යෙදුමෙන් කියවන්න

9. මුඤ‍්චිතුකම්‍යතාඤාණං

9. මුඤ‍්චිතුකම්‍යතාඤාණං

9. මුඤ්චිතුකම්‍යතා ඥානය

කථං මුඤ‍්චිතුකම්‍යතාපටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං:

කිසෙයින් මුඤ්චිතුකම්‍යතා යැ ප්‍රත්‍යවේක්‍ෂා යැ අධ්‍යුපේක්‍ෂා යැ යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන වෙයි යත්:

උප‍්පාදං මුඤ‍්චිතුකම්‍යතාපටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං. මුඤ‍්චිතුකම්‍යතාපටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං, නිමිත‍්තං මුඤ‍්චිතුකම්‍යතා -පෙ- ආයුහනං මුඤ‍්චිතුකම්‍යතා -පෙ- පටිසන්‍ධිං මුඤ‍්චිතුකම්‍යතා -පෙ- ගතිං මුඤ‍්චිතුකම්‍යතා -පෙ- නිබ‍්බත‍්තිං මුඤ‍්චිතුකම්‍යතා -පෙ- උපපත‍්තිං මුඤ‍්චිතුකම්‍යතා -පෙ- ජාතිං මුඤ‍්චිතුකම්‍යතා -පෙ- ජරං මුඤ‍්චිතුකම්‍යතා -පෙ- ව්‍යාධිං මුඤ‍්චිතුකම්‍යතා -පෙ- මරණං මුඤ‍්චිතුකම්‍යතා -පෙ- සොකං මුඤ‍්චිතුකම්‍යතා -පෙ- පරිදෙවං මුඤ‍්චිතුකම්‍යතා -පෙ- උපායාසං මුඤ‍්චිතුකම්‍යතාපටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං.

උත්පත්තිය මුදනු කැමැති බව, ප්‍රත්‍යවේක්‍ෂාව, අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන නමැ. ප්‍රවෘත්තිය මුදනු කැමැතිබව, ප්‍රත්‍යවේක්‍ෂාව, අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන නමැ. (සංස්කාර) නිමිත්ත මුදනු කැමැති බව ... කර්‍මායූහනය මුදනු කැමැතිබව ... ප්‍රතිසන්‍ධිය මුදනු කැමැතිබව ... ගතිය මුදනු කැමැති බව ... (ස්කන්‍ධයන්ගේ) පහළවීම මුදනු කැමැති බව ... විපාකප්‍රවෘත්තිය මුදනු කැමැතිබව ... ජාතිය මුදනු කැමැති බව ... ජරාව මුදනු කැමැති බව ... ව්‍යාධිය මුදනු කැමැති බව ... මරණය මුදනු කැමැති බව ... ශෝකය මුදනු කැමැති බව ... පරිදේවය මුදනු කැමැති බව ... උපායාසය මුදනු කැමැති බව’ ප්‍රත්‍යවේක්‍ෂාව, අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන නමි.

‘උප‍්පාදො දුක‍්ඛ’න‍්ති මුඤ‍්චිතුකම්‍යතාපටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං. ‘පවත‍්තං දුක‍්ඛ’න‍්ති මුඤ‍්චිතුකම්‍යතාපටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං, -පෙ- ‘උපායාසො මුඤ‍්චිතුකම්‍යතාපටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං.

උත්පාදය දුකැ යි මුදනු කැමති බව, ප්‍රත්‍යවේක්‍ෂාව, අධ්‍යුපේක්‍ෂා ව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන නමැ. ප්‍රවෘත්තිය දුකැ යි මුදනු කැමැති බව ප්‍රත්‍යවේක්‍ෂාව, අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන නමැ. ... උපායාසය දුකැ යි මුදනු කැමැති බව ප්‍රත්‍යවේක්‍ෂාව අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන නමි.

‘උප‍්පාදො භය’න‍්ති මුඤ‍්චිතුකම්‍යතාපටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං. ‘පවත‍්තං භය’න‍්ති මුඤ‍්චිතුකම්‍යතාපටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං, -පෙ- උපායාසො භය’න‍්ති මුඤ‍්චිතුකම්‍යතාපටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං.

උත්පාදය භයැ යි මුදනු කැමැති බව ප්‍රත්‍යවේක්‍ෂාව අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යැ. ප්‍රවෘත්තිය භය යැ යි මුදනු කැමැති බව ප්‍රත්‍යවේක්‍ෂාව අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යැ ... උපායාසය භය යැ යි මුදනු කැමැතිබව ප්‍රත්‍යවේක්‍ෂාව අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යි.

‘උප‍්පාදො සාමිස’න‍්ති මුඤ‍්චිතුකම්‍යතාපටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං. ‘පවත‍්තං සාමිස’න‍්ති මුඤ‍්චිතුකම්‍යතාපටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං, -පෙ- ‘උපායාසො සාමිස’න‍්ති මුඤ‍්චිතුකම්‍යතාපටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං.

