යෙදුමෙන් කියවන්න

සමුදයසච‍්චනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

සමුදයසච‍්චනිද‍්දෙසවණ‍්ණනා

සමුදය සත්‍ය නිර්දේශ වර්ණනාව

සමුදයසච‍්චනිද‍්දෙසෙ යායං තණ‍්හාති යා අයං තණ‍්හා. පොනොභවිකාති පුනබ‍්භවකරණං පුනොභවො, පුනොභවො සීලමස‍්සාති පොනොභවිකා. අපිච පුනබ‍්භවං දෙති, පුනබ‍්භවාය සංවත‍්තති, පුනප‍්පුනං භවෙ නිබ‍්බත‍්තෙතීති පොනොභවිකා. සා පනෙසා පුනබ‍්භවස‍්ස දායිකාපි අත්‍ථි අදායිකාපි, පුනබ‍්භවාය සංවත‍්තනිකාපි අත්‍ථි අසංවත‍්තනිකාපි, දින‍්නාය පටිසන්‍ධියා උපධිවෙපක‍්කමත‍්තාපි. සා තිප‍්පකාරාපි පොනොභවිකාති නාමං ලභති. පොනබ‍්භවිකාතිපි පාඨො, සොයෙවත්‍ථො. අභිනන්‍දනසඞ‍්ඛාතෙන නන්‍දිරාගෙන සහ ගතාති නන්‍දිරාගසහගතා. නන්‍දිරාගෙන සද‍්ධිං අත්‍ථතො එකත‍්තමෙව ගතාති වුත‍්තං හොති. තත්‍ර තත්‍රාභිනන්‍දිනීති යත්‍ර යත්‍ර අත‍්තභාවො නිබ‍්බත‍්තති, තත්‍ර තත්‍ර අභිනන්‍දිනී. රූපාදීසු වා ආරම‍්මණෙසු තත්‍ර තත්‍රාභිනන්‍දිනී, රූපාභිනන්‍දිනී සද‍්දගන්‍ධරසඵොට‍්ඨබ‍්බධම‍්මාභිනන්‍දිනීති අත්‍ථො. තත්‍ර තත්‍රාභිනන්‍දීතිපි පාඨො, තත්‍ර තත්‍ර අභිනන්‍දයතීති අත්‍ථො. සෙය්‍යථිදන‍්ති නිපාතො, තස‍්ස සා කතමා ඉති චෙති අත්‍ථො. කාමතණ‍්හාති කාමෙ තණ‍්හා, පඤ‍්චකාමගුණිකරාගස‍්සෙතං අධිවචනං. භවතණ‍්හාති භවෙ තණ‍්හා. භවපත්‍ථනාවසෙන උප‍්පන‍්නස‍්ස සස‍්සතදිට‍්ඨිසහගතස‍්ස රාගස‍්ස රූපාරූපභවරාගස‍්ස ච ඣානනිකන‍්තියා ච එතං අධිවචනං. විභවතණ‍්හාති විභවෙ තණ‍්හා. උච‍්ඡෙදදිට‍්ඨිසහගතරාගස‍්සෙතං අධිවචනං.

