යෙදුමෙන් කියවන්න

6. උදයබ‍්බයඤාණං

6. උදයබ‍්බයඤාණං

6. උදයව්‍යය ඥානය

කථං පච‍්චුප‍්පන‍්නානං ධම‍්මානං විපරිනාමානුපස‍්සනෙ පඤ‍්ඤා උදයබ‍්බයානුපස‍්සනෙ ඤාණං:

කිසෙයින් වර්‍තමාන ස්කන්‍ධධර්‍මයන්ගේ විපරිණාමය දැකීමෙහි ප්‍රඥාව උදයව්‍යයානුදර්‍ශනඥාන වෙයි යත්:

ජාතං රූපං පච‍්චුප‍්පන‍්නං, තස‍්ස නිබ‍්බත‍්තිලක‍්ඛණං උදයො, විපරිණාම ලක‍්ඛණං වයො, අනුපස‍්සනා ඤාණං.

(සන්තතිවශයෙන්) උපන් රූපය ප්‍රත්‍යුත්පන්න වෙයි. ඒ රූපයාගේ නිර්‍වෘත්තිලක්‍ණය (අභිනිවාකාරය) උදය නමැ. විපරිණාමලක්‍ෂණය ව්‍යය නමැ. පුනපුනා නුවණින් බැලීම උදයව්‍යඥාන යි.

ජාතා වෙදනා -පෙ- ජාතා සඤ‍්ඤා -පෙ- ජාතා සඞ‍්ඛාරා -පෙ- ජාතං විඤ‍්ඤාණං -පෙ- ජාතං චක‍්ඛු -පෙ- ජාතො භවො පච‍්චුප‍්පන‍්නො, තස‍්ස නිබ‍්බත‍්තිලක‍්ඛණං උදයො, විපරිණාමලක‍්ඛණං වයො, අනුපස‍්සනා ඤාණං.

උපන් වේදනාව ... උපන් සංඥාව ... උපන් සංස්කාරයෝ ... උපන් විඥානය ... උපන් චක්‍ෂුස ... උපන් භවය ප්‍රත්‍යුත්පන්න වෙයි. ඒ භවයාගේ නිර්‍වෘත්තිලක්‍ෂණය උදය නමැ. විපරිණාමලක්‍ෂණය ව්‍යය නමැ. අනුපස්සනාව උදයව්‍යඥාන යි.

පඤ‍්චන‍්නං ඛන්‍ධානං උදයං පස‍්සන‍්තො කති ලක‍්ඛණානි පස‍්සති, වයං පස‍්සන‍්තො කති ලක‍්ඛණානි පස‍්සති, උදයබ‍්බයං පස‍්සන‍්තො කති ලක‍්ඛණානි පස‍්සති.

පඤ්චස්කන්‍ධයන්ගේ උදය දකිනුයේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, ව්‍යය දකිනුයේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද උදයව්‍යය දකිනුයේ කෙතෙක් ලක්‍ෂණයන් දකි ද යත්:

පඤ‍්චන‍්නං ඛන්‍ධානං උදයං පස‍්සන‍්තො පඤ‍්ච වීසති ලක‍්ඛණානි පස‍්සති, වයං පස‍්සන‍්තො පඤ‍්චවීසති ලක‍්ඛණානි පස‍්සති, උදයබ‍්බයං පස‍්සන‍්තො පඤ‍්ඤාස ලක‍්ඛණානි පස‍්සති.

පඤ්චස්කන්‍ධයන්ගේ උදය දකිනුයේ පස්විසි ලක්‍ෂණයන් දකී. ව්‍යය දකිනුයේ පස්විසි ලක්‍ෂණයන් දකී. උදයව්‍යය දකිනුයේ පනස් ලක්‍ෂණයන් දකී.

රූපක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සන‍්තො කති ලක‍්ඛණානි පස‍්සති, වයං පස‍්සන‍්තො කති ලක‍්ඛණානි පස‍්සති, උදයබ‍්බයං පස‍්සන‍්තො කති ලක‍්ඛණානි පස‍්සති. වෙදනාක‍්ඛන්‍ධස‍්ස -පෙ- සඤ‍්ඤාක‍්ඛන්‍ධස‍්ස -පෙ- සඞ‍්ඛාරක‍්ඛන්‍ධස‍්ස -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සන‍්තො කති ලක‍්ඛණානි පස‍්සති, වයං පස‍්සන‍්තො කති ලක‍්ඛණානි පස‍්සති, උදයබ‍්බයං පස‍්සන‍්තො කති ලක‍්ඛණානි පස‍්සති.

