යෙදුමෙන් කියවන්න

2. සීලමයඤාණං

2. සීලමයඤාණං

2. සීලමය ඥානය

කථං සුත්‍වාන සංවරෙ පඤ‍්ඤා සීලමයෙ ඤාණං:

කිසෙයින් ශ්‍රවණය කොට (ශ්‍රවණ හේතුයෙන්) සංවරයෙහි පැවැති ප්‍රඥාව ශීලමයඥාන වෙයි යත්:

පඤ‍්ච සීලානි: පරියන‍්තපාරිසුද‍්ධිසීලං, අපරියන‍්තපාරිසුද‍්ධිසීලං, පරිපුණ‍්ණපාරිසුද‍්ධිසීලං, අපරාමට‍්ඨපාරිසුද‍්ධිසීලං, පටිප‍්පස‍්සද‍්ධිපාරිසුද‍්ධිසීලන‍්ති.

ශීලයෝ පස්දෙනෙක් වෙති: පර්‍ය්‍යන්ත වූ පරිශුද්ධභාවය ඇති ශීල යැ, අපර්‍ය්‍යන්ත වූ පරිශුද්ධභාවය ඇති ශීල යැ, පරිපූර්‍ණ බැවින් පරිශුද්ධභාවය ඇති ශීල යැ, දෘෂ්ටිපරාමර්‍ශ රහිත බැවින් පරිශුද්ධභාවය ඇති ශීල යැ, සියලු දරථයන් සන්හිඳීමෙන් පරිශුද්ධභාවය ඇති ශීල යි.

තත්‍ථ කතමං පරියන‍්තපාරිසුද‍්ධිසීලං: අනුපසම‍්පන‍්නානං පරියන‍්තසික‍්ඛාපදානං ඉදං පරියන‍්තපාරිසුද‍්ධිසීලං.

එහි පර්‍ය්‍යන්තපාරිශුද්ධිශීලය කවරෙ යත්: අනුපසපන් වූ පර්‍ය්‍යන්ත ශික්‍ෂාපද ඇතියන්ගේ මේ ශීලය පර්‍ය්‍යන්තපාරිශුද්ධශීල නමැ.

කතමං අපරියන‍්තපාරිසුද‍්ධිසීලං: උපසම‍්පන‍්නානං අපරියන‍්තසික‍්ඛාපදානං ඉදං අපරියන‍්තපාරිසුද‍්ධි සීලං.

අපර්‍ය්‍යන්තපාරිශුද්ධිශීලය කවරෙ යත්: උපසපන් වූ අපර්‍ය්‍යන්ත ශික්‍ෂාපද ඇතියන්ගේ මේ ශීලය අපර්‍ය්‍යන්තපාරිශුද්ධිශීල නමැ.

කතමං පරිපුණ‍්ණපාරිසුද‍්ධිසීලං: පුථුජ‍්ජනකල්‍යාණකානං කුසලධම‍්මෙ යුත‍්තානං සෙක‍්ඛපරියන‍්තෙ පරිපූරකාරීනං කායෙ ච ජීවිතෙ ච අනපෙක‍්ඛානං පරිච‍්චත‍්තජීවිතානං ඉදං පරිපුණ‍්ණපාරිසුද‍්ධිසීලං.

පරිපූර්‍ණපාරිශුද්ධිශීලය කවරෙ යත්: කල්‍යාණපෘථග්ජන වූ විදර්‍ශනා කුශලධර්‍මයෙහි යුක්තප්‍රයුක්ත වූ ශෛක්‍ෂධර්‍මයන් පර්‍ය්‍යන්ත කොට ඇති ධර්‍මයෙහි කිසි ශික්‍ෂාවකුදු නො හැර පුරන්නා වූ කයෙහි දු ජීවිතයෙහි දු නිරපේක්‍ෂ වූ (එහෙයින් මැ ශීලපරිපූරණ පිණිස) පරිත්‍යක්ත වූ ජීවිත ඇතියන්ගේ මේ ශීලය පරිපූර්‍ණපාරිශුද්ධිශීල නමැ.

කතමං අපරාමට‍්ඨපාරිසුද‍්ධි සීලං: සත‍්තන‍්නං සෙක‍්ඛානං ඉදං අපරාමට‍්ඨපාරිසුද‍්ධිසීලං.

අපරාමෘෂ්ටපාරිශුද්ධිශීලය කවරෙ යත්: සප්ත ශෛක්‍ෂයන්ගේ මේ ශීලය අපරාමෘෂ්ටපාරිශුද්ධිශීල නමැ.

කතමං පටිප‍්පස‍්සද‍්ධි සීලං: තථාගතසාවකානං ඛීණාසවානං, පච‍්චෙකබුද‍්ධානං, තථාගතානං අරහන‍්තානං සම‍්මාසම‍්බුද‍්ධානං, ඉදං පටිප‍්පස‍්සද‍්ධි පාරිසුද‍්ධිසීලං.

ප්‍රතිප්‍රශ්‍රද්ධිපාරිශුද්ධිශීලය කවරෙ යත්: තථාගතශ්‍රාවක වූ ක්‍ෂීණාස්‍රවයන්ගේ ද ප්‍රත්‍යෙකබුද්ධයන්ගේ ද තථාගත වූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධයන්ගේ ද මේ ශීලය ප්‍රතිප්‍රශ්‍රද්ධිපාරිශුද්ධිශීල නමි.

අත්‍ථි සීලං පරියන‍්තං, අත්‍ථි සීලං අපරියන‍්තං.

පර්‍ය්‍යයන්ත වූ ශීලයෙක් ඇත. අපර්‍ය්‍යන්ත වූ ශීලයෙක් ඇති.

තත්‍ථ කතමං තං සීලං පරියන‍්තං: අත්‍ථි සීලං ලාභපරියන‍්තං, අත්‍ථි සීලං යසපරියන‍්තං, අත්‍ථි සීලං ඤාතිපරියන‍්තං. අත්‍ථි සීලං අඞ‍්ගපරියන‍්තං, අත්‍ථි සීලං ජීවිතපරියන‍්තං.

එහි ඒ පර්‍ය්‍යන්තශීලය කවරෙ යත්: ලාභපර්‍ය්‍යන්ත වූ ශීලයෙක් ඇත. යශස් (පිරිවර) පර්‍ය්‍යන්ත වූ ශීලයෙක් ඇත. ඥාතිපර්‍ය්‍යන්තශීලයෙක් ඇත. අඞ්ගපර්‍ය්‍යන්තශීලයෙක් ඇත. ජීවිතපර්‍ය්‍යන්තශීලයෙක් ඇති.

