මාතිකා
මාතිකා
මාතෘකා
1. සොතාවධානෙ පඤ‍්ඤා සුතමයෙ ඤාණං.
1. ශ්‍රෝත්‍රද්වාරානුසාරයෙන් දන්නා ලද ධර්‍මජාතයෙහි (ශ්‍රැතියෙහි) පැවැති ප්‍රඥාව ශ්‍රැතමයඥාන යැ.
2. සුත්‍වාන සංවරෙ පඤ‍්ඤා සීලමයෙ ඤාණං.
2. ශ්‍රවණය කොට (ශ්‍රවණ හේතුයෙන්) සංවරයෙහි පැවැති ප්‍රඥාව ශීලමයඥාන යැ.
3. සංවරිත්‍වා සමාදහනෙ පඤ‍්ඤා සමාධිභාවනාමයෙ ඤාණං.
3. ශීලයෙන් සංවෘත වැ සිත එකඟ කිරීමෙහි පැවැති ප්‍රඥාව සමාධි භාවනාමයඥාන යැ.
4. පච‍්චයපරිග‍්ගහෙ පඤ‍්ඤා ධම‍්මට‍්ඨිති ඤාණං.
4. ප්‍රත්‍යයධර්‍මයන් පිරිසිඳ දැනීමෙහි ප්‍රඥාව ධර්‍මස්ථිතිඥාන යැ.
5. අතීතානාගතපච‍්චුප‍්පන‍්නානං ධම‍්මානං සඞ‍්ඛිපිත්‍වා වවත්‍ථානෙ පඤ‍්ඤා සම‍්මසනෙ ඤාණං.
5. අතීතානාගතප්‍රත්‍යුත්පන්න (පඤ්චස්කන්‍ධ) ධර්‍මයන් (කලාප විසින්) රැස් කොට නිශ්චය කිරීමෙහි ප්‍රඥාව සම්මර්‍ශනඥාන යැ.
6. පච‍්චුප‍්පන‍්නානං ධම‍්මානං විපරිනාමානුපස‍්සනෙ පඤ‍්ඤා උදයබ‍්බයානුපස‍්සනෙ ඤාණං.
6. ප්‍රත්‍යුත්පන්න වූ ස්කන්‍ධධර්‍මයන්ගේ විපරිණාමය දැකීමෙහි ප්‍රඥාව උදයව්‍යානුදර්‍ශනඥාන යැ.
7. ආරම‍්මණං පටිසඞ‍්ඛා භඞ‍්ගානුපස‍්සනෙ පඤ‍්ඤා විපස‍්සනෙ ඤාණං.
7. රූපාදි ආලම්බනය ප්‍රත්‍යවේක්‍ෂා කොට භඞ්ගවශයෙන් දැකීමෙහි ප්‍රඥාව විදර්‍ශනාඥාන යැ.
8. භයතුපට‍්ඨානෙ පඤ‍්ඤා ආදීනවෙ ඤාණං.
8. උත්පාදාදිය භය වශයෙන් වැටහීමෙහි ප්‍රඥාව ආදීනවඥාන යැ.
9. මුඤ‍්චිතුකම්‍යතාපටිසඞ‍්ඛාසන‍්තිට‍්ඨනා පඤ‍්ඤා සඞ‍්ඛාරුපෙක‍්ඛාසු ඤාණං.
9. (උත්පාදාදිය) මුදාලන්නට කැමැති බව ද ප්‍රත්‍යවේක්‍ෂාව ද අධ්‍යුපේක්‍ෂණය ද යන (ත්‍රිවිධ) ප්‍රඥාව සංස්කාරෝපෙක්‍ෂාඥාන යැ.
10. බහිද‍්ධා වුට‍්ඨානවිවට‍්ටනෙ පඤ‍්ඤා ගොත්‍රභූ ඤාණං.
10. සංස්කාර නිමිත්තෙන් නැඟී සිටුනා එයට පරාඞ්මුඛ වීමෙහි ප්‍රඥාව ගෝත්‍රභූඥාන යැ.
11. දුභතො වුට‍්ඨානවිවට‍්ටනෙ පඤ‍්ඤා මග‍්ගෙ ඤාණං.
11. (කෙලෙසුන් කෙරෙන් ද, තදනුවර්‍තක ස්කන්‍ධයන් කෙරෙන් ද යන) දෙකින් නැඟී සිටුනා එයට පරාඞ්මුඛ වීමෙහි ප්‍රඥාව මාර්‍ගඥාන යැ.