උත්පාදය සාමිෂ යැ යි මුඤ්චිතුකාම්‍යතා ප්‍රත්‍යවේක්‍ෂාව අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යැ. ප්‍රවෘත්තිය සාමිෂ යැ යි මුඤ්චිතුකාම්‍යතා ප්‍රත්‍යවේක්‍ෂා අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යැ ... උපායාසය සාමිෂ යැ යි මුඤ්චිතුකාම්‍යතා ප්‍රත්‍යවේක්‍ෂාව අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යි.

‘උප‍්පාදො සඞ‍්ඛාරා’ති මුඤ‍්චිතුකම්‍යතාපටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං. ‘පවත‍්තං සඞ‍්ඛාරා’නි මුඤ‍්චිතුකම්‍යතාපටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං, -පෙ- ‘උපායාසො සඞ‍්ඛාරා’ති මුඤ‍්චිතුකම්‍යතාපටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං.

උත්පාදය සංස්කාරහ යි මුඤ්චිතුකාම්‍යතා ප්‍රත්‍යවේක්‍ෂාව, අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යැ. ප්‍රවෘත්තිය සංස්කාරහ යි මුඤ්චිතුකුම්‍යතා ප්‍රත්‍යවේක්‍ෂාව අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යැ ... උපායාසය සංස්කාරහ යි මුඤ්චිතුකාම්‍යතා ප්‍රත්‍යවේක්‍ෂා අධ්‍යුපේක්‍ෂාව යන ත්‍රිවිධ ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යි.

උප‍්පාදො සඞ‍්ඛාරා, තෙ සඞ‍්ඛාරෙ අජ‍්ඣුපෙක‍්ඛතීති සඞ‍්ඛාරුපෙක‍්ඛා. යෙ ච සඞ‍්ඛාරා යා ච උපෙක‍්ඛා උභොපෙතෙ සඞ‍්ඛාරා, තෙ සඞ‍්ඛාරෙ අජ‍්ඣුපෙක‍්ඛතීති සඞ‍්ඛාරුපෙක‍්ඛා.

උත්පාදය සංස්කාරයහ. ඒ සංස්කාරයන් වෙසෙසින් උපේක්‍ෂා කෙරේ නු යි සංස්කාරෝපෙක්‍ෂා නමැ. යම් සංස්කාර කෙනෙක් වෙත් ද යම් උපේක්‍ෂාවකුත් වේ ද තුලුහු දෙදෙන මැ සංස්කාරයෝ යැ. ඒ සංස්කාරයන් වෙසෙසින් උපේක්‍ෂා කෙරේ නු යි සංස්කාරෝපෙක්‍ෂා නමැ.

පවත‍්තං සඞ‍්ඛාරා -පෙ- නිමිත‍්තං සඞ‍්ඛාරා -පෙ- ආයූහනා සඞ‍්ඛාරා -පෙ- පටිසන්‍ධි සඞ‍්ඛාරා -පෙ- ගති සඞ‍්ඛාරා -පෙ- නිබ‍්බත‍්ති සඞ‍්ඛාරා -පෙ- උපපත‍්ති සඞ‍්ඛාරා -පෙ- ජාති සඞ‍්ඛාරා -පෙ- ජරා සඞ‍්ඛාරා -පෙ- බ්‍යාධි සඞ‍්ඛාරා -පෙ- මරණං සඞ‍්ඛාරා -පෙ- සොකො සඞ‍්ඛාරා -පෙ- පරිදෙවො සඞ‍්ඛාරා -පෙ- උපායාසො සඞ‍්ඛාරා, තෙ සඞ‍්ඛාරෙ අජ‍්ඣුපෙක‍්ඛතීති සඞ‍්ඛාරුපෙක‍්ඛා. යෙ ච සඞ‍්ඛාරා යා ච උපෙක‍්ඛා උභොපෙතෙ සඞ‍්ඛාරා, තෙ සඞ‍්ඛාරෙ අජ‍්ඣුපෙක‍්ඛතීති සඞ‍්ඛාරුපෙක‍්ඛා.

ප්‍රවෘත්තිය සංස්කාරයහ ... (සංස්කාර) නිමිත්ත සංස්කාරයහ ... කර්‍මායූහනය සංස්කාරයහ ... ප්‍රතිසන්‍ධිය සංස්කාරයහ ... ගතිය සංස්කාරයහ ... නිර්‍වෘත්තිය සංස්කාරයහ ... උපප්‍රාප්තිය සංස්කාරයහ ... ජාතිය සංස්කාරයහ ... ජරාව සංස්කාරයහ ... ව්‍යාධිය සංස්කාරයහ ... මරණය සංස්කාරයහ ... ශෝකය සංස්කාරයහ ... පරිදේවය සංස්කාරයහ ... උපායාසය සංස්කාරයහ. ඒ සංස්කාරයන් අධ්‍යුපේක්‍ෂා කෙරේ නු යි, සංස්කාරෝපෙක්‍ෂා නමැ. යම් සංස්කාර කෙනෙක් වෙත් ද යම් අපේක්‍ෂාවකුත් වේ ද තුලුහු දෙදෙන මැ සංස්කාරයෝ යැ. ඒ සංස්කාරයන් අධ්‍යුපේක්‍ෂා කෙරේ නු යි සංස්කාරෝපෙක්‍ෂා නමි.

කතීහාකාරෙහි සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො හොති: අට‍්ඨහාකාරෙහි සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො හොති.

