යෙදුමෙන් කියවන්න

සච‍්චපකිණ‍්ණකවණ‍්ණනා අට‍්ඨකථා

සච‍්චපකිණ‍්ණකවණ‍්ණනා

චතුරාර්ය සත්‍යය ප්‍රකීර්ණක වර්ණනාව

චතූසු පන සච‍්චෙසු බාධනලක‍්ඛණං දුක‍්ඛසච‍්චං, පභවලක‍්ඛණං සමුදයසච‍්චං, සන‍්තිලක‍්ඛණං නිරොධසච‍්චං, නිය්‍යානලක‍්ඛණං මග‍්ගසච‍්චං, අපිච පවත‍්තිපවත‍්තකනිවත‍්තිනිවත‍්තකලක‍්ඛණානි පටිපාටියා. තථා සඞ‍්ඛතතණ‍්හාඅසඞ‍්ඛතදස‍්සනලක‍්ඛණානි ච.

සිවු සස්හි දුක්ඛ සත්‍යය පීඩාකිරීම් ලක්‍ෂණකොට ඇත්තේය. සමුදය සත්‍යය හටගැනීම් ලක්‍ෂණකොට ඇත්තේය. නිරෝධ සත්‍යය සන්සිඳීම් ලක්‍ෂණකොට ඇත්තේය. මාර්ග සත්‍යය පමුණුවන ලක්‍ෂණ ඇත්තේය. පැවැත්ම-පැවැත්වීම, නැවැත්ම, නැවැත්වීම, යන ලක්‍ෂණ පිළිවෙළින් වේ. ප්‍රත්‍යයෙන් හටගත්, තෘෂ්ණා, ප්‍රත්‍යයෙන් හටනොගත්, දර්ශන යන ලක්‍ෂණද වේ.

කස‍්මා පන චත‍්තාරෙව අරියසච‍්චානි වුත‍්තානි අනූනානි අනධිකානීති චෙ? අඤ‍්ඤස‍්ස අසම‍්භවතො අඤ‍්ඤතරස‍්ස ච අනපනෙය්‍යභාවතො. න හි එතෙහි අඤ‍්ඤං අධිකං වා, එතෙසං වා එකම‍්පි අපනෙතබ‍්බං සම‍්භොති. යථාහ –

කවර හෙයින් අඩු-වැඩි නොවූ ආර්ය සත්‍යය සතරක්ම වූයේද යත්, අනෙකක හටගැනීමක් නොවන හෙයින්ද, ඉවත් කළයුතු අන්‍යයක්හි අභාවය හෙයින්ද වේ. මේවායින් අන්‍ය, අධිකයක් හෝ මේවායෙහි ඉවත් කළයුතු එකක් හෝ නොලැබේ. දෙසූ පරිදි,

“ඉධ, භික‍්ඛවෙ, ආගච‍්ඡෙය්‍ය සමණො වා බ්‍රාහ‍්මණො වා ‘නෙතං දුක‍්ඛං අරියසච‍්චං, අඤ‍්ඤං දුක‍්ඛං අරියසච‍්චං. යං සමණෙන ගොතමෙන දෙසිතං, අහමෙතං දුක‍්ඛං අරියසච‍්චං ඨපෙත්‍වා අඤ‍්ඤං දුක‍්ඛං අරියසච‍්චං පඤ‍්ඤපෙස‍්සාමී’ති නෙතං ඨානං විජ‍්ජතී”තිආදි.

මහණෙනි, මෙලොව ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ශ්‍රමණ භවත් ගෞතමයන් විසින් දෙසන ලද එය දුක්ඛාර්ය සත්‍යය නොවේ. දුක්ඛාර්ය සත්‍යය අනෙකකියි කීමට එන්නේද? (ඉදිරිපත් වන්නේද) මම එම ආර්ය සත්‍යය අත්හැර වෙනත් දුක්ඛාර්ය සත්‍යයක් පණවන්නෙමියි යන එම කරුණ විද්‍යමාන නොවෙයි ආදියයි.

යථා චාහ –

දෙසූ පරිදි :-

“යො හි කොචි, භික‍්ඛවෙ, සමණො වා බ්‍රාහ‍්මණො වා එවං වදෙය්‍ය ‘නෙතං දුක‍්ඛං පඨමං අරියසච‍්චං, යං සමණෙන ගොතමෙන දෙසිතං, අහමෙතං දුක‍්ඛං පඨමං අරියසච‍්චං පච‍්චක‍්ඛාය අඤ‍්ඤං දුක‍්ඛං පඨමං අරියසච‍්චං පඤ‍්ඤපෙස‍්සාමී’ති නෙතං ඨානං විජ‍්ජතී”තිආදි (සං· නි· 5.1086).

මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් මෙසේ කියන්නේය. ශ්‍රමණ ගෞතමයන් විසින් දේශනා කරන ලද, එය ප්‍රථම දුක්ඛාර්ය සත්‍යය නොවේ. මම ඒ ප්‍රථම දුක්ඛාර්ය සත්‍යය ප්‍රතික්‍ෂෙප කොට, අන්‍ය ප්‍රථම දුක්ඛාර්ය සත්‍යයක් පණවන්නෙමියි යන එම කරුණ විද්‍යමාන නොවේ ආදියයි.

අපිච පවත‍්තිමාචික‍්ඛන‍්තො භගවා සහෙතුකං ආචික‍්ඛි, නිවත‍්තිඤ‍්ච සඋපායං. ඉති පවත‍්තිනිවත‍්තිතදුභයහෙතූනං එතප‍්පරමතො චත‍්තාරෙව වුත‍්තානි. තථා පරිඤ‍්ඤෙය්‍යපහාතබ‍්බසච‍්ඡිකාතබ‍්බභාවෙතබ‍්බානං, තණ‍්හාවත්‍ථුතණ‍්හාතණ‍්හානිරොධතණ‍්හානිරොධූපායානං, ආලයආලයරාමතාආලයසමුග‍්ඝාතආලයසමුග‍්ඝාතූපායානඤ‍්ච වසෙනාපි චත‍්තාරෙව වුත‍්තානීති.

තවද, භාග්‍යවතුන් වහන්සේ පැවැත්ම දේශනා කරන්නේ හේතු සහිතව දේශනා කළ සේක. නැවැත්මද උපාය සහිතවය. මෙසේ පැවැත්ම, නැවැත්ම යන එම ද්වයයෙහි හේතූන්ගේ වශයෙන් එය උතුම්කොට සතරක්ම දෙසූහ. එසේම දතයුතු, ප්‍රහාණය කළයුතු, අවබෝධ කටයුතු, වැඩිය යුතු වශයෙන්ද, තෘෂ්ණාවට හේතු, තෘෂ්ණාව, තෘෂ්ණා නිරෝධය, තෘෂ්ණා නිරෝධ උපාය වශයෙන්ද, තෘෂ්ණාව, තෘෂ්ණාවෙහි තදින් ඇල්ම, තෘෂ්ණා විනාශය, තෘෂ්ණා විනාශ උපායයන්ගේ වශයෙන්ද, සතරෙක්ම දෙසන ලද්දේමය.

එත්‍ථ ච ඔළාරිකත‍්තා සබ‍්බසත‍්තසාධාරණත‍්තා ච සුවිඤ‍්ඤෙය්‍යන‍්ති දුක‍්ඛසච‍්චං පඨමං වුත‍්තං. තස‍්සෙව හෙතුදස‍්සනත්‍ථං තදනන‍්තරං සමුදයසච‍්චං, හෙතුනිරොධා ඵලනිරොධොති ඤාපනත්‍ථං තතො නිරොධසච‍්චං, තදධිගමූපායදස‍්සනත්‍ථං අන‍්තෙ මග‍්ගසච‍්චං. භවසුඛස‍්සාදගධිතානං වා සත‍්තානං සංවෙගජනනත්‍ථං පඨමං දුක‍්ඛමාහ. තං නෙව අකතං ආගච‍්ඡති, න ඉස‍්සරනිම‍්මානාදිතො හොති, ඉතො පන හොතීති ඤාපනත්‍ථං තදනන‍්තරං සමුදයං. තතො සහෙතුකෙන දුක‍්ඛෙන අභිභූතත‍්තා සංවිග‍්ගමානසානං දුක‍්ඛනිස‍්සරණගවෙසීනං නිස‍්සරණදස‍්සනෙන අස‍්සාසජනනත්‍ථං නිරොධං. තතො නිරොධාධිගමනත්‍ථං නිරොධසම‍්පාපකං මග‍්ගන‍්ති අයමෙතෙසං කමො.

