යෙදුමෙන් කියවන්න

4. ධම‍්මට‍්ඨිතිඤාණනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

4. ධම‍්මට‍්ඨිතිඤාණනිද‍්දෙසවණ‍්ණනා

4. ධර්මස්ථිති ඥාන නිර්දේශ වර්ණනාව

ධම‍්මට‍්ඨිතිඤාණනිද‍්දෙසෙ අවිජ‍්ජාසඞ‍්ඛාරානං උප‍්පාදට‍්ඨිතීතිආදීසු තිට‍්ඨන‍්ති එතාය සඞ‍්ඛාරාති ඨිති. කා සා? අවිජ‍්ජා. සා හි සඞ‍්ඛාරානං උප‍්පාදාය නිබ‍්බත‍්තියා ඨිති කාරණන‍්ති උප‍්පාදට‍්ඨිති. උප‍්පන‍්නානං පවත‍්තියාපි කාරණන‍්ති පවත‍්තට‍්ඨිති. කිඤ‍්චාපි හි ජනකපච‍්චයස‍්ස ජනනක‍්ඛණෙයෙව කිච‍්චානුභාවො හොති, තෙන පන ජනිතානංයෙව පවත‍්තත‍්තා සකක‍්ඛණෙ පවත‍්තියාපි කාරණං නාම හොති, සන‍්තතිවසෙන වා පවත‍්තියා කාරණන‍්ති අත්‍ථො . පවත‍්තන‍්ති ච නපුංසකෙ භාවවචනමෙතං, තස‍්මා පවත‍්තං පවත‍්තීති අත්‍ථතො එකං. පවත‍්තිසද‍්දස‍්ස පන පාකටත‍්තා තෙන යොජෙත්‍වා අත්‍ථො වුත‍්තො. භාවෙපි ඨිතිසද‍්දස‍්ස සිජ‍්ඣනතො න ඉධ භාවෙ ඨිතිසද‍්දො, කාරණෙ ඨිතිසද‍්දොති දස‍්සනත‍්තං නිමිත‍්තට‍්ඨිතීති වුත‍්තං, නිමිත‍්තභූතා ඨිතීති අත්‍ථො, කාරණභූතාති වුත‍්තං හොති. න කෙවලං නිමිත‍්තමත‍්තං හොති, අථ ඛො සඞ‍්ඛාරජනනෙ සබ්‍යාපාරා විය හුත්‍වා ආයූහති වායමතීති පච‍්චයසමත්‍ථතං දස‍්සෙන‍්තො ආයූහනට‍්ඨිතීති ආහ, ආයූහනභූතා ඨිතීති අත්‍ථො. යස‍්මා අවිජ‍්ජා සඞ‍්ඛාරෙ උප‍්පාදයමානා උප‍්පාදෙ සංයොජෙති නාම, ඝටෙතීති අත්‍ථො. සඞ‍්ඛාරෙ පවත‍්තයමානා පවත‍්තියං පලිබුන්‍ධති නාම, බන්‍ධතීති අත්‍ථො. තස‍්මා සඤ‍්ඤොගට‍්ඨිති පලිබොධට‍්ඨිතීති වුත‍්තා. සඤ‍්ඤොගභූතා ඨිති, පලිබොධභූතා ඨිතීති අත්‍ථො. යස‍්මා අවිජ‍්ජාව සඞ‍්ඛාරෙ උප‍්පාදයමානා උප‍්පාදාය පවත‍්තියා ච මූලකාරණට‍්ඨෙන සමුදයො නාම, සමුදයභූතා ඨිතීති සමුදයට‍්ඨිති, මූලකාරණභූතා ඨිතීති අත්‍ථො. අවිජ‍්ජාව සඞ‍්ඛාරානං උප‍්පාදෙ ජනකපච‍්චයත‍්තා, පවත‍්තියං උපත්‍ථම‍්භකපච‍්චයත‍්තා හෙතුට‍්ඨිති පච‍්චයට‍්ඨිතීති වුත‍්තා, හෙතුභූතා ඨිති, පච‍්චයභූතා ඨිතීති අත්‍ථො. ජනකපච‍්චයො හි හෙතූති, උපත්‍ථම‍්භකො පච‍්චයොති වුච‍්චති. එවං සෙසෙසුපි යොජෙතබ‍්බං.

ධම්මට්ඨිති ඤාණ නිර්දේශයෙහි, අවිජ්ජා සංඛාරානං උප්පාදට්ඨිති ආදීන්හි එය කරණකොට සංස්කාර සිටිනුයි ඨිතියි. එය කවරක් වන්නේද? අවිද්‍යාවයි. එය ඉපිදවීමට, නිපදවීමට ස්ථිතියට කරුණු වූයේනුයි උත්පාද ස්ථිතියි. උපන්නවුන්ගේ පැවැත්මෙහිද හේතුවූයේ නුයි = පවත්තට්ඨිතීයි. කිසිසේත් ජනක ප්‍රත්‍යයට, උපදවන උපදවන ක්‍ෂණයම කෘත්‍යයෙහි බලය වේ. ඉන් හටගත්තවුන්ගේම පැවැත්ම හෙයින් ස්වකීය ක්‍ෂණයෙහි ප්‍රවෘත්තියෙහිද කරුණ නම් වේ. නොකඩවා පැවතීම් වශයෙන්ද, පැවැත්වෙන කාරණයයැයිද අර්ථයි. පවත්තං යනු මෙය නපුංසක වචනයි. එහෙයින් පවත්තං, යනුද පවත්ති යනුද එක් අර්ථයි. පවත්ති ශබ්දය ප්‍රකට හෙයින් එය සමග යොදා අර්ථය කීයේය. භාවාර්ථයෙහිද, ඨිති ශබ්දයාගේ සිද්ධවන හෙයින් මෙහි භාවාර්ථයෙහි ඨිති ශබ්දය යොදන ලදී. ඨිති ශබ්දය කාරණයෙහි දැක්වීම සඳහා නිමිත්තට්ඨි යයි යූ.සේයි. නිමිති වූ ස්ථිතියයි අර්ථයි. කරුණු වූයේයයි යූ.සේයි. හුදෙක් නිමිති මාත්‍රයම නොවේ. තවද සංස්කාර ඉපිදවීමෙහි උත්සාහ වන්නාක් මෙන් වී රැස් කරයි. උත්සාහ කරයි යයි ප්‍රත්‍යය සමතාවය දක්වන්නේ ආයූහනට්ඨිති යයි වදාළහ. රැස්කිරීම් ස්වභාවය වූ ස්ථිතියයි අර්ථයි. අවිද්‍යාව සංස්කාරයන් උපදවනු ලබන්නේ, උත්පාදයෙහි මනාව යොදවයි නමැ. ගටයි යන අර්ථයි. සංස්කාරයන් පවත්වනු ලබන්නේ පැවැත්මෙහි පළිබෝධ කරයි නමැ. බඳීයයි අර්ථයි. එහෙයින් සඤ්ඤොගට්ඨිති පළිබොධට්ඨිති යයි යූ.සේයි. එක්වීම් ස්වභාවය වූ ස්ථිතිය. බාධා ස්වභාවය වූ ස්ථිතිය යන අර්ථයි. අවිද්‍යාව සංස්කාරයන් උපදවනු ලබන්නේ ඉපැත්මෙහිද, පැවැත්මෙහිද මුල් කාරණාර්ථයෙන් සමුදය නමැ. සමුදය වූ ස්ථිතිය සමුදයට්ඨිතියි මුල් කාරණය වූ ස්ථිතියයි යන අර්ථයි. අවිද්‍යාවම සංස්කාරයන්ගේ ඉපැත්මෙහි ජනක ප්‍රත්‍යය බැවින් පැවැත්මෙහි උපකාර වන හෙයින් හෙතුට්ඨිති පච්චයට්ඨිතියි යූ.සේයි. හේතු වූ ස්ථිතිය, ප්‍රත්‍යය වූ ස්ථිතියයි අර්ථයි. ජනක ප්‍රත්‍යය වනාහි හේතු වූයේනුයි උපස්ථම්භක ප්‍රත්‍යයයි කියති. සෙස්සෙහිද මෙසේ යෙදිය යුතුය.