12. පයොගපටිප‍්පස‍්සද‍්ධි පඤ‍්ඤා ඵලෙ ඤාණං.
12. (උභතොවුට්ඨානයෙහි) ප්‍රයෝගයාගේ නිෂ්ඨාව (සතර මාර්‍ගකෘත්‍ය පර්‍ය්‍යවසානය) ට හේතු වූ ප්‍රඥාව ඵලඥාන යැ.
13. ඡින‍්නවට‍්ටමනුපස‍්සනෙ පඤ‍්ඤා විමුත‍්ති ඤාණං.
13. ඒ ඒ මාර්‍ගයෙන් සිඳුණු කෙලෙස්වට ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙහි ප්‍රඥාව විමුක්තිඥාන යැ.
14. තදා සමුදාගතෙ ධම‍්මෙ පස‍්සනෙ පඤ‍්ඤා පච‍්චවෙක‍්ඛනෙ ඤාණං.
14. ඒ මාර්‍ගඵලක්‍ෂණයෙහි (ප්‍රතිලාභප්‍රතිවේධ වශයෙන්) පැමිණි (මාර්‍ගඵලචතුස්සත්‍ය) ධර්‍මයන් දක්නා ප්‍රඥාව ප්‍රත්‍යවේක්‍ෂාඥාන යැ.
15. අජ‍්ඣත‍්තවවත්‍ථානෙ පඤ‍්ඤා වත්‍ථුනානත‍්තෙ ඤාණං.
15. අධ්‍යාත්ම (ආධ්‍යාත්මිකෂඩායතන) යන් පිරිසිඳ දැනීමෙහි ප්‍රඥාව වස්තුනානාත්‍වඥාන යැ.
16. බහිද‍්ධාවවත්‍ථානෙ පඤ‍්ඤා ගොචරනානත‍්තෙ ඤාණං.
16. බාහිරවිෂයයන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව ගෝචරනානාත්‍වඥාන යැ.
17. චරියාවවත්‍ථානෙ පඤ‍්ඤා චරියානානත‍්තෙ ඤාණං.
17. (විඥානචර්‍ය්‍යාදී වශයෙන්) චර්‍ය්‍යාවන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව චර්‍ය්‍යනානාත්‍වඥාන යැ.
18. චතුධම‍්මවවත්‍ථානෙ පඤ‍්ඤා භූමිනානත‍්තෙ ඤාණං.
18. සතර සතර ධර්‍මයන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව භූමිනානාත්‍වඥාන යැ.
19. නවධම‍්මවවත්‍ථානෙ පඤ‍්ඤා ධම‍්මනානත‍්තෙ ඤාණං.
19. නව නව ධර්‍මයන් පිරිසිඳ දැනීමේ ප්‍රඥාව ධර්‍මනානාත්‍වඥාන යැ.
20. අභිඤ‍්ඤාපඤ‍්ඤා ඤාතට‍්ඨෙ ඤාණං.
20. අභිඥාප්‍රඥාව ඥාතාර්‍ත්‍ථ (ජානනස්වභාව) ඥාන යැ.
21. පරිඤ‍්ඤාපඤ‍්ඤා තීරණට‍්ඨෙ ඤාණං.
21. පරිඥාප්‍රඥාව තීරණාර්‍ත්‍ථඥාන යැ.
22. පහානෙ පඤ‍්ඤා පරිච‍්චාගට‍්ඨෙ ඤාණං.
22. ප්‍රහාණප්‍රඥාව පරිත්‍යාගාර්‍ත්‍ථඥාන යැ.
23. භාවනාපඤ‍්ඤා එකරසට‍්ඨෙ ඤාණං.
23. භාවනා ප්‍රඥාව ඒකරසාර්‍ත්‍ථඥාන යැ.
24. සච‍්ඡිකිරියාපඤ‍්ඤා ඵුසනට‍්ඨෙ ඤාණං.
24. (ප්‍රතිවේධ ප්‍රතිලාභ වශයෙන්) සාක්‍ෂාත් කරන ප්‍රඥාව ස්පර්‍ශනානාර්‍ත්‍ථ ඥාන යැ.
25. අත්‍ථනානත‍්තෙ පඤ‍්ඤා අත්‍ථපටිසම‍්භිදෙ ඤාණං.
