යෙදුමෙන් කියවන්න

6. උදයබ‍්බයඤාණනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

6. උදයබ‍්බයඤාණනිද‍්දෙසවණ‍්ණනා

6. උදයව්‍යය ඥාන නිර්දේශ වර්ණනාව

ඉදානි අනන‍්තරං වුත‍්තස‍්ස සම‍්මසනඤාණස‍්ස නානානයෙහි භාවනාථිරකරණෙන පාරං ගන‍්ත්‍වා ඨිතෙන අනිච‍්චාදිතො දිට‍්ඨෙ සඞ‍්ඛාරෙ උදයබ‍්බයෙන පරිච‍්ඡින්‍දිත්‍වා අනිච‍්චාදිතො විපස‍්සනත්‍ථං වුත‍්තස‍්ස උදයබ‍්බයානුපස‍්සනාඤාණස‍්ස නිද‍්දෙසෙ ජාතං රූපන‍්තිආදීසු සන‍්තතිවසෙන යථාසකං පච‍්චයෙහි නිබ‍්බත‍්තං රූපං. තස‍්ස ජාතස‍්ස රූපස‍්ස නිබ‍්බත‍්තිලක‍්ඛණං ජාතිං උප‍්පාදං අභිනවාකාරං උදයොති, විපරිණාමලක‍්ඛණං ඛයං භඞ‍්ගං වයොති, අනුපස‍්සනා පුනප‍්පුනං නිසාමනා, උදයබ‍්බය අනුපස‍්සනාඤාණන‍්ති අත්‍ථො. වෙදනාදීසුපි එසෙව නයො. ජාතිජරාමරණවන‍්තානංයෙව උදයබ‍්බයස‍්ස පරිග‍්ගහෙතබ‍්බත‍්තා ජාතිජරාමරණානං උදයබ‍්බයාභාවතො ජාතිජරාමරණං අනාමසිත්‍වා ජාතං චක‍්ඛු…පෙ… ජාතො භවොති පෙය්‍යාලං කතං. සො එවං පඤ‍්චන‍්නං ඛන්‍ධානං උදයබ‍්බයං පස‍්සන‍්තො එවං ජානාති “ඉමෙසං ඛන්‍ධානං උප‍්පත‍්තිතො පුබ‍්බෙ අනුප‍්පන‍්නානං රාසි වා නිචයො වා නත්‍ථි, උප‍්පජ‍්ජමානානම‍්පි රාසිතො වා නිචයතො වා ආගමනං නාම නත්‍ථි, නිරුජ‍්ඣමානානම‍්පි දිසාවිදිසාගමනං නාම නත්‍ථි, නිරුද‍්ධානම‍්පි එකස‍්මිං ඨානෙ රාසිතො නිචයතො නිධානතො අවට‍්ඨානං නාම නත්‍ථි. යථා පන වීණාය වාදියමානාය උප‍්පන‍්නස‍්ස සද‍්දස‍්ස නෙව උප‍්පත‍්තිතො පුබ‍්බෙ සන‍්නිචයො අත්‍ථි, න උප‍්පජ‍්ජමානො සන‍්නිචයතො ආගතො, න නිරුජ‍්ඣමානස‍්ස දිසාවිදිසාගමනං අත්‍ථි, න නිරුද‍්ධො කත්‍ථචි සන‍්නිචිතො තිට‍්ඨති, අථ ඛො වීණඤ‍්ච උපවීණඤ‍්ච පුරිසස‍්ස ච තජ‍්ජං වායාමං පටිච‍්ච අහුත්‍වා සම‍්භොති, හුත්‍වා පටිවෙති, එවං සබ‍්බෙපි රූපාරූපිනො ධම‍්මා අහුත්‍වා සම‍්භොන‍්ති, හුත්‍වා පටිවෙන‍්තී”ති.