සමුදය සත්‍යය නිර්දේශයෙහි, යායං තණ්හා යනු ඒ මේ තෘෂ්ණාවයි. පොනොභවිකා යනු පුනර්භව කරණය පුනොභවොයි. නැවත භවයක ස්වභාවය මොහුටනුයි පොනොභවිකයි. තවද පුනර්භවය දෙයි. පුනර්භවය සඳහා පවතියි. නැවත නැවත භවයෙහි උපදීනුයි = පොනොභවිකායි. එය වනාහි ඒ පුනර්භවය දෙන්නාහුද, නොදෙන්නාහුද ඇත. පුනර්භවය සඳහා පවතින්නාහුද, නොපවතින්නාහුද ඇත. දුන් ප්‍රතිසන්ධියෙහිදී, මුහුකුරා ගිය කෙලෙස් ස්වභාවයෙහි සීමාව ඉක්මවා යාම පුනර්භවයයි. පොනබ්භවිකා යනුද පාඨයි. එයම අර්ථයි. සතුටුවීම් සංඛ්‍යාත තෘෂ්ණා ඇල්මෙන් යුක්ත වූයේනුයි. නන්‍දිරාග සහගතායි. නන්‍දිරාගය සමග අර්ථ වශයෙන් එකක් බවට ගියාහුයයි යූ.සේයි. තත්‍ර තත්‍රාභිනන්‍දිනී යම් යම් තන්හි ආත්ම භාවයන් වේද, ඒ ඒ තන්හි විශේෂයෙන් සතුටු වේ. රූපාදී අරමුණුවල ඒ ඒ තන්හි සතුටුවේද, එය රූපාහි නන්‍දිනියි. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්හි සතුටුවේයයි අර්ථයි. තත්‍ර තත්‍රාභිනන්‍දිතියිද පාඨයි. ඒ ඒ තන්හි සතුටුවේයයි අර්ථයි. සෙය්‍යථිදං යනු නිපාතයි. එය කවරේද යන අර්ථයි. කාමතණ්හා යනු කාමයන්හි තෘෂ්ණාවයි. පඤ්චකාම ගුණයන්ගෙන් යුත් රාගයට මේ විශේෂ නාමයකි. භව තණ්හා යනු භවයෙහි තෘෂ්ණාවයි. භව ප්‍රාර්ථනා වශයෙන් උපන්නා වූ ශාශ්වත දෘෂ්ටි සහගත ඇල්මටද, රූප අරූප භවරාගයටද ධ්‍යාන තෘෂ්ණාවටද මෙය විශේෂ නාමයකි. විභව තණ්හා යනු භව විනාශයෙහි තෘෂ්ණාවයි. නැවත නොඉපදීම් සහිත ඇල්මට මෙය විශේෂ නාමයකි.

ඉදානි තස‍්සා තණ‍්හාය වත්‍ථුං විත්‍ථාරතො දස‍්සෙතුං සා ඛො පනෙසාතිආදිමාහ. තත්‍ථ උප‍්පජ‍්ජතීති ජායති. නිවිසතීති පුනප‍්පුනං පවත‍්තිවසෙන පතිට‍්ඨාති. උප‍්පජ‍්ජමානා කත්‍ථ උප‍්පජ‍්ජති, නිවිසමානා කත්‍ථ නිවිසතීති සම‍්බන්‍ධො. යං ලොකෙ පියරූපං සාතරූපන‍්ති යං ලොකස‍්මිං පියසභාවඤ‍්චෙව මධුරසභාවඤ‍්ච. චක‍්ඛු ලොකෙතිආදීසු ලොකස‍්මිඤ‍්හි චක‍්ඛුආදීසු මමත‍්තෙන අභිනිවිට‍්ඨා සත‍්තා සම‍්පත‍්තියං පතිට‍්ඨිතා අත‍්තනො චක‍්ඛුං ආදාසාදීසු නිමිත‍්තග‍්ගහණානුසාරෙන විප‍්පසන‍්නං පඤ‍්චපසාදං සුවණ‍්ණවිමානෙ උග‍්ඝාටිතමණිසීහපඤ‍්ජරං විය මඤ‍්ඤන‍්ති, සොතං රජතපනාළිකං විය පාමඞ‍්ගසුත‍්තකං විය ච මඤ‍්ඤන‍්ති, තුඞ‍්ගනාසාති ලද‍්ධවොහාරං ඝානං වට‍්ටෙත්‍වා ඨපිතහරිතාලවට‍්ටිං විය මඤ‍්ඤන‍්ති, ජිව‍්හං රත‍්තකම‍්බලපටලං විය මුදුසිනිද‍්ධමධුරරසදං මඤ‍්ඤන‍්ති, කායං සාලලට‍්ඨිං විය සුවණ‍්ණතොරණං විය ච මඤ‍්ඤන‍්ති, මනං අඤ‍්ඤෙසං මනෙන අසදිසං උළාරං මඤ‍්ඤන‍්ති, රූපං සුවණ‍්ණකණිකාරපුප‍්ඵාදිවණ‍්ණං විය, සද‍්දං මත‍්තකරවීකකොකිලමන්‍දධමිතමණිවංසනිග‍්ඝොසං විය, අත‍්තනා පටිලද‍්ධානි චතුසමුට‍්ඨානිකගන්‍ධාරම‍්මණාදීනි “කස‍්සඤ‍්ඤස‍්ස එවරූපානි අත්‍ථී”ති මඤ‍්ඤන‍්ති, තෙසං එවං මඤ‍්ඤමානානං තානි චක‍්ඛාදීනි පියරූපානි චෙව සාතරූපානි ච හොන‍්ති. අථ නෙසං තත්‍ථ අනුප‍්පන‍්නා චෙව තණ‍්හා උප‍්පජ‍්ජති , උප‍්පන‍්නා ච පුනප‍්පුනං පවත‍්තිවසෙන නිවිසති. තස‍්මා ථෙරො “චක‍්ඛු ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජතී”තිආදිමාහ. තත්‍ථ උප‍්පජ‍්ජමානාති යදා උප‍්පජ‍්ජති, තදා එත්‍ථ උප‍්පජ‍්ජතීති අත්‍ථො.