මෙහිද, දළ බැවින්ද, සියලු සත්ත්වයින්ට සාධාරණ හෙයින්ද අවබෝධය පහසුවන හෙයින්ද, දුක්ඛ සත්‍යය පළමුවද, එම දුකෙහිම හේතු දැක්වීම සඳහා ඉන් අනතුරුව සමුදය සත්‍යයද හේතු නැවැත්මෙන් ඵල නැවැත්ම වේයයි අවබෝධ කරවීමට ඉන්පසු නිරෝධ සත්‍යයද, එය අවබෝධ කිරීමේ ක්‍රමෝපාය දුක්වීම සඳහා අවසානයෙහි මාර්ග සත්‍යයද දෙසන ලදී. භව සුව රස විඳීමෙහි තදින් ඇලුණු සත්ත්වයින්ට, බිය ඇතිකරලීම සඳහා පළමුව දුකද, එය ස්වයං සිද්ධව නොඑයි. ඊශ්වර නිර්මාණාදියකින්ද නොවෙයි. මෙකරුණෙන් වේයයි අවබෝධ කරවීමට ඉන් අනතුරුව සමුදයද, එම හේතු සහිත දුකින් මැඩුණු හෙයින් බියෙන් ඇලලුණු මනසින් යුත්, දුකින් නික්මීම සොයන්නවුනට, දුකින් නිදහස්වීම දැක්වීමෙන්, සැනසිල්ල ඇතිකරලීම සඳහා නිරෝධයද, ඉන් නිරෝධයට පැමිණීම සඳහා නිරෝධයට පමුණුවන මාර්ගයයි දේශනා කළේය. මේ ඒවායෙහි ක්‍රමයයි.

එතෙසු පන භාරො විය දුක‍්ඛසච‍්චං දට‍්ඨබ‍්බං, භාරාදානමිව සමුදයසච‍්චං, භාරනික‍්ඛෙපනමිව නිරොධසච‍්චං, භාරනික‍්ඛෙපනූපායො විය මග‍්ගසච‍්චං. රොගො විය වා දුක‍්ඛසච‍්චං, රොගනිදානමිව සමුදයසච‍්චං, රොගවූපසමො විය නිරොධසච‍්චං, භෙසජ‍්ජමිව මග‍්ගසච‍්චං. දුබ‍්භික‍්ඛමිව වා දුක‍්ඛසච‍්චං, දුබ‍්බුට‍්ඨි විය සමුදයසච‍්චං, සුභික‍්ඛමිව නිරොධසච‍්චං, සුවුට‍්ඨි විය මග‍්ගසච‍්චං. අපිච වෙරීවෙරමූලවෙරසමුග‍්ඝාතවෙරසමුග‍්ඝාතූපායෙහි, විසරුක‍්ඛරුක‍්ඛමූලමූලූපච‍්ඡෙදතදුපච‍්ඡෙදූපායෙහි, භයභයමූලනිබ‍්භයතදධිගමූපායෙහි, ඔරිමතීරමහොඝපාරිමතීරතංසම‍්පාපකවායාමෙහි ච යොජෙත්‍වාපෙතානි උපමාතො වෙදිතබ‍්බානීති.

ඒවාහි දුක්ඛ සත්‍යය බරක් මෙන් දතයුතුය. සමුදය සත්‍යය බර අල්ලාගැන්ම මෙනි. නිරෝධ සත්‍යය බර අත්හැර දමන්නාක් වැනිය. බර අත්හැර දමන උපාය මාර්ගය මෙනි මාර්ග සත්‍යය, දුක්ඛ සත්‍යය රෝගයක් මෙනි. සමුදය සත්‍යය රෝග නිදානයක් මෙනි. නිරෝධ සත්‍යය රෝග සන්සිඳීමක් මෙනි. මාර්ග සත්‍යය බෙහෙදක් මෙනි. දුක්ඛ සත්‍යය දුර්භික්‍ෂයක් මෙනි. සමුදය සත්‍යය නොමනා වැස්සක් මෙනි. නිරෝධ සත්‍යය සශ්‍රීකයක් මෙනි. මාර්ග සත්‍යය මහා වර්ෂාපතනයක් මෙනි. තවද, සතුරා සතුරුකම, සතුරා නැසීම, සතුරා නසන උපාය මාර්ගයන් වශයෙන්ද, විෂ රුක, රුක්මුල, මුල් සිඳීම, මුල් සිඳිනා උපාය මාර්ගයන් වශයෙන්ද, බිය, බියෙහි හේතුව, නිර්භයතාවය, එයට පැමිණීමේ උපාය මාර්ගය වශයෙන්ද මෙතෙර, සැඩදිය පහර, පරතෙර, එතෙරට පමුණුවන උත්සාහයක් වශයෙන්දැයි මේවා යොදා උපමා වශයෙන් දතයුත්තාහ.

