යෙදුමෙන් කියවන්න

3. 5

3. 5.

3. 5.

පකප‍්පිතා සඞ‍්ඛතා යස‍්ස ධම‍්මා පුරෙක‍්ඛතා සන‍්ති අවෙවදාතා, යදත‍්තනී පස‍්සති ආනිසංසං තන‍්නිස‍්සිතො කුප‍්පපටිච‍්චසන‍්තිං.

යම් දෘෂ්ටිගතිකයක්හුගේ තෘෂ්ණාදෘෂ්ටි විසින් පරිකල්පිත වූ (=සලකන ලද) ප්‍රත්‍යයෙන් සකස් කරන ලද තෘෂ්ණාදෘෂ්ටි පෙරටු කරන ලද අපිරිසුදු වූ දෙසැටදිටුගත ධර්‍ම කෙනෙක් ඇත්තාහු ද, හෙතෙම යම් හෙයකින් ඒ දෘෂ්ටියෙහි ප්‍රත්‍යය සත්කාරාදි දෘෂ්ටධාර්මික වූ ද ගතිවිශෙෂාදි සාම්පරායික වූ ද ආනිසංසයක් දක්නේ ද, එහෙයින් විපාකජනක පරිවර්‍තනශීලි හෙයින් කෝප්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ ද සංවෘතිශාන්ති සඞ්ඛ්‍යාත දෘෂ්ටිය ඇසිරි කොට පවත්නේ වේ.

පකප‍්පිතා සඞ‍්ඛතා යස‍්ස ධම‍්මාති - ‘පකප‍්පනා’ති ද‍්වෙ පකප‍්පනා: තණ‍්හාපකප‍්පනා ච දිට‍්ඨිපකප‍්පනා ච -පෙ- අයං තණ‍්හාපකප‍්පනා -පෙ- අයං දිට‍්ඨිපකප‍්පනා, ඉමා ද‍්වෙ පකප‍්පනා. සඞ‍්ඛතාති - සඞ‍්ඛතා විසඞ‍්ඛතා අභිසඞ‍්ඛතා සණ‍්ඨාපිතා’තිපි සඞ‍්ඛතා, අථ වා අනිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා ඛයධම‍්මා වයධම‍්මා විරාගධම‍්මා නිරොධධම‍්මාතිපි සඞ‍්ඛතා; යස‍්සාති - දිට‍්ඨිගතිකස‍්ස; ධම‍්මා වුච‍්චන‍්ති ද‍්වාසට‍්ඨිදිට‍්ඨිගතානීති ‘පකප‍්පිතා සඞ‍්ඛතා යස‍්ස ධම‍්මා.’

පකප්පිතා සඞ්ඛතා යස්ස ධම්මා - ‘පකප්පනා’ යි: තෘෂ්ණාප්‍රකල්පනය ද දෘෂ්ටිප්‍රකල්පනය දැයි ප්‍රකල්පනයෝ දෙදෙනෙකි; ...මෝ තෘෂ්ණාප්‍රකල්පනා යැ... මෝ දෘෂ්ටිප්‍රකල්පනා යි. සඞ්ඛතා - ප්‍රත්‍යයන් විසින් සකස් කරන ලද්දාහු වෙසෙසින් සකස් කරන ලද්දාහු මොනොවට සකස් කරන ලද්දාහු ප්‍රත්‍යයවශයෙන් ම මනා කොට තබන ලද්දාහු නුයි ‘සඞ්ඛත’ නම් වෙති. නොහොත් ඇති වැ නැති වන හෙයින් අනිත්‍ය වූවාහු ප්‍රත්‍යයන් විසින් සකස් කරන ලද්දාහු වස්ත්වාලම්බනයන් නිසා උපන්නාහු ක්‍ෂය වන ස්වභාව ඇත්තාහු පිරිහෙන ස්වභාව ඇත්තාහු නො නැවැතී පහ වන ස්වභාව ඇත්තාහු නිරුද්ධ වන ස්වභාව ඇත්තාහු නුයි ද ‘සඞ්ඛත’ නම් වෙත්. යස්ස - දෘෂ්ටිගතිකයක්හුගේ; ද්වාෂෂ්ටිදෘෂ්ටිගතයෝ ‘ධම්ම’ යී කියනු ලැබෙත් නුයි ‘පකප්පිතා සඞ්ඛතා යස්ස ධම්මා’ යනු වේ.

