5. සම්මසනඤාණං
5. සම්මසනඤාණං
5. සම්මර්ශන ඥානය
කථං අතීතානාගතපච්චුප්පන්නානං ධම්මානං සඞ්ඛිපිත්වා වවත්ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං:
කිසෙයින් අතීතානාගත ප්‍රත්‍යුත්පන්න (පඤ්චස්කන්ධ) ධර්මයන් (කලාප විසින්) රැස් කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන වෙයි යත්.
යං කිඤ්චි රූපං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ වා සන්තිකෙ වා, සබ්බං රූපං අනිච්චතො වවත්ථෙති, එකං සම්මසනං. දුක්ඛතො වවත්ථෙති, එකං සම්මසනං, අනත්තතො වවත්ථෙති, එකං සම්මසනං.
අතීතානාගත ප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්ම වූ හෝ බාය්‍ය වූ හෝ ඖදාරික වූ හෝ සූක්ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි රූපයෙක් වේ ද, දුරැ වූ හෝ ළඟ වූ හෝ යම් රූපයෙක් වේ ද, එ හැම රූපය අනිත්‍ය හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. දුක් හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. අනාත්ම හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්ශනයෙකි.
යා කාචි වෙදනා -පෙ- යා කාචි සඤ්ඤා -පෙ- යෙ කෙචි සඞ්ඛාරා -පෙ- යං කිඤ්චි විඤ්ඤාණං අතීතානාගතපච්චුප්පන්නං අජ්ඣත්තං වා බහිද්ධා වා ඔළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරෙ සන්තිකෙ වා, සබ්බං විඤ්ඤාණං අනිච්චතො වවත්ථෙති, එකං සම්මසනං. දුක්ඛතො වවත්ථෙති, එකං සම්මසනං. අනත්තතො වවත්ථෙති, එකං සම්මසනං.
යම් කිසි වේදනායෙක් ... යම් කිසි සංඥායෙක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ අධ්‍යාත්ම වූ හෝ බාය්‍ය වූ හෝ ඖදාරික වූ හෝ සූක්ෂම වූ හෝ හීන වූ හෝ ප්‍රණීත වූ හෝ යම් කිසි විඥානයෙක් වේ ද, දුරැ වු හෝ ළඟ වූ හෝ යම් විඥානයෙක් වේ ද, එ හැම විඥානය අනිත්‍ය හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. දුඃඛ හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. අනාත්ම හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්ශනයෙකි.
චක්ඛුං ජරාමරණං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චතො වවත්ථෙති, එකං සම්මසනං. දුක්ඛතො වවත්ථෙති, එකං සම්මසනං. අනත්තතො වවත්ථෙති, එකං සම්මසනං.
චක්ෂුස ... අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ ජරාමරණය අනිත්‍ය හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. දුක් හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්‍ශනයෙකැ. අනාත්ම හෙයින් නිශ්චය කෙරේ නම් එක් සම්මර්ශනයෙකි.
රූපං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චං ඛයට්ඨෙන, දුක්ඛං භයට්ඨෙන, අනත්තා අසාරකට්ඨෙනා’ති සඞ්ඛිපිත්ථා වවත්ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං, ‘වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- චක්ඛුං -පෙ- ජරාමරණං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චං ඛයට්ඨෙන, දුක්ඛං භයට්ඨෙන, අනත්තා අසාරකට්ඨෙනා’ති සඞ්ඛිපිත්ථා වවත්ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං.
අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ රූපය ක්ෂය වන බැවින් අනිත්‍ය යැ, ප්‍රතිභය බැවින් දුඃඛ යැ, ආත්මසාර රහිත බැවින් අනාත්ම යැ, සංක්ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යැ. වේදනාව ... සංඥාව ... සංස්කාරයෝ විඥානය ... චක්ෂුස ... අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ ජරාමරණය ක්ෂය වන බැවින් අනිත්‍ය යැ, ප්‍රතිභය සහිත බැවින් දුඃඛ යැ, ආත්මසාර රහිත බැවින් අනාත්ම යැ යි සංක්ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යි.
