යෙදුමෙන් කියවන්න

මග‍්ගසච‍්චනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

මග‍්ගසච‍්චනිද‍්දෙසවණ‍්ණනා

මාර්ග සත්‍ය නිර්දේශ වර්ණණාව

මග‍්ගසච‍්චනිද‍්දෙසෙ අයමෙවාති අඤ‍්ඤමග‍්ගපටික‍්ඛෙපනත්‍ථං නියමනං (විභ· අට‍්ඨ· 205). අරියොති තංතංමග‍්ගවජ‍්ඣකිලෙසෙහි ආරකත‍්තා, අරියභාවකරත‍්තා, අරියඵලපටිලාභකරත‍්තා ච අරියො. අට‍්ඨ අඞ‍්ගානි අස‍්සාති අට‍්ඨඞ‍්ගිකො. ස‍්වායං චතුරඞ‍්ගිකා විය සෙනා, පඤ‍්චඞ‍්ගිකං විය තූරියං අඞ‍්ගමත‍්තමෙව හොති, අඞ‍්ගවිනිමුත‍්තො නත්‍ථි.

මාර්ග සත්‍යය නිර්දේශයෙහි අයමෙව යනු අන්‍ය මාර්ගයන් ප්‍රතික්‍ෂෙප කිරීම සඳහා නියම කිරීමයි. අරියො යනු ඒ ඒ මාර්ගයන්ගෙන් නැසිය යුතු කෙලෙසුන් කෙරෙන් දුර හෙයින්ද, ආර්ය භාවය ඇතිකරන හෙයින්ද, ආර්යඵල ප්‍රතිලාභ කරන හෙයින්ද අරියො(යි) අෂ්ඨාංගයක් මෙයටනුයි අට්ඨංගිකො(යි). ඒ මෙය චතුරංගික සේනාව මෙන්ද පංචාංගික තූර්යයන් මෙන්ද, අංග (කොටස්) මාත්‍රයම වේ. අංගයන්ගෙන් තොර වූයේ නැත.

ඉදානි අඞ‍්ගමත‍්තමෙව මග‍්ගො අඞ‍්ගවිනිමුත‍්තො නත්‍ථීති දස‍්සෙන‍්තො සම‍්මාදිට‍්ඨි…පෙ… සම‍්මාසමාධීතිආදිමාහ. තත්‍ථ සම‍්මා දස‍්සනලක‍්ඛණා සම‍්මාදිට‍්ඨි. සම‍්මා අභිනිරොපනලක‍්ඛණො සම‍්මාසඞ‍්කප‍්පො. සම‍්මා පරිග‍්ගහලක‍්ඛණා සම‍්මාවාචා. සම‍්මා සමුට‍්ඨාපනලක‍්ඛණො සම‍්මාකම‍්මන‍්තො. සම‍්මා වොදාපනලක‍්ඛණො සම‍්මාආජීවො. සම‍්මා පග‍්ගහලක‍්ඛණො සම‍්මාවායාමො. සම‍්මා උපට‍්ඨානලක‍්ඛණා සම‍්මාසති. සම‍්මා සමාධානලක‍්ඛණො සම‍්මාසමාධි. තෙසු එකෙකස‍්ස තීණි තීණි කිච‍්චානි හොන‍්ති. සෙය්‍යථිදං – සම‍්මාදිට‍්ඨි තාව අඤ‍්ඤෙහිපි අත‍්තනො පච‍්චනීකකිලෙසෙහි සද‍්ධිං මිච‍්ඡාදිට‍්ඨිං පජහති, නිරොධඤ‍්ච ආරම‍්මණං කරොති, සම‍්පයුත‍්තධම‍්මෙ ච පස‍්සති තප‍්පටිච‍්ඡාදකමොහවිධමනවසෙන අසම‍්මොහතො. සම‍්මාසඞ‍්කප‍්පාදයොපි තථෙව මිච‍්ඡාසඞ‍්කප‍්පාදීනි ච පජහන‍්ති, නිබ‍්බානඤ‍්ච ආරම‍්මණං කරොන‍්ති. විසෙසතො පනෙත්‍ථ සම‍්මාසඞ‍්කප‍්පො සහජාතධම‍්මෙ සම‍්මා අභිනිරොපෙති, සම‍්මාවාචා සම‍්මා පරිග‍්ගණ‍්හාති, සම‍්මාකම‍්මන‍්තො සම‍්මා සමුට‍්ඨාපෙති, සම‍්මාආජීවො සම‍්මා වොදාපෙති, සම‍්මාවායාමො සම‍්මා පග‍්ගණ‍්හාති, සම‍්මාසති සම‍්මා උපට‍්ඨාපෙති, සම‍්මාසමාධි සම‍්මා සමාදහති.

දැන් අංග මාත්‍රයම මාර්ගයයි. අංග විනිර්මුක්තව නැතැයි දක්වන්නේ සම්මා දිට්ඨිං -පෙ- සම්මා සමාධි ආදිය වදාළහ. එහි මනාව දක්නා ලක්‍ෂණ සම්මා දිට්ඨියි. මනාව සිත අරමුණට යොමුකිරීම් ලක්‍ෂණය. සම්මා සංකප්පොයි. මනාව අල්වාගැනීම් ලක්‍ෂණය සම්මා වාචායි. මනාව හටගන්වන ලක්‍ෂණය සම්මා කම්මන්තොයි. මනාව පිරිසිදු කරවීම ලක්‍ෂණය සම්මා ආජීවොයි. මනාව උත්සාහ කිරීම් ලක්‍ෂණය සම්මා වායාමොයි. මනාව වැටහෙන ලක්‍ෂණය සම්මා සතියි. මනාව එකඟ කිරීම් ලක්‍ෂණය සම්මා සමාධියි. ඔවුනතර එක එකට ත්‍රය ත්‍රය බැගින් කෘත්‍යයෝ වෙති. සම්‍යග් දෘෂ්ටිය පළමුව අනෙකුත් තමාට විරුද්ධ ධර්මයන් සමග මිථ්‍යාදෘෂ්ටිය දුරුකරයි. නිර්වාණයද අරමුණු කරයි. ඒ හා සම්ප්‍රයුක්ත ධර්මයන්ද බලයි. එය වසන මෝහය විනාශ කිරීම් වශයෙන් නුමුලාවීම් වශයෙන්ද ක්‍රියා කරයි. සම්‍යග් සංකල්පාදීහුද එසේම මිථ්‍යා සංකල්පාදීන්ද දුරුකරත්. නිවණද අරමුණු කරත්. විශේෂයෙන් වනාහි මෙහි සම්‍යග් සංකල්පය ඒ හා සමග උපන් ධර්මයන් අරමුණට යොමුකරයි. සම්‍යග් වචනය මනාව අල්ලා ගනියි. සම්‍යග් කර්මාන්තය මනාව හටගන්වයි. සම්‍යග් ආජීවය මනාව පිරිසිදු කරයි. සම්‍යග් ව්‍යායාමය මනාව පරිග්‍රහණය කරයි. සම්‍යග් ස්මෘතිය මනාව එළඹ සිටී. සම්‍යග් සමාධිය මනාව එක්තැන් කරයි.

අපිචෙසා සම‍්මාදිට‍්ඨි නාම පුබ‍්බභාගෙ නානාක‍්ඛණා නානාරම‍්මණා හොති, මග‍්ගකාලෙ එකක‍්ඛණා එකාරම‍්මණා. කිච‍්චතො පන “දුක‍්ඛෙ ඤාණ”න‍්තිආදීනි චත‍්තාරි නාමානි ලභති . සම‍්මාසඞ‍්කප‍්පාදයොපි පුබ‍්බභාගෙ නානාක‍්ඛණා නානාරම‍්මණා හොන‍්ති, මග‍්ගකාලෙ එකක‍්ඛණා එකාරම‍්මණා. තෙසු සම‍්මාසඞ‍්කප‍්පො කිච‍්චතො නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පොතිආදීනි තීණි නාමානි ලභති. සම‍්මාවාචාදයො තයො පුබ‍්බභාගෙ විරතියොපි හොන‍්ති චෙතනායොපි, මග‍්ගක‍්ඛණෙ පන විරතියොයෙව. සම‍්මාවායාමො සම‍්මාසතීති ඉදම‍්පි ද‍්වයං කිච‍්චතො සම‍්මප‍්පධානසතිපට‍්ඨානවසෙන චත‍්තාරි නාමානි ලභති. සම‍්මාසමාධි පන පුබ‍්බභාගෙපි මග‍්ගක‍්ඛණෙපි සම‍්මාසමාධියෙව.

තවද, මේ සම්‍යග් දෘෂ්ටි තොමෝ පූර්ව භාගයෙහි නොයෙක් අවස්ථා නොයෙක් අරමුණු වෙයි. මාර්ග කාලයෙහි එක් අවස්ථා එක් අරමුණු වෙයි. කෘත්‍ය වශයෙන් වනාහි දුක්ඛෙ ඤාණං ආදී වශයෙන් සිව්නාමයන් ලබයි. සම්‍යග් සංකල්පාදීහුද පූර්ව භාගයෙහි නොයෙක් අවස්ථා, නොයෙක් අරමුණු වෙති. මාර්ග කාලයෙහි එක් අවස්ථා එක් අරමුණු වෙති. ඔවුන් අතර සම්‍යග් සංකල්පය කෘත්‍ය වශයෙන් නෛෂ්ක්‍රම්‍ය සංකල්පයයි ආදී ත්‍රිවිධ නාමයන් ලබයි. සම්‍යග් වාචාදීත්‍රය පූර්වභාගයෙහි විරතීහුද චෛතසිකද වෙති. මාර්ගක්‍ෂණයෙහි විරතීහුමය. සම්‍යග් ව්‍යායාමය, සම්‍යග් ස්මෘතිය යන මෙම ද්වය කෘත්‍ය වශයෙන්, සම්‍යග් ප්‍රධාන, සතිපට්ඨාන වශයෙන් සිවුනාමයන් ලබයි. සම්‍යග් සමාධිය වනාහි පූර්වභාගයෙහිද මාර්ගක්‍ෂණයෙහිද, සම්‍යග් සමාධියමය.

ඉති ඉමෙසු අට‍්ඨසු ධම‍්මෙසු භගවතා නිබ‍්බානාධිගමාය පටිපන‍්නස‍්ස යොගිනො බහූපකාරත‍්තා පඨමං සම‍්මාදිට‍්ඨි දෙසිතා. අයඤ‍්හි “පඤ‍්ඤාපජ‍්ජොතො පඤ‍්ඤාසත්‍ථ”න‍්ති (ධ· ස· 16, 20, 29) ච වුත‍්තා. තස‍්මා එතාය පුබ‍්බභාගෙ විපස‍්සනාඤාණසඞ‍්ඛාතාය සම‍්මාදිට‍්ඨියා අවිජ‍්ජන්‍ධකාරං විධමිත්‍වා කිලෙසචොරෙ ඝාතෙන‍්තො ඛෙමෙන යොගාවචරො නිබ‍්බානං පාපුණාති. තස‍්මා පඨමං සම‍්මාදිට‍්ඨි දෙසිතා.

මේ අටවැදෑරුම් ධර්මයන් අතර නිර්වාණාධිගමය සඳහා පිළිපන් යෝගියාට බොහෝ උපකාරී හෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් පළමුව සම්‍යග් දෘෂ්ටිය දේශනා කරන ලදී. මෙය ප්‍රඥාලෝකයැයිද, ප්‍රඥායුධයැයිද කියන ලදී. එහෙයින් මේ පූර්වභාග විදර්ශනා ඤාණ සංඛ්‍යාත සම්‍යග් දෘෂ්ටියෙන් අවිද්‍යාන්ධකාරය විනාශකොට, කෙලෙස් සොරුන් ඝාතනය කොට, නිර්භයව යෝගාවචරයා නිවණට පැමිණෙයි. එහෙයින් පළමුව සම්‍යග් දෘෂ්ටිය දේශිතය.

සම‍්මාසඞ‍්කප‍්පො පන තස‍්සා බහූපකාරො. තස‍්මා තදනන‍්තරං වුත‍්තො. යථා හි හෙරඤ‍්ඤිකො හත්‍ථෙන පරිවත‍්තෙත්‍වා පරිවත‍්තෙත්‍වා චක‍්ඛුනා කහාපණං ඔලොකෙන‍්තො “අයං කූටො අයං ඡෙකො”ති ජානාති, එවං යොගාවචරොපි පුබ‍්බභාගෙ විතක‍්කෙන විතක‍්කෙත්‍වා විතක‍්කෙත්‍වා විපස‍්සනාපඤ‍්ඤාය ඔලොකයමානො “ඉමෙ ධම‍්මා කාමාවචරා, ඉමෙ රූපාවචරාදයො”ති ජානාති. යථා වා පන පුරිසෙන කොටියං ගහෙත්‍වා පරිවත‍්තෙත්‍වා පරිවත‍්තෙත්‍වා දින‍්නං මහාරුක‍්ඛං තච‍්ඡකො වාසියා තච‍්ඡෙත්‍වා කම‍්මෙ උපනෙති, එවං විතක‍්කෙන විතක‍්කෙත්‍වා විතක‍්කෙත්‍වා දින‍්නධම‍්මෙ යොගාවචරො පඤ‍්ඤාය “ඉමෙ ධම‍්මා කාමාවචරා, ඉමෙ රූපාවචරා”තිආදිනා නයෙන පරිච‍්ඡින්‍දිත්‍වා කම‍්මෙ උපනෙති. තස‍්මා සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාදිට‍්ඨානන‍්තරං වුත‍්තො.

සම්‍යක් සංකල්පය වනාහි ඕහට බොහෝ උපකාරීය. එහෙයින් ඉන් අනතුරුව එය යූ.සේයි. යම්සේ රන්කරුවා අතින් පෙරළ පෙරළා ඇසින් කහවණු බලන්නේ මෙය බොරුය. මෙය නිවැරදියයි දැනගනීද, මෙසේ යෝගාවචරයාද, පූර්වභාගයෙහි විතර්කයෙන්, කල්පනා කොට, විදර්ශනා ප්‍රඥාවෙන් බලන්නේ, මේ ධර්ම කාමාවචරය, මේ ධර්ම රූපාවචරාදීන් යයි දැනගනී. යම්සේ වනාහි පුරුෂයෙකු විසින් කෙළවරින් ගෙන පෙරළ පෙරළා දුන් මහරුකෙක් ලී සහින්නා වෑයෙන් සැස වැඩට යොමුකරයිද? මෙසේ විතර්කයෙන් විතර්කනය කොට දුන් ධර්මයන් යෝගාවචරයා ප්‍රඥාවෙන් මේ ධර්ම කාමාවචරය, මේ ධර්ම රූපාවචරයයි ආදී ක්‍රමයෙන් පිරිසිඳ ක්‍රියා සඳහා යොමුකරයි. එහෙයින් සම්‍යග් සංකල්පය සම්‍යග් දෘෂ්ටියට අනතුරුව කියන ලදී.

ස‍්වායං යථා සම‍්මාදිට‍්ඨියා, එවං සම‍්මාවාචායපි උපකාරකො. යථාහ – “පුබ‍්බෙ ඛො, ගහපති, විතක‍්කෙත්‍වා විචාරෙත්‍වා පච‍්ඡා වාචං භින්‍දතී”ති (ම· නි· 1.463). තස‍්මා තදනන‍්තරං සම‍්මාවාචා වුත‍්තා.

ඒ මේ සම්‍යග් සංකල්පය සම්‍යග් දෘෂ්ටියට යම්සේද, සම්‍යග් වාචාවටද උපකාරකය. දෙසූ පරිදි, ගෘහපතිය මුලදී කල්පනාකොට, විමසා පසුව වචන බිඳියි. එහෙයින් ඊට අනතුරු සම්‍යග් වචනය කියන ලදී.

යස‍්මා පන “ඉදඤ‍්චිදඤ‍්ච කරිස‍්සාමා”ති පඨමං වාචාය සංවිදහිත්‍වා ලොකෙ කම‍්මන‍්තෙ පයොජෙන‍්ති, තස‍්මා වාචා කායකම‍්මස‍්ස උපකාරිකාති සම‍්මාවාචාය අනන‍්තරං සම‍්මාකම‍්මන‍්තො වුත‍්තො.

යම්සේ වනාහි මේ මේ දෙය කරන්නෙමුයි පළමුව වචනයෙන් සංවිධානකොට ලෝකයෙහි කර්මාන්ත යොදවත්ද, එහෙයින් වචනය කාය කර්මයන්ට උපකාරකයයි සම්‍යග් වචනයට අනතුරුව සම්‍යග් කර්මාන්ත කියන ලදී.

චතුබ‍්බිධං පන වචීදුච‍්චරිතං, තිවිධං කායදුච‍්චරිතං පහාය උභයං සුචරිතං පූරෙන‍්තස‍්සෙව යස‍්මා ආජීවට‍්ඨමකසීලං පූරති, න ඉතරස‍්ස , තස‍්මා තදුභයානන‍්තරං සම‍්මාආජීවො වුත‍්තො.

චතුර්විධ වාක් දුශ්චරිතය, ත්‍රිවිධ කාය දුශ්චරිතය හැර, දෙසූ චරිතයන් පුරන්නහුටම යම් හෙයකින් ආජීවෂ්ටමක සීලය පිරේද? අනෙකාට නැත්ද? එහෙයින් ඒ දෙකට අනතුරුව සම්‍යග් ආජීවය කියන ලදී.

එවං විසුද‍්ධාජීවෙන පන “පරිසුද‍්ධො මෙ ආජීවො”ති එත‍්තාවතා පරිතොසං කත්‍වා සුත‍්තප‍්පමත‍්තෙන විහරිතුං න යුත‍්තං, අථ ඛො සබ‍්බඉරියාපථෙසු ඉදං වීරියමාරභිතබ‍්බන‍්ති දස‍්සෙතුං තදනන‍්තරං සම‍්මාවායාමො වුත‍්තො.

මෙසේ පරිශුද්ධාජීවයෙන් යුක්ත වූයේ, මාගේ ආජීවය පිරිසිදුයයි මෙපමණකින් සන්තෝෂයට පත්ව නිදීම් මාත්‍රයෙන් වාසය කරන්ට නුසුදුසුයි. තව ද, සියලු ඉරියව්හි මෙම වීර්යය ඇරඹිය යුතුයයි දක්වන්ට, ඉන් අනතුරුව සම්‍යක් ව්‍යායාමය කියන ලදී.

තතො ආරද‍්ධවීරියෙනාපි කායාදීසු චතූසු වත්‍ථූසු සති සූපට‍්ඨිතා කාතබ‍්බාති දස‍්සෙතුං තදනන‍්තරං සම‍්මාසති වුත‍්තා.

ඉන්පසු පටන්ගත් වීර්ය ඇත්තහු විසින්ද, කායාදී සිව් වස්තූන්හි සිහිය මනාව පිහිටුවීම කළ යුතුයයි දක්වන්ට ඉන් අනතුරු සම්‍යග් සතිය යූ.සේයි.

යස‍්මා පන එවං සූපට‍්ඨිතාය සතියා සමාධිස‍්ස උපකාරානුපකාරානං ධම‍්මානං ගතියො සමන්‍වෙසිත්‍වා පහොති එකත‍්තාරම‍්මණෙ චිත‍්තං සමාධාතුං, තස‍්මා සම‍්මාසතිඅනන‍්තරං සම‍්මාසමාධි වුත‍්තොති වෙදිතබ‍්බොති.

යම්හෙයකින් වනාහි මෙසේ මනාව පිහිටි සිහියෙන් සමාධි උපකාර අනුපකාර ධර්මයන්ගේ ස්වභාවය මනාව සොයා එක් අරමුණක සිත එක්තැන් කරන්ට පුළුවන් වෙයි. එහෙයින් සම්‍යක් සතියට අනතුරුව සම්‍යග් සමාධිය කියන ලද්දේයයි දතයුතුය.

සම‍්මාදිට‍්ඨිනිද‍්දෙසෙ “දුක‍්ඛෙ ඤාණ”න‍්තිආදිනා චතුසච‍්චකම‍්මට‍්ඨානං දස‍්සිතං. තත්‍ථ පුරිමානි ද‍්වෙ සච‍්චානි වට‍්ටං, පච‍්ඡිමානි ද‍්වෙ විවට‍්ටං. තෙසු භික‍්ඛුනො වට‍්ටෙ කම‍්මට‍්ඨානාභිනිවෙසො හොති, විවට‍්ටෙ නත්‍ථි අභිනිවෙසො. පුරිමානි හි ද‍්වෙ සච‍්චානි “පඤ‍්චක‍්ඛන්‍ධා දුක‍්ඛං, තණ‍්හා සමුදයො”ති එවං සඞ‍්ඛෙපෙන ච, “කතමෙ පඤ‍්චක‍්ඛන්‍ධා? රූපක‍්ඛන්‍ධො”තිආදිනා නයෙන විත්‍ථාරෙන ච ආචරියසන‍්තිකෙ උග‍්ගණ‍්හිත්‍වා වාචාය පුනප‍්පුනං පරිවත‍්තෙන‍්තො යොගාවචරො කම‍්මං කරොති. ඉතරෙසු පන ද‍්වීසු සච‍්චෙසු “නිරොධසච‍්චං ඉට‍්ඨං කන‍්තං මනාපං, මග‍්ගසච‍්චං ඉට‍්ඨං කන‍්තං මනාප”න‍්ති එවං සවනෙනෙව කම‍්මං කරොති. සො එවං කම‍්මං කරොන‍්තො චත‍්තාරි සච‍්චානි එකපටිවෙධෙන පටිවිජ‍්ඣති, එකාභිසමයෙන අභිසමෙති. දුක‍්ඛං පරිඤ‍්ඤාපටිවෙධෙන පටිවිජ‍්ඣති, සමුදයං පහානපටිවෙධෙන පටිවිජ‍්ඣති. නිරොධං සච‍්ඡිකිරියාපටිවෙධෙන පටිවිජ‍්ඣති, මග‍්ගං භාවනාපටිවෙධෙන පටිවිජ‍්ඣති. දුක‍්ඛං පරිඤ‍්ඤාභිසමයෙන…පෙ… මග‍්ගං භාවනාභිසමයෙන අභිසමෙති.

සම්‍යග් දෘෂ්ටි නිර්දේශයෙහි ‘දුක්ඛෙ ඤාණං’ ආදියෙන් සිව්සස් කමටහන් දක්ව ලදී. එහි පළමුව කියන ලද සත්‍ය දෙක සසර වෘත්ත ආශ්‍රිතය. පසුව කියන ලද සත්‍ය දෙක සසර පැවැත්මට විරුද්ධය. ඔවුනතර භික්‍ෂුවට සසර වෘත්තයට අදාළ කර්මස්ථානයන්හි ඇල්ම වේ. නිවනෙහි ඇල්ම නැත. ප්‍රථම දෙසත්‍යයන් තෘෂ්ණා සමුදය පංචස්කන්ධ දුක්ය. මෙසේ සංක්‍ෂේපයෙන්ද, පංච ස්කන්ධයෝ කවරහුද රූපස්කන්ධයයි. ආදී ක්‍රමයෙන් විස්තර වශයෙන් ගුරු ඇසුරින් උගෙන වදනින් නැවත නැවත පිරිවහන්නේ යෝගාවචරයා ක්‍රියා කරයි. අනෙකුත් දෙසත්‍යයන්හි නිරෝධ සත්‍යය මනෝඥය. සිත්ගන්නා සුළුය. ප්‍රියය. මාර්ග සත්‍යය මනෝඥය. සිත්ගන්නා සුළුය. ප්‍රියයයි මෙසේ ශ්‍රවණයෙන් ක්‍රියා කරයි. හෙතෙම මෙසේ ක්‍රියා කරන්නේ සිව්සස් එක් ප්‍රතිවේධයෙන් ප්‍රතිවේධ කරයි. එක් අවබෝධයෙන් අවබෝධ කරයි. දුක් විශේෂ දැනීම් අවබෝධයෙන් අවබෝධ කරයි. සමුදය ප්‍රහාණ අවබෝධයෙන් අවබෝධ කරයි. නිරෝධ සාක්‍ෂාත් කිරීම් අවබෝධයෙන් අවබෝධ කරයි. මාර්ගය වැඩීම් අවබෝධයෙන් අවබෝධ කරයි. දුක විශේෂ දැනීම් අවබෝධයෙන් -පෙ- මාර්ගය වැඩීම් අවබෝධයෙන් අවබෝධ කරයි.

එවමස‍්ස පුබ‍්බභාගෙ ද‍්වීසු සච‍්චෙසු උග‍්ගහපරිපුච‍්ඡාසවනධාරණසම‍්මසනපටිවෙධො හොති, ද‍්වීසු සවනපටිවෙධොයෙව. අපරභාගෙ තීසු කිච‍්චතො පටිවෙධො හොති නිරොධෙ ආරම‍්මණපටිවෙධො. තත්‍ථ සබ‍්බම‍්පි පටිවෙධඤාණං ලොකුත‍්තරං, සවනධාරණසම‍්මසනඤාණං ලොකියං කාමාවචරං. පච‍්චවෙක‍්ඛණා පන පත‍්තසච‍්චස‍්ස හොති, අයඤ‍්ච ආදිකම‍්මිකො. තස‍්මා සා ඉධ න වුත‍්තා. ඉමස‍්ස ච භික‍්ඛුනො පුබ‍්බෙ පරිග‍්ගහතො “දුක‍්ඛං පරිජානාමි, සමුදයං පජහාමි, නිරොධං සච‍්ඡිකරොමි, මග‍්ගං භාවෙමී”ති ආභොගසමන‍්නාහාරමනසිකාරපච‍්චවෙක‍්ඛණා නත්‍ථි, පරිග‍්ගහතො පට‍්ඨාය හොති. අපරභාගෙ පන දුක‍්ඛං පරිඤ‍්ඤාතමෙව හොති…පෙ… මග‍්ගො භාවිතොව හොති.

මෙසේ මොහුට මුලින් කී දෙසත්‍යයන්හි, ඉගෙනීම්, විචාරීම්, ශ්‍රවණ, ධාරණ මෙනෙහි කිරීම් අවබෝධය වේ. ද්වයයෙහි ශ්‍රවණ ප්‍රතිවේධයම වේ. පසුත්‍රයයෙහි කෘත්‍ය වශයෙන් අවබෝධය වේ. නිරෝධයෙහි අරමුණු කිරීම් අවබෝධයයි. එහි සියලුම අවබෝධ ඤාණ ලෝකෝත්තරය. ශ්‍රවණ, ධාරණ, සම්මර්ශන ඤාණ ලෞකික කාමාවචරය. ප්‍රත්‍යවේක්‍ෂණය ප්‍රාප්ත සත්‍යයට වේ. මොහුද ආදී කාර්මිකයෙකි. එහෙයින් එය මෙහි නොකියන ලද්දේය. මේ භික්‍ෂුවටද, පරිග්‍රහණයට පෙර දුක විශේෂයෙන් දනිමි. හටගැනීම දුරුකරමි. නිරෝධය සාක්‍ෂාත් කරමි. මාර්ගය වඩමියි. සිතාබැලීම්, සිත එක් අරමුණක පිහිටුවීම් මෙනෙහි කිරීම් ප්‍රත්‍යවේක්‍ෂා කිරීම් නැත. පරිග්‍රහණයේ සිට ඉහත කරුණු හටගනී. පසු කල්හි දුක සම්පූර්ණයෙන් දන්නා ලද්දේම වේ. -පෙ- මාර්ගය වඩන ලද්දේම වේ.

තත්‍ථ ද‍්වෙ සච‍්චානි දුද‍්දසත‍්තා ගම‍්භීරානි, ද‍්වෙ ගම‍්භීරත‍්තා දුද‍්දසානි. දුක‍්ඛසච‍්චඤ‍්හි උප‍්පත‍්තිතො පාකටං, ඛාණුකණ‍්ටකප‍්පහාරාදීසු “අහො දුක‍්ඛ”න‍්ති වත‍්තබ‍්බතම‍්පි ආපජ‍්ජති. සමුදයසච‍්චං ඛාදිතුකාමතාභුඤ‍්ජිතුකාමතාදිවසෙන උප‍්පත‍්තිතො පාකටං. ලක‍්ඛණපටිවෙධතො පන උභයම‍්පි ගම‍්භීරං. ඉති තානි දුද‍්දසත‍්තා ගම‍්භීරානි. ඉතරෙසං පන ද‍්වින‍්නං දස‍්සනත්‍ථාය පයොගො භවග‍්ගග‍්ගහණත්‍ථං හත්‍ථපසාරණං විය, අවීචිඵුසනත්‍ථං පාදපසාරණං විය, සතධා භින‍්නස‍්ස වාලස‍්ස කොටියා කොටිපටිපාදනං විය ච හොති. ඉති තානි ගම‍්භීරත‍්තා දුද‍්දසානි. එවං දුද‍්දසත‍්තා ගම‍්භීරෙසු ගම‍්භීරත‍්තා ච දුද‍්දසෙසු චතූසු සච‍්චෙසු උග‍්ගහාදිවසෙන පුබ‍්බභාගඤාණුප‍්පත‍්තිං සන්‍ධාය ඉදං “දුක‍්ඛෙ ඤාණ”න‍්තිආදි වුත‍්තං. පටිවෙධක‍්ඛණෙ පන එකමෙව තං ඤාණං හොති.

එහි මුල් ද්වි සත්‍යයන් දර්ශනය (අවබෝධය) දුෂ්කර හෙයින්ද, ගැඹුරු හෙයින්ද දුද්දසය. දුක්ඛ සත්‍යය වනාහි, උපත් වශයෙන් ප්‍රකටය. කණු, කටු, ප්‍රහාරාදීන්හිදී, ඛේදයකි. දුකයයි කිවයුතු තත්වයට පැමිණේ. සමුදය සත්‍යය, කඩා කෑමට කැමති අනුභව කිරීමට කැමති ආදී වශයෙන් උත්පත්ති වශයෙන් ප්‍රකටය. ලක්‍ෂණ අවබෝධ වශයෙන් දෙකම ගැඹුරුයි. මෙසේ ඒවා දර්ශන දුෂ්කරත්වයෙන් ගැඹුරුයි. ඉතිරි ද්වයය දර්ශනය (අවබෝධය) සඳහා උත්සාහය, භවාග්‍ර ග්‍රහණය සඳහා හස්ත ප්‍රසාරණය මෙන්ද, අවීචි නිරය ස්පර්ශ කිරීම සඳහා පාද ප්‍රසාරණය මෙන්ද, සතට කැඩුණු අස් කෙන්දක් කොණින් කොණ ගෙන එකට එක් කරන්නාක් මෙන්ද වේ. මෙසේ ඒවා ගැඹුරු බැවින් දැකීම දුෂ්කරය. මෙසේ දැකීම දුෂ්කර හෙයින්ද, ගැඹුරු ධර්මයන්හි, ගැඹුරු බවද, දැකීම දුෂ්කර චතුරාර්ය සත්‍යයන්හි උගෙනුම් වශයෙන් පූර්වභාග ඤාණෝත්පත්තිය සඳහා ‘මේ දුක නැණැ’යි ආදිය යූ.සේයි. අවබෝධක්‍ෂණයෙහි ඒ ඤාණය එකක්ම වේ.

අපරෙ පනාහු – චතුබ‍්බිධං සච‍්චෙසු ඤාණං සුතමයඤාණං වවත්‍ථානඤාණං සම‍්මසනඤාණං අභිසමයඤාණන‍්ති. තත්‍ථ කතමං සුතමයඤාණං? සංඛිත‍්තෙන වා විත්‍ථාරෙන වා චත‍්තාරි සච‍්චානි සුත්‍වා ජානාති “ඉදං දුක‍්ඛං, අයං සමුදයො, අයං නිරොධො, අයං මග‍්ගො”ති. ඉදං සුතමයඤාණං. කතමං වවත්‍ථානඤාණං? සො සුතානං අත්‍ථං උපපරික‍්ඛති ධම‍්මතො ච ලක‍්ඛණතො ච, “ඉමෙ ධම‍්මා ඉමස‍්මිං සච‍්චෙ පරියාපන‍්නා, ඉමස‍්ස සච‍්චස‍්ස ඉදං ලක‍්ඛණ”න‍්ති සන‍්නිට‍්ඨානං කරොති. ඉදං වවත්‍ථානඤාණං. කතමං සම‍්මසනඤාණං? සො එවං යථානුපුබ‍්බං චත‍්තාරි සච‍්චානි වවත්‍ථපෙත්‍වා අථ දුක‍්ඛමෙව ගහෙත්‍වා යාව ගොත්‍රභුඤාණං අනිච‍්චතො දුක‍්ඛතො අනත‍්තතො සම‍්මසති. ඉදං සම‍්මසනඤාණං. කතමං අභිසමයඤාණං? ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ එකෙන ඤාණෙන චත‍්තාරි සච‍්චානි අපුබ‍්බං අචරිමං අභිසමෙති “දුක‍්ඛං පරිඤ‍්ඤාභිසමයෙන, සමුදයං පහානාභිසමයෙන, නිරොධං සච‍්ඡිකිරියාභිසමයෙන මග‍්ගං භාවනාභිසමයෙන අභිසමෙතී”ති. ඉදං අභිසමයඤාණන‍්ති.

චතුර්විධ සත්‍යයන්හි ඤාණය ශ්‍රැතමය ඤාණය, පිරිසිඳ දැනීමේ ඤාණය, විමසා බැලීමේ ඤාණය, අවබෝධයෙහි ඤාණය වශයෙන් සමහරු කීහු. එහි ශ්‍රැතමයෙ ඤාණය කවරේද? මෙය දුකය, මේ දුක් සමුදයයි. මේ දුක් නිරෝධයයි. මේ මාර්ගයයි කෙටියෙන් හෝ විස්තර වශයෙන් හෝ සිව්සසුන් අසා දැනගනීද? මේ ශ්‍රැතමයෙ ඤාණයයි. පිරිසිඳ දැනීමේ ඤාණය කවරේද? හෙතෙම අසන ලද්දෙහි අර්ථය වෙසෙසින් පිරික්සයි. ධර්ම වශයෙන් හා ලක්‍ෂණ වශයෙන්. මේ ධර්මයෝ මේ සත්‍යයෙහි ඇතුළත්ය. මෙම සත්‍යයාගේ මෙම ලක්‍ෂණයයි සනිටුහන් කරයි. මෙය පිරිසිඳ දැනීමේ ඤාණයයි. විමසා බැලීමේ ඤාණය කවරේද? හෙතෙම මෙසේ අනුපිළිවෙළින් සිව්සසුන් පිරිසිඳ දැන, නැවත දුකම ගෙන ගෝත්‍රභූ ඤාණය දක්වා අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විමසා බලයි. මේ සම්මර්ශන ඥානයයි. අවබෝධයෙහි ඤාණය කවරේද? ලෝකෝත්තර මාර්ගක්‍ෂණයෙහි එක් ඤාණයකින් සිව්සස් පෙර පසු නොවී අවබෝධ කෙරේ. දුක විශේෂ අවබෝධයෙන්, සමුදය ප්‍රහාණාවබෝධයෙන් නිරෝධය සාක්‍ෂාත් කිරීම් අවබෝධයෙන්ද, මාර්ගය භාවනාවබෝධයෙන්ද අවබෝධ කරයි. මෙය අභිසම ඤාණයයි.

සම‍්මාසඞ‍්කප‍්පනිද‍්දෙසෙ කාමතො නිස‍්සටොති නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පො. බ්‍යාපාදතො නිස‍්සටොති අබ්‍යාපාදසඞ‍්කප‍්පො. විහිංසාය නිස‍්සටොති අවිහිංසාසඞ‍්කප‍්පො. තත්‍ථ නෙක‍්ඛම‍්මවිතක‍්කො කාමවිතක‍්කස‍්ස පදඝාතං පදච‍්ඡෙදං කරොන‍්තො උප‍්පජ‍්ජති, අබ්‍යාපාදවිතක‍්කො බ්‍යාපාදවිතක‍්කස‍්ස, අවිහිංසාවිතක‍්කො විහිංසාවිතක‍්කස‍්ස. තථා නෙක‍්ඛම‍්මඅබ්‍යාපාදඅවිහිංසාවිතක‍්කා කාමබ්‍යාපාදවිහිංසාවිතක‍්කානං පච‍්චනීකා හුත්‍වා උප‍්පජ‍්ජන‍්ති.

සම්‍යක් සංකල්ප නිර්දේශයෙහි කාමයෙන් ඉවත් කළේනුයි නෛෂ්ක්‍රම්‍ය සංකල්පයයි. ව්‍යාපාදයෙන් ඉවත් කළේනුයි අව්‍යාපාද සංකල්පයයි. විහිංසාවෙන් ඉවත් කළේනුයි අවිහිංසා සංකල්පයයි. එහි නෛෂ්ක්‍රම්‍ය විතර්කය කාමච්ඡන්‍දයාගේ හේතු නැසීම හේතු සිඳීම කරන්නේ උපදී. අව්‍යාපාද විතර්කය ව්‍යාපාද විතර්කයාගේ -පෙ- අවිහිංසා විතර්කය විහිංසා විතර්කයාගේ -පෙ- සිඳීම කරන්නේ උපදී. එසේම නෛෂ්ක්‍රම්‍ය, අව්‍යාපාද, අවිහිංසා විතර්කයෝ, කාම, ව්‍යාපාද, විහිංසා විතර්කාදීන්ට විරුද්ධව උපදිත්.

තත්‍ථ යොගාවචරො කාමවිතක‍්කස‍්ස පදඝාතනත්‍ථං කාමවිතක‍්කං වා සම‍්මසති අඤ‍්ඤං වා පන කිඤ‍්චි සඞ‍්ඛාරං. අථස‍්ස විපස‍්සනාක‍්ඛණෙ විපස‍්සනාසම‍්පයුත‍්තො සඞ‍්කප‍්පො තදඞ‍්ගවසෙන කාමවිතක‍්කස‍්ස පදඝාතං පදච‍්ඡෙදං කරොන‍්තො උප‍්පජ‍්ජති, විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා මග‍්ගං පාපෙති. අථස‍්ස මග‍්ගක‍්ඛණෙ මග‍්ගසම‍්පයුත‍්තො සඞ‍්කප‍්පො සමුච‍්ඡෙදවසෙන කාමවිතක‍්කස‍්ස පදඝාතං පදච‍්ඡෙදං කරොන‍්තො උප‍්පජ‍්ජති. බ්‍යාපාදවිතක‍්කස‍්සපි පදඝාතනත්‍ථං බ්‍යාපාදවිතක‍්කං වා අඤ‍්ඤං වා සඞ‍්ඛාරං, විහිංසාවිතක‍්කස‍්ස පදඝාතනත්‍ථං විහිංසාවිතක‍්කං වා අඤ‍්ඤං වා සඞ‍්ඛාරං සම‍්මසති. අථස‍්ස විපස‍්සනාක‍්ඛණෙති සබ‍්බං පුරිමනයෙනෙව යොජෙතබ‍්බං.