දැන් අනතුරුව, කියන ලද, සම්මසන ඤාණයාගේ නොයෙක් ක්‍රමයෙන්, භාවනා ස්ථිර කිරීමෙහි පරතෙරට ගොස් සිටියහු විසින්, අනිත්‍යාදී වශයෙන් දුටු සංස්කාරයන්, උදයව්‍යය වශයෙන් පිරිසිඳ අනිත්‍යාදී වශයෙන් විදර්ශනා කිරීම සඳහා කියන ලද උදයව්‍යයානු පස්සනා ඤාණ නිර්දේශයෙහි ජාතං, රූපං යනාදීන්හි, නොකඩවා පැවතීම් වශයෙන් තම තමා අයත් ප්‍රත්‍යයෙන් උපන් රූපය, තස්ස ඒ හටගත් රූපයෙහි, නිබ්බත්ති ලක්ඛණං යනු ජාතිය, ඉපැත්ම, අලුත් ආකාරය, උදයොති හටගැනීමයි. විපරිණාම ලක්ඛණං යනු, වෙනස්වීම් ලක්‍ෂණයයි. ක්‍ෂයවීම, බිඳීම වය නමැ. අනුපස්සනා යනු නැවත නැවත නුවණින් මෙනෙහි කිරීම උදයව්‍යයානුපස්සනා ඤාණයයි යන අර්ථයි. වේදනාදීන්හිද එම ක්‍රමයමැයි. ජාති, ජරා, මරණවත් අයටම, උදයව්‍යයාගේ පරිග්‍රහණය කළයුතු හෙයින් ජාති, ජරා, මරණයන්ගේ උදව්‍යය නොවන හෙයින්, ජාති, ජරා, මරණ ස්පර්ශ නොකොට, හටගත් ඇස හටගත් භවයයැයි පෙය්‍යාල කරන ලදී. හෙතෙම මෙසේ පංච ස්කන්ධයන්ගේ උදයව්‍යය දක්නේ මෙසේ දනියි. මේ ස්කන්ධයන්ගේ උපතින් පෙර නූපන්නා වූ රාශියක් හෝ රාශිභූත වීමක් නැත. උපදිනු ලබන්නේද, රාශි වශයෙන් හෝ රාශිභූත වීම් වශයෙන් පැමිණීමක් නම් නැත. නිරුද්ධ වනුයේද, දිසා අනුදිසා ගමන් කිරීමක් නම් නැත. නිරුද්ධ වූවන්ගේද, එක්තැනක රාශි වශයෙන්, රාශිභූත වීම් වශයෙන් තැන්පත්වීම් වශයෙන් පැතිරයාමක් නම් නැත. යම්සේ වනාහි වීණාව වාදනය කරනු ලබන්නේ උපන් ශබ්දයාගේ හටගැනීමට පෙර තැන්පත්වීමක් නොමැත්තේද, උපදිනු ලබන්නේ තැන්පත්ව පැවතීමකින් නොපැමිණියේද, නිරුද්ධවනු ලබන්නේ දිසා අනුදිසා ගමනක් නොමැත්තේද? නිරුද්ධවූයේ කොතැනක හෝ එක්තැන් වීමක් නැත්ද? තවද, වීණාවද, උපවීණාවද, පුරුෂයාගේද, ඉන් හටගත් උත්සාහය නිසා, කලින් නොපැවත හටගනියි. හටගෙන ඉවත්වේ. මෙසේ සියලුම රූපී අරූපී ධර්ම කලින් නොපැවත හටගනිති. හටගෙන ඉවත්ව යෙතියි දකියි.

එවං සඞ‍්ඛෙපතො උදයබ‍්බයදස‍්සනං දස‍්සෙත්‍වා ඉදානි විත්‍ථාරතො දස‍්සෙතුං පඤ‍්චන‍්නං ඛන්‍ධානං උදයං පස‍්සන‍්තො කති ලක‍්ඛණානි පස‍්සතීතිආදීහි රාසිතො ගණනං පුච‍්ඡිත්‍වා, පඤ‍්චන‍්නං ඛන්‍ධානං උදයං පස‍්සන‍්තො පඤ‍්චවීසති ලක‍්ඛණානි පස‍්සතීතිආදීහි රාසිතොව ගණනං විස‍්සජ‍්ජෙත්‍වා, පුන රූපක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සන‍්තො කති ලක‍්ඛණානි පස‍්සතීතිආදීහි විභාගතො ගණනං පුච‍්ඡිත්‍වා රූපක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සන‍්තො පඤ‍්ච ලක‍්ඛණානි පස‍්සතීතිආදීහි විභාගතො ගණනං විස‍්සජ‍්ජෙත්‍වා, පුන රූපක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සන‍්තො කතමානි පඤ‍්ච ලක‍්ඛණානි පස‍්සතීතිආදීහි ලක‍්ඛණවිභාගං පුච‍්ඡිත්‍වා විස‍්සජ‍්ජනං කතං.

මෙසේ සංක්‍ෂේපයෙන් උදයව්‍යය දර්ශනය දක්වා දැන් විස්තර වශයෙන් දක්වන්ට, පංච ස්කන්ධයන්ගේ හටගැන්ම බලන්නේ කෙතෙක් ලක්‍ෂණ දකීද ආදී රාශි වශයෙන් ගණන විචාරා ‘පංච ස්කන්ධයන්ගේ හටගැන්ම බලන්නේ, පස්විසි ලක්‍ෂණයන් දකී’ යයි ආදී රාශි වශයෙන් ගණන විසඳා, නැවත රූපස්කන්ධයාගේ හටගැන්ම බලන්නේ කෙතෙක් ලක්‍ෂණ දකීද? ආදී විභාග වශයෙන් ගණන විචාරා ‘රූපස්කන්ධයාගේ හටගැන්ම බලන්නේ පංච ලක්‍ෂණයන් දකීයයි’ ආදී විභාගයෙන් ගණන විසඳා නැවත, රූපස්කන්ධයාගේ හටගැන්ම බලන්නේ කවර පංච ලක්‍ෂණයන් දකීදැයි ආදී ලක්‍ෂණ විභාග විචාරා විසඳුම් කරන ලදී.

තත්‍ථ අවිජ‍්ජාසමුදයා රූපසමුදයොති “පුරිමකම‍්මභවස‍්මිං මොහො අවිජ‍්ජා”ති වුත‍්තාය අවිජ‍්ජාය සති ඉමස‍්මිං භවෙ රූපස‍්ස උප‍්පාදො හොතීති අත්‍ථො. පච‍්චයසමුදයට‍්ඨෙනාති පච‍්චයස‍්ස උප‍්පන‍්නභාවෙනාති අත්‍ථො. අවිජ‍්ජාතණ‍්හාකම‍්මානි චෙත්‍ථ ඉධ පටිසන්‍ධිහෙතුභූතා අතීතපච‍්චයා . ඉමෙසු ච තීසු ගහිතෙසු සඞ‍්ඛාරුපාදානානි ගහිතානෙව හොන‍්ති. ආහාරසමුදයාති පවත‍්තිපච‍්චයෙසු කබළීකාරාහාරස‍්ස බලවත‍්තා සොයෙව ගහිතො. තස‍්මිං පන ගහිතෙ පවත‍්තිහෙතුභූතානි උතුචිත‍්තානිපි ගහිතානෙව හොන‍්ති. නිබ‍්බත‍්තිලක‍්ඛණන‍්ති අද‍්ධාසන‍්තතිඛණවසෙන රූපස‍්ස උප‍්පාදං, උප‍්පාදොයෙව සඞ‍්ඛතලක‍්ඛණත‍්තා ලක‍්ඛණන‍්ති ච වුත‍්තො. පඤ‍්ච ලක‍්ඛණානීති අවිජ‍්ජා තණ‍්හා කම‍්මාහාරා නිබ‍්බත‍්ති චාති ඉමානි පඤ‍්ච ලක‍්ඛණානි. අවිජ‍්ජාදයොපි හි රූපස‍්ස උදයො ලක‍්ඛීයති එතෙහීති ලක‍්ඛණානි. නිබ‍්බත‍්ති පන සඞ‍්ඛතලක‍්ඛණමෙව, තම‍්පි සඞ‍්ඛතන‍්ති ලක‍්ඛීයති එතෙනාති ලක‍්ඛණං.