භවො ජාතියා, ජාති ජරාමරණස‍්සාති එත්‍ථ පන උප‍්පාදට‍්ඨිති සඤ‍්ඤොගට‍්ඨිති හෙතුට‍්ඨිතීති උප‍්පාදවසෙන යොජිතානි පදානි ජාතිජරාමරණවන‍්තානං ඛන්‍ධානං වසෙන පරියායෙන වුත‍්තානීති වෙදිතබ‍්බානි. කෙචි පන “උප‍්පාදාය ඨිති උප‍්පාදට‍්ඨිතී”ති එවමාදිනා නයෙනෙත්‍ථ අත්‍ථං වණ‍්ණයන‍්ති. අවිජ‍්ජා පච‍්චයොති අවිජ‍්ජාය සඞ‍්ඛාරානං පච‍්චයභාවං අපෙක‍්ඛිත්‍වා වුත‍්තං. අවිජ‍්ජායපි පච‍්චයසම‍්භූතත‍්තා තස‍්සා අපි පච‍්චයපරිග‍්ගහණදස‍්සනත්‍ථං උභොපෙතෙ ධම‍්මා පච‍්චයසමුප‍්පන‍්නාති පච‍්චයපරිග‍්ගහෙ පඤ‍්ඤාති වුත‍්තං. එවං සෙසෙසුපි යොජෙතබ‍්බං. ජාති පච‍්චයො, ජරාමරණං පච‍්චයසමුප‍්පන‍්නන‍්ති පන පරියායෙන වුත‍්තං. අතීතම‍්පි අද‍්ධානන‍්ති අතික‍්කන‍්තම‍්පි කාලං. අනාගතම‍්පි අද‍්ධානන‍්ති අප‍්පත‍්තම‍්පි කාලං. උභයත්‍ථාපි අච‍්චන‍්තසංයොගත්‍ථෙ උපයොගවචනං.

භවො ජාතියා ජාති ජරාමරණස්ස යන මෙහි වනාහි උත්පාද ස්ථිතිය, සඤ්ඤොගස්ථිතිය, හේතුස්ථිතිය, යන ඉපැත්ම වශයෙන් යොදන ලද පද, ජාති, ජරා, මරණවත් ස්කන්ධයන්ගේ වශයෙන් පර්යායෙන් යූ.සේයි. සමහරු වනාහි උත්පාදයෙන් ස්ථිතියනුයි > උත්පාදස්ථිතිය යැයි මේ ආදී ක්‍රමයෙන් මෙහි අර්ථ වර්ණනා කරති. අවිජ්ජා පච්චයො යනු අවිද්‍යාවට සංස්කාරයන්ගේ ප්‍රත්‍යයභාවය අපේක්‍ෂාකොට යූ.සේයි. අවිද්‍යාවද ප්‍රත්‍යයෙන් හටගත් හෙයින් එහිද, ප්‍රත්‍ය පරිග්‍රහණ දැක්වීම සඳහා ‘එම ධර්මද්වයයම ප්‍රත්‍යයයෙන් හටගත්තාහුයැයි අවබෝධය ප්‍රත්‍යය පරිග්‍රහණයෙහි ප්‍රඥාවයැයි යූ.සේයි. සෙස්සෙහිද මෙසේ යෙදිය යුතුය. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ ප්‍රත්‍යය සමුත්පන්නයැයි ඒ අයුරින් යූ.සේයි. අතීතම්පි අද්ධානං යනු ඉක්මගියා වූද කාලයයි. අනාගතම්පි අද්ධානං යනු අසමප්‍රාප්ත කාලයයි. දෙයාකාරයෙන්ම අත්‍යත්ත සංයෝගාර්ථයෙහි ද්විතියා වචනයි.

ඉදානි නවාකාරවාරානන‍්තරං තෙ නවාකාරෙ විහාය හෙතුපටිච‍්චපච‍්චයපදෙහෙව යොජෙත්‍වා අවිජ‍්ජා හෙතු, සඞ‍්ඛාරා හෙතුසමුප‍්පන‍්නාතිආදයො තයො වාරා නිද‍්දිට‍්ඨා. නවාකාරවාරෙ ජනකඋපත්‍ථම‍්භකවසෙන පච‍්චයො වුත‍්තො. ඉධ පන හෙතුවාරස‍්ස පච‍්චයවාරස‍්ස ච විසුං ආගතත‍්තා හෙතූති ජනකපච‍්චයත‍්තං, පච‍්චයොති උපත්‍ථම‍්භකපච‍්චයත‍්තං වෙදිතබ‍්බං එකෙකස‍්සාපි අවිජ‍්ජාදිකස‍්ස පච‍්චයස‍්ස උභයථා සම‍්භවතො. පටිච‍්චවාරෙ අවිජ‍්ජා පටිච‍්චාති අත‍්තනො උප‍්පාදෙ සඞ‍්ඛාරානං අවිජ‍්ජාපෙක‍්ඛත‍්තා සඞ‍්ඛාරෙහි අවිජ‍්ජා පටිමුඛං එතබ‍්බා ගන‍්තබ‍්බාති පටිච‍්චා. එතෙන අවිජ‍්ජාය සඞ‍්ඛාරුප‍්පාදනසමත්‍ථතා වුත‍්තා හොති. සඞ‍්ඛාරා පටිච‍්චසමුප‍්පන‍්නාති සඞ‍්ඛාරා අවිජ‍්ජං පටිච‍්ච තදභිමුඛං පවත‍්තනතො පටිමුඛං කත්‍වා න විහාය සමං උප‍්පන‍්නා. එවං සෙසෙසුපි ලිඞ‍්ගානුරූපෙන යොජෙතබ‍්බං. අවිජ‍්ජා පටිච‍්චාති උස‍්සුක‍්කවසෙන වා පාඨො, අත්‍ථො පනෙත්‍ථ අවිජ‍්ජා අත‍්තනො පච‍්චයෙ පටිච‍්ච පවත‍්තාති පාඨසෙසවසෙන යොජෙතබ‍්බො. එවං සෙසෙසුපි. චතූසුපි ච එතෙසු වාරෙසු ද‍්වාදසන‍්නං පටිච‍්චසමුප‍්පාදඞ‍්ගානං පච‍්චයස‍්සෙව වසෙන ධම‍්මට‍්ඨිතිඤාණස‍්ස නිද‍්දිසිතබ‍්බත‍්තා අවිජ‍්ජාදීනං එකාදසන‍්නංයෙව අඞ‍්ගානං වසෙන ධම‍්මට‍්ඨිතිඤාණං නිද‍්දිට‍්ඨං, ජරාමරණස‍්ස පන අන‍්තෙ ඨිතත‍්තා තස‍්ස වසෙන න නිද‍්දිට‍්ඨං. ජරාමරණස‍්සාපි සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසානං පච‍්චයත‍්තා ජරාමරණං තෙසං පච‍්චයං කත්‍වා උපපරික‍්ඛමානස‍්ස තස‍්සාපි ජරාමරණස‍්ස වසෙන ධම‍්මට‍්ඨිතිඤාණං යුජ‍්ජතෙව.

