වූයෙනුයි = සොකසල්ලං යි.
පරිදෙවනිද්දෙසෙ “මය්හං ධීතා, මය්හං පුත්තො”ති එවං ආදිස්ස ආදිස්ස දෙවන්ති රොදන්ති එතෙනාති ආදෙවො. තං තං වණ්ණං පරිකිත්තෙත්වා පරිකිත්තෙත්වා දෙවන්ති එතෙනාති පරිදෙවො. තතො පරානි ද්වෙ ද්වෙ පදානි පුරිමද්වයස්සෙව ආකාරභාවනිද්දෙසවසෙන වුත්තානි. වාචාති වචනං. පලාපොති තුච්ඡං නිරත්ථකවචනං. උපඩ්ඪභණිතඅඤ්ඤභණිතාදිවසෙන විරූපො පලාපොති විප්පලාපො. ලාලප්පොති පුනප්පුනං ලපනං. ලාලප්පනාකාරො ලාලප්පනා. ලාලප්පිතස්ස භාවො ලාලප්පිතත්තං.
පරිදේව නිර්දේශයෙහි මගේ දුව, මගේ පුතා යයි මෙසේ අසවලා යයි පෙන්වා වැළපෙති. හඬති. එය කරණකොටගෙනුයි. ආදෙවොයි. ඒ ඒ වර්ණනාවම වර්ණනා කරමින්, වර්ණනා කරමින් වැළපෙයි. මෙයිනුයි පරිදෙවොයි. ඉන් මත්තෙහි දෙපද පළමු ද්වයයෙහිම ආකාර ස්වභාව නිර්දේශ වශයෙන් කියන ලදි. වාචා යනු වචනයි. පලාපො යනු හිස් ප්‍රලාප වචනයි. අඩක් කීම, අනිකක් කීම ආදී වශයෙන් විරූප ප්රලාපයනුයි. විප්පලාපොයි. ලාලප්පො යනු නැවත නැවත කථාකිරීමයි. නැවත නැවත කථාකිරීම ලාලප්පනායි. නැවත නැවත දොඩවන්නාගේ ස්වභාවය ලාලප්පිතත්තංයි
දුක්ඛනිද්දෙසෙ කායනිස්සිතත්තා කායිකං. අමධුරට්ඨෙන අසාතං. කායිකපදෙන චෙතසිකඅසාතං පටික්ඛිපති, අසාතපදෙන කායිකසාතං. තදෙව දුක්ඛයතීති දුක්ඛං, යස්සුප්පජ්ජති, තං දුක්ඛිතං කරොතීති අත්ථො. දුක්ඛමත්තා වා දුක්ඛං. කායසම්ඵස්සජන්ති කායසම්ඵස්සෙ ජාතං. අසාතං දුක්ඛං වෙදයිතන්ති අසාතං වෙදයිතං න සාතං, දුක්ඛං වෙදයිතං න සුඛං. පරතො තීණි පදානි ඉත්ථිලිඞ්ගවසෙන වුත්තානි. අසාතා වෙදනා න සාතා, දුක්ඛා වෙදනා න සුඛාති අයමෙව පනෙත්ථ අත්ථො. යං කායිකං අසාතං දුක්ඛං වෙදයිතං, යා කායසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, ඉදං වුච්චති දුක්ඛන්ති එවං යොජනා වෙදිතබ්බා.
