3. සමාධිභාවනාමයඤාණනිද්දෙසවණ්ණනා අට්ඨකථා
3. සමාධිභාවනාමයඤාණනිද්දෙසවණ්ණනා
3. සමාධි භාවනාමය ඤාණ නිර්දේශ වර්ණනාව
සමාධිභාවනාමයඤාණනිද්දෙසෙ ආදිතො තාව එකකතො පට්ඨාය යාව දසකා සමාධිප්පභෙදං දස්සෙන්තො එකො සමාධීතිආදිමාහ. තත්ථ චිත්තස්ස එකග්ගතාති නානාරම්මණවික්ඛෙපාභාවතො එකං ආරම්මණං අග්ගං උත්තමං අස්සාති එකග්ගො, එකග්ගස්ස භාවො එකග්ගතා. සා පන එකග්ගතා චිත්තස්ස, න සත්තස්සාති දස්සනත්ථං “චිත්තස්සා”ති වුත්තං. දුකෙ ලොකියොති ලොකො වුච්චති ලුජ්ජනපලුජ්ජනට්ඨෙන වට්ටං, තස්මිං පරියාපන්නභාවෙන ලොකෙ නියුත්තොති ලොකියො. ලොකුත්තරොති උත්තිණ්ණොති උත්තරො, ලොකෙ අපරියාපන්නභාවෙන ලොකතො උත්තරොති ලොකුත්තරො. තිකෙ සවිතක්කො ච සො සවිචාරො චාති සවිතක්කසවිචාරො. එවං අවිතක්කඅවිචාරො. විතක්කවිචාරෙසු විචාරොව මත්තා පමාණං එතස්සාති විචාරමත්තො, විචාරතො උත්ථරි විතක්කෙන සද්ධිං සම්පයොගං න ගච්ඡතීති අත්ථො. අවිතක්කො ච සො විචාරමත්තො චාති අවිතක්කවිචාරමත්තො. තීසුපි විච්ඡෙදං කත්වාපි පඨන්ති. චතුක්කපඤ්චකා වුත්තත්ථා . ඡක්කෙ පුනප්පුනං උප්පජ්ජනතො සතියෙව අනුස්සති, පවත්තිතබ්බට්ඨානම්හියෙව වා පවත්තත්තා සද්ධාපබ්බජිතස්ස කුලපුත්තස්ස අනුරූපා සතීතිපි අනුස්සති, බුද්ධං ආරබ්භ උප්පන්නා අනුස්සති බඋද්ධානුස්සති. අරහතාදිබුද්ධගුණාරම්මණාය සතියා එතං අධිවචනං. තස්සා බුද්ධානුස්සතියා වසෙන චිත්තස්ස එකග්ගතායෙව උද්ධච්චසඞ්ඛාතස්ස වික්ඛෙපස්ස පටිපක්ඛභාවතො න වික්ඛෙපොති අවික්ඛෙපො. ධම්මං ආරබ්භ උප්පන්නා අනුස්සති ධම්මානුස්සති. ස්වාක්ඛාතතාදිධම්මගුණාරම්මණාය සතියා එතං අධිවචනං. සඞ්ඝං ආරබ්භ උප්පන්නා අනුස්සති සඞ්ඝානුස්සති. සුප්පටිපන්නතාදිසඞ්ඝගුණාරම්මණාය සතියා එතං අධිවචනං . සීලං ආරබ්භ උප්පන්නා අනුස්සති සීලානුස්සති. අත්තනො අඛණ්ඩතාදිසීලගුණාරම්මණාය සතියා එතං අධිවචනං. චාගං ආරබ්භ උප්පන්නා අනුස්සති චාගානුස්සති. අත්තනො මුත්තචාගතාදිචාගගුණාරම්මණාය සතියා එතං අධිවචනං. දෙවතා ආරබ්භ උප්පන්නා අනුස්සති දෙවතානුස්සති. දෙවතා සක්ඛිට්ඨානෙ ඨපෙත්වා අත්තනො සද්ධාදිගුණාරම්මණාය සතියා එතං අධිවචනං.
සමාධි භාවනාමය ඤාණ නිර්දේශයෙහි, මුලදී පළමුව එක එක පටන් දහය තෙක් සමාධි ප්‍රභේදය දක්වන්නේ එකො සමාධි ආදිය වදාළහ. එහි චිත්තස්ස එකග්ගතා යනු නොයෙක් අරමුණුවල වික්ෂේප අභාවයෙන් එක් අරමුණක් අග්‍ර උතුම් වන්නේනුයි එකග්ගොයි. ඒකාග්රතාවයාගේ ස්වභාවය ඒකග්ගතායි. එම ඒකාග්‍රතාව සිතෙහිය. සත්ත්වයෙකුගේ නොවේයයි දැක්වීම සඳහා චිත්තස්ස යයි යූ.සේයි. ද්විකයෙහි ලොකියො යනු විනාශවන, බිඳවැටෙන අර්ථයෙන් සසර වෘත්තය ලෝකයයි කියනු ලැබේ. එහි ඇතුළත් භාවයෙන් ලෝකයෙහි නියුතු වූයේනුයි ලොකියො නම් වේ. ලොකුත්තරො යනු එතෙර වූයේනුයි උත්තරොයි. ලෝකයෙහි ඇතුළත් නුවූ ස්වභාවයෙන් ලෝකයෙන් එතෙර වූයේනුයි ලොකුත්තරොයි, ත්‍රිකයෙහි: විතර්ක සහිත වූයේම විචාර සහිත වූයේම හේනුයි සවිතක්ක සවිචාරොයි. අවිතර්ක අවිචාරද මෙසේමය. විතර්ක විචාරයන්හි විචාර මාත්‍රයම, මත්තෙහි, එම ප්‍රමාණයම එයටනුයි විචාර මත්තොයි. විචාරයෙන් මත්තෙහි විතර්කය සමග එක්වීමට නොයේ යන අර්ථයි. අවිතර්කයද, විචාර මාත්‍රයද එයමනුයි අවිතක්ක විචාරමත්තොයි. ත්රයයෙහිම වෙන්කොටද කියවති. චතුෂ්ක, පඤ්චකද කියන ලද අර්ථයමය. ෂට්කයෙහි, නැවත නැවත උපදනා හෙයින් සිහියම අනුස්සතියි. පැවැත්විය යුතු ස්ථානයෙහිම, පවත්වන හෙයින් ශ්‍රද්ධා ප්රවෘජ්ජිත සුදුසු වූ සිහියනුයි අනුස්සතියි. බුදුරදුන් අරබයා උපන් අනුස්සතිය බුද්ධානුස්සතියි. අර්හත් ආදී බුදුගුණ අරමුණුකොට ඇති සිහියට එය විශේෂ නාමයකි. ඒ බුද්ධානුස්සතියගේ වශයෙන් චිත්තයාගේ ඒකාග්රතාවයම උද්ධච්ච සංඛ්‍යාත වික්ෂේපයට ප්‍රතිපක්‍ෂභාවයෙන් වික්ෂේප නොවේනුයි අවික්ඛෙපොයි. ධර්මය අරබයා උපන් අනුස්සතිය ධම්මානුස්සතියි. ස්වාක්ඛාත ආදී දහම්ගුණ අරමුණුකොට ඇති සිහියට එය විශේෂ නාමයකි. සංඝයා අරබයා උපන් අනුස්සතිය සංඝානුස්සතියි. සුපටිපන්න ආදී සඟගුණ අරමුණුකොට ඇති සිහියට එය විශේෂ නාමයකි. සීලය අරබයා උපන් අනුස්සතිය සීලානුස්සතියි. තමාගේ කඩනොවීමාදී සිල්ගුණ අරමුණුකොට ඇති සිහියට එය විශේෂ නාමයකි. ත්‍යාගය අරබයා උපන් අනුස්සතිය චාගානුස්සතියි. තමාගේ හළ ත්‍යාගාදී ත්‍යාග ගුණ අරබයා උපන් සිහියට එය විශේෂ නාමයකි. දේවතාවුන් අරබයා උපන් අනුස්සතිය දේවතානුස්සතියි. දේවතාවුන් සාක්ෂි ස්ථානයෙහි තබා තමාගේ ශ්‍රද්ධා ආදී ගුණ අරමුණුකොට ඇති සිහියට එය විශේෂ නාමයකි.
සත්තකෙ සමාධිකුසලතාති එකවිධාදිභෙදෙන අනෙකභෙදෙ සමාධිම්හි “අයමෙවංවිධො සමාධි, අයමෙවංවිධො සමාධී”ති ඡෙකභාවො. සමාධිපරිච්ඡෙදකපඤ්ඤායෙතං අධිවචනං. සමාධිඋප්පාදනවිධානෙපි ඡෙකභාවො සමාධිකුසලතා.