දැන් ඒ තෘෂ්ණාවගේ හේතු විස්තර වශයෙන් දක්වන්ට, ‘සා ඛො පනෙසා’ ආදිය වදාළහ. එහි උප්පජ්ජති යනු උපදී. නිවිසති යනු නැවත නැවත පැවැත්ම වශයෙන් පිහිටයි යන අර්ථයි. උපදිනු ලබන්නී කොතැන්හි උපදීද? පවතිනු ලබන්නී කොතැන්හි පවතීදැයි සම්බන්ධයි. යං ලොකෙ පියරූපං සාතරූපං යනු ලෝකයෙහි යම් ප්‍රිය ස්වභාවයක් වේද? මිහිරි ස්වභාවයක් වේද, එයයි. චක්ඛුං ලොකෙති ලෝකයෙහි චක්‍ෂුරාදීන්හි මමත්වයෙන් තදින් ඇලුණු සත්ත්වයෝ. සම්පත්හි පිහිටියාහු, තමාගේ ඇස කැඩපත් ආදීන්හි නිමිති ගැනීම් අනුසාරයෙන් මනා ප්‍රසන්න තාවයෙන් යුත්, පංච ප්‍රසාදයන්, රන් විමනෙහි ගළවා දැමූ සිංහ කූඩුවක් මෙන් හඟිත්. උස් නැහැයැයි ලද ව්‍යවහාර ඇති නැහැය ඔතා තබන ලද හිරියල් වැටියක් සේ හඟිත්. දිව රත් කම්බිලි වැස්මක් මෙන්ද, මෘදු, සිනිදු මිහිරි රසදායකයක් මෙන්ද හඟිත්. සිරුර සල් පැලයක් මෙන්ද, රන් තොරණක් මෙන්ද හඟිත්. සිත අන්‍යයන්ගේ මනසින් අසදෘශ (මාගේ මනස මෙන් උසස් මනසක් අන් අයට නැත. එකම උසස් මනස ඇත්තේ මාහටම පමණි.) කොට උසස්කොට හඟිත්. රූපය රන්කිණිහිරි මල් ආදී වර්ණ මෙන්ද, ශබ්දය මත් කුරුවි කොවුලන්ගේ මන්දස්වර, මිණිගෙඩි බටනලා ඝෝෂාව මෙන්, තමා ලත් සතරමහා භූතයන්ගෙන් හටගත් ගඳ සුවඳ අරමුණු ගැන සිතා, අන් කවරහුට මෙවන් දෑ ඇත්දැයි හඟිත්. ඔවුන්ට මෙසේ හඟින කල්හි, ඒ චක්‍ෂුරාදී ප්‍රිය රූපයෝ මෙන්ම මධුර රූපයෝද වෙති. එකල්හි ඔවුන්ට එහි නූපන්නා වූද තෘෂ්ණා උපදියි. උපන්නා වූද තෘෂ්ණා නැවත නැවත පැවැත්ම වශයෙන් පිහිටයි. එහෙයින් තෙරහු, ඇස ලෝකයෙහි ප්‍රිය ස්වභාවයය, මධුර ස්වභාවයය, මෙහි මේ තෘෂ්ණා තොමෝ උපදිනු ලබන්නී උපදී යන ආදිය කීහ. එහි උප්පජ්ජමානා යනු යම් කලෙක උපදීද? එකල්හි එහි උපදීයයි යන අර්ථයි.

සමුදයසච‍්චනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

සමුදය සත්‍ය නිර්දේශ වර්ණනාව නිමි.