කිහි අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය (සංස්කාරෝපෙක්‍ෂායෙහි අභිමුඛ කොට අතිශයින් එළැවීම) වෙයි යත්: අට අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වෙයි.

පුථුජ‍්ජනස‍්ස කතීහාකාරෙහි සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො හොති, සෙක‍්ඛස‍්ස කතීහාකාරෙහි සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො හොති, වීතරාගස‍්ස කතීහාකාරෙහි සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො හොති:

පෘථග්ජනයාහට කිහි අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වේ ද, ශෛක්‍ෂයාහට කිහි අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වේ ද, රහත්හට හට කිහි අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වේ ද යත්:

පුථුජ‍්ජනස‍්ස ද‍්වීහාකාරෙහි සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො හොති, සෙක‍්ඛස‍්ස තීහාකාරෙහි සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො හොති, වීතරාගස‍්ස තීහාකාරෙහි සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො හොති:

පෘථග්ජනයාහට දෙඅයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වෙයි. ශෛක්‍ෂයාහට තුන්අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වෙයි. රහත්හට තුන් අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වේ.

පුථුජ‍්ජනස‍්ස කතමෙහි ද‍්වීකාරෙහි සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො හොති, පුථුජ‍්ජනො සඞ‍්ඛාරුපෙක‍්ඛං අභිනන්‍දති වා, විපස‍්සති වා පුථුජ‍්ජනස‍්ස ඉමෙහි ද‍්වීකාරෙහි සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො හොති.

පෘථග්ජනයාහට කවර දෙඅයුරින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වෙයි යත්: පෘථග්ජන තෙම සංස්කාරෝපෙක්‍ෂාවට සතුටු හෝ වෙයි. විදර්‍ශනා හෝ කෙරෙයි. පෘථග්ජනයාහට මේ දෙඅයුරින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වෙයි.

සෙක‍්ඛස‍්ස කතමෙහි තීහාකාරෙහි සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො හොති: සෙක‍්ඛො සඞ‍්ඛාරුපෙක‍්ඛං අභිනන්‍දති වා විපස‍්සති වා පටිසඞ‍්ඛාය වා ඵලසමාපත‍්තිං සමාජපත‍්ති, සෙක‍්ඛස‍්ස ඉමෙහි තීහාකාරෙහි සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො හොති.

ශෛක්‍ෂයාහට කවර තුන් අයුරින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වෙයි යත්: ශෛක්‍ෂ තෙමේ සංස්කාරෝපෙක්‍ෂාව අභිනන්‍දනය හො කෙරෙයි. විදර්‍ශනා හෝ කෙරෙයි. (අනිත්‍යාදි විසින්) ප්‍රත්‍යවේක්‍ෂා කොට ඵලසමාපත්තියට හෝ සමවදියි. ශෛක්‍ෂයාහට මේ තුන් අයුරින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වේ.

වීතරාගස‍්ස කතමෙහි තීහාකාරෙහි සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො හොති: වීතරාගො සඞ‍්ඛාරුපෙක‍්ඛා විපස‍්සති වා, පටිසඞ‍්ඛාය වා ඵලසමාපත‍්තිං සමාජපත‍්ති, තදජ‍්ඣුපෙක‍්ඛිත්‍වා සුඤ‍්ඤතවිහාරෙන වා අනිමිත‍්තවිහාරෙන වා අප‍්පණිහිතවිහාරෙන වා විහරති; වීතරාගස‍්ස ඉමෙහි තීහාකාරෙහි සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො හොති.

රහත්හට කවර තුන් අයුරෙකින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වෙයි යත්: රහත් තෙමේ සංස්කාරෝපෙක්‍ෂාව විදර්‍ශනා හෝ කෙරෙයි. (අනිත්‍යාදි විසින්) ප්‍රත්‍යවේක්‍ෂා කොට ඵලසමවතට හෝ සමවදියි. ඒ සංස්කාරෝපෙක්‍ෂාව (තාදෘශ වූ අන්‍ය විදර්‍ශනාඥානයෙකින්) අධ්‍යුපේක්‍ෂා කොට ශුන්‍යතවිහාරයෙන් හෝ අනිමිත්තවිහාරයෙන් හෝ අප්‍රණිහිත විහාරයෙන් හෝ වෙසෙයි. රහත්හට මේ තුන් අයුරින් සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය වේ.

කථං පුථුජ‍්ජනස‍්ස ච සෙක‍්ඛස‍්ස ච සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො එකත‍්තං හොති: පුථුජ‍්ජනස‍්ස සඞ‍්ඛාරුපෙක‍්ඛං අභිනන්‍දතො චිත‍්තං කිලිස‍්සති, භාවනාය පරිපන්‍ථො හොති, පටිවෙධස‍්ස අන‍්තරායො හොති, ආයතිං පටිසන්‍ධියා පච‍්චයො හොති, සෙක‍්ඛස‍්සපි සඞ‍්ඛාරුපෙක‍්ඛං අභිනන්‍දතො චිත‍්තං කිලිස‍්සති, භාවනාය පරිපන්‍ථො හොති, උත‍්තරිං පටිවෙධස‍්ස අන‍්තරායො හොති, ආයතිං පටිසන්‍ධියා පච‍්චයො හොති. එවං පුථුජ‍්ජනස‍්ස ච සෙක‍්ඛස‍්ස ච සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො එකත‍්තං හොති අභිනන්‍දනට‍්ඨෙන.

කිසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය එකෙක් වෙයි යත්: සංස්කාරෝපෙක්‍ෂාවට සප්‍රීතිකතෘෂ්ණාව උපදවන පෘථග්ජනයාගේ සිත කෙලෙසෙයි. (ප්‍රතිලබ්ධ) විදර්‍ශනාභාවනාවට උපද්‍රව වෙයි. ප්‍රතිවේධයට අන්තරාය වෙයි. අනාගතයෙහි සුගතිප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යය වෙයි. සංස්කාරෝපෙක්‍ෂාවට සප්‍රීතික තෘෂ්ණාව උපදවන ශෛක්‍ෂයාගේ ද සිත කෙලෙසෙයි. භාවනාවට උපද්‍රව වෙයි. මත්තෙහි (සත්‍ය) ප්‍රතිවේධයට අන්තරාය වෙයි. අනාගත ප්‍රතිසන්‍ධියට ප්‍රත්‍යය වේ මෙසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය අභිනන්‍දනභාවයෙන් එකෙක් වේ.

කථං පුථුජ‍්ජනස‍්ස ච සෙක‍්ඛස‍්ස ච වීතරාගස‍්ස ච සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො එකත‍්තං හොති: පුථුජ‍්ජනො සඞ‍්ඛාරුපෙක‍්ඛං අනිච‍්චතොපි දුක‍්ඛතොපි අනත‍්තතොපි විපස‍්සති, සෙක‍්ඛොපි සඞ‍්ඛාරුපෙක‍්ඛං අනිච‍්චතොපි දුක‍්ඛතොපි අනත‍්තතොපි විපස‍්සති. වීතරාගොපි සඞ‍්ඛාරුපෙක‍්ඛං අනිච‍්චතොපි දුක‍්ඛතොපි අනත‍්තතොපි විපස‍්සති එවං පුථුජ‍්ජනස‍්ස ච සෙක‍්ඛස‍්ස ච වීතරාගස‍්ස ච සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො එකත‍්තං හොති අභිනීහාරට‍්ඨෙන.

කිසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද රහත්හුගේ සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය එකෙක් වෙයි යත්: පෘථග්ජන තෙම සංස්කාරෝපෙක්‍ෂාව අනිත්‍ය හෙයින් ද අනාත්ම හෙයින් ද විදර්‍ශනා කෙරෙයි. ශෛක්‍ෂ තෙමේත් සංස්කාරෝපෙක්‍ෂාව අනිත්‍ය හෙයින් ද දුඃඛ හෙයින් ද අනාත්ම හෙයින් ද විදර්‍ශනා කෙරෙයි. රහත් තෙමේ ද සංස්කාරෝපෙක්‍ෂාව අනිත්‍ය හෙයින් ද දුඃඛ හෙයින් ද අනාත්ම හෙයින් ද විදර්‍ශනා කෙරේ. මෙසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද රහත්හුගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය (අනිත්‍යාදි හෙයින්) අනුපස්සනභාවයෙන් එකෙක් වේ.

කථං පුථුජ‍්ජනස‍්ස ච සෙක‍්ඛස‍්ස ච වීතරාගස‍්ස ච සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො නානත‍්තං හොති: පුථුජ‍්ජනස‍්ස සඞ‍්ඛාරුපෙක‍්ඛා කුසලා හොති, සෙක‍්ඛස‍්ස සඞ‍්ඛාරුපෙක‍්ඛා කුසලා හොති, වීතරාගස‍්ස සඞ‍්ඛාරුපෙක‍්ඛා අව්‍යාකතා හොති. එවං පුථුජ‍්ජනස‍්ස ච සෙක‍්ඛස‍්ස ච වීතරාගස‍්ස ච සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො නානත‍්තං හොති කුසලාබ්‍යාකතට‍්ඨෙන.

කිසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද රහත්හුගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය නානාත්‍ව වෙයි යත්: පෘථග්ජනයාගේ සංස්කාරෝපෙක්‍ෂාව කුශල වෙයි. ශෛක්‍ෂයාගේ සංස්කාරෝපෙක්‍ෂාව කුශල වෙයි. රහත්හුගේ සංස්කාරෝපෙක්‍ෂාව අව්‍යාකෘත වේ. මෙසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද රහත්හුගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය කුශලාව්‍යාකෘත භාවයෙන් නානාත්‍ව වේ.

කථං පුථුජ‍්ජනස‍්ස ච සෙක‍්ඛස‍්ස ච වීතරාගස‍්ස ච සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො නානත‍්තං හොති: පුථුජ‍්ජනස‍්ස සඞ‍්ඛාරුපෙක‍්ඛා කිඤ‍්චි කාලෙ සුවිදිතා හොති, කිඤ‍්චි කාලෙ න සුවිදිතා හොති, සෙක‍්ඛස‍්සපි සඞ‍්ඛාරුපෙක‍්ඛා කිඤ‍්චි කාලෙ සුවිදිතා හොති, කිඤ‍්චි කාලෙ න සුවිදිතා හොති, වීතරාගස‍්ස සඞ‍්ඛාරුපෙක‍්ඛා අච‍්චන‍්තං සුවිදිතා හොති. එවං පුථුජ‍්ජනස‍්ස ච සෙක‍්ඛස‍්ස ච වීතරාගස‍්ස ච සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො නානත‍්තං හොති විදිතට‍්ඨෙන ච අවිදිතට‍්ඨෙන ච.

කිසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය නානාත්‍ව වෙයි යත්: පෘථග්ජනයාගේ සංස්කාරෝපෙක්‍ෂාව කිසි කලෙක (විදර්‍ශනාකාලයෙහි) මොනොවට දන්නා ලද වෙයි. කිසි කලෙක (අභිනන්‍දන කාලයෙහි) සුවිදිත නො වෙයි. ශෛක්‍ෂයාගේ ද සංස්කාරෝපෙක්‍ෂාව කිසි කලෙක සුවිදිත වෙයි. කිසි කලෙක සුවිදිත නො වෙයි. රහත්හුගේ සංස්කාරෝපෙක්‍ෂාව ඒකාන්තයෙන් සුවිදිත වෙයි. මෙසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද රහත්හුගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය විදිතභාවයෙන් ද අවිදිතභාවයෙන් ද නානාත්‍ව වේ.

කථං පුථුජ‍්ජනස‍්ස ච සෙක‍්ඛස‍්ස ච වීතරාගස‍්ස ච සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො නානත‍්තං හොති: පුථුජ‍්ජනො සඞ‍්ඛාරුපෙක‍්ඛං, අතිත‍්තත‍්තා විපස‍්සති, සෙක‍්ඛොපි සඞ‍්ඛාරුපෙක‍්ඛං අතිත‍්තත‍්තා විපස‍්සති, වීතරාගො සඞ‍්ඛාරුපෙක‍්ඛං නිත‍්තත‍්තා විපස‍්සති. එවං පුථුජ‍්ජනස‍්ස ච සෙක‍්ඛස‍්ස ච වීතරාගස‍්ස ච සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො නානත‍්තං හොති තිත‍්තට‍්ඨෙන ච අතිත‍්තට‍්ඨෙන ච.

කිසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද වීතරාගයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය නානාත්‍ව වෙයි යත්: පෘථග්ජන තෙම සංස්කාරෝපෙක්‍ෂාව අතෘප්ත බැවින් විදර්‍ශනා කෙරෙයි. ශෛක්‍ෂ තෙමේත් සංස්කාරෝපෙක්‍ෂාව අතෘප්ත බැවින් විදර්‍ශනා කෙරෙයි. රහත් තෙමේ සංස්කාරෝපෙක්‍ෂාව තෘප්ත බැවින් විදර්‍ශනා කෙරෙයි. මෙසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද වීතරාගයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය තෘප්ත බැවින් ද අතෘප්ත බැවින් ද නානාත්‍ව වේ.

කථං පුථුජ‍්ජනස‍්ස ච සෙක‍්ඛෙස‍්ස ච වීතරාගස‍්ස ච සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො නානත‍්තං හොති: පුථුජ‍්ජනො සඞ‍්ඛාරුපෙක‍්ඛං තිණ‍්ණං සංයොජනානං පහානාය සොතාපත‍්තිමග‍්ගං පටිලාභත්‍ථාය විපස‍්සති, සෙක‍්ඛො සඞ‍්ඛාරුපෙක‍්ඛං තිණ‍්ණං සංයොජනානං පහීනත‍්තා උත‍්තරිපටිලාභත්‍ථාය විපස‍්සති, වීතරාගො සඞ‍්ඛාරුපෙක‍්ඛං සබ‍්බකිලෙසානං පහීනත‍්තා දිට‍්ඨම‍්මසුඛවිහාරත්‍ථාය විපස‍්සති. එවං පුථුජ‍්ජනස‍්ස ච සෙක‍්ඛෙස‍්ස ච වීතරාගස‍්ස ච සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අනීහාරො නානත‍්තං හොති පහීනට‍්ඨෙන ච අප‍්පහීනට‍්ඨෙන ච.

කිසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද වීතරාගයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය නානාත්‍ව වෙයි යත්: පෘථග්ජන තෙම සංස්කාරෝපෙක්‍ෂාව තුන් සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස ස්‍රෝතාපත්තිමාර්‍ගය ලබනු පිණිස විදර්‍ශනා කෙරෙයි. ශෛක්‍ෂ තෙම සංස්කාරෝපෙක්‍ෂාව තුන් සංයෝජනයන් ප්‍රහීණ බැවින් මතුමත්තෙහි මාර්‍ග ප්‍රතිලාභය පිණිස විදර්‍ශනා කෙරෙයි. වීතරාග තෙමේ සංස්කාරෝපෙක්‍ෂාව හැම කෙලෙසුන් ප්‍රහීණ බැවින් ඉහාත්මසුඛවිහරණ පිණිස විදර්‍ශනා කෙරෙයි. මෙසෙයින් පෘථග්ජනයාගේ ද ශෛක්‍ෂයාගේ ද වීතරාගයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය ප්‍රහීණ බැවින් ද නානාත්‍ව වේ.