රූපස්කන්‍ධයාගේ උදය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, ව්‍යය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, උදයව්‍යය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, වේදනාස්කන්‍ධයාගේ ... සංඥාස්කන්‍ධයාගේ ... සංස්කාරස්කන්‍ධයාගේ ... විඥානස්කන්‍ධයාගේ උදය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, ව්‍යය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, උදයව්‍ය දක්නේ කෙතෙක් ලක්‍ෂණයන් දකී ද, යත්:

රූපක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සන‍්තො පඤ‍්ච ලක‍්ඛණානි පස‍්සති, වයං පස‍්සන‍්තො පඤ‍්ච ලක‍්ඛණානි පස‍්සති, උදයබ‍්බයං පස‍්සන‍්තො දස ලක‍්ඛණානි පස‍්සති. වෙදනාක‍්ඛන්‍ධස‍්ස -පෙ- සඤ‍්ඤාක‍්ඛන්‍ධස‍්ස -පෙ- සඞ‍්ඛාරක‍්ඛන්‍ධස‍්ස -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සන‍්තො පඤ‍්ච ලක‍්ඛණානි පස‍්සති, වයං පස‍්සන‍්තො පඤ‍්ච ලක‍්ඛණානි පස‍්සති, උදයබ‍්බයං පස‍්සන‍්තො දස ලක‍්ඛණානි පස‍්සති.

රූපස්කන්‍ධයාගේ උදය දක්නේ ලක්‍ෂණ පසක් දකී. ව්‍යය දක්නේ ලක්‍ෂණ පසක් දකී. උදයව්‍යය දක්නේ ලක්‍ෂණ දසයක් දකී. වේදනාස්කන්‍ධයාගේ ... සංඥාස්කන්‍ධයාගේ ... සංස්කාරස්කන්‍ධයාගේ ... විඥානස්කන්‍ධයාගේ උදය දක්නේ ලක්‍ෂණ පසක් දකී. ව්‍යය දක්නේ ලක්‍ෂණ පසක් දකී. උදයව්‍යය දක්නේ ලක්‍ෂණ දසයක් දකී.

රූපක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සන‍්තො කතමානි පඤ‍්ච ලක‍්ඛණානි පස‍්සති: ‘අවිජ‍්ජාසමුදයා රූපසමුදයො’ති පච‍්චයසමුදයට‍්ඨෙන රූපක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සති, ‘තණ‍්හාසමුදයා රූපසමුදයො’ති පච‍්චයසමුදයට‍්ඨෙන රූපක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සති, ‘කම‍්මසමුදයා රූපසමුදයො’ති පච‍්චයසමුදයට‍්ඨෙන රූපක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සති, ‘ආහාරසමුදයා රූපසමුදයො’ති පච‍්චයසමුදයට‍්ඨෙන රූපක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සති, නිබ‍්බත‍්තිලක‍්ඛණං පස‍්සන‍්තොපි රූපක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සති. රූපක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සන‍්තො ඉමානි පඤ‍්ච ලක‍්ඛණානි පස‍්සති.

රූපස්කන්‍ධයාගේ උදය දක්නේ කවර පඤ්චලක්‍ෂණයන් දකී ද යත්, අවිද්‍යාසමුදයෙන් රූපයාගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් රූපස්කන්‍ධයාගේ උදය දකී. තෘෂ්ණාසමුදයෙන් රූපයාගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් රූපස්කන්‍ධයාගේ උදය (ඉපැදීම) දකී. කර්‍මසමුදයෙන් රූපයාගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් රූපස්කන්‍ධයාගේ උදය දකී. ආහාරසමුදයෙන් රූපයාගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් රූපස්කන්‍ධයාගේ උදය දකී. (අද්ධා-සන්තති-ඛණ වශයෙන් රූපයාගේ) උත්පාදලක්‍ෂණය දක්නේ ද රූපස්කන්‍ධයාගේ ඉපැදීම දකී. රූපස්කන්‍ධයාගේ උදය දක්නේ මේ ලක්‍ෂණ පස දකී.

