3 - 3 අට්ඨකථා
3 - 3
3 - 3
තත්ථ සීලවතානීති පාතිමොක්ඛාදීනි සීලානි, ආරඤ්ඤිකාදීනි ධුතඞ්ගවතානි ච. අනානුපුට්ඨොති අපුච්ඡිතො. පාවාති වදති. අනරියධම්මං කුසලා තමාහු, යො ආතුමානං සයමෙව පාවාති යො එවං අත්තානං සයමෙව වදති, තස්ස තං වාදං “අනරියධම්මො එසො”ති කුසලා එවං කථෙන්ති.
එහි සීලවතානි යනු ප්රාතිමෝක්ෂාදී සීලයන් ද ආරඤ්ඤකාදී ධුතංග ධර්මයන් ද වේ. අනනුපුට්ඨො නොවිචාළේ. පාවදා කියයි. අනරියධම්මං කුසලාතමාහු යො ආතුමානං සයමෙව පාවා යනු ‘යමෙක් මෙසේ තමා පිළිබඳව තමන්ම කියයි ද ඔහුගේ ඒ වාදය අනාර්ය ධර්මයකි’යි කුසලයෝ මෙසේ කියති.
අත්ථි සීලඤ්චෙව වතඤ්චාති සීලනට්ඨෙන සීලඤ්චෙව අත්ථි, සමාදානට්ඨෙන වතඤ්ච අත්ථි, වතං න සීලන්ති වුත්තත්ථෙන වතං අත්ථි, තං න සීලං. කතමන්ති කථෙතුකම්යතාපුච්ඡා. ඉධ භික්ඛු සීලවාතිආදයො වුත්තනයා එව. සංවරට්ඨෙනාති සංවරණට්ඨෙන, වීතික්කමද්වාරං පිදහනට්ඨෙන. සමාදානට්ඨෙනාති තං තං සික්ඛාපදං සම්මා ආදානට්ඨෙන. ආරඤ්ඤිකඞ්ගන්ති අරඤ්ඤෙ නිවාසො සීලං අස්සාති ආරඤ්ඤිකො, තස්ස අඞ්ගං ආරඤ්ඤිකඞ්ගං. පිණ්ඩපාතිකඞ්ගන්ති භික්ඛාසඞ්ඛාතානං පරආමිසපිණ්ඩානං පාතො පිණ්ඩපාතො, පරෙහි දින්නානං පිණ්ඩානං පත්තෙ නිපතනන්ති වුත්තං හොති. තං පිණ්ඩපාතං උඤ්ඡති තං තං කුලං උපසඞ්කමන්තො ගවෙසතීති පිණ්ඩපාතිකො, පිණ්ඩාය වා පතිතුං වතමෙතස්සාති පිණ්ඩපාතී. පතිතුන්ති චරිතුං. පිණ්ඩපාතී එව පිණ්ඩපාතිකො, තස්ස අඞ්ගං පිණ්ඩපාතිකඞ්ගං. අඞ්ගන්ති කාරණං වුච්චති. තස්මා යෙන සමාදානෙන සො පිණ්ඩපාතිකො හොති, තස්සෙතං අධිවචනන්ති වෙදිතබ්බං. එතෙනෙව නයෙන රථිකාසුසානසඞ්කාරකූටාදීනං යත්ථ කත්ථචි පංසූනං උපරි ඨිතත්තා අබ්භුග්ගතට්ඨෙන තෙසු පංසුකූලමිවාති පංසුකූලං. අථ වා පංසු විය කුච්ඡිතභාවං උලතීති පංසුකූලං, කුච්ඡිතභාවං ගච්ඡතීති වුත්තං හොති. එවං ලද්ධනිබ්බචනස්ස පංසුකූලස්ස ධාරණං පංසුකූලං, පංසුකූලං සීලමස්සාති පංසුකූලිකො, පංසුකූලිකස්ස අඞ්ගං පංසුකූලිකඞ්ගං. සඞ්ඝාටිඋත්තරාසඞ්ගඅන්තරවාසකසඞ්ඛාතං තිචීවරං සීලමස්සාති තෙචීවරිකො, තෙචීවරිකස්ස අඞ්ගං තෙචීවරිකඞ්ගං. සපදානචාරිකඞ්ගන්ති දානං වුච්චති අවඛණ්ඩනං, අපෙතං දානතො අපදානං, අනවඛණ්ඩනන්ති අත්ථො. සහ අපදානෙන සපදානං, අවඛණ්ඩනවිරහිතං, අනුඝරන්ති වුත්තං හොති. සපදානං චරිතුං ඉදමස්ස සීලන්ති සපදානචාරී, සපදානචාරීයෙව සපදානචාරිකො, තස්ස අඞ්ගං සපදානචාරිකඞ්ගං. ඛලුපච්ඡාභත්තිකඞ්ගන්ති