සබ‍්බානෙව පනෙතානි සච‍්චානි පරමත්‍ථෙන වෙදකකාරකනිබ‍්බුතගමකාභාවතො සුඤ‍්ඤානීති වෙදිතබ‍්බානි. තෙනෙතං වුච‍්චති –

මෙහි සියලුම සත්‍යයෝ පරමාර්ථ වශයෙන් විඳින, කරන, නිවුණු, ගමන්කරන පුද්ගලයෙකුගේ අභාවයෙන් ශූන්‍යයයි දතයුත්තාහ. එහෙයින් මෙය කියනු ලැබේ.

“දුක‍්ඛමෙව හි න කොචි දුක‍්ඛිතො, කාරකො න කිරියාව විජ‍්ජති; අත්‍ථි නිබ‍්බුති න නිබ‍්බුතො පුමා, මග‍්ගමත්‍ථි ගමකො න විජ‍්ජතී”ති.

දුක්ඛමෙවහි න කොචි දුක්ඛිතො - කාරකො න කිරියාච විජ්ජති, අත්‍ථි නිබ්බුති න නිබ්බුතො පුමා- මග්ගමත්‍ථි ගමකො න විජ්ජති’ති

දුකක් පමණක් ඇත. දුකට පත්වූවෙක් නැත. කරන්නෙක් නැත. ක්‍රියාවක් පමණක් ඇත. නිවීමක් ඇත. නිවුණු පුද්ගලයෙක් නැත. මාර්ගයක් ඇත. ගමන් කරන්නෙක් නැත.

අථ වා –

තවද,

ධුවසුභසුඛත‍්තසුඤ‍්ඤං, පුරිමද‍්වයමත‍්තසුඤ‍්ඤමමතපදං; ධුවසුඛඅත‍්තවිරහිතො, මග‍්ගො ඉති සුඤ‍්ඤතා තෙසු.

ධුවසුභ සුඛත්ත සුඤ්ඤං - පුරිමද්වය මත්ත සුඤ්ඤ මමත පදං, ධුව සුඛ අත්තරහිතො - මග්ගො ඉති සුඤ්ඤතා තෙසු

ප්‍රථම ද්වයය ස්ථිර, ශුභ, සුව, ආත්ම ශූන්‍යයි නිවන ආත්ම ශූන්‍යයි. මාර්ගය ස්ථිර, සුව, ආත්ම රහිතයි. ඒවාහි ශූන්‍යතාවය මෙසේයි.

නිරොධසුඤ‍්ඤානි වා තීණි, නිරොධො ච සෙසත‍්තයසුඤ‍්ඤො. ඵලසුඤ‍්ඤො වා එත්‍ථ හෙතු සමුදයෙ දුක‍්ඛස‍්ස අභාවතො, මග‍්ගෙ ච නිරොධස‍්ස, න ඵලෙන සගබ‍්භො පකතිවාදීනං පකති විය. හෙතුසුඤ‍්ඤඤ‍්ච ඵලං දුක‍්ඛසමුදයානං නිරොධමග‍්ගානඤ‍්ච අසමවායා, න හෙතුසමවෙතං හෙතුඵලං සමවායවාදීනං ද‍්විඅණුකාදි විය. තෙනෙතං වුච‍්චති –

නිරෝධය ස්ථිර, ශුභ,-සුව යන ත්‍රයයෙක් ශූන්‍යයි. නිරෝධයද, සෙසු ත්‍රයයද ඵල ශූන්‍යයි. මෙහි දුකෙහි හේතු හටගැනීමෙහි අභාව හෙයින් මාර්ගයෙහිද නිරෝධයෙහිද අභාවය වේ. ප්‍රකෘතිවාදීන්ගේ ප්‍රකෘතිය මෙන් ඵලයෙන් අන්තර්ගතය විනාශ නොවේ. ඵලය හේතුයෙන් ශූන්‍යය වනවිට දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ගයන්ගේ එක්තැන් වීම නොවේ. හේතුඵලය හේතුවට සම නොවේය යන්න හේතුඵල සමවාය වාදීන්ගේ අනුකද්වයාදිය මෙනි.

“තයමිධ නිරොධසුඤ‍්ඤං, තයෙන තෙනාපි නිබ‍්බුතී සුඤ‍්ඤා; සුඤ‍්ඤො ඵලෙන හෙතු, ඵලම‍්පි තංහෙතුනා සුඤ‍්ඤ”න‍්ති.

තයමිධ නිරොධ සුඤ්ඤං - තයෙන තෙනාපි නිබ්බුති සුඤ්ඤා, සුඤ්ඤො ඵලනෙ හෙතු - ඵලම්පි තං හෙතුනා සුඤ්ඤ’න්ති

ඒ මෙහි නිරෝධය ත්‍රයයකින් ශූන්‍යයි. එහෙයින් නිවණ ශූන්‍යයි. හේතුව ඵලයෙන් ශූන්‍යයි. ඵලයද හේතුවෙන් ශූන්‍යයි.