එහි, අවිජ්ජා සමුදයා රූප සමුදයො යනු පූර්වකර්ම භවයෙහි මෝහය අවිද්‍යාවයි, කියන ලද අයුරින්, අවිද්‍යාව ඇති කල්හි මෙම භවයෙහි රූපයෙහි ඉපැත්ම වේයයි අර්ථයි. පච්චය සමුදයට්ඨෙන යනු ප්‍රත්‍යයාගේ හටගත් භාවයෙනැයි අර්ථයි. අවිද්‍යා, තෘෂ්ණා, කර්ම යන මේවා මෙහි ප්‍රතිසන්ධියට හේතුවූ අතීත ප්‍රත්‍යයෝය. මේ ත්‍රය ගත්කල්හි, සංස්කාර, උපාදාන ගන්නා ලද්දේම වේ. ආහාර සමුදයා යනු, පැවැත්මට ප්‍රත්‍යය වන කබලිංකාරාහාරයාගේ බලවත් බැවින් එයම ගන්නා ලද්දේය. එය ගත් කල්හි, පැවැත්මට හේතුභූත වූ, සෘතු, චිත්තාදීහුද ගන්නා ලද්දෝම වෙති. නිබ්බත්ති ලක්ඛණං යනු කාල, නොකඩවා පැවැත්ම, ක්‍ෂණ වශයෙන් රූපයාගේ ඉපැත්ම, ඉපැත්මම ප්‍රත්‍යයෙන් හටගත් ලක්‍ෂණ බැවින් ලක්‍ෂණ යයි යූ.සේයි. පඤ්ච ලක්ඛණානි අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, ආහාර ඉපැත්ම යන මෙම පඤ්ච ලක්‍ෂණයෝය. අවිද්‍යාදීහු, රූපයාගේ හටගැන්ම ලකුණු කරත්. එයිනුයි ලක්ඛණානියි. හටගැන්ම වනාහි සංඛත ලක්‍ෂණමය. එයද ප්‍රත්‍යයෙන් හටගත්තේ යයි සලකුණු කෙරේනුයේ එයිනුයි > ලක්‍ෂණ නමැ.

අවිජ‍්ජානිරොධා රූපනිරොධොති අනාගතභවස‍්ස පච‍්චයභූතාය ඉමස‍්මිං භවෙ අවිජ‍්ජාය අරහත‍්තමග‍්ගඤාණෙන නිරොධෙ කතෙ පච‍්චයාභාවා අනාගතස‍්ස රූපස‍්ස අනුප‍්පාදො නිරොධො හොතීති අත්‍ථො. පච‍්චයනිරොධට‍්ඨෙනාති පච‍්චයස‍්ස නිරුද‍්ධභාවෙනාති අත්‍ථො. නිරොධො චෙත්‍ථ අනාගතපටිසන්‍ධිපච‍්චයානං ඉධ අවිජ‍්ජාතණ‍්හාකම‍්මානංයෙව නිරොධො. ආහාරනිරොධා රූපනිරොධොති පවත‍්තිපච‍්චයස‍්ස කබළීකාරාහාරස‍්ස අභාවෙ තංසමුට‍්ඨානරූපාභාවො හොති. විපරිණාමලක‍්ඛණන‍්ති අද‍්ධාසන‍්තතිඛණවසෙන රූපස‍්ස භඞ‍්ගං, භඞ‍්ගොයෙව සඞ‍්ඛතලක‍්ඛණත‍්තා ලක‍්ඛණන‍්ති වුත‍්තො. ඉධ පඤ‍්ච ලක‍්ඛණානීති අවිජ‍්ජාතණ‍්හාකම‍්මාහාරානං අභාවනිරොධා චත‍්තාරි, විපරිණාමො එකන‍්ති පඤ‍්ච. එස නයො වෙදනාක‍්ඛන්‍ථාදීසු. අයං පන විසෙසො – අරූපක‍්ඛන්‍ධානං උදයබ‍්බයදස‍්සනං අද‍්ධාසන‍්තතිවසෙන, න ඛණවසෙන. ඵස‍්සො වෙදනාසඤ‍්ඤාසඞ‍්ඛාරක‍්ඛන්‍ධානං පවත‍්තිපච‍්චයො, තංනිරොධා ච තෙසං නිරොධො. නාමරූපං විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස පවත‍්තිපච‍්චයො, තංනිරොධා ච තස‍්ස නිරොධොති.