ඛලූති පටිසෙධනත්ථෙ නිපාතො. පවාරිතෙන සතා පච්ඡා ලද්ධං භත්තං පච්ඡාභත්තං නාම, තස්ස පච්ඡාභත්තස්ස භොජනං පච්ඡාභත්තභොජනං, තස්මිං පච්ඡාභත්තභොජනෙ පච්ඡාභත්තසඤ්ඤං කත්වා පච්ඡාභත්තං සීලමස්සාති පච්ඡාභත්තිකො, න පච්ඡාභත්තිකො ඛලුපච්ඡාභත්තිකො, සමාදානවසෙන පටික්ඛිත්තාතිරිත්තභොජනස්සෙතං නාමං, තස්ස අඞ්ගං ඛලුපච්ඡාභත්තිකඞ්ගං . නෙසජ්ජිකඞ්ගන්ති සයනං පටික්ඛිපිත්වා නිසජ්ජාය විහරිතුං සීලමස්සාති නෙසජ්ජිකො, තස්ස අඞ්ගං නෙසජ්ජිකඞ්ගං. යථාසන්ථතිකඞ්ගන්ති යදෙව සන්ථතං යථාසන්ථතං, “ඉදං තුය්හං පාපුණාතී”ති එවං පඨමං උද්දිට්ඨසෙනාසනස්සෙතං අධිවචනං. තස්මිං යථාසන්ථතෙ විහරිතුං සීලමස්සාති යථාසන්ථතිකො, තස්ස අඞ්ගං යථාසන්ථතිකඞ්ගං. සබ්බානෙව පනෙතානි තෙන තෙන සමාදානෙන ධුතකිලෙසත්තා ධුතස්ස භික්ඛුනො අඞ්ගානි, කිලෙසධුනනතො වා ධුතන්ති ලද්ධවොහාරං ඤාණං අඞ්ගං එතෙසන්ති ධුතඞ්ගානි. අථ වා ධුතානි ච තානි පටිපක්ඛානං ධුනනතො අඞ්ගානි ච පටිපත්තියාතිපි ධුතඞ්ගානි. එවං තාවෙත්ථ අත්ථතො විඤ්ඤාතබ්බො විනිච්ඡයො. සබ්බානෙව චෙතානි සමාදානචෙතනාලක්ඛණානි. වුත්තම්පි චෙතං –
අත්ථි සීලං චෙව වතඤ්ච යනු සීලන අර්ථයෙන් සීලයක්ද ඇත. සමාදාන අර්ථයෙන් ව්රතයක් ද ඇත. ව්‍රතය සීලය නොවේ යැයි කී අර්ථයෙන් ව්රතයක් ඇත. එය සීලය නොවේ. කතමං යනු කථෙතුකම්‍යතා පුච්ඡාවයි. (කරුණු දක්වනු කැමති ප්‍රශ්න කිරීමයි.) ඉධ භික්ඛූ සීලවා යනාදිය කියූ පරිදිමය. සංවරත්ථෙන යනු සංවර කිරීම් අර්ථයෙන් වීතික්කම ද්වාරය වැසීම් අර්ථයෙන්. සමාදානත්ථෙන යනු ඒ ඒ ශික්ෂාපද මැනවින් ගන්නා වූ අර්ථයෙන්. ආරඤ්ඤකඞ්ගං යනු අරඤ්ඤයෙහි වාසය කිරීම මොහුට ඇත්තේනුයි ආරඤ්ඤක නමි. ඔහුගේ අංගය ආරඤ්ඤකංගයයි. පිණ්ඩපාතිකඞ්ග යනු භික්ෂා සංඛ්‍යාත ආමිස පිණ්ඩයන්ගේ පතනය පිණ්ඩපාතයයි. අනුන් විසින් දෙන ලද පිණ්ඩයන් පාත්‍රයේ වැටීම යැයි කියන ලදී. ඒ පිණ්ඩපාතය රැස්කරයි. ඒ ඒ කුලයට ගොස් සොයයි නුයි පිණ්ඩපාතික නමි. පිණ්ඩයන්ගේ වැටීමට හෝ ඒකාන්තයෙන් යන්නේනුයි පිණ්ඩපාතී නමි. වැටීමට යනු හැසිරීමටයි. පිණ්ඩපාතී පුද්ගලයා ම පිණ්ඩපාතිකො නමි. ඔහුගේ අංගය පිණ්ඩපාතිකඞ්ගයයි. අංගය යනු කාරණයයි. එහෙයින් යම් සමාදානයකින් ඔහු පිණ්ඩපාතිකයෙක් වේද ඔහුට මේ තවත් නමෙකියි දතයුතුයි. මේ නයින්ම මංමාවත් සොහොන් කසල ගොඩවල් පස්ගොඩවල් යනාදී යම්කිසි පාංශූන්ගේ මස්තකයේ සිටි බැවින්, ඒ පාංශූන්ගෙන් උඩට