2. සීලමයඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
2. සීලමයඤාණනිද්දෙසවණ්ණනා
2. සීලමය ඤාණ නිර්දේශ වර්ණනාව
සීලමයඤාණනිද්දෙසෙ පඤ්චාති ගණනපරිච්ඡෙදො. සීලානීති පරිච්ඡින්නධම්මනිදස්සනං. පරියන්තපාරිසුද්ධිසීලන්තිආදි පඤ්චන්නං සරූපතො දස්සනං. පරියන්තපාරිසුද්ධීතිආදීසු යථා නීලවණ්ණයොගතො වත්ථම්පි නීලමස්ස අත්ථීති නීලන්ති වුච්චති, එවං ගණනවසෙන පරියන්තො පරිච්ඡෙදො අස්සා අත්ථීති පරියන්තා, උපසම්පන්නසීලෙ පත්තො අනුපසම්පන්නසීලස්ස අවසානසබ්භාවතො වා පරියන්තො අවසානං අස්සා අත්ථීති පරියන්තා. සපරියන්තාති වා වත්තබ්බෙ සකාරලොපො කතොති වෙදිතබ්බො “දකං දකාසයා පවිසන්තී”ති (සං· නි· 3.78; අ· නි· 4.33) එත්ථ උකාරලොපො විය. පරිසුද්ධභාවො පාරිසුද්ධි, පරියන්තා ච සා පාරිසුද්ධි චාති පරියන්තපාරිසුද්ධි, පරියන්තපාරිසුද්ධිසඞ්ඛාතං සීලං පරියන්තපාරිසුද්ධිසීලං. වුත්තපටිපක්ඛෙන න පරියන්තාති අපරියන්තා, නත්ථි එතිස්සා පරියන්තොතිපි අපරියන්තා, වුද්ධො එතිස්සා පරියන්තොතිපි අපරියන්තා. සමාදානතො පභුති අඛණ්ඩිතත්තා ඛණ්ඩිතාපි කතපටිකම්මත්තා චිත්තුප්පාදමත්තකෙනාපි මලෙන විරහිතත්තා ච පරිසුද්ධජාතිමණි විය සුධන්තසුපරිකම්මකතසුවණ්ණං විය ච පරිසුද්ධත්තා අරියමග්ගස්ස පදට්ඨානභූතා අනූනට්ඨෙන පරිපූණ්ණා. දිට්ඨියා පහීනත්තා දිට්ඨිපරාමාසෙන අග්ගහිතත්තා අපරාමට්ඨා.අයං තෙ සීලෙ දොසොති කෙනචි චොදකෙන පරාමසිතුං අසක්කුණෙය්යත්තා වා අපරාමට්ඨා. අරහත්තඵලක්ඛණෙ සබ්බදරථපටිප්පස්සද්ධියා පටිප්පස්සද්ධි. අනුපසම්පන්නානන්ති අනවසෙසසමාදානවසෙන සීලසම්පදාය භුසං සම්පන්නාති උපසම්පන්නා, න උපසම්පන්නා අනුපසම්පන්නා. තෙසං අනුපසම්පන්නානං.
සීලමය ඤාණ නිර්දේශයෙහි: පඤ්ච යනු ගණන් පිරිසඳීමයි. සීලානි යනු ධර්මයන් වෙන්කොට දැක්වීමයි. පරියන්ත පාරිසුද්ධි සීලං යනු පංචකයන් ස්වරූප වශයෙන් දැක්වීමයි. පරියන්ත පාරිසුද්ධි ආදීන්හි, යම්සේ නීලවර්ණය යෙදීමෙන් වස්ත්‍රයද, මෙයට නිල ඇත්තේනුයි: නීලයයි කියනු ලැබේ. මෙසේ ගණන් වශයෙන්, කෙළවරක් පිරිසිඳීමක් එයට ඇත්තේනුයි - පරියන්තයි. උපසපන් සීලයට පත් අනුපසපන් සීලයාගේ අවසාන යහපත් ස්වභාවය බැවින්, කෙළවරක් අවසානයක් එයට ඇත්තේනුයි පරියන්තායි. ‘සපරියන්තයි’ කිවයුතු කල්හි ‘සකාර ලෝපය කරන ලද්දේයයි දතයුතුය. එය ‘දකාසයා පවිසන්ති’ යන මෙහි උකාර ලෝපය මෙනි. පිරිසිදු බව පාරිසුද්ධියි. පිරිසිඳීම, පාරිශුද්ධියද එයමනුයි. පරියන්ත පාරිසුද්ධියි. පරියන්ත පාරිසුද්ධි සංඛ්‍යාත සීලය පරියන්ත පාරිසුද්ධි සීලයයි කියන ලද්දට විරුද්ධ ස්වභාවයෙන් පිරිසිඳීමක් නැත්තේනුයි අපරියන්තයි. එයට පිරිසිඳීමක් නැත්තේනුයි අපරියන්තයි. සමාදානයෙහි පටන්, භේදයට නොපැමිණවූයේ, භේදයක් වූයේද, කරන ලද පිළියම් ඇත්තාහු, චිත්තොත්පාද මාත්‍ර වූද, මලින් තොර වූ බැවින්, පිරිසිදු දෑරඟ මිණක් මෙන්, මනාව පිරියම් කරන ලද රන්බඳුනක් මෙන්ද පිරිසිදු බැවින් ආර්ය මාර්ගයට ආසන්න කාරණ වූ අඩු නොවූ අර්ථයෙන් පරිපුණ්ණා නම් වේ. දෘෂ්ටිය ප්‍රහීණ හෙයින් දෘෂ්ටි අල්වා ගැනීමෙන් අල්ලා නොගත් හෙයින් අපරාමට්ඨ නම් වේ. මේ ඔබගේ සීලයෙහි දොසැයි කිසි චූදිතයෙකු විසින් ස්පර්ශ කරන්ට නොහැකි වන හෙයින් හෝ අපරාමට්ඨයි. අර්හත් ලක්ෂණයෙහි සියලු දාහ සන්සිඳීම් අර්ථයෙන් පටිප්පස්සද්ධියි. අනුපසම්පන්නානං යනු සේස රහිත සමාදන්වීම් වශයෙන් සීල සම්පත්තියෙහි බොහෝ සේ යුක්ත වූයේනුයි උපසම්පන්නයි - උපසම්පන්න නුවූයේ අනුසම්පන්නය ඒ උපසම්පන්න නුවූවන්ගේ.
පරියන්තසික්ඛාපදානන්ති එත්ථ සික්ඛිතබ්බට්ඨෙන සික්ඛා, කොට්ඨාසට්ඨෙන පදානි, සික්ඛිතබ්බකොට්ඨාසානීති අත්ථො. අපිච සීලෙ පතිට්ඨිතෙන උපරිපත්තබ්බත්තා සබ්බෙ කුසලා ධම්මා සික්ඛා, සීලානි තාසං සික්ඛානං පතිට්ඨට්ඨෙන පදානීති සික්ඛානං පදත්තා සික්ඛාපදානි , පරියන්තානි සික්ඛාපදානි එතෙසන්ති පරියන්තසික්ඛාපදා. තෙසං පරියන්තසික්ඛාපදානං. එත්ථ ච ද්වෙ පරියන්තා සික්ඛාපදපරියන්තො ච කාලපරියන්තො ච. කතමො සික්ඛාපදපරියන්තො? උපාසකොපාසිකානං යථාසමාදානවසෙන එකං වා ද්වෙ වා තීණි වා චත්තාරි වා පඤ්ච වා අට්ඨ වා දස වා සික්ඛාපදානි හොන්ති, සික්ඛමානසාමණෙරසාමණෙරීනං දස සික්ඛාපදානි. අයං සික්ඛාපදපරියන්තො. කතමො කාලපරියන්තො? උපාසකොපාසිකා දානං දදමානා පරිවෙසනපරියන්තං සීලං සමාදියන්ති, විහාරගතා විහාරපරියන්තං සීලං සමාදියන්ති, එකං වා ද්වෙ වා තයො වා භිය්යො වා රත්තින්දිවානි පරිච්ඡෙදං කත්වා සීලං සමාදියන්ති. අයං කාලපරියන්තො. ඉමෙසු ද්වීසු පරියන්තෙසු සික්ඛාපදං පරියන්තං කත්වා සමාදින්නං සීලං වීතික්කමනෙන වා මරණෙන වා පටිප්පස්සම්භති, කාලං පරියන්තං කත්වා සමාදින්නං තංතංකාලාතික්කමෙන පටිප්පස්සම්භති.
පරියන්ත සික්ඛාපදානං යනු මෙහි හික්මිය යුතු අර්ථයෙන් ශික්ෂායි. කොටස් අර්ථයෙන් පදයි. හික්මිය යුතු කොට්ඨාසයන්ය යන අර්ථයි. තවද, ශීලයෙහි පිහිටියහු විසින්, මත්තෙහි පැමිණිය යුතු හෙයින් සියලු කුසල්දම් ශික්ෂාවෝය. සීලයෝ ඒ ශික්ෂාවන්ගේ පිහිටීම් අර්ථයෙන්, පද වූවාහුයයි ශික්ෂාවන්ගේ පද හෙයින් ශික්ෂාපද වේ. පර්යන්ත ශික්ෂාපද මොවුන්ටනුයි පරියන්ත ශික්ෂාපදයි. එ් පර්යන්ත ශික්ෂාපදන්ගේ එහිද පර්යන්ත ද්වයයකි. ශික්ෂාපද පර්යන්තය, කාල පර්යන්තය වශයෙනි. ශික්ෂාපද පර්යන්තය කවරේද යත්, උපාසක උපාසිකාවන්ගේ සමාදන් වීම් වශයෙන් යම්සේ, එක, දෙක, තුන, හතර, පහ, අට, දහය හෝ ශික්ෂාපද වෙති. උපසම්පදාව සඳහා හික්මෙනු ලබන සාමණේර, සාමණේරීන්ට ශික්ෂාපද දසයකි. මේ ශික්ෂාපද පර්යන්ත නම් වේ. කාල පර්යන්ත කවරේද? උපාසක උපාසිකාවෝ දන් දෙනු ලබන්නාහු දන් වළඳවන කාලය පර්යන්ත කොට සිල් සමාදන් වෙති. වෙහෙරට ගියාහු එහි ගතකරන කාලය පර්යන්ත කොට සිල් සමාදන් වෙති. එක-දෙක-තුන හෝ ඊට වැඩියෙන් හෝ රෑ දවල් නියමකොට සිල් සමාදන් වෙති. මේ කාල පරියන්ත නම් වේ. මේ පර්යන්ත ද්වයෙහි ශික්ෂාපද පර්යන්තකොට සමාදන් වූ සීලය ඉක්මවීමෙහි හෝ මරණයෙහි සන්සිඳේ. කාල පර්යන්ත කොට සමාදන් වන ලද්ද, ඒ කාලාතික්රමණයෙන් සන්සිඳේ.
අපරියන්තසික්ඛාපදානන්ති –
අපරියන්ත සික්ඛාපදානං යනු,
“නව කොටිසහස්සානි, අසීති සතකොටියො; පඤ්ඤාස සතසහස්සානි, ඡත්තිංස ච පුනාපරෙ.
නවකොටි සහස්සානි - අසීතිං සත කොටියො, පඤ්ඤාසනා සත සහස්සානි - ඡත්තිංසච පුනාපරෙ
“එතෙ සංවරවිනයා, සම්බුද්ධෙන පකාසිතා; පෙය්‍යාලමුඛෙන නිද්දිට්ඨා, සික්ඛා විනයසංවරෙ”ති. –
එතෙ සංවර විනයා - සම්බුද්ධෙන පකාසිතා, පෙය්යාල මුඛෙන නිද්දිට්ඨා - සික්ඛා විනය සංවරෙ’ති
නවකෙළ දහස්, එකසිය අසූකෝටි පනස් ලක්ෂ සතිසක්, බුදුරදුන් විසින් ප්‍රකාශිත, ඒ සංවර විනය, පෙය්යාල ක්‍රමයෙන් දක්වන ලද්දාහු, සංවර විනයෙහි ශික්ෂාවෝ වෙති.
එවං ගණනවසෙන පරියන්තානම්පි සික්ඛාපදානං අනවසෙසසමාදානභාවවසෙන ලාභයසඤාතිඅඞ්ගජීවිතහෙතු අදිට්ඨපරියන්තභාවවසෙන උපරි රක්ඛිතබ්බසීලපරිච්ඡෙදාභාවවසෙන ච නත්ථි එතෙසං පරියන්තොති අපරියන්තානි. අපරියන්තානි සික්ඛාපදානි එතෙසන්ති අපරියන්තසික්ඛාපදා. තෙසං අපරියන්තසික්ඛාපදානං, වුද්ධපරියන්තසික්ඛාපදානන්ති වා අත්ථො.
මෙසේ ගණන් වශයෙන් පර්යන්ත වුවද, ශික්ෂා පදයන්ගේ සේස රහිත සමාදන් වීම් භාව වශයෙන්, ලාභ, යස, ඤාති ශරීරායව, ජීවිත හේතු වශයෙන් නුදුටු පර්යන්ත භාව වශයෙන්ද මත්තෙහි රැකිය යුතු සීලයන්හි, පිරිසිඳීම් නොවීම් වශයෙන් ඒවාට පර්යන්තයක් නැත්තේනුයි අපරියන්ත වේ. අපරියන්ත සික්ඛාපදයන් ඒවාමනුයි අපරියන්ත ශික්ෂාපදයි. ඒ අපරියන්ත ශික්ෂාපදයන්ගේ; බුද්ධ පර්යන්ත ශික්ෂාපදයන්ගේ හෝ යන අර්ථයි.
පුථුජ්ජනකල්යාණකානන්තිආදීසු –
පුථුජ්ජන කල්‍යාණකානං යනාදීන්හි,
“පුථූනං ජනනාදීහි, කාරණෙහි පුථුජ්ජනො; පුථුජ්ජනන්තොගධත්තා, පුථුවායං ජනො ඉති”. –
පුථූනං ජනනාදිහි - කාරණෙහි පුථුජ්ජනො, පුථුජ්ජනන්තොගධත්තා - පුථුවායං ජනො ඉති
වුත්තපුථුජ්ජනලක්ඛණානතික්කමෙපි –
“දුවෙ පුථුජ්ජනා වුත්තා, බුද්ධෙනාදිච්චබන්ධුනා; අන්ධො පුථුජ්ජනො එකො, කල්‍යාණෙකො පුථුජ්ජනො”ති. –
දුවෙ පුථුජ්ජනා වුත්තා - බුද්ධෙනාදිච්ච බන්ධුනා, අන්ධො පුථුජ්ජනො එකො - කල්‍යාණෙකො පුථුජ්ජනො’ති
පැතිර සිටි කෙලෙස් ආදීන්ගේ, ඉපදවීම් ආදී කරුණුවලින් පෘථග්ජන නම් වේ. පෘථග්ජනයන්ට ඇතුළත් හෙයින්ද මෙම ජනයා පුථුයයි කියනු ලැබේ. කියන ලද පෘථග්ජන ලක්ෂණ නොඉක්මවීමෙහිදී ආදිච්ච බන්ධු බුදුරජුන් විසින්, එක් අන්ධ පෘථග්ජනයෙක්ද එක් කල්‍යාණ පෘථග්ජනයෙක්ද වශයෙන් පෘථග්ජනයෝ දෙදෙනෙක් දේශනා කරන ලදහ.
වුත්තපුථුජ්ජනද්වයෙ කල්යාණධම්මසමාගමෙන අන්ධපුථුජ්ජනභාවං අතික්කම්ම කල්යාණපුථුජ්ජනභාවෙ ඨිතානං පුථුජ්ජනකල්යාණකානං කල්යාණපුථුජ්ජනානන්ති වුත්තං හොති. පුථුජ්ජනෙසු වා කල්‍යාණකානං පුථුජ්ජනකල්යාණකානං.
කියන ලද පෘථග්ජනද්වයෙහි, යහපත් පුද්ගලයන් හා ආශ්රයෙන්, අන්ධ පෘථග්ජන භාවය ඉක්මවා, යහපත් පෘථග්ජන භාවයෙහි සිටියා වූ පෘථග්ජන කල්‍යාණයන්ගේ, කල්‍යාණ පෘථග්ජනයන්ගේ යයි යූසේයි. පෘථග්ජනයන් අතරෙහි යහපත් පෘථග්ජන කල්යාණකයන්ගේ,
කුසලධම්මෙ යුත්තානන්ති එත්ථ කුසලසද්දො තාව ආරොග්යානවජ්ජඡෙකසුඛවිපාකෙසු දිස්සති. අයඤ්හි “කච්චි නු භොතො කුසලං, කච්චි භොතො අනාමය”න්තිආදීසු (ජා· 1.15.146; 2.20.129) ආරොග්යෙ දිස්සති. “කතමො පන, භන්තෙ, කායසමාචාරො කුසලො? යො ඛො, මහාරාජ, කායසමාචාරො අනවජ්ජො”ති (ම· නි· 2.361) ච “පුන චපරං, භන්තෙ, එතදානුත්තරියං යථා භගවා ධම්මං දෙසෙති කුසලෙසු ධම්මෙසූ”ති ච (දී· නි· 3.145) එවමාදීසු අනවජ්ජෙ. “කුසලො ත්වං රථස්ස අඞ්ගපච්චඞ්ගානං (ම· නි· 2.87), කුසලා නච්චගීතස්ස සික්ඛිතා චාතුරිත්ථියො”තිආදීසු (ජා· 2.22.94) ඡෙකෙ. “කුසලානං, භික්ඛවෙ, ධම්මානං සමාදානහෙතු (දී· නි· 3.80). කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා”තිආදීසු (ධ· ස· 431) සුඛවිපාකෙ. ස්වායමිධ ආරොග්යෙපි අනවජ්ජෙපි සුඛවිපාකෙපි වට්ටති.
කුසලධම්මෙ යුත්තානං යනු මෙහි කුසල් ශබ්දය, ආරොග්යයෙහි, නිරවද්‍යයෙහි, දක්ෂතාවෙහි සැපවිපාක ආදියෙහි පෙනේ. මේ වනාහි උදාහරණයි. කෙසේද භවත් ගෞතමයනි, යහපත්ද? කෙසේද භවත් ගෞතමයිනි, නිරෝගිද? ආදී තන්හි ආරොග්යයෙහි පෙනේ. ස්වාමීනි කවරනම් කාය සමාචාරයෙක් යහපත්ද? මහරජ, යම් කාය සමාචාරයෙක් නිවැරදිද? එය යහපත්ය. ස්වාමීනි නැවතද භාග්‍යවතුන් වහන්සේ කුසල්දම්හි දම් දෙසත්. එය අතිශ්රේෂ්ඨය. මේ ආදීන්හි නිරවද්‍යයෙහි යෙදේ. නුඹ රථයෙහි අඟ පසඟයන්ගේ දක්ෂයෙකි. නෘත්‍ය ගීතයන්හි දක්ෂයෙකි. මනා දක්ෂතාවයෙහි හික්මුණාහු ආදීන්හි දක්ෂතාවයෙහි යෙදේ. මහණෙනි, කුසල් ධර්මයන්ගේ සමාදන් වීමේ හේතුවෙන්, කුසල කර්මයාගේ කළ බැවින්, රැස්කළ බැවින්, ආදීන්හි සැප විපාකයෙහි යෙදේ. එය මෙහි, ආරොග්යයෙහිද, නිරවද්යයෙහිද, සැප විපාකයෙහිද වැටේ.
වචනත්ථො පනෙත්ථ කුච්ඡිතෙ පාපකෙ ධම්මෙ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්තීති කුසලා. කුච්ඡිතෙන වා ආකාරෙන සයන්ති පවත්තන්තීති කුසා, තෙ කුසෙ ලුනන්ති ඡින්දන්තීති කුසලා. කුච්ඡිතානං වා සානතො තනුකරණතො කුසං ඤාණං. තෙන කුසෙන ලාතබ්බා ගහෙතබ්බා පවත්තෙතබ්බාති කුසලා, යථා වා කුසා උභයභාගගතං හත්ථප්පදෙසං ලුනන්ති, එවමිමෙපි උප්පන්නානුප්පන්නභාවෙන උභයභාගගතං සංකිලෙසපක්ඛං ලුනන්ති, තස්මා කුසා විය ලුනන්තීති කුසලා. අපිච ආරොග්‍යට්ඨෙන අනවජ්ජට්ඨෙන කොසල්ලසම්භූතට්ඨෙන වා කුසලා. ඉධ පන යස්මා විපස්සනාකුසලමෙව අධිප්පෙතං, තස්මා සෙසෙ විහාය තස්සෙව දස්සනත්ථං “කුසලධම්මෙ”ති එකවචනං කතන්ති වෙදිතබ්බං. විපස්සනාකුසලධම්මෙ සාතච්චකිරියතාය සක්කච්චකාරිතාය ච යුත්තානන්ති අත්ථො.
මෙහි වචනාර්ථය වනාහි පිළිකුල් පාපධර්මයන් සොලවයි. චලනය කරයි. කම්පා කරයි. විනාශ කෙරෙයි. කුසල් නම් වේ. පිළිකුල් ආකාරයෙන් හොවිති. පවතිත්නුයි කුසයි. ඒ කුසයන් කපති. සිඳිත්නුයි කුසල් නම් වේ. පිළිකුල් ද්‍රව්‍යයන් සියුම් කරන හෙයින්ද තුනී කරන හෙයින්ද ඤාණය කුස නම් වේ. එම කුස නමැති ඤාණයෙන් කැපිය යුතු හෙයින්ද, ගතයුතු හෙයින්ද පැවැත්විය යුතු හෙයින්ද කුසල් නම් වේ. යම්සේ වනාහි කුසතණ දෙපැත්තෙන් අල්ලාගත් කල්හි අත් පෙදෙස කපත්ද? එසේ මේවාද උපන් නූපන් භාවයෙන් ද්විපාර්ශ්ව ගතවූයේ කෙලෙස් සහිත පක්ෂය කපති. එහෙයින් කුසතණ මෙන් කපත්නුයි කුසල නම් වේ. තවද ආරෝග්යාර්ථයෙන්ද නිරවද්යාර්ථයෙන්ද, දක්ෂතා හටගැනීම් අර්ථයෙන් හෝ කුසල්ය. මෙහි වනාහි විදර්ශනා කුසලයම අදහස් කරන ලදී. එහෙයින් සෙස්සන් හැර එයම දැක්වීම සඳහා ‘කුසල ධර්මයෙහි යැයි ඒකවචන කරන ලදැයි දතයුතුය. විදර්ශනා කුසල ධර්මයෙහි පසුබට නොවීම් වශයෙන්ද, මනාව කිරීම් වශයෙන්ද යෙදෙනවුන්ගේ යන අර්ථයි.
සෙක්ඛපරියන්තෙ පරිපූරකාරීනන්ති එත්ථ තීසු සික්ඛාසු ජාතාතිපි සෙක්ඛා, සත්තන්නං සෙක්ඛානං එතෙතිපි සෙක්ඛා, සයමෙව සික්ඛන්තීතිපි සෙක්ඛා . සොතාපත්තිමග්ගඵලසකදාගාමිමග්ගඵලඅනාගාමිමග්ගඵලඅරහත්තමග්ගධම්මා . තෙ සෙක්ඛා ධම්මා පරියන්තෙ අවසානෙ එතස්ස, තෙ වා සෙක්ඛා ධම්මා පරියන්තො පරිච්ඡෙදො එතස්සාති සෙක්ඛපරියන්තො. තස්මිං සෙක්ඛපරියන්තෙ ධම්මෙති සම්බන්ධො. පරිපූරං පරිපුණ්ණතං කරොන්තීති පරිපූරකාරිනො, පරිපූරකාරො පරිපූරකිරියා එතෙසං අත්ථීති වා පරිපූරකාරිනො. තෙසං සොතාපත්තිමග්ගස්ස පුබ්බභාගභූතෙ සෙක්ඛපරියන්තෙ පටිපදාධම්මෙ විපස්සනාපාරිපූරියා පරිපූරකාරීනං. කායෙ ච ජීවිතෙ ච අනපෙක්ඛානන්ති එත්ථ කායෙති සරීරෙ. සරීරඤ්හි අසුචිසඤ්චයතො කුච්ඡිතානඤ්ච කෙසාදීනං චක්ඛුරොගාදීනඤ්ච රොගසතානං ආයභූතත්තා කායොති වුච්චති. ජීවිතෙති ජීවිතින්ද්රියෙ. තඤ්හි ජීවන්ති තෙනාති ජීවිතන්ති වුච්චති. නත්ථි එතෙසං අපෙක්ඛාති අනපෙක්ඛා, නිස්සිනෙහාති අත්ථො. තෙසං තස්මිං කායෙ ච ජීවිතෙ ච අනපෙක්ඛානං.
