යෙදුමෙන් කියවන්න

8. ආදිනවඤාණං

8. ආදිනවඤාණං

8. ආදීනව ඥානය

කථං භයතුපට‍්ඨානෙ පඤ‍්ඤා ආදීනවෙ ඤාණං:

කිසෙයින් උත්පාදාදීන් භයවශයෙන් වැටහීමේ ප්‍රඥාව ආදීනවඥාන වෙයි යත්:

‘උප‍්පාදො භය’න‍්ති භයතුපට‍්ඨානෙ පඤ‍්ඤා ආදීනවෙ ඤාණං. ‘පවත‍්තං භය’න‍්ති භයතුපට‍්ඨානෙ පඤ‍්ඤා ආදීනවෙ ඤාණං, ‘නිමිත‍්තං භය’න‍්ති -පෙ- ‘ආයූහනා භය’න‍්ති -පෙ- ‘පටිසන්‍ධි භය’න‍්ති -පෙ- ‘ගති භය’න‍්ති -පෙ- ‘නිබ‍්බත‍්ති භය’න‍්ති -පෙ- ‘උපපත‍්ති භය’න‍්ති -පෙ- ‘ජාති භය’න‍්ති -පෙ- ‘ජරා භය’න‍්ති -පෙ- ‘ව්‍යාධි භය’න‍්ති -පෙ- ‘මරණං භය’න‍්ති -පෙ- ‘සොකො භය’න‍්ති -පෙ- ‘පරිදෙවො භය’න‍්ති -පෙ- ‘උපායාසො භය’න‍්ති භයතුට‍්ඨානෙ පඤ‍්ඤා ආදීනවෙ ඤාණං.

(පූර්‍වකර්‍මප්‍ර‍්‍යයෙන් මෙහි) ඉපැදීම (අක්‍ෂේම හෙයින් ද භය වස්තු හෙයින් ද) භය යැ යි භය හෙයින් වැටහීමේ ප්‍රඥාව ආදීනවඥාන නමැ. (උපන්හුගේ) පැවැත්ම භයැ යි භය හෙයින් වැටහීමේ ප්‍රඥාව ආදීනවඥාන නමැ. හැම සංස්කාර නිමිත්ත භයැයි … (අනාගතප්‍රතිසන්‍ධියට හේතු වූ) කර්‍මය භයැ යි ... ආයතිප්‍රතිසන්‍ධි භයැ යි ... ගතිය භයැ යි ... ස්කන්‍ධයන්ගේ පහළ වීම භයැ යි ... (විපාකප්‍රවෘත්ති සඞ්ඛ්‍යාත) උපප්‍රාප්තිය භයැ යි ... (භවප්‍රත්‍යයෙන් වූ) ජාතිය භයැ යි ... (ස්කන්‍ධසන්තානයගේ පුරාණභාව සඞ්ඛ්‍යාත ජරාව භයැ යි ... ව්‍යාධිය භයැයි ... මරණය භයැ යි ... (චිත්තසන්තාප සඞ්ඛ්‍යාත) ශෝකය භයැයි ... (වාක්ප්‍රලාප සඞ්ඛ්‍යාත) පරිදේවය භයැ යි, දැඩි ආයාසය භයැ යි භය හෙයින් වැටහීමේ ප්‍රඥාව ආදීනවඥාන නමි.

‘අනුප‍්පාදො ඛෙම’න‍්ති සන‍්තිපදෙ ඤාණං, ‘අප‍්පවත‍්තං ඛෙම’න‍්ති සන‍්තිපදෙ ඤාණං -පෙ- අනුපායාසො ඛෙම’න‍්ති සන‍්තිපදෙ ඤාණං.

අනුත්පාද (නිවන) (නිර්‍භයභාවයෙන්) ක්‍ෂේම යැ යි (සංස්කාරෝපශම වූ) අමෘතපදයෙහි ඥාන යැ. (සංස්කාරයන්ගේ) අප්‍රවෘත්තිය (නිවන) ක්‍ෂේම යැ යි ශාන්තිපදයෙහි ඥාන යැ ... අනුපායාසය ක්‍ෂේම යැ යි ශාන්තිපදයෙහි ඥාන යි.

‘උප‍්පාදො භයං, අනුප‍්පාදො ඛෙම’න‍්ති සන‍්තිපදෙ ඤාණං, ‘පවත‍්තං භයං, අප‍්පවත‍්තං ඛෙම’න‍්ති සන‍්තිපදෙ ඤාණං -පෙ- ‘උපායාසො භයං, අනුපායාසො ඛෙම’න‍්ති, සන‍්තිපදෙ ඤාණං.