පුරෙක‍්ඛතා සන‍්ති අවෙවදාතාති - ‘පුරෙක‍්ඛතා’ ති ද‍්වෙ පුරෙක‍්ඛාරා: තණ‍්හාපුරෙක‍්ඛාරො ච දිට‍්ඨිපුරෙක‍්ඛාරො ච -පෙ- අයං තණ‍්හා පුරෙක‍්ඛාරො. -පෙ- අයං දිට‍්ඨිපුරෙක‍්ඛාරො. තස‍්ස තණ‍්හාපුරෙක‍්ඛාරො අප‍්පහීනො දිට‍්ඨිපුරෙක‍්ඛාරො අප‍්පටිනිස‍්සට‍්ඨො. තස‍්ස තණ‍්හාපුරෙක‍්ඛාරස‍්ස අප‍්පහීනත‍්තා දිට‍්ඨිපුරෙක‍්ඛාරස‍්ස අප‍්පටිනිස‍්සට‍්ඨත‍්තා සො තණ‍්හං වා දිට‍්ඨිං වා පුරතො කත්‍වා චරති, තණ‍්හාධජො තණ‍්හාකෙතු තණ‍්හාධිපතෙය්‍යො, දිට‍්ඨිධජො දිට‍්ඨිකෙතු දිට‍්ඨාධිපතෙය්‍යො, තණ‍්හාය වා දිට‍්ඨියා වා පරිවාරිතො චරතීති පුරෙක‍්ඛතා; සන‍්තීති සන‍්ති සංවිජ‍්ජන‍්ති අත්‍ථි උපලබ‍්භන‍්ති; අවෙවදාතාති අවෙවදාතා අවොදාතා අපරිසුද‍්ධා සංකිලිට‍්ඨා සංකිලෙසිකාති ‘පුරෙක‍්ඛතා සන‍්ති අවෙවදාතා. ‘

පුරෙක්ඛතා සන්ති අවෙවදාතා - ‘පුරෙක්ඛතා’ යනු: තෘෂ්ණාපුරස්කාරය ද දෘෂ්ටිපුරස්කාරය දැයි පුරස්කාරයෝ දෙදෙනෙක් වෙති... ඔහුට (ඔහු විසින් හෝ) තෘෂ්ණාපුරස්කාරය අප්‍රහීණ යැ, දෘෂ්ටිපුරස්කාරය දුරු නො කරන ලද්දේ යැ, ඔහු විසින් තෘෂ්ණාපුරස්කාරය අප්‍රහීණ හෙයින් දෘෂ්ටිපුරස්කාරය දුරු නො කළ හෙයින් හෙතෙම තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ පෙරටු කොට හැසිරෙයි, තෘෂ්ණා නමැති ධ්වජ ඇත්තේ තෘෂ්ණා නමැති කෙහෙලි ඇත්තේ තෘෂ්ණාව අධිපති කොට ඇත්තේ, දෘෂ්ටි නමැති ධ්වජ ඇත්තේ දෘෂ්ටි නමැති කෙහෙලි ඇත්තේ දෘෂ්ටිය අධිපති කොට ඇත්තේ වෙයි. තෘෂ්ණාව හෝ දෘෂ්ටිය හෝ විසින් පිරිවරන ලදුයේ හැසිරේ නුයි ‘පුරෙක්ඛතා’ යනු වේ. සන්ති - ඇත, විද්‍යාමාන වෙති, ලැබෙත්. අවෙවදාතා - අනවදාත වූවාහු අපරිශුද්ධ වූවාහු තුමූ කිලිටි වූවාහු කෙලෙසුණාහු නුයි ‘පුරෙක්ඛතා සන්ති අවෙවදාතා’ යනු වේ.