අවිජ්ජානිරොධො රූප නිරොධො අනාගත භවයට ප්‍රත්‍යය වූ, මේ භවයෙහි අවිද්‍යාව, අර්හත් මාර්ග ඤාණයෙන් නිරුද්ධ කළ කල්හි ප්‍රත්‍යයන්හි අභාවයෙන් අනාගත රූපයාගේ නොඉපැත්ම වේ. නිරුද්ධ වේයයි අර්ථයි. පච්චය නිරොධට්ඨෙන යනු ප්‍රත්‍යයාගේ නිරුද්ධභාවයෙනැයි අර්ථයි. මෙහි නිරෝධය වනාහි, අනාගත ප්‍රතිසන්ධීන්ට ප්‍රත්‍යය වූ, මෙහි අවිද්‍යා, තෘෂ්ණා, කර්මයන්ගේම නිරෝධයයි. ආහාර නිරොධා රූපනිරොධො යන පැවැත්මට හේතුවූ කබලිකාරාහාරයාගේ අභාවයෙන් ඉන් හටගන්නා රූපයන්ගේ අභාවය වේ. විපරිණාම ලක්ඛණං යනු කාල, නොකඩවා පැවැත්ම ක්‍ෂණ වශයෙන් රූපයාගේ භංගයයි. භංගයම ප්‍රත්‍යයෙන් හටගත් ලක්‍ෂණ ඇති හෙයින් ලක්ඛණයැයි යූ.සේයි. පඤ්ච ලක්ඛණානීති අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, ආහාරයන්ගේ අභාව නිරෝධයෙන් සතරෙක්ද, එක් විපරිණාමයෙක්දැයි පඤ්චකයකි. වේදනා ස්කන්ධාදීන්හිද එම ක්‍රමයමැයි. මේ විශේෂයයි. අරූප ස්කන්ධයන්ට උදය-ව්‍යය දර්ශනය, කාල නොකඩවා පැවැත්ම වශයෙනි. ක්‍ෂණ වශයෙන් නොවේ. ස්පර්ශය, වේදනා, සංඥා, සංස්කාර ස්කන්ධයන්ට ප්‍රවෘත්ති ප්‍රත්‍යය වේ. එය නිරොධයෙන් ඒවාහි නිරෝධය වේ. නාමරූප විඤ්ඤාණස්කන්ධයට ප්‍රවෘත්ති වශයෙන් ප්‍රත්‍යය වේ. එය නිරෝධයෙන් එහි නිරෝධය වේ.

කෙචි පනාහු – “චතුධා පච‍්චයතො උදයබ‍්බයදස‍්සනෙ අතීතාදිවිභාගං අනාමසිත්‍වාව සබ‍්බසාමඤ‍්ඤවසෙන අවිජ‍්ජාදීහි උදෙතීති උප‍්පජ‍්ජමානභාවමත‍්තං ගණ‍්හාති, න උප‍්පාදං. අවිජ‍්ජාදිනිරොධා නිරුජ‍්ජතීති අනුප‍්පජ‍්ජමානභාවමත‍්තං ගණ‍්හාති, න භඞ‍්ගං. ඛණතො උදයබ‍්බයදස‍්සනෙ පච‍්චුප‍්පන‍්නානං උප‍්පාදං භඞ‍්ගං ගණ‍්හාතී”ති.

සමහරු කීහු. සිව්ආකාර ප්‍රත්‍යය වශයෙන් උදයව්‍යය දර්ශනයෙහි අතීතාදී බෙදීම් අනාමර්ශනය නොකොටම සියල්ලට සමාන වශයෙන් අවිද්‍යාදීන්ගෙන් උදාවේයයි උපත්නා බව පමණක් ගනියි. ඉපැත්ම නොගනියි. අවිද්‍යා නිරෝධයෙන් නිරුද්ධ වේයයි නූපදින භාවයම පමණක් ගනියි. භංගය නොවේ. ක්‍ෂණ වශයෙන් උදයව්‍යය දර්ශනයෙහි වර්තමාන ඉපැත්ම හා විනාශය ගනී.

විපස‍්සමානො පන විපස‍්සකො පඨමං පච‍්චයතො උදයබ‍්බයං මනසිකරිත්‍වා විපස‍්සනාකාලෙ අවිජ‍්ජාදිකෙ චතුරො ධම‍්මෙ විස‍්සජ‍්ජෙත්‍වා උදයබ‍්බයවන‍්තෙයෙව ඛන්‍ධෙ ගහෙත්‍වා තෙසං උදයබ‍්බයං පස‍්සති, එවඤ‍්ච තස‍්ස විපස‍්සකස‍්ස “එවං රූපාදීනං උදයො, එවං වයො, එවං රූපාදයො උදෙන‍්ති, එවං වෙන‍්තී”ති පච‍්චයතො ච ඛණතො ච විත්‍ථාරෙන උදයබ‍්බයං පස‍්සතො “ඉති කිර ඉමෙ ධම‍්මා අහුත්‍වා සම‍්භොන‍්ති, හුත්‍වා පටිවෙන‍්තී”ති ඤාණං විසදතරං හොති, සච‍්චපටිච‍්චසමුප‍්පාදනයලක‍්ඛණභෙදා පාකටා හොන‍්ති . යඤ‍්හි සො අවිජ‍්ජාදිසමුදයා ඛන්‍ධානං සමුදයං අවිජ‍්ජාදිනිරොධා ච ඛන්‍ධානං නිරොධං පස‍්සති, ඉදමස‍්ස පච‍්චයතො උදයබ‍්බයදස‍්සනං. යං පන නිබ‍්බත‍්තිලක‍්ඛණවිපරිණාමලක‍්ඛණානි පස‍්සන‍්තො ඛන්‍ධානං උදයබ‍්බයං පස‍්සති, ඉදමස‍්ස ඛණතො උදයබ‍්බයදස‍්සනං. උප‍්පත‍්තික‍්ඛණෙයෙව හි නිබ‍්බත‍්තිලක‍්ඛණං, භඞ‍්ගක‍්ඛණෙ ච විපරිණාමලක‍්ඛණං.