වයං පස‍්සන‍්තො කතමානි පඤ‍්චලක‍්ඛණානි පස‍්සති: අවිජ‍්ජානිරොධො රූපනිරොධො’ති පච‍්චයනිරොධට‍්ඨෙන රූපක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සති, ‘තණ‍්හානිරොධො රූපනිරොධො’ති පච‍්චයනිරොධට‍්ඨෙන රූපක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සති, ‘කම‍්මනිරොධා රූපනිරොධො’ති පච‍්චයනිරොධට‍්ඨෙන රූපක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සති, ‘ආහාරනිරොධො රූපනිරොධො’ති පච‍්චයනිරොධට‍්ඨෙන රූපක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සති, විපරිණාමලක‍්ඛණං පස‍්සන‍්තොපි රූපක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සති, රූපක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සන‍්තො ඉමානි පඤ‍්ච ලක‍්ඛණානි පස‍්සති:

ව්‍යය දක්නේ කවර පඤ්චලක්‍ෂණයන් දකී ද යත්: අවිද්‍යානිරෝධයෙන් රූපනිරෝධය වේ යැ යි ප්‍රත්‍යයාගේ නිරුද්ධභාවයෙන් රූපස්කන්‍ධයාගේ ව්‍යය දකියි. තෘෂ්ණානිරෝධයෙන් රූපයාගේ අනුත්පාදනිරෝධය වේ යැ යි ප්‍රත්‍යයනිරුද්ධභාවයෙන් රූපස්කන්‍ධයාගේ ව්‍යය දකියි. කර්‍මයාගේ නිරෝධයෙන් රූපයාගේ අනුත්පාදනිරෝධය වේ යැ යි ප්‍රත්‍යයාගේ නිරුද්ධභාවයෙන් රූපස්කන්‍ධයාගේ ව්‍යය දකියි. ආහාරනිරෝධයෙන් රූපයාගේ අනුත්පාදනිරෝධය වේ යැ යි ප්‍රත්‍යයාගේ නිරුද්ධභාවයෙන් රූපස්කන්‍ධයාගේ ව්‍යය දකියි. (අද්ධා-සන්තති-ඛණ වශයෙන් රූපයාගේ) භඞ්ගය දක්නේ ද රූපස්කන්‍ධයාගේ ව්‍යය දකී. රූපස්කන්‍ධයාගේ ව්‍යය දක්නේ මේ පඤ්චලක්‍ෂණයන් දකී.

උදයබ‍්බයං පස‍්සන‍්තො ඉමානි දස ලක‍්ඛණානි පස‍්සති.

උදයව්‍යය දක්නේ මේ දශලක්‍ෂණයන් දකී.

වෙදනාක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සන‍්තො කතමානි පඤ‍්ච ලක‍්ඛණානි පස‍්සති. ‘අවිජ‍්ජාසමුදයො වෙදනාසමුදයො’ති පච‍්චයසමුදයට‍්ඨෙන වෙදනාක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සති, ‘තණ‍්හාසමුදයා වෙදනාසමුදයො’ති පච‍්චයසමුදයට‍්ඨෙන වෙදනාක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සති, ‘කම‍්මසමුදයා වෙදනාසමුදයො’ති පච‍්චයසමුදයට‍්ඨෙන වෙදනාක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සති, ‘ඵස‍්සසමුදයා වෙදනාසමුදයො’ති පච‍්චයසමුදයට‍්ඨෙන වෙදනාක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සති, නිබ‍්බත‍්තිලක‍්ඛණං පස‍්සන‍්තොපි වෙදනාක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සති. වෙදනාක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සන‍්තො ඉමානි පඤ‍්ච ලක‍්ඛණානි පස‍්සති.

වේදනාස්කන්‍ධයාගේ උදය දක්නේ කවර ලක්‍ෂණ පසක් දකී ද යත්: අවිද්‍යාසමුදයෙන් වේදනාවගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් වේදනාස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. තෘෂ්ණාසමුදයෙන් වෙදනාසමුදය වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් වේදනාස්කන්‍ධයාගේ උදය දකියි. කර්‍මසමුදයෙන් වෙදනාසමුදය වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් වේදනාස්කන්‍ධයාගේ උදය දකියි. ස්පර්‍ශයාගේ සමුදයෙන් වෙදනාසමුදය වේ යැ යි ප්‍රත්‍යය උපන් බැවින් වේදනාස්කන්‍ධයාගේ උදය දකියි. උත්පාදලක්‍ෂණය දක්නේ ද වේදනාස්කන්‍ධයාගේ උදය දකී. වේදනාස්කන්‍ධයාගේ උදය දක්නේ මේ පඤ්චලක්‍ෂණයන් දකී.