25. අර්‍ත්‍ථනානාත්‍වයෙහි ප්‍රඥාව අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ.
26. ධම‍්මනානත‍්තෙ පඤ‍්ඤා ධම‍්මපටිසම‍්භිදෙ ඤාණං.
26. ධර්‍මනානාත්‍වයෙහි ප්‍රඥාව ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ.
27. නිරුත‍්තිනානත‍්තෙ පඤ‍්ඤා නිරුත‍්තිපටිසම‍්භිදෙ ඤාණං.
27. නිරුක්තිනානාත්‍වයෙහි ප්‍රඥාව නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ.
28. පටිභාන නානත‍්තෙ පඤ‍්ඤා පටිභානපටිසම‍්භිදෙ ඤාණං.
28. ප්‍රතිභානනානාත්‍වයෙහි ප්‍රඥාව ප්‍රතිභානසංවිද්ඥාන යැ.
29. විහාරනානත‍්තෙ පඤ‍්ඤා විහාරට‍්ඨෙ ඤාණං.
29. (අනිත්‍යානුදර්‍ශානාදි) විහාරනානාත්‍වයෙහි ප්‍රඥාව විහාරාර්‍ත්‍ථඥාන යැ.
30. සමාපත‍්තිනානත‍්තෙ පඤ‍්ඤා සමාපත‍්තට‍්ඨෙ ඤාණං.
30. සමාපත්තිනානාත්‍වයෙහි ප්‍රඥාව සමාපත්ත්‍යර්‍ත්‍ථඥාන යැ.
31. විහාරසමාත‍්තිනානත‍්තෙ පඤ‍්ඤා විහාරසමාපත‍්තට‍්ඨෙ ඤාණං.
31. විහාරසමාපත්තිනානාත්‍වයෙහි ප්‍රඥාව විහාරසමාපත්ත්‍යර්‍ත්‍ථඥාන යැ.
32. අවික‍්ඛෙපපරිසුද‍්ධත‍්තා ආසවසමුච‍්ඡෙදෙ පඤ‍්ඤා ආනන‍්තරිකසමාධිස‍්මිං ඤාණං.
32. අවික්‍ෂේපපරිශුද්ධභාවයෙන් කාමාදි ආස්‍රවයන්ගේ සමුච්ඡෙදයෙහි ප්‍රඥාව ආනන්තරික (මාර්‍ග) සමාධිඥාන යැ.
33. දස‍්සනාධිපතෙය්‍යං සන‍්තො ච විහාරාධිගමො පණීතාධිමුත‍්තතා පඤ‍්ඤා අරණවිහාරෙ ඤාණං.
33. දර්‍ශනාධිපතිභාවය ද, ශාන්තවිහාරාධිගමය ද, ප්‍රණීතාධිමුක්තතා ද යන (ත්‍රිවිධ) ප්‍රඥාව අරණවිහාරඥන යැ.
34. ද‍්වීහි බලෙහි සමන‍්නාගතත‍්තා තයො ච සඞ‍්ඛාරානං පටිප‍්පස‍්සද‍්ධියා සොළසහි ඤාණචරියාහි නවහි සමාධිචරියාහි වසිභාවතා පඤ‍්ඤා නිරොධසමාපත‍්තියා ඤාණං.
34. ශමථවිදර්‍ශනා යන බල දෙකින් සමන්‍වාගත බැවින් (වාචාදි) තුන් සංස්කාරයන්ගේ ද නිරුද්ධ කිරීමෙන් ෂොඩෂඥානචර්‍ය්‍යායෙන් නවසමාධිචර්‍ය්‍යායෙන් වශීභාවය ඇති ප්‍රඥාව නිරෝධසමාපත්තිඥාන යැ.
35. සම‍්පජානස‍්ස පවත‍්තපරියාදානෙ පඤ‍්ඤා පරිනිබ‍්බානෙ ඤාණං.
35. සම්‍යග්ඥාන ඇත්තහුගේ ක්ලේශ - ස්කන්‍ධප්‍රවෘත්ති ක්‍ෂය කිරීමෙහි ප්‍රඥාව පරිනිර්‍වාණඥාන යැ.
36. සබ‍්බධම‍්මානං සම‍්මා සමුච‍්ඡෙදෙ නිරොධෙ ච අනුපට‍්ඨානතා පඤ‍්ඤා සමසීසට‍්ඨෙ ඤාණං.
