යෙදුමෙන් කියවන්න

5. සම‍්මසනඤාණනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

5. සම‍්මසනඤාණනිද‍්දෙසවණ‍්ණනා

5. සම්මර්ශන ඤාණ නිර්දේශ වර්ණනාව

සම‍්මසනඤාණනිද‍්දෙසෙ යං කිඤ‍්චීති අනවසෙසපරියාදානං. රූපන‍්ති අතිප‍්පසඞ‍්ගනියමනං. එවං පදද‍්වයෙනාපි රූපස‍්ස අසෙසපරිග‍්ගහො කතො හොති. අථස‍්ස අතීතාදිනා විභාගං ආරභති. තඤ‍්හි කිඤ‍්චි අතීතං කිඤ‍්චි අනාගතාදිභෙදන‍්ති. එස නයො වෙදනාදීසුපි. තත්‍ථ රූපං තාව අද‍්ධාසන‍්තතිසමයඛණවසෙන චතුධා අතීතං නාම හොති, තථා අනාගතපච‍්චුප‍්පන‍්නං. තත්‍ථ අද‍්ධාවසෙන තාව එකස‍්ස එකස‍්මිං භවෙ පටිසන්‍ධිතො පුබ‍්බෙ අතීතං, චුතිතො උද‍්ධං අනාගතං, උභින‍්නමන‍්තරෙ පච‍්චුප‍්පන‍්නං. සන‍්තතිවසෙන සභාගඑකඋතුසමුට‍්ඨානං එකාහාරසමුට‍්ඨානඤ‍්ච පුබ‍්බාපරියභාවෙන වත‍්තමානම‍්පි පච‍්චුප‍්පන‍්නං, තතො පුබ‍්බෙ විසභාගඋතුආහාරසමුට‍්ඨානං අතීතං, පච‍්ඡා අනාගතං. චිත‍්තජං එකවීථිඑකජවනඑකසමාපත‍්තිසමුට‍්ඨානං පච‍්චුප‍්පන‍්නං, තතො පුබ‍්බෙ අතීතං, පච‍්ඡා අනාගතං, කම‍්මසමුට‍්ඨානස‍්ස පාටියෙක‍්කං සන‍්තතිවසෙන අතීතාදිභෙදො නත්‍ථි, තෙසඤ‍්ඤෙව පන උතුආහාරචිත‍්තසමුට‍්ඨානානං උපත්‍ථම‍්භනවසෙන තස‍්ස අතීතාදිභාවො වෙදිතබ‍්බො. සමයවසෙන එකමුහුත‍්තපුබ‍්බණ‍්හසායන‍්හරත‍්තින්‍දිවාදීසු සමයෙසු සන‍්තානවසෙන පවත‍්තමානං තං තං සමයං පච‍්චුප‍්පන‍්නං නාම, තතො පුබ‍්බෙ අතීතං, පච‍්ඡා අනාගතං. ඛණවසෙන උප‍්පාදාදිඛණත‍්තයපරියාපන‍්නං පච‍්චුප‍්පන‍්නං, තතො පුබ‍්බෙ අනාගතං, පච‍්ඡා අතීතං. අපිච අතික‍්කන‍්තහෙතුපච‍්චයකිච‍්චං අතීතං, නිට‍්ඨිතහෙතුකිච‍්චමනිට‍්ඨිතපච‍්චයකිච‍්චං පච‍්චුප‍්පන‍්නං, උභයකිච‍්චමසම‍්පත‍්තං අනාගතං. සකිච‍්චක‍්ඛණෙ වා පච‍්චුප‍්පන‍්නං, තතො පුබ‍්බෙ අනාගතං, පච‍්ඡා අතීතං. එත්‍ථ ච ඛණාදිකථාව නිප‍්පරියායා සෙසා සපරියායා.

සම්මස්සන ඤාණ නිර්දේශයෙහි, යංකිඤ්චි යනු සේස රහිතව ගැනීම, රූප යනු අතිශය ඇල්මේ නියමයයි. මෙසේ දෙපදයෙන්ම රූපයාගේ අනවශේෂයෙන් තෘෂ්ණා ග්‍රහණය දක්වයි. නැවත එහි අතීතාදී වශයෙන් බෙදීම අරඹයි. එය වනාහි කිසිවක් අතීතය කිසිවක් අනාගතය යැයි භේදයකි. වේදනාදීන්හි එම ක්‍රමයමැයි. පළමුව එහි රූපය, අද්ධ, සන්තති, සමය, ක්‍ෂණ වශයෙන් අතීතය සතරාකාරයි. අනාගත වර්තමානයද එසේය. එහි කාල වශයෙන්, එක් රූපයකට එක් භවයෙක්හි ප්‍රතිසන්ධි පූර්වයෙහි අතීතයි. චුතියෙන් මත්තෙහි අනාගතයි. ද්වයන්තර වර්තමානයයි. නොකඩවා පැවතීම් වශයෙන් සමාන එක් සෘතුවක් තුළ හටගැනීම එක් අහරකින් හටගැනීම පූර්වාපර භාවයෙන් පවත්නේ වර්තමානයි. ඉන් පෙර අසමාන සෘතු ආහාරයෙන් හටගත්තේ අතීතයි. පසුව වන්නේ අනාගතයි. චිත්තරූප එක් වීථියක, එක් ජවනයක, එක් සමවතක හටගත්තේ වර්තමානයි. ඉන් පෙර වූයේ අතීතයි. පසුව හටගන්නේ අනාගතයි. කර්මජ රූපවල නොකඩවා පැවතීම් වශයෙන් වෙන් වෙන් අතීතාදී භේද නැත. එම සෘතු, ආහාර චිත්ත සමුට්ඨානයන්ට, උපකාර කිරීම් වශයෙන් එහි අතීතාදී භාවයන් දතයුතුය. කාල වශයෙන්, එක් මොහොතක්, පෙරවරු, පස්වරු, රෑදවල් ආදී කාලයන්හි සිත් පරම්පරා වශයෙන් පවත්නා ඒ ඒ කාලය වර්තමානය නමැ. ඉන් පෙර අතීතයි. පසු හටගැනීම් අනාගතයි. ක්‍ෂණ වශයෙන් උත්පාදාදී ක්‍ෂණත්‍රයට ඇතුළත් වූයේ වර්තමානයයි. ඉන් පූර්වයෙහි අනාගතයි. පසුව වූයේ අතීතයි. තවද, ඉක්මගිය හේතු ප්‍රත්‍යය කෘත්‍යය අතීතයි. නිමියා වූ හේතුකෘත්‍යයද, නොනිමි ප්‍රත්‍යය කෘත්‍යයද වර්තමානයි. අසම්ප්‍රාප්ත දෙකිස් අනාගතයි. ස්වකෘත්‍යක්‍ෂණයෙහි හෝ වර්තමානයි. ඉන් පෙර අනාගතයි. පසු අතීතයි. මෙහිද, ක්‍ෂණ ආදී කථා වෙනස් නොකළ හැකිය. සෙස්ස වෙනස් කළ හැකිය.