සප්තකයෙහි සමාධි කුසලතා යනු එක්වැදෑරුම් ආදී භේදයෙන් නොයෙක් භේද ඇති, සමාධියෙහි, මෙය මේ ආකාර සමාධියකි. මෙය මේ ආකාර සමාධියකැයි දක්ෂභාවයයි. සමාධිය පිරිසිඳ දක්නා ප්‍රඥාවට එය විශේෂ නාමයකි. සමාධිය උපදවන පිළිවෙළෙහිද දක්ෂභාවය සමාධි කුසලතායි.
සමාධිස්ස සමාපත්තිකුසලතාති උප්පාදිතස්ස සමාධිස්ස සමාපජ්ජනෙ ඡෙකභාවො. එතෙන සමාපජ්ජනවසිතා වුත්තා හොති.
සමාධිස්ස සමාපත්ති කුසලතා යනු උපදවන ලද සමාධියට සමවැදීමේ දක්ෂතාවයයි. මෙයින් සමවැදීමේ වසීභාවය යූ.සේයි.
සමාධිස්ස ඨිතිකුසලතාති සමාපන්නස්ස සමාධිස්ස සන්තතිවසෙන යථාරුචි ඨපනෙ ඡෙකභාවො. එතෙන අධිට්ඨානවසිතා වුත්තා හොති. අථ වා නිමිත්තග්ගහණෙන චස්ස පුන තෙ ආකාරෙ සම්පාදයතො අප්පනාමත්තමෙව ඉජ්ඣති, න චිරට්ඨානං. චිරට්ඨානං පන සමාධිපරිපන්ථානං ධම්මානං සුවිසොධිතත්තා හොති. යො හි භික්ඛු කාමාදීනවපච්චවෙක්ඛණාදීහි කාමච්ඡන්දං න සුට්ඨු වික්ඛම්භෙත්වා, කායපස්සද්ධිවසෙන කායදුට්ඨුල්ලං න සුප්පටිප්පස්සද්ධං කත්වා, ආරම්භධාතුමනසිකාරාදිවසෙන ථිනමිද්ධං න සුට්ඨු පටිවිනොදෙත්වා, සමථනිමිත්තමනසිකාරාදිවසෙන උද්ධච්චකුක්කුච්චං න සුට්ඨු සමූහතං කත්වා, අඤ්ඤෙපි සමාධිපරිපන්ථෙ ධම්මෙ න සුට්ඨු විසොධෙත්වා ඣානං සමාපජ්ජති, සො අවිසොධිතං ආසයං පවිට්ඨභමරො විය, අසුද්ධං උය්යානං පවිට්ඨරාජා විය ච ඛිප්පමෙව නික්ඛමති. යො පන සමාධිපරිපන්ථෙ ධම්මෙ සුට්ඨු විසොධෙත්වා ඣානං සමාපජ්ජති, සො සුවිසොධිතං ආසයං පවිට්ඨභමරො විය, සුපරිසුද්ධං උය්යානං පවිට්ඨරාජා විය ච සකලම්පි දිවසභාගං අන්තොසමාපත්තියංයෙව හොති. තෙනාහු පොරාණා –
සමාධිස්ස ඨීති කුසලතා යනු සමවන් සමාධියගේ, නොකඩවා පැවැත්වීම් වශයෙන් කැමැති පරිදි තැබීමෙහි දක්ෂභාවයයි. එයින් අධිෂ්ඨාන වසීභාවය යූ.සේයි. නොහොත් නිමිති ග්රහණයෙන්ම නැවත ඒ ආකාරයෙන් සම්පාදනය කරන කල්හි, අර්පණා මාත්‍රයම ඉටුවෙයි. කලක් නොපවත්නේය. කලක් පැවැතීම වනාහි සමාධියට උවදුරු වන ධර්මයන්ගේ මනාව සෝධනය කරන ලද හෙයින් වේ. යම් භික්ෂුවක් කාමයන්හි ආදීනව ප්රත්යවේක්ෂා කිරීම් ආදියෙන් කාමච්ඡන්දය මනාව යටපත් කිරීම නොකොට, කාය සන්සිඳීම් වශයෙන් කයෙහි දැඩිබව මනාව නොසන්සිඳුවා, ආරම්භ ධාතු මනසිකාරාදි වශයෙන් ථීන මිද්ධය මනාව දුරුනොකොට සමථ නිමිති මෙනෙහි කිරීම් ආදී වශයෙන්, නොසන්සුන්කම හා කුකුස මනාව සමූලඝාතනය නොකොට, අනෙකුත් සමාධියට උවදුරු ධර්මයන් මනාව ශුද්ධනොකොට ධ්‍යානයට සමවදීද? හෙතෙම පිරිසිදු නොකළ වාසස්ථානයට පැමිණි බඹරෙකු මෙන්ද, අපිරිසිදු උයනකට පිවිසි රජෙකු මෙන්ද, වහාම නික්මෙයි. යමෙක් වනාහි සමාධියට උවදුරුදායක ධර්මයන් මනාව ශෝධනයකොට ධ්‍යානයට සමවදීද? හෙතෙම මනාව ශුද්ධ කරන ලද, වාසස්ථානයකට පිවිසි බඹරෙකු මෙන්ද, සුපිරිසිදු උයනකට පිවිසි රජෙකු මෙන්ද, මුළු දිවා කාලයම සමාපත්තිය තුළම වෙයි. එහෙයින් පෞරාණිකයෝ කීහු:-
“කාමෙසු ඡන්දං පටිඝං විනොදයෙ, උද්ධච්චථීනං විචිකිච්ඡපඤ්චමං; විවෙකපාමොජ්ජකරෙන චෙතසා, රාජාව සුද්ධන්තගතො තහිං රමෙ”ති .
කාමෙසු ඡන්දං පටිඝං විනොදයෙ, උද්ධච්ච ථීනං විචිකිච්ඡ පඤ්චමං, විවෙක පාමොජ්ජ කරෙන චෙතසා, රාජාව සුද්ධන්ත ගතො තහිං රමෙ’ති
කාමයන්හි කැමැත්තද, ක්‍රෝධයද, නොසන්සුන් බවද, සිතෙහි ගිලන් බවද, පස්වන සැකයද දුරුකරන්නේය. ව්වේකය හා ප්‍රමෝදය ගෙන එන සිතින් යුක්තව පිරිසිදු ස්ථානයකට ගිය රජෙකු මෙන් එහි ඇලනේනේය.
තස්මා “චිරට්ඨිතිකාමෙන පාරිපන්ථිකධම්මෙ සොධෙත්වා ඣානං සමාපජ්ජිතබ්බ”න්ති වුත්තත්තා තං විධිං සම්පාදෙත්වා සමාධිස්ස චිරට්ඨිතිකරණෙ ඡෙකභාවොති වුත්තං හොති.
එහෙයින්, ධ්‍යානයෙහි චිරස්ථිතිය කැමැත්තහු විසින්, උවදුරු ධර්මයන්, ශුද්ධකොට ධ්‍යානයට සමවැදිය යුතුයයි කියන ලද හෙයින්, ඒ ක්‍රම සම්පාදනය කොට සමාධියගේ චිරස්ථිතිකරණයෙහි දක්ෂ බවයැයි යූ.සේයි.
සමාධිස්ස වුට්ඨානකුසලතාති සන්තතිවසෙන යථාරුචි පවත්තස්ස සමාධිස්ස යථාපරිච්ඡින්නකාලෙයෙව වුට්ඨානෙන සමාධිස්ස වුට්ඨානෙ ඡෙකභාවො. “යස්ස හි ධම්මං පුරිසො විජඤ්ඤා”තිආදීසු (ජා· 1.10.152) විය නිස්සක්කත්ථෙ වා සාමිවචනං කතන්ති වෙදිතබ්බන්ති. එතෙන වුට්ඨානවසිතා වුත්තා හොති.
සමාධිස්ස වුට්ඨාන කුසලතා යනු නොකඩවා පැවැත්වීම් වශයෙන් කැමති පරිදි පැවති සමාධියගේ, පිරිසිඳින ලද කාලයට අනුව නැගිටීමෙන් සමාධියගේ නැගිටීමෙහි දක්ෂභාවයයි. ‘යස්මාහි ධම්මං පුරිසො විජඤ්ඤා, යනාදීන්හි මෙන්, පංචමී අර්ථයෙහි ෂෂ්ඨී වචනය කරන ලදැයි දතයුතුය. මෙයින් නැගිටීමේ වසීභාවය යූ.සේයි.