දුක්ඛ නිර්දේශයෙහි, ශරීරය ඇසුරුකොට පවත්නා හෙයින් කායිකංයි. අමිහිරි අර්ථයෙන් අසාතංයි. කායික පදයෙන් චෛතසික අමිහිරි බව ප්රතික්ෂෙප කරයි. අසාත පදයෙන් කායික සැපය ප්‍රතික්ෂේප කරයි. දුකට පත්වේනුයි - දුක්ඛංයි. යමෙකුට මෙය උපදීද ඔහු දුක්ඛිතයෙකු කෙරේයයි යන අර්ථයි. දුක් මාත්‍රය හෝ දුකයි. කාය, සමඵස්සජං යනු ශරීර ස්පර්ශයෙන් හටගත්. අසාතං දුක්ඛං වෙදයිතං යනු අමිහිරි විඳීම සැපනුවූයේ, දුක් වින්දනය සැප නොවේ. මත්තෙහි පදත්රය ස්ත්‍රීලිංග වශයෙන් යූ.සේයි. අමිහිරි වේදනා තොමෝ සැප නුවූවා, දුක් වේදනා තොමෝ සැප නොවූවා වේ. මෙයම වනාහි මෙහි අර්ථයයි. යම් කායික අමිහිරි දුක් වින්දනයක් වේද? මෙය දුකයයි කියනු ලැබේ. මෙසේ යෙදීම දතයුතුය.
දොමනස්සනිද්දෙසෙ දුට්ඨු මනොති දුම්මනො, හීනවෙදනත්තා වා කුච්ඡිතං මනොති දුම්මනො, දුම්මනස්ස භාවො දොමනස්සං. චිත්තනිස්සිතත්තා චෙතසිකං. චෙතොසම්ඵස්සජන්ති චිත්තසම්ඵස්සෙ ජාතං.
දොමනස්ස නිර්දේශයෙහි, නොමනා මනසනුයි දුම්මනොයි. පහත් විඳීම බැවින් හෝ පිළිකුල් මනසනුයි = දුම්මනොයි. නොමනා මනසෙහි ස්වභාවය = දොමනස්සංයි. සිත ඇසිරිකොට පවත්නා හෙයින් චෙතසිකංයි. චෙතො සම්ඵස්සජං යනු සිත හා එකට ගැටීමෙන් හටගත්.
උපායාසනිද්දෙසෙ ආයාසනට්ඨෙන ආයාසො. සංසීදනවිසීදනාකාරප්පවත්තස්ස චිත්තකිලමථස්සෙතං නාමං. බලවආයාසො උපායාසො. ආයාසිතභාවො ආයාසිතත්තං. උපායාසිතභාවො උපායාසිතත්තං.
උපායාස නිර්දේශයෙහි, වෙහෙසවීම් අර්ථයෙන් ආයාසොයි. පසුබටවීම්, කලකිරීමට පත්වීම් ආදී ආකාරයෙන් පවත්නා වෙහෙසකර භාවයට මෙය නමකි. බලවත් වෙහෙස උපායාසොයි. වෙහෙසකර භාවය ආයාසිතත්තංයි. බලවත් වෙහෙසකර භාවය - උපායාසිතත්තංයි.
අප්පියසම්පයොගනිද්දෙසෙ ඉධාති ඉමස්මිං ලොකෙ. යස්සාති යෙ අස්ස. අනිට්ඨාති අපරියෙසිතා. පරියෙසිතා වා හොන්තු අපරියෙසිතා වා, නාමමෙවෙතං අමනාපාරම්මණානං. මනස්මිං න කමන්ති න පවිසන්තීති අකන්තා. මනස්මිං න අප්පියන්ති, න වා මනං වඩ්ඪෙන්තීති අමනාපා. රූපාතිආදි තෙසං සභාවනිදස්සනං. අනත්ථං කාමෙන්ති ඉච්ඡන්තීති අනත්ථකාමා. අහිතං කාමෙන්ති ඉච්ඡන්තීති අහිතකාමා. අඵාසුං දුක්ඛවිහාරං කාමෙන්ති ඉච්ඡන්තීති අඵාසුකාමා. චතූහි යොගෙහි ඛෙමං නිබ්භයං විවට්ටං න කාමෙන්ති, සභයං වට්ටමෙව නෙසං කාමෙන්ති ඉච්ඡන්තීති අයොගක්ඛෙමකාමා. අපිච සද්ධාදීනං වුද්ධිසඞ්ඛාතස්ස අත්ථස්ස අකාමනතො, තෙසංයෙව හානිසඞ්ඛාතස්ස අනත්ථස්ස ච කාමනතො අනත්ථකාමා. සද්ධාදීනංයෙව උපායභූතස්ස හිතස්ස අකාමනතො, සද්ධාහානිආදීනං උපායභූතස්ස අහිතස්ස ච කාමනතො අහිතකාමා. ඵාසුවිහාරස්ස අකාමනතො, අඵාසුවිහාරස්ස ච කාමනතො අඵාසුකාමා. යස්ස කස්සචි නිබ්භයස්ස අකාමනතො, භයස්ස ච කාමනතො අයොගක්ඛෙමකාමාති එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො.
