යෙදුමෙන් කියවන්න

3. සමාධිභාවනාමයඤාණං

3. සමාධිභාවනාමයඤාණං

3. සමාධිභාවනාමය ඥානය

කථං සංවරිත්‍වා සමාදහනෙ පඤ‍්ඤා සාමාධිභාවනාමයෙ ඤාණං:

කිසෙයින් (ශීලයෙන්) සංවෘත වැ සිත එකඟ කිරීමෙහි පැවැති ප්‍රඥාව සමාධිභාවනාමයඥාන වෙයි යත්:

එකො සමාධි චිත‍්තස‍්ස එකග‍්ගතා.

එක් සමාධියෙක් වෙයි: චිත්තෛකාග්‍රතා යි.

ද‍්වෙ සමාධී: ලොකියො සමාධි, ලොකුත‍්තරො සමාධි.

සමාධීහු දෙදෙනෙක් වෙති: ලෞකිකසමාධි යැ ලෝකෝත්තරසමාධි යි.

තයො සමාධී: සවිතක‍්කසවිචාරො සමාධි, අවිතක‍්කවිචාරමත‍්තො සමාධි, අවිතක‍්කඅවිචාරො සමාධි.

සමාධීහු තිදෙනෙක් වෙති: සවිතර්‍කසවිචාරසමාධි යැ. අවිතර්‍කසවිචාරමාත්‍රසමාධි යැ. අවිතර්‍කඅවිචාරසමාධි යි.

චත‍්තාරො සමාධී: හානභාගියො සමාධි, ඨිතිභාගියො සමාධි, විසෙසභාගියො සමාධි, නිබ‍්බෙධභාගියො සමාධි.

සමාධීහු සතරදෙනෙක් වෙති: හානභාගියසමාධි යැ ස්ථිතිභාගියසමාධි යැ විශේෂභාගියසමාධි යැ නිර්වේදභාගියසමාධි යි.

පඤ‍්ච සමාධී: පීතිඵරණතා, සුඛඵරණතා, උපෙක‍්ඛාඵරණතා, අලොකඵරණතා, පච‍්චවෙක‍්ඛනනිමිත‍්තං.

සමාධීහු පස්දෙනෙක් වෙති: ප්‍රීතියගේ පැතිරීම ඇති සමාධි යැ සුඛයාගේ පැතිරීම ඇති සමාධි යැ උපේක්‍ෂාවගේ පැතිරීම ඇති සමාධි යැ අලෝකසංඥාවගේ පැතිරීම ඇති සමාධි යැ ප්‍රත්‍යවේක්‍ෂානිමිත්ත ඇති සමාධි යි.

ඡ සමාධී: බුද‍්ධානුස‍්සතිවසෙන චිත‍්තස‍්සෙකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි, ධම‍්මානුස‍්සතිවසෙන චිත‍්තස‍්සෙකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි, සඞ‍්ඝානුස‍්සතිවසෙන චිත‍්තස‍්සෙකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි, සීලානුස‍්සතිවසෙන චිත‍්තස‍්සෙකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි, චාගානුස‍්සතිවසෙන චිත‍්තස‍්සෙකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි, දෙවතානුස‍්සතිවසෙන චිත‍්තස‍්සෙකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි.

සමාධීහු සදෙනෙකි: බුද්‍ධානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ. ධර්‍මානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ. සංඝානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ. ශීලානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ. ත්‍යාගානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ. දේවතානුස්මෘති වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ.

සත‍්ත සමාධී: සමාධිකුසලසතා, සමාධිස‍්ස සමාපත‍්තිකුසලතා සමාධිස‍්ස ඨිතිකුසලතා, සමාධිස‍්ස වුට‍්ඨානකුසලතා, සමාධිස‍්ස කල‍්ලතාකුසලතා, සමාධිස‍්ස ගොචරකුසලතා, සමාධිස‍්ස අභිනීහාරකුසලතා.

සමාධීහු සත්දෙනෙක් වෙති: සමාධියෙහි කුශල බව යැ සමාධියට සමවැදීමෙහි කුශල බව යැ සමාධිය (රිසිසේ) තැබීමෙහි කුශල බව යැ සමාධියෙන් නැඟීසිටීමෙහි කුශල බව යැ සමාධිහුගේ කල්‍යතා (අග්ලානභාව) යෙහි කුශල බව යැ සමාධිහුගේ ගෝචර (ආරම්මණ) යෙහි කුශල බව යැ සමාධිහුගේ (මතුමත්තෙහි) සමාධියට එළැවීමෙහි කුශල බවයි.

