යෙදුමෙන් කියවන්න

7. භඞ‍්ගානුපස‍්සනාඤාණනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

7. භඞ‍්ගානුපස‍්සනාඤාණනිද‍්දෙසවණ‍්ණනා

7. භංගානුපස්සනා ඤාණ නිර්දේශ වර්ණනාව

සො උදයබ‍්බයානුපස‍්සනායං ඨිතො යොගාවචරො මග‍්ගාමග‍්ගවවත්‍ථාපනෙන උපක‍්කිලෙසවිමුත‍්තං වීථිපටිපන‍්නං උදයබ‍්බයානුපස‍්සනාඤාණං “මග‍්ගො”ති ඤත්‍වා තිලක‍්ඛණසල‍්ලක‍්ඛණෙන තස‍්සෙව මග‍්ගස‍්ස සුවිසදකරණත්‍ථං පුන උදයබ‍්බයානුපස‍්සනං ආරභිත්‍වා උදයබ‍්බයෙන පරිච‍්ඡින‍්නෙ සඞ‍්ඛාරෙ අනිච‍්චාදිතො විපස‍්සති. එවං තස‍්ස තං ඤාණං තික‍්ඛං හුත්‍වා වහති, සඞ‍්ඛාරා ලහුං උපට‍්ඨහන‍්ති, ඤාණෙ තික‍්ඛෙ වහන‍්තෙ සඞ‍්ඛාරෙසු ලහුං උපට‍්ඨහන‍්තෙසු උප‍්පාදං අතික‍්කමිත්‍වා භඞ‍්ගෙ එව සති සන‍්තිට‍්ඨති. නිරොධාධිමුත‍්තත‍්තා වා උදයං පහාය භඞ‍්ගෙයෙව සතිං උපට‍්ඨපෙති. එතස‍්මිං ඨානෙ භඞ‍්ගානුපස‍්සනාඤාණං උප‍්පජ‍්ජති. ඉදානි තස‍්ස ඤාණස‍්ස නිද‍්දෙසෙ රූපාරම‍්මණතා චිත‍්තං උප‍්පජ‍්ජිත්‍වා භිජ‍්ජතීති රූපාරම‍්මණං චිත‍්තං උප‍්පජ‍්ජිත්‍වා භිජ‍්ජති. අථ වා රූපාරම‍්මණභාවෙ චිත‍්තං උප‍්පජ‍්ජිත්‍වා භිජ‍්ජතීති අත්‍ථො. තං ආරම‍්මණං පටිසඞ‍්ඛාති තං රූපාරම‍්මණං පටිසඞ‍්ඛාය ජානිත්‍වා, ඛයතො වයතො දිස‍්වාති අත්‍ථො. තස‍්ස චිත‍්තස‍්ස භඞ‍්ගං අනුපස‍්සතීති යෙන චිත‍්තෙන තං රූපාරම‍්මණං ඛයතො වයතො දිට‍්ඨං, තස‍්ස චිත‍්තස‍්ස අපරෙන චිත‍්තෙන භඞ‍්ගං අනුපස‍්සතීති අත්‍ථො. තෙනාහු පොරාණා – “ඤාතඤ‍්ච ඤාණඤ‍්ච උභො විපස‍්සතී”ති. චිත‍්තන‍්ති චෙත්‍ථ සසම‍්පයුත‍්තචිත‍්තං අධිප‍්පෙතං.