36. සියලු ත්‍රෛභූමික ධර්‍මයන් මොනොවට නිරුද්ධ කිරීමෙහි ද නිරුද්ධ කළ කල්හි නැවත නො ඉපදීමෙහි ද ප්‍රඥාව සමශීර්‍ෂාර්‍ත්‍ථඥාන යැ.
37. පුථුනානත‍්තතෙජපරියොදානෙ පඤ‍්ඤා සල‍්ලෙඛට‍්ඨෙ ඤාණං.
37. පෘතග්රාගයන්ගේ ද කාමච්ඡන්‍දාදීන්ගේ ද දුශ්ශීල්‍යාදීන්ගේ ද ක්‍ෂය කිරීමෙහි ප්‍රඥාව සල්ලේඛාර්‍ත්‍ථඥාන යැ.
38. අසල‍්ලීනත‍්ත පහිතත‍්ත-පග‍්ගහට‍්ඨෙ පඤ‍්ඤා විරියාරම‍්භෙ ඤාණං.
38. නො හැකුළුණු සිත් ඇති (කායජීවිතනිරපේක්‍ෂක වැ) නිවනට මෙහෙයූ ආත්මභාව ඇත්තහුගේ ප්‍රග්‍රහාර්‍ත්‍ථයෙහි ප්‍රඥාව වීර්‍ය්‍යාරම්භඥාන යැ.
39. නානාධම‍්මපකාසන‍්තා පඤ‍්ඤා අත්‍ථසන්‍දස‍්සනෙ ඤාණං.
39. නානාධර්‍මයන් ප්‍රකාශ කරන ප්‍රඥාව අර්‍ත්‍ථසන්‍දර්‍ශනඥාන යැ.
40. සබ‍්බධම‍්මානං එකසඞ‍්ගහතානානත‍්තෙකත‍්තපටිවෙධෙ පඤ‍්ඤා දස‍්සනවිසුද‍්ධිඤාණං.
40. සියලු සඞ්ඛතාසඞ්ඛත ධර්‍මයන්ගේ ඒකත්‍වයෙන් සඞ්ග්‍රහ කිරීම ද කාමච්ඡන්‍දාදීන්ගේ නානාත්‍වය ද නෛෂ්ක්‍රම්‍යාදීන්ගේ ඒකත්‍වය ද ප්‍රතිවේධ කිරීමෙහි ප්‍රඥාව දර්‍ශනවිශුද්ධිඥාන යැ.
41. විදිතත‍්තා පඤ‍්ඤා ඛන‍්ති ඤාණං.
41. රූපස්කන්‍ධාදිය අනිත්‍යාදි වශයෙන් විදිතභාවයෙන් පැවැති ප්‍රඥාව ක්‍ෂාන්තිඥාන යැ.
42. ඵුට‍්ඨත‍්තා පඤ‍්ඤා පරියොගාහනෙ ඤාණං.
42. (රූපස්කන්‍ධාදිය අනිත්‍යාදි වශයෙන් ඥානස්පර්‍ශයෙන්) ස්පර්‍ශ කළ බැවින් පැවැති ප්‍රඥාව පර්‍ය්‍යවගාහනඥාන යැ.
43. සමොදහනෙ පඤ‍්ඤා පදෙසවිහාරෙ ඤාණං.
43. (ස්කන්‍ධාදීන්ගේ ඒකදේශ වු වේදනාධර්‍මය) පිඬු කරන ප්‍රඥාව ප්‍රදේශවිහාරඥාන යැ.
44. අධිපතත‍්තා පඤ‍්ඤා සඤ‍්ඤාවිවට‍්ටෙ ඤාණං.
44. (නෛෂ්ක්‍රම්‍යාදිය) අධිකභාවයෙන් පැවැති ප්‍රඥාව සංඥාවිවර්‍තඥාන යැ.
45. නානත‍්තෙ පඤ‍්ඤා චෙතොවිවට‍්ටෙ ඤාණං.
45. නානාස්වභාවයෙහි පැවැති ප්‍රඥාව චේතෝවිවර්‍තඥාන යැ.
46. අධිට‍්ඨානෙ පඤ‍්ඤා චිත‍්තවිවට‍්ටෙ ඤාණං.
46. (නෛෂ්ක්‍රම්‍යාදි වශයෙන් සිත) පිහිටුවීමෙහි ප්‍රඥාව චිත්තවිවර්‍තඥාන යැ.