කථං සෙක‍්ඛස‍්ස ච වීතරාගස‍්ස ච සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො නානත‍්තං හොති: සෙක‍්ඛො සඞ‍්ඛාරුපෙක‍්ඛං අභිනන්‍දති වා, විපස‍්සති වා, පටිසඞ‍්ඛාය වා, ඵලසමාපත‍්තිං සමාපජ‍්ජති; වීතරාගො සඞ‍්ඛාරුපෙක‍්ඛං විපස‍්සති වා, පටිසඞ‍්ඛාය වා ඵලසමාපත‍්තිං සමාපජ‍්ජති, තදජ‍්ඣුපෙක‍්ඛිත්‍වා සුඤ‍්ඤතවිහාරෙන වා අනිමිත‍්තවිහාරෙන වා අප‍්පණිහිතවිහාරෙන වා විහරති. එවං සෙක‍්ඛස‍්ස ච වීතරාගස‍්ස ච සඞ‍්ඛාරුපෙක‍්ඛාය චිත‍්තස‍්ස අභිනීහාරො නානත‍්තං හොති විහාරසමාපත‍්තට‍්ඨෙන.

කිසෙයින් ශෛක්‍ෂයාගේ ද වීතරාගයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය නානාත්‍ව වෙයි යත්: ශෛක්‍ෂ තෙම සංස්කාරෝපෙක්‍ෂාව අභිනන්‍දනය (සප්‍රීතිකතෘෂ්ණාව) හෝ කෙරෙයි, විදර්‍ශනා හෝ කෙරෙයි. ප්‍රත්‍යවේක්‍ෂා කොට ඵලසමවතට හෝ සමවදී. වීතරාග තෙම සංස්කාරෝපෙක්‍ෂාව විදර්‍ශනා හෝ කෙරෙයි, ප්‍රත්‍යවේක්‍ෂා කොට ඵලසමවතට හෝ සමවදී. ඒ සංස්කාරෝපෙක්‍ෂාව අධ්‍යුපේක්‍ෂා කොට ශූන්‍යතවිහාරයෙන් හෝ අනිමිත්තවිහාරයෙන් හෝ අප්‍රණිහිතවිහාරයෙන් හෝ වාසය කෙරෙයි. මෙසෙයින් ශෛක්‍ෂයාගේ ද වීතරාගයාගේ ද සංස්කාරෝපෙක්‍ෂායෙහි චිත්තයාගේ අභිනීහාරය විහාරසමාපත්තිභාවයෙන් නානාත්‍ව වේ.

කති සඞ‍්ඛාරුපෙක‍්ඛා සමථවසෙන උප‍්පජ‍්ජන‍්ති, කති සඞ‍්ඛාරුපෙක‍්ඛා විපස‍්සනාවසෙන උප‍්පජ‍්ජන‍්ති: අට‍්ඨසඞ‍්ඛාරුපෙක‍්ඛා සමථවසෙන උප‍්පජ‍්ජන‍්ති, දස සඞ‍්ඛාරුපෙක‍්ඛා විපස‍්සනාවයෙන උප‍්පජ‍්ජන‍්ති.

කෙතෙක් සංස්කාරෝපෙක්‍ෂාවෝ සමාධි වශයෙන් උපදිත් ද, කෙතෙක් සංස්කාරෝපෙක්‍ෂාවෝ විදර්‍ශනාවශයෙන් උපදිත් ද යත්: සංස්කාරෝපෙක්‍ෂාවෝ අට දෙනෙක් සමාධිවශයෙන් උපදිත්. සංස්කාරෝපෙක්‍ෂාවෝ දසදෙනෙක් විදර්‍ශනාවශයෙන් උපදිත්.

කතමා අට‍්ඨ සඞ‍්ඛාරුපෙක‍්ඛා සමථවසෙන උප‍්පජ‍්ජන‍්ති: පඨමං ඣානං පටිලාභත්‍ථාය නීවරණෙ පටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං, දුතියං ඣානං පටිලාභත්‍ථාය විතක‍්කවිචාරෙ පටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං, තතියං ඣානං පටිලාභත්‍ථාය පීති පටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං, චතුත්‍ථං ඤාණං පටිලාභත්‍ථාය සුඛදුක‍්ඛෙ පටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං, ආකාසානඤ‍්චායතනසමාපත‍්තිං පටිලාභත්‍ථාය රූපසඤ‍්ඤං පටිඝසඤ‍්ඤං නානත‍්තසඤ‍්ඤං පටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං, විඤ‍්ඤාණඤ‍්චායතනසමාපත‍්තිං පටිලාභත්‍ථාය ආකාසානඤ‍්චායතනසඤ‍්ඤං පටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං, ආකිඤ‍්චඤ‍්ඤායතනසමාපත‍්තිං පටිලාභත්‍ථාය විඤ‍්ඤාණඤ‍්චායතන සඤ‍්ඤං පටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං, නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසමාපත‍්තිං පටිලාභත්‍ථාය ආකිඤ‍්චඤ‍්ඤායතන සඤ‍්ඤං පටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං. ඉමා අට‍්ඨ සඞ‍්ඛාරුපෙක‍්ඛා සමථවසෙන උප‍්පජ‍්ජන‍්ති.