අජ‍්ඣත‍්තන‍්ති පඤ‍්චසුපි ඛන්‍ධෙසු ඉධ නියකජ‍්ඣත‍්තං අධිප‍්පෙතං, තස‍්මා අත‍්තනො සන‍්තානෙ පවත‍්තං පාටිපුග‍්ගලිකං රූපං අජ‍්ඣත‍්තන‍්ති වෙදිතබ‍්බං. තතො බහිභූතං පන ඉන්‍ද්‍රියබද‍්ධං වා අනින්‍ද්‍රියබද‍්ධං වා රූපං බහිද‍්ධා නාම. ඔළාරිකන‍්ති චක‍්ඛුසොතඝානජිව‍්හාකායරූපසද‍්දගන්‍ධරසඵොට‍්ඨබ‍්බසඞ‍්ඛාතා පථවීතෙජොවායො චාති ද‍්වාදසවිධං රූපං ඝට‍්ටනවසෙන ගහෙතබ‍්බතො ඔළාරිකං. සෙසං පන ආපොධාතු ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං හදයවත්‍ථු ඔජා ආකාසධාතු කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති රූපස‍්ස ලහුතා මුදුතා කම‍්මඤ‍්ඤතා උපචයො සන‍්තති ජරතා අනිච‍්චතාති සොළසවිධං රූපං ඝට‍්ටනවසෙන අගහෙතබ‍්බතො සුඛුමං. හීනං වා පණීතං වාති එත්‍ථ හීනපණීතභාවො පරියායතො නිප‍්පරියායතො ච. තත්‍ථ අකනිට‍්ඨානං රූපතො සුදස‍්සීනං රූපං හීනං, තදෙව සුදස‍්සානං රූපතො පණීතං. එවං යාව නරකසත‍්තානං රූපං, තාව පරියායතො හීනපණීතතා වෙදිතබ‍්බා. නිප‍්පරියායතො පන යත්‍ථ අකුසලවිපාකං උප‍්පජ‍්ජති, තං හීනං. යත්‍ථ කුසලවිපාකං, තං පණීතං. යං දූරෙ සන‍්තිකෙ වාති එත්‍ථ යං සුඛුමං, තදෙව දුප‍්පටිවිජ‍්ඣසභාවත‍්තා දූරෙ. යං ඔළාරිකං, තදෙව සුප‍්පටිවිජ‍්ඣසභාවත‍්තා සන‍්තිකෙ.

අජ්ඣත්තං යනු පංච ස්කන්ධයන්හි ස්වකීය ශරීරය අදහස් කරන ලදී. එහෙයින් තමාගේ සන්තානයෙහි පවත්නා වෙන්වූ පෞද්ගලික රූප අජ්ඣත්තයයි දතයුතුය. ඉන් පිටත වූ, ඉන්‍ද්‍රිය බද්ධ වූ හෝ ඉන්‍ද්‍රිය බද්ධ නුවූ හෝ රූපය බහිද්ධා නමැ. ඔළාරිකං යනු ඇස්, කන්, නාසය, දිව, ශරීරය, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සංඛ්‍යාත වූ පෘථුවි ගිනි, වායු යන දොළොස් ආකාර රූප ගැටීම් වශයෙන් ගතයුතු හෙයින් ඕළාරික නමැ. සෙසු ජලය, ස්ත්‍රීන්‍ද්‍රිය, පුරුෂෙන්‍ද්‍රිය, ජීවිතේන්‍ද්‍රිය, හෘදය වස්තුව, ඕජාව, ආකාශ වස්තුව, කාය, වචී, විඤ්ඤප්ති, රූපයාගේ ලිහිල් බව, මෘදු බව, කර්මණ්‍යතාව, උපචය, සන්තති, ජරතා අනිත්‍යාදී සොළොස් ආකාර රූප ගැටීම් වශයෙන් නොගතයුතු හෙයින් සුඛුමං නමැ. හීනංවා පණීතංවා යන මෙහි උසස් පහත් බව, වෙනස් කළහැකි හා වෙනස් කළ නොහැකි අයුරින් දතයුතුය. අකනිට්ඨයන්ගේ රූපයට වඩා සුදර්ශියේ රූප හීනය. එයම සුදර්ශියේ අනුව බලනවිට ප්‍රණීතය. මෙසේ නිරය දක්වා සත්ත්වයින්ගේ රූපයන් වෙනස් කළහැකි අයුරින් හීන ප්‍රණීතතා දතයුත්තාහ. වෙනස් නොකළ හැකි අයුරින් බලනවිට යම්තැනක අකුසල විපාක උපදීද, එය හීනය. යම්තැනක කුසල් විපාක උපදීද, එය ප්‍රණීතය. යං දූරෙ සන්තිකෙ යන මෙහි යමක් සියුම්ද එයම අවබෝධය දුෂ්කර ස්වභාව හෙයින් දූරෙනමැ. යමක් දැඩිද එයම අවබෝධ කරගැනීම පහසු හෙයින් සන්තිකෙ නමැ.

සබ‍්බං රූපං අනිච‍්චතො වවත්‍ථෙති එකං සම‍්මසනං, දුක‍්ඛතො වවත්‍ථෙති එකං සම‍්මසනං, අනත‍්තතො වවත්‍ථෙති එකං සම‍්මසනන‍්ති එත්‍ථ අයං භික‍්ඛු “යං කිඤ‍්චි රූප”න‍්ති එවං අනියමනිද‍්දිට‍්ඨං සබ‍්බම‍්පි රූපං අතීතත‍්තිකෙන චෙව චතූහි අජ‍්ඣත‍්තාදිදුකෙහි චාති එකාදසහි ඔකාසෙහි පරිච‍්ඡින්‍දිත්‍වා සබ‍්බං රූපං අනිච‍්චතො වවත්‍ථෙති අනිච‍්චන‍්ති සම‍්මසති. කථං? පරතො වුත‍්තනයෙන. වුත‍්තඤ‍්හෙතං – “රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අනිච‍්චං ඛයට‍්ඨෙනා”ති (පටි· ම· 1.48). තස‍්මා එස යං අතීතං රූපං, තං යස‍්මා අතීතෙයෙව ඛීණං, නයිමං භවං සම‍්පත‍්තන‍්ති අනිච‍්චං ඛයට‍්ඨෙන, යං අනාගතං රූපං අනන‍්තරභවෙ නිබ‍්බත‍්තිස‍්සති, තම‍්පි තත්‍ථෙව ඛීයිස‍්සති, න තතො පරං භවං ගමිස‍්සතීති අනිච‍්චං ඛයට‍්ඨෙන, යං පච‍්චුප‍්පන‍්නං රූපං, තං ඉධෙව ඛීයති, න ඉතො ගච‍්ඡතීති අනිච‍්චං ඛයට‍්ඨෙන, යං අජ‍්ඣත‍්තං රූපං, තම‍්පි අජ‍්ඣත‍්තමෙව ඛීයති, න බහිද‍්ධාභාවං ගච‍්ඡතීති අනිච‍්චං ඛයට‍්ඨෙන, යං බහිද‍්ධා ඔළාරිකං සුඛුමං හීනං පණීතං දූරෙ සන‍්තිකෙ, තම‍්පි එත්‍ථෙව ඛීයති, න දූරභාවං ගච‍්ඡතීති අනිච‍්චං ඛයට‍්ඨෙනාති සම‍්මසති. ඉදං සබ‍්බම‍්පි “අනිච‍්චං ඛයට‍්ඨෙනා”ති එතස‍්ස වසෙන එකං සම‍්මසනං, පභෙදතො පන එකාදසවිධං හොති.