යදත‍්තනි පස‍්සති ආනිසංසන‍්ති ‘යදත‍්තනී’ති යං අත‍්තනි; අත‍්තා වුච‍්චති දිට‍්ඨිගතං. අත‍්තනො දිට‍්ඨියා ද‍්වෙ ආනිසංසෙ පස‍්සති: දිට‍්ඨධම‍්මිකඤ‍්ච ආනිසංසං සම‍්පරායිකඤ‍්ච ආනිසංසං. කතමො දිට‍්ඨියා දිට‍්ඨධම‍්මිකො ආනිසංසො? යංදිට‍්ඨිකො සත්‍ථා හොති, තංදිට‍්ඨිකා සාවකා හොන‍්ති. තංදිට‍්ඨිකං සත්‍ථාරං සාවකා සක‍්කරොන‍්ති ගරුකරොන‍්ති මානෙන‍්ති පූජෙන‍්ති අපචිතිං කරොන‍්ති ලභති ච තතො නිදානං චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං. අයං දිට‍්ඨියා දිට‍්ඨධම‍්මිකො ආනිසංසො. කතමො දිට‍්ඨියා සම‍්පරායිකො ආනිසංසො? අයං දිට‍්ඨි අලං නාගත‍්තාය වා සුපණ‍්ණත‍්තාය වා යක‍්ඛත‍්තාය වා අසුරත‍්තාය වා ගන්‍ධබ‍්බත‍්තාය වා මහාරාජත‍්තාය වා ඉන්‍දත‍්තාය වා බ්‍රහ‍්මත‍්තාය වා දෙවත‍්තාය වා, අයං දිට‍්ඨි අලං සුද‍්ධියා විසුද‍්ධියා පරිසුද‍්ධියා මුත‍්තියා විමුත‍්තියා පරිමුත‍්තියා, ඉමාය දිට‍්ඨියා සුජ‍්ඣන‍්ති විසුජ‍්ඣන‍්ති පරිසුජ‍්ඣන‍්ති මුච‍්චන‍්ති විමුච‍්චන‍්ති පරිමුච‍්චන‍්ති; ඉමාය දිට‍්ඨියා සුජ‍්ඣිස‍්සාමි විසුජ‍්ඣිස‍්සාමි පරිසුජ‍්ඣිස‍්සාමි මුච‍්චිස‍්සාමි විමුච‍්චිස‍්සාමි පරිමුච‍්චිස‍්සාමීති ආයතිං ඵලපාටිකඞ‍්ඛී හොති. අයං දිට‍්ඨියා සම‍්පරායිකො ආනිසංසො. අත‍්තනො දිට‍්ඨියා ඉමෙ ද‍්වෙ ආනිසංසෙ පස‍්සති දක‍්ඛති ඔලොකෙති නිජ‍්ඣායති උපපරික‍්ඛතීති ‘යදත‍්තනි පස‍්සති ආනිසංසං’.

යදත්තනි පස්සති ආනිසංසං - ‘යදත්තනි’ - යං අත්තනි; ‘අත්තා’ යී දෘෂ්ටිගතය කියනු ලැබෙයි තමාගේ දෘෂ්ටියෙහි අනුසස් දෙකක් දකී: දෘෂ්ටධාර්මිකආනෘශංසය සාම්පරායිකආනෘශංසය යි කියා යි. දෘෂ්ටියෙහි දෘෂ්ටධාර්මිකආනෘශංසය කවරැ යත්: ශාස්තෘ තෙම යම් බඳු දෘෂ්ටි ඇත්තේ නම්, ශ්‍රාවකයෝ එබඳු දෘෂ්ටි ඇත්තාහු වෙති. එබඳු දෘෂ්ටි ඇති ශාස්තෘහු හට ශ්‍රාවකයෝ සත්කාර කෙරෙති, ගරු කෙරෙති, බුහුමන් කෙරෙති, පුදති, අඤ්ජලිකර්‍මාදියෙන් අපචායන කෙරෙත්; එකරුණෙන් චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පසබෙහෙත්පිරිකර ලබන්නේත් වෙයි. මේ දෘෂ්ටියෙහි දෘෂ්ටධාර්මිකආනෘශංස යි. දෘෂ්ටියෙහි සාම්පරායිකආනෘශංසය කවරැ යත්: ‘මේ දෘෂ්ටිය නාරජබවට හෝ ගුරුළු - යක්සෙනෙවි - අසුර - ගඳෙවු - වරම්රජ - සක්දෙවි - මහබඹ - සම්මුතිදෙව බවට හෝ පමණ යැ, මේ දෘෂ්ටිය ශුද්ධියට විශුද්ධියට පාරිශුද්ධියට මුක්තියට විමුක්තියට සර්‍වප්‍රකාරයෙන් මුක්තියට පමණ යැ, මේ දෘෂ්ටියෙන් ශුද්ධ වෙති, විශුද්ධ වෙති, පාරිශුද්ධ වෙති, මිදෙති, වෙසෙසින් මිදෙති, සර්‍වප්‍රකාරයෙන් මිදෙති; මේ දෘෂ්ටියෙන් ශුද්ධ වෙමි, විශුද්ධ - පාරිශුද්ධ වෙමි, මිදෙමි, වෙසෙසින් මිදෙමි, සර්‍වප්‍රකාරයෙන් මිදෙමී’ අනාගතඵලය කැමැති වන්නේ වෙයි. මේ දෘෂ්ටියෙහි සාම්පරායික ආනෘශංස යි. තමාගේ දෘෂ්ටියෙහි මේ දෙ අනුසස් දකී බලයි සිතයි විමසා නුයි ‘යදත්තනි පස්සති ආනිසංසං’ යනු වේ.