නවාකාර වාරයට අනතුරුව, එම නවාකාරයන්, විහාය හේතු, පටිච්ච-පච්චය යන පදයන්හිම යොදා ‘අවිජ්ජා හෙතු, සංඛාරා හෙතු සමුප්පන්නා’ යනාදී වාරත්‍රය නිර්දිෂ්ට නවාකාර වාරයෙහි ජනක, උපස්ථම්භක වශයෙන් ප්‍රත්‍යය යූ.සේයි. මෙහි වනාහි හේතු වාරයාගේද, ප්‍රත්‍යය වාරයාගේද, වෙන්ව ආ හෙයින් හෙතු යනු ජනක ප්‍රත්‍යයතාවයි. පච්චයො යනු උපස්ථම්භක ප්‍රත්‍යයතාව දතයුතුය. තනි තනිවූද, අවිද්‍යාදී ප්‍රත්‍යයාගේ දෙඅයුරින් හටගන්නා හෙයින් පටිච්ච වාරයෙහි, අවිජ්ජා පටිච්ච යනු උත්පාදයෙහි සංස්කාරයන්ට අවිද්‍යාපේක්‍ෂා හෙයින් සංස්කාරයන්ගෙන් අවිද්‍යාව ප්‍රතිමුඛව යායුතුයි. ගමන් කළයුතුයිනුයි පටිච්ච නමැ. එයින් අවිද්‍යාවගේ සංස්කාර ඉපදවීමෙහි සමර්ථතාවය යූ.සේයි. සංඛාරා පටිච්ච සමුප්පන්නා යනු සංස්කාර අවිද්‍යාව හේතුකොට එයට අභිමුඛව පවත්නා හෙයින් ප්‍රතිමුවහැර සමව උපන්නාහ. මෙසේ සෙස්සෙහිද ලිංගානුරූපයෙන් යෙදිය යුතුය. අවිජ්ජා පටිච්ච යනු උත්සාහවත් වීම් වශයෙන් හෝ පාඨයි. මෙහි අර්ථය වනාහි අවිද්‍යාව තම ප්‍රත්‍යයන් නිසා පැවැත්තාහයි පාඨ ශේෂ වශයෙන් යෙදිය යුතුය. මෙසේ සෙසු සතරෙහිද, ඒ දොළොස් ප්‍රතීත්‍ය සමුත්පාදාංගයන්ට ප්‍රත්‍යය වීම් වශයෙන් ධර්මස්ථිති ඤාණය නිර්දේශ කළයුතු හෙයින් අවිද්‍යාදී එකොළොස් අංගයන්ගේ වශයෙන් ධර්මස්ථිති ඤාණය නිර්දිෂ්ටය. ජරාමරණය වනාහි අන්තයෙහි සිටි හෙයින් ඒ වශයෙන් විස්තර කරන ලදී. ජරාමරණයටද, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාසයන්ගේ ප්‍රත්‍යතාව හෙයින්, ජරාමරණ ඒවාට ප්‍රත්‍යය කොට පරීක්‍ෂා කරන්නහුට ඒ ජරාමරණයාගේ වශයෙන් ධර්මස්ථිති ඤාණය යෙදේමය.

ඉදානි තානෙව ද‍්වාදස පටිච‍්චසමුප‍්පාදඞ‍්ගානි වීසතිආකාරවසෙන විභජිත්‍වා චතුසඞ‍්ඛෙපතියද‍්ධතිසන්‍ධියො දස‍්සෙත්‍වා ධම‍්මට‍්ඨිතිඤාණං නිද‍්දිසිතුකාමො පුරිමකම‍්මභවස‍්මින‍්තිආදිමාහ. තත්‍ථ පුරිමකම‍්මභවස‍්මින‍්ති පුරිමෙ කම‍්මභවෙ, අතීතජාතියං කම‍්මභවෙ කරියමානෙති අත්‍ථො. මොහො අවිජ‍්ජාති යො තදා දුක‍්ඛාදීසු මොහො, යෙන මූළ‍්හො කම‍්මං කරොති, සා අවිජ‍්ජා. ආයූහනා සඞ‍්ඛාරාති තං කම‍්මං කරොන‍්තස‍්ස පුරිමචෙතනායො, යථා “දානං දස‍්සාමී”ති චිත‍්තං උප‍්පාදෙත්‍වා මාසම‍්පි සංවච‍්ඡරම‍්පි දානූපකරණානි සජ‍්ජෙන‍්තස‍්ස උප‍්පන‍්නා පුරිමචෙතනායො. පටිග‍්ගාහකානං පන හත්‍ථෙ දක‍්ඛිණං පතිට‍්ඨාපයතො චෙතනා භවොති වුච‍්චති. එකාවජ‍්ජනෙසු වා ඡසු ජවනෙසු චෙතනා ආයූහනා සඞ‍්ඛාරා නාම, සත‍්තමජවනෙ චෙතනා භවො. යා කාචි වා පන චෙතනා භවො, තංසම‍්පයුත‍්තා ආයූහනා සඞ‍්ඛාරා නාම.