නිරොධසච‍්චනිද‍්දෙසවණ‍්ණනා

නිරෝධ සත්‍යය නිර්දේශ වර්ණනාව

නිරොධසච‍්චනිද‍්දෙසෙ යො තස‍්සායෙව තණ‍්හායාති එත්‍ථ “යො තස‍්සෙව දුක‍්ඛස‍්සා”ති වත‍්තබ‍්බෙ යස‍්මා සමුදයනිරොධෙනෙව දුක‍්ඛං නිරුජ‍්ඣති, නො අඤ‍්ඤථා. යථාහ –

නිරෝධ සත්‍ය නිර්දේශයෙහි : යො තස්සා යෙව තණ්හාය යන මෙහි, යම් ඒ දුක්ඛයාගේ යයි කිවයුතු වුවත්, යම්හෙයකින් හටගැනීම් නිරෝධයෙන්ම දුක නිරුද්ධ වේ. වෙනත් ක්‍රමයකින් නොවේ. දෙසූ පරිදි

“යථාපි මූලෙ අනුපද‍්දවෙ දළ‍්හෙ, ඡින‍්නොපි රුක‍්ඛො පුනරෙව රූහති; එවම‍්පි තණ‍්හානුසයෙ අනූහතෙ, නිබ‍්බත‍්තතී දුක‍්ඛමිදං පුනප‍්පුන”න‍්ති. (ධ· ප· 338);

යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හෙ, ජින්නොපි රුක්ඛො පුනදෙව රූහති, එවම්පි තණ්හානුසයෙ අනූහතෙ, නිබ්බත්තී දුක්ඛමිදං පුනප්පුනං

යම්සේ තදින් මුලට උපද්‍රව නොකළ කල්හි වෘක්‍ෂය සිඳ දැමුයේ වී නමුදු නැවතත් වැඩේද? එපරිද්දෙන්ම සියුම් තෘෂ්ණාවන් නොනැසූ කල්හි මේ දුක නැවත නැවතත් උපදී.

තස‍්මා තං දුක‍්ඛනිරොධං දස‍්සෙන‍්තො සමුදයනිරොධෙන දස‍්සෙතුං එවමාහ. සීහසමානවුත‍්තිනො හි තථාගතා, තෙ දුක‍්ඛං නිරොධෙන‍්තා දුක‍්ඛනිරොධඤ‍්ච දස‍්සෙන‍්තා හෙතුම‍්හි පටිපජ‍්ජන‍්ති, න ඵලෙ. සුවානවුත‍්තිනො පන අඤ‍්ඤතිත්‍ථියා , තෙ දුක‍්ඛං නිරොධෙන‍්තා දුක‍්ඛනිරොධඤ‍්ච දස‍්සෙන‍්තා අත‍්තකිලමථානුයොගෙන චෙව තස‍්සෙව ච දෙසනාය ඵලෙ පටිපජ‍්ජන‍්ති, න හෙතුම‍්හීති. සීහසමානවුත‍්තිතාය සත්‍ථා හෙතුම‍්හි පටිපජ‍්ජන‍්තො “යො තස‍්සායෙවා”තිආදිමාහ. ධම‍්මසෙනාපතිපි සත්‍ථාරා වුත‍්තක‍්කමෙනෙවාහ.

එහෙයින් එම දුක් නිරෝධය දක්වන්නේ, සමුදය නිරෝධයෙන් දක්වන්ට මෙසේ වදාළහ. තථාගතවරු සිංමහ සමාන පැවතුම් ඇත්තාහුය. ඔවුහු දුක් නිරුද්ධ කරන්නාහු, දුක් නිරෝධය දක්වන්නාහු, හේතුයෙහි පිළිපදිත්. ඵලයෙහි නොවේ. අන්‍ය තීර්තකයෝ (ශ්වාන) බලු පැවතුම් ඇත්තාහුය. ඔවුහු දුක් නිරෝධ කරන්නාහු, දුක් නිරෝධය දක්වන්නාහු, ආත්මය වෙහෙසට පත්කිරීමේ යෝගයෙන්ද, එයටම අදාළ දේශනාවෙන්ද ඵලයෙහි පිළිපදිත්. හේතුයෙහි නොවේ. ශාස්තෲන් වහන්සේ සිංහ සමාන පැවතුම් ඇති හෙයින්ද, හේතුයෙහි පිළිපදින්නාහු යො තස්සායෙව ආදිය වදාළහ. ධර්ම සේනාපති සැරියුත් තෙරණුවෝද ශාස්තෲන් වහන්සේ විසින් ධර්ම දේශනා කරන ලද ක්‍රමයෙන්ම වදාළේය.