සෙක්ඛ පරියනෙත පරිපූරකාරීනං යන මෙහි ත්‍රිවිධ ශික්ෂාවන්හි හටගත්තේනුයි සෙක්ඛායි. සප්ත ශෛක්ෂයන්ගේ මේවානුයි සෙක්ඛායි. තෙමේම හික්මේනුයි සෙක්ඛායි. සෝවාන් මාර්ග, ඵල, සකෘදාගාමි මාර්ග, ඵල, අනාගාමි මාර්ග, ඵල, අර්හත් මාර්ගය ධර්මය, ඒ ශෛක්ෂ ධර්ම, කෙළවරෙහි, අවසානයෙහි මොහුටය. ඒ ශෛක්ෂ ධරම කෙළවර, අවසානය මොහුටනුයි ශෛක්ෂ පරියන්තයි. ඒ ශෛක්ෂ පර්යන්ත ධර්මයෙහි යැයි සම්බන්ධයි. පරිපූර්ණය, පරිපූර්ණත්වය කෙරෙත්නුයි පරිපූරකාරිනොයි. පරිපූරකාරීවීම, පරිපූරකාරිත්‍වය මොවුන්ට ඇත්තේනුයි = පරිපූර කාරිනො නම් වේ. සෝවාන් මාර්ගයට පූර්වභාගයෙහි වූ, ශෛක්ෂ පර්යන්ත, ප්‍රතිපදා ධර්මයෙහි, විදර්ශනා සම්පූර්ණ කිරීමෙහි නියැලි පරිපූරකයින්ගේ කායෙච ජීවිතෙච අනපෙක්ඛානං යන මෙහි කායෙ යනු ශරීරයෙහි, ශරීරය වනාහි අපද්‍රව්‍ය රැස්කරන හෙයින්ද, පිළිකුල් කෙස් ආදීන්ගේද, චක්ෂු රෝගාදී සියගණන් රෝගයන්ගේද හටගන්නා ස්ථානය වූ හෙයින් කායයැයි යූ.සේයි. ජීවිතෙ යනු ජීවිතින්ද්රියයෙහි, එය වනාහි එයින් ජීවත්වෙත්නුයි ජීවිතයයි යූ.සේයි. මොවුන්ට අපේක්ෂාවක් නැත්තේනුයි අනපෙක්ඛායි. ඇල්මක් නොමැතිය යන අර්ථයි. ඒ ශරීරයෙහිද ජීවිතයෙහිද අපේක්ෂා රහිත ඔවුන්ගේ,
ඉදානි තෙසං තෙසු අනපෙක්ඛත්තස්ස කාරණං දස්සෙන්තො පරිච්චත්තජීවිතානන්ති ආහ. භගවතො ආචරියස්ස වා සකජීවිතපරිච්චාගෙනෙව හි තෙ කිලමමානෙපි කායෙ විනස්සමානෙපි ජීවිතෙ අනපෙක්ඛා හොන්තීති. සත්තන්නං සෙක්ඛානන්ති සික්ඛන්තීති සෙක්ඛාති ලද්ධනාමානං සොතාපත්තිමග්ගට්ඨාදීනං සත්තන්නං අරියපුග්ගලානං. තථාගතසාවකානන්ති තථාගතස්ස සාවකානං. අට්ඨපි හි අරියපුග්ගලා සවනන්තෙ අරියාය ජාතියා ජාතත්තා භගවතො දෙසනං අනුසිට්ඨිං අවෙච්චප්පසාදයොගෙන සක්කච්චං සුණන්තීති සාවකා. තෙසුපි අරහත්තඵලට්ඨෙයෙව විසෙසෙත්වා දස්සෙන්තො ඛීණාසවානන්ති ආහ, අරහත්තමග්ගඤාණෙන පරික්ඛීණසබ්බාසවානන්ති අත්ථො. පච්චෙකබුද්ධානන්ති තං තං කාරණං පටිච්ච එකොව අනාචරියකො චතුසච්චං බුජ්ඣිතවාති පච්චෙකබුද්ධො. තාදිසානං පච්චෙකබුද්ධානං.
දැන් ඔවුන්ගේ ඒවාහි අපේක්ෂා රහිත භාවයට කරුණු දක්වන්නේ, පරිච්චත්ත ජීවිතං යන්න වදාළේය. බුදුරදුන්ට හෝ ආචාර්යයන් වහන්සේට හෝ සියදිවි පරිත්‍යාගයෙන්ම, ඔවුහු ක්ලාන්ත වන කල්හි හෝ සිරුර නැසෙන කල්හි හෝ ජීවිතයෙහි බලාපොරොත්තු රහිත වෙති. සත්තන්නං සෙක්ඛානං යනු හික්මෙත්නුයි සෙක්ඛ යයි ලබන ලද නම් ඇති. සෝවාන් මාර්ගස්ථාදී සප්ත ආර්ය පුද්ගලයන්ගේ. තථාගත සාවකානං තථාගත ශ්‍රාවකයින්ගේ, අටවැදෑරුම් ආර්ය පුද්ගලයෝ ශ්රවණාන්තයෙහි ආර්ය ජාතියෙහි උපන් බැවින්, භාග්‍යවතුන් වහන්සේගේ දේශනයෙන්, අනුශාසනා ලද හෙයින්, නොසෙල්වෙන ප්‍රසාද යෝගයෙන් සකස්ව අසත්නුයි ශ්‍රාවකයෝ වෙති. ඔවුනතරෙහි අර්හත් ඵලස්ථයින්ම විශේෂයෙන් දක්වන්නේ ඛීණාසවානං යනාදිය වදාළහ. අර්හත් මාර්ග ඤාණයෙන් සියලු ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙනැයි යන අර්ථයි. පච්චෙක බුද්ධානං යනු ඒ ඒ කරුණු හේතුකොට හුදෙකලාව, ගුරුවරයෙකු නොමැතිව සිව්සස් අවබෝධ කරන ලද්දේනුයි පච්චෙක බුද්ධයි. එවැනි පසේබුදුවරුන්ගේ,
තථාගතානන්ති එත්ථ අට්ඨහි කාරණෙහි භගවා තථාගතො – තථා ආගතොති තථාගතො, තථා ගතොති තථාගතො, තථලක්ඛණං ආගතොති තථාගතො, තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො, තථදස්සිතාය තථාගතො, තථවාදිතාය තථාගතො, තථා කාරිතාය තථාගතො, අභිභවනට්ඨෙන තථාගතො.
තථාගතානං යනු මෙහි කරුණු අටෙකින් භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වේ. එසේ පැමිණියේනුයි = තථාගතයි. එසේ ගියේනුයි තථාගතයි. සත්‍ය ලක්ෂණයට පැමිණියේනුයි තථාගතයි. සත්‍ය ධර්මයන් යථා පරිදි අවබෝධ කළේනුයි = තථාගතයි. සත්‍යය පෙන්වන ලද හෙයින් තථාගතයි. එසේ කියන හෙයින් තථාගතයි. එසේ කරන හෙයින් තථාගතයි. මැඩපැවැත්වීම් අර්ථයෙන් තථාගතයි.
කථං භගවා තථා ආගතොති තථාගතො? යථා සබ්බලොකහිතාය උස්සුක්කමාපන්නා පුරිමකා සම්මාසම්බුද්ධා ආගතා. කිං වුත්තං හොති? යෙනාභිනීහාරෙන පුරිමකා භගවන්තො ආගතා, තෙනෙව අම්හාකම්පි භගවා ආගතො. අථ වා යථා පුරිමකා භගවන්තො දානසීලනෙක්ඛම්මපඤ්ඤාවීරියඛන්තිසච්චාධිට්ඨානමෙත්තුපෙක්ඛාසඞ්ඛාතා දස පාරමියො, දස උපපාරමියො, දස පරමත්ථපාරමියොති සමතිංස පාරමියො පූරෙත්වා අඞ්ගපරිච්චාගං නයනධනරජ්ජපුත්තදාරපරිච්චාගන්ති ඉමෙ පඤ්ච මහාපරිච්චාගෙ පරිච්චජිත්වා, පුබ්බයොගපුබ්බචරියධම්මක්ඛානඤාතත්ථචරියාදයො පූරෙත්වා බුද්ධිචරියාය කොටිං පත්වා ආගතා, තථා අම්හාකම්පි භගවා ආගතො. යථා ච පුරිමකා භගවන්තො චත්තාරො සතිපට්ඨානෙ චත්තාරො සම්මප්පධානෙ චත්තාරො ඉද්ධිපාදෙ පඤ්චින්ද්රියානි පඤ්ච බලානි සත්ත බොජ්ඣඞ්ගෙ අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙත්වා බ්රූහෙත්වා ආගතා, තථා අම්හාකම්පි භගවා ආගතොති තථාගතො.
භාග්‍යවතුන් වහන්සේ එසේ පැමිණි හෙයින් කෙසේ තථාගත වූද? යම්සේ පූර්ව සම්‍යක් සම්බුදුවරු සියලු ලෝවාසීන්ගේ හිතසුව පිණිස උද්යෝග ප්‍රාප්තව පැමිණියාහුද? මින් කුමක් කියන ලද්දේ වේද? යම් ප්රාර්ථනාවකින් පූර්ව බුදුවරු පැමිණියාහුද? ඒ ආකාරයෙන්ම අපගේ බුදුරදහුද පැමිණියෝය. නොහොත් යම්සේ පූර්ව බුදුවරු දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්ය, ක්ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී-උපේක්ෂා සංඛ්‍යාත, දස පාරමී, දස උපපාරමී, දස පරමාර්ථ පාරමී යන සමතිස් පෙරුම් පුරා, ශරීරාවයව පරිත්‍යාගය, ඇස්, ධනය, රාජ්‍යය, අඹුදරු, ජීවිත යන මේ පඤ්ච මහා පරිත්‍යාගයන් පරිත්‍යාගකොට, පූර්වයෝග, පූර්වචර්යා ධර්මය කියාදීම, ඤාතාර්ථ චර්යාදීන් (ඤාති හිතසුව කාර්යයන්) සම්පූර්ණකොට බුද්ධි චර්යායෙන් කෙළපත්ව පැමිණියාහුද? අපගේ භාග්‍යවතුන් වහන්සේද එසේ පැමිණියෝය. යම්සේ පෙර භාග්‍යතුන් වහන්සේලා සතර සතිපට්ඨානයන්, සතර සම්‍යක් ප්‍රධානයන්, සතර සෘද්ධිපාදයන්, පඤ්ච ඉන්ද්රියයන්, පඤ්ච බලයන්, සප්ත බොජ්ඣංගයන්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, වඩා, වර්ධනයකොට පැමිණියාහුය. එසේම අපගේ භාග්‍යවතුන් වහන්සේද පැමිණියේනුයි තථාගත නම් වේ.
“යථෙව දීපඞ්කරබුද්ධආදයො, සබ්බඤ්ඤුභාවං මුනයො ඉධාගතා; තථා අයං සක්යමුනීපි ආගතො, තථාගතො වුච්චති තෙන චක්ඛුමා”ති.
යථෙව දීපංකර බුද්ධ ආදයො, සබ්බඤ්ඤු භාවං මුනයො ඉධාගතා, තථා අයං සක්ය මුනීපි ආගතො, තථාගතො වුච්චති තෙන චක්ඛුමා’ති
යම්සේ දීපංකර බුද්ධාදී, මුනිවරු මෙහි සර්වඥභාවයට පැමිණියාහුද, එසේම මේ සාක්‍ය මුනීන්ද්රයන් වහන්සේද පැමිණියෝය. ප්‍රඥා චක්ෂුසින් යුත් උතුමාණෝ එහෙයින් තථාගතයයි කියනු ලැබෙත්.
කථං තථා ගතොති තථාගතො? යථා සම්පතිජාතා පුරිමකා භගවන්තො ගතා. කථඤ්ච තෙ ගතා? තෙ හි සම්පතිජාතා සමෙහි පාදෙහි පථවියං පතිට්ඨාය උත්තරෙනමුඛා සත්තපදවීතිහාරෙන ගතා. යථාහ “සම්පතිජාතො, ආනන්ද, බොධිසත්තො සමෙහි පාදෙහි පථවියං පතිට්ඨහිත්වා උත්තරාභිමුඛො සත්තපදවීතිහාරෙන ගච්ඡති සෙතම්හි ඡත්තෙ අනුධාරයමානෙ, සබ්බා ච දිසා අනුවිලොකෙති, ආසභිඤ්ච වාචං භාසති ‘අග්ගොහමස්මි ලොකස්ස, ජෙට්ඨොහමස්මි ලොකස්ස, සෙට්ඨොහමස්මි ලොකස්ස, අයමන්තිමා ජාති, නත්ථි දානි පුනබ්භවො’”ති (ම· නි· 3.207; දී· නි· 2.31). තඤ්චස්ස ගමනං තථං අහොසි අවිතථං අනෙකෙසං විසෙසාධිගමානං පුබ්බනිමිත්තභාවෙන. යඤ්හි සො සම්පතිජාතො සමෙහි පාදෙහි පතිට්ඨහි, ඉදමස්ස චතුරිද්ධිපාදපටිලාභස්ස පුබ්බනිමිත්තං, උත්තරමුඛභාවො පනස්ස සබ්බලොකුත්තරභාවස්ස පුබ්බනිමිත්තං, සත්තපදවීතිහාරො සත්තබොජ්ඣඞ්ගරතනපටිලාභස්ස පුබ්බනිමිත්තං, “සුවණ්ණදණ්ඩා වීතිපතන්ති චාමරා”ති (සු· නි· 693) එත්ථ වුත්තචාමරුක්ඛෙපො පන සබ්බතිත්ථියනිම්මථනස්ස පුබ්බනිමිත්තං, සෙතච්ඡත්තධාරණං අරහත්තඵලවිමුත්තිවරවිමලසෙතච්ඡත්තපටිලාභස්ස පුබ්බනිමිත්තං, සබ්බාදිසානුවිලොකනං සබ්බඤ්ඤුතානාවරණඤාණපටිලාභස්ස පුබ්බනිමිත්තං, ආසභිවාචාභාසනං පන අප්පටිවත්තියවරධම්මචක්කප්පවත්තනස්ස පුබ්බනිමිත්තං. තථායං භගවාපි ගතො. තඤ්චස්ස ගමනං තථං අහොසි අවිතථං තෙසංයෙව විසෙසාධිගමානං පුබ්බනිමිත්තභාවෙන. තෙනාහු පොරාණා –
එසේ ගියේනුයි කෙසේ තථාගත වේද? යම්සේ උපන් සැණින් පූර්ව භාග්‍යවත්හු ගියාහුද? කවරනම් අයුරකින් ඔවුහු ගියාහුද? ඔවුන් විසින් උපන් සැණින් සමපාදයන් පෘථුවියෙහි පිහිටුවා, උතුරුදිසාභිමුඛව, සත් පියවරක් එක්නෙක ඔසවා තබමින් ගියාහුය. දෙසූ පරිදි: ආනන්දය, උපන් සැණින් බෝසත් තෙමේ, පෘථුවියෙහි සමව පා පිහිටුවා, උතුරු දිසාභිමුඛව සත්පියවරක් එකිනෙක ඔසවා තබමින් යයි. සුදුකුඩ දරනු ලබන්නේ, හාත්පස සියලු දිසාවන් බලයි. ශ්‍රේෂ්ඨ වචනයක්ද ප්‍රකාශ කරයි. මම ලෝකයට අග්‍ර වෙමි. මම ලෝකයට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි. මෙය මාගේ අන්තිම උපතයි. දැන් පුනර්භවයක් නැත. නොයෙක් විශේෂ අධිගමයන්ට පූර්ව නිමිති භාවයෙන් එතුමාගේ එම ගමන සත්‍යය විය. බොරු නොවීය. එතුමා යම් කරුණක් නිසා උපන් සැණින් සමපාවලින් පෘථුවියෙහි පිහිටියේද, මෙය එතුමාගේ සිව් සෘද්ධිපාද ලාභයෙහි පෙරනිමිත්තයි. එතුමාගේ උතුරු දිසාවට අභිමුඛව ගමන්කිරීම සියලු ලෝකෝත්තර තත්වයන්ට පත්වීමේ පෙරනිමිත්තයි. සත්පියවරක් එකිනෙක ඔසවා තැබීම සප්ත බොජ්ඣංගරත්න ප්‍රතිලාභයෙහි පෙරනිමිත්තයි. රන් දඬුවලින් සෙමෙර සලත්. මෙහි කියන ලද සෙමෙර එසවීම වනාහි සියලු තීර්ථකයන් මැඩපැවැත්වීමෙහි පෙරනිමිත්තයි. සේසත් දැරීමයි. අර්හත්ඵල සංඛ්‍යාත, උතුම් විමුක්තිය වූ, නිර්මල ශ්වේත ඡත්‍රයාගේ ප්‍රතිලාභයට පෙරනිමිත්තයි. හාත්පස සියලු දිසාවන් බැලීම, සර්වඥතාඥාන අනාවරණ ඥාන ප්‍රතිලාභයෙහි පෙරනිමිත්තයි. ශ්‍රේෂ්ඨ වචන කථාකිරීම වනාහි, කිසිවෙකු විසින් හෝ නොපවත්වන ලද, ශ්‍රේෂ්ඨ දම්සක් පැවතුම් දෙස්මෙහි පෙරනිමිත්තයි. මේ භාග්‍යවතුන් වහන්සේද එසේ ගියෝය. එතුමාගේ මෙම ගමනද සත්‍ය වීය. නිබොරු විය. එම විසේසාධිගමයන්ගේ පෙරනිමිති භාවයෙන් ඉහත කරුණු සිදුවිය. එහෙයින් පෞරාණිකයෝ කීහු:-
“මුහුත්තජාතොව ගවංපතී යථා, සමෙහි පාදෙහි ඵුසී වසුන්ධරං; සො වික්කමී සත්ත පදානි ගොතමො, සෙතඤ්ච ඡත්තං අනුධාරයුං මරූ.
මුහුත්තජාතොව ගවම්පතී යථා, සමෙහි පාදෙහි ඵුසී වසුන්ධරං, සො වික්කමී සත්ත පදානි ගොතමො, සෙතඤ්ච ඡත්තං අනුධාරයුං මරූ
උපන් සැණින් වෘෂභයා යම්සේද? එසේ සම පාවලින් පෘථුවිය ස්පර්ශ කළේය. ඒ ගෞතම බෝසත්හු පියවර සතක් ගමන් කළහ. දෙවිවරු සුදු කුඩ දැරූහ.
“ගන්ත්වාන සො සත්ත පදානි ගොතමො, දිසා විලොකෙසි සමා සමන්තතො; අට්ඨඞ්ගුපෙතං ගිරමබ්භුදීරයි, සීහො යථා පබ්බතමුද්ධනිට්ඨිතො”ති.
ගනත්‍වාන සො සත්ත පදානි ගොතමො, දිසා විලොකෙසි සමා සමන්තතො, අට්ඨංගූපෙතං ගිර මබ්භුදීරයී, සීහො යථා පබ්බත මුද්ධ නිට්ඨිතො’ති
ඒ ගෞතම බෝසත්හු සත්පියවරක් ගොස්, හාත්පස සියලු දිසාවන් සමව බැලූහ. අෂ්ඨාංගයකින් යුත් ශබ්ද සහිතව පර්වත මුදුනෙහි සිටි සිංහයෙකු මෙන් හඬ නගා කීවෝය.
එවං තථා ගතොති තථාගතො.
මෙසේ, එසේ ගියේනුයි තථාගතයි.
අථ වා යථා පුරිමකා භගවන්තො, අයම්පි භගවා තථෙව නෙක්ඛම්මෙන කාමච්ඡන්දං…පෙ… පඨමජ්ඣානෙන නීවරණෙ…පෙ… අනිච්චානුපස්සනාය නිච්චසඤ්ඤං…පෙ… අරහත්තමග්ගෙන සබ්බකිලෙසෙ පහාය ගතො. එවම්පි තථා ගතොති තථාගතො.
නොහොත් පළමු බුදුවරු යම්සේද, මේ බුදුරදහුද එසේමය. නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්දයද, -පෙ- ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන්ද, -පෙ- අනිත්යානුපස්සනාවෙන් නිත්‍ය සංඥාවගේද, -පෙ- අර්හත් මාර්ගයෙන් සියලු කෙලෙසුන්ද දුරුකොට ගියෝය. මෙසේද එසේ ගියේනුයි තථාගතයි.
කථං තථලක්ඛණං ආගතොති තථාගතො? පථවීධාතුයා කක්ඛළත්තලක්ඛණං තථං අවිතථං, ආපොධාතුයා පග්ඝරණලක්ඛණං, තෙජොධාතුයා උණ්හත්තලක්ඛණං, වායොධාතුයා විත්ථම්භනලක්ඛණං, ආකාසධාතුයා අසම්ඵුට්ඨලක්ඛණං, විඤ්ඤාණධාතුයා විජානනලක්ඛණං.
කෙසේ සත්‍ය ලක්ෂණයට පැමිණියේනුයි තථාගත නම් වේද? පෘථුවි ධාතුවෙහි කර්කශභාව ලක්ෂණය සත්‍යය. නිබොරුය. ආපෝ ධාතුවෙහි වැගිරෙන ලක්ෂණය, තේජෝ ධාතුවෙහි උෂ්ණත්ව ලක්ෂණය, වායෝ ධාතුවෙහි පිම්බවීම් ලක්ෂණය, ආකාස ධාතුවෙහි ස්පර්ශ නොකළ හැකි ලක්ෂණය, විඤ්ඤාණ ධාතුවෙහි දැනගැනීම් ලක්ෂණය,
රූපස්ස රුප්පනලක්ඛණං, වෙදනාය වෙදයිතලක්ඛණං, සඤ්ඤාය සඤ්ජානනලක්ඛණං, සඞ්ඛාරානං අභිසඞ්ඛරණලක්ඛණං, විඤ්ඤාණස්ස විජානනලක්ඛණං.
රූපයාගේ වෙනස්වීම් ලක්ෂණය, වේදනාවගේ විඳීම් ලක්ෂණය, සඤ්ඤාවගේ හැඳිනීම් ලක්ෂණය, සංස්කාරයන්ගේ රැස්කිරීම් ලක්ෂණය, විඤ්ඤාණයාගේ දැනගැනීම් ලක්ෂණය,
විතක්කස්ස අභිනිරොපනලක්ඛණං, විචාරස්ස අනුමජ්ජනලක්ඛණං, පීතියා ඵරණලක්ඛණං, සුඛස්ස සාතලක්ඛණං, චිත්තෙකග්ගතාය අවික්ඛෙපලක්ඛණං, ඵස්සස්ස ඵුසනලක්ඛණං.
විතර්කයාගේ අරමුණට නංවන ලක්ෂණයද, විචාරයාගේ පිරිමදින ලක්ෂණයද, ප්‍රීතියගේ පැතිරීම් ලක්ෂණයද, සුවයෙහි මිහිරි ලක්ෂණයද, චිත්තෙකාග්රතාවෙහි නොවිසුරුණු ලක්ෂණයද, ස්පර්ශයාගේ ඒ ස්පර්ශ කිරීමේ ලක්ෂණයද,
සද්ධින්ද්රියස්ස අධිමොක්ඛලක්ඛණං, වීරියින්ද්රියස්ස පග්ගහලක්ඛණං, සතින්ද්රියස්ස උපට්ඨානලක්ඛණං, සමාධින්ද්රියස්ස අවික්ඛෙපලක්ඛණං, පඤ්ඤින්ද්රියස්ස පජානනලක්ඛණං.
සද්ධින්ද්රියාගේ ස්ථිර ලක්ෂණයද, වීර්ය ඉන්ද්රියයාගේ උත්සාහවත් වීමේ ලක්ෂණයද, සතින්ද්‍රියයාගේ වැටහෙන ලක්ෂණයද, සමාධින්ද්‍රියයාගේ නොවිසිරෙන ලක්ෂණයද, ප්‍රඥා ඉන්ද්රියයාගේ විශේෂයෙන් දැනගන්නා ලක්ෂණයද,
සද්ධාබලස්ස අස්සද්ධියෙ අකම්පියලක්ඛණං, වීරියබලස්ස කොසජ්ජෙ, සතිබලස්ස මුට්ඨස්සච්චෙ, සමාධිබලස්ස උද්ධච්චෙ, පඤ්ඤාබලස්ස අවිජ්ජාය අකම්පියලක්ඛණං.
ශ්‍රද්ධා බලයාගේ අශ්රද්ධාවත් භාවයෙහි කම්පානොවන ලක්ෂණයද, වීර්ය බලයාගේ කුසීතකමෙහිද, සති බලයාගේ සිහි මුළාවෙහිද, සමාධි බලයාගේ නොසන්සුන්කමෙහිද, ප්‍රඥා බලයෙහි අවිද්‍යාවගේ කම්පානොවන ලක්ෂණද,
සතිසම්බොජ්ඣඞ්ගස්ස උපට්ඨානලක්ඛණං, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස පවිචයලක්ඛණං, වීරියසම්බොජ්ඣඞ්ගස්ස පග්ගහලක්ඛණං, පීතිසම්බොජ්ඣඞ්ගස්ස ඵරණලක්ඛණං, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උපසමලක්ඛණං, සමාධිසම්බොජ්ඣඞ්ගස්ස අවික්ඛෙපලක්ඛණං, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගස්ස පටිසඞ්ඛානලක්ඛණං.
සති සම්බොජ්ඣංගයාගේ විමසීම් ලක්ෂණයද, වීර්ය සම්බොජ්ඣංගයාගේ උත්සාහවීම් ලක්ෂණයද, ප්‍රීති සම්බොජ්ඣංගයාගේ සන්සිඳීම් ලක්ෂණයද, සමාධි සම්බොජ්ඣංගයාගේ චංචල නොවීම් ලක්ෂණයද, උපෙක්ෂා සම්බොජ්ඣංගයාගේ නුවණින් සලකා බැලීමේ ලක්ෂණයද,
සම්මාදිට්ඨියා දස්සනලක්ඛණං, සම්මාසඞ්කප්පස්ස අභිනිරොපනලක්ඛණං, සම්මාවාචාය පරිග්ගහලක්ඛණං, සම්මාකම්මන්තස්ස සමුට්ඨානලක්ඛණං, සම්මාආජීවස්ස වොදානලක්ඛණං, සම්මාවායාමස්ස පග්ගහලක්ඛණං, සම්මාසතියා උපට්ඨානලක්ඛණං, සම්මාසමාධිස්ස අවික්ඛෙපලක්ඛණං.
සම්‍යක් දෘෂ්ටියගේ දර්ශන ලක්ෂණයද, සම්‍යක් සංකල්පයාගේ අරමුණට නංවන ලක්ෂණයද, සම්‍යක් වචනයෙහි අල්ලා ගැනීම් ලක්ෂණයද, සම්‍යක් කර්මාන්තයෙහි හටගැනීම් ලක්ෂණයද, සම්‍යක් ආජීවයාගේ පිරිසිදුකිරීම් ලක්ෂණයද, සම්‍යක් ව්‍යායාමයාගේ උත්සාහවත් වීම් ලක්ෂණයද, සම්‍යක් සතියෙහි වැටහෙන ලක්ෂණයද, සම්‍යක් සමාධියගේ නොවිසිරුණ ලක්ෂණයද,
අවිජ්ජාය අඤ්ඤාණලක්ඛණං, සඞ්ඛාරානං චෙතනාලක්ඛණං, විඤ්ඤාණස්ස විජානනලක්ඛණං, නාමස්ස නමනලක්ඛණං, රූපස්ස රුප්පනලක්ඛණං, සළායතනස්ස ආයතනලක්ඛණං, ඵස්සස්ස ඵුසනලක්ඛණං, වෙදනාය වෙදයිතලක්ඛණං, තණ්හාය හෙතුලක්ඛණං, උපාදානස්ස ගහණලක්ඛණං, භවස්ස ආයූහනලක්ඛණං, ජාතියා නිබ්බත්තිලක්ඛණං, ජරාය ජීරණලක්ඛණං, මරණස්ස චුතිලක්ඛණං.