කතමං තං සීලං ලාභපරියන‍්තං: ඉධෙකච‍්චො ලාභහෙතු ලාභපච‍්චයා ලාභකාරණා යථාසමාදින‍්නං සික‍්ඛාපදං වීතික‍්කමති, ඉදං තං සීලං ලාභපරියන‍්තං.

ඒ ලාභපර්‍ය්‍යන්තශීලය කවරෙ යත්: මෙහි එකෙක් ලාභහේතුයෙන් ලාභප්‍රත්‍යයෙන් ලාභකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපද ඉක්මේ නම් මේ ඒ ලාභපර්‍ය්‍යන්තශීල යයි.

කතමං තං සීලං යසපරියන‍්තං: ඉධෙකච‍්චො යසහෙතු යසපච‍්චයා යසකාරණා යථාසමාදින‍්නං සික‍්ඛාපදං වීතික‍්කමති, ඉදං තං සීලං යසපරියන‍්තං.

ඒ යශස්පර්‍ය්‍යන්තශීලය කවරෙ යත්: මෙහි එකෙක් යශස්හෙතුයෙන් යශස්ප්‍රත්‍යයෙන් යශස්කාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපද ඉක්මේ නම් මේ ඒ යශස්පර්‍ය්‍යන්තශීල යයි.

කතමං තං සීලං ඤාතිපරියන‍්තං: ඉධෙකච‍්චො ඤාතිහෙතු ඤාතිපච‍්චයා ඤාතිකරණා යථාසමාදින‍්නං සික‍්ඛාපදං වීතික‍්කමති, ඉදං තං සීලං ඤාතිපරියන‍්තං

ඒ ඥාතිපර්‍ය්‍යන්තශීලය කවරෙ යත්: මෙහි එකෙක් ඥාතිහේතුයෙන් ඥාතිප්‍රත්‍යයෙන් ඥාතිකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපද ඉක්මේ නම් මේ ඒ ඥාතිපර්‍ය්‍යන්තශීල යයි.

කතමං තං සීලං අඞ‍්ගපරියන‍්තං: ඉධෙකච‍්චො අඞ‍්ගහෙතු අඞ‍්ගපච‍්චයා අඞ‍්ගකරණා යථාසමාදින‍්නං සික‍්ඛාපදං වීතික‍්කමති, ඉදං තං සීලං අඞ‍්ගපරියන‍්තං.

ඒ අඞ්ගපර්‍ය්‍යන්තශීලය කවරෙ යත්: මෙහි එකෙක් අඞ්ගහේතුයෙන් අඞ්ගප්‍රත්‍යයෙන් අඞ්ගකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපද ඉක්මේ නම් මේ ඒ අඞ්ගපර්‍ය්‍යන්තශීලය යි.

කතමං තං සීලං ජීවිතපරියන‍්තං: ඉධෙකච‍්චො ජීවිතහෙතු ජීවිතපච‍්චයා ජීවිතකාරණා යථාසමාදින‍්නං සික‍්ඛාපදං වීතික‍්කමති, ඉදං තං සීලං ජීවිතපරියන‍්තං.

ඒ ජීවිතපර්‍ය්‍යන්තශීලය කවරෙ යත්: මෙහි එකෙක් ජීවිතහේතුයෙන් ජීවිතප්‍රත්‍යයෙන් ජීවිතකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපද ඉක්මේ නම් මේ ඒ ජීවිතපර්‍ය්‍යන්තශීලය යි.

එවරූපානි සීලානි ඛණ‍්ඩානි ඡිද‍්දානි සබලානි කම‍්මාසානි, න භුජිස‍්සානි, න විඤ‍්ඤුප‍්පසත්‍ථානි, පරාමට‍්ඨානි, න සමාධිසංවත‍්තනිකානි, න අවිප‍්පටිසාරවත්‍ථුකානි, න පාමොජ‍්ජවත්‍ථුකානි, න පීතිවත්‍ථුකානි, න පස‍්සද‍්ධිවත්‍ථුකානි, න සුඛවත්‍ථුකානි, න සමාධිවත්‍ථුකානි, න යථාභූතඤාණදස‍්සනවත්‍ථුකානි, න එකන‍්තනිබ‍්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ‍්ඤාය න සම‍්බොධාය න නිබ‍්බානාය සංවත‍්තන‍්ති. ඉදං තං සීලං පරියන‍්තං.

මෙබඳු ශීලයෝ කැඩුණාහු සිදුරු වූවාහු සබල (කබර) වූවාහු කල්මාෂ (කැලැල්) වූවාහු දාසව්‍යයෙන් නො මිදුණාහු විඥයන් විසින් නො පසස්නා ලද්දාහු (තෘෂ්ණාදෘෂ්ටි දෙකින්) පරාමෘෂ්ට වූවාහු සමාධිය පිණිස නො පවත්නාහු අවිප්‍රතිසාරයට කරුණු නො වූවාහු ප්‍රාමෝද්‍යයට කරුණු නො වූවාහු ප්‍රීතියට වස්තු නො වූවාහු (කායචිත්ත) ප්‍රශ්‍රබ්ධියට වස්තු නො වූවාහු සුඛයට වස්තු නො වූවාහු (උපචාර අර්‍පණ) සමාධියට වස්තු නො වූවාහු යථාභූතඥානදර්‍ශනයට වස්තු නො වූවාහු ඒකාන්තනිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස නො පවත්නාහු ය. මේ ඒ පර්‍ය්‍යන්තශීලය යි.

කතමං තං සීලං අපරියන‍්තං: අත්‍ථි සීලං න ලාභපරියන‍්තං, අත්‍ථි සීලං න යසපරියන‍්තං, අත්‍ථි සීලං න ඤාතිපරියන‍්තං, අත්‍ථි සීලං න අඞ‍්ගපරියන‍්තං, අත්‍ථි සීලං න ජීවිතපරියන‍්තං.

එහි ඒ අපර්‍ය්‍යන්තශීලය කවරෙ යත්: ලාභපර්‍ය්‍යයන්ත නොවූ ශීලයෙක් ඇත. යශස්පර්‍ය්‍යන්ත නො වූ ශීලයෙක් ඇත. ඥාතිපර්‍ය්‍යන්ත නො වූ ශීලයෙක් ඇත. අඞ්ගපර්‍ය්‍යන්ත නො වූ ශීලයෙක් ඇත. ජීවිතපර්‍ය්‍යන්ත නො වූ ශීලයෙක් ඇති.

කතමං තංසීලං න ලාභපරියන‍්තං: ඉධෙකච‍්චො ලාභහෙතු ලාභපච‍්චයා ලාභකාරණා යථාසමාදින‍්නසික‍්ඛාපද වීතික‍්කමාය චිත‍්තම‍්පි න උප‍්පාදෙති, කිං සො වීතික‍්කමිස‍්සති. ඉදං තං සීලං න ලාභපරියන‍්තං.