වයං පස‍්සන‍්තො කතමානි පඤ‍්චලක‍්ඛණානි පස‍්සති: ‘අවිජ‍්ජානිරොධො වෙදනානිරොධො’ති පච‍්චයනිරොධට‍්ඨෙන වෙදනාක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සති, ‘තණ‍්හානිරොධා වෙදනානිරොධො’ති පච‍්චයනිරොධට‍්ඨෙන වෙදනාක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සති, ‘කම‍්මනිරොධා වෙදනානිරොධො’ති පච‍්චයනිරොධට‍්ඨෙන වෙදනාක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සති, ඵස‍්සනිරොධා වෙදනානිරොධො’ති පච‍්චයනිරොධට‍්ඨෙන වෙදනාක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සති, විපරිණාමලක‍්ඛණං පස‍්සන‍්තොපි වෙදනාක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සති. වෙදනාක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සන‍්තො ඉමානි පඤ‍්ච ලක‍්ඛණානි පස‍්සති.

ව්‍යය දක්නේ කවර පඤ්චලක්‍ෂණයන් දකී ද යත්: අවිද්‍යාවගේ අනුත්පාද නිරෝධයෙන් වේදනාවගේ නිරෝධය වේ යැ යි ප්‍රත්‍යය නිරුද්ධ බැවින් වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දකියි. තෘෂ්ණානිරෝධයෙන් වේදනානිරෝධය වේ යැ යි ප්‍රත්‍යනිරුද්ධ බැවින් වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දකියි. කර්‍මනිරෝධයෙන් වේදනානිරෝධය වේ යැ යි ප්‍රත්‍යනිරුද්ධ බැවින් වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දකියි. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ යැ යි ප්‍රත්‍යනිරුද්ධභාවයෙන් වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දකියි. විපරිණාමලක්‍ෂණය (වේදනාභඞ්ගය) දක්නේ ද වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දකී. වේදනාස්කන්‍ධයාගේ ව්‍යය දක්නේ මේ පඤ්චලක්‍ෂණයන් දකී.

උදයබ‍්බයං පස‍්සන‍්තො ඉමානි දස ලක‍්ඛණානි පස‍්සති.

උදයව්‍යය දක්නේ මේ දශලක්‍ෂණයන් දකී.

සඤ‍්ඤාක‍්ඛන්‍ධස‍්ස -පෙ- සඞ‍්ඛාරක‍්ඛන්‍ධස‍්ස -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සන‍්තො කතමානි පඤ‍්ච ලක‍්ඛණානි පස‍්සති. ‘අවිජ‍්ජාසමුදයා විඤ‍්ඤාණසමුදයො’ති පච‍්චයසමුදයට‍්ඨෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සති, ‘තණ‍්හාසමුදයා විඤ‍්ඤාණසමුදයො’ති පච‍්චයසමුදයට‍්ඨෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සති, ‘කම‍්මසමුදයා විඤ‍්ඤාණසමුදයො’ති පච‍්චයසමුදයට‍්ඨෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සති, ‘නාමරූපසමුදයා විඤ‍්ඤාණසමුදයො’ති පච‍්චසමුදයට‍්ඨෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සති, නිබ‍්බත‍්තිලක‍්ඛණං පස‍්සන‍්තොපි විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සති. විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස උදයං පස‍්සන‍්තො ඉමානි පඤ‍්ච ලක‍්ඛණානි පස‍්සති.

සංඥාස්කන්‍ධයාගේ ... සංස්කාරස්කන්‍ධයාගේ ... විඥානස්කන්‍ධයාගේ ... උදය දක්නේ කවර පඤ්චලක්‍ෂණයන් දකී ද යත්: අවිද්‍යාසමුදයෙන් විඥානයාගේ ඉපැදීම වේ යැ යි ප්‍රත්‍යසමුදයභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. තෘෂ්ණාසමුදයෙන් විඥානසමුදය වේ යැ යි ප්‍රත්‍යයසමුදයභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. කර්‍මසමුදයෙන් විඥානසමුදය වේ යැ යි ප්‍රත්‍යය සමුදයභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. නාමරූපසමුදයෙන් විඥානසමුදය වේ යැ යි ප්‍රත්‍යයසමුදයභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකියි. උත්පාදලක්‍ෂණය දක්නේ ද විඥානස්කන්‍ධයාගේ ඉපැදීම දකී. විඥානස්කන්‍ධයාගේ උදය දක්නේ මේ පඤ්චලක්‍ෂණයන් දකි.