තත්‍ථ තස‍්සායෙව තණ‍්හායාති යා සා තණ‍්හා “පොනොභවිකා”ති වත්‍වා කාමතණ‍්හාදිවසෙන විභත‍්තා උප‍්පත‍්තිනිවෙසනවසෙන ච හෙට‍්ඨා පකාසිතා, තස‍්සායෙව තණ‍්හාය. අසෙසවිරාගනිරොධොති විරාගො වුච‍්චති මග‍්ගො, “විරාගා විමුච‍්චතී”ති (ම· නි· 1.245; සං· නි· 3.12; මහාව· 23) හි වුත‍්තං. විරාගෙන නිරොධො විරාගනිරොධො, අනුසයසමුග‍්ඝාතතො අසෙසො විරාගනිරොධො අසෙසවිරාගනිරොධො. අථ වා විරාගොති හි පහානං වුච‍්චති, තස‍්මා අසෙසො විරාගො අසෙසො නිරොධොති එවම‍්පෙත්‍ථ යොජනා දට‍්ඨබ‍්බා. අත්‍ථතො පන සබ‍්බානෙව පනෙතානි අසෙසවිරාගනිරොධොතිආදීනි නිබ‍්බානස‍්සෙව වෙවචනානි. පරමත්‍ථතො හි දුක‍්ඛනිරොධං අරියසච‍්චන‍්ති නිබ‍්බානං වුච‍්චති. යස‍්මා පන තං ආගම‍්ම තණ‍්හා අසෙසා විරජ‍්ජති නිරුජ‍්ඣති, තස‍්මා තං “තස‍්සායෙව තණ‍්හාය අසෙසවිරාගනිරොධො”ති වුච‍්චති. නිබ‍්බානඤ‍්ච ආගම‍්ම තණ‍්හා චජීයති පටිනිස‍්සජ‍්ජීයති මුච‍්චති න අල‍්ලීයති, කාමගුණාලයෙසු චෙත්‍ථ එකොපි ආලයො නත්‍ථි, තස‍්මා නිබ‍්බානං චාගො පටිනිස‍්සග‍්ගො මුත‍්ති අනාලයොති වුච‍්චති. එකමෙව හි නිබ‍්බානං, නාමානි පනස‍්ස සබ‍්බසඞ‍්ඛතානං නාමපටිපක‍්ඛවසෙන අනෙකානි හොන‍්ති. සෙය්‍යථිදං – අසෙසවිරාගො අසෙසනිරොධො චාගො පටිනිස‍්සග‍්ගො මුත‍්ති අනාලයො රාගක‍්ඛයො දොසක‍්ඛයො මොහක‍්ඛයො තණ‍්හාක‍්ඛයො අනුප‍්පාදො අප‍්පවත‍්තං අනිමිත‍්තං අප‍්පණිහිතං අනායූහනං අප‍්පටිසන්‍ධි අනුපපත‍්ති අගති අජාතං අජරං අබ්‍යාධි අමතං අසොකං අපරිදෙවං අනුපායාසං අසංකිලිට‍්ඨන‍්තිආදීනි.