ඒ ලාභපර්‍ය්‍යන්ත නො වූ ශීලය කවරෙ යත්: මෙහි එකෙක් ලාභහේතුයෙන් ලාභප්‍රත්‍යයෙන් ලාභකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද ශික්‍ෂාපදය ව්‍යතික්‍රම පිණිස සිතකුදු නො උපදවන්නේ යැ. හේ ව්‍යතික්‍රම කෙරෙයි යනු කිම? මේ ඒ ලාභපර්‍ය්‍යන්ත නො වූ ශීලය යි.

කතමං තං සීලං න යසපරියන‍්තං: ඉධෙකච‍්චො යසහෙතු යසපච‍්චයා යසකරණා යථාසමාදින‍්නසික‍්ඛාපදවීතික‍්කමාය චිත‍්තම‍්පි න උප‍්පාදෙති, කිං සො වීතික‍්කමිස‍්සති. ඉදං තං සීලං න යසපරියන‍්තං.

ඒ යශස්පර්‍ය්‍යන්ත නො වූ ශීලය කවරෙ යත්: මෙහි එකෙක් යශස්හෙතුයෙන් යශස්ප්‍රත්‍යයෙන් යශස් කාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද ශික්‍ෂාපදය ව්‍යතික්‍රම පිණිස සිතකුදු නො උපදවන්නේ යැ. හේ ව්‍යතික්‍රම කෙරෙයි යනු කිම? මෙ ඒ යශස්පර්‍ය්‍යන්ත නො වූ ශීලය යි.

කතමං තං සීලං න ඤාතිපරියන‍්තං: ඉධෙකච‍්චො ඤාතිහෙතු ඤාතිපච‍්චයා ඤාතිකාරණා යථාසමාදින‍්නසික‍්ඛාපදවීතික‍්කමාය චිත‍්තම‍්පි න උප‍්පාදෙති, කිං සො වීතික‍්කමිස‍්සති. ඉදං තං සීලං න ඤාති පරියන‍්තං.

ඒ ඥාතිපර්‍ය්‍යන්ත නො වූ ශීලය කවරෙ යත්: මෙහි එකෙක් ඥාතිහේතුයෙන් ඥාතිප්‍රත්‍යයෙන් ඥාතිකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද ශික්‍ෂාපදය ව්‍යතික්‍රම පිණිස සිතකුදු නො උපදවන්නේ යැ. හේ ව්‍යතික්‍රම කෙරෙයි යනු කිම? මේ ඒ ඥාතිපර්‍ය්‍යන්ත නො වූ ශීලය යි.

කතමං තං සීලං න අඞ‍්ගපරියන‍්තං: ඉධෙකච‍්චො අඞ‍්ගහෙතු අඞ‍්ගපච‍්චයා අඞ‍්ගකරණා යථාසමාදින‍්නසික‍්ඛාපදවීතික‍්කමාය චිත‍්තම‍්පි න උප‍්පාදෙති, කිං සො වීතික‍්කමිස‍්සති. ඉදං තං සීලං න අඞ‍්ගපරියන‍්තං.

ඒ අඞ්ගපර්‍ය්‍යන්ත නො වූ ශීලය කවරෙ යත්: මෙහි එකෙක් අඞ්ගහේතුයෙන් අඞ්ගප්‍රත්‍යයෙන් අඞ්ගකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද ශික්‍ෂාපදය ව්‍යතික්‍රම පිණිස සිතකුදු නො උපදවන්නේ යැ. හේ ව්‍යතික්‍රම කෙරෙයි යනු කිම? මේ ඒ අඞ්ගපර්‍ය්‍යන්ත නො වූ ශීල යි.

කතමං තං සීලං න ජීවිතපරියන‍්තං: ඉධෙකච‍්චො ජීවිතහෙතු ජීවිතපච‍්චයා ජීවිතකාරණා යථාසමාදින‍්නසික‍්ඛාපදවීතික‍්කමාය චිත‍්තම‍්පි න උප‍්පාදෙති, කිං සො වීතික‍්කමිස‍්සති. ඉදං තං සීලං න ජීවිතපරියන‍්තං.

ඒ ජිවිතපර්‍ය්‍යන්ත නො වූ ශීලය කවරෙ යත්: මෙහි එකෙක් ජීවිත හේතුයෙන් ජීවිතප්‍රත්‍යයෙන් ජීවිතකාරණයෙන් යම් පරිද්දෙකින් සමාදන් වන ලද සිකපදය ව්‍යතික්‍රම පිණිස සිතකුදු නො උපදවන්නේ යැ. හේ ව්‍යතික්‍රම කෙරෙයි යනු කිම? මේ ඒ ජීවිතපර්‍ය්‍යන්ත නො වූ ශීල යි.

එවරූපානි සීලානි අඛණ‍්ඩානි අච‍්ඡිද‍්දානි අසබලානි අකම‍්මාසානි භුජිස‍්සානි විඤ‍්ඤුප‍්පසත්‍ථානි අපරාමට‍්ඨානි සමාධිසංවත‍්තනිකානි අවිප‍්පටිසාරවත්‍ථුකානි පාමොජ‍්ජවත්‍ථුකානි පීතිවත්‍ථුකානි පස‍්සද‍්ධිවත්‍ථුකානි සුඛවත්‍ථුකානි සමාධිවත්‍ථුකානි යථාභූතඤාණදස‍්සනවත්‍ථුකානි එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්ති. ඉදං තං සීලං අපරියන‍්තං.

මෙබඳු වූ ශීලයෝ අඛණ්ඩ වූවාහු අච්ඡිද්‍ර වූවාහු අශබල වූවාහු අකල්මාෂ වූවාහු අදාස වූවාහු විඥයන් විසින් ප්‍රශස්ත වූවාහු (තෘෂ්ණාදෘෂ්ටීන්) පරාමෘෂ්ට නො වූවාහු (උපචාරඅර්‍පණ) සමාධිය පිණිස පවත්නාහු විප්‍රතිසාරයට වස්තු නො වූවාහු ප්‍රාමෝද්‍යයට වස්තු වූවාහු ප්‍රීතියට වස්තු වූවාහු ප්‍රශ්‍රබ්ධියට වස්තු වූවාහු (කායික චෛතසික) සුඛයට වස්තු වූවාහු සමාධියට වස්තු වූවාහු යථාභූතඥානදර්‍ශනයට වස්තු වූවාහු ඒකාන්තයෙන් (වර්‍තයෙහි) නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවත්නාහු යැ.