අවිද්‍යාවගේ නොදැනීම් ලක්ෂණයද, සංස්කාරයන්ගේ (කුසලාකුසල කර්මයන්ගේ) චේතනා ලක්ෂණයද, විඤ්ඤාණයාගේ දැනගැනීම් ලක්ෂණයද, නාමයාගේ නැමෙන ලක්ෂණයද, රූපයාගේ වෙනස්වීම් ලක්ෂණයද, සළායතනයාගේ උත්පත්ති ස්ථාන ලක්ෂණයද, ස්පර්ශයාගේ ස්පර්ශකිරීම් ලක්ෂණයද, වේදනාවගේ විඳීම් ලක්ෂණයද, තෘෂ්ණාවගේ හේතු ලක්ෂණයද, උපාදානයාගේ තදින් අල්ලා ගැනීම් ලක්ෂණයද, භවයාගේ රැස්කරන ලක්ෂණයද, ජාතියගේ උපදවන ලක්ෂණයද, ජරාවගේ දිරවන ලක්ෂණයද, මරණයාගේ චුතවීම් ලක්ෂණයද,
ධාතූනං සුඤ්ඤතාලක්ඛණං, ආයතනානං ආයතනලක්ඛණං, සතිපට්ඨානානං උපට්ඨානලක්ඛණං, සම්මප්පධානානං පදහනලක්ඛණං, ඉද්ධිපාදානං ඉජ්ඣනලක්ඛණං, ඉන්ද්රියානං අධිපතිලක්ඛණං, බලානං අකම්පියලක්ඛණං, බොජ්ඣඞ්ගානං නිය්යානලක්ඛණං, මග්ගස්ස හෙතුලක්ඛණං.
ධාතූන්ගේ ශුන්‍යතා ලක්ෂණයද, ආයතනයන්ගේ හටගැනීම් ලක්ෂණයද, සතිපට්ඨානයන්ගේ වැටහෙන ලක්ෂණයද, සම්‍යක් ප්රධානයන්ගේ බලවත් උත්සාහ කිරීම් ලක්ෂණයද, සෘද්ධිපාදයන්ගේ සමෘද්ධවීම් ලක්ෂණයද, ඉන්ද්රියයන්ගේ ප්රධානත්ව ලක්ෂණයද, බලයන්ගේ කම්පා නොවන ලක්ෂණයද, බොජ්ඣංගයන්ගේ නික්මයාම් ලක්ෂණයද, මාර්ගයාගේ හේතු ලක්ෂණයද,
සච්චානං තථලක්ඛණං, සමථස්ස අවික්ඛෙපලක්ඛණං, විපස්සනාය අනුපස්සනාලක්ඛණං, සමථවිපස්සනානං එකරසලක්ඛණං, යුගනද්ධානං අනතිවත්තනලක්ඛණං.
සත්‍යයන්ගේ සත්‍යය ලක්ෂණයද, සමථයාගේ චංචල නොවීම් ලක්ෂණයද, විදර්ශනාවන්ගේ නුවණින් බැලීම් ලක්ෂණයද, සමථ විදර්ශනාවන්ගේ ඒකරස ලක්ෂණයද, යුගනද්ධයන්ගේ නොඉක්මවීම් ලක්ෂණයද,
සීලවිසුද්ධියා සංවරලක්ඛණං, චිත්තවිසුද්ධියා අවික්ඛෙපලක්ඛණං, දිට්ඨිවිසුද්ධියා දස්සනලක්ඛණං.
සීල විසුද්ධියෙහි සංවර ලක්ෂණයද, චිත්ත විසුද්ධියෙහි නොකැලඹුණ ලක්ෂණයද, දිට්ඨි විශුද්ධියෙහි දර්ශන ලක්ෂණයද,
ඛයෙ ඤාණස්ස සමුච්ඡෙදලක්ඛණං, අනුප්පාදෙ ඤාණස්ස පස්සද්ධිලක්ඛණං.
ක්ෂය ඤාණයාගේ විනාශකිරීම් ලක්ෂණයද, අනුත්පාද ඤාණයාගේ සන්සිඳීම් ලක්ෂණයද,
ඡන්දස්ස මූලලක්ඛණං, මනසිකාරස්ස සමුට්ඨානලක්ඛණං, ඵස්සස්ස සමොධානලක්ඛණං, වෙදනාය සමොසරණලක්ඛණං, සමාධිස්ස පමුඛලක්ඛණං, සතියා ආධිපතෙය්යලක්ඛණං, පඤ්ඤාය තතුත්තරිලක්ඛණං, විමුත්තියා සාරලක්ඛණං, අමතොගධස්ස නිබ්බානස්ස පරියොසානලක්ඛණං තථං අවිතථං. එතං තථලක්ඛණං ඤාණගතියා ආගතො අවිරජ්ඣිත්වා පත්තො අනුප්පත්තොති තථාගතො. එවං තථලක්ඛණං ආගතොති තථාගතො.
ඡන්දයාගේ මුල්වීම් ලක්ෂණයද, මනසිකාරයාගේ හටගැනීම් ලක්ෂණයද, ස්පර්ශයාගේ සම්බන්ධවීම් ලක්ෂණයද, වේදනාවගේ එක්තැන්වීම් ලක්ෂණයද, සමාධියගේ ප්රමුඛ ලක්ෂණයද, සිහියෙහි ආධිපත්‍ය ලක්ෂණයද, අමතොගධ නිර්වාණයාගේ කෙළවරවීම් ලක්ෂණයද, සත්‍යය නිබොරුය. ඒ සත්‍යය ලක්ෂණය ඤාණ ස්වභාවයෙන් පැමිණියේය. නොවැරදී පැමිණියේය. අනුප්‍රාප්ත වූයේනුයි තථාගතයි. මෙසේ සත්‍යය ලක්ෂණයට පැමිණියේනුයි තථාගතයි.
කථං තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො? තථධම්මා නාම චත්තාරි අරියසච්චානි. යථාහ – “චත්තාරිමානි, භික්ඛවෙ, තථානි අවිතථානි අනඤ්ඤථානි. කතමානි චත්තාරි? ‘ඉදං දුක්ඛ’න්ති, භික්ඛවෙ, තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙත”න්ති (සං· නි· 5.1090) විත්ථාරො. තානි ච භගවා අභිසම්බුද්ධොති තථානං අභිසම්බුද්ධත්තා තථාගතොති වුච්චති. අභිසම්බොධත්ථො හි එත්ථ ගතසද්දො.
කෙසේ සත්‍ය ධර්මයන් තත්වූ පරිදි මනාව අවබෝධ කරන ලද්දේනුයි තථාගත වේද? සත්‍ය ධර්මයෝ නම් සිව් අරිසස්ය. දෙසූ පරිදි මහණෙනි, මේ කරුණු සතරෙක් සත්‍යය, නිබොරුය. අන් ආකාරයකින් නොවන්නේය. කවර සතරෙක්ද? මහණෙනි, මේ දුකයයි යන යමක් වේද, එය සත්‍යය, නිබොරුය. අන් ආකාරයකින් නොවේයයි විස්තරයයි. ඒවා භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්තාහුයි සත්‍යයන්ගේ මනා අවබෝධය ලත් හෙයින් තථාගතයි. මෙහි ගත ශබ්දය මනාව අවබෝධ කිරීම් අර්ථයෙහිය.
අපිච ජරාමරණස්ස ජාතිපච්චයසම්භූතසමුදාගතට්ඨො තථො අවිතථො අනඤ්ඤථො…පෙ… සඞ්ඛාරානං අවිජ්ජාපච්චයසම්භූතසමුදාගතට්ඨො තථො අවිතථො අනඤ්ඤථො. තථා අවිජ්ජාය සඞ්ඛාරානං පච්චයට්ඨො තථො අවිතථො අනඤ්ඤථො…පෙ… ජාතියා ජරාමරණස්ස පච්චයට්ඨො තථො අවිතථො අනඤ්ඤථො. තං සබ්බං භගවා අභිසම්බුද්ධො. තස්මාපි තථානං අභිසම්බුද්ධත්තා තථාගතො. එවං තථධම්මෙ යාථාවතො අභිසම්බුද්ධොති තථාගතො.
තවද, ජරා මරණයාගේ ජාති ප්‍රත්‍යයෙන් හටගත්, හටගත් අර්ථය සත්‍යය. නිබොරුය. අන්‍ය ආකාරයකින් නොවන්නේය. -පෙ- සංස්කාරයන්ගේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත් අර්ථය සත්‍යය. නිබොරුය. අන්‍ය ආකාරයකින් නොවන්නේය. එසේම අවිද්‍යාවගේ සංස්කාරයන්ට ප්රත්යාර්ථය, සත්‍යය, නිබොරුය. අන්‍ය ආකාරයකින් නොවන්නේය. උපත ජරා මරණයට ප්රත්යාර්ථය. සත්‍යය, නිබොරුය. අන්‍ය ආකාරයකින් නොවන්නේය. ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළ සේක. එහෙයින්ද සත්‍යයන්ගේ මනා අවබෝධය ලත් හෙයින් තථාගතයි. මෙසේ සත්‍ය ධර්මයන් තත්වූ පරිදි මනාව අවබෝධ කරන ලද්දේනුයි තථාගතයි.
කථං තථදස්සිතාය තථාගතො? භගවා යං සදෙවකෙ ලොකෙ…පෙ… සදෙවමනුස්සාය අපරිමාණාසු ලොකධාතූසු අපරිමාණානං සත්තානං චක්ඛුද්වාරෙ ආපාථං ආගච්ඡන්තං රූපාරම්මණං නාම අත්ථි, තං සබ්බාකාරෙන ජානාති පස්සති. එවං ජානතා පස්සතා ච තෙන තං ඉට්ඨානිට්ඨාදිවසෙන වා දිට්ඨසුතමුතවිඤ්ඤාතෙසු ලබ්භමානකපදවසෙන වා “කතමං තං රූපං රූපායතනං? යං රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභා සනිදස්සනං සප්පටිඝං නීලං පීතක”න්තිආදිනා (ධ· ස· 616) නයෙන අනෙකෙහි නාමෙහි තෙරසහි වාරෙහි ද්විපඤ්ඤාසාය නයෙහි විභජ්ජමානං තථමෙව හොති, විතථං නත්ථි . එස නයො සොතද්වාරාදීසුපි ආපාථමාගච්ඡන්තෙසු සද්දාදීසු. වුත්තම්පි චෙතං භගවතා “යං, භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස…පෙ… සදෙවමනුස්සාය දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියෙසිතං අනුවිචරිතං මනසා, තමහං ජානාමි, තමහං අබ්භඤ්ඤාසිං, තං තථාගතස්ස විදිතං, තං තථාගතො න උපට්ඨාසී”ති (අ· නි· 4.24). එවං තථදස්සිතාය තථාගතො. තත්ථ තථදස්සීඅත්ථෙ තථාගතොති පදසම්භවො වෙදිතබ්බො.
කෙසේ සත්‍යය දක්නා ලද හෙයින් තථාගත වේද? භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත, දෙවි මිනිසුන් සහිත, අප්‍රමාණ ලෝකධාතූන්හි, අප්‍රමාණ සත්ත්වයින්ගේ, චක්ෂු ද්වාරයන්හි හමුවට එන යම් රූප අරමුණක් නම් ඇත්ද? එය සර්වප්රකාරයෙන් දනියි. දකියි. මෙසේ දන්නේ, දක්නේ, එමගින් එහි ඉටු, අනිටු ආදී වශයෙන් හෝ දිට්ඨ, සුත, මුත, විඤ්ඤතයන්හි ලැබෙන පද වශයෙන් හෝ එම රූපායතනය කවරේද? සතරමහා භූතයන්ගේ, උපාදාය රූපයන්ගේ, සනිදර්ශන, සප්පටිස වශයෙන්, නිල්, කහ, ආදී බබලන වර්ණ වශයෙන් යම් රූපයක් වේදැයි ආදී ක්‍රමයෙන් නොයෙක් නාමයන්ගෙන්, තෙළෙස් වාරයන්ගෙන්, දෙපණස් ක්රමයන්ගෙන් බෙදනු ලබන්නේ සත්‍යම වේ. අසත්‍යයක් නැත. සෝතද්වාරාදීන්හි අභිමුඛයට එනු ලබන ශබ්දයන්හි මෙම ක්‍රමයමැයි. භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී. මහණෙනි, දෙවියන් සහිත, දෙවි මිනිසුන් සහිත දුටු, ඇසූ, ඇස, කණ හැර අනෙක් ඉඳුරන්ගෙන් විඳිනා, මනසින් දත්, පත්, සෙවුණා ලද, හැසිරුණු යමක් වේද? මම ඒ සියල්ල දනිමි. මම එය මනාව දත්තෙමි. එය තථාගතයන් වහන්සේට ප්රකටය. එය තථාගතයන් වහන්සේට වැටහිණි. මෙසේ සත්‍යය දක්නා ලද හෙයින් තථාගතයි. එහි සත්‍යය දක්නා අර්ථයෙහි තථාගතයයි පද සම්බන්ධය දතයුතුය.
කථං තථවාදිතාය තථාගතො? යං රත්තිං භගවා බොධිමණ්ඩෙ අපරාජිතපල්ලඞ්කෙ නිසින්නො චතුන්නං මාරානං මත්ථකං මද්දිත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො, යඤ්ච රත්තිං යමකසාලානමන්තරෙ අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායි, එත්ථන්තරෙ පඤ්චචත්තාලීසවස්සපරිමාණෙ කාලෙ පඨමබොධියාපි මජ්ඣිමබොධියාපි පච්ඡිමබොධියාපි යං භගවතා භාසිතං සුත්තං ගෙය්යං…පෙ… වෙදල්ලං, තං සබ්බං අත්ථතො ච බ්යඤ්ජනතො ච අනවජ්ජං අනුපවජ්ජං අනූනමනධිකං සබ්බාකාරපරිපුණ්ණං රාගමදනිම්මදනං දොසමොහමදනිම්මදනං, නත්ථි තත්ථ වාලග්ගමත්තම්පි පක්ඛලිතං, සබ්බං තං එකමුද්දිකාය ලඤ්ඡිතං විය, එකනාළිකාය මිතං විය, එකතුලාය තුලිතං විය, ච තථමෙව හොති. යථාහ “යඤ්ච, චුන්ද, රත්තිං තථාගතො අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣති, යඤ්ච රත්තිං අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායති, යං එතස්මිං අන්තරෙ භාසති ලපති නිද්දිසති, සබ්බං තං තථමෙව හොති, නො අඤ්ඤථා. තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති (දී· නි· 3.188). ගදඅත්ථො හි එත්ථ ගතසද්දො. එවං තථවාදිතාය තථාගතො.
කෙසේ සත්‍යය කියන ලද හෙයින් තථාගත වේද? භාග්‍යවතුන් වහන්සේ, යම් රැයක බෝමැඩ අපරාජිත පර්යංකයෙහි වැඩසිටි සේක්, සිවුමරුන්ගේ මස්තකය මැඩ, අතිශ්‍රේෂ්ඨ සම්‍යක් සම්බුද්ධත්වය මනාව අවබෝධ කළ සේක්ද, යම් රැයක සල්රුක් ද්වය අතර අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑසේක්ද, මේ අතර පන්සාළිස් වර්ෂ ප්‍රමාණ කාලයෙහි ප්‍රථම බෝධියෙහිද, මධ්‍යම බෝධියෙහිද, පශ්චිම බෝධියෙහිද, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලද යම් සූත්‍ර, ගෙය්ය -පෙ- වේදල්ලයක් වේද, ඒ සියල්ල අර්ථ වශයෙන්ද, ව්‍යංජන වශයෙන්ද, නිරවද්‍යය. නිදොස්ය. ඌණාධික රහිතය. සර්වාකාරයෙන් සම්පූර්ණය. රාග මදය මද රහිත කරයි. ද්වේෂ, මෝහ මද මද රහිත කරයි. අස්කෙන්දක් තරම් වූද පැකිලීමක් නැත. ඒ සියල්ල එක් මුද්‍රාවකින් මුද්‍රා තැබුවා මෙනි. එක් නැළියකින් මිණුවා මෙනි. එක් තරාදියකින් සමබරව කිරන ලද්දක් මෙන් සත්‍යයම වේ. දෙසූ පරිදි : චුන්දය යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨ සම්‍යක් සම්බුද්ධත්වය අවබෝධ කරත්ද, යම් රාත්‍රියක අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන සේක්ද, ඒ අතරෙහි යමක් කියන සේක්ද, කථා කරන සේක්ද, ඒ සියල්ල සත්‍යයම වේ. අන් අයුරකින් නොවේ. එහෙයින් තථාතයයි කියනු ලැබේ. මෙහි ගත ශබ්දය ශබ්දාර්ථයෙහි යෙදේ. මෙසේ සත්‍යය කියන ලද හෙයින් තථාගතයි.
අපිච ආගදනං ආගදො, වචනන්ති අත්ථො. තථො අවිපරීතො ආගදො අස්සාති දකාරස්ස තකාරං කත්වා තථාගතොති එවමෙතස්මිං අත්ථෙ පදසිද්ධි වෙදිතබ්බා.
තවද, කීම ආගදයි. කීම යන අර්ථයි. සත්‍යය වෙනස් නොවූ කීම මොහුටනුයි දකාරයට තකාරය කොට තථාගතයැයි මෙසේ මෙම අර්ථයෙහි පද සිද්ධිය දතයුත්තාහ.
කථං තථාකාරිතාය තථාගතො? භගවතො හි වාචාය කායො අනුලොමෙති, කායස්සාපි වාචා, තස්මා යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී ච හොති. එවංභූතස්ස චස්ස යථා වාචා, කායොපි තථා ගතො පවත්තොති අත්ථො. යථා ච කායො, වාචාපි තථා ගතා පවත්තාති තථාගතො. තෙනෙවාහ – “යථාවාදී, භික්ඛවෙ, තථාගතො තථාකාරී, යථාකාරී තථාවාදී. ඉති යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී. තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති. එවං තථාකාරිතාය තථාගතො.
එසේ කරන ලද හෙයින් කෙසේ තථාගත වේද? භාග්‍යවතුන් වහන්සේගේ වචනය ශරීරයට අනුලොම් වේ. ශරීරයද වචනයට අනුලොම් වේ. එහෙයින් යම්සේ දෙසත්ද, එසේ කරත්. යම්සේ කරත්ද එසේ දෙසන්නේද වෙති. මෙසේ වන්නා වූ එතුමන්ට වචනයත් සිරුරත් යම්සේ සමාන වන්නේද? එසේ වූයේය. පැවැත්වේය යන අර්ථයි. සිරුර යම්සේද දෙස්මද එසේමය. එසේ වූහ. පැවැත්තාහුය යන අර්ථයි. එහෙයින්ම දෙසන ලදී. මහණෙනි, තථාගතයන් වහන්සේ යම්සේ දෙසත්ද, එසේ කරත්. යම්සේ කරත්ද, එසේ දෙසත්. මෙසේ යම්සේ දෙසත්ද, එසේ කරත්. යම්සේ කරත්ද, එසේ දෙසත්. එහෙයින් තථාගතයැයි කියනු ලැබේ. මෙසේ, එසේ කරන ලද හෙයින් තථාගතයි.
කථං අභිභවනට්ඨෙන තථාගතො? උපරි භවග්ගං හෙට්ඨා අවීචිං පරියන්තං කත්වා තිරියං අපරිමාණාසු ලොකධාතූසු සබ්බසත්තෙ අභිභවති සීලෙන සමාධිනා පඤ්ඤාය විමුත්තියා විමුත්තිඤාණදස්සනෙන, න තස්ස තුලා වා පමාණං වා අත්ථි, අතුලො අප්පමෙය්යො අනුත්තරො රාජාධිරාජා දෙවානං අතිදෙවො සක්කානං අතිසක්කො බ්රහ්මානං අතිබ්රහ්මා. තෙනාහ – “සදෙවකෙ, භික්ඛවෙ, ලොකෙ…පෙ… සදෙවමනුස්සාය තථාගතො අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථු දසො වසවත්තී. තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති (අ· නි· 4.23).
මැඩපැවැත්වීම් අර්ථයෙන් කෙසේ තථාගත වේද? මත්තෙහි භවාග්‍රය තෙක්ද යටින් අවීචිය තෙක්ද සීමාකොට සරසින් අප්‍රමාණ ලෝකධාතූන්හි සියලු සත්ත්වයින්, සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඤාණ දර්ශනයෙන් මැඩපවත්වයි. එතුමන්ට එහිලා මිණීමක් හෝ ප්‍රමාණයක් නොමැත. අතුල්‍ය, අප්රමෙය්යය. අනුත්තරය. රාජාධිරාජය. දේවාතිදේවය. ශක්රාතිශක්රය. බ්‍රහ්මාති බ්‍රහ්මය. එහෙයින් දෙසන ලදී. මහණෙනි, දෙවියන් සහිත දෙවි මිනිසුන් සහිත ලෝකයෙහි තථාගතයන් වහන්සේ මැඩපවත්වති. අන්‍යයා විසින් මැඩපැවැත්තිය නොහැක. ඒකාන්තයෙන් සියල්ල දක්නේය. අන්‍යයා තම වසඟයෙහි පවත්වයි. එහෙයින් තථාගත යැයි කියනු ලැබේ.
තත්ථෙවං පදසිද්ධි වෙදිතබ්බා – අගදො විය අගදො. කො පනෙස? දෙසනාවිලාසො චෙව පුඤ්ඤුස්සයො ච. තෙන හෙස මහානුභාවො භිසක්කො දිබ්බාගදෙන සප්පෙ විය සබ්බපරප්පවාදිනො සදෙවකඤ්ච ලොකං අභිභවති. ඉති සබ්බලොකාභිභවනෙ තථො අවිපරීතො දෙසනාවිලාසමයො චෙව පුඤ්ඤමයො ච අගදො අස්සාති දකාරස්ස තකාරං කත්වා තථාගතොති වෙදිතබ්බො. එවං අභිභවනට්ඨෙන තථාගතො.
එහි මෙසේ පද සිද්ධිය දතයුත්තාහුය. බෙහෙතක් මෙන් වූයේනුයි අගදොයි. එය කිමෙක්ද? දේශනා විලාසයද පිනෙන් පිරුණු බවයි. එහෙයින් මෙතුමාණෝ මහානුභාව සම්පන්න වෛද්‍යවරයෙක්, දිව්‍යමය බෙහෙදකින් සර්පයන් මඬනා සේ සියලු මිථ්‍යා මතධාරී දෙවියන් සහිත ලෝකයා මැඩපවත්වති. මෙසේ මුළු ලෝකයා මැඩපැවැත්වීමෙහි, සත්‍යය වූ, අවිපරීත වූ දේශනා විලාසමය වූද, පුණ්‍යමය වූද, බෙහෙත් ඔහුට ඇත්තේනුයි දකාරයට තකාර කොට තථාගතයයි දතයුත්තේය. මෙසේ මැඩපැවැත්වීම් අර්ථයෙන් තථාගතයි.
අපිච තථාය ගතොතිපි තථාගතො, තථං ගතොතිපි තථාගතොති. ගතොති අවගතො අතීතො පත්තො පටිපන්නොති අත්ථො . තත්ථ සකලං ලොකං තීරණපරිඤ්ඤාය තථාය ගතො අවගතොති තථාගතො, ලොකසමුදයං පහානපරිඤ්ඤාය තථාය ගතො අතීතොති තථාගතො, ලොකනිරොධං සච්ඡිකිරියාය තථාය ගතො පත්තොති තථාගතො, ලොකනිරොධගාමිනිපටිපදං තථං ගතො පටිපන්නොති තථාගතො. තෙන යං වුත්තං භගවතා – “ලොකො, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො, ලොකස්මා තථාගතො විසංයුත්තො. ලොකසමුදයො, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධො, ලොකසමුදයො තථාගතස්ස පහීනො. ලොකනිරොධො, භික්ඛවෙ , තථාගතෙන අභිසම්බුද්ධො ලොකනිරොධො තථාගතස්ස සච්ඡිකතො. ලොකනිරොධගාමිනී පටිපදා, භික්ඛවෙ, තථාගතෙන අභිසම්බුද්ධා, ලොකනිරොධගාමිනීපටිපදා තථාගතස්ස භාවිතා. යං, භික්ඛවෙ, සදෙවකස්ස ලොකස්ස…පෙ… අනුවිචරිතං මනසා, සබ්බං තං තථාගතෙන අභිසම්බුද්ධං. තස්මා ‘තථාගතො’ති වුච්චතී”ති (අ· නි· 4.23). තස්ස එවම්පි අත්ථො වෙදිතබ්බො. ඉදම්පි ච තථාගතස්ස තථාගතභාවදීපනෙ මුඛමත්තමෙව. සබ්බාකාරෙන පන තථාගතොව තථාගතස්ස තථාගතභාවං වණ්ණෙය්‍ය. යස්මා පන සබ්බබුද්ධා තථාගතගුණෙනාපි සමසමා, තස්මා සබ්බෙසං වසෙන තථාගතානන්ති ආහ.
තවද සත්‍යය කරා ගමන් කළේනුයි තථාගතයි. සත්‍යයට පැමිණුනෙයිද තථාගතයි. ගතො යනු අවබෝධ කළේය. ඉක්ම ගියේය. පැමිණියේය. පිළිපන්නේය යන අර්ථයි. එහි මුළු ලොව තීරණ පරිඥාවෙන් සත්‍යයට ගියේය. අවබෝධ කළේනුයි තථාගතයි. ලෝක සමුදය ප්‍රහාණ පරිඥාවෙන් සත්‍යයට ගියේය. ඉක්ම ගියේනුයි තථාගතයි. ලෝක නිරෝධය සාක්ෂාත් කිරීමෙන් සත්‍යයට ගියේය. පැමිණියේනුයි තථාගතයි. ලෝකනිරෝධගාමිනී ප්‍රතිපදා සත්‍යයට ගියේය. පිළිපන්නේනුයි තථාගතයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් වදාරන ලද්දේද? මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් ලෝකය මනාසේ අවබෝධ කරන ලදී. තථාගතයන් වහන්සේ ලෝකයෙන් වෙන්වූ සේක. මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් ලෝක සමුදය අවබෝධ කරන ලදී. තථාගතයන් වහන්සේගේ ලෝක සමුදය ප්‍රහීණය. මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් ලෝක නිරෝධය අවබෝධ කරන ලදී. තථාගතයන් වහන්සේ විසින් ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කරන ලදි. ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාව තථාගතයන් වහන්සේට භාවිතය. මහණෙනි, දෙවියන් සහිත ලෝකයාගේ මනසින් යම් හැසිරීමක් වේද, ඒ සියල්ල තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලදී. එහෙයින් තථාගතයයි කියනු ලැබේ. එයට මෙසේද අර්ථය දතයුතුය. මෙයද තථාගතයන් වහන්සේගේ තථාගතභාවය දැක්වීමෙහි මුඛ මාත්‍රයක්මය. සර්වාකාරයෙන් වනාහි තථාගතයන් වහන්සේම තථාගතයන් වහන්සේගේ තථාගතභාවය වර්ණනා කරන්නේය. යම්හෙයකින් වනාහි සියලු බුදුවරු තථාගත ගුණයෙන්ද සමසමය. එහෙයින් සියල්ලන්ගේ වශයෙන් තථාගතානංයැයි කීහ.