සබ්බං රූපං අනිච්චතො වවත්‍ථපෙති. එකං සම්මසනං දුක්ඛතො වවත්‍ථපෙති එකං සම්මසනං අනත්තතො වවත්‍ථපෙති එකංසම්මසනං යන මෙහි මේ භික්‍ෂුව යම්කිසි රූපයක් යැයි මෙසේ අනියමින් දක්වන ලද රූපය, අතීත ත්‍රිකයෙන්ද, සිව් ආධ්‍යාත්මිකාදී, ද්වයයෙන්ද යන එකොළෙස් අවකාශයන්ගෙන් පිරිසිඳ, සියලු රූප අනිත්‍ය වශයෙන් විභාග කරයි. අනිත්‍යයැයි මෙනෙහි කරයි. කෙසේද? වෙනත් කියන ලද පරිද්දෙන්, කියන ලද්දේමය. අතීත, අනාගත, වර්තමාන රූප ක්‍ෂය අර්ථයෙන් අනිත්‍යයි. එහෙයින් ඒ යම් අතීත රූපයක් වූයේද එය යම්හෙයකින් අතීතයෙහිදීම ක්‍ෂය වූයේද? මේ භවයට නොපැමිණියේය. ක්‍ෂය අර්ථයෙන් අනිත්‍යයි. යම් අනාගත රූපයක් අනතුරු භවයෙහි උපදින්නේද, එයද එහිම ක්‍ෂය වන්නේය. ඉන් මත්තෙහි භවයකට නොයන්නේය. ක්‍ෂය අර්ථයෙන් අනිත්‍යයි. වර්තමාන රූපය එය මෙහිම ක්‍ෂය වෙයි. මෙයින් ඉදිරියට නොයයි. ක්‍ෂය අර්ථයෙන් අනිත්‍යයි. යම් අධ්‍යාත්මික රූපයක් වේද? එයද අධ්‍යාත්මයෙහි ක්‍ෂය වෙයි. පිටත නොයේ යයි ක්‍ෂය අර්ථයෙන් අනිත්‍යයි. යම් පිටත දළ, සියුම්, හීන, ප්‍රණීත, දුර, ළඟ රූප වෙත්ද, එයද එහිම ක්‍ෂය වේ. දුරබවට නොයයි. ක්‍ෂය අර්ථයෙන් අනිත්‍යයයි මෙනෙහි කරයි. මේ සියල්ල ක්‍ෂය අර්ථයෙන් අනිත්‍යයි. ඒ ආකාරයාගේ වශයෙන් එක් සම්මර්ශනයකි. ප්‍රභේද වශයෙන් වනාහි එකොළොස් ආකාර වේ.

සබ‍්බමෙව චෙතං දුක‍්ඛං භයට‍්ඨෙනාති සම‍්මසති. භයට‍්ඨෙනාති සප‍්පටිභයතාය. යඤ‍්හි අනිච‍්චං, තං භයාවහං හොති සීහොපමසුත‍්තෙ (අ· නි· 4.33; සං· නි· 3.78) දෙවානං විය. ඉති ඉදම‍්පි “දුක‍්ඛං භයට‍්ඨෙනා”ති එතස‍්ස වසෙන එකං සම‍්මසනං, පභෙදතො පන එකාදසවිධං හොති.

ඒ සියල්ලම බිය ගෙනදෙන අර්ථයෙන් දුකයයි මෙනෙහි කරයි. බිය අර්ථයෙන් යනු බිය සහිත භාවයෙනි. යමක් අනිත්‍යද එය බිය එළවයි. සීහෝපම සූත්‍රයෙහි දෙවියන්ට මෙනි. මෙසේ මෙයද බිය ගෙනදෙන අර්ථයෙන් දුකය ඒ වශයෙන් එක් මෙනෙහි කිරීමකි. ප්‍රභේද වශයෙන් වනාහි එකොළොස් ආකාර වේ.

යථා ච දුක‍්ඛං, එවං සබ‍්බම‍්පි තං අනත‍්තා අසාරකට‍්ඨෙනාති සම‍්මසති. අසාරකට‍්ඨෙනාති “අත‍්තා නිවාසී කාරකො වෙදකො සයංවසී”ති එවං පරිකප‍්පිතස‍්ස අත‍්තසාරස‍්ස අභාවෙන. යඤ‍්හි අනිච‍්චං දුක‍්ඛං, අත‍්තනොපි අනිච‍්චතං වා උදයබ‍්බයපීළනං වා වාරෙතුං න සක‍්කොති, කුතො තස‍්ස කාරකාදිභාවො. තෙනාහ – “රූපඤ‍්ච හිදං, භික‍්ඛවෙ, අත‍්තා අභවිස‍්ස, නයිදං රූපං ආබාධාය සංවත‍්තෙය්‍යා”තිආදි (සං· නි· 3.59). ඉති ඉදං “අනත‍්තා අසාරකට‍්ඨෙනා”ති එතස‍්ස වසෙන එකං සම‍්මසනං, පභෙදතො පන එකාදසවිධං හොති. එසෙව නයො වෙදනාදීසු. ඉති එකෙකස‍්මිං ඛන්‍ධෙ එකාදස එකාදස කත්‍වා පඤ‍්චසු ඛන්‍ධෙසු පඤ‍්චපඤ‍්ඤාස සම‍්මසනානි හොන‍්ති, අනිච‍්චතො පඤ‍්චපඤ‍්ඤාස , දුක‍්ඛතො පඤ‍්චපඤ‍්ඤාස, අනත‍්තතො පඤ‍්චපඤ‍්ඤාසාති තිවිධානුපස‍්සනාවසෙන සබ‍්බානි පඤ‍්චසට‍්ඨිසතසම‍්මසනානි හොන‍්ති.

දුක යම්සේද සියල්ලම මෙසේයි. එය අසාර අර්ථයෙන් අනාත්මයැයි මෙනෙහි කරයි. අසාරකාර්ථයෙන් යනු: ආත්ම, වසන්නා, කරන්නා, විඳින්නා ස්වයං වසී යන මෙසේ පරිකල්පනය කරන ලද, ආත්ම සාරයාගේ අභාවයෙන්: යමක් අනිත්‍යයද? දුකද? එය ආත්ම වශයෙන්ද අනිත්‍යයි. උදය-ව්‍යය. පීඩා හෝ වළක්වන්ට නොහැකිවේද? එහි කාරකාදී බවක් කොයින්ද? එහෙයින් දෙසූහ. මහණෙනි, මෙම රූපය ආත්මය වන්නේද? එසේනම් මෙම රූපය ආබාධ සඳහා නොපවතින්නේය ආදිය. මෙසේ මෙය අනාත්ම, නිසරු අර්ථයෙන්දැයි යන එය වශයෙන් එක් මෙනෙහි කිරීමකි. ප්‍රභේද වශයෙන් වනාහි එකොළොස් ආකාර වේ. වේදනාදින්හිද එම ක්‍රමයමැයි. මෙසේ එක් එක් ස්කන්ධයෙහි එකොළහ, එකොළහ බැගින් කොට පංචස්කන්ධයන්හි පස් පනස් මෙනෙහි කිරීම් වෙයි. අනිත්‍ය වශයෙන් පනස්පහයි. දුක් වශයෙන් පනස් පහයි. අනාත්ම වශයෙන් පනස් පහකැයි ත්‍රිවිධ නුවණින් බැලීම් වශයෙන් සියල්ල එකසිය හැටපහක් මෙනෙහි කිරීම් වෙයි.