සමාධිස්ස කල්ලතාකුසලතාති අගිලානභාවො අරොගභාවො කල්ලතා. ගිලානො හි අකල්ලකොති වුච්චති. විනයෙපි වුත්තං “නාහං, භන්තෙ, අකල්ලකො”ති (පාරා· 151). අනඞ්ගණසුත්තවත්ථසුත්තෙසු (ම· නි· 1.57 ආදයො, 70 ආදයො) වුත්තානං ඣානපටිලාභපච්චනීකානං පාපකානං ඉච්ඡාවචරානං අභාවෙන ච අභිජ්ඣාදීනං චිත්තස්ස උපක්කිලෙසානං විගමෙන ච සමාධිස්ස අගිලානභාවකරණෙ ඡෙකභාවො සමාධිස්ස කල්ලතාකුසලතා, කිලෙසගෙලඤ්ඤරහිතභාවෙ කුසලතාති වුත්තං හොති. අථ වා කල්ලතාති කම්මඤ්ඤතා කම්මඤ්ඤතාපරියායත්තා කල්ලවචනස්ස. “යා චිත්තස්ස අකල්ලතා අකම්මඤ්ඤතා”ති (ධ· ස· 1162) හි වුත්තං “කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්ත”න්ති (දී· නි· 1.298; ම· නි· 2.395; මහාව· 26) ච. එත්ථ කල්ලසද්දො කම්මඤ්ඤත්ථො. තස්මා කසිණානුලොමතො කසිණපටිලොමතො කසිණානුලොමපටිලොමතො ඣානානුලොමතො ඣානපටිලොමතො ඣානානුලොමපටිලොමතො ඣානුක්කන්තිකතො කසිණුක්කන්තිකතො ඣානකසිණුක්කන්තිකතො අඞ්ගසඞ්කන්තිතො ආරම්මණසඞ්කන්තිතො අඞ්ගාරම්මණසඞ්කන්තිතො අඞ්ගවවත්ථානතො ආරම්මණවවත්ථානතොති ඉමෙහි චුද්දසහි ආකාරෙහි, අඞ්ගාරම්මණවවත්ථානතොති ඉමිනා සහ පඤ්චදසහි වා ආකාරෙහි චිත්තපරිදමනෙන සමාධිස්ස කම්මඤ්ඤභාවකරණෙ කුසලභාවොති වුත්තං හොති.
සමාධිස්ස කල්ලතා කුසලතා යනු නොගිලන් බව, නිරෝගි බව කල්ලතායි. ගිලනා ‘අකල්ලකො,යි යූ.සේයි. විනයෙහිද කියන ලදී. ‘ස්වාමීනි, මම ගිලනෙක් නොවෙමි. අනංගන සූත්‍ර, වත්ථ සූත්‍රාදීන්හි කියන ලද, ධ්‍යාන ප්‍රතිලාභයට විරුද්ධ, පාපී ආශාවලින් පිරුණු කෙලෙසුන්ගේ අභාවයෙන්ද, අභිධ්‍යාදී චිත්තොපක්ලේශයන්ගේ පහව යාමෙන්ද, සමාධියගේ නොගිලන් බව හටගන්වන දක්ෂතාවය සමාධියගේ නොගිලන් දක්ෂතාවයයි. කෙලෙස් ගිලන්බව රහිත බව යයි යූ.සේයි. නොහොත් කල්ලතා යනු කර්මණ්යභාවයයි. කල්ල වචනයාගේ කර්මණ්යතාවයට අයත් බැවිනි. ‘යා චිත්තස්ස අකල්ලතා අකම්මඤ්ඤතායි යූ.සේයි. කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණ චිත්තං යන මෙහි කලල ශබ්දය කර්මණ්ය අර්ථයෙහිය. එහෙයින් කසිණ අනුලෝම වශයෙන්, කසිණ ප්‍රතිලෝම වශයෙන්, කසිණ අනුලෝම ප්‍රතිලෝම වශයෙන්, ධ්‍යාන අනුලෝම වශයෙන්, ධ්‍යාන ප්‍රතිලෝම වශයෙන්, ධ්‍යාන අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ධ්‍යාන උගුලුවා දැමීමෙන්, කසිණ උගුලුවා දැමීමෙන්, ධ්‍යාන කසිණ උගුලුවා දැමීමෙන්, අංග ඉක්මවා යාමෙන්, අරමුණු ඉක්මවා යාමෙන් අංග අරමුණු ඉක්මවා යාමෙන්, අංග විභාග කිරීමෙන් අරමුණු විභාග කිරීමෙන් අංග හා අරමුණු විභාග කිරීමෙන් යන තුදුස් ආකාරයන් වන මෙයින් සහ පසළොස් ආකාරයන්ගෙන් සිත දමනයෙන් සමාධියගේ කර්මණ්යභාව කරණයෙහි දක්ෂභාවයයි යූ.සේයි.
සමාධිස්ස ගොචරකුසලතාති සමාධිස්ස ගොචරෙසු කසිණාදීසු ආරම්මණෙසු තං තං ඣානං සමාපජ්ජිතුකාමතාය යථාරුචි ආවජ්ජනකරණවසෙන තෙසු ආරම්මණෙසු ඡෙකභාවො. එතෙන කසිණාවජ්ජනවසෙන ආවජ්ජනවසිතා වුත්තා හොති. අථ වා තස්මිං තස්මිං දිසාභාගෙ කසිණඵරණවසෙන එවං ඵුට්ඨස්ස කසිණස්ස චිරට්ඨානවසෙන ච සමාධිස්ස ගොචරෙසු ඡෙකභාවො.
සමාධිස්ස ගොචර කුසලතා යනු සමාධියට ගෝචර වූ (අරමුණු වූ) කසිණාදී අරමුණුවල ඒ ඒ ධ්‍යානයට සමවදිනු කැමැත්තෙන් කැමති පරිදි ආවර්ජනය කිරීම් වශයෙන් ඒ අරමුණුවල දක්ෂභාවයයි. මෙයින් කසිණාවර්ජන වශයෙන් ආවර්ජන වසීභාවය යූ.සේයි. නොහොත් ඒ ඒ දිසාභාගයන්හි කසිණ පැතිරවීම් වශයෙන් මෙසේ ස්පර්ශ කරන ලද කසිණයාගේ කල් පැවතීම් වශයෙන් සමාධියගේ ගොදුරුවල දක්ෂභාවයයි.
සමාධිස්ස අභිනීහාරකුසලතාති එකත්තනයෙන හෙට්ඨාහෙට්ඨාසමාධිං උපරූපරිසමාධිභාවූපනයනෙන අභිනීහරණෙ අභිනින්නාමනෙ ඡෙකභාවො. උපචාරජ්ඣානඤ්හි වසිප්පත්තං පඨමජ්ඣානත්ථාය විපස්සනත්ථාය වා අභිනීහරති, එවං පඨමජ්ඣානාදීනි දුතියජ්ඣානාදිඅත්ථාය විපස්සනත්ථාය වා, චතුත්ථජ්ඣානං අරූපසමාපත්තත්ථාය අභිඤ්ඤත්ථාය විපස්සනත්ථාය වා, ආකාසානඤ්චායතනාදයො විඤ්ඤාණඤ්චායතනාදිඅත්ථාය විපස්සනත්ථාය වා අභිනීහරතීති එවං සමාධිස්ස තත්ථ තත්ථ අභිනීහාරකුසලතා. යස්මා පන කුසලතා නාම පඤ්ඤා, සා සමාධි න හොති, තස්මා සමාධිපරිණායකපඤ්ඤාවසෙන සත්තවිධො සමාධි වුත්තොති වෙදිතබ්බො.
සමාධිස්ස අභිනීහාර කුසලතා යනු එකත්වයෙන් යට යට සමාධි මතු මතු සමාධි භාවයන් සමීපයට ගෙන ඒමෙන්, ඉදිරියට ගෙනඒමෙහි ඉදිරියට නැමීමෙහි දක්ෂභාවයයි. වසීප්‍රාප්ත උපචාර ධ්‍යානය වනාහි, ප්‍රථම ධ්‍යානය සඳහාද, විදර්ශනාව සඳහාද ඉදිරියට ගෙනයයි. මෙසේ ප්‍රථමධ්‍යානාදීන්, ද්වීතිය ධ්‍යානයන් සඳහාද, විදර්ශනාව සඳහාද වේ. චතුර්ථ ධ්‍යානය අරූප සමාපත්ති සඳහාද, අභිඤ්ඤාව සඳහාද විදර්ශනාව සඳහාද වේ. ආකාසානඤ්චායතනාදීහු, විඤ්ඤාණඤ්චායතනාදීන් සඳහාද, විදර්ශනාව සඳහාද ඉදිරියට ගෙන එති. මෙසේ සමාධියගේ ඒ ඒ ඉදිරියට ගෙනයාම් කුසලතාවයක් වේද? එම කුසලතාව නම් ප්රඥාවයි. ඕ සමාධි නම් නොවන්නීය. එහෙයින් ඒ සමාධිය අධිපතිත්වයෙන් වූ, විශේෂ දැනීම් වශයෙන් සත්වැදෑරුම් සමාධිය යූ.සේයි.