උත්පත්තිය භය යැ, අනුත්පාදය ක්‍ෂේම යැ යි අමෘතපදයෙහි ඥාන යැ. ප්‍රවෘත්තිය භය යැ, අප්‍රවෘත්තිය ක්‍ෂේම යැ යි අමෘතපදයෙහි ඥාන යැ ... උපායාසය භය යැ, අනුපායාසය ක්‍ෂේම යැ යි අමෘත පදයෙහි ඥාන යි.

’උප‍්පාදො දුක‍්ඛ’න‍්ති භයතුපට‍්ඨානෙ පඤ‍්ඤා ආදීනවෙ ඤාණං, ‘පවත‍්තං දුක‍්ඛ’න‍්ති භයතුපට‍්ඨානෙ පඤ‍්ඤා ආදීනවෙ ඤාණං -පෙ- ‘උපායාසො දුක‍්ඛ’න‍්ති භයතුපට‍්ඨානෙ පඤ‍්ඤා ආදීනවෙ ඤාණං.

උත්පත්තිය දුකැ යි භය හෙයින් වැටහීමෙහි ප්‍රඥාව ආදීනවයෙහි ඥාන යැ. ප්‍රවෘත්තිය දුක යැ භය හෙයින් වැටහීමෙහි ප්‍රඥාව ආදීනවඥාන යැ ... උපායාසය දුකැ යි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවඥාන යි.

අනුප‍්පාදො සුඛ’න‍්ති සන‍්තිපදෙ ඤාණං, ‘අප‍්පවත‍්තං සුඛ’න‍්ති සන‍්තිපදෙ ඤාණං -පෙ- ‘අනුපායාසො සුඛ’න‍්ති සන‍්තිපදෙ ඤාණං.

අනුත්පාදය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යැ. අප්‍රවෘත්තිය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යැ ... අනුපායාසය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යි.

‘උප‍්පාදො දුක‍්ඛං, අනුප‍්පාදො සුඛ’න‍්ති සන‍්තිපදෙ ඤාණං, ‘පවත‍්තං දුක‍්ඛං, අප‍්පවත‍්තං සුඛ’න‍්ති සන‍්තිපදෙ ඤාණං -පෙ- ‘උපායාසො දුක‍්ඛං, අනුපායාසො සුඛ’න‍්ති සන‍්තිපදෙ ඤාණං.

උත්පාදය දුක් යැ. අනුත්පාදය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යැ, ප්‍රවෘත්තිය දුක් යැ, අප්‍රවෘත්තිය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යැ ... උපායාසය දුක් යැ, අනුපායාසය සුව යැ යි අමෘතපදයෙහි ඥාන යි.

‘උප‍්පාදො සාමිස’න‍්ති භයතුපට‍්ඨානෙ පඤ‍්ඤා ආදීනවෙ ඤාණං, ‘පවත‍්තං සාමිස’න‍්ති භයතුපට‍්ඨානෙ පඤ‍්ඤා -පෙ- ‘උපායාසො සාමිස’න‍්ති භයතුපට‍්ඨානෙ පඤ‍්ඤා ආදීනවෙ ඤාණං.

උත්පාදය සාමිෂ යැ යි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවඥාන යැ. ප්‍රවෘත්තිය සාමිෂ යැ යි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවඥාන යැ ... උපායාසය සාමිෂ යැ යි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවඥාන යි.

‘අනුප‍්පාදො නිරාමිස’න‍්ති සන‍්තිපදෙ ඤාණං, ‘අප‍්පවත‍්තං නිරාමිස’න‍්ති සන‍්තිපදෙ ඤාණං, -පෙ- ‘අනුපායාසො නිරාමිස’න‍්ති සන‍්තිපදෙ ඤාණං.

අනුත්පාදය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥාන යැ. අප්‍රවෘත්තිය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥාන යැ ... අනුපායාසය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥාන යි.

‘උප‍්පාදො සාමිසං, අනුප‍්පාදො නිරාමිස’න‍්ති සන‍්තිපදෙ ඤාණං, ‘පවත‍්තං සාමිසං, අප‍්පවත‍්තං නිරාමිස’න‍්ති සන‍්තිපදෙ ඤාණං -පෙ- ‘උපායාසො සාමිසං, අනුපායාසො නිරාමිස’න‍්ති සන‍්තිපදෙ ඤාණං.

උත්පාදය සාමිෂ යැ, අනුත්පාදය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥන යැ. ප්‍රවෘත්තිය සාමිෂ යැ, අප්‍රවෘත්තිය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥාන යැ ... උපායාසය සාමිෂ යැ, අනුපායාසය නිරාමිෂ යැ යි අමෘතපදයෙහි ඥාන යි.