අරහන්තානන්ති කිලෙසෙහි ආරකත්තා, අරීනං අරානඤ්ච හතත්තා, පච්චයාදීනං අරහත්තා, පාපකරණෙ රහාභාවා තථාගතො අරහං. ආරකා හි සො සබ්බකිලෙසෙහි සුවිදූරවිදූරෙ ඨිතො මග්ගෙන සවාසනානං කිලෙසානං පහීනත්තාති අරහං.
අරහන්තානං යනු කෙලෙසුන් කෙරෙන් දුරුවූ හෙයින්ද කෙලෙස් සතුරන් හා අරයන් නැසූ හෙයින්ද, ප්‍රත්‍යයාදීන්ට සුදුසු හෙයින්ද, පව් කිරීමෙහි රහසක් නොමැති හෙයින්ද, තථාගතයන් වහන්සේ අරහංය. එතුමාණෝ සියලු ක්ලේශයන්ගෙන් දුරස්ථය. දුර ළඟ දෙකෙහිම සිටිනු මාර්ගයෙන් අනුසහිත කෙලෙසුන්ගේ ප්රහාණය කළ හෙයින් අරහං නම් වෙති.
සො තතො ආරකා නාම, යස්ස යෙනාසමඞ්ගිතා; අසමඞ්ගී ච දොසෙහි, නාථො තෙනාරහං මතො.
සො තතො ආරකා නාම - යස්ස යෙනා සමංගිතා, අසමංගීච දොසෙහි - නාථො තෙනා රහං මතො
යමෙකු යමකින් යුක්ත නුවූයේද? එහෙයින් ඔහු දුරු වූයේ නම් වේ. දෝෂයන්ගෙන් යුක්ත නොවූයේද? එහෙයින් නාථයන් වහන්සේ අරහං යයි දන්නා ලදහ.
තෙ චානෙන කිලෙසාරයො මග්ගෙන හතාති අරීනං හතත්තාපි අරහං.
ඔවුහුද මේ කෙලෙස් අර මාර්ගයෙන් නසන ලද්දේනුයිද, සතුරන් නසන ලද්දේනුයිද අරහං නම් වේ.
යස්මා රාගාදිසඞ්ඛාතා, සබ්බෙපි අරයො හතා; පඤ්ඤාසත්ථෙන නාථෙන, තස්මාපි අරහං මතො.
යස්මා රාගාදි සංඛාතා - සබ්බෙපි අරයො හතා, පඤ්ඤා සත්ථෙන නාථෙන - තස්මාපි අරහං මතො
ප්‍රඥා නමැති ආයුධයෙන්, නාථයන් වහන්සේ විසින් යම්හෙයකින් රාගාදි සංඛ්‍යාත, සියලු අර නසන ලද්දේද එහෙයින් අරහං යයි දන්නා ලදී.
යඤ්චෙතං අවිජ්ජාභවතණ්හාමයනාභිපුඤ්ඤාදිඅභිසඞ්ඛාරානං ජරාමරණනෙමි ආසවසමුදයමයෙන අක්ඛෙන විජ්ඣිත්වා තිභවරථෙ සමායොජිතං අනාදිකාලප්පවත්තං සංසාරචක්කං, තස්සානෙන බොධිමණ්ඩෙ වීරියපාදෙහි සීලපථවියං පතිට්ඨාය සද්ධාහත්ථෙන කම්මක්ඛයකරං ඤාණඵරසුං ගහෙත්වා සබ්බෙ අරා හතාති අරානං හතත්තාපි අරහං.
යම් ඒ අවිද්‍යා භව තෘෂ්ණාමය නැබ සහිත, පුණ්‍යාදි අභිසංඛාරයන්ගේ හටගත් අර සහිත, ජරා මරණ නමැති රෝද පට්ටම් සහිත, කෙලෙසුන්ගෙන් හටගත්තා වූම රෝද සම්බන්ධ කරන අලවංගුවෙන් විද, ත්‍රිභව නමැති රථයෙහි යොදන ලද, කෙළවරක් නොමැති කාලයක පටන් පැවති සංසාර චක්‍රය එතුමාට බෝමැඩදී මේ වීර්යපාදයන්ගෙන්, සීල නමැති පෘථුවියෙහි පිහිටා, ශ්‍රද්ධා හස්තයෙන් කර්මක්ෂය කර ඥාන නමැති පොරොව ගෙන සියලු අර නසන ලද්දේනුයි අරයන්ගේ විනාශය කළ හෙයින්ද අරහං නම් වේ.
අරා සංසාරචක්කස්ස, හතා ඤාණාසිනා යතො; ලොකනාථෙන තෙනෙස, අරහන්ති පවුච්චති.
අරා සංසාර චක්කස්ස - හතා ඤාණාසිනා යතො, ලොකනාථෙන තෙනෙස - අරහන්ති පවුච්චති
ලෝකනාථයන් විසින් නුවණ නමැති අසිපතින් සංසාර චක්‍රයෙහි අර යම්හෙයකින් නසන ලද්දාහුද? එහෙයින් එතුමා අරහ යයි කියනු ලැබේ.
අග්ගදක්ඛිණෙය්‍යත්තා ච චීවරාදිපච්චයෙ අරහති පූජාවිසෙසඤ්ච. තෙනෙව ච උප්පන්නෙ තථාගතෙ යෙ කෙචි මහෙසක්ඛා දෙවමනුස්සා, න තෙ අඤ්ඤත්ථ පූජං කරොන්ති. තථා හි බ්රහ්මා සහම්පති සිනෙරුමත්තෙන රතනදාමෙන තථාගතං පූජෙසි, යථාබලඤ්ච අඤ්ඤෙ දෙවා මනුස්සා ච බිම්බිසාරකොසලරාජාදයො. පරිනිබ්බුතම්පි ච භගවන්තං උද්දිස්ස ඡන්නවුතිකොටිධනං විස්සජ්ජෙත්වා අසොකමහාරාජා සකලජම්බුදීපෙ චතුරාසීති විහාරසහස්සානි පතිට්ඨාපෙසි, කො පන වාදො අඤ්ඤෙසං පූජාවිසෙසානන්ති පච්චයාදීනං අරහත්තාපි අරහං.
අග්‍ර දක්ෂිණාර්භ බැවින්ද, චීවරාදී ප්‍රත්‍ය ඇතුළු පූජා විශේෂයන්ද ලැබීමට සුදුසු වේ. එහෙයින්ම, තථාගතයන් වහන්සේ උපන් කල්හි, යම්කිසි මහේශක්‍ය දෙව් මිනිසුන් වෙත්ද? ඔවුහු අන් තන්හි පූජා නොකෙරෙත්. එසේම සහම්පතී මහබඹු මහමෙර පමණ රන්දමකින් තථාගතයන් වහන්සේ පූජා කළේය. අනෙකුත් දෙවිවරුද මිනිස්සුද, බිම්සර, කොසොල් ආදී රජවරුද ශක්ති ප්‍රමාණයෙන් පූජා කළහ. පිරිනිවියා වූද, බුදුරදුන් උදෙසා සය අනූකෝටියක් ධනය වියදම්කොට අසෝක මහරජු, සමස්ත ජම්බුද්වීපයෙහි අසූහාර දහසක් විහාර පිහිටවීය. අනෙක් අයගේ පූජා විශේෂ ගැන කියනුම කවරේද? ප්‍රත්‍යයාදීන්ට සුදුසු හෙයින්ද අරහං නම් වේ.
පූජාවිසෙසං සහ පච්චයෙහි, යස්මා අයං අරහති ලොකනාථො; අත්‍ථානුරූපං අරහන්ති ලොකෙ, තස්මා ජිනො අරහති නාමමෙතං.
පූජා විසේසං සහ පච්චයෙහි - යස්මා අයං අරහති ලොකනාථො, අත්‍ථානුරූපං අරහන්ති ලොකෙ - තස්මා ජිනො අරහති නාමමෙතං
ප්‍රත්‍යයන් සහිත පූජා විශේෂයන්ට, යම්හෙයකින් මේ ලෝකනාථයන් වහන්සේ සුදුසුද? අර්ථානුරූපව ලෝකයෙහි පූජාවන්ට සුදුසු වෙති. එහෙයින් ජිනේන්ද්රයන් වහන්සේ ඒ නාමයට සුදුසුය.
යථා ච ලොකෙ යෙ කෙචි පණ්ඩිතමානිනො බාලා අසිලොකභයෙන රහො පාපං කරොන්ති, එවමෙස න කදාචි කරොතීති පාපකරණෙ රහාභාවතොපි අරහං.
යම්සේ ලොවැ, කිසි පණ්ඩිතමානී අඥානයෝ, කීර්තිහානි බියෙන් රහසින් පව් කෙරෙති. මෙතුමාණෝ එසේ කිසිදිනෙක නොකෙරෙතියි. පව්කම්හි රහස් නොමැති හෙයින්ද අරහං නම් වේ.
යස්මා නත්ථි රහො නාම, පාපකම්මෙසු තාදිනො; රහාභාවෙන තෙනෙස, අරහං ඉති විස්සුතො.
යස්මා නත්ථි රහොනාම - පාප කම්මෙසු තාදිනො, රහාභාවෙන තෙනෙස - අරහං ඉති විස්සුතො
යම් හෙයකින් තාදි ගුණ යුත් බුදුරදුන්ට පව්කම්හි රහසක් නම් නැත්ද? රහස් අභාවයෙන් එතුමාණෝ අරහං යයි ප්රකටය.
එවං සබ්බථාපි –
හැම අයුරකින්ම මෙසේයි –
ආරකත්තා හතත්තා ච, කිලෙසාරීන සො මුනි; හතසංසාරචක්කාරො, පච්චයාදීන චාරහො; න රහො කරොති පාපානි, අරහං තෙන වුච්චතීති.
ආරකත්තා හතත්තාච - කිලෙසාරීන සොමුනි, හත සංසාර චක්කාරො - පච්චයාදීන චාරහො, න රහො කරොති පාපාති - අරහං තෙන වුච්චති
ඒ මුනීන්ද්‍රයාණන් වහන්සේ, කෙලෙස් සතුරන්ගෙන් දුරුවූ හෙයින්ද, කෙලෙස් සතුරන් නැසූ හෙයින්ද, සංසාර චක්‍රයාගේ අර සිඳලූ හෙයින්ද, ප්‍රත්‍යයාදීන්ට සුදුසුය. රහසින්වත් පව් නොකරයි. එහෙයින් අරහං යයි කියනු ලැබේ.
යස්මා පන සබ්බබුද්ධා අරහත්තගුණෙනාපි සමසමා, තස්මා සබ්බෙසං වසෙන “අරහන්තාන”න්ති ආහ.
යම්හෙයකින් වනාහි සියලු බුදුවරු අර්හත් ගුණයෙන්ද සමානය. එනිසා සියල්ලන්ගේ වශයෙන් අරහන්තානං යයි කීහ.
සම්මාසම්බුද්ධානන්ති සම්මා සාමඤ්ච සබ්බධම්මානං බුද්ධත්තා සම්මාසම්බුද්ධො. තථා හෙස සබ්බධම්මෙ සම්මා සම්බුද්ධො, අභිඤ්ඤෙය්‍යෙ ධම්මෙ අභිඤ්ඤෙය්‍යතො බුද්ධො, පරිඤ්ඤෙය්‍යෙ ධම්මෙ පරිඤ්ඤෙය්‍යතො, පහාතබ්බෙ ධම්මෙ පහාතබ්බතො, සච්ඡිකාතබ්බෙ ධම්මෙ සච්ඡිකාතබ්බතො, භාවෙතබ්බෙ ධම්මෙ භාවෙතබ්බතො. තෙනෙවාහ –
සම්මා සම්බුද්ධානං යනු මනාව තෙමේම සියලු ධර්මයන්ගේ අවබෝධත්වයට පත්හෙයින් සම්මා සම්බුද්ධයි. එසේම එතුමාණෝ සියලු ධර්මයන් මනාව අවබෝධ කළහ. විශිෂ්ට සේ දතයුතු ධර්මයන් විශිෂ්ට සේ අවබෝධ කළහ. විශේෂයෙන් දතයුතු ධර්මයන්, විශේෂයෙන් දැනගැනීම් වශයෙන්ද, ප්රහාණය කළයුතු ධර්මයන් ප්රහාණය කළයුතු වශයෙන්ද, ප්රත්යක්ෂ කළයුතු ධර්මයන් ප්රත්යක්ෂ කළයුතු වශයෙන්ද, වැඩිය යුතු ධර්මයන් වැඩිය යුතු වශයෙන්ද ක්‍රියාත්මක භාවයෙහි පිහිටියහ. එහෙයින් කීහ –
“අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං, භාවෙතබ්බඤ්ච භාවිතං; පහාතබ්බං පහීනං මෙ, තස්මා බුද්ධොස්මි බ්රාහ්මණා”ති. (ම· නි· 2.399; සු· නි· 563);
අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං - භාවෙතබ්බඤ්ච භාවිතං, පහාතබ්බං පහීණං මෙ - තස්මා බුද්ධොස්මි බ්රාහ්මණා’ති
විශිෂ්ට සේ දතයුතු ධර්මයන් විශිෂ්ට සේ දත්තෙමි. වැඩිය යුතු ධර්මයන්ද වඩන ලද්දේ වෙමි. මා විසින් ප්රහාණය කළයුතු දෑ ප්රහාණය කළෙමි. බ්‍රාහ්මණය, එහෙයින් මම බුද්ධ වෙමි.
අථ වා චක්ඛු දුක්ඛසච්චං, තස්ස මූලකාරණභාවෙන සමුට්ඨාපිකා පුරිමතණ්හා සමුදයසච්චං, උභින්නං අප්පවත්ති නිරොධසච්චං, නිරොධප්පජානනා පටිපදා මග්ගසච්චන්ති එවං එකෙකපදුද්ධාරෙනාපි සබ්බධම්මෙ සම්මා සාමඤ්ච බුද්ධො. එස නයො සොතඝානජිව්හාකායමනෙසු. එතෙනෙව නයෙන රූපාදීනි ඡ ආයතනානි, චක්ඛුවිඤ්ඤාණාදයො ඡ විඤ්ඤාණකායා, චක්ඛුසම්ඵස්සාදයො ඡ ඵස්සා, චක්ඛුසම්ඵස්සජාදයො ඡ වෙදනා, රූපසඤ්ඤාදයො ඡ සඤ්ඤා, රූපසඤ්චෙතනාදයො ඡ චෙතනා, රූපතණ්හාදයො ඡ තණ්හාකායා, රූපවිතක්කාදයො ඡ විතක්කා, රූපවිචාරාදයො ඡ විචාරා, රූපක්ඛන්ධාදයො පඤ්චක්ඛන්ධා, දස කසිණානි, දස අනුස්සතියො, උද්ධුමාතකසඤ්ඤාදිවසෙන දස සඤ්ඤා, කෙසාදයො ද්වත්තිංසාකාරා, ද්වාදසායතනානි, අට්ඨාරස ධාතුයො, කාමභවාදයො නව භවා, පඨමාදීනි චත්තාරි ඣානානි, මෙත්තාභාවනාදයො චතස්සො අප්පමඤ්ඤා, චතස්සො අරූපසමාපත්තියො, පටිලොමතො ජරාමරණාදීනි, අනුලොමතො අවිජ්ජාදීනි පටිච්චසමුප්පාදඞ්ගානි ච යොජෙතබ්බානි. තත්රායං එකපදයොජනා – ජරාමරණං දුක්ඛසච්චං, ජාති සමුදයසච්චං, උභින්නං නිස්සරණං නිරොධසච්චං, නිරොධප්පජානනා පටිපදා මග්ගසච්චන්ති එවං එකෙකපදුද්ධාරෙන සබ්බධම්මෙ සම්මා සාමඤ්ච බුද්ධො අනුබුද්ධො පටිවිද්ධො. යං වා පන කිඤ්චි අත්ථි නෙය්‍යං නාම, සබ්බස්ස සම්මා සම්බුද්ධත්තා විමොක්ඛන්තිකඤාණවසෙන සම්මාසම්බුද්ධො. තස්ස පන විභාගො උපරි ආවි භවිස්සතීති. යස්මා පන සබ්බබුද්ධා සම්මාසම්බුද්ධගුණෙනාපි සමසමා, තස්මා සබ්බෙසං වසෙන “සම්මාසම්බුද්ධාන”න්ති ආහ.
නොහොත්, ඇස දුක්ඛ සත්‍යයයි. එයට මුල් වූ කරුණ වශයෙන්, උපදවන ලද, පූර්ව තෘෂ්ණාව සමුදය සත්‍යයයි. ද්වයයෙහිම නොපැවැත්ම නිරෝධ සත්‍යයයි. නිරෝධය අවබෝධ කරන්නා වූ ප්‍රතිපදාව මාර්ග සත්‍යයයි. මෙසේ එකිනෙක පද උදුරා දැක්වීමෙන්ද, සියලු ධර්මයන් මනාව තෙමේම අවබෝධ කරන ලදී. ශ්‍රෝත, ඝාණ, ජීව්හා, කාය, මනාදීන්හිද ඒ ක්‍රමයමැයි. ඒ ක්‍රමයෙන්ම රූපාදී ෂඩායතනයන්, චක්ෂුර් විඤ්ඤාණාදී ෂට්විඤ්ඤාණ කායයන්ද, චක්ෂු සම්ඵස්සාදී ෂට් ස්පර්ශයන්ද, චක්ෂු සම්ඵස්සයෙන් හටගත් ෂට් වේදනාවන්ද, රූප සංඥාදී ෂට් සංඥාවන්ද, රූප සංචේතනාදී ෂට් චේතනාවන්ද, රූප තෘෂ්ණාදී ෂට් තෘෂ්ණා කායයන්ද, රූප විතර්කාදී ෂට් විතර්කයන්ද, රූප විචාරාදී ෂට් විචාරයන්ද, රූප ස්කන්ධාදී පංච ස්කන්ධයන්ද, දස කසිණයන්ද, දස අනුසස්තීන්ද, අමුසොහොනෙහි හැරදමන ලද, ඉදිමුණු මෘත ශරීර සංඥාදී වශයෙන් වූ දස සංඥාවන්ද, කේශාදී ද්වත්තිංසාකාරයන්ද, ද්වාදසායතනයන්ද, අටළොස් ධාතූන්ද, කාමභවාදී නව භවයන්ද, ප්‍රථමාදී සතර ධ්‍යානයන්ද, මෛත්‍රී භාවනාදි සතර අප්රමාණ්යයන්ද, සතර අරූප සමාපත්තීන්ද, ප්‍රතිලෝම වශයෙන් ජරා මරණාදීන්ද, අනුලෝම වශයෙන් අවිද්‍යාදී ප්‍රතීත්‍ය සමුත්පාද අංගයන්ද යෙදිය යුත්තාහ. මේ එහි එක් පද යෙදුමකි. ජරා මරණ දුක්ඛ සත්‍යයයි. ජාතිය (ඉපැත්ම) සමුදය සත්‍යයයි. දෙකින්ම නිදහස්වීම නිරෝධ සත්‍යයයි. නිරෝධය දැනගන්නා වූ ප්‍රතිපදාව මාර්ග සත්‍යයයි. මෙසේ එකිනෙක පද උදුරා දැක්වීමෙන් සියලු ධර්මයන් මනාව තෙමේම අවබෝධ කළේය. මනාව අවබෝධ කළේය. ප්‍රතිවේධ කළේය. යම් ඒ කිසි අවබෝධ කළයුත්තක් ඇත්ද, ඒ සියල්ල මනාව අවබෝධ කළ හෙයින්ද, රහත්ඵල ඤාණ වශයෙන් මනාව අවබෝධ කළ සේක. එහි බෙදා දැක්වීම මත්තෙහි ප්‍රකට වන්නේය. යම්හෙයකින් වනාහි සියලු බුදුවරු, සම්‍යක් සම්බුද්ධ ගුණයෙන් සමාන වූවාහුද, එහෙයින් සියල්ලන්ගේ වශයෙන් සම්මා සම්බුද්ධානං යන්න වදාළහ.
ඉදානි පරියන්තපාරිසුද්ධිඅපරියන්තපාරිසුද්ධිසීලද්වයෙ එකෙකමෙව සීලං පඤ්චධා භින්දිත්වා දස්සෙතුං අත්ථි සීලං පරියන්තං, අත්ථි සීලං අපරියන්තන්තිආදිමාහ. ඉතරෙසු පන තීසු සීලෙසු තථාවිධො භෙදො නත්ථීති. තත්ථ ලාභපරියන්තන්ති ලාභෙන පරියන්තො භෙදො එතස්සාති ලාභපරියන්තං. එවං සෙසානිපි. යසොති පනෙත්ථ පරිවාරො. ඉධාති ඉමස්මිං ලොකෙ. එකච්චොති එකො. ලාභහෙතූති ලාභොයෙව හෙතු ලාභහෙතු, තස්මා ලාභහෙතුතොති වුත්තං හොති. හෙත්වත්ථෙ නිස්සක්කවචනං. “ලාභපච්චයා ලාභකාරණා”ති තස්සෙව වෙවචනං. හෙතුමෙව හි පටිච්ච එතං ඵලමෙතීති පච්චයොති ච, ඵලුප්පත්තිං කාරයතීති කාරණන්ති ච වුච්චති.
දැන් පර්යන්ත පාරිශුද්ධි, අපරියන්ත පාරිශුද්ධි යන සීලද්වයයෙහි එක් එක් සීලය පස් අයුරකින් බිඳ දැක්වීමට ‘අත්ථි සීලං පරියන්තං, අත්ථි සීලං අපරියන්තං’ යනාදිය දෙසූහ. අනෙක් ත්‍රිවිධ සීලයන්හි එබඳු භේදයක් නැත. එහි ලාභ පරියන්තං යනු ලාභයෙන් අවසන්කොට ඇති භේදයක් එයටනුයි=ලාභපරින්තංයි. සෙස්සෙහිද එසේමය. යසො යන මෙහි පිරිවරයි. ඉධ යනු මෙලොවෙහි, එකච්චො යනු එකෙක්, ලාභහෙතු යනු ලාභයම හේතුවනුයි - ලාභහේතුයි. එහෙයින් ලාභ හේතුයෙන් යයි යූසේයි. හේතු අර්ථයෙහි පංචමී වචනයි. ලාභ ප්‍රත්‍යයෙන්, ලාභ කාරණයෙනැයි ඊටම පර්යාය වචනයි. හේතුවම නිසා එම ඵලය එයිනුයි ප්‍රත්‍යයද වේ. ඵලෝත්පත්තිය කරවයිනුයිද, හේතුවයයිද කියනු ලැබේ.
යථාසමාදින්නන්ති යං යං සමාදින්නං ගහිතං. වීතික්කමතීති අජ්ඣාචරති. එවරූපානීති එවංසභාවානි, වුත්තප්පකාරානීති අධිප්පායො. සීලානීති ගහට්ඨසීලානි වා හොන්තු පබ්බජිතසීලානි වා, යෙසං ආදිම්හි වා අන්තෙ වා එකං භින්නං, තානි පරියන්තෙ ඡින්නසාටකො විය ඛණ්ඩානි. යෙසං වෙමජ්ඣෙ එකං භින්නං, තානි මජ්ඣෙ විනිවිද්ධසාටකො විය ඡිද්දානි. යෙසං පටිපාටියා ද්වෙ වා තීණි වා භින්නානි, තානි පිට්ඨියා වා කුච්ඡියා වා උට්ඨිතෙන දීඝවට්ටාදිසණ්ඨානෙන විසභාගවණ්ණෙන කාළරත්තාදීනං අඤ්ඤතරසරීරවණ්ණා ගාවී විය සබලානි. යෙසං අන්තරන්තරා එකෙකානි භින්නානි, තානි අන්තරන්තරා විසභාගවණ්ණබින්දුවිචිත්රා ගාවී විය කම්මාසානි. අවිසෙසෙන වා සබ්බානිපි සත්තවිධෙන මෙථුනසංයොගෙන කොධූපනාහාදීහි ච පාපධම්මෙහි උපහතත්තා ඛණ්ඩානි ඡිද්දානි සබලානි කම්මාසානීති. තානියෙව තණ්හාදාසබ්යතො මොචෙත්වා භුජිස්සභාවාකරණෙන න භුජිස්සානි. බුද්ධාදීහි විඤ්ඤූහි න පසත්ථත්තා න විඤ්ඤුප්පසත්ථානි. තණ්හාදිට්ඨීහි පරාමට්ඨත්තා, කෙනචි වා “අයං තෙ සීලෙසු දොසො”ති පරාමට්ඨුං සක්කුණෙය්යතාය පරාමට්ඨානි. උපචාරසමාධිං අප්පනාසමාධිං වා, අථ වා මග්ගසමාධිං ඵලසමාධිං වා න සංවත්තයන්තීති අසමාධිසංවත්තනිකානි. න සමාධිසංවත්තනිකානීතිපි පාඨො.