උදයව්‍යයානුපස්සනාවෙහි සිටි ඒ යෝගාවචර තෙමේ, මාර්ගා මාර්ගව්‍යවස්ථාපනයෙන් කෙලෙසුන්ගෙන් මුක්ත, වීථි පිළිපන්, උදය්‍යයානුපස්සනා ඤාණය මාර්ගයයි දැන, තිලකුණු සලකා බැලීමෙන් එම මාර්ගයාගේම මනාව පැහැදිලි කිරීම සඳහා නැවත උදයව්‍යයානුපස්සනාව අරඹා, උදයව්‍යයෙන් පිරිසිඳ දත් සංස්කාරයන් අනිත්‍යාදී වශයෙන් විදර්ශනා කරයි. මෙසේ ඔහුට ඒ ඤාණය තීක්‍ෂණව උසුලයි. සංස්කාර සැහැල්ලුව වැටහෙයි. ඤාණය තීක්‍ෂණව උසුලන කල්හි සංස්කාරයන් සැහැල්ලුව වැටහෙන කල්හි, උත්පාදය ඉක්මවා භංගයෙහිම සිහිය පිහිටයි. නිවනෙහි තදින් ඇලුණු බැවින් උදය අත්හැර භංගයෙහිම සිහිය ගෙනැවිත් තබයි. මෙතැන්හි භංගානුපස්සනා ඤාණය උපදියි. දැන් ඒ ඤාණ නිර්දේශයෙහි, රූපාරම්මණතා චිත්තං උප්පජ්ජිත්‍වා භිජ්ජති යනු රූපාරම්මණ සිත ඉපිද බිඳෙයි. නොහොත්, රූපාරම්මණ භාවයෙහි සිත ඉපිද බිඳේයයි අර්ථයි. තං ආරම්මණං පටිසංඛා යනු ඒ රූපාරම්මණය නුවණින් දැන, ක්‍ෂය ව්‍යය වශයෙන් දැක යන අර්ථයි. තස්ස චිත්තං භංගං අනුපස්සති යනු යම් සිතකින් ඒ රූපාරම්මණය ක්‍ෂය, ව්‍යය වශයෙන් දුටු ඒ සිතෙහි භංගය අනෙක් සිතකින් නුවණින් දකී යන අර්ථයි. එහෙයින් පෞරාණිකයෝ කීහු:- ‘දත් දෑද, ඤාණයද යන ද්වයය නුවණින් බලයි. චිත්තං යනු මෙහි ඤාණ සම්ප්‍රයුක්ත සිත අදහස් කරන ලදී.

අනුපස‍්සතීති අනු අනු පස‍්සති, අනෙකෙහි ආකාරෙහි පුනප‍්පුනං පස‍්සතීති අත්‍ථො. තෙනාහ අනුපස‍්සතීති කථං අනුපස‍්සති, අනිච‍්චතො අනුපස‍්සතීතිආදි . තත්‍ථ යස‍්මා භඞ‍්ගො නාම අනිච‍්චතාය පරමා කොටි, තස‍්මා භඞ‍්ගානුපස‍්සකො යොගාවචරො සබ‍්බං රූපගතං අනිච‍්චතො අනුපස‍්සති, නො නිච‍්චතො. තතො අනිච‍්චස‍්ස දුක‍්ඛත‍්තා, දුක‍්ඛස‍්ස ච අනත‍්තත‍්තා, තදෙව දුක‍්ඛතො අනුපස‍්සති, නො සුඛතො. අනත‍්තතො අනුපස‍්සති, නො අත‍්තතො . යස‍්මා පන යං අනිච‍්චං දුක‍්ඛමනත‍්තා, න තං අභිනන්‍දිතබ‍්බං. යඤ‍්ච න අභිනන්‍දිතබ‍්බං, න තත්‍ථ රජ‍්ජිතබ‍්බං. තස‍්මා එස තස‍්මිං භඞ‍්ගානුපස‍්සනානුසාරෙන “අනිච‍්චං දුක‍්ඛමනත‍්තා”ති දිට‍්ඨෙ රූපගතෙ නිබ‍්බින්‍දති, නො නන්‍දති. විරජ‍්ජති, නො රජ‍්ජති. සො එවං විරජ‍්ජන‍්තො ලොකිකෙනෙව තාව ඤාණෙන රාගං නිරොධෙති, නො සමුදෙති, සමුදයං න කරොතීති අත්‍ථො. අථ වා සො එවං විරත‍්තො යථා දිට‍්ඨං රූපගතං, තථා අදිට‍්ඨම‍්පි අන්‍වයඤාණවසෙන නිරොධෙති, නො සමුදෙති. නිරොධතොව මනසි කරොති, නිරොධමෙවස‍්ස පස‍්සති, නො සමුදයන‍්ති අත්‍ථො. සො එවං පටිපන‍්නො පටිනිස‍්සජ‍්ජති, නො ආදියති. කිං වුත‍්තං හොති? අයම‍්පි හි අනිච‍්චාදිඅනුපස‍්සනා තදඞ‍්ගවසෙන සද‍්ධිං ඛන්‍ධාභිසඞ‍්ඛාරෙහි කිලෙසානං පරිච‍්චජනතො, සඞ‍්ඛතදොසදස‍්සනෙන ච තබ‍්බිපරීතෙ නිබ‍්බානෙ තන‍්නින‍්නතාය පක‍්ඛන්‍දනතො පරිච‍්චාගපටිනිස‍්සග‍්ගො චෙව පක‍්ඛන්‍දනපටිනිස‍්සග‍්ගො චාති වුච‍්චති. තස‍්මා තාය සමන‍්නාගතො භික‍්ඛු යථාවුත‍්තෙන නයෙන කිලෙසෙ ච පරිච‍්චජති, නිබ‍්බානෙ ච පක‍්ඛන්‍දති. නාපි නිබ‍්බත‍්තනවසෙන කිලෙසෙ ආදියති, න අදොසදස‍්සිතාවසෙන සඞ‍්ඛතාරම‍්මණං. තෙන වුච‍්චති පටිනිස‍්සජ‍්ජති, නො ආදියතීති.