කෙචි පන ආචරියා “සමාධිකුසලතාති යෙන මනසිකාරෙන චිත්තං න වික්ඛිපති, තත්ථ කුසලතා. සමාපත්තිකුසලතාති යෙන මනසිකාරෙන සමාපජ්ජන්තස්ස ඣානඞ්ගානි පාතුභවන්ති, තත්ථ කුසලතා. ඨිතිකුසලතාති යෙන මනසිකාරෙන අප්පිතො සමාධි න වික්ඛිපති, තත්ථ කුසලතා. වුට්ඨානකුසලතාති නීවරණවුට්ඨානං ජානාති පඨමජ්ඣානෙ, අඞ්ගවුට්ඨානං ජානාති තීසු ඣානෙසු, ආරම්මණවුට්ඨානං ජානාති අරූපසමාපත්තීසු, වික්ඛෙපවුට්ඨානං ජානාති විසයාධිමත්තෙසු, සච්ඡන්දවුට්ඨානං ජානාති පරියන්තකාලෙ ච අවසානකරණීයකාලෙ ච. කල්ලතාකුසලතාති චිත්තඵාසුතාය සරීරඵාසුතාය ආහාරඵාසුතාය සෙනාසනඵාසුතාය පුග්ගලඵාසුතාය ච සමාධිස්ස කල්ලතා හොතීති ජානාති. ගොචරකුසලතාති ආරම්මණස්ස පරිච්ඡෙදං කාතුං ජානාති, දිසාඵරණං කාතුං ජානාති, වඩ්ඪෙතුං ජානාති. අභිනීහාරකුසලතාති තත්ථ තත්ථ සම්මා මනසිකාරෙන චිත්තං අභිනීහරති අභිනින්නාමෙති, උපචාරෙ වසිප්පත්තෙ පඨමජ්ඣානෙ අභිනීහරති, එවං උපරූපරිඣානෙසු අභිඤ්ඤාසු අරූපසමාපත්තීසු විපස්සනාසු ච අභිනීහරති. එවං තත්ථ තත්ථ අභිනීහාරකුසලතා”ති එවමෙතෙසං පදානං අත්ථං වණ්ණයන්ති.
සමහර ආචාර්යවරු සමාධි කුසලතා යනු යම් මනසිකාරයකින් සිත වික්ෂිප්ත නොවේද? එහි දක්ෂතාවයැයි යෙති. සමාපත්ති කුසලතා යනු යම් මනසිකාරයකින් සමවදින්නහුට ධ්‍යානාංග පහළවේද? එහි දක්ෂතාවයි. ඨිති කුසලතා යම් මනසිකාරයකින් ඇතුළට වැදුණු සමාධිය නොවිසිරේද, එහි දක්ෂතාවයි. වුට්ඨාන කුසලතා යනු ප්‍රථමධ්‍යානයෙහි නීවරණයන්ගෙන් නැගිටීම දනියි. ත්‍රිවිධ ධ්‍යානයන්හි අංගයන්ගෙන් නැගිටීම දනියි. අරූප සමාපත්තීන්හි අරමුණුවලින් නැගිටීම දනියි. අධිමාත්‍ර විෂයයන්හි විසිරීම් නැගිටීම් දනියි. අවසන් කාලයෙහි, අවසන් කළයුතු කාලයෙහිද, තම කැමැත්තෙන් නැගිටීම දනියි. කල්ලකුසලතා යනු සිතෙහි පහසුබවද, පුද්ගල පහසු බවද, සමාධියට කර්මණ්ය වේයයි දනී. ගොචර කුසලතා යනු අරමුණෙහි පිරිසිඳීම කරන්ට, දිසාවන්හි පැතිරීම් කරන්ට, වඩන්ට දනී. අභිනීහාර කුසලතා යනු ඒ ඒ තන්හි මනාව මෙනෙහි කිරීමෙන් සිත ඉදිරියට ගෙන ඒ. ඉදිරියට නමයි. උපචාරයෙහි වසීප්‍රාප්ත කල්හි ප්‍රථමධ්‍යානයෙහි ඉදිරියට ගෙන එයි. මෙසේ මතු මතු ධ්‍යාන අභිඤ්ඤාවන්හිද, අරූප සමාපත්තීන්හිද, විදර්ශනා සුවය ඉදිරියට ගෙන එයි. මෙසේ ඒ ඒ හන්හි අභිනීහාර කුසලතාවයි මෙසේ ඒ පදයන්ගේ අර්ථ වර්ණනා කරති.
අට්ඨකං වුත්තත්ථමෙව. නවකෙ රූපාවචරොති “කතමෙ ධම්මා රූපාවචරා? හෙට්ඨතො බ්රහ්මපාරිසජ්ජං පරියන්තං කරිත්වා උපරිතො අකනිට්ඨෙ දෙවෙ අන්තොකරිත්වා”තිආදිනා (ධ· ස· 1289) නයෙන වුත්තෙසු රූපාවචරධම්මෙසු පරියාපන්නො. තත්රායං වචනත්ථො – රූපක්ඛන්ධසඞ්ඛාතං රූපං එත්ථ අවචරති, න කාමොති රූපාවචරො. රූපක්ඛන්ධොපි හි රූපන්ති වුච්චති “රූපක්ඛන්ධො රූප”න්තිආදීසු (යම· 1.ඛන්ධයමක.2) විය. සො පන බ්රහ්මපාරිසජ්ජබ්රහ්මපුරොහිතමහාබ්රහ්මානං පරිත්තාභඅප්පමාණාභආභස්සරානං පරිත්තසුභඅප්පමාණසුභසුභකිණ්හානං අසඤ්ඤසත්තවෙහප්ඵලානං අවිහාතප්පසුදස්සසුදස්සීඅකනිට්ඨානඤ්ච වසෙන සොළසවිධො පදෙසො. සො රූපාවචරසඞ්ඛාතො පදෙසො උත්තරපදලොපං කත්වා “රූප”න්ති වුච්චති, තස්මිං රූපෙ අවචරතීති රූපාවචරො. රූපභවො වා රූපං, තස්මිං අවචරතීති රූපාවචරං. කිඤ්චාපි හි එසො සමාධි කාමභවෙපි අවචරති, යථා පන සඞ්ගාමෙ අවචරණතො සඞ්ගාමාවචරොති ලද්ධනාමො නාගො නගරෙ චරන්තොපි සඞ්ගාමාවචරොති වුච්චති, ථලචරා ජලචරා ච පාණිනො අථලෙ අජලෙ ච ඨිතාපි ථලචරා ජලචරාති වුච්චන්ති, එවමයං අඤ්ඤත්ථ අවචරන්තොපි රූපාවචරොති වුත්තො. අපිච රූපභවසඞ්ඛාතෙ රූපෙ පටිසන්ධිං අවචාරෙතීතිපි රූපාවචරො. හීනොති ලාමකො. හීනුත්තමානං මජ්ඣෙ භවො මජ්ඣො. මජ්ඣිමොතිපි පාඨො, සොයෙවත්ථො. පධානභාවං නීතො පණීතො, උත්තමොති අත්ථො. එතෙ පන ආයූහනවසෙන වෙදිතබ්බා. යස්ස හි ආයූහනක්ඛණෙ ඡන්දො වා හීනො හොති වීරියං වා චිත්තං වා වීමංසා වා, සො හීනො නාම. යස්ස තෙ ධම්මා මජ්ඣිමා, සො මජ්ඣිමො. යස්ස පණීතා, සො පණීතො. උප්පාදිතමත්තො වා හීනො, නාතිසුභාවිතො මජ්ඣිමො, අතිසුභාවිතො වසිප්පත්තො පණීතො. අරූපාවචරො රූපාවචරෙ වුත්තනයානුසාරෙන වෙදිතබ්බො.