යථා සමාදින්නං යනු යම් යම් ශික්ෂාපදයක් සමාදන්ව ගන්නා ලද්දේද? වීතික්කමති යනු ශික්ෂාපද ඉක්මවයි. එවරූපානි යනු මෙවන් ස්වභාවයන්ගෙන් කියන ලද ආකාරයන්ගෙන් යන අදහසයි. සීලානි යනු ගෘහස්ථ සීල හෝ ප්රවෘජිත සීල හෝ වේවා, යම් සීලයන්ගේ මුල හෝ කෙළවරෙහි එකක් බිඳුණේ වේද, ඒවා කෙළවර සිඳුණු වස්ත්‍රයක් මෙන් ඛණ්ඩානි නම් වේ. යම් සීලයන්ගේ මධ්‍යයෙහි එකක් බිඳුණෝ වේද, එය මධ්‍යය විනිවිද ගිය සළුවක් මෙන් ඡිද්දානියි. යම් සීලයන්ගේ පිළිවෙළින් ද්වයයක් හෝ ත්‍රයයක් බිඳුණේ වේද, පිටෙහි හෝ කුසෙහි හෝ හටගත් දික් වටකුරු සටහන්වලින්ද, කලු, රතු ආදී සමාන නොවූ වර්ණයෙන්ද යුත්, ශරීර වර්ණ ඇති ගවදෙනක් මෙන් සබලයි. (පුල්ලි සහිතයි.) යම් සීලයන්ගේ, අතරතුර එකිනෙක බිඳුණේ වේද ඒවා අතරතුර විසභාග බින්දුවලින් විසිතුරු ගවදෙනක මෙන් වූයේනුයි කම්මාසානියි. අවිසේසයෙන් සත්වැදෑරුම් මෛථුන සංයෝගයෙන්ද, ක්‍රෝධය, වෛරය ආදී පාපධර්මයන්ගෙන් පලුදු වී ඇති හෙයින් කැඩුණාහු, සිදුරු වූවාහු, පුල්ලි සහිත වූවාහු, මිශ්රපැහැ වූවාහු වෙති. ඒවාම තෘෂ්ණා දාසව්යතායෙන් මුදා, දාස බවින් නිදහස් බව නොකරන හෙයින් නභුජිස්සානියි. බුද්ධාදී නුවණැත්තන් විසින් ප්‍රශංසා නොකරන ලද හෙයින් න විඤ්ඤුප්පසත්ථානියි.
කෙචි පන “ඛණ්ඩානීති කුසලානං ධම්මානං අප්පතිට්ඨාභූතත්තා, ඡිද්දානීතිපි එවං. සබලානීති විවණ්ණකරණත්තා, කම්මාසානීතිපි එවං. න භුජිස්සානීති තණ්හාදාසබ්යං ගතත්තා. න විඤ්ඤුප්පසත්ථානීති කුසලෙහි ගරහිතත්තා. පරාමට්ඨානීති තණ්හාය ගහිතත්තා. අසමාධිසංවත්තනිකානීති විප්පටිසාරවත්ථුභූතත්තා”ති එවමත්ථං වණ්ණයන්ති.
තෘෂ්ණා දෘෂ්ටීන් විසින් ස්පර්ශ කරන ලද හෙයින්, කිසිවෙකු විසින්, මෙය ඔබගේ සීලයෙහි දොසැයි ස්පර්ශ කරන්ට හැකිවන හෙයින් පරාමට්ඨානියි. උපචාර සමාධිය, අර්පණා සමාධිය හෝ නොහොත් මාර්ග සමාධියට, ඵල සමාධියට නොපවතිත්නුයි අසමාධි සංවත්තනිකානියි. න සමාධිසංවත්තනිකානියිද පාඨයි. සමහරු වනාහි, කුසලධර්මයන්ගේ නොපිහිටීම වූ හෙයින්, ඛණ්ඩානි, ඡිද්දානි, සබලානි, කම්මාසානි යයි වර්ණනා කරන හෙයින්, මෙසේ තෘෂ්ණා දාසත්වයට ගියහෙයින්, න භූජිස්සයයිද, නුවණැත්තන් විසින් ප්‍රශංසා නොකරන ලද හෙයින් න විඤ්ඤුප්පසත්ථානියයිද, තෘෂ්ණාවෙන් අල්ලා ගත් බැවින් පරාමට්ඨයයිද, පසුතැවිල්ලට හේතු වූ බැවින් න සමාධි සංවත්තනිකා යයිද මෙසේ අර්ථ වර්ණනා කරත්.
න අවිප්පටිසාරවත්ථුකානීති විප්පටිසාරාවහත්තා අවිප්පටිසාරස්ස පතිට්ඨා න හොන්තීති අත්ථො. න පාමොජ්ජවත්ථුකානීති අවිප්පටිසාරජාය දුබ්බලපීතියා න වත්ථුභූතානි තස්සා අනාවහත්තා . එවං සෙසෙසුපි යොජනා කාතබ්බා. න පීතිවත්ථුකානීති දුබ්බලපීතිජාය බලවපීතියා න වත්ථුභූතානි. න පස්සද්ධිවත්ථුකානීති බලවපීතිජාය කායචිත්තපස්සද්ධියා න වත්ථුභූතානි. න සුඛවත්ථුකානීති පස්සද්ධිජස්ස කායිකචෙතසිකසුඛස්ස න වත්ථුභූතානි. න සමාධිවත්ථුකානීති සුඛජස්ස සමාධිස්ස න වත්ථුභූතානි. න යථාභූතඤාණදස්සනවත්ථුකානීති සමාධිපදට්ඨානස්ස යථාභූතඤාණදස්සනස්ස න වත්ථුභූතානි.
න අවිප්පටිසාරවත්ථුකානි යනු පසුතැවිල්ල ගෙන එන හෙයින් නොපසුතැවිල්ලට ආධාර නොවෙත් යන අර්ථයි. න පාමුජ්ජවත්ථුකානී යනු නොපසුතැවිල්ලෙන් හටගත් දුර්වල ප්‍රීතිය බැවින් ප්රමෝදයට හේතු නොවූවාහු එය නොඑළවන හෙයිනි. මෙසේ සෙස්සෙහිද කළයුත්තාහ. න පීති වත්ථුකානි යනු දුර්වල ප්‍රීතියෙන් හටගත්තේ බලවත් ප්‍රීතියට හේතු නොවූවාහු. න පස්සද්ධි වත්ථුකාර බලවත් ප්‍රීතියෙන් හටගත් හෙයින් කය හා සිතෙහි සන්සුන් බවට හේතු නොවූවාහු. නසුඛවත්ථුකානි සන්සිඳීමෙන් හටගත් කායික චෙතසික සුවයට හේතු නොවූවාහු. න සමාධි වත්ථුකානි සුවයෙන් හටගත් සමාධියට හේතු නොවූවාහු, න යථාභූත ඤාණ දස්සන වත්ථුකානි සමාධියට ආසන්න කාරණය වූ යථාභූත ඤාණ දර්ශනයට හේතු නොවූවාහු,
න එකන්තනිබ්බිදායාතිආදීසු න-කාරමෙව ආහරිත්වා “න විරාගායා”තිආදිනා නයෙන සෙසපදෙහිපි යොජෙතබ්බං. න විරාගායාතිආදීසු සනකාරො වා පාඨො. තත්ථ එකන්තනිබ්බිදායාති එකන්තෙන වට්ටෙ නිබ්බින්දනත්ථාය න සංවත්තන්තීති සම්බන්ධො. එවං සෙසෙසුපි යොජෙතබ්බං. විරාගායාති වට්ටෙ විරජ්ජනත්ථාය. නිරොධායාති වට්ටස්ස නිරොධනත්ථාය. උපසමායාති නිරොධිතස්ස පුන අනුප්පත්තිවසෙන වට්ටස්ස උපසමනත්ථාය. අභිඤ්ඤායාති වට්ටස්ස අභිජානනත්ථාය. සම්බොධායාති කිලෙසනිද්දාවිගමෙන වට්ටතො පබුජ්ඣනත්ථාය. නිබ්බානායාති අමතනිබ්බානත්ථාය.
න එකන්ත නිබ්බිදාය යනාදීන්හි ‘න කාරයම ගෙනවුත් ‘න විරාගාය’ යන ආදී ක්‍රමයෙන් සෙසු පදයන්හිද යෙදිය යුතුය. න විරාගාය ආදියෙහි න කාර සහිතවම පාඨයි. එහි එකන්ත නිබ්බිදාය යනු ඒකාන්තයෙන් සසර වෘත්තයෙහි කළකිරීම සඳහා නොපවතිත් යනු සම්බන්ධයි. මෙසේ සෙස්සෙහිද යෙදිය යුතුය. විරාගාය යනු සසරෙහි නොඇලීම සඳහා. නිරෝධාය යනු සංසාර වෘත්තයාගේ නැවැත්ම සඳහා, උපසමාය යනු නැවැත්ම ලද්දහුගේ නැවත නොඉපදීම් වශයෙන් සංසාර වෘත්තයාගේ සංසිඳීම සඳහා. අභිඤ්ඤාය යනු සංසාර වෘත්තයාගේ තතත්වය මනාව දැනගැනීම සඳහා. සම්බොධාය කෙලෙස් නිද්‍රා පහකිරීමෙන් වෘත්තයෙන් පිබිදීම සඳහා. නිබ්බාණාය යනු අමා නිවන සඳහා,
යථාසමාදින්නං සික්ඛාපදං වීතික්කමායාති යථාසමාදින්නස්ස සික්ඛාපදස්ස වීතික්කමනත්ථාය. විභත්තිවිපල්ලාසවසෙන පනෙත්ථ උපයොගවචනං කතං. චිත්තම්පි න උප්පාදෙතීති චිත්තුප්පාදසුද්ධියා සීලස්ස අතිවිසුද්ධභාවදස්සනත්ථං වුත්තං, න පන චිත්තුප්පාදමත්තෙන සීලං භිජ්ජති. කිං සො වීතික්කමිස්සතීති කිමත්ථං වීතික්කමං කරිස්සති, නෙව වීතික්කමං කරිස්සතීති අත්ථො. අඛණ්ඩානීතිආදීනි හෙට්ඨා වුත්තපටිපක්ඛනයෙන වෙදිතබ්බානි. න ඛණ්ඩානීතිපි පාඨො. “එකන්තනිබ්බිදායා”තිආදීසු එකන්තෙන වට්ටෙ නිබ්බින්දනත්ථායාතිආදිනා නයෙන යොජෙතබ්බං . එත්ථ පන නිබ්බිදායාති විපස්සනා. විරාගායාති මග්ගො. නිරොධාය උපසමායාති නිබ්බානං. අභිඤ්ඤාය සම්බොධායාති මග්ගො. නිබ්බානායාති නිබ්බානමෙව. එකස්මිං ඨානෙ විපස්සනා, ද්වීසු මග්ගො, තීසු නිබ්බානං වුත්තන්ති එවං අවත්ථානකථා වෙදිතබ්බා. පරියායෙන පන සබ්බානිපෙතානි මග්ගවෙවචනානිපි නිබ්බානවෙවචනානිපි හොන්තියෙව.
යථා සමාදින්නං සික්ඛාපදං වීතික්කමාය යනු යම් ආකාරයකින් සමාදන් වූ ශික්‍ෂාපදයාගේ ඉක්මවීම සඳහා, (විභක්ති පෙරළීම් වශයෙන් ද්විතියා විභක්තිය යොදන ලදී) චිත්තම්පි න උප්පාදෙති යනු චිත්තොත්පාද ශුද්ධියෙන් සීලයාගේ අති විශුද්ධභාවය දැක්වීම සඳහා කියන ලදී. සිතක් ඉපදීම් මාත්‍රයෙන් වනාහි සීලය නොබිඳේ. කිංසො වීතික්කමිස්සති යනු කුමක් සඳහා ඉක්මවීම කරන්නේද? ඉක්මවීම නොකරන්නේය යන අර්ථයි. අඛණ්ඩානි ආදිය යට කියන ලද්දට විරුද්ධ වශයෙන් දතයුත්තාහුය. න ඛණ්ඩානි යනුද පාඨයි. එකන්ත නිබ්බිදාය යනාදීන්හි ඒකාන්තයෙන් සසර වෘත්තයෙහි කලකිරීම සඳහාය ආදී ක්‍රමයෙන් යෙදිය යුතුය. මෙහි වනාහි නිබ්බිදා යනු විදර්ශනාවයි. විරාගාය යනු මාර්ගයයි. නිරොධාය උපසමාය යනු නිර්වාණයයි. අභිඤ්ඤාය සම්බොධාය යනු මාර්ගයයි. නිබ්බාණාය යනු නිර්වාණයමය. එක් ස්ථානයක විදර්ශනාවද, දෙතැනක මාර්ගයද, තෙතැනක නිර්වාණයද කියන ලදැයි මෙසේ විස්තර කථාව දතයුත්තාහුය. පිළිවෙළින් මේ සියල්ල මාර්ගයට සමානාර්ථ, නිර්වාණයට සමානාර්ථ ඇති වචන වෙයි.
ඉදානි පරියන්තාපරියන්තවසෙන විජ්ජමානපභෙදං දස්සෙත්වා පුන ධම්මවසෙන ජාතිවසෙන පච්චයවසෙන සම්පයුත්තවසෙන සීලස්ස පභෙදං දස්සෙතුං කිං සීලන්තිආදිමාහ. තත්ථ සමුට්ඨාති එතෙනාති සමුට්ඨානං. පච්චයස්සෙතං නාමං. කිං සමුට්ඨානමස්සාති කිංසමුට්ඨානං. කතිනං ධම්මානං සමොධානං සමවායො අස්සාති කතිධම්මසමොධානං.
දැන් පරියන්ත, අපරියන්ත, වශයෙන් විද්‍යමාන ප්‍රභේද දක්වා, නැවත ධර්ම, ජාති, ප්‍රත්‍යය, සම්ප්‍රයුක්ත වශයෙන් සීලයාගේ ප්‍රභේද දක්වන්ට කිං සීලං ආදිය දෙසූහ. එහි එයින් හටගනීනුයි සමුට්ඨානයි. එය ප්‍රත්‍යයට නමකි. කවර හටගැනීමක් වන්නේදැයි, කිං සමුට්ඨානංයි. කෙතෙක් ධර්මයන්ගේ එක්තැන් කිරීම, එක්තැන්වීම වන්නේදැයි. කතිධම්ම සමොධානංයි.
චෙතනා සීලන්ති පාණාතිපාතාදීහි විරමන්තස්ස, වත්තපටිපත්තිං වා පූරෙන්තස්ස චෙතනා. චෙතසිකං සීලන්ති පාණාතිපාතාදීහි විරමන්තස්ස විරති. අපිච චෙතනා සීලං නාම පාණාතිපාතාදීනි පජහන්තස්ස සත්තකම්මපථචෙතනා . චෙතසිකං සීලං නාම “අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරතී”තිආදිනා (දී· නි· 1.217) නයෙන වුත්තා අනභිජ්ඣාඅබ්යාපාදසම්මාදිට්ඨිධම්මා. සංවරො සීලන්ති එත්ථ පඤ්චවිධො සංවරො වෙදිතබ්බො – පාතිමොක්ඛසංවරො, සතිසංවරො, ඤාණසංවරො, ඛන්තිසංවරො, වීරියසංවරොති. තත්ථ “ඉමිනා පාතිමොක්ඛසංවරෙන උපෙතො හොති සමුපෙතො”ති (විභ· 511) අයං පාතිමොක්ඛසංවරො. “රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජතී”ති (දී· නි· 1.213; ම· නි· 1.295; සං· නි· 4.239; අ· නි· 3.16) අයං සතිසංවරො.
චෙතනා සීලං ප්‍රාණඝාතාදියෙන් වෙන් වන්නහුට හෝ වත්පිළිවෙත් පුරන්නහුට ඇතිවන චේතනායි. චෙතසික සීලං යනු ප්‍රාණඝාතාදියෙන් වෙන්වන්නහුට හටගන්නා විරති චෛතසිකයයි. තවද, චේතනා සීලය නම් ප්රාණඝාතාදීන් අත්හරින්නහුට හටගන්නා සප්ත කර්මපථ චේතනාවෝය. චෛතසික සීලය නම්, අභිධ්‍යාව දුරුකොට, පහවූ අභිධ්‍යාවෙන් යුත් සිතින් වාසය කෙරේ යයි ආදී ක්‍රමයෙන් කියන ලද අනභිධ්‍යා, අව්‍යාපාද, සම්‍යග් දෘෂ්ටි ආදී ධර්මයෝය. සංවරො සීලං යනු මෙහි පස්වැදෑරුම් සංවරය දතයුතුය. ප්රාතිමෝක්ෂ සංවරය, සති සංවරය, ඤාණ සංවරය, ක්ෂාන්ති සංවරය, වීර්ය සංවරය යනු ඒවාය. එහි, ‘මේ ප්රාතිමෝක්ෂ සංවරයෙන් යුක්ත වූයේ, මනාව යුක්ත වූයේ වෙයි. යන මෙය ප්රාතිමෝක්ෂ සංවරයයි. චක්ෂුඉන්ද්රිය රකියි. චක්ෂුන්ද්රියයෙහි සංවරයට පැමිණේ යන මෙය සති සංවරයයි.
“යානි සොතානි ලොකස්මිං, (අජිතාති භගවා;) සති තෙසං නිවාරණං; සොතානං සංවරං බ්රූමි, පඤ්ඤායෙතෙ පිධීයරෙ”ති. (සු· නි· 1041) –
යානි සොතානි ලොකස්මිං (අජිතාතිභගවා) සතිතෙසං නිවාරණං, සොතානං සංවරං බ්රෑමි - පඤ්ඤායෙතෙ පිථීයරෙ’ති
භාග්‍යවතුන් වහන්සේ අජිතයැයි ඔහු අමතා, ලෝකයෙහි යම්කිසි කෙලෙස් ශ්‍රෝතස් වෙත්ද, ඒවාහි වැළැක්ම සිහියයි. කෙලෙස් ශ්රෝතසුන්ගේ සංවරය වදාරමි. ඒවා ප්‍රඥාවෙන් වසනු ලැබේ.
අයං ඤාණසංවරො. පච්චයපටිසෙවනම්පි එත්ථෙව සමොධානං ගච්ඡති. යො පනායං “ඛමො හොති සීතස්ස උණ්හස්සා”තිආදිනා (ම· නි· 1.24; අ· නි· 4.114; 6.58) නයෙන ආගතො, අයං ඛන්තිසංවරො නාම. යො චායං “උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙතී”තිආදිනා (ම· නි· 1.26; අ· නි· 4.114; 6.58) නයෙන ආගතො, අයං වීරියසංවරො නාම. ආජීවපාරිසුද්ධිපි එත්ථෙව සමොධානං ගච්ඡති. ඉති අයං පඤ්චවිධොපි සංවරො, යා ච පාපභීරුකානං කුලපුත්තානං සම්පත්තවත්ථුතො විරති, සබ්බමෙතං සංවරසීලන්ති වෙදිතබ්බං. අවීතික්කමො සීලන්ති සමාදින්නසීලස්ස කායිකවාචසිකො අවීතික්කමො. ඉදං තාව කිං සීලන්ති පඤ්හස්ස විස්සජ්ජනං.
මේ ඤාණ සංවරයයි. ප්‍රත්‍යය පරිභෝජනයද මෙහි ඇතුළත් බවට යේ. යම් ඒ සීතයාගේ, උෂ්ණයාගේ ගතිය ඉවසන්නේ වෙයි ආදී ක්‍රමයෙන් දක්වා ඇති මෙය ක්ෂාන්ති සංවරය නම් වේ. යම් මේ උපන් කාම විතර්කය නොඉවසයි ආදී ක්‍රමයෙන් එන ලද්දේ, මෙය වීර්ය සංවරය නම් වේ. ආජීව පාරිශුද්ධියද මෙහිම ඇතුළත් බවට යේ. මෙසේ මේ පස්වැදෑරුම් වූ සංවරය, පයට බිය, කුල පුතුන්ගේ සම්ප්‍රාප්ත වස්තුවෙන් වැළකීම ආදී ඒ සියල්ලම, සංවර සීලයයි දතයුතුය. අවීතික්කමොසීලං යනු සමාදන් වූ සීලයාගේ කායික වාචසික නොඉක්මවීමයි. මෙය කිංසීලං යන ප්‍රශ්නයට විසඳුමයි.
කති සීලානීති පඤ්හස්ස විස්සජ්ජනෙ කුසලසීලං අකුසලසීලං අබ්යාකතසීලන්ති එත්ථ යස්මා ලොකෙ තෙසං තෙසං සත්තානං පකති සීලන්ති වුච්චති, යං සන්ධාය “අයං සුඛසීලො, අයං දුක්ඛසීලො, අයං කලහසීලො, අයං මණ්ඩනසීලො”ති භණන්ති. තස්මා තෙන පරියායෙන අත්ථුද්ධාරවසෙන අකුසලසීලමපි සීලන්ති වුත්තං. තං පන “සුත්වාන සංවරෙ පඤ්ඤා”ති (පටි· ම· 1.37) වචනතො ඉධාධිප්පෙතසීලං න හොතීති.
කති සීලානි යන ප්‍රශ්නයට විසඳුමෙහි, කුසල සීලං, අකුසල සීලං අව්‍යාකත සීලං යයි ත්රයයෙකි. මෙහි, ලෝකයෙහි ඒ ඒ සත්ත්වයින්ගේ ප්‍රකෘතිය සීලයයි කියනු ලැබේ. යමක් සඳහා මොහු සුවසීලි අයෙකි. මොහු දුක්සීලි අයෙකි. මොහු කළහසීලි අයෙකි. මොහු සැරසෙන සීලී අයෙකියි කියත්ද? එහෙයින් ඒ ක්‍රමයෙන් අර්ථ උදුරා දැක්වීමෙන් අකුසල සීලයද සීලයයි යූ.සේයි. එය වනාහි සුත්වාන සංවරෙ පඤ්ඤා යන වචනයෙන් මෙහි අදහස් කරන ලද සීලය නොවේ.
යස්මා පන චෙතනාදිභෙදස්ස සීලස්ස සම්පයුත්තචිත්තං සමුට්ඨානං, තස්මා කුසලචිත්තසමුට්ඨානං කුසලසීලන්තිආදිමාහ.
යම්හෙයකින් චේතනාදී භේද වූ, සීලයට ඒ හා සමග යුත් සිත සමුට්ඨානය වේද, එහෙයින් කුසල් සිත හා හටගත්තේ කුසල සීලයයි ආදිය වදාළහ.
සංවරසමොධානං සීලන්ති සංවරසම්පයුත්තඛන්ධා. තෙ හි සංවරෙන සමාගතා මිස්සීභූතාති සංවරසමොධානන්ති වුත්තා. එවං අවීතික්කමසමොධානං සීලම්පි වෙදිතබ්බං. තථාභාවෙ ජාතචෙතනා සමොධානං සීලන්ති සංවරභාවෙ අවීතික්කමභාවෙ ජාතචෙතනාසම්පයුත්තා ඛන්ධා. යස්මා ච තීසුපි චෙතෙසු තංසම්පයුත්තා ධම්මා අධිප්පෙතා, තස්මා චෙතනාසමොධානෙන චෙතසිකානම්පි සඞ්ගහිතත්තා චෙතසිකසමොධානසීලං විසුං න නිද්දිට්ඨන්ති වෙදිතබ්බං. හෙට්ඨා චෙතනාදයො ධම්මා “සීල”න්ති වුත්තා. න කෙවලං තෙ එව සීලං, තංසම්පයුත්තා ධම්මාපි සීලමෙවාති දස්සනත්ථං අයං තිකො වුත්තොති වෙදිතබ්බො.
සංවර සමොධානං සීලං යනු, සංවරය හා එකට යෙදුණු ස්කන්ධ ඒවා සංවරයෙන් එක්වූවාහු, මිශ්රවූවාහුනුයි සංවර සමොධානයයි යූ.සේයි. මෙසේ නොඉක්මවීම් එක්තැන් කිරීමේ සීලයද දතයුතුය. තථාභාවෙ ජාතා චෙතනා සමොධානං සීලං යනු සංවර ස්වභාවයෙහි, නොඉක්මවීම් ස්වභාවයෙහි හටගත් චේතනා හා එකට යෙදුණු ස්කන්ධයෝය. මේ ත්රයයෙහිම ඒ හා එකට යෙදුණු ධර්ම අදහස් කරන ලදී. එහෙයින් චේතනා එක්තැන් කිරීමෙන් චෛතසිකයන්ද සංග්‍රහ කරන හෙයින්, චෛතසික එක්තැන් කිරීමේ සීලය වෙන්ව විස්තර කරන ලදැයි දතයුතුය. යට චේතනාදී ධර්ම සීලයයි කියන ලද්දීය. හුදෙක් ඒවා පමණක්ම සීලය නොවේ. ඒ හා යෙදුණු ධර්මයෝද, සීලයමයැයි දැක්වීම සඳහා මේ ත්‍රිකය කියන ලදැයි දතයුතුය.
ඉදානි යස්මා චෙතනාචෙතසිකා සංවරාවීතික්කමායෙව හොන්ති න විසුං, තස්මා සංවරාවීතික්කමෙයෙව යාව අරහත්තමග්ගා සාධාරණක්කමෙන යොජෙන්තො පාණාතිපාතං සංවරට්ඨෙන සීලං, අවීතික්කමට්ඨෙන සීලන්තිආදිමාහ. පාණාතිපාතා වෙරමණිආදයො හි යස්මා අත්තනො අත්තනො පච්චනීකං සංවරන්ති, තං න වීතික්කමන්ති ච, තස්මා සංවරණතො අවීතික්කමනතො ච සංවරට්ඨෙන සීලං අවීතික්කමට්ඨෙන සීලං නාම හොති. තත්ථ පාණාතිපාතං සංවරට්ඨෙනාති පාණාතිපාතස්ස පිදහනට්ඨෙන සීලං. කිං තං? පාණාතිපාතා වෙරමණී. සා ච තං සංවරන්තීයෙව තං න වීතික්කමතීති අවීතික්කමට්ඨෙන සීලං. එවමෙව අදින්නාදානා වෙරමණිආදයො අනභිජ්ඣාඅබ්යාපාදසම්මාදිට්ඨියො යොජෙතබ්බා.
දැන් චේතනා, චෛතසික සංවර ඉක්මවායාම් වෙති. වෙන්ව නොවේ. එහෙයින් සංවර අව්යතික්රමයෙන්ම අර්හත්ඵල මාර්ගය දක්වා සාධාරණ ක්‍රමයෙන් යොදන්නේ, පාණාතිපාතං සංවරට්ඨෙන සීලං අවිතික්කමට්ඨෙන සීලං ආදිය වදාළහ. ප්‍රාණඝාතාදියෙන් වැළකීම් ආදිය තමාගේ විරුද්ධතා සංවර කරති. නොඉක්මවීම් නොකරත්. එහෙයින්, සංවරණයෙන්ද, නොඉක්මවීමෙන්ද, සංවරාර්ථයෙන් සීලයි. නොඉක්මවීම් අර්ථයෙන්ද සීලය නම් වෙති. එහි පාණාතිපාතං සංවරට්ඨෙන යනු ප්‍රාණඝාතයාගේ වැසීම් අර්ථයෙන් සීලයි. එය කිමෙක්ද? ප්‍රාණඝාතයාගේ වැළකීම. ඕ එය සංවර කරන්නීමය. එය නොඉක්මවයිනුයි අවිතික්කමට්ඨෙන සීලං නම් වේ. මෙපරිද්දෙන්ම අදින්නාදානා වෙරමණී ආදීහු, අනභිධ්‍යා, අව්‍යාපාද, සම්‍යග් දෘෂ්ටීහුද යෙදිය යුත්තාහ.