කිං සීලං, කති සීලානි, කිංසමුට‍්ඨානං සීලං, කතිධම‍්මසමොධානං සීලං:

(ස්වරූප විසින්) සිල් නම් කිම, ශීලයෝ කෙතෙක් වූවාහු ද, ශීලය කුමක් සමුත්‍ථාන කොට ඇත්තේ ද, ශීලය කෙතෙක් ධර්‍මයන්ගේ සමවාය ඇත්තේ ද යත්:

කිංසීලන‍්ති: චෙතනා සීලං, චෙතසිකං සීලං, සංවරො සීලං, අවීතිකම‍්මො සීලං.

ශීල නම් කිමැ යත්: චේතනාසීල යැ චේතසික සීල යැ සංවරසීල යැ අවීතික්කම සීල යි.

කතිසීලානීති: තීණි සීලානි: කුසලසීලං, අකුසලසීලං, අබ්‍යාකත සීලං.

ශීලයෝ කෙතෙක් ද යත්: ශීලයෝ තිදෙනෙක් වෙති: කුශලශීල යැ අකුශලශීල යැ අව්‍යාකෘතශීල යි.

කිංසමුට‍්ඨානං සීලන‍්ති: කුසලචිත‍්තසමුට‍්ඨානං කුසලසීලං, අකුසලචිත‍්තසමුට‍්ඨානං අතුසලසීලං, අබ්‍යාකතචිත‍්තසමුට‍්ඨානං අබ්‍යාකතසීලං.

ශීලය කුමක් සමුත්‍ථාන කොට ඇත්තේ ද යත්: කුශලශීලය කුශල චිත්තය සමුත්‍ථාන කොට ඇත්තේ යැ. අකුශලශීලය අකුශලචිත්තය සමුත්‍ථාන කොට ඇත්තේ යැ. අව්‍යෘකෘතශීලය අව්‍යෘකෘතචිත්තය සමුත්‍ථාන කොට ඇත්තේ යි.

කතිධම‍්මසමොධානං සීලන‍්ති: සංවරසමොධානං සීලං, අවීතික‍්කමසමොධානං සීලං, තථාභාවෙ ජාතචෙතනාසමොධානං සීලං.

ශීලය කෙතෙක් ධර්‍මයන්ගේ සමවාය ඇත්තේ ද යත්: ශීලය සංවරය හා සමවාය ඇත්තේ යැ. ශීලය අව්‍යතික්‍රමය සමවාය කොට ඇත්තේ යැ. ශීලය සංවර අව්‍යතික්‍රමභාවයෙහි උපන් චේතනා සමවාය කොට ඇත්තේ යි.

පාණාතිපාතං සංවරට‍්ඨෙන සීලං, අවීතික‍්කමට‍්ඨෙන සීලං. ආදින‍්නාදානං සංවරට‍්ඨෙන සීලං, අවීතික‍්කමට‍්ඨෙන සීලං. කාමෙසු මිච‍්ඡාචාරං සංවරට‍්ඨෙන සීලං, අවීතික‍්කමට‍්ඨෙන සීලං, මුසාවාදං සංවරට‍්ඨෙන සීලං, අවීතික‍්කමට‍්ඨෙන සීලං. පිසුනං වාචං සංවරට‍්ඨෙන සීලං, අවීතික‍්කමට‍්ඨෙන සීලං, ඵරුසං වාචං සංවරට‍්ඨෙන සීලං. අවීතික‍්කමට‍්ඨෙන සීලං. සම‍්ඵප‍්පලාපං සංවරට‍්ඨෙන සීලං, අභිජ‍්ඣං සංවරට‍්ඨෙන සීලං, අවීතික‍්කමට‍්ඨෙන සීලං. බ්‍යාපාදං සංවරට‍්ඨෙන සීලං, අවීතික‍්කමට‍්ඨෙන සීලං. මිච‍්ඡාදිට‍්ඨී සංවරට‍්ඨෙන සීලං, අවීතික‍්කමට‍්ඨෙනසීලං.

ප්‍රාණවධය වැළකීම් අර්‍ත්‍ථයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. අදත්තාදානය වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. කාමමිථ්‍යාචාරය වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. මෘෂාවාදය වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. ශූන්‍යවචනය වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. පරුෂවචනය වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. ප්‍රලාප බස් වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. අභිධ්‍යා වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. ව්‍යාපාද වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. මිථ්‍යාදෘෂ්ටි වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යි.

නෙක‍්ඛම‍්මෙන කාමඡන්‍දං සංවරට‍්ඨෙන සීලං, අවීතික‍්කමට‍්ඨෙන සීලං. අබ්‍යාපාදෙන බ්‍යාපාදං සංවරට‍්ඨෙන සීලං, අවීතික‍්කමට‍්ඨෙන සීලං, අලොකසඤ‍්ඤාය ථීනමිද‍්ධං -පෙ- අවික‍්ඛෙපට‍්ඨෙන උද‍්ධච‍්චං -පෙ- ධම‍්මවවත්‍ථානෙන විචිකිච‍්ඡං -පෙ- ඤාණෙන අවිජ‍්ජං -පෙ- පාමොජ‍්ජෙන අරතිං -පෙ-

නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දය වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. අව්‍යාපාදයෙන් ව්‍යාපාදය වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යැ. ආලෝකසංඥායෙන් ථීනමිද්ධය ... අවික්‍ෂේපාර්‍ත්‍ථයෙන් උද්ධතභාවය ... ධර්‍මනිශ්චයයෙන් විචිකිත්සාව ... ඥානයෙන් අවිද්‍යාව ... ප්‍රාමෝද්‍යයෙන් අරතිය ...

පඨමෙන ඣානෙන නීවරණෙ -පෙ- දුතියෙන ඣානෙන විතක‍්කවිචාරෙ -පෙ- තතියෙන ඣානෙන පීතිං -පෙ- චතුත්‍ථෙන ඣානෙන සුඛදුක‍්ඛං -පෙ- ආකාසානඤ‍්චායතනසමාපත‍්තියා රූපසඤ‍්ඤංපටිඝසඤ‍්ඤං නානත‍්තසඤ‍්ඤං -පෙ- විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්තියා ආකාසානඤ‍්චායතනසඤ‍්ඤං -පෙ- ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තියා විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤං -පෙ- නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තියා ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤං -පෙ-

ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන් ... ද්විතීයධ්‍යානයෙන් විතර්‍කවිචාරයන් ... තෘතීයධ්‍යානයෙන් ප්‍රීතිය ... චතුර්‍ත්‍වධ්‍යානයෙන් සුඛදුඃඛය ... ආකාසානඤ්චායතනසමාපත්තියෙන් රූපසංඥාව ප්‍රතිඝසංඥාව නානත්‍වසංඥාව ... විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් ආකාසානඤ්චායතනසංඥාව … ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතනසංඥාව ... නේවසංඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් ආකිඤ්චඤ්ඤායතන සංඥාව ...