අට‍්ඨ සමාධී: පඨවීකසිණවසෙන චිත‍්තස‍්සෙකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි, ආපොකසිණවසෙන -පෙ- තෙජොකසිණවසෙන -පෙ- වායොකසීණවසෙන -පෙ- නීලකසිණවසෙන -පෙ- පීතකසිණවසෙන -පෙ- ලොහිතකසිණවසෙන -පෙ- ඔදාතකසිණවසෙන චිත‍්තස‍්සෙකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි.

සමාධීහු අටදෙනෙක් වෙති: පඨවිකසිණ වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ. අපොකසිණ වශයෙන් ... තෙජොකසිණ වශයෙන් ... වායොකසිණ වශයෙන් ... නීලකසිණ වශයෙන් ... පීතකසිණ වශයෙන් ... ලෝහිතකසිණ වශයෙන් ... ඔදාතකසිණ වශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යි.

නව සමාධී: රූපාවචරො සමාධි අත්‍ථි හීනො, අත්‍ථි මජ‍්ඣිමො, අත්‍ථි පණීතො. අරූපාවචරො සමාධි අත්‍ථි හීනො, අත්‍ථි මජ‍්ඣිමො අත්‍ථි පණීතො. සුඤ‍්ඤතො සමාධි, අනිමිත‍්තො සමාධි, අප‍්පණිහිතො සමාධි.

සමාධීහු නවදෙනෙක් වෙති: රූපාවචරසමාධිය හීන වූයේ ඇත, මධ්‍යම වූයේ ඇත, ප්‍රණීත වූයේ ඇති. අරූපාවචරසමාධිය හීන වූයේ ඇත, මධ්‍යම වූයේ ඇත, ප්‍රණීත වූයේ ඇති. ශුන්‍යතාසමාධි යැ අනිමිත්තසමාධි යැ අප්‍රණිහිතසමාධි යි.

දස සමාධී: උද‍්ධුමාතකසඤ‍්ඤවසෙන චිත‍්තස‍්සෙකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි, විනීලකසඤ‍්ඤාවසෙන -පෙ-, විපුබ‍්බකසඤ‍්ඤාවසෙන -පෙ- විච‍්ඡිද‍්දකසඤ‍්ඤාවසෙන -පෙ- වික‍්ඛායිතකසඤ‍්ඤාවසෙන -පෙ- වික‍්ඛිත‍්තකසචඤ‍්ඤාවසෙන -පෙ- හතවික‍්ඛිත‍්තකසඤ‍්ඤාවසෙන -පෙ- ලොහිතකසඤ‍්ඤාවසෙන -පෙ- පුළවකසඤ‍්ඤාවසෙන -පෙ- අට‍්ඨිකසඤ‍්ඤාවසෙන චිත‍්තස‍්සෙකග‍්ගතා අවික‍්ඛෙපො සමාධි ඉමෙ පඤ‍්චපඤ‍්ඤාස සමාධී.

සමාධීහු දස දෙනෙක් වෙති: උද්ධුමාතක සංඥාවශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යැ විනීලකසංඥාවශයෙන් ... විපුබ්බක සංඥාවශයෙන් ... විච්ඡිද්දකසංඥාවශයෙන් ... වික්ඛායිතකසංඥාවශයෙන් ... වික්ඛිත්තකසංඥාවශයෙන් ... හතවික්ඛිත්තකසංඥාවශයෙන් ... ලෝහිතකසංඥාවශයෙන් ... පුළවකසංඥාවශයෙන් ... අට්ඨිකසංඥාවශයෙන් චිත්තයාගේ එකඟ බව අවික්‍ෂේපසමාධි යි. මොහු පස්පනස්සමාධීහු වෙත්.