කෙචි පන “සබ‍්බං රූපං, සබ‍්බං වෙදනං, සබ‍්බං සඤ‍්ඤං, සබ‍්බෙ සඞ‍්ඛාරෙ, සබ‍්බං විඤ‍්ඤාණන‍්ති පදම‍්පි පක‍්ඛිපිත්‍වා එකෙකස‍්මිං ඛන්‍ධෙ ද‍්වාදස ද‍්වාදස කත්‍වා පඤ‍්චසු සට‍්ඨි, අනුපස‍්සනාතො අසීතිසතසම‍්මසනානී”ති වදන‍්ති.

සමහරු වනාහි, සියලු රූපය, සියලු වේදනාව, සියලු සංඥා, සියලු සංස්කාර, සියලු විඤ්ඤාණයයි යන පදයද බහා එක් එක් ස්කන්ධයෙහි දොළහ බැගින් කොට අංග පසෙහි හැටක් කරයි. අනුපස්සනා වශයෙන් එක්සිය අසූවක් සම්මසනයයි කියති.

අතීතාදිවිභාගෙ පනෙත්‍ථ සන‍්තතිවසෙන ඛණාදිවසෙන ච වෙදනාය අතීතානාගතපච‍්චුප‍්පන‍්නභාවො වෙදිතබ‍්බො. තත්‍ථ සන‍්තතිවසෙන එකවීථිඑකජවනඑකසමාපත‍්තිපරියාපන‍්නා එකවිධවිසයසමායොගප‍්පවත‍්තා ච පච‍්චුප‍්පන‍්නා, තතො පුබ‍්බෙ අතීතා, පච‍්ඡා අනාගතා. ඛණාදිවසෙන ඛණත‍්තයපරියාපන‍්නා පුබ‍්බන‍්තාපරන‍්තමජ‍්ඣගතා සකිච‍්චඤ‍්ච කුරුමානා වෙදනා පච‍්චුප‍්පන‍්නා, තතො පුබ‍්බෙ අතීතා, පච‍්ඡා අනාගතා. අජ‍්ඣත‍්තබහිද‍්ධාභෙදො නියකජ‍්ඣත‍්තවසෙනෙව වෙදිතබ‍්බො.

මෙහි අතීතාදී බෙදීම් වනාහි, නොකඩවා පැවතීම් වශයෙන්ද, ක්‍ෂණ ආදී වශයෙන්ද වේදනාවගේ අතීත, අනාගත වර්තමාන භාවය දතයුතුය. එහි, සන්තති වශයෙන්, එක්වීථි, එක් ජවන, එක් සමවත් ඇතුළත් වූ ඒකාකාර විෂය එකට යෙදීම් අනුව පැවැත්තේ වර්තමානයි. ඉන් පෙර අතීතයි. පසුව වූයේ අනාගතයි. ක්‍ෂණාදී වශයෙන් ක්‍ෂණත්‍රයට ඇතුළත් වූ, පූර්වාන්තයට හා අපරාන්තයට මධ්‍යගත වූ තම කෘත්‍යයන්ද කරනු ලබමින් වන වේදනාව වර්තමානයි. ඉන්පෙර අතීතයි. පසුව වූයේ අනාගතයි. අධ්‍යාත්ම-බහිද්ධා භේදය. තමා අයත් අධ්‍යාත්ම වශයෙන්ම දතයුතුය.

ඔළාරිකසුඛුමභාවො “අකුසලා වෙදනා ඔළාරිකා, කුසලාබ්‍යාකතා වෙදනා සුඛුමා”තිආදිනා (විභ· 4) නයෙන විභඞ‍්ගෙ වුත‍්තෙන ජාතිසභාවපුග‍්ගලලොකියලොකුත‍්තරවසෙන වෙදිතබ‍්බො. ජාතිවසෙන තාව අකුසලා වෙදනා සාවජ‍්ජකිරියහෙතුතො, කිලෙසසන‍්තාපභාවතො ච අවූපසන‍්තවුත‍්තීති කුසලවෙදනාය ඔළාරිකා, සබ්‍යාපාරතො සඋස‍්සාහතො සවිපාකතො කිලෙසසන‍්තාපභාවතො සාවජ‍්ජතො ච විපාකාබ්‍යාකතාය ඔළාරිකා, සවිපාකතො කිලෙසසන‍්තාපභාවතො සබ්‍යාබජ‍්ඣතො සාවජ‍්ජතො ච කිරියාබ්‍යාකතාය ඔළාරිකා. කුසලාබ්‍යාකතා පන වුත‍්තවිපරියායතො අකුසලාය වෙදනාය සුඛුමා. ද‍්වෙපි කුසලාකුසලා වෙදනා සබ්‍යාපාරතො සඋස‍්සාහතො සවිපාකතො ච යථායොගං දුවිධායපි අබ්‍යාකතාය ඔළාරිකා, වුත‍්තවිපරියායෙන දුවිධාපි අබ්‍යාකතා තාහි සුඛුමා. එවං තාව ජාතිවසෙන ඔළාරිකසුඛුමතා වෙදිතබ‍්බා.

දළ සියුම් භාවය අකුසල වේදනායි. දළ කුශල අව්‍යාකෘත සියුම් වේදනායි ආදී ක්‍රමයෙන් විභංගයෙහි කියන ලද හෙයින්, ජාති ස්වභාව, පුද්ගල ලෞකික, ලෝකෝත්තර වශයෙන් දතයුතුය. ජාති වශයෙන් අකුසල වේදනාවෝ, සාවද්‍ය ක්‍රියා හේතු වශයෙන්ද, කෙලෙස් තැවීම් භාවයෙන්ද, නොසන්සුන් පැවැත්මයයි කුසල් වේදනාවන්ගේ දළ බවයි. උත්සාහවත්ව, උත්සාහ සහිතව, විපාක සහිතව, කෙලෙස් තැවීම් බැවින්, සාවද්‍ය බැවින්, විපාක අව්‍යාකෘත බැවින් දළය. විපාක සහිත බැවින් කෙලෙස් තැවීම් බැවින්ද, ව්‍යාපාද සහිත බැවින්ද වැරදි සහිත බැවින්ද, ක්‍රියා අව්‍යාකෘත බැවින් දළය. කුසල් අව්‍යාකෘත වනාහි කියන ලද්දට වෙනස් අයුරින් අකුසල වේදනාවගේ සියුම් බව වේ. කුසල් අකුසල් වේදනා ද්වයයම උත්සාහවත්ව උත්සාහ සහිතව, විපාක සහිතවද, සුදුසු පරිදි දෙයාකාරයෙන්ම වේ. අව්‍යාකෘතයෙහි දළ බව කියන ලද්දට විපරීත ආකාරයෙන් ඉදින් දළ වූයේද දෙවැදෑරුම් අව්‍යාකෘතයන්හි සියුම්ය. මෙසේ ජාති වශයෙන් දළ සියුම් බව දතයුත්තාහ.

සභාවවසෙන පන දුක‍්ඛා වෙදනා නිරස‍්සාදතො සවිප‍්ඵාරතො ඛොභකරණතො උබ‍්බෙජනීයතො අභිභවනතො ච ඉතරාහි ද‍්වීහි ඔළාරිකා, ඉතරා පන ද‍්වෙ සාතතො සන‍්තතො පණීතතො මනාපතො මජ‍්ඣත‍්තතො ච යථායොගං දුක‍්ඛාය සුඛුමා. උභො පන සුඛදුක‍්ඛා සවිප‍්ඵාරතො උබ‍්බෙජනීයතො ඛොභකරණතො පාකටතො ච අදුක‍්ඛමසුඛාය ඔළාරිකා, සා වුත‍්තවිපරියායෙන තදුභයතො සුඛුමා. එවං සභාවවසෙන ඔළාරිකසුඛුමතා වෙදිතබ‍්බා.