එහි යෝගාවචරයා කාම විතර්කයාගේ හේතු නැසීම සඳහා කාම විතර්කය හෝ අනෙක් කිසි සංස්කාරයක් හෝ මෙනෙහි කරයි. ඉක්බිති මොහුට විදර්ශනාක්‍ෂණයෙහි විදර්ශනා සම්ප්‍රයුක්ත සංකල්පය තදංග වශයෙන් කාම විතර්කයාගේ හේතු නැසීම, හේතු සිඳීම කරන්නේ උපදියි. විදර්ශනාව උත්සාහවත් කොට මාර්ගයට පමුණුවයි. ඉක්බිති මොහුට මාර්ග ක්‍ෂණයෙහි, මාර්ග සම්ප්‍රයුක්ත සංකල්පය මුළුමනින් විනාශ කිරීම් වශයෙන් කාම විතර්කයාගේ හේතු නැසීම, හේතු සිඳීම කරන්නේ උපදියි. ව්‍යාපාද විතර්කයාගේද, හේතු නැසීම සඳහා අව්‍යාපාද විතර්කය හෝ අනෙක් සංස්කාරයක් උපකාරී වේ. විහිංසා විතර්කයාගේ හේතු නැසීම සඳහා අවිහිංසා විතර්කය හෝ අනෙක් සංස්කාරයක් උපකාරී වේ. ඉක්බිති මොහුට විදර්ශනාක්‍ෂණයෙහි යන්න පළමු පරිද්දෙන්ම යෙදිය යුතුය.

කාමවිතක‍්කාදීනං පන තිණ‍්ණම‍්පි පාළියං විභත‍්තෙසු අට‍්ඨතිංසාරම‍්මණෙසු එකකම‍්මට‍්ඨානම‍්පි අපච‍්චනීකං නාම නත්‍ථි. එකන‍්තතො පන කාමවිතක‍්කස‍්ස තාව අසුභෙසු පඨමජ‍්ඣානමෙව පච‍්චනීකං, බ්‍යාපාදවිතක‍්කස‍්ස මෙත‍්තාය තිකචතුක‍්කජ‍්ඣානානි, විහිංසආවිතක‍්කස‍්ස කරුණාය තිකචතුක‍්කජ‍්ඣානානි. තස‍්මා අසුභපරිකම‍්මං කත්‍වා ඣානං සමාපන‍්නස‍්ස සමාපත‍්තික‍්ඛණෙ ඣානසම‍්පයුත‍්තො විතක‍්කො වික‍්ඛම‍්භනවසෙන කාමවිතක‍්කස‍්ස පච‍්චනීකො හුත්‍වා උප‍්පජ‍්ජති, ඣානං පාදකං කත්‍වා විපස‍්සනං පට‍්ඨපෙන‍්තස‍්ස විපස‍්සනාක‍්ඛණෙ විපස‍්සනාසම‍්පයුත‍්තො සඞ‍්කප‍්පො තදඞ‍්ගවසෙන කාමවිතක‍්කස‍්ස පච‍්චනීකො හුත්‍වා උප‍්පජ‍්ජති, විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා මග‍්ගං පාපෙන‍්තස‍්ස මග‍්ගක‍්ඛණෙ මග‍්ගසම‍්පයුත‍්තො සඞ‍්කප‍්පො සමුච‍්ඡෙදවසෙන කාමවිතක‍්කස‍්ස පච‍්චනීකො හුත්‍වා උප‍්පජ‍්ජති. එවං උප‍්පන‍්නො නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පොති වුච‍්චතීති වෙදිතබ‍්බො.

කාම විතර්කාදී ත්‍රයයටම පෙළෙහි බෙදා දැක්වූ අටතිස් අරමුණු අතුරෙහි එක් කමටහනක් හෝ අවිරුද්ධ වූයේ නම් නැත. ඒකාන්තයෙන් වනාහි කාම විතර්කයන්ට අශුභයන්හි ප්‍රථමධ්‍යානයම විරුද්ධය. ව්‍යාපාද විතර්කයට මෛත්‍රියෙහි තෙවන සිවුවන ධ්‍යානයෝය. විහිංසා විතර්කයට කරුණාවෙහි ත්‍රිචතුෂ්ක ධ්‍යානයෝය. එහෙයින් අශුභයෙහි පිරියම්කොට ධ්‍යානයට සමවන්නහුට සමාපත්තික්‍ෂණයෙහි ධ්‍යාන සම්ප්‍රයුක්ත විතර්කය විෂ්කම්භන වශයෙන් කාම විතර්කයට විරුද්ධ වී උපදියි. ධ්‍යානය පාදකකොට විදර්ශනා පිහිටුවන්නහුට විදර්ශනා ක්‍ෂණයෙහි විදර්ශනා සම්ප්‍රයුක්ත සංකල්පය තදංග වශයෙන් කාම විතර්කයට විරුද්ධ වී උපදියි. විදර්ශනාව උත්සාහවත් කරවා මාර්ගයට පැමිණෙන්නහුට මාර්ග ක්‍ෂණයෙහි මාර්ග සංයුක්ත සංකල්පය විනාශ කිරීම් වශයෙන් කාම විතර්කයට විරුද්ධව උපදී. මෙසේ උපන්නේ නෛෂ්ක්‍රම්‍ය සංකල්පයයි කියනු ලැබේයයි දතයුතුය.

මෙත‍්තාය පන පරිකම‍්මං කත්‍වා, කරුණාය පරිකම‍්මං කත්‍වා ඣානං සමාපන‍්නස‍්සාති සබ‍්බං පුරිමනයෙනෙව යොජෙතබ‍්බං. එවං උප‍්පන‍්නො අබ්‍යාපාදසඞ‍්කප‍්පොති වුච‍්චති, අවිහිංසාසඞ‍්කප‍්පොති වුච‍්චතීති වෙදිතබ‍්බො. එවමෙතෙ නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පාදයො විපස‍්සනාඣානවසෙන උප‍්පත‍්තීනං නානත‍්තා පුබ‍්බභාගෙ නානා, මග‍්ගක‍්ඛණෙ පන ඉමෙසු තීසු ඨානෙසු උප‍්පන‍්නස‍්ස අකුසලසඞ‍්කප‍්පස‍්ස පදච‍්ඡෙදතො අනුප‍්පත‍්තිසාධනවසෙන මග‍්ගඞ‍්ගං පූරයමානො එකොව කුසලසඞ‍්කප‍්පො උප‍්පජ‍්ජති. අයං සම‍්මාසඞ‍්කප‍්පො නාම.

මෛත්‍රියෙහි පිරියම්කොට, කරුණාවෙහි පිරියම්කොට ධ්‍යානයට සමවදීයයි සියල්ල පළමු ක්‍රමයෙන්ම යෙදිය යුතුය. මෙසේ උපන්නේ අව්‍යාපාද සංකල්පයයි කියනු ලැබේ. අවිහිංසා සංකල්පයයි යූ.සේයි. මෙසේ මේ නෛෂ්ක්‍රම්‍ය සංකල්පාදීන් විදර්ශනා ධ්‍යාන වශයෙන් උත්පත්තීන්ගේ නානාකාර බව පූර්වභාග නානාකාර බවයි. මාර්ග ක්‍ෂණයෙහි මේ ත්‍රිවිධ ස්ථානයන්හි උපන් අකුසල සංකල්පයාගේ හේතු නැසීමෙන් නොඉපදීම සිද්ධවීම් වශයෙන් මාර්ගාංගය සම්පූර්ණ කරනුයේ තනි වූයේම කුසල් සංකල්පය උපදී. මේ සම්‍යග් සංකල්ප නම් වේ.

සම‍්මාවාචානිද‍්දෙසෙපි යස‍්මා අඤ‍්ඤෙනෙව චිත‍්තෙන මුසාවාදා විරමති, අඤ‍්ඤෙන අඤ‍්ඤෙන පිසුණාවාචාදීහි, තස‍්මා චතස‍්සොපෙතා වෙරමණියො පුබ‍්බභාගෙ නානා, මග‍්ගක‍්ඛණෙ පන මිච‍්ඡාවාචාසඞ‍්ඛාතාය චතුබ‍්බිධාය අකුසලදුස‍්සීල්‍යචෙතනාය පදච‍්ඡෙදතො අනුප‍්පත‍්තිසාධනවසෙන මග‍්ගඞ‍්ගං පූරයමානා එකාව සම‍්මාවාචාසඞ‍්ඛාතා කුසලවෙරමණි උප‍්පජ‍්ජති. අයං සම‍්මාවාචා නාම.

සම්‍යග් වචන නිර්දේශයෙහි, වෙනත් සිතකින්ම මුසාවාදයෙන් වළකී. අන් සිතකින් කේළාම් කීමෙන් වළකී. මේ වැළකීම සතරක්ම වූවා පූර්වභාගයෙහි නානාකාරය. මාර්ග ක්‍ෂණයෙහි වනාහි මිථ්‍යාවාචා සංඛ්‍යාත සිව්වැදෑරුම් අකුසල දුසිල් චේතනාවගේ හේතු නැසීමෙන් නොඉපදීම් සිද්ධවීම් වශයෙන් මාර්ගාංගය සම්පූර්ණ කරනුයේ තනි වූවාම සම්‍යග් වචන සංඛ්‍යාත අකුසල වෙන්වීම් උපදී. මේ සම්‍යග් වචන නම් වේ.

සම‍්මාකම‍්මන‍්තනිද‍්දෙසෙපි යස‍්මා අඤ‍්ඤෙනෙව චිත‍්තෙන පාණාතිපාතා විරමති, අඤ‍්ඤෙන අදින‍්නාදානා, අඤ‍්ඤෙන මිච‍්ඡාචාරා, තස‍්මා තිස‍්සොපෙතා වෙරමණියො පුබ‍්බභාගෙ නානා, මග‍්ගක‍්ඛණෙ පන මිච‍්ඡාකම‍්මන‍්තසඞ‍්ඛාතාය තිවිධාය අකුසලදුස‍්සීල්‍යචෙතනාය පදච‍්ඡෙදතො අනුප‍්පත‍්තිසාධනවසෙන මග‍්ගඞ‍්ගං පූරයමානා එකාව සම‍්මාකම‍්මන‍්තසඞ‍්ඛාතා කුසලවෙරමණි උප‍්පජ‍්ජති. අයං සම‍්මාකම‍්මන‍්තො නාම.

සම්‍යග් කර්මාන්ත නිර්දේශයෙහිද, අනෙක් සිතකින්ම ප්‍රාණඝාතයෙන් වැළකේ. අන් සිතකින් නුදුන් දේ ගැනීමෙන්, අන් සිතකින් වැරදි හැසිරීම්වලින්, මේ ත්‍රිවිධ වැළකීම් පූර්වභාගයෙහි නානාකාරය. මාර්ග ක්‍ෂණයෙහි වනාහි වැරදි ක්‍රියා සංඛ්‍යාත ත්‍රිවිධ අකුසල් දුසිල් චේතනාවගේ හේතු සිඳින හෙයින් නොඉපදීම් සිද්ධවීම් වශයෙන් මාර්ගාංගය සම්පූර්ණ කරනුයේ තනිවූවාම සම්‍යග් කර්මාන්ත සංඛ්‍යාත අකුසල වෙන්වීම් උපදී. මේ සම්‍යග් කර්මාන්ත නම් වේ.

සම‍්මාආජීවනිද‍්දෙසෙ ඉධාති ඉමස‍්මිං සාසනෙ. අරියසාවකොති අරියස‍්ස බුද‍්ධස‍්ස සාවකො. මිච‍්ඡාආජීවං පහායාති පාපකං ආජීවං පජහිත්‍වා. සම‍්මාආජීවෙනාති බුද‍්ධප‍්පසත්‍ථෙන කුසලආජීවෙන. ජීවිකං කප‍්පෙතීති ජීවිතප‍්පවත‍්තිං පවත‍්තෙති. ඉධාපි යස‍්මා අඤ‍්ඤෙනෙව චිත‍්තෙන කායද‍්වාරවීතික‍්කමා විරමති, අඤ‍්ඤෙනෙව වචීද‍්වාරවීතික‍්කමා, තස‍්මා පුබ‍්බභාගෙ නානාක‍්ඛණෙසු උප‍්පජ‍්ජති, මග‍්ගක‍්ඛණෙ පන ද‍්වීසු ද‍්වාරෙසු සත‍්තන‍්නං කම‍්මපථානං වසෙන උප‍්පන‍්නාය මිච‍්ඡාආජීවදුස‍්සීල්‍යචෙතනාය පදච‍්ඡෙදතො අනුප‍්පත‍්තිසාධනවසෙන මග‍්ගඞ‍්ගං පූරයමානා එකාව සම‍්මාආජීවසඞ‍්ඛාතා කුසලවෙරමණි උප‍්පජ‍්ජති. අයං සම‍්මාආජීවො නාම.

සම්‍යග් ආජීව නිර්දේශයෙහි, ඉධ යනු මෙ සස්නෙහි, අරියසාවකො යනු ආර්ය බුදුරදුන්ගේ ශ්‍රාවක තෙම, මිච්ඡා ආජීවං පහාය යනු පාපී දිවිපැවැත්ම අත්හැර. සම්මා ආජීවෙන යනු බුදුරදුන් පසස්නා ලද යහපත් දිවි පැවැත්මෙන්, ජීවිකං කප්පෙති යනු ජීවිතයාගේ පැවැත්ම පවත්වයි. මෙහිද, අන් සිතකින් කායද්වාර ව්‍යතික්‍රමණයෙන් වැළකී සිටියි. අන් සිතකින් වාග්ද්වාර ව්‍යතික්‍රමණයෙන් (නීති ඉක්මවීම්) වැළකී සිටියි. එහෙයින් පූර්ව භාගයෙහිදී නානාක්‍ෂණයන්හි උපදියි. මාර්ගක්‍ෂණයෙහි වනාහි ද්වාරද්වයයෙහි සප්ත කර්මපථයන්ගේ වශයෙන් උපන් මිථ්‍යාජීව දුසිල් චේතනාවගේ හේතු නැසීමෙන් නොඉපදිම් සිදුකිරීම් වශයෙන් මාර්ගාංගය සම්පූර්ණ කරනුයේ තනි සම්‍යග් ආජීව සංඛ්‍යාත අකුසල වෙන්වීම් උපදී. මේ සම්‍යග් ආජීව නම් වේ.

සම‍්මාවායාමනිද‍්දෙසෙ ඉධ භික‍්ඛූති ඉමස‍්මිං සාසනෙ පටිපන‍්නකො භික‍්ඛු. අනුප‍්පන‍්නානන‍්ති අනිබ‍්බත‍්තානං. පාපකානන‍්ති ලාමකානං. අකුසලානං ධම‍්මානන‍්ති අකොසල‍්ලසම‍්භූතානං ධම‍්මානං. අනුප‍්පාදායාති න උප‍්පාදනත්‍ථාය. ඡන්‍දං ජනෙතීති කත‍්තුකම්‍යතාසඞ‍්ඛාතං කුසලච‍්ඡන්‍දං ජනෙති උප‍්පාදෙති. වායමතීති පයොගං ජනෙති පරක‍්කමං කරොති. වීරියං ආරභතීති කායිකං චෙතසිකං වීරියං කරොති. චිත‍්තං පග‍්ගණ‍්හාතීති තෙනෙව සහජාතවීරියෙන චිත‍්තං උක‍්ඛිපති. පදහතීති පධානවීරියං කරොති. පටිපාටියා පනෙතානි චත‍්තාරිපි පදානි ආසෙවනාභාවනාබහුලීකම‍්මසාතච‍්චකිරියාහි යොජෙතබ‍්බානි.

සම්‍යග් ව්‍යායාම නිර්දේශයෙහි, ඉධ භික්ඛු යනු මෙ සස්නෙහි පිළිපන් භික්‍ෂුව, අනුප්පන්නානං යනු නොහටගත්, පාපකානං යනු නීච වූ, අකුසලානං ධම්මානං යනු අදක්‍ෂභාවයෙන් හටගත් ස්වභාවයන්ගේ, අනුප්පාදාය යනු නොඉපදීම සඳහා ඡන්‍දං ජනෙති කරනු කැමති බවයයි කියනු ලබන කුසල්හි කැමැත්ත ජනනය කරයි. උපදවයි. වායමතී යනු උපාය උපදවයි. උත්සාහ කරයි. විරියං ආරභති යනු කායික චෛතසික වීර්යය කරයි. චිත්තං පග්ගණ්හාති යනු ඒ හා සමග හටගත් වීර්යයෙන් සිත ඔසවයි. පදහති යනු ප්‍රධන් වීර්යය කරයි. පිළිවෙළින් මේ සිව්පදයන්, සේවනය, වැඩීම, බහුල වශයෙන් කිරීම, නොනවත්වා ක්‍රියා කිරීම ආදියෙහි යෙදිය යුත්තාහ.

උප‍්පන‍්නානන‍්ති අනුප‍්පන‍්නානන‍්ති අවත‍්තබ‍්බතං ආපන‍්නානං. පහානායාති පජහනත්‍ථාය. අනුප‍්පන‍්නානං කුසලානං ධම‍්මානන‍්ති අනිබ‍්බත‍්තානං කොසල‍්ලසම‍්භූතානං ධම‍්මානං. උප‍්පාදායාති උප‍්පාදනත්‍ථාය. උප‍්පන‍්නානන‍්ති නිබ‍්බත‍්තානං. ඨිතියාති ඨිතත්‍ථාය. අසම‍්මොසායාති අනස‍්සනත්‍ථං. භිය්‍යොභාවායාති පුනප‍්පුනං භාවාය. වෙපුල‍්ලායාති විපුලභාවාය. භාවනායාති වඩ‍්ඪියා. පාරිපූරියාති පරිපූරණත්‍ථාය.

උප්පන්නානං නූපන්නවුන්ටයයි නොකිවයුතු තත්වයට පත්වූවන්ට පහානාය දුරුකිරීම සඳහා. අනුප්පන්නානං කුසලානං ධම්මානං යනු නූපන් දක්‍ෂතාවයෙන් හටගත් ධර්මයන්ගේ, උප්පාදාය යනු ඉපදවීම සඳහා. උප්පන්නානං යනු උපන්නවුන්ගේ ඨිතියා යනු සිටීම සඳහා. අසම්මොසාය යනු නුමුළා බව සඳහා. භීය්‍යොභාවාය යනු නැවත නැවත අධිකභාවය සඳහා. වෙපුල්ලාය යනු පැතිරුණු ස්වභාවය සඳහා. භාවනාය යනු වෘද්ධිය සඳහා. පාරිපූරියා යනු පරිපූරණය සඳහා.

එතෙ පන සම‍්මාවායාමසඞ‍්ඛාතා චත‍්තාරො සම‍්මප‍්පධානා පුබ‍්බභාගෙ ලොකියා, මග‍්ගක‍්ඛණෙ ලොකුත‍්තරා. මග‍්ගක‍්ඛණෙ පන එකමෙව වීරියං චතුකිච‍්චසාධනවසෙන චත‍්තාරි නාමානි ලභති. තත්‍ථ ලොකියා කස‍්සපසංයුත‍්තෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. වුත‍්තඤ‍්හි තත්‍ථ –

මේ සම්‍යග් ව්‍යායාම සංඛ්‍යාත සතර සම්‍යක් ප්‍රධානයන් පූර්වභාගයෙහි ලෞකිකය. මාර්ගක්‍ෂණයෙහි ලෝකෝත්තරය. මාර්ගක්‍ෂණයෙහි එක්ම වීර්යය සිව්තිස් සැදුම් විසින් සිව් නම් ලබා එහි ලෞකිකයන් කාශ්‍යප සංයුක්තයෙහි කියන ලද ක්‍රමයෙන් දතයුත්තාහුය. එහි කියන ලද්දේමය –

“චත‍්තාරොමෙ , ආවුසො, සම‍්මප‍්පධානා; කතමෙ චත‍්තාරො? ඉධාවුසො, භික‍්ඛු ‘අනුප‍්පන‍්නා මෙ පාපකා අකුසලා ධම‍්මා උප‍්පජ‍්ජමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යු’න‍්ති ආතප‍්පං කරොති, ‘උප‍්පන‍්නා මෙ පාපකා අකුසලා ධම‍්මා අප‍්පහීයමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යු’න‍්ති ආතප‍්පං කරොති, ‘අනුප‍්පන‍්නා මෙ කුසලා ධම‍්මා අනුප‍්පජ‍්ජමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යු’න‍්ති ආතප‍්පං කරොති, ‘උප‍්පන‍්නා මෙ කුසලා ධම‍්මා නිරුජ‍්ඣමානා අනත්‍ථාය සංවත‍්තෙය්‍යු’න‍්ති ආතප‍්පං කරොතී”ති (සං· නි· 2.145);

‘ඇවැත්නි, මේ සතර සම්‍යක් ප්‍රධානයෝය. කවර සතරෙක්ද යත්, ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුව මාගේ නූපන් පාපී අකුසල ධර්ම උපදිනු ලබන්නේ අනර්ථය සඳහා පවතින්නේ යයි වීර්යය කරයි. මාගේ උපන් අකුසල ධර්ම ප්‍රහීණ නොවනුයේ අනර්ථය පිණිස පවතින්නේ යයි වීර්යය කරයි. මාගේ නූපන් කුසල ධර්ම නූපදිනු ලබන්නේ අනර්ථය සඳහා පවතින්නේයයි වීර්යය කරයි. මාගේ උපන් කුසලධර්ම නිරුද්ධ වනුයේ අනර්ථය සඳහා පවතින්නේ යයි වීර්යය කරයි.

තත්‍ථ ච අනුප‍්පන‍්නාති අසමුදාචාරවසෙන වා අනනුභූතාරම‍්මණවසෙන වා අනුප‍්පන‍්නා. අඤ‍්ඤථා හි අනමතග‍්ගෙ සංසාරෙ අනුප‍්පන‍්නා පාපකා අකුසලා ධම‍්මා නාම නත්‍ථි, අනුප‍්පන‍්නා පන උප‍්පජ‍්ජමානාපි එතෙයෙව උප‍්පජ‍්ජන‍්ති, පහීයමානාපි එතෙයෙව පහීයන‍්ති.

එහිද අනුප්පන්නා යනු නොපැවතීම් වශයෙන් හෝ විඳිනු නොලැබූ අරමුණු වශයෙන් හෝ නූපන්, අනෙක් අතින්, නොදත් කෙළවර ඇති සසරෙහිදී නූපන් පාපී අකුසලධර්ම නොමැත්තේය. නූපන්නාහු උපදිනු ලබන්නාහුද, මේවාම උපදිති. ප්‍රහීණ වනුයේද මොවුහුම ප්‍රහීණ වෙති.

තත්‍ථ එකච‍්චස‍්ස වත‍්තගන්‍ථධුතඞ‍්ගසමාධිවිපස‍්සනානවකම‍්මභවානං අඤ‍්ඤතරවසෙන කිලෙසා න සමුදාචරන‍්ති. කථං? එකච‍්චො හි වත‍්තසම‍්පන‍්නො හොති, අසීති ඛන්‍ධකවත‍්තානි චුද‍්දස මහාවත‍්තානි චෙතියඞ‍්ගණබොධියඞ‍්ගණපානීයමාළකඋපොසථාගාරආගන‍්තුකගමිකවත‍්තානි ච කරොන‍්තස‍්සෙව කිලෙසා ඔකාසං න ලභන‍්ති. අපරභාගෙ පනස‍්ස වත‍්තානි විස‍්සජ‍්ජෙත්‍වා භින‍්නවත‍්තස‍්ස චරතො අයොනිසොමනසිකාරං සතිවොස‍්සග‍්ගඤ‍්ච ආගම‍්ම උප‍්පජ‍්ජන‍්ති. එවම‍්පි අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජන‍්ති නාම.

ඇතැමෙකුට, වත්, ග්‍රන්‍ථධූර, ධූතාංග, සමාධි, විදර්ශනා නවකම් සිදුවීම්වලදී එක්තරා ආකාර වශයෙන් කෙලෙස් නොපවතී. කෙසේද? ඇතැම් පුඟුලෙක් විනය පිටකයෙහි සඳහන් අසූවත්ද, තුදුස් මහවත්ද, සෑමළුව, බෝමළුව, පැන්ශාලාව, පොහොය ගෙය, ආගන්තුක හා ගමික වත්ද පුරනු ලබන්නේ, මොහු මැඩයාමට කෙලෙස් ඉඩ නොලබයි. පසුකාලයෙහි වනාහි වත් හැරදමා, බිඳුණු වත් ඇතිව හැසිරෙන මොහුට නුනුවණින් මෙනෙහි කිරීම් හේතුයෙන්. සිහිය අත්හැරීමට පැමිණ සිටි කල්හි අකුසල් උපදියි. මෙසේද යහපත් අංග නොපැවතීම් වශයෙන් නූපන්නාහු උපදිති නම් වේ.

එකච‍්චො ගන්‍ථයුත‍්තො හොති, එකම‍්පි නිකායං ගණ‍්හාති ද‍්වෙපි තයොපි චත‍්තාරොපි පඤ‍්චපි. තස‍්ස තෙපිටකං බුද‍්ධවචනං අත්‍ථවසෙන පාළිවසෙන අනුසන්‍ධිවසෙන පුබ‍්බාපරවසෙන ගණ‍්හන‍්තස‍්ස සජ‍්ඣායන‍්තස‍්ස චින‍්තෙන‍්තස‍්ස වාචෙන‍්තස‍්ස දෙසෙන‍්තස‍්ස පකාසෙන‍්තස‍්ස කිලෙසා ඔකාසං න ලභන‍්ති. අපරභාගෙ පනස‍්ස ගන්‍ථකම‍්මං පහාය කුසීතස‍්ස චරතො අයොනිසොමනසිකාරසතිවොස‍්සග‍්ගෙ ආගම‍්ම උප‍්පජ‍්ජන‍්ති. එවම‍්පි අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජන‍්ති නාම.

ඇතැම් පුඟුලෙක් ග්‍රන්ථ ධූරයෙහි යෙදුණේ වෙයි. එක් නිකායක්, දෙකක්, තුනක්, හතරක්, පහක් ඉගෙන ගනියි. ත්‍රිපිටක බුද්ධ වචනය, අර්ථ වශයෙන්ද, පෙළ වශයෙන්ද, අනුසන්ධි වශයෙන්ද, පූර්වාපර වශයෙන්ද, ඉගෙන ගන්නහුට, සජ්ඣායනා කරන්නහුට, සිතන්නහුට, කියවන්නහුට, දෙසන්නහුට, ප්‍රකාශ කරන්නහුට, කෙලෙස් අවකාශ නොලබයි. පසුකලෙක වනාහි ග්‍රන්ථකර්ම හැර කුසීතව හැසිරෙන කල්හි නුනුවණින් මෙනෙහි කිරීම් හේතුයෙන්, සිහිය අත්හැරීමට පැමිණ සිටි කල්හි මොහුට අකුසල් උපදියි. මෙසේද යහපත් අංග නොපැවතීම් වශයෙන් නූපන්නාහු උපදිති නම් වේ.

එකච‍්චො පන ධුතඞ‍්ගධරො හොති, තෙරස ධුතඞ‍්ගගුණෙ සමාදාය වත‍්තති, තස‍්ස ධුතඞ‍්ගගුණෙ පරිහරන‍්තස‍්ස කිලෙසා ඔකාසං න ලභන‍්ති. අපරභාගෙ පනස‍්ස ධුතඞ‍්ගානි විස‍්සජ‍්ජෙත්‍වා බාහුල‍්ලාය ආවත‍්තස‍්ස චරතො අයොනිසොමනසිකාරසතිවොස‍්සග‍්ගෙ ආගම‍්ම උප‍්පජ‍්ජන‍්ති. එවම‍්පි අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජන‍්ති නාම.

ඇතැම් පුඟුලෙක් ධුතංගධාරී වේ. තෙළෙස් ධුතංග ගුණයන් සමාදන්ව (පවතී) දිවිපවත්වයි. ධුතංග ගුණයන් පවත්වාගෙන යන කල්හි ඔහුට කෙලෙස් අවකාශ නොලබයි. පසුකල්හි ධුතංගයන් හැරදමා කාර්ය බහුල බවට හැරී හැසිරෙන කල්හි නුනුවණින් මෙනෙහි කිරීම් හේතුයෙන්, සිහිය අත්හැරීමට පැමිණ සිටි කල්හි, මොහුට අකුසල් උපදියි. මෙසේද යහපත් අංග නොපැවතීම් වශයෙන් නූපන්නාහු උපදිති නම් වේ.

එකච‍්චො අට‍්ඨසු සමාපත‍්තීසු චිණ‍්ණවසී හොති, තස‍්ස පඨමජ‍්ඣානාදීසු ආවජ‍්ජනවසීආදීනං වසෙන විහරන‍්තස‍්ස කිලෙසා ඔකාසං න ලභන‍්ති. අපරභාගෙ පනස‍්ස පරිහීනජ‍්ඣානස‍්ස වා විස‍්සට‍්ඨජ‍්ඣානස‍්ස වා භස‍්සාදීසු අනුයුත‍්තස‍්ස විහරතො අයොනිසොමනසිකාරසතිවොස‍්සග‍්ගෙ ආගම‍්ම උප‍්පජ‍්ජන‍්ති. එවම‍්පි අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජන‍්ති නාම.

ඇතැම් පුඟුලෙක් අට සමවත්හි පුරුදුකළ වසී ඇත්තේ වේ. ප්‍රථම ධ්‍යානාදීන්හි ආවජ්ජනවසී ආදී පංචවිධ වසීතාවයන්ගේ වශයෙන් වාසය කරන්නාවූ ඔහුට කෙලෙස් අවකාශ නොලබයි. පසුකල්හි වනාහි පිරිහුණු ධ්‍යාන ඇත්තා වූ, අත්හළ ධ්‍යාන ඇත්තා වූ, ප්‍රලාප දොඩවීම් ආදීන්හි යෙදී වසන්නා වූ ඔහුට නුනුවණින් මෙනෙහි කිරීම හේතුයෙන් සිහිය අත්හැරීමට පැමිණ සිටි කල්හි අකුසල් උපදියි. මෙසේද යහපත් අංග නොපැවතීම් වශයෙන් නූපන්නාහු උපදිති නම් වේ.

එකච‍්චො පන විපස‍්සකො හොති, සත‍්තසු වා අනුපස‍්සනාසු (පටි· ම· 3.35) අට‍්ඨාරසසු වා මහාවිපස‍්සනාසු (පටි· ම· 1.22) කම‍්මං කරොන‍්තො විහරති, තස‍්ස එවං විහරතො කිලෙසා ඔකාසං න ලභන‍්ති. අපරභාගෙ පනස‍්ස විපස‍්සනාකම‍්මං පහාය කායදළ‍්හීබහුලස‍්ස විහරතො අයොනිසොමනසිකාරසතිවොස‍්සග‍්ගෙ ආගම‍්ම උප‍්පජ‍්ජන‍්ති. එවම‍්පි අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජන‍්ති නාම.

ඇතැම් පුඟුලෙක් විදර්ශකයෙක් වේ. සත් අනුපස්සනාවන්හි, අටළොස් මහා විදර්ශනාවන්හි කර්ම කරනුයේ වාසය කරයි. මෙසේ වාසය කරන ඔහුට කෙලෙස් අවකාශ නොලබයි. පසුකල්හි වනාහි විදර්ශනා කර්ම හැර, කය දැඩිව ගැනීම් බහුලව වසන කල්හි, නුනුවණින් මෙනෙහි කිරීම් හේතුයෙන් සිහිය අත්හැරීමට පැමිණ සිටි කල්හි මොහුට අකුසල් උපදියි. මෙසේද යහපත් අංග නොපැවතීම් වශයෙන් නූපන්නාහු උපදිති නම් වේ.

එකච‍්චො නවකම‍්මිකො හොති, උපොසථාගාරභොජනසාලාදීනි කරොති , තස‍්ස තෙසං උපකරණානි චින‍්තෙන‍්තස‍්ස කිලෙසා ඔකාසං න ලභන‍්ති. අපරභාගෙ පනස‍්ස නවකම‍්මෙ නිට‍්ඨිතෙ වා විස‍්සට‍්ඨෙ වා අයොනිසොමනසිකාරසතිවොස‍්සග‍්ගෙ ආගම‍්ම උප‍්පජ‍්ජන‍්ති. එවම‍්පි අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජන‍්ති නාම.

ඇතැම් පුඟුලෙක් නව කාර්මිකයෙක් වේ. පොහෝ ගෙවල්, භෝජන ශාලාදීන් කරයි. ඔහුට ඒ උපකරණ ගැන සිතනකල්හි කෙලෙස් අවකාශ නොලබයි. පසුකල්හි වනාහි නවකම් නිමිකල්හි හෝ අත්හළ කල්හි හෝ ඔහුට, නුනුවණින් මෙනෙහි කිරීම් හේතුයෙන්, සිහිය අත්හැරීමට පැමිණ සිටිකල්හි, අකුසල් උපදියි. මෙසේද යහපත් අංග නොපැවතීම් වශයෙන් නූපන්නාහු උපදිති නම් වේ.

එකච‍්චො පන බ්‍රහ‍්මලොකතො ආගතො සුද‍්ධසත‍්තො හොති, තස‍්ස අනාසෙවනාය කිලෙසා ඔකාසං න ලභන‍්ති. අපරභාගෙ පනස‍්ස ලද‍්ධාසෙවනස‍්ස අයොනිසොමනසිකාරසතිවොස‍්සග‍්ගෙ ආගම‍්ම උප‍්පජ‍්ජන‍්ති. එවම‍්පි අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජන‍්ති නාම. එවං තාව අසමුදාචාරවසෙන අනුප‍්පන‍්නතා වෙදිතබ‍්බා.

ඇතැම් පුඟුලෙක් බඹලොවින් පැමිණි ශුද්ධ සත්ත්වයෙක් වේ. නොසෙව්නා හෙයින් ඔහුට කෙලෙස් අවකාශ නොලබයි. පසුකල්හි වනාහි පව්කම්හි ලද සෙවුණෙන් නුනුවණින් මෙනෙහි කිරීම් හේතුයෙන් සිහිය අත්හැරීමට පැමිණ සිටි කල්හි ඔහුට අකුසල් උපදියි. මෙසේද නොපැවතීම් වශයෙන් නූපන්නාහු උපදිත් නම් වේ. මෙසේ නොපැවතිම් වශයෙන් නොඉපදීම් ස්වභාවය දතයුත්තාහ.

කථං අනනුභූතාරම‍්මණවසෙන? ඉධෙකච‍්චො අනනුභූතපුබ‍්බං මනාපිකාදිභෙදං ආරම‍්මණං ලභති, තස‍්ස තත්‍ථ අයොනිසොමනසිකාරසතිවොස‍්සග‍්ගෙ ආගම‍්ම රාගාදයො කිලෙසා උප‍්පජ‍්ජන‍්ති. එවං අනනුභූතාරම‍්මණවසෙන අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජන‍්ති නාම. එවං අනුප‍්පන‍්නානං අකුසලානං උප‍්පාදෙ සති අත‍්තනො අනත්‍ථං පස‍්සිත්‍වා තෙසං අනුප‍්පාදාය සතිපට‍්ඨානභාවනානුයොගෙන පඨමං සම‍්මප‍්පධානං භාවෙති, උප‍්පන‍්නෙසු පන තෙසු තෙසං අප‍්පහානතො අත‍්තනො අනත්‍ථං පස‍්සිත්‍වා තෙසං පහානාය දුතියං තථෙව සම‍්මප‍්පධානං භාවෙති.

පෙර නොවූ විරූ අරමුණු වශයෙන් කෙසේද යත්? මෙහි ඇතැම් පුඟුලෙක් පෙර නොවූ විරූ ප්‍රියමනාපාදී භේදයෙන් යුත් අරමුණක් ලබාද? එහි ඔහුට නුනුවණින් මෙනෙහි කිරීම් සිහිය අත්හැරීම් ආදියට පැමිණ රාගාදී කෙලෙස් උපදියි. මෙසේ පෙර නොවූවිරූ අරමුණු වශයෙන් නූපන්නාහු උපදිති නම් වේ. මෙසේ නූපන්නා වූ අකුසලයන්ගේ පැවැත්ම ඇති කල්හි, තමාගේ අනර්ථය දැක, ඒවාහි නොපැවැත්ම සඳහා සතිපට්ඨාන භාවනාවෙහි යෙදීමෙන් පළමු සම්‍යක් ප්‍රධන් වීර්යය වඩයි. එම කෙලෙස් උපන් කල්හි, ඒවාහි අප්‍රහාණයෙන් තමාගේ අනර්ථය දැක, ඒවාහි ප්‍රහාණය සඳහා එසේම දෙවන, සම්‍යක් ප්‍රධන් වීර්යය වඩයි.

අනුප‍්පන‍්නා කුසලා ධම‍්මාති සමථවිපස‍්සනා චෙව මග‍්ගො ච. තෙසං අනුප‍්පාදෙ අත‍්තනො අනත්‍ථං පස‍්සිත්‍වා තෙසං උප‍්පාදනත්‍ථාය තථෙව තතියං සම‍්මප‍්පධානං භාවෙති. උප‍්පන‍්නා කුසලා ධම‍්මාති සමථවිපස‍්සනාව. මග‍්ගො පන සකිං උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣමානො අනත්‍ථාය සංවත‍්තනකො නාම නත්‍ථි. සො හි ඵලස‍්ස පච‍්චයං දත්‍වාව නිරුජ‍්ඣති. තාසං සමථවිපස‍්සනානං නිරොධතො අත‍්තනො අනත්‍ථං පස‍්සිත්‍වා තාසං ඨිතියා තථෙව චතුත්‍ථං සම‍්මප‍්පධානං භාවෙති. ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ පන එකමෙව වීරියං.