අනුපස්සති යනු නැවත නැවත බලයි. නොයෙක් ආකාරයන්ගෙන් නැවත නැවත බලයි යන අර්ථයි. එහෙයින් කීහු: අනුපස්සති යනු කෙසේ අනුපස්සනා කෙරේද? අනිත්‍ය වශයෙන් අනුව බලයි. භංගය නම් අනිත්‍යතාවගේ අන්තිම කෙළවරයි. එහෙයින් ඒ භංගානුපස්සනා යෝගාවචර තෙමේ රූපයන්ට ඇතුළත් සියල්ල අනිත්‍ය වශයෙන් නැවත නැවත බලයි. නිත්‍ය වශයෙන් නොබලයි. ඉක්බිති අනිත්‍යයාගේ දුක්ඛතාව බැවින්ද, දුක්ඛයාගේ අනාත්මතාව බැවින්ද, එයම දුක් වශයෙන් නැවත නැවත බලයි. ආත්ම වශයෙන් නොබලයි. යමක් අනිත්‍යද දුකද අනාත්මද එයට සතුටු නෙවිය යුතුය. යමක් සතුටු නොවිය යුතුද? එහි නොඇලිය යුතුය. එහෙයින් ඒ භංගානුපස්සනා අනුසාරයෙන් අනිත්‍යය, දුක්ඛය, අනාත්මයැයි රූපයන්ට අයත් දෑ කෙරෙහි කළකිරේ. සතුටු නොවේ. නොඇලේ. ඇල්ම නොකරයි. හෙතෙම මෙසේ නොඇලෙන්නේ, පළමුව ලෞකික ඤාණයෙන්ම ඇල්ම නිරුද්ධ කරයි. හට නොගන්වයි. හටගැනීම නොකරයි යන අර්ථයි. හෙතෙම මෙසේ නොඇලුණේ රූපයන්ට අයත් දෑ, දුටු පරිදි, එසේම නොදිටියෙහිද, ඤාණ පිළිවෙළ අනුව නිරුද්ධ කරයි. හට නොගන්වයි. නිරෝධ වශයෙන්ම මෙනෙහි කරයි. එහි නිරෝධයම දකියි. හටගැනීම නොවේ යන අර්ථයි. හෙතෙම මෙසේ පිළිපන්නේ අත්හරියි. නොගනියි. කුමක් කියන ලද්දේද යත්? මේ තෙමේ අනිත්‍යාදී අනුපස්සනාවෙන් ස්කන්ධ, අභිසංඛාරයන් සහිත, කෙලෙසුන්, තදංග වශයෙන් අත්හැර දමන හෙයින් ප්‍රත්‍යයෙන් හටගත් දෑහි, දොස් දර්ශනයෙන්ද, ඊට විපරීත නිර්වාණයෙහි, ඊට නිම්නතාවයෙන් පරිත්‍යාග වශයෙන් අත්හැරීම යයිද, ඇතුළට වැදීම් වශයෙන් අත්හැරීම යයිද යූ.සේයි. එහෙයින් එයින් යුක්ත භික්‍ෂුව කියන ලද ක්‍රමයෙන් කෙලෙසුන්ද අත්හැර දමයි. නිර්වාණයෙහිද ඇතුළට වදියි. ඉපදීම් වශයෙන් කෙලෙස් නොගනියි. දොස් රහිත බව දැක්වීම වශයෙන් සංඛතාරම්මණද නොවේ. එහෙයින් අත්හරියි. නොගනියි යයි යූසේයි.