විදර්ශනා වඩන, විදර්ශකයා විසින් පළමුව ප්‍රත්‍යය වශයෙන් උදයව්‍යය මෙනෙහිකොට, විදර්ශනා කාලයෙහි අවිද්‍යාදී සිව් ධර්මයන් විසඳා, උදයව්‍යය වත් වූයේම, ස්කන්ධයන් ගෙන, ඒවාහි උදයව්‍යය බලයි. මෙසේද ඒ විදර්ශකයාට, මෙසේ රූපාදීන්ගේ උදය මෙසේය. ව්‍යය මෙසේය. මෙසේ රූපාදීහු හටගනිත්. මෙසේ විනාශවෙතියි, ප්‍රත්‍යය වශයෙන්ද, ලක්‍ෂණ වශයෙන්ද විස්තර වශයෙන් උදයව්‍යය දක්නේ, මේ ධර්ම කලින් නොමැති වූයේ හටගති. හටගෙන විනාශ වෙතියි ඤාණය ඉතා ප්‍රකටතර වෙයි. සත්‍යය ප්‍රතීත්‍ය සමුත්පාද ක්‍රම ලක්‍ෂණ භේද ප්‍රකට වෙති. යම්සේ වනාහි හෙතෙම අවිද්‍යාදීන්ගේ හටගැනීමෙන්, ස්කන්ධයන්ගේ හටගැනීම, අවිද්‍යාදීන්ගේ නිරෝධයෙන් ස්කන්ධයන්ගේ නිරෝධය දකියි. මේ ඔහුගේ ප්‍රත්‍යය වශයෙන් උදයව්‍යය දර්ශනයයි. යම් ඒ උපත් ලක්‍ෂණ, වෙනස්වීම් ලක්‍ෂණ නුවණින් දක්නේ ස්කන්ධයන්ගේ හටගැනීම් විනාශ දකියි. මේ ඔහුගේ ක්‍ෂණ වශයෙන් උදයව්‍යය දර්ශනයයි. හටගන්නා ක්‍ෂණයෙහිම උපත් ලක්‍ෂණයද, භංගක්‍ෂණයෙහිම වෙනස්වීම් ලක්‍ෂණයද වේ.

ඉච‍්චස‍්සෙවං පච‍්චයතො චෙව ඛණතො ච ද‍්වෙධා උදයබ‍්බයං පස‍්සතො පච‍්චයතො උදයදස‍්සනෙන සමුදයසච‍්චං පාකටං හොති ජනකාවබොධතො. ඛණතො උදයදස‍්සනෙන දුක‍්ඛසච‍්චං පාකටං හොති ජාතිදුක‍්ඛාවබොධතො. පච‍්චයතො වයදස‍්සනෙන නිරොධසච‍්චං පාකටං හොති පච‍්චයානුප‍්පාදෙන පච‍්චයවතං අනුප‍්පාදාවබොධතො. ඛණතො වයදස‍්සනෙන දුක‍්ඛසච‍්චමෙව පාකටං හොති මරණදුක‍්ඛාවබොධතො. යඤ‍්චස‍්ස උදයබ‍්බයදස‍්සනං, මග‍්ගොවායං ලොකිකොති මග‍්ගසච‍්චං පාකටං හොති තත්‍ර සම‍්මොහවිඝාතතො.

මෙසේ මොහුට ප්‍රත්‍යය වශයෙන්ද, ක්‍ෂණ වශයෙන්ද, දෙයාකාරයකින් උදයව්‍යය බලන්නහුට, ප්‍රත්‍යය වශයෙන් හටගැනීම් දර්ශනයෙන් සමුදය ප්‍රකට වේ. හටගැනීම් අවබෝධ වන හෙයිනි. ක්‍ෂණ වශයෙන් උදය දර්ශනයෙන් දුක්ඛ සත්‍යය ප්‍රකට වේ. ජාති දුක අවබෝධ වන හෙයිනි. ප්‍රත්‍යය වශයෙන් විනාශය දර්ශනයෙන් නිරෝධ සත්‍යය ප්‍රකට වේ. ප්‍රත්‍යය නොඉපදීමෙන්, ප්‍රත්‍යයවත් භාවයාගේ නොඉපදීම අවබෝධවන හෙයිනි. ක්‍ෂය වශයෙන් විනාශ දර්ශනයෙන් දුක්ඛ සත්‍යයම ප්‍රකට වේ. මරණ දුක අවබෝධ වන හෙයිනි. ඔහුට යම් උදයව්‍යය දර්ශනයක් වේද, මේ මාර්ගය ලෞකිකයැයි, එහිදී මුලාව විනාශවන හෙයින් මාර්ග සත්‍යයි ප්‍රකට වේ.