නැගුණු හෙයින් කුලයක් (ඉවුරක්) මෙන් වූයේනුයි පංසුකූලං පංසුකූල නමි. නැතහොත් පස් මෙන් නින්දිත බවට ගියේනුයි පංසුකූල නමි, පිළිකුල් බවට යන්නේ ය යන අර්ථයයි. මෙසේ ලැබූ නම් ඇති පංසුකූලය දැරීමද පංසුකූල නමි. පංසුකූලය දැරීම මොහුගේ ස්වභාවය වෙති යි පංසුකූලික නමි. පංසුකූලිකයාගේ අංගය පංසුකූලිකංග නමි. මෙසේම සඟල සිවුරය, පොරෝනා සිවුරය, අඳනකඩය යන තුන් සිවුරු පමණක් දැරීම මොහුගේ ස්වභාවය වෙතියි තෙචීවරික නමි. ඒ තෙචීවරිකයාගේ අංගය තෙචීවරිකඞ්ගං චීවරිකංයයි. දාන යනු සිඳීමයි. දානයෙන් ඉවත්වූයේ අපදානයයි. අපදාන සහිත වූයේ සපදානයයි. සිඳීම නැතිව, අතරක් නැතිව, ගෙපිළිවෙලින් යන අර්ථයයි. සපදානයෙහි හැසිරීම මොහුගේ ස්වභාවය වූයේනුයි සපදානචාරී නමි, සපදානචාරීයා ම සපදානචාරික නමි. ඔහුගේ අංගය සපදානචාරිකඞ්ගං සපදානචාරිකංග නමි. ඛලු යනු ප්‍රතිශේධාර්ථයේ නිපාතයකි. අහර කිස නිමවීමෙන් පසු ලද අහර පච්ඡාභත්ත නමි. පච්ඡාභත්තය වැළඳීම පච්ඡාභන්ත භෝජන නමි. එම පච්ඡාභත්ත භෝජනය පච්ඡාභන්ත යයි ගෙන, පච්ඡාභත්තය මොහුගේ ස්වභාවය වෙති’යි පච්ඡාභත්තික නමි. පච්ඡාභත්තික නොවූයේ බලුපච්ඡාභත්තික නමි. සමාදන්වීමෙන් ප්රතික්ෂිප්ත අතිරේක භෝජනයට මේ නමෙකි. ඔහුගේ අංගය ඛලුපච්ඡාභත්තිකඞ්ගං ඛලු පච්ඡාභත්තිකංග නමි. වැදහෙවීම, පිළිකෙව් කොට හිඳීම් පමණක් විහරණය කොට ඇත්තා, එවැනි ස්වභාව ඇත්තා නේසජ්ජික නමි. ඔහුගේ අංගය නෙසජ්ජිකංගං නමි. යම් සෙනසුනක් පමුණුවන ලද්දේ ද එය යථාසන්ථත නමි. මෙය ඔබට පැවරේනුයි පළමුකොට පමුණුවන ලද සෙනසුනට මේ තවත් වචනයකි. එම යථා සන්ථත සෙනසුනෙහි විසීම මොහුගේ ස්වභාවය වෙතියි යථාසන්ථතික නමි. ඔහුගේ අංගය යථාසන්ථතිකංගං නමි. සියලු ම මේ ධුතංග ධර්ම සමාදන්වීම් වශයෙන් කෙලෙස් සොලවාලන හෙයින් ධුත නම් ඇති, භික්ෂුවගේ අංග වෙති යි, කෙලෙස් සොලවාලන හෙයින්, ධුත යැයි ව්‍යවහාරයට පත් ඥානය මොහුට අංග වීයැයි හෝ ධුතංග නම් වේ. නැතහොත් ප්රතිපක්ෂ වූ ක්ලේශයන් කම්පා කරවන හෙයින් ධුත නම් ද වේ. ශීලාදී ප්‍රතිපත්තියට අංග වෙතියි ධුතංග නම් ද වේ. මෙසේ පළමුකොට වචනාර්ථ වශයෙන් මෙහි විනිශ්චය දතයුතුයි. මේ සියලු ධුතංගයෝ සමාදාන වේතනාව ලක්ෂණ කර ඇත. කියන ලද මැයි,
“යො සමාදියති, සො පුග්ගලො. යෙන සමාදියති, චිත්තචෙතසිකා එතෙ ධම්මා. යා සමාදානචෙතනා, තං ධුතඞ්ගං. යං පටික්ඛිපති, තං වත්ථු”න්ති (විසුද්ධි· 1.23).