දැන් ඒ දොළොස් ප්‍රතීත්‍ය සමුත්පාද අංගයන් විසි ආකාර වශයෙන් බෙදා, සිව්සංක්‍ෂෙප, ත්‍රියර්ධ, ත්‍රිසන්න්‍ධීන් දක්වා ධර්මස්ථිති ඤාණය විස්තර කරනු කැමැත්තේ, පුරිම කම්ම භවස්මිං යනාදිය වදාළහ. එහි පුරිම කම්ම භවස්මිං යනු පෙර කර්මභවයෙහි, අතීත ජාතියෙහිදී කර්මභවයන් කරනු ලබන කල්හිය යන අර්ථයි. මොහො අවිජ්ජා යනු දුක්ඛාදීන් විඳීමෙහිදී එකල්හි යම් මෝහයක් වේද? යමෙකින් මුළා වූයේ කර්ම කෙරේද? එය අවිද්‍යා වන්නේය. ආයූහනා සංඛාරා යනු ඒ කර්ම කරන්නහුගේ පළමු චේතනාවෝයි. යම්සේ දනක් දෙන්නෙමියි සිතක් උපදවා මසක්ද, වසරක්ද, දානෝපකරණ පිළියෙල කරන්නහුට උපන් පළමු චේතනාවෝයි. ප්‍රතිග්‍රාහකයින්ගේ, හස්තයෙහි දක්‍ෂිණාව පිහිටුවන කල්හි වන චේතනාව භවයයි කියනු ලැබේ. ඒකාවර්ජනයන්හි හෝ ෂට් ජවනයන්හි චේතනාව ආයූහන සංස්කාර නමැ. සත්වන ජවන චේතනාව භවයයි. යම්කිසි චේතනා භවයක් වන්නීද? ඒ හා සම්ප්‍රයුක්ත රැස්කිරීම් සංස්කාර නමැ.

නිකන‍්ති තණ‍්හාති යා කම‍්මං කරොන‍්තස‍්ස තස‍්ස ඵලෙ උපපත‍්තිභවෙ නිකාමනා පත්‍ථනා, සා තණ‍්හා නාම. උපගමනං උපාදානන‍්ති යං කම‍්මභවස‍්ස පච‍්චයභූතං “ඉමස‍්මිං නාම කම‍්මෙ කතෙ කාමා සම‍්පජ‍්ජන‍්තී”ති වා “ඉදං කත්‍වා අසුකස‍්මිං නාම ඨානෙ කාමෙ සෙවිස‍්සාමී”ති වා “අත‍්තා උච‍්ඡින‍්නො සුඋච‍්ඡින‍්නො හොතී”ති වා “සුඛී හොතිං විගතපරිළාහො”ති වා “සීලබ‍්බතං සුඛෙන පරිපූරතී”ති වා පවත‍්තං උපගමනං දළ‍්හගහණං, ඉදං උපාදානං නාම. චෙතනා භවොති ආයූහනාවසානෙ වුත‍්තා චෙතනා භවො නාම. පුරිමකම‍්මභවස‍්මින‍්ති අතීතජාතියා කම‍්මභවෙ කරියමානෙ පවත‍්තා. ඉධ පටිසන්‍ධියා පච‍්චයාති පච‍්චුප‍්පන‍්නපටිසන්‍ධියා පච‍්චයභූතා.

නිකන්ති තණ්හා යනු යම් කර්මයක් කරන්නහුට ඒ ඵලයට අදාළ උත්පත්ති භවයෙහි, ආශා කිරීමක් ප්‍රාර්ථනා කිරීමක් වන්නේද, එය තෘෂ්ණා නමැ. උපගමනං උපාදානං යනු කර්මභවයට ප්‍රත්‍යය වූ, මෙනම් කර්මය කළ කල්හි කාමයෝ සම්පූර්ණ වෙති. මෙය කොට අසවල් නම් තැන කාමයන් සේවනය කරන්නෙමියි හෝ ආත්මය සිඳුණේ හෝ මනාව සිඳුණේ හෝ වේයයි, සුවපත් වූයේ පහවූ දාහ ඇත්තේ යයි හෝ, සීල හෝ ව්‍රත සුවසේ සම්පූර්ණ කෙරෙයි හෝ පැවති එළඹීම, දෘඪ ග්‍රහණය මෙය උපාදාන නමැ. චේතනා භවොති රැස්කිරීම් අවසානයෙහි කියන ලද, චේතනාව භව නමැ. පුරිමකම්ම භවස්මිං යනු අතීත ජාතියෙහිදී කර්ම භවයන් කරනු ලබන කල්හි පැවැත්තා වූ. ඉධ පටිසන්‍ධියා පච්චයා යනු වර්තමාන ප්‍රතිසන්ධියට හේතුව වූ,

ඉධ පටිසන්‍ධි විඤ‍්ඤාණන‍්ති යං පච‍්චුප‍්පන‍්නභවස‍්ස භවන‍්තරපටිසන්‍ධානවසෙන උප‍්පන‍්නත‍්තා පටිසන්‍ධීති වුච‍්චති, තං විඤ‍්ඤාණං. ඔක‍්කන‍්ති නාමරූපන‍්ති යා ගබ‍්භෙ රූපාරූපධම‍්මානං ඔක‍්කන‍්ති ආගන‍්ත්‍වා පවිසනං විය, ඉදං නාමරූපං. පසාදො ආයතනන‍්ති යො පසන‍්නභාවො, ඉදං ආයතනං. ජාතිග‍්ගහණෙන එකවචනං කතං. එතෙන චක‍්ඛාදීනි පඤ‍්චායතනානි වුත‍්තානි. “පභස‍්සරමිදං, භික‍්ඛවෙ, චිත‍්තං, තඤ‍්ච ඛො ආගන‍්තුකෙහි උපක‍්කිලෙසෙහි උපක‍්කිලිට‍්ඨ”න‍්ති (අ· නි· 1.49) එත්‍ථ භවඞ‍්ගචිත‍්තං අධිප‍්පෙතන‍්ති වචනතො ඉධාපි මනායතනස‍්ස විපාකභූතත‍්තා, තස‍්ස ච කිලෙසකාලුස‍්සියාභාවෙන පසන‍්නත‍්තා පසාදවචනෙන මනායතනම‍්පි වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. ඵුට‍්ඨො ඵස‍්සොති යො ආරම‍්මණං ඵුට‍්ඨො ඵුසන‍්තො උප‍්පන‍්නො, අයං ඵස‍්සො. වෙදයිතං වෙදනාති යං පටිසන්‍ධිවිඤ‍්ඤාණෙන වා සළායතනපච‍්චයෙන වා ඵස‍්සෙන සහ උප‍්පන‍්නං විපාකවෙදයිතං, අයං වෙදනා. ඉධුපපත‍්තිභවස‍්මිං පුරෙකතස‍්ස කම‍්මස‍්ස පච‍්චයාති පච‍්චුප‍්පන‍්නෙ විපාකභවෙ අතීතජාතියං කතස‍්ස කම‍්මස‍්ස පච‍්චයෙන පවත‍්තන‍්තීති අත්‍ථො.