ස්වභාව වශයෙන් දුක් වේදනාව, ආස්වාද රහිත හෙයින්, පැතිරීම් සහිත හෙයින්, කැළඹීම් කරණ හෙයින්, තැතිගන්නා ස්වභාව හෙයින්, මැඩපවත්වන හෙයින්ද අනෙක් ද්වයයෙහිලා දළය. අනෙක් ද්වයය මිහිරි හෙයින්ද, ශාන්ත හෙයින්ද ප්‍රණීත හෙයින්ද, ප්‍රිය හෙයින්ද, මධ්‍යස්ථ හෙයින් ද සුදුසු පරිදි දුක්වේදනාවෙන් සියුම්ය. සුව, දුක් ද්වය, පැතිරීම් සහිත හෙයින්ද තැතිගැනීම් ස්වභාවයෙන්ද, කැළඹීම් කරන හෙයින්ද, ප්‍රකට හෙයින්ද උපේක්‍ෂා වේදනාවෙන් දළය. එය කියන ලද්දට විපරීත වශයෙන් වන කල්හි ඒ ද්වයයෙන් සියුම්වන්තය. මෙසේ ස්වභාව වශයෙන් දළ සියුම් බව දතයුත්තාහ.

පුග‍්ගලවසෙන පන අසමාපන‍්නස‍්ස වෙදනා නානාරම‍්මණෙ වික‍්ඛිත‍්තභාවතො සමාපන‍්නස‍්ස වෙදනාය ඔළාරිකා, විපරියායෙන ඉතරා සුඛුමා. එවං පුග‍්ගලවසෙන ඔළාරිකසුඛුමතා වෙදිතබ‍්බා.

පුද්ගල වශයෙන් සමවත් සම නොවන්නහුගේ වේදනාව නොයෙක් අරමුණුවල වික්‍ෂිප්ත ස්වභාවයෙන් සමවන්නහුගේ වේදනාවෙන් දළය. වෙනස් අයුරින් අනෙක් ඒවා සියුම්ය. මෙසේ පුද්ගල වශයෙන් දළ සියුම් බව දතයුත්තාහ.

ලොකියලොකුත‍්තරවසෙන පන සාසවා වෙදනා ලොකියා, සා ආසවුප‍්පත‍්තිහෙතුතො ඔඝනියතො යොගනියතො ගන්‍ථනියතො නීවරණියතො උපාදානියතො සංකිලෙසිකතො පුථුජ‍්ජනසාධාරණතො ච අනාසවාය ඔළාරිකා, අනාසවා ච විපරියායෙන සාසවාය සුඛුමා. එවං ලොකියලොකුත‍්තරවසෙන ඔළාරිකසුඛුමතා වෙදිතබ‍්බා.

ලෞකික ලෝකෝත්තර වශයෙන් ආශ්‍රව සහිත වේදනා ලෞකිකය. එය ආශ්‍රව උත්පත්ති හේතු වශයෙන්ද, කෙලෙස් සැඩපහරවලින් යුක්ත හෙයින්ද, කාමයෝගාදියෙන් යුක්ත හෙයින්ද, කෙලෙස් බැමිවලින් යුක්ත හෙයින්ද නිවන්මග අවුරන හෙයින්ද තෘෂ්ණා දෘෂ්ටි ආදියෙන් දැඩිව අල්ලාගන්නා හෙයින්ද, කෙලෙස් සහිත හෙයින්ද, පෘථග්ජන සාධාරණ හෙයින්ද, ආශ්‍රව සහිත හෙයින්ද දළය. ආශ්‍රවයන්ට විපර්යාසයෙන් ගත්කල අනාශ්‍රව සියුම්ය. මෙසේ ලෞකික ලෝකෝත්තර වශයෙන් දළ-සියුම් බව දතයුත්තාහ.

තත්‍ථ ජාතිආදිවසෙන සම‍්භෙදො පරිහරිතබ‍්බො. අකුසලවිපාකකායවිඤ‍්ඤාණසම‍්පයුත‍්තා හි වෙදනා ජාතිවසෙන අබ්‍යාකතත‍්තා සුඛුමාපි සමානා සභාවාදිවසෙන ඔළාරිකා හොති. වුත‍්තඤ‍්හෙතං –

එහි ජාති ආදී වශයෙන් බිඳීම පවත්වාගත යුතුය. අකුසල විපාක කාය විඤ්ඤාණ සම්ප්‍රයුක්ත වේදනාව ජාති වශයෙන් අව්‍යාකෘත හෙයින් සියුම් වූයේද, ස්වභාව ආදී වශයෙන් දළ වෙයි. එය වදාරන ලදී.

“අබ්‍යාකතා වෙදනා සුඛුමා, දුක‍්ඛා වෙදනා ඔළාරිකා. සමාපන‍්නස‍්ස වෙදනා සුඛුමා, අසමාපන‍්නස‍්ස වෙදනා ඔළාරිකා. අනාසවා වෙදනා සුඛුමා, සාසවා වෙදනා ඔළාරිකා”ති (විභ· 11).

අබ්‍යාකතා වෙදනා සුඛුමා, දුක්ඛා, වෙදනා ඔළාරිකා, සමාපන්නස්ස වෙදනා සුඛුමා, අසමාපන්නස්ස වෙදනා ඔළාරිකා, අනාසවා වෙදනා සුඛුමා සාසවා වෙදනා ඔළාරිකා යනුවෙන්,

යථා ච දුක‍්ඛා වෙදනා, එවං සුඛාදයොපි. තාපි හි ජාතිවසෙන ඔළාරිකා, සභාවාදිවසෙන සුඛුමා හොන‍්ති. තස‍්මා යථා ජාතිආදිවසෙන සම‍්භෙදො න හොති, තථා වෙදනානං ඔළාරිකසුඛුමතා වෙදිතබ‍්බා. සෙය්‍යථිදං, අබ්‍යාකතා ජාතිවසෙන කුසලාකුසලාහි සුඛුමා. තත්‍ථ කතමා අබ්‍යාකතා? කිං දුක‍්ඛා? කිං සුඛා? කිං සමාපන‍්නස‍්ස? කිං අසමාපන‍්නස‍්ස? කිං සාසවා? කිං අනාසවාති? එවං සභාවාදිභෙදො න පරාමසිතබ‍්බො. එස නයො සබ‍්බත්‍ථ.

දුක් වේදනා යම් සේද, සුව ආදීහුද මෙසේය. ඒවාද ජාති වශයෙන් දළය. ස්වභාවාදී වශයෙන් සියුම් වෙයි. යම්සේ ජාති ආදී වශයෙන් භේදයක් නොවේද? එසේ වේදනාවන්ගේ දළ සියුම් බව දතයුත්තාහ. ඒ කෙසේද යත්? අව්‍යාකෘත ජාති වශයෙන් කුසල් අකුසල්හි සියුම්ය. එහි අව්‍යාකෘත කවරේද? දුක කුමක්ද? සුව කුමක්ද? සමවැදුනහුට යනු කුමක්ද? සම නොවැදුනහුට යනු කුමක්ද? ආශ්‍රව සහිත යනු කුමක්ද? ආශ්‍රව රහිත යනු කුමක්ද? මෙසේ ස්වභාව ආදී භේද ස්පර්ශ නොකළ යුතුය. හැමතැන එම ක්‍රමයයි.