ඉදානිස‍්ස තෙහි ඤාණෙහි යෙසං ධම‍්මානං පහානං හොති, තං දස‍්සෙතුං අනිච‍්චතො අනුපස‍්සන‍්තො නිච‍්චසඤ‍්ඤං පජහතීතිආදි වුත‍්තං. තත්‍ථ නන්‍දින‍්ති සප‍්පීතිකං තණ‍්හං. රාගන‍්ති සෙසං තණ‍්හං. සමුදයන‍්ති රාගස‍්ස උප‍්පත‍්තිං. අථ වා රූපගතස‍්ස උදයං. ආදානන‍්ති නිබ‍්බත‍්තනවසෙන කිලෙසානං ආදානං. වෙදනාරම‍්මණතාතිආදීනි ඉධ ච හෙට‍්ඨා ච වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි.

දැන් ඔහුට එම ඤාණයන්ගෙන්, යම් ධර්මයන්ගේ ප්‍රහාණය වේද, එය දක්වන්ට ‘අනිච්චතො අනුපස්සන්තො නිච්ච සඤ්ඤං පජහති, ආදිය වදාරන ලදී. එහි නන්‍දි යනු ප්‍රීතිසහගත තෘෂ්ණාවයි. රාගං යනු සෙසු තෘෂ්ණාවයි. සමුදයං යනු රාගයෙහි ඉපැත්මයි. නොහොත් රූපගතයාගේ පහළවීමයි. ආදානං යනු ඉපදීම් වශයෙන් කෙලෙසුන්ගේ අල්ලා ගැනීමයි. වෙදනාරම්මණතා ආදිය මෙහිද, යටද කියන ලද ක්‍රමයෙන්ම දතයුත්තාහ.

ගාථාසු පන වත්‍ථුසඞ‍්කමනාති රූපාදීසු එකෙකස‍්ස භඞ‍්ගං දිස‍්වා පුන යෙන චිත‍්තෙන භඞ‍්ගො දිට‍්ඨො, තස‍්සාපි භඞ‍්ගදස‍්සනවසෙන පුරිමවත්‍ථුතො අඤ‍්ඤවත්‍ථුසඞ‍්කමනා. පඤ‍්ඤාය ච විවට‍්ටනාති උදයං පහාය වයෙ සන‍්තිට‍්ඨනා. ආවජ‍්ජනා බලඤ‍්චෙවාති රූපාදීසු එකෙකස‍්ස භඞ‍්ගං දිස‍්වා පුන භඞ‍්ගාරම‍්මණස‍්ස චිත‍්තස‍්ස භඞ‍්ගදස‍්සනත්‍ථං අනන‍්තරමෙව ආවජ‍්ජනසමත්‍ථතා. පටිසඞ‍්ඛා විපස‍්සනාති එසා ආරම‍්මණපටිසඞ‍්ඛා භඞ‍්ගානුපස‍්සනා නාම. ආරම‍්මණඅන්‍වයෙන උභො එකවවත්‍ථනාති පච‍්චක‍්ඛතො දිට‍්ඨස‍්ස ආරම‍්මණස‍්ස අන්‍වයෙන අනුගමනෙන යථා ඉදං, තථා අතීතෙපි සඞ‍්ඛාරගතං භිජ‍්ජි, අනාගතෙපි භිජ‍්ජිස‍්සතීති එවං උභින‍්නං එකසභාවෙනෙව වවත්‍ථාපනන‍්ති අත්‍ථො. වුත‍්තම‍්පි චෙතං පොරාණෙහි –