‘යමෙක් සමාදන් වේද හේ පුද්ගලයෙකි. යමක් කරණ කොටගෙන සමාදන් වේද එය ධුතංග යයි. යමක් පිළිකෙව් කෙරේ ද එය වස්තුයි.’
සබ්බානෙව ච ලොලුප්පවිද්ධංසනරසානි, නිල්ලොලුප්පභාවපච්චුපට්ඨානානි, අප්පිච්ඡතාදිඅරියධම්මපදට්ඨානානි. එවමෙත්ථ ලක්‍ඛණාදීහි විනිච්ඡයො වෙදිතබ්බො.
සියලු ධුතංගයෝ තෘෂ්ණා විධ්වංසනය රසය හෙවත් කෘත්‍යකොට ඇත්තාහුය. තෘෂ්ණා රහිත බව ආසන්න ඵලය කොට ඇත්තාහුය. අල්පේච්ඡතාදි ආර්ය ධර්මයන් ආසන්න කාරණය කොට ඇත්තාහුය. මේ ආකාරයෙන් ලක්‍ෂණාදී විනිශ්චය දතයුතුයි.
වීරියසමාදානම්පීති වීරියග්ගහණම්පි. කාමන්ති එකංසත්ථෙ නිපාතො. තචො ච න්හාරු චාති ඡවි ච න්හාරුවල්ලියො ච. අට්ඨි චාති සබ්බා අට්ඨියො ච. අවසිස්සතූති තිට්ඨතු. උපසුස්සතු මංසලොහිතන්ති සබ්බං මංසඤ්ච ලොහිතඤ්ච සුක්ඛතු. “තචො”ති එකං අඞ්ගං, “න්හාරූ”ති එකං, “අට්ඨී”ති එකං, “උපසුස්සතු මංසලොහිත”න්ති එකං අඞ්ගං. යං තන්ති උපරි වත්තබ්බපදෙන සම්බන්ධො. පුරිසථාමෙනාති පුරිසස්ස කායිකෙන බලෙන, බලෙනාති ඤාණබලෙන. වීරියෙනාති චෙතසිකඤාණවීරියතෙජෙන. පරක්කමෙනාති පරං පරං ඨානං අක්කමනෙන උස්සාහප්පත්තවීරියෙන. පත්තබ්බන්ති යං තං පාපුණිතබ්බං. න තං අපාපුණිත්වාති තං පත්තබ්බං අප්පත්වා. වීරියස්ස සණ්ඨානං භවිස්සතීති වුත්තප්පකාරස්ස වීරියස්ස සිථිලත්තං ඔසීදනං න භවිස්සති. “පට්ඨාන”න්තිපි පාඨො, අයමෙවත්ථො. චිත්තං පග්ගණ්හාතීති චිත්තං උස්සාහං ගණ්හාපෙති. පදහතීති පතිට්ඨාපෙති.
විරිය සමාදානම්පි වීර්ය ග්‍රහණය ද කාමං ඒකාන්තයෙන් යන අර්ථ ඇති නිපාතයකි. තචො ච නහාරූ ච සිවිය, නහරවැල් ආදිය ද අට්ඨිඤ්ච සියලු ඇට ද අවසිස්සතූ තිබියේවා (ඉතිරි වේවා) උපසුස්සතු මංසලොහිතං යනු සියලු මස් ද ලේ ද වියැලේවා. තචො යනු එක් අංගයකි. නහාරු එකකි. අට්ඨි එකකි. උපසුස්සතු මංසලොහිතං යනු එක් අංගයකි. යන්තං මතු කියන පදය සම්බන්ධ කිරීමයි. පුරිසථාමෙන පුරුෂයාගේ කායික වූ ඤාණබලයෙන්. විරියෙන චෛතසික ඤාණ වීර්ය තේජසින්. පරක්කමෙන ඒ ඒ තැන් ඉක්මවීමෙන් දැඩි උත්සාහවත් වූ වීර්යයෙන්. පත්තබ්බං යම් තැනකට පැමිණිය යුතු ද න තං අපාපුණිත්වා එතැනට (පැමිණිය යුතු තැනට) නො පැමිණ. විරියස්ස සන්ථානං භවිස්සති කියන ලද ආකාරයෙන් වීර්යයේ, ලිහිල් බවට, ගිලාබැසීමට නො යන්නේය. සණ්ඨානං යනු ද මේ අර්ථයේ ම පදයකි. චිත්තං පග්ගණ්හාති සිත උත්සාහ ගන්වයි. පදහති පිහිටුවයි.