අනුප්පන්නා කුසලා ධම්මා යනු සමථ, විදර්ශනා හා මාර්ගයයි. ඒවාහි නොඉපැත්මෙහි තමාගේ අනර්ථය දැක ඒවාහි ඉපැත්ම සඳහා එසේම තෙවන සම්‍යක් ප්‍රධන් වීර්යය වඩයි. උප්පන්නා කුසලා ධම්මා යනු සමථය හා විදර්ශනාවයි. මාර්ගය වනාහි වරක් ඉපිද නිරුද්ධ වන්නේ අනර්ථය සඳහා පවත්නේ නම් නොවේ. එය ඵලයට ප්‍රත්‍යය දෙන ලදුයේම නිරුද්ධ වේ. ඒ සමථ විදර්ශනාවන්ගේ නිරෝධයෙන් තමා කෙරෙහි අනර්ථය දැක ඒවාහි පැවැත්ම සඳහා සිව්වන සම්‍යක් ප්‍රධන් වීර්යය වඩයි. ලෝකෝත්තර මාර්ගක්‍ෂණයෙහි වනාහි එකක්ම වූ වීර්යය, මෙසේ යම් නූපන්නවුන් උපදවන්නාහුද, උපන්නාහු නැවත නොඉපදෙත්ද, මෙසේ නූපන්නවුන්ගේ අනුත්පාද කෘත්‍යයද උපන්නවුන්ගේ ප්‍රහාණ කෘත්‍යයද සිදුකරයි.

යෙ එවං අනුප‍්පන‍්නා උප‍්පජ‍්ජෙය්‍යුං, තෙ යථා නෙව උප‍්පජ‍්ජන‍්ති, එවං තෙසං අනුප‍්පන‍්නානං අනුප‍්පාදකිච‍්චං, උප‍්පන‍්නානඤ‍්ච පහානකිච‍්චං සාධෙති. උප‍්පන‍්නාති චෙත්‍ථ චතුබ‍්බිධං උප‍්පන‍්නං වත‍්තමානුප‍්පන‍්නං භූතාපගතුප‍්පන‍්නං ඔකාසකතුප‍්පන‍්නං භූමිලද‍්ධුප‍්පන‍්නන‍්ති. තත්‍ථ සබ‍්බම‍්පි උප‍්පාදජරාභඞ‍්ගසමඞ‍්ගිසඞ‍්ඛාතං වත‍්තමානුප‍්පන‍්නං නාම. ආරම‍්මණරසං අනුභවිත්‍වා නිරුද‍්ධං අනුභූතාපගතසඞ‍්ඛාතං කුසලාකුසලං උප‍්පාදාදිත‍්තයමනුප‍්පත්‍වා නිරුද‍්ධං භුත්‍වාපගතසඞ‍්ඛාතං සෙසසඞ‍්ඛතඤ‍්ච භූතාපගතුප‍්පන‍්නං නාම. “යානිස‍්ස තානි පුබ‍්බෙ කතානි කම‍්මානී”ති එවමාදිනා (ම· නි· 3.248) නයෙන වුත‍්තං කම‍්මං අතීතම‍්පි සමානං අඤ‍්ඤං විපාකං පටිබාහිත්‍වා අත‍්තනො විපාකස‍්ස ඔකාසං කත්‍වා ඨිතත‍්තා තථා කතොකාසඤ‍්ච විපාකං අනුප‍්පන‍්නම‍්පි සමානං එවං කතෙ ඔකාසෙ එකන‍්තෙන උප‍්පජ‍්ජනතො ඔකාසකතුප‍්පන‍්නං නාම. තාසු තාසු භූමීසු අසමූහතං අකුසලං භූමිලද‍්ධුප‍්පන‍්නං නාම.

උප්පන්නා යන මෙහි උපත, වර්තමානුතපන්නය, භුත්‍වා විගතුප්පන්නය, ඔකාසකතුප්පන්නය, භූමිලද්ධුප්පන්නයයි සිව් ආකාර වේ. එහි සියලුම උපත්, දිරීම්, විනාශවීම් හා සමග එක්වීම් සංඛ්‍යාත වූයේ වර්තමාන උප්පන්න නම් වේ. අරමුණු රස අනුභව කොට නිරුද්ධ වූ, විඳින ලද පහවූ කුසලාකුසල සංඛ්‍යාත, උත්පාද, ඨිති, භංග යන ත්‍රයයට පත්ව නිරුද්ධ වූ, අනුභවකොට පහවීම් සංඛ්‍යාත වූද ශේෂ වශයෙන් වෙනත් ගතයුතු දෑද, භුත්‍වාවිගතුප්පන්න නම් වේ. යම් ඒ පෙර කරන ලද කර්ම වන්නේ? මේ ආදී ක්‍රමයෙන් කියන ලද අතීත කර්මයට සමාන අන් විපාක වළක්වා, තමාගේ කර්මයට අවකාශ ලබා සිටිහෙයින් එසේ කරන ලද අවකාශයට විපාක නූපන්නේ වූයේ නමුදු, එයට ඉඩකඩ සලසා ඇතිහෙයින් ඒකාන්තයෙන්ම විපාක උපදනා හෙයින් ඔකාසකතුප්පන්න නම් වේ. ඒ ඒ භූමින්හිදි සමූලඝාතනය නොකළ අකුසලය භූමි ලද්ධුප්පන්න නම් වේ.

එත්‍ථ ච භූමියා භූමිලද‍්ධස‍්ස ච නානත‍්තං වෙදිතබ‍්බං – භූමීති හි විපස‍්සනාය ආරම‍්මණභූතා තෙභූමකා පඤ‍්චක‍්ඛන්‍ධා. භූමිලද‍්ධං නාම තෙසු ඛන්‍ධෙසු උප‍්පත‍්තිරහං කිලෙසජාතං. තෙන හි සා භූමිලද‍්ධා නාම හොතීති තස‍්මා භූමිලද‍්ධන‍්ති වුච‍්චති. සා ච ඛො න ආරම‍්මණවසෙන. ආරම‍්මණවසෙන හි සබ‍්බෙපි අතීතානාගතෙ පරිඤ‍්ඤාතෙපි ච ඛීණාසවානං ඛන්‍ධෙ ආරබ‍්භ කිලෙසා උප‍්පජ‍්ජන‍්ති. යදි ච තං භූමිලද‍්ධං නාම සියා, තස‍්ස අප‍්පහෙය්‍යතො න කොචි භවමූලං පජහෙය්‍ය. වත්‍ථුවසෙන පන භූමිලද‍්ධං වෙදිතබ‍්බං. යත්‍ථ යත්‍ථ හි විපස‍්සනාය අපරිඤ‍්ඤාතා ඛන්‍ධා උප‍්පජ‍්ජන‍්ති, තත්‍ථ තත්‍ථ උප‍්පාදතො පභුති තෙසු වට‍්ටමූලං කිලෙසජාතං අනුසෙති. තං අප‍්පහීනට‍්ඨෙන භූමිලද‍්ධන‍්ති වෙදිතබ‍්බං.

මෙහිද භූමියෙහි හා භූමියෙහි ලත් යන්නෙහි වෙනස දතයුතුය. භූමි යනු විදර්ශනාවට අරමුණු වූ ත්‍රෛභූමික පංචස්කන්ධය භූමිලද්ධ නමි. ඒ ස්කන්ධයන්හි උපදිනු ලබන කෙලෙස් සමූහයයි. එහෙයින් එය භූමිලද්ධ නම් වන්නේය. එහෙයින් භූමිලද්ධයි යූසේයි. එය අරමුණු කිරීම් වශයෙන් නොවේ. අරමුණු වශයෙන්, අතීත, අනාගත වශයෙන් මනාව දත් කෙලෙස් ප්‍රහීණ කළවුන්ට පංචස්කන්ධ අරබයා කෙලෙස් ඉපදිය නොහැක. යම්හෙයකින් භූමිලද්ධ නම් වන්නේද? එයට අප්‍රමාණ වශයෙන් කිසි භවමූලයක් අත්නොහරින්නේය. වස්තු වශයෙන් වනාහි භූම්ලද්ධය දතයුතුය. යම් යම් තැනෙක්හි විදර්ශනාවගේ විශේෂයෙන් නොදත් හෙයින් ස්කන්ධ උපදීද? ඒ ඒ තන්හි උපතෙහි පටන් ඒවාහි වෘත්තමූලික කෙලෙස් සමූහය අත්නොහැර පවතියි. එය ප්‍රහීණ නොවූ අර්ථයෙන් භූමිලද්ධයයි දතයුතුය.

තත්‍ථ ච යස‍්ස යෙසු ඛන්‍ධෙසු අප‍්පහීනට‍්ඨෙන අනුසයිතා කිලෙසා, තස‍්ස තෙ එව ඛන්‍ධා තෙසං කිලෙසානං වත්‍ථු, න අඤ‍්ඤෙසං සන‍්තකා ඛන්‍ධා. අතීතක‍්ඛන්‍ධෙසු ච අප‍්පහීනානුසයිතානං කිලෙසානං අතීතක‍්ඛන්‍ධාව වත්‍ථු, න ඉතරෙ. එස නයො අනාගතාදීසු. තථා කාමාවචරක‍්ඛන්‍ධෙසු අප‍්පහීනානුසයිතානං කිලෙසානං කාමාවචරක‍්ඛන්‍ධා එව වත්‍ථු, න ඉතරෙ. එස නයො රූපාරූපාවචරෙසු. සොතාපන‍්නාදීසු පන යස‍්ස යස‍්ස අරියපුග‍්ගලස‍්ස ඛන්‍ධෙසු තං තං වට‍්ටමූලං කිලෙසජාතං තෙන තෙන මග‍්ගෙන පහීනං, තස‍්ස තස‍්ස තෙ තෙ ඛන්‍ධා පහීනානං තෙසං තෙසං වට‍්ටමූලකානං කිලෙසානං අවත්‍ථුතො භූමීති සඞ‍්ඛං න ලභන‍්ති. පුථුජ‍්ජනස‍්ස සබ‍්බසො වට‍්ටමූලකිලෙසානං අප‍්පහීනත‍්තා යංකිඤ‍්චි කරියමානං කම‍්මං කුසලමකුසලං වා හොති, ඉච‍්චස‍්ස කම‍්මකිලෙසපච‍්චයාව වට‍්ටං වට‍්ටති, තස‍්ස තස‍්සෙව තං වට‍්ටමූලං රූපක‍්ඛන්‍ධෙයෙව, න වෙදනාදීසු. විඤ‍්ඤාණක‍්ඛන්‍ධෙයෙව වා, න රූපක‍්ඛන්‍ධාදීසූති න වත‍්තබ‍්බං. කස‍්මා? අවිසෙසෙන පඤ‍්චසුපි ඛන්‍ධෙසු අනුසයිතත‍්තා. කථං? පථවීරසාදි විය රුක‍්ඛෙ. යථා හි මහාරුක‍්ඛෙ පථවීතලං අධිට‍්ඨාය පථවීරසඤ‍්ච ආපොරසඤ‍්ච නිස‍්සාය තප‍්පච‍්චයා මූලඛන්‍ධසාඛාපසාඛාපල‍්ලවපලාසපුප‍්ඵඵලෙහි වඩ‍්ඪිත්‍වා නභං පූරෙත්‍වා යාව කප‍්පාවසානා බීජපරම‍්පරාය රුක‍්ඛපවෙණිං සන‍්තානයමානෙ ඨිතෙ තං පථවීරසාදිමූලෙයෙව, න ඛන්‍ධාදීසු. ඵලෙයෙව වා, න මූලාදීසූති න වත‍්තබ‍්බං. කස‍්මා? අවිසෙසෙන සබ‍්බෙසු මූලාදීසු අනුගතත‍්තාති. යථා පන තස‍්සෙව රුක‍්ඛස‍්ස පුප‍්ඵඵලාදීසු නිබ‍්බින‍්නො කොචි පුරිසො චතූසු දිසාසු මණ‍්ඩූකකණ‍්ටකං නාම විසකණ‍්ටකං ආකොටෙය්‍ය, අථ සො රුක‍්ඛො තෙන විසසම‍්ඵස‍්සෙන ඵුට‍්ඨො පථවීරසආපොරසානං පරියාදින‍්නත‍්තා අප‍්පසවධම‍්මතං ආගම‍්ම පුන සන‍්තානං නිබ‍්බත‍්තෙතුං න සක‍්කුණෙය්‍ය, එවමෙව ඛන්‍ධප‍්පවත‍්තියං නිබ‍්බින‍්නො කුලපුත‍්තො තස‍්ස පුරිසස‍්ස චතූසු දිසාසු රුක‍්ඛෙ විසයොජනං විය අත‍්තනො සන‍්තානෙ චතුමග‍්ගභාවනං ආරභති. අථස‍්ස සො ඛන්‍ධසන‍්තානො තෙන චතුමග‍්ගවිසසම‍්ඵස‍්සෙන සබ‍්බසො වට‍්ටමූලකිලෙසානං පරියාදින‍්නත‍්තා කිරියසභාවමත‍්තං උපගතකායකම‍්මාදිසබ‍්බකම‍්මප‍්පභෙදො හුත්‍වා ආයතිං පුනබ‍්භවානභිනිබ‍්බත‍්තනධම‍්මතං ආගම‍්ම භවන‍්තරසන‍්තානං නිබ‍්බත‍්තෙතුං න සක‍්කොති, කෙවලං චරිමවිඤ‍්ඤාණනිරොධෙන නිරින්‍ධනො විය ජාතවෙදො අනුපාදානො පරිනිබ‍්බායති. එවං භූමියා භූමිලද‍්ධස‍්ස ච නානත‍්තං වෙදිතබ‍්බං.

එහිද යමෙකුට යම් ස්කන්ධයන්හි අප්‍රහීණාර්ථයෙන් නොහැර පවතින කෙලෙස් වේද, ඔහුට එම ස්කන්‍ධයෝම, එම කෙලෙසුන්ට කරුණු වේ. අන්‍යයන්ට තමා සතු ස්කන්‍ධයෝය. අතීත ස්කන්ධයක්හි අප්‍රහීණව නොහැර පවත්නා කෙලෙසුන්ට අතීත ස්කන්ධයෝ වස්තුවෙති. අන්‍යයෝ නොවෙති. අනාගතාදීන්හිද මේ ක්‍රමයමැයි. කාමාවචර ස්කන්ධයන්හි අප්‍රහීණව නොහැර පවත්නා කෙලෙසුන්ට කාමාවචර ස්කන්ධයෝම වස්තු වෙති. අන්‍යයෝ නොවෙති. රූපාවචර-අරූපාවචර ආදීන්හිද මේ ක්‍රමයමැයි. සෝවාන් ආදී යම් යම් ආර්ය පුද්ගල ස්කන්ධයන්හි, ඒ ඒ වෘත්ත මූල කෙලෙස් සමූහය ඒ ඒ මාර්ගයෙන් ප්‍රහීණ වූයේද, ඒ ඒ පුද්ගලයාට ඒ ඒ ස්කන්ධයන්හි ප්‍රහීණ වූ ඒ ඒ වෘත්තමූලික කෙලෙසුන්ට වස්තු නොවන හෙයින් භූමියි යන ගණන් ගැනීම නොලබත්. පෘථග්ජනයාට සියලු වෘත්තමූලික කෙලෙසුන් අප්‍රහීණ හෙයින් යම්කිසි කරනු ලබන කර්මයක් වේද, එය කුසල හෝ අකුසල හෝ වෙයි. මෙසේ මොහුට කර්ම ක්ලේස ප්‍රත්‍යයම සසර වෘත්තයට යෝග්‍ය වේ. ඒ ඒ වෘත්තමූලික රූපස්කන්ධයෙහිම වේ. වේදනාදීන්හි නොවේ. විඤ්ඤාණස්කන්ධයෙහිම වේ. රූපස්කන්ධාදීන්හි නොවේයයි නොකිවයුතුය. කුමක් හෙයින්ද යත්? අවිසේසයෙන් පංචස්කන්ධයන්හිම නොපිහිටි හෙයිනි. කෙසේද? වෘක්‍ෂයෙහි පෘථුවි රසාදිය මෙනි. යම්සේ මහා වෘක්‍ෂයන් පෘථුවි තලය ආධාරකොට සිටියේ, පෘථුවි රසයද, ජල රසයද, නිශ්‍රයකොට ඒ හේතුයෙන් මුල්, කඳන්, අතු, කුඩා අතු, දලු, කොළ, මල්, ගෙඩිවලින් වර්ධනය වී අහස් කුස පුරවා, කල්පාවසානය තෙක් බීජ පරම්පරාවෙන් රුක් පරම්පරාව දරමින් සිටිනුයේ, ඒ පෘථුවි රසාදිය මුලෙහිමය. වෘක්‍ෂයන්ගේ කඳෙහි නොවේ. ගෙඩිවලමය. මුල් ආදීන්හි නැතැයි නොකිවයුතුය. කුමක් හෙයින්ද යත්? අවිශේෂයෙන් සියලු මුල් ආදීන්හි ඇතුළත්ව තිබෙන හෙයිනි. යම්සේ වනාහි එම වෘක්‍ෂයෙහි මල්ගෙඩි ආදීන්හි කළකිරුණු කිසියම් පුරුෂයෙක් සිව්දිසාවන්හි මඩුකටුව නම් විෂකටුවෙන් කොටන්නේය. ඉක්බිති ඒ වෘක්‍ෂය, ඒ විෂ ස්පර්ශයෙන් ස්පර්ශ වූයේ, පෘථුවි රස, ජලරස ආදීන් හාත්පසින් මඩනාලද හෙයින්, රසහීන භාවයට පත්වූයේ නැවත පරම්පරාව නිපදවන්ට නොහැකි වන්නේය. එපරිද්දෙන්ම ස්කන්ධ ප්‍රවෘත්තියෙහි කළනිරුණු කුලපුත්‍රයා ඒ පුරුෂයාගේ වෘක්‍ෂයෙහි සිව් දිසාවන්හි විෂ යෙදීම මෙන්, තමාගේ සන්තානයෛහි සිව්මග භාවනා අරඹයි. ඉක්බිති ඔහුගේ ඒ ස්කන්ධ පරම්පරාව ඒ සිව්මග විෂ ස්පර්ශයෙන් සර්වප්‍රකාරයෙන් වෘත්තමූල කෙලෙසුන් හාත්පසින් මඩනා ලද හෙයින් කාය කර්මාදී සියලු කර්ම ප්‍රභේදයෙන්, ක්‍රියා ස්වභාව මාත්‍රයක්ම වූයේ, මත්තෙහි පුනර්භවයක නූපදින ස්වභාවයට පැමිණ භවන්තර පරම්පරා නිපදවන්ට නොහැකි වෙයි. හුදෙක් අවසන්හි වූ විඤ්ඤාණ නිරෝධයෙන් දර රහිත ගින්නක් මෙන් තෘෂ්ණාදී දෘඪ ගැනීම් රහිත වූයේ පිරිනිවන්පායි. මෙසේ භූමියෙහිද භූමි ලද්දහුගේද නානත්වය දතයුතුය.

අපරම‍්පි චතුබ‍්බිධං උප‍්පන‍්නං සමුදාචාරුප‍්පන‍්නං ආරම‍්මණාධිග‍්ගහිතුප‍්පන‍්නං අවික‍්ඛම‍්භිතුප‍්පන‍්නං අසමූහතුප‍්පන‍්නන‍්ති. තත්‍ථ වත‍්තමානුප‍්පන‍්නමෙව සමුදාචාරුප‍්පන‍්නං. චක‍්ඛාදීනං පන ආපාථගතෙ ආරම‍්මණෙ පුබ‍්බභාගෙ අනුප‍්පජ‍්ජමානම‍්පි කිලෙසජාතං ආරම‍්මණස‍්ස අධිග‍්ගහිතත‍්තා එව අපරභාගෙ එකන‍්තෙන උප‍්පත‍්තිතො ආරම‍්මණාධිග‍්ගහිතුප‍්පන‍්නන‍්ති වුච‍්චති. සමථවිපස‍්සනානං අඤ‍්ඤතරවසෙන අවික‍්ඛම‍්භිතං කිලෙසජාතං චිත‍්තසන‍්තතිමනාරූළ‍්හම‍්පි උප‍්පත‍්තිනිවාරකස‍්ස හෙතුනො අභාවා අවික‍්ඛම‍්භිතුප‍්පන‍්නං නාම. සමථවිපස‍්සනාවසෙන පන වික‍්ඛම‍්භිතම‍්පි අරියමග‍්ගෙන අසමූහතත‍්තා උප‍්පත‍්තිධම‍්මතං අනතීතත‍්තා අසමූහතුප‍්පන‍්නන‍්ති වුච‍්චති. තිවිධම‍්පි චෙතං ආරම‍්මණාධිග‍්ගහිතාවික‍්ඛම‍්භිතාසමූහතුප‍්පන‍්නං භූමිලද‍්ධෙනෙව සඞ‍්ගහං ගච‍්ඡතීති වෙදිතබ‍්බං.

අන්‍යවූද සමුදාචාරුප්පන්න, ආරම්මණාධිග්ගහිතුප්පන්න, අවික්ඛම්හිතුප්පන්න, අසමූහතුප්පන්න යයි උත්පත්ති සතරෙකි. එහි වර්තමාන උපැත්මම සමුදාචාර උප්පන්නයයි. චක්‍ෂුරාදීන්ට හමු වූ අරමුණෙහි පූර්ව භාගයෙහි නූපදින්නා වූ කෙලෙස් සමූහය, අරමුණ අයිති කරගත් බැවින්ම පසුකල්හි ඒකාන්තයෙන්ම උපදනා හෙයින් ආරම්මණාධිග්ගහිතුප්පන්න යයි කියනු ලැබේ. සමථ විදර්ශනාවන්ගේ අප්‍රකට වූවක් ලෙසින් විෂ්කම්නය නොකළ කෙලෙස් සමූහය සිත් පරම්පරාවට නොනැඟියේම උපත් වළක්නා හේතු අභාවයෙන් අවික්ඛම්භිතුප්පන්න නම් වේ. සමථ විදර්ශනා වශයෙන් මුලිනුපුටා නොදැමූ හෙයින් උත්පත්ති ස්වභාවය නොඉක්මවූ හෙයින් අසමූහතුප්පන්න යන මේ ත්‍රයයම භූමි ලද්ධයෙහි ඇතුළත් වීමට යේයයි දතයුතුය.

ඉච‍්චෙතස‍්මිං වුත‍්තප‍්පභෙදෙ උප‍්පන‍්නෙ යදෙතං වත‍්තමානභූතාපගතොකාසකතසමුදාචාරසඞ‍්ඛාතං උප‍්පන‍්නං, තං අමග‍්ගවජ‍්ඣත‍්තා කෙනචි මග‍්ගඤාණෙන පහාතබ‍්බං න හොති. යං පනෙතං භූමිලද‍්ධාරම‍්මණාධිග‍්ගහිතාවික‍්ඛම‍්භිතාසමූහතසඞ‍්ඛාතං උප‍්පන‍්නං, තස‍්ස තං උප‍්පන‍්නභාවං නාසයමානං යස‍්මා තං තං ලොකියලොකුත‍්තරඤාණං උප‍්පජ‍්ජති, තස‍්මා තං සබ‍්බම‍්පි පහාතබ‍්බං හොතීති. එවං යෙ මග‍්ගො කිලෙසෙ පජහති, තෙ සන්‍ධාය “උප‍්පන‍්නාන”න‍්තිආදි වුත‍්තං.

මෙහි මෙසේ කියන ලද, ප්‍රභේද ඇති, උත්පත්තීන්හි, යම් ඒ වර්තමානයෙහි වූ, පහවූ අවකාශ ඇති, හටගැනීම් සංඛ්‍යාත ඉපැත්මක් වේද, එය මාර්ග වධ්‍ය නොවන හෙයින් කිසියම් මාර්ග ඤාණයකින් ප්‍රහාණය කළ නොහැක. යම් ඒ භූමිලද්ධ ආරම්මණාධිග්ගහිත, අවික්ඛම්භිත, අසමූහත සංඛ්‍යාත උපත් වේද, එයට එහි උපන් බව නසනු ලබන්නේ, යම්හෙයකින් ඒ ඒ ලෞකික ලෝකෝත්තර ඤාණ උපදීද? එහෙයින් ඒ සියල්ලම අත්හැරිය යුතු වෙයි. මෙසේ යම් මාර්ගයක් කෙලෙස් දුරුකරයිද? ඒවා සඳහා උපන්නාහු යයි ආදිය යූසේයි.

අථ මග‍්ගක‍්ඛණෙ කථං අනුප‍්පන‍්නානං කුසලානං උප‍්පාදාය භාවනා හොති, කථඤ‍්ච උප‍්පන‍්නානං ඨිතියාති? මග‍්ගප‍්පවත‍්තියා එව. මග‍්ගො හි පවත‍්තමානො පුබ‍්බෙ අනුප‍්පන‍්නපුබ‍්බත‍්තා අනුප‍්පන‍්නො නාම වුච‍්චති. අනාගතපුබ‍්බඤ‍්හි ඨානං ආගන‍්ත්‍වා අනනුභූතපුබ‍්බං වා ආරම‍්මණං අනුභවිත්‍වා වත‍්තාරො භවන‍්ති “අනාගතට‍්ඨානං ආගතම‍්හ, අනනුභූතං ආරම‍්මණං අනුභවාමා”ති. යාවස‍්ස පවත‍්ති, අයමෙව ඨිති නාමාති ඨිතියා භාවෙතීතිපි වත‍්තුං වට‍්ටති. එවමෙතස‍්ස භික‍්ඛුනො ඉදං ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ එකමෙව වීරියං “අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදායා”තිආදීනි චත‍්තාරි නාමානි ලභති. අයං ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ සම‍්මප‍්පධානකථා. එවමෙත්‍ථ ලොකියලොකුත‍්තරමිස‍්සකා සම‍්මප‍්පධානා නිද‍්දිට‍්ඨාති.

නැවත මාර්ගය ක්‍ෂණයෙහි කෙසේ නූපන් කුසලයන්ගේ ඉපැත්ම සඳහා භාවනා වේද? මාර්ග ප්‍රවෘත්තියෙහි කෙසේ උපන්නවුන්ගේ සිටීම වේද? මෙසේ මාර්ගය වනාහි පවතිනුයේ පෙර නූපන් විරූ හෙයින් නූපන්නේ නම් වේයයි යූ.සේයි. පූර්ව අනාගත ස්ථානයට ගොස්, පෙර නොවිඳින ලද, අරමුණක් අනුභවකොට, අනාගත ස්ථානයට පැමිණියෙමු. අනුභව නොකළ අරමුණ අනුභව කෙළෙමු යයි කියන්නෝ වෙති. යම්තාක් පැවැත්ම වේද? මෙයම ඨිතිය නමැයිද, ඨිතියෙහි අභාවය යයිද කියන්ට සුදුසුය. මෙසේ මේ භික්‍ෂුවට මෙය ලෝකෝත්තර මාර්ගක්‍ෂණයෙහි එකම වීර්යය, නූපන් පාපී අකුසල් ධර්මයන්ගේ නොඉපැත්ම සඳහා යයි සිව් නාමයන් ලබයි. මේ ලෝකෝත්තර මාර්ගක්‍ෂණයෙහි සම්‍යක්ප්‍රධාන කථායි. මෙසේ මෙහි ලෞකික ලෝකෝත්තර මිශ්‍රිතව සම්‍යක් ප්‍රධානයෝ දක්වන ලද්දාහ.

සම‍්මාසතිනිද‍්දෙසෙ කායෙති රූපකායෙ. රූපකායො හි ඉධ අඞ‍්ගපච‍්චඞ‍්ගානං කෙසාදීනඤ‍්ච ධම‍්මානං සමූහට‍්ඨෙන හත්‍ථිකායරථකායාදයො විය කායොති අධිප‍්පෙතො. යථා ච සමූහට‍්ඨෙන, එවං කුච‍්ඡිතානං ආයට‍්ඨෙන. කුච‍්ඡිතානඤ‍්හි පරමජෙගුච‍්ඡානං සො ආයොතිපි කායො. ආයොති උප‍්පත‍්තිදෙසො. තත්‍රායං වචනත්‍ථො – ආයන‍්ති තතොති ආයො. කෙ ආයන‍්ති? කුච‍්ඡිතා කෙසාදයො. ඉති කුච‍්ඡිතානං ආයොති කායො.

සම්‍යක් සති නිර්දේශයෙහි කායෙ යනු රූප කායයෙහි මෙහි රූප කය වනාහි, අඟ පසඟ, කෙස් ආදී ස්වභාවයන්ගේ සමූහය යන අර්ථයෙන් හස්තිකාය, රථකාය (ඇත් සමූහය, රථ සමූහය) ආදීන් මෙන් කාය යයි අදහස් කරන ලදී. සමූහාර්ථයෙන් යම්සේද, එසේම එය පිළිකුල්, අතිශය පිළිකුල් ද්‍රව්‍යයන්ගේ උපදනා ස්ථාන යනුයිද කාය නම් වේ. ආය යනු උත්පත්ති ප්‍රදේශයයි. එහි මේ වචනාර්ථයි. ඉන් හටගනීනුයි = ආයයි. කවරක් හටගනීද? පිළිකුල් කේශාදීහුය. මෙසේ පිළිකුල් ද්‍රව්‍යයන්ගේ උපත් ප්‍රදේශය නුයි කාය නම් වේ.

කායානුපස‍්සීති කායං අනුපස‍්සනසීලො, කායං වා අනුපස‍්සමානො. කායෙති ච වත්‍වාපි පුන කායානුපස‍්සීති දුතියං කායග‍්ගහණං අසම‍්මිස‍්සතො වවත්‍ථානඝනවිනිබ‍්භොගාදිදස‍්සනත්‍ථං කතන‍්ති වෙදිතබ‍්බං. තෙන න කායෙ වෙදනානුපස‍්සී චිත‍්තධම‍්මානුපස‍්සී වා, අථ ඛො කායානුපස‍්සීයෙවාති කායසඞ‍්ඛාතෙ වත්‍ථුස‍්මිං කායානුපස‍්සනාකාරස‍්සෙව දස‍්සනෙන අසම‍්මිස‍්සතො වවත්‍ථානං දස‍්සිතං හොති. තථා න කායෙ අඞ‍්ගපච‍්චඞ‍්ගවිනිමුත‍්තඑකධම‍්මානුපස‍්සී, නාපි කෙසලොමාදිවිනිමුත‍්තඉත්‍ථිපුරිසානුපස‍්සී. යොපි චෙත්‍ථ කෙසලොමාදිකො භූතුපාදායසමූහසඞ‍්ඛාතො කායො, තත්‍ථාපි න භූතුපාදායවිනිමුත‍්තඑකධම‍්මානුපස‍්සී, අථ ඛො රථසම‍්භාරානුපස‍්සකො විය අඞ‍්ගපච‍්චඞ‍්ගසමූහානුපස‍්සී, නගරාවයවානුපස‍්සකො විය කෙසලොමාදිසමූහානුපස‍්සී, කදලික‍්ඛන්‍ධපත‍්තවට‍්ටිවිනිභුජ‍්ජකො විය රිත‍්තමුට‍්ඨිවිනිවෙඨකො විය ච භූතුපාදායසමූහානුපස‍්සීයෙවාති සමූහවසෙනෙව කායසඞ‍්ඛාතස‍්ස වත්‍ථුනො නානප‍්පකාරතො දස‍්සනෙන ඝනවිනිබ‍්භොගො දස‍්සිතො හොති. න හෙත්‍ථ යථාවුත‍්තසමූහවිනිමුත‍්තො කායො වා ඉත්‍ථී වා පුරිසො වා අඤ‍්ඤො වා කොචි ධම‍්මො දිස‍්සති, යථාවුත‍්තධම‍්මසමූහමත‍්තෙයෙව පන තථා තථා සත‍්තා මිච‍්ඡාභිනිවෙසං කරොන‍්ති. තෙනාහු පොරාණා –

කායානුපස්සී යනු කය විමසා බලනසුලු වූයේ හෝ නුවණින් බලන්නේ, කායෙ යනුවෙන්ද කියා, නැවත ‘කායානුපස්සී’ යන දෙවන කාය ග්‍රහණය අසම්මිශ්‍ර වශයෙන් පිරිසිඳ දැනීම් ඒක ඝන ද්‍රව්‍ය බෙදා වෙන්කිරීම් ආදිය දැක්වීමට කරන ලදැයි දතයුතුය. එහෙයින් කයෙහිම පමණක් නොවේ. වේදනා, චිත්ත, ධර්මානුපස්සනා ඇතුළත් වේ. තවද, කායානුපස්සී යන මෙහි, කාය සංඛ්‍යාත වස්තුවෙහි, කය අනුව බලන ආකාරයෙහිම දර්ශනයෙන් අසම්මිශ්‍ර වශයෙන් පිරිසිඳ දැනීම දක්වන ලද්දේ වෙයි. එසේම ශරීරයෙහි අඟපසඟවලින් තොර එක් ධර්මානුපස්සනාවක්ද නැත. කෙස්, ලොම් ආදියෙන් තොර ස්ත්‍රී පුරුෂ අනුපස්සනාවක්ද නැත. මෙහි යම් ඒ කෙස්, ලොම් ආදී වූ භූත, උපාදාය රූප සමූහ සංඛ්‍යාත වූ කයක් වේද? එහිද භූත උපාදාය රූපවලින් තොර එක් ධර්මානුපස්සනාවක්ද නැත. තවද රථ සමූහය අනුව බලන්නෙකු මෙන්, කෙස්ලොම් ආදිය අනුව බලන්නේ, නගරයෙහි කොටස් බලන්නෙකු මෙන්, කෙස්, ලොම් ආදී සමූහය අනුව බලන්නේ, කෙසෙල්කඳෙහි, පිලි ගලවා බෙදා වෙන්කරන්නෙකු මෙන්ද, හිස් මුට්ටියෙහි වෙළුම් ඉවත් කරන්නාක් මෙන්ද භූත-උපාදාය රූප සමූහය අනුව බලන්නේමයයි සමූහ වශයෙන්ම කාය සංඛ්‍යාත වස්තුවෙහි නොයෙක් ආකාරයෙන් බැලීමෙන් තද කොටස් වෙන්කිරීම දක්වන ලද්දේ වෙයි. කියන ලද රාශි ස්වභාවයෙන් තොර, සිරුරක් හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අන්කිසි ස්වභාවයක් මෙහි නොපැනේ. කියන ලද ආකාර ඇති ධර්ම සමූහ මාත්‍රයෙහිම වනාහි ඒ ඒ ආකාරයෙන් වැරදි ඇළීම් කරති. එහෙයින් පෞරාණිකයෝ කීහු.

“යං පස‍්සති න තං දිට‍්ඨං, යං දිට‍්ඨං තං න පස‍්සති; අපස‍්සං බජ‍්ඣතෙ මූළ‍්හො, බජ‍්ඣමානො න මුච‍්චතී”ති.

යං පස්සති න තං දිට්ඨං - යං දිට්ඨං තං න පස්සති, අපස්සං බජ්ඣතෙ’මූළ්හො - බජ්ඣමානො නමුච්චතී’ති

යමක් දකීද, එය නොදක්නා ලදී. යමක් දක්නා ලද්දේද එය නොදකී. අඥානයා නොදක්නේ බැඳේ. බඳිනු ලබන්නේ නොමිදෙයි.

ඝනවිනිබ‍්භොගාදිදස‍්සනත්‍ථන‍්ති වුත‍්තං. ආදිසද‍්දෙන චෙත්‍ථ අයම‍්පි අත්‍ථො වෙදිතබ‍්බො – අයඤ‍්හි එතස‍්මිං කායෙ කායානුපස‍්සීයෙව, න අඤ‍්ඤධම‍්මානුපස‍්සී. කිං වුත‍්තං හොති? යථා අනුදකභූතායපි මරීචියා උදකානුපස‍්සිනො හොන‍්ති, න එවං අනිච‍්චදුක‍්ඛානත‍්තාසුභභූතෙයෙව ඉමස‍්මිං කායෙ නිච‍්චසුඛත‍්තසුභභාවානුපස‍්සී, අථ ඛො කායානුපස‍්සී

ඝනය වෙන්කිරීම් ආදිය දැකීම සඳහා යයි කියන ලදී. ආදි ශබ්දයෙන් මේ අර්ථය දතයුතුය. මෙය මේ ශරීරයෙහි කය නුවණින් බලමින්ම, අන් ධර්මයන් අනුව බලන්නේ නොවේ. කුමක් කියන ලද්දේ වේද, යම්සේ දිය ස්වභාවයක් නොවූද, මිරිඟුවෙහි දියයයි සිතා ඒ අනුව බලන්නාහු වෙති. අනිත්‍යය, දුක්ඛ, අනාත්ම, අසුභ ස්වභාවය වූ මේ ශරීරයෙහි නිත්‍ය, සුඛ, ආත්ම, සුභ ස්වභාවය වශයෙන් බලන්නේ නොවේ. තවද, කය අනුව බලන්නේම වේ. අනෙක් ධර්මයන් අනුව බලන්නේ නොවේ.

අනිච‍්චදුක‍්ඛානත‍්තාසුභාකාරසමූහානුපස‍්සීයෙවාති වුත‍්තං හොති. අථ වා ය‍්වායං මහාසතිපට‍්ඨානෙ “ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු අරඤ‍්ඤගතො වා රුක‍්ඛමූලගතො වා…පෙ… සො සතොව අස‍්සසතී”තිආදිනා (දී· නි· 2.374; ම· නි· 1.107) නයෙන අස‍්සාසපස‍්සාසාදි චුණ‍්ණකජාතඅට‍්ඨිකපරියොසානො කායො වුත‍්තො, යො ච පරතො සතිපට‍්ඨානකථායං “ඉධෙකච‍්චො පථවීකායං අනිච‍්චතො අනුපස‍්සති, ආපොකායං, තෙජොකායං, වායොකායං, කෙසකායං, ලොමකායං, ඡවිකායං, චම‍්මකායං, මංසකායං, රුහිරකායං, න‍්හාරුකායං, අට‍්ඨිකායං, අට‍්ඨිමිඤ‍්ජකාය”න‍්ති (පටි· ම· 3.35) කායො වුත‍්තො, තස‍්ස සබ‍්බස‍්ස ඉමස‍්මිංයෙව කායෙ අනුපස‍්සනතො කායෙ කායානුපස‍්සීති එවම‍්පි අත්‍ථො දට‍්ඨබ‍්බො.