ගාථාවන්හි වනාහි වත්‍ථු සංකමනා යනු රූපාදී එකිනෙකෙහි භංගය දැක, නැවත යම් සිතකින් භංගය දිටීද එම චිත්තයාගේද, භංගය දැකීම් වශයෙන් පූර්ව වස්තුවෙන් අන්‍ය වස්තුවකට සංක්‍රමණයයි. පඤ්ඤායච විවට්ටනා යනු උදය හැර ව්‍යයයෙහි පිහිටා සිටීමයි. ආවජ්ජනා බලඤ්චෙව යනු රූපාදී එකිනෙකෙහි භංගය දැක, නැවත භංගය අරමුණු චිත්තයාගේ භංගය දර්ශනය සඳහා අනතුරුවම ආවර්ජන සමර්ථතාවයි. පටිසංඛාවිපස්සනා යනු ඒ අරමුණු තොමෝ භංගය නුවණින් සලකා බලන අනුපස්සනා නම් වන්නීය. ආරම්මණ අන්‍වයෙන උභො එක වවත්‍ථානා යනු ප්‍රත්‍යක්‍ෂ වශයෙන් දුටු අරමුණෙහි පිළිවෙළ අනුගමනයෙන්, මෙය යම්සේද, අතීතයෙහිද සංස්කාරයන්ට අයත් දෑ බිඳී ගියේය. අනාගතයෙහිද බිඳී යන්නේය. මෙසේ ද්වයයම එක් ස්වභාවයෙන්ම ව්‍යවස්ථාපනය කෙරේයයි අර්ථයි. පෞරාණිකයන් විසින් කියන ලද්දාහුමය -

“සංවිජ‍්ජමානම‍්හි විසුද‍්ධදස‍්සනො, තදන්‍වයං නෙති අතීතනාගතෙ; සබ‍්බෙපි සඞ‍්ඛාරගතා පලොකිනො, උස‍්සාවබින්‍දූ සූරියෙව උග‍්ගතෙ”ති.

සංවිජ්ජමානම්භි විසුද්ධ දස්සනො, තදන්‍වයං නෙති අතීත නාගතෙ, සබ්බෙපි සංඛාර ගතාපලොකිනො, උස්සාව බින්‍දු සුරියෙව උග්ගතෙ’ති

සුපිරිසිදු දැක්මක් විද්‍යමාන කල්හි, අතීත අනාගත සංස්කාරයන් ඒ අනුව ගෙනයයි. හිරු උදාවූ කල්හි පිණිබිඳ මෙන්, සංස්කාරයන්ට ඇතුළත් වූ සියල්ලම විනාශයට පත්වන සුලුය.

