7. භඞ්ගානුපස්සනාඤාණං
7. භඞ්ගානුපස්සනාඤාණං
7. භඞ්ගානුදර්ශන ඥානය
කථං ආරම්මණං පටිසඞ්ඛා භඞ්ගානුපස්සනෙ පඤ්ඤා විපස්සනෙ ඤාණං:
කිසෙයින් රූපාස්කන්ධාදි ආලම්බනය ප්රත්යවේක්ෂා කොට භඞ්ගානුදර්‍ශනයෙහි ප්‍රඥාව විදර්ශනාඥාන වෙයි යත්:
රූපාරම්මණතා චිත්තං උප්පජ්ජිත්වා භිජ්ජති, තං ආරම්මණං පටිසඞ්ඛා තස්ස චිත්තස්ස භඞ්ගං අනුපස්සති.
රූපය අරමුණු කොට සිත ඉපැද බිඳෙයි. ඒ අරමුණ ප්රත්යවේක්ෂා කොට ඒ චිත්තයාගේ භඞ්ගය (අපරචිත්තයෙන්) පුනපුනා දකියි.
අනුපස්සතීති කථං අනුපස්සති: අනිච්චතො අනුපස්සති, නො නිච්චතො. දුක්ඛතො අනුපස්සති, නො සුඛතො. අනත්තතො අනුපස්සති, නො අත්තතො. නිබ්බින්දති, නො නන්දති. විරජ්ජති, නො රජ්ජති. නිරොධෙති, නො සමුදෙති පටිනිස්සජ්ජති, නො ආදියති.
අනුපස්සති යනු: කිසෙයින් පුනපුනා දකී ද යත්: අනිත්‍ය හෙයින් පුනපුනා දකියි, නිත්‍ය හෙයින් නො දකී. දුඃඛ හෙයින් දකියි, සුඛ හෙයින් නො දකී. අනාත්ම හෙයින් දකියි, ආත්ම හෙයින් නො දකී. උකටලී වෙයි. සතුටු නො වෙයි. විරක්ත වෙයි. නො ඇලෙයි. නිරුද්ධ කෙරෙයි, නූපදවයි, දුරු කෙරෙයි, ග්‍රහණය නො කෙරේ.
අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහති, දුක්ඛතො අනුපස්සන්තො සුඛසඤ්ඤං පජහති, අනත්තතො අනුපස්සන්තො අත්තසඤ්ඤං පජහති, නිබ්බින්දන්තො නන්දිං පජහති, විරජ්ජන්තො රාගං පජහති, නිරොධෙන්තො සමුදයං පජහති, පටිනිස්සජ්ජන්තො ආදානං පජහති.
අනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ නිත්‍යසංඥාව දුරලයි. දුඃඛ හෙයින් දක්නේ සුඛසංඥාව දුරලයි. අනාත්ම හෙයින් දක්නේ ආත්මසංඥාව දුරලයි. උකටලී වනුයේ සප්‍රීතිකතෘෂ්ණාව දුරලයි. නො ඇලෙනුයේ රාගය (ශේෂතෘෂ්ණාව) දුරලයි. නිරුද්ධ කරනුයේ සමුදය (රාගෝත්පත්තිය) දුරලයි. දුරලනුයේ (ඉපදීම් වශයෙන් කෙලෙසුන්ගේ) ආදානය දුරලයි.
වෙදනාරම්මණතා -පෙ- සඤ්ඤාරම්මණතා -පෙ- සඞ්ඛාරාරම්මණතා -පෙ- විඤ්ඤාණාරම්මණතා -පෙ- චක්ඛාරම්මණතා -පෙ- ජරාමරණාරම්මණතා චිත්තං උප්පජ්ජිත්වා භිජ්ජති, තං ආරම්මණං පටිසඞ්ඛා තස්ස චිත්තස්ස භඞ්ගං අනුපස්සති.
වේදනාව අරමුණු කොට ඇති ... සංඥාව අරමුණු කොට ඇති … සංස්කාරයන් අරමුණු කොට ඇති … විඥානය අරමුණු කොට ඇති ... චක්ෂුස ... ජරාමරණ අරමුණු කොට ඇති සිත ඉපැද බිඳෙයි. ඒ ආලම්බනය ප්රත්යවේක්ෂා කොට ඒ චිත්තයාගේ භඞ්ගය පුනපුනා දකී.
අනුපස්සතීති කථං අනුපස්සති: අනිච්චතො අනුපස්සති, නො නිච්චතො. දුක්ඛතො අනුපස්සති, නො සුඛතො. අනත්තතො අනුපස්සති, නො අත්තතො. නිබ්බින්දති, නො නන්දති. විරජ්ජති, නො රජ්ජති. නිරොධෙති, නො සමුදෙති. පටිනිස්සජ්ජති, නො ආදියති.