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ ආකාර සමූහය නුවණින් විමසා බලන්නේ යයි යූ.සේයි. නොහොත් යම් ඒ මහාසතිපට්ඨානයෙහි ‘මහණෙනි, මෙ සස්නෙහි භික්‍ෂුව අරණ්‍යගත වූයේ, රුක්මුල් ගතවූයේ -පෙ- හෙතෙම සිහියෙන් යුක්තවම ආශ්වාස කරයි ආදී ක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාසාදී, සුණුවිසුණු වී ගිය, අස්ථි කෙළවරකොට ඇති කය යූසේයි. යම් අන් සතිපට්ඨාන කථාවෙහි, මෙලොව ඇතැම් පුඟුලෙක් පෘථුවි කය, ජල කය, ගිනි කය, වාත කය, කෙස් කය, ලෝම කය, සිවි කය, සම් කය, මස් කය, ලේ කය, නහර කය, අස්ථි කය, ඇටමිදුලු කය යයි කියන ලද කායයන් අනිත්‍ය වශයෙන් නුවණින් බලයි. ඒ සියල්ලම මෙම කයෙහිම නුවණින් බලන හෙයින් කයෙහි කය අනුව බලයි යයි මෙසේද අර්ථ දතයුතුය.

අථ වා කායෙ අහන‍්ති වා මමන‍්ති වා එවං ගහෙතබ‍්බස‍්ස කස‍්සචි අනනුපස‍්සනතො තස‍්ස තස‍්සෙව පන කෙසලොමාදිකස‍්ස නානාධම‍්මසමූහස‍්ස අනුපස‍්සනතො කායෙ කෙසාදිධම‍්මසමූහසඞ‍්ඛාතකායානුපස‍්සීති එවමත්‍ථො දට‍්ඨබ‍්බො. අපිච “ඉමස‍්මිං කායෙ අනිච‍්චතො අනුපස‍්සති, නො නිච‍්චතො”තිආදිනා අනුක‍්කමෙන පරතො ආගතනයස‍්ස සබ‍්බස‍්සෙව අනිච‍්චලක‍්ඛණාදිනො ආකාරසමූහසඞ‍්ඛාතස‍්ස කායස‍්ස අනුපස‍්සනතොපි කායෙ කායානුපස‍්සීති එවම‍්පි අත්‍ථො දට‍්ඨබ‍්බො. අයං පන චතුසතිපට‍්ඨානසාධාරණො අත්‍ථො.

නොහොත් කයෙහි මම කියා හෝ මාගේය කියා හෝ මෙසේ ගතයුතු කිසිවක් නොබලන්නේ, ඒ ඒ කෙස්, ලොම් ආදී වූ, නොයෙක් කොටස් සමූහයාගේ ආත්මීය වශයෙන් ගතයුතු කිසිවක් ඇතැයි නොබලන්නේ, කෙස් ආදී කොටස් සමූහයයි කියනු ලබන කයෙහි කය අනුව බලන්නේ යයි මෙසේ අර්ථය දතයුතුය. තවද මේ කයෙහි අනිත්‍ය වශයෙන් නුවණින් බලයි. නිත්‍ය වශයෙන් නොබලයි යනාදී අනුක්‍රමයෙන් දැක්වූ සියලුම ක්‍රමයන්හි අනිත්‍ය ලක්‍ෂණාදී ආකාර සමූහ සංඛ්‍යාත වූ කයෙහි නුවණින් බලන හෙයින්ද, කයෙහි කය අනුව බලන්නේ යයි මෙසේද අර්ථය දතයුතුය. මෙය සිව් සිහි පිහිටුවීමට සාධාරණ අර්ථයි.

කායෙ කායානුපස‍්සීති අස‍්සාසපස‍්සාසකායාදිකෙ බහුධා වුත‍්තෙ කායෙ එකෙකකායානුපස‍්සී. විහරතීති චතූසු ඉරියාපථවිහාරෙසු අඤ‍්ඤතරවිහාරසමායොගපරිදීපනමෙතං, එකං ඉරියාපථබාධනං අඤ‍්ඤෙන ඉරියාපථෙන විච‍්ඡින්‍දිත්‍වා අපතමානං අත‍්තානං හරති පවත‍්තෙතීති අත්‍ථො. ආතාපීති කායපරිග‍්ගාහකවීරියසමායොගපරිදීපනමෙතං. සො හි යස‍්මා තස‍්මිං සමයෙ යං තං වීරියං තීසු භවෙසු කිලෙසානං ආතාපනතො ආතාපොති වුච‍්චති, තෙන සමන‍්නාගතො හොති , තස‍්මා “ආතාපී”ති වුච‍්චති. සම‍්පජානොති කායපරිග‍්ගාහකෙන සම‍්පජඤ‍්ඤසඞ‍්ඛාතෙන ඤාණෙන සමන‍්නාගතො. සතිමාති කායපරිග‍්ගාහිකාය සතියා සමන‍්නාගතො. අයං පන යස‍්මා සතියා ආරම‍්මණං පරිග‍්ගහෙත්‍වා පඤ‍්ඤාය අනුපස‍්සති . න හි සතිවිරහිතස‍්ස අනුපස‍්සනා නාම අත්‍ථි. තෙනෙවාහ – “සතිඤ‍්ච ඛ‍්වාහං, භික‍්ඛවෙ, සබ‍්බත්‍ථිකං වදාමී”ති (සං· නි· 5.234). තස‍්මා එත්‍ථ “කායෙ කායානුපස‍්සී විහරතී”ති එත‍්තාවතා කායානුපස‍්සනාසතිපට‍්ඨානකම‍්මට‍්ඨානං වුත‍්තං හොති. අථ වා යස‍්මා අනාතාපිනො අන‍්තොසඞ‍්ඛෙපො අන‍්තරායකරො හොති, අසම‍්පජානො උපායපරිග‍්ගහෙ අනුපායපරිවජ‍්ජනෙ ච සම‍්මුය‍්හති, මුට‍්ඨස‍්සති උපායාපරිච‍්චාගෙ අනුපායාපරිග‍්ගහෙ ච අසමත්‍ථො හොති, තෙනස‍්ස තං කම‍්මට‍්ඨානං න සම‍්පජ‍්ජති, තස‍්මා යෙසං ධම‍්මානං ආනුභාවෙන තං සම‍්පජ‍්ජති, තෙසං දස‍්සනත්‍ථං “ආතාපී සම‍්පජානො සතිමා”ති ඉදං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

කායෙ කායානුපස්සී යනු ආශ්වාස, ප්‍රශ්වාස කය මුල්කොට විවිධාකාරයෙන් කියන ලද කායයන්හි එක් එක් කයෙහි නුවණින් බලන්නේ, විහරති මෙය සිව් ඉරියව් විහරණයන්හි එක්තරා විහරණයක එක්වීම විස්තර කිරීමකි. එක් ඉරියව්වක ගතකිරීමෙන් වන පීඩාව අනෙක් ඉරියව්වකින් සිඳ, තමා නොවැටෙන සේ ගෙනයයි. පවත්වයි යන අර්ථයි. ආතාපි යනු මෙය කය අල්ලාගැනීම් සංඛ්‍යාත වීර්යයෙහි එක්වීම විස්තර කිරීමකි. එය යම්හෙයකින් එසමයෙහි යම් ඒ වීර්යයක් වේද, එය ත්‍රිවිධ භවයන්හි කෙලෙසුන් තවන හෙයින් ‘ආතාප’ යයි කියනු ලැබේ. එයින් යුක්ත වූයේ වෙයි. එහෙයින් ‘ආතාපි’ යයි කියනු ලැබේ. සම්පජානො යනු කය පිළිබඳ විමසන සම්‍යක් ඤාණ සංඛ්‍යාත ඤාණයෙන් යුක්ත වූ, සතිමා යනු කය පිළිබඳ විමසන සිහියෙන් යුක්ත වූවා. මෙය වනාහි සිහියෙන් අරමුණ හාත්පසින් අල්ලා ප්‍රඥාවෙන් විමසා බලයි. සිහියෙන් තොර වූවහුට විමසා බැලීමෙක් නම් නැත. එහෙයින් කීහ. ‘මහණෙනි, මම සිහිය වනාහි හැමතැන ප්‍රයෝජනවත් වූවක් යයි වදාරමි. එහෙයින් මෙහි කයෙහි කය අනුව බලමින් වාසය කරයි. යන මෙතෙකින් කායානුපස්සනා සතිපට්ඨාන කර්මස්ථානය යූ.සේයි. නොහොත්, යම්හෙයකින් කෙලෙස් තැවීමෙහි නියුක්ත නොවූවහුගේ ඇතුළත හැකිලීම අන්තරායකර වේ. මනා නුවණින් යුක්ත නොවූවෝ උපාය අල්ලා ගැනීමෙහිද, අනුපාය අත්හැරීමෙහිද මුළාවෙත්. මුළා සිහි ඇත්තේ උපාය අත්හැරීමෙහිද, අනුපාය අල්වා ගැනීමෙහිද අදක්‍ෂ වෙයි. එහෙයින් ඔහුගේ ඒ කර්ම ස්ථානය සමෘද්ධ නොවේ. එහෙයින් යම් ධර්මයන්ගේ ආනුභාවයෙන් එය සමෘද්ධ වේද, ඒවා(හි) දැක්වීම සඳහා ‘කෙලෙස් තැවීමෙන් යුක්ත වූයේ සිහි ඇත්තේ, මනා නුවණින් යුක්ත වූයේ යන මෙය යූ.සේයි.

ඉති කායානුපස‍්සනාසතිපට‍්ඨානං සම‍්පයොගඞ‍්ගඤ‍්ච දස‍්සෙත්‍වා ඉදානි පහානඞ‍්ගං දස‍්සෙතුං විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සන‍්ති වුත‍්තං. තත්‍ථ විනෙය්‍යාති තදඞ‍්ගවිනයෙන වා වික‍්ඛම‍්භනවිනයෙන වා විනයිත්‍වා. ලොකෙති ය‍්වායං කායො පුබ‍්බෙ පරිග‍්ගහිතො, ස‍්වෙව ඉධ ලුජ‍්ජනපලුජ‍්ජනට‍්ඨෙන ලොකො නාම. තස‍්මිං ලොකෙ අභිජ‍්ඣං දොමනස‍්සඤ‍්ච පජහිත්‍වාති අත්‍ථො. යස‍්මා පනස‍්ස න කායමත‍්තෙයෙව අභිජ‍්ඣාදොමනස‍්සං පහීයති, වෙදනාදීසුපි පහීයතියෙව, තස‍්මා “පඤ‍්චපි උපාදානක‍්ඛන්‍ධා ලොකො”ති (විභ· 362) විභඞ‍්ගෙ වුත‍්තං. ලොකසඞ‍්ඛාතත‍්තායෙව තෙසං ධම‍්මානං අත්‍ථුද‍්ධාරවසෙනෙතං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. යං පනාහ – “තත්‍ථ කතමො ලොකො (විභ· 538), ස‍්වෙව කායො ලොකො”ති අයමෙවෙත්‍ථ අත්‍ථො. අභිජ‍්ඣාදොමනස‍්සන‍්ති ච සමාසෙත්‍වා වුත‍්තං. සංයුත‍්තඞ‍්ගුත‍්තරපාඨන‍්තරෙසු පන විසුං කත්‍වා පඨන‍්ති. සා පන අභිජ‍්ඣායන‍්ති පත්‍ථයන‍්ති එතාය, සයං වා අභිජ‍්ඣායති, අභිජ‍්ඣායනමත‍්තමෙව වා එසාති අභිජ‍්ඣා. යස‍්මා පනෙත්‍ථ අභිජ‍්ඣාගහණෙන කාමච‍්ඡන්‍දො, දොමනස‍්සගහණෙන බ්‍යාපාදො සඞ‍්ගහං ගච‍්ඡති, තස‍්මා නීවරණපරියාපන‍්නබලවධම‍්මද‍්වයදස‍්සනෙන නීවරණප‍්පහානං වුත‍්තං හොතීති වෙදිතබ‍්බං.

මෙසේ කායානුපස්සනා සතිපට්ඨානයද, සම්ප්‍රයෝග අංගයන්ද ඉදිරිපත්කොට, දැන් ප්‍රහාණ අංග දක්වන්ට ලෝකයෙහි අභිධ්‍යා දෝමනස්සයන් දුරුකොට යනාදිය කියන ලදී. එහි විනෙය්‍ය යනු තාවකාලික යටපත් කිරීමෙන් හෝ, මැඩපවත්වන යටපත් කිරීමෙන් යටපත් කොට, ලොකෙ යනු යම් ඒ ශරීරයක් මුලදී පරීක්‍ෂා කළේද, එයම කැඩීබිඳී යාම්, විනාශවීම් අර්ථයෙන් ලෝකය නම් වේ. එම ලෝකයෙහි අභිජ්ඣා දොමනස්සයන් දුරුකොට යන අර්ථයි. යම් හෙයකින් වනාහි මොහුට ශරීර මාත්‍රයෙහිම දැඩි ලෝභය හා දොම්නස පහව යන්නේ නොවේ. වේදනාවන්හිද පහව යේමය. එහෙයින් පස්වැදෑරුම් උපාදානස්කන්ධයන්ම ලෝකය යැයි විභංගයෙහි යූ.සේයි. ලෝක සංඛ්‍යාත වූ එම ධර්මයන්ගේ අර්ථ උදුරා දැක්වීම් වශයෙන් මෙය යූ.යේසි. යමක් වනාහි වදාළහ. එහි ලෝකය කවරේද? එම කයම ලෝකයයි. මෙයම මෙහි යන අර්ථයයි. අභිජ්ඣා දොමනස්සං යනුවෙන් එක්කොට යූ.සේයි. සංයුත්ත අංගුත්තර නිකායන්හි වෙන්කොට කියවත්. එය වනාහි දැඩිව ලෝභ කරත්. ප්‍රාර්ථනා කරත්. තමා හෝ දැඩිව ලෝභ කරයි. දැඩි ලෝභ කිරීම් මාත්‍රයම මෙයනුයි = අභිජ්ඣායි. යම්හෙයකින් වනාහි මෙහි අභිධ්‍යා ග්‍රහණයෙන් කාමච්ඡන්‍දයද, දොමනස්ස ග්‍රහණයෙන් ව්‍යාපාදය සංග්‍රහයට යේද, එහෙයින් නීවරණයන්ට ඇතුළත් බලවත් ධර්මද්වය දර්ශනයෙන් නීවරණ ප්‍රහාණය යූ.සේයි.

විසෙසෙන පනෙත්‍ථ අභිජ‍්ඣාවිනයෙන කායසම‍්පත‍්තිමූලකස‍්ස අනුරොධස‍්ස, දොමනස‍්සවිනයෙන කායවිපත‍්තිමූලකස‍්ස විරොධස‍්ස, අභිජ‍්ඣාවිනයෙන ච කායෙ අභිරතියා, දොමනස‍්සවිනයෙන කායභාවනාය අනභිරතියා, අභිජ‍්ඣාවිනයෙන කායෙ අභූතානං සුභසුඛභාවාදීනං පක‍්ඛෙපස‍්ස, දොමනස‍්සවිනයෙන කායෙ භූතානං අසුභාසුඛභාවාදීනං අපනයනස‍්ස පහානං වුත‍්තං. තෙන යොගාවචරස‍්ස යොගානුභාවො යොගසමත්‍ථතා ච දීපිතා හොති. යොගානුභාවො හි එස, යදයං අනුරොධවිරොධවිප‍්පමුත‍්තො අරතිරතිසහො අභූතපක‍්ඛෙපභූතාපනයනවිරහිතො ච හොති. අනුරොධවිරොධවිප‍්පමුත‍්තො චෙස අරතිරතිසහො අභූතං අපක‍්ඛිපන‍්තො භූතඤ‍්ච අනපනෙන‍්තො යොගසමත්‍ථො හොතීති.

විශේෂයෙන් වනාහි, දැඩි ලෝභය විනාශ කිරීමෙන්, කාය සම්පත් මූලික එකග බවද, දොම්නස විනාශ කිරීමෙන් කාය විපත්ති මූලික විරුද්ධත්වයෙහිද, දැඩි ලෝභය විනාශ කිරීමෙන් ශරීරයෙහි නොවූ සුභ, සුව ස්වභාව ආදීන්ගේ ඇතුල්කිරීමද, දොම්නස විනාශ කිරීමෙන් ශරීරයෙහි වූ අශුභ, අසුව ස්වභාවාදීන්ගේ ඉවත් කිරීමට ආධාර වන ප්‍රහාණය කියන ලදී. ඉන් යෝගාවචරයාගේ, යෝගයෙහි තේජසද, යෝග සමර්ථතාවද දක්වන ලදී. යෝගානුභාව යනු එකඟත්වයෙන් හා විරුද්ධත්වයෙන් මිදුණේ නොඇල්ම හා ඇල්ම ඉවසන සුලුවූයේ, නොවූවිරූ දෑ ඇතුල් කිරීමද, වූ දෑ ඉවත් කිරීමෙන් වෙන්වූයේම වේ. එකඟත්වය හා විරුද්ධත්වයෙන් මිදුණු මොහු, නොඇල්ම හා ඇල්ම ඉවසන්නේ, නොවූ දෑ ඇතුල් නොකරන්නේ, වූ දෑ ඉවත් නොකරන්නේ යෝග සමර්ථ වේයයි කියයි.

අපරො නයො – “කායෙ කායානුපස‍්සී”ති එත්‍ථ අනුපස‍්සනාය කම‍්මට‍්ඨානං වුත‍්තං. “විහරතී”ති එත්‍ථ වුත‍්තවිහාරෙන කම‍්මට‍්ඨානිකස‍්ස කායපරිහරණං. “ආතාපී”තිආදීසු ආතාපෙන සම‍්මප‍්පධානං, සතිසම‍්පජඤ‍්ඤෙන සබ‍්බත්‍ථකකම‍්මට‍්ඨානං, කම‍්මට‍්ඨානපරිහරණූපායො වා. සතියා වා කායානුපස‍්සනාවසෙන පටිලද‍්ධසමථො, සම‍්පජඤ‍්ඤෙන විපස‍්සනා, අභිජ‍්ඣාදොමනස‍්සවිනයෙන භාවනාඵලං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

වෙනත් ක්‍රමයක්. කායෙ කායානුපස්සී යන මෙහි නුවණින් බැලීමෙහි කමටහන කියන ලදී. ‘විහරති’ යන මෙහි කියන ලද විහරණයෙන් කර්මස්ථානිකයාගේ කය පවත්වාගැනීම ආතාපී යන ආදීන්හි කෙලෙස් තැවීමෙන් සම්‍යක් ප්‍රධානයද, සිහියෙන් හා මනා දැනුමෙන් හැමතැන ප්‍රයෝජනවත් වන කර්මස්ථානයද, කර්මස්ථාන පරිහරණ උපාය මාර්ගයන්ද දැක්වේ. සිහියෙන් කායානුපස්සනා වශයෙන් ලද සමථයද විමසුම් නුවණින් විදර්ශනාවද, අභිධ්‍යාව හා දොම්නස විනාශ කිරීමෙන් භාවනා ඵලයද යූ.සේයි.

වෙදනාසු වෙදනානුපස‍්සීතිආදීසු ච වෙදනාදීනං පුන වචනෙ පයොජනං කායානුපස‍්සනායං වුත‍්තනයෙනෙව යථායොගං යොජෙත්‍වා වෙදිතබ‍්බං. අයං පන අසාධාරණත්‍ථො – සුඛාදීසු අනෙකප‍්පභෙදාසු වෙදනාසු විසුං විසුං අනිච‍්චාදිතො එකෙකවෙදනානුපස‍්සීති, සරාගාදිකෙ සොළසප‍්පභෙදෙ චිත‍්තෙ විසුං විසුං අනිච‍්චාදිතො එකෙකචිත‍්තානුපස‍්සීති, කායවෙදනාචිත‍්තානි ඨපෙත්‍වා සෙසතෙභූමකධම‍්මෙසු විසුං විසුං අනිච‍්චාදිතො එකෙකධම‍්මානුපස‍්සීති, සතිපට‍්ඨානසුත‍්තන‍්තෙ (දී· නි· 2.382; ම· නි· 1.115) වුත‍්තනයෙන නීවරණාදිධම‍්මානුපස‍්සීති වා. එත්‍ථ ච “කායෙ”ති එකවචනං සරීරස‍්ස එකත‍්තා, “චිත‍්තෙ”ති එකවචනං චිත‍්තස‍්ස සභාවභෙදාභාවතො ජාතිග‍්ගහණෙන කතන‍්ති වෙදිතබ‍්බං. යථා ච වෙදනාදයො අනුපස‍්සිතබ‍්බා, තථා අනුපස‍්සන‍්තො වෙදනාසු වෙදනානුපස‍්සී, චිත‍්තෙ චිත‍්තානුපස‍්සී, ධම‍්මෙසු ධම‍්මානුපස‍්සීති වෙදිතබ‍්බො. කථං තාව වෙදනා අනුපස‍්සිතබ‍්බා? සුඛා තාව වෙදනා දුක‍්ඛතො, දුක‍්ඛා වෙදනා සල‍්ලතො, අදුක‍්ඛමසුඛා වෙදනා අනිච‍්චතො අනුපස‍්සිතබ‍්බා. යථාහ –

වෙදනාසු වෙදනානුපස්සී යන ආදීන්හිද, වේදනාදීන්ගේ නැවත කීමෙහි ප්‍රයෝජනය කායානුපස්සනාවෙහි කියන ලද ක්‍රමයෙන්ම සුදුසු පරිදි යොදා දැනගත යුතුයි. මෙය වනාහි අසාධාරණ අර්ථයයි. සුව ආදී නොයෙක් ආකාර ප්‍රභේද ඇති වේදනාදීන්හි, වෙන් වෙන්ව අනිත්‍යාදී වශයෙන්, එක් එක් වේදනා නුවණින් බලන්නේ යයි සරාගාදි සොළොස් ප්‍රභේද සිතෙහි වෙන් වෙන්ව අනිත්‍යාදී වශයෙන් එක් එක් සිත නුවණින් බලන්නේ යයි කාය, වේදනා චිත්තයන් හැර, සෙසු ත්‍රෛභූමික ධර්මයන්හි, වෙන් වෙන්ව අනිත්‍යාදී වශයෙන් එක් එක් ධර්මයන් නුවණින් බලන්නේ යයි, සතිපට්ඨාන සූත්‍රාන්තයෙහි කියන ලද ක්‍රමයෙන්, නීවරණාදී ධර්මයන් බලන්නේ යයි යන ක්‍රමයට දතයුතුය. මෙහිද ශරීරයෙහි යයි ශරීර එකක් බැවින් ඒකවචනයෙන් යෙදී ඇත. සිතෙහි ස්වභාව භේද නොමැති හෙයින් ජාති ග්‍රහණයෙන් සිතෙහි යයි ඒකවචන කරන ලදැයි දතයුතුය. යම්සේ වේදනාදීහු නුවණින් බැලිය යුතු වේද? එසේ නුවණින් බලන්නේ වේදනාවන්හි වේදනාව නුවණින් බලන්නේ, සිතෙහි සිත නුවණින් බලන්නේ, ධර්මයන්හි ධර්මයන් නුවණින් බලන්නේ යයි දතයුතුය. පළමුව වේදනාව කෙසේ නුවණින් බැලිය යුතු වන්නේද? පළමුව සුව වේදනාව, දුක් වශයෙන්ද, දුක් වේදනාව හුලක් වශයෙන්ද නොදුක් නොසුව වේදනාව අනිත්‍යය වශයෙන්ද නුවණින් බැලිය යුත්තේය. දෙසූ පරිදි,

“යො සුඛං දුක‍්ඛතො අද‍්ද, දුක‍්ඛමද‍්දක‍්ඛි සල‍්ලතො; අදුක‍්ඛමසුඛං සන‍්තං, අද‍්දක‍්ඛි නං අනිච‍්චතො; ස වෙ සම‍්මද‍්දසො භික‍්ඛු, පරිජානාති වෙදනා”ති. (සං· නි· 4.253);

යො සුඛං දුක්ඛතොද්දක්ඛි - දුක්ඛ මද්දක්ඛි සල්ලතො, අදුක්ඛමසුඛං සන්තං - අද්දක්ඛි නං අනිච්චතො, ස වෙ සච්චද්දසොභික්ඛු - පරිජානාති වෙදනා’ති

යමෙක් සුව, දුක් වශයෙන් දුටුයේද? දුක හුලක් වශයෙන් දුටුයේද? ශාන්ත උපේක්‍ෂා වේදනාව අනිත්‍ය වශයෙන් දුටුයේද, සත්‍යය දකින්නා වූ ඒ භික්‍ෂුව, ඒකාන්තයෙන් වේදනාව විශේෂයෙන් දැනගනී.

සබ‍්බා එව චෙතා දුක‍්ඛතොපි අනුපස‍්සිතබ‍්බා. වුත‍්තඤ‍්හෙතං “යංකිඤ‍්චි වෙදයිතං, සබ‍්බං තං දුක‍්ඛස‍්මින‍්ති වදාමී”ති (සං· නි· 4.259). සුඛදුක‍්ඛතොපි ච අනුපස‍්සිතබ‍්බා. යථාහ – “සුඛා වෙදනා ඨිතිසුඛා විපරිණාමදුක‍්ඛා. දුක‍්ඛා වෙදනා ඨිතිදුක‍්ඛා විපරිණාමසුඛා. අදුක‍්ඛමසුඛා වෙදනා ඤාණසුඛා අඤ‍්ඤාණදුක‍්ඛා”ති (ම· නි· 1.465). අපිච අනිච‍්චාදිසත‍්තඅනුපස‍්සනාවසෙනාපි අනුපස‍්සිතබ‍්බා.

මේ සියල්ලම දුක් වශයෙන්ද නුවණින් බැලිය යුත්තාහුය. මෙය කියන ලද්දේමය. යම්කිසි විඳීමක් වේද, ඒ සියල්ලම දුකයයි වදාරමි යනුවෙනි. සුවදුක් වශයෙන්ද නුවණින් බැලිය යුත්තාහ. දෙසූ පරිදි, සුව වේදනාව පැවැත්මෙහි සුව එළවයි. වෙනස්වීමෙහිදී දුක්ය. දුක් වේදනාව පැවැත්මෙහි දුක් එළවයි. වෙනස්වීමෙහිදී සුව ගෙන දේ. උපෙක්‍ෂා වේදනාව දැනීමෙහිදී සුව ගෙන දේ. නොදැනීමෙහිදී දුක් ගෙනදේ. තවද අනිත්‍යාදී සත් අනුපස්සනා වශයෙන්ද, නුවණින් බැලිය යුතුය.

චිත‍්තධම‍්මෙසුපි චිත‍්තං තාව ආරම‍්මණාධිපතිසහජාතභූමිකම‍්මවිපාකකිරියාදිනානත‍්තභෙදානං අනිච‍්චාදිසත‍්තඅනුපස‍්සනානං සරාගාදිසොළසභෙදානඤ‍්ච වසෙන අනුපස‍්සිතබ‍්බං, ධම‍්මා සලක‍්ඛණසාමඤ‍්ඤලක‍්ඛණානං සුඤ‍්ඤතාධම‍්මස‍්ස අනිච‍්චාදිසත‍්තඅනුපස‍්සනානං සන‍්තාසන‍්තාදීනඤ‍්ච වසෙන අනුපස‍්සිතබ‍්බා. කාමඤ‍්චෙත්‍ථ යස‍්ස කායසඞ‍්ඛාතෙ ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං පහීනං, තස‍්ස වෙදනාදිලොකෙසුපි තං පහීනමෙව, නානාපුග‍්ගලවසෙන පන නානාක‍්ඛණිකසතිපට‍්ඨානභාවනාවසෙන ච සබ‍්බත්‍ථ වුත‍්තං. යතො වා එකත්‍ථ පහීනං, සෙසෙසුපි පහීනං හොති. තෙනෙවස‍්ස තත්‍ථ පහානදස‍්සනත්‍ථම‍්පි එවං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

චිත්ත, ධර්ම අනුපස්සනාවන්හිද, පළමුව සිත, ආරම්මණාධිපති. සහජාත භූමි, කර්ම විපාක, ක්‍රියා ආදී නොයෙක් භේදයන්ගේද, අනිත්‍යාදී සත් අනුපස්සනාවන්ගේ සරාගාදී සොළොස් භේදයන්ගේද, වශයෙන් නුවණින් බැලිය යුතුය. ධර්ම ලකුණු සහිත, සමානත්ව ලක්‍ෂණයන්ගේ වශයෙන්ද, ශුන්‍යතා ධර්මයෙහි අනිත්‍යාදී සත් අනුපස්සනාවන්ගේ, සන්සුන්, නොසන්සුන් ආදී වශයෙන්ද බැලිය යුත්තාහ. මෙහි යමෙකුගේ කාය සංඛ්‍යාත ලෝකයෙහි ඒකාන්තයෙන් අභිධ්‍යා-දෝමනස්සයන් ප්‍රහීණ වූයේද, ඔහුට වේදනාදී ලෝකයන්හිද එය ප්‍රහීණ වූයේමය. විවිධ පුද්ගලයන්ගේ වශයෙන් විවිධ ක්‍ෂණික සතිපට්ඨාන භාවනා වශයෙන්ද හැමතැන කියන ලදී. යම්කලෙක එකට ප්‍රහීණ වූයේද, සෙස්සද ප්‍රහීණ වේ. එහෙයින්ම එහි ප්‍රහාණ දැක්වීම සඳහා මෙය කියන ලද්දේයයි දතයුතුය.

ඉති ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානා පුබ‍්බභාගෙ නානාචිත‍්තෙසු ලබ‍්භන‍්ති. අඤ‍්ඤෙනෙව හි චිත‍්තෙන කායං පරිග‍්ගණ‍්හාති, අඤ‍්ඤෙන වෙදනං, අඤ‍්ඤෙන චිත‍්තං, අඤ‍්ඤෙන ධම‍්මෙ පරිග‍්ගණ‍්හාති. ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ පන එකචිත‍්තෙයෙව ලබ‍්භන‍්ති. ආදිතො හි කායං පරිග‍්ගණ‍්හිත්‍වා ආගතස‍්ස විපස‍්සනාසම‍්පයුත‍්තා සති කායානුපස‍්සනා නාම, තාය සතියා සමන‍්නාගතො පුග‍්ගලො කායානුපස‍්සී නාම. විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරියමග‍්ගං පත‍්තස‍්ස මග‍්ගක‍්ඛණෙ මග‍්ගසම‍්පයුත‍්තා සති කායානුපස‍්සනා නාම, තාය සතියා සමන‍්නාගතො පුග‍්ගලො කායානුපස‍්සී නාම. වෙදනං පරිග‍්ගණ‍්හිත්‍වා චිත‍්තං පරිග‍්ගණ‍්හිත්‍වා ධම‍්මෙ පරිග‍්ගණ‍්හිත්‍වා ආගතස‍්ස විපස‍්සනාසම‍්පයුත‍්තා සති ධම‍්මානුපස‍්සනා නාම, තාය සතියා සමන‍්නාගතො පුග‍්ගලො ධම‍්මානුපස‍්සී නාම. විපස‍්සනං උස‍්සුක‍්කාපෙත්‍වා අරියමග‍්ගං පත‍්තස‍්ස මග‍්ගක‍්ඛණෙ මග‍්ගසම‍්පයුත‍්තා සති ධම‍්මානුපස‍්සනා නාම, තාය සතියා සමන‍්නාගතො පුග‍්ගලො ධම‍්මානුපස‍්සී නාම. එවං තාව දෙසනා පුග‍්ගලෙ තිට‍්ඨති. කායෙ පන “සුභ”න‍්ති විපල‍්ලාසප‍්පහානා කායපරිග‍්ගාහිකා සති මග‍්ගෙන සමිජ‍්ඣතීති කායානුපස‍්සනා නාම. වෙදනාය “සුඛා”ති විපල‍්ලාසප‍්පහානා වෙදනාපරිග‍්ගාහිකා සති මග‍්ගෙන සමිජ‍්ඣතීති වෙදනානුපස‍්සනා නාම. චිත‍්තෙ “නිච‍්ච”න‍්ති විපල‍්ලාසප‍්පහානා චිත‍්තපරිග‍්ගාහිකා සති මග‍්ගෙන සමිජ‍්ඣතීති චිත‍්තානුපස‍්සනා නාම. ධම‍්මෙසු “අත‍්තා”ති විපල‍්ලාසප‍්පහානා ධම‍්මපරිග‍්ගාහිකා සති මග‍්ගෙන සමිජ‍්ඣතීති ධම‍්මානුපස‍්සනා නාම. ඉති එකාව මග‍්ගසම‍්පයුත‍්තා සති චතුකිච‍්චසාධකත‍්තෙන චත‍්තාරි නාමානි ලභති. තෙන වුත‍්තං “ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ පන එකචිත‍්තෙයෙව ලබ‍්භන‍්තී”ති.

මෙසේ මේ සතර සතිපට්ඨාන පූර්වභාගයෙහි නොයෙක් සිත්වල ලබයි. අන් සිතකින්ම කය පරීක්‍ෂා කෙරේ. අන් සිතකින් වේදනාව, අන් සිතකින් සිත, අන් සිතකින් ධර්මයන් පරීක්‍ෂා කෙරේ. ලෝකෝත්තර මාර්ගක්‍ෂණයෙහි වනාහි එක් සිතෙහිම ලබත්. මුලදී කය පරීක්‍ෂාකොට පැමිණියහුගේ විදර්ශනාව හා එක්වූ සිහිය කායානුපස්සනාව නම් වේ. ඒ සිහියෙන් යුත් පුද්ගලයා කායානුපස්සී නම් වේ. විදර්ශනාව උත්සාහවත් කොට ආර්ය මාර්ගයට පැමිණියහුට මාර්ගක්‍ෂණයෙහි මාර්ග හා එකට යෙදුණු සිහිය ධර්මානුපස්සනාව නම් වේ. ඒ සිහියෙන් යුත් පුද්ගලයා ධර්මානුපස්සී නම් වේ. මෙසේ මෙම දේශනා පළමුව පුද්ගලයන් කෙරෙහි සිටි. ශරීරයෙහි සුභය යන විපර්යාස ප්‍රහාණවන අයුරින් සිරුර හාත්පසින් පරීක්‍ෂා කිරීම් සංඛ්‍යාත සිහිය, මාර්ගයෙන් සමෘද්ධ වේනුයි - කායානුපස්සනා නම් වේ. වේදනාව සුවයයි යන විපර්යාස ප්‍රහාණයෙන් වේදනාව හාත්පසින් පරීක්‍ෂා කිරීම් සංඛ්‍යාත සිහිය මාර්ගයෙන් සමෘද්ධ වේනුයි වේදනානුපස්සනා නම් වේ. සිතෙහි නිත්‍යයයි යන විපර්යාස ප්‍රහාණයෙන් හාත්පසින් පරීක්‍ෂා කිරීම් සංඛ්‍යාත සිහිය මාර්ගයෙන් සමෘද්ධ වේනුයි චිත්තානුපස්සනා නම් වේ. ධර්මයන්හි ආත්මයයි විපර්යාස ප්‍රහාණයෙන් ධර්ම හාත්පසින් පරීක්‍ෂා කිරීම් සංඛ්‍යාත සිහිය මාර්ගයෙන් සමෘද්ධ වේනුයි ධම්මානුපස්සනා නම් වේ. මෙසේ එකම මාර්ග සම්ප්‍රයුක්ත සිහිය සිවු කිස් සිදුකරන අර්ථයෙන් නාමයන් සතරෙක් ලබයි. එහෙයින් කියන ලදී. ලෝකෝත්තර මාර්ගක්‍ෂණයෙහි වනාහි එක් සිතෙහිම ලබත්.

සම‍්මාසමාධිනිද‍්දෙසෙ විවිච‍්චෙව කාමෙහීති කාමෙහි විවිච‍්චිත්‍වා විනා හුත්‍වා අපක‍්කමිත්‍වා. යො පනායමෙත්‍ථ එවකාරො, සො නියමත්‍ථොති වෙදිතබ‍්බො. යස‍්මා ච නියමත්‍ථො, තස‍්මා පඨමජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරණසමයෙ අවිජ‍්ජමානානම‍්පි කාමානං තස‍්ස පඨමජ‍්ඣානස‍්ස පටිපක‍්ඛභාවං කාමපරිච‍්චාගෙනෙව චස‍්ස අධිගමං දීපෙති. කථං? “විවිච‍්චෙව කාමෙහී”ති එවඤ‍්හි නියමෙ කයිරමානෙ ඉදං පඤ‍්ඤායති – නූනිමස‍්ස ඣානස‍්ස කාමා පටිපක‍්ඛභූතා, යෙසු සති ඉදං න පවත‍්තති, අන්‍ධකාරෙ සති පදීපොභාසො විය, තෙසං පරිච‍්චාගෙනෙව චස‍්ස අධිගමො හොති ඔරිමතීරපරිච‍්චාගෙන පාරිමතීරස‍්ස විය. තස‍්මා නියමං කරොතීති.

සම්මා සමාධි නිර්දේශයෙහි, විවිච්චෙව කාමෙහි කාමයන්ගෙන් වෙන්වී, නැතිව, ඉවත්ව, මෙහි යම් ඒ ‘ඒව’ කාරයක් වේද, නොවෙනස්ව සිදුවිය යුතුය යන අර්ථයෙහි දතයුතුය. යම්හෙයකින් නියමාර්ථයද යත්? එහෙයින් ප්‍රථමධ්‍යානයට එළඹ වසන සමයෙහි අවිද්‍යමාන වූද කාමයන්, ඒ ප්‍රථමධ්‍යානයට විරුද්ධ බව, කාම පරිත්‍යාගයෙන්ම ඔහුට ධ්‍යානාධිගමය දක්වයි. මෙම ධ්‍යානයට කාමයෝ විරුද්ධ වූවාහු නොවෙත්ද? යම් දෑ ඇති කල්හි මෙය නොපවතීද අඳුර ඇති කල්හි පහන් ආලෝකය මෙනි. එම කාමයන්ගේ අත්හැරීමෙන්ම ඔහුට අධිගමය වන්නේය. මෙතෙර අත්හැරීමෙන් පරතෙරට පැමිණෙන්නාක් මෙනි. එහෙයින් නොවෙනස්ව විය යුත්ත ප්‍රකාශ කරයි.