නිරොධෙ අධිමුත‍්තතාති එවං උභින‍්නං භඞ‍්ගවසෙන එකවවත්‍ථානං කත්‍වා තස‍්මිංයෙව භඞ‍්ගසඞ‍්ඛාතෙ නිරොධෙ අධිමුත‍්තතා තග‍්ගරුතා තන‍්නින‍්නතා තප‍්පොණතා තප‍්පබ‍්භාරතාති අත්‍ථො. වයලක‍්ඛණවිපස‍්සනාති එසා වයලක‍්ඛණවිපස‍්සනා නාමාති වුත‍්තං හොති. ආරම‍්මණඤ‍්ච පටිසඞ‍්ඛාති පුරිමඤ‍්ච රූපාදිආරම‍්මණං ජානිත්‍වා. භඞ‍්ගඤ‍්ච අනුපස‍්සතීති තස‍්සාරම‍්මණස‍්ස භඞ‍්ගං දිස‍්වා තදාරම‍්මණස‍්ස චිත‍්තස‍්ස ච භඞ‍්ගං අනුපස‍්සති. සුඤ‍්ඤතො ච උපට‍්ඨානන‍්ති තස‍්සෙවං භඞ‍්ගමනුපස‍්සතො “සඞ‍්ඛාරාව භිජ‍්ජන‍්ති, තෙසං භෙදො මරණං, න අඤ‍්ඤො කොචි අත්‍ථී”ති සුඤ‍්ඤතො උපට‍්ඨානං ඉජ‍්ඣති. තෙනාහු පොරාණා –

නිරොධෙ අධිමුත්තතා යනු මේ ද්වයයෙහි භංග වශයෙන් ඒකත්වයෙන් පිරිසිඳ දැන, එම භංග සංඛ්‍යාත නිරෝධයෙහිම ඇලුණු බව, එය ගරුකොට සැලකීම, එහි නැඹුරු බව, එහි ප්‍රවණතාවය, එහි නම්‍රතාවය යන අර්ථයි. වය ලක්ඛණ විපස්සනා යනු එම ව්‍යය ලක්‍ෂණ විදර්ශනා නමැයි යූ.සේයි. ආරම්මණඤ්ච පටිසංඛා යනු පළමු රූපාදි අරමුණ දැන භංගඤ්ච අනුපස්සති යනු ඒ අරමුණෙහි භංගය දැක එයට අරමුණු වූ චිත්තයාගේ භංගය නැවත නැවත බලයි. සුඤ්ඤතොච උපට්ඨානං මෙසේ භංගයන් නැවත නැවත බලන්නා වූ ඔහුට සංස්කාරයෝම බිඳෙති. ඒවාහි භේදය මරණයයි. අන් කිසිවෙක් නොමැත්තේ යයි ශුන්‍යතා වශයෙන්ම වැටහීම සිදුවෙයි. එහෙයින් පෞරාණිකයෝ කීහු.

“ඛන්‍ධා නිරුජ‍්ඣන‍්ති න චත්‍ථි අඤ‍්ඤො, ඛන්‍ධාන භෙදො මරණන‍්ති වුච‍්චති; තෙසං ඛයං පස‍්සති අප‍්පමත‍්තො, මණිංව විජ‍්ඣං වජිරෙන යොනිසො”ති.

ඛන්‍ධා නිරුජ්ඣන්ති නචත්‍ථි අඤ්ඤො, ඛන්‍ධානං භෙදො මරණන්ති වුච්චති, තෙසං ඛයං පස්සති අප්පමත්තො, මණිංව විජ්ඣං වජිරෙන යොනිසොති

ස්කන්ධයෝ නිරුද්ධ වෙති. අන් කිසිවක් නැත. ස්කන්ධයන්ගේ භේදය මරණය යැයි කියනු ලැබේ. අප්‍රමාදී පුද්ගලයා, ඒවාහි ක්‍ෂයය, දියමන්තියෙන් මැණිකක් විදින්නාක් මෙන් නුවණින් දකියි.