පච‍්චයතො චස‍්ස උදයදස‍්සනෙන අනුලොමො පටිච‍්චසමුප‍්පාදො පාකටො හොති “ඉමස‍්මිං සති ඉදං හොතී”ති (ම· නි· 1.404; සං· නි· 2.21; උදා· 1) අවබොධතො. පච‍්චයතො වයදස‍්සනෙන පටිලොමො පටිච‍්චසමුප‍්පාදො පාකටො හොති “ඉමස‍්ස නිරොධා ඉදං නිරුජ‍්ඣතී”ති (ම· නි· 1.406; සං· නි· 2.21; උදා· 2) අවබොධතො. ඛණතො පන උදයබ‍්බයදස‍්සනෙන පටිච‍්චසමුප‍්පන‍්නා ධම‍්මා පාකටා හොන‍්ති සඞ‍්ඛතලක‍්ඛණාවබොධතො. උදයබ‍්බයවන‍්තො හි සඞ‍්ඛතා, තෙ ච පටිච‍්චසමුප‍්පන‍්නාති.

ප්‍රත්‍යය වශයෙන් මොහුට උදය දර්ශනයෙන් මෙය ඇති කල්හි මෙය වේයයි අවබෝධ වන හෙයින් අනුලොම් ප්‍රතීත්‍ය සමුත්පාදය ප්‍රකට වේ. ප්‍රත්‍යය වශයෙන් විනාශය දර්ශනයෙන් මෙය නිරෝධයෙන් මෙය නිරුද්ධ වේයයි අවබෝධ වන හෙයින් ප්‍රතිලෝම ප්‍රතීත්‍ය සමුත්පාදය ප්‍රකට වේ. ක්‍ෂණ වශයෙන් වනාහි උදයව්‍යය දර්ශනයෙන් ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්ම ප්‍රකට වේ. ප්‍රත්‍යයෙන් හටගත් ලක්‍ෂණ අවබෝධ වන හෙයිනි. ප්‍රත්‍යයෙන් හටගත්තාහුම, උදයව්‍යයවත් වූයේ ප්‍රතීත්‍ය සමුත්පන්න වෙතියි,

පච‍්චයතො චස‍්ස උදයදස‍්සනෙන එකත‍්තනයො පාකටො හොති හෙතුඵලසම‍්බන්‍ධෙන සන‍්තානස‍්ස අනුපච‍්ඡෙදාවබොධතො. අථ සුට‍්ඨුතරං උච‍්ඡෙදදිට‍්ඨිං පජහති. ඛණතො උදයදස‍්සනෙන නානත‍්තනයො පාකටො හොති නවනවානං උප‍්පාදාවබොධතො. අථ සුට‍්ඨුතරං සස‍්සතදිට‍්ඨිං පජහති. පච‍්චයතො චස‍්ස උදයබ‍්බයදස‍්සනෙන අබ්‍යාපාරනයො පාකටො හොති ධම‍්මානං අවසවත‍්තිභාවාවබොධතො. අථ සුට‍්ඨුතරං අත‍්තදිට‍්ඨිං පජහති. පච‍්චයතො පන උදයදස‍්සනෙන එවංධම‍්මතානයො පාකටො හොති පච‍්චයානුරූපෙන ඵලස‍්සුප‍්පාදාවබොධතො. අථ සුට‍්ඨුතරං අකිරියදිට‍්ඨිං පජහති.

ප්‍රත්‍යය වශයෙන් මොහුට උදය දර්ශනයෙන් ඒකත්‍වය ප්‍රකටවෙයි. හේතුඵල සම්බන්ධතාවය මත සන්තානයාගේ නොසිඳීම අවබෝධ වන හෙයිනි. එකල්හි ඉතාමත් යහපත් අන්දමින් උච්ඡෙද දෘෂ්ටිය දුරුකරයි. අලුත් අලුත් රූපයන්ගේ ඉපැත්ම අවබෝධ වන හෙයින්, ක්‍ෂණ වශයෙන් උදය දර්ශනයෙන් නානත්වය ප්‍රකට වෙයි. එකල්හි ඉතාමත් යහපත් අයුරින් ශාශ්වත දෘෂ්ටිය දුරුකරයි. රූපාදී ධර්මයන්ගේ තම වසඟයෙහි නොපවත්නා බව අවබෝධ වන හෙයින්, ප්‍රත්‍යය වශයෙන් මොහුට උදයව්‍යය දර්ශනයෙන් අව්‍යාපාරනය ප්‍රකට වෙයි. එකල්හි ඉතාමත් යහපත් අයුරින් ආත්ම දෘෂ්ටිය දුරුකරයි. ප්‍රත්‍යයානුරූපව ඵලයාගේ ඉපැත්ම අවබෝධ වන හෙයින් ප්‍රත්‍යයෙන් වන උදය දර්ශනයෙන් එවං ධර්මතා නය ප්‍රකට වෙයි. එකල්හි මනාව අක්‍රිය දෘෂ්ටිය දුරුකරයි.

පච‍්චයතො චස‍්ස උදයදස‍්සනෙන අනත‍්තලක‍්ඛණං පාකටං හොති ධම‍්මානං නිරීහකත‍්තපච‍්චයපටිබද‍්ධවුත‍්තිතාවබොධතො. ඛණතො උදයබ‍්බයදස‍්සනෙන අනිච‍්චලක‍්ඛණං පාකටං හොති හුත්‍වා අභාවාවබොධතො, පුබ‍්බන‍්තාපරන‍්තවිවෙකාවබොධතො ච. දුක‍්ඛලක‍්ඛණම‍්පි පාකටං හොති උදයබ‍්බයෙහි පටිපීළනාවබොධතො. සභාවලක‍්ඛණම‍්පි පාකටං හොති උදයබ‍්බයපරිච‍්ඡින‍්නාවබොධතො . සභාවලක‍්ඛණෙ සඞ‍්ඛතලක‍්ඛණස‍්ස තාවකාලිකත‍්තම‍්පි පාකටං හොති, උදයක‍්ඛණෙ වයස‍්ස, වයක‍්ඛණෙ ච උදයස‍්ස අභාවාවබොධතොති.