තංනිස‍්සිතො කුප‍්පපටිච‍්චසන‍්තින‍්ති - තිස‍්සො සන‍්තියො: අච‍්චන‍්තසන‍්ති තදඞ‍්ගසන‍්ති සම‍්මුතිසන‍්ති. කතමා අච‍්චන‍්තසන‍්ති? අච‍්චන‍්තසන‍්ති වුච‍්චති අමතං නිබ‍්බානං යො සො සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං. අයං අච‍්චන‍්තසන‍්ති. කතමා තදඞ‍්ගසන‍්ති? පඨමජ‍්ඣානං සමාපන‍්නස‍්ස නීවරණා සන‍්තා හොන‍්ති, දුතියජ‍්ඣානං සමාපන‍්නස‍්ස විතක‍්කවිචාරා සන‍්තා හොන‍්ති, තතියජ‍්ඣානං සමාපන‍්නස‍්ස පීති සන‍්තා හොති, චතුත්‍ථජ‍්ඣානං සමාපන‍්නස‍්ස සුඛදුක‍්ඛා සන‍්තා හොන‍්ති, ආකාසානඤ‍්චායතනං සමාපන‍්නස‍්ස රූපසඤ‍්ඤා පටිඝසඤ‍්ඤා නානත‍්තසඤ‍්ඤා සන‍්තා හොන‍්ති, විඤ‍්ඤාණඤ‍්චායතනං සමාපන‍්නස‍්ස ආකාසානඤ‍්චායතනසඤ‍්ඤා සන‍්තා හොති, ආකිඤ‍්චඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤා සන‍්තා හොති නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤා සන‍්තා හොති, අයං තදඞ‍්ගසන‍්ති. කතමා සම‍්මුතිසන‍්ති? සම‍්මුතිසන‍්ති වුච‍්චන‍්ති ද‍්වාසට‍්ඨි දිට‍්ඨිගතානි, (ඉමා) දිට‍්ඨිසන‍්තියො. අපි ච සම‍්මුතිසන‍්ති ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා සන‍්තීති. තං නිස‍්සිතො කුප‍්පපටිච‍්ච සන‍්තින‍්ති - කුප‍්පසන‍්තිං පකුප‍්පසන‍්තිං එරිතසන‍්තිං සමෙරිතසන‍්තිං චලිතසන‍්තිං ඝට‍්ටිතසන‍්තිං කප‍්පිතසන‍්තිං පකප‍්පිතසන‍්තිං අනිච‍්චං සඞ‍්ඛතං පටිච‍්චසමුප‍්පන‍්නං ඛයධම‍්මං වයධම‍්මං විරාගධම‍්මං නිරොධධම‍්මං, සන‍්තිං නිස‍්සිතො අස‍්සිතො අල‍්ලීනො උපගතො අජ‍්ඣොසිතො අධිමුත‍්තොති තන‍්නිස‍්සිතො කුප‍්පපටිච‍්චසන‍්තිං’.