අපි ච පඤ‍්චවීසති සමාධිස‍්ස සමාධිට‍්ඨා; පරිග‍්ගහට‍්ඨෙන සමාධි, පරිවාරට‍්ඨෙන සමාධි, පරිපූරට‍්ඨෙන සමාධි, එකග‍්ගට‍්ඨෙන සමාධි, අවික‍්ඛෙපට‍්ඨෙන සමාධි, අවිසාරට‍්ඨෙන සමාධි, අනාවිලට‍්ඨෙන සමාධි, අනිඤ‍්ජනට‍්ඨෙන සමාධි, විමුත‍්තට‍්ඨෙන සමාධි, එකත‍්තුපට‍්ඨානවසෙන චිත‍්තස‍්ස ඨිතත‍්තා සමාධි, සමං එසතීති සමාධි, විසමං නෙසතීති සමාධි, සමං එසිතත‍්තා සමාධි, විසමං නෙසිතත‍්තා සමාධි, සමං ආදියතීති සමාධි, විසමං අනාදියතීති සමාධි, සමං ආදින‍්නත‍්තා සමාධි, විසමං අනාදින‍්නත‍්තා සමාධි, සමං පටිපජ‍්ජතීති සමාධි, විසමං නප‍්පටිපජ‍්ජතීති සමාධි, සමං පටිපන‍්නත‍්තා සමාධි, විසමං නප‍්පටිපන‍්නත‍්තා සමාධි, සමං ඣායතීති සමාධි, විසමං ඣාපෙතීති සමාධි, සමං ඣාතත‍්තා සමාධි, විසමං ඣාපිතත‍්තා සමාධි, සමො ච හිතො ච සුඛො චාති සමාධි. ඉමෙ පඤ‍්චවීසති සමාධිස‍්ස සමාධිට‍්ඨා.

තවද සමාධිහුගේ සමාධිස්වභාවයෝ පස්විසිදෙනෙකි: පරිග්‍රහ ස්වභාවයෙන් සමාධි යැ පරිවාරස්වභාවයෙන් සමාධි යැ පරිපූර්‍ණස්වභාවයෙන් සමාධි යැ ඒකාග්‍රස්වභාවයෙන් සමාධි යැ අවික්‍ෂේපස්වභාවයෙන් සමාධි යැ අවිස්තරණ (නො පැතිරීම්) ස්වභාවයෙන් සමාධි යැ නො කැළඹෙන ස්වභාවයෙන් සමාධි යැ නො සැලෙන ස්වභාවයෙන් සමාධි යැ විමුක්තස්වභාවයෙන් සමාධි යැ ඒකත්‍වයෙන් එළඹසිටීම් විසින් සිත සිටි බැවින් සමාධි යැ අර්‍පණාව සොයා නු යි සමාධි යැ (ධ්‍යානප්‍ර‍්‍යනීක) විසමය නො සොයා නු යි සමාධි යැ සමය සොයන ලද බැවින් සමාධි යැ විසමය නො සොයන ලද වන බැවින් සමාධි යැ සමය ගනී නු යි සමාධි යැ විසමය නො ගනී නු යි සමාධි යැ සමය ගන්නා ලද වන බැවින් සමාධි යැ විසමය නො ගන්නා ලද වන බැවින් සමාධි යැ සමය (අර්‍පණාව) ට පිළිපදිනු යි සමාධි යැ විසමයට නො පිළිපදී නු යි සමාධි යැ සමයට පිළිපන් බැවින් සමාධි යැ විසමයට නො පිළිපන් බැවින් සමාධි යැ සම වැ දිලියේ නු යි සමාධි යැ විසමය දවා නු යි සමාධි යැ සම වැ ජ්වලිත වන බැවින් සමාධි යැ විසමය දවන ලද බැවින් සමාධි යැ සම වූයේ ද හිත වූයේ ද සුඛ වූයේ ද සමාධි යි. මොහු පස්විසි දෙන සමාධිහුගේ සමාධි ස්වභාවයෝ යි.

තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති: “සංවරිත්‍වා සමාදහෙන පඤ‍්ඤා සමාධිභාවනාමයෙ ඤාණං.”

එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එහෙයින් කියනු ලැබෙයි: ‘සංවරිත්‍වා සමාදහනෙ පඤ්ඤා සමාධිභාවනාමයෙ ඤාණං’ යි.

සමාධිභාවනාමයඤාණනිද‍්දෙසො.

සමාධිභාවනාමයඥානනිර්දේශ යි.