තත්‍ථ සියා, කස‍්මා පනෙස පුබ‍්බපදෙයෙව වුත‍්තො, න උත‍්තරපදෙ, කිං අකුසලෙහි ධම‍්මෙහි අවිවිච‍්චාපි ඣානං උපසම‍්පජ‍්ජ විහරෙය්‍යාති? න ඛො පනෙතං එවං දට‍්ඨබ‍්බං. තංනිස‍්සරණතො හි පුබ‍්බපදෙ එස වුත‍්තො. කාමධාතුසමතික‍්කමනතො හි කාමරාගපටිපක‍්ඛතො ච ඉදං ඣානං කාමානමෙව නිස‍්සරණං. යථාහ – “කාමානමෙතං නිස‍්සරණං යදිදං නෙක‍්ඛම‍්ම”න‍්ති (ඉතිවු· 72). උත‍්තරපදෙපි පන යථා “ඉධෙව, භික‍්ඛවෙ, සමණො, ඉධ දුතියො සමණො”ති (ම· නි· 1.139; අ· නි· 4.241) එත්‍ථ එවකාරො ආනෙත්‍වා වුච‍්චති, එවං වත‍්තබ‍්බො. න හි සක‍්කා ඉතො අඤ‍්ඤෙහිපි නීවරණසඞ‍්ඛාතෙහි අකුසලෙහි ධම‍්මෙහි අවිවිච‍්ච ඣානං උපසම‍්පජ‍්ජ විහරිතුං. තස‍්මා “විවිච‍්චෙව කාමෙහි විවිච‍්චෙව අකුසලෙහි ධම‍්මෙහී”ති එවං පදද‍්වයෙපි එස දට‍්ඨබ‍්බො. පදද‍්වයෙපි ච කිඤ‍්චාපි විවිච‍්චාති ඉමිනා සාධාරණවචනෙන තදඞ‍්ගවික‍්ඛම‍්භනසමුච‍්ඡෙදපටිප‍්පස‍්සද‍්ධිනිස‍්සරණවිවෙකා චිත‍්තකායඋපධිවිවෙකා ච සඞ‍්ගහං ගච‍්ඡන‍්ති, තථාපි පුබ‍්බභාගෙ කායවිවෙකචිත‍්තවිවෙකවික‍්ඛම‍්භනවිවෙකා දට‍්ඨබ‍්බා, ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ කායවිවෙකචිත‍්තවිවෙකසමුච‍්ඡෙදවිවෙකපටිප‍්පස‍්සද‍්ධිවිවෙකනිස‍්සරණවිවෙකා.

මෙය පළමු පදයෙහිම කියන ලදුයේ ඇයි? මතු පදයෙක්හි සඳහන් නොවූයේ ඇයි? කිමෙක්ද? අකුසල ධර්මයන්ගෙන් වෙන් නොවූයේම, ධ්‍යානයන්ට පැමිණ වාසය කරන්නේද? එය මෙසේ නොදැකිය යුතුය. ඉන් නිදහස්වන හෙයින් පළමු පදයෙන්ම එය කියන ලදී. කාමධාතූන් ඉක්මවන හෙයින්ද, කාමරාගයට විරුද්ධ හෙයින්ද මෙම ධ්‍යානය කාමයන්ගේම නිදහස්වීමයි. දෙසූ පරිදි:- යම් ඒ නෛෂ්ක්‍රම්‍යයක් වේද, එය කාමයන්ගේම නිදහසයි. මතු පදයෙහිද සඳහන් පරිදි, මහණෙනි, ශ්‍රමණයා මේ ශාසනයෙහිමය. දෙවන ශ්‍රමණයාද මේ ශාසනයෙහිමය. මෙහි ‘එව’ කාරය ගෙනවුත් කියයි. මෙසේ කිවයුතුය. මෙයින් අන්‍යවූද නීවරණ සංඛ්‍යාත අකුසල ධර්මයන්ගෙන් වෙන් නොවී ධ්‍යානයට පැමිණ වාසය කරන්ට නොහැකිය. එහෙයින් කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්වම යයි මෙසේ පදද්වයෙහිම මෙය දතයුතුය. පද ද්වයෙහිම කිසිසේත් විවිච්ච යන මෙම සාධාරණ වචනයෙන්, තදංග, විෂ්කම්භන, සමුච්ඡෙද, පටිප්පස්සද්ධි, නිස්සරණ යන විවේකයෝද චිත්ත, කාය, උපධි යන විවේකයෝද සංග්‍රහයට යෙති. එසේම පූර්වභාගයෙහි කාය විවේක, චිත්ත විවේක, විෂ්කම්භන විවේකයන් දතයුත්තාහ. ලෝකෝත්තර මාර්ගක්‍ෂණයෙහි කාය විවේක, චිත්ත විවේක, සමුච්ඡෙද විවේක, පටිප්පස්සද්ධි විවේක, නිස්සරණ විවේකයන් දතයුත්තාහ.

කාමෙහීති ඉමිනා පන පදෙන යෙ ච මහානිද‍්දෙසෙ “කතමෙ වත්‍ථුකාමා මනාපිකා රූපා”තිආදිනා (මහානි· 1) නයෙන වත්‍ථුකාමා වුත‍්තා, යෙ ච තත්‍ථෙව විභඞ‍්ගෙ ච “ඡන්‍දො කාමො, රාගො කාමො, ඡන්‍දරාගො කාමො, සඞ‍්කප‍්පො කාමො, රාගො කාමො, සඞ‍්කප‍්පරාගො කාමො”ති (මහානි· 1; විභ· 564) එවං කිලෙසකාමා වුත‍්තා, තෙ සබ‍්බෙපි සඞ‍්ගහිතා ඉච‍්චෙව දට‍්ඨබ‍්බා. එවඤ‍්හි සති විවිච‍්චෙව කාමෙහීති වත්‍ථුකාමෙහිපි විවිච‍්චෙවාති අත්‍ථො යුජ‍්ජති. තෙන කායවිවෙකො වුත‍්තො හොති.

කාමෙහි යන මෙම පදයෙන්, මහා නිර්දේශයෙහි යම් ඒ වස්තුකාමයෝ කවරහුද, සිත් අලවන රූපයෝය. ආදී ක්‍රමයෙන් වස්තුකාම කියන ලදී. යම් ඒ එම විභංගයෙහිම කැමැත්ත කාමයයි, ඇල්ම කාමයයි. කැමැත්ත හා ඇල්ම කාමයයි. සිතිවිල්ල කාමයයි. ඇල්ම කාමයයි. සිතිවිල්ල හා ඇල්ම කාමයයි. මෙසේ කෙලෙස් කාම කියන ලදී. ඒ සියලුම සංගෘහිතයන් මෙසේ යයි දතයුත්තාහ. මෙසේ ඇතිකල්හි කාමයන්ගෙන් වෙන්වම යන්නෙන් වස්තු කාමයන්ගෙන් වෙන්වම යැයි අර්ථය යෙදේ. එයින් කාය විවේකය යූසේයි.

විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහීති කිලෙසකාමෙහි සබ‍්බාකුසලෙහි වා විවිච‍්චාති අත්‍ථො යුජ‍්ජති. තෙන චිත‍්තවිවෙකො වුත‍්තො හොති. පුරිමෙන චෙත්‍ථ වත්‍ථුකාමෙහි විවෙකවචනතො එව කාමසුඛපරිච‍්චාගො, දුතියෙන කිලෙසකාමෙහි විවෙකවචනතො නෙක‍්ඛම‍්මසුඛපරිග‍්ගහො විභාවිතො හොති. එවං වත්‍ථුකාමකිලෙසකාමවිවෙකවචනතොයෙව ච එතෙසං පඨමෙන සංකිලෙසවත්‍ථුප‍්පහානං, දුතියෙන සංකිලෙසප‍්පහානං. පඨමෙන ලොලභාවස‍්ස හෙතුපරිච‍්චාගො, දුතියෙන බාලභාවස‍්ස. පඨමෙන ච පයොගසුද‍්ධි, දුතියෙන ආසයපොසනං විභාවිතං හොතීති විඤ‍්ඤාතබ‍්බං. එස තාව නයො කාමෙහීති එත්‍ථ වුත‍්තකාමෙසු වත්‍ථුකාමපක‍්ඛෙ.

විවිච්ච අකුසලයෙහි ධම්මෙහි යනු ක්ලේශ කාමයන්ගෙන්ද, සියලු අකුසලයන්ගෙන්ද වෙන්ව යයි අර්ථය යෙදේ. එයින් චිත්ත විවේකය යූසේයි. මෙහි ප්‍රථම දෙපදයෙන් වස්තු කාමයන්ගෙන් වෙන්වීම් වචනයෙන් කම්සුව පරිත්‍යාගයම දක්වයි. දෙවන දෙපදයෙන් ක්ලේශ කාමයන්ගෙන් වෙන්වීම් වචනයෙන් නෛෂ්ක්‍රම්‍ය සුවය අල්ලා ගැනීම විස්තර කරන ලද්දේ වෙයි. මෙසේ වස්තුකාම ක්ලේශ කාමයන්ගෙන් වෙන්වීම් වචනයෙන්ම, ඔවුන්ගේ ප්‍රථම ද්වයයෙන්, කිලුටුවීමේ හේතු ප්‍රහාණයද, ද්විතීය ද්වයයෙන්, කිලුටුවීම් ප්‍රහාණයද දක්වයි. පළමුවැන්නෙන් බලවත් ආශාවගේ හේතු අත්හැරීමද, දෙවැන්නෙන් අඥාන භාවයාගේ ප්‍රහාණයද, පළමුවැන්නෙන් උපාය ශුද්ධියද, දෙවැන්නෙන් සිතෙහි පවත්නා ස්වභාව පෝෂණය මනාකොට දක්වන ලද්දේ වේයයි දතයුතුය. මේ එහි ක්‍රමයයි. කාමයන්ගෙන් යනු, මෙහි කියන ලද කාමයන් අතර වස්තුකාම පක්‍ෂයෙහිය.

කිලෙසකාමපක‍්ඛෙ පන ඡන්‍දොති ච රාගොති ච එවමාදීහි අනෙකභෙදො කාමච‍්ඡන්‍දොව කාමොති අධිප‍්පෙතො. සො ච අකුසලපරියාපන‍්නොපි සමානො “තත්‍ථ කතමෙ කාමා, ඡන්‍දො කාමො”තිආදිනා (විභ· 564) නයෙන විභඞ‍්ගෙ උපරි ඣානඞ‍්ගපටිපක‍්ඛතො විසුං වුත‍්තො, කිලෙසකාමත‍්තා වා පුරිමපදෙ වුත‍්තො, අකුසලපරියාපන‍්නත‍්තා දුතියපදෙ. අනෙකභෙදතො චස‍්ස කාමතොති අවත්‍වා කාමෙහීති වුත‍්තං. අඤ‍්ඤෙසම‍්පි ච ධම‍්මානං අකුසලභාවෙ විජ‍්ජමානෙ “තත්‍ථ කතමෙ අකුසලා ධම‍්මා, කාමච‍්ඡන්‍දො”තිආදිනා (විභ· 564) නයෙන විභඞ‍්ගෙ උපරි ඣානඞ‍්ගපච‍්චනීකපටිපක‍්ඛභාවදස‍්සනතො නීවරණානෙව වුත‍්තානි. නීවරණානි හි ඣානඞ‍්ගපච‍්චනීකානි, තෙසං ඣානඞ‍්ගානෙව පටිපක‍්ඛානි විද‍්ධංසකානි විනාසකානීති වුත‍්තං හොති. තථා හි “සමාධි කාමච‍්ඡන්‍දස‍්ස පටිපක‍්ඛො, පීති බ්‍යාපාදස‍්ස, විතක‍්කො ථිනමිද‍්ධස‍්ස, සුඛං උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස, විචාරො විචිකිච‍්ඡායා”ති පෙටකෙ වුත‍්තං.

ක්ලේශකාම පක්‍ෂයෙහි කැමැත්තය ඇල්මය යන මේ ආදී නොයෙක් ප්‍රභේද සහිත කාමච්ඡන්‍දයම කාමයයි අදහස් කරන ලදී. එයද අකුසලයන්ට ඇතුළත් වූයේම ‘එහි කාමච්ඡන්‍දය කවරේද? කාමය’ ආදී ක්‍රමයෙන් විභංගයෙහි මතු ධ්‍යානාංගයන්ට විරුද්ධ හෙයින් වෙන් වෙන්ව කියන ලද්දේය. ක්ලේශ කාමයන් බැවින් මුල්පදයෙහි කියන ලදී. දෙවන පදයෙහි අකුසලයන්ට අයත්ය. නොයෙක් භේද වශයෙන් ඇති මෙය කාමයෙන් යයි නොකියා කාමයන්ගෙන් යයි කියන ලදී. අනෙක් ධර්මයන්හිද අකුසලභාවයන් විද්‍යමාන කල්හි, එහි අකුසල ධර්මයෝ කවරහුද? කාමච්ඡන්‍දයයි ආදී ක්‍රමයෙන් විභංගයෙහි මතු ධ්‍යානාංගයන්ට විරුද්ධ බව දක්වන හෙයින් නීවරණයන්ම කියන ලද්දාහ. නීවරණයෝ ධ්‍යානාංගයන්ට විරුද්ධ වූවාහු වෙති. ඒවාට ධ්‍යානාංගයන්ම විරුද්ධ වූවාහු, නසන්නාහු, විනාස කරන්නාහු යයි යූ.සේයි. එසේම, සමාධිය කාමච්ඡන්‍දයට, ප්‍රීතිය ව්‍යාපාදයට විතර්කය ථීනමිද්ධයට, සැපය උද්ධච්ච කුක්කුච්චයට, විචාරය විචිකිච්ඡාවට විරුද්ධයයි පේටකයෙහි කියන ලදී.

එවමෙත්‍ථ “විවිච‍්චෙව කාමෙහී”ති ඉමිනා කාමච‍්ඡන්‍දස‍්ස වික‍්ඛම‍්භනවිවෙකො වුත‍්තො හොති. “විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහී”ති ඉමිනා පඤ‍්චන‍්නම‍්පි නීවරණානං. අගහිතග‍්ගහණෙන පන පඨමෙන කාමච‍්ඡන්‍දස‍්ස, දුතියෙන සෙසනීවරණානං. තථා පඨමෙන තීසු අකුසලමූලෙසු පඤ‍්චකාමගුණභෙදවිසයස‍්ස ලොභස‍්ස, දුතියෙන ආඝාතවත්‍ථුභෙදාදිවිසයානං දොසමොහානං. ඔඝාදීසු වා ධම‍්මෙසු පඨමෙන කාමොඝකාමයොගකාමාසවකාමුපාදානඅභිජ‍්ඣාකායගන්‍ථ කාමරාගසඤ‍්ඤොජනානං, දුතියෙන අවසෙසඔඝයොගාසවඋපාදානගන්‍ථසංයොජනානං. පඨමෙන තණ‍්හාය තංසම‍්පයුත‍්තකානඤ‍්ච, දුතියෙන අවිජ‍්ජාය තංසම‍්පයුත‍්තකානඤ‍්ච. අපිච පඨමෙන ලොභසම‍්පයුත‍්තඅට‍්ඨචිත‍්තුප‍්පාදානං, දුතියෙන සෙසානං චතුන‍්නං අකුසලචිත‍්තුප‍්පාදානං වික‍්ඛම‍්භනවිවෙකො වුත‍්තො හොතීති වෙදිතබ‍්බො.

මෙසේ මෙහි, විවිච්චෙව කාමෙහි යන මෙයින් කාමච්ඡන්‍දයාගේ විෂ්කම්භන වශයෙන් වෙන්වීම යූසේයි. ‘විවිචිච අකුසලයෙහි ධම්මෙහි’ යන මෙයින් පස්වැදෑරුම් නීවරණයන්ගේ වෙන්වීම දක්වයි. නොගතයුතු දේ ගැනීම් සංඛ්‍යාත පළමුවැන්නෙන් කාමච්ඡන්‍දයද දෙවැන්නෙන් සෙසු නීවරණයන්ගේද, එසේම පළමු වැන්නෙන් ත්‍රිවිධ අකුසල මූලයන්හිද, පංච කාමගුණ භේදයන්ට විෂය වූ ලෝභයාගේද, ක්‍රෝධ කිරීම් ආදී භේදයන්ට හේතුවන ද්වේෂ, මෝහයන්ගේද, ඕඝාදී ධර්මයන්හි. පළමුවැන්නෙන්, කාම ඕඝ, කාමයෝග, කාමාසව, කාම උපාදාන, අභිධ්‍යාකාය ග්‍රන්ථ-කාමරාග සංයෝජනයන්ගේද, දෙවැන්නෙන් සෙසු ඕඝ, යෝග, ආස්‍රව, උපාදාන, ග්‍රන්ථ ආදී සංයෝජනයන්ගේද, පළමු වැන්නෙන් තෘෂ්ණාවෙහි හා ඒ හා සමග යෙදුණවුන්ගේද, දෙවැන්නෙන් අවිද්‍යාවෙහි හා ඒ හා සමග යෙදුණවුන්ගේද, තවද පළමුවැන්නෙන්, ලෝභ සම්ප්‍රයුක්ත අෂ්ට චිත්තොත්පාදයන්ගේද, දෙවැන්නෙන් ඉතිරි සිවු අකුසල චිත්තොත්පාදයන්ගේ විෂ්කම්භන වශයෙන් වෙන්වීම කියන ලද්දේයයි දතයුතුයි.

එත‍්තාවතා ච පඨමස‍්ස ඣානස‍්ස පහානඞ‍්ගං දස‍්සෙත්‍වා ඉදානි සම‍්පයොගඞ‍්ගං දස‍්සෙතුං සවිතක‍්කං සවිචාරන‍්තිආදි වුත‍්තං. තත්‍ථ ආරම‍්මණෙ චිත‍්තස‍්ස අභිනිරොපනලක‍්ඛණො විතක‍්කො. ආරම‍්මණානුමජ‍්ජනලක‍්ඛණො විචාරො. සන‍්තෙපි ච නෙසං කත්‍ථචි අවිප‍්පයොගෙ ඔළාරිකට‍්ඨෙන පුබ‍්බඞ‍්ගමට‍්ඨෙන ච ඝණ‍්ඩාභිඝාතො විය චෙතසො පඨමාභිනිපාතො විතක‍්කො, සුඛුමට‍්ඨෙන අනුමජ‍්ජනසභාවෙන ච ඝණ‍්ඩානුරවො විය අනුප‍්පබන්‍ධො විචාරො. විප‍්ඵාරවා චෙත්‍ථ විතක‍්කො පඨමුප‍්පත‍්තිකාලෙ පරිප‍්ඵන්‍දනභූතො චිත‍්තස‍්ස, ආකාසෙ උප‍්පතිතුකාමස‍්ස පක‍්ඛිනො පක‍්ඛවික‍්ඛෙපො විය, පදුමාභිමුඛපාතො විය ච ගන්‍ධානුබන්‍ධචෙතසො භමරස‍්ස. සන‍්තවුත‍්ති විචාරො නාතිපරිප‍්ඵන්‍දනභූතො චිත‍්තස‍්ස, ආකාසෙ උප‍්පතිතස‍්ස පක‍්ඛිනො පක‍්ඛප‍්පසාරණං විය, පරිබ‍්භමනං විය ච පදුමාභිමුඛපතිතස‍්ස භමරස‍්ස පදුමස‍්ස උපරිභාගෙ.

මෙපමණකින් ප්‍රථම ධ්‍යානයාගේ ප්‍රහාණාංග දක්වා එක්ව යෙදෙන කරුණු දැක්වීමට, සවිතක්කං සවිචාරං ආදිය කියන ලදී. එහි අරමුණෙහි සිත යොමුකිරීම් ලක්‍ෂණය විතක්කොයි. අරමුණ පිරිමදින ලක්‍ෂණය, විචාරො = විචාරයයි. කිසිතැනෙක්හි ඒවාහි වෙන් නොවීමක් ඇති කල්හිද, දැඩි අර්ථයෙන්ද පූර්වාංගම අර්ථයෙන්ද ඝණ්ඨාරයක හැපීම මෙන්, සිතෙහි පළමු හෙළීම විතක්කො විතර්කයයි. සියුම් අර්ථයෙන්ද, පිරිමදින ස්වභාවයෙන්ද ඝණ්ඨාරයෙහි දෝංකාරය මෙන් ඒ අනුව බැඳුණේ විචාරො විචාරයයි. මෙහි පැතිරීම් ස්වභාවයෙන් යුත් විතර්කය ප්‍රථමයෙන් හටගන්නා කාලයෙහි, චිත්තයාගේ වෙවුලන ස්වභාව ඇත්තේ. අහසෙහි උඩට නගින්ට කැමති පක්‍ෂියාගේ පියාපත් විසිරවීම මෙන්ද, ගන්‍ධයට (සුගන්‍ධ-දුග්ගන්‍ධ) බැඳුණු සිත් ඇති බඹරාගේ නෙලුම්මල ඉදිරියෙහි පතිත වන්නාක් වැනි ස්වභාවයෙන් යුක්තය. විචාරය අතිශය වෙවුලුම් ස්වභාව නොමැත්තේ, අහස්හි උඩට නගින්ට කැමැති පක්‍ෂියාගේ පියාපත් දිගහැරීම මෙන්ද, කැරැකීම මෙන්ද, නෙලුම්මල ඉදිරියෙහි පතිත වූ බඹරාගේ, නෙලුම්මල මත්තෙහි සිටින ආකාරය මෙන් සිතෙහි සන්සුන් පැවැත්මයි.

දුකනිපාතට‍්ඨකථායං පන “ආකාසෙ ගච‍්ඡතො මහාසකුණස‍්ස උභොහි පක‍්ඛෙහි වාතං ගහෙත්‍වා පක‍්ඛෙ සන‍්නිසීදාපෙත්‍වා ගමනං විය ආරම‍්මණෙ චෙතසො අභිනිරොපනභාවෙන පවත‍්තො විතක‍්කො, වාතග‍්ගහණත්‍ථං පක‍්ඛෙ ඵන්‍දාපයමානස‍්ස ගමනං විය අනුමජ‍්ජනභාවෙන පවත‍්තො විචාරො”ති වුත‍්තං. තං අනුප‍්පබන්‍ධෙන පවත‍්තියං යුජ‍්ජති. සො පන තෙසං විසෙසො පඨමදුතියජ‍්ඣානෙසු පාකටො හොති. අපිච මලග‍්ගහිතං කංසභාජනං එකෙන හත්‍ථෙන දළ‍්හං ගහෙත්‍වා ඉතරෙන හත්‍ථෙන චුණ‍්ණතෙලවාලණ‍්ඩුපකෙන පරිමජ‍්ජන‍්තස‍්ස දළ‍්හග‍්ගහණහත්‍ථො විය විතක‍්කො, පරිමජ‍්ජනහත්‍ථො විය විචාරො. තථා කුම‍්භකාරස‍්ස දණ‍්ඩප‍්පහාරෙන චක‍්කං භමයිත්‍වා භාජනං කරොන‍්තස‍්ස උප‍්පීළනහත්‍ථො විය විතක‍්කො, ඉතො චිතො ච සංසරණහත්‍ථො විය විචාරො. තථා මණ‍්ඩලං කරොන‍්තස‍්ස මජ‍්ඣෙ සන‍්නිරුජ‍්ඣිත්‍වා ඨිතකණ‍්ටකො විය අභිනිරොපනො විතක‍්කො, බහි පරිබ‍්භමනකණ‍්ටකො විය අනුමජ‍්ජනො විචාරො. ඉති ඉමිනා ච විතක‍්කෙන ඉමිනා ච විචාරෙන සහ වත‍්තති රුක‍්ඛො විය පුප‍්ඵෙන ඵලෙන චාති ඉදං ඣානං “සවිතක‍්කං සවිචාර”න‍්ති වුච‍්චති.

දුක නිපාතට්ඨ කථාවෙහි, අහසෙහි ගමන් කරන විශාල පක්‍ෂියෙකුගේ දෙපියාපත්වලින්, වාතය ගෙන පියාපත් සන්සිඳුවා (තටු නොගසා) ගමන් කරන්නාක් මෙන්, අරමුණෙහි චිත්තයාගේ නංවන ස්වභාවයෙන් පැවැත්තේ, විතර්ක යයිද, වාත ග්‍රහණය සඳහා පියාපත් සොලවමින් යන්නාක් මෙන් පිරිමැදීම් ස්වභාවයෙන් පැවැත්තේ විචාරයයි. යූසේයි. එය නොසිඳී පැවැත්ම වශයෙන් ප්‍රවෘත්තියෙහි යෙදේ. ඒවාහි එම විශේෂතාවය ප්‍රථම ද්විතීය ධ්‍යානයන්හි ප්‍රකට වේ. තවද මලබැඳුණු ලෝහ බඳුනක් එක් හස්තයකින් දැඩිව අල්ලා, අනෙක් හස්තයෙන්, හුණු තෙල් බුරුසුවකින් පිරිමදින්නහුගේ දැඩිව ගන්නා හස්තය මෙන් විතර්කයද පිරිමදින හස්තය මෙන් වූයේ විචාරයයි. එසේම දඬු පහරින් චක්‍රය කරකවා බඳුන තනන කුඹල්කරුගේ මඩින හස්තය මෙන් විතර්කයද, ඔබිනොබ සරන හස්තය මෙන් විචාරයද වේ. වටරවුමක් කරන්නහුගේ, මධ්‍යය ආවරණයකොට, සිටවූ ලී හුලක් මෙන් අරමුණට යොමු කිරීම විතර්කයයි. පිටත කැරකෙන හුල මෙන් පිරිමැදීම විචාරයයි. මෙසේ මේ විතර්කයෙන්ද, මේ විචාරයෙන්ද, පුෂ්ඵ, ඵල සහිත වෘක්‍ෂයක් මෙන් මෙම ධ්‍යානය පවතී. මෙම ධ්‍යානය විතර්ක සහිතයයිද, විචාර සහිත යයිද යූ.සේයි.

විවෙකජන‍්ති එත්‍ථ විවිත‍්ති විවෙකො, නීවරණවිගමොති අත්‍ථො. විවිත‍්තොති වා විවෙකො, නීවරණවිවිත‍්තො ඣානසම‍්පයුත‍්තධම‍්මරාසීති අත්‍ථො. තස‍්මා විවෙකා, තස‍්මිං වා විවෙකෙ ජාතන‍්ති විවෙකජං. පීතිසුඛන‍්ති එත්‍ථ පීණයතීති පීති, සා සම‍්පියායනලක‍්ඛණා. සා පනෙසා ඛුද‍්දිකා පීති, ඛණිකා පීති, ඔක‍්කන‍්තිකා පීති, උබ‍්බෙගා පීති, ඵරණා පීතීති පඤ‍්චවිධා හොති.

විවෙකජං යන මෙහි වෙන්වීමට පත්වීම, විවේකය, නීවරණයන් පහවීමය යන අර්ථයි. වෙන්වීමට පත් වූයේනුයි විවේකයි. නීවරණයන්ගෙන් වෙන්වූ ධ්‍යානයන් එකට යෙදුණු ධර්මරාශියය යන අර්ථයි. එම විවේකයෙන් හෝ එම විවේකයෙහි හෝ හටගත්තේනුයි විවෙකජං නම් වේ. පීතිසුඛං යනු මෙහි සතුටට පත් කෙරේනුයි ප්‍රීතියි. එය ප්‍රියකරන ලක්‍ෂණ ඇත්තේය. එය වනාහි ඛුද්දිකා ප්‍රීති, ඛණිකා ප්‍රීති, ඔක්කන්තිකා ප්‍රීති, උබ්බෙගා ප්‍රීති, ඵරණ ප්‍රීති යයි පස්වැදෑරුම් වේ.

තත්‍ථ ඛුද‍්දිකා පීති සරීරෙ ලොමහංසනමත‍්තමෙව කාතුං සක‍්කොති. ඛණිකා පීති ඛණෙ ඛණෙ විජ‍්ජුප‍්පාදසදිසා හොති. ඔක‍්කන‍්තිකා පීති සමුද‍්දතීරං වීචි විය කායං ඔක‍්කමිත්‍වා ඔක‍්කමිත්‍වා භිජ‍්ජති. උබ‍්බෙගා පීති බලවතී හොති කායං උද‍්ධග‍්ගං කත්‍වා ආකාසෙ ලඞ‍්ඝාපනප‍්පමාණප‍්පත‍්තා. ඵරණා පීති අතිබලවතී හොති. තාය හි උප‍්පන‍්නාය සකලසරීරං ධමිත්‍වා පූරිතවත්‍ථි විය මහතා උදකොඝෙන පක‍්ඛන්‍දපබ‍්බතකුච‍්ඡි විය ච අනුපරිඵුටං හොති. සා පනෙසා පඤ‍්චවිධා පීති ගබ‍්භං ගණ‍්හන‍්තී පරිපාකං ගච‍්ඡන‍්තී දුවිධං පස‍්සද‍්ධිං පරිපූරෙති කායපස‍්සද‍්ධිඤ‍්ච චිත‍්තපස‍්සද‍්ධිඤ‍්ච. පස‍්සද‍්ධි ගබ‍්භං ගණ‍්හන‍්තී පරිපාකං ගච‍්ඡන‍්තී දුවිධම‍්පි සුඛං පරිපූරෙති කායිකඤ‍්ච චෙතසිකඤ‍්ච. සුඛං ගබ‍්භං ගණ‍්හන‍්තං පරිපාකං ගච‍්ඡන‍්තං තිවිධං සමාධිං පරිපූරෙති – ඛණිකසමාධිං, උපචාරසමාධිං, අප‍්පනාසමාධිඤ‍්චාති. තාසු ච යා අප‍්පනාසමාධිස‍්ස මූලං හුත්‍වා වඩ‍්ඪමානා සමාධිසම‍්පයොගං ගතා ඵරණා පීති, අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා පීතීති.

එහි කුඩා ප්‍රීතිය සිරුරෙහි ලොම් ඩැහැගැනීම් මාත්‍රයක්ම කරන්ට හැකි වේ. ක්‍ෂණික ප්‍රීතිය ක්‍ෂණයක් ක්‍ෂණයක් පාසා විදුලිය උපදින්නාක් (වැටෙන්නාක්) මෙන් වේ. ඔක්කන්තිකා ප්‍රීතිය මුහුදුතෙර රළ මෙන් ශරීරයට ඇතුල්ව ඇතුල්ව බිඳෙයි. උද්වේග ප්‍රීතිය බලවත් වෙයි. ශරීරය ඔසවා අහසට පැන්නවීමේ ප්‍රමාණයට පත්වූ ප්‍රීතියයි. ඵරණ ප්‍රීතිය ඉතා බලවත්ය. එය උපන් කල්හි මුලු සිරුර පිඹ පිරූ වස්තියක් (මුත්‍රාශය) මෙන්ද, ඇතුළට වන් සැඩදිය පහරින් පිරීගිය පර්වත කුහරයක් මෙන්ද, හැමතැන පිරී ඉතිරී ගියේ වෙයි. ඒ පස්ආකාර වූ ප්‍රීතිය ගැබ් ගන්වනුයේ, මේරීමට යනුයේ කයෙහි ශාන්ත බවද, සිතෙහි ශාන්ත බවද යන දෙවැදෑරුම් ශාන්ත භාවයන් සම්පූර්ණ කරයි. සන්සිඳීම් ගැබ් ගන්වන්නී මේරීමට යන්නී කායික වූද, චෛතසික වූද, දෙවැදෑරුම් සුවය සම්පූර්ණ කරයි. සුවය ගැබ් ගන්වන්නේ මේරීමට යන්නේ ක්‍ෂණික සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි යන ත්‍රිවිධ සමාධිය සම්පූර්ණ කරයි. ඒවාහිද යම් අර්පණා සමාධියට මූලාධාරය වී වැඩෙනුයේ, සමාධිය හා එක්වූ යම් ඵරණා ප්‍රීතියක් වන්නේද, මෙය මේ අර්ථයෙහි අදහස් කළ ප්‍රීතියයි.

ඉතරං පන සුඛයතීති සුඛං, යස‍්සුප‍්පජ‍්ජති, තං සුඛිතං කරොතීති අත්‍ථො. සුඛනං වා සුඛං, සුට‍්ඨු වා ඛාදති, ඛණති ච කායචිත‍්තාබාධන‍්ති සුඛං, සොමනස‍්සවෙදනායෙතං නාමං. තං සාතලක‍්ඛණං. සන‍්තෙපි ච නෙසං කත්‍ථචි අවිප‍්පයොගෙ ඉට‍්ඨාරම‍්මණපටිලාභතුට‍්ඨි පීති, පටිලද‍්ධරසානුභවනං සුඛං. යත්‍ථ පීති, තත්‍ථ සුඛං. යත්‍ථ සුඛං, තත්‍ථ න නියමතො පීති. සඞ‍්ඛාරක‍්ඛන්‍ධසඞ‍්ගහිතා පීති, වෙදනාක‍්ඛන්‍ධසඞ‍්ගහිතං සුඛං. කන‍්තාරඛින‍්නස‍්ස වනන‍්තුදකදස‍්සනසවනෙසු විය පීති, වනච‍්ඡායාපවෙසනඋදකපරිභොගෙසු විය සුඛං. තස‍්මිං තස‍්මිං සමයෙ පාකටභාවතො චෙතං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. ඉති අයඤ‍්ච පීති ඉදඤ‍්ච සුඛං අස‍්ස ඣානස‍්ස, අස‍්මිං වා ඣානෙ අත්‍ථීති ඉදං ඣානං “පීතිසුඛ”න‍්ති වුච‍්චති. අථ වා පීති ච සුඛඤ‍්ච පීතිසුඛං ධම‍්මවිනයාදයො විය. විවෙකජං පීතිසුඛං අස‍්ස ඣානස‍්ස, අස‍්මිං වා ඣානෙ අත්‍ථීති එවම‍්පි විවෙකජං පීතිසුඛං. යථෙව හි ඣානං, එවං පීතිසුඛම‍්පෙත්‍ථ විවෙකජමෙව හොති. තඤ‍්චස‍්ස අත්‍ථීති තස‍්මා අලොපසමාසං කත්‍වා එකපදෙනෙව “විවෙකජංපීතිසුඛ”න‍්තිපි වත‍්තුං යුජ‍්ජති.

අනික වනාහි සුවපත් කෙරේනුයි - සුඛ නම් වේ. යමෙකුට එය උපදීද? ඔහු සුවපත් කෙරේයයි යන අර්ථයි. සැපය වේනුයි - සුඛ නම් වේ. මනාව කඩා කයි. කයෙහි හා සිතෙහි රෝග සාරා දමයිනුයි = සුඛ නම් වේ. සොම්නස් වේදනාවට මෙය නමකි. එය මධුර ස්වභාවය ගෙන දේ. කිසිතැනෙක්හි ඒවාහි විප්‍රයෝගයක් නොමැති කල්හි ශුභ අරමුණු ලැබීමෙන් වන සතුට ප්‍රීතියයි. ලද රස අනුභවය සුවයයි. යම්තැනක ප්‍රීතියද, එතැන සුවයයි. යම්තැනක සුවයද එතැන නියම වශයෙන් ප්‍රීතිය ඇත. ප්‍රීතිය සංස්කාර ස්කන්ධයට ඇතුළත්ය. සුවය වේදනාස්කන්ධයට ඇතුළත්ය. කාන්තාරයේ වෙහෙසට පත්වූවහුට වනාන්තරය හා දිය දැකීමෙහි, ඇසීමෙහි ලබන සතුට ප්‍රීතියයි. වන සෙවනට පිවිස දිය පරිභෝජනය කරන්නාක් මෙනි සුවය. ඒ ඒ අවස්ථාවන්හි ප්‍රකට භාවයෙන් මෙය කියන ලදැයි දතයුතුය. මෙසේ මේ ප්‍රීතියද, මේ සුවයද මේ ධ්‍යානයට වන්නේනුයිද, මෙම ධ්‍යානයෙහි ඇත්තේනුයිද මෙම ධ්‍යානය ප්‍රීති සුවයයි කියනු ලැබේ. නොහොත්, ප්‍රීිතියද සුවයද ප්‍රීති සුවයයි. ධර්ම විනයාදීන් මෙනි. විවේකයෙන් හටගත් ප්‍රීති සුවය මේ ධ්‍යානයටනුයි. මෙම ධ්‍යානයෙහි ඇත්තේනුයි මෙසේද විවේකජ ප්‍රීති සුඛං නම් වේ. ධ්‍යානය යම්සේද මෙහි ප්‍රීතිය හා සුවයද විවේකයෙන් හටගත්තේම වේ. මෙය මොහුට ඇත්තේනුයි එහෙයින් අලොප් සමාසය කොට එක් පදයෙන්ම විවේකජං පීති සුඛංයයි කියන්ට සුදුසුයි.

පඨමන‍්ති ගණනානුපුබ‍්බතා පඨමං, පඨමං උප‍්පන‍්නන‍්තිපි පඨමං. ඣානන‍්ති දුවිධං ඣානං ආරම‍්මණූපනිජ‍්ඣානඤ‍්ච ලක‍්ඛණූපනිජ‍්ඣානඤ‍්ච. තත්‍ථ අට‍්ඨ සමාපත‍්තියො පථවීකසිණාදිආරම‍්මණං උපනිජ‍්ඣායන‍්තීති “ආරම‍්මණූපනිජ‍්ඣාන”න‍්ති සඞ‍්ඛ්‍යං ගතා. විපස‍්සනාමග‍්ගඵලානි පන ලක‍්ඛණූපනිජ‍්ඣානං නාම. තත්‍ථ විපස‍්සනා අනිච‍්චාදිලක‍්ඛණස‍්ස උපනිජ‍්ඣානතො ලක‍්ඛණූපනිජ‍්ඣානං, විපස‍්සනාය කතකිච‍්චස‍්ස මග‍්ගෙන ඉජ‍්ඣනතො මග‍්ගො ලක‍්ඛණූපනිජ‍්ඣානං, ඵලං පන නිරොධසච‍්චං තථලක‍්ඛණං උපනිජ‍්ඣායතීති ලක‍්ඛණූපනිජ‍්ඣානං. තෙසු ඉධ පුබ‍්බභාගෙ ආරම‍්මණූපනිජ‍්ඣානං, ලොකුත‍්තරමග‍්ගක‍්ඛණෙ ලක‍්ඛණූපනිජ‍්ඣානං අධිප‍්පෙතං, තස‍්මා ආරම‍්මණූපනිජ‍්ඣානතො ලක‍්ඛණූපනිජ‍්ඣානතො පච‍්චනීකජ‍්ඣාපනතො ච “ඣාන”න‍්ති වෙදිතබ‍්බං. උපසම‍්පජ‍්ජාති උපගන‍්ත්‍වා, පාපුණිත්‍වාති වුත‍්තං හොති. උපසම‍්පාදයිත්‍වා වා, නිප‍්ඵාදෙත්‍වාති වුත‍්තං හොති. විහරතීති තදනුරූපෙන ඉරියාපථවිහාරෙන ඉරියති, වුත‍්තප‍්පකාරඣානසමඞ‍්ගී හුත්‍වා අත‍්තභාවස‍්ස වුත‍්තිං අභිනිප‍්ඵාදෙති.