එහි, තස්සායෙව තණ්හාය යනු යම් ඒ තෘෂ්ණාවක් වේද, එය පුනර්භවිකයයි කියන ලද්දේ, කාම තෘෂ්ණා වශයෙන් බෙදන ලද්දේ උත්පත්ති විසීම් වශයෙන්ද, යට ප්‍රකාශිත ඒ තෘෂ්ණාවගේම, අසෙස විරාග නිරොධො යනු මාර්ගය විරාගයයි කියනු ලැබේ. විරාගයෙන් මිදේයයි කියන ලදී. විරාගයෙන් නිරෝධය විරාග නිරෝධයයි. අනුසහගත කෙලෙස් උගුලුවා දමන හෙයින් සේස රහිත විරාගනි නිරෝධය = අසෙස විරාග නිරෝධයි. නොහොත් ප්‍රහාණය විරාගයයි කියනු ලැබේ. එහෙයින් සේස රහිත විරාගය සේස රහිත නිරෝධය, මෙසේද මෙහි යෙදුම් දතයුත්තාහුය. අර්ථ වශයෙන් වනාහි මේ සියලුම අසේස විරාග නිරෝධයන් ආදීන් නිර්වාණයටම පර්යාය නාමයෝය. පරමාර්ථ වශයෙන් වනාහි නිර්වාණය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යයයි කියනු ලැබේ. යම් හෙයකින් වනාහි, එයට පැමිණ තෘෂ්ණාව අසේසව, තොර වේද, නිරුද්ධ වේද, එහෙයින් එය ඒ තෘෂ්ණාවගේම අසේස විරාග නිරෝධයයි කියනු ලැබේ. නිර්වාණයට පැමිණ තෘෂ්ණාව අත්හරිනු ලැබේද, දුරු කෙරේද? මුදයිද? නොඇලේද? පස්කම් ගුණ ආලයන්හි එකද ආලයක්ද නැත්ද? එහෙයින් නිර්වාණය චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයොයි යූ.සේයි. නිර්වාණය එකක්මය. සියලු සංඛත නාමයන්ට ප්‍රතිපක්‍ෂ වශයෙන් මෙයට නොයෙක් නම් වෙති. ඒ කවරේද යත්? අසෙස විරාග, අසෙස නිරෝධ, චාග, පටිනිස්සග්ග, මුත්ති, අනාලය, රාගක්ඛය, දොසක්ඛය, මොහක්ඛය, අනුප්පාද, අප්පවත්ත, අනිමිත්ත, අප්පණිහිත, අනායූහන, අප්පටිසන්ධි, අනුප්පත්ති, අනිමිත්ත, අප්පණිහිත, අනායූහන, අප්පටිසන්‍ධි, අනුප්පත්ති, අගති, අජාත, අජර, අබ්‍යාධි, අමත, අසොක, අපරිදෙව, අනුපායාස, අසංකිලිට්ඨ ආදීහුය. සේස රහිත නොඇල්ම, සේස රහිත නිරුද්ධ කිරීම, අත්හැරීම, දුරුකිරීම, මිදීම, ඇල්ම නැතිකිරීම, ඇල්ම ක්‍ෂය කිරීම, ද්වේෂය ක්‍ෂය කිරීම, මෝහය ක්‍ෂය කිරීම, කෙලෙස් නොඉපදීම, කෙලෙස් නොපැවැත්ම, තෘෂ්ණා නිමිති නොගැනීම, තෘෂ්ණාවන්හි නොපිහිටීම, රැස් නොකිරීම, පිළිසිඳීම් නොමැතිවීම, නොඉපදීම්, පැවැත්ම නොමැතිවීම, නොඉපදීම, ජරාවට පත් නොවීම, ව්‍යාධි නොවීම, නොමැරීම, සෝක නොවීම, නොවැළපීම, බලවත් සිත් තැවුල් නොමැතිවීම, කෙලෙසුන්ගෙන් කිලිටි නොවීම් ආදීහුය.

ඉදානි මග‍්ගෙන ඡින‍්නාය නිබ‍්බානං ආගම‍්ම අප‍්පවත‍්තිප‍්පත‍්තායපි ච තණ‍්හාය යෙසු වත්‍ථූසු තස‍්සා උප‍්පත‍්ති දස‍්සිතා, තත්‍ථෙව අභාවං දස‍්සෙතුං සා ඛො පනෙසාතිආදිමාහ. තත්‍ථ යථා පුරිසො ඛෙත‍්තෙ ජාතං තිත‍්තකාලාබුවල‍්ලිං දිස‍්වා අග‍්ගතො පට‍්ඨාය මූලං පරියෙසිත්‍වා ඡින්‍දෙය්‍ය, සා අනුපුබ‍්බෙන මිලායිත්‍වා අප‍්පඤ‍්ඤත‍්තිං ගච‍්ඡෙය්‍ය, තතො තස‍්මිං ඛෙත‍්තෙ තිත‍්තකාලාබු නිරුද‍්ධා පහීනාති වුච‍්චෙය්‍ය, එවමෙව ඛෙත‍්තෙ තිත‍්තකාලාබු විය චක‍්ඛාදීසු තණ‍්හා. සා අරියමග‍්ගෙන මූලච‍්ඡින‍්නා නිබ‍්බානං ආගම‍්ම අප‍්පවත‍්තිං ගච‍්ඡති. එවං ගතා පන තෙසු වත්‍ථූසු ඛෙත‍්තෙ තිත‍්තකාලාබු විය න පඤ‍්ඤායති. යථා ච අටවිතො චොරෙ ආනෙත්‍වා නගරස‍්ස දක‍්ඛිණද‍්වාරෙ ඝාතෙය්‍යුං, තතො අටවියං චොරා මතාති වා මාරිතාති වා වුච‍්චෙය්‍යුං, එවමෙව අටවියං චොරා විය යා චක‍්ඛාදීසු තණ‍්හා, සා දක‍්ඛිණද‍්වාරෙ චොරා විය නිබ‍්බානං ආගම‍්ම නිරුද‍්ධත‍්තා නිබ‍්බානෙ නිරුද‍්ධා. එවං නිරුද‍්ධා පන තෙසු වත්‍ථූසු අටවියං චොරා විය න පඤ‍්ඤායති. තෙනස‍්සා තත්‍ථෙව නිරොධං දස‍්සෙන‍්තො “චක‍්ඛු ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයතී”තිආදිමාහ. අථ වා තණ‍්හුප‍්පාදවත්‍ථුස‍්ස පරිඤ‍්ඤාතත‍්තා පරිඤ‍්ඤාතවත්‍ථුස‍්මිං පුන න උප‍්පජ‍්ජනතො අනුප‍්පාදනිරොධවසෙන තණ‍්හුප‍්පාදවත්‍ථුස‍්මිංයෙව නිරුජ‍්ඣතීති වුච‍්චති. එත්‍ථ ච උප‍්පජ‍්ජනපටිපක‍්ඛවසෙන පහීයතීති වුත‍්තං, නිවිසනපටිපක‍්ඛවසෙන නිරුජ‍්ඣතීති.