රූපං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්ම’න්ති සඞ්ඛිපිත්වා වවත්ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං, ‘වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං -පෙ- චක්ඛුං -පෙ- ජරාමරණං අතීතානාගතපච්චුප්පන්නං අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්ම’න්ති සඞ්ඛිපිත්වා වවත්ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං.
අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ රූපය අනිත්‍ය යැ. ප්‍රත්‍යයසමවායෙන් කරන ලද. ප්‍රත්‍යයන් නිසා උපන්නේ යැ. ක්ෂය වන සුලු යැ, නැසෙන සුලු යැ, නො ඇලෙන සුලු යැ, නිරුද්ධ වන සුලු යැ යි සංක්ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යැ. වේදනාව ... සංඥාව ... සංස්කාරයෝ .. විඥානය ... චක්ෂුස ... අතීතානාගතප්‍රත්‍යුත්පන්න වූ ජරාමරණය අනිත්‍ය යැ ප්‍රත්‍යයන් විසින් කරන ලද. ප්‍රත්‍යයන් නිසා උපන්නේ යැ. ක්ෂය වනසුලු යැ, නැසෙනසුලු යැ, නො ඇලෙනසුලු යැ, නිරුද්ධ වනසුලු යැ යි සංක්ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යි.
ජාතිපච්චයා ජරාමරණං, අසති ජාතියා නත්ථි ජරාමරණ’න්ති සඞ්ඛිපිත්වා වවත්ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං, අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං ජාතිපච්චයා ජරාමරණං, අසති ජාතියා නත්ථි ජරාමරණ’න්ති සඞ්ඛිපිත්වා වවත්ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං.
ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි සංක්ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යැ. අතීතකාලයෙහි දු ... අනාගතකාලයෙහි දු ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි සංක්ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යි.
භවපච්චයා ජාති, අසති -පෙ- උපාදානපච්චයා භවො, අසති -පෙ- තණ්හාපච්චයා උපාදානං, අසති -පෙ- වෙදනාපච්චයා තණ්හා, අසති -පෙ- ඵස්සපච්චයා වෙදනා, අසති -පෙ- සළායතනපච්චයා ඵස්සො, අසති -පෙ- නාමරූපපච්චයා සළායතනං, අසති -පෙ- විඤ්ඤාණපච්චයා නාමරූපං, අසති -පෙ- සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, අසති සඞ්ඛාරෙසු -පෙ- අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, අසති අවිජ්ජාය නත්ථි සඞ්ඛාරා’ති සඞ්ඛිපිත්වා වවත්ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං.
භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි ... උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි ... තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි ... වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි ... ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි ... ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි ... නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන වෙයි ... විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි ... සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි ... අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නැත්තාහ යි සංක්ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යි.
‘අතීතම්පි අද්ධානං අනාගතම්පි අද්ධානං අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, අසති අවිජ්ජාය නත්ථි සඞ්ඛාරා’ති සඞ්ඛිපිත්වා වවතනෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං.
අතීතකාලයෙහි දු ... අනාගතකාලයෙහි දු අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නැත්තාහ’යි සංක්ෂිප්ත කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්ශනඥානයි.
තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති. ‘අතීතානාගතපච්චුප්පන්නානං ධම්මානං සඞ්ඛිපිත්වා වවත්ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං’.
ඒ දැනීම ඥාතාර්‍ත්‍ථයෙන් ඥන යැ, ප්‍රජානනාර්‍ත්‍ථයෙන් ප්‍රඥා යි. එයින් කියනු ලැබෙයි. ‘අතීතානාගතපච්චුප්පන්නානං ධම්මානං සඞ්ඛිපිත්වා වවත්ථානෙ පඤ්ඤා සම්මසනෙ ඤාණං’ යි.
සම්මසනඤාණනිද්දෙසො.
සම්මර්‍ශනඥාන නිර්දේශ යි.