සබ‍්බානෙව සච‍්චානි අඤ‍්ඤමඤ‍්ඤසභාගානි අවිතථතො අත‍්තසුඤ‍්ඤතො දුක‍්කරපටිවෙධතො ච. යථාහ –

මේ සියලුම සත්‍යයෝ අසත්‍ය නොවන හෙයින්ද, ආත්ම ශූන්‍යය හෙයින්ද, අවබෝධය දුෂ්කර හෙයින්ද ඔවුනොවුන් සමානයහ. දෙසූ පරිදි;

“තං කිං මඤ‍්ඤසි, ආනන්‍ද, කතමං නු ඛො දුක‍්කරතරං වා දුරභිසම‍්භවතරං වා, යො දූරතොව සුඛුමෙන තාළච‍්ඡිග‍්ගළෙන අසනං අතිපාතෙය්‍ය පොඞ‍්ඛානුපොඞ‍්ඛං අවිරාධිතං, යො වා සත‍්තධා භින‍්නස‍්ස වාලස‍්ස කොටියා කොටිං පටිවිජ‍්ඣෙය්‍යාති? එතදෙව, භන‍්තෙ, දුක‍්කරතරඤ‍්චෙව දුරභිසම‍්භවතරඤ‍්ච; යො වා සත‍්තධා භින‍්නස‍්ස වාලස‍්ස කොටියා කොටිං පටිවිජ‍්ඣෙය්‍යාති; අථ ඛො තෙ, ආනන්‍ද, දුප‍්පටිවිජ‍්ඣතරං පටිවිජ‍්ඣන‍්ති, යෙ ‘ඉදං දුක‍්ඛ’න‍්ති යථාභූතං පටිවිජ‍්ඣන‍්ති…පෙ… ‘අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා’ති යථාභූතං පටිවිජ‍්ඣන‍්තී”ති (සං· නි· 5.1115);

ආනන්දය, ඔබ කුමක් කියා සිතන්නෙහිද? යමෙක් දුරසිටම යතුරු කඩොල්ලකින් හීයක් නොවැරදීම එකක් හැර එකක් විදින්නේය. යමෙක් කැබලි සියයකට කඩන ලද අස් කෙන්දක් කොණින් කොණ නැවත එකතු කරන්නේද, ඉන් කවරක් වනාහි අතිශය දුෂ්කරද? සිදුවීම ඉතා දුෂ්කර වන්නේද? යමෙක් සියක් කඩකට කඩන ලද අස්කෙන්දක් කොනින් කොන අවබෝධ කරන්නේද, ස්වාමීනි, එයම අතිශය දුෂ්කරද, සිදුවීම ඉතා දුෂ්කරද වන්නේය. එකල්හි ආනන්දය, යමෙක් මෙය දුකයයි යථා ස්වරූපයෙන් අවබෝධ කෙරෙත්ද -පෙ- මේ දුක් නිරෝධයට පමුණුවන ප්‍රතිපදාවයයි තත්වාකාරයෙන් අවබෝධ කෙරෙත්ද? ඔවුහු අවබෝධයට අති දුෂ්කර වූවක් අවබෝධ කරති.

විසභාගානි සලක‍්ඛණවවත්‍ථානතො. පුරිමානි ච ද‍්වෙ සභාගානි දුරවගාහත්‍ථෙන ගම‍්භීරත‍්තා ලොකියත‍්තා සාසවත‍්තා ච, විසභාගානි ඵලහෙතුභෙදතො පරිඤ‍්ඤෙය්‍යපහාතබ‍්බතො ච. පච‍්ඡිමානිපි ද‍්වෙ සභාගානි ගම‍්භීරත‍්තෙන දුරවගාහත‍්තා ලොකුත‍්තරත‍්තා අනාසවත‍්තා ච, විසභාගානි විසයවිසයීභෙදතො සච‍්ඡිකාතබ‍්බභාවෙතබ‍්බතො ච. පඨමතතියානි චාපි සභාගානි ඵලාපදෙසතො, විසභාගානි සඞ‍්ඛතාසඞ‍්ඛතතො . දුතියචතුත්‍ථානි චාපි සභාගානි හෙතුඅපදෙසතො, විසභාගානි එකන‍්තකුසලාකුසලතො. පඨමචතුත්‍ථානි චාපි සභාගානි සඞ‍්ඛතතො, විසභාගානි ලොකියලොකුත‍්තරතො. දුතියතතියානි චාපි සභාගානි නෙවසෙක‍්ඛනාසෙක‍්ඛභාවතො, විසභාගානි සාරම‍්මණානාරම‍්මණතො.