ධර්මයන්ගේ, අජීවතාවය, ප්‍රත්‍යය පිළිබඳ පැවැත්ම අවබෝධ වන හෙයින් මොහුට ප්‍රත්‍යය වශයෙන් උදය දර්ශනයෙන් අනාත්ම ලක්‍ෂණය ප්‍රකට වෙයි. හටගෙන පසුව වන අභාවය අවබෝධ වන හෙයින්ද පූර්වාන්ත අපරාන්ත නුවණින් විමසා අවබෝධ වන හෙයින්ද ක්‍ෂණ වශයෙන් උදයව්‍යය දර්ශනයෙන් අනිත්‍ය ලක්‍ෂණය ප්‍රකට වෙයි. උදයව්‍යයන්ගේ පෙළීම අවබෝධ වන හෙයින් දුක්ඛ ලක්‍ෂණයද ප්‍රකට වෙයි. උදයව්‍යය පිරිසිඳීම අවබෝධ වන හෙයින් ස්වභාව ලක්‍ෂණයද ප්‍රකට වෙයි. උදයක්‍ෂණයෙහි ව්‍යයාගේද, ව්‍යයක්‍ෂණයෙහි උදයයාගේද අභාවය අවබෝධ වන හෙයින් සංඛත ලක්‍ෂණයාගේ ස්වභාව ලක්‍ෂණයෙහි තාවකාලිකත්වයද ප්‍රකට වෙයි.

තස‍්සෙවං පාකටීභූතසච‍්චපටිච‍්චසමුප‍්පාදනයලක‍්ඛණභෙදස‍්ස “එවං කිර නාමිමෙ ධම‍්මා අනුප‍්පන‍්නපුබ‍්බා උප‍්පජ‍්ජන‍්ති, උප‍්පන‍්නා නිරුජ‍්ඣන‍්තී”ති නිච‍්චනවාව හුත්‍වා සඞ‍්ඛාරා උපට‍්ඨහන‍්ති. න කෙවලඤ‍්ච නිච‍්චනවාව, සූරියුග‍්ගමනෙ උස‍්සාවබින්‍දු විය උදකපුබ‍්බුළො විය උදකෙ දණ‍්ඩරාජි විය ආරග‍්ගෙ සාසපො විය විජ‍්ජුප‍්පාදො විය ච පරිත‍්තට‍්ඨායිනො මායාමරීචිසුපිනන‍්තඅලාතචක‍්කගන්‍ධබ‍්බනගරඵෙණකදලිආදයො විය අසාරා නිස‍්සාරාති චාපි උපට‍්ඨහන‍්ති. එත‍්තාවතා තෙන “වයධම‍්මමෙව උප‍්පජ‍්ජති, උප‍්පන‍්නඤ‍්ච වයං උපෙතී”ති ඉමිනා ආකාරෙන සමපඤ‍්ඤාස ලක‍්ඛණානි පටිවිජ‍්ඣිත්‍වා ඨිතං උදයබ‍්බයානුපස‍්සනා නාම පඨමං තරුණවිපස‍්සනාඤාණං අධිගතං හොති, යස‍්සාධිගමා “ආරද‍්ධවිපස‍්සකො”ති සඞ‍්ඛං ගච‍්ඡති. ඉමස‍්මිං ඤාණෙ ඨිතස‍්ස ඔභාසාදයො දස විපස‍්සනූපක‍්කිලෙසා උප‍්පජ‍්ජන‍්ති, යෙසං උප‍්පත‍්තියා අකුසලො යොගාවචරො තෙසු මග‍්ගඤාණසඤ‍්ඤී හුත්‍වා අමග‍්ගමෙව “මග‍්ගො”ති ගණ‍්හාති, උපක‍්කිලෙසජටාජටිතො ච හොති. කුසලො පන යොගාවචරො තෙසු විපස‍්සනං ආරොපෙන‍්තො උපක‍්කිලෙසජටං විජටෙත්‍වා “එතෙ ධම‍්මා න මග‍්ගො, උපක‍්කිලෙසවිමුත‍්තං පන වීථිපටිපන‍්නං විපස‍්සනාඤාණං මග‍්ගො”ති මග‍්ගඤ‍්ච අමග‍්ගඤ‍්ච වවත්‍ථපෙති. තස‍්සෙවං මග‍්ගඤ‍්ච අමග‍්ගඤ‍්ච ඤත්‍වා ඨිතං ඤාණං මග‍්ගාමග‍්ගඤාණදස‍්සනවිසුද‍්ධි නාම.