47. සුඤ‍්ඤතෙ පඤ‍්ඤා ඤාණවිවට‍්ටෙ ඤාණං.
47. ශුන්‍යත (අනාත්මානුදර්‍ශන) ප්‍රඥාව ඥානවිවර්‍තඥාන යැ.
48. වොස‍්සග‍්ගෙ පඤ‍්ඤා විමොක‍්ඛවිවට‍්ටෙ ඤාණං.
48. කාමච්ඡන්‍දාදිය දුරැලීමෙහි පැවැති ප්‍රඥාව විමෝක්‍ෂවිවර්‍තඥාන යැ.
49. තථට‍්ඨෙ පඤ‍්ඤා සච‍්චවිවට‍්ටෙ ඤාණං.
49. (චතුස්සත්‍යාගේ) අවිපරීතභාවයෙහි පැවැති ප්‍රඥාව සත්‍යවිවර්‍තඥාන යැ.
50. කායම‍්පි චිත‍්තම‍්පි එකවවත්‍ථානතා සුඛසඤ‍්ඤඤ‍්ච ලහුසඤ‍්ඤඤ‍්ච අධිට‍්ඨානවසෙන ඉජ‍්ඣනට‍්ඨෙ පඤ‍්ඤා ඉද‍්ධිවිධෙ ඤාණං.
50. රූපකාය ද පාදකධ්‍යානචිත්තය ද (පරිකර්‍මචිත්තයෙන්) එක් කොට තැබීමෙන් සුඛසංඥාව ද ලඝුසංඥාව ද අධිෂ්ඨාන වශයෙන් සමෘද්ධ වන ප්‍රඥාව ඍද්ධිවිධඥාන යැ.
51. විතක‍්කවිප‍්ඵාරවසෙන නානත‍්තෙකත‍්ත සද‍්දනිමිත‍්තානං පරියොගාහනෙ පඤ‍්ඤා සොතධාතුවිසුද‍්ධිඤාණං.
51. විතර්‍කවිස්තාර වශයෙන් නානාත්‍ව වූ ද ඒකත්‍ව වූ ද ශබ්දනිමිත්තයන්ට බැසගැනීමෙහි (දැනගන්නා)ප්‍රඥාව ශ්‍රෝත්‍රධාතුවිශුද්ධිඥාන යැ.
52. තිණ‍්ණං චිත‍්තානං විප‍්ඵාරත‍්තා ඉන්‍ද්‍රියානං පසාදවසෙන නානත‍්තෙකත‍්තවිඤ‍්ඤාණචරියාපරියොගාහනෙ පඤ‍්ඤා චෙතොපරියඤාණං.
52. (සෝමනස්සසහගතාදි) ත්‍රිවිධ චිත්තයන්ගේ වේගය හේතු කොට ගෙන ඉන්‍ද්‍රියයන්ගේ ප්‍රසාද වශයෙන් නානාස්වභාව ඒකස්වභාව වූ එකුන්අනූචිත්තයාගේ පැවැතීම දන්නා ප්‍රඥාව චේතෝපර්‍ය්‍යඥාන යැ.
53. පච‍්චයප‍්පවත‍්තානං ධම‍්මානං නානත‍්තෙකත‍්තකම‍්මවිප‍්ඵාරවසෙන පරියොගාහනෙ පඤ‍්ඤා පුබ‍්බෙනිවාසානුස‍්සති ඤාණං.
53. ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයන්ගේ නානාත්‍ව ඒකත්‍ව කර්‍මවේග වශයෙන් දැනගැනීමෙහි ප්‍රඥාව පූර්‍වනිවාසානුස්මෘතිඥාන යැ.
54. ඔභාසවසෙන නානත‍්තෙකත‍්තරූපනිමිත‍්තානං දස‍්සනට‍්ඨෙ පඤ‍්ඤා දිබ‍්බචක‍්ඛුඤාණං.
54. කසිණොභාස වශයෙන් නානාස්වභාව ඒකස්වභාව වර්‍ණායතනය දක්නා ස්වභාව වූ ප්‍රඥාව දිව්‍යචක්‍ෂුර්ඥාන යැ.
55. චතුසට‍්ඨියා ආකාරෙහි තිණ‍්ණං ඉන්‍ද්‍රියානං වසිභාවතා පඤ‍්ඤා ආසවානං ඛයෙ ඤාණං.