අප්‍රිය සම්ප්රයෝගය නිර්දේශයෙහි, ඉධ යනු මේ ලෝකයෙහි, යස්ස යනු යමෙකුට වන්නේය. අනිට්ඨ යනු (ප්‍රිය නොවූ) නොසොයන ලද, සොයන ලද හෝ නොසොයන ලද, මනාප නොවූ අරමුණුවලට මෙය නාමයක්ම වන්නේය. සිතෙහි ගමන් නොකරත්. නොපිවිසෙත්නුයි අකන්තායි මනසෙහි අප්‍රිය වෙති මනස නොවැඩේනුයි අමනාපායි. රූපා යනාදිය ඒවාහි ස්වභාවය දැක්වීම සඳහායි. අනර්ථයට ආශා කරත්. කැමති වෙත්නුයි අනත්ථකාමායි අහිතවත් දෙයට ආශා කරත්. කැමති වෙත්නුයි අහිතකාමායි. අපහසු දුක් විහරණයට ආශා කරත්. කැමති වෙත්නුයි. අඵාසුකාමායි. චතුර්යෝගයන්ගෙන් ක්ෂේම වූ, නිර්භය වූ නිවන කැමති නොවෙත්. බිය සහිත සසරටම ඔවුහු ආශා කරත්. කැමති වෙත්නුයි = අයොගක්ඛෙමකාමායි. තවද ශ්‍රද්ධාදීන්ගේ වෘද්ධි සංඛ්‍යාත වූ අර්ථයට කැමති නොවන හෙයින්, ඔවුන්ගේම හානි සංඛ්‍යාත වූ අනර්ථයට කැමතිවන හෙයින් අනත්ථකාමායි ශ්‍රද්ධාදීන්ගේ අභිවෘද්ධියට හේතුවන යහපතට නොකැමති වන හෙයින්ද ශ්‍රද්ධාදීන්ගේ විනාශවීම් ආදියට හේතුවන අයහපතට කැමතිවන හෙයින් අහිතකාමායි. පහසු විහරණයට අකමැති වන හෙයින්ද, අපහසු විහරණයට කැමති වන හෙයින්ද අඵාසුකාමායි. යම්කිසිවෙක් නිර්භය යෝගයට, අකමැති වන හෙයින්ද භයට කැමති වන හෙයින්ද අයොගක්ඛෙමකාමායයි මෙහි මෙසේ අර්ථය දතයුතුය.
සඞ්ගතීති ගන්ත්වා සංයොගො. සමාගමොති ආගතෙහි සංයොගො. සමොධානන්ති ඨානනිසජ්ජාදීසු සහභාවො. මිස්සීභාවොති සබ්බකිච්චානං සහකරණං. අයං සත්තවසෙන යොජනා. සඞ්ඛාරවසෙන පන යං ලබ්භති, තං ගහෙතබ්බං. සො පන අප්පියසම්පයොගො අත්ථතො එකො ධම්මො නාම නත්ථි, කෙවලං අප්පියසම්පයුත්තානං දුවිධස්සාපි දුක්ඛස්ස වත්ථුභාවතො දුක්ඛොති වුත්තො.