මෙසේ ඔහුට ප්‍රකට වූ, සත්‍යය ප්‍රතීත්‍ය සමුත්පාද නය ලක්‍ෂණ භේදයාගේ මෙනම් වූ, මෙම ධර්ම පෙර නූපන් විරූ වූයේ, උපදී. උපන්නාහු නිරුද්ධ වෙති. නිත්‍ය නවතාවයෙන්ම වී සංස්කාර වැටහේ. හුදෙක් නිත්‍ය නව්‍යතා වූවාහුම නොවෙති. සූර්යෝද්ගමනයෙහිදී පිණිබිඳුවක් මෙන්ද, දිය බුබුළක් මෙන්ද, දියෙහි කෝටුවකින් ඇඳි ඉරක් මෙන්ද, ඉඳිකටු තුඩෙහි අබ ඇටයක් මෙන්ද, විද්‍යුත්පාදයක් මෙන්ද, ස්වල්පස්ථායී ලෙස වැටහේ. මායාවක් මෙන්ද, මිරිඟුවක් මෙන්ද, සිහිනයක් මෙන්ද, ගිනි වළල්ලක් මෙන්ද, ගාන්ධර්ව නගරයක් මෙන්ද, පෙණපිඬක් මෙන්ද, කෙසෙල්කඳක් ආදිය මෙන්ද, අසාරය, නිස්සාර යැයි කියා වැටහේ. මෙතෙකින් ඉන් ව්‍යය ධර්මයම උපදියි. උපන්නේද ව්‍යයට එළඹේ යයි මේ ආකාරයෙන් සමපණස් ලක්‍ෂණයන් අවබෝධකොට සිටියේ උදයව්‍යයානුපස්සනා නමැ. ප්‍රථම තරුණ විදර්ශනා ඤාණය අවබෝධ කළේ වේ. යමකගේ අධිගමයෙන් ආරබ්ධ විදර්ශකයෙකැයි යන සංඛ්‍යාවට යේද? එබඳු තත්වයට පත්වූයේ වේ. මෙම ඤාණයෙහි සිටියහුට ආලෝක ආදී දස විදර්ශනා උපක්ලේශයෝ උපදිති. යම් උපක්ලේශයන්ගේ ඉපැත්මෙන් අදක්‍ෂ යෝගාවචරයා ඒවාහි මාර්ගඥාන සංඥාව ඇති වී නොමගම මාර්ගයයි ගනියි. උපක්ලේශ අවුලෙන් අවුලට පත්වූයේ වෙයි. දක්‍ෂ යෝගාවචරයා ඒවාහි විදර්ශනාව එළවනුයේ, උපක්ලේශ අවුල නිරවුල්කොට, ඒ ධර්මයෝ මාර්ගය නොවෙත්ය. උපක්ලේශයන්ගෙන් මිදුණා වූ, වීථි පිළිපන් විදර්ශනා ඤාණය මාර්ගයැයි මාර්ගයද අමාර්ගයද දැන සිටි ඤාණය මාර්ගාමාර්ග ඤාණ දර්ශන විසුද්ධිය නමැ.

එත‍්තාවතා ච පන තෙන චතුන‍්නං සච‍්චානං වවත්‍ථානං කතං හොති. කථං? නාමරූපපරිග‍්ගහෙ සති පච‍්චයපරිග‍්ගහසම‍්භවතො ධම‍්මට‍්ඨිතිඤාණවචනෙනෙව වුත‍්තෙන දිට‍්ඨිවිසුද‍්ධිසඞ‍්ඛාතෙන නාමරූපවවත්‍ථාපනෙන දුක‍්ඛසච‍්චස‍්ස වවත්‍ථානං කතං හොති, කඞ‍්ඛාවිතරණවිසුද‍්ධිසඞ‍්ඛාතෙන පච‍්චයපරිග‍්ගහණෙන සමුදයසච‍්චස‍්ස වවත්‍ථානං, උදයබ‍්බයානුපස‍්සනෙන ච ඛණතො උදයබ‍්බයදස‍්සනෙන දුක‍්ඛසච‍්චස‍්ස වවත්‍ථානං කතං, පච‍්චයතො උදයදස‍්සනෙන සමුදයසච‍්චස‍්ස වවත්‍ථානං, පච‍්චයතො වයදස‍්සනෙන නිරොධසච‍්චස‍්ස වවත්‍ථානං, යඤ‍්චස‍්ස උදයබ‍්බයදස‍්සනං, මග‍්ගොවායං ලොකිකොති තත්‍ර සම‍්මොහවිඝාතතො ඉමිස‍්සඤ‍්ච මග‍්ගාමග‍්ගඤාණදස‍්සනවිසුද‍්ධියං විපස‍්සතො සම‍්මා මග‍්ගස‍්ස අවධාරණෙන මග‍්ගසච‍්චස‍්ස වවත්‍ථානං කතං. එවං ලොකියෙන තාව ඤාණෙන චතුන‍්නං සච‍්චානං වවත්‍ථානං කතං හොතීති.

මෙතෙකින් ඔහු විසින් චතුරාර්ය සත්‍යය වෙන් කරන ලද්දේ වෙයි. කෙසේද? නාමරූප පිළිබඳ විමසීම ඇතිකල්හි, ප්‍රත්‍යය විමසීම් හටගන්නා හෙයිනි. ධර්මස්ථිති ඤාණ වචනයෙන්ම කියන ලද, දෘෂ්ටි විසුද්ධි සංඛ්‍යාත නාමරූප ව්‍යවස්ථානයෙන් දුක්ඛ සත්‍යයාගේ ව්‍යවස්ථානය කරන ලද්දේ වේ. කංඛාවිතරණ විසුද්ධි සංඛ්‍යාත ප්‍රත්‍යය පරිග්‍රහණයෙන් සමුදය සත්‍යයාගේ ව්‍යවස්ථානයද උදයව්‍යයානුපස්සනාවෙන්, ක්‍ෂණ වශයෙන් උදයව්‍යය දර්ශනයෙන් දුක්ඛ සත්‍යයාගේ ව්‍යවස්ථානය කරන ලදී. ප්‍රත්‍යය වශයෙන් උදය දර්ශනයෙන් සමුදය සත්‍යයාගේ ව්‍යවස්ථානය කරන ලද්දේ වේ.

උදයබ‍්බයඤාණනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

උදයව්‍යය ඥාන නිර්දේශ වර්ණනාව නිමි.