ඉධ පටිසන්‍ධි විඤ්ඤාණං යනු වර්තමාන භවයාගේ භව අතර ගැළපීම් වශයෙන් උපන් හෙයින් ප්‍රතිසන්ධි යයි කියයි. ඒ විඤ්ඤාණයයි. ඔක්කන්ති නාමරූපං යනු ගර්භයෙහි පිටතින් පැමිණ පිවිසෙන්නාක් මෙන් රූපාරූප ධර්මයන්ගේ පිහිටීමක් වේද? මෙම නාමරූපයයි. පසාදො ආයතනං යනු, යම් ප්‍රසන්න භාවයක් වේද, මෙය ආයතනයයි. ජාති ග්‍රහණයෙන් ඒකවචනයෙන් කරන ලදී. මෙයින් ඇස් ආදී ආයතන පංචකය යූ.සේයි. මහණෙනි, මේ සිත ඉතාමත් බබලන සුළුය. එය වනාහි පිටතින් පැමිණෙන අපද්‍රව්‍යයන්ගෙන් කිළිටි වී ඇත යන මෙහි භවංග සිත අදහස් කරන ලද්දේයයි යන වචනයෙන් මෙහිද මනායතනයාගේ විපාක ස්වභාව හෙයින් ඒ කෙලෙස් කාලුෂ්‍යයාගේ අභාවයෙන්, ප්‍රසන්න හෙයින් ප්‍රසාද වචනයෙන් මනායතනය යූ.සේයි. ඵුට්ඨො ඵස්සො යනු යම් අරමුණක් ස්පර්ශ කරන ලද්දේද, ස්පර්ශ කරමින් හටගත්තේ වේද, මේ ස්පර්ශය නමැ. වෙදයිතං වෙදනා යනු යම් ප්‍රතිසන්ධි විඤ්ඤාණයෙන් හෝ ෂට් ආයතන ප්‍රත්‍යයෙන් හෝ ස්පර්ශය සමග උපන් විපාක විඳීමයි. මේ වෙදනා නමැ. ඉධූපපත්ති භවසමිං පුරෙ කතස්ස කම්මස්ස පච්චයා යනු වර්තමාන විපාක භවයෙහි අතීත ජාතියෙහි කළ කර්මයාගේ ප්‍රත්‍යයෙන් පවත්නාහුයයි අර්ථයි.

ඉධ පරිපක‍්කත‍්තා ආයතනානන‍්ති පරිපක‍්කායතනස‍්ස කම‍්මකරණකාලෙ මොහාදයො දස‍්සිතා. ආයතිං පටිසන්‍ධියාති අනාගතෙ පටිසන්‍ධියා. ආයතිං පටිසන්‍ධි විඤ‍්ඤාණන‍්තිආදීනි වුත‍්තත්‍ථානි.

ඉධ පරිපක්කත්තා ආයතනානං වර්තමාන භවයෙහි ආයතනයන් මුහුකුරා ගිය බැවින් කර්ම කරන කල්හි වන මෝහාදීන් දක්වන ලදී. ආයතිං පටිසන්‍ධියා යනු අනාගත ප්‍රතිසන්ධිය සඳහා ආයතිං පටිසන්‍ධි විඤ්ඤාණං යනාදිය කියන ලද අර්ථයමය.

කථං පන ද‍්වාදසහි පටිච‍්චසමුප‍්පාදඞ‍්ගෙහි ඉමෙ වීසති ආකාරා ගහිතා හොන‍්තීති? අවිජ‍්ජා සඞ‍්ඛාරාති ඉමෙ ද‍්වෙ අතීතහෙතුයො සරූපතො වුත‍්තා. යස‍්මා පන අවිද‍්වා පරිතස‍්සති, පරිතස‍්සිතො උපාදියති, තස‍්සුපාදානපච‍්චයා භවො, තස‍්මා තෙහි ද‍්වීහි ගහිතෙහි තණ‍්හුපාදානභවාපි ගහිතාව හොන‍්ති. පච‍්චුප‍්පන‍්නෙ විඤ‍්ඤාණනාමරූපසළායතනඵස‍්සවෙදනා සරූපතො වුත‍්තායෙව. තණ‍්හුපාදානභවා පච‍්චුප‍්පන‍්නහෙතුයො සරූපතො වුත‍්තා . භවෙ පන ගහිතෙ තස‍්ස පුබ‍්බභාගා තංසම‍්පයුත‍්තා වා සඞ‍්ඛාරා ගහිතාව හොන‍්ති, තණ‍්හුපාදානග‍්ගහණෙන ච තංසම‍්පයුත‍්තා. යාය වා මූළ‍්හො කම‍්මං කරොති, සා අවිජ‍්ජා ගහිතාව හොති. අනාගතෙ ජාති ජරාමරණන‍්ති ද‍්වෙ සරූපෙන වුත‍්තානි, ජාතිජරාමරණග‍්ගහණෙනෙව පන විඤ‍්ඤාණාදීනි පඤ‍්ච අනාගතඵලානි ගහිතානෙව හොන‍්ති. තෙසංයෙව හි ජාතිජරාමරණානීති එවං ද‍්වාදසහි අඞ‍්ගෙහි වීසති ආකාරා ගහිතා හොන‍්ති.

දොළොස් ප්‍රතීත්‍ය සමුත්පාදයන්ගෙන් මේ විසි ආකාරයෝ කෙසේ ගන්නා ලද්දේ වෙත්ද? අවිද්‍යා සංස්කාර යන මේ අතීත හේතු ද්වයය ස්වරූප වශයෙන් කියන ලදී. යම් හෙයකින් වනාහි අඥානයා ආශාවෙන් පීඩිත වූයේ දෘඪව අල්ලා ගනී. ඒ දෘඪ අල්ලා ගැනීම් හේතුයෙන් භවය වේ. එහෙයින් ඒ ද්වයය ගත් කල්හි තෘෂ්ණා, උපාදාන භවද ගන්නා ලද්දේම වෙත්. ප්‍රත්‍යුත්පන්න විඤ්ඤාණයෙහි නාමරූප සළායතන, ඵස්ස, වේදනා, ස්වරූප වශයෙන් කියන ලද්දේමය. භවය ගත්කල්හි, එයට පූර්වභාග වූ, ඒ හා යෙදුණු සංස්කාර ගන්නා ලද්දේම වෙයි. තෘෂ්ණා උපාදාන ග්‍රහණයෙන් ඒ හා සම්ප්‍රයුක්තයෝ ගන්නා ලද්දෝම වෙති. යමක් කරණකොට මුලා වූයේ ක්‍රියාවක් කෙරේද, එයි. අවිද්‍යාවෙන්ම ගන්නා ලද්දේය. අනාගතයෙහි ජරා මරණ යන ද්වය ස්වරූප වශයෙන් කියන ලදී. ජරාමරණ ග්‍රහණයෙන්ම විඤ්ඤාණාදී පස් අනාගත ඵල ගන්නා ලද්දේම වෙයි. ඒ ජාති ජරා මරණයන්හිම යයි මෙසේ දොළොස් අංගයන්ගෙන් විසි ආකාර ගන්නා ලද්දේම වෙති.

“අතීතෙ හෙතවො පඤ‍්ච, ඉදානි ඵලපඤ‍්චකං; ඉදානි හෙතවො පඤ‍්ච, ආයතිං ඵලපඤ‍්චක”න‍්ති. –

අතීතෙ හෙතවො පඤ්ච - ඉදානි ඵල පඤ්චකං, ඉදිනා හෙතවො පඤ්ච - ආයතිං ඵල පඤ්චක’න්ති

අතීත හේතු පංචකයකි. දැන් විපාක පංචකයකි. වර්තමානයේ හේතු පංචකයකි. මත්තෙහි විපාක පංචකයකි.