අෂ්ඨකය කියන ලද අර්ථයමය. නවකයෙහි : රූපාවචරො යනු කවර ධර්ම රූපාවචරද යටින් බ්‍රහ්ම පාරිසද්යය කෙළවරකොට, මත්තෙහි අකනිටා ඇතුළත්කොට යන ක්‍රමයෙන් කියන ලද, රූපාවචර ධර්මයන්හි ඇතුළත් කොටස්ය. එහි මේ වචනාර්ථයි. රූපස්කන්ධ සංඛ්‍යාත රූපය මෙහි හැසිරෙයි. කාමලෝකය නොවේනුයි රූපාවචරයි. රූපස්කන්ධයද රූපයයි යූ.සේයි. ‘රූපක්ඛන්ධො රූපං’ ආදීන්හි මෙනි. එය වනාහි, බ්‍රහ්ම පාරිසද්‍ය, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම, පරිත්තාභ අප්පමාණාභ ආභස්සර, පරිත්තසුභ, අප්පමාණ සුභ, සුභකිණ්හ, අසඤ්ඤසත්ත, වෙහප්ඵල, අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ඨ වශයෙන් සොළොස් ආකාර ප්රදේශයි. එය රූපාවචර සංඛ්‍යාත ප්රදේශයි. මතු පදය ලොප්කොට රූපයයි කියයි. එම රූපයෙහි හැසිරේනුයි රූපාවචරයි. රූප භවය හෝ වෙයි. රූපය එහි හැසිරේනුයි රූපාවචරයි. කිසිසේත් ඒ සමාධිය කාමභවයෙහිද හැසිරෙයි. යම්සේ වනාහි යුද්ධයෙහි හැසිරෙන හෙයින් සංගාමාවචරයයි ලද නම් ඇති හස්තියා නගරයෙහි හැසිරෙනුයේද සංගාමාවචරයැයි කියයිද? ගොඩ හැසිරෙන, දියෙහි හැසිරෙන ප්‍රාණීහු, ගොඩනුවූ, ජලනුවූ ස්ථානයන්හි සිටියාහු නමුත් ගොඩ හැසිරෙන, දියෙහි හැසිරෙන යයි කියත්ද? එසේම මෙය අන් තන්හි හැසිරෙන්නේද, රූපාවචරයයි කියන ලද්දේය. තවද රූප භව සංඛ්‍යාත රූපයෙහි ප්රතිසන්ධිය හසුරවයිනුයි රූපාවචරයි. හීනො යනු ලාමකයි. ලාමක උතුම් යන ස්වභාවයන්ගේ මධ්‍යයෙහි වූයේ මජ්ඣොයි මධ්‍යමයි යනුද පාඨයි. එම අර්ථයමය. ප්‍රධාන භාවයට පමුණුවන ලද්දේ පණීතොයි උතුම්ය යන අර්ථයි. ඔවුහු වනාහි රැස්කිරීම් වශයෙන් දතයුත්තාහ. යමෙකුට වනාහි රැස්කරන අවස්ථාවෙහි, ඡන්දය හෝ වීර්යය හෝ චිත්තය හෝ වීමංසාව හෝ හීන වේද? එය හීන නම් වේ. යමෙකුට ඒ ධර්ම මධ්‍යමද, ඒ මධ්‍යමයි. යමෙකුට ප්‍රණීතද ඒ ප්‍රණීතයි. උපදවන ලද මාත්‍රයම හීනය. අතිශයින් මනාව නොවඩනා ලද්දේ මධ්‍යමයි. අතිශයින් මනාව වඩනා ලද්දේ වසීප්‍රාප්ත වූයේ ප්‍රණීතයි. අරූපාවචරො රූපාවචරයෙහි කියන ලද ක්‍රම අනුසාරයෙන්ද දතයුතුය.
සුඤ්ඤතො සමාධීතිආදීසු “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා දුක්ඛා අනත්තා”ති විපස්සනාපටිපාටියා විපස්සන්තස්ස අනත්තානුපස්සනාය මග්ගවුට්ඨානෙ ජාතෙ යස්මා සා විපස්සනා අත්තවිරහිතෙසු සඞ්ඛාරෙසු සුඤ්ඤතො පවත්තා, තස්මා සුඤ්ඤතා නාම හොති. තාය සිද්ධො අරියමග්ගසමාධි සුඤ්ඤතො සමාධි නාම හොති, සුඤ්ඤතවසෙන පවත්තසමාධීති අත්ථො. විපස්සනාය පවත්තාකාරෙන හි සො පවත්තති. අනිච්චානුපස්සනාය මග්ගවුට්ඨානෙ ජාතෙ යස්මා සා විපස්සනා නිච්චනිමිත්තපටිපක්ඛවසෙන පවත්තා, තස්මා අනිමිත්තා නාම හොති. තාය සිද්ධො අරියමග්ගසමාධි අනිමිත්තො සමාධි නාම හොති, නිච්චනිමිත්තවිරහිතො සමාධීති අත්ථො. විපස්සනාය පවත්තාකාරෙන හි සො පවත්තති. දුක්ඛානුපස්සනාය මග්ගවුට්ඨානෙ ජාතෙ යස්මා සා විපස්සනා පණිධිපටිපක්ඛවසෙන පවත්තා, තස්මා අප්පණිහිතා නාම හොති. තාය සිද්ධො අරියමග්ගසමාධි අප්පණිහිතො සමාධි නාම හොති, පණිධිවිරහිතො සමාධීති අත්ථො. විපස්සනාය පවත්තාකාරෙන හි සො පවත්තති. තාදිසා එව තයො ඵලසමාධයොපි එතෙහියෙව තීහි සමාධීහි ගහිතා හොන්තීති වෙදිතබ්බා. ලොකුත්තරසමාධීනං පන පණීතත්තා හීනාදිභෙදො න උද්ධටො.
සුඤ්ඤතො සමාධි යන ආදීන්හි සියලු සංස්කාර, අනිත්‍යය, දුක්ඛය, අනාත්මයැයි පිළිවෙළින් විදර්ශනා කරන්නහුට අනත්තානුපස්සනාවෙන් මාර්ගයෙන් නැගිටීම හටගත් කල්හි ඒ විදර්ශනා තොමෝ ආත්ම විරහිත සංස්කාරයන්හි ශුන්‍ය වශයෙන් පවත්නා ලද්දීද? එහෙයින් ශූන්‍යතා නාමය වෙයි. එයින් සිද්ධ ආර්යමාර්ගය සමාධිය සුඤ්ඤතො සමාධි නම් වේ. ශුන්‍යතා වශයෙන් පවත්වන ලද සමාධිය යයි අර්ථයි. විදර්ශනාව පැවති ආකාරයෙන්ම එය පවතී. අනිත්යානුපස්සනාවෙන් මාර්ගයෙන් නැගිටීම හටගත් කල්හි යම් හෙයකින් ඒ විදර්ශනාව නිත්‍ය නිමිත්තට විරුද්ධ වශයෙන් පැවතීද? එහෙයින් අනිමිත්තා නම් වන්නේය. ඉන් සිද්ධ ආර්ය මාර්ග සමාධිය අනිමිත්තො සමාධි නම් වේ. නිත්‍ය නිමිත්තෙන් විරහිත සමාධිය යන අර්ථයි. විදර්ශනාවෙහි පැවැති ආකාරයෙන්ම එය පවතියි. දුක්ඛානුපස්සනාවෙන් මාර්ගයෙන් නැගිටීම හටගත් කල්හි යම්හෙයකින් ඒ විදර්ශනා ප්‍රාර්ථනා ප්රතිපක්ෂ වශයෙන් පැවැත්තීද? ප්රාර්ථනාවන්හි (ආශාවන්හි) නොපිහිටි නම් වන්නේය. එයින් සිද්ධ ආර්ය මාර්ග සමාධිය. අප්පණිහිතො සමාධි නම් වේ. ප්‍රාර්ථනා විරහිත සමාධියයි අර්ථයි. විදර්ශනාවෙහි පැවැති ආකාරයෙන්ම එය පවතී. එබඳු වූම ඵල සමාධිත්රයද, එම සමාධිත්රයෙහිම ඇතුළත් කරන ලදැයි දතයුත්තාහ. ලෝකෝත්තර සමාධි වනාහි ප්‍රණීත බැවින් හීනතාදි භේදයක් උදුරා නොදැක්විය.