විසභාගයන් ලකුණු සහිතව වෙන් කිරීමෙන්ද, ප්‍රථම ද්වය ගැඹුරු බැවින්ද, ලෞකික බැවින්ද, ආස්‍රව සහිත බැවින්ද, අවබෝධ කිරීම් වශයෙන් බැසගැන්මෙහි සමාන වූවාහු වෙති. ඵල හේතු භේදයෙන් හා විශේෂයෙන් දතයුතු වශයෙන්ද ප්‍රහාණය කළයුතු වශයෙන්ද විසම වූවාහු වෙති. පශ්චිම ද්වයය ලෝකෝත්තර බැවින්ද, ආශ්‍රව රහිත බැවින්ද, ගැඹුරු බැවින්, අවබෝධය දුෂ්කර හෙයින්ද, සමාන වූවාහු වෙති. අරමුණ හා අරමුණු වන දෙය වශයෙන්ද, ප්‍රත්‍යක්‍ෂ කළයුතු හා වැඩියයුතු වශයෙන්ද විසභාග වූවාහු වෙති. ප්‍රථම තෘතිය ද්වයය ඵල පෙන්වීම හෙයින් සමාන වූවාහු වෙති. ප්‍රත්‍යයෙන් හටගත්, නොගත් වශයෙන් විසභාග වූවාහු වෙති. දෙවන සිව්වන ද්වයය හේතු පෙන්වන හෙයින් සමාන වූවාහු වෙති. ඒකාන්ත කුසල් අකුසල් වශයෙන් විසභාග වූවාහු වෙති. ප්‍රථම හා සිව්වන ද්වයය සංඛත වශයෙන් සමාන වූවාහු වෙති. ලෞකික ලෝකෝත්තර වශයෙන් විසභාග වූවාහු වෙති. දෙවන, තෙවන ද්වයය ශෛක්‍ෂ්‍ය නොවූ අශෛක්‍ෂ්‍ය නුවූ භාවයෙන් සමාන වූවාහු වෙති. අරමුණු සහිත හා අරමුණු රහිත භාවයෙන් විසභාග වූවාහු වෙති.

“ඉති එවං පකාරෙහි, නයෙහි ච විචක‍්ඛණො; විජඤ‍්ඤා අරියසච‍්චානං, සභාගවිසභාගත”න‍්ති.

ඉති එවං පකාරෙති - නයෙහිච විචක්ඛණො, විජඤ්ඤා අරිය සච්චානං - සභාග විසභාගතන්ති

මෙසේ මේ ආකාරයන්ගෙන්, ක්‍රමයන්ගෙන් නුවණැත්තේ ආර්ය සත්‍යයන්ගේ සමාන අසමානකම් මනාව දැනගන්නේය.

සබ‍්බමෙව චෙත්‍ථ දුක‍්ඛං එකවිධං පවත‍්තිභාවතො, දුවිධං නාමරූපතො, තිවිධං කාමරූපාරූපූපපත‍්තිභවභෙදතො, චතුබ‍්බිධං චතුආහාරභෙදතො, පඤ‍්චවිධං පඤ‍්චුපාදානක‍්ඛන්‍ධභෙදතො. සමුදයොපි එකවිධො පවත‍්තකභාවතො, දුවිධො දිට‍්ඨිසම‍්පයුත‍්තාසම‍්පයුත‍්තතො, තිවිධො කාමභවවිභවතණ‍්හාභෙදතො, චතුබ‍්බිධො චතුමග‍්ගප‍්පහෙය්‍යතො, පඤ‍්චවිධො රූපාභිනන්‍දනාදිභෙදතො, ඡබ‍්බිධො ඡතණ‍්හාකායභෙදතො. නිරොධොපි එකවිධො අසඞ‍්ඛතධාතුභාවතො, පරියායතො පන දුවිධො සඋපාදිසෙසඅනුපාදිසෙසතො, තිවිධො භවත‍්තයවූපසමතො, චතුබ‍්බිධො චතුමග‍්ගාධිගමනීයතො, පඤ‍්චවිධො පඤ‍්චාභිනන්‍දනවූපසමතො, ඡබ‍්බිධො ඡතණ‍්හාකායක‍්ඛයභෙදතො. මග‍්ගොපි එකවිධො භාවෙතබ‍්බතො, දුවිධො සමථවිපස‍්සනාභෙදතො, දස‍්සනභාවනාභෙදතො වා, තිවිධො ඛන්‍ධත‍්තයභෙදතො. අයඤ‍්හි සප‍්පදෙසත‍්තා නගරං විය රජ‍්ජෙන නිප‍්පදෙසෙහි තීහි ඛන්‍ධෙහි සඞ‍්ගහිතො. යථාහ –