වයං පස‍්සන‍්තො කතමානි පඤ‍්ච ලක‍්ඛණානි පස‍්සති: ‘අවිජ‍්ජානිරොධා විඤ‍්ඤාණනිරොධො’ති පච‍්චයනිරොධට‍්ඨෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සති, ‘තණ‍්හානිරොධා විඤ‍්ඤාණනිරොධො’ති පච‍්චයනිරොධට‍්ඨෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සති, ‘කම‍්මනිරොධා විඤ‍්ඤාණනිරොධො’ති පච‍්චයනිරොධට‍්ඨෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සති, ‘නාමරූපනිරොධා විඤ‍්ඤාණනිරොධො’ති පච‍්චයනිරොධට‍්ඨෙන විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සති, විපරිණාමලක‍්ඛණං පස‍්සන‍්තොපි විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සති. විඤ‍්ඤාණක‍්ඛන්‍ධස‍්ස වයං පස‍්සන‍්තො ඉමානි පඤ‍්චලක‍්ඛණානි පස‍්සති.

ව්‍යය දක්නේ කවර පඤ්චලක්‍ෂණයන් දකී ද යත්: අවිද්‍යාවගේ නිරෝධයෙන් විඥානයාගේ නිරෝධය වේ යැ යි ප්‍රත්‍යය නිරුද්ධභාවයෙන් විඥානයාගේ ව්‍යය (නැසීම) දකියි. තෘෂ්ණානිරෝධයෙන් විඥානනිරෝධය වේ යැ යි ප්‍රත්‍යය නිරුද්ධභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ව්‍යය දකියි. කර්‍මනිරෝධයෙන් විඥානනිරෝධය වේ යැ යි ප්‍රත්‍යය නිරුද්ධභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ව්‍යය දකියි. නාමරූපනිරෝධයෙන් විඥානනිරෝධය වේ යැ යි ප්‍රත්‍යය නිරුද්ධභාවයෙන් විඥානස්කන්‍ධයාගේ ව්‍යය දකියි. විපරිණාමලක්‍ෂණය දක්නේ ද විඥානස්කන්‍ධයාගේ ව්‍යය දකියි. විඥානස්කන්‍ධයාගේ ව්‍යය දක්නේ මේ පඤ්චලක්‍ෂණයන් දකී.

උදයබ‍්බයං පස‍්සන‍්තො ඉමානි දස ලක‍්ඛණානි පස‍්සති.

උදයව්‍යය දක්නේ මේ දශලක්‍ෂණයන් දකී.

පඤ‍්චන‍්නං ඛන්‍ධානං උදයං පස‍්සන‍්තො ඉමානි පඤ‍්චවීසති ලක‍්ඛණානි පස‍්සති. වයං පස‍්සන‍්තො ඉමානි පඤ‍්චවීසති ලක‍්ඛණානි පස‍්සති. උදයබ‍්බයං පස‍්සන‍්තො ඉමානි පඤ‍්ඤාස ලක‍්ඛණානි පස‍්සති.

පඤ්චස්කන්‍ධයන්ගේ උදය දක්නේ මේ පස්විසි ලක්‍ෂණයන් දකියි. ව්‍යය දක්නේ මේ පස්විසි ලක්‍ෂණයන් දකියි. උදයව්‍යය දක්නේ මේ පනස් ලක්‍ෂණයන් දකී.

තං ඤාතට‍්ඨෙන ඤාණං පජානනට‍්ඨෙන පඤ‍්ඤා. තෙන වුච‍්චති: පච‍්චුප‍්පන‍්නානං ධම‍්මානං විපරිනාමානුපස‍්සනෙ පඤ‍්ඤා උදයබ‍්බයානුපස‍්සනෙ ඤාණං.

එය ඥාතාර්‍ත්‍ථයෙන් ඥාන යැ. ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි: පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනෙ පඤ්ඤා උදයබ්බයානුපස්සනෙ ඤාණං’යි.

රූපක‍්ඛන්‍ධො ආහාරසමුදයො, වෙදනා සඤ‍්ඤා සඞ‍්ඛාරා තයො ඛන්‍ධා ඵස‍්සසමුදයා, විඤ‍්ඤාණක‍්ඛන්‍ධො නාමරූපසමුදයො.

රූපස්කන්‍ධය ආහාරසමුදය කොට ඇත්තේ යැ. වේදනා යැ සංඥා යැ සංස්කාරයෝ යැ යන තුන් ස්කන්‍ධයෝ ස්පර්‍ශසමුදය කොට ඇත්තාහ. විඥානස්කන්‍ධය නාමරූපසමුදය කොට ඇත්තේ යි.

උදයබ‍්බයඤාණනිද‍්දෙසො

උදයව්‍යඥාන නිර්දේශ යි.