පඨමං ගණන් අනුපිළිවෙළින් පළමුවැන්නයි. පළමුව හටගත්තේනුයිද ප්‍රථමයි. ඣානං යනු ධ්‍යානය දෙයාකාරයි. අරමුණ නැවත නැවත සිතීමේ ධ්‍යානයද, ස්වභාවය නැවත නැවත සිතීමේ ධ්‍යානයද වශයෙනි. එහි අටසමවත් පෘථුවි කසිණාදී අරමුණු නැවත නැවත සිතත්නුයි, ආරම්මණුපනිජ්ඣානයයි යන සංඛ්‍යාවට ගියාහුය. විදර්ශනා මාර්ගඵල ස්වභාවය නැවත නැවත සිතීමේ ධ්‍යාන නම් වේ. එහි විදර්ශනාව අනිත්‍යාදී ලක්‍ෂණයාගේ ස්වභාවය නැවත නැවත සිතන හෙයින් ලක්‍ෂණුපනිජ්ඣ්‍යානයයි. විදර්ශනාවෙන් කරන ලද කෘත්‍ය ඇත්තහුට, මාර්ගයෙන් ඉතිරිය ඉටුවන හෙයින් මාර්ගය ලක්ඛණුපනිජ්ඣානයි. ඵලය වනාහි නිරෝධ සත්‍යයද, සත්‍ය ලක්‍ෂණයද නැවත නැවත සිතයිනුයි ලක්ඛනුපනිජ්ඣානයි. ඔවුන් අතරෙහි මෙහි පූර්ව භාගයෙහි ආරම්මනූපනිජ්ඣානයද ලෝකෝත්තර මාර්ගක්‍ෂණයෙහි ලක්ඛණුපනිජ්ඣානයද අදහස් කරන ලදී. එහෙයින් ආරම්මණූපනිජ්ඣානයෙන්ද, ලක්ඛණූපනිජ්ඣානයෙන්ද විරුද්ධ ධර්මයන් දවන හෙයින් ධ්‍යානයයි දතයුතුය. උපසම්පජ්ජ යනු එළඹ. පැමිණයයි යූසේයි. ඇතුළත් කරවා හෝ නිපදවායි යූ.සේයි. විහරති යනු ඊට අනුරූප ඉරියව් විහරණයෙන් මෙසේ කියන ලද ආකාර ධ්‍යානයෙන් යුක්තවී ආත්මභාවයාගේ පැවැත්ම මනාව නිෂ්පාදනය කරයි.

විතක‍්කවිචාරානං වූපසමාති එත්‍ථ විතක‍්කස‍්ස ච විචාරස‍්ස චාති ඉමෙසං ද‍්වින‍්නං වූපසමා සමතික‍්කමා, දුතියජ‍්ඣානක‍්ඛණෙ අපාතුභාවාති වුත‍්තං හොති. තත්‍ථ කිඤ‍්චාපි දුතියජ‍්ඣානෙ සබ‍්බෙපි පඨමජ‍්ඣානධම‍්මා න සන‍්ති, අඤ‍්ඤෙයෙව හි පඨමජ‍්ඣානෙ ඵස‍්සාදයො, අඤ‍්ඤෙ ඉධාති. ඔළාරිකස‍්ස පන ඔළාරිකස‍්ස අඞ‍්ගස‍්ස සමතික‍්කමා පඨමජ‍්ඣානතො පරෙසං දුතියජ‍්ඣානාදීනං අධිගමො හොතීති දස‍්සනත්‍ථං “විතක‍්කවිචාරානං වූපසමා”ති එවං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං . අජ‍්ඣත‍්තන‍්ති ඉධ නියකජ‍්ඣත‍්තං අධිප‍්පෙතං, තස‍්මා අත‍්තනි ජාතං, අත‍්තසන‍්තානෙ නිබ‍්බත‍්තන‍්ති අත්‍ථො.

විතක්ක විචාරානං වූපසමා යනු මෙහි විතර්කයාගේද, විචාරයාගේද මේ ද්වයයෙහි සන්සිඳීමෙන් ඉක්මවීමෙන්, ද්විතීය ධ්‍යානක්‍ෂණයෙහි පහළ නොවේයයි යු,සේයි. එහි කිසිසේත් ද්විතීය ධ්‍යානයෙහි, සියලුම ප්‍රථමධ්‍යාන ධර්ම නොමැත. ප්‍රථමධ්‍යානයෙහි ස්පර්ශාදීහු අනෙකක්හු වේමය. මෙහි අනෙකක්හුය. දළ, දළ අංග ඉක්මවීමෙන්, ප්‍රථමධ්‍යානයෙන් අන්‍ය, ද්විතීය ධ්‍යනාදීන්ගේ අධිගමය වේයයි දැක්වීමට, විතක්ක විචාරානං වූපසමා යන මෙට යූ.සේයි. අජ්ඣත්තං යනු මෙහි තමා අයත් ආධ්‍යාත්මය අදහස් කරන ලදී. එහෙයින් තමා කෙරෙහි හටගත්, තම සන්තානයෙහි හටගත්තේය යන අර්ථයි.

සම‍්පසාදනන‍්ති සම‍්පසාදනං වුච‍්චති සද‍්ධා. සම‍්පසාදනයොගතො ඣානම‍්පි සම‍්පසාදනං නීලවණ‍්ණයොගතො නීලවත්‍ථං විය. යස‍්මා වා තං ඣානං සම‍්පසාදනසමන‍්නාගතත‍්තා විතක‍්කවිචාරක‍්ඛොභවූපසමනෙන ච චෙතො සම‍්පසාදයති, තස‍්මාපි සම‍්පසාදනන‍්ති වුත‍්තං. ඉමස‍්මිඤ‍්ච අත්‍ථවිකප‍්පෙ සම‍්පසාදනං චෙතසොති එවං පදසම‍්බන්‍ධො වෙදිතබ‍්බො, පුරිමස‍්මිං පන අත්‍ථවිකප‍්පෙ චෙතසොති එතං එකොදිභාවෙන සද‍්ධිං යොජෙතබ‍්බං.

සම්පසාදනං යනු, ශ්‍රද්ධාව සම්පසාදනයයි කියනු ලැබේ. සම්ප්‍රසාදන යෝගයෙන් ධ්‍යානයද සම්ප්‍රසාදනයි. නීලවර්ණ යෙදීමෙන් නිල් වස්ත්‍රය මෙනි. යම්හෙයකින් එම ධ්‍යාන සම්ප්‍රසාදනය සමග යුක්ත වූ හෙයින්, විතර්ක විචාර කැළඹීම සන්සිඳීමෙන්ද සිත සතුටට පත්වේ. එහෙයින්ද සම්පසාදනං යයි කියන ලදී. මෙම අර්ථ විකල්පයෙහි සිතෙහි සතුටයයි මේ පද සම්බන්ධය දතයුතුය. පළමු අර්ථ විකල්පයෙහි චෙතසො යනු මෙසේ සිතෙහි එකඟ බව සමග යෙදිය යුතුයි.

තත්‍රායං අත්‍ථයොජනා – එකො උදෙතීති එකොදි, විතක‍්කවිචාරෙහි අනජ‍්ඣාරූළ‍්හත‍්තා අග‍්ගො සෙට‍්ඨො හුත්‍වා උදෙතීති අත්‍ථො. සෙට‍්ඨොපි හි ලොකෙ එකොති වුච‍්චති. විතක‍්කවිචාරවිරහිතො වා එකො අසහායො හුත්‍වා ඉතිපි වත‍්තුං වට‍්ටති. අථ වා සම‍්පයුත‍්තධම‍්මෙ උදායතීති උදි, උට‍්ඨපෙතීති අත්‍ථො. සෙට‍්ඨට‍්ඨෙන එකො ච සො උදි චාති එකොදි. සමාධිස‍්සෙතං අධිවචනං. ඉති ඉමං එකොදිං භාවෙති වඩ‍්ඪෙතීති ඉදං දුතියං ඣානං එකොදිභාවං. සො පනායං එකොදි යස‍්මා චෙතසො, න සත‍්තස‍්ස න ජීවස‍්ස. තස‍්මා එතං “චෙතසො එකොදිභාව”න‍්ති වුත‍්තං.

එහි මේ අර්ථ යෙදීමයි. තනිව පහළවේනුයි - එකොදියි. විතර්ක විචාරයන් උස්ව නොනැගී අග්‍රව ශ්‍රේෂ්ඨව පහළවේයි අර්ථයි. ලෝකයෙහි ශ්‍රේෂ්ඨයාද තනියා යයි කියනු ලැබේ. විතර්ක විචාරයන් රහිතව තනිව අසහාය වී, මෙසේද කීම සුදුසුය. නොහොත් එකට යෙදුණු ධර්මයන් නැගිටුවයිනුයි උදි නම් වේ. නංවයි යන අර්ථයි. ශ්‍රේෂ්ඨාර්ථයෙන් තනිව හෝ නැගිටීනුයි එකොදියි. සමාධියට මෙය නාමයකි. මෙසේ මේ සමාධිය දියුණු කරයි. වඩයිනුයි මේ දෙවන ධ්‍යානයාගේ එකොදි භාවයයි. ඒ මේ එකොදිභාවය, සත්ත්වයෙකුගේ නොවී ජීවයක නොවී, යම්හෙයකින් සිතෙහි වන්නේද, එහෙයින් මෙය චෙතසො එකොදි භාවං යයි කියන ලදී.

නනු චායං සද‍්ධා පඨමජ‍්ඣානෙපි අත්‍ථි, අයඤ‍්ච එකොදිනාමකො සමාධි. අථ කස‍්මා ඉදමෙව “සම‍්පසාදනං චෙතසො එකොදිභාව”න‍්ති ච වුත‍්තන‍්ති? වුච‍්චතෙ – අදුඤ‍්හි පඨමජ‍්ඣානං විතක‍්කවිචාරක‍්ඛොභෙන වීචිතරඞ‍්ගසමාකුලමිව ජලං න සුප‍්පසන‍්නං හොති, තස‍්මා සතියාපි සද‍්ධාය “සම‍්පසාදන”න‍්ති න වුත‍්තං. න සුප‍්පසන‍්නත‍්තායෙව චෙත්‍ථ සමාධිපි න සුට‍්ඨු පාකටො. තස‍්මා “එකොදිභාව”න‍්තිපි න වුත‍්තං. ඉමස‍්මිං පන ඣානෙ විතක‍්කවිචාරපලිබොධාභාවෙන ලද‍්ධොකාසා බලවතී සද‍්ධා, බලවසද‍්ධාසහායපටිලාභෙනෙව ච සමාධිපි පාකටො, තස‍්මා ඉදමෙව එවං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

මෙම ශ්‍රද්ධාව ප්‍රථමධ්‍යානයෙහිද ඇත්තේ නොවේද? නැවත කුමක් හෙයින් මෙම සමාධියම සම්පසාදනං චෙතසො එකොදි භාවං යයි කියන ලද්දේද යත්? කියනු ලැබේ. මෙම ප්‍රථමධ්‍යානය විතර්ක විචාරයන්ගේ කැළඹීමෙන්, රළ තරංගයන්ගෙන් ගැවසීගත් ජලය මෙන් සුපසන් නොවේ. එහෙයින් ශ්‍රද්ධාව ඇති කල්හිද සම්ප්‍රසාදනයයි නොකියන ලදී. සුපසන් නොවන බැවින්ම මෙහි මෙම සමාධියද මනාව ප්‍රකට නොවේ. එහෙයින් එකොදිභාවං යයි නොකියන ලදී. මෙම ධ්‍යානයෙහි වනාහි විතර්ක විචාර පළිබෝධ අභාවයෙන්, ලද අවකාශ ඇති ශ්‍රද්ධාව බලවත්ය. බලවත් ශ්‍රද්ධාවගේ සහායෙන් ප්‍රතිලාභයෙහිදීම සමාධියද ප්‍රකටය. එහෙයින් මෙයම මෙසේ කියන ලදැයි දතයුතුය.

අවිතක‍්කං අවිචාරන‍්ති භාවනාය පහීනත‍්තා එතස‍්මිං, එතස‍්ස වා විතක‍්කො නත්‍ථීති අවිතක‍්කං. ඉමිනාව නයෙන අවිචාරං. එත්‍ථාහ – “නනු ච ‘විතක‍්කවිචාරානං වූපසමා’ති ඉමිනාපි අයමත්‍ථො සිද‍්ධො. අථ කස‍්මා පුන වුත‍්තං ‘අවිතක‍්කං අවිචාර’න‍්ති”? වුච‍්චතෙ – එවමෙතං, සිද‍්ධොවායමත්‍ථො, න පනෙතං තදත්‍ථදීපකං, නනු අවොචුම‍්හ “ඔළාරිකස‍්ස පන ඔළාරිකස‍්ස අඞ‍්ගස‍්ස සමතික‍්කමා පඨමජ‍්ඣානතො පරෙසං දුතියජ‍්ඣානාදීනං සමධිගමො හොතීති දස‍්සනත්‍ථං විතක‍්කවිචාරානං වූපසමාති එවං වුත‍්ත”න‍්ති.

අවිතක්කං අවිචාරං යනු භාවනාවෙන් ප්‍රහීණ බැවින් මෙහි හෝ මෙයට හෝ විතර්කයක් නැත්තේනුයි අවිතක්ක නම් වේ. අවිචාරය මෙම ක්‍රමයෙන්ම දතයුතුය. මෙහි කීහ. විතක්ක විචාරානං වූපසමා යන මෙයින්ද මෙම අර්ථය සිද්ධවන්නේ නොවේද? කුමක් හෙයින් නැවත අවිතක්කං අවිචාරං යයි කියන ලද්දේද යත්? කියනු ලැබේ. මෙසේ එම අර්ථය සිද්ධ වන්නේය. මෙය එම අර්ථය දැක්වීම සඳහා නොවේ. කියන ලද්දේ නොවූයෙම්ද? දළ දළ අංගයාගේ ඉක්මවීමෙන් ප්‍රථමධ්‍යානයෙන් අන්‍ය ද්විතීය ධ්‍යානාදීන්ගේ අවබෝධය වේයැයි දුක්වීම සඳහා ‘විතක්ක විචාරානං වූපසමා’ යයි මෙසේ කියන ලදී.

අපිච විතක‍්කවිචාරානං වූපසමා ඉදං සම‍්පසාදනං, න කිලෙසකාලුස‍්සියස‍්ස. විතක‍්කවිචාරානඤ‍්ච වූපසමා එකොදිභාවං, න උපචාරජ‍්ඣානමිව නීවරණප‍්පහානා, න පඨමජ‍්ඣානමිව ච අඞ‍්ගපාතුභාවාති එවං සම‍්පසාදනඑකොදිභාවානං හෙතුපරිදීපකමිදං වචනං. තථා විතක‍්කවිචාරානං වූපසමා ඉදං අවිතක‍්කඅවිචාරං, න තතියචතුත්‍ථජ‍්ඣානානි විය චක‍්ඛුවිඤ‍්ඤාණාදීනි විය ච අභාවාති එවං අවිතක‍්කඅවිචාරභාවස‍්ස හෙතුපරිදීපකඤ‍්ච. න විතක‍්කවිචාරාභාවමත‍්තපරිදීපකං, විතක‍්කවිචාරාභාවමත‍්තපරිදීපකමෙව පන “අවිතක‍්කං අවිචාර”න‍්ති ඉදං වචනං. තස‍්මා පුරිමං වත්‍වාපි පුන වත‍්තබ‍්බමෙවාති.

තවද විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් වන, මේ සම්ප්‍රසාදනය කෙලෙස් කාලුෂ්‍යයාගේ වශයෙන් නොවේ. විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් වන සමාධිය උපචාර ධ්‍යානය මෙන් නීවරණ ප්‍රහාණ නොවේ. ප්‍රථම ධ්‍යානය මෙන් අංග පහළවීමක්ද නොවේ. මෙසේ සම්ප්‍රසාදන, එකොදිභාවාදී හේතු විස්තර කිරීමේ වචනයකි මේ. එසේම විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් මේ අවිතර්ක අවිචාරය තෘතීය, චතුර්ථ ධ්‍යානයන් මෙන්ද, චක්‍ෂු විඤ්ඤාණාදීන් මෙන් අභාවයක් නොවේයයි මෙසේ අවිතර්ක, අවිචාර භාවයට හේතු විස්තර කිරීමටද, විතර්ක විචාර අභාවමාත්‍රය විස්තර කිරීමටද නොවේ. විතර්ක විචාරභාව මාත්‍රය විස්තර කිරීමට අවිතක්කං, අවිචාරං යන මේ වචනය යොදා ඇත. එහෙයින් පළමුව කියා, නැවතද කිවයුතුමය.

සමාධිජන‍්ති පඨමජ‍්ඣානසමාධිතො, සම‍්පයුත‍්තසමාධිතො වා ජාතන‍්ති අත්‍ථො. තත්‍ථ කිඤ‍්චාපි පඨමජ‍්ඣානම‍්පි සම‍්පයුත‍්තසමාධිතො ජාතං, අථ ඛො අයමෙව සමාධි “සමාධී”ති වත‍්තබ‍්බතං අරහති විතක‍්කවිචාරක‍්ඛොභවිරහෙන අතිවිය අචලත‍්තා සුප‍්පසන‍්නත‍්තා ච. තස‍්මා ඉමස‍්ස වණ‍්ණභණනත්‍ථං ඉදමෙව “සමාධිජ”න‍්ති වුත‍්තං. පීතිසුඛන‍්ති ඉදං වුත‍්තනයමෙව. දුතියන‍්ති ගණනානුපුබ‍්බතා දුතියං, ඉදං දුතියං උප‍්පන‍්නන‍්තිපි දුතියං.

සමාධිජං යනු ප්‍රථමධ්‍යාන සමාධියෙන් හෝ ඒ හා යෙදුණු සමාධියකින් හටගත්තේය යන අර්ථයි. එහි කෙසේ වෙතත් ප්‍රථමධ්‍යානයද, ඒ හා සම්ප්‍රයුක්ත සමාධියෙන් හටගත්තේය. තවද, මෙම සමාධියම ‘සමාධි’ යයි කිවයුතු බවට සුදුසු වේ. විතර්ක විචාර කැළඹීම් විරහිතව ඉතාම නිශ්චල බැවින්ද, සුපසන් බැවින්ද වේ. එහෙයින් මෙහි ගුණ කථනය සඳහා මෙයම සමාධිජං යයි කියන ලදී. පීතිසුඛං යන මෙය කියන ලද ආකාරයමය. දුතියං යනු ගණන් අනුපිළිවෙළින් දෙවැන්නය. දෙවැනිව හටගත්තේනුයිද දුතියං නම් වේ.

පීතියා ච විරාගාති විරාගො නාම වුත‍්තප‍්පකාරාය පීතියා ජිගුච‍්ඡනං වා සමතික‍්කමො වා, උභින‍්නං පන අන‍්තරා චසද‍්දො සම‍්පිණ‍්ඩනත්‍ථො, සො වූපසමං වා සම‍්පිණ‍්ඩෙති විතක‍්කවිචාරවූපසමං වා. තත්‍ථ යදා වූපසමමෙව සම‍්පිණ‍්ඩෙති, තදා පීතියා විරාගා ච, කිඤ‍්ච භිය්‍යො වූපසමා චාති එවං යොජනා වෙදිතබ‍්බා. ඉමිස‍්සා ච යොජනාය විරාගො ජිගුච‍්ඡනත්‍ථො හොති, තස‍්මා පීතියා ජිගුච‍්ඡනා ච සමතික‍්කමා චාති අයමත්‍ථො දට‍්ඨබ‍්බො. යදා පන විතක‍්කවිචාරවූපසමං සම‍්පිණ‍්ඩෙති, තදා පීතියා ච විරාගා, කිඤ‍්ච භිය්‍යො විතක‍්කවිචාරානඤ‍්ච වූපසමාති එවං යොජනා වෙදිතබ‍්බා. ඉමිස‍්සා ච යොජනාය විරාගො සමතික‍්කමනත්‍ථො හොති, තස‍්මා පීතියා ච සමතික‍්කමා, විතක‍්කවිචාරානඤ‍්ච වූපසමාති අයමත්‍ථො දට‍්ඨබ‍්බො.

පීතියාච විරාගා යනු විරාගය නම් කියන ලද ආකාර ඇති ප්‍රීතියගේ පිළිකුල් කිරීම හෝ ඉක්මවීම හෝ වෙයි. වචන ද්වයය අතර ච ශබ්දය එකතුකිරීම් අර්ථයෙහි වේ. එය විතර්ක විචාර සංසිඳීම හෝ සන්සිඳීම පමණක් පිඩුකොට දක්වයි. එහි යම් වෙලාවක සන්සිඳීමම වැඩිපුර කියන්නේ කුමකටදැයි මෙසේ යෙදීම දතයුත්තාහ. මෙම යෙදීමෙන් විරාගය පිළිකුල් අර්ථයෙහි වෙයි. එහෙයින් ප්‍රීතියගේ පිළිකුල් කිරීමෙහිද, ඉක්වීමෙහිදැයි මේ අර්ථය දතයුතුය. යම්කලෙක්හි විතර්ක විචාර සන්සිඳීම පිඩු කෙරේද? එකල්හි විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් යයි කී කල්හි ප්‍රීතියගේ විරාගයෙන් යයි වැඩිපුර යමක් කිවයුතු නැත. මෙසේ යෙදීම දතයුත්තාහ. මෙම යෙදීමෙහි විරාගය ඉක්මවීම් අර්ථයෙහි වෙයි. එහෙයින් ප්‍රීතියගේ ඉක්මවීමෙන්ද, විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන්දැයි මෙම අර්ථය දතයුතුය.

කාමඤ‍්චෙතෙ විතක‍්කවිචාරා දුතියජ‍්ඣානෙයෙව වූපසන‍්තා, ඉමස‍්ස පන ඣානස‍්ස මග‍්ගපරිදීපනත්‍ථං වණ‍්ණභණනත්‍ථඤ‍්චෙතං වුත‍්තං. විතක‍්කවිචාරානං වූපසමාති හි වුත‍්තෙ ඉදං පඤ‍්ඤායති “නූන විතක‍්කවිචාරවූපසමො මග‍්ගො ඉමස‍්ස ඣානස‍්සා”ති. යථා ච තතියෙ අරියමග‍්ගෙ අප‍්පහීනානම‍්පි සක‍්කායදිට‍්ඨාදීනං “පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සංයොජනානං පහානා”ති (දී· නි· 1.373; ම· නි· 2.133; සං· නි· 5.184; අ· නි· 3.88) එවං පහානං වුච‍්චමානං වණ‍්ණභණනං හොති, තදධිගමාය උස‍්සුක‍්කානං උස‍්සාහජනකං, එවමෙව ඉධ අවූපසන‍්තානම‍්පි විතක‍්කවිචාරානං වූපසමො වුච‍්චමානො වණ‍්ණභණනං හොති. තෙනායමත්‍ථො වුත‍්තො “පීතියා ච සමතික‍්කමා විතක‍්කවිචාරානඤ‍්ච වූපසමා”ති.

ඒකාන්තයෙන්ම මෙම විතර්ක විචාරයන් ද්විතිය ධ්‍යානයෙන්ම සන්සිඳුනාහුය. මෙම ධ්‍යානයාගේ මාර්ග පැහැදිලි කිරීම සඳහාද, ගුණ කීම සඳහාද මෙය කියන ලදී. විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙනැයි කී කල්හි මෙය පැනේ. විතර්ක විචාර සන්සිඳීම මෙම ධ්‍යානයට මාර්ගය නොවේද? යම්සේ තෙවන ආර්ය මාර්ගයෙහි ප්‍රහීණ නොවූද, සක්කාය දෘෂ්ටි ආදී යට කොටසට අයත් පඤ්ච සංයෝජනයන්ගේ ප්‍රහාණයයි මෙසේ ප්‍රහාණයන් ගැන කියනු ලබන්නේ, එය අධිගමය සඳහා උත්සුක වූවන්ගේ උත්සාහ ඇතිකරලීම සඳහා වන ගුණකථනයක් වේ. එපරිද්දෙන්ම මෙහි සංසුන් නොවූවද, විතර්ක විචාරයන්ගේ සන්සුන් බව කියනු ලබන්නේ ගුණකථනයක් වෙයි. එහෙයින් ප්‍රීතියගේ ඉක්මවීමෙන්ද විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් යයි යන මෙම අර්ථය කියන ලද්දේය.

උපෙක‍්ඛකො ච විහරතීති එත්‍ථ උපපත‍්තිතො ඉක‍්ඛතීති උපෙක‍්ඛා , සමං පස‍්සති අපක‍්ඛපතිතා හුත්‍වා පස‍්සතීති අත්‍ථො. තාය විසදාය විපුලාය ථාමගතාය සමන‍්නාගතත‍්තා තතියජ‍්ඣානසමඞ‍්ගී “උපෙක‍්ඛකො”ති වුච‍්චති.

උපෙක්ඛකොච විහරති යන මෙහි අනුප්‍රාප්තිකයෙකු කැමති වේනුයි උපෙක්‍ෂායි. සමව බලයි. අපක්‍ෂපාතී වී බලයි යන අර්ථයි. ඒ පිරිසිදු මහත්, ශක්තිමත් භාවයෙන් යුක්ත හෙයින් තෘතිය ධ්‍යානය හා එකතු වූයේ උපේක්‍ෂකයයි කියනු ලැබේ.

උපෙක‍්ඛා පන දසවිධා හොති ඡළඞ‍්ගුපෙක‍්ඛා බ්‍රහ‍්මවිහාරුපෙක‍්ඛා බොජ‍්ඣඞ‍්ගුපෙක‍්ඛා වීරියුපෙක‍්ඛා සඞ‍්ඛාරුපෙක‍්ඛා වෙදනුපෙක‍්ඛා විපස‍්සනුපෙක‍්ඛා තත්‍රමජ‍්ඣත‍්තුපෙක‍්ඛා ඣානුපෙක‍්ඛා පාරිසුද‍්ධුපෙක‍්ඛාති.

උපේක්‍ෂාව වනාහි දසවැදෑරුම් වේ. ඡලංගුපෙක්ඛා, බ්‍රහ්මවිහාරුපෙක්ඛා, බොජ්ඣංගුපෙක්ඛා, විරියුපෙක්ඛා, සංඛාරුපෙක්ඛා, වෙදනුපෙක්ඛා, විපස්සනූපෙක්ඛා, තත්‍රමජ්ඣත්තුපෙක්ඛා, ඣානුපෙක්ඛා, පරිසුද්ධපෙක්ඛා යනු ඒවා වෙති.

තත්‍ථ යා “ඉධ, භික‍්ඛවෙ, ඛීණාසවො භික‍්ඛු චක‍්ඛුනා රූපං දිස‍්වා නෙව සුමනො හොති න දුම‍්මනො, උපෙක‍්ඛකො ච විහරති සතො සම‍්පජානො”ති (අ· නි· 6.1) එවමාගතා ඛීණාසවස‍්ස ඡසු ද‍්වාරෙසු ඉට‍්ඨානිට‍්ඨඡළාරම‍්මණාපාථෙ පරිසුද‍්ධපකතිභාවාවිජහනාකාරභූතා උපෙක‍්ඛා, අයං ඡළඞ‍්ගුපෙක‍්ඛා නාම.

එහි යම්, මහණෙනි මේ ශාසනයෙහි ක්‍ෂීණාශ්‍රව භික්‍ෂුව ඇසින් රූපයක් දැක සතුටුවන්නේද නොවේ. නොසතුටු වන්නේද නොවේ. සිහියෙන් මනා නුවණින් යුක්ත වූයේ උපේක්‍ෂකව වාසය කරයි. මෙසේ සඳහන් වූ රහතන් වහන්සේගේ ෂට් ද්වාරයන්හි ඉටුඅනිටු ඉදිරියට හමුවූ ෂඩාරම්මණයන්හි පිරිසිදු, ප්‍රකෘති ස්වභාව අත්නොහරිනාකාර වූ උපේක්‍ෂාවක් වේද, එය ඡළංගුපේක්‍ෂා නම් වේ.

යා පන “උපෙක‍්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්‍වා විහරතී”ති (දී· නි· 1.556; ම· නි· 1.77) එවමාගතා සත‍්තෙසු මජ‍්ඣත‍්තාකාරභූතා උපෙක‍්ඛා, අයං බ්‍රහ‍්මවිහාරුපෙක‍්ඛා නාම.

යම් ඒ උපෙක්‍ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි යන මෙසේ සඳහන් වූ සත්ත්වයින් කෙරෙහි මධ්‍යස්ථ ආකාර වූ උපේක්‍ෂාවක් වේද? මෙය බ්‍රහ්මවිහාර උපේක්‍ෂාව නම් වේ.

යා පන “උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගං භාවෙති විවෙකනිස‍්සිත”න‍්ති (ම· නි· 2.247) එවමාගතා සහජාතධම‍්මානං මජ‍්ඣත‍්තාකාරභූතා උපෙක‍්ඛා, අයං බොජ‍්ඣඞ‍්ගුපෙක‍්ඛා නාම.

යම් ඒ විවේක නිශ්‍රිත උපේක්‍ෂා සම්බොධ්‍යංගය වඩයි යන මෙසේ දක්වා ඇති එකට හටගත් ධර්මයන්ගේ මධ්‍යස්ථාකාර වූ උපේක්‍ෂාවක් වේද, මෙය බොධ්‍යංගුපේක්‍ෂාව නම් වේ.

යා පන “කාලෙන කාලං උපෙක‍්ඛානිමිත‍්තං මනසිකරොතී”ති (අ· නි· 3.103) එවමාගතා අනච‍්චාරද‍්ධනාතිසිථිලවීරියසඞ‍්ඛාතා උපෙක‍්ඛා, අයං වීරියුපෙක‍්ඛා නාම.

යම් ඒ කලින් කල උපේක්‍ෂා නිමිත්ත මෙනෙහි කරයි යන මෙසේ සඳහන් වූ, ඉතා දැඩි නොවූ, ඉතා ලිහිල් නොවූ වීර්ය සංඛ්‍යාත උපේක්‍ෂාවක් වේද, මෙය වීර්ය උපේක්‍ෂාවයි.

යා පන “කති සඞ‍්ඛාරුපෙක‍්ඛා සමථවසෙන උප‍්පජ‍්ජන‍්ති, කති සඞ‍්ඛාරුපෙක‍්ඛා විපස‍්සනාවසෙන උප‍්පජ‍්ජන‍්ති? අට‍්ඨ සඞ‍්ඛාරුපෙක‍්ඛා සමථවසෙන උප‍්පජ‍්ජන‍්ති, දස සඞ‍්ඛාරුපෙක‍්ඛා විපස‍්සනාවසෙන උප‍්පජ‍්ජන‍්තී”ති (පටි· ම· 1.57) එවමාගතා නීවරණාදිපටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනාගහණෙ මජ‍්ඣත‍්තභූතා උපෙක‍්ඛා, අයං සඞ‍්ඛාරුපෙක‍්ඛා නාම.

යම් ඒ අෂ්ට සංස්කාරපේක්‍ෂාවෝ සමාධි වශයෙන් උපදිත්. දස සංස්කාරුපේක්‍ෂාවෝ විදර්ශනා වශයෙන් උපදිත්. මෙසේ සඳහන් වූ නීවරණාදීන්ගේ, නුවණින් සලකා, තීරණය ගැනීමෙහි මධ්‍යස්ථ වූ උපේක්‍ෂාවක් වේද, මෙය සංස්කාරුපේක්‍ෂා නම් වේ.

යා පන “යස‍්මිං සමයෙ කාමාවචරං කුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගත”න‍්ති (ධ· ස· 150) එවමාගතා අදුක‍්ඛමසුඛසඤ‍්ඤිතා උපෙක‍්ඛා, අයං වෙදනුපෙක‍්ඛා නාම.

යම් ඒ, යම් සමයෙක්හි කාමාවචර උපේක්‍ෂා සහගත කුසල් සිතක් උපන්නේ වේද? මෙසේ ආවා වූ, නොදුක් නොසුව හැඟීමෙන් යුත් උපේක්‍ෂාවක් වේද, මෙය වේදනානූපේක්‍ෂාව නම් වේ.

යා “යදත්‍ථි යං භූතං, තං පජහති, උපෙක‍්ඛං පටිලභතී”ති (ම· නි· 3.71; අ· නි· 7.55) එවමාගතා විචිනනෙ මජ‍්ඣත‍්තභූතා උපෙක‍්ඛා, අයං විපස‍්සනුපෙක‍්ඛා නාම.

යම් යමක් ඇත්ද, යමක් වූයේද එය දුරුකරයි. උපේක්‍ෂාව ලබයි. මෙසේ සඳහන් වූ විමසීමෙහි මධ්‍යස්ථ වූ උපේක්‍ෂාවක් වේද, මෙය විදර්ශනූපේක්‍ෂාව නම් වේ.

යා පන ඡන්‍දාදීසු යෙවාපනකෙසු ආගතා සහජාතානං සමවාහිතභූතා උපෙක‍්ඛා, අයං තත්‍රමජ‍්ඣත‍්තුපෙක‍්ඛා නාම.

යම් ඡන්දාදී නොයෙක් තන්හි ආවා වූ, එකට හටගත්තවුන්ගේ එක්තැන් කිරීම වූ උපෙක්‍ෂාව, මෙය තත්‍ර මජ්ඣත්තුපේක්‍ෂාව නම් වේ.

යා පන “උපෙක‍්ඛකො ච විහරතී”ති (ධ· ස· 163; දී· නි· 1.230) එවමාගතා අග‍්ගසුඛෙපි තස‍්මිං අපක‍්ඛපාතජනනී උපෙක‍්ඛා, අයං ඣානුපෙක‍්ඛා නාම.

යම් ඒ උපේක්‍ෂකව වාසය කරයි. මෙසේ සඳහන් වූ එම උතුම් සුවයෙහිද අපක්‍ෂපාතිත්වය උපදවන උපේක්‍ෂාවක් වේද, මෙය ධ්‍යානුපේක්‍ෂාව නම් වේ.

යා පන “උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථං ඣාන”න‍්ති (ධ· ස· 165; දී· නි· 1.232) එවමාගතා සබ‍්බපච‍්චනීකපරිසුද‍්ධා පච‍්චනීකවූපසමනෙපි අබ්‍යාපාරභූතා උපෙක‍්ඛා, අයං පාරිසුද‍්ධුපෙක‍්ඛා නාම.

යම් ඒ උපේක්‍ෂාවෙන් හා සිහියෙන් පරිසුද්ධ චතුර්ථ ධ්‍යානයයි. මෙසේ සඳහන් සියලු විරුද්ධ ධර්මයන්ගෙන් පිරිසිදු, විරුද්ධතා සන්සිඳවීමෙහි අනුත්සාහි උපෙක්‍ෂාවක් වේද, මෙය පාරිශුද්ධි උපෙක්‍ෂාව නම් වේ.

තත්‍ථ ඡළඞ‍්ගුපෙක‍්ඛා ච බ්‍රහ‍්මවිහාරුපෙක‍්ඛා ච බොජ‍්ඣඞ‍්ගුපෙක‍්ඛා ච තත්‍රමජ‍්ඣත‍්තුපෙක‍්ඛා ච ඣානුපෙක‍්ඛා ච පාරිසුද‍්ධුපෙක‍්ඛා ච අත්‍ථතො එකා, තත්‍රමජ‍්ඣත‍්තුපෙක‍්ඛාව හොති. තෙන තෙන අවත්‍ථාභෙදෙන පනස‍්සායං භෙදො. එකස‍්සාපි සතො සත‍්තස‍්ස කුමාරයුවත්‍ථෙරසෙනාපතිරාජාදිවසෙන භෙදො විය, තස‍්මා තාසු යත්‍ථ ඡළඞ‍්ගුපෙක‍්ඛා, න තත්‍ථ බොජ‍්ඣඞ‍්ගුපෙක‍්ඛාදයො. යත්‍ථ වා පන බොජ‍්ඣඞ‍්ගුපෙක‍්ඛා, න තත්‍ථ ඡළඞ‍්ගුපෙක‍්ඛාදයො හොන‍්තීති වෙදිතබ‍්බා.

එහි, ඡළංගුපේක්‍ෂාවද, බ්‍රහ්මවිහාරුපේක්‍ෂාවද, බොජ්ඣංගුපේක්‍ෂාවද, තත්‍ර මජ්ඣත්තුපේක්‍ෂාවද, ධ්‍යානූපේක්‍ෂාවද, පාරිශුද්ධි උපේක්‍ෂාවද අර්ථ වශයෙන් එක් තත්‍ර මජ්ඣත්තුපේක්‍ෂාවම වන්නීය. ඒ ඒ අවස්ථා භේදයෙන් වනාහි මෙම භේදය වන්නීය. එකෙකුම වූ, සත්ත්වයාට, කුමාර, යෞවන, මහලු, සෙනෙවි, රජ ආදී වශයෙන් වන භේද මෙනි. එහෙයින් ඒවාහි යම්තැනක ඡළංගුපේක්‍ෂාව වේද? එතැන බොජ්ඣංගුපේක්‍ෂාදීහු නොවෙත්. යම් තැනක බොජ්ඣංගුපේක්‍ෂාවද, එතැන ඡළංගුපේක්‍ෂාවෝ නොවෙත් යයි දතයුතුය.