නාසිස්සන්ති න ඛාදිස්සාමි න භුඤ්ජිස්සාමි. න පිවිස්සාමීති යාගුපානාදීනි න පිවිස්සාමි. විහාරතො න නික්ඛමෙති සෙනාසනතො බහි න නික්ඛමෙය්යං. නපි පස්සං නිපාතෙස්සන්ති පස්සං මඤ්චෙ වා පීඨෙ වා භූමියං වා කටසන්ථරකෙ වා පාතනං ඨපනං න කරිස්සාමි. තණ්හාසල්ලෙ අනූහතෙති තණ්හාසඞ්ඛාතෙ කණ්ඩෙ අනුද්ධටෙ, අවිගතෙති අත්ථො.
නාසිස්සං නොකන්නෙමි, අනුභව නොකරන්නෙමි. න පිවිස්සාමි කැඳ පාන වර්ගාදිය නොබොන්නෙමි. විහාරතො න නික්ඛමෙ සෙනසුනින් පිටතට නොයන්නෙමි. න පි පස්සං නිපාතෙස්සං ඇඳක හෝ පුටුවක හෝ බිම හෝ අතුරා සෑදූ තට්ටුවක හෝ ඇලපත තැබීම නො කරන්නෙමි. තණ්හා සල්ලෙ අනූහතෙ තෘෂ්ණා නැමති කටුව නූගුල්ලා දැමූ කල්හි දුරු නොකල කල්හි යන අර්ථයි.
ඉමං පල්ලඞ්කන්ති සමන්තතො ආභුජිතං ඌරුබද්ධාසනං. න භින්දිස්සාමීති න විජහිස්සාමි. යාව මෙ න අනුපාදායාති චතූහි උපාදානෙහි ගහණං අග්ගහෙත්වා. ආසවෙහීති කාමාසවාදීහි චතූහි ආසවෙහි. විමුච්චිස්සතීති සමුච්ඡෙදවිමුත්තියා න මුච්චිස්සති. න තාවාහං ඉමම්හා ආසනා වුට්ඨහිස්සාමීති ආදිං කත්වා යාව රුක්ඛමූලා නික්ඛමිස්සාමීති ඔකාසවසෙන වුත්තා. ඉමස්මිඤ්ඤෙව පුබ්බණ්හසමයං අරියධම්මං ආහරිස්සාමීති ආදිං කත්වා යාව ගිම්හෙති කාලවසෙන වුත්තා. පුරිමෙ වයොඛන්ධෙතිආදයො වයවසෙන වුත්තා. තත්ථ ආසනා න වුට්ඨහිස්සාමීති නිසින්නාසනා න උට්ඨහිස්සාමි. අඩ්ඪයොගාති නිකුණ්ඩගෙහා. පාසාදාති දීඝපාසාදා. හම්මියාති මුණ්ඩච්ඡදනගෙහා. ගුහායාති පංසුගුහාය. ලෙණාති මරියාදඡින්නච්ඡිද්දා පබ්බතලෙණා. කුටියාති උල්ලිත්තාදිකුටියා. කූටාගාරාති කණ්ණිකං ආරොපෙත්වා කතගෙහතො. අට්ටාති ද්වාරට්ටාලකා. මාළාති වට්ටගෙහා. උද්දණ්ඩො නාම එකො පතිස්සයවිසෙසො. “තිඡදනගෙහො”තිපි එකෙ. උපට්ඨානසාලාති සන්නිපාතසාලා භොජනසාලා වා. මණ්ඩපාදයො පාකටායෙව. අරියධම්මන්ති අනවජ්ජධම්මං, අරියානං වා බුද්ධපච්චෙකබුද්ධබුද්ධසාවකානං ධම්මං. ආහරිස්සාමීති මම චිත්තසමීපං ආනයිස්සාමි සීලෙන. සමාහරිස්සාමීති විසෙසෙන ආනයිස්සාමි සමාධිනා. අධිගච්ඡිස්සාමීති පටිලාභවසෙන ගමිස්සාමි තදඞ්ගෙන. ඵස්සයිස්සාමීති ඵුසිස්සාමි මග්ගෙන. සච්ඡිකරිස්සාමීති පච්චක්ඛං කරිස්සාමි ඵලෙන. අථ වා සොතාපත්තිමග්ගෙන ආහරිස්සාමි. සකදාගාමිමග්ගෙන සමාහරිස්සාමි, අනාගාමිමග්ගෙන අධිගච්ඡිස්සාමි, අරහත්තමග්ගෙන ඵස්සයිස්සාමි, පච්චවෙක්ඛණෙන සච්ඡිකරිස්සාමි. ද්වීසුපි නයෙසු ඵස්සයිස්සාමීති නාමකායෙන නිබ්බානං ඵුසිස්සාමීති අත්ථො.