මෙහි සියලුම දුඃඛය පවත්නා ස්වභාවය වශයෙන් එක් ආකාරයකි. නාමරූප වශයෙන් දෙයාකාරය. කාම, රූප, අරූප, උත්පත්ති භව භේද වශයෙන් තෙවැදෑරුම්ය. සිවු ආහාර භේදයෙන් සතරාකාරය. පංච උපාදානස්කන්ධ භේදයෙන් පස්වැදෑරුම්ය. සමුදයද පවත්වන්නා වූ ස්වභාව වශයෙන් එක්වැදෑරුම්ය. දෘෂ්ටි සම්ප්‍රයුක්ත, අසම්ප්‍රයුක්ත වශයෙන් දෙයාකාරය. කාම, භව, විභව තෘෂ්ණා භේදයෙන් තෙවැදෑරුම්ය. චතුර් මාර්ග ප්‍රභේදයෙන් සිවු වැදෑරුම්ය. රූපාදීන්හි සතුටුවීම් වශයෙන් පස් වැදෑරුම්ය. ෂට් තෘෂ්ණා කාය භේදයෙන් සවැදෑරුම්ය. නිරෝධයද ප්‍රත්‍යයෙන් හටනොගත් ධාතූන්ගේ ස්වභාවයෙන් එක් වැදෑරුම්ය. ආකාර වශයෙන් සඋපාදිසෙස, අනුපාදිසෙස වශයෙන් දෙවැදෑරුම්ය. භවත්‍රය සන්සිඳවන හෙයින් තෙවැදෑරුම්ය. සිවු මගින් අවබෝධ කළයුතු හෙයින් සිව් වැදෑරුම්ය. පස් අභිනන්දනයන් සංසිඳවන හෙයින් පස්වැදෑරුම්ය. ෂට් තෘෂ්ණා කායයන් ක්‍ෂය භේදයෙන් ෂට් වැදෑරුම්ය. මාර්ගයද වැඩිය යුතු වශයෙන් එක් වැදෑරුම්ය. සමථ විදර්ශනා වශයෙන්ද දර්ශන-භාවනා භේද වශයෙන්ද දෙවැදෑරුම්ය. ස්කන්ධත්‍රය භේදයෙන් තෙවැදෑරුම්ය. දෙසූ පරිදි,

“න ඛො, ආවුසො විසාඛ, අරියෙන අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන තයො ඛන්‍ධා සඞ‍්ගහිතා, තීහි ච ඛො, ආවුසො විසාඛ, ඛන්‍ධෙහි අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො සඞ‍්ගහිතො. යා, චාවුසො විසාඛ, සම‍්මාවාචා යො ච සම‍්මාකම‍්මන‍්තො යො ච සම‍්මාආජීවො, ඉමෙ ධම‍්මා සීලක‍්ඛන්‍ධෙ සඞ‍්ගහිතා. යො ච සම‍්මාවායාමො යා ච සම‍්මාසති යො ච සම‍්මාසමාධි, ඉමෙ ධම‍්මා සමාධික‍්ඛන්‍ධෙ සඞ‍්ගහිතා. යා ච සම‍්මාදිට‍්ඨි යො ච සම‍්මාසඞ‍්කප‍්පො, ඉමෙ ධම‍්මා පඤ‍්ඤාක‍්ඛන්‍ධෙ සඞ‍්ගහිතා”ති (ම· නි· 1.462).

ඇවැත්නි විශාඛය, ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් ස්කන්ධත්‍රය සංග්‍රහ නොකරන ලදී. ඇවැත්නි, විශාඛය ස්කන්ධත්‍රයකින් අර්ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහ කරන ලදී. ඇවැත්නි විශාඛය යම් සම්‍යක් වචනයක් වන්නීද, යම් සම්‍යක් කර්මාන්තයක් වේද, යම් සම්‍යග් ආජීවයක් වේද, මේ ධර්ම සීල ස්කන්ධයෙහි සංග්‍රහ කරන ලදී. යම් සම්‍යක් ව්‍යායාමයක් වේද, යම් සම්‍යග් සතියක් වන්නීද, යම් සම්‍යග් සමාධියක් වේද, මේ ධර්ම සමාධි ස්කන්ධයෙහි සංග්‍රහ කරන ලදී. යම් සම්‍යග් දෘෂ්ටියක් වන්නීද, යම් සම්‍යග් සංකල්පයක් වේද, මේ ධර්ම ප්‍රඥා ස්කන්ධයෙහි සංග්‍රහ කරන ලදී.