තං නිස්සිතො කුප්පපටිච්චසන්තිං - ශාන්තීහු අත්‍යන්තශාන්ති යැ තදඞ්ගශාන්ති යැ සංවෘතිශාන්ති යැයි තිදෙනෙකි; අත්‍යන්තශාන්ති කවරී ද යත්? සියලු සංස්කාරයන්ගේ සන්හිඳීම ඇති සියලු කාමාදිඋපධි දුරැලූ තෘෂ්ණාක්‍ෂය වූ කෙලෙස්රජස් නො ඇලුණු සියලු දුක් නිරුද්ධ වූ අමාමහනිවන ‘අත්‍යන්තශාන්ති’ යයි කියනු ලැබේ; මේ යැ අත්‍යන්තශාන්ති නම්. තදඞ්ගශාන්ති කවරී ද යත්? පළමුවන දැහැනට සමවත්හුගේ නීවරණයෝ සන්හිඳුණාහු වෙති, දෙවැනි දැහැනට සමවත්හුගේ විතර්‍කවිචාරයෝ ශාන්ත වෙති, තෙවැනි දැහැනට සමවත්හුගේ ප්‍රීතිය ශාන්ත වෙයි, සිවුවැනි දැහැනට සමවත්හුගේ සුවදුක් ශාන්ත වෙයි, ආකාසානඤ්චායතනයට සමවත්හුගේ රූපසංඥා ප්‍රතිඝසංඥා නානාත්වසංඥාවෝ ශාන්ත වෙති, විඤ්ඤාණඤ්චායතනයට සමවත්හුගේ ආකාසානඤ්චායතනසංඥාව ශාන්ත වෙයි, ආකිඤ්චඤ්ඤායතනයට සමවත්හුහට විඤ්ඤාණඤ්චායතනසංඥාව ශාන්ත වෙයි, නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවත්හුහට ආකිඤ්චඤ්ඤායතනසංඥාව ශාන්ත (-සන්හිඳුණේ) වේ; මේ තදඞ්ගශාන්තිය යි. සම්මුතිශාන්ති කවරී ද යත්? ‘සම්මුතිශාන්ති’ යයි දෙසැට දෘෂ්ටිගතයෝ කියනු ලැබෙත්. (මොහු) දෘෂ්ටිශාන්තීහු යි. වැලිදු සංවෘතිශාන්තිය මේ අර්‍ත්‍ථයෙහි ‘ශාන්ති’ යයි අදහස් කරන ලදී. තං නිස්සිතො කුප්පපටිච්චසන්තිං - (විපාකජනක විසින් ද පරිවර්‍තන විසින් ද) කොප්‍යශාන්ති වූ වෙසෙසින් කොප්‍යශාන්ති වූ චංචලශාන්ති වූ චලිතශාන්ති වූ පීඩිතශාන්ති වූ කම්පිතශාන්ති වූ ප්‍රකම්පිතශාන්ති වූ අනිත්‍ය වූ සංස්කෘත වූ ප්‍රත්‍යයසමුත්පන්න වූ ක්‍ෂය වනසුලු නැසෙනසුලු නො නවත්නාසුලු නිරුද්ධ වන ස්වභාව ඇති ශාන්තිය ඇසුරු කෙළේ වෙසෙසින් ඇසුරු කෙළේ වැලඳගත්තේ ඊට පැමිණියේ ඇතුළු වූයේ ඇලුණේ නුයි ‘තංනිස්සිතො කුප්පපටිච්චසන්තිං’ යනු වේ.

තෙනාහ භගවා:

එයින් වදාළහ බුදුහු:

“පකප‍්පිතා සඞ‍්ඛතා යස‍්ස ධම‍්මා පුරෙක‍්ඛතා සන‍්ති අවෙවදාතා, යදත‍්තනී පස‍්සති ආනිසංසං තන‍්නිස‍්සිතො කුප‍්පපටිච‍්චසන‍්ති” න‍්ති.

“පකප්පිතා සඞ්ඛතා-පෙ-කුප්පපටිච්චසන්තිං” යි.