කවර සංස්කාරෝපෙක්‍ෂාවෝ අටදෙනෙක් ශමථවශයෙන් උපදිත් ද යත්: ප්‍රථමධ්‍යානප්‍රතිලාභය සඳහා පඤ්චනීවරණයන් (ප්‍රභාතතව්‍යභාවයෙන්) නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව (නීවරණ සඞ්ඛ්‍යාත) සංස්කාරයන්ගේ උපෙක්‍ෂායෙහි ඥාන යැ ද්විතීයධ්‍යාන ප්‍රතිලාභය සඳහා විතර්‍කවිචාරයන් නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරයන්ගේ උපෙක්‍ෂායෙහි ඥාන යැ. තෘතීයධ්‍යාන ප්‍රතිලාභය සඳහා ප්‍රීතිය නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරයන්ගේ උපෙක්‍ෂායෙහි ඥාන යැ, චතුර්‍ත්‍ථධ්‍යාන ප්‍රතිලාභය සඳහා සුඛදුඃඛයන් නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරයන්ගේ උපෙක්‍ෂායෙහි ඥාන යැ. ආකාසානඤ්චායතනසමාපත්ති ප්‍රතිලාභය සඳහා රූසංඥාව ප්‍රතිඝසංඥාව නානාත්‍වසංඥාව නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරයන්ගේ උපෙක්‍ෂායෙහි ඥාන යැ. විඤ්ඤාණඤ්චයාතනසමාපත්තිප්‍රතිලාභය සඳහා ආකාසානඤ්චායතනසංඥාව නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරයන්ගේ උපෙක්‍ෂායෙහි ඥාන යැ. අකිඤ්චඤ්ඤායතනසමාපත්තිප්‍රතිලාභය සඳහා විඤ්ඤාණඤ්චයාතනසංඥාව නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරයන්ගේ උපෙක්‍ෂායෙහි ඥාන යැ. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිප්‍රතිලාභය සඳහා ආකිඤ්චඤ්ඤායාතනසංඥාව නුවණින් සලකා මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරයන්ගේ උපේක්‍ෂාඥාන යි මේ සංස්කාරෝපෙක්‍ෂාවෝ අටදෙන ශමථවශයෙන් උපදිත්.

කතමා දස සඞ‍්ඛාරුපෙක‍්ඛා විපස‍්සනාවසෙන උප‍්පජ‍්ජනිති: සොතාපත‍්තිමග‍්ගං පටිලාභත්‍ථාය උප‍්පාදං පවත‍්තං නිමිත‍්තං ආයූහනං පටිසන්‍ධිං ගතිං නිබ‍්බත‍්තිං උපපත‍්තිං ජාතිං ජරං ව්‍යාධිං මරණං සොකං පරිදෙවං උපායාසං පටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං, සොතාපත‍්තිඵලසමාපත‍්තත්‍ථාය උප‍්පාදං පවත‍්තං නිමිත‍්තං ආයූහනං පටිසන්‍ධිං -පෙ- උපායාසං පටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං, සකදාගාමිමග‍්ගං පටිලාභත්‍ථාය -පෙ- සකදාගාමිඵලසමාපත‍්තත්‍ථාය -පෙ- අනාගාමිමග‍්ගං පටිලාභත්‍ථාය -පෙ- අනාගාමිඵලසමාපත‍්තත්‍ථාය -පෙ- අරහත‍්තමග‍්ගං පටිලාභත්‍ථාය -පෙ- අරහත‍්තඵලසමාපත‍්තත්‍ථාය -පෙ- සුඤ‍්ඤතවිහාරසමාපත‍්තත්‍ථාය -පෙ- අනිමිත‍්තවිහාරසමාපත‍්තත්‍ථාය උප‍්පාදං පවත‍්තං නිමිත‍්තං ආයූහනං පටිසන්‍ධිං ගතිං නිබ‍්බත‍්තිං උපපත‍්තිං ජාතිං ජරං ව්‍යාධිං මරණං සොකං පරිදෙවං උපායාසං පටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං. ඉමා දස සඞ‍්ඛාරුපෙක‍්ඛා විපස‍්සනාවසෙන උප‍්පජ‍්ජන‍්ති.

කවර සංස්කාරෝපෙක්‍ෂාවෝ දසදෙනෙක් විදර්‍ශනාවශයෙන් උපදිත් ද යත්: සෝවන්මාර්‍ගය ලැබීම පිණිස උත්පාදය ප්‍රවෘත්තිය නිමිත්ත කර්‍මායූහනය ප්‍රතිසන්‍ධිය ගතිය නිර්‍වෘත්තිය උපප්‍රාප්තිය ජාතිය ජරාව ව්‍යාධිය මරණය ශෝකය පරිදේවය උපායාසය ප්‍රත්‍යවේක්‍ෂාව කොට මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂා ඥාන යැ. සෝවන් ඵලසමාපත්තිය පිණිස උත්පාදය ප්‍රවෘත්තිය නිමිත්ත කර්‍මායූහනය ප්‍රතිසන්‍ධිය ... ප්‍රත්‍යවේක්‍ෂාව කොට මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂා ඥාන යැ. සෙදගැමි මාර්‍ගය ලැබීම පිණිස ... සෙදගැමි ඵලසමවත පිණිස ... අනගැමි මාර්‍ගය ලැබීම පිණිස ... අනගැමි ඵලසමවත පිණිස ... රහත්මඟ ලැබීම පිණිස ... රහත් ඵලසමවත පිණිස ... ශූන්‍යතවිහාරසම්පත්තිය පිණිස ... අනිමිත්තවිහාරසම්පත්තිය පිණිස උත්පාදය ප්‍රවෘත්තිය නිමිත්ත ආයූහනය ප්‍රතිසන්‍ධිය ගතිය නිර්‍වෘත්තිය උපප්‍රාප්තිය ජාතිය ජරාව ව්‍යාධිය මරණය ශෝකය පරිදේවය උපායාසය ප්‍රත්‍යවේක්‍ෂා කොට මධ්‍යස්ථභාවයෙන් සිටුනා ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂා ඥාන යි. මේ සංස්කාරෝපෙක්‍ෂාවෝ දසදෙන විදර්‍ශනාවශයෙන් උපදිත්.