ඉමං පල්ලංකං යනු හාත්පසින්ම වෙළාගත් ඌරුබද්ධාසනයයි. න භින්දිස්සාමි අත් නොහරින්නෙමි. යාව මෙ න අනුපාදාය සතර උපාදානයන්ගේ ග්රහණයෙන් නොගෙන. ආසවෙහි කාමශ්රවාදී සිවු ආශ්රවයන්ගෙන් විමුච්චිස්සතී සමුච්ඡේද විමුක්තියෙන් නො මිදෙන්නේය. න තාවාහං ඉමම්හා ආසනා වුට්ඨහිස්සාමි ආදි කොට යම්තාක් රුක්මුලට නික්මෙන්නෙමියි යන්නට අවසර වශයෙන් කියන ලදී. ඉමස්මිංඤෙව පුබ්බණ්හසමයං අරියධම්ම මාහරිස්සාමි යනුයි. යාවගිම්හෙ යන්න කාලය දැක්වීමට කියන ලදී. පුරිමෙ වයො ඛන්ධෙ ආදිය ව්‍යය වශයෙන් කියන ලදී. එහි ආසනා න වුට්ඨහිස්සාමී යනු හුන් ආසනයෙන් නොනැගිටින්නෙමි. අඩ්ඪයොගා වැල් ආදියෙන් වැසුණු ගෙයයි. පාසාදා දීර්ඝ ප්රසාදයයි. හම්මියා යනු මුදුන වැසූ ගෙයයි. ගුහායා පස් ගුහාවයි. ලෙනා සීමාවකින් වෙන් කළ හෝ නොකළ පර්වත ලෙනයි. කුටියා ආලේප කරන ලද කුටියයි. කූටාගාරා යනු කර්ණිකාවට නංවා කරන ලද ගෙයින්. අට්ටා දොර අටලුය. මාලා යනු මහල් ඇති ගෙයයි. උද්දණ්ඩො නම් එක්තරා වාසස්ථාන විශේෂයකි. මැනවින් වැසුණු (ඡදනගේහ) ගෙයකැයි ද ඇතැමෙක් කියති. උපට්ඨාන සාලා යනු සන්නිපාත ශාලාවයි. භෝජන ශාලාවයි. මණ්ඩපාදයො අර්ථ ප්රකටය. අරියධම්මං නිරවද්‍ය ධර්මය. ආර්යයන්ගේ හෝ බුදු, පසේ බුදු, බුද්ධ ශ්රාවකාදීන්ගේ ධර්මය. ආහරිස්සාමි මගේ සිත ළඟට සීලයෙන් ගෙන එන්නෙමි. සමාහරිස්සාමි සමාධියෙන් විශේෂයෙන් ගෙන එන්නෙමි. අධිගච්ඡිස්සාමි ප්රතිලාභ වශයෙන්. ගමිස්සාමි තදංග වශයෙන්. ඵස්සයිස්සාමි ස්පර්ශ කරන්නෙමි මාර්ගයෙන්. සච්ඡි කරිස්සාමි ඵලයෙන් ප්රත්යක්ෂ කරන්නෙමි. නැතහොත් සෝතාපත්ති මාර්ගයෙන්. ආහරිස්සාමි සකෘදාගාමී මාර්ගයෙන් සමාහරිස්සාමි අනාගාමි මාර්ගයෙන්. අධිගච්ඡිස්සාමි අර්හත් මාර්ගයෙන්. ඵස්සයිස්සාමි ප්රත්යවේක්ෂාවෙන් සච්ඡිකරිස්සාමි මේ දෙනයින්ම. ඵස්සයිස්සාමි යනු නාම කායයෙන් නිර්වාණය ස්පර්ශ කරන්නෙමි යන අර්ථයි.
අපුට්ඨොති මූලපදං, තස්ස අපුච්ඡිතොති අත්ථො. අපුච්ඡිතොති අජානාපිතො. අයාචිතොති අනායාචිතො. අනජ්ඣෙසිතොති අනාණාපිතො , “න ඉච්ඡිතො”ති එකෙ. අපසාදිතොති න පසාදාපිතො. පාවදතීති කථයති. අහමස්මීති අහං අස්මි භවාමි. ජාතියා වාති ඛත්තියබ්රාහ්මණජාතියා වා. ගොත්තෙන වාති ගොතමාදිගොත්තෙන වා. කොලපුත්තියෙන වාති කුලපුත්තභාවෙන වා. වණ්ණපොක්ඛරතාය වාති සරීරසුන්දරතාය වා. ධනෙන වාති ධනසම්පත්තියා වා. අජ්ඣෙනෙන වාති අජ්ඣායකරණෙන වා. කම්මායතනෙන වාති කම්මමෙව කම්මායතනං, තෙන කම්මායතනෙන, කසිගොරක්ඛකම්මාදිනා වා. සිප්පායතනෙන වාති ධනුසිප්පාදිනා වා. විජ්ජාට්ඨානෙන වාති අට්ඨාරසවිජ්ජාට්ඨානෙන වා. සුතෙන වාති බහුස්සුතගුණෙන වා. පටිභානෙන වාති කාරණාකාරණපටිභානසඞ්ඛාතඤාණෙන වා. අඤ්ඤතරඤ්ඤතරෙන වා වත්ථුනාති ජාතිආදීනං එකෙකෙන වත්ථුනා වා.