අපිච “තං තං වා පන වෙදනං උපාදායුපාදාය වෙදනා ඔළාරිකා සුඛුමා දට‍්ඨබ‍්බා”ති වචනතො අකුසලාදීසුපි ලොභසහගතාය දොසසහගතා වෙදනා අග‍්ගි විය නිස‍්සයදහනතො ඔළාරිකා, ලොභසහගතා සුඛුමා. දොසසහගතාපි නියතා ඔළාරිකා, අනියතා සුඛුමා. නියතාපි කප‍්පට‍්ඨිතිකා ඔළාරිකා, ඉතරා සුඛුමා. කප‍්පට‍්ඨිතිකාසුපි අසඞ‍්ඛාරිකා ඔළාරිකා, ඉතරා සුඛුමා. ලොභසහගතා පන දිට‍්ඨිසම‍්පයුත‍්තා ඔළාරිකා, ඉතරා සුඛුමා. සාපි නියතා කප‍්පට‍්ඨිතිකා අසඞ‍්ඛාරිකා ඔළාරිකා, ඉතරා සුඛුමා. අවිසෙසෙන ච අකුසලා බහුවිපාකා ඔළාරිකා, අප‍්පවිපාකා සුඛුමා. කුසලා පන අප‍්පවිපාකා ඔළාරිකා, බහුවිපාකා සුඛුමා.

තවද, ඒ ඒ වේදනා ආකාරය දැඩි සේ ගෙන වේදනාවගේ දළ සියුම් බව දතයුත්තාහ යන වචනයෙන් අකුසල්හිද, ලෝභසහගතයන්හි, ද්වේෂ සහගත වේදනා ගින්නක් මෙන් ආශ්‍රිතයන් දවන හෙයින් සියුම්ය. ලෝභ සහගතයෝ සියුම්ය. නියත ද්වේෂ සහගත දළය. අනියත සියුම්ය. කල්පස්ථායි නියතයෝද දළය. අනෙක් ඒවා සියුම්ය. කල්පස්ථායින් අතරද අසංස්ඛාරික දළය. අනෙක් ඒවා සියුම්ය. ලෝභසහගතයන් අතර මිථ්‍යාදෘෂ්ටි හා සම්ප්‍රයුක්ත වූයේ දළය. අනෙක් ඒවා සියුම්ය. එහිද නියත කල්පස්ථායි අසංස්කාරික දළය. අනෙක්වා සියුම්ය. අවිසේසයෙන් බොහෝ විපාක ඇති අකුසල් දළය. අල්ප විපාක වූයේ සියුම්ය කුසල්හි අල්ප විපාක දළය. බොහෝ විපාක සියුම්ය. තවද, කාමාවචර කුසල් දළය. රූපාවචර සියුම්ය. අරූපාවචර එයින්ද, ලෝකෝත්තර එයින්ද සියුම්ය.

අපිච කාමාවචරකුසලා ඔළාරිකා, රූපාවචරා සුඛුමා, තතො අරූපාවචරා, තතො ලොකුත‍්තරා. කාමාවචරා ච දානමයා ඔළාරිකා, සීලමයා සුඛුමා. සීලමයාපි ඔළාරිකා, තතො භාවනාමයා සුඛුමා. භාවනාමයාපි දුහෙතුකා ඔළාරිකා, තිහෙතුකා සුඛුමා. තිහෙතුකාපි සසඞ‍්ඛාරිකා ඔළාරිකා, අසඞ‍්ඛාරිකා සුඛුමා . රූපාවචරා ච පඨමජ‍්ඣානිකා ඔළාරිකා…පෙ… පඤ‍්චමජ‍්ඣානිකා සුඛුමාව. අරූපාවචරා ච ආකාසානඤ‍්චායතනසම‍්පයුත‍්තා ඔළාරිකා…පෙ… නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසම‍්පයුත‍්තා සුඛුමාව. ලොකුත‍්තරා ච සොතාපත‍්තිමග‍්ගසම‍්පයුත‍්තා ඔළාරිකා…පෙ… අරහත‍්තමග‍්ගසම‍්පයුත‍්තා සුඛුමාව. එස නයො තංතංභූමිවිපාකකිරියාවෙදනාසු දුක‍්ඛාදිඅසමාපන‍්නාදිසාසවාදිවසෙන වුත‍්තවෙදනාසු ච. ඔකාසවසෙන වාපි නිරයෙ දුක‍්ඛා ඔළාරිකා, තිරච‍්ඡානයොනියං සුඛුමා…පෙ… පරනිම‍්මිතවසවත‍්තීසු සුඛුමාව. යථා ච දුක‍්ඛා, එවං සුඛාපි සබ‍්බත්‍ථ යථානුරූපං යොජෙතබ‍්බා. වත්‍ථුවසෙන චාපි හීනවත්‍ථුකා යා කාචි වෙදනා ඔළාරිකා, පණීතවත්‍ථුකා සුඛුමා. හීනපණීතභෙදෙ යා ඔළාරිකා, සා හීනා. යා ච සුඛුමා, සා පණීතාති දට‍්ඨබ‍්බා.

දානමය කාමාවචර දළය. සීලමය සියුම්ය. සීලමයද දළය. භාවනාමය එයින් සියුම්ය. භාවනාමය අතරින්ද ද්විහේතුක දළය. ත්‍රිහේතුක සියුම්ය. ත්‍රිහේතුකයන්හිද, සසංකාරික දළය. අසංස්කාරික සියුම්ය. රූපාවචර ප්‍රථමධ්‍යානික දළය. -පෙ- පංචමධ්‍යානික සියුම්ය. අරූපාවචරයන්හිද, ආකාසානඤ්චායතන සම්ප්‍රයුක්තවය දළය. -පෙ- නේවසඤ්ඤානාසඤ්ඤායතන සම්ප්‍රයුක්ත වූයේ සියුම්ය. ලෝකෝත්තරයන්හිද සෝවාන් මාර්ගය හා සම්ප්‍රයුක්ත වූයේ දළය. අර්හත් මාර්ගය හා සම්ප්‍රයුක්ත වූයේ සියුම්ය. ඒ ඒ භූමි, විපාක, ක්‍රියා, වේදනා, සුව, දුක් ආදියෙහිද සමවතට සමනොවන් ආදියෙහිද, ආශ්‍රව සහිතාදී වශයෙන්ද කියන ලද වේදනාවන්හිද ඒ ක්‍රමයමැයි. අවකාශ වශයෙන්ද නිරයෙහි දුක් දළය. තිරිසන් යෝනියෙහි සියුම්ය. -පෙ- පරනිර්මිත වසවර්තීන්හි සියුම්ය. දුක යම්සේද, මෙසේ සුවයද හැමතැන සුදුසු පරිදි යෙදිය යුත්තාහ. වස්තු වශයෙන්ද, හීන වස්තුක යම්කිසි වේදනාවක් වේද එය දළය. ප්‍රණීත වස්තුක වූයේ සියුම්ය. හීන ප්‍රණීත භේදයෙහි යම් දළතාවක් වේද ඕ හීනය. යම් සියුම් භාවයක් වේද, ඒ ප්‍රණීතයයි දතයුත්තාහ.