කති සඞ‍්ඛාරුපෙක‍්ඛා කුසලා, කති අකුසලා, කති අබ්‍යාකතා: පණ‍්ණරස සඞ‍්ඛාරුපෙක‍්ඛා කුසලා, තිස‍්සො සඞ‍්ඛාරුපෙක‍්ඛා අබ්‍යාකතා. නත්‍ථි සඞ‍්ඛාරුපෙක‍්ඛා අකුසලා.

කෙතෙක් සංස්කාරෝපෙක්‍ෂාවෝ කුශලයෝ ද, කෙතෙක් අකුශලයෝ ද, කෙතෙක් අව්‍යාකෘතයෝ ද යත්: සංස්කාරෝපෙක්‍ෂාවෝ තිදෙනෙක් අව්‍යාකෘතයෝ යැ. අකුශල වූ සංස්කාරෝපෙක්‍ෂායෙක් නැති.

1. “පටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා අට‍්ඨ චිත‍්තස‍්ස ගොචරා පුථුජ‍්ජනස‍්ස ද‍්වෙ හොන‍්ති තයො සෙක‍්ඛස‍්ස ගොචරා තයො ච වීතරාගස‍්ස යෙහි චිත‍්තං විවට‍්ටති.

1. යම් ( සංස්කාරොපෙක්‍ෂාධර්‍මයෙකින් විතර්‍කවිචාරාදියෙන්) සිත අපගම වේ ද ඒ පටිසඞ්ඛා සන්තිට්ඨානා (සංස්කාරෝපෙක්‍ෂා) ප්‍රඥාවෝ (ශමථ වශයෙන්) චිත්තගෝචර වූවාහු අටදෙනෙක් වෙති. පෘථග්ජනයාහට (ශමථවිදර්‍ශනාසමාපත්ති වශයෙන්) තිදෙනෙක් ගෝචර වෙති. රහත්හට (අප්‍රණිහිත, ශුන්‍යත, ඵලසමාපත්ති වශයෙන්) තිදෙනෙක් ගෝචර වෙත්.

2. අට‍්ඨ සමාධිස‍්ස පච‍්චයා දස ඤාණස‍්ස ගොචරා අට‍්ඨාරස සඞ‍්ඛාරුපෙක‍්ඛා තිණ‍්ණං විමොක‍්ඛාන පච‍්චයා.

2. ශමථ වශයෙන් කියන ලද අටදෙන අර්‍පණාසමාධියට ප්‍රත්‍යය වෙති. විදර්‍ශනාවශයෙන් කියන ලද දසදෙන මාර්‍ගඥානයට ඵලඥානයට ද ගෝචර වෙති. මේ අටළොස් සංස්කාරෝපෙක්‍ෂාඥානයෝ (ශූන්‍යතාදි) ත්‍රිවිධ විමෝක්‍ෂයන්ට (උපනිශ්‍රයප්‍රත්‍යයෙන්) ප්‍රත්‍යය වෙත්.

3. ඉමෙ අට‍්ඨාරසාකාරා පඤ‍්ඤා යස‍්ස පරිචිතා කුසලො සඞ‍්ඛාරුපෙක‍්ඛාසු නානාදිට‍්ඨිසු න කම‍්පතී”ති.

3. මේ අටළොස් වැදෑරුම් වූ ප්‍රඥාවෝ යම් යෝගාචරවරයක්හු විසින් පුරුදු කරන ලද්දාහු ද (හෙතෙම) සංස්කාරෝපෙක්‍ෂාඥානයෙහි නිපුණ වූයේ (ශාශ්වතාදි) නානාදෘෂ්ටියෙහි නො සැලේ යයි.

තං ඤාතට‍්ඨෙන ඤාණං, පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති ‘මුඤ‍්චිතුකම්‍යතාපටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං’.

එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන නමැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා නමි. එයින් කියනු ලැබෙයි: ‘පටිසඞ්ඛාසන්තිට්ඨානා පඤ්ඤා සඞ්ඛාරුපෙක්ඛාසු ඤාණං’ යි.

සඞ‍්ඛාරුපෙක‍්ඛාඤාණනිද‍්දෙසො.

සංස්කාරෝපෙක්‍ෂාඥාන නිර්දේශ යි.