පාණාතිපාතන්තිආදීසු පන දසසු අකුසලකම්මපථෙසු පාණස්ස අතිපාතො පාණාතිපාතො. පාණවධො පාණඝාතොති වුත්තං හොති. පාණොති චෙත්ථ වොහාරතො සත්තො, පරමත්ථතො ජීවිතින්ද්රියං. තස්මිං පන පාණෙ පාණසඤ්ඤිනො ජීවිතින්ද්රියුපච්ඡෙදකඋපක්කමසමුට්ඨාපිකා කායවචීද්වාරානං අඤ්ඤතරද්වාරප්පවත්තා වධකචෙතනා පාණාතිපාතො. සො ගුණවිරහිතෙසු තිරච්ඡානගතාදීසු පාණෙසු ඛුද්දකෙ පාණෙ අප්පසාවජ්ජො, මහාසරීරෙ මහාසාවජ්ජො. කස්මා? පයොගමහන්තතාය. පයොගසමත්තෙපි වත්ථුමහන්තතාය. ගුණවන්තෙසු මනුස්සාදීසු අප්පගුණෙ පාණෙ අප්පසාවජ්ජො, මහාගුණෙ මහාසාවජ්ජො. සරීරගුණානං පන සමභාවෙ සති කිලෙසානං උපක්කමානඤ්ච මුදුතාය අප්පසාවජ්ජො, තිබ්බතාය මහාසාවජ්ජොති වෙදිතබ්බො. තස්ස පඤ්ච සම්භාරා – පාණො, පාණසඤ්ඤිතා, වධකචිත්තං, උපක්කමො, තෙන මරණන්ති.
පාණාතිපාතං ආදීන්හි වනාහි, දස අකුසල කර්මපථයන්හි ප්රාණීහුගේ නැසීම පාණාතිපාතොයි. ප්‍රාණය නැසීම, ප්‍රාණඝාතයයි යූ.සේයි. පාණො යන මෙහි ව්‍යවහාර වශයෙන් සත්ත්වයාය. පරමාර්ථ වශයෙන් ජීවිතේන්ද්‍රියයි. ඒ ප්‍රාණයෙහි ප්රාණියෙක්ය යන හැඟීමෙන්, ජීවිතේන්ද්රිය සිඳදමන උපක්‍රමයෙන් උපදවන ලද, කාය වාග් ද්වාරයන්ගේ එක්තරා ද්වාරයකින් පැවැත්තා වූ වධක චේතනාව පාණාතිපාතයයි. එය ගුණධර්ම විරහිත තිරිසන්ගත ප්‍රාණීන් අතරෙහි, කුඩා ප්‍රාණීන් කෙරෙහි අල්ප සාවද්‍යයි. විශාල ශරීරයන්හි මහා සාවද්‍යයි. කුමක් හෙයින්ද යත්? ප්‍රයෝග මහත් බැවිනි. ප්‍රයෝග සමවූ කල්හිද, වස්තු මහන්තත්වය (සත්ත්වයාගේ විශාල බව) අනුව මහාසාවද්‍ය වේ. ගුණවත් මනුෂ්‍යාදීන් අතරෙහි මහා සාවද්‍යයි. අල්ප ගුණවත් ප්‍රාණීන් කෙරෙහි අල්පසාවද්‍යයි. මහා ගුණවතුන් කෙරෙහි මහා සාවද්‍යයි. මිනිස් ගුණයන්හි සමභාවය ඇතිකල්හි, කෙලෙසුන්ගේද උපක්රමයන්ගේද මෘදු බැවින් අල්ප සාවද්‍යයි. තීව්රතායෙන් මහා සාවද්‍යයයි දතයුතුය. ඊට කරුණු පහක් ඒකරාශී විය යුතුය. ප්‍රාණියෙක් වීම, ප්රාණියෙක්ය යන හැඟීම, නැසීමේ සිත, උපක්‍රමය, ඉන් මරණයට පත්වීම යන පංචකයයි.
අදින්නස්ස ආදානං අදින්නාදානං, පරසංහරණං, ථෙය්යං, චොරිකාති වුත්තං හොති. තත්ථ අදින්නන්ති පරපරිග්ගහිතං, යත්ථ පරො යථාකාමකාරිතං ආපජ්ජන්තො අදණ්ඩාරහො අනුපවජ්ජො ච හොති, තස්මිං පරපරිග්ගහිතෙ පරපරිග‍්ගහිතසඤ‍්ඤිනො තදාදායකඋපක්කමසමුට්ඨාපිකා කායවචීද්වාරානං අඤ්ඤතරද්වාරප්පවත්තා ථෙය්‍යචෙතනා අදින්නාදානං. තං හීනෙ පරසන්තකෙ අප්පසාවජ්ජං, පණීතෙ මහාසාවජ්ජං. කස්මා? වත්ථුපණීතතාය. වත්ථුසමත්තෙ සති ගුණාධිකානං සන්තකෙ වත්ථුස්මිං මහාසාවජ්ජං, තං තං ගුණාධිකං උපාදාය තතො තතො හීනගුණස්ස සන්තකෙ වත්ථුස්මිං අප්පසාවජ්ජං. තස්ස පඤ්ච සම්භාරා – පරපරිග්ගහිතං, පරපරිග්ගහිතසඤ්ඤිතා ථෙය්යචිත්තං, උපක්කමො, තෙන හරණන්ති.
නුදුන් දැයකගේ ගැන්ම = අදින්නාදානංයි. අන්‍යයාගේ දෑ ගෙනයාම, සොරකම, චෞර කර්මයයි යූ.සේයි. එහි අදින්නං යනු අන්‍යයා අයිති කොටගත්, යම්තැනක අනිකාගේ කැමැත්ත පරිදි කිරීමට පැමිණෙනුයේ, දඬුවම් නොලැබිය යුතු වන්නේ, දොස් පරොස් නොලැබිය යුතු වන්නේද වේ. ඒ අන්සතු දැයෙහි, අන් සතුයයි යන හැඟීමෙන්, එය ගැන්මේ උපක්‍රමයෙන් හටගත් කායවාග් ද්වාරයන්ගේ එක්තරා ද්වාරයක පැවැත්තා වූ සොර චේතනාව අදින්නාදානයයි. එය පහත් පරසන්තකයෙහි අල්ප සාවද්‍යයි. උසස්හි මහා සාවද්‍යයි. (ද්‍රව්‍ය) කුමක් හෙයින්ද යත්, වස්තු ප්‍රණීතතාව මතය. වස්තු සමකල්හි (සොර භාණ්ඩ) ගුණ අධික වූවන්ගේ සන්තකයෙහි වස්තුවෙහි මහා සාවද්‍යයි. ඒ ඒ ගුණාධික පුද්ගලයන්ගේ වශයෙන් ගෙන එයට පහත් ගුණැත්තයාගේ සන්තකයෙහි වස්තුවෙහි අල්ප සාවද්‍යයි. ඊට කරුණු පහක් ඒකරාශි වියයුතුය. අන් සතුවීම, අන් සතුයයි හැඟීම, සොර සිත උපක්‍රමය, ඉන් ගෙනයාම යන පංචකයයි.
කාමෙසූති මෙථුනසමාචාරෙසු. මිච්ඡාචාරොති එකන්තනින්දිතො ලාමකාචාරො. ලක්ඛණතො පන අසද්ධම්මාධිප්පායෙන කායද්වාරප්පවත්තා අගමනීයට්ඨානවීතික්කමචෙතනා කාමෙසු මිච්ඡාචාරො.
කාමෙසු යනු මෛථුන හැසිරීම්හි, මිච්ඡාචාරො යනු ඒකාන්ත නින්දිත-පහත් හැසිරීම, ලක්ෂණ වශයෙන් වනාහි මෛථුනයෙහි යෙදීමේ අදහසින්, කාය ද්වාරයෙහි පැවති නොයා යුතු ස්ථාන ඉක්මවීමේ චේතනාව කාමෙසු මිච්ඡාචාරයි.
තත්ථ අගමනීයට්ඨානං නාම පුරිසානං තාව මාතුරක්ඛිතා, පිතුරක්ඛිතා, මාතාපිතුරක්ඛිතා, භාතුරක්ඛිතා, භගිනිරක්ඛිතා, ඤාතිරක්ඛිතා, ගොත්තරක්ඛිතා, ධම්මරක්ඛිතා, සාරක්ඛා, සපරිදණ්ඩාති මාතුරක්ඛිතාදයො දස, ධනක්කීතා, ඡන්දවාසිනී, භොගවාසිනී, පටවාසිනී, ඔදපත්තකිනී, ඔභතචුම්බටා, දාසී ච, භරියා ච, කම්මකාරී ච භරියා ච, ධජාහටා මුහුත්තිකාති ධනක්කීතාදයො දසාති වීසති ඉත්ථියො. ඉත්ථීසු පන ද්වින්නං සාරක්ඛසපරිදණ්ඩානං දසන්නඤ්ච ධනක්කීතාදීනන්ති ද්වාදසන්නං ඉත්ථීනං අඤ්ඤෙ පුරිසා, ඉදං අගමනීයට්ඨානං නාම.
එහි නොයා යුතු ස්ථාන නම්, පුරුෂයින්ට, මව්රක්නී, පියරක්නී, මව්පිය රක්නී, සොයුරු රක්නී, සොයුරි රක්නී, ඤාති රක්නී, ගොත්‍ර රක්නී, ධර්ම රක්නී, ආරක්ෂා සහිතව රක්නී, දඬුවම් නියමයෙන් රක්නී යන මව්රක්නා යන දසයද, ධනක්කීතා, ඡන්දවාසිනී, භොගවාසිනී, පටවාසිනී, ඔදපත්තකිනී, ඔහතවුම්බටා, දාසීචභරියා, කම්මකාරිච භරියා, ඔජාහටා, මුහුත්තිකා යන දසයදැයි ස්ත්‍රීහු විස්සකි. ස්ත්‍රීන් අතරෙහි වනාහි සාරක්ඛා, සපරිදණ්ඩා ද්වයද, ධනක්කීතාදී දසයද ඇතුළුව දොළොස් ස්ත්‍රීන් අන්‍ය පුරුෂයන් වෙත යාම, මෙය නොයා යුතු ස්ථාන නම් වේ.
සො පනෙස මිච්ඡාචාරො සීලාදිගුණරහිතෙ අගමනීයට්ඨානෙ අප්පසාවජ්ජො, සීලාදිගුණසම්පන්නෙ මහාසාවජ්ජො. තස්ස චත්තාරො සම්භාරා – අගමනීයවත්ථු, තස්මිං සෙවනචිත්තං, සෙවනපයොගො, මග්ගෙනමග්ගපටිපත්තිඅධිවාසනන්ති.
ඒ මිථ්‍යාචාරය වනාහි සීලාදී ගුණ රහිත නොයායුතු ස්ථානයන්හි අල්පසාවද්‍යයි. සීලාදී ගුණ යුත් අය කෙරෙහි, මහා සාවද්‍යයි. ඊට කරුණු සතරක් ඒකරාශී විය යුතුය. නොයායුතු වස්තුව, එහි සෙවුනා සිත, සෙවුනා ප්‍රයෝගය, මාර්ගයෙන් මාර්ගය පිළිපැදීම, ඉවසීම යන සතරයි. (පහයි?)
මුසාති විසංවාදනපුරෙක්ඛාරස්ස අත්ථභඤ්ජකො වචීපයොගො, කායපයොගො වා. විසංවාදනාධිප්පායෙන පනස්ස පරවිසංවාදකකායවචීපයොගසමුට්ඨාපිකා චෙතනා මුසාවාදො. අපරො නයො – මුසාති අභූතං අතච්ඡං වත්ථු. වාදොති තස්ස භූතතො තච්ඡතො විඤ්ඤාපනං. ලක්ඛණතො පන අතථං වත්ථුං තථතො පරං විඤ්ඤාපෙතුකාමස්ස තථාවිඤ්ඤත්තිසමුට්ඨාපිකා චෙතනා මුසාවාදො. සො යමත්ථං භඤ්ජති, තස්ස අප්පතාය අප්පසාවජ්ජො, මහන්තතාය මහාසාවජ්ජො. අපිච ගහට්ඨානං අත්තනො සන්තකං අදාතුකාමතාය නත්ථීතිආදිනයප්පවත්තො අප්පසාවජ්ජො, සක්ඛිනා හුත්වා අත්ථභඤ්ජනත්ථං වුත්තො මහාසාවජ්ජො. පබ්බජිතානං අප්පකම්පි තෙලං වා සප්පිං වා ලභිත්වා හසාධිප්පායෙන “අජ්ජ ගාමෙ තෙලං නදී මඤ්ඤෙ සන්දතී”ති පූරණකථානයෙන පවත්තො අප්පසාවජ්ජො, අදිට්ඨංයෙව පන දිට්ඨන්තිආදිනා නයෙන වදන්තානං මහාසාවජ්ජො. තස්ස චත්තාරො සම්භාරා – අතථං වත්ථු, විසංවාදනචිත්තං, තජ්ජො වායාමො, පරස්ස තදත්ථවිජානනන්ති.
මුසා යනු මුළා කිරීම පෙරටුකොට ඇති අර්ථය බිඳී වාක් ප්‍රයෝගය වන්නේය. කාය ප්‍රයෝගය හෝ වෙයි. මුළා කිරීම් අදහසින් අන්‍යයා මුළාකරන කාය වාග් ප්‍රයෝගයන්ගෙන් හටගන්වනු ලබන චේතනාව මුසාවාදය වන්නේය. අන් ක්‍රමයක්, මුසා යනු නොවූ විරූ අසත්‍යය වස්තුවකි. වාදො යනු එය සිදු වූ දෙයක් වශයෙන් සත්‍යයක් වශයෙන් හැඟවීමයි. ලක්ෂණ වශයෙන් වනාහි අසත්‍ය වස්තුවක් සත්‍යය වශයෙන් අන්‍යයාට හඟවනු කැමැත්තහුගේ එසේ හැඟවීමෙහි හටගත් චේතනාව මුසාවාදයයි. එය යමෙකුගේ අර්ථ හානිකරයිද? ඔහුගේ අල්පතාවයෙන් අල්ප සාවද්‍යයි. මහත් බැවින් මහා සාවද්‍යයි. තවද ගෘහස්ථයින්ගේ තම සන්තකයෙහි පවත්නා දෑ නොදෙනු කැමැත්තේ නැතයයි ආදී ක්‍රමයෙන් පැවැත්තේ අල්ප සාවද්‍යයි. සාක්ෂියක් වශයෙන් වී, ධන විනාශය සඳහා කියන ලද්දේ මහා සාවද්‍යයි. ප්රවෘජිතයන්ට ස්වල්ප වූද, තලතෙල් හෝ ගිතෙල් ලැබ සිනාසෙන අදහසින්, අද ගමෙහි තෙල් නදියක් ගලා යයි කියා හඟිමියි සිදුවූවක් කථාකරන ලෙසින් පැවැත්තේ අල්ප සාවද්‍යයි. නොදිටියේම දිටිමියි ආදී ක්‍රමයෙන් කියන්නවුන්ට මහා සාවද්‍යයි. එයට කරුණු සතරෙක් ඒකරාශි විය යුතුය. අසත්‍ය වස්තුව, මුළා කිරීමේ සිත, ඉන් හටගත් උත්සාහය, ඒ අර්ථය දැනගැනීම වේ.
යාය වාචාය යස්ස තං වාචං භාසති, තස්ස හදයෙ අත්තනො පියභාවං, පරස්ස ච සුඤ්ඤභාවං කරොති, සා පිසුණා වාචා. යාය පන අත්තානම්පි පරම්පි ඵරුසං කරොති, යා වාචා සයම්පි ඵරුසා නෙව කණ්ණසුඛා න හදයසුඛා වා, අයං ඵරුසා වාචා. යෙන සම්ඵං පලපති නිරත්ථකං, සො සම්ඵප්පලාපො. තෙසං මූලභූතා චෙතනාපි පිසුණාවාචාදිනාමමෙව ලභති. සා එව ච ඉධ අධිප්පෙතාති.
යම් වචනයකින් යමෙකුට ඒ වචනය කියයිද? ඔහුගේ හෘදයෙහි තමාට ප්රියභාවයද, අන්‍යයාට ශුන්‍යතාවය කරයිද, එය පිසුනාවාචායි. යම් වචනයකින් තමාද, අන්‍යයාද කර්කශ කරයිද, යම් වචනයක් තමාද කර්කශ වන් කර්ණ සුවය හෘදය සුවය හෝ නොවන්නේද මේ ඵරුසාවාචායි. යමකින් නිෂ්ඵල කථා, නිරර්ථක දෑ දොඩවයිද එය සම්ඵප්පලාප වේ. ඒවාට මුල් වූ චේතනා පිසුනාවාචාදී නාමයම ලබයි. එය මෙහි අදහස් කරන ලදී.
තත්ථ සංකිලිට්ඨචිත්තස්ස පරෙසං වා භෙදාය අත්තනො පියකම්යතාය වා කායවචීපයොගසමුට්ඨාපිකා චෙතනා පිසුණා වාචා. සා යස්ස භෙදං කරොති, තස්ස අප්පගුණතාය අප්පසාවජ්ජා, මහාගුණතාය මහාසාවජ්ජා. තස්සා චත්තාරො සම්භාරා – භින්දිතබ්බො පරො, “ඉති ඉමෙ නානා භවිස්සන්තී”ති භෙදපුරෙක්ඛාරතා වා “ඉති අහං පියො භවිස්සාමි විස්සාසිකො”ති පියකම්යතා වා, තජ්ජො වායාමො, තස්ස තදත්ථවිජානනන්ති. පරෙ පන අභින්නෙ කම්මපථභෙදො නත්ථි, භින්නෙයෙව හොති.
එහි කිලිටි සිත් ඇත්තහුට, අන්‍යයාගේ බිඳීම සඳහා හෝ තමාගේ අන්‍යයාට ප්‍රියවීමේ කැමැත්තෙන් හෝ කැරෙන, කාය වාග් ප්‍රයෝගයන්ගෙන් හටගත් චේතනාව පිසුනාවාචායි. එය යමෙකුගේ බිඳීම කරන්නේද ඔහුගේ අල්ප ගුණතායෙන් අල්ප සාවද්‍ය වන්නේය. මහ ගුණත්වයෙන් මහා සාවද්‍ය වන්වේය. ඊට කරුණු සතරෙක් ඒකරාශී විය යුතුය. බිඳවිය යුතු අන්‍යයා, මෙසේ මොවුහු වෙන් වන්නාහුයයි භේද පෙරටුකොට හෝ, මෙසේ මම ප්‍රිය වන්නෙමියි, විශ්වාසවන්තයෙක් වෙමියි හෝ ප්‍රියයෙකු වීමේ කැමැත්ත තිබීම, ඉන් හටගත් උත්සාහය ඔහුගේ ඒ අර්ථය දැනගැනීම වේ. අන්‍යයා නොබිඳුණු කල්හි කර්මපථ භේදයක් නැත. බිඳුණු කල්හිම වේ.
පරස්ස මම්මච්ඡෙදකකායවචීපයොගසමුට්ඨාපිකා එකන්තඵරුසචෙතනා ඵරුසා වාචා. මම්මච්ඡෙදකොපි පන පයොගො චිත්තසණ්හතාය ඵරුසා වාචා න හොති. මාතාපිතරො හි කදාචි පුත්තකෙ එවම්පි වදන්ති “චොරා වො ඛණ්ඩාඛණ්ඩිකං කරොන්තූ”ති. උප්පලපත්තම්පි ච නෙසං උපරි පතන්තං න ඉච්ඡන්ති. ආචරියුපජ්ඣායා ච කදාචි නිස්සිතකෙ එවං වදන්ති “කිං ඉමෙ අහිරිකා අනොත්තප්පිනො, නිද්ධමථ නෙ”ති. අථ ච නෙසං ආගමාධිගමසම්පත්තිං ඉච්ඡන්ති. යථා ච චිත්තසණ්හතාය ඵරුසා වාචා න හොති, එවං වචනසණ්හතාය අඵරුසා වාචාපි න හොති. න හි මාරාපෙතුකාමස්ස “ඉමං සුඛං සයාපෙථා”ති වචනං අඵරුසා වාචා හොති, චිත්තඵරුසතාය පනෙසා ඵරුසා වාචාව. සා යං සන්ධාය පවත්තිතා, තස්ස අප්පගුණතාය අප්පසාවජ්ජා, මහාගුණතාය මහාසාවජ්ජා. තස්සා තයො සම්භාරා – අක්කොසිතබ්බො පරො, කුපිතචිත්තං, අක්කොසනාති.
අන්‍යයාගේ මර්මස්ථාන තුවාල කිරීම සේ, ඉතා නපුරු වූ, කාය වාග් ප්රයෝගවලින් හටගන්වන ලද ඒකාන්ත කර්කශ චේතනා ඵරුෂ වචනයි. ප්‍රයෝගය මර්ම ච්ඡේදක වූයේ නමුත්, සිතෙහි මෘදු බැවින් ඵරුස වචන නොවේ. මව්පියවරු කිසිකලෙක කුඩා පුත්‍රයින්ට මෙසේද කියති. සොරු ඔහු කඩ කඩ කෙරෙත්වායි, එහෙත් ඔවුන්ගේ මතුයෙහි මහනෙල් මල් පෙත්තක් හෝ වැටීම නොකැමති වෙයි. ආචාර්ය උපාධ්යායවරුද, කිසිකලෙක සිය අන්තෙවාසිකයින්ට, කිමෙක්ද මේ විළිබිය නොමැති ඔවුන් එළවා දමවුයයි මෙසේ කියති. එසේ වුවත් ඔවුන්ගේ ධ්‍යාන සමාධි සමාපත්තීන්ගේ ලාභය කැමති වෙති. සිතෙහි මොළොක්භාවය යම්සේ වේද, ඒ අනුව එය ඵරුස වචනයක් නොවේ. මෙසේ වදන් මොළොක් භාවයෙන් වූ වදන් ඵරුස වචන නොවන්නේද නොවේ. මරවනු කැමැත්තහුට මොහු සුවසේ සයනය කරවවු යන්න ඵරුස නොවූ වචනයක් නොවේ. සිතෙහි ඵරුස බැවින් එය ඵරුස වචනයක්ම වන්නේය. එය යමෙකු සඳහා පැවැත්තේද, ඔහුගේ අල්ප ගුණතායෙන්, අල්ප සාවද්යයද, මහා ගුණතායෙන් මහා සාවද්යයද වන්නේය. එයට කාරණත්රයයක් ඒකරාහී විය යුතු වන්නේය. අක්‍රෝෂ කළයුතු අන්‍යයා, කිපුණු සිත, අක්‍රෝෂ කිරීම යන්නයි.
අනත්ථවිඤ්ඤාපිකා කායවචීපයොගසමුට්ඨාපිකා අකුසලචෙතනා සම්ඵප්පලාපො. සො ආසෙවනමන්දතාය අප්පසාවජ්ජො, ආසෙවනමහන්තතාය මහාසාවජ්ජො. තස්ස ද්වෙ සම්භාරා – භාරතයුද්ධසීතාහරණාදිනිරත්ථකකථාපුරෙක්ඛාරතා, තථාරූපිකථාකථනඤ්චාති. පරෙ පන තං කථං අගණ්හන්තෙ කම්මපථභෙදො නත්ථි, පරෙන සම්ඵප්පලාපෙ ගහිතෙයෙව හොති.
අනර්ථ හඟවන, කායවාග් ප්රයෝගවලින් හටගන්වන ලද, අකුසල චේතනා සම්ඵප්පලාපොයි. එය සේවන මන්දතායෙන් අල්පසාවද්‍යයි. සේවන මහත්වයෙන් මහා සාවද්‍යයි. ඊට කරුණු දෙකක් ඒකරාශී විය යුතුය. භාරත යුද්ධ, සීතාවන් පැහැරගෙන යාම් වැනි නිරර්ථක කථා පෙරටුකොට ඇති බව, එබඳු ආකාර කථා කියමනද වේ. අන්‍යයා එම කථාව ගණන් නොගන්නාවිට කර්මපථ භේදයක් නැත. අන්‍යයා විසින් සම්ඵප්‍රලාපය ගණන් ගත්කල්හි කර්මපථය වේ.
අභිජ්ඣායතීති අභිජ්ඣා, පරභණ්ඩාභිමුඛී හුත්වා තන්නින්නතාය පවත්තතීති අත්ථො. සා “අහො වත ඉදං මමස්සා”ති එවං පරභණ්ඩාභිජ්ඣායනලක්ඛණා, අදින්නාදානං විය අප්පසාවජ්ජා මහාසාවජ්ජා ච. තස්ස ද්වෙ සම්භාරා – පරභණ්ඩං, අත්තනො පරිණාමනඤ්චාති. පරභණ්ඩවත්ථුකෙ හි ලොභෙ උප්පන්නෙපි න තාව කම්මපථභෙදො හොති, යාව “අහො වත ඉදං මමස්සා”ති අත්තනො න පරිණාමෙති.
දැඩි ලෙස ආශා කෙරේනුයි, අභිජ්ඣායි. අන්සතු භාණ්ඩ අභිමුඛ වී ඒවාට නැඹුරු බවක් පවත්වයි යන අර්ථයි. මෙය මාහට වන්නේ ඉතා මැනවයි මෙසේ අන් භාණ්ඩයන්හි දැඩි ලෝභ කිරීම ලක්‍ෂණකොට ඇත්තේය. නුදුන් දෑ ගැනීම මෙන් අල්ප සාවද්‍යද වේ. එය කරුණු දෙකක් ඒකරාශී වියයුතු වන්නේය. අන්සතු භාණ්ඩයක් වීම, තමාට පවරා ගැනීම අන්සතු භාණ්ඩ වස්තුවෙහි ලෝභය හටගත්තේද, මෙය මා හට වන්නේ ඉතා මැනවැයි යම්තාක් කලක් තමාට අයත් කරගැනීමට නොසිතාද එතෙක් කර්මපථ භේදය නොවෙයි.