දසකෙ උද්ධුමාතකසඤ්ඤාවසෙනාතිආදීසු භස්තා විය වායුනා උද්ධං ජීවිතපරියාදානා යථානුක්කමං සමුග්ගතෙන සූනභාවෙන උද්ධුමාතත්තා උද්ධුමාතං, උද්ධුමාතමෙව උද්ධුමාතකං, පටිකූලත්තා වා කුච්ඡිතං උද්ධුමාතන්ති උද්ධුමාතකං. තථාරූපස්ස ඡවසරීරස්සෙතං අධිවචනං. විනීලං වුච්චති විපරිභින්නවණ්ණං, විනීලමෙව විනීලකං, පටිකූලත්තා වා කුච්ඡිතං විනීලන්ති විනීලකං. මංසුස්සදට්ඨානෙසු රත්තවණ්ණස්ස, පුබ්බසන්නිචයට්ඨානෙසු සෙතවණ්ණස්ස, යෙභුය්යෙන ච නීලවණ්ණස්ස නීලට්ඨානෙ නීලසාටකපාරුතස්සෙව ඡවසරීරස්සෙතං අධිවචනං. පරිභින්නට්ඨානෙසු විස්සන්දමානපුබ්බං විපුබ්බං, විපුබ්බමෙව විපුබ්බකං, පටිකූලත්තා වා කුච්ඡිතං විපුබ්බන්ති විපුබ්බකං. තථාරූපස්ස ඡවසරීරස්සෙතං අධිවචනං. විච්ඡිද්දං වුච්චති ද්විධා ඡින්දනෙන අපධාරිතං, විච්ඡිද්දමෙව විච්ඡිද්දකං, පටිකූලත්තා වා කුච්ඡිතං විච්ඡිද්දන්ති විච්ඡිද්දකං. වෙමජ්ඣෙ ඡින්නස්ස ඡවසරීරස්සෙතං අධිවචනං. ඉතො ච එත්තො ච විවිධාකාරෙන සොණසිඞ්ගාලාදීහි ඛායිතන්ති වික්ඛායිතං, විඛායිතන්ති වත්තබ්බෙ වික්ඛායිතන්ති වුත්තං. වික්ඛායිතමෙව වික්ඛායිතකං, පටිකූලත්තා වා කුච්ඡිතං වික්ඛායිතන්ති වික්ඛායිතකං. තථාරූපස්ස ඡවසරීරස්සෙතං අධිවචනං. විවිධං ඛිත්තං වික්ඛිත්තං, වික්ඛිත්තමෙව වික්ඛිත්තකං, පටිකූලත්තා වා කුච්ඡිතං වික්ඛිත්තන්ති වික්ඛිත්තකං. අඤ්ඤෙන හත්ථං අඤ්ඤෙන පාදං අඤ්ඤෙන සීසන්ති එවං තතො තතො ඛිත්තස්ස ඡවසරීරස්සෙතං අධිවචනං. හතඤ්ච තං පුරිමනයෙනෙව වික්ඛිත්තකඤ්චාති හතවික්ඛිත්තකං. කාකපදාකාරෙන අඞ්ගපච්චඞ්ගෙසු සත්ථෙන හනිත්වා වුත්තනයෙන වික්ඛිත්තස්ස ඡවසරීරස්සෙතං අධිවචනං. ලොහිතං කිරති වික්ඛිපති ඉතො චිතො ච පග්ඝරතීති ලොහිතකං. පග්ඝරිතලොහිතමක්ඛිතස්ස ඡවසරීරස්සෙතං අධිවචනං. පුළවා වුච්චන්ති කිමයො, පුළවෙ කිරතීති පුළවකං. කිමිපරිපුණ්ණස්ස ඡවසරීරස්සෙතං අධිවචනං. අට්ඨියෙව අට්ඨිකං, පටිකූලත්තා වා කුච්ඡිතං අට්ඨීති අට්ඨිකං. අට්ඨිසඞ්ඛලිකායපි එකට්ඨිකස්සපි එතං අධිවචනං. ඉමානි ච පන උද්ධුමාතකාදීනි නිස්සාය උප්පන්නනිමිත්තානම්පි නිමිත්තෙසු පටිලද්ධජ්ඣානානම්පි එතානෙව නාමානි. ඉධ පන උද්ධුමාතකනිමිත්තෙ පටිකූලාකාරගාහිකා අප්පනාවසෙන උප්පන්නා සඤ්ඤා උද්ධුමාතකසඤ්ඤා, තස්සා උද්ධුමාතකසඤ්ඤාය වසෙන උද්ධුමාතකසඤ්ඤාවසෙන. සෙසෙසුපි එසෙව නයො. පඤ්චපඤ්ඤාස සමාධීති එකකාදිවසෙන වුත්තා.
දසකයෙහි, උද්ධුමාතක සඤ්ඤාවසෙන යනු ජීවිතය විනාශවීමෙන් මත්තෙහි, වායුවෙන් පිරුණු මයිනහමක් මෙන් අනුක්රමයෙන් හටගත් ඉදිමුණු ස්වභාවයෙන් ඉදිමුණු හෙයින් උද්ධුමාතංයි. ඉදිමුණේම උද්ධුමාතකංයි. පිළිකුල් බැවින් හෝ පිළිකුල් ඉදිමීමනුයි උද්ධුමාතකංයි. එබඳු වූ මළ(මිනී) සිරුරට එය විශේෂ නාමයකි. මනාව බිඳීගිය වර්ණය විනීලයයි කියයි. විනීලයම විනීලකංයි. මස් බහුල ස්ථානයන්හි රත් වර්ණයාගේද, සැරව රැස්වූ ස්ථානයන්හි ශ්වේත වර්ණයාගේද බොහෝ සෙයින් නිල් තන්හි, නිල් සාටකයක් පෙරවූවා වැනි නිල්වන් මළ (මිනී) සිරුරට එය විශේෂ නාමයකි. බිඳීගිය ස්ථානයන්හි ගලායන සැරව විපුබ්බං නම් වේ. විපුබ්බයම විපුබ්බකංයි. පිළිකුල් හෙයින් පිළිකුල් සැරවනුයි විපුබ්බකංයි. එබඳු වූ මළ (මිනී) සිරුරට එය විශේෂ නාමයකි. දෙකට කැපීමෙන් අත්හළ සිරුර (යුද්ධාදියෙහිදී) විච්ඡිද්දයයි කියනු ලැබේ. විච්ඡිද්දයම විච්ඡිද්දකංයි. පිළිකුල් හෙයින් පිළිකුල් කැපුම් තුවාල සහිතනුයි විච්ඡිද්දකයි. මැදින් කපා දැමූ මළ(මිනී) සිරුරට එය විශේෂ නාමයකි. එහෙන් මෙහෙන් විවිධාකාරයෙන් බලු හිවලුන් විසින් කන ලද්දේනුයි වික්ඛායිතංයි. විඛායිතං කිවයුතු වුවත් වික්ඛායිතයි යූ.සේයි. තැනින් තැන කාදමන ලද්දේම වික්ඛායිතකංයි පිළිකුල් හෙයින් පිළිකුල් තැනින් තැන කඩා කන ලද්දේනුයි වික්ඛායිතකංයි. එබඳු වූ මළ (මිනී) සිරුරට එය නාමයකි. තැනින් තැන විසිරෙන ලද්දේ වික්ඛිත්තංයි. විසිරෙන ලද්දේම වික්ඛිත්තකයි. පිළිකුල් බැවින් හෝ පිළිකුල්, තැනින් තැන කාදමන ලද්ද වික්ඛිත්තකංයි. අත්, පා, හිස, ආදී ශරීරාවයව තැනින් තැන විසුරුවා දමන ලද, මළ (මිනී) සිරුරට එය විශේෂ නාමයකි. පහරදී (තුවාලකොට) පළමු පරිද්දෙන්ම විසුරුවන ලද්දේනුයි හත වික්ඛිත්තකයි. අඟපසඟ කපුටුපාද ආකාර ආයුධයකින් තුවාලකොට කියන ලද අයුරින් විසුරුවන ලද මළ(මිනී) සිරුරට මෙය විශේෂ නාමයකි. ලේ විසුරුවයි. විසුරුවා දමයි. ඔබිනොබ වැගිරේනුයි ලොහිතකයි. වැගිරුණු ලේ තැවරුණු මළ (මිනී) සිරුරට එය විශේෂ නාමයකි. කෘමීහු පුලවා යයි කියති. පණුවන් විසුරවයිනුයි පුලවකයි. කෘමීන්ගෙන් පිරුණු මළ(මිනී) සිරුරට මෙය විශේෂ නාමයකි. අස්ථීහු නුයි අට්ඨිකංයි. පිළිකුල් හෙයින් හෝ පිළිකුල් අස්ථිහුනුයි අට්ඨිකංයි. ඇටසැකිල්ලටද එක ඇටයකටද එය විශේෂ නාමයකි. මේ උද්ධුමාතකාදීන් ඇසිරිකොට උපන් නිමිතීන්ටද, නිමිති ආශ්රයෙන් හටගත් ධ්‍යානයන්ටද එම නාමයෝම වෙති. මෙම උද්ධුමාතක නිමිත්තෙහි ප්රතික්කූලාකාර ග්රාහක අර්පණා වශයෙන් උපන් සංඥාව උද්ධුමාතක සංඥාවයි. ඒ උද්ධුමාතක සංඥාවගේ වශයෙන් උද්ධුමාතක සඤ්ඤා වසෙන සෙස්සෙහිද එම ක්‍රමයමැයි. පඤ්ච පඤ්ඤාස සමාධි යනු ඒකකාදි වශයෙන් කියන ලද පස් පනස් සමාධීහුය.