යථා චෙතාසං අත්‍ථතො එකීභාවො, එවං සඞ‍්ඛාරුපෙක‍්ඛාවිපස‍්සනුපෙක‍්ඛානම‍්පි. පඤ‍්ඤා එව හි සා, කිච‍්චවසෙන ද‍්විධා භින‍්නා. යථා හි පුරිසස‍්ස සායං ගෙහං පවිට‍්ඨං සප‍්පං අජපදදණ‍්ඩං ගහෙත්‍වා පරියෙසමානස‍්ස තං ථුසකොට‍්ඨකෙ නිපන‍්නං දිස‍්වා “සප‍්පො නු ඛො, නො”ති අවලොකෙන‍්තස‍්ස සොවත්‍ථිකත‍්තයං දිස‍්වා නිබ‍්බෙමතිකස‍්ස “සප‍්පො, න සප‍්පො”ති විචිනනෙ මජ‍්ඣත‍්තතා උප‍්පජ‍්ජති, එවමෙව යා ආරද‍්ධවිපස‍්සකස‍්ස විපස‍්සනාඤාණෙන ලක‍්ඛණත‍්තයෙ දිට‍්ඨෙ සඞ‍්ඛාරානං අනිච‍්චභාවාදිවිචිනනෙ මජ‍්ඣත‍්තතා උප‍්පජ‍්ජති, අයං විපස‍්සනුපෙක‍්ඛා. යථා පන තස‍්ස පුරිසස‍්ස අජපදදණ‍්ඩෙන ගාළ‍්හං සප‍්පං ගහෙත්‍වා “කින‍්තාහං ඉමං සප‍්පං අවිහෙඨෙන‍්තො අත‍්තානඤ‍්ච ඉමිනා අඩංසාපෙන‍්තො මුඤ‍්චෙය්‍ය”න‍්ති මුඤ‍්චනාකාරමෙව පරියෙසතො ගහණෙ මජ‍්ඣත‍්තතා හොති, එවමෙව යා ලක‍්ඛණත‍්තයස‍්ස දිට‍්ඨත‍්තා ආදිත‍්තෙ විය තයො භවෙ පස‍්සතො සඞ‍්ඛාරගහණෙ මජ‍්ඣත‍්තතා, අයං සඞ‍්ඛාරුපෙක‍්ඛා. ඉති විපස‍්සනුපෙක‍්ඛාය සිද‍්ධාය සඞ‍්ඛාරුපෙක‍්ඛාපි සිද‍්ධාව හොති. ඉමිනා පනෙසා විචිනනගහණෙසු මජ‍්ඣත‍්තසඞ‍්ඛාතෙන කිච‍්චෙන ද‍්විධා භින‍්නාති. වීරියුපෙක‍්ඛා පන වෙදනුපෙක‍්ඛා ච අඤ‍්ඤමඤ‍්ඤඤ‍්ච අවසෙසාහි ච අත්‍ථතො භින‍්නා එවාති. ආහ චෙත්‍ථ –

යම්සේ ඒවාහි අර්ථ වශයෙන් ඒකීයභාවයක් වේද? සංස්කාරුපේක්‍ෂා, විදර්ශනූපේක්‍ෂාවන්හිද එසේමය. ප්‍රඥා තොමෝ වනාහි කෘත්‍ය වශයෙන් දෙකට කැඩී ඇත. යම්සේ සවස ගෙට පිවිසි සර්පයෙක්, එළුපාදණ්ඩ ගෙන, සොයන පුරුෂයෙකුට, ඌ දහයියා ඇහිරූ තැන ලැග සිටියහුදැක, සර්පයෙක්ද? නොවේදැයි බලන්නේ නයි පෙණයේ සෝවැති s ලකුණ දැක, විමතියක් නොමැත්තේ, සර්පයෙක්ද, සර්පයෙක් නොවේදැයි සෙවීමෙහි මධ්‍යස්ථතාවයක් උපදියි. එපරිද්දෙන්ම, ආරබ්ධ විදර්ශකයාට විදර්ශනා ඤාණයෙන් ලක්‍ෂණත්‍රය දුටු කල්හි සංස්කාරයන්ගේ අනිත්‍යභාවාදීන් සෙවීමෙහි මධ්‍යස්ථතාවයක් උපදීද? මේ විදර්ශනුපේක්‍ෂාවයි. යම්සේ වනාහි, ඒ පුරුෂයාගේ එළු පාදණ්ඩෙන්, සර්පයා දැඩිව ගෙන කෙසේනම් මම මේ සර්පයා වෙහෙස නොකරමින්, තමාද මොහුගෙන් දෂ්ට නොකරවා ගනිමින් මිදෙන්නේදැයි, මිදෙන ආකාරයම සොයන්නේ ග්‍රහණයෙහි මධ්‍යස්ථතාවයක් වේද? එපරිද්දෙන්ම, යම් ඒ ලක්‍ෂණත්‍රයයාගේ දිටි හෙයින්, ත්‍රිවිධ භවයන් ගිනිගත්තාක් මෙන් දක්නේ සංස්කාරයන්ගේ ග්‍රහණයෙහි මධ්‍යස්ථතාවක් වේද? මේ සංස්කාරෝපේක්‍ෂාවයි. මෙසේ විදර්ශනෝපේක්‍ෂාව ඉටුවූ කල්හි, සංස්කාරෝපේක්‍ෂාවද ඉටුවූයේම වේ. මේ ආකාරයෙන් වනාහි මේවා, සෙවීම් ග්‍රහණාදීන්හි මධ්‍යස්ථ සංඛ්‍යාත කෘත්‍යයෙන් දෙකඩ වූයේ වේ. වීර්යෝපේක්‍ෂාව වනාහි, වේදනොපේක්‍ෂාව හා ඔවුනොවුන්ද, සෙස්සන් සමගද, අර්ථ වශයෙන් බිඳුණාහුය. මෙහි කීය –

“මජ‍්ඣත‍්තබ්‍රහ‍්මබොජ‍්ඣඞ‍්ගඡළඞ‍්ගඣානසුද‍්ධියො; විපස‍්සනා ච සඞ‍්ඛාරවෙදනා වීරියං ඉති.

මජ්ඣත්ත බ්‍රහ්ම බොජ්ඣංග - ඡළංග ඣාන සුද්ධියො, විපස්සනාච සංඛාර - වෙදනා විරියං ඉති

විත්‍ථාරතො දසොපෙක‍්ඛා, ඡ මජ‍්ඣත‍්තාදිතො තතො; දුවෙ පඤ‍්ඤා තතො ද‍්වීහි, චතස‍්සොව භවන‍්තිමා”ති.

විත්‍ථාරතො දසොපෙක්ඛා - ඡ මජ්ඣත්තාදිතො තතො, දුවෙ පඤ්ඤා තතො ද්වීහි - චතස්සොව භවන්තිචා’ති

තත්‍ර මජ්ඣත්ත, බ්‍රහ්ම විහාර, බොජ්ඣංග, ඡළංග, ඣාන, පරිසුද්ධ, විපස්සනා, සංඛාර, වෙදනා, විරිය යැයි විස්තර වශයෙන් දස උපේක්‍ෂාවෝ වෙති. ඉන් මධ්‍යස්ථතා වශයෙන් සයෙක්ද, ප්‍රඥා වශයෙන් දෙකක්ද, මත්තෙහි දෙකක් දැයි සතරෙක්ම වෙති.

ඉති ඉමාසු උපෙක‍්ඛාසු ඣානුපෙක‍්ඛා ඉධ අධිප‍්පෙතා. සා මජ‍්ඣත‍්තලක‍්ඛණා. එත්‍ථාහ – “නනු චායං අත්‍ථතො තත්‍රමජ‍්ඣත‍්තුපෙක‍්ඛාව හොති, සා ච පඨමදුතියජ‍්ඣානෙසුපි අත්‍ථි, තස‍්මා තත්‍රපි ‘උපෙක‍්ඛකො ච විහරතී’ති එවමයං වත‍්තබ‍්බා සියා, සා කස‍්මා න වුත‍්තා”ති? අපරිබ්‍යත‍්තකිච‍්චතො. අපරිබ්‍යත‍්තඤ‍්හි තස‍්ස තත්‍ථ කිච‍්චං විතක‍්කාදීහි අභිභූතත‍්තා, ඉධ පනායං විතක‍්කවිචාරපීතීහි අනභිභූතත‍්තා උක‍්ඛිත‍්තසිරා විය හුත්‍වා පරිබ්‍යත‍්තකිච‍්චා ජාතා, තස‍්මා වුත‍්තාති.

මෙසේ මෙම උපේක්‍ෂාවන්හි ධ්‍යානෝපේක්‍ෂාව මෙහි අදහස් කරන ලදී. එය මධ්‍යස්ථ ලක්‍ෂණ ඇත. මෙහි කීහ. මෙය අර්ථ වශයෙන් තත්‍ර මධ්‍යස්ථෝපේක්‍ෂාවම නොවන්නේද? එය ප්‍රථම, ද්විතිය ධ්‍යානයන්හිද ඇත. එහෙයින් එහිද, උපේක්‍ෂකව වාසය කෙරේ යයි මෙසේ මෙය කිවයුතු වන්නේය. එය කවර හෙයින් නොකියන ලද්දේද යත්? මනා පුහුණුවක් නොමැති කෘත්‍යවත් භාවය හෙයිනි. මනා පුහුණුවක් නොමැති කෘත්‍යවත් භාවය නිසා එහි කෘත්‍යය විතර්කාදීන්ගෙන් මැඩපවත්වා ඇත. මෙහි වනාහි විතර්ක විචාර ප්‍රීතින්ගෙන් නොමඩනා ලද හෙයින් ඔසවන ලද සිරස මෙන් උසස් කෘත්‍යවත් භාවය හෙයිනි. මනා පුහුණුවක් නොමැති කෘත්‍යවත් භාවය නිසා එහි කෘත්‍යය විතර්කාදීන්ගෙන් මැඩපවත්වා ඇත. මෙහි වනාහි විතර්ක විචාර ප්‍රීතීන්ගෙන් නොමඩනා ලද හෙයින් ඔසවන ලද සිරස මෙන් උසස් කෘත්‍යයවත් භාවය හටගනී. එහෙයින් යූ.සේයි.

ඉදානි සතො ච සම‍්පජානොති එත්‍ථ සරතීති සතො. සම‍්පජානාතීති සම‍්පජානො. ඉති පුග‍්ගලෙන සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච වුත‍්තං. තත්‍ථ සරණලක‍්ඛණා සති. අසම‍්මොහලක‍්ඛණං සම‍්පජඤ‍්ඤං. තත්‍ථ කිඤ‍්චාපි ඉදං සතිසම‍්පජඤ‍්ඤං පුරිමජ‍්ඣානෙසුපි අත්‍ථි, මුට‍්ඨස‍්සතිස‍්ස හි අසම‍්පජානස‍්ස උපචාරමත‍්තම‍්පි න සම‍්පජ‍්ජති, පගෙව අප‍්පනා. ඔළාරිකත‍්තා පන තෙසං ඣානානං භූමියං විය පුරිසස‍්ස චිත‍්තස‍්ස ගති සුඛා හොති, අබ්‍යත‍්තං තත්‍ථ සතිසම‍්පජඤ‍්ඤකිච‍්චං. ඔළාරිකඞ‍්ගප‍්පහානෙන පන සුඛුමත‍්තා ඉමස‍්ස ඣානස‍්ස පුරිසස‍්ස ඛුරධාරායං විය සතිසම‍්පජඤ‍්ඤකිච‍්චපරිග‍්ගහිතා එව චිත‍්තස‍්ස ගති ඉච‍්ඡිතබ‍්බාති ඉධෙව වුත‍්තං. කිඤ‍්ච භිය්‍යො – යථා ධෙනුපගො වච‍්ඡො ධෙනුතො අපනීතො අරක‍්ඛියමානො පුනදෙව ධෙනුං උපගච‍්ඡති, එවමිදං තතියජ‍්ඣානසුඛං පීතිතො අපනීතම‍්පි සතිසම‍්පජඤ‍්ඤාරක‍්ඛෙන අරක‍්ඛියමානං පුනදෙව පීතිං උපගච‍්ඡෙය්‍ය, පීතිසම‍්පයුත‍්තමෙව සියා. සුඛෙ වාපි සත‍්තා සාරජ‍්ජන‍්ති, ඉදඤ‍්ච අතිමධුරං සුඛං තතො පරං සුඛාභාවා. සතිසම‍්පජඤ‍්ඤානුභාවෙන පනෙත්‍ථ සුඛෙ අසාරජ‍්ජනා හොති, නො අඤ‍්ඤථාති ඉමම‍්පි අත්‍ථවිසෙසං දස‍්සෙතුං ඉදං ඉධෙව වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

සතොච සම්පජානො යන මෙහි සිහි කෙරේනුයි සතොයි. මනාකොට දනීනුයි සම්පජානයයි. පුද්ගලයෙකු හා සම්බන්ධකොට සිහියද මනා දැනුම දක්වයි. එහෙයින් සිහියෙන් හා මනා නුවණින් යුතු පුද්ගලයෙකු යැයි ගතයුතුය. එහි සිහිය සිහිකිරීම් ලක්‍ෂණ ඇත. විමසා බලන නුවණ නුමුළා වීම් ලක්‍ෂණකොට ඇත්තේය. එහි කිසිසේත් මෙම සිහිය හා විමසා බලන නුවණ පළමු ධ්‍යානයන්හිද ඇත. මුළා වූ සිහි ඇති විමසීම් නුවණ නැත්තහුට උපචාර මාත්‍රයකුදු නොසැපයේ. නොලැබේ. අර්පණා ගැන කියනුම කවරේද? එම ධ්‍යානයන්ගේ ස්වභාවය දළ හෙයින් පුරුෂයෙකුට පොළොවෙහි සිට ගත්තාක් මෙන් සිතෙහි ස්වභාවය සුව ගෙන ඒ. එහි සිහිය හා මනා නුවණෙහි කෘත්‍යයන් අව්‍යක්තය. පුරුෂයෙකුට දැළිපිහි තලයක් මෙන් දළ අංගයන්ගේ ප්‍රහාණයෙන් මෙම ධ්‍යානයාගේ සියුම් බව වන හෙයින්. සති සම්ප්‍රජන්‍ය කෘත්‍යයන්ගෙන්, හාත්පසින් අල්ලා ගන්නා ලද්දේම, සිතෙහි ස්වභාවය කැමතිවිය යුත්තාහුයයි මෙහිම කියන ලදී. වැඩිමනත් කුමකටද? යම්සේ දෙනට එළඹුණු වසුපැටියා, දෙනගෙන් ඉවත් කරන ලද්දේ, නොරක්නේ, නැවත දෙන වෙත එළඹේද, එසේම මේ තෘතීය ධ්‍යාන සුවය ප්‍රීතියෙන් ඉවත්කරන ලද්දේ, සිහිය හා විමසීම් නුවණ නමැති රැක්මෙන් රකිනු ලබන්නේ, නොරක්නේද, නැවත ප්‍රීතියට එළඹෙන්නේය. ප්‍රීතිය හා එක්වූයේම වන්නේය. මින් මත්තෙහි සුවයක් නොලැබේයයි, සුවයක් ලදවිට මෙය ඉතා මිහිරි සුවයෙකැයි සත්ත්වයෝ එම සුවයෙහි ඇලෙත්. සිහිය හා විමසීම් නුවණෙහි ආනුභාවයෙන් වනාහි මෙම සුවයෙහි නොඇල්ම වෙයි. අනෙක් ක්‍රමයකින් නොවේ යයි යන අර්ථ විශේෂය දක්වන්ට මෙය මෙහිම යූ.සේයි.

ඉදානි සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙතීති එත්‍ථ කිඤ‍්චාපි තතියජ‍්ඣානසමඞ‍්ගිනො සුඛපටිසංවෙදනාභොගො නත්‍ථි, එවං සන‍්තෙපි යස‍්මා තස‍්ස නාමකායෙන සම‍්පයුත‍්තං සුඛං, යං වා තං නාමකායසම‍්පයුත‍්තං සුඛං, තංසමුට‍්ඨානෙනස‍්ස යස‍්මා අතිපණීතෙන රූපෙන රූපකායො ඵුට‍්ඨො, යස‍්ස ඵුට‍්ඨත‍්තා ඣානා වුට‍්ඨිතොපි සුඛං පටිසංවෙදෙය්‍ය, තස‍්මා එතමත්‍ථං දස‍්සෙන‍්තො “සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙහී”ති ආහ.

දැන්, සුඛඤ්චකායෙන පටිසංවෙදෙති යන මෙහි කිසිසේත් තෘතිය ධ්‍යාන සමන්විත වූයේ සැප විඳීමේ සිතා බැලීමක් නැත. මෙසේ ඇතිකල්හිද, යම්හෙයකින් ඔහුට නාමකය කරණකොට ඒ හා එක්ව යෙදුණු සුවයක් වේද, යම් ආකාර වූ එය නාමකය හා එකට යෙදුණේද, එය හටගැනීමෙන්ම යම්හෙයකින්, අතිප්‍රණීත රූපයෙන්, රූපකය ස්පර්ශ කරන ලද්දේ වේද, ශරීරයාගේ ස්පර්ශය කරන ලද බැවින්, ධ්‍යානයෙන් නැගී සිටියේද, සැප විඳින්නේය. එහෙයින් මෙම අර්ථය දක්වන්නේ, සුඛංච කායෙ පටිසංවෙදෙතියි කීයේය.

ඉදානි යං තං අරියා ආචික‍්ඛන‍්ති උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරීති එත්‍ථ යංඣානහෙතු යංඣානකාරණා තං තතියජ‍්ඣානසමඞ‍්ගිපුග‍්ගලං බුද‍්ධාදයො අරියා ආචික‍්ඛන‍්ති දෙසෙන‍්ති පඤ‍්ඤපෙන‍්ති පට‍්ඨපෙන‍්ති විවරන‍්ති විභජන‍්ති උත‍්තානීකරොන‍්ති පකාසෙන‍්ති, පසංසන‍්තීති අධිප‍්පායො. කින‍්ති? උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරීති. තං තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරතීති එවමෙත්‍ථ යොජනා වෙදිතබ‍්බා.

දැන්, යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛ විහාරීති යන මෙහි ඒ තෘතිය ධ්‍යානයෙන් යුත් පුද්ගලයා යම් ධ්‍යාන හේතුවකින්, යම් ධ්‍යාන කාරණයකින් බුද්ධාදී ආර්යයෝ කියති. දෙසති. පනවති. පිහිටුවති. විවරණය කරති. මනාව බෙදති. පැහැදිලි කරති. ප්‍රකාශ කරති යයි අදහසයි. කිමෙක්ද? සුව විහරණයෙන් යුත් සිහි ඇති උපේක්‍ෂකයෙකැයි ඒ තෘතිය ධ්‍යානයට පැමිණ වාසය කෙරේ යයි මෙසේ මෙහි යෙදීම දතයුත්තාහ.

කස‍්මා පන තං තෙ එවං පසංසන‍්තීති? පසංසාරහතො. අයඤ‍්හි යස‍්මා අතිමධුරසුඛෙ සුඛපාරමිප‍්පත‍්තෙපි තතියජ‍්ඣානෙ උපෙක‍්ඛකො, න තත්‍ථ සුඛාභිසඞ‍්ගෙන ආකඩ‍්ඪීයති. යථා ච පීති න උප‍්පජ‍්ජති, එවං උපට‍්ඨිතස‍්සතිතාය සතිමා. යස‍්මා ච අරියකන‍්තං අරියජනසෙවිතමෙව ච අසංකිලිට‍්ඨං සුඛං නාමකායෙන පටිසංවෙදෙති, තස‍්මා පසංසාරහො හොති. ඉති පසංසාරහතො නං අරියා තෙ එවං පසංසාරහහෙතුභූතෙ ගුණෙ පකාසෙන‍්තා “උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරී”ති එවං පසංසන‍්තීති වෙදිතබ‍්බං. තතියන‍්ති ගණනානුපුබ‍්බතා තතියං, තතියං උප‍්පන‍්නන‍්තිපි තතියං.

කුමක් හෙයින් එයට ඔවුහු මෙසේ ප්‍රශංසා කෙරෙත්ද? ප්‍රශංසාවට සුදුසු හෙයිනි. මෙය වනාහි සුවයෙහි සම්පූර්ණත්වයට පත්වූයේද, අතිමිහිරි සුව සහිත ප්‍රථමධ්‍යානයෙහි, උපේක්‍ෂාවට පත්වූවහු, එම සුවයෙහි ඇලීමෙන් ඇද දමනු නොලබති. යම්සේ ප්‍රීතිය නොඋපදීද, මෙසේ එළඹ සිටි සිහි ඇති බැවින්, සිහි ඇත්තේ නම් වේ. ආර්යයන්ගේ සිත් අලවන, ආර්ය ජනයා විසින් සෙවුණා ලද්දේම නොකිලිටි සුවයක් නාම කයින් විඳියි. එහෙයින් ප්‍රශංසා කටයුතුයි. එහෙයින් ප්‍රශංසාවට සුදුසු වේ. මෙසේ ප්‍රශංසාර්හ හෙයින් ඒ ආර්යයෝ එය මෙසේ ප්‍රශංසාර්හ භාවයට හේතුවූ ගුණයන් ප්‍රකාශ කරන්නේ, සුව විහරණ ඇති, සිහි ඇති උපෙක්‍ෂකයෙකැයි මෙසේ ප්‍රශංසා කරත්යැයි දතයුත්තාහ. තතියං යනු ගණන් අනුපිළිවෙළින් තෙවැන්නයි. තෙවනුව හටගත්තේනුයිද තතියං නම් වේ.

සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානාති කායිකසුඛස‍්ස ච කායිකදුක‍්ඛස‍්ස ච පහානා. පුබ‍්බෙවාති තඤ‍්ච ඛො පුබ‍්බෙව, න චතුත්‍ථජ‍්ඣානක‍්ඛණෙ. සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමාති චෙතසිකසුඛස‍්ස චෙතසිකදුක‍්ඛස‍්ස චාති ඉමෙසම‍්පි ද‍්වින‍්නං පුබ‍්බෙව අත්‍ථඞ‍්ගමා, පහානා ඉච‍්චෙව වුත‍්තං හොති. කදා පන නෙසං පහානං හොති? චතුන‍්නං ඣානානං උපචාරක‍්ඛණෙ. සොමනස‍්සඤ‍්හි චතුත්‍ථස‍්ස ඣානස‍්ස උපචාරක‍්ඛණෙයෙව පහීයති, දුක‍්ඛදොමනස‍්සසුඛානි පඨමදුතියතතියානං උපචාරක‍්ඛණෙසු. එවමෙතෙසං පහානක‍්කමෙන අවුත‍්තානං ඉන්‍ද්‍රියවිභඞ‍්ගෙ (විභ· 219 ආදයො) පන ඉන්‍ද්‍රියානං උද‍්දෙසක‍්කමෙනෙව ඉධාපි වුත‍්තානං සුඛදුක‍්ඛසොමනස‍්සදොමනස‍්සානං පහානං වෙදිතබ‍්බං.

සුඛස්සච පහාණා දුක්ඛස්සච පහාණා යනු කායික සුවයාගේද කායික දුඃඛයාගේද ප්‍රහාණයෙන් පුබ්බෙව යනු එයද වනාහි කලින්ම, චතුර්ථ ධ්‍යානක්‍ෂණයෙහි නොවේ. සොමනස්ස දොමනස්සානං අත්‍ථංගමා යනු චෛතසික සුවයාගේද, චෛතසික දුඃඛයාගේද යන මේ ද්වයයෙහි කලින්ම විනාශය, ප්‍රහාණය යයි මෙසේම යූ.සේයි. කවදා වනාහි ඒවාහි ප්‍රහාණය වේද? සිවු ධ්‍යානයන්ගේ උපචාරක්‍ෂණයෙහි; සොම්නස වනාහි චතුර්ථ ධ්‍යානයාගේ උපචාර ක්‍ෂණයෙහිම ප්‍රහාණ වෙයි. දුක් දොම්නස් සුවයන්, ප්‍රථම, ද්විතීය, තෘතිය ධ්‍යානයන්ගේ උපචාර ක්‍ෂණයන්හිය. මෙසේ මෙම ධ්‍යානයන්ගේ ප්‍රහාණ ක්‍රමයෙන් නොකියන ලද්දවුන්ගේද ඉන්‍ද්‍රිය විභංගයෙහි ඉන්‍ද්‍රියයන්ගේ උදෙසීම් ක්‍රමයෙන්ම මෙහිද කියන ලද්දවුන්ගේද ක්‍රමයෙන් සුව, දුක්, සොම්නස්, දොම්නස් ආදීන්ගේ ප්‍රහාණය දතයුතුයි.

යදි පනෙතානි තස‍්ස තස‍්ස ඣානස‍්ස උපචාරක‍්ඛණෙයෙව පහීයන‍්ති , අථ කස‍්මා “කත්‍ථ චුප‍්පන‍්නං දුක‍්ඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣති? ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි…පෙ… පඨමජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරති. එත්‍ථ චුප‍්පන‍්නං දුක‍්ඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣති. කත්‍ථ චුප‍්පන‍්නං දොමනස‍්සින්‍ද්‍රියං, සුඛින්‍ද්‍රියං, සොමනස‍්සින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣති? ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු සුඛස‍්ස ච පහානා…පෙ… චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. එත්‍ථ චුප‍්පන‍්නං සොමනස‍්සින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣතී”ති (සං· නි· 5.510) එවං ඣානෙස‍්වෙව නිරොධො වුත‍්තොති? අතිසයනිරොධත‍්තා. අතිසයනිරොධො හි තෙසං පඨමජ‍්ඣානාදීසු, න නිරොධොයෙව. නිරොධොයෙව පන උපචාරක‍්ඛණෙ, නාතිසයනිරොධො. තථා හි නානාවජ‍්ජනෙ පඨමජ‍්ඣානූපචාරෙ නිරුද‍්ධස‍්සාපි දුක‍්ඛින්‍ද්‍රියස‍්ස ඩංසමකසාදිසම‍්ඵස‍්සෙන වා විසමාසනූපතාපෙන වා සියා උප‍්පත‍්ති, න ත්‍වෙව අන‍්තොඅප‍්පනායං. උපචාරෙ වා නිරුද‍්ධම‍්පෙතං න සුට‍්ඨු නිරුද‍්ධං හොති පටිපක‍්ඛෙන අවිහතත‍්තා. අන‍්තොඅප‍්පනායං පන පීතිඵරණෙන සබ‍්බො කායො සුඛොක‍්කන‍්තො හොති, සුඛොක‍්කන‍්තකායස‍්ස ච සුට‍්ඨු නිරුද‍්ධං හොති දුක‍්ඛින්‍ද්‍රියං පටිපක‍්ඛෙන විහතත‍්තා. නානාවජ‍්ජනෙයෙව ච දුතියජ‍්ඣානූපචාරෙ පහීනස‍්සාපි දොමනස‍්සින්‍ද්‍රියස‍්ස, යස‍්මා එතං විතක‍්කවිචාරපච‍්චයෙපි කායකිලමථෙ චිත‍්තූපඝාතෙ ච සති උප‍්පජ‍්ජති, විතක‍්කවිචාරාභාවෙ නෙව උප‍්පජ‍්ජති. යත්‍ථ පන උප‍්පජ‍්ජති, තත්‍ථ විතක‍්කවිචාරභාවෙ. අප‍්පහීනායෙව ච දුතියජ‍්ඣානූපචාරෙ විතක‍්කවිචාරාති තත්‍ථස‍්ස සියා උප‍්පත‍්ති, නත්‍වෙව දුතියජ‍්ඣානෙ පහීනපච‍්චයත‍්තා. තථා තතියජ‍්ඣානූපචාරෙ පහීනස‍්සාපි සුඛින්‍ද්‍රියස‍්ස පීතිසමුට‍්ඨානපණීතරූපඵුට‍්ඨකායස‍්ස සියා උප‍්පත‍්ති, නත්‍වෙව තතියජ‍්ඣානෙ. තතියජ‍්ඣානෙ හි සුඛස‍්ස පච‍්චයභූතා පීති සබ‍්බසො නිරුද‍්ධා හොති. තථා චතුත්‍ථජ‍්ඣානූපචාරෙ පහීනස‍්සාපි සොමනස‍්සින්‍ද්‍රියස‍්ස ආසන‍්නත‍්තා, අප‍්පනාප‍්පත‍්තාය උපෙක‍්ඛාය අභාවෙන සම‍්මා අනතික‍්කන‍්තත‍්තා ච සියා උප‍්පත‍්ති, නත්‍වෙව චතුත්‍ථජ‍්ඣානෙ. තස‍්මා එව ච “එත්‍ථුප‍්පන‍්නං දුක‍්ඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣතී”ති තත්‍ථ තත්‍ථ අපරිසෙසග‍්ගහණං කතන‍්ති.

ඉදින් මේවා වනාහි ඒ ඒ ධ්‍යානයාගේ උපචාරක්‍ෂණයෙහිම ප්‍රහීණ වෙත්ද? තවද කුමක් හෙයින්, කොතැන උපන් දුක් ඉන්‍ද්‍රිය සේස රහිතව නිරුද්ධ වන්නේ දැයි විමසයිද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව කාමයන්ගෙන් වෙන්වම -පෙ- ප්‍රථමධ්‍යානයට සමවැදී වාසය කරයි. මෙහි උපන් දුක් ඉන්‍ද්‍රිය ශේෂ රහිතව නිරුද්ධ වේ. කොතැන්හි උපන් දොම්නස් ඉන්‍ද්‍රියය සුව ඉන්‍ද්‍රියය, සොම්නස් ඉන්‍ද්‍රියය ශේෂ රහිතව නිරුද්ධ වේද? මහණෙනි, මෙ සස්නෙහි භික්‍ෂුව සුවයෙහිද ප්‍රහාණයෙන් -පෙ- චතුර්ථ ධ්‍යානයට සමවැදී වාසය කරයි. මෙහි උපන් සොම්නස් ඉන්‍ද්‍රිය ශේෂ රහිතව නිරුද්ධ වේයයි, මෙසේ ධ්‍යානයෙහිම නිරෝධය කියන ලද්දේ ඇයිද යත්? උසස් නිරෝධය බැවිනි. ඒ ප්‍රථම ධ්‍යානාදීන්හි උසස් නිරෝධයම වේ. නිරෝධයම නොවේ. උපචාරක්‍ෂණයෙහි නිරෝධයමය. උසස් නිරෝධය නොවේ. එසේම නානාවර්ජන ප්‍රථමධ්‍යාන උපචාරයෙහි නිරුද්ධ වූද, දුක් ඉන්‍ද්‍රියයාගේ ඇටමැස්සන්, මදුරුවන් ආදීන්ගේ ස්පර්ශයෙන් හෝ විෂම ආසන තුළින් වන තැවීමෙන් හෝ හටගැනීම් වන්නේය. අර්පණා සමාධිය තුළ නොවන්නේය. උපචාරයෙහි හෝ නිරුද්ධ වූද, එය මනාසේ නිරුද්ධ නොවේ. විරුද්ධතාවන් නොනැසූ හෙයිනි. අර්පණාව තුළ වනාහි ප්‍රීතිය පැතිරීමෙන් මුළු සිරුර පුරා සුවය බැසගත්තේ වේ. සුවයට බැසගත් ශරීරයෙන් දුක් ඉන්‍ද්‍රිය මනාව නිරුද්ධ වූයේ වේ. විරුද්ධ ධර්මයන් නැසූ හෙයිනි. නානාවර්ජන ද්විතීය ධ්‍යාන උපචාරයෙහිම ප්‍රහීණ වූ දොම්නස් ඉන්‍ද්‍රියයාගේ හටගැනීම වේ. එය විතර්ක විචාර ප්‍රත්‍යය ඇතිකල්හිද, ශරීර දුර්වලතාවයෙහිද සිතෙහි හිංසාවන් ඇතිකල්හිද උපදී. විතර්ක විචාර නොමැති කල්හි නූපදීමය. යම්තැනෙක්හි උපදීද? එහි විතර්ක විචාර අභාවයෙහි ද්විතිය ධ්‍යාන උපචාරයෙහි ප්‍රහීණ නොවූම විතර්ක විචාරයෝය. එහි හටගැන්මක් වන්නේද? ද්විතීය ධ්‍යානයෙහි නොවේ. ප්‍රහීණ ප්‍රත්‍යය බැවිනි. එසේම ද්විතීය ධ්‍යාන උපචාරයෙහි සුව ඉන්‍ද්‍රියය ප්‍රහීණ වූයේ වී නමුදු, ප්‍රීතියෙන් හටගත් ප්‍රණීත රූප කායයාගේ හටගැන්ම වන්නේය. තෘතීය ධ්‍යානයෙහි නොවන්නේමය. තෘතිය ධ්‍යානයෙහි සුවයට හේතු වූ ප්‍රීතිය සර්වප්‍රකාරයෙන් නිරුද්ධ වේ. එසේම චතුර්ථධ්‍යාන උපචාරයෙහි ප්‍රහීණ වූද, සොම්නස් ඉන්‍ද්‍රියයට ආසන්න බැවින්, අර්පණාප්‍රාප්ත අපේක්‍ෂාවගේ අභාවයෙන්, මනාව නොඉක්මවූ හෙයින්ද, ප්‍රීතිය හටගැන්ම වන්නේය. චතුර්ථ ධ්‍යානයෙහි නොවන්නේය. එහෙයින් එහි හටගත් දුක් ඉන්‍ද්‍රිය ශේෂ රහිතව නිරුද්ධ වේයැයි ඒ ඒ තන්හි ශේෂ රහිත ග්‍රහණය කරන ලදී.

එත්‍ථාහ – “අථෙවං තස‍්ස තස‍්ස ඣානස‍්සූපචාරෙ පහීනාපි එතා වෙදනා ඉධ කස‍්මා සමාහරී”ති ? සුඛග‍්ගහණත්‍ථං . යා හි අයං “අදුක‍්ඛමසුඛ”න‍්ති එත්‍ථ අදුක‍්ඛමසුඛා වෙදනා වුත‍්තා, සා සුඛුමා දුබ‍්බිඤ‍්ඤෙය්‍යා න සක‍්කා සුඛෙන ගහෙතුං, තස‍්මා යථා නාම දුට‍්ඨස‍්ස යථා තථා වා උපසඞ‍්කමිත්‍වා ගහෙතුං අසක‍්කුණෙය්‍යස‍්ස ගොණස‍්ස ගහණත්‍ථං ගොපො එකස‍්මිං වජෙ සබ‍්බා ගාවො සමාහරති, අථෙකෙකං නීහරන‍්තො පටිපාටියා ආගතං “අයං සො ගණ‍්හථ න”න‍්ති තම‍්පි ගාහාපෙති, එවමෙවං සුඛග‍්ගහණත්‍ථං සබ‍්බාපි එතා සමාහරි. එවඤ‍්හි සමාහටා එතා දස‍්සෙත්‍වා “යං නෙව සුඛං, න දුක‍්ඛං, න සොමනස‍්සං, න දොමනස‍්සං, අයං අදුක‍්ඛමසුඛාවෙදනා”ති සක‍්කා හොති එසා ගාහයිතුං.

මෙහි කීයේය – ඉක්බිති මෙසේ ඒ ඒ ධ්‍යානයාගේ උපචාරයෙහි ප්‍රහීණ වූද, ඒ වේදනාවෝ මෙහි කුමක් හෙයින් දැක්වූවහුද? සුව ග්‍රහණය සඳහායි. යම් මේ නොදුක් නොසුවයයි මෙහි නොදුක් නොසුව වේදනාව කියන ලද්දීද? එය සියුම් වන්නේය. දැනගැනීම දුෂ්කර වන්නේය. පහසුවෙන් තේරුම්ගත නොහැකි වන්නේය. එහෙයින් යම් යම් ආකාරයකින් ළංවී අල්ලාගත නොහැකි ගොණෙකු අල්ලාගැනීම පිණිස, යම්සේ නම් ගොපල්ලා. එක් ගාලක සියලු ගවයන් එක්රැස් කරයි. නැවත එකා එකා බැහැර කරන්නේ පිළිවෙළින් ආවහු දැක, මේ එම ගවයාය. ඌ අල්ලා ගනිව් යයි, ඌ අල්ලා ගන්ට සලස්වයි. එපරිද්දෙන්ම සුවසේ ග්‍රහණය සඳහා සියලුම මේ වේදනාවන් රැස්කළෝය. මෙසේ රැස්කරන ලද මේවා දක්වා, යමක් සුවයක්ම නොවේද? දුකක් නොවේද? සොම්නසක් නොවේද? දොම්නසක් නොවේද? මේ නොදුක් නොසුව වේදනාව යයි මෝ ගැනීමට හැකිවන්නීද,

අපිච අදුක‍්ඛමසුඛාය චෙතොවිමුත‍්තියා පච‍්චයදස‍්සනත්‍ථඤ‍්චාපි එතා වුත‍්තාති වෙදිතබ‍්බා. සුඛදුක‍්ඛප‍්පහානාදයො හි තස‍්සා පච‍්චයා. යථාහ – “චත‍්තාරො ඛො, ආවුසො, පච‍්චයා අදුක‍්ඛමසුඛාය චෙතොවිමුත‍්තියා සමාපත‍්තියා. ඉධාවුසො, භික‍්ඛු සුඛස‍්ස ච පහානා…පෙ… චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉමෙ ඛො ආවුසො, චත‍්තාරො පච‍්චයා අදුක‍්ඛමසුඛාය චෙතොවිමුත‍්තියා සමාපත‍්තියා”ති (ම· නි· 1.458). යථා වා අඤ‍්ඤත්‍ථ පහීනාපි සක‍්කායදිට‍්ඨිආදයො තතියමග‍්ගස‍්ස වණ‍්ණභණනත්‍ථං තත්‍ථ පහීනාති වුත‍්තා , එවං වණ‍්ණභණනත්‍ථම‍්පෙතස‍්ස ඣානස‍්සෙතා ඉධ වුත‍්තාතිපි වෙදිතබ‍්බා. පච‍්චයඝාතෙන වා එත්‍ථ රාගදොසානං අතිදූරභාවං දස‍්සෙතුම‍්පෙතා වුත‍්තාති වෙදිතබ‍්බා. එතාසු හි සුඛං සොමනස‍්සස‍්ස පච‍්චයො, සොමනස‍්සං රාගස‍්ස, දුක‍්ඛං දොමනස‍්සස‍්ස, දොමනස‍්සං දොසස‍්ස. සුඛාදිඝාතෙන ච සප‍්පච‍්චයා රාගදොසා හතාති අතිදූරෙ හොන‍්තීති.

