යෙදුමෙන් කියවන්න

3. 6

3. 6.

3. 6.

දිට‍්ඨිනිවෙසා න හි ස‍්වාතිවත‍්තා ධම‍්මෙසු නිච‍්ඡෙය්‍ය සමුග‍්ගහීතං, තස‍්මා නරො තෙසු නිවෙසනෙසු නිරස‍්සති ආදියතිච‍්ච ධම‍්මං.

ඉදංසච්චාභිනිවේස සඞ්ඛ්‍යාත දෘෂ්ටිනිවෙශනයෝ යම් හෙයකින් සුව සේ ඉක්මැවිය හෙන්නාහු නො වෙත් ද, දෙසැට දිටුදම් අතුරෙහි මොනොවට බැසගත් ඒ ඒ ධර්‍මය නිශ්චය කොට පවත්නේ ද, එහෙයින් සත්ත්‍ව තෙමේ ඒ දෘෂ්ටිනිවෙශනයන්හි අජශීල ගොශීලාදි ධර්‍මය හරනේ ද වෙයි, ගන්නේත් වේ.

දිට‍්ඨිනිවෙසා න හි ස‍්වාතිවත‍්තාති - ‘දිට‍්ඨිනිවෙසා’ති ‘සස‍්සතො ලොකො, ඉදමෙව සච‍්චං, මොඝමඤ‍්ඤ’න‍්ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨිනිවෙසනං. ‘අසස‍්සතො ලොකො, අන‍්තවා ලොකො, අනන‍්තවා ලොකො, තං ජීවං තං සරීරං, අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරං, හොති තථාගතො පරම‍්මරණා, න හොති තථාගතො පරම‍්මරණා, හොති ච න ච හොති තථාගතො පරම‍්මරණා, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණා, ඉදමෙව සච‍්චං, මොඝමඤ‍්ඤ’න‍්ති අභිනිවෙසපරාමාසො දිට‍්ඨිනිවෙසනන‍්ති දිට‍්ඨිනිවෙසා; න හි ස‍්වාතිවත‍්තාති - දිට‍්ඨිනිවෙසා න හි ස‍්වාතිවත‍්තා, දුරතිවත‍්තා දුත‍්තරා දුප‍්පතරා දුස‍්සමතික‍්කමා දුබ‍්බීතිවත‍්තාති ‘දිට‍්ඨිනිවෙසා න හි ස‍්වාතිවත‍්තා.’

දිට්ඨිනිවෙසා න හි ස්වාතිවත්තා - ‘දිට්ඨිනිවෙසා’ යනු: ‘ආත්මභාව සඞ්ඛ්‍යාත ලෝකය ශාශ්වත යැ, මෙය මැ සැබව, අන්‍යය සිස්’ යැයි, අභිනිවේශයෙන් පරාමර්‍ශනය කිරීම දෘෂ්ටිනිවෙශන යැ; (‘අසස්සතො’ යන ආදිය 3-2 ගාථානිද්දෙසයෙහි යැ.) න හි ස්වාතිවත්තා - දෘෂ්ටිනිවෙශනයෝ නො මැ සුව සේ ඉක්මැවිය හෙන්නාහු, දුක සේ ඉක්මැවිය යුත්තාහු, දුස්තර වූවාහු දුෂ්ප්‍රතර වූවාහු නුයි ‘න හි ස්වාතිවත්තා’ යනු වේ.

ධම‍්මෙසු නිච‍්ඡෙය්‍ය සමුග‍්ගහීතන‍්ති - ‘ධම‍්මෙසූ’ති ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතෙසු; නිච‍්ඡෙය්‍යාති නිච‍්ඡිනිත්‍වා විනිච‍්ඡිනිත්‍වා විචිනිත්‍වා පවිචිනිත්‍වා තුලයිත්‍වා තීරයිත්‍වා විභාවයිත්‍වා විභූතං කත්‍වා; සමුග‍්ගහීතන‍්ති නිවෙසනෙසු ඔධිග‍්ගාහො බිලග‍්ගාහො වරග‍්ගාහො කොට‍්ඨාසග‍්ගාහො උච‍්චයග‍්ගාහො සමුච‍්චයග‍්ගාහො, ඉදං සච‍්චං තච‍්ඡං තථං භූතං යථාසභාවං අවිපරීතං ගහිතං පරාමට‍්ඨං අභිනිවිට‍්ඨං අජ‍්ඣොසිතං අධිමුත‍්තන‍්ති - ධම‍්මෙසු නිච‍්ඡෙය්‍ය සමුග‍්ගහීතං.

ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං - ‘ධම්මේසු’ යනු: ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයන්හි; නිච්ඡෙය්‍ය - නිශ්චය කොට විනිශ්චය කොට විමසා සර්‍වප්‍රකාරයෙන් විමසා තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට; සමුග්ගහීතං - දෘෂ්ටිනිවෙශනයන්හි අවධි කොට ගැනීම යැ, කොටස් වශයෙන් ගැනීම යැ, උත්තමග්‍රාහ යැ, කොට්ඨාසග්‍රාහ යැ, රාශිවශයෙන් ගැනීම යැ, විශෙෂරාශිවශයෙන් ගැනීම යි; මෙය මැ ස්වභාව යැ අවිපරීත යැ අවිපරිණාම යැ විද්‍යමාන යැ යථාස්වභාව යැ විපරීත නො වේ යැයි ගන්නා ලද පරාමර්‍ශ කළ අභිනිවේශ කළ බැසගන්නා ලද නිශ්චය කර ගන්නා ලද නුයි ‘ධම්මේසු නිච්ඡෙය්‍ය සමුග්ගහීතං’ යනු වේ.

තස‍්මා නරො තෙසු නිවෙසනෙසූති - ‘තස‍්මා’ති - තස‍්මා තංකාරණා තංහෙතු තප‍්පච‍්චයා තන‍්නිදානා; නරොති සත‍්තො නරො මානවො පොසො පුග‍්ගලො ජීවො ජාගූ ජන‍්තු ඉන්‍දගු හින්‍දගු මනුජො; තෙසු නිවෙසනෙසූති - තෙසු දිට‍්ඨිනිවෙසනෙසූති ‘තස‍්මා නරො තෙසු නිවෙසනෙසු.’

තස්මා නරෝ තෙසු නිවෙසනෙසු - ‘තස්මා’ යනු: එහෙයින් එකරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන්; නරෝ - සත්ත්‍ව යැ නර යැ මාණව යැ පුරුෂ යැ පුද්ගල යැ ජීව යැ (ජාතියට යේ නුයි) ජාගු යැ ජන්තු යැ (ඉන්‍ද්‍රියයෙන් යේ නුයි) ඉන්දගු යැ (මරණයට යේ නුයි) හින්දගු යැ මනුජ යැ; තෙසු නිවෙසනෙසු - ඒ දෘෂ්ටිනිවෙශනයන්හි නුයි ‘තස්මා නරෝ තෙසු නිවෙසනෙසු’ යනු වේ.

නිරස‍්සති ආදියතිච‍්ච ධම‍්මන‍්ති - ‘නිරස‍්සතී’ති ද‍්වීහි කාරණෙහි නිරස‍්සති: පරවිච‍්ඡින්‍දනාය වා නිරස‍්සති, අනභිසම‍්භුණන‍්තො වා නිරස‍්සති. කථං පරවිච‍්ඡින්‍දනාය වා නිරස‍්සති? පරො විච‍්ඡින්‍දෙති, සො සත්‍ථා න සබ‍්බඤ‍්ඤූ, ධම‍්මො න ස‍්වාක‍්ඛාතො, ගණො න සුපටිපන‍්නො, දිට‍්ඨි න භද‍්දිකා පටිපදා න සුපඤ‍්ඤත‍්තා, මග‍්ගො න නිය්‍යානිකො, නත්‍ථෙත්‍ථ සුද‍්ධි වා විසුද‍්ධි වා පරිසුද‍්ධි වා මුත‍්ති වා විමුත‍්ති වා පරිමුත‍්ති වා, නත්‍ථෙත්‍ථ සුජ‍්ඣන‍්ති වා විසුජ‍්ඣන‍්ති වා පරිසුජ‍්ඣන‍්ති වා මුච‍්චන‍්ති වා විමුච‍්චන‍්ති වා පරිමුච‍්චන‍්ති වා, හීනා නිහීනා ඔමකා ලාමකා ඡත‍්තකා පරිත‍්තාති එවං පරො විච‍්ඡින්‍දෙති. එවං විච‍්ඡින්‍දියමානො සත්‍ථාරං නිරස‍්සති, ධම‍්මක‍්ඛානං නිරස‍්සති, ගණං නිරස‍්සති, දිට‍්ඨිං නිරස‍්සති, පටිපදං නිරස‍්සති, ධම‍්මක‍්ඛානං නිරස‍්සති, ගණං නිරස‍්සති, දිට‍්ඨිං නිරස‍්සති, පටිපදං නිරස‍්සති, මග‍්ගං නිරස‍්සති, එවං පරවිච‍්ඡින්‍දනාය නිරස‍්සති. කථං අනභිසම‍්භුණන‍්තො නිරස‍්සති? සීලං අනභිසම‍්භුණන‍්තො සීලං නිරස‍්සති, වතං අනභිසම‍්භුණන‍්තො වතං නිරස‍්සති, සීලබ‍්බතං අනභිසම‍්භුණන‍්තො සීලබ‍්බතං නිරස‍්සති. ආදියතිච‍්ච ධම‍්මන‍්ති - සත්‍ථාරං ගණ‍්හාති, ධම‍්මක‍්ඛානං ගණ‍්හාති, ගණං ගණ‍්හාති දිට‍්ඨිං ගණ‍්හාති, පටිපදං ගණ‍්හාති, මග‍්ගං ගණ‍්හාති පරාමසති අභිනිවිසතීති ‘නිරස‍්සති ආදියතිච‍්ච ධම‍්මං.’