හිතසුඛං බ්යාපාදයතීති බ්යාපාදො. සො පරවිනාසාය මනොපදොසලක්ඛණො, ඵරුසා වාචා විය අප්පසාවජ්ජො මහාසාවජ්ජො ච. තස්ස ද්වෙ සම්භාරා – පරසත්තො ච, තස්ස ච විනාසචින්තාති. පරසත්තවත්ථුකෙ හි කොධෙ උප්පන්නෙපි න තාව කම්මපථභෙදො හොති, යාව “අහො වතායං උච්ඡිජ්ජෙය්ය විනස්සෙය්යා”ති තස්ස විනාසං න චින්තෙති.
හිතසුව බාධා කෙරේනුයි බ්යාපාදොයි. එය අන්‍යයාගේ විනාශය සඳහා සිත් දූෂ්‍යවීම ලක්‍ෂණකොට ඇත්තේය. ඵරුස වචනය මෙන් අල්ප සාවද්‍යද මහා සාවද්‍යද වේ. ඊට කරුණු දෙකක් ඒකරාශී විය යුතුය. අන් සත්ත්වයෙකු වීම, එම සත්ත්වයාගේ විනාශකිරීම් සිත, අන්සතු ජීව වස්තුවක, ක්‍රෝධය උපන්නේ වී නමුදු, යම්තාක්, මේ තෙමේ නැසීයන්නේ, විනාශවී යන්නේ මැනවැයි ඔහුගේ විනාශය නොසිතාද, එතෙක් කර්මපථ භේදය නොවේ.
යථාභුච්චගහණාභාවෙන මිච්ඡා පස්සතීති මිච්ඡාදිට්ඨි. සා “නත්ථි දින්න”න්තිආදිනා නයෙන විපරීතදස්සනලක්ඛණා, සම්ඵප්පලාපො විය අප්පසාවජ්ජා, මහාසාවජ්ජා ච. අපිච අනියතා අප්පසාවජ්ජා, නියතා මහාසාවජ්ජා. තස්සා ද්වෙ සම්භාරා – වත්ථුනො ච ගහිතාකාරවිපරීතතා, යථා ච තං ගණ්හාති, තථාභාවෙන තස්සූපට්ඨානන්ති. තත්ථ නත්ථිකාහෙතුකඅකිරියදිට්ඨීහි එව කම්මපථභෙදො හොති, න අඤ්ඤදිට්ඨීහි.
සිදුවූ පරිදි, ග්‍රහණ අභාවයෙන් වරදවා දකීනුයි මිච්ඡාදිට්ඨයි. එය දුන් දෑහි විපාක නැතැයි ආදී ක්‍රමයෙන් වූ විපර්යාස දර්ශන ලක්‍ෂණකොට ඇත්තේය. සම්ඵප්ප්‍රලාප මෙන් අල්ප සාවද්‍ය, මහා සාවද්‍ය වේ. තවද, අනියතය අල්පසාවද්‍යයි. නියතය මහා සාවද්‍යයි. එය කරුණු දෙකක් ඒකරාශී වියයුතු වේ. වස්තුවෙහි ගත් ආකාර විපර්යාසයද, යම්සේ දෘෂ්ටි ගනීද? ඔහුගේ වැටහීම අනුව එය එසේ නොවීමෙන්ද යන ද්වයයයි. එහි නාස්තික, අහේතුක, අක්‍රිය දෘෂ්ටීන්ගෙන්ම කර්මපථ භේදය වේ. අනෙක් දෘෂ්ටීන්ගෙන් නොවේ.
ඉමෙසං පන දසන්නං අකුසලකම්මපථානං ධම්මතො, කොට්ඨාසතො, ආරම්මණතො, වෙදනාතො, මූලතොති පඤ්චහාකාරෙහි විනිච්ඡයො වෙදිතබ්බො.
මෙම දස අකුසල කර්මපථයන්ගේ, ධර්ම, කොට්ඨාස, අරමුණු, වේදනා, මූල යන පස් අයුරකින් විනිශ්චය දතයුතුය.
තත්ථ ධම්මතොති එතෙසු හි සත්ත පටිපාටියා චෙතනාධම්මාව හොන්ති, අභිජ්ඣාදයො තයො චෙතනාසම්පයුත්තා.
එහි ධම්මතො යනු මොවුන් අතරෙහි සතක් පිළිවෙළින් චේතනා ධර්මයෝම වෙති. අභිධ්‍යාදී ත්‍රයය චේතනා සම්ප්‍රයුක්තය.
කොට්ඨාසතොති පටිපාටියා සත්ත, මිච්ඡාදිට්ඨි චාති ඉමෙ අට්ඨ කම්මපථා එව හොන්ති, නො මූලානි. අභිජ්ඣාබ්යාපාදා කම්මපථා චෙව මූලානි ච. අභිජ්ඣා හි මූලං පත්වා ලොභො අකුසලමූලං හොති, බ්යාපාදො දොසො අකුසලමූලං.
කොට්ඨාස වශයෙන් යනු පිළිවෙළින් සතක් හා මිථ්‍යාදෘෂ්ටියද යන මෙම අට කර්මපථම වෙයි. මූලයෝ නොවෙති. අභිධ්‍යා ව්‍යාපාද කර්මපථ මෙන්ම මූලද වෙති. අභිධ්‍යාව මූලත්වයට පත්ව, ලෝභය අකුසල මූලය වෙයි. ව්‍යාපාදය ද්වේශ අකුසල මූලය වේ.
ආරම්මණතොති පාණාතිපාතො ජීවිතින්ද්රියාරම්මණතො සඞ්ඛාරාරම්මණො. අදින්නාදානං සත්තාරම්මණං වා සඞ්ඛාරාරම්මණං වා. මිච්ඡාචාරො ඵොට්ඨබ්බවසෙන සඞ්ඛාරාරම්මණො, සත්තාරම්මණොතිපි එකෙ. මුසාවාදො සත්තාරම්මණො වා සඞ්ඛාරාරම්මණො වා. තථා පිසුණා වාචා. ඵරුසා වාචා සත්තාරම්මණාව සම්ඵප්පලාපො දිට්ඨසුතමුතවිඤ්ඤාතවසෙන සත්තාරම්මණො වා සඞ්ඛාරාරම්මණො වා. තථා අභිජ්ඣා. බ්යාපාදො සත්තාරම්මණොව. මිච්ඡාදිට්ඨි තෙභූමකධම්මවසෙන සඞ්ඛාරාරම්මණාව.
ආරම්මණ වශයෙන් වනාහි, ප්‍රාණඝාතය ජීවිතින්ද්රියාරම්මණ වශයෙන්ද සංස්කාරාරම්මණ වශයෙන්ද වේ. අදින්නාදානය, සත්ත්වාරම්මණ හෝ සංස්කාරාරම්මණ වේ. මිථ්‍යාචාරය ස්පර්ශ වශයෙන් සංස්කාරාරම්මණ වේ. ඇතැමෙක් සත්ත්වාරම්මණයැයි යෙති. මුසාවාදය සත්ත්වාරම්මණ හෝ සංස්කාරාරම්මණ වේ. එසේම කේළාම් හා ඵරුස වචන සත්ත්වාරම්මණ වේ. සම්ඵප්‍රලාපය, දිට්ඨි, සුත, මුත, විඤ්ඤාත වශයෙන් සත්ත්වාරම්මණ හෝ සංස්කාරාරම්මණ වේ. එසේම අභිධ්‍යා, ව්‍යාපාද සත්ත්වාරම්මණ වේ. මිථ්‍යා දෘෂ්ටිය ත්‍රෛභූමික ධර්ම වශයෙන් සංස්කාරාරම්මණම වේ.
වෙදනාතොති පාණාතිපාතො දුක්ඛවෙදනො හොති. කිඤ්චාපි හි රාජානො චොරං දිස්වා හසමානාපි “ගච්ඡථ භණෙ, මාරෙථ න”න්ති වදන්ති, සන්නිට්ඨාපකචෙතනා පන නෙසං දුක්ඛසම්පයුත්තාව හොති. අදින්නාදානං තිවෙදනං. තඤ්හි පරභණ්ඩං දිස්වා හට්ඨතුට්ඨස්ස ගණ්හතො සුඛවෙදනං හොති, භීතතසිතස්ස ගණ්හතො දුක්ඛවෙදනං, තථා විපාකනිස්සන්දඵලානි පච්චවෙක්ඛන්තස්ස. ගහණකාලෙ මජ්ඣත්තභාවෙ ඨිතස්ස පන ගණ්හතො අදුක්ඛමසුඛවෙදනං හොති. මිච්ඡාචාරො සුඛමජ්ඣත්තවසෙන ද්විවෙදනො, සන්නිට්ඨාපකචිත්තෙ පන මජ්ඣත්තවෙදනො න හොති. මුසාවාදො අදින්නාදානෙ වුත්තනයෙනෙව තිවෙදනො, තථා පිසුණා වාචා. ඵරුසා වාචා දුක්ඛවෙදනා. සම්ඵප්පලාපො තිවෙදනො. පරෙසු හි සාධුකාරං දෙන්තෙසු චෙලාදීනි උක්ඛිපන්තෙසු හට්ඨතුට්ඨස්ස සීතාහරණභාරතයුද්ධාදීනි කථනකාලෙ සො සුඛවෙදනො හොති, පඨමං දින්නවෙතනෙන එකෙන පච්ඡා ආගන්ත්වා “ආදිතො පට්ඨාය කථෙහී”ති වුත්තෙ “නිරවසෙසං යථානුසන්ධිකං පකිණ්ණකකථං කථෙස්සාමි නු ඛො, නො”ති දොමනස්සිතස්ස කථනකාලෙ දුක්ඛවෙදනො හොති, මජ්ඣත්තස්ස කථයතො අදුක්ඛමසුඛවෙදනො හොති. අභිජ්ඣා සුඛමජ්ඣත්තවසෙන ද්විවෙදනා, තථා මිච්ඡාදිට්ඨි. බ්යාපාදො දුක්ඛවෙදනො.
වේදනා වශයෙන් වනාහි, ප්‍රාණඝාතය, දුක්වේදනා වෙයි. කිසිසේත් රජවරු සොරෙකු දැක, සිනාසෙනුයේම, ‘කොල යවු. ඔහු මරව යයි කියති. ඒවාහි නිශ්චය කරන චේතනාව වනාහි දුක හා සම්ප්රයුක්තවම වේ. අදින්නාදානය ත්රිවේදනායි. එය වනාහි අන් භාණ්ඩයක් දැක තුටුපහටුව ගනු ලබන කල්හි සුව වේදනාව වේ. බියෙන් බියට පත්ව ගනු ලබන කල්හි දුක් වේදනායි. එසේම විපාක ගලායාම ප්රත්යවේක්ෂා කරන්නහුට ග්‍රහණ කාලයෙහිද මධ්‍යස්ථ භාවයෙහි සිටියහුට, ගනු ලබන කල්හිද උපේක්ෂා වේදනාව වේ. මිථ්‍යාචාරය සුව, මධ්‍යස්ථ වශයෙන් ද්විවේදනයි. නිශ්චය කරන සිතෙහි මධ්‍යස්ථ වේදනාව නොවේ. මුසාවාදය, අදින්නාදානයෙහි කියන ලද ක්‍රමයෙන්ම ත්රිවේදනයි. එසේම පිසුනාවාචා, ඵරුසාවාචා දුක්වේදනයි. සම්ඵප්ප්රලාපය ත්රිවේදනයි. සීතාහරණ, භාරත යුද්ධාදිය කියන කල්හි, අන්‍යයා සාධුකාර දෙන කල්හි, වස්ත්‍රාදිය ඔසවා තුටුවන කල්හි එය සුව වේදනාව වේ. පළමුව කුලිය දුන් අයෙකු පසුව අවුත්, මුලසිට කියවයි කී කල්හි, සේස රහිතව, අනුසන්ධි සහිතව විස්තර කියන්නෙම්ද? නොකියන්නෙම්දැයි දොම්නසට පත්වූවහුගේ කියන කල්හි දුක් වේදනා වෙයි. මධ්යස්ථයාගේ කියන කල්හි උපේක්ෂා වේදනාව වේ. අභිධ්‍යාව සුව, මධ්‍යස්ථ වශයෙන් ද්විවේදනයි. මිථ්‍යා දෘෂ්ටියද එසේය. ව්‍යාපාදය දුක්වේදනායි.
මූලතොති පාණාතිපාතො දොසමොහවසෙන ද්විමූලකො හොති, අදින්නාදානං දොසමොහවසෙන වා ලොභමොහවසෙන වා, මිච්ඡාචාරො ලොභමොහවසෙන, මුසාවාදො දොසමොහවසෙන වා ලොභමොහවසෙන වා. තථා පිසුණා වාචා සම්ඵප්පලාපො ච. ඵරුසා වාචා දොසමොහවසෙන, අභිජ්ඣා මොහවසෙන එකමූලා, තථා බ්යාපාදො. මිච්ඡාදිට්ඨි ලොභමොහවසෙන ද්විමූලාති.
මූල වශයෙන් වනාහි, ප්‍රාණඝාතය, ද්වේෂ, මෝහ වශයෙන් ද්විමූලික වෙයි. අදින්නාදානය, ද්වේෂ මෝහ වශයෙන් හෝ ලෝභ, මෝහ වශයෙන් හෝ වෙයි. මිථ්‍යාචාරය, ලෝභ මෝහ වශයෙන්, මුසාවාදය ද්වේෂ මෝහ වශයෙන් හෝ ලෝභ, මෝහ වශයෙන් හෝ වෙයි. පිසුනාවාචා, සම්ඵප්ප්රලාපද එසේය. ඵරුස වචන ද්වේෂ, මෝහ වශයෙනි. අභිධ්‍යාව මෝහ වශයෙන් එක් මූලයකි. ව්‍යාපාදයද එසේය. මිථ්‍යා දෘෂ්ටිය ලෝභ මෝහ වශයෙන් ද්විමූලය.
අකුසලකම්මපථකථා නිට්ඨිතා.
අකුසල කර්මපථ කථා නිමි.
පාණාතිපාතාදීහි පන විරතියො, අනභිජ්ඣාඅබ්යාපාදසම්මාදිට්ඨියො චාති ඉමෙ දස කුසලකම්මපථා නාම. පාණාතිපාතාදීහි එතාය විරමන්ති, සයං වා විරමති, විරමණමත්තමෙව වා එතන්ති විරති. යා පාණාතිපාතාදීහි විරමන්තස්ස කුසලචිත්තසම්පයුත්තා විරති, සා පභෙදතො තිවිධා හොති සම්පත්තවිරති සමාදානවිරති සමුච්ඡෙදවිරතීති. තත්ථ අසමාදින්නසික්ඛාපදානං අත්තනො ජාතිවයබාහුසච්චාදීනි පච්චවෙක්ඛිත්වා “අයුත්තං අම්හාකං එවරූපං පාපං කාතු”න්ති සම්පත්තවත්ථුං අවීතික්කමන්තානං උප්පජ්ජමානා විරති සම්පත්තවිරති නාම. සමාදින්නසික්ඛාපදානං පන සික්ඛාපදසමාදානෙ ච තතුත්තරි ච අත්තනො ජීවිතම්පි පරිච්චජිත්වා වත්ථුං අවීතික්කමන්තානං උප්පජ්ජමානා විරති සමාදානවිරති නාම. අරියමග්ගසම්පයුත්තා පන විරති සමුච්ඡෙදවිරති නාම, යස්සා උප්පත්තිතො පභුති අරියපුග්ගලානං “පාණං ඝාතෙස්සාමා”තිආදිචිත්තම්පි න උප්පජ්ජතීති.
ප්රාණඝාතාදීන්ගෙන් වෙන්වීම් සංඛ්‍යාත අනභිධ්‍යා, අව්‍යාපාද, සම්‍යග් දෘෂ්ටි ආදී මේ දහය කුසල කර්මපථ නම් වේ. මෙය කරණකොට ප්‍රාණඝාතාදියෙන් වැළකෙයි. ඉවත්වේ. වැළකීම් මාත්‍රයම මෙයනුයි විරතියි. ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහුගේ කුසල් සිත හා යෙදුණු යම් විරතියක් වන්නේද, එය ප්‍රභේද වශයෙන් තෙවැදෑරුම් වන්නේය. සම්ප්රාප්ති විරති, සමාදාන විරති, සමුච්ඡෙද විරති යනුවෙනි. එහි ශික්ෂාපාද සමාදන් නුවූයේම තමාගේ ජාතිය, වයස, බහුශ්‍රැත භාවය, ප්රත්යවේක්ෂාකොට (සිහිකොට) අපට මෙබඳු පවක් කරන්ට නුසුදුසුයයි පැමිණි වස්තුව නොඉක්මවන්නවුන්ට උපදිනු ලබන විරතිය සම්ප්‍රාප්ත විරතිය නම් වන්නේය. සමාදන් වූ ශික්ෂාපදයන්ගේ වශයෙන් සලකා ශික්ෂාපද සමාදානය අතිශ්රේෂ්ඨත්වයෙන් ගෙන තමාගේ ජීවිතයද, පරිත්‍යාගකොට, සීල වස්තුව නොඉක්මවන්නවුනට උපදිනු ලබන විරතිය සමාදාන විරති නම් වේ. ආර්ය මාර්ගය හා සම්ප්‍රයුක්ත විරතිය වනාහි සමුච්ඡෙද (මුළුමනින්ම නැසූ) විරතිය නම් වේ. ආර්ය මාර්ගෝත්පත්තියේ සිට ආර්ය පුද්ගලයන්ට ප්‍රාණයක් නසන්නෙමියි ආදි සිතක් පවා නොඋපදියි.
ඉදානි අකුසලකම්මපථානං විය ඉමෙසං කුසලකම්මපථානං ධම්මතො, කොට්ඨාසතො, ආරම්මණතො, වෙදනාතො, මූලතොති පඤ්චහාකාරෙහි විනිච්ඡයො වෙදිතබ්බො.
අකුසල කර්මපථයන්ට මෙන් මේ කුසල කර්මපථයන්ටද ධර්ම, කොට්ඨාස, ආරම්මණ, වේදනා, මූල වශයෙන් පස් අයුරකින් විසඳීම දතයුතුය.
තත්ථ ධම්මතොති එතෙසුපි පටිපාටියා සත්ත චෙතනාපි වට්ටන්ති විරතියොපි, අන්තෙ තයො චෙතනාසම්පයුත්තාව.
එහි ධර්ම වශයෙන් යනු, මොවුන් අතරෙහි පිළිවෙළින් සත් චේතනාද විරතීද යෙදේ. අන්තයෙහි ත්‍රයය චේතනා සම්ප්රයුක්තවමය.
කොට්ඨාසතොති පටිපාටියා සත්ත කම්මපථා එව, නො මූලානි, අන්තෙ තයො කම්මපථා චෙව මූලානි ච. අනභිජ්ඣා හි මූලං පත්වා අලොභො කුසලමූලං හොති, අබ්යාපාදො අදොසො කුසලමූලං, සම්මාදිට්ඨි අමොහො කුසලමූලං.
කොට්ඨාශ වශයෙන් යනු, පිළිවෙළින් කර්මපථමය. මූලයෝ නොවෙති. අන්තයෙහි ත්‍රය කර්මපථ මෙන්ම මූලයෝද වෙති. අනභිධ්‍යාව මූලප්රාප්තව අලෝභ කුසලමූලය වේ. අව්‍යාපාදය අද්වේෂ කුසලමූලය වේ. සම්‍යග් දෘෂ්ටිය අමෝහ කුසලමූලය වේ.
ආරම්මණතොති පාණාතිපාතාදීනං ආරම්මණානෙව එතෙසං ආරම්මණානි. වීතික්කමිතබ්බතොයෙව හි වෙරමණී නාම හොති. යථා පන නිබ්බානාරම්මණො අරියමග්ගො කිලෙසෙ පජහති, එවං ජීවිතින්ද්රියාදිආරම්මණාපෙතෙ කම්මපථා පාණාතිපාතාදීනි දුස්සීල්යානි පජහන්තීති.
ආරම්මණතො යනු, ප්‍රාණඝාතාදීන්ගේ අරමුණුම මේවාට අරමුණු වෙයි. ඉක්මවිය යුතු හෙයින්ම වෙරමණී නම් වේ. යම්සේ වනාහි නිර්වාණාරම්මණ ආර්ය මාර්ගය කෙලෙස් දුරුකෙරේද? මෙසේ ජීවිතින්ද්රියාදී අරමුණු තොර කර්මපථ ප්‍රාණඝාතාදී දුසිල්තාවයන් දුරුකෙරේ.
වෙදනාතොති සබ්බෙ සුඛවෙදනා වා හොන්ති මජ්ඣත්තවෙදනා වා. කුසලං පත්වා හි දුක්ඛා වෙදනා නාම නත්ථි.
වේදනා වශයෙන් යනු, සියල්ල සුව වේදනා හෝ මධ්‍යස්ථ වේදනා වේ. කුසල් බවට පත් දුක් වේදනාවක් නම් නැත.
මූලතොති පටිපාටියා සත්ත ඤාණසම්පයුත්තචිත්තෙන විරමන්තස්ස අලොභඅදොසඅමොහවසෙන තිමූලා හොන්ති. ඤාණවිප්පයුත්තචිත්තෙන විරමන්තස්ස අලොභාදොසවසෙන ද්විමූලා. අනභිජ්ඣා ඤාණසම්පයුත්තචිත්තෙන විරමන්තස්ස අදොසඅමොහවසෙන ද්විමූලා. ඤාණවිප්පයුත්තචිත්තෙන විරමන්තස්ස අදොසවසෙන එකමූලා. අලොභො පන අත්තනාව අත්තනො මූලං න හොති. අබ්යාපාදෙපි එසෙව නයො. සම්මාදිට්ඨි අලොභාදොසවසෙන ද්විමූලාවාති.
මුල් වශයෙන් යනු, පිළිවෙළින් සතක් ඤාණ සම්ප්‍රයුක්ත සිතින්, වෙන්වන්නහුට අලෝභ, අද්වේෂ, අමෝහ වශයෙන් ත්රෛමූලික වෙති. ඤාණ විප්‍රයුක්ත සිතින්, වෙන්වන්නහුට අද්වේෂ, අමෝහ වශයෙන් ද්විමූලයකි. අනභිධ්‍යාව ඤාණ සම්ප්‍රයුක්ත සිතින් වෙන්වන්නහුට අද්වේෂ, අමෝහ වශයෙන් ද්විමූලයි. ඤාණ විප්‍රයුක්ත සිතින් වෙන්වන්නහුට අද්වේෂ වශයෙන් එක් මූලයකි. අලෝභය තමා විසින්ම තමාට මූලය නොවේ. අව්යාපාදයෙහිද මෙම ක්‍රමයමැයි. සම්‍යග් දෘෂ්ටිය අලෝභ, අද්වේෂ වශයෙන් ද්විමූලිකයි.
කුසලකම්මපථකථා නිට්ඨිතා.
කුසල කර්මපථ කථා නිමි.
එවං දසකුසලකම්මපථවසෙන සීලං දස්සෙත්වා ඉදානි නෙක්ඛම්මාදීනං අරහත්තමග්ගපරියොසානානං සත්තතිංසධම්මානං වසෙන දස්සෙතුං නෙක්ඛම්මෙන කාමච්ඡන්දං සංවරට්ඨෙන සීලං, අවීතික්කමට්ඨෙන සීලන්තිආදිමාහ. තත්ථ යස්මා නෙක්ඛම්මෙන කාමච්ඡන්දං සංවරති න වීතික්කමති, තස්මා නෙක්ඛම්මං සීලන්ති අධිප්පායො. පච්චත්තත්ථෙ වා කරණවචනං, නෙක්ඛම්මන්ති අත්ථො. එස නයො සෙසෙසු. පාළියං පන නෙක්ඛම්මඅබ්යාපාදෙ දස්සෙත්වා හෙට්ඨා වුත්තනයත්තා සෙසං සඞ්ඛිපිත්වා අන්තෙ අරහත්තමග්ගොයෙව දස්සිතො.
මෙසේ දසකුසල කර්මපථ වශයෙන් සීලය දක්වා, දැන් නෛෂ්ක්‍රම්‍යාදී, අර්හත් මාර්ගය කෙළවරකොට ඇති සත්තිස් ධර්මයන්ගේ වශයෙන් දක්වන්ට, නෙක්ඛම්මෙන කාමච්ඡන්දං සංවරට්ඨෙන සීලං අවීතික්කමට්ඨෙන සීලං යනාදිය වදාළහ. එහි නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්දය යටපත් කෙරේද? නොඉක්මවයිද? එහෙයින් ‘නෙක්ඛම්මං සීලං’ යයි අදහසයි. ප්‍රථමා අර්ථයෙහි කරණ වචනයි. නෛෂ්ක්‍රම්‍යය යන අර්ථයි. සෙස්සෙහිද එම ක්‍රමයමැයි. පෙළෙහි වනාහි, නෛෂ්ක්‍රම්‍ය, අව්යාපාදයන් දක්වා යට කියන ලද ක්‍රම අනුව, සෙස්ස හකුළුවා කෙළවර අර්හත් මාර්ගයම දක්වන ලද්දේය.
එවං සංවරඅවීතික්කමවසෙන සීලං දස්සෙත්වා ඉදානි තෙසංයෙව ද්වින්නං පභෙදදස්සනත්ථං පඤ්ච සීලානි පාණාතිපාතස්ස පහානං සීලන්තිආදිමාහ. එත්ථ ච පාණාතිපාතස්ස පහානං සීලං, පාණාතිපාතා වෙරමණී සීලං, පාණාතිපාතස්ස පටිපක්ඛචෙතනා සීලං, පාණාතිපාතස්ස සංවරො සීලං, පාණාතිපාතස්ස අවීතික්කමො සීලන්ති යොජනා කාතබ්බා. පහානන්ති ච කොචි ධම්මො නාම නත්ථි අඤ්ඤත්ර වුත්තප්පකාරානං පාණාතිපාතාදීනං අනුප්පාදමත්තතො. යස්මා පන තං තං පහානං තස්ස තස්ස කුසලස්ස ධම්මස්ස පතිට්ඨානට්ඨෙන උපධාරණං හොති, විප්පකිණ්ණසභාවාකරණෙන ච සමොධානං, තස්මා පුබ්බෙ වුත්තෙනෙව උපධාරණසමොධානසඞ්ඛාතෙන සීලනට්ඨෙන සීලන්ති වුත්තං. ඉතරෙ චත්තාරො ධම්මා තතො තතො වෙරමණිවසෙන තස්ස තස්ස සංවරවසෙන තදුභයසම්පයුත්තචෙතනාවසෙන තං තං අවීතික්කමන්තස්ස අවීතික්කමවසෙන ච චෙතසො පවත්තිසභාවං සන්ධාය වුත්තා.