ගාථාය අයමෙවත්‍ථො වුත‍්තො. ඉතිමෙති ඉති ඉමෙ. ඉති ඉමෙති වා පාඨො.

ගාථාවෙන්ද මෙම අර්ථයම යූ.සේයි. ඉතිමෙති ඉතිමෙ මෙසේ මොවුහු යනුද පාඨයි.

චතුසඞ‍්ඛෙපෙති චතුරො රාසී. අතීතෙ පඤ‍්ච හෙතුධම‍්මා එකො හෙතුසඞ‍්ඛෙපො, පච‍්චුප‍්පන‍්නෙ පඤ‍්ච ඵලධම‍්මා එකො ඵලසඞ‍්ඛෙපො, පච‍්චුප‍්පන‍්නෙ පඤ‍්ච හෙතුධම‍්මා එකො හෙතුසඞ‍්ඛෙපො, අනාගතෙ පඤ‍්ච ඵලධම‍්මා එකො ඵලසඞ‍්ඛෙපො.

චතුසංඛෙපෙ යනු සිව්රාසියි. අතීතයෙහි පංච හේතුධර්ම එක් හේතු සංක්‍ෂේපයකි. වර්තමානයෙහි පංච විපාක ධර්ම එක් විපාක සංක්‍ෂේපයකි. වර්තමානයෙහි පංච හේතුධර්ම එක් හේතු සංක්‍ෂේපයකි. අනාගතයෙහි පංච විපාක ධර්ම එක් විපාක සංක්‍ෂේපයකි.

තයො අද‍්ධෙති තයො කාලෙ. පඨමපඤ‍්චකවසෙන අතීතකාලො, දුතියතතියපඤ‍්චකවසෙන පච‍්චුප‍්පන‍්නකාලො, චතුත්‍ථපඤ‍්චකවසෙන අනාගතකාලො වෙදිතබ‍්බො.

තයො අද්ධෙ යනු කාලත්‍රයයෙහි ප්‍රථම පංචකය අතීත කාල වශයෙනි. දෙවන, තෙවන පංචකයන් වර්තමාන කාල වශයෙනි. සිව්වන පංචකය අනාගත කාල වශයෙන් දතයුත්තේය.

තිසන්‍ධින‍්ති තයො සන්‍ධයො අස‍්සාති තිසන්‍ධි, තං තිසන්‍ධිං. අතීතහෙතුපච‍්චුප‍්පන‍්නඵලානමන‍්තරා එකො හෙතුඵලසන්‍ධි, පච‍්චුප‍්පන‍්නඵලඅනාගතහෙතූනමන‍්තරා එකො ඵලහෙතුසන්‍ධි, පච‍්චුප‍්පන‍්නහෙතුඅනාගතඵලානමන‍්තරා එකො හෙතුඵලසන්‍ධි.

තිසන්‍ධිං සන්‍ධිත්‍රයක් වන්නේනුයි තිසන්‍ධියි. ඒ ත්‍රිසන්‍ධිය. අතීත හේතු වර්තමාන ඵලයන් අතර එක් හේතුඵල සන්‍ධියකි. වර්තමාන ඵල හා අනාගත හේතු එක් ඵලහේතු සන්‍ධියකි.

පටිච‍්චසමුප‍්පාදපාළියං සරූපතො ආගතවසෙන පන අවිජ‍්ජාසඞ‍්ඛාරා එකො සඞ‍්ඛෙපො, විඤ‍්ඤාණනාමරූපසළායතනඵස‍්සවෙදනා දුතියො, තණ‍්හුපාදානභවා තතියො, ජාතිජරාමරණං චතුත්‍ථො. අවිජ‍්ජාසඞ‍්ඛාරාති ද‍්වෙ අඞ‍්ගානි අතීතකාලානි, විඤ‍්ඤාණාදීනි භවාවසානානි අට‍්ඨ පච‍්චුප‍්පන‍්නකාලානි , ජාතිජරාමරණන‍්ති ද‍්වෙ අනාගතකාලානි. සඞ‍්ඛාරවිඤ‍්ඤාණානං අන‍්තරා එකො හෙතුඵලසන්‍ධි, වෙදනාතණ‍්හානමන‍්තරා එකො ඵලහෙතුසන්‍ධි, භවජාතීනමන‍්තරා එකො හෙතුඵලසන්‍ධි.

ප්‍රතීත්‍ය සමුත්පාද පෙළෙහි ආවා වූ ස්වරූප වශයෙන් අවිද්‍යා සංස්කාර එක් සංක්‍ෂේපයකි. විඤ්ඤාණ නාමරූප, ෂඩායතන, ස්පර්ශ, වේදනා දෙවැන්නය. තෘෂ්ණා, උපාදාන භව තෙවැන්නයි. ජරාමරණ සිව්වැන්නයි. අවිද්‍යා, සංස්කාර අංගද්වය, අතීතකාලිකයි. භව අවසන්කොට ඇති විඤ්ඤාණාදී අට වර්තමානකාලිකය. ජාති, ජරා මරණ යන ද්වය අනාගත කාලිකයි. සංස්කාර විඤ්ඤාණයන් අතර එක් හේතුඵල සන්‍ධියකි. වේදනා තෘෂ්ණා අතර එක් ඵල හේතු සන්‍ධියකි. භවජාතීන් අතර ඒ හේතුඵල සන්‍ධියකි.

වීසතියා ආකාරෙහීති වීසතියා කොට‍්ඨාසෙහි. චතුසඞ‍්ඛෙපෙ ච තයො අද‍්ධෙ ච තිසන්‍ධිං පටිච‍්චසමුප‍්පාදඤ‍්ච වීසතියා ආකාරෙහි ජානාතීති සම‍්බන්‍ධො.

වීසතියා ආකාරෙහි යනු කොටස් විස්සකින්, සිව්රාශී, තෙකල්, ත්‍රිසන්ධි වශයෙන් ප්‍රතීත්‍ය සමුත්පාදය විසි ආකාරයකින් දනීයයි සම්බන්ධයි.

ජානාතීති සුතානුසාරෙන භාවනාරම‍්භඤාණෙන ජානාති. පස‍්සතීති ඤාතමෙව චක‍්ඛුනා දිට‍්ඨං විය හත්‍ථතලෙ ආමලකං විය ච ඵුටං කත්‍වා ඤාණෙනෙව පස‍්සති. අඤ‍්ඤාතීති දිට‍්ඨමරියාදෙනෙව ආසෙවනං කරොන‍්තො ඤාණෙනෙව ජානාති. මරියාදත්‍ථො හි එත්‍ථ ආකාරො. පටිවිජ‍්ඣතීති භාවනාපාරිපූරියා නිට‍්ඨං පාපෙන‍්තො ඤාණෙනෙව පටිවෙධං කරොති. සලක‍්ඛණවසෙන වා ජානාති, සරසවසෙන පස‍්සති, පච‍්චුපට‍්ඨානවසෙන අඤ‍්ඤාති, පදට‍්ඨානවසෙන පටිවිජ‍්ඣති.