අනිච‍්චානුපස‍්සනාය නිච‍්චසඤ‍්ඤං -පෙ- දුක‍්ඛානුපස‍්සනාය සුඛසඤ‍්ඤං -පෙ- අනත‍්තානුපස‍්සනාය අත‍්තසඤ‍්ඤං -පෙ- නිබ‍්බිදානුපස‍්සනාය නන්‍දිං -පෙ- විරාගානුපස‍්සනාය රාගං -පෙ- නිරොධානුපස‍්සනාය සමුදයං -පෙ- පටිනිස‍්සග‍්ගානුපස‍්සනාය ආදානං -පෙ- ඛයානුපස‍්සනාය ඝනසඤ‍්ඤං -පෙ- වයානුපස‍්සනාය ආයූහනං -පෙ- විපරිණාමානුපස‍්සනාය ධුවසඤ‍්ඤං -පෙ- අනිමිත‍්තානුපස‍්සනාය නිමිත‍්තං -පෙ- අප‍්පණිහිතානුපස‍්සනාය පණිධිං -පෙ- සුඤ‍්ඤතානුපස‍්සනාය අභිනිවෙසං -පෙ- අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය සාරාදානාභිනිවෙසං -පෙ- යථාභූතඤාණදස‍්සනෙන සම‍්මොහාභිනිවෙසං -පෙ- ආදීනවානුපස‍්සනාය ආලයාභිනිවෙසං -පෙ- පටිසඞ‍්ඛානුපස‍්සනාය අප‍්පටිසඞ‍්ඛං -පෙ- විවට‍්ටානුපස‍්සනාය සඤ‍්ඤොගාභිනිවෙසං -පෙ-.

අනිත්‍යානුදර්‍ශනායෙන් නිත්‍යසංඥාව ... දුඃඛානුදර්‍ශනායෙන් සුඛසංඥාව ... අනාත්මානුදර්‍ශනායෙන් ආත්මසංඥාව ... නිර්වේදානුදර්‍ශනායෙන් නන්‍දිය ... විරාගානුදර්‍ශනායෙන් රාගය ... නිරෝධානුදර්‍ශනායෙන් සමුදය ... ප්‍රතිනිඃසර්‍ගානුදර්‍ශනායෙන් ආදානය ... ක්‍ෂයානුදර්‍ශනායෙන් ඝනසංඥාව ... ව්‍යානුදර්‍ශනායෙන් කර්‍මායූහනය … විපරිණාමානුදර්‍ශනායෙන් ධ්‍රැවසංඥාව ... අනිමිත්තානුදර්‍ශනායෙන් නිමිති ... අප්‍රණිහිතානුදර්‍ශනායෙන් ප්‍රණිධිය ... ශූන්‍යතානුදර්‍ශනායෙන් අභිනිවේශය ... අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනායෙන් ආත්මය සාර කොට ගන්නා අභිනිවේශය ... යථාභූතඥානදර්‍ශනායෙන් සම්මෝහාභිනිවේශය ... ආදිනවානුදර්‍ශනායෙන් ආලයාභිනිවේශය ... පටිසංඛානුපස්සනායෙන් අප්පටිසංඛාව ... විවර්‍තානුදර්‍ශනායෙන් සංයෝගාභනිවේශය ...

සොතාපත‍්තිමග‍්ගෙන දිට‍්ඨෙකට‍්ඨෙ කිලෙසෙ -පෙ- සකදාගාමිමග‍්ගෙන ඔළාරිකෙ කිලෙසෙ -පෙ- අනාගාමිමග‍්ගෙන අණුසහගතෙ කිලෙසෙ -පෙ- අරහත‍්තමග‍්ගෙන සබ‍්බකිලෙසෙ සංවරට‍්ඨෙන සීලං, අවීතික‍්කමට‍්ඨෙන සීලං.

ස්‍රෝතාපත්තිමාර්‍ගයෙන් දෘෂ්ටිය හා සමග එක් වැ සිටි ක්ලේශයන් ... සකෘදාගාමීමාර්‍ගයෙන් ඖදාරිකක්ලේශයන් ... අනාගාමීමාර්‍ගයෙන් අණුසහගත ක්ලේශයන් ... අර්‍හන්මාර්‍ගයෙන් සියලු ක්ලේශයන් වැළකීම් අර්‍ත්‍වයෙන් ශීල යැ අව්‍යතික්‍රමාර්‍ත්‍ථයෙන් ශීල යි.

පඤ‍්ච සීලානි: පාණාතිපාතස‍්ස පහානං සීලං, වෙරමණී සීලං, චෙතනා සීලං, සංවරො සීලං, අවීතික‍්කමො සීලං, එවරූපානි සීලානි චිත‍්තස‍්ස අවිප‍්පටිසාරාය සංවත‍්තන‍්ති, පාමොජ‍්ජාය සංවත‍්තන‍්ති, පීතියා සංවත‍්තන‍්ති, පස‍්සද‍්ධියා සංවත‍්තන‍්ති, සොමනස‍්සාය සංවත‍්තන‍්ති, අසෙවනාය සංවත‍්තන‍්ති, භාවනාය සංවත‍්තන‍්ති, බහුලීකම‍්මාය සංවත‍්තන‍්ති, අලඞ‍්කාරාය සංවත‍්තන‍්ති, පරික‍්ඛාරාය සංවත‍්තන‍්ති, පරිවාරාය සංවත‍්තන‍්ති, පාරිපූරියා සවත‍්තන‍්ති, එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්ති.

ශීලයෝ පස්දෙනෙකි: ප්‍රාණවධයාගේ ප්‍රහාණය ශීල යැ. (ප්‍රාණවධයෙන්) වෙන්වීම ශීල යැ ( ප්‍රාණවධයට ප්‍රතිපක්‍ෂ වූ) චේතනාව ශීල යැ (ප්‍රාණවධයෙන්) වැළකීම ශීල යැ (ප්‍රාණවධයාගේ) අව්‍යතික්‍රමය ශීල යි. මෙබඳු ශීලයෝ චිත්තයාගේ නො විපිළිසර බව පිණිස පවතිත් ප්‍රාමෝද්‍යය පිණිස පවතිත්, ප්‍රීතිය පිණිස පවතිත්, සන්හිඳීම පිණිස පවතිත්, සොම්නස පිණිස පවතිත්, ආසෙවනය පිණිස පවතිත්, වැඩීම පිණිස පවතිත්, බහුල කිරීම පිණිස පවතිත්, අලඞ්කාරය පිණිස පවතිත්, පරිෂ්කාරය පිණිස පවතිත්, පරිවාරය පිණිස පවතිත්, පරිපූර්‍ණභාවය පිණිස පවතිත්, ඒකාන්තයෙන් නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස උපශමය පිණිස අභිඥාව පිණිස සම්බෝධය පිණිස නිර්‍වාණය පිණිස පවතිත්.