අපුට්ඨො යනු මූල පදයයි. ඔහුගෙන් නො විචාළේය යන අර්ථයි. අපුච්ඡතො යනු නොදන්වන ලද්දේ. අයාචිතො නො ඉල්වන ලද්දේ. අනජ්ඣෙසිතො ආඥා නොකරන ලද්දේ, ඇතැමෙක් නොකැමති වන ලද්දේ යැයි අර්ථ කියති. අප්පසාදිතො නො පහදවන ලදුයේ. පාවදති යනු කියයි. අහමස්මි මම වෙමි, සිටිමි. ජාතියා වා ක්ෂත්රිය බ්‍රාහ්මණ ජාති වශයෙන් හෝ. ගොත්තෙන ගෞතම ආදී ගෝත්‍රයෙන් හෝ. කොලපුත්තියෙන වා කුල පුත්‍ර භාවයෙන් හෝ. ධනෙන වා ධන සම්පත්තියෙන් හෝ. අජ්ඣෙනෙන වා අජ්ඣාය කරණයෙන් හෝ. කම්මායතනෙන වා කර්මය ම කර්මාන්තායතනයයි. ඒ කර්‍මායතනයෙන්, කෘෂි, ගවපාලනාදී කර්මාන්තයකින්, සිප්පායතනෙන වා ධනු ශිල්පාදියකින් හෝ, විජ්ජාට්ඨානෙන වා අටළොස් විද්‍යාස්ථානයකින් හෝ. සුතෙන වා බහුශ්‍රැත ගුණයෙන් හෝ. පටිභාණෙන වා යනු කාරණාකාරණ වැටහෙන ප්‍රතිභාන නම් ඤාණයෙන් හෝ. අඤ්ඤතරඤ්ඤතරෙන වත්ථුනා යනු ජාති ආදී එක්තරා වස්තුවකින්.
උච්චා කුලාති ඛත්තියබ්රාහ්මණකුලා, එතෙන ජාතිගොත්තමහත්තං දීපෙති. මහාභොගකුලාති ගහපතිමහාසාලකුලා, එතෙන අඩ්ඪමහත්තං දීපෙති. උළාරභොගකුලාති අවසෙසවෙස්සාදිකුලා, එතෙන පහූතජාතරූපරජතාදිං දීපෙති. චණ්ඩාලාපි හි උළාරභොගා හොන්ති. ඤාතොති පාකටො. යස්සස්සීති පරිවාරසම්පන්නො. සුත්තන්තිකොති සුත්තන්තෙ නියුත්තො. විනයධරොති විනයපිටකධරො. ධම්මකථිකොති ආභිධම්මිකො. ආරඤ්ඤිකොතිආදයො ධුතඞ්ගපුබ්බඞ්ගමපටිපත්තිදස්සනත්ථං වුත්තා. පඨමස්ස ඣානස්ස ලාභීතිආදයො රූපාරූපඅට්ඨසමාපත්තියො දස්සෙත්වා පටිවෙධදස්සනවසෙන වුත්තා. පාවදතීති මූලපදං. කථෙතීති “පිටකාචරියොස්මී”ති කථයති. භණතීති “ධුතඞ්ගිකොම්හී”ති පාකටං කරොති. දීපයතීති “රූපජ්ඣානං ලාභීම්හී”ති පරිදීපයති. වොහරතීති “අරූපජ්ඣානං ලාභීම්හී”ති වාක්යභෙදං කරොති.