සංගති යනු ගොස් එකතුවීමයි. සමාගමො යනු පැමිණි අය සමග එකතුවීමයි. සමොධානං යනු සිටීම්, හිඳීම් ආදීන්හි ඒකීය භාවයයි. මිස්සීභාවො යනු සියලු කෘත්‍යයන් එක්ව කිරීමයි. මෙය සත්ත්වයින්ගේ වශයෙන් යෙදුමකි. සංස්කාර වශයෙන් වනාහි යමක් ලැබේද? එය ගතයුතුය. එම අප්‍රිය සම්ප්රයෝගය අර්ථ වශයෙන් එක ධර්මයක්නම් නැත. හුදෙක් අප්‍රිය සම්ප්රයුක්තයන්හීදි දෙවැදෑරුම් දුකට භාජනවිය හැකි හෙයින් දුක්ඛයයි කියන ලදි.
පියවිප්පයොගනිද්දෙසො වුත්තපටිපක්ඛනයෙන වෙදිතබ්බො. මාතා වාතිආදි පනෙත්ථ අත්ථකාමෙ සරූපෙන දස්සෙතුං වුත්තං. තත්ථ මමායතීති මාතා, පියායතීති පිතා. භජතීති භාතා, තථා භගිනී. මෙත්තායන්තීති මිත්තා, මිනන්ති වා සබ්බගුය්හෙසු අන්තො පක්ඛිපන්තීති මිත්තා. කිච්චකරණීයෙසු සහභාවට්ඨෙන අමා හොන්තීති අමච්චා. “අයං අම්හාකං අජ්ඣත්තිකො”ති එවං ජානන්ති, ඤායන්තීති වා ඤාතී. ලොහිතෙන සම්බන්ධාති සාලොහිතා. පිතුපක්ඛිකා ඤාතී, මාතුපක්ඛිකා සාලොහිතා. මාතාපිතුපක්ඛිකා වා ඤාතී, සස්සුසසුරපක්ඛිකා සාලොහිතා. අයම්පි පියවිප්පයොගො අත්ථතො එකො ධම්මො නාම නත්ථි, කෙවලං පියවිප්පයුත්තානං දුවිධස්සාපි දුක්ඛස්ස වත්ථුභාවතො දුක්ඛොති වුත්තො. ඉදමෙත්ථ සබ්බඅට්ඨකථාවචනං. සච්චානං පන තථලක්ඛණත්තා සම්පයොගවිප්පයොගවචනෙහි අප්පියපියවත්ථූනියෙව විසෙසිතානීති වත්තුං යුජ්ජතීති.
ප්‍රිය විප්‍රයෝග නිර්දේශය කියන ලද්දට විරුද්ධ අයුරින් දතයුතුය. මාතා වා යනාදිය මෙහි වැඩ කැමති ස්වරූපයෙන් දක්වන්ට කියන ලදී. එහි ආලය කෙරේනුයි මාතායි. ප්‍රිය කෙරේනුයි පිතායි. භජනය කෙරේනුයි භාතායි. භගිනි එසේමය. මෛත්‍රී කෙරේනුයි මිත්තායි. මනිති හෝ සියලු සැඟවිය යුතු කරුණු ඇතුළට දමත්නුයි, මිත්තායි. කටයුතු කිරීමෙහිදී එක්වීම් අර්ථයෙන් සමග වෙතියි අමච්වායි. මේ තෙමේ අපගේය. අපට අයත්යයි මෙසේ දනිත්. දන්වතිනුයි ඤාතියි. ලෙය සමග සම්බන්ධනුයි සාලොහිතායි. මව්පස පියපස ඤාතීහු සහ ලේ ඤාතීහුය. මව්පිය පසෙහි ඤාතීහුද, නැන්දා, මාමා පක්ෂයේ ඤාතීහුද, සහ ලේ ඤාතීහුය. මෙය ප්‍රිය විප්රයෝගයද අර්ථ වශයෙන් එක් ධර්මයක් නම් නැත. හුදෙක් ප්‍රියයන්ගෙන් වෙන්වීමෙහිදී දෙවැදෑරුම් දුකට වස්තු වන හෙයින් දුක්ඛ යයි කියන ලදී. මේ මෙහි සියලු අර්ථ කථා වචනයයි. සත්‍යයන් සත්‍ය ලක්ෂණයෙන් යුත් හෙයින්ද, සම්ප්‍රයෝග, විප්‍රයෝග වචනයන්ගෙන් අප්‍රිය ප්‍රිය වස්තූන්ම විශේෂිත කොට කියන්ට සුදුසුය.