තවද නොදුක් නොසුව චෙතො විමුක්තියෙහි ප්‍රත්‍යය දැක්වීම සඳහාද මෙය කියන ලද්දේදැයි දතයුත්තේය. සුවදුක් ප්‍රහාණාදිය එයට ප්‍රත්‍යය වන්නේය. දෙසූ පරිදි ඇවැත්නි, නොදුක් නොසුව චිත්ත විමුක්තියගේ සම්ප්‍රාප්තිය සඳහා කරුණු සතරෙක් ප්‍රත්‍යය වේ. ඇවැත්නි, මේ සාසනයෙහි භික්‍ෂුව, සුවයෙහිද ප්‍රහාණයෙන් -පෙ- චතුර්ථ ධ්‍යානයට සමවැදී වාසය කරයි. ඇවැත්නි, මේ සිව් ප්‍රත්‍යයන් නොදුක්-නොසුව චිත්ත විමුක්තියගේ සම්ප්‍රාප්තිය සඳහා පවතී. යම්සේ අන් තන්හි ප්‍රහීණ වූද, සක්කාය දෘෂ්ටි ආදීහු, තෘතිය මාර්ගයාගේ ගුණ කථනය සඳහාම මෙම ධ්‍යානයට මෙය මෙහි කියන ලද්දේ යයි යූසේයි. හේතු නැසීමෙන් හෝ මෙහි රාගද්වේෂාදීන්ගේ ඉතා දුර බව දක්වන්නටද මෙය කියන ලද්දීයයි යූසේයි. මේවාහි, සුවය සොම්නසට ප්‍රත්‍යය වේ. සොම්නස රාගයටද, දුක දොම්නසටද, දොම්නස ද්වේෂයටද සුව ආදියෙහි නැසීමෙන් ප්‍රත්‍යය සහිත රාග ද්වේශයන් නැසීය යන්න ඉතා දුර වෙති. (එය නොයෙදේ)

අදුක‍්ඛමසුඛන‍්ති දුක‍්ඛාභාවෙන අදුක‍්ඛං. සුඛාභාවෙන අසුඛං. එතෙනෙත්‍ථ දුක‍්ඛසුඛපටිපක‍්ඛභූතං තතියවෙදනං දීපෙති, න දුක‍්ඛසුඛාභාවමත‍්තං. තතියවෙදනා නාම අදුක‍්ඛමසුඛා, උපෙක‍්ඛාතිපි වුච‍්චති. සා ඉට‍්ඨානිට‍්ඨවිපරීතානුභවනලක‍්ඛණා. උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධින‍්ති උපෙක‍්ඛාය ජනිතසතිපාරිසුද‍්ධිං. ඉමස‍්මිඤ‍්හි ඣානෙ සුපරිසුද‍්ධා සති, යා ච තස‍්සා සතියා පාරිසුද‍්ධි, සා උපෙක‍්ඛාය කතා, න අඤ‍්ඤෙන. තස‍්මා එතං “උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධි”න‍්ති වුච‍්චති. යාය ච උපෙක‍්ඛාය එත්‍ථ සතියා පාරිසුද‍්ධි හොති, සා අත්‍ථතො තත්‍රමජ‍්ඣත‍්තතාති වෙදිතබ‍්බා. න කෙවලඤ‍්චෙත්‍ථ තාය සතියෙව පරිසුද‍්ධා, අපිච ඛො සබ‍්බෙපි සම‍්පයුත‍්තධම‍්මා, සතිසීසෙන පන දෙසනා වුත‍්තා.

අදුක්ඛමසුඛං යනු දුක් අභාවයෙන් නොදුක්, සුව අභාවයෙන් නොසුව, මෙයින් මෙහි දුක්, සුව ප්‍රතිපක්‍ෂ වූ, තෙවන වේදනාවක් වූ, නොදුක් නොසුව අභාව මාත්‍රයක් දක්වයි. එම තෙවන වේදනාව නම් නොදුක් නොසුවයි. උපේක්‍ෂාවයයිද කියනු ලැබේ. එය ඉටු අනිටු විපර්යාස වේදනා අනුභව කිරීම් ලක්‍ෂණකොට ඇත්තීය. උපෙක්ඛා සති පාරිසුද්ධිං යනු උපේක්‍ෂාවෙන් හටගත් පිරිසිදු සිහියයි. මෙම ධ්‍යානයෙහි සිහිය ඉතා පිරිසිදුය. ඒ සිහියෙහි යම් පිරිසිදු බවක් වේද, එය උපේක්‍ෂාවෙන් කරන ලද්දකි. අනෙකකින් නොවේ. එහෙයින් එය ‘උපේක්‍ෂා සති පාරිසුද්ධි’ යයි කියනු ලැබේ. මෙහි යම් උපේක්‍ෂාවෙන් හා සිහියෙන් පරිශුද්ධතාවය වේද? ඕ අර්ථ වශයෙන් තත්‍ර මධ්‍යස්ථතාවයයි දතයුත්තීය. හුදෙක් මෙහි ඉන් සිහිය පමණක් පිරිසිදු වූයේ නොවේ. තවද ඒ හා යෙදුණු සියලු ධර්මයෝ ඇතුළත් වූවාහු වෙති. සිහිය මාතෘකාකොට දේශනාව වදාරන ලදී.

තත්‍ථ කිඤ‍්චාපි අයං උපෙක‍්ඛා හෙට‍්ඨාපි තීසු ඣානෙසු විජ‍්ජති, යථා පන දිවා සූරියප‍්පභාභිභවා සොම‍්මභාවෙන ච අත‍්තනො උපකාරකත‍්තෙන වා සභාගාය රත‍්තියා අලාභා දිවා විජ‍්ජමානාපි චන්‍දලෙඛා අපරිසුද‍්ධා හොති අපරියොදාතා, එවමයම‍්පි තත්‍රමජ‍්ඣත‍්තුපෙක‍්ඛාචන්‍දලෙඛා විතක‍්කාදිපච‍්චනීකධම‍්මතෙජාභිභවා සභාගාය ච උපෙක‍්ඛාවෙදනාරත‍්තියා අලාභා විජ‍්ජමානාපි පඨමජ‍්ඣානාදිභෙදෙ අපරිසුද‍්ධා හොති. තස‍්සා ච අපරිසුද‍්ධාය දිවා අපරිසුද‍්ධචන්‍දලෙඛාය පභා විය සහජාතාපි සතිආදයො අපරිසුද‍්ධාව හොන‍්ති. තස‍්මා තෙසු එකම‍්පි “උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධි”න‍්ති න වුත‍්තං. ඉධ පන විතක‍්කාදිපච‍්චනීකතෙජාභිභවාභාවා සභාගාය ච උපෙක‍්ඛාවෙදනාරත‍්තියා පටිලාභා අයං තත්‍රමජ‍්ඣත‍්තුපෙක‍්ඛාචන්‍දලෙඛා අතිවිය පරිසුද‍්ධා. තස‍්සා පරිසුද‍්ධත‍්තා පරිසුද‍්ධචන්‍දලෙඛාය පභා විය සහජාතාපි සතිආදයො පරිසුද‍්ධා හොන‍්ති පරියොදාතා. තස‍්මා ඉදමෙව “උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධි”න‍්ති වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. චතුත්‍ථන‍්ති ගණනානුපුබ‍්බතා චතුත්‍ථං, චතුත්‍ථං උප‍්පන‍්නන‍්තිපි චතුත්‍ථං.

එහි කිසිසේත් මෙම උපේක්‍ෂාව, යටද ධ්‍යානත්‍රයෙක්හි විද්‍යමාන වේ. යම්සේ වනාහි දහවල් සූර්යාලෝකය ඉක්මවා සෞම්‍ය භාවයෙන්ද, තමාට උපකාරත්වයෙන්ද, සමාන පැවතුම් ඇති රාත්‍රියක් නොලැබ, දහවල් විද්‍යමාන වන්නාවූද, චන්ද්‍රරේඛා අපරිශුද්ධ වූයේ, ඉතා අපිරිසිදු වූයේ වෙයි. එසේම මෙම තත්‍ර මධ්‍යස්ථතා උපේක්‍ෂාවද සඳරේඛා මෙන්, විතර්කාදී විරද්ධ ධර්ම තෙද මැඩපවත්වා, සමාන පැවතුම් ඇති, උපේක්‍ෂා වේදනා නමැති රාත්‍රියගේ නොලැබීමෙන්, විද්‍යමාන වූද, ප්‍රථමධ්‍යානාදී භේදයන් අපිරිසිදු වෙයි. ඒ අපරිශුද්ධත්වයෙන්, දහවල් අපිරිසිදු සඳරේඛා ප්‍රභාව මෙන්, ඒ හා සමග හටගත්, සිහි ආදීහුද අපිරිසිදුම වෙති. එහෙයින් ඔවුනතර එකක් හෝ උපේක්‍ෂා සති පාරිශුද්ධ යයි නොකියන ලදී. මෙහි වනාහි විතර්කාදී විරුද්ධ තෙද මැඩපැවැත්වීමක් නොමැති හෙයින් සමාන පැවතුම් ඇති උපේක්‍ෂා වේදනා නමැති රාත්‍රියගේ ලැබීමෙන්, මේ තත්‍රමධ්‍යස්තුපේක්‍ෂාව සඳරේඛා මෙන් ඉතා පිරිසිදුය. එම තත්‍ර මධ්‍යස්තුපේක්‍ෂාවගේ පාරිශුද්ධත්වය නිසා, පිරිසිදු චන්ද්‍රරේඛා ප්‍රභාව මෙන් ඒහා සමග හටගත් සති ආදීහු පිරිසිදු වෙත්. ඉතා පිරිසිදු වෙති. එහෙයින් මෙය උපේක්‍ෂා සති පාරිශුද්ධියයි යූ.සේයි. චතුත්‍ථං යනු ගණන් අනුපිළිවෙළින් සතරවැන්නයි. සතරවැනිව හටගත්තේනුයිද චතුර්ථ නම් වේ.

ඉමානි චත‍්තාරි ඣානානි පුබ‍්බභාගෙපි නානා, මග‍්ගක‍්ඛණෙපි. පුබ‍්බභාගෙ සමාපත‍්තිවසෙන නානා, මග‍්ගක‍්ඛණෙ නානාමග‍්ගවසෙන. එකස‍්ස හි පඨමමග‍්ගො පඨමජ‍්ඣානිකො හොති, දුතියමග‍්ගාදයොපි පඨමජ‍්ඣානිකා වා දුතියාදීසු අඤ‍්ඤතරජ‍්ඣානිකා වා. එකස‍්ස පඨමමග‍්ගො දුතියාදීනං අඤ‍්ඤතරජ‍්ඣානිකො හොති, දුතියාදයොපි දුතියාදීනං අඤ‍්ඤතරජ‍්ඣානිකා වා පඨමජ‍්ඣානිකා වා. එවං චත‍්තාරොපි මග‍්ගා ඣානවසෙන සදිසා වා අසදිසා වා එකච‍්චසදිසා වා හොන‍්ති. අයං පනස‍්ස විසෙසො පාදකජ‍්ඣානනියමෙන හොති. පඨමජ‍්ඣානලාභිනො හි පඨමජ‍්ඣානා වුට‍්ඨාය විපස‍්සන‍්තස‍්ස උප‍්පන‍්නමග‍්ගො පඨමජ‍්ඣානිකො හොති, මග‍්ගඞ‍්ගබොජ‍්ඣඞ‍්ගානි පනෙත්‍ථ පරිපුණ‍්ණානෙව හොන‍්ති. දුතියජ‍්ඣානතො වුට‍්ඨාය විපස‍්සන‍්තස‍්ස උප‍්පන‍්නො දුතියජ‍්ඣානිකො හොති, මග‍්ගඞ‍්ගානි පනෙත්‍ථ සත‍්ත හොන‍්ති. තතියජ‍්ඣානතො වුට‍්ඨාය විපස‍්සන‍්තස‍්ස උප‍්පන‍්නො තතියජ‍්ඣානිකො, මග‍්ගඞ‍්ගානි පනෙත්‍ථ සත‍්ත, බොජ‍්ඣඞ‍්ගානි ඡ හොන‍්ති. එස නයො චතුත්‍ථජ‍්ඣානතො පට‍්ඨාය යාව නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනා. ආරුප‍්පෙ චතුක‍්කපඤ‍්චකජ‍්ඣානං උප‍්පජ‍්ජති, තඤ‍්ච ඛො ලොකුත‍්තරං, න ලොකියන‍්ති වුත‍්තං. එත්‍ථ කථන‍්ති? එත්‍ථපි පඨමජ‍්ඣානාදීසු යතො වුට‍්ඨාය සොතාපත‍්තිමග‍්ගං පටිලභිත්‍වා අරූපසමාපත‍්තිං භාවෙත්‍වා යො ආරුප‍්පෙ උප‍්පන‍්නො, තංඣානිකාව තස‍්ස තත්‍ථ තයො මග‍්ගා උප‍්පජ‍්ජන‍්ති. එවං පාදකජ‍්ඣානමෙව නියමෙති. කෙචි පන ථෙරා “විපස‍්සනාය ආරම‍්මණභූතා ඛන්‍ධා නියමෙන‍්තී”ති වදන‍්ති. කෙචි “පුග‍්ගලජ‍්ඣාසයො නියමෙතී”ති වදන‍්ති. කෙචි “වුට‍්ඨානගාමිනී විපස‍්සනා නියමෙතී”ති වදන‍්ති.

මේ සිව්දැහැන් පූර්වභාගයෙහිද, මාර්ගක්‍ෂණයෙහිද නානාවිධය. පූර්වභාගයෙහි සමවත් වශයෙන් වෙනස්ය. මාර්ග ක්‍ෂණයෙහි නොයෙක් මාර්ග වශයෙනි. එක් අයෙකුට ප්‍රථම මාර්ගය ප්‍රථමධ්‍යානික වෙයි. දෙවන මාර්ගාදීහුද, ප්‍රථම ධ්‍යානික හෝ ද්විතීයාදී ධ්‍යානාදීන්හි එක්තරා ධ්‍යානිකයෝ හෝ වෙති. එක් අයෙකුට ප්‍රථම මාර්ගය, ද්විතියාදී ධ්‍යානයන්හි එක්තරා ධ්‍යානිකයෙක් වේ. ද්විතීය මාර්ගාදීහුද ද්විතීය ධ්‍යානාදීන්හි එක්තරා ධ්‍යානිකයෝ හෝ ප්‍රථම ධ්‍යානිකයෝ හෝ වෙති. මෙසේ සතර මාර්ගයෝම, ධ්‍යාන වශයෙන් සමාන වූවාහු හෝ අසමාන වූවාහු හෝ ඇතැම්හු සමාන වූවාහු වෙති. මෙම විශේෂය පාදකධ්‍යාන නියමයෙන් වෙයි. ප්‍රථම්‍යාන ලාභියාට වනාහි ප්‍රථමධ්‍යානයෙන් නැගිට විදර්ශනා කරන්නහුට උපන් මාර්ගය ප්‍රථමධ්‍යානික වේ. මෙහි මාර්ගාංග බොධ්‍යංග සම්පූර්ණ වූවාහුම වෙති. ද්විතිය ධ්‍යානයෙන් නැගිට විදර්ශනා කරන්නහුට උපන් මාර්ගය ද්විතිය ධ්‍යානික වෙයි. මෙහි මාර්ගාංග වනාහි සතක් වෙයි. තෘතිය ධ්‍යානයෙන් නැගිට විදර්ශනා කරන්නහුට උපන්නේ තෘතිය ධ්‍යානිකයි. මෙහි මාර්ගාංග සතෙකි. බොධ්‍යංග සයෙක් වෙයි. චතුර්ථ ධ්‍යානයෙන් නැගිට නේවසඤ්ඤානාසඤ්ඤායතනය මෙම ක්‍රමයයි. ආරුප්‍යයෙහි චතුෂ්ක, පඤ්චක ධ්‍යාන උපදී. එය වනාහි ලෝකෝත්තරය. ලෞකික නොවේයයි යූ.සේයි. මෙහි කෙසේද යත්, මෙහිද, ප්‍රථම ධ්‍යානාදීන් අතරෙහි, යමකින් නැගිට සෝවාන් මාර්ගය ලැබ, අරූප සමවත් වඩා, යමෙක් අරූප තලයෙහි උපන්නේද, එම ධ්‍යානිකවම ඔහුට එහි ත්‍රිවිධ මාර්ග උපදී. මෙසේ පාදක ධ්‍යානයම නියම කරයි. සමහර තෙරහු වනාහි විදර්ශනාවට අරමුණු වූ ස්කන්ධ නියම කෙරෙත් යයි කියති. සමහරු පුද්ගලධ්‍යාසය නියම කෙරෙත්යයි කියති. සමහරු වුට්ඨානගාමිනී විදර්ශනාව නියම කෙරේයයි කියති.

තත්‍රායං අනුපුබ‍්බිකථා – විපස‍්සනානියමෙන හි සුක‍්ඛවිපස‍්සකස‍්ස උප‍්පන‍්නමග‍්ගොපි, සමාපත‍්තිලාභිනො ඣානං පාදකං අකත්‍වා උප‍්පන‍්නමග‍්ගොපි, පඨමජ‍්ඣානං පාදකං කත්‍වා පකිණ‍්ණකසඞ‍්ඛාරෙ සම‍්මසිත්‍වා උප‍්පාදිතමග‍්ගොපි පඨමජ‍්ඣානිකොව හොති, සබ‍්බෙසු සත‍්ත බොජ‍්ඣඞ‍්ගානි අට‍්ඨ මග‍්ගඞ‍්ගානි පඤ‍්ච ඣානඞ‍්ගානි හොන‍්ති. තෙසඤ‍්හි පුබ‍්බභාගවිපස‍්සනා සොමනස‍්සසහගතාපි උපෙක‍්ඛාසහගතාපි හුත්‍වා වුට‍්ඨානකාලෙ සඞ‍්ඛාරුපෙක‍්ඛාභාවං පත‍්තා සොමනස‍්සසහගතාව හොති.

ඒ මෙහි අනුපිළිවෙළ කථාවයි. විදර්ශනා නියමයෙන්, ශුෂ්ක විදර්ශකයාට උපන් මාර්ගයද සමවත් ලාභීහුට, ධ්‍යාන පාදක නොකොට උපන් මාර්ගයද ප්‍රථමධ්‍යානය පාදකකොට විසිරුණු සංස්කාර සම්මර්ශනය කොට උපදවන ලද මාර්ගයද ප්‍රථම ධ්‍යානිකම වේ. සියල්ලෙහි සත්බොධ්‍යංග, අෂ්ට මාර්ගාංග - පඤ්ච ධ්‍යානාංග වෙයි. ඔවුන්ගේ පූර්වභාග විදර්ශනාව, සොම්නස් සහගතවද, උපේක්‍ෂා සහගතවද වී, ධ්‍යානයෙන් නැගිටුනා කල්හි සංස්කාරුපේක්‍ෂා භාවයට, පත් වූවාහු සොම්නස් සහගත වූවාහුම වෙති.

පඤ‍්චකනයෙ දුතියතතියචතුත්‍ථජ‍්ඣානානි පාදකානි කත්‍වා උප‍්පාදිතමග‍්ගෙසු යථාක‍්කමෙනෙව ඣානං චතුරඞ‍්ගිකං තිවඞ‍්ගිකං දුවඞ‍්ගිකඤ‍්ච හොති, සබ‍්බෙසු පන සත‍්ත මග‍්ගඞ‍්ගානි හොන‍්ති, චතුත්‍ථෙ ඡ බොජ‍්ඣඞ‍්ගානි. අයං විසෙසො පාදකජ‍්ඣානනියමෙන චෙව විපස‍්සනානියමෙන ච හොති. තෙසම‍්පි හි පුබ‍්බභාගවිපස‍්සනා සොමනස‍්සසහගතාපි උපෙක‍්ඛාසහගතාපි හොති, වුට‍්ඨානගාමිනී සොමනස‍්සසහගතාව.

පඤ්චක ක්‍රමයෙහි, ද්විතීය, තෘතීය, චතුර්ථ ධ්‍යානයන් පාදක කොට උපදවන ලද, මාර්ගයන්හි පිළිවෙළින්ම ධ්‍යානය, චතුරංගික, ත්‍රිවංගික, ද්ව්‍යංගික වෙයි. සියල්ලෙහිම වනාහි සත් මාර්ගාංගයෝ වෙති. සතරවැන්නෙහි බොධ්‍යංග සයකි. මෙම විශේෂය පාදක ධ්‍යාන නියමයෙන්ද, විදර්ශනා නියමයෙන්ද වෙයි. ඒවාහිද පූර්වභාග විදර්ශනාව සොම්නස් සහගතවද, උපේක්‍ෂා සහගතවද වේ. වුට්ඨානගාමිනී විදර්ශනාව සොම්නස් සහගත වේ.

පඤ‍්චමජ‍්ඣානං පාදකං කත්‍වා නිබ‍්බත‍්තිතමග‍්ගෙ පන උපෙක‍්ඛාචිත‍්තෙකග‍්ගතාවසෙන ද‍්වෙ ඣානඞ‍්ගානි, බොජ‍්ඣඞ‍්ගමග‍්ගඞ‍්ගානි ඡ සත‍්ත චෙව. අයම‍්පි විසෙසො උභයනියමවසෙන හොති. ඉමස‍්මිඤ‍්හි නයෙ පුබ‍්බභාගවිපස‍්සනා සොමනස‍්සසහගතා වා උපෙක‍්ඛාසහගතා වා හොති, වුට‍්ඨානගාමිනී උපෙක‍්ඛාසහගතාව හොති. අරූපජ‍්ඣානානි පාදකානි කත්‍වා උප‍්පාදිතමග‍්ගෙපි එසෙව නයො. ඉධ පන චතුක‍්කනයෙ අවිතක‍්කවිචාරමත‍්තස‍්ස දුතියජ‍්ඣානස‍්ස අභාවා තං අපනෙත්‍වා සෙසානං වසෙන යොජෙතබ‍්බං. එවං පාදකජ‍්ඣානතො වුට‍්ඨාය යෙ කෙචි සඞ‍්ඛාරෙ සම‍්මසිත්‍වා නිබ‍්බත‍්තිතමග‍්ගස‍්ස ආසන‍්නපදෙසෙ වුට‍්ඨිතසමාපත‍්ති අත‍්තනා සදිසභාවං කරොති භූමිවණ‍්ණො විය ගොධාවණ‍්ණස‍්ස.

පඤ්චම ධ්‍යානය පාදකකොට උපදවන ලද මාර්ගයෙහි වනාහි, උපේක්‍ෂා චිත්තෙකාග්‍රතා වශයෙන් ධ්‍යානාංග ද්වයයක්ද, බොධ්‍යංග මාර්ගාංග සයක් හා සතක් වේ. මෙම විශේෂය උභය නියම වශයෙන් වේ. මෙම ක්‍රමයෙහි පූර්වභාග විදර්ශනාව සොම්නස් සහගත හෝ උපේක්‍ෂා සහගත හෝ වුට්ඨානගාමිනී උපේක්‍ෂා සහගත හෝ වේ. අරූප ධ්‍යානයන් පාදකකොට උපදවන ලද මාර්ගයෙහිද එම ක්‍රමයමැයි. මෙහි වනාහි චතුෂ්ක ක්‍රමයෙහි අවිතර්ක අවිචාර මාත්‍ර වූ ද්විතීය ධ්‍යානයෙහි අභාවයෙන් එය ඉවත්කොට සෙස්සන්ගේ වශයෙන් යෙදිය යුතුය. මෙසේ පාදක ධ්‍යානයෙන් නැගිට යම්කිසි සංස්කාරයන් සම්මර්ශනය කොට උපදවන ලද මාර්ගයට ආසන්න පෙදෙසෙහි නැගිටුනා ලද සමවත තමා හා සදෘශභාවය කරයි. තලගොයාගේ වර්ණය භූමියෙහි වර්ණය මෙනි.

දුතියත්‍ථෙරවාදෙ පන යතො යතො සමාපත‍්තිතො වුට‍්ඨාය යෙ යෙ සමාපත‍්තිධම‍්මෙ සම‍්මසිත්‍වා මග‍්ගො නිබ‍්බත‍්තිතො හොති, තංතංසමාපත‍්තිසදිසොව හොති. තත්‍රාපි ච විපස‍්සනානියමො වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

දෙවන තෙරුන්ගේ කීමෙහි වනාහි, යම් යම් සමවතකින් නැගිට, යම් යම් සමවත් ධර්මයන් මෙනෙහිකොට, උපදවන ලද මාර්ගය, ඒ ඒ සමවත සමාන වූයේම වේ. එහිද විදර්ශනා නියමය කියන ලද ක්‍රමයෙන්ම දතයුතුය.

තතියත්‍ථෙරවාදෙ අත‍්තනො අජ‍්ඣාසයානුරූපෙන යං යං ඣානං පාදකං කත්‍වා යෙ යෙ ඣානධම‍්මෙ සම‍්මසිත්‍වා මග‍්ගො නිබ‍්බත‍්තිතො, තංතංඣානසදිසොව හොති. පාදකජ‍්ඣානං පන සම‍්මසිතජ‍්ඣානං වා විනා අජ‍්ඣාසයමත‍්තෙනෙව තං න ඉජ‍්ඣති. එත්‍ථාපි ච විපස‍්සනානියමො වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

තෙවන තෙරුන්ගේ කීමෙහි, තමාගේ අදහසට ගැළපෙන අයුරින් යම් යම් ධ්‍යානයක් පාදකකොට, යම් යම් ධ්‍යාන ධර්මයන් මෙනෙහිකොට මාර්ගය නිපදවන ලද්දේද? ඒ ඒ ධ්‍යානය හා සමාන වූයේම වේ. පාදක ධ්‍යානය වනාහි, සම්මර්ශනය කරන ලද ධ්‍යානය හෝ හැර, අදහස් මාත්‍රයෙන්ම එය ඉටු නොවේ. මෙහිද විදර්ශනා නියමය කියන ලද ක්‍රමයෙන්ම දත යුතුය.

අයං වුච‍්චති සම‍්මාසමාධීති යා ඉමෙසු චතූසු ඣානෙසු එකග‍්ගතා, අයං පුබ‍්බභාගෙ ලොකියො, අපරභාගෙ ලොකුත‍්තරො සම‍්මාසමාධි නාම වුච‍්චති. එවං ලොකියලොකුත‍්තරවසෙන ධම‍්මසෙනාපති මග‍්ගසච‍්චං දෙසෙති. තත්‍ථ ලොකියමග‍්ගෙ සබ‍්බානෙව මග‍්ගඞ‍්ගානි යථානුරූපං ඡසු ආරම‍්මණෙසු අඤ‍්ඤතරාරම‍්මණානි හොන‍්ති. ලොකුත‍්තරමග‍්ගෙ පන චතුසච‍්චප‍්පටිවෙධාය පවත‍්තස‍්ස අරියසාවකස‍්ස නිබ‍්බානාරම‍්මණං අවිජ‍්ජානුසයසමුග‍්ඝාතකං පඤ‍්ඤාචක‍්ඛු සම‍්මාදිට‍්ඨි, තථා සම‍්පන‍්නදිට‍්ඨිස‍්ස තංසම‍්පයුත‍්තො තිවිධමිච‍්ඡාසඞ‍්කප‍්පසමුග‍්ඝාතකො චෙතසො නිබ‍්බානපදාභිනිරොපනො සම‍්මාසඞ‍්කප‍්පො, තථා පස‍්සන‍්තස‍්ස විතක‍්කෙන‍්තස‍්ස ච තංසම‍්පයුත‍්තාව චතුබ‍්බිධවචීදුච‍්චරිතසමුග‍්ඝාතිකා මිච‍්ඡාවාචාය විරති සම‍්මාවාචා, තථා විරමන‍්තස‍්ස තංසම‍්පයුත‍්තාව තිවිධමිච‍්ඡාකම‍්මන‍්තසමුච‍්ඡෙදිකා මිච‍්ඡාකම‍්මන‍්තා විරති සම‍්මාකම‍්මන‍්තො, තෙසංයෙව චස‍්ස වාචාකම‍්මන‍්තානං වොදානභූතා තංසම‍්පයුත‍්තාව කුහනාදිසමුච‍්ඡෙදිකා මිච‍්ඡාආජීවා විරති සම‍්මාආජීවො, තස‍්සායෙවස‍්ස සම‍්මාවාචාකම‍්මන‍්තාජීවසඞ‍්ඛාතාය සීලභූමියං පතිට‍්ඨමානස‍්ස තදනුරූපො තංසම‍්පයුත‍්තොව කොසජ‍්ජසමුච‍්ඡෙදකො, අනුප‍්පන‍්නුප‍්පන‍්නානං අකුසලකුසලානං අනුප‍්පාදප‍්පහානුප‍්පාදට‍්ඨිතිසාධකො ච වීරියාරම‍්භො සම‍්මාවායාමො, එවං වායමන‍්තස‍්ස තංසම‍්පයුත‍්තොව මිච‍්ඡාසතිවිනිද‍්ධුනකො, කායාදීසු කායානුපස‍්සනාදිසාධකො ච චෙතසො අසම‍්මොසො සම‍්මාසති. එවං අනුත‍්තරාය සතියා සුවිහිතචිත‍්තාරක‍්ඛස‍්ස තංසම‍්පයුත‍්තාව මිච‍්ඡාසමාධිවිද‍්ධංසිකා චිත‍්තෙකග‍්ගතා සම‍්මාසමාධි. එස ලොකුත‍්තරො අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො.

අයං වුච්චති සම්මා සමාධි යනු මේ සිවු ධ්‍යානයන්හි ඒකාග්‍රතාවයක් වේද, පූර්වභාගයෙහිදී ලෞකික වන අතර පසුභාගයෙහි ලෝකෝත්තර සම්‍යක් සමාධිය නමැයි කියනු ලැබේ. මෙසේ ලෞකික ලෝකෝත්තර වශයෙන් දම්සෙනෙවි සැරියුත් තෙරණුවෝ මාර්ග සත්‍යය දේශනා කළහ. එහි ලෞකික මාර්ගයෙහි සියලුම මාර්ගාංග සුදුසු පරිදි සිවු ආරම්මණයන්හි එක්තරා අරමුණු වෙති. ලෝකෝත්තර මාර්ගයෙහි වනාහි සිවුසස් ප්‍රතිවේධය සඳහා පැවති ආර්ය ශ්‍රාවකයාගේ නිර්වාණාරම්මණ වූ අවිද්‍යාව ආදී අප්‍රකට කෙලෙස් සම්පූර්ණයෙන් නසන්නා වූ, ප්‍රඥා චක්‍ෂුස සම්‍යග් දෘෂ්ටියයි. එසේම දෘෂ්ටි සම්පන්න වූවහුගේ ඒහා යෙදුණු, තෙවැදෑරුම් මිථ්‍යා සංකල්ප නසන සිත නිර්වාණ පදයට නංවන හෙයින් සම්‍යක් සංකල්පයි. එසේ බලන්නහුට, සිතන්නහුට, ඒ හා සම්ප්‍රයුක්තවම, චතුර්විධ වාග් දුශ්චරිත සමූලඝාතනය කරන හෙයින් මිථ්‍යා වශයෙන් වෙන්වීම සම්‍යග් වාචායි. එසේ වෙන් වන්නහුට, ඒහා සම්ප්‍රයුක්ත වූයේම ත්‍රිවිධ මිථ්‍යා කර්මාන්ත සමූලඝාතනය කරන, මිථ්‍යා කර්මාන්තයෙන් වැළකීම සම්‍යක් කර්මාන්තයයි. එම වාග් කර්මාන්තයන්ගේම පාරිශුද්ධත්වයට හේතුවූ, ඒ හා යෙදුණා වූම, නැතිගුණ පෙන්වීම් ආදී, මිථ්‍යා ආජීවය නසන කටයුතුවලින් වැළැක්ම සම්‍යග් ආජීවය වන්නේය. එම සම්‍යග් වාචා, සම්‍යග් කර්මාන්ත, ආජීව සංඛ්‍යාත සීල භූමියෙහි පිහිටියහුට එයට අනුරූපී වූ, ඒ හා යෙදුණා වූ කුසීතකම විනාශ කරන නූපන් අකුසල් හා නූපන් කුසලයන්ගේ නොඉපදීම හා ප්‍රහාණය උපදවා ගැනීම හා පිහිටුවා ගැනීම යනාදිය සිදුකරන්නා වූ වීර්යාරම්භය සම්‍යග් ව්‍යයාමයයි මෙසේ උත්සාහ කරන්නහුට, ඒ හා යෙදුණා වූම, වැරදි සිහිය සොලවා ඉවත්කරන, කායාදීන්හි, කායානුපස්සනාදිය සිදුකරන්නා වූ, සිතෙහි නුමුළා බව සම්‍යග් සතියයි. මෙසේ උතුම් සිහියෙන් මනාව පිළියෙල කරන ලද, චිත්තාරක්‍ෂා සහිත වූයේ ඒ හා යෙදුණා වූම මිථ්‍යා සමාධිය විනාශ කරන සිතෙහි එකඟ බව සම්‍යග් සමාධියයි.

යො සහ ලොකියෙන මග‍්ගෙන දුක‍්ඛනිරොධගාමිනිපටිපදාති සඞ‍්ඛ්‍යං ගතො, සො ඛො පනෙස මග‍්ගො සම‍්මාදිට‍්ඨිසඞ‍්කප‍්පානං විජ‍්ජාය සෙසධම‍්මානං චරණෙන සඞ‍්ගහිතත‍්තා විජ‍්ජා චෙව චරණඤ‍්ච. තථා තෙසං ද‍්වින‍්නං විපස‍්සනායානෙන ඉතරෙසං සමථයානෙන සඞ‍්ගහිතත‍්තා සමථො චෙව විපස‍්සනා ච. තෙසං ද‍්වින‍්නං පඤ‍්ඤාක‍්ඛන්‍ධෙන තදනන‍්තරානං තිණ‍්ණං සීලක‍්ඛන්‍ධෙන අවසෙසානං තිණ‍්ණං සමාධික‍්ඛන්‍ධෙන අධිපඤ‍්ඤාඅධිසීලඅධිචිත‍්තසික‍්ඛාහි ච සඞ‍්ගහිතත‍්තා ඛන්‍ධත‍්තයඤ‍්චෙව සික‍්ඛත‍්තයඤ‍්ච හොති. යෙන සමන‍්නාගතො අරියසාවකො දස‍්සනසමත්‍ථෙහි චක‍්ඛූහි ගමනසමත්‍ථෙහි ච පාදෙහි සමන‍්නාගතො අද‍්ධිකො විය විජ‍්ජාචරණසම‍්පන‍්නො හුත්‍වා විපස‍්සනායානෙන කාමසුඛල‍්ලිකානුයොගං සමථයානෙන අත‍්තකිලමථානුයොගන‍්ති අන‍්තද‍්වයං පරිවජ‍්ජෙත්‍වා මජ‍්ඣිමපටිපදං පටිපන‍්නො පඤ‍්ඤාක‍්ඛන්‍ධෙන මොහක‍්ඛන්‍ධං, සීලක‍්ඛන්‍ධෙන දොසක‍්ඛන්‍ධං, සමාධික‍්ඛන්‍ධෙන ච ලොභක‍්ඛන්‍ධං පදාලෙන‍්තො අධිපඤ‍්ඤාසික‍්ඛාය පඤ‍්ඤාසම‍්පදං, අධිසීලසික‍්ඛාය සීලසම‍්පදං, අධිචිත‍්තසික‍්ඛාය සමාධිසම‍්පදන‍්ති තිස‍්සො සම‍්පත‍්තියො පත්‍වා අමතං නිබ‍්බානං සච‍්ඡිකරොති. ආදිමජ‍්ඣපරියොසානකල්‍යාණං සත‍්තතිංසබොධිපක‍්ඛියධම‍්මරතනවිචිත‍්තං සම‍්මත‍්තනියාමසඞ‍්ඛාතං අරියභූමිං ඔක‍්කන‍්තො හොතීති.

ලෞකික මාර්ගයෙන් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව යැයි යන සංඛ්‍යාවට ගිය මෙය ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි ඒ මේ මාර්ගය වනාහි, විද්‍යාවෙන් සම්‍යග් දෘෂ්ටි, සම්‍යග් සංකල්පයන්ගේද, චරණයෙන් ඉතිරි සියලු ධර්මයන්ගේද වශයෙන් ඇතුළත් කළ හෙයින්ද, විද්‍යාවද, චරණයද, එසේම ඒ ද්වයයට විදර්ශනා ඤාණයෙන්ද, අනෙක් ඒවාට සමථයානයෙන්ද වනසේ, ඇතුළත් කළ හෙයින්, සමථයද, විදර්ශනාවද, යන එම ද්වයයට ප්‍රඥා ස්කන්ධයෙන්ද ඉන් අනතුරු ත්‍රයයට සීලස්කන්ධයෙන්ද, සෙසු ත්‍රයයට සමාධි ස්කන්ධයෙන්ද වනසේ සංග්‍රහ කරන ලදී. අධිප්‍රඥා, අධිසීල, අධිචිත්ත ශික්‍ෂාවන්හිද සංග්‍රහ කරන ලද හෙයින් ස්කන්ධත්‍රයයද, ශික්‍ෂාත්‍රයයද වෙයි. යමෙකින් යුක්ත වූ ආර්ය ශ්‍රාවකයා, දැක්මට සමත් ඇස්වලින්ද ගමනට සමත් පාදයන්ගෙන්ද යුක්ත වූයේ, මගියෙකු මෙන්, විද්‍යා චරණ සම්පන්නව, විදර්ශනා යානයෙන්, කාමසුඛල්ලිකානුයෝගයද, සමථ යානයෙන්, ආත්ම කිලමථානුයෝගයද යන අන්තද්වය හැරදමා මධ්‍යම ප්‍රතිපදාවට පිළිපන්නේ, ප්‍රඥා ස්කන්ධයෙන් මෝහ ස්කන්ධයද, සීල ස්කන්ධයෙන් ද්වේෂ ස්කන්ධයද, සමාධි ස්කන්ධයෙන් ලෝභ ස්කන්ධයද, පළන්නේ, අධිප්‍රඥා ශික්‍ෂාවෙන් ප්‍රඥා සම්පත්තියද, අධිසීල ශික්‍ෂාවෙන් සීල සම්පත්තියද, අධිචිත්ත ශික්‍ෂාවෙන් සමාධි සම්පත්තියද යන ත්‍රිවිධ සම්පත්තීන් ලබා අමෘත නිර්වාණය සාක්‍ෂාත් කරයි. මුල, මැද, අවසානය යහපත් සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මරත්නය විසිතුරු නිවැරදි ක්‍රම සංඛ්‍යාත ආර්ය භූමියට බැසගත්තේ වේමය.

මග‍්ගසච‍්චනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

මාර්ග සත්‍ය නිර්දේශ වර්ණණාව නිමි.