එවරූපානං සීලානං සංවරපාරිසුද‍්ධි අධිසීලං, සංවරපාරිසුද‍්ධියා ඨිතං චිත‍්තං න වික‍්ඛෙපං ගච‍්ඡති, අවික‍්ඛෙපපාරිසුද‍්ධි අධිචිත‍්තං, සංවරපාරිසුද‍්ධිං සම‍්මා පස‍්සති, අවික‍්ඛෙපපාරිසුද‍්ධිං සම‍්මා පස‍්සති, දස‍්සනපාරිසුද‍්ධිං අධිපඤ‍්ඤා, යො තත්‍ථ සංවරට‍්ඨො අයං අධිසීලසික‍්ඛා, යො තත්‍ථ අවික‍්ඛෙපට‍්ඨො අයං අධිචිත‍්තසික‍්ඛා, යො තත්‍ථ දස‍්සනට‍්ඨො අයං අධිපඤ‍්ඤාසික‍්ඛා.

මෙබඳු ශීලයන්ගේ සංවර සංඛ්‍යාත පාරිශුද්ධිය අධිශීල වෙයි. සංවරපාරිශූද්ධියෙහි සිටි චිත්තය වික්‍ෂේපයට නො යෙයි. අවික්‍ෂේප සඞ්ඛ්‍යාත පාරිශුද්ධිය අධිචිත්ත වෙයි. සංවරපාරිශුද්ධිය මොනොවට දකී, අවික්‍ෂේපපාරිශුද්ධිය මොනොවට දකී, (ඔහුගේ) දර්‍ශන සඞ්ඛ්‍යාත පාරිශුද්ධිය අධිප්‍රඥා වෙයි. එහි යම් සංවරභාවයෙක් වේ ද මේ අධිශීලශික්‍ෂා නමු. එහි යම් අවික්‍ෂේපභාවයෙක් වේ ද මේ අධිචිත්තශික්‍ෂා නමු. එහි යම් එහි යම් දර්‍ශනභාවයෙක් වේ ද මේ අධිප්‍රඥාශික්‍ෂා නමු.

ඉමා තිස‍්සො සික‍්ඛායො ආවජ‍්ජන‍්තො සික‍්ඛති, ජානන‍්තො සික‍්ඛති, පස‍්සන‍්තො සික‍්ඛති, පච‍්චවෙක‍්ඛන‍්තො සික‍්ඛති, චිත‍්තං අධිට‍්ඨහන‍්තො සික‍්ඛති, සද‍්ධාය අධිමුච‍්චන‍්තො සික‍්ඛති, විරියං පග‍්ගණ‍්හන‍්තො සික‍්ඛති, සතිං උපට‍්ඨපෙන‍්තො සික‍්ඛති, චිත‍්තං සමාදහන‍්තො සික‍්ඛති, පඤ‍්ඤාය පජානන‍්තො සික‍්ඛති, අභිඤ‍්ඤෙය්‍යං අභිජානන‍්තො සික‍්ඛති, පරිඤ‍්ඤෙය්‍යං පරිජානන‍්තො සික‍්ඛති, පහාතබ‍්බං පජහන‍්තො සික‍්ඛති, භාවෙතබ‍්බං භාවෙන‍්තො සික‍්ඛති, සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකරොන‍්තො සික‍්ඛති.

මේ තුන් ශික්‍ෂාවන් (එකක් එකක්) ආවර්‍ජනා කෙරෙමින් හික්මෙයි. (ආවර්‍ජනා කොට) දනිමින් හික්මෙයි. (දැන පුනපුනා) බලමින් හික්මෙයි. (දැක) ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් හික්මෙයි. (ප්‍රත්‍යවේක්‍ෂා කොට) සිත නිසල කොට පිහිටුවමින් හික්මෙයි. ශ්‍රද්ධායෙන් බැසගනිමින් හික්මෙයි. වීර්‍ය්‍යය දැඩි කොට ගනිමින් හික්මෙයි. සිහි එළවා තබමින් හික්මෙයි. සිත පිහිටුවමින් හික්මෙයි. ප්‍රඥායෙන් දනිමින් හික්මෙයි. ස්වභාවලක්‍ෂණාවබෝධයෙන් දතයුතු ධර්‍මජාතය වෙසෙසින් දනිමින් හික්මෙයි. සාමාන්‍යලක්‍ෂණාවබොධවශයෙන් දතයුතු ධර්‍මජාතය හාත්පසින් දනිමින් හික්මෙයි. ප්‍රහාතව්‍යය දුරු කෙරෙමින් හික්මෙයි. වැඩියයුත්ත වඩමින් හික්මෙයි. ප්‍රත්‍යක්‍ෂ කටයුත්ත ප්‍රත්‍යක්‍ෂ කෙරෙමින් හික්මෙයි.

පඤ‍්ච සීලානි: අදින‍්නාදානස‍්ස පහානං -පෙ- කාමෙසු මිච‍්ඡාචාරස‍්ස -පෙ- මුසාවාදස‍්ස -පෙ- පිසුනාය වාචාය -පෙ- ඵරුසාය වාචාය -පෙ- සම‍්ඵප‍්පලාපස‍්ස -පෙ- අභිජ‍්ඣාය -පෙ- ව්‍යාපාදස‍්ස -පෙ- මිච‍්ඡාදිට‍්ඨියා -පෙ-

ශීලයෝ පස්දෙනෙකි: අදත්තාදානයාගේ ... කාමමිථ්‍යාචාරයාගේ ... මෘෂාවාදයාගේ ... පිශුනවචනයාගේ … පරුෂවචනයාගේ ... ප්‍රලාපයාගේ ... අභිධ්‍යාවගේ ... ව්‍යාපාදයාගේ ... මිථ්‍යාදෘෂ්ටිහුගේ ...

නෙක‍්ඛම‍්මෙන කාමඡන්‍දස‍්ස -පෙ- අබ්‍යාපාදෙන බ්‍යාපාදස‍්ස -පෙ- ආලොකසඤ‍්ඤාය ථීනමිද‍්ධස‍්ස -පෙ- අවික‍්ඛෙපෙන උද‍්ධච‍්චස‍්ස -පෙ- ධම‍්මවවත්‍ථානෙන විචිකිච‍්ඡාය -පෙ- ඤාණෙන අවිජ‍්ජාය -පෙ- පාමොජ‍්ජෙන අරතියා -පෙ-

නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දයාගේ ... අව්‍යාපාදයෙන් ව්‍යාපාදයාගේ ... අලෝකසංඥායෙන් ථීනමිද්ධයාගේ ... අවික්‍ෂෙපයෙන් උද්ධතභාවයාගේ ... ධර්‍මනිශ්චයයෙන් විචිකිත්සාවගේ ... ඥානයෙන් අවිද්‍යාවගේ ... ප්‍රාමෝද්‍යයෙන් අරතියගේ ...