එවං එකකාදිවසෙන සමාධිප්පභෙදං දස්සෙත්වා ඉදානි අඤ්ඤෙනපි පරියායෙන සමාධිං දස්සෙතුකාමො අපිචාති අඤ්ඤං පරියායාරම්භං දස්සෙත්වා පඤ්චවීසතීතිආදිමාහ. තත්ථ සමාධිස්ස සමාධිට්ඨාති සමාධිස්ස සමාධිභාවෙ සභාවා, යෙහි සභාවෙහි සො සමාධි හොති, තෙ තස්මිං අත්ථා නාම. පරිග්ගහට්ඨෙන සමාධීති සද්ධාදීහි ඉන්ද්රියෙහි පරිග්ගහිතත්තා තස්මා පරිග්ගහිතසභාවෙන සමාධි. තානෙව ච ඉන්ද්රියානි අඤ්ඤමඤ්ඤපරිවාරානි හොන්ති, භාවනාපාරිපූරියා පරිපුණ්ණානි ච හොන්ති. තස්මා පරිවාරට්ඨෙන පරිපූරට්ඨෙන සමාධි. තෙසංයෙව සමාධිවසෙන එකාරම්මණමපෙක්ඛිත්වා එකග්ගට්ඨෙන, නානාරම්මණවික්ඛෙපාභාවමපෙක්ඛිත්වා අවික්ඛෙපට්ඨෙන, ලොකුත්තරස්සෙව මහතා වීරියබලපග්ගහෙන පත්තබ්බත්තා ලොකුත්තරමග්ගස්සෙව ච පරිහානිවසෙන විසාරාභාවතො හෙට්ඨා ගහිතපග්ගහට්ඨඅවිසාරට්ඨා ඉධ න ගහිතාති වෙදිතබ්බා. කිලෙසකාලුස්සියස්සාභාවෙන අනාවිලට්ඨෙන සමාධි. අවිකම්පත්තා අනිඤ්ජනට්ඨෙන සමාධි. වික්ඛම්භනවසෙන සමුච්ඡෙදවසෙන වා කිලෙසෙහි විමුත්තත්තා ආරම්මණෙ ච අධිමුත්තත්තා විමුත්තට්ඨෙන සමාධි.
මෙසේ ඒකකාදි වශයෙන් සමාධි ප්‍රභේද දක්වා, අනෙක් ක්‍රමයකින්ද සමාධිය දක්වනු කැමැත්තේ, ‘අපිච’ යනුවෙන් අනෙක් ක්රමයක ආරම්භය දක්වා, පඤ්චවීසති ආදිය වදාළහ. එහි සමාධිස්ස සමාධිට්ඨා යනු සමාධියගේ සමාධි භාවයෙහි ස්වභාවයයි. යම් ස්වභාවයන්ගෙන් ඒ සමාධිය වේද? ඒවා එහි සිටියාහු නම් වේ. පරිග්ගහට්ඨෙන සමාධි යනු ශ්‍රද්ධාදී ඉන්ද්රියයන්ගෙන් අල්ලාගත් බැවින් එහෙයින් අල්ලාගත් ස්වභාවයෙන් සමාධියයි එම ඉන්ද්රියයෝම ඔවුනොවුන්ට පිරිවර වෙති. භාවනාවගේ සම්පූර්ණත්වය සඳහා සම්පූර්ණ වූවාහුද වෙති. එහෙයින්, පරිවාරට්ඨෙන පරිපූරට්ඨෙන සමාධි නම් වේ. එම සමාධීන්ගේම වශයෙන් එක් අරමුණක් අපේක්ෂාකොට, ඒකාග්රාර්ථයෙන්, නොයෙක් අරමුණුවල වික්ෂෙප අභාවය අපේක්ෂාකොට අවික්ෂේපාර්ථයෙන්, ලෝකෝත්තර තත්වයටම මහත් වීර්ය බලයෙන් අල්ලා ගැනීමෙන් පැමිණිය යුතු හෙයින්, ලෝකෝත්තර මාර්ගයාගේම පිරිහීම් වශයෙන් විසාරදත්වයේ අභාවය හෙයින් යට ගන්නා ලද, අල්ලා ගැනීම්, නොවිසිරීම් අර්ථ මෙහි නොගන්නා ලදැයි දතයුත්තාහ. කෙලෙස් කාලවර්ණයාගේ අභාවයෙන් අනාවිලට්ඨෙන සමාධියි. කම්පා නොවන හෙයින් අනිඤ්ජනට්ඨෙන සමාධියි. තාවකාලික යටපත් කිරීම් වශයෙන් හෝ සම්පූර්ණයෙන් විනාශ කිරීම් වශයෙන් කෙලෙසුන්ගෙන් මිදුණු බැවින්ද, අරමුණෙහි නොමිදුණු බැවින්ද, විමුත්තට්ඨෙන සමාධි නම් වේ.
එකත්තුපට්ඨානවසෙන චිත්තස්ස ඨිතත්තාති සමාධියොගෙනෙව එකාරම්මණෙ භුසං පතිට්ඨානවසෙන චිත්තස්ස ආරම්මණෙ නිච්චලභාවෙන පතිට්ඨිතත්තා. අට්ඨසු යුගලෙසු එසති නෙසති, ආදියති නාදියති, පටිපජ්ජති න පටිපජ්ජතීති ඉමානි තීණි යුගලානි අප්පනාවීථිතො පුබ්බභාගෙ උපචාරස්ස මුදුමජ්ඣාධිමත්තතාවසෙන වුත්තානීති වෙදිතබ්බානි, ඣායති ඣාපෙතීති ඉදං අප්පනාවීථියං උපචාරවසෙන වෙදිතබ්බං. එසිතත්තා නෙසිතත්තා, ආදින්නත්තා අනාදින්නත්තා, පටිපන්නත්තා නප්පටිපන්නත්තා, ඣාතත්තා න ඣාපිතත්තාති ඉමානි චත්තාරි යුගලානි අප්පනාවසෙන වුත්තානීති වෙදිතබ්බානි.
එකත්තුපට්ඨාන වසෙන චිත්තස්ස ඨීතත්තා සමාධි යෝගයෙන්ම එක අරමුණෙහි වහා එකෙණෙහි සිටීම් වශයෙන් චිත්තයාගේ අරමුණෙහි නිශ්චල භාවයෙන් පිහිටි හෙයිනි. අෂ්ට යුගලයන්හි, සොයයි. නොසොයයි. ගනියි. නොගනියි. පිළිපදියි. නොපිළිපදියි යන මෙම ත්‍රිවිධ යුගලයන් අර්පණා වීථියෙන් පූර්ව භාගයෙහි උපචාරයාගේ මෘදු, මධ්‍යම, අධිමාත්රතා වශයෙන් යූ.සේයි. ඣායති. ඣාපෙති යන මෙය අර්පණා වීථියෙහි උපචාර වශයෙන් දතයුතුය. සොයන ලද හෙයින්, නොසොයන ලද හෙයින්, දැවූ හෙයින්, නොදවන ලද හෙයින් යන මේ සිව් යුගලයන් අර්පණා වශයෙන් යූ.සේයි.