දූරසන‍්තිකපදෙ පන “අකුසලා වෙදනා කුසලාබ්‍යාකතාහි වෙදනාහි දූරෙ, අකුසලා වෙදනා අකුසලාය වෙදනාය සන‍්තිකෙ”තිආදිනා (විභ· 13) නයෙන විභඞ‍්ගෙ විභත‍්තා. තස‍්මා අකුසලා වෙදනා විසභාගතො අසංසට‍්ඨතො අසරික‍්ඛතො ච කුසලාබ්‍යාකතාහි දූරෙ, තථා කුසලාබ්‍යාකතා අකුසලාය. එස නයො සබ‍්බවාරෙසු. අකුසලා පන වෙදනා සභාගතො සංසට‍්ඨතො සරික‍්ඛතො ච අකුසලාය සන‍්තිකෙති ඉදං වෙදනාය අතීතාදිවිභාගෙ විත්‍ථාරකථාමුඛං. තංතංවෙදනාසම‍්පයුත‍්තානං පන සඤ‍්ඤාදීනම‍්පි එතං එවමෙව වෙදිතබ‍්බං.

දූරසන්තික පදයන්හි අකුසල් වේදනා, කුසල අව්‍යාකෘත වේදනාවන්ගෙන් දුරය. අකුසල් වේදනා අකුසල් වේදනා සමීපයෙහි යැයි ආදී ක්‍රමයෙන් විභංගයෙහි බෙදා දැක්වූවාහ. අකුසල් වේදනා විසභාග වශයෙන්ද, මිශ්‍ර නොවීම් වශයෙන්ද, අසමානතාවයෙන්ද කුසල ව්‍යාකෘතයන්ගෙන් දුරය. කුසලව්‍යාකෘතයන්ගේ අකුසල දුරය. සියලු වාරයන්හි ඒ ක්‍රමයමැයි. අකුසල් වේදනා සමානාකාර වශයෙන්ද, මිශ්‍රවීම් වශයෙන්ද, සමානතාවයෙන්ද අකුසලයන්ගේ සමීපයෙහිය. මේ වේදනාවගේ අතීතාදී භාවයෙහි විස්තර කථා මුඛයයි. ඒ ඒ වේදනා සම්ප්‍රයුක්තයන්ගේ සංඥාදීන්හිද එපරිද්දෙන්ම දතයුතුය.

යෙ පනෙත්‍ථ වෙදනාදීසු චක‍්ඛු…පෙ… ජරාමරණන‍්ති පෙය්‍යාලෙන සංඛිත‍්තෙසු ච ධම‍්මෙසු ලොකුත‍්තරධම‍්මා ආගතා, තෙ අසම‍්මසනූපගත‍්තා ඉමස‍්මිං අධිකාරෙ න ගහෙතබ‍්බා. තෙ පන කෙවලං තෙන තෙන පදෙන සඞ‍්ගහිතධම‍්මදස‍්සනවසෙන ච අභිඤ‍්ඤෙය්‍යනිද‍්දෙසෙ ආගතනයෙන ච වුත‍්තා. යෙපි ච සම‍්මසනූපගා, තෙසු යෙ යස‍්ස පාකටා හොන‍්ති, සුඛෙන පරිග‍්ගහං ගච‍්ඡන‍්ති, තෙසු තෙන සම‍්මසනං ආරභිතබ‍්බං. ජාතිජරාමරණවසෙන විසුං සම‍්මසනාභාවෙපි ජාතිජරාමරණවන‍්තෙසුයෙව පන සම‍්මසිතෙසු තානිපි සම‍්මසිතානි හොන‍්තීති පරියායෙන තෙසම‍්පි වසෙන සම‍්මසනං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අනිච‍්චතො වවත්‍ථෙතීතිආදිනා නයෙන අතීතත‍්තිකස‍්සෙව ච වසෙන සම‍්මසනස‍්ස වුත‍්තත‍්තා අජ‍්ඣත‍්තාදිභෙදං අනාමසිත්‍වාපි අතීතත‍්තිකස‍්සෙව වසෙන පරිච‍්ඡින්‍දිත්‍වාපි අනිච‍්චාදිතො සම‍්මසනං කාතබ‍්බමෙව.

මෙහි යම් ඒ වේදනාදීන්හි චක්‍ෂු -පෙ- ජරාමරණ පෙය්‍යාලයෙන් සංක්‍ෂිප්ත කරන ලද ධර්මයන්හි, ලෝකෝත්තර ධර්ම ආවාහුද? ඒවා සම්මර්ශනයට නොඑළඹී හෙයින් මෙම අධිකාරයෙහි නොගතයුත්තාහ. ඒයා වනාහි හුදෙක් ඒ ඒ පදයෙන් සංග්‍රහ කරන ලද, ධර්ම දර්ශන වශයෙන්ද අභිඤ්ඤෙය්‍ය නිර්දේශයෙහි ආ ක්‍රමයෙන්ද කියන ලද්දේය. ජාති ජරා මරණ වශයෙන් වෙන්ව සම්මර්ශන නොමැති කල්හිද ජාති ජරා මරණ වන්තයන් කෙරෙහිම සම්මර්ශනය කළ කල්හි ඒවාද සම්මර්ශනය කළාහු වෙත්යයි යන ආකාරයෙන් ඒවාහි සම්මර්ශනය යූ.සේයි. ‘අතීතානාගත පච්චුප්පන්නං අනිච්චතො වවත්‍ථෙති’ ආදී ක්‍රමයෙන් අතීතත්‍රිකයාගේ වශයෙන් සම්මර්ශනය කියන ලද හෙයින් අධ්‍යාත්මාදී භේද, ස්පර්ශ නොකොට, අතීත ත්‍රිකයාගේම වශයෙන් පිරිසිඳීම අනිත්‍යාදී වශයෙන් සම්මර්ශනය කළයුතුමය.

යං පන අනිච‍්චං, තං යස‍්මා නියමතො සඞ‍්ඛතාදිභෙදං හොති, තෙනස‍්ස පරියායදස‍්සනත්‍ථං, නානාකාරෙහි වා මනසිකාරප‍්පවත‍්තිදස‍්සනත්‍ථං රූපං අතීතානාගතපච‍්චුප‍්පන‍්නං අනිච‍්චං සඞ‍්ඛතන‍්තිආදිමාහ. තඤ‍්හි හුත්‍වා අභාවට‍්ඨෙන අනිච‍්චං, අනිච‍්චන‍්තිකතාය ආදිඅන‍්තවන‍්තතාය වා අනිච‍්චං. පච‍්චයෙහි සමාගන‍්ත්‍වා කතත‍්තා සඞ‍්ඛතං. පච‍්චයෙ පටිච‍්ච නිස‍්සාය සමං, සහ වා උප‍්පන‍්නත‍්තා පටිච‍්චසමුප‍්පන‍්නං. එතෙන පච‍්චයෙහි කතෙපි පච‍්චයානං අබ්‍යාපාරතං දස‍්සෙති. ඛයධම‍්මන‍්ති ඛීයනධම‍්මං ඛීයනපකතිකං. වයධම‍්මන‍්ති නස‍්සනධම‍්මං. නයිදං මන්‍දීභාවක‍්ඛයවසෙන ඛයධම‍්මං, කෙවලං විගමනපකතිකං. පහූතස‍්ස මන්‍දීභාවොපි හි ලොකෙ ඛයොති වුච‍්චති. විරාගධම‍්මන‍්ති නයිදං කුහිඤ‍්චි ගමනවසෙන වයධම‍්මං, කෙවලං සභාවාතික‍්කමනපකතිකං. “විරාගො නාම ජිගුච‍්ඡනං වා සමතික‍්කමො වා”ති හි වුත‍්තං. නිරොධධම‍්මන‍්ති නයිදං සභාවාතික‍්කමෙන පුනරාවත‍්තිධම‍්මං, කෙවලං අපුනරාවත‍්තිනිරොධෙන නිරුජ‍්ඣනපකතිකන‍්ති පුරිමපුරිමපදස‍්ස අත්‍ථවිවරණවසෙන පච‍්ඡිමපච‍්ඡිමපදං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