පඨමෙන ඣානෙන නීවරණානං -පෙ- දුතියෙන ඣානෙන විතක‍්කවිචාරානං -පෙ- තතියෙන ඣානෙන පීතියා -පෙ- චතුත්‍ථෙන ඣානෙන සුඛදුක‍්ඛානං -පෙ- ආකාසානඤ‍්චායතනසමාපත‍්තියා රූපසඤ‍්ඤාය පටිඝසඤ‍්ඤාය නානත‍්තසඤ‍්ඤාය -පෙ- විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්තියා ආකාසානඤ‍්චායතනසඤ‍්ඤාය -පෙ- ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තියා විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤාය -පෙ- නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තියා ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤාය -පෙ-

ප්‍රථමධ්‍යානයෙන් නීවරණයන්ගේ ... ද්විතීයධ්‍යානයෙන් විතර්‍කවිචාරයන්ගේ ... තෘතීයධ්‍යානයෙන් ප්‍රීතියගේ ... චතුර්‍ත්‍වධ්‍යානයෙන් සුඛදුඃඛයන්ගේ ... ආකාසානඤ්චායතනසමාපත්තියෙන් රූපසංඥාවගේ ... ප්‍රතිඝසංඥායෙන් නානාත්‍වසංඥාවගේ ... විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙන් ආකාසානඤ්චායතනසංඥාවගේ ... ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙන් විඤ්ඤාණඤ්චායතනය සංඥාවගේ ... නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙන් ආකිඤ්ඤචඤ්ඤායතන සංඥාවගේ ...

අනිච‍්චානුපස‍්සනාය නිච‍්චසඤ‍්ඤාය -පෙ- දුක‍්ඛානුපස‍්සනාය සුඛසඤ‍්ඤාය -පෙ- අනත‍්තානුපස‍්සනාය අත‍්තසඤ‍්ඤාය -පෙ- නිබ‍්බිදානුපස‍්සනාය නන්‍දියා -පෙ- විරාගානුපස‍්සනාය රාගස‍්ස -පෙ- නිරොධානුපස‍්සනාය සමුදයස‍්ස -පෙ- පටිනිස‍්සග‍්ගානුපස‍්සනාය ආදානස‍්ස -පෙ- ඛයානුපස‍්සනාය ඝනසඤ‍්ඤාය -පෙ- වයානුපස‍්සනාය ආයූහනස‍්ස -පෙ- විපරිණාමානුපස‍්සනාය ධුවසඤ‍්ඤාය -පෙ- අනිමිත‍්තානුපස‍්සනාය නිමිත‍්තස‍්ස -පෙ- අප‍්පණිහිතානුපස‍්සනාය පණිධියා -පෙ- සුඤ‍්ඤතානුපස‍්සනාය අභිනිවෙසස‍්ස -පෙ- අධිපඤ‍්ඤාධම‍්මවිපස‍්සනාය සාරාදාභිනිවෙසස‍්ස -පෙ- යථාභූතඤාණදස‍්සනෙන සම‍්මොභිනිවෙසස‍්ස -පෙ- ආදීනවානුපස‍්සනාය ආලයාභිනිවෙසස‍්ස -පෙ- පටිසඞ‍්ඛානුපස‍්සනාය අප‍්පටිසඞ‍්ඛාය -පෙ- විවට‍්ටානුපස‍්සනාය සඤ‍්ඤොගාභිනිවෙසස‍්ස -පෙ-

අනිච්චානුපස්සනායෙන් නිත්‍යසංඥාවගේ ... දුක්ඛානුපස්සනායෙන් සුඛසංඥාවගේ ... අනත්තානුපස්සනායෙන් ආත්මසංඥාවගේ ... නිබ්බිදානුපස්සනායෙන් නන්‍දිය (තෘෂ්ණාව) ගේ ... විරාගානුපස්සනායෙන් රාගයාගේ ... නිරෝධානුපස්සනායෙන් සමුදයාගේ ... පටිනිස්සග්ගානුපස්සනායෙන් ආදානයාගේ ... ඛයානුපස්සනායෙන් ඝනසංඥාවගේ ... වයානුපස්සනායෙන් කර්‍මායූහනයාගේ ... විපරිණාමානුපස්සනායෙන් ධ්‍රැවසංඥාවගේ ... අනිමිත්තානුපස්සනායෙන් (නිත්‍ය) නිමිත්තයාගේ ... අප්පණිහිතානුපස්සනායෙන් ප්‍රණිධිහු (සුඛප්‍රාර්‍ත්‍ථනාව) ගේ ... සුඤ්ඤතානුපස්සනායෙන් ආත්මාභිනිවේශයාගේ ... අධිපඤ්ඤාධම්මවිපස්සනායෙන් ආත්මසාරාභිනිවේශයාගේ ... යථාභූතඤාණදස්සනයෙන් සම්මූඪාභිනිවේශයාගේ ... ආදීනවානුපස්සනායෙන් ආලයාභිනිවේශයාගේ ... පටිසඞ්ඛානුපස්සනායෙන් අනුපායග්‍රහණයාගේ ... විවට්ටානුපස්සනායෙන් සංයෝගාභිනිවේශයාගේ ...

සොතාපත‍්තිමග‍්ගෙන දිට‍්ඨෙකට‍්ඨානං කිලෙසානං -පෙ- සකදාගාමිමග‍්ගෙන ඔළාරිකානං කිලෙසානං -පෙ- අනාගාමිමග‍්ගෙන අණුසහගතානං කිලෙසානං -පෙ- අරහත‍්තමග‍්ගෙන සබ‍්බකිලෙසානං පහානං සීලං, වෙරමණී සීලං, චෙතනා සීලං, සංවරො සීලං, අවීතික‍්කමො සීලං. එවරූපානි සීලානි, චිත‍්තස‍්ස අවිප‍්පටිසාරාය සංවත‍්තන‍්ති, පාමොජ‍්ජාය සංවත‍්තන‍්ති, පීතියා සංවත‍්තන‍්ති, පස‍්සද‍්ධියා සංවත‍්තන‍්ති, සොමනස‍්සාය සංවත‍්තන‍්ති, ආසෙවනාය සංවත‍්තන‍්ති, භාවනාය සංවත‍්තන‍්ති, බහුලීකම‍්මාය සංවත‍්තන‍්ති, අලඞ‍්ඛාරාය සංවත‍්තන‍්ති, පරික‍්ඛාරාය සංවත‍්තන‍්ති, පරිවාරාය සංවත‍්තන‍්ති, පාරිපූරියා සංවත‍්තන‍්ති, එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්ති.