තත්ථ සමං එසතීති සමාධීතිආදීසු සමන්ති අප්පනං. සා හි පච්චනීකධම්මෙ සමෙති නාසෙතීති සමා, පච්චනීකවිසමාභාවතො වා සමභූතාති සමා. තං සමං එසති අජ්ඣාසයවසෙන ගවෙසති. ඉතිසද්දො කාරණත්ථො, යස්මා සමං එසති, තස්මා සමාධීති අත්ථො. විසමං නෙසතීති තං තං ඣානපච්චනීකසඞ්ඛාතං විසමං න එසති. මුදුභූතො හි පුබ්බභාගසමාධි ආදිභූතත්තා සමං එසති, විසමං නෙසති නාම. මජ්ඣිමභූතො ථිරභූතත්තා සමං ආදියති, විසමං නාදියති නාම. අධිමත්තභූතො අප්පනාවීථියා ආසන්නභූතත්තා සමං පටිපජ්ජති, විසමං නප්පටිපජ්ජති නාම. සමං ඣායතීති භාවනපුංසකවචනං, සමං හුත්වා ඣායති, සමෙන වා ආකාරෙන ඣායතීති අත්ථො. අප්පනාවීථියඤ්හි සමාධි පච්චනීකධම්මවිගමෙන සන්තත්තා, සන්තාය අප්පනාය අනුකූලභාවෙන ච ඨිතත්තා සමෙනාකාරෙන පවත්තති. ඣායතීති ච පජ්ජලතීති අත්ථො “එතෙ මණ්ඩලමාළෙ දීපා ඣායන්ති (දී· නි· 1.159) සබ්බරත්තිං, සබ්බරත්තියො ච තෙලප්පදීපො ඣායති, තෙලප්පදීපො චෙත්ථ ඣායෙය්යා”තිආදීසු (සං· නි· 4.255-256) විය. සමං ජායතීතිපි පාඨො , සමෙනාකාරෙන උප්පජ්ජතීති අත්ථො. ඣායති ඣාපෙතීති යුගලත්තා පන පුරිමපාඨොව සුන්දරතරො. ඣාපෙතීති ච දහතීති අත්ථො. සො හි සමාධිපච්චනීකධම්මෙ දූරතරකරණෙන දහති නාම. එසනානෙසනාදීනං පන අප්පනාය සිද්ධත්තා “එසිතත්තා නෙසිතත්තා”තිආදීහි අප්පනාසමාධි වුත්තො. සමං ඣාතත්තාති සමං ජලිතත්තා. සමං ජාතත්තාතිපි පාඨො. ඉති ඉමෙසං අට්ඨන්නං යුගලානං වසෙන සොළස, පුරිමා ච නවාති ඉමෙ පඤ්චවීසති සමාධිස්ස සමාධිට්ඨා.
එහි සමං ඵසතීති සමාධි ආදීන්හි සමං යනු අර්පණායි. එය විරුද්ධ ධර්මයන් සමනය කරයි. නසයිනුයි සමායි. විරුද්ධ විෂමතා අභාවයෙන් හටගත්තේනුයි සමා නම් වේ. එය සමව සොයයි. අදහස් වශයෙන් සොයයි. ඉති ශබ්දය කාරණාර්ථයෙහි යෙදේ. සමව සොයයි. එහෙයින් සමාධිය යන අර්ථයි. විසමං නෙසති ඒ ඒ ධ්‍යාන විරුද්ධ යයි කියනු ලබන විසමය නොසොයයි. පූර්භාග සමාධිය මුලදී හටගත් හෙයින් මෘදු වූයේ වෙයි. සමව සොයයි. විසමව නොසොයයි නම් වේ. මධ්‍යම ප්‍රමාණයෙන් හටගත්තේනුයි සමං ආදියතං විසමං තාදියති නම් වේ. අධිමාත්‍ර වූ අර්පණා වීථියට ආසන්න වූ හෙයින් සමං පටිපජ්ජති විසමං නපටිපජ්ජති නම් වේ. සමං ඣායතී යනු භාව නපුංසක වචනයි. සමව ධ්‍යාන වඩයි. සම ආකාරයෙන් ධ්‍යාන වඩයි යන අර්ථයි. අර්පණා වීථියෙහි වනාහි, සමාධියට විරුද්ධ ධර්මයන් පහවීමෙන් ශාන්ත හෙයින් ශාන්ත අර්පණාවට අනුකූලව භාවයෙන්ද සිටි හෙයින් සම ආකාරයෙන් පවත්වයි. ධ්‍යාන කරයි. බබලයි යන අර්ථයි. ඒ මණ්ඩල මාලයෙහි පහන් දැල්වෙයි. මුළු රාත්‍රියෙහි තෙල් පහන දැල්වේ. මෙහි තෙල් පහන දැල්වෙන්නේය ආදීන්හී මෙනි. ‘සමංජායතියිද’ පාඨයි. සම ආකාරයෙන් උපදීයයි අර්ථයි. ඣායති, ඣාපෙති යුගලයක් බැවින් පළමු පාඨයම වඩා සුන්දරය. ඣාපෙති යනු දවයි යන අර්ථයි. එය වනාහි සමාධියට විරුද්ධ ධර්මයන් ඉතා දුරුකරන හෙයින් දවයි නම් වේ. ඒසන අනෙසනයන්හීදි වනාහි අර්පණාවගේ මස්තකප්රාප්තිය වූ හෙයින් එසිතත්තා නෙසිතත්තා ආදීන්හි අර්පණා සමාධියද යූ.සේයි. සමං ඣාතත්තා යනු සමව බැබලුණු හෙයින්, සමව හටගත් හෙයින් යයිද පාඨයි. මෙසේ මේ අට යුගලයන්ගේ වශයෙන් සොළොසක්ද, පළමු නවයදැයි යන මේ පස්විස්ස සමාධියට සමාධි ස්ථායි වේ. සමවූයේද, හිතවත් වූයේද, සුවපත් වූයේද, සමාධිය යැයි යන මෙය වනාහි පස්විසි ආකාරයකින් සමාධියට පත්වූවහුට සමාධියගේ අර්ථසිද්ධිය සඳහා යූ.සේයි.
සමො ච හිතො ච සුඛො චාති සමාධීති ඉදං පන පඤ්චවීසතියා ආකාරෙහි සාධිතස්ස සමාධිස්ස අත්ථසාධනත්ථං වුත්තං. තත්ථ සමොති සමසද්දස්ස, සංසද්දස්ස වා අත්ථො. සො හි පච්චනීකක්ඛොභවිසමවිරහිතත්තා සමො. හිතොති ආධිසද්දස්ස අත්ථො, ආරම්මණෙ ආහිතො නිච්චලභාවකරණෙන පතිට්ඨාපිතොති අධිප්පායො. උභයෙන සමො ච ආහිතො චාති සමාධීති වුත්තං හොති. සුඛොති සන්තට්ඨෙන සුඛො. “යායං, භන්තෙ, අදුක්ඛමසුඛා වෙදනා, සන්තස්මිං එසා පණීතෙ සුඛෙ වුත්තා භගවතා”ති (ම· නි· 2.88) ච “උපෙක්ඛා පන සන්තත්තා, සුඛමිච්චෙව භාසිතා”ති ච වුත්තත්තා තෙන සන්තත්ථෙන සුඛසද්දෙන උපෙක්ඛාසහගතසමාධිපි ගහිතො හොති. අනියාමෙන හි සබ්බසමාධයො ඉධ වුච්චන්ති. තෙන ච සුඛසද්දෙන ආහිතභාවස්ස කාරණං වුත්තං හොති. යස්මා සන්තො, තස්මා එකාරම්මණෙ ආහිතොති අධිප්පායො වෙදිතබ්බොති.
එහි සමො යනු සම ශබ්දයාගේ සංශබ්දයාගේ යන අර්ථයි. එය වනාහි විරුද්ධ ධර්මයන්ගේ කැළඹීම් විසමතාවන් විරහිත හෙයින් සමාධියට පත්වූයේය යන්න ආදී ශබ්දයාගේ අර්ථයි. අරමුණෙහි එල්බුණේ නිශ්චල භාවකරණයෙන් පිහිට වූයේයයි අදහසයි. දෙයාකාරයෙන් සමව එල්බුණේනුයි සමාධියි යූ.සේයි. සුඛො යනු ශාන්ත අර්ථයෙන් සුවයයි. ‘යායං භන්තෙ අදුක්ඛමසුඛා වෙදනා සන්තස්මිං ඵසා පණීතෙ සුඛෙ වුත්තා භගවතාතිච, උපෙක්ඛා පන සන්තත්තා සුඛ මිච්චෙව භාසිතා’ති කියන ලද හෙයින් ශාන්ත අර්ථයෙන්ද සුව ශබ්දයෙන්ද, උපේක්ෂා සහගත සමාධියද ගන්නා ලද්දේ වෙයි. අනියමෙන් සියලු සමාධීහු මෙහි කියති. ඒ සුව ශබ්දයෙන් එල්බුණු භවයාගේ කරුණ යූ.සේයි. යම් හෙයකින් ශාන්තද, එහෙයින් එක් අරමුණක එල්බුණේ යයි අදහසයි දතයුතුය.
සමාධිභාවනාමයඤාණනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
සමාධි භාවනාමය ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.