‘උප‍්පාදො සඞ‍්ඛාරා’ති භයතුපට‍්ඨානෙ පඤ‍්ඤා ආදීනවෙ ඤාණං, ‘පවත‍්තං සඞ‍්ඛාරා’ති භයතුපට‍්ඨානෙ පඤ‍්ඤා ආදීනවෙ ඤාණං -පෙ- ‘උපායාසො සඞ‍්ඛාරා’ති භයතුපට‍්ඨානෙ පඤ‍්ඤා ආදීනවෙ ඤාණං.

උත්පාදය සංස්කාරහ’යි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවඥාන යැ. ප්‍රවෘත්තිය සංස්කාරහ’යි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවඥාන යැ ... උපායාසය සංස්කාරහ’යි භයතුපට්ඨානයෙහි ප්‍රඥාව ආදීනවඥාන යි.

‘අනුප‍්පාදො නිබ‍්බාන’න‍්ති සන‍්තිපදෙ ඤාණං, ‘අප‍්පවත‍්තං නිබ‍්බාන’න‍්ති සන‍්තිපදෙ ඤාණං, -පෙ- ‘අනුපායාසො නිබ‍්බාන’න‍්ති සන‍්තිපදෙ ඤාණං.

අනුත්පාදය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යැ. අප්‍රවෘත්තිය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යැ ... අනුපායාසය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යි.

‘උප‍්පාදො සඞ‍්ඛාරා, අනුප‍්පාදො නිබ‍්බාන’න‍්ති සන‍්තිපදෙ ඤාණං, ‘පවත‍්තං සඞ‍්ඛාරා අප‍්පවත‍්තං නිබ‍්බාන’න‍්ති සන‍්තිපදෙ ඤාණං -පෙ- ‘උපායාසො සඞ‍්ඛාරා, අනුපායාසො නිබ‍්බාන’න‍්ති සන‍්තිපදෙ ඤාණං.

උත්පාදය සංස්කාරයහ, අනුත්පාදය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යැ, ප්‍රවෘත්තිය සංස්කාරයහ, අප්‍රවෘත්තිය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යැ ... උපායාසය සංස්කාරයහ, අනුපායාසය නිවනැ යි ශාන්තිපදයෙහි ඥාන යි.

1. උප‍්පාදඤ‍්ච පවත‍්තඤ‍්ච නිමිත‍්තං දුක‍්ඛන‍්ති පස‍්සති ආයූහනං පටිසන්‍ධිං ඤාණං ආදීනවෙ ඉදං

1. උත්පත්තිය ද ප්‍රවෘත්තිය ද නිමිත්ත ද ආයූහනය ද ප්‍රතිසන්‍ධිය ද දුක යැ යි දකී ද, මේ (පඤ්චවස්තුකඥානය) ආදීනවඥාන යැ.

2. අනුප‍්පාදං අප‍්පවත‍්තං අනිමිත‍්තං සුඛන‍්ති ච අනායූහනං අප‍්පටිසන්‍ධිං ඤාණං සන‍්තිපදෙ ඉදං

2. අනුත්පාදය ද අප්‍රවෘත්තිය ද අනිමිත්ත ද අනායූහනය ද අප්‍රතිසන්‍ධිය ද සුව යැ යි දකී ද, මේ (පඤ්චවස්තුකඥානය) ශාන්තිපදයෙහි ඥාන යැ

3. ඉදං ආදීනවෙ ඤාණං පඤ‍්චට‍්ඨානෙසු ජායති පඤ‍්චට‍්ඨානෙ සන‍්තිපදෙ දස ඤාණෙ පජානාති, ද‍්වින‍්නං ඤාණානං කුසලාතා නානාදිට‍්ඨිසු න කම‍්පතී’ති.

3. මේ ආදීනවඥානය (උත්පාදාදි) පඤ්චස්ථානයෙහි උපදී. අමෘතපදයෙහි ඥානය (අනුත්පාදාදි) පඤ්චස්ථානයෙහි උපදී. (යම් යෝගාවචර මහණෙක්) මේ දශඥානයන් දනී ද (ආදීනවඥාන ශාන්තිපඥාන යන) ඥානද්වයයාගේ නිපුණ බව හේතු කොට ගෙන ශාශ්වතාදි විවිධ දෘෂ්ටීන්හි නො සැලේ යයි.

තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති. භයතුපට‍්ඨානෙ පඤ‍්ඤා ආදීනවෙ ඤාණං.

එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: ‘භයතුපට්ඨානෙ පඤ්ඤා ආදීනවෙ ඤාණං’යි

ආදීනවඤාණනිද‍්දෙසො.

ආදීනවඥානනිර්දේශ යි.