චතුබ‍්බිධො සොතාපත‍්තිමග‍්ගාදිවසෙන.

සෝවාන් මාර්ගාදී වශයෙන් සතරාකාරය.

අපිච සබ‍්බානෙව සච‍්චානි එකවිධානි අවිතථත‍්තා, අභිඤ‍්ඤෙය්‍යත‍්තා වා. දුවිධානි ලොකියලොකුත‍්තරතො, සඞ‍්ඛතාසඞ‍්ඛතතො වා. තිවිධානි දස‍්සනභාවනාහි පහාතබ‍්බතො අප‍්පහාතබ‍්බතො නෙවපහාතබ‍්බනාපහාතබ‍්බතො ච. චතුබ‍්බිධානි පරිඤ‍්ඤෙය්‍යපහාතබ‍්බසච‍්ඡිකාතබ‍්බභාවෙතබ‍්බතොති.

තවද, මේ සියලුම සත්‍යයෝ, අසත්‍ය නුවූ හෙයින්ද, විශිෂ්ට ඥානයෙන් දතයුතු හෙයින්ද එක් වැදෑරුම්ය. ලෞකික ලෝකෝත්තර වශයෙන්ද, සංඛත අසංඛත වශයෙන්ද දෙවැදෑරුම්ය. දර්ශන භාවනාවන්ගෙන්, ප්‍රහාණය කළයුතු වශයෙන්ද, ප්‍රහාණය නොකළ යුතු වශයෙන්ද, ප්‍රහාණය නොකළ යුතු, ප්‍රහාණය නොකළ යුතු නොවන වශයෙන් තෙවැදෑරුම්ය. විශේෂ ඤාණයෙන් දතයුතු, ප්‍රහාණය කළයුතු, ප්‍රත්‍යක්‍ෂ කළයුතු, වැඩිය යුතු වශයෙන් සිවු වැදෑරුම්ය.

“එවං අරියසච‍්චානං, දුබ‍්බොධානං බුධො විධිං; අනෙකභෙදතො ජඤ‍්ඤා, හිතාය ච සුඛාය චා”ති.

එවං අරිය සච්චානං - දුබ්බොධානං බුධො විධිං, අනෙක භෙදතො ජඤ්ඤා - හිතායච සුඛායචාති

මෙසේ ආර්ය සත්‍යයන්ගේ අවබෝධයට දුෂ්කර ක්‍රම තමාගේත්, අන්‍යයාගේත් හිතසුව සඳහා නැණැත්තේ දැනගන්නේය.

සච‍්චපකිණ‍්ණකවණ‍්ණනා නිට‍්ඨිතා.

චතුරාර්ය සත්‍යය ප්‍රකීර්ණක වර්ණනාව නිමි.

ඉදානි ධම‍්මසෙනාපති භගවතා දෙසිතක‍්කමෙනෙව අන‍්තෙ සච‍්චචතුක‍්කං නිද‍්දිසිත්‍වා “තං ඤාතට‍්ඨෙන ඤාණ”න‍්තිආදිනා සච‍්චචතුක‍්කවසෙන සුතමයෙ ඤාණං නිගමෙත්‍වා දස‍්සෙති. එවං “සොතාවධානෙ පඤ‍්ඤා සුතමයෙ ඤාණ”න‍්ති පුබ‍්බෙ වුත‍්තං සබ‍්බං නිගමෙත්‍වා දස‍්සෙතීති.

දැන් දම්සෙනෙවි සැරියුත් මහරහතන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ක්‍රමයෙන්ම අන්තයෙහි සත්‍යය චතුෂ්කය නිර්දේශකොට එය ‘ඤාතට්ඨෙන ඤාණං’ ආදී සත්‍ය චතුෂ්කය වශයෙන් ශෘතමයෙ ඤාණය නිගමනය කොට දක්වයි. මෙසේ සොතාවධානෙ පඤ්ඤා සුතමයෙ ඤාණං යයි පෙර කියන ලද සියල්ල නිගමනය කොට දක්වයි.

සද‍්ධම‍්මප‍්පකාසිනියා පටිසම‍්භිදාමග‍්ගට‍්ඨකථාය

සද්ධර්මප්‍රකාශනී, ප්‍රතිසම්භිදා මාර්ග අටුවා කථායෙහි

සුතමයඤාණනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

ශ්‍රැතමයෙ ඥාන නිර්දේශ වර්ණනාව නිමි.