සොවන්මඟින් දෘෂ්ටිය හා සමග එක් වැ සිටි ක්ලේශයන්ගේ ... සෙදැගැමි මඟින් ඖදාරික ක්ලේශයන්ගේ ... අනගැමිමඟින් අණුසහගත ක්ලේශයන්ගේ ... රහත් මඟින් සියලු ක්ලේශයන්ගේ ප්‍රහාණය ශීල වෙයි. විරතිය ශීල වෙයි. චේතනාව ශීල වෙයි. සංවරය ශීල වෙයි. අව්‍යතික්‍රමය ශීල වේ. මෙබඳු ශීලයෝ චිත්තයාගේ නො විපිළිසරයට වැටෙති, ප්‍රමෝදභාවයට වැටෙති, ප්‍රීතියට වැටෙති, සන්හිඳීමට වැටෙති, සොම්නසට වැටෙති, ආසෙවනයට වැටෙති, භාවනාවට වැටෙති, බහුල කිරීමට වැටෙති, අලඞ්කාරයට වැටෙති, පරිෂ්කාරයට වැටෙති, පිරිවරට වැටෙති, පිරිපුන් බවට වැටෙති, එකත්නෙන් නිර්වේදයට විරාගයට නිරෝධයට උපශමයට අභිඥාවට සම්බෝධයට නිර්‍වාණයට වැටෙත්.

එවරූපානං සීලානං සංවරපාරිසුද‍්ධි අධිසීලං, සංවරපාරිසුද‍්ධියා ඨිතං චිත‍්තං න වික‍්ඛෙපං ගච‍්ඡති, අවික‍්ඛෙපපාරිසුද‍්ධි අධිචිත‍්තං, සංවරපාරිසුද‍්ධිං සම‍්මා පස‍්සති, අවික‍්ඛෙපපාරිසුද‍්ධිං සම‍්මා පස‍්සති, දස‍්සනපාරිසුද‍්ධිං අධිපඤ‍්ඤා, යො තත්‍ථ සංවරට‍්ඨො අයං අධිසීලසික‍්ඛා, යො තත්‍ථ අවික‍්ඛෙපට‍්ඨො අයං අධිචිත‍්තසික‍්ඛා, යො තත්‍ථ දස‍්සනට‍්ඨො අයං අධිපඤ‍්ඤාසික‍්ඛා.

මෙබඳු ශීලයන්ගේ සංවර සඞ්ඛ්‍යාත පාරිශුද්ධිය අධිශීල නමැ. පරිශුද්ධභාවයෙහි සිටි චිත්තය වික්‍ෂේපයට නො යෙයි. අවික්‍ෂේප සඞ්ඛ්‍යාත පාරිශුද්ධිය අධිචිත්ත නමැ. සංවරපාරිශුද්ධිය මොනොවට දකියි. අවික්‍ෂේපපාරිශුද්ධිය මොනොවට දකියි. දර්‍ශන සඞ්ඛ්‍යාත පාරිශුද්ධිය අධිප්‍රඥා නමු. එහි යම් සංවර බවෙක් වේ ද මේ අධිශීල ශික්‍ෂා නමු. එහි යම් අවික්‍ෂේප බවෙක් වේ ද මේ අධිචිත්තශික්‍ෂා නමු. එහි යම් දර්‍ශනාර්‍ත්‍වයෙක් වේ ද මෙ අධිප්‍රඥා ශික්‍ෂා නමු.

ඉමා තිස‍්සො සික‍්ඛායො ආවජ‍්ජන‍්තො සික‍්ඛති, ජානන‍්තො සික‍්ඛති, පස‍්සන‍්තො සික‍්ඛති, පච‍්චවෙක‍්ඛන‍්තො සික‍්ඛති, චිත‍්තං අධිට‍්ඨහන‍්තො සික‍්ඛති, සද‍්ධාය අධිමුච‍්චන‍්තො සික‍්ඛති, විරියං පග‍්ගණ‍්හන‍්තො සික‍්ඛති, සතිං උපට‍්ඨපෙන‍්තො සික‍්ඛති, චිත‍්තං සමාදහන‍්තො සික‍්ඛති, පඤ‍්ඤාය පජානන‍්තො සික‍්ඛති, අභිඤ‍්ඤෙය්‍යං අභිජානන‍්තො සික‍්ඛති, පරිඤ‍්ඤෙය්‍යං පරිජානන‍්තො සික‍්ඛති, පහාතබ‍්බං පජහන‍්තො සික‍්ඛති, භාවෙතබ‍්බං භාවෙන‍්තො සික‍්ඛති, සච‍්ඡිකාතබ‍්බං සච‍්ඡිකරොන‍්තො සික‍්ඛති.

මේ තුන් ශික්‍ෂාවන් ආවර්‍ජනා කෙරෙමින් හික්මෙයි. දනිමින් හික්මෙයි. බලමින් හික්මෙයි. ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙමින් හික්මෙයි. සිත නිසල කොට පිහිටුවමින් හික්මෙයි. ශ්‍රද්ධායෙන් බැසගනිමින් හික්මෙයි. වීර්‍ය්‍යය දැඩි කොට ගනිමින් හික්මෙයි. සිහි එළවා තබමින් හික්මෙයි. සිත පිහිටුවමින් හික්මෙයි. ප්‍රඥායෙන් දනිමින් හික්මෙයි. ස්වලක්‍ෂණාවබෝධයෙන් දතයුතු ධර්‍මජාතය වෙසෙසින් දැනගනිමින් හික්මෙයි. සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන් දතයුතු ධර්‍මජාතය හාත්පසින් දනිමින් හික්මෙයි. ප්‍රහාතව්‍ය ප්‍රහාණය කෙරෙමින් හික්මෙයි. භාවිතව්‍යය භාවනා කෙරෙමින් හික්මෙයි. සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත් කෙරෙමින් හික්මෙයි.

තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති: “සුත්‍වාන සංවරෙ පඤ‍්ඤා සීලමයෙ ඤාණං.”

එය ඥාතාර්‍ත්‍වයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍වයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘සුත්‍වාන සංවරෙ පඤ්ඤා සීලමයෙ ඤාණං’යි

සීලමයඤාණනිද‍්දෙසො.

ශීලමයඥානනිර්දේශ යි.