නිරස්සති ආදියතිච්ච ධම්මං - ‘නිරස්සති’ යනු: දෙකරුණෙකින් දුර ලයි: පරවිච්ඡන්දනායෙන් හෝ දුර ලයි, අනභිසම්භවනයෙන් හෝ දුර ලයි. කිසෙයින් පරවිච්ඡන්දනායෙන් (=අන්‍යයන් විසින් වෙන් කරනු ලැබීමෙන්) දුර ලයි යත් - අනෙකෙක් වියෝග කෙරෙයි: ‘ඒ ශාස්තෘ සර්‍වඥ නො වෙයි. ධර්‍මය ස්වාඛ්‍යාත නො වෙයි, ගණයා සුප්‍රතිපන්න නො වෙයි, දෘෂ්ටිය සොඳුරු නො වෙයි, ප්‍රතිපදාව සුප්‍රඥප්ත නො වෙයි, මාර්‍ගය නෛර්‍ය්‍යාණික නො වෙයි, මෙහි ශුද්ධියක් හෝ විශුද්ධියක් - පාරිශුද්ධියක් - මුක්තියක් - විමුක්තියක් - පරිමුක්තියක් හෝ නැත; මෙහි ශුද්ධ වෙතී හෝ විශුද්ධ වෙතී - පරිශුද්ධ වෙතී - මුක්ත වෙතී - විමුක්ත වෙතී - පරිමුක්ත වෙතී හෝ නැත; හීනයෝ යැ, නිහීනයෝ යැ, අවමකයෝ යැ, ලාමකයෝ යැ, ඡත්තක (=ප්‍රත්‍යයහීන)යෝ යැ, අල්පයෝ යැ’යි මෙසෙයින් අනෙකෙක් වියෝග කරවයි. මෙසේ වියෝග කරනු ලබනුයේ ශාස්තෘහු දුර ලයි, ධර්‍මාඛ්‍යානය - ගණයා - දෘෂ්ටිය - ප්‍රතිපදාව - මාර්‍ගය දුර ලයි. මෙසේ පරවිච්ඡන්දනායෙන් දුර ලයි. කිසෙයින් අනභිසම්භවනයෙන් (=නොපැමිණෙනුයේ හෝ නො හැකි වනුයේ) දුර ලයි යත්: ශීලය නො පුරනුයේ ශීලය දුර ලයි, ව්‍රතය නො පුරනුයේ ව්‍රතය දුර ලයි, ශීලව්‍රතය නො පුරනුයේ ශීලව්‍රතය දුර ලයි. ආදියතිච්ච ධම්මං - ශාස්තෘහු ගනී, ධර්‍මාඛ්‍යානය - ගණයා - දෘෂ්ටිය - ප්‍රතිපදාව - මාර්‍ගය ගනී පරාමර්‍ශ කෙරෙයි, බැසගනී නුයි ‘නිරස්සති ආදියතිච්ච ධම්මං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“දිට‍්ඨිනිවෙසා න හි ස‍්වාතිවත‍්තා ධම‍්මෙසු නිච‍්ඡෙය්‍ය සමුග‍්ගහීතං, තස‍්මා නරො තෙසු නිවෙසනෙසු නිරස‍්සතී ආදියතිච‍්ච ධම‍්ම”න‍්ති.

“දිට්ඨනිවෙසා -පෙ- ආදියතිච්ච ධම්මං” යනු.