55. සූසැට අයුරින් (අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියාදි) තුන් ඉන්‍ද්‍රියයන්ගේ වශීභාවයෙන් පැවැති ප්‍රඥාව ආස්‍රවක්‍ෂයඥාන යැ.
56. පරිඤ‍්ඤට‍්ඨෙ පඤ‍්ඤා දුක‍්ඛෙ ඤාණං.
56. (දුඃඛයාගේ පීඩනාදී චතුර්විධ අර්‍ත්‍ථයන්) පරිඥේයස්වභාවයෙහි ප්‍රඥාව දුඃඛඥාන යැ.
57. පහානට‍්ඨෙ පඤ‍්ඤා සමුදයෙ ඤාණං.
57. (සමුදයාගේ ආයුහනාර්‍ත්‍ථාදිය) ප්‍රහාතව්‍යස්වභාවයෙහි ප්‍රඥාව සමුදයඥාන යැ.
58. සච‍්ඡිකිරියට‍්ඨෙ පඤ‍්ඤා නිරොධෙ ඤාණං.
58. (නිරෝධයාගේ නිඃසරණාර්‍ත්‍ථාදිය) සාක්‍ෂාත්කර්‍තව්‍ය ස්වභාවයෙහි ප්‍රඥාව නිරෝධඥාන යැ.
59. භාවනට‍්ඨෙ පඤ‍්ඤා මග‍්ගෙ ඤාණං.
59. (මාර්‍ගයාගේ නිර්‍ය්‍යාණාර්‍ත්‍ථාදිය) භාවිතව්‍ය ස්වභාවයෙහි ප්‍රඥාව මාර්‍ගඥාන යැ.
60. දුක‍්ඛෙ ඤාණං.
60. දුඃඛසත්‍යඥාන යැ.
61. දුක‍්ඛසමුදයෙ ඤාණං.
61. දුඃඛසමුදයසත්‍යඥාන යැ.
62. දුක‍්ඛනිරොධෙ ඤාණං.
62. දුඃඛනිරෝධසත්‍යඥාන යැ.
63. දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං.
63. දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා සත්‍යඥාන යැ.
64. අත්‍ථපටිසම‍්භිදෙ ඤාණං.
64. අර්‍ත්‍ථප්‍රතිසංවිද්ඥාන යැ.
65. ධම‍්මපටිසම‍්භිදෙ ඤාණං.
65. ධර්‍මප්‍රතිසංවිද්ඥාන යැ.
66. නිරුත‍්තිපටිසම‍්භිදෙ ඤාණං,
66. නිරුක්තිප්‍රතිසංවිද්ඥාන යැ.
67. පටිභානපටිසම‍්භිදෙ ඤාණං.
67. ප්‍රතිභානප්‍රතිසංවිද්ඥාන යැ.
68. ඉන්‍ද්‍රියපරොපරියත‍්තඤාණං.
68. (සත්ත්‍වයන්ගේ) ඉන්‍ද්‍රියපරාවරතාඥාන යැ.
69. සත‍්තානං ආසයානුසයෙ ඤාණං.
69. සත්ත්‍වයන්ගේ ආශයානුශයඥාන යැ.
70. යමකපාටිහීරෙ ඤාණං.
70. යමකප්‍රාතිහාර්‍ය්‍යඥාන යැ.
71. මහාකරුණාසමාපත‍්තියා ඤාණං.
71. මහාකරුණාසමාපත්තිඥාන යැ.
72. සබ‍්බඤ‍්ඤුතඤාණං.
72. සර්‍වඥතාඥාන යැ.
73. අනාවරණඤාණං.
73. අනාවරණඥාන යැ.
ඉමානි තෙසත‍්තති ඤාණානි. ඉමෙසං තෙසත‍්තතියා ඤාණානං සත‍්තසට‍්ඨි ඤාණානි සාවකසාධාරණානි. ඡ ඤාණානි අසාධාරණානි සාවෙකෙහි.
මොහු තෙසැත්තෑ ඥානයෝ යි. මේ තෙසැත්තෑ ඥානයන් කෙරෙහි සත්සැට ඥානයෙක් ශ්‍රාවකයන් හා සාධාරණ යැ. සනුවණෙක් ශ්‍රාවකයන් හා අසාධාරණ යි.
මාතිකා නිට‍්ඨිතා.
මාතෘකා නිමි.