අනුපස්සති යනු: කිසෙයින් පුනපුනා දකී ද යත්: අනිත්‍ය හෙයින් දකියි, නිත්‍ය හෙයින් නො දකී, දුඃඛ හෙයින් දකියි, සුඛ හෙයින් නො දකී. අනාත්ම හෙයින් දකියි, ආත්ම හෙයින් නො දකී. උකටලී වෙයි, සතුටු නො වෙයි. විරක්ත වෙයි. නො ඇලෙයි. නිරුද්ධ කෙරෙයි. නූපදවයි. දුරලයි. ආදානය කෙරේ.
අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහති, දුක්ඛතො අනුපස්සන්තො සුඛසඤ්ඤං පජහති, අනත්තතො අනුපස්සන්තො අත්තසඤ්ඤං පජහති, නිබ්බින්දන්තො නන්දිං පජහති, විරජ්ජන්තො රාගං පජහති, නිරොධෙන්තො සමුදයං පජහති, පටිනිස්සජ්ජන්තො ආදානං පජහති.
අනිත්‍ය හෙයින් පුනපුනා දක්නේ නිත්‍යසංඥාව දුරලයි. දුඃඛ හෙයින් පුනපුනා දක්නේ සුඛසංඥාව දුරලයි. අනාත්ම හෙයින් පුනපුනා දක්නේ ආත්මසංඥාව දුරලයි. උත්කණ්ඨිත වනුයේ සප්‍රීතිකතෘෂ්ණාව දුරලයි. විරක්ත වනුයේ රාගය දුරලයි. නිරුද්ධ කරනුයේ සමුදය (රාගෝත්පත්තිය) දුරලයි. දුරලනුයේ ආදානය දුරලයි.
1. වත්ථුසඞ්කමනා චෙව සඤ්ඤාය ච විවට්ටනා ආවජ්ජනාබලං චෙව පටිසඞ්ඛා විපස්සනා.
1. පූර්වවස්තුවෙන් අපරවස්තුවකට සඞ්ක්‍රමණය ද (උදයව්යවිදර්ශනා වශයෙන් පවත්නා විදර්ශනා) සංඥාවගේ (ව්යග්රහණවශයෙන් උදයෙන්) විනිවර්තයන ද (භඞ්ගාරම්මණ වූ චිත්තායගේ භඞ්ගය දැකීම පිණිස අනතුරු වැ මැ) ආවර්ජනයෙහි සමර්ත්ථ බව ද යන (මෝ තොමෝ) පටිසඞ්කාවිපස්සනා (භඞ්ගානුපස්සනා) නමු.
2. ආරම්මණං අන්වයෙන උභො එකවවත්ථානා නිරොධෙ අධිමුත්තතා චයලක්ඛණවිපස්සනා.
2. ආලම්බනය අනුවැ යෑමෙන් අතීතානාගත දෙදෙනාගේ ඒකස්වභාවයෙන් නිශ්චය කිරීම ද (භඞ්ග සඞ්ඛ්‍යාත වූ) නිරෝධයෙහි මැ අධිමුක්ත බව ද යන (මෝ තොමෝ) ව්යයලක්ෂණවිදර්ශනා නමු.
3. ආරම්මණඤ්ච පටිසඞ්ඛා භඞ්ගඤ්ච අනුපස්සති සුඤ්ඤතො ච උපට්ඨානං අධිපඤ්ඤාවිපස්සනා.
3. පූර්ව වූ ආලම්බනය ද ප්රත්යවේක්ෂා කොට (තදාලම්බනචිත්තයාගේ) භඞ්ගයත් දකී ද, (සංස්කාරයන්) ශූන්‍ය හෙයින් වැටහීම ද යන මෝ තොමෝ අධිප්‍රඥාවිදර්‍ශනා නමු.
4. කුසලො තීසු අනුපස්සනාසු චතස්සො ච විපස්සනාසු තයො උපට්ඨානකුසලතා නානාදිට්ඨිසු න කම්පතී’ති.
4. (අනිත්‍යානුදර්‍ශනාදි) තුන් අනුපස්සනායෙහි දක්ෂ වූ යෝගාවචර මහණ තෙම (නිබ්බිදානුපස්සනාදි) සතර අනුපස්සනායෙහි ද (ක්ෂය-ව්‍යය ශුන්‍යතා යන) ත්‍රිවිධ උපස්ථානයෙහි (වැටහීමෙහි ද) දක්ෂ බැවින් (ශාශ්වතාදි) නානාප්‍රකාර දෘෂ්ටීන් හි නො සැලේ යයි.
තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති: ‘ආරම්මණං පටිසඞ්ඛා භඞ්ගානුපස්සනෙ පඤ්ඤා විපස්සනෙ ඤාණං.
ඒ භඞ්ගානුදර්ශනය ඥාත බැවින් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘ආරම්මණං පටිසඞ්ඛා භඞ්ගානුපස්සනෙ පඤ්ඤා විපස්සනෙ ඤාණං’යි.
භඞ්ගානුපස්සනාඤාණනිදෙදසො.
භඞ්ගානුදර්ශනඥානනිර්දේශ යි.