මෙසේ සංවර, අව්‍යතික්‍රම වශයෙන් සීලය දක්වා දැන් ඒවාහිම ප්‍රභේද ද්වයක් දැක්වීම සඳහා, පඤ්ච සීලානි පාණාතිපාතස්ස පහාණං සීලං ආදිය වදාළහ. මෙහිද, ප්‍රාණඝාතයාගේ ප්‍රහාණ සීලය, ප්‍රාණඝාතයාගේ වෙන්වීම් සීලය ප්‍රාණඝාතයට ප්රතිපක්ෂ චේතනා සීලය, ප්‍රාණඝාතයාගේ සංවර සීලය, ප්‍රාණඝාතයාගේ අව්‍යතික්‍රම සීලයැයි යෙදීම් කළයුත්තේය. කියන ලද ආකාර ප්‍රාණඝාතාදීන්ගේ නොඉපදවීම් මාත්‍රයට වඩා ප්‍රහාණයයි කිවයුතු කිසිවක් නම් නැත. ඒ ඒ ප්රහාණය ඒ ඒ කුසල ධර්මයාගේ පිහිටීම් අර්ථයෙන් විමසා බැලීම වෙයි. විසිරුණු ස්වභාවය නොකිරීමෙන් එක්තැන් කිරීම වේ. එහෙයින් පෙර කියන ලද්දා වූම - විමසා බැලීම්, එක්තැන් කිරීම් සංඛ්‍යාත සංවරයට පැමිණවීම් අර්ථයෙන් සීලයයි යූ.සේයි. ඉතිරි සිව්ධර්ම ඒ ඒ දැයින් වෙන්වීම් වශයෙන්ද, ඒ ඒ අංගයාගේ සංවර වශයෙන්ද, ඒ ඒ ද්වය හා සම්ප්‍රයුක්ත චේතනා වශයෙන්ද, ඒ ඒ දෑ අව්යතික්රමණය කරන්නහුට, අව්‍යතික්‍රම වශයෙන්ද, සිතෙහි පවත්නා ස්වභාවය සඳහා යූ.සේයි.
අථ වා පහානම්පි ධම්මතො අත්ථියෙව. කථං? පහීයතෙ අනෙන පාණාතිපාතාදිපටිපක්ඛො, පජහති වා තං පටිපක්ඛන්ති පහානං. කිං තං? සබ්බෙපි කුසලා ඛන්ධා. අඤ්ඤෙ පන ආචරියා “නෙක්ඛම්මාදීසුපි ‘වෙරමණී සීල’න්ති වචනමත්තං ගහෙත්වා සබ්බකුසලෙසුපි නියතයෙවාපනකභූතා විරති නාම අත්ථී”ති වදන්ති, න තථා ඉධාති. එවමිමෙහි පහානාදීහි පඤ්චහි පදෙහි විසෙසෙත්වා පරියන්තාපරියන්තසීලද්වයෙ අපරියන්තසීලමෙව වුත්තං. තස්මා එව හි එවරූපානි සීලානි චිත්තස්ස අවිප්පටිසාරාය සංවත්තන්ති…පෙ… සච්ඡිකාතබ්බං සච්ඡිකරොන්තො සික්ඛතීති වුත්තං.
නොහොත් ප්‍රහාණයද, ස්වභාවයෙන්ම ඇත්තේමය. කෙසේ මෙයින් ප්‍රාණඝාතාදී ප්රතිපක්ෂ ධර්ම ප්රහාණය වේද? ඊට ප්රතිපක්ෂ ධර්ම අත්හරීනුයි ප්‍රහාණයි. ඒ කිමෙක්ද? සියලු කුසල ස්කන්ධයෝය. අනෙක් ආචාර්යවරු, නෛෂ්ක්රම්යාදීන්හිද, වෙරමණී සීලං යන වචන මාත්‍රය ගෙන, සියලු කුසලයන්හි ස්ථිර වශයෙන්ම වැළකීම් ස්වභාවය වූ විරතියක් නම් ඇතැයිද කියති. මෙහි එසේ නොවේ. මේ ප්රහාණාදී පස් පදයන්ගෙන් වෙස්සො, පරියන්ත අපරියන්ත සීලද්වයෙහි අපරියන්ත සීලයම යූ.සේයි. එහෙයින්ම මෙබඳු වූ සීලයෝම, චිත්තයාගේ නොවිපිළිසර සඳහා පවතිත්. -පෙ- ප්රත්යක්ෂ කළයුතුය. ප්රත්යක්ෂ කරන්නේ හික්මේයයි යූ.සේයි.
තත්ථ අවිප්පටිසාරාය සංවත්තන්තීති “සංවරො අවිප්පටිසාරත්ථායා”ති (පරි· 366) ච “අවිප්පටිසාරත්ථානි ඛො, ආනන්ද, කුසලානි සීලානි අවිප්පටිසාරානිසංසානී”ති (අ· නි· 10.1; 11.1) ච වචනතො අවිප්පටිසාරත්ථාය සංවත්තන්ති. “අවිප්පටිසාරො පාමොජ්ජත්ථායා”ති (පරි· 366) ච “යොනිසො මනසිකරොතො පාමොජ්ජං ජායතී”ති (පටි· ම· 1.74) ච වචනතො පාමොජ්ජාය සංවත්තන්ති. “පාමොජ්ජං පීතත්ථායා”ති (පරි· 366) ච “පමුදිතස්ස පීති ජායතී”ති (අ· නි· 5.26; සං· නි· 5.376; දී· නි· 3.322) ච වචනතො පීතියා සංවත්තන්ති. “පීති පස්සද්ධත්ථායා”ති (පරි· 366) ච “පීතිමනස්ස කායො පස්සම්භතී”ති (අ· නි· 5.26; සං· නි· 5.376; දී· නි· 3.322) ච වචනතො පස්සද්ධියා සංවත්තන්ති. “පස්සද්ධි සුඛත්ථායා”ති (පරි· 366) ච “පස්සද්ධකායො සුඛං වෙදෙතී”ති (අ· නි· 5.26; සං· නි· 5.376; දී· නි· 3.322) ච වචනතො සොමනස්සාය සංවත්තන්ති. චෙතසිකං සුඛඤ්හි සොමනස්සන්ති වුච්චති. ආසෙවනායාති භුසා සෙවනා ආසෙවනා. කස්ස ආසෙවනා? අනන්තරං සොමනස්සවචනෙන සුඛස්ස වුත්තත්තා සුඛං සිද්ධං. “සුඛිනො චිත්තං සමාධියතී”ති (අ· නි· 5.26; සං· නි· 5.376; දී· නි· 3.322) ච වචනතො තෙන සුඛෙන සමාධි සිද්ධො හොති. එවං සිද්ධස්ස සමාධිස්ස ආසෙවනා. තස්ස සමාධිස්ස ආසෙවනාය සංවත්තන්ති, පගුණබලවභාවාය සංවත්තන්තීති අත්ථො. භාවනායාති තස්සෙව සමාධිස්ස වුද්ධියා. බහුලීකම්මායාති තස්සෙව සමාධිස්ස පුනප්පුනං කිරියාය. අවිප්පටිසාරාදිපවත්තියා මූලකාරණං හුත්වා සමාධිස්ස සද්ධින්ද්රියාදිඅලඞ්කාරසාධනෙන අලඞ්කාරාය සංවත්තන්ති. අවිප්පටිසාරාදිකස්ස සමාධිසම්භාරස්ස සාධනෙන පරික්ඛාරාය සංවත්තන්ති. “යෙ ච ඛො ඉමෙ පබ්බජිතෙන ජීවිතපරික්ඛාරා සමුදානෙතබ්බා”තිආදීසු (ම· නි· 1.192) විය හි එත්ථ සම්භාරත්ථො පරික්ඛාරසද්දො. “රථො සීලපරික්ඛාරො, ඣානක්ඛො චක්කවීරියො”තිආදීසු (සං· නි· 3.54) පන අලඞ්කාරත්ථො. “සත්තහි නගරපරික්ඛාරෙහි සුපරික්ඛතං හොතී”තිආදීසු (අ· නි· 7.67) පරිවාරත්ථො. ඉධ පන අලඞ්කාරපරිවාරානං විසුං ආගතත්තා සම්භාරත්ථොති වුත්තං. සම්භාරත්ථො ච පච්චයත්ථොති. මූලකාරණභාවෙනෙව සමාධිසම්පයුත්තඵස්සාදිධම්මසම්පත්තිසාධනෙන පරිවාරාය සංවත්තන්ති. සමාධිස්ස විපස්සනාය ච පදට්ඨානභාවපාපනෙන වසීභාවපාපනෙන ච පරිපුණ්ණභාවසාධනතො පාරිපූරියා සංවත්තන්ති.
එහි අවිප්පටිසාරාය සංවත්තන්ති යනු සංවරය විපිලිසර නොවීම සඳහාය. ආනන්දය, කුසල වූ සීලයෝ නොවිපිළිසර සඳහාය. නොවිපිළිසර ආනිසංස කොට ඇත්තේය යන වචනයෙන් නොවිපිළිසර සඳහා පවතී. නොවිපිළිසර ප්‍රමෝදය සඳහාය. නුවණින් මෙනෙහි කරන්නහුට ප්‍රමෝදය හටගනී යන වචනයෙන් පාමජ්ජාය සංවත්තන්ති ‘ප්‍රමෝදය ප්‍රීතිය සඳහාය.’ ‘ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය හටගනී’ යන වචනයෙන් ප්‍රීතිය සඳහා පවතී. ‘ප්‍රීතිය සංසිඳීම සඳහාය’. ‘ප්‍රීතිමත් වූවහුගේ කය සංසිඳේ යන වචනයෙන් පස්සද්ධියා සංවත්තන්ත සන්සිඳීම සුවය සඳහාය. සන්සිඳුණු කය ඇත්තේ සුව විඳියි යන වචනයෙන් චෛතසික සුවය සොම්නසැයි කියනු ලැබේ. ආසෙවනාය යනු බොහෝ සේ සෙවුණේ ආසේවනයි. කවරකගේ සෙවුණෙන්? අනතුරු සොම්නස් වචනයෙන් සුවය ගැන කියන ලද හෙයින්, සුව සිද්ධ, සුවපත් වූවහුගේ සිත තැන්පත් වේයයි යන වචනයෙන්, ඒ සුවයෙන් සමාධිය සිද්ධ වේ. මෙසේ සිද්ධ වූ සමාධියගේ සෙවුණෙන්, ආසෙවනාය සංවත්තන්ති ඒ සමාධියගේ සේවනය සඳහා පවතී. ප්‍රගුණ බලවත් භාවය සඳහා පවතී යන අර්ථයි. භාවනාය යනු ඒ සමාධියගේම අභිවෘද්ධිය සඳහා. බහුලීකම්මාය යනු ඒ සමාධියගේම නැවත නැවත ක්‍රියා කිරීමෙන් (සමවැදීමෙන්) විපිළිසර නොවීම් ආදිය පැවැත්මෙහි මුල් කරුණ වී සමාධියට ශ්‍රද්ධා ඉන්ද්රිය ආදී අලංකාර සාධනයෙන් කරුණු ඉටුවීම අලංකාරාය සංවත්තන්තියි. විපිළිසර නොවීම් ආදී සමාධි රාශියගේ සාධනයෙන් උපකරන වශයෙන් පවතිනුයි පරික්ඛාරාය සංවත්තන්තියි. යම් ඒ පැවිද්දා විසින් ජීවිත පරිෂ්කාර රැස්කළ යුත්තේය. ආදීන්හි මෙන් මෙහි පරිෂ්කාර ශබ්දය උපකරණ අර්ථයෙහි යෙදේ. වීර්ය චක්‍රය සහිත, ධ්‍යාන අලවංගු සහිත, සුදු පරිෂ්කාර සහිත රථය යන ආදීන්හි වනාහි අලංකාරාර්ථයෙහි යෙදේ. සත් නගර පරිෂ්කාරයන්ගෙන් මනාව වටකරන ලද්දේ වෙයි. ආදීන්හි පිරිවර අර්ථයයි. මෙහි වනාහි අලංකාර හා පරිවාරයන්ගේ වෙන්ව ආ හෙයින් රාශ්යර්ථයෙහි යයි යූ.සේයි. රාශ්යර්ථයද, ප්රත්යාර්ථයදැයි යන මූලකාරණා භාවයෙන්ම සමාධිය හා එකට යෙදුණු, ස්පර්ශාදී ධර්ම නමැති සම්පත් සාධනය කරන හෙයින් පිරිවර සඳහා පවතී. පරිවාරාය සංවත්තන්ති සමාධියගේද, විදර්ශනාවගේද, ආසන්න කාරණ භාවයට පැමිණවීමෙන්ද, වසීභාවයට පැමිණවීමෙන්ද, පිරිපුන් බව සිදුකරන හෙයින් පාරිපූරියා සංවත්තන්ති නම් වේ.
එවං සීලූපනිස්සයෙන සබ්බාකාරපරිපූරං සමාධිං දස්සෙත්වා ඉදානි “සමාහිතෙ චිත්තෙ යථාභූතං ජානාති පස්සති, යථාභූතං ජානං පස්සං නිබ්බින්දති, නිබ්බින්දං විරජ්ජති, විරාගා විමුච්චතී”ති (පටි· ම· 1.73; දී· නි· 3.359) වචනතො සීලමූලකානි සමාධිපදට්ඨානානි යථාභූතඤාණදස්සනාදීනි දස්සෙන්තො එකන්තනිබ්බිදායාතිආදිමාහ. නිබ්බිදාය හි දස්සිතාය තස්සා පදට්ඨානභූතං යථාභූතඤාණදස්සනං දස්සිතමෙව හොති. තස්මිඤ්හි අසිද්ධෙ නිබ්බිදා න සිජ්ඣතීති. තානි පන වුත්තත්ථානෙව. යථාභූතඤාණදස්සනං පනෙත්ථ සප්පච්චයනාමරූපපරිග්ගහො.
මෙසේ සීල මූලාධාරයෙන් සර්වාකාර පරිපූර්ණ වූ සමාධිය පෙන්වා, දැන් බැබලුණු සිතින් තත්වාකාරයෙන් දනියි. දකියි. තත්වාකාරයෙන් දන්නේ, දක්නේ, කලකිරෙයි. කලකිරුණේ නොඇලේ. නොඇලුණේ මිදේයයි යන වචනයෙන් සීලය මූලික සමාධිය ආසන්න කාරණය වූ, යථාභූත ඤාණ දර්ශනාදිය දක්වන්නේ එකන්ත නිබ්බිදාය ආදිය වදාළහ. නිර්වේදයගේ දැක්වීම කළ කල්හි, එහි ආසන්න කාරණය වූ යථාභූත ඤාණ දර්ශනය දක්වන ලද්දීම වන්නේය. එය සිදුනොවූ කල්හි නිර්වේදය සිදුනොවේ. ඒවා වනාහි කියන ලද තන්හිමය. යථාභූත ඤාණ දර්ශනය වනාහි මෙහි ප්‍රත්‍යය සහිත නාමරූප විමසීමයි.
එවං අමතමහානිබ්බානපරියොසානං සීලප්පයොජනං දස්සෙත්වා ඉදානි තස්ස සීලස්ස අධිසීලසික්ඛාභාවං තම්මූලකා ච අධිචිත්තඅධිපඤ්ඤාසික්ඛා දස්සෙතුකාමො එවරූපානං සීලානං සංවරපාරිසුද්ධි අධිසීලන්තිආදිමාහ. තත්ථ සංවරොයෙව පාරිසුද්ධි සංවරපාරිසුද්ධි. එවරූපානං අපරියන්තභූතානං විවට්ටනිස්සිතානං සීලානං සංවරපාරිසුද්ධි විවට්ටනිස්සිතත්තා සෙසසීලතො අධිකං සීලන්ති අධිසීලන්ති වුච්චති. සංවරපාරිසුද්ධියා ඨිතං චිත්තන්ති එදිසාය සීලසංවරපාරිසුද්ධියා පතිට්ඨිතං චිත්තං සුට්ඨු අවිප්පටිසාරාදීනං ආවහනතො න වික්ඛෙපං ගච්ඡති, සමාධිස්මිං පතිට්ඨාතීති අත්ථො. අවික්ඛෙපොයෙව පාරිසුද්ධි අවික්ඛෙපපාරිසුද්ධි. සො සබ්බමලවිරහිතො නිබ්බෙධභාගියො සමාධි සෙසසමාධිතො අධිකත්තා අධිචිත්තන්ති වුච්චති. චිත්තසීසෙන හෙත්ථ සමාධි නිද්දිට්ඨො. සංවරපාරිසුද්ධිං සම්මා පස්සතීති පරිසුද්ධං සීලසංවරං ඤාතපරිඤ්ඤාවසෙන තීරණපරිඤ්ඤාවසෙන ච සම්මා පස්සති, එවමෙව අවික්ඛෙපපාරිසුද්ධිසඞ්ඛාතං පරිසුද්ධං සමාධිං සම්මා පස්සති. එවං පස්සතො චස්ස දස්සනසඞ්ඛාතා පාරිසුද්ධි දස්සනපාරිසුද්ධි. සායෙව සෙසපඤ්ඤාය අධිකත්තා අධිපඤ්ඤාති වුච්චති. යො තත්ථාති යො තත්ථ සංවරඅවික්ඛෙපදස්සනෙසු. සංවරට්ඨොති සංවරභාවො. එවමෙව අවික්ඛෙපට්ඨදස්සනට්ඨා ච වෙදිතබ්බා. අධිසීලමෙව සික්ඛා අධිසීලසික්ඛා. එවං ඉතරාපි වෙදිතබ්බා.
මෙසේ අමෘත මහා නිර්වාණය කෙළවරකොට ඇති, සීලයාගේ ප්රහාණය පෙන්වා, දැන් ඒ සීලයාගේ අධිසීල ශික්ෂාභාවයද, එය මූලික වූ, අධිචිත්ත, අධිප්‍රඥා ශික්ෂාවන් දක්වනු කැමැත්තේ එවරූපානං සීලානං සංවර පාරිශුද්ධි අධිසීලං යනාදිය වදාළහ. එහි සංවරයම පාරිශුද්ධිය වූයේ සංවර පාරිසුද්ධියි. එබඳු අපරියන්ත වූ නිර්වාණ නිශ්රිත වූ සීලයන්ගේ සංවර පාරිශුද්ධිය නිවන නිශ්රිත හෙයින් සෙසු සීලයන්ට අධික සීලයනුයි අධිසීලයැයි යූ.සේයි. සංවර පාරිසුද්ධියා ඨිතං චිත්තං යනු එබඳු සීල සංවර පාරිශුද්ධියෙහි පිහිටි සිත මනාව නොවිපිළිසරාදීන් ගෙන එන හෙයින් වික්ෂිප්ත භාවයට නොයයි. සමාධියෙහි පිහිටයි යන අර්ථයි. අවික්ෂෙපයම පාරිශුද්ධිය වූයේ අවික්ඛෙප පාරිසුද්ධියි. එය සියලු කෙලෙස් මල විරහිත තියුණු අවබෝධයෙන් යුත් සමාධියයි. සෙසු සමාධීන්ට වඩා අධික බැවින් අධිචිත්ත යැයි යූ.සේයි. මෙහි චිත්ත ශීර්ෂයෙන් සමාධිය දක්වන ලදී. සංවර පාරිශුද්ධිය මනාව දකීනුයි පිරිසිදුයි. සීල සංවරය ඤාත පරිඤ්ඤා-තීරණ පරිඤ්ඤා වශයෙන් මනාව දකියි. එපරිද්දෙන්ම අවික්ෂෙප පාරිශුද්ධි සංඛ්‍යාත පිරිසිදු බවින් යුතු සමාධිය මනාව දකියි. මෙසේ දක්නා වූ දර්ශන සංඛ්‍යාත පාරිශුද්ධිය දස්සන පාරිසුද්ධි වන්නේය. එයම සෙසු ප්රඥාවයන්ට වඩා අධික බැවින් අධිපඤ්ඤා යැයි යූ.සේයි. යො තත්ථ යනු එහි යම් සංවර අවික්ෂෙප දර්ශනයන්හි. සංවරට්ඨො යනු සංවර භාවයයි. එපරිද්දෙන්ම අවික්ෂෙපාර්ථ, දර්ශනාර්ථ දතයුතුය. අධි සීලයම ශික්ෂාව වූයේනුයි. අධිසීල සික්ඛායි මෙසේ අනෙක් ඒවාද දතයුතුය.
එවං තිස්සො සික්ඛායො දස්සෙත්වා ඉදානි තාසං පාරිපූරික්කමං දස්සෙතුං ඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛතීතිආදිමාහ. තස්සත්ථො – පච්චෙකං පරිපූරෙතුං ආවජ්ජන්තොපි සික්ඛති නාම, ආවජ්ජෙත්වා “අයං නාම සික්ඛා”ති ජානන්තොපි සික්ඛති නාම, ජානිත්වා පුනප්පුනං පස්සන්තොපි සික්ඛති නාම, පස්සිත්වා යථාදිට්ඨං පච්චවෙක්ඛන්තොපි සික්ඛති නාම, පච්චවෙක්ඛිත්වා තත්ථෙව චිත්තං අචලං කත්වා පතිට්ඨපෙන්තොපි සික්ඛති නාම, තංතංසික්ඛාසම්පයුත්තසද්ධාවීරියසතිසමාධිපඤ්ඤාහි සකසකකිච්චං කරොන්තොපි සික්ඛති නාම, අභිඤ්ඤෙය්යාභිජානනාදිකාලෙපි තං තං කිච්චං කරොන්තො තිස්සොපි සික්ඛායො සික්ඛති නාමාති . පුන පඤ්ච සීලානීතිආදීනි වුත්තත්ථානෙව. අරහත්තමග්ගෙන සබ්බකිලෙසානන්තිආදීසු පන අරහන්තානං සුට්ඨු විප්පටිසාරාදිඅභාවතො ආසෙවනාදිභාවතො ච තානි පදානි යුජ්ජන්තෙව. එකන්තනිබ්බිදායාතිආදීනි පන සතිපට්ඨානසම්මප්පධානානි විය මග්ගක්ඛණෙයෙව යොජෙතබ්බානි.
මෙසේ ත්‍රිවිධ ශික්ෂා දක්වා, දැන් ඒවාහි සම්පූර්ණ කරන ක්‍රමය දක්වන්ට, ඉමා තිස්සො සික්ඛායො ආවජ්ජන්තො සික්ඛතීති ආදිය වදාළහ. එහි අර්ථය වෙන වෙනම සම්පූර්ණ කරන්ට, ආවර්ජනය කරන්නේද හික්මේනම් ආවර්ජනය කොට මෙයනම් ශික්ෂාව යැයි දැනගන්නේද හික්මේනම් දැන නැවත නැවත දක්නේද, හික්මේ නමි. දැක දුටු පරිදි ප්රත්යවේක්ෂා කරන්නේද හික්මේ නමි. ප්රත්යවේක්ෂාකොට සිත ස්ථිරකොට පිහිටුවන්නේද හික්මේ නමි. ඒ ඒ ශික්ෂා සම්ප්‍රයුක්ත ශ්‍රද්ධා වීර්ය, සති, සමාධි, ප්‍රඥාවන්ගේ තම තම කාර්යය කරනුයේද හික්මේ නමි. විශිෂ්ට සේ දතයුතු දෑ, දැනගන්නා කල්හිද ඒ ඒ කෘත්‍යයන් කරනුයේ ත්‍රිවිධ ශික්ෂා හික්මේ නම් වේ. නැවත, පඤ්ච සීලානි ආදිය කියන ලද අර්ථමය. අරහත්ත මග්ගෙන සබ්බ කිලෙසානං ආදීන්හි රහතුන්ට මනාව විපිළිසර ආදිය නොමැති හෙයින් ආසේවනාදිය වැඩීමෙන්ද ඒ පද යෙදේමය. එකන්ත නිබ්බිදාය ආදිය වනාහි සතිපට්ඨාන සම්‍යක් ප්‍රධානයන් මෙන් මාර්ගක්ෂණයෙහිම යෙදිය යුතුය.
සංවරපාරිසුද්ධිං සම්මා පස්සති, අවික්ඛෙපපාරිසුද්ධිං සම්මා පස්සතීති ඉදං පන වචනද්වයං ඵලසමාපත්තත්ථාය විපස්සනාවසෙන යොජෙතබ්බං, දුතියවචනං පන නිරොධසමාපත්තත්ථාය විපස්සනාවසෙනාපි යුජ්ජති. ආවජ්ජන්තො සික්ඛතීතිආදීසු පඤ්චසු වචනෙසු අරහතො සික්ඛිතබ්බාභාවෙපි අසෙක්ඛසීලක්ඛන්ධාදිසභාවතො “සික්ඛතී”ති වුත්තන්ති වෙදිතබ්බං. සද්ධාය අධිමුච්චන්තො සික්ඛතීතිආදීනි පන මග්ගක්ඛණඤ්ඤෙව සන්ධාය වුත්තානි. අඤ්ඤානිපි උපචාරප්පනාවිපස්සනාමග්ගවසෙන වුත්තානි වචනානි යථායොගං යොජෙතබ්බානීති.
සංවර පාරිසුද්ධිං සම්මා පස්සති අවික්ඛෙප පාරිසුද්ධිං සම්මා පස්සති මෙම වචන ද්වයය වනාහි ඵල සමාපත්තිය සඳහා විදර්ශනා වශයෙන් යෙදිය යුතුය. දෙවන වචනය වනාහි නිරෝධ සමාපත්තිය සඳහා විදර්ශනා වශයෙන්ම යෙදේ. අවජ්ජන්තො සික්ඛති ආදී වචන පංචකයෙහි රහතුන්ට හික්මිය යුත්තක් නොමැති කල්හිද, අශෛක්ෂ සීලස්කන්ධාදී ස්වභාවයෙන් හික්මේයයි යූ.සේයි. සද්ධාය අධිමුච්චන්තො සික්ඛති ආදීන්හි මාර්ගක්ෂණයම සඳහා කියන ලද්දේය. අනෙකුත් උපචාර අර්පණා විදර්ශනා මාර්ග වශයෙන් කියන ලද වචනයන් සුදුසු පරිදි යෙදිය යුත්තාහ.
සීලමයඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
සීලමය ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.