උච්චා කුලා ක්ෂත්රිය බ්‍රාහ්මණ කුල, මෙයින් ජාති ගෝත්රාදී මහත් වූ කුල දක්වයි. මහාභොගාකුලා ගෘහපති මහාසාල කුලයෝ, මෙයින් අඩක් ධනවත් කුල දක්වයි. උළාරභොගාකුලා අවශේෂ වූ වෛශ්යාදී කුල, මෙයින් බොහෝ ජාතරූප රජතාදී සම්පත් දක්වයි. චණ්ඩාලයන් ද උළාර භෝගවත්හු වෙති. ඤාතො ප්‍රකට වූ. යසස්සි පිරිවරින් යුක්ත. සුත්තන්තිකො සූත්‍රාන්තයෙහි නියුක්ත. විනයධරො විනය පිටකධාරී වූ. ධම්ම කථිකො ආභිධාර්මික වූ. අරඤ්ඤකො වා ආදියෙහි ධුතංග පූර්වාංගම ප්‍රතිපත්ති දර්ශනයට කියන ලදී. පඨමස්සඣානස්සලාභී ආදියේ රූපාරූප අෂ්ඨ සමාපත්ති දක්වා, ප්‍රතිවේධ දර්ශන වශයෙන් කියන ලදී. පාවදතී යනු මූල පදයයි. කථෙති පිටකාචරිය වෙමි යි කියයි. භණති ධුතංගිකයෙක් මි යි ප්‍රකට කරයි. දීපයති රූපධ්‍යාන ලාභියෙක්මියි පවසයි. වොහරති අරූපධ්‍යාන ලාභියෙක්මියි වාග්භේද කරයි.
ඛන්ධකුසලාති පඤ්චසු ඛන්ධෙසු සලක්ඛණසාමඤ්ඤලක්ඛණෙසු ඡෙකා, ඤාතතීරණපහානවසෙන කුසලාති අත්ථො. ධාතුආයතනපටිච්චසමුප්පාදාදීසුපි එසෙව නයො. නිබ්බානකුසලාති නිබ්බානෙ ඡෙකා. අනරියානන්ති න අරියානං. එසො ධම්මොති එසො සභාවො. බාලානන්ති අපණ්ඩිතානං. අසප්පුරිසානන්ති න සොභනපුරිසානං. අත්තාති අත්තානං.
ඛන්ධකුසලා පංචස්කන්ධයන්හි, ලක්ෂණ සහිත වූ සාමඤ්ඤ ලක්ෂණයන්හි දක්ෂයෙකුව, ඤාත තීරණ ප්‍රහාණ වශයෙන් දක්ෂයෙක්මි යන අර්ථයි. ධාතු, ආයතන, පටිච්ච සමුප්පාද ආදී ධර්මයන්හි ද මේ නය ම වේ. නිබ්බාණ කුසලා යනු නිවනෙහි දක්ෂව. අනරියානං යනු ආර්යයන්ගේ නොවේ. එසො ධම්මො මේ ස්වභාවයයි. බාලානං යනු පණ්ඩිත නොවූවන්ගේ. අසප්පුරිසානං අයහපත් පුරුෂයන්ගේ. අත්තං තමාගේ.
සන්තොති රාගාදිකිලෙසූපසමෙන සන්තො. තථා අභිනිබ්බුතත්තො. ඉති’හන්ති සීලෙසු අකත්ථමානොති “අහමස්මි සීලසම්පන්නො”තිආදිනා නයෙන ඉති සීලෙසු අකත්ථමානො, සීලනිමිත්තං අත්තුපනායිකං වාචං අභාසමානොති වුත්තං හොති. තමරියධම්මං කුසලා වදන්තීති තස්ස තං අකත්ථනං “අරියධම්මො එසො”ති බුද්ධාදයො ඛන්ධාදිකුසලා වදන්ති. යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලොකෙති යස්ස ඛීණාසවස්ස රාගාදයො සත්තුස්සදා කුහිඤ්චි ලොකෙ නත්ථි. තස්ස තං අකත්ථනං “අරියධම්මො එසො”ති එවං කුසලා වදන්තීති සම්බන්ධො.
සන්තො රාගාදී කෙලෙස් ව්යුපසමනයෙන් ශාන්ත වූ, එසේ මැනවින් අවබෝධ කරගත්. ඉතිහන්ති සිලෙසු අකත්ථමානො මම සීල සම්පන්නයෙක් වෙමි ආදී වශයෙන් සීලයෙහි කරන ලද මාන ඇති, සීලය නිමිති කරගෙන තමා හුවා දක්වන වචන කියනුයේ යන අදහසි. තමරියධම්මං කුසලා වදන්ති යනු ඔහුගේ ඒවා නොකිරීම ආර්ය ධර්මයකැයි බුද්ධාදී ස්කන්ධ භේදනයෙහි කුසලයෝ කියති. යස්සුස්සදා නත්ථි කුහිඤ්චි ලොකෙ යනු යම් ක්ෂීණාශ්රවයකුට රාගාදී සත්ත්ව උස්සදයෝ ලෝකය කෙරෙහි කෙසේවත් ඇති නොවේ. ඒ රහතුන්ගේ රාගාදී නොපැවැත්ම ආර්ය ධර්මයකැයි කුසලයෝ කියති යනුවෙන් පද සම්බන්ධ වේ.