යමක් අනිත්‍යයද, එය නියම වශයෙන්ම ප්‍රත්‍යයෙන් හටගත් ආදී භේද වේ. එහෙයින් එහි දැක්වීම සඳහා නොයෙක් ආකාරයන්ගෙන් මනසිකාර ප්‍රවෘත්තිය දැක්වීම සඳහා, රූපං අතීතානාගත පච්චුප්පන්නං අනිච්චං සංඛතං ආදිය වදාළහ. එය හටගෙන විනාශයට පත්වන අර්ථයෙන් අනිච්චං අනිත්‍යයි කළ කල්හි ආදි අන්තවත් භාවයෙන්ද අනිත්‍යයි. ප්‍රත්‍යයන් එකතුව කළ හෙයින් සංඛතයි. ප්‍රත්‍යයන් හේතුකොට, ඇසිරිකොට සමව හා සමග උපන් හෙයින් පටිච්ච සමුප්පන්නංයි මෙයින් ප්‍රත්‍යයන්ගෙන් කරන ලදුයේ වී නමුත්, ප්‍රත්‍යයන්ගේ අනුත්සාහවත් භාවය දක්වයි. ඛයධම්ම ගෙවීයන ස්වභාව ඇති, ගෙවීයන ප්‍රකෘති ඇති වයධම්මං යනු නැසෙනසුලු මෙය හිඟභාවයට පත්වීමෙන් වන ක්‍ෂය වීමක් නොවේ. හුදෙක් ඉවත්වයාම් ස්වභාවයකි. බොහෝ ඇති කල්හි මඳභාවයට පත්වීමද ලෝකයෙහි ක්‍ෂය යැයි යෙති. විරාග ධම්මං යනු මෙය කිසිසේත් ගමන් කිරීම් වශයෙන් වන නැසීමක් නොවේ. හුදෙක් ස්වභාව ඉක්මවන ස්වභාවයයි. නොඇල්ම නම් පිළිකුල් කිරීම හෝ ඉක්මවීම යයි යූ.සේයි. නිරොධ ධම්මං යනු මෙය පවත්නා ස්වභාව ඉක්මවීමෙන් ආපසු හැරී එන ස්වභාවයක් නොවේ. හුදෙක් පුනරාවර්තන නොවන නිරෝධයෙන් නිරුද්ධවන ස්වභාව යනුයි. පළමු පළමු පදයෙහි අර්ථ විවරණ වශයෙන් පසු පසු පද යූ.සේයි.

අථ වා එකභවපරියාපන‍්නරූපභඞ‍්ගවසෙන ඛයධම‍්මං, එකසන‍්තතිපරියාපන‍්නරූපක‍්ඛයවසෙන වයධම‍්මං, රූපස‍්ස ඛණභඞ‍්ගවසෙන විරාගධම‍්මං, තිණ‍්ණම‍්පි අපුනප‍්පවත‍්තිවසෙන නිරොධධම‍්මන‍්තිපි යොජෙතබ‍්බං.

නොහොත් එක් භවයකට ඇතුළත් වූ රූපයාගේ විනාශවීම් වශයෙන් ක්‍ෂය ධර්මයි. එක් නොකඩවා පැවතීම් වශයෙන් ඇතුළත් රූපයන්ගේ විනාශවීම් වශයෙන් නැසීම් ස්වභාවයයි. රූපයෙහි මොහොතක් පාසාවන විනාශවීම් වශයෙන් විරාගධර්මයි. ත්‍රයයෙහිම නැවත නැවත නොඉපැත්ම වශයෙන් නිරෝධ ධර්මයයි යෙදිය යුතුය.

ජරාමරණං අනිච‍්චන‍්තිආදීසු ජරාමරණං න අනිච‍්චං, අනිච‍්චසභාවානං පන ඛන්‍ධානං ජරාමරණත‍්තා අනිච‍්චං නාම ජාතං. සඞ‍්ඛතාදීසුපි එසෙව නයො. අන‍්තරපෙය්‍යාලෙ ජාතියාපි අනිච‍්චාදිතාය එසෙව නයො.

ජරාමරණං අනිච්චං යනාදීන්හි ජරාමරණ අනිත්‍ය නොවේ. අනිත්‍ය ස්වභාව ඇති ස්කන්ධයන්ගේ ජරාමරණ ස්වභාවය හෙයින් අනිත්‍ය නමැයි විය. ප්‍රත්‍යයෙන් හටගත් ආදීන්හිද එම ක්‍රමයමැයි. අන්තර් පෙය්‍යාලයෙහි ජාතියගේද, අනිත්‍යාදීතාවයන්හි එම ක්‍රමයමැයි.

ජාතිපච‍්චයා ජරාමරණන‍්තිආදි න විපස‍්සනාවසෙන වුත‍්තං, කෙවලං පටිච‍්චසමුප‍්පාදස‍්ස එකෙකඅඞ‍්ගවසෙන සඞ‍්ඛිපිත්‍වා වවත්‍ථානතො සම‍්මසනඤාණං නාම හොතීති පරියායෙන වුත‍්තං. න පනෙතං කලාපසම‍්මසනඤාණං ධම‍්මට‍්ඨිතිඤාණමෙව තං හොතීති. අසති ජාතියාති ලිඞ‍්ගවිපල‍්ලාසො කතො, අසතියා ජාතියාති වුත‍්තං හොති. අසති සඞ‍්ඛාරෙසූති වචනවිපල‍්ලාසො කතො, අසන‍්තෙසු සඞ‍්ඛාරෙසූති වුත‍්තං හොති. භවපච‍්චයා ජාති, අසතීතිආදි “භවපච‍්චයා ජාති, අසති භවෙ නත්‍ථි ජාතී”තිආදිනා නයෙන යොජෙතබ‍්බං.

ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණයැයි ආදීන්හි විදර්ශනා වශයෙන් යූ.සේයි. හුදෙක් ප්‍රතීත්‍ය සමුත්පාදයාගේ එක් එක් අංග වශයෙන් හකුළුවා විභාගකිරීම සම්මසන ඤාණ නමැයි පිළිවෙළින් යූ.සේයි. එය කලාප සම්මසන ඤාණය නොවේය. එය ධම්මට්ඨිති ඤාණයම වේ. අසති ජාතියා යනු වචනයේ ලිංග විපර්යාස කරන ලදී. නොමැති කල්හි ජාතියෙහි, අසති සංඛාරෙසු යනු වචන විපර්යාසය කරන ලදී. සංස්කාරයන් නොමැති කල්හියැයි යූ.සේයි. භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ. භවය නොමැති කල්හි උපත නැත. ආදී ක්‍රමයෙන් යෙදිය යුතුය.

සම‍්මසනඤාණනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

සම්මර්ශන ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.