ඉච්ඡිතාලාභනිද්දෙසෙ ජාතිධම්මානන්ති ජාතිසභාවානං ජාතිපකතිකානං. ඉච්ඡා උප්පජ්ජතීති තණ්හා උප්පජ්ජති. අහො වතාති පත්ථනා. අස්සාමාති භවෙය්යාම. න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බන්ති යං එතං “අහො වත මයං න ජාතිධම්මා අස්සාම, න ච වත නො ජාති ආගච්ඡෙය්‍යා”ති එවං පහීනසමුදයෙසු සාධූසු විජ්ජමානං අජාතිධම්මත්තං පරිනිබ්බුතෙසු ච විජ්ජමානං ජාතියා අනාගමනං ඉච්ඡිතං, තං ඉච්ඡන්තස්සාපි මග්ගභාවනාය විනා අප්පත්තබ්බතො, අනිච්ඡන්තස්සාපි ච භාවනාය පත්තබ්බතො න ඉච්ඡාය පත්තබ්බං නාම හොති. ඉදම්පීති එතම්පි. උපරි සෙසානි උපාදාය අපිසද්දො.
කැමති දෑ නොලැබීම් නිර්දේශයෙහි, ජාති ධම්මානං යනු ජාති ස්වභාවයන්ගේ, ජාති මුල් ස්වභාවයන්ගේ, ඉච්ඡා උප්පජ්ජති තෘෂ්ණාව උපදී. අහොවත යනු ප්‍රාර්ථනාවයි. අස්සාම යනු වන්නෙමු. නඛොපනෙතං ඉච්ඡාය පත්තබ්බං යනු ශබ්දයකි. අප ඉපදීම් ස්වභාවය ඇත්තෝ නොවන්නෙමු. ඒකාන්තයෙන් අපට ඉපදීම නොඑන්නාහු මැනවැයි මෙසේ ප්‍රහීණ හටගැනීම් යුත් සාධූන් කෙරෙහි විද්‍යමාන නොඉපදීම් ස්වභාවය පිරිනිවන් පෑකල්හිද විද්‍යමාන වන උපතෙහි නොපැමිණීම කැමතිවීමයි. එය කැමති වන්නහුටද, මාර්ග භාවනාවෙන් තොරව නොපැමිණිය හැකි හෙයින්, නොකැමති වන්නහුටද, භාවනාවෙන් පැමිණිය යුතු හෙයින් කැමැත්තෙන් පැමිණිය යුත්තේ නොවන්නේ නම් වේ. ඉදම්පි යනු මෙයද, මත්තෙහි සෙස්ස සලකා අපි ශබ්දය වේ.
උපාදානක්ඛන්ධනිද්දෙසෙ සෙය්යථිදන්ති නිපාතො, තස්ස තෙ කතමෙ ඉති චෙති අත්ථො. රූපමෙව උපාදානක්ඛන්ධොති රූපුපාදානක්ඛන්ධො. එසෙව නයො සෙසෙසුපි.
උපාදාන ස්කන්ධ නිර්දේශයෙහි සෙය්යථීදං යනු නිපාතයි. ඒ කවරේද යන අර්ථයි. රූපයම උපාදානස්කන්ධ වූයේනුයි - රූපූපාදානක්ඛන්ධොයි. සෙස්සෙහිද මේ ක්‍රමයමැයි.
දුක්ඛසච්චනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
දුක්ඛසත්‍ය නිර්දේශ වර්ණනාව නිමි.