ජානාති ඇසූ ආකාරයෙන් භාවනා අරඹන නුවණින් දනියි. පස්සති යනු දතුයේම, ඇසින් දුටු මෙන් අත්තල නෙල්ලිගෙඩියක් මෙන්, ස්පර්ශකොට ඤාණයෙන්ම දකියි. අඤ්ඤාති යනු, දුටු ආකාරයන්ම සෙවුණේ නුවණින්ම දනියි. මෙහි මරියාදාර්ථය ආකාරයෙහිය. පටිවිජ්ඣති යනු භාවනා සම්පූර්ණත්වයෙහි නිෂ්ඨාවට පමුණුවන්නේ නුවණින්ම අවබෝධ කරයි. වැටහෙන කරුණ වශයෙන් දනියි. ආසන්න කරුණ වශයෙන් අවබෝධ කරයි.

තත්‍ථ පටිච‍්චසමුප‍්පාදොති පච‍්චයධම‍්මා වෙදිතබ‍්බා. පටිච‍්චසමුප‍්පන‍්නා ධම‍්මාති තෙහි තෙහි පච‍්චයෙහි නිබ‍්බත‍්තධම‍්මා. කථමිදං ජානිතබ‍්බන‍්ති චෙ? භගවතො වචනෙන. භගවතා හි පටිච‍්චසමුප‍්පාදපටිච‍්චසමුප‍්පන‍්නධම‍්මදෙසනාසුත‍්තෙ –

එහි පටිච්ච සමුප්පාදො යනු ප්‍රත්‍යය ධර්මයන් දතයුත්තාහ. පටිච්ච සමුප්පන්න ධම්මා යනු ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් හටගත් ධර්මයි. මෙය කෙසේ දතයුත්තේද යත්. බුදුරදුන්ගේ වදනින්, බුදුරදුන් විසින්, ප්‍රතීත්‍ය සමුත්පාද, ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්ම දේශනා සූත්‍රයෙහි,

“කතමො ච, භික‍්ඛවෙ, පටිච‍්චසමුප‍්පාදො, ජාතිපච‍්චයා, භික‍්ඛවෙ, ජරාමරණං, උප‍්පාදා වා තථාගතානං අනුප‍්පාදා වා තථාගතානං ඨිතාව සා ධාතු ධම‍්මට‍්ඨිතතා ධම‍්මනියාමතා ඉදප‍්පච‍්චයතා, තං තථාගතො අභිසම‍්බුජ‍්ඣති අභිසමෙති, අභිසම‍්බුජ‍්ඣිත්‍වා අභිසමෙත්‍වා ආචික‍්ඛති දෙසෙති පඤ‍්ඤාපෙති පට‍්ඨපෙති විවරති විභජති උත‍්තානීකරොති ‘පස‍්සථා’ති චාහ. ජාතිපච‍්චයා, භික‍්ඛවෙ, ජරාමරණං, භවපච‍්චයා, භික‍්ඛවෙ, ජාති…පෙ… අවිජ‍්ජාපච‍්චයා, භික‍්ඛවෙ, සඞ‍්ඛාරා. උප‍්පාදා වා තථාගතානං…පෙ… උත‍්තානීකරොති ‘පස‍්සථා’ති චාහ. අවිජ‍්ජාපච‍්චයා, භික‍්ඛවෙ, සඞ‍්ඛාරා. ඉති ඛො, භික‍්ඛවෙ, යා තත්‍රත ථතා අවිතථතා අනඤ‍්ඤථතා ඉදප‍්පච‍්චයතා. අයං වුච‍්චති, භික‍්ඛවෙ, පටිච‍්චසමුප‍්පාදො”ති (සං· නි· 2.20) –

මහණෙනි, ප්‍රතීත්‍ය සමුත්පාදය කවරේද? මහණෙනි, ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණයන්ගේ හටගැන්ම තථාගතයන් වහන්සේලාගේ උපන් කල්හිද, තථාගතයන් වහන්සේලාගේ නූපන් කල්හිද, මේ හේතුවෙන් මෙය හටගනී යනු ස්ථිරව පිහිටි ස්වභාවයකි. ධර්ම ස්වභාවයයි. ස්වභාව ධර්ම නියමයයි. එය තථාගතයන් වහන්සේ මනාව අවබෝධ කරති. අවබෝධ කරත්. මනාසේ අවබෝධ කොට, අවබෝධ කොට, කියති. දෙසති. පනවති. පිහිටුවති. විවරණය කරති. බෙදති. නොගැඹුරු කරති. බලවු යයි වදාරති. මහණෙනි, ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මහණෙනි, භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ. -පෙ- මහණෙනි, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ. තථාගතයන් වහන්සේලාගේ උපන් කල්හිද, -පෙ- නොගැඹුරු කරති. බලවු යයි වදාළහ. මහණෙනි, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර වේ. මහණෙනි, මෙසේ වනාහි යම් ඒ මේ හේතුයෙන් මෙය හටගනී යනුවෙන් යමක් වේද? එය සත්‍යතායෙන් යුක්තය. අසත්‍යතායෙන් තොරය. අන් අයුරකින් නොවන්නේය. මහණෙනි, මෙය ප්‍රතීත්‍ය සමුත්පාදයැයි කියනු ලැබේ.

එවං පටිච‍්චසමුප‍්පාදං දෙසෙන‍්තෙන තථතාදීහි වෙවචනෙහි පච‍්චයධම‍්මාව පටිච‍්චසමුප‍්පාදොති වුත‍්තා. තස‍්මා ජරාමරණාදීනං පච‍්චයලක‍්ඛණො පටිච‍්චසමුප‍්පාදො, දුක‍්ඛානුබන්‍ධනරසො කුම‍්මග‍්ගපච‍්චුපට‍්ඨානො, අයම‍්පි සපච‍්චයත‍්තා අත‍්තනො විසෙසපච‍්චයපදට‍්ඨානො.

මෙසේ ප්‍රතීත්‍ය සමුත්පාදය දේශනා කරන්නා වූ බුදුරදුන් විසින් සත්‍යාතාදී සමාන වචනයන්ගෙන් ප්‍රත්‍යය ධර්මයෝම ප්‍රතීත්‍ය සමුත්පාදයයි යූ.සේයි. එහෙයින් ජරාමරණාදීන්ගේ ප්‍රත්‍යය ලක්‍ෂණය ප්‍රතීත්‍ය සමුත්පාදයයි දුක් ලුහුබඳින රසයි. වැරදි මාර්ගය වැටහෙන කරුණයි. මෙයද ප්‍රත්‍යය සහිත හෙයින්. තමාගේ විශේෂ ප්‍රත්‍යය ආසන්න කරුණයි.