දැන් මාර්ගයෙන් සිඳ නිවනට අවුත්, නොපැවැත්මට පත්වූද, තෘෂ්ණාවගේ යම් වස්තූන්හි එහි උපත දක්වන ලද්දීද? එහිම අභාවය දක්වන්ට ‘සො ඛා පනෙසා’ යනාදිය වදාළහ. එහි යම්සේ පුරුෂයෙක් කෙතෙහි හටගත් තිත්ත ලබුවැල දැක අග පටන් මුල සොයා කපන්නේය. ඒ වැල්තොමෝ පිළිවෙළින් මැලවී නොපැවැත්මට යන්නේය. ඉන්පසු ඒ කෙතෙහි තිත්ත ලබුවැල් නිරුද්ධ වූයේ ප්‍රහීණයයි කියන්නේය. එපරිද්දෙන් කෙතෙහි තිත්ත ලබුවැල් මෙන් චක්‍ෂුරාදීන්හි තෘෂ්ණාවක් වේද, ආර්ය මාර්ගයෙන් මුල් සිඳුනා ලද්දී, නිවනට පැමිණ නොපැවැත්මට යෙයි. මෙසේ ගිය වස්තූන්හි කෙතෙහි නොපෙනේ. යම්සේ කැලයෙන් සොරු ගෙනවුත් නගරයෙහි දක්‍ෂිණ ද්වාරයෙහි ඝාතනය කරන්නාහු වෙත්ද? ඉන්පසු කැලයෙහි සොරු මළේයයි හෝ මරණ ලද්දේයයි කියන්නාහුද? එපරිද්දෙන් චක්‍ෂුරාදීන්හි යම් තෘෂ්ණාවක් වන්නීද එය කැලයෙහි සොරුන් මෙනි. නිර්වාණයට පැමිණ කෙලෙස් නිරුද්ධ වූ හෙයින් නිර්වාණයෙහි නිරුද්ධ වූවාහු එය දක්‍ෂිණ ද්වාරයෙහි ඝාතනයට ලක්වූ සොරුන් මෙනි. මෙසේ නිරුද්ධ වූ මේ වස්තූන්හි කැලයෙහි සොරුන් මෙන් පෙනීමක් නොමැත. එහෙයින් එම තෘෂ්ණාවගේ නිරෝධය එහිම දක්වන්නේ, ඇස ලෝකයෙහි ප්‍රිය රූපයකි. සිසිල් රූපයකි. මෙහි ඒ තෘෂ්ණා තොමෝ ප්‍රහීණ වන්නී ප්‍රහීණ වේ යයි ආදිය වදාළහ. නොහොත් පිහිටා සිටීමට ප්‍රතිපක්‍ෂ වශයෙන් නිරුද්ධ වේ.

නිරොධසච‍්චනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

නිරෝධ සත්‍යය නිර්දේශ වර්ණනාව නිමි.