අධිපඤ‍්ඤා විපස‍්සනාති යා ච ආරම‍්මණපටිසඞ‍්ඛා, යා ච භඞ‍්ගානුපස‍්සනා, යඤ‍්ච සුඤ‍්ඤතො උපට‍්ඨානං, අයං අධිපඤ‍්ඤා විපස‍්සනා නාමාති වුත‍්තං හොති. කුසලො තීසු අනුපස‍්සනාසූති අනිච‍්චානුපස‍්සනාදීසු තීසු ඡෙකො භික‍්ඛු. චතස‍්සො ච විපස‍්සනාසූති නිබ‍්බිදාදීසු ච චතූසු විපස‍්සනාසු. තයො උපට‍්ඨානෙ කුසලතාති ඛයතො වයතො සුඤ‍්ඤතොති ඉමස‍්මිඤ‍්ච තිවිධෙ උපට‍්ඨානෙ කුසලතාය. නානාදිට‍්ඨීසු න කම‍්පතීති සස‍්සතදිට‍්ඨිආදීසු නානප‍්පකාරාසු දිට‍්ඨීසු න වෙධති. සො එවං අවෙධමානො “අනිරුද‍්ධමෙව නිරුජ‍්ඣති, අභින‍්නමෙව භිජ‍්ජතී”ති පවත‍්තමනසිකාරො දුබ‍්බලභාජනස‍්ස විය භිජ‍්ජමානස‍්ස, සුඛුමරජස‍්සෙව විප‍්පකිරියමානස‍්ස, තිලානං විය භජ‍්ජියමානානං සබ‍්බසඞ‍්ඛාරානං උප‍්පාදට‍්ඨිතිපවත‍්තනිමිත‍්තං විස‍්සජ‍්ජෙත්‍වා භෙදමෙව පස‍්සති. සො යථා නාම චක‍්ඛුමා පුරිසො පොක‍්ඛරණීතීරෙ වා නදීතීරෙ වා ඨිතො ථූලඵුසිතකෙ දෙවෙ වස‍්සන‍්තෙ උදකපිට‍්ඨෙ මහන‍්තමහන‍්තානි උදකපුබ‍්බුළානි උප‍්පජ‍්ජිත්‍වා උප‍්පජ‍්ජිත්‍වා සීඝං සීඝං භිජ‍්ජමානානි පස‍්සෙය්‍ය, එවමෙව සබ‍්බෙ සඞ‍්ඛාරා භිජ‍්ජන‍්ති භිජ‍්ජන‍්තීති පස‍්සති. එවරූපඤ‍්හි යොගාවචරං සන්‍ධාය වුත‍්තං භගවතා –

අධිපඤ්ඤා විපස්සනා යනු යම් අරමුණු නුවණින් සැලකීමක් වේද? යම් භංගය අනුව බැලීමක් වේද? යම් ශුන්‍යතා වශයෙන් වැටහීමක් වේද? මෙය අධිප්‍රඥා විදර්ශනාවයැයි යූ.සේයි. කුසලො තීසු අනුපස්සනාසු යනු අනිත්‍යානුපස්සනාදි ත්‍රයයෙහි දක්‍ෂ භික්‍ෂුව. චතස්සොච විපස්සනාසු යනු නිබ්බිදාදී සිව් විදර්ශනාවන්හි. තයො උපට්ඨානෙ කුසලතා යනු ක්‍ෂය, ව්‍යය, ශුන්‍යය යන මේ ත්‍රවිධ වැටහීම්හි දක්‍ෂතායෙන්, නානාදිට්ඨිසු නකම්පති යනු ශාශ්වත දෘෂ්ටි ආදී නානාප්‍රකාර දෘෂ්ටීන්හි කම්පා නොවේ. හෙතෙම මෙසේ කම්පා නොවන්නේ නිරුද්ධ නොවූයේම නිරුද්ධ වූයේ යයිද, නොබිඳුණේම බිඳේයයි, පැවති මනසිකාරය, දුර්වල බඳුනක් බිඳෙන්නාක් මෙන්ද, විසුරුවනු ලබන සියුම් දුහුවිල්ලක් මෙන්ද, තලඇට බෙදනු ලබන්නාක් මෙන්ද, සියලු සංස්කාරයන්ගේ ඉපැත්මෙහි හා ස්ථිතියෙහි පැවති නිමිති අත්හැර බිඳීමම දකියි. හෙතෙම යම්සේ නම් ඇස් ඇති පුරුෂයෙක්, පොකුණුතෙරක හෝ නදීතෙරක සිටියේ විශාල බින්දු ඇති වැස්ස වසින කල්හි, දිය මතුයෙහි මහත් මහත් දිය බුබුළු ඉපිද ඉපිද වහ වහා බිඳෙනු ලබන්නේ දකින්නේද? එපරිද්දෙන්ම සියලු සංස්කාර බිඳෙතියි දකියි. මෙබඳු වූ යෝගාවචරයා සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදහ –

“යථා පුබ‍්බුළකං පස‍්සෙ, යථා පස‍්සෙ මරීචිකං; එවං ලොකං අවෙක‍්ඛන‍්තං, මච‍්චුරාජා න පස‍්සතී”ති. (ධ· ප· 170);

යතා බුබ්බුලකං පස්සෙ - යථා පස්සෙ මරීචිකං, එවං ලොකං අවෙක්ඛන්තං - මච්චුරාජා න පස්සති

යම්සේ දිය බුබුළක් දක්නේද? යම්සේ මිරිඟුවක් දක්නේද, මෙසේ ලොව දක්නේ, මෘත්‍යුරාජයා නොදකී.

තස‍්සෙවං “සබ‍්බෙ සඞ‍්ඛාරා භිජ‍්ජන‍්ති භිජ‍්ජන‍්තී”ති අභිණ‍්හං පස‍්සතො අට‍්ඨානිසංසපරිවාරං භඞ‍්ගානුපස‍්සනාඤාණං බලප‍්පත‍්තං හොති. තත්‍රිමෙ අට‍්ඨානිසංසා – භවදිට‍්ඨිප‍්පහානං, ජීවිතනිකන‍්තිපරිච‍්චාගො, සදායුත‍්තපයුත‍්තතා, විසුද‍්ධාජීවිතා, උස‍්සුක‍්කප‍්පහානං, විගතභයතා, ඛන‍්තිසොරච‍්චපටිලාභො, අරතිරතිසහනතාති. තෙනාහු පොරාණා –

මෙසේ ඔහුට සියලු සංස්කාර බිඳෙති, බිඳෙතියි නිතර දක්නා කල්හි, අෂ්ටානිසංස පිරිවරකොට ඇති, භංගානුපස්සනා ඤාණය බලප්‍රාප්ත වේ. එහි මේ අට අනුසස්හුය. භව දෘෂ්ටි ප්‍රහාණය ජීවිත ආශාව අත්හැරීම, හැමකල්හි යහපත් ක්‍රියාවන්හි යෙදී, මනාව යෙදී සිටීම, පිරිසිදු දිවිපැවැත්ම, භවයන්හි උද්‍යොග ප්‍රහාණය පහවූ භය ඇතිවීම, ඉවසීම හා සුවච බව ලැබීම, නොඇල්ම හා ඇල්ම ඉවසන බව යනාදියයි.

“ඉමානි අට‍්ඨග‍්ගුණමුත‍්තමානි, දිස‍්වා තහිං සම‍්මසතී පුනප‍්පුනං; ආදිත‍්තචෙලස‍්සිරසූපමො මුනි, භඞ‍්ගානුපස‍්සී අමතස‍්ස පත‍්තියා”ති.

ඉමානි අට්ඨග්ගුණ මුත්තමානි, දිස්වා තහිං සම්මසතී පුනප්පුනං, ආදිත්ත චෙලස්සිරසූපමො මුනී, භංගානුපස්සී අමතස්ස පත්තියා’ති

මේ උතුම් අටගුණ දැක, එහි නැවත නැවතත් සම්මර්ශනය කරයි. ඇඳිවත, සිරස ගිනිගත්තහු මෙන් උපමිත භික්‍ෂුව නිවනට පැමිණීම සඳහා භංගය අනුව බලයි.

භඞ‍්ගානුපස‍්සනාඤාණනිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

භංගානුපස්සනා ඤාණ නිර්දේශ වර්ණනාව නිමි.