උප‍්පාදා වා අනුප‍්පාදා වාති උප‍්පාදෙ වා අනුප‍්පාදෙ වා, තථාගතෙසු උප‍්පන‍්නෙසුපි අනුප‍්පන‍්නෙසුපීති අත්‍ථො. ඨිතාව සා ධාතූති ඨිතොව සො පච‍්චයසභාවො, න කදාචි ජාතිජරාමරණස‍්ස පච‍්චයො න හොතීති අත්‍ථො. ධම‍්මට‍්ඨිතතා ධම‍්මනියාමතා ඉදප‍්පච‍්චයතාති ජාතිපච‍්චයොයෙව. ජාතිපච‍්චයෙන හි ජරාමරණසඞ‍්ඛාතො පච‍්චයසමුප‍්පන‍්නධම‍්මො තදායත‍්තතාය තිට‍්ඨති, ජාතිපච‍්චයොව ජරාමරණධම‍්මං නියමෙති, තස‍්මා ජාති “ධම‍්මට‍්ඨිතතා ධම‍්මනියාමතා”ති වුච‍්චති. ජාතියෙව ඉමස‍්ස ජරාමරණස‍්ස පච‍්චයොති ඉදප‍්පච‍්චයො, ඉදප‍්පච‍්චයොව ඉදප‍්පච‍්චයතා. තන‍්ති තං පච‍්චයං. අභිසම‍්බුජ‍්ඣතීති ඤාණෙන අභිසම‍්බුජ‍්ඣති. අභිසමෙතීති ඤාණෙන අභිසමාගච‍්ඡති. ආචික‍්ඛතීති කථෙති. දෙසෙතීති දස‍්සෙති. පඤ‍්ඤාපෙතීති ජානාපෙති. පට‍්ඨපෙතීති ඤාණමුඛෙ ඨපෙති. විවරතීති විවරිත්‍වා දස‍්සෙති. විභජතීති විභාගතො දස‍්සෙති. උත‍්තානීකරොතීති පාකටං කරොති. ඉති ඛොති එවං ඛො. යා තත්‍රාති යා තෙසු “ජාතිපච‍්චයා ජරාමරණ”න‍්තිආදීසු . සො පනායං පටිච‍්චසමුප‍්පාදො තෙහි තෙහි පච‍්චයෙහි අනූනාධිකෙහෙව තස‍්ස තස‍්ස ධම‍්මස‍්ස සම‍්භවතො තථතාති, සාමග‍්ගිං උපගතෙසු පච‍්චයෙසු මුහුත‍්තම‍්පි තතො නිබ‍්බත‍්තනධම‍්මානං අසම‍්භවාභාවතො අවිතථතාති, අඤ‍්ඤධම‍්මපච‍්චයෙහි අඤ‍්ඤධම‍්මානුප‍්පත‍්තිතො අනඤ‍්ඤථතාති, යථාවුත‍්තානං එතෙසං ජරාමරණාදීනං පච‍්චයතො වා පච‍්චයසමූහතො වා ඉදප‍්පච‍්චයතාති වුත‍්තො. තත්‍රායං වචනත්‍ථො – ඉමෙසං පච‍්චයා ඉදප‍්පච‍්චයා, ඉදප‍්පච‍්චයා එව ඉදප‍්පච‍්චයතා, ඉදප‍්පච‍්චයානං වා සමූහො ඉදප‍්පච‍්චයතා. ලක‍්ඛණං පනෙත්‍ථ සද‍්දසත්‍ථතො වෙදිතබ‍්බන‍්ති.

උප්පාදාවා, අනුප්පාදාවා යනු ඉපැත්මෙහි, නොඉපැත්මෙහි, තථාගතයන් වහන්සේලාගේ උපන් කල්හිද, නූපන් කල්හිද යන අර්ථයි. ඨිතාව සා ධාතු යනු ඒ ප්‍රත්‍යය ස්වභාවය පිහිටියේම කිසිකලෙකත් ජාතිය ජරාමරණයට ප්‍රත්‍යය නොවේයයි යන්න නොවේ යන අර්ථයි. ධම්මට්ඨිත්තා, ධම්ම නියාමතා, ඉදප්පච්චයතා යනාදීන් ජාති ප්‍රත්‍යමය. ඉපැත්මේ හේතුයෙන්, ජරාමරණ සංඛ්‍යාත ප්‍රත්‍යයෙන් හටගත් ධර්ම ඊට අයත් ස්වභාවයෙන් සිටී. ජාති ප්‍රත්‍යය ජරා මරණ ධර්ම නියම කරයි. එහෙයින් ජාතිය (ඉපැත්ම) ධම්මට්ඨිත්තා, ධම්මනියාමතා යැයි කියනු ලබයි. ඉපැත්මම මෙම ජරා මරණයට ප්‍රත්‍යය වේනුයි ඉදප්පච්චයොයි. ඉදප්පච්චයම ඉදප්පච්චයතායි ‘තං’ යනු ඒ ප්‍රත්‍යයයි. ‘අභිසම්බුජ්ඣති’ යනු නුවණින් මනාව අවබෝධ කරයි. ‘අභිසමෙති’ යනු නුවණින් අවබෝධයට පැමිණේ යනුයි. ‘ආවික්ඛත’ යනු කියයි. ‘දෙසෙත’ යනු දක්වයි. ‘පඤ්ඤාපෙති’ යනු දන්වයි. ‘පට්ඨපෙත’ යනු නැණ මුවෙහි තබයි. ‘විවරති’ යනු විවරණය කොට දක්වයි. ‘විභජති’ යනු බෙදීම් වශයෙන් දක්වයි. ‘උත්තානි කරොති’ යනු ප්‍රකට කරයි. ‘ඉති ඛො’ යනු මෙසේ වනාහි ‘යා තත්‍රා’ යනු යම් ඒවා අතරෙහි ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණයයි ආදීන්හි ඒ මේ ප්‍රතීත්‍ය සමුත්පාදය ඒ ඒ ප්‍රත්‍යයන්ගෙන් අඩුවැඩි නොවූයේම ඒ ඒ ස්වභාවයාගේ හටගැනීම වන හෙයින් සත්‍යතායෙන් යුක්තයි. ප්‍රත්‍යයන් එකට එක්වූ කල්හි, මොහොතක් හෝ ඉන් උපදවන ධර්මයන්ගේ හටනොගැනීමක් නොවන හෙයින් නිබොරුය. අන් ධර්ම ප්‍රත්‍යයෙන් අන් ධර්ම නොඋදනා හෙයින් අන්‍යාකාරයක් නොවේ. කියන ලද අයුරින් ඒ ජරා මරණාදීන්ට ප්‍රත්‍යය වශයෙන් හෝ ප්‍රත්‍යය සමූහ වශයෙන් හෝ ‘ඉදප්පච්චයතායි’ යූ.සේයි. ඒ මේ වචනාර්ථයි. මොවුන්ගේ ප්‍රත්‍යය ‘ඉදප්පච්චයා’ ඉදප්පච්චයම - ඉදප්පච්චයතායි. ඉදප්පච්චයන්ගේ සමූහය ඉදප්පච්චයතායි. මෙහි ලක්‍ෂණ ශබ්ද ශාස්ත්‍රයෙන් දතයුතුය.

ධම‍්මට‍්ඨිතිඤාණනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

ධර්මස්ථිති ඥාන නිර්දේශ වර්ණනාව නිමි.